si_102518_0 පෞද්ගලික අංශයේ සේවකයන්ටද විශ්‍රාම වැටුපක් ලබාදීම කෙරෙහි රජය දැඩි අවධානයකින් කටයුතු කරන බව ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා si_102518_1 කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ  පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් නොමැතිකම හේතුවෙන් ඔවුන් තුළ කණස්සල්ලක් ඇතිවී තිබෙන බවයි. මේ නිසා විශ්‍රාම වැටුපක් පෞද්ගලික අංශයේ සේවකයන්ටද ලබාදිය යුතුය යන ප්‍රතිපත්තිමය තීරණයේ නව රජය සිටින බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා