id
stringlengths
15
16
news_content
stringlengths
61
30k
comment
stringlengths
7
989
likes
int64
-389
2.24k
labels
stringclasses
2 values
ncpp_train_39201
 සියලුම පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිතා කිරීම සඳහා නීත්‍යනුකූල අවසර ලබාදෙන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා ඊයේ (25) පැවැසීය. දැනටත් රටේ බහුතරයක් හොර රහසේ බස් රිය ධාවනයට භූමිතෙල් භාවිතා කරන බවත් එවැනි බස් හිමියන් බස් කර්මාන්තයෙන් ලාභ ලබන බවත් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය. බස් රථ ඇන්ජිමට භූමිතෙල් නිසා හානිදායක තත්වයන් ඇති නොවන නමුත් තවත් අමතර කොටස් කිහිපයකට භූමිතෙල් අහිතකර විය හැකි බවද ඔහු පැවැසීය. එසේ වුවත් භූමිතෙල් භාවිතා කිරිම නිසා දෛනිකව ලබන ලාභයෙන් එම අමතර කොටසට යන වියදම පියවාගත හැකි බව ද ඔහු පැවැසීය. බොහෝ කාලයක සිට බස් හිමියන් හොර රහසේ කරන ලද මෙම ක්‍රියාව නීත්‍යනුකූලව ඉටුකර ගැනීමට අවසර දෙන ලෙසත් එසේ වුවහොත් මෙම වසරේ බස් ගාස්තු වැඩිවීමක් ද අවශ්‍ය නොවන බවත් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.
පුලුවන්නම් කමක් නෑ
25
POSITIVE
ncpp_train_39202
රුසියානු කාන්තාවන් දෙදෙනකු නිසා ඇල්ල ප්‍රදේශයේ තරුණයන් 29 දෙනකුට එච්.අයි.වී. රෝගය වැලඳී ඇතැයි යන පුවත රට පුරා ඉකුත් සතියේ පැතිර ගොස් තිබිණි. මේ පිළිබඳ සොයා බලන්නට අප ඇල්ල ප්‍රදේශයේ පෙරේදා 25දා සංචාරය කළ අතර මේ පිළිබඳ ප්‍රදේශවාසීන්, ත්‍රිරෝද රථ රියැදුරන්, හෝටල් හිමියන් හා වෛද්‍යවරුන්ගෙන් අදහස් ලබා ගන්නට හැකි විය. සමාජ ජාල වෙබ් අඩවිවල මේ පුවත විදුලි වේගයෙන් පැතිර ගිය අතර රුසියානු කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වැලඳී ඇතැයි සඳහන් විය. එම කාන්තාවන් දෙදෙනා සමඟ සබඳතා පැවැත්වූ හෝටල් හිමිකරුවෙක්, සේවකයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් ආදී පිරිස 29ක් බවත් ඔවුන් සියලු දෙනාටම එච්.අයි.වී. වැලඳී ඇතැයි යනුවෙන් පුවත පැතිරුණි. ඇල්ල ත්‍රිරෝද රථ සංගමයට අයත් ත්‍රිරෝද රථ 54ක් ඇති අතර ඔවුන් එක හෙළාම මේ පුවත ප්‍රතික්ෂේප කරයි. එම රියැදුරන් පවසන්නේ තමන් ඕනෑම ලේ පරීක්‍ෂාවකට ලක්කරන ලෙසයි. එලෙස රුසියන් කාන්තාවන් සමඟ ඇල්ල ත්‍රිරෝද සංගමයේ කිසිවකු හාදකම් පවත්වා නොමැති බව ඔවුහු පවසති. එම ත්‍රිරෝද රියැදුරන් පවසන්නේ ඇල්ල නැරැඹීමට එන සංචාරකයන් නැවැත්වීමට කිසියම් පිරිසක් සංවිධානාත්මකව කරගෙන යන ප්‍රෝඩාවක් බවයි. අප ප්‍රදේශවාසීන්ගෙන් හා කඩ හිමියන්ගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔවුන්ද එවැනි රාවයක් රටේ හැමතැනම ඇතත් ඒ ගැන ඇල්ල ප්‍රදේශවාසීන්ද මාධ්‍යයෙන් පමණක් දැනගත් බව සඳහන් කළහ. ඇල්ල රෝහලේ වෛද්‍ය ආර්.බී. සුගතදාස මහතාගෙන් අප කළ විමසුමේදී ඔහු පැවැසුවේ රෝහල් මට්ටමින් එවැන්නක් වාර්තා වී නැති බවයි. මාතර - උදය කුමාර රණවීර
මම රුසියන් ....හන්නේ නෑ යකෝ
19
POSITIVE
ncpp_train_39203
ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ(28) දින කොළඹ පෝර්ට් සිටි හිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වයෙන් පැවතිණි. කොළඹ තදාසන්න නාගරික පරිසරයක් තුළදීම කායික මානසික හා වෙහෙසකර තත්ත්වයන් අවම කර ගැනීමට පෝට්සිටි හි ලංකාවේ පළමු වරට මිනිසා විසින් නිර්මාණය කරන ලද සුන්දර වෙරළ තීරය ආසන්නයේ AVT වැලි කදු මත ධාවනය කිරීමට දේශීය හා විදේශීය සංචාරකයින්ට හිමි වන බවත්  වෙරළ තීරය දකිමින් මානසික සුවයක් විදීමේ අවස්ථාව ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය මගින් සලසා දී ඇති බවත් කියැවිණි.මෙහි ළමයින් සදහා වූ විශේෂීත AVT පැදවීමේ පුහුණු පාසලක් ආරම්භ කර ඇති අතර, AVT සැහැල්ලු වාහන මගින් ප්‍රධාන මාර්ගයෙන් පිටත ඕනෑම රළු මතුපිටක්, මඩවගුරක් හෝ ජලාශයක් සාර්ථකව තරණය කිරීමට මෙහිදී ළමයින්ට පුහුණු කරනු ලබයි.මෙම ධාවන පථය සඳහා ලෝක ප්‍රසිද්ධ කැනඩාවේ Can – An (කැන් ඇම් ) BRP ආයතනයේ තාක්ෂණික දැනුම ලබාගනිමින් ස්වභාවික පරිසර පද්ධතියට හිතෛෂි ලෙස ඉඳිකර ඇති අතර එම ආයතන විසින් හඳුන්වා දුන් අවුට් ලෑන්ඩර් ATV රථ පෙළ යොදාගෙන තිබේ.  මෙහිදී ඇමති නාමල් ඇමති ප්‍රසන්න සමග ධාවනයේ යෙදී මෙය විවෘත කරන්නට යෙදිණි. 
මෙතන ඒ අස්සෙ වෙන සීන් එකක් යනව වගේ පේන්නෙ නැද්ද ?
14
POSITIVE
ncpp_train_39204
මේවනවිට රජයට එරෙහිව ගොඩනැගෙමින් පවතින විරෝධතා සටනේ ප්‍රමුඛපෙළේ ක්‍රියාධරයෙකුලෙස හඳුනාගතහැකි සහ එයට සිය යූටියුබ් වේදිකාව ඔස්සේ ජවය සපයන ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව අධිකරණයෙන් නොතිසියක් නිකුත් කර තිබේ.ලබන මැයි මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන අයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නොතීසි නිකුත් කර තිබෙයි. බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්‍රන්ථයක් ලියා මුද්‍රණයකර බෙදා හැරියැයි කියන සිද්ධියකට අදාළව නිතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය ඊයේ (29) අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයාමෙම නියෝගය නිකුත් කරන ලදි. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා හා අපහාස කර ඇතිබවත් එම ග්‍රන්ථය මගින් සමස්ත බුදු දහම නිගාවට ලක්කොට ඇති බවත් සඳහන් කරමින් උසස් අධ්‍යාපනහා සංස්කෘතික කටයුතු හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් 2018 අගෝස්තු මස 20වැනිදා කළ පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව දක්වා ඇත. 
සන්නා කියන්නේ සතපහකට විශ්වස කරන්න හොන්ද නැති කුපාඩි මොන්ගල් චරිතයක්. ඌට ලකුණු දාගන්න ළාභ ප්‍රයූජන ගන්න පුලුවන් උගේ නම විකුනගන්න ඌ ඕනම ජරවක් කරන්න පුලුවන් තකතීරු කයිරාටික හිවලෙක් ඔය පරයා. සන්නා ඇත්තටම රටට ආදරේ මිනිහෙක් නෙවෙයි. දේශපාලන පක්ශ කීයකින් චන්දේ ඉල්ලපු එකෙක් ද මු. මුගේ බොරු ටොක් විතරයි. මූවගේ පණ්ඩි ටොක් දෙන පරයො අද රටේ කොච්චර ඉන්නවද. මූ හිතන්නේ රටේ ආගමට දහමට, සන්ස්කෘතියට මඩ ගැහුවම මූ හෙන පොරක් කියලා. හෙන පිම්පි පොරක් මුගේ මූනෙන් පේනවා මූ රටට අවනව ආදරී එකෙක් නෙවේ කියල. රටී පවට තමඉ මෙවගෙ අවස්තාවාදී හිවල්ල්ලුත් මීවගෙ රටට කෙලවෙල තියෙන වෙලවක එකෙන් ප්‍රයූජන ගන්න දගලන්නෙ. සන්නා කියන පව්කාර මොට්ට මූසල අවස්තාවාඩියවත් හිරේටම දාන්න ඔන.
34
POSITIVE
ncpp_train_39205
නුගේගොඩදී අද (27) සවස පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පෙරළියක ඇරඹුම රැළිය හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් හටග‍ෙන තිබේ මෙම රැළිය පැවැත්වෙන්නේ නුගේගොඩ නගර මධ්‍යයේ බැවින් නාවල පාර සිට හයිලෙවල් පාර අතර මාර්ගය හා පරණ කැස්බෑව පාර පාගොඩ පාර හා ජුබිලි කනුව දෙසට සම්බන්ධ වන මාර්ග අවහිරවී ඇති නිසා විකල්ප මාර්ග වෙත වාහන යොමු කරන්නට පොලිසියට සිදුව ඇත. මේ හේතුවෙන් හයිලෙවල් ප්‍රධාන මාර්ගයද වෙනදා නැති මාර්ග තදබදයකට ලක්ව ඇත. විශේෂයෙන්ම පාසල් නිමවී නිවෙස්වලට යන වාහන මෙන්ම රාජකාරිය නිමවා නිවෙස් බලා යන අය මේ නිසා අපහසුතාවන්ට ලක්ව ඇත. රැළිය අතරතුර ඡායාරූප පහතින්
අනේ කවුරුහරි ඔය රැස්වීමට ගිය බයියෙක් මට කියහල්ලකො අප්පච්චි ඊයෙවත් නැගිට්ට ද කියල? අද උදේම අගමැතිකමේ දිවුරුම් දුන්නලුද බං.
6
POSITIVE
ncpp_train_39206
රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී උපවාස කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ රුධිර සාම්පලයක්‌ බැහැරට ගෙන ගොස්‌ පෞද්ගලික රසායනාගාරයකින් පරීක්‌ෂා කළේ කෙසේ දැයි සෙවීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශය ඊයේ (27 දා) පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත. මෙම රුධිර සාම්පලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පිටතට ගෙනවිත් ඇතිද යන්න සැකයට භාජනය වී තිබේ. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ඕනෑම රෝගියකුගේ ලේ පරීක්‌ෂාවක්‌ සිදු කෙරෙනුයේ බන්ධනාගාර රෝහලේදී බවත්, රුධිර පරීක්‌ෂාවක්‌ කිරීමට පහසුකම් නොමැති අවස්‌ථාවකදී බන්ධනාගාර කොමසාරිස්‌ හෝ බන්ධනාගාර අධිකාරිවරයාට ඒ පිළිබඳ දැනුම් දී බන්ධනාගාර රියකින් බන්ධනාගාර නිලධාරියකු භාරයේ අදාළ රුධිර සාම්පලය ජාතික රෝහල වෙත යැවීම නිසි ක්‍රමවේදය වුවත් ඔහුට පමණක් විහේෂයක් සිදු කර තිබීම ගැටලුවට මුල්ව ඇත. කෙසේ වෙතත් විමල්ගේ ජීවිතය අනතුරේ යනුවෙන් පොස්ටර ව්‍යාපාරයක් දියත්ව විමල් රෝහලේදීත් උපවාසය අත්නොහරින බව ප්‍රකාශවී තිබුණද විමල් වීරවංශ රෝහලේදී යහමින් ආහාර අනුභව කළ බවත් මේ වන විට විමල් වීරවංශ මහතාගේ තත්ත්වය යහපත් බවත් බන්ධනාගාර ආරංචි සැලකර සිටී.
මුන්ගේ පවුලම රඟපාන්න උපන් හපන්. මුන් වගේ හිපලුවන්ට අහුවෙන මෝඩ මිනිස්සුත් තාම ඉන්නවනේ.
168
POSITIVE
ncpp_train_39207
පාසල්වල පළමුවැනි ශේ්‍රණියට සෑම වර්ෂයකම ඇතුළත් කරන දරුවන් අතරින් 4,500ක පමණ සංඛ්‍යාවක් ඔටිසම් රෝගයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කළ හැකි යැයි ළමා මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය හා කොළඹ වෛද්‍ය පීඨයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී සුදර්ශි සෙනෙවිරත්න පැවැසුවාය. ලෝක ඔටිසම් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවේදී ඊට සහභාගි වූ ළමා මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුද එය අනුමත කළහ. ඔටිසම් රෝගය යනු දරුවකුගේ මොළය වර්ධනයේ සිදුවන වෙනස්කම් නිසා හටගන්නා රෝගයක් බවත් වත්මන් ශ්‍රී ලංකාවේ සෑම ළමයින් 93 දෙනකුගෙන්ම එක් අයකුට ඔටිසම් තත්ත්වය ඇතැයි අධ්‍යයනවලින් අනාවරණය වී තිබෙන බව විශේෂඥ මනෝ වෛද්‍ය, ළමා හා යොවුන් මානසික රෝග විශේෂඥ වෛද්‍ය ස්වර්ණ විජේතුංග සඳහන් කළාය. ලෝක තත්ත්වය අනුව සෑම ළමයින් 110කින් එක අයකුටම ඔටිසම් තත්ත්වය ඇතැයි සොයාගෙන තිබෙන බවත් පිරිමි ළමයින්ට රෝගය වැලඳීමට ඇති හැකියාව තුන් හතර ගුණයකින් වැඩි බවත් සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරිය එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ නම් සමාජ සබඳතා අවම වීම, කථනය ප්‍රමාද වීම, කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ ගැටලු, සංවේදනය පිළිබඳ අඩු වැඩිවීම්, සෙල්ලම් බඩු වෙනස් ආකාරයෙන් භාවිත කිරීම. පරිසරය හඳුනාගැනීමට නොහැකිව ක්‍රියා කිරීම යනාදිය බවත් එවැනි ලක්ෂණ කුඩා කල සිටම දැනගත හැකි බවට පැවැසුවාය. මේ සඳහා ඔෟෂධ නැති බව සදහන් කළ විශේෂඥ වෛද්‍යවරිය රෝගය හඳුනාගත් පසු කථන පුහුණුව හා බුද්ධිය දියුණු කිරීමේ ප්‍රතිකාර ඉක්මනින්ම ආරම්භ කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි බව අවධාරණය කළාය. ඔටිසම් රෝගය ඇතුළු ළමා මානසික රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා දෙන ළමා මානසික සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීම මෙවැනි දරුවන් සඳහා විශේෂ අවධානයකින් අධ්‍යාපනයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීම මෙන්ම අදාළ සෑම අංශයක්ම ඒකාබද්ධ වැඩපිළිවෙළක නිරත වීම අත්‍යවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරිණි. (දයා පෙරේරා)
නොදන්න බොරු දාන්න එපා. ඕටිසම් උපතින් එන රෝගී තත්වයක්.
36
POSITIVE
ncpp_train_39208
2017 සාමාන්‍ය පෙළ විභාගයෙන් පළවෙනියෝ 6 යි දෙවැනියෝ 9 යි ඊයේ රාත්‍රී නිකුත්වූ 2017 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මින් පෙර සිදු නොවූ ලෙස ප්‍රථම ස්ථාන 6 ක්ද දෙවන ස්ථාන 9 ක්ද වාර්තාවී තිබේ. ප්‍රථම ස්ථාන දිනා ගත් හය දෙනා අතුරින් 5 ක්ම සිසුවියන් වන අතර රත්නපුර සීවලියේ එක් සිසුවෙකු පමණක් සිටී. එම සිසුවියන් අතරින් දෙදෙනෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නන්ය. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය අතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය. මුල් ස්ථාන ගත් සිසුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.
ගොසිපෙ හැම රෙද්දටම කමෙන්ට් කොටන අපේ බූරු මල් මාමා මේ පොස්ට් එකට කිසිම කමෙන්ට් එකක් දාලා නැහැ, ඇයි දන්නවද, මෑන්ස් සාමාන්‍ය පෙල පේල් ලු
13
POSITIVE
ncpp_train_39209
වරක් ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ කිරුළ දිනූ නර්මදා යාපා අබේවර්ධන මීට මාස කිහිපයකට පෙර මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළේ දුහුල් ඇඳුමකින් ගැබිණි පොටෝ ෂූට් එකකට පෙනී සිටීම ගැනය. පළමු සැමියාගෙන් වෙන්වීමෙන් පසු දෙවැනිව මුණගැසුණ පෙම්වතාද පෙනී සිටිමින් නර්මදාගේ දෙවන දරු උපත වෙනුවෙන් සිදු කළ එම ඡායාරූප පෙළින් පසු ඇයට දෙවැනි දරුවා ලද අතර මේ දිනවල ඇය ගැන ක්ෂෙත්‍රයේ කටකතා පැතිරෙන්නේ ඇය නැවතත් තනිවූ බවකි. ඇය මාධ්‍ය වෙත නැවතත් පෙනී සිටිමින් ඇගේ පුද්ගලික ජීවිතය ගැන හෙළිදරව්වක් සිදු කර තිබේ. පහත පළවන්නේ ධනු සමග ඇය කළ කතාබහයි. ඔයා මිස් ශ්‍රී ලංකා දින්නම ඔයාට  තිබ්බා යුරෝපියන් ලුක් එකක් ඒ ෆීචර්ස් කොහෙන්ද එන්නේ ? ඒෂියන් කන්ට්‍රිවල හයිබෝන් ස්ටික්ස් අඩුයිනෙ මම මොකකට හරි චූටි මික්ස් එකක් වෙලා.තාත්ති  වගේ මං ඒ නිසා වෙන්න ඇති. ඔයා මොඩ්ලින් පැත්තටද interest එක තිබ්බේ ? නෑ. ඇත්තටම මට model කරන්න ආසාවක් නෑ . මුලින්ම චන්න විජේවර්ධන මහත්තයා යටතේ පළවෙනි professional Dancer කෙනෙක් මම. ගොඩක් දේවල් ඉගෙන ගත්තේ එයාලගෙන්.ඒ path එකෙන් තමා මම එක එක පැති වලට ගියේ. හැබැයි එයා කොහොමද එච්චර ට්‍රේන් කරන්නේ. මාර දක්ෂ විදිහට කට්ටිය ට්‍රේන් කරනවා? සර් කියන්නේ අපි උදේ 9 ඉඳලා 3 වෙනකම් ට්‍රේන් වෙනවා. කිසිම බ්‍රේක් එකක් නෑ ඊට පස්සෙත් ඒ ගෙදරම නේ අපි එයාව දකිනවා . ඔය ආසාවෙන්ද මේ industry එකේ ඉන්නේ ? මව් පොඩ්ඩක් makeup, hills දාන් ඉන්න කැමති නෑ මම trombone .මම හරි ආසයි ඉතිං එක එක අය මට හම්බෙනවා ,කතා කරනවා, විවිධ පුද්ගලයෝ interesting ඒ නිසා මං මේකට ආසයි. මිසිස් ශ්‍රී ලංකා දිනපු කාලේ ඔයාට මාර height එකක් තිබ්බා ලංකාවේ ? ජනක මට උදව් කළා කෙට්ටු වෙන්නත් එක්කම දැනුත් එහෙමයි. මට ඇත්තටම one month වගේ තිබ්බේ.මං මගේ ටාගට් එකට මං ආවා. බබාවත් හම්බවෙලා ඔයාට කොහොමද ඒ competition එක පැත්ත ? මං හිතන්නේ ලංකාව කියන්නේ ඇත්තටම එතැනට ගියාම දන්නේ නෑ. හරිම රූඩ් අපේ pageant එක කියනවා නේ එයාලා හිතන්නේ ලංකාව කියන්නෙ දුප්පත් කන්න බොන්න නැති රටක් කියලා. එයාලගේ pageant දැකලත් අපේ එක  දැක්කම පුදුම වෙනවා . අප හරිම ග්‍රෑන්ඩ් විදියට නේ  තියෙන්නෙත්.  එයාලා හරිම  නෝමල් අපි යන්නේ ලංකාව කියන නම අරගෙන එයාලා පුදුම වෙනවා අපි කන විදිහ බොන විදිහෙම දැක්කම ඒවා බලාගෙන අපේ Country  එක ගොඩ නැගෙන්නේ. මෙ Industry  එකේ කටකතා යනවා. ගොඩක් අය කිව්වා ඔයා බැඳලා   මිසිස් ශ්‍රී ලංකා වුන හින්ද තමයි ජනකත් එක්ක ඉන්නෙ කියලා ? ජනක කොහොමත් දාලා ගියා.එයා  මාර්ගයේ එයා ගියා මගේ මාර්ගය මං ආවා. අපි දෙන්නා ජීවිතේ අවුරුදු හතක් එකට හිටියා. ආදරෙන් හිටියා යම් කාලයකදී ඔය ඕන එපාකම් එනවනේ ඒ හින්ද වෙනස් වෙන්න පුළුවන් .මට ඇත්තටම ඕන වුණේ හොඳ පවුල් ජීවිතයක් ,බබාලා, හොඳ හස්බන්ඩ් කෙනෙක් ඉතින් ඒකට ගොඩක් කැමතිනම් ඒක හම්බ වෙන් නෑ කියනවනේ අපි දෙන්න එකතු වෙලා බබාගෙ වැඩ කරනවා අපි හිටපු ගමන් ෆයිට් එහෙමත් යනවා අපි දෙන්නා දැන් හොඳ යාළුවෝ . කොහොමද ඒ කතා හැන්ඩ්ල් කරේ ? මාත් මනුස්සයෙක් මං ගොඩක් mentally වැටුනා බෙහෙත් එහෙමත් බිව්වා. ගොඩක් දුක් වින්දා මගේ කිසිම දේකදි දාලා යන්න ඇති මගේ අක්කි ඉන්නවා මට ජීවිතේ ඇත්තටම ආදරේ කරනවා කියලා කෙනෙක් ඉන්නවා කියන එක  දැක්කෙ මං එයාගෙන් .ජීවිතයේ ගොඩක් දුක් විඳිනවා එතන නතර වෙන් නෑ. දුක් වෙන් නෑ ඉතින්. මම  ගොඩක් රිස්ක් ගන්න කෙනෙක් මං එවෙලෙට තිබ්බ හොඳම option එක අරන් මං මගේ ගමන යනවා .එහෙම ලොකුවට පෙන්න strong Character එකක් නෙමෙයි මං බලන් ගියාම ඒකත් ලොකු දෙයක් .අලුත් ලයිෆ් එකක් පටන් අරන් අලුත් ළමයෙක් ඉන්නවා? ඔව් ඇත්තටම ඒකටත් අක්කි තමා උදව් කරේ වැඩ කරගෙන යනවා කියන්නේ මගේ මානසික නිදහස අක්කා යෙදිලා තියෙනවා එයාලා මට කවදාවත් වචනයකින්වත් මගේ හිතට ඉඳලා නෑ බබාලා බලා ගන්නෙත් එයාලා. මම මාර ලකී .බබාලා දෙන්නම මගේ නේ, දෙන්නටම මගේ කාටවත් වෙනසක් නෑ ඉතින් කවද හරි ඒ දෙන්නා ලොකු වෙලා තේරුම් ගනී ගනියි අම්මා මේ තීරණය ගත්තේ මේ නිසා නේ කියලා . අම්මා කෙනෙක් හොඳ දෙයක් හිතන්නේ? අම්මා කෙනෙක් වැරැද්දක් කරන්නේ නෑ. යම් යම් සිටුවේශන්  එනවා රැවුල කැඳද ඕන කියලා නෑ මට 'නෝත්' ඕනේ  'ආදිත්' ඕනි ඒ දෙන්නම ඕන . දැන් ඔයා ඉන්නවා industry එකේ ගොඩක් අය කෙට්ටු වුනොත් ලස්සනයි කියනවා ඔයා කොයි විදියටත් ලස්සනයි ඔයා හිතනවද කෙට්ටු වෙන්න ඕන කියල.තව සුදු වෙන්න ඕන කියලා ද කොහොමද ඔයාට වෙන්න ඕන කියලා හිතන්නේ ? මුලින්ම මං ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දිම අම්මෝ නරම්මදාගෙ  මහත ගානවා .මම බාබාල හම්බෙලා මාස අටයි මහත කැත, හොඳ මහත දෙකක් තියෙනවා .මං ආසයි මෙහෙම .මට ඕන් නෑ කෙට්ටු වෙන්න. ලස්සනට ඉන්න මං ආස. දැන් ඔයා personally මොකක්ද කරන්න බලාපොරොත්තුව ? personality චැනල් එකක වැඩ කරනවා ඉස්සරහට බිස්නස් එකකුත් පටන් ගන්න හිතාගෙන ඉන්නවා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි ඒකත් කරගෙන බබාලා දෙන්න එකේ යන්න තමයි ජීවිතේ හොඳටෝම ඇති. ඔයත් Trust කරනවද ලව් ඇත්ත ? නෑ ඒක මිනිස්සු අවස්ථාව බෙනිෆිට්ස් විදිහට වෙනස් වෙනවා බැඳලා සතුටින් ඉන්න අයත් ඉන්නවා එහෙම නැති අයත් ඉන්නවා ඒකත් ලකී වෙන්න ඕන . ඔයා full minds  love දෙනවද ? මං හිතුවා ඒකට මම උත්තර දෙන්න ඕන නෑ කියලා ඒකට උදාහරණ දෙකක්ම තියෙනවා නේ .මම ආදරේ කළා පෙරළා එක හම්බුනේ නැහැ ඒක බලාපොරොත්තු වෙන්නෙත් නෑ .happiness වලට වඩා දනු මට ඕන peaceful life, very highest mind ,I need a very peaceful life with my two sons. මොන දේ එළිය කලත් ගෙදර සතුටක් ඕනේ.
ඒක තමයි, අර අමායා වගේ ඔයත් හරිම ශෝයි.
33
POSITIVE
ncpp_train_39210
‍ලබන 30 වන දින විට තැපෑලේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. දින 16ක් පුරා පැවති තැපැල් සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් ඇණ හිට තිබූ තැපෑලේ කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. වැඩවර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු ඊයේ (27) දිනයේ සිට ආරම්භ කර තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල තුළ පමණක් කිලෝ ග්‍රෑම් 25,000කට අධික තැපැල් භාණ්ඩ ප්‍රමාණයක් ගොඩගැසී තිබූ අතර එම තැපැල් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ කටයුතු ඊයේ දිනයේ සිට ලොරි රථ 06කින් අඛණ්ඩව සිදුකරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගොඩගැසී ඇති ලිපි සහ භාණ්ඩ ඉදිරි දින  දෙක තුළ බෙදා අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. එම පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ ඒ සදහා මේ වන විටත් සියලු තැපැල් සේවකයින් කැපවී කටයුතු කරන බවයි. වැඩවර්ජනයන අවසන් කළද සිය ගැටලු වලට අවසන් විසදුම ලැබෙන තුරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සහ අඛණ්ඩ උපවාසය නතර නොකරන බවයි චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඒ කියන්නේ කස්ටිය මාසෙට දවස් 6ක් වැඩකරපුවම ඇති කියන එකනේ. එක්සලන්ට් අනේ. ආව් ඩඩා , ඩඩ්ඩ ඩඩා.
3
POSITIVE
ncpp_train_39211
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා සැත්කම්වලින් වඳ භාවයට පත්කළා යැයි කියන පැමිණිලි  301ක් ඊයේ 30 සවස වනවිට ලැබී ඇත. ඊයේ දිනයේ පැමිණිලි  99 ක් ලැබුණු බවත්, පෙරේදා වනවිට පැමිණිලි 202 ක් ලැබී තිබූ බවත්  පැමිණිලි සියල්ලම සිංහල කාන්තාවක්ගේ පමණක් බවත් වාර්තා වන අතර පැමිණිලි  ඉදිරිපත් කළ කාන්තාවන්⁣ නාරම්මල, කුලියාපිටිය, ගොකරැල්ල, පොල්ගහවෙල, වැල්ලව, පොල්පිතිගම, බරන්දන, කටුපිටිය, මාවතගම යන  ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් වාර්තාවී තිබේ.
වෛද්‍ය ෂාෆි මාරයෙක්. ගෑනු මෙච්චර ප්‍රමාණයක් වඳ කරනකල් අපේ එවුනුත් බුදියාගෙන ද හිටියේ. දැන් කරන්න තියෙන්නේ බුර්කාව දාගෙන යන රූමත් ලාබාල මුස්ලිම් කෙල්ලෝ අල්ලගෙන බලහත්කාරයෙන් සිංහල කොල්ලෝ ලව්වා සමූහ දූෂණ කරවලා
3
POSITIVE
ncpp_train_39212
මංගල සමරවීර ඇමති යටතේ පවතින ITN නාලිකාවේ ඇමතිවරයා පත්කළ සභාපතිනිය පිළිගන්නට බැරි බවත්  ITN නාලිකාව ජනපති යටතට පවරාගන්නා ලෙසත් ඉල්ලමින් එම සේවකයින් පිරිසක් අද උද්ඝෝෂණයක නිරතවී සිටී. දෙසැම්බර් 13 තීන්දුවෙන් පසු එජාප රජයක් නැවත ස්ථාපිත වුවද ජනමාධ්‍ය එජාපය යටතේ පැවතීම ගැන ජනපති සතුටුවූයේ නැති අතර ඇමති මංගලට ජනමාධ්‍ය විෂය පැවරුවද මංගලගේ නියෝජිතයින් සිටියදී ජනපතිගේ නියෝජිතයින්ද රජයේ මාධ්‍ය ආයතන වලට පත් කිරීමට තීරණය විය. ස්වාධීන රූපවාහිනීයේ දේශපාලනික වශයෙන් සංවිධානයවූ ඇතැම් වෘත්තීය සමිති මෙම තීරණයට එකඟවී නැත. ශ්‍රීලනිප-ශ්‍රීපොජපෙ හා සම්බන්ධ වෘත්තීය සමිතියට උවමනාවී පවතින්නේ ස්වාධීන රූපවාහිනිය සම්පූර්ණයෙන්ම මහින්ද මෛත්‍රී සම්බන්ධ පුවත් පළකරන ආයතනයක් බවට පත් කිරීමටය. මේ හේතුවෙන් මංගලගේ නියෝජිතයින්ට එරෙහිව මෙම උද්ඝෝෂණය අරඹා තිබේ. පසුගිය 27 වනදා එහි ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා සේවයට පැමිණෙද්දී මග හරස්කර ඔහුව එළවා දැමීමටද මෙම සේවකයින් පියවර ගෙන තිබුණි.
සල්ලි පස්සේ ගිය නැති රට ගැන හිතපු නාලිකාව
-2
NEGATIVE
ncpp_train_39213
රජයෙන් පොත් නොමිලේ ලබාදෙන අතරතුර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේත්තුවට පොත් විකිණිමේ ව්‍යාපාරයක් පටන්ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා  පැවැසීය. මෙලෙස ඔවුන් විකුණනු ලබන්නේ බස්නාහිර පළාතේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන සිසු සිසුවියන්ට අවශ්‍ය ප්‍රශ්නෝත්තර පොතකි. මෙම පොතක් ගුරුවරුන්ට ලබාදී ඇති  අතර පසුව ළමුන්ටද රුපියල් 130 බැගින් වූ මිලකට ලබාගන්නා ලෙසද ගුරුවරුන්ට දැනුම් දී ඇතැයි ඔහු පැවැසීය. ඒ අනුව සිසුන්ගෙන්  මුදල් එකතු කරගෙන ගුරුවරු මෙම පොත මිලදී ගන්නා බවද ඔහු පැවැසීය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පී.ශ්‍රීලාල් නෝනිස් මහතා මෙසේ පැවැසීය. මෙවැනි පොතක් අපි සෑම වසරකම මුද්‍රණය කරනවා. ඒක ලබාදෙන්නේ ගුරු අත්පොතක් ලෙසයි. ඒක කිසිම කෙනෙකුට විකුණන්න කියලා කියා නැහැ. ඒ පොත කවුරුන් හරි කාව හරි විකුණා තිබෙනවා නම් ඒක සපුර්ණයෙන්ම වැරැදියි. අපි දුන්නේ මේක ගුරුවරුන්ට අත් පොතක් හැටියටයි. එය සිසුන්ට අවශ්‍යය බව කියන්නේ නම් ඒ සදහා ඡායා පිටපත් කළ  පොතක් ලබාදිය හැකියි. -මුදිතා දයානන්ද-
ඒ ක්‍රමය හරි, මේ පොත විකුනන්න බෑ, කියන පදය කියවෙන්නම ඕනෙ, අවශ්‍යනම් ඔයා ඡායා පිටපත් ගන්න කියන්න පුලුවන්, අවසානෙ වෙන්නෙ එකම දේ උනාට ලමයි සිද්ධිය දැනුවත් වෙලා සිය කැමැත්තෙන් ගැනීම වැදගත්.
7
POSITIVE
ncpp_train_39214
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහර බන්ධනාගාරය තුළදී මියයාමට අදාළව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය පෙරේදා (28දා) මහර බන්ධනාගාරයේ අධිකාර්වරයාට නියෝග කළාය. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණ පවත්වා වරින්වර සැකකරුවන් 40දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතරින් 04දෙනෙකු ඇප මත මුදාහැර තිබේ. අනෙක් සැකකරුවන් 36දෙනා  රිමාන්ඩ් භාරයේ රඳවා තිබිණි. ඒ අනුව මීට අදාළ නඩුව පෙරේදා නැවත කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකරුවන් විවෘත අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, ඊමාරයේ රඳවා සිටින සැකකරුවන් 35දෙනෙකු මහර බන්ධනාගාරයේ සිට ස්කයිප් ඔස්සේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ. මෙහිදී මහර බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරියෙකු විවෘත අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් රිමාන්ඩ් භාරයේ රඳවා සිටි ඇන්ටන් ග්‍රේබ්‍රියල් නමැති සැකකරු කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පවසා සිටියේය. මෙහිදී නීතීඥ ප්‍රියංකර මාරසිංහ මහතා කරුණු දක්වමින් රිමාන්ඩ් භාරයේ රඳවා සිටින එක් සැකකරුවෙකු විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ විභාගයකට පෙනී සිටීමට නියමිතව ඇති බැවින් එම සැකකරු විවෘත විශ්වවිද්‍යාලයට යා යුතු බැවින් බන්ධනාගාර නිලධාරින් භාරයේ එම සැකකරුට විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ රහස් පොලිස් සැරයන් රංජිත් මහතා කරුණු දක්වමින් පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති නඩු භාණ්ඩ කිහිපයක් අධිකරණයට භාරදීමට අවසර ලබාදෙන මෙන්ද ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරිය කරුණු දක්වමින් මේ සම්බන්ධ නඩු ගොනුව ප්‍රමාණයෙන් විශාල වී ඇති හෙයින් එය මේ පවතින තත්ත්වය අනුව තිබුණහොත් විනාශ වී යාමට ඉඩ ඇති හෙයින් එය කොටස් තුනකට වෙන් කර තැබීමට කැමැති දැයි දෙපාර්ශ්වයෙන්ම විමසා සිටියාය. මෙහිදී පැමිණිල්ල හා විත්ති පාර්ශ්වයේ නීතිඥ මහත්ම මහත්මීන් එයට කැමැත්ත ප්‍රකාශ කරනු ලැබූහ. මහර බන්ධනාගාරය තුළ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව  කියන සැකකරු පිළිබඳ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාව හා බන්ධනාගාරයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. නීති විභාගයකට පෙනී සිටීමට නියමිත සැකකරු වෙනුවෙන් විධිමත්ව ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ නියෝගය ලබාදෙන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය පක්ෂණ කටයුතු අවසන් වී ඇති නඩු භාණ්ඩ අධිකරණයට භාරදීමටද නියෝග කළාය. සියලු සැකකරුවන් පිළිබඳ වෙන් වෙන් වශයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා අවසන් කර ඒ පිළිබඳ වාර්තා ඊළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, රිමාන්ඩ්ස්රයේ රඳවා සිටින සැකකරුවන් 35දෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය. මීට අදාළ නඩුව නැවත කැඳවීම දෙසැම්බර් මස 12වැනිදාට කල් තැබිණි. ( වාරණ - ආනන්ද ඉ ජයකොඩි) 
හැබැයි බටලන්ද කියන්නේ මොනවා කලත් වරදින් නිදහස් තැනක්, කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනවා දැනගනින්, මේ රටේ ඉන්නෙ නමට සිංහ. නැතිව වෙන රටක් බංකොලොත් කලා නම් ඒ රටේ මිනිස්සු පාලකයන්ව දඬු කඳේ ගහලා.
-5
NEGATIVE
ncpp_train_39215
ගුවන් සේවිකාවගේ රාජගිරියේ නිවසටම ඇවිත් දූෂණය කළ මේසන් බාස් පොලිසිය එද්දී මාට්ටු ප‍්‍රමුඛ පෙළේ ගුවන් සේවා සමාගමක සේවය කරන රූමත් ගුවන් සේවිකාවක නවාතැන්ගෙන සිටි නිවසේදීම දූෂණය කළ බව පැවසෙන මේසන් බාස් කෙනෙකු කොටු කරගන්නට වැලිකඩ පොලිසිය පෙරේදා සමත්ව තිබේ. රාජගිරිය කලපළුවාව ප‍්‍රදේශයේ බද්දට ගත් නිවසක තනිවම වාසය කළ මෙම ගුවන් සේවිකාව සිද්ධිය වූ දිනයේ රාත‍්‍රී සිය සේවා මුරය නිමවා සමාගමට අයත් වාහනයකින් නිවසට පැමිණීමෙන් පසු ජංගම ආහාර සපයන සේවාවකට ඇමතුම්දී රාත‍්‍රී ආහාර වේල ඇණවුම් කර ගෙන්වා ගෙන තිබේ. ඉන් පසු යහළුවන් සමග දුරකථන ඇමතුම් කිහිපයකට සම්බන්ධව සිටි බව කියන ඇය අනතුරුව ආහාර ලබාගෙන රූපවාහිනී වැඩසටහනක්ද නරඹා රාත‍්‍රී 12 ට පමණ නින්දට ගොස් තිබේ. ඉන්පසු නිදන කාමරයේ සිටියදී එක්වරම කාමරයට ආ පුද්ගලයෙකු නිසා ඇය තැතිගෙන තිබේ.‘කෑ ගැහුවොත් මරනවා..උඹව අල්ලගන්න මං කාලයක් තිස්සෙ බලන් හිටියා..‘ කියමින් පැමිණි පුද්ගලයා කාමරයේ දොරගුළුද දමා ඇයව සිරකරගෙන ඇත. ඇයව බියවැද්දූ ඔහු පසුව ඇයට සමීපවී ස්පර්ශ කරන්නට පටන්ගෙන තිබේ. කිසියම් අනතුරක් සිදුවේය යන බිය ඇතිවූ නිසා ඇය ඔහුට අවනතව තිබේ. එම වෙලාවේ එම පුද්ගලයා ඇයව දූෂණය කර තිබෙන අතර යන්නට හිතක් නැතිව මෙන් කාමරයේ ඇය සමග නිදාගෙන තිබේ. අනතුරුව තවත් අවස්ථා කිහිපයකදීම ඇයව දූෂණය කර ඇත. තමා යන්නට කලියෙන් රන් ආභරණ හා මුදල්ද අවශ්‍ය බව එම පුද්ගලයා දන්වා ඇති අතර මේ අවස්ථාවේ ස්ථානොචිත ප‍්‍රඥාවෙන් උපායක් යෙදූ ගුවන් සේවිකාව ඔහුට කියා ඇත්තේ  ‘බලන්න ඔයා මගේ ඇඟ ඔක්කොම කිලිටි කරලා..හෝදගන්නත්  ඕන..මට වැසිකිලි යන්න  ඕනකමකුත් තියනවා.. පොඞ්ඩක් මං ගිහින් එන්නද’ ලෙසිනි.  එයට එම පුද්ගලයා ඉඩදී තිබෙන අතර ඇය ඔහුගෙන් මිදී ඉවත්ව යද්දී ඇගේ ජංගම දුරකථනය ඇඳුම් සමග දවටාගෙන යන්නට උපායශීලී වී තිබේ. පසුව වැසිකිලියට ගිය ඇය දුරකථනයෙන් 119 හදිසි අංකය අමතා ඇත්තේ රහසින්ය. ‘මේහ්..මගේ ගෙදර හොරෙක් ඇවිත් ඉන්නවා. දැන්ම ආවොත් අල්ලගන්න පුළුවන්‘ යයි මේ ගැන වැලිකඩ පොලිසිය වෙත ඇය දුන් පණිවිඩය අනුව වහා ක‍්‍රියාත්මකවූ රාත‍්‍රී පොලිස් ජංගම වැටළීම් ඒකකය මිනිත්තු කිහිපයක් ඇතුළත එම නිවසට පැමිණ දූෂක පුද්ගලයා අල්ලාගෙන තිබේ. පොලිසිය නිවස වටළා ඇති බැව් ඔහු දැනගෙන ඇත්තේ නිරුවතින් කාමරයේ සිටයදීය. පසුව ඔහු නිවසේ දොරින් පිටවී වහාම පසුපස තාප්පයෙන් පනින්නට වෙර දැරූ නමුත් එය උස වැඩි නිසා ඔහුට පළායාම ලෙහෙසිවී නැත. ඔහුව පොලිස් නිලධාරීන්ගේ ග‍්‍රහණයට ඒ නිසා පහසුවෙන් නතුවිය. නිරුවතින් සිටි ඔහුට ඇඳුමක් අන්දවා පොලිසිය විස්තරය විමසීමේදී කියා ඇත්තේ තමා කළුතර මොරෙන්තුඩුව ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි දෙදරු පියෙකු බවත් යුද හමුදාවේ සෙබළෙකු ලෙස කාලයක් සේවය කර පසුව ඉවත්වී විිවිධ කුලී වැඩ කරමින් ජීවත්වන බවත්ය. මෙම අපරාධයට මග පෑදුනේ ගුවන් සේවිකාවගේ නිවසට අල්ලපු වැටේ අලූතින් හදන නිවසේ මේසන් බාස් කෙනෙකු ලෙස මේ දිනවල රැකියාව කරමින් සිටි නිසා බවත් ඔහු පවසා ඇත. නිවස සාදන අතරවාරයේ මේ රූමත් තරුණිය නිවසට යන එන හැටි තමා කලෙක පටන් නිරීක්ෂණය කළ බව පැවසූ ඔහු , ඇය තනිව සිටින බව සැකහැර දැනගත් දා සිට ඇයගේ නිවසට ගොස් පහස විඳීමේ නොතිත් ආශාවෙන් කල්ගෙවූ බව දන්වා ඇත. රාත‍්‍රී කාලයේ ඇය නිවසට එන වේලාවන් කාලසටහනද තමා දැනගෙන සිටි බවත් සිද්ධිය වූ දිනයේ කල් ඇතිව කළ සැලසුම අනුව ඇය නිවසට රාත‍්‍රී පැමිණ පිටින් කෑම ගෙන්නා ගන්නා බව දැන සිටි බවද හෙළි කර ඇත. එම අවස්ථාවේ ඇය දොර විවෘත කර කෑම නිවස ඇතුළට රැගෙන යන අවස්ථාව බලා තාප්පයෙන් පැන සැඟවී වත්තේ බලා සිටි තමා නිවසට ඇතුළුවූ බවත් පසුව නිවසේ මුල්ලක පැය හතරකට ආසන්න කාලයක් හොරෙන් සැගවී ඇය නිදන කාමරයට යන අවස්ථාව එනතුරු බලා සිට අතවරය සිදු කළ බවත් දන්වා ඇත. නමුත් ‘ටොයිලට් යන්න  ඕනෑ‘ කියූ ඇගේ ගැටයට තමා හසුවේ යයි පොලිසිය එනතුරු දැනනොසිටි බවද එම පුද්ගලයා පවසා ඇත. වැලිකඩ පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකාර පුද්ගලයා අද(29) අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
ලැබුනු බඩු ව රත්තරන් වලටත් වඩා වටිනවා......මොකට ඉල්ලුවද මන්දා තහඩු කෑලි...අනික එලිවෙනකම් ආතල් ගත්තනම්...කැමැත්තෙන්ම 3..4..වතාවක් කලානම්....බාස්ගෙ නීතිඥයා කියාවි කිසිම බලහත්කාරකමක් සිදු නොවුන බව.....ඉදිකටුවයි...නූලෙයි තර්කය දන්නවානම් බාස් ගොඩ....
