id
stringlengths 15
16
| news_content
stringlengths 61
30k
| comment
stringlengths 7
989
| likes
int64 -389
2.24k
| labels
stringclasses 2
values |
---|---|---|---|---|
ncpp_train_38701 |
ගෑස් මිල ඉහළ යැම, ඉන්ධන මිල ඉහළ යෑම හා රුපියල බාල්දු වීම යන කාරණාවලට විරුද්ධත්වය පළ
කරමින් 25 දින දකුණු පළාත් සභාව
ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි. දකුණු පළාත් සභාව නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂ (එජනිස) මන්ත්‍රිවරුන් මෙම විරෝධතාව පැවැත්විය. 25 දින දකුණු පළාත් සභා රැස්වීම ආරම්භ වීමට ප්‍රථමයෙන් මෙම විරෝධතාව පැවැත්විණි.
බද්දේගම සමිත හිමි, ආරියවංශ ෂම්මු, ඒ.පී.සී. පියසිරි, චන්න සාලිය යන මන්ත්‍රිවරුන් මෙම විරෝධතාවට එක්විය. ඉන්ධන බැරලයක්, ගෑස් ටැංකියක් සමඟින් මන්ත්‍රීවරුන් විරෝධතාවට එක් විය. චන්න සාලිය මන්ත්‍රිවරයා රුපියලේ ආකෘතියක් තනා එය බාල්දියක් ඇතුළට දමා රුපියල බාල්දු වීම සම්බන්ධයෙන් විරෝධතා පාඨ කියමින් පළාත් සභා රැස්වීම් ශාලාවට පැමිණියහ.
-ටී.විතානවසම්-
| රටක මිනිස්සුන්ට පාන් සහ සර්කස් ඕනෑ කියලා පුරාන තියරියක් ඇත. | 17 | POSITIVE |
ncpp_train_38702 |
අප්‍රිකාව වෙත ෆේස්බුක් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම වෙනුවෙන් අභ්‍යවකාශගත කිරීමට නියමිතව තිබූ ස්පේස්ඒක්ස් හි නවතම මිනිසුන් රහිත රොකට්ටුව ෆ්ලොරීඩා හි අභ්‍යවකාශගත කිරීම් වේදිකාව මතදී ගිනිගෙන දැවී ගිය බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා හි කේප් කැනවරල් හිදී සිදුවූ මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත්, විශාල පිපිරීමක් සමග රොකට්ටුව ගිනි ගත් බව වාර්තා වෙයි.
මෙම සති අන්තයේදී අභ්‍යවකාශය වෙත චන්ද්‍රිකාවක් රැගෙන යාමට සූදානමින් සිටි මෙම ස්පේක්ස්එක්ස් රොකට්ටුවේ ගිනිගෙන දැවෙන දසුන් සමාජජාල ඔස්සේ වේගයෙන් ගලා යමින් පවතී.
කෙසේ වෙතත්, මෙම පිපිරීමෙන් ජනතාවට හානියක් නොමැති බව ෆ්ලොරීඩා බලධාරීන් පවසා ඇත.
යළි යළිත් භාවිත කළ හැකි රොකට්ටු සම්බන්ධයෙන් නව යුගයක් බිහි කිරීමට සූදානම් වන සමාගමක් ලෙස ස්පේස්එක්ස් හැඳින්වෙයි. එමෙන්ම, පෞද්ගලික අභ්‍යවකාශ සංචාර සම්බන්ධයෙන්ද ඔවුන් කටයුතු කරමින් සිටියි.
ස්පේස්එක්ස් ෆෝල්කන් 9 රොකට්ටුව අන්තර්ජාතික අභ්‍යවකාශ ඒජන්සිය වෙත සැපයුම් සිදුකරන අභ්‍යවකාශ යානයක් ලෙස ක්‍රියාත්මක වෙයි.
( නරේන් විශ්වජිත් )
| රෝහිතත් එක්ක මේගොල්ලන්ට හැරෙන්නවත් බැහැ | 28 | POSITIVE |
ncpp_train_38703 |
ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ මැඩ්ලින් ඕල්බ්රයිට්
මහත්මිය ට්‍රම්ප්
බලයට පත්වූ පසු කරන කියන දේ තදින් විවේචනය කරමින් බරපතල ප්‍රකාශයක් සිදු කර ඇත.
ඇමරිකාවේ ත්‍රස්ත උවදුර කිසියම් ජාතියක සියලු සාමාජිකයින්ට බලපාන සැකකිරීමකට ලඝු කිරීම මානව අයිතීන් කඩකිරීමක් ලෙස අර්ථ දක්වන ඇය සංක්‍රමණිකයන් වෙනුවෙන් සිය ජීවිතය කැප කිරීමට සූදානම් බව දන්වා ඇත.
ට්‍රම්ප් තවම ඇමරිකානු මුස්ලිම් ජනතාවට හිරිහැර කර නැති නමුත් මුස්ලිම් රටවල් කිහිපයකට ඇමරිකාවට සංක්‍රමණය තහනම් කරන දින 120 ක වීසා තහනමක් පැනවීමේ ලේඛනයක් දැනටමත් සකස් කරගෙන සිටී.
79 හැවිරිදි ඕල්බ්රයිට් මහත්මිය දන්වන්නේ ඉදිරියේදී ඇමරිකාව මුස්ලිම් තහනම් කළාපයක් කරන්නට ට්‍රම්ප් වෙර දරන්නේ නම් තමා කතෝලික ආගම අතැර මුස්ලිම් භක්තිකයෙකුවී එයට විරෝධය පළ කරන බවයි.
| තිරය පිටුපස යථාර්තය ඔබට තේරුනාද? ලොව අන්තවාදී සෑම දෙයටම වගකිව යුත්තා ඇමෙරිකාව බව. මේ වැටකඩොලු බිඳ අන්තවාදය පරාජය කර ලොවට සාමය ගෙන ඒමට ට්‍රම්ප් ඔබට හැකිවේවා! | 103 | POSITIVE |
ncpp_train_38704 |
ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන හවායි හි මවුනා ලෝවා වසර 40 කට පමණ පසු පළමු වරට පුපුරා යාම සිදුවූයේ ඉරිදාය.දැන් වාර්තා වන්නේ ඒ අවට භූමිකම්පා විශාල වශයෙන් මතුව ඇති බවයි - ඉන් එකක් රික්ටර් මාපකයේ 4.2 ක භූමිකම්පාවක් විය. ඉරිදා (නොවැ. 27) රාත්‍රියේ ගිනිකන්දේ මොකුවාවියෝ හි කැල්ඩෙරාහිදී පුපුරා යාමෙන් පසු කලාපය පුරා ලාවා පැතිරීමක් සිදුවී ඇත. හවායි හි බිග් අයිලන්ඩ් ප්‍රදේශවාසීන් සඳහා නිලධාරීන් විසින් අළු වැටීමේ උපදේශනයක් නිකුත් කර ඇති අතර නිවැසියන්ගෙන් විමසිලිමත් වන ලෙස ඉල්ලා ඇත.හවායි හි සංචාරක නියෝජිතායතනයට අනුව ලාවා ගලායාම පුපුරා යාමෙන් පහළට ජීවත් වන පුද්ගලයින්ට මේ දක්වා කිසිදු අවදානමක් ඇති කර නොමැති අතර ගුවන් ගමන්වලටද දැනට බලපෑමක් නැත .
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) හි නිලධාරීන් අනතුරු ඇඟවූයේ, "අතීත සිදුවීම් මත පදනම්ව, මවුනා ලෝවා පුපුරා යාමේ මුල් අවධීන් ඉතා ගතික විය හැකි බවත් ලාවා ගලා යාමේ පිහිටීම සහ ප්‍රගතිය වේගයෙන් වෙනස් විය හැකි බවත්ය" Mauna Loa හවායි හි විශාල දූපතෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගන්නා භූමියකි.USGS ට අනුව 1843 දී ලේඛනගත පිපිරුමේ සිට 33 වතාවක් පිපිරී ඇති මෙම ගිනි කන්ද අවසන් පිපිරීම 1984 දී හිලෝ නගරයට ආසන්නව ලාවා ගලා යාමක් ලෙස වාර්තා කර තිබේ. ඉන් පසුව, මෞනා ලෝවා, වාර්තාගත ඉතිහාසයේ එහි දීර්ඝතම නිද්‍රා කාලයට පිවිසියේය .භූ විද්‍යාඥයින් විසින් භූමිකම්පා සංඛ්‍යාතයේ ඉහළ යාමක් නිරීක්ෂණය කළ බැවින්, සැප්තැම්බර් මාසයේ සිට පිපිරීමක් පිලිබඳ අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රමයෙන් වැඩි වී තිබුණි. මෙය ජුනි මාසයේදී දිනකට භූමිකම්පා පහක් හෝ 10ක් සමඟ ආරම්භ වූ අතර ඔක්තෝබර් මාසයේදී දිනකට භූමිකම්පා 40ක් දක්වා වර්ධනය විය.
| මේ රටේ ගිනිකඳු නැත්තෙ රනිල් නිසා, ඇයි උගේනෙ රට, | -5 | NEGATIVE |
ncpp_train_38705 |
පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි (A 005) මාර්ගයේ සෞදි අරමුදල් යටතේ රු. මිලියන 7,200ක් වැයකර සංවර්ධනය කළ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මී. 86.7ක මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින් මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසේ කීය.
“සමහරු කියනවා ගමට ගියොත් හූ තියයි කියලා ආණ්ඩුවේ අයට. අපි දැන් මේ ගමට ඇවිල්ලා ඉන්නේ. ඒ ප්‍රචාර අද වෙනකොට බොරු වෙලා තියෙනවා. විපක්ෂයට බොරුවක්වත් කියාගන්න බැරි විදීයට අසරණ වෙලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණුම කාල පරිච්ඡේදය බවට ඊළඟ අවුරුදු 3 අපි පරිවර්තනය කරනවා.අපි මේ රට හදනවා, මේ රට දියුණු කරනවා, මේ රටේ ආරක්ෂාව අති විශිෂ්ට ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තහවුරු කරලා තියෙනවා. ජනාධිපතිවරයා ප්රමුඛ අපේ රජය මේ රටේ ජීවත් වන සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සහ බර්ගර් වැනි හැම ජන කොටසකගේ ම ආරක්ෂාව තහවුරු කර දීලා තියෙනවා. අපි කිසි ම විටකින් මේ රට අනාරක්ෂිත රටක් බවට පරිවර්තනය කරන්න ඉඩ තියන්නේ නැහැ.
සියලු ම ජාතීන් එකට ජීවත් වෙන්න පුළුවන් විදිහට මේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා. මේ රටේ මුළු මාර්ග පද්ධතිය ම නවීන මාර්ග පද්ධතියක් බවට පත්කරනවා. සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ජනාධිපතිවරයා පොරොන්දු වුණා කිලෝමීටර් ලක්ෂයක් හදනවා කියලා. ඉතාමත් වගකීමෙන් මම කියනවා. ඡන්ද බලාගෙන නෙමෙයි රටේ ජනතාවගේ ආර්ථිකය දියුණු වෙන්න වගේ ම රට දියුණු වෙන්න අවශ්‍යයි කියන තැන අපි ඉන්නවා.”
| මෙයා තනියම ආවනම් මෙයාට බලාගන්න තිබුනා | 25 | POSITIVE |
ncpp_train_38706 |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණු උපදේශක හා හිටපු නායක මහේල ජයවර්ධන පසුගියදා දෙවැනි වර විවාහ දිවියට පිවිසියේ නටාෂා මාකලන්ද සමගිනි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සේවිකාවක වූ නටාෂා සමග මහෙල කලක් ඇසුරු කර විවාහ දිවියට පිවිසියේ පුද්ගලික උත්සවයක් ලෙස පසුගියදා දකුණු පළාතේ නිකෙත්නයක පැවති චාම් උත්සවයකදීය. මහේලගේ පෙර විවාහයේ දියණියට දැන් වයස 8 කි ඇය ඔහුගේ පෙර බිරිය ක්‍රිස්ටිනා භාරයේ සිටින්නීය. 2018 දී මහෙල පෙර විවාහයෙන් වෙන්විය.පහත පළවන්නේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන ඡායාරූපයයි.
පෙර ලිපිමහේලගේ දෙවන විවාහය නටාෂා සමගමාව දූගෙන් ඈත් කිරීම කොහොමවත් කරන්න බැරි දෙයක් - ක්රිස්ටිනාමහේල කැදැල්ලේ පැරණි සොඳුරු මතකයන් Photos
| මෙන්න බකපණ්ඩිතයෙක් මැද්දට පැනලා | 6 | POSITIVE |
ncpp_train_38707 |
පසුගිය කාලයේ හිරු නාලිකාව තුළ ප්‍රකට චරිත දෙකක් වූ සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා අද (28) උදෑසන සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බවට වාර්තාවේ.ඔවුන් දෙන්නාම ඊඒපී මාධ්‍ය ජාලය යටතේ ස්වර්ණවාහිනී නාලිකාව සමග ඉදිරියේදී එක්වන බවට ආරංචි පළව ඇත.
හිරු නාලිකාවේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සුදේව
හෙට්ටිආරච්චි EAP සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු (Group CEO) ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.
හිරු නාලිකාවේ විශේෂ වැඩසටහන් නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.
මීට ටික කලකට ඉහත පාඩු ලැබූ ආයතනයක් වූ ඊඒපී මාධ්‍ය සමූහය පසුගියදා බෙන් හෝල්ඩින්ග්ස් යටතේ විදේශ අයිතිකරුවෙකුට හිමිවීමත් සමග වෙනසකට ලක්විය.
හිරු එෆ් එම් නාලිකාව ආරම්භ කළ කාලයේ සිටම වසර 22 ක් තිස්සේ ඒබීසී මාධ්‍ය ජාලයේ සේවය කළ
සුදේව හෙට්ටිආරච්චි පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ දේශපාලන වැඩසටහන් නිසාය.
මින් ඉහත ටීඑන්එල් නිවේදකයෙකුවූ රංගන දසිල්වා හිරු TV නාලිකාව ආරම්භයේදී එක්වූ සමාජිකයෙකි. කලා ක්ෂෙත්රයේ වැඩසටහන් මෙන්ම දේශපාලන වැඩසටහන්ද මෙහෙයවූ අයෙකි.
| මම උබේ පවුල ව අදුන්නල දුන්නා | 1 | POSITIVE |
ncpp_train_38708 |
ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය ව්‍යවස්ථා සංශෝධනයක් කරමින් එරට ජනාධිපති ෂී ජින්පීන්ග්ට දිගටම බලයේ රැඳී සිටීම සඳහා පෙරේදා (25) ඉඩ සකසා දුන්නේය. සීමාවක් නොමැතිව බලයේ රැඳී සිටීමට ෂී ජින්පීන්ග් ජනාධිපතිවරයාට අවස්ථාව සකසා
දෙමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය දගක ගණනක් පැවැති නීතිරිති වෙනස් කළේය. මෙම නව සංශෝධන සමඟ චීනය මාවෝ සේකූයේ සමයේ පැවැති ආගමික, වන්දනිය සහ කීකරු පාලන සමයට ගමන් කරන බව "නිව්යොක් ටයිම්ස්' පුවත්පත වාර්තා කර කිබිණි. ව්‍යවස්ථාව වෙනස් කිරිම සඳහා අදාළ යෝඡනාව ඉදිරිපත් වූයේ පෙරේදා (25) වන අතර එය ෂී ජින්පීන්ග්ජනාධිපතිවරයාගේ පාලනය ගන්නා ලද එඩිතරම තීරණයකි.
ෂී ජින්පීන්ග් ජනාධිපතිවරයා චීන සමාජය නවීකරණය කර චීනය ගෝලීය දේශපාලනයේ බලවතකු කරමින් චීනයට හිමි ස්ථානය සඳහා කොමියුනිස්ට්
පක්ෂයේ පාලනය ශක්තිමත් කිරිමේ ක්‍රියාවලියක නිරත වී සිටියි. මෙම වැඩ පිළිවෙළ සඳහා ෂී ජින්පීන්ග් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නායකත්වය ශක්තිමත් කළ යුතු යැයි ජනාධිපතිවරයාගේ මිත්‍ර පාර්ශව යෝඡනා කර තිබේ.
මතභේදාත්මක දකුණු චීන මුහුදේ අයිතිය චීනයට හිමිවිය යුතු යැයි ජනාධිපති ෂී ජින්පීන්ග් අවධාරණය කර තිබේ. විසි එක්වැනි සියවසේ සේද මාවත සහ සාගර සේද මාවන, එසේ නැතිනම් 'වන් බෙව් වන් රෝඩ්” ගෝලිය යටිතල පහසුකම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ද චීන ජනාධිපති ෂි ජින්පින්ගේ නායකත්වය යටතේය. චිනය නවීකරණය කිරිමේ වැඩසටහන් රැසක පුරෝගාමියා වන්නේ ද චීන ජනාධිපති ෂී ජින්පීන්ග්ය. ලෝක බල දේශපාලනයේ ප්රමුඛ පෙළේ චරිතයක් වන චීන ජනාධිපති ෂී ජින්පින්ගේ කොමියුනිස්ට් සහ කොන්ෆියුසිස් මූලධර්මවලට මුල්තැන දි කටයුතු කරයි.
චීන ජනාධිපතිවරයාට දිගටම බලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් වන නිවේදනය මේතරම් ඉක්මනින් ප්‍රකාශයට පත්වීම චීන
දේශපාලනය නිරික්ෂු ණය කරන අත්දැකීම් ඇති විල්ලේෂකයන් ද පුදුමයට පත් කර තිබේ. චීන ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය අවසන් වන්නේ ලබන මාසයේදීය.
දෙවැනි ධුර කාලයෙන් පසු ජනාධිපතිධුරයෙන් ඉවත් වී රට පාලනය කිරිම හැකියාවද චීන ජනාධිපතිවරයාට තිබුණේය. මීට පෙර චීනයේ සිටි ජනාධිපතිවරුන් ද එසේ කර තිබේ. මෙම තිරණයන් සමඟ චීනය තුළ දේශපාලන ලිබරල්කරණය වෙනුවෙන් හඩ නගන පිරිස්වලටද බලපෑමක් එල්ල වී තිබේ. දීර්ඝ කාලයක් බලයේ සිටිම මේ වනවිට ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. රුසියානු ජනාධිපති පුටින් මේ වසරේදි සිව්වැනි වරටත් ජනාධිපතිවරණයට තරග වදී. වසර 2000දී බලයට පත්වූ පුටින් 2008 වනතෙක් ඡනාධිපතිධුරය දැරිය. රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අඛණ්ඩව තෙවරක් ජනාධිපතිධුරය හෙබවිය නොහැකි බැවින්
හෙතම 2008 වසදී අග්‍රාමාත්‍යධුරයට පත්වූ අතර තෙවැනි වරට 2012දි ජනාධිපතිධුරයට පත්විය. වැලැදිමිර් පුටින් 2013 වසරේ සිට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි. ලබන මස පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ඡයග්‍රහණය කළහොත් හෙතම 2024 දක්වා ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරිමට සුදුසුකම් ලබනු ඇත. දිගටම බලයේ රැඳී සිටීම කටයුතු සකස් කරගත් අනෙක් ප්‍රධානතම රාජ්‍ය නායකයා තුර්කි ජනාධිපති රිචෙප් තායිප් එර්දොවාන්ය.
සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ පැවැති තත්වය අනුව ෂී ජනාධිපතිවරයාට බලයේ රැඳී සිටිය හැකිව තිබුණේ වසර 10ක් පමණි. ෂී ජින්පින් ජනාධිපතිවරයා පළමු වරට ජනාධිපතිධුරයට පත්වූයේ 2013 වසරේදීය. එහෙන් චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා දෙවරක් පමණක් ධුරයේ රැඳී සිටිය යුතු බවට ව්‍යවස්ථාවේ දැක්වෙන වගන්තිය ඉවත් කිරීමට යෝඡනා කරමින් අදාළ සංශෝධන සිදු කරමින් ජනාධිපති ෂී ජින්පින් දිගටම බලයේ සිටීමට මාර්ගය සකසා දුන්නේය.
මෙම නව සංශෝධනයත් සමඟ දැනට 64 වන වියේ පසුවන ෂී ජින්පින්ගේ ජනාධිපතිවරයාට වසර 2023න් පසුද බලයේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙනු ඇත.
| මුළු ලෝකයේම දේශපාලන පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් ගමන් කරන්නේ ජාතිකවාදී සහ ඒකාධිපති මුහුණුවරක් ගත් දේශපාලන ක්රමයකටයි. චීනයේ ක්ශී ජින් පින්ග්ගේ, රුසියාවේ ව්ලැඩ්මීර් පූටීන්ගේ සහ තුර්කියේ එඩොරාන්ගේ බලය තව දුරටත් තහවුරු වීමත්, ඇමරිකාවේ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වීමත් ආදිය මේ නව දේශපාලන ක්රමයේ පරිවර්තනයේ ප්‍රතිඵල නිසා සිදු වූවන්ය. ප්‍රජාතත්‍රවාදය තව දුරටත් රාජ්‍යයන්ට ස්ථාවරත්වය සහ ආර්ථික දියුණුව ලබා දීමට අපොහොසත් වීම නිසා මෙම දේශපාලන පරිවර්තනය සිදු වීමට ආසන්න හේතුවක් ලෙස දැක්විය හැක. අනාගතයේ තවත් රටවල් රැසක මේ පරිවර්තනය සිදු වීමට ඉඩ ඇත. | 8 | POSITIVE |
ncpp_train_38709 |
උදෑසන කාර්යාල කටයුතු ආරම්භය පැය කිහිපයකින් සංශෝධනය විය යුතු බව කාර්යාල වේලාවන් සංශෝධනයට පත් කළ කමිටුව යෝජනා කර තිබේ.
කමිටු ප්‍රධානී ගාමිණි සෙනවිරත්න මහතා පැවසුවේ, එම යෝජනා ඇතුළත් සමස්ත වාර්තාව අද ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාර දීමට නියමිත බව ය.
අමාත්‍යවරයා එම වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසු අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.
පවතින ප්‍රවාහන තදබදය අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න අධ්‍යනයට මෙම කමිටුව පත් කෙරිණි.
එම කමිටුවට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශ නිලධාරීන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළත් ය.
| ඔයා දන්න තරම තමා. කාලගුණය අනුව දේශගුණය තීරණය කරන්න එපා. ලේ දුන්නාට මිනිස්සුන්ට මොලේ දෙන්න බැහැනේ | 2 | POSITIVE |
ncpp_train_38710 |
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා
ශිෂ්‍යත්වයක් ලබා
සිංගප්පූරුව බලා ඊයේ (30දා) පස්වරුවේ පිටත්ව ගියේය.මේ ආරාධනාව ලැබ තිබෙන්නේ සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන සඳහා වූ ආයතනයෙනි.
පුරා මසක කාලයක් රාජ්‍ය ආරක්ෂාව, යුද උපාය මාර්ග පිළිබඳ අධ්‍යයන කටයුතු වලට අදාළ පාඨමාලාවක් හදාරා ඔහු යළි පැමිණෙනු ඇත.
| කාට කාටත් පිස්සු වගනම් මේ කමේන්ට් වලින් ම තේරෙනවා අපේ රට කවදා නියම මාවතට වැටෙයිද මන්දා | -15 | NEGATIVE |
ncpp_train_38711 |
දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහාම අගමැතිවරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කරන ලද "අමුතු පොලිසියක්" මඟින් කිසිදු පදනමකින් තොර කරුණු ගෙන හැර දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේද අනුග්‍රහයෙන්
සැලසුම් කොට ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (25දා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන හා විනිසුරු ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ජනාධිපති නීතිඥවරයා එලෙස ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2015 සැප්තැම්බර් 28 වැනි දින ගොනුකරන ලද "රිට්" පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.
2015දී වත්මන් රජය බලයට පත් වූ පසු කලින් පැවැති රජයේ දේශපාලනඥයන්ටත් ඔවුන්ට හිතවත්ව කටයුතු කළ අයටත් විරුද්ධව නා නා ආකාරයේ චෝදනා එල්ල කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් මාස ගණන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ යටතේ පෙත්සම්කරුද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රැඳවීමට අගමැතිවරයාගේ මෙහෙයවීම යටතේ ඇති මූල්‍ය අපරාධ පොලිසිය ක්‍රියාත්මක වුණා.
ඒ සඳහා මුලින්ම ඔවුන් අවස්ථා 3කදී උත්සාහ කළා. පළමුවෙන්ම "ඇවන්ගාඩ්" මුහුදු ආරක්ෂක සමාගම පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හරහා ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළා.
ඊට පසු "ඇපලෝ" රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති තනතුර සම්බන්ධව ඔහුට අභූත චෝදනා කොට අත්අඩංගුවට ගැනීමට තැත් කළා.
තුන්වැනිව "මිග්" ගුවන්යානා මිලදී ගැනීම යන බොරු චෝදනා ගොතා ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළා.
අධිකරණයේ මැදිහත්වීම මත එම අවස්ථා අසාර්ථකව ගියා. ඉන්පසු ඔවුන් සොයා ගත්තේ පෙත්සම්කරුගේ පියා වන දිවංගත ඩී.ඒ රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් එම අනුස්මරණ පදනම ඉදිකළ ස්මාරකය හා කෞතුකාගාරය පිළිබඳව ලිපිගොනුවයි.
එහිදී කිසිම හෝඩුවාවක් සොයාගත නොහැකි වූ විට පාඨලී චම්පික රණවක ඇමැතිවරයා එයට මැදිහත් වී අලුත්ම ඇස්තමේන්තුවක් යොදවා තවත් අලුත් බිලක් නිකුත් කරමින් එකී හිඟ මුදල වහා ගෙවන ලෙසත් නැතිනම් නඩුව දමන බවටත් ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා හරහා "එන්තරවාසියක්" පෙත්සම්කරුට එවමින් නඩුවක් පැවැරීම සඳහා පොටක් පාදා ගත්තා.
මෙහිදී සිදුව ඇත්තේ ජුගුප්සාජනක ලෙස ක්‍රියා කරමින් නැති නඩු නිමිත්තක් ආරෝපණය කොට නඩුවක් නිර්මාණය කිරීමට අගමැති වරයාගේ පොලිසිය ක්‍රියා කිරීමයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් මීට පෙර නිකුත් කරනු ලැබ ඇති අතුරු තහනම් නියෝගයද ඊළඟ නඩු දිනය වන පෙබරවාරි මස 14 වැනි දිනට පසු දින (පෙබ. 15) දක්වා දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය නියෝග කළේය.
ජනාධිපති නීතිඥ අල් සබ්රි හා නීතිඥ සනත් විජේවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කරු වෙනුවෙන් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න නීතිපති වෙනුවෙන් ද පෙනී සිටියහ.
වැඩිදුර නඩු විභාගය පෙබරවාරි මස 14 වැනි දිනට කල් තැබිණි.
කමල් මහේන්ද්‍ර වීරරත්න
| මීහරකෝ අන්තිම දවස වෙනකොට කොටි පැරදිලා ඉවරයි. එතුමා චීනයට ගියේ හමුදාවේ ආබාදිත අයට ත්‍යාග විදිහට ලැබුණු රෝද පුටු , බෙහෙත් තොගයක් බාර ගන්න දවසින් ආව. | 16 | POSITIVE |
ncpp_train_38712 |
කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 හෙවත් නව
කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.
එම ආසාදිත රෝගියා මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 පමණ පුද්ගලයෙකි.
එම වාට්ටුවේ සේවය කල වෛද්‍ය වරු ඇතුලු කාර්යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ නේවාසිකාගාරයේ දින 14 නිරෝධායනයට ලක් කර එහි සිටි රෝගීන් හෝමගම මූලික රෝහලට යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අධ්‍යක්ෂක වරයා වැඩි දුරටත් පැවසීය.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
| මේ කොරෝනා ගැන මුලු රටම දැනගෙන හිටපු මොහොතක බලධාරින් නිසි ක්‍රියාමාර්ග කලට වේලාවට නොගැනීම නිසා දැන් සිදුවෙලා තිබෙනවා රට පුරා මාර්තු මාසයේ පිටරට ඉදලා ආපු අය සොයන්න , ඔය හැම කෙනාම ආවේ ගුවන්තොටුපල හරහා ,නිසි වැඩපිලිවෙලක් තිබුණානම් ඔය හැමදෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකරන්න තිබුණා , එහෙනම් අද ඇදිරිනීති දාලා මුලු රටටම මේ දුක විදින්න වෙන්නේ නෑ, හැබැයි පාර්ලිමේන්තුව විසුරුවලා නාමයෝජනා බාරදීමනම් වෙලාවට කලාවට කරගත්තා. | 2 | POSITIVE |
ncpp_train_38713 |
රුවන් වික්‍රමසිංහ යුග දිවියට - මහින්දත් ඇවිත්
ප්‍රකට ටෙලි නාට්‍ය නළු රුවන් වික්‍රමසිංහ අද(23) යුග දිවියට පිවිසුණා. ඔහු අතගත්තේ වාසනා එදිරිසූරිය මෙනෙවිය සමගිනි. නාරාහේන්පිට අභයාරාමයේදී ආගමික චාරිත්‍ර අනුව පැවති උත්සවයට පැමිණ සිටියේ පවුලේ හිතවතුන්ය. එම අවස්ථාවේ අභයාරාමයට දේශපාලන සාකච්ඡාවකට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුද ඔවුන්ට සුබ පතනු ලැබුවා.
Pix By -Suren Abeysundara,
Flowers -Kandyan flora, Card box-Younma Bandara, Planner -Janaka Mawella
| මයියා වටෙි ඉන්න rice-boat සෙට් එක කොහොමද! | 6 | POSITIVE |
ncpp_train_38714 |
මහනුවර කැටවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන රජයේ වෘත්තිය පුහුණු ආයතනයේ පුහුණුව ලබන බාල වයස්කාර පිරිමි ළමයෙකු එම ආයතනය මගින් පුහුණුවකට යැයි පවසමින් රසකැවිලි නිෂ්පාදනය කරනු ලබන පෞද්ගලික ආයතනයකට යොමුකර සිටියදී එහි සේවිකාවක විසින් එම දරුවා බලහත්කාරයෙන් රඳවා තබාගෙන අමානුෂික පහර දීමට හා දරුණු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අදාළ කාන්තාව පෙරේදා (28 වැනිදා) දින පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අදාළ වෘත්තිය පුහුණු ආයතනය මගින් මහනුවර බහිරවකන්ද ප්‍රදේශයේ පිහිටි රසකැවිලි නිෂ්පාදන ආයතනය වෙත විශේෂ අවශ්‍යතා සහිත පිරිමි දරුවන් තිදෙනකු යොමුකර ඇත. එම දරුවන්ට නිවෙස්වලට යාමට පවා නොදී සේවිකාවක විසින් නිතර අමානුෂික අයුරින් පහර දෙමින් සේවයේ යොදවා ගැනීමට අමතරව ඔවුන් ලිංගික අපයෝජනයට ලක්කර තිබෙන අතර ඇයගේ ලිංගික ක්‍රියාවන්ට අවනත නොවීමෙන් පසු පහර කෑ ළමුන් දෙදෙනකු පසුව එම ස්ථානයෙන් පලාගොස් ඇත.පලා ගිය ළමුන්ගේ දැනුම් දීම මත එක් ළමයෙකු ආයතනයේ කාමරයක් තුළ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවට ළමයාගේ දෙමවුපියන් විසින් මහනුවර පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසු පොලිස් කණ්ඩායමක් ගොස් එම ස්ථානය සෝදිසි කළ අවස්ථාවේ ළමයා සොයා ගෙන ඇත.හතළිස් එක් හැවිරිදි සැකකාර කාන්තාව සෑම දිනකම පාහේ රාත්‍රී කාලයේ අසභ්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් 17 හැවිරිදි මෙම ළමයා මෙන්ම පලා ගිය දරුවන්ද අවස්ථා ගණනාවකදී ලිංගික අපයෝජනයට ලක්කර තිබෙන බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් ළමයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.රස කැවිලි ආයතනයේ හිමිකරු නිවසට ගියවිට ආයතනය තුළ රැඳී සිට ඇත්තේ මෙම කාන්තාව සහ ළමයා පමණක් බව පොලිසිය පවසයි.
රජයට අයත් වෘත්තිය පුහුණු ආයතනය මගින් ප්‍රායෝගික පුහුණුව සඳහා රස කැවිලි නිෂ්පාදන ආයතනයට ළමුන් යොමුකර තිබෙන්නේ නීත්‍යනුකූලවද යන්න සොයා බලන බව පොලිසිය පවසයි.අදාළ පෞද්ගලික ආයතනයේ හිමිකරු ඊයේ (29 වැනිදා) පොලිසියට භාර වී ඇති අතර ඔහුට එරෙහිව ස්ත්‍රී දුෂණ නඩුවක් මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින බව ද පොලිසිය පවසයි .මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායකගේ උපදෙස් මත,මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩගේ මෙහෙයවීමෙන් , මහනුවර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය මගින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි. කමල් සුරවීර- මහනුවර
| මේක අලුත් දෙයක් නෙවෙ. ගෑනු අතින් පිරිමි දරුවො අපයොජනය වෙන එක. ගොඩක් වෙලාවට මෙහෙ කාර සේවයට එන අය කරන්ව. අපෙ ගෙවල් ලග එකක් උනා. පොලිස් ගිහින් හෙන කෙලියක් උනා.ඒත් නිවුස් වලට කිවුවෙ නැ. මේ වගෙ නොකිය අ ඒව ඔනෙ තරම් ඇති. පිරිමියෙක් කලාම එක ටක් ගහල යනව. මොකද මේ ගෑනු පොලිසිය ට ගියාම ශේප් කරගන්න විදිය දන්නවනෙ.. තමන්ගෙ දරුවො ගැන දෙමපියන් හැර පිට මිනිස්සුන්ට වගකීම දෙන්න එපා. මේ දරුවො මෙකට අකමති උන නිසා මිසක් නැත්තන් අදටත් මේව රහස | 21 | POSITIVE |
ncpp_train_38715 |
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව පළමු මාත්‍රාවෙන් මාස හයකට පසුව පවා ගත හැකි බව රජය පවසයි.මෙය කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඉදිරිපත් කරන ලද කරුණු පත්‍රිකාවක් මත පදනම් වය. ”එක් මාත්‍රාවක්වත් නොතිබීමට වඩා අවම වශයෙන් එකක් තිබීම හොඳය ”යනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා COVID රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ ගැන පැහැදිලි කළාය.ශ්‍රී ලංකාවට මුලින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව 500,000 ක් ඉන්දියාවෙන් නොමිලේ ලැබුණු අතර රජය තවත් එන්නත් 500,000 ක් මිලදී ගත්තේය.දෙවන මාත්‍රාව ලෙස භාවිතා කිරීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව 350,000 ක් පමණ රජය සතුව තිබුණි.අතේ ඇති තොගයෙන් කොටසක් පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින්ට සහ හමුදාව සහ පොලීසියට දෙවන ජබ් ලබා දීම සඳහා යොදා ගන්නා ලදී.කෙසේවෙතත්, රජය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් 600,000 ක් ලබා ගැනීමට දැඩි උත්සාහයක් දරයි.
ඇස්ට්‍රසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව මාස 6ක කාලයක් සඳහා කොවිඩ් – 19 වෛරසයට රෙහිව මිනිස් සිරුර තුළ ක්‍රියාකාරී බව ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණික සටහනක් ඉදිරිපත් කරමින් අද (30) අනාවරණය කර තිබේ.මීට පෙර එම සංවිධානය නිර්දේශ කර තිබුණේ, ඇස්ට්‍රසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පළමු මාත්‍රාවෙන් පසු සති 8ක් හෝ සති 12ක කාලයකට පසුව ලබ දිය යුතු බවටයි.කෙසේ වෙතත් එම කාලය ඉක්ම ගිය ද යළිත් සම්පූර්ණ එන්නත්කරණය කිරීමක් අවශ්‍ය නොවන බව අදාළ තාක්ෂණික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
| නෝනත් පොල් පැලේ කන්න වගේ නේද...දොස්තර උනත් දේසපාලුවෙක්නෙ ..... | 30 | POSITIVE |
ncpp_train_38716 |
කොරෝනා වෛරසය පැතිරිම පිළිබඳ ආපදා තත්ත්වයක් පැමිණියහොත් කිසිදු පැකිලීමකින් තොරව පැය විසිහතරම සේවා සැපයීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සුදානම් යැයි රඡයේ හද නිලධාරින්ගේ
සංගමයේ සහාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ඒ සඳහා විශේෂ ගෙවීම් හෝ දීමනා ඉල්ලීමේ බලාපොරාතුවක් හෙද හෙදියන් තුළ නැතැයි ද ජනතා බදු මුදලින් වැටුප් ගන්නා කාර්යමණ්ඩලය තම යුතුකම් ඉටු කරන්නට සුදානම් යැයි ද ඔහු කීය.
හදිසි අවස්ථාවන් සඳහා රෝහල් 12ක් සුදානම් කර ඇතැයි රජය ප්‍රකාශ කරන නමුත් එකී රෝහල් එකකවත් අවශ්‍ය අවම පහසුකමක් නැතැයි කී රත්නප්‍රිය මහතා අවශ්‍ය පහසුකම සුදානම් කිරිමට රජය වහා කටයුතු කළ යුතු යැයි ද පැවැසීය.
මුඛ ආවරණ, මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඟලුම් ඇතුළු උපාංග
හිඟය දරුණු බවත් මේ වනවිට කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩල කටයුතු කරන්නේ ප්ලාස්ටික් කැබලි කපා මුහුණු ආවරණය කරගෙන සේවා සැපයීමෙන් බවත් ඔහු කීය.
එමෙන්ම ආරක්ෂිත ඇඳුම් භාවිත කළ හැක්කේ එක් වතාවක් බවත් වරක් භාවිත කළ ඇගලුම් ඉවත් කළ යුතු බවත් පෙත්වා, දුන් රත්නප්‍රිය මහතා ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයෙන් රෝහල් තුළ තිබිය යුතු බවක් පෙන්වා දුන්නේය.
කොරොනා වෛරසය පිළිබඳ පරික්ෂාවක් සඳහා විශේෂිත රසායනාගාර (BIO SAFTY LEVEL 4) තීබිය යුතු යැයි ද එම මට්ටමේ රසායනාගාර ශ්‍රී ලංකාවේ නැතැයි ද කී සභාපතිවරයා විශේශයෙන් එම රසායනාගාර තුළ මෙම පරික්ෂාවන් වෙනුවෙන් සැකසු කුටි තිබිය යුතු අතර සුදානම් යැයි කී රෝහල් සියල්ලටම එම රසායනාගාර පහසුකම් ලබා දිය යුතු යැයි ද පැවැසීය.
කොරෝනා පැතිර යාම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජාතික කමිටුවේ සාමාජිකයන් 15 දෙනාගෙන් 11 දෙනකු වෛද්‍යවරුන් බවත් එවැනි තත්වයක සිට මෙම රෝගය පාලනය කළ හැකි යැයි සිතන්නේ නම් එය විශෘල වරදක් බවත් පෙවා දුන් ඔහු මේ පිළිබඳ තීන්දු නීරණ ගතහැකි වෛද්‍ය නොව විශේෂඥවරුන්ගෙන්ද මෙම කමිටුව සමන්විත විය යුතු යැයි
සඳහන් කළේය.
එමෙන්ම ගුවන්තොටුපළේ දී හදුනාගත් සැකකටයුතු අයෙකු වෙත්නම් ඔවුන් උණ රෝහලට හෝ එතැනින් දියතලාවට ගෙන යාම නොව ගුවන් තොටුපළ ආසන්නයේ ඒ වෙනුවෙන්ම සැකසුණ රෝහලකට ඇතුළත් කිරීමට සැලසුම් කළ යුතු යැයි ද ඉදිරියේ ඇති වන තත්ත්වයන්ට මුහුණදීමට නම් එවැනි රෝහලක් ගුවන්තොටුපළ ආසන්නයේ ජනාකිර්ණ නොවන ස්ථානයක ඉදිවිය යුතු යැයි ද හෙතෙම යෝජනා කළේය.
මෙවැනි අවස්ථාවක රටට නිවැරැදි පණිවුඩ දෙන පිරිසක් රාජ්‍ය යාන්ත්‍රණයේ සිටිය යුතු බව පෙන්වා දුන් රත්නප්‍රිය මහතා සමාජයේ සියලු දෙනා මුඛ ආවරණ පැළැඳ සිටිය යුතු නැති වුවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොළඹට පැමිණෙන සියලු දෙනා මුඛ ආවරණ පැළඳිය යුතු බව පවසා ඇතැයි සඳහන් කළේය.
රුපියල් 9.50 ක් මිලැති මුඛ ආවරණයකට රුපියල් 15 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ ද රුපියල් 95 ක් වටිනා එන් 95 වර්ගයේ නැවත නැවත භාවිත කළහැකි මුඛ ආවරණයකට රුපියල් 150 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ ද කවර හේතුවක් නිසා දැයි විමසිය යුතු බව සභාපතිවරයා පැවසිය.
විනීතා එම් ගමගේ
| යකෝ උඹද හෙදියන්ගේ පඩි ගෙවන්නේ? උන් කොහොමත රස්සාව කරනවා. ඒක ආන්ඩුවේ රස්සාවක්. ඔයා එක කියන්න ඔනේ නෑ. ආත්මාර්ථයකාමී පව්කාරයා. | 7 | POSITIVE |
ncpp_train_38717 |
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ උදෑසන රැස්වීමක් පැවැත්වුණා. මහින්ද ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට ඒකාබද්ධ විපක්ෂයේ
පක්ෂ නායකයන් මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාද
එක්ව ඇත.
ඉදිරි විරෝධතා සඳහා බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම් සම්බන්ධව එම පක්ෂය අභ්‍යන්තරයේ ඇතිවූ මතභේදයන් සමථයකට පත්වූ බවත් බැසිල් ඒ කටයුතු වලින් ඉවත්ව සිටිනු ඇති බවත් ඔහු පිරිස ඉදිරිපිට සහතික වෙමින් මෙම රැස්වීමේදී කරුණු ප්‍රකාශ කළා.
ඉදිරියට පාර්ලිමේන්තුවේ බලපෑම්කාරී විපක්ෂය ලෙස කටයුතු කරන බවත්
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු විරෝධී පුළුල් ජාතික ව්‍යාපාරයක් ඇති
කරන බවත් පැවසුණ අතර ලබන අගෝස්තු මාසයේදී මහනුවර සිට කොළඹට විරෝධතා පා ගමනක් පැවැත්වීමටද යෝජනා වුණා.
මෙයට අමතරව ආණ්ඩුවට එරෙහිව දිස්ත්‍රික් මට්ටමෙන් සෑම මාසයකදීම විශාල විරෝධතාවක් පැවැත්වීමටත් පළමුවැන්න ලබන මාසයේදී කළුතර දී පැවැත්වීමටත් යෝජනා විය.
| මහින්ද මහත්තයව එහෙම ගොඩ දාන්න අවශ්‍ය නැහැ බන්..එතුමා ඉන්නේ ගොඩ තමයි..උබලගේ ඔය තියෙන බයෙන් තේරෙන්නේ එතුමාට වට කරගෙන ගහන එකෙන් තේරෙන්නේ එතුමාව පැන්ෂන් යවන්න මේ යහපාලන පොන්සියෝ දගලන දගලිල්ලෙන් තේරෙන්නේ එතුමා ඉන්න තැන බන්.. උබල වගේ කුලියට කොටන එව්වෝ මහින්ද ,මහත්තයට නැහැ..එතුමාට පක්ෂව මෙතන වැටෙන හැම කොමෙන්ට් එකක්ම ඒ දාන එකාගේ හදවතින් එන හැගීම..කුලී කොටන උබලට ඒක කොහොමවත් තේරුම් ගන්න බැහැ.. | -1 | NEGATIVE |
ncpp_train_38718 |
නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවසට යන පාරට යාබද පාරක පිහිටි පැලවත්ත කිරිපිටි අලෙවි සල අසළින් ජනපතිවරයා ගමන් කළ අවස්ථාවක එහි පෝලිමේ සිටි අය හූ තැබූ බවටත් අනතුරුව ජනපති නිවසට ගොස් පොලිස් කන්ඩායමක් එවා අලෙවි සල වසා දැමූ බවටත් සමාජ මාධ්‍ය තුළ ආරංචි පැතිර තිබේ.
මෙම කාරණාව සත්‍ය තත්වය විකෘති කිරීමක් යයි පවසමින් පොලිස් මාධ්‍ය ඒකකය මගින් විශේෂ දැනුම් දීමක් බ්‍රහස්පතින්දා රාත්‍රි සිදු කර ඇත. එය පහතින්
| අඩේ එකම ඩයල් එකද බං මේ උබල ගෙන් ආතල් ගන්නේ ? උබල පව් කියලත් හිතෙනවා . හයියෝ සල්ලි :D | -14 | NEGATIVE |
ncpp_train_38719 |
පී.එස්.පී බදු සහනය යළිත් ශ්‍රී ලංකාවට ලබා දීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ත් තීරණය කර තිබේ.
ඒ අනුව
මෙම සහනය ලබාදීමට අදාළ අයවැය පනතට ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉකුත් 23 වැනිදා අත්සන් තබා ඇතැයි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය.
2018 වර්ෂයේ අයවැය කල් තැබීමට පෙර ඇමෙරිකානු කොංග්‍රසයට මෙම සහනය සලිත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් 2017 දෙසැම්බර් 31 වැනිදා ජී.එස්.පී බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි විය.
මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට 2020 දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙම බදු සහනය හිමි වන බවයි.
ජී.එස්.පී බදු සහනය මගින් මෙරට අපනයන කෙරෙන භාණ්ඩ සඳහා විශේෂ සහන හිමි වේ.
| ආදී සිOහලුන් පිට දිප දේශ ජය ගත්තා කන්ට අදින්ටා පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා GSP ලබෙනවට විරුද්ද නෑ එත් මෙච්චර සම්පත් තියන රටට වෙලා තියන දේ ගැන දුකයි | 17 | POSITIVE |
ncpp_train_38720 |
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් විසින් පොළොන්නරුව ප්‍රාදේශීය මාධ්‍යවේදී අසේල ධර්මවර්ධන මහතාට මැර තර්ජනය සිදුකිරිමේ සිද්ධියක්
සම්බන්ධයෙන් ඒ මහතා විසින් කදුරුවෙල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.පොළොන්නරුව කදුරුවෙල නගර මධ්‍යයේ පැවති ජාතික ජනබලවේගය ජනාධිපතිවරණ
ප්රචාරක රැලියක් අතරතුරදී වේදිකාවට ගොඩ වු තමන්ට අනුර දිසානායක මහතාගේ පෞද්ගලික නිලධාරීන් පහරදීමට උත්සාහ
කර වේදිකාවෙන් බිමට ඇද දැමූ බව ඒ මහතා පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
අනුර දිසානායක මහතා රැලිය ඇමතීමෙන් පසු පිටත්ව ගිය විගස තමන් අසලට පැමිණි අනුර දිසානායක මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් තමන්ට තර්ජනය කළ බව ඔහු විසින් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්ය. අනතුරුව මෙම ආරවුල විසදීමට ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාද මැදිහත්ව ඇත,මේ පිළිබඳ අදහස් දැක්වූ ධර්මවර්ධන මහතා පවසා සිටියේ තමන් වේදිකාවට ගොඩවූයේ පොලිස් නිලධාරීන්ගේ අවසර ඇතිව බවත් ජනතාව රැලියට සවන් දෙන දර්ශන ලබාගැනීම තම අරමුණ වු බවත්ය.
පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.පී.ධම්මික වීරසේණ්ඩාර මහතාගේ උද්දෙස් පරීදි පොළොන්නරුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජරුල් මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
-ඩබ්.ඒ.පියතිලක-
| Sure එකටම හිරු එකේ එකෙක් වෙන්න ඇති . ඔකුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ | 108 | POSITIVE |
ncpp_train_38721 |
පාසල් නිම වී නිවසට පැමිණි බාලවයස්කාර දැරියකට අතවර කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් දෙදරු පියෙකුට බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අතවරයට ලක් වූ දැයට රුපියල් ලක්ෂ 03ක වන්දියක් ගෙවීමටද නියම කළේය. උපාධි අපේක්ෂිකාවක් වන වින්දිත තරුණිය මීට වසර 09කට ඉහතදී 10 වසරේ සිසුවියක සිටියදී සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මුල් දින සාක්ෂි ලබාදීමෙන් අනතුරුව දෙවැනි දිනයේ සාක්ෂි ලබාදීමට සුදානම් වූ අවස්ථාවේදී චෝදනාවන්ට වරද පිළිගත් දෙදරු පියෙකුට එලෙස දඩුවම් නියම විය.
විනිසුරුවරයා ස්ත්‍රී දූෂණයක් යනු මිනීමැරුම් චෝදනාවන්ට පමණක් දෙවැනි වන බරපතළ අපරාධයක් බව ද පෙන්වා දුන්නේය. සිර දඬුවමට හා වන්දි මුදලට අමතරව රුපියල් 25,000ක දඩයකටද විත්තිකරු යටත් කළ විනිසුරුවරයා එම වන්දි හා දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර එකහමාරක සිර දඬුවම් නියම කළේය. 2013 වසරේදී වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් බලහත්කාරයෙන් අපයෝජනය කිරීම ඇතුළු අධිචෝදනා 03ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරමින් වින්දිත කාන්තාව අධිකරණයේ සාක්ෂි ලබාදුන් අතර ඇය දෙවැනි දිනයට සාක්ෂි ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව විත්තිකරු අධිකරණයට දැනුම් දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් වින්දිත තැනැත්තිය 2013 වසරේදී මෙම අතවරයට ලක්වීම ඇති බවත්, ඒ වන විට ඇය 15හැවිරිදි වියේ පසුවී ඇති බවත් පවසා සිටියේය. පාසල් නිමවී ඇය නිවසට පැමිණෙන විට ඇගේ මව නිවසේ සිට ඇති බවත්,
විත්තිකරු මෙම අතවරය සිදු කර ඇති බවත්, ඉන් ඇය ගැබිනියක් බවට පත්ව ඇති බව ඩී.එන්.ඒ පරීක්ෂණ මගින් ඔප්පු වී ඇති බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළේය. තරුණිය පෙර දින ලබාදුන් සාක්ෂිවලින් තමන් වැරදිකරු වන බව දැනගෙන තමන්ට වැඩ වරදින බව විත්තිකරුට දැනුන හෙයින් ඔහු වරද පිළිගත් බව පවසූ රජයේ නීතිඥවරයා විත්තිකරුට දැඩි දඬුවම් පමුණුවන්නැයිද ඉල්ලා සිටියේයෙ. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරු 2013 වසරේදී දැරියගේ නිවස අසල ඉදිකිරීම් කර්මාන්තයක අත්උදව්කරුවෙකු ලෙස සේවය කර ඇති බවත්,
ඒ වන විට ඔහු 30 හැවිරිදි වියේ පසුවී ඇති බවත් පැවසීය. වින්දිත තරුණිය මේ වන විට උසස් අධ්‍යාපනයේ නිරතව උපාධියක් අපේක්ෂාවෙන් සිටින තමන්ට මානසික නිදහස හා අධ්‍යාපනය හැදෑරීම පමණක් අවශ්‍ය වී ඇතැයිද පැවසුවාය. ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු විනිසුරුවරයා දෙදරු පියෙකු වන විත්තිකරු සිදුකර ඇත්තේ මිනීමැරුම් චෝදනාවන්ට පමණක් දෙවැනි වන දැඩි අශිෂ්ට බරපතළ අපරාධයක් යැයි සඳහන් කළේය. දැරියගේ මව මීට වඩා විමසිලිමත් වූයේ නම් මෙම අපරාධය සිදු නොවීමට ඉඩ තිබුණු බවත්, දෙමවුපියන් සිය දරුවන් පිළිබඳ මීට වඩා විමසිලිමත් විය යුතු බවත් සඳහන් කළ විනිසුරුවරයා තම වින්දිතභාවය නොසලකා ජීවිතය ජය ගැනීමට වෙර දරන තරුණිය රටටම ආදර්ශයක් බවද සඳහන් කළේය. සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට අදාළ දඩුවම් නියම කෙරිණි.(බුද්ධිමාල් රුබේරු)
| ප්‍රථම සාක්ෂි විමසීම වසර නවයකට පසුව ? | 70 | POSITIVE |
ncpp_train_38722 |
තමා සල්ලාලකමේ යනවැයි නිතර චෝදනා කිරීම ඉවසීමට නොහැකිවූ සැමියෙකු සිය පුරුෂ ලිංගය කපා බිරිඳගේ අතට දීමට උත්සහා දැරූ පුවතක් වාර්තාවේ. මේ හේතුවෙන් ඔහු බරපතළ තුවාල ලබා කුරුණෑගල මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ. කුරුණෑගල පොල්පිතිගම ආඳාගලයාය ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන්නේ පෙරේදා (26 ) රාත්‍රියේය.
මෙම පුද්ගලයා අරක්කැමියකු වන අතර මංගල උත්සව, අවමංගල්‍ය උත්සව ඇතුළු උත්සවවලට ආහාර පිසීම මොහුගේ රැකියාව වී ඇත. නිරන්තරයෙන් මත්පැන් පානයට ඇබ්බැහි වී සිටියත් මොහුගේ ඉවුම් පිහුම් දක්ෂතාවය නිසා මොහුට දුර බැහැර ප්‍රදේශවලින්ද ඇණවුම් ලැබේ.මේ ආකාරයෙන් උත්සව නිවසකට ගොස් නිවසට පැමිණි මෙම පුද්ගලයා සමගින් බිරිඳ ආරවුලක් ඇතිකරගෙන ඇත්තේ ඔහු උත්සවවලට යන බව කියමින් වෙනත් කාන්තාවන් සමග සිටින බව කියමිනි.එහිදී උරණ වූ සැමියා තම පුරුෂ ලිංගය කපා බිරිඳගේ අතටම දෙන බව කියමින් පිහියක් ගෙන එය කපා දැමීමට උත්සහා දරා තිබේ. එම අවස්ථාවේදී පිහියෙන් පුරුෂ ලිංගයේ කොටසක් කැපී ගොස් ඇති අතර බිරිඳ විසින් සැමියා පෙරේදා රාත්‍රියේම පොල්පිතිගම රෝහල වෙත ඇතුළත් කර ඇත.
බරපතළ කැපුම් තුවාල පැවතීම නිසා තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරු කර යවා ඇති අතර කැපී ගිය පුරුෂලිංගයට මැහුම් කිහිපයක් යොදා තිබෙන බව වාර්තා වේ. ඔහු මේ වනවිටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබති.මේ සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමකදී මෙවන් සිදුවීමක් වාර්තා වී නැති බව පැවැසීය. නමුත් මෙය තමන් විසින්ම කරගත් අනතුරක් නිසා එය පොලිසියට වාර්තා වීමක් හෝ අදාළවීමක් නොවන බවද පොලිසිය පැවැසීය.එෆ් .අස්ලම්/බිමල් රුහුණගේ
| Duka thamai ranjani | 19 | POSITIVE |
ncpp_train_38723 |
මහනුවර හන්තාන කන්ද තරණය කරමින් සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් එකසිය අසූ එක්දෙනකු හා මඟ පෙන්වන්නන් ලෙස කටයුතු කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු අයහපත් කාලගුණය සමඟ මඟ වැරදී පැය දහයකට අධික කාලයක් අතුරුදහන් වී සිටියදී මහනුවර පොලිසිය හා යුද හමුදාව එක්ව ඔවුන් මුදාගැනීමට කටයුතු කරන ලදි. මහකන්ද ප්‍රදේශයෙන් හන්තාන කන්ද තරණය කිරීමට පෙරේදා පෙ.ව. 10.00ට
පමණ ගිය රාගම වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් 180 දෙනකුගෙන් සමන්විත
කණ්ඩායමක් අධික වර්ෂාවත් සමඟ ඇති වූ ඝන මීදුම් සහිත තත්ත්වය හේතුවෙන්
කඳු මුදුනේ අතරමංව සිටියදී පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව කළ
මෙහෙයුමකින් පසු සිසු පිරිස නිරුපද්‍රිතව පහළට රැගෙන විත් තිබේ.
කඳු මුදුනේ අතරමංව සිටි සිසුන් පෙරේදා රාත්‍රී 10.00ට පමණ තමන්
අතරමංව සිටින බවට දුරකතන මගින් මවුපියන්ට පවසා ඇත. පසුව මවුපියයන්
ඒ බව මහනුවර පොලීසියට දැනුම් දීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ
පොලිසිය යුද හමුදාවේද සහාය ඇතිය අදාළ ස්ථානයට ගොස් සිසුන් 120 දෙනෙකු
ඊයේ (03) අලුයම 3.30 පමණ වනවිට පහළට රැගෙන ඒමට සමත්ව ඇත.
ඒ අතුරින් තරමක අසනීප තත්ත්වයෙන් පසු වූ සිසුවියන් දෙදෙනකු
හා සිසුන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර
තිබේ. ඔවුන් ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
මේ හන්තාන ගමන සඳහා රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 60 දෙනකු හා
සිසුවියන් 121 දෙනකු පැමිණ තිබේ. ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පැමිණ ඒ ඔස්සේ හන්තාන තරණය කිරීමට පිටත්ව ඇත්තේ පෙරේදා (2) දින පෙරවරු
11 ට පමණය. සවස 5 පමණ වන විට අධික මීදුම හා වර්ෂාව සමග මාර්ගය වැරදුනු බව
එම සිසුහු පවසති.
මධ්‍ය පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා හා
මහනුවර 111වන බලසේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් එම ස්ථානයට
පැමිණ මෙහෙයුම සඳහා උපදෙස් දුන්හ.
හන්තාන කන්දට ඇතුළු වු හතළිහක් පමණ හමුදා පිරිස් විසින් මෙහි
මුල්ම කණ්ඩායම ඊයේ (3) අලුයම 2ට පමණ පහලට රැගෙන ආ අතර එම ප්‍රමාණය
සිසුන් සිව් දෙනෙකි.
ඊළඟට රැගෙන ආ සිසුවකු හා සිසුවියක අසාධ්‍ය තත්ත්වයෙන් සිටීම
හේතුවෙන් මෙහි සූදානම් කර තිබූ ගිලන් රථයකින් ඔවුහු මහනුවර මහ රෝහල
වෙත පිටත් කරනු ලැබූහ.
සොයා ගත් සිසු සිසුවියන්ට ඇති වී තිබූ අසාත්මිකතාවන්ට
ප්‍රථමාධාර හා වෛද්‍ය උපදෙස් දීමට කඳු පාමුලට පැමිණ සිටි වෛද්‍ය
කණ්ඩායම් සමඟ පරිසර විද්‍යාඥ ප්‍රදීප් සමරවික්‍රම හා වන සත්ව ගවේෂක
අනිල් විජේතුංග යන පරිසරවේදීන්ද යුහුසුලුව ක්‍රියා කරනු දක්නට
ලැබිණි. මේ වන විට සිසු සිසුවියන්ගේ මවුපියන්ද රටේ විවිධ ප්‍රදේශවල
සිට මෙම ස්ථානය වෙත පැමිණෙමින් සිටි අතර ඔවුන් තම දරුවා දැක ගන්නා තුරු
නොඉවසිල්ලෙන් පසු විය.
පැවති දැඩි වර්ෂාව සමග හන්තාන මාර්ගයද කැඩී ගොස් ගමන් කිරීමට
නොහැකි අයුරින් වලවල් සෑදී තිබීම නිසා මෙම පිරිස කන්දෙන් පහළට රැගෙන ඒම
දැඩි දුෂ්කර කටයුත්තක් වී තිබිණි. මේ තත්ත්වය නිසාම අලුයම හතර පසු වන
තුරුම ඔවුන් පහළට රැගෙන ඒම සිදු විය. මෙහිදී රෝගාතුර වූ සිසු සිසුවියන්
පස් දෙනෙකු රෝහල්ගත කරන ලදි. අනෙක් සිසු පිරිස ඊයේ (03) පෙරවරු 6.00 පමණ
වනවිට පහළට රැගෙන ආ බව පොලීසිය පවසයි.
සිද්ධියට මුහුණ දුන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් තම අත්දැකීම විස්තර කළේ මෙලෙසිනි:
“මගේ ගම මාතර අපේ බැජ් එකේ අය හන්තානෙ යන්න තීරණය කළාට පස්සේ මම ඒ
ගැන අපේ අම්මලාට කීවා එතකොට තාත්තා කිව්වේ මේ දවස්වල කඳුකර පැත්තට
තදින් වහිනවා කඳු නාය යනවා ඒ නිසා ඒ ගමන අවදානම් කියලා. ඒත් අපේ කට්ටිය
ඔක්කොම යන නිසා මට යන්න වුණා. අපි රාගම වෛද්‍ය පීඨයේ ඉදලා පේරාදෙණිය
යුනිවසිටි එකට උදේ ආවා. ගමන පිටත් වෙලා මහකන්ද කියන පැත්තෙන් අපි
හන්තානේ නඟින්න පටන් ගත්තා.
“අපට පාර පෙන්නන්න පේරාදෙණිය කැම්පස් එකේ දෙන්නෙක් හිටියා. අපි
කන්ද උඩට ආවේ බොහොම අමාරුවෙන් වැස්ස නිසා පාරවල් ඔක්කොම හේදිලා ගිහින්.
විශාල වළවල් හෑරිලා. පාර හරියට ලිස්සනවා. අපි කන්දෙ යන කොට හවස පහට
පහමාරට විතර තේරුණා අපි අතරමං වෙලා කියලා.
ඒ වෙලාව වෙන කොට පළාතම අඳුරු වෙලා මීදුම නිසා හරියට මොනවත්
පේන්නේ වත් නෑ. අපි හොඳටම බය වුණා අපි පැය ගානක් කන්දේ එහෙ මෙහෙ ගියා කිසි
දෙයක් හිතා ගන්න බැරිව ඉන්නකොට පාන්දර දෙකට විතර අපි හොයාගෙන ආව
පොලිසියේ හා හමුදාවේ අයගේ කෑගැසීම් ඇහුණා.
ඒ අය අපට හයියෙන් කථා කරමින් අපි හෙව්වා. පස්සේ ඒ අයත් එක්ක අපි
කන්දෙන් පහලට එනකොට පාන්දර හතරට විතර ඇති.මේ ගමන නම් මට ජීවිතේට අමතක
වෙන්නෑ ඒත් එක වෙලාවකට හිතෙනවා ඒකත් හොඳ අත්දැකීමක් කියලා.”
