text
stringlengths
32
566
lang
stringclasses
2 values
src
stringclasses
1 value
ආණ්ඩුව පටන් ගත් වහා ම ආණ්ඩුවෙන් බේරීමට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රට හැර ගියේ ය.
si
null
එනිසාම ශානි විසින් කරනු ලැබූ මෙහෙයුම් හා පරීක්ෂණ අපි මෙසේ පළ කරමු.
si
null
ඉන් පසු මඩකලපුව මොරොක්කොට්ටන්චේන, මහිලඩතිව්, කොක්කඩිචෝලෙයි, වැල්ලවාඩිය, යාලබෝව, සංගමන්කන්ද, ශාස්ත්‍රවෙල්ලි යන කඳවුරුවල සේවය කොට විශේෂ ප්‍රභූ ආරක්ෂක පාඨමාලාව සාර්ථකව හැදෑරීම හේතුවෙන් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා වෝඞ් පෙදෙස විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයක්ත කරන ලදී.
si
null
ඉන් අනතුරුව රාජගිරිය විශේෂ කාර්ය බළකා කඳවුරේ ද අවසන් වරට පෝරතිව් කඳවුරට අනුයුක්තව ද සේවය කර 1995.01.20 වන දින සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා නාරාහේන්පිට පොලිස් ස්ථානයට ස්ථාන මාරුවීමක් ලබා තිබේ.
si
null
ඉහත කාල වකවානුව තුළ දී ශාස්ත්‍රවෙල කඳවුරේ සහ පෝරතිව් කඳවුරේ කඳවුරු අණ දෙන නිලධාරියා වශයෙන් සේවය කළ අතර 1991.01.01 වන දින පොලිස් පරීක්ෂක තනතුරට විශේෂ උසස් වීමක් ලැබ ඇත.
si
null
නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ශානි 1996.01.01 වන දින සිට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් ග්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානයට අනුයුක්ත කරන ලද අතර, එම පොලිස් ස්ථානයේ 1999.09.27 දින දක්වා සේවය කරන ලදී.
si
null
එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටිය දී 1999.01.10 වන දින ලද ස්ථාන මාරුවීම් නියෝගය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සේවය සඳහා වාර්තා කරන ලදී.
si
null
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සේවයේ යෙදී සිටිය දී සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් අභ්‍යන්තර ස්ථාන මාරුවක් ලද අතර, ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, විශේෂ ඒකකයේ ස්ථානාධිපති වශයෙන් 2007.09.27 දින දක්වා සේවය කරන ලදී.
si
null
ඉන් පසු 2007.09.27 දින ක්ෂේත්‍ර උසස් වීමක් ලැබ යාපනය කොට්ඨාසයේ සේවය සඳහා යොදවන ලද අතර, යාපනය කොට්ඨාසයේ දිස්ත්‍රික් (1) සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් 2009.04.01 දින දක්වා සේවය කිරීමෙන් පසු නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවන ලදී.
si
null
ඒ අනුව හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් අනුයුක්ත කොට ඇති අතර 2010.07.14 දින දක්වා එම රාජකාරියේ සේවය කොට නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
si
null
ඉන් අනතුරුව 2016.08.25 වන දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරන ලද අතර, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර වශයෙන් ස්ථානමාරුව ලබා දෙන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබී ය.
si
null
මේ දක්වා කාලය තුළ ශානි අබේසේකර විසින් ආන්දෝලනාත්මක, සංවේදී සහ සංකීර්ණ පරීක්ෂණ 67ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.
si
null
ඒවායෙන් බොහොමයක චූදිතයෝ මේ වන විටත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව වරදකරුවන් වී දඬුවම් විඳිමින් සිටිති.
si
null
කාලය පුරාම රට පුරා ආන්දෝලනයට ලක් වූ මෙම ඝාතන අතුරින් කිහිපයක් මෙසේය.