66
POSITIVE
ncpp_train_39216
 බම්බලපිටිය මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම මත පෝරකයට නියමවූ බමුණුසිංහ බන්ධනාගාරයේ සිට උපාධි හදාරමින් ඉහළින් සමත්වෙමින් තමන්ගේ පුද්ගල සංවර්ධනය ඇතිකරගත් කතාව කෙනෙකුට ආදර්ශය ඇතිකරවන්නකි. මේ ඔහුගේ කතාවයි. අධිකරණයේ විදුලි පහන් නිවා දැමිණි. තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. 'යුෂ්මතාට විරුද්ධව මෙම අධිකරණය විසින් අද දින දඬුවම් පමුණුවා ප්‍රකාශයට පත් කරනු ලබන දණ්ඩනයේ වග නම් යුෂ්මතාව මෙතැන් පටන් කොළඹ වැලිකඩ බන්ධනාගාරය තෙක් ගෙන ගොස් එකී බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළතදී ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිතුමා විසින් නියම කරනු ලබන යම් දිනකදී හා වේලාවකදී යුෂ්මතාගේ ගෙල වැලලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තබන වගයි.' තීන්දුව පැහැදිලියි. එය මරණ දඬුවමකි. මරණ දඬුවම ලත් චූදිතයා ඉන්දික බමුණුසිංහය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්‍ෂකවරයෙකි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම ඔහුට එරෙහිව නඟා තිබූ චෝදනාවය. අනපේක්‍ෂිත අවස්ථාවක ලැබුණු නඩු තීන්දුවෙන් බමුණුසිංහට ඇති කළේ කම්පනයකි. විත්ති කූඩුවෙන් බිමට බැසීමට ඔහුට දෙපා වාරු නොතිබිණි. ඒ තරම්ම ඔහුගේ සිත නොසන්සුන්ය. හදගැස්මේ වේගය දෙගුණ තෙගුණ වන අයුරු ඔහුට දැනිණි. අධිකරණ ශාලාව දෙසින් ඇසෙන්නේ ඉකිබිඳින හඬකි. ඔහුගේ මව, පියා, බිරිය එකම සහෝදරයා එසේ හඬා වැලපෙන අයුරු ඔහු පෙනිණි. ඔවුන් අස්වසාලීමට ඥාතීන් ගන්නා උත්සාහය ඔහුට මහත් වේදනාවක් ගෙන දුනි. සිය ඥාතීන් හඬා වැලපෙන අයුරු බලා සිටීමට ඔහුට ලැබුණේ තප්පර කිහිපයකි. ඔහුගේ දෑතට මාංචු දැමිණි. බන්ධනාගාර නිලධාරීන් දැන් සූදානම් වන්නේ ඔහුව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමටය. බන්ධනාගාර බස් රථය අධිකරණ භූමියෙන් පිටතට හැරවිණි. සිය ප්‍රිය බිරිය තමා දෙස බලා දෙනෙතින් කඳුළු පිසදමන අයුරු බමුණුසිංහට බස් රථයේ දැල් අතරින් පෙනිණි. බන්ධනාගාර බස් රථය වැලිකඩ බන්ධනාගාරය තුළ නතර කෙරිණි. බමුණුසිංහ සම්බන්ධ සියලු ලියකියවිලි කටයුතු සිදු කෙරිණි. දැන් සිදු වන්නේ මරණීය දඬුවම ලත් බමුණුසිංහ මරණ දඬුවමට ලක් වූවන් රඳවා තබන වාට්ටුව වෙත රැගෙන යෑමය. එයද සිදු කෙරිණි. අලුතෙන් සිර දඬුවම් ලැබූවන් සිරගෙට එන විට ඔහුගෙන් වගතුග ඇසීම පැරැණි සිරකරුවන්ගේ සිරිතය. ''ආ... යාළුවා මොකද මේ පැත්තේ මොකක්ද කරපු වරද? වරද මොකක් වුණත් උඹ දැන් අපේ ගොඩේ එකෙක්නේ හිත හදාගෙන හිටපන් මේකෙම තමයි ඉතින් අපිට මැරෙන්න වෙන්නේ'' බන්ධනාගාර ඛ්.3 වාට්ටුව වෙත ඇතුළත් කෙරුණු බමුණුසිංහට එහි රඳවා සිටින පැරැණි සිරකරුවන්ගෙන් ලැබුණේ එවැනි ප්‍රතිචාරයකි. බමුණුසිංහ සිරගෙදරට පැමිණ මාසයක් ගතව තිබිණි. එසේ ගෙවී යන එක් දිනක් ඔහුට දැනුණේ වසරක් ගෙවෙන්නාක් මෙනි. ඔහුට කුසගින්නක් නොදැනෙයි. නින්ද නොඑයි. සිතට දැනුණේ වේදනාවම පමණකි. තවදුරටත් මෙසේ සිටීමෙන් මා දුර්වල පුද්ගලයකු වනු ඇත. කල්පනා කිරීම තුළින් මට සිදුවන සෙතක් නැත. කෙසේ හෝ සිත හදාගෙන මා මේ සිරගෙදරට හුරු විය යුතුව ඇත. බමුණුසිංහ සිතන්නට විය. වෙලාව මැදියම් රැය ගතව තිබිණි. තමන් රඳවා සිටින කාමරයේ සිටින සගයන් දෙදෙනා සුවබර නින්දකය. ඔවුන්ට සිරගෙදර හුරු පුරුදුය. ඔවුන් ඉතා සැහැල්ලුවෙන් නිදා සිටින ආකාරය දැකීමෙන් බමුණුසිංහට එසේ සිතිණි. මේ සිතිවිලිත් සමඟම බමුණුසිංහගේ නෙත් දෙකද පියවුණේ ඔහුටත් නොදැනීමය. ඔහුට ඒ නිදි සුවය අත්විඳින්න ලැබුණේ ඉතා කෙටි කාලයකි. කවුරුන් හෝ තමාට කතා කරනවා යැයි ඔහුට ඇසිණි. ඔහු වහා අවදිව වටපිට බැලූ නමුත් දකින්නට ලැබුණේ සිය කාමරයේ සුවබර නින්දක පසුවන සගයන් දෙදෙනා පමණි. තමා මේ දැක තිබෙන්නේ සිහිනයක් බව බමුණුසිංහට වැටහිණි. සිහිනයකින් වුවත් කතා කළ පුද්ගලයා තමාට දුන්නේ සිත ධෛර්යවත් කරන අවවාදයක් බව බමුණුසිංහට සිතිණි. ''ඔව් ඒ අවවාදය මගේ සිතට හරි වැදගත්. මම මරණීය දණ්ඩනයට ලක්වූ පුද්ගලයෙක් තමා ඒත් මැරි මැරී උපදිනවාට වඩා සිත එක අරමුණක තබා ගැනීම තමයි වටින්නේ මම සැලෙන්නේ නැහැ. එන සෑම අභියෝගයකටම මුහුණ දෙනවා.'' බමුණුසිංහ එසේ සිතන්නට වූයේ පසුගිය දින කිහිපය තුළ ඔහුගේ සිතේ කැකෑරෙමින් තිබූ දුක් වේදනා සියල්ල අමතක කරමිනි. උදා වූයේ අලුත් දිනයකි. බමුණුසිංහට අවශ්‍ය වූයේ වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක (වත්මන් බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන) මහතා හමුවීමටය. ඔහු ඒ අවස්ථාව උදා කර ගන්නේ වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න හා විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙනි. තමුන්ට තිබෙන ප්‍රශ්නය මොකක්ද ඒකනායක මහතා බමුණුසිංහ වෙතට ඒ පැනය යොමු කළේ ඉතා කරුණාවන්ත ස්වරූපයෙනි. සර් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන්න ලියාපදිංචි වෙලා ඉන්න අතුරතුරදී තමයි මට මේ දඬුවම ලැබුණේ. සර්ට හැකියාවක් තියෙනවා නම් මට ඒ උපාධිය හදාරන්න අවස්ථාව සලසා දෙන්න සර්. සර්ට පින් සිදු වෙනවා. බමුණුසිංහ සිය සිතේ තද කරගෙන තිබූ ගැටලුව ඒකනායක මහතාට දැන්වූයේ ඒ අයුරිනි. "ඒක හොඳ අදහසක්. අපි මේ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත යොමු කරලා බලමු එතුමාත් මේ වාගේ උත්සාහවන්ත පුද්ගලයන්ට කැමැතියි." ඒකනායක මහතා බමුණුසිංහට ඒ බව දන්වා සිටියේ බමුණුසිංහගේ සිතට කිසියම් සහනයක්, බලාපොරොත්තුවක් ඇති කරවමිනි. "චන්දන මේ පුද්ගලයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් මගේ කිසිම අකැමැත්තක් නැහැ. ඔහු මරණීය දඬුවමට ලක්වුණු අයෙක් නිසා ඔය කටයුත්තේදී විවිධ ගැටලු මතුවෙන්න ඉඩකඩ තියෙනවා. බන්ධනාගාර නීතිවලට යටත්ව ඒ කටයුත්ත කරන්න හැකි නම් ඒ අවස්ථාව ඔහුට ලබා දෙන්න." කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ඒකනායක මහතාට සිය උපදෙස් ලබා දුන්නේ ඒ ආකාරයෙනි. බමුණුසිංහ මේ අවස්ථාව මම මැදිහත් වෙලා ඔබට අරගෙන දෙන්නම් අවශ්‍ය සහායත් දෙන්නම්. බන්ධනාගාර ඉතිහාසයේ කිසිම දවසක සිරගතව සිටි සිරකරුවෙක් සිරගතව සිටින අතුරතුරදී විභාග ලියලා උපාධි අරගෙන නැහැ. ඔබ කෙසේ හෝ ඒ ජයග්‍රහණය ලබා ගත්තොත් ඔබ මේ දෙපාර්තමේන්තුවේ ඉතිහාසගත වන පුද්ගලයෙක් වෙනවා. ඒක අපේ දෙපාර්තමේන්තුවටත් ලොකු ආඩම්බරයක් ගෙන දෙනවා. ඒකනායක මහතා බමුණුසිංහට එසේ අවවාද ලබා දුන්නේ ඔහුගේ කාකි නිල ඇඳුම යට සැඟව තිබූ මනුස්සකම එළියට දමමිනි. රාජ්‍ය ආයතනයක නිලධාරිනියක් වන ප්‍රිය බිරිය බමුණුසිංහ හමුවීමට පැමිණෙන්නේ ඔය අතරතුරය. 'ඔයා වෙනදාට වඩා අද සතුටින් ඉන්නවා ඇයි නිදහසක්වත් ලැබෙනවාද?' ඔහු සිය බිරියට සියලු තොරතුරු දන්වා සිටියේ ඉන් අනතුරුවය. සිය ස්වාමිපුරුෂයාට ලැබී තිබෙන අවස්ථාව පිළිබඳව ඇයට තිබුණේ සතුටකි. ''ඔයා කොහොමද මේක කරන්නේ. කෝ ඔයාට අවශ්‍ය පොත්පත්? කෝ උපදේශකයෝ? සිය බිරියගෙන් බමුණුසිංහට ලැබුණේ ප්‍රශ්න වැලකි. ඔයා කියන කතාව ඇත්තක්. මම මේ ගැන අධිකාරිතුමාගෙන් උපදෙස් ලබාගෙන ඔයාට කියන්නම් බමුණුසිංහ ඇයට ලබාදුන්නේ එවැනි පිළිතුරකි. "බමුණුසිංහ, බන්ධනාගාර නීතිරීති අනුව ඔබව විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි කරවන්න අපට හැකියාවක් නැහැ. හොඳම විසඳුම තමයි එම දේශන ඔබේ ඥාතියකු මඟින් පටිගත කරගෙන ගෙන්වා ගැනීම. ඒ වගේ වැඩපිළිවෙළකට සහාය දෙන්න අපට හැකියාව තිබෙනවා" බමුණුසිංහගේ පැනයට අධිකාරි ඒකනායක මහතාගෙන් ලැබුණේ එවන් සතුටුදායක පිළිතුරකි. බමුණුසිංහගේ උපාධියට අවශ්‍ය දේශන ඇතුළත් පටිගත කිරීම් ඔහු අතට පත් කෙරුණේ ඒ ආකාරයටය. ඔහුට ඒ සඳහා සහාය ලබා දුන්නේ ඔහුගේ ප්‍රිය බිරියය. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි වී ඒවා පටිගත කරවාගෙන පැමිණ බමුණුසිංහට ලබාදී එසේ සහාය ලබාදී තිබිණි. දහසකුත් සිත් වේදනාවන් විඳ ගනිමින් ඉන්දික බමුණුසිංහ 2017 ජනවාරි මස 5 වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී කලා උපාධිය (ඕඒ) ලබා ගැනීමට සමත් වූයේ එවන් පසුබිමක් තුළය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කර දෙමින් ඔහු එම හැකියාව පෙන්වූයේ මෙරට බන්ධනාගාරයක් තුළ සිරගතව අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් මෙරට පළමු සිරකරුවා බවට පත් වෙමිනි. බමුණුසිංහ එතැනින් නොනැවතිණි. ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමය. ඔහු එම විභාගයට අවශ්‍ය අධ්‍යාපන කටයුතුවල යෙදුණේ පෙර පරිද්දෙනි. එවැනි පසුබිමක් තුළ එම විභාගයටද මුහුණ දුන් බමුණුසිංහ එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) පසුගියදා ඉතා විශිෂ්ට ආකාරයෙන් සමත් වූයේ ලෝක වාර්තාවක්ද තබමිනි. ඒ එවන් උපාධියක් ලබා ගත් ලෝකයේ බන්ධනාගාරවල සිටින පස්වැනි සිරකරුවා බවට පත්වෙමිනි. කටුක අමිහිරි අත්දැකීම් පිරි බන්ධනාගාරය තුළ සිට අධ්‍යාපන කටයුතු කරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ඕඒ) හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) ලබාගත් මෙම ධෛර්යය සම්පන්න අධිෂ්ඨානශීලී සිරකරුවා හමුවීමේ අවස්ථාවක් පසුගියදා මට උදාවිණි. ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ලබාදුන් විශේෂ අවසරයක් මතය. ඒ අවස්ථාවේදී ඔහු පැවැසුවේ මෙවන් අදහසකි. 'මේ දඬුවම ලැබුණාට පස්සෙ මගේ ජීවිතය කඩා වැටුණා වගේ අදහසක් මට දැනුණා. දැඩි වේදනාවෙන් හා කලකිරීමෙන් සිටින විට තමයි වැලිකඩ හිටපු අධිකාරි චන්දන ඒකනායක මහතා මට අවශ්‍ය සහාය ලබා දුන්නේ. මම රඳවා සිටි කාමරයේ තව දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා ඉන් ඉවත් කරලා මට තනියෙන් අධ්‍යාපන කටයුතු කරන්න අධිකාරිතුමා උදවු කළා. කාමරයට අවශ්‍ය විදුලි පහනක් ලබා දුන්නා. මම ශාස්ත්‍රවේදී උපාධියට පාඩම් කළේ බිම වාඩිවෙලා. ඒ නිසා මගේ කකුල්වල දියපට්ටා පවා දැම්මා. පසුව ඒ බව දැනගත් අධිකාරිතුමා මට කුඩා මේසයක්, පුටුවක් ලබාදීලා අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව සලසා දුන්නා. අධිකාරිතුමා පමණක් නෙවෙයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය, වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න, විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන නිලධාරීනුත් මට සුවිශේෂී සහායක් ලබා දුන්නා. බන්ධනාගාරයෙන් එසේ පහසුකම් ලැබෙන විට ඔහුගේ ප්‍රිය බිරිය ලබාදුන් අගනා සහාය පිළිබඳ ඔහු කතා කළේ දෑස්වල කඳුළු පුරවමිනි. ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් බොහෝ පිරිසක් විවිධාකාරයෙන් ඔහුට සහාය ලබාදී තිබෙනවා. ඒ පිළිබ¼දවද බමුණුසිංහගේ සිතේ ඇත්තේ මහත් ගෞරවයකි. බමුණුසිංහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදුන් ඉමහත් කීර්තිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා තුළ ඇත්තේ ඉතා ආඩම්බරයකි. 'බන්ධනාගාරය කියන්නේ වධකාගාරයක් කියලයි සමහරු සිතාගෙන ඉන්නේ. ඒත් ඊට වඩා එහා ගිය මනුෂ්‍යත්වයක් බන්ධනාගාරය තුළ තිබෙනවා. අපි හැම සිරකරුවකුටව සලකන්නේ එක හා සමානවයි. බමුණුසිංහට විතරක් නෙවෙයි තම දක්ෂතා පෙන්වන්න ඉදිරිපත් වෙන ඕනෑම සිරකරුවකුට අපේ උපරිම සහාය ලබාදෙන්න අපි කටයුතු කරනවා. කොමසාරිස් ජනරාල්වරයා ඒ බව පවසා සිටියේ සෙසු සිරකරුවන්ටද ධෛර්යයන් අත්කර දෙමිනි. ඉන්දික බමුණුසිංහගෙන් තොරතුරු සටහන් කරගත් මා ඔහුගෙන් සමුගැනීමට පෙර පැවැසූ කරුණක් මෙහි සඳහන් කරමි. 'මට හිමි වූ මරණ දඬුවම සම්බන්ධයෙන් මම අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ලබන සැප්තැම්බර් මාසේ 25 දින ශේ‍ර්ෂ්ඨාධිකරණයේදී ඒ නඩුව විභාගයට ගන්නවා. මම වැරැද්දක් කරලා නැහැ. මට නිදහස ලැබෙන බව මම දන්නවා. මම දැන් සූදානම් වෙන්නේ දර්ශනපති උපාධිය ලියන්න. ඒකත් මම සමත් වෙනවා. මට නිදහස ලැබුණාම මම නැවත පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවට යනවා. කුමුදු උපුල් ශාන්ත (මව්බිම)
බන්ධනාගාරවල ජීවත්වන්නේත් මිනිස්සුමයි.ඔබ අපි වගේ.අන්තුලිමාල රහත් වුණා නම් මේ මනුස්සයා උපාධියක් ගත්තම තියෙන වරද මොකක්ද.මිනිස්සුන්ට වැඩිපුරම බනින්නේ තමන්ගේ අතේ සහ හිතේ දහසක් වැරදි තියෙන මිනිස්සුමය.අනාගතේ කිසිම දිනෙක වරදක් නොකර තමා උගත් දෙයින් රටට ජාතියට වැඩක් කරන්න.
3
POSITIVE
ncpp_train_39217
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සාකච්චා වැඩසටහනකට එක්වෙමින් මෙසේ පැවසුවාය."ශ්‍රී ලංකාවේ ප්‍රජාත්‍රන්තවාදය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රාමුව හරි ආකාරව ක්‍රියාත්මක වෙන්න ඕන. පාර්ලිමේන්තුව දූෂණයෙන් පිරිලා. අරගලයේ තරුණ කට්ටිය 225ම පන්නන්න ඕන කිව්වෙ ඒකයි.හොඳ අයත් එතන ඉන්න අය අමතක කරලා. රාජ්‍ය පරිපාලන සේවය ගන්න දෙයක් නැහැ, උඩ ඉඳන් පල්ළෙහාට කුණු වෙලා. සමහර රාජ්‍ය නායකයෝ ඉඳළා තියෙනවා හොරකම් කරපල්ලා ඕන තරමක් හැබැයි අහු වෙන්න එපා කියලා.අද ලෝකේ දූෂිතම පොලීසිය ලංකාව හඳුන්වලා ඉවරයි, ට්‍රාන්ස්පේරන්ට් ඉන්ටනැෂනල් එකේ. අධිකරණයට ඇඟිලි ගහලා දේෂපාලන තීන්දු ගත්ත යුගයන් අපි දන්නවා. අපේ රටේ ප්‍රජාත්‍රන්තවාදී පදනම සුනු විසුනු කරලා තියෙන්නේ.ආර්ථිකය බංකොලොත් කියලා එනවුන්ස් කරලා තියෙනවා. මම නම් කියන්නේ 1000%ක් තිබුණු රජයන් වල දූෂණය හන්දා. අපේ ෆේල් ස්ටේට් එකක්. හැබැයි අපිට නිදහස ලැබුණු වෙලාවේ ලෝකයේ දුප්පත්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් 150කින් විතර හොඳම රටවල් 5 අතර එකක් අපි. එක්සත් ජාන්තීන්ගේ සංවිධානයෙනුත් කිව්වා තුන්වෙනි ලෝකෙ රටවල් වලින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හොඳින්ම ක්‍රියාත්මක වෙන්නෙ ලංකාවෙයි ඉන්දියාවෙයි කියලා. දැන් ඒවයේ කෑලිවත් නැහැ. අරගලයේ මුල් හරියයි ත්‍රස්තවාදී හරියයි මං  වෙන් කරනවා. අරගලයේ මුල් හරියෙ වැදගත් වටිනා පරමාර්ථ තිබුණා. මම එකක් ඉතාමත් ඕනෑකමින් කියනවා, කිසිම දේශපාලන පක්ෂ වලට කරගන්න බැරි වෙච්ච දෙයක්, දූෂිත දේශපාලකයෙක් පන්න ගත්තා. ඉතාමත් හොඳයි. නමුත් ඊට පස්සේ මොකක්ද කරන්නෙ කියලා හිතලා තිබුන් නෑ.සමහරු කෑ ගහනවා, දූෂණයට විරුද්ධව ලොකුවට කියවනවා. හැබැයි මට එක්කෙනෙක්ගෙන්වත් ඇහිලා නෑ දූෂණය නවත්තන්නෙ කොහොමද කියලා, ඒ ගොල්ලො බලය ගත්තහම. ආණ්ඩුවෙන් දැන් දූෂණ විරෝධී පනතක් දැන් ඉදිරිපත් කරන්වලු IMF එකේ බලපෑම උඩ. ඒකෙ තියෙන්නෙ හොරෙක් හොරෙක් කියලා දැන ගත්තහම එයාට විරුද්ධව කරන ක්‍රියාමාර්ගයක්. හොරකම් කිරීම නවත්වන්න කිසිම දෙයක් තිබුණ් නෑ.අපේ තරුණයන්ට හැදිච්චකම නැත්තෙ ඇයි? තමා ගැන විතරයි හිතන්නේ. මේවට විසඳුම් හොයන්න ඕනේ. අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටිලා.සුළු ජන කොටස්වල ප්‍රශ්නෙට මේ රටේ ස්ථීරවම ව්‍යවස්ථාමය විසඳුමක් තිබිය යුතුයි. මම එතනින් එහාට මොකුත් දකින්නෙ නැහැ. මම නම් මැරුවත් 13 ගැන කතා කරනවා. 13ට එහා යන්නත් ඕනේ. අඩු ගානේ ඒ ජන කොටස් කියනවනම් 13 අපිට ඇති කියලා, ඒක හරි කළ යුතුමයි."
වැදි බණ!
17
POSITIVE
ncpp_train_39218
තාත්තව බලන්න මුලින් ගෙදර ආවේ හෂිනිගෙ අක්කා  තනිකඩව ඉන්නේ කට්ට ගැහුවා නම් නියමයි කියලා -ලෙලුම් ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක සම්බන්ධයෙන් කලකට පෙර තමන් කළ ප්‍රකාශය අවස්ථාවේ තමන්ට බැණ වැදුණ අයට හෂිනිගේ කෙරුවාවල් එළිවූ පසු දැන් සත්‍ය වැටහී ඇතැයි පවසන වික්ටර් පුතු ලෙලුම් රත්නායක සති අන්ත පුවත්පතකට ඒ ගැන වැඩි විස්තර හෙළි කර තිබෙන්නේ පහත පරිදිය. ඔබ දාපු වීඩියෝ ප්‍රකාශයක් නිසා ඔබේ පියාගේ බිරිඳට බලපාපු සිද්ධිය ආයෙත් මතු වුණා කියලා කියන්න අරගෙන..? මම දාපු වීඩියෝ එක නිසා ඒක එලියට ඇදුනා නම් ඒක මම ලෝකෙටම කරපු හොඳක්. වැරදි දෙයක් කළොත් ඒකට දඬුවම් ලැබෙන්න ඕන. මම දැම්ම වීඩියෝ එක නිසා ඒ තැනැත්තිය කළ වැරැද්ද හොයන්න ගත්තා නම් මම සතුටු වෙනවා. තාත්තාව මුලාකරගෙන හිටියේ ඔය ගැහැණු කෙනා. මිනිස්සුන්ට මොළයක් තියෙනවා නම් වෙලා තියෙන දේ දැන්වත් තේරෙන්න ඕන. ඒ තැනැත්තිය ඔබේ පියාව රැවට්ටුවා කියලද කියන්නේ..? තාත්තා අපිට දෙන්න ඕන දේවල් දීලත් ඉවරයි. අපිට දීලා තාත්තා ලඟ තියෙන වත්කම් ප්‍රමාණය අපි දන්නවා. ෂෝ එකකට ගියොත් ලක්ෂ දෙකහමාරක් තුනක් ගන්නවා. ටුවර් එක්ක ගියොත් තාත්තා ලක්ෂ 15ක් විතර අරගෙන එන්නේ. තාත්තට අදටත් කෝටී ගණනක වත්කමක් තියෙනවා. දැන් අර ගැහැණු කෙනා ලියාගෙනද දන්නේ නැහැ. ඔය දේවල් බලාගෙන තමයි ඔය කෙනා තාත්තාට ලංවෙලා තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ..? මගේ තාත්තාගේ නංගි කෙනෙකුගේ පුතෙක් බැංකුවක වැඩකරනවා. එයා අපේ ජයන්ත අයියට කියලා තියෙනවා තංගල්ල අදාළ බැංකුවේ හොරකමක් වෙලා තියෙනවා කියලා පොලිසියෙන් මේ ගැහැණු කෙනවා අත්අඩංගුවට ගන්න යන කාලේ තාත්තාගේ දැන් බිරිඳගේ අක්කා තමයි මුලින්ම තාත්තාට පන්ගාත්තු වෙන්නේ. ඒ කෙනා මාත් එක්ක ශෝෂල් මිඩියා එකේ චැට් කරලා මගේ තත්තා ගැන එක එක දේ මට කියලා තියෙනවා. ලංකාවේ ඉන්න කාලාකාරයෙක්ගේ ගෙදර යනවා එනවා කියලත් කිව්වා. මගේ තත්තා ගැනම ඒ කෙනා මට විවිධ දේ කිව්වා. මම ඒ කෙනාට හොද වචනයෙන් බැන්නා. ඔය කාලයේදී තමයි ඒ කෙනා අම්මයි නංගියි එක්ක මගේ තාත්තාගේ ගෙදර රිංගලා තිබ්බේ. ඔය අතරේ තාත්තාගේ බැංකුවේ තියෙන වත්කම් දැකලා ස්ටාෆ් එකේ කිහිප දෙනෙකුට කියලා තනිකඩව ඉන්නේ කට්ට ගැහුවා නම් නියමයි කියලා. තාත්තා ඔයාලව අතහැරියේ..? ගිය අවුරුද්දේ පෙබරවාරි 12 දා තමයි අපේ අම්මා නැති වෙලා අවුරුදු දහතුනේ දානය ජයන්ත අයියලාගේ ගෙදර තිබ්බේ. අයියා තාත්තාට කතා කරලා කිව්වා එන්න කියලා හෂිනිව නැතුව. ඒ නිසා ඒ ගැහැණු කෙනා තාත්තාව දානෙට එව්වේ නැහැ. පහුවදා අපේ මාමා කෙනෙක් කතා කරලා කිව්වා තාත්තා වාහනය හප්පාගෙන කියලා අයියයි මමයි අක්කයි තුන්දෙනාම තාත්තාව බලන්න ගියා. මගේ බිරිඳත් මාත් එක්ක ආවා. එදා මම දන්නා දේවල් හෂිනිට කිව්වා. මගේ බිරිඳ කියපු දෙයකට හෂිනි තමුසේ කියලා බැන්නා. ඒකට  තමයි මගේ බිරිඳ හෂිනිට කම්බුලට ගැහුවේ. ඒ වෙනකොට ඒ කෙනා තාත්තාගේ බිරිඳ නෙමෙයි. ඒ සිද්ධියට තාත්තා අපිට කිව්වා මගේ පුතා නොවුනානම් මම මෙලහකට උබව ඇතුලට දාලා කියලා. මාර්තු 1  මට තාත්තා කෝල් කරලා කිව්වා "තාත්තා  පුතා සම්බන්ධ කම් ඉවරයි .." කියලා. ඊට පස්සේ තමයි මම තාත්තා මළා කියලා දැම්මේ. ඒ ප්‍රකාශය නිසා ඔබ දෝෂදර්ශනයට ලක් වුණා..? පැත්ත ගියත් ඇත්ත කියන්න ඕන. මම තමයි ගේ ඇතුලෙත් තාත්තා එක්ක එකට එක කියා ගත්තේ. පොඩි කාලේ ඉදන් එහෙමද..? තාත්තයි මාවයි එක වහල යට තියන්න එපා කියලා අම්මට ජෝතිෂ්‍ය කෙනෙක් කියලා තිබුණා. ඒ නිසා අවුරුදු 19 පස්සේ අවුරුදු 26ක් වෙනකල් තාත්තාව හදිස්සියටවත් බලලා යන්න බැරි තැනක තියන්න කියලා කිව්වේ. ඒ නිසයි මාව  අම්මා රට යැව්වේ.ඒ කාලේ ඉදලා නුරුස්සන වැඩ මට තිබ්බා. බිස්නස් වැඩවලටවත් තාත්තා ලෙලුම්ට කතා කරන්නේ නැද්ද..? තාත්තයි මමයි දෙන්නම අත්සන් කළ බිස්නස් වැඩක මම දැන් හිර වෙලා ඉන්නේ. ඒ ගැන කියන්න මම මාමා කෙනෙක්ව යැව්වා තාත්තා ළඟට. තාත්තා කියලා තිබුණා මැරිච්ච අයගෙන් අත්සන් ගන්න බැහැ කියලා. මට  දැන් ඒකට නීතිමය පියවරක් ගන්න වෙනවා.
මෙතැනදී බැංකුවේ තැන්පත්කළ රත්රන් බඩු වංචාවෙන්ම පේනවා මෙයා වික්ටර්ගේ දේපල වලට ලං වුන කෙනෙක් කියල. සම්භාවනීය ගයකයෙක්ගේ පුත්තු විදියට මෙයාලට තාත්තගේ හැකියාව උපතින්ම ලැබිල ජනප්‍රිය ගායකයෝ නොවුනේ දක්ෂකම් නැතිව වත් සංගීතය ගැන දන්නේ නැතිව වත් දැන අඳුනුම්කම් නැතිව වත් නෙමේනේ.මෙයාල තාත්තගේ නම රැකෙන විදියට වැඩ කලා කියන එක තම මගේ වැටහීම. මොකද සින්දුවක් හරියට කියාගන්න බැරි එවුන්, ජනප්‍රිය ගායකයෝ වෙන රටේ වික්ටර්ගේ පුතුන්ට තමුන්ගේ අනන්‍යතාවයක් හදාගන්න බැරිවුනා කියන එක ලොකුම ලොකු විහිළුවක්.
70
POSITIVE
ncpp_train_39219
පළමු රාජ්‍ය චාරිකාවට එක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ළගාවුණා. එහිදී ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා. සාමාන්‍ය මගියෙකු ලෙස ජනාධිපතිතුමා ගුවන් ගමනට එක්වීම විශේෂත්වයක්. ජනාධිපතිතුමා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණෙන අවස්ථාවේ මාර්ගය වසාදමමින් අනෙක් රථවාහනවලට ගමන් කිරීම සදහා බාධා පැමිණවීමක් ද සිදුවූයේ නැහැ. සාමාන්‍ය ගුවන් මගීන් ගමන් ගන්නා පර්යන්තයෙන් ගුවන් මගියෙකු ලෙස ජනාධිපතිතුමා ගුවන් ගමනට එක්වුණා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනයකට අනුවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙදින රාජ්‍ය චාරිකාවට එක්වුණේ. මෙම චාරිකාවේදී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ග් මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති. ජනාධිපතිතුමා සෙසු ඉන්දීය ප්‍රභූවරුන්ද මුණගැසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්වුණා.
Painda ghin tiyenne 😃😃😃
-36
NEGATIVE
ncpp_train_39220
ඇහැළියගොඩ ප්‍රදේශයේ පෝක් කරි- රොටි සුළු ව්‍යාපාරයක් පවත්වා යන තෙසන්ත ධර්මසිංහ මහතා තමන්ට වූ අකරතැබ්බයක් ගැන ෆෙස්බුක්හි තබා තිබුණ සටහනක් පහත පළවේ. ඔහු පවසන්නේ තමන් ඇහැළියගොඩ කීල්ස් ආයතනයේ කළමණාකරුගේ අවසරය මත මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගියද කිසියම් අයෙකු කීල්ස් ඉහළ කළමණාකාරීත්වයට පැමිණිලි කර තමන්ට බාධා පැමිණවූ බවයි. පැමිණිලි කළ අය ඌරුමස් ගන්ධය එන බවට පැමිණිල්ල කර ඇතැයිද ඔහු පවසයි.
මෙන්න පොයට කලින් බාර් එකෙ පොලිමෙ ඉන්න එකෙක්
9
POSITIVE
ncpp_train_39221
ඉරානයේ හල්ක් ලෙස විරුදාවලියට පත්ව සිටින සජාඩ් ඝාරිබි සතුව ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දැක්වෙන ආකාරයේ දැවැන්ත ශරීරයක් නොමැති බව බ්‍රිතාන්‍යයේ බොක්සිං තාරකාවක වන මාර්ටින් ෆෝර්ඩ් පවසයි. පසුගියදා ඩුබායි නුවරදී තමන්ට ඔහු ප‍්‍රථම වරට මුහුණට මුහුණ හමුවූ බවත්, එහිදි මෙය තේරුම් ගත් බවත් මාර්ටින් සඳහන් කරයි.ලබන අප්‍රේල් 30දා සජාඩ් සහ මාර්ටින් අතර ලන්ඩන් නුවර 02Arena ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බොක්සිං තරගයකට පූර්ව ප්‍රචාරක කටයුත්තක් සඳහා මෙලෙස දෙදෙනාම ඩුබායි නුවරදී එකිනෙකා හමුවීම සිදුව ඇත.මේ අනරීන් මාටින් අඩි 6යි අඟල් 8ක් උසකින් යුක්ත වන අතර, ඔහු අද වන විට ලෝකයේ භයානකම මිනිසා යන විරුදාවලියට හිමිකම් කියයි. ඒ අනුව දැවැන්ත සිරුරක් , හිමි ඉරානයේ හල්ක් සහ මාර්ටින් අතර බොක්සිං තරගයක් දැකබලා ගැනීම වෙනුවෙන් එම දෙදෙනාගේම රසිකයන් මහත් උනන්දුවෙන් පසුවූ බව සඳහන් වෙයි. කෙසේ වෙතත් පසුගියදා මෙම දෙදෙනාම ඩුබායි නුවරදී හමුවූ අවස්ථාවේදී ලබාගත් බව පැවසෙන කෙටි වීඩියෝ පට දෙකක් මේ වනවිට අන්තර්ජාලය වෙත මුදාහැර ඇති අතර, එම විඩියෝ පට තුළද මාර්ටින් සඳහන් කළ ආකාරයට සජාඩ් යනු දැවැන්ත සිරුරකට හිමිකම් කියන පුද්ගලයෙකු නොවන බව මනාව පැහැදිලි වෙයි. "ඔහු මම අපේක්ෂා කළ පුද්ගලයා නෙමෙයි. හරී නම් ඔහු මම වගේ දෙගුණයක් විශාල වෙන ඕනේ. මම හිතන්නේ ඔහු ෆොටෝෂොප් යොදාගෙන ලෝකයම මෝඩයට අන්දවලා. ඔහුගේ ඡායාරූපවලදී ඔහු දකින තරම් පුදුමසහගත බවක් ඔහුව සැබෑ ජීවිතයේදී දැක්කම පෙනෙන්නේ නෑ. ඔහු විශාල වුණාට එහි බියජනක බවක් නෑ. ඔහු හරීයට පුහුණුවක් නොලබපු සිරුරින් විශාල දරුවෙක් වගේ." යනුවෙන් මාර්ටින් මෙහිදී පවසා ඇත. එම අවස්ථා දෙකේදීම සජාඩ් සහ මාර්ටින් එකින්නෙකා සමග ගැටුමේ යෙදෙන අතර, අවස්ථා දෙකේදිම මාර්ටින් කිසිදු අපහසුවකින් තොරව සජාඩ් තල්ලු කර බිම වටවන ආකාරයද දැකගත හැකිය. මෙම වීඩියෝ දර්ශන ප‍්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුව ඉරාන රූපවාහිනියක් වෙන හඩමින් අදහස් දක්වා ඇති සජාඩ්,"මට අද මගේ පවුලේ අයට කතා කරන්න බෑ. මම ඩුබායි ඉඳන් ආයිත් ඉරානයට ගියාම මට ගෙදරට යන්න බැරී වුණා. මට මගේ අම්මටයි තාත්තටයි කතා කරන්න බැහැ. අම්මට කතා කළාම ඇය කිව්වේ මේ විඩියෝ වේ ඉන්නේ තමන්ගේ පුතා නෙමෙයි කියලයි. ඇගේ පුතා මීට වඩා ශක්තිවන්තයි කියලා ඇය කියනවා." යනුවෙන් පවසා තිබේ. සජාඩ්ගේ ඉස්ටග්‍රෑම් ගිණුමේ මේ වනවිට මිලියන 1.1ක පමණ පරිශීලකයන් පිරිසක් සිටින අතර, ඉරානය තුළ ඔහු ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත් පුද්ගලයෙකු ලෙස සැලකෙයි. එසේම මාර්ටින් හා තරගයට පෙරාතුව ඔහු සිය ක්‍රියාකාරකම් කිහිපයක්ම සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ අතර, එහිදී මෝටර් රථ කිහිපයක් ඇදගෙන යෑම, කොන්ක්‍රීට් කුට්ටි ඔසවාගෙන යැම සහ සිය දෑතින් බිත්ති වෙත පහරදීම යනාදී ලෙස සිය ශක්තිය පෙන්වන අවස්ථා කිහිපයක්ම විය. -
ජොල් ඇඟක්නෙ මෑන්ට තියෙන්නෙ. අර නාකි මයික් ටයිසන් සින්ගල් පන්ච් එකකින් මූන නොකවුට් කරයි.
8
POSITIVE
ncpp_train_39222
April 06 7.15am තවත් කොරෝනා කොරෝනා ආසාදතයෙක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.හමුවී ඇති රෝගීන් ගණන 176 කි. April 05 10.15pm තවත් කොරෝනා කොරෝනා ආසාදතයෙක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.හමුවී ඇති රෝගීන් ගණන 175 කි. 07.15pm කොරෝනා රෝගය වැළඳී ඇති බවට සොයාගත් තවත් 3 ක් හමුවී තිබෙන අතර ඒ අනූව මෙරටින් මේ වනවිට හමුවී ඇති රෝගීන් ගණන 174 කි. 06.05pm කොරෝනා රෝගය වැළඳී ඇති බවට සොයාගත් තවත් එක් අයෙකු හමුවී තිබෙන බවට වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ඒ අනූව මෙරටින් මේ වනවිට හමුවී ඇති රෝගීන් ගණන 171 කි. 05.05pm ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇත. 03.15pm ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළ ගොස් ඇත. April 04 10.35pm කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 166 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තවත් හඳුනාගෙන ඇති සිවුදෙනාද සමගය. අද (04) දින තුළ පමණක් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07දෙනෙකු හඳුනාගෙන ඇත. 5.35pm ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදියින්ගේ සංඛ්‍යාව 162ක දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කලේ ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ බවයි. 10.35pm රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ බවයි. 10.00pm ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් රෝගියෙකු කොරෝනා වෛරස් ආසාදිත 4 ක් හදුනාගත් බවට තහවුරු වීඇත. 06.25pm ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ තවත් රෝගියෙකු කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට තහවුරු වීමත් සමගයි. April 02 07.05pm තවත් කෝවිඩ් - 19 ආසාධිත 1 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 151ක් දක්වා ඉහල ගොස් ඇත 05.25pm තවත් කෝවිඩ් - 19 ආසාධිත 2 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 150ක් දක්වා ඉහල ගොස් ඇත 11.25am තවත් කෝවිඩ් - 19 ආසාධිත 2 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 148ක් දක්වා ඉහල ගොස් ඇත April 01 තවත් කෝවිඩ් - 19 ආසාධිත 3 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 146ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.    March 31 11.40 pm තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. 7.40 pm තවත් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ පමණක් රෝගීන් 20 ක් හමුවූ අතර මෙය වැඩිම රෝගීන් හමුවූ දිනය බවට ඒ අනුව පත්ව තිබේ. 5.20 pm කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 3 දෙනෙකු අද (31) හදුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 132 ක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. 4.00pm කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 7 දෙනෙකු අද (31) හදුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 129 ක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. March 30 4.00pm නව කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි. 9.45am අද (30) උදෑසන කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් තිදෙනෙක් වාර්තා වී ඇති අතර ආසාධිතයින් සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි. March 29 8.00pm කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු තවත් රෝගීන් 02 දෙනෙකු හලාවත සහ රත්නපුර රෝහල්වලින් IDH  රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 8.00am තවත් ආසාදිතයින් 2 දෙනෙකු හමුවූ බව වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලන්ගේ ගණන 115ක් දක්වා ඉහළ ගොස් තිබේ. March 28 8.25pm තවත් ආසාදිතයින් 3 දෙනෙකු හමුවූ බව වාර්තා වන අතර කොරෝනා වෛරසය  අසාදිත පුද්ගල සංඛ්‍යාව  113 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ පළමු මරණය වාර්තාවී තිබෙන පසුබිමකය. පළමු මරණය ගැන විස්තර මෙතැනින් 4.15pm තවත් ආසාදිතයෙකු හමුවීමෙන් පසු කොරෝනා වෛරසය  අසාදිත පුද්ගල සංඛ්‍යාව  110 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 3.15pm කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය අද දහවල් දන්වා තිබේ. ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 109 දෙනෙකු මෙරටින් වාර්තා වෙයි. 9 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් අනතුරුව පිටව ගොස් ඇති අතර සැක කෙරෙන පුද්ගලයින් 199 දෙනෙකු දිවයිනේ රෝහල් 21ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
ඉතින් එහෙම තේරුම් ගන්න තරම් උගත් කමක් අත්දැකීමක් තියෙන්න එපායේ. උම්මා දෙන වගේ වැඩක් ඇරෙන්න වෙන් දෙයක් බලා පොරොත්තු වෙන්න එපා එයාගෙන්.
47
POSITIVE
ncpp_train_39223
බන්දුල පුත් සහන් බැන්දේ එකම දවසේ එකම රෝහලේ උපන් කෙනෙක්ලූ පුද්ගලයකු මළ රියඅනතුරින් පසු සසලව සිටියාලූ පසුගියදා කොළඹදී විවාහ දිවියට පිවිසි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පුත‍්‍ර සහන් ගුණවර්ධනගේ විවාහය සිදුවුනේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු දේශපාලකයින් රැසක් පිරිවරාගෙනය. මෙම විවාහයට සාක්ෂි අත්සන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්වරුන්ය. සහන් යනු බන්දුල ගුණවර්ධනගේ දරුවන්ගෙන් වැඩිමලාය. ඔහුට නැගණියන් තිදෙනෙකුත් මළනුවෙකුත් සිටී. බන්දුල ගුණවර්ධන පසුගිය රජය සමයේ අධ්‍යාපන ඇමතිවරයාව සිටින කාලයේ සහන් වැඩිදුර අධ්‍යාපනයට ගොස් තිබුනේ ඇමරිකාවටය. ඔහු එහිදී අධ්‍යයන කටයුතු හමාර කිරීමෙන් පසු නැවත ලංකාවට ආ පසුව විවාහයට පිවිසෙන්නට සූදානම්ව සිටි නමුත් පසුගිය කාලයේ ඔහුට නඩුවක් වැටීම නිසා තරමක් සිත සසල වී සිටියේය. එයට හේතුවූයේ පසුගිය 2014 පෙබරවාරි මස ඔහු ‘වැකේෂන් එකට‘ ලංකාවට ආ අවස්ථාවේ මාතර ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු යට කරමින් වාහනයක් ධාවනය කර දෙවිනුවර විෂ්ණු දේවාලයට යමින් සිටිය 52 හැවිරිදි පුද්ගලයකු මරණයට පත්වීමයි. රථය පදවද්දී සහන්ට ලංකාවේ වලංගු රියදුරු බලපත‍්‍රයක්ද නොතිබූ අතර නොසැලකිල්ලෙන් රිය පැදවීම නිසා අනතුර සිදුව තිබුණි. සති දෙකක් පමණ කාලයක් තිස්සේ බරපතල තුවාල ලබා මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ අගම්පොඩි රංජිත් (52) නමැත්තා එම අනතුරින් මියගියා. අනතුරින් පසු අධ්‍යාපන ඇමති පුත‍්‍රයා පොලීසියට බාරවූ පසු අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදාහැර තිබුණි. නඩුව යළි යළි විභාගවූ නිසා ඔහු ඒ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමටද සිදු විය. මේ කාරණා හමාර කරගෙන ඔහු පසුව විවාහයට සූදානම් විය.ඔහුගේ පෙම්වතිය බවට පත්වූ තැනැත්තිය ඔහුගේම වයසේ ඔහුගේම උපන්දිනය තමාගේද උපන්දිනය කරගත් තැනැත්තියක වූ අතර කථාබහ කර බලද්දී අපූරු සිද්ධියක් අනාවරණයවූයේ එම දෙදෙනා එකම දිනයක එකම රෝහලේම උපත ලද බව හෙළි වීමෙනි. සහන් හා ලක්ෂි දෙදෙනාගේ විවාහයේ ඡායාරූප නැවත බලන්න පහතින් Pix By -Suren Abeysundara, Flowers - 2 nd chance, Dress - Ruchira Salon,Card & Cake- Yowanma Bandara ,Groom's Outfit- Imitiyaz ,Hotel- Cinnamon Lake Side ,Music - Marians
මුන් ඔක්කොම එකම රෑනේ කුරුල්ලෝ... දවල්ට බැනගන්නවා.. රෑට එකට පාටි දානවා... අපි රැවටෙනවා...
10
POSITIVE
ncpp_train_39224
මීට වසර ගණනාවකට ඉහත විවාහ ගිවිසගෙන සිටි රංගන ශිල්පිණී චතුරිකා පීරිස් හා රංගන ශිල්පී රොෂාන් පිලපිටිය දෙදෙනාම දැන් වෙනත් විවාහ දෙකකය. නමුත් ඔවුන් එක්ව සිටි කාලයේ දෙදෙනාම විවාහවී පදිංචියට යාමේ අදහසින් මහරගම ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් සිටි බව කියැවේ. එහි ආයෝජනය දෙදෙනාම දැරූ අතර නිවසේ වැඩ අවසන්වන්නට පෙර දෙන්නා වෙනස්වීම නිසා නිවසේ අයිතිය සම්බන්ධ නීති මාර්ගයෙන් විසඳාගැනීමට දෙදෙනාට යොමුවීමට සිදුවිය. තවම එම නඩුව අහවර නැත. නිවසේ පදිංචිවී සිටින්නේ රොෂාන් හා රිද්මාය. මේ අතරවාරයේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන රොෂාන් සිය නිවස ගැන විස්තර රැසක් හෙළි කර තිබෙන අතර එහිදී ඔහුට එහි පූර්ණ අයිතිය ඇති බව ඇගවෙන සේ විස්තර සපයා තිබේ. මෙම විස්තරය ගැටලුකාරී බව රොෂාන් හා පෙර විවාහ ගිවිසගෙන සිටි චතුරිකා පීරිස් දන්වා ඇත. ඇය අප සමග ඒ ගැන පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඇය ඒ ගැන මෙසේ පවසන්නීය. 'මම දැක්කා නෙයෙකුත් අවස්ථා වල මේ නිවස සහ ඒ පිළිබඳව ලොකු ප්‍රචාරයක් දෙනවා. මම ඇත්තටම මේ කතා කරේ නීතිඥවරයකුගේ උපදෙස් මත. මේ වෙනකොට මේක උසාවියේ නඩුවක් තියෙන property එකක්. ඉතිං මේ නිවස ගැන කියලා තියනවා මම දැක්කා. නමුත් මේ කියලා තියන විස්තර නිවස හදපු කාලේ, ඉඩම ගත්ත කාලේ ඒ ඔක්කොම දේවල් ඒ රූප රාමු දාලා තියෙන නිවසේ දේවල් වැරදියි. මම දන්නේ නැ වෙන නිවසක් ගැන කියනවද කියලා. මොකද ඔය නිවසේ මම හිතන්නේ දිග පළල මම තරම් දන්න වෙන කවුරුත් දන්නේ නැ. එගොල්ලෝ ලොකුවට Advertise කරගෙන ලොකුවට කියලා තියෙනවා අනන්මනන් එගොල්ලන්ගේ.එවායේ ගත්ත බිල් ඉඳන් තියෙනවා තාම මං ළඟ.ඒවා උසාවියේ නඩු කියන Documents බවට පත්වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතිං ඒ නිසා එවාගේ උසාවියේ නඩුවක් තියෙන Property එකක් සම්බන්ධයෙන් මේ ආකාරයට අනවශ්‍ය ලෙස හුවා දැක්වීම වැරදියි. මාධ්‍ය තුළ එවැන්නක් පළ කිරීම පිළිබඳ මගේ නීතිඥවරයා කිව්වා ඒ බව දැනුවත් කිරීමක් කරන්න කියලා. කාටවත් ඒ ගැන මේ වෙද්දී අයිතිවාසිකමක් නැ. උසාවිය ඒ තීරණය දෙන්න ඕනේ ඒ නිවස එක්කෝ සම්පුර්ණයෙන්ම අපිට අයිති වෙනවද එහෙට අයිති වෙනවද එහෙමත් නැතනම් බෙදෙනවද කියන එක. ඉතිං මේ වෙනකොට ඔය පෙන්නලා තියෙන නිවස ඔප්පුව තියෙන්නේ මගේ නමට Building Approval එක තියෙන්නේ මගේ නමට. සියලු දේවල් තියෙන්නේ මගේ නමට. රොෂාන් පිලිපිටියගේ නමටත් තියෙනවා කොටසක්. ඒ නිසා මේ වෙනකොට උසාවියේ නඩුවත් පවතින නිසා මම හිතන්නේ ඔය වටපිටාවේ ඉන්න සියලුම නිවස අවට ඉන්න මිනිස්සු දන්නවා ඔය ඉඩම ගත්තේ කවුද ඔය ඉඩමේ ගේ හැදුවේ කවුද ඔය ගෙදර මුල්ගල තිබ්බේ කවුද ඔය ගෙදරට ඉස්සෙල්ලා පදිංචියට ගියේ කවුද කියන කරුණු කරණා සියල්ල ඒ අවට මිනිස්සු දන්නවා. මේ වේලාවේ උසාවි නඩුවත් තියෙන Property එකක් නිසා මම හිතන්නේ ඒක නීති විරෝධියි. නීතිය අනුව නම් එහෙම කරන්න බැහැ. .මුනිවත රැක්ක පමණින් එගොල්ලන්ට ඕන ඕන දේවල් කියන්න බැ.ඒ කියලා තියෙන සියලුම දේවල් බොරු කියලා  ඒ පෙන්නලා තියෙන කාල වකවානු බොරු කියලා මට ඔප්පු කරන්න පුළුවන්.මොකද සියලුම Documents ළඟ තියෙනවා. මේ වෙනකොට ඒවා මම උසාවියටත් ඉදිරිපත් කරලත් තියෙනවා. ඉතිං එගොල්ලෝ ඒ නිවසේ හිටියා කියලා ඒක එගොල්ලන්ගේ කියන්නත් බැහැ. ඕනම මනුස්සයෙක්ට මම දන්න කරමට බොරු කියන්න පුළුවන්. ඒත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කියන්න බැහැ. තමන්ගේ හෘදසාක්ෂිය දන්නවා තමන් මේ කොතනද ඉන්නේ මේ නිවස කවුද හැදුවේ මේක කාගෙද කියලා තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. මේ විියට බොරු මවාපැම් කරන්න සමාජයේ ඉස්සරහ පිටට බැහැ. මට නම් එක ප්‍රශ්නයක් නැ ජිවිත කාලේම බොරු මවාපෑම් කරාට. මේ වෙනකොට ගංගොඩවිල උසාවියේ අධධිකරණයේ නඩුවක් පවතින Property නිසයි මම දැනුවත් වීමක් මාධ්‍යට කරන්නේ නැවත එවගේ දැමීමේන් වළකින්න.මොකද එක නඩු දේපළක් විදියට තමයි මේ වෙනකොට තියෙන්නේ. අපි විරුද්ධත් වෙලා නැ ඒ ගෙදර කවුරුත්  ඉන්නවට.මගේ පර්ශවයේ කිසිම කෙනෙක් විරුද්ධ වෙලා නැ ඉන්නවට මොකද අපි අමුනුෂ්‍යයෝ නොවන නිසා. අපි කිසිම වේලාවක විරුද්ධ වෙලා නැහැ. මම කියලා නැ නඩුවත් තියෙන නිසා එළියට යන්න කියලවත් මම කියලා නැ. නමුත් මේ වෙනකොට ඒ Property එක සම්බන්ධයෙන් නඩුවක් යනවා. ඉතිං ඒ නිසා මේක හරිම විහිළුවක්. ඔය බඩු ගෙනාපු ආයතන වල ඉන්න මිනිස්සු ඕක දැක්කාම හිනාවෙනවා ඇති සමහරක්විට. ඉතිං එගොල්ලෝ එ දේවල්ම පාවිච්චි කර කර ඒවා ලොකුවට හුවා දක්වීම සම්බන්ධයෙන් ඇත්තටම මම දකින්නේ විහිළුක් හැටියට. මට තියෙන ප්‍රශ්නේ තමයි උසාවියේ නඩුවත් පවතින දේපළක් නිසා මේ ගැන වැඩිදුරටත් කවුරු හරි අදහස් දැක්වීමේන් එගොල්ලන්ටත්  අපි නීත්‍යානුකුල පියවර ගන්න සිද්ධ වෙනවා.උසාවියේ නඩුවක් යන දේපළක් වෙනුවෙන් අපිට කියන්න බැනේ මගේ කියලා. මම කවදවත් කියලා නැනෙක් මගේ කියලා.මට මගේ කියන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔප්පු කරන්න බුළුවන් දේවල් තියෙනවා. ඒ උනාට මම එහෙම කියලා නැ. හේතුව මේවෙනකොට නඩුවක් පවතින නිසා. ඒක ගරු උසාවිය තීරණය කරන්න ඕන මේක කාගෙද කියන එක. මේක දෙගොල්ලන්ටම දෙනවද මෙක මෙයාට දෙනවද ඒක උසාවියේ නඩුව කියලා තීරණය වෙන්න ඕන. එතකන් මේක මගේ කියලවත් එක එයාගේ කියලවත් අපිට කියන්න බැ. හැබැයි ඉතිං මට මගේ කියලා ඔප්පු කරන්න පුළුවන් සාධක අනන්ත අප්‍රමාණ තියෙනවා ඔය ඒ පිංතුර වල දාලා තියෙන ගේ ගැන නම්. එකේ පර්චස් ප්‍රමාණය දාලා තියෙනවා තනිකර වැරදි.  ඒ බොරු. ඉඩම ගත්ත වර්ෂය දාලා තියෙනවා බොරු. නිවස හදපු වර්ෂය ලියලා තියෙනව බොරු. ඒ දේවල් වල ලිඛිත Documents තියෙනවා. ඒ ඇතුලේ Interior Plan ඔක්කොම මං ගාව තියෙනවා. ඒ පිංතුර දාලා තියෙන එක බොරු කියන එක තමයි මට කියන්න අවශ්‍ය වෙලා තිබ්බේ. ඒක නීත්‍යානුකුලව මේ වෙනකොට උසාවියේ නඩුවක් පවතින නිසා. ඒක ඉතිං මම ගරු උසාවියට තමයි තීරණේ කරන්න ඉඩ දීලා තියෙන්නේ.
ඔයාගේ ඉඩමේ හොදට කලුවර ගස් වැවිලාද? එවා නිතර කපනවාද?
63
POSITIVE
ncpp_train_39225
අන්තවාදි ඉස්ලාම් මූලධර්ම ලංකාවේ ස්ථාපිත කිරීමේ පියා වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අද (30) එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. “ශරියා නීතිය මේ රටේ ගැසට් කරලා තියනවා. ඒ නීතිය යටතේ සංවිධාන ලියාපදිංචි කරලා තියනවා 2013 මැයි මාසේ 13 වෙනිදා. දැන් මේවා කරන්නේ එක එක මන්ත්‍රිවරු මාර්ගයෙන්. සමහර විට මෙතන ඉදිවෙන්නේ ශරියා විද්‍යාලයක් කියලා ඒ මන්ත්‍රිවරු දන්නේ නැතුව ඇති. 2017 දයාන් ජයතිලක මේ ගැන කතා කරනවා. ඔහු කියන්නේ ලංකාවේ ඉස්ලාමීය අන්තවාදය වපුරන්න ක්‍රියා කළේ ගෝඨාභය රාජපක්ෂ හා ඊශ්‍රායෙල් රජය කියලයි. ඒ වගේම ලංකාවේ බොදු බල සේනා ක්‍රියාත්මක කිරීමට අනුබලය දුන්නේත් ගෝඨාභය කියලා දයාන් කියනවා. 2013 අප්‍රේල් මාසයේ 13 වෙනිදා ගැසට් කරපු ගැසට් එකේ දෙවන කොටසේ තමයි ශරියා නීතිය ගැසට් කළේ. මේ රටේ පල්ලි 200ක් හදලා තියනවා මේ ශරියා නීතිය යටතේ. ඒ ඔක්කෝම පල්ලි හදලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ කාලේ. හැබැයි අපේ කාලයේ එකම පල්ලියවත් නීතිගත කරලා නෑ. මතක තියා ගන්න. 2015 පස්සේ එකම ශරියා පල්ලියවත් මේ රටේ ලියාපදිංචි කරලා නෑ. ගෝඨා කියනවා අන්තවාදි මුස්ලිම් පාලනය කරන්න එයා ජනාධිපතිවරණයට එනවා කියලා. බාගවෙලාවට කතා කරගෙනම අයින් කරගන්නවාද දන්නේ නෑ. මෙයා බිහිකරපු ඒවනේ. මේ රටේ මුස්ලිම් අන්තවාදයේ පියා ගෝඨා. බොදු බල සේනාවෙත් පියා එයා. එයා කතා කරනවා දැන් දරුවෝ පාලනය කරන හැටි. සමහර විට කරන්න පුළුවන් වෙයි. ඇයි ඉතින් එයාගේ දරුවොනේ ඒ ” අමාත්‍යවරයා පවසා සිටියා.
එහෙම තමා තමන්ට කියලා දෙයක් හිතාගන්ඩ මොලයක් නැති කොට වතුර බිවුවට වැඩක් නෑ..මම කියන්නං.. උබ රාජිත කියන දේවල් විතරක් විශ්වාස කරපං මොකද රාජිත පවා හොයන්නේ ඌ කියන දෙයක් විශ්වාස කරන තණකොළ කණ උබලා වගේ අය..
29
POSITIVE
ncpp_train_39226
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ පුත්‍රයෙකු පහරදීමෙන් ඇමති ආරක්ෂක පොලිස් කොට්ඨාසයේ කොස්තාපල්වරයෙක් තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමේ සිද්ධියක් වාර්තාවේ. නිවසේ ආරක්ෂාවට යොදා සිටි මෙම නිලධාරියා සමග මන්ත්‍රීවරයාගේ පුතා බහින්බස්වීමක පැටලුණ බවත් පසුව එම පුත්‍රයාට කෝපය පාලනය කරගන්නට බැරිව නිවසේ තිබූ පොල්ලක් ගෙන නිලධාරියාට පහරදෙන්නට පටන්ගත් බවත් කියැවේ. පහරකෑමට ලක්වූ නිලධාරියා මේ වනවිට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබයි. පහර කෑමට ලක්වූ පොලිස් නිළධාරියා රෝහලට ඇතුලත් වීමට පෙර හලාවත පොලිසියට මේ පිලිබදව පැමිණිලි කර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් සුසන්ත අරුණ කුමාර  ( 60990 ) නමැති පොලිස් නිලධාරියායි . පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිරකුමාර අබේසේකරගේ පුතු මෙම සිද්ධියට සැකකරන අතර මේ වනවිට මන්ත්‍රීවරයාද පොලිස් නිලධාරියාට එරෙහිව පැමිණිලි කර ඇත. හලාවත පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දැන් පොලිසියත් පොලිසියේ පැත්ත ගන්නේ නැතුව වැඩ කරයි. මේවා දැකල හිනා ගිහින් පණ යයි ඕයි
40
POSITIVE
ncpp_train_39227
ජූනි මස 05 සහ 06 යන දෙදිනට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ පිහිටි සියළුම මත්පැන්හල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නියෝග කර තිබෙනවා. එමෙන්ම අමතරව මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරිම නැවත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.
සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරිම නැවත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා. -- යකෝ මේවද ආන්ඩුවකට තියෙන වැඩ? බාර් කමක් නෑ කියමුකෝ. කඩවල් වල ගනාව මස් බාර් වල අරක්කු වගේ කල් තියාගන්න බැහැ. දැන් කියන්න එපා කලින් කීව මස් කඩේට ගේන්න එපා කියල. කඩ වල තියෙන්නේ ඇග්රිමන්ට්ස්. උන් බඩු අදාල තැනින් ඒ වෙලාවට ගන්න ඕනේ වගේම බඩු දෙන එවුන් ඒ වෙලවට බඩු දෙන්න ඕනේ. මස් නොකන නොගන්න එක බඩු සල්ලි වලට ගන්න එකාගේ තීරනය.
1
POSITIVE
ncpp_train_39228
අවුරුදු දාහතරක් වයසති තම දියණිය මත් වී සිටින බව පවසමින් මවක සිය දියණියද කැටුව වඳුරඹ පොලිස් ස්ථානයට පෙරේදා (26) පැමිණි පැමිණිල්ලක් කර ඇත. සිය දියණියට මත්ද්‍රව්‍ය හෝ මත්වීමට වෙනත් ද්‍රව්‍යයක් දී ඇති බව පෙනී ගිය බව මව පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය පී.ආර්.සී. විජේනායක මහතා හමුවට යොමු කර ඇත. මෙම බාලවයස්කාර දැරිය දූෂණයකට ලක්වී ඇති බවත් මත්ද්‍රව්‍ය පානය කර  නොමැති බවත් සඳහන් කරමින් අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. පසුව දැරියගෙන් ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මත පරීක්ෂණ පවත්වා එම දැරිය දූෂණය කළේ යැයි කියන දාහත් හැවිරිදි පාසල් සිසුවෙක් වඳුරඹ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර සිසුවා බද්දේගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අයෙකි. සිසුවිය පාසල් ගොස් පාසල් වෑන් රථයෙන් නිවසට නොපැමිණි නිසා, මව දියණිය ගැන විපරම් කර බැලීමට බද්දේගම ප්‍රදේශයට ගොස් ඇතත් ඇය හමුවී නැති අතර පසුව මව නිවෙසට එනවිට දියණිය ද එහි පැමිණ සිට ඇත. එම සිසුවියගේ මව පන්තිභාර ගුරුවරයාට දුරකථනයෙන් කතාකර ඇති අතර දියණිය පෙරේදා දිනයේ පාසලට නොපැමිණි බව ඔහු පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි. සිය දියණිය මත්වී සිටින බවක් පෙනී ගිය නිසාත් කිසිවක් ඒ ගැන ප්‍රකාශ නොකරන නිසාත් මේ ගැන මව සිය දියණිය ද කැටුව පැමිණ පොලිසියට පැමිණිලි කර ඇත.  වඳුරඹ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිහු පිරිසක් මේ  සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති. ශ්‍රීනාත් පුසන්න ජයසූරිය
ගොනෝ.. අවුරුදු 14ක් කියන්නෙ ළමයෙක්. ඒක ඔලුවෙ තියාගෙන news එක කියවපං උඹේ අමාරුව පැත්තකින් තියලා
2
POSITIVE
ncpp_train_39229
පසුගිය පුංචි ඡන්දයෙන් පසු තාවකාලිකව කල් දමන ලද උසස් පෙළ සිසු සිසුවියන්ට ටැබ් පරිගණක දීම ස්ථීර වශයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් නැවත මතු කළ අතර මෙම ව්‍යාපෘතිය නියමූ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කරන්නැයි පසුගිය අඟහරුවාදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ වී තිබේ. උසස් පෙළ සිසුනට ටැබ් පරිගණක දීම එක්සත් ජාතික පෙරමුණු රජයේ මැතිවරණ ප්‍රතිඥාවක් ද විය.  ව්‍යාපෘතිය පිළිබඳවඅධ්‍යයනය කිරීම සඳහා විශේෂඥයන් හය දෙනකුගෙන් යුත් කමිටුවක් ද පත් කර ඇත. ටැබ් පරිගණක දීමේ වැඩපිළිවෙළ සඳහා වාර්ෂිකව මිලියන 5,000ක් වැය කිරීමට හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයා දැඩිව පවසා තිබේ. ඊට අමතරව මෙම ටැබ් පරිගණක දීමෙන් පාසල් සිසුන් එය වැරැදි ආකාරයට භාවිත කිරීමේ සම්භාවිතාව වැඩි බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ඒ අවස්ථාවේ අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා පවසා ඇත්තේ මැතිවරණ පොරොන්දුවක් නිසා එය අනිවාර්යයෙන්ම ඉෂ්ට කළ යුතු බවයි. එසේ නොමැති වුණොත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් එය දේශපාලන සටන් පාඨයක් බවට පත්කර ගැනීම නතර කළ නොහැකි බවද ඇමැතිවරයා පවසා තිබේ. මේ තත්ත්වය මත අදාළ ව්‍යාපෘතිය සඳහා අවසර දීම නැවතත් කල් දැමීමට කැබිනට් හමුව තීරණය කර ඇත.
සිරිසේන මහතාගේ කකුලෙන් ඇදීමේ චපල ප්‍රතිපත්තිය තවම වෙනස් කර නැහැ වගේ. යුඑන්පී යට හෝ රනිල්ට ලකුනු වැටෙන යමක් තියනවානම් බාධා කරනවා. අනවශ යුද නැවක් මිලදී ගෙන තවත් නය උනේ මොකටද? තම පක්ෂය සමගි කරන්ට බැරි වු නායකයා ජාතියක් සමගි කරන්නේ කොහොමද?
2
POSITIVE
ncpp_train_39230
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැති සභාවක් අමතා මෙසේ පැවසීය."අහිංසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරලා කොහොමද ඒ ගොල්ලො එළියේ ඉන්න ක්‍රමය මිනිස්සුන්ට කියලා දෙන්න.  ඒක හොදයි අනිත් දේශපාලන පක්ෂවලටත්. පංතියක් තිබුනොත් හොඳ ගානක් හොයාගන්න පුළුවන්.වසන්ත මුදළිගේ, මං මොකක්ද එකක් කියලා මට බැන්නා හොඳටම. අසූචි වලක ඉන්නේ ජොනියා කිය කිය. මං මොකුත් එතුමට කිව්වෙ නෑ. ඒ තරුණයා කිව්වා මං හිරේ ගියා මට කන්න දුන්නෑ කියලා. මං දැක්කා ෆේස් බුක් එකක එක තරුණයෙක් කියලා තියෙනවා මෙයා හිරේ යන්න ඉස්සර හිටියේ කෙට්ටුවට, මෙයා කොහොමද හිරේ ගිහිල්ලා එද්දී මහත්වුනේ චීන ඌරෙක් වගේ කියලා. මං ඕක විතරයි කිව්වේ. මට බැන්නා හොඳටම. තව තරුණයෙක් දාලා තිබ්බා දැන් මූ හොඳයිලු කරත්තේ බඳින්න මොල්ලියත් ඇවිල්ලා කියලා. ඔය තරුණයෝ කියන ඒවා අපි ගනං ගන්නේ නැහැ. චේන්ජ් වුනා නේද සිස්ටම් එක. අපේ කාලේ ගැහුවේ නෑ, දැන් බැහැපු ගමන් ගහනවා. හැබැයි කැත වැඩේ කියන්නේ ඒ ගොල්ලො කියන්නෙ අසූචිත් මිශ්‍ර කරලා ගහනවා කියලා.හැම ඡන්දයක් ළං වෙනකොටම සෙනඟ පෙන්නනවා. ගනං කරලා ඉවර වුනාම 3%යි. මේ ගොල්ලො බය කරලා තමයි හැමදේම කරන්න හදන්නේ. රැස්වීමට වරෙන් ආවේ නැත්තම් උඹේ ගෙදර ගිණි තියයි චන්ද්‍රසිරිට වෙච්ච දේ දැක්කනේ, ජොනීට වෙච්ච දේ දැක්කනේ. බය කරනවා, ඇයි? ඡන්ද නැති නිසා."
මයින්ද මාතියා මයිනෙක් වගේ, බැසිල් කපුටෙක් වගේ
82
POSITIVE
ncpp_train_39231
නිසිකලට වැසි ලැබී විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ ජලයෙන් පිරී විදුලිබල උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවත්වන පැන් පූජාව අද (28) සිට හෙට (20) අනුරාධපුර ශ්‍රී මහා බෝධීන්වහන්සේ අබියසදී පැවැත්වේ . මෙහිදි බලාගාර ආශ්‍රිත ඡලාශවලින් ලබාගන්නා පැන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කෙරෙන බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව අද පස්වරු 3 ට පැන් කළ සහිත රිය පෙරහර ගල්කුලම විහාරස්ථානයට පැමිණෙන අතර එතැන් සිට පැන් කළ රුවන්වැලි සෑයටත් වැඩමකරන අතර පස්වරු 6.30 ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලදී ගිලන්පස පූජාවක් පැවැත්වේ. පස්වරු 7 ට රුවන්මැලි සෑයේ සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා  පහන් දැල්වීමත් පස්වරු 8.15 ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැන් පූජාවක් සිදුකෙරන බව ලංවිම සිදු කරයි.
විල්පත්තුවේ පැත්තෙ කපන හාදයව එක්ක යන්න නමි එපා. උතුමි බෝධින්වහන්සේටත් බැල්ම හෙලයි.
54
POSITIVE
ncpp_train_39232
රජයේ පාසල්වල 13 වසරක සහිතක කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ පාසල් හරහා ආයතන ගත වු සිසුන් සඳහා රුපියල් 500ක මුදලක් දෛනිකව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙම වැඩසටහන යටතේ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් දෙවන අධ්‍යයන වර්ෂයේ දී තෝරා ගත් වෘත්තීය විෂයකට අදාළව ජාතික වෘත්තීය කුසලතා(NVQ)4 මට්ටමේ සහතිකය ලබා දීමට අනුමැතිය ඇති වෘත්තීය පුහුණු ආයතනයකින් අධ්‍යාපනය ලැබිය යුතුව ඇති අතර මෙවැනි වෘත්තීය පුහුණු ආයතන එක් ස්ථානයක පමණක් පිහිටා තිබීම හේතුවෙන් ඇතැම් සිසුන් ප්‍රවාහන හා නේවාසික පහසුකම් සලසා ගැනිමේ දී අධික පිරිවැයක් දරිමය්ට සිදුවන බව වාර්තා වෙයි. එම නිසා පාසල් හරහා ආයතන ගත වන සිසුන් සඳහා ප්‍රවාහන හා අනෙකුත් වියදම් ආවරණය කර ගැනීමට රුපියල් 500 ක දෛනික දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින්ය.
නිකම් දෙන නිසා හෑමදේටම හොදයි, කාලෝචිතයි කියන්න එපා බං. මේවා දෙන්නේ රටේ නිශ්පාදනය වෑඩි කරල නෙවෙයි. රටේ ආදායමට වඩා වියදම වෑඩියි, නමුත් දේශපාලකයන් නඩත්තුවට යන වියදම මුන් අඩු කරන්නෙ නෑහෑ. මේ දේශපාලන ජයග්‍රහන වෙනුවෙන් නොමිලේ දෙන හෑම දේම වෙනුවෙන් අපි බදු ගෙවන්න වෙනවා, රුපියල් 100 ක රීලෝඩ් එකක් දාගත්තොත් 45% විතර බදු ගෙවනවා, කෙටියෙන් කිව්වොත් අපි රුපියල් 10,000 ක බඩු ගන්නකොට 4000ක් දෑනට බදු ගෙවනවා. මේවා චන්දය වෙනුවෙන් සංදර්ශන පමනයි.
11
POSITIVE
ncpp_train_39233
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර  විපක්ෂයට ගොස් අසුන්ගෙන තිබේ.ඒ අනුව ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය ගුණපාල රත්නසේකර, ඩිලාන් පෙරේරා, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, කේ.පී.එස් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මන්ත්‍රීවරුන් අද දිනයේ සිට ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගනු ලැබු බව වාර්තා විය. මෙම පිරිස ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට හේතු දක්වමින් මහාචාර්ය ජීඑල් පීරිස් පාර්ලිමේන්තුවේ කතාවක් පැවැත්වූ අතර සියලු දෙනා නැගිට එම තීරණය දන්වා සිටින ලදි.
ගොනා තොගේ ඔලුව චෙක් කරගනින්.
19
POSITIVE
ncpp_train_39234
පානදුර මූලික රෝහලේ මෘත  ශරීරාගාරයේ  තැන්පත් කර තිබූ සිංහල කාන්තාවකගේ මළසිරුරක් මුස්ලිම්මළසිරුරක් ලෙස අවසන් කටයුතුද සිදු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.  පානදුර මූලික රෝහලේ අංක 7 කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 89ක හා 93කකාන්තාවන් දෙදෙනකුගේ මළසිරුරු  එකිනෙක මාරු වී ඇතැයි වාර්තා වේ. මොරටුව ලක්ෂපති  ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි මුස්ලිම් කාන්තාව ඉකුත් මස විසි එක්වැනි දිනමියගොස් ඇති අතර ඇයගේ මළසිරුර වෙනුවට ඥාතීන්ට 26 වැනි දින භාරදී ඇත්තේ එදිනම  (26දා)මියගිය පානදුර, වීරසිංහ මාවතේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවගේ මළසිරුර බව එම ආරංචි මාර්ගසඳහන් කරයි. එම මළ සිරුර  එදිනම මඩකළපුව, ඔට්ටමාවඩු  ප්‍රදේශයේ මිහිදන් කර ඇති බවද එම ආරංචි පවසයි. 93 හැවිරිදි කාන්තාවගේ දියණිය පෙරේදා (28දා)   මවගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා මහජනසෞඛ්‍ය පරීක්ෂකවරයකු සමඟ රෝහල වෙත ගිය අවස්ථාවේදී මවගේ මළසිරුර එහි නොමැති බව දැනගැනීමට ලැබීමෙන් අනතුරුව මේ පිළිබඳව රෝහල් බලධාරීන්ගෙන් විමසීමක් කර ඇතැයි දැන ගන්නට ඇත. ඒ වන විටත් මේ පිළිබඳ නොදත්  රෝහල් බලධාරීන් සිද්ධිය යටපත් කිරීම සඳහා දැඩි උත්සාහයක් ගෙන ඇතිඅතර  නීතියට සම්බන්ධ එම කාන්තාව විසින් තම මවගේ මළසිරුර ඉල්ලා දැඩි ස්ථාවරය සිට ඇති බවරෝහල්  ආරංචි මාර්ග සඳහන් කරයි. අනතුරුව විවිධ පාර්ශ්වයන් මෙම සිද්ධියට මැදිහත්වීමෙන් අනතුරුව රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදුකිරීමේතීරණය මත සිද්ධිය සමථයකට පත්වී ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත. මේ ආකාරයේ සිදුවීම් කීපයක්ම පසුගිය දිනවල මෙම රෝහලේම සිදු වුවද  එම සිද්ධීන්ද  කිසිදු පියවරක්නොගෙනම යටපත් වී තිබේ.මේ පිළිබඳව විමසීම සඳහා පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි  ඉන්ද්‍රාණි ගොඩකන්ද මහත්මියදුරකථනය හරහා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහය ගත්තද ඇය දුරකථනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.කොළඹ - ජයසිංහ
එන්නත් ගන්න මිනිස්සු පොරකන්නවා, පෝලිම පැනල දුවරු එන්නත ගන්නවා, මරුනහම මිනිය මාරුවෙනවා. ඒ උනාට අපි ජාත්‍යන්තර පැසසුමට ලක්වෙනවා. අපි හරි වෙනස්...
5
POSITIVE
ncpp_train_39235
පාඩු ලබන රාජ්‍ය ආයතන පනහකට අධික ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කරන බව පවසමින්, විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බවට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන මේ වන විට ආණ්ඩුවට චෝදනා කරමින් තිබේ. මෙම කටයුත්ත සිදුනොකරන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, ලබන මස 08වන දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවටත් වෘත්තීය සමිති මේ වන විට ප්‍රකාශ කර තිබේ. පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවටත් පත්කිරීමට වැඩපිළිවෙළක් සකස් කළයුතු බවට පසුගිය කාලය පුරාම රට තුළ විශාල කතාබහක් ඇතිවී තිබුණි. මෙවැනි කටයුත්තක් සිදුකිරීම සදහා පෙරමුණ ගත යුත්තේ රටේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා පුමුඛ ආණ්ඩු හා පාර්ලිමේන්තුව විසිනි. එහෙත් ගෙවී ගිය කාලය පුරා කිසිදු අවස්ථාවක මෙවැනි වැඩපිළිවෙළක් සකස් කිරීමට හෝ පවතින ආණ්ඩුව හෝ පැවැති ආණ්ඩු උත්සාහයක් ගත්තේ නැත. ගෙවී ගිය කාලය පුරාම සිදුකරනු ලැබුවේ පාඩු ලබන ආයතන දියුණු කිරීමට බව සඳහන් කරමින් ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා දැමීමට කටයුතු කිරීම පමණි. මේ නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රටට බරක් වෙමින් තිබෙන අතර, මේ නිසා සිදුකළ යුත්තේ එම ආයතන දියුණු කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමය. යම් රාජ්‍ය ආයතනයක් පාඩු ලබනවා නම්, එහි වගකීම මේ රටේ පාලකයන්, දේශපාලනඥයන් භාර ගත යුතු වන අතර, මේ රට තුළ පවතින සෑම රාජ්‍ය ආයතනයක්ම අමාත්‍යවරයෙකු යටතේ හෝ ජනාධිපති, අගමැති යන තනතුරු යටතේ පාලනය වේ. මෙවර අයවැය තුළින්ද පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කිරීම සදහා යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර, මෙම යෝජනාවට අනුව අධික ලෙස ලාභ ලබන රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය, රජය සතු  හෝටල් කිහිපයක් හා ජනතාවට සේවය සපයන දුම්රිය දෙපාර්තමේන්තුව, තෙල් සංස්ථාව වැනි ආයතන ගණනාවක කොටස් පෞද්ගලික අංශය වෙත ලබාදීමට කතාබහක් ඇතිවී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සැලකීමේදී 2003 වසරේදීත් රක්ෂණ සංස්ථාව විකුණා දැමීම සදහා ලංසු කැදවූ අතර, මෙයට සේවකයන් දැඩි විරෝධයක් එල්ල කරනු ලැබිණි. එම විරෝධතා නොතකා රුපියල් බිලියන හයකට රක්ෂණ සංස්ථාව විකුණා දැමූ අතර, ඉන්පසුව 2009 වසරේදී නැවතත් රක්ෂණ සංස්ථාව රජය සතු කරගෙන තිබේ. 1956 වසරේදී බලයට පත් බණ්ඩාරනායක අගමැතිතුමා විසින් පෞද්ගලික ව්‍යපාර රැසක් නස්තු කිරීම යටතේ රක්ෂණ සංස්ථාව ජනසතු කරනු ලැබිණි. රක්ෂණ සංස්ථාව ගෙවී ගිය වසර පහක කාලය තුළදී පමණක් රුපියල් බිලියන 32ක ලාභයක් ලබාගෙන තිබෙන අතර, රාජ්‍ය ආයතන ගණනාවක කොටස් මිලදි ගෙන විශාල වත්කම් ප්‍රමාණයක්ද සතු කරගෙන සිටී. ටෙලිකොම් ආයතනය පිළිබඳව සලකා බැලීමේදී මීට පෙර අවස්ථාවකදීත් ප්‍රතිව්‍යුහගත කර තිබෙන අතර, මේ අනුව අදාළ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් 05දෙනා සැලකීමේදී දෙදෙනෙකු විදේශීය ජාතික වන අතර, ඉතිරි තිදෙනා මෙරට පුරවැසියන් වේ. මෙම ආයතනය 2020 වසරේදී රුපියල් මිලියන 4019ක් හා පසුගිය වසරේදී රුපියල් මිලියන 5,865ක්ද, මේ වසරේ ගෙවී ගිය මාස 09ක කාලය තුළදී රුපියල් මිලියන 9329ක ලාභයක් ලබා තිබෙන බව ටෙලිකොම් ආයතනයේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.මේ අනුව බලන කල මෙම ආයතන දෙක පාඩු නොලබන ආයතන බවට පැහැදිලිවම පෙනී යන අතර, මෙම ආයතන මහා භාණ්ඩාගාරයට කිසිදු බරක් නොවේ. සිදුවෙමින් තිබෙන්නේ මෙම ආයතන දෙක වාර්ෂිකව රජයට විශාල බදු ප්‍රමාණයක් ගෙවීමය. දුම්රිය දෙපාර්තමේන්තුවත් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කර තිබෙන බවට සේවකයන්, වෘත්තීය සමිති ආණ්ඩුවට චෝදනා එල්ලකරමින් තිබේ. මෙම ආයතනය මහා භාණ්ඩාගාරයේ මුදල් මත යැපෙන ආයතනයක් වන අතර, දුම්රිය සේවාව යනු රටේ ජනතාවට ප්‍රවාහන පහසුකම් සපයන, භාණ්ඩ ප්‍රවාහන කටයුතු සදහා දායකත්වය දක්වන ආයතනයක් නිසා මෙම ආයතනයේ ලාභ පාඩු බැලීමට කිසිවෙකුටත් නොහැක. එහෙත් අදාළ ආයතනය පවත්වාගෙන යාම සඳහා මුදල් උපයාගත යුතු අතර, ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන ගොඩනැගිලි, ඉඩම් බදු ලබා දී නිසි ලෙස බදු අයකර ගැනීම තුළින් අදාළ කටයුතු කළ හැකි බවට දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සඳහන් කරයි. අද වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවේශපත් අලෙවි කිරීමේ කටයුතුවලින් කොටසක් පෞද්ගලික අංශයට ලබා දී තිබෙන අතර, මේ නිසා යම් ආදායමක් දෙපාර්තමේන්තුවට අහිමි වී තිබේ. මීට අමතරව දෙපාර්තමේන්තුව සතු ගොඩනැගිලි හා ඉඩම්වලින් යම් ප්‍රමාණයක් බදු ලබා දී තිබුණත්, අදාළ ආයතනවලින් නිසි ලෙස බදු එකතු කර නොගන්නා බවටත් වෘත්තීය සමිති පෙන්වා දෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව යනු විශාල කාර්යභාරයක් සිදුවන ආයතනයක් වන අතර, මේ අනුව මාර්ග නඩත්තුව හා සංඥා නඩත්තුවට විශාල සේවක සංඛ්‍යාවක් සේම විශාල මුදලක් වැය වේ. මීට අමතරව සුවිශේෂී තාක්ෂණික කාරණ ගණනාවක් සිදුවන ආයතනයක් වේ. මේ අනුව අදාළ ආයතනයේ කොටස් පෞද්ගලික අංශයට විකුණා දැමුවත්, කොටස් මිලදී ගන්නා ආයතනය මාර්ග නඩත්තු හා සංඥා කඩත්තු සිදුකරනවා යැයි සිතිය නොහැක. එනම් කොටස් විකිණීම යටතේ විකුණා දැමීමට සිදුවන්නේ දුම්රියන් වන අතර, දුම්රිය ධාවන කටයුතු පෞද්ගලික අංශය සතු වුවහොත් මුලින්ම සිදුවන්නේ ගාස්තුව ඉහළ යාමය. 1977ට පෙර මේ රටේ බස් රථ සේවයේ සියලුම වගකීම දරනු ලැබුවේ ලංගමය විසින් වන අතර, ඒ අනුව ජනතාවට සාධාරණ මුදලකට ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබිණි. ඉන්පසුව ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණාත්මක ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා බස් රථ ධාවනයට පෞද්ගලික අංශයටත් අවස්ථාවක් ලබාදුන් අතර, මේ අනුව අද වන විට බස් රථ ගාස්තුව හා බස් රථ ධාවනය පිළිබඳව සියලුම තීන්දු තීරණ ගනු ලබන්නේ පෞද්ගලික බස් රථවලිනි. ප්‍රවාහන සේවය නියාමනය කිරීම සඳහා මධ්‍යම රජය යටතේ හා පළාත් සභා යටතේ ආයතන ස්ථාපිත කර තිබුණද, පෞද්ගලික බස් රථ සංගම් මෙම ආයතනවලට වඩා ප්‍රබල වී තිබෙන අතර, පවතින තත්ත්වය තුළ ලංගම දිනෙන් දිනම අඩාළ වෙමින් තිබේ. ඛනිජතෙල් සංස්ථාව රටේ ඉන්ධන බෙදාහැරීම සිදුකරන අතර, ඉන්ධන මිල මේ ආකාරයට හෝ පාලනය වී තිඛෙන්නේ රජය සතුව එම ආයතනය පැවතීම නිසාය. තවද විදුලි බල මණ්ඩලයත් රජය විසින් පාලනය කරන ආයතනයක් වන අතර, ඉන්ධන, විදුලිය රටේ ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත් ආයතන වන නිසා, ඒවා රජයේ පාලනය යටතේ සිදුවිය යුතුය. පාඩු ලබන ආයතන පෞද්ගලික අංශයට පැවැරීමට කටයුතු කරන බවට ආණ්ඩු සඳහන් කළත්, පාඩු ලබන ආයතනයක් ලබාගැනීමට කිසිදු ව්‍යපාරිකයෙකු හෝ ආයතනයක් කටයුතු කරන්නේ නැත. මේ නිසා ආණ්ඩුවට  සිදුවන්නේ ලාභ ලබන ආයතන ටික විකුණා දැමීමටය. මේ වසරේ ඇතිවන අයවැය හිඟය පියවා ගැනීමට මෙම ආයතන ටික විකුණා දමා හෝ කොටස් පෞද්ගලික අංශයට පවරා හැකියාව ලැබුණද, ලබන වසරේ ඇතිවන හිඟය පියවා ගැනීමට විකුණා දමන්නේ කුමක්ද යන්න මේ රටේ පාලකයන්ගෙන් විමසිය යුතුය. ලෝකයේ බොහෝ රටවල් විවෘත ආර්ථික ක්‍රමය තම රටේ දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීමට හා තමන්ගේ රටේ නොමැති දේවල් නිෂ්පාදනයට ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා යොදාගනු ලැබුවද, අපේ රටේ සිදුවී තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. අප රට තුළ විවෘත ආර්ථික ක්‍රමය ස්ථාපිත වීමත් සමග සිදුවූයේ රටේ පැවැති බොහෝ සම්පත් බහුජාතික සමාගම් වෙත පැවරීමය. එම සම්පත් අතර පොහොර නිෂ්පාදනය, රෙදි නිෂ්පාදනය, කෘෂි රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය ඇතුළු නිෂ්පාදන රාශියක් රටට අහිමි විය. මේ නිසා දේශීය වශයෙන් රට තුළ නිෂ්පාදනය වූ බොහෝ භාණ්ඩ රට තුළට විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදු වී තිබෙන අතර, වර්තමානයේ ඇතිවී තිබෙන ඩොලර් අර්බුදය නිසා විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වීමත් මේ වන විට සිමා වී ඇත. මේ නිසා රටට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා ගෙන්වා ගැනීමට රට තුළ ඉතිරි වී තිඛෙන සම්පත් විකුණා දැමීමට සිදුවී තිබෙන අතර, අපනයන ආදායම් ඉහළ දැමීමට වර්තමාන පාලකයන් සේම මීට පෙර සිටි පාලකයන්ද කිසිදු වැඩපිළිවෙළක් සකස් කළේ නැත.(ඉන්දික හේවාවිතාරණ)
ලාභ ලැබුවත් පාඩු ලැබුවත් මේවා පුද්ගලීකරණය වෙන්න ම ඕන. ආණ්ඩුවට බිස්නස් කරන්න බෑ
22
POSITIVE
ncpp_train_39236
පෙරේදා අලුයම මහියංගනය – මාපාකඩවැව 17 කණූව අසලදී වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිටි ටියුෂන් ගුරුවරයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන අතරවාරයේ අද ඔහු පොලිසියට පැමිණ භාරවී තිබේ. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපකාරක පන්ති පවත්වන ප්‍රභාත් විතානගේ නමැති 34 හැවිරිදි ගුරුවරයෙකු මෙලෙස අතුරුදන්ව සිටියේය. ප්‍රදේශවාසීන් උදැසන පෙරළී ගිය වාහනය දැක එය ගොඩගන්නට කටයුතු කළත් එය ඇතුළේ කිසිවෙකු නොසිටියෙන් පැමිණි අය ඇලේ ගසාගෙන ගොස් අනතුරක් වන්නට ඇතැයි උපකල්පණය කර තිබුණි. ඔලුවිල් නාවික හමුදා කදවුරේ නිළධාරීන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව බෝට්ටු 2 ක් යොදවා ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කළ අතර පොලිස් කණ්ඩායම් 4ක් ද යොදවා තිබුණි. මෙම පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් කටයුතු හේතුවෙන් ඊයේ වියානා ඇලට ජල සැපයීම ද තාවකාලිකව අත්හිටුවන ලදි.මෙම සිද්ධියත් සමග වියානා ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදෙන ලදි. සුඛෝපභෝගී ජීප් රථ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී එය හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු නමට ලියාපදිංචි වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී එම පුද්ගලයාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදී  සිද්ධිය දැනුම් දී තිබුණි. නිවැසියන් ප්‍රකාශ කර තිබුනේ මොහු කතරගම යාම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති බවයි. පොලිසිය ඔහුව සොයමින් සිටියදී ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වී ඇති බවට ලද තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබු අතරවාරයේ අතුරුදන්වූවායයි සිතූ උපකාරක පංති ගුරුවරයා අද (28) මහියංගනය පොලිසියට භාර වී තිබෙයි. වාහනය සමග තමා ඇලට පෙරළුනු බවත් පසුව පීනා ගොඩට පැමිණි බවත් ඔහු පවසා ඇති නමුත් ඔහු සිද්ධිය විස්තර කළ ආකාරය සැක බව පොලිසිය පවසයි. සිද්ධිය අවස්ථාවේ තවත් කෙනෙකු වාහනයේ ගමන් කළ බවට තොරතුරු ලැබී තිබේ. දින තුනක් පමණ අතුරුදන්ව සිටි ඔහු අද දහවල් මහියංගණය පොලිසියට භාරවීම පසුපස වෙනත් කථාවක් තිබෙන බවට දැන් සැක මතුව තිබේ.  ඔහුගේ ප්‍රකාශයේ සත්‍යතාව තහවුරු කර ගැනීමට පොලීසිය වැඩිදුර සොයා බලන බව වාර්තා කර තිබේ.
දෙකක් ඇන්නොත් කියනු ලැබේ
328
POSITIVE
ncpp_train_39237
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නාවල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමේ රැඳී සිටින අතරතුර ෆේස්බුක් සජීවී වීඩියෝවක් පළ කර තිබේ. බොහෝ මන්ත්‍රීවරුන්ට වෙනත් ප්‍රමුඛතා මාර්ග හරහා තම වාහන සඳහා ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දී, හර්ෂ ද සිල්වා මුල සිටම යළිත් අවධාරණය කරන්නේ තමාගේ වාහනයට ඉන්ධන ලබා ගැනීමට නාවල පාරේ විවෘත සරසවිය අසළ ඉන්ධන පිරවුම්හල් පෝලිමේ සිටින බවයි.  පෙට්‍රල් 95 තිබෙන බවත්, වාහන 50ක් පමණ පෝලිමේ තිබූ නිසා පිරීමට කැමති අයට එහි එන ලෙසත් ඔහු දන්වා සිටියේය. කෙසේ වෙතත් වීඩියෝවෙන් පසු ඔහු දන්වා සිටියේ තවත් වාහන 5 කින් පමණ පසු ඉන්ධන ඉවරවන බව පිරවුම්හලින් දන්වා සිටි බවයි.කෙටි වීඩියෝවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ දීර්ඝ කාලීනව ඉන්ධන සහ පොහොර ලබාගැනීමට අවශ්‍ය මුදල් රජය ලබාගන්නේ කෙසේද යන්නයි.ලංකාවේ උද්ඝෝෂකයින්, අයිඑම්එෆ් ප්‍රධානි ඇතුළු සියලු දෙනා, දැනට ලෝකයම ගෝඨාභය රාජපක්ෂගේ අසමත්කම ගැන පවසා ඇති නමුත් ඒ විදිහටම රට කරගෙන යන බවත් බලය රැකීම මිස වෙනත් උවමනාවක් රජයට නැති බවත් පෙන්වා දෙන ඔහු නියෝජ්‍ය ඇමතිකම් ලබාදී 21 වන සංශෝධනය අසමත්කරවීමට මේ වනවිට ක්‍රමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් කීය.ආර්ථික අර්බුදයේ වගකීම භාර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු බවත්, එවිට සියලු පාර්ශ්ව එකට එකතු වී ජනතාව අපේක්ෂා කරන වෙනස ඉටු කිරීමට කටයුතු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය."මම දන්නේ නැහැ, මට දැන් හොඳටම එපා වෙලා. නමුත් අපි උත්සාහ කරමු, අපට වෙන කරන්න දෙයක් නැහැ, ”ඔහු පැවසීය. Video Below
අදමද තෙල් ගැහුවේ ආයුබෝවන්ඩ
40
POSITIVE
ncpp_train_39238
ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි20 තරගාවලියෙන් හිටපු එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් හා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ඉවත් කිරීමට ක්‍රිකට් තේරිම් කමිටුව කටයුතු කර තිබේ.එම තරගාවලිය වෙනුවෙන් නම් කළ එක්දින හා විස්සයි20 සංචිතය ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කළ අතර නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ.ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 සංචිතය -දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, සදීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජයද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, කුසල් ජනිත් පෙරේරා
මොකා හිටියත් නැතත් අවශ්‍ය කැපවීම කණ්ඩායම් හැගිම සහ තරග දිනන්න උවමනාවක් නැති බෙබදු කල්බ් බොයිස්ලා ඉන්නකොට කැම නවත්වන්න බැහැ.
168
POSITIVE
ncpp_train_39239
කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරටදී අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කර තිබේ.  කුවේට් රජය ගෙනයන කොරෝනා මර්දන වැඩ පිළිවෙලට විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඇය කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනපති විවේචනය කළ අයෙකුට එරෙහිව කථාකරමින් සිටින අතරවාරයේ කුවේට් රජා ගැනද බැණවදින අතර බැලුබැල්මට ඇය කුවේටයේ ස්ථිර පදිංචිකාරියක බව හඳුනාගන්නට ලැබේ. කුවේටයේ නීතිරීති අනුව ඇය වසර 5 ක සිර දඩුවමකට යටත් විය හැකි බවට වාර්තා පළව තිබේ. ඇය බැණවැදුණ ආකාරය වීඩියෝව පහතින්
මේ ගොන්ගහ බේරගන්න මහින්දානන්දය කුවේට් යැව්වනම් හරි. එතකොට බෝම්බ කතාවට ඌත් අතුලේ.
8
POSITIVE
ncpp_train_39240
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කෝවිඩ් එන්නත ලබාදීම සඳහා මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් සකස්කර නොමැති බවත්, මේ නිසා කඩිනමින් එන්නත ලබාදීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සොඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සදහන් කර තිබේ. ඒ අතරම තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා තිබේ.  වයස අවුරුදු 20-30ත් අතර සිසුන්ට කෝවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ඔක්තෝබර් මාසයේ අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බැවින් නොවැම්බර් මාසයේදී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඔහු කීය.කෙසේ වෙතත් 20-30 වයස් කාණ්ඩයේ සරසවි සිසුන් වෙනුවෙන් විශේෂ එන්නත් වැඩසටහනක් නැත.ප්‍රාදේශීය වශයෙන් සිදුකරන එන්නත් වැඩසටහන් යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් යම් පිරිසක් එන්නත ලබාගෙන තිබෙන බවත්, එහෙත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මූලික කරගත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම නිසා කොතරම ශිෂ්‍යයන් ප්‍රමාණයක් එන්නත් ලබාගෙන තිබෙනවාද යන්න සොයා ගැනීමට නොහැකි වී තිබෙන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පෙන්වා දෙයි. විශ්වවිද්‍යාල භූමියට ළමයින් ඇතුළත් වීමේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතුද? යනුවෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ, ඒ පිළිබඳ අවසන් තීරණය මෙතෙක් ගෙන නොමැති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවත්, රටවල් අතර සම්බන්ධතාවලදී එය අත්‍යවශ්‍ය දෙයක් වන බැවින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට එය අනිවාර්ය විය හැකි බවය. විදෙස්ගතවීමට සුදානමින් සිටින සිසුන්ට ලබාදීමට නියමිත එන්නත් වර්ගය කුමක්දැයි මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ මෙසේය., "ලංකාවේ ඉන්නවා විදේශීය සිසුන්. ඒ අයටත් ලංකාවේ අයට වගේම අපගේ එන්නත්කරණ වැඩසටහන තුළින් එන්නත් ලබාදුන්නා. ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු එන්නතක් වර්ගීකරණය කරලා නොමැති වුණත් ප්‍රායෝගිකව තමන්ගේ රටවලට ඇතුළුවීමේදී ලබාගත යුතු එන්නත සඳහන් කළා. එනිසා මා දන්නා තරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදනයට කොමිෂන් සභාවට සෘජුව සම්බන්ධ නොවුණත් ඒ ඒ රටවලින් ඉල්ලා ඇති එන්නත ලංකාවෙන් ලබාදෙන්න කටයුතු කරනවා” 
ඔබ නිවැරදි නම් 1948 නිදහස ලබා දෙන විට දියුණුවෙන් ලංකාව එංගලන්තයට සම තත්ත්වයක හෝ ඊට ඉහළින් සිටිය යුතුයි නේද? දැණුම සෙවීමට විවෘත වෙන්න. එවිට ඔබට වැටහේවි අපි අදටත් විඳවන්නේ උන් එදා ගහපු ගැට ලිහාගන්න බැරිව කියලා.
-10
NEGATIVE
ncpp_train_39241
ඊයේ පවත්වන්නට යෙදුණ දෙරණ සිනමා උළෙලේ තමන්ට අසාධාරණයක් සිදුවූ බව දක්වමින් රංගන ශිල්පිණී දුලීකා මාරපන සටහනක් තබා තිබෙයි. ඇය පවසන්නෙ තමන්ට ආරාධනා පත්‍ර එවා තිබුණත් උත්සවයේ සංවිධානයේ දෝෂ හේතුවෙන් අසුන් ගන්නට තැනක් නොවූ බවත් තමා හා සැමියා මේ නිසා අපහසුතාවට ලක්වූ බවත්ය. ඇගේ සටහන පහතින්
ඔය සම්මාන උළෙලත් මුත්‍රා කරන්න වටින එකක්.
45
POSITIVE
ncpp_train_39242
නාගරික සංවර්ධන කටයුත්තක් සඳහා යැයි සඳහන් කරමින් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට අයත් හා ඊට යාබදව පිහිටි ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම් කොටසක් අති විශේෂ ගැසට් පත්‍රයකින් රජයට පවරාගෙන ඇත. නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනතේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම පවරා ගැනීම කර ඇති අතර ඊට අදාළ ඉඩම් පවරා ගැනීමේ අති විශේෂ ගැසට් පත්‍රය මැයි 19 වැනිදා සහිතව අංක 2228/27 යටතේ නිකුත් කර ඇත.මෙම නාගරික සංවර්ධන කටයුත්ත යටතේ එම පවරා ගන්නා ඉඩම්වල බහු මහල් රථ ගාලක් ඉදිකිරීමට යෝජිත බව සඳහන් කර ඇති අතර ඒ සඳහා පවරා ගෙන ඇති මුළු ඉඩම් ප්‍රමාණය රූඩ් 2යි පර්චස් 20ක් හෙවත් හෙක්ටයාර් 0.2530කි. ඩීඑස් සේනානායක විද්‍යාලය, ශ්‍රී බෞද්ධාලෝක විහාරය හා ඒ අසල ඇති මහාමාර්ගයේ ඇති ඉඩම්වල කොටස් මෙම පවරා ගන්නා ඉඩමට අයත්වේ.පවරා ගත් ඉඩමට අදාල දළ සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ නගර නිර්මාණ ශිල්පිනී ශානිකා සුමනපාල සහ ඉඩම් කළමනාකරු වජිර දිසානායක සකස් කර ඇති බවද එම අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.ලසන්ත රුහුණගේ (අනිද්දා)
හැමදාම අහන්න වෙන්නෙ රටට අහිය්හකර දේවල්. මේ ආන්ඩුවට , ඒකේ පාලකයන්ට ශාප වෙනවා
18
POSITIVE
ncpp_train_39243
අය වැය විවාද සමයේ විදෙස් ගමන් නොවන ලෙසට අගමැතිවරයා දී ඇති උපදෙසට පිටුපාමින් පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පිටරට ගොස් ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (25) ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය. “ඇමැතිතුමා අද ලංකාවට එනවා.... සඳුදා ඇවිත් මේ ප්‍රශ්නවලට උත්තර දේවි යැයි සභානායකවරයා ප්‍රකාශ කරද්දී අනුර දිසානායක මහතා “ මේ දවස්වල පිටරට යන්න එපා කියලා අගමැතිතුමා උපදෙස් දී තියෙනවා නේද” යැයි විමසීිය. “රට යන්න එපා කියලා අගමැතිතුමා කියලා තියෙනවා. යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. “එතකොට ඇමැති ගිහින් තියෙන්නේ ඒ උපදෙස් නොතකාදැයි දිසානායක මහතා විමසුවේය. ඒ කාර්යය ඉටුවී නැහැ. දැනුම් දීලා නොවෙයි ගිහින් තියෙන්නේ යැයිද සභානායක කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න
එකනේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක රතු අලි පැටියා අනුර කුමාර දිසානායක මැතිතුමාට අගමැති තුමාගේ නියෝගය පිළිපදින්න පුළුවන් නම් මුස්තාෆා මැතිතුමාට අයි බැරි ?
56
POSITIVE
ncpp_train_39244
අද නුගේගොඩ පැවැත්වෙන පෙරළියක ඇරඹුුම ඒකාබද්ධ විපක්ෂ විරෝධතා රැළියේ වේදිකාවේ තුන්වන පේළියේ අසුන්ගෙන සිටින්නේ විමල්ගේ බිරිය ශෂී වීරවංශ සහ විමල්ගේ දියණියයි. මෙවර රැළියට විමල්ට පැමිණෙන්නට නොහැකිවී ඇත්තේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින නිසාය. කෙසේ වෙතත් රැළිය අවසානය කිට්ටුව විමල්ගේ කතාවක වීඩියෝවක් තිරය මත විකාශය කරන්නටද අද කටයුතු යොදා ඇතැයි වාර්තා විය. එම කතාව ඔහු පසුගියදා බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ පටිගත කර තිබුණකි.
ඇය ශෂී අක්කෙ ඔයාගෙ අක්කයි, එයාගෙ දේශපාලනේට එනව කිව්ව දුවයි එක්කං ආව නැද්ද?
237
POSITIVE
ncpp_train_39245
ලිට්‍රෝ ගෑස් මිල ඉදිරියේදී සැලකිය යුතු ගණනකින් ඉහළ යනු ඇති බවත්, මිල වැඩි කිරීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් ලිට්‍රෝ සමාගමේ සහාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ (30) පැවසීය. ගෑස් මිල කොපමණ මුදලකින් ඉහළ යනවා දැයි මේ මොහොත වනවිට පැවසිය  නොහැකි බව කී සභාපතිවරයා, මෙම මිල ඉහළ දැමීම කොයි මොහොතේ හෝ සිදුවිය හැකි බව ද සඳහන් කළේය. ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 30,000ක් පමණ වෙළෙඳපොළට දෛනිකව නිකුත් කරන අතර, පසුගිය දින 10ක කාලය තුළ, ගෑස් සිලින්ඩර ලක්ෂ 10ක පමණ ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ද ඔහු පැවසීය. ලබන අප්‍රේල් මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක ඇණවුමක් ලබාගැනීමට මේ වනවිට සැලසුම් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේය. නියමිත මිලට වඩා වැඩියෙන් ගෑස් අලෙවි කරන අලෙවි නියෝජිතයන් හෝ කිසියම් පුද්ගලයකු සම්බන්ධයෙන් තොරතුරු වාරතා වුවහොත් ඒ පිළිබඳව පොලිසිය නීතිමය කටයුතු කරනු ඇති බවත්, එවැනි අලෙවි නියෝජිතයන්ගේ වෙළඳ බලපත්‍රය අවලංගු කිරීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා පැවසීය.  ඔහු මෙසේ පැවසුවේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
වේ #₹ පුතාලා.....
5
POSITIVE
ncpp_train_39246
ලොව ඕනෑම රටක ජනතාවක් තම රාජ්‍ය නායකයාගන් පළමුව අපේක්ෂා කරනුයේ ඔහු හෝ ඇය තම මවුබිමට දක්වන ඇල්ම පිළිබඳව බවත්, තම ජාතිය ලොව හමුවේ අතිමානයට පත්වනු දැකීම ලොව ඕනෑම රටවැසියකුගේ පැතුම වන අතර, එහෙත් පසුගිය වික්‍රමසිංහ රජය සමයේ එවැන්නක් සිදුනොවූ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ 'එළිය' රැස්වීම් මාලාවේ තවත් ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් පසුගියදා (27දා) පන්නිපිටිය ඇරැව්වල පැරණිදූවේ පන්සල විහාර පරීශ්‍රයේදී පැවැති අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා, රට බේරාගත් රණවිරුවන්  ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත්  කර සතුටක් ලබන රාජ්‍ය නායකයෙක් මව්බිමට ආදරය නොකරන බව ජනතාව තේරුම් ගැනීම නිසයි, එදා අතිවිශාල ජනතාවක් ගෝල්ෆේස් පිටියට පැමිණියේ. පළාත් පාලන මැතිවරණයෙන් වික්‍රමසිංහ රජය පරාජය කළේ, පසුගිය විසිහය වැනිදා පෙරළියෙන් පසුව ජනතාව මහ මඟට පැමිණ කිරිබත් උයා සතුට ප්‍රකාශ කළේ. රටක නායකයකේ කිසිදා නිද්‍රාශීලී නායකයක් විය යුතු නැහැ. එසේම එවන්නෙක් බලය සඳහා කුලල් කා ගන්නා ලෝකයක රාජ්‍ය නායකයන් හමුවී එහයියකු විය යුතු නැහැ. ලෝකයේ කෙතරම් ඉහළ රාජ්‍ය හමුවකදී වුවද තම රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින දේශ ප්‍රේමයක් රටක නායකයෙකු තුළ තිබිය යුතුයි. ඒ දේශප්‍රේමය වෙනුවෙන් ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාවක් නැත්නමි එවැන්නකු රටක නායකයකට සුදුසු නෑ, එවැන්නෙකු දේශපාලනයටද සුදුසු නැහැ. මහින්ද රාජපක්ෂ මහතා හැමවිටම හැසිරුණේ ශ්‍රී ලංකාව මේ මගෙරට මේ මගේ මම යන උදාර අභිමානය සිත තුළ රඳවා ගෙනයි. අන්න ඒ නිසයි - ත්‍රස්තවාදී අරගලයේ අවසන් අද්දියරේදී  ලෝක බලවතුන් වෙතින් කොපමණ  බලපෑම් එල්ල වුවද තම හමුදා කඳවුරු වෙත ආපසු හරවා යැවීමට තරම් නිවට තත්වයකට ඒ මහතා පත් නොවුණි. මා සිතන්නේ රටකට - අවශය වන්නේ එවැනි නායකයන් පමණයිඒ බව පසුගිය වික්‍රමසිංහ රජය එය ඉතා ප්‍රායෝගිකව ජනතාවට පෙන්වා දුන්නා.”  යැයි ප්‍රකාශ කළේය.  මෙහිදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අබේතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාමීණී ලොකුගේ, කථිකාචාර්ය මාධවී  හේරත්, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ යන අයද අදහස් පළ කළහ.
මම හිටපු ජනාධ්පති මිසක් දැන් ජනාධිපති නොවන වග එතුමා දැනගෙන සිටීමත්. උබට ඒක නොතෙරිමත් තමයි, මහින්ද නැවත අගමැති විමටත්, උබ තාම data card එකක් දාගෙන බොක්කුවක් උඩට වෙලා බුරුවෙක් වගෙ comment කොට කොට සිටිමට්ත් හේතුව.
9
POSITIVE
ncpp_train_39247
බන්දුල පුත් සහන් බැන්දේ එකම දවසේ එකම රෝහලේ උපන් කෙනෙක්ලූ පුද්ගලයකු මළ රියඅනතුරින් පසු සසලව සිටියාලූ පසුගියදා කොළඹදී විවාහ දිවියට පිවිසි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පුත‍්‍ර සහන් ගුණවර්ධනගේ විවාහය සිදුවුනේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු දේශපාලකයින් රැසක් පිරිවරාගෙනය. මෙම විවාහයට සාක්ෂි අත්සන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්වරුන්ය. සහන් යනු බන්දුල ගුණවර්ධනගේ දරුවන්ගෙන් වැඩිමලාය. ඔහුට නැගණියන් තිදෙනෙකුත් මළනුවෙකුත් සිටී. බන්දුල ගුණවර්ධන පසුගිය රජය සමයේ අධ්‍යාපන ඇමතිවරයාව සිටින කාලයේ සහන් වැඩිදුර අධ්‍යාපනයට ගොස් තිබුනේ ඇමරිකාවටය. ඔහු එහිදී අධ්‍යයන කටයුතු හමාර කිරීමෙන් පසු නැවත ලංකාවට ආ පසුව විවාහයට පිවිසෙන්නට සූදානම්ව සිටි නමුත් පසුගිය කාලයේ ඔහුට නඩුවක් වැටීම නිසා තරමක් සිත සසල වී සිටියේය. එයට හේතුවූයේ පසුගිය 2014 පෙබරවාරි මස ඔහු ‘වැකේෂන් එකට‘ ලංකාවට ආ අවස්ථාවේ මාතර ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු යට කරමින් වාහනයක් ධාවනය කර දෙවිනුවර විෂ්ණු දේවාලයට යමින් සිටිය 52 හැවිරිදි පුද්ගලයකු මරණයට පත්වීමයි. රථය පදවද්දී සහන්ට ලංකාවේ වලංගු රියදුරු බලපත‍්‍රයක්ද නොතිබූ අතර නොසැලකිල්ලෙන් රිය පැදවීම නිසා අනතුර සිදුව තිබුණි. සති දෙකක් පමණ කාලයක් තිස්සේ බරපතල තුවාල ලබා මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ අගම්පොඩි රංජිත් (52) නමැත්තා එම අනතුරින් මියගියා. අනතුරින් පසු අධ්‍යාපන ඇමති පුත‍්‍රයා පොලීසියට බාරවූ පසු අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදාහැර තිබුණි. නඩුව යළි යළි විභාගවූ නිසා ඔහු ඒ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමටද සිදු විය. මේ කාරණා හමාර කරගෙන ඔහු පසුව විවාහයට සූදානම් විය.ඔහුගේ පෙම්වතිය බවට පත්වූ තැනැත්තිය ඔහුගේම වයසේ ඔහුගේම උපන්දිනය තමාගේද උපන්දිනය කරගත් තැනැත්තියක වූ අතර කථාබහ කර බලද්දී අපූරු සිද්ධියක් අනාවරණයවූයේ එම දෙදෙනා එකම දිනයක එකම රෝහලේම උපත ලද බව හෙළි වීමෙනි. සහන් හා ලක්ෂි දෙදෙනාගේ විවාහයේ ඡායාරූප නැවත බලන්න පහතින් Pix By -Suren Abeysundara, Flowers - 2 nd chance, Dress - Ruchira Salon,Card & Cake- Yowanma Bandara ,Groom's Outfit- Imitiyaz ,Hotel- Cinnamon Lake Side ,Music - Marians
පවු. අර මැරිච්ච පුද්ගලයට සාධාරණ වන්දියක්වත් ගෙවුවද.?
109
POSITIVE
ncpp_train_39248
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍ර යෝෂිත රාජපක්ෂ පසුගියදා විවාහ ගිවිසගැනීමක්  සිදු කළ නමුත් තවම විවාහ මංගල උත්සවයක් පැවැත්වූයේ නැත. මේ අතර පසුගියදා කඩිමුඩියේ ජනාධිපති සිරිසේනගේ විශේෂ නියෝගයක් අනුව නාවික හමුදාපතිවරයා විසින් යෝෂිතව නැවතත් නාවික හමුදාවේ ලුතිනන් තනතුරේ පිහිටුවනු ලැබුවේ ඔහු නාවික හමුදා සේවයට යොමුවීමේ උවමනාවකට නොව යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් නාවික හමුදා ඇඳුම භාවිතා කිරීම හා නාවුක හමුදා සමාචාරයන් සිදු කිරීමට අවශ්‍ය බව දන්වා සිටීමෙන් එම ආසාව ඉෂ්ට කිරීම උදෙසා බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. මහින්ද රාජපක්ෂ ජනපති සිරිසේනගෙන් කළ පුද්ගලික උපකාරයක් ලෙස මෙය ඉටු කරදී ඇත.  තව නොබෝදිනකින් යෝෂිතගේ විවාහ මංගල්‍යය උත්සවාකාරයෙන් පවත්වනු ඇති බවටද ආරංචි පවතී.
මුන්ව බඳින ගොන්නුත් ඉන්නවනේ ලංකාවේ.ලංකාවේ ගෑනුන්ටත් ඒඩ්ස් තිබ්බත් කමක් නෑ සල්ලි තියෙනවනම්.
63
POSITIVE
ncpp_train_39249
නිරන්තරයෙන්ම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා සමාමාජිකයින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ.  ඊයේ (25දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේ මේගැන දීර්ඝ සාකච්ඡාවක් ඇතිව තිබේ.එම වගකීම බාරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාද සිය එකඟතාව පළ කර තිබේ. පසුගියදා මීතොටමුල්ල නායයාමත් සමග වෙනත් ස්ථානවලට කුණු බැහැරකිරීමට ගිය රජයේ සේවකයින්ට විවිධ ස්ථානවලදී විරෝධතා නිසා කරදරයන්ට ලක්වීමට සිදුවීමත් එම විරෝධතා සියලුම ස්ථානවල කරන ලද්දේ සංවිධානාත්මක එකම කල්ලියක් මගින් බවට බුද්ධි අංශ තොරතුරු වාර්තා කිරීමත් නිසා එවැනි බලපෑම් වලින් වැළකීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්චාවට ලක්ව ඇත. ඉතාම ඉක්මනින් මෙම බළකාය නීත්‍යනුකූලව පිහිටුවීමට කටයුතු යෙදෙනු ඇත.
එතකොට SF ලොක්කා අත් අඩංගුවට කියලා ඔය නිව්ස් දාලා තියෙන්නෙ මොකද්ද බලව් ලමයිනේ
7
POSITIVE
ncpp_train_39250
පෞද්ගලික මගී ප‍්‍රවාහන බස්රථ සහ ඒවායේ ගමන් ගන්නා මගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පුපුරන ද්‍රව්‍ය හා බෝම්බ හඳුනාගැනීමේ සන්නිවේදන උපකරණයක් එම බස්රථවල පසුපස දොරෙහි සවිකිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.           බස්රථවල ඉතා කඩිනමින් මෙම උපකරණ සවිකිරීමට බලාපොරොත්තු වන බවත්, මේ වන විටත් එම උපකරණ ගෙන්වා ගැනීම සඳහා ආයතන කිහිපයකට දැනුම් දී ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේසූරිය මහතා පැවසීය.             මෙම උපකරණය සවිකිරීමෙන් පසු බස්රථවලට මගීන් නංවා ගැනීම සිදුකරන්නේ පසුපස දොරටුවෙන් පමණක් බව කී ගැමුණු විජේරත්න මහතා කිසිසේත්ම ඉදිරිපස දොරටුවෙන් මගීන්ට ඇතුළුවන්නට නොදෙන බව ද සඳහන් කළේය.             මෙය මගී ආරක්‍ෂාව වෙනුවෙන් ගත් තීරණයක් බැවින් මේවායේ මිල ගණන් අනුව ඒවා ගෙන්වාගැනීමේදී රජයෙන් ද අනුග‍්‍රහයක්, සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම ප‍්‍රකාශ කළේය. (ඩයනා උදයංගනී)
බෝම්බ පාර්සලේ ඇතුලෙ ඉන්න කෙනෙකුට ජනේලෙන් දුන්නොත් මොකද කරන්නෙ?
1
POSITIVE
ncpp_train_39251
සයිටම් නඩුවෙන් සිසුන් දිනුම් සයිටම් සිසුන්ට රජයේ ලියාපදිංචි වීමට අවසරය ලැබේ - අන්තරේ හා GMOA මුගුරු අතට ගනී මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) අධ්‍යාපනය ලබා පිටවන සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කිරීම වළක්වා තිබීම අභියෝගයට ලක්කර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකු ගොනු කළ රිට් පෙත්සමක් අද (31) විභාගයට ගත් අවස්ථාවේ  ඔවුන්ට ලියාපදිංචි අවසරය ලබා දියයුතු බව අභියාචනාධිකරණය වෛද්‍ය සභාවට නියෝග කළේය. විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයිරාජා මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී තිබේ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකුගේ මෙම ජයග්‍රහණය අනුව ඉදිරියට සියලුම පුද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුනට රජයේ වෛද්‍ය වෘත්තිකයන් ලෙස එක්වීමට තිබුණ බාධා නැතිව යනු ඇත. සයිටම් උපාධිය ලැබූ මල්ෂානි සුරවීරආරච්චි සහ දිලුම් සූරියආරච්චි යන සිසු සිසුවියන් දෙදෙනා විසින් වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමැති, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි. පසුගිය කාලය පුරා සයිටම් විරෝධතා උද්ඝෝෂණයේ යෙදුණ පිරිස් මෙම තීන්දුව අනුව නොසන්සුන්ව ඇති අතර අද දහවල් කොළඹ විරෝධතා පාගමනක්ද අරඹා ඇත. සවස 3 ට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙන්නේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුම් දීමටය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලබන බ්‍රහස්පතින්දා පවත්වන්නට නියමිත මධ්‍යම කාරක සභාව රැස්වීමේදී මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අද ලබාදුන් තීරණය සම්බන්ධව සාකච්ඡා කරන බවත් වෛද්‍ය වෘත්තිකයින් මේ ගැන දැඩි තීරණයක් ගැනීමට නියමිත බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දන්වා ඇත. පසුගිය සතියේ උසස් අධ්‍යාපන අැමති කිරිඅැල්ල  පාර්ලිමේන්තුවේදී දන්වා සිටියේ පැවති රජය මිලියන 600 යොදවා සයිටම් අරඹා අධ්‍යාපන කටයුතුද ලබාදී තිබුණ බවත් දැන් රජයට ඉතිරිව ඇත්තේ එය පවත්වා යන්නට ඉතිරි දේවල් කරදීම පමණක් බවත්ය.
පුබුදු, ඔයා දන්නවද ලංකාවෙ මේ වනකොටත් ඔය කිසිම පලාත්බද රෝහලකින් පුහුනුව ලබා ගත්තෙ නැති විදේශවලින් උපාධි ගත්ත වෛද්‍යවරුන් විශාල වශයෙන් සේවය කරන බව.
1
POSITIVE
ncpp_train_39252
බදුල්ල - ස්ප්‍රිංවැලි වත්තේ බ්ලැක්පූල් නමැති ස්වභාවික තටාකයක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ (27) පස්වරුවේ බදුල්ල පොලිසිය විසින් සොයාගෙන තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇත. මෙසේ මියගොස් ඇත්තේ වරකාපොල, මැදගම ප්‍රදේශයේ පදිංචි එච්.ඒ. ජයාන් කවිශංඛ නමැති 21 හැවිරිදි තරුණයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු වන මොහු සිය මිතුරෙකු සමඟ බදුල්ල - ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ තිබේ. එහි සිට නමුනුකුල කන්ද තරණය කිරීම සඳහා ගොස් ඇති මොවුන් යළි පැමිණ මෙම ස්ථානයේ දියනෑමට ගොස් ඇත. එහිදී මෙම අනතුර සිදුව ඇති අතර ඔහුගේ මිතුරා විසින් සිද්ධිය පිළිබදව පොලිසිය දැනුවත් කොට තිබේ. කෙසේ වෙතත් තම මිතුරා නාමින් සිටියදී ගැඹුරු තටාකයට වැටුණේ කෙසේ දැයි තමා නොදුටු බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් බව පොලිසිය කියාසිටියේය. මේ වනවිට සිරුරට පොලිස් ආරක්ෂාව යෙදවා ඇති අතර අද (28) මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය. බදුල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි. බදුල්ල - පාලිත ආරියවංශ
ජීවය තන අග පිණි බිඳු සේ... ජයාන් කවිශංඛ, ඔබට නිවන් සුව!!!
42
POSITIVE
ncpp_train_39253
රෙස්ලිං පහර කන්න පෙර රියදුරු ඕඅයිසීගේ අත සයිඩ් මිරර් එකේ හැප්පූ හැටි
මගේ අම්මාවත් මේ වගේම පාර අයිනෙ හප්පලා, අම්මා කානුවට වැටිලා, ඔලුව ගැට්ටෙ වැදිලා සිහි නැති වෙලා, වාහනේ නවත්තලාවත් නෑ,
15
POSITIVE
ncpp_train_39254
කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණ තිස්හයෙන් ශීතකරණ විසි හතකම හඳුනා නොගත් සිරුරු වසර දෙකක පමණ කාලයක සිට තත්පත් කර තිබීමත් දෛනිකව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කෙරෙන සිරුරු තැන්පත් කිරීමට හෝ පහසුකම් නොමැතිව, කාර්ය මණ්ඩලය සහ ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.  වාර්තා වූ සැණින්, හඳුනා නොගත් සිරුරු මෘත ශරීරාගාරයට යොමු කරනවා විනා, ඒ පිළිබඳව පසුවිපරම් කොට, පශ්චාත් මරණ පරික්සණ පවත්වා මෘත දේහ ඥාතීන්ට බාරදීමට පොලීසිය දක්වන උදාසීන බව මීට  හේතු වී ඇතැයි ද එම ආරංචි මාර්ග  වැඩිදුරටත් කියා සිටී. මේ අතර, හෝමාගම පොලිස් වසමත් 2018.06.26 වැනිදා රැගෙන ආ මළ සිරුරක් ද, 2017.08.08 දින පානදුරෙන් රැගෙන ආ මළ සිරුරක්ද, 2019.10.05 දින පිළියන්දලින් රැගෙන ආ මළ සිරුරක්ද මෙම ශීතකරණවල තිබෙන බව පැවසේ. ඊට අමතරව මිරිහාන පොලිස් වසමෙන් මළ සිරුරු 04 ද, ගල්කිස්සෙන් 03 ද, මහරගමින්  03 ද, බොරලැස්ගමුවෙන් 02 ද, පිළියන්දලින් 03 ද, මොරටුවෙන් 02 ද, කහතුඩුවෙන් 01 ද, මොරටුමුල්ලෙන් 01, කොහුවලින් 03, මීගොඩින් 01, වැල්ලවත්තෙන් 01 ලෙස හඳුනා නොගත් මළ සිරුරු 27ක් මේ වනවිට තැත්පත් කර ඇති බව ජොලිසිය කියයි.මෙහි ඇති ශීතකරණ 36න් ශීතකරණ විසිහතක් මේ සඳහා වෙන් කළ විට, ඉතිරිව ඇති ශීතකරණවලින් 02ක් වැදමහ තැත්පත් කිරීමට ද තවත් 03ක් ශල්‍යාගාර පහසුකම් සඳහා ද වෙන් වූ විට ඉතිරිව ඇත්තේ ශීතකරණ හතරක් පමණක් බැවින් ඒවා  දෛනික සේවා සැපයීමට ප්‍රමාණවත් නොවන බවද පැවසේ. එක ශීතකරණයක සිරුරු දෙක බැගින් තැපත් කිරීමට හැකියාවක් නැති බවද රෝහල් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. සාමාන්‍යයෙන් දිනකට සිරුරු 6-8 අතර ප්‍රමාණයක් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කරන අතර ඇතැම් අවස්ථාවලදී එම සිරුරු  තැත්පත් කිරීමට පවා පහසුකම් නොමැතිවීමෙන් බාරකරුවන් පැමිණෙන තෙක් ට්‍රොලියක් මත තැබීමට සිදුවන බව ද කියා සිටි.. මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී පොලිසියේ බලධාරීන් දැනුවත් කර ඇතත් පිට ස්ථිරසාර විසඳුමක් මෙතෙක් නොලැබීම කනගාටුවට කරුණක් බව එම ආරංචිමාර්ග අවධාරණය කරයි. මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට ඉදිරියේදී රැගෙන එන හඳුනා නොගත් සිරුරු බාර නොගැනීමේ අවදානමක් මතුව ඇති බවද පැවසේ. විවිධ පොලිස් වසම්වලින් රැගෙන එන  හඳුනා නොගත් සිරුරු පමණක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට යැවීමට  සිදුවන බවත් එසේ වුවහොත් ජනතාව දැඩි අසීරුතාවකට ලක්විය හැකි බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි. මේ පිළිබඳව කළුබෝවිල ශික්ෂණ රෝහලේ බලධාරියකුගෙන් විමසූවිට ඔහු මෙසේ කීය.  “මෙම කාරණය ඇත්ත. දැනට කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාංගාරයේ හඳුනා  නොගත් මළ සිරුරු විසිහතක් තිබෙනවා. මේ නිසා දෙනික වැඩ කටයුතුවලට බාධා එල්ල  වෙලා තියෙන්නෙ . මේ තත්ත්වය අද විතරක්  නෙමෙයි කාලෙක සිට පවතින දෙයක්. මෙම සිරුරු හැකි ඉක්මනින් නිදහස් කරන්නට ක්‍රමවේදයක් එනවා නම් හොඳයි. අපි ළග තියෙන්නේ 2000 වසරට කලින් ලැබුණු ශීතාගාර. එහි සිරුරු දෙකක් තැත්පත් කිරීමට පහසුකම් නෑ. ඒ නිසා එක ශීතකරණයක එක සිරුරයි තැත්පත් කරන්න පුළුවන්. මේ පිළිබඳව පොලිසියේ ඉහළ බලධාරීන් දැනුවත් කරලා තිබෙනවා. ඉතා ඉක්මනින් විසඳුමක් ලැබේවි කියා හිතනවා. -ශාන්ත ප්‍රදීප් කුමාර-
මේක කරන්න බැරි බලතල නැති නිසා. 20 ගෙනාවම කරන්න පුළුවන්.
67
POSITIVE
ncpp_train_39255
එදා දවස පුරාවටම වැහි බීරම දසත පැතිරී යද්දී කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මළහිරු බැස යන යාමයේ ජා - ඇළ සිට කපුවත්ත මිහිදන් පිටියට කාගෙත් දෙනෙතට නුහුරු නුපුරුදු ශෝචනීය දුලභ ගනයේ දසුනක් දකින්නට ලැබුණේය. කාන්තාවන් දෙදෙනකු පෙරටුකරන්ගෙන උස මහතට හැදුණු වැඩුණු අරාබි ජාතිකයන් 6 දෙනෙකු මිනියක් කර තබාගෙන යන අයුරු මළගෙදර සැමට මවිතයට හේතුවක් විය. දුක සිතින් ඔතාගෙන මිනිය මහිදන් කෙරෙද්දී මේ විදේශිකයන් ශාන්ති අම්මා ශාන්ති අම්මා කියමින් හඩා වැලපුනේ කාගෙත් දෙනෙත්වලට කඳුළු පුරවමිනි. තම කුසෙන් වැදු අමමා නොවුනාට මේ අරාබි ගෙදර දරුවන් 8 දෙනකුගේ කැත කුණු අතගාමින් සෙනහස පාමින් ආදරයෙන් රැකබලාගන උස්මහත් කළ මේ ගෙදර ගෘහ සේවිකාවක ලෙස වසර 38ක් දිගටම සේවය කළ ජාඇල ශාන්ති පෙරේරා ඉකුත් 12 වැනිදා දිවියෙන් සමුගෙන යන ශෝකාන්ත ආරංචිය දැනුණු විගස අරාබියේ කෝටිපති ව්‍යාපාරිකයින් වන මේ විදේශිකයන් ලක් දෙරණට පැමිණ මළගෙදර සියලු කටයුතු නිමකර ඇති බැව් අපට අනාවරණය කළේ අරාබියේ ශාන්ති අම්මාගේ සොහොයුරකු වන ජගත් ලක්ෂ්මන් නම් තැනැත්තෙකි. මේ ඔහුගේ කතාවයි 1981 වර්ෂයේ තරම ශාන්ති පෙරේරා මැදපෙරදිග ඩුබායි රටට ගියේ ගෘහ සේවිකාවක ලෙස අරාබි දරුවන් 4 දෙනෙකු රැකබලා ගැනීමටය. කාලයාගේ ඇවෑමෙන් මේ ගෙදර දරු දැරියන් 8 දෙනොම වැදු මව විලස බලා කියා ගත් ගෙයි හිමියන් ඇයට මහත් ආදරයක් දැක්වූහ. පුරා වසර  38ක් තිස්සේ දරුවන් උස්මහත් වන තුරු ඇය ශාන්ති අම්මා ලෙස ඔවුන්ට ගෙදරට දෙවෙනි අම්මා වැනි විය. එසේම මේ ගෙදර සියලු දෙනාගේම ආදර ගෞරවයට පාත්‍ර වුනු ඔවුන් සැලකුවේ වැදූ අම්මා ලෙසිනි.  ඇය ශ්‍රී ලංකාවට එන අතරතුර මේ අරාබි ගෙදර පිරිසද ශ්‍රී ලංකාවට පැමිණ නුවරඑළිය වැනි ප්‍රදේශ වල කලක් ගත කර යන පුරුද්දක්ද තිබුණි, මුදලින් හදලින් නම් ශාන්ති පෙරේරාට අග හිගයක් නොවීය. ඒ නිසා ඇය ශ්‍රී ලංකාවේ තම ඥාති හිතමිතුරන්ටද සැලකුවේය. ශාන්ති අවිවාහකව සිටිමින් තම මුළු ජීවිතයම කැප කළේ මේ ඩුබායි රාජ්‍යයේ සිටින දරුවන් 8 දෙනා රැක ගැනීම සඳහාය. 2009 වසරේ මේ ඩුබායි ගෙදරට අමිමා වුනු ඇය හදිසියේ රෝගාතුර වූවාය. අරාබි නිවැසියන් මුදලින් රු. ලක්ෂ ගණන් වියදම් කළේ ශාත්ති අම්මා සුවකිරීමටය. අසනීප වුනු ශාන්ති අම්මා බලාකියා ගන්න ඔවුන් වෙනමම ගහ සේවිකාවක්ද තබා ගන්න. ශාන්ති අම්මාගේ මනස නිරවුල් කර ගැනීමට ශ්‍රී ලංකාවේ වෙසෙන ශාන්තිගේ සහෝදරයකු වන ජගත්ව පවා ඩුබායිවලට ගෙන්වා ගැනීමට නොමිලයේ වීසා ටිකට් පත් පවා පිළියෙළ කිරීමට ඔවුන් පරිත්‍යාගශීලී විය. ඇගේ අසනීපය එන්න, එන්න උග්‍රඅතට හැරීම නිසා ඇගේ ඉල්ලීම පරිදි සිංහල බෙහෙත් කිරීමට ඇයව ශ්‍රී ලංකාවට ඇරලවීමද ඔවුන් අතින් සිදු කෙරුණි. ඒ විතරක් නොවේ ඇයට උපස්ථාන කිරීම සඳහා පඩියක් ගෙවා මෙහෙකාරියක්ද ලංකාවේම පිළියෙළ කිරීමට මොවුන් කටයුතු කළහ.ශාන්ගේ අම්මාගේ දුක සැප නිතරම සොයා බැලීමට දුරකථනයෙන් ඇමතීමට පවා ඔවුන් අමතක කළේ නැත. අතපය වෙව්ලන පාකින්සෙන් රෝගයෙන් පෙළන්නට ගත් ශාන්ති අවසානයේදී යළිත් අරාබි දරුවන් බලාකියා ගන්න නිතරම ඩුබායි බලා පිටත්වීමට උත්සාහ ගත්තත් ඇගේ රෝගී තත්වය තව තවත් උත්සන්න වූ නිසා මහත් කම්පාවකට පත්ව සිටියාය. ශාන්ති අම්මා සුව කරගන්න මේ කළගුණ දත් අරාබි දූ පුතුන් ශාන්ති අම්මාගේ සොහොයුරාට අවශ්‍ය මුදල් පවා කලට වේලාවට ශ්‍රී ලංකාවට එවන්න පවා ඔහු කාරුණික විය. හදිසියේම ශාත්ති අම්මා මියගිය පුවත සැලවූ වහාම ඔවුන් ඇඬූ කඳුලින් ඇයගේ දේහයට ගෞරවාචාර දැක්වීමට පැමිණ ඔවුන්ගේ මුස්ලිම් ආගමේ වත් පිලිවෙත් අනුව යාඥා කර තම, තමන් හැදු වැඩූ ශාත්ති අම්මාගේ ආත්මයට ශාක්ති අම්මා අදහන බුද්ධාගම් අනුව නිවන් සුව පැතුහ.  මෙවන් දෙවිවරුන් බදු හාම්පුතුන් ගැන මනුෂ්‍යත්වයේ නාමයෙන් දකින්න නොව අහන්න ලැබීමත් සොම්නසට කාරණයක් වන අතර තමුන් හැදු වැඩු අම්මාගේ දේහය පස්වලට යටවේදී ඔවුන් දරාගත නොහැකි දොමිනසකින් යුතුව කඳුළු සැලුවේ අම්මා - අම්මා ඇයි අප දමා යන්නේ කියන චිත්ත වේදනාවකිනි. තොරතුරු-ලෙස්ලි පෙරේරා
ඔබට නිවන් සුව.. මේ පුතුන්ට පිං...
