|
si_100473_0 තම පාලනයක් යටතේ සරසවි සිසුන්ගෙන් මුදල් අය නොකරන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසනවා |
|
si_100473_1 ඔහු මේ බව සඳහන් කළේ කටාන ප්‍රදේශයේ ඊයේ (01) පැවති රැස්වීමකට එක්වෙමින් |
|
si_100473_2 ‘‘අධ්‍යාපනය ගැන කියනවා අපේ මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා කියලා |
|
si_100473_3 අපි විශ්වවිද්‍යාලය ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කරනවා කියලා |
|
si_100473_4 මේ පල් බොරු. |
|
si_100473_5 දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ලැප්ටොප් පරිගණක දුන්නා |
|
si_100473_6 ශිෂ්‍යයෝ එලියට ආවම ඒකේ ණය ගෙවන්න ඕනා |
|
si_100473_7 හැබැයි අපි කියනවා නිදහස් අධ්‍යාපනය විනාශ කළේ එගොල්ලෝ |
|
si_100473_8 අපි හදන අලූත් ආණ්ඩුව තුළ ශිෂ්‍යයින්, පාසල් දරුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ශත 5 ක් අය කරන්නේ නැහැ |
|
si_100473_9 ඔය ලැප්ටෝප් පරිගණක ඔක්කොම නොමිලේ අරන් දෙනවා |
|
si_100473_10 මගේ දේශපාලන ජීවිතයට දැන් අවුරුදු 49 ක් |
|
si_100473_11 මම දැකලා තියෙනවා දිනන ඡන්ද, පරදින ඡන්ද |
|
si_100473_12 අද තරම් ආණ්ඩුවකට ජනතාවගේ විරෝධය ආපු මැතිවරණයක් මම දැකලා නැහැ |
|
si_100473_13 ආණ්ඩුව පෙරලීම සඳහා ඒක තමයි ඇත්ත තත්ත්වය |
|
si_100473_14 මේක මම කියන්නේ මගේ හෘද සාක්ෂියට අනුවයි.’’ |
|
|