si
null
කොටුව පොලිස් වසමේ දී 1998.06.08 දින සිදු කරන ලද සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර් ගමන් කළ කාර් රථයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහුව ඝාතනය කිරීම.
si
null
මරදාන පොලිස් වසමේ දී 1998.12.09 වන දින නාගරික මන්ත්‍රී එම්. එම්. එන්.
si
null
පිළියන්දල පොලිස් වසමේ දී 1998.12.15 දින අරඹෙවෙලගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි යන අය ඝාතනය කිරීම.
si
null
මිරිහාන පොලිස් වසමේ දෙල්කඳ ප්‍රදේශයේ දී 1999.03.30 වැනි දින කාර් රථයක් තුළ පුද්ගලයන් 6 දෙනකු ඝාතනය කිරීම.
si
null
පෑලියගොඩ පොලිස් වසමේ බෙම්මුල්ල පාලම අසල දී 2001.03.24 වන දින එවකට රේගු අධිකාරිවරයකු වශයෙන් සේවය කරමින් සිටි සුජිත් ප්‍රසන්න පෙරේරා වෙඩි තබා ඝාතනය කිරීම.
si
null
වත්තේගම පොලිස් වසමේ දී 2001.12.05 වන දින වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දස දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම (උඩතලවින්න දස පුද්ගල ඝාතනය වශයෙන් එවකට ප්‍රසිද්ධ වූයේ මෙම සමූහ ඝාතනයයි).
si
null
වැලිකඩ පොලිස් වසමේ 'රෝයල් පාක්' නිවාස සංකීර්ණයේ දී 2005.07.01 වන දින ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැත්තිය ඝාතනය කිරීම.
si
null
අඟුලාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද තරුණයන් දෙදෙනකු 2009.02.02 වන දින වෙඩි තබා ඝාතනය කිරීම.
si
null
(මෙම විමර්ශනයේ දී අනාවරණය කර ගන්නා ලද සාක්ෂි මත හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු චූදිතයන් 06 දෙනකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මරණ දඬුවම ලබා දෙනු ලැබී ය.
si
null
මිනීමැරුම් සහ ඝාතන සම්බන්ධ පරීක්ෂණවලට අමතරව රාජ්‍ය නායකයන් ඝාතනයට තැත් කිරීම, පුද්ගල ඝාතන, අවි ළඟ තබා ගැනීම සහ ව්‍යාජ ලිපි ලේඛන ඇසුරෙන් සිදු කළ වංචා සම්බන්ධයෙන් ද ශානි අබේසේකරගේ මූලිකත්වයෙන් වැදගත් විමර්ශන රැසක් මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන හෝ අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම සිදු කර තිබේ.
si
null
04.01 දින ග්‍රෑන්ඞ්පාස් පොලිස් වසමේ දී කැලණිතිස්ස විදුලි බලාගාරයට ප්‍රහාරයක් එල්ල කිරීමට සහ කොළඹ දී ප්‍රභූ ඝාතනයක් සිදු කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ.
si
null
වික්‍රමසිංහ පැහැරගෙන ගොස් ඔහු මුදාහැරීම සඳහා රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලා සිටීම.
si
null
09.25 දින සිදු කරන ලද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය.
si
null
ව්‍යාජ ලිපි ලේඛන යොදා ගනිමින් 1999.12.27 දින කොළඹ වරායේ තිබුණු කන්ටේනර් 44ක් මුදා ගැනීම.
si
null
කටුනායක ගුවන්තොටුපොළට 2001.07.24 වන දින එල්ල කරන ලද ප්‍රහාරය.
si
null
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් නීතිපතිවරයාගේ අත්සන යොදා ගනිමින් ව්‍යාජ ලිපිලේඛන සැකසීම.
si
null
පොළොන්නරුව පොලිස් වසමේ දී 2006.04.23 දින එවකට අමාත්‍යවරයකුව සිටි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මරෙන බෝම්බකරු අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණය.