11
POSITIVE
ncpp_train_39256
ආදරයෙන් හදාගත්ත වරාය  විකුණපු එක ගැන මට දුකයි  -මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් හම්බන්තොට වරාය චීනයට බදුදීම ගැන මෙසේ පවසා තිබේ. ‘මම හිතන්නේ මගේ පියාගේ, පියාගේ සහෝදරයාගේ වගේම ආනන්ද, කුලරත්නල වගේ එක්සත් ජාතික පක්ෂයේ අයගේ ඉඳලා විශාල බලාපොරොත්තු තිබුණේ මේ වරාය ගොඩනඟන්න. ඉතින් කාටත් බැරි වෙයි කියලා තිබුණු වරාය අපි ගොඩනැඟුවා. මේවට එකක්වත් ආණ්ඩුවේ සල්ලි ගත්තේ නැහැ ගෙවන්න. ණය ගෙව්වෙත් වරාය අධිකාරියෙන් හම්බ කරපු මුදල්වලින්. නමුත් අද මේක විකුණලා දාලා. ආදරෙන් හදාගත්ත වරාය, මිනිසුන්ගේ බලාපොරොත්තු ගැන ලොකු කනගාටුවක් දැනෙනවා. එයාලා කියනවා අපි වික්කේ නැහැ අවුරුදු 99කට බදු දුන්නා කියලා. ඔබ දන්නවා මේ බිම් බදු දුන්නු අවුරුදු 99 ඇතුළේ පරම්පරා කීයක් හිටියද. මේ අපේ රටේ ජනතාවට, දරුවන්ට අයිති වෙන්න තිබුණු එකක්. මීට ඉස්සර ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කළෙත් මේ වගේ ජූලි මාසෙ 29දා දවසක. මේ දවස හරි අපලයි ලංකාවට. ඉතින් ඒක අස්සන් කරලා අපි අදත් දුක් විඳිනවා. අදටත් බැට කනවා. අසූහතේ මේ මාසේ විසිනව වැනිදා තමයි ගිවිසුම අස්සන් කළේ. එදා ඉන්දියාවත් එක්ක අද චීන සමාගමත් එක්ක. ඒ වගේම දවසක ආපසු ජේ. ආර්.ගේම මුණුපුරායි දැන් ජනාධිපතිවරයායි දෙන්නා හවුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මාට්ටු කරගෙන ගිවිසුම් ගහලා මේක විකුණලා දැම්මා. මේ රටේ ජනතාවගේ වස්තුවක් නැතිවීම ගැන විරෝධතාව අපි හැම වෙලාවෙම පළ කළා. ඕනනම් වරාය දිගටම දුවන්න පුළුවන්කම තියෙනවා හරියට කරනවා නම්. වුවමනාවක් තියෙනවා නම් වරාය වහන්නත් පුළුවන්. මේක තව සංවර්ධනය කරන්න වැඩපිළිවෙළ දියත් කරන්න වුණත් පුළුවන්. ඒත් දැන් පිටරට සමාගමකට දීලා. ආණ්ඩුවට මත්තල ගුවන්තොටුපොළත් එක්ක තියෙන්නේ මහා වෛරයක්. හම්බන්තොට ජනතාවත් එක්ක තියෙන්නේ වෛරයක්, ඉරිසියාවක්. මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා ආවා. මේ පැත්තේ මිනිස්සු ඒක දන්නවා. ඕනම රටකට ගුවන්තොටුපොළවල් දෙකක් තියෙන්න ඕන. බලයට ආපු ගමන්ම කළේ මත්තල වී ගබඩාවක් කරපු එක. වී ගබඩාවක් කරලා වී දාලා ඒක බාල්දු කරලා විනාශ කරලා මේක වහලා දැම්මා. ඒකයි මේ ආණ්ඩුවෙන් කළේ. දැන් වහලා දාලා ඉවර වෙලා මේක විකුණනවා වැඩක් නැහැ කියලා.  ගුවන් යානා නැති එකක් කියලා. ගුවන්තොටුපොළට ආපු ගුවන්යානා නැවැත්තුවේ කවුද? ගුවන්තොටුපොළ, වරාය හැදුවේ හම්බන්තොට ජනතාවට විතරක් නෙවෙයිනේ. මුළු රටටම. මේක මේ රටටම නැති වුණු දේපළක්. රටට ඉතාම අපල තත්ත්වයක් උදාවෙලා.‘
සිංහයෙක් නම් උඹ තිරිසනෙක්නේ බං. මේ ආත්මේ හරි ගොන් කතා නොකියා ඉඳලා මිනිස් ආත්මයක් ප්‍රාර්ථනා කරපං.
1
POSITIVE
ncpp_train_39257
කොරෝනා රෝගය නිසා ලංකාවේදී මියගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වූයේ මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ධර්මසිරි ප්‍රනාන්දු මහතාය සංචාරක මගපෙන්වන වෘත්තියෙහි නිරතවූ ඔහුට ජර්මානු සංචාරක කන්ඩායමක් සමග අවසන් සංචාරය සිදු කිරීමෙන් පසු මෙම රෝගය වැළ‍ෙදන්නට ඇතැයි විශ්වාස කෙරිණි. දියවැඩියාව අධිරුධිර පීඩනය හා වකුගඩු සැත්කමකට භාජනයවූ පුද්ගලයෙකුවූ නිසාම මෙම රෝගය සමග ඔහුගේ සිරුර දුර්වල මට්ටමකට ගෙන එන ලදි. ඊයේ (28) සවස මියගිය ඔහු අද (29) උදෑසනින්ම ආදාහනය කෙරිණි. අයිඩීඑච් රෝහලට යාබද කොටිකාවත්ත පොදු සුසාන භූමියේ ඔහු ආදාහනය කරන අවස්ථාවට ඥාතීන් 3 දෙනෙකුද එක්වූ අතර ලෝක සෞඛ්‍ය සවිධාන නිර්දේශ මත විෂබීජ පිට නොවන්නට ඉතා ආරක්ෂාකාරී ලෙස කුමවේදයක් අනුගමනය කර ආදාහනය සිදු කෙරිණි.
එක කොරෝනා ලෙඩෙකුගේ PCR ටෙස්ට් එක කීපවතාවක්ම කරන නිසා රෝග විනිශ්චය වැරදෙන්නෙ නැහැ.
2
POSITIVE
ncpp_train_39258
ඒකාබද්ධ වික්ෂය නමින් මහින්ද කල්ලියක් හදාගත්තේ තමන්ට තියෙන චෝදනාවලින් බේරෙන්නට බවත් එහෙත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම් විඳින්න සිදු වෙන බවත් අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ අදහස් දැක්වූයේ පසුගියදා අම්පාර දිස්ත්‍රික්කය ආවරණය කරමින් පැවැති ශ්‍රමික සුරැකුම් ජංගම සේවය වැඩසටහනට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය මෙසේද පැවැසීය. අපි කිව්වේ නෑ කාටවත් තාජුඩීන් මරන්න කියලා. කාටවත් අයථා විදියට මුදල් පරිහරණය කරන්න කියලා. අපි කිව්වේ නෑ කොමිස් ගහන්න කියලා. හමුදාවේ නිලධාරීන් දාලා වැලි කොට්ට පුරවලා රජයේ මුදල්වලින් රේස් පදින්න කිව්වේ නෑ. නාමල් රාජපක්ෂ මහත්තයාලා දඩයම් කරන්න ඕනි නම් ඕනි තරම් ක්‍රම සහ විධි තියෙනවා. අද මේවා සිදුවන්නේ නිවැරැදි ක්‍රමවේදයකට පරීක්ෂණ පැවැත්වෙනවා. පරීක්ෂණ අවසන් වූ පසු නඩු පවරන්න නීතිපති දෙපාර්තමේන්තුවට භාර දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරලා තියෙනවා. මමත් අහගෙනයි කෙනෙක් කියනවා මගෙන් සී.අයි.ඩී. එක ප්‍රශ්න කළේ වහලේ ගැන කියලා. මම දන්නේ නැහැ ඒ පවුලේ අයගෙන් මොකක්ද වහලයක් ගැන අහන්න තියෙන්නේ කියලා. ඇතුළට ගිහින් එළියට එනකොට ඕනිම දෙයක් කියන්න පුළුවන්. ඒ තිබිච්ච හැම එකක් සම්බන්ධයෙන්ම පරීක්ෂණ කෙරෙන කොට රටේ ජනතාව දැනගනියි සැබෑ තත්ත්වය. අද අපිට බය නැතිව කොන්ද කෙළින් තියාගෙන මේ ආණ්ඩුව යහපාලනය ස්ථාපිත කළා. මේ රටේ හොරකම, වංචාව, දූෂණය නතර කළා කියලා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණයට දායක වුණු සියලු දෙනාට ආඩම්බර වෙන්න පුළුවන්. පැමිණිල්ලක්වත් නැතිව කොමිසමට ඇවිත් කරපු ප්‍රකාශයකට අපේ විදේශ කටයුතු ඇමැතිවරයා ඉල්ලා අස්වෙනවා. ඒක අපිට ආඩම්බර විය හැකි තත්ත්වයක්. ඉස්සර අල්ලස් කොමිසමට එන්න කිව්වම නයා කෑවා කියනවා. ඊයේ පෙරේදා ඉඳන් රාජපක්ෂ පවුලේ අය ප්‍රශ්න කිරීම්වලට එෆ්.සී.අයි.ඩී. එකට යන්නේ කොච්චර කාලෙකට පස්සෙද කියලා රටම දන්නවා දඩයම් කරන්න අවශ්‍ය නෑ. අද ඒ අය ඒකාබද්ධ විපක්ෂයක් කියලා කල්ලියක් හදා ගෙන රටේ මතයක් හදාගෙන ඒ අයට තියෙන චෝදනාවලින් බේරෙන්නයි යන්නේ. නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. රවි කරුණානායක මහත්තයට සම්බන්ධ වෙන්නේ එතුමාගේ නම සම්බන්ධ කරලා කරපු චෝදනාවක් සම්බන්ධයෙන්. බැඳුම්කරය සම්බන්ධයෙන් නෙවෙයි රවි කරුණානායක මහත්තයා ඉල්ලා අස්වෙන්නේ. බැඳුම්කර සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙනවා නම් 2008 ඉඳන් අජිත් නිවාඩ් කබ්රාල්, එයාගේ සහෝදරිය, අර්ජුන් ඇලෝසියස්ලා, නාමල් බේබිලා, ඔක්කොම එකතු වෙලා කරපු දේවල් තව මාස දෙකකින් රටම දැනගනියි. බැඳුම්කරය අපි පටන් ගත්ත දෙයක් නෙවෙයි. හැමදාම තිබුණු දෙයක්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ මෙකේ ස්වාධීනත්වය නැතිව ගියා. බෙලිහුල්ඔය - සමන්තා රත්නායක කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක
පුලුවන්නම් ගාමිණී අතුකෝරල ඔයාගේ අයියා මැරුණ විදිහත් හොයලා බලන්න. ඒ එක්කම ඒ එක්කම සිරස ගිනි ගත්ත හේතුවත් හොයන්න
341
POSITIVE
ncpp_train_39259
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් ‘දෙමළ ජනතා එකමුතුව‘ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නට යන බවත් එය වැළැක්විය යුතු බවත්ය. “විකල්ප දෙමළ දේශපාලන පක්ෂ බිහිවීම වැළැක්විය යුතුයි. මේ අවස්ථාවේ එය අවශ්‍ය ක්‍රියාවක් නොවෙයි. තම තමන්ගේ බලය පෙන්වීමේ අවස්ථාව මෙය නොවෙයි. එවැනි ක්‍රියාමාර්ග ගෙන ඉදිරි මැතිවරණයේදී ජනතාව දෙගිඩියාවට පත් නොකරන්නැයි අපි එම කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා”යි සුමන්තිරන් මහතා කීය. “අප කිසිවකුට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වන්නැයි ප්‍රකාශ කළේ නැහැ. එමෙන්ම මේ අවස්ථාවේ සියලුදෙනාම දෙමළ ජාතික සන්ධානයට එක්වන්නැයි මම ඉල්ලා සිටිනවා” යැයිද සුමන්තිරන් මන්ත්‍රිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. ලක්ෂ්මි ජයකොඩි
දෙමල මිනිස්සු අනික් පළාත්වල සිංහල මිනිස්සු එක්ක පදිංචිවෙලා බිස්නස් එහෙමත් සාර්ථකව කරගෙන ඉන්නවා නේද? ඇයි උතුරේ විතරක් පාලනය ඉල්ලන්නේ? දෙමල දේශපාලකයන්ට ඉහලින් ඉන්නට එය උවමනා නමුත් සාමාන්‍ය දෙමල ජනයාට පාලන අයිතිය අවශ්‍ය නැහැ .චන්දෙ වෙනම ඉල්ලන්න. තියෙන චන්ද ගාන පෙනෙයි එදාට
10
POSITIVE
ncpp_train_39260
ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන  නිෂාන්ති ශිවලෝගනාදන් මෙනෙවිය වෙත සංවර්ධන නිලධාරී පත්වීමක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (24දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. පසුගිය වසරේදී ජනාධිපතිතුමා වවුනියාවේ සිදුකළ  සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියන්ගේ නිවෙසට ගොස් එම පවුලේ අයගේ සුවදුක් විමසූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක් අනුව නිෂාන්ති ශිවලෝගනාදන් මෙනෙවියට මෙම පත්වීම් ලබාදීමට කටයුතු කර තිබේ. විද්‍යා ශිවලෝගනාදන් පදනමේ උප සභාපතිනි ප්‍රවීණ සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ මහත්මිය සහ විද්‍යා දැරියගේ මව වන සරස්වතී ශිවලෝගනාදන් මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියහ.
මේ වගේ සිල්ලර වැඩ වලටද විදායක ජනපති වරු ඉන්නේ?
132
POSITIVE
ncpp_train_39261
මරාගෙන මැරෙන්නයි ගියේඒත් ගමේ පෙම්වතිය නිසා අදහස වෙනස් වුණා කොට්ටාවේ තරින්දි ඝාතකයාගේ පාපොච්චාරණය කොට්ටාව හොරණ පාරේ  නිවසකදී තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණිය ඝාතනය කළ බව කියන ඇගේ පෙම්වතා පෙරේදා පොලිසියට භාර වීමෙන් පසු එම ඝාතනය සිදු කළ ආකාරය ගැන පාපොච්චාරණයක් සිදු කර තිබේ. මින් පෙර සීසීටීවී දර්ශන ඔස්සේ පොලිසිය සොයාගත් තොරතුරු සනාථ කරමින් ඔහු ඝාතනය සඳහා පූර්ව සූදානමින් සිද්ධියට පෙර දින නිවසේ බැල්කනියේ සැඟව සිටි අයුරුද එහිදී හෙළි කර ඇත. මාතර හක්මන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු සිද්ධිය වූ දිනට පෙර දින තරුණිය හා එම නිවසේ අය හමුවීමටද පැමිණ ඇති අතර එහිදී බහින්බස්වීමක්ද සිදුව ඇත. තරින්දි සමග වසර දෙකක් තිස්සේ සබඳතා පවත්වමින් විවාහවීමට සූදානමින් සිටි මෙම තරුණ ව්‍යාපාරිකයා තරින්දිට හොරා මාතර හක්මන ප්‍රදේශයේ වෙනත් තරුණියක හා සම්බන්ධතාවයක් පවත්වායාමත් එය හසුවීමෙන් පසු එකී තරුණියට දුරකථනයෙන් තොරතුරු දන්වා එය බිඳ වැටෙන තැනට වැඩ සිදුකිරීමත් මෙම බහින්බස්වීමට මුල්වී ඇත. රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරමින් සිටි තරින්දි එය නිම කර ජපානයේ වැඩිදුර අධ්‍යාපනයට යාමට සූදානමින් සිට ඇත්තේ මොහුවද විවාහ කරගෙනයි. නමුත් පසුගිය මාස කිහිපයේ වාර්තාවූ වෙනස්වීම් නිසා ඇයගේ සැලසුම් අවුල්ව යාම ගැන ඇය දිගටම මොහුට දොස්පවරා ඇත. කෙසේ වෙතත් තමාගේ පුද්ගලික ජීවිතය අවුල් කර දැමීම ගැන තරින්දිට බැණ වැදුණ තරුණයා අධික කෝපයෙන් යුතුව එදින සවස නිවසින් පිටත්ව යාමෙන් පසු ඇය මරාදමන තරම් කෙත්න්තියක් පහළවී  තිබෙන අතර ඇය මරාගෙන තමාද මියයායුතු යයි කල්පණා කර තිබේ. ඒ සඳහා තවත් පමා විය යුතු නැති බව කල්පණා කළ හෙතෙම පිහියක්ද රැගෙන රාත්‍රිය වනතුරු බලා සිට නිවස අසළට රහසේම පැමිණ තාප්පයෙන් පැන තුන්වන මහලේ බැල්කනියේ සැඟවී ඇත්තේ පසුදා තරින්දි මරාදමන අදහසිනි. එදා එළිවනතුරු  බැල්කනියේ මුල්ලකටවී නින්දක් නොලබා සිටි තමා උදෑසන නිවසේ කටයුතු සිදුවන ආකාරය දැන සිටි බැවින් වේලාව බලමින් තරින්දි තනිව හමුවීමට මාන බලමින් සිටියේ යයි පවසා ඇත. තරින්දි ගේ මව සහ පියා කොට්ටාව හොරණ පාරේ නිවසට යාබදව පිහිටි ඔවුන් සතු “රංජිත් ස්ටෝස්” තොග වෙළෙඳ සල වෙත පිටත්ව යන වේලාව මෙන්ම නැගණිය පාසල් වෑන් රියෙන් පාසලට යන වේලාව ඔහු දැන සිට ඇත. අනතුරුව උදේ 9 පමණ වනවිට ඇය ඇගේ කාමරයේ සිටින බව තමා දැනගත් බවත් ඒ අනුව පහළට බැස නිවසේ දොරකින් ඇතුළුවී තරින්දි හමුවට ගිය බවත් පොලිසියට පවසා ඇත.  නිදන කාමරය වෙත ගිය තරුණයා තරින්දිට සියලු දේවල් විස්තර කරදුන් බවත් ඒ වෙලාවෙත් ඇය ඔහුව හෙළාදකිමින් බැණ වැදුණ බවත් පාපොච්චාරණයේ සඳහන්වේ. තමා සඟවාගෙන පැමිණි පිහියෙන් ඇගේ ශරීරයේ ගෙල හා අනෙකුත් ස්ථානවලට ප්‍රහාර එල්ල කරන ලද්දේ ඒ අනුව බව හෙතෙම සඳහන් කර තිබේ. ඇය ලේ විලක් මැද මියගිය බිහිසුණ දසුන දකිමින් ටික වේලාවක් නිවසේ සිටි තමාද සිය දිවි නසාගන්නට කල්පණා කර ඊට පෙර ගමේ සිටින පෙම්වතියට දුරකථන ඇමතුමක් ගත් බවත් ‘මං තරින්දිව මැරුවා - මාත් මාරෙනවා‘ යයි දැන්වූ බවත් පොලීසියට භාර වූ සැකකරු පාපොච්චාරණය කර ඇත. ද්විත්ව ප්‍රේම හුටපටය නිසා ඔහු සමග විරසකව සිටි ගමේ පෙම්වතිය ඒ අසා කලබලවූ නමුත් තමාට බැණ නොවැදුණ බව පැවසූ තරුණයා එම අවස්ථාවේ තමාව අස්වසමින් ඔයා ජීවිතේ නැති කරගන්න එපා යයි දැන්වූ බවත් ඇගේ කාරුණික වචන නිසා බලාපොරොත්තු ඇතිවූ නිසා ජීවිතය නැති කරගැනීමේ අදහස අත්හළ බවත් දන්වා ඇත. ඒ් අනුව ඔහු නිවසින් පිටත්ව පළායන්නට කටයුතු කළේය.පසුව රට තුළ ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව පොලිසිය තමාව සොයන නිසා බේරීමට ඉඩක් නැතියෙන් නීතීඥ උපදෙස් සහිතව භාරවූ බව පවසා තිබේ. පොලීසියට භාර වූ සැකකරු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඊයේ (25) හෝමාගම රෝහල වෙත ඉදිරිපත් කර තිබෙන අතර පසුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමහේවා පටබැඳිගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තාවේ. සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව ද්විත්ව ප්‍රේමය කඩා දැම්මාට උරණවී කොට්ටාවේ තරුණිය ඝාතනය කළ පෙම්වතා කලින් දවසේ රෑ නිවසට ඇවිත් බැල්කනියෙ සැඟවිලා - Read Here
Should hung ASAP
1
POSITIVE
ncpp_train_39262
කැලිෆෝනියා වෙරළ තීරය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ මෙම නව කොරෝනා වෛරස වසංගතය පැතිර යන අවස්ථාවක එම වෙරළ තීරයට දහස්දෙනා එක්රැස් වීම හේතුවෙනි. මෙවන් ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින දරුණු අවස්ථාවක මෙසේ ජනතාව ඒකරාශි වීම කිසිසේත් අනුමත කළ නොහැකි බැවින් නිව්පෝර්ට් බීච් නගර සභාව ඉතා ඉක්මනින් මෙම මුහුදු තීරය වසා දැමීමට කටයුතු කරන බව පවසා තිබේ. එක්සත් ජනපදය යනු නව කොරෝනා වෛරස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රබල රටක් වුවද සති අන්තයේ දස දහස් සංඛ්‍යාත ජනතාවක් දකුණු කැලිෆෝනියා වෙරළ තීරයේ ඒකරාශි වී සිටිනු දක්නට ලැබුණි. නමුත් පොදු ස්ථානයක මෙසේ විශාල ජනකායක් ඒකරාශිවීම අතිශයින් අනාරක්ෂිත ක්‍රියාවක් යයි ලොව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ. මෑත දිනවල, වෙරළ සහ උද්‍යාන නැවත විවෘත කිරීම ආදිය සම්බන්ධයෙන් එරට රජය අවධානය යොමු කළ ද මෙසේ වෙරළ තීරය තුළ අනවශ්‍ය ලෙස ඒකරාශි වීම කිසිසේත් අනුමත කළ නොහැක. කෙසේ වෙතත් කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් ඔහුගේ දැඩි අවධානය යොමු කර තිබෙන බවත් දැනගන්නට ලැබුණි. මෙම වෙරළ තීරයේ අව්රශ්මිය විඳ ගැනීමට ජනතාවට අවස්ථාව උදා කර තිබුණද දුරස්ත භාවය ආරක්ෂා කරගැනීම කෙරෙහි ජනතාවගේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබුණි. ලොස් ඇන්ජලීස් සහ අවට කලාපයේ ප්‍රාදේශීය නිලධාරීන් ද වෙරළ නරඹන්නන්ට ජනතාවට ඉඩ දීම සුදුසුද නැද්ද යන්න පිළිබඳව විමසා බලමින් සිටින බව එරට ආරංචි මාර්ග පවසයි. නමුත් කොවිඩ් -19 හේතුවෙන් බොහෝ ජනප්‍රිය වෙරළ තීරයන් මහජනතාව සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමීමට ඔවුන් තීරණය කර ඇති අතර අතළොස්සකට පමණ සීමිත සීමාවන් සහිතව නරඹන්නන්ට අවසර දීම සඳහා පියවර ගෙන ඇති බව වාර්තා වේ. නමුත් විවිධාකාර සීමාවන්, බලාත්මක කිරීමේ සැලසුම් සහ නිර්දේශයන් අනුගමනය කරමින් මෙම අවස්ථාව භුක්ති විඳිය යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ. අප්‍රේල් 25 වන දින නිව්පෝර්ට් බීච් වෙරළ තීරයේදී පොලිසිය දුරස්ථ නීති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර ඇත.  නමුත් සති අන්තයේ දී සෙනග වැඩි වී ඇති බැවින් නිව්පෝර්ට් බීච් නගර සභාව ඊළඟ සති අන්ත තුන සඳහා වෙරළ තීරය වසා දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කොට ඇති බව දැනගන්නට ලැබුණි. නිව්පෝර්ට් බීච්හි උෂ්ණත්වය 90 එෆ් (32 සී) ට ආසන්න වන  බැවින් බොහෝ ජනතාවක් එම ස්ථානය වටා එක්රොක්වනු දැකිය හැකියි. නමුත් මෙසේ ජනතාව ඒකරාශි වීමෙන් කිසිවිටෙකත් සමාජ දුරස්ත භාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වන බැවින් මෙය කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බව තවදුරටත් තහවුරු වේ. ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ද ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම කෙරෙහි මීට වඩා දැඩි උනන්දුවක් දක්වීම අතිශයින් වැදගත් වන බවයි. එමෙන්ම පොලීසිය ඇතුළු බොහෝ වගකිවයුතු බලධාරීන් පෙන්වා දෙන්නේද මෙම වෙරළ තීරය ඉදිරි දින කිහිපය තුළදී වසාදැමීම මෙම වෛරසය මැඩපවත්වා ගැනීමට ගතහැකි ප්‍රබල පියවරක් ලෙස ඔවුන් හඳුනාගෙන ඇති බවයි. සඳුදා දිනය වන විට කැලිෆෝනියාවේ ධනාත්මක රෝගීන් 43,464 ක් සහ මරණ 1,755 ක් වාර්තා වී තිබේ.  මාර්තු 15 සිට රජය විසින් විරැකියා රක්ෂණ ගෙවීම් සඳහාද ඩොලර් බිලියන 4.4 ක්නිකුත් කර ඇති බව නිව්සෝම් පවසයි. කෙසේ වුවත් මෙවන් වාතාවරණයක් හමුවේ පොදු ස්ථානවලට මෙසේ ජනතාව ඒකරාශි වීම කිසිසේත් සුදුසු නොවන බව පැහැදිලිය. එබැවින් රජයන් විසින් මේ සම්බන්ධයෙන් තම අවධානය යොමු කිරීම වැදගත් වනවා සේම රටවැසියන්ද තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම කෙරෙහි මීට වඩා අවධානය යොමු කළ යුතු බව අත්‍යවශයෙන්ම පැවසිය යුතුය. - රිෂ්මි ඉෂාරා -
මෙයට මුහුණදීමට රටකට කලහැකි දේවල් 4ක් තියනවා. 1) ලෙඩේ රටට එන්නම නොදී මුලින්ම රට වැසීම. 2) රටට ආවොත් දැඩි පාලනයක් මගින් ලෙඩේ නැතිකර දැමීම. 3) පැතිරීම පාලනය කරගනිමින් ලෙඩෙත් සමග දිර්ඝ කාලයක් ජීවත් වීම. 4) කිසිඳු පාලනයකින් තොරව මැරන ප්රමාණයක් මැරෙන්න දී රටෙන් ලෙඩේ ඉක්මනින් තුරන් කරගැනීම. මෙහි දෙවැන්න කල නොහැකි බවයි වෛද්යවරුන් පවසන්නේ. සෞඛ්ය පහසුකම් ඇතිතරම් පවතීනම් ඉහත තුන සහ හතරේදී මැරෙන ප්රමානය සමාන වේ. එවිට තුනට වඩා හතර වඩාත් සුදුසු වේ. නමුත් ලංකාව වැනි සෞඛ්ය පහසුකම් අඩු රටකට හතරට වඩා තුන සුදුසුය.
20
POSITIVE
ncpp_train_39263
රුසියානු කාන්තාවන් දෙදෙනකු නිසා ඇල්ල ප්‍රදේශයේ තරුණයන් 29 දෙනකුට එච්.අයි.වී. රෝගය වැලඳී ඇතැයි යන පුවත රට පුරා ඉකුත් සතියේ පැතිර ගොස් තිබිණි. මේ පිළිබඳ සොයා බලන්නට අප ඇල්ල ප්‍රදේශයේ පෙරේදා 25දා සංචාරය කළ අතර මේ පිළිබඳ ප්‍රදේශවාසීන්, ත්‍රිරෝද රථ රියැදුරන්, හෝටල් හිමියන් හා වෛද්‍යවරුන්ගෙන් අදහස් ලබා ගන්නට හැකි විය. සමාජ ජාල වෙබ් අඩවිවල මේ පුවත විදුලි වේගයෙන් පැතිර ගිය අතර රුසියානු කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වැලඳී ඇතැයි සඳහන් විය. එම කාන්තාවන් දෙදෙනා සමඟ සබඳතා පැවැත්වූ හෝටල් හිමිකරුවෙක්, සේවකයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් ආදී පිරිස 29ක් බවත් ඔවුන් සියලු දෙනාටම එච්.අයි.වී. වැලඳී ඇතැයි යනුවෙන් පුවත පැතිරුණි. ඇල්ල ත්‍රිරෝද රථ සංගමයට අයත් ත්‍රිරෝද රථ 54ක් ඇති අතර ඔවුන් එක හෙළාම මේ පුවත ප්‍රතික්ෂේප කරයි. එම රියැදුරන් පවසන්නේ තමන් ඕනෑම ලේ පරීක්‍ෂාවකට ලක්කරන ලෙසයි. එලෙස රුසියන් කාන්තාවන් සමඟ ඇල්ල ත්‍රිරෝද සංගමයේ කිසිවකු හාදකම් පවත්වා නොමැති බව ඔවුහු පවසති. එම ත්‍රිරෝද රියැදුරන් පවසන්නේ ඇල්ල නැරැඹීමට එන සංචාරකයන් නැවැත්වීමට කිසියම් පිරිසක් සංවිධානාත්මකව කරගෙන යන ප්‍රෝඩාවක් බවයි. අප ප්‍රදේශවාසීන්ගෙන් හා කඩ හිමියන්ගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔවුන්ද එවැනි රාවයක් රටේ හැමතැනම ඇතත් ඒ ගැන ඇල්ල ප්‍රදේශවාසීන්ද මාධ්‍යයෙන් පමණක් දැනගත් බව සඳහන් කළහ. ඇල්ල රෝහලේ වෛද්‍ය ආර්.බී. සුගතදාස මහතාගෙන් අප කළ විමසුමේදී ඔහු පැවැසුවේ රෝහල් මට්ටමින් එවැන්නක් වාර්තා වී නැති බවයි. මාතර - උදය කුමාර රණවීර
යකෝ පස්වරක් පහ විසි පහයි කියල අත් වාසියක් අරන් ඉදපියවූ. මේ එක එක ඒවාට ඇනල ලෙඩ හදාගන්නේ නැත්තිව.
12
POSITIVE
ncpp_train_39264
තිස්සමහාරාම පස්චිමාරාමයේ පැවැති රුහුණු නවම් පෙරහර වෙනුවෙන් විහාරස්ථානයට ගෙවා තිබූ තිස්සමහාරාම රජමහා විහාරයට අයත් "තිස්ස සමන්" නමැති අලියා පහරදීමෙන් ඇත්ගොව්වා මියගොස් තිබේ. පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අලියා සරසමින් සිටියදී පෙරේදා (24දා) රාත්‍රි 7.30ට පමණ ඇත්ගොව්වා හට අලියා පහර දී ඇති අතර බරපතළ තත්වයේ සිටි ඇත්ගොව්වා තිස්සමහාරාම රෝහලට ඇතුළත් කළ පසු රාත්‍රි 9ට පමණ මියගොස් තිබේ. අලියා පහරදීමෙන් මියගොස් ඇත්තේ කාලයක් තිස් ඇත් ගොව්වකු ලෙස සේවය කළ අත්තනායක මුදියන්සේලාගේ අනුර ප්‍රියස්ත නමැත්තායි. කතරගම ප්‍රදේශයේ පදිංචි ඔහු විශේෂයෙන්ම කතරගම පෙරහර සමයේදී ඇත්ගොව්වකු ලෙස මහඟු සේවයක් කරනු ලබන බව වනජීවී නිලධාරීන් සහ  අනෙකුත් ඇත්ගොව්වෝ ප්‍රකාශ කර සිටිති. තිස්සමහාරාම පස්වනාරාමයේදී ඇත්ගොව්වා හට පහරදුන් "තිස්ස සමන්”නමැති අලියා විසින් මීට වසර 12කට පමණ පෙරදී කතරගම මැණික් ගඟ අසලදී නිලමේ නමැති ඇත් ගොව්වා හට පහර දී ඝාතනය කළ බව, කතරගම දේවාලයේ වාසනා හස්තියාගේ ඇත්ගොව්වා වශයෙන් කටයුතු කරන අජිත් ලියනගේ මහතා ප්‍රකාශ කර සිටී.
අලි ඇත්තු හිංසන විරෝදී සෙට් එක එන්න ඉක්මනට.... කමෙන්ට්ස් දාන්න තියෙනවා
-17
NEGATIVE
ncpp_train_39265
අන්තවාදය පරාජය කිරීමට සහ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබා දෙන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට දැනුම් දී ඇත. මෙම සාකච්ඡාව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු යුද හමුදාපතිවරුන් වන ජගත් ජයසූරිය සහ දයා රත්නායක, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ඇතුළු පිරිසක් එක්ව ඇත. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දින 02ක් තුළ අදාළ වාර්තාව විපක්ෂ නායකවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවයි. හිටපු ආරක්ෂක ප‍්‍රධානීන් සකස් කරන අදාළ වාර්තාව ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව පවසා ඇත.
හරීන් ප්‍රනාන්දු ,හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ පිළිගත්තා තමන් මෙම ප්‍රහාරය ගැන දැනුවත්ව සිටියා කියා.ප්‍රහාරය ගැන දැනුවත්ව සිට එය නොවැලැක්වීමට කටයුතු කිරිම එම ප්‍රහාරයට වක්‍රව දායක විමක්.එ නිසා හරින්ටයි හේමසිරිටයි එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් ප්‍රහාරයට වක්‍රව දායක උනා කියලා පැමිණිලි කරා.මහින්ද රාජපක්ෂත් එහෙම දැනුවත් වෙලා හිටියා කියලා උඹට සාක්ෂි තියනවා නම් මෙතන කොට කොට ඉන්නේ නැතුව නීති ක්‍රියාමාර්ග ගනින්.මොකද මේකත් අර රත්තරං අශ්වයොන්ගේ කතා ගොඩෙන් එකක් කියලා මිනිසුන් දන්නවා .
3
POSITIVE
ncpp_train_39266
කැමිලස්ගේ උත්සවයේදී  බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ සිකුරාදා (25) සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්නට යෙදුණ සුප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාගේ කලා ජීවිතයට වසර 50 ක් පිරීමේ උත්සවයේ සිදුවූ සිදුවීමක් මේ වනවිට මාධ්‍ය ලෝකයේ කථාබහට ලක්ව තිබේ. ගජමෑන් කාටූන් නිර්මාණයෙන් ලංකාවේ කා අතරත් ප්‍රකට නමක් දිනා සිටින කැමිලස් මහතා කලක සිට රිවිර පුවත්පතේ දේශපාලන කාටූන් ශිල්පියෙකු ලෙසද කටයුතු කරන අතර ඔහුගේ කාටූන් වලට ආසා කරන දේශපාලන හිතවතුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔහු දිරිගන්වමින් මෙම උත්සවයට පැමිණි ආරාධිතයින් අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඇමති දයාසිරි ජයසේකර, ඇමති ගයන්ත කරුණාතිලක ආදීන්ද සිටියා. මෙම උත්සවයට කැමිලස්ගේ සේවය අගයන මුඛ්‍ය දේශනයක් හා ජනමාධ්‍ය ඇමතිවරයාගේ කෙටි දේශනයක් පමණක් ඇතුළත්වූ අතර ඒ සියල්ලටම සවන් දෙන අටියෙන්දෝ උත්සවය ආරම්භයේදීම ජනපතිවරයාද ශාලාවට පැමිණ අසුන්ගෙන සිටියා. මෙහි මුඛ්‍ය දේශනය කරන්නට පැවරී තිබුනේ පසුගිය කාලයේ ‘මුල්පිටුව‘වැඩසටහනින් කාටූන් ජනප්‍රිය කරවීමට මෙහෙවරක් සිදු කළ පසුගිය රජය සමයේ ලේක්හවුස් සභාපතිවූ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාරයි. මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු ලෙස ප්‍රකට වුවද ඔහු කතාවක් සිදුකිරීම කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකට ලක්ව තිබුනේ නැති අතර ඔහු තමාට ආරාධනා කළ අවස්ථාවේ වේදිකාවට ගොඩවී දේශනය ඇරඹුවේ පැමිණි අයගෙන් අවසර ගනිමිනි. සංඝරත්නය, කැමිලස් මහතා, කැමිලස් මහතාගේ පවුලේ අය සහ හිතවතුන් වෙනවෙනම නම් කරමින් ඔහු කතාව ආරම්භ කළ නමුත් තමන් ඉදිරිපිට පෙනී සිටින ප්‍රථම පුරවැසියාව ඔහු හිතාමතා අමතක කර එම අවසර ගැනීම කර තිබුණි. එතැනට රටේ ජනපතිවරයා පැමිණ ඇති බව ඔහු කියා සිටියේ නැත. ප්‍රවිණ මාධ්‍යවේදියෙකු හා ඇති තරම් කතාපවත්වා ඇති අයෙකු වූ ඔහු අතින් මෙය අත්වැරැද්දක් ලෙස සිදුවූයේ නැති බවද නිරීක්ෂණය විය. මේ අවස්ථාවේ සභාවේ තැන තැන කසු කුසු මතුවූ බවද වාර්තා වේ. ඔහු හිතාමතාම ඒ දෙය කළ බව බොහෝ දෙනෙකුට ඒත්තු යන ලදි. දයාසිරි ඇමතිවරයාද ගයන්ත ඇමතිවරයාද බලවත් අපහසුතාවයෙන් සිටිනු දක්නට ලැබුණ බව එතැන සිටි අය වාර්තා කර තිබේ.ජනපතිවරයා එය ගණන් ගත්තේ නැත. කෙසේ වෙතත් ජනපති මෛත්‍රිපාල යන නම බන්දුලගේ දේශනයේ කවර තැනකවත් මතු කළේද නැත. මිනිත්තු 27 ක් දේශනය සිදු කර ඔහු වේදිකාවෙන් බැස ගිය අතර ඉන් පසුව ඔහු ජනපති අසළටවත් ගියේද නැති බව නිරීක්ෂණය වී තිබේ. කවර දේශපාලන පරස්පර මත තිබුණත් රටේ ජනපතිවරයා පැමිණි උත්සවයකදී මේ ආකාර හැසිරෙන්නන් විරල බව පැමිණි සිටි වැඩිදෙනාගේ අදහස විය.
නූගත්කම විදහ පෑමක්...
7
POSITIVE
ncpp_train_39267
 සිය උපන් දිනයට සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූති කරමින් හිටපු ජනපති චන්ද්‍රිකා අමුතු සටහනක් තබා තිබේ. එහි මෙසේ දැක්වේ.  ‘මට දැන් අවුරුදු හැත්තෑ හයක්. මීට අවුරුදු හැත්තෑ හයකට කලින් මම මේ ලෝකයට ආවේ තනියම. හිස් අතින්. මම විතරක් නෙවෙයි අපි කවුරුත් එහෙමයි. කවදහරි යන්නෙත් තනියම. හිස් අතින්. එහෙත් අපි ආපහු මේ ලෝකෙන් යන දවසට තව එක දෙයක් අරගෙන යනවා. ඒ තමයි අපේ ජීවිත කාලය පුරා අපි කල කී දෑ අනුව ඉතිරි වූ හොද නම හෝ නරක නම.මේ යතාර්ථයක මම කුඩා කාලේ ඉදන්ම තේරුම් ගත්තා. මේ ජීවිත කාලයේදී අපේ ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම මේ ලෝකය වඩා හොද තත්වයට පත්කිරීමටත් අපි බැදී සිටිනවා. මම මගේ ජීවිත කාලය පුරා උත්සාහ කලේ ඒ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරන්න. මගේ ජීවිත කාලයේදී මම මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, වගේ ම ලෝකය වෙනුවෙන් යමක් කලා නම් ඒ සියල්ලක්ම කළේ මේ ලෝකය වඩා හොද තැනක් කරන්න. කවදා හරි මා මිය ගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකිනම් මගේ සතුට එපමණයි.උපන් දින සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූතියි !’
එංගලන්තයේ ජිවත් වෙන්නේ ඔයා පරිත්‍යාග කරපු නිවසේද? චෙල්සි උද්‍යානයේ තමයි එම නිවස පිහිටා තියෙන්නේ.
14
POSITIVE
ncpp_train_39268
පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී සරසවි සිසුන්ට පහර දුන්නාට විරෝධය පළ කරමින් අද (28දා) වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපිය එකමුතුව විසින් කොළඹදී දැවැන්ත විරෝධතා පා ගමනක් පවත්වන බව සඳහන් කර තිබේ. වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ මවුපියන්, වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් සහ අන්තරේ නියෝජනය කරමින් විශ්වවිද්‍යාලය කිහිපයක සිසුන් සහ ස්වාමීන් වහන්සේ මේ විරෝධතාව සඳහා එක් වන අතර පා ගමන අවසානයේදී වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ මවුපියන් අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කරන බව දන්වා ඇත. දැවැන්ත විරෝධතා පා ගමන හේතුවෙන් පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දහසකට අධික බළඇණියක් යොදවා කොළඹ ආරක්‍ෂාව  තර කිරීමට කටයුතු යෙදූ බව පොලිස් මූලස්ථානය දන්වා ඇත. ජල ප්‍රහාරක රථ, කැරලි මර්දන ඒකක, පොලිස් මාර්ග බාධක කොළඹ තෝරාගත් ස්ථාන කිහිපයක ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ. මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආදී තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයකද ආරක්‍ෂාව තර කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත. විරෝධතාව පැවැත්වෙන කාල සීමාවේ ඇතැම් මාර්ග වසා දැමීමට සිදුවන බවත් පොලිසියෙන් ලබාදෙන දැනුවත් කිරීම් ඔස්සේ කටයුතු කරන ලෙසද පොලිසිය රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඕනෑම විෂයකට පුද්ගලික විශ්ව විද්‍යාල කමක් නැහැ . නමුත් වෙද්‍ය විෂයේ දී S 3 න් පුද්ගලික වෙද්‍ය විද්‍යාල වලට ගැනීම අනුමත කරන්න බැහැ . මොකද ඒ දනුමෙන් මිනිසුන්ගේ රෝග අදුරගන්න බැරි නිසා
3
POSITIVE
ncpp_train_39269
කුසගින්නේ පාසලට පැමිණි කැකිරාව මඩාටුගම රේවත මහා විද්‍යාලයේ දැරියකට වමනය යාමෙන් පසු ඇය ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් කළ මූලික විමර්ශනයෙන් පසු එම පාසලේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන අමාත්‍යනාංශය දන්වා සිටී. මෙම පාසල අමාත්‍යංශයට නොව පළාත් සභාවට අයත්වූ එකක් වූ අතර රජයේ උපදෙස් පරිදි උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය ඇයව ඉවත් කර අමාත්‍යංශයට ලිඛිතව දැනුම්දී ඇත.  විදුහල්පතිනියට චෝදනා පත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව ද වාර්තාවේ. ආර්ථික අපහසුකම් නිසා පාසල් යෑමේ ගැටලුවක් ඇත්නමි දැරියට නේවාසිකාගාර සහිත පාසලක් ලබා දෙන ලෙස ද අධ්‍යාපන ඇමැතිවරයා දන්වා ඇත. මෙම සිද්ධිය සම්බන්ධ මානව හිමිකම් පරීක්ෂණයක්ද මේ වනවිට සිදුකරමින් පවතී.
තොගෙ අම්මද මේ ප්‍රින්සිපල්?
24
POSITIVE
ncpp_train_39270
ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක් පසුගියදා ප්‍රකාශයට පත්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ කෘතියේදී විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලියා තිබුණ ආකාරයට ප්‍රභාකරන්ගේ ඝාතනය ඔහුගේ සේනාංකයක් මගින් සිදු කරන ලද බව දක්වා විස්තර කර තිබුණි. නමුත් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා පවසා තිබුනේ ප්‍රභාකරන් ඝාතනය සිදු කළේ ඔහුගේ සෘජු මෙහෙයවීම මත 8 වැනි කාර්ය සාධක බළකායේ සේනාංකාධිපති කර්නල් ජී.වී. රවිප්‍රිය බවයි. ඒ ගැන මින් පෙර කළ විමසීමකදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සාකච්ඡාවකදී පවසා ඇත්තේ කර්නල් ජී.වී. රවිප්‍රියගේ පිරිස එය කළ බව ඇත්තක් වුවත් ඔහු සිටියේ තමා යටතේ බවයි. ඒ අනුව යුද ජයග්‍රහණයේ පියවරු අතර පහළම පුරුක ගැන අලුත් සංවාදයක් නිර්මාණය වී තිබේ. ලංකාදීප පුවත්පතට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ කියා ඇත. ‘කමල් ගුණරත්න කියන්නේ යුද්ධයේදී ක්‍රියාත්මක වුණ සේනාංක 15 කින් විතර එතැනට අණදුන්න කෙනෙක්. මුල ඉදල එයාගෙ සේනාංකය ස්ථානගත කරල තිබුනෙ මුහමාලෙ ආරක්ෂක වළල්ලෙ.මමයි ඒක ප්‍රහාරක මෙහෙයුම් වලට ඉදිරියට ගත්තෙ.එයාට විරුද්ධව විනය ප්‍රශ්නයක් තිබුණා.ඒක තාවකාලිකව අමතක කරල තමයි එයාට මං සේනාංකයක් භාර දුන්නෙ. එයාට දුන්න සේනාංකය ජනවාරි ඉදල මාර්තු වෙනකං මෙහෙයවුවා.ඊට පස්සෙ ඒකෙ බලසේනා තුනෙන් දෙකක් ගලවලා අරගෙන කර්නල් රවිප්‍රිය යටතේ කාර්ය සාධක බලකායක් හැදුවා.ඒ කාර්ය සාධක බලකාය තමයි ප්‍රභාකරන්ට පහරදීමට ක්‍රියාත්මක වුනේ.ඒක කලෙත් මගෙ උපදෙස් මත මිසක් ඔය පොත ලියපු කෙනාට ඕන විදිහට නෙමෙයි. ප්‍රභාකරන්ගෙ පිරිසට පහරදීලා ප්‍රභාකරන්ගෙ මළමිනිය සොයාගැනීම ඇතුළු සියල්ල සම්බන්ධීකරණය කරල අණදීම කලේ කර්නල් රව්ප්‍රියගෙ කාර්ය සාධක බලකා අට. ඔය පොතේ හමුදාපති පාච්චල් කරන්න උත්සාහ අරගෙන තියෙනවා.ඒක එළිදක්වපු වෙලාවෙ ආරාධිතයො විදිහට ඇවිත් ඉදපු අයගෙන් අපට හිතාගන්න පුළුවන් කාගෙද සැලසුම කාගෙ අවශ්‍යතාවයද මේ ඉටුවුනේ කියලා‘ මේජර් ජෙනරාල් කමල් ගුණරත්නද කර්නල් රවිප්‍රියගේ කාර්යය පැහැදිලි කර ඇත. පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සංකච්ඡාවකදී ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ කියා ඇත. වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාංක, බළසේනා, කාර්ය සාධක බළකා හා රෙජිමේන්තු රැසක් තිබුණා. ඒ අතරින් ප්‍රභාකරන් ඝාතනය කළ 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව අයත් වූයේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ අණදුන් 681 වැනි බළසේනාවටයි. එය අයත් වූයේ කර්නල් ජී.වී. රවිප්‍රිය අණදුන් 8 වැනි කාර්ය සාධක බළකායටයි. එසේ නම් ප්‍රභාකරන් මැරුවේ ඔබ අණ දුන් 53 වැනි සේනාංකය කියලා කියන්නේ කොහොමද? මෙතැනදී බොහෝ දෙනෙක් පටලවා ගත්තු කාරණාවක් තිබෙනවා. අනෙකුත් කාර්ය සාධක බළකා වගේ නොවේ 8 වැනි කාර්ය සාධක බළකාය. ස්වාධීන ඒකකයක් ලෙස තිබුණේ නෑ. මුලතිව් ප්‍රහාරයෙන් පසු ඉතිරි වූ රෙජිමේන්තු එකතු කරලා තමයි 8 වැනි කාර්ය සාධක බළකාය ස්ථාපිත කළේ. එහි සේනාංකාධිපති ලෙස කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් ජී.වී. රවිප්‍රියත් 681 බළසේනාධිපතිවරයා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ හා 682 බළසේනාධිපති ලෙස සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් සුභාෂණ වැලිකල පත්කරන ලෙස මා යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලුවා. ඔහු ඊට එකඟතාව පළ කළා. 8 වැනි කාර්ය සාධක බළකාය තිබුණේ 53 වැනි සේනාංකය යටතේ මිසක් ස්වාධීන සේනාංකයක් ලෙස නොවේ. ඊටත් අණ දුන්නේ මමයි. (රණ මග ඔස්සේ නන්දිකඩාල් පොත එළිදුටු අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ) Pix By- Suren Abeysundara
හික්..හික්....හරි හරි...පොන්සේකා මහත්තය තමයි තනියෙම හමුධාපති වෙලා ගෙදරි ආයුධ ගෙනත් ගෙදරින් මිනිස්සු ගෙනත් ගෙදරින් වියදමට සල්ලි ගෙනත් ජාත්‍යන්තරයත් කළමනාකරණය කරන් උඩින් දියෙන් යටින් තුනෙන්ම ගහල මේ යුද්දේ දිනවල දුන්නේ.ඒකනේ මේ එතුමාව ගැලවීමේ හමුදාවට යවන්න හදපු එතුමාව ගොනෙක් කරන්න හදපු කිලිනොච්චි මැදවච්චි අලි මංකඩ පාමංකඩ පටලව ගත්තූ තොප්පිගල කැලෑවක් කියපු යුධ ජයග්‍රහණය වලක්වන්න කළහැකි හැමදේම කල ජයග්‍රහණයට අවමන් කල මේ යහපාලන නඩේ එතුමාට ඔය වෙල් විදානේ පට්ටමක් දීල එත් මදිව පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට අරන් ඇමති කට්ටකුත් දීල උසි උසි කියනකොට කඩාපනින බලු නකුටෙක් බවට පත් කරලා තියෙන්නේ.
306
POSITIVE
ncpp_train_39271
මේ සමග පළවන්නේ මහාචාර්ය නලින් ද සිල්වා ඊයේ (27) සිය ෆේස් බුක් ගිණුමේ පළ කළ ලිපියකි.ධම්මික වෙද මහතාගේ පැණිය පාරම්පරික වෙදකමේ හෙළ වෙදකමේ ආයුර්වේදයේ කොවිඩ් 19 රෝගීන් සඳහා ඇති එක් ප්‍රතිකර්මයක් පමණයි. තවත් ප්‍රතිකර්ම රාශියක් තියෙනවා. ඒත් ඒ එකකටවත් නොලැබුණු ප්‍රසිද්ධියක් ධම්මික වෙද මහතාගේ පැණියට ලැබුණේ එකම එක කාරණයක් නිසා. ඒ කාලි අම්මා පැණිය ගැන කී නිසා නො වෙයි.   ධම්මික වෙද මහතාගේ පැණියට අනෙක් ප්‍රතිකාරවලට නැති ප්‍රසිද්ධියක් ලැබුණේ එය එක්තරා බටහිර වෙද මහතුන් පිරිසක් විසින් පරීක්‍ෂාවකට ලක් කෙරී සාර්ථක බව තහවුරු වූ නිසයි. ධම්මික වෙද මහතා බාසුන්නැහැ කෙනෙක් ද කපු මහත්තයෙක් ද කාලි අම්මා සම්‍යක් දෘෂ්ධික ද මිථ්‍යා දෘෂ්ඨික ද ආදී කිසිවක් එහි දී බලපෑවේ නැහැ. අර බටහිර වෙද මහතුන් පැණිය යම් ආකාරයක පරීක්‍ෂණයට ලක් නොකරන්න ධම්මික වෙද මහතාගේ පැණියටත් අනෙක් දේශීය ප්‍රතිකාරවලට අත් වූ ඉරණම ම අත් වෙන්න තිබුණා. අද සමාජයේ ආධිපත්‍යයේ ඇත්තේ බටහිර දැනුම මිස වෙනත් කිසිම දැනුමක් නොවෙයි. බුදුදහම දැනුමක් ගැන නොව නොදැනුමක් ගැන කතා කළත් බුදුදහම ද දැනුමක් ලෙස සලකා එය බටහිර ආධිපත්‍යයට යට කෙරෙනවා. බුදුදහම විද්‍යාත්මක කිරීමේ පදනම එයයි. ජනමාධ්‍යයෙන් අර බටහිර වෙද මහතුන්ගේ සාක්‍ෂියට ප්‍රසිද්ධියක් දුන් බැවින් ධම්මික වෙද මහතාගේ පැණිය දේශපාලන බලවතුන්ගේත් අවධානයට ලක් වුණා. එයට යම් දේශපාලන අනුග්‍රහයක් ද ලැබුණා. එසේ නොවන්නට පැණිය පරික්‍ෂාවට ලක් කළ බටහිර වෙද මහතුන්ට සමහර විට ගෙදර යන්න සිද්ධ වෙන්නත් තිබුණා. එහෙත් එසේ වුණේ නැහැ. එක්තරා බලධාරිනියක් ඒ බටහිර වෙද මහතුන්ගෙන් නිදහසට කරුණු විමසීමට ද සූදානමින් සිටියා. ධම්මික වෙද මහතාගේ පැණියට ප්‍රසිද්ධිය ලැබුණේ එය යම් බටහිර වෙදකමේ පරීක්‍ෂාවකින් තහවුරු වූ නිසයි. එසේ වූයේ බටහිර වෙදකම මෙරට හා සෙසු ලෝකයේ දරණ ආධිපත්‍යය නිසයි. දේශපාලන බලවතුන් ඒ දෙස බැලුවේ ද ඒ දැනුම පිළිබඳ ව බටහිරට ඇති ආධිපත්‍යය නිසයි. දේශපාලනඥයන් පෞද්ගලික ව කාලි අම්මාගෙන් අනාගතය දැන ගන්නවා ඇති. එහෙත් ප්‍රසිද්ධියේ කාලි අම්මා කී නිසා යමක් කරන්නේ නැහැ. ඒක ලංකාවේ තත්වය. අලුත් කාරයක් ගත් විට කතරගම යන තැනැත්තා ප්‍රසිද්ධියේ දෙවියන් ගැන විශ්වාසයක් නැහැ කියනවා. බටහිර වෙද මහත්තුරු සමස්තයක් ලෙස ගත්කල පැණියට විරුද්ධයි. පෞද්ගලික ව එය රෝගීන්ට ලබා දෙන බටහිර වෙද මහත්වරුන් කිහිප දෙනෙක් ඉන්නවා. එහෙත් ඔවුනුත් වැඩි දෙනා ප්‍රසිද්ධියේ ඒ බව පිළිගැනීමට බයයි. ඒ තමයි ඔවුන් තම ක්‍ෂෙත්‍රයේ ම ආධිපත්‍යයට යට වීම. බටහිර වෙද මහතුන් සමස්තයක් ලෙස පැණියට විරුද්ධ වුවත් දේශපාලන බලය ඉදිරියේ එක් වරම පැණියට විරුද්ධ වුණේ නැහැ. ඔවුන් ඒ සඳහා වෙනත් උපායක් අනුගමනය කළා. ඔවුන් කියා සිටියා පැණිය බටහිර වෙදකම අනුව ඊනියා විධිමත් පරීක්‍ෂාවකට ලක් කළ යුතු ය කියා. බටහිර වෙද මහතුන් කිහිප දෙනකු නිසා ම තමයි දේශපාලන බලවතුන් පැණියට ආකර්ෂණය වුණේ. බටහිර වෙද මහතුන් හා දේශපාලන බලවතුන් අතර ඇති මේ චක්‍රිය සම්බන්ධය අප තේරුම් ගත යුතුයි.මා නම් මුල සිට ම එවැනි පරීක්‍ෂාවකට විරුද්ධ වුණා. අදත් විරුද්ධයි. බටහිර නොවන වෙදකමක ප්‍රතිකාරයක් ගැන බටහිර වෙදකම අනුව පරීක්‍ෂා කිරීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. එසේ පරීක්‍ෂා කෙරෙන්නේ බටහිර දැනුම අනුව සියල්ල මැණිය යුතු බවට ඇති ආධිපත්‍යය නිසා. ඇතැමුන් බුදුදහමත් විද්‍යාත්මක කරන්නේ ඒ මිනුම්දණ්ඩ යෙදා ගෙන. දේශපාලනඥයන් ද අවසාන වශයෙන් ක්‍රියා කරන්නේ බටහිර දැනුමට අනුව. ජනමාධ්‍ය හිමියන් ද කටයුතු කරනනේ ඒ අනුවයි. බටහිර වෙද මහතුන් දේශපාලනඥයන්ට සෘජුව විරුද්ධ නොවී පැණිය තව තවත් පරීක්‍ෂාවට ලක් කළ යුතු ය කියා කිවුවා. දේශපාලනඥයන් එයට එකඟ වුණා. එහි දී විවිධ කමිටු පත් කෙරුණා. බටහිර විද්‍යාව ම අනුව පැණියේ වසක් විසක් නැති බව තහවුරු වුණා. ආයුර්වේද සූත්‍ර කමිටුව පැණිය ඖෂධයක් ලෙස අනුමත කළා. ආයුර්වේද කොමසාරිස් ධම්මික වෙද මහතාගේ ඖෂධාගාරය සූත්‍ර කමිටුව අනුමත කරන ඕනෑම ඖෂධයක් නිෂ්පාදනය කළ හැකි ආයතනයක් ලෙසට සහතිකයක් ලබා දුන්නා.එ අතර රජරට විශ්වවිිද්‍යාලයේ ආචාරධර්මී කමිටුවට පැණිය යොමු වුණා. යම් කලක් ගත වී හරි කමිටුව පැණියට ආචාරධර්මි අවසරය ලබා දුන්නා. ඉන් පසු කළ යුතුව තිබුණේ බටහිර වෙදකම අනුව ඊනියා සායනික නැහැසුම් පැවැත්වීම. ඒ සඳහා අනුරාධපුරයේ යම් ආයතනයක් (රෝහලක්) තෝරා ගත් බවයි අපට දැන ගැනීමට ලැබී ඇත්තේ. ඒ සායනික නැහැසුම් දැන ගැනීමට ලැබී ඇති අයුරින් දැන් සති තුනකට වැඩි කාලයක් තිස්සේ කෙරී ගෙන යනවා. එහෙත් රෝගීන් පැණිය පානය කිරීම ප්‍රතික්‍ෂෙප කරන බව කියනවා. රෝගීන් කියනවා කියන්නේ පැණිය වස බවයි. අනුරාධපුරයේ කෙරෙන්නේ සායනික නැහැසුම් නො වෙයි. සායනික නැහැසුම්වලින් බටහිර වෙද කමේ කෙරෙන්නේ යමක් බෙහෙතක් ලෙස දීමට හැකි ද යන්න බැලීම සඳහා පරීක්‍ෂණ කිරීමයි. මෙහි දී වන්නේ බෙහෙතක් හරි ද කියා සොයා බැලීමක්. ඒ දෙක දෙකක්. මෙතන සම්පරීක්‍ෂණ අවශ්‍ය නැහැ. ඒත් බටහිර වෙද මහතුන් කරන්නේ කුමක් ද කියා දන්නේ නැතිව ඊනියා සම්පරීක්‍ෂණ කරනවා.බටහිර විද්‍යාව අනුව ම පැණියේ වසක් විසක් නැති බව රෝගීන්ට කියන්න බටහිර වෙද මහතුන් ඉදිරිපත් වන බවක් දැන ගන්නට නැහැ. රෝගීන් පැණිය වස කියා පානය නොකරන්නේ කාගේ බහකට ද යන්න ප්‍රශ්නයක්. රෝගීන් නිවසේ සිට ම පැණිය වස කියන මතය දරා ගෙන ආවද? නැත්නම් අනුරාධපුරයට පැමිණීමෙන් පසුව ඔවුන්ට පැණිය වස බව කිසිවකු පැවසුවා ද? එසේ පැවසුවා නම් ඒ කවුද? අප දැන ගැනීමට කැමතියි.අද වන විට රෝගීන් කී දෙනකු පරීක්‍ෂාවට ලක් කර ඇත් ද? ඊනියා සම්පරීක්‍ෂණ ක්‍රමය අනුව පැණිය දී ඇත්තේ ඉන් අඩකට වෙන්න ඕන. මේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න සෞඛ්‍ය බලධාරීන් පියවර ගන්නවා ද? පරීක්‍ෂාව සඳහා අවසානයේ රෝගීන් කී දෙනකුට පැණිය දීමට අදහස් කරනවා ද? අද පරීක්‍ෂාව කෙරී ගෙන ආකාරය අනුව ඒ ප්‍රමාණයට පැණිය දීමට කොපමණ කල් යාවි ද? මේ පරීක්‍ෂාව අපට වුවමනා නිසා කෙරෙන්නක් නො වේ. අප පරීක්‍ෂාවට එදත් අදත් විරුද්ධයි.  පැණිය ඖෂධයක් ලෙස අනුමත වී තිබෙනවා. එමෙන් ම එය ආහාර පරිපූරකයක් බවටත් තීරණය කර තිබෙනවා. දේශීය සෞඛ්‍ය අමාත්‍යංශයට පැණිය බෙහෙත් කඩවල තබා විකිණීමේ හරි වෙනත් ක්‍රමයකට බෙදා හැරීමේ හරි ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා අර ඊනියා සායනික නැහැසුම් අවසන් වන තෙක් බලා ඉන්න අවශ්‍ය නැහැ. ඊනියා සායනික නැහැසුම් අවශ්‍ය බටහිර වෙදකමේ පැණිය අනුමත කිරීමට මිස පාරම්පරික වෙදකමට නො වෙයි. සායනික නැහැසුම් අවසන් වන තෙක් පැණිය බෙදා හැරීම නොකළ යුතු යැයි කීම නීති විරෝධයි. ඒ අධිපතිවාදීයි. පාරම්පරික වෙද කමේ අලුත් බෙහෙතක් හරි වෙන්නෙ ප්‍රත්‍යක්‍ෂයි අත්දුටුවයි ක්‍රමයට. අනුරාධපුරයේ පරීක්‍ෂා ඇදි ඇදී යන අතර බටහිර වෙද මහතුන් හා බටහිර දැනුම් ආධිපත්‍යයෙහි හෙංචයියන් ප්‍රචාරයක් ගෙන යනවා පරක්‍ෂා අසාර්ථක කියා. එය පට්ටපල් බොරුවක්. පැණිය අසාර්ථක බව පෙන්වන්න පුළුවන් නම් බටහිර වෙදකමේ බලධාරීන් මෙතරම් කල් බලන් ඉන්නේ නැහැ. රෝගීන්ට පැණිය නොබී ඉන්න ඉඩ දෙන්නෙත් නැහැ. පැණිය වස නොවන බව රෝගීන්ට කියා පැණිය දී පැණියේ අසාර්ථක බව මේ වන විටත් හෙළිදරවු කරලා. එහෙත් එසේ කරන්න බැහැ. අද කරන්න තියෙන්නේ පරීක්‍ෂාව දිග් ගැස්සීමත් ඒ අතර පැණිය අසාර්ථක ය කියා ප්‍රචාරය කිරීමත්. අප නැවතත් කියන්නේ මේ පරීක්‍ෂා අපට අවශ්‍ය නැති බවයි. එහෙත් අප ප්‍රශ්න කරනවා පරීක්‍ෂා ඇදෙන්නේ ඇයි ද කියා. අපට අවශ්‍ය නූණත් පරීක්‍ෂා කෙරෙන්නේ මහජන මුදලින්. එබැවින් අපටත් අයිතියක් තියෙනවා පරීක්‍ෂා කල් ඇදෙන්නේ ඇයි ද කියා දැන ගැනීමට. මේ පරීක්‍ෂා කෙරෙන්නේ බටහිර වෙදමහතුන්ගේ අධීක්‍ෂණය යටතේ. පරීක්‍ෂා ඇදී යෑම ගැන ඔවුන් වග කියන්න ඕන. ඔවුන්ට පුළුවන්කම තියෙන්න ඕන රෝගීන්ට පහදා දෙන්න පැණිය වස නො වෙයි කියා. යමකුට අහන්න පුළුවන් රෝගීන් බටහිර වෙද මහතුනට පැණිය වස බවට දේශන පවත්වනවා ද කියා.පැණිය පරීක්‍ෂාවට ලක් කරන්නේ බටහිර වෙද මහතුන්ගේ අධික්‍ෂණය යටතේ. අප අසා තිබෙන ප්‍රශ්නයක් නම් මෙරට බටහිර වෙද මහතුන් අවුරුදු 150 ක පමණ කාලයක් තිස්සේ අලුත් ප්‍රතිකාර කොපමණ හඳුන්වා දී ඇත් ද කියා. අප එයින් කියන්නේ පඬි නැට්ටන්ට තේරුණේ නැති වුවත් අලුත් බෙහෙතක් පරීක්‍ෂාවට ලක් කිරීමට පළමුව අලුත් බෙහෙත් හඳුන්වා දිය යුතු බවක් නො වෙයි. අප එයින් පෙන්නුම් කරන්නේ මෙරට බටහිර වෙද මහතුන්ගේ බටහිර වෙදකමට වී ඇති නිර්මාණශීලී දායකත්වයයි. මෙරට බටහිර වෙද මහතුන් දන්නා එක ම දේ අනෙක් බටහිර උගතුන් මෙන් ම සඟරා පොත්පත් මගින් ලැබෙන බටහිර දැනුම මෙරට ප්‍රචලිත කිරීම පමණයි. ඔවුන්ගේ ඊනියා නිර්මාණ ගැන අවබෝධයක් විවිධ පර්යේෂණ සැසි වාරවලට ඉදිරිපත් කෙරෙන පත්‍රිකා මගින් ලබා ගන්න පුළුවන්. ආහාරයක් රස ද නැද් ද කියන්න ආහාර පිසීමට දැන ගෙන ඉන්න ඕන නැහැ. එහෙත් බටහිර හොට් ඩෝග් කන අය හරි හදන්න දන්න අය හරි කැවුම්  ගැන හොට් ඩෝග් හදන ක්‍රමය අනුව පරීක්‍ෂා කිරීම සදාචාරාත්මක නැහැ. අද ඇතැම් ජනමාධ්‍යවේදීන් හා බටහිර වෙද මහතුන් එකතු වී ධම්මික වෙද මහතා දඩයම් කිරීමට සැරසෙනවා. ධම්මික වෙද මහතාගේ මානසික තත්වය ගැන ඔවුන් ප්‍රශ්න කරනවා. අවසානයේ දී ඒ ගැන තීරණයක් ගන්නේත් බටහිර වෙද මහතුන්මයි. අනුරාධපුරයේ වාර්තාව කුමක් වුවත් අපට ඒ ගැනත් කිසිම විශ්වාසයක් නැහැ. ඕක බටහිර වෙදමහත්තුරුන්ගේ ව්‍යාජ ලේඛනයක් (ඩොක්ටර්ලා ඩොක්ටර් කරපු) වීමට ඇති ඉඩකඩ අධිකයි. ඔය වාර්තාව වැඩක් වන්නේ ඔවුන්ට පමණයි. පාරම්පරික වෙදකමට ඉන් වැඩක් නැහැ.  ආණ්ඩුව පැණිය බෙදා හැරීමට වැඩ පිළිවෙළක් සකස් කරන්නේ නැත්නම් කවුරුන් හරි ඉදිරිපත් වෙලා ඒ බෙදා හැරිය හැකියි. විවිධ බෙහෙත් වර්ග බටහිර මෙන් ම දේශීය ඔසුහල්වල ද විකිණෙනවා. ඖෂධයකටත් වඩා ආහාර පරිපූරකයක් ලෙස පැණිය ලබා ගන්න ජනතාවට පහසුකම් සැලසිය යුතුයි. අර ඊනියා පාරිභෝගික අයිතිය අනුව යමකුට පැණිය වෙළෙඳපොලේ මිළ දී ගත හැකි විය යුතුයි.  පැණිය බෙදා හැරීමට ක්‍රමයක් සකස් කළ යුතුයි. - නලින් ද සිල්වා
මොහු කියනා දේවල් තේරුම් ගන්න සූක්ශම බුද්ධිමත් භාවයක් සහ ජාතික හගීමක් තියෙන්න ඕනා. ලොව උන්න ගොඩාක් බුද්ධිමතුන්ට අතීතයෙත් හිනා උන පොදු සමාජයක් තිබුනා. ගලීලියෝ සම්බන්ධව සොයා බලන්න. මෙතුමා කියා තිබෙන දෙය හරියට කියවන්නෙ නැතිව ගොන් කොමොන්ට් දාන සමාජය තමා දෙවෙනි ඉනිම රටේ ජනප්‍රියම ටෙලිය කරන්නෙ. අන්න ඒ හින්දා සමාජය කියන දේ ගනන් ගන්න ඕනා නැහැ . දම්මික මහතාගේ බෙහෙත බීලා මල කෙනෙක් නම් කරන්න. එය මගින් සුව වෙනවා නියතයි.
-4
NEGATIVE
ncpp_train_39272
මැයි පළමු වැනිදාට යෙදි ඇති ලෝක කම්කරු දින සැමරුම් උත්සවය මැයි හත්වැනිදා පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවසීය. ඒ අනුව මැයි 7 වැනිදා නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ. වෙසක් සතිය සැමරීමට ප්‍රමුඛතාව ලබාදීම සඳහා මේ පියවර ගත් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති ධුරයෙන් පිදුම් ලැබු ගන්තුනේ අස්සජි නාහිමියන්ට සන්නස් පත්‍රය පිරිනැමීමේ උත්සවයට සහභාගි වෙමිනි. මෙම උත්සවය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරි මහතා මෙසේද පැවසීය. මෙවර වෙසක් පෝය හා මැයි දිනය යෙදී තිබන් ආසන්න දින කීපයක් තුළයි. වෙසක් පෝය කියන්නේ අපේ රටේ බෞද්ධ ජනතාවට විශේෂ දිනයක්. එය සතියක් පුරා උත්සවාකාරයෙන් සමරනවා. කමිකරු දිනය කියන්නේ අපේ මහා නා හිමිවරුන්ද පෙන්වා දෙන පරිදි සටන් පාඨ කියමින් උද්ඝෝෂන ආකාරණයන් පවත්වන වෙනම දිනයක්. එය වෙසක් සතිය තුළ පැවැත්වීම සුදුසු නැති බවට ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ලිපියක් අප වෙත යොමු කර තිබුණා. ඒ අනුව අපි අද කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා ලෝක කමිකරු දින සමරුම මැයි හත් වැනිදාට සිදු කළ හැකි වන පරිදි එදින නිවාඩු දිනයක් කිරිමට. එයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබුණා. මෙවැනි අවස්ථාවක් 1967 හෝ 1968 දීත් සිදු වුණා. මට ඒ අත්දැකීම තවමත් මතකයි යැයි ද ජනාධිපතිවරයා කීවේය.
බොල බූරු පුතේ, සෑම පුද්ගලයෙකුටම සමානාත්මතාව දෙනවා කියන්නේ, ජනගහණයෙන් 70% අදහන බෞද්ධ දර්ශණයට සහ හින්දු 13%, ඉස්ලාම් 10%, ක්‍රිස්තියානි 7% සමානව සලකනවා කියන එකට නොවේ.
22
POSITIVE
ncpp_train_39273
ඕස්ට්‍රෙලියාවේ පර්ත්හිදී තම දරු දෙන්නා ඝාතනය කර තමන්ද දිවිනසාගත් ඉන්දික ගුණතිලක සම්බන්ධයෙන් පළ වන අළුත්ම ආරංචි මගින් කියැවුනේ මෙය පවුල් ආරවුලක අවසන් ප්‍රතිඵලය වූ බවයි.ඉන්දික ඕස්ට්‍රෙලියාවේ අධ්‍යාපනය පිණිස ගොස් Curtin University ඉගෙනුම ලබන කාලයේදී සුදු ජාතික පෙම්වතිය දැන හඳුනාගන්නට ලැබී ඇත. ඉන්දික කුඩා කාලයේ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගනිද්දී බාස්කට් බෝල් ක්‍රීඩාවේ දක්ෂයෙකුවූ වූයේය. සභාවට ඉදිරිපත්වී විවිධ කතා පැවැත්වීම ගීත ගායනයටද සමතෙකු විය. ඔහුගේ සමාජශීලී ස්වරූපය නිසා සුදු ජාතික තරුණිය ඔහු හා වසඟ වූ බව මිතුරන් සමග පවසා තිබේ.  2016 ජුනි මස ඔවුන් විවාහ දිවියට ඇතුළත්වේ.බිරිය හා බිරියගේ මව දෙන්නාම නීති ක්ෂේත්‍රයට සම්බන්ධ අය බව වාර්තාවේ. විවාහ වනවිට ඉන්දිකගේ වයස 34 කි. විවාහය නිසා ඉන්දිකට ඒරටේ ස්ථිර පදිංචිය හිමිවන අතර ඔහු සිය නගර සැලසුම් රැකියාවෙන් ඉවත්ව තමන්ගේම අලුත් ව්‍යාපාරයකටද පිවිසේ. ඉන්දික ගුණතිලකගේ පවුලට දරුවන් එක්වූ පසු ඉතා සුන්දර විය. හුරුබුහුටි දරු දෙන්නා සමග නිරන්තරයෙන් විනෝදවීමට ඉන්දික ආසා කළේය. ඔහුගේ බිරියද ඔහු සමග සමගියෙන් සිටියාය. නමුත් ප්‍රශ්න පැනනගින්නේ පසුගිය 2020-21 වසර හා ආසන්න කාලයේදී බව පැවසේ. ඉන්දික සමග විවාහ වනවාට මුල සිට අකමැත්තෙන් පසුවූ බිරියගේ මව නැතිනම් සුදුජාතික නැන්දණිය ඔවුන්ගේ පවුලේ ඇතැම් ප්‍රශ්න වලට අතදැමූ බව පැවසේ.මේ නිසා ඉන්දික නැන්දණිය සමග රණ්ඩු සරුවල් කරගෙන තිබේ. නීතියට සම්බන්දිත කාන්තාවක වීම නිසා තර්ක කර බේරීමටද අපහසුවූ ගැටලු තිබුණ බව ඔහු මිතුරන්ට පවසා ඇත.යම් යම් ගැටලු මතුවන අවස්ථාවල මවගේ පැත්තට කථා කළේ ඉන්දිකගේ බිරියයි. මේ හේතුවෙන් ඉන්දික තනිවූ අවස්ථා තිබී ඇති අතර සුදුජාතික බිරිය හා බිරියගේ මව එක් පැත්තක් ගෙන රණ්ඩු කරගෙන තිබේ. සුදු නොවන ජාතිකයෙකුට තම දියණිය විවාහ කරදීමට සිදුවීම කණගාටුවන බව රණ්ඩුවට ආ මව නිරන්තරයෙන් පැවසූ බව ඉන්දික පවසා තිබුණි. ඉන්දික වෙනුවට වෙනත් අයෙකු තම දියණියට සොයාදීමටද මව උනන්දුවී තිබුණි.ප්‍රශ්න එකකට එකක් එකතුවී ඉන්දිකට පහරදෙද්දී ඔහු දැඩි පීඩාවට ලක්විය. පසුගිය වසරේ අවසන් මාස ගණනාවේම ඔහු මෙම ගැටලුව ගැන කලකිරීමෙන් පසුවිය. ඒ අතර කාලයේ බිරියගේ මව බිරිය හා එක්ව ඉන්දිකගෙන් ඉවත්වීමට අදාළ නෛතික කටයුතු සූදානම් කර තිබූ අතර ඔවුන්ගේ හේතු දැක්වීම ‘මානසික රෝගයක් ඇති සැමියා සමග ජීවත්වීමේ අපහසුව‘ ලෙස සඳහන් කර තිබුණි. ඔවුන් මානසික රෝගය ලෙස නම් කර තිබුනේ ‘නාර්සිසිස්ට්‘ මානසික තත්වයයි. එනම් පුද්ගලයෙකු තමා අවට සිටින අයගේ අවශ්‍යතා නොසලකා හරින තරමට තමන් ගැන පමණක් වැඩ කරන්නෙකු බවයි. බොහෝ විට මෙවැනි රෝගීන් ඉතා ආකර්ෂණීය වන බවත්  සෘණාත්මක හැසිරීම් නොපෙන්වන නමුත් තමන් ගැන පමණක් වැඩ කරන්නෙකු බවත් විස්තර කර තිබුණි.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දිකගේ මිතුරන් පවසා ඇත්තේ වෙනත් කතාවකි. ඉන්දික දරුවන්ට හා බිරියට බෙහෙවින් ආදරය කළ නමුත් බිරිය  එම දරුවන් ගැන පසුකාලීනව උවමනාවෙන් කටයුතු නොකළ බවයි.‘ඇයට වෙනත් අය වැදගත් වුණා. ඒ නිසා මං විතරයි දරුවන් ගැන බැලුවේ. අන්තිමට නැන්දම්මයි එයයි දෙන්නම දරුවන්ට නොයෙකුත් පීඩා ඇති කළා. නීතිය ඉදිරියට ගිහාම දරුවන් රැක බලාගැනීමට මං තීරණය කළා.‘ යනුවෙන් ඔහු පවසා තිබේ. ඉන්දිකගේ බිරිය හා මව නීති කිෂේත්‍රයට සම්බන්ධ අයවීම නිසාම ඉන්දිකගේ බිරියගේ වෙන්වීමේ කටයුතු ඉක්මනින් ඉටුකරගන්නට ඔවුන්ට පහසු විය. අවශ්‍ය ලිපි ලේඛන සකසාගෙන දරුවන් ඉන්දිකට යොමු කර ඇය වෙන්විය. නමුත් අධිකරණය ඇයට දරුවන් බලන්නට අවසර ලබාදී තිබුණි.ඉන්දික මේ කරදර මැද දරුවන් ගැන බලමින් සිටියත් ඔහුගේ විශාද රෝග තත්වය උත්සන්න වෙමින් පැවතිණි. අන්තර්ජාලයේ ෆේස් බුක්හි සක්‍රීය චරිතයක්වූ සමාජ ශීලී ඉන්දික එක්වරම ෆේස් බුක්ද අතහැර දමා සිටියේය. ඔහු පසුගිය දෙසැම්බරයේ යළි ෆේස් බුක් වෙත පිවිසෙන අතර පසුගිය කාලයේ ඈත්ව සිටීම ගැන සමාව ඉල්ලා සිටින අතර අනතුරුව තම මානසික ව්‍යාකූලත්වයන් ගැන කතාකරන්නේය.ඔහු කඩා වැටිණි. ඔහුගේ රෝග තත්වය උත්සන්න විය. ළමා ජීවිත දෙකක් අහිමි කර ඔහුද දිවියෙන් සමුගන්නේ මෙම පීඩාවේ උපරිම තලයේදීය.මේ කියන පවුල් ප්‍රශ්න කවර ආකාරයෙන් විසඳාගන්නට ඉඩ තිබුනාද එසේ නොවීද යන්න දන්නේ ඔවුන්ම පමණි. නමුත් සොඳුරු අනාගතයක් හිමි ආදරණීය ජීවිත දෙකක්ද මෙම ගැටලුවට මැදිව නිරපරාදේ මැකී ගොස් තිබුණි.පර්ත් නුවරම මේ ගැන අද කම්පාවෙයි.පර්ත් නගරාධිපති මාර්ක් මැක්ගවුන්ද මෙම කම්පිත සිද්ධිය ගැන විශේෂ නිවේදනයක් නිකුත්කරමින් කම්පාව හා ශෝකය පළ කර තිබේ. පෙර ලිපියපර්ත්හිදී දරුවන් මරාගෙන මැරුණ ඉන්දික
මමත් මෙහෙ.කොයි පලාතෙද? ේ
5
POSITIVE
ncpp_train_39274
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන් කිසිසේත්ම තමන්ගේ මාධ්‍ය ඒකකයේ තිබුණ භාණ්ඩ අරගෙන යාමට තරම් පහතට වැටුණු කෙනෙක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (27දා) පොළොන්නරුවේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෙත්‍රීපාල සිරිසේන මහතා, "සමහර රූපවාහිනී නාලිකාවල, සමාජ මාධ්‍යවල, වෙබ් අඩවිවල තිබුණා වැරදි ප්‍රවෘත්තියක්. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියෙන් කඳුරුවෙල භාගෙට ගොඩනැගිල්ලක් හදලා තියෙනවා නොයෙකුත් වැරදි එතන දැන් සිදුවෙනවා, නීතිවිරෝධී දේවල් වෙනවා කියලා කියනවා. මම පැහැදිලිව කියන්න ඕන කදුරුවෙල බස්නැවතුම්පොළට පිටුපස තියෙන මේ ගොඩනැගිල්ල රජයේ ගොඩනැගිල්ලක් නෙමෙයි. රජයේ මුදල් සතයක්වත් යොදවපු එකක් නෙමෙයි. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියට අයිති එකකුත් නෙමෙයි. පොළොන්නරුව සමූපකාර මණ්ඩලය සහ මඩකලපුවේ ව්‍යාපාරික මහත්තයෙක් එක්ක ගිවිසුම් ගතවෙලා සිනමා ශාලාවක් හදන්න කියලා තමයි මේක කළේ. මම එතනට ගිහින් තියෙනවා. සිනමා ශාලාවක් පොළොන්නරුවේ තියෙනවා නම් හොඳයි. පස්සේ ඒ ව්‍යාපාරික මහත්මයා බංකොළොත් වෙලා දාලා ගිහිල්ලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. මම කනගාටු වෙනවා මම සම්බන්ධයි කියලා මහජනතාව නොමග යවන විදිහේ පුවත් පළ කිරීම ගැන. ඒ වගේම තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ කෝටි තුනහමාරක බඩු භාණ්ඩ අස්ථානගත වෙලා කියලා විගණන වාර්තාවකින් කියවෙනවා කියලා. පත්තරවල පුවත් පළ වෙලා තිබුණා මට චෝදනා කරන ආකාරයෙන්. මම ඒ විගණන වාර්තාව දැක්කේ නෑ. විගණකාධිපතිතුමාගෙන් ඉල්ලා ගන්නවා එය. කිසිසේත්ම ජනාධිපතිවරයාට, ජනාධිපතිවරයාගේ කාර්යාලවල තියනෙ ගොඩනැගිලි, සම්පත් අයිති නැහැ. පෑනක් පැන්සලක්වත් ජනාධිපතිවරයා භාරයේ නෑ. ඒවා භාරව නිලධාරී මහත්වරු ඉන්නවා. අනුරාධපුරේත්, කතරගම ජනාධිපති මන්දිරවලත්  රූපවාහිනී අතුරුදන් වෙලා තියෙනලා කියලත් තිබුණා. මම ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ මාධ්‍ය අංශයේ තමයි විශාල වශයෙන් බඩු අතුරුදන් වෙලා තියෙන්නේ කියලා තිබුණා. මාධ්‍ය අංශය විතරක් නෙමෙයි අනෙකුත් සෑම අංශයක් භාරවම නිලධාරීන් ඉන්නවා. මම දන්න විදිහට මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා 2019 ජනාධිපති වුණ ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් කාර්යමණ්ඩල වෙත ලිඛිතව භාරදුන්නා.යම් කිසි බඩු භාණ්ඩ හිඟයක් තිබෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ජනාධිපතිවරයෙක් විදිහට සර්කිට් බංග්ලො එකක තියෙන කබල් රූපවාහිනියක් ගේන්න, නැත්නම් මාධ්‍ය ඒකකයේ තියෙන මොනවා හරි බඩු අරගෙන යන්න තරම් පහතට වැටිච්ච කෙනෙක් නෙමෙයි මම. මම කවදාවත් වංචාවක් දූෂණයක් කරපු නැති කෙනෙක්. මම රජයෙන් ඉල්ලා සිටිනවා මේ ගැන පරික්ෂණයක් කරන්න අපිත් ඒ සඳහා සහාය දෙනවා" ' යනුවෙන් පැවසීය.(පොළොන්නරුව - තුෂාර තෙන්නකෝන්)
ඒත් කාදිනල්ට වඩා නම් හොඳයි.කාදිනල් වැඩේ කල් තියා දැනගෙන බැතිමතුන් ස්වර්ගස්ථ වන්නට ඉඩ හැර දේව මෙහෙය මග හැරියා.
