|
si_102517_0 හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා |
|
si_102517_1 ඒ, එම ආයතනයේ මූල්‍ය වංචා සිදුවී ඇති බව පවසමින් |
|
si_102517_2 පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ චෝදනා 25 කින් සමන්විත පැමිණිල්ලක් අදාළ ආයතනවලට එරෙහිව ඉදිරිපත් කළ පසුගිය කාලයේ හම්බන්තොට - සූරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණය ඉදි කිරීමේදී මූල්‍ය වංචා රැසක් සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කළා |
|
|