comments
stringlengths
1
3.7k
labels
stringclasses
4 values
මේ සතියේ පෝස්ට් එක සින්ඩි වල අප්ඩේට් වුනේ නැතුවාවත්ද.
BLOG
මල්ලි. හෙහ් හෙහ් ඇඬෙනවා නේද බං.උඹලෑ තාත්තා කෝටි ගණන් වියදං කරල"අබා" ජාත්‍යන්තරේට ගෙනිහින්උඹට අරං දෙන්ඩ බැරිවෙච්චි මෙව්ව එක..මේං මේක..ආපෝ. නෙදකිංපෝලිම් පැනපු පර-කුමත් මෙතනබලපංකෝ මුගේ "රැස්පොට්" ලුක් එක.ලැජ්ජයි මූ ගාව ඉන්නත්. කපන්න බැරි අත සූප්පන්න ආපු කුහක හැත්ත. හෙහ්..ඈ. කෑන්ස්. ඔස්කා. ඇකඩමි.. බැෆ්ටා..නෑ ..නෑ මේක මේ නිව්යෝක් පිල්ම් පෙස්ටිවල් මචං..ඈ... ...ආ ෆේස්බුක් එකේ ගොබ්බයොයිඇනෝ බ්ලොක් කරං බ්ලොග් ලියන හරමානිස්ල ටිකයිදාල තිබ්බ තමා ලෝකෙන්ම හොඳම නළුවා කියල..හොහ්..හොහ් හෙහ් හෙහ්ගණන් ගන්ඩ එපා.. ගොන් හැත්ත.
BLOG
එල්ලය බලා වෙර දමා අහසටඋඩට විසි කල ඇගේ හාදුවමාවතේ තනිවම ගමන් ගියවැදුනා මාගේ ලලාටය මතඅයියේ මාගේ හාදුවක් ඔබේනළලේ වැදීලා විසි උනාදෝදුටුවා නම් විසිවූනු ඉසව්වක්තරහා නැතුවම කියනවාදෝනංගී මම හරි කලබලෙන් වැඩපොලට යන මග ඉන්නේ දරුවෝවැඩ ඇරිලා මම නැවත එනවිටහොයනකම් ඔබ ඉන්නවාදෝඅනේ අයියේ කොහොමටත් බැහැඑක මාගේ එකම හාදුවඔහුට දෙන්නයි හිටියේ මම එයඋඩ දමා නැති නොවුනා නම් හෙටමක්කරන්නද එහෙම නම් මමඅලුත් හාදුව මගෙන් දෙන්නදමගේ අතේ තව දුසිම් ගානක්තරමටම ඇත හාදු ඉතුරුවඑක්වරම එය ඇසු යුවතිය තරහකින් මා දේස බලාඉවත් වී ඒ සඳලුතලයෙන්මැකී නොපෙනී ගියාඑල්ලය බලා විසිකෙරුව කලඋඩට විසි වූ ඇගේ හාදුවනළලතේ වැදිලා තදින් වැරවැටුනේ මාගේ සාක්කුවට ම කිව්වේ නැහැ මම ඇගේ හාදුවමගේ සිත මත සුරැක ඇති බවහදිසියේ ලැබුණා උනත් මටවටිනවා මහා මෙරක් තරමටසේයාරූ : Andy Barter.
BLOG
අද ගොඩක් දෙනක් වැලන්ටයින් කියලා සමරන්නෙ මොකක්ද .තමන්ගේ #කාම_ආශාවන් සංසිදුවා ගැනීම නෙමෙයිද .සෑබෑ ආදරය සහ කාමය කියන දෙක අද ගොඩ දෙනක් පටලවගෙන තියෙන්නෙ...මේ කතාව පිරිමි පාර්ශ්වයට විතරක් නෙමෙ ගැහැණු පාර්ශවයටත් අදාළයි...." කාමය / රාගය " කියන දේ ආදරයෙම කොටසක්...ඒත් අදකාලේ ආදරය වෙලා තියෙන්නෙ කාමය කියන එක විතරයි...වරද කොතැනද කියන්න මම හරියටම දන්නෑ...ඒත් වරද උණ තැන ගැන හොය හොයා ඉන්නෙ නැතුව...කා අතින් කවදා හෝ උණ මේ වැරද්ද නිවැරදි කරගෙනඉස්සරහට යන්න පුළුවන් කියන එකයි මගේ මතය....මගේ මතය පිළිගැනීම හෝ නොගැනීම ඔබතමුන්නාසේලාට බාරයි ..සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා ...මෙතනින් කලින්ආදරය හා කාමය ගැන මම ලියපු දෙයක් කියවන්න.. .
