si_104623_0 පුද්ගලයන් 239 දෙනෙකු සමඟ මීට වසරකට පෙර දකුණු චීන මුහුදේ අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීමේ කටයුතු නතර කිරීම පිළිබඳව  ඕස්ට්‍රේලියාවේ අවදානය යොමුව තිබෙනවා si_104623_1 ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් ගන්නා අතරතුර අතුරුදන් වූ එම්.එච්. 370 යානයේ සෝදිසි මෙහෙයුම්වලින් මෙතෙක් සාර්ථක ප්‍රතිඵල අත්වූයේ නැහැ si_104623_2 ඕස්ට්‍රේලියාවට බටහිර දෙසින් ඉන්දීය සාගරයේ වර්ග කිලෝමීටර් 60,000ක පරීක්ෂණ මෙහෙයුම් මැයි මාසයේදී අවසන් වීමට නියමිතයි si_104623_3 එම සෝදිසි මෙහෙයුම් අවසන් කිරීම පිළිබදව  ඕස්ට්‍රේලියාව, චීනය සහ මලයාසියාව සමඟ දැනටමත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කළා