id
stringlengths 15
16
| news_content
stringlengths 61
30k
| comment
stringlengths 7
989
| likes
int64 -389
2.24k
| labels
stringclasses 2
values |
---|---|---|---|---|
ncpp_train_39501 |
පසුගියදා රහසින් වාගේ විවාහවී විදෙස් ගතවූ බවට ආරංචි පළවුණ ප්‍රකට සිනමා නිළි පූජා උමශංකර් ඊයේ කොළඹදී ඡායාරූපයට හසුකරගන්නට ගොසිප් ලංකා කැමරාවට හැකිවුණා.
පූජා ඊයේ සවස කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ දී පැවති මිලිනා සුමතිපාල මහත්මියගේ අවසන් කටයුතු සඳහා එක්ව සිටි අතර ඇය අසළින් චිත්‍රපට නිස්පාදිකා රේණුකා බාලසූරිය මහත්මියද සිටියා.
එම අවස්ථාවේ සහ එම අවමංගල උත්සවයේ ඡායාරූප පහතින්
Pix By -Suren Abeysundara
| ඇයි බැඳලා රට ගිහිං අවමගුලකට ආයෙත් එන්න බැරිද එමලියෝ ? අනික හස්බන්ඩ් එක්කම මෙතනට එන්න ඕන කියල දෙයක් නැනේ ... අනික වෙඩින් එක 17th Dec නේද ? ලෝකෙ වටේ රවුමක් ගහල එන්න කල් ඇති ... ;) | 15 | POSITIVE |
ncpp_train_39502 |
මහනුවර අස්ගිරි මහා විහාරයේ ප්‍රධාන වාහල්කඩ පිහිටි ආරක්ෂක ගේට්ටුවෙහි ආරක්ෂාව සඳහා සිටි යුද හමුදා සෙබලෙකු යටකරමින් සුඛෝපභෝගී මෝටර් රථයක් ධාවනය කර අද (30) දින පෙරවරුවේ අනතුරක් සිදු විය.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක්
මහනුවර අස්ගිරි මහා විහාර පිවිසුම් වාහල්කඩ ආරක්ෂිත
ගේට්ටුවට ද දැඩි අලාභ හානි සිදුකරමින් අස්ගිරි විහාර පරිශ්‍රය තුළට කඩාවැදී තිබෙන අතර රථයේ ගැටීමෙන් හමුදා සෙබලා බරපතල තුවාල ලබා ඇත.
වාහනය අධික වේගයෙන් ධාවනය වී ඇති බව සනාථවී තිබේ.
අස්ගිරි විහාර පරිශ්‍රයේ නවතා තිබු සුඛෝපභෝගී මෝටර් රථයක ද අදාළ රථය ගැටී තිබූ අතර එහිදී අදාළ රථය නැවතී තිබිණ.
අනතුර සිදුකළ රියදුරා සහ වාහනය පොලිස් භාරයට ගෙන ිතබේ. තුවාල ලැබූ හමුදා සෙබලා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති නමුත් අනතුර සිදු වූ අවස්ථාවේදී තුවාලකරු රෝහලකට ගෙන යාම සඳහා කඩිනමින් කිසිවෙකුත් ඉදිරිපත් නොවන ආකාරය CCTV දර්ශනවල සටහන් වී ඇතැයි වාර්තා පළ විය.
| මෝඩයෙක් වගේ කැ ගහන්ඩ එපා බන් . ඔය වාහනේ ගහල තියෙන්නේ WP කියලා .... උබලගේ පැත්තේ නමගිය වීරයෝ ඉන්නේ කොස්ගොඩ සුජි, මාකදුරේ මදුෂ් , වෙලේ සුද , වම්බොට්ටා , ගෝනවල සුනිල්, සොත්ති උපාලි , කඩුවෙල වසන්ත ,කිබුලා ඇලේ ගුනේ , සමයන් , අංගොඩ ලොක්කා ... | 2 | POSITIVE |
ncpp_train_39503 |
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් අඩුකරන බව
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති
මාධ්‍ය. හමුවකදි අමාත්‍ය ගාමිණී
ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් මිල මේ
අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරිමට නියමිත බව ඔහු සඳහන් කළේය.
ඉන්ධන වර්ගය මිල අඩුකිරීම පැවැති මිල නව මිල
පෙට්‍රල් ඔක්ටේන් 92 රු 5 රු 140 රු 135
පෙට්‍රල් ඔක්ටේන් 95 රු 5 රු 164 රු 159
ඔටෝ ඩීසල් රු 5 රු 111 රු 106
සුපිරි ඩීසල් රු 5 රු 141 රු 136
| මහින්ද ඇතුළු තක්කඩි රැළගේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හැසිරීම දෙස බලන විට පෙනීයන කරුණනම් ඔවුන්ගේ බුද්ධිය ඉතාම මද බවයි,ඇත්තටම මොවුන් රටේ පසුගිය යුද්ධය මෙහෙව්වානම් ප්රභාකරන් මෙරටේ ජනාධිපති පුටුවේ වාඩිවීමට ඉඩ තිබුණා ,එබැවින් යුද්ධය මෙහෙයවා ඇත්තේ මොවුන් නොවන බව පැහැදිලිය | -22 | NEGATIVE |
ncpp_train_39504 |
කොරෝනා වයිරසය පාලන ක්‍රියාවලිය සඳහා රැකියා විරහිත අභ්‍යාසලාභී උපාධිධාරී අභ්‍යාසලාභීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට තාවකාලිකව අනුයුක්ත කිරීමට තීරණ කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි ඔවුන් මෙලෙස අනුයුක්ත කිරීමට තීරණය කළ බව එම අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.
දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම පවත්නා තත්වය සැලකිල්ලට ගෙන මැයි මාසය දක්වා ප්‍රමාද කර තිබෙන බව ද ඒ අනුව මෙම තීරණය ගත් බවද හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
එහෙත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා ඔවුන්ට සේවයට වාර්තා කිරීමට අපහසු බැවින් හෙට(30) දිනයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී/ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වාර්තා කිරීම අත්‍යවශ්‍ය නොවන බවද, ඒ පිළිබඳව යථා කාලයේදී දැනුම්දෙන බවද නිවේදනයේ දැක්වේ.
(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
| Sir...මටත් පුලුවන් පුස් බයික් එකේ බඩු බෙදන්න...බැ**සර්ට කියල බලන්ඩකො අප්ප | 4 | POSITIVE |
ncpp_train_39505 |
update 2.20 pm
16 හැවිරිදි පාසල් දැරියක දූෂණයට ලක්කිරීම නිසා පොලිස් පැමිණිලි මත අත්අඩංගුවට ගන්නට සොයමින් සිටියදී පොලිසියට භාරවූ දකුණු පළාත්සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අද දහවල් ගාල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලදුව විනිසුරු ඇප ලබාදී තිබේ.ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හර්ෂ කැකුණවෙල මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
update 11.20 am
පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. රත්තරන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු පෙබරවාරි 23 වනදා අක්මීමන, බටදූව ප්‍රදේශයේ දේවාලයක් තුළදී
16 හැවිරිදි දැරියකට
බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමෙන් පසු ඒ ගැන දැරියගේ බාරකරුවන් පොලිසියට පැමිණිලි කර තිබුණි.(ඔහුට දේවාලයක් අයත් බවද කියැවේ)
ඒ අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නට සොයමින් සිටියදී මන්ත්‍රීවරයා අක්මීමන පොලිසියට භාරවීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇති අතර අද (28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සැකකාර මන්ත්‍රීවරයා දේශපාලන වේදිකාවලදී කවි කීම සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියට පත්ව සිටින්නෙකි. පසුගිය දිනවල රන්ජන් ඇමතිවරයාට දුරකථනයෙන් කතාකර එම ඇමතුම සභාවක සජීවීව ඉදිරිපත්කිරීම නිසා ඔහු ගැන මාධ්‍ය තුළ කතාබහක්ද පැනනැගී තිබුණි.
දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු මේ ආකාරයේ චෝදනා වලට ලක්වූ මුල් අවස්ථාව මෙය නොවන අතර මින් ඉහත 200 දෙනෙකු දූෂණය කර ඒ වෙනුවෙන් සාදයක් පැවැත්වූ මන්ත්‍රීවරයෙකු ගැනද වාර්තා පළව තිබුණි.
සිද්ධිය ගැන වාර්තාව
| මේ තමයි පොහොට්ටුවන්ගේ දක්ශතා. Skills. 🤣🤣 | 129 | POSITIVE |
ncpp_train_39506 |
ඊයේ සවස කුරුණෑගලදී පවත්වන්නට යෙදුණු ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසද සහභාගීවන බව දන්වා තිබූ ජනරැළියට විරුද්ධ දේශපාලන පක්ෂයට අයත් නගර සභාව මගින් ඇති කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා සජිත් පැමිණි බව කියන හෙලිකොප්ටරය වෙලගෙදර ක්‍රීඩාපිටියට බස්සවන්නට බැරිව රැළිය අතැර යන්නට සිදුවූ බව වාර්තාවේ.
රැස්වීම පවත්වා තිබී ඇත්තේ
කුරුණෑගල රෝහල හන්දිය ආසන්න ක්‍රීඩා පිටියේ වන අතර එය පැවැත්වෙමින් යන අතරවාරයේ සන්ධ්‍යා කාලයේ කළුවර වැටෙන වේලාවේ සජිත් පැමිණෙන බව දන්වා තිබී ඇත. සජිත් පැමිණි හෙළිකොප්ටරය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටියේ බස්සවන්නට යෙදී තිබුණ වේලාවට ටික
වේලාවක් පෙර සිටම වෙලගෙදර පිටියේ හා ආසන්න කලාපයේ විදුලි බලය විසන්ධි කර තිබී ඇත.
මේ හේතුවෙන් හෙලිකොප්ටර නියමුවාට ගොඩබස්වන ස්ථානය හරිහැටි නිශ්චය කරගන්නට බාධා ඇති කර තිබේ.හෙලිකොප්රය සජිත්ව රැගෙන පිටියට ඉහළ අහසේ එහාට මෙහාට කිහිප විටක් ගමන් කර ස්ථාන නිශ්චය අපහසු නිසා ගොඩබෑමේ අවදානමකට නොයා නැවත හැරී ගිය බව වාර්තාවේ.
මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයාට ඊයේ කුරුණෑගල රැළිය අමතන්නට අවස්ථාව මගහැරී ගොස් තිබෙන අතර රැළියට ඔහුට එන්නට බැරිවූයේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව නිසා බව රාජ්‍ය අමාත්‍ය අශොක අබේසිංහ රැස්ව සිටි අයට දන්වා තිබේ.
මේ අතර නි.ඇමති අජිත් පී පෙරේරා දන්වා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට රැළියට එන්නට බැරිවන ලෙස හිතාමතාම වෙලගෙදර පිටියේ විදුලිය විසන්ධි කර ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ නගර සභා නිලධාරීන් බවයි.
කුරුණෑගල නගර සභාවේ බලය හිමි නගරාධිපති ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ හිටපු ලේකම් වරයෙකි.
| ඇයි බං මුන්ට බිමින් යන්න බැරිද ? බල්යට එන්න කලින්ම මෙහෙම | 123 | POSITIVE |
ncpp_train_39507 |
මේ දිනවල රජරට ප්‍රදේශයේ දැඩි නියං තත්වයක් පවතී. පරාක්‍රම සමුද්‍රයද හිඳී ගොස්ය.මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ හිඳී ගිය වැව් බිමේ ක්‍රිකට් ගසන පිරිසකි.
| නොදකින් මෙහෙමත් සිංහල ජාතියක්,,,,ඕක තව හොදටම හාරලා,,වහින කාලේට වතුර රැස් කර ගන්න සැලැස්මක් හදාපිය,,,,, | 23 | POSITIVE |
ncpp_train_39508 |
පසුගියදා රටේ අවධානය දිනාගනිමින් පිදුරංගල පුදබිමේදී අසභ්‍ය ආකාරයේ ඡායාරූප ලබාගෙන මුහුණු
පොතට එක්කළ තරුණයින් සම්බන්ධයෙන්
විශේෂ පරීක්ෂණයක් කරන්නැයි එම විහාරාධිපති හිමියන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මේ වනවිට අගමැති නියමයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් අරඹා තිබේ.
ඡායාරූප මුලින්ම අන්තර්ජාලයට මුදාහැරියේ කවුද යන්න විදුලි සන්දේශ නියාමන කොමිසමේ පරිගණක පරීක්ෂකවරුන් යොදවා විමසා බලමින් පවතින බව පොලිසිය සඳහන් කර තිබේ.
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශ වැළැක්වීමේ විධිවිධාන පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව දඩුවම් ලබාදිය හැකි බව පොලිසිය දන්වා ඇත.
කෙසේ වෙතත් මේ වනවිට වාර්තාවන්නේ සිද්ධියට සම්බන්ධ බවට ප්‍රචාරයවූ ෆේස් බුක් ප්‍රොෆයිල් කිහිපයක්ම මේ වනවිට ඒ අය මකා දමා ඇති බවයි.
කුරුණෑගල මායිමට යාබද මාතලේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල නාගරික ප්‍රදේශයේ තරුණයන් පස්දෙනෙකු මෙම කණ්ඩායමට අයත්ව සිටින බව සීගිරිය පොලිසිය අනාවරණය කර තිබේ.
