id
stringlengths 15
16
| news_content
stringlengths 61
30k
| comment
stringlengths 7
989
| likes
int64 -389
2.24k
| labels
stringclasses 2
values |
---|---|---|---|---|
ncpp_train_0101 |
April29
11.40pm
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 649ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.තවත් ආසාදිතයන් 19ක් හඳුනා ගැනීමත් සමග බදාදා හඳූනා ගැනුනු ආසාදිතයන් සංඛ්‍යාව 30කි.
09.00pm
තවත් ආසාධිතයින් 03 දෙනෙකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 630 දක්වා ඉහළගොස් තිබෙනවා.
08.15pm
තවත් ආසාධිතයින් 05 දෙනෙකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 627 දක්වා ඉහළගොස් තිබෙනවා.
02.05pm
අද දිනයේ තවත් රෝගීන් 03 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 622 ක් වනවා.
April28
10.20pm
ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 28
පස්වරු 10 වන විට 619ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය
පවසනවා. ඒ තවත් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව දිනය තුළ
නව ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
8.35pm
අද දිනයේ තවත් රෝගීන් 12 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 611 ක් වනවා.
7.55pm
අද දිනයේ තවත් රෝගීන් 03 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 599 ක් වනවා.
5.30pm
අද දිනයේ තවත් රෝගීන් 04 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 596 ක් වනවා.
2.00pm
තවත් රෝගින් 04 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති Covid 19 රෝගීන් සංඛ්‍යාව 592 ක් වනවා.
April27
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිවු දෙනෙක් සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි. ඒ අනුව අද දින පුද්ගලයින් 65 දෙනෙකු මේ දක්වා වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් ගණන 588ක් දක්වා ඉහළ ගොස් තිබේ.
9.55pm
ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු (02) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අද දින පුද්ගලයින් 61 දෙනෙකු මේ දක්වා වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් ගණන 584ක් දක්වා ඉහළ ගොස් තිබේ.
8.55pm
තවත් රෝගියෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 582ක් වනවා.
8.00pm
තවත් රෝගීන් 10ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 581ක් වනවා.
6.35pm
තවත් රෝගීන් 4ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 571ක් වනවා.
5.15pm
තවත් රෝගීන් 10ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 567ක් වනවා. අද දින සියලු වාර්තාවීම් නාවික හමුදාවේ අය වන අතර මේ වනවිට නාවික හමුදාවේ පමණක් 180 ක් කොරෝනා ආසාදිතයින් වී ඇත.
2.45pm
තවත් ආසාදිතයින් 34ක් අද දිනයේ වාර්තා වීමත් සමඟ නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 557ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
12.45am
තවත් කොරෝනා ආසාදිතයින් 18 ක් වාර්තා වීමත් සමඟ මෙරට මුළු කොරෝනා
ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය
පවසනවා. මේ අනුව 26 ඉරිදා දිනය තුළ පමණක්
වාර්තා වූ රෝගීන් ගණන 63ක් වනවා. මෙය
මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වනවා.
April26
10.13pm
තවත් රෝගීන් 6 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 505ක් වනවා.අද දිනයේ දැනට ආසාදිතයින් 45 කි. මුල්වරට 500 සීමාව ඉක්මවා ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඒ අනුව සටහන් විය.
10.00pm
තවත් රෝගීන් 14ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 499ක් වනවා.අද දිනයේ දැනට ආසාදිතයින් 39 කි.
8.45pm
තවත් රෝගීන් 08ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 485ක් වනවා.අද දිනයේ දැනට ආසාදිතයින් 25 කි.
7.00pm
තවත් රෝගීන් 06ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 477ක් වනවා.
4.20pm
අද දිනයේ තවත් රෝගීන් 04 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 471 ක් වනවා.
2.20pm
අද දිනයේ තවත් රෝගීන් 05 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 467 ක් වනවා.
12.10pm
අද දිනයේ තවත් රෝගීන් 02 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 462 ක් වනවා.
7.15am
නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 08 දෙනෙක් ඊයේ දින රාත්‍රී කාලයේදී වාර්තාවී ඇත.
ඒ අනුව මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 460ක් වන අතර ඊයේ දිනයේදී පමණක් ආසාධිතයින් 40ක් වාර්තා වී තිබේ.
April25
10.15pm
තවත් ආසාදිත 3 එකතුවී ඇති අතර මුළු එකතුව 452 කි.
9.20pm
තවත් ආසාදිත 9 එකතුවී ඇති අතර මුළු එකතුව 449 කි.
7.40pm
තවත් ආසාදිත5 එකතුවී ඇති අතර මුළු එකතුව 440 කි.
6.30pm
තවත් ආසාදිත 2 එකතුවී ඇති අතර මුළු එකතුව 435 කි.
6.15pm
අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා ආසාධිත රෝගීන් 13 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 433ක් වනවා. මෙලෙස වාර්තා වූ රෝගීන් 07 දෙනෙක් කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිට නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් සිටි අයයි.
11.10am
තවත් ආසාදිත 3 එකතුවී ඇති අතර මුළු එකතුව 420 කි.
April24
11.10pm
තවත් ආසාදිතයකු එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 49 කි. මුළු එකතුව 417 කි.
8.25pm
තවත් ආසාදිතයකු එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 48 කි. මුළු එකතුව 416 කි.
7.15pm
තවත් ආසාදිත මරදාන ප්‍රදේශයේ ගැබිණි කාන්තාවක එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 47 කි. මුළු එකතුව 415 කි.
6.05pm
තවත් ආසාදිතයින් 5 ක් එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 46 කි. මුළු එකතුව 414 කි.
5.40pm
වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බව අද කළ පීසීආර් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර ඒ අනුව මුළු ආසාදිත එකතුව 409 දක්වා ඉහළ ගොස් ඇත.
5.20pm
තවත් 06 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග බණ්ඩාරනායක මාවතෙන් අද හමුවූ 11 දෙනා නිසා ආසාදිතයින් එකතුව 379 දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය අනිල් ජාසිංහ කීවේය.
11.35am
තවත් 05 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 373 දක්වා ඉහළ ගොස් තිබේ.
April23
10.05pm
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන සෙබළුන් දෙන්නාට අමතරව තව 28 දෙනෙකු එකවර වාර්තාවීම සමග අද දිනයේ 38 වැනි ආසාදිතයාත් වාර්තා වන අතර මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 368 දක්වා ඉහළ ගොස් තිබේ.
9.05pm
තවත් 03 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග අද දිනයේ 10 වැනි ආසාදිතයාත් වාර්තා වන අතර මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 340 දක්වා ඉහළ ගොස් තිබේ.
7.45pm
තවත් 02 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග අද දිනයේ 07 වැනි ආසාදිතයාත් වාර්තා වන අතර මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 337 දක්වා ඉහළ ගොස් තිබේ.
5.30pm
තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙක් හමුවී ඇති අතර රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. අද දිනයේදී මේ දක්වා ආසාධිතයින් 05 දෙනෙක් වාර්තා වී ඇත.
02.00pm
කොරෝනා ආසාධිත තවත් රෝගීන් 4 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.මින් පෙරද රෝගීන් හමුවූ කොළඹ 12 කොටහේන ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතෙන් මොවුන් හමුවී ඇත.
ඒ අනූව මෙරට වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් ගණන 334ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
April22
11.50pm
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 330දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් රෝගීන් 02 ක් වාර්තාවීමත් සමඟිනි.ඒ අනුව අද දිනයේදී රෝගීන් 20 ක් හමුවී තිබේ.
11.20pm
අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 5 ක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 18ක් හමුවී තිබේ. දැන් එකතුව 328 කි
7.30pm
අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 13ක් හමුවී තිබේ. දැන් එකතුව 323 කි
මොහු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේදී හමුවූ ජාඇල සුදුවැල්ල පදිංචිකරුවෙකු බව වාර්තාවේ.
5.30pm
අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 12ක් හමුවී තිබේ. ආසාදනය වූ පුද්ගලයා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයෙකි.
2.00pm
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් රෝගීන් 11 ක් වාර්තාවී ඇත.හඳුනාගත් 11 දෙනාම බේරුවල ප්‍රදේශයේ අය බවද ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී පරීක්ෂණ ධනාත්මකවූ බවද දන්වා ඇත.
පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන්
යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා
මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ
මහත්මිය පැවසුවාය.
පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතෙහි මාළු ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකන් සහ සමීපව ඇසුරුකළ පිරිසට කොරෝනා ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බව පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කළේය.
April21
6.00pm
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාදිතයකු වරකාපොළින් වාර්තාවී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 310 කි.
(මෙම ආසාදිතයා මුලින් රත්නපුර අයකු ලෙස වාර්තා කර තිබුන අතර එය ප්‍රමාද දෝෂයක් ලෙස පසුව නිවේදනය විය)
11.30am
නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාදිතයින් 5ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 309 කි.
| ඔයා කියන එක ඇත්ත.... ඒත් මේකට බේතක් හොයාගන්නකන් කොරෝනා තියෙනවා කියන එකවත් ආණ්ඩුව කියනවාද? වලක්වාගැනීම උපරිමයෙන් කරන අතර එන්නතක්,බේතක් හොයාගන්න උත්සාහ කරන්න ඕනැ... බටහිර,ආයුර්වේද දොස්තරවරු මේ ගැන දිරිමත් කරන්න ඕනැ.... එහෙම දෙයක් වත් කරනවද? වලක්වාගැනීම කියන්නෙ කෙටිකාලීන සාර්තක දිගුකාලීන අසාර්තක විසදුමක්.... වලක්වා ගැනීම ගැන විතරක් හිතුවොත් අපිට අවුරුදු 10,15 අපි මැරෙනකන්ම කොරෝනා එක්ක සහඡීවනයෙන් ඉන්න පුලුවන් එහෙමද ආස? | 4 | POSITIVE |
ncpp_train_0102 |
HNB බැංකු තොරතුරු
ලීක්වීම ගැන
මහ බැංකුවෙන් පරීක්ෂණයක්
HNB පුද්ගලික බැංකුවේ පාරිභෝගිකයන් 4,630කගේ දත්ත බාහිරට අනාවරණය වීම සමබන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණයක් අරඹා තිබේ.
මෙම අනාවරණය සිදුව ඇත්තේ HNB ලෝකයේ හොඳම බැංකු අතරට ආ බව කියමින්
සිය ඉහළ ගනුදෙනු
කරුවන් අතරට යැවුණ ප්‍රවර්ධන ඊමේල් පණිවිඩයකිනි.
එම ඊමේල් පණිවිඩයේ තම බැංකුව අත්කරගත් සාර්ථකත්වය ගැන වර්ණනාත්මක වාක්‍ය අඩංගු කරනවාට අමතරව තමන්ගේ බැංකුවේ විශාල මුදල් තැන්පත් කර ඇති අය මෙසේය කියමින් ඔවුනගේ නම් හා මුදල් වටිනාකම් ඇතුළු රහස්‍ය බැංකු විස්තර ප්‍රසිද්ධ කර තිබේ.
ප්‍රවර්ධනයෙන් අපේක්ෂා කර ඇත්තේ තවත් පාරිභෝගිකයින් බැංකුවේ තැන්පතු සඳහා හවුල් කර ගැනීම වුවත් අත්දැකීම් රහිත පිරිසක් නිසා බැංකු කටයුතු වල පවතින රහස්‍යභාවය පිලිබඳ අදහස නොදැන මෙම අනාවරණය සිදු කර තිබෙයි.
මෙය නොසැලකිල්ලක් හේතුවෙන් සිදුව ඇති බව මූලික පරීක්ෂණයෙන් අනාවරණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දී ඇත.
එමෙන්ම, මෙය බැංකුවේ අභ්‍යන්තර කළමනාකාරීත්වයේ අත්වැරැද්දක්ද යන්න පිළිබඳව මහ බැංකුව හා අදාළ පෞද්ගලික බැංකුව විසින්ද තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා තිබේ.
| H n b මහා කුජිත බැන්කුවක් | 16 | POSITIVE |
ncpp_train_0103 |
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් ඊයේ (29) විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේදී ගෙළ වැලලාගෙන මියගියේය.විශ්ව විද්‍යලයේ ඉංජිනේරු පීඨ සිව්වන වසරේ සිසුන්ගේ අවසන් විභාගය මෙම දිනවල පැවැත්වෙන අතර මියගිය සිසුවා එම විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට හැර සෙසු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියා තිබූ අයෙකි.
අවසන් ප්‍රශ්න පත්‍රය දිනයට පෙර දින රාත්‍රියේ ඔුහ සියදිවි නසාගන්නේ විබාග පීඩනය දරන්නට බැරි බව කියමිනි.අවසන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට මොහු නොපැමිණීම නිසා ඔහුගේ මිතුරන් දුරකතන ඇමැතුම් ලබාදී ඇතත් දුරකථනය විසන්ධිකර තිබී ඇති අතර පසුව නේවාසිකාගාරයට දන්වන්නට මිතුරන් කටයුතු කර ඇත.විශ්ව විද්‍යාලයේ සේනක බිබිලේ නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටි මෙම සිසුවා ඔහුගේ කාමරය තුළ ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී මුලින්ම දැක ඇත්තේ ඔහුගේ කාමරයේ සිටි මිතුරන් දෙදෙනායි.‘මට සමාවෙන්න,මේ පීඩනය තවත් දරා ගන්න බැහැ,මගේ මරණයට කිසිවෙක් වගකිව යුතු නැහැ ‘යනුවෙන් සිසුවා කැලැන්ඩර පිටුවක පිටුපස ලියන ලද සටහනක්ද කාමරයේ තිබී සොයාගෙන ඇත.මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ යූ.ජී.එස් සසංක නැමැති විසිපස් හැවිරිදි සිසුවෙකි.
| රේස් යන්න ලමයින්ව තල්ලු කරපු පහුගිය අවුරුදු දෙක තුනේ පීඨ පරිපාලනය මේකට වගකියන්න වෙනවා, අනවශය පීඩනයක් ලමයිනටයි, ආචාර්ය වරුන්ටයි, අනෙක් අදාල හැමෝටමයි එයලා ඇති කලා, - මේ දකින්නේ ඒ මි හරක් වැඩවල අනිසි ප්‍රතිවල, කාගේ උනත් ජීවිත | 2 | POSITIVE |
ncpp_train_0104 |
රාජපක්ෂලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන පිරිසක් බව, ජාතික මහජන සභාවේ කඳවුම්කරු
චමීර පෙරේරා මහතා පැවැසීය.
චමිර පෙරේරා මහතා ඒ බැව පැවැසුවේ පසුගියදා හිල්සයිඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේද කීය.
ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණේ යුද්ධෙන් පස්සේ. 18 ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මේ රටේ
ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර වෙනස් කළා. යුද්ධෙන් පස්සේ තමයි කොළඹ ප්‍රදේශයේ තරුණයෝ පැහැර
ගත්තේ. මාධ්‍යවේදීන්ට පහර දුන්නේ, මාධ්‍යවේදීන් අතුරුදන් කළේ. ගෝඨාභයගේ ප්‍රජාතන්ත්‍රවාදය
රෙද්ද පල්ලෙන් බේරෙනවා. සිහි කල්පනාවක් තියෙනවා නම් ගෝඨාභයට රෙදි ඇඳගෙන
ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න බෑ. රතුපස්වල මිනිස්සු වතුර ටිකක් ඉල්ලුවේ, තමන්ගේ හිතවත්
ව්‍යාපාරිකයාගේ කර්මාන්ත ශාලාව ආරක්ෂා කර ගන්න, වෙඩි තිබ්බා මැරුවා මිනිසුන්ව. මෙන්න මහින්ද
රාජපක්ෂගෙයි ගෝඨාභය රාජපක්ෂගෙයි කෙරුවාව.
පන්සලකට පැනලා කඩුවක්
හොයන්න භික්ෂුන් වහන්සේ දෙනමක් මැරුවා. කාගේ කාලයේදීද ඔය
ප්‍රජාතන්ත්‍රවාදයේ තප්පුලන ප්‍රජා චණ්ඩවාදය තමයි වුණේ. ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නෙවෙයි.
රාජපක්ෂලා කතා කරනවා නිදහස දුන්නේ කාටද?
ගෝඨාභය රාජපක්ෂට මිනීමැරුම් චෝදනා තියෙනවා. දූෂණ චෝදනා තියෙනවා. මේ දේවල් මේ විදියට
තියෙන නිසා තමයි කල්තියාම ප්‍රශ්නත් අහලා, උත්තරත් දීලා අන්තිමට ජනතාවට ප්‍රසිද්ධ කරන්න
බලන්නේ. මාධ්‍යවේදීන්ටත් දැන් තේරෙනවද? අන්න ඒ යකාගේ තරම. මෙයා දෙන්නේ නෑ
ප්‍රජාතන්ත්‍රවාදය. රාජපක්ෂලාගේ පැටිකිරියම ප්‍රජාතන්ත්‍ර විරෝධියි.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා නියෝජිතයන් පිළිගන්න කෙනෙක් නෙවෙයි.
දිස්ත්‍රික්කවල එයාගේ ටාස්ක් ෆෝස් (Task force) එකක් හදනවා. ඒක හැදුවට පස්සේ ඔය
සංවිධායකවරුන්ගේ ආසන සංවිධායකවරුන්ගේ ජනතා නියෝජිතයන්ගේ ජොබ් නැති වෙනවා. ඒකට පත්වෙන්නේ
හිටපු කෝප්‍රල්ලා, සාජන්ලා, මේජර්ලා, කපිතාන්වරු. ඒ අය අතට තමයි බල යන්නේ. බැසිල් රාජපක්ෂ
මහත්තයා හදපු සංවිධායකවරුන්ට එහෙම සුම්මා තමයි. අවසානයේ මහින්ද රාජපක්ෂ මහත්තයටත් ජොබ් එක
නැති වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැට තියලා පරද්දන්නේ. කිසි කෙනකුට එන්න දෙන්නේ නෑ. ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය අවසන් කරන වැඩේ මේ කරන්නේ. අපි එක්සත් ජාතික පක්ෂය සමඟ
කටයුතු කළේ
ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග ආරක්ෂා කරන්න. ජනතාව ඉල්ලන අපේක්ෂා කරන, අභිලාෂයන් නියෝජනය
කරන දේශපාලන සංස්කෘතියක් ආරක්ෂා කරන්න. එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන්, ජනතා
පදනමක් තියෙන නියෝජිතයන් අයින් කරලා. කෙමින් කෙමින් එජාපයම රෝයල් ජුන්ටාවක් බවට පත්කරමින්
තියෙනවා. රෝයල් ජුන්ටාවට සක්ක ගහන කොළඹ කේන්ද්‍රිය සිවිල් ප්‍රභූන් කිහිපදෙනෙක් එකතු වෙලා මේ
ජනවාරි 08 ව්‍යාපාරය විනාශ කරන්න යනවා.
අපි දැක්කා මාධ්‍යවල පළ වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවලු මට කරදර කළොත් මං මේක
කරු ජයසූරිය මහත්තයට භාරදෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් අහන්නේ තමුන්ගේ බූදලයක්ද
ජනාධිපති අපේක්ෂකකම දෙන එක. තමුන් දෙවියන් වහන්සේද තමුන්ට ඕනි කෙනෙක්ට අපේක්ෂකකම දෙන්න.
ජනතාව ඉල්ලන කෙනාටයි මේක දෙන්න ඕනි. ජනතාව ඉල්ලන දෙය වැදගත් වෙන්නේ. ජනතාව ඉල්ලන
අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස. රොයල් ෆැමිලි තියෙන්නත් බෑ. රොයල් ක්ලබ් තියෙන්නත් බෑ. අවශ්‍ය
කරන්නේ ජනතා නියේජිතයෙක්.
නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි
| දෙහිඅත්තකණ්ඩියත් ඩිජිටල්කරණය කරන්න හදන ’ඩිජිටල් පියා’, සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස , ඩඩ්ලි සේනානායක මහතා බත් දුන් පියා ලෙස හැඳින්වූවා මිස ඩඩ්ලි සේනානායක මහතා සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා තමා වෙනුවෙන් කිසිදු දිනෙක එවන් හැඳින්වීමක් සිදුකර ගත්තේ නැත. ජාතික ප්‍රශ්නයට විසඳුම ගෙවල් සෑදීම සහ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම චෛත්‍ය සෑදීම බව විශ්වාස කරන සජිත් ප්‍රේමදාස රටේම ඩිජිටල් පියා වීමට දඟලන්නේ ඒ පිළිබඳව වැඩපිළිවෙලක් හෝ නොමැතිවය. | 21 | POSITIVE |
ncpp_train_0105 |
විශ්ව රූ රැජින තරගයට වියට්නාම්ය නියෝජනය කළ එරට රූ රැජිණක වූ ආචාර්ය එළිසබෙත් මහත්මිය, එළිසබෙත් සුජාතා භික්ඛුනී නමින් පැවිදි දිවියට එළැඹ වසර 15ක් සපිරීම නිමිත්තෙන් ප්‍රථම වරට ලංකාවට වැඩම කර ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානය පෙරේදා (27) වැද පුදා ගත්තාය. පැවිදි දිවියට එළඹීමට පෙර ඇය වියට්නාමයේ රූ රැජින ලෙස කිරුළු දරා ඇති අතර, ඇය විශ්ව රූ රැජින තරගයට ද සිය රට නියෝජනය කළාය. අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගත් ඇය සියලු සැප සම්පත් අතහැර පැවිදි දිවියට එළඹීමට තීරණය කර තිබේ.සුජාතා භික්ඛුනී මෙහෙණිය සිය පැවිදි දිවියට වසර 15ක් ගත වීම නිමිත්තෙන් ලංකාවට වැඩම කර ඓතිහාසික පුදබිම් වන්දනාමාන කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මිහින්තලා රාජමහා විහාරස්ථානයට පෙරේදා වැඩම කළ සුජාතා මෙහෙණිය ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීම හා මිහින්තලා පුදබිමේ වන්දනාමාන කටයුතුවල නිරත වූවාය.එමෙන්ම වන්දනාකරුවන් සමඟ සුහද පිළිසඳරක ද යෙදුණු අයුරු දක්නට ලැබිණි.
| අපේ අය අතහැරලා පැවිදි වෙනවා. පැවිදිවෙලා තිබුනට වැඩිය රැස් කරනවා.... | 61 | POSITIVE |
ncpp_train_0106 |
බටහිර රටවල් විසින් මේ මාසයේ පනවා ඇති මිල සීමාවට යටත් වන රටවලට තෙල් අලෙවිය තහනම් කරන බව රුසියාව අඟහරුවාදා නිවේදනය කළේය.සෞදි අරාබියට පසු ලෝකයේ දෙවන විශාලතම තෙල් අපනයනකරු රුසියාව වන අතර, මෙම තීරණය ගෝලීය බලශක්ති සැපයුම් සඳහා බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.යුක්රේනයේ යුද්ධය සඳහා අරමුදල් රැස් කිරීමට රුසියාවේ හැකියාව සීමා කිරීමට ජී 7 රටවල් එක්ව දෙසැම්බර් 5 දින සිට බලාත්මක වූ මිල සීමාව යටතේ, රුසියානු මුහුදු තෙල් සඳහා බැරලයකට ඩොලර් 60 කට වඩා නොගෙවීමට තෙල් වෙළඳුන් තීරණය කර තිබුණි.
සමහර විශ්ලේෂකයින් පවසා ඇත්තේ රුසියානු තෙල් සඳහා වන මිල දැනටමත් ඊට ආසන්නව පහත වැටී ඇති බැවින් මෙම තීරණය රුසියාවේ ආදායමට ක්ෂණික බලපෑමක් ඇති නොකරන බවයි.බටහිර ජාතීන් එක්ව මේ මාසයේ පනවන ලද මිල සීමාවට අවනත වන රටවලට තෙල් අලෙවිය තහනම් කරන බව රුසියාව අඟහරුවාදා නිවේදනය කළේය. රුසියාව පනවන තහනම 2023 පෙබරවාරි 1 සිට ජූලි 1 දක්වා පවතින අතර මිල සීමාවට සහභාගී වන රටවලට බොරතෙල් අලෙවිය නවත්වනු ඇත. පෙට්‍රල් සහ ඩීසල් වැනි පිරිපහදු කළ තෙල් නිෂ්පාදන සඳහා වෙනම තහනමක් රජය විසින් නියම කරන දිනයක ක්‍රියාත්මක වේ. විශේෂ අවස්ථාවකදී හැර පියවර අවලංගු කිරීමට පුටින්ට බලය ඇත.
බටහිර හා සෝවියට් සමූහාණ්ඩුව අතර සීතල යුද්ධය පැවති කාලවලදී පවා නොදුටු බටහිර මිල සීමාව, රුසියානු රාජ්‍ය භාණ්ඩාගාරය අඩපණ කිරීම සහ යුක්රේනයේ මොස්කව්හි මිලිටරි ප්‍රයත්නයන් අඩාල කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක වන්නක් බැවින් ඊට එකඟ නොවන බව පුටින් පවසා ඇත.
| අනුරයා වේදිකා උඩ නැගලා අම්බුඩ ගැහුවට වැඩක් නෑ. 2023 ඡන්දයක් නෑ. ඌ ඒක දැනදැනත් ගොං පාක්ෂයාව ඡන්දයක් ගැන කියමින් රවටනවා. | 2 | POSITIVE |
ncpp_train_0107 |
බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පෙරේදා (27) විවාහ දිවියට පිවිසියා.ඔහු අතගත්තේ ශානිකා සමග. එම උත්සවයට දේශපාලකයින් කිහිපදෙනෙකුද එක්වුණා.
| වෙච්ච දෙ හරියටම දන්නේ බොල අ....ම තමයි හිත රිදෙනව ට උඹ ට කිව්වේ නැතුවට | -7 | NEGATIVE |
ncpp_train_0108 |
සියලුම හික්ෂූන් වහන්සේලාට රක්ෂණාවරණය ලබා දීමේ 'ශාසන සුරක්ෂා' ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පස්වරු 3.30ට අරලියගහ මන්දිරයේදී ආරම්භ කෙරේ.
දිවයින පුරා දිස්ත්‍රික්ක 25 තුළම සිටින හික්ෂුන් වහන්සේලා රක්ෂණය කිරීම මෙම වැඩසටහනට සමගාමීව සිදු කෙරේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් මෙම කටයුතු සිදුකරන අතර මෙහිදී සංකේතාත්මකව හික්ෂූන් වහන්සේලා 2,000කට රක්ෂණාවරණ පිරිනැමීමට නියමිතය. මේ වන විට ශ්‍රී ලංකාවේ රජය විසින් අනුමත කළ පිරිවෙණ 753ක් ක්‍රියාත්මකව පවතින අතර ඒවායේ ගුරුවරුන් 6,000ක් සේවයේ යොදවා ඇත.
මෙම පිරිවෙන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 60,000කි. මෙම ශාසන සුරක්ෂා රක්ෂණ ක්‍රමය අවස්ථා තුනක් යටතේ ක්‍රියාත්මක වේ. එනම්, බුදු පුත් සුරක්ෂා නමින් සියලුම හික්ෂූන් වහන්සේගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාත්මක වන හින්දු රක්ෂණ යෝජනා ක්‍රමය, බුදු පුත් මවුපිය සුරක්ෂා යෝජනා
ක්‍රමය සහ බොදු ආරාම සුරක්ෂ ක්‍රමයයි.
බොදු ආරාම සුරක්ෂා ක්‍රමය යටතේ විහාරස්ථානයකට අවශ්‍ය මූලිකාංග නොමැති විහාරස්ථාන දියුණු කර පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම, හික්ෂුන් වහන්සේග්ලාට සහ දායකයන්ට සංවර්ධනය කිරිමට හැකියාවක් නොමැති ආරාම අනාගතය සඳහා සුරක්ෂිත කිරීම සිදු වේ.
-දිනුක මලින්ද හේරත්-
| අද කාලේ බහුතර ගනින්නාන්සෙලාගෙන් අපිව රක්ශනය කරන්න වෙලා තියෙන්නෙ | 5 | POSITIVE |
ncpp_train_0109 |
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 6 ක සිර දඩුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් රැවුල වැවීමට තීරණය කර තිබේ. උන්වහන්සේ
වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට ඊයේ (25දා) බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වැඩමකරවනු ලැබූ අවස්ථාවේ හිතවත් භික්ෂූන් වහන්සේලා ඉදිරියේ තවමත් වැඩෙමින් පවතින රැවුල සමග උන්වහන්සේ ඡායාරූපයට නැගුණේ මේ ආකාරයටයි.
| කොට්ටෝරුව කෙහෙල්ගහට කෙටුව වගේ වැඩක් තමයි හාමුදුරුවන්ට උනේ. එක අතකට අර පිදුරංගල ෆොටෝඅගත්ත කොල්ලන්ගෙයි මේ හාමුදුරුවන්ගෙයි සමානකමකුත් තියෙනවා. තමන් කරන දෙයින් ඉදිරියේදි මොනවගේ තත්වයක් ඇතිවෙයිද කියල හිතන්නෙ නැතිව වැඩකරල තියෙන්නෙ. අරුන් නම් තාම ඉස්කෝලෙන් ගිය අවුරුද්දෙ අවුට් උන කොල්ලො. නමුත් හාමුදුරුවො .... මෙහෙම අය නම් රට ජාතිය ගලවගන්න ඉදිරිපත්වෙන්නෙ ... රටට අබ සරණයි තමයි ... | 4 | POSITIVE |
ncpp_train_0110 |
ලංකා සතොස ආයතනයේ සම්බන්ධව මෑතකදී අනාවරණය වූ සුදුළූණු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමෙන් වලකින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි. අද පැවති සතිපතා කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ පුවත්පත් කිහිපයක කර්තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා ඇති බවයි.මෙම වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නොකැඳවන්න යැයි අගමැතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
“අපි මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලනවා. මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන බව සරත් වීරසේකර ඇමතිවරයා දැනුම් දුන්නා. ” යැයි මෙහිදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියේය.ආරංචි මාර්ග වලට අනුව සුදුළූණු වංචාව සම්බන්ධයෙන් හිටපු පාරිභෝගික සේවා අධිකාරියේ (CAA) අධ්‍යක්ෂකවරයෙකු විසින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද විවේචන කිහිපයක් පිළිබඳව වෙළඳ අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමෙන් පසු එම විමර්ෂණයට අදාලව අදාළ මාධ්‍යවේදීන් කැඳවා ඇති බව වාර්තා විය.ආනයනික සුදුළූණු අඩු මිලකට තුන්වන පාර්ශවයේ විකුණුම් කරුවන්ට විකිණීමේ නිරතව සිටි බව සොයාගැනීමෙන් පසු රජයට අයත් ලංකා සතොස ආයතනයේ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කෙරුණි,
ලංකා සතොස ආයතනයේ ලොග් පොතේ ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ගබඩා කිරීම සඳහා යොදා ගත් ව්‍යාජ ඇතුළත් කිරීම් දුටු සේවකයෙකු විසින් ලද තොරතුරක් මත මෙම නිලධාරීන් සොයාගෙන ඇත.
| ඕනෙම රෙද්දක් පත්තරේ දාල බේරෙන්න පුළුවන් එහෙම උනහම. පුවත පලකරන කෙනාටත් වගකීමක් දෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ බන්දුල හොරයි ,රවී හොරයි ඔක්කොම සතොස හූරන් කෑවා එකෙක් අහු උනාද ........? මහින්දත් කාලේ අරගෙන ගින්න නිවෙනකල් ඉන්න ව .ලජ්ජාවත් ඇති එකෙක් නම් රේගුවට ගිහින් " ඔයාලට නම් ඇල්ලුවත් ගොඩ යැව්වත් ගොඩ " කියල කියනවා යේ. ලැජ්ජයි ස !! | 14 | POSITIVE |
ncpp_train_0111 |
“එක රටක් - එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව බලකායේ සභාපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අද (29) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබිණ. ශ්‍රී ලංකාව තුළ “එක රටක් - එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට 2021 ඔක්තෝබර් 26 සහ 2021 නොවැම්බර් 06 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදන මගින් ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටවනු ලැබීය.
මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වීරවර්ධනලාගේ සුමේධ මංජුල, වෛද්‍ය එන්.ජී. සුජීව පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ ඩබ්.පී.ජේ.එම්.ආර්. සංජය බණ්ඩාර මාරඹේ, ආර්.ඒ. එරන්ද කුමාර නවරත්න, පානි වෑවල, මවුලවි එම්. ඒ.එස්. මොහොමඩ් (බාරි), යෝගේශ්වරී පත්ගුනරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා යන මහත්ම මහත්මීහු කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයෝ වූහ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය බලකායේ ලේකම් ලෙස කටයුතු කළාය.වෘත්තිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, ආගමික කණ්ඩායම්, විවිධ ජන කොටස්, විශ්වවිද්‍යාල ප්‍රජාව, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි 1,200කට අධික පිරිසකගේ සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව නිර්දේශ 43ක් සහිත පරිච්ඡේද 8කින් සහ ඇමුණුම් කාණ්ඩ 2කින් සමන්විත වාර්තාව සකස් වී තිබේ.මෙම වාර්තාව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
| ඕක රෝල් කරලම දුන්නනං තමා ජනාධිපති තුමාට ඊළගට කරන්න තියන වැඩේට පහසු වෙන්නේ | 28 | POSITIVE |
ncpp_train_0112 |
පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට මන්ත්‍රී විමල් වීරවංශ විසින් ඇමති සජිත් ප්‍රේමදාස වෙත කරන ලද අභියෝගයට කැමති බව දක්වමින් ඇමති සජිත් ප්‍රතිචාර දක්වා තිබෙන නමුත්
විමල් වීරවංශ දැන් එයට අලුත් කොන්දේසියක් පනවා වෙනස් කරන්නට උත්සාහයක නිරතවී තිබේ.
සජිත් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව කෘතඥතාව පළ කරමින් විමල් ලිපියක් ලියා සඳහන් කරන්නේ පසුගියදා ත්‍රිකුණාමලයේ පැවැති උත්සව සභාවක් අමතමින් සජිත් ප්‍රකාශ කළේ අභියෝගය භාර ගන්නා
බවත් ඒ සඳහා ඔහු විසින් ඉදි කළ ‘උදා ගම්මානයක්’ වෙත පැමිණෙන ලෙසත් යයි සඳහන් කර ඇති අතර විමල් පිළිගත හැක්කක් නොවේ යයි පවසා ඇත.
නිදන් වස්තු බහුල ප්‍රදේශවල ඔබ විසින් ඉදි කරනු ලබන එවන් ‘උදා ගම්මානයක’ රාත්‍රී 10 සිට 12 තෙක් ‘ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්’ ද සමඟ එවන් විවාදයක් පැවැත්වීම යන්න ප්‍රායෝගික නොවන බව කාටත් වැටහෙන්නකි... යනුවෙන් විමල් සිය ලිපියේ දන්වා ඇත.
එබැවින් ඔහු ඉහත අභියෝගය සිදු කළ අන්දමට ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක පිරිසක් සමඟ හරවත්, කාලීන දේශපාලන සංවාදයක් සඳහා පෞද්ගලික රූපවාහිනී නාලීකාවක් යොදා ගත යුතු බවත් ඒ සඳහා දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාලිකා 02ක් ඔහු සමඟ එකඟතාව පළකර ඇති බවත් විමල් දන්වා ඇත.
| මම කැමතිය් විමලේ සමගින් කොක්පිට් එකේ උදාගම් යන්න මම ජල්තර ප්‍රීතිලතා | 35 | POSITIVE |
ncpp_train_0113 |
ඉන්දියාවට අමතරව කොවිඩ් වසංගතය නැවත හිස ඔසවා ඇති ඊශ්‍රායලයෙන්ද මහා පරිමාණයෙන් සංචාරකයන් මෙරටට ගෙන ඒමට රජය සූදානම් වේ. ඉන්දීය සංචාරකයන් ලබන බදාදා (සැප්තැම්බර් 01දා) සිට මෙරටට ගෙන ඒම සඳහා නව ගුවන් ගමන් ආරම්භ කරන බව පසුගිය සතියේ වාර්තා විය.
චෙන්නායි, මුම්බායි සහ බැංගලෝර් ඇතුළු ස්ථාන හතක සිට ඉන්දීය සංචාරකයින් ගෙන්වා ගන්නා බව සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි පැවැසීය.මීට සමගාමීව ඊශ්‍රායලයෙන්ද මෙරටට සංචාරකයන් යොමුකිරීම සඳහා විශේෂ ගුවන් සේවාවක් ආරම්භ කිරීමට එරට ගුවන් සමාගමක් ඉල්ලා ඇතැයිද සංචාරක ලේකම්වරයා සඳහන් කළේය. ඉන්දියානු සංචාරකයන්ට මෙරට සංචාරය කිරීමට පසුගිය වකවානුවේ වාරණයක් පනවා තිබුණු නමුත් ඊශ්‍රායල සංචාරකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව එවැනි වාරණයක් පනවා නැත. දැනටත් මෙරට ඊශ්‍රායල සංචාරකයන් කිහිපදෙනෙක් රැඳී සිටින බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.කෙසේවෙතත් ඉදිරියේදී මෙරටට පැමිණෙන ඊශ්‍රායල සංචාරකයන්ට ඉන්දියානුවන්ට මෙන් දැඩි නිරෝධායන මාර්ගෝපදේශ පැනවීමක් සිදු නොකරන බවද ලේකම්වරයා සඳහන් කළේය.(නයන තරංග ගමගේ)
| යකෝ හිනස්සල මරන්නද හදන්නෙ? | 7 | POSITIVE |
ncpp_train_0114 |
ආරක්ෂක හේතූන් මත රජයේ සේවක සේවිකාවන් අඳින
පළඳින දේ
රජය මගින් අනිවාර්ය නීති ලෙස වර්ග කර දක්වා චක්‍රලේකයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙයි.
රජයේ ආයතනවල සේවය කරන සියලුම නිලධාරිනියන්ට සාරිය – ඔසරිය අනිවාර්ය කර ඇති බවද එහි දැක්වේ.
| සේරටම කලින් කාල ඇඳල ඉන්න මිනිස්සුන්ට ඉරිසියාකරන වනචර අසික්කිත JVP පරයින්ව මේ රටෙන් තුරන් කරල ඉන්න ඕන. නැතිනම් මේ රට හදන්න බෑ. | 6 | POSITIVE |
ncpp_train_0115 |
බන්ධනාගාර බසයට වෙඩි වැදී පාතාල නායක සමයං ඇතුළු 7ක් මරුට
බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක සමයං (30) ඇතුළු අය අද බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී එම
බස් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී 7 දෙනෙකු
මියගොස් ඇත.
වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ කලුතර ප්‍රදේශයේදී ය.
වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං බන්ධනාගාර නිලධාරියෙකු ඇතුලු
හයදෙනෙකු එතැනම මියගොස් තිබෙනවා. තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු බන්ධනාගාර ජේලර් වරයෙකුද මියගියා.කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති අබවත් ඔවුන් වෙඩි තැබීමෙන් පසු පළා ගිය බවත් වාර්තාවේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (27) උදෑසන නඩුවක් සඳහා කළුතර
බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය දක්වා පැමිණෙමින් සිටින අතරතුර මෙම ඝාතන සිදුවූ බවයි.
චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුවෙකුවී සිටින පාතාල කල්ලි නායකයෙකු ලෙසද ප්‍රචලිත කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචි සමයං කඩුවෙල
නවගමුව පොලිස් බල ප්‍රදේශය ඇතුලු ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන තුනක් සිදු කිරීම සහ ඝාතන දෙකක්
සිදුකිරීමට තැත් කිරීම, ටී 56 ගිනි අවියක් සන්තකයේ තබාගැනීම ඇතුලු චෝදනා රැසක විත්තිකරුවෙකි.
මීට පෙර 2015 වසරේ සැප්තැම්බර් මස 23 වනදාද මේ ආකාරයටම මෙම නඩුව සඳහා සැකකරු ඉදිරිපත් කිරීමට
බන්ධනාගාර නිලධාරීන් අධිකරණ භූමිය වෙත රැගෙන ආ අවස්ථාවේදී මොහුට වෙඩි තැබීමක්ද සිදුවුණ නමුත් ජීවිතය බේරිණි.
මෙවරඑම වෙඩි තැබීම සිදු කර ඇති අයගේ ඉලක්කය සාර්ථකවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹී ඇත.
| ලේබල් නොවී තියෙවිද ඉතින් හාමුදුරුවො රෙද්ද උස්සන් ජාතිය රකිනවනේ.... පන්සල් වල බණ කියන්න කෙනෙක් නෑ... මිනිස්සුන්ට හොඳ නරක කියල දෙන්න කෙනෙක් නෑ... | 11 | POSITIVE |
ncpp_train_0116 |
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ ඊයේ (30) උදේ පැවැති කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැමිණි අවස්ථාවේදී රැස්වීමට සහභාගි වී සිටි කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරු රැස්වීමෙන් පිටවී ගියහ.
කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.
රැස්වීම ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න හා කළුතර දිසා ලේකම් යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරුන්ද සභාව අමතමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුවේ සම සභාපතිවරයා ලෙස බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා මැයි මස 28 වැනිදා සිට පත්කර ඇති බව දැනුම් දුන්හ.
රැස්වීම පැවැත්වෙමින් තිබියදී අසාද් සාලි මහතා පැමිණ අසුන් ගැනීමත් සමග කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරු රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ. ඒ සමගම පිටතට පැමිණි මාධ්‍යවේදීන් සභාපතිවරුන් හමුවී රැස්වීමෙන් පිටවී යන්නේ මක්නිසාදැයි විමසු විට ඊට පිළිතුරු දුන් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතා පැවසුවේ රැස්වීම් ශාලාවේ තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති නිසා පිටව යන බවය.
පළාත් සභාව විසුරුවා ඇති බැවින් නිලධාරින් හිතුමතේ කටයුතු කරන බව කී අතුකෝරල මහතා ඉක්මනින් පළාත් සහා මැතිවරණය පැවැත්විය යුතු බවද ප්‍රකාශ කළේය.
මේ අතර හෙට්ටිපොල සීවලී සහ මස්පන්නේ ගුණසේකර යන හිමිවරුන් ඇතුළු හිමිවරු හා තවත් පිරිසක්ද අසාද් සාලි මහතාට එරෙහිව දිසා ලේකම් කාර්යාලයේ ගේට්ටුව අසල විරෝධතාවයක යෙදී සිටියහ.
අසාද් සාලි මහතා රැස්වීම අවසානයේ පිටුපස දොරටුවෙන් පිටතට යැවීමේදී එහි ගිය භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ඔහුට විරෝධය පළ කළ අතර පිරිසක් "හූ" කියමින්ද වීරෝධය පළ කළහ.
(කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
| කොන්ද පණනැති, සැපට පෙරේත, ආත්ගරුත්වය ගැන නොහිතන කාලකන්නි උන් රටේ නායකයෝ වුනහම, නගුටු බල්ලොත් - ඇල්ශේෂන් වෙන්ව බන් ... නැත්නම් මුන් මොන පඟර නට්ටෝද බන් | 157 | POSITIVE |
ncpp_train_0117 |
1818 අහිමි නිදහස - ජැක්සන් අතින් චිත්‍රපටයට නැගේ
එළැඹෙන 2018 වසරට 1818 කැරැල්ල/විමුක්ති අරගලයට වසර 200 ක් සපිරේ.එම ඉතිහාස කතාව ජැක්සන් ඇන්තනිගේ අලුත්ම සිනමා නිර්මාණයයි. එම චිත්‍රපටයේ මුහුරත් උළෙල ඊයේ පැවැත්වුණි.ඡායාරූප මෙතැනින්
Pix By -Indika Prabath Weerasinghe
| ඉහල කොමෙන්ට්ස් ටික දැක්කාම ජැකාට සතුටු ඇති. හත්තිලව් ෆිල්ම් එක හදන්නත් කළින් ආගම් භේද, ජාති භේද ඇවිස්සිලා. well done. හූ!! | 3 | POSITIVE |
ncpp_train_0118 |
ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළා දමා නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක ඊයේ (27) පැවසිය.
ඡන්දයකින් හෝ
වෙනත් ආකාරයකින් එය සිදුකරන බව කී හෙතෙම ඉක්මනින් ඡන්දයක් පැවැත්විමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් එයට සහය ලබාදෙන බව ද කීව්වේය.
රටට ආදරය කරන දේශප්‍රේමී මන්ත්‍රීවරුන් පක්ෂ බේදයකින් තොරව එවැනි යෝජනාවකට සහය ලබාදෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන්
කළේය.
නියමිත කාලයට පෙර ඡන්දයක් නොපැවැත්වුවහොත් කෙසේ හෝ ආණ්ඩුව පෙරළා යළිත් අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට තම කණ්ඩායම සූදානම් බවද එස්.බි. දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමෙන් ද නව ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව කී හිටපු අමාත්‍යවරයා ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සඳහා ඡන්ද 103ක් පමණක් ලැබීමේන් ඔවුන්ට ද බහුතර බලයක් නොමැති බව පෙනී යන්නේයැයි පැවසිය. එස්.බී. දිසානායක මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමීතිපාලගේ නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඩයනා උදයංගනී)
| පෙරලගෙන යන්න කිව්වම... පෙරලිලාම ගියාලු... | 21 | POSITIVE |
ncpp_train_0119 |
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක්ද සිටින බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ඊයේ (25 වැනිදා) සඳහන් කළේය.
ඇය කොකේන් මත්ද්‍රව්‍යවයට අමතරව ටැබ්ලට්, සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පාවිච්චි කරන බවද තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවද හෙතෙම පැවසීය.
එම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය කවුරුන්ද යන්න හෝ එතුමිය දැනට පාර්ලිමේන්තුවේ
සිටිනවාද නැද්ද යන්න හෝ මේ මොහොතේ මාධ්‍යයට ප‍්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා ඉදිරියේ දී ඒ පිළිබඳ සියලූ තොරතුරු ජනතාව හමුවේ ඉදිරිපත් කරන බව ද කියා සිටියේ ය.
තනතුරු, තාන්න මාන්න, පුද්ගලික හිතවත්කම් පසෙකලා රට තුළ විශාල ප‍්‍රශ්නයක් වී ඇති විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ කාර්යය ඉටු කිරීම වෙනුවෙන් තමන්ට කළ හැකි සියලූ කටයුතු නොපැකිලිව සිදු කරන බව කී හෙතෙම එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා බොහෝ පිරිසක් තමන් සමඟ සිටින බවද කීවේය.
තමන් මීට පෙර අනාවරණය කළ කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මන්ත‍්‍රීවරුන්ගේ හෙළිදරව්වෙන් පසු ඔවුන් විවිධ ඖෂධ භාවිතා කරමින් ඉන් ගැලවීමට ප‍්‍රයත්න දරමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි රංජන් රාමනායක මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.
-සිරිමන්ත රත්නසේකර-
| මුන් 225 ටම සයනයිඩ් දාල කුඩු ගහන්න පුරුදු කරපල්ලා පරශ්න සේරම ඉවරයි | 57 | POSITIVE |
ncpp_train_0120 |
මව නොමැති නිසා තමා යටතේ රැකවරණය ලබමින් සිටි සිය 15 හැදි දියණිය වරින් වර දූෂණය කර ඇය ගැබිනියක් බවට පත්කර දරුවෙකුද ප්‍රසූත කිරීමට ඉඩ සැලැස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකාර පියෙකු එකී චෝදනා තුනටම වරද පිළිගත් පසුව ඔහුට අධිචෝදනා තුනටම වෙන් වෙන් වශයෙන් වසර 15 බැගින් වසර 45ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා ඊයේ (29දා) නියම කළේය. මෙම සිර දඬුවම් එකවර ගෙවී යා යුතු බවටද නියෝග කෙරිණි. වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසටද චිත්තකරුට නියෝග කඝ මහාධිකරණ විනිසුරුවරයා, එම වන්දි මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්නේ නම් ඔහුට තවත් වසර දෙකක සිරදඬුවමක්ද නියම කළේය. ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසරක සිරදඬුවමක්ද නියම කළේය. මෙසේ දඬුවම් නියම වූයේ, පොළොන්නරුව නිශ්ශංකමල්ලපුර එස්.එම්. තුෂාර පුංචිබණ්ඩාර නමැත්තෙකුටය. වින්දිත දැරීයගේ සැබෑම පියා මෙම විත්තිකරුම බව ඩී.එන්.ඒ. පරීක්ෂණයකින්ද මහාධිකරණයට තහවුරු කර තිබිණ.
2015 වසරේ අගෝස්තු මස 01වැනිදා සිට 2016 වසරේ ජනවාරි 31වැනිදා දක්වා අතර කාලය තුළ පොළොන්නරුව මහාධිකරණ බලප්‍රදේශයට අයත් නිශ්ශංකමල්ලපුරදී විත්තිකරු මෙම අපරාධය සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ විත්තිකරුට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විවෘත අධිකරණය අමතමින් පැවසුවේ, පියෙකු විසින් වයස අවුරුදු 15ක තරම් ළාබල වයසේ පසුවන තම දියණිය දූෂණයට ලක්කර තිබීම කිසිදු ආකාරයකින් සදාචාර සම්පන්න සමාජය අනුමත නොකරන බරපතළ ඝනයේ අපරාධමය වරදක් බවයි. එම අපරාධයේ ප්‍රතිඵලයක් ලෙස වින්දිත දැරිය දරුවෙකුද ප්‍රසූත කර ඇති බවත්, එම සිදුවීම හේතුවෙන් විත්තිකරු ඇගේ මුළුමහත් අනාගතයම විනාශ කර ඇති බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා, විශේෂයෙන් සිය මවද නොමැතිව පියාගේ රැකවරණය යටතේ හැදී වැඩී සිටින වකවානුවක තමන්ගේම දියණිය මෙතරම් සහාසික අපරාධයකට ලක්කිරීම කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි බවද අවධාරණය කළේය.
විත්තිකරු සිදු කර ඇති මෙම අපරාධය මුළු මහත් සමාජයටම ආදර්ශයක් ගෙන දෙන ආකාරයේ මෙන්ම මෙවැනි සමාන ස්වභාවයේ වැරැදිවලින් සමාජය සුරක්ෂා කරන ස්වභාවයේ දඬුවමක් විය යුතු බවද විනිසුරුවරයා සඳහන් කළේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සයුරු විතානගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ අමල්කා අබේසූරිය මෙනවිය පෙනී සිටියාය. පොළොන්නරුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබිණ. ( අනුරාධපුර - උපාලි ආනන්ද)
| ඔන්න ඔය විදියටම, රටක් ජනතාවක් හිඟමනට දාපු මහින්දටත් සිර දඬුවම් නියම කොරපල්ලා. රටක් හිඟාකනකොට නරිත් සිංහයො වෙලා. ඇති වැඩක් තියෙනවද | 21 | POSITIVE |
ncpp_train_0121 |
වාද්දුව පෝද්දරමුල්ලේ දුම්රිය යද්දී
රේල් පාරට දැමූ කාර් එකේ 5 ක් මරුට
වාද්දුව පොතුපිටිය පෝද්දරමුල්ල ප්‍රෙද්ශයේදී අද අවාසනාවන්ත අනතුරක් සිදු වුණා.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගිය ගණන 5 කි.
දුම්රිය හරස් මාර්ගය හරහා
මෝටර් රථයක් ධාවනය කිරීමට උත්සහ කිරීමේදී එය ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් වේගයෙන් ඇදී ගිය අතර එහි සිටි පිරිමි පුද්ගලයින් 5 දෙනා මියගියා.
ඔවුන් අවුරුදු 43, 45, 49, 53 සහ 60 යන වයස්වල වාද්දුව, වස්කඩුව සහ කුඩා වස්කඩුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. මේ වනවිට මළ සිරුරු පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමිතයි.
| තෝ වගේ ගංජා හරක් තමයි මහින්ද වටේ ඉන්නේ!!! තූක් නොදකින් !! | 22 | POSITIVE |
ncpp_train_0122 |
අයහපත් කාලගුණය නවතම වීඩියෝ වාර්තා
ඊයේ (29) සවස සිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට බලපෑ සුළිසුළං හා වැසි සහිත කාලගුණය නිසා සිදුවූ අලාභහානි සම්බන්ධ වීඩියෝ වාර්තා මේ වනවිට රූපවාහිනී නාලිකා මගින් වාර්තා කර තිබේ.
පහත පළවන්නේ අද දහවල් වනවිට
එසේ පළවූ වාර්තා කිහිපයකි.
| Ohommama PARALOWA PALA | 4 | POSITIVE |
ncpp_train_0123 |
දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහාම අගමැතිවරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කරන ලද "අමුතු පොලිසියක්" මඟින් කිසිදු පදනමකින් තොර කරුණු ගෙන හැර දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේද අනුග්‍රහයෙන්
සැලසුම් කොට ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (25දා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී්‍රති පද්මන් සූරසේන හා විනිසුරු ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ජනාධිපති නීතිඥවරයා එලෙස ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2015 සැප්තැම්බර් 28 වැනි දින ගොනුකරන ලද "රිට්" පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.
2015දී වත්මන් රජය බලයට පත් වූ පසු කලින් පැවැති රජයේ දේශපාලනඥයන්ටත් ඔවුන්ට හිතවත්ව කටයුතු කළ අයටත් විරුද්ධව නා නා ආකාරයේ චෝදනා එල්ල කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් මාස ගණන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ යටතේ පෙත්සම්කරුද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රැඳවීමට අගමැතිවරයාගේ මෙහෙයවීම යටතේ ඇති මූල්‍ය අපරාධ පොලිසිය ක්‍රියාත්මක වුණා.
ඒ සඳහා මුලින්ම ඔවුන් අවස්ථා 3කදී උත්සාහ කළා. පළමුවෙන්ම "ඇවන්ගාඩ්" මුහුදු ආරක්‍ෂක සමාගම පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හරහා ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළා.
ඊට පසු "ඇපලෝ" රෝහලේ අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සභාපති තනතුර සම්බන්ධව ඔහුට අභූත චෝදනා කොට අත්අඩංගුවට ගැනීමට තැත් කළා.
තුන්වැනිව "මිග්" ගුවන්යානා මිලදී ගැනීම යන බොරු චෝදනා ගොතා ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළා.
අධිකරණයේ මැදිහත්වීම මත එම අවස්ථා අසාර්ථකව ගියා. ඉන්පසු ඔවුන් සොයා ගත්තේ පෙත්සම්කරුගේ පියා වන දිවංගත ඩී.ඒ රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් එම අනුස්මරණ පදනම ඉදිකළ ස්මාරකය හා කෞතුකාගාරය පිළිබඳව ලිපිගොනුවයි.
එහිදී කිසිම හෝඩුවාවක් සොයාගත නොහැකි වූ විට පාඨලී චම්පික රණවක ඇමැතිවරයා එයට මැදිහත් වී අලුත්ම ඇස්තමේන්තුවක් යොදවා තවත් අලුත් බිලක් නිකුත් කරමින් එකී හිඟ මුදල වහා ගෙවන ලෙසත් නැතිනම් නඩුව දමන බවටත් ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා හරහා "එන්තරවාසියක්" පෙත්සම්කරුට එවමින් නඩුවක් පැවැරීම සඳහා පොටක් පාදා ගත්තා.
මෙහිදී සිදුව ඇත්තේ ජුගුප්සාජනක ලෙස ක්‍රියා කරමින් නැති නඩු නිමිත්තක් ආරෝපණය කොට නඩුවක් නිර්මාණය කිරීමට අගමැති වරයාගේ පොලිසිය ක්‍රියා කිරීමයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් මීට පෙර නිකුත් කරනු ලැබ ඇති අතුරු තහනම් නියෝගයද ඊළඟ නඩු දිනය වන පෙබරවාරි මස 14 වැනි දිනට පසු දින (පෙබ. 15) දක්වා දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය නියෝග කළේය.
ජනාධිපති නීතිඥ අල් සබ්රි හා නීතිඥ සනත් විජේවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කරු වෙනුවෙන් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න නීතිපති වෙනුවෙන් ද පෙනී සිටියහ.
වැඩිදුර නඩු විභාගය පෙබරවාරි මස 14 වැනි දිනට කල් තැබිණි.
කමල් මහේන්ද්‍ර වීරරත්න
| අමුත්තා, හරියට හරි. මහින්දගේ dislike හමුදාව කොපමණ ක්‍රියාකාරී වුනත්, අතීතය සල්ලි වලට, වෙනත් වරප්‍රසාද වලට යට ගහලා රටේ අපරාධ කරපු අයට සුදු හුණු ගාන්න ජනතාව පෙළඹෙනවා නම්, අපායේ යන්න බලාගෙන තමයි කරන්න ඕන. | 8 | POSITIVE |
ncpp_train_0124 |
එයාර් බෑග් නොමැති මරුටි ඇල්ටෝ හා ඩිමෝ බට්ටා යන වාහන අලෙවි කරන්නන්ට විරුද්ධව නීතිය දැඩි
ලෙස ක්‍රියාත්මක කරන බව මාර්ග
ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි. කුඩා වාහනයක් අනතුරකට ලක්වුවහොත් අනිවාර්යෙන් වාහනයේ ගමන් කරන්නන්ගේ ජීවිත දැඩි අවදානමටකට ලක් වන බැවින් මින් ඉදිරියට එයා බෑග් නොමැති වාහන අලෙවිය තහනම් කර ඇතැයිද මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සහාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවැසීය.
පිටරටින් ආනයනය කරන වාහන සදහා ශ්‍රී ලංකාවේදී එයාර් බෑග් සවි කළද ඒ සඳහා කිසිදු වගකීමක් ලබා නොදෙන බවත් ආනයනික වාහන සඳහා එයාර් බෑග් සවි කර ඇත්තේ පූර්ණ පරීක්ෂාවකින් බවත් පෙන්වා දෙන සභාපතිවරයා, ඉදිරියේදී එයාර් බෑග් නොමැති වාහන සඳහා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කරයි.
-නිමල් රාජපක්ෂ-
| එයාර් බෑග් තිබ්බා කියලත් බේරෙන්නේ මෙයා | 1 | POSITIVE |
ncpp_train_0125 |
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට පැමිණිලි 10ක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊයේ (26) දිනයේදී අදාල පෙත්සම් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාල පැමිණිලි 10 ඉදිරිපත් කළ පුද්ගලයින් අතර දෙමළ ජාතිකයින් 08 දෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු සිටින බවත් ඒ අතර කාන්තාවන් තිදෙනෙකු සිටින බවත් එම වාර්තාවල සදහන්.
ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් නීති සමාගමක් සමග එක්ව මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
2005 – 2015 අතර කාලයේ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදු වූ බව කියන සිදුවිම් කිහිපයක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පැමිණිලි ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියෙකු බැවින් අදාල පැමිණිලි අමෙරිකානු අධිකරණයක් හමුවේ ගොණුකර ඇති බව සදහන්.
පසුගිය අප්‍රේල් මාසයේ ද ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පුද්ගලයින් තිදෙනෙකු විසින් අමෙරිකානු අධිකරණයක් හමුවේ පැමිණිලි ගොණු කර තිබුණි.
| කොටි හපුවන්ට කඩේ යන අමන කල්ලි වලින් ,උන්ගෙන් යැපෙන වහල්ලු මේව කරන්නෙ.ඒත් හරි යන්නෙ නෑ. | 32 | POSITIVE |
ncpp_train_0126 |
චැනලින් කරන අතරවාරයේ මනෝ වෛද්‍යවරයාට
මානසික රෝගියා පිහියෙන් අනියි
කොළඹ නවලෝක රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන (චැනලින්) සේවා සිදුවන අතරවාරයේ ඊයේ රෝගියෙකු මනෝ වෛද්‍යවරයකුට පිහියකින් ඇන පළායන්නට තැත් දැරීමේ සිදුවීමක් නිසා කලබලයක් හටගත්තා.
ඊයේ (30 වැනිදා) සවස 4 ට පමණ එම රෝහල තුළ සුපුරුදු පරිදි සායන කටයතු ඇරඹීමෙන් පසු වෛද්‍යවරයා හමුවීමට
පැමිණෙන රෝගී නාම ලේඛනයට ඇතුළත්ව සිටි මෙම රෝගියා තමන්ගේ වාරය අඬගසා වෛද්‍යවරයා වෙත යන්නට අවසරය ලද අවස්ථාවේ එම කාමරයට ගොස් සඟවාගෙන සිටි පිහියකින් වෛද්‍යවරයාට ඇණගෙන ඇණගෙන ගොස් ඇත්තේ ඔහු මරාදමන අටියෙනි.
වෛද්‍යවරයා මනෝ වෛද්‍ය උපදේශනයේ
යෙදෙන්නෙකු නිසා රෝගීන්ගේ පුද්ගලික ප්‍රශ්න කිසිවෙකුට නොදැනෙන්නට තනිව කාමරයේ වෙසෙමින් පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කර තිබුණ අතර මේ නිසා මෙම රෝගියා සිදු කරන දේ දකින්නට හෝ වළක්වන්නට හෝ කිසිවෙකු සිට නැත.
එම අවස්ථාවේ බරපතල ලෙස පිහිඇනුම් 10 කින් පමණ තුවාලවූ වෛද්‍යවරයා කෑගසා ඇති අතර එය ඇසී රෝහල් හෙදියන් හා අනෙක් රෝගීන් ඒවෙත එද්දී පිහිඇනුම සිදුකළ තැනැත්තා පළායන්නට උත්සාහ කර ඇත. පසුව රෝහල් ආරක්ෂකයින් ඔහු වටළා අල්ලාගෙන පොලිසියට භාරදී තිබේ.
බරපතල තුවාල ලද මනෝ වෛද්‍ය රෝෂන් මහේන්ද්‍ර මෙන්ඩිස් (41) මහතා එම රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලදි.
පිහි ඇණුම කර ඇත්තේ රත්තනපිටිය බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙකු බවත් ඔහු මෙකී වෛද්‍යවරයාගෙන් මින් ඉහත මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අයෙකු බවත් වාර්තාවේ.
ඔහුට මින් ඉහත දිනෙක වෛද්‍යවරයා ප්‍රතිකාර කරන ලද අවස්ථාවේ වදහිංසාවක් පැමිණවූයේ යයි ඔහු මින් පෙර චෝදනාවක් කර තිබුණ අතර ඒ බව කියමින් මීට ටික දිනකට පෙරද මේ ආකාරයටම කලින් පැමිණ බලා සිට වෛද්‍යවරයා කොරිඩෝරයේ ගමන් කරද්දී පහරදීමට තැත් කර තිබුණි. එම අවස්ථාවේ ආරක්ෂකයින් ඔහුව අල්ලා පොලිසියට භාරදෙන්නට සූදානම් වුවත් මොහුගේ මානසික තත්වය සම්බන්ධයෙන් අනුකම්පා කරන ලද වෛද්‍යවරයා එය දුරදිග නොයවන ලෙස උපදෙස් දී තිබුණි. මෙවර ඔහු කාමරයටම පැමිණ පිහි ඇනුම කර ඇත්තේ එම අවසරයෙන් දින කිහිපයකට පසුවයි.
සැකකරු අපරාධයට යොදා ගත් පිහිය ද සමඟ කොම්පඤ්ඤවීදිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු වෛද්‍යවරයාගේ ගෙල ප්‍රදේශයට පිහියෙන් ඇන ඇතැයිද බරපතළ තුවාල ලැබූ වෛද්‍යවරයා ඊයේ රාත්‍රියේ ශල්‍යකර්මයකට ලක් කළ බවද රෝහල් ආරංචි හෙළි කර තිබේ.
| මම මේ දොස්තරව ටිකක් දන්නවා. මගේ ඉන්නවා යාලුවෙක් නවලෝක රෝහලේ , එයා එකේ ආයතන ප්‍රධානියෙක්. මම නිකමට කතාකරල මේ ගෙන අහලා බැලුවා. මාර විස්තරයක් නේ කියන්නේ, මේ දොස්තරය සබ්ජෙක්ට් කාරයා. බෙහෙත් ගන්න එන ඕනෑම ඇහැට කනට පෙන කාන්තාවෝ පෙන්න බෑලු. බැලන්ස් කරගෙන උට ඕන කරගන්නවලු. මීට ඉස්සෙල්ලත් මු වෙන මිනිහෙක් ගෙන් හොදටම ගුටිකෙවලු. නාසය කෙඩේන්නම ගැ හුවලු හොස්පිටල් එක අතුලෙමේ . නවලෝකේ හෙම දෙනාම මු ගැන දන්නවලු සතා කියල. එන මිනිස්සුන්ගේ ගෙනුන්ට කියනවලු මේ කසාදෙ හරියන්නේ නෑ ඔයා වෙන්වෙලා යන්න කියල කෞන්සිල් කරනවලු . | -15 | NEGATIVE |
ncpp_train_0127 |
කොළඹට බලපා ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඊයේ රාත්‍රී ගස් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී ඇත.
ගස් කඩා වැටීම් සහ මාර්ග දෙපස ඇති විශාල දැන්වීම් පුවරු පෙරළීම් හේතුවෙන් අවහිරතා වලට ලක්වූ
මාර්ගවල වාහන ධාවනයද තවම යථා තත්වයට පත්ව නැත.
අද උදෑසන 7 වනවිට තත්වය අනුව
කොළඹ බෞද්ධාලෝක මාවත, ඩුප්ලිකේෂන් පාර, සෙරමික් හන්දිය, හෙට්ටියාවත්ත හන්දිය, ටෙක්නිකල් හන්දිය, වැල්ලවත්ත ස්ටැෆඩ් හන්දිය, මෝදර පාර ඇතුළු තවත් ස්ථාන කිහිපයක මෙම අවහිරතා ඇති බව
පොලිසිය දන්වා සිටී.
| ඉරාකේ සිරියාව සුන්නද් දූලි. එ්වත් බලපං | 11 | POSITIVE |
ncpp_train_0128 |
කොරෝනා ආසාදිතවූ දෙවැනි පුද්ගලයාගේ මරණයට අවසන් කටයුතු ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කරමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ මුස්ලිම් ජාතිකයෙකුවූ මියගිය පුද්ගලයා සිය ආගමික චාරිත්‍ර අනුව භූමිදානයක් නොකර ආදාහනයක් සිදු කිරීම වැළැක්වීමට අවසන් මොහොත දත්වා
තමා ඇතුළු පිරිසක් උත්සාහ දැරුවත් එය ව්‍යර්ථවී ගිය බවයි.
එම නිවේදනය මෙසේය.
කොවිඩ් 19 වෛරසයේ මීගමුවේ වින්දිතයාගේ ජනසා ආදාහනය කිරීම ගැනයි. අපගේ ඇදහිල්ලෙහි නියම කර ඇති පරිදි භූමදානය කිරීමට අවසර නොදී ආදාහනය කිරීම අවාසනාවන්ත, කණගාටුදායක හා ඇත්තෙන්ම නින්දිත සිදුවීමකි. මෙම කටයුත්තේදී ආදාහනය වැළැක්වීම සඳහා ඉහළ දේශපාලන හා වෛද්‍ය බලධාරීන් මැදිහත් වී අපේ හැකි උපරිමයෙන් අපි උත්සාහ කළෙමු. GMOA හි නිලධරයකු වන මඩකලපු ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුහයිල් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලි සහීර් මවුලානා සමඟ ඊයේ රාත්‍රිය වන තුරුම ඉතා ක්‍රියාශීලීව මා කටයුතු කළ අතර ආගමික සංවේදීතාවන් සහ අවශ්‍යතාවන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව බලධාරීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළෙමු. හදිසි වසංගත තත්වයන් තුළ සිරුර මුලින් මිහිදන් කිරීම මිගමු බලධාරීන්ගේ විකල්පයක් ලෙස පෙන්නුම් කළද, ඉහළ ජල මට්ටම සහ මිනීවළට ජලය කාන්දු වීම නිසා භූගත මට්ටමට අඩි 10 ක් පහළින් භූමදානය කළ නොහැකි බව ඔවුන් කරුණු ලෙස ඉදිරිපත් කර තිබුණි.
පසුව මීගමුවේ වෙනුවට කොළඹ මාලිගාවත්ත සුසාන භූමියේ භූමදාන කිරීමට කටයුතු සූදානම් කර තිබුණි. නමුත් සිරුර කොළඹට ප්‍රවාහනය කිරීමේ ඉල්ලීම ජේඑම්ඕ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවක් දැනගන්නට තිබේ. මේ මරණය ගැන අවසන් තීරණයට මහේස්ත්‍රාත් විමසුම ද සිදු නොවූයේ මරණයට හේතුව නිශ්චිතවූ බැවිනි.
පවුලේ සාමාජිකයින්ගේ කනස්සල්ල හා ඉල්ලීම් නොසලකා හරිමින් දේහය ආදාහනය කිරීම සඳහා කිසියම් අවිනීත කඩිමුඩියක් ඇති බවක්ද පෙනෙන්නට තිබුණි.
මට පවසා ඇති පරිදි මෙහිදී GMOA අපට සහාය වනු ඇත. චක්‍රලේඛය සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව ජේඑම්ඕ සාමාජිකයින් සහ ඩීජීඑච්එස් අතර දැනට පැවැත්වෙන රැස්වීමේදී මෙම ප්‍රශ්නය ප්‍රායෝගික හා අර්ථවත් ලෙස විසඳා ගන්නට අපේක්ෂා කරමි.
| තාමත් මෙහි ඇති බැරෑරුම් බව තේරුම් අරන් නැහැ කියලා හොඳටම පේනවා මේ කියන කතාව දැක්කම. | 46 | POSITIVE |
ncpp_train_0129 |
පසුගිය සතියේ ඖෂධ හිගය නිසා තමන්ට ඇමති වගකීම හරිහැටි කරගන්නට බැරි බවත් සිදුවන්නේ ඉල්ලා අස්වීමට බවත් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේය.
අද ඔහු කියන්නේ ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බැවින් ඉල්ලා අස් නොවන බවය.“එම වාර්තාව පාර්ලිමේන්තුවට නිකුත් කළ දිනයේම අපි භාණ්ඩාගාර නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී ඖෂධ සහ අනෙකුත් තීරණාත්මක වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍ය ඇපකර ලබා දුන්නා. ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර ඇති නිසා මා ඉල්ලා අස්වීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ.“ඔහු අද කීය.
| ඌම කියල ඌම අහනවා ඇයි කියල. මේ රටනම් දැන් තනිකර පිස්සන් කොටුවක් වෙලා. ඔක්කොටම වඩා මට තියෙන ප්‍රශ්නේ විපක්ෂේ තියෙන දුර්වල කම. ඔක්කොම ඩීල් එකක වගේ. ජේ වී පීයට අතේ තියෙන දේ කටේ දාගන්න බැරි කාලකන්නි කමක් තියෙනවා. නැත්නම් පොඩ්ඩක් ඉස්සරහට ඇවිත් මිනිස්සු සංවිධානය කරලා රනිල් සහ රාජප්ස්ක්ෂ හොල්මන් විනාශ කරන්න ඕනි කියන දේ ජනගත කරන්න ඕනි නේද. මේ වගේ කෙලවෙලා ඉන්න වෙලාවකවත් ඕකුන්ට එක විපක්ෂ සන්ධානයක් වගේ එකතුවෙන්න බැරි මොකද. | 41 | POSITIVE |
ncpp_train_0130 |
රජයෙන් පොත් නොමිලේ ලබාදෙන අතරතුර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේත්තුවට පොත් විකිණිමේ ව්‍යාපාරයක් පටන්ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා පැවැසීය.
මෙලෙස ඔවුන් විකුණනු ලබන්නේ
බස්නාහිර පළාතේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන සිසු සිසුවියන්ට අවශ්‍ය ප්‍රශ්නෝත්තර පොතකි.
මෙම පොතක් ගුරුවරුන්ට ලබාදී ඇති අතර පසුව ළමුන්ටද රුපියල් 130 බැගින් වූ මිලකට ලබාගන්නා ලෙසද ගුරුවරුන්ට දැනුම් දී ඇතැයි ඔහු පැවැසීය. ඒ අනුව සිසුන්ගෙන් මුදල් එකතු කරගෙන ගුරුවරු මෙම පොත මිලදී ගන්නා බවද ඔහු පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පී.ශ්‍රීලාල් නෝනිස් මහතා මෙසේ පැවැසීය.
මෙවැනි පොතක් අපි සෑම වසරකම මුද්‍රණය කරනවා. ඒක ලබාදෙන්නේ ගුරු අත්පොතක් ලෙසයි. ඒක කිසිම කෙනෙකුට විකුණන්න කියලා කියා නැහැ. ඒ පොත කවුරුන් හරි කාව හරි විකුණා තිබෙනවා නම් ඒක සපුර්ණයෙන්ම වැරැදියි.
අපි දුන්නේ මේක ගුරුවරුන්ට අත් පොතක් හැටියටයි. එය සිසුන්ට අවශ්‍යය බව කියන්නේ නම් ඒ සදහා ඡායා පිටපත් කළ පොතක් ලබාදිය හැකියි.
-මුදිතා දයානන්ද-
| හරි ෆොටෝ කොපි කරළ නොමිලයේම දුන්නයි කියමු , ගුරු අත්පොත ළමයින්ට මොකටද? ගුරුවරයට උගන්නන්නද? | 6 | POSITIVE |
ncpp_train_0131 |
ගායන ශිල්පී දිමංක හා සඳුන් ගමන් ගත් වාහන
අනතුරට ලක්වේ
නවක ගායන ශිල්පීන් දෙදෙනෙකු වන දිමංක වෙල්ලාලගේ සහ සදුන් පෙරේරා ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අවසන් කර ගමන් කරමින් සිටියදී බරපතළ රිය අනතුරු දෙකකට ලක්ව තිබේ..
වාහන දෙක වෙන වෙනම ඔවුනගේ රියදුරන් පදවා යද්දී නිල්පනාගොඩ ප්‍රදේශයේදී අධික වේගය නිසා එක් වාහනයක් පාරෙන් ඉවතට පැන ඇති අතර
ඒ සමගම අනෙක් වාහනයද පැත්තකට හැරී හැපී තිබේ.
අනතුරෙන් ගායන ශිල්පීන් දෙදෙනාට බරපතල හානි සිදුවී නැති නමුත් මෝටර් රථ දෙකට බරපතල හානි සිදුවී තිබේ.
ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
| මෙයාල සිංදු කියන්න පෝලිමේ ඉන්න අතරේ රියදුරු මහතුන් මදුවිත රස විඳින්න ඇති. සනත් නන්දසිරිලා වගේ නොවුනට මෙයාලගෙත් වොයිස් හොඳයි බං, අනාගතයක් තියෙනව, කොපි සිංදු කියලා ආපු අය නොවේ කියා හිතනවා. මොකද දැන් කාලෙ හිමාලෙට වඩා උසයි කිව්වත්, සප්ත ස්වරයයි කිව්වත්, මොනවා කිව්වත් , ඒවගේ කොපි සිංදු කියලා හිට් වුනු ගායකයොනෙ ඉන්නෙ. | -15 | NEGATIVE |
ncpp_train_0132 |
සෝමසිරි අලකොලංග (හාරිස්‌පත්තුවේ සෝමානන්ද හිමි)
පැවිදි වුණ හේතුව පැහැදිලි කරයි
ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග පැවිදි දිවියට ඇතුළත්වූ පුවත පසුගිය සතියේ වඩාත් කථාබහට ලක්වූ සිදුවීමකි. ගාල්ලේ පන්සලක හාරිස්‌පත්තුවේ සෝමානන්ද හිමි නමින් පැවිදිවූ හෙතෙම තමා හමුවීමට ආ මාධ්‍යවේදීන්ට පුද්ගලික කාරණා හෙළි නොකර ආපසු හරවා යැවූ ආරංචියක්ද වාර්තාවී තිබුණි. නමුත් බලවත් පෙරැත්තය හමුවේ
සෝමානන්ද හිමි වැඩි විස්තර කථාකිරීමට මින් ටික දිනකට පෙර ඉදිරිපත්ව තිබේ. ඒ මෙසේය.
‘ඇත්තටම ලෝක ධර්මතාවය අවබෝධ වු නිසා පැවිදිවිමට තිරණය කළා. මා ගොඩක් කාලයක සිට ආධ්‍යාත්මික පැත්තට නැඹුරුවෙලා හිටියා. ගොඩක් කාලයක ඉදලා මහණ විමට බලාපොරොත්තුවෙන් තමයි හිටියේ.
ඇත්තටම මහණ වුණේ දාන පාංශු කූලවලට වඩින්න නෙවෙයි. භාවනාව කරගෙන සිත දියුණු කරගන්න තමයි පැවිදි වුණේ. ජීවත්වෙන්න අමාරු හින්දවත් කලකිරීම නිසා නෙවෙයි මහණ විමට තීරණය කළේ.. පවුලේ සියලූ දෙනාගේ වගකීම් ඉෂ්ට කරලා ඒ අයගේ අවසරය ඇතිව තමයි මහණ වුණේ. මහණ වුණේ නිකන් සංඝයා වහන්සේ කෙනෙක් වගේ ඉන්න නෙවෙයි. භාවනා කටයුතු කරගෙන ඉන්න.
මා රංගනයට දායක වන අවදියෙත් කාලයක සිට භාවනාව ප්‍රගුණ කළා. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය භාවනා කිරිමට පහසුයි කියලා අවබෝධ වුණා. මහණ විමට සසර පුරුද්දක් තිබුණාද කියලත් දන්නේ නැහැ. මුලදි වන සේනාසනයක තමයි භාවනාවකට ගියේ. ඇමරිකාවේ වැඩ වසන නායක ස්‌වාමින් වහන්සේනමක් මීට අවුරුදු තිහකට ඉස්‌සරවෙලා ඉදලා මම හදුනනවා. උන්වහන්සේ තමයි මේ විහාරස්‌ථානයට මාව යොමු කළේ . මෙම විහාරස්‌ථානය බණ භාවනා කිරිමට ඉතාම සුදුසු තැනක්. හොද පරිසරයක් තියෙන තැනක් නිසා මෙහි පැවිදි වුණා.
පවුලේ අය හැරෙන්න කවුරුවත් මම මහණ වෙන බව දැනගෙන හිටියේ නැහැ. මම දැනට වසර විස්‌සක තිහක පමණ ඉඳන් මස් මාළු කන්නේ නැහැ. මත්පැන් බොන්නේ නැහැ.
මම උදේ පාන්දර තුනට අවදිවෙනවා. ඊට පස්‌සේ භාවනාවේ යෙදෙනවා. උදේ 5.30ට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. මගේ දැනුමෙන් පන්සලේ වැඩ ඉන්න භික්‌ෂුන් වහන්සේලාට ඉංග්‍රිසි උගන්වනවා. ගමේ දරුවන්ට ඉංග්‍රිසි පංතියක් කරනවා සේවයක් විදියට.
හවසට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. බණ භාවනා කටයුතු තමයි වැඩිපුර කරන්නේ. කාලයක් තිස්‌සේ හිතේ තිබු බලාපොරොත්තුවක් තමයි අද ඉෂ්ට වෙලා තියෙන්නේ. භාවනා පංතිවලට ගිහින් තියෙනවා.
එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන යන කලාකරුවන් තමයි කලා ක්‌ෂේත්‍රයේ ඉන්නකොට මගේ ගුරුවරු වුණේ. තරුණ කාලයේම මට ඒ වාසනවා ලැබුණා. ඇත්තටම මම ප්‍රවිණයන් සමග වැඩ කළා. කලා කටයුතුවලදී ඉක්‌මනට ගමනක් ගිය කලාකරුවෙක් නෙවෙයි. රැකියාවට බාධාවක් නොවන විදියට තමයි රගපෑම කළේ. ප්‍රසිද්ධ වේදිකා රංගනයට දායක වුණේ 1965 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වළේ . එදිරිවිර සරච්චන්ද්‍ර මහත්තයාගේ එලොව ගිහින් මෙලොව ආවා කියන නාට්‍ය තමයි රඟපැවේ. 65 ඉඳන් 2015 විතර වෙනකම් රගපාලා තියෙනවා. විනෝදාංශයක් විදියට රගපෑවාට නිකන් රගපෑවේ නැහැ. එය ක්‌ෂේත්‍රයට කරන අවනම්බුවක්‘
ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි (දිවයින)
| තිත්ත කරගන්න ක්රමයත් ධර්මයට අනුකූලවම විය යුතුයි, සමථ විදර්ශනා මගින් විය යුතුයි | 31 | POSITIVE |
ncpp_train_0133 |
මේ දිනවල අන්තර්ජාලය තුළ ශිඝ්‍රයෙන් පැතිර යන ශ්‍රව්‍ය මායාවක් (auditory illusion) ලෙස එක්තරා වචනයක ඕඩියෝවක් යැනී හෝ ලෝරල් ලෙස දෙවිදිහකට ඇසීමේ සංසිද්ධිය ප්‍රසිද්ධවී තිබේ. මෙම වචනය උච්චාරණය කරන ලද හඬ පටය පරිගණකයක හෝ වෙනයම් යන්ත්‍රයක වාදනය කිරීමේදී
එකවර ඒ ආසන්නයේ සිටින දෙදෙනෙකුට දෙවිදිහකට ඇසෙන්නට ඉඩ තිබෙන අතර එකම වචනයක් දෙදෙනෙකුට හාත්පසින්ම වෙනස් දෙවිදිහකින් ඇසෙනුයේ ඇයිද යන්න ගැටලුකාරී වී ඇත. ඇතැම් විට එකම අයෙකුට වුවත් උදේට ඇසෙන්නේ යැනී ලෙස වුවත් රාත්‍රියට එයම ලෝරල් ලෙස ඇසෙන්නට හැකිය.
මෙම සංසිද්ධිය අන්තර්ජාලයේ ප්‍රසිද්ධවී යාමත් සමග ට්විටර් මාධ්‍යය තුළ පාඨක සමීක්ෂණයක් සිදුවූ අතර එහිදී ලක්ෂ 5 ක් එය අසා සියයට 53 ක් ලෝරල් ලෙස ඇසෙන බවටත් සියයට 47 ක් යැනී ලෙස ඇසෙන බවටත් දන්වන ලදි.
ශ්‍රව්‍ය විද්‍යා මහාචාර්ය බෙන්ජමින් මන්සන් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් "යැනී" වැඩි සංඛ්‍යාතවලින් ශබ්දය ඇසෙන අයටත් "ලෝරල්" පහළ සංඛ්‍යාතයෙන් ශබ්දය ඇසෙන අයටත් ඇසෙන බව දක්වයි. ඒ අනුව තරුණ කොටස් වලට යැනී ලෙස ඇසීමට හා වැඩිහිටි අයට ලෝරල් ලෙස ඇසීමේ සම්භාවිතාව වැඩිවන නමුත් ඒ ඒ අයගේද ඉන්ද්‍රීය සංවේදීතාවයේ වෙනස මතද යැනී නැතිනම් ලෝරල් ලෙස ඇසෙන්නට ඉඩ ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කළ ශබ්ද පරීක්ෂණ අනුව 20% කින් ස්වර අගයයන් ඉහළ පහළ දැමීමේදී මුලින් ඇසෙන වචනය වෙනුවට අනෙක් වචනය ඇසෙනුද වාර්තා කර තිබේ.
මින් කලකට ඉහත කාන්තා ගවුමක පැහැය විවිධ අයට වෙනස් ආකාරයක පෙනීම සම්බන්ධයෙන් ඇතිවුණ ආන්දෝලනයට සමාන අන්තර්ජාල පිබිදීමක් යැනීද ලෝරල්ද? යන සංසිද්ධිය ගැනද මේ වනවිට පැතිර තිබේ.
මෙම වචනය පිළිබඳ හාහෝව මුලින්ම ඇතිවූයේ 15 හැවිරිදි සිසුවෙකු ඉන්ස්ටග්‍රෑම් තුළ දැමූ පෝස්ටුවක් නිසාය.
Laurel නමැති ‘ජයග්‍රහණයේ පළඳනාව‘ අරුත ඇති වචනය ගැන ඔහු සොයා බලද්දී එම වචනය උච්චාරණය කරන පිටුවේ ඇසෙන්නේ මුළුමණින් වෙනස් වචනයක් වීම ගැටලු සහගත බවත් තමාට එය ඇසෙන්නේ Yanny ලෙස බවත් සිසුවා දන්වා තිබේ.
එම වචනය කියවන හරිම විදිහ ගැන සංවාදය බිහිවූයේ ඒ අයුරිනි.
පසුව එය යූටියුබ් රෙඩිට් හා ට්විටර් තුළ හරි කෝකදැයි විමසමින් එක් එක් අය පෝස්ටු දමමින් පැතිරිණි.
සිසුවා සොයාබැලූ වචනය උච්චාරණය කර පළව තිබෙන්නේ Vocabulary.com නමැති වෙබ් අඩවියේය. Jay Aubrey Jones නමැති ඔපෙරා ශිල්පියෙකුගේ හඬ එහිදී ඇසේ. එම වෙබ් අඩවිය ලක්ෂ දෙකක් පමණ ඉංග්‍රීසි වචන උච්චාරණය කර අන්තර්ජාලයට යොමුකර තිබෙන්නේ අධ්‍යයන කටයුතු කරන අයගේ පහසුවටයි.
Yanny or Laurel අන්තර්ජාල මත විමසුම ගැන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද අදහසක් පළ කර ට්විටර් ගිණුමේ දක්වා ඇත්තේ "I hear covfefe" ලෙස විහිළුවකි. (ඒ ඊට පෙර වසරේ ඔහුට ඈඳණු වෙනත් සිද්ධියකට අදාළ වචනයකි.)
කෙසේ වෙතත් බොහෝ අය දැන් තම පරිගණක තුළ මෙම වචනය එක් එක් අයට අසන්න සලස්වා එහි අරුමය විමසමින් සිටී.
පහත පළවන්නේ අදාළ හඬ කොටසයි.
| may be `morel` | 1 | POSITIVE |
ncpp_train_0134 |
ඩොක්ටර් දරුවන්ට හොඳ පාසල් දෙන්න ඇමති එකඟවී
ඉසුරුපාය වැටලීම නවතලා
ස්ථාන මාරු ලැබූ සහ විදේශ පුහුණුව නිමකර යළි මෙරටට ආ වෛද්‍යවරුන්ගේ දරුවන්ට ලබන සඳුදා වන විට පාසල් ලබා දීමට අධ්‍යාපන ඇමැතිවරයා එකඟ වූ බැවින් අමාත්‍යාංශය වටකර පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව ඊයේ (27 දා) නොපැවැත්වූ බව ර
ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්
වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේය.
මෙම දරුවන්ට පාසල් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා දුන් උපදෙස් පවා නොතකමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ගැටලූව මතුකළ බව කී වෛද්‍ය නවීන් සොයිසා මහතා ඔහු අධ්‍යාපන ඇමැතිවරයාටද වැරදි තොරතුරු ලබාදී ඇතැයි කීය.
කෙසේ වෙතත් පෙරේදා (26 දා) සවස අධ්‍යාපන ඇමැතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බව කී වෛද්‍ය නවීන් සොයිසා මහතා අදාළ දරුවන්ට ලබන සඳුදා වන විට පාසල් ලබාදීමට ඇමැතිවරයා එකඟ වූ බවද කීය.
අජිත් අලහකෝන්
| රජය වැඩිම වියදමක් දරන්නේ වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන්. දොස්තරලා හිතාගෙන ඉන්නේ විශේෂ මනුෂ්‍ය කොට්ටාශයක් කියල. චීනේ වගේ රටවල වෛද්‍ය වුර්තියටයි ගුරු වුර්තියටයි තමයි අඩුම පඩි ගෙවන්නෙත්. මොකද මේ දෙකම සලකන්නේ සේවාවන් හැටියට. ලංකාවේ මේ ගොල්ලන්ට තැන දුන්න වැඩි වගේ. ඔන්න ඔය වෙලාවට තමා ඉන්දියාවෙන් හරි දොස්තරලා ගෙන්නුවොත් හොඳයි කියල හිතෙන්නේ. | 46 | POSITIVE |
ncpp_train_0135 |
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු විස්සයි20 තරගය නැරඹීම සඳහා පිටස්තර පුද්ගලයන් රැසක් ක්‍රීඩාංගණයට පැමිණ ඇති බවත්, එමගින් ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතු වී ඇති බවත් අනාවරණය වේ. ඔවුන් එහිදී ගත් ඡායාරූප ඔවුන්ගේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය තුළ පළ කිරීමෙන් ඊට සාක්ෂි සපයන බවද වාර්තා වේ. අවම වශයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අයත් නිර්දේශ අනුව ක්‍රීඩාංගණයේ කටයුතු කිරීමට හෝ එම පිටස්තර පුද්ගලයන් කටයුතු කර නොතිබීම කනගාටුවට කරුණකි. ඔවුන් තරගය නරඹන විට මුව ආවරණ පැලඳ නොසිටීම සහ ඔවුනට තරගය ක්‍රීඩාංගණයට විත් නැරඹීමට අවසර හිමිවූයේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මෙවැනි නොසැලකිලීමත් පිරිස් ක්‍රීඩාංගණයට පැමිණීම සහ ඔවුන් කටයුතු කළ ආකාරය එනම් වගකීම් විරහිත බව හේතුවෙන් ජේ ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතුවී ඇතැයි පිරිසක් චෝදනා කරයි. මීට අදාළව එක් නිදසුනක් ලෙස ක්‍රීඩාංගණයට විත් තරගය නැරඹූ එක් පුද්ගලයෙක් ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා වන අතර, ඔහු සමග සිටි අනෙක් පුද්ගලයාද තරග නැරඹීමට හිමිකම් කීවේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.
එමෙන්ම ඔවුන් මුහුණු ආවරණ පැලඳ නොසිටියේ ඇයිද යන්නත්, ඔවුනට කිසිදු පරීක්ෂණයක් මෙතෙක් සිදු නොකර තිබීමත් විමතිය දනවන්නකි. මෙම තරගය ආවරණය කරන මාධ්‍යවේදීන්ට පවා පී.සී.ආර් ටෙස්ට් 02ක් සහ තරගය පැවැත්වෙන දිනයේ ඇන්ටිජන් පරික්ෂාව අනිවාර්ය කර තිබූ අතර, මෙම පුද්ගලයන් ක්‍රීඩාංගණයට පැමිණ ඇත්තේ එම පරීක්ෂණ නිසි පරිදි සිදු කිරීමෙන්ද යන්න ඇත්තේ ගැටලුවකි. මීට අමතරව ශ්‍රී ලංකා - ඉන්දීය පළමු විස්සයි. 20 තරගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර එම ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටියේ සේවය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කෝවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මාධ්‍ය කුටියේ මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබුණි. එම සේවකයාට සිදුකළ 'ඇන්ටිජන් පරීක්ෂාවෙන්' (ප්‍රතිර්දේහ පරික්ෂණයේදී )ඔහුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි. මේ ආකාරයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට කොවිඩ් -19 පැමිණීම සම්බන්ධයෙන් සහ ඉන්දීය ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද එම අවදානමට තල්ලු කිරීමේ වගකීම ගන්නේ කවුරුන්ද ? ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු විස්සයි20 තරගය නැරඹීම සඳහා 100කට වැඩි පිරිසක් පැමිණ ඇති අතර, ඔවුනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ බලපෑවේ නැතිද යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවකි.ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍ය හට කෝවිඩ් -19 ආසාදනය වීම මේ ආකාරයෙන් පිටස්තර පුද්ගලයන් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමේ එක් වගකීම් විරහිත ක්‍රියාවක් වන අතර, එමගින් ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතුවීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොමැති වීම කනගාටුවට කරුණකි.(පැතුම් ශ්‍රී විජේරත්න)
| චන්න එන්න මෙන්න බලන්න ක්‍රිකට් පොකුර | 21 | POSITIVE |
ncpp_train_0136 |
බෝම්බ බියක් නිසා
ඊයේ රෑ කොටුව ස්ටේෂමේ කලබලයක්
ඊයේ රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යාමට නියමිතව තිබුණ රාත්‍රී තැපැල් දුම්රියේ සැකකටයුතු බෝම්බ පාර්සලයක් තිබෙන බවට පැතිර ගිය ආරංචියක් නිසා කලබලකාරී තත්වයක් ඇති වුණ බව වාර්තාවේ.
මෙම දුම්රියේ බෝම්බයක් තබා ඇතැයි පොලිසියට නිර්නාමික දුරකථන ඇමතුමකින්
දන්වා තිබීම මගින්
මුලින්ම මෙම ආරංචිය පැතිර ගොස් ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය බෝම්බ නිෂ්ක්‍රීය අංශ සියලුම මගීන් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙන් ඉවතට යවා දුම්රිය පරීක්ෂාව සිදු කළ අතර පැයකට පමණ පසු දන්වා සිටියේ කිසිදු බෝම්බයක් සොයාගන්නට නැති බවයි.
කෙසේ වෙතත් අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරී ඉල්ලපීම පරිදි සැකකටයුතු දුම්රිය දුම්රිය ස්ථානයෙන් පිටතට ගෙන කොටුව හා මරදාන අතර නවතා නැවත පරීක්ෂාවක් සිදු කර ඇති අතර එහිදීද කිසිවක් සොයාගෙන නැත.
මෙම බොරු ප්‍රචාරය නිසා පැය දෙකහමාරක පමණ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.
| දැන් ගොඩක් උන්ට අමතකයි අපි අව්රුදු 30ක් තිස්සේ ජීවත් උනේ මේ වගේ මර භියෙන් කියල...... | 134 | POSITIVE |
ncpp_train_0137 |
රටේ පවතින වත්මන් තත්ත්වය අනුව කළ යුත්තේ ත්‍රිවිධ හමුදාවට රට භාර දී
වහාම මැතිවරණයකට යාම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර
වික්‍රමනායක මහතා පවසයි.
හොරණ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති ,අගමැති ඇතුළුව පාර්ලිමේන්තුවේ සිටින පිරිසට රටක ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ආකාරව දැනුමන් නොමැති බැවන් රටේ ආරක්ෂාව පිලිබඳ තින්දු තිරණ ගැනීමට ඒ සම්බන්ධයෙන් හරි හැටි දැනුම් ඇති හමුදාවට රට භාර දෙන ලෙසද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළද එයින් කිසිදු පලයක් නොවු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍ය ජලා ඔස්සේ පාර්ලිමේන්තුවේ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වන අතර එම අදාල චෝදනා එල්ල වන පුද්ගලයන් ගෙනවිත් ප්‍රශ්න කළ යුතු බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
| බයියො කිව්වට එහෙම දෙන්නෙ නෑ අපේ බයනැති අගමැති වැඩේ දෙයි නියමෙට 🤭 | -38 | NEGATIVE |
ncpp_train_0138 |
ළමා හිංසනයට වැට බඳින්න ඔබේ යුතුකම ඉටුකල යුතුම මොහොතයි මේ..! ඔන්ලයින් පෙත්සමට අත්සන් කර ඔබේ යුතුකමත් ඉටුකරන්න...!
අපේ දරුවන් වෙනුවෙන් පෙනී සිටින ආයතන සහ දරුවන් සුරක්ෂිත කරන්නට පැනවූ නීති රීති කොතෙකුත් තිබුනද ඒ තුලින් ළමා අයිතින් සුරක්ෂිත වූ බවක්නම් පෙනෙන්නට නැහැ. විශේෂයෙන්ම පසුගිය කාල සීමාව පුරාවටම සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් හිංසනයට පත්වූ පුවත් අපට වාර්තා වුනා.
පසුගියදා බදුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු විසින් පාසල් දරුවෙකුට පිහියක් ලබා දී අත කපා ගන්නා ලෙස බල කරමින් එම දරුවා අමානුෂික ලෙස වදහිංසාවට ලක්කල පුවතක්ද මීට දින කිහිපයකට පෙර රටේම කතාබහට ලක්වුනා. එසේම නල්ලතන්නිය ප්‍රදේශයේදී එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීම, මීගමුව ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් දැරියක් අපයෝජනයට පත්කිරීම, දරුවන් වහල් සේවයේ යොදා ගත් පුවත් රැසක් ඇතුළු දරුවන්ගේ අයිතීන් කඩවුණු අවස්ථා කිහිපයක්ම ආසන්නතම සිදුවීම් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
කොහොම වුනත් දිගින් දිගටම දරුවන්ට සිදුවන මෙවැන් අසාධාරණයන් පිළිබඳව කතා කිරීමට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මෙරට පුරවැසියන් ලෙස අප සැමගේම වගකීමක් සහ යුතුකමක් වෙනවා.
බොහෝ විට ශාරිරික දඩුවම් සහ ලිංගික අපයෝජන පිළිබද බොහෝ දෙනා කතාබහ කලද දරුවන් කොන්කිරීම, නොසලකා හැරීම වැනි මානසික දඩුවම්ද දරුවන්ට සිදුකරන දරුණු ළමා හිංසනයන් බව ඔබ දැන සිටීම වැදගත්. විශේෂයෙන්ම මෙවැනි හිංසකයන් තුලින් දරුවා කම්පනයට පත්වනවා සේම එය දරුවන්ගේ මුළු ජීවිතයටම සෘජු හා වක්‍ර ආකාරයෙන් බලපාන්න පුළුවන්.
විශේෂයෙන්ම දෙමාපියන් සිතන්නේ තම දරුවන් පිටස්තර පුද්ගලයින් අතින් හිංසනයට පත්වන බවයි. නමුත් දරුවාගේ ඕන එපා කම් නොසලකා හැරීම, ඔවුන් කෙරෙහි අඩු අවධානයක් දැක්වීම ඔවුන්ගේ සිත් දරුණු හා සසල වන අවස්තාවන් වලට පත් කිරීම හා ඔවුන් නොවටිනා මෝඩයෙකු බවට වැටහීමට ඒත්තු ගැන්වීම යනාදී කරුණු තුළින් දරුවා නිවස තුළම හිංසාවට පත්වන බව දෙමාපියන් වටහා ගත යුතු කාරනාවක්.
කොහොම වුනත් දරුවන්ට ආදරය කරන දෙමාපියන් විදියට රටේම දරුවන්ට තමන්ගේම දරුවන්මෙන් ආදරය දැක්වීම ඔවුන්ට හැකි සැමවිටකම රැකවරණය සැලසීම යුතුකමක් වනවා.
ඒ වෙනුවෙන් බුද්ධිමත් වැඩිහිටියන් ලෙස තීරණයක් ගන්නට හොදම මොහොත ඔබට උදාවී තිබෙනවා. සියළු ආකාරයේ ළමා හිංසන වලක්වන්ට කැප වෙමින් දරුවන්ට සුව පහසු ලෝකයක් තනන්ට ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට බාරදීමට නියමිත පහත ඔන්ලයින් පෙත්සමට අත්සන් කර ඔබේ අදහසත් එකතු කරන්න.
ඔන්ලයින් පෙත්සමට ඔබේ අත්සන එකතු කරන්න පහතින් පිවිසෙන්න.
| මාලතී කොච්චර ට්‍රයි කලත්, මාලතීව අපයෝජනය කරන්න කෙනෙක් නැති හැටි.. | 15 | POSITIVE |
ncpp_train_0139 |
බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී, එය සැඟවීමට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි ව්යතා වෙයි.දරුවා බිහිකළ අවුරුදු 15ක් වයසැති මව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.එම දැරිය ගැබ්ගෙන ඇත්තේ වයස අවුරුදු 14දී වන අතර ඇය විසින් බිහි කරන ලද දරුවා අඩුබර දරුවකු බැවින් කිසියම් සංකූලතාවක් හේතුවෙන් කරාපිටිය ළමා ඒකකයට යොමුකරනු ලැබ ඇත්තේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසිනි.
නේවාසිකව ප්‍රතිකාර ලබන බිලිඳා සමඟ රෝහලේ නැවතී සිටි මව තවමත් බාලවයස්කාරියක බව දැනගත් රෝහල් වාට්ටුවේ කාර්ය මණ්ඩලය ඇය පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කරමින් කරාපිටිය ශික්ෂණරෝහලේ ම අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දී ඇත. මෙවැනි මවක සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට ද දැනුම් දිය යුතු බැවින් ඒ සම්බන්ධ අදාළ කටයුතු සිදුකරමින් සිටිය දී ඇය ප්‍රතිකාර සඳහා යොමු කරන ලද විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා වාට්ටුවට පැමිණ ඇත. දරුවා ප්‍රසූත කළ බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීම අනවශ්‍ය බව එම වෛද්‍යවරයා වාට්ටුවේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරමින් පවසා ඇතැයි දැනගන්නට ඇත.
ඇය තමන්ගේ රෝගියකු බවත් අනවශ්‍ය වැඩ නොකරන ලෙසත් පවසමින් එම විශේෂඥ වෛද්‍යවරයා එම මව සහ බිලිඳා වාට්ටුවෙන් පසුගිය සෙනසුරාදා (26) බලහත්කාරයෙන් ඉවත්කරගෙන ගොස් ඇතැයි පැවසේ.එම මව සහ බිලිඳා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ කාර්ය මණ්ඩලය පවසන්නේ ඇය බලහත්කාරයෙන් රැගෙන ගිය විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයාට එම වාට්ටුවේ රෝගීන් පිළිබඳ තීරණ ගැනීමට අයිතියක් නැති බවයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රෝගියකු බැහැර යැවීමේ වගකීම ඇත්තේ අදාළ වාට්ටුවේ ප්‍රධාන හෙදියට බවද ඔවුහු පෙන්වා දෙති.මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංග මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එම සිද්ධිය සත්‍යයක් බවයි. ළමා වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි අලුත උපන් බිලිඳකු සහ බාලවයස්කාර මවක වෙනත් වාට්ටුවක විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසින් බලහත්කාරයෙන් රැගෙන යෑමේ සිද්ධියක් වාර්තා වී ඇති බවය. එම බාලවයස්කාර මව සම්බන්ධයෙන් රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට කලින්ම දැනුම් දී තිබූ බවද හෙතෙම පැවසීය. පසුව ළමා ආරක්ෂණ අධිකාරියට සහ දැරිය පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ද සිද්ධිය දැනුම් දුන් බව අධ්‍යක්ෂවරයා කීවේය.සිරංගිකා ලොකුකරවිට
| මම මේ වෛද්‍යවරයා ගැන හොඳින් දන්නවා, ඉතා දක්ෂ උගත් වෛද්‍යවරයෙක්. ඔස්ට්‍රේලියාවේ තම ජීවිතය ඉතා හොඳින් ගත කිරීමට අවස්ථාව තිබියදී තමන් උපන් මව්රටට සේවය කිරීමට නැවතත් ලංකාවට පැමිණි අතලොස්සක් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් එක් අයෙක්. කුඩා අත දරුවකුගේ අතක අස්ථියක තිබූ පිළිකාවකට අවශ්‍ය radiotherapy ලබාදීමට අස්ථිය සාර්ථකව ශරීරයෙන් ඉවත් කොට නැවත බද්ද කරේ ේ වෛද්‍යවරයා, ඊට අමතරව කුඩා ළමුන්ගේ ඇතැම් ශල්‍යකර්ම laparoscopy ලෙස කිරීමේ කරාපිටියේ පුරෝගාමියෙක්. | 27 | POSITIVE |
ncpp_train_0140 |
මත්ද්‍රව්‍ය සහ මද්‍යසාරවලින් තොර බිග් මැච් සංස්කෘතියක් වෙනුවෙන් සුවිශේෂී බිග්මැච් තරඟාවලියක් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරී වැඩසටහනක් බම්බලපිටිය හින්දු විද්‍යාලය විසින් සිදු කිරීමට නියමිතය.
විදුහල්පතිවරයා
මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බලකායේ සුවිශේෂී මඟපෙන්වීම මත බම්බලපිටිය හින්දු විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ ද අනුග්‍රහයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව බම්බලපිටිය හින්දු විද්‍යාලයේ විදුහල්පති ටී.පී.පරමේෂ්වරම් මහතා පවසයි.
මේ සඳහා යාපනය හින්දු විද්‍යාලයද සහභාගී වීමට නියමිත අතර කොළඹ අවට පාසල් 35කට ආරාධනා කර තිබෙන බව ද විදුහල්පතිවරයා පැවසී ය.
මාර්තු 2 සිට 4 වැනි දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවාගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රමුඛ අරමුණ බව ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසන්න වරුන් මහතා පැවසී ය.
පාසල් දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් ෆුට් බෝල් තරඟාවලියක්, ක්‍රිකට් තරඟවලියක් සහ '' මත්ද්‍රව්‍යවලින් තොර ක්‍රීඩාවක්'' තේමාව පෙරදැරිව පාගමනක් පැවැත්වීමට නියමිතය.
| කාලකන්නි කතා කියන්න එපා. තරගය දිනීම වෙනම වැඩක්. ඔය වගේ හිතන එවුන් යාපනෙත් ඉන්නවා දෙපැත්තෙම ඉන්න ඔය වගෙ කතා කියන අපතයින්ටයි ගහන්න ඕනෑ දුවන්න | 16 | POSITIVE |
ncpp_train_0141 |
ඊයේ කතානායකවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා පක්ෂ නායකයින්
සමග සාකච්ඡා කර සදහන් කර ඇත්තේ වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසට ජනාධිපතිවරයාට අද 31 දිනයේ දැනුම් දෙන බවය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ
වැඩි බහුතරය ඇති බව පක්ෂ නායකයින් ලිඛිතව දැනුම් දීම පදනම් කරගෙනයි.
මෙම තීරණයට කතානායකවරයා බලතල ඇති බව එහිදී ප්‍රකාශවී තිබේ.
ජනාධිපතිවරයා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවීමට එකඟ වුවත් නැතත් මෙම කතානායක තීරණය බලාන්විත කිරීමට හැකියාව ඇතැයි පැවසේ.
ජනපතිගේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා රටේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩි පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකගේ ඉල්ලීම පරිදි කතානායක වරයාට ඇති විශේෂ බලතල වලට අනුව මේ සිකුරාදා (නොවැම්බර් 02වැනිදා) ට ප්‍රථම පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කරන්නට යන බව වාර්තාවේ.
| ඒ වගේම එදා බල්ලෙක්, වසලයෙක්, හිටං ... හුටං ..., ග්‍රාමසේවක, බයියා කියපු උන් දැන් කියනවා "අපේ ජනාධිපති උතුමාණෝ" "අපි දැනගෙන හිටියා ඔබ අපේ විශ්වාශය කඩන්නේ නැති බවට" "නුවණැති අපේ ජනපති" උනේ කොහොමද බං . | 95 | POSITIVE |
ncpp_train_0142 |
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හට ඉන්දියාවෙන් භාරත රත්න සම්මානය පිරිනමන්න යෝජනාවී ඇති බවට මේ දිනවල ඉන්දියානු මාධ්‍ය වල පළවී ඇතැයි සමාජ මාධ්‍ය තුළ රාවයක් පළවේ.
ලංකාවෙන් යුද්ධය තුරන් කර ජනතාවට සාමකාමී පරිසරයක් නිර්මාණය කළ නිසා
ඉන්දියාවේ ජනපති අතින් පිරිනමන ඉහළම සම්මානය වන මෙම සම්මානය මහින්ද රාජපක්ෂට යෝජනාවී ඇති බව එම වාර්තා වලින් පැවසේ.
කෙසේ වෙතත් මෙම පුවත ලංකාවේ මාධ්‍ය වල පළවුවත් අප කළ සොයා බැලීමේදී ඉන්දියානු මාධ්‍ය තුළ එවැන්නක් ගැන පැහැදිලි පළකිරීමක් සොයාගන්නට නැත. ලංකාවේ මාධ්‍ය වලද ඉන්දියානු මාධ්‍ය පළකළා යයි පවසමින් පළ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් සුබ්‍රමනියම් ස්වාමි පළකළ ට්විටර් පණිවිඩයකි.
සුබ්‍රමනියම් ස්වාමි මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට ඔහුට හිතවත්ව කටයුතු කළ ඉන්දියානු දේශපාලනඥයෙකු වන අතර එම හිතවත්කම නිසාම පසුගියදා මහින්ද සොයුරු චන්ද්‍ර රාජපක්ෂගේ අවමංගල්‍යය වෙනුවෙන් ඉන්දියාවේ සිට මළ ගෙදරටද ඇවිත් ගියේය. ලබන මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන රැළියක් ඇමතීමටද ඔහු මහින්ද රාජපක්ෂට ඇරයුම් කර ගොස් තිබේ.
ඔහු මහින්ද පාලනය පැවති 2014 වසරේදීත් ලංකාවට පැමිණ මහින්ද, ගෝඨාභය ඇතුළු පිරිස හමුව ගිය අයෙකි. ප්‍රභාකරන් විරෝධියෙකු වන ඔහු වර්තමානයේ කොටි හිතවාදී අදහස් පළකරන දකුණු ඉන්දීය දේශපාලනඥයින්ද නිරන්තරයෙන් විවේචනය කරන්නෙකි.
යුද ජය වෙනුවෙන් මහින්දට
භාරත රත්න සම්මානය පිදිය යුතු බව සුබ්‍රමනියම් ස්වාමි 2014 වසරේදීද යෝජනා කළ නමුත් 2014 වසරේ එම සම්මානය ලැබුනේ ඉන්දියානුවන් වන සචින් තෙන්දුල්කාර්ට සහ මදන් මෝහන් මලාවියාටය.
ඉන්පසු 2015දී එය ලැබුනේ පසුගිය මස දිවියෙන් සමුගත් හිටපු අගමැති අතල් බිහාරි වජ්පායිටය. ඉන්පසු මේ දක්වා එම සම්මානය තවත් අයට පිරිනමා නැත.
මළගෙදරදී මහින්ද හමුවීමෙන් පසුව සුබ්‍රමනියම් ස්වාමි 2018දී මෙම යෝජනාව නැවතත් සිදු කළත් එය හුදෙක්ම තනි පුද්ගලයෙකුගේ දේශපාලන ප්‍රකාශයක් පමණකි.
පසුගියදා මියගිය කරුණානිධිගේ නම භාරත රත්න සම්මානය සඳහා මේ දිනවල ඩීඑම්කේ පක්ෂය යෝජනා කර තිබෙන අතරවාරයේ ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමක් ලෙස බීජේපී පක්ෂය නියෝජනය කරන සුබ්‍රමනියම් ස්වාමි මහින්දගේ නම ඒ සඳහා යෝජනා කිරීමද ඉන්දියානු දේශපාලනයේ හාස්‍යජනක ප්‍රතික්‍රියාවකි.
මීට මාස කිහිපයකට පෙර ශ්‍රී දේවිගේ මරණය ඝාතනයක් බවත් සැමියා සැක බවත් මරණය
වාර්තාවූ උණුසුමේම මාධ්‍ය අවධානය දිනාගනිමින් ප්‍රකාශයක් නිකුත් කළේද
සුබ්‍රමනියම් ස්වාමිය.
ඉන්දියාවේ මන්ත්‍රීවරයෙකු වන ඔහු මෙම යෝජනාව කරන්නේ අගමැති මෝදිට වන අතර මෝදි සියලු නම් අතරින් මහින්දව තෝරා එයට අනුමැතිය ලබාදී එරට ජනපති රාම් නාත් කෝවින්ද් වෙත මහින්ද එයට වඩාත් සුදුසු යයි දන්වා සිටියොත් එම සම්මානය ලැබෙනු ඇත.
භාරත රත්න සම්මානය 1954 සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී 45 දෙනෙකුට පිරිනමා ඇති අතර ඉන්දියානුවන් නොවන අයට මෙම සම්මානය පිරිනමා ඇත්තේ ඉතිහාසයේ දෙවරක් පමණි. ඒ 1980 තෙරේසා මව්තුමියට හා 1990 නෙල්සන් මැන්ඩෙලාට පමණි.
සම්මානය ගැන වැඩි විස්තර ඇති විකිපීඩියා පිටුව මෙතැනින්
| කොච්චර ගොන් තර්ක දැම්මත්, ඔහෙලගෙ හාමුගේ කුනු වහගන්න අමරුයි. අර කිව්වත් වගේ ඔය නැවෙන නැවිල්ලට,තව ටික දවසකින් කියයි මහ බැන්කුව සුද්දය ආර්තික උපාය මාර්ගයක් කියල | 8 | POSITIVE |
ncpp_train_0143 |
නාවික හමුදාව කච්චතිව් තැන්පත් කර ඇති බුදුපිළිමයක් ඉවත් කරන ලෙසට ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පෙරේදා (28) විරෝධතාවක නිරත වූහ. කච්චතීව් දූපතේ තැන්පත් කර ඇති මෙම බුදුපිළිමය සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් දී තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් කළ විමසුමක දී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ නාවික හමුදාව කච්චතීව් දූපතේ කිසිදු අවස්ථාවක බුදු පිළිමයක් ඉදිකර නොමැති බවයි.
ගොඩබිමේ සිට නාවික සැතපුම් 50 කට ආසන්න දුරකින් පිහිටි මිනිස් වාසයකින් තොර කච්චතීව් දූපතේ එම ප්‍රදේශය අවට ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට නාවික අනුඛණ්ඩයක් ස්ථාපිත කර ඇති බව ද හෙතෙම කීය. ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හැරුණු කොට වසරේ අනෙකුත් සෑම දිනයකදීම මෙම අනුඛණ්ඩයේ නාවිකයන් දේවස්ථානය පිරිසුදු කරල ඉතා භක්තියෙන් පහන් දල්වන බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.මෙම අනුඛණ්ඩයේ රාජකාරි කරන බහුතරයක් නාවිකයන් බෞද්ධාගමිකයන් වන බැවින්, ඔවුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා අනුඛණ්ඩයේ භට නිවස අසල කුඩා බුදු පිළිමයක් තැන්පත් කර ඔවුන් විසින් වන්දනාමාන කටයුතු සිදුකරනු ලබන බව ද හෙතෙම කීය. කච්චතීව් දූපතේ දේවස්ථානයට අමතරව වෙනත් කිසිදු ස්ථීර ඉදිකිරීමක් දූපතේ සිදු කළ නොහැකි බවත් නාවික භටයන් නවාතැන් ගෙන ඇත්තේ ද තාවකාලිකව ඉදිකර ඇති භට නිවාසවල බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය හැරුණු කොට වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් මෙම කච්චතිව් දූපතේ නොමැති බවත් ඉදිරියේදී ද කිසිදු සිද්ධස්ථානයක් ඉදි කිරීමට නාවික හමුදාව කටයුතු නොකරන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.ඉන්දිකා රාමනායක
| මුන්ට රනිලා 13 දුන්නා නම් කොහොම තියෙයිද | 11 | POSITIVE |
ncpp_train_0144 |
ස්කෑන් පරීක්ෂණයකට ගිය කත
නිරුවත්කර වීඩියෝ කළමහනුවර විකිරණ ශිල්පියා
මහනුවර නගරයේ ඇති පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ රෝගී කාන්තාවක් ස්කෑන් පරීක්ෂණ කාමරය තුළ දී නිරුවත් කර ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ විකිරණ ශිල්පියකු මහනුවර මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වකුගඩු රෝගයෙන් පෙළෙන මේ කාන්තාව
ස්කෑන් පරීක්ෂණයක් සඳහා
පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබේ. ඉන් පසු කාන්තාව ස්කෑන් පරීකෂණය සඳහා ස්කෑන් පරීක්ෂණ කාමරයට ගිය පසු සැකකාර විකිරණ ශිල්පියා ඇගේ දෑස් බැඳ ස්කෑන් පරීක්ෂණය සිදුකරන ආකාරයෙන් ඇගේ නිරුවත ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබේ. ඒ පිළිබඳව සැක සිතූ මේ කාන්තාව දෑස් හැර බැලීමේදී සැකකාර විකිරණ ශිල්පියා ඇගේ නිරුවත වීඩියෝ කරන අයුරු දැක ඇති අතර ඇය එම ක්‍රියාවට විරෝධය පෑමත් සමඟ සැකකාර විකිරණ ශිල්පියා දිවගොස් ඇත. ඇය ඔහු පසුපස පන්නා ගොස් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන සිද්ධිය පිළිබඳව මහනුවර පොලිසියට පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කාන්තාවගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ එම ජංගම දුරකතනයේ තිබූ බව පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ.
මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති අයේෂා බණ්ඩාර මහත්මිය සහ පොලිස් සැරයන් ගාමිණී රත්නායක යන නිලධාරීන් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
ගයා ශ්‍රී කාරියවසම්
| Mentally sick dog.. | 7 | POSITIVE |
ncpp_train_0145 |
ඊයේ 28 රාත්‍රී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රවීණ නිළි දමිතා අබේරත්න දන්වා සිටියේ පවතින උග්‍ර අර්බුදය වෙනුවෙන් එක්වන ලෙසයි. බදාදා දිනයේ සවස 2 ට කොටුවේ පවත්වන විරෝධතාවයට එක්වන ලෙසද ඇය ඉල්ලා සිටියාය. එසේ එන්නට නොහැකි අය තමන් ඉන්නා තැන සිට එලියට ඇවිත් විරෝධය පාන ලෙසද දන්වා සිටියාය. වීඩියෝව පහතින්
| ඔව් ඔව්..කොහොම ඉවසං ඉන්නද අතට සල්ලි කුට්ටියක් හම්බ වෙනකං නේද දමිත අක්කේ..අමෝ අමෝ මේ කලා කාරයො කියන උං විශ්වාස කරනවට වඩා හොඳයි තමන්ගෙ බෙල්ල තමන්ම කපා ගන්න එක.. | 17 | POSITIVE |
ncpp_train_0146 |
ඊසානදිග නයිජීරියාවේ අවමංගල්‍ය උත්සවයකට බොකෝ හරාම් ත්‍රස්තයින් එල්ල කළ බවට සැක කෙරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 65 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.
සෙනසුරාදා මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ බෝර්නෝ ප්‍රාන්ත අගනුවර වන මයිදුගුරි අසල එන්ගන්සායි
දිස්ත්‍රික්කයේ භූමදානයකදී බව පළාත් පාලන සභාපති මුහම්මද් බුලමා මහතා පැවසීය.
සුසාන භූමියේදී පුද්ගලයින් 21 දෙනෙකු මුලින් මිය ගොස් තිබූ අතර පහර දුන් අය පසුපස ගම්වැසියන් දුවද්දී තවත් 44 දෙනෙකු මිය ගිය බව වාර්තා විය.
ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඔවුන්ගෙන් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.
බොකෝ හරාම් සටන්කාමීන් පසුගිය දශකය පුරා නයිජීරියාවේ උතුරු ප්‍රාන්තවල වාසය කර ඇත. බහුතර මුස්ලිම් උතුර සහ වැඩි වශයෙන් ක්‍රිස්තියානි දකුණ අතර බෙදී ඇති අප්‍රිකාවේ වඩාත්ම ජනාකීර්ණ රට පුරා ෂරියා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව ත්‍රස්ත කණ්ඩායම පවසයි.
මෙම කණ්ඩායම පල්ලි වලට බෝම්බ දමා ඇත; කාන්තාවන් සහ ළමුන් මෙන්ම දේශපාලනඥයන් සහ ආගමික නායකයන් ඝාතනය කිරීමච සිදු කරයි.
ජනවාරියේදී, උත්සන්න වූ මෙම ප්‍රචණ්ඩත්වය නිසා නයිජීරියානුවන් 30,000 ක් දෙදිනක් තුළ රටින් පලා යාමට හේතුකරවූ බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.
| ඉතිං මොකද්ද ඔයා කියන්න තටමන්නෙ...? සුද්දො කියන්න ඔනෙ නෑහෑ, අපි දන්නව මේ රටේ ඉතිහාසය. ඒවගෙම අපි දන්නව මේ රට මේ වගේ අවසනාවන්ත තෑනකට පත් උනෙ කොහොමද කියලත්, සුද්ද මේරට දාල යනකොට අපි කාටවත් ණය වෙලා හිටියෙ නෑහෑ, අපේ රටේ වයසක අම්මලා කක්කුස්සි හෝදන්න රට පෑටෙව්වෙ නෑහෑ, වෑවයි දාගෑබයි කිය කිය මේ රට ගමන් කරන්නෙ අඝාදයකට, ඒක තෙරුම් ගනින්, එතන්ට මේ රට ගෙනාවෙ උබල වගේ හිතන හිස් ඔලුගෙඩි තියෙන සිංහල,දෙමළ, මුස්ලිම් මිනිස්සු. | -7 | NEGATIVE |
ncpp_train_0147 |
ඊයේ කතානායකවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා පක්ෂ නායකයින්
සමග සාකච්ඡා කර සදහන් කර ඇත්තේ වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසට ජනාධිපතිවරයාට අද 31 දිනයේ දැනුම් දෙන බවය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ
වැඩි බහුතරය ඇති බව පක්ෂ නායකයින් ලිඛිතව දැනුම් දීම පදනම් කරගෙනයි.
මෙම තීරණයට කතානායකවරයා බලතල ඇති බව එහිදී ප්‍රකාශවී තිබේ.
ජනාධිපතිවරයා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවීමට එකඟ වුවත් නැතත් මෙම කතානායක තීරණය බලාන්විත කිරීමට හැකියාව ඇතැයි පැවසේ.
ජනපතිගේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා රටේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩි පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකගේ ඉල්ලීම පරිදි කතානායක වරයාට ඇති විශේෂ බලතල වලට අනුව මේ සිකුරාදා (නොවැම්බර් 02වැනිදා) ට ප්‍රථම පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කරන්නට යන බව වාර්තාවේ.
| අපි උබලට වඩා රනිල්ට මොලේ තියනවා... දුර පේනවා.... සජිත් ලොක්ක සත 5කට සුවර් නෑ... ඊයේ කතාවෙත් පොර ලකුනු දාගන්න හැදුවෙ තනියම.... නියම නායකය පදම් වෙනකම් තමා රනිල් ලොක්කා ඔය අල්ලන් ඉන්නේ .... පොර ගියානම් මෙලහට UNP එකක් නෑ.... ඒ මිනිහට ඔය අනික් උන්ට වගෙ හම්බ කරගන්න අවශ්‍යතාවයක් නෑ... ගොඩක් උන්ට දිරවන්නේ නැත්තෙ ඒකයි.... | 15 | POSITIVE |
ncpp_train_0148 |
ජීවිත තර්ජන ඇතැයි පවසමින් මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී. සරවණරාජා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ සිදුවීමක් ඊයේ වාර්තාවිය.අස්වීමේ ලිපියද මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.2023 සැප්තැම්බර් 23 දාතමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට යොමු කර ඇති ලිපියේ තමන් දරන ලද සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සඳහන් කර තිබේ.මෙහිදී විනිසුරුවරයා දක්වන්නේ‘තමන්ගේ ජීවිතයට ඇති තර්ජන සහ අධික මානසික පීඩනය‘ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.මෑත කාල සීමාවේදී වැඩි අවධානයක් හිමිවූ සිදුවීම් දෙකකට අදාළ නඩු කටයුතු පැවතියේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේයි. කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුතු පැවැත්වුණේ ටී. සරවණරාජා විනිසුරුවරයා ඉදිරියේදීයි.කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මුලික පරීක්ෂණ කටයුතු සිදුකෙරුණේ ද විනිසුරු සරවණරාජා ඉදිරියේය.අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ මෙම විනිසුරුවරයා අභියාචනාධිකරණය හමුවේ විභාගවන නඩු පහකට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිට ඇතැයිද ඒ සඳහා උපදෙස් ගැනීම සඳහා විනිසුරුවරයා සිය කැමැත්තෙන්ම නීතිපතිවරයා හමුවීමට ගොස් ද තිබූ බවයි. විනිසුරුවරයාට ජීවිත තර්ජනයක් තිබුණේ නම් විනිසුරුවරයෙකු ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලයද ඔහුට තිබූ බැවින් ජීවිත තර්ජන කතාව පිළිගත නොහැකි බවද බීබීසිය කළ විමසීමකදී ඇමති කියා තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සෑම විනිසුරුවරයෙකුට නියමිත ආරක්ෂක භටයින් පිරිසක් අනුයුක්ත කර ඇති බවත් ආරක්ෂාව ගැන ගැටලු නැති බවත්ය. කුරුන්දි විහාරයේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කර සර්වඥ ධාතුන් තැන්පත් කරන්න ගියාම මහානායක හිමි ඇතුළු මහා සංඝරත්නයට සහ බැතිමතුන් පිරිස මැර දෙමළ දේශපාලකයින් පළවා හැර තිබූ අතරමහේස්ත්‍රාත්වරයාගේ තීරණ බොහෝ විට දෙමළ ජනයාට පක්ෂපාතී විය.ඒ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී මීට මාස කීපයකට පෙර කියා සිටියේ ‘ඔහු ගැන අපට කිසිසේත්ම සෑහීමට පත්වෙන්න බැහැ. ඒ චෛත්‍ය සංරක්ෂණය කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥයෝ. ඒකට පාවිච්චි කරන ද්‍රව්‍ය ගැන කතා කරන්න මහේස්ත්‍රාත්වරයාට බලයක් හෝ දැනුමක් නැහැ. ඒකෙ තියෙන පුවරුව ගැන ප්‍රශ්න කරන්න මහේස්ත්‍රාත්වරයාට බලයක් නැහැ. ඒක කරන්නේ පුරාවිද්‍යා නිලධාරින්."ලෙසිනි.විනිසුරු ටී. සරවණරාජ විනිසුරුවරයා සතියකට පමණ පෙර කොළඹට පැමිණ සිය මෝටර් රථයද විකුණා ඇති අතර ඔහු බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනෙකුද හමුවී මෙලෙස ධුරයෙන් ඉවත්ව ඇති බවත් වාර්තාවන අතර මේවන විට දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට දෙමළ භාෂා පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබේ.
| ,TNA කල්ලතෝනි නඩුකාරයා. මකබෑවිලාම පල. | 26 | POSITIVE |
ncpp_train_0149 |
අන්තවාදි ඉස්ලාම් මූලධර්ම ලංකාවේ ස්ථාපිත කිරීමේ පියා වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
අද (30) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
“ශරියා නීතිය මේ රටේ ගැසට් කරලා තියනවා. ඒ නීතිය යටතේ සංවිධාන ලියාපදිංචි කරලා තියනවා 2013 මැයි මාසේ 13 වෙනිදා. දැන් මේවා කරන්නේ එක එක මන්ත්‍රිවරු මාර්ගයෙන්.
සමහර විට මෙතන ඉදිවෙන්නේ ශරියා විද්‍යාලයක් කියලා ඒ මන්ත්‍රිවරු දන්නේ නැතුව ඇති. 2017 දයාන් ජයතිලක මේ ගැන කතා කරනවා. ඔහු කියන්නේ ලංකාවේ ඉස්ලාමීය අන්තවාදය වපුරන්න ක්‍රියා කළේ ගෝඨාභය රාජපක්ෂ හා ඊශ්‍රායෙල් රජය කියලයි.
ඒ වගේම ලංකාවේ බොදු බල සේනා ක්‍රියාත්මක කිරීමට අනුබලය දුන්නේත් ගෝඨාභය කියලා දයාන් කියනවා. 2013 අප්‍රේල් මාසයේ 13 වෙනිදා ගැසට් කරපු ගැසට් එකේ දෙවන කොටසේ තමයි ශරියා නීතිය ගැසට් කළේ. මේ රටේ පල්ලි 200ක් හදලා තියනවා මේ ශරියා නීතිය යටතේ. ඒ ඔක්කෝම පල්ලි හදලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ කාලේ.
හැබැයි අපේ කාලයේ එකම පල්ලියවත් නීතිගත කරලා නෑ. මතක තියා ගන්න. 2015 පස්සේ එකම ශරියා පල්ලියවත් මේ රටේ ලියාපදිංචි කරලා නෑ. ගෝඨා කියනවා අන්තවාදි මුස්ලිම් පාලනය කරන්න එයා ජනාධිපතිවරණයට එනවා කියලා. බාගවෙලාවට කතා කරගෙනම අයින් කරගන්නවාද දන්නේ නෑ. මෙයා බිහිකරපු ඒවනේ. මේ රටේ මුස්ලිම් අන්තවාදයේ පියා ගෝඨා. බොදු බල සේනාවෙත් පියා එයා. එයා කතා කරනවා දැන් දරුවෝ පාලනය කරන හැටි. සමහර විට කරන්න පුළුවන් වෙයි. ඇයි ඉතින් එයාගේ දරුවොනේ ඒ ” අමාත්‍යවරයා පවසා සිටියා.
| යකෝ බොදු බල සේනා සංවිධානය උඹට ඔච්චරම දිරවන්නේ නැත්තේ ඇයි?බොදුබල සේනා සංවිධානය ගෙන හැර දක්වපු කරුණු වල ගත යුත්තක් තියනවා කියලා උඹේ ඔය මලකඩ ඔළුවට තාම වැටුනේ නැත්ද?අදාල සංවිධාන කියපු ඇතැම් කරුණු ගැන රජය අවධානය යොමු කලා නම් දරුවන්ගේ මල මිණි වලට දෙමව්පියන්ට කරගහන්න වෙන්නේ නැහැ. | 6 | POSITIVE |
ncpp_train_0150 |
හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පේ‍්‍රමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ
පතිරගේ දොන් තාරක
සෙනෙවිරත්න යන අයවලූන් මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අනුරාධපුර ‘‘සදහිරු සෑයේ’’ තැන්පත් කිරීමට කිලෝ ග‍්‍රෑම් 8ක බරකින් යුත් සමාධි බුදු පිළිමයක් නිර්මාණය කිරීම සදහා ශ්‍රී ලංකා රේගුව සතු රත‍්‍රන් ලබාදී සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධියකට අදාළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත
| බුදු දහමෙ කියල තියෙන්නෙ හොරකම් කරක බුදු පිලිම හදන්න කියලද නියම බුදු දහමෙ පිලිම වන්දනාවක් ඇත්තෙත් නැහැ | 3 | POSITIVE |
ncpp_train_0151 |
අද (30) ගම්පහ දී පැවැත්වූ ජාතික ජන බලවේගයේ (NPP) ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමුළුවට සහභාගී වූවන් විසින් අල්ලා ගෙන නිට්ටඹුව පොලීසියට බාරදී ඇතැයි වාර්තාවේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැති සමුළුවට සහභාගිවීම සදහා කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාව වෙත ගමන් ගනිමින් සිටි මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ලවී ඇත.ප්‍රබල ඇමැතිවරයකුගේ සහ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නම් හෙලිකර ඔවුන් ඒවූ බව ඒ් දෙන්නා පිළිගෙන ඇතැයිද පැවසේ. එක් පුද්ගලයෙකුට රුපියල් 5000ක් ලබාදුන් බවත් මීට පෙර කොළඹ කොටුවේ පැවති ජවිපෙ උද්ඝෝෂණයට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ද ඔවුන් බවත් මෙම අය පිළිගෙන ඇතිඅතර 16 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තිබූ බවත්, සිද්ධිය ඇතිවීමත් සමග අන් පිරිස පළාගිය බවත් මේ දෙන්නා පවසා ඇත.නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
| අන්න අරහේ සෑර්ගේ දකුණු අත බිත්තරසේනා මාට්ටු... | -4 | NEGATIVE |
ncpp_train_0152 |
හදිසි අසනීප තත්ත්වයක්
හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ
ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගියේය.
කාලෝ ෆොන්සේකා මහතාගේ සුව දුක් විමසූ ජනාධිපතිතුමා, එතුමා සමඟ කෙටි පිළිසරක ද නිරත විය.
| මහාචාර්යවරයෙක් වැද්දෙක්. | -21 | NEGATIVE |
ncpp_train_0153 |
කතානායක කරු
අහිමි දුව වෙනුවෙන් පිළිකා අසරණයන්ටපිහිට වන මධ්‍යස්ථානයක් අරඹයි
පසුගියදා ලෝකයේම කථාබහක් ඇතිකරමින් අවාසනාවන්ත ලෙස අඩු වයසින් පිළිකා රෝගයෙන් මියගිය කතානායක කරු ජයසූරිය මහතාගේ දියණියක වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය වෙනුවෙන් පිළිකා සරණ භාරය නමින් මධ්‍යස්ථානයක් කතානායවරයා මුල්වී මහරගම පිළිකා රෝහලේදී පිහිටුවා තිබෙන අතර ඊයේ එය විවෘත වුණා.
තමාට හෝ තමාගේ සමීපතමයකුට
පිළිකාවක් වැළඳී ඇති බවට ආරංචියක් ලැබුණහොත් තමාට අත්වෙන මානසික ව්‍යාකූලත්වයෙන් මිදීමටත්, ලබාගත යුතු උපදේශන සේවාවන් ලබා ගැනීමටත් දුරකථන අංක 0112363211 ඇමැතිය හැකි අතර මේ පිළිකා සරණ උපකාරක ක්ෂණික ඇමතුම් සේවාව සෑම දිනකම උදේ 7 සිට රාත්‍රී 7 දක්වා නොමිලේ ක්‍රියාත්මක කෙරේ.
පිළිකා සරණ භාරය ව්‍යාපෘති තුනකින් ක්‍රියාත්මක අතර, එහි පළමු පියවර ලෙස ‘පිළිකා සරණ ඇමතුම් සේවාව’ ක්‍රියාත්මක කෙරිණ. සෙසු ව්‍යාපෘතීන් වන ඉන්දිරා උපකාරක සේවය සහ ඉන්දිරා ජයසූරිය ළමා සත්කාරක සේවය ඉදිරි කාලය තුළ දී ක්‍රියාත්මක කෙරේ.
පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම සඳහා මැමෝග්‍රැෆි යන්ත්‍රයක් පළමුවෙන්ම ගෙන්වා ඉන්දිරා උපකාරක සේවය ආරම්භ කරන බවත් ඉන්පසුව පළාත් හා දිස්ත්‍රික් මට්ටම දක්වා මේ යන්ත්‍ර බෙදා හැරීම සිදු කිරීමට නියමිත බවත් කියැවුණා.
කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ පිළිකා සරණ සංගමය එක්ව දැරූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මේ සේවාව ආරම්භ වූ අතරමේ අවස්ථාවට ඉන්දිරා ජයසූරිය මහත්මියගේ ස්වාමි පුරුෂයා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් මහතා සහ ඇගේ දරුවන් දෙදෙනා ද, පවුලේ ඥාතීන් ද එක්වීම විශේෂත්වයකි.
(Pix Courtesy By -lankadeepa.lk & mawbima.lk)
| KUGITHA NATHNAM SUPIRI.... | -32 | NEGATIVE |
ncpp_train_0154 |
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මව විසින් ගොනුකර තිබූ මූලික අයිතවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත්කර තිබෙයි. දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව ඒ අනුව තාවකාලිකව අත්හිටුවන අතර නැවත සිරමැදිරියට යායුතුය. 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරැදිකරු කරමින් 2016 දී ඔහුට මරණ දඬුවම නියමව තිබුණු නමුත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසු 2021 ජුනි 24 වනදා ඔහුට ජනපති සමාවක් ප්‍රදානය කර නිදහස් කළේය.එම තීරණය ගැන මියගිය භාරතගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අද අධිකරණය දන්වා සිටියේ නඩුව විභාගය අවසන් වනතුරු දුමින්දගේ ජනපති සමාව අවලංගු වන බවයි.ඒ අනුව දුමින්ද සිල්වා වෙත ලබා දී තිබූ දඬුවම නැවත ක්‍රියාත්මක වනු ඇත. 2021 දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමෙන් පසු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර තිබූ අතර ඔහු පසුගිය කාලයේ විදේශ ගතවූ බවටද වාර්තා පළ විය. අද දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයද යළි කඳවීමටද නියෝග කර තිබේ. ඔහු විදේශගතව සිටීනම් නැවත සිරගත කරන්නේ කෙසේද යන්න ගැන අධිකරණය වෙත පොලිසිය නැවත වාර්තා කළ යුතුව තිබේ.
| හිරුණිකා බෙල්ල ලඟටම හැට්ටය අඳින්නේ ඇයි ඔබ දන්නවද..? බුදුන්ගෙ පින්තූරයක් පිටේ පච්ච කොටාගෙන තියෙන එක වහගන්න..! හැබැයි අතේ බුදුන්ගේ පච්චයක් කොටාගෙන හිිටි එංග සුද්දියෙක් රටට එන්න හැදුවා...රටට ඇතුලු වෙන්න ඉඩ නොදී සුද්ධිව පිටුවහල් කලා..! හිරුගෙ වෘෂණ කෝශ බලය ..! | -18 | NEGATIVE |
ncpp_train_0155 |
මහනුවර උඩුවෙල මාර්ගයේදී බස්රථයකට යටකිරීමට සලස්වා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඊයේ (26) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.මහනුවර උඩවෙල මාර්ගයේදී වෑන් රථයකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති අතර එහිදී වෑන් රථයේ සිටි තරුණයෙකුට පහරදී එම තරුණයාව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් දෙසට තල්ලු කර මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක උඩුවෙල ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු බවට වාර්තා විය.
| දාතු තියෙන ටවුන් එක නෙද? | -33 | NEGATIVE |
ncpp_train_0156 |
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉවත්විම සිදුනොවූ තැන ඔහු වෙනුවට වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජනපතිවරයා අද උදෑසන පත් කළ බව එම මාධ්‍ය අංශය දන්වා සිටී.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විදෙස් ගතවී සිටින අතරවාරයේ අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි.
පාස්කු ඉරිදා (21) දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයක් ක්‍රියාත්මක බැවින් මෙලස පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති අතර ඊට හේතු දක්වා සමත්වීමෙන් පමණක් නැවත තනතුරට පත්විමට හැකියාව ලැබේ.
ඊට අමතරව ආරක්ෂක
අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාවද අද පත් කර තිබේ.
එකී පත්වීම් දෙකට අමතරව
නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් අතර සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබේ.
මේ අතර අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙස ද පත් කර තිබේ.
අදාළ සියලූ පත්වීම්ලාභීන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊට අදාල පත්වීම් ලිපි ලබා ගත් බව මාධ්‍ය අංශය දන්වයි.
| 55%, Dawal hina Victorayo. | 1 | POSITIVE |
ncpp_train_0157 |
පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම නමැති අලුත විවාහවූ තරුණිය අකාලයේ මරණයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.මියගිය තරුණිය පසුගිය මස 13 වනදා විවාහ දිවියට පිවිසි අතර ඉන් ටික දිනකට පසු සුළු රෝග තත්වයක් මත විශේෂඥ ශල්‍ය වෛද්‍ය හසංජය ගුණවර්ධන නමැති වෛද්‍යවරයෙකු ‘චැනල්‘ කර හමුවී තිබේ. ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇයගේ පිත්තාශයේ එක් පැත්තක ගලක් ඇති බව ප්‍රකාශ කර ඇති අතර වත්තල හේමාස් පුද්ගලික රෝහලේදී සැත්කමක් සිදුකරන්නට යෝජනා කර තිබේ. ඒ අනුව ඉකුත් මස 31 වනදා ඇය එම සැත්කම සඳහා පෙනී සිටියාය.
ශල්‍යකර්මයෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණත් ඇතිවූ සංකූලතා මත දින විසිපහක් රාගම රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඉකුත් 25 වැනිදා ජීවිතයෙන් සමුගත්තාය. පවුලේ ඥාතීන් චෝදනා කළේ පෞද්ගලික රෝහලක් තුළ ඇයට සැත්කම සිදුකළ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවූ බවයි. අදාළ පෞද්ගලික රෝහල සහ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය පැවසුවේය.මෙම වෛද්‍යවරයා වත්තල හේමාස්ට අමතරව ASIRI CENTRAL HOSPITAL, ASIRI SURGICAL HOSPITAL, BROWNS HOSPITALS, DURDANS HOSPITAL, LEESONS HOSPITAL, NAWALOKA HOSPITAL - COLOMBO, NAWALOKA HOSPITAL - NEGOMBO හා SANTA DORA HOSPITAL - BATTARAMULLA යන රෝහල් වලද චැනලින් සේවාවන් සඳහා සහභාගී වන්නෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ මට්ටමින් ද පරීක්ෂණ ක්‍රියාත්මක බවත් වෛද්‍යවරයා මීට පෙර සිදුකළ සැත්කම්වලින් රෝගීන්ට ඇතිවූ සංකූලතා පිළිබඳව ද මේ වන විට තොරතුරු රැස්කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත දන්වා ඇති අතර පරීක්ෂණයෙන් පසු වරදක් හඳුනාගතහොත් අදාළ වෛද්‍යවරයාට එරෙහිව විනය පියවර ගන්නා බවද බවසා තිබේ.වෛද්‍ය හසංජය ගුණවර්ධන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මින් ඉහත පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකි. Gastroenterological Surgeon (ආමාශ ආන්ත්‍රික ශල්‍ය වෛද්‍ය) ඔහුගේ නම ඉදිරියේ ඇති සුදුසුකම් සැලකීමේදී MBBS ( Col ), MS ( Col ) , FRCS ( Edinburgh ), FRCS ( Glasgow ) ඇතැයි සඳහන්කර ඇත. ඔහු SLMC - 10197 යටතේ ලියාපදිංචි වී ඇති වෛද්‍යවරයෙකි.සිද්ධියට අදාළ පෙර ලිපියවිවාහ වී දින 17යි පිත්තාශයේ ගල ඉවත් කරන සැත්කමෙන් පසු ජීවිතයෙන් සමුගත් බුද්ධිකා
| මේ doctor මේ මරණයට කලින් ජීවිත කීයක් බේරගන්ඩ ඇත්ද? | -6 | NEGATIVE |
ncpp_train_0158 |
කොරොන වයිරස් එන්නත අනාගතයේදී ලබා දෙන දිනය හා ස්ථානය පිළිබඳව එම පුද්ගලයාට හෝ විශේෂිත ප්‍රදේශයකට කෙටි පණිවුඩ මගින් දැනුවත් කරන බව
යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. සයිනෝෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීමේදී නව ක්‍රියාවලිය අනුගමනය කරන බව ඔහු කීය.ජංගම දුරකථන නොමැති අය වෙතොත් ඒ අය සඳහා විකල්ප සන්නිවේදනයක් ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එන්නතක පළමු මාත්‍රාව ලබා දීමේදී ඒ හා සමාන ක්‍රියාවලියක් ඉදිරියේ ක්‍රියාත්මක කරන බවයි.සයිනෝෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව මාසයකට පසු (ජුනි 8) මහජනතාවට පළමු වරට ලබා දුන් ස්ථානයේම මැයි 8 වනදා ලබා දෙන ලෙස ජනාධිපති ඊයේ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.දෙවන මාත්‍රාව සඳහා රජය විසින් සයිනෝෆාම් එන්නත මාත්‍රා 375,000 ක් දැනටමත් වෙන් කර ඇත.
| ඉස්සෙල්ලා ඇති තරමට එන්නත් ගෙනත් ඉදහන්... ලෙඩේ පටන් අරන් අවුරුදු 1.5 තාම මේගොල්ලෝ planning.. | 78 | POSITIVE |
ncpp_train_0159 |
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි දඟ පන්දු යවන්නකු වන අජන්ත මෙන්ඩිස් තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඊයේ (28දා) නිවේදනය කළේය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවිය එය තහවුරු කර තිබුණි.
යුදහමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රිකට් දක්ෂතා පෙන්වා
2008 වර්ෂයේදී ටෙස්ට් වරම් හිමිකරගත් මෙන්ඩිස් ටෙස්ට් තරග 19කට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 87කට සහ විස්සයි - 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 39කට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. ටෙස්ට් කඩුලු 70ක්, එක්දින කඩුලු 152ක් සහ විස්සයි-20 කඩුලු 66ක් දවා දස්කම් දක්වා ඇත.
2011 ලෝක කුසලාන ක්‍රිකට්
තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය කරා රැගෙන ඒමට ද ඔහු විශාල සේවයක් කළේ ය.
මෙන්ඩිස් 2014 20යි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ ද සාමාජිකයෙකි.
2015 වසරෙන් අනතුරුව මෙන්ඩිස් කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වී නොමැත. ඔහුට පාදයේ ආබාධයක් ඇතිවීමෙන් පසු ක්‍රිකට් වලින් තරමක් ඈත්වූ අතර යළි ඔහු සුවය ලදුවත් ඔහුව තෝරාගන්නට බලධාරීන් උනන්දුවී තිබුනේ නැත.
අජන්ත මෙන්ඩිස් මේ වන විට 34 හැවිරිදි වියේ පසුවන අතර ඔහු තවදුරටත් ක්‍රීඩා කිරීමට වයසද ප්‍රශ්නයකි. කෙසේ වෙතත් ඔහුගේ ද්කෂතා තවදුරටත් උරගා බලන්නට පුසගිය කාලයේ ක්‍රිකට් පරිපාලනය උනන්දු නොවීම නිසා අකලට පරවූ මලක් සේ ඔහුට පිටියෙන් සමුගන්නට සිදුව තිබේ.
ඔහුගේ සමුගැනීම මේ ආකාරයට නිහඩව සිදුවන අතර ඒ වෙනුවෙන් කිසිදු සැමරීමක් සංවිධානය කර නැත. වේග පන්දු යැවූ චමින්ද වාස් පිටියෙන් සමුගත්තේද කිසිදු උත්සවයකින් තොරවය.
| හඩ දීලා රැගුවහම නිහඩවම තමා සමුගන්න වෙන්නෙ ලොක්කා..... දැන්වත් පොලවෙ පය ගහලා ජීවත් වෙයන් ! | -66 | NEGATIVE |
ncpp_train_0160 |
ශ්‍රී ලංකාවේ අධිකරණ දෙකක් මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයකු , කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළුව මග හරිමින් ඉන්දියාවට පලා යමින් සිටියදී ඔහු ගමන් කළ ගුවන් යානය තුළ රඳවාගෙන ඊයේ (30දා) උදෑසන ආපසු ගෙන්වා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් වී තිබේ. මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි අයෙකි . ඔහුට එරෙහිව යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව සහ මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණ මගින් රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබුණි .ඔහු ගුවන් යානය පිටත්වීමට ආසන්න වනවිට ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළු වෙත පැමිණ , නිලධාරීන් කිසිවෙකු නොමැති ස්ථානයක් බලා , ඒ අතරින් රිංගා ගොස් තිබේ . මේ බැව් ආගමන විගමන නිශ්කාශන කටයුතු කර ගැනීමට පැමිණ සිටි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් විසින් දැක, ඒ බැව් ආගමන විගමන නිලධාරීන් වෙත දැනුම් දී ඇත.
ඒ අනුව එම කාන්තාව සමග ආගමන විගමන නිලධාරීන් මෙම පුද්ගලයා සොයා ගිය ද ඔහු ඒ වනවිට අදාළ ගුවන් යානය වෙත ගොස් තිබුණි .පසුව මෙම නිලධාරීන් ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා හට මේ බැව් පවසා , ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර, මොහුගේ ගුවන් ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශ පත්‍රය පරිගණක පද්ධතිය මගින් ලබා ගෙන පර්ක්ෂා කිරීමේදී , මොහු ගුවන් ගමන් තහනම් දෙකක් ඇති පුද්ගලයකු බවට කරුණු අනාවරණය වී තිබේ . කටුනායක ගුවන් ගමන් පාලන මෙහෙයුම් මැදිරිය අමතා මේ තොරතුරු දැනුම් දී ඇති අතර, ඒ වනවිටත් මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාවෙන් ඉන්දීය ගුවන් සීමාවට ඇතුළු වී තිබුණි.
පසුව කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් මෙහෙයුම් කළමනාකරු මගින් මේ පිළිබඳ , මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා, ඉන්දියාවේ මුම්බායි නුවර ගුවන් තොටුපොළ මෙහෙයුම් කළමනාකරු සහ එරට ගුවන් ගමන් මෙහෙයුම් පාලන මැදිරිය දැනුවත් කිරීමටද පියවර ගෙන ඇත .ඒ අනුව මෙම ගුවන් මගියා ඊයේ (30දා) ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ආපසු රැගෙන විත් කටුනායක ආගමන විගමන නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .මෙම ගුවන් මගියා ගුවන් තොටුපොළ විගමන කවුළුව වෙත නොපැමිණිය ද ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙහි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන ව්‍යාජ මුද්‍රාව සටහන් වී තිබුණි. එහිදී අත්අඩංගුවට ගත් ගුවන් මගියා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත . මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරී එන්.කේ.ගුරුගේ මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරීන් වන පී.ආර්.සේනානායක , කේ.ඒ.එන්. ජී.බණ්ඩාර, පී.ඒ.සී.පී.පතිරාජ සහ ඩී.එම්. සී.ජේ.දසනායක යන මහත්වරුන් විසින් සිදු කර ඇත. කටුනායක -ටී.කේ.ජී.කපිල
| ඌට තනියෙන් ඔච්චර හපන්කමක් කරන්න බැහැ. සල්ලි වලට අම්ම විකුණන එවුන් හැම තැනම. | 21 | POSITIVE |
ncpp_train_0161 |
ස්කෑන් පරීක්ෂණයකට ගිය කත
නිරුවත්කර වීඩියෝ කළමහනුවර විකිරණ ශිල්පියා
මහනුවර නගරයේ ඇති පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ රෝගී කාන්තාවක් ස්කෑන් පරීක්ෂණ කාමරය තුළ දී නිරුවත් කර ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ විකිරණ ශිල්පියකු මහනුවර මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වකුගඩු රෝගයෙන් පෙළෙන මේ කාන්තාව
ස්කෑන් පරීක්ෂණයක් සඳහා
පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබේ. ඉන් පසු කාන්තාව ස්කෑන් පරීකෂණය සඳහා ස්කෑන් පරීක්ෂණ කාමරයට ගිය පසු සැකකාර විකිරණ ශිල්පියා ඇගේ දෑස් බැඳ ස්කෑන් පරීක්ෂණය සිදුකරන ආකාරයෙන් ඇගේ නිරුවත ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබේ. ඒ පිළිබඳව සැක සිතූ මේ කාන්තාව දෑස් හැර බැලීමේදී සැකකාර විකිරණ ශිල්පියා ඇගේ නිරුවත වීඩියෝ කරන අයුරු දැක ඇති අතර ඇය එම ක්‍රියාවට විරෝධය පෑමත් සමඟ සැකකාර විකිරණ ශිල්පියා දිවගොස් ඇත. ඇය ඔහු පසුපස පන්නා ගොස් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන සිද්ධිය පිළිබඳව මහනුවර පොලිසියට පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කාන්තාවගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ එම ජංගම දුරකතනයේ තිබූ බව පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ.
මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති අයේෂා බණ්ඩාර මහත්මිය සහ පොලිස් සැරයන් ගාමිණී රත්නායක යන නිලධාරීන් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
ගයා ශ්‍රී කාරියවසම්
| වෘත්තීය සමිති මේ ගැන සොයාබලන බවත්, විකිරණ ශිල්පියා සයිටම් එකෙන් පැමිණි අයෙක් නම් පමණක් දීප ව්‍යාප්ත උද්ගෝෂණ අරඹන බවත් වාර්තාවේ. | 4 | POSITIVE |
ncpp_train_0162 |
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝට්පති ව්‍යාපාරිකයෙකු වූ ජනක රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත් බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ඩුබායිහි සැඟව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා නමින් දුරකථන ඇමතුම් දී එම කප්පම් මුදල් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.බ්ලුමැන්ඩල් සංඛ යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයකු ඉකුත් 6 වැනිදා උදේ 7.00 ත් 9.00 ත් අතර කාලයේදී තමන්ට දුරකථන ඇමතුමක් දෙමින් තමන් ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80 ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ඉටු නොකිරීමට රුපියල් ලක්ෂ 15ක් අවශ්‍ය බවත් පවසා එම මුදල් ඉල්ලූ බව ජනක රත්නායක මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.තම කාර්යාලයේ මුදල්වලින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් තමන්ට ඇමතුම් දුන් පුද්ගලයාට දෙන ලෙසට තමා සේවකයකුට දැනුම් දුන් බවද ජනක රත්නායක මහතා කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව එම සේවකයා ජනක රත්නායක මහතා දුන් විස්තරවලට අනුව කිරුළපන පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකුට රුපියල් ලක්ෂ 15ක මුදල ලබාදී ඇත.ජනක රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් කිරුළපන පොලිසියට පැමිණිලි කර අනතුරුව පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්‍ෂණයක් ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් තිදෙනා කුරුණෑගල සහ රඹුක්කන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.සැකකරුවන් කප්පම් මුදල් බැර කිරිම සඳහා පරිහරණය කළ රඹුක්කන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට අසීමිත ලෙස මුදල් බැර වීම හේතුවෙන් බැංකුව මගින් එම ගිණුම අත්හිටුවා ඇති බව ද අනාවරණය වී යැයි පොලිසිය කියයි. ඒ හේතුවෙන් මෙම කප්පම් මුදල් සැකකරුවන් තම අතට ලබාගෙන තිබූ බව පොලිසිය කියයි. එම කප්පම් මුදල් ලබාගැනීම සඳහා සැකකරුවන් කුලී පදනම මත මෝටර් රථයක් ලබාගෙන තිබූ බවට අනාවරණයවී ඇති අතර ඔවුන් ලැගුම්හල් කීපයක නවාතැන් ගෙන තිබූ බවට හා මෙම කප්පම් ගැනීම සඳහා තවත් කීපදෙනකු ද සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ නම් පවසා කප්පම් ගැනීමේ ජාවාරමක් කලක සිට කරගෙන ගොස් ඇති බව පෙනී යන්නේ යැයි පොලිසිය කියයි. ඔවුන් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ ගෝලයන්ද යන්න සොයා විමර්ශන පවත්වන බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරුවන් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් වන අතර 24 සහ 31 හැවිරිදි වියේ පසුවන ඔවුන් රඹුක්කන සහ කුරුණෑගල පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.බිමල් ශ්‍යාමන් ජයසිංහ
| මේකා ගොනා කියන්නේ නිකන්ද පුතා | 3 | POSITIVE |
ncpp_train_0163 |
සිය දියණියගේ නිරුවත් වීඩියෝ හා ජායාරූප අන්තර්ජාල වෙබ් අඩවියකට යොමු කර රුපියල් ලක්ෂ 6 ක් උපයාගත හැකි බව පවසමින් නිවසේදී දියණියව නිරුවත් කර රූගත කරන්නට උත්සාහයක යෙදුණ පියෙකු ඒ සම්බන්ධ ඇති කරගත් ආරවුලින් පසු සිය බිරියගේ කඩු පහරින් නිවසේ සාලය තුළදී ඝාතනය වීමේ පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා විය.මෙලෙස ඝාතනය වූ 38 හැවිරිදි පුද්ගලයා රෝහලක උපස්ථායක සහායකයෙකු ලෙස රැකියාව කරන අයෙකි. කුරුණෑගල වැල්ලව - බලගහගම ප්‍රදේශයේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇත. 14 හැවිරිදි දියණියගේ නිරුවත් ජායාරූප අන්තර්ජාලය වෙත මුදාහැර රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබාගත හැකි බව පවසා මෙම පුද්ගලයා අවස්ථා ගණණාවකදී බිරිද සමග ගැටුම් ඇතිකර ගෙන ඇති අතර ඊයේ(03) දිනයේද එම පුද්ගලයා බිරිදගෙන් සිය දියණියගේ රූගත කිරීම් සඳහා අවසරය ඉල්ලා බිරිද සමග බහින් බස් වී ඇත.බිරිඳ මෙම කටයුත්තට කිසිසේත් එකඟවී නැති අතර ‘මේව ලංකාවෙ අය බලන් නැහැ..සුළු දෙයක්නෙ කරන්න තියෙන්නෙ ලක්ෂ 6 ක් හොයාගන්න පුලුවන්නේ..‘ ආදී ලෙස සැමියා තර්ක කර තිබේ. වාදය දුරදිග ගොස් ඔහු බිරිදට පහරදී ඇති අතර දරුවන් දෙදෙනෙකු සිටින නිවසේ දියණිය හා පුතු සැමියාගෙන් බේරාගන්නට ඇය දරුවන් පිටතට දමා දොරවල් වසා සිටි බවද පැවසේ. දියණිය 14 හැවිරිදි වියේ පසුවන අතර පුත්‍රයා 9 හැවිරිදි වියේ පසුවේ.එම අවස්ථාවේ ඔහුගෙන් මිදි පලායාම සඳහා ඇය තම පුරුෂයාගේ මුහුණට මිරිස් කුඩු දියර ඉස ඇති අතර එහිදී බිම ඇදවැටුණු පුරුෂයාට එම කාන්තාව කඩුවකින් පාදයට සහ ගෙළට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.මෙලෙස ඝාතනයට ලක්වූ 38 හැවිරිදි දෙදරු පියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපස්තායක සහායක සේවකයකු ලෙස කටයුතු කර ඇති අතර ගාතනය සිදු කළ 36 හැවිරිදි මව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.ඇය වෘත්තීයෙන් ඇඟලුම් කම්හල් සේවිකාවකි. කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත.
| අර රත්නපුර පැත්තේ ඇල්ලක් ගාව චාටර් උන කපල් එකෙන් අහපන් මචං. | -1 | NEGATIVE |
ncpp_train_0164 |
ජනපති මෛත්‍රිපාල සිරිසේන පාලනය යටතේ අවසන් සතියේ ජනාධිපති සමාව ලබා දුන් ඝාතක ජූඩ් ශ්‍රමන්ත ජයමහට එලෙස සමාව දීම අභියෝගයට ලක්කරමින් කොළඹ 08 , කාසල් පාරේ පිහිටි කාන්තා මාධ්‍ය එකමුතුව මඟින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලූ අතර එය විභාග කිරීමට තීරණය විය.
