File size: 2,341 Bytes
c7c24dc |
1 2 3 4 5 6 7 |
si_102491_0 කප්පම් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැළණිතිස්ස යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන හමුදා සෙබළුන් හතරදෙනෙකු මෝදර පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා
si_102491_1 මට්ටක්කුලිය - සමිට්පුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් අදාළ කප්පම් මුදල් අවස්ථා දෙකකදී ලබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ
si_102491_2 පසුව මුදල් ලබාදුන් බව කියන පුද්ගලයාගේ බිරිඳ මේ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි වාර්තාවන්නේ
si_102491_3 තමාගේ නිවසට දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කොට මෙලෙස කප්පම් මුදල් ඉල්ලූ බව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ අදාළ පුද්ගලයාගේ බිරිඳ සඳහන් කළා
si_102491_4 මෝදර පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් අතර ලූතිනන්වරයෙක්ද සිටින බවයි. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගෙන් විමසීමක් කළා
si_102491_5 ඔහු සඳහන් කළේ යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බවයි.
|