BLOG
මාස 34ක් තිස්සෙ එක දිගටම මේක ඇද ගෙන එන්න පුළුවන් කම තිබ්බෙ මේක බලන්න ආපු මගේ ආදරණීය රසිකයො ටික නිසාම තමයි. මම කවදාවත් ඇස් මට්ටමේ එල්ලා ගන්න නොහිතුව , නමුත් මුල කාලෙ නම් එහෙම එල්ලලා තියා ගෙන හිටිය ලියන්නව කියවන්න ආපු ගණන අද වෙනකොට ලක්ෂ දෙක පැනලා. ඒ නිසාම ඔන්න අහම්බෙන් ඇහැ ගැටිච්ච ඒ ඉලක්කම එල්ල ගත්තා ඇස් මට්ටමේම.සිංහල බ්ලොග් අවකාශයේ කියවන අයව බොහොම වේගයෙන් ආකර්ශනය කර ගන්න පුළුවන් එක මාතෘකාවක් තමයි දේශපාලනය..තවත් කෙටින්ම කිව්වොත් පවතින ආණ්ඩුවට විරුද්ධව මතයක් දරා ගෙන ඒ සම්බන්ධව ලිපි ලිවීම.ගොඩක් අය ඒ වගේ ලිපි කියවන්න තමයි කැමති. ඒ වගේමයි ඒ වගේ ලිපි කියවලා මතවාද, සංවාද ,විසංවාද ගොඩ නගා ගන්න තමයි බහුතරයක් කැමතියි..සිංහල බ්ලොග් අවකාශයේ හිට්ස් වලින් නම් ඉහලින්ම තියෙන්නෙ ඒ වගේ බ්ලොග් කිහිපයක් තමයි. මම උනත් වැඩියෙන්ම කියවන්නෙත් ඒ වගේ ලිපි තියෙන බ්ලොග්ම තමයි.ඒත් මම ලියන්ඩ අකමැතිම මාතෘකාවත් දේශපාලනය තමයි. ඒක මගේ පුදගලික අකමැත්තක් මිසක් වෙන හේතුවක් නෑ..ඒ වගේමයි ඉතින් මම එහෙම දේශපාලන ලිපි ලිව්වා නම් මේ බ්ලොග් එකේ හිට 20කට 30 කට එහා යන්නෙ නෑ මේ වෙනකම් මොකද එච්චරටම නීරස වෙයි..මට එහෙම ලිපි ලියන්ඩ හැකියාවක් නෑ ඒකයි හේතුව..ඒ නිසාම මගේ බ්ලොග් ලිපි පිරිලා තියෙන්නෙ මගේම ජීවිත අත්දැකීම එක්ක මිශ්‍ර වෙච්ච කෙටි නිර්මාණ ගොන්නකින් කියනඩ පුලුවන්. එහෙම බහුතරයක් ආකරෂනය කර ගන්ඩ බැරි මාතෘකා ගොන්නකින් ලියලා හොයා ගත්ත ලක්ෂ දෙක මට හරියට වටිනවා...කොයි තරම් කාලයක් ගියත් අතීතය නම් අමතක වෙන්නෙ නෑ..මම පටන් ගත්තෙ ලියන්න අවුරුදු ගානකට ඉස්සර මොනවා හරි දෙයක් සර්ච් කරන කොට අපේ චතුෂ මල්ලිගෙ මාරයගේ හෝරාව අහම්බෙන් ඇහැ ගැටුනා..ඒතනින් කියවන්ඩ පටන් ගත්තා..ලින්ක් හරහ සහ ගූගල් වලින් සර්ච් කර කර කියෙව්වා..අවුරුදු ගණනාවක්ම..මම ලියපු පළමුවෙනි කතාව පළ උනේ නම් අන්තිම පේළිය සයිට් එකේ..ඒකට කතා 10 ක් විතර ලියලා තමයි මම මේ ලියන්නා බ්ලොග් එක හදා ගත්තෙ..මුල්ම කමෙන්ටුව දැම්මෙ ඉතින් ආයි වෙන කවුරුත් නෙවෙයි කතන්දර ..මම කියන විදියට කශූ..ඔහොම පටන් ගත්ත එක.. පෝස්ට් තුන් සිය ගානක් වෙලා කමෙන්ට් මහ බර ගානක් වෙලා..