si
null
එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා ඝාතනය කිරීම ඉලක්ක කර ගනිමින් 2006.04.25 දින යුද හමුදා මූලස්ථානයේ දී සිදු කරන ලද බෝම්බ ප්‍රහාරය.
si
null
පිත්තල හන්දියේ දී 2006.12.01 වන දින එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධ පරීක්ෂණය.
si
null
මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන හන්දියේ දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකුට 2011.10.08 වන දින වෙඩි තබා ඝාතනය කිරීම.
si
null
මේ නොකියා කියන්නේ "අප පිළිබඳව පරීක්ෂණ කරන්න කිසිවකු හෝ කටයුතු කරන්නේ නම්, ශානිට අත් වූ ඉරණම ම අත් වන බව ය.
si
null
ඉන් එකක් ලෙස නිශාන්ත සිල්වාව මීගමුවට මාරු කිරීමට කටයුතු කළේ ය.
si
null
ස්වාධීන නම්, ආණ්ඩු මාරු වූ හැම අවස්ථාවකම පොලිසියේ ඉහළ නිලධාරීන් තැනින් තැනට මාරු කිරීමට 'ස්වාධීන' පොලිස් කොමිසම කටයුතු කරන්නේ ඇයි ?
si
null
එවැනි රාජ්‍යයක්, එවැනි පොලිසියක්, එවැනි 'ස්වාධීන' පොලිස් කොමිසමක් ඇති රටක ජනතාවට ඇති ආරක්ෂාව ගැන තැබිය හැක්කේ කුමන විශ්වාසයක් ද?
si
null
මෙසේ දරු පරවගයසූතියේදී ඇති වන රුධිර පිටවීම පිළිබඳව කුර්ආනයේ හෝ හදීස්වල පැහැදිල සාධක කිසිවක් නොලැබුනද, මාසික ඔසප් වීම පිළිබඳ නීතියම මෙයටත් අදාල වේ.
si
null
සිකුරාදා දින ජුම්මාවට පෙර ස්නානය කිරීම වැඩිවියට පත් සියළු මුස්ලිම්වරුන්ගේ අනිවාර්ය යුතුකමක් බව මෙම හදීස් දෙකෙන් පැහැදිලිවම ඔප්පු වේ.
si
null
ස්නානය කිරීමට පෙර කළ වුළුව සමග සලාතය ඉටුකළ හැකිය.
si
null
ගමන් ආකර්ෂණීය වන නමුත් සමහර විට අපගේ සියලු ශක්තිය ගත විය හැක, දීර්ඝ දුම්රිය ගමන නිවා හා ලිහිල් කිරීමට අවස්ථාවක් වේ.
si
null
බොහෝ ස්ථාන නගර මධ්යයේ හදවත තුළ පිහිටා ඇති අතර, ගමන් කරමින්…
si
null
දරු දෙදෙනා අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රී­ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මට සූදා­නම් කළ අව­ස්ථාව
si
null
ඉකුත් නොවැම්බර් 23 වැනිදා කොටදෙනියාව පොලිස් වසමේ අංක 136/03, වත්තේමුල්ල, බාදුරාගොඩදී අතුරුදන් වූ 12 හැවිරිදි ජයසේකර මුදලිගේ අකිල දේදුණු සහ 10 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් යන බාලවයස්කාර දරුවන් දෙදෙනා ඉකුත් 6 වැනිදා මීරිගම පොලිසියට බාර දීමෙන් අනතුරුව කොටදෙනියාව පොලිසිය විසින් දීර්ඝ විමර්ශනයක් ඇරැඹිණි.
si
null
එහිදී අනාවරණය වී ඇත්තේ එම දරුවන් දෙදෙනා මාසයකටත් වැඩි කාලයක් රඳවාගෙන සිට ඇත්තේ දරුවන් පොලීසියට බාර දීමට කටයුතු කළ කාන්තාවගේ නිවසේ බවයි.
