si_100455_0 රනිල් - මෛත්‍රී රහස් ගිවිසුමක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක ඉදිරිපත් කළ ලේඛනය පිළිබඳ අනිවාර්යෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසනවා si_100455_1 ඔහු මේ බව සඳහන් කළේ හිරු ටී.වී ඔස්සේ ඊයේ (01) රාත්‍රියේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින් si_100455_2 හිරු ටී.වී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනේදී සාකච්ඡාවට ගැණුනේ ජනාධිපතිවරණය පිළිබඳවයි. මෙහිදී විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ සහ සුජීව සේනසිංහ එක්වූ අතර, ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගි වූයේ විජිත් විජයමුනි ද සොයිසා සහ මහින්දානන්ද අලූත්ගමගේ යන අමාත්‍යවරුන් si_100455_3 මේ ඊයේ පැවති බලය වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ සහ අමාත්‍ය විජිත් විජයමුනි ද සොයිසා අතර ඇතිවූ සංවාදයක්