ෆාතිමා කලිසා විශ්වවිද්‍යාල සිසුවියක්:
“අපේ බැජ් එකේ ගෑනු ළමයි තමයි වැඩි පිරිමි ළමයි හිටියේ හැටයි, ගෑනු
ළමයි එකසිය විසි එකක්. අපි හරි අමාරුවෙන් කන්ද උඩට නැග්ගේ වැස්ස මීදුම
සීතල එක්ක කැලේ භයංකාර කම අපට දැනුණා කවුරුත් කිවුවේ රෑ වෙන්න කලින්
පහලට යමු කියලා හවස 5 වෙනකොට පලාතම කරුවල වෙලා ඉවරයි. අපි යන පාරවල්
හොයාගන්න බෑ. කැලේ කූඩැල්ලෝ පිරිලා. උන් අපේ ඇඟ හැම තැනම යනවා. ගොඩක් ළමයි
ඒ සතුන්ට බයේ කෑගහනවා. ඔක්කොම බය වෙලා හිටියත් එක එක්කෙනාට කිව්වේ
කවුරුවත් කලබල වෙන්න එපා, බයවෙන්න එපා කියලා. ඒත් අපි ඔක්කොම බයේ තමයි
හිටියෙ. නොදන්න පළාතක ඇවිත් අපට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරුව ඉන්න
කොට පාන්දර එකට විතර හමුදා කට්ටියක් අපි හිටපු තැනට ආවා අපි ඒ අයත් එක්ක
කන්ද පහළට එනකොට පාන්දර තුන හමාර විතර වුණා.“
මේ දිනවල පවතින අධික වර්ෂාව සහ ඝන මීදුම් සහිත තත්ත්වය නිසා
අනාරක්ෂිතව හන්තාන කන්ද තරණය කිරීමට යෑමෙන් වළකින ලෙස මහනුවර
පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.(අසේල කුරුළුවංශ, සුරංග දිල්හාන්)
| ශාත්රිය හැදෑරීමක් තුලින් දක්ෂ ලමයි තමයි වෛද්‍ය විද්‍යාලයට තේරෙන්නේ. නමුත් මේ ලමයිගේ common sense නැද්ද කියලා හිතෙන්නේ , 1. මේ දවස් වල හවසට බෝහෝ පලාත් වලට වහිනවා නුවර දිගටම වැස්සා 2. හවස 5 බහින්න පටන් ගන්නකොට හිතුන්නැද්ද කලුවර වුනොත් යන්නේ කොහොමද කියලා 3. ලමයි 160 කට ගයිඩ්ලා 2 4. කොහේ හරි ගියාම නැවත ගෙදර යන්න ඔනේ කියලා හිතන්නේ නැතිව ඔහේ චාටර් වෙවි ඉන්න සෙට් කලමනාකරනය කරගන්න වැඩ පිලිවෙලක් 5. එම පරිසර තත්වයට ගැලපෙන සුදානම් වීමක්. නමුත් මේ ලමයි 160 හොද පාඩමක් ජිවිතයට ඉගෙන ගත්තා කියලා සතුටු විය යුතුයි. | 58 | POSITIVE |
ncpp_train_38724 |
ඊයේ කොලොන්නාවේදී
තෙල් වර්ජකයින් පාර අවහිර කර සිටි අවස්තාවේ
කුපිතවූ පිරිස් පහරදීමක් ගැන වාර්තා විය. එම අවස්තාවේ ගැහුවෙ මරික්කාර්ගේ මැරයො බවට ඇතැම් දේශපලකයින් චෝදනා එල්ල කර ඇත.
මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත හෙළි කරන වීඩියෝවක් ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මගින් නිකුත් කර තිබේ.
එහි සටහන් වන්නේ කොලොන්නාව ප්‍රදේශයේ ගම්මුන් පිරිසක් මෙම පහරදීම් කරන්නට පෙර පොලිසියෙන්ද අවසර ඉල්ලා ඇති සෙයකි. වර්ජනයට බාධා කරමින් රජය හමුදාව එවූ අවස්ථාවේ සටන අත් නොහළ වර්ජකයින් දුම්රිය මග අවුරා සිටීමත් පාරේ රාජකාරියට එන සේවකයින්ට අවහිර කර කුනුහරුපයෙන් බැණ වැදීමත් සිදු කළ අතර ඔවුන් නිසා ඇතිවූ මාර්ග තදබදයෙන් පසුව මෙම මැර කන්ඩායම ක්‍රියාත්මකවූ බව පැවසේ.
අදාළ වීඩියෝව පහතින්
| මරාගේ කාලකන්නින්ට සැලකුව මදි.දෙන්න තිබුනේ රබටි පොල් හැලෙන්න. | 85 | POSITIVE |
ncpp_train_38725 |
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් පිරවුම්හල් 500 ත් 700 ත් අතර ගණනක් විදේශීය තෙල් සමාගම් වලට බාර දීමට නියමිතව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ඉදිරි මාස හතර සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරිමට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් කෝටි 200 කට වඩා වැඩි මුදල සොයා ගැනීමට අපහසු බැවින් මෙම පියවර ගැනීමට තීරණය කර ඇතැයි පැවසෙයි. මේ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, අමෙරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැල්සියාව, නෝවේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24 ක් ව්‍යාපෘති යෝජනා 27 ක් ඉදිරිපත් කර ඇති බවත් එහි සමාගම් 24 ට චීනයේ සිනොපෙක් සමාගම සහ බ්‍රිතාන්‍යයේ ෂෙල් සමාගමද ඇතුළත් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. අමාත්‍යාංශය අවසන් තීරණයක් ගැනීමට පෙර හොදම යෝජනා ඉදිරිපත් කර ඇති සමාගම් කිහිපය තෝරාගනිමින් ලැයිස්තුව කෙටි කර ගැනීමට බලාපොරොත්තු වන බවත් එම ලැයිස්තුවෙන් සමාගම් හතරක් පමණ තෝරාගෙන ඉන්ධන පිරවුම්හල් බාර දීමට තීරණය කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සැලසුම් කර ඇති ආකාරයට තෝරාගන්නා සමාගම්වලට ඉන්ධන ආනයනය කර සකසා ගැනීමට සිදුවන අතර සේවා ගාස්තුවකට යටත්ව බණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවතින ඉන්ධන පිරවුම්හල් 1200 න් පිරවුම්හල් 500 ත් 700 ත් අතර ප්‍රමාණයක් මෙසේ විදේශීය සමාගම්වලට බාර දීමට නියමිතව ඇත. ලබන මාසයේ දී මෙරට ඩීසල්, පෙට්‍රල් සහ බොරතෙල් අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් කෝටි 20 ක මුදලක් නිදහස් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය භාණ්ඩාගාරයෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලීමක් කර ඇති තර ඉන් පසුව මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඉදිරි මාසය සඳහා මෙට්‍රික් ටොන් 37 300 බැගින් වූ ඩීසල් නෞකා තුනක් සහ මෙට්‍රික් ටොන් 35 300 බැගින් වූ ඔක්ටේන් 92 පෙට්‍රල් නෞකා දෙකක් ඇණවුම් කර ඇතැයි බනිජ තෙල් නීතිගත සංස්ථාව තහවුරු කර ඇත.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව ඉදිරි මාස 4 ක කාලය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් කෝටි 200 කට වඩා වැඩි මුදලක් අවශ්‍යව තිබේ. සැප්තැම්බර් මාසය සඳහා පමණක් තහවුරු කළ ඉන්ධන නෞකා සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් විසිහතර කෝටි හැට ලක්ෂයක මුදලක් අවශ්‍යව ඇති අතර ඇණවුම් කිරීමට බලාපොරොත්තු වන ඉන්ධන නෞකා සඳහා ඇමෙරිකානු ඩොලර් තිස්තුන් කෝටි තිස් ලක්ෂයක මුදලක් අවශ්‍යව ඇතැයි පැවසෙයි.එසේම ඔක්තෝබර් සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා පිළිවෙලින් ඔක්තෝබර් මාසය සඳහා ඇමෙරිකානු ඩොලර් පනස් තුන් කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක්, නොවැම්බර් මාසය සඳහා ඇමෙරිකානු ඩොලර් හතළිස් හය කෝටි අසූ ලක්ෂයක මුදලක් , දෙසැම්බර් මාසය සඳහා ඇමෙරිකානු ඩොලර් හතළිස් හත්කෝටි දස ලක්ෂයක මුදලක් ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය වේ.දමිත් වික්‍රමසේකර - සන්ඩේ ටයිම්ස්
| උබ බගේ බයියොන්ට තේරෙන්න ටිකක් වෙලා යනවා තමා කෙලවෙනකම්ම තේරෙන්නේ නෑ.. වෙන රටවල් ලංකාවේ ආයෝජනය කරන්නේ කහනවට නෙවෙයි.. :D ලාභය ගෙදර ගෙනියන්න | -4 | NEGATIVE |
ncpp_train_38726 |
ඊයේ 29 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කර තිබේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 05 ක
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 25 කින් අඩු වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සඳහන් කළේය.
රුපියල් 138 කින් අඩුවන කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 615 ක් සහ කිලෝග්‍රෑම් 2 යි දශම 3 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 283ක් වේ.
ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකම අලෙවි කරන ගෑස් සිලින්ඩර මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස සංශෝධනය වන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පැවසීය.
| අනේ මවංලා දේශපාලනය පැත්තකින් තියලා හොද දේට හොදයි කියපල්ලකො වහල්ලු නොවී | 9 | POSITIVE |
ncpp_train_38727 |
වදක තනතුරට සුදුසුකම් ලැබූ පිරිස් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ යළි කල් දමා තිබෙනවා.
මෙම සම්මුඛ පරීක්ෂණ
පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් 21 සහ 22 යන දෙදින තුළයි.
එහෙත්, එය අද (27) සහ හෙට (28) දෙදින දක්වා කල් දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කළා.
කෙසේවෙතත් එම සම්මුඛ පරීක්ෂණ නැවත වතාවක් කල් දමා ඇත්තේ අදාළ අපේක්ෂකයන්ට සම්මුඛ පරීක්ෂණ සඳහා නියමිත දිනට ලිපි යොමු කිරීමට බන්ධනාගාර නිලධාරීන් අපොහොසත්වීම හේතුවෙන් බවයි වාර්තා වුණේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබා ඇති පුද්ගලයන් ගණන 79 ක්. අමෙරිකානු ජාතිකයෙකු ඇතුළු 102 දෙනෙකු ඒ සඳහා අයැදුම්පත් යොමු කර තිබුණා. එම පිරිසෙන් 23 දෙනෙකු සම්මුඛ පරීක්ෂණවලින් ඉවත් කෙරුණේ අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන්. වදක තනතුර සඳහා අයැදුම්කරුවන් අතරින් දෙදෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.
| මේ 79 ටම ඔය රස්සාව දුන්නනම් මොකද වෙන්නෙ? | 12 | POSITIVE |
ncpp_train_38728 |
කොළඹ-හැව්ලොක්ටවුන් හි පිහිටි එළිසබෙත් ටවර් නිවාස සංකීරණයේ හයවැනි මහලේ නිවෙසකට හොර රහසේ ඇතුළු වී එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ 59ක් පමණ වටිනා උපකරණ තොගයක් කිසියම් පුද්ගලයකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
නිවාස සංකීර්ණයේ පිටතින් සවිකර තිඛෙන මළ අපද්‍රව්‍ය පිටකිරීමට ඇති නළයක් දිගේ බඩගාගෙන ගොස් හයවැනි මහලට ඇතුළු වී තිබෙන බව පරීක්ෂණවලින් පෙනී යන්නේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියක් ලංකාදීපයට පැවසීය. නළය දිගේ බඩගාගෙන ගොස් හයවැනි මහලට ගොඩවී ඇති සොරා එම
මහලේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසට ඇතුළු වී ඇත්තේ එහි ජනේලයක්ද කඩා බව පොලිසිය කියයි.
නිවසේ අල්මාරි තුනක් කඩා ඒවායේ බහා තිබූ ස්වර්ණාභරණ තොගයක් මෙසේ සොරාගෙන ගොස් ඇති බවට එම කෝටිපති ව්‍යාපාරිකයා වැල්ලවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ගොස් පැමිණිලි කර ඇත.
සොරකම සිදුවන අවස්ථාවේ කිසිවකු නිවසේ නොසිටි බවත් ලක්ෂ 59ක් පමණ වටිනා මෙම ස්වර්ණාභරණ සිය බිරිඳ සහ දියණියට අයත් ඒවා බවට කෝටිපති ව්‍යාපාරිකයා පැවසී යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිය කීය.
කෝටිපති ව්‍යාපාරිකයා සහ පවුලේ අය නිවෙසට පැමිණි අවස්ථාවේ අල්මාරි තුනක් කඩා තිබෙන බව දැක ගැනීමට හැකි ඒවා පරීක්ෂා කර බැලීමේදී ඒවායේ බහා තිබූ ස්වර්ණාභරණ නොමැති බව දැකගැනීමට ලැබී ඇතැයි පොලිසිය පවසයි.
| කෝටි පතියා ණය වෙලා ඇති හොද plan එක අපේ පොලිසිය සතියෙන් ඕක අල්ලයි.නමුත් දවස් දෙකෙන් අධිකරනයෙන් ඇප බඩු එලියට | 3 | POSITIVE |
ncpp_train_38729 |
රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍ය නිවසේදී සිරස මාධ්‍යවේදියා සමග කලබලයක්
හිරු කැමරාවත් තල්ලූ කර දමයි(video)
ඊයේ සවස කෝට්ටේ මාදිවෙලදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් කැඳවා තිබුණ ප්රවෘත්ති සාකච්ඡාවක් අවසානයේදී ඔහු සමග වාදයක පැටලූණු මාධ්‍යවේදියෙකු දිගින් දිගටම වාද කරන්නටවූ සිදුවීමක් නිසා ඔහුට කෝපය මතුවී කැමරාවක් තල්ලූ කර බැණවැදීමේ සිද්ධියක් ඇතිවුණා.
මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුනේ ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධ පැහැදිලි කිරීම් කිහිපයක් සිදු කරන්නටය. එම අවස්ථාවේ සාකච්ඡාව අතරතුර
මාධ්‍යවේදියෙකු ලසන්තගේ ඝාතනය හා හිටපු ජනපති අතර සම්බන්ධයක් ඔප්පු කරන්නට බැරි බව කියමින් රන්ජන් සමග වාද කරන්නට වුණා. කරුණු එසේ පළවෙද්දී නි.ඇමති රන්ජන් ඒ ගැන තවදුරටත් වාද කිරීම පළක් නැතැයි කියා
‘ජර්නලස්ට්ලා හැටියට ඔබතුමන්ටයි ජර්නලිස්ට් කෙනෙකුගෙ ඝාතනය ගැන ඇත්ත දැනගන්න ඕනකම තියෙන්න ඕන’ කියා සාකච්ඡාව කෝපයෙන් හමාර කළ අතර ඉන්පසුව මයික්‍රෆෝන වලින් ඉවත්වූ පසුවත් ඔහු සමග සිරස නාලිකාව නියෝජනය කරන මාධ්‍යවේදියා දිගටම වාද කළා.
දිවයින හා ලංකාදීප පුවත්පත් මාධ්‍යවේදීන්ට පසුගිය රජය සෘජුවම පුද්ගලික උදව් කළ හැටි රන්ජන් මතක් කරන ලද අතර ටිකකට පසුව කතාව අතහැර පඩිපෙළක නැගී ඉහළට යන්නට රන්ජන් නි.ඇමතිවරයා උත්සාහ කර තිබුණ වෙලාවේත් නැවත නැවත වාද කරමින් සිරස මාධ්‍යවේදියා රන්ජන් හා පුද්ගලිකව වාදයකට පිවිසුණා. එම අවස්ථාවේදී ඔහුට උත්තර දෙන්නට යද්දී කිසියම් කේන්ති ස්වරූපයකට පත් රන්ජන් මේ සියල්ල වීඩියෝ කරමින් සිටි හිරු කැමරා ශිල්පියාගේ කැමරාවද තල්ලූ කර දමා මාධ්‍යවේදියා අසළට පැමිණ තමා ගැන පුළුවන්නම් වරදක් පෙන්වන ලෙස සැරෙන් මෙන් කියා සිටි අතර එයින් පසුව මාධ්‍යවේදියා නිහඬ වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මාධ්‍යවේදියා සම්බන්ධ ආයතනය පරීක්ෂණයක් අරඹා තිබෙන බවද වාර්තාවේ.
මෙම සිද්ධියට අදාළ ඬේලි මිරර් වීඩියෝව පහතින්
| මේ සම්පුර්ණ video එකම රඟපෑමක් බව තේරුනේ මට විතරද? | 19 | POSITIVE |
ncpp_train_38730 |
අබිරහස් ලෙස කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමියෙකු මරා දමා එම සිරුරු ඉරා එම කොටස් රසායනික තුළ ගිල්වා නිවසක සඟවා සිටි බව කියන අමුතු ආකාරයේ ජපන් ජාතිකයෙකු අද පොලිසියට කොටුවී ඇති බව
විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
27 හැවිරිදි තකහිරෝ ෂරයිසි නමැති මෙම පුද්ගලයා හසුව ඇත්තේ එලෙස අබිරහස් ලෙස අතුරුදන්ව සිටි කාන්තාවක පිළිබඳ ටෝකියෝ පොලිසිය කළ සොයා බැලීමකදීය.
මහල් නිවාසයක වාසය කළ ඔහු නිවසේ තිබුණ ශීතකරණ තුළ රසායනිකවල ගිල්වූ කිහිප දෙනෙකුගේම සිරුරු කොටස් හමුවූ බවත්
පසුව කළ ප්‍රශ්න කිරීමේදී 9 දෙනෙකුගේ ඝාතන වලින් පසු එම සිරුරු තමා තැන්පත්කරගෙන සිටි බව ඔහු පිළිගත් බවත් එන්එච්කේ නාලිකාව වාර්තා කරයි.
තමාට එම සිරුරු සඟවන්නට උවමනා වූයේ ඒ අය මරා දමන ලද සාක්ෂි වසන් කිරීමේ අටියෙන් බවත් ඔහු පවසා ඇත.
| මිස්ට බටලන්ද ගෙන් ඇහුවොත් කියයි.... | 61 | POSITIVE |
ncpp_train_38731 |
ණය ලබා ගැනීම රයකට අපරාධයක් නොවන බවත් තම පක්ෂයට ඒ සදහා වැඩපිළිවෙළක් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා පැවසීය.ජාතික ජන බලවේගය විසින් සංවිධාණය කළ "ජහ සභාව" රැස්වීම් මාලාවේ. මාතර දිස්ත්‍රික් ජන හමුව සඳහා පෙරේදා (28) මාතර රවින්ද්‍රනාත් ශාලාවේ පැවති අවස්ථාවේදි හෙතෙම මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද පැවසීය, "ණය කියන්නේ අපරාධයක්
නෙමෙයි. ඒක, අපට අවශ්‍යය නම් ප්රාග්ධනය නැති වුනාම ප්රාග්ධනය සපයා ගැනීම
සඳහා ණය ගන්නවා, දෙක, අපට ණය ගැනීමේ තාක්ෂණය නැති වුණාම තාක්ෂණය ලබා ගැනීමට ණය ලබාගන්නවා. ලෝකේ රාජ්‍යයන් එහෙමයි. එවැනි ණයක් අපට බර වෙන්න හේතුව තමයි අපි ගන්න ණය වලින් ඇත්ත වත්කම් හෙළි නොවීමයි . දැන් මේ පාලකයෝ ත්රිලියන 11ක් ණයකරුවෝ බවට පත්ව තියෙනවා.විගණකාධිකාරීවරයා කියනවා ත්රිලියන 11ක් ණය ගත්තට වත්කම් තියන්නේ 1.8ක් කියලා. එතකොට 9.2ක් අතුරුදහන්. එකෙන් තමයි ණය අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ.ණය වලින් ඇත්ත වත්කම් හැදුන් නැහැ. ඒ නිසා මේ ණය බරක් වෙලා තියෙන්නේ අන් කවර කරුණක් නිසා නෙමෙයි ණය වලින් අපි ඇත්ත වත්කම් හැදුවේ නැති නිසා, ණය වලින් අවශ්‍යය වතම් නිර්මාණය කළේ නැති නිසා. මේ ළඟදී අපි දෑක්කා ජනාධිපතිතුමාම කියනවා නෙලුම් කුළුනට දීපු කෝටි 200ත් දීපු තැනක්වත් නෑ කියලා. ඒ වගේම අපේ හඳුන්නෙත්ති සහෝදරයා පෙන්නුවා සුරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීම් වියදම් බිලියන 5යි හැබැයි එය තක්සේරු කලාම වටිනාකම බිලියන දශම9 යි. ඒ කියන්නේ කෝටී 500ක ඉදිකිරීමක් කරාම ඒක තක්සේරු කරාට පස්සේ තියෙන්නේ කෝටි 90යි කෝටි
410ක් අතුරුදන්වෙලා
තීයන්නේ. මේ අර්බුදය පත්තු වුනේ එතැනින්. එහෙනමි මේ අර්බුදයට අපේ තියෙන විසඳුම තමයි ණය නැවත අපි සමීකරණයට ලක් කරන්න ඕන ඒ අය එක්ක සාකච්ඡා කරලා. දෙක නැවත අපි ණය ගන්න අත්‍යවශ්‍ය තැන් දෙකක් තියෙනවා යොදවන, එක නිෂ්පාදනය කිරීම් වලට අපේ රටේ විශාල කර්මාන්ත පද්ධතියකට ණය ගන්න ඕන, ජාතික නිෂ්පාදනය වැඩී කිරීමේ සැලැස්මක් අපට තියනවා ජාතික නිෂ්පාදනය වැඩි කිරීමෙන් තමයි ආදායම වැඩිකරන්න පුළුවන්කම තියෙන්නේ. මෙම අවස්ථාව සඳහා යන්නේ මහා සංඝරත්නය, සුනිල් හදුනෙත්ති, සරෝජා පොල්රාජ් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.
-මහේෂ් මලවර ආරච්චි-
| අපි හැමෝම චන්දෙන් පස්සෙ රටින් යනවා..... | 18 | POSITIVE |
ncpp_train_38732 |
අවාසනාවන්ත කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරුවීමෙන් ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකාගේ පියා වන උපාලි ෆොන්සේකා මහතා එංගලන්තයේදී අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තාවේ.
ප්‍රවීණ සිනමා නිළි මාලනි ෆොන්සේකා මහත්මියගේ බාල සොහොයුරා වන
උපාලි ෆොන්සේකා මහතා දිගු කලෙක සිට එංගලන්තයේ පදිංචිව සිටි අතර වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකු විය.
| මට පොඩ්ඩක් දැන ගන්න ඒ ගණන් කියනවද, ඔක්කොම මරුන අය කීයද, කල්ලෝ කීයෝද, දකුණු ආසියාතිකයන් කීයද කියල, හරියටම ගාන නැතත් කමක් නෑ, දල වශයෙන් හරි කියන්නකෝ. | 39 | POSITIVE |
ncpp_train_38733 |
ජනපති වෙබ් අඩවිය හැක් කරද්දී
ලෝකල් අයීපී එකක් අතපසුවීමෙන්හර්ෂණ හා ජනිත් කොටුවුණ හැටි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය වෙත අනවසරයෙන් ප්‍රවිෂ්ට වී තොරතුරු ඇතුළත් කළ සිද්ධියට අදාළව තරුණයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මීට අදාළ තොරතුරු රැසක් අනාවරණයවී තිබේ.
අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි හර්ෂණ ශ්‍රීමාල්
නමැත්තෙකි. ඔහු මින් ඉහත මෙවැනි වෙබ් අඩවි 7 කට අනවසර ප්රවිශ්ටයන් සිදු කළ බව පවසා ඇත.
ඔහුට මේ සඳහා තාක්ෂණික උපදෙස් සැපයූ බවට හඳුනාගෙන අත්අඩංගුවට පත් දෙවන සැකකරු ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකි. ඔහු කටුබැද්ද, මොරටුව පදිංචි කරුණානායකගේ ජනිත් මධුසංඛ නමැති 27 හැවිරිදි තරුණයෙකි.
අ.පො.ස. උසස් පෙළ විභාගය අපේ‍්‍රල් මාසයේ නොපවත්වන ලෙසත්, විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන ලෙසත්, ජාලගත පරිගණක ප්‍රහාරයක් එල්ල විය හැකි බැවින් එයින් ආරක්ෂා වන්නට නොහැකි නම් ජනාධිපතිතුමාට ඉල්ලා අස්වන ලෙසටත් තර්ජනාත්මක නිවේදනයක් ඇතුළත් කර ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදීම හැක් කිරීම 2007 අංක 14 දරන පරිගණක අපරාධ පනතේ වගන්ති 3, 4, 5, 6, 7, 8 සහ 9 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුව
පාසල් සිසුවා මාකොළ රැඳවුම් නිවාසයේත්, 27 හැවිරිදි තරුණයා රිමාන්ඞ් භාරයේ තැබීමටත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළා.
මෙම සැකකරුවන් දෙදෙනා විදෙස් සැකකරුවකුගේද සහාය ඇතිව මේ අපරාධය
සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වන බව රහස් පොලිසිය බී වාර්තාවක් මගින් දන්වා ඇත.
මෙම හැකර් ප්‍රහාරයට අදාළ අයිපී අංක කිහිපයක් විදේශයන් හි සිට භාවිතා කර ඇති අතර වැරදීමකින් එක් අංකයක් මෙරටදී භාවිතා කර තිබූ නිසා ඒ ඔස්සේ කළ විමර්ශනවලින් මොවුන්ව අල්ලාගෙන ඇත.
ලංකාව තුළ වෙබ් අඩවි 37කට අධික ප්‍රමාණයකට අනවසර ප්රවිෂ්ටයක් ලබාගෙන දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් මොවුන් පවත්වා යන ඇරෝ එල් කේ නමැති ෆෙස්බුක් කණ්ඩායම් ගිණුම හඳුනාගත් බව පොලිසිය දන්වා සිටී.
එම ගිණුම මෙන්ම යකඩයා ෆොර්ම් නමැති වෙබ් අඩවි ෆෝරමය ඔස්සේ හැක් කිරීමට අදාළ තොරතුරු හුවමාරු කරගැනිමට මොවුන් කටයුතු කර ඇත.
එමෙන්ම, මෙම කණ්ඩායම රතු උකුස්සා, සුමේධ ජනවිජය, කොයාහැකර් නමින් තවත් ෆෙස්බුක් දත්ත පිටු හා වෙබ්අඩවි කිහිපයක් පවත්වාගෙන යමින් අන්තර්ජාලයේ වෙබ් අඩවි වෙත අනවසර ප්‍රවිෂ්ට ලබා ගැනීම ගැන සාකච්ඡා පවත්වමින් සිට ඇත.