si
null
මීරිගම නගර මධ්‍යයේ හෝටලයක් පවත්වාගෙන යන එකී කාන්තාව ඉකුත් 6 වැනිදා දවල් දරු දෙදෙනා මීරිගම පොලිසියට බාර දෙනු ලැබූයේ පෙර දින එනම් 5 වැනිදා රාත්‍රියේ තම හෝටලයට පැමිණි බව කියමිනි.
si
null
එසේ පැමිණි දරුවන් වැරහැලි ඇඳ සිටි හෙයින් තම නිවෙසට කැඳවාගෙන ගොස් තම දරුවන්ගේ ඇඳුම් අන්දා මීරිගම පොලිසියට ඉදිරිපත් කළ බව එම කාන්තාව පැවැසුවාය.
si
null
දස හැවිරිදි කවිෂ ඔහුගේ පියා හා පුංචි අම්මා සමඟ වත්තෙමුල්ලේ නිවසට පැමිණ ඇත්තේ ඉකුත් නොවැම්බර් මස 21 වැනි දින බවද පොලිසිය හෙළිකරගෙන ඇත.
si
null
එම කාන්තාව දරුවන් දෙදෙනා ඇගේ ලින්දර ප්‍රදේශයේ පිහිටි නිවසට කැඳවාගෙන ගොස් නතර කරගෙන ඇතැයිද කොටදෙනියාව පොලිසිය සිදුකළ විමර්ශනවලදී මේ වන විට හෙළි වී තිබේ
si
null
එසේ මසක පමණ කාලයක් ගත කළ දරුවන්ට හෝටල් හිමිකාරිය විසින් රුපියල් 700 ක මුදලක් ලබාදී නැවතීමට තැනක් සොයා ගන්නා ලෙසට දන්වා පිටත් කළද දරුවන් දෙදෙනා නැවත නිවසටම පැමිණ ඇති බව ද හෙළි වේ.
si
null
මෙකී යුවළ දරු දෙදෙනා නිවසේ රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් හා ඒ ගැන පොලිසියට දැනුම් දීමට පියවර නොගැනීම පිළිබඳව 7 වැනි සිකුරාදා පස්වරුව වන විටත් එම යුවළගෙන් ප්‍රශ්න කරමින් තිබිණි.
si
null
පසුගිය සිකුරාදා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙත ඉදිරිපත් කළ දරුවන් දෙදෙනා පසුව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ නේවාසික ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණේ පොලිස් ආරක්ෂාව මධ්‍ය යේයි.
si
null
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත් උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංගගේ අධීක්ෂණයෙන් කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාරගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනගේ සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂිකා රන්දුනු ඇතුළු පොලිස් සැරයන් 53167 මනෝරත්න, කාන්තා පොලිස් කොස්තාපල් 10420 සොනාලි යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.
si
null
විකාශයට නියමිත ටෙලි නාට්‍ය තිරගත වන්නට නියමිත චිත්‍රපටි වගේම මේ දිනවල රූගත කෙරෙන නිර්මාණත් ඉදිරියේදි ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුළුවනි.
si
null
ඔබ වගේම ටෙලි නාට්‍ය සඳහා වැඩි දායකත්වයක් දක්වන නළු නිළියන් බොහොමයකට චිත්‍රපට ලැබෙන්නේ අඩුවෙන්.
si
null
දැනට මාව දායක කරගත් චිත්‍රපටි සියල්ල මට ඉතා හොඳින් ගැලපෙන චරිත.
si
null
ධනංජිගේ සමකාලීන නළු නිළියන් අතර ඇතැම් අය නිතර දකින්නට ලැබෙන්නේ ප්‍රධාන චරිත තුළ.
si
null
රඟපාන්නට යමක් තියෙනවා නම් ප්‍රධාන චරිතයද නැද්ද කියන එක මට අදාල නෑ.. අනෙක යම් නිර්මාණයක ප්‍රධාන චරිතය මතුවන්නටත් සෙසු චරිතවලින් ලොකු දායකත්වයක් ලැබෙන බව අමතක කරන්නට බෑ.. ඒ නිසා මට මගේ චරිතය නිර්මාණය තුළ කොයි තරම් දුරට විකාශය වනවාද කියන එක ප්‍රශ්නයක් ‍නෙවෙයි.