හිට්ස් උනත් ලක්ෂ දෙකක් වෙච්ච එක මට අහිංසක ආඩම්බරයක් තමයි. ඒ වගේමයි මේ බ්ලොග් එක හරහා සහ බුකිය හරහා පටන් ගෙන ඇත්තටම හමු වෙච්ච මිතුරු මිතුරියො කන්දරාව.. මම හිතුවෙ නෑ බොහොම පොඩියට පටන් ගත්ත මේ බ්ලොග් එක හින්දා මෙච්චර දෙයක් වෙයි කියලා නම්..මෑතදීම සිද්ද උනේ..මම එම්සී එකට ගියා ලැප් එකට අවශ්‍ය බඩු වගයක් ගන්න. යුනිටි එක යට තියෙන පෙරේරා ඇන්ස් සන්ස් එකෙන් අයිස් කෝපි එකක් බීලා එළියට එනකොට මාත් එක්ක හිනා වෙච්ච හාදයා...ඔහු කතා කරලා අඳුන්වලා දුන් නිසාවෙන දැන ගත්තෙ අජිත් කියන ඔහු මගේ බ්ලොග් එක මුල කාලෙ ඉඳලම කියවපු කෙනෙක්..ඒ වගේ සිදුවීම් අනන්තවත් උනා මේ පොඩි කාල සීමාව ඇතුලෙ...පහු ගිය කාලෙ තිස්සෙම වැඩ අධික වීමත් එක්කම බ්ලොග් එක ලියන එක සහ සහෘද බ්ලොග් වල කමෙන්ට් දමන එක පොඩ්ඩක් අඩු උනත්.. ආයිමත් මේ වැඩ ටික එහෙ මෙහෙ උන ගමන්ම පටන් ගන්න ඕනි ඒක..හිට්ස් තම්බලා කන්ඩද කියලා ටොපික් එක දැම්මට හිට්ස් සහ කමෙන්ට් වලින් එන ආත්ම තෘප්තිය නම් මිල කරන්න බෑ..ඒ සතුටම තමයි නැවත නැවතත් මොනවා හරි ලියන්න කියලා අපේ හිත උනන්දු කරවන්නෙත්..එහෙනම් මාත් එක්ක මේ වෙනකම් හිටිය මට ලොකු හයියක් වෙච්ච මගේ සහෘද කැලට මගේ හද පිරි ගෞරවාන්විත ස්තූතිය මෙහෙම පුද කරන්නම්...
BLOG
හැම කෙනෙක්ම දන්න විදියට 2014 අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල "අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස" කියන තේමාවෙන් අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා, ඒ කියන්නේ අද ඉඳලා ගෙවෙන 14 වෙනි දවසේ බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.එදාට මොනවද වෙන්නේ.හැමදාම වගේ අළුත් අවුරුද්ද වෙනුවෙන් පවත්වන විනෝද ක්‍රීඩා රැසක්ම මෙවරත් සංවිධානය කරලා තියෙනවා. දුවන පනින තරඟ වගේම, බනිස් කෑම, කණා මුට්ටි බිඳීම වගේ අවුරුද්දටම ආවේනික තරඟත් පැවැත්වීමට නියමිතයි. යොවුන් ඔබ පුල පුලා බලා සිටින සයිබර් සිහින කුමරා සහ සයිබර් සිහින කුමරිය තෝරන්නත් ලහි ලහියේ කටයුතු සූදානම් වෙනවා.ඊට අමතරව අවකාශයේදි හමුවුන මිතුරු මිතුරියන් මිහිමතදි ඇත්තටම හම්බ වෙලා කතාබහ කරන්නත්, හිතමිතුරුකම් අළුත් කරගන්නත් අවස්ථාව තියෙනවා. මතකයිනේ, හැන්දෑවෙ පවත්වන ජනගායනා තරඟය. ඒකටත් සහභාගී වෙන්න පුළුවන්.මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලේ නිල මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ බස් රේඩියෝව. ඊට අමතරව මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලට අපට ශක්තියක් වෙන්න Oceanic Games ආයතනය අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. හැබැයි ඊට කලින්...මෙන්න මේ ෆෝම් එක පුළුවන් තරම් ඉක්මනට පුරවලා සයිබර් සිහින උළෙලට ඔබගේ පැමිණීම තහවුරු කරන්න. මේ අවුරුද්දේ අවුරුදු උත්සවේදි ඔබ පුදුමයට පත් කරවන සිහිවටනය ලැබෙන්නේ අප්‍රේල් 15 වෙනිදාට කලින් ලියාපදිංචි වෙන අයට විතරයි. ඔබ දැනටමත් ලියාපදිංචි වෙලා නම් ඔබගේ ලියාපදිංචි අංකය සහ විස්තර ඉදිරි දින කිහිපයේදි ඊ මේල් මගින් ලැබේවි. සයිබර් සිහින බක්මහ උළෙල දවසට දිවා ආහාර ඇතුළු වියදම් වෙනුවෙන් ඔබට රුපියල් 200 ක ඇතුලත්වීමේ ගාස්තුවක් ගෙවන්න සිදු වෙනවා. ෆෝම් එකතවත් එක ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි අපේ සයිබර් සිහින උළෙල ගැන සහ අපේ අනුග්‍රාහක භවතුන් පිළිබඳ දැනුවත් කරන පුංචි විජට් දෙකක් ඔබේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කරන්න කියන ඉල්ලීම. ඔබේ බ්ලොග් අඩවියට යන එන අයටත් සයිබර් සිහින බක්මහ උළෙලට පාර කියන්න ඒක හොඳ අවස්ථාවක් වේවි. මෙන්න විජට් දෙක. ඒවා බ්ලොග් අඩවියට එකතු කරගන්න හැටි දැනගන්න අවශ්‍ය නම් මෙතනින් දැනගන්න පුළුවන්.swf"></object>එහෙනම්, අප්‍රේල් 20 හමුවෙමු... යන්න කලින් අපේ ෆේස්බුක් ඉවෙන්ට් එකටත් ගොඩ වෙලා යන්න.ඉවෙන්ට් එක.
BLOG
කළු වලාවක් සඳ වසාගෙනවිලේ දිය මත සඳ එළිය නැතපුරා පෝයට පිරුණු වත කිමවහන් වුයේ කළු වලාවට....දෙව්ලොවේ සුර සැපත අතහැරනිල් ගුවනෙ තරු රටා අතහැරආලයෙන් වෙළුනේ ඇයිද නුඹගිණි දැවුණු අර කඳු මුදුන දැක....සුදෝ සුදුවට කන්ද මත හිඳ‍රැසි කැළුම් දී නිසල දිය මතසසල නෙත් සිත් නිසල කරලනසොඳුරු සිත්තම නුඹම අන් කිම...නෙතු යොමමි දුර අනන්තයෙ හිඳකළු වලා සළු පටින් විනිවිදනීල නෙතගින් සැලෙන පිනිකැටනිවා සනසනු දැවුණු ගිරි හිස.
BLOG
අප විද්‍යාලයේ සේවය කරණු ලබන මහානාම ගුරු මහත්මා සමස්ථ ලංකා ගුරුවරුන්ගේ ක්‍රිඩා තරඟාවලියේ ධාවන තරග ඉසව් වලින් රන් පදක්කම් එකක්,රීදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමෙන් අප විද්‍යාලයට කීර්තියක් ලබා දීමට සමත් වී ඇත.ඔහු මෙම තරඟාවලියේදි අවු 40-45 වයස් කාණ්ඩය යටතේ තරඟ වැදි අතර මෙම තරඟාවලිය නුවරඑලිය නගරයේ දී පැවැත්විණි.
