si_102540_0 උතුරේ විවිධ ප්‍රදේශවලින් සොරාගන්නා ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකස් කොට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ දෙදෙනෙකු යතුරුපැදි තොගයක් සමග වවුනියාව - සෙට්ටිකුලම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා si_102540_1 ඊයේ (01) අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ක සහ 24 ක තරුණයන් si_102540_2 මොවුන් සන්තකයේ තිබී නවීන පන්නයේ යතුරුපැදි 4ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් සහ යතුරුපැදි අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි