id
stringlengths 15
16
| news_content
stringlengths 61
30k
| comment
stringlengths 7
989
| likes
int64 -389
2.24k
| labels
stringclasses 2
values |
---|---|---|---|---|
ncpp_train_38801 |
මත්වී දියේ ගිලී සිදුවූ මරණයක්
-මරණ පරීක්ෂණ වාර්තාව
ශ්‍රී දේවී මියගිය ආකාරය
අභිරහසක් වෙද්දී
අවසන් කටයුතු අඟහරුවාදාට කල් යයි
පසුගිය සෙනසුරාදා ඩුබායිහිදී මියගිය ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවී මැරුණ ආකාරය සම්බන්ධයෙන් ලැබී තිබෙන අලුත්ම ආරංචි අනුව සැක මුසු කාරණා ගණනාවක් සමග එය දැන් අභිරහසක් බවට පත්ව තිබේ.
ශ්‍රී දේවී ඩුබායිහි ඥාතී විවාහ උත්සවයකදී හෘදයාබාධයකින් මියගිය බව මුලින් වාර්තා පළවුවත් සැබැවින්ම ඇගේ මරණය සිදුව ඇත්තේ මංගල උත්සවයෙන් දින 3 කට පසු ඇය නැවතී සිටි හෝටලයේ නාන කාමරයකදී බව අනාවරණය වී තිබේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
ඇයත් ඇගේ බාල දියණිය කුෂීත් සැමියා බොනීත් පසුගිය සතියේ
ඩුබායි වෙත පැමිණ තිබෙන්නේ ශ්‍රී දේවිට ඥාතීත්වයෙන් බෑනා වන මෝහිත් මර්වාගේ විවාහ මංගල්‍යය වෙනුවෙනි. ඩුබායි හෝටලයක එය පවත්වා ඇත්තේ පසුගිය බදාදා (21) වන අතර එය අවසන් වූ පසු බොනී දියණිය කුෂී සමග හිතවතෙකුගේ උපන්දින සාදයකට යාමට අවශ්‍ය නිසා නැවත ඉන්දියාවට ගොස් තිබෙන
අතර ශ්‍රී දේවී දින කිහිපයක් Jumeirah Emirates Towers සුපිරි හෝටලයේ තනිව නවාතැන්ගෙන තිබේ.
ඇය එසේ නතරවීමට හේතුවී ඇත්තේ ඇය නිර්මාණය කළ සිතුවම් අලෙවි කරන වෙන්දේසියක් ඉදිරි දිනවල ඩුබායිහි පැවැත්වෙන නිසා එයට සහභාගීවීමටය.
මේ අතර බොනීට සිය බිරිය පුදුම කරවීමට අවශ්‍යවී ඇයට නොකියාම නැවත ඩුබායි බලා පැමිණ සෙනසුරාදා ඇය සිටි හෝටලය වෙත පැමිණ තිබේ. ඇය ඇත්තටම ඔහු දැක පුදුමවී තිබෙන අතර එම අවස්ථාවේ ඇය සමග ඔහු කථාබස් කර රාත්‍රී කෑම වේල Restaurant Zuma වෙත ගොස් පිටතින් ගමු යයි යෝජනාවක්ද කර තිබෙයි.
ඒ සඳහා සූදානම් වීමට ශ්‍රී දේවී හෝටල් කාමරයේ නාන කාමරය වෙත ගොස් ඇති නමුත් බොනී ඇය එනතුරු මිනිත්තු 15 කටත් වැඩි කාලයක් බලා සිටියත් ඇය නාන කාමරයෙන් පිටතට නොඒම ගැටලුකාරී වී තිබේ.
දොරට ගැසූවත් ඇගෙන් ප්‍රතිචාර නොවුණ නිසා ඔහු කලබලවී ඇති අතර පසුව දොර කඩා ඇතුළුවී තිබේ.
එම අවස්ථාවේ ඇය නාන බේසමේ ගිලී සිටි බව බොනී කපූර් සාක්ෂි සපයා ඇත. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් තිබෙන බව ඩුබායිහි රෂිඩ් රෝහල පසුව දැනුම් දෙන ලදි.
ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත්වූයේ සඳුදා(26) සවසයි. ඩුබායි නිවාරක වෛද්‍ය අධ්යක්ෂ සහතිකයෙන් කියැවුනේ ඇගේ මරණයට හේතුව ‘අහඹු දියේ ගිලීමක්‘ බවයි.
ඉන්දියාවේ Asian News International (ANI)මාධ්‍ය වාර්තාවකින් කියැවෙන්නේ අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව ඇගේ සිරුරේ ඇල්කොහොල් තිබී හමුවූ බවත් ඇය මත්වී සිරුරේ සමබරතාව පාලනය කළ නොහැකිව නාන බේසමේ ගිලෙන්නට ඇති බව සැක කරන බවයි. මෙම සිදුවීමට අදාළ සැකසහිත කාරණා පවතින නිසා ඩුබායි බලධාරීන් මේ සම්බන්ධ නීතිමය
කාරණා වැඩිදුර විමර්ශනය කරනු ඇැතැයි Govt of Dubai Media Office වාර්තා කර ඇති බවයි.
ශ්‍රී දේවිගේ ඥාතී සිනමා නළු අනිල් කපූර් Dubai’s Khaleej Times වෙත අදහස් පළකරමින් දන්වා සිටියේ ‘අපි මේ ගැන සම්පූර්ණයෙන් කම්පනයට පත් වුණා. ඇයට හෝ පවුලේ අයට හෘදයාබාධ රෝග ඉතිහාසයක් නෑ‘ යනුවෙනි.
කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කටයුතු නිසා සඳුදා ඉන්දියාවට ගෙන එන්නට තිබුණ ශ්‍රී දේවිගේ දේහය ගෙන ඒම අඟහරුවාදා දක්වා පමා කෙරිණි.
ඉන්දියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අනිල් අම්භානි ශ්‍රී දේවිගේ දේහය මව් රටට ගෙන ඒම සඳහා විශේෂ පුද්ගලික ජෙට් යානයක් නොමිලයේ ධාවනයේ යොදවන්නට ඉදිරිපත්ව සිටින බවටද මාධ්‍ය වාර්තා පළවිය.
මේ සිදුවීම නිසා බොලිවුඩයම කැළඹීමට පත්ව ඇති අතර මේ වනවිට සියලු සිනමා රූගත කිරීම් කටයුතුද අත්හිටුවා ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කරයි.
ශ්‍රී දේවිගේ හදිසි මරණය අභිරහසක් බවට පත්වීමත් සමග විවිධ තහවුරු නොකළ කටකතාද සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට පටන්ගෙන ඇත.‘බොනී ඇයව ඝාතනය කරා‘ යන්න එක් කථාවකි. ‘ඇයට කිසිවෙකු විස පානයක් ලබාදී ඇත‘ තවත් කථාවකි.
මේ අතර තවත් ගල්ෆ් පුවත්පතක් මගින් තහවුරු නොකළ ආරංචියක් ලෙස හෙළි කරඇත්තේ ඇය නාන කාමරයේ මියගොස් සිටි වේලාවෙ බොනී කපූර් පැමිණ නොසිටි බවයි. ඇයගෙන් ප්‍රතිචාර නැති නිසා හෝටල් බලධාරීන් දොරවල් කඩා බලද්දී ඇයගේ සිරුර හමුවූ බවකි.
සිදුවීම පිළිබඳ ඉදිරි පරීක්ෂණ අනුව තවත් දේ ඉදිරියට හෙළිවනු ඇත.
| මෙතනට තුන්වෙනියෙක් සම්බන්ධයි වෙන්න බැරිද | 12 | POSITIVE |
ncpp_train_38802 |
කෙමිස්ට්‍රි සර්ගේ පත්‍රිකා නිසා හෙළිවූ
රාජකීය සිසුවාගේබ්ලූටූත් - බොත්තම් -මාපටැඟිලි ගැජට් වංචාව
පසුගිය සතියේ උසස් පෙළ රසායන විද්‍යාව 2 වන ප්‍රශ්නපත්‍රය කලින් පිටවූ බවට ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය නිසා ජිනේන්ද්‍ර රණසිංහ නමැති උපකාරක පන්ති ගුරුවරයෙකු සැකයට භාජනයවීමෙන් පසු ඔහු සොයා සිදු කළ රහස් පොලිස් මෙහෙයුමේදී ටියුෂන් පන්ති පත්‍රිකා සිද්ධියෙන් එහාට ගිය අතිශය සූක්ෂ්ම විභාග වංචාවක් ගැන තොරතුරු අනාවරණය කරගන්නට පොලිසියට හැකි විය.
කල් ඇතිව රසායන විද්‍යා විභාග ප්‍රශ්න තමා සම්මන්ත්‍රණයකදී ලබාදුන් බව
හා ඒවා සසඳන ලෙස ඉල්ලමින් විභාගය අවසන්වූ සැණින් මෙම ටියුෂන් ගුරුවරයා එම අවස්ථාවේ පැවති විභාග ප්‍රශ්න සංස්කරණය කර ව්‍යාජ පත්‍රිකාවක් බෙදාහැර තිබුණ අතර ඒ පිළිබඳ පොලිසිය ඒවා බෙදූ අයගෙන් හා ගුරුවරයාගේ නිවසේ අයගෙන් ප්‍රශ්න කළ පසු ගුරු සොයුරා හා පියා අත්අඩංගුවට පත්විය. ජිනේන්ද්රෙග් සොයුරා මුලින් පැවසුවේ තමා ඒ ප්‍රශ්න පිටපත් විභාගය වෙලාවේ ලබාගත් කතාවකි. ඔහුගේ ටැබ් පරිගණකයේ එම විභාග ප්රශ්නවල කැමරා පිටපත්ද අඩංගු විය.
නමුත් දිගින් දිගටම ඔහුව පොලිස් ප්‍රශ්න කිරීම් වලට ලක්වෙද්දී මෙතෙක් ලංකාවේ විභාග ඉතිහාසයෙ වාර්තා නොවූ අතිශය සූක්ෂ්ම වංචාවක් ගැන තොරතුරු අනාවරණය විය.
ඇත්ත වශයෙන්ම
රසායන විද්‍යාව විභාග ප්‍රශ්න ටියුෂන් ගුරුවරයාට ලැබී ඇත්තේ එදින විභාගයට පෙනී සිටින සිසුවෙකු මාර්ගයෙනි. මෙම සිසුවා සිදු කළ විභාග වංචාව අති නවීන ආකාරයේ එකකි.
ඔහු විභාගය අවස්ථාවේ ප්‍රශ්න ඡායාරූපයට නගා ගුරුවරයාට අන්තර්ජාලය ඔස්සේ එවා විභාග පුටුවේ හිඳගෙනම ගුරුවරයා සමග සජීවීව සම්බන්ධව සිටිමින් එම ප්‍රශ්න වලට උත්තර දැනගෙන පිළිතුරු ලියා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ටියුෂන් ගුරුවරයාට මෙම වංචාව වෙනුවෙන් ලක්ෂ 10 ක් සිසුවාගේ පියා ගෙවා ඇති අතර ඔහු තමන්ට ලැබුණ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අත්පත්‍රිකා වංචාවට අතගසා ඇත්තේ අමතර වැඩක් ලෙසිනි.
කාටත් නොතේරෙන්නට විභාග ශාලාවේ සිට ගුරුවරයා සිටි තැනකට මෙවැනි සජීවී සම්බන්ධයක් ගොඩනගාගන්නේ කෙසේද?
පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ පුතෙකු වන එම සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නෙකි. එම සිසුවා ජිනේන්ද්‍ර රණසිංහ ලවා රසායන විද්‍යාව අවුරුදු දෙකක් තිස්සේ නිවසට ගෙන්වා ගෙන ඉගෙනුම ලැබූ බව පැවසේ. ඔහු තොරතුරු තාක්ෂණයේද නිපුණ සිසුවෙකි. ඔහු කෙටි චිත්‍රපට නිපදවන්නෙකු වන අතර පසුගිය කාලයේ ඔහු කළ නිර්මාණයක් කැනඩාවේ ඇගයීමකට ලක්වී එහි සංචාරයක්ද සිදු කර ඇත.
නවීන තාක්ෂණික ගැජට් ගැන හසළ අවබෝධයක් ඇති මෙම ළාබාල තරුණයා විභාග වංචාවට යොදා ගෙන ඇත්තේ ගැජට් දෙකකි.
එක් ගැජට්ටුවක් නම් කමිස බොත්තමේ රඳවන රහස් කැමරාවකි. කැමරාව සහිත බොත්තම හා ස්විච්චය ලෙස කොටස් දෙකකින් එන එමගින් ඡායාරූප ගන්නේ කමිසයේ බොත්තම ඉවත් කර ඒ වෙනුවට කැමරාව සවි කළ පසු කකුලේ මාපටැඟිල්ල අසල ස්විච්චය රඳවා එය ස්පර්ශ කිරීමෙනි. ස්විච්චය තද කරන වාරයක් පාසා බොත්තම් කැමරාව ඡායාරූප ලබාගෙන ෆේස් බුක් පිටුවක් වෙත ඉබේම අප්ලෝඩ් කරයි.
දෙවැනි ගැජට්ටුව නම් කණ ඇතුලේ රඳවන බ්ලූටූත් සෙට් එකකි. මීටර 200 පමණ දුරක ඇති ජංගම දුරකථනයක් සමග සම්බන්ධ විය හැකි එම ගැජට්ටුවට එන ඇමතුමකට කාටත් නොතේරෙන්නට උත්තර දෙන්නට කෙනෙකුට හැකියාව ඇත. පිටතින් බලන කෙනෙකුට කණේ එවැන්නක් ඇතැයි පෙනෙන්නේ නැත. ඉතා සූක්ෂ්ම ලෙස කණෙහි එය රඳවන්නට පිටතින් කාන්දමක්ද උදව් කරගත යුතු බව පැවසේ.
රාජකීය විද්‍යාලයේ විභාග ශාලාවට යන්නට පෙර ජිනේන්ද්‍ර සර් සමග මෙම
සිසුවා මේ කියන ගැජට් නිසි ආකාරයෙන් විභාග වංචාවට යොදාගත හැකි ආකාරය පුහුණුවට ලක්කර ඇති බව වාර්තා විය. ජංගම දුරකථනය ක්‍රියාත්මක කරවා එය විභාග ශාලාවට ආසන්න ස්ථානයක රඳවා ගුරුවරයා සමග සජීවීව සම්බන්ධතාවය ගොඩනගාගෙන විභාගය ලියන්නට ගිය මෙම සිසුවා ප්‍රශ්න පත්තර බෙදූ පසු කමිස බොත්තම දෙසට ප්‍රශ්න පත්‍රය හරවා ඡායාරූප ලබාගෙන ඇති අතර ඒවා ෆේස්බුක් වෙත ලැබුණ පසු බොරැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයාගේ නිවසේ රැඳී සිටි ගුරුවරයා ඒවා ලබාගෙන එසැණින් පිළිතුරු සකසමින් සිසුවාට කතා කර කියා තිබේ. සිසුවාගේ පැත්තෙන් කතා කිරීම අපහසු නිසා ‘ඇහුනෙ නෑ‘ ‘ආයෙත් කියන්න‘ වැනි ප්‍රතිචාර සඳහා කුඩා ශබ්ද මගින් සංඥා නිකුත් කරන්නට පෙර පුහුණුවී ඇත. වාර්තා වන අන්දමට රසායන විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයටද ගුරුවරයා සමග සිසුවා මෙම සම්බන්ධය තබාගෙන ඇති අතර මෙම සිසුවා මේ ආකාරයට ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව වෙනුවෙන්ද ගුරුවරුන් යොදාගෙන මෙම වංචාව සිදු කර ඇතිදැයි විමර්ශන සිදුවේ.
මෙම සූක්ෂ්ම විභාග වංචාවට හවුල්වූ වෛද්‍ය පියාද සිසුවාද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම වංචාව සිදුකිරීම වෙනුවෙන් ජිනේන්ද්‍ර රණසිංහට වෛද්‍ය පියා ලක්ෂ 10 ක් ගෙවා ඇති අතර ඒ මුදල් නිවසට රැගෙන ආ ජිනේන්ද්‍ර පත්‍රිකා පිටවීමෙන් වැඩේ අවුල් වන බව දැනගත් පසු මේ වනවිට නිවසින්ද අතුරුදන්ව සිටී. ඔහු මුළු මුදලින් රුපියල් 20000 ක් පමණක් රැගෙන ඉතිරිය නිවසේ තබාගොස් ඇති අතර 980000 මුදල පොලිසියට බාර දීමට සොයුරා පියවර ගෙන ඇත. විභාග වංචාව සිදු කරන අතර පත්‍රිකාවට අදාළ ඡායාරූප තමන් වෙත යොමු කරන බව දැනුම් දී තිබුණ බවත් විභාගය ඇරඹී මිනිත්තු 45 කින් පමණ ඒවා තමන්ගේ ටැබ් එකට එවූ බවත් සොයුරා පාපොච්චාරණය කර ඇත. ප්‍රතිකාව මුද්‍රණය කර බෙදාහැරීම දක්වා වැඩ සිදු කර ඇත්තේ ඔහුය.
මෙම විභාග වංචාව නිසා රාජකීය විද්‍යාල සිසුවාට වසර 5ක විභාග තහනමක් පැමිණවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ඉදිරියේදී මේ ආකාර ගැජට් යොදාගෙන විභාග වංචා සිදු කරන්නන් නීතියේ රැහැනට අසුකරන්නට පියවර ගන්නා බවද විභාග කොමසාරිස් වරයා දන්වා තිබේ.
| අනෙ ,🤗කෙ රොයල් | 13 | POSITIVE |
ncpp_train_38803 |
ප්රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය
සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
පසුගියදා ප්‍රකාශයට පත්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ කෘතියේදී විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලියා තිබුණ ආකාරයට ප්රභාකරන්ගේ ඝාතනය ඔහුගේ සේනාංකයක් මගින් සිදු කරන ලද බව දක්වා විස්තර කර තිබුණි.
නමුත් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා පවසා තිබුනේ ප්රභාකරන් ඝාතනය සිදු කළේ ඔහුගේ සෘජු මෙහෙයවීම මත 8 වැනි කාර්ය සාධක බළකායේ සේනාංකාධිපති කර්නල් ජී.වී. රවිප්‍රිය බවයි.
ඒ ගැන මින් පෙර කළ විමසීමකදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සාකච්ඡාවකදී පවසා ඇත්තේ කර්නල් ජී.වී. රවිප්‍රියගේ පිරිස එය කළ බව ඇත්තක් වුවත්
ඔහු සිටියේ තමා යටතේ බවයි.
ඒ අනුව යුද ජයග්‍රහණයේ පියවරු අතර පහළම පුරුක ගැන අලුත් සංවාදයක් නිර්මාණය වී තිබේ.
ලංකාදීප පුවත්පතට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ කියා ඇත.
‘කමල් ගුණරත්න කියන්නේ යුද්ධයේදී ක්‍රියාත්මක වුණ සේනාංක 15 කින් විතර එතැනට අණදුන්න කෙනෙක්. මුල ඉදල එයාගෙ සේනාංකය ස්ථානගත කරල තිබුනෙ මුහමාලෙ ආරක්ෂක වළල්ලෙ.මමයි ඒක ප්‍රහාරක මෙහෙයුම් වලට ඉදිරියට ගත්තෙ.එයාට විරුද්ධව විනය ප්‍රශ්නයක් තිබුණා.ඒක තාවකාලිකව අමතක කරල තමයි එයාට මං සේනාංකයක් භාර දුන්නෙ.
එයාට දුන්න සේනාංකය ජනවාරි ඉදල මාර්තු වෙනකං මෙහෙයවුවා.ඊට පස්සෙ ඒකෙ බලසේනා තුනෙන් දෙකක් ගලවලා අරගෙන කර්නල් රවිප්‍රිය යටතේ කාර්ය සාධක බලකායක් හැදුවා.ඒ කාර්ය සාධක බලකාය තමයි ප්රභාකරන්ට පහරදීමට ක්‍රියාත්මක වුනේ.ඒක කලෙත් මගෙ උපදෙස් මත මිසක් ඔය පොත ලියපු කෙනාට ඕන විදිහට නෙමෙයි.
ප්‍රභාකරන්ගෙ පිරිසට පහරදීලා ප්‍රභාකරන්ගෙ මළමිනිය සොයාගැනීම ඇතුළු සියල්ල සම්බන්ධීකරණය කරල අණදීම කලේ කර්නල් රව්ප්රියගෙ කාර්ය සාධක බලකා අට.
ඔය පොතේ හමුදාපති පාච්චල් කරන්න උත්සාහ අරගෙන තියෙනවා.ඒක එළිදක්වපු වෙලාවෙ ආරාධිතයො විදිහට ඇවිත් ඉදපු අයගෙන් අපට හිතාගන්න පුළුවන් කාගෙද සැලසුම කාගෙ අවශ්‍යතාවයද මේ ඉටුවුනේ කියලා‘
මේජර් ජෙනරාල් කමල් ගුණරත්නද කර්නල් රවිප්‍රියගේ කාර්යය පැහැදිලි කර ඇත. පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සංකච්ඡාවකදී ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ කියා ඇත.
වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාංක, බළසේනා, කාර්ය සාධක බළකා හා රෙජිමේන්තු රැසක් තිබුණා. ඒ අතරින් ප්රභාකරන් ඝාතනය කළ 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව අයත් වූයේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ අණදුන් 681 වැනි බළසේනාවටයි. එය අයත් වූයේ කර්නල් ජී.වී. රවිප්‍රිය අණදුන් 8 වැනි කාර්ය සාධක බළකායටයි. එසේ නම් ප්රභාකරන් මැරුවේ ඔබ අණ දුන් 53 වැනි සේනාංකය කියලා කියන්නේ කොහොමද?
මෙතැනදී බොහෝ දෙනෙක් පටලවා ගත්තු කාරණාවක් තිබෙනවා. අනෙකුත් කාර්ය සාධක බළකා වගේ නොවේ 8 වැනි කාර්ය සාධක බළකාය. ස්වාධීන ඒකකයක් ලෙස තිබුණේ නෑ. මුලතිව් ප්‍රහාරයෙන් පසු ඉතිරි වූ රෙජිමේන්තු එකතු කරලා තමයි 8 වැනි කාර්ය සාධක බළකාය ස්ථාපිත කළේ. එහි සේනාංකාධිපති ලෙස කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් ජී.වී. රවිප්‍රියත් 681 බළසේනාධිපතිවරයා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ හා 682 බළසේනාධිපති ලෙස සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් සුභාෂණ වැලිකල පත්කරන ලෙස මා යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලුවා. ඔහු ඊට එකඟතාව පළ කළා. 8 වැනි කාර්ය සාධක බළකාය තිබුණේ 53 වැනි සේනාංකය යටතේ මිසක් ස්වාධීන සේනාංකයක් ලෙස නොවේ. ඊටත් අණ දුන්නේ මමයි.
(රණ මග ඔස්සේ නන්දිකඩාල් පොත එළිදුටු අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ)
Pix By- Suren Abeysundara
| laki ඔබ හරියට හරි. යුද්දය වෙනුවෙන් හමුදාපති සිට සාමාන්‍ය සෙබලා දක්වා හැමෝම යුධ කරා. ඒක හරි. | 1 | POSITIVE |
ncpp_train_38804 |
දිර්ඝ කාලයක් තිස්සේ පැවති පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසු පිහියකින් හෙද නිලධාරිනියක් වු සිය බිරිඳගේ ගෙලකපා ඝාතනය කළ අයෙකු නිවස ආසන්නයේ වූ ජලය පිරි ගල්වලකට පැන දිවිනසාගන ඇති බව අනුරාධපුර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
පෙරේදා (28) රාත්‍රී 9.30ට පමණ ඝාතනයට ලක්වී ඇත්තේ හිදෝගම පොලිස්වසමේ නෙළුබෑව රජයේ රෝහලේ සේවයේ නියුතුව සිටි අංක 07 ආතර් ද
සිල්වා මාවත ශ්‍රාවස්තිවත්ත ශ්‍රාවස්තිපුර අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි අබේසිංහ නානායක්කාරලාගේ මාලා ප්‍රියන්ති (31) හෙද නිලධාරිනියයි. ඇගේ සැමියා වන 36 හැවිරිදි ප්‍රසන්න කුමාර යන අය සියදිවි නසාගෙන ඇත. මරණකාරීයට මරණකරුටදාව මාස පහක දරුවකු සිටින බව පොලීසිය පවසයි.
ඝාතනයට ලක්වූ හෙදිය මීට පෙර පොලිස් කොස්තාපල්වරයකු සමග විවාහවී සිට දික්කසාදවී, රියදුරකු වූ අරනායක කැගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රසන්න කුමාර (8) සැකකරු සමග විවාහ වී ඇති බවත් ඔහුටත් පෙර විවාහයෙන් දරු දෙදෙනකු සිටිනා බවත් පොලිසිය පැවසුවේය. මෙම හෙදිය සිය මවගේ නිවසට පැමිණ සිටියදී මෙම ඝාතනය සිදුවී ඇත.හෙද බිරිඳ ඝාතනය කිරීමෙන් අනතුරුව නිවස ආසන්නයේ පිහිටි අඩි 75 ක් පමණ ගැඹුර ගල්වලට පැන දිවිගසාගත් සැකකරුගේ සිරුර ඊයේ (29) දහවල් වනතුරුත් සොයා ගැනීමට නොහැකිවී තිබූ අතර
පොලිස් නිලධාරීන් හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් හා තිසාවැව නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් ඔහු දිවිනසා ගත්තේද යන්න තහවුරුකර ගැනීම සඳහා සිරුර සොයා පරීක්ෂණ සිදුකළහ.
සැකකරු පැන්න බව කියන වළෙහි අඩි 45ක් පමණ ගැඹුරට ජලය පැවතීම නිසා සිරුර සොයා ගැනීම අපහසුවූ බවත් සැකකරු හෙදිය ඝාතනය කිරීමෙන් අනතුරුව ගලට පනින අයුරු මරණකාරියගේ මව දැක තිබෙන බවත් පොලිසිය පැවසුවේය. දිවිනසාගත් බවට සැකකරන සැකකරු නිතර නිතර බිරිඳ සමග ආරවුල් ඇතිකර ගන්නා බවත් ඇය වෛද්‍යවරයකු සමග අනියමි සම්බන්ධතාවක් පවත්වන බවට ඔහු තුළ තිබු සැකයක් නිසා ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.
හෙදිය ඝාතනය වනවිට සැමියා සමග ඇතිව තිබු බහින් බස්වීමක් නිසා මවගේ නිවසට පැමිණ සිට ඇති බවත් පෙරේදා (28) රාත්‍රියේ එම නිවසට පැමිණි සැකකාර සැමියා ඇයව නිවස පිටුපසට කැඳවාගෙන ගොස් බහින් බස්වීමක් සිදුවු බවත් මරණිකාගේ මව පොලිසියට පවසා තිබුණි.
ටික වේලාවක් දෙදෙනා අතර ශබ්ද නගමින් බහින් බස්වීම නිසා නිවසට තුළට පැමිණ තිබෙන ප්‍රශ්නයක් විසඳා ගන්නා ලෙස තමන් පවසා විනාඩි කිහිපයක් ගතවෙද්දී දියණිය කගැසීම නිසා දරුවාත් සමග එහිගොස් බලද්දී සිය දියණිය බරපතළ තුවාල ලබා පිළිකනේ වැටී සිටිනු දුටුබවත් බවත් බෑනා දිවගොස් ගල්වලට පණින අයුරු දුටුබවත් මරණකාරියගේ මව පොලිසියට පවසා තිබුණාය.
ගෙළට හා මුහුණට බරපතළ තුවාල සිදුවූ හෙදිය ප්‍රතිකාර සඳහා අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇතත් ඇය ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පැවසුවේය. දිවිනසාගත් බවට සැකකරන පුද්ගලයා ඝාතනය සඳහා සකසාගත් තියුණු මුවහත ඇති අගල් හයක් පමණ දිග දුනු පිහියක් ගල්වල ආසන්නයේ තිබී සොයා ගන්ධව පොලිසිය පැවසුවේය. අනුරාධපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
| මෙවැනි දේ සිදුවීම ඔවුන් ගේ පමණක් නෙමෙයි, ඔබෙත්, මගෙත්, රටෙත් අවාසනාව, එය අවසන් කරන්නේ කොහොමද කියන දේ ගැන මිස එකිනෙකාට දොස් කියා ගනිමින් කටයුතු කිරීම කාලය කා දැමීමක් පමණි. සමාජය තුළ සිදුවන මෙවැනි දෑ අවම කර ගැනීමට කටයුතු කිරීමේ වගකීමෙන් මිදීමට අප කිසිවෙකුට නොහැකිය. ඒ ගැන සිත යොමු කරන්න. | 22 | POSITIVE |
ncpp_train_38805 |
අද (28) මධ්‍යම රාත්‍රී 12 සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට හා කොත්තුවක් රු 10 කින් ෂෝර්ට් ඊට්ස් 5 කින් බේකරි නිෂ්පාදන මිළ ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
සභාපති එන්.කේ ජයවර්ධන මහතා කියාසිටියේ. තිරිගු පිටි කිලෝවක මිල ඊයේ (27) සිට රුපියල් 17 කින් ඉහළ දැමීමට පිටි ආනයන සමාගම් පියවර ගෙන තිබෙන නිසා බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය පිරිවැයද මේවන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි.ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල හෙට (29) සිට ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර ඇති අතර ඊයේ රාත්‍රියේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය රැස්වී මේ පිළිබඳ අවසන් තීරණයක් ගෙන තිබුණි. තිරිගු පිටි හිගයක්ද මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී තිබෙයි.
| මව්බිමට පෙමින් සැමදා.... ගෝත රජා ජනප්‍රිය නොවන තීරණ ගන්නවා කිව්වානේ... | 9 | POSITIVE |
ncpp_train_38806 |
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය සෝදිසි කිරීමට සුනඛයින් 20ක් පිටරටින් ගෙන්වීමට
කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මේ සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙම එක් සුනඛයකු සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය කෙරෙන අතර සුනඛයින් ආනයනය කිරීම සඳහා රුපියල් හාර කෝටි හැට ලක්ෂයක පමණ මුදලක් වෙන්කිරිමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
-අජන්ත කුමාර අගලකඩ-
| මේක හොද දෙයක්...මහින්දගේ කාලේ ආපූ යොජනවක් | -16 | NEGATIVE |
ncpp_train_38807 |
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් තුළ පුද්ගලයකු අභිරහස් ලෙස මියගොස් සිටියදී අද (31)හමුවූ බව වැලිපැන්න පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු දෙදරු පියෙක් බව ද වාර්තා වේ.ඊයේ (30) දවල් 1.06 ට පමණ සුඛෝපභෝගී ජීප් රථය සේවා ප්‍රදේශයට ඇතුළු වන අයුරු එහි සවිකර ඇති CCTV කැමරාවක සටහන්ව තිබු බව පොලීසිය පවසයි.පෙරේදා දහවල් සිට ජීප්රථය එම ස්ථානයේ නවතා තිබූ අයුරු දුටු සේවා ප්‍රදේශයේ සේවකයන් විසින් ඒ පිළිබඳ සොයා බැලීමේදී පුද්ගලයකු පිටුපස අසුනේ සිටින දැක කතා කළත් අවදි නොවූ හෙයින් ජීප් රථයේ ඉදිරි වම්පස පැති වීදුරුව කඩා පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් සිටින අයුරු දැක ඒ බව පොලීසියට දැනුම් දී තිබේ.මියගොස් ඇති පුද්ගලයා ජීප්රථයේ අයිතිකරු වන අතර ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී ඇත්තේ එහි පිටුපස අසුනේ තිබී බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිපැන්න පොලීසිය පරීක්ෂණ පවත්වයි.
| Etakota driver kooo | 5 | POSITIVE |
ncpp_train_38808 |
ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව ටවත ගිය අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී ආශිර්වාද
ලබාගත්තේය.
පසුව අස්ගිරි පාර්ශවයේ මහානායක ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ සහ මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත් අතර මල්වතු මහා විහාරයේ පැවැති දානමය පින්කමට ද සහභාගී වූයේය.
| රනිල් ගැන යන news වලට රනිල්ට comments දාපල්ලා. මහින්දට දාන comments එයා ඉන්න එව්වට දාපල්ලා. | 4 | POSITIVE |
ncpp_train_38809 |
ඊයේ පෙරේදා දිනවල එජාප මන්ත්‍රී වසන්ත සේනානායක ගැන විවිධ පුවත් ආරංචි විය. ඔහු මහින්දගේ
කණ්ඩායමට එකතුවූ බව
පළවුවත් ලංකාවේ සිටියේ නැත. විදේශයක සිට නැවත පැමිණ කටුනායක ගුවන් තොටුපළෙ මාධ්‍ය වෙත කියා සිටියේ තමාට මහින්ද කථාකරේ නැති බවත් කොන්දේසි සහිතව පමනක් යනවා නම් යන බවත්ය.
කෙසේ වෙතත් සවස ඔහු අරලියගහ මැදුරට ගොස් රනිල් වික්‍රමසිංහවද බැහැදැක සහය පළ කළේ තමා එජාපය අතැර නොගිය බව පවසමිනි.
අද ඔහු මහින්ද යටතේ සංචාරක හා වනජීවී ඇමති ධූරය ලබා ඇත.
| පොළොන්නරුවේ ජනතාවට සේවය කරන්න පුළුවන් ඇමතිකමක් දුන්නොත් යනවා කියල කලින් කිව්වනේ,ඉතින් දුන්න වනජීවී ඇමති කම. | 82 | POSITIVE |
ncpp_train_38810 |
රජයේ නිලධාරීන්ට අපහාස කරන
රන්ජන් මර්වින්ට අන්තයි
- මහින්ද කියයි
පසුගියදා නි.ඇමති රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තුමියට බැණ වැදුණ සිද්ධිය මේ වනවිට දුරදිග ගොස් තිබේ.මේ ගැන ජනපතිගේ අවධානයද යොමුව ඇති අතර
සිද්ධියට මැදිවූ දෙදෙනා
ජනපති මන්දිරයට කැඳවා මුණගස්වා බේරුම් කිරීමට යන ආරංචියක්ද වාර්තාවේ.
මේ අතරවාරයේ කැස්බෑවේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය අමතා ඒ ගැන මේ ආකාරයට ප්‍රකාශ කර තිබේ.
‘රන්ජන්ගේ අපහාස කිරීමට සම්පූර්ණ විරෝධය පළ කරනවා. ප්‍රාදේශීය ලේකම්ල මං හිතන් නෑ නිහඩව ඉඳී කියලා. රජයේ සේවකයන්ට එහෙම අපහාස කරන්න කිසිම දේශපාලනඥයෙකුට කිසිම අයිතියක් නෑ. මෙයා මර්වින් සිල්වට අන්තයිනෙ බලන කොට‘
| මම ඉන්නේ ඉතාලියේ මෙහෙ කානුවක් වැරදියට කැපුවත් කවුන්සිල් එකෙන් එනවා. මෙච්චර විශාල ජාවාරමක් වෙනකල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු දෙන බුදි. බොලේ පාස් නොකර වැරැද්ද බාර අරගෙන මෙම ප්‍රාදේශීය සභාවේ නිලදාරීන් ඉල්ලා අස්වෙන්න. අනිත් රජයේ සේවකයන්ටත් ආදර්ශයක් දෙන්න. | 75 | POSITIVE |
ncpp_train_38811 |
ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පාකිස්තාන සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26) පැවති තරගය ලකුණු 37 කින් ජයග්‍රහණය කරමින්
අවසක් මහා තරගයට සුදුසුකම් ලබා ගැනිමට
බංග්ලාදය සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 48. යි පන්දු 5 කදී සියලුදෙනා දැවී ලකුණු 239 ක් රැසස් කළේය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 240 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණි.
මෙ අනුව ලබන 28 වැනිදා ඉන්දියාව හා බංග්ලාදේශය අතර අසියානු කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙනු ඇත.
| ඇත්තද මට හරී පුදුමයි | -6 | NEGATIVE |
ncpp_train_38812 |
අද (28) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට විශේෂ දවසක් බවට පත්ව තිබේ. පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතගේ විවාහය සහ පිතිකරු පැතුම් නිශ්ශංකගේ විවාහ ගිවිස ගැනීම. අද සිදුවිය.24 වන වියේ පසුවන පැතුම් විවාහ ගිවිසගත්තේ එෂානි සමගිනි. මංගල්‍යය වෙනුවෙන් සාදයක්ද රාත්‍රියේ පැවැත්වෙන බව වාර්තාවේ.
| අර පොටෝ එකේ රෙජිස්ටර් නෝනා පැතුමා දිහා බලන් ඉන්නේ "උබ විහින් නැහුණා කොල්ලෝ. මට උබ ගැන දුකයි" වගේ. පැතුමා රෙජිස්ටර් නෝනා දිහා බලන් ඉන්නේ "මම දන්නවා මට කෙල උනා කියලා. ඒ උනාට කෙල්ලගේ පැත්තෙන් හදිසි කරන නිසා මට සොරි උනා නෝනා" වගේ. කෙල්ල බිම බලන් ඉන්නේ "දෙපැත්තේ සාක්කි කාරයෝ දෙන්න සයින් කරපු ගමන් මන් ගොඩ මගේ අනාගතය සුරක්ෂිතයි. දෙයියනේ කියලා වැඩක් නොකර සැපට ඉන්න පුළුවන්" වගේ. | 5 | POSITIVE |
ncpp_train_38813 |
නිදහසේ කතා කිරීමට තමාට නිදහස ලබාදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටින බවත්, ආණ්ඩුවේ සිට ආණ්ඩුව විවේචනය කළ නොහැකි වුවද, තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය පෙරේදා (27) පැවසුවාය. ඉඳුරුවේ පැවැති උත්සවයකින් අනතුරුව අදහස් දැක්වූ කුමාරසිංහ මහත්මිය මෙසේද කීවාය. "ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට මේක අවස්ථාවක් නෙමෙයි. රට නාසය ළඟටම ගිලි තියෙන අවස්ථාවක ඉල්ලිම් දිනා ගැනීම මම නම් අනුමත කරන්නේ නැහැ..එකට අවස්ථාව නෙමෙයි. ගුරුවරුන්ට ප්‍රශ්න ඇති. මේ අවස්ථාවේදී වැටුප් වැඩියෙන් ඉල්ලීම සධාරණ නැහැ. මේ අවස්ථාව මග හැරුණාට පස්සේ ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනට මමත් එනවා. මමත් ගුරුවරුන් සමග අනිවාර්යයෙන්ම එකට සිට ගන්නවා.
පොහොර ප්රශ්නයේදී මට ආණ්ඩුව විවේචනය කරන්න බැහැ.එහෙම කළොත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කියාවි මම ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කළා කියලා. ඒ නිසා ඒ පැත්තට කතා කළොත් ගොවියෝ මාත් එක්ක තරහවේවි.ගොවියන්ගේ පැත්ත අරගෙන කතා කළොත් ජනාධිපතිතුමා ඇතුළු රජයේ මැති ඇමැත්තෝ කියාවි තව කොහේද මෙයාට ඇමතිකම් දුන්නා නම් කියලා. අනේ එ නිසා මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා මට නිදහසේ කතා කරන්න ඉඩ ලබා දෙන්න කියලා. මම හැම තිස්සේම සධාරණය වෙනුවෙන් හිටගන්න ගැහැනියක්.මට කවුරු අකටයුතුකම් කළත් පේන්න නැහැ.අද දවසේ ගෙවී යන හැම තත්පරයක් ගානේම ළමා අපචාර සිදු වෙනවා. මේක අද ඊයේ පටන් සිද්ධවුණු දෙයක් නෙමෙයි. මේ ළමා අපචාරවලට සම්බන්ධ අයට දැඩි දඬුවම් දෙන්න ඕනෑ කගෙවන් තරාතිරම නොබලා. ළමා අපචාරයට යොදවා ගන්නා අයට දඬුවම් ලබා නොදුන්නොත් රටේ ළමා පරපුරට දෙවියන්ගේම පිහිටයි.” යැයි ද ඇය කිවාය. -එම්. සුසිල් ප්‍රියන්ත-
| මේකිත් බෝන් එකෙක් නේද? අදයි දැනගත්තේ.ඒකිගේ ජන්ද දායකයන්ට දැන්වත් වහාම කියන්න. | 3 | POSITIVE |
ncpp_train_38814 |
තරුණ තරුණියන් සමඟ තරුණ ප්‍රඥප්තියකට අස්සන් කිරීමේ උත්සවයක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ සුගතදාස පිරිටියේදී පැවැතිවිණි.
එහිදී අදහස් දැක්වූ වෙනස රූපවාහිනි වැඩසටහන නිසා ප්‍රකට නීතීඥ ඩිල්ශාන් පතිරත්න සජිත් ප්‍රේමදාසට එරෙහිව
නඩු පැවරීමට අවසර ඉල්ලා සිටියේය. ඔහු මෙසේ කීය.
“මේක දුප්පත් රටක්. ලංකාවේ දේශපාලනය තුළ අන්තිම අවුරුදු 25 දේශපාලන නායකයන් දුප්පත්කම ගැන කතා කළේ නැහැ.
හැම ප්‍රශ්නයක් අස්සෙම මේ දුප්පත්කම තිබුණා. උතුරෙත් දකුණෙත් යුද්ධ කළේ බඩගින්නට, විරැකියාවටයි. දුප්පත්කම ගැන කතා කරලා ඊට බෙහෙත් නොදී 2025දීත් සජිත් ප්‍රේමදාස දුප්පත්කමට බෙහෙත් දෙන්න එනවා නම් සජිත් ප්‍රේමදාස අසාර්ථකයි.
අපි වංශය කබල් ගාමින් ඉන්නවා ප්‍රෞඩයි කියලා. ඒත් අපි දුප්පත්. පාර්ලිමේන්තුවේ 225 අයින් කළාට
විසඳුමක් නැහැ.
මේ 225 අතර මහජන මුදල් කොල්ලකන, බොරු කියන සීයක්වත් පාර්ලිමේන්තුවට වැද්ද
ගන්න හොඳ නැති අය ඉන්නවා. ඔබ මේ රටට පොරොන්දු වෙන්න ඕන ඊළඟට නාම යෝජනා දෙනකොට
හොරුන්ට නාම යෝජනා දෙන්නේ නැහැ කියලා. පොරොන්දු වෙන්න ඕනේ. පරාජිතයන්ව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිකම දෙන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න ඕන. ජනතාව බස්වල එල්ලිලා, කෝච්චිවල තෙරපිලා,
වාහන නැතිව පයින් යද්දී මැති ඇමැතිවරුන්ට වාහන අරන් දෙන්නෙ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕන.ජාතිවාදය බරපතළ විදියට මේ දවස්වල විකිණෙනවා අර පැත්තෙ කඳවුරක. ඒකට බරපතළ විධියට උත්තර දෙන්න ඕන. බුදු හාමුදුරුවෝ කියපු බණට පිටින් බණ කියන ලොකු හාමුදුරුවන්ට දේශපාලන වරප්‍රසාද දිය යුතු නැහැ. හාමුදුරුවන්ගෙ වාහනයට වී.අයි.පී. ස්ටිකර් ඇලව්වට බුදු දහම රැකෙන්නෙ නැහැ.
මුස්ලිම් පල්ලිය තුළත් අන්තවාදය වැහිවහිනවා.
මේක අරාබි කොලනියක් කරන්න අවශ්‍ය අය එහෙත්
ඉන්නවා. මෙහෙත් ඉන්නවා. ඒ සියලු දෙනාට ඍජුව උත්තර දෙන්න ඔබට පුළුවන් වෙන්න ඕන. තවදුරටත්
සිහින මිලදී ගන්න තාරුණ්‍යය සූදානම් නැහැ.
මේ තරුණ ප්රඥප්තිය කැඩුවොත් සජිත් ප්‍රේමදාසට විරුද්ධව නඩු දමන්න අපට අවසර දෙන්න ඕන.”
| Challange.. එහෙම පැහැර ගෙනගිය 5 දෙනෙකුගෙ නම් ඉදිරිපත් කරන්න. හැබැයි අපිට පුලුවල් 89දි පැහැරගෙන ගිය 5000ක නම් කියන්ඩ. | 25 | POSITIVE |
ncpp_train_38815 |
ජනපති ලේකම් පීබී අබේකෝන් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
වත්මන් ජනපති
මෛත්‍රිපාල සිරිසේන 2015 බලයට පත්වූ අවස්තාවේ සිට මෙම ධුරයේ කටයුතු කළ හෙතෙම හදිසියේ ඉල්ලා අස්වීමට බලපෑ හේතුව පැහැදිලි නැත. ඔහු ලිපියේ දක්වා ඇත්තේ පුද්ගලික අවශ්‍යතාවයකට මෙය සිදු කරනා බවකි.
පසුගියදා ජනපති හා GMOA සාකච්ඡාවකින් පසු සයිටම් ප්රශ්නය විසඳන ආකාරය සඳහන් ලියැවිල්ල නිකුත් කරන ලද්දේ මෙම ලේකම්වරයාගේ අත්සනින් වුවත් එම ලියවිල්ලම පුස්සක් බවට පත් කරමින් වෛද්‍ය සටන නැවත සක්‍රීය විය.
| විලි ලජ්ජයි යහපාලනය රෙදි පල්ලේ දොරේ ගලන wo | 21 | POSITIVE |
ncpp_train_38816 |
උසාවියට අපහාස කළ චෝදනා මත වසර 4 ක සිර දඩුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිය නිදහස වෙනුවෙන් කිහිපදෙනෙකු හරහා ජනපති සමාව ඉල්ලුම් කළ නමුත් මේ දක්වා ඊට ඇහුම්කන් දීමක් සිදුව නැත.
ඔහු හමුවීමට ඊයේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි හා කාවින්ද ජයවර්ධන යන දෙදෙනා හමුවේ රන්ජන් දන්වා ඇත්තේ තමා සිරමැදිරියේ ‘දේශපාලන සිරකරුවෙකු‘ ලෙස දඩුවමක් විඳින බවයි. එසේම තමන්ගේ නිදහස වෙනුවෙන් මානව හිමිකම් ඉල්ලා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙතද පැමිණිල්ලක් කරන ලෙස ඔහු දන්වා ඇත.ඊයේ රන්ජන්ගේ තොරතුරු විමසා එළියට පැමිණි කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා මේ ගැන මාධ්‍ය වෙත හෙළිකර සිටියේය.
| හැබැයි ගෙදර ගියත් වැඩක් නැති, රටටත් වැඩක් නැති මනුස්සයෙක් මෙයා. අර හරීන් වගේ. | -149 | NEGATIVE |
ncpp_train_38817 |
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය කාලයේ වැඩි වශයෙන්ම පුවත් සිරස්තල මැවූ පුද්ගලයාය.ඔහු ගැන නිතරම පළවූයේ මැතිවරණය හා සම්බන්ධ රාජකාරී පුවත්ය. නමුත් පසුගිය සති අන්ත පුවත්පතකින් ඔහුගේ රාජකාරී ජීවිතයෙන් පරිබාහිර පුද්ගලික ජීවිතය ගැන විමසා තිබුණි. මේ අපූරු පුද්ගලයා ගැන එහිදී රසවත් කරුණු ගණනාවක් හෙළිවිය.
අපේ තාත්තා පියසේන ඉස්කෝලෙ මහත්තයා. අපේ තාත්තා හතළිස් ගණන්වල අන්තිම හරියෙ කොමියුනිස්ට් පක්ෂෙ තරුණ සමිති සාමාජිකයෙක්. එම්.ජී. මෙන්ඩිස් හරහා වෙන්න ඇති තාත්තා කොමියුනිස්ට් පක්ෂෙට සම්බන්ධවෙලා තියෙන්නේ. අපිට මතක ඇති පොඩි කාලෙ ඉඳල
තාත්ත අම්බලන්ගොඩ ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුණා.
කොමියුනිස්ට් පක්ෂෙ පත්තරේ වෙච්ච ‘මව්බිම’ අම්බලන්ගොඩ බෙදාහරින්න අපේ ගෙදරට තමයි ගෙනාවේ. ලොකු අයියයි හිච්චි අයියයි එක්ක තාත්තා පාරට ගිහින් තමයි ඒ පත්තර බස් එකෙන් බාලා ගෙදර ගේන්නේ. ඇත්ත පත්තරේ සුරත් අම්බලන්ගොඩ එහෙම තාත්තා එක්ක දේශපාලනය කෙරුවා. තාත්තා අපිව මැයි දිනේට එහෙමත් එක්ක යනවා. අම්මත් යනවා අපිත් එක්ක. තාත්ත අපිට දේශප්‍රිය කියලා නම දාන්න ඇත්තේ කොමියුනිස්ට් පක්ෂෙ වැඩ කරපු පත්තරකාරයෙකුත් වෙච්ච රත්න දේශප්රියගෙ ඇඳුනුම්කම නිසා මං හිතන්නේ. ඒක මං අහපු කතාවක්. නැත්තං අපේ තාත්තලට සීයලට වඩුගේ වාසගම වගේම සිල්වා කියන කෑල්ලත් තියෙනවා.
ඔබේ අම්මත් ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්
ඔව්. අපේ අම්මයි තාත්තයි විවාහවෙලා තියෙන්නේ අම්මා උගන්නපු හීනටිය ඉස්කෝලෙට තාත්තත් ආවට පස්සෙ ඇතිවෙච්ච ප්‍රේම පලහිලව්වකින්. අපේ අම්මා තාත්තට වඩා වැඩිමල්. අවුරුදු හතක් විතර
වැඩිමල්. හැබැයි ඒ දෙන්නට දෙන්න හරිම ආදරෙන් එකමුතුවෙන් පවුල් කාපු දෙන්නෙක්. මම ඉපදිලා
තියෙන්නෙත් අම්මගෙ මහගෙදර. අපේ තාත්තා නැතිවෙනකොට වයස පනස් පහයි. අම්මා අවුරුදු අනූ තුනක් ජීවත්වුණා.
තාත්ත කාලයක් ජේ.වී.පී. එකේ හිතවතෙක් වගේම උපදේශකයෙක් විදියටත් වැඩ කළා. ඒකෙන් පස්සෙ
අයින් වුණා. අයියයි අක්කයි දෙන්නත් ජේවීපී එකට සම්බන්ධ වුණා. අන්තිමට තාත්තා ශ්‍රී ලංකා නිදහස්
පක්ෂෙ ක්‍රියාකාරිකයෙක්. රෝහණ විජේවීරලා එහෙම ඒ දවස්වල අපේ ගෙදර එනවා. අපිට හොඳට
මතකයි ඒ දේවල්. 71 රෝහණ විජේවීරලා අහුවෙන්න කලින් පක්ෂෙ අර්බුදයත් සමථයකට පත් කරන්න කට්ටියම අපේ ගෙදරට ගෙන්නලා ඒ ගැන සාකච්ඡා කළා. දේශපාලනය කියන්නේ අපේ ගෙදරට අමුතු දෙයක් නෙවෙයි. අම්මත් මේවට හවුල්. මම මැතිවරණ දෙපාර්තමේන්තුවට ආවට පස්සෙ තමයි මම අපේ අම්මට
කිව්වෙ අම්මගෙ දේශපාලන වැඩ ගෙදරින් පිට තියාගන්න කියල. මොකද මම රාජකාරි කරපු තැනත් එක්ක දේශපාලන සම්බන්ධකම් ගෙදර තියාගන්න බැරිවුණා. අම්මා අවසාන කාලෙ ගම්පහ අක්කලගෙ ගෙදර හිටියේ. ඒත් හැම ඡන්දෙකටම එයා අම්බලන්ගොඩ එක්ක යන්න වුණා අපි කාට හරි. ඡන්දෙට අඳින්න එක එක පාටින් සාරි එහෙමත් අම්මගෙ ළඟ තිබුණා. අපේ තාත්තලා වාමාංශික දේශපාලනය කෙරුවට තාත්තට හිටියා හැම පක්ෂෙම යාළුවො. වෙන දේශපාලන පක්ෂවල අයගෙ ඡන්ද පාටි පවා අපේ ගෙදර දාන්න තාත්ත ඉඩ දුන්නා. කා එක්කවත් තරහක් මරහක් නෑ. අපිටත් ඇවිත් තියෙන්නෙ ඒ ගතිය වෙන්න ඇති. අපිත් ඕන කෙනෙක් එක්ක කිසිම ලෙවල් එකක් නැතුව ආශ්‍රය කරන්නේ තාත්තගෙන් දැකපු දේ නිසා.
අම්මගෙ සැලකිලි එහෙම කොහොමද පුතාට?
අම්මා අපි කාටත් එක වගේ. අපිට විතරක් නෙවෙයි අපේ ගෙදරට එන කොයිකාටත් එක වගේ තමයි
සංග්‍රහ සත්කාර එහෙම. මම පේරාදෙණියෙ යුනිවර්සිටියෙ ඉඳලා රෑ වෙලා ගෙදර ආවම අම්ම
නිදාගන්න තැන ජනේලෙට තට්ටු කරල තමයි දොර ඇරව ගන්නේ. ගොඩක් දවසට මාත් එක්ක තව යාළුවො එනවා. අපි කී දෙනෙක් ආවත් අම්මා දඩි බිඩි ගාලා කෑම උයලා දෙනවා. ඉස්සෙල්ලම ලොකු කේතලේකට වතුර ලිපේ තියල තේ හදනවා. ඒ අතරේ බතක් උයනවා. දකුණේ අපේ ගෙවල්වල කුස්සියෙ මාළු හට්ටියක් නැති වෙලාවක් නෑනේ ඉතිං. ඊට අමතරව සම්බෝලයක් හදනවා. විශේෂ කෙනෙක් ආවොත් පරිප්පු ව්‍යාංජනයක් එහෙමත් හදනවා. එන ඕනෑ කෙනෙකුට ඉහළින්ම සංග්‍රහ කරන එක අම්මගෙ පුරුද්ද. ගමේ ගෙවල්වල කොහෙත් ඒ වගේනෙ. මගේ යාළුවො විතරක් නෙවෙයි සුනන්දගෙ යාළුවො එහෙමත් අපේ ගෙදර නිතර ආව ගියා. දේශපාලන පක්ෂවල අයත් ඒ වගේ. ඒ හැමෝටම කෑමෙන් බීමෙන් ඉඳුම් හිටුම්වලින් ආගන්තුක සත්කාර ලැබුණු තැනක් තමයි අපේ ගෙදර. සිංහල අවුරුදු කාලෙට නොනගතේට පවා අපේ ගෙදරට එන අයට කැම බීම දෙනවා. අපි ඔය නැකත් ඒ තරම් ගණන් ගත්තේ නෑ. ඒක නිසා අපේ යාළුවො නොනගතේට අපේ ගෙදර එනවා.
ඒ කියන්නේ ගෙදර නිදහස් පරිසරයක් තිබුණෙ.
අපොයි ඔව්. අපිට අටේ පංතියෙදිම විතර තනියම චිත්‍රපටි බලන්න යන්න පුළුවන් වුණා. මූදෙ නාන්න ගියත් කවුරුවත් එපා කියන්නෙ නෑ. සමහර වෙලාවට වැඩිහිටියොත් එනවා අපිත් එක්ක මූදට යන්න. ඒවට කිසිම තහනමක් තිබුණෙ නෑ. පවුලෙ අපි ඔක්කොම එක වගේ. ජේ.වී.පී. එකේ පංති තිව්වෙත් අපේ ගෙදර. අයියයි අක්කයි ඒවට සම්බන්ධ වෙනවා. ඒවටත් තහංචියක් නෑ. ඒ කාලේ ජේවීපී එකේ පංතිවලට අපේ පැතිවල නොගියපු කෙනෙක් නැති තරම්. ඒක හරියට දැන් ෆේස්බුක් යනවා වගේ වැඩක්. අම්බලන්ගොඩ අය විශේෂයි. අපේ කාලේ ගොඩක් අයට දේශපාලනය ගැන ගැඹුරු උනන්දුවක් තිබුණෙ.
ඉස්කෝලෙ කාලේ කොහොමද මතකය?
ඒක ඉතිං කාට වුණත් අමතක නොවෙන දෙයක්නෙ. අනික අපි මිශ්‍ර පාසලකනෙ හිටියෙත්. ඒවා සුන්දර
මතක. අපි ඉතිං කරන්න තියෙන හැම තක්කඩි වැඩක්ම කෙරුවා. අපිට හිටියා හොඳ ප්‍රින්සිපල් කෙනෙක්
එම්.ඩී. විමලසූරිය කියලා. එතුමගෙ පිංතූරෙ මම මගේ ඔෆීස් එකෙත් තියාගෙන ඉන්නවා. තාත්ත කෙනෙක් වගේ අපිව බලාගත්තෙ එතුමා තමයි. අපි කොයි තරම් දඩබ්බරකම් කෙරුවත් ප්‍රින්සිපල්ටයි ගුරුවරුන්ටයි ආදරෙයි. අපි ඉගෙන ගත්ත වැඩත් අකුරටම කෙරුවා. අපේ ඉස්කෝලෙ නැත්නම් අම්බලන්ගොඩ මේ තරම් ප්‍රසිද්ධත් නෑ. මං හිතන්නේ මම උසස් පෙළට විද්‍යා විෂයන් තමයි කෙරුවේ. තාත්ත පොඩි කාලෙ ඉඳල අපිට ගණිතය පිළිබඳ ඇල්මක් ඇති කළා. මම ඉස්කෝලෙ ටිකක් දක්ෂයෙක්. මම ඉංජිනේරු පීඨයට තමයි තේරුණේ. ඒත් මම විද්‍යා පීඨයට ගියේ රසායන විද්‍යාව විශේෂවේදී උපාධිය කරන්න. ඒක සුමාන දෙකක් විතර කරලා දමලා ගහලා ආවා ඒක කරන්න බෑ කියල. පස්සෙ ජෙනරල් ඩිග්‍රිය කළා. විශ්වවිද්‍යාලෙන් එළියට ආපු ගමන් ධර්මාශෝකෙ උගන්වන්න හම්බවුණා. මම ඉස්කෝලෙ උගන්නන්න යනකොට අපිත් එක්ක ඉස්කෝලෙ ඉඳපු එවුනුත් හිටියා.
සරසවි ජීවිතේ එහෙම කොහොමද?
මම සයන්ස් ෆැකල්ටියට වඩා හිටියෙ ආර්ට් ෆැකල්ටියෙ. ඒක සුන්දර කාලයක්. ඒකෙදිත් දේශපාලනය
කෙරුවා. පක්ෂවලින් කැඩිච්ච පිරිසක් එකතුවෙලා සංවිධානයක් අපි හදාගත්තා. අපේ යාළුවො ගොඩක්
හිටියා. අදටත් විවිධ තැන්වල ඉන්නවා. හමුවෙනවා අතීතය මතක් කරලා විනෝද වෙනවා ඒ අය එක්ක.
වීරසූරිය සහෝදරයා ඝාතනය වෙද්දි මම ශිෂ්‍ය ව්‍යාපාරයක ක්‍රියාකාරීව කටයුතු කළා. පළවෙනි
වසරෙ ඉගෙන ගත්තා. දෙවෙනි වසරේ විනෝද වුණා. තුන්වෙනි වසරේ දේශපාලනය කෙරුවා. ඉගෙන ගත්ත වැඩෙත් හොඳටම කළා. ඔක්කොම කළා ප්‍රේම කිරීම ඇරෙන්න.
අපොයි ඒ මොකද?
ඉස්කෝලෙ කාලෙ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ලියුම් ලියන කාලෙ ප්‍රේමයක් ඒක. ටික කාලෙකින් ඒක
නැති වුණා. පස්සෙ ධර්මාශෝකෙ උගන්නන්න ගියාම එහෙදි මුණ ගැහුණු කෙනෙක් එක්ක ප්‍රේම පලහිලව්වක් ඇති කරගෙන එයා කසාද බැන්දා. විශ්වවිද්‍යාලයේ ඉද්දිත් ගමේ ප්‍රේමය කරගෙන ගියා. ඒත් ඒක අතරමග නැවතුනා.
ගුරු ජීවිතේ දුරදිග ගියේ නැත්තේ මොකද?
අවුරුදු පහක් විතර තමයි ඉස්කෝලෙ ඉගැන්නුවෙ. රසායන විද්‍යාව, ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය
වගේ විෂයන් තමයි ඉගැන්නුවෙ. 1982 තමයි මම පරිපාලන සේවා විභාගය ලියන්නේ. මම චාර්ටඩ්
එකවුන්ටන් විභාගෙ ලියන්න ක්ලාස් ගියා. ඒක අතරමග නැවතුනා. ඔය ඉන්න අතරෙ යාළුවෙක් කිව්වා
පරිපාලන සේවා විභාගෙ ලියන්න කියලා. මම ලිව්වා. පාස් වුණා. ඊට පස්සෙ තමයි මැතිවරණ
දෙපාර්තමේන්තුවෙ රස්සාවට ආවෙ. දැන් වෙලාවකට හිතෙනවා ටීචින්වලම හිටියනම් හොඳයි කියලා.
එහෙනම් දැන් පෙන්ෂන් ගිහින් ගෙදරට වෙලා ඉන්න තිබුණා.
විවාහය සිද්ධවෙන්නෙ කොහොමද?
ගමේ පාසල් ප්‍රේමයෙන් පස්සෙ ටික කාලයක් හිටියා. පස්සෙ විශ්විවද්‍යාලයෙන් ගමේ ඉස්කෝලෙට
උගන්වන්න ගියාම ඒකෙදි ගෑණු ළමයෙක් එක්ක පෙම් පලහිලව්වක පැටලුණා. එක ස්ටාෆ් එකේ අපි. එහෙම තමයි ඒක කෙරුණෙ. 1986 දි අපි විවාහ වුණා. අපි 2000 වෙනකම් අම්බලන්ගොඩ හිටියෙ. අයියල
මල්ලිලා කවුරුත් කොළඹ පදිංචියට ආවා. පුතා විභාගෙ පාස්වෙලා රෝයල් එකට දාන්න තමයි අපිට කොළඹ එන්න වුණේ. ඔය අතරේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ කොළඹ ඔෆිස් එකේ වේකන්සියක් තිබිලා මට එන්න පුළුවන් වුණා. බිරිඳ රමණියි දරුවොයි මොරටුවෙ කුලී ගෙදරක පදිංචිවෙලා හිටියෙ මුලින්. රමණි වේල්ස් කුමාර විද්‍යාලයට මාරුවක් හදාගත්තා. එයා 2016 පෙන්ෂන් යනකම් ඒකෙ ඉගැන්නුවෙ.
අපි පස්සෙ මොරටුවෙ ඉඩමක් අරන් ගෙයක් හැදුවා. දැන් පුතා ඉන්නේ ඒ ගෙදර. අපි ඉන්නේ බම්බලපිටියේ පරණ ඉලෙක්ෂන් කමිෂනර් ඉඳපු ගෙදර. අපිට දුවෙකුයි පුතෙකුයි ඉන්නෙ. පුතා ඉරිගේෂන් එකේ ඉංජිනේරුවෙක්. දුව ලේඩි රිජ්වේ එකේ ඩොක්ටර් කෙනෙක්. පුතාට 31යි. දුවට 28යි. දෙන්නම දැන් කසාද බැඳලා එයාලටත් දරුවො ඉන්නවා. මම දැන් සීයා කෙනෙක්. අපිට තිබුණෙ නැති දේවල් අපේ දරුවන්ට අද තියෙනවා. අදටත් මට කාර් එකක් නෑ. මට කාර් පදින්නත් බෑ. මම වාහන පදින්න බයයි. මට ෆුට් බයිසිකල් විතරයි පදින්න පුළුවන්. මට වාහන එළවනකොට හිතෙන්නෙම ඉස්සරහින් එන වාහනේ හැප්පෙයි කියලා. යාළුවො එක්ක පුරුදු වෙන්න පැද්දා. බැරිම තැන මම වැඩේ අත ඇරලා දැම්මා. වාහන
එළවන්න වගේම බල්ලොන්ටත් මම අප්‍රමාණ බයයි. එක සැරයක් බල්ලෙක් කාලා බුරිය වටේ ඉන්ජෙක්ෂන්
විසි එකක් විදලා තියෙන්නේ.
මැතිවරණ රාජකාරි ජීවිතේ ඉහළම පුටුවට එන්න ටාගට් එකක් තිබුණද?
කොයි වෙලාවකවත් එහෙම එකක් තිබුණෙ නෑ. ලැබෙන වැඩක් කළා විතරයි. ලොකු ලොකු බලාපොරොත්තු ඉලක්ක මේකෙ මට තිබුණෙම නෑ.
විශ්‍රාම ජීවිතේ සැලසුම් කරලද තියෙන්නෙ?
විශේෂ සැලසුමක් නෑ. හෙට යන්න පුළුවන් නම් ඒත් ලෑස්තියි. ඒත් සමහර දේවල් අපිට ඕන වුණාට ඒ
වෙලාවටම අත අරින්න බෑ.
විනෝදයට මොනවද කරන්නේ?
පිළිසඳර තමයි මගේ ලොකුම විනෝදය. කාත් එක්ක හරි කයියක් දාගෙන ඉන්න එක තරම් විනෝදයක් නෑ. හිංදි චිත්‍රපටි බලන්න ටිකක් රුචියි. කාර්ය බහුලකමත් එක්ක ඒවටත් වෙලාවක් නෑ. සිංහල චිත්‍රපටි නම් බැලෙනව අඩුයි. අනික ඒ සමහර චිත්‍රපට ගැන ඔයාල ලියන ඒවා දැක්කම බලන්න තියෙන උනන්දුව
එහෙමම නැතිවෙනවා. ඊළඟට කියවීමට තමයි ලොකුම කැමැත්ත. අහුවෙන ඕනෑ දෙයක් කියවන එක තමයි පුරුද්ද. ලංකාදීපෙ එක්ක දෙන සතුට චිත්‍රකතා පත්තරෙත් මං කියවනවා. ඉඩක් ලැබුණම වේදිකා
නාට්‍ය නම් බලනවා.
ඒ වගේම ඔබ සමාජ මාධ්‍ය ඇතුළෙ සක්‍රීය චරිතයක්.
ඉතා සක්‍රිය චරිතයක්. ඒකෙ තදින්ම ඉන්නවා. ඇබ්බැහිවෙලා කියන්න බෑ. රාජකාරිවලට බාධාවක්
නොවෙන විදිහට ඒ මාධ්‍ය එක්ක ගනුදෙනු කරනවා.
විනෝද වෙද්දි අඩියක් පුඩියක් එහෙම ගහනවා. මට ඉතිං සාදවලට ආරාධනා අඩු නෑ. අඩි සහිත සාද
වගේම අඩි රහිත සාදත් තියෙනවා ඒ අතර. විනෝදයට සාදයක් දාන්න බීම ඇතුවත් පුළුවන් නැතුවත්
පුළුවන්නෙ. ගමේ ගියාමත් යාළුවො මුළුගැහිලා සාද දානවා.
ගමේ යනවද නිතර?
නිතර යැවෙන්නෙ නෑ. අදත් ගමේ යන්න හිතං හිටියෙ. ඒත් බැරිවුණා. නෝනයි දුවයි ගියා. ගම අතඅරින්න
බෑ. කිඹුල්වත්පුරෙන් එන සුවඳත් සැපයි කිව්ව වගේ අම්බලන්ගොඩ තමයි ගම. හැබැයි දැන් අපි ගමටත්
නැති නගරෙටත් නැති තැනක හිරවෙලා. හරියට දෙදිය මාලුවො වගේ. උන්ට කරිජ්ජත් නෑ හරියට මිරිජ්ජත් නෑ. දෙදිය මාලුවො වගේ අපි දැන්.
ප්‍රියන්ත කොඩිප්පිලි - ලංකාදීප
| Mama priyakaranama charithayak! | 13 | POSITIVE |
ncpp_train_38818 |
ඊයේ 29 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කර තිබේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 05 ක
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 25 කින් අඩු වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සඳහන් කළේය.
රුපියල් 138 කින් අඩුවන කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 615 ක් සහ කිලෝග්‍රෑම් 2 යි දශම 3 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 283ක් වේ.
ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකම අලෙවි කරන ගෑස් සිලින්ඩර මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස සංශෝධනය වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසීය.
| ලබන මාසේ 138 x 2 කින් ඉහල යන බව කිව හැක. | 16 | POSITIVE |
ncpp_train_38819 |
උසාවියට අපහාස කළ චෝදනා මත වසර 4 ක සිර දඩුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිය නිදහස වෙනුවෙන් කිහිපදෙනෙකු හරහා ජනපති සමාව ඉල්ලුම් කළ නමුත් මේ දක්වා ඊට ඇහුම්කන් දීමක් සිදුව නැත.
ඔහු හමුවීමට ඊයේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි හා කාවින්ද ජයවර්ධන යන දෙදෙනා හමුවේ රන්ජන් දන්වා ඇත්තේ තමා සිරමැදිරියේ ‘දේශපාලන සිරකරුවෙකු‘ ලෙස දඩුවමක් විඳින බවයි. එසේම තමන්ගේ නිදහස වෙනුවෙන් මානව හිමිකම් ඉල්ලා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙතද පැමිණිල්ලක් කරන ලෙස ඔහු දන්වා ඇත.ඊයේ රන්ජන්ගේ තොරතුරු විමසා එළියට පැමිණි කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා මේ ගැන මාධ්‍ය වෙත හෙළිකර සිටියේය.
| ඔව් එක තමා හරි. ඕක කලින් කරන්න තිබුනේ, මොකද රන්ජන් කිව්වේ අධිකරණයේ සමහරක් විනිසුරන් දුෂිතයි. කියල . එතකොට අපේ ගොන් ආණ්ඩුව කලේ රන්ජගෙන් පලි ගන්න හිරේ දැම්ම. වෙනත් රටකදී ඕක උනානම් කරන්නේ රන්ජන් සාක්ෂි කාරයෙක් කරලා ධුෂිතයි කිවූ අධිකරණය ගැන හොයන එක. මම නම් මුල ඉදලම විරුද්ද උනා රන්ජන් ජනාදිපති සමාව ඉල්ලා සිටීම ගැන. ඒවා තියෙන්නේ මිනි මරුවන් නිදහස් කරන්න . ජනාධිපති සමාව ලැබුණානම් රන්ජන් මුලදී කියූ කතා වල වටිනා කමක් නැතුව යනවා. මේක අපි ජාත්‍යන්තර අධිකරණයකින් විසදගමු | 123 | POSITIVE |
ncpp_train_38820 |
වාද්දුව කාර්-දුම්රිය අනතුර
බීමත්කම නිසා වුණ වින්නැහියක්
වාද්දුව පොතුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (27 වැනිදා) සවස සිදුවූ අනතුර එම වාහනය පැදවූ අයගේ අධික බීමත්කම මත නොසැලකිල්ලෙන් රිය පැදවීම හා වළක්වාගන්නට හැකියාව තිබුණත් බීමතින් කරුණු තේරුම් ගැනීමට අපහසුවී යාම මත සිද්ධවූ අනතුරක් බව මේ වනවිට අනාවරණයවී තිබේ.
මෙම අනතුර අනාරක්ෂිත දුම්රිය මාර්ගයක සිද්ධ වූවක් ලෙස මාධ්‍ය ඔස්සේ මුලින් කරුණු වාර්තා වුවද එම ස්ථානය ආරක්ෂාවට සිටි මුරකරු සිය රාජකාරිය හරියාකාරව ඉටු කිරීමට කටයුතු කර තිබුණ නමුත් ඔහු එක් පියනක් වසා අනෙක් පියන වසන්නට උත්සාහ දරන අවස්ථාවේ
එපා කියද්දී ගේට්ටුව අතරින් වාහනය දැමීම නිසා මෙම අවාසනාවන්ත මරණ 5 සිදුව ඇත.
ගජ මිතුරන් බව කියැවුණ මෙම පස්දෙනා වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙරළ තීරයක ඉරිදා විවේක සන්ධ්‍යාව ගතකරමින් බොන පාටියක් දමා ඇත. දවල් කෑම ගන්නට ඔවුන් සවස 3 පසුවී පිටත්ව ඇත්තේ පස්දෙනාම මෝටර් රථයෙන් ගාලු පාරේ හෝටලයකට යාමේ අදහසිනි.
ඊයේ සවස 3.50ට පමණ මාතර සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය පැමිණෙන බවට සංඥා නිකුත්වී අනතුර සිදු වූ ස්ථානයේ ගේට්ටුකරු එක් දුම්රිය ගේට්ටුවක් වසා අනෙක් ගේට්ටුව වසා
දැමීමට යද්දී ඔහු කරන කටයුත්ත ගැන අවබෝධයක් නැතිව සාමාන්‍ය වේගයෙන් පැමිණෙමින් තිබූ මෝටර් රථය දැක තිබේ. එය අනතුරුදායක සීමාවට ළඟාවන්නට උත්සාහ දරන බව පෙනී ගිය ගේට්ටුකරු අත දමමින් කෝච්චියක් එනවා දාන්න එපා දාන්න එපා යයි කෑ ගසා ඇති මුත් වාහනයේ රියදුරු ඇතුළු පිරිස ඒ කියන දේවල් තේරුම් ගන්නට අපහසු මට්ටමක සිටින අය බව ගේට්ටුකරුට පෙනී ගොස් ඇති අතර ක්ෂණයකින් දුම්රිය පැමිණි නිසා
ඔහුට එම අනතුර වළක්වන්නට හැකියාවක් ලැබී නැත.දුම්රියේ ගැටීමත් සමඟ මෝටර් රථය දුම්රියේ ඇමිණී මීටර් 500 ක් දුරට ඇදී ගොස් තිබේ. එක් අයෙකු විසිව ගිය අතර ඔහු එතැනම මියගොස් තිබේ. අනෙක් අය වාහනයේ සිරවී සිටියේ බරපතල තුවාල සහිතවය. වාහනයේ දොරවල් කඩා අවට පිරිස් ඔවුන් එළියට ගනිද්දී දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් ඉතිරි දෙදෙනාට තවම පණ ඇති බවත් දැක රෝහල් ගත කරන්නට කටයුතු කළ නමුත් ඔවුන් රෝහලේදී මියගොස් තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව, වාඩියමංකඩ හා වස්කඩුව යන ප්‍රදේශවල පදිංචිව සිටි පියල් සිල්වා, චන්ද්‍ර පේමලාල්, දුමින්ද යාපා, ශසීන්ද්‍ර සිල්වා, කොල්වින් සිල්වා යන අය බවත් ඔවුන් අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය කියයි. ඒ අය මස්සිනාලා දෙදෙනෙකු අදිකරණ සේවකයෙකු ත්‍රී රෝද රියදුරෙකු හා ව්‍යාපාරිකයෙකු වන බවද වාර්තා වෙයි.
මියගිය සියලු දෙනාම මත්පැන් පානය කර සිටින්නට ඇතැයි සැකකරන බව ද පොලිසිය පවසයි.
මියගිය පස්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (28 වැනිදා) පානදුර රෝහලේදී සිදුකිරීමට නියමිතය.
| ගේට්ටූ මුරකරු කෝච්චිය කට ලගට එනකන් ඉඳලද ගේට්ටූව වහන්නෙ. බීල වාහන එලවන එක වැරදියි. නමුත් ගේට්ටූ මුරකරු කල් වේලා ඇතුව ගේට්ටුව වහන්න ඔනේ. මේ පැත්තෙ ගේට්ටුව වහල එහා පැත්තෙ එක වහන්න යන්න ඕනෙනම් තත්පර 25ක් යයි. ඒ තත්පර 25 ඇතුලත කෝච්චිය ගේට්ටුවට ඇවිල්ලත් ඉවරයි. | 74 | POSITIVE |
ncpp_train_38821 |
පසුගිය දින දෙක තුළ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගේ මඟ පෙන්වීම යටතේ
පොලිස් මාධ්‍ය ඒකකයේ නිවේදන ඇණ හිට තිබූ අතර දැන් වාර්තා වන්නේ
පොලිස් මාධ්‍ය ඒකකය විසුරුවා හැරීමට ආරක්ෂක අමාත්‍යංශය
තීරණය කර තිබෙන බවකි.
ආරක්ෂක අංශ සහ පොලීසිය විසින් තොරතුරු මාධ්‍ය වෙත මුදා හැරීමේ නව විධිවිධානයක් ලබන සතියේ සිට හඳුන්වා දීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරියේදී පොලීසිය සමඟ සන්නද්ධ හමුදා එක්ව පුවත්පත් නිවේදන නිකුත් කිරීම හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සිදුකරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පැය 24 පුරාම ජාතික සිදුවීම් හෝ ප්‍රධාන සිදුවීම් පිළිබඳ නිවේදන නිකුත් කරන බවත් වෙනම මාධ්‍ය හමු පැවැත්වෙන බවත් දන්වා තිබේ.
| යුද්ද කාලෙයි, පසු කාලීනවයි තිබ්බ 'ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය' විදිහට ක්‍රියාත්මක කෙරුවොත් සුපිරි! | 49 | POSITIVE |
ncpp_train_38822 |
බැංකු කටයුත්තක් සඳහා යැයි කියමින් පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා ගල්ගමුව සොලෙපුර නිවසින් පිටව ගිය කාන්තාවක මේ වනතෙක්ම අතුරුදන්ව ඇතැයි ඇගේ මවුපියන් දන්වා ඇත.
නිසංසලා සඳමාලි රාජපක්ෂ නමැති ඇය අවුරුදු 25ක දෙදරු මවකි. අතුරුදන් වූ කානතාව අනුරාධපුර නගරයේ බැංකුවකට මුදල් ලබා ගැනීම සඳහා යන බව කියමින් ඉකුත් මස 26 වැනිදා උදෑසන 9.30ට පමණ සිය
මිත්තණිය සමඟ
පිටව ගොස් තිබේ. ඉන්පසු මිත්තණිය සමග තඹුත්තේගම නගරයෙන්
බැස ඇති ඇය මිත්තණියට අවශ්‍යව තිබූ කළමනා රැගෙන දී ඇයව බස් රථයකට නංවා පිටත් කර එවා තිබේ. එදා හවස සිට මෙවනතුරුම ඇගේ දුරකතනය ක්‍රියා කර නැත.
ගිරිබාව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව අනුරාධපුරේ බැංකුවට අදාළ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී
ඇය බැංකුවට ආ අයුරු සටහන්ව ඇති අතර බැංකුව ඇතුළේ සිට සල්ලි රගෙන පාරට එන දර්ශනද ඇත. නමුත් ඉන් පසු ඇයට සිදුවූ දේ ගැන සාක්ෂි හමුවී නැත.
අතුරුදන් වූ මෙම කාන්තාව කරුවලගස්වැව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කර ඇති අතර, අවුරුදු 8ක හා 4ක කුඩා පිරිමි ළමයින් දෙදෙනකුද සිටින්නියකි. සිය සැමියාගෙන් වෙන්ව ඇති ඇය එතැන් පටන් ජීවත්ව ඇත්තේ ඇගේ මවුපියන්ගේ නිවෙසේය. තොරතුරු දන්නේ නම් 0725691670 යන අංකයට දැනුම් දෙන ලෙස මවුපියෝ ඉල්ලා සිටී.
| දුරකථන ඇමතුම් පරීක්ෂාව, | 10 | POSITIVE |
ncpp_train_38823 |
බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා ජාලයේ මහ ලේකම් පූජ්‍ය. ගලගොඩ අත්තේ ඥානසාර හිමි ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් බන්ධනාගාර රෝහලට මාරු කර තිබේ.
බන්ධනාගාර ගිලන්
රථයකින් උන්වහන්සේ බන්ධනාගාර රෝහලට වැඩමකර ඇත්තේ ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාද පිරිත් සච්ඡායනා මධ්‍යයේය.
අධිකරණය තුළ කලහ කරමින් අපහාස වන ලෙස හැසිරීමේ වරදට ඥාණසාර හිමියන් නඩු දෙකකට මුහුණ දුන් අතර ඒ දෙකින්ම සිර දඩුවම් නියම කෙරිණි. පළමුවැන්නෙන් පසුව ඇප ලබා සිටියදී දෙවැන්න වසර 6 ක සිර දඩුවමක් ලෙස ලැබිනි. එම නියමය ලබන අවස්ථාවට දින දෙකකට පෙර ජයවර්ධන පුර රෝහලට ඇතුළත් වූ උන් වහන්සේට සැත්කමක් සිදු කළ නිසා නඩු දිනයට උසාවියට ආවේ නැති නමුත් තීන්දු ප්‍රකාරව ජපුර රෝහල් ඇඳ මත බන්ධනාගාර ආරක්ෂාව මැද සිරගතවන්නට සිදුවිය.
කෙසේ වෙතත් නීතිය ප්‍රකාරව උන් වහන්සේට දිගටම එම රෝහලේ කල්ගතකරන්නට අවසර නැති අතර බන්ධනාගාර රෝහලට මාරු වීමට සිදුව ඇති නිසා අද එම මාරුවීම සිදු කරන ලදි.
| මානව දයාව විකෘති කොට ජාතිවාදය වපුරවන්නට.. සංහිඳියාව විනාශ කරන්නට බුදුන්ගෙන් කිසිවෙකුටත් අවසරයක් නැත. ඒ නිසා බුදු දහම මෙරට තුළ පැවතීම හෝ නොපැවතීම තීරණය වනුයේ විශ්ව දහම තුල විශ්ව නීතියට අනුවය. එමෙන්ම නියම බෞද්ධයන් තුළ අන්‍යාගමිකයින් හෝ අන්‍ය ජාතීන් කෙරෙහි කුහකත්වය, ඊර්ෂ්‍යාව, වෛරය, කිසිසේත් පැවතිය නොහැක. ඥානසාර වැනි බුද්ධ දර්ශනයේ ගැඹුරු නොදත් රස්තියාදුකාර කහ කඩයින් සමාජය තුළ පුහු වීරයින් වන්නට බෞද්ධ ජනයා මුළා කරනු ලබයි. බුද්ධිමත් බෞද්ධ ජනයා මේවාට නොරැවටෙයි. නොසැළෙයි. නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට. | 9 | POSITIVE |
ncpp_train_38824 |
මුහුදේ දිය මත ලිස්සායාමේ ක්‍රීඩාවේ නිරතව සිටි පිලිපීන ජාතික කාන්තාවකගේ යට ඇඳුම ගැලවීමට උත්සාහ කළ බව කියන කිමිදුම්කරුවකු පෙරේදා (23) අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය කියයි. සිය සැමියා සමග මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි මෙම පිලිපීන ජාතික කාන්තාව ඇයගේ සැමියා ද සමග වැලිගම කප්පරතොට මුහුදේ දිය මත ලිස්සායාමේ ක්‍රීඩාවේ නිරතව සිට ඇති බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
කිමිදුම් ඇඳුම් කට්ටලයෙන් සැරසුණු පුද්ගලයකු පිලිපීන ජාතික කාන්තාව සමීපයට පිහිනා පැමිණ ඇය ඇඳ සිටි යට ඇඳුම ගැලවීමට උත්සාහ කළ අවස්ථාවේ ඇය එම පුද්ගලයාට වැර යොදා පා පහරක් එල්ල කර තිබෙන බව පොලිසිය කියයි. පා පහර කෑ කිමිදුම්කරු දිය යටින් ඈතට පිහිනා ගොස් ඇති බවද පොලිසිය පවසයි. පිලිපීන ජාතික කාන්තාව තමා මුහුණදුන් මෙම අප්‍රසන්න සිදුවීම සිය සැමියාට දැනුම් දී ඔහුත් සමග පැමිණ මේ බව ඇය වැලිගම මූලස්ථාන පොලිසියට පැමිණිලි කළාය. මෙම විදේශීය කාන්තාවන්ගේ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පොලිස් වසමට අයත් කප්පරකොට බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි. වැලිගම මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
| හරියට නීතිය ක්‍රියාත්මක නොවුනොත් සංචාරක කර්මාන්තයට හෙනහුරා ලබනවාමයි... | 7 | POSITIVE |
ncpp_train_38825 |
කවුද මේ ගිහානි වීරසිංහ කියන්නේ. කලක් ගුරුවරියක්, පසුව ගුවන් විදුලි නාලිකාවක ව්‍යාපාරික කළමනාකාරිනියක්. අන්තිමේ ඇය නිළියක්. නිළියක් කොහොමද පොදුරද මඬුලු උළෙලට ගියේ.
ගිහානි මේ ගැන පුවත්පතකට පවසා තිබෙන්නේ මේ ආකාරයටයි.
‘මම කේම්බ්‍රිඡ් සුදුසුකම් ලාභිනියක් විදිහට ගුරුවරියක් විදිහට ලයිසියම් ජාත්‍යන්තර පාසලේත්, ඊට පසුව
පාසල් කිහිපයක ගුරුවරියක් විදිහට සේවය කළා. ඊට අමතරව ඉංග්‍රීසි කථන ගුරුවරියක් විදිහට නිවසේ සිට කටයුතු කළ අතර, ACBT ආයතනයේත් පන්ති පවත්වාගෙන ගියා.
ඊට පසුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක කළමනාකාරිනී ප්‍රධානියෙක් විදිහට සේවය කළා. එහිදී මම වසර හතරක් විතර එම තනතුර දැරුවා. 2015 දී සිදුවුණු ආණ්ඩු පෙරළියත් එක්කම සමහර දේශපාලන කාරණා හින්දා මම එම මාධ්‍ය ආයතනයෙන් ඉවත් වුණා. ඊට පසුව තමයි රඟපෑමට ආරාධනා ලැබෙන්නේ.
ඊට පසු මම ටෙලි නාට්‍ය ගණනාවක රගවෑවා. පසුව මම ආන්යා කියලා මගේම නිෂ්පාදනයක් කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මම.
පෑනේ තිබෙන හයිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳව කතාවක් මුල්කරගෙන තමයි
ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ.
මම තමයි මේ දවස්වල බයිට් එක. සයිබර් අවකාශයේ බයිට වෙලා තියෙන්නෙ. ගිහානි වීරසිංහ, අන්තර්ජාලයෙ සහ මුහුණු පොතේ ගිහානිට නම් කිහිපයක් පටබැඳල තියෙනවා. එක නමක් තමයි ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශිකාව. අනෙක් නම තමයි ආයෝජන දූතිකාව. තවත් නමක් අලුතෙන් නිර්මාණය වෙනවා. මම හිතන්නේ ඒ නම් දෙක නෙගටිව් නම් දෙක වෙලා දැන් ඇවිත් තියෙනවා සුදුබෝල අක්කා කියලා. මෙවැනි අන්වර්ථ නාමවලින් මේ දවස්වල මාව හඳුන්වනවා. මම තමයි සමාජජාලාවල ඉන්න හිට් චරිතය. මේ කතා කරන මොහොත වෙනකොට (26 වැනිදා) පැය 72 ක් වෙනවා ඇත්තටම මාව නැවත නැවතත් කෙළෙසනවා.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමාජ ජාලාවල එක් එක් කාලවලට නැගලා එන තරුවක් විදිහට බැහැල යන්නේ නැතිව කාටවත් මාව දේශපාලනික හෝ සමාජමය වශයෙනුත් වෙනත් ඕනෑම දෙයකට මාව පාවිච්චි කරන්න ඉඩ නොදී මට මේ සිදුවුණු අසාධාරණය තවත් කාන්තාවකට සිදුවන්න ඉඩ දෙන්නේ නැතිවෙන්න මම සටන් කරනවා. මට සිද්ධවුණේ අසාධාරණයක්. මම නිර්දෝෂයි. මේ අවස්ථාවේ මම පට්ට නිර්දෝෂයි. නමුත් මට ඉතාමත් සාවද්‍ය විදියට චෝදනා එල්ල කළා. සයිබර් අවකාශය තුළ මාව ගණිකාවක් කළා. ඒ වගේම රටේ නායකයාව සල්ලාලයෙක් කළා. මීට වඩා හොඳයි මම සියදිවි නසා ගන්නවා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මෙවැනි දෙයක් තවත් කාන්තාවකට සිද්ධ නොවන්න මම සටන් කරනවා.
පොදු රාජ්‍ය මණ්ඩල මහා සමුළුවේ ආයෝජන ප්‍රවර්ධන සැසියට මම සහභාගි වුණා. ඒක සහ ලන්ඩන් ගමනේදී සිදුවුණ සිදුවීම් මම සහ මගේ සැමියා විසින් අන්තර්ජාලයට මුදාහල ඡායාරූප සහ වීඩියෝ පට නිසා තමයි මේ වාගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ. අප මේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරියේ ඒවායේ කිසිදු රහස්‍යභාවයක් සහ අසභ්‍යත්වයක් නොතිබුණු නිසයි. අපිට ඒකට පූර්ණ අයිතියක් තියෙනවා.
සමාජ ජාලවලට කලින් රූපවාහිනී නාලිකා දෙකක් අපේ පෞද්ගලික ගිණුම්වල තිබුණු වීඩියෝවක් අරගෙන ඔවුන්ගේ බ්‍රේකින් නිවුස්වල ප්‍රචාරය කරලා තියෙනවා. ඔබ බලන්න ලංකාවේ නිවුස් ප්ලාන්ට් කරන විදිහ. මේක තමයි ලංකාවේ මාධ්‍යයේ ක්‍රියාදාමය. ඇත්ත සිද්ධිය මීට වඩා හාත්පසින්ම වෙනස්.
2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයන්ගේ සමුළුවට සමගාමීව පවත්වනවා ආර්ථික සැසිවාරයක්. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගලික ව්‍යවසායකයන් සහභාගි වෙනවා. හැම අවුරුද්දකම පවත්වන මේ සමුළුවේදී ඒ දේ සිද්ධ වෙනවා. මේක ව්‍යාපාරික සමුළුවක්.
ශ්‍රී ලංකා යුරෝපා යූනියන් බිස්නස් කවුන්සිල් කියන ආයතනයෙන් තමයි මම සහභාගි වුණේ. ඒ ආයතනයේ සභාපතිවරයා විදිහට මගේ සැමියා කටයුතු කරනවා. මම මීට කලින් සඳහන් කළ මගේ පෙර වෘත්තිය වුණේ මාධ්‍ය ක්ෂේත්රයේ ව්‍යාපාර කළමනාකාරී අංශය කියලා. මට හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතාවක් තිබුණා. මට හොඳ මාර්කටින් නෙට්වර්ක් එකක් තිබුණා.
ඒ දක්ෂතා අනුව මගේ සැමියා මේ ආයතනයේ වයිස් ප්‍රසිඩන්ට් පබ්ලික් රිලේෂන් කියලා තනතුරක් ලබා දෙනවා.
ඊට පස්සේ මම ඇතුළු තවත් හතරදෙනක් (හයදෙනකුගේ කණ්ඩායමක්) අපේ පෞද්ගලික වියදමින් එංගලන්තය බලා යනවා එහි සිටිය ආයෝජකයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට. එහි සිටින ආයෝජකයන්ගේ අවශ්‍යතාවය වන්නේ ලංකාවේ ටෙන්ඩර් දමා ඉදිරිපත් කරන ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න. ඔවුන්ට අවශ්‍ය වෙනවා ඒ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න. මේ නිසා ඔවුන් අපිව ඒ රටට ගෙන්වා ගන්නවා. ඉතිං අපි ඔවුන් සමඟ මේ ආර්ථික සැසිවාරයට සහභාගි වෙනවා. එතකොට අපි මේ සැසියට සහභාගි වෙන්නේ පෞද්ගලික වියදමින්.
අපිට වීසා හම්බවෙන්නේ දවස් පහක් වැනි ඉතාමත් කෙටි කාලයකම කාලයක් ඇතුළත. අපි වීසා ලබා ගන්නේ ආයෝජකයන්ගේ ආරාධනා පත්‍රය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරල විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් වීසා ලබා දෙනවා. මෙන්න මෙතැනදී විතරයි ජනාධිපති ලේකම් කාර්යාලය වීසා ලබා ගැනීමේ පටිපාටියට සහභාගි වෙන්නේ. ආර්ථික සැසිවාරය තිබුණේ නැත්නම් අපිට වීසා ලබා ගැනීමට හැකි වන්නේ නෑ. එතැනදී ආයෝජනයක් ලැබුණා නම් සමාගමක් විදිහට අපිට කොමිස් මුදලක් ලැබෙනවා. ඕක තමයි සරල සිද්ධිය.
ජනාධිපතිතුමා රැස්වීම් තුනකට සහභාගි වෙනවා. එක් රැස්වීමක් තමයි එරට සිටින ව්‍යාපාරික ප්‍රජාව. අනෙක් රටවල ව්‍යාපාරික ප්‍රජාව සහ මෙරටින් ගිය ව්‍යාපාරික ප්‍රජාව ඇමතීම. ඒ රැස්වීම්වලට අපි සහභාගි වෙනවා. එතැනදී ගන්නා ඡායාරූපයක් තමයි වයිරල්ගත වෙලා සමාජ මාධ්‍ය ජාලය කතාවක් හදන්නේ. එතැන හිටපු සියලුම දෙනා ජනාධිපතිතුමා සමඟ විතරක් නෙමෙයි ඇමැතිවරුන් සමඟ පවා පින්තූර අරගත්තා. ඒ පින්තූරත් මාධ්‍යයට යනවා. එතකොට අපි නැවතිලා හිටියේ ජනාධිපතිතුමා නැවතිලා හිටපු හෝටලයේමයි.
හැබැයි අපේ පෞද්ගලික වියදමින්. මේ සඳහා අපිට වියදම් කළේ අපිට එහෙට එන්න කියලා ආරාධනා කරපු ආයෝජකයෝ. ඔය අතරතුර ඩිලාන් අමාත්‍යවරයා, ලක්ෂ්මන් අමාත්‍යවරයා වගේ තවත් හිටපු අමාත්‍යවරයෙක් ඒ හෝටලයට ඇවිත් ගියා ජනාධිපතිතුමාව මුණ ගැසීමට. අපි කාරණාව ඇත්තටම මොකද්ද කියන්න දන්නේ නෑ. අපිව දැක්කහම ඔවුන් සතුටුවෙනවා. එතැන හිටපු ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයන් පිරිසක් ලන්ඩන් නුවරට එනවා රාත්‍රි කෑම වේලකට. එතැනදී තමයි අපි ඇමැතිවරු එක්ක සතුටු සාමීචිව කතා කර කර හිටියේ. එතැන හිටපු කෙනෙක් කියනවා අද ඩිලාන් ඇමැතිතුමාගේ උපන් දිනය කියලා. එතැනදී ඇමැතිතුමාගේ උපන්දිනය සැමරුවා. ඒ පින්තූර තමයි ඔය වෙබ් අඩවි පළ කරලා තියෙන්නේ.
මට අන්තිමේ ඇමැතිවරුන්ගේ නම් පටබැඳිලත් කතා හැදුනා. එතැනින් තමයි පටන් ගත්තේ. මම අහන්නේ ඕක කතාන්දර හදන්න ඕනෑ දෙයක්ද කියලා.
මේ ගසන මඩ ප්‍රචාර බොරු කියලා අපි දැනට ඔප්පු කරලත් තියෙනවා. අපි රජයේ වියදමෙන් ගියේ නෑ. සාක්ෂි සියල්ලම තියෙනවා.
මඩ ගහගෙන යන්න පටන් ගත්තාම හැමෝටම හිමින් සීරුවේ ඇත්ත මොකද්ද කියල තේරෙනකොට ඔවුන් කියන්න පටන් ගත් දෙයක් තමයි ආයෝජකයන්ගේ සුරදූතිකාව කියලා. මට මෙතැනදී විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා.
මගේ ආයතනයේ හැඳුනුම්පත අරගෙන හරියට මම අහනවා මුලින්ම කිව්වේ මම රජයේ මුදලින් ගියා කියලා. ඒක කරගන්න බැරිවුණා. ඊට පස්සේ ඔවුන් බලනවා කතා හදලා දේශපාලනික වශයෙන් මඩක් ගහන්න. ඒකත් බැරි වෙනවා. ඊළඟට ඔවුන් අරගන්නවා මට තනතුරු දෙකක් දීලා කියලා. ආයෝජක සුරදූතිකාව සහ ආර්ථික උපදේශිකාව. දැන් ඒකත් නැති වේගෙන එන්නේ. කිසිම වැරැද්දක් නොකරපු මට මඩ ගහන්නේ ඇයි. මොවුන්ට මෙයින් ලැබුණු ප්‍රතිලාභය මොකද්ද? මට එච්චරයි දැන ගන්න ඕනෑ.
සාකච්ඡාව- දිනේෂ් විතාන (දිවයින)
ඇය ප්‍රකට කර තිබෙන ඡායාරූප එකතුවක් පහතින්
| මේ වගේ 10 ක් හිටියා නම් ආයොජන ගඟක් වගේ ගලා එන්න වැඩක් කල හැකියි. | 69 | POSITIVE |
ncpp_train_38826 |
පසුගියදා පැවති චන්දිමාල් උපන්දින සාදයේදී ආන්දෝලනාත්මක චරිත දෙකක් වන පියුමි හංසමාලි හා රන්ජන් රාමනායකගේ පොටෝ සහ වීඩියෝ ගන්නට කැමරාකරුවන් පොරකෑ බව වාර්තා විය.
මෙම දෙන්නාම දුරකථන සංවාද කිහිපයක් නිසා මීට ඉහත රටේ මාතෘකා සැපයූ දෙන්නෙකු වීමත් ඔවුන්ගේ සරාගී ඉරියව් සහිත ඡායාරූප වීඩියෝ වලට ඉල්ලුමක් පැවතීමත් එයට හේතුවිය.
එම අවස්ථාවේ බාහිරව සිට ලබාගත් වීඩියෝවක් පහතින්
| ගොන් බඩු සහ ගොංජා😂😂 එකම ටයිප් එකේ උන් එක ගොඩේ... අව්ල ඒක නෙවේ ඒ වගේ ගොන් නාම්බන්ව පාර්ලිමේන්තු එවන ජනතාවක් මේ රටේ ඉන්න එක. | 74 | POSITIVE |
ncpp_train_38827 |
අද (30) දින අළුයම් කාලයේදී මීගමුව පොලිස් වසමේදී මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ.
මෙහිදී ගණිකා නිවාසය කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා ගණිකා වෘත්තියේ යෙදීමේ අදහසින් රැදී සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.අත් අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් වයස අවුරුදු 21 හා 40 ත් අතර වයස් කාණ්ඩ වල පසුවන දංකොටුව, බත්තරමුල්ල, තිහගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.සැකකරු හා සැකකාරියන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
| ලංකාව වගේ ජිවත් වෙන්න අමාරු රටක ජිවිතේ ගැටගහගන්න හදන ඔය අහිංසක ගැනු අතැරලා දාන්න.. රටේ ඉන්න හොදම ගණිකාවෝ ඉන්නේ දුෂිත අධි *රණයේ ... රෑට එක එක දේශපාලුවෝ ගානේ බිලා උන් එක්ක නිදාගන්නවා... පහුවදාට සුද්දවන්තයෝ වගේ අරුන්ට ඕන තීන්දු තීරණ දෙනවා... නිදොස් කොට නිදහස්! ... (පසුබිමින් සංගීතය සෙමෙන් ඇසේ: විශ්වය පුරා පැතිරී ගියා ...) | 9 | POSITIVE |
ncpp_train_38828 |
පසුගියදා පැවති විරෝධතාවයකදී යකඩ බාධකයක් හිසමත කඩා වැටීම නිසා තුවාල ලත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කොළඹ නවලෝක රෝහලේ තවම
ප්‍රතිකාර ලබයි.
ඔහුගේ තත්වය දැන් සුව අතට හැරී ඇත.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක් නොවූ නමුත් සියල්ල පසුපස සිටින නායකයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහලට ගොස් රෝහිතගේ සුවදුක් විචාරන්නට ඊයේ කටයුතු කළා. එම අවස්තාවේ ඡායාරූප දෙකක් මේ සමග පළවේ.
| රාජපක්ෂවරු හොරකම් කළාම කියමුකෝ. අපි නම් ඒ හොරකම් වලින් උපයපු ගණන් වලින් මේ රටේ නැතිකළ මරබියේ වටිනාකම, ඉතුරුකළ ජිවිත වල වටිනාකම, ඉතුරුකළ මහජන දේපල වල වටිනාකම, අබ්බගාත ශරීර, වැන්දඹුවෝ බිහිවීම වැළැක්වීමේ වටිනාකම, අපේ දරුවන්ට නිදහස් රටක් හෙට දවස වෙනුවෙන් ලබාදීමේ වටිනාකම එහෙම අඩුකරලා තමයි ගණන් බලන්නේ. එහෙම බැලුවොත් අපි පරම්පරා හතක් ගෙව්වත් ගෙවා ගන්න බැරි තරමට ඒ රාජපක්ෂ පරම්පරාවට ණයයි. | -13 | NEGATIVE |
ncpp_train_38829 |
අද (31) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙයිලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම මිල ගණන් පහත පරිදි වෙනස්කර තිබේ.
| ඡන්ද තියන්නෙ නැතිව ඉන්න කරන්න පුළුවන් හැමදේම කරයි. හැබැයි විසඳුම හමුදා පාලනයක් නෙවෙයි. හමුදාව බලය ගත්ත රටවල් කෙටිකාලීනව හොඳයි වගේ පෙනුනට දීර්ඝ කාලීනව තිබිබටත් වැඩිය අගාධවල වැටිල තියෙන්නේ. කලාපයෙන්ම උදාහරණ ඕනෑතරම් තියෙනවා. | 5 | POSITIVE |
ncpp_train_38830 |
අනුරාධපුර මැගසි න් මාවත (තිසාවැව ඉදිරිපිට) ප්‍රදේශයේ සිංහල පිරිසක් මුස්ලිම් පුද්ගලයන්ට තියුණු ආයුධ වලින් පහරදෙන බව පවසමින් ජාතිවාදය ඇතිවන අන්දමේ බොරු තොරතුරු සපයමින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබාදුන් මුස්ලීම් ජාතිකයකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ මෙහෙයුම් අංශයේ
නිලධාරීන් පෙරේදා (27දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවුඩයට අනුව සිංහල පිරිසක් ආයුධ සන්නද්ධව මුස්ලිම් පිරිසට පහරදෙන බව සැලවි වහාම අනුරාධපුර මැගසී මාවත ප්‍රදේශයට පොලිසිය ගොස් තිබේ.
දරුණු ගැටුමක් ඇතිවෙමින් පවතින බවට ඇමතුම්
දුන් පුද්ගලයා කියා තිබූ අතර පොලිස් නිලධාරීන් එම ගැටුම වැළක්වීම සඳහා ආයුධ සන්නද්ධව විසි දෙනෙකුගෙන් පමණ සමන් විත පිරිසක් එහි ගොස් ඇතත් ප්‍රදේශය සාමකාමීව තිබී ඇත. පොලිස් නිලධාරීන් ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කළ අවස්ථාවේ වෙළඳසලක පුද්ගලයකු බීමතින් ජංගම දුරකථනයක් අතෙහී තබාගෙන සිටින අයුරු දැක ඔහු පරික්ෂාවට ලක්කළ අවස්ථාවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට බොරු දුරකථන ඇමතුම් දුන් පුද්ගලයා ඔහු බව පොලිසිය තහවුරු කර ගෙන ඇත.
කෝන්තරයක් පිරිමසා ගැනීම සඳහා සැකකරු සිංහල ජාතිකයන් පිරිසක් කලහකාරී අනද මින් හැසිරෙන බව පවසමින් ජාතිවාදය අතිවන අන්දමින් බොරු දුරකථන ඇමතුමක් දී තිබෙන අතර පවතින තත්වය හමුවේ ජාතික ආරක්ෂාව සමච්චලයට ලක් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිසිය අපහසුතාවට පත් වන ආකාරයෙන් ක්‍රියා කිරීම නිසා ආවේගශීලීවූ පිරිසක් සැකකරුට පහරදීමට උත්සාහ කළත් පොලිසිය එම තත්වය සමනය කර තිබිණි.
-මහේෂ් විජේසුරිය-
| දර්ගා උනෙත් ඕක තමා ,තම තමන් ම කරගෙන හදිස්සි කාර සිංහලයෝ පිට පැටෙව්වා .එතකොට කොහොමද බංගලි, සෞදි ,කටාර්,ඉරාන් ,ඉරාක්,මැලේසියන් එම්බසි වලින් බැස්ස බහිල්ල. කෝ දැන් ??.අපේ අමනයිනුත් යන්නෙම සද්දේ දාන්න නේ, උන් දන්නවා එක ගානට හොට පටලවල බලන් ඉන්නවා .මේ පාර වත් ඉගෙන ගත්ත පාඩම් වලින් ඉවසල මොලෙන් දෙන්න පුරුදු වෙයල්ලා . දරුවෝ දෙන්නෙක් ඉන්නවනම් මතක තියාගනිල්ලා උන් අනාගතයේදී දුක් විඳිනවා 4ක් වත් හදපල්ලා.පුළුවන් තරම් දුකින් ඉන්න මුස්ලිම් කෙල්ලන්ව බලාගනිල්ලා .උන් අහිංසකයි, බයයි දෙඉය්යෝ පරල වෙයි කියල.සරලවම ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන් . | 66 | POSITIVE |
ncpp_train_38831 |
මියගිය ඥාතියකු භූත වේශයකින් ලබාදෙන උපදෙස් මත බව පවසමින් දේව අස්න (ඉබේ ලියවෙන භූත ලෑල්ල) උපයෝගි කර ගනිමින් නිවෙස පිටුපස කැණීම් කරමින් නිදන් වස්තු ලබාගැනීමට උත්සාහ දැරූ දෙමස්සිනාලා බණ්ඩාරගම වැල්මිල්ල මාහිංගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ දේව අස්න හෙවත් ඉබේ ලියවෙන භූත ලෑල්ල, ග්‍රිල් කටු, උදලු මෙන්ම
පොළොව හෑරීම සඳහා උපයෝගි කරගන්නා අනෙකුත් උපකරණ රැසක් සමඟ පූජා භාණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.
වැල්මිල්ල මාහිංගමුව ප්‍රදේශයේ නිවෙසක් පිටුපස දිවා - රාත්‍රි කැණීම් කටයුතු සිදුකරමින් නිදන් වස්තු ලබාගැනීමේ උත්සාහයක නිවෙස් හිමියා සහ ඔහුගේ මස්සිනා යෙදෙන බවට බණ්ඩාරගම පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ හා විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරු අනුව බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන විට සැකකරුවන් නිදන් වළ හාරමින් සිට පිටතට පැමිණ සුළු මොහොතක් ගත වී තිබූ බව පොලිසිය කියයි.
නිවෙස පිටුපසට වන්නට මිල කළ නොහැකි මැණික්වලින් පිරුණු කළයක් තිබෙන බවට අත්අඩංගුවට ගත් සැකකාර ගෙහිමියාට මීට වසරකට පමණ ඉහතදී මියගිය මිත්තණිය හීනෙන් පැවැසූ බවත් එය ලබාගැනීමට උත්සාහ ගන්නා ලෙසද පැවැසූ හෙයින් එකී වසරක පමණ කාලයක සිට නිධානය ලබාගැනීමට උත්සාහ දැරූ බවත් ඒ සඳහා "දේව අස්න' ඉබේ ලියවන භූත ලෑල්ලක් උපයෝගි කරගන්නා ලෙස පැවැසූ බව ඔහුගේ ප්‍රකාශයකින් හෙළ වූ බව පොලිසිය කියයි.
බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් පන්දහසකට අධික මිලක් ගෙවා 'දේව අස්න' ඉබේ ලියවෙන භූත ලෑල්ලක් රැගෙන විත් මියගිය මිත්තණිය භූත වේශයෙන් ලබාදෙන උපදෙස් දේව අස්නට හඳුන්කූරු දුම දල්වා ලබාගැනීමට උත්සාහ කළද එලෙස උපදෙස් ලබාගැනීමට තමාට මෙන්ම බිරියටද නොහැකි වූ බවත් දියණිය ඒ සඳහා යොමු කිරීමෙන් පසු 'දේව අස්න' ට අත තැබීමෙන් පසු ලබාදෙන උපදෙස් ඉබේ ලියවෙන බවත් එලෙස ලබාදෙන උපදෙස් මත නිධානය ගැනීමට උත්සාහ කළ බවද සැකකරු පැවසූ බව පොලිස් නිලධාරියා කීය.
භූත ලෑල්ල ලබාදුන් උපදෙස් මත මෙම නිධානය ගැනීම සඳහා තම විශ්වාසවන්ත ඥාතියකු වූ බිරියගේ සහෝදරයා යොදා ගත් බව සැකකරු වැඩිදුරටත් පැවැසූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
සැකරුන්ගේ නිවෙස පිටුපසට වන්නට අඩි හයයි හය ප්‍රමාණයේ දිගින් හා පළලින් යුත් අඩි දහතුනක් පමණ ගැඹුරු විශාල වළක් හාරා එහි කොනකින් දෝනාවක් ආකාරයෙන් අඩි පහළොවක් ඉදිරියට පුද්ගලයන් දෙදෙනකුට යා හැකි ලෙස හාරා අනතුරුව එතැන් සිට පහළට පුද්ගලයන් දෙදෙනකුට පහසුවෙන් සිටගෙන සිටිය හැකි අයුරු විශාල වළක් හාරා එම දෝනාව තුළට විදුලිය ලබාගෙන තිබුණේ නිවෙසේ මුළුතැන් ගෙය සිට වයරයක් යොදාගෙන බවත් පොලිසිය කියයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බවට උපදෙස් ලබා නොදුන්නේ ඇයිදැයි විමසීමේදී සැකකරු සිනහවකින් පිළිතුරු ලබාදුන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
ප්‍රධාන සැකකාර නිවෙස් හිමියා හා ඔහුගේ මස්සිනා වන අනෙක් සැකකරු කහතුඩුව වෙනිවැල්කොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔවුන් දෙදෙනා වයසින් අවුරුදු 40 - 50 අතර පසුවන්නන් බවත් පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජය ඉරසිංහ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්කොස්තාපල්වරුන් වන බාලසූරිය හා දර්ශන ඇතුළු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ හා පොලිස් විශේෂ කාර්යාංශයේ බණ්ඩාරගම පොලිසියට අනුයුක්ත නිලධාරීහු වැටලීම සිදුකළහ.
- එම්.සී. පෙරේරා -
| ඌ උගේ වත්තෙ වලක් නෙවේ උමන් මාර්ගයක් හැදුවත් වටේ උන්ටයි පොලිසියට යි ඇති රුදාව මොකක්ද මල සමයං | 8 | POSITIVE |
ncpp_train_38832 |
වයස අවුරුදු 20ක තරුණයකු වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරිය දිගින් දිගටම පොලීසිය මගහරිමින් සිටින බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ ඊයේ (28) දැනුම් දුන්නාය. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 2006 අංක 16 දරන සංශෝධිත පනතේ 360 (1) ඊ වගන්තිය ප්‍රකාරව මෙම තැනැත්තිය වරදක් සිදුකර ඇති අතර අවස්ථා කිහිපයකදීම ඇයට තම කාර්යාංශයට පැමිණෙන ලෙසට දැනුම් දුන්නද ඇය එය මග හරිමින් සිටින බව ද ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලුම් කරමින් අදාළ ගුරුවරිය අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් අධිකරණය හමුවේ ඊයේ (29) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජානකී සෙනෙවිරත්න සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ති රේණුකා මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ. ඉල්ලුම්කාරිය වෙනුවෙන් නිතීඥ සහන් ප්‍රනාන්දු, නීතීඥ දිලුම් බණ්ඩාර, නීතීඥ සුජීව සෙනෙවිරත්න යන මහත්වරුන් සමග නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙම තැනැත්තිය අදාළ දරුවන්ගේ ගිණුමට රුපියල් 50,000 ක මුදලක් බැර කර ඇති බවත්, පරිගණක විද්‍යාගාරයේ සිට නිලඇඳුමින් ලබාගත් ඡායාරූප ද ඇති බවත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය:- ස්වාමිනී, මෙහි ඉල්ලුම්කාරිය ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා කළ පැමිණිල්ලකට අනුව සිය පෙම්වතා වන අදාළ තරුණයා (එවකට සිසුවා) ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් තමන්ට හිරිහැර සිදුකරන බවත් සඳහන් කර තිබුණා. ඒ අනුව එම සිද්ධිය විමර්ෂනය කළා. ඔහු අදාළ පාසලේ පරිගණක අංශයෙන් ඉගෙන ගත් සිසුවකු ලෙසින් වයස අවුරුදු 18ට අඩු කාලයේදී මෙම සිද්ධිය වී ඇති බවට කරුණු අනාවරණය වුණා. ඔවුන් ගල්කිස්සේ පිහිටි හෝටලයකට විවිධ අවස්ථා ගණනාවකදී ගිහින් තියෙනවා. ඒ සඳහා ඔන්ලයින් මගින් තමයි කාමර ස්වෙන්කරගෙන තිබුණේ. ඒ සඳහා ගිය මුල් දවස සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂනයක් කරමින් තිබෙනවා. මේ දරුවාගේ උපන්දිනය 2001 වශයෙන් සඳහන් වුණා."
මහේස්ත්‍රාත්වරිය:- නීතියට අනුව වයස අවුරුදු 18ට වැඩිවුණා නම් මේක නඩුවක් වෙන්නේ නැහැ. 18ට අඩු නිසා තමයි මේ නඩුවක් වුණේ. ඉල්ලුම්කාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා සඳහන් කර සිටියේ තම සේවාදායිකාවට මෙම සිද්ධිය මාධ්‍යවල ප්‍රචාරය වීම හේතුවෙන් උණ රෝගය වැළඳුණ බවත්, මේ වන විට මෙම ආදර සබඳතාවයක් හේතුවෙන් ඇය දඬුවම් විඳින බවත්ය. නීතීඥ අජිත් පතිරණ මහතා- ස්වාමිනී, මගේ සේවාදායිකාව පශ්චාත් උපාධිධාරිනියක්. ඇය උසස් පෙළ ළමයින් සඳහාත් තොරතුරු තාක්ෂණය ඉගැන්වීම් සිදුකළා. මෙම දරුවා අධ්‍යාපනයට උනන්දුයි. ඒ නිසාම නිතරම වාගේ ගුරුවරියට දුරකතනයෙන් කතා කරලා එක එක දේවල් ගැන අහගත්තා. පසුව ඇසුරකට ආවා. මගේ සේවාදායිකාව ඒ ඇසුර සමනය කරන්න නැත්නම් මග හරින්න උත්සාහ ගත්තා. ඇය පාසල් එන්නේ නැතුව ඒ දේ මගහැරියා. පාසල් භූමියේ ඇසුරක් පැවැත්වූයේ නැහැ. 2019 වර්ෂයේ ඔක්තෝබර් මාසේ දවසක හෝටලයට ගියා කියනවා. එතකොට පිරිමි ළමයාට වයස අවුරුදු 18යි. මේ පිරිමි ළමයාගේ පියා උසස් පොලිස් නිලධාරියෙක්. මේ විමර්ශනය ඒක පාර්ශවිකයි. මේ විමර්ශනයට අදාළ කතාව නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරන්න ළමා හා කාන්තා කාර්යාංශයට දීලා තිබෙනවා. මගේ සේවාදායිකාවට අපහාස කරන්නයි මේ දේවල් කරලා තියෙන්නේ. මේ දේවල් මාධ්‍යවල ගියාම ඇයට උණ ගත්තා. ආදර සම්බන්ධතාව නිසා ඇය දැන් ජාත්‍යන්තර වශයෙනුත් දඬුවම් විඳිමින් සිටිනවා.
මහේස්ත්‍රාත්වරිය:- දරුවන් සම්බන්ධයෙන් පාසල තුළදී වත්ම පාසල් කාලයේදී මෙවැනි ඇසුරවල් දෙමාපියන් කිසිදු විටෙක අපේක්ෂා කරන්නේ නැහැ. මෙහිදී දරුවා සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ අතර, අධිකරණය එම වාර්තා පරික්ෂා කර බැලීය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නඩුව අද (30) දක්වා කප්තැබීමට නියෝග කළේය. අදාළ බාලවයස්කාර දරුවා ඉගෙන ගත් පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක වූ මෙම තැනැත්තිය වසර හතරක් තිස්සේ පාසල තුළදී මෙන්ම විවිධ ස්ථානවලදීත් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකදීත් දරුවා අපයෝජනයට ලක්කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.(නිමන්ති රණසිංහ -lankadeepa)සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාවකොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකු වසර 4 ක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්වෙලා
| කාම ගින්න ඇවිස්සුණාම 18 අඩුද මැරෙන්න ඔන්න මෙන්නද කියලා පේන්නෙ නෑ, අහු වෙන්නේ කොතනද, එතන රති කෙළියේ යෙදෙන්න තමා වැඩ වෙන්නේ. දැන් මේ ගුරු ගෝල හුටපටයත් ඒ වගේ දෙයක්. ගුරාට පෙනුනේ නෑ කොල්ලා 18 අඩු එකෙක් කියලා. ගෝලයාට පෙනුනෙ නෑ ගුරා තමන්ගෙ වයස වගේ දෙගුණයක් වැඩිමල් ගෑනියෙක් කියලා. | 15 | POSITIVE |
ncpp_train_38833 |
ශ්‍රී ලංකාවෙන් 1985 වසරේදී පාකිස්තාන රජයට ලබාදී ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සත්ව උද්‍යානයේ තනිව හා පීඩාකාරි අයුරින් කල් ගෙවන ' කාවන්' නම් හස්තියා ඉන් නිදහස් කරන ලෙස එරට මහාධිකරණය පසුගියදා නියෝග කර ඇතැයි වාර්තා වේ. මෙම හස්තියා ශ්‍රී ලංකාව විසින් පාකිස්තානයට ලබාදෙන විට වයස
අවුරුද්දක් පමණ වී ඇති අතර කාවන් මේ වන විට 35 හැවිරිදි වියෙහි පසුවෙයි. එම හස්තියා 2012 වසරේ සිට එම සත්වෝද්‍යානයේ ඉතා පීඩාකාරි අන්දමින් තනිව ජීවත්වන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කාවන්ගේ , සහකාරිය ලෙස 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයට යැවූ ''සහේලි" නම් ඇතින්න 2012 දී මියයාමෙන් පසු කාවන් හස්තියා මෙසේ අට වසරක් පුරා තනිවම ඉස්ලාමාබාද් සත්ව උද්‍යානය තුළ ජීවත්ව තිබෙන්නේ නිසි පහසුකම්හෝ නොමැතිව බව වාර්තා වේ.
මෙම හස්තියාගේ නිදහස හා ඔහුට යහපත්ස්ථානයක් ලබා දීමේ අරමුණින් සුප්‍රකට ඇමෙරිකානු ගායන ශිල්පිනියක් වන (Cher) ඇතුළු ස්වේච්ඡා සංවිධාන එකමුතුවක් දැවැන්ත විරෝධාතාවක් ආරම්භ කර තිබූ අතර මෙම හස්තියා නිදහස් කරන්නැයි පාකිස්තාන් අධිකරණයට පෙත්සමක් ගොනුකරමින් ඉල්ලීමක් ද කර ඇත.
මෙම හස්තියාට නිදහස ලබා දෙන ලෙස එරට බලධාරීන්ට බලකරමින් ලක්ෂ දෙකක පිරිසක ගෙන් යුත් අන්තර්ජාල පෙත්සමක් ද අත්පත් කර ඇත.
මීට අමතරව මෙම හස්තියා පාදවල විංලගු යොදා දම් වැල් යොදා ගැට ගසා තිබෙන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර ඇති අතර ටකරං මඩුවක සිටි මෙම හස්තියා ඇතැම් අවස්ථාවල සෙල්සියස් අංශක 40 ට අධික උෂ්ණත්වයෙන් දැඩි ලෙස පීඩා විඳින බවටද වාරිතා කර තිබිණි.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පාකිස්තාන මහාධිකරණය කාවන් නම් මෙම හස්තියා යොමු කළ හැකි සුදුසු සත්ව උද්‍යානයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික බලධාරින් සමග සාකච්ඡා කොට දින 30 ක් ඇතුලත අධිකරණයට දැනුම් දෙන ලෙස ද එරට වනජීවී නිලධාරීන්ට නියෝග කර තිබේ.
මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරු අකාර් මිනල්ලා පවසා ඇත්තේ මෙම හස්තියාට පහසුකම් සැපයීමට සහ ජීවත්වීමට සුදුසු පරිසරයක් ලබාදීමට බලධාරින් ක්‍රියාකර නැති බවයි.
ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර ඇත්තේ කාවන් අලි ඇතුන් සිටින සංකීර්ණයකට හෝ රටින් පිටත ස්ථානයකට යැවිය යුතු බවයි.
අධිකරණය විසින් ලබාදුන් එම නියෝගය ලබාදීමත් සමග අමෙරිකානු ගායිකාව වන චෙර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ "එදින ඇයගේ ජීවිතයේ වටිනාම දිනය" යනුවෙනි.
මෙම තීන්දුව ප්‍රකාශ කිරිමෙන් පසු කාවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියා කරන්නැයි මෙරට සක්ව හිමිකම් සංවිධාන සමාජ මාධ්‍ය ඔස්සේ රජයෙන් ඉල්ලීම් ද කරමින් සිටීයි.
(ඩයනා උදයංගනී)
| well said bro.. | 3 | POSITIVE |
ncpp_train_38834 |
Update: Nov1 -11am.ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතනය තහනම්
නල්ලතන්නිය පීක්ෆීල්ඩ් වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා ඇති බව අද (1) වාර්තා විය.
ඊයේ (31) වතුයායේ නිරික්ෂණ චාරිකාවක නිරත වු මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින්මෙම තීරණයට එළැඹ ඇත.------------Update: Oct31 -2pm.ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව
සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය
පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය කර හරින ලද ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතනයක් ඉදිකරන්නට යන සංසිද්ධිය මේ වනවිට බොහෝ දුරදිග ගොස් තිබේ.
මෙම කතාව ජාතිවාදය,දේශපාලන විරෝධය හා පාරිසරික ප්‍රශ්න වැනි විවිධ කාරණා අවුස්සන සුළු මාතෘකාවක් බවට පත්ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේටද මාධ්‍ය ඉදිරියේ පිළිතුරු සපයන්නට කරුණු යෙදුණා.
ශ්‍රී පාදයට ආසන්නයේ බැසිල් රාජපක්ෂට අයත් ඉඩමක් අරාබි ජාතිකයින් පිරිසකට
හෝටලයක් ඉදිකිරීම පිණිස විකුණා ඇති බවත් ඒ කටයුත්තට එම අයිතිකරුවන් හෙලිකොප්ටරයකින් එම ඉඩමට පැමිණ සොයා බලා ඇතිය යන්න මෙහි එක් කාරණාවකි.
මේ සම්බන්ධ ඇතැම් විශ්වාස කළ හැකි ඡායාරූප කිහිපයක්ද සමාජ ජාලා වලින් සංසරණය වූ අතර ශ්‍රී පාදය ‘ආදම්ස් පීක්‘ නමින් හදුන්වමින් මුස්ලිම් ලබ්ධිකයින්ද වන්දනා මාන කරන බැවින් ඉදිරියේදී එය මුස්ලිම් සිද්ධස්ථානයක් බවට පරිවර්තනය කරගන්නා මුල් අවස්ථාව මෙය බව දක්වමින් අනතුරු හගවන්නට සමාජ ජාලා පිටු උත්සාහ ගෙන තිබුණි.
මෙම කතාවට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේ පිළිතුර වූයේ මෙම ස්ථානය වන්දනාමාන කිරීම ඕනෑම ආගම් අදහන්නෙකුට හැකි බවත් එය මුල්කරගෙන ගැටලු ඇතිකරගන්නට උවමනා නැති බවත්ය. එසේම උන් වහන්සේ දැනුවත්ව ශ්‍රී පාදයට අයිති ඉඩම් නැති නිසා කොහේවත් හදන හෝටලයකට අයිතිවාසිකම් කියන්නට හෝ විරුද්ධ වන්නට තමන්ට උවමනා නැති බවත් උන්වහන්සේ දන්වා සිටියා.
කෙසේ වෙතත් එම රැස්වීමට සහභාගීවූ නිලධාරීන් මෙවැනි
ඉදිකිරීමක් සිදු කරන බව තහවුරු කර තිබේ.
දැනට වාර්තාවන ආකාරයට ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන නල්ලතන්නි පොලිස් වසමට අයත් ස්ථානයක මෙම සංචාරක නිකේතනය ඉදිකරන්නට සැලසුම් කර ඇත.
එය ශ්‍රීපාදය පාමුල පිහිටා ඇති බවට සමාජ ජාලා මගින් විස්තර කර තිබුණත් ගූගල් සිතියම අනුව කළ සොයා බැලීමකදි එම හෝටලය ශ්‍රී පාද මළුවේ සිට කිලෝමිටර් හයක් එපිටින් වු මරේ දියඇල්ල ආසන්නයේ පෞද්ගලික ඉඩමක පිහිටා ඇති බව පෙනී යයි.
සංචාරක නිකේතන සදහා අදාළ වන පාරිසරික බලපත්‍රය ලැබේ නම් එම ඉදිකිරීම කවුරුන් කළත් ගැටලු ඇති නොවන අතර මේ සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය මත මධ්‍යම පරිසර අධිකාරිය මේ වනවිට එම ස්ථානය ගැන සෝදිසියකට ගොස් ඇත්තේ එම අවසරය ලබාදිය හැකිද යන්න සොයා බැලීමටය.
මෙම ඉඩමේ අයිතිකරු බැසිල් රාජපක්ෂ යයි එක්තරා පිරිසක් පවසද්දී තවත් පිරිසක් පවසන්නේ වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සම්බන්ධයක් මෙම ඉඩමට ඇති බවකි. පසුගියදා බැසිල් රාජපක්ෂගෙන් සෘජුව මාධ්‍ය මේ ගැන විමසූ අවස්ථාවේ ඔහු එය තමන්ට අයිති බව හෝ නැති බව නොකියා ගියේ ප්‍රහේලිකා උත්තරයක් දෙමිනි.
අරාබි ජාතිකයින් ඇවිත් සොයා බලා ගිය අවස්ථාවේ ලබාගත් බව කියන ඡායාරූප පහතින්
| දැන් සිහලයින්ට නැගිටීමට කාලයඋදාවේගන එනවා වගේ දැනනවා..අපේ ආගමේ හැටියට වෛරය ක්‍රොදය..හොද නැහැ හැම එකාටම සාමකාමීව ජීවත්වීමේ සමාජ වටා පිටාව ..හැම එකාටම මෛත්‍රී කිරීම හොදයි ..හැබයි ..මේ යන විදිහට මොස්ලිම් මිනිස්සුයි..දෙමල අයයි...රටේ වැඩි බහු තරය උන ගමන් සිංහලයන්ට ඔය සාමකාමී සමාජ ගැන කතා කරන්නවත් වෙන්නැහැ..ඒක නිසා මේ රටේ යමක් කමක් තේරන අය ..කල්පනාවෙන් වැඩ කරන්න..මතකනේ පහුගිය කාලයේ..අපේ අය වද භාවයට පත් කරන්න කරපු වැඩ...කවුරුත් හිතන්න එපා ඒවා දැනට නතරවෙලා කියලා....ඒක නිසා බලයට කෑදර කමේ සිංහල අය දෙකට බෙදීම වහාම නතර කල යුතුයි... | 30 | POSITIVE |
ncpp_train_38835 |
2020 වසරේ සිට සිදුකිරීමට තීරණය කළ රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදුවන අතර 2016 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප හෙට(01) දිනයේ සිට වැඩි වන බව මුදල්
අමාත්‍යාංශය පවසනවා.
එම චක්‍රලේඛයට අනුව අවස්ථා පහක් යටතේ රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000න් වැඩි කිරීමට නියමිතව ඇති බව සඳහන්.
2016 ජනවාරි මාසයේ පළමු වැනි දින සිට අවස්ථා හතරකදී මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප ඉහළ දමා ඇති අතර අදාළ චක්‍රලේඛයට අනුව ඉතිරි වැටුප් වර්ධනය හෙට දිනයේ සිට සිදුවන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
| රාජ්‍ය සේවය අකර්ර්යක්ශමි වීමට තවත් හේතුවක් තමයි වුර්තිය සමිති වල අනවශ්‍ය බලපෑම්.. වැඩ කරන්ඩ දන්නේ නැති උන් ගන්නවා උන් deshpalane කරනවා.. අස් කරන්ඩ විදියක් නෑ උන් strike කරනවා | 32 | POSITIVE |
ncpp_train_38836 |
2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයෙකු මරා දැමීම සම්බන්ධයෙන් තමන්ට නියම කළ මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන්නැයි ඉල්ලා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ
අභියාචනයේ තීන්දුව ලබන මාර්තු 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය ඊයේ (24දා) දැනුම් දුන්නේය. මෙම අභියාචනා විභාගය අවසන් කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා දින නිවේදනය කළේය.අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරීයේ මෙම අභියාචනා විභාග කෙරුණි. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරීසේන මහතාගේ කහවත්තේ පැවැති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයෙකු මරා දමා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිල ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන නමැත්තන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණයේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන් එම චෝදනාවට වරදකරුවන් බවට තීරණය කළ අධිකරණය විත්තිකරුවන් තිදෙනාටම මරණීය දණ්ඩනය නියම කළේය.රත්නපුර මහාධිකරණයේ එම තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා තමන්ට එරෙහිව රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැණි බව සඳහන් කොට තිබිණ.එහෙයින් රත්නපුර මහාධිකරණයේ තීන්දුව අවලංගු කොට සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා තිබිණ.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව එහි තීන්දුව ලබන මස 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය නිවේදනය කළේය.(බුද්ධිමාල් රුබේරු)
| පොලිසිය උන්ගේ උසාවිය ද උන්ගේ නඩුත් උන්ගේ, බඩුත් උන්ගේ | 6 | POSITIVE |
ncpp_train_38837 |
මේ දිනවල අන්තර්ජාලය තුළ ශිඝ්‍රයෙන් පැතිර යන ශ්‍රව්‍ය මායාවක් (auditory illusion) ලෙස එක්තරා වචනයක ඕඩියෝවක් යැනී හෝ ලෝරල් ලෙස දෙවිදිහකට ඇසීමේ සංසිද්ධිය ප්‍රසිද්ධවී තිබේ. මෙම වචනය උච්චාරණය කරන ලද හඬ පටය පරිගණකයක හෝ වෙනයම් යන්ත්‍රයක වාදනය කිරීමේදී
එකවර ඒ ආසන්නයේ සිටින දෙදෙනෙකුට දෙවිදිහකට ඇසෙන්නට ඉඩ තිබෙන අතර එකම වචනයක් දෙදෙනෙකුට හාත්පසින්ම වෙනස් දෙවිදිහකින් ඇසෙනුයේ ඇයිද යන්න ගැටලුකාරී වී ඇත. ඇතැම් විට එකම අයෙකුට වුවත් උදේට ඇසෙන්නේ යැනී ලෙස වුවත් රාත්‍රියට එයම ලෝරල් ලෙස ඇසෙන්නට හැකිය.
මෙම සංසිද්ධිය අන්තර්ජාලයේ ප්‍රසිද්ධවී යාමත් සමග ට්විටර් මාධ්‍යය තුළ පාඨක සමීක්ෂණයක් සිදුවූ අතර එහිදී ලක්ෂ 5 ක් එය අසා සියයට 53 ක් ලෝරල් ලෙස ඇසෙන බවටත් සියයට 47 ක් යැනී ලෙස ඇසෙන බවටත් දන්වන ලදි.
ශ්‍රව්‍ය විද්‍යා මහාචාර්ය බෙන්ජමින් මන්සන් මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් "යැනී" වැඩි සංඛ්‍යාතවලින් ශබ්දය ඇසෙන අයටත් "ලෝරල්" පහළ සංඛ්‍යාතයෙන් ශබ්දය ඇසෙන අයටත් ඇසෙන බව දක්වයි. ඒ අනුව තරුණ කොටස් වලට යැනී ලෙස ඇසීමට හා වැඩිහිටි අයට ලෝරල් ලෙස ඇසීමේ සම්භාවිතාව වැඩිවන නමුත් ඒ ඒ අයගේද ඉන්ද්‍රීය සංවේදීතාවයේ වෙනස මතද යැනී නැතිනම් ලෝරල් ලෙස ඇසෙන්නට ඉඩ ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කළ ශබ්ද පරීක්ෂණ අනුව 20% කින් ස්වර අගයයන් ඉහළ පහළ දැමීමේදී මුලින් ඇසෙන වචනය වෙනුවට අනෙක් වචනය ඇසෙනුද වාර්තා කර තිබේ.
මින් කලකට ඉහත කාන්තා ගවුමක පැහැය විවිධ අයට වෙනස් ආකාරයක පෙනීම සම්බන්ධයෙන් ඇතිවුණ ආන්දෝලනයට සමාන අන්තර්ජාල පිබිදීමක් යැනීද ලෝරල්ද? යන සංසිද්ධිය ගැනද මේ වනවිට පැතිර තිබේ.
මෙම වචනය පිළිබඳ හාහෝව මුලින්ම ඇතිවූයේ 15 හැවිරිදි සිසුවෙකු ඉන්ස්ටග්‍රෑම් තුළ දැමූ පෝස්ටුවක් නිසාය.
Laurel නමැති ‘ජයග්‍රහණයේ පළඳනාව‘ අරුත ඇති වචනය ගැන ඔහු සොයා බලද්දී එම වචනය උච්චාරණය කරන පිටුවේ ඇසෙන්නේ මුළුමණින් වෙනස් වචනයක් වීම ගැටලු සහගත බවත් තමාට එය ඇසෙන්නේ Yanny ලෙස බවත් සිසුවා දන්වා තිබේ.
එම වචනය කියවන හරිම විදිහ ගැන සංවාදය බිහිවූයේ ඒ අයුරිනි.
පසුව එය යූටියුබ් රෙඩිට් හා ට්විටර් තුළ හරි කෝකදැයි විමසමින් එක් එක් අය පෝස්ටු දමමින් පැතිරිණි.
සිසුවා සොයාබැලූ වචනය උච්චාරණය කර පළව තිබෙන්නේ Vocabulary.com නමැති වෙබ් අඩවියේය. Jay Aubrey Jones නමැති ඔපෙරා ශිල්පියෙකුගේ හඬ එහිදී ඇසේ. එම වෙබ් අඩවිය ලක්ෂ දෙකක් පමණ ඉංග්‍රීසි වචන උච්චාරණය කර අන්තර්ජාලයට යොමුකර තිබෙන්නේ අධ්‍යයන කටයුතු කරන අයගේ පහසුවටයි.
Yanny or Laurel අන්තර්ජාල මත විමසුම ගැන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද අදහසක් පළ කර ට්විටර් ගිණුමේ දක්වා ඇත්තේ "I hear covfefe" ලෙස විහිළුවකි. (ඒ ඊට පෙර වසරේ ඔහුට ඈඳණු වෙනත් සිද්ධියකට අදාළ වචනයකි.)
කෙසේ වෙතත් බොහෝ අය දැන් තම පරිගණක තුළ මෙම වචනය එක් එක් අයට අසන්න සලස්වා එහි අරුමය විමසමින් සිටී.
පහත පළවන්නේ අදාළ හඬ කොටසයි.
| Me to agreed | -1 | NEGATIVE |
ncpp_train_38838 |
ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව තුරන් කරන තුරු මාස 2 ක කාලයක් සඳහා රුපියල් 5000 බැගින් ගෙවීමට ඇමැති මණ්ඩලය ඊයේ (30 වැනිදා) තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව තුරන් කිරීම සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය පිළිගන්නා ලදී. ඉන්පසු මේ පිළිබඳව සාකච්ඡා කළ ඇමැති මණ්ඩලය තීරණය කළේ ඉදිරි මාස දෙක සඳහා රුපියල් 5000 ක මුදලක් ගුරු භවතුන් හා විදුහල්පතිවරුන් වෙත ලබාදීමටය. ඇමැති අනුකමිටු යෝජනාව එළැඹෙන අයවැයේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.මෙම යෝජනාවට ගුරු සංගම්වල ප්‍රතිචාරය තවම වාර්තා නොවන අතර ඔවුන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදුනහොත් දැනට නවතා දමා ඇති ඔන්ලයින් ඉගැන්වීම යළි අරඹන්නට හැකිවනු ඇත.
| Aiya thoppiya dagaththada....... | 2 | POSITIVE |
ncpp_train_38839 |
ඉන්දීය රජය අද (27දා) උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා සිය නවතම මිසයිල අත්හදා බැලීමක් සිදුකරන බැවින්, තම ගිණිකොණ දිග ගුවන් කලාපය ඔස්සේ ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදුනොකරන ලෙස ඉන්දීය රජය තමන් වෙත නිවේදනය කර ඇතැයි කටුනායක ගුවන්තොටුපළ ගුවන්ගමන් පාලක මැදිරිය
සඳහන් කරයි.
මේ නිසා මෙම ගුවන් ගමන් කලාපය ඔස්සේ කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව යෑමට නියමිත ගුවන්යානා තුනක ගමන් කටයුතු, ඒ අනුව දහවල් වනතුරු ප්‍රමාද කර තිබේ.
එනම් උදෑසන 7.20 ට ජාකර්තා බලා පිටත්ව යෑමට නියමිතව තිබූ යූ.එල්. – 364 යානයත්, උදෑසන 7.25ට සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ යූ.එල්. – 302 යානයත්, උදෑසන 7.45ට ක්වාලාලම්පූර් බලා පිටත්ව යෑමට නියමිතව තිබූ යූ.එල්.-314 යානයත් පිටත්ව යෑමට නියමිතව ඇත්තේ දහවල් 12.30 පමණය. මේ සියලු යානා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ඒවා වේ.
එමෙන්ම හෙට (28දා) මෙවැනිම තවත් මිසයිල අත්හදා බැලීමක් එදින උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා කාලය තුළ ඉන්දියාවේ ගිණිකොණ දිග ගුවන් කලාපය ඔස්සේ සිදුකිරීමට බලාපොරොත්තු වන බැවින්, එදින මෙම කාලය තුළ මෙම ගුවන් කලාපය ඔස්සේ ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මෙහෙයවීම අත්හිටුවන ලෙසද ඉන්දීය රජය වැඩිදුරටත් දන්වා ඇතැයි කටුනායක ගුවන්ගමන් පාලක මැදිරිය ප්‍රකාශ කරයි.
| ජන්දේ දීපු අපිටද ලජ්ජා නැත්තේ? හාමුටද? නැත්නම් ඉන්දියාවටද? | 20 | POSITIVE |
ncpp_train_38840 |
රටේ මුදල් හොරකම් කිරීමේ ළදරු පාසල ප්‍රදේශිය සභාව බවත් එහිදි හොරකමේ ABC උගන්වනු ලබන බවත් ගායන ශිල්පි සුනිල් පෙරේරා පවසනවා.
වෙනසක ඇරඹුම සංවිධානය විසින් ආරම්භ කරනු ලැබූ ජාතික විද්වත් සමුළුවට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා සිටියා.
“ගමේ බලය විතරක් නෙමෙයි රටේ බලයම ජවිපෙට දෙන්න ඕන. ඔය ප්‍රාදේශිය සභාව
තමයි හොරකම් කරන මොන්ටිසෝරි එක. හොරකමේ ABC උගන්වන්නේ එතන. මට හැමදේම
තියනවා මට දරුවෙක් දාගන්න ඉස්කෝලයට මගේ නෝනා එක පැයක්වත් ඉඳලා නෑ පෝලිමේ.
කොළඹ ප්‍රභූ පැලැන්තියටයි මම මේ කතා කරන්නේ. මාත් එක්ක කොළඹ ඉස්කෝලේ ගිය
ළමයින්ටයි කතා කරන්නේ. හොද ව්‍යාපාරිකයන්ටයි මෙහෙම කතා කරන්නේ. රටේම
විසිරිලා ඉන්න. තමන්ට තියන නිසා ඡන්දය දෙන්න එපා අරුන් දෙගොල්ලන්ට. ඔබේ
ඡන්දය ජවිපෙට ලබා දීලා අරුන්ට පාඩමක් උගවන්න. ඒ මොකද මගේ වචනෙන් කියනවා නම්
මේ ලඟදි ආපු ඩ්‍රාමා එකක් තිබ්බා බල්ලොත් එක්ක බෑ කියලා,” සුනිල් පෙරේරා
මෙහිදි පවසා සිටියා.
| සුනිල් විතරක් නෙමෙයි. නීතිඥ ඒ.පී.ඒ. ගුණසේකර, ආචාර්ය හරිනි අමරසූරිය, සංගීතවේදී නදීක ගුරුගේ, රංගනශිල්පී චන්න පෙරේරා වගේ කවදාවත්ම පැත්තක් ගත්තෙ නැති සැලකිය යුතු හුගදෙනෙක් මේ වේදිකාවෙදි ජවිපෙ පැත්ත ගත්තා. ඔබලාගේ නිර්භය ප්‍රකාශ වෙනුවෙන් අපගේ උත්තමාචාරය! | 146 | POSITIVE |
ncpp_train_38841 |
පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩ ගසා තිබී හමුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි. කළු පැහැති දිග කලිසමක් පමණක් ඇඳ සිටි මෙම පුද්ගලයා කවුදැයි අද ගාලුමුවදොර සිටි අය මුලදී හඳුනාගත්තේ නැත.සිරුර වයස අවුරුදු 18ක පමණ පිරිමි පුද්ගලයෙකුගේ බව අනුමාන කළ අතර පසුව කළ සොයාබැලීමේදී කොට්ටාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙලෙස මියගොස් ඇතැයි හඳුනාගෙන තිබේ.මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය. අද පස්වරුවේ මෙම සිරුර සොයාගත් පසුව කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සාක්ෂිද ලබාගත් අතර මේ වනවිට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙයි.
| අරගල භූමිය පොලිසියට සහ ආරක්ෂක හමුදාවන් ට තහනම් ප්‍රදේශයක් කියලා අරගලකරුවන් ප්‍රකාශ කරලා තියෙන නිසා රටේ කිසිම නීතියක් උන්ට බලපාන්නෙ නැහැ. ඒ නිසා මිනිස්සු මරන්නත් පුළුවන් කියලා හිතාගෙන උන් තමයි ඕක කරන්න ඇත්තෙ. System change කියන්නෙ ඕකටත් එක්ක වෙන්න ඇති. | -112 | NEGATIVE |
ncpp_train_38842 |
උදම්මිට සමරේ මරා ඇත්තේ
එකට කාබී සෙට් වුණ හොඳම මිතුරා චාමර
පසුගියදා වේයන්ගොඩ ඇල්ඔය පාලම අසලදී වාහනයක ගමන් ගනිමින් සිටියදී වෙඩි වැදී මියගිය පාතාල නායක උදම්මිට සමරේ ඒ ආකාරයට ඝාතනය කර තිබෙන්නේ ඔහු සමග ඉතා හිතවත්ව එකට කාබී විනෝදවෙමින් හවුලේ අපරාධ වලටද සම්බන්ධවූ ‘චාමර‘ නමැති මිතුරෙකු බව මේ වනවිට පොලිසියට කරුණු අනාවරණයවී තිබේ.
චාමර හිටපු හමුදා සෙබළෙකි. මෙම පාතාල කල්ලි සාමාජිකයා මීට පෙර
වත්තල දී සිගරැට් වෑන් රථයක් පැහැරගෙන ගොස් කෝටි හතරක මංකොල්ලයටද සම්බන්ධවී ඇත. මෙම ඝාතනයට පෙර සමරේ හා චාමර අතර මුදල් ආරවුලක් පැවති බවත් වාර්තාවේ.
ආරවුලින් පසු මිතුදම් බිඳීගිය අතර චාමරට සමරේ විසින් ටික දිනකට ඉහත තර්ජනය කර ඇති බවත් හෙළි වී ඇත.
දැනට ලැබි ඇති තොරතුරු අනුව මෙම ඝාතනයට ටී56 ගිනි අවියක් යොදාගෙන තිබේ.
සිද්ධිය වාර්තාවූ පාලම අසල ඇල්ඔයේ විමර්ශන කටයුතු පෙරේදා (27) සහ ඊයේ (28) සිදු කෙරුණේ කොළඹ පොලිස් නාවික කොට්ඨාසයේ සහාය ඇතිවය. පොලිස් නාවික කිමිදුම් කණ්ඩායමක් ඇල්ඔයේ කිමිදී සිද්ධියට අදාළ කිසියම් තොරතුරක් ඇත්දැයි සොයා බැලූ අතරජංගම දුරකථනයක් සොයාගැනීමට හැකි වී ඇත.
මෙම ජංගම දුරකථනය මෙම අපරාධයට සම්බන්ධ එකක්
දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි. පොලිස් සුනඛ අංශය මගින්ද අපරාධ ස්ථානයේ
පරීක්ෂණ පැවැත්වූ අතර පොලිසිය පවසන්නේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම්
කිහිපයක් මගින් දීර්ඝ ලෙස විමර්ශන කටයුතු සිදුකරන බවයි.
ඝාතනය සිදුවන ආකාරය අසල පිහිටි වෙළෙඳසලක සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී ඇති බවත් 'උදම්මිට සමරේ' වෙඩි වැදී ත්‍රිරෝද රථයකට නංවාගෙන යන අයුරු සහ වෙඩි වැදුණු ඔහුගේ අනෙකුත් මිතුරා අසාධ්‍ය තත්ත්වයෙන් බිම නිදා ගන්නා අයුරුද සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
(PixBy-Indika Abeysundara -Rivira)
| අයි බන් ගොසිපෝ මේ වගේ ගොන් හරක් ගේ නිව්ස් දාන්නේ ? කිසි වැදගත්කමක් නැහැ නේද ? සමාජයෙන් කොන් කරලා දාන ඕන උන්ව ..සමාජයේ ප්‍රසිද්ද චරිත කරන්නේ ? අපිටනම් මේවා කිසිම වැදගත්කමක් නැහැ ..දන ගන්න ඕනෙත් නැහැ | 5 | POSITIVE |
ncpp_train_38843 |
මාතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයන් සමඟ නූපේ ප්‍රධාන කාර්යාලයේදී ඉකුත්දා පැවති රැස්වීමක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය. ‘අද අපේ රටේ මිනිසුන්ට දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිබඳව තිබෙන්නේ බරපතළ අවිශ්වාසයක්. අවංකකම පිළිබඳ විශාල, සාධාරණ සැකයක් සියලුම දේශපාලනඥයන් පිළිබඳව මතුවෙලා. මටත් ඒක අදාළයි. පවුල් කේන්ද්‍රීය දේශපාලනය මුළුමනින්ම ප්‍රතික්ෂේප වෙලා.
ජනතාවට බොරු නොකියන, රටේ දේපළ සූරා නොකන, පොදු දේපළට ගරු කරන, 21 වැනි ශත වර්ෂයේ අවශ්‍යතා හඳුනාගත් දියුණු, වගකීම් සහගත සහ සැබවින්ම අවංක දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම දිගු කාලීනව අර්බුදය ජයගැනීම සඳහා ඇති එකම මාර්ගයයි. මෙම ආකර්ෂණීය භාෂාවෙන් ෂඩ් වර්ණය මුසුකොට මැතිවරණ ප්‍රකාශ සකසා මහජන මතය "පික්පොකට්" ගැසීමේ සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබීම නව පරම්පරාවේ බලාපොරොත්තුවයි. මින්පසු කිසිම මැතිවරණයකදී චෞරයන්ට ඡන්දය මංකොල්ල කන්නෙ දෙන්න එපා. දේශපාලන නායකයන්ගේ සහ පක්ෂවල අධ්‍යාපන, බලශක්ති, ප්‍රවාහන, පාරිසරික හා කෘෂිකර්ම ප්‍රතිපත්ති මොනවාදැයි රටට හෙළිකිරීම මාධ්‍යවල වගකීමයි. ඒ නිසා අපට ඡන්දය දෙන්න අපි විසඳන්නම් කියන ප්‍රකාශ, "වාචාල ප්‍රකාශ" ලෙස බැහැර කළ යුතුයි. අලුත් සොරෙකු ඕනෑකර තිබේ නම් යා යුත්තේ නාට්‍ය ශාලාවකට මිස ඡන්ද මධ්‍යස්ථානයකට නොවෙයි. වර්තමාන අර්බුදයට විසඳුම් රාශියක් තියෙනවා.
වසරක් ඇතුළත, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලා සිටින පුහුණු ශ්‍රමිකයන් පුහුණු කර විදේශ රැකියාවලට යොමු කිරීම සහ ලබන වසරේ සිට එය ලක්ෂ දෙක දක්වා වර්ධනය කිරීම ඉන් එකක්, මේක අසීරු ඉලක්කයක් නොවෙයි. පිලිපීනයෙන්, ඉන්දුනීසියාවෙන් ඒ ආදර්ශ ලෝකයට දී තිබෙනවා. මේ අසීරු මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපේ දේශපාලකයන්ට සහ ඡන්ද දායකයන්ට හොඳ ආදර්ශයක් දී තිබෙනවා. අඬන රටක, අපට සිනාවක් දුන්නේ ඔවුන් පමණයි. දුෂ්කරයි කියාකිසිවක් අත්හල යුතු නැහැ. ප්‍රතිවාදියා ශක්තිමත් වූ පමණින් ඔහුට බිය විය යුතු නැහැ. ක්‍රිකට් නායක දසුන් ශානකගෙන් ඉගෙනගන්න පාඩම්, රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට තිබෙනවා. අගමැතිවරයාට චරිත් අසලංකගෙන් හෝ චාමික කරුණාරත්නගෙන් ඉගෙනගත යුතු පාඩම් තිබෙනවා. තවමත් පාසල් ශිෂ්‍යයකු වන දුනිත් වෙල්ලාලගේගෙන් ඉගෙන ගන්න පාර්ලිමේන්තුවේ 225ටම පාඩමක් තිබෙනවා. කතානායකතුමාටත් තෙවැනි විනිසුරුවරුන්ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. නායකයන් මේවා ඉගෙන නොගත්තොත් රනවුට් හෝ හිට් විකට් වෙන එක වළක්වන්න බැරි බව අප හැම දෙනාම තේරුම්ගත යුතුයි. එහෙම නොවුණොත් මන්ද පෝෂණයෙන් පෙළෙන, ඉගෙනුම අහිමි දරුවන් සහ කුස පොත්ත ඇලී ගිය මවුපියන් සමග ඛනිජ තෙල් හලේ මරාගන්න රටක, ජාතික ධජය ලෙස අපට තෝරා ගන්නට වෙන්නේ දෙහිවල සත්ව උද්‍යානයේ නිරාහාරව ඉලඇට පෑදී ඇති සිංහයකුගේ රූපයයි."
| මිට්ටා කට්ටයා කිව්වේ මූට වෙන්න ඇති. වැල යන අතට මැස්ස ගහන්නයි හදන්නේ. පාට වෙනස් කරගෙන එන්න හැදුවට අපි සතා අඳුරනවා. කටුස්සා කටුස්සාමයි. | 22 | POSITIVE |
ncpp_train_38844 |
අද (27) ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත්වල ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ප්‍රවර්ධනාත්මක වෙළෙඳ දැන්වීමක් සම්පූර්ණ පිටුවක් පුරා පළ කර තිබේ. එළැඹෙන මැතිවරණ ඉලක්කකර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රචාරණ ක්‍රියාවලියක් ලෙස එය හඳුනා ගන්නට ලැබේ.පසුගිය දින වල ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නට යන කතාවක්ද පළ විය.
| සිංහල මිනිස්සු හැමෝම එක ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටිනවා නම් දෙමළුන්ට හම්බයන්ට මේ රට උදුරා ගන්න ලැබෙන්නේ නෑ. මේ රටේ බහුතරයක් ඉන්නේ සිංහලයන්. ඒක අමතක කරන්න නරකයි. | 52 | POSITIVE |
ncpp_train_38845 |
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ
නිවසේදී මියගිය තරුණයා සම්බන්ධ
පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගියේ හෘදායාබාධයකින් බව කියා ඇති බවත් සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂා කරන්නේ හෘදයාබාධය වැඩිදුර විමසීමට බවත් ප්‍රකාශයක් කරමින් විමල් වීරවංශ සිය ෆේස් බුක් පිටුවෙන් පණිවිඩයක් නිකුත් කර ඇත.
ඔහු පවසන්නේ සිද්ධිය මුල් කොට තමන්ට මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මකව ඇති බවයි.
ඔහුගේ අදහස පහතින්
| මේක වෙන දේශපාලකයකුගේ ගෙදර උනානම් විමල්ගේ නැටිල්ල බලන්න තිබුණා. මැරෙන්න ඕනෑ නෑ වාහනයක් යන්තම් හැප්පුනත් ඇති මූසල කට ඇරෙන්න. පව් අහිංසක කොල්ලා මැරුනේ. ජාතියේ විෂබීජය විමල්ට, මේ දේ උනානම් ප්රභාකරන් නැති වුන දවසේ වගේ සියළු ජාතීන් සතුටු වේවි. රට් අවාසනාවට මේ වගේ මෙලෝ වැඩකට නැති මිනිහෙක් දේශපාලනයට අාවේ. රජෙක් වගේ හිටපු ජනාධිපති තුමා විමලගේ වලේ වැටිලා අමාරුවේ වැටුනා. මේ මිනිහා නිසා රටට දියුණුවක් ලැබෙන්නේ නැහැ. | 2 | POSITIVE |
ncpp_train_38846 |
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සායනයක් අතරතුර පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයකින් පිළිස්සීමට ලක්වූ රෝගීන් 4 දෙනෙකු ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් කර තිබෙයි.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු මහනුවර ජාතික රෝහලට මාරුකරු යැවූ බව පොලිසිය පවසයි.රෝහලේ දෙවන මහලේ පැවති වෛද්‍ය සායනයක් අතරතුරදී පුද්ගලයෙකු විසින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි සිටි තවත් පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබෙයි.එම අවස්ථාවේ දී ඒ අසල සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකුට ඇසිඩ් වැදී ඇති බව පොලිසිය සදහන් කළේය.පසුව ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම බිරිද සමඟ සම්බන්ධතාවක් පැවැත්වීම නිසා අදාළ පුද්ගලයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ බවයි.
| ගෑණි දැන් නම් මුගෙන් දික්කසාද විය යුතුයි. | 10 | POSITIVE |
ncpp_train_38847 |
ඊයේ හවස මැදමුලනට
අකුණු වැදී 3 ක් මරුට
ඊයේ (29) සන්ධ්‍යා කාලයේ දිවයින පුරා ඇතිවූ අකුණු වැසි සහිත කාලගුණය නිසා අකුණු සැර වැදීමේ සිද්ධි ගණනාවක් වාර්තාවී ඇත.
වීරකැටිය මැද මුලන හිටපු ජනපති මහින්දගේ නිවස
ඉදිරිපිට තිබෙන
හෙලිකොප්ටර් අංගනයේ වී වේලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට ඊයේ සවස අකුණු සැරවැදීමක් නිසා තිදෙනාම එම ස්ථානයේ මියයාමේ සිද්ධියක්ද වාර්තා විය.
මිය ගිය අය ගල්පොත්තයාය කුඩාසිඹුල හා සියඹලහැත්තෑව යන ප්‍රෙද්ශ වල පදිංචි අය බවද වාර්තා විය. එදින කුලී පදනම මත වීවේලීමට ඔවුන් මැදමුලනට පැමිණ තිබෙන අතර අකුණු සැර වැදී මියගොස් ඇත.
| අකුණට පොඩ්ඩක් target එක මෙව්වා වෙලා.පරිස්සම් වෙයල්ලා ඔන්න පවු පලදෙන්න ලඟයි..... | 10 | POSITIVE |
ncpp_train_38848 |
කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන්ට බලපා ඇති ගැටලු නොවිසදීම හා නුසුදුස්සන් හෙද සේවාවට බදවා ගැනීමට එරෙහිව 2021. 05. 31 දින සියළු හෙද හෙදියන් අසනීප නිවාඩු ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමය දන්වා තිබේ. මේ මොහොතේ මෙරට රෝහල් පද්ධතිය තුල හා ඉන් පිටත පිහිටුවා තිබෙන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන තුල ඉතාමත්ම දැඩි දුෂ්කරතා ගණනාවක් මැද ජීවිත අවදානමක්ද මධ්‍යයේ සේවය කරමින් සිටින හෙද කාර්ය මණ්ඩලය මුහුණ දී තිබෙන අතිශය පීඩාකාරී ගැටලු ගණනාවකට විසදුම් ලබාදෙන මෙන් ඉල්ලා ලිපියක් ලියන සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදිවත්ත මෙම අනතුරු ඇඟවීම කර තිබේ. දිනෙන් දින ජනතාවගේ ජීවිත බිලි ගනිමින් තිබෙන කොරෝනා වසංගතය මැඩලීමේදී බලධාරීන් නොසලකා හැර ඇති කරුණු කිහිපයක් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසත්, ඉල්ලා තිබේ.ඔවුන්ගේ සෙසු ඉල්ලීම් පහත පරිදිය.
අවිධිමත් තීන්දු තීරණ මගින් කොරෝනා තවාන් බවට රෝහල් පත් නොකොට අවශ්‍ය සියලු උපකරන හා පහසුකම් සපයා දී කාර්ය මණ්ඩලයේත්, රෝගීන්ගේත්, ආරක්ෂාව සහතික කිරීම,සියලු හෙද කාර්ය මණ්ඩල සදහා සාධාරණ අනතුරු දීමනාවක් ලබාගැනීම,ගර්භනී හෙද නිලධාරිනියන්ගේ ආරක්ෂාවට අදාල රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ක්‍රියාත්මක කර ගැනීම, 01 දින හෙද සේවාවට බදවා ගැනීමට නියමිත හෙද උපාධිධාරීන් අතර සිටින මූලික සුදුසුකම් සපුරා නොමැති උපාධිධාරීන් පිරිස පුහුණුවෙන් ඉවත් කිරීම,හෙද හෙදියන්ගේ පවුල්වල මව, පියා, කලත්‍රයා ඇතුළු සමීප සාමාජිකයින්ට කොවිඩ් එන්නත ලබා ගැනීම, සංචරණ සීමා පැනවීම හමුවේ දැඩි ප්‍රවාහන දුෂ්කරතාවලට මුහුණ දී ඇති හෙද හෙදියන්ට ප්‍රවාහන පහසුකම් සලසා දීම හෝ ඔවුන්ට විශේෂ නිවාඩු ලබාදීම,අනාරක්ෂිත කොවිඩ් මඩුවල හෙද හෙදියන් රාජකාරියේ යෙදවීමෙන් වැලකීම,කොරෝනා වසංගතය හමුවේ රාජකාරි කරන හෙද හෙදියන්ට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනුමත කර ඇති විශේෂ නිවාඩු ඉදිරි මාසයන්ටත්, කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදීම,කොවිඩ් ආසාදනයට ලක්වූ හා නිරෝධායනයට ලක්වන හෙද කාර්ය මණ්ඩලය සදහා රෝහල් මට්ටමින් අවශ්‍ය සියළු පහසුකම් සලසා දීම.
| උබ අර බූරු සමන්ලාල්ගෙ මල්ලි නේද. | -14 | NEGATIVE |
ncpp_train_38849 |
මානුෂීය ආධාර ඉල්ලීම හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 101.5 ක් ලබා දී ඇත.ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගෙන් මිලියන 3.4 ක් සඳහා මෙම අරමුදල් ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.“අද ලංකාව විශේෂ සන්ධිස්ථානයක් අත්පත් කරගෙන ඇති බව සතුටින් ප්‍රකාශ කරනවා. UN HNP අභියාචනය ඩොලර් මිලියන 101.5 දක්වා ළඟා වූයේ ශ්‍රී ලංකාවේ මිතුරන්ගේ ත්‍යාගශීලී දායකත්වයට ස්තුති වන්නටය. මෙම අරමුදල වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් මිලියන 3.4 කට මානුෂීය ආධාර පිණිස ලබා දෙනු ඇත ”එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හනා සිංගර්-හැම්ඩි පැවසුවාය.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන නොවැම්බර් මාසයේදී ඔවුන්ගේ ඒකාබද්ධ මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (HNP) සැලැස්ම සංශෝධනය කර දීර්ඝ කර ඇති අතර එය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ මිලියන 3.4 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයීම අරමුණු කර ගෙන ඇත.ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම අවශ්‍යතා ඇති පුද්ගලයින් සංඛ්‍යා පිළිබඳ ඇස්තමේන්තු වලට අනුව ළමුන්, ගර්භනී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සඳහා පෝෂණය වැඩිදියුණු කරනු ඇත. ආරක්ෂිත පානීය සැපයීම, ජලය සහ අවදානමට ලක්විය හැකි ගොවි සහ ධීවර කුටුම්භ ආරක්ෂා කිරීම. දේශීය ආහාර නිෂ්පාදනය සහ බෙදා හැරීම ශක්තිමත් කිරීමේ වැදගත්කම Singer-Hamdy මහත්මිය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිත භාවය නාටකාකාර ලෙස ඉහළ ගොස් ඇත්තේ අඛණ්ඩ කන්න දෙකක අස්වැන්න දුර්වල වීම, විදේශ විනිමය හිඟය සහ ගෘහස්ථ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම හේතුවෙනි. 2023 සඳහා දුර්වල අස්වැන්න නෙළන සමය පුරෝකථනය කිරීම සහ 2022 ඔක්තෝම්බර් මාසයේදී සියයට 85.6 ක ආහාර උද්ධමනය සමඟ, බොහෝ ශ්‍රී ලාංකිකයෝ අරගල කරමින් සිටිති. ජනගහනයෙන් සියයට විසිඅටක් - එනම් මිලියන 6.3 ක ජනතාවක් - මධ්‍යස්ථ සිට දරුණු උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දෙති.
| අනේ මේ නිධානයක් උඩ ඉන්න හිගන අපිට උදව් කරන්න..... | 6 | POSITIVE |
ncpp_train_38850 |
කොරෝනා වෛරස ආසාදිතයන් කීපදෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර කීපයකින් හමුවීමත් සමගින්
අදාල ආසාදිතයින් ප්‍රධාන නගරය වෙත පැමිණ ඇති බව හා ඔවුන් ඇසුරු කළ විශාල පිරිසක්
ගම්මානයන් පුරාම සිටින බැවින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් පැවතීම හේතුවෙන් අද
(28) හා හෙට (29) හා අනිද්දා (30) දින තුනක් අනුරාධපුර, එප්පාවල, තලාව හා
මැදවචිචිය යන නගරයන්හි සියලු වෙළදසැල් වසා තැබීමට එම නගරයන්හී ලියාපදිංචි වෙළදහිමියන්ගේ
සංගමය තීරණය කරයි.
ඇදිරී නීතිය ඉවත් කළද, වෙළදසැල් වසා දමා නගරයේ ජනතාව ගැවසීම පාලනය කිරීමට එම
වෙළදසංගමයන් මෙම තීරණය ගෙන ඇති අතර, රජයේ බැංකු හා ෆාමසි විවෘතව පවති. මේ
සම්බන්ධයෙන් වෙළදසංගම් මගින් සියලු වෙළදසැල් දැනුවත් කරනු ලැබීය.
අසාදිතයාගේ පවුලේ අයගේ හා ආශ්‍රිතයන්ගේ පරීක්ෂණ වාර්තා ලැබුණු පසු ඉදිරියේදී ගන්නා
ක්‍රියාමාර්ග දැනුම්වත් කරන බව වෙළද සංගම් පවසයි.
තිසර සමල් එප්පාවල
| අනුරාදපුරේ කියන්නේ තනිකර බඩු පොට් එකක්නේ | -12 | NEGATIVE |
ncpp_train_38851 |
ගම්පහ දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි, හිටපු ඇමැති ජෝන් අමරතුංග මහතා දේශපාලනයෙන්
සමුගැනීමට තීරණය කර ඇත.
තරුණ පරම්පරාවට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බවත් ඉකුත් ජනාධිපතිවරණයේදී
එ.ජා.ප. ප්රමුඛ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ලද පරාජයද මෙම තීරණයට හේතු වූ බවද ඒ
මහතා පැවැසීය.
වසර 41ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්
ලෙස කටයුතු කළ ඒ මහතා 1978දී පළමුවරට එ.ජා.ප.
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පත්විය. 1967දී පමණ ක්‍රියාකාරී දේශපාලනයට
පිවිසි ඒ මහතා 1978 පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පත් වූ පසු වත්තල එ.ජා.ප. සංවිධායක
ලෙස පත් කෙරිණි.
නියෝජ්‍ය මුදල් ඇමැති, විදේශ කටයුතු ඇමැති, ස්වදේශ හා පළාත් සභා, නීතිය හා සාමය, ආපදා
කළමනාකරණ, සංචාරක, ඉඩම්, වනජීවී ආදී ඇමැති ධුර රැසක් දරා ඇති ඒ මහතා විපක්ෂයේ ප්‍රධාන
සංවිධායක ලෙසද කටයුතු කළ කෘතහස්ත දේශපාලනඥයෙකි.
දේශපාලනයෙන් සමුගැනීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධව එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයට හා
එ.ජා.ප. නායකත්වයට දැනුම්දීමට නියමිත බවද ජෝන් අමරතුංග මහතා තවදුරටත් කියා සිටියේය.
ශිරාන් රණසිංහ
| යන්න එපෝ බුදු මෝඩයෝ හිටු. කවුරුවත් ඔහොම යන්නේ නැහැනේ | 6 | POSITIVE |
ncpp_train_38852 |
කැබිනට් අමාත්‍යාංශ 12 ක් සඳහා පත් කෙරුණ නව ලේකම්වරු අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
01- හේමසිරි ප්‍රනාන්දු මහතා - ආරක්ෂක අමාත්‍යාංශය
02- ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා -
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය
03- ආර්.පී. ආරියසිංහ මහතා - විදේශ කටයුතු අමාත්‍යාංශය
04- එල්.පී. ජයම්පති මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය
05- කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා - කෘෂිකර්ම අමාත්‍යාංශය
06- ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ
07- පද්මසිරි ජයමාන්න මහතා - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
08- එච්.ටී. කමල් පද්මසිරි මහතා - පළාත් සභා, පළාත් පාලන සහ කී‍්‍රඩා අමාත්‍යාංශය
09- වී. සිවඥානසෝති මහතා - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය
10- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයපිළිබඳ අමාත්‍යාංශය
11- එස්.එම්. මොහොමඞ් මහත්මිය - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
12- එස්. හෙට්ටිආරච්චි මහතා - සංචාරක හා වනජීවි අමාත්‍යාංශය
| මූණ බලන්කොටත් අප්පිරියයි, ලේකම් ලගේ නොවේ ...පත්වීම් දෙන අපතයගේ. | 2 | POSITIVE |
ncpp_train_38853 |
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර අක්රමිකතාව නිසා සේවක අර්ථසාධක අරමුදලට (ඊපීඑෆ්) රුපියල් කෝටි 1400 කට අධික අතිවිශාල අලාභයක් සිදුව ඇතැයි මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එක්තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක් විසින් කලින් මිලදී ගෙන තිබූ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම (ද්විතීයික වෙළෙඳපොළේදී) නිසා මේ අලාභය සිදුව ඇතැයි ද එම අරමුදල විසින් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සෘජුවම භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගත්තා නම්
මේ අති විශාල අලාභය සිදු නොවීමට ඉඩ තිබුණ බව ද බැංකුව විසින් දැනට කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.
මෙම අලාභයන්ට තුඩු දී ඇති භාණ්ඩාගාර බැඳුම්කර බොහොමයක් අර්ථසාධක අරමුදල විසින් මිල දී ගෙන ඇත්තේ දැනට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් බව ද එම ආරංචි මාර්ග හෙළිකරයි. මේ අලාභ පිළිබඳ තොරතුරු දැනටමත් මහ බැංකුවේ මුදල් මණ්ඩලයට ද වාර්තා කර ඇතැයි ද දැන ගන්නට ඇත.
අර්ථසාධක අරමුදලේ සිදුව ඇති මෙම භාණ්ඩාගාර බැඳුම්කර අක්‍රමිකතා ගැන දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති අතර, එහිදී මහ බැංකුවේ නිලධාරීන් ද පරීක්ෂණයට භාජන කෙරෙන නිසා මහ බැංකුවෙන් පරිබාහිර පරීක්ෂණයක් පවත්වන ලෙස මහ බැංකුව ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මෙසේ අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනු ගැන පරීක්ෂණයක් ආරම්භ වීමත් සමඟ එම ගනුදෙනුවලට සම්බන්ධ යෑයි කියන මහ බැංකු නිලධාරියකු මහ බැංකු සේවයෙන් ඉල්ලා අස් වීමට සූදානම්වී ඇති බවත් එහෙත් දැනට පරීක්ෂණයක් යන නිසා ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන නැති බවත් මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් තවදුරටත් වාර්තා වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත (දිවයින)
| අකුලොලම පලයල්ලා. අපි මහන්සියෙන් හම්බ කරපු සල්ලි | 275 | POSITIVE |
ncpp_train_38854 |
ලංකාවේ පළමුවරට ක්‍රිකට් පිටිය මැද නිරුවත් දිවීමක්
පල්ලෙකැලේ මැච් එකේදී (video)
පිරිසක් බලා සිටියදී ක්‍රිකට් පිටිය මැද්දේ ඇඳුම් නැතිව දිවීමේ සිදුවීම් ලොව පුරා විවිධ රටවල සිදුව තිබුණත් ලංකාවේ ක්‍රිකට් පිටියක එවැනි සිදුවීමක් මේ දක්වා වාර්තාවී තිබුනේ නැත. නමුත් ඊයේ මහනුවර පල්ලෙකැලේදී
ඕස්ටේ්රලියාව හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය වර්ෂාව නිසා පමා කර
පිටිය ආවරණය කර තිබුණ අවස්ථාවේ ඕස්ටේ්රලියානු ජාතිකයෙකු පිටිය මැදට පැමිණ ඇඳුම් උනාදමා දිවයාමේ අවස්ථාවක් වාර්තා වුණා.
ඔහු ලකුණු පුවරුව ආසන්නයේ සිට පිටියට පැමිණියේ හොඳින් ඇඳුම් ඇඳගෙනයි. පසුව පිටිය මැදදි කලිසම ගලවා විසිකරන ඔහු රවුම් කිහිපයක් නිරුවතින් දිව නැවත කලිසම ඇඳගෙන පැමිණි ස්ථානයටම ගොස් තිබුණා. මුහුණේ ඕස්ටේ්රලියානු ධජයද පාට කරගෙන සිටි ඔහු ඕස්ටේ්රලියානු ජාතිකයෙකු බව හඳුනාගන්නට හැකිවුණා.
ඔහුට ආරක්ෂක අංශ කුමක් කළේදැයි වාර්තා නොවේ. සිද්ධියේ වීඩියෝව පහතින්
| paw ban uba | 6 | POSITIVE |
ncpp_train_38855 |
අනුරාධපුරයේ පැවති විරෝධතාවය සමඟින් එක්වුණු රාජාංගනේ හිමි එතැන සිටි පිරිස අමතමින් අදහස් දක්වා තිබුනේ මෙසේය.''මේ අවස්ථාව සංවිධානය කරපු අනුරාධපුර කොන්ද පණ ඇති මිනිස්සුන්ට මගේ ගෞරවය පුද කරනවා.. මේ දුෂිත දේශපාලඥයෝ , මේ කම්බ හොරු ,පල් හොරු වසර 74ක් තිස්සේ මගේ රට ඔබේ රට මංකොල්ල කෑවා..මේ පර දේශපාලනය එක්කෝ මගේ ජිවිතය එක්කෝ මගේ මරණය,එක්කෝ මන්ගේ අවසාන කියලා තමයි මේ ගේම පටන් ගත්තේ..
තරුණ දරුවනි වැඩිහිටියනි, මේ පටන් ගත් අරගලය අවසන් කල යුත්තේ දුෂිත දේශපාලඥයෝ එකාපිට එකා ගෙදර යවලා.. ඩෝලර් තියෙන්නේ අපි ගාව නෙමෙයි උන් ගාව..උන් මේවා හොරා කපු නිසයි අපේ දරුවන්ට කිරි නැත්තේ.. උන්ගෙ දරුවො ඇමරිකාවෙ හොඳින් ඇති..උන්ට ප්‍රශ්න නැ.. මුන්ගේ පවුල්වල එකෙක්වත් පෝලිම් වල මැරෙන්නේ නැ.. පාන් කැල්ලක්වත් කන්නේ නැතිව මැරෙන්නේ අපේ උන්.. අවසාන වශයෙන් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ හොඳට අහගනින් මේ රට තොපේ අම්මාගේ තාත්තාගේ බූදලය නෙමෙයි.. පව් නොදී පලයව්...."
| ඇඟ දැක්කම හිතාගන්න පුළුවන් වේල් කීයක් බස්සනවද කියල. | -38 | NEGATIVE |
ncpp_train_38856 |
රංගන ශිල්පිනි තාරුකා වන්නිආරච්චි පසුගිය සතිඅන්තයේ පුවත්පතකට සිය විවාහය සිදුවිමට අපේක්ෂිත ආකාරය ගැන විස්තර කර තිබේ. ඒ මෙසේය.
එතකොට පෙම්වතා?
තාම එහෙම කෙනෙක් තෝරාගෙන නෑ ඉතිං...
යෝජනාවක් ආවොත් තෝරාගන්න ලෑස්තිද?
ම්...... හිතලා බලන්න පුළුවන් නේද...
කොහොම කෙනෙකුටද තාරුකා කැමැති?
මං එහෙම ලොකුවට හිතලා නෑ මේ වගේ කෙනෙක් විය යුතුයි කියලා. නමුත් අවංක කෙනෙක් වුණොත් හොඳයි.
දැන් එතකොට විවාහ වෙන්න හිතන් ඉන්නේ කොයි කාලේද?
තව අවුරුදු තුනකින්. ඉදිරි අවුරුදු තුන ඇතුළත විය යුතුමයි විවාහය.
සමහරු ජනප්‍රියත්වයට බාධා වෙයි කියලා විවාහය පස්සට දානවා නේද?
ජනප්‍රියත්වය කියලා මගේ පුද්ගලික ජීවිතය අමතක කරන්නත් බෑනේ නේද....
මොන විදිහේ මනාලියක් විදිහට සැරසෙන්නද කැමැති?
උඩරට මනාලියක් විදිහට
මේ ක්ෂේත්රයේම කෙනෙක් වුණොත්?
මේ ක්ෂේත්රයේ ඉන්නෙත් ඉතිං මනුස්සයොනේ.... නේද.... එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම යෝජනා ඇවිල්ලත් නැහැ තාම, ඒ වගේම ඒ ගැන හිතලත් නැහැ මං තාම. හිත ගිය තැන මාලිගාව කියනවනේ. බලමුකෝ නේද... හැබැයි ඉතිං මටත් හිතෙනවා මං මේ ක්ෂේත්රයේ කෙනෙක් තෝරා ගනී කියලා හිතන්න අමාරුයි කියලා.
ව්‍යාපාරිකයෙක් වුණොත්?
ඒත් කමක් නෑ.....
(සටහන - යුගන්ති යශෝදරා)
| Kawda me gobbaya | 4 | POSITIVE |
ncpp_train_38857 |
ලෝකයේ දුප්පත්ම රටවල්වලින් එකක් වන අප්‍රිකාවේ පිහිටි මලාවි රාජ්‍යයේ පූජකයකු සිය දියණියගේ 5 වන උපන් දිනය වෙනුවෙන් ඇයට ඇමරිකන් ඩොලර් 414,000 ක මෝටර් රථයක් තෑගි දී තිබීම අන්තර්ජාලය තුළ කතාබහක් ඇති කර තිබේ.
Enlightened Christian Gathering Church යන ක්‍රිස්තියානි නිකායේ නිර්මාතෘ ෂෙපර්ඩ් බුෂිරි මෙසේ සිය දියණියට මිලදී ගෙන ඇත්තේ මසෙරාටි ලෙවන්ටේ රථයක්.
ඊශ්රායෙලා නම් එම දියණියගේ උපන් දිනය යෙදී ඇත්තේ දෙසැම්බර් 25 වනදාටයි.
බුෂිරි මෙම රථය සහ ඔහුගේ දියණිය දැක්වෙන ඡායාරූප කිහිපයක් පසුගිය දිනෙක සිය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටුවල පළ කරමින් මෙම ත්‍යාගය පිළිබඳ හෙළිදරව් කළා.
තමා කෙතරම් ආගමික කටයුතු මධ්‍යයේ වුවද තම පවුල වෙනුවෙන් හැකි තරම් කාලයක් කැප කරන බවද ඔහු කියා සිටියා.
නමුත් මෙම ත්‍යාගය පිළිබඳ ඇතැම් අය බුෂිරිට දෝශාරෝපණය කරන අතරම මෙතරම් විශාල ධනයක් ලැබුණු ආකාරයද ප්‍රශ්න කරනවා.
මේ හේතුවෙන් සමාජ ජාලා තුළ ආන්දෝලනයක් මතුව තිබේ.
| දෙයියො මූන බලලා. | 23 | POSITIVE |
ncpp_train_38858 |
ගාලුමුවදොර පරිශ්‍රයේ ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට යකඩ වැටේ සවිකර තිබූ පුවරු රැසක් පොලිස් නිලධාරීන් විසින් ගලවා ඉවත් කරනු ලැබ තිබේ.ඒ අතර ලසන්ත, එක්නැලිගොඩ ඇතුළු අතුරුදන්වූ හෝ මරාදැමූ බවට සැකකරන මාධ්‍යවේදීන්ගේ පුවරු විය.සාමකාමී විරෝධතා සඳහා සිය කැමැත්ත ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබූ පසුබිමක මෙවැනි ක්‍රියාවක් සිදුවීම සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්ව ඇත.
| ඒ අතීතයෙන් අද සමාජයට බලපෙමක් නෑ, ඒ කවුරුවත් එක අනුමත කරනෑ. නමුත් මේ අතීතය නෙමේ, මුන් තාමත් ඒ හෙනෙමයි. එකට හොදම උදහරනය උබ. උබල අදත් උබලගෙ කුහක මිනීමරුම සදරනි කරන්න හදනවා, අතීතයට අදෙශ කරලා. | 46 | POSITIVE |
ncpp_train_38859 |
වවුනියාව තෝණිකල්, සර්කියුලර් මාර්ගයේ නිවෙසක උපන්දින සාදයක් අතරතුර කඩු හා පොලුවලින් පහර කා බරපතළ තුවාල ලබා යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයකු ඊයේ (26) අලුයම මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි. සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය 21 හැවිරිදි තරුණියගේ සැමියා වන සත්ගුණැකුලසිංහම් සුගන්දන් (35) නමැති අයකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එම නිවසේ පසුගිය 23 වැනිදා පැවැති උපන් දින සාදයක් අතරතුර දස දෙනකුගෙන් යුත් පිරිසක් නිවෙසට කඩා වැදී නිවැසියන්ට පහරදී ඇති අතර, පසුව නිවසට ගිනි තබා තිබිණි. ගින්නෙන් ෆාතිමා සමීමා සහිඩීන් නමැති 21 හැවිරිදි තරුණියක මියගිය අතර, ළමයින් සිව් දෙනකු, කාන්තාවන් තිදෙනකු ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. එහිදී බරපතළ තත්වයේ සිටි සුගන්දන් නමැත්තා වවුනියාව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී යාපනයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහු ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ මියගොස් තිබේ.උපන් දින සාදය පැවති නිවසට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය පවසන්නේ මෙම සිද්ධිය හුදෙක් පෞද්ගලික සිද්ධියක් මත ඇති වූ ගැටුමක් බවයි.
සිද්ධිය සී.සී.ටීවී කැමරා වල සටහන්ව ඇතත් ඔවුන්ගෙන් එක් අයෙකු හෝ මේ දක්වා හදුනාගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන් සියළු දෙනාම මූණු දැඩි ලෙස ආවරණය කරගෙන මෙම ප්‍රහාරය සදහා පැමිණ සිටීම නිසාය.මියගිය යුවලගේ වයස අවුරුදු 2ක පිරිමි දරුවාගේ උපන්දින සාදය පසුගිය 22 වනදා රාත්‍රියේ පැවැත්වුණු අතර ඔවුන්ගේ ඥාතීන් හා අසල්වාසීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වී සිටි බව කියැවිණි.සාදය අතරතුරදී පසුගිය 23 වනදා අළුයම 12.30ට පමණ මුහුණු ආවරණය කරගනිමින් එම නිවසට කඩා වැදුණු පුද්ගලයින් එහි සිටි කුඩා දරුවන් ඇතුළු පිරිසට තියුණු ආයුධවලින් පහරදී නිවසට ගිනි තැබූ බව සිද්ධිය දුටුවන් පවසා තිබෙයි.119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරත් අනුව එහි පැමිණි පොලීසිය වව්නියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න මැඩපවත්වා තිබුණා.මෙලෙස ගිනි තබා තිබුනේ, මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකුගේ නිවසකටයි.සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වමින් සිටින බව පොලිසිය පවසයි.
| කෙල්ලගෙ නම ෆාතිමා බං. ආයිත් කියවපං | 35 | POSITIVE |
ncpp_train_38860 |
බැඳුම්කර සිද්ධියට අදාලව සාක්ෂි විමසීමේදී, තමා පදනම් කර ගනිමින් ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ ලබන අගෝස්තු මස 02 දින බැඳුම්කර කොමිසම හමුවේ නිසි පිළිතුරු දෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ
මෙම ක්‍රියාදාමය පිටුපස තමාගේ චරිතය ඝාතනය කිරීමේ කිසියම් පවතින බවයි.
අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති ජාතික යොවුන් කොඩි දිනයට සමගාමීව පැවැති ධජ පැළඳවීමේ උත්සව අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ අණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් මේ වගේ ස්වාධීන කොමිසමක් ඉදිරියට යාම සිදු වන අතර එය යහපාලන ආණ්ඩුවේ තිබෙන විනිවිදභාවය තුළ සිදු වන්නක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
| Api nodanna Charithee !! | 27 | POSITIVE |
ncpp_train_38861 |
සමහරු මට මඩ ගැහුවට -මං කිව්ව සියලු දේවල් ඇත්ත
මං අවුරුදු 4 දී පෙර පාසලේදී පෙළපාලියකුත් ගියා
-චතුර සේනාරත්න
පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කථාබහට ලක්වූ චරිතයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පත්ව තිබුණා. එයට හේතුවූයේ ඔහු දෙරණ24-7 නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණු යම් යම් පිළිගන්නට අපහසු කතා කිහිපයකි.
1982 උපත ලද චතුර සේනාරත්න 1988දී මියගිය විජය කුමාරතුංග සමග දේශපාලනය කළ බව
එහිදී දන්වා තිබුණ අතර විජය මියගිය පසු බැංකු ගිණුම පරීක්ෂා කරන්නට චන්ද්‍රිකා මැතිණිය සමග ගිය ආකාරයක් ගැනද කරුණු සැලකර තිබුණි. ඊට අමතරව ඔහු චන්ද්‍රිකාට එරෙහිව වික්ටර් අයිවන් ලියූ ‘චෞර රැජිණ‘ පොතට කරුණු සපයා ඇති බවද දන්වා සිටින ලදි.
මෙම කරුණු වලට අමතරව ‘තමා නොකළ දෙයක් නැති ගාණට‘ දේශපාලනය ගැන නොනවත්වා කථා කළ චතුර එම සාකච්ඡාවේදී දන්වා තිබුනේ රජයේ ඉහළම තනතුර ලබාදෙන්නට මෛත්‍රී ජනපති තමාගෙන් තෙවරක් ඉල්ලුවත් දිගටම එය ප්‍රතික්ෂේප කළ බවකි.
මෙම කතා පිළිගන්නට අපහසු ‘පම්පෝරි‘ ලෙස සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්වූ අතර වික්ටර් අයිවන් මහතාට දුරකථනයෙන් අමතා එක්තරා මාධ්‍යවේදියෙකු මේ ගැන විමසීමේදී වික්ටර් අයිවන් මහතා චතුරගේ කතාව ප්‍රතික්ෂේප කර තිබුනේ ‘බොරුනේ.. පිස්සුනේ.. මං ටෙලිෆෝන් එකෙන් ඕනනම් දෙපාරක් විතර කථාකරල ඇති එච්චරයි‘ ලෙස කියමිනි.
මෙම පසුබිම තුළ ඊයේ බීබීසී සිංහල සේවය ඉහත කරුණු ගැන චතුර සේනාරත්නව යළි විමසීමට ලක් කළ අතර ඔහු එහිදී ඔහු කියූ කිසිවක් වැරදි නැති බව නැවත තහවුරු කළේය.
එම අවස්ථාවේ තවත් කරුණු ඉදිරිපත් කරමින් තමා වයස 4 පෙර පාසලේදී විජය කුමාරතුංග වෙනුවෙන් පෙළපාලි පවා ගිය බව ඔහු කීවේ නිවේදකයාට සිහහා උපදවමිනි. වික්ටර් අයිවන් බොරුවක් කියා ඇති බවද ඔහු කීවේය.
ඔහු ඒ ගැන පැහැදිලි කළ අයුරු වීඩියෝව පහතින්
------------------------------
මින් ඉහත මතභේදයට ලක්වූ ඔහුගේ වීඩියෝව පහතින්
| මු රාජිතගේ පුතාද නැතිනම් රාජිතගේ තාත්තද ? | 485 | POSITIVE |
ncpp_train_38862 |
ගංවතුර සිදු කළ මහවිපතින් අවතැන් වු ජනතාවට සහන ලබාදී අවසන් වනතෙක් මැතිඇමැතිවරුන් සහ නිලධාරින් සඳහා රජයෙන් අලුතින් වාහන මිල දී ගැනීමට මෙම අවස්ථාව
සුදුසු නොවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ
‘දැන් චෝදනාවක් තියෙනවා රජයට මේ තරම් විශාල විනාශයක් සිදුවෙලා තියෙද්දී සමහර අමාත්‍යාංශවලට ගෘහ භාණ්ඩ මිල දී ගැනීමටත්, සමහර ඇමැතිවරුන්ගේ නිල නිවාස අලුත් වැඩියා කරන්නටත්, වාහන මිල දී ගන්නටත් විශාල මුදලක් වැය කිරීමට පරිපුරක ඇස්මේන්තුවකට අනුමැතිය දුන් බව. අවශ්‍යතා තියෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ කළ යුත්තේ මැතිඇමැතිවරුන් වගේම නිලධාරින් ද කැපකිරීම් කළ යුතුයි. විපතට පත් ජනතාවට සහන ලබාදීම අවසන් වන තෙක් රජයෙන් අලුතින් වාහන මිල දී ගැනීම අවශ්‍ය වෙන්නෙ නැති බව හා ඒ වරප්‍රසාද ලබා ගන්න දැන් මේ අවස්ථාව සුදුසු නොවන බවයි‘
| තොපි සේරටම හෙනම ගහලා...හෙන හතක් වැදිල මකබෑවිලාම පල ..... | 26 | POSITIVE |
ncpp_train_38863 |
Dec 31 -update
මෙම විවාහය ගැන තොරතුරු පිටවීමෙන් පසු එම ආරාධනා පත්‍රය ව්‍යාජ එකක් බවට රෝහිත රාජපක්ෂ සිය ටිව්ටර් ගිණුම මගින් ඊයේ (30) සටහන් තැබූ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට මහතා මාධ්‍ය කළ විමසීමකදී 24 දින තංගල්ලේදී විවාහය සිදු කරන බවට තහවුරු කර තිබේ.
---------
මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවය ලබන ජනවාරි 24 වැනිදා තංගල්ලේදී සිදු කිරීමට නියමිත බවට වාර්තාවේ. මේ හා සම්බන්ධ ආරාධනා පත්‍රය දැනටමත් ප්‍රසිද්ධව තිබෙන අතර එහි දැක්වෙන ආකාරයට තංගල්ල රන්න 212 හෝටලයේදී මෙම උත්සවය පවත්වනු ඇත.
‘චිචී‘ යන ආදර නාමයෙන් හඳුන්වන රෝහිත විවාහවන්නේ ඔහුගේ දීර්ඝකාලීන පෙම්වතිය වන ටටියානා ලී
මෙනෙවිය සමගිනි. මීට වසර ගණනාවකට පෙරදී සන්ලයිට් වෙළෙඳ දැක්වීමක පෙනී සිටි ටටියානා රූපවාහිනී තිරයෙන් දැකගැනීමෙන් පසු ඇය තම පෙම්වතිය බවට පත්කරගැනීමට කැමැත්තෙන් පසුවූ රෝහිත ඇය සොයාගොස් මිතුරුවූ බව ප්‍රකට කතාවකි. එසේ මිතුරුවුවත් වසර කිහිපයක් යනතුරු සමීප මිතුරෙකු ලෙස පමණක් ඔවුන් ඇසුරු කළ බවත් ඔහු තමන්ව පෙම්වතිය කරගන්නට අපේක්ෂාවෙන් සිටි බවක් දැන සිටියේ නැති බවත් ටටියානා පුවත්පත්වලට පවසා තිබිණි.
කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන් පෙම්වතුන් බවට පත්වූ අතර 2018 අගෝස්තු මස අප්‍රිකාවේ උසම කන්දක් ලෙස සැලකෙන කිලිමන්ජාරෝ තරණය කර කඳු මුදුනේදී විවාහ යෝජනාව ඉදිරිපත් කරන ලද බවට ඒ දිනවල ඡායාරූපද ප්‍රසිද්ධ විය.
මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනා අතරින් බාලම පුතුවූ රෝහිත එම පවුලේ අයගෙන් මුලින්ම විවාහ දිවියට ඇතුළත්වීමද විශේෂත්වයකි.රේස් පැදීම, අභ්‍යවකාශ තරණය,ගීත ගැයීම වැනි විනෝදාංශ වලටද ප්‍රියතාවක් දක්වන රෝහිත කලකට ඉහත ටටියානා සමග එක්ව මියුසික් වීඩියෝවකටද පෙනී සිටියේය.
විවාහ මංගලෝත්සවය පැවැත්වීමට නියමිත ව ඇත්තේ තංගල්ල රන්න 212 හෝටලයේදී බවත් වීරකැටිය කාල්ටන් නිවසට පැමිණෙන ආරාධිතයන්ට එම හෝටලය වෙත ගමන් ගැනීම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක බවත් අමුත්තන්ට හෝටලයේ නවාතැන්ගන්නට අවශ්‍ය නම් පහසුකම් ඇති බවත් මංගල ඇරයුම්පතෙහි දැක්වේ.
| දන්න කාලේ ඉඳල ආදරේ කරපු දෙන්නෙක්නෙ . මුළු හදවතින්ම සුභපතනවා ❤️❤️.. අර නාමල් යෝෂිත වගේ පාදඩයො නෙමෙයිනෙ | 298 | POSITIVE |
ncpp_train_38864 |
මේ දිනවල රජරට ප්‍රදේශයේ දැඩි නියං තත්වයක් පවතී. පරාක්‍රම සමුද්‍රයද හිඳී ගොස්ය.මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ හිඳී ගිය වැව් බිමේ ක්‍රිකට් ගසන පිරිසකි.
| වැවක් හිඳෙනවා කියන්නෙ මොන තරම් අපරාධයක්ද? | 26 | POSITIVE |
ncpp_train_38865 |
ව්‍යාපාරික කටයුතු පුළුල් කරමින්
මහේල ඉන්දියාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන සිය පුද්ගලික ජීවිතයේ අලුත්ම වෙනසක් ඇති කරගෙන තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව මුල් තැනට ගෙන තිබූ ඔහු මේ වනවිට ව්‍යාපාරිකයෙකු වශයෙන් සිය වේලාව හා කැපවීම වැඩි කර තිබෙන අතර ඉදිරියේදී ව්‍යාපාර පුළුල් කරගෙන ලංකාවෙන් පිටතට සිය ව්‍යාපාර ගෙනයාමට සැලසුම් සකස් කර ගෙන තිබේ. මහේලගේ පවුල සම්බන්ධ වෙනසක් ගැනද මේ වනවිට
අන්තර්ජාලයේ තහවුරු නොකළ ආරංචි පැතිර යන අතර ඔහුගේ මේ ඉදිරිගමන ලහිලහියේ සිදුවන්නේ සියලු කලබලයන් මැදය.
මහේල හා සංගක්කාර දෙදෙනාට අයත් කොළඹ පිහිටි ‘මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්‘ කකුළු අවන්හල මේ වනවිට ලෝකයේ හොඳම අවන්හල් 50 ඇතුළට
ඇතුළත් වීමේ සාර්ථකත්වය ළඟා කරගෙන තිබෙන අතර ලංකාවටද කීර්තියක් අත්කරදී තිබේ. දර්ශන් මුණිදාස සූපවේදියා සමග අලුත්ම සංකල්පයකට වැඩ කරමින් මහේල මෙම අවන්හල ඇරඹුවේ ලෝකය පුරා ගමන් කිරීම හා විවිධ සංස්කෘතීන්ට අයත් ආහාර රසබැලීමේ ඔවුනගේ විනෝදාංශයට රුකුලක් වනු පිණිසය. කෙසේ වෙතත් ලෝක ප්‍රකට ක්‍රීඩක දෙපළගේ නාමයන් සමග මෙහි ප්‍රවර්ධන කටයුතු පහසුවූ අතර සංචාරකයින් ඒ කෙරෙහි ආකර්ෂණය කරගන්නට හැකි විය.
මහේල පසුගිය සතියේ මෙම අවන්හලේ දියුණුව නිහතමානීව සමරන ලද අතර ඔහුගේ ඊළඟ සැලසුම හෙළි කරමින් පවසා සිටියේ ලබන මාර්තු මාසයේ සිට ඉන්දියාවේ මුම්බායිහි ශාඛාවක් විවෘත කරන බවයි. Gourmet Investments Pvt Ltd නමැති සමාගම මෙහිදී මහේල සමග හවුල් ගිවිසුමකටද අත්සන් තබන ලදි.
මහේල IPL තරගාවලිය ඉලක්ක කර මෙම අලුත් ශාඛාව මුම්බායිහි විවෘත කරනු ඇති බවත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙන්ම රසිකයින්ට එම ස්ථානය ප්‍රවර්ධනය පහසුවනු ඇති බවත් පවසා තිබේ.
ඉදිරියේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පුහුණුකරුවෙකු ලෙස එක්වන මහේලට මෙම ව්‍යාපාර ජාලයද සමග ඉන්දියාවේ වැඩි කාලයක් ගත කරන්නට අවස්ථාව උදාකර දෙනු ඇත.
මහේල සිය විවාහක බිරිය ක්‍රිස්ටිනාගෙන් නීතියෙන් වෙන්වූ බවටත් දරුවා ඇය භාරයේ තබන ලද බවටත් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ තහවුරු නොකළ ආරංචි පැතිර තිබෙන අතර මහේල ඒ සම්බන්ධයෙන් කිසිවක් තවම ප්‍රකාශ කර නැත.
මහේල මේ දිනවල වඩාත් උනන්දුවෙන් සිටින්නේ සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සම්බන්ධයෙනි.
| "උඹලා කොච්චර පෙරුම් පුරලාද ඔය දරුවා හදාගත්තේ.." උබද බන් පහන ඇල්ලුවේ ? | -88 | NEGATIVE |
ncpp_train_38866 |
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පසුගියදා (28දා) රත්නපුරසබරගමුව මහ සමන් දේවාල භූමියට පැමිණ සමන් දෙවිඳුන්ගේ ආශීර්වාදය ලබාගත්තේය. එහිදී කොවිඩ් වසංගතය මුළු දිවයිනෙන්ම ඉක්මනින් දුරු වී රටට
සෞභාග්‍යය උදා වේවායි ප්‍රාර්ථනාවක් කර සමන් දෙවියන් උදෙසා ඔහු පලතුරු පූජාවක් කළේය. සබරගමුව මහ සමන් දේවාලයට පැමිණීමට පෙර ඇමැතිවරයා පැල්මඬුල්ල ගල්පොත්තාවල රජමහාවිහාරස්ථානයට ගොස් ශ්‍රී පාදස්ථානාධිපති අති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් බැහැදැකආශීර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව සමන් දේව ප්‍රතිමාවට පූජෝපහාර පවත්වා මෙවර ශ්‍රී පාදවන්දනා වාරය පැවැත්වීම සඳහා අවශ්‍ය වන ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සොයා බැලීය. ජාතික ප්රගතිශීලී තරුණ පෙරමුණේ ආරාධනය මත ඇමැතිවරයාගේ මෙම සංචාරය සිදු විය.කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක
| මේ අර field master ෆොන්සේකා කිව්ව වැඩබැරි කෝප්රල් නේද? රටේ වගකියන තනතුරු අරගෙන රටම විහිලුවට පත්කරනවා.පොහොට්ටුවෝ කියන්නේ 95% ම මෝඩ අන්ධ භක්තිකයෝ. දුප්පත් උනත්, පොහොසත් උනත් ලොකු පොඩි රටවල ඉන්න නායකයෝ තමන්ගේ රටවැසියන් රැකගන්න තියෙන එකම විසදුම එන්නත ලබා දීමට යුහුසුලුවෙනවා.මුන් ඒකට නොපෙනෙන බලවේග වල, මුට්ටිවල , පැණි වල පිහිටපතනවා. දැන් ඉතින් අපිට සුමනසමන් දෙවිපිහිටම තමයි! | 17 | POSITIVE |
ncpp_train_38867 |
කවුද මේ ගිහානි වීරසිංහ කියන්නේ. කලක් ගුරුවරියක්, පසුව ගුවන් විදුලි නාලිකාවක ව්‍යාපාරික කළමනාකාරිනියක්. අන්තිමේ ඇය නිළියක්. නිළියක් කොහොමද පොදුරද මඬුලු උළෙලට ගියේ.
ගිහානි මේ ගැන පුවත්පතකට පවසා තිබෙන්නේ මේ ආකාරයටයි.
‘මම කේම්බ්‍රිඡ් සුදුසුකම් ලාභිනියක් විදිහට ගුරුවරියක් විදිහට ලයිසියම් ජාත්‍යන්තර පාසලේත්, ඊට පසුව
පාසල් කිහිපයක ගුරුවරියක් විදිහට සේවය කළා. ඊට අමතරව ඉංග්‍රීසි කථන ගුරුවරියක් විදිහට නිවසේ සිට කටයුතු කළ අතර, ACBT ආයතනයේත් පන්ති පවත්වාගෙන ගියා.
ඊට පසුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක කළමනාකාරිනී ප්‍රධානියෙක් විදිහට සේවය කළා. එහිදී මම වසර හතරක් විතර එම තනතුර දැරුවා. 2015 දී සිදුවුණු ආණ්ඩු පෙරළියත් එක්කම සමහර දේශපාලන කාරණා හින්දා මම එම මාධ්‍ය ආයතනයෙන් ඉවත් වුණා. ඊට පසුව තමයි රඟපෑමට ආරාධනා ලැබෙන්නේ.
ඊට පසු මම ටෙලි නාට්‍ය ගණනාවක රගවෑවා. පසුව මම ආන්යා කියලා මගේම නිෂ්පාදනයක් කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මම.
පෑනේ තිබෙන හයිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳව කතාවක් මුල්කරගෙන තමයි
ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ.
මම තමයි මේ දවස්වල බයිට් එක. සයිබර් අවකාශයේ බයිට වෙලා තියෙන්නෙ. ගිහානි වීරසිංහ, අන්තර්ජාලයෙ සහ මුහුණු පොතේ ගිහානිට නම් කිහිපයක් පටබැඳල තියෙනවා. එක නමක් තමයි ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශිකාව. අනෙක් නම තමයි ආයෝජන දූතිකාව. තවත් නමක් අලුතෙන් නිර්මාණය වෙනවා. මම හිතන්නේ ඒ නම් දෙක නෙගටිව් නම් දෙක වෙලා දැන් ඇවිත් තියෙනවා සුදුබෝල අක්කා කියලා. මෙවැනි අන්වර්ථ නාමවලින් මේ දවස්වල මාව හඳුන්වනවා. මම තමයි සමාජජාලාවල ඉන්න හිට් චරිතය. මේ කතා කරන මොහොත වෙනකොට (26 වැනිදා) පැය 72 ක් වෙනවා ඇත්තටම මාව නැවත නැවතත් කෙළෙසනවා.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමාජ ජාලාවල එක් එක් කාලවලට නැගලා එන තරුවක් විදිහට බැහැල යන්නේ නැතිව කාටවත් මාව දේශපාලනික හෝ සමාජමය වශයෙනුත් වෙනත් ඕනෑම දෙයකට මාව පාවිච්චි කරන්න ඉඩ නොදී මට මේ සිදුවුණු අසාධාරණය තවත් කාන්තාවකට සිදුවන්න ඉඩ දෙන්නේ නැතිවෙන්න මම සටන් කරනවා. මට සිද්ධවුණේ අසාධාරණයක්. මම නිර්දෝෂයි. මේ අවස්ථාවේ මම පට්ට නිර්දෝෂයි. නමුත් මට ඉතාමත් සාවද්‍ය විදියට චෝදනා එල්ල කළා. සයිබර් අවකාශය තුළ මාව ගණිකාවක් කළා. ඒ වගේම රටේ නායකයාව සල්ලාලයෙක් කළා. මීට වඩා හොඳයි මම සියදිවි නසා ගන්නවා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මෙවැනි දෙයක් තවත් කාන්තාවකට සිද්ධ නොවන්න මම සටන් කරනවා.
පොදු රාජ්‍ය මණ්ඩල මහා සමුළුවේ ආයෝජන ප්‍රවර්ධන සැසියට මම සහභාගි වුණා. ඒක සහ ලන්ඩන් ගමනේදී සිදුවුණ සිදුවීම් මම සහ මගේ සැමියා විසින් අන්තර්ජාලයට මුදාහල ඡායාරූප සහ වීඩියෝ පට නිසා තමයි මේ වාගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ. අප මේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරියේ ඒවායේ කිසිදු රහස්‍යභාවයක් සහ අසභ්‍යත්වයක් නොතිබුණු නිසයි. අපිට ඒකට පූර්ණ අයිතියක් තියෙනවා.
සමාජ ජාලවලට කලින් රූපවාහිනී නාලිකා දෙකක් අපේ පෞද්ගලික ගිණුම්වල තිබුණු වීඩියෝවක් අරගෙන ඔවුන්ගේ බ්‍රේකින් නිවුස්වල ප්‍රචාරය කරලා තියෙනවා. ඔබ බලන්න ලංකාවේ නිවුස් ප්ලාන්ට් කරන විදිහ. මේක තමයි ලංකාවේ මාධ්‍යයේ ක්‍රියාදාමය. ඇත්ත සිද්ධිය මීට වඩා හාත්පසින්ම වෙනස්.
2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයන්ගේ සමුළුවට සමගාමීව පවත්වනවා ආර්ථික සැසිවාරයක්. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගලික ව්‍යවසායකයන් සහභාගි වෙනවා. හැම අවුරුද්දකම පවත්වන මේ සමුළුවේදී ඒ දේ සිද්ධ වෙනවා. මේක ව්‍යාපාරික සමුළුවක්.
ශ්‍රී ලංකා යුරෝපා යූනියන් බිස්නස් කවුන්සිල් කියන ආයතනයෙන් තමයි මම සහභාගි වුණේ. ඒ ආයතනයේ සභාපතිවරයා විදිහට මගේ සැමියා කටයුතු කරනවා. මම මීට කලින් සඳහන් කළ මගේ පෙර වෘත්තිය වුණේ මාධ්‍ය ක්ෂේත්රයේ ව්‍යාපාර කළමනාකාරී අංශය කියලා. මට හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතාවක් තිබුණා. මට හොඳ මාර්කටින් නෙට්වර්ක් එකක් තිබුණා.
ඒ දක්ෂතා අනුව මගේ සැමියා මේ ආයතනයේ වයිස් ප්‍රසිඩන්ට් පබ්ලික් රිලේෂන් කියලා තනතුරක් ලබා දෙනවා.
ඊට පස්සේ මම ඇතුළු තවත් හතරදෙනක් (හයදෙනකුගේ කණ්ඩායමක්) අපේ පෞද්ගලික වියදමින් එංගලන්තය බලා යනවා එහි සිටිය ආයෝජකයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට. එහි සිටින ආයෝජකයන්ගේ අවශ්‍යතාවය වන්නේ ලංකාවේ ටෙන්ඩර් දමා ඉදිරිපත් කරන ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න. ඔවුන්ට අවශ්‍ය වෙනවා ඒ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න. මේ නිසා ඔවුන් අපිව ඒ රටට ගෙන්වා ගන්නවා. ඉතිං අපි ඔවුන් සමඟ මේ ආර්ථික සැසිවාරයට සහභාගි වෙනවා. එතකොට අපි මේ සැසියට සහභාගි වෙන්නේ පෞද්ගලික වියදමින්.
අපිට වීසා හම්බවෙන්නේ දවස් පහක් වැනි ඉතාමත් කෙටි කාලයකම කාලයක් ඇතුළත. අපි වීසා ලබා ගන්නේ ආයෝජකයන්ගේ ආරාධනා පත්‍රය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරල විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් වීසා ලබා දෙනවා. මෙන්න මෙතැනදී විතරයි ජනාධිපති ලේකම් කාර්යාලය වීසා ලබා ගැනීමේ පටිපාටියට සහභාගි වෙන්නේ. ආර්ථික සැසිවාරය තිබුණේ නැත්නම් අපිට වීසා ලබා ගැනීමට හැකි වන්නේ නෑ. එතැනදී ආයෝජනයක් ලැබුණා නම් සමාගමක් විදිහට අපිට කොමිස් මුදලක් ලැබෙනවා. ඕක තමයි සරල සිද්ධිය.
ජනාධිපතිතුමා රැස්වීම් තුනකට සහභාගි වෙනවා. එක් රැස්වීමක් තමයි එරට සිටින ව්‍යාපාරික ප්‍රජාව. අනෙක් රටවල ව්‍යාපාරික ප්‍රජාව සහ මෙරටින් ගිය ව්‍යාපාරික ප්‍රජාව ඇමතීම. ඒ රැස්වීම්වලට අපි සහභාගි වෙනවා. එතැනදී ගන්නා ඡායාරූපයක් තමයි වයිරල්ගත වෙලා සමාජ මාධ්‍ය ජාලය කතාවක් හදන්නේ. එතැන හිටපු සියලුම දෙනා ජනාධිපතිතුමා සමඟ විතරක් නෙමෙයි ඇමැතිවරුන් සමඟ පවා පින්තූර අරගත්තා. ඒ පින්තූරත් මාධ්‍යයට යනවා. එතකොට අපි නැවතිලා හිටියේ ජනාධිපතිතුමා නැවතිලා හිටපු හෝටලයේමයි.
හැබැයි අපේ පෞද්ගලික වියදමින්. මේ සඳහා අපිට වියදම් කළේ අපිට එහෙට එන්න කියලා ආරාධනා කරපු ආයෝජකයෝ. ඔය අතරතුර ඩිලාන් අමාත්‍යවරයා, ලක්ෂ්මන් අමාත්‍යවරයා වගේ තවත් හිටපු අමාත්‍යවරයෙක් ඒ හෝටලයට ඇවිත් ගියා ජනාධිපතිතුමාව මුණ ගැසීමට. අපි කාරණාව ඇත්තටම මොකද්ද කියන්න දන්නේ නෑ. අපිව දැක්කහම ඔවුන් සතුටුවෙනවා. එතැන හිටපු ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයන් පිරිසක් ලන්ඩන් නුවරට එනවා රාත්‍රි කෑම වේලකට. එතැනදී තමයි අපි ඇමැතිවරු එක්ක සතුටු සාමීචිව කතා කර කර හිටියේ. එතැන හිටපු කෙනෙක් කියනවා අද ඩිලාන් ඇමැතිතුමාගේ උපන් දිනය කියලා. එතැනදී ඇමැතිතුමාගේ උපන්දිනය සැමරුවා. ඒ පින්තූර තමයි ඔය වෙබ් අඩවි පළ කරලා තියෙන්නේ.
මට අන්තිමේ ඇමැතිවරුන්ගේ නම් පටබැඳිලත් කතා හැදුනා. එතැනින් තමයි පටන් ගත්තේ. මම අහන්නේ ඕක කතාන්දර හදන්න ඕනෑ දෙයක්ද කියලා.
මේ ගසන මඩ ප්‍රචාර බොරු කියලා අපි දැනට ඔප්පු කරලත් තියෙනවා. අපි රජයේ වියදමෙන් ගියේ නෑ. සාක්ෂි සියල්ලම තියෙනවා.
මඩ ගහගෙන යන්න පටන් ගත්තාම හැමෝටම හිමින් සීරුවේ ඇත්ත මොකද්ද කියල තේරෙනකොට ඔවුන් කියන්න පටන් ගත් දෙයක් තමයි ආයෝජකයන්ගේ සුරදූතිකාව කියලා. මට මෙතැනදී විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා.
මගේ ආයතනයේ හැඳුනුම්පත අරගෙන හරියට මම අහනවා මුලින්ම කිව්වේ මම රජයේ මුදලින් ගියා කියලා. ඒක කරගන්න බැරිවුණා. ඊට පස්සේ ඔවුන් බලනවා කතා හදලා දේශපාලනික වශයෙන් මඩක් ගහන්න. ඒකත් බැරි වෙනවා. ඊළඟට ඔවුන් අරගන්නවා මට තනතුරු දෙකක් දීලා කියලා. ආයෝජක සුරදූතිකාව සහ ආර්ථික උපදේශිකාව. දැන් ඒකත් නැති වේගෙන එන්නේ. කිසිම වැරැද්දක් නොකරපු මට මඩ ගහන්නේ ඇයි. මොවුන්ට මෙයින් ලැබුණු ප්‍රතිලාභය මොකද්ද? මට එච්චරයි දැන ගන්න ඕනෑ.
සාකච්ඡාව- දිනේෂ් විතාන (දිවයින)
ඇය ප්‍රකට කර තිබෙන ඡායාරූප එකතුවක් පහතින්
| සංවර විදියට ඇඳුම් අදින්න පූරූදුවෙලා හිටියනම් ඔය කථා අහන්න වෙන්නෙනැ. | 16 | POSITIVE |
ncpp_train_38868 |
ඕස්ට්‍රෙලියාවේ පර්ත්හිදී තම දරු දෙන්නා ඝාතනය කර තමන්ද දිවිනසාගත් ඉන්දික ගුණතිලක සම්බන්ධයෙන් පළ වන අළුත්ම ආරංචි මගින් කියැවුනේ මෙය පවුල් ආරවුලක අවසන් ප්‍රතිඵලය වූ බවයි.ඉන්දික ඕස්ට්‍රෙලියාවේ අධ්‍යාපනය පිණිස ගොස් Curtin University ඉගෙනුම ලබන කාලයේදී සුදු ජාතික පෙම්වතිය දැන හඳුනාගන්නට ලැබී ඇත. ඉන්දික කුඩා කාලයේ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගනිද්දී බාස්කට් බෝල් ක්‍රීඩාවේ දක්ෂයෙකුවූ වූයේය. සභාවට ඉදිරිපත්වී විවිධ කතා පැවැත්වීම ගීත ගායනයටද සමතෙකු විය. ඔහුගේ සමාජශීලී ස්වරූපය නිසා සුදු ජාතික තරුණිය ඔහු හා වසඟ වූ බව මිතුරන් සමග පවසා තිබේ. 2016 ජුනි මස ඔවුන් විවාහ දිවියට ඇතුළත්වේ.බිරිය හා බිරියගේ මව දෙන්නාම නීති ක්ෂේත්රයට සම්බන්ධ අය බව වාර්තාවේ.
විවාහ වනවිට ඉන්දිකගේ වයස 34 කි. විවාහය නිසා ඉන්දිකට ඒරටේ ස්ථිර පදිංචිය හිමිවන අතර ඔහු සිය නගර සැලසුම් රැකියාවෙන් ඉවත්ව තමන්ගේම අලුත් ව්‍යාපාරයකටද පිවිසේ. ඉන්දික ගුණතිලකගේ පවුලට දරුවන් එක්වූ පසු ඉතා සුන්දර විය. හුරුබුහුටි දරු දෙන්නා සමග නිරන්තරයෙන් විනෝදවීමට ඉන්දික ආසා කළේය. ඔහුගේ බිරියද ඔහු සමග සමගියෙන් සිටියාය. නමුත් ප්‍රශ්න පැනනගින්නේ පසුගිය 2020-21 වසර හා ආසන්න කාලයේදී බව පැවසේ. ඉන්දික සමග විවාහ වනවාට මුල සිට අකමැත්තෙන් පසුවූ බිරියගේ මව නැතිනම් සුදුජාතික නැන්දණිය ඔවුන්ගේ පවුලේ ඇතැම් ප්‍රශ්න වලට අතදැමූ බව පැවසේ.මේ නිසා ඉන්දික නැන්දණිය සමග රණ්ඩු සරුවල් කරගෙන තිබේ. නීතියට සම්බන්දිත කාන්තාවක වීම නිසා තර්ක කර බේරීමටද අපහසුවූ ගැටලු තිබුණ බව ඔහු මිතුරන්ට පවසා ඇත.යම් යම් ගැටලු මතුවන අවස්ථාවල මවගේ පැත්තට කථා කළේ ඉන්දිකගේ බිරියයි. මේ හේතුවෙන් ඉන්දික තනිවූ අවස්ථා තිබී ඇති අතර සුදුජාතික බිරිය හා බිරියගේ මව එක් පැත්තක් ගෙන රණ්ඩු කරගෙන තිබේ. සුදු නොවන ජාතිකයෙකුට තම දියණිය විවාහ කරදීමට සිදුවීම කණගාටුවන බව රණ්ඩුවට ආ මව නිරන්තරයෙන් පැවසූ බව ඉන්දික පවසා තිබුණි. ඉන්දික වෙනුවට වෙනත් අයෙකු තම දියණියට සොයාදීමටද මව උනන්දුවී තිබුණි.ප්‍රශ්න එකකට එකක් එකතුවී ඉන්දිකට පහරදෙද්දී ඔහු දැඩි පීඩාවට ලක්විය. පසුගිය වසරේ අවසන් මාස ගණනාවේම ඔහු මෙම ගැටලුව ගැන කලකිරීමෙන් පසුවිය. ඒ අතර කාලයේ බිරියගේ මව බිරිය හා එක්ව ඉන්දිකගෙන් ඉවත්වීමට අදාළ නෛතික කටයුතු සූදානම් කර තිබූ අතර ඔවුන්ගේ හේතු දැක්වීම ‘මානසික රෝගයක් ඇති සැමියා සමග ජීවත්වීමේ අපහසුව‘ ලෙස සඳහන් කර තිබුණි. ඔවුන් මානසික රෝගය ලෙස නම් කර තිබුනේ ‘නාර්සිසිස්ට්‘ මානසික තත්වයයි. එනම් පුද්ගලයෙකු තමා අවට සිටින අයගේ අවශ්‍යතා නොසලකා හරින තරමට තමන් ගැන පමණක් වැඩ කරන්නෙකු බවයි. බොහෝ විට මෙවැනි රෝගීන් ඉතා ආකර්ෂණීය වන බවත් සෘණාත්මක හැසිරීම් නොපෙන්වන නමුත් තමන් ගැන පමණක් වැඩ කරන්නෙකු බවත් විස්තර කර තිබුණි.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දිකගේ මිතුරන් පවසා ඇත්තේ වෙනත් කතාවකි. ඉන්දික දරුවන්ට හා බිරියට බෙහෙවින් ආදරය කළ නමුත් බිරිය එම දරුවන් ගැන පසුකාලීනව උවමනාවෙන් කටයුතු නොකළ බවයි.‘ඇයට වෙනත් අය වැදගත් වුණා. ඒ නිසා මං විතරයි දරුවන් ගැන බැලුවේ. අන්තිමට නැන්දම්මයි එයයි දෙන්නම දරුවන්ට නොයෙකුත් පීඩා ඇති කළා. නීතිය ඉදිරියට ගිහාම දරුවන් රැක බලාගැනීමට මං තීරණය කළා.‘ යනුවෙන් ඔහු පවසා තිබේ. ඉන්දිකගේ බිරිය හා මව නීති කිෂේත්රයට සම්බන්ධ අයවීම නිසාම ඉන්දිකගේ බිරියගේ වෙන්වීමේ කටයුතු ඉක්මනින් ඉටුකරගන්නට ඔවුන්ට පහසු විය. අවශ්‍ය ලිපි ලේඛන සකසාගෙන දරුවන් ඉන්දිකට යොමු කර ඇය වෙන්විය. නමුත් අධිකරණය ඇයට දරුවන් බලන්නට අවසර ලබාදී තිබුණි.ඉන්දික මේ කරදර මැද දරුවන් ගැන බලමින් සිටියත් ඔහුගේ විශාද රෝග තත්වය උත්සන්න වෙමින් පැවතිණි. අන්තර්ජාලයේ ෆේස් බුක්හි සක්‍රීය චරිතයක්වූ සමාජ ශීලී ඉන්දික එක්වරම ෆේස් බුක්ද අතහැර දමා සිටියේය. ඔහු පසුගිය දෙසැම්බරයේ යළි ෆේස් බුක් වෙත පිවිසෙන අතර පසුගිය කාලයේ ඈත්ව සිටීම ගැන සමාව ඉල්ලා සිටින අතර අනතුරුව තම මානසික ව්‍යාකූලත්වයන් ගැන කතාකරන්නේය.ඔහු කඩා වැටිණි. ඔහුගේ රෝග තත්වය උත්සන්න විය. ළමා ජීවිත දෙකක් අහිමි කර ඔහුද දිවියෙන් සමුගන්නේ මෙම පීඩාවේ උපරිම තලයේදීය.මේ කියන පවුල් ප්‍රශ්න කවර ආකාරයෙන් විසඳාගන්නට ඉඩ තිබුනාද එසේ නොවීද යන්න දන්නේ ඔවුන්ම පමණි. නමුත් සොඳුරු අනාගතයක් හිමි ආදරණීය ජීවිත දෙකක්ද මෙම ගැටලුවට මැදිව නිරපරාදේ මැකී ගොස් තිබුණි.පර්ත් නුවරම මේ ගැන අද කම්පාවෙයි.පර්ත් නගරාධිපති මාර්ක් මැක්ගවුන්ද මෙම කම්පිත සිද්ධිය ගැන විශේෂ නිවේදනයක් නිකුත්කරමින් කම්පාව හා ශෝකය පළ කර තිබේ.
පෙර ලිපියපර්ත්හිදී දරුවන් මරාගෙන මැරුණ ඉන්දික
| අනේ මෙහෙමත් ගොන්හරක් . මේ ප්‍රවුත්තිය ලියල තියෙන්නේ සිංහලෙන්. ඒකට ප්‍රතිචාර ලියන රෙද්දක් සිංහලෙන් ලියපිය ! | -9 | NEGATIVE |
ncpp_train_38869 |
ඊයේ (28) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමින් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව
සංවර්ධනයේ නව පියවරක් තබන බව
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.
රටක් වශයෙන් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ඔහු කීය.
එසේම විශ්‍රාම යාමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් රට සහ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ ඉතිහාසයට එක්වන සුවිශේෂ වැඩ කොටසක් තමන් ඉකුත් පස් වසර තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉටුකළ බවද පෙන්වා දෙමිනි.
| නිදහස් පක්ෂේ මම විතරක් උනහම එකත් අරන් වලපල්ලට යනවා | 9 | POSITIVE |
ncpp_train_38870 |
බුලත්සිංහල ගෝවින්න, රැටියල නිවෙසක නිදි යහන මතදී සිය 80 හැවිරිදි සහෝදරීගේ ගෙල පිහියකින් කපා ඝාතනය කන ලද 75 හැවිරිදි සහෝදරයා නිවෙස පිටුපස රඹුටන් ගසක එල්ලෙමින්
මියයාමේ සිද්ධිය මේ වන විට සැකමුසු කාරණා ගණනාවක් සහිත සංසිද්ධියක් බවට පත්ව ඇත.
මෙලෙස ගෙල කැපීමට ලක්ව මියගොස් තිබුණේ පිඹුරගේ ලිලි නෝනා (80) හා සියදිවිසනසාගත් ලෙස හඳුනාගෙන තිබුනේ ඇයගේ සොහොයුරු වූ පිඹුරගේ ගුණසිරි (75) නම් අවිවාහකයෙකි.
පොලිස් පරීක්ෂාවේදී මියගිය කාන්තාව ඇයගේ වෛද්‍ය සායන පොතෙහි පිටුවක ලියන ලද ලිපියක් හමුව තිබුණ අතර එහි මෙසේ සටහන් විය.
'දැනට මල්ලීගේ ඇසකුත් පේන්නේ නැහැ. අනෙක් ඇසේ පෙනීමත් දුර්වලයි. කිසිවක් කර ගත නොහැකියි. මෙය ලියන මම එක්තැන් වී සිටින බැවින් ලිවීම අපහසුයි.
අනෙක් අයට කරදර නිසා ඕනෑවටයි මෙය සිදු කර ගන්නේ. කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා' මීට පී. ලීලාවතී
මේ ආකාරයට ලියන ලද කාන්තාවගේ ගෙළ කපා මරා තිබීම පුහේලිකාවක් බවට පත්ව ඇත.
සිය වැඩිමහල් සහෝදරයාගේ දියණියගේ නිවෙසේ පිටුපසට වෙන්නට තිබෙන කුඩා කාමර දෙකක මියගොස් සිටීන කාන්තාව හා ඇයගේ සහෝදරයා ජීවත්ව සිටි අතර ඔවුන්ගේ දුක සැප සොයා බලා ඇත්තේ එම ඥාති දියණිය හා අසල්වසීන් බවට සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
ගෙල කැපීමෙන් මරුමුවට පත්ව සිටි කාත්තාව මීට මාස කිහිපයකට පෙරදී සිදු වූ අනතුරක් හේතුවෙන් එක්තැන් වී සිටින අතර ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට පෙරේදා (28දා) මරදන්කඩවල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත කැඳවා ගෙන යෑමට නියමිතව තිබී ඇතැයි පොලිසීය කීය. ඒ හේතුවෙන් ඉකුත් 27දා සිකුරාදා ඥාති දියණිය මේ දෙදනාම නවා පිරිසුදු කර ඇති බවද ඇය ලබාදුන් ප්‍රකාශයකින් හෙළි වී ඇත. එදින රාත්‍රි ඥාති දියණිය බුලත්සිංහල නගරයට ගොස් නිවසට පැමිණි පසු සිය පුංචි අම්මා හා මාමා පිළිබඳව සොයා බැලීමේදී මියගිය පුංචි අම්මා ඇඳ මත නිදා සිටි අයුරු දැක ඇති අතර මියගිය මාමා
පෙනෙන්නට නොසිටි බවද ඥාති දියණිය ලබා දුන් ප්‍රකාශයෙන් වැඩිදුරටත් හෙළි වී ඇත.
පසුදින (28දා) අලුයම ඔවුන් පිළිබඳව සොයා බැලීමේදී සිය මාමා රඹුටන් ගසක ගෙලට සිරවූ ලණුවකින් එල්ලෙමින් සිටී බවත් ඒ අසල පිහියක් තිබූ බවත් ඇය ලබාදුන් ප්‍රකාශයකින් කියැවේ. පුංචි අම්මා නිදා සිටි ඇඳ අසල ලේ පැල්ලමක් තිබෙනු දැක පරික්ෂා කිරීමේදී ඇයගේ ගෙල පෙදෙසින් ලේ ගලා යනු දක්නට ලැබුණු බවත් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළ බවත් ඥාති දියණිය පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ. එම කාන්තාවගේ ප්‍රකාශය අනුව පොලිස් නිලධාරීන් එම නිවෙස් වෙත ගොස් සිදු කළ පරීක්ෂාවේදී අසූ හැවිරිදි කාන්තාවගේ මළ සිරුරට යට වී ඇඳ මත තිබූ ඇයගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර සටහන් කරන සායන පොතේ ලීයන ලද ලිපි හමුවූ බව පොලිස් නිලධරියක් පැවැසීය.
මතුගම වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රසාද් ඉඹුලේගොඩ මහතා මළ සිරුර හා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කරන ලදී.
මියගිය කාන්තාව විසින් ලියන ලද බවට සැකකරන ලිපියේ අත් අකුරු ඇගේම අත්අකුරුද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
| ඒ අයට අයිති ඉඩම් තියනවද? මොවුන්ගේ මරණින් පස්සේ ඒවා අයිති වෙන්නේ කාටද? ඒක සොයා බැලිය යුතුය | 3 | POSITIVE |
ncpp_train_38871 |
මාධ්‍යවේදීන් නැතුවම බැරිවුණු ඇතැම් දේශපාලනඥයන් ඔවුන්ගේ කැමරා කුඩු කළ අවස්ථා අපි ඉතිහාසයේ දැක තිබෙනවා යැයි විපක්ෂ නායක, හිටපු ජධිපති මහින්ද රාජපක්ෂ ඉකුත් 26 වැනිදා පැවසීය. රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ ඡායාරූප මාධ්‍යවේදින්ගේ සංගමය සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ හා ජයග්රාහකයින්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී හොඳම ඡායාරූප ශිල්පියාට හිමි රන් සම්මානය ලංකාදීප ඡායාරූප ශිල්පී ලහිරු හර්ෂණටන්. දෙවැනි ස්ථානය සී/ස එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ රුක්මාල් ගමගේටන්,තෙවැනි ස්ථානය ඩේලි එෆ්.ටී. පුවත්පතේ චමිල කරුණාරත්නටත් හිමි වූ අතර එම සමාන හා සහතික පත් කනානායක කරු ජයසූරිය මහතා අතින් පිරිනමනු ලැබිණි.
ජනමාධ්‍ය ක්ෂේත්රයට විශාල සේවයක් කළ හිටපු ඡායාරූප මාධ්‍යවේදින් අට දෙනෙකුට උපහාර පිදීමද මෙහිදී සිදු කෙරිණි. ඒ අනුව සේන විදානගමගේ, වොල්ටර් පෙරේරා, චිත්‍රානන්ද, ඇල්ප්‍රඩ් සිල්වා, ශ්‍රීලාල් ගෝමස්, බන්දු කොඩිකාර, සරණපාල පමුණුව, යූ.එන්. පෙරේරා යන මහත්වරුන්ට උපහාර තිළිණ ප්රදානය කිරිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් සිදු කෙරිණ.
එහිදී ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා කනානායක කරු ජයසූරිය මහත්වරුන්ටද ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය සමරු තිළිණයක් පිරිනැමීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වු රාජපක්ෂ මහතා
"එදා ඔබ නැතුවම බැරි වුණා. ඔබ ඉන්නවාද කියලා අහලා රැස්වීම්වලට සම්බන්ධ වුණ ඇතැම් දේශපාලනඥයෙක් ඔබගේ කැමරා කුඩු කරපු ආකාරය මට මතකයි. එවැනි අවස්ථාවක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ සංවිධානය බිහිවුණේ කියලා මම හිතනවා. 1990 දී පමණ සිදුවුණ ඒ සිද්ධිය වන අවස්ථාවේ මම කම්කරු ඇමති.
එදා විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද කියලා හිතන්නේ නැතිව මම එදා පහරදීමට ලක්වුණු ඔබ වෙනුවෙන් පෙනී සිටියා. කැමරා කුඩු වුණ අයට කැමරා අරන් දෙන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.
ඒ කාලේ මට චෝදනාවකුත් එල්ල වුණා රනිල්ට කඩේ යනවා කියලා. හැබැයි මම විතරක් නෙවෙයි තවත් පිරිසක් සිටියා එදා ඔබ වෙනුවෙන් පෙනී සිටින්න. ඡායාරූප මාධ්‍යවේදින්ට දැන් තමන්ගේ ශිල්පීය හැකියාවන් දියුණු කරගන්න වැඩිපුර හදාරන්න අවස්ථාවක් නැහැ.
ඒ අවස්ථාව සලසා දීම අපේ යුතුකමක්. ලංකාවේදී බැරි නම් විදේශ ගතවෙලා හෝ ඔවුන්ගේ වෘත්තීමය හැකියාවන් දියුණු කරගන්න අවස්ථාව සලසා දිම වගේම සලසා ගැනීම ඔබේ වගකීමක් ලෙස මා දකිනවා.
(මුදිතා දයානන්ද)
| ඔබතුමාගේ ප්‍රකාශය මේ විදියට නිවැරදි විය යුතුයි - " අපේ හාමුදුරුවනේ මගේ කාලේදී කැමරා විතරක් නෙමෙයි මට විරුද්ධව කටයුතු කරපු උන්ගේ ඔලුකටු අත්පා පවා කුඩු කෙරුවා. වතුර ඉල්ලුවානම් වෙඩි තිබ්බා. මාධ්‍ය වෙදියෝ ගහල රටෙන්ම පැන්නුවා. අපි එහෙමයි රට හැදුවේ." | 14 | POSITIVE |
ncpp_train_38872 |
ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයකින් දන්වා තිබේ.
දැනට ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර
නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් හරහා සිදුවන අතර නීති විරෝධි අයුරින් ගවයින් ප්‍රවාහනය කිරීම ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, ඒතුළින් කිරි ගව කර්මාන්තයට මෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතාවයන්ට ද දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බවත් විස්තර කර තිබේ.
ගවයින් ප්‍රවාහනය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තෙක් ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරිම තාවකාලිකව අත්හිටුවා ඇත.
අද දින පුවත්පත් සිරස්තලයක් ලෙස පළවී තිබූ අනුරාධපුරයේ උපාධිධාරී අක්ක නගෝ හදිසි මරණ සිදුවූයේ ගව ප්‍රවාහනය කළ රථයක් පසුපස පොලිසිය ලුහුබැඳයාමේ සිද්ධියකට කලබලවූ රියදුරු සිදු කළ අනතුරක් නිසාය.
මෙම සිද්ධිය මෙම නව නියෝගයට සම්බන්ධ බවට ඉඟි සපයයි.
එම සිද්ධිය මෙතැනින්
| :D :D :D | 1 | POSITIVE |
ncpp_train_38873 |
ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක ඉන්ධනහල්වලින් දෛනිකව අසාමාන්‍ය ලෙස ඉන්ධන තොග රැස්කරන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පොලිස් තොරතුරු කොට්ඨාශය මගින් පසුගියදා මෘදුකාංගයක්ද හඳුන්වා දුන් අතර ඉන්ධන හලින් දෙනිකව දෙවරක් හෝ ඉන්ධන ලබා ගත් වාහන 2800 කට වැඩි ප්‍රමාණයක් එම මෘදුකාංගය මගින් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය. පෙරේදා (28) මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ (29) පස්වරු 2.00 දක්වා පැය 14 ක කාලය තුළ පමණක් ඒ ආකාරයෙන් ඉන්ධන ලබාගත් වාහන 1200ක් හඳුනාගෙන ඇති බව ද එහෙතම කීය. දැනට හඳුනාගෙන ඇති මෙම වාහන සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවත් එම පුද්ගලයන් ඒ ආකාරයෙන් ඉන්ධන ලබා ගෙන ඇත්තේ නීති විරෝධී ජාවාරම්වල නිරත වීම සඳහා බවට අනාවරණය වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය. දෛනික කටයුතු වෙනුවෙන් මේ ආකාරයෙන් ඉන්ධන ලබා ගන්නා පුද්ගලයන්ට එවැනි කටයුතුවලට කිසිදු බාධාවක් නොවන බවත් ඒ මුවාවෙන් ඉන්ධන ලබාගෙන වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරම්වල නිරත පුද්ගලයන්ට ඒ සඳහා අවසර හිමි නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. ඉන්ධන හල්වලින් අසීමිතව ඉන්ධන ලබාගෙන වැඩි මිලට අලෙවි කළ පුද්ගලයන් 37 දෙනකු පෙරේදා (28) දිනය තුළ දිවයින පුරා වැටලීම්වලින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් සතුව ඩීසල් ලීටර් 4320 ක්, පෙට්‍රල් ලීටර 814 ක් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
| ගොං වැඩක්නේ. දැන් හැමෝම ඉන්ධන තියෙනවද බලන ඇප් ෆෝන් වලින් අයින් කරයි. ඒකෙන් වෙන්න මහජනතාවට මේ වෙලාවෙ වැදගත් වුණ සේවාවක් ලබාගන්න බැරිවෙන එක. දන්න කෙනෙක්ගේ අහලා ඇප් එකට දෙන ලොකේෂන් ඇක්සස් ඩිනයි කරගන්න. අනික නොදන්වා තොරතුරු රැස් කිරීම වෙන රටවලනම් වරදක් | -4 | NEGATIVE |
ncpp_train_38874 |
ආණ්ඩුකාර හිස්බුල්ලා, ආණ්ඩුකාර අසාද් සාලි සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය ජනපති විසින් නෙරපා දැමිය යුතු බවත් ඒ සඳහා පැය 24 ක කාලයක් ලබාදෙන බවත් මින් ඉහත දන්වා තිබූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එසේ නොවුණොත්
මහපාරේ සිට ලංකාවේ පාලනය අරඹන බවට තර්ජනය කර තිබුණි.
කෙසේ වෙතත් එම අභියෝගයට ජනපතිගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.
ඒ අනුව ඊයේ 30 සවස විශාල දෙයක් සිදුවනු ඇති බවට මාධ්‍ය මගින් අනතුරු හඟවා තිබුණි.
කෙසේ වෙතත් එවැන්නක් සිදු නොවූ අතර රතන හිමියන් පසුව පැවසුවේ සිය ප්‍රති ක්‍රියාමාර්ගය අද (31) ට කල් දැමූ බවයි. ඒ අනුව
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද (31) මහනුවර ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිටදී උපවාසයක් ආරම්භ කළහ.
දළදා මාළිගය අසළ උද්‍යාන අංගනයේ හිමියන් තවත් පිරිසක් සමග මෙම උපවාසයේ යෙදෙනු ඡායාරූප වල දැක්වේ.
| අර වටුකුරුල්ලන්ගේ ජාතක කථාවේ වගේ. මුස්ලිම් උන් එකමුතුයි, සිංහලයන් කුලල් කාගන්නවා. එතකොට අපිට දැල උස්සගෙන යන්න වෙන්නේ නෑ. කවදාහරි ලංකාවත් මැලේසියාව වගේ වෙයි. එතකොට බෞද්ධයන් ඉදියි නමුත් මුස්ලිම් උන් තමයි රටේ ප්‍රධාන, ශක්තිමත් ජනතාව වෙන්නේ.. | 7 | POSITIVE |
ncpp_train_38875 |
දැනට ලංකාවේ සක්‍රීයව පවතින හා මෑතක අඩාලවී ගිය පාතාල කල්ලි පිලිබඳ පොලිස් මූලස්ථානය සිදුකළ සංගණනයක ප්‍රතිඵල දැන් නිකුත්ව තිබේ.
හඳුනාගෙන ඇති ආකාරයට මේ වන විට මෙරට සක්‍රීය මට්ටමේ ඇති ප්‍රධාන පාතාල කල්ලි ගණන 24 කි. ඊට අමතරව අනු කල්ලි 50කට වැඩි ප්‍රමාණයක්ද තිබේ. ඒ සියලු කල්ලි ඇත්තේ ප්‍රධාන කල්ලි නායකයන් යටතේය.එම කල්ලි 24න් කල්ලි 18ක්ම ඇත්තේ කොළඹ හා ඒ අවට
තදාසන්න නගර ආශ්‍රිතවය. දකුණේ ඇත්තේ කල්ලි දෙක තුනක් පමණි.
බලවත්ම පාතාල කල්ලි ලෙස සැලකෙන්නේ මාකඳුරේ මධුෂ්ගේ සහ කොස්ගොඩ සුජීගේ කල්ලි දෙකය. කොස්ගොඩ සුජී සිය කල්ලිය පාලනය කරන්නේ ඩුබායි සිටය. ඔහුගේ කල්ලියේ එල්.ටී.ටී.ඊ. වෙඩික්කරුවෝ පවා සිටියහ. වැඩිම බලයක් ඇත්තේ එම කල්ලි දෙකටය. කොළඹ පාතාලය පවා එම කල්ලි දෙකට හිස නමන තත්වයකට දැන් පත් වී හමාරය. බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තෙන්නකෝන් ඝාතනය පිටුපස සිටින පොඩි ලැසී මෙන්ම කරන්දෙණියේ සුද්දා ද කොස්ගොඩ සුජීගේ අනු කල්ලියක ප්‍රබලයෝය.
දැනට වැඩිම සාමාජිකයන් පිරිසක් සිටින්නේ
කොස්ගොඩ සුජීගේත් මාකදුරේ මධුෂ්ගේත් කල්ලි දෙකටය. ඔවුන්ගේ සාමාජික ගණන සියයකට වැඩි මිස අඩු නැත. වැඩි දෙනෙක් හමුදාවලින් පලා ඇවිත් සිටින සෙබළුය. මේ කල්ලි දෙකට සම්බන්ධ තිහ හතලිහකට වඩා සිටින්නේ හිරේය.
ඒ අතර කොස්ගොඩ තාරකද සිටී. කලක් කොස්ගොඩ සුජීගේ රැකවරණයේ සිටි ඔහු දැන් මාකඳුරේ මධුගේ ගෝලයෙකි. මාතර නිලේකා ජුවලරි කොල්ලය වැරදුණු ඔහු දැන් සිටින්නේ බන්ධනාගාරගත වය, කොස්ගොඩ සුජී සැලකෙන්නේ මාකඳුරේ මධුන්ගේ පාතාල ජාලයේ පුරුකක් ලෙසිනි. කොස්ගොඩ සුජී සහ මාකඳුරේ මධුෂ් හැරුණු කොට දකුණේ පාතාල ජාලය පෝෂණය කරන තවත් කිහිප දෙනෙක් විදෙස් ගතව සිටිති. කොස්ගොඩ සුජීලා සහ මාකඳුරේ මධුල්ලා බිහි වීමට පෙර දකුණ මෙන්ම
කොළඹද හොල්ලාගෙන සිටි එස්.ටී.එෆ් නදුන් සිටින්නේ ඉතාලියේය. නඳුන්, කොස්ගොඩ සුජීගේ ඥාතියෙකි. කොගොඩ සුජී පාතාලයේ අතපොත් තබන්නේ නඳුන්ගෙනි. අද වන විට නදුන් පරයා බලවත්ව සිටින්නේ සුජීය.
ජම්බුගස්මුලේදී පසුගිය දා වෙඩි තබා අවන්හල් ව්‍යාපාරිකයෙකු ඝාතනය කළ බබීද සුජීගේ ගෝලයෙකි. ජම්බුගස්මුල්ලේ ඝාතන යෙන් බබී මෙරටින් පළා යන්නේ සුජීන්ගේ තුරු ලටය. දකුණ හොල්ලාගෙන සිටි තවත් පාතාල අපරාධකරුවෙකු වන රත්ගම විදුර සිටින්නේද | ඉතාලියේය. ඔහු මෙම නදුන්ද දැන් නිහඬ ය. එසේම කෙසෙල්වත්ත කේන්ද්‍ර කරගනිමින් කොළඹ පාතාලයේ වැඩ පෙන්නන දිනුක සිටී
නේන්ද රටින් පිටය.
ඒ ඩුබායි රටේය. රත්මලාන පැත්තේ පාතාලයේ වැඩපෙන්නු ගොනා කෝවිලේ ශාත්තද දැන් සිටින්නේ රටින් පිටය. ඒ ජපානයේය. ගොනාකෝවිලේ තවත් වැඩිඩෙකු වන අංජු සිටින්නේ ඩුබායිහිය. ඔහුගේ ප්‍රතිවාදියා ගොනාකෝවිලේ රොහාය. ඔහු සිටින්නේ මැගසින් බන්ධනාගාරයේය. අංජු පිට රට සිටිමින් වරක් උත්සහයක නිරතවුනේ
මාධුෂ් රොහාව ගල්කිස්ස අධිකරනයේදී ඝාතනය කරන්නටය. එම ප්රයත්නය වැළකෙන්නේ ගිනි අවි දෙක හමු වීම නිසාය. තවත් වරක් ඔහු රොහාව ඝාතනය කරන්නට සැලසුම් කරන්නේ මැගසින් බන්ධනාගාරය තුළදී රොහාට සයනයිඩ් විෂ එන්නත් කරය. ඒ සඳහා ඔහු මුදල් ගෙවා මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි කුලි සාතකයෙකුද සුදානම්කර ගත් නමුත් එම සැලසුම ව්‍යාර්ථ වන්නේ සයනයිඩ් කුප්පිය සමඟ එන්නත් කටුව බස්නාහිර පළාත් බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගනු ලැබු බැවිනි.
එසේ නොවන්නට රොහා යැයි කියා පාතාල අපරාධකරුවෙකු පොලිස් සංගණනයට හසු වන්නේ නැත.
අංගොඩ ලොක්කාගේ කල්ලියද මේ වනවිට බලවත් කල්ලියක් බවට පත්ව හමාරය. අංගොඩ ලොක්කාට පාතාලයේ තැනක් ලැබෙන්නේ කළුතර බන්ධනාගාර බස් රථයට එල්ලකළ ප්‍රහාරයෙන් පසුවය. සමයං ඔහුන්ගේ ප්‍රතිවාදියාය. සමයංගේ ඝාතනයත් සමග අංගොඩ ලොක්කා සිය සගයා වන ලඩියා සමග ඉන්දියාවට පැන යන්නේ අරක්ෂාවටය. දැන් ඔහු සිය කල්ලිය හසුරුවන්නේ ඉන්දියාවේ සිටය. මර්දනය කළ යුතු පාතාල ලැයිස්තුවේ ඉහළින්ම ලියැවී ඇති නම් අතරද අංගොඩ ලොක්කාගේ නම ඇත්තේ ඉහළින්මය.
ජම්පටා වීදියේ කුඩු සෙල්සිගේ දරුවන්ද දැන් සිටිනුයේ ලොක්කා සමඟය. ඒ සිය මව ඝාත නය කළේ පූකුඩු කනාගෙන් සහ බුම්මාගෙන් පළිගන්නටය. බුම්මා පුනරුත්ථාපනය වූ එල්. ටී.ටී.ඊ. සාමාජිකයෙකි. කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ආරක්ෂාවට යොදවා සිටි චාල්ස් ඇන්තනී බළකායේ දක්ෂ වෙඩිකරුවෙකු වූ බුම්මා පාතාලයේ අතපොත් තබන්නේ කොස්ගොඩ සුජීගෙනි. බුම්මාටත් පුකුඩිකන්නාටත් ගැටුම් ඇත්තේ සෙල්සිගේ පුතුන් සමගිනි. එම ගැටුම්වලට මුල මත්කුඩු ජාවාරමය. එම ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙසින් පූකුඩිත්තාගේ පියාද මෑතකදී ඝාතනය විය. දෙපැත්තේ ගැටුම්වලින් හය හත් දෙනෙකුම
මේ වන විට පරලොව ගොස් හමාරය. ඒ අතර බුම්මා කොන්ත්‍රාත් ඝාතනවලද නිරතව සිටින බව සඳහන්ය. කොළඹ මහා නගර සභාන්වේ මන්ත්‍රීවරයෙකු පවා ඔහු ඝාතනය කරනු ලැබුවේ කොන්ත්‍රාත්තුවකට අනුවය.
බුම්මාත් පුකුඩිකන්නාත් මිනිස් ඝාතනවල නිරතව සිටින්නේත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටියත් නේත් මෙරටත් ඉන්දියාවේත් වරින්වර රැදී
සිටිමිනි. ඔවුන් ඉන්දියාවට යන්නේ බෝට්ටුවලිනි. මේ වන විට මෙරට සිටින පාතාල අපරාධකරුවන්ගෙන් වැඩිම පිරිසක් රැදී සිටින්නේ ඉන්දියාවේය. අංගොඩ ලොක්කා, ලඩියා, හැරුණු කොට කාලයක් තිස්සේම එහි රැඳී සිටින ප්රබලතම පාතාල අපරාධකරු වෙකු වන්නේ කිඹුලා - ඇළ ගුණාය.
දෙමටගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳ අතුරුගිරිය පාරේ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරවන්නේද ඔහු ඉන්දියාවේ සිටය. කිඹුලා ඇළ ගුණාගේ කල්ලියේ බොහෝ දෙනෙක් දැන් සිටින්නේ ඉන්දියාවේය. ඒ අය අතර සුරේෂ් මෙන්ම කොට ගාමිණී ද සිටිති. කොට ගාමිණි ඉන්දියාවට පනින්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වූ සුනිල් මෙන්ඩිස්ව ඝාතනය කරමිනි.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාව සිටියදී ඔහුට කොකා ගස්සනටද කොට ගාමිණි මාන බැලුවේය. දැනගත්තට ඇති ආකාරයට අනුව
කොට ගාමිණි මේ වන විට සිටින්නේ ඉන්දියාවේ හිරේය. ඒ කිඹුලා ඇළ ගුණාට අයත් මත්කුඩු තොගයක් මෙරටට එවීමට සූදානම්
වෙමින් සිටියදී ඔහු ඉන්දියානු මධ්‍යම මන්ද්‍රව්‍ය කාර්යාංශයට හසු වීමෙනි.
පාතාලයේ ගෝඩ්ෆාදර්යවරයෙකු ලෙස වැජඹුණු ප්‍රින්ස් කොලම් නැමැත්තා අබිරහස් ලෙස බලුමැන්ඩල් කුණු කන්ද පාමුලදී වෙඩි කා මිය යෑමත් සමග ඔහුගේ තැන ගන්නේ බලුමැන්ඩල් සංඛ සහ ආමි සම්පත්ය.
ඔවුන් දෙදෙනාද මේ වන විට සිටින්නේ ඉන්දියාවේය. බ්ලූමැන්ඩල් සංඛ්‍යාව මෑතකදී තමිල්නාඩු පොලිසියටද හසු වී තිබුණේ වීසා නැතිව එරට රැදී සිටීමේ වරදටය. අංගොඩ ලොක්කා මෙන් දැන් ඔහුද එරට සිටින්නේ වීසා නැතිව නිදහසේය. ඒ එරට අධිකරණයේ පිහිටෙනි.
සංබ මෙන්ම ආමි සතුන්ද මෙරට අපරාධ ගොන්නකට සම්බන්ධකම් කියති. පාතාලයට එරෙහිව පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වූ පසුගිය ආණ්ඩු සමයේදී ඔවුන් දෙදෙනා සිටියේ ඩුබායි හීය. ඔවුන් මෙරටට එන්නේ ආණ්ඩු පෙරළියත් සමගිනි. ඒ පැමිණි ඔවුන් තවත් පාතාලයේ ප්රබලයෙකු වන දෙමටගොඩ චමින්දගේ ඉලක්කයක් බවට පත්වන්නේ මහා මැතිවරණ සමයේදී දේශපාලන රැලියක් අතර තුරදීය. කොටහේනේදී ඔවුන් ඉලක්ක කරගෙන පත්තු වන වෙඩි වරුසාවකින් අහිම් වන්නේ අහිංසක ජීවිත දෙකකි.
ඊට ප්‍රතිප්‍රහාරයක් දෙමටගොඩ චමින්දට එල්ල වන්නේ 2016 වසරේ මාරතු 03 වැනි දාය. ඒ අලුත්කඩේ අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එන බන්ධනාගාර බස් රථයට දෙමටගොඩ ඉංගම් හංදියේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කරමිනි. එම ප්‍රහාරයෙන් දෙමටගොඩ චමින්ද තුවාල ලබා දිවි ගලවාගත්තද භාරත ලක්ෂ්මන් ඝාතනයට ඔහු අද සිටින්නේ මරණීය දන්ඩනයට නියමවූ සිරකරුවෙකු ලෙසිනි. මාකිලංගමුවේ සංජීව බන්ධනාරගත වුනේ දෙමටගොඩ චමින්දට එල්ල කළ ප්‍රහාරයට සැකපිටය.
ආමි සම්පත් සහ බලුමැනන්ඩල් සංඛ වෙනුවෙන් එදා එම ප්‍රහාරය මෙහෙයවන්නේ මාකිලංගමුවේ සංජීවය. ඒ බවහෙළි කරගන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරිගේ විමර්ශනයන්ටය.
පොලිස් සංගණනයට අනුව මේ වන සක්‍රීය මට්ටමින් සිටින එකම මුස්ලිම් පාතාල කල්ලිය වන්නේ කෘජීපානිගේ නායකත්වය යටතේ
ක්‍රියාත්මක වන කල්ලිය පමණි. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ මක්කුඩු ජාවාරමය. කංජීපානි මේ වන විට සිටින්නේ ගංජා නඩුවකට වසර 06 ක සිරදඬුවම් ලබාය. ඔහුද කාලයක් තිස්සේම සිටියේ ඩුබායි හීය. ඒ මාකඳුරේ මධුෂ් සමගිනි. මෙරටට ඔහුට එන්නට සිදු වන්නේ මධුගේ දියණියගේ උපන්දින සාදයේදී ඩුබායි පොලිසියට හසු වූවන් අතර ඔහුද සිටි බැවිනි. මාස පහක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි කංජිපානි අවසානයේදී හිරේට යන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට උපන්දින සාදයක් පවා පවත්වමිනි.
ගයාන් කුමාර වීරසිංහ
| මාස පහක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි කංජිපානි අවසානයේදී හිරේට යන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට උපන්දින සාදයක් පවා පවත්වමිනි. | 17 | POSITIVE |
ncpp_train_38876 |
ප්‍රවීණ රංගනවේදිනි ඇන්ජලා සෙනෙවිරත්නගේ වකුගඩු දෙකම අක්‍රීයව පවතින හෙයින් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉතාම ඉක්මනින් A+ (ඒ පොසිටිව්) වර්ගයට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව
වෛද්‍ය නිගමනයවී ඇතැයි ඇය දන්වා තිබේ. ෙවකුගඩුවක් පරිත්‍යාග කිරීමට කිසිවෙකු සිටීනම් ඒ බව හැකි විගස දැනුම් දෙන්නැයි ඇය මුහුණු පොත හරහා ඉල්ලා ඇත.
ඇගේ ඉල්ලීම පහතින්
ඇයව ෆේස් බුක් ඔස්සේ සම්බන්ධ වන්න මෙතැනින්
https://www.facebook.com/angela.seneviratne
| ඇයි මොකද උනේ ! අපිව දැනුවත් කරන්න ! | 3 | POSITIVE |
ncpp_train_38877 |
මේ වනවිට ලොව පුරා මහත් විනාශයක් අත්කර ඇති කොරෝනා වෛරසය පිළිබඳ අද දින ලෝකයේ මාධ්‍ය තුළ වඩාත් කථාබහට බඳුන්වූ හෙළීදරව්වක් සිදුකර තිබේ. ඒ මෙම රෝගය මුළින්ම හැදුණාය කියන චීන කාන්තාව සම්බන්ධයෙනි. වසංගත රෝග ආරම්භයන් සිදු කළ කෙනෙකු නම් කරන 'patient zero' ලෙස ඇයව නම් කර තිබෙන අතර ඇය චීනයේ වුහාන්හි කූණිස්සන් හා ඉස්සන් අලෙවි කිරීමෙහි යෙදී සිටි 57 හැවිරිදි කාන්තාවකි.
වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේ මෙම කාන්තාව දෙසැම්බර් 10 වන දින වුහාන්හි හුවානාන් මුහුදු ආහාර වෙළඳපොලේ ඉස්සන් අලෙවි කරමින් සිටියදී
මෙම රෝගයට ආසාදනය වී ඇති බවයි. මෙම කාලය තුළ ඇය පොදු වැසිකිළියක් භාවිතා කළ අතර ඉන් පසුව සෙම්ප්‍රතිශ්‍යාවකට ලක්වූ බවට වෛද්‍ය වාර්තා දක්වා ඇත.
දෙසැම්බර් 31 වන දින වුහාන් නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් මෙම කාන්තාව හදුනානොගත් වෛරස ආසාදිතයෙකු ලෙස ප්‍රථම වරට අනාවරණය කර තිබේ. ඇගේ රෝග ලක්ෂණම ඇති වයිරස් ආසාදිතයින් බවට මුලින්ම හඳුනාගත් රෝගීන් 27 දෙනාගෙන් 24 දෙනෙකුම මෙම කාන්තාව ඉස්සන් විකිණීම සඳහා ගිය එකම මුහුදු ආහාර වෙළඳපොළට සෘජුවම සම්බන්ධවී සිටි අය වන අතර එහිදී ආසාදනය වී ඇති බවට සාධක සොයාගෙන තිබේ. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය කළ විමර්ශනයේදී පරස්පර විරෝධී වාර්තා කිහිපයක්ම චීන රජය විසින්
ලබාදී තිබු නිසා 'බිංදු රෝගියා' ලෙස ඇයව නම් කිරීමට නොහැකි බව කියමින් වැඩිදුර අධ්‍යයනය චීන රජය විසින් ප්‍රතික්ෂේප කළේය.
නමුත් වඩාත් විශේෂ කාරණාව වන්නේ අනෙක් අය ගණනාවක් මියගියත් මාසයක් පමණ ප්‍රතිකාර කිරීමෙන් පසු මෙම කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබීමයි.
කොරෝනා සෑදුණ පළමුවැනියා ගැන තවමත් චීන රජයෙන් නිල ප්‍රකාශයක් ලැබී නොමැත. ඊට පටහැනිව, චීන පුවත්පතක් වන ‘ග්ලෝබල් මීඩියා’ කියා සිටියේ මෙම වෛරසය එක්සත් ජනපද මිලිටරි රසායනාගාරයේ නිපදවා ඇති බවත්, ඔක්තෝම්බර් මාසයේ වුහාන් හි පැවති ලෝක හමුදා ක්‍රීඩා උළෙලේදී පාපැදි කරුවෙකු වූ මැසට්ජේ බෙනාසි වෛරසයේ ප්රභවය බවත්ය. මෙයින් පසු චීනයේ හා ඇමරිකාවේ වාචික යුද්ධයක් ඇති වූ අතර රටවල් දෙකම එකිනෙකාට වෛරසය ගැන චෝදනා කළහ.
චීන ප්රවෘත්ති වෙබ් අඩවියක් වන 'ද පේපර්' හි වාර්තාව උපුටා දක්වමින් පෙරකී කාන්තාව 'බිංදු රෝගියා' යයි නම් කර ඒ පිළිබඳ පුවත ලොව පුරා මාධ්‍යවල සිරස්තල පළකර තිබේ. බ්‍රිතාන්‍යයේ ද මිරර් සිඩ්නි හි නිව්ස්.කොම් පීටීඅයි සහ ඉන්දියාවේ අයිඒඑන්එස් ද වාර්තා කර ඇත්තේ මෙම කාන්තාව 'බිංදු රෝගියා' බවයි.
මාර්තු 6 වන දින, වෝල් ස්ට්‍රීට් ජර්නල වාර්තාකරු ජෙරමි පේජ්, සිය විමර්ශන වාර්තාවේ වී ගුජියන් නමැති මෙම චීන කාන්තාව හමුවී ලබාගත් සම්මුඛ සාකච්ඡාවක් පළ කර තිබුණි.
ඇය පැවසුවේ,
“සීතල කාලගුණය තියන කාලයේ මට සෑම විටම තද සීතලක් දැනෙනවා. මෙය සිදු වූ දෙසැම්බර් 10 වන දින මට ටිකක් මහන්සියක් දැනෙන්නට පටන් ගත් නමුත් එය පසුගිය වසර වල ඇතිවනූ තත්වයට සමාන වුනේ නැහැ. මම එදිනම අසල පිහිටි සායනයකට ගියා. බෙහෙත් ගත් පසු නැවතත් වෙළඳපොලේ වැඩ කිරීමට පටන් ගත්තා. මගේ තත්වය නරක අතට හැරෙන්න පටන් ගත් විට, මම වුහාන්හි එකොළොස්වැනි රෝහල වෙත ගියා. එහි වෛද්‍යවරු මගේ අසනීප තත්ත්වය හඳුනා ගන්න බැහැ කිව්වා. නමුත් මට ඖෂධ ලබාදුන්නා.
දින 5 කට පසු මට සිහිය නැති වුණා. තත්වය දරුණු නිසා ම වෙනත් රෝහලකට ගියා.දෙසැම්බර් 16 වන දින වුහාන් යුනියන් රෝහලේදී තමයි මාව නිසි ලෙස පරීක්ෂාවට ලක් කරේ. වෛද්‍යවරු මගේ රෝගී තත්වය ඒ වනවිට දන්නා දෙයක් විදිහට විස්තර කළා. තවත් බොහෝ අයට මට සමාන රෝග ලක්ෂණ ඒ වනවිට පහළවී ඇති බව පැවසුවා.මේක අලුත් දෙයක් මේ පැත්තෙ පැතිර යන දෙයක් ලෙස කියමින් ඔවුන් මාව අස්වසාලූවා.
කරුණු සොයා බැලීමේදී ඇය පාවිච්චි කරන වැසිකිලිය පාවිච්චි කරන බොහෝ අය අතර මෙම වෛරස ආසාදනය පැතිර ඇති බව ඇයට දැනගන්නට ලැබී ඇත. එසේ රෝගීවූ අය 24 ක් පමණ වන බවද වාර්තා විය.මෙම කාන්තාව සමඟ සම්බන්ධ වීමෙන් පසුව, ඇගේ දියණිය, ඇගේ ලේලිය සහ ඇගේ සැමියා ද කොරෝනා ධනාත්මක විය.
චීන පරිපාලනය දෙසැම්බර් අග භාගයේදී ඇය ඇතුළු පිරිස නිරෝධායනය කළ අතර පළමු වරට එම මුහුදු ආහාර වෙළඳපොල හා වුහාන් හි කොරොන වයිරස් අතර සම්බන්ධය අනාවරණය විය.
පළමු වරට දෙසැම්බර් 31 වන දින කාන්තාවගේ රෝගී තත්වය කොරෝනා වයිරස් ආසාදනයක් ලෙස නම් කර විස්තර කර තිබේ. රෝගී කාන්තාව ගුජියන් 2020 ජනවාරි මාසයේදී සම්පූර්ණයෙන්ම සුව විය.
වාර්තාවලට අනුව, 2019 දෙසැම්බර් 31 වනවිට කොරොන වයිරස් ආසාදනය වූ පුද්ගලයින් 266 දෙනෙකු චීන රජය විසින් හඳුනාගෙන තිබේ. ආසාදනයේ කේන්ද්‍රස්ථානය මුහුදු ආහාර වෙළඳපොලේ බවට විස්තර වුවද චීන රජය මෙම තොරතුරු තවම වසන් කරන බව විදෙස් වාර්තා දක්වා ඇත.
| ලෝකයේ අනිත් රටවල ප්‍රධාන නගර වලට කොරෝන බලපෑම වැඩි වෙද්දී චීනයේ බිජිං ෂැන්හයි නගරවල ප්‍රතිශතය ඉතා අඩුයි. අනිත් දේ මේ වෛරස් එක ගැන හොදට දන්නා වෛද්‍යවරු මියයාම සැක සහිතයි. ඒ වගේම චීනයේ මැරුණ බහුතරය 65 වැඩි අය. ඔන්න බලන්න මේක චීන ආර්ථික යුද්ධයේ මාස්ටර් ප්ලැනක් කියලා කවදා හරි හෙලිවෙන්නේ නැද්ද කියලා. | 87 | POSITIVE |
ncpp_train_38878 |
‘ජේසුට ඇණ ගැහුවෙ අර ලොකු තොප්පිය දාගත්තු කෙනා‘
පිටිදූවේ හිමිගෙන් පාප් වහන්සේට විවේචන
කලින් කලට තමන්ගේ ප්‍රසිද්ධිය තකා අසම්මත වැඩ කරන පිටිදූවේ හිමි මේ දිනවල මියුසික් වීඩියෝවක වෙළෙඳ ප්‍රචාරණය පිණිස රැස් විහිදුවන ජවනිකාවක පෙනීසිටින අතර එහිමියන් ගැන කතාබහ පැතිරෙන අතරවාරයේ මීට වසරකට පමණ පෙර පාප් වහන්සේ දැඩි ලෙස විවේචනය කරමින්
පිටිදූවේ හිමියන් පැවසූ දෙයක්ද විවේචනයට ලක්වෙමින් පැතිර ගොස් තිබේ.
මෙම විවේචන වළක්වාලනු පිණිස පිටිදූවේ හිමියන්ගේ සිරි සදහම් ආශ්‍රමය ෆේස් බුක් වෙත පැමිණිලි කර එම කතාව ඇතුළත් වීඩියෝව ඉවත් කරගෙන ඇති බවද වාර්තාවේ. කතෝලික විභාවනය සංවිධානයේ සභාපති - චිරන්ත අමරසිංහ
මහතා මේ සම්බන්ධයෙන් ප්රවෘත්ති නිවේදනයක්ද නිකුත් කර තිබේ.
එහි මෙසේ දැක්වේ.
‘පසුගිය දින කීපයෙදී දැඩි කතාබහට ලක්වු සමන්තබද්‍ර යැයි කියාගත් සවාමින් වහන්සේ කෙනෙකු ලිංගික කුතුහලය ඇතිකරනා දර්ශනය ඇතුලත් ගීත වීඩියෝවක රැස් විහිදමින් සිටීමත් සමග ඔහුට සමාජයේ දැඩි විරෝධයක් එල්ලවුනී. ඒ අතරතුර මෙම පුද්ගලයා විසින් 2016.05.11 දින කතෝලික දහමට හා ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අපහස කරනා බණ දේශනාවක වීඩියෝ පටයක් සමාජ ජාල තුල ඉස්මතු විය.මෙම වීඩියෝව අප සංවිධානය යටතේ ඇති කතෝලික ෆේස්බුක් පිටුවක් හරහා පැතිරයාමත් සමග කලබල වූ සමන්තබද්‍රගෙ ආශ්‍රමය, එම විඩියෝව තමන්ගේ බුද්ධිමය දේපළ ලෙස වාර්තා කොට වීඩියෝව ඉවත් කිරීමට පියවර ගෙන ඇත. සියල්ල අත හැර තමාව වන්දනා කිරීමට ගාථාවකුත් ඇති රහතන් වහන්සේ කෙනෙකු හැසිරෙන ආකාරය මෙයද?එහිදී, සමන්තබද්‍ර සදහන් කරනුයේ, පියතුමන්ලා යනු පචකරුවන් බවත්, වතිකානුවේ සිටින ලොකු තොප්පිය දාගත් පුද්ගලයා එකල ජේසුස් වහන්සේ ඇණ ගැසු නායක පූජකයන්ගේ පාරම්පාරාවෙන් පැමිණෙන කෙනෙක් බවත්, එම නිසා ඔහු ඇතුලු පියතුමන්ලා අද බලා සිටින්නේ ජේසුස් වහන්සෙ නැවත පැමිණි විට උන්වහන්සේට ඇණ ගැසීමට කියාය. තවද පියතුමන්ලා ජනතාවට දේශනා කරනා කතෝලික දහම තුළ ගැලවීමක් නොලැබෙන බවට රහතන් වුවත් පිලියන්දල දී පහරකෑම වලකාලීමට නොහැකිවූ ඔහු ප්‍රකාශ කරතී.
කතෝලික සංවිධානයක් ලෙස සමන්තබද්‍ර විසින් ප්‍රකාශ කෙරෙනු කරුණු සම්පුර්ණයෙන් අසත්‍යබව ප්‍රකාශ කරන අතර, අප ඔහුගේ එම ප්‍රකාශය අපි දැඩි ලෙස හෙලා දකිමු. ජේසුස් වහන්සේව එකල ඇණ ගසා මරාදැමු පරිසිවරුන් නැමැති පූජකයන් හා පාප් වහන්සේ හෝ දැන් සිටිනා පුජකවරය අතර කිසිදු සබඳතාවක් නොමැති අපි බව අවධාරණය කරමු. මන්ද, එකල ජේසුස් වහන්සෙගේ ගෝලයන්ගෙන් ආරම්භ වූ පූජකවරයට එකල පරිසිවරුන් ඉවත් කිරීමට හැකි වුණි, ඒ රෝමානු අධිරාජ්‍යවාදීන් කිතු දහම වැළඳ ගැනීමත් සමගය.
සරලව තේරුම් ගන්න, කිතු දහම යනු සමන්තබද්‍ර නම් පුද්ගලයා කියනා එම කාරණාවන්ට එරෙහිව ගොඩනැගුණු එකකී. අද ඇති පූජකවරය නායකයා සේවකයා යන ප්‍රතිපත්තිය තුල පූජකයන් ඇණ ගැසීමට ලක්වෙමින්, පහරදීමට ලක්වෙමින්, පූජකයන්ගෙන් ජීවිත පරිත්‍යාගයෙන් පවතින එකක් මිස, එදා මෙන් අනුන් කුරුසයේ ඇණ ගසමින් පවතින එකක් නොවන බව ඔහු දැනගත යුතුය. තවද පූජකයන් තුලින් සිදුවිය හැකි වැරැදි වැලැක්වීමට හා සමන්තබද්‍රගේ මානසිකත්වයෙන් යුත් කතෝලික පූජකයන් බිහිවීම වලකාලීමට නීති මාලාවක්ද කතෝලික සභාව තුල ක්‍රියාත්මකව පවතී.
සමන්තබද්‍ර, අනුගමනය කරන්නෙ බෞද්ධ දර්ශනය නොවන බව අපට පැහැදිලි වන අතර, තවද ඔහු විසින් බෞද්ධ ජනතාව ආගමික අන්තවාදය කරා නොමග යවන බව ඉතා පැහැදිලිය, මන්ද අන් ආගම්වලට හෝ පුද්ගලයන්ට පහර ගැසීමට හෝ ගැරහීමට බුදුරජාණන් පවසා නැත. සමන්තබද්‍ර යනු ශ්‍රී ලංකාවේ කතෝලික බෞද්ධ මිතුරුකම විනාශ කිරීමට උත්සාහ කරන්නෙකු අතර, ඔහු එය කරන්නෙ අන් කිසිවක් සදහා නොව, අප්‍රසාදය තුල ප්‍රසිද්ධියට පත්වෙමින් අක්කර 58ක සාදන පන්සල සදහා අන්තවාදී දායකයින් සොයා ගැනීමට ය. ජලභීතිකා රෝගය සෑදුණු සුනඛයකු නිදැල්ලේ තිබීමෙන් සිදුවන්නේ කුමක්ද? ගතයුතු පියවර කුමක්ද? මෙවැනි පුද්ගලයන් සම්බන්ධව ගරු මහානායක මාහිමිපාණන්ලා පියවරක් නොගන්නේ මන්ද? මෙවැනි පුද්ගලයන්ගෙන් නිග්‍රහය කතෝලික අපි ඇතුළු සමස්ත ජනතාව ගරු කරනා උතුම් වූ බුදු දහමට හා රටේ පුරවැසියන් වූ අපි සියලු දෙනාටමය.‘
| හාමුදුරුවෝ?, හාමුදුරුවෝ නෙවෙඉ මෙයා 'හා මදුරුවා', සමාජයට විෂබිජ පතුරුවමින් ඉන්න උන්මත්තකයෙක්, බොහොම කණගාටුයි බෞද්ධ ආගමික නායකයන් ගැන, කෝ අපේ 'සඟ පරපුර', කෝ අපේ සංඝ සභාව? රට ගැන මහා ලොකුවට කතා කරනවා , පිකටින් යනවා, උද්ගෝෂණය කරනවා, ජල ප්‍රහාරවලට ලක් වෙනවා, තාප්ප වලින් පනිනවා. උද්ගත වෙලා තියෙන තත්වයට කතා කරන්න එකෙක් නැහැ. කෝ අපේ 'ජාතිය සුරැකීමේ' ව්‍යාපාර? කෝ අපේ 'ඥානසාර' හාමුදුරුවෝ? රට, ජාතිය, ආගම විනාශ කරන්නේ, වෙනින් ආගමික සහ ජාතින් නෙවෙයි, අපේම 'හැත්ත', මේ රටේ ඉන්න 'බෞද්ධයෝ' හරියට 'කසාය බීපු ගොළුවෝ' වගේ, කෝ මේවට කතා කරන මහා ලොකු විද්වතුන්, කෝ බුද්ධ සාසන අමාතය තුමා,,තෝ බුදිද ?තොපේ 'ජන්මයේ' ලොකු වරදක් තියෙනවා යකුනේ, තව කාපියවූ, බීපියවූ, නටපියවූ, කාලකන්නි හැත්ත. | 28 | POSITIVE |
ncpp_train_38879 |
මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයාට ශ්‍රී ලංකා පරිපාලන කමිටුව අවවාද කර තිබේ.
මෙම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පරික්ෂණයේදී අදාළ ක්‍රීඩකයා වැරැදිකරු වී ඇති බවත් ඔහුට නැවත එවැනි සිද්ධියකට සම්බන්ධ නොවන ලෙස අවවාද කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාළ ක්‍රීඩකයා වසරක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන වෛද්‍යවරයකු යටතේ මනෝ උපදේශන සේවා සඳහා යොමු කිරීමට තීරණය කළ බව ක්‍රිකට් ආයතනය පවසයි. නීතීඥවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලදී. (යොහාන් භාසුර )
| කවුද බං මූ ? දන්න කෙනෙක් කියපල්ලකො . | 36 | POSITIVE |
ncpp_train_38880 |
ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ බතික් ඇදුමින් සැරසී පැමිණීම අනිවාර්ය කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ
යෝජනා කර තිබෙනවා.
ඊයේ (29) කොළඹදී පැවැති උත්සවයකදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් තවමත් සකස් කර නොමැති අතර ඉදිරියේදී එම කටයුත්ත සිදුකරන බවයි.
එමෙන්ම මෙරට බතික් කර්මාන්තය දියුණු කිරීම සදහා එම වැඩපිළිවෙල විශාල අත්වැළක් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළා.
| මමනම් හරිම ආසයි කළු ඉරි ඉරි වගේ තියෙන ඇඳුමට. අනේ ඔය ළමයා අපේ කන්තෝරුවට එවන්නකෝ. ඇමතිතුමා හරිම හොඳ තීරණයක් අරන් තියෙන්නෙ. | 17 | POSITIVE |
ncpp_train_38881 |
ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු සහ තෙල් මිල පහල ගොස් තිබියදීත්, ලංකාවේ විදුලි බිල අධික ලෙස ඉහළ දමා තිබෙන බවත්, කොවිඩ් වසංගතය නිසා විදුලි සහනයක් ලබාදෙන බව පැවසූ ආණ්ඩුව සම්පූර්ණ වැරදි ආකාරයේ ගණනය කිරීමේ ක්‍රමවේදයක් මත අධික විදුලි බිලක් ජනතාව ලබාදී තිබෙන බව
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය පැහැදිළි කිරීමක් කර තිබෙන නමුත් එහි කිසිම පැහැදිළි අවබෝධයක් ජනතාවට ලබාදී නොමැති බව ද පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා, මෙම නව විදුලි බිල ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව නිවැරදි පැහැදිළි කිරීමක් ආණ්ඩුව විසින් මහජනතාවට කළ යුතු බව ප්‍රකාශ කර සිටී.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන හිටපු අමාත්‍යවරයා,
ඔබ හැම දෙනාම දන්නව විදුලි ඒකක ගාණ වැඩිවෙනකොට අය කරන ගාණත් වැඩි වෙනවා. මාස තුනක එකපාර ගත්තහම විශාල ඒකක ගාණක් එනව. ඒක අරගෙන තුනෙන් බෙදුවයි කියල මාසෙක විදුලි බිල එන්නෙ නෑ. මේ විදුලි බිල් හැඳුවේ කවර ක්‍රමයටද කියල ජනතාවට කියන්න ඕන. මේක කරන්න තිබුණෙ, ඇඳිරි නීතිය දාන්න කලින් තිබුණ සාමාන්‍ය පරිභෝජනයට බිල් හදල දෙන එක මිසක් දැන් කරල තියෙන ක්‍රමය නෙමෙයි. විදුලි බිලට, ජල බිලට සහනයක් සහනයක් අනිවාර්යෙන් රටට දිය යුතුයි.
අද විදුලිය නිපදවන්න ප්‍රධාන වශයෙන්ම භාවිත වෙන්නෙ ගල් අඟුරු, තෙල් සහ ජලය. පහුගිය කාලේ තෙල් භාවිතය අඩු වුණා. දැන් ගල් අඟුරු මිලත්, තෙල් මිලත් පහලට වැටිල තියෙනව, නමුත් විදුලි බිල එහෙමමයි.