BLOG
අපේ ලොක්කෝ දොහොත් මුදුන් තියලා වදින චීනා වින්ඩෝස් 8 බෑන් කරපු නිව්ස් එක්ක දැන් ලෝකේ හැමෝම දන්නවනේ. මේක කෙලින්ම අපේ බිල් මාමට ගහපු කනේ පාරක් කියලා කිව්වොත් ඒකේ වරදක් නෑ. මොකද පොඩියට හිටියට චීනය කියන්නේ අද ලෝකේ තියන ප්‍රබලතම බලවතුන්ගේ කෙනෙක්. (ඒකනේ අපේ එක්කෙන උගේ පස්සෙන්ම යන්නේ). කනේ පාරක් ගැහුව විතරනම් කමක් නෑ. ඔන්න අලුත්ම නිව්ස් එකෙන් Microsoft Office එකත් චීන රජයෙන් බෑන් කරලා කියන්නේ. ඒ කියන්නේ චීන රජයට අයිති කිසිම ආයතනයක ජනේල් අටවත්, ඔෆිස් එකවත් පාවිච්චි කරන්න බෑ. මෙහෙන කරන්න හේතුව මොකක්ද කියලා බිල් මාමා හොටු පෙර පෙර අහලා තියෙනවා.චීනා කියන්නේ වින්ඩෝස් 8 හරහා ඇමරිකන් SSA එක චීනේ ඔත්තු බලනවා කියලයි. මයික්‍රෝසොෆ්ට් ලා කොච්චර නෑ කිව්වත් චීනා ඒක පිළිගන්න බවක් නෑ. දැන් චීනා ඉන්ටනෙටුත් චීනේ නවත්තලා උන්ගෙම කියලා නෙට් එකක් පටන් ගන්නලු යන්නේ. කොහොම උනත් ගිය මාසේ සිද්දිය මෙන්න මෙහෙම තමා මාධ්‍ය වාර්ථා කරලා තිබ්බේ."චීනගේ සැකේ නැතිවෙන්න බිල් මාමා වින්ඩෝස් වල සෝස් කෝඩ් එකේ ප්‍රධාන කොටස් චීන නියෝජිතයන්ට පෙන්වලා තියෙනවා. ඒත් චීනා කියන්නේ හැම කෝඩ් එකක්ම චෙක් කරන්න මාස ගානක් යනවා, අනික අප්ඩේට් එකක් හරහා වින්ඩෝස් වලට ස්පයිවෙයා වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඕන වෙලාවක දාන බිල් අයියට පුලුවන් කියලයි. කොහොම උනත් මයික්‍රෝසොෆ්ට්ලා ඔෆිස් එකත් බෑන් කරපු එකෙන් හොදටම දුක් වෙන්න පටන් අරන් තියෙන්නේ. බිලියන එකකට ආසන්න පරිගණක ගණනක දැන් 8 සහ ඔෆිස් තහනම්. ඒ වෙනුවට චීනා ඕපන් සෝස් වලට බැහැලා. ඕපන් සෝස් වලට අකමැති චීන්නු විස්ටා සහ 7 වලට බැහලා.චීනේ ඉන්න කොම්පිතර් වැඩ්ඩෝ කියන්නේ වින්ඩෝස් කියන්නේ සුපිරියටම හදපු ඔත්තු බලන වැඩසටහනක් කියලයි. ඒ කියන්නේ ඇමරිකන් පාදඩයෙක් කියලයි. කොහොම හරි තාම මෙයාලා එපා කියන්නේ 8 වලට විතරක් නිසා ‍චීනේ 40% ක්ම XP පාවිච්චිය දිගටම කරගෙන යනවා.ලෝක බලවතෙක් වෙන චීනා මේ කරපු දේන් පස්සේ වින්ඩෝස් ගැන හැම රටක්ම සැක කරන්න පටන් අරගෙන තියෙනවා. ඉස්සරහට වින්ඩෝස් වෙලදාම පහත වැටුනත් පුදුම වෙන්න දෙයක් නෑ. මේක ගැන හරියටම CCTV නාලිකාව වැඩසටහනක් කරලත් තියෙනවලු..... මම පොඩ්ඩක් බැලුවා. හම්බවුනේ නම් නෑ. පුලුවන් නම් හොයාගෙන බලන්න. කොහොම හරි ඉංජිනේරුවෝ ගොඩක්, වින්ඩෝස් වල රෙදි ගැලැව්වා කියලනම් ආරංචියි.