|
si_102520_0 ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සබඳතා නව තලයකට ගෙන එන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා |
|
si_102520_1 එහි මූලික පියවරක් ලෙස තමා මේ මස 12 වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වොෂින්ටන් නුවරදී හමුවන බවයි ඔහු කියා සිටියේ |
|
si_102520_2 අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් හමුවීමෙන් පසුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට අද පෙරවරුවේ එක්වෙමින් |
|
si_102520_3 ‘‘මෙම මාධ්‍ය හමුවේදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල්ද අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නක් |
|
si_102520_4 ඇත්තටම ලංකාවට මෙට එන්න ලැබීම ගැන මම සතුටු වෙනවා |
|
si_102520_5 ඒ වගේම ලංකාවේ සිදුවෙලා තියෙන පරිවර්තනය ගැන මුළු ලෝකෙම කතා වෙනවා |
|
si_102520_6 ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා තියෙනවා |
|
si_102520_7 ඒවගේම ජනාධිපති ඔබාමා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කළා |
|
si_102520_8 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මේ දින 100 වැඩපිළිවෙල ගැන ඇමෙරිකාව ඇගයීමට ලක් කරනවා |
|
si_102520_9 මොකද ශ්‍රී ලංකා ආණ්ඩුව දැනටමත් ඒ වැඩපිළිවෙලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කරලා ඉවරයි |
|
si_102520_10 ඒ ගැන අපි ගොඩක් සතුටු වෙනවා |
|
si_102520_11 ’’ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් ශ්‍රී ලංකාවට පැමිණියේ අද (02) අලූයමයි |
|
si_102520_12 ඇය ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු නව රජයේ ප්‍රධානීන් ද හමුවනු ඇති |
|
|