මෙම තරුණයන් හඳුනාගැනීමට මුහුණු පොතේ කණ්ඩායම් පොලිසියට සහයෝගය දක්වා ඇති අතර දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අද (26) කටයුතු කරනු ඇතැයි වාර්තාවේ.
| මලියදේව නිසා හෝඳයි, රෝයල් නම් රනිල් ඉවරයි. | -2 | NEGATIVE |
ncpp_train_39509 |
එංගලන්තයේ සිට තැපැල් මඟින් ගෙන්වා විදේශීය සංචාරකයන් සඳහා මරිජුවානා අලෙවි කළ පස්දෙනාගේ කල්ලියේ තිදෙනකු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. කටාන තැපැල් කාර්යාලයට ලැබුණු සැක සහිත පාර්සලයක් පිළිබඳව තොරතුරක් කටාන පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස්
පරික්ෂක සෙනෙවිරත්න
මහතාට ලැබී ඇති අතර මේ අනුව තැපැල් කාර්යාලය තුළ සහ පිටත නිලධාරින් රඳවා මෙම සැකකටයුතු පාර්සලය රැගෙන පිටතට පැමිණෙමින් සිටි පුද්ගලයා සහ ඔහු සමහ යතුරුපැදියකින් පැමිණ සිටි පුද්ගලයකු පළමුව අත්අඩංගුවට ගෙන ඇත්තේ තැපැල් කාර්යාලයේදිය.
මොවුන් අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවලදි තැපැල් මඟින් එවන ලද පාර්සලයේ මරිජුවානා ග්‍රෑම් 230ක් තිබී සොයාගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම පාර්සලය ගෙන යෑමට පැමිණි පුද්ගලයකුද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොවිචිකඩේ බෝලවලානේ සහ කඳවල පදිංචිකරුවන් තිදෙනෙකි. මෙම කල්ලිය විසින් මෙම ජාවාරම කලක් තිස්සේ සිදුකර ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය වැඩිදුර පරික්ෂණ කරයි.
| දැන් අපි ඉන්නෙ විශ්ව ගම්මානෙක නෙවෑ | 10 | POSITIVE |
ncpp_train_39510 |
මත්වී දියේ ගිලී සිදුවූ මරණයක්
-මරණ පරීක්ෂණ වාර්තාව
ශ්‍රී දේවී මියගිය ආකාරය
අභිරහසක් වෙද්දී
අවසන් කටයුතු අඟහරුවාදාට කල් යයි
පසුගිය සෙනසුරාදා ඩුබායිහිදී මියගිය ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවී මැරුණ ආකාරය සම්බන්ධයෙන් ලැබී තිබෙන අලුත්ම ආරංචි අනුව සැක මුසු කාරණා ගණනාවක් සමග එය දැන් අභිරහසක් බවට පත්ව තිබේ.
ශ්‍රී දේවී ඩුබායිහි ඥාතී විවාහ උත්සවයකදී හෘදයාබාධයකින් මියගිය බව මුලින් වාර්තා පළවුවත් සැබැවින්ම ඇගේ මරණය සිදුව ඇත්තේ මංගල උත්සවයෙන් දින 3 කට පසු ඇය නැවතී සිටි හෝටලයේ නාන කාමරයකදී බව අනාවරණය වී තිබේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
ඇයත් ඇගේ බාල දියණිය කුෂීත් සැමියා බොනීත් පසුගිය සතියේ
ඩුබායි වෙත පැමිණ තිබෙන්නේ ශ්‍රී දේවිට ඥාතීත්වයෙන් බෑනා වන මෝහිත් මර්වාගේ විවාහ මංගල්‍යය වෙනුවෙනි. ඩුබායි හෝටලයක එය පවත්වා ඇත්තේ පසුගිය බදාදා (21) වන අතර එය අවසන් වූ පසු බොනී දියණිය කුෂී සමග හිතවතෙකුගේ උපන්දින සාදයකට යාමට අවශ්‍ය නිසා නැවත ඉන්දියාවට ගොස් තිබෙන
අතර ශ්‍රී දේවී දින කිහිපයක් Jumeirah Emirates Towers සුපිරි හෝටලයේ තනිව නවාතැන්ගෙන තිබේ.
ඇය එසේ නතරවීමට හේතුවී ඇත්තේ ඇය නිර්මාණය කළ සිතුවම් අලෙවි කරන වෙන්දේසියක් ඉදිරි දිනවල ඩුබායිහි පැවැත්වෙන නිසා එයට සහභාගීවීමටය.
මේ අතර බොනීට සිය බිරිය පුදුම කරවීමට අවශ්‍යවී ඇයට නොකියාම නැවත ඩුබායි බලා පැමිණ සෙනසුරාදා ඇය සිටි හෝටලය වෙත පැමිණ තිබේ. ඇය ඇත්තටම ඔහු දැක පුදුමවී තිබෙන අතර එම අවස්ථාවේ ඇය සමග ඔහු කථාබස් කර රාත්‍රී කෑම වේල Restaurant Zuma වෙත ගොස් පිටතින් ගමු යයි යෝජනාවක්ද කර තිබෙයි.
ඒ සඳහා සූදානම් වීමට ශ්‍රී දේවී හෝටල් කාමරයේ නාන කාමරය වෙත ගොස් ඇති නමුත් බොනී ඇය එනතුරු මිනිත්තු 15 කටත් වැඩි කාලයක් බලා සිටියත් ඇය නාන කාමරයෙන් පිටතට නොඒම ගැටලුකාරී වී තිබේ.
දොරට ගැසූවත් ඇගෙන් ප්‍රතිචාර නොවුණ නිසා ඔහු කලබලවී ඇති අතර පසුව දොර කඩා ඇතුළුවී තිබේ.
එම අවස්ථාවේ ඇය නාන බේසමේ ගිලී සිටි බව බොනී කපූර් සාක්ෂි සපයා ඇත. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් තිබෙන බව ඩුබායිහි රෂිඩ් රෝහල පසුව දැනුම් දෙන ලදි.
ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත්වූයේ සඳුදා(26) සවසයි. ඩුබායි නිවාරක වෛද්‍ය අධ්යක්ෂ සහතිකයෙන් කියැවුනේ ඇගේ මරණයට හේතුව ‘අහඹු දියේ ගිලීමක්‘ බවයි.
ඉන්දියාවේ Asian News International (ANI)මාධ්‍ය වාර්තාවකින් කියැවෙන්නේ අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව ඇගේ සිරුරේ ඇල්කොහොල් තිබී හමුවූ බවත් ඇය මත්වී සිරුරේ සමබරතාව පාලනය කළ නොහැකිව නාන බේසමේ ගිලෙන්නට ඇති බව සැක කරන බවයි. මෙම සිදුවීමට අදාළ සැකසහිත කාරණා පවතින නිසා ඩුබායි බලධාරීන් මේ සම්බන්ධ නීතිමය
කාරණා වැඩිදුර විමර්ශනය කරනු ඇැතැයි Govt of Dubai Media Office වාර්තා කර ඇති බවයි.
ශ්‍රී දේවිගේ ඥාතී සිනමා නළු අනිල් කපූර් Dubai’s Khaleej Times වෙත අදහස් පළකරමින් දන්වා සිටියේ ‘අපි මේ ගැන සම්පූර්ණයෙන් කම්පනයට පත් වුණා. ඇයට හෝ පවුලේ අයට හෘදයාබාධ රෝග ඉතිහාසයක් නෑ‘ යනුවෙනි.
කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කටයුතු නිසා සඳුදා ඉන්දියාවට ගෙන එන්නට තිබුණ ශ්‍රී දේවිගේ දේහය ගෙන ඒම අඟහරුවාදා දක්වා පමා කෙරිණි.
ඉන්දියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අනිල් අම්භානි ශ්‍රී දේවිගේ දේහය මව් රටට ගෙන ඒම සඳහා විශේෂ පුද්ගලික ජෙට් යානයක් නොමිලයේ ධාවනයේ යොදවන්නට ඉදිරිපත්ව සිටින බවටද මාධ්‍ය වාර්තා පළවිය.
මේ සිදුවීම නිසා බොලිවුඩයම කැළඹීමට පත්ව ඇති අතර මේ වනවිට සියලු සිනමා රූගත කිරීම් කටයුතුද අත්හිටුවා ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කරයි.
ශ්‍රී දේවිගේ හදිසි මරණය අභිරහසක් බවට පත්වීමත් සමග විවිධ තහවුරු නොකළ කටකතාද සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට පටන්ගෙන ඇත.‘බොනී ඇයව ඝාතනය කරා‘ යන්න එක් කථාවකි. ‘ඇයට කිසිවෙකු විස පානයක් ලබාදී ඇත‘ තවත් කථාවකි.
මේ අතර තවත් ගල්ෆ් පුවත්පතක් මගින් තහවුරු නොකළ ආරංචියක් ලෙස හෙළි කරඇත්තේ ඇය නාන කාමරයේ මියගොස් සිටි වේලාවෙ බොනී කපූර් පැමිණ නොසිටි බවයි. ඇයගෙන් ප්‍රතිචාර නැති නිසා හෝටල් බලධාරීන් දොරවල් කඩා බලද්දී ඇයගේ සිරුර හමුවූ බවකි.
සිදුවීම පිළිබඳ ඉදිරි පරීක්ෂණ අනුව තවත් දේ ඉදිරියට හෙළිවනු ඇත.
| ඊයේ සිරස සහ ස්වර්ණවාහිනී නිවුස් වලට කිව්වේ අඪික බීමතින් නාන තටාකයට වෑටිලා මෑරුණා කියලා... මම හිතන්නේ අපේ ඔය කියන මද්දයවේදීන් එතන ඉන්න ඇති. | 24 | POSITIVE |
ncpp_train_39511 |
සිය මව සමග දබරවී නිවසින් පැන ගිය 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක සංගීත ප්‍රසංග භූමියක සිටිය දී රවටා රැගෙන ගොස් දින 10 ක් විවිධ ස්ථානවල බලහත්කාරයෙන් රඳවා ගනිමින් රංචු ගැසී බරපතළ ලෙස දූෂණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කැකිරාව සහ ඉපලෝගම පොලීසි මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අට දෙනකු සහ මෙම අපරාධයට ආධාර අනුබල දුන් බව කියන හෝටලයක කළමනාකාරිණියක ලබන 6 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් පී.එම්. ගස්සාලි මහතා නියෝග කළේය.
අතවරයට පත් දැරිය දැඩි ආරක්ෂාව මධ්‍යයේ පරිවාස බාරයට පත් කරන ලෙසට කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතාට තවදුරටත් නියෝග කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු සහ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය. මෙම අපරාධයට සම්බන්ධ සෙසු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා කැකිරාව සහ ඉපලෝගම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට තවදුරටත් නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් කළේ ටී. කුමාරසේකර, අසිස් අහමඩ්, සහරාන් නියාස්, එස්. විශ්වනාත්, එම්. ආයාස්, එස්.එල්. ඒකනායක, කිත්සිරි ඉලංගසිංහ, කරුණාතිලක ජයසිංහ සහ ඉපලෝගම කැකිරාව පාර පිහිටි ඒ වූ ඉසඩ් හෝටලයේ කළමකාරිනි සබීතා කුමාරිහාමි යන නව දෙනාටය.
ඔවුහු කැකිරාව රත්මල්කන්ද තිබ්බටුවැව සහ ඉපලෝගම පදිංචිකරුවෝ වෙති.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කැකිරාව සහ ඉපලෝගම පොලිසි සඳහන් කළේ, සිය මව සමග දබරව අමනාප වී ඇති මෙම දැරිය ඉකුත් 14 වැනිදා සිය නිවෙසින් පැන ගොස් ඇති බවයි. එසේ පැනගොස් සංගීත සංදර්ශනයක් පැවැති ස්ථානයකට ගොස් එහි සිටින අතරතුර සැකකරුවන් කිහිප දෙනකු දැරිය රවටාගෙන රැගෙන ගොස් බරපතළ ලෙස රංචු ගැසී වරින් වර දූෂණය කර ඇති බව ද අධිකරණයට කියා සිටි පොලිසිය පසුව සෙසු සැකකරුවන්ට ද දැරිය දූෂණය කිරීම සදහා ලබා දී ඇති බව ද කීවේය.
කැකිරාව සහ ඉපලෝගම පොලිස් බල ප්‍රදේශවල පිහිටි පැන්නුම වලව්වේගම සහ කන්නන්මඩුව සහ තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි හෝටල සහ නිවාස කිහිපයක දින 10 ක් බලහත්කාරයෙන් රඳවා ගනිමින් දැරිය දූෂණය කර ඇති බව ද අධිකරණයට සැළකළ පොලිසිය තම දැරිය ආගිය තැනක් නොමැති බවට ඇගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද ප්‍රකාශ කළේය. මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව ද පොලිසිය තවදුරටත් අධිකරණයට දැන්වීය. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුර මැද පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් සුරිතා පෙරේරා මහත්මියගේ උපදෙස් මත කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතා වෙනමම තවත් විමර්ශනයක් සිදු කරයි.
| නම් එලිකරන එක ඉතා හොදයි අනිත් අයට වත් හැදෙන්න | 15 | POSITIVE |
ncpp_train_39512 |
හාමුදුරු නමක් කිරි පොවා
විමල් වීරවංශගේ උපවාසය නිල වශයෙන් අවසන් කෙරේ
පසුගිය දින 9 ක් පුරා බන්ධනාගාරයේ වැතිරෙමින් තමා හා දරුවන් රෝහල් ගත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ අධිකරණ තීරණයක් වෙනස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ උපවාසය අද පෙරවරුවේ අත්හැර දමා ඇති බව ඔහුගේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් මහතා නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මින් ඉහත විමල් සිර මැදිරියේ සිට බන්ධනාගාර රෝහලට ඇතුළුවූ අවස්ථාවේ තෙවැනි දිනයේ අග යහමින් ආහාර ලබාගත් බවට
ද නිල නොවන ආරංචි තිබුණ
නමුත් ඒ ගැන කිසිවක් ප්‍රකාශ කර නැත.
