|
si_102513_0 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ඉල්ලීම මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනගේ විදේශ ගමන් අද තහනම් කළා |
|
si_102513_1 මෙසේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවූයේ ඔහුට එරෙහිව දූෂණ චෝදනා 50 ක් යටතේ අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි. 2006 වසරේ දී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සරණ ගුණවර්ධන කටයුතු කළ අවධියේ මෙම දූෂණ සිදුවූ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ |
|
si_102513_2 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට මේ මස 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළා |
|
si_102513_3 අල්ලස් කොමිසමට ඉදිරිපත්ව ඇති පැමිණිලි සළකා බලා මීට පෙර එම කොමිසම මගින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ගේ මෙන්ම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ විදෙස් ගමන් බලපත්‍රද මාස 3 කට අත්හිටුවූවා |
|
|