|
si_102493_0 හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ඇතුළු පිරිසක් උතුරු කටාන - මුක්කම - ගංගාරාම භාවනා මධ්‍යස්ථානයට පැමිණ අනවසරයෙන් ගස් කැපීම සිදුකළ බව එම භාවනා මධ්‍යස්ථානයේ වැඩසිටින ස්වාමීන් වහන්සේලා චෝදනා කරනවා |
|
si_102493_1 එම භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක කොස්ගොඩ සමතශීල හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මේ පිළිබදව තමන් පොලීසියට ද පැමිණිලි කළ බවයි. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් ද විමසීමක් කළා |
|
si_102493_2 ඔහු සදහන් කළේ මෙම භාවනා මධ්‍යස්ථානය පිහිටි භූමිය තමාට අයත් භූමියක් බවයි. |
|
|