රාමඤ්ඤ නිකායේ මහ නායක නාපානේ හේමසිරි නාහිමියන්ද මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන්ද
පල්ලත්තර සුමනජෝති හිමියන්ද ඇතුළු මහා සංඝරත්නය කොළඹ ජාතික රෝහලට පැමිණ සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කිරීමෙන් අනතුරුව විමල්ට කිරි වීදුරුවක් පෙවූ බවත් ඉන් පසු දින 9 ක වර්ජනයව නිමා කළ බවත් නිල නිවේදනයේ දැක්වේ.
රජයේ වාහන අවභාවිත කිරිමේ චෝදනා යටතේ දින 80 කට ආසන්න කාලයක් බන්ධනාගාරයේ සිටින විමල් තමන් කර තිබෙන්නේ වරදක් ලෙස කිසිවිටෙක පිළිගන්නේ නැති අතර ඔහු නිතරම පවසන්නේ අන් අයත් මේක කළ නිසා තමන්ට පමණක් දඩුවම් ලබාදීම වරදක් බවයි.
විමල්ගේ ආහාර වර්ජනයට සමගාමීව ඔහුගේ දරු දෙදෙනාද ආහාර වර්ජනය කර රෝහල් ගතවූ නමුත් ශෂී වීරවංශ ආහාර දිගටම ලබාගත්තාය.
දරුවන්ගේ විභාග දරුවන්ගේ හාමත ආදී හේතු දක්වමින් විමල්ට ඇප ලබාදෙන ලෙස ඔහු මෙතෙක් කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන අතර ලබන 3 වනදාද ඔහුගේ ඉල්ලීමක් සලකා බැලීමට දින යොදා ඇත.
අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් විමල් උපවාසයක නිරතවීම කෙතරම් දුරට අධිකරණය පිළිගනීද යන්න එදින තීන්දුවනු ඇත.
විමල් වීරවංශ මින් ඉහත මහින්ද රාජපක්ෂ සමයේ බැන්කි මූන්ට එරෙහිව තුන්මුල්ලේ එජා කාර්යාලය අසළ උපවාසයක් සිදු කර ප්‍රසිද්ධ වූඅතර බැන්කිමූන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නැතිවම ඔහු උපවාසය අත්හැරියේ මහින්ද රාජපක්ෂ තැඹිලි වතුර පෙවීමෙන් පසුවයි.
| කොච්චරක් කිරි පෙව්වත් පන නැති කොන්ද හදන්න අමාරුයි ... | 18 | POSITIVE |
ncpp_train_39513 |
ලසිත් මාලිංග දේශපාලනයට එන්න හදන කතාව
පසුගිය දිනවල අයිපීඑල් තරගාවලිය හා දණහිසේ ආබාධ කතාව නිසා ආන්දෝලනයට තුඩුදුන් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග කලාතුරකින් සිදුවන්නක් ලෙස දේශපාලකයෙකු වෙත යාම නිසා ඔහු දේශපාලනයට පිවිසෙන්නට උත්සාහයක් පවතින බවට කතාවක් පැතිර පවතී. ඔහු ගොස් තිබුනේ
එජාපයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වන රන්ජන් රාමනායකගේ නිවසටයි.
එහිදී ඔහු ඡායාරූප කිහිපයකටද පෙනී සිටියා.
ඔහු එහිදී කතාබහ කළ දේවල් තවමත් හෙළිදරව් කර නැත. මේ වනවිට විස්සයි 20 තරග ක්ෂේත්රයේ ඉහළින්ම සිටින පන්දු යවන්නා වන මාලිංග සිය ශරීර ආබාධ නිසා තවදුරටත් රැඳෙන්නට බැරිව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගතහොත් ඊළඟට දේශපාලනය තෝරාගනු ඇති බවට ඉඟියක් මෙම හමුව තුළින් සපයා ඇත.
| කක්ක ගොඩකට තවත් කක්ක ගොඩක් එකතු වෙලා | 53 | POSITIVE |
ncpp_train_39514 |
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවටත් අනතුරුව දකුණු ඇමරිකානු රටක පදිංචිය සදහා යන බවටත් පැතිරියන කතාවල සත්‍යතාවයක් නොමැති බව
ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ
ප්‍රකාශකයෙකු පවසා තිබේ.
‘‘ මංගල සමරවිර හිටපු අමාත්‍යවරයා දේශපාලනයෙන් සමුගන්නා බවට විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර මේ දිනවල ප්‍රචාරය වෙනවා. මංගල මහත්තයා දේශපාලනය ආරම්භ කළ දවසේ ඉදලම ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් සිදු කළේ, එය විපක්ෂයේ කෙනෙක් වුණත් පිළිගන්න දෙයක්. එතුමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් නම් සමුගන්නවා කියලා තිරණය කරලා තිබුණා. ඉදිරියේදි එය වෙනස් වෙයිද දන්නෙ නැහැ. මංගල සමරවිර කියන්නේ දේශපාලන සත්වයෙක් ’’
| දකූණූ ඇමරිකාවෙ කොල්ලනි උඔලා පරිස්සමින් හිටපල්ලෑ මෙම සමනලයා වම්බොටූ කරල් උරන්න හරි ආසයි | 14 | POSITIVE |
ncpp_train_39515 |
ෆෝන් “පාස් වර්ඩ්” සැකයක් නිසා
සැමියාගේ පිහි පහරින් බිරිය මරුට
සැකය ජීවිත අවුල් කළ අවස්ථා බොහෝය. සැකයේ බීජය සිත තුළ තැන්පත් වීමෙන් තම දිවියට මෙන්ම අන්‍යයන්ගේ ජීවිත කෙරෙහිද බොහෝ බලපෑම් ඇති කරයි. එවැනි සැකයේ බීජයක් තුළින් උපන් ක්ෂණික කෝපය පසුගිය දිනක පුපුරා ගියේ ජීවිතයක් අහිමි කරමිනි.
දුක සැප සම සිතින් දරාගෙන එකට විසීමට පොරොන්දු වෙමින් කුල ගෙට ආ රේණුකා මල්කාන්ති තම සහකරුගේ හදිසි කෝපයට බඳුන්ව
පිහි ප්‍රහාරයට ලක්ව ජීවිතයෙන් සමුගත්තේ පසුගිය 23දා සන්ධ්‍යා කාලයේය.
තම ජංගම දුරකතනයට මුර පදයක් (password) යොදා තිබීම පිළිබඳව සැමියා විමසූ අවස්ථාවේ ඊට ඇය දැක්වූ ප්‍රතිචාරය නොරිස්සූ සැමියා එල්ල කළ පිහි ප්‍රහාරයෙන් රේණුකා මල්කාන්ති නමැති 39 හැවිරිදි එක් දරු මවකගේ මරණය සිදුව ඇත.
අගලවත්ත දාපිළිගොඩ පදිංචිව සිටි දේව වරමින් ශාස්ත්‍ර කීම වෘත්තිය කරගත් රේණුකා මල්කාන්ති තම සැමියා හා 12 හැවිරිදි දියණිය සමඟ සතුටින් දිවි ගෙවමින් සිටියාය. කිසිදු ආර්ථික අපහසුතාවක් හෝ ගැටලුවක් නොමැතිව තම සැමියා වූ අචල ප්රියන්තගේද වෘත්තීය ආදායමෙන් පවුලේ කටයුතු සමබරව පවත්වාගෙන ගියාය. අචල ප්‍රියන්ත බේකරි කර්මාන්තයේ නියැළුණු අතර දියණිය පාසල් වියේ පසු වූවාය.
සතුට සොම්නස පිරී ඉතිරී පැවැති නිවෙසේ සැම ප්‍රීතියෙන් කල් ගෙවූ කල හදිස්සියේ ඇතිවූ ව්‍යසනය පිළිබඳ ඥාතීන් පවා සිටින්නේ පුදුමයට පත්වය.
අසල්වාසී නිවෙසක පැවැති අවමංගල්‍යයකට සහභාගි වීමට සූදානම් වෙමින් සිටි සැමියාගේ කටයුතුවල යෙදී සිටියදී තම සැමියා ඇයගේ ජංගම දුරකතනය අතට ගත්තේ යම් ඇමතුමක් ලබා ගැනීමටය. එහෙත් එම දුරකතනයට මුර පදයක් යොදා තිබීම පිළිබඳව නොරිස්සූ ඔහු ඒ පිළිබඳව ඇයගෙන් විමසා තිබේ.
එහෙත් ක්ෂණික කෝපය මත සිදුකළ මෙම අපරාධය පිළිබඳව පසුතැවීම ඇතිවන විට තම ආදරණීය බිරිය මෙලොව හැරගොස් ඇති බව ඔහුට පසක් විය. ඒ පිළිබඳව ඇතිවූ සිත්තැවුල සංසිඳුවා ගැනීමට ඔහුගේ සැනසිල්ලට තිබුණේ වල් නාශක බෝතලයකිනි. ඔහු දිවි තොර කර ගැනීමට දැරූ උත්සාහය ඥාතීන් ඇතුළු අසල්වාසීන්ගේ මැදිහත් වීමෙන් වැළකුණද මෙතෙක් ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව රෝහල්ගතව සිටී.
(තොරතුරු - ප්‍රභාන් බුලත්සිංහල)
| ඒ ගැබුරු ධර්මය දන්නා බව පෙන්වන්න හදන ඔබගේ හිතටත් ඒ ආවේ ද්වෙශයම මිසක් වෙන දෙයක් නෙමේ | -11 | NEGATIVE |
ncpp_train_39516 |
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නට තමා තීරණය කෙළේ වැරැදි කළ පුද්ගලයන් සොයා නඩු පවරා හරියට වැඩේ අවසන් කරන්නට බවත් පාර්ලිමේන්තුවේ බැඳුම්කර
විවාදයේදී සිදු වූයේ දෙගොල්ලොම හිතේ හැටියට නා ගැනීම බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25දා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ප්‍රකාශ කළේය.
මම ආණ්ඩුවෙන් එළියට ආවේ එදා ආණ්ඩුවේ වංචා, දූෂණවලට විරුද්ධවයි. මේ ආණ්ඩුවේ වංචා, දූෂණ සිදු වෙනවා නම්
ඒවා යට ගහන්න මට කිසිම වුවමනාවක් නැහැ. වංචාවට, හොරකමට විරුද්ධ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ සිටිනවා නම් මට සහාය දෙන ලෙස ඉල්ලනවා යැයිද ජනපති පැවැසීය.
අර්ජුන් මහේන්ද්‍රන් එළියට දැම්මේ මම. කුමාරස්වාමි පත්කළේ මම. විගණකාධිපති පත් කළේත් මම. වැරැදි කරන අය රකින්න මම සූදානම් නෑ. මම කිසි කෙනකුට නැවෙන්නෙ නැහැ. ජනතාවට පමණක් හිස නවනවා යැයිද ජනපති පැවැසීය.
කෝප් කමිටුවේ වාර්තාව පිළිබඳව පැවැත්වූ විවාදය පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට එම වාර්තාව යවා තිබෙනවා. පොලිස්පතිවරයාටත් යවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ පවත්වන්න. ඒවා අවුරුදු දෙක තුන ඇදෙන නිසයි තුන් මසක් කල් දී කොමිසමක් පත්කළේ යැයිද ජනපති පැවැසීය.
මේ බැඳුම්කර නාඩගම පසුගිය ආණ්ඩු කාලෙත් සිදුවී තිබෙනවා. තවත් ජනාධිපති කොමිසමක් පත්කර ඒ ගැනත් සොයා වැරැදි කළ අයට දඬුවම් දෙන බවද ජනපති පැවැසීය.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 74 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේ ඉදිකළ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව නිරාවරණය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී ඊයේ (25දා) පස්වරුවේ මේ විශේෂ උත්සවය පැවැත්විණි.
එහිදී විශේෂ අනුශාසනාවක් පැවැත්වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ රටට කෝටි ගණනක් පාඩු වූ විශාල හොරකමක් සිදුව තිබෙනවා. කුඩා ළමයා පවා ඒ ගැන දන්නවා. ඔබතුමා ජනාධිපති කොමිසමක් පත්කර මෙය යට ගහන්න හදනවා යැයි මිනිස්සු කතා වෙනවා.
ඔබතුමා හිර වෙලා ඉන්න බවක් පෙනෙනවා යැයි ජනාධිපතිවරයා හමුවේ පැවැසූහ.
උන් වහන්සේගේ දේශනයෙන් පසු සභාව අමතමින් ජනාධිපතිවරයා ඉහත ප්‍රකාශ සිදු කෙළේය.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝද සභාව ඇමැතූහ. වජිර අබේවර්ධන, රංජිත් සියඹලාපිටිය ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ
(උදේනි සමන් කුමාර)
| මහින්දත් එක්ක නැගිටින්න ඕනෑ ඇති මොකෝ ඒ දවස්වල එයත් එක්කම බුදියගෙනනේ හිටියේ. ඒ කාලේ බෙන්ස් කාර්, උපකුලපතිකම්, පඩුරු පාක්කුඩම් වලට වැහිලා තිබුණ කට දැන්නේ ඇරෙන්නේ. | -4 | NEGATIVE |
ncpp_train_39517 |
උදම්මිට සමරේ මරා ඇත්තේ
එකට කාබී සෙට් වුණ හොඳම මිතුරා චාමර
පසුගියදා වේයන්ගොඩ ඇල්ඔය පාලම අසලදී වාහනයක ගමන් ගනිමින් සිටියදී වෙඩි වැදී මියගිය පාතාල නායක උදම්මිට සමරේ ඒ ආකාරයට ඝාතනය කර තිබෙන්නේ ඔහු සමග ඉතා හිතවත්ව එකට කාබී විනෝදවෙමින් හවුලේ අපරාධ වලටද සම්බන්ධවූ ‘චාමර‘ නමැති මිතුරෙකු බව මේ වනවිට පොලිසියට කරුණු අනාවරණයවී තිබේ.
චාමර හිටපු හමුදා සෙබළෙකි. මෙම පාතාල කල්ලි සාමාජිකයා මීට පෙර
වත්තල දී සිගරැට් වෑන් රථයක් පැහැරගෙන ගොස් කෝටි හතරක මංකොල්ලයටද සම්බන්ධවී ඇත. මෙම ඝාතනයට පෙර සමරේ හා චාමර අතර මුදල් ආරවුලක් පැවති බවත් වාර්තාවේ.
ආරවුලින් පසු මිතුදම් බිඳීගිය අතර චාමරට සමරේ විසින් ටික දිනකට ඉහත තර්ජනය කර ඇති බවත් හෙළි වී ඇත.
දැනට ලැබි ඇති තොරතුරු අනුව මෙම ඝාතනයට ටී56 ගිනි අවියක් යොදාගෙන තිබේ.
සිද්ධිය වාර්තාවූ පාලම අසල ඇල්ඔයේ විමර්ශන කටයුතු පෙරේදා (27) සහ ඊයේ (28) සිදු කෙරුණේ කොළඹ පොලිස් නාවික කොට්ඨාසයේ සහාය ඇතිවය. පොලිස් නාවික කිමිදුම් කණ්ඩායමක් ඇල්ඔයේ කිමිදී සිද්ධියට අදාළ කිසියම් තොරතුරක් ඇත්දැයි සොයා බැලූ අතරජංගම දුරකථනයක් සොයාගැනීමට හැකි වී ඇත.
මෙම ජංගම දුරකථනය මෙම අපරාධයට සම්බන්ධ එකක්
දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි. පොලිස් සුනඛ අංශය මගින්ද අපරාධ ස්ථානයේ
පරීක්ෂණ පැවැත්වූ අතර පොලිසිය පවසන්නේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම්
කිහිපයක් මගින් දීර්ඝ ලෙස විමර්ශන කටයුතු සිදුකරන බවයි.
ඝාතනය සිදුවන ආකාරය අසල පිහිටි වෙළෙඳසලක සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී ඇති බවත් 'උදම්මිට සමරේ' වෙඩි වැදී ත්‍රිරෝද රථයකට නංවාගෙන යන අයුරු සහ වෙඩි වැදුණු ඔහුගේ අනෙකුත් මිතුරා අසාධ්‍ය තත්ත්වයෙන් බිම නිදා ගන්නා අයුරුද සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
(PixBy-Indika Abeysundara -Rivira)
| එකට එක් වී... එකට කා බී.... ඒකට සැතපීලා.... එකට සැතපීලා.... මෙන්න සින්දුව.... | 29 | POSITIVE |
ncpp_train_39518 |
ආගම් දෙකක නිසා දෙමාපියන් විරුද්ධ වුණාපාසල් කාලයේ සිට ඇරඹි
ජැක්සන් කුමාරි ආදර කතාව
ප්‍රකට කලාකරු ජැක්සන් ඇන්තනී හා බිරිය කුමාරි මුණසිංහ පාසල් සමයේ සිට මිතුරන්ය. මුණ ගැසී වසර කට පසු හොඳම යාළුවාවූ කුමාරි කසාද බඳින්න ජැක්සන් තීරණය කළත් ජැක්සන්ගේ ගෙදරින් කුමාරිට මුලින්ම කැමතිවී නැත. බාධක බිඳගෙන ඔවුන් විවාහවූ හැටි පසුගියදා රූපවාහිනී වැඩසටහනකින් කියා තිබුණි.
පාසලට නවක ශිෂ්‍යෙයක් ලෙස පැමිණි ජැක්සන් ඇය සමග බොහෝ සමීප වන්නට මගපාදන්නේත් කලාවමයි. ඔහු ප්‍රථම වතාවට ඇයව හමුවූ ඒ මොහොත
ඇය මෙලෙස මතක් කරනවා.
“ ඒ දවස් වල ගලහිටියාව මහ විද්‍යාලෙ ලස්සන අරලිය ගස් ගොන්නක් තිබුනා. දවසක් එයා අරලියා ගස් මැද්දෙන් ඇවිදන් යද්දී බටනළා සද්දයක් ඇහිලා. එයා බලලා කවුද මේ පිඹින්නේ කියලා.එයත් සංගීතයට ගොඩක් කැමතියි නේ.ඉතිං ඒ වෙලාවෙ බට නළාව පිඹිමින් ඉඳලා තියෙන්නෙ මම. ජැක්සන් මුලින්ම මාව දැක්කෙ එතනදි. එවෙලෙ එයා හිතුවලු කොහොමහරි මෙයත් එක්ක හිතවත් වෙනවා කියල.”
කෙසේ වෙතත් කලාවට හිතැති මේ සුන්දර යෞවනයන් දෙපල ඉතාම කිට්ටු වෙන්න මගපාදන තවත් සිදුවීමක් මේ පාසලේදීම වෙනවා.
“ ජැක්සන් අපේ ඉස්කෝලෙට ආවෙ අලුතෙන්නේ.. දවසක් ඉස්කොලෙ සමිතියකදි එයා ගොඩක් හැඟීම් බර විදිහට ලස්සන ට සිංදුවක් කිව්වා.මාත් ගොඩක් ආසාවෙන් ඒ සිංදුව අහන් හිටියා. එදා තමයි මම ජැක්සන්ව මුලින්ම දැක්කේ.”
එදා ඉදන් ඇරඹුනු මිතුදම ඉතාම සමීපව ගෙවුනු බව ජැක්සන් මතක් කරනවා.
“ අපේ තිබුණේ මචං කියාගන්නා යාළුකමක්. එයා තමයි මට මේ ජැකා කියන නමත් පටබැන්දේ.”
බොහෝ සුන්දර මතකයන් රැසක් ඉතිරි කරමින් මොවුන් අධ්‍යාපන කටයුතු නිසි ආකාරව සිදු කරන්නේ අධ්‍යාපනයට මුල් තැන දෙමින්. පාසල් අධ්‍යාපනය නිම කරන මොවුන් දෙදෙනාගෙන් ජැක්සන් කොළඹ විශ්ව විද්‍යාලයටත් කුමාරි මුණසිංහ ගම්පහ ආයුර්වේදයටත් නික්මෙන විටත් දෙදෙනාගේ කිසිදු ආදර සම්බන්ඳයක් නොතිබුනු බව තමයි මොවුන් කියන්නේ.
මොවුන්ගේ මිතුදම ආදරයකට පෙරලන්න සමත් වෙන්නේ නෙවිල් සුබසිංහයන්ගේ “වාරුවෙන් යන මිනිස්සු” වේදිකා නාට්‍යයේ චරිත දෙකකට ඔවුන් දෙදෙනාව තෝර ගත්පසුවයි. ඉතිං මේ සමීප මිතුරන් දෙදෙනා නාට්‍ය පුමුණුවිම් ආදියට යන එන අතරතුරේදී තමයි ඔවුන් ආදරවන්තයින් බවට පත්වෙන්නේ.නමුත් ඊට මුලදී බාධා එල්ලවී ඇත.
කුමාරි මේ ගැන පැවසුවේ.
දෙදෙනා ආගම් දෙකක නිසාවෙන්ම දෙදෙනාගේ ගෙවල් වලින් දැඩි ලෙස සම්බන්ධයට විරුද්ධ වුණා. මං ඒ කාලෙදඟකාරයි කියලත් ජැක්සන්ගෙ අම්මලා අකමැති වුණා.
නමුත් ඔවුන් අවසානයේ දෙමාපිය ආශිර්වාදය මැද කසාද බඳිනවා.
“ හැත්තෑ පහේ දැකපු මගේ යාළුවව මම හැත්තෑ නවය වෙද්දී පෙම්වතිය කරගත්තා. අසූ පහේ කසාද බැන්දා..හොඳම යාළුවව කසාද බැන්දා..” ජැක්සන් ඒ ගැන කියා තිබුණි.
විවාහ වෙලා එක වහලක් යටට යන එත තමයි දෙන්නාගෙම හීනෙ වෙලා තිබුනේ. ඉතිං මේ ආදරණීය යුවල බොහෝ දුක් කම්කටොළු මැදින් තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගෙන තිබුණා. ඒ වගේම මේ දෙපළ කලාවට තිබුනු ලැදියාව ජැක්සන් පවසන්නේ මේ විදිහට..
“අපේ විවාහෙට පස්සෙ දවසෙත් අපි නාට්‍යක රඟපෑවා..කුමාරිට මගේ පළවෙනි දුව ලැබෙනවා කියන සුබ පණිවිඩය කුමාරි මට කිවුවෙත් වේදිකාවෙදි…
මම ඒ දවස් වල ගොඩක් කාර්ය බහුලයි... බස් එකෙන් බස් එකට නාට්‍ය වලට යන්නේ.. අපිට හම්බවෙන්න වත් වෙලාවක් නෑ.. දවසක් මම මරාසාද් නාට්‍ය යේ රඟපාන වෙලාවක නාට්‍ය යේ එක්තරා නිශ්ශබ්ද ස්ථානයකදි තමයි ගායන වෘන්දයේ නායක ගායිකාව විදිහට හිටපු කුමාරි මට හොරෙන්ම කිවුවේ ඔයා තාත්ත කෙනෙක් වෙන්න යනවා කියලා...”
සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන්
| පව් වඩෙ ඔයගොල්ලො වෙන් වෙම්න එපා.ඩුව පව්. | -9 | NEGATIVE |
ncpp_train_39519 |
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ අද (4) පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසීය.ඒ අනුව සියලුම සිසුන් නේවාසිකාගාරවලින් හෙට (5) පෙරවරු 8.00 ට පෙර ඉවත්විය යුතු බබත් නැවත දැනුම්දෙනතුරු එම විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ බාහිර නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් කර ඇති බවත් උපකුලපතිවරයා පවසයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි නිලධාරියෙක්ට පරදීමේ සිද්ධියට විනයානුකූලව පියවර ගෙන විශ්වවිද්‍යාලය සාමාන්‍ය තත්වයට පත්කිරීමේ පියවර ලෙස මෙම තීරණය ගත් බව ද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එහි ආරක්ෂක නිලධාරියකු ඊයේ (03) අලුයම පැහැරගෙන ගොස් පහරදී තුවාල සිදු කර තිබූ අතර තුවාල ලබා ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඒ.එස්. දේවප්‍රිය (42) නමැති අයෙකි.පහර කෑමට ලක්වූ මෙම පුද්ගලයා විශ්වවිද්‍යාල භූමියේ පිහිටි නේවාසිකාගාරයේ නිදා සිටියදී ඊයේ අලුයම පැමිණ සිසුන් පිරිසක් ඔහු අවදි කර පිටතට ගෙන යතුරුපැදියක බලහත්කාරයෙන් නංවාගෙන විශ්වවිද්‍යාල ශාරීරික සුවතා මධ්‍යස්ථානයට රැගෙන ගොස් මෙම පහරදීම කර ඇති බව පොලිසිය පවසයි. සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසියටද පැමිණිලි කර ඇත. ආරක්ෂක නිලධාරියාට පහර දුන් සිසුන් පිරිස හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය කියයි. පෞද්ගලික ආරවුලක් මුල් කරගෙන මෙම පහර දීම සිදු කර ඇති බවද පොලිසිය පවසයි. මෙම ආරවුල මත විහ්ව විදයාලයේ සියලු ආරක්ෂක නිලධාරීන් සාධාරණය ඉටුකරන තුරු සේවයෙන් ඉවත්වන බවට උපකුලපතිට දන්වා ඇතැයිද වාර්තා වී තිබුණි.මෙම ගැටලුව නිරාකරණය වනතුරු සරසවිය වසා දැමීමට ඒ අනුව තීරණය වී තිබේ.
| අම්මොහ් අන්තරේ ජනතාවගේ වීරයෝ ටික 😄😄 | 22 | POSITIVE |
ncpp_train_39520 |
පිටිදූවේ හිමිගේ ධර්ම සංවාද වැඩසටහනට
පිළියන්දලදී කුණු බිත්තර ගල්මුල් (video)
ඊයේ (26) ඉරිදා පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පවත්වන්නට යෙදුණු පිටිදූවේ සිරිධම්ම (අරහත් සිරි සමන්ත භද්‍ර) හිමියන්ගේ ධර්ම සංවාද වැඩසටහනකට එරෙහිව අවට සිටි පිරිස් ගල්මුල් කුණු බිත්තර ප්‍රහාර එල්ල කර අවසානයේ පිටිය මැද විරෝධතා පළ කිරීම හේතුවෙන් අතරමග අත්හැර දමන්නට සිදුවූ බව වාර්තාවේ.
ගුවන් විදුලි නාලිකාවක් මගින්
සංවිධානය කර තිබුණ මෙම ධර්ම සංවාද වැඩසටහන පස්වන වරට ඊයේ සවස 6 සිට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි පිටියේදී සිදු කරන්නට නියමිතව තිබුණ බව පූර්ව ප්‍රචාරයන් ගෙන ගොස් තිබුණ අතර පිටිය මැද වේදිකාවක පිටිදූවේ හිමියන් වාඩිගන්නා විශාල ආසනයද සිටුවා සියල්ල සූදානම් කර තිබියදී සවස් කාලයේ
සිට හිමියන්ට එරෙහිව විරෝධතා දක්වන පිරිස් පිටිය වටකොට රතිඤ්ඤා පත්තු කරමින් ගල් මුල් රැගෙන එමින් එය පවත්වනවාට විරුද්ධව සිය විරෝධය පළ කරමින් සිටි බව වාර්තාවේ.
සිරි සමන්ත භද්‍ර නමින් පෙනී සිටින මෙම හිමියන් තමන් අරහත් තත්වයට පත්වූ බව පවසන අතර පසුගිය කාලයේ මහායාන භික්ෂුවකට සමාන ආකාරයට හැසිරෙමින් ථෙරවාද ශාසනය විනාශ කරන බවට ඇතැමුන්ගේ විවේචන පළ විය.
විශාල කේක් කපමින් විනෝද වන, සියලුම ආකාරයේ මස් මාංශ ආහාර පිළිගන්වමින් උපන්දින උත්සව පන්සලේ තබන, ජීවතුන් අතර සිටියදීම තමාගේ පිළිම පන්සලේ පිහිටුවන, පාරේ වැඩමවද්දී ගෝලයින් ලවා දෙකකුල වෙත මල් ඉසගන්න මෙම හිමියන්ට එරෙහිව මීට වසර කිහිපයකට එපිට සිටම විවිධ පාර්ශ්ව විවේචන එල්ල කර තිබුණි.
ඊයේ පිළියන්දල වැඩසටහන ආරම්භ කරන අවස්ථාවේ සිට එල්ලවූ විරෝධතා නිසාදෝ පිටිදූවේ සිරිධම්ම හිමියන් එම ස්ථානයට වැඩම කර නොතිබූ අතර ඒ වෙනුවට එහිමියන්ගේ අනුප්‍රාප්තික වෙනත් හිමිනමක් විසින් වැඩසටහන ආරම්භ කර කරගෙන යන ලදි.වැඩසටහනට එක්ව සිටියේද සුළු පිරිසකි.
කෙසේ වෙතත් වැඩසටහන පවත්වන අතරවාරයේ පිටිය වටකරගෙන සිටි විරෝධතා කරුවන් වැඩසටහන කරගෙන යද්දීත් කුණු බිත්තර ගල්මුල් ඒ දෙසට එල්ල කර තිබුණ අතර පිළියන්දල පොලිසියේ ආරක්ෂාවද එම ස්ථානයට සපයා තිබුණත් ඔවුන් පසුබැස තිබුනේ නැත.
අවසානයේ පිටිය මැද සභාව දෙසට විරෝධතා දක්වන හිමිවරුන් පිරිසක් හා ගිහි පිරිසක් පැමිණ කලබල කළ අතර මෙම වැඩසටහන නවතා දමන බව මූලාසනයෙන් නිවේදනය විය.
සිද්ධිය අවස්ථාවේ වීඩියෝවක් පහතින්
| බෞද්ධ සහෝදරවරුනි...මම මෙකට අදහසක් එකතු කරන්න කැමති...ඇත්තටම මම කතෝලිකයෙක්..නමුත් මම අහල තියෙන බෞද්ධ දර්ශනය මීට වඩා ගොඩාක් වෙනස්..සමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කහම අපේ සිත් නිවෙනවා...නමුත් මෙතන එහෙම දෙයක් පෙනෙන්න නැහැ..මෙතන වැරදි කවුද කියල මට තේරුමක් නැහැ.නමුත් අපේ සබාවෙනම් මොනවහරි ධර්ම විරෝධී ක්‍රියාධාමයක් වෙනවනම් අපේ කාඩිනල් තුමා රෝමයේ නියෝජිතවරුත් සමග එකට එකතු වෙල මෙය සාදනීය විදිහට කතිකාවකට ලක් කරල අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා...නමුත් මෙපන ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරන රටක ඇඉ එහෙම විනය ක්‍රියාමර්ග ගන්නේ නැත්තේ..කුනු බිත්තර වලින් මෙ මහා සමාජ පරිහානිය නවත්තන්න බැහැ.. | 24 | POSITIVE |
ncpp_train_39521 |
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව යම් හෙයකින් අවාසි අතට හැරුණොත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලෙස ගෝඨාභය වෙනුවට විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම
සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්ෂ නායක සාකච්ඡාවක් අද 30 පස්වරුවේ කැඳවා ඇති බවද විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
පොදු ජන පෙරමුණට සමීප ආරංචි හෙළිකරන්නේ අදාල ලියකියවිලි වල
කිසිදු ප්‍රශ්නයක් නැති බවයි.
කෙසේ වෙතත් සිය ප්‍රතිවාදීන් මෙහිදී නීතිය මුලට ගෙන උපායශීලීවී තිබෙන බවත් 02 වනදා එම විභාගය ඇරඹී 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වියහැකි බව කියැවේ.
මේ නිසා කල්තියා පක්ෂයක් ලෙස ඒ ගැන සූදානම්වීමේ අවශ්‍යතාව මත හදිසි සාකච්ඡාව කැඳවා ඇත.
විකල්ප අපේක්ෂකයා ලෙස දැනට යෝජනා වී ඇති නම් අතර හිටපු කතානායක චමල් රාජපක්ෂ ඉදිරියෙන්ම සිටින බව විමල් වීරවංශට සමීප වෙබ් මාධ්‍ය ජාලය වාර්තා කර ඇත. මේ අතර මහින්ද රාජපක්ෂ සමීපතමයින් පවසන්නේ ශිරන්ති රාජපක්ෂගේ නමද විකල්පයක් ලෙස නම් කර තිබෙන බවකි.
මේ අතර රාජපක්ෂ පවුලෙන් පිටත නමුත් ප්රගතිශීලී අපේක්ෂකයෙකු ලෙස හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නමද යෝජනාවී තිබෙන බව වාර්තාවෙයි.
| අජිත් කබ්රාල් ඉල්ලුවොතින් දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි ඡන්ද බහුතරයක් පොහොට්ටුවට වැටෙයි. මහින්ද රාජපක්ෂගේ සිංහල බෞද්ධ ඡන්ද සමග ඔහු අනිවාර්යයෙන්ම දිනනවා | -69 | NEGATIVE |
ncpp_train_39522 |
නොවැම්බර් අගදි දුවෙක් තමා ලැබෙන්න ඉන්නෙ
ආයෙ දේශපාලනේ කරන් නෑඒත් දෙනවක හාමිනේ වගේ මැරෙනකං රඟපානව
- උපේක්ෂා ස්වර්ණමාලී
නිළියක මෙන්ම දේශපාලන චරිතයක් වුණ උපේක්ෂා ස්වර්ණමාලී ලබන මාසයේ අග දරුඵල අපේක්ෂාවෙන් මේ දිනවල නිවසේ කාලය ගත කරනවා.
ඇයට කුළුඳුලේ උපදින්නට නියමිත ගැහැණු දරුවෙකු බවත් ඇය ඉදිරියට මුළුමණින්ම දේශපාලනයෙන් ඉවත්වන බවත්
පසුගිය සති අන්ත පුවත්පතකට හෙළි කර තිබුණා.
ඇය ඒ ගැන කියූ විස්තරය මෙසේය.
‘මේ කාලෙ වෙනද වගේ නම් නෙමේ. හරිම වෙනස් විදිහට ගත වෙන්නේ. මං දිගටම වැඩ කළ කෙනෙක්. සල්ලි හොයන්න පාසල් යන කාලෙ
ඉඳන්ම විවිධ වැඩ කරා.
නමුත්
ලබන මාසේ (නොවැම්බර්) අග දරුවා ලැබෙන්න නියමිත නිසා මට මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න සිද්ධ වෙලා. හරිම පාළුයි.කම්මැලියි.
පුංචි අමුත්තෙක් ගෙදරට එන්න තියන අත්දැකීම අලූත් එකක් නිසා ඒ ගැන සිහින මවමින් බලාපොරොත්තු සහිතවයි ඉන්නේ.
ස්කෑන් පරීක්ෂණයෙන් දැනගත්ත විදිහට මට ලැබෙන්න ඉන්නේ දුවක්. ඒ නිසා රෝස පාටින් ඇඳුම් එහෙම හදාගත්තා. ගොඩක් ඥාතීන්ගෙන් තෑගිත් ලැබුණා. දරු උපතට සූදානම් වෙන්න විස්තර අන්තර්ජාලයෙන් බැලූවා. අද කාලෙ මේ දේවල් කරද්දි කඬේ හරියට වෛවර්ණ දේවල් තියනවානේ. අපට ඒ කාලෙ කරපු අය කරන දේවලින් දශමයයි කරන්න තියෙන්නෙ.
දුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගත්තාම මහත්තයා ගොඩක් සතුටු වුණා. අම්මල නම් කැමත්තෙන් හිටියෙ පුතෙකුට.ඒත් කවුරු ලැබුණත් එයා නිරෝගී යහපත් දරුවෙක් වෙන්නයි ඕන. එයා කවදහරි හොඳ අනාගතයක් ලබන්න ඕන. රංගන ශිල්පීන්ට ලංකාවෙ තියෙන්නෙ අඩු පිළිගැනීමක් ඒ නිසා එයා එහෙම නොවෙනව නම් මං කැමතියි.
මොනව වුණත් දුව ලැබුනට පස්සෙ මං ආයෙ රඟපාන්න එනවා. දෙනවක හාමිනේ වගේ මං මැරෙනතුරා
රඟපානවා.ඒත් හැම එකකටම එන එකක් නෑ.තෝරගත්ත ඒවයෙ විතරක් ඉඳීවි.
මං ආයෙ දේශපාලනේ කරන් නෑ. මගෙ ආසන සංවිධායක කම නැතිවෙද්දිත් මට ගාණක් දැනුනෙ නෑ. මං ඉදිරියට මුල්තැන දෙන්නෙ මගේ දරුවට පවුලට විතරයි’
තොරතුරු - තිළිණි කරුණාරත්න
| දරුවා ඇත්තටම කාගේද ? | -18 | NEGATIVE |
ncpp_train_39523 |
ඕස්ට්‍රේලියානු ඩොලර් 6,500,000.00 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 7815) ක මුදලක් වියදම් කර ඕස්ට්‍රේලියාවේ
මහල් නිවාස සංකීර්ණ දෙකක්
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉදිකරමින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් වලින් මෙම කටයුතු සිදු කෙරෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ (ජනපති පුත්‍රයා නොවේ) අද විශේෂ හෙළිදරව්වක් කරන්නට නියමිතය.
උදය ගම්මන්පිල ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික්ගේ ව්‍යාපාර ජාලයේ වංචාවන් රැසකට සම්බන්ධකම් ඇති බවත් සිඩ්නි ජයසිංහ නම් ව්‍යාපාරිකයා සමඟ දේශීය ව්‍යාපෘති කිහිපයකද වංචා සහගතව මුදල් උපයා ඇති බවත් පවසමින් මෙම හෙළිදරව්ව සියලු ගණං හිළව් ලිපි ලේඛන සමග
පොලිස් විශේෂ විමර්ශන අංශය(SIU) දැනුවත් කිරීමට අද බලාපොරොත්තුවන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් අදාළ තොරතුරු සහ සාක්ෂි ලබාදීම අද(29) පස්වරු 1.30 ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපස පොලිස් විශේෂ විමර්ශන ඒකකයේදී සිදු කරන බව දන්වා ඇත.
| ඕකවනම් අල්ලනවා බොරු.ඕකා තරන් ඇට නැති දිව නවන නරියෙක් ලංකාවේ වෙන නෑ. | 22 | POSITIVE |
ncpp_train_39524 |
සැහැල්ලු වාහන රියදුරු පත් ලබාගැනීම සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බවත් පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා තිබේ.
මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (31දා) පෙරවරුවේ
ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේබව සඳහන් කළේය.
සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව රෝහල් මට්ටමින් ලබාදීම පිළිබඳව සොයා බැලිමටද මෙහිදී තීරණය කෙරිණි.
රියදුරු බලපත් ලබාදීමට මීට පෙර පැවති ක්‍රමයේදීද බරවාහන සදහා පමණක් පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් අවශ්‍ය වූ අතර සැහැල්ලු වාහන සදහා එවැන්නක් හදුන්වාදී තිබුනේ මෑතකදීය. එම කටයුත්ත සංවිධානාත්මකව සිදු නොවීම නිසා විශාල පිරිසක් දිනපතා රස්තියාදු වූ බවට පැමිණිලි තැබී තිබුණි.
| එහෙම කලොත් ලොකුදෙයක්, මුන්ට පගා ගහන්න පුලුවන් එක කොටසක් හරි අඩුවේවි. | 16 | POSITIVE |
ncpp_train_39525 |
දකුණු පළාතේ පැතිර යන වෛරසයට ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍යම ඖෂධයක් වන ටැමින් ලූ නමැති ඖෂධය මේ වනවිට ලංකාවේ නොමැති බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය රටට පැහැදිලි කළ යුතු බවත්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ
සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.
එමෙන්ම දකුණු පළාත තුළ පැතිර යන වෛරසය වසංගත තත්වයක්ද, නැද්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වසංගත රෝග විද්‍යා ඒකකය මේ වනතෙක් රටට දැනුම් දී නැතැයි එම සංගමය චෝදනා කරයි.
මේ තත්වය හමුවේ මානව සම්පත කෙසේ කටයුතු කළ යුතුද යන්න සම්බන්ධයෙන් විමසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කළද ඊට මේ වනතෙක් පිළිතුරු ලැබි නැතැයි ලේකම්වරයා කීය. දකුණු පළාත තුළ පවතින වෛරස් තත්වය සම්බන්ධයෙන් හා ආපදා තත්ත්වය හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත් වී ශාඛා මට්ටමෙන් මේ වන විට අවශ්‍ය පිළියම් යෙදීමට වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි ඒ මහතා කියා සිටියේය. හෙතෙම මේ බව පැවැසුවේ ඊයේ (28) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
| රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන දේවල් සැකයි. උන් හැම දෙයක්ම කරන්නේ මහින්දට වාසි වෙන විදියට. උං හරියටම කරන්ඩ දන්න එකම දේ මහින්දට කඩේ යන එකයි වැඩ වර්ජනය කරල ලෙඩ්ඩු මරන එකයි විතරයි | -32 | NEGATIVE |
ncpp_train_39526 |
මීතොටමුල්ල ආපදාවෙන් විපතට පත්වූවන්ට මසකට රුපියල් 50,000 බැගින් මාස තුනකට ගෙවන දීමනාව
එකවර ගෙවන ලෙස
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ, තාවකාලික නිවාස ලබා ගැනීමේදී ගෙවිය යුතු අත්තිකාරම් මුදල් ගැටලු මගහරවා ගැනීම මේ මගින් අපේක්ෂා කරන බව ය.
ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදී ඇත්තේ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසල කළමනාකරණය විදිමත් කිරීම පිළිබඳ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍ය, ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක් ව සිටියහ.
| මාසෙ ගානෙ ගෙව්වනම් උන් මාස තුනක් ගෙවල් කුලී ගෙවාගෙන කාල ජීවත් වෙයි.දැන් යන්තම් මාසයයි... මරු ආපදා කලමනාකරු.... | 26 | POSITIVE |
ncpp_train_39527 |
“ඇඩ්රස් නෑ” චිත්‍රපටයේ ගීතයක් වාණිජ්‍ය කටයුත්තක් සඳහා යොදාගෙන එහි කර්තෘභාග මුදල් නොගෙවා මහාචාර්ය සුනිල් හා ආචාර්ය රෝහණ දෙදෙනාට අසාධාරණයක් සිදු කිරීම නිසා ඔවුන් දෙන්නා ගායක ගායිකාවන්ගේ එකමුතුවෙන් සැදුම්ලත් ඔස්කා සංවිධානයේ විධායක මණ්ඩලයෙන් ඉවත්වූ බවට ලිපියක් පසුගිය දිනවල පළවිය. එහිදී චෝදනාවට බඳුන්වූ භාතිය සංතුෂ් දෙන්නා ඔවුනගේ සමාගම හරහා ප්‍රතිනිර්මාණය කළ ඇඩ්රස් නෑ චිත්‍රපටයේ එකී ගීතය වෙනුවෙන් එහි නිෂ්පාදකට මුදල් ගෙවූ බව කියති. නමුත් නිෂ්පාදකවරයා ගීතයේ නිර්මාණකරුවන්ට ගෙවා නැති නිසා මෙම ගැටලුව පැනනැගී ඇතැයි ඔවුහු පැහැදිලි කරති. කරුණු දක්වමින් භාතිය හා සංතුෂ් මෙසේ කියා ඇත.
"ආදරණීය ආචාර්ය රෝහණ වීරසිංහ සර් හා මහාචාර්ය සුනිල් ආරියරත්න සර් මේ වෙනුවෙන් දක්වා ඇති කරුණුවලට අනුව අපේ හදවත්තේ ගැඹුරුම තැනින්, ඒ දෙදෙනාට ගරු කරන දෙන්නෙක් විදිහට අපි ලිපියක් අපේ මුහුණු පොතට (FB) දැම්මා. ඒ එතුමන්ලා වැරැදි යැයි කියලා චෝදනා කරන්න නොවෙයි. සිදුවී ඇති දේ ගැන කරුණු කාරණා කෙළින්ම ඉදිරිපත් කරන්නයි. අපි දෙදෙනා මේ ක්ෂේත්රයට පැමිණි දා සිට, හැකි අයුරින් අපේ ගීත නිර්මාණය කරගෙන, ඒවා ජනගත කර, ඉන් ලැබෙන ආශීර්වාදයෙන් පුළුවන් තරම් දුරක් බොහොම පරිස්සමට මේ ගමන මෙතෙක් දුරක් ආවා. අවුරුදු 23ක් සංගීත ක්ෂේත්රයේ ගෙවුණු කාලය ඉතා වගකීමෙන් පැමිණි ගමනක් බව කාරුණිකව කිවයුතුයි. සමාජ මාධ්‍ය මෙතරම් ප්‍රචලිත, සැමදෙනාම පරිශීලනය කරන යුගයක ගීතයක අයිතිය බලෙන් පැහැරගෙන එවැනි ප්‍රශ්නයක් අප හිස මත පටව ගන්නට තරම් අප වගකීම් රහිත මිනිසුන් ලෙස සිතීම පුදුමසහගතයි.අප ආයතනයට තවත් පෞද්ගලික ආයතනයකින් ලබාදුන් විවිධ ගීත ආධුනිකයන් විසින් ප්‍රතිනිර්මාණය කර ගායනා කරන වැඩසටහනක් හේතුවෙන් මෙම ගැටලුව පැනනැඟුණේ. මීට පෙරත් අපි ඇත්තටම මොකද වුණේ කියන කාරණාව. එතුමන්ලාට පැහැදිලි කරලා දුන්නා. නමුත් එතුමලා OSCA ආයතනයට ඉදිරිපත් කළ ලිපියක් හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍යවල අප ඔබන්ගේ ගීතය හොරකම් කළා කියන චෝදනාව නැගෙන නිසා සහ කරුණු කාරණා සිදුවූ ආකාරය හරි ආකාරව පැහැදිලි කරදීමෙන් පසුවද, නැවතත් අප වංචාවක් කර ඇති බව සඳහන් කර තිබීම පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා එය, අප දැඩි ලෙස සිතැවුලට පත්කළ කරුණක්ද වුණා. ඇත්තටම වුණේ මොකක්ද? ඒ පෞද්ගලික ආයතනය එක් ගීතයක් සඳහා රුපියල් දෙලක්ෂ අසූදාහක මුදලක්ද අප ආයතනයට ගෙවීමට එකඟ වුණා. එහිදී අප කාර්යමණ්ඩලය එයින් රුපියල් හැටදහසක මුදලක් කර්තෘභාග වෙනුවෙන් වෙන් කළා. අපි අපේ කාර්යමණ්ඩලයට දැනුම් දුන්නේ, ගීතවල බුද්ධිමය දේපළ හිමිකරුවන්ට කතා කර අවශ්‍ය පිරිවැය ලබාදී, අවශ්‍ය අවසරය ලබාගන්නා ලෙසයි. මෙම මුදල් අගය අප ආයතනය වෙන් කළේ මෙම කාලවකවානුවේ OSCA ආයතනය සංගීත වැඩසටහන්වල ගීත ප්‍රතිනිර්මාණය සඳහා රුපවාහිනී නාලිකා සමග රුපියල් හැටදහසක අගයක් සාකච්ඡා කරගෙන යන පසුබිමකයි.මෙම වැඩසටහනට තීරණය වූ ගීත අතර"ඇඩ්රස් නෑ” චිත්‍රපටයේ ගීතයක් තිබුණා. අප ආයතනය සියලුම ගීතවල හිමිකරුවන් සමග සම්බන්ධ වී කර්තෘ භාග පිළිබඳව එකඟවූ අතර, "ඇඩ්රස් නෑ" යනු චිත්‍රපටයක් බැවින් එහි නිෂ්පාදකවරයා හා සම්බන්ධවී එම ගීතයේ අයිතිය පිළිබඳ තොරතුරු විමසුවා. එහිදී මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාටමෙම ගීතයේ අයිතිය ඔහු සතුව ඇති බව සහතික වූ නිසා, අප ආයතනය ඔහුට රුපියල් හැටදහසක මුදලක් ගෙවා, මෙම ගීතය භාවිත කීරීම සඳහා ඔහුගේ ලිඛිත අනුමැතිය සහ අවසරය ලබා ගත්තා. මෙම සමස්ත ක්‍රියාදාමයම සම්බන්ධ නිල ලිපිලේඛන අප ආයතනය සතුව ඇති බවත්, අවශ්‍ය නම් ඒවා ඉදිරිපත් කළ හැකි බවත් දන්වන්න කැමතියි.ඊට පසුවත් මේ සම්බන්ධව අපට චෝදනා නැගෙන විට, අප විමතියට පත්වූයේ ඒ නිසයි. එබැවින් මේ සිදුවීම ආරංචි වූ වහාම අප උත්සාහ කළේ රෝහණ සර් හමුවීමටයි. අප එතුමාගේ නිවසේ දොරකොඩටම පැමිණියත් අපව හමුනොවී, OSCA ආයතනය අප පාර්ශව දෙක සාකච්ඡාවකට ගෙන්වූ අවස්ථාවේද අප සමග සාකච්ඡා නොකොට අප මගහැර ඔහු කාර්යාලයෙන් පිටව ගියා. ඉන් අනතුරුව කීප වරක්ම විවිධ පාර්ශව හරහාද එතුමා හමුවීමට උත්සාහ කළත් අප හට ඒ අවස්ථාවන්ද නොලැබී ගියා. මෙය අපටත් කනගාටුව සහ හිත්වේදනා ගෙනදෙන සිදුවීමක්. එල්ලවෙන චෝදනාවලට වඩා මේ හේතුවෙන් එතුමන්ලා සිතැවුලට පත්වීම, කිසි විටෙකත් අපගේ මේ ජීවිතය තුළ අප අපේක්ෂක්ෂා නොකළ සිදුවීමක්.
මෙම ගැටලුව විසඳාගත යුතුවන්නේ එතුමලා සහ චිත්‍රපටි නිෂ්පාදකවරයාගේ පාර්ශවය අතර බව අපට පෙනී යනවා.එතුමන්ලා කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා, රුපියල් හැටදහස (6O,OOO) බැගින්, රුපියල් එක් ලක්ෂවිසිදහසක (120,000/=) කර්තෘභාග මුදලක් අපේ අතින් ලබාදීමට අපේක්ෂ කරන බව අප OSCA ආයතනයට ලිඛිතව දැනුම් දුන්නා. නමුත් යම් හෙයකින් එතුමන්ලා මීට වඩා මුදලක් අපේක්ෂා කරන්නේ නම් ඉහත කී මුදලට අමතරව, ඔවුන් කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා තනු නිර්මාණයට සහ පද රචනයට රුපියල් ලක්ෂ දෙක බැගින් (200,000/=), ලක්ෂ හතරක (400,000/=) මුදලක් අප ආයතනය විසින් ප්රදානය කිරීමටද කැමැත්ත ප්‍රකාශ කළා. අප විසින් OSCA ආයතනයට දැනුම් දුන්නේ රෝහණ සර්ගේ ලිපිය ලැබුණුජනවාරි මාසය තුළමයි. අපට අද වනතුරු මෙයට පිළිතුරක් ලැබී නැහැ. මෙවැනි තත්වයක් තුළ අප ගෙවීම් පැහැර ඇති බවට නඟන චෝදනා අපගේ මවිතයට සහ කනගාටුවට කාරණයක්.අවසන් වශයෙන් කියන්න තිබෙන්නේ එතුමන්ලා වැරදි වැටහීමක් නිසා මොන චෝදනාවක් කළත්, ඔවුන් දෙදෙනා මේ රටේ කලාවට සිදුකළ විශිෂ්ට සේවය, කරපු නිර්මාණවලට අපේ හිතේ ඇති ආදරයට පුංචි. පළුද්දක්වත් කරන්න බෑ. සිදුවුණදේ නැවත මතක් කළේ එතුමන්ලා වැරදී යැයි කියලා චෝදනා කරන්න නෙවෙයි. සිදුවී ඇති දේ ගැන කරුණු කාරණා කෙළින්ම ඉදිරිපත් කරන්නයි. ඒ මොනදේ වුණත් අපි එතුමන්ලාට හදවතින්ම ආදරෙයි. ඒකෙ වෙනසක් නෑ ".සටහන - සමන්ත යහම්පත්පෙර ලිපියභාතිය සන්තුෂ්ට එදිරිව සුනිල් හා රෝහණ
| චිත්ත්‍රපටි ගීත ඉතින් අයිති ඇත්තෙ චිත්‍රපටි කාරයට තමයි. අයිතිකාරයා බලල සල්ලි ගෙවල නම් තියෙන්නේ අදාල සාක්කි එක්ක ගිහින් චරිත ඝාතන චෝදනාවක් දාන්න තියෙන්නේ. හරි කව්ද වැරදි කව්ද දන්නේ නැහැ. නමුත් තමන් හරි නම් එක එකාට බ්ලැක්මේල් වෙන්න ඕනෙත් නෑ. ලංකාවේ මිනිසුන්ට හරි කව්ද වැරදි කව්ද වැඩක් නැනේ.. දෙපැත්තෙන් සල්ලි තියෙන්නේ කව්ද, ලස්සන කව්ද, සතුටෙන් හොදින් ඉන්නේ කව්ද උට අපහස කර කර බයිනවා.. ඉතින් සාදාරන උනත් නැතත් මුන් දෙන්නට බනිනවා.. මුනුත් එක දන්න නිසා සල්ලි දීල දාල හරි ගොඩින් බේරගන්න බලනවා ඇති | 43 | POSITIVE |
ncpp_train_39528 |
වව්නියාවේ පිහිටි එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලය ඊයේ (28) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මෙසේ පැවසීය.“1948 නිදහස දිනා ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. නිදහසින් පසු ගත වූ වසර 75 තුළ පසුගිය වසර 30 තුළ යුද්ධය හේතුවෙන් උතුරේ සහ දකුණේ සංවර්ධනයට බලපෑම් එල්ල වුණා. වසර 75කට පසු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහ ජනාධිපතිතුමාට එන්න බැරිවුණ නිසා මේ රට අවුල් ජාලයකට පත්වෙලා.
මෙය බොහෝ ගැටලුවලට තුඩු දුන්නා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි මේ ගැටලු අභියෝගයක් ලෙස භාරගෙන ඒවා විසඳීමට ඉදිරිපත් වුණේ. ඔහු දැන් දේශපාලන සාකච්ඡා ආරම්භ කර ඇත්තේ මේ රටේ සියලු ජනතාව ජාති, ආගම්, භේදයකින් තොරව එක මවක් ලෙස ජීවත් විය යුතු බවයි. ඔහු මේ රටේ දෙමළ, සිංහල, මුස්ලිම්, බෞද්ධ භේදයකින් තොරව රට සංවර්ධනය කිරීමට සැලසුම් කර ක්‍රියා කරන අතර සියලු දෙනාම එක කුඩයක් යටට පැමිණිය යුතුයි.2048 දී මේ රට පූර්ණ සංවර්ධිත රටක් කිරීමට එතුමා කටයුතු කරනවා. සමහරු එය විවේචනය කරති. නමුත් ඔහු සැලසුම් කර ක්‍රියාත්මක කරයි. සෑම සමාජයක්ම දියුණු විය යුතුයි. ඒ සඳහා සෑම සමාජයකම ගැටලු විසඳීම අවශ්‍ය වේ. අපි හැමෝම එකතුවෙලා වැඩ කළොත් 2048 දී මේ රට සංවර්ධිත රටක් වෙනවා. ඉතින් එයින් ප්රතිලාභ ලබන්නේ මේ රටේ ජනතාවටයි. 2048 ඒ තැනට යන්න නම් එතුමා එක්ක එකතුවෙලා එතුමාව ශක්තිමත් කරන්න ඕනෑ.”
| රට කෑ කම්බ හොරු බේරාගත් නරි-පියා. මිනිස්සුන්ට බය පියා. | 7 | POSITIVE |
ncpp_train_39529 |
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන්, මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යයන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ 2022 ජනවාරි සිට මේ වසරේ මැයි වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්යවරුන් 70 දෙනකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී විදේශගත වී ඇති බවය.
තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බවද මහාචාර්යවරයා පැවසීය. මහාචාර්යවරුන්ගේ විදේශගත වීම ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වෛද්‍ය පීඨය, ඉංජිනේරු පීඨය, විද්‍යාපීඨය සහ දන්ත පීඨය යන පීඨවලට බව ද ඔහු සඳහන් කළේය. මෙම තත්ත්වය මත සිසුන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යාම ගැටලු සහගත තත්වයකට පත්ව ඇති බව පැවැසූ මහාචාර්යවරයා කථිකාචාර්යවරුන් පිටතින් කැඳවා අධ්‍යයන කටයුතු කරගෙන යාමට සිදුව ඇති බව ද පැවසීය. ෂේන් සෙනෙවිරත්න
| ඉන්දියාවෙන් ගේනව,යන උන් පලයව් ,මහ ලොකු ඇකඩමික්ල,උද්දච්ච ,කුහක,උන්නෙ බහුතරයක් ,මෙච්චර කල් හිටිය කියල කරපු සොයා ගැනීමක්,නිශ්පාදනයක් ,සේවාවක් නෑනෙ..ආත්මාර්ඨකාමී නූතන බමුණු කුලේ .පුද්ගලික විශ්වවිද්‍යාලයයන් තව ,තවත් බිහිවේවා. | 4 | POSITIVE |
ncpp_train_39530 |
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු
කෙරුණු ඒකාබද්ධ
ප්රකාශනයට පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දී තිබෙනවා.
එම ලිපිය පහතින්
| වියතුන් මගේ 225 නම් කරන්ඩ උනත් උන්ගේ set එක ඊළඟ අවුරුදු 5 ගෙනියන්න උනත් බලය නැති උනොත් තමයි පුදුමය | -3 | NEGATIVE |
ncpp_train_39531 |
කොරෝනා ආසාදිතවූ දෙවැනි පුද්ගලයාගේ මරණයට අවසන් කටයුතු ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කරමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ මුස්ලිම් ජාතිකයෙකුවූ මියගිය පුද්ගලයා සිය ආගමික චාරිත්‍ර අනුව භූමිදානයක් නොකර ආදාහනයක් සිදු කිරීම වැළැක්වීමට අවසන් මොහොත දත්වා
තමා ඇතුළු පිරිසක් උත්සාහ දැරුවත් එය ව්‍යර්ථවී ගිය බවයි.
එම නිවේදනය මෙසේය.
කොවිඩ් 19 වෛරසයේ මීගමුවේ වින්දිතයාගේ ජනසා ආදාහනය කිරීම ගැනයි. අපගේ ඇදහිල්ලෙහි නියම කර ඇති පරිදි භූමදානය කිරීමට අවසර නොදී ආදාහනය කිරීම අවාසනාවන්ත, කණගාටුදායක හා ඇත්තෙන්ම නින්දිත සිදුවීමකි. මෙම කටයුත්තේදී ආදාහනය වැළැක්වීම සඳහා ඉහළ දේශපාලන හා වෛද්‍ය බලධාරීන් මැදිහත් වී අපේ හැකි උපරිමයෙන් අපි උත්සාහ කළෙමු. GMOA හි නිලධරයකු වන මඩකලපු ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුහයිල් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලි සහීර් මවුලානා සමඟ ඊයේ රාත්‍රිය වන තුරුම ඉතා ක්‍රියාශීලීව මා කටයුතු කළ අතර ආගමික සංවේදීතාවන් සහ අවශ්‍යතාවන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව බලධාරීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළෙමු. හදිසි වසංගත තත්වයන් තුළ සිරුර මුලින් මිහිදන් කිරීම මිගමු බලධාරීන්ගේ විකල්පයක් ලෙස පෙන්නුම් කළද, ඉහළ ජල මට්ටම සහ මිනීවළට ජලය කාන්දු වීම නිසා භූගත මට්ටමට අඩි 10 ක් පහළින් භූමදානය කළ නොහැකි බව ඔවුන් කරුණු ලෙස ඉදිරිපත් කර තිබුණි.
පසුව මීගමුවේ වෙනුවට කොළඹ මාලිගාවත්ත සුසාන භූමියේ භූමදාන කිරීමට කටයුතු සූදානම් කර තිබුණි. නමුත් සිරුර කොළඹට ප්‍රවාහනය කිරීමේ ඉල්ලීම ජේඑම්ඕ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවක් දැනගන්නට තිබේ. මේ මරණය ගැන අවසන් තීරණයට මහේස්ත්‍රාත් විමසුම ද සිදු නොවූයේ මරණයට හේතුව නිශ්චිතවූ බැවිනි.
පවුලේ සාමාජිකයින්ගේ කනස්සල්ල හා ඉල්ලීම් නොසලකා හරිමින් දේහය ආදාහනය කිරීම සඳහා කිසියම් අවිනීත කඩිමුඩියක් ඇති බවක්ද පෙනෙන්නට තිබුණි.
මට පවසා ඇති පරිදි මෙහිදී GMOA අපට සහාය වනු ඇත. චක්‍රලේඛය සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව ජේඑම්ඕ සාමාජිකයින් සහ ඩීජීඑච්එස් අතර දැනට පැවැත්වෙන රැස්වීමේදී මෙම ප්රශ්නය ප්‍රායෝගික හා අර්ථවත් ලෙස විසඳා ගන්නට අපේක්ෂා කරමි.
| රට හොරෙක් කතා කරයි. මුන් බෝම්බ බැන්දගෙන ගිහාමත් කෑලි හොයන්න නැහැ. හැබැයි ආදාහනය කරා කියලා මැරෙන්න යනවා. ඌ මලේ තව අයට බෝ කරලා. ඒක ගැන කතා නෑ. | 67 | POSITIVE |
ncpp_train_39532 |
හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා ලෙස අද (29) නම් කෙරිණ.
එම උත්සවය පැවැත්වුණේ,
කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේදීයි.
රට රැකුමට රට නැගුමට යන්න තේමා කර ගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.
එහිදී උත්සවය අමතමින් හිටපු යුද හමුදාපතිවරයා පැවසුවේ, තමා වටා සොරුන් වංචාකාරයින් නැති බවයි.
එක රටක් තුළ එක නීතියක් ගෙන එන ඒමට කැප වී සිටින බවයි.
කිනම් තර්ජන, ගර්ජන පැමිණිය ද සැමට ආත්ම ගරුත්වයක් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් බැඳී සිටින බව ත් රටේ ජනතාව අතර සාමය හා සංහිඳියාව ඇති කළ හැක්කේ, ස්වාධීන රාජ්‍ය නායකයෙකුට පමණක් බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියේ ය.
අපනයනය ඉලක්ක කර ගත් ආර්ථික සංවර්ධනයක අවශ්‍යතාව අවාධරණය කළ මහේෂ් සේනානායක මහතා තමා වටා රැස්ව සිටින්නේ, සොරුන්, වංචනිකයින් නොව රටට අදාරය කරන සැබෑ පුරවැසියන් පමණක් බව ද එහිදී ප්‍රකාශ කළේ ය.
| ඔන්න දැන් බයියො එනවා රෙදි උස්සන් මේමහත්තයට දේශද්‍රෝහී ලේබල් අලොගෙන ,හැබැයි ඔය බයියො දණ්ඩ නමස්කාර පුර්වකව ඉන්නේ අදටත් ලාංකීකයෙක්ද ? ඇමෙරිකාණුවෙක්ද කියලා දන්නැති මහත්මයෙක්ට . ඔන්න ඕකයි ලංකාවේ බයියන්ගේ දේශපාලනේ . | 24 | POSITIVE |
ncpp_train_39533 |
මේ වනවිට පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් අවශ්‍ය වීම නිසා විකල්ප ක්‍රම කරාද ඇතැමුන් යන අතර පැරණි ගමන් ක්‍රමයක් වන අසුපිටයාම ආරම්භවී ඇත.එක් සිදුවීමක් වාර්තාවන්නේ කිරිබත්ගොඩිනි. තරුණයෙකු කිරිබත්ගොඩදී අසු පිටින් ගමනක් යන අයුරු වීඩියෝව පහතින් ඔහු ගමන් කරන පාරේ තෙල් නැතිව වාහන පෝලිම් තිබෙන අයුරුද පෙන්නුම් කරයි. video below
| අස්පයෝ තියා පුටාර් එකක් වත් නැති උන් ඉනේ ඕන තරම් එතකොට උන් යන්නේ පයින් නේ | 1 | POSITIVE |
ncpp_train_39534 |
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යැම සුළුවෙන් තැකිය හැකි දෙයක් නොවන බවත්, ඒ අනුව ආර්ථික හා සාමාජික කටයුතුවල සීමාවන් නැවත පැනවිමට එය හේතුවක් වනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.
හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ, පවතින කෝවිඩ් තත්වය පිළිබඳ ඊයේ (29දා) මාධ්‍ය දැනුම්වත් කිරීම් හමුවකට එක්වෙමිනි. එසේම කාර්යාලවල, වෙළඳ සැල්වල මෙන්ම සුපිරි වෙළඳ සැල්වලද තිබූ සෞඛ්‍ය පහසුකම් මේ වනවිට අඩාළ වී ඇති බවට නිරික්ෂණය වන බව එහිදී පැවසූ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා, මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමක් සිදුකරමින් මෙසේ කීය. "ආසාදිතයන් වැඩිවීම අපට සුළුවෙන් තැකිය හැකි දෙයක් නෙවෙයි. ඒ නිසා සියලුදෙනාම ඉතාමත්ම සැලකිල්ලෙන් සිටිය යුතුයි. එය තවදුරටත් 2,000 දක්වා 2,500 දක්වා වැඩි වුණොත්, අපි මැයි මාසයේ මුහුණ දුන්න බරපතළ තත්වයට නැවත මුහුණ දෙන්න ඉඩ තිබෙනවා. කාර්යාලවල, වෙළඳ සැල්වල, සුපිරි වෙළෙඳ සැල්වල තිබුණු සෞඛ්‍ය පහසුකම් අද වෙනකොට යම් ප්‍රමාණයකට අඩාළ වෙලා තිබෙනවා. සමෑ කෙනෙක්ම අත සෝදාගෙන ඒ ස්ථානවලින් ඇතුළු වෙන්න කියන එක, විස්තර ලබාගන්න කියන ආදී ඒ කටයුතු නැවත පණගන්වලා ඉදිරියට කර ගෙන යන්න කියලා කියනවා. එසේ නොවුණහොත් ඉදිරියේදී ඇති විය හැකි රෝගීන් වැඩි වීමත් එක්ක නැවතත් මේ ආර්ථික, සාමාජික කටයුතුවල සීමාවන් ඇති කිරීමට ඉඩ තිබෙනවා” යැයිද අවධාරණය කළේය. -නිදර්ශනී වික්‍රමසිංහ-
| ඕක ඔය මහා බැංකුවේ උපදෙසක්ද දන්නේ නෑ. කෝවිඩ් හැදිලා හෙන සෙට් එකක් මැරුණම රටේ ඒකපුද්ගල ආදායම නිකම්ම වැඩි වෙනවනේ. | 10 | POSITIVE |
ncpp_train_39535 |
මහාමාර්ගයේ ධාවනය වන රථයක් මෙන්ම, ගුවනේ පියාසරන ගුවන්යානයක් යනාදී ලෙස ක්‍රම දෙකක් යටතේ භාවිත කළ හැකි ආකාරයට දෙමුහුන් නිර්මාණය කර ඇති නව නිෂ්පාදනය වෙත ස්ලෝවැකියානු ප්‍රවාහන අධිකාරියේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි. මෙම නව නිර්මාණය AirCar නමින් හැදින්වී තිබේ. Klein Vision සමාගම එහි නිර්මාණකරුවාය. විශේෂයෙන්ම අනාගත ලෝකයේ මාර්ග තදබදය අවම කරමින් ගමන් කිරීමේ පහසුව වෙනුවෙන් මෙය ඉදිරිපත් කර තිබේ. මෙහිදී එය බලගැන්වීම ලීටර් 1.6ක BMW එන්ජිමක් මගින් සිදුවෙයි. ඕනෑම ඉන්ධන හලකින් අලෙවි කරන ඉන්ධන මගින් මෙම AirCar රථය ධාවනය කළ හැකිවීම විශේෂත්වයකි.
මේ දක්වා එම AirCar රථය මගින් සිදුකර ඇති පැය 70කට අධික පියාසැරී අත්හදා බැලීම් මෙන්ම, ගොඩබෑම් සහ දියත් කිරීම් 200කට අධික සංඛ්‍යාවක් සමග ලෝවැකියානු ප්‍රවාහන අධිකාරිය මෙම අනුමැතිය ලබා දී තිබේ. මෙම තත්වයන් යුරෝපියානු සිවිල් ගුවන් සේවා ආරක්ෂක ආයතනයේ අවශ්‍යතාවන් පූර්ණය කිරීමක් ලෙසින්ද සැලකෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මෙම AirCar හි සම නිර්මාතෘවරයෙකු වන ඇන්ටන් සජාක්, මෙම රථයට උපරීමව ගොඩබිම සිට අඩි 18,000ක් පමණ ඉහළට පියාසැරිය හැකි බව පවසයි. එසේම එය මෝටර් රථයක සිට ගුවන්යානයක් බවට පත්වීමට ගත වන්නේ විනාඩි 2ක් සහ තත්පර 15ක කාලයක් පමණක් වන බවත්
ඔහු පෙන්වා දෙයි. එසේම මාර්ගයේ ධාවනයේදී මෙහි ඇති පියාපත් සහ පිටුපස කොටස ස්වයංක්‍රීයට හැකිවීම සිදුවෙයි.කෙසේ වෙතත් මෙම දෙමුහුන් මෝටර් රථය ධාවනය කිරීම සඳභා ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන තිබීම අනිවාර්ය වී තිබේ. තවත් මාස 12ක කාලයකදී මෙම AirCar රථය වෙළඳ පොළ වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවතද Klein Vision සමාගම සඳහන් කරයි.
| අපිට LRT ත් නැහැ, TOYOTA ත් නැහැ.ඒ වුන්ට අදිවේග විවුර්ත කලේ defender එකෙත් ඇවිත්. | 16 | POSITIVE |
ncpp_train_39536 |
රාජපක්ෂලා මේ රටේ ප්රජාතන්ත්රවාදයට ගරු නොකරන පිරිසක් බව, ජාතික මහජන සභාවේ කඳවුම්කරු
චමීර පෙරේරා මහතා පැවැසීය.
චමිර පෙරේරා මහතා ඒ බැව පැවැසුවේ පසුගියදා හිල්සයිඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේද කීය.
ප්රජාතන්ත්රවාදය නැති වුණේ යුද්ධෙන් පස්සේ. 18 ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මේ රටේ
ප්රජාතන්ත්රවාදී මුහුණුවර වෙනස් කළා. යුද්ධෙන් පස්සේ තමයි කොළඹ ප්‍රදේශයේ තරුණයෝ පැහැර
ගත්තේ. මාධ්‍යවේදීන්ට පහර දුන්නේ, මාධ්‍යවේදීන් අතුරුදන් කළේ. ගෝඨාභයගේ ප්රජාතන්ත්රවාදය
රෙද්ද පල්ලෙන් බේරෙනවා. සිහි කල්පනාවක් තියෙනවා නම් ගෝඨාභයට රෙදි ඇඳගෙන
ප්රජාතන්ත්රවාදය ගැන කතා කරන්න බෑ. රතුපස්වල මිනිස්සු වතුර ටිකක් ඉල්ලුවේ, තමන්ගේ හිතවත්
ව්‍යාපාරිකයාගේ කර්මාන්ත ශාලාව ආරක්ෂා කර ගන්න, වෙඩි තිබ්බා මැරුවා මිනිසුන්ව. මෙන්න මහින්ද
රාජපක්ෂගෙයි ගෝඨාභය රාජපක්ෂගෙයි කෙරුවාව.
පන්සලකට පැනලා කඩුවක්
හොයන්න භික්ෂුන් වහන්සේ දෙනමක් මැරුවා. කාගේ කාලයේදීද ඔය
ප්රජාතන්ත්රවාදයේ තප්පුලන ප්‍රජා චණ්ඩවාදය තමයි වුණේ. ප්රජාතන්ත්රවාදය යටතේ නෙවෙයි.
රාජපක්ෂලා කතා කරනවා නිදහස දුන්නේ කාටද?
ගෝඨාභය රාජපක්ෂට මිනීමැරුම් චෝදනා තියෙනවා. දූෂණ චෝදනා තියෙනවා. මේ දේවල් මේ විදියට
තියෙන නිසා තමයි කල්තියාම ප්‍රශ්නත් අහලා, උත්තරත් දීලා අන්තිමට ජනතාවට ප්‍රසිද්ධ කරන්න
බලන්නේ. මාධ්‍යවේදීන්ටත් දැන් තේරෙනවද? අන්න ඒ යකාගේ තරම. මෙයා දෙන්නේ නෑ
ප්රජාතන්ත්රවාදය. රාජපක්ෂලාගේ පැටිකිරියම ප්රජාතන්ත්ර විරෝධියි.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්රජාතන්ත්රවාදය සහ ජනතා නියෝජිතයන් පිළිගන්න කෙනෙක් නෙවෙයි.
දිස්ත්‍රික්කවල එයාගේ ටාස්ක් ෆෝස් (Task force) එකක් හදනවා. ඒක හැදුවට පස්සේ ඔය
සංවිධායකවරුන්ගේ ආසන සංවිධායකවරුන්ගේ ජනතා නියෝජිතයන්ගේ ජොබ් නැති වෙනවා. ඒකට පත්වෙන්නේ
හිටපු කෝප්‍රල්ලා, සාජන්ලා, මේජර්ලා, කපිතාන්වරු. ඒ අය අතට තමයි බල යන්නේ. බැසිල් රාජපක්ෂ
මහත්තයා හදපු සංවිධායකවරුන්ට එහෙම සුම්මා තමයි. අවසානයේ මහින්ද රාජපක්ෂ මහත්තයටත් ජොබ් එක
නැති වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැට තියලා පරද්දන්නේ. කිසි කෙනකුට එන්න දෙන්නේ නෑ. ශ්‍රී ලංකා
නිදහස් පක්ෂය අවසන් කරන වැඩේ මේ කරන්නේ. අපි එක්සත් ජාතික පක්ෂය සමඟ
කටයුතු කළේ
ප්රජාතන්ත්රවාදී ගුණාංග ආරක්ෂා කරන්න. ජනතාව ඉල්ලන අපේක්ෂා කරන, අභිලාෂයන් නියෝජනය
කරන දේශපාලන සංස්කෘතියක් ආරක්ෂා කරන්න. එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයන්, ජනතා
පදනමක් තියෙන නියෝජිතයන් අයින් කරලා. කෙමින් කෙමින් එජාපයම රෝයල් ජුන්ටාවක් බවට පත්කරමින්
තියෙනවා. රෝයල් ජුන්ටාවට සක්ක ගහන කොළඹ කේන්ද්‍රිය සිවිල් ප්‍රභූන් කිහිපදෙනෙක් එකතු වෙලා මේ
ජනවාරි 08 ව්‍යාපාරය විනාශ කරන්න යනවා.
අපි දැක්කා මාධ්‍යවල පළ වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවලු මට කරදර කළොත් මං මේක
කරු ජයසූරිය මහත්තයට භාරදෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් අහන්නේ තමුන්ගේ බූදලයක්ද
ජනාධිපති අපේක්ෂකකම දෙන එක. තමුන් දෙවියන් වහන්සේද තමුන්ට ඕනි කෙනෙක්ට අපේක්ෂකකම දෙන්න.
ජනතාව ඉල්ලන කෙනාටයි මේක දෙන්න ඕනි. ජනතාව ඉල්ලන දෙය වැදගත් වෙන්නේ. ජනතාව ඉල්ලන
අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස. රොයල් ෆැමිලි තියෙන්නත් බෑ. රොයල් ක්ලබ් තියෙන්නත් බෑ. අවශ්‍ය
කරන්නේ ජනතා නියේජිතයෙක්.
නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි
| චමීර , අපි ඔබගේ රාජපක්ෂ වලව් විරෝදත්වයට ඉතාම කැමතියි .නොබියව කරන රාජපක්ෂ විවේචනය අගය කරනවා.වෙලාවකට බයත් හිතෙනව ඕකුන් ආවොත් ඔබට මොනවා කරාවිද කියල.ඒත් මේ අවස්ථාවේ ඔබ තෝරාගෙන තියෙන්නේ වැරදි පුද්ගලයෙක්.සජිත් ,මංගල ,මෛත්‍රී .වසන්ත (ගෙම්බා ), මලිත් කියන්නේ කන්නදුන්න අත හපාකන,කෙළෙහිගුණ නොදන්න .ඉතා නින්දිත ක්‍රම වලින් බලය ලබාගන්න වෙර දරණ ජරා කල්ලියක්. මටනම් අදහා ගන්න බෑ ඔබ මේ කොහේද යන්නේ කියල? | -2 | NEGATIVE |
ncpp_train_39537 |
කොළඹ නාරාහේන්පිට නයින්වෙල්ස් පුද්ගලික රෝහලේ කොරෝනා ආසාදන පරීක්ෂණය ධනාත්මකවූ රෝගී මවක හා කුඩා බිළිඳියක ප්‍රතිකාර ලබන බවට ඇඟ ඉහපත වාර්තා සපයමින් ව්‍යාජ පුවතක් පළ කිරීමට
හවුල්වූ බව කියන එම රෝහලේ
සේවය කරන බව කියන වෛද්‍ය එම්.ඩී. ජයන්ත අතුල මහතා ඊයේ පොලිස් අත්අඩංගුවට පත්විය.
මීට පෙර මෙම සිද්ධිය නිසා අත්අඩංගුවට පත්වූ මාධ්‍යවේදී හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී නුවන් නිරෝධ අල්විස් මහතාට සිය මුහුණු පොතේ අදාළ පුවත පළකිරීමට පොළඹවමින් මෙම වෛද්‍ය වාර්තාව ලබාදී තිබුනේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන වෛද්‍ය එම්.ඩී. ජයන්ත අතුල මහතාය.
මෙම පුවත අසත්‍ය බවට රෝහල් බලධාරීන් කළ පැමිණිල්ල මත පොලිසිය අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබුණි.
මෙම පුවත පළකිරීම නිසා නුවන් නිරෝධ මහතා පසුගිය 29 දා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඊයේ 30 වෛද්‍ය ජයන්ත අතුල අත්අඩංගුවට පත්විය. දෙදෙනාම ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
| එකනම් තාජුඩීන් මරවා තමයි ! | -6 | NEGATIVE |
ncpp_train_39538 |
දෛනික විදුලි කප්පාදුව පැය 10ක කාලයක් බවට පත් වූයේ, විදුලි ඉංජිනේරුවන්ගේ අදහස් හා යෝජනා ඉවත දමා ආණ්ඩුව සතුටු කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කිරීම නිසා බව විදුලි. තෙල්, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. මේ නිසා මෙම කොමිසමේ වර්තමාන නිලධාරීන් තවදුරටත් මහජන මුදලීන් යටතේ නොකළ යුතු බවත්, මෙම සියලුම දෙනා කඩිනමින් ඉවත්කර රටට වැඩක් කළ හැකි පිරිසක් පත් කරන ලෙස විදුලිබල අමත්යවගෙන් ඉල්ලා සිටින බවත් එම සන්ධානයේ මධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. අමාත්‍යවරිය එම වගකීම ඉටු නොකරනවා නම්, එය ජනතාවට සිදුකරන අසාධාරණයක් නිසා විදුලිබල අමාත්‍යවරයත් කොමිසමේ නිලධාරීනුත් ඉවත් කර ඒ සඳහා වැඩක් කළ හැකි පිරි පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පවසා සිටියේය.
විදුලී අර්බුදයක් ඇති වන නිසා යම් විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය විසින් මේ වසර ආරම්භයේදී මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බවත්, එයට අවසර ලබා නොදී අඛණ්ඩව විදුලි සැපයුම් ලබාදෙන ලෙස කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබූ බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කර සිටියේය. මේ නිසා ලදුලිය වැඩියෙන් භාවිත කර විදුලිය නිෂ්පාදනය කළ බවත්, මේ වනවිට විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම් විශාල ලෙස පහත වැටී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එබැවින් ඉන්ධන යොදාගෙන අධික ලෙස විදුලිය නිෂ්පාදනය කිරීමට සිදු වූ බවත්,
මේ වනවිට ඉන්ධන අර්බුදයක් ඇති වීම නිසා විදුලි කප්පාදුව දිනකට පැය දහයක් දක්වා දීර්ඝ වූ බවත් ආනන්ද පාලිත මහතා පැවසීය. එහෙත් විදුලි බලමණ්ඩලය විසින් යෝජනා කර තිබූ ආකාරයට දිනකට පැය දෙක තුනක් විදුලි කප්පාදු කරමින් පවතින අර්බුදය කළමනාකරණය කරමින් ඉදිරියට ගමන් කළේ නම්, මේ ආකාරයේ අර්බුදයක් ඇති නොවන බවත්, මේ නිසා කොමිසම වගකීම් පැහැරහැර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.(එච්.අයි. තුෂාර)
| උපයෝගිතා කොමිසමට උපදෙස් දෙන්නෙ රජපක්ෂ නඩය, රාජපක්ෂලාට උපදෙස් දෙන්නෙ ඥාව්අක්කා. ඉතින් කොහෙද රට හැදෙන්නෙ. රාජපක්ෂලා රටේ ආර්ථිකයත් එක්ක දේශපාලනය හා පෞද්ගලික ව්‍යාපාර කරන්න ගිහිල්ලා තමයි රටට කෙල වුනෙ. ඒ මදිවට මේක අස්සෙත් හොරකම. | 39 | POSITIVE |
ncpp_train_39539 |
පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුවත් පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා පවසා සිටියේ ජුලි මස 22 දෙවැනි දින දක්වා තෙල් සංස්ථාවට පෙට්‍රල් නෞකාවක් සොයාගත නොහැකි බවයි. කෙසේ වුවද එදිනට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු පැවසීය.ඩීසල් සදහා මුදල් තිබුනද රුසියා යුක්රේන අර්බුදය නිසා නැව් සොයා ගැනීමේ ගැටළුවක් පැන නැගී ඇතැයිද ඔහු පැවසුවේය.
| හරි බං. එල | 2 | POSITIVE |