id
stringlengths
15
16
news_content
stringlengths
61
30k
comment
stringlengths
7
989
likes
int64
-389
2.24k
labels
stringclasses
2 values
ncpp_train_39001
ඔස්ට්‍රෙලියානු ජාතික කාන්තාවක නිවසක් තුළදී ලිංගික අපයෝජනයකට ලක්කිරීම සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව වසරකට ආසන්න කාලයක් පැවති නඩුවේ තීන්දුව අද(28) සිඩ්නි නුවර ඩව්නං සෙන්ටර් දිසා අධිකරණයේදී විනිසුරු සාරා හගෙට් ප්‍රකාශයට පත්කළ අතර ධනුෂ්ක ගුණතිලක සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළාය.ඇයගේ පැහැදිලි කිරීම අනුව මෙය බලහත්කාර අපයෝජනයක් ලෙස නම් කළ නොහැකි බවටත් සංසර්ගය පුරුෂයාගේ හා ස්ත්‍රියගේ කැමැත්ත මත සිද්ධවී තිබියදී කොන්ඩමයක් ඉවත් කිරීම හෝ නොකිරීම ගැන ප්‍රශ්නයක් බවට නඩු විභාගය ලඝුවූ බවත් පවසා තිබේ. ඒ අනුව “එම සංසර්ගය අඛණ්ඩව පැවති නිසා විත්තිකරුට සංසර්ගයේදී කොන්ඩමය ඉවත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව සාක්ෂිවලින් තහවුරු වෙනවා,” විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියාය.මෙම නඩු විභාගයේ අවසන් කොටස පසුගිය සතියේ දින 4 ක් තිස්සේ විභාගවූ පසු 28 (අද) තීන්දුව ලබාදෙන බව දන්වා තිබුණි. ‘ලිංගික අපචාරයක් සිදු කළ බවට ශ්‍රී ලාංකික ජාත්‍යන්තර පිතිකරු වරදකරු නොවන බව ප්‍රකාශ කළ හැකියි.‘විනිසුරු සාරා හගෙට් 32 හැවිරිදි ඔහු නිදොස් කොට නිදහස් කරමින් බ්‍රහස්පතින්දා සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේදී තීන්දුව  ලබාදුන්නාය.වින්දිත කාන්තාව, හිතාමතා බොරු සාක්ෂි ලබා නොදුන් නමුත් ක්‍රිකට් ක්‍රීඩකයාට අවාසිදායක ලෙස කරුනු ගොනු කිරීමේ ආශාවෙන් පෙළඹුණු බුද්ධිමත් සාක්ෂිකරුවෙකු බවද විනිසුරුවරිය පැවසුවාය.“පැමිණිල්ලට අදාළ සාක්ෂි පැමිණිලිකරුට සහාය නොදක්වන බව මට පෙනී යයි. ඒ වෙනුවට එය ඇගේ සාක්ෂිවල විශ්වසනීයත්වය අඩපණ කරයි, ”ඇය පැවසුවාය. ඇයගේ තට්ටම් වලට පහර දීම, බලහත්කාරයෙන් සිප ගැනීම සහ ඇගේ තොල් තැලීම, ලිංගික සංසර්ගයේදී ඇයව හුස්ම හිර කිරීම වැනි විවිධ ආක්‍රමණශීලී සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කාන්තාව ඔහුට චෝදනා කර තිබුනි. සිඩ්නි පොලිසිය විසින් ඉකුත් වසරේ නොවැම්බර් මස හයවන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුළ දී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවේ ය.සිඩ්නිහි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටි ධනුෂ්ක ගුණතිලක ඉකුත් නොවැම්බර් මස 17 වෙනිදා දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවේ ලංකාවට ඒමද තහනම් කරමිනි.ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව නැගෙනහිර සිඩ්නි නුවර පිහිටි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේ දී එරට රජයේ නීතිඥයින් විසින් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලකර තිබූ ලිංගික අපයෝජන චෝදනා හතරෙන් චෝදනා තුනක් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදී.එසේ වුව ද, කාන්තාවගේ කැමැත්තකින් තොරව අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක නිරතවීම සම්බන්ධයෙන් චෝදනාවක් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබුණි.එම චෝදනාවට ඔහු නිවැරදිකරු බව ධනුෂ්ක ගුණතිලක ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ කර අද දින අවසන් විය.නීතීඥ මුරුගන් තංගරාජ් ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටියේය.නඩු විභාගය නිසා ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හෝ ඔහුගේ උපන් රට වන ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වූ නමුත් මෙම තීන්දුවත් සමග ඔහුට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව සැලසෙනු ඇත.මෙම නඩු විභාගයේ නීතීඥයින්ට හා වසරකට ආසන්න කාලයක් ධනුෂ්කගේ සිඩ්නි රැඳී සිටීම වෙනුවෙන් සියලු ගාස්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරනු ලැබීය.
කෙල්ලත් දගමල්ල ලොල් රෑ බුදියන්න කොල්ලත් රට ගියේ පිත්තෙන් වැඩගන්න කොපුවත් බිමවැටී පන්දුව උඩයන්න පහරත් ෆයින්ලෙග් හරහා බලපන්න
36
POSITIVE
ncpp_train_39002
පසුගියදා කොටහේනේ නිවසකදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ ආශා ෆාජී නොහොත් කුඩු චුටි නමැත්තිය ගැන කියැවෙද්දී දැනට ඩුබායිහි අත්අඩංගුවේ පසුවන කංජිපාන ඉම්රාන්ගේ නම කියැවිණි. ඇය ඔහුගේ අනියම් බිරිඳක ලෙස සිටි බවට මාධ්‍ය වාර්තා පළ විය.  අශා ෆාජි යනු පාතාල කුඩු ප්‍රබලයෙකුවූ මාළිගාවත්තේ ෆාජිගේ බිරිඳය. ෆාජි මියගිය පසු එම ව්‍යාපාර අතට ගත්තේ ඇය බව කියැවේ. ඇය සැමියා සිටියදීත් සැමියා මළ පසුත් විවිධ පුද්ගලයින් සමග අනියම් ඇසුරුකම් පවත්වා ඇත. කෙසේ වෙතත් කංජිපාන ඉම්රාන් හා ඇය අතර සම්බන්ධයක් තිබූ බව පාතාල සබඳතා ගැන පොලිස් විමර්ශන අනුව වාර්තාවී නැත. කංජිපාන ඉම්රාන් යනුවෙන් හඳුන්වන මොහොමඩ් ඉම්රාන් යනු මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පල්ලිය අසල කැඳ විකිණූ කොල්ලෙකි. ඔහු වැඩිදුර අධ්‍යාපනයක් ලබා තිබුණේද නැත. කැඳ විකිණු කොල්ලාට කවුරුත් කංජිපාතා (කැදයා) යැයි පවසා තිබේ. කැඳ විකුණන අතර ෆාජිලා සමග එක්ව කුඩු ජාවාරම කරන්නට පටන්ගත් ඉම්රාන් පසුව එම ක්ෂෙත්‍රයේ ප්‍රකට විය. ඉම්රාන්, රිති රිතෝෂා සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නේ ඔහු දුප්පත්ව සිටියදීමය. රිති යහමින් මුදල්හදල් තිබූ පවුලක තරුණියකි. එහෙත් ඇය 15 වන වියේදීම ඉම්රාන් විවාහ කරගත්තාය. ෆාජිලා සමග කුඩු ජාවාරමේ නිරත වීමෙන් පසු යහමින් මුදල් ඉපයූ ඔහු ඇය සමග වෙනම නිවසකට පදිංචියට ගියේය. මාළිගාවත්ත පාතාලයේ ප්‍රබලයින්ගේ සටන් වලින් පසුව ඇතිවූ ජීවිත තර්ජනය නිසා කංජීපාන් ලංකාවෙන් පලා යන්තේ 2009න් පසුය. අයුබ්බාත්, කුඩු නුර්, ආනමාලු ඉමිටියාස්, ෆාජි, මාමස්මි, මංජල් අකුම් වැනි මාළිගාවත්ත පාතාලයේ කෙරුමෝ සියලු දෙනා එකිනෙකා අතර වූ බෙදීම නිසාත් පොලිසියේ මර්දනයත් නිසා ජීවිතය ගැන කංජිපාන ඉම්රාන්ට අනතුරක් දැනිණි. ඔහු බිරිය හා දරුවා ලංකාවේ සිටියදී ඩුබායි ගියේ තත්වය මග හැරෙනතුරුය. නමුත් ඔහු පසුව ඇයව සම්පුර්ණයෙන්ම අත්හැර දැමුවේ ඇයට වෙනත් සම්බන්ධකම් ඇති බව ආරංචි වීමෙනි.  ඇය ඔහුට දික්කසාදය දීමද ප්‍රතිෂ්ප කළ නිසා ඉම්රාන් ඇය සමඟ වෛරයෙන් පසුවූ අතර  කුඩු කෝටිපතියෙකුවූ මංජල් අක්‍රම් නමැත්තෙකු නීත්‍යනුකූල බිරිඳ සමග සබඳකමක් ඇති කරගත්තේය. මංජල් අක්‍රම් පාතාල ගැටුමකින් මරු දකින්නේ පසුවයි. එයට කංජිපාන සම්බන්ධදැයි පැහැදිලි නැත. මංජල් මියගිය පසු  දේපළ සියල්ල අයත් වූයේ ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ වූ දුසරාටය. ඒ දේපළද අත්පත් කරගත් ඉන් සිය පුතාද දුසරාද මංජල්ගෙන් උපන් දරුවාද දෙදෙනාම ඩුබායිවලට ගෙන්වා ගන්නට කංජිපානි කටයුුතු කලේය. එහිදී ඔවුන්ට තචත් දරුවෙකු ලැබිණ. ඒ දරුවාගේ දැන් වයස අවුරුදු දෙකක් පමණ වේ. දුසරා සමග නව ජීවිතයක් ඇරඹූ පසු කංජිපානි ඉම්රාන්ගේ විවාහක බිරිය දික්කසාදය දීම මුලුමනින් ප්‍රතික්ෂෙප කර තිබී ඇති අතරම දුසරාගේ ලංකාවේ ඥාතීන්ට තර්ජනය කළ බවද කියැවේ. එහි පලිගැනීමක් ලෙස තම විවාහක බිරිය වු රිති රිතෝෂාට පසුගිය වසරේ අගෝස්තු 26 වෙනිදා මාළිගාවත්ත ලොන්ඩරිය අසල ඇගේ නිවසේ සිටියදීම වෙඩි තබා ඝාතනය කරවන්නට කංජිපානි ඉම්රාන් කටයුතු කලේය. ඒ සඳහා යොදවා ගත්තේ තම මුස්ලිම් පාතාලයේ සගයන් වූ අළුම් හා ෆයිසර් නමැති පාතාල සාමාජිකයන් දෙදෙනෙකි. එම සැකකරුවන් දෙදෙනාද පසුගියදා ඩුබායිදී අත්අඩංගුවට පත් පිරිස සමග සිටි බවට දැන් හෙළිදරව් වී තිබේ. ඩුබායි සිටියදී කංජිපාන ඉම්රාන් විසින් සිදුකළ බව කියන අපරාධ රැසකි. ඔහු එරටදී හැසිරුනේ පාතාල බුද්ධි නායකයෙකු පරිද්දෙනි. ඔහුගේ සන්නද්ධ අංශය බාරව සිටියේ මදුෂ්ය. මදුෂ් මෙවැනි තත්වයක් වෙත ඇදදැමුවේද කංජිපාන ඉම්රාන්ය. වැඩක් දුන්නොත් හරියට කරන කොල්ලෙක් ලෙස මදුෂ් ගැන තම මුස්ලිම් පාතාල නායකයින්ගෙන් ලැබුණ ආරංචි අනුව කුරුණෑගල ඒරියා බාරව කුඩු විකුණමින් සුළුපරිමාණ වැඩ කරමින්  සිටි  මදුෂ් ඩුබායි වෙත ගෙන්වා ගත්තේ ඔහුය. පුද්ගලික හේතු මත මිනීමැරුම් කිහිපයක් කර ලංකාවේ විසීම අවදානමක් පැවතීම නිසාද මධුෂ්ගේ පැත්තෙන් එවැනි ගමනකට හේතු මතුකර තිබුණි. මෙරට සිටින පාතාල ක්‍රියාකාරීන් සම්බන්ධ කරගනිමින් කුඩු ජාවාරම කරගෙන ගියත් ඉම්රාන් යනු වැඩකාරයෙක් නොවේ යන්න ඔහු වටා සිටි අයගේ අදහසයි.ඔහු දක්ෂ වූයේ තමන්ට අවශ්‍ය දේ අනුන් ලවා කරවා ගැනීමට බවද කියැවිණි. වඩාත් පැහැදිලිව හඳුනාගැනීමේදී ඉම්රාන්ට මෙතරම් බලයක් ලැබෙන්නේ ඔහු ජාත්‍යන්තර මුස්ලිම් කුඩු පාතාලය සමග දැක්වූ සම්බන්ධතා නිසාය. මදුෂ්ලා කෙතරම් වැඩ කාරයන් වුවත් එවැනි සබඳතා ගොඩනගාගෙන නොතිබිණි. ඉම්රාත් තමන්ගේ කුඩු ගනුදෙනුවලදී මුදල් ලබානොදුන් අයට පිළිතුරු දුන්නේ වෙඩි තබා ඝාතනය කිරිමෙන් බව අවස්ථා ගණනාවකදී තහවුරු කර තිබේ. ඇන්ටනි රාජ් ඝාතනයද එවැනිම කරුණක් පදනම් කරගෙන සිදුවූ බවට සැක කෙරේ. ඔහු සාතනය වෙන්නේ 2018 මාර්තු 19 වැනිදා ආමර් වීදීයේදීය. එයට ඔහු යතුරුපැදිකරු ලෙස  පලනි නමැත්තා යොදාගත් අතර වෙඩික්කරු සපයා තිබුණේ මධූෂ්ය. එම වසරේම මාර්තු 27 වැනි දා මොහොමඩ් නිරාස් වෙඩිතබා ඝාතනය කෙරුණේ මාලිගාවත්ත අලාමා ඉක්බාල් මාර්ගයේදීය. ඉම්රාන්ගේ කුඩු ජාවාරමේ ප්‍රබලයෙකු ගැන ඔත්තු දුන්නැයි එළිසබත් ගීතා පෙරේරා හා ඇගේ සැමියා 2018 ජුලි 09 වැනිදා ඝාතනය කරවූයේය. මදුෂ් මෙහෙයවූ කොස් මල්ලි ඝාතනයට මග සැදුනේ කංජීපාන් ඉම්රාන්ගේ උවමනාවකි. තම මිතුරාවූ මොහොමඩ් රිස්වාන් අලුත්කඩේදී කොස් මල්ලී විසින් ඝාතනය කිරීමට පිළිතුරු ලෙස එය කර තිබුනි. කංජීපාන ඉම්රාන් ඩුබායිහි මදුෂ්ව රඳවාගෙන තබාගෙන සිටින ආකාරයටම තවත් අයෙකු රඳවා තබාගෙන තිබේ ඔහු අහුන්ගල්ලේ බුද්ධ ය.  ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ සියාම්, ෆාත් පයිසර්, අජිනි, ආවි, ඉටු වැනි ඉම්රාගේ බොහෝමයක් ගෝලයන් ඩුබායිවලට ගෙන්වාගෙන තිබුණේ ඔහුය. මෙරට සිටියහොත් සිරබත් කන්නට වන හෙයිනි.  කංජිපාන ඉම්රාන් පසුගිය කාලයේ මෙරට දී සිය සහචරයන් යොදවා දිනකට හෙරොයින් කිලෝග්‍රෑමයක් පමණ විකුණමින් එක් දිනකදී කෝටි ගණනින් මුදල් ඉපැයූ අයෙකි, ප්‍රධාන ලෙසම මන්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන කංජීපාන ඉම්රාන් ඉන්දියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල ජාවාරම්කරුවන් සමගද සබදතා ගොඩනගාගෙන මෙරට තුළ මන්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙහෙයවමින් සිටියේය. ඔහුට පාකිස්තානයේ 'කුඩු රජා ලෙස සැලැකෙන ඉන්දියාවේ මුම්බායි ප්‍රහාරයට ද අත්‍යවශ්‍ය අපරාධකාරයෙක් වන  ඩුබායිහි වෙසෙන ඉබ්‍රාහිම් ඩාවුඩ් සමගද සබදතා ඇති බව වාර්තා තිබේ. අනුව දශකයේ මුල් භාගයේදී හිටපු නාගරික මන්ත්‍රීවරයකු වූ ඉමිටියාස් හරහා කුඩු නූර් වැන්නන්ගෙන් ආරම්භ වූ මෙරට මුස්ලිම් පාතාලයේ තිඹිරිගෙය වන මාලිගාවත්තේ ශ්‍රී සද්ධර්ම මාවතේ ඉපදුණ කංජිපාන ඉම්රාන්  ජුම්මා මස්ජිඩ් මාර්ගයේ විසු ෆාජිගේ කල්ලියට එක්වී අනතුරුව ඉම්රාන් එම කල්ලියේ ප්‍රබලයන් වූ මාමස්මින්, ටෝජි, බයියා, මංජල් අක්‍රම් වැන්නන්ට ආවතේව කරමින් මේ දක්වා පැමිණියේය. ඩුබායි හිරගෙදර සිට ඔහු ලංකාවේ ගෝලයින්ට ඇමතුම් දෙමින් පවසන්නේ තමා තව ටික දිනකින් නිදහස් වන බවත් එතෙක් සැඟවී ඉවසන ලෙසත්ය. ඔහු ඇතුළු පිරිස තවමත් කල්පනා කරන්නේ ඩුබායිහිදී හසුවීම තාවකාලික පසුබැසීමක් ලෙස පමණි.
අඩේ බලපල්ලාකෝ මහ ලොකු සද්ධාවන්ත තම්බි පාතාල ලොක්කොන්ගේ කෙරුවාව.... ලංකාවටම කුඩු හා වෙනත් නීතිවිරෝධි වැඩ පස්සේ ඉන්නේ තම්බි වෙළෙන්දෝ..... අනික බලපල්ලාකෝ මුහුණ විතරක් නෙමෙයි මුලු ඇගම පොරවගෙන හිටියාට තම්බි ගෑණු පිට නැව් වල නැගලා මුහුදේ යනවානේ......ගොසිපෝ.. මහ ලොකුවට සිංහල අපිට ලොරි ටෝක්ස් දුන්න ගොන් ඌරු තබ්බි නානාලා ඉන්නවානම් මේක උන්ගේ දැන ගැනීම සදහා පලකරන්න.....
28
POSITIVE
ncpp_train_39003
රිලායන්ස් සමූහයේ සභාපති මුකේෂ් අම්බානී අභිබවා අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඉන්දියාවේත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන අන්දමට,  ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට කැපී පෙනෙන ලෙස වර්ධනය වීම විශේෂත්වයකි. එතැන් සිට ගත වූ මාස විස්සක කාලය තුළ ගෞතම් අදානින්ගේ වත්කම් ඩොලර් බිලියන 83.89කින් ඉහළ ගොස් ඇති බව ද පැවැසෙයි.මුකේෂ් අම්බානිගේ වත්කම්ද එම කාලය තුළ සියයට 250කින් ඉහළ ගිය ද සෞදි ‘ඇරැම්කෝ ' ඛනිජ තෙල් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම අත්හැරිමත් සමඟ රිලායන්ස් සමූහය' පසු බෑමකට ලක් විය.  එහිදී අදානි සමූහයේ කොටස් වැඩි මිලකට ඉන්දියානු කොටස් වෙළෙඳපොළේ හුවමාරු වූ අතර, අදානි පෝට්ස්' කොටස් මිලද සියයට පහකින් ඉහළ ගිය බව පැවැසෙයි. කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන්නේ ද අදානි පෝට්ස්” සමාගමය.-
දැන් තමන්ගේ අලුත උපන් දෝනිට අදානි කියලා නම දාන කස්ටිය මේ පැත්තට
3
POSITIVE
ncpp_train_39004
අන්තවාදය පරාජය කිරීමට සහ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබා දෙන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට දැනුම් දී ඇත. මෙම සාකච්ඡාව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු යුද හමුදාපතිවරුන් වන ජගත් ජයසූරිය සහ දයා රත්නායක, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ඇතුළු පිරිසක් එක්ව ඇත. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දින 02ක් තුළ අදාළ වාර්තාව විපක්ෂ නායකවරයා වෙත ලබාදීමට කටයුතු කරන බවයි. හිටපු ආරක්ෂක ප‍්‍රධානීන් සකස් කරන අදාළ වාර්තාව ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව පවසා ඇත.
ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉන්න මුස්ලිම් ජනගහනය ඒ ප්‍රතිශතය ද?
10
POSITIVE
ncpp_train_39005
මේ වනවිට පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් අවශ්‍ය වීම නිසා විකල්ප ක්‍රම කරාද ඇතැමුන් යන අතර පැරණි ගමන් ක්‍රමයක් වන අසුපිටයාම ආරම්භවී ඇත.එක් සිදුවීමක් වාර්තාවන්නේ කිරිබත්ගොඩිනි. තරුණයෙකු කිරිබත්ගොඩදී අසු පිටින් ගමනක් යන අයුරු වීඩියෝව පහතින් ඔහු ගමන් කරන පාරේ තෙල් නැතිව වාහන පෝලිම් තිබෙන අයුරුද පෙන්නුම් කරයි. video below
ලයිසන් ඉන්සුවරන්ස් ඕනැ නැද්ද?
40
POSITIVE
ncpp_train_39006
ප්‍රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක් පසුගියදා ප්‍රකාශයට පත්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ කෘතියේදී විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලියා තිබුණ ආකාරයට ප්‍රභාකරන්ගේ ඝාතනය ඔහුගේ සේනාංකයක් මගින් සිදු කරන ලද බව දක්වා විස්තර කර තිබුණි. නමුත් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා පවසා තිබුනේ ප්‍රභාකරන් ඝාතනය සිදු කළේ ඔහුගේ සෘජු මෙහෙයවීම මත 8 වැනි කාර්ය සාධක බළකායේ සේනාංකාධිපති කර්නල් ජී.වී. රවිප්‍රිය බවයි. ඒ ගැන මින් පෙර කළ විමසීමකදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සාකච්ඡාවකදී පවසා ඇත්තේ කර්නල් ජී.වී. රවිප්‍රියගේ පිරිස එය කළ බව ඇත්තක් වුවත් ඔහු සිටියේ තමා යටතේ බවයි. ඒ අනුව යුද ජයග්‍රහණයේ පියවරු අතර පහළම පුරුක ගැන අලුත් සංවාදයක් නිර්මාණය වී තිබේ. ලංකාදීප පුවත්පතට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ කියා ඇත. ‘කමල් ගුණරත්න කියන්නේ යුද්ධයේදී ක්‍රියාත්මක වුණ සේනාංක 15 කින් විතර එතැනට අණදුන්න කෙනෙක්. මුල ඉදල එයාගෙ සේනාංකය ස්ථානගත කරල තිබුනෙ මුහමාලෙ ආරක්ෂක වළල්ලෙ.මමයි ඒක ප්‍රහාරක මෙහෙයුම් වලට ඉදිරියට ගත්තෙ.එයාට විරුද්ධව විනය ප්‍රශ්නයක් තිබුණා.ඒක තාවකාලිකව අමතක කරල තමයි එයාට මං සේනාංකයක් භාර දුන්නෙ. එයාට දුන්න සේනාංකය ජනවාරි ඉදල මාර්තු වෙනකං මෙහෙයවුවා.ඊට පස්සෙ ඒකෙ බලසේනා තුනෙන් දෙකක් ගලවලා අරගෙන කර්නල් රවිප්‍රිය යටතේ කාර්ය සාධක බලකායක් හැදුවා.ඒ කාර්ය සාධක බලකාය තමයි ප්‍රභාකරන්ට පහරදීමට ක්‍රියාත්මක වුනේ.ඒක කලෙත් මගෙ උපදෙස් මත මිසක් ඔය පොත ලියපු කෙනාට ඕන විදිහට නෙමෙයි. ප්‍රභාකරන්ගෙ පිරිසට පහරදීලා ප්‍රභාකරන්ගෙ මළමිනිය සොයාගැනීම ඇතුළු සියල්ල සම්බන්ධීකරණය කරල අණදීම කලේ කර්නල් රව්ප්‍රියගෙ කාර්ය සාධක බලකා අට. ඔය පොතේ හමුදාපති පාච්චල් කරන්න උත්සාහ අරගෙන තියෙනවා.ඒක එළිදක්වපු වෙලාවෙ ආරාධිතයො විදිහට ඇවිත් ඉදපු අයගෙන් අපට හිතාගන්න පුළුවන් කාගෙද සැලසුම කාගෙ අවශ්‍යතාවයද මේ ඉටුවුනේ කියලා‘ මේජර් ජෙනරාල් කමල් ගුණරත්නද කර්නල් රවිප්‍රියගේ කාර්යය පැහැදිලි කර ඇත. පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සංකච්ඡාවකදී ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ කියා ඇත. වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාංක, බළසේනා, කාර්ය සාධක බළකා හා රෙජිමේන්තු රැසක් තිබුණා. ඒ අතරින් ප්‍රභාකරන් ඝාතනය කළ 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව අයත් වූයේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ අණදුන් 681 වැනි බළසේනාවටයි. එය අයත් වූයේ කර්නල් ජී.වී. රවිප්‍රිය අණදුන් 8 වැනි කාර්ය සාධක බළකායටයි. එසේ නම් ප්‍රභාකරන් මැරුවේ ඔබ අණ දුන් 53 වැනි සේනාංකය කියලා කියන්නේ කොහොමද? මෙතැනදී බොහෝ දෙනෙක් පටලවා ගත්තු කාරණාවක් තිබෙනවා. අනෙකුත් කාර්ය සාධක බළකා වගේ නොවේ 8 වැනි කාර්ය සාධක බළකාය. ස්වාධීන ඒකකයක් ලෙස තිබුණේ නෑ. මුලතිව් ප්‍රහාරයෙන් පසු ඉතිරි වූ රෙජිමේන්තු එකතු කරලා තමයි 8 වැනි කාර්ය සාධක බළකාය ස්ථාපිත කළේ. එහි සේනාංකාධිපති ලෙස කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් ජී.වී. රවිප්‍රියත් 681 බළසේනාධිපතිවරයා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ හා 682 බළසේනාධිපති ලෙස සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් සුභාෂණ වැලිකල පත්කරන ලෙස මා යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලුවා. ඔහු ඊට එකඟතාව පළ කළා. 8 වැනි කාර්ය සාධක බළකාය තිබුණේ 53 වැනි සේනාංකය යටතේ මිසක් ස්වාධීන සේනාංකයක් ලෙස නොවේ. ඊටත් අණ දුන්නේ මමයි. (රණ මග ඔස්සේ නන්දිකඩාල් පොත එළිදුටු අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ) Pix By- Suren Abeysundara
ටිපිකල් ගොබ්බ ටෝඉයෙක් උබේ බුද්ධිය ගැන දුකයි මොකද උබ ලංකාවේ එකක් නේ
9
POSITIVE
ncpp_train_39007
මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසිය. වාහන අලෙවි අංගනවල ලියාපදිංචි නොකළ වාහන 3000ක් වත් නොමැති බවද පීරිස් මහතා සඳහන් කළේය. ඇතැම් වාහන අංගනවල වාහන දෙක තුන වශයෙන් පමණක් ඉතිරිව ඇති බවත් ඉල්ලුම අනුව සැපයුම නොමැතිවීම හේතුවෙන් එම වාහන සඳහා සම්මත මිලක් නොමැති බවත් ඔහු කීය.  ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයෝටා පැසෝ, ටොයෝටා විට්ස්, ටොයෝටා සී.එච්.ආර්. ටොයෝටා වෙසල්, ටොයෙටා ප්‍රේස් රථ වෙළෙඳපොළේ උග්‍ර හිගයක් පවතින බවද පීරිස් මහතා පැවසීය. ටොයෝටා ඇක්සියෝ, ටොයෝටා ප්‍රිමියෝ,  ටොයෝටා රයිස් ආදී මෝටර් රථ කිහිපයක් පමණක් වාහන අංගන තුළ පවතින බවත් එම වාහන මිලද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් ඔහු කීය. ඒ අනුව ටොයෝටා ඇක්සියෝ රථයක් රුපියල් ලක්ෂ 79කට වඩා වැඩි මුදලකටත්,  ටොයෝටා ප්‍රිමියෝ රථයක් රුපියල් ලක්ෂ 100 කට වැඩි මිලකටත්, ටොයෝටා රයිස් රථයක් රුපියල් ලක්ෂ 80 කට වැඩි මිලකට අලෙවි වන බවද ඔහු සඳහන් කළේය. මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර නොදීම හේතුවෙන් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිව හා බැංකු ණය ගෙවීමට නොහැකිව වාහන අලෙවිකරුවන් විශාල මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයිද ඔහු පැවසීය.  මේ හේතුවෙන් වාහන අලෙවිසැල් විශාල සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයිද පැවසූ හෙතෙම මේ සම්බන්ධයෙන් රජයෙන් සහනයක් බලාපොරොත්තු වන්නේ යැයිද කීවේය. මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර දුන්නත් වාහන ගෙන්වා ගැනීම සඳහා තවත් මාස තුනක පමණ කාලයන්වත් ගතවනු ඇතැයිද ඔහු කීය.  මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ලියාපදිංචි කළත් වාහන මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳම්පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.  කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ආනයනය කිරීම ඉකුත් මාර්තු 19 වැනිදා සිට අත්හිටුවීමට රජය පියවර ගත්තේය. -නිමල කොඩිතුවක්කු-
රටේ ජනගහණයෙන් සීමිත පිරිසකට බලපාන ප්‍රශ්ණයක් මේක. මේ වාහන ගෙන්නන උන් හරියට මවලා පෙන්නන්නේ, රටේ මිනිස්සුන්ට වාහන නැත්තම් මහ මග මැරෙයි කියලා වගේ. රටේ බහුතරයකට හතේ හත වැදිලා ඉන්නේ. ලක්ෂ 10 විතර ආදායම් මාර්ග නැතිවෙලා ඉන්නේ. වේල ගැට ගහ ගන්නේ බොහොම අමාරුවෙන්. සල්ලි ටිකක් හරි තියෙන මනුස්සයෙක්ට කන්න පොල් ගෙඩියක් හොයා ගන්න නෑ. රටේ උග්‍ර වාහන හිඟයක්ලු. බම්බුව තමා.
223
POSITIVE
ncpp_train_39008
සජීවී ලෙස ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙමින් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැර මුදල් ඉපයූවා යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණියක අද (27) දක්වා රක්ෂිත ඛන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (26) නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අරුක්ගොඩ, අලුබෝමුල්ල පදිංචි මාරසිංහලාගේ සජිනි ඉමල්කා මධුවන්ති නමැති විසිඅට හැවිරිදි තරුණියකි. පොලිස්පති නියමයෙන් මෙම සිද්ධියට අදාළව විමර්ශන ආරම්භ කරමින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.මෙම සැකකාරිය වට්ස්ඇප් ඔස්සේ දැන්වීමක් මගින් පණිවිඩ හුවමාරු කර, වරකට රුපියල් විසිදහසක්, තිස්දහසක් වැනි මුදලකට වේලාවක් වෙන්කර දී සජීවීව ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවත් පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. අන්තර්ජාලය මගින් ගනුදෙනුකරුවන්ට මුදල් බැංකුගත කරන ලෙසට පවසන සැකකාරිය, මුදල් ලැබුණු බවට තහවුරු කරගැනීමෙන් පසු සිය නිරුවත සහ විවිධ ලිංගික ක්‍රියාකාරකම් සජීවීව වීඩියෝ මාර්ගයෙන් පෙන්වා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.මෙම සැකකාරිය වයස අවුරුදු එකහමාරක පමණ කුඩා දැරියකගේ මවක වන අතර සැකකාරිය මේ සියලු වැරදි සිදුකරන්නේ සිය ස්වාමියාගේ අනුදැනුම මත බවට මේ වනවිට කරුණු අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය. මෙම වරද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ මෙන්ම පරිගණක පනත ප්‍රකාරව වැරැදි බැවින් සැකකාරිය රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙසට එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය අද (27) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.නිමන්ති රණසිංහ
ස්වයං රැකියාවක් වත් කරන්න දෙන්නේ නැති හැටි. :p
90
POSITIVE
ncpp_train_39009
අද නුගේගොඩ පැවැත්වෙන පෙරළියක ඇරඹුුම ඒකාබද්ධ විපක්ෂ විරෝධතා රැළියේ වේදිකාවේ තුන්වන පේළියේ අසුන්ගෙන සිටින්නේ විමල්ගේ බිරිය ශෂී වීරවංශ සහ විමල්ගේ දියණියයි. මෙවර රැළියට විමල්ට පැමිණෙන්නට නොහැකිවී ඇත්තේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින නිසාය. කෙසේ වෙතත් රැළිය අවසානය කිට්ටුව විමල්ගේ කතාවක වීඩියෝවක් තිරය මත විකාශය කරන්නටද අද කටයුතු යොදා ඇතැයි වාර්තා විය. එම කතාව ඔහු පසුගියදා බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ පටිගත කර තිබුණකි.
තාත්තා කෝටිපතියෙක් වුනේ O/L කරලයැයි නේද.
186
POSITIVE
ncpp_train_39010
Update: Nov1 -11am.ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතනය තහනම් නල්ලතන්නිය පීක්ෆීල්ඩ් වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා ඇති බව අද (1) වාර්තා විය. ඊයේ (31) වතුයායේ නිරික්ෂණ චාරිකාවක නිරත වු මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින්මෙම තීරණයට එළැඹ ඇත.------------Update: Oct31 -2pm.ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය කර හරින ලද ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතනයක් ඉදිකරන්නට යන සංසිද්ධිය මේ වනවිට බොහෝ දුරදිග ගොස් තිබේ. මෙම කතාව ජාතිවාදය,දේශපාලන විරෝධය හා පාරිසරික ප්‍රශ්න වැනි විවිධ කාරණා අවුස්සන සුළු මාතෘකාවක් බවට පත්ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේටද මාධ්‍ය ඉදිරියේ පිළිතුරු සපයන්නට කරුණු යෙදුණා. ශ්‍රී පාදයට ආසන්නයේ බැසිල් රාජපක්ෂට අයත් ඉඩමක් අරාබි ජාතිකයින් පිරිසකට හෝටලයක් ඉදිකිරීම පිණිස විකුණා ඇති බවත් ඒ කටයුත්තට එම අයිතිකරුවන් හෙලිකොප්ටරයකින් එම ඉඩමට පැමිණ සොයා බලා ඇතිය යන්න මෙහි එක් කාරණාවකි. මේ සම්බන්ධ ඇතැම් විශ්වාස කළ හැකි ඡායාරූප කිහිපයක්ද සමාජ ජාලා වලින් සංසරණය වූ අතර ශ්‍රී පාදය ‘ආදම්ස් පීක්‘ නමින් හදුන්වමින් මුස්ලිම් ලබ්ධිකයින්ද වන්දනා මාන කරන බැවින් ඉදිරියේදී එය මුස්ලිම් සිද්ධස්ථානයක් බවට පරිවර්තනය කරගන්නා මුල් අවස්ථාව මෙය බව දක්වමින් අනතුරු හගවන්නට සමාජ ජාලා පිටු උත්සාහ ගෙන තිබුණි. මෙම කතාවට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේ පිළිතුර වූයේ මෙම ස්ථානය වන්දනාමාන කිරීම ඕනෑම ආගම් අදහන්නෙකුට හැකි බවත් එය මුල්කරගෙන ගැටලු ඇතිකරගන්නට උවමනා නැති බවත්ය. එසේම උන් වහන්සේ දැනුවත්ව ශ්‍රී පාදයට අයිති ඉඩම් නැති නිසා කොහේවත් හදන හෝටලයකට අයිතිවාසිකම් කියන්නට හෝ විරුද්ධ වන්නට තමන්ට උවමනා නැති බවත් උන්වහන්සේ දන්වා සිටියා. කෙසේ වෙතත් එම රැස්වීමට සහභාගීවූ නිලධාරීන් මෙවැනි ඉදිකිරීමක් සිදු කරන බව තහවුරු කර තිබේ. දැනට වාර්තාවන ආකාරයට ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන නල්ලතන්නි පොලිස් වසමට අයත් ස්ථානයක මෙම සංචාරක නිකේතනය ඉදිකරන්නට සැලසුම් කර ඇත. එය ශ්‍රීපාදය පාමුල පිහිටා ඇති බවට සමාජ ජාලා මගින් විස්තර කර තිබුණත් ගූගල් සිතියම අනුව කළ සොයා බැලීමකදි එම හෝටලය ශ්‍රී පාද මළුවේ සිට කිලෝමිටර් හයක් එපිටින් වු මරේ දියඇල්ල ආසන්නයේ පෞද්ගලික ඉඩමක පිහිටා ඇති බව පෙනී යයි. සංචාරක නිකේතන සදහා අදාළ වන පාරිසරික බලපත්‍රය ලැබේ නම් එම ඉදිකිරීම කවුරුන් කළත් ගැටලු ඇති නොවන අතර මේ සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය මත මධ්‍යම පරිසර අධිකාරිය මේ වනවිට එම ස්ථානය ගැන සෝදිසියකට ගොස් ඇත්තේ එම අවසරය ලබාදිය හැකිද යන්න සොයා බැලීමටය. මෙම ඉඩමේ අයිතිකරු බැසිල් රාජපක්ෂ යයි එක්තරා පිරිසක් පවසද්දී තවත් පිරිසක් පවසන්නේ වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සම්බන්ධයක් මෙම ඉඩමට ඇති බවකි. පසුගියදා බැසිල් රාජපක්ෂගෙන් සෘජුව මාධ්‍ය මේ ගැන විමසූ අවස්ථාවේ ඔහු එය තමන්ට අයිති බව හෝ නැති බව නොකියා ගියේ ප්‍රහේලිකා උත්තරයක් දෙමිනි. අරාබි ජාතිකයින් ඇවිත් සොයා බලා ගිය අවස්ථාවේ ලබාගත් බව කියන ඡායාරූප පහතින්
ඒ වගේම කාටවත්ම නොදැනී හොර රහසේ චීන්නු රටේ සෑහෙන්න සම්පත් ප්‍රමාණයක් උන්ට හිමි කරන් තියෙන්නේ. කරගෙන යන ප්‍රොජෙක්ට්ස්වලින් වැඩි හරියක් උන්ගෙ ණයවලින් කරන්නේ. ණය ගෙවා ගන්න බැරි වෙන තරමට ඒවයෙ අයිතිය උන්ට තමා. දැන් මත්තල එයාර්පෝට් එකයි, හම්බන්තොට වරායයි උන්ගෙ වගේම තමා. ඒ අස්සෙ හම්බන්තොට හෙක්ටයාර් 15,000ක භූමි ප්‍රමාණයක් චීනෙට දෙනවා උන්ගෙ කර්මාන්තපුරයක් හදන්න. උන් එන්නේ යන්න නෙවේ. උතුරෙන් දෙමල්ලු කැඩෙන්න හදනවා. හම්බයො රටම උන්ගෙ කර ගන්න යනවා. ඉන්දියාව උන්ගෙ ප්‍රාන්තයක් කර ගන්න යනවා. චීනෙ උන්ගෙ කොලනියක් කර ගන්න යනවා. එහෙන් ඇමරිකාවටයි යුරෝපයටයි උන්ගෙ රූකඩ සෙල්ලම් කරන මඩුවක් වෙලා. අපේ රට නිකන් දැන් ලාභ ගණිකාවක් ගාණට වැටිලා තියෙන්නේ.
64
POSITIVE
ncpp_train_39011
මේ වනවිට යුරෝපයේ හා බටහිර රටවල ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව විභාග මූලික නොවන ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම්වූ විෂයමාලාවන් පාසල් තුළ ඉගැන්වේ. සිසු දරුවන් ඒ ඒ කටයුතු ප්‍රායෝගිකව යෙදවීම තුළින් ස්වයං හැදෑරීමකට ඉඩ සලසා ඇති අතර පාසල සිදුකරන්නේ මගපෙන්වීමක් පමණි. කෙසේ වෙතත් තවමත් තුන්වන ලෝකයේ රටවල් රැසක සාම්ප්‍රදායික විභාග මූලික විෂයමාලා අධ්‍යාපන ක්‍රමය පවතී.මෙය වෙනස් කිරීමට දකුණු ආසියාවේ වේගයෙන් සංවර්ධනය කරා පියනගන රටක් වන බංග්ලාදේශය කටයුතු කර තිබේ. වත්මන් අධ්‍යයන වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යවරිය දීපු මෝනි මෙම වෙනසට මුලපුරා ඇති අතර ඇය විවිධ සාකච්ඡා සහ විවේචන මධ්‍යයේ හයවන සහ හත්වන ශ්‍රේණිවල විභාග අවලංගු කර ප්‍රායෝගික වැඩ සහිත නව විෂය මාලාව හඳුන්වාදී ඇත. ඇය සඳුදා දින ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා ඇති බව එරට මාධ්‍ය පවසයි.මුල් අදියරේදී වත්මන් අධ්‍යයන වර්ෂයේ හයවන සහ හත්වන පන්ති සඳහා නව විෂයමාලාව හඳුන්වා දී ඇති අතර ඉදිරි වසර කිහිපය තුළ සියලුම ද්විතීයික පන්ති සඳහා එය හඳුන්වා දෙනු ඇත. නව විෂය මාලාව තුළ ප්‍රායෝගික ඉගෙනීම අවධාරණය කර ඇත.කෙසේ වෙතත් විභාග අවලංගු කිරීම තුළින් මෙම අධ්‍යාපන ක්‍රමය තුළ සිසුන් පීඩාවට පත්වන බව මවුපියෝ පවසති. ඔවුන් ඉල්ලා සිටියේ මේ ක්‍රමය අතහැර සාම්ප්‍රදායික ක්‍රමයට නැවත පැමිණෙන ලෙසයි.  (බංග්ලා නිවුස් ඇසුරිනි)
විභාග නැතුව ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් පමණක් අධ්‍යාපනය ලබාදීමට නම් රටේ සියලුම පාසැල් ඒකාකාරී ව නවීකරණය කලයුතුයි. කිසිම සිසුවෙකු ට අසාධාරණයක් නොවිය යුතුයි. එසේ නොකොට විභාග ඉවත්කොට කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් භෞතික සම්පත් අවම පාසැල් වල සිසුන් අතරමං වෙනු ඇත.
17
POSITIVE
ncpp_train_39012
වසර 16 ක් තිස්සේ රහසක්ව පැවති බිඳවැටුණ විවාහය ගැන ලකී ඩයස් මුල්වරට කථා කරයි කවුරුත් දන්නා සම්මානනීය නිළියක සමග විවාහවී සිටි ජනප්‍රිය නළු ලකී ඩයස් මුල්වරට සිය බිඳ වැටුණ විවාහ ජීවිතය ගැන අතීතාවර්ජනයක් සිදු කර තිබේ. එම නිළියට දක්වන ගෞරවයක් හැටියට මේ ගැන සියලු කරුණු තමා මෙපමණ කල් වසන් කර සිටි බව කියා ඇති ඔහු ඇයගේ අනියම් ඇසුර හෙළිවීමෙන් පසු ඇගෙන් ඈත්වූ බවත් පසුව එයින් අවුරුදු 10 කට පසු  2011දී ඇගෙන් දික්කසාදය ලබාගත්තේ ඇයට හානියක් නොවන්නට මාධ්‍යයෙන් පවා ඒ ගැන වසන් කරමින්  බව හෙළි කර තිබේ. පහත පළවන්නේ ඒ විස්තරයයි -------------------------- කෙසේ වෙතත් සංක්ෂිප්තව ඔහුගේ මුලරම්භය සදහන් කළ යුතුය. කෝට්ටේ මුල් ගම් පළාත වන ලකී ඩයස් ගේ පියා වොලී ඩයස් වේ. ඔහු දුම්රිය ඉංජිනේරු වරයකි. ගම්පහ මුල් ගම පළාත කර ගත් ඔහුගේ මව නීටා විවාහයට පෙර ගුරුවරියකි. පවුලේ එකම දරුවා ලෙස ලකී ගේ සියළු දුක සැප උහුලමින් අදටද ඇය තම දරුවා සමග රැදී සිටින්නීය. ඔහුගේ පියා මේ වන විට වියෝවී වසර පහළොවකි. ආනන්ද විද්‍යාලය දෙවන දෙගුරුන් වෙමින් බෙහෙවින් සැපවත් පවුලකට හිමි කම් කියන ලකී ඩයස් ගේ කතාව එතැන් සිට අප ආරම්භ කරන්නෙමු. තරුණ කාලේ ඉදලා කලාවට පැමිණි විදිහ මතක් කරමුද ? මගේ පියාට අවශ්‍ය වුණේ මා නිතිඤයෙක් කරන්න. මේ කට නීතියට යෙදෙවුව නම් මිට වඩා හොද දෙයක් වෙන්නත් තිබුණා.මගේ කුඩා කාලයේ සිටම සුවපහසු ජිවිතයක් මට දෙමව්පියෝ ලබලා දීලා තිබුණා. එත් මාව හැදුවේ දුකටසැපට සියල්ලට ඔරොත්තු දෙන විදියට. කුඩා කළ සිට මගේ මාමාට බෙහෙවින්ම මම සමීපයි. මාමාගේගේ අභාෂය ඒ ඇළුම් කම මට හොදින්ම ලැබුණා. පොඩි කාලේ මගේ ඉදුල් කට ගලා තියෙන්නේ මගේ මාමා.අම්මත් සංගීතයට දක්ෂ කෙනෙක්. ඒ නිසා මමත් සංගීතයට බර වුණා. ඒ නිසාම සංගීතයෙන් ඉදිරියට යනකොට තාත්තා මට බැන්නා හැම වෙලේම ගිටාර් එකක් කරේ තියාගෙන යන එක හරි යන්නේ නැහැ කියලා . ඉන් පසුව ඔහුගේ සමීප මිතුරකු වූ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් හිටපු කතානායකගේ ප්‍රචාරණ ආයතනයක රැකියාවකට මාව අනුයුක්ත කළා. වෙළද දැන්වීම් ලබා දෙන්න ඔය කාලේ රුපවාහිනියට යනවා. ඔහොම යන එන ගමන් දවසක් පරාක්‍රම නිරිඇල්ල මාව දැකලා මට යශෝරාව යට කථා කළා . මෙලෝ දෙයක් නොදැන “බලදේව” වුණේ අන්න එහෙම. එතනින් පස්සේ ඒ වසරේම ජනප්‍රිය නළුවා වුණා දෙවැනි වසරේ ජනප්‍රිය සහ හොදම නළුවා වූණා. එතකොට ඔබ විවාහ වන්නේ කලාවෙන් තැනකට ඇවිල්ලා ද ? ඔව්. කලාවේ සැහෙන දුරක් ඇවිල්ලා. ඔය කාලේ ආදර සබදතා එහෙම තියෙන්න ඇති නේද ? ඔව් විවාහයට පෙර කොල්ල කාලේ සම්බන්දකම් කිහිපයක් තිබ්බා. ඒ කාලේ ආදර අද කාලේ ආදර වලට වඩා සම්පුර්ණයෙන් වෙනස්. සංකර නැති, චපල නැති, සුන්දර ප්‍රේම කතාවල් තමයි . පාසල් ප්‍රේමය පාසල් ජීවිතයෙදිම බොදවුණා. ඊට පසුව හමු වූ පෙම්වතිය සමග ලස්සන ආදරයක් තිබ්බා. නමුත් ඇයගේ දෙමවුපියන් ඇයත් නොදැනුවත්ම විදෙස් ගතව සිටි කෙනෙක්ට විවාහයට ස්ථිර කළා. ඉතිං ඇයගේ විවාහය සමග ඒ ආදරෙත් නිමා වුණා. ඉන් පසුව තිබු ප්‍රේම සම්බන්දකම මම විවාහය සදහා හිටියේ. ඔය විවාහ වෙන්න අපේක්ෂිතව සිටින කාලේයි මට හෙනහුරා ලැබුවේ. මගේ විවාහක බිරිද එදා එයාගේ ප්‍රශ්න කියද්දී හඩා වැටෙද්දී මට ඇය ගැන දුකක් ආදරයක් ඇති වුණා. ඒ නිසා මම විවාහ වෙන්න ස්ථිරව සිටි පෙම්වතිය පවා ඇය නිසා අත හැරියා . අපේ වෙන් වීම දර ගන්න බැරුව ඒ ළමයා දුක් වින්දා. ඒ අහිංසක කෙල්ල කොච්චර දුක් වින්දද කිවුවොත් කාලයාගේ ඇවෑමෙන් ඇය අසනීප වෙලා අකාලේ මිය ගියා. ඒක මටත් අද වෙනකල් දරා ගන්න බැහැ. ඔය විවාහය සිදුවුණේ ඔබේ පවුලේ අයගේ කැමැත්තෙන්ද ? නැහැ .මගේ දෙමවුපියන් නෑදෑයින් යාළුවන් සියල්ලනම එපා කියද්දී මම ඒ සියළු දෙනා හැරදමා ඇයව බිරිද කර ගත්තා. මම පවුලේ එකම දරුවා නිසා දෙමවුපියන්ට මාව අත හරින්න බැරි වුණා. නමුත් ඔවුන් කවදාවත් අපිට වෙනස් කමක් පෙන්නුවෙත් නැහැ. මම ඇයගේ පවුලේ සියළු දෙනාට මගේ අය වගේ සැලකුවේ එත් ඇය මගේ දෙමවුපියන්ට අඩුම තරමින් අම්මා තාත්තා කියලවත් කතා කරලා නැහැ. ඇය ඔවුන්ව ආමන්ත්‍රණය කලේ ඇන්ටි අන්කල් කියලා .සියළු දේවල් යටපත් කරගෙන ප්‍රශ්න වහගෙන ගැටළු ඇති නොවන්න මම ජිවිතේ ගැට ගහන්න උත්සහ කළා. ඇයට ජිවිතේ නැතිවුණා සියල්ල ලබා දෙන්නත් ගෞරවාන්විත ජිවිතයක් දෙන්නයි මට අවශ්‍ය වුණේ. කවුරු මොනවා කිවුවත් අතීතය, අතීතයට බාර දීලා පටන් ගත් අළුත් ජිවිතේ පටන් ගත්ත දවසේ ඉදලා නැවුම්ව ගලප ගන්න මට අවශ්‍ය වුණා. ශ්‍රී ලාංකීය සිනමාව ගැන විමසුමේදී ඒ කාලය සැබෑවකි. ලකී ඇයව විවාහ කර ගන්නා කාලයේදීඇයට චිත්‍රපට නොලැබුණු කාලයකි. ඇයගේ පැවැත්ම ජනප්‍රියත්වය රැදවීමට ඔහු පියවරක් ගත්තේය. ඒචිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරමිනි . අහිංසා, පාරදිසේ,සත්‍යා , සදමඩල, අන්තිම රැය එමනිෂ්පාදිත චිත්‍රපට අතර ප්‍රධාන වේ.ඔහුගේ කතාවෙන් තේරුම් යන තව කරුණක් වන්නේ සිය විවාහක බිරිද අරපිරිමැස්සමක් නොවූ බවය. එමෙන්ම ඇයට ඔහුගේ උපන් දිනයක් මතක් වුයේ ද නැත. ” මට අඩුම තරමින් උපන්දිනයකට ලේන්සුවක් වත් දීලා නැහැ” එහෙම කල ඇය අසනීපයකදී ඔබ ලග කෙසේ සිටියේද යන්න අසන්නට යුක්ත වුයේ නැත. දන්නා පමණින් ලකීගේ විවාහක බිරිද සැබවින්ම සුන්දරය. ඇය පසුකාලීනව පවා අසනීප වෙද්දී මිනිසුන් හෙන ඉල්ලුවේ ලකීටය. ඔහු අහිංසක ඇයට අපරාධයක් කලා සේ බොහෝ දෙනා ඔහුට චෝදනා කරති.  ඇය ගැන පළමු වරට කියවෙන මේ දේවල් සත්‍යද යන්න මගේ හිතේ නැගෙද්දී ඔහුට එය තෙරුනාක් මෙන් ” පුදුමහිතෙනවා ඇති නේද මේ කියන කථා වලට ලකී බොරු කියනවද කියලා. මිනිස්සු දන්නවා මම බොරු කියන්නේ නැහැ කියලා. හෙන ගහන්න ඕන මේවා බොරු නම්. ඇය ගැන දන්නේ මිට කලින් ඇය කසාද බැන්ද සිටි ඇය සමග සම්බන්දකම් පැවැත්වූ 2 යි තවත් ඇයගේ පවුලේ දෙතුන් දෙනෙක් විතරම වෙන්න ඇති “ කොහොම වුණත් කියවෙන්නේ ඔබ ඇය නිසා ඔබේ තැන හදා ගත්තා කියන එක ? නැහැ.ඇය එක්ක විවාහ වෙනකොට මට අමුතුවෙන් හදා ගන්න තැනක තිබ්බේ නැහැ. මම කසාද බදිනකොට ලංකාවේ ජනප්‍රියම නළුවා වගේම දක්ෂ නළුවා විදියට සම්මානයෙන් පිදුම් ලැබූ නළුවෙක්. එයාව ආශ්‍රය කල අනිත් අය නම් ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. මම හම්බ කල සියල්ල ඇයගේ සුභ සිද්දියට යෙදවූවා . ඇය මට වඩා වයසින් වැඩිමල්. ඒ තුල ඇය ගේ ජ්‍යෙෂ්ඨ බව ට ඇය ජිවිතයේ ලබා ඇති අත්දැකීම් සියල්ල ගත්තහම මම හිතුවා කෙදිනක හෝ මට ඇය මවක් හා සමාන වෙයි කියලා. අඩු තරමේ හොදම යෙහෙලියක් වත් වෙයි කියලා හිතුවා . ඒ ගෞරවය නිසා ඇය මොනවා කළත් ඇයට බයින්න, ඇයගෙන් දෙයක් අහන්න, වගේම උස් හඩින් වචනයක් වත් කියන්න මට හිත දුන්නේ නැහැ. විවාහයේ සතුට වැඩි කාලයක් තිබ්බේ නැත්ද ? වසර දෙකක් පමණ සතුට තියෙන්න ඇති. කලාවෙන් ජිවිතේ දියුණුවක් ලබන්න අමාරු නිසා මට අවශ්‍ය වුණා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එහෙම ජිවිතේ දියුණු කර ගන්න සැලසුම් කරනකොට ඇය ඒවා ගැන කිසිදු උනන්දුවක් දැක්වුයේ නැහැ. අපේ ගෙදර ඇයට බෝඩිමක් වගේ වුණා. ගෙදර කිසිම දෙයක් සෙවුවේ නැහැ. යන එන වෙලාවක් කියන්නේ නැහැ . මම සැමියා විදියට හිතුවා කමක් නැහැ මේවා මගේ රාජකාරි කියලා මම සේරම කලා ඇයට කිසිම බරක් දුන්නේ නැහැ.එයා උදේට ගියාම ගෙදර ආවම කනවද කියලා අහලා කන්නේ නැත්නම් කෑම ටික ශීතකරණයට දැම්මෙත් මම. ගෙදරින් කන්නෙත් නැහැ. එයා හරිම පිරිසිදු කෙනෙක් නමුත් රැට ආව ගමන් නිදා ගත්තා. පස්සේ මට තේරුණේ ඇයගේ රහස් පෙම්වතා සමග කාලා බිලා විනෝද වෙලා ගෙදර එන්නේ නිදා ගන්න විතරයි කියලා . ඔහොම තමයි ප්‍රශ්න පටන් ගත්තේ. ඔය අතරේ එක එක්කෙනාගෙන මට විවිද කථා කියන්න ගත්තා.එක එක තැන් වල යනවා එනවා ඉන්නවා කියලා. මුලදී මම ලජ්ජා වුනා ඒවා පසුපස හබා යන්න. එත් පසුව මම මේවා සොයන්න ගත්තා. මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා. එක මට අදහා ගන්න බැරි වුණා මෙහෙම කෙනෙක් එක්ක ද ඇය ආශ්‍රය කරන්නේ කියලා.නමුත් කිසිවක් මම අයගෙන් ඇහුවේ නැහැ. ඇය හැම වෙලාම රණ්ඩු වුණා.එයාට ඕන වුණේ රණ්ඩුවක් පටලවාගෙන යන්න. එත් මම එහෙම වෙන්න ඉඩ තිබ්බේ නැහැ. පිරිමියෙක්ට ඔහොම බලන් ඉන්න පුළුවන්ද ? ඇය මිට කලින් සම්බන්දකම් පැවැත්වූ මිනිසුන් නම් ඇයගේ මුහුණ නිල් වෙන්න ගුටි දීපු බව මම දන්නවා . මට ඒ තත්වෙට වැටෙන්න කිසිම ඕනෑකමක් නැහැ . මම මගේ ගේ ඇතුලෙම සිරකරුවෙක් බවට පත් වුනා . කෑ ගහන්න බැහැ හයියෙන් එහා පැත්තේ එක ගේක අම්මලා අනිකේ පැත්තේ සහෝදර රන්ගන ශිල්පිනියක්. එත් තත්වය දරුණු වෙමින් සීමාවක් ඉක්ම යනකොට මම කිවුවා මාව මිනිමරුවෙක් නොකර යන්න කියලා . කියූ සැණින් ඇය පිටත් වුණා.ඇයට අවශය වුණේ ඒ වචනේ මම කියනකල් . පසුව මම අයගේ සියළුම බඩු භාණ්ඩ ලොරි දෙකකින් එවකට එයා සොයාගෙන සිටි අලුත්ම පෙම්වතා සමග සිටි නිවසට පිටත් කළා. මේ කතාවත් එක්ක ඔහු බෙහෙවින්ම හැගීම් බර වන නිසා කතාව වෙනතකට යොමු කරීමට “ඔබේ විවාහකබිරිදගේ කෑම රසයිද” ? ඇය විවාහ වුණු මුල් දින දෙක තුනක් ඉවුවා ඔව් ඇයට රසට උයන්න පුළුවන්. ඔබ ඇයට අදටත් ආදරෙයිද ? පිස්සුද ? මගේ ජිවිතේ විනාශ කල කෙනෙක්ට කොහොමද ආදරේ කරන්න. නමුත් අසීමිතව ආදරේ කළා සියල්ල කැප කළා. අයගේ ගවුරවය වෙනුවෙන් මම ඇයව විවාහ කර ගත්තා. ඇයට කසිදු අයුරයකින් අපහාසයක් වනවාට ඔහු අදටත් කැමති නැත. ඒ නිසා අදටද වෙනත් පෙදෙසකට ගිය විට කිසිවෙකු ඇය පිලිබදව ඔහුගෙන් විමසු විට “ඇය ගෙදර ” යනුවෙන් පවසා කතාව මග හරින්නට ඔහු උත්සහ කරයි.එසේ ලෝකයට මේ කතාව නොපෙන්වන්නේ ද ඇය වෙනුවෙනි. මේ නිසාම ඔවුන් දික්කසාද බව අදටද ලොවට රහසකි. ඔහු දික්කසාද වන්නේ ඔවුන් එකිනෙකාගෙන් වෙන්වී වසර 10 ක් අවසන් වූ පසුවය. ඒ දැනට වසර 6 කට පමණ පෙරදීය. දික්කසදයකද ඉතාමත් රහසිගතව නිතියනුකුලව ඉටු කර ගැනීමට ඔහු වග බලා ගත්තේය. මොකද්ද ඔබ දික්කසාදය සදහා යොමු කළ හේතුව ? ඒ පැණයට ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැත. “දික්කසාදය රහසිගතව කළේ මම කැමති වුනේ නැහැ එයාට උසාවියෙදී හෝ අපහාසයක් වෙනවට”. තම විවාහක බිරිදගේ ගවුරවය වෙනුවෙන් ඔහු තමන්ට කියන කථා දරාගෙන ගුප්ත වුයේය. එමෙන්ම මෙතනින් පසුද නැවත මේ කථාව ඔහු කතා නොකරනු ඇත. ඔහු කෙතරම් පැවසුවත් ඔහු තම ජීවිතය කොට ගෙන දේවත්වයෙන් සලකු ඒ විවාහයට තවමත් පෙම් බදින බවක් මේ කතාවෙන් මට වැටහිණි. මෙලෙස කැපකිරීම කළ හැකි මිනිසුන් සිටින්නේ වත්මන් සමාජයේ ඉතාමත් අතලොස්සකි. වෙනත් නිලියක් සමග ඔබට සම්බන්දකමක් ඇති බවටත් ඔබේ විවාහක බිරිදත් සමග මුදල් ප්‍රශ්ණයක් තිබූ බවටත් කියවුණු කථා ගැන මොකද කියන්නේ ? ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනම් තමයි.නමුත් මිනිස්සුන්ගේ කට වල් තමයි “දුම” . ඔය කියමන මගේ කතාවේදී නම් බොරු කරනවා. ඔය නිළිය වගේම ඇයගේ සැමියත් මගේ හොද මිතුරන්. ඒ නිළිය සමග තියෙන සම්බන්දකම කොච්චර ප්‍රචාරය කරන්න හැදුවත් දැන් මේ රටේ මිනිස්සු ඒ කතාව බොරුවක් කියලා පිළිඅරන් ඉවරයි . මුදල් සම්බන්දව කියුවොත් මම ලග තිබු සියලු දේවල් ඇයට දුන්න මිසක් ඇයගෙන් මම කිසිවක් අරන් නැහැ. මම කලින් කිවුව වගේ අඩුම තරමේ මට ඇයගෙන් හරි හමන් තෑග්ගක් වත් ලැබිලා නැහැ. නැවත විවාහ වෙන්න හිතුණේ නැත්තේ ඇයි ? විවාහ යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණත් කිසිවකට හිත දුන්නේ නැහැ. පසුකාලීනව මගේ අම්මා නම් මගේ විවාහය හිතින් ඉවත් කර ගත්තා. මම උපරිමයෙන්ම ආදරේ කළා. මගේ සියළු කැප කිරීම් කරලා නෑදෑයින් යාළුවන් දෙමවුපියන් පවා අත හැරලා ඇයට අසීමිතව ආදරේ කලා. ඇයට ජිවිතයක් දෙන්න ඇයව විවාහ කර ගත්තා . මගේ විවාහය අසාර්ථක වෙමින් ඇය මා සමග රණ්ඩු වෙද්දී මහේ අහිංසක තාත්තා ඒවා දැකලා එයින් අසනීප වුණා. ඔහුට හර්දයාභාදයක් පවා වැලදුනා. ඒහෙම ජීවිතය අවුල් කර ගත්ත මම අද හම්බ වෙන කෙල්ලෙක් ගැන කොහොමද විස්වාස කරන්නේ. අද ඔබට දරුවෙක් හිටියනම් මේ ප්‍රශ්ණය වෙනස් වෙයි කියලා හිතන්නේ නැත්ද ? ඒ වාසනාව මට දුන්නේත් නැහැ. දරුවෙක් හදන්නත් ඇය කැමති වුනේ නැහැ. දරුවෙක් හිටියනම් මන් මෙහෙම දුක් වෙන්නේ නැහැ. මායි ජීවන් කුමාරතුංගයි කසාද බැන්දේ එකම සතියේ . දරුවෙක් හිටියනම් ජීවන්ගේ ළමයින් ගේ වයසේ තමයි මගේ දරුවත් කියලා හැම වෙලේම හිතෙනවා. නමුත් සියල්ල සිදු වෙන්නේ කර්මයට සහ ධර්මය අනුව. මන් දොහොත් මුදුන් තියා කසාද බැන්දේ එයාගෙත් මගෙත් ජිවිතේ ආලෝක කර ගන්න. වෙන්න තියෙන දේ කර්මයට අනුව වලක්වන්න බැහැ. අපි ගෙනාව පවු පිං අනුව ජිවිතේ දේවල් සිදු වෙනවා. ඒ දේවල් එහෙම ඉවර වුණා තව දුරටත් නිහඩව ඉන්න එකත් තේරුමක් නැහැ කියලා හිතලයි මම මේ දේවල් කිවුවේත්. මොකද මේ රටේ මට ආදරය කරන අය මගේ විවාහය ගැන සත්‍ය දැන ගත යුතු නිසා ඔබෙන් ඇයට අඩුපාඩුවක් සිදු නොවුණා කියලා විශ්වාසද ? මම කර ගත්ත ලොකුම වැරැද්ද තමයි මම ඇයට දුන් අසීමිතව නිදහස. යන එන තැනක් ගැනවත් සොයා බැලුවේ නැහැ. මොකද ඇය කොහේ ගියත් එයාගේ ජනප්‍රියත්වය නිසාම ඇය සුරක්ෂිතයි කියලා මම දන්නවා. අනික් පැත්තෙන් පිරිමියෙක් හැටියට මට ලැජ්ජයි ඔයා කොහෙද කාත් එක්කද කියාලා නිතරම අහන්නත්. මම පුළුවන් තරම් ආදරේ කලා. ඒ වගේම ඇයට ඉන්න නිවසක් වාහනයක් වගේම මම උපයපු මුදල්සියල්ල ඇය වෙනුවෙන් කැප කළා. කියන වචනයක් පාසා ඔහු අදටත් හැගුම් බරය. බුර බුරා නැගෙන මේ සංවේදී බව ඔහු මුහුණින් සගවන්නට උත්සහ කළත් ඔහු ඇතුළතින් මහමෙරකට හඩනවා විය යුතුය. අප දකින ඒ ලකීගේ පවුරුශය මදකට මෙකි දේවල් කතා කරද්දී ගිලිහෙමින් දෙනෙතෙහි සැගවුණු කදුලක් එකී සංවේදී බව මානව පසක් කරලුවේය. විවාහයත් සමග ඔබ අද කලකිරිලද? ඔව්. විවාහය නිසා කලකිරෙනවා හැර වෙනත් මගේ ජිවිතේදී මට කලකිරෙන්න කිසි දෙයක් නැහැ. මේ රටේ මිනිස්සු මට පුදුම විදිහට ආදරෙයි.ඒවගේම මට ගරු කරනවා. අදරණිය සැමියෙක් පියෙක් වෙන්න තිබ්බ ඒ දේ ඇය මට නැති කලා කියන කටුක හැගීම මට තියෙනවා. මොකද මම නිවන් දැකලා නැහැනේ . මාත් පපුවට වේදනාවක් දැනෙන, ඇහැට කදුලක් එන, තමන්ගේ බිරිද වෙන කෙනෙක් එක්ක යනකොට බලාගෙන ඉන්න නොහැකි , සංවේදී මනුස්සයෙක් “. ලකී හිස් තැනක් වූ අද මෙතනට ආ යුතු ඔහුගේ බිරිදගේ නමේ එම කථාවේ තවත් බොහෝ තැන් ඇත. පුද්ගලික ජිවිතයක් ඕනවට වඩා උලුප්පා එය විකිණීම අපගේ මාධ්‍ය සම්ප්‍රදාය නොවන නිසා ඔවුන්ට වගවූ ඔබට අවශ්‍ය තොරතුරු කිහිපයක් එලෙස අප ගෙන ආවෙමු. කෙසේ වෙතත් සැබවින්ම සුන්දර ආදරයක, කැපවීම්, විරහව ආදී ලෙසින් සියලු මිනිස් හැගීම් සබදතා අරෝපිතව දෝලනය වූ මෙය චිත්‍රපටකට කිසිවකු හෝ නැගිය හැකි නම් එය අමරණිය නිර්මාණයක් වනු නොඅනුමානය.ඒ ඔවුන්ගේ ජිවිත වල පවතින වටිනාකම් නිසාවෙනි. කිසියම්වූ විශ්වාසයක් පදනම් කර ගනිමින් ලියවෙන මේ කතාවෙන් අපට කිසිවකුට මඩක් ගසන්නට හෝ කිසිවකුගේ පුද්ගලික ජිවිතයක් සමාජයට උද්දීපනය කර දී මේ ගුණ අගුණ අනවශ්‍ය මාතෘකාවක් කර දීමට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ සත්‍ය නිරාවරණය කර දීමට පමණි. එම නිසා මේ කතාව දිගුවක් නොකරගෙන මුල් සහ අවසන් වරට මෙසේ මෙම සටහන අවසන් කරන්නෙමු. සටහන : අශන්ති වරුණසුරිය (ඉරුදින පුවත්පත)
මට මතකයි ඒ දවස්වල ලොකු කැලෑ පත්තරේක ගහලා තිබ්බා "හරකෙක් ගොනෙක් බඳියි" කියලා.. මේ දෙන්නාගේ විවාහය ගැන.. 😂
357
POSITIVE
ncpp_train_39013
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා සහ තවත් පිරිසක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.ඒ, කිරිබත්ගොඩදී පාසල් ළමුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිටට පැමිණි තරුණයින් කණ්ඩායමක් විසින් එහි සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකර තිබුණේ පසුගිය 26 වනදායි. පොලීසිය පැවසුවේ ඒ අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ 20 හැවිරිදි පුත්‍රයා ද සිට ඇති බවයි. අනතුරුව පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලීසිය විසින් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රායා අතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ ඇමති පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියකට, අදාළ සිසුන් දෙනොගෙන් අයෙක් පෙම් හසුනක්දීමේ සිද්ධියක් මෙම පහරදීමට හේතුවී ඇති බවයි.එමෙන්ම පහරදීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැමිණ ඇත්තේ ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති WP KX 8472 දරන මෝටර් රථයෙන් වන අතර එය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරයි. සැකකරුවන්ගේ පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇති අතර සැකකරුවන් පස් දෙනාද කිරිබත්ගොඩ පොලීසිය විසින් පොලිස් ඇප මත මුදාහැර තිබුණි.
බයිට් වෙලා පජාත වෙලා ඉන්නෙ ඇයි බන් මෙහෙම. නෝන්ඩ් නැද්ද ලාලගෙ පස්සෙන් යන්න. ලොල් ගතිය තමයි උඹේ
-1
NEGATIVE
ncpp_train_39014
සයිප්‍රස්හි මහල්නිවාස සංකීර්ණයකදි සිය ශ්‍රී ලාංකික බිරියට පිහියෙන් ඇන ඇය ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරුවු ඇගේ ලාංකික සැමියාට එරට  අධිකරණයෙන් වසර 6 1/2ක සිරදඩුවමක්  නියම කර ඇතැයි වාර්තාවේ. මෙලස සිර දඬුවම් නියම වූයේ ඉතාලියේ පදිංචිව සිටින 47 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුටය.  දික්කසාදය ලබාගැනීම සඳහා චුදිත ශ්‍රී ලාංකිකයා ඉකුත් ජුලි 29 වැනිදා ඉතාලියේ සිට සයිප්‍රසයේ ලිම්සෝල්හි සලාකි ප්‍රදේශයේ පදිංචිව සිටි පනස් හැවිරිදි ශ්‍රී ලාංකික බිරිඳ හමුවීමට පැමිණ ඇති බවත් එහිදි දෙදෙනා අතර බහින් බස්වීමික් සිදුවී ඇති අතර ඒ අවස්ථාවේදී ඔහු බිරියගේ මුහුණට සහ උදර ප්‍රදේශයට පිහියෙන් ඇන ඇය මරාදමා හොර රහසේම සයිප්‍රස් රටෙන් පලාගොස් ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. සයිප්‍රසයේ අගනුවර වූ ලිම්සෝල්හි ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි මහල් නිවාස සංකීරිණයක් තුළදී මෙම මිනීමැරුම සිදුවි ඇති අතර මියගිය කාන්තාවගේ ඥාතීන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල අනුව පරික්ෂණ පැවැත්වු එරට පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව අධිකරණයේ නඩු පවිරා ඇත.  පුරා මාස 5කට වැඩි කාලයක් පැවැති එම නඩු විභාගය (25) විසින් කළ එරට අපරාධ අධිකරණයෙන් සැකකරුට සිරදඬුවම් නියම කර ඇත.
යකෝ....මාස 5න් තීන්දුව දීල....බොරුවට පටලවලද කොහෙද.... ලංකාවෙනම් එහෙම වෙන්නේ නැහැ.... එහෙම උනත් සිරා ඉන්නවානේ.....
7
POSITIVE
ncpp_train_39015
විභාගය නිසාමවිමල්ට ඇප දෙන්නට මුල්වූ විමල්ගේ දියණිය විමාශාට A-9 යි ඊයේ නිකුත්වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මන්ත්‍රී විමල් වීරවංශගේ දියණිය විමාශා විශ්වාදරී විෂයයන් 9ටම ඒ සාමාර්ථ ලබා සමත්ව ඇතැයි විමල්ට අයත් වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.කොළඹ විශාඛා විද්‍යාලයේ ඇය ඉගෙනුම ලබමින් සිටින්නීය. විමල් වීරවංශ ඇමති ධුරයක් දැරූ සමයේ  නීත්‍යනුකූල ආදායම ඉක්මවා  රුපියල් ලක්ෂ 750 ආසන්න වත්කම් ඉපැයීම සහ  නීති විරෝධී ආකාරයට ඥාතීන්ට වාහන ලබාදී රජයට ලක්ෂ 916 ක පාඩුවක් සිදු කළ නිසා ඔහු පසුගිය වසරේ ජනවාරි මස බන්ධනාගාර ගත කෙරුණ අතර එම නඩුවේ දිගින් දිගටම මාස 3 ක් පමණ ඔහුට ඇප නොලැබ සිටියදී දියණිය විමාශා විශ්වාදරී ක්ලාන්තව ඇදවැටීමේ සිද්ධි, රෝහල් ගතවීමේ සිද්ධි මාධ්‍ය මගින් වාර්තා කරන ලදි. නීතීඥයින් පෙන්වා දුන්නේ පියා නිවසේ නැති නිසා ඇයට සාමාන්‍ය පෙළට පාඩම් කරන්නට මානසික තත්වය අවුල්ව ඇති බවත් එය සැකසීමට ඇප ලබා දෙන ලෙසත්ය. ඒ අනුව විමල්ට ඒ දිනවල ඇප ලැබුණ අතර විමාශා හොඳින් පාඩම් වැඩ කරගෙන විභාගය ඉහළින්ම සමත්ව ඇත.
අනුමානයක් නැහැ ප්‍රශ්න පත්තර හොරෙන් පිටවෙලා වගෙයි... නැත්නම් දේශපාලනය කරන එකාලගේ ලමයින්ට මොලේ පිහිටනව යැ බං... විමලයා ලොකු ගානක් දීල ප්‍රශ්න පත්තර හොයගන්ඩ් ඇති නැත්නම් තාත්තා පේල් උන විභාගේ දුව පාස් වේවි යැ
-192
NEGATIVE
ncpp_train_39016
බංග්ලාදේශයේ ඩකා අගනුවර ඉදිකළ එරට පළමු වැනි පාලම් මතින් දිවෙන මෙට්‍රෝ දුම්රිය මාර්ගයේ (MRT - Mass Rapid Transit) කිලෝමීටර් 20ක දුරකින් යුත් දුම්රිය මාර්ගයේ මුල් කොටස ඊයේ (29දා) දිනයේදී ජනතාව සදහා විවෘත විය. ඊට පෙර පෙරේදා (28දා) දිනයේදී එරට අගමැතිනී ෂෙයික් හසීනාගේ මූලිකත්වයෙන් එය නිල වශයෙන් විවෘත කිරීම සිදුවිය. මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අගමැතිතිය ඇතුළු 200කට ආසන්න පිරිසක් මෙම දුම්රියේ මංගල ගමන වෙත සම්බන්ධ වී තිබේ. ඩකා අගනුවර උත්තරාහි පිහිටි ඩියාබරී දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන මෙම Mass Rapid Transit මෙට්‍රෝ දුම්රිය අගාර්ගාඕන් දක්වා ධාවනය කෙරේ. මෙම දුම්රිය මාර්ගය Line 6 ලෙස නම් කෙරී ඇත. දුම්රිය මාර්ගය මගින් ඩකා අගනුවර උතුරුදිග කලාපයේ පිහිටි රජයේ කාර්යාලය සහ රෝහල් සම්බන්ධ කරයි. විශේෂයෙන්ම ඩකා අගනුවර අධික මාර්ග තදබදය හේතුවෙන් දෛනිකව අහිමි වන සේවක පැය මිලියන 3.2ක ප්‍රමාණයක් රැකගැනීම වෙනුවෙන් මෙම මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ඉතාමත් වැදගත් බඅදහස වී තිබේ. මෙම කාලය අහිමිවීම බංග්ලාදේශ ආර්ථිකය වෙත සෑම වසරකදීම ඩොලර් බිලියන ගණනින් පාඩු සිදුකරන බව ගණන් බලා ඇත. 2012 වසරේදී අනුමැතිය හිමිවුණු මෙම ව්‍යාපෘතිය සඳහා බංග්ලාදේශ රජය මගින් ඇස්තමේන්තු කර තිබූ වියදම ඩකා බිලියන 219.85ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.1කි. ඒ අතරින් ටකා බිලියන 165.95ක් එනම් ඩොලර් බිලියන 1කට ආසන්න මුදලක් ලබාදීමට ජපානය සිය ජ්යිකා (JAICA) ආයතනය හරහා කටයුතු යෙදීය. එහෙත් පසුව බලධාරීන් මෙම මෙට්‍රෝ දුම්රිය මාර්ගය මධ්‍යම දුම්රිය ස්ථානය හෙවත් කමලාපුර් හා සම්බන්ධ කිරීමත් සමග මෙම ව්‍යාපෘතිය සඳහා වන වියදම ටකා බිලියන 334.72ක් දක්වා ඉහළ යාම සිදුවිය. අගාර්ගාඕන්හි සිට මොට්ජිල් දක්වා වන මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර 2023 දෙසැම්බර් මාසයේදී පමණ අවසන් කිරීම සැලසුම වී තිබේ. ඉන් අනතුරුව මොට්ජිල් සිට කමලාපුර් දක්වා වන කොටස 2025 දී අවසන් කෙරෙන බව සදහන් වෙයි. මෙම මෙට්‍රෝ දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමග දකුණු ආසියාව තුළ මෙට්‍රෝ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන තෙවැනි රට බවටත් බංග්ලාදේශය ඉතිහාසයට එක්වෙයි. මෙම කළාපය තුළ පළමු මෙට්‍රෝ දුම්රිය සේවාව ලෙස ඉන්දියාව 1984 දී කල්කටාවේදී මෙට්‍රෝ දුම්රිය සේවාවක් ඇරඹූ අතර, දැනට වසර දෙකකට පෙරාතුව පාකිස්තානයේ ලාහෝර් නුවර පළමු මෙට්‍රෝ දුම්රිය සේවාව ආරම්භ විය.මෙම මෙට්‍රෝ දුම්රිය මාර්ගයට අමතරව ජපානය විසින් ඩකා අගනුවර තුළ තවත් නාගරික දුම්රිය මාර්ග දෙකක් සදහා මුදල් ලබාදීම සිදු කර තිබේ. ඒ අනුව මෙම දුම්රිය මාර්ග තුනම සම්පූර්ණවීමත් සමග ඒ හරහා  දිනකට එහා මෙහා රැගනෙ යන මගීන් සංඛ්‍යාව මිලියන දෙකක් වනු ඇතැයි ගණත් බලා තිබේ.
ඔය උපදේශකයෝ කියන්නේ අපි ඌ ට පත්කරලා දීපු එවුන්ද බං ඌ ම පත්කරගනිපු එවුන් නේ දැන් නිකන් ඔය පර බල්ලා සුද්ද කරන්න උපදේසක යන්ට දොස් කියන්න එපා උන් සේරම එක මල්ලේ ලුණු කන බල්ලෝ
7
POSITIVE
ncpp_train_39017
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ පැවසීය."මම දැක්කා ඊයේ කියනවා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කොක්කෙන් හරි කෙක්කෙන් හරි ගන්නවා කියලා. ආනමඩුවෙත් හිටියා ඔය වගේ පොරක්.ජාතික ජන බලවේගේ නම වෙනස් වුනා ඇරෙන්න, කැලේ මාරු වුණාට පුල්ලි මාරු වෙලා නෑ. 71ත් 88ත්, 89ත් ඒ ගොල්ලෝ කොක්කෙන් කෙක්කෙන් තමයි ගන්න ගියේ. මේ ගොල්ලො ආයෙත් එන්නෙ ඒ ගේම් එකට. ජේවීපී එකේ ඉතිහාසය නොදන්නා තරුණ උදවිය අවධානය යොමු කරානම් හොදයි. මේ ගොල්ලො අනිත් අය බිල්ලට දෙනවා. සජිත්ලගේ කදුළු ගැස් කාපු එකට 1500ක් ආවද කියන්නකො.ඔබේ රූපවාහිනී තිරේ කාචයට අහුවෙන ගාණ ලොකුවට පේනවා ඒත්එහෙම නෑ. සෙනග වැඩියි කියවල රැවටිල කට්ටිය ඔකට එනවා කොළඹට එනවා කඳුළු ගෑස් කනවා නානවා ආපහු ගමට යනවා. අපිත් කොච්චර පා ගමන් ආවද. අපි මොන උද්ඝෝෂණද නොකෙරුවෙ. දේශපාලනේදි බලය අවශ්‍යයි. බලය රනිල් වික්‍රමසිංහ මහත්තයා මොළේ පාවිච්චි කරල අරන් තියෙනවා.ජනාධිපතිතුමා දකින වෙලාවේ කියන්නේ ඡන්දෙ කල් දාන්න කල් දාන්න කියලා. ඊට පස්සේ මහජනයා ඉස්සරහට ගිහිල්ලා බොරු සැන්ඩොලා වෙන්න කෑ ගහනවා අපි කොක්කෙන් හරි කෙක්කෙන් හරි ගන්නවා කියලා. දවල් මිගෙල් රැ දැනියෙල්."
මහජනතාවට කොරන්ඩ කලින් කසාද ගෑනිටයි ළමයටයි කරල හිටහන්. ඔක්කොම පුත්තලම් බුරුවෝවෝවෝවෝ!!!!!!!!
17
POSITIVE
ncpp_train_39018
අද පාර්ලිමේන්තුවේදී අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශය හා මහා නගර බස්නාහිර සංවර්ධන මෙගා පොලිස් අමාත්‍යංශයේ වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේදී පරාජයට පත්වී තිබෙයි. වජිර අබේගූණවර්ධන මහතාගේ අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 20ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 38ක් ලැබුණි. පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යාංශය වන බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වැය ශිර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 38ක් ලැබුණි. අද මෙම ඡන්ද විමසුම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳී සිටි පිරිස අවම වීම මෙම ගැටලුවට හේතු විය.
යූ එන් පී මංත්‍රීල 102 ක්ම ඉන්නවා නමුත් පාර්ලිමේන්තුවට ඇවිල්ල තියෙන්නෙ 24 යි. මං හිතන්නෙ මුං කතාවෙලා තමයි මේක කරල තියෙන්නෙ. පොදු විපක්ෂෙ ඉන්න 53 න් 38 ක්ම ඇවිල්ල තියෙනවා.
90
POSITIVE
ncpp_train_39019
පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්ට නියමව රෝහලටවී සිටි විශේෂඥ වෛද්‍ය කාවිංගා ගුණවර්ධන මහත්මියට ඇප ලබාදීමට ගංගොඩවිල මහෙස්ත්‍රාත්වරයා අද (30) නියම කළේය.  ඇය මාසයක් පමණ කලුබෝවිල හා කොළඹ රෝහල්ගතවී ප්‍රතිකාර ලැබුවාය. මින් ඉහත උසාවි වාර කිහිපයේදීම ඇයට ඇප නොලද අතර ඇය ඇවිදින්නට අපහසු බව කියමින් උසාවියට ආවේද නැත. ඇයට ලක්ෂ පහක් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇපයක් මත අද මුදාහැරිණි.
ශරීර ඇපය නම් හොඳයි වගේ
82
POSITIVE
ncpp_train_39020
මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නොවන සිංහල පවුල් 7000ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කොට සිටින නිසා මීට වඩා එක් පවුලක් හෝ බලහත්කාරයෙන් පදිංචි  කළහොත් එයට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රවිහරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ටී. රවිහරන් මහතා ඊයේ (29දා) මුලතිව් පළාතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවැසීය. රවිහරන් මන්ත්‍රිවරයා කියන්නේ රජයට අවශ්‍යව ඇත්තේ උතුරේ සිංහල ඡන්ද දායකයන් සංඛ්‍යාව වැඩි කොට සිංහල පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට යවා උතුරේ දෙමළ දේශපාලන බලය යටපත් කිරීමට බවයි. මේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා මහවැලි යෝජනා ක්‍රමය ඉත්තකු වශයෙන් රජය භාවිත කරන බව ප්‍රකාශ කරන රවිහරන් මන්ත්‍රිවරයා, ජනාධිපතිවරයා පසුගියදා යාපනයේදී මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන බව කියා සිටියේද සිංහල ජනාවාස ඇති කිරීමේ එක් පියවරක් වශයෙන් බවද පැවැසීය. රජයේ මහවැලි වතුර සමඟ උතුරට කල්ලතෝනි සිංහල වැසියන් පැමිණෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මීට වසර තුනකට පමණ ඉහතදී පළාත් සභාවේ සැසි වාරයකදී කියා සිටි අවස්ථාවේදී සියලු දෙනාම සිනාසුණත් මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඒ දේම බව කී රවිහරන් මන්ත්‍රිවරයා ඊට අවස්ථාවක් දීමට දෙමළ ජාතික සන්ධානය කිසිසේත්ම සූදානම් නැති බවද කියා සිටියේය. -රසාදි චතුරංගි ගමගේ-
යකො එහෙම උනාම ප්‍රභාකරන්ගේ උත්සහය සාර්තකයි නේ. ලංකවේ ආර්ථිකයත්දුර්වල කරලා උතුරේ , මායිම් ගම්මාන වල හිටපු සිංහල මිනිස්සු දකුනට තල්ලු කරල නිදහස් දෙමල භූමික් හදලා දීලා නේ මැරිල ගිහින් තියෙන්නේ... ඔකුන්ව මුහුදට තල්ලු කරල දන්න තිබ්බෙ යුද්දෙ දිනුවදාම.. කන්න දුන්නු අතත් හපා කනවා
48
POSITIVE
ncpp_train_39021
ලෝකයේ මේ දක්වා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඉහළින් කථා කළ ඇමරිකාව තම නව ජනපතිවරයාගේ තද ප්‍රතිපත්ති මත අසරණවූ පුවතක් ඊයේ වාර්තා වුණා. ඊයේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට පැමිණි ප්‍රධාන පෙළේ මාධ්‍ය සංවිධාන රැසකට ඇතුළුවීම අවහිර කිරීම නිසා මෙම සංසිද්ධිය මතු විය.  ධවල මන්දිර මාධ්‍ය ලේකම් ෂෝන් ස්පයිසර් කාර්යාලයේ පැවති රැස්වීම සඳහා ඇතුළු කරන ලේඛනයෙන් ඉවත් කර තිබුණ මාධ්‍ය අතර BBC,CNN,නිව් යෝර්ක් ටයිම්ස් , ලොස් ඇන්ජලීස් ටයිම්ස්, පොලිටිකෝ, BuzzFeed, ගාඩියන් මාධ්‍ය විය. ට්‍රම්ප්ගේ නියෝග මත මෙම වාරණය පැනවූ බව දන්වා තිබුණි.පසුගිය කාලයේ ට්‍රම්ප් සම්බන්ධයෙන් මෙකී මාධ්‍ය විවේචනාත්මක පුවත් පළ කිරීම නිසා මෙම තීරණය ලබාගෙන තිබෙන බව දැනුම් දෙන ලදි. මෙම තීරණය නූතන යුගය තුළ පෙර නොවූ විරූ වාරණයක් ලෙස දක්වමින් මාධ්‍යවේදීන් විරෝධය පළ කරන ලදි. නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ සුප්‍රකට ප්‍රධන කර්තෘ Baquet මෙම සිදුවීම ගැන සටහන් කර තිබුනේ මෙසේය. "මෙවැනි දෙයක් අපගේ පුවත්පත් දීර්ඝ ඉතිහාසයේ කවදාක හෝ ධවල මන්දිරයේ දී සිදු වී නැත.  නිදහස් මාධ්‍යයන්හි විනිවිදභාවය අවහිර කිරීම ඉදිරියේ රජය වෙත තීරණාත්මක බලපෑම් සඳහා හේතුවනු ඇත "
පහුගිය ජනාධිපතිවරණය කාලෙ මේ සෙට් එක හිලරිට රෙදි නැතිව කඩේ ගියා.. ට්‍රම්ප්ට මේ ආත්මෙකදි දිනන්න බෑ කිව්වා... ට්‍රම්ප් දින්නට පස්සේ මුන්ට දැන් ඇපත් නෑ බල්ලෝ වගේ වෙලා. කොච්චර මීඩියා ට්‍රම්ප්ට ගැහුවත් ඔහුට චන්දේ දීපු කට්ටිය ඔහු වෙනුවෙන් පෙනී සිටිනව... ඇයි ඒ? මොකද ට්‍රම්ප් ජනතාවට දුන්න පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරනවා... ඒ නිසා මීඩියා කොච්චර මඩ ගැහුවත් ට්‍රම්ප් දන්නවා ජනතාව තමන්ගෙ පැත්තෙ කියල.
223
POSITIVE
ncpp_train_39022
කොරෝනා රෝගයට ගොදුරු වූ තරුණ වෛද්‍යවරයකු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි. රාගම මහ රෝහලේ සේවය කළ මේ තරුණ වෛද්‍යවරයා කොරෝනා වැලඳීම නිසා මීට දින කිහිපයකට පෙරප්‍රතිකාර ගැනීම සඳහා ඇතුළත් කර තිබුණේ මුල්ලේරියාව රෝහලටය.කෙසේ හෝ පසුගිය සංකූලතා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ මෙම වෛද්‍යවරයාව ගාල්ල කරාපිටියරෝහලට රැගෙන ගොස් එක්මෝ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කර ඇත්තේ කොරෝනා රෝගය හේතුවෙන්හෘදය හා පෙණහලු අකර්මණ්‍ය වීමෙන් වලක්වා ගැනීම සඳහාය.දැනට ශ්‍රී  ලංකාවේ කිසිදු රෝහලක නැති මේ ‘එක්මෝ’ යන්ත්‍රය ඇති එකම රෝහල වන්නේද ගාල්ලකරාපිටිය රෝහලයි.එම යන්ත්‍රය මඟින් සිදුකරන්නේ අක්‍රිය වන පෙණහලු හා හෘදයට උත්තේජනයන් ලබා දීමයි.සමන් ප්‍රියංකර නම්මුනිගේ, ජේ. ටී. ද සිල්වා 
මම මෙි ඩොක්ට ගැන කියවලා තියෙන විදියට ඔහු ඉතා පරාර්ථකාමි,කරූනාවන්ත,හොද පුද්ගලයෙක් ඔහුට ඉක්මන් සුවය පතමු.
5
POSITIVE
ncpp_train_39023
ව්‍යාපාරික කටයුතු පුළුල් කරමින් මහේල ඉන්දියාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන සිය පුද්ගලික ජීවිතයේ අලුත්ම වෙනසක් ඇති කරගෙන තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව මුල් තැනට ගෙන තිබූ ඔහු මේ වනවිට ව්‍යාපාරිකයෙකු වශයෙන් සිය වේලාව හා කැපවීම වැඩි කර තිබෙන අතර ඉදිරියේදී ව්‍යාපාර පුළුල් කරගෙන ලංකාවෙන් පිටතට සිය ව්‍යාපාර ගෙනයාමට සැලසුම් සකස් කර ගෙන තිබේ. මහේලගේ පවුල සම්බන්ධ වෙනසක් ගැනද මේ වනවිට අන්තර්ජාලයේ තහවුරු නොකළ ආරංචි පැතිර යන අතර ඔහුගේ මේ ඉදිරිගමන ලහිලහියේ සිදුවන්නේ සියලු කලබලයන් මැදය. මහේල හා සංගක්කාර දෙදෙනාට අයත් කොළඹ පිහිටි ‘මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්‘ කකුළු අවන්හල මේ වනවිට ලෝකයේ හොඳම අවන්හල් 50 ඇතුළට ඇතුළත් වීමේ සාර්ථකත්වය ළඟා කරගෙන තිබෙන අතර ලංකාවටද කීර්තියක් අත්කරදී තිබේ. දර්ශන් මුණිදාස සූපවේදියා සමග අලුත්ම සංකල්පයකට වැඩ කරමින් මහේල මෙම අවන්හල ඇරඹුවේ ලෝකය පුරා ගමන් කිරීම හා විවිධ සංස්කෘතීන්ට අයත් ආහාර රසබැලීමේ ඔවුනගේ විනෝදාංශයට රුකුලක් වනු පිණිසය. කෙසේ වෙතත් ලෝක ප්‍රකට ක්‍රීඩක දෙපළගේ නාමයන් සමග මෙහි ප්‍රවර්ධන කටයුතු පහසුවූ අතර සංචාරකයින් ඒ කෙරෙහි ආකර්ෂණය කරගන්නට හැකි විය. මහේල පසුගිය සතියේ මෙම අවන්හලේ දියුණුව නිහතමානීව සමරන ලද අතර ඔහුගේ ඊළඟ සැලසුම හෙළි කරමින් පවසා සිටියේ ලබන මාර්තු මාසයේ සිට ඉන්දියාවේ මුම්බායිහි ශාඛාවක් විවෘත කරන බවයි.  Gourmet Investments Pvt Ltd නමැති සමාගම මෙහිදී මහේල සමග හවුල් ගිවිසුමකටද අත්සන් තබන ලදි. මහේල IPL තරගාවලිය ඉලක්ක කර මෙම අලුත් ශාඛාව මුම්බායිහි විවෘත කරනු ඇති බවත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙන්ම රසිකයින්ට එම ස්ථානය ප්‍රවර්ධනය පහසුවනු ඇති බවත් පවසා තිබේ. ඉදිරියේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පුහුණුකරුවෙකු ලෙස එක්වන මහේලට මෙම ව්‍යාපාර ජාලයද සමග ඉන්දියාවේ වැඩි කාලයක් ගත කරන්නට අවස්ථාව උදාකර දෙනු ඇත. මහේල සිය විවාහක බිරිය ක්‍රිස්ටිනාගෙන් නීතියෙන් වෙන්වූ බවටත් දරුවා ඇය භාරයේ තබන ලද බවටත් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ තහවුරු නොකළ ආරංචි පැතිර තිබෙන අතර මහේල ඒ සම්බන්ධයෙන් කිසිවක් තවම ප්‍රකාශ කර නැත. මහේල මේ දිනවල වඩාත් උනන්දුවෙන් සිටින්නේ සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සම්බන්ධයෙනි.
උඹල කොහොමත් කරේ ව්‍යාපාරනෙ ජාතික කන්ඩායමේ සෙල්ලම් කරන ගමන්. මතකනෙ අර ඒජන්තය​. මහලොකු ලෙජන්ඩ් ල දෙන්න ලන්කාවෙ ක්‍රිකට් වල අනාගතය කෑව​. එකෙක්ට හැදෙන්න දුන්නෙ නැහැ. මාවන්ව මුලින්ම කැපුව​, සනාව කැපුව​, දිලාට පල නොකිය පලා බෙදුව​.
79
POSITIVE
ncpp_train_39024
ශ්‍රී ලංකාව තුළ විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන භාවිතය උනන්දු කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ලබන වසරේ සිට නාගරික ප්‍රදේශවලට විදුලි බලයෙන් ක්‍රියා කරන පහත් පතුල් බස් රථ හඳුන්වා දීමට කටයුතු කරන බව ජාතික පරිසර සභාවේ 14 වැනි සැසි වාරයට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කළේය.“රජය විසින් ඉදිරියේ දී වාහන ආනයනයේ දී විදුලිබලයෙන් ක්‍රියාකරන වාහන ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. එම යෝජනාව ඉන් එහාට යමින් නාගරික ප්‍රදේශවල ප්‍රවාහනය සඳහා විදුලිබලයෙන් ක්‍රියා කරන පහත් පතුල් සහිත විශාල ප්‍රමාණයේ බස් රථ සේවාවක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට රජය සැලසුම්කර තිබෙනවා.”
අයියෝ අයියෝ මේවා මෙහෙම වුනොත් අපි ඉවරයි. දැන්මම මඩ පාරක් ඇදලා ඇරලා මේවයෙ යනකොට කරන්ට් වදිනවා කියලා සමාජගත කරන්න ඕනා.
-19
NEGATIVE
ncpp_train_39025
බලෙන් රූම් එක්ක යන්න හැදූ පෙම්වතා පදවමින් සිටි බයික් එකින් පැන්න පෙම්වතියට බරපතලයි තමා සමග ප්‍රේමයෙන් වෙළී සිටි පෙම්වතා කාමරයකට යමු කියා නොහොබිනා යෝජනාවක් කළ අවස්ථාවේ එයට අකමැති වුවත් බලහත්කාරයෙන් එය සඳහා රැගෙන යමින් සිටියදී ජීවිතය ගැන ආශාව අතහැර ධාවනය වෙමින් පැවති මෝටර් සයිකලයකින් පැන්න තරුණියක බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ සිද්ධියක් ඊයේ අරණායක - ගල්බොක්ක ප්‍රදේශයෙන් වාර්තා විය. බරපතල තුවාල ලැබූ තරුණිය එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි අයෙකි. ඇයගේ මේ කියන පෙම්වතා වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකු වන අතර ඔහු සමඟ කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබෙයි. ඊයේ (26) දහවල් ඔහු ඇය හමුවීමට කෑගල්ල නගරයට පැමිණ ඇත. එම අවස්ථාවේ ඔහු මුලින් යෝජනා කර ඇත්තේ නිදහස් තැනකට ගොස් කතාබහ කරමු කියාය.  ඔහු ඉඟි කර ඇත්තේ නගරයේ පිහිටි උද්‍යානයකට යන බවකි. එයට එකඟවූ තරුණිය ඔහුගේ මෝටර් සයිකලයට නැගගෙන තිබෙන අවස්ථාවේ ඔහු සයිකලය පදවන්නේ නාඳුනන පැත්තකට බව තරුණියට ඉව වැටී ඒ ගැන විමසද්දී පවසා ඇත්තේ ‘පාක් එක වැඩක් නෑ අපි රූම් එකකට යමු මං දන්නව හොඳ තැනක්‘ කියාය. එම ගමන යාමට තරුණිය කැමතිවී නැත. ඇය දිගින් දිගටම එහි නොයන ලෙස පෙම්වතාගෙන් ඉල්ලා සිටියත් ඔහු ඇයට සැර කර කියා ඇත්තේ ‘ඔයා මොනව කිව්වත් වැඩක් නෑ. මං එතැන්නටම තමයි යන්නේ‘ ලෙසිනි. එම අවස්ථාවේ තරුණියට ඔහු බලහත්කාරකමක් සිදුකරන්නට දරන උත්සාහය ගැන ඉව වැටී කෑගසා ඇති නමුත් අවට සිටි අය ගමන් කරමින් තිබෙන බයිසිකලය ගැන අවධානය යොමු කර නැත. බැරිම තැන ඇය බයිසිකලය නවත්වන්නට ඔහුව තල්ලු කරමින් උත්සාහ කළත් එයද අපහසුවී ඇති අතර ඇය එක්වරම බයිසිකලයෙන් පැන තිබේ. ධාවනය වෙමින් පැවති මෝටර් සයිකලයෙන් වැටුණ ඇයට එම අවස්ථාවේ බරපතල තුවාල සිදුව ඇත.ඇයගේ පෙම්වතා පසුව අවට සිටි අයගේද උදව් ඇතිව ඇයව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.සිද්ධිය පිළිබඳව ලද පැමිණිල්ල මත සැකකරු සහ අදාළ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසිය කටයුතු කර තිබේ.  සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (27) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ඔය ඔය මං කිව්වෙ සිඹාලා ටික ෆෝම් වෙලා dislike දානවා හිටු කියල.
3
POSITIVE
ncpp_train_39026
රුසියානු ආක්‍රමණය ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස හෙළාදැක ඇති බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අද ජාතිය අමතමින් දන්වා සිටියේ යුක්රේනයට “මිලිටරිමය වශයෙන්” සහාය දීමට ප්‍රතිඥා දෙන බවයි.බොරිස් ජොන්සන් රුසියානු ආයතන 100 කට වැඩි ගණනකට නව සම්බාධක මාලාවක්ද ප්‍රකාශයට පත් කර ඇත. ජාතිය අමතමින් ජොන්සන් මහතා පැවසුවේ එක්සත් රාජධානිය "රුසියානු තෙල් හා ගෑස් මත යැපීම සාමූහිකව නැවැත්වීම සඳහා දැවැන්ත ආර්ථික සම්බාධක පැකේජයක්" හඳුන්වා දෙන බවයි."යුක්රේනයේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා අපි ඔවුන් සමඟ [යුක්රේනය] - කොපමණ කාලයක් ගත වුවද - වැඩ කරන්නෙමු," ඔහු පැවසීය. “මෙම අනවශ්‍ය සහ නොසැලකිලිමත් ආක්‍රමණශීලී ක්‍රියාව යුක්‍රේනයට පමණක් නොව, නැගෙනහිර යුරෝපයේ සහ ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නිදහසට එල්ල කරන ප්‍රහාරයකි. "මෙම අර්බුදය නිදහස්, ස්වෛරී ස්වාධීන යුරෝපීය ජනතාවට තමන්ගේ අනාගතය තෝරා ගැනීමට ඇති අයිතිය ගැන වන අතර එය එක්සත් රාජධානිය සැමවිටම ආරක්ෂා කරන අයිතියකි."ජොන්සන් මහතා තවදුරටත් මෙසේ පැවසීය: "රාජ්‍ය තාන්ත්‍රිකව, දේශපාලනිකව, ආර්ථිකව - සහ අවසානයේ, මිලිටරිමය වශයෙන් - ව්ලැඩිමීර් පුටින්ගේ මෙම පිළිකුල් සහගත සහ ම්ලේච්ඡ ව්‍යාපාරය අසාර්ථක විය යුතුය."  (දි ඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරිනි - Gossiplankanews.com)
ඔය ඇත්තමද, 14,000 ක් මරනකන් පුටින් ඉවසුවද, පුදුමයි,
5
POSITIVE
ncpp_train_39027
ලංකාවේ නිෂ්පාදිත නිල් චිත‍්‍රපටයේ DVD පිටපත් 6000 ක් සමගඅධ්‍යක්ෂ, නිළිය හා නළු දෙදෙනා මාට්ටු මේ දිනවල වෙළෙඳපොළේ රහසිගතව හුවමාරුවෙමින් උණුකැවුම් මෙන් අලෙවිවන බව කියන ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත අසභ්‍ය වීඩියෝ පටයක රඟපෑ අය සහ එහි නිර්මාණකරු ඊයේ වේයන්ගොඩ ප‍්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තාවේ. පිරිමි දෙදෙනෙකු හා ගැහැණු එක්කෙනෙකු එක්ව මුළුමණින්ම නිරුවත් ජවනිකා සහිතව රංගනයේ යෙදෙන මෙම අසභ්‍ය වීඩියෝ පටයේ DVD පිටපත් 6000 කට ආසන්න ප‍්‍රමාණයක්ද බෙදාහැරීමට සූදානම් කර තිබී ඔවුන් පොලිසියට හසුවන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. මෙම අසභ්‍ය වීඩියෝ පටය බටහිර නිල් වීඩියෝ නිෂ්පාදනය කරන ආකාරයට ඉහළ තාක්ෂණය භාවිත කර ඉහළ රූපමය ගුණාත්මක මට්ටමින් නිපදවා තිබී ඇති අතර එහි එක් කාන්තාවක හමුවන්නට එන පිරිමි දෙදෙනෙකු ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය විවිධ කෝණ වලින් කැමරාවට නගා ඉදිරිපත් කර තිබුණ බව වාර්තාවේ.  ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට නමක් දිනූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙම නිර්මාණය සිදු කර ඇති අතර එහි රඟපෑ නිළිය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප‍්‍රකට නිරූපණ ශිල්පිණියක බවද අනාවරණය වෙයි. ඇය ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත සඳහාද දායකවී ඇත. නළුවන් දෙදෙනා ප‍්‍රකට අය නොවන බවද වාර්තා විය. මෙම චිත‍්‍රපටය රූගත කිරීමට භාවිත කර තිබෙන්නේ වේයන්ගොඩ, කූරිකොටුව ප‍්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් වන අතර එම නිවස අදාළ අධ්‍යක්ෂවරයා මගින් බද්දට ලබාගෙන තිබුණ එකක් බවද හෙළිව ඇත. පසුගිය දිනවල මෙම චිත‍්‍රපටය රහසේ මිලට ගත් අය එය අතින් අත හුවමාරු කරගෙන යද්දී පොලිසියට ඒ පිළිබඳ පැමිණිළි ලැබීමෙන් පසුව පරීක්ෂණ පවත්වා නිර්මාණකරු වේයන්ගොඩ ප‍්‍රදේශයේ සිටින අයෙකු බවට ආරංචි ලැබීමෙන් පසු ඒවා බෙදාහැරීමට කැමති ව්‍යාපාරිකයෙකු ලෙස රඟපෑ උපාය ධූතයෙකු යොදවා වේයන්ගොඩ නගරයේදී මේ අය කොටුකරගෙන තිබේ. මේ අය මේ ආකාරයේ චිත‍්‍රපට තවත් කොපමණ ප‍්‍රමාණයක් නිර්මාණය කරන්නට ඇතිදැයි පරීක්ෂණ සිදුවේ. අත්අඩංගුවට පත් අය අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Ghanasara hamuduruwanii FYA
-1
NEGATIVE
ncpp_train_39028
ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට පත් වූ ගායන ශිල්පි අමල් පෙරේරා, ඔහුගේ පුත් ගායක නදීමාල් පෙරේරා යන දෙදෙනා හට තවත් මාසයක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදු විය හැකි බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා  පැවැසීය. මීට අදාළව විමර්ශන කටයුතු අවසන් නොවීම මත මෙලෙස තවත් මසක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.හෙට (28දා) දින මේ දෙදෙනා එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද එහිදී රඳවා තබා ගැනීමේ කාලය තවත් මාසයකින් දීර්ඝ කරනු ඇතැයි ද නීතිඥවරයා කියා සිටී. අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් නැවත තමා ඔවුන්ගේ නිවැසියන්ගේ ලිඛිත දැනුම් දීමකට අනුව ලබන 02 වැනි දින ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යෑමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවැසීය. එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසනුයේ මාකඳුරේ මධුෂ් ඇතුළු ඔහු සමඟ අත්අඩංගුවට ගත් 31 දෙනාම මෙලෙස තවත් මසක පමණ කාලයක් රඳවා තබනු ඇති බවටය. -චාමර අමරසූරිය-
ලංකාව පිං බිමක් කියන්නේ නිකංද, මේ වෙනකොට ඇප දීලා නඩුවත් මාස හයකින් කල්දාලා ඉවරයි
8
POSITIVE
ncpp_train_39029
හාලිඇල ගලඋඩ ප්‍රදේශයේ  පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 10 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ එම පාසලේ 44 හැවිරිදි ගුරුවරයෙකු පොලිසිය සොයමින් සිටි අතර ඔහු ඊයේ (28) බදුල්ල පොලිසියට බාර වූයේය. වයස අවුරුදු 15 සහ 16 යන වයස් කාණ්ඩවල පසු වූ ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 5 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනය ලක් කළැයි බදුල්ල පොලිසියට මුලින් පැමිණිලි ලැබී තිබූ අතර අද (29) වන විට එම පැමිණිලි සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.ඒ අදාළ ශිෂ්‍යාවද සමගයි. මෙම ගුරුවරයා පිරිමි දරුවන් කෙරෙහි වැඩි ආකර්ෂණයක් දක්වා ඇති අතර ඒ සඳහා අදාළ ගැහැණු දැරිවිය යොදාගෙන ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ. පිරිමි ළමුන් අපයෝජනය සඳහා පොළඹවා ගැනීම උදෙසා පාසල් ශිෂ්‍යාවගේ නිරුවත භාවිතා කර ඇති මෙම පුද්ගලයා ඇයද කිහිප වරක් අපයෝජනය කර ඇති බව සදහන් වේ. එම පාසලේ සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපන ගුරුවරයා වන ඔහු ඊට අමතරව ගණිතය උගන්වා ඇති බවද පැවසුණි. මීට අමතරව මුදල්  ලබාගෙන අමතර පන්තිද පාසැලේ පවත්වා තිබේ. සිසුන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ද ලක් කර ඇති බව බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය. බදුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි. ගුරුවරයා අද(29) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයම වෙනස් කල යුතුය .ගුරුවරුන්ගේ වැටුප් වැඩි කර ඔවුන්ගේ ගෞරවය රැකිය යුතුය. සාමාන්‍ය පෙළ ට එනකන් ටියුෂන් තහනම් කල යුතුය. ටියුෂන් ගුරුවරුන් පාසල් වලට බඳවා ගත හැක සුදුසුකම් ඇත්නම්. දූෂිත විදුහල්පති වරුන්ට දැඩි දඬුවම් දිය යුතුය. හැබැයි ඔවුන්ගේ ගෞරවය රැකෙන ප්‍රමාණවත් වැටුපක් දිය යුතුමය. ළමයින්ට පුළුවන් තරම් ඉංග්‍රීසි ඉගැන්විය යුතුය. එවිට ළමයින් දූපත් මානසිකත්වයෙන් මිදෙනු ඇත. දැනුමෙන් සන්නද්ද දරුවන් අපයෝජනය කිරීම පහසු නොවේ. දරුවන්ගේ පෞරුෂයද දැනුමෙන් සන්නද්ද වන විට වර්ධනය වේ.
20
POSITIVE
ncpp_train_39030
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජනප්‍රිය ගායක දමිත් අසංක එසේ බන්ධනාගාරගතවූයේ සිය වැල්ලවාය නිවසේ ඇති කළ කලබලකාරී තත්වයක් මත අසල්වැසියන්ගේ පැමිණිලි බව මත වාර්තා විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරංචිවී තිබෙන නවතම තොරතුරු අනුව ගම්වාසීන් දමිත් අසංක ගායකයා සම්බන්ධ විවිධ පැමිණිලි මාධ්‍ය වෙත ඉදිරිපත්කර තිබේ. මේ අවසන් සිද්ධියට පෙරාතුව සිටම දමිත් අසංක අධික ලෙස මත්කුඩු වලට ඇබ්බැහිවී ඔහුගේ ජීවිතය මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතය අවුල් කර ඇති බව වාර්තා විය. ඔහු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටීම නිසා  ගායන ශිල්පියෙකු ලෙස හම්බ කළ ධනය පවා නාස්ති කරගත් අයෙකු බවත් පසු කලෙක සිය සංගීත දිවිය නිමා කරන්නට පවා මෙම ඇබ්බැහිය හේතුවූ බවත් ගම්වැසියන් සඳහන් කර තිබේ. මීට දශකයක දෙකක පමණ කාලයක සිට නව පරපුරේ වේග රිද්ම ගායනාවන් සිදු කිරීම නිසා දමිත් අසංක ජනප්‍රියත්වයට පත්ව සිටියේය. ඔහු ගැයූ මට දුන්න දුක් ගින්න,මගේ හිතගාව, අනන්ත ප්‍රේම ලෝකේ, මේ අනන්ත රාත්‍රියේ, සිත මගේ ආදී ජනප්‍රිය ගීත නිසා ප්‍රසංග වේදිකාවටද ඔහු නැතිවම බැරි විය. කෙසේ වෙතත් මෙම ඇබ්බැහිය නිසා ඔහු අලුතින් නිර්මාණ සිදු කිරීම නතර කර තිබුණ අතර මීට ටික කලකට පෙර ප්‍රසංග වලින්ද සමුගත්තේය. ඔහු තමන් බුදු දහම සරණ යන බවත් ජීවිතය ගැන කලකිරී ඇති බවත් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලදී කියා සිටි අතර පසුගියදා සිහි විකලෙන් මෙන් හැසිරී නිවැසියන් සමග ආරවුල් ඇති කරගෙන පන්සලකට ගොස් පැවිදිවීමට උවමනා බවට එම විහාරස්ථ හිමිනමකගෙන් ඉල්ලා  ඇත. ඔහු උමතුවෙන් හැසිරීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් සානුකම්පිතව සලකා සිත නිවන්නට උපදෙස් දී ඇති නමුත් දමිත් අසංක විහාරස්ථානයේ හිමිනමට අයත්ව තිබුණ සිවුරක් උදුරාගෙන තමන්ගේ සිරුරේ එය දවටාගෙන තනිව ධර්ම දේශනා දෙසමින් උමතු හැසිරීමක නිරතවී ඇත. එම අවස්ථාවේ නිවැසියන් හා ඥාතීන් වෙත සිද්ධිය දැනුම් දෙන්නට විහාරාධිපති හිමියන් කටයුතු කර තිබේ. ඥාතීන් පැමිණ දමිත් අසංකව පාලනය කරන්නට උත්සාහ කළත් ඔහු දිගටම කලහ කරගෙන තිබේ. පසුව ඔහු කුදලාගෙන පොලිසියට භාර දී ඇත්තේද ඥාතීන් හා අසල්වැසියන් විසිනි. පාලනය කරගන්නට අපහසුවූ ඔහු මනෝ විකෘතතාවයකින් පෙළෙන බවට එල්ලවූ පැමිණිලි අනුව අධිකරණය ඔහු පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් මේ වනවිට කැඳවා ඇති අතර ඔහුගෙන් බාහිර අයට සිදුවිය හැකි හානිය සලකා රක්ෂිත බන්ධනාගාරයට යොමු කර තිබේ. ලබන 9 වනදා දක්වා ඔහු මොණරාගල බන්ධනාගාරයේ වෙනම කුටියක රඳවා ඇත. අධික මත්කුඩු ඇබ්බැහිය නිසා ඔහුගේ වටිනා ජීවිතය විනාශ කරගෙන තිබෙන බව ගම්වැසියන් පවසා තිබේ. තිදරු පියෙකු වන දමිත් අසංක මව හා සහෝදරයින් දෙදෙනෙකුද රැක බලාගනිමින් කල්ගෙවූ අයෙකි.
අමල් පෙරෙර ගෙ මල්ලි. ඌ හිරෙත් හිටිය අහු වෙලා
29
POSITIVE
ncpp_train_39031
ද්විත්ව පුරවැසිභාවය දරමින් පාර්ලිමේන්තුවේ නීතිවිරෝධීව පත්වීමක් ලබා ඇති බවට මන්ත‍්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා අදිකරණයෙන් තහනම් නියෝගයක් ලැබූ පසු පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත‍්‍රීවරුන් තවත් සිටින බවට වාර්තා පළ විය. නමුත් මූලික විමර්ශනයේදී එවැනි වවෙනත් අය ගැන මෙතෙක් හෙළිවී නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව දන්වා ඇත. ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරියගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලූව හටගැනීමෙන් පසුව තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 9දෙනකුට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි කියා තිබුණත් එවැන්නක් හෙළිවී නැති අතර ගීතාගේ මන්ත්‍රී ධූර අහෝසියද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමට ලක් කර ඇත. ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරිය නොහැකිය.
ගීතා ඇන්ටි නාගන්න එකේ ඉවරයක් නැහැ
41
POSITIVE
ncpp_train_39032
පෙරේදා නිකුත්වූ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් හරින් ප්‍රනාන්දු හා මලික් සමරවික්‍රම යන ඇමති වරුන් දෙදෙනාට අයත් ඇමති ධූර වලින්  ඔවුන් ඉල්ලා අස්වී ඇති බව දන්වා ඇත. එය 21 වනදා සිට බලපැවැත්වෙන බවද දන්වා ඇත. ඒ සමගම තවත් ගැසට් නිවේදනයක් මගින් එම ඉවත්වූ ධූරවලින් කොටසකට යළි ඔවුන් පත්කර ඇති බව දන්වා ඇත.  හරින් ප්‍රනාන්දුගෙන් ඩිජිටල් යටිතල පහසුකම් යන විෂය කොටසද මලික් සමරවික්‍රමගෙන් තාක්ෂණ හා පර්යේෂණ කොටසද ඉවත් කර තිබේ. ඒ අනුව ඔවුන් නැවතත් ජනපති ඉදිරියේ සෙසු විෂයන් වලට අදාළව දිවුරුම් දෙනු ඇතැයි වාර්තාවේ.
මොකද්ද ඕයි මේ රට 🤷
103
POSITIVE
ncpp_train_39033
පාසල් පෙළපොත්වලට අමතර වියදමක් දරමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළකිරීම පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ සැපයුම් අධ්‍යක්‍ෂවරයාට නීතිවිරෝධී ස්ථාන මාරුවමක් ලබාදී තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.  මේ පිළිබද ඊයේ (29) රජයේ වංචා, දූෂණ සොයන විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ බවත්, මෙම ස්ථාන මාරුවීම අවලංගු නොකළහොත් අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින් ඒකාබද්ධ කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේය. සැපයුම් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ අදාළ නිලධාරීයා අධ්‍යාපන පරිපාලන පළමු පන්තියේ නිලධාරියකු බවත්, ඔහු මේ වනවිට කාර්යභාරයක් නොමැති නිලධාරියෙකු බවට පත්කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. අධ්‍යාපන අමාත්‍යවරයා තම නිරවද්‍යතාවය තහවුරු නොකර නිලධාරීන් දඩයම් කිරීමේ පිළිවෙතක නිරත වන බවත්, අධ්‍යාපනය තුළ සිදු වූ වංචා, දූෂණ පිළිබඳ සාක්ෂි ලබාදෙන නිලධාරින් දඩයම් කිරීම හරහා ගැටලු රැසක් නිර්මාණය වන බවත් ලේකම්වරයා පැවසීය. මේ හේතුවෙන් වහාම අදාළ නිලධාරියාගේ ස්ථාන මාරුව අවලංගු කිරීමට අධ්‍යාපන ලේකම්වරයා කටයුතු කළ යුතු බවත්, එම ස්ථාන මාරු ලබාදී තිබෙනුයේ අධ්‍යාපන ලේකම්වරයා විසින් බවත් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේය. -එච්.අයි. තුෂාර-
වියදමක් නොගිය උනත් අර අහවල් එකටද උගේ පින්තූරෙ දාන්නෙ. ඌ ඕනෙනම් තව මාස 4ක් ඇමති කමේ ඉඳී.
112
POSITIVE
ncpp_train_39034
මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කිරීම ගැන එහි පාලනාධිකාරිය සතුට පළ කර තිබේ. ඒ අනුව ලබන 15 වැනිදා සිටම එය රජයට පවරා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව පාලනාධිකාරිය වෙනුවෙන් රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා  දන්වා ඇත. මෙම රෝහල රජයට පැවරීමෙන් පසු මේ දක්වා එහි රෝගීන් නැති ප්‍රශ්නය විසඳී සයිටම් සිසුන්ට අවශ්‍ය ශික්ෂණ සේවාවන් නිරායාසයෙන්ම හිමිවීම නිසා සයිටම් ආයතනය ස්ථාවර කර  දීමට  රජය ගත් තීරණයක් ලෙස මෙම තීරණය රජයේ දත්ත වෛද්‍ය නිලධාරීන් විසින් ඊයේ හෙළා දැක තිබුණි. මාලඹේ සයිටම් සිසුන් මින් ඉහත සායනික පුහුණුව සඳහා හෝමාගම රෝහල භාවිත කළත් එයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකිරීමෙන් පසු එය නතර විය. විකල්පයක් ලෙස රෝහලක් තනන්නට වෛද්‍ය නෙවිල් පෙළැඹුවුයේ ඒ නිසාය. කෙසේ වෙතත් එය සෑදුවත් රෝගීන් නොමැති නිසා ඔහු දෙවන වර අර්බුදයට ලක්වූ අතර රජය දැන් එය විසඳා තිබේ.
එහෙනම් මෙහෙ ඉන්න ඩොකාලට ඔහාට ගෙන්න ගනින්.
-1
NEGATIVE
ncpp_train_39035
නාරාහේන්පිට ට්‍රැෆික් රාළහාමි ‘දඩ වීඩියෝ‘ තහනම් කියාෆෝන් එකට පහරදේ මේ දිනවල අන්තර්ජාලයේ පැතිරී තිබෙන වීඩියෝවකින් කියැවෙන්නේ නාරාහේන්පිට ප්‍රදේශයේ රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එක්තරා යතුරු පැදි හිමි කරුවෙකු මාර්ගයේ වරදක් කිරීම නිසා ඔහුව නතර කරගෙන දඩයක් ගසන්නට සූදානම් වන අයුරුත් ඔහු එම අවස්ථාවේ තමන් ඒ වැරැද්ද නොකළ බවට කරන තර්කයකුත්ය. මෙහිදී යතුරුපැදිකරු සිදු කළ වරද නිවරද ගැන පැහැදිලි ලෙස තොරතුරු අනාවරණය වන්නේ නැත.  කෙසේ වෙතත් මෙම වීඩියෝවේ වැදගත් කාරණාව වන්නේ තමන්ට පොලිසියෙන් අසාධාරණ දඩයක් ලැබෙන්නට යන බව සිතා එම සිදුවීම තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරන්නට යතුරු පැදිකරු උත්සාහ දැරීමත් එම අවස්ථාවේ එම වීඩියෝගත කිරීමට විරෝධය පා පොලිස් නිලධාරියා කැමරා ෆෝනයට අතින් ගසා පුද්ගලයාටද පහරදීමට තැත්කර වීඩියෝගත කිරීම වළක්වාලනු ලැබීමයි. මේ කාලයේ ඕනෑම කෙනෙකුට ජංගම දුරකථන වීඩියෝවක් ඕනෑම මොහොතක ලබාගන්නට තිබෙන පහසුකම තුළ මේ ආකාර වීඩියෝගත කිරීමක් සිදු කිරීම වරදක්වන්නේද නැද්ද යන්න ගැන මේ වීඩියෝව ඔස්සේ සමාජ මාධ්‍ය තුළ දැන් කථාබහක්ද මතුව තිබේ. එම මතභේදයට ලක්වූ වීඩියෝව පහතින් Loading...
පොලිසිය විඩියෝ කරලා, වැරැද්ද පෙන්නල දඩ කොල දෙන්න පුලුවන්නම්, ඇයි අපිට විඩියෝ කරලා ඇත්ත ලෝකයට පෙන්නන බැරි.
21
POSITIVE
ncpp_train_39036
උදම්මිට සමරේ මරා ඇත්තේ එකට කාබී සෙට් වුණ හොඳම මිතුරා චාමර පසුගියදා වේයන්ගොඩ ඇල්ඔය පාලම අසලදී වාහනයක ගමන් ගනිමින් සිටියදී වෙඩි වැදී මියගිය පාතාල නායක උදම්මිට සමරේ ඒ ආකාරයට ඝාතනය කර තිබෙන්නේ ඔහු සමග ඉතා හිතවත්ව එකට කාබී විනෝදවෙමින් හවුලේ අපරාධ වලටද සම්බන්ධවූ ‘චාමර‘ නමැති මිතුරෙකු බව මේ වනවිට පොලිසියට කරුණු අනාවරණයවී තිබේ. චාමර හිටපු හමුදා සෙබළෙකි. මෙම පාතාල කල්ලි සාමාජිකයා මීට පෙර වත්තල දී සිගරැට් වෑන් රථයක් පැහැරගෙන ගොස් කෝටි හතරක මංකොල්ලයටද සම්බන්ධවී ඇත. මෙම ඝාතනයට පෙර සමරේ හා චාමර අතර මුදල් ආරවුලක් පැවති බවත් වාර්තාවේ.  ආරවුලින් පසු මිතුදම් බිඳීගිය අතර චාමරට සමරේ විසින් ටික දිනකට ඉහත තර්ජනය කර ඇති බවත් හෙළි වී ඇත. දැනට ලැබි ඇති තොරතුරු අනුව මෙම ඝාතනයට ටී56 ගිනි අවියක් යොදාගෙන තිබේ. සිද්ධිය වාර්තාවූ පාලම අසල ඇල්ඔයේ විමර්ශන කටයුතු පෙරේදා (27) සහ ඊයේ (28) සිදු කෙරුණේ කොළඹ ‍පොලිස් නාවික කොට්ඨාසයේ සහාය ඇතිවය. ‍පොලිස් නාවික කිමිදුම් කණ්ඩායමක් ඇල්ඔයේ කිමිදී සිද්ධියට අදාළ කිසියම් තොරතුරක් ඇත්දැයි සොයා බැලූ අතරජංගම දුරකථනයක් සොයාගැනීමට හැකි වී ඇත. මෙම ජංගම දුරකථනය මෙම අපරාධයට සම්බන්ධ එකක් දැයි ‍පොලිසිය පරීක්ෂණ පවත්වයි. පොලිස් සුනඛ අංශය මගින්ද අපරාධ ස්ථානයේ පරීක්ෂණ පැවැත්වූ අතර ‍පොලිසිය පවසන්නේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ‍පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් දීර්ඝ ලෙස විමර්ශන කටයුතු සිදුකරන බවයි. ඝාතනය සිදුවන ආකාරය අසල පිහිටි වෙළෙඳසලක සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී ඇති බවත් 'උදම්මිට සමරේ' වෙඩි වැදී ත්‍රිරෝද රථයකට නංවාගෙන යන අයුරු සහ වෙඩි වැදුණු ඔහුගේ අනෙකුත් මිතුරා අසාධ්‍ය තත්ත්වයෙන් බිම නිදා ගන්නා අයුරුද සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී ඇති බවද පොලිසිය සඳහන් කරයි. (PixBy-Indika Abeysundara -Rivira)
චාමරය යාළුවන්ට කෙලින එකම තමයි කරන්නේ. එක පාරක් මල පනින යාලුවෙක්ගෙ Video එකක් අන්තර්ජාලයට එකතු කරලා මහා ජංජාලයක් කළා.
282
POSITIVE
ncpp_train_39037
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිරත විය. කොවිඩ්-19 වසංගතය පිළිබඳ වත්මන් තත්ත්වය විමසූ පූජ්‍ය ධම්මාලංකාර මහා නායක හිමිපාණෝ සහ කාදිනල් හිමිපාණෝ වෛරසය පාලනය කරමින් ජනතාව සුරක්ෂිත කිරීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට ප්‍රසාදය පළ කළහ. වසංගතය ඉක්මණින් පාලනය කිරීමට හැකිවනු ඇතැයි ආගමික නායකයෝ දෙනම විශ්වාසය පළ කළ අතර නොබෝ දිනකින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපතිතුමා පැවසීය. ළග එන වෙසක් උළෙල නිමිත්තෙන් නිවසේ සිට ආගමික වතාවත්හි නිරත වන්නැයි බෞද්ධ සැදැහැවතුනට දැනුම් දෙන බව මහා නා හිමියෝ කීහ. ඒ සඳහා ජනමාධ්‍ය උපයෝගී කර ගැනීමේ හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන විමසීමක් කළ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මේ අපරාධය පිටුපස සිටින්නේ කවුදැයි හඳුනාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. මරාගෙන මැරෙන ප්‍රහාරයකදී පිරිසක් මරණයට පත්වීමෙන් ඔබ්බට ගිය අරමුණු තිබෙන බව සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒ අරමුණු පසුපස සිටින අය හඳුනා ගැනීම රජයේ ප්‍රයත්නය බව කීය. නාස්තිකාරී සහ වෛරය අවුළුවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වී නව මැතිවරණ රටාවක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවකැයි කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ. නිෂ්ඵල සහ අධික වියදම් සහගත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට තමාගේ ද අවධානය යොමු වී ඇතැයි ජනාධිපතිතුමා පැවසීය. කෘෂි භෝග වගා කරන ප්‍රදේශවල වැව් සහ වාරිමාර්ග සමහරක් පරිහානියට ගොස් ඇතැයි පූජ්‍ය ධම්මාලංකාර මහ නා හිමිපාණන් සඳහන් කළ අතර, ඒවා පිළිසකර කිරීමට ලබන අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිතුමා කීය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.
දේශීය වෙදකමට කොරෝනා මාරාන්තික නෑ, දැන්වත් දේශීය වෙදකමට ඉඩ දියවු, ආයුර්වේද රෝහල්වලට දැඩි සත්කාර පහසුකම් ලබා දියවු, ස්ව කැමැත්තෙන් ඉදිරිපත්වන රෝගීන් සුවපත් කොට වැඩ පෙන්වීමට ඉඩ ලබා දියවු, ලක් මෑනිගෙ දරුවන් මරනයෙන් බේරාගමු.
11
POSITIVE
ncpp_train_39038
ජනතා  විමුක්ති පෙරමුණේ නිර්මාතෘ  සහ නායකවරයකුව සිටි  සිය සැමියා වන රෝහණ විජේවීර මහතා  අතුරුදන් වි වසර ගණනාවක් ගතව ඇති  බවත් ඔහුට වූ දේ දන්වා නැති බවත් එබැවින්  ඔහුව  වහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කරමින් හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය  අද (29) අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස්  පෙත්සමක් ගොනු කළේය.  නීතීඥ සේනක ටයිටස් මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන්  නම් කරනු ලැබ ඇත්තේ හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ.එච් විජේදාස, හිටපු යුද හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් ජානක පෙරේරා, කපිතාන් ගාමිණි හෙට්ටිආරච්චි ඇතුළු 11 දෙනකුය. 1989 නොවැම්බර් 13 වැනිදා පාන්දර බොරැල්ල කනත්ත පිටුපස ඇති ගොල්ෆ් පිට්‌ටනියට යාබද රේල්පාරේදී උපතිස්‌ස ගමනායක සමඟ එක පෙළට සිටුවා ඔහුට වෙඩි තබන ලද බවට පුවත්පත්වාර්තා තිබේ. මරා දැමීමට පෙර විජේවීරට සහ උපතිස්‌ස ගමනායකට අධික ලෙස පහර දුන් බවටත්, අත් පා කඩා දමන ලද බවටත් පණ තිබියදීම බොරැල්ල කනත්තේ ආදාහනාගාරය තුළට විසි කර පුළුස්‌සන ලද බවටත් පසු කාලයේදී කතාන්දර පැතිර තිබුණද, එවැනි කිසිවක්‌ සිදු වූ බවට නිවැරදි සාක්‍ෂි නැත.  විජේවීර මරණයෙන් පසු එවකට සිටි යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ,විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය මෙසේ ය. "කැරලිකරුවන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ලැබුණු රහස්‌ තොරතුරු මත උලපනේ ඇතුළු ප්‍රදේශ ගණනාවක සෝදිසි මෙහෙයුම් කිරීමට යුද හමුදාව කටයුතු කළේය. 1989 නොවැම්බර් 12 වැනිදා සවස්‌ වරුවේදී උලපනේ ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කළ හමුදා කණ්‌ඩායමකට රෝහණ විජේවීර ලෙස සැක කළ හැකි පුද්ගලයකු හමුවිය. ඔහුගේ අනන්‍යතාව සම්බන්ධයෙන් කළ විමසීමේදී තමා රෝහණ විජේවීර බව පිළිගත් එම පුද්ගලයා තමා සමඟ සිටින සෙසු අය තම බිරිය සහ දරුවන් බව පිළිගත්තේ ය. රටේ නීත්‍යනුකූල ආණ්‌ඩුවට එරෙහිව හටගෙන තිබූ ප්‍රචණ්‌ඩ ක්‍රියා සහ වෙනත් පරපීඩක කටයුතුවලට රෝහණ විජේවීර සම්බන්ධ බවට සැකයක්‌ තිබුණු බැවින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. මේ මොහොතේදී විජේවීර අත්අඩංගුවට ගත් හමුදා පිරිසේ ප්‍රධානියාගේ තීරණය වූයේ කිසිදු ප්‍රසිද්ධියක්‌ නොදී ඉහළම ආරක්‍ෂාව සහිත ස්‌ථානයකට ඔහු රැගෙන යැම ය. එදිනම රාත්‍රි 10.00 ට රෝහණ විජේවීර කොළඹ ගෙනෙන ලදී. රටේ තරුණ පරපුර අමතා කතාවක්‌ පැවැත්වීමටත් ප්‍රචණ්‌ඩ ක්‍රියා අත්හැර දමන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමටත් වැඩිදුර ප්‍රශ්නකිරීම්වලින් පසු විජේවීර ස්‌වෙච්ඡාවෙන් ම ඉදිරිපත් විය. එම කතාව වීඩියෝ කරන ලදී. ඉන් පසු ජවිපෙ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අයත් ප්‍රධාන යුද මෙහෙයුම් මධ්‍යස්‌ථානය පෙන්වීම සඳහා පොලිසිය සහ යුද හමුදාව කැඳවාගෙන යැමට විජේවීර එකඟ විය. පසුදින එනම් 13 වැනිදා අලුයම ජවිපෙ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ යුද කටයුතු සහ ප්‍රචාරක මූලස්‌ථානය යුද හමුදාවට පෙන්වීමට විජේවීරට හැකි විය. මෙය කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පිහිටි තැනකි. මෙහිදී ජ.වි.පෙ. දේශපාලන මණ්‌ඩලයේ සාමාජික එස්‌. බී. හේරත් ට කතා කළ විජේවීර එම මූලස්‌ථානයේ තිබෙන සෑම දෙයක්‌ම හමුදාවට භාර දෙන ලෙස ඉල්ලා සිටියේ ය. ලියෑවිලි කිහිපයක්‌ හමුදාවට භාර දුන් හේරත් තවත් ලියෑවිලි සොයන බව හඟවමින් ක්‍ෂණයකින් ගිනි අවියක්‌ ඇද රෝහණ විජේවීර දෙසට වෙඩි තැබී ය. මෙහිදී යුද හමුදාව ද පෙරළා වෙඩි තැබී ය. වෙඩි හුවමාරුවේදී එයට මැදිව තුවාල ලද විජේවීර සහ හේරත් එතැනම මිය ගියහ. අනතුරුව හදිසි නීති රෙගුලාසි අනුව ක්‍රියා කළ හමුදාව උපරිම ආරක්‍ෂාව යටතේ එම මළ සිරුරු ආදාහනය කළේය. "
ඈත්තටම පව් බන් විජේවීර.. අපරාදේ අර ලප කුමාර වගේ ජෙප්පොන්ගේ නායකයා උනා නම් ඉවරයි.. එහෙනම් වෙඩිකන්නෙ නෑතිව ග්‍රීසියට ගිහින් හොදට විස්කි ශොට් එකක් ගහලා දෙන්නෙකුගේ කරට අත දාගෙන වෑනි වෑනි ටොක්ස් ටිකක් දෙන්න තිබ්බා "නූතන දේශපාලනයේ වමේ ක්‍රියාකාරීත්වය" වගේ එකක්.. පක්ශෙ ඉවර උනාම උනත් කියන්න පුලුවන් " අනුර කුමාර පක්ශෙ විනාශ කලා නෙමෙයි.. පක්ශෙ විනාශ වෙනකොට අනුර කුමාර ඒකේ නායකයා" වගේ ක්‍රියේටිව් ටොක් එකක්.. ඈත්තටම දුක මුන්ගේ කෑට උස්සගෙන බස් වලට හිගාකන්න නගින කොල්ලො කෙල්ලො ගෑන.. අන්තිමට කරපු දේශපාලනයකුත් නෑ. ඩිග්‍රියත් නෑ. රස්සාවක් හොයාගන්නත් බෑ.. ;)
13
POSITIVE
ncpp_train_39039
ඊයේ (28) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගැන වැඩි විස්තර අද දිනයේ වෛද්‍ය අනිල් ජාසිංහ මාධ්‍ය වෙත කරුණු දැක්වීය. ඊයේ 31 ක් හමුවූ අතර ඉන්  21 දෙනෙකු නාවික හමුදා භටයින්ද 4 දෙනෙක් යුද හමුදා භටයින්ද 6 දෙනෙක් නාවික හමුදා භටයින්ගේ ස්පර්ශකයින් වූ පවුලේ හෝ අසල්වැසි අය බවද දන්වා සිටියේය. මේ අය මුලදී හමුවූ තරම් ඊයේ වාර්තා නොවීම මගින් පිළිබිඹු කරන්නේ නාවික කඳවුරු වල ආසාදිත තත්වයේ පැහැදිලි පසුබැසීමක් බවද දන්වා සිටියේය. වැලිසර කඳවුරෙන් 15 ක් හා මැදිරිගිරිය අරණායක අගලවත්ත පොල්පිතිගම හබරණ ප්‍රදේශ වලින් මේ අය හඳුනාගෙන ඇති බව ඔහු දැන්වීය. පවුල් වල සහ අසල්වැසි අයගේ රෝගී ප්‍රමාණය වැඩිවීම අවදානම් තත්වයක් ලෙස සලකන බවත් එය හැකි තරම් අවම කිරීමට මේ දිනවල පියවරගන්නා බවද කීය. බන්ඩාරනායක මාවත හා කෙසෙල්වත්ත පොකුරු මේ වනවිට බොහෝදුරට මර්දනය කර ඇති බවද දැන්වීය.
ඔව් ඒක ඉර හද වගේ ශුවර් ...! සමහරවිට ආරංචි වෙන එකකුත් නෑ කැස්සක් තියෙන එකෙක් වත් ලංකාවෙ ඉන්න බව
166
POSITIVE
ncpp_train_39040
'රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප නැවත ලබාදීමට හා රාජ්‍ය ආයතන විකුණා කෑම නතර කිරීමට ඉතිහාසයේ මෙතෙක් නොවූ ලෙස රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා කරමු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගියේ ජය තහවුරු කිරීම සඳහා කන්තලේ නගරයේදී ඊයේ (28දා) පැවැති ජනරැලිය අමතමිනි. එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ ඒ මහතා, "පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ලේ තැවරුණු උන්දැලා අද සජිත් මහත්තයාගේ දෙපැත්තෙන් ඉන්නේ. ඒ විතරක් නොවෙයි මුස්ලිම් සහෝදරයෙක් මාධ්‍යට අනාවරණය කළා හකීම්ගේ ගෝලයා අමීර් අලි සහරාන්ලා එක්ක ගිවිසුම් අත්සන් කරලා ගිවිසුම් බෙදා හදා ගන්නවා. මේ නඩය තමයි මේ අන්තවාදය රැක්කේ. 97 වතාවක් බුද්ධි අංශ අනතුරු අඟවද්දී අල්ලන එක නැවැත්තුවා. 16 වැනිදා සිද්ධියෙන් තීරණය කරන්න තියෙන්නේ මෙච්චරයි. නැවතත් එ් අන්තවාදී කල්ලියම ඕනේ නම් ඡන්දය දෙන්න පුතාට, එහෙම නැති රටක් ඕනේ නම් කියලා හිතෙනවා නම්, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකට ඉන්න ඕශන් නම් ඡන්දය දෙන්න හෝඨාභයට. අද රටට ඕනේ රට අංක 01ට තියලා හිතන නායකයෙක්. නැවත විශ්‍රාම වැටුප රාජ්‍ය සේවකයන්ට ඕනේ නම්, රාජ්‍ය ආයතන විකුණන් කෑම නතර කරන්න ඕනේ නම්, රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා කරමු. කවදාවත් කළේ නෑ ඒක. ඒක කරන්න රාජය සේවකයක් වන ගෝඨාභය රාජ රාජ්‍ය නායකයා කරමු" යනුවෙන්ද පවසා සිටියේය.    -නිදර්ශනී වික්‍රමසිංහ-
ඇමරිකන් කාරයො ආඩම්බරයෙන් කියය් උන්ට ලොකෙ රට වල් 2 ක් තියෙනවා කියලා
5
POSITIVE
ncpp_train_39041
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වැඩ වර්ජනය අවසන් විය. අද (30) පැවැති සාකච්ඡාවේ දී වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් රැසක් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වු බව එහි ආරංචි මාර්ග කියයි. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩි.එල්.කේ ගුණවර්ධන, අධ්‍යක්ෂ වෛද්‍ය සේවා ප්‍රියන්ත අතපත්තු, අග්‍රාමාත්‍ය උපදේශක දීනේෂ් වීරක්කොඩි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු නිලධාරී මණ්ඩලය සහ  වෛද්‍යවරුන් පිරිසක් එක්ව සිටියහ.
මේ පාදඩයා ඇතුලු දොස්ත-හොරු ටික ලෙඩ්ඩු ප්‍රාණ ඇපේට තියාගෙන කොහොම හරි උන්ගෙ බලු ඉල්ලීම් ටික දිනා ගන්නවා.
123
POSITIVE
ncpp_train_39042
ජාතික රූපවාහිනියේ 'ද බිග් ක්වෙක්ෂන්' වැඩසටහනට සහභාගීවූ කථිකාචාර්ය මහින්ද පතිරණ බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් සමාජයේ පවතින අදහස් වැරදි බවත් ඔහු සිතනවාට වඩා වෙනස් පුද්ගලයෙකු බවත් කියා සිටියේය.එම වැඩසටහනේදී ඔහු මෙසේ කීවේය.'ඔය කොමිෂන් ටෙන් පසන්ට් ගත්තා කියල කතාවක් හැදුණා ඒක පට්ටපල් බොරුවක්නෙ. කාටහරි ඇවිත් කියන්න කියල කියන්න එහෙම එකක් ගත්තනං.. ඊළගට කපුට කියල කියනව 2009 දී විතර කියපු කතාවක වීඩියෝ කෑල්ලක් ඉස්සරහට අරගෙන තමයි ඒක පැතිරුවේ. එතුමා විශාල ව්‍යාපෘති කළේ නෑ ලංකාවේ ආර්ථික සංවර්ධන ඇමති හැටියට හිටි කාලෙ මහා පරිමාණ කිසිම ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා නෑ සියල්ලම කළේ ග්‍රාමීය ව්‍යාපෘති .. එදා හිටපු ඇමතිවරු තමා ඔය ටෙන් පසන්ට් කතාව හදන්න මුල්වුනේ. මොකද ඔවුන් ඔවුන්ගේ ගැලවිජ්ජාවට ඔවුන් කිව්වේ අපි ගාව නෙමේ සල්ලි තියෙන්නේ බැසිල් ගාව ඒ නිසා අපෙන් ඉල්ලන්න එපා කියලා..ගමට ගිහිල්ලා කිව්වා සල්ලි තියෙන්නෙ බැසිල් රාජපක්ෂ ගාව කියලා. අමාත්‍යාංශයෙන් ප්‍රතිපත්ති සකස් කරන නිසා ඒවා ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම තිබුණේ ගම් මට්ටමේ.ගමේ කවුරුහරි කියනවද බැසිල් අපෙන් සියයට 10 ක් ඉල්ලගත්තා කියල. ඒව බොරු කතා. රත්තරන් අශ්වයෝ ලැම්බෝගිනි හදපු කතාවගේ ඕවා හදලා ප්‍රචාරය කළේ.. ඉස්සරත් එහෙම කතා හදලා තියනවා දැන් ගාමිණී දිසානායක මහත්මයාට ඇපල් වතුතියනව කිව්වා ඕස්ට්‍රෙලියාවෙ. එතුමා මැරුණට පස්සෙ එහෙම කතාවක් හරි වත්තක් හරි නැහැ. ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට හදන කතා ඔහොම තමා බැසිල් රාජපක්ෂ කරන්නේ බොහොම සුපිරිසිදු චරිතයක් කිසිදු ආකාරයක එහෙම වංචනික ක්‍රියාවක් නැති කෙනෙක්.දෙයක් මං කියන්නම් හිනාවෙන්න එපා.. එතුමා රෑට පිරිත් දාගෙන පිරිත් අසන ගමන් නිදා ගන්නවා..ඒක සමහරු දන්නැති දෙයක්. සමහරු කියනව පන්සල් යන්නැති බව ඒත් මං දන්නවා පිරිත් අහන ගමන් තමා නිදාගන්නේ. බුද්ධාගම බෞද්ධකම ඉතාමත් හොඳින් අදහනවා. ඔහු නිදාගන්න යනකොට පිරිත් දාලා තමා නිදාගන්නෙ ඒක මම හොඳටම දන්නවා ඒක ඔහු ගාව ඉන්න අය දන්නවා ඒ ගැන.එතුමා රජයෙන් වාහනයක්වත් අරං නැහැ. අමාත්‍යංශයට යන කාලෙත් මුදල් තමන්ගෙ වියදමින් දරලා කරේ.එතුමා ඇමරිකාවේ හිටපු කාලෙ මහන්සියෙන් එක්රැස් කරපු මුදල් තමා පුද්ගලික පරිහරණයට යොදවන්නෙ. හොයා ගත්ත සල්ලි වලින් තමයි ජීවත්වන්නේ. පක්ෂයේ වැඩ වලටත් ඔහු වියදම් කරනවා.ලංකාවට ණය අරන්දෙන්න ඉන්දියාවට ගියේ ගුවන් ටිකට් පත ඔහුගෙ ගාණෙ වියදං කරලා.මගේ පුද්ගලික මතය ඔහු ජීවත් වෙන විදිය ඒක හෘද සාක්ෂිය මත සිදුවන්නේ. ඒක කාටවත්ම නෑ. ඒ නිසා ඔහු ඔහුට ඕනම කෙනෙක් ඕනම දෙයක් කිව්වට දරාගන්නවා.' 
අපේ හාමුදුරුවෝ හරියට හොරකමේ අදිනව කියලා දුන්න නම් දේශපලුවොන්ට් මේ රට මේ තත්වෙට පත් වෙන්නේ නැහැ
10
POSITIVE
ncpp_train_39043
චතුර නැතිව ඊයේ සිදුවූ විජය සමරුව වාර්ෂිකව පවත්වනු ලබන දිවංගත විජය කුමාරතුංග කලාකරුවාණන්ගේ ගුණ සමරුව ඊයේ විජය බිරිය හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පුමුඛ ඥාතීන් හා හිතවතුන් එක්ව පවත්වනු ලැබූ අතර මේ කාලයේ ‘විජය නිසා දේශපාලන ආගමනයක්‘ සිදු කළ බව කියන චතුර සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම අවස්ථාවට පැමිණ නොසිටියේය.  විජයගේ මහජන පක්ෂයේ හිටපු ප්‍රබල ක්‍රියාකාරීකයෙකුවූ ඇමති රාජිතත් එක් වූයේ නැත. එම අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින් Pix By- Suren Abeysundara
චතුරයා කියන විදිහට විජය විමුක්තිවවත් වඩාගෙන ඉදලා නැ චතුරයා තරම්. උ හිතන්නේ ලොකු පොත් වල නම් දෙක තුනකුත් එක්ක ඒවා ලියපු කතුවරන්ගේ නම් කියුවම හරි ලොකුවට අපි උ ගැන හිතයි කියලා. උ කියවපු මල ඉලව්වක් නැ.
105
POSITIVE
ncpp_train_39044
කොරෝනා වෛරසය පැතිරිම පිළිබඳ ආපදා තත්ත්වයක් පැමිණියහොත් කිසිදු පැකිලීමකින් තොරව පැය විසිහතරම සේවා සැපයීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සුදානම් යැයි රඡයේ හද නිලධාරින්ගේ සංගමයේ සහාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. ඒ සඳහා විශේෂ ගෙවීම් හෝ දීමනා ඉල්ලීමේ බලාපොරාතුවක් හෙද හෙදියන් තුළ නැතැයි ද ජනතා බදු මුදලින් වැටුප් ගන්නා කාර්යමණ්ඩලය තම යුතුකම් ඉටු කරන්නට සුදානම් යැයි ද ඔහු කීය. හදිසි අවස්ථාවන් සඳහා රෝහල් 12ක් සුදානම් කර ඇතැයි රජය ප්‍රකාශ කරන නමුත් එකී රෝහල් එකකවත් අවශ්‍ය අවම පහසුකමක් නැතැයි කී රත්නප්‍රිය මහතා අවශ්‍ය පහසුකම සුදානම් කිරිමට රජය වහා කටයුතු කළ යුතු යැයි ද පැවැසීය. මුඛ ආවරණ, මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඟලුම් ඇතුළු උපාංග හිඟය දරුණු බවත් මේ වනවිට කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩල කටයුතු කරන්නේ ප්ලාස්ටික් කැබලි කපා මුහුණු ආවරණය කරගෙන සේවා සැපයීමෙන් බවත් ඔහු කීය. එමෙන්ම ආරක්ෂිත ඇඳුම් භාවිත කළ හැක්කේ එක් වතාවක් බවත් වරක් භාවිත කළ ඇගලුම් ඉවත් කළ යුතු බවත් පෙත්වා, දුන් රත්නප්‍රිය මහතා ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයෙන් රෝහල් තුළ තිබිය යුතු බවක් පෙන්වා දුන්නේය. කොරොනා වෛරසය පිළිබඳ පරික්ෂාවක් සඳහා විශේෂිත රසායනාගාර (BIO SAFTY LEVEL 4) තීබිය යුතු යැයි ද එම මට්ටමේ රසායනාගාර ශ්‍රී ලංකාවේ නැතැයි ද කී සභාපතිවරයා විශේශයෙන් එම රසායනාගාර තුළ මෙම පරික්ෂාවන් වෙනුවෙන් සැකසු කුටි තිබිය යුතු අතර සුදානම් යැයි කී රෝහල් සියල්ලටම එම රසායනාගාර  පහසුකම් ලබා දිය යුතු යැයි ද පැවැසීය. කොරෝනා පැතිර යාම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජාතික කමිටුවේ සාමාජිකයන් 15 දෙනාගෙන් 11 දෙනකු වෛද්‍යවරුන් බවත් එවැනි තත්වයක සිට මෙම රෝගය පාලනය කළ හැකි යැයි සිතන්නේ නම් එය විශෘල වරදක් බවත් පෙවා දුන් ඔහු මේ පිළිබඳ තීන්දු නීරණ ගතහැකි වෛද්‍ය නොව විශේෂඥවරුන්ගෙන්ද මෙම කමිටුව සමන්විත විය යුතු යැයි සඳහන් කළේය. එමෙන්ම ගුවන්තොටුපළේ දී හදුනාගත් සැකකටයුතු අයෙකු වෙත්නම් ඔවුන් උණ රෝහලට හෝ එතැනින් දියතලාවට ගෙන යාම නොව ගුවන් තොටුපළ ආසන්නයේ ඒ වෙනුවෙන්ම සැකසුණ රෝහලකට ඇතුළත් කිරීමට සැලසුම් කළ යුතු යැයි ද ඉදිරියේ ඇති වන තත්ත්වයන්ට මුහුණදීමට නම් එවැනි රෝහලක් ගුවන්තොටුපළ ආසන්නයේ ජනාකිර්ණ නොවන ස්ථානයක ඉදිවිය යුතු යැයි ද හෙතෙම යෝජනා කළේය. මෙවැනි අවස්ථාවක රටට නිවැරැදි පණිවුඩ දෙන පිරිසක් රාජ්‍ය යාන්ත්‍රණයේ සිටිය යුතු බව පෙන්වා දුන් රත්නප්‍රිය මහතා සමාජයේ සියලු දෙනා මුඛ ආවරණ පැළැඳ සිටිය යුතු නැති වුවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොළඹට පැමිණෙන සියලු දෙනා මුඛ ආවරණ පැළඳිය යුතු බව පවසා ඇතැයි සඳහන් කළේය. රුපියල් 9.50 ක් මිලැති මුඛ ආවරණයකට රුපියල් 15 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ ද රුපියල් 95 ක් වටිනා එන් 95 වර්ගයේ නැවත නැවත භාවිත කළහැකි මුඛ ආවරණයකට රුපියල් 150 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ ද කවර හේතුවක් නිසා දැයි විමසිය යුතු බව සභාපතිවරයා පැවසිය. විනීතා එම් ගමගේ
නියමයි සමන් ඔහොම යං
-38
NEGATIVE
ncpp_train_39045
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පිළිබඳව දැනට කෙරෙන සංශෝධන කටයුතු අවසන් වූ විගස පහේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ අම්මලාගේ විභාගයක් දරුවන්ට අවශ්‍ය නැති බැවින් ඉදිරියේදී අම්මලාගේ විභාගයට වැට බඳින බවත් අනාගතයට යෑමේ පාස්‍පෝට් එක අධ්‍යාපනය බැවින් ඒ සඳහා වීසා ගැසීම ඉතා කල්පනාකාරීව කළ යුතු බවයි. අකිලා නදීශානි බණ්ඩාර
කරන්න ගරු ඇමති තුමනි. එවිට ඔබ තුමා අපේ වන්දනවටද සුදුසුයි. ජ.වී.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා කිව්වා ඔබ පාසල් යන ළමයෙක් වගේ කියලා. අපි එතුමා කෙරෙහි අනුකම්පා කරමු.
-6
NEGATIVE
ncpp_train_39046
ඇමති රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නගේ විවාහ මංගල උත්සවය ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වූයේ ප්‍රකට දේශපාලනඥයින් මෙන්ම සිය පක්ෂයේ වැඩ කළ විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. මේ සඳහා 4000 කට ආසන්න පිරිසක් අරලියගහ මන්දිරය වෙත පැමිණ සිටි බවට වාර්තා පළවේ. විවාහ ආරාධනය විශේෂයෙන් පළ කළ ඇරයුම් පතකින් සහ  ඒ ඒ පාක්ෂිකයින්ට යැවූ ලිපියකින් යුක්ත වූ අතර එම ලිපියේ සඳහන් ආකාරයට දේශපාලන රැළියකට පිරිස් එකතු කරගෙන යන ආකාරයට ඒ ඒ කොට්ඨාස මට්ටමින් විවාහ උත්සවය සඳහා පැමිණීමට ප්‍රවාහන පහසුකම්ද සලසා තිබුණි. අගමැති නිල නිවස වන අරලිගහ මන්දිරයේදී එම උත්සවය පැවැත්වීම ගැන විවේචනාත්මක අදහස් සමාජ ජාල වල පළවී තිබුණත් වත්මන් රජයේ ‘කැපී පෙනෙන ප්‍රබලයෙකු‘ ගේ පුතුගේ විවාහය එම ස්ථානයේ පවත්වන්නට අවසර ලබාගැනීම ගැන ගැටලුවක් පැන නොනැගිය හැකි බවට සිතා එම විවේචකයින්ම සිත හදාගෙන තිබුණි. විවාහ උත්සවය අධික වියදම් දරා සිදු කළ අතර මංගල කේක් ගෙඩිය වහලයෙ ගැවෙන තරම් උසට නිර්මාණය කර තිබුණි. මෙම මංගල උත්සවය සදහා සාදා ඇති සුවිශේෂ විවාහ ආරාධනා පත‍්‍රයක් සදහා රුපියල් 8000ක පමණ මුදලක් වියදම් කර තිබූ අතර ආරාධිතයන් 3000කට පමණ එම ආරාධනා පත යොමු කර තිබුණි. සාමාන්‍යයෙන් මංගල සභාවල මනාලයින් කතා පවත්වන්නේ නැති නමුත් මංගල උත්සව සභාව අමතමින් උත්සවයේ මනාලයා වන චතුර සේනාරත්න දීර්ඝ කතාවක් කිරීමද කැපී පෙනුණි. එම කතාවේ ඔහුට සරුපා මුණගැසීමේ වසර 11 ක පෙම්කතාව මෙන්ම මේ දිනවල ඒ සම්බන්ධයෙන් පවතින විවේචන වලටද පිළිතුරු සපයා තිබුණි. අරලියගහ මන්දිරයේ ශාලාව ලබා ගැනීමට සිදු වූයේ නැකත යෙදී තිබූ වේලාවට වෙනත් ශාලාවක් සොයාගත නොහැකි වූ නිසා බවත් එය ලබා දුන්නේ අගමැතිවරයා විසින් බවත් චතුර එහිදී කියා සිටියේය. උත්සවය සදහා වියදම් වූ සියලු වියදම් තම හිතමිතුරන් විසින් දරන ලද බවත් ඔහු පැවසීය.
කේක් ගෙඩිය වහලෙ ගෑවෙන තරම් උස වුනාට චතුරයගෙ ( හිස් තැනක් ) නම් එච්චර උස නැතුව ඇති
123
POSITIVE
ncpp_train_39047
උඩුවේ හිමිගේ ඇලන් මැතිණියාරාම පන්සලේ උදේට උදේට ඇහෙන සද්ද ගැන මිලින්ද ඇතුළු අසල්වැසියන්ගෙන් පැමිණිලි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවාසය කරන කොළඹ 5 ඇලන් මැතිනියාරාමය වෙතින් උදෑසනට ඇසෙන කර්ණ කඨෝර ශබ්ද ඉවසාගත නොහැකි බව දක්වමින් අසල්වාසීන් විසින් පැමිණිල්ලක් ගොනු කරනු ලැබ ඊයේ විභාග විය. මෙම අසල්වාසීන් අතර හිටපු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු හා ඇමතිවරයෙකු වන මිලින්ද මොරගොඩද සිටියේය. තමන් කොළඹ 05, ඇලන් මැතිනියාරාම විහාරස්ථානය අසල පදිංචිකරුවන් බවත්, උදෑසන පහත් හයත් අතර කාලයේදී ඉතාමත් අධික ශබ්දයකින් යුක්තව එම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර සීඩී තැටි ප්‍රචාරය කරනු ලබන බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. මෙය ප්‍රදේශවාසීන්ගේ මානසිකත්වයට හා සෞඛ්‍යයට අහිතකර වන අතර, දරුවන්ගේ පාඩම් කටයුතුවලට බාධා, හිසරදය, මානසික ආතතිය, අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම ඇතිවන බැවින් එම පීඩාව මැඬපැවැත්වීමේ නියෝගයක් ලබාදෙන ලෙස පැමිණිලිකරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත. හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පස් දෙනකු විසින් ඇලන් මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී මේ සම්බන්ධව කරුණු හෙළි කර තිබුනේ 1979 අංක (15) දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (ආ) වගන්තිය යටතේ 98 (1) ප්‍රකාරව එය වළක්වාලන ලෙස ඉල්ලමිනි. නඩුව ලබන 06 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
හැමදාම උදේට පැයක් දෙකක් මොනම දෙයක්වත් සද්දෙන් අහගෙන ඉන්නකොට මොනතරම් කරදරයක්ද? ආගම මිනිස්සුන්ට කරදර කාරී දෙයක් නොවිය යුතුයි. පාඩම් කරන ලමයි, ලෙඩ්ඩු ගෙවල් අත්හැරලා යන්නද? තමන්ට ඔය දේ වුනානම් ඔහොම හිතනවද?
16
POSITIVE
ncpp_train_39048
ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එම පක්ෂයේ පැවැති ජන හමුවකදී මෙසේ පැවසීය."අර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය. එයා මේ ටිකේ කෑගැහුවේ රනිලෝ... කියලා. දැන් එයා කෑ ගහන්නෙ රනිලා... කියලා. අඩු ස්වරයෙන් කියන්නෙ දැන්. එයා කියනව දැන් IMF එකට ගිහිල්ල ණය ගත්තු එක හොඳයිලු. හර්ෂද සිල්වා, එයා වචන ගලප්පනවා තාම අර පැත්තට මාරු වෙන්න.රනිල් වික්‍රමසිංහ ධෛර්යවන්ත තීරණයක් අරන් තියෙනවා. එරෙහිවෙන සියල්ලම මර්ධනය කරනවා. විකුණන්න යන ඔක්කෝම විකුණනවා. කාංචන විජේසේකර භය නැතුව කියනවා. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හදන්නේ අපේ අයට ණය දීපූ අයගේ ප්‍රශ්නේ විසඳන්න. ජාත්‍යන්තරය ප්‍රකාශයට පත් කලා ලංකාව බංකොළොත් රටක් කියලා. ලංකාවට තවදුරටත් ණය දෙන්න සුදුසු නෑ. කඩේ ඇරලා තිබ්බට වැඩක් නෑ වහලා වගේ. මොකද දන්නවද? මිනිස්සු බඩු ගන්න යන්නෙත් නෑ. තව එක අදියරයක් තිබ්බනම් බුන්වත්. තවත් පල්ලෙහාට යනවා.වරායට නැව් එනවා හැබැයි තෙල් දෙන්නෙ සල්ලි දුන්නොත් විතරයි. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මැජික් එකක් පෑවේ නෑ. ආනයන නැවැත්තුවා. බෙහෙත්, පෝර ගේන එක නැවැත්තුවා. එතකොට අපේ ඩොලර් රටෙන් එළියට යන ප්‍රමාණ නතර වුණා. සාමාන්‍යයෙන් ඩොලර් කෝටි 280ක් 300ක් ණය ගෙව්වා මාසෙකට. ඒක නැවතුනා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා, නොමැරී ඉන්න බෙහෙත් ටිකක් දෙන්නම් තොන්ඩුව හිර වෙලා තියෙන්නේ පොඩ්ඩක් බුරුල් කරන්නම්, හැබැයි අපි බුරුල් කරන්නේ අපිට ඕන කාලෙට තොපි මෙන්න මේක කරන්න ඕනේ. මේ අපිට ආදරේට නෙමෙයි. රතිඤ්ඤා පාරේ නෙමෙයි පත්තු කරන්න වෙන්නෙ කටේ තියලා පත්තු කරන්න වෙනවා මොළේ පිටින් ගලවලා යන්න."
අවුරුද්දක් යන්නේ නෑ මචං. දැනටම මිනිස්සු හොඳට ඇඳගන ඉන්නේ.
17
POSITIVE
ncpp_train_39049
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙයි.නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතරඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 318කි.මේ අතර ලංකා භූමිතෙල් මිල ද රුපියල් 50කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 245කි. එසේම ලංකා කාර්මික භූමිතෙල් මිල ද රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 270කි.මේ අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 385කි.එසේම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 340කි.
මේ රටේ ඉන්න බහුතරයක් කිසි කෙලෙගුනයක් නැති කුහක කාලකන්නි පිරිසක්. ඩීසල් පෝලිම් වල ,පෙට්‍රල් පෝලම්වල ගෑස්පෝලිම් වල මැරි මැරී වටුන ජාතික් . ජනතාවක් අද ඒ ප්‍රශ්න වලින් මිදිල සැනසුම් සුසුම් හෙලනවා. පොහොර ටිකක් නැතුව බෙල්ලෙ වැලලගන්න ගිය ගොවියා අද සැනසුම් සුසුම් හෙලනවා. මේ රනිල් කියන මිනිහ ඒ වෙලාවේ රට බේරානොගන්න ලක්ෂගානක් මිනිසුන් හාමතේ මිය යනවා. රට කෑලකෑලි වලට කැඩිලා යනවා. උතුරේ හා , කදුකරයේ දෙමල ජනතාව ඒ තත්වයට වැටුනම් පැය දෙක තුනකින් ඉංදියාව ලංකාව අල්ලනවා. එහෙම වුනානම් ඒක සාධාරන ඇල්ලීමක් වෙනවා. ලෝකයම ඒකට උදව් කරනවා. මේවාගැන කිසිම අවබෝදයක් නැති කාලකන්නි පිරිසකට මේවා ගැන කිසි අවබෝදයක් නැතුව කෑ ගහනවා. ඒ ගැන අවබෝදයක් ඇති බහුතර ජනතාවක් නිශ්ශබ්දව ගල්ගිල්ලා වගේ ඉන්නවා
6
POSITIVE
ncpp_train_39050
ගල්නෑව ප‍්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් මත් කොට අස්වාභාවික ලිංගික ක‍්‍රියාවලියකට පොලඹවා එම දර්ශන වීඩියෝගත කර කප්පම් වශයෙන් දස ලක්ෂ විසිපන්දහසක මුදලක් ලබාගත් බව කියන පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (24දා) ගල්නෑව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මීට මාසයකට පමණ පෙර හිමිනම පදිංචි විහාරස්ථානය වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනා හිමිනම මත්කොට අස්වාභාවික ලිංගික ක‍්‍රියාවලියකට පොලඹවා එය තවත් අයකුට වීඩියෝගත කිරීමට අවස්ථාව සලසා දී ඇත. පසුව එම වීඩියෝ දර්ශන ප‍්‍රසිද්ධ කරන බව පවසා ප‍්‍රථමයෙන් හිමිනමගෙන් ඔවුන් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක් ලබා ගෙන තිබේ. ඉන් අනතුරුව තවත් දෙවතාවකදී රුපියල් නව ලක්ෂයක් හිමි නමගෙන් ලබාගෙන ඇත. එසේ තිබියදී ඉකුත් 23 වැනි දින යළිත් වරක් රු. හත් ලක්ෂයක මුදලක් ලබාදෙන ලෙස හිමිනමට තර්ජනය කර තිබේ. මොවුන්ගෙන් බේරීමට නොහැකි හෙයින් හිමිනම මේ පිළිබඳ ගල්නෑව පොලිසියට පැමිණිලි කර ඇත. ගල්නෑව ප‍්‍රදේශයේම පදිංචිකරුවන් වන සැකකරුවන් ඊයේ (25දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ගල්නෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. නාච්චාදුව - ව.මු. දිසානායක
ඔබට තෙරුවන් සරනය්
17
POSITIVE
ncpp_train_39051
හරක් ලොරිය පසුපස පොලිසිය එළවද්දී පැත්තක බයික් එකේ ගියඋපාධිධාරි අක්කා නගෝ මරුට අනුරාධපුර-පුත්තලම ඒ-4 ප්‍රධාන මාර්ගයේ චුලන්කුලම් ප්‍රදේශයේදි එළගවයින් 18 දෙනකු පටවාගත් ලොරියක් ලූහුබඳිමින් පොලිස් පිරිසක් රථයකින් එද්දී නොනවත්වා ධාවනයවූ එම ලොරිය ඉදිරියෙන් පැමිණි කැබ් රථයක සහ යතුරු පැදියක වැදීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණියන් දෙදෙනකු ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. උදේ 8 ට පමණ සිදුවු මෙම අනතුරින් මරණයට පත්වු තරුණියන් දෙදෙනා එකම පවුලේ අක්කා නගෝ දෙදෙනකු වූ අතර දෙදෙනාම උපාධිධාරිනියන් විය. මේ අයගෙන් එක්කෙනෙකු එම ස්ථානයේදීමත් අනෙක් තැනැත්තිය රෝහලේදීත් මිය ගොස් තිබුණි.  ජයනී ස්වේතා ජයකොඩි (32) සහ සමාධි නවෝද්‍යා ජයකොඩි (29) යන මෙම අක්ක නගෝ දෙදෙනා නොච්චියාගම ගාලදිවුල්වැව පදිංචිව සිටි අයයි. ජයනී ගිණුම් ලිපිකාරිනියක ලෙසත් සමාධී ගුරුවරියක ලෙසත් සේවය කළ අතර දෙදෙනාම අවිවාහකයින් විය. ඔවුන් දෙදෙනා කිසියම් අවශ්‍යතාවයක් සඳහා අනුරාධපුර නගරය බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. හොර වැඩක් කර පොලිසියට බියෙන් පළායද්දී අපරීක්ෂාකාරී රථ ධාවනය නිසා සිදුවූ මෙම අනතුර දැක ආවේගශීලී වූ ප්‍රදේශවාසීන් පිරිසක් ලොරියේ රියදුරාට පහරදී පෙරළුණු ලොරියවද ගිනි තැබීමට උත්සාහ දැරූ බවද වාර්තා විය. පොලිසිය මැදිහත්වී තත්වය සමනය කර තිබේ. ලොරිය පෙරළුණු අවස්ථාවේ එහි සිටි ගවයින් පිටතට පැන හිස් ලූ ලූ අත දිවගොස් තිබේ. අනතුරින් ලොරියටද දැඩි හානි සිදුවිය. ලොරිය පසුපස පන්නා ගෙන ආ පොලීස් රථය අනතුරින් තුවාල වූවන් රෝහල් කරා ගෙනයාමට උදව් නොකර වහාම ආපසු හරවාගෙන අනුරාධපුරය දෙසටයාම ගැනද අවට සිටි අයගේ අප්‍රසාදය පළවිය. මුලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ත්‍රීකුණාමලයේ සිට වැලිසරට මස් පිණිස මැරීම සඳහා එළගවයින් 18 දෙනෙකු ලොරියේ ප්‍රවාහනය කර ඇත්තේ ඒ සඳහා බලපත්‍රයක්ද ලබාගෙන බවකි. නමුත් පොලිස් අණ නොතකා ඔවුන් දිගටම ධාවනය කිරීම ගැටලු සහගත විය.  අනතුර සිදුවු අවස්ථාවේ ලුහුබැඳි පොලිස් නිලධාරීන් දෙදෙනා ක්‍රියාකර තිබෙන ආකාරය ගැන පරීක්‍ෂණයක් සිදු කිරීමටද නියමිතය. pix courtesy -lankadeepa
වැඩ සටහන් අධියක්ෂක, "පරිස්සමින් ගිහින් එන්න" මහත්මයණනි, දැන් කාටද "පරිස්සමින් ගිහින් එන්න" කියලා කියන්න ඕනී? ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. ස්තුතියි.
17
POSITIVE
ncpp_train_39052
ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාවේ පුනේ නුවර පැවති ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානය ජයගත්තේය.කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීම තෝරාගන්නට ඇෆ්ගන් පිල කටයුතු කළ අතර ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 241 කි. පිළිතුරු ඉනිමේදී එම ගණන අභිබවා යන්නට 45 වන ඕවරයේදී ඇෆ්ගන් කණ්ඩායම සමත් විය.  දැවී ගොස් තිබුනේ කඩුළු 3 ක් පමණි.
අර්ජුන ,අරවින්ද ප්‍රමුක group එකට cricket ආයතනය භාර දෙන තුරු පරාජය පමණි
8
POSITIVE
ncpp_train_39053
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ධූරයට පත්කිරීම කිසිසේත් වෙනස් නොකරන බවත් තීන්දුවක් ගත් පසු එම තීන්දුවේම සිටින බවත් කොළඹ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතා මහින්ද රාජපක්ෂ මහතා දන්වා සිටියේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තම අපේක්‍ෂකයාට සහාය දෙන්නට ඔවුනගේ අනන්‍යතාව රැකගෙන ඉදිරිපත්වන්නේ නම් ඉඩ සලසා ඇති බවත් ඔවුන් හවුල් කරගන්න තීරණය කලද පොදුජන පෙරමුණ නම් කරන ලද අපේක්‍ෂකයා වෙනස් නොකරන බවද ඔහු පැවසීය.
දැන් ඔබතුමා දන්නවද අලි රැල රට දියුණු කරන ක්‍රමය.
2
POSITIVE
ncpp_train_39054
ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මුදල් අයකැමිවරිය  විසින් සිදුකරන ලදැයි කියන රුපියල් කෝටි එක හමාරක පමණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් එම ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) පැමිණිල්ලක් කර ඇත. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ, පාලනය වන එම ආයතනයේ විවිධ කටයුතු සඳහා කරන ගෙවීම් හරහා මුදල් අයකැමිවරිය පරිගණකයට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර මෙම මහා පරිමාණ වංචාවා සිදුකර ඇති බවට අනාවරණය වී ඇතැයි පැවැසේ. මෙම වංචාව 2018 සිට මේ දක්වා වසර පහක පමණ කාලයක් සිදු වී ඇති බවට අභ්‍යන්තර විමර්ශනවල දී අනාවරණය වී ඇත. විවිධ රෝග හේතුවෙන් මරණයට පත්වන සතුන්, සුරතල් සතුන් සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා ද මෙම ආයතනය මගින් නිකුත් කරන අතර මියගිය සුනඛයකු සම්බන්ධව පරීක්ෂණ වාර්තාවක් ගැනීමට පැමිණි පශු වෛද්‍යවරයකුට එම වාර්තාව ලබා දීමට රුපියල් 90,000 ක පමණ මුදලක් එම ආයතනයට ගෙවූ බවට මුල් රිසිට්පත ලබා දී ඇත. මුල් රිසිට්පත අස්ථාන ගතවීම හේතුවෙන් වසර කිහිපයකට පසුව එම රිසිට් පතේ පිටපතක් ගැනීමට එම පශු වෛද්‍යවරයා එම ආයතනයට ගිය අවස්ථාවේ එහි 90,000 වෙනුවට රුපියල් 9000 ක් ලෙසට සටහන් වී ඇති බවට අනාවරණය වී ඇත.පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශය ද සතුන් හා සත්ව ආහාර ආනයනයේදී හා අපනයනයේදී, ගෙවීම් සිදුකර මෙම ස්ථානයෙන් වාර්තා ලබා ගැනීම අනිවාර්ය කටයුත්තක් වන අතර මධ්‍යම කුකුළු පරේශ්ෂණ ආයතනයෙන් දිනක් වයසැති කුකුළු පැටවුන් මිලදී ගැනීමේදී ද මුදල් ගෙවිය යුතුව ඇත්තේ මෙම පශු වෛද්‍ය පරික්ෂණ ආයතනයට වේ. එම මුදල් ද මෙම ආයතනයට ගෙවීම හේතුවෙන් දෛනිකව අති විශාල මුදලක් මෙම ආයතනය තුළ සංසරණයක් වන බව එම ආයතන ආරංචි මාර්ග කියයි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මියන්ගෙන් මේ පිළිබඳව කළ විමසීමක දී ඇය පැවසුවේ වංචාවක් සම්බන්ධයෙන් මුදල් අයකැමි වෙත චෝදනාවක් එල්ල වී ඇති බවය. ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර අභ්‍යන්තර  විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව ඇය ප්‍රකාශ කළාය.ෂේන් සෙනෙවිරත්න 
ලංකාවෙ බාගයක්ම ජිවත්වෙන්නෙ හොරකම, වංචාව, කොමිස් , එහෙම නැත්නමි පිංපඩි ,සමුර්දි , රජයේ විතරක් නෙමෙයි පුද්ගලික අංශයේ අයද මෙි වැඩෙි කරනව. අනෙක් අය දේශපාලනයට සමිබන්ද අය රටට කිසිම පුයෝජනයක් නැහැ . කොහොමද රටක් දියුනු කරන්නෙ .
13
POSITIVE
ncpp_train_39055
යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධියට විරෝධය දක්වමින් තමිල්නාඩු ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය අසල කලහකාරීව හැසිරුණු පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ‘මැයි 17‘ නැමැති එල්ටීටීඊ හිතවාදී පක්ෂයක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබී ඇත. කලහකාරී හැසිරීම මත නාම් තමිලර් කච්චි පක්‍ෂයේ නායක සීමාන්, ද්‍රවිඩ විමුක්ති කොටි සාමාජික පක්‍ෂයේ නායක ටී.තිරුමානවන්, එම්.ඞී.එම්.කේ පක්‍ෂයේ මල්ලලෙයි සත්‍යා යන කොටි හිතවාදී දේශපාලන නායකයින් ඇතුළු 200කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බවද වාර්තා වෙයි.
උබේ අදහස කිව්වෙ උබ මොන ගස් ගෙම්බෙක්ද? උබත් ජොසප්පු කියන නම පාවිච්චි කරන්නේ...උබවත් එහෙටම කැකිරිත් එක්ක පටවලා යැව්වා නම් ලොකු සේවයක් රටට කරන
-7
NEGATIVE
ncpp_train_39056
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාගම් සහ නිෂ්පාදන වෙත මූලිකත්වය ලබාදෙමින් "ඇමෙරිකානු දේ මිලදී ගන්න" යනුවෙන් නව විධායක නියෝගයක් පැනවීමට එරට නව ජනපති ජෝ බයිඩන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ෆෙඩරල් රජයට අවශ්‍ය දෑ මිලදී ගැනීමේදී ඇමෙරිකානු සමාගම් සහ නිෂ්පාදන වෙත ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ජනපතිවරයා සඳහන් කරයි.  නව ජනපති බයිඩන් ප‍්‍රමුඛ එක්සත් ජනපදයේ නව පරිපාලනය මගින් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමේ ප්‍රයත්නයේ අවස්ථාවක් ලෙස මෙම විධායක නියෝගය පනවා ඇත. ඒ හරහා දේශීය කර්මාන්තශාලා සහ සේවකයන් වෙත වඩා වැඩි ආයෝජන ප්‍රමාණයක් සිදුකරමින් මෙම කර්මාන්තවල සේවයේ නියුතු පිරිසගේ රැකියා ආරක්ෂා කිරීම සැලසුම් වී තිබේ. විශේෂයෙන්ම නව ජනපති බයිඩන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට COVID-19 වසංගතය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති එක්සත් ජනපද ආර්ථිකය 'පෙරට වඩා හොඳට දියුණු කිරීමේ ප්‍රයත්නයේ තවත් එක් අවස්ථාවක් බවටද මෙය හැඳින්වී තිබේ.ෆෙඩරල් රජය මගින් කොන්ත්‍රාත් වෙනුවෙන් වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන 600ක පමණ මුදලක් වැය කරයි. ඒ අනුව මෙම මුදල් වැය කරමින් සැමවිටම 'මේඩ් ඉන් ඇමෙරිකා" නිෂ්පාදන මිලදී ගන්නා ලෙස මෙම ෆෙඩරල් ආයතන වෙත මේ හරහා, උපදෙස් ලබා දී ඇත.අද වනවිට නිෂ්පාදන ක්ෂේත්‍රය එක්සත් ජනපද ආර්ථිකයෙන් 12%ක ප්‍රතිශතයක් ගන්නා අතර, එය වත්මන් ජනපතිවරයාගේ ඉදිරි ආර්ථික දැක්මේ ප්‍රධාන අංශයක් බවටද පත්ව තිබේ.මේ හරහා වැටුප් ඉහළ දැමීම්, වඩා වැඩි රැකියා උත්පාදනය කිරිම්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙත සහාය ලබාදීම් සහ එක්සත් ජනපදයේ සැපයුම් දාමය ශක්තිමත් කිරීම යනාදිය මේ යටතට ඇතුළත් වන බවත් පැවසෙයි. "ඇමෙරිකානු නිෂ්පාදන ක්ෂේත්‍රය දෙවැනි ලෝක යුද්ධයේදී ප්‍රජාත්නත්‍රවාදයේ යුද ගබඩාව බවට පත්ව තිබුණා. දැන් එය ඇමෙරිකානු සෞභාග්‍යයේ එන්ජිමේ කොටසක් බවට පත්විය යුතුයි. ඒ කියන්නේ අපි දැන් බදු ගෙවන්නන්ගේ මුදල් ඇමෙරිකාව නැවත ගොඩනැගීම සඳහා යොදවනවා.” බයිඩන් මෙහිදී පවසා තිබේ.
ඇමරිකාවෙත් ජනාධිපති කාර්ය බලකායේ සභාපති බැසිල් ද කියල හොයා බලන්න වෙනවා.
14
POSITIVE
ncpp_train_39057
April29 11.40pm මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 649ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.තවත් ආසාදිතයන් 19ක් හඳුනා ගැනීමත් සමග බදාදා හඳූනා ගැනුනු ආසාදිතයන් සංඛ්‍යාව 30කි. 09.00pm තවත් ආසාධිතයින් 03 දෙනෙකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 630 දක්වා ඉහළගොස් තිබෙනවා. 08.15pm තවත් ආසාධිතයින් 05 දෙනෙකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 627 දක්වා ඉහළගොස් තිබෙනවා. 02.05pm අද දිනයේ තවත් රෝගීන් 03 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 622 ක් වනවා. April28 10.20pm ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 28 පස්වරු 10 වන විට 619ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව දිනය තුළ නව ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී තිබෙනවා. 8.35pm අද දිනයේ තවත් රෝගීන් 12 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 611 ක් වනවා. 7.55pm අද දිනයේ තවත් රෝගීන් 03 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 599 ක් වනවා. 5.30pm අද දිනයේ තවත් රෝගීන් 04 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 596 ක් වනවා. 2.00pm තවත් රෝගින් 04 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති Covid 19 රෝගීන් සංඛ්‍යාව 592 ක් වනවා. April27 තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිවු දෙනෙක් සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.  ඒ අනුව අද දින පුද්ගලයින් 65 දෙනෙකු මේ දක්වා වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් ගණන 588ක් දක්වා ඉහළ ගොස් තිබේ. 9.55pm  ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු (02) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දින පුද්ගලයින් 61 දෙනෙකු මේ දක්වා වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් ගණන 584ක් දක්වා ඉහළ ගොස් තිබේ. 8.55pm තවත් රෝගියෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 582ක් වනවා. 8.00pm තවත් රෝගීන් 10ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 581ක් වනවා. 6.35pm තවත් රෝගීන් 4ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 571ක් වනවා. 5.15pm තවත් රෝගීන් 10ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 567ක් වනවා. අද දින සියලු වාර්තාවීම් නාවික හමුදාවේ අය වන අතර මේ වනවිට නාවික හමුදාවේ පමණක් 180 ක් කොරෝනා ආසාදිතයින් වී ඇත. 2.45pm තවත් ආසාදිතයින් 34ක් අද දිනයේ වාර්තා වීමත් සමඟ නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 557ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි. 12.45am තවත් කොරෝනා ආසාදිතයින් 18 ක් වාර්තා වීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මේ අනුව 26 ඉරිදා දිනය තුළ පමණක් වාර්තා වූ රෝගීන් ගණන 63ක් වනවා. මෙය මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වනවා. April26 10.13pm තවත් රෝගීන් 6 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 505ක් වනවා.අද දිනයේ දැනට ආසාදිතයින් 45 කි. මුල්වරට 500 සීමාව ඉක්මවා ලංකාවේ  කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඒ අනුව සටහන් විය. 10.00pm තවත් රෝගීන් 14ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 499ක් වනවා.අද දිනයේ දැනට ආසාදිතයින් 39 කි. 8.45pm තවත් රෝගීන් 08ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 485ක් වනවා.අද දිනයේ දැනට ආසාදිතයින් 25 කි. 7.00pm තවත් රෝගීන් 06ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 477ක් වනවා. 4.20pm අද දිනයේ තවත් රෝගීන් 04 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 471 ක් වනවා. 2.20pm අද දිනයේ තවත් රෝගීන් 05 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 467 ක් වනවා. 12.10pm අද දිනයේ තවත් රෝගීන් 02 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 462 ක් වනවා. 7.15am නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 08 දෙනෙක් ඊයේ දින රාත්‍රී කාලයේදී වාර්තාවී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 460ක් වන අතර ඊයේ දිනයේදී පමණක් ආසාධිතයින් 40ක් වාර්තා වී තිබේ. April25 10.15pm තවත් ආසාදිත 3 එකතුවී ඇති අතර මුළු එකතුව 452 කි. 9.20pm තවත් ආසාදිත 9 එකතුවී ඇති අතර මුළු එකතුව 449 කි. 7.40pm තවත් ආසාදිත5 එකතුවී ඇති අතර මුළු එකතුව 440 කි. 6.30pm තවත් ආසාදිත 2 එකතුවී ඇති අතර මුළු එකතුව 435 කි. 6.15pm අද (25) දිනයේදී මේ දක්වා කොරෝනා ආසාධිත රෝගීන් 13 දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 433ක් වනවා. මෙලෙස වාර්තා වූ රෝගීන් 07 දෙනෙක් කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිට නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් සිටි අයයි. 11.10am තවත් ආසාදිත 3 එකතුවී ඇති අතර මුළු එකතුව 420 කි. April24 11.10pm තවත් ආසාදිතයකු එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 49 කි.  මුළු එකතුව 417 කි. 8.25pm තවත් ආසාදිතයකු එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 48 කි.  මුළු එකතුව 416 කි. 7.15pm තවත් ආසාදිත මරදාන ප්‍රදේශයේ ගැබිණි කාන්තාවක එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 47 කි.  මුළු එකතුව 415 කි. 6.05pm තවත් ආසාදිතයින් 5 ක් එකතුවී ඇති අතර අද දිනයේ දැනට ආසාදිතයින් 46 කි.  මුළු එකතුව 414 කි. 5.40pm වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බව අද කළ පීසීආර් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර ඒ අනුව මුළු ආසාදිත එකතුව 409 දක්වා ඉහළ ගොස් ඇත. 5.20pm තවත් 06 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග බණ්ඩාරනායක මාවතෙන් අද හමුවූ 11 දෙනා නිසා ආසාදිතයින් එකතුව 379 දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය අනිල් ජාසිංහ කීවේය. 11.35am තවත් 05 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 373 දක්වා ඉහළ ගොස්  තිබේ. April23 10.05pm වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන සෙබළුන් දෙන්නාට අමතරව තව 28 දෙනෙකු එකවර වාර්තාවීම සමග අද දිනයේ 38 වැනි ආසාදිතයාත් වාර්තා වන අතර මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 368 දක්වා ඉහළ ගොස්  තිබේ. 9.05pm තවත් 03 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග අද දිනයේ 10 වැනි ආසාදිතයාත් වාර්තා වන අතර මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 340 දක්වා ඉහළ ගොස්  තිබේ. 7.45pm තවත් 02 නෙකු ආසාදනය වී ඇති බව හදුනාගැනීම සමග අද දිනයේ 07 වැනි ආසාදිතයාත් වාර්තා වන අතර මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින් 337 දක්වා ඉහළ ගොස්  තිබේ. 5.30pm තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙක් හමුවී ඇති අතර  රෝගීන් සංඛ්‍යාව 335ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. අද දිනයේදී මේ දක්වා ආසාධිතයින් 05 දෙනෙක් වාර්තා වී ඇත. 02.00pm කොරෝනා ආසාධිත තවත් රෝගීන් 4 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.මින් පෙරද රෝගීන් හමුවූ කොළඹ 12 කොටහේන ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතෙන් මොවුන් හමුවී ඇත. ඒ අනූව මෙරට වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් ගණන 334ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. April22 11.50pm ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 330දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් රෝගීන් 02 ක් වාර්තාවීමත් සමඟිනි.ඒ අනුව අද දිනයේදී රෝගීන් 20 ක් හමුවී තිබේ. 11.20pm අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 5 ක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 18ක් හමුවී තිබේ. දැන් එකතුව 328 කි 7.30pm අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 13ක් හමුවී තිබේ. දැන් එකතුව 323 කි මොහු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේදී හමුවූ ජාඇල සුදුවැල්ල පදිංචිකරුවෙකු බව වාර්තාවේ. 5.30pm අද දිනයේදි කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයෙක් හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 12ක් හමුවී තිබේ. ආසාදනය වූ පුද්ගලයා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයෙකි. 2.00pm ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් රෝගීන් 11 ක් වාර්තාවී ඇත.හඳුනාගත් 11 දෙනාම බේරුවල ප්‍රදේශයේ අය බවද ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී පරීක්ෂණ ධනාත්මකවූ බවද දන්වා ඇත. පී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ මහත්මිය පැවසුවාය. පිළියන්දල නිවන්තිඩිය  ග්‍රාමෝදය මාවතෙහි මාළු ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකන් සහ සමීපව ඇසුරුකළ පිරිසට කොරෝනා ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බව පිලියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කළේය.    April21 6.00pm නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාදිතයකු වරකාපොළින් වාර්තාවී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 310 කි. (මෙම ආසාදිතයා මුලින් රත්නපුර අයකු ලෙස වාර්තා කර තිබුන අතර එය ප්‍රමාද දෝෂයක් ලෙස පසුව නිවේදනය විය) 11.30am නව කොරෝනා වෛරසය වැළදුණු තවත් ආසාදිතයින් 5ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 309 කි.
චන්දෙ 2021 ජනවාරි මුලම තියමු අනේ
9
POSITIVE
ncpp_train_39058
රටේ පවතින ගැටලු සහ ආර්ථික අර්බුදය හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ සහභාගීවීමට නියමිතව තිබූ ඩුබායි එක්ස්පෝ සංචාරය අවලංගු කර ඇතැයි වාර්තාවේ.පසුගියදා අගමැතිගේ තිරුපති සංචාරය හා ඊට වැය කරන ලද අනවශ්‍ය වියදම ගැන විශාල වශයෙන් විවේචන සිදුවූ පසුබිමක මෙම තීරණ වෙනස සිදුව ඇත.  ඩුබායි හි පාලක මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් විසින්  ලබන ජනවාරි 03 වනදා එම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය ලෙස නම් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතාට ප්‍රදර්ශනය නැරඹීමට ආරාධනා කර තිබුණි.ඔහු අගමැති රාජපක්ෂ වෙත යවන ලද ලිපියක ඔහු දන්වා සිටියේ රාජපක්ෂගේ ඩුබායි එක්ස්පෝ සංචාරය ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ පොහොසත්කම සහ රටෙහි ජයග්‍රහණ සැබෑ ගෝලීය වේදිකාවක් මත බෙදාහදා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් නියෝජනය කරන බවයි.කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂගෙන් කළ විමසීමකදී කියා සිටියේ රටේ පවතින ගැටලු විසඳීම මෙන්ම ආර්ථිකය ආශ්‍රිත ගැටලු විසඳීම මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ඩුබායි සංචාරය අවලංගු කළ බවයි.“අපගේ විදේශ සංචිත ද ඩොලර් බිලියන 3 සීමාවට පැමිණ ඇති බැවින් ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා ශුභවාදී බලාපොරොත්තු සහිතව සිටී. රටේ ප්‍රශ්න නිසා ඔහුට මේ මොහොතේ යාමට නොහැකියි” යෝෂිත පවසා තිබේ.විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් දරුණුතම ආර්ථික හා විදේශ විනිමය අර්බුදයට මුහුණ දී සිටින අවස්ථාවේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදේශ සංචාර දැඩි ලෙස හෙළා දකින පසුබිමක් නිර්මාණයවී ඇත. 
අහසෙ පිස්සු කෙලින්න ප්‍රයිවට් ජෙට් එක්කුත් තියෙන එකේ මුහුදෙ සවාරි දාන්න ප්‍රයිවට් යොට් එකක් ගන්නද දන්නෑ ඩුබායි යන්න හිටියෙ :p
47
POSITIVE
ncpp_train_39059
මධ්‍යම පළාතට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගුවන් විදුලි හා රූපවාහිණි අධි සම්පේ‍්‍රෂණ කුළුණු පවතින රිවස්ටන් කඳු මුදුන දැඩි මීදුමෙන් වැසී පවතියි. සංචාරය සඳහා පැමිණෙන බොහෝ සංචාරකයින්  මේ දිනවල රිවස්ටන් හී පවතින දැඩි මීදුම් තත්ත්වය අත් විදිති. ඡායාරූපයෙන් දැක්වෙන්නේ රිවස්ටන් කඳු පංතිය ආශ‍්‍රිතව පවතින දැඩි මීදුම් තත්ත්වයි. (නාඋල - ඉන්දික අරුණ කුමාර)
අනේ අපේ ගමේ උන් රිවස්ටන් බලන්නේ යමු කියල බස් එකක් ලැස්ති කරගෙන බත් බැඳගෙන අරවත් අරගෙන බය්ට් හදාගෙන බොන්ගෝ ගගහ ගියා ඕකම තමා උනේ රිවස් කරගෙන අවා
38
POSITIVE
ncpp_train_39060
රංගන ශිල්පිනි තාරුකා වන්නිආරච්චි පසුගිය සතිඅන්තයේ පුවත්පතකට සිය විවාහය සිදුවිමට අපේක්ෂිත ආකාරය ගැන විස්තර කර තිබේ. ඒ මෙසේය. එතකොට පෙම්වතා? තාම එහෙම කෙනෙක්‌ තෝරාගෙන නෑ ඉතිං... යෝජනාවක්‌ ආවොත් තෝරාගන්න ලෑස්‌තිද? ම්...... හිතලා බලන්න පුළුවන් නේද... කොහොම කෙනෙකුටද තාරුකා කැමැති? මං එහෙම ලොකුවට හිතලා නෑ මේ වගේ කෙනෙක්‌ විය යුතුයි කියලා. නමුත් අවංක කෙනෙක්‌ වුණොත් හොඳයි. දැන් එතකොට විවාහ වෙන්න හිතන් ඉන්නේ කොයි කාලේද? තව අවුරුදු තුනකින්. ඉදිරි අවුරුදු තුන ඇතුළත විය යුතුමයි විවාහය. සමහරු ජනප්‍රියත්වයට බාධා වෙයි කියලා විවාහය පස්‌සට දානවා නේද? ජනප්‍රියත්වය කියලා මගේ පුද්ගලික ජීවිතය අමතක කරන්නත් බෑනේ නේද.... මොන විදිහේ මනාලියක්‌ විදිහට සැරසෙන්නද කැමැති? උඩරට මනාලියක්‌ විදිහට මේ ක්‌ෂේත්‍රයේම කෙනෙක්‌ වුණොත්? මේ ක්‌ෂේත්‍රයේ ඉන්නෙත් ඉතිං මනුස්‌සයොනේ.... නේද.... එහෙම ප්‍රශ්නයක්‌ නැහැ. එහෙම යෝජනා ඇවිල්ලත් නැහැ තාම, ඒ වගේම ඒ ගැන හිතලත් නැහැ මං තාම. හිත ගිය තැන මාලිගාව කියනවනේ. බලමුකෝ නේද... හැබැයි ඉතිං මටත් හිතෙනවා මං මේ ක්‌ෂේත්‍රයේ කෙනෙක්‌ තෝරා ගනී කියලා හිතන්න අමාරුයි කියලා. ව්‍යාපාරිකයෙක්‌ වුණොත්? ඒත් කමක්‌ නෑ..... (සටහන - යුගන්ති යශෝදරා)
මෙක යෝජනාවක් පමණි.නාකි බිස්නස් ඩයල් ගොඩාත් හොඳයි.ඔයා බය නැතිව තෝරා ගන්න.ඔයාට හොඳ ආදරයක්, ඔනම සැපක් එයා සුපිරියටම දෙයි
8
POSITIVE
ncpp_train_39061
වයස අවුරුදු 20ක තරුණයකු වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන  කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරිය දිගින් දිගටම පොලීසිය මගහරිමින් සිටින බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ ඊයේ (28) දැනුම් දුන්නාය.  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 2006 අංක 16 දරන සංශෝධිත පනතේ 360 (1) ඊ වගන්තිය ප්‍රකාරව මෙම තැනැත්තිය වරදක් සිදුකර ඇති අතර අවස්ථා කිහිපයකදීම ඇයට තම කාර්යාංශයට පැමිණෙන ලෙසට දැනුම් දුන්නද ඇය එය මග හරිමින් සිටින බව ද ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලුම් කරමින් අදාළ ගුරුවරිය අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් අධිකරණය හමුවේ ඊයේ (29) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජානකී සෙනෙවිරත්න සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ති රේණුකා මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ. ඉල්ලුම්කාරිය වෙනුවෙන් නිතීඥ සහන් ප්‍රනාන්දු, නීතීඥ දිලුම් බණ්ඩාර, නීතීඥ සුජීව සෙනෙවිරත්න යන මහත්වරුන් සමග  නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙම තැනැත්තිය අදාළ දරුවන්ගේ ගිණුමට රුපියල් 50,000 ක මුදලක් බැර කර ඇති බවත්, පරිගණක විද්‍යාගාරයේ සිට නිලඇඳුමින් ලබාගත් ඡායාරූප ද ඇති බවත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය:- ස්වාමිනී, මෙහි ඉල්ලුම්කාරිය ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා කළ පැමිණිල්ලකට අනුව සිය පෙම්වතා වන අදාළ තරුණයා (එවකට සිසුවා) ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් තමන්ට හිරිහැර සිදුකරන බවත් සඳහන් කර තිබුණා. ඒ අනුව එම සිද්ධිය විමර්ෂනය කළා. ඔහු අදාළ පාසලේ පරිගණක අංශයෙන් ඉගෙන ගත් සිසුවකු ලෙසින් වයස අවුරුදු 18ට අඩු කාලයේදී මෙම සිද්ධිය වී ඇති බවට කරුණු අනාවරණය වුණා. ඔවුන් ගල්කිස්සේ පිහිටි හෝටලයකට විවිධ අවස්ථා ගණනාවකදී ගිහින් තියෙනවා. ඒ සඳහා ඔන්ලයින් මගින් තමයි කාමර ස්වෙන්කරගෙන තිබුණේ. ඒ සඳහා ගිය මුල් දවස සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂනයක් කරමින් තිබෙනවා. මේ දරුවාගේ උපන්දිනය 2001 වශයෙන් සඳහන් වුණා." මහේස්ත්‍රාත්වරිය:- නීතියට අනුව වයස අවුරුදු 18ට වැඩිවුණා නම් මේක නඩුවක් වෙන්නේ නැහැ. 18ට අඩු නිසා තමයි මේ නඩුවක් වුණේ. ඉල්ලුම්කාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා සඳහන් කර සිටියේ තම සේවාදායිකාවට මෙම සිද්ධිය මාධ්‍යවල ප්‍රචාරය වීම හේතුවෙන් උණ රෝගය වැළඳුණ බවත්,  මේ වන විට මෙම ආදර සබඳතාවයක් හේතුවෙන් ඇය දඬුවම් විඳින බවත්ය. නීතීඥ අජිත් පතිරණ මහතා- ස්වාමිනී, මගේ සේවාදායිකාව පශ්චාත්  උපාධිධාරිනියක්. ඇය උසස් පෙළ ළමයින් සඳහාත් තොරතුරු තාක්ෂණය ඉගැන්වීම් සිදුකළා. මෙම දරුවා අධ්‍යාපනයට උනන්දුයි. ඒ නිසාම නිතරම වාගේ ගුරුවරියට දුරකතනයෙන් කතා කරලා එක එක දේවල් ගැන අහගත්තා. පසුව ඇසුරකට ආවා. මගේ සේවාදායිකාව ඒ ඇසුර සමනය කරන්න නැත්නම් මග හරින්න උත්සාහ ගත්තා. ඇය පාසල් එන්නේ නැතුව ඒ දේ මගහැරියා. පාසල් භූමියේ ඇසුරක් පැවැත්වූයේ නැහැ. 2019 වර්ෂයේ ඔක්තෝබර් මාසේ දවසක හෝටලයට ගියා කියනවා. එතකොට පිරිමි ළමයාට වයස අවුරුදු 18යි. මේ පිරිමි ළමයාගේ පියා උසස් පොලිස් නිලධාරියෙක්. මේ විමර්ශනය ඒක පාර්ශවිකයි. මේ විමර්ශනයට අදාළ කතාව නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරන්න ළමා හා කාන්තා කාර්යාංශයට දීලා තිබෙනවා. මගේ සේවාදායිකාවට අපහාස කරන්නයි මේ දේවල් කරලා තියෙන්නේ. මේ දේවල් මාධ්‍යවල ගියාම ඇයට උණ ගත්තා. ආදර සම්බන්ධතාව නිසා ඇය දැන් ජාත්‍යන්තර වශයෙනුත් දඬුවම් විඳිමින් සිටිනවා. මහේස්ත්‍රාත්වරිය:- දරුවන් සම්බන්ධයෙන් පාසල තුළදී වත්ම පාසල් කාලයේදී මෙවැනි ඇසුරවල් දෙමාපියන් කිසිදු විටෙක අපේක්ෂා කරන්නේ නැහැ. මෙහිදී දරුවා සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ අතර, අධිකරණය එම වාර්තා පරික්ෂා කර බැලීය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නඩුව අද (30) දක්වා කප්තැබීමට නියෝග කළේය. අදාළ බාලවයස්කාර දරුවා ඉගෙන ගත් පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක වූ මෙම තැනැත්තිය වසර හතරක් තිස්සේ පාසල තුළදී මෙන්ම විවිධ ස්ථානවලදීත් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකදීත් දරුවා අපයෝජනයට ලක්කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.(නිමන්ති රණසිංහ -lankadeepa)සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාවකොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකු වසර 4 ක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්වෙලා
ප්‍රශ්ණය විසඳුනා . ලොල් ලාල්ට අන්ගජාතයක් නැත . එමනිසා ගැනියක්ද නැත
2
POSITIVE
ncpp_train_39062
මහනුවර ගෑනු හුටපටයක් නිසා   ශිෂ්‍ය නායක සිසුවාට පිහි ඇනුම් මහනුවර කටුගස්තොට සෙනරත්ගම මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායක සිසුවෙකුට එම විදුහලේම 10 වසරේ සිසුවෙකු පිහියකින් ඇනීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම පිහි ඇනුමට මුල්ව ඇත්තේ බාලිකාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගැනීමට දෙදෙනාම දරන උත්සාහයක් නිසා ඇතිවූ පටලැවිල්ලක් බව වාර්තාවේ. සිසුන් දෙදෙනා අතර මීට පෙර දිනයක මහනුවර නගරයේදී උණුසුම් කතාබහක් සිදුවී අමනාපයක් පැවැති තිබෙන අතර පසුගියදා පාසල තුළදී  10 වසරේ සිසුවා විනය කැඩුවැයි බොරු චෝදනාවක් මත ශිෂ්‍ය නායක සිසුවා ඔහුගේ බලය පාවිච්චි කරමින් දඩුවමක් ලබාදීමට කටයුතු කර ඇත. මේ ආකාරයට දෙදෙනා අතර මෝදුවූ වෛරය පසුගියදා පේරාදෙණිය ප්‍රදේශයේ බාලිකා පාසල අසළදී නැවත පුපුරා ගොස් ඇත. මෙම දෙදෙනාම යාළුවන්නට තැත්කරන සිසුවිය එනතුරු මග රැක සිටියදී නැවත ආරවුල ඇතිවී පිහි ඇනුම සිදු කර ඇත.පිහි ඇනුම සිදු කළ සිසුවා 16 හැවිරිදි බාලවයස්කාරයෙකි.මෙම අවස්ථාවේදී දෙදෙනා අතර දීර්ඝ බහින්බස්වීමක් ඇතිව 16 හැවිරිදි සිසුවා සඟවාගෙන සිටි කුඩා පිහියකින් 17 හැවිරිදි සිසුවාට ඇන තිබේ. පිහි ඇනුමෙන් තුවාල ලද සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර පිහි ඇනුම සිදුකළ සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
ගෑනු හුටපටයක් කිව්වට ගෑනියෙක් නෙවෙයිනේ... තවම ඉස්කෝලේ යන ළමයෙක්.....
10
POSITIVE
ncpp_train_39063
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින විශේෂ ප්‍රකාශක් කරමින් 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිලිබඳව පැහැදිලි කිරීමක් කලේය. එය පහතින් අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ.ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා.යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්.ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21 වෙනි සංශෝධනය සකස් කරගෙන යනවා.දෙවැනි ප්‍රශ්නය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ක්‍රියා කිරීම යි.ඒ කාල වකවානුවත් ක්‍රමවේදයත් පක්ෂ නායකයන් තීරණය කළ යුතුයි.මීට අමතරව තවත් ප්‍රශ්නයක් තිබෙන්නේ පාර්ලිමේන්තුව පිළිබඳවයි.විසිවන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල කළ නිසාත් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණවී තිබෙනවා.ආර්ථික අර්බුදය නතර කිරීමට පාර්ලිමේන්තුව ක්‍රියා නොකිරීම අද තිබෙන ප්‍රධාන චෝදනාවක්.යෝජිත විසි එක් වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙනවා.නමුත් එයින් පමණක් අපට සෑහීමකට පත්වන්නට බැහැ.දැන් තිබෙන වෙස්මිනිස්ටර් කැබිනට් ක්‍රමය අනුව සියල්ලම කැබිනට් ඇමතිවරුන් පාලනය කළත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් තිබුන නිසා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අතපසු කළා යැයි කියාත් චෝදනාවක් තිබෙනවා. අතීතයේ සිදුවූ දේ දිහා අපට හැම වෙලේම විභාග කරගන්න උවමනා නැහැ.නමුත් මේ රටේ ආණ්ඩු පාලනයට පාර්ලිමේන්තුවත් එකතු කරන ක්‍රමයක් තිබිය යුතුයි.ඒ වගේම අපට විනිවිදභාවය තිබිය යුතුයි.සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් ඒ කොමිටි වලට රැස්වී ප්‍රතිපත්ති වැඩසටහන් අනුව ක්‍රියා කිරීමට අපි වාතාවරණයක් සකසනවා.මේ සඳහා එක උදාහරණයක් තිබෙනවා.ලංකාව නිදහස ලබන්නට පෙර 1931 වසරේ සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවක් තිබුණා.ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාව ක්‍රියා කළේ කාරක සභා ක්‍රමයකටයි.කාරක සභා හතකට එක් එක් විෂයන් බෙදා දී තිබුණා.ඒ කාරක සභාවේ සභාපතිවරුන් ඇමතිවරුන් වුණා. ඒ ඇමතිවරුන් හත් දෙනා එකතු වී ඇමති මණ්ඩලයක් සකස් කර තිබුණා.ඊට අමතරව ආණ්ඩුකාරතුමා පත් කළ නිලධාරීන් තුන් දෙනෙකුත් සිටියා.කාරක සභා වල අදහස් ලබාගෙන ඇමති මණ්ඩලය අයවැය සකස් කළේත් ප්‍රතිපත්ති ගැන තීරණය ගත්තේත් මෙතැනින්.මීට අමතරව මුදල් පාලනය සඳහා ගිණුම් කාරක සභාවක් තිබුණා.මේ ක්‍රමවේදය සාර්ථකව ගෙන යන්න ඒ කාලයේදී අපට අවස්ථාව ලැබුණා.දැන් අප පාර්ලිමේන්තුවේ ව්‍යුහය වෙනස් කර දැන් තිබෙන පාර්ලිමේන්තු ක්‍රමය හෙවත් වෙස්මිනිස්ටර් ක්‍රමය සහ රාජ්‍ය මන්ත්‍රණ සභා ක්‍රමය යන දෙකම එකතු කර අලුත් ක්‍රමවේදයක් ඇති කරන්න අවශ්‍යයි.ඒ අවස්ථාවල දී පාර්ලිමේන්තුවට රටේ පාලනයට සහභාගී වෙන්න පුළුවන්.පළමුවෙන්ම තිබෙන්නේ මුදල් බලතල ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවට ඒ බලතල දීමට නම් දැන් තිබෙන නීති ශක්තිමත් කළ යුතුයි.එසේ නම් දැන් තිබෙන මුදල් නීති දෙස බලා අප අලුත් මුදල් නීති මාලාවක් සම්මත කරන්නට කටයුතු කරනවා.එක්සත් රාජධානිය, නවසීලන්තය,ඉන්දියාව වැනි රටවල් වල උදාහරණ ලබාගෙන මීට වඩා ශක්තිමත් සහ බලවත් නීතියක් අප ඉදිරිපත් කරනවා.දැනට රජයේ මූල්‍ය කටයුතු පිළිබඳව කාරක සභා තුනක් තිබෙනවා.රජයේ මූල්‍ය කාරක සභාව,ගිණුම් කාරක සභාව,සහ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව එම කාරක සභා තුනයි.මේ කාරක සභා තුනේ බලතල ශක්තිමත් කරන්නට දිනේෂ් ගුණවර්ධන සභානායකතුමා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.මීට අමතරව අප තවත් යෝජනා ගෙන එනවා. මුදල් පිලිබද අලුත් කාරක සභා දෙකක් ඇති කිරීමට අප කටයුතු කරනවා.මෙරට රජයේ ආදායම අඩුවී තිබෙනවා.ඊළඟ දශකය තුළ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18 ත් 20 ත් අතර අගයකට ගෙන යාමට තිබෙනවා.මූලික වශයෙන් සියයට සියයට 14 ක අගයකට වැඩි කරන්නට තිබෙනවා.මේ කටයුත්ත සඳහා අප ක්‍රම සහ විධි කාරක සභාවක් පත් කරනවා.රජයේ තිබෙන ආදායම් එක් රැස් කිරීමෙි සහ ආදායම වැඩි කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කරන කොමිටිය ලෙස මෙය හැඳින්වෙනවා.දෙවැනිව අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ බැංකු වල සහ ෆිනෑන්ස් ආයතන වල තිබෙන මූල්‍ය තත්ත්වයයි.ඒ ගැන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.ඒවා දුර්වල වී තිබෙනවා.එය ශක්තිමත් කරනවා නම් ඒ පිළිබඳව වාර්තා කරන්නත් වෙනම කොමිටියක් අවශ්‍යයි.ඒ නිසා බැංකු හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවක් යෝජනා කරනවා.අපේ ස්ථාවර නියෝග 111 යටතේ අපට අධීක්ෂණ කොමිටි පත් කරන්න පුළුවන්.මීට පෙර අධීක්ෂණ කමිටු පත්කර තිබුණේ නැහැ.ඒනිසා අධීක්ෂණ කොමිටි දහයක් පත් කිරීමට අප යෝජනා කරනවා.එම අධීක්ෂණ කොමිටි දහයට ආණ්ඩුවේ තිබෙන විෂයන් බෙදා දෙන්න පුළුවන්.එම අධීක්ෂණ කොමිටි වලින් වාර්තා ලබා දෙනවා.එමෙන්ම ඔවුන් ප්‍රතිපත්ති ගැනත් පාර්ලිමේන්තුවට වාර්තා කරනවා.ඒ පිළිබඳව පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතුයි.එමෙන්ම මෙම මූල්‍ය කාරක සභා පහේ සහ අධීක්ෂක කාරක සභා දහයේ සභාපතිවරුන් ලෙස පත් කරන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් බව කිව යුතුයි.ඒවාට පත්කරන්නේ ඇමතිවරුන් නොවේ.ඒ නිසා ඇමතිවරයාගෙන් ස්වාධීනවත්,ඇමතිවරයා සමගත් යන අංශ දෙකෙන්ම වැඩ කරන්නට ක්‍රමවේදයක් සැකසීම සඳහා අපට අවස්ථාව තිබෙනවා.මෙහිදී අප විශේෂ කාරණයක් ගැන අවධානය යොමු කළ යුතුයි.දැන් තිබෙන ක්‍රමවේද මාරු කරන්නැයි තරුණයන් කියනවා.එමෙන්ම දැන් තිබෙන ප්‍රශ්න දැනගැනීමට අවශ්‍යයි.ඒ නිසා මෙම කාරක සභා 15 ට ම තරුණ නියෝජිතයන් හතර දෙනෙක් පත් කරන ලෙස යෝජනා කරනවා.එයින් එක්කෙනෙක් යොවුන් පාර්ලිමේන්තුවෙන් පත් කරනවා.අනිත් තුන් දෙනා විරෝධය පළ කරන කණ්ඩායම් වලින් සහ අනෙක් කණ්ඩායම් වලින් තෝරා ගන්නවා.ඒ තෝරා ගන්නා ක්‍රමවේදය තරුණ සංවිධානවලින් ම තීරණය කරන්න පුළුවන්.මීට අමතරව අප බලාපොරොත්තු වන්නේ මේ පිළිබඳව විශේෂඥ දැනුම තිබෙන පුද්ගලයන් සහ අනෙක් පුද්ගලයන් වැඩකටයුතු සඳහා සහභාගී කර ගැනීමටයි.මේ වැඩ කටයුතු නිසා තරුණයන්ට ප්‍රශ්න ගැන දැන ගැනීමටත් ඒවාට තමන්ගේ විසඳුම් ලබා දීමටත් හැකියාව ලැබෙනවා.ඒ අනුව වගකිවයුතු තරුණ නායකයන් අපට පුහුණු කරන්න පුළුවන්.ඒ අනුව ඔවුන්ට මැතිවරණ වලට තමන් කැමති විදියට තරඟ කරන්න හැකියාව ලැබෙනවා.එමෙන්ම අප ජාතික සභාවක් යෝජනා කරනවා.කතානායක ,අගමැති ,විපක්ෂ නායක,ඇතුළු ප්‍රධාන පක්ෂ නායකයින්ගෙන් යුත් කොමිටියක් ජාතික සභාව ලෙස හැඳින්වෙනවා. ජාතික සභාව ඉතා වැදගත් බව කිව යුතුයි.රටේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නට ජාතික සභාවට පුළුවන්.එමෙන්ම කැබිනට් මණ්ඩලයේ තීරණ ගැන කතා කරන්නත් එයට හැකියාව තිබෙනවා.එමෙන්ම මෙරට පාර්ලිමේන්තුවේ ප්‍රතිසංවිධාන ගැන කතා කරන්නත් ජාතික සභාවට හැකියි.එසේ නම් එය දේශපාලන මණ්ඩලයක් ලෙස හඳුන්වන්න පුළුවන්.කැබිනට් මණ්ඩලයත් ,කාරක සභා සභාපතිවරුනුත් කැඳවීමට ජාතික සභාවට අයිතිය තිබෙනවා.ඊට වෙනම පත් කළ තරුණ නියෝජිතයින් ඉන්නවා නම් මේ ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ අය ගැනත් අපට සලකා බලන්න පුලුවන්.අප ඇතිකර තිබෙන අලුත් ක්‍රමය අනුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කියන්න අවශ්‍යයි.එමෙන්ම ඇමති ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.ජාතික සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.කාරක සභා සහ අධීක්ෂණ කාරක සභා පහළොවත් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.එවිට මේ හැම එකකම සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.ඇමති මණ්ඩලය තුළින් ආණ්ඩුව පාලනය කිරීමත්, ජනාධිපතිතුමාගේ වැඩකටයුතු පරික්ෂා කිරීමත් ජාතික සභාව තුළින් දේශපාලන වැඩ කටයුතු පිළිබඳ බලතලත් අනෙක් කොමිටි කාරක සභා පහළොවෙන් මූල්‍ය කටයුතු හා අනෙක් විෂයයන් අධීක්ෂණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් මෙහි තිබෙනවා.මේ කාරණය ගැන සකස් කළ ලිපි තිබෙනවා.සියලු දෙනාම මෙය සලකා බලනවා නම් මම කැමතියි.තවත් සංවිධාන ගණනාවක් මෙවැනිම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.ඒයෝජනාත් සලකා බලා පාර්ලිමේන්තුවේ බලතල අනාගතයේ දී ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි කියා අප එකඟත්වයකට පැමිණෙමු.
ඔබ නිවැරදියි. ප්‍රෂ්නෙ තියෙන්නෙ මුන් ඔක්කොම "උත්සහා කරන බව පෙන්නව​" විතරයි.
11
POSITIVE
ncpp_train_39064
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් ‘දෙමළ ජනතා එකමුතුව‘ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නට යන බවත් එය වැළැක්විය යුතු බවත්ය. “විකල්ප දෙමළ දේශපාලන පක්ෂ බිහිවීම වැළැක්විය යුතුයි. මේ අවස්ථාවේ එය අවශ්‍ය ක්‍රියාවක් නොවෙයි. තම තමන්ගේ බලය පෙන්වීමේ අවස්ථාව මෙය නොවෙයි. එවැනි ක්‍රියාමාර්ග ගෙන ඉදිරි මැතිවරණයේදී ජනතාව දෙගිඩියාවට පත් නොකරන්නැයි අපි එම කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා”යි සුමන්තිරන් මහතා කීය. “අප කිසිවකුට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වන්නැයි ප්‍රකාශ කළේ නැහැ. එමෙන්ම මේ අවස්ථාවේ සියලුදෙනාම දෙමළ ජාතික සන්ධානයට එක්වන්නැයි මම ඉල්ලා සිටිනවා” යැයිද සුමන්තිරන් මන්ත්‍රිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. ලක්ෂ්මි ජයකොඩි
තොපි මරා ගනියව්.. අපිට හොදයි
28
POSITIVE
ncpp_train_39065
මේ වනවිට ලොව පුරා කොරෝනා ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරයාම නිසා වෙනදාට වඩා අසාමාන්‍ය ලෙස ආසාදිතයින්ගේ අගය ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් ආසාදිතයින්ට සාපේක්ෂව ලොව පුරාම කොරෝනා මරණ වාර්තාවන්නේ අඩුවෙනි.උදාහරණ ලෙස ආසාදිතයින්  ලක්ෂ දෙකහමාරක් පමණ ඊයේ ප්‍රංශයෙන් වාර්තාවූ අතර මරණ සිදුව ඇත්තේ 127 කි.  එනම් මරණ සියයට 0.05 කි.ජර්මනියේ ලක්ෂයක් ආසාදිතයින් වාර්තාවෙද්දී මරණ 45 කි.එනම් මරණ සියයට 0.045 කි.නමුත් ලංකාවේ ආසාදිතයින් 1056 ක් වාර්තාවෙද්දී මරණ 20 ක් සිදුව තිබේ. එනම් සියයට 2 ක් පමණ මියගොසිනි.මෙම තත්වය අසාමාන්‍ය වනවා සේම අසාදිතයින් සංඛ්‍යාව නිවැරදිද යන්න ගැන සැකයක්ද මතු කරයි.ශ්‍රී ලංකාව හා සමාන ආසාදිත අගයන් ඊයේ වාර්තාකළ උස්බෙකිස්තානයේ ආසාදිත 1104 කට මරණ 3 කි. ඩොමිනිකන් ජනරජයේ ආසාදිත1221 ට මරණ 4 කි. ඇල්බේනියාවේ ආසාදිත 939 ට මරණ 5 කි.ප්‍රංශයේ අගය සලකන්නේ නම් ලංකාවේ ඊයේ 40000 පමණ ආසාදිතයින් සිටිය යුතුය.කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යා අගයන් නිවැරදි නොවන බවට මීට කාලයකට පෙර විවිධ චෝදනා මතුවූ අතර මේ හේතුවෙන් වසංගත රෝග විද්‍යා අංශයේ පුටුද මාරු විය.ඊයේ ලෝකයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවන් පහතින්
වැක්සින් නෑ කියල උඩ පැනල , වැක්සින් දුන්නම දැන් වැක්සින් හොඳ නෑ කියල උඩ පනින අලි - ජෙපි ගස් කබ්බන්ගේ නං රෙදි ලෙෆ්ට් :D
-15
NEGATIVE
ncpp_train_39066
බෞද්ධාගම සම්බන්ධ විෂම අදහස් පැතිරීම තුළින් ආන්දෝලනයක් තමා විසින්ම මතුකර එය තම ප්‍රසිද්ධිය පිණිසම යොදාගැනීමේ 'ප්‍රචාරණලෝලී' කටයුත්තක යෙදෙන බවට පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් වෙත අවස්ථා ගණනාවක චෝදනා එල්ල විය. කලෙකට ඉහත අයිටීඑන් දොරමඩලාව හා ස්වර්ණවාහිනියේ බණ වැඩසටහන් නිසා ධර්මයේ සියුම් තැන් අලංකාර ලෙස විග්‍රහ කරන හිමි නමක් ලෙස පිටිදූවේ හිමියන් රට තුළ ප්‍රසිද්ධියක් ලබාගත් නමුත් පසුකාලීනව විවිධ ආන්දෝලනාත්මක කටයුතු නිසා එහිමියන් කුප්‍රසිද්ධියට ලක්විය. දළදා වහන්සේ ඌරු දතක් ලෙස නිග්‍රහයට ලක්කිරීමෙන් පසු මේ හිමියන් සම්බන්ධයෙන් සංඝ සමාජය තුළද අවුල් සහගත කථාබස් පැතිරුණ අතර මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් හමුවේ තමන් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඳ වැටී සමාව ගන්නටද සිදුවිය. ඉන්පසු මාස ගණනාවක්ම නිහඩව සිටි පිටිදූවේ හිමියන් නැවතත් සිය 'ප්‍රචාරණ ලෝලී' වැඩසටහන් දියත් කළේ කිරිබත්ගොඩ ඥාණානන්ද වැනි ප්‍රසිද්ධ හිමි නමක් සමග හැප්පීමේ රංගාවතරණයෙනි. මෙම ප්‍රචාරණ වැඩ වලට නම රැන්ඳූ යූටියුබ් තරුවක් වන ඉරාජ්ද නොමද සහය ලබාදෙන්නේ කලෙක සිටම ඔහු හිමියන්ගේ පන්සලේ ප්‍රධාන දායකයෙකු මෙන්ම ගජ මිතුරෙකු වූ හෙයිනි. තමන් රහත්වූ බව පවසා විවිධ විවේචනයන්ට ලක්ව සිටින පිටිදූවේ හිමියන් සෑම වසරකම සිය උපන්දිනය මහ ඉහළින් තමන්ට අයත් ආශ්‍රමයේ සමරන්නේ මහායාන භික්ෂුවක පරිද්දෙනි. එක් අවුරුද්දක මස් මාළු බිත්තර දානයට දීම නිසාද තවත් අවුරුද්දක හිමියන්ට පාරේ ඇවිදිද්දී මල් ඉසින්න තරුණ තරුණියන් යෙදීම නිසාද මෙම උපන්දිනය ගැන ආන්දෝලන ඇති විය.2019 වසරේ මෙවර එය සමාජ ජාල වෙත පතුරුවා ලන්නට මාතෘකාවක් සපයා දී ඇත්තේද හිමියන්ගේ ගජමිතුරු ඉරාජ්ය.  'ලුවි විටොන්' නමැති ප්‍රසිද්ධ සන්නාමයේ පිරිකර ගෝඨාභය රාජපක්ෂ පැමිණ හිමියන්ට පිරිනැමූ බව කියමිනි. මේ කතාව හදන්නේත් එයට පසුව හිමියන් ලවා පිළිතුරු දෙන්නේත් ඔහු විසින්ම වීම මෙම ප්‍රචාරණලෝලී ක්‍රියාදාමයේ හාස්‍ය ජනක තත්වයයි. පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් ෆෙස් බුක්හි ඉරාජ් පළ කළ අදහස් දෙකයි. පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ උපන්දින ඡායාරූප පෙළ නැවතත් ඊට පහතින් පළ කර ඇත.
මහානායක nidi ban
1
POSITIVE
ncpp_train_39067
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික  පෙරමුනේ මන්ත්‍රීවරුන් 57 දෙනෙකු ඊයේ (27) පස්වරුවේ කථානායකතුමන් වෙත භාරදෙනු ලැබූ ලියමන ගැන අලුතින් මාධ්‍ය නිවේදනයක් කතානායක කාර්යාලය නිකුත් කර තිබේ.
සමාවෙන්න නම වැරදුනාට
2
POSITIVE
ncpp_train_39068
දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාසයේ අරලගංවිල ප්‍රසිද්ධ පාසලක සාමාන්‍ය පෙළ සිසුන් සිවු දෙනෙකු පෙරේදා (28) එහි වැසිකිළියක් තුළ මත්වතුර බීමට සූදානම් වෙද්දී අරක්කු බෝතල් දෙකක් සමග සිය බාරයට ගත් බව ගුරුවරු පවසති. මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග යට පෙනී සිටීමට සූදානම් එම සිසුන් සිවුදෙනා අරලගන්විල පොලිසියට බාර දුන් බව ද පාසල් ප්‍රකාශකයෙක් කීය. මවුපියන් පාසලට ඇතුළු වන සිසුන්ගේ බෑග් පරික්ෂා කළ ද මෙම අරක්කු බෝතල් අසුවී නොමැත. පසුව කළ විමර්ශනවලදී සැකකාර සිසුන් දෙදෙනකු සිය කළිසම් සාක්කුවේ දමාගෙන අරක්කු බෝතල් දෙක පාසලට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත. එසේ  රැගෙන ගිය අරක්කු බීමට තවත් සිසුන් දෙදෙනකු සමග පාසලේ වැසිකිළියට ගිය අවස්ථාවේ ගුරුවරුන්ට මෙම සිසුන් සම්බන්ධයෙන්  සැකසිතී සොයා බැලීමේදී  අරක්කු බෝතල් සමග මෙම සිසුන් ගුරුවරුන්  බාරයට ගෙන ඇත. මෙම සිසුන් සිවුදෙනාගේ මවුපියන් සහ  ගුරුවරුන් පොලිසිය  ගෙන්වා දැඩි ලෙස අවවාද කළ බව අරලගංවිල පොලිසිය කියයි.  මීට පෙර අවස්ථා කීපයකදී මෙවැනි සිද්ධි කීපයක් පොලිසියට වාර්තා වූ බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දමාලි වාසලමුදලි මහත්මියගෙන් අප කළ විමසුමකදී කීවේ මේ පිළිබඳව තවමත් තමන්ට වාර්තා වී නොමැති බවත් වහාම මේ සම්බන්ධයෙන් සොයා බලන බවය.
අධිරාජ්‍යවාදීන්ද, ලෝක බැන්කුවද, I M Fද, චීනෙද, ඇමරිකවද,ඉන්දියාවද කාවද මේකට අල්ලන්නේ
2
POSITIVE
ncpp_train_39069
පසුගිය සිකුරාදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ආර්ථික විද්‍යා දේශක කසුන් ලියනගේ සමග විවාහ දිවියට පිවිසි රංගන ශිල්පිණී විනූ සිරිවර්ධන විවාහ මංගල්‍යය අතරතුරදී ස්වර්ණවාහිනී නාලිකාවේ රූපවාහිනී සජීවී ඉදිරිපත් කිරීමක් කරමින් සිය රසිකයින්ට විවාහය ගැන විස්තර කියා සිටියේ මෙසේය. අද මගේ ලස්සණම දවසේදී ගොඩාක් සතුටුයි. ස්වර්ණවාහිනී හැමදාමත්ම ආදරෙයි තැන්ක්යූ මනීෂා ඔන්න අද දවසෙත් මාව මතක් වුණා. හද රැඳි පැයත් එක්ක හැමදාම වගේ එකතු වෙනවා වගේම ඉතින් අද හද රැඳි පැයේ ලයිව් සොන්ග්ස් ඕගොල්ලන්ට හම්බ වෙනවා අද මගේ විවාහ උත්සවේ දවසේත්. ඉතින් මගේ ආදරණීය මනමාලයා එහෙමත් නැත්නම් ආදරණීය සැමියා... දැන් අපි ඉතින් විවාහ පත්වෙලා ඉන්නේ.. දැන් සැමියා සහ බිරිඳ විදිහට. ඉතින් මේ ඉන්නේ මගේ ආදරණීය සැමියා තමයි කසුන්.... කසුන් බුද්ධික ලියනගේ. ඉතින් සතුටුයි නේද? (සැමියා වෙත මයික්‍රෆෝනය යොමු කරයි) සැමියා - ඔව් සතුටුයි හුඟක් සතුටුයි... විනූ නැවත- මේ වෙලාවෙදි ගොඩක් කතාකරගන්න බැහැ හැබැයි ලොකූ ස්පීච් එකක් දුන්නා. ගොඩාක් සප්‍රයිසස් හම්බවුනා.. ඉතින් ගොඩාක් සතුටුයි. කලා ලෝකයේ මගේ ළඟීන්ම ඉන්න බොහෝ දෙනෙක් ආවා. ඒත් එක්කම අතිගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුන් ඇවිල්ලා අද දවසේ අපේ විවාහ ගිවිසුම් සඳහා මගේ පැත්තෙන් සාක්ෂි වලට අත්සන් කළා ඒත් එක්කම කසුන්ගෙ පැත්තෙන් තරංග ලංකා වීරවර්ධන ඇලරීස් ලංකා පුද්ගලික සමාගමේ අධිපතිතුමා ආවා. ඉතින් ඔවුන් තමයි අද දවසේ අපේ සාක්ෂි කරුවන් බවට පත්වුනේ.. ඉතින් ගොඩාක් සතුටුයි. ඉතින් ඔය හැමොගෙන්ම අද දවසේ අපට මේ ලැබෙන සජීවී සුබ පැතුම් ගැන ගොඩාක් ආදරෙයි.ඉතින් ගොඩාක් සතුටුයි.
අපේ මයින්ද මාත්තය ලු කසාදෙට අත්සන් කලේ. එතුමා අත්සන් කරපු හැම කසාද යක්ම ඉක්මනින්ම දික්කසාද වෙනවනේ..
83
POSITIVE
ncpp_train_39070
ඊයේ (28) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගැන වැඩි විස්තර අද දිනයේ වෛද්‍ය අනිල් ජාසිංහ මාධ්‍ය වෙත කරුණු දැක්වීය. ඊයේ 31 ක් හමුවූ අතර ඉන්  21 දෙනෙකු නාවික හමුදා භටයින්ද 4 දෙනෙක් යුද හමුදා භටයින්ද 6 දෙනෙක් නාවික හමුදා භටයින්ගේ ස්පර්ශකයින් වූ පවුලේ හෝ අසල්වැසි අය බවද දන්වා සිටියේය. මේ අය මුලදී හමුවූ තරම් ඊයේ වාර්තා නොවීම මගින් පිළිබිඹු කරන්නේ නාවික කඳවුරු වල ආසාදිත තත්වයේ පැහැදිලි පසුබැසීමක් බවද දන්වා සිටියේය. වැලිසර කඳවුරෙන් 15 ක් හා මැදිරිගිරිය අරණායක අගලවත්ත පොල්පිතිගම හබරණ ප්‍රදේශ වලින් මේ අය හඳුනාගෙන ඇති බව ඔහු දැන්වීය. පවුල් වල සහ අසල්වැසි අයගේ රෝගී ප්‍රමාණය වැඩිවීම අවදානම් තත්වයක් ලෙස සලකන බවත් එය හැකි තරම් අවම කිරීමට මේ දිනවල පියවරගන්නා බවද කීය. බන්ඩාරනායක මාවත හා කෙසෙල්වත්ත පොකුරු මේ වනවිට බොහෝදුරට මර්දනය කර ඇති බවද දැන්වීය.
මේකෙ කොමෙන්ට් දාන බහුතරයක් වයිරස් එකෙක් කියනේ වැලි අහුරක් කියලා හිතන් ඉන්න උන්, ආරක්ශක ඇදුන් ඇන්දා කියලා ඒක බෝ නොවී ඉන්න, ලැබෝටරි ගනයේ රිත්තක ඇදුම් ඇදන් රෝහල් වල පාරවල වැඩ කරන්න බෑ, අනිත් කාරනාව නිවාඩු ගිය අය ඩිරෙක් කොන්ටක් තිබ්බ අයනෙමෙ, අත්‍යවශ්‍යය සෙවා සපයපු අය, ඒකත් කුඩ්ඩා අල්ලලා සති ගානකට පස්සේ, PCR එකෙන් අහු වෙන්නේ ලෙඩෙතියන අය, ඒක ඉන්ඩ්ලුවෙන්සා වෙන්න පුලුවන්, උදාහරණයක් මැදපෙරදිග කාලගුන වෙනසත් එක්ක හැම අව්රුද්දක් පාසාම ඉන්ෆ්ලුවෙන්සා ඉහල යනවා, ඒ කත් කොරෝනා කාන්ඩයේ වයිරස, අසාදය උන කීප දෙනයි නාවික හමුදාවෙන් හම්බ උනේ,
-19
NEGATIVE
ncpp_train_39071
ඉන්දියාවේ සුඛෝපභෝගී හෝටලයක් තුළදී ජනේලයකින් ඇද වැටීමෙන් මරණයට පත් වූ බව පැවසෙන රුසියානු ජාතික ධනවතෙකු වන පාවෙල් ඇන්ටොව්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි ඉන්දියානු බලධාරීන් පවසයි. 65 හැවිරිදි වියේ පසුවන ඇන්ටොව් රුසියානු දේශපාලනයටද සම්බන්ධ පුද්ගලයෙකු ලෙස සැලකෙයි. එසේම ඔහු රුසියාවේ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් රුසියානු රජය දැඩි විවේචනයට ලක්කළ පුද්ගලයෙකුවීම ඔහුගේ මරණය පිළිබදව විශේෂත්වයක් ගැනීමට හේතු වී තිබේ. ඇන්ටොව් තවත් රුසියානු ජාතිකයන් තිදෙනෙකුද සමග පසුගියදා නිවාඩුවක් ගත කිරීම සඳහා මෙලෙස ඉන්දියාව වෙත පැමිණ තිබේ. ඔහු හෝටලයක කාමරයක ජනේලයකින් වැටී මියගොස් තිබුණි.ඔහුගේ මරණයට දින දෙකකට පෙරාතුව මේ අතරින් එක් අයෙකුද හදිසියේම ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝගාතුර වී ඇතැයි ඉන්දියානු බලධාරීන් පවසයි. මෙම මරණය පිළිබඳ පරීක්ෂණ යටතේ හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය මෙන්ම, හෝටලයේ කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්ද ඇතුළත් බව ඉන්දියානු පොලීසිය සදහන් කරයි. මෙම මරණය හදිසි අතපසුවීමක් නිසා සිදුවූවක් බවට දැනට  විශ්වාස කෙරේ.
ශ්‍රී දේවි ඩුබායිවල බාත්ටබ් එකක ගිලිලා මැරුණා. පරීක්ෂණ ඔක්කොම යට ගියා. මේකත් ඒ වගේ වෙයි.
4
POSITIVE
ncpp_train_39072
ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ පුද්ගලයෙකු ඕස්ට්‍රෙලියාවේ පර්ත්හි නිවසේදී තම සිඟිති දරු දෙන්නා මරා දමා තමාද දිවිනසාගත් අවාසනාවන්ත පුවතක් සෙනසුරාදා වාර්තාවිය. මෙම සිද්ධියෙන් මියගියේ එකම පවුලේ 4 හැවිරිදි දියණිය , 6 හැවිරිදි පුතු හා 40 හැවිරිදි ඉන්දික ගුණතිලක නම් ශ්‍රී ලාංකික පියාය. ගිනිකොනදිග පර්ත් උප නගරයක් වන හන්ටින්ඩේල් හි එසින්ටන් වීදියේ පිහිටි ඔවුන්ගේ නිවසේ ගරාජය තුළ ඉන්දික සියදිවිනසාගෙන තිබූ අතර ඊට පෙර දරුවන් දෙන්නා නිවස තුළ ඔහු විසින් මරාදමා තිබුණි.මෙම ඝාතනයන්ට හේතුව පවුල තුළ ඇතිවූ ගැටලුකාරී තත්වයන්ගෙන් පසු ඉන්දිකට ඇතිවූ මානසික පීඩන තත්වයක් වියහැකි බවට ඕස්ට්‍රෙලියානු මාධ්‍ය දැනට වාර්තාකර තිබේ. වෘත්තියෙන් නාගරික සැලසුම් ශිල්පියෙකුවූ ඉන්දික ගායකයෙකු ලෙසද ප්‍රසිද්ධය. ඔහුගේ ගීත යූටියුබ් ඔස්සේද ප්‍රචාරයවී තිබේ. ඔහු ඕස්ට්‍රෙලියානු ජාතික කාන්තාවක හා විවාහවී සිටි බවත් දරුවන් දෙන්නෙකුද ලද පසුව ඇතිවූ ගැටලු වලින් පසු ඇය වෙනම ජීවත්වූ බවත් පැවසේ. ඝාතනයන් සිදුවූ බව කියන දිනයේ දරුවන්ට මව මුණගැස්වීමට අධිකරණයෙන් නියම කරතිබූ දිනය වූ අතර නියමිත පරිදි දරු දෙන්නා නොපැමිණීම නිසා ඔවුන් වාසය කළ නිවසට ඕස්ට්‍රෙලියානු මව ගොස් විපරම් කිරීමේදී මෙම ඝාතන හා සියදිවි නසාගැනීම් දැක තිබේ.ඒ අනුව ඇය සිද්ධිය පොලිසියට දන්වා ඇති අතර පොලිසිය පැමිණ කළ පරීක්ෂාවේදී තිදෙනාම ඒවනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව හඳුනාගෙන තිබෙයි. 40 හැවිරිදි ඉන්දික ගුණතිලක සිය සිව් හැවිරිදි දියණිය ලිලී සහ හය හැවිරිදි පුත් කොහාන් ඝාතනය කර නිවසේ ගරාජය තුළ සිය ජීවිතය අවසන් කර ඇතැයි පොලිසිය දන්වා තිබුණි.සිද්ධියට දින දෙකකට පෙර, ඔවුන් තිදෙනා වෙරළක අත් අල්ලාගෙන හිරු බැස යන ආකාරය දෙස බලා සිටින ඡායාරූපයක් ඔහු ෆේස්බුක් හි බෙදා ගත්තේය.ඊට පෙර පසුගිය දෙසැම්බරයේ ඔහු තම ෆේස් බුක් පිටුවේ වීඩියෝවක් පළ කරමින් තමා මානසික පීඩනයකට ලක්ව ඇති බවත් විශාදයේ ලක්ෂණ තමන්ට දැනෙන බවත් විස්තර කළේය. සියදිවිනසාගන්නන්ට මතුවන මානසික තත්වයන් ගැනද ඔහු එම වීඩියෝවේදී විස්තර කළේය. ඉන්දික ගුණතිලක මහතා කාලයක් තිස්සේ නගර සැලසුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර 2014 දී ඔහුගේම ව්‍යාපාරයක් වන ‘IMG නගර සැලසුම් සහ සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කළේය. බටහිර ඕස්ට්‍රේලියානු රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ආරම්භක කමිටු සාමාජිකයෙකු වූ ඔහු ගායකයෙකු ලෙස ආදිසිසු උත්සව අවස්ථාවන්හි නැතිවම බැරි සේවයක් ඉටු කළේය. ඔහු තම විශාද තත්වය හෙළි කර සිටි අයුරුඅවසන් ෆේස් බුක් සටහන දරුවන් සමග තනිවීම ප්‍රකට කළේයඔහුගේ බිරිය හා දරුවන් පෙනී සිටින වීඩියෝ ගායනාවන් දෙකක් පහතින්
මෙතන තියෙන ප්‍රශ්නය සංස්ක්ෘතීන දෙක නොගෙලපීම කියල ගොඩක් බුවාල කොටල තියෙනව.යකෝ ඒකෙ අත්තක් තියෙනව.මේ ලංකාවෙ තුප්පහි සංස්ක්ෘතිය හන්ද තමයි මූ හිතල තියෙන්නෙ ලමයි උගෙ හින්ද ඌට ඕන දෙයක් ලමයින්ට කරන්න පුලුවන් කියල.මූ වෙන සංස්ක්ෘතියකනම් අර දරුවො දෙන්න තව අවුරුදු 70ක් විතර ජීවත්වෙනව...කේ සංස්ක්ෘතිය
6
POSITIVE
ncpp_train_39073
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) දින උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් ප්‍රකාශ කර ඇත. සීත ප්‍රදේශවල සැරිසැරූ මෙම කොටියාට අවශ්‍ය පරිසර උෂ්ණත්වය ලබාදීම සඳහා වායුසමනය කරන ලද විශේෂ කුටියක රඳවා සිටි බවයි උඩවලව ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා කියා සිටියේය. එමෙන්ම ඔවුන් CCTV තාක්ෂණය ඔස්සේ දෛනිකව කොටියාගේ චර්යා රටාවන් නිරීක්ෂණය කරනු ලැබුවේය. ඒ නිරන්තර මිනිස් වාසයෙන් තොරව කොටියාට වාසය කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණිනි. මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේදි සිදු කිරිමට නියමිතයි.
ඇමෙරිකාවේ තිරිසන් පොලිස් කාරයෝ කළු මිනිස්සුන්ගේ බෙල්ල උඩ නැඟල මරනවා. ගොන් බුරුවෙක් ලංකාවේ හිටිය එකම කළු කොටිය උගුලක් අටවලා මරල දැම්ම.
10
POSITIVE
ncpp_train_39074
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (29) සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව ඇරයුම් කර තිබෙයි. අද උදෑසන සියලුම මන්ත්‍රීවරුන් වෙත ජනාධිපතිතුමා ලිඛිතව කරන ලද එම ආරාධනය පහත පරිදි වේ. ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම. අප රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට සමගාමීව රට තුල නිර්මාණය වු දේශපාලනික හා සමාජයීය අරාජිකත්වය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මහත් පරිශ්‍රමයක් දරමින් සිටී. ඒ අනුව, ක්‍රමවත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික සැලසුම් සකස් කරමින් පවතින අතර, ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ද ගනිමින් සිටින්නෙමු. කෙසේ වුව ද, අප හමුවේ පවතින අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂ, විද්වත් කණ්ඩායම්, සිවිල් සංවිධාන ආදී සියලුම පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මාගේ අදහසයි. මේ මොහොතේ පොදු මහජනතාවගේ අභිප්‍රාය වන්නේ ද පාර්ලිමේන්තුව තුල ඔවුන් නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයින් සියලුම දෙනා පොදු වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථික හා සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීමට කටයුතු කිරීම වේ. එය රජයේ සහ ඔබතුමාගේ ද යුතුකමකි. ඒ අනුව, මෙම ජාතික වගකීම ඉටු කිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුලු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට මා අදහස් කරන අතර, ඒ සඳහා ඔබතුමාගේ/ පක්ෂයේ එකඟතාවය කඩිනමින් මා වෙත යොමු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති
මුත්ත හරි හොර ගෙඩිය. UNP එක දෙකඩ කඩල විරුද්ධ පක්ෂේ දියාරු කරලා රාජපක්සලට ඕන විදියට වැඩේ කරලා දුන්න. ජන වරමක් නැති ජනපති මුත්තේ උබ ටිකක් ආයු ලැබ ඉක්මන් ගමනින් සුදු කොඩි එස වේවා
5
POSITIVE
ncpp_train_39075
හෙට මාර්තු 01 වැනිදා වරාය, බැංකු,ගුරු, රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා රැසක් වැඩ වර්ජනයක නිරතවන බව ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දන්වා ඇත.රටපුරා වැඩවර්ජන,අකුරට වැඩ කිරීම්, උද්ඝෝෂණ පාගමන්, කළු ඇඳුම් ඇඳීම ආදී විරෝධතා ක්‍රියාමාර්ග වල නිරතවන බව දන්වා ඇත. මෙම විරෝධතාවේ අරමුණු වන්නේ පහත ඒවාය.බැංකු පොලිය අඩුකරන්නවිදුලිය ජලය තෙල් මිල අඩු කරන්නජනතාවගේ ඡන්ද අයිතිය ලබාදෙන්නඅසාධාරණ බදු පහත දමන්නවිශ්‍රාමික වැටුප් ප්‍රමාදය අවසන් කරන්නරජයේ දේපළ විකිණීම නවතන්නරු 25000 ක ජීවන වියදම් දීමනාවක් ලබාදෙන්නඖෂධ හිගයකින් තොරව ලබාදෙන්නසමෘද්ධි කප්පාදුව නවතන්නමේ අතර වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මගීන් හෝ භාණ්ඩ පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති බවයි. මෙම ගැසට් නිවේදනය නිකුත් වන්නේ රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මාර්තු 1 වැනිදා දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, තෙල්, විදුලි, බැංකු, ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් තීරණය කර ඇති පසුබිමකය.
සියලුම වෘත්තීය සමිති නායකයන් ඉන්නේ මාලිමාව කරේ තියාගෙන.ඵ් නිසා ඵක දවසක්වත් රටේ දියුණුවට බාධා වන දේවල් කරන්න ඉඩ දෙන්න එපා ජනපතිතුමනි.වහාම නව නීති සම්පාදනය කර මෙම අරගල වැඩවර්ජනයන් මැඬපැවැත්වීම් කරන්න. (අහිංසක දරුවන් වෙනුවෙන්වත් රට බේරගන්න)
-19
NEGATIVE
ncpp_train_39076
කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ වසරකට අධික කාලයක් අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි මහාධිකරණයෙන් දැඩි අප කොන්දේසි මත මුදාහැර සිටින අතරතුර මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගී ජීප් රථයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා මැයි මස 9 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (27දා) නියෝග කෙළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව මහනාම මහතාට තවදුරටත් නියෝග කරනු ලැබීය. ජීප් රථයක් පැහැර ගැනීම සහ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම යන චෝදනා මත සැකකාර එස්.එෆ්. ලොක්කා අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මඟින් මහාධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර පොලිසිය සඳහන් කෙළේ මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගී ජීප් රථයක් පසුගිය 21දා පැහැර ගැනීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු පොලිසියට අවශ්‍යව සිටි බවයි. ඔහු අත්අඩංගුට ගැනීමට මෙහෙයුමක් දියත් කළ බවද සඳහන් කළ පොලිසිය දින කිහිපයක් සැඟව සිට වෑන් රථයකින් හොර රහසේ පැන යෑමට තැත් කළ අවස්ථාවේ සැකකරු අනුරාධපුර, දහයියාගම හන්දියේදී අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගත් බවද කීවේය. පසුව සැකකරුගෙන් දීර්ඝව කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පැහැර ගත් බවට සැක කෙරෙන ජීප් රථය මිහින්තලේ කුරුන්දන්කුලම ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිසියට හැකිවූ බවත් එම ජීප් රථයේ වටිනාකම රුපියල් ලක්‍ෂ එකසිය පනහ ඉක්මවනු ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සතුව ජීව අත්බෝම්බයක්ද තිබුණ බව අධිකරණයට සැල කළ පොලිසිය මෙම සැකකරු වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බවද කීය. එම අපරාධයට අදාළව මෙම සැකකරු වසරකට අධික කාලයක් අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිට අනුරාධපුර මහාධිකරණය මඟින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටියදී මෙම ජීප් රථය පැහැර ගෙන ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය මේ තුළින් සැකකරු අනුරාධපුර ගරු මහාධිකරණය මඟින් පෙර පනවා ඇති ඇප කොන්දේසි මුළුමනින්ම කඩ කර ඇති බවද කීවේය. සැකකරුට එරෙහිව තවත් ජීව අත්බෝම්බ සිද්ධියකට අදාළ නඩුවක්ද පුද්ගලයකු කැපීමේ සිද්ධියකට අදාළ නඩුවක්ද පහරදීමේ සිද්ධියකට අදාළ නඩුවක්ද අධිකරණය හමුවේ පවතින බවද පොලිසිය අධිකරණයට සැල කළේය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එච්.එම්. යසරත්න සහ සැරයන් ජයසේකර (1917) යන මහත්වරුන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කීවේය. සැකකරු වෙනුවෙන් නීතිඥ ඉඳුනිල් හෙට්ටිආරච්චි මහතා පෙනී සිටියේය. අනුරාධපුර - ආනන්ද කරුණාදාස, - මහේෂ් විජේසුරිය
ඉන්තින් පුරුදු පරිදි තව අපරාද ටිකක් කරන්න ඕකව එලියට දාපල්ලා අනික බෝලාගේ රෑනේ ඉන්න දුප්පත් අහිංසක නඩු කාරයොත් ජීවත් වෙන්න එපැයි.
11
POSITIVE
ncpp_train_39077
තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානූකූල අගමැති වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව ඊයේ(30) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී එරට විදේශ කටයුතු ලේකම් ජෙරමි හන්ට් ප්‍රකාශ කර තිබේ. ඔහු හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අතර ඇති වු සංවාදයක් අතර තුරදී මෙම ප්‍රකාශය සිදුවිය. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතක දී සිදු කළ ක්‍රියාව ලංකාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් ජාත්‍යන්තර ප්‍රජාවද තවම පිළිගන්නේ ඔහු බවත් මෙහිදී හියුගෝ ස්වයර් මහතා පවසා තිබේ. මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් පමණක් බවත්, එනිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස දන්වන්නට කැමති බවත් ඔහු දන්වා ඇත. ඉදිරි දිනක මෛත්‍රීපාල සිරිසේන ජනපතිට මේ පිළිබඳ අවධාරණය කර සිටී ද යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් ලේකම්වරයා පවසා ඇත්තේ නිසැක වශයෙන්ම තමා මේ පිළිබඳ අවධාරණය කරන බවය. එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැඩි අවධානයකින් සිටින බවද එරට විදේශ ලේකම්වරයා පාර්ලිමේන්තුවේදී පවසා ඇත. මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් පසු ඇමරිකාව බ්‍රිතාන්‍යය ඇතුළු විදෙස් රටවල් ලංකාවේ ව්‍යවස්ථාව හරියාකාරව ක්‍රියාත්මක වීම පිළිබඳ අවධානය යොමු කරන බව දන්වා ඇති අතර චීනය හැර කිසිදු ප්‍රබල රටක් මහින්දට සුබපැතුම් පණිවිඩ එව්වේද නැත. එජා සංවිධානයට හා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටක් ලෙස ලංකාවේ අගමැතිවරයාට එම ධූරයේ කටයුතු ඉදිරියට පවත්වායාමට ජාත්‍යන්තර සහය හා පිළිගැනීම නිතැතින්ම අවශ්‍යවේ. මෙම තත්වය තුළ මෙම ගැටලුව ඉක්මණින් නිරාකරණය කර මහින්ද හෝ රනිල් දෙදෙනාගෙන් එක් අයෙකු නිවැරදි ලෙස පත්කිරීමේ අවශ්‍යතාව පැනනැගී ඇත. වීඩියෝව පහතින්
මහින්ද ඇදගෙන නා ගත්තද මන්ද. හිටන් ගාව ගත්තොත් ලෙඩක්. තමන්ගෙ පෞද්ගලික වාසිය විතරක් බලන මේ වගේ පිළිකුල් පඹයෙක්ගෙ බොරු වලක මොකට වැටුනද මහින්ද මහත්තය. තව අවුරුද්දක් ඉවසුව නම් මිනිස්සු බන්දේසියක තියල පිලිගන්නන්නෙ ලංකාව.
99
POSITIVE
ncpp_train_39078
මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඊයේ පැවැත්වූයේ ගොවි විරෝධතාවක් මධ්‍යයේයි. සේනා දළඹු උවදුරෙන් සිදු වූ වගා හානි සඳහා වන්දි ලබාදීම ඇතුළු ලැබිය යුතු සහන කිසිවක් ලැබී නැතැයි පවසමින් ගොවීන් ෙමොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිවිසුම අවහිර කර තිබුණි. කමිටු රැස්වීම අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී.ජයසේන මහත්මිය විරෝධතාකරුවන් රැඳී සිටි ස්ථානට පැමිණි අවස්ථාවේ හූ කියා තිබුණි.
උද්ගෝශනයක් උපවාශයක් කරන තැන්වල නර්තන කරන එක නම් හරිම සව්ත්තු වැවක් තමයි..
18
POSITIVE
ncpp_train_39079
ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී  එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය අශෝක ගුණරත්න මහතා මෙසේ කියා සිටියේය.'2024-25 වර්ෂ වලට විශේෂඥ වෛද්‍යවරුන් හාරදාහක් පමණ අවශ්යයි කියලා තමයි කලින් ඇස්තමේන්තු කර තිබේ. දැනට අපිට ඉන්නේ සියයට පනහක් පමණයි. විශ්රාම ගැන්වීම අවුරුදු හැටට අඩු කරොත් තව දෙසිය පනහක් පමණ විශ්රාම යනවා. එතකොට 1750 පමණ ගානට සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්යාව පහළට බහිනවා. මීට අමතරව තියෙන ප්‍රශ්නය තමයි හදිසි අනතුරු අංශ වල විශේෂඥ වෛද්‍යවරුන්. 30 ක් පුහුණු කරලා විශේෂඥ වෛද්‍යවරුන් විදිහට පත් කරා. 30 න් විස්සක් දැන් රට හැරලා ගිහිල්ල නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඇස්තමේන්තුව 2024-25 ට 289  මේ වර්ෂය වෙනකොට ඉන්නෙ 155 යි. එකසිය පනස් පහෙන් 30 ක් රට හැරලා ගිහිල්ලා වයස 60 විශ්රාම යනව නම් තවත් විස්සක් මේ වර්ෂයේ විශ්රාම ගන්න. එතකොට 105 යි. කුඩා ළමුන්ගේ රේඩියෝලොජි සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් එක්කෙනයි හිටියේ ලංකාවටම. ඔහු රට හැර ගිහිල්ලා. හදිසි අනතුරු සඳහා විශේෂඥ වෛද්‍යවරු දැන් ඉන්නෙ දහයක් පමණ. විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්ය පහසුකම් නොමැතිවීම ද ඔවුන් රට හැර යාමට හේතුවී තිබෙනවා. පශ්චාත් උපාධි කරන්න වෛද්‍යවරුන් පෙළඹෙනවත් අඩුයි.විශේෂඥ වෛද්‍යවරුන්ට ලැබෙන ඉතාම අවම පහසුකම් දුරස්ථ ප්රදේශ වලට ගියාම ඉන්න තැනක් නෑ. ක්වාටස් එකක් නෑ ඒ පිළිබඳව රජය සිතා බලන්න ඕන. මේ අවුරුදු 60 පිරෙන විශේෂඥ වෛද්‍යවරුන් නොයව හිටියනම් ගොඩක් ප්රශ්න අඩුයි. ඔවුන්ට තවත් සේවය කිරීමට හැකියාවක් තියෙනවා. එතකොට එහෙම යන්නෙත් නැති මේ රටේ ඉන්නත් පුළුවන් මේ රටේ සේවයක් කරන්නත් නෑ‘
ඕවා පටන්ගත්තා කියලා මේ ප්‍රශ්නෙ නං විසදෙන්නෙ නැහැ. උනුත් අනිවා රට දාලා යනවා!
-6
NEGATIVE
ncpp_train_39080
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පදිංචි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණිය පවිත්‍රා රණතුංග සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ දියණිය රන්දුලා ගුණවර්ධන  එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය මෙහෙයුමේ තුන්වන ලේකම් ලෙස නිව්යෝර්ක් බලා පිටත්ව යනු ඇත.රාජ්‍ය ඇමති දුමින්ද දිසානායකගේ සහෝදරයා වන අමිල ඊ දිසනායක පැරීසියේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.ජනාධිපති ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  මොහාන් සමරනායකගේ දියණිය සුභාෂිනි සමරනායක වියානා ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.හිටපු නාවික හමුදා ප්‍රධානී සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහගේ බෑණනුවන් වන තුලසි සමරසිංහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.කලෙක රාජපක්ෂ රජයට හිතවත්වූ විපක්ෂ දේශපාලනඥ තිස්ස අත්තනායකගේ දියනිය දුල්මිණි අත්තනායක යහපාලන අවසන් කාලයේ 2019 ජූලි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස ලද පත්වීම නව රජය බලයට පත්වූ පසු අවලංගු වූ නමුත්නැවත සක්‍රීය කර තිබේ. 
පුටින් එක්ක ඕවා බෑ🤗🤗🤗
1
POSITIVE
ncpp_train_39081
2019 වසරේ අප්‍රේල් මස පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාරයෙන් මිය ගිය සියළුම ජීවිත සහ විපතට පත් සියළු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය දැක්වීමක් ලෙස කොළඹ අගරදගුරු පදවිය විසින් ලබන 7 වන ඉරිදා කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. කතෝලික ජනතාව එදිනට කළු පැහැති ඇඳුමෙන් දිව්‍ය පූජාවට සහභාගි වන ලෙස දන්වා ඇති බවද කොළඹ අගරදගුරු පදවිය සඳහන් කළා.
මෙම විරෝධය කිතුනුවන් පමණක් නොව අන්තවාදය පිටුදකින සියලු ශ්‍රී ලාංකිකයින් ගේ සහභාගිත්වයෙන් සිදුලකයුතුය. අපේ මහානායක හිමිවරුන් ද අවදි වේවා.
105
POSITIVE
ncpp_train_39082
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා යළිත් තරග වදින බවට පැවසුවද ඔහු  අධිකරණය ඉදිරියේ තම පවුලට බුකී ව්‍යාපාර ඇතැයි පිළිගැනීම හේතුවෙන් නිලවරණ කමිටුව ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වේ.  ඒ අනුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් මහපුටු සටනින් ඉවතට විසිවනු ඇති බවට හෙළිවේ. මෙහිදී සභාපති ධුරයට තිලංගගේ අනුප්‍රාප්තිකයා වශයෙන් මෙන් මොහාන් ද සිල්වා තරග වදින බවට පැවසෙන අතර,  ඔහු සභාපති ධුරයට මෙන්ම ලෙකම් ධුරයටද නාමයෝජනා භාරදීමට නියමිත බවට වාර්තා වේ. මීට අමතරව වත්මන් උපසභාපති කේ. මතිවානන් මහතා තිලංග පාර්ශවයෙන් මෙවරද නාමයෝජනා ලබාදෙන බවට තහවුරු වී ඇති අතර, වත්මන් භාණ්ඩාගාරීක ශම්මි සිල්වා මහතා උපසභාපති ධුරයට සහ ලේකම් ධුරය යන තනතුරු ද්විත්වයටම නාමයෝජනා භාරදීමට නියමිත බවට අනාවරණය වේ.  තිලංග පාර්ශවයෙන් භාණ්ඩාගාරීක තනතුර සඳහා යෝජනා වී ඇත්තේ නුශ්කි මොහොමඩ් මහතා වන අතර, ඒ සඳහා අවසන් තීන්දුවක් ඊයේ (25)දා සවස්  වනතුරුත් රැගෙන නොතිබුණි. මේ අතර  තිලංග පාර්ශවයෙන්  නාමයෝජනා අද (26දා) භාරදීමට නියමිත බවද වාර්තා වේ.
නවීන් දිසානායක, අර්ජුන රණතුංග, ජයන්ත ධර්මදාස ... කරුණාකර මේ තුන් කට්ටුවට ඉඩ දෙන්න ක්‍රිකට් ගොඩ නගන්න.
31
POSITIVE
ncpp_train_39083
         රට තුළ ඩීසල් හිඟයක් පවතින බවට පැතිරී යන ආරංචි මුළුමනින්ම අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීනිගත සංස්ථාව ප්‍රකාශ කරයි. එම සංස්ථාව මඟින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ රට පුරා ඩීසල් හිඟයක් සිදුවී තිබෙන බවට සමාජ ජාලා වෙබ් අඩවි සහ විවිධ ජනමාධ්‍ය ඔස්සේ පළ කර ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත් ඒවා විශ්වාස නොකරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී. කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සහ මුතුරාජවල තොග ගබඩාවල ප්‍රමාණවත් තෙල් තොග පවතින බව සඳහන් කරන එම සංස්ථාව මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන පාර්ශවයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි අපරාධ විමර්ශන අංශය වෙත ද දැනුම් දී ඇතැයි වැඩි දුරටත් පවසයි.
මගමරුවන් ටික කලබල වෙලා ඇති දැන්ජ නතාවට සේවය කරන්නේ කොහොමද කියල.
12
POSITIVE
ncpp_train_39084
අමීර් ඛාන් මේ දින වල වැඩි කතාබහට ලක්වන්නේ 'ලාල් සි චඩ්ඩා' චිත්‍රපටයත් සමඟිනි. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන මෙය  ඉන්දියාවට වඩා විදෙස් රටවල ප්‍රදර්ශනය කරන්නට එහි ප්‍රධාන නළු අමීර්ඛාන් වෙහෙසෙන බව දක්නට ලැබේ. එහි එක් පියවරක් ලෙස අමිර් ඛාන් මිට දින කිහිපයකට පෙර තුර්කියට ගොස් එහි සිනමා බලධාරින් සමඟ යම්කිසි සාකච්ඡාවක්ද සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දංගල්, සීක්‍රට් සුපර්ස්ටාර්, පිකේ චිත්‍රපට සඳහාද අමිර් ඛාන් රංගනයෙන් දායක වූ අතර ඒවා  විදෙස් රටවලදී ඉහළ ආදායමක් උපයාගෙන ඇත. එමෙන්ම එම චිත්‍රපට ත්‍රිත්වයම බොලිවුඩයේ ඉහළම ආදායමක් ලැබු පළමු බොලිවුඩ් චිත්‍රපට පහ අතරට තේරීපත්ව තිබීම හේතුවෙන් අමීර් ඛාන් සිය නවතම චිත්‍රපටයද මෙම තත්ත්වයට ගෙන ඒමට උත්සහයක නිරතවෙමින් සිටින බව වාර්තා වේ.
හරියට හරි බලමු මොන රටින්ද ඕකා පිලිගන්නේ කියලා
-2
NEGATIVE
ncpp_train_39085
අධික මිල ගණන්වලට ගණිකා වෘත්තියේ යෙදුණු රූමත් මෝස්තර නිරූපිකාවන් හයදෙනකු ඇතුළු පුද්ගලයන් අටදෙනකු කේරළ ගංජා ග්‍රෑම් දහයක් සමඟ පෙන්වා (23දා) බණ්ඩාරගම ගැලනිගම අධිවේගී ගුවන් පාලම අසලදී සුබෝපභෝගී වෑන් රථයක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. අත්අඩංගුවට ගත් පිරිස පුද්ගලයන් දෙදෙනාගෙන් අයකු ඔවුන්ගේ ආරක්ෂකයකු බවත් අනෙක් අය වෑන් රථ රියැදුරු බවත් පොලිසිය කියයි. කේරළ ගංජා මෙම ගණිකා ජාවාරම මෙහෙයවන මෝස්තර නිරූපිකාවන්ගේ හිසකෙස් අතර සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරිනියක් පැවැසුවාය.කොට්ටාව, පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ රූපලාවණගාරයක් පවත්වාගෙන යන රූපලාවණ්‍ය ශිල්පිනියක් මෙන්ම මෝස්තර නිරූපිකාවක් වන සුරූපී කාත්තාව එවැනිම සුරූපී කාන්තාවන් මුදලට අලෙවී කිරීමේ රහසිගත ව්‍යාපාරයක් කරන බවට පානදුර, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රසන්න මහතාට ලද තොරතුරක් අනුව මෙම පිරිස වටලා ඇත. ඒ අනුව උප පොලිස් පරීක්ෂක ධර්මසිරී මහතාට ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා කරන ලද උපදෙස් අනුව එම ජාවාරම පවත්වාගෙන යන කාන්තාවගේ දුරකථන අංකය සැරයන් විසින් සොයාගෙන ඇත. රන් භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කරන ව්‍යාපාරිකයකු සේ රඟපා මෝස්තර නිරූපීකාව හා දුරකථනයෙන් සම්බන්ධ වූ සැරයන්වරයා රාත්‍රියක් ගත කිරීම සඳහා කාන්තාවක් ලබාදෙන ලෙස පැවැසූ බව පොලිසිය කියයි. ඒ සඳහා රුපියල් හතළිස් දහසක් අය කරන බව එම සුරූපී කාත්තාව ව්‍යාපාරික වෙස්ගත් සැරයන්වරයාට පවසා ඇති අතර එයට කැමැත්ත ලබාදීමෙන් පසු එකී කාත්තාව සමඟ බණ්ඩාරගම ගැලනිගමට පෙරේදා (23දා) වෑන් රථයෙන් පැමිණ තිබූ බව පොලිස් නිලධාරියා පැවැසීය. ගැලනිගම ප්‍රදේශයේ අතුරු මාර්ගයකට වෑන් රථය යොමු කිරීමෙන් අනතුරුව සැරයන්වරයා රුපියල් පන්දහසක අත්තිකාරම් මුදලක් කළමනාකාරීනිය අතට පත් කරනවාත් සමගම ඒ අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරීහු ඔවුන් අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගත් කාත්තාවන් පොලිස් නිලධාරිනියන් දෙදෙනකු ලවා පරීක්ෂාවට ලක් කිරීමේදී ජාවාරම්කාරිගේ හිසකෙස් අතර සඟවා තිබූ කේරළ ගංජා සොයා ගැනීමට හැකි වූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම සැකකාර කාන්තාව ගැනුම්කරුවන්ට කාන්තාවන් සැපයීමට අමතරව මත්ද්‍රව්‍යද සපයන බවට මෙය කදිම සාක්ෂියක් බව පොලීසිය කියයි. පොලිස් අත්අඩංගුවට පත්වූ ප්‍රධාන සැකකරුවන් ඇතුළු සියලුම කාන්තාවෝ රූපවාහිනි තිරයේ මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යවල සුළු චරීත මෙන්ම පෞද්ගලික දුරකථන සමාගම්වල මෙන්ම වෙනත් සමාගම්වල දැන්වීම් සඳහා පෙනී සිටින අය බව පොලිස් නිලධාරියෙක් පැවැසූහ. ගණිකා ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකාරිය ස්වාමියාගෙන් වෙන්ව ජීවත් වන කාන්තාවක් බව පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය කියයි. වයස අවුරුදු 23 හා 38 අතර පසුවන කාන්තාවන් කැලණිය-බණ්ඩාරවෙල, හෝමාගම හා මොනරාගල පදිංචිකාරියෝ වෙති. ඔවුන් සියලු දෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. -එම්.සී.පෙරේරා-
ඔය පාලම යටින් හැමදාම යන මට ඔකුන්ව මීටර් උනේ නැහැනෙ. පොශ් විදියට ඇඳපු කෙල්ලො කීපදෙනෙක් ඔතන නිතර ඉන්නවනම් තමයි
70
POSITIVE
ncpp_train_39086
කොළඹ නගරාධිපති නිල නිවෙසහි හදිසි අලුත්වැඩියාවන් සඳහා ඉකුත් වසර දෙක තුළ නගර සභා බදු මුදල් රුපියල් කෝටි 6කට වැඩියෙන් වැයකර ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම ඓතිහාසික ගොඩනැගිල්ලේ පෞරාණික බවට හානිවන අයුරින් ආරක්‍ෂක හේතුන් මත කියමින් ඒ වටා තිබූ කෙටි ආරක්ෂක තාප්පය උස්කර තිබේ. මෙම නිල නිවෙස නගරාධිපතිවරු 10 දෙනකු පමණ පරිහරණය කර ඇතත් මේ තරම් විශාල මුදලක් මිට පෙර වැයකර නැතැයිද දැනගන්නට තිබේ. අවසන්වරට එහි විසු හිටපු නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා එහි සුළු ප්‍රතිසංස්කරණයක් සිදුකර තිබුණු අතර ඊට වැසිකිළි පද්ධතිය ද ඇතුළත් කර ඇතැයිද මන්ත්‍රිවරු සඳහන් කරයි. එහෙත් නව නගරාධිපතිනිය පත්වූ පසුව වසර දෙකක් තිස්සේම මෙම ගොඩනැගිල්ලේ වැසිකිළි 7ක් නවීකරණය සඳහා භාණ්ඩවලට රුපියල් ලක්‍ෂ 57ක් වැයකළ බවට ජවිපෙ මන්ත්‍රී සුමින් පස්සපෙරුම මහතා චෝදනා කළේය. මම වනවිට ඒ සඳහා වැයකර ඇති මුළු මුදල රුපියල් කෝටි දෙකකට ආසන්න බව නිලධාරීහු පවසති.  මීට අමතරව සීසීටීවී කැමරා 17ක්, වායු සමීකරණ යන්ත්‍රයක්, රෙදි සෝදන යන්ත්‍ර,රෙදි වේලන යන්ත්‍ර, අවන්, ශීතකරණ, විදුලි  පංකා ඇතුළු විදුලි උපකරණ ද මුළුතැන්ගෙට පීරිසි 200 ක් කෝප්ප 200ක්ද, මිලදී ගැනීමේ සූදානමක් පවතින බව ද වාර්තා වේ.  මෙම නිල නිවෙසේ පිරිසුදු කිරීම් කටයුතු පෞද්ගලික සමාගමක් විසින් කොන්ත්‍රාත් පදනම යටතේ  සිදුකරන බවද ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂයක් පමණ නගර සභාව වැයකරන බවද පැවැසේ. මේ පිළිබඳව නරගාධිපතිනියගෙන් විමසූවිට කීවේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු ප්‍රාදේශීය නියෝජිතයන් රැසක් නගර සභාවට පැමිණෙන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව මෙන්ම සුව පහසුව සඳහා අවශ්‍ය පරිදි  නිල නිවෙස සකස්කරන බවය. තමන්ට ද සියලු පහසුකම් සහිත පෞද්ගලික නිවෙසක් ඇති බවද මෙම නිල නිවස කිසි විටෙකත් පරිහරණය නොකරන බව ද ඇය කීවාය.
මහින්ද ජනාධිපති මන්දිර සැපවිදින්න හදනවා කියල , උබල කෑගැහුව වගේ මතකයි
158
POSITIVE
ncpp_train_39087
මීට ටික කලකට පෙර රෝහල්ගතව සිටි ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ සුමධුර කටහඬ අහිමිවී ඔහුට ගායනය කිරීමට නොහැකිවී ඇති බවත් මෙම කටහඩ අහිමිවීයාමේ ගැටලුවට ප්‍රතිකාර ලබාගන්නට 78 හැවිරිදි ගායකයා සිය ළාබාල බිරිය සමග යේසුස් තුමන්ගේ යාඥා බලයෙන් රෝග සුවකරන බව කියන ඇදුරෙකු වෙත ගොස් තිබුන බවත් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් හුවමාරුවේ.  මෙහිදී ඇදුරා වික්ටර් සමග ප්‍රසිද්ධ සභාවක කෑගසා මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කිසියම් අමුතු ඇස්කණ්නාඩියක්ද ගායකයාගේ මුහුණේ රඳවමිනි. ඔහු වික්ටර්ගේ උගුර පිරිමදිමින් සියලු හදි හූනියම් බංගවන ලෙස කෑමෝර දෙයි. යාඥා ආරම්භක අවස්ථාවේ වික්ටර් රත්නායක යමක් කියන හඩ ඇසෙන අතර ඉතා අමිහිරි ‘අඟහරු කුරුමිට්ටන්ගේ‘ ආකාරයේ ශබ්දයක් වික්ටර් සතුව ඒ වනවිට පවතින බවද ඒ අනුව ඇසෙයි. යාඥාව අවසානයේ වික්ටර් රත්නායක තමන්ට දැන් සුවය ලද බව පවසන අතර වේදිකාවේ ඔහුගේ සුමිහිරි කටහඩින් ගීතද ගායනා කර පෙන්වයි.මෙම ක්‍රියාවලිය ගුප්ත බලයේ ආශිර්වාදයෙන් ලද්දාවූ සුවයක්ද නැතිනම් වෙනත් මවාපෑමක්දැයි පැහැදිලි නැත. මේ අතර වික්ටර්ගේ දේවාශිර්වාද කටහඩ ලැබීමේ පුවත සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහට ලක්ව ඇත. කතාබහ මතුකරන්නන් අතර කලක් වික්ටර්ට විශාල ගෞරවයක් පුදකළ ඉරාජ්ද සිටී.‘වෛද්‍ය විද්‍යාවේ කිසිදු ප්‍රතිකර්මයකට නැවතත් ලබා දීමට නොහැකි වූ එතුමාගේ මධුර හඩ යාඥා කිරීමෙන් ලබා ගැනීමට එතුමන් සමත් වී තිබුනේසිය ආදරණීය බිරිදගෙන් නොඅඩුවම ලැබෙන ආදරය සෙනෙහස මැදින් ‘ යයි නොයිස්ටීවී මෙය වාර්තා කර තිබුණි.මේ අතර වික්ටර්ගේ මෙම ක්‍රියාව විවේචනයට ලක්වූ ෆේස් බුක් පිටුද හඳුනාගන්නට ලැබිණි.‘මිත්‍යාවෙන් මිනිස්සු ගලවාගන්න කරපු නැණපහනේ සම්පත් දායකත්වයක් වුන වික්ටර් රත්නායක මහත්තයා නේද මේ කටහඬ ලබාගන්න කියලා තවත් මිත්‍යාවක් පස්සේ යන්නේ  පෝන් චාර්ජ් කරනවා වගේ තව එකෙක් ‘ එක් පිටුවක සටහන් විය.‘සල්ලිත් නෑ දැං කෑල්ලකුත් ඉන්නවනෙ පොරට ඒකිත් මාට්ටු උනේ මොකක්ද සල්ලි සීන් එකකට අනං මනං වැඩ ටිකට වියදම් කරන්න මේ අමාරු කාලෙ සල්ලි හොයාගන්න කරන වැඩ තමා මේ දවස්වල කොන්සට් තියන්න පුළුවන් කියල යෑ උඹල බොරුවට පැණික් වෙන්නෙපා පාදිලිටත් ඕනෙ බැනුම් අහලා වෛරල් වෙන්න තමා‘එක් පිටුවක සටහන් විය.සිදුවීමට අදාළ වීඩියෝව පහතින් 
අරුණ සිංහල නම් බුදු දහම දන්නවා නම් චතුරාර්ය සත්‍ය දන්නවානේ. එදිනෙද ජීවිතයේ උදාහරනෙකින් මේවා පැහැදිලි කරන්න. බලමු ඔයා ඇත්තටම බුද්ධාගම දන්නවද කියල
3
POSITIVE
ncpp_train_39088
කොරෝනා රෝගී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට මුඛ ආවරණ මිලදීගෙන පලඳින ලෙස කිසිම අවස්ථාවක උපදෙස් දී නොමැති බව රජය අවධාරණය කරයි.ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලයේදී පැවති ඩෙංගු වසංගතයෙන් පුද්ගලයන් 100කට වැඩි ප්‍රමාණයක් මියගිය බවත්, කොරෝනා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවත් උසස් අධ්‍යාපන, තාක්‍ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී 29දා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජය තුළ බොරු බියක් නිර්මාණය කර ඇති බවත්, මේ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති වූ ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් ප්‍රචාරණය කළේනම්, මේ වනතුරු කිසිදු සංචාරකයෙක් ගෙන්වා ගැනීමට නොහැකි වන බවත් හෙතෙම පෙන්වා දුන්නේත්ය.  එමෙන්ම මේ වනවිට පාසල් වසා දැමීමට හෝ ක්‍රීඩා උත්සව නැවැත්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.එම මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, "කොරෝනා වෛරය සම්බන්ධයෙන් දරුවන් සහ දෙමවුපියන් අතර විශාල භීතිකාවක් නිර්මාණය වෙලා තිබෙනවා. සමාජ ක්‍රමය තුළ පමණට වඩා බියවූ තත්ත්වයක්, ජනමතයක් ලෙස කාන්දු වන බව පෙනෙන්නට තිබෙන බව අග්‍රාමාත්‍යතුමා සමග පැවතුණ සාකච්ඡාවේදීත් සාකච්ඡා වුණා. පමණට වඩා තාව බියගන්වීමේ ව්‍යාපාරයක් තිබෙන බව එහිදී අවධානයට ලක්වුණා. අපේ රටේ ඩෙංගු වසංගතයක් තිබුණා. ඒ කාලයේදී පාසල් දරුවෝ පමණක් නෙමෙයි වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ දරුවන් පවා බේරාගන්න නොහැකිව මියගියා. 100ට අධික සංඛ්‍යාවක් මියගියා. ඩෙංගු උවදුර මැඩලීම් සඳහා පුළුල් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කළ විට අපේ රට සම්බන්ධයෙන් විදේශීය රටවල ප්‍රචාරය උනානම් මේ වෙනතෙක් කිසිම සංචාරකයෙක් ලංකාවට ගෙන්වාගන්න වෙන්නේ නැහැ. මීට පෙර මැලේරියා වසංගත පැවති කාලයේ රට තුළ මැලේරියා වසංගතය අවම කරගැනීම සඳහා කැපවී කටයුතු කළ නායකයන් සිටියා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වෙත චක්‍රලේඛ නිකුත්කර තිබෙනවා.පාසල් සිසුන් මුඛ ආවරණ මිලට ගෙන පලඳින ලෙස කිසිම අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් දීලා නැහැ. ඒනිසා බොරදියේ මාළු බාන්න උත්සාහ කරන ඇතැම් ව්‍යාපාරික ප්‍රජාවන් මේ තත්වය යටතේ අධික මිලට මුඛ ආවරණ අලෙවි කරන බව වාර්ත වෙනවා. ඒ නරක තත්වයක්. මුඛ ආවරණ පලඳින්න අවශ්‍ය වුණොත් ඒ බව මේ අමාත්‍යාංශ දැනුම් දෙනවා. දැනට එවැනි තත්වයක් අවශ්‍ය නැහැ. ඒ වගේම පාසල් වැසීමක්, ක්‍රීඩා උත්සව නැවැත්වීමක් පිළිබඳ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. ඩෙංගු වසංගතය පැවැති කාලපරිච්ඡේදය තුළදී පාසලේදී ඩෙංගු හැදිලා පාසල තුළදී දරුවෙකු මියගියත් එක දවසක්වත් පාසල වැහුවේ නැහැ. වසංගතය පිටුදැකීමට අවශ්‍ය ජාතික වැඩසටහනක් තමයි ඒ වෙනුවට ක්‍රියාත්මක කළේ. පාසල් සිසුන් මේ රෝගයට ගොදුරු වුණ බව හඳුනාගෙන නැහැ. හදිසි දරුණු වසංගත තත්වයක් පවතිනවා නම්, ඒ සඳහා අවශ්‍ය උපදෙස් ක්‍ෂණිකව නිකුත් කරනවා. කටකතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ යන වැරදි ප්‍රචාරණවලට බියවීමට අවශ්‍ය නැහැ. චීනය කියන්නේ අපේ රටට අමාරු අවස්ථාවලදී දුක්වී සැදී පිහිටවෙන්න හිටපු මිත්‍ර රටක්. ජාත්‍යන්තර මට්ටමේ විවිධ ක්‍රියාවලදී චීනය ශ්‍රී ලංකාවට උදවුකර තිබෙනවා. ඒ නිසා චීනයේ ඇතිවී තිබෙන මේ තත්ත්වය ගැන බලවත් ලෙස කම්පනයට සහ කනගාටුවට පත්වෙන අතර, මේ වෙනුවෙන් චීන රජයට ලබාදිය හැකි උපරිම සහාය ලබාදීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පවසා සිටියේය. "සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය මගින් ලබාදුන් උපදෙස් මාලාව ඒ ආකාරයෙන්ම පාසල් වෙත යොමු කළා. ඒ වගේම විදුහල්පතිවරු නිතරම අපෙන් අහනවා ක්‍රීඩා උත්සව නවත්වන්නද කියලා. ක්‍රීඩා උත්සව හෝ බාහිර ක්‍රියාකාරකම් කිසිවක් නවත්වන්න එපා කියලා අපි උපදෙස් දී තිබෙන්නේ. මොකද එහෙම එකක් හරි නැවැත්තුවොත් අනවශ්‍ය බියක් රට තුළ ඇති වෙනවා. වැරදි ප්‍රචාර යනවා. අධ්‍යාපන බලධාරීන් සියලු දෙනාම මේ අවස්ථාවේදී අවධානය යොමුකර අනවශ්‍ය බියක් ඇති නොකර දරුවන්ට පාසලට වෙනදා වගේ එන්න දෙන්න කියා ඉල්ලා සිටිනවා." "මේ වනවිට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති වී තිබෙනවා. නිවැරදි තොරතුරුවලට වඩා වැරදි තොරතුරු සමාජගත වීමේ ප්‍රවණතාව වැඩි නිසා මේ බිය වැඩි වී තිබෙනවා. මේ රෝගී තත්වය බෝ වන රෝගී තත්වයක්. කොරෝනා කියන වෛරසය මගින් බෝ වන්නේ. මේ වෛරසයට විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. ඒ නිසා බෝ වීම වැළැක්වීමයි සිදුකළ යුත්තේ. සාමාන්‍ය වෛරසයක් වැලඳුණ අයට කරන ප්‍රතිකාර තමයි මේ වෛරසය වැලඳුණ අයට සිදුකරන්නේ. කොරෝනා වෛරසය ලෝකයට අලුත්ම වෛරසයක් නෙවෙයි. මීට කලින් සාස් ආදී මේ  වෛරසයේ වෙනත්තත්වයන් ලෝකයේ ඇති වුණා. ඒ වගේ මීට වඩා විශාල ප්‍රදේශයක පැතිරීලා මීට වඩා දරුණු අන්දමේ මරණ වාර්තා වුණා. ඒ අනුව බලද්දී කොරෝනා වෛරසය කලින්  වෛරස තරම් දරුණු නැහැ. නමුත් පැතිරීමේ වේගය අනිත් වෙරලට වඩා වැඩියි. නමුත් මරණ ප්‍රමාණය සහ සංකුලතා අඩුයි. මේ නිසා මේකට බය වෙන්න හොඳ නැහැ. නිවැරදි ක්‍රම අනුගමනය කිරීමයි වැදගත් වෙන්නේ.  මේ රෝගය රටට ඇතුළු වෙනවාද කියා සොයාබැලීමට වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒවගේම සමාල්ගත වූවන් නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් ඇති කර තිබෙනවා. රෝගියෙකු හමුවුණාත් ඔහු වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් 12ක් නම් කර තිබෙනවා. මේ වනවිට මුඛ ආවරණ පැලදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු දැනුම්දීමක් සිදුකර නැහැ. එහෙම අවශ්‍යතාවක් රට තුළ උදාවෙලා නැහැ. මේ රෝගී තත්වය හේතුවෙන් පාසල් තුළ හෝ කිසිම ස්ථානයක මුඛ ආවරණ පැලදීමේ අවශ්‍යතාවක් මතුවෙලා නැහැ. ඒ නිසා ජනතාව කලබල විය යුතු නැහැ. ඒ වගේම මේ වෛරසය භාණ්ඩ මගින් පැතිරෙන්නේ නැහැ. ජනතාව ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ. ඒවගෙන්ම මේ දිනවල කොරෝනා වෛරසයට අමතරව රට තුළ ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිරෙමින් තිබෙනවා. මේ රෝග දෙකම එක වගේ. එකම රෝග ලක්‍ෂණ තිබෙන්නේ. එහෙම කියලා මේ දෙක පටලවා ගන්න එපා. වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඉල්ලුවන්සා රෝගීන්ට මුඛ ආවරණ පලඳන කියලා කියනවා මොකද ඔවුන් මගින් අනිත් අයට මේ රෝගය වැලඳීම වැළැක්වීම සඳහා. ඒ නිසා කැස්ස, හෙම්බිරිස්සාව තිබෙන කෙනෙක් මුඛ ආවරණය පැලදීම වැදගත්. යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියා අපි ඉල්ලා සිටිනවා.” -චාමර සම්පත්-
තමන්ට පුද්ගලික වාසි ගන්ඩ බලාගෙන ජනතාව පාවලා දීලා ආණ්ඩුවට හෝ එක එක ආයතන වලට හෝ එක එක පුද්ගලයන්ට කඩේ යමින් වැඩ කරන වෛද්‍යවරු ඉංජිනේරුවෝ ඇතුළු උගතුන්ගේ ක්‍රියාකාරකම් නිසා රටේ ජනතාව උගතුන් බුද්ධිමතුන් කෙරෙහි තබා ඇති විශ්වාසය දේශපාලකයන් කෙරෙහි තැබු විශ්වාසය මෙන් පළුදු වෙමින් පවතී
12
POSITIVE
ncpp_train_39089
ආගම් දෙකක නිසා දෙමාපියන් විරුද්ධ වුණාපාසල් කාලයේ සිට ඇරඹි ජැක්සන් කුමාරි ආදර කතාව ප්‍රකට කලාකරු ජැක්සන් ඇන්තනී හා බිරිය කුමාරි මුණසිංහ පාසල් සමයේ සිට මිතුරන්ය. මුණ ගැසී වසර කට පසු හොඳම යාළුවාවූ කුමාරි කසාද බඳින්න ජැක්සන් තීරණය කළත් ජැක්සන්ගේ ගෙදරින් කුමාරිට මුලින්ම කැමතිවී නැත. බාධක බිඳගෙන ඔවුන් විවාහවූ හැටි පසුගියදා රූපවාහිනී වැඩසටහනකින් කියා තිබුණි. පාසලට නවක ශිෂ්‍ය‍ෙයක් ලෙස පැමිණි ජැක්සන් ඇය සමග බොහෝ සමීප වන්නට මගපාදන්නේත් කලාවමයි. ඔහු ප්‍රථම වතාවට ඇයව හමුවූ  ඒ මොහොත ඇය මෙලෙස මතක් කරනවා. “ ඒ දවස් වල ගලහිටියාව මහ විද්‍යාලෙ ලස්සන අරලිය ගස් ගොන්නක් තිබුනා. දවසක් එයා අරලියා ගස් මැද්දෙන් ඇවිදන් යද්දී බටනළා සද්දයක් ඇහිලා. එයා බලලා කවුද මේ පිඹින්නේ කියලා.එයත් සංගීතයට ගොඩක් කැමතියි නේ.ඉතිං ඒ වෙලාවෙ බට නළාව පිඹිමින් ඉඳලා තියෙන්නෙ මම.  ජැක්සන් මුලින්ම මාව දැක්කෙ එතනදි. එවෙලෙ එයා හිතුවලු කොහොමහරි මෙයත් එක්ක හිතවත් වෙනවා කියල.” කෙසේ වෙතත් කලාවට හිතැති මේ සුන්දර යෞවනයන් දෙපල ඉතාම කිට්ටු වෙන්න මගපාදන තවත් සිදුවීමක් මේ පාසලේදීම වෙනවා. “ ජැක්සන් අපේ ඉස්කෝලෙට ආවෙ අලුතෙන්නේ.. දවසක් ඉස්කොලෙ සමිතියකදි එයා ගොඩක් හැඟීම් බර විදිහට ලස්සන ට සිංදුවක් කිව්වා.මාත් ගොඩක් ආසාවෙන් ඒ සිංදුව අහන් හිටියා. එදා තමයි මම ජැක්සන්ව මුලින්ම දැක්කේ.” එදා ඉදන් ඇරඹුනු මිතුදම ඉතාම සමීපව ගෙවුනු බව ජැක්සන් මතක් කරනවා. “ අපේ තිබුණේ මචං කියාගන්නා යාළුකමක්. එයා තමයි මට මේ ජැකා කියන නමත් පටබැන්දේ.” බොහෝ සුන්දර මතකයන් රැසක් ඉතිරි කරමින් මොවුන් අධ්‍යාපන කටයුතු නිසි ආකාරව සිදු කරන්නේ අධ්‍යාපනයට මුල් තැන දෙමින්. පාසල් අධ්‍යාපනය නිම කරන මොවුන් දෙදෙනාගෙන් ජැක්සන් කොළඹ විශ්ව විද්‍යාලයටත් කුමාරි මුණසිංහ ගම්පහ ආයුර්වේදයටත් නික්මෙන විටත් දෙදෙනාගේ කිසිදු ආදර සම්බන්ඳයක් නොතිබුනු බව තමයි  මොවුන් කියන්නේ. මොවුන්ගේ මිතුදම ආදරයකට පෙරලන්න සමත් වෙන්නේ නෙවිල් සුබසිංහයන්ගේ  “වාරුවෙන් යන මිනිස්සු” වේදිකා නාට්‍යයේ චරිත දෙකකට ඔවුන් දෙදෙනාව තෝර ගත්පසුවයි. ඉතිං මේ සමීප මිතුරන් දෙදෙනා නාට්‍ය පුමුණුවිම් ආදියට යන එන අතරතුරේදී තමයි  ඔවුන් ආදරවන්තයින් බවට පත්වෙන්නේ.නමුත් ඊට මුලදී බාධා එල්ලවී ඇත.  කුමාරි මේ ගැන පැවසුවේ. දෙදෙනා ආගම් දෙකක නිසාවෙන්ම දෙදෙනාගේ ගෙවල් වලින් දැඩි ලෙස සම්බන්ධයට විරුද්ධ වුණා. මං ඒ කාලෙදඟකාරයි කියලත් ජැක්සන්ගෙ අම්මලා අකමැති වුණා. නමුත් ඔවුන් අවසානයේ දෙමාපිය ආශිර්වාදය මැද කසාද බඳිනවා. “ හැත්තෑ පහේ දැකපු මගේ යාළුවව මම හැත්තෑ නවය වෙද්දී පෙම්වතිය කරගත්තා. අසූ පහේ කසාද බැන්දා..හොඳම යාළුවව කසාද බැන්දා..”   ජැක්සන් ඒ ගැන කියා තිබුණි. විවාහ වෙලා එක වහලක් යටට යන එත තමයි දෙන්නාගෙම හීනෙ වෙලා තිබුනේ. ඉතිං මේ ආදරණීය යුවල  බොහෝ දුක් කම්කටොළු මැදින් තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගෙන තිබුණා. ඒ වගේම මේ දෙපළ කලාවට තිබුනු ලැදියාව ජැක්සන් පවසන්නේ මේ විදිහට.. “අපේ විවාහෙට පස්සෙ දවසෙත් අපි නාට්‍යක රඟපෑවා..කුමාරිට  මගේ පළවෙනි දුව  ලැබෙනවා කියන සුබ පණිවිඩය කුමාරි මට කිවුවෙත් වේදිකාවෙදි… මම ඒ දවස් වල ගොඩක් කාර්ය බහුලයි... බස් එකෙන් බස් එකට නාට්‍ය වලට යන්නේ.. අපිට හම්බවෙන්න වත් වෙලාවක් නෑ.. දවසක් මම මරාසාද් නාට්‍ය යේ රඟපාන වෙලාවක නාට්‍ය යේ එක්තරා නිශ්ශබ්ද ස්ථානයකදි තමයි ගායන වෘන්දයේ නායක ගායිකාව විදිහට හිටපු කුමාරි මට හොරෙන්ම කිවුවේ ඔයා තාත්ත කෙනෙක් වෙන්න යනවා කියලා...” සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන්
දේශපාලනය නිසා නොන්ඩි වුනා මිසක්..සුපිරි වැඩ්ඩෙක්
12
POSITIVE
ncpp_train_39090
April 06 7.15am තවත් කොරෝනා කොරෝනා ආසාදතයෙක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.හමුවී ඇති රෝගීන් ගණන 176 කි. April 05 10.15pm තවත් කොරෝනා කොරෝනා ආසාදතයෙක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.හමුවී ඇති රෝගීන් ගණන 175 කි. 07.15pm කොරෝනා රෝගය වැළඳී ඇති බවට සොයාගත් තවත් 3 ක් හමුවී තිබෙන අතර ඒ අනූව මෙරටින් මේ වනවිට හමුවී ඇති රෝගීන් ගණන 174 කි. 06.05pm කොරෝනා රෝගය වැළඳී ඇති බවට සොයාගත් තවත් එක් අයෙකු හමුවී තිබෙන බවට වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ඒ අනූව මෙරටින් මේ වනවිට හමුවී ඇති රෝගීන් ගණන 171 කි. 05.05pm ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇත. 03.15pm ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළ ගොස් ඇත. April 04 10.35pm කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 166 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තවත් හඳුනාගෙන ඇති සිවුදෙනාද සමගය. අද (04) දින තුළ පමණක් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07දෙනෙකු හඳුනාගෙන ඇත. 5.35pm ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදියින්ගේ සංඛ්‍යාව 162ක දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කලේ ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ බවයි. 10.35pm රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ බවයි. 10.00pm ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් රෝගියෙකු කොරෝනා වෛරස් ආසාදිත 4 ක් හදුනාගත් බවට තහවුරු වීඇත. 06.25pm ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ තවත් රෝගියෙකු කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට තහවුරු වීමත් සමගයි. April 02 07.05pm තවත් කෝවිඩ් - 19 ආසාධිත 1 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 151ක් දක්වා ඉහල ගොස් ඇත 05.25pm තවත් කෝවිඩ් - 19 ආසාධිත 2 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 150ක් දක්වා ඉහල ගොස් ඇත 11.25am තවත් කෝවිඩ් - 19 ආසාධිත 2 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 148ක් දක්වා ඉහල ගොස් ඇත April 01 තවත් කෝවිඩ් - 19 ආසාධිත 3 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 146ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.    March 31 11.40 pm තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. 7.40 pm තවත් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ පමණක් රෝගීන් 20 ක් හමුවූ අතර මෙය වැඩිම රෝගීන් හමුවූ දිනය බවට ඒ අනුව පත්ව තිබේ. 5.20 pm කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 3 දෙනෙකු අද (31) හදුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 132 ක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. 4.00pm කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 7 දෙනෙකු අද (31) හදුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 129 ක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. March 30 4.00pm නව කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි. 9.45am අද (30) උදෑසන කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් තිදෙනෙක් වාර්තා වී ඇති අතර ආසාධිතයින් සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි. March 29 8.00pm කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු තවත් රෝගීන් 02 දෙනෙකු හලාවත සහ රත්නපුර රෝහල්වලින් IDH  රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 8.00am තවත් ආසාදිතයින් 2 දෙනෙකු හමුවූ බව වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලන්ගේ ගණන 115ක් දක්වා ඉහළ ගොස් තිබේ. March 28 8.25pm තවත් ආසාදිතයින් 3 දෙනෙකු හමුවූ බව වාර්තා වන අතර කොරෝනා වෛරසය  අසාදිත පුද්ගල සංඛ්‍යාව  113 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ පළමු මරණය වාර්තාවී තිබෙන පසුබිමකය. පළමු මරණය ගැන විස්තර මෙතැනින් 4.15pm තවත් ආසාදිතයෙකු හමුවීමෙන් පසු කොරෝනා වෛරසය  අසාදිත පුද්ගල සංඛ්‍යාව  110 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 3.15pm කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය අද දහවල් දන්වා තිබේ. ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 109 දෙනෙකු මෙරටින් වාර්තා වෙයි. 9 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් අනතුරුව පිටව ගොස් ඇති අතර සැක කෙරෙන පුද්ගලයින් 199 දෙනෙකු දිවයිනේ රෝහල් 21ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
ඔහොම යං ඔහොම යං
-5
NEGATIVE
ncpp_train_39091
මාතර ඓතිහාසික බෝධි රාජයා අසල ඊයේ (29 දා) උදේ 10ට පමණ වයස අවුරුදු 76ක් වූ පස්දරු පියකු දමා ගොස් තිබේ. මෙම පස් දුරු පියා ගාල්ල, අඟුළුගහ ප්‍රදේශයේ සිට ඔවුන්ගේ බාල පුතු විසින් රැන්ගෙනවිත් මෙම ස්ථානයේ දමා ගිය බව එම වයෝවෘද්ධ පුද්ගලයා පැවැසීය. පසුව මෙම පුද්ගලයා අධික ලෙස වෙව්ළමින් එම ස්ථානයේ ඇද වැටුණු අතර රැස්ව සිටි පිරිස් එම තැනැත්තාට ආහාර සහ තේ පැන් ලබාදී සත්කාර කළහ. රැස්වව සිටි අය පසුව 1990 ගිලන් රථ සේවාවට ඇමතුමක් ලබා දුන් අතර එහෙත් ගිලන් රථයක් එම ස්ථානයට නොපැමිණීම නිසා මාතර පොලිසියේ ජීප් රථයකින් මාතර මහ රෝහලට රැගෙන යන ලදී. මාතර නගර මධ්‍යයේ වෙව්ළමින් සිටි මෙම තැනැත්තා මාතර රෝහලට රැගෙන යැමට කිසිවකු ඉදිරිපත් වුයේ නැති අවස්ථාවේදී රැස්ව සිටි තරුණයන් පිරිසක් මෙම තැනැත්තා කර මතින් රැගෙන යාමට උත්සාහ කරන විට පොලිස් ජීප් රථය එහි නවතා එම තැනැත්තාව රැගෙන යෑමට කටයුතු කළේය. මෙම තැනැත්තා පවසන ආකාරයට ඔහුට දරුවන් පස්දෙනකු සිටින අතර බාල පුතා විසින් මෙලෙස මඟමගෙ දමා ගොස් තිබේ. මෙම අය සත්තකයේ තිබූ රෙදි බෑගයේ වෛද්‍ය පරීක්‍ෂණවලට ඉදිරිපත් වූ  වෛද්‍ය වාර්තාවක් තිබූ අතර එහි පී.එච්.අප්පුහාමි වයස අවුරුදු 76ක් ලෙස සහ බෝගහගොඩ, අගුහ ලෙස සඳහන් කර තිබිණි. මාතර පොලීසිය වැඩිදුර පක්‍ෂණ සිදුකරයි. මාතර - උදය කුමාර රණවීර
කාලකණ්නි දරුවො
38
POSITIVE
ncpp_train_39092
රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ එවන බවට පොරොන්දු වී ෆේස්බුක් හරහා මෙරට කාත්නාවන් රවටා ලක්ෂ 6ක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ මෙරට තොරතුරු තාක්ෂණ විද්‍යාලයක ඉගෙනුම ලබන ශිෂ්‍යයකු රුපියල් 15000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 3 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා(29දා) නියෝග කළාය. මහෙස්ත්‍රාත්වරිය විසින් ඔහුට විදේශ ගත වීමද තහනම් කරනු ලැබූ අතර එම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වංචා විමර්ශන අංශයට ප්‍රකාශයක් ලබා දෙන ලෙසද සැකකරුට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය. මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළේ වංචා කිරීමේ සිද්ධියට නයිජීරියන් ජාතිකයන් ඇතුළු තවත් බොහෝ පිරිසක් සම්බන්ධ බවට වංචා විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම හේතුකොටගෙනය. එලෙස මුදාහරිනු ලැබුවේ අනුරාධ සංජීව සෙනරත් නමැති තොරතුරු තාක්ෂණය හදාරනු ලබන ශිෂ්‍යයෙකි. එම සිද්ධියට තොරතුරු තාක්ෂණය හදාරනු ලබන මහේල බණ්ඩාර, එම්. නවෝද්‍ය නමැති ඔහුගේ මිතුරන් දෙදෙනකුද සම්බන්ධ වී ඇති අතර පසුගිය නඩු දිනයකදී මහෙස්ත්‍රාත්වරිය විසින් ඔවුන්ට ඇප ලබා දෙනු ලැබිණි. නයිජීරියානු ජාතිකයකු විසින් ෆේස්බුක් හරහා පැමිණිලිකාර කාන්තාව සමඟ මිතුරු වී රන් භාණ්ඩ ඇතුළු වටිනා තෑගි ලබාදෙන බව පවසා වංචාව සිදුකර ඇති අතර කාන්තාව ලබාදෙනු ලබන මුදල් බැර කිරීම සඳහා තවත් නයිජීරියානු ජාතිකයකුගේ මාර්ගයෙන් මහේල බණ්ඩාර, එච්. නවෝද්‍ය, අනුරාධ සංජීව සෙනරත් යන ශිෂ්‍යයන්ගේ බැංකු ගිණුම් ලබාගෙන ඇත. එම ගිණුම් ලබාදීම සහ කාන්තාව විසින් තැන්පත් කරන ලද මුදල් තමන්ගේ ගිණුම්වල තබා ගැනීම මත වංචා විමර්ශන අංශය ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත. පැමිණිලිකාරිය මොරිස් සමරතුංග නමැති මෙරට පෞද්ගලික ආයතනයක කළමනාකාරිනියකි. ලබන ජුනි 28දා නඩුව යළි කැඳවීමට නියමිතයි. අමිල අබේරත්න
ගෑනුන්ට පෙට්ටි කැඩුණු ඒවා කිය කිය නින්දා කරන්නේ නැතුව අතීතයේ යම් වැරද්දක් තියෙනවා නං ඒවා අමතක කරලා ඉදිරිය බලන්න ධෛර්යය දීල උපකාර කරනවා නම් වෙන වෙන ජාතියේ අය අවශ්‍යය වෙන්නේ නෑ. ගෑනියෙක් රවට්ටන පිරිමියෙකුත් ඉන්නවා. නමුත් අර වැරදි කාර පිරිමියාට දොස් කියන්න තරම් අනිත් පිරිමින්ට කොන්දක් නෑ. කරන්නේ අර අසරණ ගෑනිව ම පුළුවන් තරන් තලන එක. ගෙදරත් වහලියක් වගේ වැඩ කරන අතර, දරුවන් ලැබීම, මාසික වේදනා වගේ කායික වේදනා ත් උහුලන, ස්වභාවයෙන්ම බොළඳ කෙනෙක් ගැහැණිය කියන්නේ. නමුත් කරුණාව ලැබිය යුතු තැනට ලැබෙන්නේ, නින්දාව. විශේෂයෙන් ලංකාවේ, නරක කෙනෙක් විදිහට ගැහැනුන්ව හංවඩු ගහන්නේ පිරිමි.
98
POSITIVE
ncpp_train_39093
පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු 2008 වසරේදී සුදුවෑන් මගින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස අද (28) අධිකරණයේදී නම් කෙරුණු ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ. එම සිද්ධියේම ප්‍රධාන සැකකරුවෙකු වන නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තාට වරෙන්තු නිකුත් කර තිබියදී සැඟවී සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා චෝදනා එල්ලවී තිබිණි. පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අධිකරණයේදී අද (28) කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු එම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කරනු ලැබුවේය. අද උදේ විභාගයෙන් පසු  පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් කොටුව  මහෙස්ත්‍රාත්වරයා  නඩුව  අද 2.30 වන තුරු කල්  තැබීමට නියෝග කළේය. නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණ සිටි  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා නඩුව 2.30 තෙක් කල් තැබීමෙන් අනතුරුව තමන්ට අයිති රියක නැගී පිටත්ව ගිය අතර නැවත  සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අධිකරණයට පැමිණිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු විය. ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔහු එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ. මෙම සිද්ධිය අනාවරණය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව සාක්ෂි ලබා දුන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාට පහර දීම සහ ජීවිත තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට චෝදනා එල්ල තිබේ. අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී   විභාගයට ගැනෙන  නඩුව  වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනකුට  අධිකරණ භූමියෙන් පිටතදී යම් පුද්ගලයකු පහර දී තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අධිකරණ පොලිස් මුරපොලට පැමිණිල්ලක්  ද  ඇත. අද උදෑසන කැඳවු  නඩුව පස්වරු 2.30 වන තෙක් කල් තැබු අවස්ථාවේදී ,    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණ භූමියෙන් පිටතට පැමිණි පිටව යාමට සැරසෙන අවස්ථාවේදී  ඔහු සමඟ සිටි නාවික හමුදා  නිලධාරීයකු යැයි  සැකකරෙන පුද්ගලයකු විසින්  එතැන සිටි  මාධ්‍යවේදීන්ට පහර දී තිබේ. පහර දුන්   එම පුද්ගලයාද එතැන සිටි පොලිස් නිලධාරීන්  විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මින් ඉහත හම්බන්තොට වරාය පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට පරුෂ වචනයෙන් බැණ එළවා දැමීම සම්බන්ධයෙන්ද අද්මිරාල්වරයා ආන්දෝලනාත්මක පුවතක් මැවූ අයෙකි. පසුගියදා ඔහුගේ නඩුව සම්බන්ධ කරුණු ගොනු කළ පොලිස් ප්‍රධානී නිශාන්ත ද සිල්වාට එල්ටීටීඊ චෝදනා කර මාරුවීමක් ලබාදෙන්නට පොලිස්පතිවරයා දැරූ උත්සාහයක්ද වාර්තාවී තිබු අතර මහජන විරෝධය හමුවේ ඔහු යළි සේවයේ පිහිටුවන ලදි.
ඇත්තක් තියනව ඒත් මේකේ බත් බැලයන්ට ඔනෙ රනිල්
-1
NEGATIVE
ncpp_train_39094
ඊයේ හම්බන්තොට, සුරියවැව ක්‍රීඩාංගනයේදී පැවති ශ්‍රී ලංකා – කොදෙව් දෙවන එක්දින තරගය නැරඹීමට ඇතුළුවීමට ඉඩ කඩ සපයා තිබුනේ දොරටු 2 ක් පමණක් වීම නිසා අධික තදබදයක් පාලනය කරගන්නට බැරිව ප්‍රේක්ෂකයින් හා ක්‍රීඩා පිටි බලධාරීන් අතර ආරවුල් ඇති විය. එම අවස්ථාවේ ආරක්ෂක අංශද කැඳවූ අතර තත්වය පාලනයට පහරදීම්ද සිදු කර තිබේ. පැමිණි ප්‍රේක්ෂකයින්ට  සිදුකළ පහරදීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. එම පහරදීම තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඔහු Twitter සටහනක් තබමින් පවසා තිබේ. එමෙන්ම එවැනි සිදුවීම් යලි ඇතිනොවීමට රජය කටයුතු කළ යුතු බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා එහි දක්වා තිබෙයි. ඔහුගේ සටහන මෙසේය.    " සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර තරගයේදී පොලීසිය හා ආරක්ෂක අංශ විසින් ප්‍රේක්ෂයින්ට පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර කඩිනම් පරීක්ෂණයක් පවත්වා නැවතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීමට රජය කටයුතු කළ යුතුය."
එවැනි සිදුවීම් යලි ඇතිනොවීමට රජය කටයුතු කළ යුතු බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා එහි දක්වා තිබෙයි Thoge baappata kiyahan
8
POSITIVE
ncpp_train_39095
පසුගියදා බීමත්ව රිය පැදවීමේ චෝදනා යටතේ මහින්දානන්ද අලුත්ගමගේ පුත් කණිෂ්ක අලුත්ගමගේ නුගේගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනි. මේ වනවිට වාර්තාවන්නේ ඔහු එදින රාත්‍රී සහභාගී ව ඇත්තේ දයා ගමගේ අමාත්‍යවරයාගේ සාදයකට බවයි. එයට  සහභාගිවී පැමිණෙමින් සිටියදී ඔහු බීමත්ව වාහනය ඒ අතට මේ අතට හරවමින් අපරීක්ෂාකාරී ලෙස ධාවනය කර තිබේ. පොලිස් අත්අඩංගුවට පත් ඔහු පසුව පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ ද දයා ගමගේ අමාත්‍යවරයාට සම්බන්ධ අයෙකු පැමිණීමෙන් අනතුරුවයි. මේ වනවිට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා රක්ෂිත බන්ධනාගාරයේ සිටී. මීටි ටික දිනකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලද බීමතින් රිය පදවා අනතුරක් සිදු කරගත් අතර ඔහු එදා බොන්නට ගොස් තිබුනේ කොල්ලු පිටියේ රාත්‍රී සමාජ ශාලාවකටයි.
බොනවානම් ඇමති කෙනෙකුගේ පාටියකට ගිහින් බොන්න.
43
POSITIVE
ncpp_train_39096
සෞඛ්‍ය ඇමැති ‍දොස්තර රාජිත සේනාරත්න ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටියද සෑම පැය 6කට වරක්ම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසන බවෙයි. අගමැතිවරයා මාස 18ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කර අවසානයේ මෙවර ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වූ බවත් විදෙස්ගත වීමට පෙර ආපදා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 02ක් පමණ වෙන් කර ගිය බවත් ඔහු කියා සිටියේය.
ඉඩක් ලැබුණු ගමන් නිදාගන්න නිසා ද කොහෙද මෙතුමා ට ළමයෙක් වත් හදාගන්න බැරි වෙලා තියෙන්නේ.. පව්.. දැන් වලපයයි ගොඩපයයි තියාගෙන ලොකෙ වටේ බෙහෙත් හොයනවා.
30
POSITIVE
ncpp_train_39097
නෝර්වේ ජාතික තරුණියක අපයෝජනය කිරීමේ සිද්ධියක් නිසා පසුගියදා තරග තහනමකට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ පරීක්ෂණ නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට එරෙහිව ජාත්‍යන්තර තරග 6 ක තහනමක් පනවා තිබේ. නෝර්වේ ජාතික තරුණියන් දෙදෙනෙකු තමන්ට සිදුවූ හිරිහැරයක් සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොල පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකිරීමෙන් පසු ධනුෂ්ක හා ඔහුගේ මිතුරු සෙල්ලයියා කොල්ලුපිටිය මුවන්පික් හෝටලයට ඔවුන් කැදවූ බව හා හෝටල් කාමරයකදී එම එක් තරුණියක අතවරයකට ලක්වූ බව පැවසිණි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගේ මිතුරාට චෝදනා එල්ල වූ  පසුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණ අතර සිදුවීම සම්බන්ධයෙන් දින කිහිපයකට පසු ධනුෂ්ක ගුණතිලකගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගෙන තිබුණි. එහිදී පොලිසිය පැවසුවේ අතවරය සිදුකළේ මිතුරා මිස ධනුෂ්ක නොවන බවයි. කෙසේ වෙතත් විනය නීති කඩමින් රාත්‍රී 10 ට පසුත් කාමරයට නොපැමිණීම මත ක්‍රිකට් ආයතනය ඔහුට දඩුවම් පනවා තිබුණි. ධනුෂ්කට එරෙහිව ඉකුත් වසරේද විනය කඩකිරීමේ චෝදනාවක් එල්ලවී තරග තහනමට ලක්ව තිබේ.
නොදකිං විතරක් .....මූ ක්‍රිකට් වලට වඩා හොඳ ' පිංපි ' රස්සාවට ....
33
POSITIVE
ncpp_train_39098
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරුන් 6 දෙනකු ඊයේ (26දා) එංගලන්ත සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය සම්පත් චාමර දසනායක යන මහත්වරු මෙම සංචාරයට එක්ව ඇත. එංගලන්තයේ පැවැත්වෙන පළාත් පාලන වැඩමුළුවක් සඳහා මේ පිරිස සහභාගි වී ඇතැයි වාර්තා වේ. ප්‍රධාන ඇමැතිවරුන් 6 දෙනා පෙබරවාරි 2 වැනි දින ආපසු දිවයිනට පැමිණීමට නියමිතය.
අපි වෙනුවෙන් නෙ ඉතිං. හරි වියදං ඇති මෙයාලට
25
POSITIVE
ncpp_train_39099
කොරෝනා රෝගය නිසා ලංකාවේදී මියගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වූයේ මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ධර්මසිරි ප්‍රනාන්දු මහතාය සංචාරක මගපෙන්වන වෘත්තියෙහි නිරතවූ ඔහුට ජර්මානු සංචාරක කන්ඩායමක් සමග අවසන් සංචාරය සිදු කිරීමෙන් පසු මෙම රෝගය වැළ‍ෙදන්නට ඇතැයි විශ්වාස කෙරිණි. දියවැඩියාව අධිරුධිර පීඩනය හා වකුගඩු සැත්කමකට භාජනයවූ පුද්ගලයෙකුවූ නිසාම මෙම රෝගය සමග ඔහුගේ සිරුර දුර්වල මට්ටමකට ගෙන එන ලදි. ඊයේ (28) සවස මියගිය ඔහු අද (29) උදෑසනින්ම ආදාහනය කෙරිණි. අයිඩීඑච් රෝහලට යාබද කොටිකාවත්ත පොදු සුසාන භූමියේ ඔහු ආදාහනය කරන අවස්ථාවට ඥාතීන් 3 දෙනෙකුද එක්වූ අතර ලෝක සෞඛ්‍ය සවිධාන නිර්දේශ මත විෂබීජ පිට නොවන්නට ඉතා ආරක්ෂාකාරී ලෙස කුමවේදයක් අනුගමනය කර ආදාහනය සිදු කෙරිණි.
ඉතාම කනගාටු දායක මරනයක්. නිවන් සුව ලැබේවා.
9
POSITIVE
ncpp_train_39100
පරාජය හමුවේ වියරු වැටුණ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගෙන් බෝතල් ප්‍රහාර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය ලංකාවට පරාජය අත්කරදෙමින් නිමා වීමට ආසන්න අවස්ථාවේ වියරු වැටුණ ප්‍රේක්ෂකයින්ගේ බෝතල් ප්‍රහාර නිසා ටික වේලාවකට තරගය නතර කරන්නට සිදු විය. ලංකාව ලබාගත් 218 පසුපස හඹා ගිය ඉන්දීය පිල කඩුළු 4 ට ලකුණු 210 ලබා ජයග්‍රහණයට ආසන්න අවස්ථාවේ නරඹන්නන්ගේ අසංවර හැසිරීම හේතුවෙන් තරගය අතර මග නතර කිරීමට සිදුවිය. පසුව කැරළි මර්දන පොලිසිය සහ සෙසු පොලිස් නිලධාරීන් පැමිණ එක පෙදෙසක නරඹන්නන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් අනතුරුව තරගය යළි ආරම්භ කළ අතර ටිකකින් තරගය ජයගැනීමට ඉන්දියාව සමත් විය. තරගයේ 44 වැනි ඕවරය අවසානයේදී මෙම සිදුවීම සිදුව තිබේ. දිගින් දිගටම සිදුවන පරාජයන් හමුවේ කුපිතවූ ප්‍රේක්‍ෂකයින් හිස් ජල බෝතල් ආදියෙන් පිටියට පහරදී ඇති අතර එම අවස්ථාවේ තරගය අතහැර විනිසුරුවරුන් සහ ක්‍රීඩකයන් පිටිය මැදට වී බලා සිටින්නට සිදුවිය. තත්ත්වය පාලනය නොවූ හෙයින් තරගය අතර මග නවතා ක්‍රීඩකයෝ සහ විනිසුරුවරු ආපසු ක්‍රීඩාගාරයට ගිය අතර විනාඩි 20 ක් පමණ ගතවී ආරක්ෂක විධිවිධාන මැද තරගය නැවතත් ආරම්භ කිරීමෙන් පසුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 8 පන්දු හතකදී  ඉන්දියානු කණ්ඩායම ලබාගෙන ජයග්‍රහණය අත්පත් කරගත්තේය. මින් ඉහත දඹුල්ලේ පැවති තරගයේදීත් ප්‍රේක්ෂකයින් හූ හඩ නගා සිය විරෝධය පළ කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මෙතරම් අශෝබන ආකාරයට හැසිරුණ අවස්තා දැක නැති බව ක්‍රිඩා විචාරකයින්ද ප්‍රකාශ කර තිබුණි. මෙවර සංචාරක ඉන්දීය පිල සමග පැවති සියලු ටෙස්ට් තරග හා එක්දින තරග වලින් ශ්‍රී ලංකාව පරාජයට පත් විය.
උබ කියන විදියට කොච්චර පැරදුනත් අපි රට ගැන හිතල මුකුත් නොකර ඉන්නද ඕනේ?එතකොට මේ ගොන් හැත්ත හැදෙන්නේම නෑ නේ?
4
POSITIVE