වයස 19 දී තම පෙම්වතියගේ සොයුරිය වූ ඉවෝන් ජොන්සන් නමැත්තිය සමග මහල් නිවාස සංකීර්ණය තුළදී ඇතිවූ ආරවුල අතරතුර ඇයගේ ගෙළ සිරකර මරා හිස සිමෙන්ති පොළවේ ගසා හිස් කබල කුඩු කර තට්ටු 6 කින් පහතට විසිකර
අමානුෂික ආකාරයේ ඝාතනයක් සිදු කළ මෙම පුද්ගලයාට සමාව ලබාදීම විශාල කථාබහක් ඇති කළ සිදුවීමක් විය. මේ වෙනුවෙන් මියගිය ඉවොන්ගේ සොයුරිය වූ එවක ජූඩ්ගේ පෙම්වතිය කැරොලින් ලන්ඩනයේ සිට සිය අප්‍රසාදයද පළ කර කියා තිබුනේ සල්ලි වලට වැඩ සිද්ධවී ඇති බවයි.
මෙම ඝාතනයේ සැකකාරයෙකු ලෙස සිටි ජූඩ් ඉහළ පවුල් පසුබිමකින් මතුවූ අයෙකු වූ නිසා සිද්ධිය වූ කාලයේ සිට එය යටගැසීමට විවිධ බලපෑම් කර තිබුණ බවටද කරුණු හෙළිව තිබුණි.
සීසීටීවී සාක්ෂි නොමැති කාලයක 2005 සිදුවූ මෙම ඝාතනය සාක්ෂි නොමැති මරණයක් ලෙස වැළලී යන්නට
බොහෝ දුරට ඉඩ කඩ තිබූවකි.
මේ දිනවල ආන්දෝලනයක් ඇති කර තිබෙන රහස් පොලිස් පරීක්ෂක ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ මෙහි පරීක්ෂණ ඒ කාලයේ සිදුවූ අතර ශානිගේ තියුණු ඇස මරණය සිදු කළ ස්ථානයේ තිබූ ලේ පැල්ලමක් වෙත අවධානය යොමුව තිබුණි. එම පැල්ලමෙහි මියගිය ඉවොන්ගේ රුධිරය සහිත වීමත් ඒ සමග තිබුණ ඇගිලි සලකුණ ජූඩ් ශ්‍රාමන්තගේ ඇගිලි සලකුණකට සමාන වීමත් නිසා ජූඩ් ශ්‍රාමන්ත මෙම
ඝාතනය සිදුකළ කෙනා ලෙස ප්‍රබල සාක්ෂියකින් අනාවරණය කරන්නට එකල රහස් පොලිස් පරික්ෂක ශානි හා කරුණු ගොනු කළ නීතිඥයාට හැකිවූ අතර එම සාක්ෂි උසාවියේදී ඉදිරිපත්වීම වළක්වා ඒවා යටපත් කරන්නට ඒ කාලයේ ප්‍රකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජයමහ පවුල වෙනුවෙන් ශානි වෙත මුණගස්වා අල්ලස් යෝජනාවක් කරන්නටත් උත්සාහ ගෙන තිබුණි.
කෙසේ වෙතත් ශානි උසාවියේදී මෙම අල්ලස් කතාව හෙළි කළ අතර ඒනිසා අදාළ ටෙස්ට් ක්‍රීඩකයාට උසාවියේ දඩයක් ගෙවන්නටද සිදුවිය.
ජූඩ් ශ්‍රාමන්තගේ පවුල ඔහුව සිරගතවීමෙන් බේරාගැනීමට කළ හැකි හැමදේම කළත් එය පලක් නොවූ අතර 2014 අභියාචනාකරණ තීන්දුවකින් දෙවන වරටත් ඔහුගේ මරණ දඩුවම ස්ථිර විය.
ඔහුගේ ජීවිතාන්ත සිර දඩුවමින් මුදවා පසුගිය මාසයේ ඔහුට සමාව ලබාදීම ගැන ජනපති මෛත්‍රී මාධ්‍ය ඒකකය දන්වා තිබුනේ අතුරලියේ රතන හිමිත්, දකුණේ රේමන්ඩ් පියතුමාත් තවත් නීතීඥයින් කිහිප දෙනෙකු හා සංවිධානත් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම නිදහස ලබාදුන් බවකි. නමුත් රේමන්ඩ් පියතුමාත් නිවේදනයේ නම් සදහන් නීතීඥයිනුත් එවැනි ඉල්ලීමක් තමන් නොකළ බව විශේෂ නිවේදන මගින් දන්වා තිබුණි.
මේ අතර නිදහස ලද ජූඩ් ශ්‍රාමන්ත අනුකම්පා ලිපියක් ලියමින් තමා සිරගෙදරදී වැසිකිලි බාල්දියක් පුටුවක් කරගෙන කොට්ටය මේසයක්
කරගෙන පාඩම් කළ හැටිත් බාහිර උපාධියක් නිම කළහැටිත් දන්වා තිබූ අතර තම ජීවිතය වෙනස් වූයේ අතුරලියේ රතන හිමි සිරකරුවන්ට ධර්ම වැඩසටහන් පවත්වන්නට ආ පසුව බව දන්වා තිබුණි. ඔහු පවසා තිබූ ආකාරයට ඔහුට සමාව ලැබීම හදිසි තීරණයක් නොවන බවත් එය කාලයක් තිස්සේ ඔහුගේ චර්යාව අධික්ෂණය කර ඔහුගේ අනාගතය ගැන සිතා ජනපතිවරයා ලබාදුන් තීන්දුවක් බවත් දන්වා තිබුණි.
නමුත් ජූඩ් ශ්‍රාමන්තට නිදහස ලද පසුව 'අපටත් නිදහස අවශ්‍ය බව' දක්වමින් සිරකරුවන් ගණනාවක් සිරගෙදර වහළය මත නැගී උපවාස ඇරඹූ අතර ඔවුන්ටද සහනයක් ලබාදෙන බවට පොරොන්දු දී මැතිවරණය ආසන්නයේ එම විරෝධතා නතර කර තිබුණි.
විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරිමට නියෝග කරන්නැයි ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය විසින් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද්දේ මෙයින් පසුවයි.
බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අද සළකා බැලීමෙන් අනතුරුව ඝාතක ජූඩ් ශ්‍රාමන්තට විදේශ ගමන් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදි.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දොන් ශ‍්‍රාමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කර තිබුණි.
පෙත්සම දෙසැම්බර් 10 වනදා යළි කැඳවීමට දින යොදන ලද අතර එදිනට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනටද සමාව දීම ගැන වගඋත්තර බැදිමට අධිකරණයට කැඳවා ඇත.
| සිරාව ඡිවිතාන්තෙ දක්වා හිරේට දාන්න | 2 | POSITIVE |
ncpp_train_0165 |
පෞද්ගලික මගී ප‍්‍රවාහන බස්රථ සහ ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පුපුරන ද්‍රව්‍ය හා බෝම්බ හඳුනාගැනීමේ සන්නිවේදන උපකරණයක් එම බස්රථවල පසුපස දොරෙහි සවිකිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
බස්රථවල ඉතා
කඩිනමින් මෙම උපකරණ සවිකිරීමට බලාපොරොත්තු වන බවත්, මේ වන විටත් එම උපකරණ ගෙන්වා ගැනීම සඳහා ආයතන කිහිපයකට දැනුම් දී ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේසූරිය මහතා පැවසීය.
මෙම උපකරණය සවිකිරීමෙන් පසු බස්රථවලට මගීන් නංවා ගැනීම සිදුකරන්නේ පසුපස දොරටුවෙන් පමණක් බව කී ගැමුණු විජේරත්න මහතා කිසිසේත්ම ඉදිරිපස දොරටුවෙන් මගීන්ට ඇතුළුවන්නට නොදෙන බව ද සඳහන් කළේය.
මෙය මගී ආරක්‍ෂාව වෙනුවෙන් ගත් තීරණයක් බැවින් මේවායේ මිල ගණන් අනුව ඒවා ගෙන්වාගැනීමේදී රජයෙන් ද අනුග‍්‍රහයක්, සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම ප‍්‍රකාශ කළේය.
(ඩයනා උදයංගනී)
| ඕවා වල පාර්සල් තියන සි0හල තම්බියන්ව අල්ල ගන්න ඕනේ ඉස්සෙල්ලාම ඕක පිටිපස්සෙත් බල තන්හා කාරයෙක් ඈති | -3 | NEGATIVE |
ncpp_train_0166 |
පසුගිය 25 වනදා කොල්ලුපිටියේ ඩර්ඩන්ස් රෝහලේ ඉහළ මහළකින් පැන මියගිය කෝටිපති ව්‍යාපාරික පුතුගේ මරණය සැක සහිත බවට කරුණු වාර්තාවී ඇති අතර ඒ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තීබේ.
කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාරගේ හා ප්‍රකට ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වන සුධර්මා නෙත්තිකුමාරගේ පුත්‍රයා වන 31 හැවිරිදි රයන් නෙත්තිකුමාර මෙලෙස දිවි හානි කරගෙන තිබුණි.මෙම තරුණයා කාලයක් තිස්සේ නින්ද නොයාමේ රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර ගනිමින් සිට ඇති අතර මානසික අවපීඩන තත්වයට ඖෂධ ලබා ගනිමින් සිට ඇත. එය සුව නොවීම හේතුවෙන් සිද්ධිය වූ දිනයේ ඔහුගේ පෙම්වතියද සමග රෝහලේ නැවතී ප්‍රතිකාර ලබාගැනීමට ගිය බව පැවසේ. ඔහුට එහිදී කිසියම් ඖෂධයක් ලබාදීමෙන් ටික වේලාවකට පසු හදිසියේම නාන කාමරයට ගොස් එහි ජනේලයකින් බිමට පැන තිබෙන අතර ඔහු 10 වන තට්ටුවේ සිට 5 වන තට්ටුව වෙත වැටී ඇත.ඔහු එතැනම මියගොස් තිබේ. ඔහු නානකාමරයට ගිය පසුව අතුරුදන්වීම ගැන රෝහලේ කාමරයේ සිට ඇති පෙම්වතිය කලබලයෙන් සොයා ඇති අතර සිද්ධිය දැන ගැනීමෙන් පසුව ඇය මරළතෝනි දෙමින් දස අතේ දිවගොස් තිබෙන බවත් වාර්තා වෙයි.
පසුගිය 25 වනදා සිදුවූ මෙම සිද්ධිය සියදිවි හානිකරගැනීමක් ආකාරයට පෙනී යන හෙයින් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ මරණ පරීක්ෂණයක් සිදු කිරීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු යොදන ලදි.මේ අතර මියගිය රයන් නෙත්තිකුමාරගේ පාර්ශ්වයෙන් කියා ඇත්තේ ඔහුට සියදිවිනසාගැනීමකට කිසිදු අවශ්‍යතාවක් හෝ හදිසි හේතුවක් සොයාගන්නට බැරි බවයි. මෙම තරුණයාට මානසික අවපීඩනයට ලබාදුන් බෙහෙත අධි මාත්‍රාවකින් ලබාදී ඇති බවට සැකකරන බැවින් ඒ ගැන වැඩිදුර සොයාබලන ලෙස ඉල්ලා ඇත.මරණය සම්බන්ධ අවිනිශ්චිත කරුණු ගණනාවක් පැවති හෙයින් පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර ඒ ගැන පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදි. ඒ අනුව වැඩිදුර විමර්ශනයක් සිදුකරන්නට පොලිසියට නියෝග ලැබී තිබේ.සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මේ වනවිට විවාහයෙන් වෙන්වී සිටින අතර මියගිය රයන් සිටියේ පියා සමගිනි. ඔහු ඔවුනගේ වැඩිමල් පුත්‍රයාය.ඔවුනට දාව තවත් දියණියක පමණක් සිටී.
| හිනාවෙලා ඉන්න විදියට නම් ඩිප්‍රෙෂන් එකක් තිබුණා කියල හිතන්න අමාරුයි. අනික කෙල්ලකුත් සෙට් වෙලා හිටිය එකේ ජොලියෙ ඉන්න ඇතිනෙ. හැන්ඩ්සම් කොල්ලෙක්. It smells fishy. | -50 | NEGATIVE |
ncpp_train_0167 |
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ගසන බව පැවසුව ද ඔහුට. ඩප්පියක් හෝ ගැසිය නොහැකි බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
මග නැගුම ප්‍රධාන කාර්යාලයේ ඊයේ (27)
පැවති ජාතික සේවක සංගමයේ රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද පැනයන්ට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ අතීතයේ දිවි පිදීමට පුද්ගලයින් සිටි නමුත් විමල් වීරවංශ මහතා එවැනි අයෙක් නොවන බවත්, කිසි විටෙකත් බල්ලන් බිරුව ද හඳ කඩා වැටෙන්නේ නොමැති බව ද පැවසීය.
මේ අතර ව්‍යවස්ථාවට ඡන්දය ලබා දෙන අයට වෙඩි තියන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පවසා සිටින නමුත් වෙඩි තියන්න සුදානම් වන්නේ නම් වෙඩි කෑමට ද සුදානම් විය යුතු බව කියා සිටියේය.
කෙසේ වෙතත් අතීතයේ මහින්දගේ පාලන කාලය තුළ රට තුළ පැවතියේ කැළෑ නිතිය බවත් අද එවැනි තත්ත්වයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.
| අපේ රටේ වයිවාරන සුනඛයෝ ඉන්නවා. එයින් හොඳ වර්ගයේ සුනකයන්ට අපිකවුරැත් ආදරය කරනවා. ඒනිසා අයාලේ යන පර සුනඛයන් ඔහේ උඩබුරනකොට අපි කලබල වෙන්න ඔනිනෑති බව අපේ රටේ මාධ්‍යවේදින් හොඳට සිතාගන්න. ඉතින් ඇයිමේ වේදනාව. සුනඛයා සුනඛයාමයි බු බුඃ . ඌ සිංභයෙක් වෙන්නේ නෑ මහත්වරැනේ. මෙයත් හොඳ සුනඛයෙක් | 1 | POSITIVE |
ncpp_train_0168 |
ඊයේ පැවති ඇමරිකාවේ ජනපතිවරණ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී සජීවී විවාදයේදී ජය හිමිවූයේ හිලරිට බව මැදහත් දේශපාලන වාර්තා රැසක් වාර්තා කර තිබේ.
බ්‍රිතාන්‍ය බීබීසිය ඒ ගැන වාර්තා කළේ ‘එය නීතිඥයෙකු සහ සේල්ස්මන් කෙනෙකු අතර සටනක් වූ බැවින් බොහෝ අවස්ථාවන්හි නීතිඥ මත මතුවී පැහැදිලිව ගලා ආවේය‘යනුවෙනි.
හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම්, හෝ සෙනෙට් සභික හෝ පෙර ජනාධිපති ආර්යා තනතුරු දැරීම හා ඇය නීතිඥයකු වීම මත කථාබහේදී අත්දැකීම් වැඩි බව පෙනී ගිය බවත් ඇගේ පරිපාලන දක්ෂතා ගැන ඉදිරි බලාපොරොත්තු මතුවන බවත් බීබීසිය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් ට්‍රම්ප් එහිදී දැක්වූ අදහස් සුළු කොට තකන්නට නොහැකි බවත් ඔහුගේ ඇතැම් අන්තයන් සම්බන්ධයෙන් කැමැත්තෙන් පසුවන අයට ඔහු වඩා හොඳට පෙනෙන්නට ඇති බවත් වාර්තා කර ඇත.
තවත් විවාද ඉදිරියට පැවැත්වේ.
පහත පළවන්නේ හිලරි හා ට්‍රම්ප් පසුගිය දින කිහිපය තුළ ඇමරිකාවේ ස්වාධීන මත විමසුම් වල ඉදිරියෙන් සිටි ආකාරයයි
| Trump dinuwoth goda | 9 | POSITIVE |
ncpp_train_0169 |
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභාව අමතා කතා කරමින් සිටියදී පුද්ගලයෙකු සභාව මැදට පැන කෑගසමින් විරෝධය පළකරද්දී පොලිස් නිලධාරිවරයා පැමිණ ඔහු ඉවත්කිරීමට යැමේදී එම පුද්ගලයා පලා ගොස් තිබේ. නිට්ටඹුව, කැටකාලපිටිය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (27)දා දින මෙම සභාව පැවති අතර, දට්ටඹුව හා කැටකාලපිටිය ඇතුළු ග්‍රාම සේවා වසම් හයකට අයත් නියෝජිතයන් 400ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් එම කොට්ඨාස සභාව පිහිටුවීම සිදුකෙරිණි.ම
ේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සභාව අමතමින් සිටියදී පුද්ගලයෙකු සභාව මැදදී එම සභාව කඩාකප්පල් කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ මන්ත්‍රීවරයා ද එම පුද්ගලයා ඉවත් කරන ලෙස පොලිස් නිලධාරීන් හට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු එම ස්ථානයට පැමිණි බලවත් පරිශ්‍රමයක් දරා එම පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත්කර රැගෙන යද්දී ඔහු පැමිණි යතුරුපැදියද එම ස්ථානයේ දමා පලා ගොස් ඇත.මේ අවස්ථාවේ විජිත හේරත් මන්ත්‍රීවරයා කරණු දක්වමින් මේ වනවිට රට පුරා විශාල වශයෙන් පක්‍ෂ පාට බේදයකින් තොරව ජනතාව ජාතික ජනබලවේගය වටා ඒකරාශී වීම දරාගත නොහැකි බංකොලොත් රටේ විනාශයකට දායක වී ඇති දේශපාලකයන් මෝඩ පුද්ගලයන් කඩා කප්පල්කාරී ක්‍රියාවන් සඳහා යොමු කර ගන්නා බවත්, එම පුද්ගලයාට අපි අනුකම්පා කළ යුතු බවත් පවසා සිටියේය.එවැනි කඩාකප්පල්කාරී වැඩවලින් ජාතික ජන බලවේගයේ ගමන නැවැත්වීමට නොහැකි බව
මෙවැනි පහත් උසි ගැන්වීම් කරන බංකොළොත් දේශපාලකයන්ට මතක් කර දෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. එසේ කලහකාරී ලෙස හැසිරුන පුද්ගලයා පැමිණි බවට සැක කෙරෙන . යතුරුපැදිය පොලීසිය භාරයට ගෙන තිබේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.ඕ.පී. අබේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් නිලධාරි පිරිසක් පැනගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පවත්වති. (වාරණ ආනන්ද ඉ ජයකොඩි)-
| පොහොට්ටුවේ එවුන්... අපේ රනිල් සර් බේරා ගත්ත හින්ද බදා කොරනවා | -51 | NEGATIVE |
ncpp_train_0170 |
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාති භේදය මුල් කරගත් අරගලයන් නැවතත් ආරම්භ වූයේ එරට පොලිස් නිළධාරීන් විසින් කළු ජාතිකයෙකුට නැවතත් වෙඩි තැබීමත් සමඟය. මේ හේතුවෙන් කෙනෝෂා නගරයේ
දිගින් දිගටම අරගල කළ ජනතාව තුන්වෙනි දිනයේත් තම විරෝධය ප්‍රකාශ කරනු දක්නට ලැබුණි. තුන්වෙනි දින රාත්‍රියේ මෙම අරගලය සමඟ හටගත් නොසන්සුන් වාතාවරණයක් අතරවාරයේ පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම තවත් පුද්ගලයෙකුට තුවාල සිදු වී ඇති බවද වාර්තා වේ.
මෙම අරගල වර්ධනය වූයේ ජේකබ් බ්ලේක් නැමති 29 හැවිරිදි කළු ජාතිකයා පොලිස් වෙඩි ප්‍රහාර ගණනාවකට ලක් වී රෝහල්ගත කරනු ලැබීමෙන් අනතුරුව වන අතර උද්ඝෝෂකයින් දින ගණනාවක් විරෝධතාවල නිරතව සිටිනු දක්නට ලැබුණි. එම විරෝධතාකරුවන් හා ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාව සඳහා යොදවා සිටි සන්නද්ධ කණ්ඩායමක් අතර හටගත් ගැටුමක් දිගින් දිගටම වර්ධනය වීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේවෙතත් වෙඩි තැබීමෙන් අනතුරුව කෙනෝෂා නගරය තුළ රාත්‍රි කාලය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට බළධාරීන් තීරණය කර ඇත.
මෙම ගැටුම අතරතුරදී තිදෙනෙකුට වෙඩි තබා ඇති බව එරට පොලිසිය සඳහන් කළද එම සිද්ධියට සම්බන්ධ පිරිස පිළිබඳ නිශ්චිත විස්තරයක් ඔවුන් තවමත් ප්‍රකාශයට පත්කර නැත.
Rishmi Ishara
| අපේ බක පන්ඩිතෙයො මොන මගුල කිව්වත්, මොන විදිහට පෙනුනත්, මොනව උනත් කාලකන්නි දේසපාලුවො ටිකක් කාලකන්නි පොලිසිය යොදවාගෙන චන්දෙයක් දිනන්ඩ කරන උත්සාහයක ප්‍රතිපල තමයි මේ පේන්ඩ තියෙන්නෙ... | 7 | POSITIVE |
ncpp_train_0171 |
4pm update
අද (27) උදෑසන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල්කර මෙරටට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම් සදහා රඳවාගනු ලැබූ ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සවස 3 ට පමණ මුදා හැර ඇති අතර එසේ රඳවා ගනු ලැබූ බන්ධනාගාර නියාමකවරයා වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබේ.9am update
පසුගියදා ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මධුෂ් පැවැත්වූ සාදයකදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ රැඳවුම් භාරයේ සිටි සැකකරුවන් 31 දෙනා අතුරින් දෙදෙනෙකු රැඳවුමෙන් නිදහස් කර එරටින්
පිටුවහල් කිරීමට එරට අධිකරණය පියවර ගෙන තිබෙයි.
ඒ දෙදෙනා වන්නේ ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා (24) හා හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වූ ලලිත් කුමාර කෝදාගොඩ (52) ය.
ඔවුන්ට පැවති චෝදනා අවම වීම මත මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
මේ දෙදෙනා ඊයේ රාත්‍රියේම ශ්‍රී ලංකාව බලා ගමන් කරන ෆ්ලයි ඩුබායි FZ 547 යානයෙන් මෙරටට එවා තිබෙන අතර අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට ඔවුන් පැමිණි පසුව ශ්‍රී ලංකා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීම පිණිස අධිකරණයට ඉදිරිපත්කිරීමට සූදානම් කර ඇතැයිද පොලිස් වාර්තා සඳහන් කරයි.
මේ අතර මෙම පිටුවහල් කිරීමට සලකා බැලීමේදී මධුෂ් ඇතුළු පාතාල නායකයින් හා සහචරයින්ද රයන් වැන්රොයන් හා අමල් පෙරේරා යන කලාකරුවන්ද ඇතුළු 29 දෙනකු තවදුරටත් එරට සිරඅඩස්සියේ තබා ගැනීමට තීන්දු කර ඇත.
| මම මේ ආණ්ඩුවට ,අගමැතිට,ජනාධිපතිට සහ අනෙකුත් බලධාරීන්ට කියනවා නුඹලා රටත් රටේ ජනතාවත් ගැන හිතලා මේ රටේ සිදුවන වංචා දූෂණ කුඩු ඇතුළු මත් ද්‍රව්‍ය පාතාලය මිනීමැරුම් ස්ත්‍රී දූෂණ සහ හොරකම් තුරන් කරන්න අවංකවම තීරණය කරනවානම් මුළින්ම කළ යුත්තේ පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් පුනරුත්තාපනය කිරීම ,හදන්ඩ බැරි උන්ව ගෙදර යැවීම හෝ වැරදි කරපු එවුන්ට දඬුවම්දී ,අයුතු ක්‍රමවලට හම්බකරගත් දේපළ රාජසන්තක කිරීමයි ඊට අමතරව රජයේ වැටුප් ලබන(මහජන මුදලින් වැටුප් ලබන) සියලු නිලධාරීන් විනයක් සහ වගකීමක් ඇතුව වැඩ කළ යුතුයි වැරදි නොකළ යුතුයි එහෙම නැතුව මේ රට හදන්ඩ බැහැ | 118 | POSITIVE |
ncpp_train_0172 |
පසුගියදා නෙළුම් පොකුණ රඟහලේ පවත්වන්නට යෙදුණු බන්දුල නානායක්කාරවසම් ගේය පදරචකයාගේ
'රෑ ඉර පාන' නිර්මාණ ප්‍රසංගයේදී
මින් ටික දිනකට ඉහත විශාල කථාබහකට ලක්වූ වික්ටර් රත්නායක හා ඔහුගේ පුත් ලෙලුම් රත්නායක දෙදෙනාටම අයිතම ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබුණි.
මින් ඉහත තමා පීතෘත්වයෙන් නොසලකන ලෙස දරුවන්ට සැරවී සිටි වික්ටර් මෙන්ම තම පියා මිය ගියේ යයි රටට හඬගෑ ලෙලුම් අතර විරසකයක් පවතින නමුත් මෙම සංවිධායකයින් ප්‍රවිණ ගායක වික්ටර් ට මේ සඳහා ආරාධනය කරද්දී ලෙලුම් එන බව දන්වා සිටියත් ඔහු එයට විරෝධය පළ කර තිබුනේ නැත.
කෙසේ වෙතත් ප්‍රසංගය අතර ඔවුන්ගේ හැසිරීම තරමක් පරස්පර විය.
එම උත්සව අවස්ථාවේ ඡායාරූප පහතින්
සියලුම ඡායාරූප පහතින්
Pix By -Sajeewa Withanage
| යකෝ ලේලුම් අන්කල්ට වඩා වික්ටර් අයියා තිරිහන් වෙලා කියහන්කෝ. | 233 | POSITIVE |
ncpp_train_0173 |
පෞද්ගලික සහ ලංගම බස්වල මගීන්ට පීඩාවක් වන අයුරින් අධික ශබ්දයෙන් යුතුව ගීත සහ විඩියෝපට වාදනය හෙට (1) සිට සම්පූරණයෙන්ම තහනම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අධික ශබ්දයෙන් යුතු ගීත හා විඩියෝපට බස්රථවල වාදනය කෙරෙන්නේ නම් ඒ පිළිබඳව ජාතික ගමනාගමන කොමිසමේ 1955 යන ක්ෂණික දුරකතන අංකයට පැමිණිලි කළ හැකි යැයි ඇමැතිවරයා සඳහන් කරයි.
අධික ශබ්දයෙන් ගීත
වාදනය කරන බස්රථවල රියැදුරන්ට හා කොන්දොස්තරවරුන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කොමිසමට උපදෙස් දී තිබේ. ලංගම හෝ පෞද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය කිරිම, බස් රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුගේ අවිනීත හැසිරිම ආදිය පිළිබඳව ද 1955 දුරකතන අංකයට පැමිණිලි කළ හැකි යැයි අමාත්‍යවරයා කියයි.
මේ අතර සියලුම බස් රථ සඳහා සුභාවිත ගීත දාහකින් සමන්විත සී.ඩී. තැටි නොමිලේ බෙදා දිමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. විද්වත් මණ්ඩලයක අධීක්‍ෂණය යටතේ තෝරා ගන්නා ලද එම සුභාවිත ගීත සහිත සී.ඩී. තැටි බස් රථ රියැදුරන් වෙත බෙදා දීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අද (31) පෙරවරුවේ සිදුකෙරේ.
-මහින්ද නිශ්ශංක-
| මෙම වගේ ගොං කොමෙන්ට් දාන එවුන්ටත් සුභාවිත කොමෙන්ට් සීඩී එක ගානේ දෙන්න කියලා ආණ්ඩුවට කියන්න ඕනේ. | 5 | POSITIVE |
ncpp_train_0174 |
බෝම්බයක් යයි බොරු කියා
බදුලු කෝච්චිය නැවතීම පසුපසලව් හුටපටයක්
පසුගිය 26 වනදා රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා යාමට නියමිතව තිබුණ රාත්‍රී තැපැල් දුම්රියේ සැකකටයුතු බෝම්බ පාර්සලයක් තිබෙන බවට පොලිසියට ව්‍යාජ ඇමතුමක් ලැබීමෙන් පසු ඇති වුණ කලබලකාරී සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසියට එම ව්‍යාජ ඇමතුම පසුපස ආදර හුටපටයක් ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ.
එම අවස්ථාවේ මගීන් සියල්ල දුම්රිය පොළෙන් ඉවත් කර
පොලිස් විශේෂ කාර්ය බලකාය බෝම්බ නිෂ්ක්‍රීය අංශ සමග එක්ව බෝම්බය සොයා තිබුණ නමුත් කිසිවක් හමුවී තිබුනේ නැති අතර නිශ්ඵල ව්‍යාජ ඇමතුම නිසා දුම්රිය ප්‍රමාදයක් සිදුවී දුම්රිය කිහිපයකම මගීන් රැසකට පැය දෙකහමාරක පමණ රස්තියාදුවක් විඳීමට සිදුවිය.
මෙම දුම්රියේ බෝම්බයක් තබා ඇතැයි නිර්නාමික දුරකථන ඇමතුම පොලිසියට ලබාදී තිබුනේ තරුණියකි. ඇය ඇමතුමේදී පවසා තිබුනේ ‘මාත් මේ කෝච්චියේ යන්න ආපු කෙනෙක්. මෙතන සැක කටයුතු දෙන්නෙක් ඉන්නවා.මට ඇහුණා ඒ අය කියනවා කෝච්චියේ බෝම්බෙ හරි නේද..තව ටිකකින් වැඩේ වෙයි නේද..කියලා.මේ අය බෝම්බයක් තියල ගිහින් වගේ..අනේ අපිව බේරගන්න‘ ලෙසිනි.
සිද්ධියෙන් පසුව මේ ආකාරයේ ව්‍යාජ ඇමතුමක් නිකුත්වීමට හේතුවූයේ කුමක්ද යන්න පොලිසිය පරීක්ෂාකාරී වූ අතර එම ඇමතුම ලබාදුන් තරුණියගේ අංකය ඔස්සේ පරීක්ෂණ අරඹා තිබේ.
එහිදී වාර්තා වී ඇත්තේ ඇය කඩවත ප්‍රදේශයේ පදිංචි අවිවාහක කාන්තාවක බවයි. පොලිස් නිලධාරීන් මේ වනවිට ඇයව වැඩිදුර ප්‍රශ්න කර තිබෙන අතර එහිදී දිගටම ඇය එදා තමාට ඇසුණ දේ ඇත්තක් යයි කියා ඇති නමුත් එදින බදුලු යන්නට හේතුව ආදී විස්තර ඇගෙන් දිගින් දිගටම විමසීමේදී මෙම ඇමතුම පුද්ගලික හේතුවක් මත සිද්ධ කළ ව්‍යාජඑකක් බවට කරුණු හෙළි කරගන්නට හැකිව තිබේ.
ටික කලක සිට ඇය ඇසුරු කළ පෙම්වතා බදුල්ලේ පදිංචි කරුවෙකු බවත් ඔහු ළඟක සිට වෙනස්වී තිබුණ බවත් ඇය මෙහිදී විස්තර කර තිබේ. තම පෙම්වතාගේ වෙනසට හේතුව ඔහු නැවත අලුත් කරගෙන තිබුණ පාසල් කාලයේ සිට පැවතුණ ප්‍රේමයක් බවත් ගමේ තරුණිය තමාට වඩා ලොකුවී තිබීම ගැන තමා ඔහු සමග ආරවුල් කරගත් නමුත් ඔහුගේ වෙනස සකසා ගන්නට හැකිවූයේ නැති බවත් පවසා තිබෙනවා.
මේ අතර පසුගිය කාලයේම ඇය හමුවීමට ඔහු නොපැමිණීම ගැන සොයාබැලීමේදී ඔහු මේ සතියේ විවාහවන්නට නියමිතව සිටි බවත් සිද්ධියවූ 26 වනදා රෑ ඔහු බදුල්ල බලා යන කෝච්චියේ යන්නට සිට ඇත්තේ එම විවාහය වෙනුවෙන් බවත් ඇයට සැලවී ඇත.
ඒ අනුව අවසාන මොහොතේ හෝ ඔහුගේ සිත වෙනස් කිරීමට කල්පණා කළ ඇය ඔහු වෙත ගොස් දුම්රිය ස්ථානයේදී හඬා වැලපෙමින් යන්න එපා කියා ඉල්ලා ඇත. නමුත් ඔහුගේ තීරණයේ වෙනසක් වී නැත.එම අවස්ථාවේ කළ හැකි වෙනත් දෙයක් කල්පණා කළ ඇය 119 පොලිස් ඇමතුම් අංකයට ඇමතුමක් ගෙන ‘කෝච්චියේ බෝම්බ කෙප්පය‘ පවසා ඇත්තේ ඔහුගේ බදුලු ගමන එයින් හෝ නතර කර අස්වැසිල්ලක් ගන්නට හැකිවෙතැයි සිතාය.
මහජනතාව කෙරෙහි පොලිසිය තබන විශ්වාසය ඇය පුද්ගලිකත්වය වෙනුවෙන් අවභාවිතා කර තිබුනේ එලෙසිනි.
තරුණියට එරෙහිව පොලිසිය මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ගයන්ට එළැඹ තිබේ.
| කොල්ලා? යකෝ උඹ කොල්ලෙක් වෙලා හිටියෙ එක්දාස් නමසිය හැත්තැ ගණන් වලනෙ. | 18 | POSITIVE |
ncpp_train_0175 |
පසුගිය ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් දෙහිවලදී පස්වරු 1.45 ට පමණ සිදුකරගත් ප්‍රහාරය අසාර්ථක එකක් වූවාසේම එය සිදු කරගත් අබ්දුල් ලතීෆ් ජමීල් මානසික පීඩනයට ගොදුරුවී සියදිවිනසාගැනීමක් සිදුකරගෙන තිබෙන බවට මේ වනවිට කරුණු තහවුරුවී තිබේ.
සිනමන් ග්‍රෑන්ඩ්,ෂැංග්‍රිලා, කිංස්බරි හෝටල වලට අමතරව 4 වැනි හෝටලය ලෙස ටාජ් සමුද්‍රා හෝටලයද පුපුරුවාහැරීමක් කරන්නට ඉලක්ක කර තිබූ අතර ඔහු එම හෝටලයේ පෙර දිනයේ
නැවති පසුදා උදෑසන අවන් හල වෙත පැමිණ තෙවරක් බෝම්බය පුපුරුවාගැනීමට උත්සහ කළ බවට එහි සේවකයෙකු මාධ්‍ය වෙත දන්වා තිබුණි.
අබ්දුල් ලතීෆ් ජමිල් උදේ කරන්න ගිය කටයුත්ත වැරදීමෙන් පසු දහවල් ත්‍රීරෝද රථයකින් දෙහිවලට පැමිණෙන අතර ඔහු ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටවන අවස්තාවේදී කලබලයට පත්ව ගමන්මලු පවා අවස්තා දෙක තුනකදී අමතක කර නැවත සේවකයින්ගේ පෙන්වාදීම අනුව ඒවා රැගෙන පිටවන අයුරු සීසීටීවී අනුව හඳුනාගන්නට ලැබේ.
හෝටලයෙන් පිටත්වන ඔහු වැල්ලවත්තට එක් ත්‍රීරෝද රථයක ගොස් නැවත තව එකක නැගී දෙහිවලට ගොස් නිව් ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම් හලේ නැවතී කතෝලික දේවස්තානයකට ගිය බවට මුල් වාර්තාවල කරුණු පළවුවත් ඔහු වැඩිවේලාවක් ගත කර ඇත්තේ දෙහිවල මුස්ලිම් දේවස්ථානයක බව සීසීටීවී සාක්ෂි අනුව පෙනී යයි. එම දේවස්ථානයේ පැය ගණනාවක් යාඥා කිරීම් වලට හා බිම වාඩිවී කල්පනා කිරීම් වල සිටි අයුරත් පෙනී යයි.
ඔහු මානසික පීඩනයකට ගොදුරුවී කල්ගත කළ බවක්ද cctv අනුව හඳුනාගන්නට ලැබේ.
ඔහු එයින් පිටත සිට අපේක්ෂා භංගත්වයෙන් යුතුව සැකකටයුතු ලෙස සිටගෙන සිටියදී මුස්ලිම් දේවස්තානයේ ඇතැම් අයට ඔහු ගැන සැක ඇතිවී ප්‍රශ්න කර තිබෙන අතර එක් පුද්ගලයෙකු ඔහුව වීඩියෝගත කරමින් ප්‍රශ්න කර තිබුණි. ඔහු දැක නොපුරුදු කෙනෙක් නිසා එම දේවස්ථානයේ අය දිගින් දිගට ප්‍රශ්න කර පසුව පොලිසිය වෙත යොමු කරන්නට සැරසී ඇති බවද පෙනී යයි.
කෙසේ වෙතත් එම ස්ථානයෙන් නැවත ත්‍රීරෝද රියක නැගී පළායාමට ඔහු කටයුතු කරන අතර නවාතැන්ගෙන සිටි නිව් ට්‍රොපිකල්
ඉන් නමැති ලැගුම්හල වෙත පැමිණ මිනිත්තු 5 කින් පමණ පුපුරුවාගැනීම කර තිබුනි.
මෙම සාධක සැලකීමේදී ඔහු මරාගෙන මැරෙන අනෙක් ප්‍රහාරකයින් මෙන් එම කටයුත්තට එක්නොවූ බව පෙනී යයි. එසේම ඔහු මුල සිටම මානසික ව්‍යාකූලත්වයෙන් කටයුතු කර ඇති බවද පෙනී යයි.උදේ ප්‍රහාරය වැරදී ගියේ බොම්බය හරියට සකස් කරගන්නට බැරිව යාමෙන් බවට මුලදී කරුණු වාර්තාවී තිබුන අතර ගුවන් යානා ඉංජිනේරුවෙකු ලෙස උපාධි හා පශ්චාත් උපාධිධාරියෙකුවූ බව කියූ ඔහුට මෙම කටයුත්ත අපහසුවීයාමද ගැටලුකාරීය.
ඔහු දෙහිවල ලැගුම් හලේදී බෝම්බය සකස්කරගන්නට ගොස් අත්වැරදීමකින් පිපුරුණ බවට මුලින් පැවති මතය අලුතින් නිකුත්වූ සීසීටීවී සාධක අනුව ප්‍රතික්ෂේප වෙයි. ඔහු පැහැදිලි ලෙසම දෙහිවල ලැගුම් හළේදී සියදිවි හානි කරගෙන ඇති බවද ඔහු මියයන්නට පෙර දෙවියන් යැදීමට ගිය බවක්ද මේ අනුව පෙනී යයි.
ඔහු මානසික ව්‍යාකූලත්වයෙන් සිටි අයුරු හා මුස්ලිම් පල්ලියේ අය ඔහුව ප්‍රශ්න කළ අයුරු දැක්වෙන සීසීටීවී වීඩියෝව පහතින්
ජමීල් ගැන සම්පූර්ණ පෙර විස්තරය
ගුවන් යානා ඉංජිනේරු අබ්දුල් ලතීෆ් ජමිල් දෙහිවල ලැගුම්හළේදී මැරුනේ ටාජ් සමුද්‍රා බෝම්බය පුපුරුවාගන්නට බැරිව ගිය නිසා Click HERE
| මුන් ඔක්කොම මානසික රෝගියො තමය්..ඇති යන්තම් මුගෙ රෝගෙ නිසා ජීවිත ටිකක් බේරුනා | 114 | POSITIVE |
ncpp_train_0176 |
එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් මහතාද මහලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය විසින් ඊයේ (25) තෝරා පත් කර ගැණිනි.
පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් වුයේ අමාත්‍ය නවීන් දිසානායක මහතාය. මහා භාණ්ඩාගාරික ලෙස රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාද තේරී පත් විණි.මෙම තෝරා ගැනීම් සිදු වුයේ දේශපාලන උපදේශන මණ්ඩලයේ වැඩි කැමැත්ත මතය පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද උප නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාද දේශපාලන මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් යළි තේරි පත් විය.
මෙම තනතුරු අද (26) රැස් වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනිමට නියමිතය.
සෙසු නිලතල සඳහා අද පැවැත්වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි තෝරා පත් කර ගැනිමට තීරණය විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි දේශපාලන උපදේශන මණ්ඩලය රැස් විණි. පුරා පැය දෙකකට අධික කාලයක් රැස්විම පැවැත්විණි.
මෙම රැස්වීමට දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් වන සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, රුවන් විජේවර්ධන, අජිත් පී.පෙරේරා, ජේ.සී.අලවතුවල, නලීන් බණ්ඩාර සහ අශෝක ප්‍රියන්ත යන මැති ඇමතිවරුන් සහභාගි වී සිටියහ. හරීන් ප්‍රනාන්දු සහ එරාන් වික්‍රමරත්න යන ඇමතිවරුන් විදේශගත වී සිටින බැවින් රැස්විමට සහභාගී වී නොසිටියහ.
මෙම රැස්වීමට පෙර ආණ්ඩු පක්ෂයේ පසුපෙල මන්ත්‍රිවරුන්ගේ සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්ද ඊයේ උදෑසන පැවැත්විණි. පක්ෂයේ තනතුරු සඳහා නවක මුහුණු පත් කළයුතු බවට රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ නිර්දේශ අනුව පත් කිරීම් සිදු කළයුතු බව එම මන්ත්‍රිවරු අගමැතිවරයාට අවධාරණය කර තිබේ. පසුපෙල මන්ත්‍රිවරුන්ගේ එම ඉල්ලීමට අගමැතිවරයාගෛන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා සදහන් කළේය.
| රනිල් ගේ UNP ප්‍රතිසංවිදාන උප නායක- රවි කරුණානායක නියෝජ්‍ය නායක- සජිත් ප්‍රේමදාස සහකාර නායක- රුවන් විජේවර්ධන දෙවන නායක- අජිත් පී.පෙරේරා අමතර නායක- ජේ.සී.අලවතුවල ද්විතීය නායක- නලීන් බණ්ඩාර උපද්විතීයික නායක- හරීන් ප්‍රනාන්දු අතුරු නායක- එරාන් වික්‍රමරත්න අනුනායක නායක- පාලිත රංග බණ්ඩාර අප්‍රධාන නායක- පාලිත තෙවරක්- පෙරුව රාම නායක- රන්ජන් රාමනායක | 80 | POSITIVE |
ncpp_train_0177 |
"සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනමට ඇත්තම හේතුව වත්මන් ආණ්ඩුවේ බලපෑම සමිබන්ධයෙන් ඇත්ත ප්‍රකාශ කිරීම යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) පැවැසීය. වත්මන් ආණ්ඩුව කළ වැඩ පිළිබඳව එකිනෙක හෙළිවෙමින් තිබෙන බවත්, ඒ අනුව ඉදිරියේදී තවත් බොහෝ දේවල් හෙළිවනු ඇති බවත් කීය.
කොළඹ, ප්‍රදර්ශන හා සම්මේලනය මධ්‍යස්ථානයේදි ඊයේ (29) පැවැති ලංකා සමසමාජ පක්ෂයේ විශේෂ මහ සමුළුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී විපක්ෂ නායකවරයා යමක් ද පැවසීය.
"වසර විසි ගණනකට පසුව අපිට උතුරු හා නැගෙනහිර පළත්වල සියලුම මැතිවරණ පැවැත්විමේ හැකියාව ලැබුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ අපි. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කළා.
නමුත් මේ අය මැතිවරණ කල් දැමිමා.ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්, චෝදනා නැතුව තමන්ගේ විරුද්ධවාදීන්ට නඩු පැවැරුණු ආකාරය ගැන සොලිසිටර් ජනරාල්වරිය දැන් කියනවා. ඇත්ත කියන්න යෑම නිසා දැන් ඇයගේ වැඩ තහනම් වෙලා. මේ ආණ්ඩුව කරපු වැඩ ගැන දැන් එකිනෙක හෙළිවෙමින් තිබෙනවා. තවත් ඒවා ඉස්සරහදී හෙළිවේවි.
පහුගිය කාලේ නියගය තිබුණා. දැන් වැස්ස වැඩිවෙලා ගංවතුර ගලලා. යුද්ධය නිම කරලා අපිට අවුරුදු දහයක් නිදහසේ ඉන්න ලැබුණේ නැහැ. මරාගෙන මැරෙන
බෝමිබ පිපිරුණා. ජාතික ආරක්‍ෂාව විනාශ කළා. එතැනින් නැවතුණේ නැහැ. දැන් අලි මරා දමන්නත් පටන්ගෙන. කැලේ ඉන්න අලින්ට විස කවලා මරා දමනවා. කකුල් දෙකේ අලි නම් පන්නන්න ඕනෑ මේ තත්වයන් පිළිබඳව අවබෝධයෙන් කතා කළ යුතුයි.” යැයි ද ඔහු කීය.
නාලක සංජීව දහනායක
| මට කියන්න රත්තරං ඔයගේ ඔය තූටි කතින් ශ්‍රියාණි බණ්ඩාරනායක ගෙදර යවපු අටි අනේ බබෝ එන්ඩකෝ හරහට තියලා නලවන්ඩ ,ඔයාගේ ඔය තුට්ටු දෙකේ දේශපාලනය නවත්වලා තවත් නෝන්ඩි නොවී ගෙදරට වෙලා ඉන්ඩ | 108 | POSITIVE |
ncpp_train_0178 |
නව ආණ්ඩුව බලයට පත් වූ පසු ලංකා ඛනිජ තෙල්, නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන් 267 දෙනෙකු බලහත්කාරයෙන් ඉවත් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ වත්තීය සමිති කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (27දා) පැවසීය.
විධිමත් ක්‍රමවේදයන් යටතේ බඳවාගෙන සිටි මෙම සේවක පිරිස සම්බන්ධව කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධව අද (28දා) පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායක රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බවද හෙතම පවසා සිටියේය.
මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයට සම්බන්ධ සේවකයන්ට පහරදීම් සිදුකර තිබෙන බවත්, ඇතැම් සේකයන්ට තනතුරුවලින් ඉවත්වන ලෙසට දැනුම්දී තිබෙන බවත් ඒ මඟතා ප්‍රකාශ කළේය.
ආකාරයට වැඩබිම්වලදී
දේශපාලන පලිගැනීම්වලට ලක්වන සේවකයන් පිළිබඳ තොරතුරු, සාක්ෂි සාධක සහිතව ජාතික සේක සංගමයට හෝ සිරිකොත පක්ෂ මුලස්ථානයට ලබාදෙන මෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.
පිටකෝටිටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා,
"දැන් රජයේ සේවකයන්ට හොඳ අගයක් ලැබිලා තිබෙනවා, රජයේ සේවකයන්ට ලබන ජනවාරීයේදී රුපියල් 3,000ක් ලබාදීමට අපේ රජය ගෙන තිබු තීරණය නතර කිරීමට යන බවට තොරතුරු ලැබී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත මුදල නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. අපි ආරම්භ කළ ව්‍යාපෘති සියල්ල නතර කරන්න කියලා දිසාපතිවරුන්ට හා ප්‍රාදේශීය ලේකමිවරුන්ට් චක්‍රලේඛ යවා තිබෙනවා. ඩොලරය රුපියල් 181,60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වත්මන් ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා කිව්වා පළිගැනීම් සිදුකරන්නේ නෑ, වධ දෙන්නේ නෑ කියලා. නමුත් මේ වනවිට බනිජතෙල් නීතිගත සංස්ථාවේ 267 දෙනෙක් පාරට දාලා තිබෙනවා. වසරක් පමණ රැකියාව කළ මෙම පිරිසට වැඩට එන්න දෙන්නේ නෑ. මොකද හදනවා කියන විනය? මොකද්ද නීතිය? මොකද මේ සෞභාග්‍යමත් රාජ්‍යයන්ට
අද නීතිය ක්‍රියාත්මක කරන නිලධාරූන් කුණු අදිනවා. දැන් පොලීසියට බැඳුනත් එකයි, නගර සභාවට බැඳුනත් එකයි. දැන් මැරයන් තක්කඩියන් වැඩපළට එන අයට පහරක්වෙමින් සිටිනවා.
සිපෙට්කෝ
ආයතනයේ සේකයන්ට මැර කණ්ඩායමක් පහරදී තිබෙනවා. ඉන් පහරකෑමට ලක්වූ එක සේවකයන් අද වනවිට දැඩිසත්කාර ඒකකයයේ ප්‍රතිකාර ලබනවා. මෙන්න හදනවා කියපු නය ගරුක රට, ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට අද එන්න දෙන්නේ නෑ. තනතුරුවලින් පන්නමින් හිරිහැරකර තිබෙනවා.
සියලු රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිනවා දැන් සිදුවෙන දේශපාලන හිරිහැර ගැන සාධක සාක්ෂි සමග තහවුරු කිරීමේ ලිපිලේඛන සමග ජාතික සේවක සංගමයට ගෙනවිත් බාරදෙන්න. රජයේ සේවකයන්ට සිදුවෙන හිරිහැර ගැන පොලිස් ස්ථානවල පැමිණිලි කරලා පැමිණිල්ලේ පිටපත හා අපි ඉදිරීපත් කර තිබෙන ආකෘති පත්‍රය සම්පූර්ණ කරලා ජාතික සේවක සංගමයට හෝ සිරිකොතට මූලස්ථානයට ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් පවසා සිටියේය.
මේ අතර ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කළ සේවක සේවිකාවගෙන් පිරිසක් සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයට ඊයේ දිනයේදී පැමිණ සිටියහ.
තමන්ට සාධාරණයක් ඉටුකර ගැනීමට මැදිහත් වන බිමෙන් ඔවුහු ජාතික සේවක සංගමය නිලධාරින් හමුවී ඉල්ලා සිටියහ.
අමිත් මධුරංග
| අපිට කියලා වැඩක් නැහැ මේ ආන්ඩුවට එන්න පාර හදපු බැංකු හොරුන්ටයි,මේ රට බොදු රටක් නොවේ කියපු එවුන්ටයි,පාස්කු ප්‍රහාරය කලින් දැනගෙන බෝම්බ පිපිරෙන්න දීලා බලන් හිටපු එවුන්ටයි කියන්න. | 10 | POSITIVE |
ncpp_train_0179 |
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව යම් හෙයකින් අවාසි අතට හැරුණොත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලෙස ගෝඨාභය වෙනුවට විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම
සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්‍ෂ නායක සාකච්ඡාවක් අද 30 පස්වරුවේ කැඳවා ඇති බවද විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
පොදු ජන පෙරමුණට සමීප ආරංචි හෙළිකරන්නේ අදාල ලියකියවිලි වල
කිසිදු ප්‍රශ්නයක් නැති බවයි.
කෙසේ වෙතත් සිය ප්‍රතිවාදීන් මෙහිදී නීතිය මුලට ගෙන උපායශීලීවී තිබෙන බවත් 02 වනදා එම විභාගය ඇරඹී 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වියහැකි බව කියැවේ.
මේ නිසා කල්තියා පක්ෂයක් ලෙස ඒ ගැන සූදානම්වීමේ අවශ්‍යතාව මත හදිසි සාකච්ඡාව කැඳවා ඇත.
විකල්ප අපේක්‍ෂකයා ලෙස දැනට යෝජනා වී ඇති නම් අතර හිටපු කතානායක චමල් රාජපක්‍ෂ ඉදිරියෙන්ම සිටින බව විමල් වීරවංශට සමීප වෙබ් මාධ්‍ය ජාලය වාර්තා කර ඇත. මේ අතර මහින්ද රාජපක්ෂ සමීපතමයින් පවසන්නේ ශිරන්ති රාජපක්ෂගේ නමද විකල්පයක් ලෙස නම් කර තිබෙන බවකි.
මේ අතර රාජපක්ෂ පවුලෙන් පිටත නමුත් ප්‍රගතිශීලී අපේක්ෂකයෙකු ලෙස හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නමද යෝජනාවී තිබෙන බව වාර්තාවෙයි.
| මම විකුණන එක හොදයි කියනව නෙමේ. විකුනන එකෙත් විදිහක් තියෙනව. බලපන් එදා ඉදන් කවුද වැඩිපුරම සම්පත් විකුනුවෙ කියල. හමුදා මූලස්තානෙ වික්ක. අද එතන ලෝකෙම ලොකුම හෝටලයක්. හම්බන්තොට වරාය වික්ක. ඒකෙන් ඇති වැඩේ මොකක්ද? සල්ලි ටික අරන් ඔහේ ඉන්නව. ඊට කලින් සතොස වික්ක. හැමදේම කියන්න බෑ. පෞද්ගලිකව මත්තල ගුවන්තොටුපලට මම විරුද්දයි මොකද ඒකෙන් පරිසරයට ලොකු හානියක් වෙනව. ගිය අවුරුදු පහට අලුතෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් කියපන්. යකෝ අපේ රටට ඕනෙ ජාතික ප්‍රතිපත්තියක්. මොකා ආවත් වැදගත් වැඩ ටික ඒ විදිහට යන. දැන් කොලඹ යන්න පුලුවන්ද? කලින් කැන්ඩි රෝඩ් එක කොච්චර ලස්සනද ඉබුල්ගොඩට එනකන්? දැන් ඉන්න හරක් පත්වෙලා සුමාන 2ක් යද්දි ගස් ටික මැරුන. | 10 | POSITIVE |
ncpp_train_0180 |
11.00 pm Update
ඊයේ සිදු කළ ආරාධනයෙන් පසුව එක්සත් ජාතික පෙරමුණ සමග අද සන්ධ්‍යාවේ ජනපතිවරයා පැවැත්වූ සාකච්ඡාව විවිධ කරුණු ඔස්සේ ඇදී ගිය බවත් අර්බුදයට විවිධ විසඳුම් ජනපති යෝජනා කළ බවත් එයට එක්වූ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා දන්වා තිබේ. කෙසේ වෙතත් සාකච්ඡාව අවසන් වූයේ
එකඟතාවයකින් තොරව බවට ඔහු දන්වා ඇත. මේ අතර අද පැවති සාකච්ඡාව ගැන එජාප මහලේකම් අකිල විරාජ් පවසා සිටියේ එහිදී ජනපති ප්‍රශ්න සියල්ල හොඳින් තේරුම්ගෙන ධනාත්මකව අදහස් පළ කළ බවයි. නමුත් විසඳුමකට එළැඹෙන්නට වේලාව හරස්වූ බවත් නැවත ලබන 2 ඉරිදා තමා සමග හමුවන්න එන්නැයි කියමින් ජනපති සාකච්ඡාව අවසන් කරමින් දැන්වූ බවත් ඔහු පවසා තිබේ.
--------------
9.30 pm Update
පවතින අර්බුදකාරී තත්වය විසඳීමට උවමනාවක් දක්වමින් ඊයේ කතානායක සමග සාකච්ඡාවක් කිරීමෙන් පසු
අද සන්ධ්‍යා කාලයේ
ජනපති මෛත්‍රිපාල සිරිසේන ටීඑන්ඒ පක්ෂයේ නියෝජිතයින් සමගත් එජා පෙරමුණේ නියෝජිතයින් සමගත් වෙන වෙනම සාකච්ඡා පවත්වන්නට යෙදුණ අතර රාත්‍රී 9 පමණ වන විට ටීඑන් ඒ සමග සාකච්ඡාව අවසන් විය.
එහිදී ජනපතිවරයා විපක්ෂ නායක සම්බන්ධන් සුමන්තිරන් ඇතුලු මන්ත්‍රීවරුන් හා පවසා ඇත්තේ එලැඹෙන 5 වනදා පාර්ලිමේන්තුවට තවත් විශ්වාසභංගයක් ගෙන එන ලෙසයි. එයට තමන් එකගතාවය පළ කරන්නට සූදානම් බවයි.
(7 වනදා යනු නඩු තීන්දුවේ දවසයි)
ඔවුන් පවසා ඇත්තේ මේ වනවිටත් විශ්වාස භංග කිහිපයක්ම ගෙනවිත් සම්මත කර ඇති නිසා එබදු අවශ්‍යතාවයක් නැති බවයි.
මේ අතර ද්‍රවිඩ සිරකරුවන් නිදහස් කිරීමේ ප්‍රශ්නය විසදාලන බවද ඔවුනට ජනපති පොරොන්දුවී ඇති අතර 3 වනදා ඒ ගැන කතාකරන්නට හමුවන ලෙසද බලාපොරොත්තු ඇති කර ඇත.
එජා පෙරමුණ සමග සාකච්ඡාව තවම අවසන් කර නැත.
| ජෝන් අමරෙ | 1 | POSITIVE |
ncpp_train_0181 |
මේ වනවිට අන්තර්ජාලය පුරා ආන්දෝලනයක් ඇති කර තිබෙන මොණරාගල පාසල් ගුරුවරුන් දෙදෙනෙකු සිසුවියන් අපයෝජනය කළා යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් නීතිමය තර්ක අනුව අලුත් පැත්තක් පෙන්වා දී තිබේ.
සංස්කෘතිය සදාචාරය අනුව ගුරුවරුන්ට තරම් නොවන මෙම ක්‍රියාව සියලු ශිෂ්ට සම්පන්න ජනකොටස් විසින් හෙළාදැකිය යුතුමය. නමුත් මෙම සිද්ධියට අදාළ ගුරුවරුන්ගේ නීතී පාර්ශ්වයන් තර්ක කරන්නට සූදානම් වන්නේ එම සිසුවියන් සියල්ලන් තම තමන්ගේ කැමැත්ත මත ගුරුවරුන්ව ඇසුරු කළ බවත්
මේ නිසා දූෂණයක් ලෙස එය හඳුන්වා තිබීම වැරදි බවත්ය.
මෙම සිද්ධියට අදාළව හෂාන් රත්නායක හා සුනෙත් හෙට්ටිගොඩ නමැති ගුරුවරුන් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ සුනෙත් සිය ගුරුගෝල අපයෝජනය ජංගම දුරකථනයෙන් විනෝදයට පටිගත කර අන්තර්ජාලයට මුදාහැරීම නිසාය. එම වීඩියෝ පට පිළිබඳ පොලිසියට ආ ආරංචිය අනුව සතියක් පමණ කාලයක් පරීක්ෂණ පවත්වා ඔවුන්ව අත්අඩංගුවට ගත්තත් එම සිසුවියන් තමන් අතවරයට ලක්වූ බවට පැමිණිල්ලක් හෝ පොලිසියට කර තිබුනේ නැත.
අන්තර්ජාලයේ පැතිරුණ වීඩියෝව නිරීක්ෂණය කරන්නෙකුට එම සිසුවියට එම හැසිරීම නුහුරු දෙයක් නොවන ආකාරය මෙන්ම ඇය කැමැත්තෙන් සහායකයා සතුටු කරමින් එම හැසිරීමේ යෙදෙන බව නිරීක්ෂණය වේ.
ශ්‍රී ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 365 වගන්තියට අනුව ස්ත්‍රී දූෂණ චෝදනාවක් අර්ථ දක්වා ඇත්තේ කිසියම් ස්ත්‍රියක් බලහත්කාරයෙන්
ප්‍රතිවිරෝධතාවයක් යටතේ ලිංගික සංසර්ගය සඳහා පොලඹවා ගැනීමක් ලෙසටයි.
එහෙත් වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර තැනැත්තියක් ඇයගේ කැමැත්ත සහිතව දූෂණය කිරීමද අපරාධමය වරදක් සහිත ස්ත්‍රී දූෂණයක් ලෙස හුවා දක්වා තිබේ. ස්‍ත්‍රී දූෂණ චෝදනාවක් සඳහා වසර 7 සිට 20 දක්වා සිර දඬුවම් මහාධිකරණයට නියම කල හැකි වේ. ස්ත්‍රී දූෂණ චෝදනාවක් මහාධිකරණයේ ඔප්පු කිරීමට නම් ඇයගේ කැමැත්ත රහිතව බලහත්කාරයෙන් සිදු වු ලිංගික සංසර්ගයක් ලෙසට සාක්ෂි මඟින් ඔප්පු කල යුතුය. ඒ සදහා බාහිර සාක්ෂි , වෛද්‍ය සාක්ෂි හා ඩී.ඇන්.ඒ සාක්ෂි වැනි දේ ලබා ගත හැකිය.
නීතීඥ මතය අනුව අන්තර්ජාලයට එකතු වී ඇතී අසභ්‍ය දර්ශන සහිත වීඩීයෝව අතිශයින් වැදගත් වන්නේ විත්තිකරුවන්ටයි.ඔවුන්ට මෙය අවශ්‍ය නම් විත්තියේ සාක්ෂි හැටියට නඩු විභාගයේදි ඉදිරිපත් කරමින් මෙය බලහත්කාරයෙන් සිදු නොවු ස්ත්‍රී දූෂණයක් ලෙස ඔප්පු කිරීමට යොදා ගත හැකිය.
මෙම වීඩියේ පටයේ සිටින තරුණිය ටියුෂන් ගුරුවරයාගේ සාපෙළ පන්තියේ ඉගෙනුම ලබන්නියකි. සාමාන්‍ය පෙළ විභාගයට මුල්වරට පෙනී සිටින්නේ නම් ඇය වයස 16-18 අතර පසුවන්නියක විය යුතුය.
නීතීඥ මතය අනුව ශ්‍රී ලංකාවේ
නීතියේ පවතින ලොකුම හිදැස වන්නේ බාලවයස්කාරයෙක් ලෙස අවුරුදු 16 ට අඩු තැනැත්තියක් හඳුන්වාදීමත් විවාහ වීම සඳහා වයස අවුරුදු 18 කට වැඩි ලෙස අර්ථකථනය කිරීමත්ය.
මෙමඟින් අවුරුදු 16-18 දක්වා ස්ත්‍රී දූෂණයකට ලක් වු තැනැත්තියකට යම් අසාධාරණයක් සිදු වන බව දක්වා ඇත.
මේ වනවිට ලැබෙන ආරංචි වලින් කියැවෙන්නේ මෙම සිසුවිය සහ අනෙක් සිසුවියන් සියල්ලන් රවටා ගැනීමට මෙම විවාහක ටියුෂන් ගුරුවරුන් යොදා තිබෙන උපාය වන්නේ තමන්ගේ දැන් කසාදයෙන් ඉවත්වී ඔවුන් විවාහ කරගන්නට කැමැත්තෙක් පසුවන බවකි.
මෙවැනි අවස්ථාවකදි ශ්‍රී ලංකාවේ නීතියේ රැකවරණයක් ඔවුන්ට ලැබෙන බව නීතීඥ මතයයි.
ඒ ආකාරයෙන් දූෂණය වූ තැනැත්තියක් එම පුරුෂයා සමඟ විවාහ වෙන තෙක් එම නඩුව අධීකරණයේ පවත්වා ගෙන යමින් ඇයට රැකවරණය ලබා දෙමින් නිසි වයස සම්පුර්ණ වූ පසු ඔහු හා විවාහ වීමෙන් පසු නීතීපති උපදෙස් අනුව එම නඩුව ඉල්ලා අස් කර ගැනීමේ හැකියාවක් තිබේ.
කෙසේ නමුත් ලංකාවේ නඩු විසඳීමේ ක්‍රමය අනුව ස්ත්‍රී දූෂණ චෝදනාවක් මෙලෙස විභාග කොට මහාධිකරණයෙන් අවසාන තීන්දුවක් ලබා දීමට අඩුම වශයෙන් අවුරුදු 10 ක්වත් ගත වනු ඇත.
සිද්ධියට අදාළ මුල් වාර්තාව
සිසුවියන් අපයෝජනය කළ මොණරාගල හෂාන් සර් සහ සුනෙත් සර් අත්අඩංගුවට
| උබ හිතන් ඉන්නෙ මෙතන නඩු අහල අරූව එල්ලුවම ඒ කෙල්ලන්ගෙ ජීවිතේ හරි යනව කියලාද? උබට ලොකු වෑරදීමක්.අනික කෙල්ලො උනාම දෑනගන්න ඕන පලවෙනි දේ තමයි , කොල්ලො වගේ සෙල්ලන් දාන්න බෑ කියන එක. එක තමා යතාර්තය... | 4 | POSITIVE |
ncpp_train_0182 |
බන්ධුල නානායක්කාරවසම් ගේය පද ලාවන්‍යය ‘රෑ ඉර පාන‘- නෙළුම් පොකුණේදී පැවති අයුරු
Pix By -Sajeewa Withanage
| වික්ටරයාණෙනි, ඔබ බෞද්ධයෙකු විය යුත්තේ කථාවෙන් නොව ක්‍රියාවෙනි...... කකුලුවා ඇදේට යන ගමන් තම දරුවන්ට කෙළින් යන්න කියන්න කලින්...ලෝකයාට මොනදේ කියන්නත් පෙර ඔබ, ඔබගේ ක්‍රියාවන් නිවැරදි කර ගන්න...... | 5 | POSITIVE |
ncpp_train_0183 |
හෙට (30) රාත්‍රී සිට ලබන සඳුදා (4) උදේ දක්වා දිවයිනටම බලපවත්වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව රජය නිකුත් කළ නවතම
නිවේදනයේ දැක්වේ.
නිවේදනය පහතින්
| ගෙදර ඉදන් ආගමික වතාවත් කරන්න තිබ්බා මොකක් හරි උත්තේජකයක් තිබ්බා නම්. මේ ගොන් ආණ්ඩුවට කවුද දන්නේ නැහැ කිව්වේ අරක්කු බිව්වම කොරෝනා හැදෙනවා කියලා. බොන එකාට බොන්න කියලා බාර් අරින්න ඕන. එහෙමත් බැරි නම් ඔන්ලයින් ඕඩර් කරන්න ඕන. නැතුව ආණ්ඩුවේ පක්කලි කම් කරන ප්‍රාදේශීය කුක්කෝ දාල බ්ලැක් මාකට් අරක්කු විකුනන්නේ නැතුව. මොකුත් බැරිනම් සුරාබදු දෙපාර්තමේන්තුවට සිල් සීල් තියන්න ඕන. | 6 | POSITIVE |
ncpp_train_0184 |
රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි කොළඹ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවෙක් අන්තර්ජාලය ඔස්සේ දැනහඳුනාගත් කාන්තාවක සමග කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් එය අහිමිව යාමෙන් උරණවී ඇයගේ අසභ්‍ය හැසිරීම් වීඩියෝ කොටස් ඇයගේ සැමියාට හා නැගණියට යවා කලබලයක් ඇති කළ පුවතක් වාර්තාවේ. වෛද්‍ය සිසුවා මීට කලකට ඉහත අන්තර්ජාලයේ සැරසරද්දී ෆෙස්බුක් ඔස්සේ මෙම කාන්තාව දැනකියාගෙන තිබෙන අතර ඇය අක්මීමන ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් විවාහක බවත් දැනගෙන ඇත. කෙසේ වෙතත් මෙම කාන්තාවගේ සැමියා විදේශගතව සිටින බව හා ඇය නැගණියක සමග නිවසේ සිටින බවටද තොරතුරු දැනගෙන තිබේ. මුලදී ‘චැට්‘ඇසුරක්වූ මෙය පසුව මුහුණට මුහුණ බලා කතාකරන ‘වීඩියෝ‘ ඇසුරක් බවට පෙරළී ඇති අතර සැමියා නැති පාළුවෙන් කාලය ගතකරමින් සිටි මෙම කාන්තාවට වරින්වර මොහු හා ඔන්ලයින් ඇසුර විනෝදයක් සපයා ඇත. ඇතැම් අවස්ථාවල වට්ස්ඇප් වීඩියෝ ඔස්සේ කථාබහ අතරතුර නිරුවත පෙන්වීමටද ඇය නොපැකිළ වූවාය.
මේ අතර ලොක්ඩවුන් ඉවත් කළ කාලයේ මේ දෙන්නාට මුණගැසීමටද ආසාවන් පහළවූ අතර ඇය සිටි ප්‍රදේශයට ගිය මෙම වෛද්‍ය සිසුවා තාවකාලිකව කුලියට ගත් කාමරවලදී අඹුසැමි ආකාරයේ ඇසුරුකම් පවත්වන්ටද අවස්ථාවන් සලසා ගෙන තිබුණි.නිවසේ සිටින නැගණියටද රට සිටින සැමියාටද හොරෙන් පහසුවෙන් නිවසින් පිටත්ව එන බව කියන මෙම කාන්තාව වෛද්‍ය සිසුවා සමග යහන් ගතවූවාය.මේ අතරවාරයේ තමන්ට මතකයේ තබාගැනීමට වටීවි යයි කියමින් ඔවුන් යහන්ගතවන දර්ශන කාමරයේ සිටුවා තැබූ ජංගම දුරකථනයෙන් විඩියෝ ලෙස පටිගත කරන්නටත් මෙම සිසුවා උනන්දුවී තිබෙන අතර කාන්තාව ඊට විරුද්ධත්වයක් දක්වා තිබී නැත.මේ අතර පසුගිය කාලයේ වෛද්‍ය සිසුවාට පාඩම් වැඩ වැඩිවී තිබෙන අතර ඔහු ඒ වෙනුවෙන් වෙහෙසවීම හා කාලය සීමාසහිතවීම නිසා මෙකී සම්බන්ධය දිගින් දිගටම කරගෙන යාමට වේලා ප්‍රශ්නයක් පැනනැගී ඇත. ඔහු තාවකාලිකව ඇය හා ඇසුර තරමක් ඈත් කර ඇත්තේ විභාගයෙන් පසුව යළි අමතන බවට ඇයට පොරොන්දුවෙමිනි. මේ අතර අනියම් වෛද්‍ය සිසු පෙම්වතා වෙනුවට වෙනත් පෙම්වතුන් ඇසුරට ගිය බව කියන මේ කාන්තාව ඔහුගේ අඩුව පුරවාගන්නට වෙනත් අයෙකු සොයාගෙන තිබේ.විභාග අවසන්වී විවේකය ලැබුණ පසු අනියම් පෙම නැවත පණගන්වන්නට සිතා කාන්තාව වෙත වෛද්‍ය සිසුවා කථා කර ඇත්තේ පසුගිය සතියේය. නමුත් ඒ වනවිට ඇයට මොහුට උත්තර දීම කෙරෙහි වැඩි උනන්දුවක් තිබී නැත. ඇය මොහුව දිගින් දිගට මගහැර තිබෙන අතර අමාරුවෙන් වෙනත් අංකයකින් ඇයව සම්බන්ධ කරගත් අවස්ථාවේ ඇය ඔහුට දන්වා ඇත්තේ ‘මට දැන් වෙන කෙනෙක් ඉන්නවා.. ඔයා එක්ක සම්බන්ධෙ ඕන නැහැ.. මට කතාකරන්න එපා..‘ යනුවෙනි.පැවැත්වූ අනියම් පෙම නවතා දැමීමෙන් කෝප වූ වෛද්‍ය සිසුවා ඇයට බැණවැදී ඇති අතර ‘එහෙම පුළුවන්ද ඔයාට කරන්න.. ඔයාට මතක නැද්ද අපි කරපුවා..‘ ලෙස විමසා ඇත.
‘ඔව්වා එච්චර දේවල් නෙමේ මල්ලි අද කාලෙ...ඔයා වෙන කෙනෙක් හොයාගන්න.. ඔයාගෙ වැඩක් බලාගන්න.. මට මීට පස්සෙ කරදර කරන්න එපා‘ යනුවෙන් පවසා දුරකථනය විසන්ධි කර තිබේ.තමාට ඇය හා තිබුණ සම්බන්ධය අහිමිවීම ගැන කම්පනයට පත්වූ වෛද්‍ය සිසුවාට ඇගෙන් පලිගැනීමේ චේතනාවක් පහළවී ඇත. ඒ අනුව ඇය හා සම්බන්ධය පවත්වන කාලයේ දැනගත් විදෙස්ගත සැමියාගේ ෆේස්බුක් ගිණුමටත් නැගණියගේ ෆෙස් බුක් ගිණුමටත් යොමුවූ වෛද්‍ය සිසුවා ඇය සමග එකට සිටියදී ලබාගත් ඇගේ අසභ්‍ය හැසිරීම් සහිත වීඩියෝ ක්ලිප් කිහිපයක් හා ඇය නිරුවතින් චැට් කළ අවස්ථාවල ලබාගත් ස්ක්‍රීන් ඡායාරූප කිහිපයක් සැමියා හා නැගණිය වෙත ෆේස් බුක් මැසෙන්ජර් හරහා යොමු කර තිබේ.ඒවා නරඹද්දී දෙන්නාම විස්මයට පත්ව ඇත.මේ දක්වා නොදැන සිටි රහසක් දැනගැනීම නිසා කාන්තාවගේ සැමියාත් සොයුරියත් උණුසුම් වන්නේ ඉන් අනතුරුවය.ඔවුන් එකී කාන්තාවගෙන් ඒ ගැන විමසා තිබෙන අතර පසුව ඇයට ඇත්ත කියන්නට සිදුව තිබේ. තම බිරියගේ අයථා හැසිරීම ගැන වික්ෂිප්තවූ විදෙස්ගත සැමියා ඇයට දුරකථනයෙන් කෝපයෙන් බැණවැදී තිබෙන අතර එම විවාහය පළුදු වන තැනට කටයුතු සිද්ධවෙමින් පැවතී ඇත. නැගණිය සමග තමන්ගේ ප්‍රශ්නය දීර්ඝ වශයෙන් කතාකළ කාන්තාව මෙම වීඩියෝ හා ඡායාරූප වලින් වෛද්‍ය සිසුවා ඉදිරියට කුමකින් කුමක් කරාවිද යන්න ගැන බියක් හටගත් නිසා සිද්ධිය පොලිසියට දන්වා සිටීමට තීරණය කළාය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂණයක් සිදු කළ අතර රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි කොළඹ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවාව අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු පාවිච්චි කරමින් සිටි දුරකථනය පොලිස්භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාවගේ නිරුවත් දර්ශන ගබඩා කර තිබියදී සොයා ගැනීමට හැකිව තිබූ බව පොලිසිය වාර්තා කළේය.තරුණයා පෙරේදා (28) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරි අතර ලබන නොවැම්බර් මස 02 වැනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
| උගත්කම රෙද්ද පල්ලෙන් බෙිරෙුනව. | 26 | POSITIVE |
ncpp_train_0185 |
වසර 16 ක් තිස්සේ රහසක්ව පැවති
බිඳවැටුණ විවාහය ගැන ලකී ඩයස් මුල්වරට කථා කරයි
කවුරුත් දන්නා සම්මානනීය නිළියක සමග විවාහවී සිටි ජනප්‍රිය නළු ලකී ඩයස් මුල්වරට සිය බිඳ වැටුණ විවාහ ජීවිතය ගැන අතීතාවර්ජනයක් සිදු කර තිබේ.
එම නිළියට දක්වන ගෞරවයක් හැටියට මේ ගැන සියලු කරුණු තමා මෙපමණ කල් වසන් කර සිටි බව කියා ඇති ඔහු ඇයගේ අනියම් ඇසුර හෙළිවීමෙන් පසු
ඇගෙන් ඈත්වූ බවත් පසුව එයින් අවුරුදු 10 කට පසු 2011දී ඇගෙන් දික්කසාදය ලබාගත්තේ ඇයට හානියක් නොවන්නට මාධ්‍යයෙන් පවා ඒ ගැන වසන් කරමින් බව හෙළි කර තිබේ.
පහත පළවන්නේ ඒ විස්තරයයි
--------------------------
කෙසේ වෙතත් සංක්ෂිප්තව ඔහුගේ මුලරම්භය සදහන් කළ යුතුය. කෝට්ටේ මුල් ගම් පළාත වන ලකී ඩයස් ගේ පියා වොලී ඩයස් වේ. ඔහු දුම්රිය ඉංජිනේරු වරයකි. ගම්පහ මුල් ගම පළාත කර ගත් ඔහුගේ මව නීටා විවාහයට පෙර ගුරුවරියකි. පවුලේ එකම දරුවා ලෙස ලකී ගේ සියළු දුක සැප උහුලමින් අදටද ඇය තම දරුවා සමග රැදී සිටින්නීය. ඔහුගේ පියා මේ වන විට වියෝවී වසර පහළොවකි. ආනන්ද විද්‍යාලය දෙවන දෙගුරුන් වෙමින් බෙහෙවින් සැපවත් පවුලකට හිමි කම් කියන ලකී ඩයස් ගේ කතාව එතැන් සිට අප ආරම්භ කරන්නෙමු.
තරුණ කාලේ ඉදලා කලාවට පැමිණි විදිහ මතක් කරමුද ?
මගේ පියාට අවශ්‍ය වුණේ මා නිතිඤයෙක් කරන්න. මේ කට නීතියට යෙදෙවුව නම් මිට වඩා හොද දෙයක්
වෙන්නත් තිබුණා.මගේ කුඩා කාලයේ සිටම සුවපහසු ජිවිතයක් මට දෙමව්පියෝ ලබලා දීලා තිබුණා. එත් මාව හැදුවේ දුකටසැපට සියල්ලට ඔරොත්තු දෙන විදියට. කුඩා කළ සිට මගේ මාමාට බෙහෙවින්ම මම සමීපයි. මාමාගේගේ අභාෂය ඒ ඇළුම් කම මට හොදින්ම ලැබුණා. පොඩි කාලේ මගේ ඉදුල් කට ගලා තියෙන්නේ මගේ මාමා.අම්මත් සංගීතයට දක්ෂ කෙනෙක්.
ඒ නිසා මමත් සංගීතයට බර වුණා. ඒ නිසාම සංගීතයෙන් ඉදිරියට යනකොට තාත්තා මට බැන්නා හැම වෙලේම ගිටාර් එකක් කරේ තියාගෙන යන එක හරි යන්නේ නැහැ කියලා . ඉන් පසුව ඔහුගේ සමීප මිතුරකු වූ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් හිටපු කතානායකගේ ප්‍රචාරණ ආයතනයක රැකියාවකට මාව අනුයුක්ත කළා. වෙළද දැන්වීම් ලබා දෙන්න ඔය කාලේ රුපවාහිනියට යනවා. ඔහොම යන එන ගමන් දවසක් පරාක්‍රම නිරිඇල්ල මාව දැකලා මට යශෝරාව යට කථා කළා . මෙලෝ දෙයක් නොදැන “බලදේව” වුණේ අන්න එහෙම. එතනින් පස්සේ ඒ වසරේම ජනප්‍රිය නළුවා වුණා දෙවැනි වසරේ ජනප්‍රිය සහ හොදම නළුවා වූණා.
එතකොට ඔබ විවාහ වන්නේ කලාවෙන් තැනකට ඇවිල්ලා ද ?
ඔව්. කලාවේ සැහෙන දුරක් ඇවිල්ලා.
ඔය කාලේ ආදර සබදතා එහෙම තියෙන්න ඇති නේද ?
ඔව් විවාහයට පෙර කොල්ල කාලේ සම්බන්දකම් කිහිපයක් තිබ්බා. ඒ කාලේ ආදර අද කාලේ ආදර වලට
වඩා සම්පුර්ණයෙන් වෙනස්. සංකර නැති, චපල නැති, සුන්දර ප්‍රේම කතාවල් තමයි . පාසල් ප්‍රේමය පාසල් ජීවිතයෙදිම බොදවුණා. ඊට පසුව හමු වූ පෙම්වතිය සමග ලස්සන ආදරයක් තිබ්බා. නමුත් ඇයගේ දෙමවුපියන් ඇයත් නොදැනුවත්ම විදෙස් ගතව සිටි කෙනෙක්ට විවාහයට ස්ථිර කළා. ඉතිං ඇයගේ විවාහය සමග ඒ ආදරෙත් නිමා වුණා. ඉන් පසුව තිබු ප්‍රේම සම්බන්දකම මම විවාහය සදහා හිටියේ. ඔය විවාහ වෙන්න අපේක්ෂිතව සිටින කාලේයි මට හෙනහුරා ලැබුවේ. මගේ විවාහක බිරිද එදා එයාගේ ප්‍රශ්න කියද්දී හඩා වැටෙද්දී මට ඇය ගැන දුකක් ආදරයක් ඇති වුණා. ඒ නිසා මම විවාහ වෙන්න ස්ථිරව සිටි පෙම්වතිය පවා ඇය නිසා අත හැරියා . අපේ වෙන් වීම දර ගන්න බැරුව ඒ ළමයා දුක් වින්දා. ඒ අහිංසක කෙල්ල කොච්චර දුක් වින්දද කිවුවොත් කාලයාගේ ඇවෑමෙන් ඇය අසනීප වෙලා අකාලේ මිය ගියා. ඒක මටත් අද වෙනකල් දරා ගන්න බැහැ.
ඔය විවාහය සිදුවුණේ ඔබේ පවුලේ අයගේ කැමැත්තෙන්ද ?
නැහැ .මගේ දෙමවුපියන් නෑදෑයින් යාළුවන් සියල්ලනම එපා කියද්දී මම ඒ සියළු දෙනා හැරදමා ඇයව
බිරිද කර ගත්තා. මම පවුලේ එකම දරුවා නිසා දෙමවුපියන්ට මාව අත හරින්න බැරි වුණා. නමුත් ඔවුන් කවදාවත් අපිට වෙනස් කමක් පෙන්නුවෙත් නැහැ. මම ඇයගේ පවුලේ සියළු දෙනාට මගේ අය වගේ සැලකුවේ එත් ඇය මගේ දෙමවුපියන්ට අඩුම තරමින් අම්මා තාත්තා කියලවත් කතා කරලා නැහැ. ඇය ඔවුන්ව ආමන්ත්‍රණය කලේ ඇන්ටි අන්කල් කියලා .සියළු දේවල් යටපත් කරගෙන ප්‍රශ්න වහගෙන ගැටළු ඇති නොවන්න මම ජිවිතේ ගැට ගහන්න උත්සහ කළා. ඇයට ජිවිතේ නැතිවුණා සියල්ල ලබා දෙන්නත් ගෞරවාන්විත ජිවිතයක් දෙන්නයි මට අවශ්‍ය වුණේ. කවුරු මොනවා කිවුවත් අතීතය, අතීතයට බාර දීලා පටන් ගත් අළුත් ජිවිතේ පටන් ගත්ත දවසේ ඉදලා නැවුම්ව ගලප ගන්න මට අවශ්‍ය වුණා.
ශ්‍රී ලාංකීය සිනමාව ගැන විමසුමේදී ඒ කාලය සැබෑවකි. ලකී ඇයව විවාහ කර ගන්නා කාලයේදීඇයට චිත්‍රපට නොලැබුණු කාලයකි. ඇයගේ පැවැත්ම ජනප්‍රියත්වය රැදවීමට ඔහු පියවරක් ගත්තේය. ඒචිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරමිනි . අහිංසා, පාරදිසේ,සත්‍යා , සදමඩල, අන්තිම රැය එමනිෂ්පාදිත චිත්‍රපට අතර ප්‍රධාන වේ.ඔහුගේ කතාවෙන් තේරුම් යන තව කරුණක් වන්නේ සිය විවාහක බිරිද අරපිරිමැස්සමක් නොවූ බවය. එමෙන්ම ඇයට ඔහුගේ උපන් දිනයක් මතක් වුයේ ද නැත. ” මට අඩුම තරමින් උපන්දිනයකට ලේන්සුවක් වත් දීලා නැහැ” එහෙම කල ඇය අසනීපයකදී ඔබ ලග කෙසේ සිටියේද යන්න අසන්නට යුක්ත වුයේ නැත. දන්නා පමණින් ලකීගේ විවාහක බිරිද සැබවින්ම සුන්දරය. ඇය පසුකාලීනව පවා අසනීප වෙද්දී මිනිසුන් හෙන ඉල්ලුවේ ලකීටය. ඔහු අහිංසක ඇයට අපරාධයක් කලා සේ බොහෝ දෙනා ඔහුට චෝදනා කරති.
ඇය ගැන පළමු වරට කියවෙන මේ දේවල් සත්‍යද යන්න මගේ හිතේ නැගෙද්දී ඔහුට එය තෙරුනාක් මෙන් ” පුදුමහිතෙනවා ඇති නේද මේ කියන කථා වලට ලකී බොරු කියනවද කියලා. මිනිස්සු දන්නවා මම බොරු කියන්නේ නැහැ කියලා. හෙන ගහන්න ඕන මේවා බොරු නම්. ඇය ගැන දන්නේ මිට කලින් ඇය කසාද බැන්ද සිටි ඇය සමග සම්බන්දකම් පැවැත්වූ 2 යි තවත් ඇයගේ පවුලේ දෙතුන් දෙනෙක් විතරම වෙන්න ඇති “
කොහොම වුණත් කියවෙන්නේ ඔබ ඇය නිසා ඔබේ තැන හදා ගත්තා කියන එක ?
නැහැ.ඇය එක්ක විවාහ වෙනකොට මට අමුතුවෙන් හදා ගන්න තැනක තිබ්බේ නැහැ. මම කසාද බදිනකොට
ලංකාවේ ජනප්‍රියම නළුවා වගේම දක්ෂ නළුවා විදියට සම්මානයෙන් පිදුම් ලැබූ නළුවෙක්. එයාව
ආශ්‍රය කල අනිත් අය නම් ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. මම හම්බ කල සියල්ල ඇයගේ සුභ සිද්දියට යෙදවූවා . ඇය මට වඩා වයසින් වැඩිමල්. ඒ තුල ඇය ගේ ජ්‍යෙෂ්ඨ බව ට ඇය ජිවිතයේ ලබා ඇති අත්දැකීම් සියල්ල ගත්තහම මම හිතුවා කෙදිනක හෝ මට ඇය මවක්
හා සමාන වෙයි කියලා. අඩු තරමේ හොදම යෙහෙලියක් වත් වෙයි කියලා හිතුවා . ඒ ගෞරවය නිසා ඇය
මොනවා කළත් ඇයට බයින්න, ඇයගෙන් දෙයක් අහන්න, වගේම උස් හඩින් වචනයක් වත් කියන්න මට හිත
දුන්නේ නැහැ.
විවාහයේ සතුට වැඩි කාලයක් තිබ්බේ නැත්ද ?
වසර දෙකක් පමණ සතුට තියෙන්න ඇති. කලාවෙන් ජිවිතේ දියුණුවක් ලබන්න අමාරු නිසා මට අවශ්‍ය වුණා
ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එහෙම ජිවිතේ දියුණු කර ගන්න සැලසුම් කරනකොට ඇය ඒවා ගැන කිසිදු උනන්දුවක් දැක්වුයේ නැහැ. අපේ ගෙදර ඇයට බෝඩිමක් වගේ වුණා. ගෙදර කිසිම දෙයක් සෙවුවේ නැහැ. යන එන වෙලාවක් කියන්නේ නැහැ . මම සැමියා විදියට හිතුවා කමක් නැහැ මේවා මගේ රාජකාරි කියලා මම සේරම කලා ඇයට කිසිම බරක් දුන්නේ නැහැ.එයා උදේට ගියාම ගෙදර ආවම කනවද කියලා අහලා කන්නේ නැත්නම් කෑම ටික ශීතකරණයට දැම්මෙත් මම. ගෙදරින් කන්නෙත් නැහැ.
එයා හරිම පිරිසිදු කෙනෙක් නමුත් රැට ආව ගමන් නිදා ගත්තා. පස්සේ මට තේරුණේ ඇයගේ රහස් පෙම්වතා සමග කාලා බිලා විනෝද වෙලා ගෙදර එන්නේ නිදා ගන්න විතරයි කියලා . ඔහොම තමයි ප්‍රශ්න පටන් ගත්තේ. ඔය අතරේ එක එක්කෙනාගෙන මට විවිද කථා කියන්න ගත්තා.එක එක තැන් වල යනවා එනවා ඉන්නවා කියලා. මුලදී මම ලජ්ජා වුනා ඒවා පසුපස හබා යන්න. එත් පසුව මම මේවා සොයන්න ගත්තා. මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා. එක මට අදහා ගන්න බැරි වුණා මෙහෙම කෙනෙක් එක්ක ද ඇය ආශ්‍රය කරන්නේ කියලා.නමුත් කිසිවක් මම අයගෙන් ඇහුවේ නැහැ. ඇය හැම වෙලාම රණ්ඩු වුණා.එයාට ඕන වුණේ රණ්ඩුවක් පටලවාගෙන යන්න. එත් මම එහෙම වෙන්න ඉඩ තිබ්බේ නැහැ.
පිරිමියෙක්ට ඔහොම බලන් ඉන්න පුළුවන්ද ?
ඇය මිට කලින් සම්බන්දකම් පැවැත්වූ මිනිසුන් නම් ඇයගේ මුහුණ නිල් වෙන්න ගුටි දීපු බව මම දන්නවා . මට ඒ තත්වෙට වැටෙන්න කිසිම ඕනෑකමක් නැහැ . මම මගේ ගේ ඇතුලෙම සිරකරුවෙක් බවට පත් වුනා . කෑ ගහන්න බැහැ හයියෙන් එහා පැත්තේ එක ගේක අම්මලා අනිකේ පැත්තේ සහෝදර රන්ගන ශිල්පිනියක්. එත් තත්වය දරුණු වෙමින් සීමාවක් ඉක්ම යනකොට මම කිවුවා මාව මිනිමරුවෙක් නොකර යන්න කියලා . කියූ සැණින් ඇය පිටත් වුණා.ඇයට අවශය වුණේ ඒ වචනේ මම කියනකල් . පසුව මම අයගේ සියළුම බඩු භාණ්ඩ ලොරි දෙකකින් එවකට එයා සොයාගෙන සිටි අලුත්ම පෙම්වතා සමග සිටි නිවසට පිටත් කළා.
මේ කතාවත් එක්ක ඔහු බෙහෙවින්ම හැගීම් බර වන නිසා කතාව වෙනතකට යොමු කරීමට “ඔබේ විවාහකබිරිදගේ කෑම රසයිද” ?
ඇය විවාහ වුණු මුල් දින දෙක තුනක් ඉවුවා ඔව් ඇයට රසට උයන්න පුළුවන්.
ඔබ ඇයට අදටත් ආදරෙයිද ?
පිස්සුද ? මගේ ජිවිතේ විනාශ කල කෙනෙක්ට කොහොමද ආදරේ කරන්න. නමුත් අසීමිතව ආදරේ කළා සියල්ල කැප කළා. අයගේ ගවුරවය වෙනුවෙන් මම ඇයව විවාහ කර ගත්තා.
ඇයට කසිදු අයුරයකින් අපහාසයක් වනවාට ඔහු අදටත් කැමති නැත. ඒ නිසා අදටද වෙනත් පෙදෙසකට
ගිය විට කිසිවෙකු ඇය පිලිබදව ඔහුගෙන් විමසු විට “ඇය ගෙදර ” යනුවෙන් පවසා කතාව මග හරින්නට ඔහු උත්සහ කරයි.එසේ ලෝකයට මේ කතාව නොපෙන්වන්නේ ද ඇය වෙනුවෙනි. මේ නිසාම ඔවුන් දික්කසාද බව අදටද ලොවට රහසකි. ඔහු දික්කසාද වන්නේ ඔවුන් එකිනෙකාගෙන් වෙන්වී වසර 10 ක් අවසන් වූ පසුවය. ඒ දැනට වසර 6 කට පමණ පෙරදීය. දික්කසදයකද ඉතාමත් රහසිගතව නිතියනුකුලව ඉටු කර ගැනීමට ඔහු වග බලා ගත්තේය.
මොකද්ද ඔබ දික්කසාදය සදහා යොමු කළ හේතුව ?
ඒ පැණයට ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැත. “දික්කසාදය රහසිගතව කළේ මම කැමති වුනේ නැහැ එයාට
උසාවියෙදී හෝ අපහාසයක් වෙනවට”. තම විවාහක බිරිදගේ ගවුරවය වෙනුවෙන් ඔහු තමන්ට කියන කථා දරාගෙන ගුප්ත වුයේය. එමෙන්ම මෙතනින් පසුද නැවත මේ කථාව ඔහු කතා
නොකරනු ඇත. ඔහු කෙතරම් පැවසුවත් ඔහු තම ජීවිතය කොට ගෙන දේවත්වයෙන් සලකු ඒ විවාහයට තවමත් පෙම් බදින බවක් මේ කතාවෙන් මට වැටහිණි. මෙලෙස කැපකිරීම කළ හැකි මිනිසුන් සිටින්නේ වත්මන් සමාජයේ ඉතාමත් අතලොස්සකි.
වෙනත් නිලියක් සමග ඔබට සම්බන්දකමක් ඇති බවටත් ඔබේ විවාහක බිරිදත් සමග මුදල් ප්‍රශ්ණයක් තිබූ බවටත් කියවුණු කථා ගැන මොකද කියන්නේ ?
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනම් තමයි.නමුත් මිනිස්සුන්ගේ කට වල් තමයි “දුම” . ඔය කියමන මගේ කතාවේදී නම් බොරු කරනවා. ඔය නිළිය වගේම ඇයගේ සැමියත් මගේ හොද මිතුරන්. ඒ නිළිය සමග තියෙන සම්බන්දකම කොච්චර ප්‍රචාරය කරන්න හැදුවත් දැන් මේ රටේ මිනිස්සු ඒ කතාව බොරුවක් කියලා පිළිඅරන් ඉවරයි . මුදල් සම්බන්දව කියුවොත් මම ලග තිබු සියලු දේවල් ඇයට දුන්න මිසක් ඇයගෙන් මම කිසිවක් අරන් නැහැ. මම කලින් කිවුව වගේ අඩුම තරමේ මට ඇයගෙන් හරි හමන් තෑග්ගක් වත් ලැබිලා නැහැ.
නැවත විවාහ වෙන්න හිතුණේ නැත්තේ ඇයි ?
විවාහ යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණත් කිසිවකට හිත දුන්නේ නැහැ. පසුකාලීනව මගේ අම්මා නම් මගේ විවාහය හිතින් ඉවත් කර ගත්තා. මම උපරිමයෙන්ම ආදරේ කළා. මගේ සියළු කැප කිරීම් කරලා නෑදෑයින් යාළුවන් දෙමවුපියන් පවා අත හැරලා ඇයට අසීමිතව ආදරේ කලා. ඇයට ජිවිතයක් දෙන්න ඇයව විවාහ කර ගත්තා . මගේ විවාහය අසාර්ථක වෙමින් ඇය මා සමග රණ්ඩු වෙද්දී මහේ අහිංසක තාත්තා ඒවා දැකලා එයින් අසනීප වුණා. ඔහුට හර්දයාභාදයක් පවා වැලදුනා. ඒහෙම ජීවිතය අවුල් කර ගත්ත මම අද හම්බ වෙන කෙල්ලෙක් ගැන කොහොමද විස්වාස කරන්නේ.
අද ඔබට දරුවෙක් හිටියනම් මේ ප්‍රශ්ණය වෙනස් වෙයි කියලා හිතන්නේ නැත්ද ?
ඒ වාසනාව මට දුන්නේත් නැහැ. දරුවෙක් හදන්නත් ඇය කැමති වුනේ නැහැ. දරුවෙක් හිටියනම් මන් මෙහෙම දුක් වෙන්නේ නැහැ. මායි ජීවන් කුමාරතුංගයි කසාද බැන්දේ එකම සතියේ . දරුවෙක් හිටියනම්
ජීවන්ගේ ළමයින් ගේ වයසේ තමයි මගේ දරුවත් කියලා හැම වෙලේම හිතෙනවා. නමුත් සියල්ල සිදු වෙන්නේ කර්මයට සහ ධර්මය අනුව. මන් දොහොත් මුදුන් තියා කසාද බැන්දේ එයාගෙත් මගෙත් ජිවිතේ ආලෝක කර ගන්න. වෙන්න තියෙන දේ කර්මයට අනුව වලක්වන්න බැහැ. අපි ගෙනාව පවු පිං අනුව ජිවිතේ දේවල් සිදු වෙනවා. ඒ දේවල් එහෙම ඉවර වුණා තව දුරටත් නිහඩව ඉන්න එකත් තේරුමක් නැහැ කියලා හිතලයි මම මේ දේවල් කිවුවේත්. මොකද මේ රටේ මට ආදරය කරන අය මගේ විවාහය ගැන සත්‍ය දැන ගත යුතු නිසා
ඔබෙන් ඇයට අඩුපාඩුවක් සිදු නොවුණා කියලා විශ්වාසද ?
මම කර ගත්ත ලොකුම වැරැද්ද තමයි මම ඇයට දුන් අසීමිතව නිදහස. යන එන තැනක් ගැනවත් සොයා බැලුවේ නැහැ. මොකද ඇය කොහේ ගියත් එයාගේ ජනප්‍රියත්වය නිසාම ඇය සුරක්ෂිතයි කියලා මම දන්නවා. අනික් පැත්තෙන් පිරිමියෙක් හැටියට මට ලැජ්ජයි ඔයා කොහෙද කාත් එක්කද කියාලා නිතරම අහන්නත්. මම පුළුවන් තරම් ආදරේ කලා. ඒ වගේම ඇයට ඉන්න නිවසක් වාහනයක් වගේම මම උපයපු මුදල්සියල්ල ඇය වෙනුවෙන් කැප කළා.
කියන වචනයක් පාසා ඔහු අදටත් හැගුම් බරය. බුර බුරා නැගෙන මේ සංවේදී බව ඔහු මුහුණින් සගවන්නට උත්සහ කළත් ඔහු ඇතුළතින් මහමෙරකට හඩනවා විය යුතුය. අප දකින ඒ ලකීගේ පවුරුශය මදකට මෙකි දේවල් කතා කරද්දී ගිලිහෙමින් දෙනෙතෙහි සැගවුණු කදුලක් එකී සංවේදී බව මානව පසක් කරලුවේය.
විවාහයත් සමග ඔබ අද කලකිරිලද?
ඔව්. විවාහය නිසා කලකිරෙනවා හැර වෙනත් මගේ ජිවිතේදී මට කලකිරෙන්න කිසි දෙයක් නැහැ. මේ රටේ මිනිස්සු මට පුදුම විදිහට ආදරෙයි.ඒවගේම මට ගරු කරනවා. අදරණිය සැමියෙක් පියෙක් වෙන්න තිබ්බ ඒ දේ ඇය මට නැති කලා කියන කටුක හැගීම මට තියෙනවා. මොකද මම නිවන් දැකලා නැහැනේ . මාත් පපුවට වේදනාවක් දැනෙන, ඇහැට කදුලක් එන, තමන්ගේ බිරිද වෙන කෙනෙක් එක්ක යනකොට බලාගෙන ඉන්න නොහැකි , සංවේදී මනුස්සයෙක් “.
ලකී හිස් තැනක් වූ අද මෙතනට ආ යුතු ඔහුගේ බිරිදගේ නමේ එම කථාවේ තවත් බොහෝ තැන් ඇත. පුද්ගලික ජිවිතයක් ඕනවට වඩා උලුප්පා එය විකිණීම අපගේ මාධ්‍ය සම්ප්‍රදාය නොවන නිසා ඔවුන්ට වගවූ ඔබට අවශ්‍ය තොරතුරු කිහිපයක් එලෙස අප ගෙන ආවෙමු. කෙසේ වෙතත් සැබවින්ම සුන්දර ආදරයක, කැපවීම්, විරහව ආදී ලෙසින් සියලු මිනිස් හැගීම් සබදතා අරෝපිතව දෝලනය වූ මෙය චිත්‍රපටකට කිසිවකු හෝ නැගිය හැකි නම් එය අමරණිය නිර්මාණයක් වනු නොඅනුමානය.ඒ ඔවුන්ගේ ජිවිත වල පවතින වටිනාකම් නිසාවෙනි. කිසියම්වූ විශ්වාසයක් පදනම් කර ගනිමින් ලියවෙන මේ කතාවෙන් අපට කිසිවකුට මඩක් ගසන්නට හෝ කිසිවකුගේ පුද්ගලික ජිවිතයක් සමාජයට උද්දීපනය කර දී මේ ගුණ අගුණ අනවශ්‍ය මාතෘකාවක් කර දීමට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ සත්‍ය නිරාවරණය කර දීමට පමණි. එම නිසා මේ කතාව දිගුවක් නොකරගෙන මුල් සහ අවසන් වරට මෙසේ මෙම සටහන අවසන් කරන්නෙමු.
සටහන : අශන්ති වරුණසුරිය (ඉරුදින පුවත්පත)
| අයියෝ අබාරන්! | 3 | POSITIVE |
ncpp_train_0186 |
නංගීගේ පෙම්වතාටතරවටු කරන්න ගිය අයියා
දෙන්නවම මරාගෙන
පසුගිය ජූලි මාසයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පාසල් සිසුවියක දුම්රියක හැපී මියයාමත් ඉන්පසු එම සිද්ධිය අවස්ථාවේ ඇය සමග සිටි පෙම්වතා කියන තරුණයා ළිඳකට පැන දිවිනසාගැනීමේ සිද්ධියකුත් වාර්තාවී තිබුණි. එම සිද්ධියට මැදිවූ සිසුවියගේ අයියා කෙනෙකු කියා තිබුනේ තමා දුම්රියේ පැමිණෙන විට නැගණිය රේල් පාර අසල පෙම්වතෙකු හා කථාකරනු දැක වහා ඊළග දුම්රිය ස්ථානයෙන් බැස නංගී වෙතට එද්දී නංගීව පෙම්වතා දුම්රියට තල්ලු කරනු දුටු බවයි.
සාමාන්‍ය පෙළ විභාගයට මේ වසරේ පෙනී සිටින්නට නියමිතව සිටි නිමේෂා නමැති මෙම සිසුවිය දෙමාපියන් හෝ කිසිවෙකු නොදැන පවත්වාගෙන ගිය පෙම් සබඳතාවය මේ ආකාරයට පුපුරායාමේ මෙකී කතාවේ සැකමුසු තැන් රැසක්
පැවති අතර සිද්ධිය ගැන පොලිසිය පරීක්ෂණ පවත්වද්දී මෙම මරණ දෙක සිදුවූ ආකාරය වෙනස් මුහුණුවරකින් හඳුනාගන්නට ලැබී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය නිමේෂාගේ සොයුරා තිලක් මුලින් පොලිසියට මෙසේ කියා තිබුණි.
“මම නුවර ඉඳලා එන කෝච්චියේ ආවේ. කෝච්චියේ එද්දී මම දැක්කා ස්ටේෂන් එකට ටිකක් එහා තැනකදී කොල්ලෙක් මගේ නංගිට ගහනවා. මම කෝච්චිය නවත්තපු ගමන් බැහැලා ඒ පැත්තට යද්දී ඒ කොල්ලා නංගිව අනිත් පැත්තෙන් ආපු කෝච්චියට තල්ලු කළා”
සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය රියදුරු මෙසේ කියා තිබුණි.
“හැමදාම ඔය වෙලාවට පන්තිවලට යන ළමයි රේල් පාරේ ඔය හරියේ යන නිසා කොහොමටත් ටිකක් හෙමින් තමයි කෝච්චිය අරගෙන ආවේ. අපි ඉස්සරහට එද්දී මගේ සහායක රියැදුරු මට පෙන්නුවා පිරිමි ළමයෙක් තව පිරිමි ළමයකුයි, ගැහැනු ළමයකුයි අත් දෙකෙන් අල්ලගෙන රේල් පාර
අයිනෙන් ඉස්සරහට ආපු හැටි. ඒක ඒ අයගේ ප්‍රශ්නයක් වෙන්න ඇතිනේ කියලා අපි වැඩිය හිතන්න ගියේනැහැ. විනාඩියක් යන්නත් කලින් අපි දැක්කා ඒ ගැහැනු ළමයා අපේ කෝච්චිය පැත්තට පාර අයිනෙන්
දුවගෙන එනවා අපි හිතුවේ ඒ ළමයා කෝච්චියට නගින්න දුවගෙන එනවා කියලා. එහෙම හිතලා වේගෙ ටිකක් අඩු කළා. වේගේ අඩුකරගෙන එද්දීම වගේ මගේ සහායක රියැදුරු කිව්වා ‘දැන් වැඩක් නැහැ
වගේ’ කියලා. අපි කෝච්චිය නතර කළා. ඒ වෙද්දිත් ඒ ළමයා නැති වෙලා.”
නිමේෂාගේ සොයුරා තිලක් සහ රියදුරාගේ කතා දෙක අතර පරස්පරයක් තිබුණි. ඒ නිසා පොලිසිය තිලක්ව නැවත ප්‍රශ්න කරන ලද අතර ඔහු එවර කතාව වෙනස් කර කීවේය.
“මම කෝච්චියේ එද්දී නංගි පිරිමි ළමයෙක් එක්ක ඉන්නවා දැකපු නිසා මම ස්ටේෂන් එකෙන් බැහැලා නංගි හිටපු පැත්තට ඇවිදගෙන ගියා. එතකොට නංගි මාව දැකලා දිව්වා. ඒ දුවද්දී කෝච්චියට අහුවුණා. නංගිත් එක්ක හිටපු පිරිමි ළමයා නංගිව කෝච්චියට තල්ලු කළා කියලා මම මුලින්ම කිව්වේ බයට.”
මෙම සිද්ධියෙන් දින දෙකකට පසු නිමේෂාගේ පෙම්වතා බව කියන සංකල්ප නමැති තරුණයා ඔහුගේ නිවස අසළ පාළු නාන ළිඳකට පැන මියගොස් තිබියදී හමු විය.ඔහුගේ සෙරෙප්පු දෙක ළිඳ අසළ තිබුණ අතර සිරුර කබරයන්ගේ ගොදුරක් බවට පත්ව තිබුණි.ඒ දක්වා අතුරුදන්ව සිටි මේ තරුණයා ගැන නිවැසියන් දින දෙකක් තිස්සේ සොයා තිබූ බවද වාර්තා වී තිබුණි. ඒ අනුව ඔහුගේ මරණය නිමේෂා දුම්රියට හසුවූ දිනයේම සිදුවන්නට ඇති බවට පරීක්ෂණ වාර්තාද ලැබුණි.
මෙම දෙදෙනාගේ මරණ අතර සම්බන්ධය පොලිසියට සොයාගන්නට කාලයක් ගතවිය. පසුගිය කාලයේ දුරකථන වාර්තා ඇසුරෙන් සංකල්ප ගැන තොරතුරු සොයා යාමේදී සිද්ධියවූ දවසේ ඔහු අනතුර සිදුවූ ස්ථානයෙන් පිටත්ව නැවත ළිඳ ළගට ආ බවක්ද වාර්තා විය.
පරස්පර කතාබහක් සිදු කළ නිමේෂාගේ සොයුරා තිලක්ද අදාළ ස්ථාන වලට ගොස් නැවත සංකල්ප මියගොස් සිටි තැනට ඇවිත් ගොස් ඇත.
ඒ අනුව තිලක් සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.
තමා සංකල්පව ඝාතනය කර ළිඳට දැමූ හැටි ගැන භයංකර විස්තරය ඔහු ඒ අවස්ථාවේ පොලිසිය හමුවේ වමාරා ඇත.
සිද්ධිය වූ දිනයේ තමා දුම්රියේ පැමිණෙද්දී නිමේෂා දුම්රිය ස්ථානයට ටිකක් මෙහාට වන්නට ස්ථානයක පිරිමි ළමයෙකු අතින් අල්ලාගෙන ඇවිද එන හැටි දුටු බවත් නැගණිය කිසිවෙකු සමග හොරෙන් සම්බන්ධයක් පවත්වන ආකාරය දැක කෝපයක් ඇතිවූ නිසා වහා දුම්රිය ස්ථානයෙන් බැස්ස විගස නැගණිය සිටින තැනට දිව ඇවිත් දෙදෙනාට තරවටු කරන්නට උත්සාහ කළ බවත් තිලක් පවසා ඇත.
නිවසේ ලජ්ජාවට බයට හැදී වැඩුණ නිමේෂා සොයුරන්ට අධික බියක් දක්වන බව වාර්තාවන අතර පෙම්වතා සමග ඇය සිටින දර්ශනය සොයුරාට හසුවීමේ බියට එක්වරම තැති ගෙන දිවගොස් තිබේ. එම අවස්ථාවේ දුම්රියක්ද ගමන් කරමින් පැමිණ තිබෙන අතර අනපේක්ෂිත ලෙස ඇය දුම්රියට පැන තිබේ.මේ සිද්ධියෙන් ඇය එතැනම මියගොස් තිබේ. තිලක්ගේ ග්‍රහණයට හසුවූ සංකල්පද එම අවස්ථාවේ අත ගසා දමා එතැනින් ඉවත්ව පැනගොස් ඇත.
පසුව සංකල්ප ඒ ආසන්න අම්බලන්ගොඩ බස් නැවතුම්පළට ගොස් බටපොළ බස් රථයේ නැගගෙන ඇත්තේ නිවසට යාමටය.
සිද්ධිය වූ ස්ථානයේ නංගීගේ මළ සිරුර තිබියදී තම නංගී මැරෙන්නට මුල්වූ තරුණයා සොයාගෙන තිලක් තවත් මිතුරෙකුද සමග බස් නැවතුම්පොළේ බස් රථ පීරා ඇත්තේ මේ අතරේදීය. අවසානයේ බටපොළ බස් රථයේ සංකල්ප සිටිනු දැක මිතුරා සමග තිලක්ද එම බස් රථයට නැග ඇති මුත් ප්‍රසිද්ධියේ කලබලයක් කර නැත.
පසුව බටපොළ කිට්ටුවෙද්දී සංකල්ප ළගට ගොස් ඇති තිලක් ඔහුට බහින්නැයි බල කර තිබේ.බියට පත්ව සිටි සංකල්ප බසයෙන් බැස ඇති අතර පසුව ත්‍රී රෝද රියකින් තිලක් සහ මිතුරාගේ ග්‍රහණයට නතුව කැලෑබද ස්ථානයකට ගොස් තිබේ. ඔවුන් පාළු පාරක් දිගේ ඇවිද ගොස් ඇත්තේ එයින් අනතුරුවයි. කැලෑවේ පාළුවට ගිය නාන ළිඳක් ළඟ සංකල්පව නතර කරවූ තිලක් ‘උඹ නිසා තමයි යකෝ නංගි මැරුනේ.මං උඹවත් ඒ ලෝකෙටම යවනවා‘ කියා ඔහුව වතුරේ ගිල්වා මරා දමා තිබේ.
එයින් පසු කිසිවක් සිදු නොවූ ගාණට අම්බලන්ගොඩ ගිය තිලක් නැගණියගේ අවසන් කටයුතු සඳහාද සහභාගීවූ අතර දින දෙකකට පසු නැගණීයගේ පෙම්වතාගේ සිරුර හමුවූ අවස්ථාවේ සංකල්ප දිවිනසාගන්නට ඇතිය යන මතය දන්නා කියන අයට හා පොලිසියට ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් මාස දෙකකට පමණ පසු යටගිය සිද්ධියේ සුලමුල සොයාගන්නට මීටියාගොඩ පොලිසියට හැකියාව ලැබුණි.
සංකල්ප ඝාතනය කළ බවට වරද පිළිගත් තිලක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.
| ලාල්ගේ නන්ගිත් එක්ක සෙට් උනා කියලා..ඊලගට මට ඔය ගමන යන්න වෙයිද දන්නෙ නෑ..බන්දු, අල්ලපු ගෙදර එකා පොඩ්ඩක් ලාල්ට වටහලා දුන්න නම් හොදයි අපේ අකලoක ප්‍රේමය ගැන | 21 | POSITIVE |
ncpp_train_0187 |
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් අරලිය ගහ මන්දිරය ආසන්නයේ කඳවුරු බැඳගෙන සිටින විරෝධතාකරුවන්ට බාධා වන අයුරින් මහ හඬින් පිරිත් දමා තිබීම පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ දැඩි විරෝධය පළ කළහ. කොළඹදී පැවති සර්ව ආගමික නායකයින්ගේ මාධ්‍ය හමුවකදී උන් වහන්සේ ප්‍රකාශ කළේ, මෙය පිරිත් අවභාවිත කිරීමක් බව ය.“අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විශාල පිරිසක් ඒකරාශී වෙලා කඳවුරු බැඳගෙන ඉන්නවා අගමැතිවරයාට ගෙදර යන්න කියල. ඔවුන්ට බාධා කරන්න අද පාර දිගේ දෙපැත්තෙ පේව්මන්ට්වල බස් නවත්තලා, ඒ වගේ ම පිරිත අවභාවිතයට පත් කරලා තියෙනවා. ඒක විශේෂයෙන් අපි සඳහන් කරන්න නේ. මෙතෙක් කාලයක් අරලිය ගහ මන්දිරයෙන් කොළඹට නෑසුණු පිරිත්, දැන් විශේෂයෙන් පිරිත බාධාවක් බවට පත් කරලා අප්‍රසන්න කරලා ඒක ආයුධයක් බවට පත් කරලා තියෙන එක ගැන මහා සංඝ රත්නයේ විරෝධය ජාතිය ඉදිරියේ තබන්නට බලාපොරොත්තු වෙනවා.”
| මේ උන්නාන්සෙ ඇතුලුව නානසෑරල, හිටපු සහ ඉන්න සොභිතල රතනල ඔක්කොම කරන්නේ සිවුර අවභාවිත කරන එක. අනුන්ගෙ මගුලක් කතා කරන්නෙ නැතුව තමුනුත් සිවුර ගලවල දේශපාලනේ කරා නම් ශාසනේට ලොකු සේවයක් වෙනව | -16 | NEGATIVE |
ncpp_train_0188 |
මයිනාගෝගම අරගල භුමියේ සිටි පිරිස සමඟින් එක් වු කාන්තාවක එහි සිටි සියලුදෙනා අමතමින් මෙලෙස කතාවක් ඉදිරිපත් කර තිබුණි."මෙතන ඉන්න බහුතරයක් පිරිමි පාර්ශවනේ.. හැබැයි අපේ ලංකාවේ 54% ක් ඉන්නේ කාන්තාවෝ.. මතක තියාගන්න ගැනුන්ට තමයි මෙකේ වැඩිම දුක දැනෙන්නේ.. ඒ ගෑණු ටික එළියට බැස්ස දවසට මහින්ද රාජපක්ෂයට නෙමෙයි, එක රාජපක්ෂ කෙනෙක්ටවත් ඉන්න හම්බ වෙන්නේ නැහැ..
මෙතන ඉන්න කාන්තාවෝ කිහිපදෙනාට මම ගරු කරනවා.. අපිට තමයි මේ වේදනාව හොඳටම දැනෙන්නේ.. අපේ දරුවන්ට හරියට තුන්වේල කන්න දෙන්න බැරිවෙලා තියනවා අද..මම සියළු කාන්තාවන්ට කියනවා පාරට බහින්න.. අපේ ශක්තිය වැඩියි.. ගෑනුටික පාරට බැස්සොත්, මේ රාජපස්සලා ඉතිරි වෙන්නෙ නෑ..අපිට තව කවුරුත් ණය දෙන්නේ නැ..රට තවත් විනාශ කරන්න ඉඩ දෙන්න බැ.. ගෑණු අපි මුණ ලස්සන කරනන් නෙමෙයි, ගැණු අපි මේ මොළෙන් හිතන්න ඕනේ.. අපි හැමෝම කල වැරදි නිසා අද අපේ දරුවන් දුක් විඳිනවා.. අපිට පුළුවන් මුන්ව උස්සලා පොළේ ගහන්න.. "
| නංගි , ඔය රජ කම බාරගන්න. | -29 | NEGATIVE |
ncpp_train_0189 |
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඔස්සේ මෙරටට පැමිණෙන ඇතැම් ගුවන් මගීන්ගේ ගමන් මලු අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය තෙමසක කාලය තුළදී පැමිණිලි 75ක් ලැබී ඇතැයි ගුවන්තොටුපළ පොලීසිය පවසයි.
පසුගිය 25 වැනිදා මැදපෙරදිග රටක සිට කටුනායකට පැමිනි ගුවන් මගියෙකුට අයත් විදේශීය මුදල් සහ වටිනා දේපොළෙ තිබූ ගමන්මල්ලක් ගුවන්තොටුපළ ( බැගේජ් බෙල්ට්) අසලදී අස්ථානගත වීම සම්බන්ධයෙන් ගුවන්තොටුපළ ආරක්‍ෂක කැමරා (සී.සී.ටී.වී.) නිරීක්ෂණය කර සිද්ධියට අදාළ ගමන්මල්ල රැගෙන ගිය පුද්ගලයා සොයා ගැනීමට කටයුතු කර ඇතැයි ගුවන්තොටුපළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබිලිව්.ඒ. ජයනාත් වනසිංහ මහතා පවසා සිටියේය.
ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළට ගොඩබෑ පසු මගීන් පැමිණ තමන්ට
අයත් ගුමලු ලබා ගැනීම සඳහා පැමිණීම් පර්යත්තයේ රැඳී සිටින අවස්ථාවලදී ඇතැම් මගීන් අතපසු වීම හෝ හිතාමතා වෙනත් අයෙකුට අයත් මන්මලු රැගෙන ගුවන්තොටුපළින් පිටව ගොස් ඇති අවස්ථා සැලකිල්ලට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙලෙස අස්ථානගත වී ඇති වටිනා දේපොළ සහිත ගමන් මලු සොයා දීමට සහ දින 21කට පසුව රක්ෂණ වන්දි ලබා ගැනීම් සම්බන්ධව ගුවන් සමාගම් සමග කටයුතු කිරීමේදී ගැටලු මතුව ඇතැයි ගුවන්තොටුපළ පොලීසිය පැවසීය. සාවධ්‍ය පරිහරණය හා විශ්වාසය කඩකිරීම යන කරුණු මත අන් අයෙකුට අයත් ගමන් මලු හෝ දේපොළ රැගෙන ගොස් ඇති සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුට නඩු පවරා ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
| "හමබ කරන් කන රස්සාව ආදරෙන් වගකීමෙන් හා හැගීමෙන් කරනා මනස හදා ගන්න එක විතරයි." මොන පිස්සුද මුන් පහුගිය දාක වැඩ වර්ජනයක් කරලා පඩි 10000 කින් වැඩි කරවගත්ත මතක නැද්ද, ගුවන් තොටුපලට හෙන පාඩුවක් වුනා මිලියන ගණනක් දවස් 3ක් වහල තිබිල , අර පට්ට හුටන් මෙකුන්ට ඉල්ලීම් දුන්න , ඕකුන්ව අස්කරලා සුදුසුකම් තියන තරුණයෝ ගන්නේ නැතුව | 5 | POSITIVE |
ncpp_train_0190 |
කොරෝනා ආසාදිතවූ දෙවැනි පුද්ගලයාගේ මරණයට අවසන් කටයුතු ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කරමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ මුස්ලිම් ජාතිකයෙකුවූ මියගිය පුද්ගලයා සිය ආගමික චාරිත්‍ර අනුව භූමිදානයක් නොකර ආදාහනයක් සිදු කිරීම වැළැක්වීමට අවසන් මොහොත දත්වා
තමා ඇතුළු පිරිසක් උත්සාහ දැරුවත් එය ව්‍යර්ථවී ගිය බවයි.
එම නිවේදනය මෙසේය.
