si_104590_0 මහියංගණය - පදියතලාව මාර්ගයේ වේවත්ත හන්දියේදී පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන්ට එල්ලවූ බිත්තර ප්‍රහාරයට අදාළ සැකකරුවන් 6 දෙනෙකු ඊයේ අත්අඩංගුවට  ගැනුනා si_104590_1 මහියංගණය පොලීසිය ප්‍රකාශ කළේ අයුතු ජනරාශිය සහ පොලීසියට සාපරාධි බලහත්කාර පෑම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි. පසුව මහියංගණය අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා si_104590_2 තලාව හරහා දිවෙන මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකරන බවට පවසමින්  ඊට විරෝධය පා පසුගිය 25 වැනිදා ප්‍රදේශවාසීන් මහියංගණය - පදියතලාව මාර්ගයේ වේවත්ත හන්දියේදී උද්ඝෝෂනයක නිරතවුණා si_104590_3 එහිදී ප්‍රධාන මාර්ගයෙන් ප්‍රදේශවාසීන් ඉවත් කිරීමට ගත් උත්සහයේදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක් si_104590_4 එම අවස්ථාවේදී උද්ඝෝෂනයට සහභාගිවූ ප්‍රදේශවාසීන් පොලිස් නිලධාරීන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබුණා