si_104607_0 නැගෙනහිර පළාත් සභාවේ නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 6 දෙනෙකු අද සිට එහි විපක්ෂයේ කටයුතු කරන බව ප්‍රකාශ කළා si_104607_1 ඒලම් අමීර්, උදුමාන් ලෙබ්බේ, විමලවීර දිසානායක, ඩබ්ලිව්.ඞී si_104607_2 වීරසිංහ, ටී.එම්. ජයසේන සහ ජයන්ත විජේසේකර එම මන්ත්‍රීවරුන් වනවා si_104607_3 නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ si_104607_4 පසුගියදා නැගෙහිර පලාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කරන හෆීස් නසීර් අහමඞ් එම ධුරයට පත් කිරීම සඳහා ආණ්ඩුකාරවරයාට මන්ත්‍රීවරුන් 20 දෙනෙකු දිවුරුම් පෙත්සම් ලබාදුන්නා si_104607_5 ඒ අතර සිටි මෙම මන්ත්‍රිවරුන් 6 දෙනා අද (02) ආණ්ඩුකාරවරයා මුණගැසී එම දිවුරුම් ප්‍රකාශ ඉල්ලා අස්කරගෙන තිබෙනවා