-3
NEGATIVE
ncpp_train_39275
ජනතා  විමුක්ති පෙරමුණේ නිර්මාතෘ  සහ නායකවරයකුව සිටි  සිය සැමියා වන රෝහණ විජේවීර මහතා  අතුරුදන් වි වසර ගණනාවක් ගතව ඇති  බවත් ඔහුට වූ දේ දන්වා නැති බවත් එබැවින්  ඔහුව  වහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කරමින් හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය  අද (29) අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස්  පෙත්සමක් ගොනු කළේය.  නීතීඥ සේනක ටයිටස් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන්  නම් කරනු ලැබ ඇත්තේ හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ.එච් විජේදාස, හිටපු යුද හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් ජානක පෙරේරා, කපිතාන් ගාමිණි හෙට්ටිආරච්චි ඇතුළු 11 දෙනකුය. 1989 නොවැම්බර් 13 වැනිදා පාන්දර බොරැල්ල කනත්ත පිටුපස ඇති ගොල්ෆ් පිට්‌ටනියට යාබද රේල්පාරේදී උපතිස්‌ස ගමනායක සමඟ එක පෙළට සිටුවා ඔහුට වෙඩි තබන ලද බවට පුවත්පත්වාර්තා තිබේ. මරා දැමීමට පෙර විජේවීරට සහ උපතිස්‌ස ගමනායකට අධික ලෙස පහර දුන් බවටත්, අත් පා කඩා දමන ලද බවටත් පණ තිබියදීම බොරැල්ල කනත්තේ ආදාහනාගාරය තුළට විසි කර පුළුස්‌සන ලද බවටත් පසු කාලයේදී කතාන්දර පැතිර තිබුණද, එවැනි කිසිවක්‌ සිදු වූ බවට නිවැරදි සාක්‍ෂි නැත.  විජේවීර මරණයෙන් පසු එවකට සිටි යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ,විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය මෙසේ ය. "කැරලිකරුවන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ලැබුණු රහස්‌ තොරතුරු මත උලපනේ ඇතුළු ප්‍රදේශ ගණනාවක සෝදිසි මෙහෙයුම් කිරීමට යුද හමුදාව කටයුතු කළේය. 1989 නොවැම්බර් 12 වැනිදා සවස්‌ වරුවේදී උලපනේ ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කළ හමුදා කණ්‌ඩායමකට රෝහණ විජේවීර ලෙස සැක කළ හැකි පුද්ගලයකු හමුවිය. ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් කළ විමසීමේදී තමා රෝහණ විජේවීර බව පිළිගත් එම පුද්ගලයා තමා සමඟ සිටින සෙසු අය තම බිරිය සහ දරුවන් බව පිළිගත්තේ ය. රටේ නීත්‍යනුකූල ආණ්‌ඩුවට එරෙහිව හටගෙන තිබූ ප්‍රචණ්‌ඩ ක්‍රියා සහ වෙනත් පරපීඩක කටයුතුවලට රෝහණ විජේවීර සම්බන්ධ බවට සැකයක්‌ තිබුණු බැවින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. මේ මොහොතේදී විජේවීර අත්අඩංගුවට ගත් හමුදා පිරිසේ ප්‍රධානියාගේ තීරණය වූයේ කිසිදු ප්‍රසිද්ධියක්‌ නොදී ඉහළම ආරක්‍ෂාව සහිත ස්‌ථානයකට ඔහු රැගෙන යැම ය. එදිනම රාත්‍රි 10.00 ට රෝහණ විජේවීර කොළඹ ගෙනෙන ලදී. රටේ තරුණ පරපුර අමතා කතාවක්‌ පැවැත්වීමටත් ප්‍රචණ්‌ඩ ක්‍රියා අත්හැර දමන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමටත් වැඩිදුර ප්‍රශ්නකිරීම්වලින් පසු විජේවීර ස්‌වෙච්ඡාවෙන් ම ඉදිරිපත් විය. එම කතාව වීඩියෝ කරන ලදී. ඉන් පසු ජවිපෙ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අයත් ප්‍රධාන යුද මෙහෙයුම් මධ්‍යස්‌ථානය පෙන්වීම සඳහා පොලිසිය සහ යුද හමුදාව කැඳවාගෙන යැමට විජේවීර එකඟ විය. පසුදින එනම් 13 වැනිදා අලුයම ජවිපෙ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ යුද කටයුතු සහ ප්‍රචාරක මූලස්‌ථානය යුද හමුදාවට පෙන්වීමට විජේවීරට හැකි විය. මෙය කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පිහිටි තැනකි. මෙහිදී ජ.වි.පෙ. දේශපාලන මණ්‌ඩලයේ සාමාජික එස්‌. බී. හේරත් ට කතා කළ විජේවීර එම මූලස්‌ථානයේ තිබෙන සෑම දෙයක්‌ම හමුදාවට භාර දෙන ලෙස ඉල්ලා සිටියේ ය. ලියෑවිලි කිහිපයක්‌ හමුදාවට භාර දුන් හේරත් තවත් ලියෑවිලි සොයන බව හඟවමින් ක්‍ෂණයකින් ගිනි අවියක්‌ ඇද රෝහණ විජේවීර දෙසට වෙඩි තැබී ය. මෙහිදී යුද හමුදාව ද පෙරළා වෙඩි තැබී ය. වෙඩි හුවමාරුවේදී එයට මැදිව තුවාල ලද විජේවීර සහ හේරත් එතැනම මිය ගියහ. අනතුරුව හදිසි නීති රෙගුලාසි අනුව ක්‍රියා කළ හමුදාව උපරිම ආරක්‍ෂාව යටතේ එම මළ සිරුරු ආදාහනය කළේය. "
ඒ පාර මොකක්ද මේ ගෑනි කරන්න හදන්නේ? ඇයි මතක නැද්ද ඒ කලකන්නියව මරල දැම්ම. ඒ කාලකන්නිය නිසා මිනිස්සු කී දෙනෙක් මැරුණද? ඒ මුසල කලකන්නියගේ මුල් ඉතුරු කරපු එක තමයි වැරැද්ද.
64
POSITIVE
ncpp_train_39276
බටහිර රටවල් විසින් මේ මාසයේ පනවා ඇති මිල සීමාවට යටත් වන රටවලට තෙල් අලෙවිය තහනම් කරන බව රුසියාව අඟහරුවාදා නිවේදනය කළේය.සෞදි අරාබියට පසු ලෝකයේ දෙවන විශාලතම තෙල් අපනයනකරු රුසියාව වන අතර, මෙම තීරණය ගෝලීය බලශක්ති සැපයුම් සඳහා බරපතල ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.යුක්රේනයේ යුද්ධය සඳහා අරමුදල් රැස් කිරීමට රුසියාවේ හැකියාව සීමා කිරීමට ජී 7 රටවල් එක්ව දෙසැම්බර් 5 දින සිට බලාත්මක වූ මිල සීමාව යටතේ,  රුසියානු මුහුදු තෙල් සඳහා බැරලයකට ඩොලර් 60 කට වඩා නොගෙවීමට තෙල් වෙළඳුන් තීරණය කර තිබුණි.     සමහර විශ්ලේෂකයින් පවසා ඇත්තේ රුසියානු තෙල් සඳහා වන මිල දැනටමත් ඊට ආසන්නව පහත වැටී ඇති බැවින් මෙම තීරණය රුසියාවේ ආදායමට ක්ෂණික බලපෑමක් ඇති නොකරන බවයි.බටහිර ජාතීන් එක්ව මේ මාසයේ පනවන ලද මිල සීමාවට අවනත වන රටවලට තෙල් අලෙවිය තහනම් කරන බව රුසියාව අඟහරුවාදා නිවේදනය කළේය. රුසියාව පනවන තහනම 2023 පෙබරවාරි 1 සිට ජූලි 1 දක්වා පවතින අතර මිල සීමාවට සහභාගී වන රටවලට බොරතෙල් අලෙවිය නවත්වනු ඇත. පෙට්‍රල් සහ ඩීසල් වැනි පිරිපහදු කළ තෙල් නිෂ්පාදන සඳහා වෙනම තහනමක් රජය විසින් නියම කරන දිනයක ක්‍රියාත්මක වේ. විශේෂ අවස්ථාවකදී හැර පියවර අවලංගු කිරීමට පුටින්ට බලය ඇත. බටහිර හා සෝවියට් සමූහාණ්ඩුව අතර සීතල යුද්ධය පැවති කාලවලදී පවා නොදුටු බටහිර මිල සීමාව, රුසියානු රාජ්‍ය භාණ්ඩාගාරය අඩපණ කිරීම සහ යුක්රේනයේ මොස්කව්හි මිලිටරි ප්‍රයත්නයන් අඩාල කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක වන්නක් බැවින් ඊට එකඟ නොවන බව පුටින් පවසා ඇත.
උන් ඇවිත් දකුණේ පොඩි ගුබ්බෑයම් වල ඉඳලා වේල් තුනටම චූන් පාන් කාලා එකෙක් සති දෙකේ ටුවර් එකට ඩොලර් 150 වියදම් කරලා යනවා. අපිට උන්ගෙන් ඩොලර් මිලියන 300 ගන්න උන් මිලියන 20 ක් එන්න ඕනැ.
-11
NEGATIVE
ncpp_train_39277
මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් කිරුළ  ඕෂධීට ලැබුණයි හැඟවුවත්  ඇත්තටම ලැබුන‍ෙ බාබරාටලු ඊයේ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ලැට්වියාවේ පැවති විවාහක රූ රැජිණ තරගයක් ජය ගන්නට ලැබුණ බවට විස්තර පළ කළ ටෙලි නාට්‍ය නිළි ඕෂධී හේවාමද්දුම සැබෑ ලෙසම එම තරගය ජයග්‍රහණය කර නැති බව දැන් හෙළිව තිබේ. එම තරගය ජයගෙන ඇත්තේ බෙල්ජියම නියෝජනය කළ තරගකාරිය වන බාබාරා මොනිකාය. නමුත් එම තරගයේ ‘පීපල්ස් චොයිස්‘ නමින් අන්තර්ජාල මත විමසුම මත එක් තරග අදියරක් (ටයිටල් එකක්) පැවැත්වූ අතර එහි ජයග්‍රහණය සතුවූයේ ඕෂධීටය. (ඒ වෙනුවෙන් ඕෂධීට වෙනත් කිරුළක් පළඳවා ඇත) මෙම ජයග්‍රහණය රූප රැජිණ කිරුළ ජයග්‍රහණය කළා ලෙස හැඟීමක් දනවන ආකාරයට ඕෂධී සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණ අතර ඒ ගැන කළ ප්‍රකාශයේද ප්‍රධාන කිරුළ ලබාගන්නට බැරිව ගිය බව දන්වා සිටියේ නැත. තරගය නිමවූයේ 28 වනදා රාත්‍රියේ වුවත් සැබෑ තොරතුරු අන්තර්ජාල මාධ්‍ය තුළ පළව තිබුනේ ප්‍රමාදවීය. මෙම තරගය ලෝක විවාහක රූ රැජිණ තරගය නොවන අතර ලිතුවේනියාවේ එක්තරා සංවිධානයක් මගින් ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමින් වාර්ෂිකව සංවිධානය කරන්නකි. පහත දැක්වෙන්නේ ෆේස් බුක්හි ඕෂධී ඒ ගැන විස්තර දමා තිබුණ ආකාරයත් මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් ෆේස් බුක් පිටුවේ තිබුණ විස්තරයත්ය. කිරුළ ලැබෙන අවස්ථාවේ වීඩියෝව
බලපං බූරැව රටේම සමුපෙ ජන්ද යූන්පොන්ල අමු අමුවෙ අයින් කරලද කියල එකෙක් දෙන්නෙක් ඉන්නව සමුපෙ බහුතරය දිනන්නෙ ඒකාබද්ධ බලුවෙන්න හරි යූ.එන්.පොන්ල හිටිය..උඹ කියන විදියට ලැයිස්තුව පිටින් කැපුවනම් අරැන් උඩින් පාත් උනාද ඉස්සෙල්ල කිව්ව හම්බන්තොට ලංකාවෙ වතුරෙන් උපරිම යට උනා කියල,හැමෝම දන්නව කලුතර බව හැම නිව්ස් එකකම ගියා...අමුඩෙ ගහන් ඉන්න යූඑන්පොන්ලගෙත් මහ බැංකු හොරැන්ගෙත් අමුඩෙ ගලවල හෙලුව පේනව උඹල වගෙ වහල්ලු නිසා..උඹ කියයි සුරංගනා කතා කවුද දැන් ඕව විශ්වාස කරන්නෙ....?
-6
NEGATIVE
ncpp_train_39278
හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර සැත්කමකට බඳුන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඇතිවූ සංකූලතා මත නැවත රෝහල් ගත කර තිබේ. සමගි ගෙන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාමීට මාස කිහිපයකට පෙර ඔහුට හෘදය ආශ‍්‍රිතව සැත්කමක් සිදු කළ අතර පසුව ටික කලක් විවේකයෙන් පසුවිය.නමුත් අසනීප තත්ත්වය උත්සන්නවී ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට පෙරේදා ඇතුළු කරන ලද බවද වැඩිදුර වාර්තාවේ. නමුත් මේ වනවිට ඔහුගේ තත්වය යහපත් බවත් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන ලද බවත් රෝහල් ආරංචි වාර්තා කර තිබේ.වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඔහුට නැවත ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බවයි.
Niwan sepa lebewa !!!!!
-6
NEGATIVE
ncpp_train_39279
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාව එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැය 24ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසින් ලබාදී තිබේ. එම කාලය තුළ අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළහොත් ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයකට තමන් එළඹෙන බවත් රතන හිමි ප්‍රකාශ කළේය. රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (28) රාජගිරිය සදහම් සෙවණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. පෙරේදා (27) පස්වරුවේ කුරුණෑගල රෝහලට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අතුරලියේ රතන හිමි ප්‍රකාශ කළේ ඉන් ඉදිරියට මහපාරේ සිට රට පාලනය කරන්නේ තමන් විසින් බවයි.
ගොන් තඩියා බෞද්ධ සාහිත්‍යයේ එල්ලිල ඉන්නේ නැතුව බුද්ධ චරිතය යථාර්ථවාදී විදිහට විග්‍රහ කරල බලල සැබෑම බුදු වචනය සොයා ගනින්, බැරිනම් මාටින් වික්‍රමසිංහ ගේ" බව තරනය" හා නන්ද කෝසම්බිගෙ" භගවාන් බුද්ධ" කියවපන්
-4
NEGATIVE
ncpp_train_39280
මේවනවිට රජයට එරෙහිව ගොඩනැගෙමින් පවතින විරෝධතා සටනේ ප්‍රමුඛපෙළේ ක්‍රියාධරයෙකුලෙස හඳුනාගතහැකි සහ එයට සිය යූටියුබ් වේදිකාව ඔස්සේ ජවය සපයන ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව අධිකරණයෙන් නොතිසියක් නිකුත් කර තිබේ.ලබන මැයි මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන අයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නොතීසි නිකුත් කර තිබෙයි. බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්‍රන්ථයක් ලියා මුද්‍රණයකර බෙදා හැරියැයි කියන සිද්ධියකට අදාළව නිතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය ඊයේ (29) අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයාමෙම නියෝගය නිකුත් කරන ලදි. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා හා අපහාස කර ඇතිබවත් එම ග්‍රන්ථය මගින් සමස්ත බුදු දහම නිගාවට ලක්කොට ඇති බවත් සඳහන් කරමින් උසස් අධ්‍යාපනහා සංස්කෘතික කටයුතු හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් 2018 අගෝස්තු මස 20වැනිදා කළ පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව දක්වා ඇත. 
අපි කනහැටි ලිපහ දනී.අරගලේ ළමයි 'ස' යනකල් කරයි.ළමයින්ට රට ඉතුරුකරලා යන්න 'ස' ප්ලීස්.
15
POSITIVE
ncpp_train_39281
ලබන අවුරුද්දේ සෑම උසස්පෙළ සිසුවෙකුටම  ටැබ් එකක් නොමිලේ  - අගමැති පාර්ලිමේන්තුවේදී කියයි 2017 වසරේදී උසස්පෙළ හදාරණ සෑම පාසල් සිසුවෙකුටම TAB පරිගණයක් නොමිලේ ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. මේ ගැන මින් ඉහත ඩිජිටල් ඇමති හරින් සහ අධ්‍යාපන ඇමති අකිල විරාජ් ද ඉඟි කර තිබුණ අතර ලංකාවට ඇමරිකාවේ මයික්‍රසොෆ්ට් සමාගම ලබාදෙන ආධාර මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවට තොරතුරු පළව තිබේ. ඒ අනුව පාඩම් විෂය මාලා සම්බන්ධ මුද්‍රිත පෙළ පොත් වෙනුවට ඒවා පරිගණක ඊබුක් ෆයිල් ලෙස ලබාදී පාසලේදී ඔවුන්ට ඒවා පරිහරණයට පහසු කිරීමත් ඩිජිටල් තිර සමග අන්තර් ක්‍රියා කරමින් පන්තිවල ඉගැන්වීමත් සිදුකරන්නට නියමිතය. 2017 වසරේ සිට තෝරාගත් පාසල් පන්තිකාමර 56 ක් ස්මාර්ට් පන්ති ලෙස අත්හදාබලා පසුව එම ක්‍රම දීපව්‍යාප්ත කිරීමේ සැලසුමක් ගැනද පසුගියදා අධ්‍යාපන ඇමතිවරයා හෙළි කර තිබුණි. සෑම ළමයෙකුටම අවුරුදු 13ක අනිවාර්යය පාසල් අධ්‍යාපනය ලබන වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බවත් ගුරු හිඟය අවසන් කිරීම සඳහා 2017 වසර තුළදී කටයුතු කරන බවත් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.
මේ වැඩකට නැති මගුල් කරලා තරුණ පරපුර නාස්ති කරන්නේ නැතුව ඔය සල්ලි වලින් අර වකුගඩු රෝගීන් බේරගන්න මොනවහරි කලොත් නරකද?
25
POSITIVE
ncpp_train_39282
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (27දා) නම් කළ අතර, 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වයට සුපුරුදු පරිදි ලසිත් මාලිංග නම් කර ඇත. මේ අතර කොදෙව් විස්සයි20 සංචිතයද පසුගියදා නම් කළ අතර, එහිද කණ්ඩායම් නායක ලෙස කිරන් පොලාඩ් කටයුතු කරයි. දෙරට අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලියේ සියලු තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එහි පළමු තරගය මාර්තු මස 04 වැනිදා හා දෙවැනි තරගය 06 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා සංචිතය 1 ලසිත් මාලිංග (නායක), 2. අවිශ්ක ප්‍රනාන්දු, 3. කුසල් ජනිත් පෙරේරා, 4. ෂෙහාන් ජයසූරිය, 5. නිරෝෂන් දික්වැල්ල, 6. කුසල් මෙන්ඩිස්, 7. ඇන්ජලෝ මැතිව්ස්, 8. ධනංජය ද සිල්වා, 9. තිසර පෙරේරා, 10. දසුන් ශානක, 11. වනිඳු හසරංග, 12. ලක්‍ෂාන් සඳකැන්, 13. ඉසුරු උදාන, 14. නුවන් ප්‍රදීප්, 15. ළහිරු කුමාර කොදෙව් සංචිතය 1 ෂිම්රන් හෙට්මයර්, 2. බ්‍රෙන්ඩන් කිං, 3. රොව්මන් පවෙල්, 4. ලෙන්ඩ්ල් සිමන්ස්, 5. කිරන් පොලාඩ් (නායක), 6. ෆෙබියන් ඇලන්, 7. ඩ්වෙන් බ්‍රාවෝ, 8. අන්ඩ්‍රි රසල්, 9. ෂේ හෝප්, 10. නිකලස් පුරාන්, 11. ශෙල්ඩන් කොට්‍රල්, 12. ඔෂේන් තෝමස් 13. හේඩ්න් වොල්ෂ්, 14. කෙස්රික් විලියම්ස්
කට වාචාලයත් ඉන්නවනේ. දැන් ටෝක්ස් අහමු. අපි අගේන් බෝන් කල්ලියෙ
12
POSITIVE
ncpp_train_39283
මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කිරීම ගැන එහි පාලනාධිකාරිය සතුට පළ කර තිබේ. ඒ අනුව ලබන 15 වැනිදා සිටම එය රජයට පවරා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව පාලනාධිකාරිය වෙනුවෙන් රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා  දන්වා ඇත. මෙම රෝහල රජයට පැවරීමෙන් පසු මේ දක්වා එහි රෝගීන් නැති ප්‍රශ්නය විසඳී සයිටම් සිසුන්ට අවශ්‍ය ශික්ෂණ සේවාවන් නිරායාසයෙන්ම හිමිවීම නිසා සයිටම් ආයතනය ස්ථාවර කර  දීමට  රජය ගත් තීරණයක් ලෙස මෙම තීරණය රජයේ දත්ත වෛද්‍ය නිලධාරීන් විසින් ඊයේ හෙළා දැක තිබුණි. මාලඹේ සයිටම් සිසුන් මින් ඉහත සායනික පුහුණුව සඳහා හෝමාගම රෝහල භාවිත කළත් එයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකිරීමෙන් පසු එය නතර විය. විකල්පයක් ලෙස රෝහලක් තනන්නට වෛද්‍ය නෙවිල් පෙළැඹුවුයේ ඒ නිසාය. කෙසේ වෙතත් එය සෑදුවත් රෝගීන් නොමැති නිසා ඔහු දෙවන වර අර්බුදයට ලක්වූ අතර රජය දැන් එය විසඳා තිබේ.
මචන්ල මේක මහා ගොන් වැඩක්....නෙවිල් ප්‍රනාන්දු රෝහල පාඩු පිට දුවන්නේ, ඕක ගත්තම ඔකේ පාඩුව ගෙවන්න වෙන්නෙත් ආණ්ඩුවට කරන්න ඕනේ මෙඩ්කල් ෆෙකල්ටි එක ආණ්ඩුවට ගන්න එක....එහෙම නැත්තම් ඔකේ ප්‍රමිතිය වැඩි කරන එක මේ කරන වැඩේ හරියට හරකාගේ ඉස්සරහ පැත්ත ආණ්ඩුවට අරන් පස්ස පැත්ත නෙවිල්ට දුන්න වගේ වැඩක්
31
POSITIVE
ncpp_train_39284
ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක් පසුගියදා ප්‍රකාශයට පත්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ කෘතියේදී විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලියා තිබුණ ආකාරයට ප්‍රභාකරන්ගේ ඝාතනය ඔහුගේ සේනාංකයක් මගින් සිදු කරන ලද බව දක්වා විස්තර කර තිබුණි. නමුත් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා පවසා තිබුනේ ප්‍රභාකරන් ඝාතනය සිදු කළේ ඔහුගේ සෘජු මෙහෙයවීම මත 8 වැනි කාර්ය සාධක බළකායේ සේනාංකාධිපති කර්නල් ජී.වී. රවිප්‍රිය බවයි. ඒ ගැන මින් පෙර කළ විමසීමකදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සාකච්ඡාවකදී පවසා ඇත්තේ කර්නල් ජී.වී. රවිප්‍රියගේ පිරිස එය කළ බව ඇත්තක් වුවත් ඔහු සිටියේ තමා යටතේ බවයි. ඒ අනුව යුද ජයග්‍රහණයේ පියවරු අතර පහළම පුරුක ගැන අලුත් සංවාදයක් නිර්මාණය වී තිබේ. ලංකාදීප පුවත්පතට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ කියා ඇත. ‘කමල් ගුණරත්න කියන්නේ යුද්ධයේදී ක්‍රියාත්මක වුණ සේනාංක 15 කින් විතර එතැනට අණදුන්න කෙනෙක්. මුල ඉදල එයාගෙ සේනාංකය ස්ථානගත කරල තිබුනෙ මුහමාලෙ ආරක්ෂක වළල්ලෙ.මමයි ඒක ප්‍රහාරක මෙහෙයුම් වලට ඉදිරියට ගත්තෙ.එයාට විරුද්ධව විනය ප්‍රශ්නයක් තිබුණා.ඒක තාවකාලිකව අමතක කරල තමයි එයාට මං සේනාංකයක් භාර දුන්නෙ. එයාට දුන්න සේනාංකය ජනවාරි ඉදල මාර්තු වෙනකං මෙහෙයවුවා.ඊට පස්සෙ ඒකෙ බලසේනා තුනෙන් දෙකක් ගලවලා අරගෙන කර්නල් රවිප්‍රිය යටතේ කාර්ය සාධක බලකායක් හැදුවා.ඒ කාර්ය සාධක බලකාය තමයි ප්‍රභාකරන්ට පහරදීමට ක්‍රියාත්මක වුනේ.ඒක කලෙත් මගෙ උපදෙස් මත මිසක් ඔය පොත ලියපු කෙනාට ඕන විදිහට නෙමෙයි. ප්‍රභාකරන්ගෙ පිරිසට පහරදීලා ප්‍රභාකරන්ගෙ මළමිනිය සොයාගැනීම ඇතුළු සියල්ල සම්බන්ධීකරණය කරල අණදීම කලේ කර්නල් රව්ප්‍රියගෙ කාර්ය සාධක බලකා අට. ඔය පොතේ හමුදාපති පාච්චල් කරන්න උත්සාහ අරගෙන තියෙනවා.ඒක එළිදක්වපු වෙලාවෙ ආරාධිතයො විදිහට ඇවිත් ඉදපු අයගෙන් අපට හිතාගන්න පුළුවන් කාගෙද සැලසුම කාගෙ අවශ්‍යතාවයද මේ ඉටුවුනේ කියලා‘ මේජර් ජෙනරාල් කමල් ගුණරත්නද කර්නල් රවිප්‍රියගේ කාර්යය පැහැදිලි කර ඇත. පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සංකච්ඡාවකදී ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ කියා ඇත. වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාංක, බළසේනා, කාර්ය සාධක බළකා හා රෙජිමේන්තු රැසක් තිබුණා. ඒ අතරින් ප්‍රභාකරන් ඝාතනය කළ 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව අයත් වූයේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ අණදුන් 681 වැනි බළසේනාවටයි. එය අයත් වූයේ කර්නල් ජී.වී. රවිප්‍රිය අණදුන් 8 වැනි කාර්ය සාධක බළකායටයි. එසේ නම් ප්‍රභාකරන් මැරුවේ ඔබ අණ දුන් 53 වැනි සේනාංකය කියලා කියන්නේ කොහොමද? මෙතැනදී බොහෝ දෙනෙක් පටලවා ගත්තු කාරණාවක් තිබෙනවා. අනෙකුත් කාර්ය සාධක බළකා වගේ නොවේ 8 වැනි කාර්ය සාධක බළකාය. ස්වාධීන ඒකකයක් ලෙස තිබුණේ නෑ. මුලතිව් ප්‍රහාරයෙන් පසු ඉතිරි වූ රෙජිමේන්තු එකතු කරලා තමයි 8 වැනි කාර්ය සාධක බළකාය ස්ථාපිත කළේ. එහි සේනාංකාධිපති ලෙස කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් ජී.වී. රවිප්‍රියත් 681 බළසේනාධිපතිවරයා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ හා 682 බළසේනාධිපති ලෙස සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් සුභාෂණ වැලිකල පත්කරන ලෙස මා යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලුවා. ඔහු ඊට එකඟතාව පළ කළා. 8 වැනි කාර්ය සාධක බළකාය තිබුණේ 53 වැනි සේනාංකය යටතේ මිසක් ස්වාධීන සේනාංකයක් ලෙස නොවේ. ඊටත් අණ දුන්නේ මමයි. (රණ මග ඔස්සේ නන්දිකඩාල් පොත එළිදුටු අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ) Pix By- Suren Abeysundara
යුද්දෙයන් පසු සරත් ෙපාන්ෙස්කා යනු පරාජිත ෙද්ශපාලෙයකු බව සැබෑවකි නමුත් යුද්දය තුල ඔහු අධිෂ්ඨාන ශීලී අාඥඥා දායක්ෙයකු බව අප කවුරුත් පිළිගතයුතු යැයි මම සිතමි. යුද්ධය ජය ගැනීෙෙම් සැබෑ හිමිකාරීත්වය රෙට් සියලු වැසියන්ට හිමිවිය යුතුය. සියලුෙදනා කළ කැපවීම අප අගය කළ යුතුය.
27
POSITIVE
ncpp_train_39285
වෛද්‍ය වැඩ වර්ජනය පැවති ඉකුත්දා අකුරැස්ස රෝහලට වෛද්‍යවරයෙකු ලෙසින් පැමිණි පුද්ගලයකු කාන්තාවක් රවටා ඇගේ ළඟ තිබූ රුපියල් හැත්තෑදාහක් පමණ වූ රන්මාලයක් සහ මුද්දක් සොරකම් කරගෙන ගොස් ඇති බවට ඇය විසින් අකුරැස්ස පොලිසියට පැමිණිල්ලක් කර ඇත. මෙසේ පැමිණිලි කර ඇත්තේ අකුරැස්ස, ගලබඩහේන කුරුඳුවත්තේ වලිමුණිගේ කරුණාවතී නමැති කාන්තාවකි. මෙම කාන්තාව දියවැඩියාවට බෙහෙත් ගැනීම සඳහා අකුරැස්ස රෝහලේ පැවැත්වෙන සායනයට මසකට වරක් යන කාන්තාවකි. මෙදින වැඩ වර්ජනයක් බව දැන සිටියද වැඩි තැකීමක් නොකළ ඇය කෙසේ හෝ ලේ පරීක්ෂා කර ගැනීමේ අරමුණින් බාහිර රෝගී අංශයේ බංකුවේ වාඩිවී සිටින විට එම ස්ථානයට පැමිණි අයෙකු ඇයව චෙක්කළ හැකි බවත්, ඇය අසළ සිටි අනිත් කාන්තාවටද බෙහෙත් ලබාදිය හැකි බවත් පවසා විනාඩි 15 කට විතර පසුව බෝධිය පැත්තෙන් පහේ වාට්ටුවට එන ලෙස පවසා ඇත. ඒ අනුව ඇය සහ අනෙක් කාන්තාව එම වාට්ටුවට ගොස් තිබේ. එසේ යනවිට මෙම පුද්ගලයා එහි සිටි ඇටෙන්ඩන් සමග කතාකරමින් සිට ඇත. පසුව මෙම කාන්තාව ළඟට පැමිණි පුද්ගලයා ඇයව වාට්ටුවේ ඇඳක් අසලට රැගෙන ගොස් ඇයට ඇඳේ දිගාවන ලෙස පවසා වටතිර දමා තිබේ. එම අවස්ථාවේ මාල හා මුදු තිබෙන විට පරීක්ෂා කිරීම අපහසු බව පවසා ඒවා ගළවා බෑගයේ දමා මේසයේ තබන ලෙස මෙම හොර වෛද්‍යවරයා පවසා ඇත. ඒ අනුව ඇය මාලය හා මුද්ද ගලවා බෑගයේ දමා මේසය මත තබා ඇත. පසුව ඔහු ඇටෙන්ඩන්ට කතාකර කාරයේ බෑගයක් ඇති බව පවසා එය ගෙනඑන ලෙස පවසා ඇත. ඒ අනුව පිටවී ගිය ඇටෙන්ඩන් යළිත් පැමිණ කාරය නැති බව පවසා තිබේ. ඒ අවස්ථාවේදී ඔහු මම ගිහින් බලල එන්නම් කියා එම  ස්ථානයෙන් පිටව ගොස් ඇත. මෙසේ ගිය ඔහු හුඟ වෙලාවකින් නොපැමිණි නිසා කාන්තාව බෑගය බලද්දී එහි මාලය හා මුද්ද නොමැති බව දැක ඒ බව සිටි අනිත් කාන්තාවටද පවසා ඇත. මේ පිළිබඳව ඇටෙන්ඩන්ට පැවසීමේදී මේ ගැන මුලදී කිව්වේ නැත්තේ ඇයි දැයි ඔහු විමසා තිබේ. මෙම පැමිණිල්ල අනුව හොර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි. ප‍්‍රසාද් විද්‍යාරූප - අකුරැස්ස
මේක ගොතපු කතාවක් කියල හොදට පැහැදිලි වෙනව... සාමාන්‍යයෙන් වෛද්‍යවැඩවර්ජනයක් තිබ්බත් වාට්ටුවල වැඩ සාමාන්‍ය විදියට කරනවා..වාට්ටුවක දොස්තරල නැතිඋනත් නර්ස්ලා,ඇටෙන්ඩන්ට්ලා,සුලුසෙවකයන් ,සනීපාරක්ශක සේවකයන්, ඉන්නව..මෙහෙම ඕන දොස්තර කෙනෙකුට ගිහිල්ල නොදන්න වාට්ටුවල ලෙඩ්ඩු බලන්න බෑ සාමන්‍යයෙන් කාන්තාවක් පරීක්ශාවක් කරන කොට ගැහැනු කෙනෙක් (නර්ස් කෙනෙක් හරි සුලු සේවිකාවක් එනව. ඒ අයට උනත් හොර දොස්තර කෙනෙක් ද කියල අදුනගන්න පුලුවන්... ඔය කතාකරකර හිටිය කියන ඇටෙන්ඩන්ට් එයා එක්ක ආපු හොරෙක් නෙමේනම් එයාට උනත් අදුරගන්න පුලුවන්... මෙකත් පත්තර කාරයෙක්ගෙ ගොතපු මෝඩ ගොන් කතාවක්b
48
POSITIVE
ncpp_train_39286
මාස්පොත එස් අයි මැරූ ප්‍රධාන සැකකරු ‘මාතර රොෂාන්‘ පොලිසිය සමග සටනකින් පසු මරු දකී පසුගිය 2016 නොවැම්බර් මස කුරුණෑගල මාස්පොතදී පොලිස් නිළධාරියකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මාතර රොෂාන් නමැත්තා අද දහවල් හම්බන්තොටදී පොලිසිය සමග සිදුවූ බව කියන වෙඩි හුවාමාරුවකින් පසු මියගොස් ඇත. ඩී කේ චමින්ද හෙවත් මාතර රොෂාන් නමින් හැඳින්වූ මෙම අපරාධකරු අල්ලාගැනීම සඳහා කොළඹ සිට හම්බන්තොට වෙත විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබි ඇති අත.ර ඔහු කොටුවූ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක්ද සිදුව තිබේ. මෙම අවස්ථාවේ පොලිස් වෙඩි තැබීමෙන් අදාළ සැකකරු මියගොස් ඇත. සිද්ධිය නිසා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද තුවාලවී තිබෙන අතර ඔවුන් මේ වනවිට හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ. කුරුණෑගල, මාස්‍පොත, වැලගනේ ප්‍රදේශයේ හෝටලයක නතර කර තිබූ සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට කුරුණෑගල මූලස්ථාන ‍පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු ගිය අවස්ථාවේ රථයේ පැමිණි දෙදෙනාගෙන් අයකු සිදුකළ වෙඩි තැබිමෙන් උප ‍පොලිස් පරීක්ෂකවරයා මිය ගොස් ‍පොලිස් සැරයන්වරයකු සහ ‍පොලිස් කොස්තාපල් රියැදුරුවරයකු තුවාල ලබා රෝහල් ගතකරන්නට සිදු විය. පසුගිය නොවැම්බර් මස 15 වනදා රාත්‍රි 10.00 ත් 10.30ත් අතර කාලයේදී මෙම වෙඩිතැබිම සිදුවී තිබුණි. එම වෙඩි වැදී මියගියේ ඇත්තේ කුරුණෑගල මූලස්ථාන ‍පොලිසියට අනුයුක්තව සේවය කළ කුරුණෑගල, වඳුරාගල,නාගොල්ල, ධර්මපාල මාවතේ පදිංචිකරුවකු වන උප ‍පොලිස් පරීක්ෂක ලංසකාර හේරත් මුදියන්සේලාගේ දසනායක නමැති 59 හැවිරිදි අයෙකි. ඔහු 2017 වසරේ මාර්තු මාසයෙදී විශ්‍රාම යාමට සිටි නිලධාරියෙකි. කුරුණෑගල, මාස්‍පොත, වැලගනේ ප්‍රදේශයේ පිහිටා තිබෙන පැරඩයිස් නමැති උත්සව ශාලාවට සිද්ධිය වූ දිනයේ පස්වරු 6.30 ට පමණ සුඛෝපභෝගි හයිබ්‍රිඩ් වර්ගයේ සුදු පැහැති මෝටර් රථයකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබුණි. උත්සවශාලාවට පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා එදින රාත්‍රිය ගත කිරීම සඳහා හෝටලයේ කළමනාකරුගෙන් කාමරයක් ඉල්ලා ඇත. උත්සවශාලාවක් බැවින් එහි නවාතැන් ගැනීමට කාමර ලබා නොදුන්නද, මෙම පුද්ගලයින් වැදගත් අයවලුන් යැයි සිතා එහි කළමනාකරු නතර වීමට කාමරයක් ලබාදී ඇත. නවාතැන් ගැනීමට පැමිණි දෙදෙනා එහි කළමනාකරුට පවසා ඇත්තේ පසුදින (16) උදෑසන පිටත්ව යන බවය. මේ අතර, සුදු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ සුපිරි මෝටර් රථයක් පැහැරගෙනයාමේ සිද්ධියක් සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් අංකය (119) ඔස්සේ කුරුණෑගල මූලස්ථාන ‍පොලිසියට වාහන කුලී පදනම මත ලබාදෙන ස්ථානයකින් එදින රාත්‍රි පැමිණිල්ලක් ලැබි තිබුණි. ජී.පී.එස්.තාක්ෂණය අනුව සිදුකරන ලද පරීක්ෂාවේදී එම වාහනය කුරුණෑගල, මාස්‍පොත ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර ඇතැයිද එම පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණි. මෙම මෝටර් රථයේ හිමිකරුවන් කිහිප දෙනෙකු සිට ඇති අතර එහි අවසන් වරට අයිතිකරු වී ඇත්තේ වාහන කුලී පදනම මත සපයන ස්ථානයකටය. එම මෝටර් රථය කුළී පදනම මත ලබාගෙන එය ආයතනයට බාර නොදී පැහැරගෙන ගොස් තිබුණි. ඒ අනුව එදින රාත්‍රි ‍පොලිස් ජංගම මුර සංචාරයේ නිරතව සිටි උප ‍පොලිස් පරීක්ෂක දසනායක, ‍පොලිස් සැරයන් උභයකෝන් බණ්ඩාර යන අය සහ ‍පොලිස් කොස්තාපල් රියැදුරු සුභසිංහ යන තිදෙනා ‍පොලිස් ජිප් රථයෙන් පෙරේදා රාත්‍රි මාස්‍පොත ප්‍රදේශය බලා පිටව ගියෝය. මෝටර් රථය ඇතැයි පැවසෙන මාස්‍පොත, පැරඩයිස් නමැති හෝටලයට ගිය ‍පොලිස් නිලධාරීන්ට සුදු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථය තිබෙනු දැක ඇත. මෝටර් රථයේ පැමිණි අය හමුවීමට අවශ්‍ය බව ‍පොලිස් නිලධාරීන් හෝටල් සේවකයින්ට පවසා ඇත. ඒ අනුව, මෝටර් රථයේ පැමිණි දෙදෙනා වාහනයේ ලිය කියවිලි සහ ඔවුන්ගේ හැඳුනුම්පත් ‍පොලිස් නිලධාරීන්ට පෙන්වා ඇත. නමුත්, උප ‍පොලිස් පරීක්ෂකවරයා ඇතුළු ‍පොලිස් නිලධාරීන් දෙදෙනා ඔවුන් දෙදෙනා නවාතැන්ගෙන සිටින කාමරය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දන්වා ඇත. උත්සවශාලාවේ ඉහළ මාලයට ගිය ‍පොලිස් නිලධාරීන් ඔවුන්ගේ කාමරය පරීක්ෂා කිරීමේදී එක් අයකු කාමරයේ ඇඳුම් බෑගයක තිබූ පිස්තෝලයක් වහා එළියට ගෙන දිගට හරහට වෙඩි තබමින් අනෙක් පුද්ගලයා සමග පලා ගොස් තිබේ. උප ‍පොලිස් පරීක්ෂකවරයාගේ පපුව ප්‍රදේශයට වෙඩි වැදී තිබූ අතර, ඔහු රෝහලට රැගෙන යන අවස්ථාවේ මිය ගියේය. ‍පොලිස් සැරයන්වරයාගේ පාදයකටද, ‍පොලිස් කොස්තාපල් රියැදුරුවරයාගේ උදරය ප්‍රදේශයටද වෙඩි වැදී තිබුණි. මෙම අවස්ථාවේ සැකකාර පුද්ගලයින් දෙදෙනා හෝටලයේ අඩි තුනක් පමණ උස් තාප්පයකින් පැන ඇස්බැස්ටෝස් තහඩු ගබඩා කර තබන විශාල ඉඩමකට පැන යන අවස්ථාවේ වෙඩි වැදී තුවාල ලබා සිටි ‍පොලිස් කොස්තාපල් රියැදුරු සුභසිංහ යන නිලධාරියා ඔවුන් පසු පස හඹා ගොස් ඇත. එහිදී එක් සැකකරුවෙකු සමග ‍පොරබදා ඇත්තේ ඔහු කෙලෙස හෝ අත්අඩංගුවට ගැනීමටය. එම අවස්ථාවේ ‍පොලිස් කොස්තාපල් රියැදුරුගේ නිල අඳුමද ගැලවී ඉරී ගිය අතර, සපත්තු යුගල සහ බඳ පටියද ගැලවී ගොස් තිබේ. සැකකරු ‍පොලිස් නිලධාරියා සමග ‍පොරබදා අනෙකා සමග පලා ගොස් ඇත්තේ එම ඉඩමේ තිබූ දැල් සහිත කම්බි වැටක්ද කඩාගෙනය. වැට කඩාගෙන ගිය දෙදෙනා ඒ අසල වූ මඳක් ගැඹුරැති ඇළකටද වැටී ඇතත්, එතැනින්ද පලා ගොස් තිබිණි. ‍පොලිස් නිලධාරීන්ට වෙඩි තැබිමට යොදාගත් පිස්තෝලය රැගෙන අනෙක් සැකකරු පලාගොස් ඇතැයි පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබුණි. ‍පොලිස් අත්අඩංගුවට පත් සැකකරු රත්මලාන ප්‍රදේශයේ අයකු බවද පැවසේ. ‍පොලිස් කොස්තාපල් රියැදුරු සමග ‍පොරබදා පලා යන්නට තැත් කළේ ඔහු බව ‍පොලිසිය අනාවරණය කරගෙන ඇත. මෙම පුද්ගලයා කොළඹ පාතාල කල්ලි සාමාජිකයකු වන ‘රොහා’ නමැති අය බවත් මීට මාස කීපයකට ඉහත දී මහර උසාවිය අසල දී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ඔහු  සම්බන්ධ වීම හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ සැඟවී සිට ඇතැයි ද ‍පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඔහු මහනුවර සිටින බව ‍පොලිසියට තොරතුරු ලැබිම හේතුවෙන් ඔහු කොළඹට බලා එමින් සිටිය දී මෙම උත්සවශාලාවේ නවාතැන් ගෙන ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි සිය හිතවතකු වූ විශේෂ බළකායේ හිටපු සාමාජිකයකු ද සමගය. උ.‍පො.පරීක්ෂකවරයා ඇතුළු පිරිසට වෙඩි තබා ඇත්තේ මෙම විශේෂ බළකා හිටපු සාමාජිකයා විසින් බව අනාවරණය විය. ඔහු මාතර රොෂාන් නමින් හඳුන්වන පාතාල නායකයකු බවද හෙළි විය. ඔහු හෝටලයේ රැඳී සිට ඇත්තේ නුවරට ගිය සිය බිරියගෙන් දුරකතන ඇමැතුමක් ලැබෙන තුරු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි ව තිබුණි. සිය බිරිය සමඟ නුවර ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන සැඟවී සිටි මෙම සැකකරුට එහි රැඳී සිටීම අනතුරුදායී බවට ලැබුණු ඉඟියක් නිසා ඔහු පදිංචි ස්ථානයෙන් පිටව යෑමට නිවෙසේ තිබූ බඩු ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට බිරිය පිටත්කර යවා තිබිණි. බිරිය බස් රියෙන් නුවරට පිටත් කළ සැකකරු මෙම හෝටලයේ රැඳී සිට ඇත්තේ බිරියගෙන් දුරකතන ඇමැතුමක් ලද විගස කුරුණෑගලින් ලොරියක් ගෙන සිය සගයා සමඟ නුවර බලා යෑමට බව එකල වාර්තාවිය. මෙම පාතාල නායකයා 2002 වසරේ සිට අපරාධවලට හවුල් වීමට තුඩු දුන් හේතුන් මෙන්ම ඔහු අපරාධකරුවකු බවට පත්වූ අන්දම පිළිබඳ පසුබිම් විස්තර පොලිසිය හෙළි කරගෙන තිබුණ අතර අද වැටළීම සිදුවූයේ ඔහු ගැන පසුගිය කාලය පුරාම සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුවය.
ඔන්න බලපන් නියම අල්ලපු ගෙදර එකෝ දැන් හැම එකාම උඹේ නම කොපි කරලා කොමන්ට්ස් දාන හැටි.
11
POSITIVE
ncpp_train_39287
පසුගියදා සිදුවූ ඇමති මාරුවෙන් පසු කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන ගිය රාජගිරියේ සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැගිල්ල නැවත පරණ ස්ථානයට ගෙනයන බවට නව ඇමති මහින්ද අමරවීර පොරොන්දු විය. කෝටි ගණනක් නාස්ති කරමින් හිටපු ඇමති දුමින්ද දිසානායක එය අවභාවිතාවේ යෙදවූ බවට පැවති විවේචන නිසා මෙම පියවර ගෙන තිබුනි. කෙසේ වෙතත් දැන් වාර්තා වන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය මින් පෙර පවත්වාගෙන ගිය බත්තර මුල්ලේ ගොවිජන මන්දිරයට යළි යාමට නම් එහි ප්‍රතිසංස්කරණ කටයුතු අවශ්‍ය බවත් ඒ සඳහා රුපියල් කෝටි 10 ක් අවශ්‍ය බවත්ය. දැනට පවත්වා යන ගොඩනැගිල්ලට මසකට කෝටි දෙකහමාරක් කුලී ගෙවන අතර ලබන 2019 මාර්තු මාසයෙන් පසු එම කොන්ත්‍රාත්තුව අවසන්වූ පසු අලුත් තැනකට යාමට හැකියාව ලැබෙනු ඇත. දැනටමත්  බත්තර මුල්ලේ ගොවිජන මන්දිරය නාවික හමුදාවේද සහාය ඇතිව අලුත්වැඩියා අරඹා ඇති අතර ඒ සඳහා කෝටි 10 රජය වෙන් කර ඇති බව අමාත්‍යංශ ආරංචි හෙලි කරයි.
බලාගෙන මේදවස්වල එලියට යන්නේ. තොපිට වැහි නැති හෙන වදින්නේ
176
POSITIVE
ncpp_train_39288
රුපියල් ලක්‍ෂ එකහමාරක් පමණ වටිනා ඇමෙරිකන් බොටයිල් – බළල් පැටවකු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පුංචි අම්මාත්, ඥාති පුත්‍රයකුත් අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශය කියයි.රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචි පියකුට දියණියක් විදේශ සංචාරකයකු ත්‍යාගයකට මෙම බළල් පැටවා ලබාදී ඇති බව අනාවරණය වී යැයි පොලිසිය කියයි. මෙසේ රැගෙන ආ බළල් පැටවා දින කීපයකින් අසල්වැසියකු විසින් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් විවිධ පැමිණිලි අංශයට යොමුකර ඇත. සොරකම් කළ දිනයේදීම නිවෙස ඉදිරිපිටට ආ රාජ්‍ය ආයතනයක වාහනයකින් මෙම බළල් පැටවා රැගෙන ගිය බවට ද පැමිණිල්ලේ සඳහන් වේ.ඒ.ජී. වික්‍රමසිංහ
බය වෙන්න දෙයක් නෑ. චිච්චිගේ පූසවත් හොයලා දුන්නේ පොළොස් මාමිලා තමයි. නැද්ද හා... අම්මපා...
7
POSITIVE
ncpp_train_39289
දළ පූට්ටුවා මැරුවාද?   මැරුණාද? පසුගියදා අත්අඩංගුවට ගැනුණ සුවිශේෂී ඇත් දළ දෙකක් වයඹ උරුමය ලෙස ප්‍රකටව සිටි "ගල්ගමුව දළ පූට්ටුවා”ගේ බවට සැක කළ වනජීවි නිලධාරීහු එම ඇත්දළ හිමි ඇතා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර උගේ මළසිරුර ඊයේ (29) පස්වරුවේ හේරත්ගම අඩවි වන නිලධාරි කලාපයට අයත් හොරොව්වැව ඉස්මත්තෙක තිබී සොයා ගනු ලැබීය. උස අඩි 12යි. වයස 56ක් පමණ වන මෙම දළ ඇතා මියයන්නට ආසන්න කාලයේ එක ඇසක් සම්පූර්ණයෙන්ම නොපෙනුණ අතර අනෙක් ඇසේ ද පෙනීම දූර්වලව තිබිණි. මෙගාරගෙනාල්ලාගම, නිකවැව ප්‍රදේශයේදී පසුගිය විසිදෙවැනි දින මෙම ඇතාගේ ඇත් දළ සොයාගෙන තිබුණි. පෙරේදා (28) දින නිකවැව, තිබීමෙබදුටුවාව ප්‍රදේශයේ ඉඩමක් ද ඩොප්සර් කරමින් සැකකටයුතු ස්ථාන තුනක කැනීම් ද කරමින් මෙම ඇතා සෙවූ නිලධාරීන්ට ඊයේ මොරගොල්ලාගම ග්‍රාමසේවා වසමට අයත් හොරොව්වැව ඉස්මත්තේ කැලෑව සෝදිසි කිරීමේදී මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබේ. හේරත්ගම වනසත්ව නියාමක අසේල වික්‍රමරත්න මහතා ඇතුළු තම කණඩායමට දළ පූට්ටුවාගේ මළ සිරුර හඳුනාගෙන තිබුණි. මේ දළ ඇතා මියගොස් ඇත්තේ මීට සති තුනකට පමණ පෙර බව ද ඇතාට වෙඩි තබා මරා දැමුවේ ද ස්වාභාවිකව සිදුවූ මරණයක් ද යන්න අද (30) පවත්වන පශ්වාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කරගත හැකි වනු ඇතැයි පැවසේ. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇත් දළ දෙක "ගල්ගමුවේ දළ පූට්ටුවා” බවට තහවුරුවී තිබේ.  ඇතාගේ දියවී ගිය සිරුර මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පවතී.
මේ ඇතාව මරපු එකා හෝ මරපු උන්ව හිරේට දාන්න එපා. මහජනතාවට බාර දෙන්න. මහජනතාවයි දන්නෙ උන්ට දෙන්න ඕන දඬුවම.
1
POSITIVE
ncpp_train_39290
හිටපු ඇමැතිවරුන් විසිදෙනකුට ආසන්න පිරිසක් ඔවුන්ට දුන් නිල නිවාස තවමත් ආපසු භාර නොදී බලහත්කාරයෙන් ඒවායේ රැඳී සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ ලේකම් පා.ම. දයාසිරි ජයසේකර (ගේගරි පාර අංක C- 78), පා.ම. දුමින්ද දිසානායක (ස්කෙල්ටන් මාවත අංක E 1), පා.ම. ආර්. සම්පන්දන් (ස්ටැමෝර් චන්ද්‍රවංකය B -12), ලසන්ත අලගියවන්න (විජේරාම මාවත 110-3), රංජිත් සියඹලාපිටිය (විජේරාම මාවත, 110-5), ටී.බී. ඒකනායක (විජේරාම මාවත 110-6), මහින්ද අමරවිර (ස්ටැමෝර් චන්ද්‍රවංකය B-63), එල්.ඒ.එම්. හිස්බුල්ලා (කැප්පෙටිපොළ මාවත -40), ෆයිසර් මුස්තාපා (කැප්පෙටිපොළ මාවත C-51),ඒ.එච්.එම්. පවුසි (බෞද්ධාලෝක මාවත C-76), එස්.බී. නාවින්න (ග්‍රෙගරි පාර, CD- 89), සුමේධා ජී. ජයසේන (ලෝරිස් පාර 6-2), ඩුලිප් විජේසේකර (ලෝරිස් පාර7-1), දුනේෂ් ගන්කන්ද (ලෝරිස් පාර 8-2) සහ චන්දිම වීරක්කොඩි (විජේරාම මාවත 110-2) යන මන්ත්‍රිවරුද ඒ අතර සිටිති. මේ සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගෙන් මේ පිළිබඳ විමසා සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ තමා පදිංචි අදාළ නිල නිවෙසට මන්ත්‍රි වැටුපෙන් කුලිය ගෙවන බවයි. එය කැබිනට් ඇමැතිවරුන්ට දෙනු ලබන නිල නිවෙසක් නොවන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඒ පිළිබඳ පරීක්ෂා කරගත හැකි බව කිය. නමුත් ඇතැම් මන්ත්‍රිවරු තාමත් නිවාස ආපසු ලබා නොදී බලහත්කාරයෙන් රැඳී සිටින බව සත්‍යයක් බවත් චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේය. -ශිරාන් රණසිංහ-
ලොක්කා ඇත්තම කියන්න ඔයාට මේ පාලකයින් අප්‍රියයි, ඔයාට ඕනෙ අරාබි පාලනයක්, කුරානෙ විදියට නේද, මේ රට යන්තම් දන ගගා ඉස්සරහට ආවා, ලෝකෙන් හොඳම සංචාරක ස්ථානය උනා, කවුද කෑවෙ වැඩේ, සහරාන් නේද, ඔයා කවුද හොඳයි කියන්නෙ, හිස්බල්ලද, සාලිද, ජනතාව දැනුවත් වන්න රටේ පාලකයන් විවේචනය දෙවිදියකට වෙනවා, එකක් රටට අවංක ආදරයෙන්, සහරාන්ලාත් පාලනය විවේචනය කරනවා, බලාගෙනයි
-23
NEGATIVE
ncpp_train_39291
වාහන සඳහා ඇති ඉල්ලුම තියුනු ලෙස පහත වැටීම හේතුවෙන් රට තුළ වාහන මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) පවසයි. VIASL සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළේ මිල අධික වාහන විකිණීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි.“ඉල්ලුම සහ සැපයුම රට තුළ ඇති සියලුම වෙළෙඳාම්වලට බලපායි. මිනිසුන්ට මිල දරාගත නොහැකි නිසා [වාහන සඳහා] ඉල්ලුම වේගයෙන් අඩු වී ඇත. ඒ නිසා වාහන මිල ශීඝ්‍රයෙන් පහත වැටිලා.” ඔහු අවධාරණය කළේය.1000 CC වාහන සඳහා ඉල්ලුමක් පවතින බව ද මෙරෙන්චිගේ පෙන්වා දුන්නේය. මෙම මිල පරාසය තවමත් දැරිය හැකි ලෙස සලකනු ලබන බැවින්, මිලියන 3 සහ ඊට පහළින් තවමත් පහත වැටී නැත. මෙම මිල පරාසයේ වාහන දැනට වෙළඳපොලේ වෙළඳාම් කෙරෙන අතර, වාර්තා වන පරිදි ස්ථාවර මිල ගණන් ඇත.කෙසේ වෙතත් රුපියල් කෝටි 6 කට වඩා වැඩි වාහන අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ඔහු කීය. 
මොන්ටිරෝ ස්පෝර්ට් එකේ නම් මිල බහින්නේ නැහැ මොනවගේ බැස්සත්. සුපිරි වාහනයක්. කෝටි දෙකක් උනත් වටිනවා 2012 උනත්.
-20
NEGATIVE
ncpp_train_39292
කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනේ හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇතැයි  යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය. අද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කිරීමත් සමග එය සිදුවූ බව ඔහු දැක්වීය. මේ අතර පොලිස් ආරංචි මාර්ග පැවසූවේ කොවිඩ් වසංගතය පැතිර යාම පාලන කිරීම සදහා මැයි මස 11 වැනි දින සිට  මාස දෙකක කාලය සිට පනවා තිබු පළාත් අතර සංචරණ සීමා තහනම ලබන සදුදා සිට ඉවත් කිරීමේ සුදානමක්ද පවතින බවයි.රජයේ කාර්යාල මුළුමනින් ඇරඹීමට ලබන සඳුදා දිනය යොදාගෙන ඇති පසුබිමක මෙම ලිහිල් කිරීම සිදුවනු ඇතැයිද වාර්තා පළවේ.කෙසේ වෙතත් පළාත් සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්යෙන් තවම නිළ වශයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කළ විමසීමකදී සඳහන් කළේය..
වෙන රටවල් කොරෝන වැඩි වෙනකොට වහනවා. මෙහෙ කොරෝන වැඩි වෙනකොට අරිනවා. අබුද්දස්ස කාලෙනේ.
8
POSITIVE
ncpp_train_39293
පසුගියදා රටම කම්පා කරමින් කිරින්ද මුහුදු වෙරළේදී අනපේක්ෂිත රළ පහරට ලක්ව අනතුරට පත් පවුලේ පියාත් දැරියන් දෙදෙනාත් මරණයට පත්වීමෙන් පසු බරපතල තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි බැංකු සේවිකාවක වූ එම පවුලේ මව හසිනි අනෙක් තිදෙනාගේ හත්දවසේ දානය දවසේ අවාසනාවන්ත ලෙස රෝහලේදී මරණයට පත්වූ බව වාර්තාවේ.‍ මියගිය හසිනි විජේසුරිය මහත්මිය නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කළ අතර එම බැංකු ශාඛාවේ සෙසු නිලධාරින් සහ හසිනිගේ ව්‍යාපාරික සැමියා දියණියන් දෙදෙනා සමඟ යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදි  සැඩ රල පහරට හසු විමෙන් සැමියා සහ දියණියන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වුණි. හසිනි මහත්මිය අසාධ්‍යය තත්ත්වයේ සිටි නිසා තිස්සමහරාම රෝහලේ සිට අම්පාර මුලික රෝහල වෙත මාරු කර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඇගේ ඥාතින් විසින් ඇයව කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ආ අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ 29 ඇය මෙසේ මියගියාය. ඇයගේ සැමියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු ඉකුත් 25 දින හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කර හත් දවසේ දානමය පින්කම පවුලේ ඥාතින් සහ හිතවතුන් විසින් ඊයේ (29) හැටන් නිවසේදි සිදු කර තිබූ අතර ඇය මියයන්නේ එම දවසේදීය. ව්‍යාපාරික ඉන්දික සමග බැංකු සේවිකා හසිනි විවාහවී තිබුනේ මීට වසර 8 කට පෙරයි. වැඩිමල් දියණිය නෙසත්මා සහන්ලී (6)පාසල් අධ්‍යාපනය ද සහ බාල දියණිය නදීෂා ඉනෝමි (4) පෙර පාසල් අධ්‍යාපනය ද හැදෑරූහ.  හසිනි සේවය කළ පෞද්ගලික බැංකුවේ සේවකයෝ සෑම වර්ෂයකම විනෝද චාරිකාවක සහභාගි විම පුරුද්දක් වශයෙන් සිදු කරති. එම විනෝද චාරිකාව සඳහා පවුලේ උදවියටද සහාභාගි විය හැකිය. මෙම වර්ෂයේද ඔවුන් එය යොදා ගත්තේය. ඒ පසුගිය 21, 22 සහ 23 යන දිනවලදීය.   යාල ප‍්‍රදේශයේ හෝටලයක නතර වූ අතර එහි නැවතුණ අවසන් දිනයේ පාන්දර 6 දරුවන් සමග වෙරළ පාගන්න යන්න ඕනේ කියා ඉන්දික, හසිනි සහ ළමයි දෙදෙනා හෝටලය අසල ඇති තිස්සමහරාමය කිරින්ද මුහුදු තීරයට ගියහ.  ඒවන විටත් ඔවුන් සමග සිටි සමහර අය ද මුහුද අසලට පැමිණ තිබුණත් වාරකන් නිසා මුහුද රළු ස්වභාවයක් ගෙන තිබුණි.  ඉන්දික පුංචි දියණියවත් රැගෙන වෙරළේ රැල්ල පාගමින් සිටියේය. හසිනි ලොකු දියණීයත් සමග සිප්පිකටු අහුලමින් සිටියේය. එ ආසන්නයේ තවත් පිරිසක් මුහුදු අසිරිය විඳිමින් සතුටු වූහ.  හසිනි මුහුදු තීරයෙන් මඳක් මෑතට පැමිණ දුරකථන ඇමතුමක් ලබා ගත්තේ තිළිණි නමැති ඔවුන් සමග ගමනට එක්වූ බැංකු මිතුරියකටය.  ඇයි නංගී රූම් එකට වෙලා ඉන්නේ. එන්න බීච් එක පැත්තට. පොඞ්ඩක් විනෝද වෙන්න. හසිනිගේ ආරාධනාවට ඇය එහි පැමිණ තිබුනි.ඇය දුටු ඉන්දික තිළිණිට මෙලෙස පැවසුවේය.  ‘‘නංගී මෙහෙට එන්න රැල්ල පාගන්න.’’  ‘‘අනේ අයියේ මටනම් බයයි.’’  ‘‘මොකට බය වෙනවද මේ දුවලත් ඉන්නේ.’’  ඉන්දිකගේ කීමට අනුව තිළිණි රැල්ල පෑගීමට ගියාය. හසිනි ලොකු දුවත් සමග රැල්ල පාගද්දී ඉන්දික පොඩි දුවත් සමග රැල්ල පැගුවේය. තිළිණිත් ඒ අතරට එකතු වූවේය. සියලූ දෙනාම රැල්ල පාගමින් මුහුදු වතුරට තෙමෙමින් විනෝද වූ අතර ඉන්දික තම කැමරාව රැගෙන විත් පිංතුර ගත්තේය. වීඩියෝ කළේය. විශේෂයෙන් දරු දෙදෙනාවයි. ඒ අතර ඔහු මෙලෙසද පැවසුවේය. ‘‘ කවද හරි මේවා තමයි මතක සටහන් ලෙස ඉතුරු වෙන්නේ. ’’ පොඩි දුව අල්ලාගත් ඉන්දික සහ තිළිණි තව තවත් මුහුද දෙසට ගියහ. ඒ අතර හසිනි කැගැසුවේ මුහුද සැරයි වැඩිය ඈතට යන්න එපා කියාය. ‘‘ හරි හරි බය වෙන්න එපා අපි වැඩිය ඇතට යන්නේ නැහැ.’’ එලෙස පවසා ගතවූයේ මඳ වෙලාවකි. එක්වරම ලොකු රුලි කිහිපයක් ආවේය.  ගතවූයේ නිමේෂයකි. ඈත මුහුදේ සිට විශාල රැල්ලක් ගොඩ බිම දෙසට ආවේය. වෙරළට තරමක් දුරින් මුහුද දෙසට වෙන්න සිටි ඉන්දික, තිළිණි සහ පොඩි දුවව එම රැල්ලට හසුවූහ. එම මහ ජල කඳත් සමග ඉන්දිකට කිසිවක් කර ගත නොහැකි විය. පණ දෙවෙනි කොට ආදරය කළ දුවව තම අතින් ගිලිහුනි.  හසිනි සිදුවූ දෙය ක්ෂණයකින් දුටුවාය. ඇය ළඟ සිටි ලොකු දුවවත් මොහොතකට අමතක වූවාය. ඇය කෑගසමින් අපිරිමිත දරු සෙනෙහසින් යුතුව පණ මෙන් ආදරය කළ දුව බේරා ගැනීමට උත්සහ කළාය. එහෙත් පලක් වූයේ නැත. ඒ වන විට ලොකු දුවවත් මුහුදට ගසාගෙන ගොස් තිබුණි.  දෙවැනි රළ පහරින් තිළිණිට සහ හසිනිට ජීවත් වීමේ වාසනාව හිමිවිය. ඒ ඔවුන් දෙදෙනා ගොඩ බිම දෙසට ගසා ගෙන ආ නිසාය. එහෙත් මුහුදු වතුර පෙවීම නිසා හසිනි සිටියේ සිහිසුන්වයි.  අවාසනාවන්ත සිද්ධිය දුටු අනෙක් පිරිස ඉන්දික සහ දරු දෙදෙනා සෙවීමට උත්සාහ කළහ. එහෙත් පලක් වූයේ නැත. ඒ වනවිටත් ඔවුන් මිය ගොස් තිබුණි. තිලිණිගේ ජීවිතය බේරිණි. හසිනි සතියකට පසු මියගියාය. හසිනි විජේසුරිය මහත්මියගේ දේහය හැටන් සාත්තු නිවාස පාරේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පවසා ඇත.
ජීවිතේ බේරිලා, මුලු ජීවිත කාලයම. විඳව විඳව ඉන්නවාට වඩා එක පාරටම මැරිලා යන එක සැපයී. තමන්ගේ ඇස් ඉදිරියේම දුටු ඛේදවාචකය කෙසේ නම් විඳ දරාගෙන. ඉන්න පුළුවන්ද? 😢
142
POSITIVE
ncpp_train_39294
ලොව සුප්‍රසිද්ධ කාටූන් කතාමාලාවක් වන ස්කූබි-ඩූ නිර්මාණය කිරීමට මූලිකත්වය ගත් එක් චරිතයක් වන සජීවීකරණ නිර්මාණ ශිල්පී ජෝ රූබි පසුගියදා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි වෙස්ට්ලේක් ගම්මානයේදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය පවසයි. මියයන විට ඔහු 87 වන වියේ පසුවිය. මෙය ස්වාභාවික මරණයක් බව පැවසෙයි. ඔහු අතින් 1969 වසරේදී නිර්මාණය කෙරුණු "ස්කූබි-ඩු, වෙයාර් ආ යූ”නම් කාටූන් කතා මාලාව මෙලෙස ස්කූබි -චරිතය බිහිවීම සඳහා මූලිකවම හේතු විය. සිය උසස් අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් අනතුරුව එක්සත් ජනපද නාවික හමුදාවට බැඳී ඇති ජෝ රූබි කොරියානු යුද්ධය අවස්ථාවේදී නාවික හමුදාවට අයත් ප්‍රහාරක නෞකාවක සොනාර් පද්ධති ක්‍රියාකරුවෙකු ලෙස කටයුතු කර ඇත. සජීවීකරණයට සහ කතාංග රචනයට ඔහු පිවිස ඇත්තේ ඉන් පසුවයි. ස්කූබි-ඩු නම් සුනඛයෙකු සහ ඔහුගේ මිත්‍රයන් පිරිසකගෙන් සමන්විත මෙම ස්කූබි-ඩු කතාමාලාව තුළදී ඔවුන් එකිනෙකට වෙනස් විවිධ අත්භූත සිදුවීම් නිරාකරණය සඳහා මැදිහත් වීම සිදුවෙයි. මෙම කතාමාලාවේ ජනප්‍රියත්වය අනුව මේ වනවිට එය දැවැන්ත පිරිවැයක් යටතේ සිදුකළ සිනමා නිර්මාණ ලෙසින්ද එළිදක්වා තිබේ.
ස්කූබි, ස්කූබි ඩූ ඌඌ.
12
POSITIVE
ncpp_train_39295
දිවියෙන් සමුගත් යතුරු පැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ මරණීය අනතුර සිදුවූ හැටි (වීඩියෝ) නුවරඑළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී පසුගිය අප්‍රේල් 23 අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ සති 5 ක පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ ඊයේ (29) පස්වරුවේ මියගියා.අනතුරින් වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී පාදයක්ද දැඩි ලෙස බිඳීයාම නිසා ලද බරපතල තුවාල මරණයට හේතු විය. මිය යන විට 47 වැනි වියේ පසුවූ වෙඩිසිංහ සිවුදරු පියෙකි. මියයන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ ඔහු සුවකිරීමට හැකි ප්‍රතිකාර ජපානයට ගොස් කළ හැකි බව පවුලේ අයට දැනගන්නට ලැබී තිබුණ මුත් ඔහුගේ බිරිද සහ දරුවන්ට ඒ සඳහා අවශ්‍ය වූ  මිලියන 39 ක පමණ මුදල සොයාගත හැකිවී තිබුනේ නැත. පිට පිට 6 වරක් නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාසිටි වෙඩිසිංහ කිහිප වරක්ම ජාතික මොටෝ ක්‍රොස් ශූරතාවටද දිනා ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවටත්, රණවිරුවන්ටත් නිතර උපකාර කළ අයෙකු ලෙසද ඔහු ප්‍රකටය. නුවරඑළිය තරගාවලියේ සුපර් මෝටාර් තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ සිය යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් ආනන්ද වෙඩිසිංහ අනතුරට ලක්විය.  එකිනෙක පැටලීම නිසා එහිදී ඔවුන් දෙදෙනාටම සිය යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වූ අතර පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඉවතට විසිව ගියේය. වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්වූ පසු මුලින්ම නුවරඑළිය රෝහලට ඇතුළත් කළ නමුත් අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වූ බැවින් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර තිබුණි. ඔහු මියගියේ එහිදීය. අනතුර සිදුවන අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් පහතින්
ඔයාගේ අදහසට ගරු කරනවා...ආනන්ද අයියා නැතිවීම ලොකු පාඩුවක්...ඇත්තෙන්ම එයාගේ රේස් එකක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම බලන්න යනවා ඔහු ආරක්ශාව ගැන අල්පමාත්‍රයක් සිතූ කෙනෙක් නොවෙයි...ආසියාවේ වෙඩිල්ල නොහොත් ආනන්ද අයියේ ඔයාට නිවන්සුව නොපතමි...මානව හිතවාදී ඔබ නැවතත් අපි අතරම ඉපදේවා...
41
POSITIVE
ncpp_train_39296
කවුද මේ ගිහානි වීරසිංහ කියන්නේ. කලක්‌ ගුරුවරියක්‌, පසුව ගුවන් විදුලි නාලිකාවක ව්‍යාපාරික කළමනාකාරිනියක්‌. අන්තිමේ ඇය නිළියක්‌. නිළියක්‌ කොහොමද පොදුරද මඬුලු උළෙලට ගියේ. ගිහානි මේ ගැන පුවත්පතකට පවසා තිබෙන්නේ මේ ආකාරයටයි. ‘මම කේම්බ්‍රිඡ් සුදුසුකම් ලාභිනියක්‌ විදිහට ගුරුවරියක්‌ විදිහට ලයිසියම් ජාත්‍යන්තර පාසලේත්, ඊට පසුව පාසල් කිහිපයක ගුරුවරියක්‌ විදිහට සේවය කළා. ඊට අමතරව ඉංග්‍රීසි කථන ගුරුවරියක්‌ විදිහට නිවසේ සිට කටයුතු කළ අතර, ACBT ආයතනයේත් පන්ති පවත්වාගෙන ගියා.  ඊට පසුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක කළමනාකාරිනී ප්‍රධානියෙක්‌ විදිහට සේවය කළා. එහිදී මම වසර හතරක්‌ විතර එම තනතුර දැරුවා. 2015 දී සිදුවුණු ආණ්‌ඩු පෙරළියත් එක්‌කම සමහර දේශපාලන කාරණා හින්දා මම එම මාධ්‍ය ආයතනයෙන් ඉවත් වුණා. ඊට පසුව තමයි රඟපෑමට ආරාධනා ලැබෙන්නේ.  ඊට පසු මම ටෙලි නාට්‍ය ගණනාවක රගවෑවා. පසුව මම ආන්‍යා කියලා මගේම නිෂ්පාදනයක්‌ කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මම.  පෑනේ තිබෙන හයිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳව කතාවක්‌ මුල්කරගෙන තමයි ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ.  මම තමයි මේ දවස්‌වල බයිට්‌ එක. සයිබර් අවකාශයේ බයිට වෙලා තියෙන්නෙ. ගිහානි වීරසිංහ, අන්තර්ජාලයෙ සහ මුහුණු පොතේ ගිහානිට නම් කිහිපයක්‌ පටබැඳල තියෙනවා. එක නමක්‌ තමයි ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශිකාව. අනෙක්‌ නම තමයි ආයෝජන දූතිකාව. තවත් නමක්‌ අලුතෙන් නිර්මාණය වෙනවා. මම හිතන්නේ ඒ නම් දෙක නෙගටිව් නම් දෙක වෙලා දැන් ඇවිත් තියෙනවා සුදුබෝල අක්‌කා කියලා. මෙවැනි අන්වර්ථ නාමවලින් මේ දවස්‌වල මාව හඳුන්වනවා. මම තමයි සමාජජාලාවල ඉන්න හිට්‌ චරිතය. මේ කතා කරන මොහොත වෙනකොට (26 වැනිදා) පැය 72 ක්‌ වෙනවා ඇත්තටම මාව නැවත නැවතත් කෙළෙසනවා.  මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමාජ ජාලාවල එක්‌ එක්‌ කාලවලට නැගලා එන තරුවක්‌ විදිහට බැහැල යන්නේ නැතිව කාටවත් මාව දේශපාලනික හෝ සමාජමය වශයෙනුත් වෙනත් ඕනෑම දෙයකට මාව පාවිච්චි කරන්න ඉඩ නොදී මට මේ සිදුවුණු අසාධාරණය තවත් කාන්තාවකට සිදුවන්න ඉඩ දෙන්නේ නැතිවෙන්න මම සටන් කරනවා. මට සිද්ධවුණේ අසාධාරණයක්‌. මම නිර්දෝෂයි. මේ අවස්‌ථාවේ මම පට්‌ට නිර්දෝෂයි. නමුත් මට ඉතාමත් සාවද්‍ය විදියට චෝදනා එල්ල කළා. සයිබර් අවකාශය තුළ මාව ගණිකාවක්‌ කළා. ඒ වගේම රටේ නායකයාව සල්ලාලයෙක්‌ කළා. මීට වඩා හොඳයි මම සියදිවි නසා ගන්නවා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මෙවැනි දෙයක්‌ තවත් කාන්තාවකට සිද්ධ නොවන්න මම සටන් කරනවා. පොදු රාජ්‍ය මණ්‌ඩල මහා සමුළුවේ ආයෝජන ප්‍රවර්ධන සැසියට මම සහභාගි වුණා. ඒක සහ ලන්ඩන් ගමනේදී සිදුවුණ සිදුවීම් මම සහ මගේ සැමියා විසින් අන්තර්ජාලයට මුදාහල ඡායාරූප සහ වීඩියෝ පට නිසා තමයි මේ වාගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ. අප මේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරියේ ඒවායේ කිසිදු රහස්‍යභාවයක්‌ සහ අසභ්‍යත්වයක්‌ නොතිබුණු නිසයි. අපිට ඒකට පූර්ණ අයිතියක්‌ තියෙනවා.  සමාජ ජාලවලට කලින් රූපවාහිනී නාලිකා දෙකක්‌ අපේ පෞද්ගලික ගිණුම්වල තිබුණු වීඩියෝවක්‌ අරගෙන ඔවුන්ගේ බ්‍රේකින් නිවුස්‌වල ප්‍රචාරය කරලා තියෙනවා. ඔබ බලන්න ලංකාවේ නිවුස්‌ ප්ලාන්ට්‌ කරන විදිහ. මේක තමයි ලංකාවේ මාධ්‍යයේ ක්‍රියාදාමය. ඇත්ත සිද්ධිය මීට වඩා හාත්පසින්ම වෙනස්‌. 2018 පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායකයන්ගේ සමුළුවට සමගාමීව පවත්වනවා ආර්ථික සැසිවාරයක්‌. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගලික ව්‍යවසායකයන් සහභාගි වෙනවා. හැම අවුරුද්දකම පවත්වන මේ සමුළුවේදී ඒ දේ සිද්ධ වෙනවා. මේක ව්‍යාපාරික සමුළුවක්‌.  ශ්‍රී ලංකා යුරෝපා යූනියන් බිස්‌නස්‌ කවුන්සිල් කියන ආයතනයෙන් තමයි මම සහභාගි වුණේ. ඒ ආයතනයේ සභාපතිවරයා විදිහට මගේ සැමියා කටයුතු කරනවා. මම මීට කලින් සඳහන් කළ මගේ පෙර වෘත්තිය වුණේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර කළමනාකාරී අංශය කියලා. මට හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතාවක්‌ තිබුණා. මට හොඳ මාර්කටින් නෙට්‌වර්ක්‌ එකක්‌ තිබුණා. ඒ දක්‍ෂතා අනුව මගේ සැමියා මේ ආයතනයේ වයිස්‌ ප්‍රසිඩන්ට්‌ පබ්ලික්‌ රිලේෂන් කියලා තනතුරක්‌ ලබා දෙනවා. ඊට පස්‌සේ මම ඇතුළු තවත් හතරදෙනක්‌ (හයදෙනකුගේ කණ්‌ඩායමක්‌) අපේ පෞද්ගලික වියදමින් එංගලන්තය බලා යනවා එහි සිටිය ආයෝජකයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට. එහි සිටින ආයෝජකයන්ගේ අවශ්‍යතාවය වන්නේ ලංකාවේ ටෙන්ඩර් දමා ඉදිරිපත් කරන ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න. ඔවුන්ට අවශ්‍ය වෙනවා ඒ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න. මේ නිසා ඔවුන් අපිව ඒ රටට ගෙන්වා ගන්නවා. ඉතිං අපි ඔවුන් සමඟ මේ ආර්ථික සැසිවාරයට සහභාගි වෙනවා. එතකොට අපි මේ සැසියට සහභාගි වෙන්නේ පෞද්ගලික වියදමින්. අපිට වීසා හම්බවෙන්නේ දවස්‌ පහක්‌ වැනි ඉතාමත් කෙටි කාලයකම කාලයක්‌ ඇතුළත. අපි වීසා ලබා ගන්නේ ආයෝජකයන්ගේ ආරාධනා පත්‍රය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරල විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් වීසා ලබා දෙනවා. මෙන්න මෙතැනදී විතරයි ජනාධිපති ලේකම් කාර්යාලය වීසා ලබා ගැනීමේ පටිපාටියට සහභාගි වෙන්නේ. ආර්ථික සැසිවාරය තිබුණේ නැත්නම් අපිට වීසා ලබා ගැනීමට හැකි වන්නේ නෑ. එතැනදී ආයෝජනයක්‌ ලැබුණා නම් සමාගමක්‌ විදිහට අපිට කොමිස්‌ මුදලක්‌ ලැබෙනවා. ඕක තමයි සරල සිද්ධිය.  ජනාධිපතිතුමා රැස්‌වීම් තුනකට සහභාගි වෙනවා. එක්‌ රැස්‌වීමක්‌ තමයි එරට සිටින ව්‍යාපාරික ප්‍රජාව. අනෙක්‌ රටවල ව්‍යාපාරික ප්‍රජාව සහ මෙරටින් ගිය ව්‍යාපාරික ප්‍රජාව ඇමතීම. ඒ රැස්‌වීම්වලට අපි සහභාගි වෙනවා. එතැනදී ගන්නා ඡායාරූපයක්‌ තමයි වයිරල්ගත වෙලා සමාජ මාධ්‍ය ජාලය කතාවක්‌ හදන්නේ. එතැන හිටපු සියලුම දෙනා ජනාධිපතිතුමා සමඟ විතරක්‌ නෙමෙයි ඇමැතිවරුන් සමඟ පවා පින්තූර අරගත්තා. ඒ පින්තූරත් මාධ්‍යයට යනවා. එතකොට අපි නැවතිලා හිටියේ ජනාධිපතිතුමා නැවතිලා හිටපු හෝටලයේමයි. හැබැයි අපේ පෞද්ගලික වියදමින්. මේ සඳහා අපිට වියදම් කළේ අපිට එහෙට එන්න කියලා ආරාධනා කරපු ආයෝජකයෝ. ඔය අතරතුර ඩිලාන් අමාත්‍යවරයා, ලක්‍ෂ්මන් අමාත්‍යවරයා වගේ තවත් හිටපු අමාත්‍යවරයෙක්‌ ඒ හෝටලයට ඇවිත් ගියා ජනාධිපතිතුමාව මුණ ගැසීමට. අපි කාරණාව ඇත්තටම මොකද්ද කියන්න දන්නේ නෑ. අපිව දැක්‌කහම ඔවුන් සතුටුවෙනවා. එතැන හිටපු ශ්‍රී ලාංකික මුස්‌ලිම් තරුණයන් පිරිසක්‌ ලන්ඩන් නුවරට එනවා රාත්‍රි කෑම වේලකට. එතැනදී තමයි අපි ඇමැතිවරු එක්‌ක සතුටු සාමීචිව කතා කර කර හිටියේ. එතැන හිටපු කෙනෙක්‌ කියනවා අද ඩිලාන් ඇමැතිතුමාගේ උපන් දිනය කියලා. එතැනදී ඇමැතිතුමාගේ උපන්දිනය සැමරුවා. ඒ පින්තූර තමයි ඔය වෙබ් අඩවි පළ කරලා තියෙන්නේ. මට අන්තිමේ ඇමැතිවරුන්ගේ නම් පටබැඳිලත් කතා හැදුනා. එතැනින් තමයි පටන් ගත්තේ. මම අහන්නේ ඕක කතාන්දර හදන්න ඕනෑ දෙයක්‌ද කියලා. මේ ගසන මඩ ප්‍රචාර බොරු කියලා අපි දැනට ඔප්පු කරලත් තියෙනවා. අපි රජයේ වියදමෙන් ගියේ නෑ. සාක්‍ෂි සියල්ලම තියෙනවා.  මඩ ගහගෙන යන්න පටන් ගත්තාම හැමෝටම හිමින් සීරුවේ ඇත්ත මොකද්ද කියල තේරෙනකොට ඔවුන් කියන්න පටන් ගත් දෙයක්‌ තමයි ආයෝජකයන්ගේ සුරදූතිකාව කියලා. මට මෙතැනදී විශේෂයෙන් දෙයක්‌ කියන්න තියෙනවා.  මගේ ආයතනයේ හැඳුනුම්පත අරගෙන හරියට මම අහනවා මුලින්ම කිව්වේ මම රජයේ මුදලින් ගියා කියලා. ඒක කරගන්න බැරිවුණා. ඊට පස්‌සේ ඔවුන් බලනවා කතා හදලා දේශපාලනික වශයෙන් මඩක්‌ ගහන්න. ඒකත් බැරි වෙනවා. ඊළඟට ඔවුන් අරගන්නවා මට තනතුරු දෙකක්‌ දීලා කියලා. ආයෝජක සුරදූතිකාව සහ ආර්ථික උපදේශිකාව. දැන් ඒකත් නැති වේගෙන එන්නේ. කිසිම වැරැද්දක්‌ නොකරපු මට මඩ ගහන්නේ ඇයි. මොවුන්ට මෙයින් ලැබුණු ප්‍රතිලාභය මොකද්ද? මට එච්චරයි දැන ගන්න ඕනෑ. සාකච්ඡාව- දිනේෂ් විතාන (දිවයින) ඇය ප්‍රකට කර තිබෙන ඡායාරූප එකතුවක් පහතින්
පොඩ්ඩක් හිටින්න. මම කොන්ඩෙ බැඳන් ඇවිත් ඔයාගෙ කතාව මුල ඉදන් අහන්නම්. - - මීට චීනෙක්
211
POSITIVE
ncpp_train_39297
අද උදෑසන සිදුවූ අනතුරක් නිසා තවමත් කොළඹ නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවන රෝහිත අබේගුණවර්ධන මන්ත‍්‍රීවරයාගේ සුවදුක් බලන්නට ගිය ඔහුට හිතවත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම රෝහලේ ලොබියේ තවමත් රැඳී සිටී. දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන රෝහිත මන්ත‍්‍රීවරයා සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි හෙළී කරයි. මෙම ඡායාරූප රෝහල තුලදී ලබාගත් ඒවාය.
මෙත්‍රීපාල මියගියහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානියක් වෙන්නේ නැත. රනිල් මියගියහොත් ඊට වඩා දක්ෂයින් පක්ෂය තුල ඇති නිසා කිසිම හානියක් නැත. මහින්ද මියගියහොත් මේ කාලකන්නි හැත්තට යන එන මං නැත...... ඇත්ත ඒකයි......... මේ කාලකන්නි රැළ වැජඹෙන්න මහින්ද මහත්තයට තියෙන ජනප්‍රියත්වයෙනුයි...... මෙතන ඉන්න උන්ගෙන් එක හොද මිනිහෙක් පෙන්නපල්ලා පුලුවන්නම්... මේ සේරම හැත්ත මහින්දගෙ පිටින් ගොඩ යන්න බලන් ඉන්නෙ මුන්ට ලගදිම වැලේ වැල් නැතිවෙනවා... මුන්ගෙ හොරකම් අල්ලනකොට මෙන්න පලිගන්නෝ කියන්න විතර කාලකන්නි ටික දන්නෙ.. පොල් ගහපු මුන්ට දෙවියන් උත්තර දීපු හැටි තමයි මේ පෙන්නෙ.....
84
POSITIVE
ncpp_train_39298
දළ පූට්ටුවා මැරුවාද?   මැරුණාද? පසුගියදා අත්අඩංගුවට ගැනුණ සුවිශේෂී ඇත් දළ දෙකක් වයඹ උරුමය ලෙස ප්‍රකටව සිටි "ගල්ගමුව දළ පූට්ටුවා”ගේ බවට සැක කළ වනජීවි නිලධාරීහු එම ඇත්දළ හිමි ඇතා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර උගේ මළසිරුර ඊයේ (29) පස්වරුවේ හේරත්ගම අඩවි වන නිලධාරි කලාපයට අයත් හොරොව්වැව ඉස්මත්තෙක තිබී සොයා ගනු ලැබීය. උස අඩි 12යි. වයස 56ක් පමණ වන මෙම දළ ඇතා මියයන්නට ආසන්න කාලයේ එක ඇසක් සම්පූර්ණයෙන්ම නොපෙනුණ අතර අනෙක් ඇසේ ද පෙනීම දූර්වලව තිබිණි. මෙගාරගෙනාල්ලාගම, නිකවැව ප්‍රදේශයේදී පසුගිය විසිදෙවැනි දින මෙම ඇතාගේ ඇත් දළ සොයාගෙන තිබුණි. පෙරේදා (28) දින නිකවැව, තිබීමෙබදුටුවාව ප්‍රදේශයේ ඉඩමක් ද ඩොප්සර් කරමින් සැකකටයුතු ස්ථාන තුනක කැනීම් ද කරමින් මෙම ඇතා සෙවූ නිලධාරීන්ට ඊයේ මොරගොල්ලාගම ග්‍රාමසේවා වසමට අයත් හොරොව්වැව ඉස්මත්තේ කැලෑව සෝදිසි කිරීමේදී මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබේ. හේරත්ගම වනසත්ව නියාමක අසේල වික්‍රමරත්න මහතා ඇතුළු තම කණඩායමට දළ පූට්ටුවාගේ මළ සිරුර හඳුනාගෙන තිබුණි. මේ දළ ඇතා මියගොස් ඇත්තේ මීට සති තුනකට පමණ පෙර බව ද ඇතාට වෙඩි තබා මරා දැමුවේ ද ස්වාභාවිකව සිදුවූ මරණයක් ද යන්න අද (30) පවත්වන පශ්වාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කරගත හැකි වනු ඇතැයි පැවසේ. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇත් දළ දෙක "ගල්ගමුවේ දළ පූට්ටුවා” බවට තහවුරුවී තිබේ.  ඇතාගේ දියවී ගිය සිරුර මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පවතී.
පේනවා නේද මේ රටට වෙන වින්නැහිය? ස්වභාවික අපදා, රිය අනතුරු, මිනී මැරුම්. කාලකන්නි පව් වැඩ කරනකොට තමන් විතරක් නෙවෙයි පවුල් පිටින් හැඳි ගැවිලා යනවා. ජීවත් වෙවී මැරෙනවා! ආත්ම ගානක් පටිසන් දෙනවා.
45
POSITIVE
ncpp_train_39299
මුන්දලම ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි දාහත් හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ලදු කැලෑවකට රැගෙන ගොස් දූෂණය කර ඇයගේ කරාබු ජෝඩුව ගලවාගෙන ගිය බව කියන තරුණයකු අත්අඩංගුවට ගැනීමට මුන්දලම පොලීසිය පරීක්ෂණ පවත්වයි. පුත්තලම නගරයට පෙරේදා (25) ගොස් පෙම්වතා බව කියන තරුණයා මුණගැසී ඇති ඇය බස් රථයකින් පැමිණ මුන්දලමෙන් බැස පා ගමනින් නිවෙස බලා යමින් සිට ඇතැයි පොලිසිය පවසයි. එම අවස්ථාවේ දී පැමිණි නාඳුනන තරුණයකු සිසුවිය කැලෑ ප්‍රදේශයකට ඇදගෙන ගොස් දූෂණය කිරීමෙන් අනතුරුව ඇයගේ කරාබු ජෝඩුව ගලවාගෙන පලාගොස් ඇතැයිද පොලිසිය කියයි. සිසුවිය පසුව මේ බව ඇයගේ මවට පවසා ඇතැයි ද පොලිසියේ ඉහළ නිලධාරියෙක් කීවේය. මව දියණිය ද කැටුව මුන්දලම පොලීසියට පැමිණ මේ ගැන පැමිණිලි කර ඇත. සිසුවිය තමාට සිදු වූ දේ ගැන පොලිසියට හෙළි කිරීමෙන් අනතුරුව ඇය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා රෝහල් ගත කළ බවද පොලිසිය සඳහන් කරයි. මුන්දලම පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 
එන්න පින්වතුනි, ලස්සනට තලෙට කියමු "නමො දස්ස් බගවතො අරහතො"
-97
NEGATIVE
ncpp_train_39300
මේ සමග පළවන්නේ පෙරේදා විවාහ දිවියට පිවිසි රංගන ශිල්පිණී දිනක්ෂි ප්‍රියසාද් සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඊයේ තැබූ සටහනකි.
මල හැත්ත අපිට වෙන වැඩ නැතුවට
16
POSITIVE