දැන් තමා වැදගත්ම ප්‍රශ්නේ. දැන් අපි කරන්නේ චීනා සරනං ගච්චාමි වගේ වැඩක් නේ. දැන් එහෙනම් අපේ මහින්ද ලොක්කත් 8 බෑන් කරයිද. (චීනා කියන්නේ චීනේ ඔත්තු බලන්න හදලා කියලා). එහෙම කල යුතුද. කොටින්ම අපේ හැම ඔෆිස් එකකම වගේ වැඩකරන ඔෆිස් පැකේජ් එකත් බෑන් කරන්න ඕනෙද. මම නම් හිතන්නේ මේක චීනා අලුත් බිස්නස් එකකට කරන ට්‍රයි එකක් කියලයි. ඒත් ඇමරිකන් බුවාලවත් විස්වාස කරන්න බෑ. කොහොම උනත් ඉතින් මේක ඇත්තක් කියලා හෙලිවුනොත් එහෙම බිල්ට වෙන්නේ ඇමරිකන් රෙද්ද අස්සේ හැංගෙන්න.දැන් එහෙනම් මදෑ නිව්ස් කිව්වා. මේ ගැන ඔයාලා හිතන්නේ මොකක්ද. ඒ ගැනත් කමෙන්ටුවකින් කිව්වා කියලා බිල් අයියා කට්ටියව නිදි පැදුරෙදිම උස්සන් යන්නේ එහෙම නෑ ඕං.
BLOG
නව පරපුරේ කවියකු මෙන්ම සහෘද බ්ලොග් කරුවකු වන ප්‍රසාද් වීරසිංහගේ නවතම පද්‍ය නිර්මාණ එකතුව 'කවියක් බිමින් තබමි' දොරට වැඩීමේ උළෙල 2014 අගෝස්තු මස 28 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහිදී, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් "කවියක් බිමින් තබා මහමෙරක් උසුලා සිටීම" යන මැයෙන්ද, කිවියර සුමින්ද කිත්සිරි ගුණරත්න මහතා විසින් "නව කවිය හා විචාරය" යන තේමාවෙන්ද ආරාධිත දේශන පැවැත්වීමට නියමිතය.කවියක් බිමින් තබමි ,ප්‍රසාද් වීරසිංහගේ දෙවැනි පද්‍ය නිර්මාණ එකතුවයි. කවි ලොවට එළැඹෙමින් ප්‍රසාද් විසින් එළිදක්වනු ලැබූ 'ගිනි පුපුර' පද්‍ය සංග්‍රහය 2013- වයඹ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වූ අතර විචාරක පැසසුමද නොමදව හිමි කර ගැනීමට සමත්වූයේය.කාව්‍යකරණයෙහි ලා ප්‍රසාද් කුසලතා පළකළේ පාසල් සමයේ පටන්මය. මාතෘකානුකූල පද්‍ය රචනාකරණය වෙනුවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ දිනා ගැනීමට ඔහු සමත් වූ අතර 2007 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමෙන් අනතුරුව සිය නිර්මාණ පළ කිරීමේ අවකාශය ලෙස ඔහු 'තොටුපොළ' බිත්ති පුවත්පත තෝරාගත්තේය. අනතුරුව, www.com තම බ්ලොග් අඩවිය ඔස්සේ සහ අනෙකුත් සාහිත වෙබ් අඩවි හරහා කාව්‍ය නිර්මාණ සයිබර් අවකාශයට එක් කළේය. දිවයින, රාවය, ලක්බිම, පුවත්පත්වල කවි පිටු ද ප්‍රසාද්ගේ කවියෙන් සැරසිණ.සමකාලීන කවීන් හා විචාරකයන්ගේ දිරිගැන්වීම් අනුව යමින් කෘතියක් ලෙසින් ඒ කවි දොරට වඩින 'කවියක් බිමින් තබමි' එළිදැක්වීමේ උළෙලට සහභාගී වීමට - කවියට හිතැති හැමට විවෘත ආරාධනා මෙසේ එක්කෙරේ.
