cheranga-uom
added si-ta data
c7c24dc
si_100441_0 තම පාලනයක් යටතේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවට සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍යයක් බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසනවා
si_100441_1 කොළඹ ඊයේ (01) පැවති උත්සවයකදී පොදු අපේක්ෂකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දෙමළ සහ මුස්ලිම්, දේශපාලන පක්ෂ තමාට සහය දැක්වීමත් සමඟ මෙවැනි බොරු ප්‍රචාර නිර්මාණය වී ඇති බවයි. මේ අතර, කටාන ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ වර්තමානයේ මෙරට මධ්‍යම පංතිය දැඩි පීඩනයකට ලක්ව සිටින බවයි. මෛත්‍රී පාලනයක් යටතේ ඔවුන් එම පීඩනයෙන් මුදවාලීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළා