category
stringclasses 5
values | date
stringlengths 9
14
| link
stringlengths 22
753
| topic
stringlengths 1
11.6k
⌀ | author
stringlengths 1
1.98k
⌀ | content
stringlengths 1
187k
⌀ |
---|---|---|---|---|---|
BLOG | 2014.02.18 | http://thepolsaman.blogspot.com/ | ප්‍රශ්ණ සහ ජීවිතය | ද පොල් සමන් | කොයි දේත් වෙන්නෙ මිනිස්සුන්ටනේ....ජීවිතේදි එන කොයි ප්‍රශ්ණෙටත් විසදුමක් තියෙනවා...විසදුමක් නැත්තම් ඒක ප්‍රශ්ණයක් නෙමෙයිනෙ...අනිත් දේ තමා මනුස්සයෙක්ව ජීවත් කරවන්නේඅත්දැකීම් සහ ප්‍රශ්ණ කියන දෙක..ඒක නිසා මොන ප්‍රශ්ණයක් ආවත් ඒ ප්‍රශ්ණ වලින්පැනලා යන්න හොද නෑ...හැම දේකටම විසදුමක් තියෙන නිසාඅපි අපිට එන හැම ප්‍රශ්ණයකටම විසදුම් හොයන්න ඔනේ...ඒ අතරවාරයේ විවිධාකාර දේවල් වලට මුහුන දෙන්න වෙයිඒවත් අභියෝග හැටියට භාරගෙන ප්‍රශ්ණ වලට මුහුන දීලාසාර්ථකව ප්‍රශ්ණ විසදාගන්න එක තමාමම හිතන විදියට#සාර්ථක_ජීවිතයක්කියන්නේ...එහෙම නැතුව අපිට මුහුන දෙන්න වෙන ප්‍රශ්න නිසාඅඩා වැලපිලා, ජීවිතේ හානි කරගන්නවා කියන එක නෙමෙජීවිතය කියන්නේ.....කලින් කිවා වගේ හැම ප්‍රශ්ණයක්ම එන්නෙ මනුස්සයටඒ වගේම සියලු දේ අනිත්‍යයි...නැති උණ දේ ගැන කම්පා නොවීලද දෙයින් සතුටු වෙලා ප්‍රශ්ණ වලට මුහුණ දිලාසාර්ථකව හැම කෙනෙකුට ජීවත් වෙන්න ලැබේවා ..ජය වේවා . |
BLOG | 2014.02.15 | http://thepolsaman.blogspot.com/ | සිගරට් හොදයි, ගංජා නරකයි... නෑ මචන් ඔය දෙකම නරකයි !!! | ද පොල් සමන් | තහනම් කලා හෝ නොකළාඔය කොයි මත්ද්‍රව්‍යත් ශරීරයට අහිතකරයි...අරක්කු සිගරට් නීති ගත උණා කියලවත්ගංජා නීතියෙන් තහනම් උණා කියලවත් වෙනසක් නෑනිකං නීතියෙන් තහනම් උණ දේ ගැන විතරක් කෑගහලා වැඩක් නෑ...සිගරට් බීවත් එකයි ගංජා ගැහුවත් එකයිගංජා බෙහෙත් වලටත් අරං තියෙනවා..ඒත් සිගරට් හදන දුම්කොළ බෙහෙත්ද . නෑනේ..ලෝකෙටෙ පේන්ඩ බොරු පුරාජේරු අවශ්‍ය නෑකවුරු කවුරුත් පුලුවන් තරම් මේ දේවල් වලින් ඈත් වෙන්නයි ඔනේ...මේ දේවල් පාවිච්චි කරන කෙනෙකුට නම් ටිකක් අමාරු වේවිඒත් උත්සාහ කළොත් බැරි වෙන එකක් නෑ...අනිත් දේ තමා.අද සමාජය හැඩ ගැහිලා තියෙන්නෙනීතියෙන් අවසරය තියෙන දේ හොදයි කියන විදියට හිතන්න..ඒකයි සිගරට් බොන කෙනාට මොකුත් නොකියාගංජා උගුරක් අදින එකාව හංවඩු ගහන්නෙ...මම නම් කියන්නේ එහෙම කියන අය සෑහෙන්න මෝඩයි...තරහ උණත් කරන්න දෙයක් නෑ..ගංජා ගැහුවත් එකයි බීඩියක් සිගරට් එකක් ගැහුවත් එකයි....ඒත් බීඩි සිගරට් බොන කෙනාට කවුරුත් මොනවත් කියන්නෑමොකද ඒ දේවල් නිතිගත නිසා....සමාජ විශමතාවය තමා...තව දෙයක් කියන්න ඔනේ...මම මේ පොස්ට් එක දැම්මෙ ගංජා ගහන අයව සුද්ධ කරන්න නෙමෙකෝකත් වැරදියි...ඒ වගේම කිසි කෙනෙක් මේකට පොළබවා ගන්නත් නෙමෙයි...ඒකයි මුලින්ම කිවෙ කරන අය උනත් උත්සාහ කලොත් මේ දේවල්පාවිච්චි කරන එක අතහරින්න පුලුවන් වේවි කියලා....අදහසක් මට හිතුණ දෙයක් පමණි. බුද්ධියෙන් විමසා දරා ගැනීම ඔබ සතුයි ..ස්තූතියි . |
BLOG | 2014.02.14 | http://thepolsaman.blogspot.com/ | #වැලන්ටයින්.... | ද පොල් සමන් | අද ගොඩක් දෙනක් වැලන්ටයින් කියලා සමරන්නෙ මොකක්ද .තමන්ගේ #කාම_ආශාවන් සංසිදුවා ගැනීම නෙමෙයිද .සෑබෑ ආදරය සහ කාමය කියන දෙක අද ගොඩ දෙනක් පටලවගෙන තියෙන්නෙ...මේ කතාව පිරිමි පාර්ශ්වයට විතරක් නෙමෙ ගැහැණු පාර්ශවයටත් අදාළයි...." කාමය / රාගය " කියන දේ ආදරයෙම කොටසක්...ඒත් අදකාලේ ආදරය වෙලා තියෙන්නෙ කාමය කියන එක විතරයි...වරද කොතැනද කියන්න මම හරියටම දන්නෑ...ඒත් වරද උණ තැන ගැන හොය හොයා ඉන්නෙ නැතුව...කා අතින් කවදා හෝ උණ මේ වැරද්ද නිවැරදි කරගෙනඉස්සරහට යන්න පුළුවන් කියන එකයි මගේ මතය....මගේ මතය පිළිගැනීම හෝ නොගැනීම ඔබතමුන්නාසේලාට බාරයි ..සුභ ආදරවන්තයින්ගේ දිනයක් වේවා ...මෙතනින් කලින්ආදරය හා කාමය ගැන මම ලියපු දෙයක් කියවන්න.. . |
BLOG | 2014.02.11 | http://thepolsaman.blogspot.com/ | එල්ලිලා මැරුණ නංගිගේ සීන් එක මම දකින විදියට... | ද පොල් සමන් | කුරුණෑගල කොතලාවල ඉස්කෝලේගෑල්ලමෙක් බෙල්ලෙ වැල ( සාරියක් ) දාගෙන මැරිලා....මැරෙන්ඩ හේතුව ප්‍රින්සිපල් කාරයා හෙණ කට්ටියක් ඉස්සරහාඒ කෙල්ලට#වේසිකියලා කීව එකලු....හරි ප්‍රින්සිපල් ඒ කෙල්ලට එහෙම බැන්නා කියමුකෝ...ඔය කොතලාවලේ මිශ්‍ර පාසලක්...ඔකේ තව ඔනෙ තරං කෙල්ලො ඉන්නවා....ඉතිං ඇයි ඒ ප්‍රින්සිපල් ඔය කෙල්ලටම විතරක් වේසි කිවෙ....හේතුවක් නැති වෙන්ඩම බෑනේ....එයාගෙ ලියුමෙත් එයා ලියල තියෙනවා කොල්ලෙක්එක්ක පිචෑර්ස් එකක් බලන්ඩ ගියා කියලා...ආයෙ ඔය වයසේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි හෝල් එක ඇතුලට යන්නේපිචෑර්ස් එක බලන්ඩමද .අනේ නංඟි ඔයා පව් අප්පා.... ඔයාගෙ ජීවිතේ අපරාදෙ...අසරණ අම්මයි තාත්තයි පව්...ගින්නක් නැතුව දුමක් නගින්නෑනේ කොහොමත්....ඔයාගෙ ඔය පොඩි වයසට කරන්ඩ ඔනෙ වැඩ විතරක් කරලා...අවලමේ නොගිහින් හිටියනං ඉවරනේ . |
BLOG | 2014.12.06 | http://pashawrites.blogspot.com/ | ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට ස්ත්‍රීත්වය බාධාවක් නොවේ | arc-en-ciel | දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය.ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. ඒ බව පසක් කරලමින් අනුලා දේවිය ප්‍රමුඛ කාන්තා පිරිස අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කර සෝවාන් මග ඵල ලබා නොබෝ කලකින් උතුම් වු සකෘදාගාමි මාර්ග ඵල ද ලැබූහ. දස සිල් සමාදන්ව කසාවතින් සැරසුණු ආර්ය ශ්‍රාවිකාවන් පැතු පැවිදි බව ලබා දී සදහම් ගංඟාව දස අත ගලා යවමින් ලක්දිව් තලයේ භික්ෂුණී ශාසනය පිහිට වූයේ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ වැඩම කරවීම නිසාවෙනි.මෙවන් වූ මෙහෙයක් වෙනුවෙන් දේවානම්පියතිස්ස නිරිඳුන් දැක්වූ රාජ්‍ය අනුකූලතාව ශ්‍රේෂ්ඨය. සඟමිත් තෙරණිය සමඟ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවීමට අවශ්‍ය බව දන්වන සංදේශයක් ද රැගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ දූත පිරිස දඹදිව රම්‍ය වු පැළලුප් නුවරට පිටත් කළහ. සිරිලක් වනිතාව ද මේ සංසාර දුක් සයුරෙන් එතෙර කරලීමේ උතුම් අපේක්‍ෂාවෙන් සඟමිත් තෙරණිය තම පිය රජතුමාට කාරුණිකව කරුණු අවබෝධ කරලීමෙන් පසුව මිහිඳු මහ රහතන් වහන්සේගේ වචනයට ද ගරු කරමින් අශෝක මහ රජතුමා තම දියණිය ලංකාවට එවීමට එකඟ විය.ශ්‍රද්ධාවන්ත අශෝක රජු “මාගේ දරු පිරිස සිංහල ජාතියට සේවය පිණිසවේවා” යි ප්‍රාර්ථනය කරමින් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් ලබා ගන්නේ කෙසේ දැයි මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගෙන් කරුණු විචාළේය. එහිදී බුදුරදුන් පිරිනිවන් මංචකයේ දී දේශනා කළ අධිෂ්ඨානයන් ගැන දැනුවත් වූ රජතුමා බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩී ගියේ ය. දෑගිලි බැඳගත් රජු බෝධි වෘක්ෂය දෙස බලා සත්‍ය ක්‍රියා කළේය. එම බලයෙන් දක්‍ෂිණ ශාඛාව සම්බන්ධ සතර රියන් පමණ ප්‍රදේශය හැර සියලුම ශාඛාවෝ ඍද්ධි ප්‍රාතිහාර්ය දැක්වීය. මුල් සියයක් අද්දවමින් දක්‍ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටන විට හිම වළාගැබක් අතරට වැදි මහ පොළොව කම්පිතව ප්‍රාතිහාර්ය පෑවේ ය. දෙව් මිනිසුන්ගේ මහත් වු බහුමානයන් මධ්‍යයේ බෝධින් වහන්සේගේ ඵලයන් හා පත්‍රවලින් සවනක් රැස් විහිදුවමින් මුළු දඹදිව් තලයම ඒකාලෝක කරවීය. මේ අසිරිමත් දර්ශනයෙන් අපරිමිත පී‍්‍රතියට පත් ධර්මාශෝක නිරිඳුන් දඹදිව් රාජ්‍යයට බෝ සමිඳුන්ට පිදුවේ බෝධිරාජයාණන් වෙන්වීමේ දරාගත නොහැකි ශෝකයෙන් කඳුළු වගුරවමිනි. ගී‍්‍රවය දක්වා ජලයෙහි බැසගත් දම් සෝ නිරිඳුන් බෝධිරාජයාණන් ඔසවා ගෙන නැවෙහි තැම්පත් කළේ උඳුවප් මස ශුක්ල පක්‍ෂයෙහි පෑල වියේදී ය. බෝධියේ ආරක්‍ෂාවට සිව් රඟ සේනාවත් සංඝමිත්තා මහ රහත් තෙරණිය ප්‍රමුඛ උත්තරා , හේමා, පසාදපාලා, අග්ගිමිත්තා, දාසිකා, ඵෙග්ගු, පබ්බතා, මත්තා, ධම්ම දිසා, මහාදේවි, පදුමා, හෙමාසා, උන්නලා, අඤ්ජලී, සහ සුමා භික්ෂුණීන් වහන්සේලා සමඟ අරිට්ඨ කුමරු ලංකාගමනය ඇරැඹීය. රාජ්‍ය දූත පිරිස රැගත් ගංගා නම් නදිය මත්තේ සැරසිල්ලෙන් අලංකාර වු ධර්ම යාත්‍රාව සත් දිනක් මුළුල්ලේම වින්ධ්‍යා වනය පසුකරමින් තාමලිත්ති නැව් තොටට පැමිණ මහ සයුර තරණය කරද්දි රළ සිදි සත්වනක් පියුම් පිපි මේඝ වර්ෂා වැටෙමින් මහා ප්‍රාතිහාර්ය දැක්වී ය. ගුවනේ තූර්යෝ වැයුණේ ය. නාග සේනාවෝ මහා බෝධිය ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් ඍද්ධී විකුර්ණය කළහ.මෙවන් අසිරිමත් සිදුවීම් පෙළක් මධ්‍යයේ ශ්‍රී මහාබෝධියේ දක්‍ෂිණ ශාඛාව වඩා හිඳුවාගෙන ලක් දිව් තලයේ දඹකොළ පටුනට වැඩම කළ සගමිත් තෙරණියගේ ලංකාගමනය, සනාථ කිරීමට සාංචි ස්ථූපයේ නැඟෙනහිර වාහල්කඩ මුදුනේ නිරූපිත කැටයම සාක්‍ෂි දරන බව මහාචාර්ය ගෛර් පඬිතුමා සිය ඉංගී‍්‍රසි පරිවර්තනයෙන් ද සඳහන් කරයි. විශේෂ මණ්ඩපයක වඩා හිඳ වූ ශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ දක්‍ෂිණ ශාඛාව නොයෙකුත් පුෂ්ප මාලාවන්ගෙන් ද ධජ පතාක ආදියෙන්ද සැරසුණු සුදු වැලි අතුල අලංකාර මාවත දිගේ ගෞරව බහුමානයෙන් යුක්තව මහා පෙරහරින් අනුරපුර මහමෙවුනාවට වැඩම කරවීය. මනෝරම්‍ය වු ස්ථානයක පිහිටුවීමට සීරුවෙන් වඩා හිඳුවාලූ මොහොතේ බෝ සමිඳු අසුරියනක් ගුවන් ගැබේ සවනක් රැස් විහිදුවාලීය. මෙවන් ප්‍රාතිහාර්යෙන් ප්‍රසන්න වූ දේවානම්පියතිස්ස නිරිඳුන් ලංකා රාජ්‍ය බෝධිරාජයාට පුදනු ලැබුවේ දොහොත් මුදුන් දී නමස්කාර පූර්වකව ය.ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාවෙන් ද බුදුරජාණන් වහන්සේ කළ ගුණ සැලකූ සේක. සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි පින්බර පොහොය දිනක උරුම වීම ලක්දිව බෞද්ධයා ලද මහත් වූ භාග්‍යයකි.සුමන සමන් දෙවිරදගේ ආරාධනාවෙන් රහතන් වහන්සේලා පන්සියයක් සමඟ සමනොළ කන්දට වැඩම කළ ගෞතම මුණිඳුන්ගේ වම් පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කළ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම ඇරැඹෙන්නේ ද උඳුවප් පුර පසළෙස්වක පොහොය දිනයේ සිට ය.සම්මත වර්ෂ අවසානයේ යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය මෙවන් සුවිශේෂී සිද්ධීන් රැසක් නිසා සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිත වූ දිනයක් බවට පත් වී ඇත.(උපුටා ගැනීමකි ). |
BLOG | 2014.10.15 | http://pashawrites.blogspot.com/ | කටු බැල්ලිය | arc-en-ciel | පින්කි.ඒකි කටු මතුවෙච්ච ලොම් හැලී ගිය කටු බැල්ලියෙකි. කසල ගොඩවල් අවුස්සමින් කන්නට යමක් සොයමින් පාරේ හැමතැනම දඩාවතේ ඇවිද යන අතර බලු රැල දෙස මහත් වූ ආසාවකින් බලන්නට වූයේ එහි වූ සිරුරෙන් යම් තරමක් හෝ පෘෂ්ටිමත් බල්ලන් රැල දෙසය. උන් මේ බැල්ලිය දෙස කිසිදු අවදානයක් නොදක්වා සිටීම මේ බැල්ලියගේ දොම්නසට නිතැතින් හේතු විය.ඈ දකිනා ආකාරයට ඇගේ වරදක් නොමැත. ඈ හට ඕනෑම බල්ලෙකු හා හාද වීමට හැකියාව ඇත. නමුත් එකදු බල්ලෙකු ඈ හා හාද නොවන්නේ මන්දැයි ඇයට මහා කුහුලකි.මේ බලු රැලේ එක් බල්ලෙකු දෙස බැලූ ඈ මූ සමඟ කෙසේ හෝ යාළු වෙමි ය කියා සිතා ඌ පසු පස නිති හඹා යමින් ඌ හට නිරන්තර සැලකුම් හා යටහත් පහත් බාවය ප්‍රදර්ශනය කරන්නට විය.බල්ලා සිය උපරීම මහේශාක්‍ය ලීලාව මේ කටු බැල්ලිට පෙන්වමින් ඇගේ සැලකිලි තමන්ගේ මවිල් ගහකට පවා නොදැනෙන බව බැල්ලියට දන්වන්නට නොපසුබට විය.නමුත් බැල්ලිය ඒයින් අධෛර්යයට පත් නොවූයේ තම හැකියාවන් ගැන ඇය මහත් විශ්වාසයෙන් යුතුව කටයුතු කරන නිසාවෙනි.කුලල් කා ගනිමින් සපා ගනිමින් ඒ බැල්ලියද ඒ බල්ලා යන එන සැම තැන දින ගත කරන්නට වූයේ දිනෙන් දින කෙසේ හෝ තමන්ගේ අභිලාශය මුදුන්පත් කර ගැනීමේ අරමුණෙනි.අද ද මහ මග ඒ බැල්ලිය තම අරමුණ පසු පස හඹා යාවි. |
BLOG | 2014.08.11 | http://pashawrites.blogspot.com/ | Augustus හමුවීම | arc-en-ciel | "ඉතින් මොකද්ද ඔයාගේ කතාව. "මගෙන් පහසු තරම් වන දුරකින් හිඳගත් ඔහු, ඇසීය."මම ඔයාටදැනටමත්මගේ කතාව කියලා ඉවරනේ... මගේ ලෙඩේ හොයා ගත්තේ....""නෑ...නෑ... ඔයාගේ cancer කතාව නෙවේ, ඔයාගේ කතාව.ආසාවල්, විනෝදාංශ, ළැදියාවන් ඒ වගේ.""හ්ම්""ඔයා අර තමන්ගේ ලෙඩේ, තමන්ගේ ජීවිතේමකරගත්තකෙනෙක් කියලා නන් කියන්න එපා.මම එහෙම ගොඩක්දෙනා දන්නවා, ඒක හරිම හිත අධෛර්යමත් කරන දෙයක්.පිළිකාවක් කියන්නේ වැඩීමක්. එහෙම වෙලා මිනිස්සුන් ව යටපත් කරගන්නවා.ඒ උනට මම හිතන්නේ නෑ ඔයා ඒකට අකාලයේ දිනන්න ඉඩ දීලාඇතිකියලා."සමහර විට මම එහෙම වෙන්න ඉඩ දීලා ඇති. මම, මාව ඔහුට, ඔගස්ටස් වෝටර්ස් හට උනුසුම් ලෙස වැළඳ ගන්න පුළුවන් විදිහට හඳුන්වා දෙන්න වෑයම් කලා, නමුත් පසුවූ නිහැඬියාවත් සමඟ, මම කියන්න තරම් වැදගත්කමක් ඇති ජීවියෙන් නොවන බව මට හැඟුනා."මම ඉතා සාමන්‍ය කෙනෙක්.""මම කොහොමටවත් ඒක පිලිගන්න කැමති නෑ, ඔයා කැමති මොනවාටද.හිතට එන පලවෙනි දේ කියන්න""හ්ම්. මම කියවන්න කැමතියි.""හරි. ඉතින් ඔයා මොනවද කියවන්නේ.""හැමදෙයක්ම... අජූත ආදර කතා, බොරු මවාපෑම් වලින් පිරිච්ච ප්‍රබන්ධ කෘති වල ඉඳන් පද්‍ය කාව්‍යයන් වෙනකන්...""ඔයා කවිත් ලියනවා ද.""නෑ නෑ... මම කවි ලියන්නේ නෑ.""ඒකනේ, හේසල් ග්‍රේස්. ඔයා තමා ඇමරිකාවේ ඉන්න කොල්ලො කෙල්ලන්ගෙන් කවි ලියන එකට සාපේක්ශව කවි කියවන්න කැමති එකම එක්කෙනා...ඒකම ඇති මට ගොඩක් දේවල් දැන ගන්න.ඔයා ගොඩක් ලොකු පොත් වෙන්න ඇති කියවනවා ඇත්තේ...""හ්ම්, මම හිතනවා එහෙම""ඉතින් කැමතිම පොත මොකද්ද."ඒ වෙනකොට මගේ කැමතිම පොත වෙලා තිබුනේ 'මහේශාක්‍ය වූ සන්තාපනයක්' කියන පොත.ඒ වුනත් මගේ ඒක ගැන වෙන අයට කියන්න කැමැත්තක් තිබුනේ නෑ... සමහර වෙලාවට, අපිට පොතක් හම්බුවෙලා ඒක කියෙව්වාම එක විදිහක සිතිවිල්ලකින් අපේ හිත පිරෙනවා, අපි හිතනවා, මේ කැඩිලා බිඳිලා ගියපු ලෝකේ එකක් වෙන්න, ඒ පොත සර්ව මානව සංහතියම කියවන්න ඕනේ කියලා, ඒත් මහේශාක්‍ය වූ සන්තාපනයක් වගේ දුර්ලභ ගනයේ විශේෂ පොත් තියෙනවා අපිට වෙන කාටවත් කියන්න බැරි, ඒහෙම කියන එක ඒ පොතට කරන ආදරය හෑල්ලුවට ලක් කිරීමක් වෙනවා.ඇත්තටම කියනවානන් ඒ පොතේ මහා ලොකු විශේෂත්වයක් තිබුනෙත් නෑ, ඒත් මේ පොතේ කතුවරයාට මාව හඳුනාගන්න මහ අද්භූත හැකියාවක් තියෙනවා කියලා මට හිතෙනවා. එක විදිහකට කිව්වොත් ඒක මගේ පොත. හරියට මගේ ශරීරය මගේ වෙනවා වගේම මගේ සිතිවිලි මගේ වෙනවා වගේමත්.අන්තිමේදී මම ඔගස්ටස් ට මගේ ඒ පොත ගැන කිව්වා."මම මහේශාක්‍ය වූ සන්තාපනයක් කියන පොත ට කැමතියි.""ඉතින් ඒකේ zombies ලා ඉන්නවාද..""නෑ.මම මගේ හිස වනා නෑ ඒක එහෙම පොතක් නෙවේ යි පැවසුවා.ඔහු සිනාසුනේ ය."මම storm troopers ලා වත් නැති ඒ කම්මැලි අජූව පොත කියනවනවා." ඒ ඔහුගේ පොරොන්දුවයි.අපරාදේ මම ඒ පොත ගැන කිව්වේ. මම පසුතැවුනෙමි.ඔහු ඇඳ අසල බිම ගොඩ ගසා තිබුන පොත් ගොඩක් දෙසට නැමී, පොතක් හා පෑනක් අතට ගත්තේය."මම ඒ වෙනුවෙන් ඔයාගෙන් ඉල්ලන්නේ මම ආසම video game එක ගැන ලියවුන මේ උත්කෘශ්ඨ පොත කියවන්න කියලා විතරයි." ඔහු ඒ පොතේ සඳහනක් කරමින් පැවසී ය. "මෙන්න" , ඔහු The Price of Dawn නම් පොත මගේ අතට දුනි. මට හිනාව වලක්වා ගන්නට බැරි විය.පොත් හුවමාරුවේ දී පටලැවුන අතැඟිලි අතිනත ඇල්ලීමක් දක්වා දුර දිග ගියේ ය."සීතල යි."මගේ සුදුමැලි වුන අතට තම ඇඟිලි තද කරමින් ඔහු කීවේය."ඒ සීතල නෙවේ, ඔක්සිජන් මදි කම.""මම හරි ආසයි ඔයා මට වෛද්‍ය විද්‍යාත්මක විදිහට කතා කරන කොට", ඔහු නැඟිට මට නැඟිටීමට සහය විනි. අප තරප්පු පෙල ආසන්නයට යන තුරුම අත් නොහැරියෙමු.(The fault in our stars පොතෙහි සුළු කොටසක පරිවර්තනය කිරීමට ගත් වෑයමක්). |
BLOG | 2014.04.12 | http://pashawrites.blogspot.com/ | අවුරුදු කුමරිය, මිස් ශ්‍රී ලංකා හා සුපර් මොඩල් | arc-en-ciel | අවුරුද්දට ගෙවල් අස් පස් කරන අතරතුර මේ දවස්වල රූපවාහිනි මාධ්‍ය හරහා එකිනෙකා පරද්දන්නට තරඟෙට ප්‍රචාරය කරන අවුරුදු උත්සවඑහෙන් මෙහෙන් දකින්න හම්බ වෙනවා.ඒ අස්සේ ගොඩක් පුම්බලා පෙන්නනඅවුරුදු කුමරිය තරඟ ගැන බැලුවොත් ශ්‍රී ලාංකික කාන්තාව ඔබන්න හදන්නේ මේ රාමු තුනට කියලා තමා මට නන් හිතෙන්නේ...අංක එක - අවුරුදු කුමරියමේ තරඟ වලදී ගැහනු ලමයාගේ පිරිපුන් සිරුර, පළල් උකුල හා පිරිපුන් ළැමට තැනක් හම්බ වෙනවාකොන්ඩේ දිගට තියෙන්නත් ඕනා....ඒ වගේම නළවා ඇවිදීමට ඇති හැකියාව, කෝමළ හිනාව වැදගත්නාගරික පෙනුමට වඩා "ගැමි සුන්දරත්වය " තමා කට්ටිය හොයන්නේපර්සනැලිටි එකට සාපේක්ෂව තොඳොල් වෙනවා දකින්නට වැඩිද මන්දා.....අංක දෙක - මිස් ශ්‍රී ලංකාපිරිපුන් සිරුරකට සාපේක්ෂව උස් හීන්දෑරී ගෑනු ළමයාට තැන වැඩීපෙනුම නාගරීක "පොශ්" ලුක් වීම අනිවාර්යය වෙනවා... එහෙම නොවෙන අය "මේක් ඔවර් " එකක් දීලා කපා කොටා හදනු දක්නට ලැබීම සුලබයිකොන්ඩයේ දිග පළල වැඩක් නැතපර්සනැලිටි නන් අවශ්‍යයි කියලා කිව්වත් ඉන්ටර්විව් වලදි උම්බෑ කියපූ අක්කලා ද අප දැක ඇතඉංග්‍රීසි හසුරුවන්න තියා ජාමේ බෙරගන්න පුළුවන් විය යුතුයඅංක තුන - සුපර් මොඩල්කටු වලට ඇලුන හම ඇති උස් කෙසඟ සිරුරඉතා අඩි උස පාවහන් පැළඳ දෙන ඕනෑම ඇඳුමක් හැඳ නිරූපනය කිරීමට ඇති හැකියාවලැජ්ජා බය මඳ වීම හා ඒ නිසා ඇතිවන ගාම්භීරත්වය මේ සදහා අත්‍යාවශයය වේතවද මේ ගෑනු ළමයා ටත් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරලා ජාමේ බෙරගන්න පුළුවන් විය යුතුයඅන්තිමේදී මේ ඔක්කොම ශ්‍රී ලාංකික ගැහැනු ළමයි "ඔබ්ජෙක්ටිෆයි" කර සල්ලි හම්බ කරගන්නා මාධ්‍යය උපක්‍රමමේ අවුරුදු කාලයේ ටී.වී. එක ඉස්සරහා ඉඳගෙන අවුරුදු කුමාරි බලනකොට මෙහෙම හිතෙනවා ද. සමහර විට මට මඟ හැරුන දේවල් ඇති...;). |
BLOG | 2014.01.05 | http://pashawrites.blogspot.com/ | ඔහු/ඇය | arc-en-ciel | මම විශ්වාස කරන විදිහට ජීවිතයේ එක් වරක් යමෙකු හමුවේවි නුඹට, නුඹේ මුළු ලෝකයම උඩු යටිකුරු කරන... නුඹ වෙන කිසිම ආත්මයකට නොකියූ දේ ඔහු/ඇය හා බෙදා ගනීවි....ඔවුන් නුඹ කියනා දෑ අසනවා පමණක් නොව නුඹ කියන දෑ ඇසීමට සත්තකින්ම කැමති වන්නේද වෙයි....නුඹ, නුඹගෙ අනාගත අභිප්‍රායන්, සැබෑ නොවන සිහින, ළඟා නොවිය හැකි අරමුණු හා ජීවිතය නුඹ හට දමාගැසූ දුක් කම්කටොළු වල අවනඩු ඔවුන් හට කියාවි...සතුටක මුල් සහකරුවා/සහකාරිය ද වන්නේ ඔවුන් ය, දුකකදී නුඹ හා එක් ව හැඬීමට හා නුඹගේ සතුටේදි එක්ව සිනාසීමටත් ඔවුන් පසුබට නොවේ...ඔවුන් නුඹව කෙදිනක වත් නුඹව, නුඹ ගැනමදිකමක් පිළිබඳ සිතිවිලි වලින් වෙලන්නේ ද නැත... ඔවුන්ට නුඹ ආතුල්‍යයි, විශේෂයි, සුන්දරයි...ඔවුන් ඉදිරියේ නුඹට නිසල බව මිස පීඩනයක්, ඊර්ෂ්‍යාවක් හෝ තරගයක් නැත. නුඹට නුඹ විය හැක්කේ ඔවුන් නුඹේ තත්‍යතාවයට ඇළුම් කරන නිසාවෙනි...නුඹ, එදිනෙදා හමුවන සැලකිය නොයුතු ගීතයක්, මතකයක්, සටහනක් සිතේ නිධන් කොට රැක ගනීවී...ජීවිතයේ වර්ණ විචිත්‍රවත් වේවි... පෙර නොවිරු ලෙස සිනහව නුඹගේ ජීවිතයේ කොටසක් වේවි...වෙහෙසකාරී දිගු දිනයක ලැබෙන දුරකතන ඇමතුම නුඹට සහනයක් ගෙන දේවී... ඔවුන් අසල සිටින විට නොකැඩී ඇදෙන කතාව නොව නිසල බව සහනයක් වේවි... ඔවුන් ආසා කරන දෑ නුඹටත් ප්‍රීතියක් ගෙනදේවි...ජීවිතයේ සෑම මොහොතකම ඔවුන්ගේ නුඹේ සිහියට එන්නේ නොදැනුවත්වම ය...නුඹ, නුඹේ හදවත ඔවුන් කෙරේ පිරිනමන්නේ යම් දිනක නුඹට හඬන්නට වන බව දැන දනත් ඒ සා ආදරයක් නැවත නොලැබෙන බව දන්නා නිසාවෙනි...නුඹේ සහනය වන්නේ... නුඹට සාදා හිතැති මිතුරෙකු/ මිතුරියක, ආත්මීය සහකරුවෙකු/ සහකාරියක ලැබෙනවා යන සිතුවිල්ලකි...ජීවිතය පෙර නොවිරූ ලෙස වෙනස් වී ඇති බවක්, උද්දීපනයක් හා සෑම දෙයකම පලක් ඇති බවක් නුඹට වැටහේවී....නුඹේ එකම ප්‍රාර්ථනය ද ස්ථිරත්වය ද ඔවුන් නුඹේ ජීවිතයේ කොටසක් වී සිටීමය. |
BLOG | 2013.10.20 | http://pashawrites.blogspot.com/ | මිලේච්ඡයෝ එනතුරු | arc-en-ciel | මට මුලින්ම ලැබෙන්නේ බොරු. ඔයාට තේරෙනවාද, ඒක තමයි වෙන්නේ. මුලින්ම බොරු.ඊළඟට පීඩනය.ඊට පස්සේ වැඩි බොරු තොගයක් වගේම වැඩි පීඩනය. ඊට පස්සේ බිඳ වැටීම. ඊට පස්සේ ආපහු වඩා වැඩි පීඩනය. ඊට පස්සේ ඇත්ත. එහෙමයි අපි ඇත්ත ලබා ගන්නේ *******************************************************************.කිසි කලෙක ඔවුන්ගේ ආචාරය මෙතරම් ගෞරවන්විත වී නොමැත. "මම දන්නවා, අපි හැමෝම මිනිස්සු. ගෑනියෙක් නිසා ඕනම මිනිහෙක් මෝඩකම් කරන්න පුළුවන්" යැයි ඔවුනට හැකි වී නම් ඔවුන් මට කියනවා ඇත. ******************************************************************* ආදරේක පැටලෙන මෝඩයෙකුට හැමෝම හිනා වෙනව, ඒත් හැමවෙලේම අන්තිමට එයාට සමාව ලැබෙනවා*******************************************************************ඔයාට තේරෙන්නේ නෑ. මම රළු ලෙස කියමි. ඇය සිය උරහිස් හකුලවයි. මම නොනැවතී කියාගෙන යමි.කථාවේ සම්පූර්ණ පැත්තක්ම ඔයා දන්නෙ නෑ. ඒක එයා දැනන් හිටියෙත් නෑ. ඒ නිසා එයාට ඒක ඔයාට කියන්න පුළුවන්කමක් තියෙන්න විදිහකුත් නෑ.දැන් මට ඒක ගැන කතා කරන්න වුවමනාවකුත් නෑ. *******************************************************************"ආයුබෝවන්" මම කියමි"ආයුබෝවන්" ඇය කියයිමගේ මෙන්ම ඇගේ ස්වරයේ ද ජීවමය බවක් නොමැත. |
BLOG | 2013.08.18 | http://pashawrites.blogspot.com/ | අර්ථය සෙවීම | arc-en-ciel | ආදරය යනු,අසම්පූර්ණ මිනිසෙකුසමඟ ඇතිවනකොන්දේසි විරහිත බැඳීමකි...ආදරය කිරීම යනුයම් ප්‍රබල හැඟීමක් නොවඑක් අධිෂ්ඨානයකි...තීරණයකි.පොරොන්දුවකි. |
BLOG | 2013.06.12 | http://pashawrites.blogspot.com/ | වෙඩින් Talk... | arc-en-ciel | ඇයි දන්නේ නෑ ගෝල් ෆේස් හොටෙල් එකේ ගත්තේ, සිනමන් ග්‍රෑන්ඩ් ගන්න තිබ්බේ. රිසර්ව් කරගන්න බැරි වෙන්න ඇති..කව්ද ඩ්‍රෙස් කරල තියෙන්නේ. අහ්. රමණි ද. බ්‍රයිඩ් ගේ මේකප් එක එච්චර හරි නෑ නේද. අයියෝතෝරගෙනතියෙන පාටවල් ටික, රෝසයි සුදුයි.. හරිම කැතයි...සාරිය නන් ලාබ එකක් වගේ... මනමාලයාගේ හැටි බලන්නකෝ...සරසලා මදි වගේ නේ.. කවුද දන්නේ නෑ මල් කරේ.මේ වෙල්කම් ඩ්‍රින්ක් එක අමුතු රහයි...හ්ම්... මනමාලිගේ අම්මා බලන්නකෝ,මේකප්වැඩී නේද.දන්නේ නැති කෙනෙක් නේ ෆොටෝස් ගන්නේ. ෆොටෝස් ටික හරි නැති වෙයි...අයියෝ. බෑන්ඩ් එක හරි සද්දයි. මේරියන්ස්ලා ව ගෙන්න තිබ්බේ..වෙඩින් කේක් එක හරි පොඩි නේ... කෑමත් පරක්කුයි...කෑම හරි නෑ නේ. මම නන් පොඩ්ඩයි කෑවේ.සවුත්තු අයිටම්ස් වගයක් නේ තිබ්බේ, අපි ගිය වෙන වෙඩින් එකක ලස්සන නැටුම් වගයක් තිබ්බාකපල් ඩාන්ස් එක බලන්නකෝ දෙන්නට හරියට නටන්නත් බෑ...දෙන්නාට යන්න තියෙන වාහනේ බලන්නකො...සවුත්තු වෙඩින් එකක්. |
BLOG | 2013.04.24 | http://pashawrites.blogspot.com/ | රාත්‍රී ආහාරය.... | arc-en-ciel | "ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ...."හවස වැඩ ඇරිලා ගෙදර ආව ගමන් පටන් ගන්න දෙබසේ තීරණාත්මක වදන් කිහිපය ඔහු ගේ මුවින් නික්මිණි." ඔව් ඔයා විතරනේ වැඩ කරන්නේ, මමත් රස්සාවක් කරලා තමයි ගෙදර එන්නේ, ඒ වුනත් මම රස්සාවේ ප්‍රශ්න ඔයාගේ ඔළුව උඩට හලන්නේ නෑ නේ.. මොනවා හරි ගේන්න කිව්වා ම අමතක වෙන්න තරම් මොකද්ද තියෙන ප්‍රශ්න හැබෑට ම... හැම වෙලේම ඔෆිස් ප්‍රශ්න, ටෙලිෆෝන් කෝල්ස් ඉවරයක් නෑ, ඔය ඔෆිෆ් එකේ ඔයා විතර ද හැබෑ ට වැඩ කරන්නේ. "ඇගේ චෝදනා වල නිමක් නැත. ඔෆිස් එකේ තිබ්බ මීටින් එකේ දී කන පිරෙන්න අහගෙන ගෙදර එන්නේ කොයි වෙලාවෙද කියල හිත හිත හිටිය මට ඈ ගේන්න කියපු දේවල් මතක නැතිවීම ඒ හැටි කලබගෑනියක් ඇති කරන්න තරම් හේතුවක් නෙමෙයි නේ..ඔහුට සිතේ.ඔයාගෙ ඔෆිස් එකේ වගේ නෙවේ අපේ එක. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න... ඔහු ආයාචනා කරයි."ඔව් ඔයා තමා ලෝකෙ ලොකුම රස්සාව කරන්නේ අපි කරන රස්සාවල් වැඩකට නැති ඒවානේ. ඇය ඔහුගේ ඇඟට කඩා පනි. ""ඕනේ මඟුලක්, මට මහන්සි. මට රෑ කෑම එපා... ඔහු දිනුම රැගෙන සිරුර මෙන්ම සිතද සැහැල්ලු කර ගැන්මට නාන කාමරය වෙත පිය නඟයි."ඇයගේ සැර ටිකක් බාල වූ සැටියකි. තමා ඔහු හා වාද වූයේ තමාගේ සිතේ ඇති වෙහෙස හා තරහාවන් පිටකිරීම ට බව ඇය හොඳාකාරව ම දන්නීය.උදේ සිට කමකට නැති කළමණාකරුවෙකු හා වැඩක් කරගැනීමට නොදත් සුළු සේවකයන් සමඟ හෙට්ටු වී ගෙදර පැමිණෙන ඇයට තම සැමියා ගේ නොසැලකිල්ල රතු කට්ට පැනීමට හේතුවක් විය.ඔහු ගැන ඇය හොඳාකාරව ම දන්නීය. තමා ගේ ආත්ම ගෞරවයය රැක ගැනීමට ඔහු කුසගින්නේ හෝ නින්දට යන්නෙකි. නමුත් ඈ හට එය වනු දැරිය නොහැක්කකි. කෙසේ හෝ ඔහු ඇය ගැන සොයා බලන බව ඈ දන්නීය.මම කෑ ගහපු එක හරි නෑ, පව්. එයත් මහන්සි වෙලා නෙ එන්නේ... ඔහු ජල කරාමය වසන ගමන් කල්පනා කලේය. බඩු ගේන්න අමතක වෙච්ච එක මගේ වැරැද්ද.. ඒ වුනත් ඕක මහ ලොකු දෙයක් කරගෙන කෑ ගහන්න ඕනේ නෑ නෙ.කවදාවත් මම දෙයක් කියන කන් ඉන්නෙ නෑ, ඔක්කොම තනියම හිතාගෙන මහා කලබලයක් කරනවා... කොච්චර කිව්වත් ඒක නවත්වන්නේ නෑ...ඔහු සරමක් දවටා ගෙන යලි කෑම කාමරය වෙත පිවිසුනේ ය."සොරි.. මම ටිකක් ඉක්මන් උනා.. "ඔහු පවසයි."අද හවස මීටින් එකේ ගොඩක් ප්‍රශ්න තිබ්බා... මට ඒකෙන් ඔක්කොම දේවල් අමතක උනා... ඊළඟ දවසේ රිමයින්ඩර් එකක් වත් දා ගෙන ඉන්න ඕනේ....""නෑ කමක් නෑ... මගෙත් වැරැද්ද මම කෝල් කරලා මතක් කරේ නෑ.... මම දන්නවා ඔයාට ගොඩක් වැඩ මේ දවස් වල... ඊළඟ පාර මම කෝල් කරලා බලන්නන්... සොරි...""ඉන්න, මම කෑම බෙදලා දෙන්නන්....ඔයා කෑම කනවා නේද.."" හ්ම්.... ". |
BLOG | 2013.03.19 | http://pashawrites.blogspot.com/ | විසකුරු තුර ( A Poison Tree) | arc-en-ciel | මා සබඳ හා මා උරණ වීමගේ ද්වේශය උන් හට කීයෙන්නිමා කලෙමි මමමා උන් කෙරේ වූ ද්වේශය...ඒ නමුදු...මගේ රුපු කෙරේඇති ද්වේශය මා තුලගොඩ නැඟෙන්නට වියනොපල හැඟුමක් ලෙසට...රාත්‍රීන්හී දී මාගේ චින්තාවන් දිය කොටඅළුයම මගේ කඳුළු දිය කොටවත් කෙරුයෙමි මාගේ ද්වේශයටප්‍රභාවත් කෙරුවෙමි මා මගේ සිනාවෙන්සෞම්‍ය ප්‍රයෝගයන් දැවටාලූ...දිවා රෑ දළු ලියලා වැඩිනමා ද්වේශයඵල දරා ලෝහිත වර්ණයෙන්මා රුපු දකින ලදඔහු එය මගේ බව හැඳින...රහසේ පියමන් කොටඋන්අහස රාත්‍රී වේලයෙන් වැසී ගත් යමඅහෝ මා දුටිමි තුටින්මගේ රුපු වැතිරී සිටි අන්දමමාගේ තුර යට... |
BLOG | 2014.12.13 | http://samanbandaraherath.blogspot.com/ | අතපසු වීමකින් මැකි ගිය දත්ත නැවත ලබා ගනිමු | Saman Bandara Herath | ඔබේ පරිගණක පෙන් එකේ තිබූ වැදගත් ගොනු අතපසු වීමකින් මැකී ගියාද. එවැනි අවස්ථාවලදී Recuva මෘදුකාංගය භාවිත කර Windows පරිගණක දී එම ගොනු නැවත ලබා ගත හැකියි. එසේම ඩිජිටල් කැමරා කාඩ් සඳහා ද මෙම මාදුකාංගය භාවිත කළ හැකියි. මෙහි විශේෂත්වය වන්නේ මෙම මෘදුකාංගය නොමිලයේ ලබා ගත හැකි වීමයි.මෙම් මෘදුකාංගය ලබා ගැනීමට පහත යොමුව වෙත යොමු වන්න.com/recuvaමෙය භාවිත කරන ආකාරය පිළිබඳව අවභෝධයක් ලබා ගැනීමට පහත වීඩියෝව බලන්න. |
BLOG | 2014.12.12 | http://samanbandaraherath.blogspot.com/ | Chrome දුරස්ථ ඩෙස්ක්ටොප් ගැන දන්නවාද? | Saman Bandara Herath | Chrome දුරස්ථ ඩෙස්ක්ටොප් පරිශීලකයන් දුරස්ථව ක්රෝම් බ්රව්සරය හෝ ක්රෝම්බුක් හරහා තවත් පරිගණක වෙත පිවිසීමට යෙදුමට අවස්ථාව ලබා දෙනවා. මෙම පහසුකම කෙටි කාලීන පදනම මත, හෝ ඔබේ අයදුම්පත් හා ගොනු දුරස්ථ ප්‍රවේශය සඳහා වඩා දිගු කාලීන පදනම මත ලබා ගත හැක. සියලු සම්බන්ධකම් අතිශයින්ම සුරක්ෂිත කර ඇත.මෙම පහසුකම ලබා ගැනීමට පහත යොමුව භාවිත කරන්න.hl=enමෙය භාවත කරන ආකාරය පිළිභඳව උදව් ලබා ගැනීමට පහත යොමුව භාවිත කරන්න.com/chrome/answer/1649523පහත වීඩියෝව ඔබට මේ පිළිබඳව තව දුරටත් දැන ගැනීමට අත්වැලු සපයාවි. |
BLOG | 2014.12.05 | http://samanbandaraherath.blogspot.com/ | පරිගණක ආධාරයෙන් ගණිතය ඉගැන්වීමට අපූරු මෘදුකාංගයක් | Saman Bandara Herath | පරිගණක ආධාරයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට දායක කර ගත හැකි අපුරු මෘදුකාංගයක් පිළිබඳව අද අපි සාකච්ඡා කරමු.මේ මෘදුකාංගය තමයිGeoGebraමෙම මෘදුකාංගය භාවිත කරමින් ගණිතය පාඩම් කොටස් ගණනාවක් ඉතාමත් ආකාර්ශනීය ආකාරයෙන් සිසුන් පැහැදිලි කළ හැකිවාක් මෙන්ම එම පාඩම් කොටස් සඳහා ක්‍රියාකාරකම් සකස් කිරීම ද සිදු කර ගැනීමට හැකියාව පවතී.පහත රූප තුළින් ඔබට මෙම මෘදුකාංගය භාවිත කළ හැකි අංශ පිළිබඳව මනා ඉඟියක් ලබා ගත හැකි වේවි.මෙම මාදුකාංගය ලිනකස් මත මෙන්ම වින්ඩෝස් මතද භාවිතා කළ හැකි අතර නිදහස් මෘදුකාංගයක් ලෙස ඔවුන්ගේ ප්‍රධාන අඩවියෙන් භාගත කර ගැනීමට පුළුවනි.ඔවුන්ගේ වෙබ් අජවිය වෙත යොමු වීමට පහත යොමුව භාවිත කරන්න,http://tube.org/මෙම මෘදුකාංගය භාගත කර ගැනීම සඳහා පහත යොමුව භාවිත කරන්න,http://www.org/downloadමෙම මෘදුකාංගය භාවිත කිරිම සඳහා නිර්මාණය කර ඇති ආධාරක නැරඹීම සඳහා පහත යොමුව භාවිත කරන්න.org/මේ මෘදුකාංගය භාවිත කරන ආකාරය පිළිබඳව පහත වීඩියෝව නැරඹිම තුළින් වැඩිදුර අවබෝධයක් ලබා ගත හැකියි. |
BLOG | 2014.11.02 | http://samanbandaraherath.blogspot.com/ | CT හා MRI Scanner අතර වෙනස - දිල්හාන් පාදෙණිය | Saman Bandara Herath | CT Scanner සාමාන්‍යෙයන් භාවිත කරන්නේ අස්ථිවල, පෙනහලුවල, පපුව ආශ්‍රිතව පරීක්ෂණ කිරීම සදහා අවශ්‍ය පින්තූර ලබා ගැනීමටයි. නමුත් MRI scanner සාමාන්‍යෙයන් භාවිත කරන්නේ අස්ථි සන්ධිවල ඇතිවන හානි, ස්නායු වල ඇතිවන හානි හා මොලයේ ඇතිවන වායුගෙඩි වැනි ඉතා සියුම්ව ඡායාරූප ලබාගත යුතු පරීක්ෂණ සදහාය. CT Scaner CT Scan එකකදී විශාල ලෙස විකිරණ පිට කිරීමක් සිදුවන නිසා මෙය ශරීරයට ඉතා සියුම් බලපෑමක් ඇත. නමුත් MRI Scan එකකදී එසේ විකිරණ පිටවීමක් සිදු නොවේ. මේ නිසා ශරීරයට එතරම් බලපෑමක් නැත. CT Scan එකක් කිරීමට සාමාන්‍යෙයන් විනාඩි 5 ක් වැනි කාලයක් ගතවුනද MRI Scan එකක් කිරීමට සාමාන්‍යෙයන් විනාඩි 30 ක් පමණ ගතවේ. CT Scan එකකදී ගෙවන ගාස්තුව MRI Scan එකකදී ගෙවන ගාස්තුවට වඩා අඩුය. MRI Scaner මෙම ලිපිය දිල්හාන් පාදෙණිය විසින් සකස් කරනු ලැබූවකි. |
BLOG | 2014.10.11 | http://samanbandaraherath.blogspot.com/ | Motherboard එකක capacitor එකක් මාරු කරමු - කාලිංග ඇතුලත්මුදලි | Saman Bandara Herath | කැපැසිටර්ස් මාරු කර පැරණි පරිගණක වල ඇතිවන සිරවීම් වලක්වා ගැනීමට උත්සාහ ගනිමු.පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ එය සිදු කර ගන්නා ආකාරයයි. |
BLOG | 2014.10.10 | http://samanbandaraherath.blogspot.com/ | සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂයමාලාව (10 ශ්‍රේණිය) 2015 | Saman Bandara Herath | 2015 වඒෂයේ සිට 10 ශ්‍රේණිය සඳහා නියමිත සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂය මාලාව ජාතික අධ්‍යාපන ආයතනයේ අඩවියෙන් භාගත කර ගත හැකියි.ඒ සඳහා යොමු වීමට මෙතනට ක්ලික් කරන්න. |
BLOG | 2014.10.09 | http://samanbandaraherath.blogspot.com/ | පරිගණකයේ පරිණාමය පිළිබඳව සොයා බලමු | Saman Bandara Herath | පරිගණකයේ පරිණාමය පිළිබඳව සොයා බැලීමට ප්‍රදර්ශකයට යොමු වීමට පහත යොමුවෙන් යන්න.ප්‍රදර්ශකයට යොමු වන්න. |
BLOG | 2014.10.24 | http://sinduwagemiyasiya.blogspot.com/ | ඔන්න ලස්සය පහුකරා ! | වයලීනෝ | ඔන්න ඔහොමලු එක්කෙනෙක් බ්ලොග් ලියන්න පටන් ගත්තේ . ඊට පස්සේ ඒ බ්ලොග් එකේ තව එක්කෙනෙක් ලියන්න සෙට් උනාලු . දෙන්නම එහෙම ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවලු . දැන් වීවස් ගණන ලක්ෂයේ සීමාව පහුකරලා නිසා දෙන්නම හිතුව බ්ලොග් එක කියවන්න එන අයට ස්තූති කරන්න .ඊයේ කැම්පස් ඉඳලා ගෙදර එනගමන් මගදී තමයි මතක් උනේ බ්ලොග් එක දැන් ලොකු ළමයෙක් වේගෙන එනවා කියලා . 2013 පෙබරවාරි මාසයේ පටන්ගත්ත අපේ මේ බ්ලොග් එක , එක එක එව්වා මේව්වා ලියාගෙන ලියාගෙන දිග ගමනක් යනගමන් ඔන්න වීව්ස් ලක්ෂයේ සීමාව පහුකරාලු ඉතින් ඈ .අපේ පෝස්ට් කියවපු ,ඒවාට අදහස් පල කරපු ,විවේචනය කරපු ,බ්ලොග් එක ප්‍රවර්ධනය කරන්න උදවු කරපු ,අපේ පෝස්ට් ශෙයා කරලා තවත් අය එක්ක අපේ කතා බෙදාගත්තපු ,වැරදි පාරේ යනකොට හරි පාරට ඇදලා ගත්තපු හැමෝටමසිංදුවා සහ වයලීනෝවා හදපිරි මෙව්වා එක පල කොරනවා . කලින් ලියාගෙන ආපු දේවල් ඉදිරියටත් එහෙමම ලියාගෙන යන්න වගේම , තව තව අලුත් දේවල් බ්ලොග් අවකාශයේ හැමෝමත් එක්කම බෙදාගන්න අපි බලාපොරොත්තු වෙනවා .අපිත් එක්ක ඔබ ආවොත්හිනාවෙනව හැමදාමත්මේ කියන්නේ ඇත්තයිමල්ලීනංගීඅයියේඅක්කේනැන්දේමාමේසහෝදරි සහෝදරි වරුනේ .එහෙනම් සිංදුවටයි මටයි විතරක් මවුලයක් ( හයයි දශම බින්දුවයි දෙකයි දෙක වැඩිකිරීම දහයේ විසිතුනක් ) දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරස්සාවයි .මාළිගෙ සුන්දර පුරය දෙවුන්දරසෝභන පුර සඳ ලෙසට මනෝහරවැජඹෙන සිරි මහ විෂ්ණු පුරන්දරපින්ගෙන අපදෙන රකින නිරන්තරරත්න විමානේ කදිරා පුරවරචන්ද්‍ර සූරියා ලෙසට සුභාකරවැජඹෙන කදිරා දේව මනෝහරපින්ගෙන අපදෙන රකින නිරන්තරලොවැති සකල අඟනන් හට පේමාතිලකවූ සුන්දර රුසිරෙන් සෝමානම් දැරු දේවිය පත්තිනි අම්මාපින්ගෙන අපදෙන රකින්න සෑමානැගී ඇතුගෙ පිට සුදු සඳ පානේඔබේ ගමන කන්දේ සොභමානේසමන් දෙවිඳු අප තෙදිනි රකින්නේපින්ගෙන අපදෙන සැවොම රකින්නේසටනින් පසු රාමා කල ඈතේදෙවියන් වූ සිරි කැළණි පළාතේසුරිඳු විභීෂණ සිහිකර නිතිනේපින්ගෙන අපදෙන සැවොම රකින්නේවන්නියේ වනයේ අණ පතුරන්නේදිවි වග වලසුන් පන්නා ලන්නේසාධු සිතින් යන සැවොම රකින්නේඅයියා නායක දෙවි පින් ගන්නේඅල්ලට ගල් ගෙන මැණික් කරන්නේවැල්ලෙන් බත් පිස භෝජන ගන්නේසෙල්ලන් වියෙ දරුවන් රැක දෙන්නේදෙවොල් දෙවිඳු අද මේ පින් ගන්නේගවුවක් විතරැති ගල පොඩි කරපූඇසක් ලෙසට බෙර සමතල කරපූඑක් දවසින් දේවාලය සදපූදැඩිමුන්ඩය ගනු පින් දොස හරපූකමල නයන නෙත පතුරන බලනාපුවල බලැති ඔඩ්ඩිස දෙවි බැතිනාඅපට කරන දොස දුර කර වසනානිමල සහන සෙත දුන මැන ලෙසිනාරන් තොරණේ මුරට සිටින කඩවරවම් අතිනේ ගෙනත මුගුරු වරතරරන් විමනේ දොරැර එන්න අවසරදැන් ඉතිනේ වඩින් දේව කඩවර. |
BLOG | 2014.10.20 | http://sinduwagemiyasiya.blogspot.com/ | උල් අඩි සෙරෙප්පුව | වයලීනෝ | ලැබ් එක ඉවර වී ගිය සිකුරා දා මාගෙදරට එන්න අටියෙන් දක්නට අම්මාබසයට ගොඩ උනා මිණිපුර මහරගමාඅසුනට බර උනෙත් වට පිට බලමින්මාදෙතුන් දෙනයි හිටියේ මුළු බසයටමනමුත් විනාඩිය දෙක ගතවන කොටමආවා සෙනග දොර දෙකොනෙන් පිරෙන්නමඩ්‍රයිවර් අයිය පෑගුවනේ ලැල්ලටමදැන් ටික ටික බස් එක ගමනේ යනවාමගෙ ටික ටික නිදි නැති ඇස් පියවෙනවාහිස ටික ටික මගෙ පහලට යොමුවෙනවාකොට්ටාවට ටික ටික දැන් ලං වෙනවාකොන්දයියා ඇවිදින් මා සිටි තැනටතට්ටු දෙක තුනක් දැම්මා පිට මැදටමල්ලි ගෙදර යනවා වාගේ ජයටදෙන්න ටිකට් ගන්න සල්ලි කිව්ව මටකොට්ටාවේ බස් නැවතුම අසල සකීබසය නැවැත්තුවෙ ගන්නට සෙනග සකීසුන්දර දිගැසියක් බසයට එනව සකීදැක්කම මගේ නිදිමත උඩ ගියා සකීකොණ්ඩය ඇගේ ලේයර් කරලා තිබුණාකොන්ඩ කටුත් රන් වන් පැහැයෙන් දිලුනාසිහින් කෙස් රොදක් විත් නළලට තිබුණාඇස් දෙක මගේ ඈ වෙත කැරකී තිබුණාසිහින් නළල් තල ඇගෙ හඳ පළුව වගේඇස් දෙක ඇගේ බ්ලූ සෆාය මැණික් වගේචූටි නහය බට්ටිච්චගේ හොටය වගේකටට දෙන්න උපමාවක් නැතුව වගේඅළු පාටයි ඇය හැඳ සිටි බ්ලවුස් එකවිලේ හංස ජෝඩුව ඇත නොනින්දකඉඟටිය ගන්නට අකුලා එක මිටකගන්නට නොසිතයි ඇය දුටු කෙනෙක් සැකමැද පොල්ලේ එල්ලෙන සොඳ මහතුන්නේඅල්ල පනල්ලේ ඇයි එක තැන ඉන්නේකරුණාකර පස්සට යමු කියමින්නේකොන්දයියා හරි හයියෙන් මොර දෙන්නේටික ටික ටික මැද පොල්ලේ ඉන්න අයපස්සට යන්නේ කොන්දට රවමින්යසුන්දර දිගැසියත් ඒ හා ඇදෙමින්යඇවිත් නැවතුනේ මට අඩි තුනකින්යඑකවර ඇය මා දෙස ඇගෙ ඇස හරවාබලනා බව මට මීටර් වී නැතුවාගන්නට මගෙ ඇස් දෙක ඇවෙතින් හරවාඇදෙස බලා සිටි මා චාටර් වූවාරතු තොල් ඇති මුව සරසා නැති උපමාදසන් විදා සිනහව පා ඇය හා මාඅහකට නෙත් යුග ගත්තේ සිතකින් මානොව එය නොකරා ඉන්නට බැරියෙන් මාසුන්දර දිගැසියේ ඔබ යන්නේ කොහිදඅහන්නට සිතයි ඒ බව කියනවදඒත් හිත භයයි නාගන්නට වෙයිදකියලා හිතන්නට තව මොකවත් නැතිදඅවි උස්සපු වේල්ල වෙත බස් රථයදන්නේ නැති ලෙස එය දැන් ලං වීයවයසක අම්මෙක් නැග්ගේ එහිදීයකතාව ඇරඹුනෙ මචන්ලා මෙහිදීයවයසක අම්මා මා ඉන්නා අසලසිටගෙන ඇති බව දැක මගෙ හද සසලවී දුන්නා මගෙ ආසන නොව ලොල්ලරූබර දිගැසියත් ඇත දැන් මා අසලඇගෙ සුකොමල මුහුණ මගේ උර හිසටතිබ්බේ දෑඟුලක් පමණකි සම වෙන්ටහිසට කලින් හිත මුල් තැන අරගන්ටහිත කිව්වේ මට ඇය දෙස බලන්නටආයෙත් ඇය මගෙ දෙස දෙවරක් බලලාරතු තොල්පෙති විවර කරා එකල් බලාඅයියා යන්නේ මිණි පුරටද කියලාඇසුවේ මා ගන්න කලින් මුල පුරලාමගෙ කට කණ සොයමින් යන බව දැනිලාදන්නෙම නැති පැණි මුට්ටිය ඉවත හලාඔව් නංගියෙ මම මිණිපුර යමි කියලාදුන්නා පිළිතුරක් තව පැන එයි කියලාහිතුව වගේ දිගැසිය දැන් විඩෙන් විඩමගෙන් එව්වා මෙව්වා අහනවා හැඩමමත් ඇයට දාමින් මගෙ නොයෙක් වැඩකතා කරේ බලමින් ඇය දුන්න හැඩඅයියේ මම කුරුවිට හරියෙන් බැහැලායන්නම් එහෙනම් ගෙදරට පිය මැනලාමම ඉන්නේ NIBM කියලාදිගැසිය මට කිව්වා යන්නම් කියලායන්න එපා ස්වීටි නගේ මා දාලාමිණිපුර ගිරිහෙල් අරඹේ ඇති නිමලාමගෙ නිවසට කැන්දන් යන්නම් පැනලාකියන්නටම කිව්වා මගෙ සිත සැලිලාදිගැසිය මට සමුදී යන්නම් කියලාවම් පස සිටි ඇය මගෙ දකුණට පැනලාබසයේ දොර වෙත යන්නට පිය මැනලාඇරඹුවෙ මගෙ පිටි පතුලට කෙලවාලාඇගෙ සෙරෙප්පු ජෝඩුව පොෂ් එකක් නිසාඋල් අඩි දෙක තිබුණේ ඊ තල විලසායනවිට ඇය මා හද පෙම් මල් ගවසාඇනුනේ මගෙ ඇඟ නංවා හිරි වරුසාඇගෙ සුකොමල වත මට අමතක වීයසුළුදිය පහවන්නට මෙන් සිත් වීයඑච්චර චාටර් වන්නට නොම වීයදන්නා හැම කුණු හරුපම සිත් වීයතෝ පරට්ටි &$%^%#^%&* නීයන්මට රිදවූ සෙරෙප්පු දෙක *#&&^නීයන්යන යන තැන තෝ &&%$$&**() නීයන්අවසානේ තොගෙ %#@%^&&(&^ නීයන්. |
BLOG | 2014.10.18 | http://sinduwagemiyasiya.blogspot.com/ | කපුටු සාත්තර කියනහැටි | වයලීනෝ | සර්පවෙද දූත ලස්සණ විජ්ජාව ගැන කියලා දෙන්න කියලා මගේ පරණ පොත් අවුස්සනකොට ඒ පොතක් අස්සේ තිබිලා කොපි පොත් කොලයක් බිම වැටුනා . මොකද්ද කියලා බලන්න බිමට නැවෙනකොට තමයි දැක්කේ ඒ කොලේ තියෙන්නේ අපේ ආච්චිඅම්මගේ අත් අකුරු කියලා . එයාට අවුරුදු හැත්තෑ ගානක් විතර ඇති මම හිතන්නේ ඒ කොලේ ලියනකොට . ඒ කියන්නේ මම මොන්ටිසෝරි යන කාලේ .අපේ ගෙදර ඉස්සර මට මතකයි මම පොඩි කාලේ , හැමදාම වගේ කපුටන්ට බත් ගුලි දෙනවා . සෙනසුරාදට කිරිබත් ගුලි දෙනවා . ඒ කාලේ අපේ ගෙවල් පැත්තේ කපුටන් වැඩිපුර හිටියත් එක්ක , එහෙම දාන දෙන්න . කපුටන්ට කන්න දෙන්නේ ඇයි කියලා මට ඒ කාලේ වැඩිය අදහසක් තිබ්බේ නෑ . අම්මලාගෙන් ඇහුවට අම්මලට ඒ කාලේ මට ඒ දේ කියලා දෙන්න විදියක් නැතුව ඉන්න ඇත්තේ , මොකද සෙනසුරු ග්‍රහය ගැන මම පොඩිකාලේ දන්නේ නැති නිසා . පස්සේ තමයි දැනගත්තේ සෙනසුරු ග්‍රහයාගේ වාහනය විදියට කටයුතු කරන්නේ කපුටා කියලා . ඒ නිසා කපුටා කියන්නේ එසේ මෙසේ සතෙක් නෙවෙයි .ජෝතිෂ විජ්ජාවට අනුව මකර සහ කුම්භ ලග්න දෙක අයිති සෙනසුරු කියන ග්‍රහයාට . සෙනසුරු කියන්නේ ඵල දීම හා ඵල දෙවීම කියන කාරනා දෙක කරන ග්‍රහයා . ග්‍රහ මණ්ඩලයේ ඉන්න සේවකයා තමයි සෙනසුරු . සෙනසුරු ග්‍රහයාගේ හාම්පුතා විදියට වැඩ ඉන්නේ විෂ්ණු දෙවියන් . ඔය ඔක්කොම දේවල් කරණ කොටගෙන තමයි සෙනසුරු අපල වලට කපුටන්ට දාන දෙන්නේ . ඔය කපුටන්ට දෙන දාන වලින් වැදගත්ම දානයක් තමයි කපුටන්ට එළඟිතෙල් පොඟවපු පහන් තිර කන්න දෙන එක .කපුටා කියන්නේ ඔක්කොම ජාති කන එක්කෙනේක්නේ . ඉතින් මෙයාට සමහර වෙලාවට බඩේ අමාරු හැදෙනවා , කාපුවා දිරවාගන්න බැරි වෙනවා . ඒ වෙලාවට කපුටට තියෙන දිව්‍ය ඖෂධයක් තමයි මේ එළඟිතෙල් පොඟවාපු පහන් තිර කියන්නේ . ඉතින් කපුටන්ට එව්වා කන්න දෙන එකත් සෙනසුරු අපල දුරු වෙන පිනක් කියල කියනවා .දවසක් මට මතකයි මම මොන්ටිසෝරියේ ඉගෙනගන්න කාලේ ඉස්කෝලේ ටීචර් කපුටා ගැන අපිට කියලා දීලා කපුටා සාත්තර කියනවා කියලා කිව්වා . කපුටා ගෙ ඉස්සරහා ඉඳගෙන කෑගහන්නේ ගෙදරට කවුරු හරි එනවනම් තමයි කියලා කියා දුන්නා . ඉතින් මම ගෙදර ඇවිත් ඔයගැන කියනකොට අපේ ආච්චිඅම්මා ඒක අහගෙන ඉඳලා මට මෙන්න මේ කවිය ලියලා දුන්නා .හැබැයි ආච්චි අම්මා මාත් එක්ක මේ කවිය කියලා මටත් පාඩම් කෙරෙව්වා . මේකෙන් කියන්නේ පුරාණ කාලේ ඉඳලා පැවත එන කපුටු සාත්තර කියන විදියක් ගැන . මීට වඩා වෙනස් විදිත් තියෙනවා . මේ එයින් එකක් විතරයි . දැන් නම් සාත්තර කියන්න තියා දක්කින්නවත් කපුටෝ නෑ . ඒත් ඔය කවි කියල දෙන කාලේ අපේ පැත්තෙත් හොඳට කපුටෝ හිටියා . මේ සාත්තරවල ඇත්ත නැත්ත ගැන නම් මම බලලා නෑ . මොකද කපුටා කෑ ගහනකොට ඒ ගාන ගණන් කරගන්න මීටර් වෙන්නේ ඌ ටිකක් කෑගැහුවට පස්සේ නිසා . ඒ මොනවා උනත් කමක් නෑ , මෙන්න මෙහෙමයි ඒ සාත්තර කියන්නේ . මේ තියෙන්නේ ආච්චිඅම්මා මට ලියලා දීපු කොලේ .මෙන්න මෙහෙමයි කපුටු සාත්තර ගැන කියන කවියඑකවෙයි මියුරූ දෙක සුභ නැතිමයතුනවෙයි සතුටූ සිවු කොලහලමයපහවෙයි ලාභය හය සුභ ඵලමයසත වෙයි මරණය පෙර ඉසි පැවසුයමෙහෙමයි සාත්තරේ කියන්නේ . ඔන්න කපුටෙක් කෑගහනවානම් , එයා කෑගහන වාර ගණන් ගණන් කරගන්න ඕන . ඊට පස්සේ ඒ ගානට දහතුනක් එකතු කරලා . ඒක හතෙන් බෙදන්න ඕන . ඉතුරුවෙන ගාන අනුව තමයි මේ සාත්තරේ කියන්නේ . උදාහරණයක් විදියට මේ ගණිත කර්මයෙන් ඉතුරු වෙන උත්තරය පහ නම් තමන්ට හෝ නිවසට ලාභයක් ලැබෙනවා කියලා කියන්න පුළුවන් . අන්තිම පදයේ තියෙන " සත වෙයි මරණය " කියන්නේ හතෙන් බෙදලා කීයක් වත් ඉතුරු වෙන්නේ නැත්නම් මරණය කියන එකට .මොකද ඉස්සර අය බෙදනවා කියලා කරේ ගල් කැට අරන් හත හත අයින් කරපු එක . මෙහෙම අයින් කරනකොට අන්තිමට ඉතුරු වෙන්නේ හතක් නම් , ඒකෙ ප්‍රතිපලය මරණයක් කියල තමයි මේ කියන්නේ . ඔන්න ඔහොමයි කපුටා සාත්තර කියන්නේ . පෝස්ට් එක කොටයි . වැඩිය දෙයක් මේ ගැන කියන්නත් නෑ . ඒත් ලිව්ව දේ වැදගත් වෙයි කියලා හිතනවා . අවසාන වශයෙන් මේවා කියලා දීපු මගේ ආච්චිඅම්මවත් මතක් කරනවා . |
BLOG | 2014.12.24 | http://maiyyagelokaya.blogspot.com | පාරවල් වලට දැම්මේ රත්තරංද? චම්පිකගේ ගණං හිලවු බොරුද? | . | මේ දවස් වල විපක්ෂ මැතිවරණ වේදීකාවේ පතුරු ගහන කාරණාවක් තමයි මහින්දගේ ආණ්ඩුවේ දූෂණ හා වංචා. මෙයිනුත් අධීවේගී මාර්ග සම්භන්ධව නැගෙන දූෂණ චෝදනා ඉතා බරපතලයි.පාඨලී චම්පික රණවක.... මොරටුව විශ්ව විද්‍යාලයෙන් බිහි වුනු විදුලි ඉංජිනේරු උපාධිධරයෙක්.මාර්ග ඉදීකිරීමේදී මෙන්ම අනිකුත් දූශණ වංචා පිලිබදව සංඛ්‍යාත්මකව,කරුනු කාරණා සහිතව ආණ්ඩුවට චෝදනා එල්ල කරන අය අතර ඔහු ප්‍රමුකයෙක්...සාමාන්‍යයෙන් මාර්ග ඉදිකිරීම සම්භන්ධව වඩා සමීපව කටයුතු කරන්නේ ඒ පිලිබදව දැනුම ඇති සිවිල් ඉංජිනේරුවන්. විදුලි ඉංජිනේරු උපාධිධරයෙක් ලෙස, චම්පික නගන චෝදනා ගැන, එහි න්‍යාත්මක හා තාක්ශණික කරුනු ගැන යම් අයෙකුට ඔහුට අභියෝග කල හැකි උනත්, වෙනත් ඉංජිනේරුවරයෙකුට නැති අවස්ථාවක් චම්පිකට ලැබී තිබුනා.. ඒ මේ ව්‍යාපෘති සදහා ඉදිරිපත් කල කැබිනට් වාර්තා සදහා කෙලින්ම සම්භන්ද වීමට ,විමර්ශණය කිරීමට කැබිනට් ඇමතිවරයෙක් ලෙස ඔහුට තිබූ අවස්ථාවයි. ඒ නිසාම ඔහු නගන චෝදනා වල විශාල බරක් මෙන්ම ගත යුත්තක් ද තිබෙනවා.මේ චෝදනා ගැන විමර්ශනාත්මකව බැලීමට නම් දේශපාලන කෝනයෙන් එල්ල කෙරෙන චෝදනා මෙන්ම, තාක්ශණික ඒ පිලිබද විශේෂඥයකුගේ අදහස් ද ඉතා වැදගත්.දේශපාලන පක්ෂවලට කඩේ යන, ආචාර්‍ය - මහාචාර්‍යවරු පදුරකට ගැහුවත් දෙතුන් දෙනෙකු විසිවෙන කාලයක, ප්‍රශ්ණයක් දිහා මධ්‍යස්ථව, කාරණු කාරණා මුල් කර ගෙන බලා නිවැරදි චිත්‍රයක් මැවීමට සුදුසු අය ඉන්නේ ඉතා සුළු පිරිසක්.මහාචාර්‍ය අමල් කුමාරගේ ප්‍රවාහන කටයුතු සම්භන්ධව විශේෂඥ දැනුම ඇති පාමාණිකයෙක්. වරලත් සිවිල් ඉංජිනේරුවෙක් වන ඔහු පිලිබදව මෙරට ඉංජිනේරු ප්‍රජාව තුල ඇත්තේ ධණාත්මක හැගීමක්.පසුගිය ආණ්ඩුවල, ප්‍රවාහනයට සම්භන්ධ ආයතනයක වගකීමක් දැරුවත්, දේශපාලන පක්ශයට පිට කොන්ද පාවා නොදීපු චරිතයක්.අධීවේගී මාර්ග සංවර්ධනය සම්භන්දව ඇති දූෂණ වංචා ගැන ඔහු පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත්පතට ඉතා විශ්ලේෂණාත්මක ලිපියක් සපයනවා.ඔහුගේ ලිපියේ සාරංශය මා පහතින් දක්වනවා1.) යුද්ධයෙන් පසු මහාමාර්ග හා අධීවේගී මාර්ග ඉදිකිරීමට හා දියුණු කිරීමට රජය ගත් තීරණය ඉතා පැසසුම් කටයුතු කාලෝචිත තීන්දුවක්..2.) නිවැරදි සැලසුම්කරනයක් මත සිදු කරන මහාමාර්ග හා අධිවේගී මාර්ග සංවර්ධනය ලබා දෙන ආර්ථික ප්‍රතිලාභය,එහි ආයෝජනයට වඩා වැඩිය.3.) නිවැරදි තක්සේරූ මුදලට වඩා වැඩි ආයෝජනයක් සහිත, නිසි සැලසුම්කරනයකින තොරව ඉදිකරනු ලබන අධිවේගී මාර්ග සංවර්ධනය රටේ ආර්ථිකයට පහරක් මෙන්ම් දරාගත නොහැකි බරක්..4.) පසු ගිය අවුරුදු 5-6 ත් අතර කාලයේදී අධිවේගී මාර්ග සංවර්ධනයේදී කිලෝම්ටීරටයකට වැය වූ මුදල දෙගුණයත් තුන් ගුනයත් අතර ප්‍රමානයකින් වැඩි වී තියෙනවා.5.) සියලුම මාර්ග සංවර්ධන ව්‍යාපෘතී නියමිත මුදලට වඩා වැඩියැයි කීමට නොහැක. උදාහරණයක් ලෙස 2005 වසර පමණ තෙක් ව්‍යාපෘති මෙන්ම ඒඩීබි, ජයිකා වැනි අන්තර්ජාතික බැංකු මගින් අයෝජනය කරන ලද ව්‍යාපෘතිවල පිරිවැය සම්භන්ධයෙන් විශේෂ ගැටලු නැත.6.) තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් නෝමැතිව කරන ලද ව්‍යාපෘතිවල පොදුවේ 55% ක අනවශ්‍ය පිරිවැයක් තහවුරු වී ඇත6.) තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනෑමු ව්‍යාපෘති ක්‍රම ක්‍රමයෙන් වැඩි වී ඇති අතර 2014 වර්ෂයේදි එය උපරිමයකට පැමින ඇත. සිදු වී ඇති අලාභය රුපියල් බිලියන 200.5කි (රුපියල් ලක්ශ 10,000 වගේ 200 ගුනයක්)7.) ඉහත තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනැමු ටෙන්ඩර් බොහොමයක් චීනකොන්ත්‍රාත් සමාගම්වලට පිරිනමා ඇතිඅතර ඉතිරිය ලංකාවේ බැංකු මගින්වානිජණය ලෙස ලංකාවේ කෝන්ත්‍රාත්කරුවන්ටපිරිනමා ඇත.මහාචාර්‍ය අමල් කුමාරගේ ගේ ඉහත නිගමනයනුත්, දේශපාලඥයකු වූ චම්පික රණවකගේ චෝදනා වලත් අතර ඉතා ලඟ සමාන කම් මෙන්ම නොගැලපෙන තැන් කීපයක්ද තියෙනවා.උදාහරණයක් ලෙස කුමාරගේ මහත්මයා, යුද්ධයෙන් පසු අධීවේගී මාර්ග සංවර්ධනයට රජය ගත් තීරණය නිවැරදි එකක් ලෙස දකිනවා. එහෙත්රණවකමෙය ඉතා සියුම්ව අභියෝගයට ලක් කරනවා.. රණවක නගනප්‍රධානමචෝදනාවක් වෙන්නේ, සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඇති හැකි ඉතා කුඩා ප්‍රමානයක ගමන් බිමන් පහසුව සදහා අධිවේගී පාරවල් හැදීමට, ඈත පිටිසර සිරියාවතිලාගේ බූමිතෙල් කාලෙන්, කිරිපිටි පැකට්‍ටුවෙන් බදු ගැසීම සාධාරණ නොවන බවයි. මෙය ඉතා සධාරණ තර්කයක් උනත්, අනිත් පාර්ශවයට ඉදිරිපත් කල හැකි ශක්තිමත් තර්ක ගණනාවක් තිබෙනවා.කෙසේ නමුත් මේ දෙදෙනාම එකඟ වන පොදු කාරණාව නම් පාරවල් හැදීමේදී සිදුවන දූශණ වංචාවයි..එය කුමාරගේ මහත්මයට අනුව රුපියල් බිලියන 200 ක්. ඒ ගැහිල්ලත් 2014 දී උපරිම තත්වයකට ආපු කථාවකුත් කුමාරගේ මහත්මයා කියනවා. පාරවල් හැදීමේ ප්‍රමුඛතාවය ගැන ගැටළු තිබ්බා උනත් ගැහිල්ල ගැන නම්, මේ දෙදෙනාම එකම මතයක් ඉන්නවා.මේ සම්භන්දයෙන් ආණ්ඩු පාර්ශවයෙනුත් හේතූ දැක්වීම් ඉදිරිපත් වෙනවා. උදාහරනයක් ලෙස ලංකාවේ අධික ජන ඝනත්වය නිසා අධීවේගී මාර්ග හරහා වැටී ඇති අධික හරස් පාරවල්, භූ විශමතාවයන් නිසා සිදුවන පස් කැපීම් ආදී තාක්ශණික මෙන්ම ප්‍රාග්ධනය සේවීමේ දුශ්කරතාව හා එහි මිලනැමැති කරුණු යොදා ගෙන ,මේ අධික මුදල ඔවුන් සාධාරණීකරනය කරනවා.එහෙත් මේ කිසිම කාරණයකින් සිදු වී ඇති අක්‍රමකිතා සාධාරණය කල නොහැකි බව කිව යුතුයි. මේ ව්‍යාපෘතී වල ඒක එක් ඉදිකිරීම් කටයුත්ත (BOQ item) සදහා අනුමත කර ඇති මුදල (Rate) මේ සදහා නිර්ණාකයක් ලෙස යොදා ගත යුතු යැයි මම යෝජනා කරනවා.කෙසේ නමුත් මේ අධි තාක්ශණික වංචා සෙවීමට නම් ඒ සදහා සුදුසු විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ම ඒ සදහා යෙදිය යුතු වෙනවා.කෙසේ නමුත් මහාචාර්‍ය අමල් කුමාරගේ ඉදිරිපත් කර ඇති විශ්ලේශණය මෙන්ම එම නිගමනද ඉතා තර්කාණුකූල මෙන්ම සාධාරණයි. ඔහු ඉදිරිපත් කර ඇති රුපියල් බිලියන් 200 ගණනක් වු අධික පිරිවැය නැතිනම් වංචා දූශණය සදහා රජය වගකිවයුතුයි.මේ රුපියල් බිලියන් 200 ක ගැහිල්ල, සාමාන්‍ය ජනතාවගේ මාලුපාන් කෑල්ලෙන්, එදා වේල කන්න නැති සිරියාවතීලගේබූමිතෙල්කාලෙන් ගහපු ගැහිල්ලක් බව, රටේ බහුතරයක් උන 'උගත්' ජනතාවට තේරුම් ගිය දවසට, මහින්ද මහතතයගේ දේශප්‍රේමය ගැන ඔවුන්ගේ අධිතක්සේරුව රෙද්ද පල්ලේන් බේරෙන අයුරු අපට බලා ගත හැකියි. |
BLOG | 2014.12.17 | http://maiyyagelokaya.blogspot.com | බෙලමි බ්‍රදර්ස්ලාගේන් මෛත්‍රීපාලට ප්‍රශ්ණයක්... We have a question MY3 | . | බෙලමි බ්‍රදර්ස් යනු 80 දශකයේ සිටම ඉතා ජනප්‍රිය ද්විපුද්ගල ඇමෙරිකානු සංගීත කණ්ඩායමකි. ඔවුන්ගේ බෙහෙවින් ජනප්‍රිය වූ ගීතයක් ඇත.බයිකි උප සංස්කෘතියේ ආශ්වාදනයේ ප්‍රකාශනයක් බදු ඉහත ගීතයට සාර්ථක සිංහල පරිවර්තනයක් ලබා දීමට තරම් ලියුම්කරු නිර්මාණශීලියෙකු නොවේ.එහෙත් කතාව සැකෙවින් ගතහොත් සරලය..සරාගී කන්තාවකි..දිගු කඩා හැලෙන කෙස්...නිල්වන් අහස වැනි දෙනෙත්..ඇඟෙන් කියැවෙන සරාගීත්වය සැබෑ යථාර්තය වූ ඇඳ මත උඩ සෙල්ලමේදී ලබා දීමට ඇයට පුලුවන්ද. පොතේ කවරය ලස්සන උනාට අන්තර්ගතය ඒ අයුරින්ම ලස්සනද. බෙලමි බ්‍රදර්ස්ලා ගීතයෙන් අසන්නේ එයයිමෛත්‍රිපාල සිරිසේන...ඔහුද ගීතයෙන් කියැවෙන සරාගී කාන්තාව වැනිය. ඇත්ත වශයෙන්ම ගත්හොත් සිරිසේන නොව ඔහුගේ නායකත්වයෙන් යුතු මෛත්‍රී පාලනය ගැන කියැවෙන කථා, මවන චිත්‍රය ඉහත සරාගී ලඳගේ පෙනුම වැනිය..සාපේක්ශ නිකැලැල් දේශපාලන ඉතිහාසය, සිංහල බෞද්ධ ගැමි මූලය..අන්තගාමි නොවුනු දේශපාලන දර්ශනය..බැලු බැල්මට මහින්දට එරෙහි හොද විකල්පයකි.අනිත් අතිත් යහපාලනය, සාධාරණත්වය, නීතීයේ සමානාත්වතාවය වැනි ඉදිරි මෛත්‍රී පාලනයක අංග උපාංගද පොදු මහජනතාව නැමැති ගණුදෙනුකරුවාගේ අවධානය දිනා ගැනීමට සමත්ය.බෙලමි බ්‍රදර්ස්ලාට සාරාගී කාන්තාව හමු උනා සේ මහින්දගේ පාලනයෙන් හෙම්බත් වී සිටින ලාංකිකයාට මෛත්‍රී පහලවීම එයාකාරය.එහෙත් සිරිසේන මහතා සහ ඔහුගේ මැතිවරණ මෙහෙයුමේ නායකයන් ජනතාවට ලබා දිය යුතු පිලිතුරු රාශීයක් උකටලීව තවමත් ආමන්ත්‍රණය කර නැත.මෛත්‍රී පාලනයක් යටතේ රටේ ඉදිරි ස්ථාවරත්වය, පාර්ලිමේන්තුව හා විධායකය අතර සම්භන්ධතාවය වැනි කරුණු පිලිබද සැලකිය යුතු අවධානයක් මෛත්‍රී මැතිවරණ යාන්ත්‍රනයෙන් යොමු වී ඇති බවක් නොපෙනේ.රටේ ඉදිරි දේශ්පාලන ආර්ථික ස්ථාවරත්වය ගැන ඔවුන්ගේ ප්‍රශ්ණය සීරීයස් එකකි. මධයම පාන්තික උගත් පාවෙන චන්දදායකයන්ගේ තීරනයෙහි සැලකිය යුතු බලපෑමක් කෙරෙන ඉහත කාරනා ගැන යම්තාක් දුරකට හෝ ආමන්ත්‍රනය කෙරෙන්නේ මෛත්‍රී මැතිවරණ වේදිකාවේ කෝකටත් තෛලය බදු මුකරි කට ඇති පාඨලී චම්පිකයන්ගෙන් පමනි. ඒ වෙනුවට මෛත්‍රී මැතිවරණ උපක්‍රම ස්ථානගත වී ඇත්තේ හුදෙක් මහින්ද විරෝධය වටා පමනි. එහෙත් ජනතාවට වැදගත් වන්නේ මහින්දගෙන් ඒ ඒ දේශපාලන චරිත වලට සිදු වූ කෙනෙහිලිකම් නොව මහින්දගේ ඇස් බැන්දුම් වලින් සිදුවන සැබෑ හානිය ගැන දැන්වත් වීම හා එයට විකල්පය වූ මෛත්‍රි පාලනයේ ස්ථාවරත්වය හා ඉදිරි වැඩ පිලිවෙලය.මහින්ද මැතිවරණ යාන්ත්‍රනයේ ලක්ශනයක් වන්නේ බහුතරයක් වූ ගැලරිය ට සරිලන මැතිවරන උපක්‍රම රාජ්‍ය බලය යටතේ උපරිමව යෙදෙන අතරේ පාවෙන චන්ද තිරනය කිරීමේහි සමත්, යම්තරමකට බුද්ධිමත්, ඉහත කී ප්‍රශ්ණ ද තිවෘරව මතු කිරිමේහි එය දක්වන සමර්ථකමයි.නොදන්න දෙයියට වඩා දන්න යකා හොද යැයි කියති..දෙයියා ගැන නොදන්නේ ජනතාවගේ වරදින් නොව දෙයියගේ මැතිවරන යාන්ත්‍රණයේ ඇති අඩු ලුහුඩුකම් නිසාය . එම නිසාම, බෙලොමි බ්‍රදර්ස්ලා සරාඟි බයිකි ලඳගෙන් නැගූ ප්‍රශ්ණයම සිරීසේන මහතාගේන් අපට විමසීමට තිබේ. පොතේ අන්තර්ගතය එහි පිටකවරය තරම් ලස්සනද. ඇගේ ලස්සන ඇදේදී පෙන්වන්න පුලුවන්ද.එය මෙරට පාලනය වෙනස් කිරීමේ ගාමක බලවේගය වූ මැද පාංතික චන්ද දායකයා නගන සීරියස් ප්‍රශ්ණයයි.කල යුත්තේ පශ්චාත් මැතිවරනයෙන් පසු පශ්චාත් වීම නොව වඩ වඩා කාර්‍යක්ශමව මැතිවරණ මෙහෙයුම හරි පීල්ලට ගැනීමය. |
BLOG | 2014.12.09 | http://maiyyagelokaya.blogspot.com | MY3 ද රුබිකෝන් : Maithree's Rubicon | . | රුබිකෝන් කියන්නේ ඉංග්‍රීසී භාෂාවේ තියෙන ඉඩියම් එකක්. ඒක පාවිච්චි වෙන්නේ 'Crossing the Rubicon'කියලා.යොදා ගන්නේ 'ආපසු නොහැරෙන ඉතා තීරණාත්මක තීරණයක්' ගැන විස්තර කරන්න.මේ ඉංග්‍රීසී ඉඩියම් එකේ මුලාරම්භය ජුලියස් සීසර් උන්නැහෙට සම්භන්ධයි.රූබිකෝන් කියන්නේ ඉතාලියේ තිබ්බ ගඟක්. සීසර් අධිරාජ්‍යයෙක් වෙන්න කලින් රෝම හමුදාවේ ජනරාල් කෙනෙක්. කිසිම රෝම ජනරාල් කෙනෙකුට තම හමුදා ලීගය සමග රූබිකෝන් ගංගාව එගොඩ වෙලා රෝමයට ඇතුලු වෙන්න තහනම්. හමුදා ලීගයක් සමග රීබිකෝනය පහු කරනවාත් සමගම අදාල හමුදා ජනරාල්වරයාගේ හමුදා බලය අහෝසී වෙනවාක් මෙන්ම නීතීය කඩ කිරීම නිසා ජීවීතයෙන් වන්දි ගෙවෙන්නටත් සිද්ධ වෙනවා. ඒක නිසාම කිසියම් ජනරාල් වරයෙක් රූබිකෝනය පහු කරනවා නම් ඔහු බලය හෝ මරණය කියන දෙකෙන් එකක් තෝරා ගත යුතු වෙනවා...සීසර් රූබිකොනය පහු කරනවා...ඉතිරිය ඉතිහාසයයි.....මංතුමා මීට කලින්රූබිකෝන්ගැන කථා කරලා තියෙනවා....ඒඅපේ ෆොන්සේකා ජනරාල්තුමා සම්භන්ධ ලිපියකදීයී.මේ තියෙන්නේ ඒ ලිපිය...ජනරාල්ගෙ ' රූබිකොනය ' - Fonseka's Rubiconඒ ලිපිය ලියන කාලය වෙද්දී ජනරාල් නිකංම නිකං මනුස්සයෙක් විදිහට හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා තිබ්බ කාලයයි...කට වරද්ද ගන්න නිසාමත් , හිතුවක්කාරකම නිසාත් කවුරුත්ජනරාල්එක්ක හිටගන්නලෑස්ති නෑ..මොනා උනත් ඒ ලිපියෙදි මං අනාවැකි දෙකක්සදහන් කලා....1.) ඒ මහින්ද මහත්තයා මහින්ද මහත්තයටම කෙලවා ගන්න බවයි...2.) අනිත් එක හෙල උරුමය වගේ ජාතිකත්වය කේන්ද්‍ර කරගත්ත පොරවලුත් මහින්ද මහත්තයට එදිරිව හිට ගන්න බව.....//මහින්ද රාජපක්ශ යුගය ලංකාවේ සංවර්ධනයේ මැජික්කරුවාද, පිබිදෙන ආසියාවේ ලාංකික සලකුනද වෙන්නේය. එහෙත් ඔහු, ඒ හා බැදුනු දූශණ වංචා මෙන්න නීතීය , අවනීතීය කිරීමේ අසාධනීය වරදකරුද වන්නේය. එම දුර්වලකම අනාගත ශ්‍රී ලාංකික දේශපාලනයේ , දේශපාලනමය අවපීඩනයක් වීමට නිර්මිතය.එය කාලය පිලිබද ගැටලුවක් පමණි. සුලග හමනුයේ අවපීඩනය දෙසටය. දස අතින් තුවාල උන වෘකයා, ජනරාල්වරයා, නිවී යාමට ආසන්න ගිණිපුළුගුවකි. මේ ගිණි පුළුගුව මහා ගින්නක් වන්නේ, සම්භන්දන්,රනිල් වැනී සීතල වතුර ඉසීමෙන් නොව, දේශපාලන අවපීඩනයත් සමග හමා ඒමට නියමිත සිංහල ජාතිකත්ව සුලගත් සමගය. රජරට ආසනික් මාරයා, පී.බී ජයසුන්දරට එරෙහි යුද්ධය කියා පාන්නේ සුලග හමන දිශාවය. එය නිවී යාමට ආසන්න ගිනිපුලිගු මහා ගින්නක් කිරීමේ පරිවර්තනය හා බැදුනු කාලයේ ප්‍රශ්ණයක් පමනි. එක ජාතියේ කුරුල්ලන් වසන්නේ එක අත්තේය.//මොනා උනත් මංතුමා බලාපොරොත්තු උනේ ජනරාල්ව ඉස්සහරට දා ගෙන වැඩේ සිද්ද වෙයි කියලා..ඒත් ඇත්තටම වැඩේ උනේ මෛත්‍රී මහත්තයත් එක්ක...ඔය ලිපිය අවසානයේදී මංතුමා මෙහෙමත් ලියලා තියෙනවා...//සොහොන් බිමේ සටනට වැද සිටින වෘකයා හුදකලා වී ඇත. මරණයෙන් හෝ ජයග්‍රහනයෙන් එය නිමවනු ඇත. රූබිකෝනය තිරස්චීනය. නැවත හැරීමක් නැත. සුලග එනතෙක් නිවී යාමට ආසන්න ගිණි පුලිගුව සජීව විය යුතුය. අවසාන ගින්න දවා හකුලුවන්නේ අසාධාරනයේ, අවනීතියේ මහා ගල් කණු පමණක් නොව, සාධාරණයේ හා නීතීයේ නොපලන් බිජුවට බවද අවසානයේ සටහන් කරමි...........//ඒ කථාවෙත් අවසාන වාක්‍ය සත්‍ය නොවේවායි කියලා මගේ නම් පැතුම....ප:ලි :- මාතෘකාවෙදී මෛත්‍රීගේ ඉදිරිපත් වීම මෛත්‍රීගේ රූබිකෝනයක්ද කියලා ඇහුවට ඒක එහෙමම නෑ..මොකද ඒක ජීවීතයත් මරණයත් අතර තීන්දුවක් ලෙස මට හිතෙන්නේ නැති නිසා......ඒත් ඒ තීන්දුවේ ආපසු හැරීමක් නැති විත්තියක් නම් මට හැඟෙනවා. |
BLOG | 2014.05.14 | http://maiyyagelokaya.blogspot.com | මයියා- දිමිත්‍රි සංවාදය | . | කාලෙකට ඉස්සෙල්ලා බුද්ධාගම ගැන මංතුමා ලියපු බ්ලොග් පෝස්ට් එකක් , දිමිත්‍රි කියලා සයිබර් පාඨකයෙක්ගේ ඇහැ ගැටිලා ඒතැන් පොඩි සංවාදයක් පටන් ගත්තා... මේ දිමිත්‍රිව මං දැකලා තියෙන්නේ ඔය පැරා ගේ බ්ලොග් එකෙයි, නිරාගමික බ්ලොග් එකෙයි විතරයි....කොහොම හරි මේ සංවාදයේදී , ප්‍රශ්ණ අහන්නේ දිමිත්‍රි....උත්තර දෙන්නේ මං......වැඩේ යන අතර තුරදි මට ඕනා උනා මං කථා කරන්නේ මොන වගේ පුද්ගලයෙක් එක්කද කියලා දැන ගත්තොත් හොදයි කියලා. මොකද වැඩේ ටිකක් සීරීයස් පැත්තට යන්න හදපු නිසා....කථාවට කියනවා රත්තරංම වගේ පෙනුනත් ඇත්තටම රත්තරං ද කියලා බලන්න නම් පොඩ්ඩක් හූරලා බලන්න ඕනා කියලා.....මිනිහගේ තරම දැන ගන්න නං මිනිහවත් පොඩ්ඩක් කොනිත්තලා බලන් ඕනා කියලත් මට කියලා දීලා තියෙන්නේ දැන් දිව්‍ය ලෝකේ ඉන්න අපේ මැරිච්ච් අත්තම්මා.....ඉතින් මං තීරණය කලා වැඩේ තව දුරටත් යන්න කලින් දිමිත්‍රි මහත්තයව පොඩ්ඩක් කොනිත්තලා බලන්න....කොනිත්තන්න මං යොදා ගත්තෙත් මං තුමාම ලියපු බ්ලොග් සටහනක්ම තමයි....ඒකේ මාතෘකාවත් 'කොර වෙලා යන ප්‍රශ්ණේ..'ඒත් දිමිත්‍රි මහත්තයා ඒක තේරුම් ගත්තේ ඒතුමාව අවඥාවට ලක් කරයි කියලා....මගේ හිතේ එහෙම දෙයක් තිබුනේ නැති නිසා මං එතුමගෙන් ඒකට සමාව ඉල්ලුවා....ඒත් කොහොමෙන් කොහොම හරි සංවාදේ නැවතුනා....අද වෙසක් පෝය දවසේ මට හිතුනා ඒ සාකච්චාව බ්ලොග් පෝස්ට් එකක් ලෙස දාන්න......ධර්ම දානයක් කියලා හිතාගෙන ඕං එහෙනම් කට් ඇන්ට් පේස්ට් පාරක් දාලා තියෙනවා....දිමිත්‍රි : මා දන්නා තරමට බෞද්ධ ඉගැන්වීම ‘අනාත්මයි’. ඔබ ආත්මයක් ගැන සඳහන් කරනවා. මෙම නොගැලපීම පැහැදිලි කල හැකිද. ඔබ අදහස් කලේ ‘භවය’ යන්න බව ඔබේ පිලිතුර වීමට හොඳටම ඉඩ තියෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී [බෞද්ධ භික්ශූන් පවා] නම්, ‘භවය’ සහ ‘ආත්මය’ එතරම් තැකීමක් නැතිව භාවිතා කරනවා. මෙම ‘අනාත්මවාදය’ ගැන කිසිවෙක් (ඔබද ඇතුලුව.) සීරියස් නැත්තේ ඇයි. එය එතරම් පැහැදිලි නැති සංකල්පයක්ද. නැත්නම් එතරම් වැදගත් නොවන සංකල්පයක්ද. මා දන්නා තරමින් ‘භවය’ සහ ‘ආත්මය’ කිසිසේත්ම ඉන්ටර්චේන්ජ් කල නොහැකි සංකල්ප දෙකක්. බෞද්ධ දර්ශනය හින්දු දර්ශනයෙන් මූලිකව වෙන් වන තැනත් එතැනයි.ඇත්තටම බෞද්ධ දර්ශනයේ ‘භවය’ සහ ‘ආත්මය’ අතර ඇති වෙනස කුමක්ද.විශ්වාස කරන්න.. අපිට එදිනෙදා හමුවන බෞද්ධයන් වැඩිදෙනෙක් බෞද්ධ දර්ශනය තුල ආත්මය කියන සංකල්පය නැහැ කියන විට පුදුම වනවා සහ ඇතැම් විට විශ්වාස කරන්නේද නැහැ. එනිසා මට මෙම ප්‍රශ්නයට උත්තරයක් කිසිවෙකුගෙන් ලැබී නැහැ… ඔවුන් දන්නා ගැඹුරුම ධර්ම සංකල්පය ‘දිට්ඨධම්ම වේදනීය කර්මය’ පමනයි.ඔබ බෞද්ධ දර්ශනය ගැන ප්‍රාමානික දැනුමක් ඇත්තෙකු ලෙස හා සංවාදශීලී කෙනෙකු ලෙසත් පෙනී ගිය හෙයින් ඔබෙන් මේ ගැන පිලිතුරක් ලැබෙතැයි අපේක්ශා කරනවා. මා උපතින් බෞද්ධයෙක් බව සහ බුදු දහම ගැන යම් දැනීමක් ඇතැයි කීම ඔබ දෙන පිලිතුරේ ගැඹුර තීරනය කිරීමට ඔබට උදව් වනු ඇතැයි සිතනවා.මයියා : ඔබ නිවැරදිව දක්වා ඇති පරිදි 'ආනාත්මතාවය' පිලිබද ඉගැන්වීම බුද්ධ දර්ශනය ඊට පෙර පැවති දර්ශනත් සමකාලීන දර්ශනයන්ගෙනුත් වෙන්කෙරෙන ප්‍රධාන ඉගැන්වීමයි. කර්මය, පුන්ර්භවය, පංචෛන්ද්‍රීය පිනවීම, නිර්වානය ආදී දේ ගැන එකල පැවති අනෙකුත් භාරතීය දර්ශනද කථා කර ඇතිමුත් 'අනාත්මතාය' බුදුදහමට විශේශිත වු ඉගැන්වීමකි.බුදුදහමේ මුල සිටම මෙය පැහැදිලිව දේශනා කර ඇති අතර බුද්ධවචනයට අනුව අනාත්මතාවය පිලිබද දේශනය , සියලු දර්ශනයන් අභිබව යන, කේසර සිංහයකුගේ ශ්‍රේෂ්ඨ හා උදාරදම සීංහ නාදයක් හා සාමානය. මන්හ එය සමකාලින භාරතීය සමාජයේ සියලු දර්ශනයන්ගෙන් අනන්‍ය වූ ශක්තිමත් දේශනයක්බවට බුද්ධ වචනය ස්ථානගත කෙරෙන නිසාය.අනාත්මතාවය ගැන මා සතු දැනීම පට්ච්චසමුප්පාද ධර්මය කියැවීමේන් මා ලබ ගත්තෙකි,පටිච්ච සමුප්පදයට අනුවා නාම-රූප ( නාම- අපෝ, තේජෝ වායෝ හා පඨවි යන දේ වලින් සෑදුනු......රූප- මනසට අරමුණු වන් දේ...) අපගේ පංච ඉන්ද්‍රීය හා මනසට ( සලායතන) වල ගැටීම ( පස්ස) නිසා වේදනාව හට ගනී. මෙය අපගේ දැනුම අනුව අප තේරුම් ගනී ( සංඥා). මෙම වේදනාව පිලිබද තේරුම් ගැනීම අපගේ දැනුම අනුව අප 'සතුටක්' හෝ 'සැපයක්' ලෙස තේරුම් ගනි. ඒසේ අපේගේ දැනුම අනුවම නිර්චචනය කර ගත් 'සතුටක්' හෝ සැපයක් වෙනුවෙන් අපි උපාදානයක් ඇති කර ගනී.. විවිදාකර වූ උපාධානයන් පිල්බදවා මා ඉහත විසතර කර ඇත....බුද්ධ දර්ශනය යෝජනා කරන්නේ මෙම ක්‍රියාවලිය ඔබගේ පංචෛන්ද්‍රය හ මනසට අරමුනු වන සියලු දේ සදහා මෙනෙහි කරන ලෙසායි..ඒ සදහා ඔබට විත්ත ඒකග්‍රතාවයක් ( සමාධියක්) හා බුද්ධියක් ( ප්‍රඥාවක්) හා කැපවීමක් ( ශීලයක්) ද ප්‍රගුණ කීරිම අතයවශය් වේ.. මෙසේ පංචෛන්ද්‍රීය හා මනසට අරමුනු වන සියලු දේ සදහා පට්ච්චසමුප්පාද ක්‍රියාවලිය මෙනෙහි කිරීමෙන් අප තුල පවතින ,'අපි' කෙනෙක් ඇතයි පවතින වැරදි අවබෝධය, මමත්ව්ය නැතිනම් ආත්මය පිලිබද හැගීම නැති කර ගැනීමට හේතු වේ. මෙය ම තේරුම් ගත් ආනාත්ම අවබෝධයයි.බුදුදහමේ ඉගෙන්වෙන පරදි 'මම' යනු වියුක්ත වූවක් නොවේ..ඒය ස්ථිර නොවු ක්‍රියාවලියක් ප්‍රතිපලයක් පමනිබුද්ද දර්ශනයේ භවය යනු උපාදානය නිසා හට ගන්නා තත්වයයි...කාම භව,රූප භව හා අරූප භව යනුවෙන් එය තුන් වැදෑරුම වේ....කෙසේ නමුත් 'නාම' යනුවෙන් මුලින් විස්තර කරන ලද දේ සතුව ඇත්තටම පැවැත්මක් ඇද්ද නැතිනම් එය හුදෙක් මනසේ නිර්මානද යන ප්‍රශන පිල්බදව ( වාස්ථවික යතාර්ථය ) පිල්බදව විවිද දර්ශන තලයේ විවාදයන් පවතී, උදාහරනයක් ලෙස නාගර්ජුන හිමියන් සියලු දෙ මනසේ නිර්මානයන් බවත් සැබෑව 'ශූන්‍යක්' බවත් දේශනා කර ඇත. වර්තමානයේද වාස්ථවික යථාර්තය පිල්බද මථ පවතී,ප:ලි ;- මා ඉහත දක්වා ඇති පටිච්චසමුප්පාදය පිල්බද විස්තරය අසම්පූර්ණය. එය ඊට වඩා ගැඹුරින් හා නිවැදිව ඉගෙනගත් හැකි පොත පත වර්ථමානයේ සුලභය...මා දක්වා ඇත්තේ බුදුදහමේ ඉගෙනෙවෙන 'අනාත්ම්' තාවය පිල්බද දල සිතියමක් පමනි.මම පිලිතුර මා සතු කුඩා කාලයේන් හා කුඩා දැනුමෙන් ඔබගේ ප්‍රශ්ණය සදහා උත්තරයක් දීමට යෙදූ අවංක උත්සහයක් පමනක් වේ...දිමිත්‍රි : පැහැදිලි කිරීමට බෙහෙවින් ස්තුතියි. බෞද්ධ දර්ශනයේ අනාත්මය ගැන කිවුවත් මරනින් මතු යම්කිසි ආකාරයක continuation එකක් ප්‍රතික්ශේප කරන්නේ නැහැ නේද. මගේ උභතෝකෝටිකය එයයි. අනාත්ම වුවද මරනින් මතු පැවැත්මක් ඇති වන්නේ කෙසේද. එයට කියන නම අනාත්මය නොවෙයි (ඊට කිසියම් වෙනසක් ඇති) භවය. එහෙමද.මෙහිදී වී ඇත්තේ 'ආත්මය' වෙනුවට 'භවය' ආදේශ වීමද. කිසිවෙක් පැහැදිලි නොකරන්නේ මෙයයි. ඔබ දන්නවාද මෙතැනින් පස්සෙ බොහෝවිට මම අර කලින් කියූ බෞද්ධයන්ගේ පිලිතුර තමයි: ඔබ වැනි අයට තේරුම් ගන්න බැහැ, අර පොත කියවන්න, මේ පොත කියවන්න යනාදිය.මයියා :ස්තූතියි...මට තේරේන විදිහට දිමිත්‍රි අහන්නේ , නැති ආත්මයකට (අනාත්මතාවයට) භවයක් ( නැවත ඉපදීමක් ඇති වන්නේ කේසේද කියන ප්‍රශ්ණයයි...භවය ඇති වන්නේ ආත්මයක් පැවතීම ( යථාර්තයක්) නිසා නොව ආත්මයක් ඇතැයි ගැනීමේ වැරදි උපාදානය (බදා ගැනීම) නිසයි. අනාත්මතාවය අබබෝද නොකර තමන් තුල 'මම' කෙනෙක් ඇතැයි ඇති වැරදි සිතුවිල්ලත්, එම සිතුවිල්ල නිසා ඒම 'මම' ට' සතුට' හෝ 'දුක;' ලබා දීමේ කැමැත්ත (අශාව) නිසා භවය ( නැවත ඉපදීම) ඇතිවේ.මේ පිලිබදව මිලින්ද රජුට නාගසේන හිමියන් ක්‍රෙන පහත පැහැදිලි කිරීම ඔබට උපකාරීවෙතැයි මම සිතමි.1.) 1.”2.”දිමිත්‍රි :මයියා,බොහෝමත්ම ස්තුතියි..මම හිතන්නෙ මට පැහැදිලි උනා මේ කියන දේ. හොඳයි... ආත්මවාදයේදීත් අනාත්මවාදයේදීත් 'යලි ඉපදීම' [හෝ අනාත්මවාදයේදී 'ප්‍රතිසන්ධිය' කියන වචනය වඩා නිවැරදියි මම හිතන්නෙ] පොදු දෙයක් - අඩුම වශයෙන් මරනයට පෙර සහ පසු 'මයින්ඩ් ඇන්ඩ් මැටර්' සැලකීමෙන්. ඇත්තෙන්ම මගේ උනන්දුව තමයි කුමක්ද මෙයින් සත්‍යය කියන දේ. අපි අන්බයස් විදියට කල්පනා කරොත්, ආත්මවාදය අනුව නැවත් ඉපදීමටත්, අනාත්මවාදය අනුව ප්‍රතිසන්ධියටත් සත්‍ය වීමට තියෙන්නෙ සමාන ඉඩක්. හරිනේද. මොකද මෙතනදි පොදුවේ මේ සංකල්ප වලින් එකක්වත් සැකයකින් තොරව පිලිගෙන නැතිනිසා. එතකොට මේ සංකල්ප වෙනුවෙන් පෙනීසිටින ඕනෙම කෙනෙක් ගෙනෙන පොදු සහ එකම තර්කය තමයි... විද්‍යාව තවමත් ඇත්තේ නොමේරූ අවධියකය, ඒවා "එහෙම නොවෙන බව" විද්‍යාවෙන් ඔප්පු කරලා නැතිය; අනාගතයේදී සොයා ගනු ඇතිය යන්න. මේ තර්කය අනුව ගියොත්, මරනින් පස්සෙ ස්වර්ගයට හෝ නරකයට යෑම එහෙම නැත්නම් යම්කිසි දෙවි කෙනෙක් එය තීරනය කරනවාය යනාදී වශයෙන් මරනින් මතු ජීවිතය ගැන ලොවෙහි ඇති සියලුම සංකල්ප වලටත් (සමහර දේ ඉතාම විසුලුයි ) සත්‍ය වීමට මේ ඉඩම තියෙනවා. මොකද 'ඒවා "එහෙම නොවෙන බව" විද්‍යාවෙන් ඔප්පු කරලානැති බව' ඒ හැම සංකල්පයක් සඳහාම එක වගේ අදාලයි.දැන් මගේ ප්‍රශ්නය මෙයයි, අනාත්මවාදය සත්‍යයැයි කීමට ගෙන එන වෙනත් තර්ක හෝ පැහැදිලි කිරීම් තිබෙනවාද. බෞද්ධ දර්ශනය තර්කයෙන් හෝ විද්‍යාවෙන් තේරුම් ගන්නට බැරි යැයි කියන පිලිතුර තමයි මට මේ වන තෙක් ලැබී ඇත්තේ. මම කැමතියි මේ සාකච්චාව සෙමෙන් ගෙන යන්න.. සමහර විට ඔබේ පිලිතුරු 'මයියා වස්තුව' ලෙස ඉතිහාසයේ පවා ලියවෙන්න ඉඩ තියෙනවා.මයියා :හෙ හේ...මම නම් දන්න විදිහට වෙන පැහැදිලි කිරීම් නෑ...මේක විශ්වාසය පිලිබද ප්‍රශ්ණයක්.ඔබට පුලුවන් චිශ්වාස කරන්න හෝ නොකරන්න...මම අර උඩ wmk ට දුන්න පිලිතුර තමයි දෙන්න වෙන්නේ...///මං දන්න විදිහට බුද්ධ දර්ශනයේ විශ්වාසය අවශ්‍ය කරන තැන් තියෙනවයි කියලා...උදාහරනය විදිහට පටිච්ච සමුප්පාදයේදී විස්තර වන 'උපාදානය' නිසා 'භවය' ඇති වෙනවයි කියන තැනදී කර්මය/ පුනර්භවය ගැන විශ්වාසය අවශ්‍ය කරනවා...///දිමිත්‍රි :ස්තුතියි මයියා ඔබේ අවංක සහ කෙලින් පිලිතුරු වලට...කොහොම වුනත් මේක තමයි මේ වගේ සංවාද අන්තිමට ලඝු වන තැන - "ඔබට පුලුවන් චිශ්වාස කරන්න හෝ නොකරන්න." ඒ කියන්නේ කවුරු කොහොම කිවුවත් "බුද්ධ දර්ශනය / බුද්ධ-ආගම" විශ්වාසය මත පදනම් වන්නක්.//මං දන්න විදිහට බුද්ධ දර්ශනයේ විශ්වාසය අවශ්‍ය කරන තැන් තියෙනවයි කියලා...උදාහරනය විදිහට පටිච්ච සමුප්පාදයේදී විස්තර වන 'උපාදානය' නිසා 'භවය' ඇති වෙනවයි කියන තැනදී කර්මය / පුනර්භවය ගැන විශ්වාසය අවශ්‍ය කරනවා//මේක අපි හැමෝම දන්න ජනප්‍රිය "කාලාම සූත්‍රය"ට පටහැනි නැත්ද.මයියා :මං හිතන්නේ ඔබතුමාට 'කාලාම සුත්‍රය' ගැන හොද අවබෝධයක් තියෙන පාටයි...නිකං ඉන්න ගමන් මේකත් කියවලා බලන්නකෝ...:))කොර වෙලා යන ප්‍රශ්ණේ.....දිමිත්‍රි :කාලාම සූත්‍රය කියන්නෙ රොකට් සයන්ස් එකක් නෙමෙයි නේද. ඒ ගැන "හොඳ" අවබෝධයක් ගැනීමට එය කියවීමම ප්‍රමානවත්. මට නම් ඒක හරියට "ආරෝග්‍යා පරමා ලාභා.." ලෙසින් වන ගාථාව වගේ; "භවය" හෝ "අනාත්මය" වගේ අවබෝධ කරගැනීමට අමාරු නැහැ.//කොර වෙලා යන ප්‍රශ්ණේ.....// නම් මට අදාල නැහැ. නමුත් මේ සාකච්චාව අවඥා කිරීමකින් කෙලවර කිරීමට ඔබ උත්සාහ කර තිබීම ගැන නම් මට කනගාටුයි... [මේක මගේ බ්ලොගය; මට මොනවද මේකෙ කියන්න බැරි.]ඇත්තෙන්ම මගේ ප්‍රශ්න මුල ඉඳලාම කියවපු කෙනෙකුට තේරෙනවා ඇති එම ප්‍රශ්න වල අදාලතාවයත්, උත්තර දැනගැනීමට තිබූ අවශ්‍යතාවයේ අවංක කමත්. මට ඉන් එහාට ඒ ගැන කීමට දෙයක් නැහැ.මේ වැනි "ධර්ම සංවාද" කෙලවර වන්නේ මේ ආකාරයෙන් බව මට හොඳ හැටි අත්දැකීම් තියෙනවා. ප්‍රශ්න අසන්නා අවඥාවට ලක් කිරීම එහිදී මූලික උපායක්.පිලිතුරු දීම නොදීම ඔබේ අයිතිය බව මම පිලිගන්නවා. නමුත් අනාත්මය, භවය ගැන ඔබ කල පැහැදිලි කිරීම හරහා මා තුල ඔබ කෙරෙහි වන ගෞරවය බිඳකුදු අඩුවන්නේ නැහැ. ස්තුතියි.මයියා :ස්තූතියි..මගේ අනුමානය හරි..ඔබ කියා ඇති පරිදි ඔබ 'කාලාම සුත්‍රය' ගැන දන්නවා...මා දන්නා පරිදි එහි ප්‍රත්‍යක්ශ දැනුමටත් කිසියම් කිසියම් ඉඩක් තියෙනවා...ඒත් අවසානයේදී 'තම තම ණැන පමනට','තමන්ගේ අත්දැකීමට ගැලපෙන පරිදි' තමයි..මා ඔබව අවඥාවට ලක් කර නෑ...එහෙත් අවංකවම ඔබට එසේ සිතේ නම් එයට මට සමා වෙන්න. |
BLOG | 2014.03.03 | http://maiyyagelokaya.blogspot.com | යුක්‍රේන් වික්ටර්ට ලංකාවේ මහින්දගෙන්...... | . | වික්ටර් යැනකෝවිච් යුක්‍රේනයේ (හිටපු) නායකයා. පොරත් ලංකාවේ දේශපාලුවො වගේ තමයි. මහින්ද මාමා චීනෙට ගොට්ට අල්ලනවා...රනිල් අයියා සුද්දට ගොට්ට අල්ලනවා...විග්නේස්වරන්ලා, සම්භන්දන්ලා ජයලලිතට ගොට්ට අල්ලනවා....මේ වගේ වික්ටර් මහත්තයා රුසියාවේ ලොක්කා පූටින් මහත්තයට ගොට්ට අල්ලනවා...වික්ටර්ගේ විරුද්ධපාක්ශිකයෝ ගොට්ට අල්ලන්නේ යුරෝපා සංගමේට, නැත්තං නේටෝ එකට...මේ කවුරු කවුරුත් අනිත් එක්කේනාගේ බෝල්ස් මිරිකන්නෙ එක එක වාසි වලට.වික්ටර් ලොක්කගේ කථාව නම් යුක්‍රේනයේ බලශක්ති අවශ්‍යතාවය රුසියාව නැතිව හිතන්නවත් බැරි වීමයි.....උස වික්ටර් හා කොට පූටින්.....වික්ටර් හා පුටීන් හාදකම නැගලා යන්නේ ගිය නොවැම්බරේ.. වික්ටර් මහත්තයා යුරෝපා සංගමයට පස්ස පැත්ත පෙන්නලා මොස්කව් පූටින් මහත්තයට හේත්තු වෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවා....මේ තීරණේට යුරෝපා සංගමයට හිතවත් යුක්‍රේනමිනිස්සු අකමැති වෙනවා. පොරවල් බහිනවා පාරට..පොලීසියත් එක්ක කෙලගන්නවා... නොවැම්ම්බර් වලින් පටන් ගන්න උද්ගෝෂණ ඇදෙනවා මේ අවුරුද්දටත්....මේ අතරෙදි පූටින් ලොක්කත් ෆුල් සපොර්ට් එක දෙනවා වික්ටර් උන්දැට...යුක්‍රේන රජයේ බැදුම්කර ඩොල්ර් බිලියන 15 ක් වලට පූටින් මහත්තයා ආයෝජනය කරනවා...එකෙන් තෙල් ගෑස් ලාබෙට දීලා ජනතාව ශේප් කරන්නයි දෙන්නගේ කල්පනාව..මොන උප්පරවැට්ටි දැම්මත් වික්ටර් මහත්තයට ජනතාව පාලනය කර ගන්න බැරි වෙනවා...ඒකට අපේ මහින්ද මාම..ඔය ඩොල්ර් බිලියන් 15 න් අරික් කාලක් ඒ උත්තමයට දුන්න නම් ගහක් ගලක් වගේ තියෙන ටීඑන්ඒ එකත් කෑලී කොරලයි පස්ස බලන්නේ.......කරදර අඩු උනාම වික්ටර් ලොක්කට මහින්දා මහත්තයට කියලා කුප්පියක් දාන්න ඕනේ....දෙසැම්බරේදී උද්ගෝෂණේ තදින්ම යන වෙලාවේදි යුරෝපා සංගම් හිතවත් උද්ගෝෂණකරුවන්, යුක්‍රේනයේ කිව් අගනුවර, නගර ශාලාව අල්ල ගන්නවා....මේ උද්ගෝෂණ කියන්නේ ඔය ජෙප්පෝ ටවුන් හෝල වල කරන 10,000 හේ 15,000 හේ උද්ගෝෂණ නෙවෙයි....මේවට ඔලු ගෙඩි ලක්ශ ගනං........උද්ගෝෂණ අතරමැදදි පොලිස් සජීවි උණ්ඩ පහරට මැදිව උද්ගෝෂණකරුවන්මිය යනවා...වැඩේ දුර දිග යන බව තේරේනවා...පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ඉල්ලා අස් වෙනවා...උද්ගෝෂණ මර්ධන නීතී පාර්ලිමේන්තුවෙන් ලිහිල් කරනවා....ස්නයිපර් තුවක්කු පත්තු උන දවසේ .....අත්ඩංගුවේ ඉන්න උද්ගෝෂණ කරුවන් සිය ගානක් නිදහස් කරන පොරොන්දුව පිට උද්ගෝෂණකරුවොත් අගනුවර මන්දිරය තමන්ගේ අතඩංගුවෙන් මුදා හරින්න කැමති වෙනවා...වැඩේ සාමදාන වී ගෙන යන බවක් පේන්න එනවා....සාමය ඇතිවෙලා පෑය 24 ක් ගතවෙන්නත් කලින් නාදුනන තුව්ක්කුකරුවෙකුගේ ස්නයිපර් පහරකින් උද්ගෝෂණයේ ඉන්න මිනිස්සු කීප දෙනෙක් මිය යනවා...ඒවා කාගේ තුවක්කුද කියලා සෑකයක් අපට නම් එනවා......වැඩේ ආයෙත් දෙල් වෙලා නැවත් උද්ගෝෂණ පටන් ගන්නවා.....යුලියා නෝනා හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා දෙන ඇග රත්වෙලා යන ටෝක් එක...මෙන්න මේ වේලාවේ සාමයේ පරවියා...එකගතාවන්ගේ සුර දුතිකාව යුරෝපා සංවිධානය වැඩේට බහින්නේ..යුරෝපා සංගමය මැදිහත් වෙලා දෙගොල්ලො අතර එකඟතාවයක් ඇති කරවනවා. උද්ගෝශණකරුවනුත්...වික්ටර් මහත්තයගේ සෙට් එකත් එකතු කරල හවුල් ආණ්ඩුවක් යටතේ ජන්දෙකට යන්න දෙගොල්ලෝ කැමති වෙනවා....පාර්ලිමේන්තුව වික්ටර් මහත්තයගේ බලතල සීමා කරනවා.. හිරේ හිටපු විපක්ශ නායිකාව...යූලියා ටයිමොශෙන්කෝ හිරෙන් නිදහස් වෙලා කිව් අගනුවරට එනවා....ඒ අතින් අපේ මහින්ද ලොක්කා කොච්චර මොල කාරයෙක්ද.....බැරිවෙලා හරි ගැස්සුනෝත් පාර්ලිමේන්තුවේ කථානායක තමුන්ගෙම අයියා.....මේ වගේ උද්ගෝශණයක් වෙලාවේ වීරයෙක් වගේ එලියට බහින්න හිටපු ජනරාල් උන්දෑ ජනාධිපති සමාව යටතේ කල එලියක් නැතුවම එලියේ...වික්ටර්ට නම් ලොක්කගෙන් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා...අලුත් අන්තර්පාලන රජය දැන් අළුත් ගේමක් ගහනවා... දෙගොල්ලොම එකඟ වෙච්චි ච්න්දය පැත්තක තියලා, ඒගොල්ලො වික්ටර් මහත්තයට විරුද්ධව උසාවි වරෙන්තු නිකුත් කරන්න හදනවා....උද්ගෝෂණ වලදි සිවිල් මිනිස්සු මැරුවයි කියලයි චෝදනාව....වික්ටර්ව අතඩංගුවට ගැනීමේ පෝස්ටර්හිරේට යන්න වෙයි කියන බයට වික්ටර් මහත්තයා රුසියාවට පලා යනවා.....ක්‍රිමියාව කියන්නේ යුක්‍රේනයේම කොටසක්...හැබැයි ඉතිහාසගතවම ක්‍රිමියාවට, රුසියාව එක්ක ඇයි හොදයි කම් වැඩියි......යුක්‍රේනයේ කිව් වල උද්ගෝෂණ වලට විරුද්ධව ක්‍රිමියාවේ ප්‍රති උද්ගෝෂණ පටන් ගන්නවා.....ක්‍රිමියාවේ පාර්ලිමේන්තුව මුහුණු වසා ගත් තුවක්ක්කු කරුවන් අල්ලා ගන්නවා.....ක්‍රිමියාව රුසියාවේ........වික්ටර් මහත්තයා, රට උද්ගෝශණ කරුවන්ට පාව දීම ගැන කණගාටු වෙමින් ජනතාවගෙන් සමාව ඉල්ලනවා....යුක්‍රේනයේ අනාගතය වෙනුවෙන් සටන් කරන බවට ජනතාවට සහතික වෙනවා...තමන් තාමත් යුක්‍රේනයේ නිල ජනපති බව කියා හිටිනවා.....මතකනේ සදාම් ලොක්කත් ඔය කථාවම නේ කිව්වේ....කථා දෙකක් නෑ ඒක ඇත්ත....දැන් ඉතින් ලමයිනේ චිත්‍රපටියේ උච්චතම අවස්තාවට එනව...පයිට් එක පටාආආන් ගන්නයි යන්නේ....පූටින් ලොක්කා නාමපද පැත්තකට දාල ක්‍රියාපද වලට බහින්නයි සුදානම....රුසියාව ක්‍රිමියාවයට හමුදාව එවනවා....දැනටමත් රුසියානු සම්බැරීන් ක්‍රිමියාවේ තියෙන රුසියා නාවික කදවුරේ සීමා මායිම් පන්නලා.....නාදුනන තුවක්කු කරුවන්ක්‍රිමියාවේ මිල්ටරි මූලස්ථානය වට කර ගෙන.....ඇත්තටම ඒ රුසියානු හමුදාවරුසියාවේ ආක්‍රමනයට බොහෝ යුක්‍රේන වැසියන් පක්ශපාතියි......හරියට නිකං ලංකාවේ උතුරේ පොරවල් වලට මුල් දවස් වල ඉන්දියන් හමුදාව ගොඩ බැස්සම දැනෙන සනීපෙ දැනෙනවා ඇති.....ඇමෙරිකාවෙ ඔබාමා ලොක්කයි..යුරෝපා සංවිධානයයි පූටින් මහතයගේ වැඩේට පොඩි සද්දයක් දාලා තිබුනා...ඇෆ්ගනිස්තානේ, ලංකාව වගේ හාල් කෑලි එක්ක ෆයිට් කරාට පූටින් එක්ක හැප්පිලා දත කට පූට්‍ටු කර ගන්න කවුරුත් කැමති නෑ....උද්ගෝෂණකරුචන් ලවාම වැඩේ කර ගන්නයි වගේ බටහිර සුදානම්...අර මොක්කුද ලවා කොස් ඇට බාවනවයි කියලා කථාවකුත් තියෙන්නේ......දැන් ඉතින් චිත්‍රපටීයේ නැගලම යන හරිය..අද ඉදන්වත් ටීවීඑකේ ප්‍රවීණයි...අර කුමාරියි...මේ කුමාරියි බැලිල්ල පැත්තක තියලා අල් ජසීරා සී එන්න වෙගේ එකක් ඇල්ලුවනම් ඇස් දෙකටම අන්තිම පයිට් එක බලා ගන්න පුලුවන්....ප:ලි ; බලලුන් ලවා කොස් ඇට බාවනවා වගේම ක්තමයි ඌරන් කැකුණ තලන කොටහබන් කුකුලන්ට....මහින්ද මහත්තයා ජීනිවා කේස් එක ගොඩ දා ගන්න විදිහක් කල්පනා කරනවා ඇති.....පින්තූර ගත්තේ ;http://www. |
BLOG | 2014.01.28 | http://maiyyagelokaya.blogspot.com | අනීර්ණය....ඔබ එන්නේ කවදා ද? - The Singularity | . | අනීර්ණය කියන්නේ ගණිතයේ එන වචනයක්. ඒත් සරලව කියනවා නම් 'නිර්ණය කල නොහැකි' තේරුම දෙන වචනයක්..රේමන්ඩ් කර්ස්වේල් (Raymond Kurzweil)කියලා පොරක් අමුතුම පොතක් ලියනවා 2005 දී. පොතේ නම සිංහලට පෙරලුවොත් එන්නේ'අනීර්ණය ලගයි' වගේ අදහසක්. පොතේ ඉංග්‍රීසි නම The Singularity Is Nearපරිගනක විද්‍යාඥයෙක් වෙච්චි ඒ මහත්තයා, ඒ පොතේදීලස්සන තර්කයක් ගොඩ නගනවා. ඔහුපෙන්නන විදිහට පහුගිය වසර 50 ගත්තම, පරිගණක වල හැකියාව සෑම අවූරුදු 18 ට පාරක්ම දෙගුණ වෙලා තියෙනවා. මේ වේගයෙන්ම ගියොත් පරිගනක 2020 වෙද්දී එය මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වය හා සමාන වෙන්න පුලුවන්.මේ කථා පිලිගන්න සමහර අය කියන විදිහට මිනිස් මොලය, පරිගණක වලට ඩවුන්ලෝඩ් කරලා, මිනිස් මොලයටයි, පරිගණකයටයි එකට වැඩ කරන්නත් පුළුවන් දවසකුත් ඒවීලු. (මේ වැඩේ හරි ගියොත් නම් මිනිස්සුඅමරණීය වේවී. සරීරයක් නැති උනත් මොලේ තියෙන හින්දා මිනිස්සුන්ගේ මරණය කියන එක තේරුමක් නැතිව යාවී... අතාත්වික පරිගණක ලෝකයේදී මිනිස්සු තමන් කැමති දේවල් ඒ ආකාරයේන් ලබා ගනිවී..)මේ කියන විදිහට මිනිස් මොලයයි, පරිගණකයයි එකට වැඩ කරන්න ගත්තොත්, කලින්අවුරුදු දහ අටක් ගිය වැඩේ, ඒ කියන්නේ අර පරිගනක ක්‍රියාකාරිත්වය දෙගුණ වෙන්න ගිය කාලේ තවත් අඩු වේවි..ඔහොම අඩු වෙලා... අඩු වෙලා... කවදා හරි දවසක, ඒ කාලේ බින්දුවට අවෝත් , අර කිව්ව පරිණාමය නිර්ණය කරන්න බැරි අනන්තයකට යාවි..ඒ කියන්නේ තත්පරයක් ගත්වෙන්නත් කලින් අපි (පරිගණක් -මිනිස් විඥාණය) හිටියට වඩා දෙගුණයක් ප්‍රබල වැඩි දියුණු පොරවල් වේවි..පරිගනක , යන්ත්‍ර සූත්‍ර මිනිස්සුන්ව පහු කරලා මිනිස්සුන්ව යටත් කර ගන්න චිත්‍රපටි අපි ඕන තරම් බලලා තියෙනවා...මට බලෙන්ම බලන්න සිද්ධ වෙන, අපේ පොඩි එවුන් බලනකාටුන් වලත් මේ වගේ කථා ඕන තරම් තියෙනවා....කොච්චර ප්‍රබන්ධ බලලා, කියවලා තිබ්බත්, ක්ර්ටස් මහත්තයගේ කථාව කියෙව්වම මට පොඩි තිගැස්සීමක් වගේ එකක් ආවා...මුළු කථාවම නැති උනත් ගොඩ දුරට වෙන්න පුළුවන් තත්වයක්....පරිගණක කෘත්‍රිම බුද්ධිය (AI) ගැන සැක පහල කරන ගොඩක් අය කියන දෙයක් තමයි පරිගනක බුද්ධිය ට මිනිස් මොලයේ ඇති 'නිර්මාණශීලීත්වයට' ලඟා වෙන්න බෑ කියන කථාව. ඒත් ලෝක චෙස් ශූරයාව පරද්දන්න වගේම, අගනා සංගීත කණ්ඩ නිපදවන්නත් පරගණක බුද්ධියට පුළුවන් බව අළුත් කථාවක් නෙවෙයි.ඒ මොනා උනත් මිනිස් මොලයක සෛලයක් කරන වැඩේ සිලිකන් කෑල්ලකට කරන්න පුලුවන් කියලා කියන්න මට තියෙන්නේ ලෝභ කමක්.... මිනිස් විඥාණය ඒච්චර ලේසියෙන් ප්‍රතිනිර්මාණය කරන්න බෑ කියලා මට හිතෙනවා...මීට සියවස් ගානකට කලින් තිබ්බ විද්‍යාවේදි ,විඥාණය කියන එක ලොකු දෙයක් හැටියට ගනන් ගත්තේ නෑ....ඒත් පහුගිය දශක කීපයේදී විඥාණය කියන දේනොසලකා ඉන්න බැරි තරමට විඥාණය කියන දේ අපේ නිරීක්ශණ වලට කොච්චර බලපානවද කියලා ගොඩක් දෙනෙක්ට තේරුම් ගිහිල්ලා තියෙනවා.....කර්කස් මහත්තයගේ තර්කයේ මට පේන ලොකුම අඩුව මේ මිනිස් විඥාණය , ඇන්ඩ් නෝ ගේට්‍ටු වලින් ප්‍රතිනිර්මානය කරන්න පුලුවන් කියලා හිතන උපකල්පනය තමයි... ඒත් ඒ උපකල්පනය හරි නම්, ඒ මහත්තයා කථා කරන ඊලඟ සිදුවීම් ටික නම් සිදු නොවෙන්න තියෙන්නේ අඩුම අඩු ඉඩක්........පින්තූර:1.com/time/interactive/0,31813,2048601,00. |
BLOG | 2014.01.24 | http://maiyyagelokaya.blogspot.com | පින්සිරිගේ කොලු අන්දරය රටේ ප්‍රශ්ණයක්ද? STORY OF A GAY | . | රස්සාවයි පරස්තාවයි පටලවා නොගත යුතු යැයි කියමනක් සමාජයේ ප්‍රචලිතව පවතී. පුළුල්ව ගත් කල, ගෙදර දෝරේ ප්‍රශ්ණ රැකියා ස්ථානයට නොයා යුතු බවත්, එමෙන්ම රැකියා ස්ථානයේ ප්‍රශ්ණ ගෙදර නොගෙනා යුතු බවත් එයින් ද්විකෝටිකව ගම්‍ය වේ.කෙසේ උවත් තුන්වේලම අනාගෙන කෑම පුරුද්ද කර ගත් ශ්‍රි ලාංකිකයා, රස්සාවයි-පරස්තාවයි අනාගෙන ජීරණය කර ගැනීමේද සමතෙකි.මංගල පින්සිරි සමරවීර......ස්ත්‍රීලෝලියෙකු නොවන ඔහු , ස්වකීය සමාන ලිංගිකයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නෙකි.ග්‍රාම්‍ය වචනයෙන් කියතොත් කොළුකාරයෙකි.පින්සිරි මහතාගේ සමලිංගිකත්වය, ඔහුගේ රැකියාව වූ දේශපාලනය සමග අනාගත් බවක් එක එල්ලේ බැලු විට නොපෙනේ...කොටින්ම පින්සිරිගේ නායකයා වූ රනිල් මහතා මෙන් ඔහු තම ලිංගික සහකරුවන්, ස්වකීය දේශපාලන පක්ශයේ ආසන සංවිධායකයන් ලෙස පත් කල බවක් අප අසා නැත.කෙසේ උවත් වඩා විමසිලිවත්ව බැලු විට පින්සිරි මහතාගේ දේශපාලනය ඔහු ගේ ලිංගික ජීවිතය හා එකිනෙක බැදී ඇති බව අපගේ අදහසයි. ඇත්ත වශයෙන්ම දේශපාලනය යනු ඔහුගේ ලිංගිකත්වයේ, ආත්මීය ප්‍රකාශනය කියතොත් එය නිවැරදිය.අන් බොහෝ දේශපාලුවන් සේම මංගල පින්සිරි ද දේශපාලනයේ පොරක් වෙන්නේ ජනතාව ඇන්දවීමේනි. ඔහු ඒ සදහා තෝරා ගන්නේ 88 භීෂණ සමයේ මියගිය දරුවන්ගේ මව්වරුන් දෑසින් කඩා හැළුනු කදුලු ගංගාවය.. මව්වරුන්ගේ කදුළු මතින් ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ පොරක් වූ ඔහු , ඉන් වසර කීපයකට පසු රාජ්‍ය බලයට පත් වූ පසු ඒ කදුලු වලට සාධාරණයක් ඉෂ්ඨ කල බවක් නම් පෙනෙන්නට තිබුනේ නැත.චන්දය ඩැහැ ගැනීමේදී, ජනතාව ගොනාට ඇන්දවීමේදී, කපටි රජාගේ ඇදුම අදින, වංකත්වයේ කිරුළු පලදින මංගල පින්සිරි , වැඩ කිරීමේදී එතරම් වංක නොවන බවද අපි පිලිගනිමු. කොටින්ම 94 දී ටෙලිකොම් පෞද්ගලිකකරණයේදී ඔහු දැක්වූ අවංකභාවය හා ඉන් පසුව එම ක්ශේත්‍රයේ ඇති වූ විප්ලවීය වෙනස සම්භන්ධයෙන් අප තුල ඇත්තේ ඔහු ගැන පහන් හැගීමකි. එමෙන්ම යුද්ධය පැවති සමයේදී, අද මෙන් මහා පරිමාණ සංවර්ධන කටයුතු නොකෙරෙන කාල සීමාවකදී, මාතර ප්‍රදේශයට ඔහු ලබා දුන් සංවර්ධනය ද පැසසුම් කටයුතුය.කෙසේ උවත් මඩ දේශපාලනය පිලිබදව පින්සිරි මහතාට ඇත්තේ අපකීර්තිමත් වාර්ථාවකි, ආචාර්‍ය උපාධියකි.ප්‍රේමදාස යුගයේ , ප්‍රේමදාසට එරෙහිව , තීරු පුවත් පත් මට්ටමින් පැවතුන මඩ හා කැලෑ පත්තර දේශපාලනය, ජනතාවගේ බදු මුදලින් නඩත්තු කෙරෙන වෘතීය මට්ටමට ගෙන එන්නේ පින්සිරි මහතා ජනමාධ්‍ය ඇමති දූරය දරණ කාල සීමවේදීය. එහිදී ඔහු ක්ශේත්‍රයට අදුන්වා දෙන මහින්ද අබේසුන්දරලා අද එම ක්ශේත්‍රය දිග් විජය කරමින් තමාගේ හැකියාවන් තම ගුරුවරයා වූ පින්සිරි මහතා එල්ලයේද ප්‍රගුණ කරමින් පවතී.ප්‍රස්තූත කාරනය වූ මංගල පින්සිරි මහතාගේ ලිංගික චර්‍යාව හා දේශපාලනය සැලකීමේදී, ඔහු පවතින අධිපතිවාදී සංස්කෘතිමය ප්‍රවණ්තාවයට එක එල්ලේ අභියෝග කරන්නෙකි. මෙහිදී ඔහුගේ පලමු වෙඩි මුරය පත්තු වන්නේ 'බෞද්ධ කොමිශන් සභාව' ඉදිරිපත් කල වර්ථාව අරඹයා ය. බෞද්ධ කොමිශන් සභා වාර්තාවට අයිති වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය යැයි කියූ ඔහුගේ ප්‍රකාශය තුල ඔහු මෙරට අධිපතිවාදී සංස්කෘතියට එරෙහි ඔහුගේ අප්‍රසාදය එඩිතරව එලි දැක්වෙයි.එවක් පටන් ඔහු ඒ මතවාදය සමග නිරතුරුව ගට්ටනය වෙයි.සංස්කෘතිමය රාමු එදිරියේ පින්සිරි මහතා එල්ල කෙරෙන දැඩි ප්‍රහාරය, නැතහොත් ඔහුගේ දේශපාලනය, ඔහුගේ ලිංගිකත්වය හා බැදී පවතින අවංක අරමුණක් බව අප ප්‍රකාශ කරන්නේ, සමලිංගිකත්වය ගැන මෙරට පවතින අධිපති මතවාදය සමග පින්සිරිට ඇති ආත්මීය ගට්ටනය හේතූවෙනි. කොල්ලෙකු සමග යහන්ගත වීමේ ආශාව, දේශපාලන මතවාදයේදී උඩු ගං බලා පිහීනිමක් ලෙස විකාශනය වෙන්නේ එකී කාරණය හරහාය. දේශපාලනය හරහා ඔහු ඉල්ලන්නේ සමාජයේ පොදු නිදහසටත් වඩා තමන්ගේ පෞද්ගලික නිදහස බව අප තේරුම් ගත යුතුය.වර්තමානයේ, රජයේ හා සිරස මාධ්‍ය හරහා එලිදරව් කෙරෙන ඔහුගේ පෞද්ගලික ලිංගික ජීවිතයට අදාල කාරණා, මෙතෙක් ඕපා දූප ලෙස සමාජ ගත වී ඇති දේ පොලිස් පැමිණිලි , නඩු හබ හරහා ප්‍රසිද්ධ විය හැක. කෙසේ උවත් මෙම කාරණා මඩ ලෙස සැලකිය හැක්කේ ඒම කාරණා අසත්‍ය වීම හෝ සමලිංගත්වය 'පහත්' කටයුත්තක් ලෙස සලකන්නෙකුට පමනි. පින්සිරි මහතා සම්භන්ධයෙන් මේ කාරණා දෙකම තෘප්ත නොවන බැවින් වාර්තමාන කරුනු කාරණා හුදෙක් මඩ ලෙස බැහැර කල නොහැක්කකි.සම්පූර්ණ චිත්‍රය පැහැදිලිය.සමලිංගිකත්වය ගැන ලාංකික අධිපති මතවාදය නැමැති පන්දුවෙන් පින්සිරි මහතාට බවුන්සරයක් එල්ල වී තිබේ. ඔහු එයට නොබියව හයේ පහරක් එල්ල කරන්නේ නම්, දේශපාලනය ගැන කුමන මතිමතාන්දරයක් තිබුනත්, පින්සිරිගේ අවංකත්වය නැමැති ජවය එම හයේ පහරේ අඩංගු ය. එම බවුන්සර් පන්දුව නිදැල්ලේ යෑමට ඉඩ දීම වනාහි, චන්දය දිනා ගැනීමේදී පින්සිරි දක්වන වංකත්වය ගැන තවත් එක නිදසුනක් පමනි. |
BLOG | 2014.01.21 | http://maiyyagelokaya.blogspot.com | මහින්ද වතුරට වැඩේ දෙයිද? | . | ඊයේ පෙරේදා නිව්ස් බලද්දී, මම ටිකක් අමුතු නිව්ස් එකක් දැක්කා....බොහෝ දෙනෙකුට මේකේ ලොකු අමුත්තක් දැක්කේ නැති උනත් , මට මේකේ අමුත්තක් දැනෙන්න ඇත්තේ මේ සම්භන්ධයෙන් මගේ වෙනම චිත්‍රයක් තියෙන නිසා වෙන්න ඇති.....අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනය (International Water Management Institute) කියන්නේ එන්.ජී.ඕ (NGO) සංවිධානයක්. ඉන්දියාව, පකිස්ථානය, අප්‍රිකාව වගේ ලෝකයේම පැතිරුණු සංවිධානයක් උනත් මේකේ මූලස්ථානය තියෙන්නේ ලංකාවේ..මම දැක්ක නිවුස් එක තමයි , මේ අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනය, සුපිරි අධිතාක්ශණික දත්ත හා තොරතුරු කලමණාකරණ පද්ධතියක් නිර්මාණය කර ඒක අපේ මහින්ද රජතුමා ලවා විවෘත කර ගැනීම. අපේ රජතුමත් ඔය වගේ වැඩ වලට එක පයින් නිසා , වැඩේ නම් ඉහලින්ම කෙරිලා තියෙන පාටක් පේන්න තියෙනවා.ඉස්සර අධිරාජ්‍ය යුගයේදි , දියුණු බලවත් ජාතීන් තමන්ගේ දැනුම හා ශක්තිය පාවිච්චි කරලා කෙලින්ම රටවල් යටත් කර ගත්තා. ඒවායේ ස්භාවික සම්පත් තමන්ට ඕනේ විදිහට පාවිච්චි කරන්න ගත්තා. ඒත් ඒ සදහා එම යටත්විජිත රටවලටලොකු කලමණාකරණ යාන්ත්‍රණයක් මෙහෙයවීමට සිදු උනා.ඒක වියදම් අධික අසීරූ ක්‍රමයක්.දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ මේ ක්‍රමයේ තිබ්බ අඩුපාඩු මේ අධිරාජ්‍යවාදීන් තේරූම් ගත්තා. ඒ නිසා ඒගොල්ලෝ එකට වෙනත් විකල්ප ක්‍රමයක් ගැන හිතුවා. නව යටත් විජිත යුගය බිහි වෙන්නේ ඒ විදිහටයි.මේ අලුත් ක්‍රමේදි, දියුණු රටවල් කෙලින්ම භූමීය අල්ලගන්නේ නෑ.හැබැයි මේ ක්‍රමයෙදීත්, අර යටත් විජිත රටවල තියෙන ස්භාවික සම්පත් පාලනය කරන්නේ අර දියුණු රටවල් ටිකම තමයි.කොටින්ම කිව්වොත් දියුණු රටවල ඉන්න 20% ක් උන පොරවල් තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල 80% ක් උන ස්භාවික සම්පත් පාවිච්චි කරනවා.අළුත් ක්‍රමය ගැන කෙටියෙන් කියනව නම්, මේ ක්‍රමේදී වෙන්නේ, අර දුප්පත් , දුර්වල රටවල තියෙන ස්භාවික සම්පත් සල්ලි/ඩෝලර් වලට පරිවර්තනය කරන එකයි. ඊට පස්සේ සල්ලි/ඩොලර් තියෙන අයගේ අතේ තමයි මේ ස්භාවික සම්පත් වගේ පාලනය තියෙන්නේ....ස්භාවික සම්පත් සල්ලි කරන්න අකමැති රාජ්‍ය නායකයෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ව ගෙදර යවලා වඩා 'ජනතා හිතකාමී' නායකත්වයක් ගෙන්නත් හොදට අත්හාදා බලලා සාර්ථක වෙච්චි ක්‍රම තියෙනවා.පසුගිය කාලයේ ස්භාවික සම්පත් කියලා ලොකු වටිනාකමක් තිබ්බේ තෙල්, ගල් අගුරු, පතල් ආදී දේවල්.ඒත් දැන් දැන් වතුර, වනාන්තර වගේ දේවල් වලටත් ලොකු වටිනාකමක් ලැබෙන්න නියමිතයි. ඒක එහෙම වෙන්නේ 'පරිසර ප්‍රශ්ණය' කියලා සරලව හදුන්වන 'ලෝකය උණුසූම්' (Global Warming) වීම නැමැති සංකිර්ණ ප්‍රශ්ණ මාලාව නිසයි.වතුර....මුලු පෘථිවියෙන්ම පහෙන් හතරක් විතරම ජලයෙන් යට වෙලා තිබ්බත්, මිනිස්සුන්ගේ පාවිච්චියට ගන්න පුලුවන් වතුර තියෙන්නේ බොහොම ස්වල්පයයි.තෙල්, ඛනිජ් ද්‍රව්‍ය සල්ලි කරා වගේ අනාගතයේදී වතුරත් සල්ලි කරන්න වෙන බවට මේ වෙන කොට ඕනේ වටත් වඩා සාධක තියෙනවා. එක අතකට වර්තමානයේදීත් මෙය යම්තාක් දුරකට, විවිද මට්ටම් වලින් සිදුවෙන්නක්.වතුර ටික සල්ලි කරන විදිහ, ඒ මගින් වතුර මනාව කලමණාකරණය කරන විදිහ මමත් ඉගෙන ගෙන තියෙන සාත්තරයක්...මේ වැඩේ කීප පාරක්ම ලංකාවෙදිත් මීට කලින් කරන්න උත්සහ කලත් දැඩි විරෝධයන් හමුවේ ඒ වැඩ අකුල ගන්න සිද්ධ උනා....ඒවා එහෙම අකුල ගත්තත්, කවදා හරි ඒක , ඒ අවශ්‍ය විදිහට සිද්ධ වෙන්න නියමිතව තියෙනවා..මේ සදහා අවශ්‍ය භූමිය, වටපිටාව සකස් කරන්න විවිධ අන්තර්ජාතික ආයතන තුන්වෙනි ලෝකයේ රටවල ක්‍රියාත්මක වෙනවා...මම සැක කරන විදිහට මේ 'අන්තර්ජාතික ජල කලමණාකරණ ආයතනයත්' මෙවන් උත්සහයකදී සුද්දට ඕනේ විදිහට වැඩ කරන්න හදපු ආයතනයක්.කෙසේ නමුත් මා මෙය කුමන්තණයක් ලෙස දකින්නේ නෑ. ඇත්තෙන්ම මෙම ආයතන අපේ රටේ ක්‍රියාත්මක වෙන ඕනෑම රාජ්‍ය ආයතනයකට වඩා විධිමත්ව, විනිවිදසුලු භාවයේන්ක්‍රියාත්මකවෙන අයුරු ඔබට බලා ගන්න පුලුවන්වේවී....මේය කිසියම් අරමුනක් වෙනුවෙන් ඉතා ප්‍රජාත්‍රන්තවක්‍රියාත්මකවෙන ක්‍රමයක්.....ඇත්තෙනම, මේක එක්තරා ක්‍රමයක්. මේ ක්‍රමයෙදි දක්ශයා, බුද්ධිමතා, ශක්තිවන්තයා ජයග්‍රාහකයා වෙනවා....මේ ක්‍රම වලට හැගීම් වලින්, බාහු බලයෙන් උත්තර දෙන්න බෑ....ඒවාට උත්තර දෙන්න ඕනේ මොලයෙනුයි..ඒත් අවාසනාවකට වගේ අපේ රටවල ඉන්න හොදම මොලකාරයෝ ටික වැඩ කරන්නේත් මේ රටවල, ඇතැම් විට මේ ආයතනවලටමත් වෙන්න පුලුවන්.......ඉවර කරන්න කලින් මාතෘකාව සම්භන්ධවත් පොඩ්ඩක් කථා කරනවා නම්, මං හිතන්නේ නෑ ....මහින්ද වතුරට අත තියයි කියලා...මොනා උනත් ගමේ මනුස්සයනේ.....ඒත් මහින්ද ලවා වෙනත් අය නම් වතුරට කවද හරි අත තියාවි....හරියට නිකං මහින්දගේ නොවන මහින්දගේම ආදරයක් වගේ...........P:Sමම මුලින්ම කිව්වා වගේ පරිසර ප්‍රශ්ණය ගැන මගේ කිසියම් චිත්‍රයක් තියෙනවා...මේ තියෙන්න මීට කලින් මම ඒ චිත්‍රය පාට කරපු විදිහඅළුත් ත්‍රස්ත්‍රවාදයත් සමග මගේ හාෆ් සෙන්චරියබෝලේ වගේද ගෝලේ...රත් උනාම මොකද වෙන්නේ....ගාසා වලට නෙලීම හෙවත් තෙල් ආයුධ හුවමාරුව. - ඒක විෂම චක්‍රයක්බුද්ධාගම කෝකටත් තෛලයද.ආඩම්බරකාර තාත්තාගේ කාබන් වස්තුව. |
BLOG | 2013.12.23 | http://maiyyagelokaya.blogspot.com | සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ දේශනා කලේ කුමක්ද? The Jesus on Homosexuality | . | නත්තල අත ලඟ. හැමෝටම ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන ගමන්, මටත් හිතුනා මේ නත්තලේදී ජේසුස් වහන්සේගේ ධර්මය පොඩ්ඩක් ඉගෙන ගන්න.ගිය නත්තලේදී මම ලිව්වා පෝස්ට් එකක් 'ක්‍රිස්තුස් වහන්සේ සමලිංගිකද. ' කියලා .ගිය නත්තලේදී ඒ වගේ පෝස්ට් එකක් ලියපු හින්දා, මේ නත්තලේදී මම කල්පනා කරා සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ මොකක්ද කියලා තියෙන්නේ කියලා හොයලා බලන්න.හරි එහෙනම් දැන් අපි බලමුශුද්ධ වූබයිබලයේ මේ ගැන මොනවද තියෙන්නේ කියලා...පෙරලලා බලමු...ඈ......@#@@...ඇත්තටම .............ඒකේ මුකුත් නෑ.........සමලිංගිකත්වය ගැන යේසුස්වහන්සේමුකුත් කියලා නෑ.......හැමෝටම සුභ නත්තලක් වේවා.....ප: ලි:1.) මේ තියෙන්නේ ගිය පාර පෝස්ට් එකේ කමෙන්‍ටුවකට මම දාපු උත්තරයක්......//මගේ අවංක අදහස මට LGBT සීන් එක එච්චර දිරවන්නේ නැති බවයි..ඒත් ඒක ඔවුන් සමාජයෙන් කොන් කිරීමට තරම් හේතුවක් දැයි සම්භන්ධයෙන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්. මා පෞද්ගලිකව LGBT කැමති නැති උනත් නීතීය ඉදිරියේ කෙනෙකුගේ ආදරය වෙනුවෙන් තහංචි දැමිය යුතු නෑ.//2.) මේ තියෙන්නේ ඒක ගැන තව පැහැදිලි කිරීමක්....////පුද්ගල රුචි අරුචිය නිදහස වගේ සංකල්ප පිලිගන්නා නිසාමයි, සමලිංගිකත්වය නීතීයා ඉදිරියේදී විසම ලිංගිකත්වයට තියෙන ස්ථානයම තිබිය යුතු යැයි උඩ කමේන්ට් වල ලියලා තියෙන්නේ... ඒක එහෙම උනාව සමලිංගිකත්වය පිලිබද පුද්ගලයකු තුල තියෙන අපුලද ඒ පුද්ගලයාගේ කැමැත්තක්...උදාහරනයක් වෙනුවෙන් සරීර කිස නිම කිරීමේන් පසු කොල කැල්ලකින් පිස ගැනීම සුද්දගේ සිරිතක්. ඒය අතින් සෝදා ගැනීම සුද්දෙකුට අපුලක්. ඒත් අපි වගේ ලංකාවේ උන්ට කොල කැල්ලෙන් පිස ගැනිම අපුලක්. ඉතින් සමාජ මතය තීරනය වෙන්නේ මේ බහුතරය හෝ ප්‍රබල මතය අනුවයි. ඒක නිසා තමයි සුද්දගෙ අරටේදි කොල කැල්ල යොදා ගැනීම ප්‍රභල වෙන්නෙත් අපේ රටේදි අතෙන් සේදීම ජනප්‍රිය මතය වෙන්නේත්..සමලිංගිකත්වයත් මට අනුව ඔය වගේ දෙයක්...කොල කැඑල්ලේන් පිහි දාන්න ඕනා අය කොල කෑල්ලේන් පිහි දා ගත්තාවේ..හෝදන අය හෝදා ගත්තාවේ..ඒත් මට කොල කෑල්ලේන් පිහිදීම අපුලක්.......///. |
BLOG | 2013.12.18 | http://maiyyagelokaya.blogspot.com | ස්වයංවින්දනයක් ගැන මයි කථාවක්... | . | නවීනත්වයට, නව රටාවන්ට කැමැත්තෝ බොහෝය. එයිනුත් නවීනත්වය වැලද ගැනීමෙහි ලා සමර්ථ වන්නෝ කොටසකි.විවිධ හේතු අරභයා නවීනත්වය සමග පෑහීමට නොහැකි වී, අතීතය සමග ජීවත් වන්නෝ, නූතනත්වය නැමැති වේදීකාවේ තමසබකෝලයවසා ගන්නේ නවීනත්වය විවේචනයෙනි. නවීනත්වය අරඹයාවූ ඇතැම් විවේචනයන් ඉතා සාධාරණ හා තර්කානුකූල විය හැකි උවද ඇතැම් විවේචනයන් මට සිහි ගන්වන්නේ නරියා මිදි තිත්තයි කියුළමා කතාන්දරයය.කෙසේ උවද නූතනත්වය යනු සෑමවිටමධනාත්මකයනොවෙන්නා සේම අතීතය ,සම්ප්‍රදායයනු මරා දැමිය යුතුසෘණාත්මකයක් නොවෙන බව ද නූතනවාදීන් වටහාගත යුතු ප්‍රපංචයකි.ප:ලි1.) බේසික් ෆෝන් එකක සිට ස්මාර්ට් ෆෝන් එකක් දක්වා අප්ග්‍රේඩින් වීමේ සංක්‍රාන්තිසමය තුල , ජීවීතයේ තිස් විය ඉක්මවූවකුගේ ස්වයං මනෝභාවය පිලිබද ස්වයංවිවරණයකි....ස්වයංවිවේචනයකි...ස්වයංවින්දනයකි.....2) සර සර ගාන සද්දයක් වගේ ඇහුණා ...බලලා එන්නං. |
BLOG | 2014.12.23 | www.pansalhandiya.blogspot.com | LOWONGAN KERJA JANUARI 2015 | Fransisca Ben | null |
BLOG | 2014.12.07 | www.pansalhandiya.blogspot.com | Kata Kata Galau | Fransisca Ben | ... . |
BLOG | 2014.12.07 | www.pansalhandiya.blogspot.com | Cara memutihkan Ketiak | Fransisca Ben | null |
BLOG | 2014.12.07 | www.pansalhandiya.blogspot.com | cara Menghaluskan Kulit Wajah | Fransisca Ben | null |
BLOG | 2014.12.07 | www.pansalhandiya.blogspot.com | Cara Mengecilkan Pori Pori Wajah | Fransisca Ben | null |
BLOG | 2014.12.07 | www.pansalhandiya.blogspot.com | Nama Negara Maju dan Berkembang | Fransisca Ben | null |
BLOG | 2014.11.10 | www.pansalhandiya.blogspot.com | Lirik Lagu Fatin - Demi Cintaku | Fransisca Ben | null |
BLOG | 2014.10.24 | www.pansalhandiya.blogspot.com | Lirik Lagu Fatin - Proud of You Moslem (OST Aisyah Putri Jilbab In Love) | Fransisca Ben | null |
End of preview. Expand
in Dataset Viewer.
No dataset card yet
- Downloads last month
- 12