BLOG
4pt 0in 5. හුස්ම ගන්නත් සල්ලි ඕනේ මේ කාලේ රැකියාව කියන දේටතියෙන්නේ ප්‍රධානම තැන. ඒත්,ජීවිතේ ගැට ගහගන්න ඔට්ටු වෙන රස්සාව තමාගේ ජීවිතේට, කල් පැවැත්මට තර්ජනයක් වෙලාද කියන එක ගැනඔබ සැලකිලිමත් ද.වෘත්තීය සුරක්ෂීතතාවයහා සෞඛ්‍ය කියල කියන්නේ මුළු ලෝකෙම සැලකිල්ල දිනා ගත් මාතෘකාවක්. යම් කිසි රැකියාවක නිරත වන්නෙකු එම රැකියාවේ ස්වභාවය හේතුවෙන් අනතුරු වලට හෝ රෝගාබාධයන්ට ලක් වේ නම් එය අනුමත කල හැකිද. ශ්‍රී ලංකාව අතින් කතා කිරීමේ දී විවෘත ආර්ථිකයත් සමග බිහිවූ කර්මාන්ත හා ව්‍යාපාර,දහස් ගණනක් ජනතාවට රැකියා අවස්ථා ලබා දීමට සමත් වුණා. අලුතින් බිහි වන කර්මාන්ත සමග මෙරටට පැමිණි දියුණු තාක්ෂණය හා කාර්මික ක්‍රමඋපයෝගී කර ගනිමින් රැකියාවේ නියුතු වීමටසේවකයන්ට හැකි වුණා. නමුත් එම තාක්ෂණය හා නවීන ක්‍රම සේවකයන් අනතුරු, රෝගාබාධ වෙත නැඹුරු කිරීම සීඝ්‍ර ලෙසඉහල යෑමට පටන් ගැනුනා. මෙම හේතූන් පදනම් කොටගනිමින් අන්තර්ජාතික ප්‍රජාව සේවකයාගේ වෘත්තීමය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් නීති හා රෙගුලාසි, සංවිධාන,තත්ව සහතික හා රාජ්‍ය ආයතන බිහි කිරීමට අත්පොත් තබන ලදී.හාල් ගෝනිය කර ගහන්නාගේ සිට ශල්‍ය වෛද්‍යවරයා දක්වා සියල්ලෙකුටම වෘත්තීමය සෞඛ්‍ය ගැටලු මතු විය හැක. නිවැරදි ඉරියව් භාවිතා නොකිරීම, නිවැරදි උපදෙස්භාවිතා නොවීම, පුද්ගල ආරක්ෂණ උපකරන පැලදීම ප්‍රතික්ෂේප කිරීම, මැලි කමක් දැක්වීම මෙන්ම තමන් නිරාවරණය වී සිටින්නේ කුමන ආකාරයේ වෘත්තීමය සෞඛ්‍ය ගැටලුවකට ද යන්න පිළිබදවදැනුවත් නොවීම හේතුවෙන් සේවකයින් නිරන්තරරෝගාබාධයන්ට ලක් වේ. ඉදින් මෙම ගැටලුවට නීති පැනවීම පමණක් ප්‍රමාණවත් වේවි ද. නැත.නීති පැනවීමත් සමගම සේව්‍ය සේවකදෙපාර්ශවයම දැනුවත් කිරීම, පුහුණු කිරීම හා එම ගැටලු අවම කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදු කල යුතුය. සේව්‍ය සේවක දෙපාර්ශවයේම දැක්ම හා අරමුණු වල සැබෑ වෙනසක් සිදු කල යුතුය.මෙම අවශ්‍යතාවයන් සැපිරීම සදහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් පිහිටුවා ඇත. කම්කරු හා කම්කරු සබදතා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෘත්තීයසුරක්ෂීතතා හා සෞඛ්‍ය ආයතනය මගින් යම්කර්මාන්තයකට අවශ්‍ය වෘත්තීමය සුරක්ෂීතතාවය පිළිබද උපදෙස්, තත්ව සහතික හා පුහුණු පාඨමාලා ලබා ගත හැක.ශ්‍රී ලංකා රජයේ අනුමත සහතිකයන් තම කර්මාන්තයට ලබා ගැනීමට හැකි වනවා සේම මෙම ක්ෂේත්‍රයේ වසර ගණනක ජාතික හා අන්තර්ජාතික වශයෙන් අත්දැකීම් හා පුහුණුව ලත්නිළධාරීන්ගේ සේවාව හා අනුමැතියන් ඔබ ආයතනයට ලබා ගතහැක.