si_102495_0 මා ඔයේ දිය නාමින් සිටි තරුණියක් දියේ ගිලීමට යාමේදී ඇය බේරාගැනීමට ගිය තරුණයන් දෙදෙනෙකු ඊයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා si_102495_1 පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීරිගම - ලෝලූවාගොඩ ප්‍රදේශයෙන් අදාළ තරුණිය තම ඥාති සොහොයුරන් දෙදෙනෙකු සමග මා ඔයේ දිය නෑමට ගොස් ඇති බවයි. එහිදී තරුණිය දියේ ගිලී ගසාගෙන ගොස් ඇති අතර ඇය බේරාගැනීම සඳහා ඥාති සොහොයුරන් දෙදෙනා උත්සාහ කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ si_102495_2 කෙසේ වෙතත් අදාළ තරුණිය ප්‍රදේශවාසීන් බේරාගෙන තිබෙනවා si_102495_3 දියේ ගිලූණු තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර අතුරුදන්වූ අනෙක් තරුණයා සෙවීමේ කටයුතු සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