si
null
ඒත් වැඩි ජනප්‍රියත්වයක් හිමිවන්නේ ප්‍රධාන චරිත රඟපාන නළු නිළිියන්ට කියලයි ඇතැම් අය කියන්නේ .. ?
si
null
ඒ වගේ අවස්ථා සඳහාත් උදාහරණ මම දැකල තියෙනවා.. එහෙම බලද්දි සීමා පනවා නොගෙන ලැබෙන චරිතය හොඳින් රඟපාන අයට වැඩි වාසියක් තියෙනවා කියලයි මම නම් හිතන්නේ.
si
null
ඒ තුළින් තමයි ටෙලිනාට්‍යවලට එන්න අවස්ථාව උදාවුණේ.
si
null
ආදරය ගැන කියන්න කැමති නැද්ද .. ?
si
null
admin April 3, 2020 Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ
si
null
එය හිතුවාටත් වඩා හොඳින් ශ්‍රී ලංකාව පුරා කෙරෙන බව පෙනෙයි.
si
null
යාපනේ ශික්ෂණ රෝහලේ, ලේ බැංකුවේ ඉල්ලීමක් ඉටු කරන්නට ආරක්ෂක සේනා මූලස්ථානය- යාපනය සංවිධානය කළ ලේ දන්දීමේ අවස්ථාවකි ඒ!
si
null
මරණ බය අස්සේ කොහෙද ඕවා මතක් කරගන්නේ….
si
null
හිතෙන්- යහ ගුණයෙන් පොහොසත් මේ පුතාලා, කරන දෙයින් පෙනෙන්නේ ඒකය.
si
null
වෙනදා විදිහට දෙනෝදාහක් සෙනඟ නොගැවසෙන හින්දා කුසට අහරක් නොවැටෙන බලු-බළලුන් ගැන පවා හිතා බලන්නේ කෝටි ගණන් වටිනා වාහනවල යන්නන් නොවේ.
si
null
– කියලා පුරාණේ පටන් කියන්නෙත් ඒක වෙන්නැතිය.
si
null
මහා ආත්මයක් ඇති ගොවි මහත්මයෙකුගේ 'මේ පුංචි පරිත්‍යාගය' රටක් වටින්නේ නැතිද?
si
null
වෙනින් දේශපාලන පක්ෂයකින් එහෙව් මෙහෙවරක් කළාදැයි කියා දැක්කේ නැත.
si
null
අනේ එහෙම දෙයක් දැක්කොතින් කියා එවන්න, තරහ නැතිව.
si
null
දවස මුළුල්ලේ වෙහෙසී, වැටුණු තැනක ඉසුඹු ලමින්; නිඳා වැටෙමින්- විවේකයේදී පවා masks මසමින් වෙහෙසවෙන මේ උත්තමයන් දකින එකත් පිනකි.
si
null
ජනාධිපති මාධ්‍ය ඒකකය දැන් පැය 24ම වැඩ බවත්, මහජනතාවගේ ගැටළු ඔවුනට දැන්විය හැකි බවත් එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහතාගේ මුහුණු පොතේ (2020 මාර්තු 30 රාත්‍රී 10.47 ට පළ කළ) පෝස්ටුවක සඳහන්ය.
si
null
එහි ඇමතිය යුතු අංක කිහිපයක්ද තිබේ; තිබුණු දුරකතන අංකවලට කතා කළෙමි.
si
null
ජනාධිපති මාධ්‍ය ඒකකය පැය 24ම වැඩ බව එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහත්තයා ……….
si
null
කරුණාකර කියන්නකෝ, තව කාටද කිව යුතු කියලා.'
si
null
(තවම පැය 40 නේ) කොරෝනාව මර්දනය කළාම හරි උත්තර එවාවි නේ!