ඉහත දැක්වූ ආකාරයේ සේවාවන් ලබා දීමට සමත් පෞද්ගලික ආයතන බොහෝමයක් ද ලංකාවේ ආරම්භකර ඇත. හුදෙක්ම ලාභ ලැබීමේ පරමාර්ථය පමණක් අරමුණු කරගත් එම ආයතන වෙතින් සේවකයාගේවෘත්තීය සුරක්ෂිතතාවය මනාව රැකේවි යැයි විශ්වාස කල නොහැක. එනමුත්, රාජ්‍ය ආයතනයක්වශයෙන් ජාතික වෘත්තීය සුරක්ෂීතතා හා සෞඛ්‍ය ආයතනය අන්තර්ජාතික වශයෙන් පිළිගත් හායාවත්කාලීන වන අත්දැකීම් හරහා තම සේවාවන් බෙදා හරියි. ඔබ ආයතනයේ වෘත්තීමය රෝග හා අනතුරු සදහා අවදානමක් ඇතැයි ඔබට සිතෙන්නේ නම් ඒ සදහා පිළියම්යෙදීමට ප්‍රමාද වෙන්න එපා. සෞඛ්‍යමත් ශ්‍රම බලකායක් යනු ආයතනයේ සහ රටේ දියණුවයි.. ජාතික වෘත්තීයසුරක්ෂීතතා හා සෞඛ්‍ය ආයතන වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
BLOG
අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්ඉඩ ලබා ගනිමු තරමින් වියතක්හඳ පානේ... මඳ අඳුරේ...අත් පටලා යමු ආයේ...ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදීමම මගෙ හෙවනැල්ලෙන් මිදීඅවුදින් හෙමින් රහසින් මුමුනාහඳ පානේ මඳ අඳුරේ...හිරකර හසරැල්ලෙන් හැඬුම්අපි හිනැහෙමු සපුරා පැතුම්මතු ආත්මයේ හමුවෙන පැතුමින්යමු වෙන්වී හිමිදිරියේ...පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායකMp3 - Ape Hengum WalataYouTube.
BLOG
වෙස්සන්තර වෙන්නනම් බැහැකවමදාකවත්උඹව දන් දීලාකාටවත්ඒත්.....,සිරිසඟ බෝ නම්වෙන්න වෙයි වගේදවසකනිවන් යන්න නෙවෙයිඋඹට තියෙනආදරේ හින්දමමේඋඹේ ආදරණියමල යකා____.
BLOG
කලින් කොටස ගැන කියනවනම් ටේට්වයි බෝ වයි නියෝජිත ෆැරල් ගේ අතටම අහුවෙලත් බෝගේ බලය පාවිච්චි කරලා ඒ දෙන්නා පැනලා යනවා.අන්තිමේදී ටේට්,බෝ හා වින්ටර් නිව්යෝර්ක් අතැරලා යනවා.ඒවගේම බෝ උදව් කලා වෙන් වෙලා හිටිය ආදරන්වතයන් දෙදෙනෙක්ට එකතුවෙන්නත්.අද කොටසින් - ඔර්චෙස්ටා ව්‍යාපෘතියේ වැදගත් විස්තර වගයක් කෙනෙක් දුරකථන ඇමතුමක් මගින් බෙන් වූටන් නම් බ්ලොගර් කෙනෙකුට ලබා දෙන්න හදනවා.ඒ වගේම ටේට් හා බෝ ඉන්නෙත් බෙන් වූටන් ඉන්න අපාර්ට්මන්ට් එකට එහා පැත්තේ.රහස් පිටවී ඇති බව දැනගන්න ස්කවුරාස් මෙදාපාර තරගෙට බස්සන්නේ ජොෂුවව.ඇත්තටම රහස් පිටකලේ කවුද. බෙන් හට ජොෂුවගෙන් ගැලවිය හැකිවේවිද. බෝ හට ජොෂුවව මෙල්ල කරගත හැකිවේවිද. ඒවට උත්තර හා තවත් විශේෂ සිද්ධි කිහිපයකුත් බලාගන්න පුලුවන් වෙයි.සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න250MB Torrent File150MB Torrent File160MB Direct Links.
BLOG