si_102547_0 අගවිනිසුුරු ධුරයේ මෙතෙක් කටයුතු කළ මොහාන් පීරිස් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය අද (02) දහවල් ආරම්භ වුණා si_102547_1 එහිදී විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අදහස් දැක්වූ අතර, මෙවැනි විවාදයක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළා si_102547_2 මොහාන් පීරිස් වෙනුවෙන් පෙනී සිටීමට නොව ප්‍රතිපත්තියක් වශයෙන් මෙම විවාදය සිදුකරන බව ද ඔහු කියා සිටියා si_102547_3 විවාදයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ මොහාන් පීරිස්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවයි. විවාදයට සහභාගිවීම සඳහා පැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු අත් පටි බැඳගෙන පාර්ලිමේන්තු සභා ගර්බයේ විරෝධතාවක ද නිරත වූ අතර එහිදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට ද සිදුවුණා