si_100444_0 පසුගිය 2014 වසර තුළ සිරියානු යුද්ධයෙන් පුද්ගලයන් 76,000 ක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා si_100444_1 එය වසර 4 ක් තිස්සේ පවතින අරගලයේ දරුණුතම වසරයි si_100444_2 සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ කේන්ද්‍රය ප්‍රකාශ කළේ පසුගිය වසරේ යුද්ධයේදී මියගිය සිරියානුවන් අතරින් 18,000 ක් පමණ සිවිල් වැසියන් බවයි. එයින් 3500 කට අධික පිරිසක් ළමයින් si_100444_3 යුද්ධය හේතුවෙන් අසල්වැසි රටවලට පලාගිය සිරියානුවන්ගේ සංඛ්‍යාව මිලියන 3.2ක් si_100444_4 පසුගිය 2014 වසරේ ඉරාක යුද්ධයෙන් ද 15,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා si_100444_5 ඒ අනුව, 2007 න් පසු ඉරාකයේ ගැටුම්වලින් දරුණුතම වසර වන්නේ පසුගිය 2014 වසරයි