si
null
මහනුවර Nursing Officer රවී බණ්ඩාරයි එහෙම කියන්නේ.
si
null
රවී, ඔයා නමේ විදිහටම දිනිසුරෙක්… බබළන කතාවක්….
si
null
මේ බ්ලොගය කියවන අයත් ඒ ප්‍රාර්ථනාවම කරනවාට කිසිම සැකයක් නැහැ.
si
null
කවුද දෙයියනේ එකට බැඳුනු මහාද්වීප පහ වෙන් කළේ?
si
null
ඉස්සෙල්ලාම තමන්ගේ පවුලේ අයව ජීවත් කරවීම ගැන නේද අප හැමෝම හිතන්නේ?
si
null
එහෙම හිතලා වෙන්නැති තාත්තෙක් පොඩි එකාට කිරි පොවන බෝතලයක් හොයන්න ගියේ….. ඒත්….
si
null
ඒවා පැත්තකින් තියලයි, (ඉහතින් තියෙන ෆොටෝ කෑල්ලේ උදවියගේ) මේ මනුස්සකම ගැන ලියන්නම ඕනිය කියලා හිතුණේ.
si
null
අහංකාර මගේ හිස හොඳටම නමා කරන මේ ආචාරය මෙවන් උත්තම මිනිසුන් වෙතටයි!
si
null
රැඟුම්- මවාපෑම් නොව සැබෑ ක්‍රියාවන්ගෙන්ම දැකගන්නට අපට ඉඩ ලැබේවා.
si
null
රාගම රෝහල වහන්නට සැලැස්සූ තනි (අ)මනුස්සයා එහෙම කෙනෙකි.
si
null
ඒ ප්‍රවෘත්තිය මිස ඊට පස්සේ කිසිම හා-හූවක් නැත.
si
null
අග විනිසුරන් හරි මැදිහත් වෙලා තියෙනවා මිස.)
si
null
ජපානේවත් අනුමත නැති 'අවිගන්' පෙති 5000 හදිස්සියේ ගෙන්නන්න කීයක් ගිහින්ද?
si
null
ලැබුණු වහාම රට පුරා බෙදා හරින්නටත් 'ක්‍රමවේද' හදලා ඉවරලු!
si
null
ඒ පණිවිඩේ කියවලා හුස්මක් ගන්න කලින් කියනවා, 'අවිගන්' පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ!'
si
null
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ අදාළ ඖෂධය ලියාපදිංචි කිරීමට හෝ ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පෞද්ගලික සමාගමක් මෙතෙක් අවසර ලබාගෙන නොමැතිබවයි.'
si
null
ලංකාවට බෙහෙතක් ගෙන්වන්න කලින් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ලබාගෙන ඉන්න ඕනෑය කියලයි ඒකෙ සභාපති මහාචාර්ය අසිත සිල්වා මහත්තයා නම් කියන්නේ.
si
null
'-අදාළ 'අවිගන්' නම් ඖෂධය සම්බන්ධයෙන් ජපානයේ දී සායනික පර්යේෂණ දෙකක් පමණක් සිදුකර ඇති බවත් ජපානයේ ඖෂධ අධිකාරියද මෙම ඖෂධය ලියාපදිංචි කර නැති බවත් ඔහු සඳහන් කළේය.
si
null
විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඒවා රෝගීන්ට ලබාදෙන බවද සභාපතිවරයා පැවසීය.'
si
null
ඒ අස්සේ සිරි ලංකාවේ කොරෝනා මර්දන වැඩ ගැන හතර වටෙන්ම ප්‍රශංසා ගලන්න පටන් අරන්ලු.
si
null
හැබැයි ඒ අස්සෙම ආසාදිතයන්, රෝගීන්, මරණ ගණන ගැන වාර්තාත් ගලනවා….. ඒකයි අරුමේ!
si
null
README.md exists but content is empty. Use the Edit dataset card button to edit it.
Downloads last month
53
Edit dataset card