මෙම සිද්ධියේ සැකකරුවකු වන පාසල් සිසුවා මේ අකාරයෙන් තවත් වෙබ් අඩවි 7කට ඇතුළුවී කරුණු විකෘති කිරීම් වල යෙදී ඇත. පාසලේ උසස් පෙළ හදාරණ අතරවාරයේ හර්ෂණ ග්‍රැෆික්ස් යනුවෙන් ව්‍යාපාරයකටද අතගසා සිටින ඔහු අන්තර්ජාලය ඔස්සේ එය පවත්වා යමින් විවිධ ස්ක්රිප්ට්ස් වැඩ හා ග්‍රැෆික් වැඩ සිදු කරමින් මුදල් ඉපැයීමේ කටයුතු වලද යෙදී ඇත. මෙම තරුණයන් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන ඇත්තේද අන්තර්ජාල ෆොරමයකින් වන අතර පසුව එකිනෙකා දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කර ජනපතිගේ වෙබ් අඩවිය හැක් කිරීමේ කාර්යය උපායශීලීව සිදු කරන ආකාරය කථිකා කරගෙන එය සිදු කර ඇත. එක් අයීපී ලිපිනයක් අතපසුවීම නිසා ඔවුන් පොලිසියට හසුවූයේ පැය 48 ක් යන්නට ප්රථමයෙනි.
| හැමොම හැකර්ලා ගැනම කතා කරන්නෙ පොඩ්ඩක් අපෙ පොලිසියෙ දක්ශතාවය අගය පල්ල්කො පැය48. කට්ටිය ඇල්ලුවට | 36 | POSITIVE |
ncpp_train_38734 |
ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම,
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමිනි.
යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්දනය පිණිස ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමු කළ යුතුය.
ජන ජීවිතය අපහසුවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බව දැනුම් දෙනු ලැබේ.
| ඒයි කොරෝනා කාලේ රටක් කරන්ඩ ඕනේ හැටි Online විවේචනය කරලා අපිත් ගෙවල් වල ඉදලම වෛද්‍ය, ආරක්ෂක, හෙද, ආර්ථික විශේෂඥඥයෝ වෙල නේද? Online වලින් අපිත් දෙන ඇඩවයිස් ටික අහල වෙන රටක් වත් මේ කොරෝනා වලින් ගොඩ යනවා නම්.... | 8 | POSITIVE |
ncpp_train_38735 |
ද්විත්ව ප්‍රේමය කඩා දැම්මාට උරණවී කොට්ටාවේ තරුණිය ඝාතනය කළ පෙම්වතා
කලින් දා රෑ නිවසට ඇවිත් බැල්කනියෙ සැඟවිලාCCTV දර්ශන මගින් හෙළිවේ
පෙරේදා කොට්ටාවේ නිවසකදී ඝාතනයට ලක්වූ තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණ අනුව මේ වනවිට වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගන්නට පොලිසිය සමත්ව තිබේ.
තරින්දිගේ මව්පියන් තොග වෙළෙඳාම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයින් වන අතර එම වෙළෙඳ ස්ථානය පිහිටා තිබෙන්නේ කොට්ටාව හොරණ පාරේ ඔවුන්ගේ තෙමහල් නිවසට යාබද ගොඩනැගිල්ලේමය. තරින්දි රූපලාවන්‍ය පාඨමාලාවක් සඳහා විදෙස්ගතවීමේ සූදානමින්
පසුගිය දිනවල පසුවූ බවත් ඇගේ නැගණිය තවමත් පාසල් යන වයසේ සිටි බවත් කියැවුණි.
තරින්දිගේ දෙමාපියන්ද දැනුවත්ව විවාහ යෝජනාවක් ගෙන ආ තරුණයෙකු එම නිවසට මීට වසර දෙකක පමණ කාලයක සිට ආගිය බව කියැවේ. මාතර හක්මන ප්‍රදේශයේ වාසය කළ ඔහුද ව්‍යාපාරිකයෙකි.
වන්දනා ගමන් සංවිධානය කරන ව්‍යාපාරයක් ඔහු පවත්වාගෙන ගිය බව පැවසිණි.
මෙම පෙම්වතා ගැන තරින්දිට මුල් කාලයේ පැහැදීමක් තිබුණ නමුත් ඔහුගේ නොමනා ක්‍රියාකාරකම් කිහිපයක් අතට හසුවීම නිසා තරින්දි ඔහුට අකමැතිව සිටි බව කියැවේ. ඔහු මැය සමග විවාහ වන්නට අපේක්ෂාවෙන් නිවසට ආවත් ඔහුට තවත් පෙම්වතියක සිටින බව ඇයට දැනගන්නට ලැබීමෙන් පසු ප්‍රශ්න ඇතිව තිබේ.
මින් මාස කිහිපයක සිට එම ප්‍රශ්න මතුව තිබුණ අතර ඔහුගේ ගමන් බිමන් ගැන සෝදිසියෙන් සිට ඇය සොයාගත් තොරතුරු ඔස්සේ මේ කියන බාහිර පෙම්වතියගේ දුරකථන අංක සොයාගන්නට ඇය සමත්ව තිබේ.
මෙම ඝාතන සිද්ධියට ආසන්නම සිදුවීම වන්නේ තරින්දි ඒ කියන කාන්තාවට කථාකොට මාතර පෙම්වතාගේ ‘ද්විත්ව ප්‍රේමය‘ ගැන තොරතුරු ඇයට හෙළිදරව් කර සිටීමයි. ඒ වනතුරු ඒ ගැන කිසිවක් දැන නොසිටි එකී කාන්තාව එය අසා පුදුමවී ඇති අතර ඔහුව අත්හැර දමන බවද පවසා ඇත.
මෙම ක්‍රියාව නිසා පෙම්වතා කෝපයට පත්වූ බවත් තරින්දිට තර්ජනය කරන ලද බවත් වාර්තාවෙයි. තමාට තැන් දෙකම නැතිවීම ගැන ඔහු අවේශයෙන් සිටි බව කියැවේ.
පෙම්වතා සමග ප්‍රශ්න පැනනැගුණ බව තරින්දිගේ මාපියන් හා නැගණියද හොඳින් දැන සිටි අතර මේ නිසා පසුගිය කාලයේ පෙම්වතාට එම නිවසට එන්නට දොරටු විවරවී තිබීද නැත. මේ නිසා තරින්දිගෙන් පලිගන්නට උවමනා වුවත් ඔහුට ක්‍රමයක් තිබී නැත.
පසුගිය 22 වනදා උදේ තරින්දිගේ නැගණිය පාසලටත් මව්පියන් අසළ රැකියා ස්ථානයවූ වෙළෙඳ සැලටත් ගොස් තිබුණ අතර දහවල් නිවසේ තරින්දි සිට ඇත්තේ තනිවමය.
ඇය ඝාතනයවූ බව මුල්වරට දකින්නේ පාසල් ඇරී නිවසට ආ නැගණියයි. හවස 2.20 ට පමණ නිවසට ආ නැගණිය තරින්දිව සොයා ඇති අතර ඇය පෙනෙන්නට නොසිටි නිසා දෙවන මහලේ පිහිටා තිබුණ තරින්දිගේ කාමරයට ගොස් බලා ඇත. එහිදී ඇය පුදුමයට පත් කරමින් ලේවිලක් මැද ඇඳේ වැතිර සිටි තරින්දිව දැකගන්නට ලැබී තිබේ.
පසුව ඇය මේ ගැන දෙමාපියන්ට පවසා දෙමාපියන් මේ ගැන පොලිසියට කරන ලද දැනුම්දීමකට
අනුව පොලිසිය එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
ඇඳ මතදී තරින්දිගේ ගෙල සහ පිට ප්‍රදේශයට 20 කට අධික මාරාන්තික පිහි ප්‍රහාර රැසක් එල්ලවී තිබුණ අතර ස්වාසනාලයට රුධිරය වහනය වී හුස්ම හිරවීමෙන් මරණය සිදුව ඇති බව ඊයේ (23) පස්වරුවේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. ඇය දූෂණයට ලක්වීමක් සිදුව නැති බවද කළුබෝවිල මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි පී. බී. දසනායක මහතාගේ වාර්තාවේ දැක්වේ.
සම්පූර්ණ බාහිර සීසීටීවී ආවරණයක් සහිතව තිබුන මෙම නිවසේ සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරන ලද අතර එහිදී අනාවරණය වූයේ ඝාතනය සිදුකළ බව කියන පෙම්වතා දහවල් 10.30 ට පමණ නිවසින් පිටව යන දර්ශන එහි පටිගතවී ඇති අයුරුය.
කෙසේ වෙතත් ආපස්සට යවා බලද්දී පෙම්වතා පැමිණෙන දර්ශන සොයාගන්නට එක්වරම බැරිව ගොස් තිබේ. පොලිසිය ඒ අනුව සීසීටීවී කැමරා සියල්ල පරීක්ෂා කර තිබෙන අතර පෙම්වතා තාප්පයකින් පැන නිවසට ඇතුළුවන්නේ සිදුවීමට පෙරදින(21) රාත්‍රියේ බවත් ඔහු නගින්නේ 3 වන තට්ටුවට බවත් සොයාගන්නට හැකිව තිබේ.
ඒ අනුව තුන්වන තට්ටුවේ බැල්කනියක ඔහු පසුදා වනතුරු සැඟවී සිට නිවසේ පිරිස පිටව ගොස් තරින්දි තනිවෙන වේලාව තෙක් බලාසිට ඔහු නිවසට ඇතුළුවී මෙම ඝාතනය සිදු කරන්නට ඇතිය යන සැකය මතුව තිබේ. ඝාතනයෙන් අනතුරුව ඔහු නිවසින් පිටව ගොස් ඇත්තේ ප්‍රධාන දොරටුවෙනි.
මාතර ප්‍රදේශයේ පදිංචි එම තරුණයා මේ වනවිට නිවසින් පළාගොස් සැඟව ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කර තිබෙන අතර ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.Update කොට්ටාවේ තරින්දි ඝාතනය කළ පෙම්වතා පොලිසියට භාරවේ - Read Here
| කව්ද එකෙක් කලින් ලිපියට කමෙන්ටුවක් කොටලා තිබුනා මේ ගැහැනු දරුවාගේ දෙමාපියන් මුදල් ඉපැයිම ගැන සදහන් කරලා.ව්‍යාජ දාර්ශනිකත්වය ම්වපු ඒ බුරුවාට උත්තරේ ලැබෙන්න ඇති. තමන්ගේ කුහකත්වය ඉරිසියාව මතුවෙන්නේ හීන් නුලෙන්. විශයදාරාවට ඇතුලත් කරමු කරුනාව දයාව ගැන. හැබැයි දැන් ඉස්කොලෙන් ඉවත් වෙලා ඉන්න මෙ ඝාතනය කරපු අවජාතක බල්ලා වැනි උන් ඉදිරියට වැලැක්විමට අනිවාර්්‍යයෙන් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරමු. | 176 | POSITIVE |
ncpp_train_38736 |
නිරූපිකාවක වන තේජිනි බණ්ඩාර සමාජ මාධ්‍ය තුළ හුවමාරුකරගෙන තිබෙන නවතම ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.
| කවුද හලෝ මේ? | 16 | POSITIVE |
ncpp_train_38737 |
සුළිසුළං මහ වැසි නිසා
බස්නාහිර - දකුණ කැළඹේ
කොළඹ ප්‍රදේශ කිහිපයකට ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් ගොඩනැගිලි කඩා වැටීම් මාර්ග අවහිරවීම් ඇතුළු හානි රැසක් සිදුව ඇත.
තද සුළඟින් ගස් කඩා වැටීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇණහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ නිසා දුම්රිය මගීහු රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මධ්‍යම රාත්‍රී තත්වය අනුව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය තුනක් අතර මඟ නවතා ඇතැයි වාර්තා කර තිබුණි.
ප්‍රදේශ රැසකින්ම විදුලිය ඇනහිටීම් වාර්තා වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය ද අඩාල වී ඇත.
කොළඹ ප්‍රදේශ රැසකද ගස් කඩාවැටීම නිසා
මාර්ග අවහිර වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
බ්‍රහස්පතින්දා දිනයේද තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ගාල්ල මාතර හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලද තද සුළඟක් හමා ගිය බව වාර්තා විය.
පවතින අයහපත් කාලගුණයත් සමඟ සුළගේ වේගය පැයට කිලෝමීටර 70 - 80 අතර වේගයෙන් හමා යා හැකි බවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට නිවේදනය කර තිබුණි.
අයපත් කාළගුණය හේතුවෙන් මත්තල ගුවන් තොටුපලට ගොඩ බැස්වීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩ බස්වා ඇති බවද වාර්තා විය.
ඒ අනුව චෙන්නායි සිට පැමිණි UL 124 ගුවන් යානය සහ බැංගලෝර් සිට පැමිණි UL 172 යන ගුවන් යානා දෙක මෙලෙස කටුනායක ගුවන්තොටුපල වෙත ගොