id
stringlengths 15
16
| news_content
stringlengths 61
30k
| comment
stringlengths 7
989
| likes
int64 -389
2.24k
| labels
stringclasses 2
values |
---|---|---|---|---|
ncpp_train_39301 |
මේ දිනවල අන්තර්ජාලය තුළ ශිඝ්‍රයෙන් පැතිර යන ශ්‍රව්‍ය මායාවක් (auditory illusion) ලෙස එක්තරා වචනයක ඕඩියෝවක් යැනී හෝ ලෝරල් ලෙස දෙවිදිහකට ඇසීමේ සංසිද්ධිය ප්‍රසිද්ධවී තිබේ. මෙම වචනය උච්චාරණය කරන ලද හඬ පටය පරිගණකයක හෝ වෙනයම් යන්ත්‍රයක වාදනය කිරීමේදී
එකවර ඒ ආසන්නයේ සිටින දෙදෙනෙකුට දෙවිදිහකට ඇසෙන්නට ඉඩ තිබෙන අතර එකම වචනයක් දෙදෙනෙකුට හාත්පසින්ම වෙනස් දෙවිදිහකින් ඇසෙනුයේ ඇයිද යන්න ගැටලුකාරී වී ඇත. ඇතැම් විට එකම අයෙකුට වුවත් උදේට ඇසෙන්නේ යැනී ලෙස වුවත් රාත්‍රියට එයම ලෝරල් ලෙස ඇසෙන්නට හැකිය.
මෙම සංසිද්ධිය අන්තර්ජාලයේ ප්‍රසිද්ධවී යාමත් සමග ට්විටර් මාධ්‍යය තුළ පාඨක සමීක්ෂණයක් සිදුවූ අතර එහිදී ලක්ෂ 5 ක් එය අසා සියයට 53 ක් ලෝරල් ලෙස ඇසෙන බවටත් සියයට 47 ක් යැනී ලෙස ඇසෙන බවටත් දන්වන ලදි.
ශ්‍රව්‍ය විද්‍යා මහාචාර්ය බෙන්ජමින් මන්සන් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් "යැනී" වැඩි සංඛ්‍යාතවලින් ශබ්දය ඇසෙන අයටත් "ලෝරල්" පහළ සංඛ්‍යාතයෙන් ශබ්දය ඇසෙන අයටත් ඇසෙන බව දක්වයි. ඒ අනුව තරුණ කොටස් වලට යැනී ලෙස ඇසීමට හා වැඩිහිටි අයට ලෝරල් ලෙස ඇසීමේ සම්භාවිතාව වැඩිවන නමුත් ඒ ඒ අයගේද ඉන්ද්‍රීය සංවේදීතාවයේ වෙනස මතද යැනී නැතිනම් ලෝරල් ලෙස ඇසෙන්නට ඉඩ ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කළ ශබ්ද පරීක්ෂණ අනුව 20% කින් ස්වර අගයයන් ඉහළ පහළ දැමීමේදී මුලින් ඇසෙන වචනය වෙනුවට අනෙක් වචනය ඇසෙනුද වාර්තා කර තිබේ.
මින් කලකට ඉහත කාන්තා ගවුමක පැහැය විවිධ අයට වෙනස් ආකාරයක පෙනීම සම්බන්ධයෙන් ඇතිවුණ ආන්දෝලනයට සමාන අන්තර්ජාල පිබිදීමක් යැනීද ලෝරල්ද? යන සංසිද්ධිය ගැනද මේ වනවිට පැතිර තිබේ.
මෙම වචනය පිළිබඳ හාහෝව මුලින්ම ඇතිවූයේ 15 හැවිරිදි සිසුවෙකු ඉන්ස්ටග්‍රෑම් තුළ දැමූ පෝස්ටුවක් නිසාය.
Laurel නමැති ‘ජයග්‍රහණයේ පළඳනාව‘ අරුත ඇති වචනය ගැන ඔහු සොයා බලද්දී එම වචනය උච්චාරණය කරන පිටුවේ ඇසෙන්නේ මුළුමණින් වෙනස් වචනයක් වීම ගැටලු සහගත බවත් තමාට එය ඇසෙන්නේ Yanny ලෙස බවත් සිසුවා දන්වා තිබේ.
එම වචනය කියවන හරිම විදිහ ගැන සංවාදය බිහිවූයේ ඒ අයුරිනි.
පසුව එය යූටියුබ් රෙඩිට් හා ට්විටර් තුළ හරි කෝකදැයි විමසමින් එක් එක් අය පෝස්ටු දමමින් පැතිරිණි.
සිසුවා සොයාබැලූ වචනය උච්චාරණය කර පළව තිබෙන්නේ Vocabulary.com නමැති වෙබ් අඩවියේය. Jay Aubrey Jones නමැති ඔපෙරා ශිල්පියෙකුගේ හඬ එහිදී ඇසේ. එම වෙබ් අඩවිය ලක්ෂ දෙකක් පමණ ඉංග්‍රීසි වචන උච්චාරණය කර අන්තර්ජාලයට යොමුකර තිබෙන්නේ අධ්‍යයන කටයුතු කරන අයගේ පහසුවටයි.
Yanny or Laurel අන්තර්ජාල මත විමසුම ගැන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද අදහසක් පළ කර ට්විටර් ගිණුමේ දක්වා ඇත්තේ "I hear covfefe" ලෙස විහිළුවකි. (ඒ ඊට පෙර වසරේ ඔහුට ඈඳණු වෙනත් සිද්ධියකට අදාළ වචනයකි.)
කෙසේ වෙතත් බොහෝ අය දැන් තම පරිගණක තුළ මෙම වචනය එක් එක් අයට අසන්න සලස්වා එහි අරුමය විමසමින් සිටී.
පහත පළවන්නේ අදාළ හඬ කොටසයි.
| අනේ ඕකට ඔච්චර කැළඹේන්න දෙයක්ද ? එන්නකෝ ලංකාවට.මෙහෙ අද ඇහෙන දේ තව ටික දවසක් ගියහම ඒක කියපු කෙනෙක් වත් ඉන්නවද කියලා . | 16 | POSITIVE |
ncpp_train_39302 |
විපක්ෂ නායක සජිත්ප්‍රේමදාස පසුගිය දින කිහිපය මුළුල්ලේම විහාරස්ථාන කිහිපයකට ගොස් මහා
සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.
නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන
සංඝනායක, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්වහන්සේ බැහැදැකීමට පසුගිය 24 වැනිදා එම
විහාරස්ථානයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවේය. ආගමික පුණර්ජීවනය උදෙසා සජිත්ගේ සංකල්පයක් ලෙස ආරම්භ කරන ලද “සසුනට අරුණ” ව්‍යාපෘතිය
පිළිබඳව නාහිමිපාණන් වහන්සේව දැනුවත් කිරීමටද සජිත් කටයුතු කළ අතර එම වැඩසටහන හරහා
සිදුවූ මෙහෙවර පිළිබඳව සිය ප්‍රසාදය නාහිමිපාණන් වහන්සේ විසින් පළකරනු ලැබීය. මේ අතර රටේ
ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන නාහිමිපාණන් වහන්සේ
මෙහිදී විපක්ෂ නායකයාට අනුශාසනා කළ අතර රටේ පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳව සජිත්
නාහිමිපාණන් වහන්සේව දැනුවත් කරනු ලැබීය.
කොරෝනා උවදුර හේතුවෙන් ව්‍යාකූලත්වයට පත්ව ඇති ජන ජීවිත නැංවීම පිළිබඳවද විසිවැනි ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාව තුළින් හටගෙන ඇති ව්‍යාකූලත්වයද ඒ මහතා නාහිමිපාණන් වහන්සේගේ අවධානයට යොමු කරනු
ලැබීය. “විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් පිරිස පිළිබඳව දැඩි තීන්දු ගත්තා, ඔළුගෙඩි මාරුවෙන් කරන
දේශපාලන ක්‍රියාදාමය මම අනුමත කරන්නේ නෑ” සජිත් කීවේය.
“යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකාව විසින් පනවා ඇති සංචාරක තහනම ඉවත් කිරීමේ
වැදගත්කම මම ආණ්ඩුවේ අවධානයට යොමු කළා.”
සජිත් කී විට තමන්වහන්සේ එය දුටු බව කීහ.
“විපක්ෂ නායකයා ලෙස ඔබතුමා ගෙන එන සියලු ජනතාවාදී කටයුතු උදෙසා පක්ෂ, පාට භේදයකින්
තොරව ආශීර්වාද කරනවා. එහිදී පුද්ගල සාධක හෝ දේශපාලනය ඉවහල් වෙන්නේ නෑ” මුරුත්තෙට්ටුවේ
ආනන්ද නාහිමිපාණන් වහන්සේ පැවසූහ. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පිළිබඳවද සිහිපත්
කළ උන්වහන්සේ එතුමාගේ අඩිපාරේ යමින් රට වෙනුවෙන් සේවය කරන ලෙසද විපක්ෂ නායක සජිත්
ප්‍රේමදාස මහතාට අනුශාසනා කළහ. “නායක හාමුදුරුවනේ අපි කිසි විටෙකත් ඔළුගෙඩි මාරුවෙන් කරන දේශපාලනය පිළිබඳව විශ්වාස කරන්නේ
නැහැ. ඒක අපි අනුමත කරන්නෙත් නැහැ. ප්‍රායෝගික නූතනවාදී විපක්ෂයක් ලෙස අපි කටයුතු කරනවා
මිසක ඔළුගෙඩි මාරු කිරීමේ දේශපාලනයක් අප ළඟ නැහැ. රටේ ජාතික ආරක්ෂාව ඒ වගේම රටේ ඉදිරි
ගමන පිළිබඳව අපි වගකීම් සහගතව කටයුතු කරනවා.
අනෙක් අතට මේ ඇවිත් තිබෙන කොරෝනා ව්‍යසනය වෙලාවේ අපි පක්ෂ, පාට භේදයකින් තොරව ආණ්ඩුවට
සහයෝගය ලබා දෙනවා” සජිත් කීවේය. ආණ්ඩුව ගෙන ආ විසිවැනි සංශෝධනයට පක්ෂ වූ සියලු දෙනාට
එරෙහිව පක්ෂය ගත් තීන්දු හතරද සජිත් පැහැදිලි කළේය.
“අපේ හාමුදුරුවනේ, පහුගියදා අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙලා විසිවැනි සංශෝධනයට පක්ෂව
ඡන්දය දුන්න පිරිස ගැන විශේෂ තීන්දු හතරක් ගත්තා.
එකක් තමයි ආණ්ඩුව විසින් ගෙන ආව විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රිවරුන් පිරිස
පාර්ලිමේන්තු කණ්ඩායමෙන් නෙරපන්නට තීරණය කළා. ඒ එක්කම සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම්
රැස්වීමේ තීන්දුවට පටහැනිව සංශෝධනයට පක්ෂව සහයෝගය ලබාදුන් පිරිසට එරෙහිව නීත්‍යනුකූලව විනය
පියවර ගැනීමට තීන්දු කළා. ඒ විතරක් නෙවේ, පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ ක්‍රියාවලිය තුළ එම
පිරිස් සමගි ජන බලවේගයේ කණ්ඩායමින් වෙන්ව අසුන් පැනවීම උදෙසා කථානායකවරයා දැනුවත් කිරීමටද
තීන්දු කළා.
ඒ වගේම අපි පක්ෂය හැටියට කොරෝනා උවදුර සමනය වූ සැණින් පක්ෂයේ දීපව්‍යාප්ත ප්‍රවර්ධන කටයුතු
ආරම්භ කිරීමටත් තීන්දු කළා.”
| අනේ බුරු උපුලෝ රාජපක්ෂ නිජබිම හම්බන්තොටට රනිලා මේ මනුස්සයව දැම්මේ පාර්ලිමේන්තු එන්න බැරිවෙන්න ඒත් ජනතාව එක්ක ඉදලා ජනතාවට සේවය කරලා පාර්ලිමේන්තු ආවා. හම්බන්තොට ගිහින් පෙන්වන්න දෙයක් නැ ඇයි හම්බන්තොට යන්න බැරි මොකක්ද ප්‍රශ්නෙ නිකං තකතීරු කම ප්‍රදර්ශනය නොකර ඉදපං බං | 13 | POSITIVE |
ncpp_train_39303 |
කාලගුණ විද්‍යාඥ ජිම් කැන්ටෝර් ඉයන් සුළි කුණාටුව වාර්තා කරමින් ක්ෂේත්‍ර වාර්තා කරමින් සිටියදී සුළඟ ඔහු පසුපසට හමා ගියේය. සිද්ධියේ වීඩියෝවකින් දැක්වෙන්නේ වීදිය හරහා ගසක අත්තක්ද ඔහුගේ කකුලට වැදී ඔහු මතට කඩා වැටෙන ආකාරයයි.ඉයන් සුළි කුණාටුව අධික සුළං, හිම, විදුලිය ඇනහිටීම්, අධික වර්ෂාව, දේපළ හානි සහ පුළුල් ගංවතුර සමඟ ඇමරිකාවේ ෆ්ලොරිඩාවට දරුනු ලෙස බලපා ඇත. ව්‍යසනය වාර්තා කරන මාධ්‍යවේදීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිති. මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සුළං ධාරාවෙන් බොහෝ දුර ගසාගෙන ගිය කාලගුණ විද්‍යාඥ ජිම් කැන්ටෝර්, නැගී සිටීමට පොරබදමින් සහාය සඳහා වීදි කුළුණක් අල්ලාගෙන සිටින ආකාරයයි.
| අපේ අය වගේ ඔපිස් එක ඇතුලට වෙලා මේවා ගැන පුරෝකථනය කර කර හිටියනම් ඉවරනේ. නිකම් අනතුරට පත් වෙන්නේ නැතිව | 28 | POSITIVE |
ncpp_train_39304 |
සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජු විසින් 37 හැවිරිදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් (MBS) එරට අගමැති කර තිබේ. අඟහරුවාදා නිකුත් කරන ලද රාජකීය නියෝගයකින් රජු බාල පුත් ඛාලිඩ් බින් සල්මාන් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද පත් කළේය.86 හැවිරිදි සල්මාන් රජු 2015 වසරේ රාජ්‍යත්වයට පත් වූ නමුත් පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැත. පසුගිය කාලයේ ඔටුන්න හිමි කුමරු ලෙස මොහොමඩ් බින් සල්මාන් පෙනී සිටියත් සත්‍ය ලෙසම එරට පාලනය ගෙනගියේ ඔහු වන අතර ඔහුගේ පිය රජු අසනීපව සිටීම එයට හේතු විය. අඟහරුවාදා තීරණය සමග මෙම තනතුරු නිල වශයෙන් ලබාදී තිබේ.MBS යන කෙටි නමින් ප්‍රකට මොහොමඩ් බින් සල්මාන් යනු සෞදි අරාබියේ පෙරළිකාර ප්‍රතිසංස්කරණවල මූලිකයාය.
MBS 2016 සිට රටේ වැදගත් තීරණ ගනිමින් සිටී. ජාත්‍යන්තර මට්ටමින් සෞදියේ චිත්‍රය වෙනස් කිරීමට ඔහුට අවශ්‍ය බව ඔහුගේ තීරණවලින් පැහැදිලි වේ. MBS 2018 දී කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිය ලබා දී ඇත, දැන් ඔවුන්ට ඡන්ද අයිතිය ද ලබා දී ඇත.MBS මූලධර්මවාදී කණ්ඩායම්, පූජකවරුන් සහ ඔවුන්ගේ ෆට්වා වලට ඇඟිලි ගැසීම දැඩි ලෙස තහනම් කළේය. ඔවුන් ආගමික පොලිසිය මෙන් සංස්කෘතියට පිටුපාමින් රටේ පොප් සංස්කෘතිය ප්‍රවර්ධනය කරති. සෞදි අරාබිය දැන් ඉහළ මට්ටමේ හෙවිවේට් බොක්සිං තරඟ ඇතුළු අනෙකුත් ක්‍රීඩා ඉසව් පවත්වයි.2017 දී රියාද්හි රිට්ස්-කාල්ටන් හෝටලයේ දූෂණ සම්බන්ධයෙන් කුමාරවරුන් සහ ව්‍යාපාරිකයන් 200 ක් රඳවා තබා ගැනීමෙන් පසු ඔහු බලයේ ග්‍රහණය ශක්තිමත් කර ගත්තේය.MBS දේශපාලනයට පිවිසියේ 2015 වසරේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙසයි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහු යේමනයේ ඉරාන සහාය ලබන හවුති කැරලිකරුවන්ට එරෙහිව දැඩි හමුදා ක්‍රියාමාර්ගයක් ගත්තේය. මෙයින් පසුව, 2016 අප්‍රේල් මාසයේදී විෂන් 2030 දියත් කරන ලදී. එහි අරමුණ සෞදිය අරාබි සහ ඉස්ලාමීය රටවල විශාලතම බලවතා බවට පත් කිරීමයි. ඒ යටතේ ඔහු වැදගත් තීරණ රැසක් ගත්තේය.මෙයින් වඩාත් වැදගත් වන්නේ ආර්ථිකයයි. ඇත්ත වශයෙන්ම, විෂන් 2030 හි පළමු අරමුණ වන්නේ සෞදිය තෙල් මත යැපෙන ආර්ථිකයෙන් වෙන් කර එය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමයි. MBS විසින් රට තුළ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා Neom City වැනි බොහෝ ව්‍යාපෘති ආරම්භ කර ඇත.
MBS හට එහි විවේචකයන් සිරගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. 2018 වසරේදී ඉස්තාන්බුල්හි සෞදි අරාබි කොන්සල් කාර්යාලයේදී මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමේ සිද්ධියේදීද MBS ගේ ප්‍රතිරූපයට කැළලක් විය.මාධ්‍යවේදී ජමාල් සෞදි MBS ප්‍රතිපත්තිවලට විරුද්ධ වූ අතර පසුව ඔහුව ඝාතනය කරන ලදී.ඝාතනය පිටුපස එම්බීඑස් සිටි බවට චෝදනා එල්ල විය. මෙම නඩුවේදී, එක්සත් ජනපද ජනාධිපති බයිඩෙන් පසුගිය වසරේ බුද්ධි වාර්තාවක් උපුටා දක්වමින් කියා සිටියේ MBS ජමාල්ට එරෙහි මෙහෙයුම අනුමත කර ඇති බවයි. එහෙත් ඔහුගේ ප්‍රකාශය සෞදි අරාබි නිලධාරීන් විසින් එකහෙළා ප්‍රතික්ෂේප කරන ලදී.
| නාමෙලයා අඬනවාලු. | 9 | POSITIVE |
ncpp_train_39305 |
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපතිවරයාව සිටිමින් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙසපරිහරණය කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා තිබුණුනඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව අද (25) කැඳවූඅවස්ථාවේදී ය. පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කර නොමැති බවත් මහින්දානන්දඅලුත්ගමගේ මහතා විසින් එම ලක්ෂ 39ක මුදල ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ලෙස සිටිමින්නීත්යානුකූල ලෙස ලබාගෙන ඇති බවත් විනිසුරුවරයා සඳහන් කළ අතර එම ණය මුදල පසුව ගෙවා අවසන්කර ඇති බවත් අධිකරණය හමුවේ පැමිණිල්ලේ සාක්ෂි වලින් ම එය සනාථ වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුවප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ය.ඒ අනුව, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන බවවිනිසුරුවරයා පැවසීය.හංසි නානායක්කාර
| අමාරුුුවෙන් හරි නිදහස් උන එක අහගෙන හිටිය කියමුකො .... මුගේ වොයිස් කට් එකට දෙන පොර ටෝක් එක අහගෙන ඉන්න එක තමයි අමරු | 51 | POSITIVE |
ncpp_train_39306 |
නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය සිදුවූ දින රාත්‍රි එවකට නාරාහේන්පිට පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ඬේමියන් පෙරේරා මහතාට අරලියගහ මන්දිරයෙන් හා ජනාධිපති
ලේකම් කාර්යාලයෙන් ලැබුණු සැකසහිත දුරකථන ඇමතුම් රැසක්ද මකා දමා ඇතැයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24 වැනිදා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.
එලෙස එකී දුරකථන දත්ත මකාදමා ඇති ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයේ දුරකථන පද්ධති භාරව සිටි නිලධාරීන් මේ වනවිට සේවයෙන්ද ඉවත්ව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් අනිල් වසන්ත වනිගසූරිය හා ජනාධිපති ලේකම් කාර්යාලයේ සාමාන්‍යාධිකාරිනී ජානකී මල්ලිකාරච්චි මහත්මියගෙන් ලබාගත් ප්‍රකාශ අනුව ඒ බව පැහැදිලි වන බවත්, සේවයෙන් ඉවත්ව ගොස් ඇති දුරකථන පද්ධති භාරව සිටි නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේය.
ඒ. ෙඡ්. ඒ. අබේනායක (දිවයින)
| අර ජනාදිපතිවරනෙදි (2010) ෆොන්සේකා වරදක් කලානම් ඇයි දඩුවම් දෙන්නැත්තෙ කියලා අහපු සමහරු පස්සෙ උසාවියෙන් වරද කරු කරලා හිරයට දැම්මාට පස්සෙ කෑගැහැව්වා වගේද? | -8 | NEGATIVE |
ncpp_train_39307 |
පසුගියදා බොරැල්ල කොටා පාර කාගිල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙඳ සැලේදී කිරිපිටි පැකට්ටුවක් සොරකම් කිරීමේ සිද්ධියට එම ආයතනයේ පිරිසකගේ පහරකෑමට ලක්වූ බොරැල්ල මැගසින් පාරේ පදිංචි කාන්තාව යුටියුබ් නාලිකාවක පෙනී සිටිමින් ඇයට ඇතිවූ බලපෑම් කිහිපයක් ගැන හෙළිදරව් කර තිබේ.ඇය එම වීඩියෝවේදී මෙසේ කියන්නීය.“මට පොලිසියේදි කිව්වා ෆුඩ් සිටියට විරුද්ධව කිසි දෙයක් කියන්න එපා ඒගොල්ලන්ගෙන් 50000 ක් හරි ලක්ෂයක්හරි අරන් දෙන්නම් කියල. මාව පෙරට්ටුවට ගෙනිච්චාට පස්සේ එයාලව අඳුනගන්න එපා කියලත්කිව්වා. එයාලගෙන් ගාණක් අරන් දෙන්නම් කියලත් කිව්වා. මාධ්‍ය මගින් ඔයාට එක එක ඒව කියන්න අඩ ගසාවි ඒවා කරන්න එපා එහෙම කිව්වොත් කුඩු ටිකක්දාල මාව හයි කෝට් දානව කිව්වා.. හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න යන්න හදද්දි අමාරු වෙලා මට කිව්වා ඇඩ්මිට් වෙන්න එපා එහෙම වුනොතින් පවු අහිංසක ගෑනු ළමයි හිරේ දාවි කියල. ඕක අතෑරලදාන්න කිව්වා.. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා බන්ධනාගාර ගත වෙලා ඉන්නේ නැතිබැරිකමට මට උදව් කරන්න කවුරුවක්වත් නැහැ. මං බස්වල නැගලා හිඟාකාලා පවා ජීවත් වුණේ ආයේ ඉතින් ළමයින්ට බොන්න පිටි ඉල්ලලා තියෙනවා. නමුත් ඒ අය වැරදි දේවල් වලට ගොඩක් දෙනෙක් ප්‍රයෝජන ගන්න බලනවා. මං ෆුඩ් සිටියෙන් පිටි එකක් හොරකම් කළ බව ඇත්ත. ඒ වෙලාවෙ සල්ලි මදි වුණා.මගේ අතේ මුදල් තිබුනේ නැහැ. ළමයට පිටි අවශ්‍ය නිසා මම පිටි එකක් හොරෙන් ගත්තා. ඒක ඇත්ත මං පිලිගන්නවා. නමුත් වැරැද්දක් කළා කියලා බොරුවට මගේ චරිතෙ ඝාතනය කරන එක වැරදී. මං කුඩු බොන කෙනෙක් නෙමේ. අවශ්‍ය නං මාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න කියලා මම කියනවා මත්කුඩු මත්ද්‍රව්‍ය කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නෑ කියලා මම කියනවා..“(The News Reporter යුටියුබ් වාර්තාව ඇසුරිනි)
| මමත් කැමතියි දිගටම හොරකන් කරල අහුවුනොත් විතරක් ගුටිකාල 50,000 අතට ගන්න. මරු ජොබ් එක. | 22 | POSITIVE |
ncpp_train_39308 |
පසුගියදා පැවති විරෝධතාවයකදී යකඩ බාධකයක් හිසමත කඩා වැටීම නිසා තුවාල ලත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කොළඹ නවලෝක රෝහලේ තවම
ප්‍රතිකාර ලබයි.
ඔහුගේ තත්වය දැන් සුව අතට හැරී ඇත.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක් නොවූ නමුත් සියල්ල පසුපස සිටින නායකයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහලට ගොස් රෝහිතගේ සුවදුක් විචාරන්නට ඊයේ කටයුතු කළා. එම අවස්තාවේ ඡායාරූප දෙකක් මේ සමග පළවේ.
| මම ගහපු පොල් උබට වැදුනද මයෙ අම්මේ. | 1 | POSITIVE |
ncpp_train_39309 |
නාඳුනන පුද්ගලයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පාදුක්ක වටරැක නිවසකදී රූපවාහිනිය නරඹමින් සිටි අයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දින තුනකට පසු පෙරේදා
(28දා) මියගිය බව මීගොඩ පොලිසිය කියයි. මියගොස් ඇත්තේ පාදුක්ක - වටරැක පානලුව පදිංචිව සිටි මාඹුලගේ කුලතුංග නමැති 70 හැවිරිදි තිදරු පියෙකි.
මියගිය පුද්ගලයා අංශභාග රෝගයෙන් පෙළෙන්නකු බවද පොලිසිය කියයි. ඉකුත් 25 වැනිදා මියගිය අය නිවෙසේ සාලයේ පුටුවක හිඳ
රූපවාහිනිය නරඹමින් සිටියදී මෙම ඇසිඩ් ප්‍රහාරයට ලක් වී ඇත. ඔහුගේ මුහුණ පපු ප්‍රදේශය, පාද ඇතුළුව ශරීරයේ ස්ථාන කිහිපයකම බරපතළ පිලිස්සුම් තුවාල වී ඇත. සිද්ධිය වන අවස්ථාවේ නිවෙසේ ඉදිරිපස කාමරයක මෙම පුද්ගලයාගේ බෑනා කෙනකු සිට ඇත.
බිරිය නිවස පිටුපස සිට ඇතැයි මූලික පොලිස් පරීක්ෂණයේදී හෙළි වී ඇත. ඇසිඩ් රැගෙන පැමිණි ප්ලාස්ටික් බෝතලයක්, මුඩියක් නිවෙස පිටුපස වැටී තිබියදී එදිනම සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. රෝගි වී සිටින මෙම පුද්ගලයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව සිතා ගත නොහැකි යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
කිසියම් දේපළ ආරවුලක් හෝ පිටස්තර පුද්ගලයකු සමඟ කිසියම් අමනාපයක් නිසා මෙය වුවේදැයි අනාවරණය වී නැත. මේ වනවිට නිවැසියන් ඇතුළු යාබද නිවෙස්වල පුද්ගලයන් දස දෙනකුගෙන් පමණ ප්‍රකාශ ගෙන ඇති බව පොලිසිය කියයි.
-එම්.සී.පෙරේරා-
| ඇගේ බාගයක් පන නැති මිනිහෙකුගෙන් සමාජයට ඇති වැඩක් නෑනේ. ඒක නිසා ඇසිඩ් ගහපු එකා කරලා තියෙන්නේ සමාජයට සේවයක් | -21 | NEGATIVE |
ncpp_train_39310 |
2017 සාමාන්‍ය පෙළ විභාගයෙන්
පළවෙනියෝ 6 යි දෙවැනියෝ 9 යි
ඊයේ රාත්‍රී නිකුත්වූ 2017 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මින් පෙර සිදු නොවූ ලෙස ප්‍රථම ස්ථාන 6 ක්ද දෙවන ස්ථාන 9 ක්ද වාර්තාවී තිබේ.
ප්‍රථම ස්ථාන දිනා ගත් හය දෙනා අතුරින් 5 ක්ම සිසුවියන් වන අතර රත්නපුර සීවලියේ එක් සිසුවෙකු පමණක් සිටී. එම සිසුවියන් අතරින් දෙදෙනෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ
ඉගෙනුම ලබන්නන්ය.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය අතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය.
මුල් ස්ථාන ගත් සිසුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.
| කොහොමත් OL වැඩියෙන් සමත් වෙන්නේ ගැහැණු ළමයි තමයි. AL වලදී මේ ප්‍රතිපළ හාත්පසින්ම වෙනස් වෙනවා. ගොඩක් දුරට කොල්ලෝ ඉසරහට එනවා. කෙසේ වෙතත් මේ හැම දරුවෙකුටම ජයෙන් ජය වේවා..!!!! | 54 | POSITIVE |
ncpp_train_39311 |
වහාම මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නවත්වා කොරෝනා
වයිරසය හේතුවෙන්
අසරණව සිටින ජනතාව පිළිබදව සොයා බැලීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ
මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
සිය ෆේස්බුක් පිටුව ඔස්සේ වීඩියෝවක් මුදහරිමින් ඒ මහතා මෙම ඉල්ලීම කර ඇත.
| ප# තමා.... යමපාලනේ හරි පුතානෝ හරි හිටියනම් කොමිසම් දදා කියයි මේවා රජපක්ෂලගෙ වැරදි, අපිට කරන්න දෙයක්නෑ.. ලෝකෙ හැමතැනම මෙහෙම තමා, අපේ මැරුණ ගාන තාම අඩුයි වගේ ගොං කතා කිය කිය ඉඳියි.. කොහෙවත් ඉක්න එකෙක් අල්ලලා හිරේ දාලා කියයි ප්‍රශ්නෙ විසඳුවා කියලා.. තොපි කට වහගෙන ගෝඨා කරන්නෙ මොකකිද කියලා බලන් හිටපියව්.. තොපිට කතා කරන්නවත් අයිතියක් නෑ පාහර හැත්ත.. රට කෑවා... | 6 | POSITIVE |
ncpp_train_39312 |
සාමාන්‍ය පෙළ ප්‍රථමයා වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙපළගේ දියණිය
අනුකි ටියුෂන් ගියේ සිංහලට විතරයිලු (video)
අද දින නිකුත්වූ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු දෙවන හා සම තෙවැනි තැන් ලබාගත් සිසු සිසුවියන්ගේ වැඩි විස්තර මේ වනවිට ලැබී තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම ස්ථානය දිනූ අනුකි චමත්කා පැස්කුවල් විශාඛා විද්‍යාලයට ශිෂ්‍යත්ව විභාගයෙන් පැමිණි අයෙකු නොවුවාය. ඇය පළමු ශ්‍රේණියේ සිට
එම පාසලෙන් අධ්‍යාපනය ලබා තිබේ.
කෙසේ වෙතත් ඇය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අතර එහිදී ලකුනු 173 ක් ලබා තිබේ. ඇගේ මව විවෘත විශ්ව විද්‍යාලයේ භෞතීය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. ඇගේ පියා මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.
ඇය සිය ජයග්‍රහණය ගැන කියා සිටියේ,
‘පළවෙනියා වෙයි කියලා කොහොමවත් හිතුවෙ නෑ. මම සිංහල විෂයට විතරයි ටියුෂන් පන්තියකට ගියේ. ඉස්කෝලෙන් තමයි සියලුම දැනුම ලබාගත්තෙ මම. අමතර පන්ති ගියාම ගොඩක් වේලාව වැය වෙනවා.ඒ හින්දා පාඩම් කරන්න වෙලාව මදිවෙනවා.මට කියන්න තියෙන්නෙ ඉස්කෝලෙ දෙන වැඩ හරියටම කරන්න ඕන.ගුරුවරුන් කියන දේවල් පිළිපදින්න ඕන. එතකොට ජයග්‍රහණය කරා යන්න පුළුවන්. මම ගණිත අංශයෙන් උසස්පෙළ හදාරන්න බලාපොරොත්තු වෙනවා. විශ්ව විද්‍යාලයට ගිහිල්ලා ඉංජිනේරුවෙක් වෙන්න කැමතියි.“
දෙවන ස්ථානය දිනාගත්තේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමිඳු මංතිලිනි මුණසිංහ ජයග්‍රහණය ගැන මෙසේ කියා තිබේ.
‘මගේ අනාගත බලාපොරොත්තුව විද්‍යා අංශයෙන් ඉදිරියටම යන්න. ඉදිරියට ගිහිල්ල වෛද්‍ය වරියක් වෙන්න. මේ අවුරුද්දෙ විභාගෙට මුහුණ දෙන අයට කියන්නෙ බයවෙන්නෙ නැතිව එදිනෙදා දෙන වැඩ එදිනෙදාම කරෝතින් ලොකු ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන්.‘
තෙවැනි ස්ථාන දෙකින් එකක් ලබාගත් ආනන්ද විද්‍යාලයේ සුගත් සනිදු සන්වර කියා සිටියේ,
‘මම එදිනෙදා වැඩ එදිනෙදාම කළා.හැමදාම පාසල් ගියා. ලොකු පීඩනයකින් තොරව වැඩ කළ නිසා මේ ජයග්‍රහණය භුක්ති විඳිනවා‘
තෙවැනි ස්ථාන දෙකින් එකක් ලබාගත් රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධ මිරිස්සගේ කියා සිටියේ,
‘මම අධ්‍යාපනය වගේම විෂය බාහිර වැඩත් සමගාමීව කළා.තරග වලිනුත් ඉහළ ජයග්‍රහණයක් ලබාගන්න පුළුවන් වුණා.මගේ අනාගත බලාපොරොත්තුව ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගෙන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න‘
| බලාගෙන ගියාම ෆේල් වෙච්ච එවුන් විතරයි ටියුශන් ගිහින් තියෙන්නෙ. | 164 | POSITIVE |
ncpp_train_39313 |
කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ ඊයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව
විද්‍යාලයේ කළමනාකරණ
උපාධියක් හදාරන සිසුවියක පෙනී සිටියාය. ඇය කළ වරද වූයේ ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබාගැනීම සහ පානය කිරීමය.
විශ්වවිද්‍යාල සිසුවිය පසුගිය 21 වැනිදා කොල්ලුපිටිය හන්දියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක් අසල තම පෙම්වතා සමඟ ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.
එම චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ ඇයගේ පෙම්වතාටද ඇයටද මහෙස්ත්‍රාත්වරිය විසින් රුපියල් පන්දහස බැගින් දඩ නියම කෙරිණි.සිසුවිය කොහුවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
| කෙල්ලේ උබ උබේ සල්ලි වලින් (ගෙදර අයගේ ඒවා නෙවේ) ගන්ජා පාරක් දෙමාපියෝ ගාව ඉදල ඇදල පෙන්නපන්. අන්න එතකොට අපි (මම නම්) මොකුත් කියන්නේ නැහැ. එහෙම බැරිනම් ඉතින් උබ දෙලොවටම නැති පෙට්ටි කුඩු පට්ටම් උන ලාමක ටින් ටින් කෙනෙක්. | 6 | POSITIVE |
ncpp_train_39314 |
බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත සංවිධානයක් ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනමට ලක්ව තිබුණද, එම සංවිධානයට බ්‍රිතාන්‍යයේදී අනෙකුත් තහනම් සංවිධානවලට වඩා වැඩි නිදහසක් ලැබෙන බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය බ්‍රිතාන්‍යයේ සිදු කරන කටයුතු නීතිවිරෝධී බවත්
පවසමින් බ්‍රිතාන්‍යයේ
දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ යන තේමාව යටතේ බ්‍රිතාන්‍යයේ සිංහල සංවිධාන එකමුතුවෙන් සංවිධානය කළ විරෝධතාවක් පෙරේදා (24) ප.ව.2.00 සිට ප.ව. 5.00 දක්වා ලන්ඩන් නුවර ඩවුනින් විදියේ බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ නිල නිවස ඉදිරියේදී පැවැත්විණි.
මේ සඳහා ඉතා ඉහළ ජන සහභාගිත්වයක් ලැබුණු අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානය බ්‍රිතාන්‍යයේ දේශපාලඥයන්ට උදවු කරමින් වැඩි වාසි ලබා ගන්නා බවත් විරෝධතාකරුවෝ මෙහිදී චෝදනා කළහ. · එමෙන්ම සිංහල රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ නම්, මේ වනවිට ලන්ඩනයේ රැඳී සිටින එල්.ටී.ටී.ඊ. ළමා සොල්දාදුවන් බිහි කිරීමට මූලික වූ ඇන්ටන් බාලසිංහම්ගේ බිරිඳ ඇඩෙලා බාලසිංහම්ට විරුද්ධව කටයුතු නොකරන්නේ මන්දැයි ඔවුහු විමසා සිටියහ.
එල්.ටී.ටී.ඊ. කොඩි රැගත් කිහිපදෙනෙකු මෙම විරෝධතාවට බාධා කිරීමට උත්සාහ කළද, පොලීසිය මැදිහත්ව ඔවුන්ව වළක්වන අයුරුද දැකගත හැකි විය.
| එකම තමා ව්යන්ගර්තයෙන් කියල තියෙන්නේ .. බනින්න දෙයක් නැහැ | -3 | NEGATIVE |
ncpp_train_39315 |
හාල් මිල ඉහළයාම ගැනඩඩ්ලි සිරිසේන කථා කරයි
මේ දිනවල ජනතාව උහුලන්නට බැරි තරමට වෙළෙඳපොලේ සහල් මිල ඉහළගොස් තිබීම කවර හේතුවක් නිසාදැයි පැහැදිලි කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ සොයුරු අරලිය සහල් සමාගමේ ප්‍රධානී ඩඩ්ලි සිරිසේන මහතා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.
එහිදී ඔහු කියා සිටියේ
හාල් මිල ඉහළ යාමට
ප්‍රධානම හේතුව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් රජය සතු වී තොග නිසි ලෙස නිකුත් නොකිරීම බවයි.
වී අලෙවි මණ්ඩලය සතු වී තොග වෙළඳපලට නිකුත් කිරීමට ජනාධිපති හා අගමැති තීරණය කර තිබියදීත් ඇමතිවරයා නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව එය නොකළ බව ඔහු චෝදනා කර තිබේ.
වී මොල් හිමියන් සතුව ලබන අප්‍රෙල් මාසය දක්වා ඇති තරම් සම්බා සහ කීරි සම්බා තොග තිබෙන නමුත් නාඩු වී නැති බව කියන සිරිසේන මහතා නාඩු වී වැඩි ප්‍රමාණයක් ඇත්තේ රජය සතුව බව දන්වා සිටියේය.
ඒ නිසා සහල් මිල ඉහළයාම සම්බන්ධයෙන් තමන් ඇතුළු මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කිරීම අසාධාරණ බව ඔහු කියා සිටී.
වී අලෙවි මණ්ඩලයෙන් රුපියල් 43.65ට වී කිලෝව ගෙන රුපියල් 50 බැගින් මෝල් හිමියන්ට අලෙවි කරන බවත් කිලෝවක් නිෂ්පාදනයට සෙසු වියදම් හැර වී සඳහා පමණක් රුපියල් 80ක් වැයවන බවත් කියන ඔහු
රජය සතු වී තොග සහල් කිරීම සඳහා මෝල් හිමියන්ට නිසි ක්‍රමවේදයක් යටතේ නිකුත් කළේ නම් මෙවැනි ගැටලූ ඇති නොවන බව ද දන්වයි.
| හාල් පොළඟ Harri ද Dudley ද ? | 18 | POSITIVE |
ncpp_train_39316 |
හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජාතික ජනතා ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා ලෙස අද (29) නම් කෙරිණ.
එම උත්සවය පැවැත්වුණේ,
කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේදීයි.
රට රැකුමට රට නැගුමට යන්න තේමා කර ගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.
එහිදී උත්සවය අමතමින් හිටපු යුද හමුදාපතිවරයා පැවසුවේ, තමා වටා සොරුන් වංචාකාරයින් නැති බවයි.
එක රටක් තුළ එක නීතියක් ගෙන එන ඒමට කැප වී සිටින බවයි.
කිනම් තර්ජන, ගර්ජන පැමිණිය ද සැමට ආත්ම ගරුත්වයක් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් බැඳී සිටින බව ත් රටේ ජනතාව අතර සාමය හා සංහිඳියාව ඇති කළ හැක්කේ, ස්වාධීන රාජ්‍ය නායකයෙකුට පමණක් බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියේ ය.
අපනයනය ඉලක්ක කර ගත් ආර්ථික සංවර්ධනයක අවශ්‍යතාව අවාධරණය කළ මහේෂ් සේනානායක මහතා තමා වටා රැස්ව සිටින්නේ, සොරුන්, වංචනිකයින් නොව රටට අදාරය කරන සැබෑ පුරවැසියන් පමණක් බව ද එහිදී ප්‍රකාශ කළේ ය.
| Whom to vote ... ?? | -3 | NEGATIVE |
ncpp_train_39317 |
පසුගිය ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සමාජ වෙත බෙදාදීම සඳහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 25,000කට ආසන්න සංඛ්‍යාවක් සතොස ආයතනය හරහා ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට අධි චෝදනා භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය (අංක2) විසින් නියෝග කළේය.
ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් අමල් රණරාජා යන මහත්වරුන්ගෙන්
සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ මෙම අධිචෝදන පත්‍ර භාරදීම සිදුය. මෙම නඩු විභාගය දැක බලාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්35දෙනකු පමණ අධිකරණ ශාලාවට පැමිණ සිටීම කැපීපෙනෙන සිද්ධියක් විය.
අධි චෝදනා පත්‍ර භාර භාරදීමේන් පසුව විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියම කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වර්තාවක් කැඳවන ලෙසටද නියෝග කෙරිණි. නඩුවට අදාළ ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලැබී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව නැවත අගෝස්තු මස 2වැනිදා කැඳවන ලෙසද නියෝග කෙරිණි.
මෙහි පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සොලිස්ටර් ජනරාල් අයේෂා ජීනසේන මහත්මිය පෙනී සිටියාය. විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ප්රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර විත්තිකාර නලීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.
-කේ.එස්.උදයකුමාර්-
| අවුරුදු 4 1/2 ගියා මේ ටික කරගන්න... ඉන්න හිතෙන රටක්.... (ඔසී ) | 58 | POSITIVE |
ncpp_train_39318 |
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මන්ත්රීවරියක්ද සිටින බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ඊයේ (25 වැනිදා) සඳහන් කළේය.
ඇය කොකේන් මත්ද්‍රව්‍යවයට අමතරව ටැබ්ලට්, සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පාවිච්චි කරන බවද තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවද හෙතෙම පැවසීය.
එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය කවුරුන්ද යන්න හෝ එතුමිය දැනට පාර්ලිමේන්තුවේ
සිටිනවාද නැද්ද යන්න හෝ මේ මොහොතේ මාධ්‍යයට ප්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා ඉදිරියේ දී ඒ පිළිබඳ සියලූ තොරතුරු ජනතාව හමුවේ ඉදිරිපත් කරන බව ද කියා සිටියේ ය.
තනතුරු, තාන්න මාන්න, පුද්ගලික හිතවත්කම් පසෙකලා රට තුළ විශාල ප්‍රශ්නයක් වී ඇති විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ කාර්යය ඉටු කිරීම වෙනුවෙන් තමන්ට කළ හැකි සියලූ කටයුතු නොපැකිලිව සිදු කරන බව කී හෙතෙම එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා බොහෝ පිරිසක් තමන් සමඟ සිටින බවද කීවේය.
තමන් මීට පෙර අනාවරණය කළ කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ගේ හෙළිදරව්වෙන් පසු ඔවුන් විවිධ ඖෂධ භාවිතා කරමින් ඉන් ගැලවීමට ප්රයත්න දරමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි රංජන් රාමනායක මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.
-සිරිමන්ත රත්නසේකර-
| අනුන්ගෙ පෞද්ගලික ජීවිත ගැන මේ තරම් හොඳින් දන්නවා කියන්න මෙයාට තියෙන අයිතිය මොකක්ද? අනිත් එක ඒ මිනිස්සුන්ගෙ ඇඳ යට බුදියගෙන හිටියා වගේනෙ මෙයා කතා කරන්නෙ. පඳුර වටේ කැරකෙන්නෙ නැතිව කෙලින්ම නම් කියපිය දන්නවා නම්. කියන්න බැරි නම් උඹේ ඔය බූරු කට වහගෙන හිටපන් සේරම මිනිස්සුන්ව එක කල්දේරමේ දාලා කලතන්නෙ නැතිව. :'( :@ | 33 | POSITIVE |
ncpp_train_39319 |
රුසියානු කාන්තාවන් දෙදෙනකු නිසා ඇල්ල ප්‍රදේශයේ තරුණයන් 29 දෙනකුට එච්.අයි.වී. රෝගය වැලඳී ඇතැයි යන පුවත රට පුරා ඉකුත් සතියේ පැතිර ගොස් තිබිණි.
මේ පිළිබඳ සොයා බලන්නට අප ඇල්ල ප්‍රදේශයේ පෙරේදා 25දා සංචාරය කළ අතර මේ පිළිබඳ
ප්‍රදේශවාසීන්,
ත්‍රිරෝද රථ රියැදුරන්, හෝටල් හිමියන් හා වෛද්‍යවරුන්ගෙන් අදහස් ලබා ගන්නට හැකි විය. සමාජ ජාල වෙබ් අඩවිවල මේ පුවත විදුලි වේගයෙන් පැතිර ගිය අතර රුසියානු කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වැලඳී ඇතැයි සඳහන් විය.
එම කාන්තාවන් දෙදෙනා සමඟ සබඳතා පැවැත්වූ හෝටල් හිමිකරුවෙක්, සේවකයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් ආදී පිරිස 29ක් බවත් ඔවුන් සියලු දෙනාටම එච්.අයි.වී. වැලඳී ඇතැයි යනුවෙන් පුවත පැතිරුණි.
ඇල්ල ත්‍රිරෝද රථ සංගමයට අයත් ත්‍රිරෝද රථ 54ක් ඇති අතර ඔවුන් එක හෙළාම මේ පුවත ප්‍රතික්ෂේප කරයි. එම රියැදුරන් පවසන්නේ තමන් ඕනෑම ලේ පරීක්ෂාවකට ලක්කරන ලෙසයි.
එලෙස රුසියන් කාන්තාවන් සමඟ ඇල්ල ත්‍රිරෝද සංගමයේ කිසිවකු හාදකම් පවත්වා නොමැති බව ඔවුහු පවසති.
එම ත්‍රිරෝද රියැදුරන් පවසන්නේ ඇල්ල නැරැඹීමට එන සංචාරකයන් නැවැත්වීමට කිසියම් පිරිසක් සංවිධානාත්මකව කරගෙන යන ප්‍රෝඩාවක් බවයි.
අප ප්‍රදේශවාසීන්ගෙන් හා කඩ හිමියන්ගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔවුන්ද එවැනි රාවයක් රටේ හැමතැනම ඇතත් ඒ ගැන ඇල්ල ප්‍රදේශවාසීන්ද මාධ්‍යයෙන් පමණක් දැනගත් බව සඳහන් කළහ.
ඇල්ල රෝහලේ වෛද්‍ය ආර්.බී. සුගතදාස මහතාගෙන් අප කළ විමසුමේදී ඔහු පැවැසුවේ රෝහල් මට්ටමින් එවැන්නක් වාර්තා වී නැති බවයි.
මාතර - උදය කුමාර රණවීර
| Well said bro... | 5 | POSITIVE |
ncpp_train_39320 |
පළාත් සභා මැතිවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමේ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා
විසින් ඊයේ (29දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. සියලූම පළාත් සභාවල මැතිවරණය එකම දිනයක පැරණි අනුපාත ක්‍රමයට පැවැත්විය යුතු බවට ද එම යෝජනාවේ සඳහන්ව ඇතැයි ජනාධිපති ලේකම්
කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීවේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගෙන නැති අතර මීළඟ සතියේ කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡා කර අනුමත කරනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීවේය. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
-කුෂාන් සුබසිංහ-
| ඔනෙ නෑ අපිට දැන් ප්‍රජාත්‍රන්තවාදේ තියනවා බොහොම අමරුවෙන් අදිකරනෙට ගිහිල්ලා ගත්තේ ඔබතුමාත් දැන් ගෙදර යන්න ලැස්තිවෙලා ඉන්න | 8 | POSITIVE |
ncpp_train_39321 |
විභාග අයැදුම්කරුවන් ඉතා සූක්ෂ්ම අධි තාක්ෂණ ඉලෙක්ට්‍රොනික් උපාංග රැගෙනවිත් විභාග වංචා සිදු කිරීම වැළැක්වීම සඳහා පොලිසිය හෝ යුද හමුදාව යොදවා පරීක්ෂාකර විභාග ශාලා තුළට ඇතුළත් කිරීමට යයි.
අධි තාක්ෂණ උපකරණ භාවිතයෙන් විභාග වංචා සිදු කිරීම වැළැක්වීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිණිස පත්කර ඇති විශේෂ කමිටුවට ඉහත යෝජනා ඇතුළු යෝජනා හතරක් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඉලෙක්ට්‍රොනික උපාංග හඳුනාගැනීම සඳහා වන උපකරණ විභාග ශාලාධිපතිතුමාට ලබාදීම, ඉලෙක්ට්‍රොනික උපාංග හඳුනා ගත හැකි උපකරණයක් හරහා විභාග ශාලාවට ඇතුළු කිරීම සහ එවැනි උපාංගවලට ලැබෙන තරංග අවුල් (ජෑම්) කරන උපකරණ සෑම විභාග ශාලාවකටම ලබාදීම සෙසු යෝජනා තුනකි.
රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රශ්න දෙකක් සූක්ෂ්ම ඉලෙක්ට්‍රොනික උපාංගයකින් පිටතට යවා පිළිතුරු ගෙන්වා ගැනීමක් සිදුවීම නිසා අනාගතයේ සිදුවී විය හැකි වංචා වළක්වාගෙන විභාගවල රහස්‍ය හා ගුණාත්මක භාවය ආරක්ෂා කිරීමට පියවර ගතයුතු බවද විභාග කොමසාරිස් කීය.
රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරීමේ සිද්ධියට අදාළ සිසුවා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලින් පසු ඔහුට ජීවිතාන්තය දක්වා විභාග දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි වන පරිදි තහනමක් පැනවීමට සිදුවනු ඇතැයිද කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.
දයා පෙරේරා
| විභාග වලට කරන්න ලොකු උවමනාවක් තියනවා, බන්දනාගාර වල පාතාලයෝ ජංගම දුරකථන භාවිතයට ඕව හයි කරන්නේ නැත්තේ ඇයි ? එයාල කරන අපරාද පේන්නේ නැද්ද ඇතුලේ ඉදල ෆෝන් වලින් ඔය ටෙන්ඩර් එක දෙන්නේ කාටද දන්නේ නෑ | 19 | POSITIVE |
ncpp_train_39322 |
මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියා තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.චීනයෙන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇති බව දෙවන වරටත් සිදු කළ සාම්පල පරීක්ෂාවේ දී තහවුරු වී තිබිණි. කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා සඳහන් කළේ පසුගිය සිකුරාදා ලැබුණු සාම්පල ශාක නිරෝධායන සේවය යළි පරීක්ෂාවට ලක් කළ බවය.එම පරීක්ෂාවේ දී අදාළ කාබනික පොහොර තොගයේ අහිතකර අර්වීනියා නැමැති අහිතකර බැක්ටීරියාව අඩංගු විය.
ඔහු පැවසුවේ, මේ අනුව අදාළ පොහොර තොගය මෙරටට පෙන්වීමෙන් වළකින ලෙස තමන් නිර්දේශ කළ බවය.මෙරටට කාබනික පොහොර සැපයීමේ ටෙන්ඩරය චීනයේ qingdao seawing biotech සමාගමට ලබාදීමට රජය පසුගියදා තීරණය කළ අතර ඔවුන් බාල ගණයේ පොහොර ලබාදීමට සූදානම්වී ගෙන්වීමට සැරසෙන මොහොතේ මෙම විද්‍යාත්මක හේතුව අනාවරණය විය. විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පළමු වතාවේ සෑහීමකට පත් නොවූ අතර චීන සමාගමෙන් කාබනික පොහොර සාම්පල ගෙන්වා පොලිස් ආරක්ෂාවද යොදවා සිදු කළ දෙවන පරීක්ෂාවේ දී අහිතකර බැක්ටීරියා ඇතැයි නැවතත් තහවුරු වීමෙන් පසු තීරණය වෙනස්විය.
| වැරදුනා! තේරුණා!! නැවැත්තුවා!!! Very good. ඒ වගේම කෙළවුනා! තේරුණා!! ගෙදර ගියා!!! නම් excellent | 55 | POSITIVE |
ncpp_train_39323 |
නෞකාවලට සේවා සපයන පෞද්ගලික නාවික නියෝජිත ආයතනයක් නෞකාවකට ලබාදීම සඳහා රැගෙන ගිය ගිනි අවි 14ක්, උණ්ඩ 2400ක්, ආරක්ෂිත ඇදුම් කට්ටල, පතොරම් ඇතුළු උපකරණ මුහුදට වැටී අතුරුදන් වී ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි. මෙම ගිනි අවි ඇතුළු උපකරණ නාවික නියෝජිත ආයතනයේ සේවකයන් විසින් ගාල්ල වරායේ සිට බෝට්ටුවකින් නෞකාවට ලබාදීමට යාමේ දී ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 06ක් පමණ දුරදී මුහුදට වැටි ඇතැයි පොලිසිය පවසයි. බෝට්ටුවේ මුහුදු ආරක්ෂකයන් තිදෙනකු, නාවික භටයකු හා නැව් නියෝජිත ආයතනයේ සේවකයන් 04 දෙනකු ගමන් කර ඇතැයි ද වරාය පොලිසිය සඳහන් කරයි.
නෞකාව ඉන්දුනිසියාවේ සිට ස්පාඤ්ඤය දක්වා යාත්‍රා කරමින් තිබිය දී නෞකාවට ආරක්ෂාව සැපයීම සඳහා මුහුදු ආරක්ෂකයන් තිදෙනකු ඇතළු ආයුධ නෞකාව වෙත බෝට්ටුවකින් රැගෙන ගොස් ඇත. මුහුදු ආරක්ෂකයන් තිදෙනා නෞකාවට ගොඩවී ඇති අතර පෙට්ටිවල ගිනි අවි ඇතුළු උපකරණ බහා තිබි ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි. දැලක් වැනි උපකරණයකින් ගිනි අවි ඇතුළු උපකරණ නෞකාවට ලබා දීමට යාමේ දී ඉන් කොටසක් මුහුදට වැටි අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි. ගිනි අවි 40ක් රැගෙන ගොස් ඇති අතර ඉන් ගිනි අවි 14ක් මුහුදට වැටී ඇත. පෞද්ගලික නාවික නියෝජිත ආයතනයේ සේවකයකු මේ පිළිබඳ ගාල්ල වරාය පොලිසියට පැමිණිලිකර ඇති අතර ගාල්ල වරාය පොලිසිය මගින් මේ පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කිරිමට නියමිතව තිබිණි. -ජේ.කේ.එල්.චාමින්ද-
| ආයුධ ටික පරිස්සම් කර ගන්න බැරි අය කොහොමද නැවකට ආරකෂාව සපයන්නේ ?????? | 128 | POSITIVE |
ncpp_train_39324 |
පසුගිය අප්‍රේල් 08 වනදා සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වූ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ මාධ්‍ය හමුවේදී ජනතාවට ඉදිරිය ගැන බියක් නැති බව කියමින් නිසි මගපෙන්වීමක් නොකර කොරෝනා බියක් නැති ආකාරයට අදහස් දැක්වීම නිසා ඇතිවූ ව්‍යසනකාරී තත්වය
හා තොරතුරු සැගවීම මගින් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න විමසමින් ඊයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීරට මාධ්‍යවේදිනියක වේගවත් වචන හුවමාරු කළාය.ඇය කියූ දේට නැවත නැවත පිලිතුරු දෙමින් අපට පුලුවන් ආකාරයට තමා පාලනය කරන්නේ යයි වෛද්‍යවරයා පැවසූ අතර ආවේගවත්ව මේ ප්‍රශ්න ගැන කතා කළ නොහැකි යයිද කීය.කොරෝනා සම්බන්ධ පිහිටුවා ඇති වෙබ් අඩවි යාවත්කාල වන්නේ නැති බවත් අඩුතරමේ ආසාදිතයින්ගේ වයස් සීමාවන් ගැන තොරතුරු පවා ජනතාව දැනුවත් නොකරන බවත් ඇය කළ චෝදනාවක් විය. එසේම සෞඛ්‍ය සම්බන්ධ ප්‍රධාන ධාරාවේ ගැටලුවක් රටේ පැවතියදී කිිසිදු අවස්ථාවක වසංගත රෝග විද්‍යා අංශය මාධ්‍ය මගින් අමතන දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදෙන බවද ඇය චෝදනා කළාය.මට හරියට කෝල් එනවා. සමහරවිට එකම වෙලාවෙ කෝල් දෙකක් එතකොට වෙන්නැති මග ඇරෙන්නේ යයි වෛද්‍යවරයා ඊට පිලිතුරු දුන්නේය.වීඩියෝව පහතින්
| ඔබ "කුජීතයි" Dr.සුදත් සමරවීහ | 63 | POSITIVE |
ncpp_train_39325 |
ෆෝන් “පාස් වර්ඩ්” සැකයක් නිසා
සැමියාගේ පිහි පහරින් බිරිය මරුට
සැකය ජීවිත අවුල් කළ අවස්ථා බොහෝය. සැකයේ බීජය සිත තුළ තැන්පත් වීමෙන් තම දිවියට මෙන්ම අන්‍යයන්ගේ ජීවිත කෙරෙහිද බොහෝ බලපෑම් ඇති කරයි. එවැනි සැකයේ බීජයක් තුළින් උපන් ක්ෂණික කෝපය පසුගිය දිනක පුපුරා ගියේ ජීවිතයක් අහිමි කරමිනි.
දුක සැප සම සිතින් දරාගෙන එකට විසීමට පොරොන්දු වෙමින් කුල ගෙට ආ රේණුකා මල්කාන්ති තම සහකරුගේ හදිසි කෝපයට බඳුන්ව
පිහි ප්‍රහාරයට ලක්ව ජීවිතයෙන් සමුගත්තේ පසුගිය 23දා සන්ධ්‍යා කාලයේය.
තම ජංගම දුරකතනයට මුර පදයක් (password) යොදා තිබීම පිළිබඳව සැමියා විමසූ අවස්ථාවේ ඊට ඇය දැක්වූ ප්‍රතිචාරය නොරිස්සූ සැමියා එල්ල කළ පිහි ප්‍රහාරයෙන් රේණුකා මල්කාන්ති නමැති 39 හැවිරිදි එක් දරු මවකගේ මරණය සිදුව ඇත.
අගලවත්ත දාපිළිගොඩ පදිංචිව සිටි දේව වරමින් ශාස්ත්‍ර කීම වෘත්තිය කරගත් රේණුකා මල්කාන්ති තම සැමියා හා 12 හැවිරිදි දියණිය සමඟ සතුටින් දිවි ගෙවමින් සිටියාය. කිසිදු ආර්ථික අපහසුතාවක් හෝ ගැටලුවක් නොමැතිව තම සැමියා වූ අචල ප්රියන්තගේද වෘත්තීය ආදායමෙන් පවුලේ කටයුතු සමබරව පවත්වාගෙන ගියාය. අචල ප්‍රියන්ත බේකරි කර්මාන්තයේ නියැළුණු අතර දියණිය පාසල් වියේ පසු වූවාය.
සතුට සොම්නස පිරී ඉතිරී පැවැති නිවෙසේ සැම ප්‍රීතියෙන් කල් ගෙවූ කල හදිස්සියේ ඇතිවූ ව්‍යසනය පිළිබඳ ඥාතීන් පවා සිටින්නේ පුදුමයට පත්වය.
අසල්වාසී නිවෙසක පැවැති අවමංගල්‍යයකට සහභාගි වීමට සූදානම් වෙමින් සිටි සැමියාගේ කටයුතුවල යෙදී සිටියදී තම සැමියා ඇයගේ ජංගම දුරකතනය අතට ගත්තේ යම් ඇමතුමක් ලබා ගැනීමටය. එහෙත් එම දුරකතනයට මුර පදයක් යොදා තිබීම පිළිබඳව නොරිස්සූ ඔහු ඒ පිළිබඳව ඇයගෙන් විමසා තිබේ.
එහෙත් ක්ෂණික කෝපය මත සිදුකළ මෙම අපරාධය පිළිබඳව පසුතැවීම ඇතිවන විට තම ආදරණීය බිරිය මෙලොව හැරගොස් ඇති බව ඔහුට පසක් විය. ඒ පිළිබඳව ඇතිවූ සිත්තැවුල සංසිඳුවා ගැනීමට ඔහුගේ සැනසිල්ලට තිබුණේ වල් නාශක බෝතලයකිනි. ඔහු දිවි තොර කර ගැනීමට දැරූ උත්සාහය ඥාතීන් ඇතුළු අසල්වාසීන්ගේ මැදිහත් වීමෙන් වැළකුණද මෙතෙක් ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව රෝහල්ගතව සිටී.
(තොරතුරු - ප්‍රභාන් බුලත්සිංහල)
| හරි හමන් මිනිහෙක්නම් ගෑණි දාගන්න කලින් පාස්වර්ඩ් 1ක් දාල දෙන්න ඕනේ ගෑණිගේ ෆෝන් එකට. හණමිටි ඩයල් 1ක්ද කොහෙද. | 4 | POSITIVE |
ncpp_train_39326 |
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවටත් අනතුරුව දකුණු ඇමරිකානු රටක පදිංචිය සදහා යන බවටත් පැතිරියන කතාවල සත්‍යතාවයක් නොමැති බව
ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ
ප්‍රකාශකයෙකු පවසා තිබේ.
‘‘ මංගල සමරවිර හිටපු අමාත්‍යවරයා දේශපාලනයෙන් සමුගන්නා බවට විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර මේ දිනවල ප්‍රචාරය වෙනවා. මංගල මහත්තයා දේශපාලනය ආරම්භ කළ දවසේ ඉදලම ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් සිදු කළේ, එය විපක්ෂයේ කෙනෙක් වුණත් පිළිගන්න දෙයක්. එතුමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් නම් සමුගන්නවා කියලා තිරණය කරලා තිබුණා. ඉදිරියේදි එය වෙනස් වෙයිද දන්නෙ නැහැ. මංගල සමරවිර කියන්නේ දේශපාලන සත්වයෙක් ’’
| යැවිය යුත්තේ හිරගෙදර එතන හොඳ ම තැන. | 15 | POSITIVE |
ncpp_train_39327 |
සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් හා දේවස්ථානයකදී සිදු වන විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරමින් අනුමැතිය ඉල්ලා තිබේ.ඒ අනුව විවාහ දැන්වීම් භාරදී සම්පූර්ණ දින 12ක් ගත වූ පසු පාර්ශවකරුවන්ගේ නිවසේදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් එම පාර්ශ්වයන්ගෙන් අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,000ක් කිරීමට නිර්දේශ කර ඇත. 2015 සිට මේ සඳහා අයකර ඇත්තේ රුපියල් 50කි. එසේම ගෘහ බලපත්‍රයක් මත විවාහයක් ලියාපදිංචි කිරීමේදී විවාහ රෙජිස්ට්රාර්වරයාට ගෙවනු ලබන ගාස්තුව රුපියල් 2,500ක් ලෙස සංශෝධනය කිරීමට නිර්දේශ කර තිබේ.එමෙන්ම විවාහ දැන්වීම භාරදී සම්පුර්ණ දින 12කට පෙර විශේෂ බලපත්‍රයක් මත පාර්ශ්වකරුවන්ගේ නිවසේදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් එම පාර්ශවකරුවන්ගෙන් අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කර තිබේ. 2015 සිට මේ දක්වා මේ සදහා අය කර ඇත්තේ රුපියල් 50ක මුදලකි. රෙජිස්ට්රාර්වරයාට ගෙවනු ලබන ගාස්තුවද රුපියල් 2,500ක් ලෙස වැඩි කිරීමට නිර්දේශ කර ඇත.
විවාහ දැන්වීම් භාරදී සම්පූර්ණ දින 12ක් ගත වූ පසු උත්සව ශාලාවකදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් ඒ සඳහා අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,500ක් ලෙස සංශෝධනය කිරීම සුදුසු බව නිර්දේශ කර තිබේ. 2015 සිට මේ සඳහා අයකර ඇත්තේ රුපියල් 50කි. එසේම එම අවස්ථාවේදී විවාහ රෙජිස්ට්රාර්වරයාට ගෙවනු ලබන ගාස්තුව රුපියල් 3,500ක් ලෙස සංශෝධනය කිරීම සුදුසු බවද නිර්දේශ කර ඇත.විවාහ දැන්වීම් භාරදී සම්පූර්ණ දින 12කට පෙර විශේෂ බලපත්‍රයක් මත උත්සව ශාලාවකදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් එම පාර්ශ්වකරුවන්ගෙන් අය කරනු ලබන ගාස්තුව රුපියල් 1,500ක් ලෙස වැඩි කිරීමටත්, රෙජිස්ට්‍රාර්වරයාගේ ගාස්තුව රුපියල් 3,500ක් කිර්මටත් නිර්දේශ කර තිබේ. මීට අමතරව දේවස්ථානයකදී සිදු වන විවාහයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීමේදී අයකරනු ලැබූ රුපියල් 750ක මුද්දර ගාස්තුව රුපියල් 1,500 දක්වා වැඩි කිරීමටත් නිර්දේශ කර ඇත.විවාහ දැන්වීම් භාරදී සම්පුර්ණ දින 12ක් ගත වූ පසු රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයට පැමිණ සිදු කරන සාමාන්‍ය විවාහ හා විශේෂ බලපත්‍ර විවාහ ගාස්තුවල වෙනසක් සිදු කරනු නොලබන බවද දන්වා ඇත (නවෝද්‍යා පවනි).
| මේ කසකාරයෝ.... ඉතිරි වැඩිවෙන ගාස්තු තව මග එනවා. | 72 | POSITIVE |
ncpp_train_39328 |
කොළඹ හයිඩ්පාර්ක් කෝනර්හි පිහිටි ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳ සංකීර්ණයක් ඉදිරිපිට වයස අවුරුදු 5 1/2ක කුඩා දරුවකු යොදාගෙන සිඟමන් යදිමින් සිටි 51 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවිදීය පොලිසිය කියයි. මෙම සුපිරි වෙළඳසලට පැමිණෙන දෙස් විදෙස් පිරිස් වෙත දරුවා පෙන්වා සැකකාරිය
දිනකට රුපියල් 30,000ට වැඩි මුදලක් උපයා ගන්නා බව ද පැවසේ. අධික අව්රශ්මිය මැද කාන්තාවක් කුඩා දරුවකු යොදාගෙන සිගමනේ යෙදෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පෙරේදා (29) සැකකාරි අත්අඩංගුවට ගෙන ඇත.
තමාගේ දරුවා බව පවසමින් සැකකාරිය පොලිසිය වෙත දරුවාගේ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ පරික්ෂණයේ දී එම උප්පැන්න සහතිකය ව්‍යාජ එකක් බවට හෙළි වූ බවත් පොලිසිය සඳහන් කරයි. පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මෙම දරුවාගේ මවුපියන් කිරිඳිවැල ප්‍රදේශයේ
පදිංචිව සිටින බවත් මෙම කාන්තාව දරුකමට හදා ගැනීම සඳහා යැයි පවසමින් දරුවා මීට වසරක පමණ කාලයකට පෙර රැගෙන ගොස් ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකාරියගේ පුතා යුද හමුදාවේ සේවය කරමින් සිටිය දී මිය ගිය බවත් පුතා මතක්වීම සඳහා මෙම දරුවා ඇති දැඩි කරන බවට සැකකාරිය පොලිසියට ප්‍රකාශ කළ ද සැකකාරියගේ දරුවන් දෙදෙනකු සිටින බවත් කිසිදු දරුවකු හමුදාවේ සේවය කර නොමැති බව ද පොලිසිය කියයි. එම දරු දෙදෙනාගෙන් එක් දරුවකු ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින්නකු බවත් අනෙක් දරුවා විවිධ වැරදි සම්බන්ධයෙන් වරින් වර බන්ධනාගාරගතව සිටින බව ද පොලිසිය පවසයි.
මෙම කාන්තාවගේ මව ද මෙම යාචක වෘත්තියේ යෙදෙන බවට පොලිසිය තොරතුරු හෙළිකරන්ගෙන ඇත. සැකකාරිය බාරයේ සිටි දරුවා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර පරික්ෂාවට ලක්කර ළමා රෝහල වෙත ඇතුළත් කළ බව ද පොලිසිය පවසයි.
-ඉන්දික රාමනායක-
| ලමා රෝහලේ නම් කමක් නැහැ . ලමා නිවාස වලට දැම්මොත් නම් ඊට වඩා හොදයි හිගා කන එක. අධිකරණ කටයුතු ඉවර කරලා ලමයා අම්මා තාත්තා ට බැරි නම් විස්වාස වන්ත හාමුදුරු නමකට වත් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් පව් අහිංසකයා . | 23 | POSITIVE |
ncpp_train_39329 |
සතුන් දඩයමේ පැමිණි දඩයක්කාරියක් වනජීවී දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමුවරට අත්අඩංගුවට ගැනීම රන්ටැඹේ රක්ෂිතය තුළ දී පසුගියදා (23) සිදු විණි.වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ රක්ෂිතය තුළ ගොමඩලේ ප්‍රදේශයේ දී සතුන් දඩයම් කිරීමට මෙම දඩයක්කාරිය සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ද පැමිණ ඇත.
මෙම පිරිස ඉසුසු වර්ගයේ ලොරි රථයකින් පැමිණ ඇති අතර බෝර 12 ගිනි අවියක්, විදුලි පන්දම්, මස් කැපීම සඳහා භාවිත කරන පිහි, එස් ජි පතරොම් ඔවුන් සතුව තිබී ඇත. මෙම සැකකරුවන් සහ සැකකාරිය වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට ලක්ෂය බැගින් තිදෙනාට ලක්ෂ 3ක ශරීර ඇප අධිකරණය මඟින් නියම කර තිබේ.මේ නඩුව නැවත ඔක්තොම්බර් මස 3 වැනිදා කැඳවන ලෙස නියම කර ඇත.
| Show her face | 7 | POSITIVE |
ncpp_train_39330 |
මෑතකදී බාලාපචාර චෝදනාවකට ලක්ව තිබෙන ප්‍රියාන් පුෂ්පකුමාර යන ව්‍යාපාරිකයා සිය දේශපාලන හිතවත්කම් යොදාගෙන අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින බව දක්වා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසත් අසරණවූ දැරියගේ අයිතිවාසිකම්
සුරකින ලෙසත් ඉල්ලා
ළමා ආරක්ෂණ අධිකාරිය ඉදිරිපිටදී ඊයේ සමාජ ක්‍රියාකාරිනියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ. එම ක්‍රියාකාරීන් අතර ප්‍රකට නිළියන් ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙකුද විය.
| මොකා උනත් වැරදි කරුවන්ට අනිවා දඩුවම් දිය යුතුය් අනික කව්ද මේ මොනවද මෙයා කරන්නේ කියන එකත් .............. ----------හබය් මුදලට නිරුවත මාකටින් කරන අය අපචාර ගැන කතා කරන කොට නිකන් විහිළුවක් වගේ | 31 | POSITIVE |
ncpp_train_39331 |
පිටිදූවේ හිමිගේ ධර්ම සංවාද වැඩසටහනට
පිළියන්දලදී කුණු බිත්තර ගල්මුල් (video)
ඊයේ (26) ඉරිදා පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පවත්වන්නට යෙදුණු පිටිදූවේ සිරිධම්ම (අරහත් සිරි සමන්ත භද්‍ර) හිමියන්ගේ ධර්ම සංවාද වැඩසටහනකට එරෙහිව අවට සිටි පිරිස් ගල්මුල් කුණු බිත්තර ප්‍රහාර එල්ල කර අවසානයේ පිටිය මැද විරෝධතා පළ කිරීම හේතුවෙන් අතරමග අත්හැර දමන්නට සිදුවූ බව වාර්තාවේ.
ගුවන් විදුලි නාලිකාවක් මගින්
සංවිධානය කර තිබුණ මෙම ධර්ම සංවාද වැඩසටහන පස්වන වරට ඊයේ සවස 6 සිට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි පිටියේදී සිදු කරන්නට නියමිතව තිබුණ බව පූර්ව ප්‍රචාරයන් ගෙන ගොස් තිබුණ අතර පිටිය මැද වේදිකාවක පිටිදූවේ හිමියන් වාඩිගන්නා විශාල ආසනයද සිටුවා සියල්ල සූදානම් කර තිබියදී සවස් කාලයේ
සිට හිමියන්ට එරෙහිව විරෝධතා දක්වන පිරිස් පිටිය වටකොට රතිඤ්ඤා පත්තු කරමින් ගල් මුල් රැගෙන එමින් එය පවත්වනවාට විරුද්ධව සිය විරෝධය පළ කරමින් සිටි බව වාර්තාවේ.
සිරි සමන්ත භද්‍ර නමින් පෙනී සිටින මෙම හිමියන් තමන් අරහත් තත්වයට පත්වූ බව පවසන අතර පසුගිය කාලයේ මහායාන භික්ෂුවකට සමාන ආකාරයට හැසිරෙමින් ථෙරවාද ශාසනය විනාශ කරන බවට ඇතැමුන්ගේ විවේචන පළ විය.
විශාල කේක් කපමින් විනෝද වන, සියලුම ආකාරයේ මස් මාංශ ආහාර පිළිගන්වමින් උපන්දින උත්සව පන්සලේ තබන, ජීවතුන් අතර සිටියදීම තමාගේ පිළිම පන්සලේ පිහිටුවන, පාරේ වැඩමවද්දී ගෝලයින් ලවා දෙකකුල වෙත මල් ඉසගන්න මෙම හිමියන්ට එරෙහිව මීට වසර කිහිපයකට එපිට සිටම විවිධ පාර්ශ්ව විවේචන එල්ල කර තිබුණි.
ඊයේ පිළියන්දල වැඩසටහන ආරම්භ කරන අවස්ථාවේ සිට එල්ලවූ විරෝධතා නිසාදෝ පිටිදූවේ සිරිධම්ම හිමියන් එම ස්ථානයට වැඩම කර නොතිබූ අතර ඒ වෙනුවට එහිමියන්ගේ අනුප්‍රාප්තික වෙනත් හිමිනමක් විසින් වැඩසටහන ආරම්භ කර කරගෙන යන ලදි.වැඩසටහනට එක්ව සිටියේද සුළු පිරිසකි.
කෙසේ වෙතත් වැඩසටහන පවත්වන අතරවාරයේ පිටිය වටකරගෙන සිටි විරෝධතා කරුවන් වැඩසටහන කරගෙන යද්දීත් කුණු බිත්තර ගල්මුල් ඒ දෙසට එල්ල කර තිබුණ අතර පිළියන්දල පොලිසියේ ආරක්ෂාවද එම ස්ථානයට සපයා තිබුණත් ඔවුන් පසුබැස තිබුනේ නැත.
අවසානයේ පිටිය මැද සභාව දෙසට විරෝධතා දක්වන හිමිවරුන් පිරිසක් හා ගිහි පිරිසක් පැමිණ කලබල කළ අතර මෙම වැඩසටහන නවතා දමන බව මූලාසනයෙන් නිවේදනය විය.
සිද්ධිය අවස්ථාවේ වීඩියෝවක් පහතින්
| ඔබ ඔය කියන්නේ චතුර ගැනද ? | 39 | POSITIVE |
ncpp_train_39332 |
පසුගියදා අප හෙළි කළ ආකාරයට විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ විවාහගිවිස ගැනීමේ අවස්ථාව ඊයේ 27 පුද්ගලික උත්සවයක් ලෙස සිදු විය. ඇය අතගත් මනාලයා බැංකු නිලධාරියකු වන චාමික කුමාරයි. ගීත රචකයෙකු වන චාමික, දීපිකා ගයන
මගෙ දෙනෙතට දෙනෙත තියා ආදී ප්‍රකට ගීත රැසක්ම රචනා කර තිබේ.
ගීත නිර්මාණය පිළිබඳ සාකච්ඡා කරන්නට නිතර හමුවීම් සිදු කරන අතරවාරයේ ඔවුන් අතර ආදර සම්බන්ධයක් ගොඩනැගුණ අතර එය කෙළවරවූයේ මෙම සුන්දර විවාහ මංගල අවස්ථාවෙනි.
උත්සවාකාරයෙන් විවාහ උත්සවය ලබන අගොස්තු මස මැද භාගයේ පවත්වන්නට ඔවුන් සූදානමින් සිටී.
| ඉරණම් කාරය පරක්කු වෙලා හරි හම්බ වෙනවා. එතකන් හදිසි නොවිි ඉන්න ඔිනි. ඔබ දෙපළට සුබපැතුම්. කිසිදු ගැටලුවක් නොමැති සුවදායක විවාහයක් වෙවා | 620 | POSITIVE |
ncpp_train_39333 |
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 9 හැවිරිදි දැරියගේ මළ සිරුර ඇගේ නිවසට යාබද වගුරු බිමකින් අද (28) සවස සොයා ගෙන තිබේ. ඇයව කිසියම් කෙනෙකු හෝ පිරිසක් වෙනත් තැනකදී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි මූලික විමර්ශන අනුව පොලිසිය සැකකරයි.ඊයේ පෙරවරුවේ සිට මෙම දැරිය අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී තිබූ අතර දැරිය සොයා ගැනීමට පොලීසිය මහජන සහයද ඉල්ලා තිබුණි.මේ අතර දැරිය පැහැර ගන්නට ඇතැයි සැක වෑන් රථයක අංකයක් ගැන මුලින් විමර්ශනය කළද එය එම ස්ථානයේ කුකුළු මස් කඩයට පැමිණි වාහනයක් පමණක් බව පසුව කළ විමර්ශන අනුව තහවුරු විය. හිමිකරු පදිංචිව සිටින පිළියන්දල ප්‍රදේශයට ගොස් ඔහුගෙන්ද සිද්ධියට අදාළ ව ප්‍රකාශයක් ලබාගත් නමුත් එහි සැකයක් පැවතී නැත.පසුව කාන්තාවක සමග පිටකොටුව ප්‍රදේශයේ දැරිය සිටින බවකියමින් ෆේස් බුක් ඔස්සේ පළවූ ඡායාරූපයක් ඔස්සේ ඇය හමුවූ බවට ආරංචියක් අද දහවල් කාලයේ පැතිර ගියද පොලිසිය සිදු කළ විමර්ශන අනුව එය වැරදි බව ඒත්තු යන ලදි. පොලිස් කණ්ඩායම් කිහිපයක් දැරිය සෙවීම සඳහා එම ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර තිබූ අතර අද පස්වරුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව දැරියගේ සිරුර නිවසට යාබද ප්‍රදේශයේ වගුරු බිමක තිබී සොයා ගන්නි ලදි.ඥාතියෙකු කියවා තිබුනේ දැරියගේ සිරුර තලා පොඩි කර විසිකර දැමූ ආාකරයක් දිස්වූ බවයි.බණ්ඩාරගම, අටුළුගම, අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරිය ඊයේ පෙරවරු 10ට පමණ නිවසට මීටර 250ක පමණ දුරින් පිහිටි වෙළෙඳසැලකට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් අතුරුදන් බවට දෙමපියන් පොලිසියට පැමිණිලි කර තිබුණි. දැරිය වෙළෙඳසැලට ගොස් පිටතට පැමිණෙන ආකාරය සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබු අතර පොලිසිය දැරියගේ මව, පියා, ඥාතීන් ඇතුලු පුද්ගලයින් විසිදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.පානදුර ප්‍රදේශයේ දැරියගේ ඥාතියෙකු ගැනත් දැරියගේ පියා ගැනත් දීර්ඝ අධ්‍යයනයක් කරන බව පොලිසිය දන්වා තිබේ. ඔවුන්ගෙන් දිගටම කටඋත්තර ගෙන තිබේ.දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් බණ්ඩාරගම හා පානදුර පොලිසි එක්ව විමර්ශන සිදු කෙරේ.
| කෝ ගරු ජනපතිතුමා කියපු 100% ජාතික ආරක්ෂාව ? පුංචි දරුවෙකුට මහදවාලේ ගෙදරින් එළියට 150M දුරට යන්න බැහැ . ජනපතිතුමා මේකට උත්තරයක් දෙන්න ඕනේ . | -3 | NEGATIVE |
ncpp_train_39334 |
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිද ටට්යානා අද සිය කුළුදුල් දරු ප්‍රසූතිය සිදු කළාය.ඉපැදුණ දරුවා පුතෙකි.කොළඹ නවලෝක පුද්ගලික රෝහලේදී අද අලුයම
දරුවා බිහි කළ බවත් මව හා දරුවා නිරෝගී සුවයෙන් සිටින බවත් වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාම මෙම වසර තුළ විවාහ දිවියට පිවිසි අතර මේ අවුරුද්දේම මහින්ද සීයා කෙනෙකු වී ඇත.
| මෙන්න මෙව්වාට තමා නියම ඩයිනමෝ කියන්නේ | 253 | POSITIVE |
ncpp_train_39335 |
9.30am
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිනි අවියක් සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි සැකසීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයිද අත් අඩංගුවට ගනු ලැබූ ශානි අබේසේකර මූල්‍ය අපරාධ කොට්ඨාසයට රැගෙන ආ බවද වාර්තා විය.
8.00am
වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (31) උදෑසන පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ සාක්ෂි සැඟවීමේ චෝදනාවකි.
ශානි අබේසේකර මහතාගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව
කොළඹ අපරාධ කොට්ඨාශය තහවුරු කර තිබේ.
රන්ජන් රාමනායක සමග පැවති දුරකථන සංවාදවලදී ඔහුගෙන් යම් යම් තොරතුරු පිටවූ අයුරු මින් ඉහත වාර්තාවී තිබුණි.
රාජපක්ෂ පවුල හා සම්බන්ධ අපරාධ පරීක්ෂණ රැසක මූලිකයාව සිටි ශානි අබේසේකර 2019 ජනාධිපතිවරණයෙන් පසුව එක්වරම සේවය අත්හිටුවීමට ලක්වූ අතර ඔහුව මාරු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබුණි.
එය අභියෝගයට ලක් කරමින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර තිබූ අතර ඊයේ (30) අධිකරණයේදී එය ඉල්ලා අස්කර ගෙන තිබුණි.
| නඩු තීන්දුවලට බලපෑම් කරපු ගොන් රන්ජන් සහ ඒ අනුව සහ තමන්ට උසස්වීම් ගන්න පක්ෂග්රාහී ලෙස කටයුතු කරපු මොහු ඇතුළු විනිසුරන් විනිසුරුවරියන් සැමදෙනාම මේ පෝලිමට එකතු වෙන්න ඕන. | -40 | NEGATIVE |
ncpp_train_39336 |
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙට (01 දා) පැවැත්වෙන ජාතික විරෝධතාවට වෘත්තීය සමිති 40 ක් සමග සෞඛ්‍ය අංශයද එක්වන බව අද (28) දින මාධ්‍ය නිවේදනයක්නිකුත් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දන්වා ඇත.රෝගීන්ට සහ ජනතාවට සිදුවන බලපෑම අවම වන පරිදි තමන් මෙම විරෝධතාවට සහයෝගය ලබාදෙන බව ඔවුන් දන්වා ඇත.ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්මාධ්ය නිවේදනයඅසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යමකාරක සභා රැස්වීමේ තීරණ…ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරන අසාධාරණ සහ අයුක්තිසහගත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට වෘත්තීයවේදීන්, සේවා නියුක්තිකයින් මෙන්ම සමස්ත ජනතාවම පීඩාවට පත්ව ඇති බව යළි යළිත් තහවුරු වෙමින් පවතී.ජන පීඩක බදු ප්‍රතිපත්තියට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි සියලුම සේවා නියුක්තිකයින්ගේ සහ වෘත්තිය සමිති වල සහභාගිත්වයෙන් හෙට දින පැවැත්වෙන දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට උපරිම සහයෝගය ලබාදීමට අද දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කරන ලදී. ඒ අනුව නැවුම් සහ ශක්තිමත් ප්රවේශයකින් හෙට දිනයේ දී අප සාමාජිකයින් තම සහයෝගය ලබා දෙනු ඇත.ජනාධිපතිවරයා සහ වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අතර පැවති සාකච්ඡාවේදී ද නැවතත් සනාථ වූ පරිදි, මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් ලබාදීමට පාලකයින් තවමත් සූදානම් නැත. එබැවින් මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා සියලු පාර්ශව එක්කරගනිමින් සටන් ක්‍රියාමාර්ග වඩාත් ප්‍රබල සහ තීව්ර කළ යුතු බවද අද දිනයේදී මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී.
සෞඛ්‍ය සේවාව යනු අතිශය සංවේදී ක්ෂේත්රයකි. සැබෑ වෛද්‍ය වැඩ වැඩවර්ජනයකදී රෝගීන්ට සිදුවන බලපෑම අතිමහත්ය. අප සැමවිටම උත්සාහ කරනුයේ රෝගීන්ට අවම බලපෑමක් සිදුවන පරිදි වෘත්තීය ක්රියාමාර්ගයන්හි යෙදීමටය. ඒ අනුව හෙට දිනයේදී ද රෝගීන්ට සහ ජනතාවට සිදුවන බලපෑම අවම වන පරිදි වෘත්තිය සමිති කටයුතු වල යෙදීමට තීරණය කරන ලදී.රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වා ගනිමින් හෙට දිනයේ දී රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ උපරිම සහභාගිත්වය ලබාදෙනු ඇත. එමෙන්ම එම උද්ඝෝෂණයන් සඳහා සහභාගී වන සාමාජික වෛද්‍යවරුන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පූර්ණ වෘත්තිය සමිති රැකවරණය ලබාදීමට ද තීරණය කරන ලදී.
හෙට දින මෙරට සියළු ක්ෂේත්‍ර සහ වැඩබිම් ආවරණය කරමින් පැවැත්වෙන දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හමුවේත්, අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට ආණ්ඩුව නම්‍යශීලී නොවන්නේ නම් සියලු පාර්ශව එක්කරගනිමින් එළඹෙන සතියක කාලයෙන් පසු ඕනෑම මොහොතක මුළු රටම අකර්මණ්‍ය විය හැකි දැඩි ක්‍රියාමාර්ග කරා යොමුවන්නට කිසිසේත් පසුබට නොවන බව යළිත් අවධාරණය කරමු.වෛද්‍ය හරිත අලුත්ගේ,ලේකම්
| මෝඩ උං ඔහොම තමයි හිතන්නෙ. හරිහමන් රස්සාවක්වත් පඩියක්වත් නැති උන් එහා ගෙදර එකා හොඳට ජීවත් වෙනකොට ඉරිසියාවෙන් පැලෙනව. එහෙමනෙ ලංකාවේ උන්. එතකොට ඌ හිතන්නෙ අනේ මම ගන්නව වගේ සොච්චමක් විතරක් ගන්න පුළුවන් විදිහට හැඳි ගෑවිලාම පලයන් කියල. | -3 | NEGATIVE |
ncpp_train_39337 |
රජයෙන් පොත් නොමිලේ ලබාදෙන අතරතුර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේත්තුවට පොත් විකිණිමේ ව්‍යාපාරයක් පටන්ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා පැවැසීය.
මෙලෙස ඔවුන් විකුණනු ලබන්නේ
බස්නාහිර පළාතේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන සිසු සිසුවියන්ට අවශ්‍ය ප්‍රශ්නෝත්තර පොතකි.
මෙම පොතක් ගුරුවරුන්ට ලබාදී ඇති අතර පසුව ළමුන්ටද රුපියල් 130 බැගින් වූ මිලකට ලබාගන්නා ලෙසද ගුරුවරුන්ට දැනුම් දී ඇතැයි ඔහු පැවැසීය. ඒ අනුව සිසුන්ගෙන් මුදල් එකතු කරගෙන ගුරුවරු මෙම පොත මිලදී ගන්නා බවද ඔහු පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පී.ශ්‍රීලාල් නෝනිස් මහතා මෙසේ පැවැසීය.
මෙවැනි පොතක් අපි සෑම වසරකම මුද්‍රණය කරනවා. ඒක ලබාදෙන්නේ ගුරු අත්පොතක් ලෙසයි. ඒක කිසිම කෙනෙකුට විකුණන්න කියලා කියා නැහැ. ඒ පොත කවුරුන් හරි කාව හරි විකුණා තිබෙනවා නම් ඒක සපුර්ණයෙන්ම වැරැදියි.
අපි දුන්නේ මේක ගුරුවරුන්ට අත් පොතක් හැටියටයි. එය සිසුන්ට අවශ්‍යය බව කියන්නේ නම් ඒ සදහා ඡායා පිටපත් කළ පොතක් ලබාදිය හැකියි.
-මුදිතා දයානන්ද-
| අදාළ නෑනේ... | -2 | NEGATIVE |
ncpp_train_39338 |
රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළිබෝධනාශක අනතුරුදායක වර්ගීකරණයට අනුව,
තුන්වන හා හතරවන පන්තියේ පළිබෝධනාශක කාෂිකර්ම දෙපාර්තමේන්තුවේ තීරණයකට යටත්ව ආනයනය සඳහා අවසර දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යෝජනා කර ඇත. බනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) කෘෂි රසායන අංශය මගින් හෝ දේශීය නියෝජිත සමාගම් වෙතින් එම කෘෂි රසායන ආනයනය කර, සිපෙට්කෝ කෘෂි රසායන අංශය සතු ගබඩාවල ගබඩා කිරීමටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඒවා අලෙවි කිරීමටත් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කරනු ලැබ ඇත.එම කෘෂි රසායන නිකුත් කිරීම කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරනු ලබන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද ඇමැතිවරයා යෝජනා කර ඇත. වී වගාවේ දුඹුරු පැළ කීඩෑ හානිය, බඩඉරිඟු වගාවේ සේනා දළඹු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය වැනි වසංගත රෝග සඳහා පිළියමක් ලෙස රසායනික පලිබෝධ නාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට මේ යටතේ අපේක්ෂා කෙරේ. වගාවන් සඳහා ස්වභාවික පළිබෝධ නාශක මර්දන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස රජය උපදෙස් දී ඇතත්, ඒ සම්බන්ධයෙන් බහුතර ගොවීන්ගේ පවතින්නේ අඩු පළපුරුද්දක් හා අඩු දැනුමක් බව ඇමැතිවරයා පෙන්වා දී ඇත. රසායනික පොහොර සහ රසායනික පළිබෝධ නාශක භාවිතය මහ කන්නයේ සිට නතර කිරීමට රජය මීට පෙර පියවර ගෙන තිබිණි.- අජන්ත කුමාර අගලකඩ-
| මේ පාන්ඩුවේ ගොඩක් තීරණ, ඒව ගත්ත මිනිස්සුන්ගේ කලිසමත් එක්කම ලිහිල් වෙච්ච එක තමයි උනේ | 36 | POSITIVE |
ncpp_train_39339 |
තමාට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින නමුත් තමුන් කෙසේ හෝ ඉදිරියට ගමන් කරන බවත් ඉදිරි ජනාධිවරණයේදී ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම බිඳ වැටී පොදු ජනතා අපේක්ෂකයා ලෙස තමන් ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අපේක්ෂක නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා
ඊයේ (29දා) කොළඹ මහජන පුස්තකාලයේදී මාධ්‍ය
වෙත සඳහන් කළේය.
"මම සැප්තැම්බර් 20දා සිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අවසන් කළා. ඒ අනුව මම නියත වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. නාගානන්ද බටහිර ගැත්තෙක් වෙන්නෙ නෑ, ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතුවලදී නාගහනද ඔප්පු කරලා තියෙනවා. වසර 70ක් මේ රට විනාශ කළ ජනතාවගේ අයිතීන් උදුරා ගන්න ඕනම
කෙනකුට එරහිව නාගහනන්ද පෙනී සිටිනවා.
මට දැන් ආරක්ෂාව ගැනත් ලොකු ගැටලුවක් තියනවා. මගේ ගෙදර සිටි මගේ සුරතල් බල්ලාටත් කිසිවෙකු වසදී අභිරහස් ලෙස මරා දමා තිබුණා. බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂක්ෂාව ඇතුවයි මම කටයුතු කළේ. අධිකරණයට යනකොටත් බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව ලැබුණා. මේ රටේ පුරවැසියකු ආරක්ෂා කරන ඒ රජය භාරගෙන කටයුතු කරනවා. ඒ අනුව අවශ්‍යම වෙලාව බලලා මම බ්‍රිතාන්‍ය පුරවැසිකම අහෝසි කළා. ජූලි 4දා තමයි මම පුරවැසිභාවය අහෝසි කරන අයදුම් කළේ. ඒ අනුව එංගලන්ත ස්වදේශ කටයුතු අමාතව්යයාගේ මැදිහත්වෙලයි මගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කළේ. " නාගහනන්ද මහතා වැඩිදුරටත් කීවේය.
ජයසූරිය උඩුකුඹුර
| අපිත් කැමැතියි ඔබතුමාලා වගේ පුද්ගලයෝ රටක් පාලනය කරනවානම්. නමුත් මේ වෙලාවේ ටෙස්ට් කරන වෙලාවක් නෙමේ.මේ පාරක් UNP එක දිනුවොත් රට විනසෙන් විනාසෙට යනවා, ඒක සිකුරුයි........ඒ නිසා මේ වෙලාවේ බහුතරය කැමති ගෝටාභය පත්කරගෙන, UNP පිළිලයෙන් මිදිලා , ඊලග සැරේ ඔබලාට අවස්ථාවක් දෙන්නම්......කරුණාකර මේ වෙලාවේ සිංහල චන්ද ටික කඩන වැඩේ නොකර පැත්තකට වෙලා ඉන්න.... | -29 | NEGATIVE |
ncpp_train_39340 |
රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව
සිටි ප්‍රවීණ ගායක
වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය අද (26) නැවත නඩු විභාගය සදහා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි පෙබරවාරි 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට වැඩබලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා නියෝග කළේය.
2012 සිට 2016 දක්වා කාලය තුළ තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටිය දී එම බැංකුවට උකස් කර තිබූ රුපියල් 12,80,000 ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදන් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඇති චෝදනාව වේ.
| වික්ටරයත් කෑවෙ නියම පරිප්පුවක්.රත්තරන් ඩිංග වතුරෙ දාන්න ගිහින් කරගත්ත කෙළියක්.පුතාල ගේම ඇදල නියමෙට.වික්ටරැත් තේරැමිගත යුතුයි තමන්ගෙ වයස.දැන්නමි ව්යාඝ්රා නෙවෙයි දොඹකරයක් ගෙනාවත් උස්සන්න අමාරැයි. | 7 | POSITIVE |
ncpp_train_39341 |
අමාත්‍යාංශයට නොදන්වා විදේශ ගත වූ විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනකු සම්බන්ධයෙන් සේවය අතහැර යෑමේ නිවේදන (V.O.P) නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ (තෘතීයික සත්කාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝපා කමිටුව) පැවසීය. මේ අතර පුහුණුවීම් සහ වෙනත් අවශ්‍යතා සඳහා විදේශයන්ට ගොස් නැවත සේවයට වාර්තා නොකළ විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනකු අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව පැවසූ අධ්යක්ෂවරයා විදේශ පුහුණුවෙන් පසු මාණ්ඩලික සහතිකය ලබා විශේෂඥ වෛද්‍යවරුන් බවට මෑතක දී පත්වුණු 250 දෙනකුගෙන් 50 දෙනකු රැකියා සඳහා විදේශ ගතව ඇතැයිද සඳහන් කළේය.
මෙසේ විදේශ ගතවන අය බැඳුම්කරය ගෙවා යා යුතු බවත් නොදන්වා ගිය අයගෙන් බැඳුම්කරය අයකර ගැනීමට කටයුතු කරගෙන යන බවත් ප්‍රියන්ත අතපත්තු මහතා පැවසීය. මෙසේ විදේශගත වූ වෛද්‍යවරුන්ට නැවත පැමිණීමට ලිපියක් නිකුත් කරන බවත් එම ලිපිය නිකුත් කර මාසයක දී නොපැමිණියහොත් සේවය අතහැර යෑමේ නියෝගය නිකුත් කරන බවත් ඔහු කීවේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනය විමසීම සඳහා රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගියදා රැස්විය. මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.මේ අතර වෛද්‍යවරුන් 677 දෙනකු මේ වසරේ මැයි මස 31 වැනිදා වනවිට විදේශ පුහුණුවට ගොස් ඇති බවත් ඒ අය ඉදිරි වසර දෙකේදී නැවත පැමිණිය යුතු බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ "මේ අය එනකම් කියන්න බැහැ” යනුවෙනි.