අපේ ආණ්ඩුව කාලේ විදුලි බිල මත පනවා තිබූ තෙල් බද්ද අපි අයින් කළා. ඒ තෙල් බද්ද අයින් කිරීම නිසා රුපියල් 18.32 ක් වෙච්ච විදුලි ඒකකය රුපියල් 16 ට අඩු වුණා. ඒ කියන්නේ 2.32 ක සහනයක් විදුලි ඒකකයකට ලැබුණ. අද විදුලි බල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් පම්පෝරි ගැහුවට 2015 මගේ පාලනය යටතේ තමයි තෙල් සහනය ලබාදීල විදුලි බල මණ්ඩලය අවසාන වශයෙන් ලාභ ලැබුවෙ. ඒ නිසා තැන් තැන්වල පම්පෝරි ගහනවට වඩා අපිට වඩා හොඳට කරල පෙන්වන්න කියල මම ඒ නිලධාරීන්ට කියනව.
| ශක්තිමත් විපක්ශයක් අවශ්‍ය මේවගේ දේවල් වලට කතා කරන්න තමයි.. ඒකක 100 පැනපු ගමන් 480ක් බිලට නිකම්ම එකතු වෙනවා.. 500 වගේ පැන්නම තව ලොකු ගානක් ඇඩ් වෙනවා.. ඉතින් ඒක 3න් බෙදලා හරි යන්නෑ කියලා මන්ඩලේ හරක්ට තේරෙන්නෙ නැද්ද ආන්ඩුව දැන් මේක මැයි මුල ඉදන් කියන්නෙ හරියට හදනවා කියලා ඒත තාම හදලා නෑ.. හෙට අනිද්දා මන්ඩලේ උන්ව ගෙන්නලා සර් සද්දයක් දාලා මාද්‍ය සන්දර්ශනයක් කරයි සමහරවිට.. | 48 | POSITIVE |
ncpp_train_38882 |
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පෙරහුරු තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.ඉන්දියාවේ ගුවහාටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාව 49යි එක් පන්දුවක දී සියලු දෙනා දැවී ලකුණු 263ක් ලබා ගැනීමට සමත් විය.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 68ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 55ක් රැස් කළහ.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේ නියමිත ඉලක්කය පසු කර ගියේ, කඩුලු 03ක් පමණක් දැවී තිබියදීය.බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටන්සිඩ් හසන් ලකුණු 84ක් සහ ලිටන් දාස් ලකුණු 61ක් රැස් කිරීමට සමත් විය.මෙහිදි හසන් මිරාස් නොදැවී ලකුණු 67ක් රැස් කළේය
| අලුත් පරම්පරාවේ ක්‍රිකට් ..🤣🤣🤣 | 4 | POSITIVE |
ncpp_train_38883 |
කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාළව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ඇතුළත්ව තිබූ ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරියක කැකිරාව පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් බවයි වාර්තා වන්නේ. අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පැවැති කාලය තුළ දී ඇය අධිකරණ ලේඛණාගාරයේ තිබූ ඉඩම් නඩුවකට අදාළ නඩු ගොනුවේ තිබූ ලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර ඇති බව පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ ලේඛනාගාරයේ රාජකාරියේ නිරතව සිටි අධිකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හා නිලධාරිණියන් විසින් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට දැනුම්දිමට පියවර ගෙන තිබෙයි.
එම අවස්ථාවේ අධිකරණ භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියන් විසින් සැකකාර නීතීඥවරිය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඇය විසින් සපා විනාශ කර තිබූ ලේඛන කොටස් කිහිපයක් ද සොයාගත් බව පොලිසිය පවසයි.ඒ අනුව සැකකාර නීතිඥවරිය අදාළ නඩු භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙයි. පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර නීතිඥවරිය අද (28) දිනයේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
| ජල භීතිකාව වෙනුවට නඩු භීතිකාව හැදිලද | 13 | POSITIVE |
ncpp_train_38884 |
කුවේට් ගිය බිරිඳගේ මළ සිරුර ලංකාවට එවුවත්
රත්තරන් බඩුත් එපා මිනියත් එපා සැමියා කියලා
හංවැල්ල ප්‍රදේශයේ කාන්තාවක මින් වසර 15 කට පමණ පෙර කුවේට් දේශයේ රැකියාව සඳහා යාමෙන් පසු
සැමියා හා දරු දෙදෙනා ගැන සැලකිල්ලක් නොදක්වා විවිධ අකටයුතුකම් කරමින් වාසය කිරීම නිසා එරට සිර අඩස්සියටද පත්ව ඇති අතර
අනතුරුව සිර කුටියේ
වහළයක් කඩා වැටීම නිසා මරණයට පත්ව ඇත.
මෙයින් අනතුරුව කුවේට් බලධාරීන් ඇය සතු රන් ආභරණ වස්තුවද සමග මළ සිරුර ලංකාවට එවා තිබේ.
බිරිය තමා සහ තම දරුවන් අමතක කිරීමෙන් පසුව දුක් මහන්සියෙන් හරිහම්බ කර ගෙන දරවන්ට උගන්වා උස් මහත් කළ ඇගේ සැමියා තමන් ගැන මතක ඇති කාලයක කිසිවක් සොයා නොබැලූ සහ ඔවුනට නිගරු වෙන ලෙස හැසිරීම නිසා මෙම බිරියගේ මළ සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ සමග එවා ඇති ඇගේ වස්තුවද අනවශ්‍ය බව පවසා තිබේ.
45 හැවිරිදි ඩී පී රමණි නමැති මෙම කාන්තාවගේ මළ සිරුරට මේ නිසා කරන්නට දෙයක් නැතිව රජයේ වියදමින් ආදාහනය කරන්නට සිදුව ඇත. හංවැල්ල වලව්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ඒ නිසා ඇගේ සිරුර භාර නොගන්නා ලදි.
වාර්තාව - අයිරංගි එදිරිසිංහ
| මචන් මම FAMILY එකත් එක්ක ඉන්නේ, කීයක් හරි හොයා ගත්තම මගේ මව් රටට එනව. අපේ රට වගේ අපිට පිට රටවල් හරියන්නේ නැහැ. එත් කීයක් හරි හොයා ගන්න අපිට රට යන්න සිද්ධවෙනවා ඒ වුනාට ඒ ආර්ථික වාසි නිසා අපේ ලංකාවේ සංස්කෘතිය අපේ පවුල් සංස්ථාව පාවා දෙන්න තරම් මම පහත නැහැ මචන්. මට හැම රටකටම වැඩ මගේ මව් රට උතුම්.... | 250 | POSITIVE |
ncpp_train_38885 |
බස්නාහිර පළාතේ සියළුම පාසල් ආවරණය වන පරිදි
තෙදින
ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
දිනෙන් දින වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් නව පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථම මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව හෙට සිට ලබන 29 වන දින දක්වා කොළඹ , ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල සියළුම පාසල් ආවරණය වන පරිදි විශේෂ තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මාසයක පමණ කාලයක් පාසල් වසා තැබීම හේතුවෙන් ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දී ඇති අතර මෙම වැඩසටහනේදී පාසල් දැඩි පරීක්ෂාවට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
මෙම මදුරු මර්දන වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලීසිය සහ සෞඛ්‍ය අංශ නියෝජිතයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් 540ක් යොදවා ඇති බව අමාත්‍යංශය පැවසුවේය.
| "හමුදාව ඉන්නෙ යුද්ධ කරන්න. රටේ කුලී වැඩ කරන්න නෙවි. අපි හමුදාව හෑල්ලුවට පත්කරන්නෙ නෑ....!" | -14 | NEGATIVE |
ncpp_train_38886 |
ප්‍රවීන නිළි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය හට පිළිකාවක්
වැළඳී ඇති බව වාර්තා වේ.
ඇය මේ බව සනාථ කරමින් ඊයේ (27) ෆේස්බුක් සටහනක් තබා තිබුනේ මෙලෙසිනි.
| එහෙම කරන්නේ අපිට අපේ ජිවිතේ එහෙම නැත්නම් අපේ ආදරණියන්ගේ ජිවිත හැමදෙයකටම වැඩිය වටින නිසා.තමන්ගේ ජිවිතේ බේරලා දෙන කෙනාව සමාන කරන්න පුළුවන් ඉහළම කෙනාට ඒ මිනිස්සු සමාන කරනවා ඒක වරදක්ද? පාලම් බෝක්කු නැතුව අපිට ඉන්න පුළුවන් ඒත් ජිවිතේ එහෙම නෙවෙයිනේ පිටින් ඉදන් බලලා ඔහොම කිව්වට ඇත්තටම පිළිකාව කියන ලෙඩේට මුණදුන්නොත් තේරෙයි ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය කොයි වගේද කියලා. කොටින්ම මැරෙන්න යන මනුස්සයා හයිය නැතිබව දැන දැන පිදුරු ගහේ උනත් එල්ලෙන්නේ ඒ නිසයි. | 44 | POSITIVE |
ncpp_train_38887 |
යාපනය, ඉලවාලෙයි පත්තාවත්ත ප්‍රදේශයේ නිවසක් කොල්ලකා අදාළ නිවසේ සිටි 17 හැවිරිදි දැරියක් සමූහ වශයෙන් අපයෝජනයට ලක් කළ සිදුවීමක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනකු 27 දා ඉලවාලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ නිවස කොල්ලකෑම හා දැරිය අපයෝජනය සිදුකිරීමට ඍජුව සම්බන්ධ වී ඇති තරුණයන් වන යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයකු හා යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නිවස කොල්ලකෑම වෙනුවෙන් උපකාර කළ බව කියන තවත් පුද්ගලයකු හා නිවස කොල්ලකා ලබාගත් රත්රන් ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසුවේ සැකකරුවන් පසුගිය 19 වැනිදා සිද්ධිය සිදුකොට ඇති අතර පොලිසිය වෙත ලද තොරතුරක් මත සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කළ බවයි.
සැකකරුවන් මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
දිනසේන රතුගමගේ
| ගෑනුත් මේකට හවුල් වෙන එකනෙ පුදුමේ | 23 | POSITIVE |
ncpp_train_38888 |
රටේ ආපදාවක් වෙලාවක ලයිව් චාට් ෂෝ කිරීම ගැන
ප්‍රේක්ෂිකාවක ඇසූ පැනයටස්වර්ණවාහිනී නිවේදකයාට කේන්තියාම
27 වනදාා උදෑසන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශයවූ ‘ටොප් ටෙන් සුපර් හිට්ස්‘ නමැති සජීවී වැඩසටහනකදී ප්‍රේක්ෂිකාවක ඇසූ පැනයකට අදාළ නිවේදකයා ලබාදුන් පිළිතුර මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්වී ඇත.
රටේ සිය ගණනකගේ ජීවිත අහිමිවී දසදහස් ගණන් අවතැන්වී සිටින වෙලාවක ඒ ආකාරයේ විනෝදයට බර සජීවී චාට් ෂෝ එකක් ඉදිරිපත් කිරීම හරිද යන්න ඇය ඇසූ පැනය වූ අතර එම පැනය අවසන් කරන තුරු අසන්නටද ඉඩ නොතබා
මෙහෙයුම් සිදුකරන අය
කපා දැමූ පසු රහල් නමැති නවක නිවේදකයා කියා සිටියේ
එම පැනයේ දෙපැත්තක් තිබෙන බවත් ආපදාවක් සිදුවුණාය කියා අනෙක් මාධ්‍ය ජාලද වැඩසටහන් නොකර සිටින්නේ නැති බවයි. එලෙසම ස්වර්ණවාහිනියද එම වැඩසටහන් කරන බවයි. එසේම රටේ ප්‍රශ්නයක් කියා ‘ඔයා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ නේද ‘යන්න ඔහුගේ කේන්ති සහගත උපමාව විය.
පසුව පිලිතුර අවසන් කරද්දී තවත් දේවල් කටට ආවත් ඒවා මැඩ පවත්වමින් මෙන් ඔහු කියා තිබුනේ ‘මාව තරහ ගස්සන්න එපා.....‘ යනුවෙනි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ නිවේදිකාව ලෙස කටයුතු කළ කවින්ද්‍යා අධිකාරි නිවේදකයා ලබාදුන් පිළිතුර හරිමදි බව සැණින් වටහාගෙන අපි මේ වෙනුවෙන් ප්‍රේ කරා විෂ් කළා උදව් කරනවා ආදී ලෙස වෙනත් කරුණු ගෙන හැර දැක්වූවාය. නමුත් ඇය ලැබුණ ඇමතුම නම් කළේ ‘බාධාකාරී කෝල් එකක්‘ ලෙසයි.
මෙම සිද්ධිය නැවත නැවත නරඹන සමාජ ජාලා නරඹන්නන් නිවේදකයාට කේන්තියාම පිළිකුල් ලෙස හෙළාදැක තිබුණි.
රාත්‍රී ප්රවෘත්ති වලදී තරගයට ගංවතුර හා එම මරණ දුක ජනිත කරමින් විවිධ ලෙස වාර්තා කරන රූපවාහිනී නාලිකා තම වැඩසටහන් පෙළගැස්ම තුළ එම හැඟීම මතු නොකිරීම එහිදී විවේචනයට ලක්ව තිබේ.
එසේම මහජනතාවට අයත් තරංග මාලා වාර්ෂික බලපත්‍ර මත බද්ධට ගෙන වැඩසටහන් ගෙන එන රූපවාහිනී නාලිකා මුදල් ඉපැයීම එකම පරමාර්ථය කරගැනීම කොතරම් උචිතද යන්නද ඒ ගැන ප්‍රශ්න කිරීමට ප්‍රේක්ෂකයන්ට ඇති අයිතිය හෑල්ලු කිරීමේ වරදද සාකච්ඡාවට බඳුන්වී තිබුණි.
එම ආන්දෝලනයට ලක්වූ වීඩියෝව පහතින්
| ‘ගොන් කබ්බන්ව ෆෝම් කරන්නෙපා’ කියලා අපි මිනිස්සුන්ට කියනවා !! | 2,241 | POSITIVE |
ncpp_train_38889 |
පසුගිය දිනවල කොරෝනා රෝගය වැළඳීම නිසා කලා ක්ෂෙත්රය තුළ කථාබහක් ඇති කළ එමෙන්ම මියගිය බවට වැරදි පුවතක් නිසා සමාජ මාධ්‍ය තුළද කතාබහට ලක්වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මේවනවිට සුවය ලබා නිවසට පැමිණ තිබේ.
කොරෝනා රෝගය හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුට සම්පූර්ණ සුවය ලබාගන්නට හැකිවූ බව ප්‍රකාශ කර ඇති නමුත් තවදුරටත් විවේක ගන්නැයි උපදෙස් ලැබී ඇත.ජිප්සීස් නායක සුනිල් පෙරේරා නිවෙසට පැමිණ මිනිපිරියන් සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවක් පවුලේ සාමාජිකයන් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙයි.
| සාරුවා සුනිල් | -15 | NEGATIVE |
ncpp_train_38890 |
ආදරය නිසා අඬන්න, ළතැවෙන්න , පසුතැවෙන්න මම කැමති නෑ - නෙත්මි රොෂෙල්
| ඒක හොදයි. ඇග හොදට තියෙන කාලේ සල්ලි තියෙන උන් ටිකක් එක්ක මාරුවට නිදා ගන්න. බැදීම් නෑ. හැබැයි පරෙස්සමින් කෙහෙල් ගසුත් තියෙනවා. | -2 | NEGATIVE |
ncpp_train_38891 |
මේ කොරෝනා සමයේ ඔබේ දුව - පුතා, සැමියා - බිරිඳ, පවුලේ හිතවතුන් ඇතුළු ආදරණීයයන් වගේම කාර්යාලයේ හිතවතුන් යන්නේ එන්නේ කොතැනද කියලා දැනගන්න පුලුවන් විශේශ සේවාවක් ගැනයි දැන් මේ කියන්න යන්නේ... මේ සදහා කරන්න තියෙන්නේ Search Us App එක සමගින් ලියාපදිංචි වෙන එක විතරයි. ලියාපදිංචි වෙලා හිතවතුන් යන-එන තැන් බලාගන්න පුලුවන්. ඔබේ ජංගම දුරකථනයෙන් #780*540# ඩයල් කර Search Us සමග අදම එක්වන්න. දුව-පුතා, පෙම්වතා-පෙම්වතිය ඉන්න තැන දැන්ම දැනගන්න.එපමණක් නොවෙයි ස්මාර්ට් ජංගම දුරකථනයක් තුළින් මෙම සේවාවට ලියාපදිංචි වන කෙනෙක්ට Google Map හරහා අදාළ ස්ථානය නිශ්චිතවම පෙන්වාදීමත් සිද්ධවෙනවා. Search Us සමගින් එක්වන්න මුලින්ම #780*540# ඩයල් කළ පසු ලැබෙන මෙනුවට අංක 1 යොදා Send කර ලියාපදිංචි වන්න.1. ඔබේ ආදරණීයයන් ඔවුන්ගේ ජංගම දුරකථන තුළින් Search Us වෙත ලියාපදිංචි කරගෙන PIN අංකය ලබාගන්න. 2.ඔවුන් සිටින ස්ථානය බැලීමට #780*540# ඩයල් කර අංක 2 ටයිප් කර Find ඔප්ෂන් තෝරාගෙන ඔවුන්ගෙන් ලබාගත් PIN අංකය ඇතුලත් කරන්න.එවිට ඔවුන් සිටින ස්ථානය කෙටි පණිවිඩයක් හා Google Map ආධාරයෙන් බලාගන්න පුලුවන්.ලියාපදිංචිය පිළිබඳ වැඩිදුර විස්තර ලබාගැනීමට පහත Youtube වීඩියෝ එක නරබන්න.
මේ සුවිශේෂී අවස්ථාව හිමිවෙන්නේ දිනකට රුපියල් 5 ක් හා බදු වගේ පුංචි මුදලකටයි. ඊට අමතරව ඔබේ ආදරණීයයන් ආ ගිය තැන් ගැන සර්ච් කරද්දී එක් වරකට රුපියල් 3 ක් හා බදු මුදලක් අයවෙනවා. ඕනෑම ඩයලොග් ජංගම දුරකථනයක් හරහා ලියාපදිංචි විය හැකි වීම වගේම ඔබේ හිතවතා රැඳී සිටින ස්ථානය පහසුවෙන් වගේම නිවැරදිව ඔවුන්ගේ කැමැත්ත මත දැනගත හැකිවීම මෙහි තිබෙන සුවිශේෂීත්වය වෙනවා.ඒ වගේම දෙදෙනාම සේවාවට ලියාපදින්චි වී සිටිය යුතු අතර දෙදෙනාමා ඩයලොග් පාරිභෝගිකයන් විය යුතු වෙනවා.
| පෝන් එකෙන් මිනිස්සු ආගිය තැන් හොයාගන්න පුලුවන්කම තියෙද්දි මගේ පෝන් එක උදුරන් දුවපු එකාව හොයන්න අවුරුදු 2ක් ගිහිල්ලත් මාතලේ පොලීසියට බැරි වෙලා. | 35 | POSITIVE |
ncpp_train_38892 |
අද දින ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළත් පසුගියදා නව රජයේ ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දුන් විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. ඔහු ආණ්ඩු පක්ෂයේ හිස් අසුන් අතර ඔහුට පනවා තිබු අසුනේ හිඳගෙන
සිටි අතර අගමැති ලේකම්වරයාගේ වියදම් කපාහැරීමේ යෝජනාවේ අදහස් දැක්වීම් අවස්තාවේ කතාවක්ද කළේය.
රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන 2015 ජයග්‍රහණය කළේ රට නව දිශානතියකට ගමන් කරවීමට බවත් විධායක ජනපති බලතල සීමා කිරීමට කැමතිවූ බවත් පැවසීය. 19 සංශෝධනය නිවැරදිම
එකක් නොවුණත් එහි වැදගත් වගන්ති පැවති බව දන්වා සිටියේය. පසුගිය මහමැතිවරණයේදී පැහැදිලි බහුතරය නොපෙනුණන ජාතික ආණ්ඩුවක් ලෙස පක්ෂ දෙක එකතුවී ප්‍රශ්න මැද වුවත් ජනතා අරමුණු ඉටු කිරීම වෙනුවෙන් කැපවූ බවත් නමුත් අවාසනාවකට රජයේ නායක ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන
ජනපති පාර්ශ්වය හා රනිල් අගමැති පාර්ශ්වය අතර අවලාද දේශපාලනයක් මතුවූ බව දැක්වීය. ඒ අනුව අවසන් ප්‍රතිඵලය ලෙස මහින්ද අගමැති කරවීමට ජනපති තීරණය කළ බවත් ඉන් පසු පාර්ලිමේන්තු බහුතරය පිළිබඳ ප්රශ්නය මත පාර්ලිමේන්තුවේ අප්‍රසන්න හැසිරීමක් වාර්තාවූ බවත් මෙම තත්වය රටට හිතකර නැති බවත් පැවසීය.
විධායකය හා ව්‍යවස්තාදායකය අතර මතභේදය විසඳාගැනීමට හැකියාවක් නෑ කියා දැන් පෙනී යන බවත් දැන් මේ පාර්ලිමේන්තුවෙන් ජනතාවගේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් අධිකරණයෙන් මේ දේවල් විසඳීමක් රටේ තත්වය හෑල්ලු කිරීමක් බවත් මේ අස්තාවරය තුළ කිසිවෙකු ජයගැනීමක් නැති බවත් ඒ නිසා අනාගතය ගැන අඳුරු සේයා මතුව ඇති බවත් ඔහු කීය.
මේ රට නැවත යථා තත්වයට පත් කල හැක්කේ බහුතරයක් මෙහෙයවන්නට හැකි කන්ඩායමට රට භාරදීමෙන් බව දක්වා සිටි විජේදාස රාජපක්ෂ මේ රටේ ලක්ෂ 62 ක් ලබාදුන් විශ්වාසය රැකගෙන මෛත්‍රී ජනපති ඉදිරි කෙටි කාලය තුළ පාර්ලිමේන්තුවේ අය සමග සම්මුතියකට එළැඹ මේ ප්‍රශ්න විසඳිය යුතු බව දක්වමින් කතාව හමාර කළේය.
| මුන්ව වැද්ද ගන්න හොද නෑ අගුපිලකටවත් . සල්ලි වලට පක්ශය රට විතරක් නෙවෙයි අම්මා අප්පාත් පාවලා දෙන සක්කිලි. පැනගන ගිහින් , කෙලවෙන බව දැනගත්තහම් | 17 | POSITIVE |
ncpp_train_38893 |
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වයිරසය පැතිර යන අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන කුරුණෑගල ඇතුළු ප්‍රධාන නගර රැසක ව්‍යාපාරික ස්ථාන අද (29) දිනයේ සිට මැයි මස 5 වන දින අලුයම දක්වා වසා තැබීමට එම නගරවල ක්‍රියාත්මක වෙළෙඳ සංගම් තීරණය කර ඇත .
මේ අනුව කුරුණෑගල , අලව්ව , ගල්ගමුව , කුලියාපිටිය , හිරිපිටිය , කුඹුක්ගැටෙි නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට එහි වෙළද සංගම් තීරණය කර ඇත .
අලව්ව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් කීප දෙනෙකුම වාර්තා වීම හේතුවෙන් අලව්ව නගරයේ වෙළෙඳසැල් ඊයේ (28) සවස් වරුවේ සිටම වසා දමා ඇත .
කුලියාපිටිය පොලිස් කොට්ඨාසයට අයත් හම්මලව සහ උඩුබද්දාව ප්‍රදේශ වලින් හමුවූ කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගැවසීම සැලකිල්ලට ගෙන කුලියාපිටිය නගරය සහ ඒ අවට පිහිටි සියළුම ව්‍යාපාරික ස්ථාන අද (29) දින සිට ලබන අඟහරුවාදා (5 ) දිනය අලුයම තෙක් වසා තැබීමට කුලියාපිටිය වෙළඳ සංගමය තීරණය කර ඇත .
කුලියාපිටිය වෙළෙඳ සංගමයේ සභාපති සහ කුලියාපිටිය නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කුලියාපිටිය වෙළෙඳ සංගමය ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත . හම්මලව සහ උඩුබද්දාව ප්‍රදේශ වලින් හමුවූ කොරෝනා වෛරසය ආසානය වූවන් දෙදෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික සෙබළුන් වන අතර ඔවුන් ආසාදිතයන් බවට හඳුනා ගැනීමට පෙර නිවාඩු පැමිණි අවස්ථාවෙිදි කුලියාපිටිය නගරයේ සහ නගරය ආසන්නයේ ඇති වෙළෙඳසැල් ඇතුළු පොදු ස්ථාන රැසක සැරිසරා ඇති බව අනාවරණය වී තිබේ .
කුරුණෑගල නගරයේ ඔසුසැල් හැර අනෙකුත් සියළුම ව්‍යාපාරික ස්ථාන මැයි මස 1 වන දින සිට 5 වන දින අලුයම තෙක් වසා තැබීමට කුරුණෑගල නගරයේ ක්‍රියාත්මක සියළුම වෙළද සංගම් එක්ව තීරණය කර ඇත .
ගල්ගමුව නගරයේ කොරෝනා ආසාදිත බව කියන පුද්ගලයන් දෙදෙනෙකු සැරිසරා ඇති බවට ලද තොරතුරු අනුව අද සිට සිකුරාදා (1) තෙක් සියළුම ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට ගල්ගමුව වෙළෙඳ සංගමය තීරණය කර ඇත .
මේ අනුවම යමින් හරිපිටිය සහ කුඹුක්ගැටෙි වෙළෙඳ සංගම්ද හෙට (30) සහ අනිද්දා (1) දෙදින එම නගරවල පවත්වාගෙන යන සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තීරණය කර ඇත .
( පුෂ්පකුමාර ජයරත්න )
| මර්දනය අවසන් තමයි දැන්... තව මර්දනය කරන්න බෑ .. ;) කොරෝනා අවසන් නෑ | 2 | POSITIVE |
ncpp_train_38894 |
සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ 48 වන ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ උත්සව මාලාවක් ඊයේ (24) උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී පැවැත්විණි. මහින්ද රාජපක්ෂ හිටපු අගමැති තුමන්ද ඊට එක්වූ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය රොෂාන් රණසිංහ , තිස්ස අත්තනායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ කතරගම මහා දේවාලය නිළමේතුමා ඇතුළු පිරිසක් ද එකතු වූහ.සංඝගත දක්ෂිණාව සඳහා උඩුවේ ධම්මාලෝක නාහිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා සහභාගී වූහ. අභිනවයෙන් ඉදිකෙරෙන රන්වේලායුධ මණ්ඩපය (කතරගම දේවාලය) වෙනුවෙන් මුල් ගල තැබීම ද එහි දී සිදුවිය. ඊට සමගාමීව 500 දෙනෙකු සඳහා ඇස් කන්නාඩී බෙදාදීම, වකුගඩු රෝග සායනයක්, අක්ෂි සායනයක්, දන්ත සායනයක්, ආයුර්වේද සායනයක්, බාහිර රෝගී ප්‍රතිකාර සායනයක් සහ පොල් පැල බෙදාදීමක් ද සංවිධානය කොට තිබිණි. මෙම උත්සව අවස්ථාවට විදෙස් තානාපතිවරුන්ටද ඇරයුම් කර තිබුණි.ඡායාරූප එකතුවක් පහතින්
| බුද්ධාගමට අබ සරණයි. සුවූරු දාගත්තු බිස්නස් කාරයෝ නේද මේ. | 69 | POSITIVE |
ncpp_train_38895 |
පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරී ටිරෝන් සිල්වා මහතාගේ බිරිය සහ එකම පුත්‍රයා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තාවේ.
සහකාර පොලිස් අධිකාරිවරයාද මේ වනවිට නිරෝදායනය වෙමින් කුණ්ඩසාලේ පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව දැනගන්නට තිබේ.කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉකුත් සතියේ සිල්වා මහතාගේ බිරිය මියගොස් ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටි එකම පුත්‍රයාද ඊයේ දිනයේදී මියගොස් ඇත.එමෙන්ම මේ වනවිට සිල්වා මහතාගේ පවුලේ තවත් ඥාතීන් කිහිප දෙනෙක්ද කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටිති.
| දරු පවුල පිටින් ගිහින් !! | -4 | NEGATIVE |
ncpp_train_38896 |
මත්තේගොඩ පුබුදු මාවතේ තරුණියක සමඟ ඇති වූ පෙම් හබයක් විසඳා ගැනීමට ඉකුත් නිකිණි පුර පෝදා අලුයම පෙම්වතියගේ නිවසට අයුතු ලෙස ඇතුළු වීමට උත්සාහ දැරූ විවාහකයකු ගම්වාසීන්ගේද සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ
නුගේගොඩ පදිංචි (34) විවාහකයකු බව පොලිසිය කියයි.
සැකකරු හා තරුණිය අතර මීට මාස 8 පමණ සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර මීට මසක පමණ සිට සැකකරු විවාහකයකු බවට තරුණිය දැනගෙන මෙම සබඳතාව නවතා දමා ඇත.
දෙදෙනා අතර ඇති වූ හබයක් විසඳා ගැනීමට සැකකරු මෙසේ තරුණියගේ නිවෙසට පෝදා අලූයම පැමිණ ඇතැයි පොලිසිය පවසයි. සැකකරු නිවසට ඇතුළු වීමට සැරසීමේදී එකවරම තරුණියගේ මව සිල් සමාදන් වීම සඳහා විහාරස්ථානයට යැමට නිවෙසින් පිටතට පැමිණ ඇත. ඇය සැකකරු දැක කෑගැසීමත් සමඟ ඇගේ කෑගැසීම නවතාලීමට සැකකරු මවගේ මුඛය හා ගෙල තදින් අල්ලාගෙන ඇති බව පොලිසිය කියයි. ඇයගේ කෑගැසීම ඇසී නිවැසියන් එළියට පැමිණීමේදී මවගේ ගෙල මිරිකා සිටින සැකකරූ දැක ඔවුන්ද කෑගසා ඇති අතර එය ඇසී අසල්වාසීන්ද එම නිවෙසට පැමිණ සැකකරු අල්ලාගෙන පහර දී ගස් බැඳ පොලිසියට භාර දී ඇතැයි පැවැසේ.
තුවාල ලබා සිටි තරුණියගේ මව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ අතර ඇයගේ තත්ත්වය සාමාන්‍ය බවද පැවැසේ. සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
-හෂාන් පුෂ්පිත-
| කසාද බැදපු මිනිහෙක් කෙල්ලක් යාලුකරගන්නෙ කම් රස විදින්න විතරයි. කෙල්ලක් අහුවුනාට පස්සෙ උගෙන් බේරෙන්න මේ ආත්මෙට බැහැ. ඒ නිසා කෙල්ලනේ බැදපු මිනිස්සු එක්ක නම් යාලුවෙන්න හිතන්නවත් එපා. | 42 | POSITIVE |
ncpp_train_38897 |
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත්ව තිබූ මෙන්ඩිස් අරක්කු සමාගමේ හිඟ බදු මුදල් රුපියල් කෝටි 4000ක් කරුණාරත්න නමැති යුවළක් විසින් ගෙවා ඇති අතර ඔවුන් එම මුදල් උපයා ගෙන ඇති ආකාරය සහ ඔවුන් කවුරුන්ද යන වග ආණ්ඩුව රටට අනාවරණය කළ යුතුව ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
කුප්‍රකට දේශපාලනඥයකුගේ මැදිහත් වීම මත එම බදු ගිවිසුම අලුත් කරගෙන ඇති බව සඳහන් කරන උන්වහන්සේ කළු සල්ලි පොම්ප කරන පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි කළ යුතුව ඇතැයිද අවධාරණය කරති. මෙන්ඩිස් සමාගමේ අරක්කු නිෂ්පාදනය යළි ඇරැඹීමට තවත් රුපියල් කෝටි 4000ක් අවශ්‍ය බවට
තොරතුරු ලැබී ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති.
අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන මහේන්ද්‍රන් යන මාමාත් - බෑනාත් රටේ ආර්ථිකය හසුරුවන්න බැරී වනවිට ඡායාමාත්‍ර පුද්ගලයන් එවමින් ආර්ථිකයේ ස්ථාන පාලනය කිරීමට අගමැතිවරයාගේත් ආණ්ඩුවේත් ආශීර්වාදය යටතේ කටයුතු කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කරති. මහ බැංකු බැඳුම්කර වංචාවේ මහ මොළකරු වන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරු කරලා සුදනා වෙන්නට හැදුවත් එම මහා මූල්‍ය වංචාවේ ප්‍රධාන චූදිතයා වීමේ වගකීමෙන් ඔහුට මිදිය නොහැකි බවද උන්වහන්සේ කියා සිටිති.
| ඒ කියන්නේ කරුණාරත්න යුවළ මේ අරක්කු සමාගම මිලට ගන්න බවද? ඒක එහෙම නම් සමාගමේ හිමිකම් වෙනස් වෙද්දි දැන ගන්න පුළුවන්නේ. | 6 | POSITIVE |
ncpp_train_38898 |
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාස 2 ක කාලයක් සඳහා වසා දමා තිබේ. එහි පාලනාධිකාරිය සඳහන් කළේ, සිසුන් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රැඳී සිටීම ඊට හේතුව බවය.මේ අනුව අද පස්වරු 6.00ට පෙර විශ්වවිද්‍යාල භූමියෙන් සහ නේවාසිකාගාරවලින් ඉවත් වන්නැයි සියලු සිසුන්ට
පාලනාධිකාරිය දැනුම් දෙයි.
පරිපාලන ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රැඳී සිටින
ඉංජිනේරු සිසුන් පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින්නේ, පැමිණීම සම්පූර්ණ නොකළ සිසුන් සිව් දෙනෙකුට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ය. මුලදී මෙම ඉල්ලීමට පදනම් වූයේ ශිෂ්‍ය මර්දනය සහ අධ්‍යයන කටයුතු මෙන්ම සුබසාධන කටයුතු නිසි පරිදි ඉටු නොවීම වැනි ගැටලු කිහිපයක් වුවද පසුව විරෝධතාවේ සැබෑ හේතුව මතුවිය.
එම 4 දෙනා සියයට අසූව සම්පූර්ණ නොකිරීම නිසා විභාගයට පෙනී සිටිය නොහැකි බවට ඉංජිනේරු පීඨ අංශ ප්‍රධානීන් දැනුම් දුන් පසුව ඉංජිනේරු සිසු සංගම් එයට විරෝධය පළකරමින් කාර්යාලය තුළ පදිංචිවී මුළු සරසවියේම කටයුතු අඩාල වන ලෙස හැසිරීම මත මෙම තීරණය ගන්නට සිදුව ඇත.ජූලි මාසයේ මුල සිට මේ දක්වාම මෙම විරෝධතාව පැවතිණි.
| ඉංජිනේරු සිසුන් ලාංකික ,ශිෂ්‍ය ව්‍යාපාරයට නව මුහුනුවරක් ලබා දී ඇත. ඔවුන් සනාතන මන්දිරයේ බූරුවා ගසති. ක්‍රිකට් ගසති, ෆුට්බෝල් ගසති, ෆිල්ම් බලති, කුප්පි දමති, පිස්සු කෙලිති..... | 30 | POSITIVE |
ncpp_train_38899 |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ කුමන ආකාරයේ තීන්දුවකට පැමිණියත්, තමන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරීපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් දේශපාලන ක්‍රියාකාරින් හමුවේ පෙරේදා (28) ප්‍රකාශ කර ඇත. නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝඡකයින් ඇතුළු පාලන ක්‍රියාකාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (28) බදුල්ලේදී පැවැති අතර. එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. මෙම
ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීම වෙනුවෙන් ඉදිරිපත් කළ අවබෝධතා ගිවිසුමට ශ්‍රීලනිපයේ කිහිප දෙනකුගේ විරෝධය පළවූ බවට නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළ බව සාකච්ඡාවට සහභාහි වූ දේශපාලන නියෝජිතයෙක් පැවැසීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පස් දෙනකු පමණ මේ වන විටත් සජිත් ප්‍රේමදාස මහතා හොර රහසේ සහාය ලබාදී එජාපය හා එක්වීමේ සුදානමින් සිටින බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු වශයෙන් කමාට එසේ සිටිය නොහැකි බවත්, පක්ෂයේ කුමන තීරණයක් ගන්නත් තමන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් කටයුතු කරන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.
| දැන් එක එක නාටක රඟදැක්වෙනවා ඇවන්ගාර්ඩ් නාටකය දිල්රුක්ෂි ඩයස් නාටකය මැතිවරණයක් කිට්ටු වෙනකොට රාජපක්ෂලා මෙවැනි නාටක ගෙනත්ලා ජනතාව මුලා කරනවා මෙවැනි කුප්ප වැඩ කරන රාජපක්ෂලා 2015 දී ජාතික රූපවාහිනී නාලිකා හරහා ළමයෙක් ඇඬෙව්වේ මෛත්‍රීපාල සිරිසේන අම්මව අරන් ගිහින් හිරකරගෙන ඉන්නවා කියලා ,මහත්මා දේශපාලනයක් කරනවා කියන රාජපක්ෂලා ජනතාව මුලාකරන කුප්ප වැඩ තමා මේවා , ඡන්දය ගන්න ජනතාව මුලා කරන මෙයාලා ඡන්දය දින්නොත් ජනතාව මුලා කරන හැටි හිතාගතහැකියි නේද ? | 23 | POSITIVE |
ncpp_train_38900 |
එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා ඊයේ (26) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස් වී තිබේ. තමන් එම තනතුරින් ඉල්ලා අස් වීමට මූලික හේතුව එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු පත් කිරීමේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උප නායක
තනතුර ලබා දීම
බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා පවසා තිබේ.
“අනික් කිසිම තනතුරක් පත් වුණ එක ගැන මට කිසිම අවුලක් නැහැ. ඒත් රවී කරුණානායකට නියෝජ්‍ය නායක ධුරය දීපු එක ගැන මම සතුටු නැහැ. එයා මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙනුත් චෝදනා ලැබූ පුද්ගලයෙක්. ඒ ගැන රටේ ජනතාවත් දන්නවා. මට රටේ ජනතාවට ද්‍රෝහී වෙන්න බැහැ. ඒ නිසා මම කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අයින් වුණා. මම අයින් වෙන්න එක හේතුවක් තමයි බැඳුම්කර ගනුදෙනුව. තව හේතු ගොඩාක් තියෙනවා. ඒ ගැන කියන්න බැහැ” හිටපු ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ සමගම ජොෂප් මයිකල් පෙරේරාගේ ජා ඇල සංවිධායක ධූරයද අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.
ඊයේ රවී පත් කළාට විරෝධය පෑ අනෙක් කෙනෙකු නවූයේ නි.ඇමති රන්ජන් රාමනායකයි.
| වැඩි උගත්කමක් නැති උනත් වැදගත් දේශපාලකයෙක්... අද ගොඩක් කට්ටියට EPF/ETF එකක් උනත් තියෙන්නේ මෙතුමා වගේ ය කරපු වැඩ නිසා.... මිනිසුන්ගේ සල්ලි හොරා නොකා මිනිස්සුන්ට වැඩක් කරපු මිනිහෙක්.... එත් දැන් තියෙන හොර මර දේශපාල සස්නස්කෘතියට ගැලපෙන්නේ නැ | 1 | POSITIVE |