කොවිඩ් 19 වෛරසයේ මීගමුවේ වින්දිතයාගේ ජනසා ආදාහනය කිරීම ගැනයි. අපගේ ඇදහිල්ලෙහි නියම කර ඇති පරිදි භූමදානය කිරීමට අවසර නොදී ආදාහනය කිරීම අවාසනාවන්ත, කණගාටුදායක හා ඇත්තෙන්ම නින්දිත සිදුවීමකි. මෙම කටයුත්තේදී ආදාහනය වැළැක්වීම සඳහා ඉහළ දේශපාලන හා වෛද්‍ය බලධාරීන් මැදිහත් වී අපේ හැකි උපරිමයෙන් අපි උත්සාහ කළෙමු. GMOA හි නිලධරයකු වන මඩකලපු ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුහයිල් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලි සහීර් මවුලානා සමඟ ඊයේ රාත්‍රිය වන තුරුම ඉතා ක්‍රියාශීලීව මා කටයුතු කළ අතර ආගමික සංවේදීතාවන් සහ අවශ්‍යතාවන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව බලධාරීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළෙමු. හදිසි වසංගත තත්වයන් තුළ සිරුර මුලින් මිහිදන් කිරීම මිගමු බලධාරීන්ගේ විකල්පයක් ලෙස පෙන්නුම් කළද, ඉහළ ජල මට්ටම සහ මිනීවළට ජලය කාන්දු වීම නිසා භූගත මට්ටමට අඩි 10 ක් පහළින් භූමදානය කළ නොහැකි බව ඔවුන් කරුණු ලෙස ඉදිරිපත් කර තිබුණි.
පසුව මීගමුවේ වෙනුවට කොළඹ මාලිගාවත්ත සුසාන භූමියේ භූමදාන කිරීමට කටයුතු සූදානම් කර තිබුණි. නමුත් සිරුර කොළඹට ප්‍රවාහනය කිරීමේ ඉල්ලීම ජේඑම්ඕ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවක් දැනගන්නට තිබේ. මේ මරණය ගැන අවසන් තීරණයට මහේස්ත්‍රාත් විමසුම ද සිදු නොවූයේ මරණයට හේතුව නිශ්චිතවූ බැවිනි.
පවුලේ සාමාජිකයින්ගේ කනස්සල්ල හා ඉල්ලීම් නොසලකා හරිමින් දේහය ආදාහනය කිරීම සඳහා කිසියම් අවිනීත කඩිමුඩියක් ඇති බවක්ද පෙනෙන්නට තිබුණි.
මට පවසා ඇති පරිදි මෙහිදී GMOA අපට සහාය වනු ඇත. චක්‍රලේඛය සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව ජේඑම්ඕ සාමාජිකයින් සහ ඩීජීඑච්එස් අතර දැනට පැවැත්වෙන රැස්වීමේදී මෙම ප්‍රශ්නය ප්‍රායෝගික හා අර්ථවත් ලෙස විසඳා ගන්නට අපේක්ෂා කරමි.
| කණගාටුව ප්‍රකාශකයමි , ඔය දෙවෙනියට මල කෙනා ආබ්දීන් මාවතේ කියලා රජයේ නාලිකාවලත් කිව්වානේ , එහෙම මුස්ලිම් නම් වලින් ලංකාවේ පාරවල් හැමතැනම් ? , ඒකනෙවේ දැන් කෝ ඔය අල්ලාග් කොරෝනාට බයවෙලා මුස්ලිම් එවුන්ව අතහැරලා කොහෙද පැන්නේ ? | 60 | POSITIVE |
ncpp_train_0191 |
ඇල්ල, කිතල් ඇල්ල මාර්ගයේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටියදී සුදු තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ ත්‍රිරෝද රථ රියැදුරකු ඇල්ල පොලිසිය මගින් ඊයේ (27)දා අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
මේ විදේශීය කාන්තාව ඊයේ (27)දා අලුයම 3.00ට පමණ ඇල්ල නගරයේ සිට කිතල්ඇල්ල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඇල්ල නගරයේම හෝටලයක සේවයේ නියුතු ත්‍රිරෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු අතවර කිරීමට උත්සාහ කළ බවට ඇල්ල පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ඇල්ල මකුල්ඇල්ල අඹදණ්ඩේගම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 30ක තරුණයෙකි.බණ්ඩාරවෙළ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් රීදි ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ක අලගියවන්න මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්ල පොලීසියේ නිලධාරීන් විසින් මේ පිළිබඳව පරීක්ෂන සිදුකරන අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
| නැ නෑ මචන් උබට වැරදිලා , 2500 බවුද්ද රට නෙවෙයි, 2500 බවුද්ද රට උබලට ජාන දීපු මේ රටට ආපු උබලගේ මුතුන් මිත්තෝ විනාශ කරලා උන්ගේ ජානනේ වැපුරුවේ , ඒ නිසා දැන් 2500 හෝ බවුද්ද කතා හෝ නැහැ, සිංහල කතාකරන මිනිසුන් ඉන්න නිසා සිංහල කීවට කමක් නෑ. උබලගේ මුතුන් මිත්තොත් මෙහෙ ඇවිත් සිංහල ඉගෙන ගෙන කතාකරනේ, උබට දැන් මෙහෙම කියන්ඩ පුළුවන්. " අඩෝ සුද්දගෙයි අරබිකාරයගෙයි ජාන වලින් ස්වයන් පෝෂිත රටක් යකෝ , මේ මමත් එහෙම එකෙක් යකෝ" කියල | 5 | POSITIVE |
ncpp_train_0192 |
ආදරයෙන් හදාගත්ත වරාය
විකුණපු එක ගැන මට දුකයි
-මහින්ද රාජපක්ෂ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් හම්බන්තොට වරාය චීනයට බදුදීම ගැන මෙසේ පවසා තිබේ.
‘මම හිතන්නේ මගේ පියාගේ, පියාගේ සහෝදරයාගේ වගේම ආනන්ද, කුලරත්නල වගේ එක්සත් ජාතික පක්ෂයේ අයගේ ඉඳලා විශාල බලාපොරොත්තු තිබුණේ මේ වරාය ගොඩනඟන්න. ඉතින් කාටත් බැරි වෙයි කියලා තිබුණු වරාය අපි ගොඩනැඟුවා. මේවට එකක්වත්
ආණ්ඩුවේ සල්ලි ගත්තේ නැහැ ගෙවන්න.
ණය ගෙව්වෙත් වරාය අධිකාරියෙන් හම්බ කරපු මුදල්වලින්. නමුත් අද මේක විකුණලා දාලා. ආදරෙන් හදාගත්ත වරාය, මිනිසුන්ගේ බලාපොරොත්තු ගැන ලොකු කනගාටුවක් දැනෙනවා.
එයාලා කියනවා අපි වික්කේ නැහැ අවුරුදු 99කට බදු දුන්නා කියලා. ඔබ දන්නවා මේ බිම් බදු දුන්නු අවුරුදු 99 ඇතුළේ පරම්පරා කීයක් හිටියද. මේ අපේ රටේ ජනතාවට, දරුවන්ට අයිති වෙන්න තිබුණු එකක්. මීට ඉස්සර ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කළෙත් මේ වගේ ජූලි මාසෙ 29දා දවසක. මේ දවස හරි අපලයි ලංකාවට.
ඉතින් ඒක අස්සන් කරලා අපි අදත් දුක් විඳිනවා. අදටත් බැට කනවා. අසූහතේ මේ මාසේ විසිනව වැනිදා තමයි ගිවිසුම අස්සන් කළේ. එදා ඉන්දියාවත් එක්ක අද චීන සමාගමත් එක්ක. ඒ වගේම දවසක ආපසු ජේ. ආර්.ගේම මුණුපුරායි දැන් ජනාධිපතිවරයායි දෙන්නා හවුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මාට්ටු කරගෙන ගිවිසුම් ගහලා මේක විකුණලා දැම්මා.
මේ රටේ ජනතාවගේ වස්තුවක් නැතිවීම ගැන විරෝධතාව අපි හැම වෙලාවෙම පළ කළා.
ඕනනම් වරාය දිගටම දුවන්න පුළුවන්කම තියෙනවා හරියට කරනවා නම්. වුවමනාවක් තියෙනවා නම් වරාය වහන්නත් පුළුවන්. මේක තව සංවර්ධනය කරන්න වැඩපිළිවෙළ දියත් කරන්න වුණත් පුළුවන්. ඒත් දැන් පිටරට සමාගමකට දීලා. ආණ්ඩුවට මත්තල ගුවන්තොටුපොළත් එක්ක තියෙන්නේ මහා වෛරයක්. හම්බන්තොට ජනතාවත් එක්ක තියෙන්නේ වෛරයක්, ඉරිසියාවක්. මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා ආවා. මේ පැත්තේ මිනිස්සු ඒක දන්නවා. ඕනම රටකට ගුවන්තොටුපොළවල් දෙකක් තියෙන්න ඕන. බලයට ආපු ගමන්ම කළේ මත්තල වී ගබඩාවක් කරපු එක. වී ගබඩාවක් කරලා වී දාලා ඒක බාල්දු කරලා විනාශ කරලා මේක වහලා දැම්මා. ඒකයි මේ ආණ්ඩුවෙන් කළේ. දැන් වහලා දාලා ඉවර වෙලා මේක විකුණනවා වැඩක් නැහැ කියලා.
ගුවන් යානා නැති එකක් කියලා. ගුවන්තොටුපොළට ආපු ගුවන්යානා නැවැත්තුවේ කවුද? ගුවන්තොටුපොළ, වරාය හැදුවේ හම්බන්තොට ජනතාවට විතරක් නෙවෙයිනේ. මුළු රටටම. මේක මේ රටටම නැති වුණු දේපළක්. රටට ඉතාම අපල තත්ත්වයක් උදාවෙලා.‘
| වරාය හදලා විවෘත කරලත් අවුරුදු 2ක්ම ඔබතුමා බලයේ හිටියා නේද ? ඇයි ඒ කාලෙදි වරාය හරියට කරේ නැත්තේ. ඇයි දැං විතරක් හරියට කරපල්ලා කියන්නේ | 39 | POSITIVE |
ncpp_train_0193 |
වියදම් කර ඉගැන්වූ පසු
කොන්දොස්තර පෙම්වතාව එපාවූ නිසා
ගුරුවරියව මරා තමුනුත් මැරෙන්න හදලා
අම්පාර ප‍්‍රදේශයේ කොන්දොස්තර වෘත්තියේ නිරත බව කියන පෙම්වතෙකු ගුරු වෘත්තියේ යෙදෙන ඔහුගේ පෙම්වතියව පාළු ප‍්‍රදේශයකදී කපාකොටා මරාදමා ඇතැයි වාර්තාවෙනවා.
මෙම අවාසනාවන්ත ඝාතනයට හේතුවී ඇත්තේ තම වියදමින් වැඩිදුර ඉගෙනගෙන ගුරුවරියක බවට පත්කරවූ පසු තමන්ගේ වෘත්තිය පහත් කරමින්
තමුන් අතැරදමා යන්නට ඇය ගුණමකුවූ බව කියමින් කොන්දොස්තර පෙම්වතාට හටගත් කෝපයකි.
තම පෙම්පළහිලව්ව වැඩිදුර කථාකරන්නට අවශ්‍ය බව කියමින් ත‍්‍රීරෝද රථයකින්
අම්පාර කොණ්ඩවටුවාන වෙල්යාය වෙත ඇය රැගෙන ගිය ඔහු දැනට පාසලේ ගුරුවරයෙකු සමග ඇති කරගෙන තිබෙන සම්බන්ධය නතර කරන ලෙස ඇගෙන් ඉල්ලා ඇතත් ඇය එයට එකඟවී නැත.අනතුරුව ඇතිවූ බහින්බස්වීමෙන් පසුව පෙම්වතා ගුරුවරියට පිහියෙන් ඇන මරා ඔහුද වස පානය කර මියයන්නට උත්සාහ දරා ඇත.
සිද්ධියෙන් පෙම්වතිය මියගියත් පෙම්වතා මියගියේ නැත. ඔහු බරපතල රෝගී තත්වයෙන් තවම ප‍්‍රතිකාර ලබමින් පසුවේ. මියගොස් ඇත්තේ අම්පාර සේනාගම ප‍්‍රදේශයේ 31 හැවිරිදි ලීලා හෙට්ටිආරච්චි නමැති ගුරුවරියකි.
පෙම්වතා අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇත.
ඔහු හුන්නස්ගිරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අම්පාරේ නවාතැන්පළක ලැගුම්ගෙන සිටියදී රැකියාවට ගොස් ඇත.
පාළු ප‍්‍රදේශයේ පෙම්වතිය මරාදැමීමෙන් අනතුරුව පැය එක හමාරකට පමණ පසුව ඔහු සේවය කරන බස්රථයේ රියදුරාට ඇමතුමක් ලබාදි කියා ඇත්තේ
”මම වහ බීලා ඉන්නවා පොලිසියත් එක්ක ඉක්මණට එන්න” යනුවෙනි. මෙම සිද්ධිය ගැන අන්අය දැනුවත්වූයේ ඉන් පසුවයි.
තමන් කොන්දොස්තර යයි කොන් කර තමා සමග ඇති පේ‍්‍රම සම්බන්ධය නවතා ගුරුවරයෙකු සමග ඇය පේ‍්‍රම සම්බන්ධයක් ආරම්භ කරන ලද ඇය තමාට ගුණමකුවූ බවත්
ඇයව ගුරුවරියක් කිරීමට තමන් වසර ගණනාවක් මුදල් හම්බ කරමින් වෙහෙසුණ බව ඇය අමතක කර ඇති බවත් පෙම්වතා පවසා ඇත.
ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි හෙළි කරයි.
වැඩිදුර පරීක්ෂණ අම්පාර පොලිසිය සිදු කරයි.
| මේක තමා තණ්හාව, පෘථග්ජන අපි සෝවාන් වෙලා නැනේ. | -8 | NEGATIVE |
ncpp_train_0194 |
මහින්දානන්ද - දිමු දියණිය සේනානි යුග දිවියට
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිය පළමු බිරියගෙන් දික්කසාදය ලබාගැනීමෙන් පසු අද (28)යළිත් යුග දිවියට පිවිසි බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.1964 උපන් 53 හැවිරිදි මහින්දානන්ද විවාහ දිවියට පිවිසෙන්නේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක වන සේනානි
ජයරත්න සමගයි.ඇය මින් ඉහත විවාහ වී සිටියේ අමාත්‍ය දුමින්ද දිසානායක සමගින් වීමද විශේෂත්වයකි.
රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙම විවාහ
උත්සවය පැවැත්වුණ අතර එම අවස්ථාවට දේශපාලනඥයින් කිහිප දෙනෙකු එක්ව සිටියා.හිටපු අගමැති දිමු සහ ඔහුගේ පුත් අනුරාධ ජයරත්න මෙහිදී සාක්ෂි අත්සන් කරන ලද බවද වාර්තාවෙයි. අද මෙලෙස නීතියෙන් විවාහ වුවත් පසුගිය වසර කිහිපය පුරාම ඔවුන් දෙදෙන සිටියේ එකටය. අද රාත්‍රී එම නිවසේ ප්‍රිය සම්භාෂණයක්ද පවත්වන්නට කටයුතු යොදා ඇත.
විවාහයෙන් අනතුරුව කොළඹ ගාලුමුවදොර ‘ගොල්ෆේස් හෝටලයේ‘ හිටපු ඇමතිවරයා මධු සමය ගත කරනු ඇති බවත් ඒ අතරවාරයේ ඒ අසලම පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ මැයි දින රැළියට එක්වනු ඇති බවත් පැවසුණා.
| කොහොමද මුන්ගේ වැඩ .... මුන් ඔක්කොම එකට එකතු වෙලා කරන්නේ ජහමනයව ගොනාට අන්දන එක තමයි ... තුක් නොදොකින් ......අවලම් හැත්ත | 727 | POSITIVE |
ncpp_train_0195 |
පසුගියදා රජය මගින් ගෑස් මිල හිටි හැටියේඉහළ දැමීම නිසා තමන් අපහසුතාවයට පත්වූ බව කියන සමස්ත
ලංකා
ආපනශාලා හිමියන්ගේ සංගමය
තේ කෝප්පයක මිල රුපියල් 20ක් ලෙස හා බත් පැකට්ටුවක මිල රුපියල් 130ක් ලෙස ඉහළ දමන බවත් එමෙන්ම ආප්පයක මිල 15ක් හා කිරි තේ කෝප්පයක මිල රුපයල් 40ක් ලෙස උපරිම මිලක් පනවන බවත් දන්වා ඇත.
ගෑස් මිල ඉහළ යෑම මත තමන්ට පෙර මිලට ඉහත දේවල් ලබාදීමට නොහැකි වූ බව ඔවුන් දන්වා ඇත.
| ගාන වැඩියෙන් හරි අරන් වහ නැතුව දෙනව නම් කමක් නැහැ. ආප්පෙ " ක්‍රිස්පිවට" තියන්න " ප්ලාස්ට ඔෆ් පැරිස් " මිශ්‍ර කරන වසලොත් ඉන්න රටෙි... | 38 | POSITIVE |
ncpp_train_0196 |
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර
දකුනු දිග කැලිපෝනියා ප්‍රදේශයේ
රික්චර් ඒකක 4.4 ක භූමිකම්පාවක් සිදුව ඇත. එරට වේලාවෙන් රාත්‍රි 7.33 ට පමණ සිදුවූ මෙම භූමිකම්පාවක් La Verne නමැති නගරයේ සිදුවූ බවත් මේ දක්වා හානි පිළිබඳ වාර්තා එක්රැස්ව නැති බවත් වාර්තා කර තිබේ.
අවස්ථා දෙකකදී තම නිවාස ආයතන සෙලවුණ බවට නගරවැසියන් මධ්‍ය වෙත අදහස් දක්වා ඇති අතර නැවත පසුකම්පන තත්ව ඇතිවේයයි USGS දත්ත අනුමාන කරයි.
| Umba palaweniyata welaliyan. | 8 | POSITIVE |
ncpp_train_0197 |
මේ සමග පළවන්නේ මහාචාර්ය නලින් ද සිල්වා ඊයේ (27) සිය ෆේස් බුක් ගිණුමේ පළ කළ ලිපියකි.ධම්මික වෙද මහතාගේ පැණිය පාරම්පරික වෙදකමේ හෙළ වෙදකමේ ආයුර්වේදයේ කොවිඩ් 19 රෝගීන් සඳහා ඇති එක් ප්‍රතිකර්මයක් පමණයි. තවත් ප්‍රතිකර්ම රාශියක් තියෙනවා. ඒත් ඒ එකකටවත් නොලැබුණු ප්‍රසිද්ධියක් ධම්මික වෙද මහතාගේ පැණියට ලැබුණේ එකම එක කාරණයක් නිසා. ඒ කාලි අම්මා පැණිය ගැන කී නිසා නො වෙයි. ධම්මික වෙද මහතාගේ පැණියට අනෙක් ප්‍රතිකාරවලට නැති ප්‍රසිද්ධියක් ලැබුණේ එය එක්තරා බටහිර වෙද මහතුන් පිරිසක් විසින් පරීක්‍ෂාවකට ලක් කෙරී සාර්ථක බව තහවුරු වූ නිසයි. ධම්මික වෙද මහතා බාසුන්නැහැ කෙනෙක් ද කපු මහත්තයෙක් ද කාලි අම්මා සම්‍යක් දෘෂ්ධික ද මිථ්‍යා දෘෂ්ඨික ද ආදී කිසිවක් එහි දී බලපෑවේ නැහැ. අර බටහිර වෙද මහතුන් පැණිය යම් ආකාරයක පරීක්‍ෂණයට ලක් නොකරන්න ධම්මික වෙද මහතාගේ පැණියටත් අනෙක් දේශීය ප්‍රතිකාරවලට අත් වූ ඉරණම ම අත් වෙන්න තිබුණා. අද සමාජයේ ආධිපත්‍යයේ ඇත්තේ බටහිර දැනුම මිස වෙනත් කිසිම දැනුමක් නොවෙයි. බුදුදහම දැනුමක් ගැන නොව නොදැනුමක් ගැන කතා කළත් බුදුදහම ද දැනුමක් ලෙස සලකා එය බටහිර ආධිපත්‍යයට යට කෙරෙනවා. බුදුදහම විද්‍යාත්මක කිරීමේ පදනම එයයි. ජනමාධ්‍යයෙන් අර බටහිර වෙද මහතුන්ගේ සාක්‍ෂියට ප්‍රසිද්ධියක් දුන් බැවින් ධම්මික වෙද මහතාගේ පැණිය දේශපාලන බලවතුන්ගේත් අවධානයට ලක් වුණා. එයට යම් දේශපාලන අනුග්‍රහයක් ද ලැබුණා. එසේ නොවන්නට පැණිය පරික්‍ෂාවට ලක් කළ බටහිර වෙද මහතුන්ට සමහර විට ගෙදර යන්න සිද්ධ වෙන්නත් තිබුණා. එහෙත් එසේ වුණේ නැහැ. එක්තරා බලධාරිනියක් ඒ බටහිර වෙද මහතුන්ගෙන් නිදහසට කරුණු විමසීමට ද සූදානමින් සිටියා. ධම්මික වෙද මහතාගේ පැණියට ප්‍රසිද්ධිය ලැබුණේ එය යම් බටහිර වෙදකමේ පරීක්‍ෂාවකින් තහවුරු වූ නිසයි. එසේ වූයේ බටහිර වෙදකම මෙරට හා සෙසු ලෝකයේ දරණ ආධිපත්‍යය නිසයි.
දේශපාලන බලවතුන් ඒ දෙස බැලුවේ ද ඒ දැනුම පිළිබඳ ව බටහිරට ඇති ආධිපත්‍යය නිසයි. දේශපාලනඥයන් පෞද්ගලික ව කාලි අම්මාගෙන් අනාගතය දැන ගන්නවා ඇති. එහෙත් ප්‍රසිද්ධියේ කාලි අම්මා කී නිසා යමක් කරන්නේ නැහැ. ඒක ලංකාවේ තත්වය. අලුත් කාරයක් ගත් විට කතරගම යන තැනැත්තා ප්‍රසිද්ධියේ දෙවියන් ගැන විශ්වාසයක් නැහැ කියනවා. බටහිර වෙද මහත්තුරු සමස්තයක් ලෙස ගත්කල පැණියට විරුද්ධයි. පෞද්ගලික ව එය රෝගීන්ට ලබා දෙන බටහිර වෙද මහත්වරුන් කිහිප දෙනෙක් ඉන්නවා. එහෙත් ඔවුනුත් වැඩි දෙනා ප්‍රසිද්ධියේ ඒ බව පිළිගැනීමට බයයි. ඒ තමයි ඔවුන් තම ක්‍ෂෙත්‍රයේ ම ආධිපත්‍යයට යට වීම. බටහිර වෙද මහතුන් සමස්තයක් ලෙස පැණියට විරුද්ධ වුවත් දේශපාලන බලය ඉදිරියේ එක් වරම පැණියට විරුද්ධ වුණේ නැහැ. ඔවුන් ඒ සඳහා වෙනත් උපායක් අනුගමනය කළා. ඔවුන් කියා සිටියා පැණිය බටහිර වෙදකම අනුව ඊනියා විධිමත් පරීක්‍ෂාවකට ලක් කළ යුතු ය කියා. බටහිර වෙද මහතුන් කිහිප දෙනකු නිසා ම තමයි දේශපාලන බලවතුන් පැණියට ආකර්ෂණය වුණේ. බටහිර වෙද මහතුන් හා දේශපාලන බලවතුන් අතර ඇති මේ චක්‍රිය සම්බන්ධය අප තේරුම් ගත යුතුයි.මා නම් මුල සිට ම එවැනි පරීක්‍ෂාවකට විරුද්ධ වුණා. අදත් විරුද්ධයි. බටහිර නොවන වෙදකමක ප්‍රතිකාරයක් ගැන බටහිර වෙදකම අනුව පරීක්‍ෂා කිරීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. එසේ පරීක්‍ෂා කෙරෙන්නේ බටහිර දැනුම අනුව සියල්ල මැණිය යුතු බවට ඇති ආධිපත්‍යය නිසා. ඇතැමුන් බුදුදහමත් විද්‍යාත්මක කරන්නේ ඒ මිනුම්දණ්ඩ යෙදා ගෙන. දේශපාලනඥයන් ද අවසාන වශයෙන් ක්‍රියා කරන්නේ බටහිර දැනුමට අනුව. ජනමාධ්‍ය හිමියන් ද කටයුතු කරනනේ ඒ අනුවයි. බටහිර වෙද මහතුන් දේශපාලනඥයන්ට සෘජුව විරුද්ධ නොවී පැණිය තව තවත් පරීක්‍ෂාවට ලක් කළ යුතු ය කියා කිවුවා. දේශපාලනඥයන් එයට එකඟ වුණා. එහි දී විවිධ කමිටු පත් කෙරුණා. බටහිර විද්‍යාව ම අනුව පැණියේ වසක් විසක් නැති බව තහවුරු වුණා. ආයුර්වේද සූත්‍ර කමිටුව පැණිය ඖෂධයක් ලෙස අනුමත කළා. ආයුර්වේද කොමසාරිස් ධම්මික වෙද මහතාගේ ඖෂධාගාරය සූත්‍ර කමිටුව අනුමත කරන ඕනෑම ඖෂධයක් නිෂ්පාදනය කළ හැකි ආයතනයක් ලෙසට සහතිකයක් ලබා දුන්නා.එ අතර රජරට විශ්වවිිද්‍යාලයේ ආචාරධර්මී කමිටුවට පැණිය යොමු වුණා. යම් කලක් ගත වී හරි කමිටුව පැණියට ආචාරධර්මි අවසරය ලබා දුන්නා. ඉන් පසු කළ යුතුව තිබුණේ බටහිර වෙදකම අනුව ඊනියා සායනික නැහැසුම් පැවැත්වීම. ඒ සඳහා අනුරාධපුරයේ යම් ආයතනයක් (රෝහලක්) තෝරා ගත් බවයි අපට දැන ගැනීමට ලැබී ඇත්තේ. ඒ සායනික නැහැසුම් දැන ගැනීමට ලැබී ඇති අයුරින් දැන් සති තුනකට වැඩි කාලයක් තිස්සේ කෙරී ගෙන යනවා. එහෙත් රෝගීන් පැණිය පානය කිරීම ප්‍රතික්‍ෂෙප කරන බව කියනවා. රෝගීන් කියනවා කියන්නේ පැණිය වස බවයි. අනුරාධපුරයේ කෙරෙන්නේ සායනික නැහැසුම් නො වෙයි. සායනික නැහැසුම්වලින් බටහිර වෙද කමේ කෙරෙන්නේ යමක් බෙහෙතක් ලෙස දීමට හැකි ද යන්න බැලීම සඳහා පරීක්‍ෂණ කිරීමයි. මෙහි දී වන්නේ බෙහෙතක් හරි ද කියා සොයා බැලීමක්. ඒ දෙක දෙකක්. මෙතන සම්පරීක්‍ෂණ අවශ්‍ය නැහැ. ඒත් බටහිර වෙද මහතුන් කරන්නේ කුමක් ද කියා දන්නේ නැතිව ඊනියා සම්පරීක්‍ෂණ කරනවා.බටහිර විද්‍යාව අනුව ම පැණියේ වසක් විසක් නැති බව රෝගීන්ට කියන්න බටහිර වෙද මහතුන් ඉදිරිපත් වන බවක් දැන ගන්නට නැහැ. රෝගීන් පැණිය වස කියා පානය නොකරන්නේ කාගේ බහකට ද යන්න ප්‍රශ්නයක්. රෝගීන් නිවසේ සිට ම පැණිය වස කියන මතය දරා ගෙන ආවද? නැත්නම් අනුරාධපුරයට පැමිණීමෙන් පසුව ඔවුන්ට පැණිය වස බව කිසිවකු පැවසුවා ද? එසේ පැවසුවා නම් ඒ කවුද? අප දැන ගැනීමට කැමතියි.අද වන විට රෝගීන් කී දෙනකු පරීක්‍ෂාවට ලක් කර ඇත් ද? ඊනියා සම්පරීක්‍ෂණ ක්‍රමය අනුව පැණිය දී ඇත්තේ ඉන් අඩකට වෙන්න ඕන. මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න සෞඛ්‍ය බලධාරීන් පියවර ගන්නවා ද? පරීක්‍ෂාව සඳහා අවසානයේ රෝගීන් කී දෙනකුට පැණිය දීමට අදහස් කරනවා ද? අද පරීක්‍ෂාව කෙරී ගෙන ආකාරය අනුව ඒ ප්‍රමාණයට පැණිය දීමට කොපමණ කල් යාවි ද? මේ පරීක්‍ෂාව අපට වුවමනා නිසා කෙරෙන්නක් නො වේ. අප පරීක්‍ෂාවට එදත් අදත් විරුද්ධයි. පැණිය ඖෂධයක් ලෙස අනුමත වී තිබෙනවා. එමෙන් ම එය ආහාර පරිපූරකයක් බවටත් තීරණය කර තිබෙනවා. දේශීය සෞඛ්‍ය අමාත්‍යංශයට පැණිය බෙහෙත් කඩවල තබා විකිණීමේ හරි වෙනත් ක්‍රමයකට බෙදා හැරීමේ හරි ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා අර ඊනියා සායනික නැහැසුම් අවසන් වන තෙක් බලා ඉන්න අවශ්‍ය නැහැ. ඊනියා සායනික නැහැසුම් අවශ්‍ය බටහිර වෙදකමේ පැණිය අනුමත කිරීමට මිස පාරම්පරික වෙදකමට නො වෙයි. සායනික නැහැසුම් අවසන් වන තෙක් පැණිය බෙදා හැරීම නොකළ යුතු යැයි කීම නීති විරෝධයි. ඒ අධිපතිවාදීයි. පාරම්පරික වෙද කමේ අලුත් බෙහෙතක් හරි වෙන්නෙ ප්‍රත්‍යක්‍ෂයි අත්දුටුවයි ක්‍රමයට.
අනුරාධපුරයේ පරීක්‍ෂා ඇදි ඇදී යන අතර බටහිර වෙද මහතුන් හා බටහිර දැනුම් ආධිපත්‍යයෙහි හෙංචයියන් ප්‍රචාරයක් ගෙන යනවා පරක්‍ෂා අසාර්ථක කියා. එය පට්ටපල් බොරුවක්. පැණිය අසාර්ථක බව පෙන්වන්න පුළුවන් නම් බටහිර වෙදකමේ බලධාරීන් මෙතරම් කල් බලන් ඉන්නේ නැහැ. රෝගීන්ට පැණිය නොබී ඉන්න ඉඩ දෙන්නෙත් නැහැ. පැණිය වස නොවන බව රෝගීන්ට කියා පැණිය දී පැණියේ අසාර්ථක බව මේ වන විටත් හෙළිදරවු කරලා. එහෙත් එසේ කරන්න බැහැ. අද කරන්න තියෙන්නේ පරීක්‍ෂාව දිග් ගැස්සීමත් ඒ අතර පැණිය අසාර්ථක ය කියා ප්‍රචාරය කිරීමත්. අප නැවතත් කියන්නේ මේ පරීක්‍ෂා අපට අවශ්‍ය නැති බවයි. එහෙත් අප ප්‍රශ්න කරනවා පරීක්‍ෂා ඇදෙන්නේ ඇයි ද කියා. අපට අවශ්‍ය නූණත් පරීක්‍ෂා කෙරෙන්නේ මහජන මුදලින්. එබැවින් අපටත් අයිතියක් තියෙනවා පරීක්‍ෂා කල් ඇදෙන්නේ ඇයි ද කියා දැන ගැනීමට. මේ පරීක්‍ෂා කෙරෙන්නේ බටහිර වෙදමහතුන්ගේ අධීක්‍ෂණය යටතේ. පරීක්‍ෂා ඇදී යෑම ගැන ඔවුන් වග කියන්න ඕන. ඔවුන්ට පුළුවන්කම තියෙන්න ඕන රෝගීන්ට පහදා දෙන්න පැණිය වස නො වෙයි කියා. යමකුට අහන්න පුළුවන් රෝගීන් බටහිර වෙද මහතුනට පැණිය වස බවට දේශන පවත්වනවා ද කියා.පැණිය පරීක්‍ෂාවට ලක් කරන්නේ බටහිර වෙද මහතුන්ගේ අධික්‍ෂණය යටතේ. අප අසා තිබෙන ප්‍රශ්නයක් නම් මෙරට බටහිර වෙද මහතුන් අවුරුදු 150 ක පමණ කාලයක් තිස්සේ අලුත් ප්‍රතිකාර කොපමණ හඳුන්වා දී ඇත් ද කියා. අප එයින් කියන්නේ පඬි නැට්ටන්ට තේරුණේ නැති වුවත් අලුත් බෙහෙතක් පරීක්‍ෂාවට ලක් කිරීමට පළමුව අලුත් බෙහෙත් හඳුන්වා දිය යුතු බවක් නො වෙයි. අප එයින් පෙන්නුම් කරන්නේ මෙරට බටහිර වෙද මහතුන්ගේ බටහිර වෙදකමට වී ඇති නිර්මාණශීලී දායකත්වයයි. මෙරට බටහිර වෙද මහතුන් දන්නා එක ම දේ අනෙක් බටහිර උගතුන් මෙන් ම සඟරා පොත්පත් මගින් ලැබෙන බටහිර දැනුම මෙරට ප්‍රචලිත කිරීම පමණයි. ඔවුන්ගේ ඊනියා නිර්මාණ ගැන අවබෝධයක් විවිධ පර්යේෂණ සැසි වාරවලට ඉදිරිපත් කෙරෙන පත්‍රිකා මගින් ලබා ගන්න පුළුවන්. ආහාරයක් රස ද නැද් ද කියන්න ආහාර පිසීමට දැන ගෙන ඉන්න ඕන නැහැ. එහෙත් බටහිර හොට් ඩෝග් කන අය හරි හදන්න දන්න අය හරි කැවුම් ගැන හොට් ඩෝග් හදන ක්‍රමය අනුව පරීක්‍ෂා කිරීම සදාචාරාත්මක නැහැ. අද ඇතැම් ජනමාධ්‍යවේදීන් හා බටහිර වෙද මහතුන් එකතු වී ධම්මික වෙද මහතා දඩයම් කිරීමට සැරසෙනවා. ධම්මික වෙද මහතාගේ මානසික තත්වය ගැන ඔවුන් ප්‍රශ්න කරනවා. අවසානයේ දී ඒ ගැන තීරණයක් ගන්නේත් බටහිර වෙද මහතුන්මයි. අනුරාධපුරයේ වාර්තාව කුමක් වුවත් අපට ඒ ගැනත් කිසිම විශ්වාසයක් නැහැ. ඕක බටහිර වෙදමහත්තුරුන්ගේ ව්‍යාජ ලේඛනයක් (ඩොක්ටර්ලා ඩොක්ටර් කරපු) වීමට ඇති ඉඩකඩ අධිකයි. ඔය වාර්තාව වැඩක් වන්නේ ඔවුන්ට පමණයි. පාරම්පරික වෙදකමට ඉන් වැඩක් නැහැ. ආණ්ඩුව පැණිය බෙදා හැරීමට වැඩ පිළිවෙළක් සකස් කරන්නේ නැත්නම් කවුරුන් හරි ඉදිරිපත් වෙලා ඒ බෙදා හැරිය හැකියි. විවිධ බෙහෙත් වර්ග බටහිර මෙන් ම දේශීය ඔසුහල්වල ද විකිණෙනවා. ඖෂධයකටත් වඩා ආහාර පරිපූරකයක් ලෙස පැණිය ලබා ගන්න ජනතාවට පහසුකම් සැලසිය යුතුයි. අර ඊනියා පාරිභෝගික අයිතිය අනුව යමකුට පැණිය වෙළෙඳපොලේ මිළ දී ගත හැකි විය යුතුයි. පැණිය බෙදා හැරීමට ක්‍රමයක් සකස් කළ යුතුයි. - නලින් ද සිල්වා
| පුත්තු දෙන්නෙක් ඉන්නව,දෙන්නම ඇමෙරිකාවේ ලොකු එකා වැඩ කරන්නෙ microsoft bing වල | 29 | POSITIVE |
ncpp_train_0198 |
සතොස සේවකයින් දේශපාලනය සඳහා යොදවා ගත් බව පවසමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඒ මහතා නිදහස් කර තිබෙයි
මීට පෙර වෙෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යනුකුල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩු තුන ගොනුකර තිබුණි.එම නඩුව අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබෙයි.
| වල් country වල් law :p | 86 | POSITIVE |
ncpp_train_0199 |
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ
නිවසේදී මියගිය තරුණයා සම්බන්ධ
පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගියේ හෘදායාබාධයකින් බව කියා ඇති බවත් සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂා කරන්නේ හෘදයාබාධය වැඩිදුර විමසීමට බවත් ප්‍රකාශයක් කරමින් විමල් වීරවංශ සිය ෆේස් බුක් පිටුවෙන් පණිවිඩයක් නිකුත් කර ඇත.
ඔහු පවසන්නේ සිද්ධිය මුල් කොට තමන්ට මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මකව ඇති බවයි.
ඔහුගේ අදහස පහතින්
| ANE ANE BANDUWO.. | 3 | POSITIVE |
ncpp_train_0200 |
දීර්ඝ සතිඅන්තය ඇරඹි පසුගිය බ්‍රහස්පතින්දා(29) සවස් කාලයේ ජනතාව පිරිසක් බස්නාහිර පළාතෙන් පිටතට දකුණට පළාගිය බවට පළවන වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් කියා සිටියේ එවැනි
පැනගිය පුද්ගලයින් අල්ලන්නට මෙහෙයුමක් ක්‍රියාත්මකවුවත් එය සම්පූර්ණයෙන් අසාර්ථක වූ බවත් එලෙස පැනගිය අය සිටි හෝටලයක් හෝ ලැගුම් හළක් හසු නොවූ බවයි.තම පවුල සමග සිටීමට ගමන් කළ අය සිටි නමුත් ඔවුන් පළාගිය අය ලෙස අර්ථ දැක්වීම බස්නාහිර පළාතේ පුද්ගලයින්ට කළ අගෞරවයක් බවත් මෙම ප්‍රචාරය ගෙනගියේ සමාජ ජාලා බවත් ඔහු චෝදනා කරයි.කෙසේ වෙතත් මාධ්‍ය ප්‍රකාශක නි. පොලිස්පති අජිත් රෝහණ මහතා බස්නාහිර පළාතින් ගිය පිරිස් සොයා හෝටල් හා ලැගුම්හල් පරික්ෂාවකට ලක් කරන බවත් එසේ ගමන් කළ අය අධිවේගී මාර්ග පිවිසුම් අසලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පැවසු කතාව බොරුවක් නොවන බව කියා සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ එලෙස අදහස් දැක්වූයේ ජනතාවගේ ආරක්ෂාව පිණිස දැනුවත් කිරීමට පමණක් බවයි.ඒ අනුව එවැනි මෙහෙයුමකින් කිසිවෙකු හසුව නැති බව ඔහු නැවත අවධාරණය කළේය.
| පොඩ්ඩක් හොයපල්ලා අර ලංකාවේ ලොකුම සෙලිබ්‍රෙටි පවුල..අර ප්‍රියසාද් කෙල්ලෝ ටික කොහෙද කියල...උන්ගේ ගම ගාල්ලේද..දැන් හුරේ කියල බෙබිලට කෝල් කරනවා ඇති හෝටල් වල ඉන්න එවුන්...එකයි මෙයත් දැන් දොඩවන්නේ... | -1 | NEGATIVE |