මෙම විශේෂඥ වෛද්‍යවරුන් නොපැමිණියහොත් කුඩා රෝහල්වලට බලපෑමක් ඇතිවිය හැකි බවත් මේ ගැන පුළුල්ව සාකච්ඡා කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. වෛද්‍යවරුන් තවත් 612 දෙනකු පුහුණුවීම් සඳහා විදේශගතවීමට සූදානම් වෙමින් සිටින බවද ගුණවර්ධන මහතා පැවසුවේය.වෛද්‍යවරුන් ඇත්තටම විදේශගත වන්නේ ආර්ථික අර්බුද නිසා බවත් දරුවන්ගේ ඉගෙනීම් සඳහා මුදල් සොයා ගැනීමද තවත් බලාපොරොත්තුවක් බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය. ගිවිසුම අනුව යළි මෙරටට නොපැමිණිය හොත් පුහුණුවට ගිය මුළු වියදම වූ රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක මුදල අයකර ගැනීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අංශ ප්‍රධානීහු එහිදී පැවසූහ. මේ අතර වෛද්‍යවරුන් තුන්සියයක් මේ වසරේ විදේශගතවී ඇති බවත් විදේශගතවන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කොටසක් යළි සේවයට නොඑන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජේ. විජේසූරිය මහතා එහි දී පැවසීය. විශේෂඥ වෛද්‍යවරුන් 2799 දෙනකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 2148 දෙනකුගේ පමණක් බවත් 651 කෙනෙකුගේ අඩුවක් පවතින බවත් ඔහු කීවේය.(අංජුල මහික විරරත්න)
| වෙන රටවල් වල අධ්‍යාපනය නිකං හම්බ වෙනවද? විශේෂයෙන් උසස් අධ්‍යාපනය? උඹලට මොනවා නිකං දුන්නත් හිතට මදි. එක දත් දොස්තර කෙනෙක් බිහි කරන්නම රජයට වියදම කොච්චරක්ද? උඹලා හිතන්නෙ ඒවා උඹලගෙ අම්මා තාත්තගෙ බදු මුදල් වලින් යට ගහන්න පුළුවන් කියලද? රටේ මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් ඉගෙනගත්තා නම් ඒකෙ නම්බුව තියපල්ලකො. ඔය ඔස්ට්‍රේලියාවෙත් ඉන්නෙ 80 ගනන් වලදි රට පැන්න රොත්තක්ම. මේ රටට ශත පහක් එවන්නෙ නැ. වයසක අම්මා තාත්තව එහෙ ගෙන්නගෙන වැඩකාරකමට තියාගෙන ඒ මිනිසුන්ට හම්බ වෙන ඩෝල් එකටත් විදිනවා. හැසිරෙන්නෙ ඔස්ට්‍රේලියන් වගේ හැබැයි ලංකාවෙ කලා කාරයො එහෙ ගියාම ජාති ආලය බේරෙනවා. නැශනල් එකයි ඔසරියයි මතක් වෙන්නෙ එතකොට. අනේ අපි නොදන්න බොලගෙ ගඳ *ඩේ. මුල අමතක හැත්ත. | 3 | POSITIVE |
ncpp_train_39342 |
ඊයේ නාසා ආයතනය නිකුත් කළ අතිවිශේෂ පුවත මගින් පෘථිවියට සමාන ග්‍රහලෝක හතක් සොයාගෙන
තිබෙන බව නිවේදනය විය.
මෙම ග්‍රහලෝක 7 ම සමාන්තරව එක් තරුවක් වටා භ්‍රමණය වන බව එහිදී පවසන ලදි.
මීට පෙරද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන තිබුණද එකවර ග්‍රහලෝක 7 ක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.
මෙමඟින් පෘථිවියෙන් පිටත ජීවය පිළිබඳව නව බලාපොරොත්තු තබාගත හැකි බවනාසා විද්‍යාඥයන්ගේ මතය වී ඇත.අදාළ ග්‍රහ ලෝක මණ්ඩලය ආලෝක වර්ෂ 40ක දුරින් පවතින බවද කියැවේ.
NASA ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ග්‍රහ ලෝක 7න් 3ක් ජලය සහ වාතය ඉතාම හොඳ තත්වයක පවතින මිනිස් වාසයට සුදුසු මට්ටමක පවතින බවට සාක්ෂි ඇති බවයි.
මෙම විශේෂ සොයාගැනීම අද ගූගල් මුල් පිටුවද සරසා ඇත.
| ඇතැම් ත්රස්තවාදීන් නිසා මුළු මහත් මුස්ලිම් සමාජයම එකට ලගු කරලා කතාකරනව. බහුතරයේ නබුරුත්වය ගැන කතා කරනවා ඔබ. නමුත් ඉන්න ත්රස්තවාදීන් සහ අද ලෝකයේ ඉන්න සමස්ත මුස්ලිම් ප්‍රජාව ගැන ඔබ පොඩ්ඩක් හිතන්න. බිලියන ගානක් වන ඔවුන් සහ .0002% ප්‍රතිශතය ඔබ බහුතරය කියල හගවනවා. සම්පුර්ණයෙන් මිනිසුන් වැරදි අර්ථකතනයක් ඔබ ලබා දෙන්නේ. | -8 | NEGATIVE |
ncpp_train_39343 |
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ඉදිරි සති දෙක තුළ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය භාර ගත්තේ සති දෙකක කාලයක් සඳහා පමණක් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි. ඔහු මේ අදහස් පළ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (28) පැවැති සාකච්ඡාවකදීය. සරත් ෆොන්සේකා මහතා පත්කිරීම සම්බන්ධයෙන්
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අකැමැති වුවත් පහළ ශ්‍රේණියේ නිලධාරීන් කැමති යැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.
ඩබල් ගේම් ගහන අය මේ තනතුරට සුදුසු නොවන බවත් රණවිරුවන් ගැන කතා කරන අය පිළිගත යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
ඇමැති ධුර සදාකාලික නොමැති බව සඳහන් කළ ඇමැතිවරයා පුද්ගලයන් දෙස බලා තීන්දු තීරණ නොගත යුතු බව මෙන්ම දෙපැත්තේ කකුල් තබාගෙන සිටින අය ඉවත් කළ යුතු යැයි ද අවධාරණය කළේය.
කැබිනට් සංශෝධනය සිදු කළේ රජය විවේචනය කරන අමාත්‍යවරුන් මට්ටු කිරීමට යැයි එහි දී සෞඛ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.
ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් අදහස් පළ කරනුයේ තමින් සිතු අමාත්‍යංශ නොලැබීම හේතුවෙන් බව ද මැති ඇමැතිවරුන්ට අවශ්‍ය පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමේ හැකියාවක් නොමැති බව ද පැවසුවේය.
පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව රජයට පාඩමක් උගන්වා ඇතත් පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් වැඩි බලය හිමිකරගෙන ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
| අඩො දුන්නැත්තමි බලා ගනිං කල වැද්දා | 49 | POSITIVE |
ncpp_train_39344 |
හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා
ශ්‍රී ලංකා පුරවැසියකු බව
පිළිගැනීම අත්හිටුවන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන මස 02 වැනිදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ. එම නඩුව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතය.
පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.
| පුරවැසිහාවය නැතුව හොර පාස්පෝට් හදපු එක අවුලක් ඇත්තෙම නැද්ද ? කමක් නෑ රට ජාතිය ආගම වෙනුවෙන්ලු නෙ 😃 | -1 | NEGATIVE |
ncpp_train_39345 |
තුර්කිය පළමු පූර්ණ අගුලු දැමීම ඊයේ (29 වැනිදා) ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය දැනුම්දීමට පෙර රට පුරා වීදි ජනාකීර්ණව සහ කඩ සාප්පු ඉතාමත් කාර්යබහුල තත්ත්වයක පැවැතිණි. සමහරු ඉස්තාන්බුල් නුවරින් පිටතට යෑම සඳහා ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත පැමිණෙමින් සිටියහ.
තවත් අය මත්පැන් තොග ගබඩා කර ගැනීමට මත්පැන් අලෙවිසල් තුළ කලබල කරගත්හ. පසුගිය වසරේ තුර්කිය වසංගත තත්ත්වය පාලනය කිරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට පවා ලක් වුණි. නමුත් ඉන් වසරක් ඉක්මවූ විට යුරෝපයේ වැඩිම කොවිඩ් ආසාදන අනුපාතය ඇති රටවල් අතරට තුර්කියද එක් විය.පසුගිය නොවැම්බරයේ ආරම්භ වූ දෙවැනි රැල්ලේදී දෛනික ආසාදිත සංඛ්‍යාව 6000ක් පමණ වූ අතර මාර්තු මාසයේ රජය සීමා ලිහිල් කිරීම ආරම්භ කළ වහාම තුර්කියේ නව රැල්ලක් ඇති විය. අප්‍රේල් මස මුලදී නැවත සීමා පැනවීමට රජය කටයුතු කළත් ආසාදිතයින් වැඩිවීම වැළැක්වීමට එය ප්‍රමාණවත් නොවීය. එම මාසයේ දිනකට නව රෝගීන් 60,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 300කට වඩා වාර්තා විය.මිලියන 82කට අධික ජනගහනයක්ක් සිටින තුර්කියේ මේ වනවිට මිලියන 22කට වැඩි පිරිසකට චීන සිනොවැක් එන්නත ලබා දී ඇත. රජය කල්තියාම සීමා ඉවත් කිරීමත් සමඟ එන්නත් කිරීමේ ක්රියාවලියද මන්දගාමී වී තිබේ. එරංදි කෞශල්‍යා
| මොන දේ වුණත් රට වහන් නැහැ ඒක අපේ තීරණය. -උපුටා ගැනීමකි- | 29 | POSITIVE |
ncpp_train_39346 |
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් අඩුකරන බව
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති
මාධ්‍ය. හමුවකදි අමාත්‍ය ගාමිණී
ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් මිල මේ
අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරිමට නියමිත බව ඔහු සඳහන් කළේය.
ඉන්ධන වර්ගය මිල අඩුකිරීම පැවැති මිල නව මිල
පෙට්‍රල් ඔක්ටේන් 92 රු 5 රු 140 රු 135
පෙට්‍රල් ඔක්ටේන් 95 රු 5 රු 164 රු 159
ඔටෝ ඩීසල් රු 5 රු 111 රු 106
සුපිරි ඩීසල් රු 5 රු 141 රු 136
| Ane da kiyanne | -2 | NEGATIVE |
ncpp_train_39347 |
ඊයේ (30) දහවල් 1.35 ට පමණ බිංගිරිය පොලිස් වසමේ ඉහළ කඩිගමුව, ප්‍රදේශයේ නිවසකදී ස්වාමි පුරුෂයකු විසින් තම බිරිඳට, බිරිඳගේ මවට, පියාට හා ඔහුගේ මාස 6 දරුවාට ආයුධයකින් කපා කොටා
බරපතළ තුවාල සිදු කර ඔහු ද නිවස ඉදිරිපිට සියදිවි හානි කර ගෙන තිබේ.
රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස 6 ක් වු කුඩා පිරිමි දරුවා මිය ගියේය.
වයස අවුරුදු 24 ක් වු බිරිඳ වයස අවුරුදු 42 ක් වු මව හා වයස අවුරුදු 62 ක් වු පියා බරපතළ තත්ත්වයෙන් කුලියාපිටිය රෝහලේ
ප්‍රතිකාර ලබයි.ෙ
මෙම අපරාධය සිදුකළ පුද්ගලයාගේ නිවසේ සිටි බිරිය දරුවා ලැබුණ පසු ඇගේ නිවසට ගොස් සිටි අතර දෙදෙනා අතර පැවති විරසකයක් නිසා නැවත මොහුගේ නිවසට පැමිණ නැත.
මාස 3ක පමණ කාලයක් ඇයව හා දරුවා හමුනොවී නිවසින් බැහැරව සිටි ඔහු ඇගේ මහගෙදරට පැමිණ ඇයට යළි අඬගැසුවත් ඇය පැමිණීම ප්‍රතික්ෂේප කළ පසුව කෝපය පාලනය කරගන්නට බැරිව මෙම අපරාධය සිදු කරගෙන තිබුණි.
අපරාධකරු මුලින් තම බිරියට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එය බේරීමට ආ බිරියගේ මවට සහ පියාටද එම තිබුණ ආයුධයෙන් පහරදී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. පසුව එම තියුණු ආයුධයෙන් තම මාස 6 දරුවාද කපා කොටා ඇති අතර දරුවා එම ස්ථානයේම මියගොස් ඇත.
බරපතළ ලෙස කැපුම් තුවාල සහිතව මියගොස් සිටියේ මධුර අභිමාන් නමැති මාස 6 වියැති සිඟත්තෙකි. අපරාධය කළ බව කියන සැකකාර පියා කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි අමිත් කන්දකැටිය නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුද අපරාධයෙන් පසුව එම ස්ථානයේ දීම සියදිවි හානි කර ගෙන ඇත්තේ ඉතාම දරුණු ආකාරයටයි. ඔහුගේ හිස කඳින් වෙන්වී මුහුණ විකෘතිව තිබුණ බවද වාර්තා විය. ඔහු හඳුනාගත නොහැකි වන අයුරින් දැඩි ලෙස
පිපිරීමකට හසුව ඇත්තේ හක්ක පටස් වැනි පුපුරණ ද්‍රව්‍යයක් උපයෝගී කර ගෙන මෙසේ සියදිවි නසා ගෙන ඇති නිසා බව පොලිසිය පවසයි.
බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
| එක ගණුදෙනුවක් පියවෙන්නේ තව ගණුදෙනුවක් ආරම්භ කරමින් නේ. ඒකයි වැඩියෙන්ම භයානක. | 151 | POSITIVE |
ncpp_train_39348 |
අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඇප මත මුදා හැර තිඛේ.
ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දී ඇත්තේ.
රංජන් රාමනායක මහතාගේ විදෙස් ගමන් තහනම් කිරිමට අධිකරණය නියෝග කර ඇත.
මාධ්‍යවල ප්‍රචාරය වු හඩපට සහ රංජන් රාමනායක මහතා හඩ සැසදෙන බව රජයේ රස පරීක්ෂක අද අධිකරණය දැනුම් දී ඇත.
විනිසුරුවරුන් සමඟ දුරකථනය සංවාද වල නිරත වීම හරහා අධිකරණ කටයුතු වලට මැදිහත් වී ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය
| දුප්පත්කම ට රස්සාවක් ගන්න ඕනා නිසා. | 3 | POSITIVE |
ncpp_train_39349 |
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය."ඉන්ධන ගැටලුවක් තියෙනවා කියලා යම් යම් ස්ථානවල දැනුම් දීම් කලත් කෙටි ධාවන සඳහා ඒ ඉන්ධන ප්‍රමාණවත් වෙනවා. අපිට පුළුවන් දුර සේවා බස් රථ වලට IOC පිරවුම්හල් හරහා ඉන්ධන ලබා ගැනීමට.මිල සංශෝධනය පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධානය යොමු කරන්න ඕන, නැත්තම් එතන ලොකු ගැටළුවක් තියෙනවා ඉන්ධන පිරවුම්හල් වලින් ඒ අය ඇණවුම් නොකරොත් යම් කිසි තද බදයක් ඇති වීමෙ ඉඩකඩයක් ඇති වෙනවා. පෞද්ගලික බස් රථ සුපුරුදු පරිදි ධාවනයේ සිද්ධ වෙනවා. කිසිදු බයක් ඇති කර ගන්නෙපා ජනතාව.ත්‍රිවිධ හමුදාව නිසා කිසිදු තර්ජනයක් වර්ජනයක් ඇති වෙන් නෑ.
ඉතින් ඔය බොරු සද්ද දාන කට්ටියට තමන්ගේ රැකියාවත් අහිමි වෙන තත්වෙකට තමයි මූණ පාන්න සිද්ධ වෙන්නේ.මේ ඒකාධිකාරියක් බිඳලා යම් ආකාරයක තරඟකාරීත්වයක් ඇති කිරීම තුළ තමයි මේ මිල අඩු වීමේ මිල සංශෝධනය වීමේ යම් ක්‍රමවේදයක් ඇති වෙන්නෙ. පෞද්ගලික බස් රථ සහ රාජ්‍ය බස් සේවාව ගත්තහම වැඩියෙන්ම දායකත්වය දෙන්නේ පෞද්ගලික බස් රථ. දැන් ලංගම පාඩු වෙලා තියෙනවා. මොකද මේ ස්ථාන වලට අධික ලෙස සේවකයින් පුරවලා තියෙනවා. සේවකයෝ දැන ගන්න ඕන තමන්ගේ ස්ථානය ආරක්ශා කරගන්නේ නැති වුණාම තමයි, මේක ගැටළුවක්. ඛනිජ තෙල් සංස්ථාව පාඩුවක් නොලබා හරියට කලානම් සේවකයෝ කැපවීමෙන් වැඩ කලානම් අද මේ වගේ තත්වයක් ඇති වෙන්නෑ.යම්කිසි තැනක රටක් අකර්මණ්‍ය කරන්න කාටවත් ඉඩ දිය යුතු නැහැ. ආසාධාරණයක් වෙනුවෙන් යම් අරගල කරන්න යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවනම් ත්‍රිවිධ හමුදාව, පොලීසිය මැදිහත් විය යුතුයි."ඛනිජ තෙල් සංස්ථාව ඔවුන්ට ඕනෑම දෙයක් වෙන්ස් කළ හැකි බව පවසා තිබෙන බව මාධ්‍යවේදියා සඳහන් කල පසු හෙතෙම මෙසේ පැවසීය."ඒ බයිලා තමයි. ඉස්සර ජනාධිපති ගොල්ලෝ එක්ක පුළුවන් වෙයි, නමුත් වර්ථමාන ජනාධිපතිතුමත් එක්ක ඒ වගේ සෙල්ලම්නම් කරන්න හම්බුවෙන්නෙ නෑ. කවුරුත් හිතාගෙන ඉන්නවනම් සෙල්ලම් කරන්න එවැනි සෙල්ලම් නම් කරන්න හම්බුන්වෙන්නෙ නෑ."
| ඇත්තටම ජන බලයක් නැති නිසා රනිල්ට ඔහුගේ දැක්මට ඕනි දෙයක් සිදු කල හැකිය.. මිනිස්සු ගැන ඔහුට සිතීමට අවශ්‍ය නැත.. මොකද ඔහුට කවුරුත් චන්දේ දුන්නේ නැත.. රටක් හදනවනම් මේකත් හොද අවස්තාවකි.. | 128 | POSITIVE |
ncpp_train_39350 |
හනුමාගෙ කියා වැන්ද
සිරිපාදෙ අසළ පාදයේ ඇඟිලි ළඟදි නෙළපුවා
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් නිවිෆෝක්මොර් වතුයායේ ශ්‍රිපාද රක්ෂිතයට ආසන්නයේ ගල්තලාවක් මත මතුවු පා සටහන් වල කොටසක් මෑතකදී නිර්මාණය කරන ලද බවත් කිසිදු පුරා විද්‍යාත්මක වටිනාකමක් නොමැති බවත්
පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පි.බි මන්ඩාවල පවසා තිබේ.ගලේ එක ලග තිබු ස්භාවික සටහන් දෙකෙන් එකක් මත කිසියමි පිරිසක් ඇඟිලි සටහන් නිර්මාණය කර ඇති බව හවුරවී ඇතැයි පවසන ඔහු
මේ සමිබන්ධයෙන් එම ස්ථානයට
ගොස් පරික්ෂා කළ පුරා විද්‍යා නිළධාරින් කණ්ඩායම ඡායාරූප සටහන් ලබාගත් බවත් අවසන් නිගමනයට එලැඹීමට තව දින කිහිපයක් ගතවනු ඇති බවත් පවසා තිබේ.
එම පා සටහන් හනුමා දෙවියන්ගේ පා සටහන් බවට වතුකමිකරුවන් විශ්වාස කරමින් මේ වන විට එම ස්ථානයේ දිවා රාත්‍රී දෙකෙහිම පුද පුජා පවත්වනු ලබන අතර එම ස්ථානය දැක බලා ගැනිම සදහා තව දුරටත් දිනපතා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණෙමින් සිටින බවද කියැවිණි.
මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු මෙම තේ වතුයායේ පිහිටි ගල් තලාව වෙත ගොස් කිසියම් අයෙකු කොටා සකස් කළ පාද සලකුනු දැයි සැකයක් මුලදී මතුවුවද ඒ වෙතට කිසිවෙක් නොයන බව වතුකම්කරුවන් එකහෙළා පවසා තිබුණි.නිව් ෆෝග්මෝර් තේ වතුයායේ කම්කරුවන් පිරිසක් මුලින්ම මිනිසකුගේ දකුණු පාදයේ පා සටහනක් සොයාගෙන පාසි සුද්ධ පවිත්‍ර කිරීමේදී වම් පාදයේ පා සටහනද හමුවූ බව දන්වා තිබූ අතර පසුව පුද පූජා ආරම්භ විය.
| හනුමාගේ වලිගේ ඇස්බැස්ටොස් කෙඳිවලින්ද හැදිලා තිබුණේ? ඔච්චර ගිනිකෙළියක් කරනකල් කොහොමද වඳුරු වලිගෙ කරකුට්ටම් නොවී ඉතුරුවුණේ? වාල්මිකිගේ ප්රබන්ධෙනුත් මුන් ගරනවා. ගොං රැල !! xD xD | 20 | POSITIVE |
ncpp_train_39351 |
Dec 31 -update
මෙම විවාහය ගැන තොරතුරු පිටවීමෙන් පසු එම ආරාධනා පත්‍රය ව්‍යාජ එකක් බවට රෝහිත රාජපක්ෂ සිය ටිව්ටර් ගිණුම මගින් ඊයේ (30) සටහන් තැබූ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා මාධ්‍ය කළ විමසීමකදී 24 දින තංගල්ලේදී විවාහය සිදු කරන බවට තහවුරු කර තිබේ.
---------
මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය ලබන ජනවාරි 24 වැනිදා තංගල්ලේදී සිදු කිරීමට නියමිත බවට වාර්තාවේ. මේ හා සම්බන්ධ ආරාධනා පත්‍රය දැනටමත් ප්‍රසිද්ධව තිබෙන අතර එහි දැක්වෙන ආකාරයට තංගල්ල රන්න 212 හෝටලයේදී මෙම උත්සවය පවත්වනු ඇත.
‘චිචී‘ යන ආදර නාමයෙන් හඳුන්වන රෝහිත විවාහවන්නේ ඔහුගේ දීර්ඝකාලීන පෙම්වතිය වන ටටියානා ලී
මෙනෙවිය සමගිනි. මීට වසර ගණනාවකට පෙරදී සන්ලයිට් වෙළෙඳ දැක්වීමක පෙනී සිටි ටටියානා රූපවාහිනී තිරයෙන් දැකගැනීමෙන් පසු ඇය තම පෙම්වතිය බවට පත්කරගැනීමට කැමැත්තෙන් පසුවූ රෝහිත ඇය සොයාගොස් මිතුරුවූ බව ප්‍රකට කතාවකි. එසේ මිතුරුවුවත් වසර කිහිපයක් යනතුරු සමීප මිතුරෙකු ලෙස පමණක් ඔවුන් ඇසුරු කළ බවත් ඔහු තමන්ව පෙම්වතිය කරගන්නට අපේක්ෂාවෙන් සිටි බවක් දැන සිටියේ නැති බවත් ටටියානා පුවත්පත්වලට පවසා තිබිණි.
කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන් පෙම්වතුන් බවට පත්වූ අතර 2018 අගෝස්තු මස අප්‍රිකාවේ උසම කන්දක් ලෙස සැලකෙන කිලිමන්ජාරෝ තරණය කර කඳු මුදුනේදී විවාහ යෝජනාව ඉදිරිපත් කරන ලද බවට ඒ දිනවල ඡායාරූපද ප්‍රසිද්ධ විය.
මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනා අතරින් බාලම පුතුවූ රෝහිත එම පවුලේ අයගෙන් මුලින්ම විවාහ දිවියට ඇතුළත්වීමද විශේෂත්වයකි.රේස් පැදීම, අභ්‍යවකාශ තරණය,ගීත ගැයීම වැනි විනෝදාංශ වලටද ප්‍රියතාවක් දක්වන රෝහිත කලකට ඉහත ටටියානා සමග එක්ව මියුසික් වීඩියෝවකටද පෙනී සිටියේය.
විවාහ මංගලෝත්සවය පැවැත්වීමට නියමිත ව ඇත්තේ තංගල්ල රන්න 212 හෝටලයේදී බවත් වීරකැටිය කාල්ටන් නිවසට පැමිණෙන ආරාධිතයන්ට එම හෝටලය වෙත ගමන් ගැනීම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක බවත් අමුත්තන්ට හෝටලයේ නවාතැන්ගන්නට අවශ්‍ය නම් පහසුකම් ඇති බවත් මංගල ඇරයුම්පතෙහි දැක්වේ.
| ඇස් වහක් කටවහක් නැහැ පුතෝ, හොඳ රොකට් එකකට අත ගහලා තියෙන්නේ..සුබ පැතුම්!! | 103 | POSITIVE |
ncpp_train_39352 |
ඉස්ලාම් අන්තවාදී කල්ලියක සාමාජිකයකු ලෙස සිටිමින් අපරාධයකට කුමන්ත්‍රණය
කළැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ
කොළඹ දිස්ත්‍රික් නායකයා පැය 72 කාලයක්
රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ
ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කෙසෙල්වත්ත පොලිසියට ඊයේ (29)
අවසර දුන්නාය.
මෙම සැකකරු ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් සහරාන්
නැමැත්තා සහ පවත්වා ඇත්තේ කුමන ආකාරයක සම්බන්ධතාවක් ද, තවදුරටත් මොහු එම
සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා සමග සම්බන්ධව ඇත්දැයි යන්න පිළිබඳ දීර්ඝ ලෙස
ප්‍රශ්න කළ යුතුව ඇති බැවින් සැකකරු පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්ණ
කිරීමට අවසර ලබා දෙන ලෙසට කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක්
සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙලෙස පැය 72 කාලයක් කෙසෙල්වත්ත පොලිසිය තුළ රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට
අවසර ලබා දුන්නේ අංක 2, එෆ්, ආර්, සූරියමල් පුර මහල් නිවාස, කුමාර දොරටුව,
කොළඹ 12 පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් පවාස් නැමැත්තාය.
කොළඹ ප්‍රදේශය අවට බෝම්බ පිපිරීම් සිදුවූ අවස්ථාවේ දී පොලිසිය එම ස්ථානයට
යැවීමට ප්‍රථම මෙම සැකකරු අදාළ පිපිරීම් සහ එයින් මරණයට පත්වූ අය මෙන්ම
තුවාල සිදුවූ අය සම්බන්ධයෙන් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කිරීම් සහ
ඡායාරූප ගත කිරීම් සිදුකර ඇති බවත් ඔහු එවන් ක්‍රියා සිදුකළේ කෙසේදැයි යන්න
සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් කෙසෙල්වත්ත පොලිසිය
අධිකරණය දැනුම් දු න්නේය.
වෘත්තියෙන් වායු සමීකරණ අලුත්වැඩියා කරන අයෙකු බව කියන මෙම සැකකරු බෝම්බ
නිෂ්පාදනය සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයකු බවට ද අනාවරණය වී ඇති බව
අධිකරණයේ පෙනී සිටි බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරියෙක්
මහෙස්ත්‍රාත්වරිය වෙත කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.
මෙම සැකකරුගේ ජංගම දුරකතනයේ බෝම්බ පිපිරීම් සිද්ධිය සිදුවූ අවස්ථාවේදීම
ලබාගත් ඡායාරූප, ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ලාංජන, මරාගෙන මැරෙන
ත්රස්තයන් භාවිත කළ වාහනවල ඡායාරූප ද සිද්ධින්වලට අදාළ වීඩියෝ දර්ශන ද
අන්තර්ගතවී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය. රඳවා තබා ගැනීමට අදාළව පොලිස්
අධිකාරිවරයා ලබාදී තිබූ අවසර පත්‍රයට අනුව පැය 72 කාලයක් කෙසෙල්වත්ත
පොලීසිය තුළ තබාගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.
එසේම සැකකරු ලබන 02 වැනිදා අධිකරණය වෙත නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණය නියෝග කළේය.
(නිමන්ති රණසිංහ)
| ඒක ඇත්ත සහෝ | 7 | POSITIVE |
ncpp_train_39353 |
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිද ටට්යානා අද සිය කුළුදුල් දරු ප්‍රසූතිය සිදු කළාය.ඉපැදුණ දරුවා පුතෙකි.කොළඹ නවලෝක පුද්ගලික රෝහලේදී අද අලුයම
දරුවා බිහි කළ බවත් මව හා දරුවා නිරෝගී සුවයෙන් සිටින බවත් වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාම මෙම වසර තුළ විවාහ දිවියට පිවිසි අතර මේ අවුරුද්දේම මහින්ද සීයා කෙනෙකු වී ඇත.
| රාජපක්ෂ ජාති වහල්ලුන්ට තවත් අනාගත ජනාධිපති කෙනෙක්. කිරිබත් උයාගෙන කාපල්ලා .ගොන් වහල්ලු ! | 13 | POSITIVE |
ncpp_train_39354 |
ගාල්ල, අක්මීමන, රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (27) අලුයම ඇති වූ ගැටිබැට හුමාරුවකින් විද්‍යා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් 12 දෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අක්මීමන පොලිසිය පවසයි. රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සීමාවාසික පුහුණුව ලබන සිසුන් කණ්ඩායමේ සීමාවාසික පුහුණුව ලබන 30 වැනිදායින් අවසන්වීමට නියමිතව ඇති බැවින් එම සිසුන් කණ්ඩායම ඒ වෙනුවෙන් පිටත වෙනත් ස්ථානයක පෙරේදා (26) රාත්‍රියේ සාදයක් පවත්වා ඇතැයි පොලිසිය කියයි.බීමත්ව සිටි සිසුන් හතළිහක, පනහක පමණ පිරිසක් එම සාදයෙන් පසුව ඊයේ (27) අලුයම පළමු වසරේ සිසුන් රැඳී සිටින නේවාසිකාගාරයට කඩාවැදී පළමු වසරේ සිසුන් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇති අතර සීමාවාසික සිසුන් විසින් පළමු වසරේ සිසුන්ගේ ජංගම දුරකතනද ඔවුන්ගේ භාරයට ගෙන තිබූ බව පොලිසිය කියයි.
නේවාසිකාගාරය සම්බන්ධයෙන් දේපාර්ශ්වය අතර ඇතිවූ බහින් බස්වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා දික්ගැස්සී ඇති බව පොලිසිය පවසයි. අවසන් වසරේ සීමාවාසික පුහුණුව අවසන් කිරීමට නියමිතව සිටි සිසුන් පහරදීම නිසා පළමු වසරේ සිසුන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර කොවිඩ් සමයේ දී සීමාවාසික පුහුණුව ලබමින් සිටි සිසුන්ට නේවාසිකාගාරවල රැඳී සිටීමට අවස්ථාව නොලැබීම මතභේදයට හේතුවී ඇතැයි පොලිසිය කියයි. සාදයේ දී බීමත්ව සිටි සීමාවාසික සිසුන් නේවාසිකාගාරයට කඩාවැදී පළමු වසරේ සිසුන්ට පහර දී ඇති අතර ඒ පිළිබඳ පළමු වසරේ සිසුන් නියෝජ්‍ය පීඨාධිපති එච්.ඩී. සරත් මහතාටද පැමිණිලි කර ඇති අතර පසුව නියෝජ්‍ය පීඨාධිපතිවරයා පහරකෑමට ලක්වූ සිසුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.
ඔහු මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බවද අක්මීමන පොලිසිය සඳහන් කරයි.විද්‍යාපීඨයේ නේවාසිකාගාරය තුළ ඊයේ (27) අලුයම 5.00ට පමණ ගැටුමක් ඇති වී තිබෙන බවට වාර්තා වූ බවත් පසුව තමන් නේවාසිකාගාරයට ගොස් පහරකෑමට ලක්වූ සිසුන් සමග කථාබස් කළ බවත් සීමාවාසික සිසුන් පිරිසක් පැමිණ ආරවුලක් ඇතිකරගත් බවට එම සිසුන් ප්‍රකාශ කළ බවත් නියෝජ්‍ය පීඨාධිපතිවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. අක්මීමන පොලිසිය මේ සම්බන්ධයෙන් රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිවරයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර අක්මීමන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.ජේ.කේ.එල්. චාමින්ද
| එකමුතු ජාතියේ අනන්‍යතාව....මැනවින් පෙන්වා ඇත . | 2 | POSITIVE |
ncpp_train_39355 |
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල ධජය ජනපති මන්දිරයෙන් සොරකම් කරගෙන ගොස් පසුව තම නිවසේ ඇඳ ඇතිරිල්ලකට යොදා ඒ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක්ද පළ කරතිබූ පුද්ගලයකු අද පොලිසියට භාර වී තිබෙයි. පසුගියදා සිදුවූ ජන අරගලයෙන් පසු ජනතාවට නිදහසේ ජනපති මන්දිරයේ සැරිසැරීමට තිබූ අවස්ථාව අවභාවිත කරමින් මෙම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිලධජය සොරකම් කරගෙන ගොස් තිබුණි.
නව ජනපති රනිල්ගේ ආගමනයෙන් පසු අරගල කරුවන් ඇල්ලීමේ හා බඩු සොරකම් කළ අය ඇල්ලීමේ පොලිස් මෙහෙයුම් ඇරඹූ අතරධජය සොරකම් කළ අය ගැන පරීක්ෂණ ඇරඹූ බව දන්වා තිබුණි.ඒ අනුව ඒ වනවිටත් ධජය සොරකම් කරගෙන සිය ක්‍රියාව වීරත්වයට නංවමින් වීඩියෝද පළ කර තිබූ මෙම සොරකම කළ අය පොලිසිය අල්ලන්නට පෙර භාරවී තිබේ.උදේනි කළුතන්ත්රී නමැති මෙමෙ පුද්ගලයා නීතිඥයෙකු මාර්ගයෙන් අද (29) උදෑසන වේල්ලවීදිය පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.ධජය ඇඳ ඇතිරිල්ලට යොදා මේ දක්වා එහි නිදමින් සිටි සැකකරු වරාය ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙකු බවත්සමගි ජන බලවේගය වරාය වෘත්තීය සමිතියේ හිටපු සභාපතිවරයා බවත් වාර්තා විය.
මොහු ධජය සොරකම් කිරීමෙන් පසු මන්දිරයේ ඉහළ සිට එය සමග ලබාගත් ඡායාරූපයකුත් , ධජය සරමකට ඇඳගෙන හෙල්මට්ටුවකුත් දමාගෙන පාරේ ඇවිදින ඡායාරූපයකුත් මින් ඉහත සමාජ මාධ්‍ය තුළ සැරිසැරූ අතර පසුව ඔහු ඇඳ ඇතිරිල්ලට එය යොදාගෙන වීඩියෝවක්ද කර තිබුණි.පොලිසිය පවසන්නේ ජනපති ධජයට ඔහු නිගරු කළ නිසා අත්අඩංගුවට ගත් බවයි.
| ගෝඨාභය අතිගරු ජනාධිපතිතුමාට නිගරු කර ඇති ඔහුට බටලන්ද වැනි ආයතනයක හිරකොට එලොව පෙන්විය යුතුයි. දැන් ජනදිපතිට එයට ශක්තිය දහිරිය පොහුට්ටු අපෙන්... | -19 | NEGATIVE |
ncpp_train_39356 |
පසුගිය අප්‍රේල් 08 වනදා සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වූ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ මාධ්‍ය හමුවේදී ජනතාවට ඉදිරිය ගැන බියක් නැති බව කියමින් නිසි මගපෙන්වීමක් නොකර කොරෝනා බියක් නැති ආකාරයට අදහස් දැක්වීම නිසා ඇතිවූ ව්‍යසනකාරී තත්වය
හා තොරතුරු සැගවීම මගින් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න විමසමින් ඊයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීරට මාධ්‍යවේදිනියක වේගවත් වචන හුවමාරු කළාය.ඇය කියූ දේට නැවත නැවත පිලිතුරු දෙමින් අපට පුලුවන් ආකාරයට තමා පාලනය කරන්නේ යයි වෛද්‍යවරයා පැවසූ අතර ආවේගවත්ව මේ ප්‍රශ්න ගැන කතා කළ නොහැකි යයිද කීය.කොරෝනා සම්බන්ධ පිහිටුවා ඇති වෙබ් අඩවි යාවත්කාල වන්නේ නැති බවත් අඩුතරමේ ආසාදිතයින්ගේ වයස් සීමාවන් ගැන තොරතුරු පවා ජනතාව දැනුවත් නොකරන බවත් ඇය කළ චෝදනාවක් විය. එසේම සෞඛ්‍ය සම්බන්ධ ප්‍රධාන ධාරාවේ ගැටලුවක් රටේ පැවතියදී කිිසිදු අවස්ථාවක වසංගත රෝග විද්‍යා අංශය මාධ්‍ය මගින් අමතන දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදෙන බවද ඇය චෝදනා කළාය.මට හරියට කෝල් එනවා. සමහරවිට එකම වෙලාවෙ කෝල් දෙකක් එතකොට වෙන්නැති මග ඇරෙන්නේ යයි වෛද්‍යවරයා ඊට පිලිතුරු දුන්නේය.වීඩියෝව පහතින්
| ඔයා නෙවෙයි සර් කුජීත වෙලා තියෙන්නේ ඔයා තප්පුලන්න ගත්තට ඒක වහන් කරන්න බැ | 23 | POSITIVE |
ncpp_train_39357 |
ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් කොළඹ මහකොමසාරිස් කාර්යාලයේදී පවත්වන්නට යෙදුණ සාදයකට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ එක්ව සිටිනු වාර්තා විය.ජනතා අරගලයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ තම දෙමාපියන්ගේ උපහාර සැමරුම් දිනයට හෝ එක් නොවූ අතර මෙලෙස මතුවන්නේ මාස 9 කට පමණ පසුය.ගෝඨාභය මෙම උත්සවයට පැමිණි පසු අගමැති දිනේෂ්, ඇමතිවරුන් වන බන්දුල,ටිරාන්,ෂෙහාන්,කංචන මෙන්ම ඩලස් අලහප්පෙරුම වැනි මන්ත්‍රීවරුන්ද කථාබස් කරමින් සතුටු සාමීචියේ යෙදෙනු වාර්තා විය.
| උපන්බිමට ද්‍රෝහී වූ තැනැත්තාට කිසිම දිනක යහපත් මනසකින් මියයන්නට බෑ. සහතිකයි. | 11 | POSITIVE |
ncpp_train_39358 |
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නට තමා තීරණය කෙළේ වැරැදි කළ පුද්ගලයන් සොයා නඩු පවරා හරියට වැඩේ අවසන් කරන්නට බවත් පාර්ලිමේන්තුවේ බැඳුම්කර
විවාදයේදී සිදු වූයේ දෙගොල්ලොම හිතේ හැටියට නා ගැනීම බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25දා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී ප්‍රකාශ කළේය.
මම ආණ්ඩුවෙන් එළියට ආවේ එදා ආණ්ඩුවේ වංචා, දූෂණවලට විරුද්ධවයි. මේ ආණ්ඩුවේ වංචා, දූෂණ සිදු වෙනවා නම්
ඒවා යට ගහන්න මට කිසිම වුවමනාවක් නැහැ. වංචාවට, හොරකමට විරුද්ධ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ සිටිනවා නම් මට සහාය දෙන ලෙස ඉල්ලනවා යැයිද ජනපති පැවැසීය.
අර්ජුන් මහේන්ද්‍රන් එළියට දැම්මේ මම. කුමාරස්වාමි පත්කළේ මම. විගණකාධිපති පත් කළේත් මම. වැරැදි කරන අය රකින්න මම සූදානම් නෑ. මම කිසි කෙනකුට නැවෙන්නෙ නැහැ. ජනතාවට පමණක් හිස නවනවා යැයිද ජනපති පැවැසීය.
කෝප් කමිටුවේ වාර්තාව පිළිබඳව පැවැත්වූ විවාදය පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට එම වාර්තාව යවා තිබෙනවා. පොලිස්පතිවරයාටත් යවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ පවත්වන්න. ඒවා අවුරුදු දෙක තුන ඇදෙන නිසයි තුන් මසක් කල් දී කොමිසමක් පත්කළේ යැයිද ජනපති පැවැසීය.
මේ බැඳුම්කර නාඩගම පසුගිය ආණ්ඩු කාලෙත් සිදුවී තිබෙනවා. තවත් ජනාධිපති කොමිසමක් පත්කර ඒ ගැනත් සොයා වැරැදි කළ අයට දඬුවම් දෙන බවද ජනපති පැවැසීය.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 74 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේ ඉදිකළ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව නිරාවරණය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී ඊයේ (25දා) පස්වරුවේ මේ විශේෂ උත්සවය පැවැත්විණි.
එහිදී විශේෂ අනුශාසනාවක් පැවැත්වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ රටට කෝටි ගණනක් පාඩු වූ විශාල හොරකමක් සිදුව තිබෙනවා. කුඩා ළමයා පවා ඒ ගැන දන්නවා. ඔබතුමා ජනාධිපති කොමිසමක් පත්කර මෙය යට ගහන්න හදනවා යැයි මිනිස්සු කතා වෙනවා.
ඔබතුමා හිර වෙලා ඉන්න බවක් පෙනෙනවා යැයි ජනාධිපතිවරයා හමුවේ පැවැසූහ.
උන් වහන්සේගේ දේශනයෙන් පසු සභාව අමතමින් ජනාධිපතිවරයා ඉහත ප්‍රකාශ සිදු කෙළේය.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝද සභාව ඇමැතූහ. වජිර අබේවර්ධන, රංජිත් සියඹලාපිටිය ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ
(උදේනි සමන් කුමාර)
| මුලින් කියපු ගාණම ගන්න කියලා නීතියක් නෑ. ඊට ඉස්සර ඉඳන් මහ බැංකුව සම්මතයක් විදිහට ගන්න නියම ගාන හරියටම ප්‍රසිද්ධ කරන්නේ නෑ, මොකද ඒක පොළී අනුපාතයට බලපාන නිසා. අනික එහෙම වැඩි කිරීමේ තීන්දුව අධිපතිගේ තනි තීන්දුවක් නෙවෙයි,ඒක රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ නියමයක් මත ටෙන්ඩර් මණ්ඩලය කරපු දෙයක්. දැන් ඕක අල්ලගෙන කතා කරනවා නම් ඊට පස්සේ බැඳුම්කර නිකුත් කරද්දි ප්‍රසිද්ධ කරපු ගානට වඩා වැඩි පුර නිකුත් කරලා තියෙනවා.ඒත් ඒවා ඔය බෑණාගෙයි කියන සමාගම අරන් නෑ. ඇයි ඒවා ගැන කතා නොකරන්නේ? | -14 | NEGATIVE |
ncpp_train_39359 |
කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේ පසුගිය 28 වැනිදා හදවත් සැත්කම්වලට ලක් කළ
රෝගීන් 06 දෙනෙකුගෙන් 04 දෙනෙක් මියයාම
පිළිබද සොයාබැලීම සදහා සෞඛ්‍ය, පෝෂණ
හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ත්‍රි
පුද්ගල කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ
මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම විමර්ශණ කමිටුවට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්
වෛද්‍ය සේවා 01 වෛද්‍ය ලක්ෂ්මි සී. සෝමතුංග මහත්මිය. අධ්යක්ෂ
(රසායානාගාර සේවා) ඡේ.එච්.එම්.කේ.කේ.බි කමල් ජයසිංහ මහතා, ඡ්‍යෙෂ්ඨ සහකාර
ලේකම් (හදිසි වැටලීම්) රෝහන ද සිල්වා මහතා එම කමිටුවට ඇතුලත් වෙයි.
මෙම මරණ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා අදාල වාර්තාව අද (30) දිනය තුල සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදිය යුතු වෙයි.
| ස්ටුයික් කොරාපන් ජීවිත නැති කොරාපන්...!! අනේ මෙතුමන්ලට උගන්න්න අපි ගෙවපු බදු කන්දරාව...!! | 20 | POSITIVE |
ncpp_train_39360 |
වත්තල, හුණුපිටියේ ශාන්ති මාවත ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන්, ගින්නක් හටගෙන තිබේ. නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇත.
කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බව ය.ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 02ක් යොමු කළ බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.ගින්නෙන් කිසිදු ජීවිත හානියක් නොමැත.
| පෝලිම් වල ඉදල ගෑස් ගෙනියල ඒවා ගිනිගන්නකොට් ඇතිවෙන හැගීම | 17 | POSITIVE |
ncpp_train_39361 |
ප්රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය
සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
පසුගියදා ප්‍රකාශයට පත්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ කෘතියේදී විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලියා තිබුණ ආකාරයට ප්රභාකරන්ගේ ඝාතනය ඔහුගේ සේනාංකයක් මගින් සිදු කරන ලද බව දක්වා විස්තර කර තිබුණි.
නමුත් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා පවසා තිබුනේ ප්රභාකරන් ඝාතනය සිදු කළේ ඔහුගේ සෘජු මෙහෙයවීම මත 8 වැනි කාර්ය සාධක බළකායේ සේනාංකාධිපති කර්නල් ජී.වී. රවිප්‍රිය බවයි.
ඒ ගැන මින් පෙර කළ විමසීමකදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සාකච්ඡාවකදී පවසා ඇත්තේ කර්නල් ජී.වී. රවිප්‍රියගේ පිරිස එය කළ බව ඇත්තක් වුවත්
ඔහු සිටියේ තමා යටතේ බවයි.
ඒ අනුව යුද ජයග්‍රහණයේ පියවරු අතර පහළම පුරුක ගැන අලුත් සංවාදයක් නිර්මාණය වී තිබේ.
ලංකාදීප පුවත්පතට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ කියා ඇත.
‘කමල් ගුණරත්න කියන්නේ යුද්ධයේදී ක්‍රියාත්මක වුණ සේනාංක 15 කින් විතර එතැනට අණදුන්න කෙනෙක්. මුල ඉදල එයාගෙ සේනාංකය ස්ථානගත කරල තිබුනෙ මුහමාලෙ ආරක්ෂක වළල්ලෙ.මමයි ඒක ප්‍රහාරක මෙහෙයුම් වලට ඉදිරියට ගත්තෙ.එයාට විරුද්ධව විනය ප්‍රශ්නයක් තිබුණා.ඒක තාවකාලිකව අමතක කරල තමයි එයාට මං සේනාංකයක් භාර දුන්නෙ.
එයාට දුන්න සේනාංකය ජනවාරි ඉදල මාර්තු වෙනකං මෙහෙයවුවා.ඊට පස්සෙ ඒකෙ බලසේනා තුනෙන් දෙකක් ගලවලා අරගෙන කර්නල් රවිප්‍රිය යටතේ කාර්ය සාධක බලකායක් හැදුවා.ඒ කාර්ය සාධක බලකාය තමයි ප්රභාකරන්ට පහරදීමට ක්‍රියාත්මක වුනේ.ඒක කලෙත් මගෙ උපදෙස් මත මිසක් ඔය පොත ලියපු කෙනාට ඕන විදිහට නෙමෙයි.
ප්‍රභාකරන්ගෙ පිරිසට පහරදීලා ප්‍රභාකරන්ගෙ මළමිනිය සොයාගැනීම ඇතුළු සියල්ල සම්බන්ධීකරණය කරල අණදීම කලේ කර්නල් රව්ප්රියගෙ කාර්ය සාධක බලකා අට.
ඔය පොතේ හමුදාපති පාච්චල් කරන්න උත්සාහ අරගෙන තියෙනවා.ඒක එළිදක්වපු වෙලාවෙ ආරාධිතයො විදිහට ඇවිත් ඉදපු අයගෙන් අපට හිතාගන්න පුළුවන් කාගෙද සැලසුම කාගෙ අවශ්‍යතාවයද මේ ඉටුවුනේ කියලා‘
මේජර් ජෙනරාල් කමල් ගුණරත්නද කර්නල් රවිප්‍රියගේ කාර්යය පැහැදිලි කර ඇත. පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සංකච්ඡාවකදී ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ කියා ඇත.
වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාංක, බළසේනා, කාර්ය සාධක බළකා හා රෙජිමේන්තු රැසක් තිබුණා. ඒ අතරින් ප්රභාකරන් ඝාතනය කළ 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව අයත් වූයේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ අණදුන් 681 වැනි බළසේනාවටයි. එය අයත් වූයේ කර්නල් ජී.වී. රවිප්‍රිය අණදුන් 8 වැනි කාර්ය සාධක බළකායටයි. එසේ නම් ප්රභාකරන් මැරුවේ ඔබ අණ දුන් 53 වැනි සේනාංකය කියලා කියන්නේ කොහොමද?
මෙතැනදී බොහෝ දෙනෙක් පටලවා ගත්තු කාරණාවක් තිබෙනවා. අනෙකුත් කාර්ය සාධක බළකා වගේ නොවේ 8 වැනි කාර්ය සාධක බළකාය. ස්වාධීන ඒකකයක් ලෙස තිබුණේ නෑ. මුලතිව් ප්‍රහාරයෙන් පසු ඉතිරි වූ රෙජිමේන්තු එකතු කරලා තමයි 8 වැනි කාර්ය සාධක බළකාය ස්ථාපිත කළේ. එහි සේනාංකාධිපති ලෙස කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් ජී.වී. රවිප්‍රියත් 681 බළසේනාධිපතිවරයා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ හා 682 බළසේනාධිපති ලෙස සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් සුභාෂණ වැලිකල පත්කරන ලෙස මා යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලුවා. ඔහු ඊට එකඟතාව පළ කළා. 8 වැනි කාර්ය සාධක බළකාය තිබුණේ 53 වැනි සේනාංකය යටතේ මිසක් ස්වාධීන සේනාංකයක් ලෙස නොවේ. ඊටත් අණ දුන්නේ මමයි.
(රණ මග ඔස්සේ නන්දිකඩාල් පොත එළිදුටු අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ)
Pix By- Suren Abeysundara
| නැහැ බන් ඒක කියන්නේ පොන්සේකා විතරක් හිටියනම් ඇති කියල..උබට ඕක තේරෙන්නේ නැද්ද? | 16 | POSITIVE |
ncpp_train_39362 |
යුද බියෙන් ජනතාව පීඩාවට පත්ව සිටි යුගයේ කතාකිරීමට හෝ නිදහසක් නොතිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පිළියන්දල පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
අතීතයේ එල්.ටී.ටී.ඊ ය විසින් තමාව ඝාතනය කිරීමට උත්සහ ගත් නමුත් එය අසාර්ථක වු බවත්, නීතිය රාජපක්ෂ පාලන කාලයේ රට තුළ බොහෝ සෙයින් ක්‍රියාත්මක වු බව ද පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රස්ථාවාදය තුරන් කිරීමට, පාතාලය අවම කිරීමට හා කුඩු පාලනය කිරීමට හැකි වු බව ද
කියා සිටියේය.
අද වන විට නීතියට අපරාධ පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත්, ජනතාව අත්විඳින දේ අනුව ඔවුන් එය විවේචනය කරන බවත් පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, සැබෑ නිදහස අරන් දුන්නෙ කවුද කියලා ජනතාව සිතිය යුතු බව ද පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ඕගොල්ලොම කල්පනා කරලා බලන්න ඕනේ කාටද?, නිදහස අරන් දුන්නේ කියන එක. දෙන්නට එකට ගමන් කරන්න වත් බැරි තත්ත්වයක්නේ තිබුණේ. මේ අවට බෝම්බ කීයක් ගියාද? නිදහස අරන් දුන්නා කියන එක තමුන්නාන්සේලා හොයාගන්න ඕනේ. මටත් තේරෙන්නේ නෑ මේ එක එක්කෙනා කියන කොට ඒගොල්ලො නිදහස අරන් දුන්න කතා කියන කතා කරන්නේ කොහොමද? වවුනියාවෙන් ඉස්සරහට යන්න බෑ යාපනේ දක්වා. නැගෙනහිර පළාතේ තුනෙන් දෙකකට යන්න බැහැ. එහෙම යන්න බැරුව තියන නිදහස මොකක්ද?”
| දුමින්ද චන්ඩියෙක් කියලා දැන දැනම එයාට චන්දෙ දුන්නෙ ඇයි, මම හිතන්නෙ එක පාරක් නෙවෙ, කීප විටක්ම ඉහලින්ම දින්නා, දැන් මේ ක්‍රමය වෙනස් කර චන්දදායකයින් බුද්ධිමත්ව ඡන්දය දෙන්න, පාලකයන්ටම නටන්න දෙන්න එපා, | 40 | POSITIVE |
ncpp_train_39363 |
තෙල් ඇමති ඉන්ධන හිඟයක් නැතැයි කීවද පවතින ඉන්ධන හිඟය නිසා පාසල් ළමයින් ප්‍රවාහනයෙන් හෙට (31දා) සිට ඉවත්වන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා ඊයේ (29දා) අම්බලන්ගොඩ සිය සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ වනවිට පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැති බවත්, මේ නිසා ඊයේ (29දා) දිනයේ පාසල් ළමයින් ප්‍රවාහනය කිරීම සාර්ථකව සිදු කිරීමට නොහැකි බවත් රුවන් ප්‍රසාද් මහතා කීවේය.පවතින තත්ත්වය යටතේ පාසල් ළමයින් ප්‍රවාහන ගැටලුව වඩා වර්ධනය වන්නේ අද (30) දවසේ බවද පැවසූ ඒ මහතා, සිය රථ ධාවනයට අවශ්‍ය තෙල් නොමැතිකමෙන් හෙට (31දා) සිට පාසල් සිසුන් ප්‍රවාහනයන් ඉවත්වීමට සිදුවන බවද කියා සිටියේය. තෙල් ඇතැයි කියමින් ජනතාව නොමඟ යවන තෙල් ඇමති ඉල්ලා අස්විය යුතු බවත් වෙනත් රටක නම් එසේ සිදුවන බවත් රුවන් මහතා සඳහන් කළේය. බස් ඩිපෝවෙන් ලබාදෙන තෙල් ලීටර් 40න් මෙම සේවාව කෙසේත් පවත්වාගෙන යා නොහැකි බවද හෙතෙම කියා සිටියේය.
බස් ඩිපෝවෙන් මේ වනවිටත් තමන්ට ඉන්ධන නිසි පරීදී නොලැබෙන හෙයින් කිව්.ආර්. කේතයට අනුව පිරවුපොළවලින් සිය රථවලට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකසාදෙන ලෙසද රුවන් මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.එම්. සුසිල් ප්‍රියන්ත
| හොඳ වැඩේ අරගල කරාට ! | 3 | POSITIVE |
ncpp_train_39364 |
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග සිට එම පක්ෂයේ ක්‍රියාකාරි මුස්ලිම් තරුණයකු ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැර එය ශැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන
මැරුණු බෝම්බකරු
බවට සිදුකළ අසත්‍ය ප්රචාරයට එරෙහිව එම මුස්ලිම් ජාතික ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරිකයා මූතූර් පොලිසියට පෙරේදා (28)
පැමිණිල්ලක් කළේය.
මුතුර් පදිංචි එස්. වජීර් නමැති අය මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණු නායකයා ත්‍රිකුණාමලයේ සමුළුවකට පැමිණි අවස්ථාවේ එකට සිට ගත් ඡායාරූපයක් උපයෝගී කරගෙන මෙම අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම තුළින් තමන් දැඩි අපහසුතාකට පත්වී සිටින බවයි.
මුහුණුපොතේ කූඹියෝ නමින් අන්වර්ත නාමයකින් පෙනී සිටි. අයෙකු මෙම ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැර ඇතෙයි පොලිසිය කියයි.
පැමිණිලිකරු එහි පිටපතක් ඉදිරිපත් කරමින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ. මූතූර් පොලිසිය සිද්ධිය සමිබන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පත්වාගෙන යයි.
| අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ, විවිධ පන්නයේ වංචාවලට දූෂණවලට වගකිව යුතු දූෂිතයන් සිය නිරුවත වසා ගැනීම සඳහාත් තම පටු දේශපාලන වුවමනාවන් සඳහාත් මෙවැනි සංවේදී සිදුවීම් යොදාගනිමින් අවලාද නැගීමට ඉදිරිපත් වීම කණගාටුවට කරුණක් බවය. එය වගකිව යුතු සියලු දෙනා විසින් ප්‍රතික්ෂේප කළ යුතු ක්‍රියාවකි. | 2 | POSITIVE |
ncpp_train_39365 |
Update: Nov1 -11am.ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතනය තහනම්
නල්ලතන්නිය පීක්ෆීල්ඩ් වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා ඇති බව අද (1) වාර්තා විය.
ඊයේ (31) වතුයායේ නිරික්ෂණ චාරිකාවක නිරත වු මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින්මෙම තීරණයට එළැඹ ඇත.------------Update: Oct31 -2pm.ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව
සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය
පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය කර හරින ලද ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතනයක් ඉදිකරන්නට යන සංසිද්ධිය මේ වනවිට බොහෝ දුරදිග ගොස් තිබේ.
මෙම කතාව ජාතිවාදය,දේශපාලන විරෝධය හා පාරිසරික ප්‍රශ්න වැනි විවිධ කාරණා අවුස්සන සුළු මාතෘකාවක් බවට පත්ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේටද මාධ්‍ය ඉදිරියේ පිළිතුරු සපයන්නට කරුණු යෙදුණා.
ශ්‍රී පාදයට ආසන්නයේ බැසිල් රාජපක්ෂට අයත් ඉඩමක් අරාබි ජාතිකයින් පිරිසකට
හෝටලයක් ඉදිකිරීම පිණිස විකුණා ඇති බවත් ඒ කටයුත්තට එම අයිතිකරුවන් හෙලිකොප්ටරයකින් එම ඉඩමට පැමිණ සොයා බලා ඇතිය යන්න මෙහි එක් කාරණාවකි.
මේ සම්බන්ධ ඇතැම් විශ්වාස කළ හැකි ඡායාරූප කිහිපයක්ද සමාජ ජාලා වලින් සංසරණය වූ අතර ශ්‍රී පාදය ‘ආදම්ස් පීක්‘ නමින් හදුන්වමින් මුස්ලිම් ලබ්ධිකයින්ද වන්දනා මාන කරන බැවින් ඉදිරියේදී එය මුස්ලිම් සිද්ධස්ථානයක් බවට පරිවර්තනය කරගන්නා මුල් අවස්ථාව මෙය බව දක්වමින් අනතුරු හගවන්නට සමාජ ජාලා පිටු උත්සාහ ගෙන තිබුණි.
මෙම කතාවට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේ පිළිතුර වූයේ මෙම ස්ථානය වන්දනාමාන කිරීම ඕනෑම ආගම් අදහන්නෙකුට හැකි බවත් එය මුල්කරගෙන ගැටලු ඇතිකරගන්නට උවමනා නැති බවත්ය. එසේම උන් වහන්සේ දැනුවත්ව ශ්‍රී පාදයට අයිති ඉඩම් නැති නිසා කොහේවත් හදන හෝටලයකට අයිතිවාසිකම් කියන්නට හෝ විරුද්ධ වන්නට තමන්ට උවමනා නැති බවත් උන්වහන්සේ දන්වා සිටියා.
කෙසේ වෙතත් එම රැස්වීමට සහභාගීවූ නිලධාරීන් මෙවැනි
ඉදිකිරීමක් සිදු කරන බව තහවුරු කර තිබේ.
දැනට වාර්තාවන ආකාරයට ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන නල්ලතන්නි පොලිස් වසමට අයත් ස්ථානයක මෙම සංචාරක නිකේතනය ඉදිකරන්නට සැලසුම් කර ඇත.
එය ශ්‍රීපාදය පාමුල පිහිටා ඇති බවට සමාජ ජාලා මගින් විස්තර කර තිබුණත් ගූගල් සිතියම අනුව කළ සොයා බැලීමකදි එම හෝටලය ශ්‍රී පාද මළුවේ සිට කිලෝමිටර් හයක් එපිටින් වු මරේ දියඇල්ල ආසන්නයේ පෞද්ගලික ඉඩමක පිහිටා ඇති බව පෙනී යයි.
සංචාරක නිකේතන සදහා අදාළ වන පාරිසරික බලපත්‍රය ලැබේ නම් එම ඉදිකිරීම කවුරුන් කළත් ගැටලු ඇති නොවන අතර මේ සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය මත මධ්‍යම පරිසර අධිකාරිය මේ වනවිට එම ස්ථානය ගැන සෝදිසියකට ගොස් ඇත්තේ එම අවසරය ලබාදිය හැකිද යන්න සොයා බැලීමටය.
මෙම ඉඩමේ අයිතිකරු බැසිල් රාජපක්ෂ යයි එක්තරා පිරිසක් පවසද්දී තවත් පිරිසක් පවසන්නේ වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සම්බන්ධයක් මෙම ඉඩමට ඇති බවකි. පසුගියදා බැසිල් රාජපක්ෂගෙන් සෘජුව මාධ්‍ය මේ ගැන විමසූ අවස්ථාවේ ඔහු එය තමන්ට අයිති බව හෝ නැති බව නොකියා ගියේ ප්‍රහේලිකා උත්තරයක් දෙමිනි.
අරාබි ජාතිකයින් ඇවිත් සොයා බලා ගිය අවස්ථාවේ ලබාගත් බව කියන ඡායාරූප පහතින්
| boru nokiya idapan | 1 | POSITIVE |
ncpp_train_39366 |
නාමල් රාජපක්ෂගේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් මගින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සුවෙන් සිටින රූපයක් එක්කර තිබේ.
| සියලු රටවැසියන්ගේ සුවය සඳහා ඔබතුමාට ඉක්මන් නිවන් සුව ලැබේවායි පතමි | -10 | NEGATIVE |
ncpp_train_39367 |
මියගිය ත්‍රස්ත නායක අබුබකර් අල්-බග්දාදි ඇමරිකානු හමුදව විසින් වටළනු ලැබූ අවස්ථාවේ ඔහුව ලුහුබැඳ ගිය සුනඛයාගේ රූපයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ට්විටර් පිටුවෙහි පළ කර ඇත.
මෙම සුනඛයාට
මෙහෙයුමේදී තුවාල සිදු වූ බව ට්‍රම්ප් විසින් මීට පෙර හෙළි කළ අතර බග්දාදිට මරාගෙන මැරෙන්නට සිතිවිලි පහළ කළ මරණීය බය ඇති කළ මෙම සුනඛයා දැන් වීරයෙකු බවට පත්ව ඇත.
මෙම විශේෂ මෙහෙයුමට සහභාගී වූ කිසිදු සෙබළකුට හානියක් නොවූ බවත් තුවාල වූයේ සුනඛයා පමණක් බවත් ට්‍රම්ප් සිය විශේෂ ප්‍රකාශය කළ අවස්ථාවේ සඳහන් කර තිබුණි.
| ලංකාවේ කතෝලිකයන්ට ගහලා අන්තිමට බල්ලෙකුට බයේ මැරෙන්න වුනා මෙහෙත් ප්‍රහාරය ගැන දැනගෙන ඇක්ෂන් ගත්තේ නැති අයටත් ඕකම තමයි වෙන්නෙ ලංකාවේ කතෝලිකයෝ කියන්නෙ අහිංසක ලෙස තමන්ගේ ආගම අදහන කොටසක්. අනික සාන්ත සෙබස්තියන් සහ සාන්ත අන්තෝනි කියන්නෙ වෙනස් සාන්තුවරු දෙන්නෙක්. දඬුවම් අනිවාර්යයෙන් ලැබෙනවා දන්නෝ දනිති. මෙහෙ උං ටික පරිස්සමින් ඉඳපල්ලා. උඹලටත් රිටර්න් එක ළඟදීම හම්බ වෙයි. | 12 | POSITIVE |
ncpp_train_39368 |
කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මං තීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩාදරු දෙදෙනකු විසින් ඊයේ (28දා) සවස විවෘත කර තිබෙයි.නාගරික සංවර්ධන අධිකාරිය මඟින් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වැයකර මෙම ඇවිදිනමංතීරුව ඉදිකර තිබුණි.කැස්බෑව ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලද චාම් උත්සවයකින් අනතුරුව කුඩා දරු දෙදෙනකු විසින්ඇවිදින මං තීරුවට ප්රවිශ්ඨ වීම සඳහා තිබෙන පිවිසුම හරහා යොදා තිබූ පීත්ත පටියක් කපා එය විවෘත කරනලදි.“ජනතා බදු මුදලින් නිමකරන ලද කැස්බෑව වැව වටා ඇවිදින මංතීරුව 2022 – 04-28 ජනතාව සුරතින්විවෘත වූ වගයි” යනුවෙන් කුඩා පුවරුවක් ද පසෙක සවිකර තිබුණි.මින් ඉහත මතුගම බිම් පදික උමං මාර්ගයද ළමයෙකු විවෘත කළේය.
| සිංහලයෝ කොයි තරම් මෝඩයෝ ද නිවටයෝද කියල තේරෙනවා මේ වගේ වැඩ වලින් | -100 | NEGATIVE |
ncpp_train_39369 |
අද දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් වාරයට සහභාගි නොවන්නට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබෙන අතර
උදෑසන 9 ට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සැකසීමට පැවති පක්ෂ නායක හමුවටද ඔවුන් එක්ව සිටියේ නැත.
ඒ වෙනුවට පාර්ලිමේන්තු කැන්ටිමේ අඩු මිල උදෑසන ආහාර ලබාගනිමින් සාකච්ඡා කරමින් සිටිනු වාර්තා විය.
විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට සුදානම් වෙද්දී ඊට බාධා කරමින් තෙවරක් පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කර කල් තබන තත්වයට ඉඩ සැලසූ ආණ්ඩු පක්ෂය ඉන්පසු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන ප්රතිපත්තියකට මාරු විය.
අද ඔවුන් පාර්ලිමේන්තු නොපැමිණෙන දෙවන දිනයයි.
ලංකාවේ අගමැතිවරයාද පාර්ලිමේන්තුව වර්ජනය කිරීම විශේෂ දෙයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි.
අගමැතිවරයාගේ වියදම් කපා හරින ලෙස දන්ව අද දිනයේදී විපක්ෂය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
| ඒක ඇත්ත මචං..ඒත් ජාතික ලැයිස්තුවට යන්නේ කීදෙනාද? අනිත් අය හොඳ අය නම් ලොකු බලපෑමක් නෑ නේද? | 7 | POSITIVE |
ncpp_train_39370 |
ස්වර්ණවාහිනී නාලිකාවේ ජනප්‍රිය ප්රවෘත්ති නිවේදිකාවක වන තිළිණි පෙරේරා සිය දීර්ඝ කාලීන සේවයෙන් දෙසැම්බර් 31 වනදා සිට ඉවත්ව ඇත.
ඇය සමුගනිමින් එම නාලිකාවේ තවමත් නිල නොවන ප්‍රධානියා වශයෙන් ඇය හඳුන්වන සුදේව හෙට්ටිආරච්චි වෙත ලියුමක් ලියා ඇති අතර ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා එය බෙදාගෙන තිබේ. එම ලියුම පහතින්
| තමන් වැඩ කරන ආයතනයෙන්, තමන්ගෙ බොස්ල පල නොකියා පලා බෙදන්න ගන්න කොට, ස්මාර්ට් විදියට අස් වෙලා යන්න මිනිස්සු දැන ගන්න ඕනෙ. බලෙන් එල්ලිලා ඉන්න ඉන්න දවසින් දවස පච වෙනවා, මානසිකව වැටෙනවා, ලෙඩ වෙනවා, ප්‍රශ්ණ ගොඩයි. අනික තමන්ට උගත්කම, අත්දැකීම් තියෙනව නම් මොකටද පීචං වෙවී ඉන්නේ. මේ තිළිණිලට, නදීකලට ස්වර්ණවාහිනියෙන් අයින් වෙන්න තිබ්බේ කාලෙකට කලින්. ලයිකා එක ගත්ත කාලෙම. මොකද එක සමාගමක් තව සමාගමක් මීලදී ගත්තාම, ඒ සමාගමේ පරණ සේවකයන්ට ශොට් එක විදින්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. | 39 | POSITIVE |
ncpp_train_39371 |
ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්විම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි
සැකකරුවෙකු එම සංවිධානයේ
නායක සහරාන්ගේ ඡායාරුපයක්ද අරාබි බසින් ලියන ලද පොත්පත් ද සමග අද (30) ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පදිංචිව සිට දැනට ගාල්ලේ මිලිද්දුව පදිංචිව සිටින 30 හැවිරිදි පුද්ගලයෙකි.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුද්ධි අංශවලට මොහු පිළිබඳ තොරතුරු ලැබි තිබිම හේතුවෙනි .
අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඔහු පැමිණි යතුරු පැදියේ තිබි තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් නමැත්තාගේ ඡායාරුපයක් ඇතුලු අරාබි බසින් ලියන ලද පොත්පත් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.
ෆර්හාන් නිසම්දින්
| මෙච්චර චෙක් කරද්දී බය නැතිව මේවා ගෙනියන්නෙ කොහොමද මචං ? මුන්ට මාර ඇම්මක් නෙ තියෙන්නේ . | 57 | POSITIVE |
ncpp_train_39372 |
පසුගියදා රජය මගින් ගෑස් මිල හිටි හැටියේඉහළ දැමීම නිසා තමන් අපහසුතාවයට පත්වූ බව කියන සමස්ත
ලංකා
ආපනශාලා හිමියන්ගේ සංගමය
තේ කෝප්පයක මිල රුපියල් 20ක් ලෙස හා බත් පැකට්ටුවක මිල රුපියල් 130ක් ලෙස ඉහළ දමන බවත් එමෙන්ම ආප්පයක මිල 15ක් හා කිරි තේ කෝප්පයක මිල රුපයල් 40ක් ලෙස උපරිම මිලක් පනවන බවත් දන්වා ඇත.
ගෑස් මිල ඉහළ යෑම මත තමන්ට පෙර මිලට ඉහත දේවල් ලබාදීමට නොහැකි වූ බව ඔවුන් දන්වා ඇත.
| ලෝටස් පාරේ රු*ණු ෆු*ඩ්ස් කියන්නේ කළුවගෙ කඩේ නේද :p .....අපෝ කතා කරන්න එපා. කළුව තමා මිනිහ. මිනිස්සුන්ව හූරන් කන්න උපන් පුතා. කළුවගෙ කඩේට ඔච්චර සෙනගක් එන්නේ කොළඹ කොටුවේ වෙන හරි හමන් කෑම කඩයක් නැති හින්දා. හැබැයි මිනිහා ගණන් වැඩි කරන්නේ හරියට පාර්ලිමේන්තු පනතකින් මිනිහට බලය දීල තියෙනව වගේ. කෑම කඩකාරයො ඔක්කොම එකයි බන්. ගෑස් මිල 100කින් වැඩි උනාම බත් එකේ ගාණ රුපියල් 10කින් වැඩි කරනවා. හැබැයි 100කින් අඩු උනාම නෝ කතා නෝ සිනා. අහසින් වැටිලා වගේ ඉන්නේ. ගාණ අඩු නොකරන්න තර්ක 100 :S | 21 | POSITIVE |
ncpp_train_39373 |
කොරෝනා අපේ ජීවිතවලට කියා දුන් පාඩම් බොහෝය. රෝහලේ ඇඳන් මත ඔක්සිජන් බටයට ජීවිතය දී හුස්ම යදින මිනිසුන් මෙන්ම දවසින් දවස මෘත ශරීරාගාරය ද හුස්ම නතර කළ මිනිසුන්ගෙන් පිරී ඇත. ඉන්දියාවේ දුටු විශාලම මෙන් ලංකාවේ මිනී ගිනි කඳු නොතිබුණද දිනකට ආදාහනාගාරය වෙත යන මිනිස් ජීවිත ගණන දෙසීය තුන්සීය ඉක්මවා ඇත. රාත්‍රියට සෑම රෝහලකම මිනී පෙට්ටි පෙරහර ආදාහනාගාරයට ඇදෙන්නේ ගොක් කොළ, පාවඩ, තොරණ්, වඩම් පමණක් නොව යහළු හිතමිතුරන්, තම ආදරණීයන්ගේ මුහුණවත් නොදැකය. ආටෝප නැති සිප වැළඳ ගැනීම් නැති ඇඳිවතින්ම පොලිතින් උරයක යන සිය අවසන් ගමන ජීවිතේ අනිත්‍යය බව කොරෝනා මාරයා සෑම කෙනකුටම මේ මොහොත වනවිට පසක් කර දී හමාරය. අප මේ කතා කරන මොහොතේ ලංකාවේ කාර්යබහුලම තැන වී ඇත්තේ රෝහලේ කොරෝනා වාට්ටු. මෘත ශරීරාගාරය සහ ආදාහනාගාරයි. දුගී පැලේ දුගියාටත් මහා මන්දිරේ සැපතාටත් මිල මුදල් බලය තාන්න මාන්න කෙතරම් තිබුණත් ඇඳිවතින්ම කොරෝනා ජීවිත අරගෙන යන මොහොත අවිනිශ්චිතය. පොලිතින් උරයක ඇඳිවතින්ම අවසානය සනිටුහන් කරන මේ මෝචරිය ඉදිරියේ දිනකට කී දාහක් නම් අඬනවා වැළපෙනවා ඇතිද? කරාපිටිය මෘත ශරීරාගාරය ඉදිරියේ මා දුටු මෘතදේහ පෙරහර හදවත මොහොතකට නතර කළේය. හරියටම වේලාව සවස පහ පසු වී විනාඩි තිහකි.“අද කොරෝනා බොඩීස් 25යි. අඩුයි කිව්වට ලොකු අඩුවක් නැහැ. රඟපෑම් තමයි ඔකොම. හැබැයි ඉතින් ඔය හැම රජෙකුගේම අවසානය මෙතන තමයි.”
මෝචරියේ සේවකයකු කියාගෙන ගියේය. දුප්පත් පෝසත් භේදයක් නැත. මේ මෝචරිය ඉදිරියේ මිනිස්සු අඬා වැටෙන හැටි, බිම ඉඳගෙන සමහරු පොළවේ පස් කකා අඬන හැටි මිනිස්සු ජීවිතේ කොයිතරම් අසරණ ද යන්න ලංකාවේ ඕනම මෝචරියක් ඉදිරියට ගියහොත් ඒ වේදනාව අසරණකම ඔබටත් දැන්වී, හැගේවි. සල්ලි ඇති, නැති ජනප්‍රිය, දුප්පත් උගත්, නූගත් ඉහළ පහළ පන්තිවල මිනිස්සු ඉටි කවරයක සීල් වෙලා මෝචරයේ ශීතාගාරයෙන් එළියට එද්දි ජීවත් වෙන්න මිනිස්සු මොන තරම් නැටුම් නැටුවත් අවසානය මේකද කියලා ඔබට හිතේවි. මේ පරිසරයට ළං වෙද්දී හිතට එන හැඟීම අමුතුවෙන් කිවයුතු නැත. මේ පාළු මූසල පරිසරයේ ඇසෙන එකම හඬ විලාපය සහ අදෝනාව පමණි. මේ මාවත්තේ සිනහ මුසු මුහුණක් දකින්නවත් නැත. මෝචරියේ කොරිඩෝවේ ට්‍රොලියක් මත නිශ්ශබ්ද වෙලා අත බැඳගෙන ඉන්න මේ අයගේ ජීවිතවල කොයිතරම් නම් බැඳීම් තියෙන්නට ඇතිද? මොනතරම් නම් පිරිස් බලය යහළු හිතවතුන් ඉන්නට ඇතිද? හීන බලපොරොත්තු එහෙමම වුණත් බිරිඳගේ, අම්මාගේ, තාත්තාගේ, දරුවගේ, නැදෑම හිතවතුන්ගේ මූණ නොබලම යන්න වුණු කී දෙනෙක් නම් මේ පොලිතින් උර ඇතුලේ අවසන් ගමන් ගිහින් ඇතිද? “මගේ මහත්තයාට මැරෙන්න තරම් ලෙඩක් තිබුණේ නැහැ. තාම මහත්තයට වයස අවුරුදු 39යි. මහත්තයා වැඩ කරපු තැනින් කොරෝනා හැදුනාම හරියට ඇඬුවා. ඇඬුවේ මටයි දරුවටයි අම්මටයි හැදේවි කියලා. අපි පරිස්සම් වුණත් අපිටත් හැදුනා. අදට අපිට සුව වෙලා මාසකට වැඩියි. අම්මා ගොඩක් වයසයි. හුස්ම ගන්න අමාරු වෙලා කරාපිටියට ඇතුල් කරළත් දැඩි සත්කාර ඒකකයේ ඇඳක් නැතුව අම්මාගේ පණ ගියේ රෝද පුටුවෙම. අම්මාගේ මරණේ මහත්තයාට කිව්වේ නැහැ. එතකොට එයා හිටියේ මැෂින් එකේ. දවස් නවයක් මැෂින් එකේ ඉඳලා මහත්තයාට සුව වුණා. අම්මා නැති වුණා කියලා මහත්තයාට කිවේ ගෙදර ආවම. අම්මාගේ තුන් මාසේ දානේ හොදට දෙන්න ඕන කියලත් කිව්වා. ගෙදර ඇවිල්ලා දවස් පහළොවක් විතර යනකොට මහත්තයට කැස්සක් හැදුනා. කැස්සත් එක්කම නැවත හුස්ම ගන්න අපහසුතා ආවා. කරාපිටියට ගෙනාවම කිව්වා හතියට ඇවිල්ලා කියලා.ඊයේ හවසත් මාත් එක්ක හොඳට කතා කළා. තව දවස් දෙකකින් මට ගෙදර එන්න පුළුවන් කියලාත් කිව්වා. රාත්‍රියේ මට රෝහලෙන් කතා කරලා කිව්වා කොවිඩ් නියුමෝනියා තත්වයෙන් මහත්තයා අන්ත්‍ර වුණා කියලා. අනේ මට විශ්වාස කරන්න බෑ කොරෝනා හොඳ වෙලා ගෙදර ගිය මහත්තයට මොකද වුණේ කියලා. එකපාරක් මට මහත්තයාගේ මූණ බලන්න දුන්නා. දරුවාට තාම අවුරුදු දෙකයි. ඒ නිසා දරුවාව ගේන්න එපා කිව්වා. අම්මා මැරිලා දවස් 20කින් මහත්තයත් නැති වුණා. මට අඬන්න දැන් කඳුළු නෑ. මේ වගේ වේදනාවක් නම් කිසිම ගෑනියෙකුට විඳින්න ලැබෙන්න එපා. වැඳලා කියන්නම් පරිස්සම් වෙන්න. අනේ මම මේ ඉන්නේ තව එක පාරක් හරි මහත්තයාගේ මූණ බලන්න මිස්.." ඇය හඩා වැටුණි.“අනේ මහත්තයෝ මට තව එකපාරක් මගේ මහත්තයාගේ මූණ පෙන්වන්න. සල්ලි ඕන නම් මම ඉල්ලන ගානක් දෙන්නම් එකම එක පාරක් මට මූණ බලන්න දෙන්න..."
ඇගේ වේදනා විලාපය මුළු මෘත ශරීරාගාරයේම දෝංකාර දුනි. ඇය මා හට මේ මෘත ශරීරාගාරයේදී මුණ ගැසුණු තවත් එක් තරුණියක් පමණි. මෙම කරාපිටිය රෝහලේ මෝචරි සේවකයකු තමා ලත් අනුවේදනීය අත්දැකීම් අපට පැවසුවේ මෙලෙසය. “රෑ වෙනකොට අපේ මුළු ඇඟම රිදෙනවා මිස්. සමහර කොරෝනා පොසිටිව් වුණ මළසිරුරු ටොලිවලට දාන්න ඕන අපිමයි. කොරෝනා බොඩීස් අල්ලන්න කවුරුත් එන්නේ නැහැ. මේ හැදෙයි කියලා බයයි. දවසට පොසිටිව් වුණ මරණ විස්සක් විසිපහක් එනවාමයි. එක දවසක් බොඩීස් හතළිහක් ආවා. මම මෙතන කරන්නේ මිනී කපන එක. එදා මිනී විසිපහකට වැඩිය මට කපන්න වුණා. අනිවාර්යෙන් දවසට කොරෝනා මරණ දහයක් දොළහක් කපන්න වෙනවාමයි. කොවිඩ් නියුමෝනියාවෙන් මැරෙන තරුණ අයගේ බොඩීස් නම් අනිවාර්යෙන්ම කපනවා. හැම මිනියක්ම කපන්නේ දෙවියන්ට බුදුන්ට මල් පහන් තියලා වැඳලා. දුප්පත්කමට මිනී කපන රස්සාව කරනවා මිසක් නැත්නම් ආසාවෙන් මේක කරන්නේ නෑ මිස්. මේක මහ කාලකන්නිම රැකියාවක්. මම කොවිඩ් මළසිරුරු කපන නිසා මාස පහකින් මගේ දරුවන්ගේ මූණ දැකලා නැහැ. ගෙදර ගියේම නැහැ. මාව දකිද්දි සමහර ළඟින් ඉන්න යාළුවෝ පස්සට යනවා. යාළු හිතමිතුරෝ නැදෑයෝ පවා මාව ඈත් කළා. ඒ දේවල් මතක් වෙනකොට පපුව පැලෙන්න තරම් දුකක් එනවා. මම දැන් අවුරුදු දාහතරක් තිස්සේ කරන්නේ මෝචරියේ මිනී කපන රස්සාව. රස්සා ජීවිතේ මේ ගෙවන්නේ ඉතා අමිහිරිතම කාල සීමාවක්.මේ වෙනකොට කොරෝනා පොසිටිව් වෙලා නැතිවුණ පොඩි දරුවෝ හය දෙනෙක් විතර මම කපලා තියෙනවා. කොයි තරම් අවුරුදු ගානක් රස්සාව කරළත් පොඩි දරුවෙක්ව අතට දුන්නම කකුල් පණ නැති වෙනවා. පුදුම කාලකන්නිකමක් හිතට දැනෙනවා. මීට දවස් හතරකට කලින් ගෙනාවා දරුවෙක් ලැබෙන්න ඉඳපු කොවිඩ් ආසාදිත අම්මා කෙනෙගේ සිරුරක්. අම්මාට අවුරුදු 28යි. දරුවා ලැබිලා තිබුණේ නැහැ. ඒ අම්මාගේ කුසේ හිටියේ හොඳට වැඩිච්ච දරුවෙක්. අතට ගත්තම මට ලෝබ හිතුනා. දරුවව අරගෙන අම්මාගේ කකුල් දෙක ළඟින් තිබ්බා. තරුණ මහත්තයෙක් ආවා සිරුර බාරගන්න. ඒ මහත්තයව මට අවනත කර ගන්නම බැරි වුණා. සිරුර පෙන්නපු ගමන් මාවත් තල්ලු කරගෙන ගිහින් කකුල් දෙක උඩ තියලා තිබුණු දරු පැටියව අරගෙන ඉඹගෙන ඉඹගෙන ගියා. මම කෑ ගැහුවා විෂබීජ, ඉඹින්න එපා කියලා. ඒ මහත්තයා අර මලකඳන් දෙක බලාගෙන අඬපු විදිහට මගේ කකුල් පණ නැති වුණා. මගේ ඇස්වලත් කඳුළු. ලෙඩක් හැදිලා මැරෙනවට වඩා මේ මරණ හරිම වේදනාකාරියි. ගෙදරින් පයින් හොඳට ඇවිදගෙන එන මිනිස්සු අවසානයේ රෙදි බෑග් එකත් එක්ක නතර වෙන්නේ මෝචරියේ. ඉතින් අර මහත්තයා මගෙන් ඉල්ලීමක් කළා. එතකොට පෙට්ටියට දාලා ඇණ ගහන්න විතරයි තිබුණේ. මගුල් දවසේ නෝනා ඇඳපු සාරිය අන්දන්න පුළුවන්ද කියලා ඇහුවා. මම ඒකත් කරලා දුන්නා. සිරුරට සාරිය අන්දලා දරුවටත් ලස්සන ඇඳුමක් ඇන්දුවා. මම ඇඳුම අන්දනකම්ම ඒ මහත්තයා අඩ අඩා නෝනගේ ඔළුව පිරිමැද්දා. මේවා කොරෝනා පොසිටිව් බොඩීස් නිසා ඇතුළට කාවවත් ගන්නේ නැහැ.ඒත් මට එහෙම කරන්න හිත දුන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් මට දවස් දෙකක් නින්ද ගියේ නැහැ. තාමත් නිතරම මට ඒ සිද්ධිය මතක් වෙනවා. ගොඩක් කොරෝනා මරණ මුලින්ම ආවේ වයසක අය. දැන් ගොඩක් එන්නේ තරුණ අය. සමහර දවසට මිනී කාමරේ මැස්සෝ වගේ පිරෙනවා. පවුල්වල අය මෙතන අඩා වැළපෙන ඒවා තමයි බලා ඉන්න අමාරුම.සමහර අය සිරුර බලලා මෙතනම පපුව අල්ලන් මැරිලා වැටෙනවා හෘදයාබාධවලින්. මේ මෑතකදී ඒ වගේ සිදුවීමක් වුණා. කොවිඩ් ආසාදිත නැති වුණ සැමියාගේ මරණේ බලන්න බිරිදයි දුවයි ආවා. මහත්තයාගේ මරණේ පෙන්නපු ගමන් පපුව අල්ලගෙන ඇදගෙන වැටුණා. හදිසි හෘදයාබාධයකින් ඒ අම්මා නැති වුණා. දුවට අවුරුදු දහයයි. ඒවා දකින්නත් අපි කොයිතරම් පව් කරලා ඇතිද කියලා හිත්තෙනවා. අවුරුදු දහයේ ඒ දරුවා අම්මගෙයි තාත්තාගෙයි මරණ දෙක ඉදිරියේ මොන තරම් වේදනාවක් දරා ගන්න ඇතිද? මේවා දැකලම රෑට නින්ද යන්නේ නැහැ. කන්න බඩගින්නක්වත් දැනෙන්නේ නැහැ. ඒ හැමදේම දරාගෙන රස්සාව කරන්නේ දුප්පත්කමට."
ඔහු පැවසීය. තවත් මෝචරි සේවකයකු ඔහුගේ අත්දැකීමක් මෙලෙස පැවසීය. “ගොඩක් දවසට රැ වෙනකොට අපිට උණ හැදිලා වගේ මිස්. ඇඟට දැනෙනවා දරාගන්න බැරි වේදනාවක් මේ මළමිනී උස්සලම. කොවිඩ් මරණ කියලා නැහැ හැම මිනියක්ම අපි සෝදලා පිරිසිදු කරලා තමයි පෙට්ටියට දානේ. සමහර සිරුරු දවස් ගණන් තියෙන තිසා හම එහෙම ගැලවිලා එන අවස්ථා තියෙනවා. ශීතාගාර පහසුකම් අවමයි. සමහර සිරුරුවල අයිතිකාරයෝ එහෙම නැහැ. මේ ළඟදී ඉස්කෝලේ යන වයසේ දරුවකුගේ සිරුරක් ගෙනාවා. කොරෝනා පොසිටිව් වුණ දරුවෙක්. කාලයක් තිස්සේ හතිය රෝගයෙන් ඒ දරුවා පෙළිලා තියෙනවා. අම්මා පුංචි කාලෙම නැති වෙලා. මේ දරුවා ජීවත් වෙලා තියෙන්නේ තාත්තා එක්ක. ගෑනු දරුවෙක්. සිරුර කපන්න සිද්ධ වුණා. කපලා පිරිසිදු කරලා තාත්තාට මම දුර තියලා පෙට්ටියට දාන්න කලින් මිනිය පෙන්නුවාම ඒ තාත්තා පොළවේ හැපි හැපී ඇඬුවා. පොලිතින් උරය වහන්න හදනකොට දුවලා ඇවිල්ලා මිනිය බදාගත්තා. ඒ තාත්තා පුදුම විදිහට කෑ ගහලා ඇඬුවා. ඒ තාත්තා අඩනකොට මටත් ඇඬුනා. මටත් දුවෙක් ඉන්නවා. ඒ තාත්තාගේ වේදනාව මට වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. කොවිඩ් මරණවලට ළගට යන්න දෙන්න එපා කියලා තියෙන්නේ. ඒත් ඒ තාත්තට ඇති වෙනකම් දුවගේ මිනිය ළග ඉන්න මම ඉඩ ඇරියා. ඒ තාත්තා ඒ දරුවාගේ ඔළුව අත ගගා මොන මොනවදෝ කිව්වා. මම පෙට්ටියට ඇණ ගහන්න හදනකොටම ආයෙම දුවගෙන ඇවිල්ලා මට පින්තූරයක් දුන්නා. දූ කවදාත් තනියම නිදාගෙන නැහැ මහත්තයෝ. අම්මා නැතිවුණ දා පටන් මගේ උණුසුමේ හැදුනේ. මට දරුවා පරිස්සම් කර ගන්න බැරි වුණා. මම මැරෙනකම් ඒකට විඳවාවි. මම එනකම් එයාගේ තනියට මේ පපුව උඩින් තියන්න කියලා පුංචි ටෙඩිබෙයා කෙනෙකුයි පින්තූරයකුයි දුන්නා. මේ සිදුවීම මගේ රස්සා ජීවිත්තේ අමතක කරන්න බැරි, මට නිතර මතක් වෙන සිදුවීමක්. කොච්චර මිනී කැපුවත් මෙතන අත්විඳින්න වෙන සමහර දේවල් මට දරාගන්න බැරි අවස්ථාවල පැත්තකට ගිහින් අඬපු අවස්ථා ඕන තරම් තියෙනවා මේ වේදනා සියල්ල දරාගෙන තමයි අපි මේ සේරම කරන්නේ. ඇත්තටම රස්සාව නොකර බැරිකමට. තමගේ කෙනෙක් කොරෝනා මාරයා උදුරා ගන්නකම් මේකේ තියෙන බියකරු බව ඒ වේදනාව අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.." ඔහු පැවසීය.නදීෂා අතුකෝරල(විශේෂ ස්තූතිය රුක්මන් මහතාට - කරාපිටිය රෝහල)
| හෑම ගෑනියෙක්ම උබේ බාර්යාව වගේ නෙමෙයි..ඒක නිසා අනික අයව උබේ ගෑනිගෙ මට්ටමෙන් ගන්න එපා | 1 | POSITIVE |
ncpp_train_39374 |
එදා දවස පුරාවටම වැහි බීරම දසත පැතිරී යද්දී කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මළහිරු බැස යන යාමයේ ජා - ඇළ සිට කපුවත්ත මිහිදන් පිටියට කාගෙත් දෙනෙතට නුහුරු නුපුරුදු ශෝචනීය දුලභ ගනයේ දසුනක් දකින්නට ලැබුණේය. කාන්තාවන් දෙදෙනකු පෙරටුකරන්ගෙන උස මහතට හැදුණු වැඩුණු අරාබි ජාතිකයන් 6 දෙනෙකු මිනියක් කර තබාගෙන යන අයුරු
මළගෙදර සැමට මවිතයට හේතුවක් විය. දුක සිතින් ඔතාගෙන මිනිය මහිදන් කෙරෙද්දී මේ විදේශිකයන් ශාන්ති අම්මා ශාන්ති අම්මා කියමින් හඩා වැලපුනේ කාගෙත් දෙනෙත්වලට කඳුළු පුරවමිනි.
තම කුසෙන් වැදු අමමා නොවුනාට මේ අරාබි ගෙදර දරුවන් 8 දෙනකුගේ කැත කුණු අතගාමින් සෙනහස පාමින් ආදරයෙන් රැකබලාගන උස්මහත් කළ මේ ගෙදර ගෘහ සේවිකාවක ලෙස වසර 38ක් දිගටම සේවය කළ ජාඇල ශාන්ති පෙරේරා ඉකුත් 12 වැනිදා දිවියෙන් සමුගෙන යන ශෝකාන්ත ආරංචිය දැනුණු විගස අරාබියේ කෝටිපති ව්‍යාපාරිකයින් වන මේ විදේශිකයන් ලක් දෙරණට පැමිණ මළගෙදර සියලු කටයුතු නිමකර ඇති බැව් අපට අනාවරණය කළේ අරාබියේ ශාන්ති අම්මාගේ සොහොයුරකු වන ජගත් ලක්ෂ්මන් නම් තැනැත්තෙකි. මේ ඔහුගේ කතාවයි
1981 වර්ෂයේ තරම ශාන්ති පෙරේරා මැදපෙරදිග ඩුබායි රටට ගියේ ගෘහ සේවිකාවක ලෙස අරාබි දරුවන් 4 දෙනෙකු රැකබලා ගැනීමටය. කාලයාගේ ඇවෑමෙන් මේ ගෙදර දරු දැරියන් 8 දෙනොම වැදු මව විලස බලා කියා ගත් ගෙයි හිමියන් ඇයට මහත් ආදරයක් දැක්වූහ. පුරා වසර 38ක් තිස්සේ දරුවන් උස්මහත් වන තුරු ඇය ශාන්ති අම්මා ලෙස ඔවුන්ට ගෙදරට දෙවෙනි අම්මා වැනි විය. එසේම මේ ගෙදර සියලු දෙනාගේම ආදර ගෞරවයට පාත්‍ර වුනු ඔවුන් සැලකුවේ වැදූ අම්මා ලෙසිනි. ඇය ශ්‍රී ලංකාවට එන අතරතුර මේ අරාබි ගෙදර පිරිසද ශ්‍රී ලංකාවට පැමිණ නුවරඑළිය වැනි ප්‍රදේශ වල කලක් ගත කර යන පුරුද්දක්ද තිබුණි, මුදලින් හදලින් නම් ශාන්ති පෙරේරාට අග හිගයක් නොවීය. ඒ නිසා ඇය ශ්‍රී ලංකාවේ තම ඥාති හිතමිතුරන්ටද සැලකුවේය. ශාන්ති අවිවාහකව සිටිමින් තම මුළු ජීවිතයම කැප කළේ මේ ඩුබායි රාජ්‍යයේ සිටින දරුවන් 8 දෙනා රැක ගැනීම සඳහාය.
2009 වසරේ මේ ඩුබායි ගෙදරට අමිමා වුනු ඇය හදිසියේ රෝගාතුර වූවාය. අරාබි නිවැසියන් මුදලින් රු. ලක්ෂ ගණන් වියදම් කළේ ශාත්ති අම්මා සුවකිරීමටය. අසනීප වුනු ශාන්ති අම්මා බලාකියා ගන්න ඔවුන් වෙනමම ගහ සේවිකාවක්ද තබා ගන්න. ශාන්ති අම්මාගේ මනස නිරවුල් කර ගැනීමට ශ්‍රී ලංකාවේ වෙසෙන ශාන්තිගේ සහෝදරයකු වන ජගත්ව පවා ඩුබායිවලට ගෙන්වා ගැනීමට නොමිලයේ වීසා ටිකට් පත් පවා පිළියෙළ කිරීමට ඔවුන් පරිත්‍යාගශීලී විය.
ඇගේ අසනීපය එන්න, එන්න උග්‍රඅතට හැරීම නිසා ඇගේ ඉල්ලීම පරිදි සිංහල බෙහෙත් කිරීමට ඇයව ශ්‍රී ලංකාවට ඇරලවීමද ඔවුන් අතින් සිදු කෙරුණි. ඒ විතරක් නොවේ ඇයට උපස්ථාන කිරීම සඳහා පඩියක් ගෙවා මෙහෙකාරියක්ද ලංකාවේම පිළියෙළ කිරීමට මොවුන් කටයුතු කළහ.ශාන්ගේ අම්මාගේ දුක සැප නිතරම සොයා බැලීමට දුරකථනයෙන් ඇමතීමට පවා ඔවුන් අමතක කළේ නැත.
අතපය වෙව්ලන පාකින්සෙන් රෝගයෙන් පෙළන්නට ගත් ශාන්ති අවසානයේදී යළිත් අරාබි දරුවන් බලාකියා ගන්න නිතරම ඩුබායි බලා පිටත්වීමට උත්සාහ ගත්තත් ඇගේ රෝගී තත්වය තව තවත් උත්සන්න වූ නිසා මහත් කම්පාවකට පත්ව සිටියාය. ශාන්ති අම්මා සුව කරගන්න මේ කළගුණ දත් අරාබි දූ පුතුන් ශාන්ති අම්මාගේ සොහොයුරාට අවශ්‍ය මුදල් පවා කලට වේලාවට ශ්‍රී ලංකාවට
එවන්න පවා ඔහු කාරුණික විය.
හදිසියේම ශාත්ති අම්මා මියගිය පුවත සැලවූ වහාම ඔවුන් ඇඬූ කඳුලින් ඇයගේ දේහයට ගෞරවාචාර දැක්වීමට පැමිණ ඔවුන්ගේ මුස්ලිම් ආගමේ වත් පිලිවෙත් අනුව යාඥා කර තම, තමන් හැදු වැඩූ ශාත්ති අම්මාගේ ආත්මයට ශාක්ති අම්මා අදහන බුද්ධාගම් අනුව නිවන් සුව පැතුහ.
මෙවන් දෙවිවරුන් බදු හාම්පුතුන් ගැන මනුෂ්‍යත්වයේ නාමයෙන් දකින්න නොව අහන්න ලැබීමත් සොම්නසට කාරණයක් වන අතර තමුන් හැදු වැඩු අම්මාගේ දේහය පස්වලට යටවේදී ඔවුන් දරාගත නොහැකි දොමිනසකින් යුතුව කඳුළු සැලුවේ අම්මා - අම්මා ඇයි අප දමා යන්නේ කියන චිත්ත වේදනාවකිනි.
තොරතුරු-ලෙස්ලි පෙරේරා
| Hats off brothers | 238 | POSITIVE |
ncpp_train_39375 |
පසුගිය වසරේ යුග දිවියට එළැඹි හිටපු රූ රැජිණි පුෂ්පිකා ද සිල්වා මේ දිනවල මවක වීමේ අපේක්ෂාවෙන් කල්ගෙවන බවට වාර්තා වෙනවා.
ඒ ගැන වැඩි විස්තර
ඇය තවම හෙළි කර නැත.
ඇය පසුගියදා සිය සැමියා සමග ෆේස් බුක් ඔස්සේ හුවමාරු කරගත් ඡායාරූප කිහිපයකින් දිය යට ඡායාරූප ගත් ආකාරය පහතින්.
| කැකිරි හේනේ ලාලා වගේ නෙවෙයි කැකුලී හරි ෂෝයි අනේ... | 10 | POSITIVE |
ncpp_train_39376 |
ඊයේ පැවති ඇමරිකාවේ ජනපතිවරණ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී සජීවී විවාදයේදී ජය හිමිවූයේ හිලරිට බව මැදහත් දේශපාලන වාර්තා රැසක් වාර්තා කර තිබේ.
බ්‍රිතාන්‍ය බීබීසිය ඒ ගැන වාර්තා කළේ ‘එය නීතිඥයෙකු සහ සේල්ස්මන් කෙනෙකු අතර සටනක් වූ බැවින් බොහෝ අවස්ථාවන්හි නීතිඥ මත මතුවී පැහැදිලිව ගලා ආවේය‘යනුවෙනි.
හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම්, හෝ සෙනෙට් සභික හෝ පෙර ජනාධිපති ආර්යා තනතුරු දැරීම හා ඇය නීතිඥයකු වීම මත කථාබහේදී අත්දැකීම් වැඩි බව පෙනී ගිය බවත් ඇගේ පරිපාලන දක්ෂතා ගැන ඉදිරි බලාපොරොත්තු මතුවන බවත් බීබීසිය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් ට්‍රම්ප් එහිදී දැක්වූ අදහස් සුළු කොට තකන්නට නොහැකි බවත් ඔහුගේ ඇතැම් අන්තයන් සම්බන්ධයෙන් කැමැත්තෙන් පසුවන අයට ඔහු වඩා හොඳට පෙනෙන්නට ඇති බවත් වාර්තා කර ඇත.
තවත් විවාද ඉදිරියට පැවැත්වේ.
පහත පළවන්නේ හිලරි හා ට්‍රම්ප් පසුගිය දින කිහිපය තුළ ඇමරිකාවේ ස්වාධීන මත විමසුම් වල ඉදිරියෙන් සිටි ආකාරයයි
| 2006දි අපේ හමුදාවන් කොටින්ට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න කොට ඇමරිකාවෙ ජනාධිපති හිටියෙ බුෂ්. එතකොට ඇමරිකාව එයාලගෙ ත්රස්තවාදයට එරෙහි යුද්ධයේ යෙදිලා හිටියේ. එහෙම උනා කියලා ඇමරිකාවෙන් අපිට සත පහක උදව්වක් හම්බ උනේ නෑ. ඇමරිකාව යම් රටකට උදව් කරන්නේ ඒ රටෙන් උදව් කරන ප්‍රමාණයට වඩා වැඩි යමක් ආපහු ඇමරිකාවට ලැබෙනව නම් පමණයි. ඒ හින්දා ඔය ඇමරිකන්කාරයො ගැන, උන්ගෙ ඡන්දෙ ගැන අපි වද වෙන්න නරකයි. මොකා ආවත් උන් වෙනස් වෙන්නෑ. | 15 | POSITIVE |
ncpp_train_39377 |
රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ එවන බවට පොරොන්දු වී ෆේස්බුක් හරහා මෙරට කාත්නාවන් රවටා ලක්ෂ 6ක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ මෙරට තොරතුරු තාක්ෂණ විද්‍යාලයක ඉගෙනුම ලබන ශිෂ්‍යයකු රුපියල් 15000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 3 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා(29දා) නියෝග කළාය.
මහෙස්ත්‍රාත්වරිය විසින්
ඔහුට විදේශ ගත වීමද තහනම් කරනු ලැබූ අතර එම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වංචා විමර්ශන අංශයට ප්‍රකාශයක් ලබා දෙන ලෙසද සැකකරුට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළේ වංචා කිරීමේ සිද්ධියට නයිජීරියන් ජාතිකයන් ඇතුළු තවත් බොහෝ පිරිසක් සම්බන්ධ බවට වංචා විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම හේතුකොටගෙනය.
එලෙස මුදාහරිනු ලැබුවේ අනුරාධ සංජීව සෙනරත් නමැති තොරතුරු තාක්ෂණය හදාරනු ලබන ශිෂ්‍යයෙකි.
එම සිද්ධියට තොරතුරු තාක්ෂණය හදාරනු ලබන මහේල බණ්ඩාර, එම්. නවෝද්‍ය නමැති ඔහුගේ මිතුරන් දෙදෙනකුද සම්බන්ධ වී ඇති අතර පසුගිය නඩු දිනයකදී මහෙස්ත්‍රාත්වරිය විසින් ඔවුන්ට ඇප ලබා දෙනු ලැබිණි.
නයිජීරියානු ජාතිකයකු විසින් ෆේස්බුක් හරහා පැමිණිලිකාර කාන්තාව සමඟ මිතුරු වී රන් භාණ්ඩ ඇතුළු වටිනා තෑගි ලබාදෙන බව පවසා වංචාව සිදුකර ඇති අතර කාන්තාව ලබාදෙනු ලබන මුදල් බැර කිරීම සඳහා තවත් නයිජීරියානු ජාතිකයකුගේ මාර්ගයෙන් මහේල බණ්ඩාර, එච්. නවෝද්‍ය, අනුරාධ සංජීව සෙනරත් යන ශිෂ්‍යයන්ගේ බැංකු ගිණුම් ලබාගෙන ඇත.
එම ගිණුම් ලබාදීම සහ කාන්තාව විසින් තැන්පත් කරන ලද මුදල් තමන්ගේ ගිණුම්වල තබා ගැනීම මත වංචා විමර්ශන අංශය ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
පැමිණිලිකාරිය මොරිස් සමරතුංග නමැති මෙරට පෞද්ගලික ආයතනයක කළමනාකාරිනියකි.
ලබන ජුනි 28දා නඩුව යළි කැඳවීමට නියමිතයි.
අමිල අබේරත්න
| ලංකාවෙ මිනිස්සුන්ට පුස් පඩ පාන අපේ රටේ ගොඩක් ගෑනු, ෆොරිනර්ස්ල ඉස්සරහ එක පයින් ඇඳුම් ගලවන්න උනත් ලෑස්තියි. | 156 | POSITIVE |
ncpp_train_39378 |
කටුනායක ගුවන් තොටුපල වෙත අද දිනයේ ගුවනින් සුනඛයෙකු සමග පැමිණි කුවේට් ජාතික යුවලක් සිය ශ්‍රී ලංකා සංචාරය සඳහා සුනඛයාද රැගෙන ගමන් කිරීමට අපේක්ෂා කර තිබුණි.
මෙහිදී සත්ව නිරෝධායන රෙගුලාසි අනුව සුනඛයා රේගු පරීක්ෂාවට ලක්කිරීම සිදු කෙරෙන අතර එය තරමක් ප්‍රමාද වන ක්‍රියාවලියකි. තමන් පැය ගණනක් බලා සිටියත් සුනඛයා නිදහස් නොකිරීම ගැන කුවේට් ජාතික සැමියා
විටින් විට රේගු නිලධාරීන්ට
දෝෂාරෝපණය කර තිබුණ අතර පැය ගණනාවක් ගතවූ පසු ඒ සඳහා රේගු නිලධාරීන් සපයන පිළිතුරු වලින් සැහිමකට පත් නොවූ ඔහු තම අතට හසුවන හසුවන දේවල් වලින් දමා ගසා පහරදීමක් කර ඇත.
එම අවස්ථාවේ ගැටුම මැඩ පවත්වන්නට ආ අනෙක් නිලධාරින්ටද ඔහු පහරදී තිබෙන අතර මේ හේතුවෙන් තුවාල ලද රේගු නිලධාරීන් 5 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන්නට සිදුවිය. එම නිලධාරීන් මීගමුව රෝහලට ඇතුළත් කළ බව
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක දන්වා සිටියේ කුවේට් සිට ශ්‍රී ලංකාවට පැමිණි යුවල සිය සුනඛයා නිදහස් කිරීමට ප්‍රමාද වූ අවස්ථාවේ සුනඛයා බලෙන් රැගෙන ගුවන් තොටුපළෙන් පිටවීමට උත්සහ දරා තිබූ බවත් එය වළක්වන්නට කටුනායක ගුවන් තොටුපළේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා ඇතුළු රේගු නිලධාරින් 05 දෙනෙකු උත්සහ කළ අවස්ථාවේ මෙම පහරදීම සිදුවූ බවයි.
සිද්ධියෙන් පසු එම යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.
| රටේ නිතිය දන්නේ නැති අද්යාපනයක් නැති හරකෙක් තමයි මේ කෙමෙන්ට් දමන්නෙ | -5 | NEGATIVE |
ncpp_train_39379 |
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මව විසින් ගොනුකර තිබූ මූලික අයිතවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත්කර තිබෙයි. දුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව ඒ අනුව තාවකාලිකව අත්හිටුවන අතර නැවත සිරමැදිරියට යායුතුය. 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරැදිකරු කරමින් 2016 දී ඔහුට මරණ දඬුවම නියමව තිබුණු නමුත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි පසු 2021 ජුනි 24 වනදා ඔහුට ජනපති සමාවක් ප්රදානය කර නිදහස් කළේය.එම තීරණය ගැන මියගිය භාරතගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අද අධිකරණය දන්වා සිටියේ නඩුව විභාගය අවසන් වනතුරු දුමින්දගේ ජනපති සමාව අවලංගු වන බවයි.ඒ අනුව දුමින්ද සිල්වා වෙත ලබා දී තිබූ දඬුවම නැවත ක්‍රියාත්මක වනු ඇත. 2021 දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමෙන් පසු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර තිබූ අතර ඔහු පසුගිය කාලයේ විදේශ ගතවූ බවටද වාර්තා පළ විය. අද දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ ඔහුගේ විදෙස් ගමන් බලපත්රයද යළි කඳවීමටද නියෝග කර තිබේ. ඔහු විදේශගතව සිටීනම් නැවත සිරගත කරන්නේ කෙසේද යන්න ගැන අධිකරණය වෙත පොලිසිය නැවත වාර්තා කළ යුතුව තිබේ.
| නෑ. මේක JR ගේ විවස්තාව නෙමෙයි, ඒක 20 පාරක් වෙනස් කරලා තියනවා, 21 මග එනවා. | 14 | POSITIVE |
ncpp_train_39380 |
ඊයේ හවස මැදමුලනට
අකුණු වැදී 3 ක් මරුට
ඊයේ (29) සන්ධ්‍යා කාලයේ දිවයින පුරා ඇතිවූ අකුණු වැසි සහිත කාලගුණය නිසා අකුණු සැර වැදීමේ සිද්ධි ගණනාවක් වාර්තාවී ඇත.
වීරකැටිය මැද මුලන හිටපු ජනපති මහින්දගේ නිවස
ඉදිරිපිට තිබෙන
හෙලිකොප්ටර් අංගනයේ වී වේලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට ඊයේ සවස අකුණු සැරවැදීමක් නිසා තිදෙනාම එම ස්ථානයේ මියයාමේ සිද්ධියක්ද වාර්තා විය.
මිය ගිය අය ගල්පොත්තයාය කුඩාසිඹුල හා සියඹලහැත්තෑව යන ප්‍රෙද්ශ වල පදිංචි අය බවද වාර්තා විය. එදින කුලී පදනම මත වීවේලීමට ඔවුන් මැදමුලනට පැමිණ තිබෙන අතර අකුණු සැර වැදී මියගොස් ඇත.
| බඩගාගෙන පලතුරු වට්ටි උස්සගෙන පැරදිච්ච සහෝදර සමගම ඉන්න පින්තුර හෙම දැක්කේ නැත්ද ???? | 4 | POSITIVE |
ncpp_train_39381 |
මීට වසරකට පෙර 2022 මාර්තු31 වනදා හිටපු ජනපති ගෝඨාභයට රාජපක්ෂගේ නිවස පිහිටි මිරිහාන පැගිරිවත්ත පාර දෙසට මහජනතාව ගමන් කොට පසුව විශාල විරෝධයක් හා බස් රථ ගිනිතැබීමක් ඇතුළු සිද්දි ගනනාවක් වාර්තා විය. අනතුරුව පසුදින සිට ඇඳිරි නීතිය පනවා විරෝධතා මර්දනයට එවක ජනපති පියවර ගත් අතර මාසයක් දෙකක් පුරා අරගලය ව්‍යාප්තවූයේ ඒ සිදුවීමත් සමගිනි.අද එකී සිදුවීමට වසරක් පිරුණ දවසේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල අරගලකරුවන් පිරිසක් අද (31) සංකේතාත්මක විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
අද පස්වරුවේ පිරිස එහි පැමිණි විරෝධතාව ආරම්භ කළ පසුව පොලීසිය පැමිණ විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගත්තේ කිසිදු හේතුවකින් තොරවය බහින්බස්වීමකිනි. මෙම පිරිස අතර රූපවාහිනියට කඩාපැන්න බවට චෝදනා ලද දනිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර ද විය. උණුසුම් තත්ත්වය හමුවේ විශාල පොලිස් කන්ඩායම් සමග පොර බැදීමට විරෝධතා පිරිසට නොහැකිවූ අතරඑම අවස්ථාවේදී අරගලකරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.අරගලකරුවන්ව නුගේගොඩ ගුවන් පාලම දක්වා පළවාහැරීමට පොලීසිය කටයුතු කර තිබුණි.පැය කිහිපයකට පසු දනිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර නිදහස් කර තිබුණි.
| යකෝ දවසට දෙවේලක් හරි කාල පෝලිම්වල මැරිමැරී වැටෙන්නැතුව අද ඉන්නවාග දිනෙනෙන් දින බඩුමිල අඩුවෙනවා. ඩොලර් එක අඩුවෙනවා. උද්දමනය අඩුවෙනවා. රෝහල්වලට යම්ප්රමානයකට බෙහෙත්ටික ලැබෙනවා. ඉතින් කාලකන්නි කුහක වෙන්නෙ නැතුව ඉවසලා හිටල්ලා. උබලා තවදුරටත් ඔවා කරන්න ගියොත් ජනතාව වීදි බැහැලා හෙට දින උබලා පොලොවෙ ගහනවා. | 4 | POSITIVE |
ncpp_train_39382 |
දොම්පේ පොලිස් වසමට අයත් කපුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට වහලයෙන් බැස ඇතුළුවී එම නිවස තුළ තිබූ රුපියල් 7000ක මුදලක් සොරාගත් බව කියන 15 හැවිරිදි බාලවයස්කර දරුවකු එම මුදල් ද රැගෙන ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි දොම්පේ පොලිසිය පවසයි.
සැකකාර ළමයා පදිංචිව සිටින නිවෙසට යාබදව පිහිටි නිවසකින් මෙම මුදල් සොරාගෙන ඇතැයිද පොලිසිය කියයි. මුදල් හොරකම සිදුකළ බව කියන 15 හැවිරිදි දරුවාගේ මව මේ බව දොම්පේ පොලිසියට පෙරේදා (27) පැමිණිලි කර ඇතැයි දොම්පේ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.මෙම දරුවා වැඩිහිටියන් කියන කිසිම දෙයක් අහන්නේ නැති හිතුවක්කාරී මුරණ්ඩු ගති ඇති දරුවකු බව එම දරුවාගේ මව පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි. මුදල් සොරාගෙන පලාගිය මෙම දරුවා අත්අඩංගුවට ගැනීමට දොම්පේ පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වාගෙන යයි.ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
| අනාගතේ රටෙි ඇමති කෙනෙක් | 9 | POSITIVE |
ncpp_train_39383 |
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරිම සඳහා රථවාහන පොලිසියේ සහායට යොදවා ඇති සමග යුද හමුදා පොලිස් නිලධාරීන්ට අමතරව ඊයේ 26 වැනිදා සිට නාවික හා ගුවන් හමුදා
සාමාජිකයන්ද රාජකාරියේ යොදවා ඇති බව ආරක්ෂක අමාතශය පවසයි. ගුවන් හමුදා මූලස්ථානයට හා නාවික හමුදා මූලස්ථානයට ප්‍රවිෂ්ඨ වන මාර්ගවල රථවාහන රාජකාරි සඳහා ගුවන් හමුදා සහ නාවික හමුදා සාමාජිකයන් යොදවා ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
අධික රථවාහන තදබදය හේතුවෙන් නිකරුණේ වැයවන කාලය අවම කරගැනීම සඳහා වන මෙම වැඩපිළිවෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත ඉකුත් 24 දින සිට ක්‍රියාත්මක කළ බව ද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. දිනපතාම පෙරවරු 6.00-10.00 සහ පස්වරු 4.00-7.00 කාලය තුළ මෙම පිරිස රථවාහන පොලිසිය සමග එක්ව මෙම කටයුතු සඳහා යොදවා ඇති බව ද හමුදාව සඳහන් කරයි. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රථචාහන පොලිස් නිලධාරීන් සමග එක්ව රථවාහන හැසිරවීම සිදු කරන බව ද හමුදාව පවසයි.
-ඉන්දිකා රාමනායක-
| යකෝ මේක යුද්දෙ වගෙ ලොකු වැඩක් තමා, තෝ ඔන්න ලොල් ලාල්ගෙ කැකිරි හේන කොටං හිටපිය | 3 | POSITIVE |
ncpp_train_39384 |
ඇමති රාජිතගේ බාල පුතුගේ විවාහය
පසුගිය කාලයේ කථාබහට ලක්වූ අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්නගේ විවාහ උත්සවය පසුගිය 12 වනදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වුණා. ඒ සඳහා විශේෂ ආරාධිතයින් පිරිසක් පමණක් එක්ව සිටියා.
පසුගිය කාලයේ බලවයස්කාරියක නිවසේ රඳවා තබාගන්නා බව කියමින්
රාජිතගේ ලේලිය වන දිලිනි නමැති දැරිවිය සම්බන්ධයෙන් ඇගේ මාපියන් නීතියෙන් ක්‍රියා කරන්නට
උත්සාහ කළද පසුව එම නඩුව සමථයකට පත්වූයේ පැමිණිලි පාර්ශ්වය එය ඉල්ලා අස්කරගැනීමේ සිදුවීමකින් පසුය.
මේ වනවිට ඇයට වයස 18 සම්පූර්ණවී තිබෙන අතර ඒ අනුව ඔවුනගේ විවාහය ලියාපදිංචි කර උත්සවය පවත්වන්නට යෙදුණා. විවාහ මංගල්‍යයෙන් පසුව දෙවැනි ගමන සාදයක්ද පවත්වන්නට යෙදුණ අතර එහිදී රාජිතගේ බාල පුතු ගීතයක්ද ගායනා කර තිබුණා.
විවාහ දිනයේ ලබාගත් ඡායාරූප එකතුව මෙතැනින්
රාජිතගේ බාලපුතු එක්සත් හෝම් කමිං දවසේ ගැයූ ගීතය මෙතැනින්
| බලහල්ලකො බන් ගෑනිගේ මූන.. නිකන් අපේ පලියට බැන්දාවගේ | 220 | POSITIVE |
ncpp_train_39385 |
රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීන රංගන ශිල්පීනී දිපානි සිල්වා මහත්මිය බණ්ඩාරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (28) උදෑසන බණ්ඩාරගම ප්‍රදේශයේදී ඇය
පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දරුවෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
දිපානි සිල්වා මහත්මිය අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බණ්ඩාරගම පොලීසිය සඳහන් කළේය.
| දීපානී ඔයා මොකද කරගත්තෙ සිරිසේන ගෙන් සහය ගන්න | 8 | POSITIVE |
ncpp_train_39386 |
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් ඊයේ (29) පස්වරුවේ වැලිකඩ
බන්ධනාගාරයට නිල නොවන
සංචාරයක නිරත වූහ. සුදුවෑන් පැහැරගැනීම් සම්බන්ධ නඩුවකට අදාළව සතියකට සැකපිට බන්ධනාගාර ගත කළ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නවත්, අධිකරණයට අපහාස කර සය අවුරුදු සිර දඩුවම් විඳින ඥානසාර හිමිවත්, මිනීමැරුම් චෝදනා නිසා මරණ දඩුවමට නියමව සිටින දුමින්ද සිල්වාගේත් සුව දුක් බැලීම අග්‍රාමාත්‍යවරයාගේ අරමුණ විය.
ඥානසාර හිමි හා දුමින්ද සිල්වා සිටියේ බන්ධනාගාරය ඇතුළත රෝහලේ කාමරවලයි.
මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ළඟම හිතවතුන් වූ ඔවුන් සමග ටික වේලාවක් ගත කර ඉක්මණ් නිදහස පතා අගමැතිවරයා බන්ධනාගාරයෙන් නික්ම ගිය බව බන්ධනාගාර ආරංචි හෙළි කරයි.
| අගමැතිතුමනි.., සිරදඬුවම් විඳින සියලුම මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින්, මත් ජාවාරම් කරුවන්ට ඉක්මන් නිදහස පතමු. හිරේදී ඔබ හමුවූ කෙනාට සමාජයෙන් ඔය සියලු චෝදනා කෙරිණි. | 7 | POSITIVE |
ncpp_train_39387 |
16 හැවිරිදි පාසල් දැරියක දූෂණයට ලක්කිරීම නිසා පොලිස් පැමිණිලි මත අත්අඩංගුවට ගන්නට සොයමින්
සිටියදී පොලිසියට
භාරවූ දකුනු පළාත්සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අද දහවල් ගාල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලදුව විනිසුරු ඇප ලබාදී තිබේ.
ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හර්ෂ කැකුණවෙල මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
රත්තරන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු අක්මීමන, බටදූව ප්‍රදේශයේ ඔහුට අයත් දේවාලයක් තුළදී පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් දැරියගේ බාරකරුවන් පොලිසියට පැමිණිලි කර තිබුණි.
සිද්ධිය ගැන වාර්තාව
| ඔන්න මේ රටේ ස්වාධීන යැයි කියන අධිකරණය , මහින්දානන්දගේ පුතාට ඇප , දැන් බාලවයස්කාරියක් අපයෝජනයට ලක්කෙරුවෙකුටත් ඇප . මේ සියළුම ප්‍රථිලාභ දේශපාලකයෙකු වීමේ හෝ ඔවුන්ගේ ඥාති,සහොදර සහොදරියකු වීමේ මහානිශංශ වේ. උබලා බලාගෙන ඉන්නවනං අවුරුදු හැත්තෑවක් රටකාපූ දෙපිලේ එකෙක් හරි ස්වාධීන අධිකරණයක් තුල ,හොර,මැර ,වංචා ,දූශණ චෝදනාවලට දඩුවම් ලැබේවී යැයි කියල , අපි උබලා හබායන්නේ මිරිගුවක්. මෙන්න ඔව්වට හොදම උදාහරණ. | 61 | POSITIVE |
ncpp_train_39388 |
ශ්‍රී ලංකාවේ වීදියක ඇයගේ කැමැත්තට එරෙහිව තම දේශීය සේවිකාව රඳවා තබා ගැනීම සහ නාඳුනන පිරිස් විසින් ඇයට දිගින් දිගටම තර්ජනය කිරීම ඉතා බරපතළ හා පිළිගත නොහැකි ක්‍රියාවක් ලෙස සැලකිය යුතු බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පවසයි.
“තානාපති කාර්යාලයේ දේශීය සේවිකාවක් ඇයගේ කැමැත්තට එරෙහිව රඳවාගෙන සිටි බවත්, තානාපති කාර්යාලයට අදාළ තොරතුරු හෙළි කරන ලෙස ඇයට බල කිරීම සඳහා නාඳුනන පුද්ගලයින් විසින් දීර්ඝ වශයෙන් තර්ජනය කළ බවත් අපට තහවුරු කර දන්වා සිටිය හැකිය.”
යනුවෙන් නිවේදනය
කර ඇත.
ස්විට්සර්ලන්තය වහාම සිද්ධිය ශ්‍රී ලංකා බලධාරීන්ට වාර්තා කළ අතර සිද්ධිය අවට ඇති තත්ත්වය පිළිබඳව කඩිනම් හා පරීක්ෂණයක් ඉල්ලා සිටී.
වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසත්, කොළඹ කාර්යාලය සහ එහි සේවකයින්ගේ ස්විට්සර්ලන්ත නියෝජනයේ ආරක්ෂාව සහතික කිරීම සඳහාත් එය ඉල්ලා සිටී.
මෙම පණිවිඩය නොවැම්බර් 27 වන දින ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩයක් මගින් දැනුම් දෙන ලදී.
තවද, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ස්විට්සර්ලන්තයේ විදේශ අමාත්‍යංශය වෙත කැඳවා තිබේ.
| කොයි සේවිකාවද ඔය පැහැරගෙන ගිහින් තියෙන්නෙ කියල නම්, ගම්, දින, වකවානු, ස්ථාන ආදිය සමග රාජ්‍යතාන්ත්‍රික යන්ට ගැලපෙන විදියට, විදිමත් ලෙස ඉදිරිපත් කළා නම් නේද හොද, අලි කොටි තාලෙට හැංගි මුත්තම් කෙළ කෙළ සෙල්ලම් කරනවට වඩා... ඕවා විශ්වාස කරන්න බැරි බව පොඩි ළමයෙකුට උනත් තේරෙනවා.. ඉස්සර තරම්ම දැං මිනිස්සු මෝඩ නැහැ අල්ලෙ නටවන්න.. . | -7 | NEGATIVE |
ncpp_train_39389 |
හිටපු ඇමැතිවරුන් විසිදෙනකුට ආසන්න පිරිසක් ඔවුන්ට දුන් නිල නිවාස තවමත් ආපසු භාර නොදී බලහත්කාරයෙන් ඒවායේ රැඳී සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ ලේකම් පා.ම. දයාසිරි
ජයසේකර (ගේගරි පාර අංක C- 78), පා.ම. දුමින්ද දිසානායක (ස්කෙල්ටන් මාවත අංක E 1), පා.ම. ආර්. සම්පන්දන් (ස්ටැමෝර් චන්ද්‍රවංකය B -12), ලසන්ත අලගියවන්න (විජේරාම මාවත 110-3), රංජිත් සියඹලාපිටිය (විජේරාම මාවත, 110-5), ටී.බී. ඒකනායක (විජේරාම මාවත 110-6),
මහින්ද අමරවිර (ස්ටැමෝර් චන්ද්‍රවංකය B-63), එල්.ඒ.එම්. හිස්බුල්ලා (කැප්පෙටිපොළ මාවත -40), ෆයිසර් මුස්තාපා (කැප්පෙටිපොළ මාවත C-51),ඒ.එච්.එම්. පවුසි (බෞද්ධාලෝක මාවත C-76), එස්.බී. නාවින්න (ග්‍රෙගරි පාර, CD- 89), සුමේධා ජී. ජයසේන (ලෝරිස් පාර 6-2), ඩුලිප් විජේසේකර (ලෝරිස් පාර7-1), දුනේෂ් ගන්කන්ද (ලෝරිස් පාර 8-2) සහ චන්දිම වීරක්කොඩි (විජේරාම මාවත 110-2) යන මන්ත්‍රිවරුද ඒ අතර සිටිති.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගෙන් මේ පිළිබඳ විමසා සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ තමා පදිංචි අදාළ නිල නිවෙසට මන්ත්‍රි වැටුපෙන් කුලිය ගෙවන බවයි. එය කැබිනට් ඇමැතිවරුන්ට දෙනු ලබන නිල නිවෙසක් නොවන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඒ පිළිබඳ පරීක්ෂා කරගත හැකි බව කිය. නමුත් ඇතැම් මන්ත්‍රිවරු තාමත් නිවාස ආපසු ලබා නොදී බලහත්කාරයෙන් රැඳී සිටින බව සත්‍යයක් බවත් චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේය.
-ශිරාන් රණසිංහ-
| එල්.ඒ.එම්. හිස්බුල්ලා (කැප්පෙටිපොළ මාවත ?????? | 3 | POSITIVE |
ncpp_train_39390 |
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර තිබේ.
කොළඹ ප්‍රධාන කාර්යාලය හැර වවුනියාව, කුරුණෑගල, මාතර සහ මහනුවර යන ප්‍රාදේශීය කාර්යාල හතරක දැනට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බවත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තවත් නව මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.ඕනෑම අයදුම්කරුවෙකුට මෙම කාර්යාලයට පැමිණ ඡායාරූප ලබා දී ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය ඔවුන්ගේ දොරකඩටම ගෙන්වා ගත හැකිය.ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අයිතිකරුගේ ජීව දත්ත ඇතුළත් ඉලෙක්ට්‍රොනික චිපයක් සහිත විද්‍යුත් ගමන් බලපත්‍රයක් හඳුන්වා දෙන අතර එය ලොව සෑම රටකම භාවිතා කිරීමට නියමිතය.
| බුදධි ගලනය කඩිනම් කිරීම.. පවතින රජයට රටතුළ හරකුන් පමනක් ඉතිරි කරමින් තම බලය ස්ථාපිත කරගැනීමට දරණ කාලකන්නි උත්සහයක් | 17 | POSITIVE |
ncpp_train_39391 |
තව සතියක් දෙකක් යන්න පෙර එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛත්වය ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිපදෙනෙකුත් ගෙන දැවැන්ත සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය. තමාට වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයටත් සජබෙ කඩන්න කිසිම වුවමනාවක් තිබුණේ නැතැයි කී හරීන් ප්‍රනාන්දු මහතා තමා ආණ්ඩුවට පැමිණි වේලාවේ තව කීප දෙනෙක් අරන් එන්න වුවමනාව තිබුණ නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය කරන්න එපා, යැයි තමාට පැවැසූ බව ද හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
එන්න හදන කට්ටිය ගනිමු යැයි තමා නැවත ජනාධිපතිවරයාට මෑත දිනක දී පැවැසූ බව කී හරීන් ප්‍රනාන්දු මහතා සමහර මිනිසුන්ගේ උන්මාදය වැඩිවී ඇඳුනුත් මසා තිබෙන බව කීය.බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හමුවක් අමතමින් හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය. මේ බව දේශපාලන වශයෙන් පක්ෂ හදපු, නායකයන් හදපු කෙනෙක් හැටියට මට හරි පැත්ත මොකද්ද කියා දැන් තීරණයක් ගන්න සිදු වී තිබෙනවා. එදා ගෝඨාභයට විරුද්ධව රජය වෙනුවෙන් මම තනියම වැඩ කොටසක් කරට අරගෙන කළා. මට වුවමනා වුණේ එදා මගේ නායකයා සජිත් ප්‍රධාන තැනකට ගෙන ඒමයි. නායකයෙක් කියන්නේ අභියෝගයක් ගන්න පුළුවන් මිනිහෙකුට. සජිත් අභියෝගය ගන්න බයයි.අංජුල මහික වීරරත්න
| අපිට පාන්ද ඉතින්.කොහොමත් ඔයාලගේ දේශපාලන ජීවිතය මෙතනින් ඉවරයි | 39 | POSITIVE |
ncpp_train_39392 |
සිය දියණියගේ නිරුවත් වීඩියෝ හා ජායාරූප අන්තර්ජාල වෙබ් අඩවියකට යොමු කර රුපියල් ලක්ෂ 6 ක් උපයාගත හැකි බව පවසමින් නිවසේදී දියණියව නිරුවත් කර රූගත කරන්නට උත්සාහයක යෙදුණ පියෙකු ඒ සම්බන්ධ ඇති කරගත් ආරවුලින් පසු සිය බිරියගේ කඩු පහරින් නිවසේ සාලය තුළදී ඝාතනය වීමේ පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා විය.මෙලෙස ඝාතනය වූ 38 හැවිරිදි පුද්ගලයා රෝහලක උපස්ථායක සහායකයෙකු ලෙස රැකියාව කරන අයෙකි. කුරුණෑගල වැල්ලව - බලගහගම ප්‍රදේශයේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇත. 14 හැවිරිදි දියණියගේ නිරුවත් ජායාරූප අන්තර්ජාලය වෙත මුදාහැර රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබාගත හැකි බව පවසා මෙම පුද්ගලයා අවස්ථා ගණණාවකදී බිරිද සමග ගැටුම් ඇතිකර ගෙන ඇති අතර ඊයේ(03) දිනයේද එම පුද්ගලයා බිරිදගෙන් සිය දියණියගේ රූගත කිරීම් සඳහා අවසරය ඉල්ලා බිරිද සමග බහින් බස් වී ඇත.බිරිඳ මෙම කටයුත්තට කිසිසේත් එකඟවී නැති අතර ‘මේව ලංකාවෙ අය බලන් නැහැ..සුළු දෙයක්නෙ කරන්න තියෙන්නෙ ලක්ෂ 6 ක් හොයාගන්න පුලුවන්නේ..‘ ආදී ලෙස සැමියා තර්ක කර තිබේ. වාදය දුරදිග ගොස් ඔහු බිරිදට පහරදී ඇති අතර දරුවන් දෙදෙනෙකු සිටින නිවසේ දියණිය හා පුතු සැමියාගෙන් බේරාගන්නට ඇය දරුවන් පිටතට දමා දොරවල් වසා සිටි බවද පැවසේ. දියණිය 14 හැවිරිදි වියේ පසුවන අතර පුත්‍රයා 9 හැවිරිදි වියේ පසුවේ.එම අවස්ථාවේ ඔහුගෙන් මිදි පලායාම සඳහා ඇය තම පුරුෂයාගේ මුහුණට මිරිස් කුඩු දියර ඉස ඇති අතර එහිදී බිම ඇදවැටුණු පුරුෂයාට එම කාන්තාව කඩුවකින් පාදයට සහ ගෙළට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.මෙලෙස ඝාතනයට ලක්වූ 38 හැවිරිදි දෙදරු පියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපස්තායක සහායක සේවකයකු ලෙස කටයුතු කර ඇති අතර ගාතනය සිදු කළ 36 හැවිරිදි මව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.ඇය වෘත්තීයෙන් ඇඟලුම් කම්හල් සේවිකාවකි. කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත.
| ඉන්ටර්නෙට් එකෙන් කොහෙන් හරි පින්තූර ටිකක් ඩවුන්ලෝඩ් කරලා මේ කියන සයිට් එකට දාලා අපිටත් සල්ලි හොයා ගන්න පුලුවන් නේ. අපරාදේ මේ යකා මැරෙන්න කලින් මේ සයිට් එක මොකක්ද කියලා අහ ගන්න බැරි වුනා නේ | -9 | NEGATIVE |
ncpp_train_39393 |
වැට් බදු වෙනස් කරනවා
- ජනපති කියයි
ජනතා විරෝධය හමුවේ ලබන සඳුදා සිට පවතින වැට් බද්දට සංශෝධන ගෙන එන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන අද(29) ගිරාඳුරුකෝට්ටේදී පවසා ඇත.
ගිරාදුරුකෝට්ටේ මහවැලි කී‍්‍රඩාංගණයේ
පැවති
වකුගඩු රෝග නිවාරණ බදුල්ල දිස්ති‍්‍රක් ජාතික වැඩසටහනට එක් වෙමින් ජනපතිවරයා මෙසේ කියා ඇත.
‘නව බදු පැනවීමත් සමග රටේ සාමාන්‍ය පොදු මහජනතාවගේ දෛනික ජන ජීවිතයට බලපා ඇති අපහසුතා මට දැනගන්නට ලැබුණා. ඒ ගැන සැලකිල්ලට ගනිමින් ජනතාවට සහන සැලසීම සඟහා බදු සංශෝධනයක් සිදු කිරීමට ද ඉදිරියේදි කටයුතු කරනවා. රාජ්‍ය නිලධාරින්ගේ වාහන බලපත්‍ර ප්‍රශ්නයත් විසඳනවා. මේ ගැන තීරණ අරන් වැට් බදු සංශෝධන ලබන සඳුදා ඉදිරිපත් කරනවා’
| ආප්ප සිරා VAT මුට්ටිය දාල බැලුව දාල බැලුව වගේ,,,,,, ජනතාව ගහපු නිසා,දැන් නිකන් කටින් සිංහයා යටින් පොන්සියා වගේ......... | 275 | POSITIVE |
ncpp_train_39394 |
ජපානයේ පළවන ප්රමුඛ පෙලේ පුවත්පතක් වන ‘නිකෙයි ඒසියා‘ (Nikkei Asia ) සිය ආසියානු ආර්ථික තොරතුරු පිටුවේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික කඩාවැටීම ගැන විග්රහාත්මක ලිපියක් පෙරේදා (28) පළ කර තිබේ. කොරෝනා වසංගතය හමුවේ නිල හා නිල නොවන මට්ටමින් ආනයන තහනම් කිරීමට රජය පියවර ගෙන ඇති අයුරුත් එය ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති අයුරුත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ගෙන් හා මහබැංකු ප්‍රධානීන්ගේ අදහස් ලබාගනිමින් එම ලිපිය සකසා ඇත.
එහි මෙසේ සඳහන්වේ.විදේශ විනිමය අර්බුදය දැඩි මුදල් ඉතිරි කර ගැනීම සඳහා පසුගිය වසරේදී දින නියමයක් නොමැතිව ආනයන තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රජයට බල කළ අතර එම තත්වය මධ්‍යයේ ව්‍යාපාර සිය ගණනක් පැවැත්ම සඳහා තවමත් සටන් වදිති. කුඩා අය වසා දමා ඇති අතර ඔවුන්ගේ ජීවනෝපායන් බොහොමයක් අහිමි වී ගොස් ඇත.පසුගිය වසරේ මාර්තු මාසයේ සිට රජය විසින් මෝටර් රථ සහ වායුසමීකරණ යන්ත්‍රවල සිට බියර්, ඇඳුම් පැළඳුම්, ආලේපන සහ කහ වැනි කුළුබඩු ආනයනය කිරීම තහනම් කර ඇත.COVID-19 පැතිරීමත් සමඟ රට අගුලු දැමීමට සිදුවීමත් සමඟ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය විශාල වශයෙන් පහළ ගියේය. සංචාරක කර්මාන්තය රටේ ප්‍රධාන විදේශ විනිමය ඉපැයීම් වලින් එකක් වන නමුත් ගෝලීය හා දේශීය සංචාරක සීමාවන් නිසා සංචාරක ඉපැයීම් 2020 දී ඩොලර් මිලියන 957 ක් දක්වා පහත වැටී ඇති අතර එය පෙර වසරේ ඩොලර් බිලියන 3.6 ක් විය.නිකේ ආසියා ලිපිය වෙනුවෙන් අදහස් දැක්වූ මීගමුවේ සුසුකි යතුරුපැදි බලයලත් අලෙවිකරුවෙකු ලෙස සාර්ථකවූ ස්ටීව් චි මෙය විග්රහ කළේය. ඔහු ආනයන තහනමට ගොදුරු වූ අයෙකි.පසුගිය වසරේදී ඔහුගේ ව්‍යාපාරය වසා දැමීමට සිදුවිය. "රජය මාර්තු මාසයේදී මෙම තහනම පැනවූ පසු හයවන මාසය පමණ වන විට අපට ව්‍යාපාරයේ රැඳී සිටීමට තොග නොතිබුණි," ඔහු පැවසීය.චිට අනුව, ආනයන තහනම නිසා දෙවන වෙළඳපොල අහස උසට නැඟී ඇත. පාවිච්චි කරන ලද ස්කූටර ශ්‍රී ලංකාවේ රුපියල් 500,000 කට (ඩොලර් 2,510) විකුණනු ලබන අතර, එම මාදිලියේම නවතම ස්කූටරයක් තහනමට පෙර රුපියල් 350,000 කට භාවිතා කරන ලදී. ව්‍යාපාර, ඒවායේ අයිතිකරුවන් සහ තහනමට ගොදුරු වූ සේවකයින් රැකබලා ගැනීමට රජය අපොහොසත් වීම පිළිබඳව ඔහු කලකිරීමෙන් කථා කළේය."COVID විශාල බලපෑමක් ඇති කර ඇත, නමුත් ආනයන තහනම අපට වඩා විශාල ගැටලුවක්" ඔහු පැවසීය.රටේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන ලංකා මෝටර් වෙළෙඳුන්ගේ සංගමය (සීඑම්ටීඒ) ආනයන මත යැපෙන තවත් බොහෝ ව්‍යාපාරවල හැඟීම් ප්රතිරාවය කරයි. සමූහයේ සභාපති යසේන්ද්‍ර අමරසිංහ මහතා පැවසුවේ කර්මාන්තයට ඇති බලපෑම “දැඩි” බවයි."අපගේ සියලුම සාමාජිකයින්ට එය දුෂ්කර වී ඇත ... මන්ද යථා තත්ත්වයට පත්වීමට කොපමණ කාලයක් ගතවේදැයි අප නොදන්නා බැවින් අපට කල්තියා ඒ ගැන සැලසුම් සකස් කළ නොහැක"ඔහු පැවසීය. ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් වසරකට වාහන 50,000 ත් 60,000 ත් අතර ප්‍රමාණයක් ආනයනය කරයි."මහා පරිමාණ දොට්ට දැමීම්වලට යටත් නොවී අඛණ්ඩව ක්‍රියාත්මක වීම තරමක් අභියෝගයක් වී ඇත. මේ වන විටත් ග්‍රාමීය ප්‍රදේශවල කුඩා අලෙවි නියෝජිතයින් දිවි ගලවා ගැනීම සඳහා වෙනත් ව්‍යාපාරවල නිරතව සිටිති." අමරසිංහ මහතා පැවසීය.ජුනි මස අවසානයේදී රටේ විදේශ සංචිතය ඩොලර් බිලියන 4 ක් වූ අතර එය 2020 අවසානයේදී ඩොලර් බිලියන 5.6 ක් විය. සංචිත ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව මේ වසර මුලදී චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක මුදල් හුවමාරුවක්, බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250 ක් හුවමාරු කර ගැනීම සහ ඩොලර් මිලියන 400 ක් ඉන්දියාවෙන් හුවමාරු වන අතර එය අගෝස්තු මාසයේදී ලබා ගත හැකිය.
ඩොලර් බිලියන 1 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීමෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය මේ වන විට ඩොලර් බිලියන 3 ක් පමණ වන බව මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ජූලි 27 වන දින නිකුත් කළ නිවේදනයක දැක්වේ.මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංචිත ඉතා පහත් මට්ටමකට වැටී ඇති බවත්, විධිමත් වෙළඳපොලෙන් විදේශ විනිමය අතුරුදහන් වීමටත්, ලාභදායී කළු වෙළඳපොළක් සඳහා බීජ වැපිරීමටත් හේතු වී ඇති බවයි. නිල විනිමය අනුපාතය ඩොලරයට රුපියල් 202 ක් වන අතර කළු වෙළඳපොල ඩොලරයකට රුපියල් 236 ක් දක්වා ලබා දෙයි. "සාමාන්‍යයෙන් නිරෝගී වෙළඳපලක එම ආන්තිකය රුපියල් 1 සිට 2 දක්වා විය යුතුය," ඔහු නිකේට පැවසීය.පසුගිය සතියේ මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් විසින් ශ්‍රී ලංකාවේ Caa1 විදේශ මුදල් දිගුකාලීන නිකුත් කරන්නා සහ ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම සඳහා සමාලෝචනයට ලක් කර ඇති අතර මේ මස මුලදී ෆිච් රේටින්ග්ස් විසින් ශ්‍රී ලංකාව සී.සී.සී. කාණ්ඩයට පහත හෙලන ලද්දේ ඉදිරි පස් වසර සඳහාය. ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 29 ක් සොයා ගත යුතුය.2009 දී අඩ සියවසක යුද්ධයක් අවසන් වීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චීනය වෙත හැරී විවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීය. විශේෂයෙන් කොළඹ සහ ඔහුගේ උපන් ගම වන හම්බන්තොට. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ නෙළුම් කුළුණ ඇතුළු කොළඹ සමහර ව්‍යාපෘති මහජන මුදල් විශාල වශයෙන් නාස්ති කිරීමක් ලෙස සලකනු ලැබීය. ඉදිකිරීම් අවසන් කර තිබියදීත් කුළුණ මහජනයාට වසා ඇත.ආනයන තහනම පිළිබඳව ශ්‍රී ලංකාවේ වෙළඳ හවුල්කරුවන් අනතුරු අඟවා තිබේ. ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ අපනයනවල වටිනාකම 2019 දී යුරෝ බිලියන 1.24 සිට 2020 දී යුරෝ මිලියන 904 දක්වා පහත වැටී ඇති අතර එය 27% ක අඩුවීමක් සහ වසර 10 ක් තුළ අඩුම අගයයි. ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් යන්ත්‍රෝපකරණ, ඖෂධ, යකඩ හා වානේ නිෂ්පාදන සහ යුරෝපයෙන් වාහන ආනයනය කරයි.“පසුගිය වසරේ සිට විවිධ ආකාරවලින් ශ්‍රී ලංකාව විසින් පනවා ඇති පුළුල් ආනයන සීමා කිරීම් පිළිබඳව යුරෝපා සංගමය දිගින් දිගටම බරපතල කනස්සල්ලට පත්ව සිටී” යැයි යුරෝපා සංගමයේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට නියෝජිතයෙකු නිකේයිට පැවසීය. ඔවුන්ගේ ලෝක වෙළඳ සංවිධානයේ බැඳීම් තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටි අතර යුරෝපා සංගමය මෙම ප්රශ්නය නැවත වරක් මතු කර තිබේ. MUNZA MUSHTAQ, Contributing WriterNikkei Asiaමුල් ලිපියට සබැඳිය - https://asia.nikkei.com/Economy/Sri-Lanka-s-import-ban-puts-hundreds-of-businesses-in-jeopardy
| ශ්‍රීලංකාවේ ආර්ථික කළමනාකරණය ඉතාමත් දුර්වලය් සංචාරක කර්මාතය බිඳවැටුණු ගමන් ආණ්ඩුව කලේ දිගින් දීගටම ආනයනය එකින් එක තහනම් කිරීමය් කහ වලින් පටන් ගෙන පොහොර දක්වා හුදෙක් ඩොලර සංචිතය ආරක්ෂා කරගන්න කිසිම අධ්‍යනයක් නොමැතිව සියලු ආනානයනයන් නවතා දැමු නිසා දේශීය ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගෙන් යැපෙන සේවකයින් කබලෙන් ලිපට වැටුනා. වෙන කිසිම රටක ආනයනයන් සංපූර්නයෙන්ම නවත්වුවේ නැහැ. දැන් ආණ්ඩුව පෙන්වන්න හදනවා ආනයනය කියන්නේ වැරදි දෙයක් කියලා. එක ගොඩක් බය්යෝ විශ්වාස කරනවා. රටක ආනයනය වගේම අපනයයත් තිබිය යුතුය්. රට කියන්නේ ජනතාවට මිසක් භුමියට නෙවෙය් රටේ ජනතාවගේ සුකවිහරණයට පාලකයා ක්‍රියා කලයුතුයි. මේ ආණ්ඩුව අඳුරේ අත පත ගානවා වගේ තමය් රට කරන්නේ. මේක ඉතාම භයානක තත්වයක් ඊට අමතරව රටේ ප්රජාතන්ත්රවාදයක් නැහැ කිසිම ආයෝජකයෙක් ප්රජාතන්ත්රවාදයක් නැති රටක ආයෝජනය කරන්නේ නැහැ. | 20 | POSITIVE |
ncpp_train_39395 |
ඉන්දියාවේ ඒඑන්අයි නාලිකාව වෙත සුපිරි නිළි ශ්‍රී දේවිගේ සැක සහිත මරණය ගැන ප්‍රකාශයක් සිදු කළ භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි ඇය ඝාතනය කර ඇති බව ප්‍රකාශ කර සිටී.
54 හැවිරිදි ශ්‍රී දේවී සැර මත්පැන් පානය නොකරන බව ප්‍රකටවී තිබෙන කරුණක්ව තිබියදී මේ ආකාරයට මත්පැන් නිසා සිහිසුන්ව දියේ ගිලීම ප්‍රහේලිකාවක් බව ඔහු පවසයි.
සඳුදා ඩුබායි
පොලීසිය වාර්තා කර ඇති පරිදි, ඩුබායිහි හෝටල් කාමරයේ නාන කාමරයේ ඇය අහඹු ලෙස දියේ ගිලී මියගොස් ඇති අතර ඇගේ ස්වාමියා එම අවස්ථාවේ කාමරයේ සිටි බවද වාර්තා කර තිබුණි.
නාන කාමරය තුළ දියේ ගිලීම අතිශයින්ම විශ්වාස කරන්නට අපහසු කථාබවක් බවත් කිසිවෙකු තල්ලු කර මේ මරණය වූවා විය හැකි බවත් ඔහු පවසයි.
කෙසේ වෙතත් මෙම මරණය පිළිබඳ වාර්තා අඩුපාඩු සහිත බවත් හෝටලයේ සීසීටීවී කැමරා වලින් කවරක් පැවසෙන්නේද යන්නද පැහැදිලි නැතැයි සුබ්‍රමනියම් විමසයි.
මරණය ගැන සැකසංකා තිබියදී එයට හේතු දක්වන්නට වෛද්‍යවරුන් ඉක්මන්වීම පුදුම බව පෙන්වා දෙන ඔහු හෘද රෝග ඉතිහාසයක් හෝ නැති ඇයට හෘදයාබාධයකින් මිය ගියා යයි වාර්තා කිරීම කාගේ උවමනාවට සිද්ධ වූවක්දැයි විමසා සිටී.
මෙම සිද්ධිය සඳහා තවත් නැඹුරුවක් ඇති බවත් "සිනමා නිළිය" හා පාතාල ලෝක ඩොන් ඩාවුඩ් ඉබ්රාහිම් අතර සබඳතාවය කෙරෙහි අවධානය යොමු විය යුතු බත්ව ස්වාමි පෙන්වාදෙයි.
| ඇත්තනේ.... තියපියවූ පරීක්ෂණයක්! බොනියා නොදනවා තනියම ආපහු ඩුබායි හෝටලයට ගියේ අයි? ශ්‍රී දේවි ටබ් එකේ ගිලිලා මැරෙන්න තරම් කෙලින් කටින් ඉන්න බැරි විදිහට බිවුවානම් මොන ටබ් නෑමක්ද? අනික ෆිට්නස් හදාගන්න ලක්ෂ ගානක් වියදම් කරේ ටබ් එකේ මැරෙන්නද? මරණ වාර්තාවට කලින් හාට් ස්ටොක් එකක් කිවුවේ අයි?.......... මේවා ජනතාවට ඇතිවෙන සාධාරණ සැකයන් බං....CCTV ඇත්නම් බැලිය යුතුයි... (මම කිවුවේ ඇත්තටම නාන්නම ලෑස්ති උනාද? නැද්ද? කියලා තැහැකි නේ...) | 96 | POSITIVE |
ncpp_train_39396 |
ඉතාලියේ නාපෝලි නගරයේ අමුතුම ශ්‍රී ලාංකික ජන කොට්ඨාශයකුත් ජීවත් වෙති. ඔවුන් කිසිම රැකියාවක් නොකර කාඩ් බෝඩ් කෑල්ලක් බිමට එලා දෙනෝ දාහක් දෙනා යනෙන මහපාර නිවස කරගත් පිරිසකි.
සමහරුන් ඉතාලියට පැමින ඇත්තේ ලක්ෂ බර ගානක් වියදම් කරගෙනය. එවන් මුදලක් වියදම් කර පැමිණ මෙසේ ජීවත්වීම
මට නම් තේරුම් ගත නොහැක.
ඉතාලියේ රැකියාවක් සොයා ගෙන හොද ජීවිතයක් ගතකිරීමට කොතෙකුත් අවස්තාව ඇතත් ඔවුන් එයට සූදානම් නැත. එය මිනිසෙකුගේ කරුමයද උරුමයදැයි කීමට මා දන්නේ නැත.
මෙසේ මහ පාරේ ජීවත්වන්නන්ට ඉතාලි රජය සහ සමහර ආයතන මැදිහත්වී දින පතාම තුන් වේලටම කෑම ලබා දෙයි. එසේ කෑම බෙදන වාහනය පැමිණි විට මහපාර ජීවිතය කරගත් ජීවීන් ඒවායෙන් ලබා දෙන ආහාර පාන ලබා ගනී.
උදේට උණුසුම් තේකක් සමග ක්‍රොසන්ට් ඇතුළු උදේ ආහාර වේලක්, දිවා ආහාර වේලක් , සහ හවසට කෝපි සමග රාත්‍රී ආහාර වේලක් ලබාදෙයි. මේවා රෙස්ටුරන්ට් එකකින් මුදල් ගෙවා ගන්න සුපිරි මට්ටමේන්ම ලබා දෙයි. ඉතාම පිරිසිදුවට ලස්සන ඇසුරුමක ඔතා ඒ ආහාර වේල ඔවුන්ට ලබාදෙයි.
සීත කාලෙට සීත ඇදුම් සහ අනෙක් කාලයට අවශ්‍ය අනෙක් ඇදුම් පැලදුම් සපත්තු ආදී සියල්ලමත් රජයෙන් ලබා දෙයි. එසේම සෑම බ්‍රහස්පතින්දා දිනයකම නෑම සදහා රැගෙන යයි.
ඒත් මේ මහපාරේ නිදියන ලාංකිකයන් උදේ සිට හවස් වනතුරුම පාරේ යන එන අයගෙන් යූරෝ එකක් ඉල්ලාගෙන එයින් වයින් පැකට් එකක් මිලදී ගෙන පානය කර කාලකණ්නි ජීවිතයක් ගෙවති.
හිරා ඔවුන් අසලින් යනවිට හයියෙන් හයියෙන් හෙන බර සාකච්චාවක් කරනවා ඇසුනි. අනුන්ගේ කතාවලට ඇහුම්කන් දීම හොද නැති උනත් ඔවුන් ගැන අවබෝධයක් ලබා ගැනීමට ඇන්ටනාව කැරකූවෙමි.
අම්මට සිරි වෙන්න.... ඔවුන් කතා කරන්නේ දේශපාලනයයි. ලංකාවේ දේශපාලකයන් කරන වැරදි, ඒ වැරදි නතර කර ලංකාව සුර පුරයක් කරන්නේ කෙසේදැයි දක්වන අදහස් අහන් ඉන්න ආසා හිතේ. ලංකාවේ දේශපාලනයට අමතරව යුරෝපා දේශපාලනය ගැනත් හර බර කතා බහ එතන ඇතිවිය.
මහන්සියෙන් රැකියා කර ඉතාම හොදින් ඉතාලියේ ජීවත් වන බහුතරයක් වූ ලංකියයනුත් මොවුන් නිසා අපහසුතාවයට පත්වෙන බව කණගාටුවෙන් උවත් ලියා තැබිය යුතුය.
-හිරන්ත හේරත්- facebookවෙත එක් කළ සටහනකි
| ඔයාටනම් ලන්කාවෙ දිගාඋනත් තරු කෑමයි..තරු පේන්නයි හම්බවෙයි ගයනී... | 12 | POSITIVE |
ncpp_train_39397 |
ගාල්ලේදී ඊයේ (27දා) පැවති පාක්ෂික හමුවකට සහභාගි වෙමින් යුක්රේන රුසියානු යුද්ධයට වඩා ශ්‍රී ලංකාව තුළ තිබෙන ආර්ථික යුද්ධය වඩා බලවත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසීය. ඔහු මෙසේ කීය.
“කෝවිඩ් වසංගතය සමග ලෝකයේ රටවල් තමන්ගේ ආර්ථික තත්වය වර්ධනය කර ගැනීම සිද්ධ වුණා. ලංකාවේ ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීම නිසා මේ අයහපත් තත්ත්වය වර්ධනය වුණා. මේ අවස්ථාවේ එකිනෙකාට ඇඟිලි දික් කිරීමට වඩා මේ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අවධානය යොමුකළ යුතුයි. දැන් රටේ තෙල් පෝලිම්, තෙල් අර්බුදය නිසා රටේ කිසිදු කර්මාන්තයක් ව්‍යාපාරයක් සාර්ථක කර ගන්න බැහැ. යුක්රේන රුසියානු යුද්ධයට වඩා ශ්‍රී ලංකාව තුළ තිබෙන ආර්ථික යුද්ධය වඩා බලවත් වෙලා. ඕනෑම යුද්ධයකින් පසුව ඒ ඒ රටවල් අතර තාක්ෂණික නැගිටීමක් විශාල ලෙස ඇති කර ගෙන තියෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ ආර්ථික රටාව, ආණ්ඩු මාරු වෙනකොට ජාතික ප්‍රතිපත්ති මාරු වීම් හරහා මහජනතාව ප්‍රධාන පීඩනයකට පත්ව වෙලා. විදුලිය නැති වීම නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සමග මුළු මහත් රාජ්‍යයම කඩාවැටෙන තත්ත්වයට පත් වෙලා.
අපි සියලු දෙනා එකතු වෙලා රටට ජාතික වැඩපිළිවෙළක් සැකසීම කළ යුතු මොහොතක් මේ. ලෝකයේ මොන තරම් යුද්ධ තිබුණත් ශ්‍රී ලංකාව ඒක පාලනය කරගෙන ජාත්‍යන්තරය සමග ක්‍රියා කළ යුතුව තියෙනවා. ඒකට නිදහසට කරුණු කීමෙන් ජනතා ප්‍රශ්න විසඳීමට හැකියාවක් නැහැ. මෙහෙම ගියොත් තම තමන්ගේ වාහන ටික ගෙදර තියලා ගල් යුගයට ගිහිල්ලා ජීවත්වීමට තමයි සිදුවෙන්නේ”
| ඔවු ඔවු . උඹලා කාට කාටත් පින්සිද්ධ වෙන්න ලංකාවේ ආර්ථික යුද්ධය ලෝකෙම යුද්ධ වලට වඩා බලවත් . තුහ් මුන්ගෙ කටවල්. | 21 | POSITIVE |
ncpp_train_39398 |
ජාතික ජන බලවේගයේ විරෝධතාවය අතරතුර මියගිය නිවිතිගල ප්‍රදේශයේ එම පක්ෂයේ මැතිවරණ අපේක්ෂක 61 හැවිරිදි නිමල් අමරසිරි රෝගාතුරව ඇදවැටෙන අවස්ථාවේ ඔහු ළඟින් සිටි මිතුරා ඔහුට අසනීප තත්වය මතුවූ ආකාරය ගැන මාධය වෙත ප්‍රකාශයක් ලබාදී තිබේ.ඔහු මෙසේ පවසයි.‘ගෙදර ඉඳළම අපි දෙන්න එකට ආවේ සලාකා එක හරියෙදි අපට කඳුළු ගෑස් වැදුනා. ඒ වෙලාවෙ කොහේ ගියාද දැනගන්න බැරිවුණා.
ඒ නිසා මං නිමල් මහත්තයට කෝල් එකක් දුන්නා . එයා ඒ වෙලාවෙ හිටියේ එතන ඔසුසල ගාව අලුතින් හදන බිල්ඩිමේ මං විනාඩි 3 න් හම්බ වුණා. ඒත් එයාට අමාරුයි එයා ඒ වෙලාවෙ එක් සැරයක් වමනෙ කලා. වැටුණා. මං අසනීපෙ තත්වෙ හරිගස්සන්න බීම එකක් ගෙනත්දුන්නා. පස්සෙ අයිස්ක්‍රීම් එකකතු කෑවා. ඒත් එයාට දිගටම අමාරු ගතිය නිසා අපි ආපු බස් එකට යන්න තීරණය කළා. ඒක නවත්තල තිබුනෙ ග්‍රහලෝකාගාරය ගාව එතැනට අපි හිටපු තැන ඉඳල ටිකක් දුරයි. ඒත්ඒ වෙලාවෙ යන්න වාහන මුකුත් නෑ. අපි පයින්ම ඒ පැත්ත හොයාගෙන ගියා. පස්සෙ නිදහස් චත්‍රරශ්‍රය හරියෙදි ත්‍රීවිල් එකක් හම්බ වෙලා ඒකට නැග්ගා. ඒ වෙනකොට නිමල් මහත්තයට හොඳටම අසාධ්‍ය වෙලා හිටියේ එයා එක පාරටම වැටුණා. ඒ සැරේ ඉස් එකට නෙයා කෙලින්ම රෝහලට එක්කන් ගියා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු මියගියේය. ඔහු දැඩි සත්කාර ඒකකයේදී ඇසට ආසන්න තුවාලයකට ප්‍රතිකාර ලබාදුන් බව මුල් වාර්තාවලින් කියැවුණි. ඔහුට හෘද ස්ටෙන්ට් සැත්කමක් සිදු කර ඇති බවද පැවසිණි.
නිවසේ නිරෝගී ලක්ෂණ සහිතව පැමිණි ඔහු එක්වරම රෝගී වූයේ කඳුළු ගෑස් ප්‍රහාරය නිසා බවට චෝදනා සිදු කර තිබේ.මියගිය නිමල් අමරසිරිගේ දේහය භූමදානය කිරිම සඳහා ඔහුගේ පුත්‍රයාට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(28) කොම්පඤ්ඤවීදිය පොලීසියට නියෝග කළේය.61 හැවිරිදි නිමල් අමරසිරි මහතා රජයේ පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටි අයෙකි.දොඹගම්මන දෑල, රත්නපුර නිවිතිගල පදිංචිව සිටි ඔහු සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ඔහුගේ සිරුර භූමිදානය පිණිස පවුලේ අයට බාරදෙන ලදි.
| තුන්ඩු කැල්ලෙන් මිනිස්සු බය කරලා රටේ කැලෑ නීතිය රජ කරපු කාලෙ මහ රැ කුප්පි ලාම්පු එළියෙන් දරුවට කිරි දීපු අම්මගෙ පියයුරු කපපු පාපතර ජෙප්පො වැලලෙන්න හදන හැටි බලපල්ලකො. පපුවෙ අමාරු කාරයො දැනගන්න ඕනා නේද ගිනි කාෂ්ටකේ ඔය වගේ උද්ඝෝෂණ වලට යන එක තමුන්ගෙ ජීවිතේට අවදානමක් කියලා. | 29 | POSITIVE |
ncpp_train_39399 |
පාස්කු ප්‍රහාරයට පෙර දින සෞදියට පලා ගොස් ජෙඩා ගුවන්තොටුපොළ ආසන්නයේ ලැගුම්හලක රැඳී සිටියදී ජෙඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයා වන
මොහොමඩ් මිල්හාන් නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් ඊයේ (27) සොයා ගැනිණි.
බෝම්බ සෑදීමට යොදා ගන්නා ඩෙටනේටර්,
ජෙලෙග්නයිට් කූරු, උණ්ඩ ඇතුලු උපකරණ රැසක් කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ වළ දමා තිබියදී ඊයේ (27) සොයා ගත් බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිල්හාන් නැමැති සැකකරු කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයට රැගෙන ගොස් ස්ථාන කිහිපයක වළ දමා තිබූ මෙම උපරණ සොයාගත් බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
සොයාගත් භාණ්ඩ අතර ජෙලෙග්නයිට් කූරු 300 ක්, ඩෙටනේටර් 1000 ක්, ද්‍රව ජෙලෙග්නයිට් ලීටර් 8 ක්, ටී 56 ගිනි අවියක්, පිස්තෝල ඇතුළු විවිධ ගිනි අවිවලට යොදන උණ්ඩ 300 ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
| දෙන්න කිව්වේ මොලේද අලේද? එයා උපදිනකොටම මොලේ නැතුව තමයි ඉපදුනේ. අලේ විතරයි තිබුනෙ. ඒකත් වැරදි විදිහට පාවිච්චි කොරලා හොඳටම ගෙවිල ගිහිං. | 15 | POSITIVE |
ncpp_train_39400 |
පසුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ගැටුමකට මුලපුරන්න උත්සාහ දැරූ අන්තවාදී මුස්ලිම් මතදාරී තරුණ පිරිසක් මේවනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ. මාවනැල්ල පොලිස් වසමේ ස්ථාන කීපයකදී බුද්ධ ප්රතිමාවලට මිටිවලින් පහරදී
හානි කිරීම ඔවුන් සිදු කර තිබුණි.
අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන සැකකරුවන් හය දෙනකු ඊයේ (27දා) වනවිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාවනැල්ල ළිඳුලවත්ත මංසන්ධියේ තිබූ බුද්ධ ප්‍රතිමාවකට පහරදෙමින් එය විනාශ කරමින් සිටි දෙදෙනාගෙන් කෙනෙකු ගම්වැසියන් අල්ලා ගස් බැන්ද පසු ඔහු සිදු කළ පාපොච්චාරණය අනුව අනෙක් සැකකරුවන් අල්ලාගන්නට හැකිවූ අතර කළුගල්ල මාවතේ හෝටලයක සේවය කරමින් සිටියදී එක් අයෙකු අත්අඩංගුවට පත්වූ අතර දෙදෙනෙකු කෑගල්ල පොලිසියට පැමිණ භාර වූ බවද පොලිසිය කියයි.
මෙම සිද්ධිදාමයට අදාළ ප්‍රධාන සැකකරු මේවනවිට සැඟව සිටින බවද වාර්තාවේ.
ගස් බැඳ පොලිසියට භාර දුන් පුද්ගලයා දැනට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් හය දෙනා ඉකුත් 23දා රාත්‍රි මාවනැල්ල පොලිස් වසමේ රන්දිවෙල හා හිඟුල, මහන්්තේගම යන ප්‍රදේශවල මංසන්ධි දෙකක ඉදිකර තිබූ බුද්ධ ප්රතිමාවලට යතුරුපැදිවලින් ගොස් යකඩ මිටිවලින් පහරදී ප්රතිමාවලට අලාභහානි සිදු කර තිබිණි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු ප්‍රකාශ කර ඇත්තේ තමන් කුරාණය නමැති පොත කියවා ඇති බවත් එහි අල්ලා දෙවියන් හැර මේ ලෝකයේ වෙනත් කිසිවකු නොමැති බවත් ඒ හේතුවෙන් මෙලෙස බුදු පිළිම විනාශ කිරීමට සිතූ බවත්ය. අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ නිවෙසක තිබී බුදු පිළිම විනාශ කිරීමට යොදා ගත් මිටියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
මෙම සැකකරුවන් පිරිස අන්තවාදී කල්ලියක
සාමාජිකයින් බව වාර්තාවන අතර දැනට සැඟව සිටින ප්‍රධාන සැකකරු ඔහුගේ මාවනැල්ල පිහිටි නිවසට අනෙක් අය ගෙන්වා පන්ති පවත්වා මේ ආකාර විනාශ සිදු කරන ආකාරය ඉගැන්වූ බවත් ඔහු කියන දේවල් කිරීමට තමන් පෙළැඹුනේ ඒ නිසා බවත් අත්අඩංගුවට පත්වූ අය පවසා තිබේ.
කෙසේ වෙතත් මේ ගැන පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන්ගේ අන්තවාදී අදහස් නිසා මාවනැල්ල මුස්ලිම් පල්ලිය මගින් ඔවුන් නෙරපා හැර තිබූ බවයි. තමන්ගේ මතය දරන වෙනම කණ්ඩායමක් සකසා ගැනීමට පසුව ඔවුන් පෙළැඹි ඇති බවද වාර්තා වේ.
ප්‍රධාන සැකකරු සෙවීම සඳහා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වෙනුවෙන් මාවනැල්ලට පිටත් කර යවා ඇති බවද වාර්තාවේ.
| බූරු රජෝ. ගලබොඩ අත්තේ හූ.ඇන් පී ඉත්තෙක් කියලා තාම දන්නේ නැද්ද. පච රණවකගේ සුවච ගෝලයෙක් එතුමා. | -4 | NEGATIVE |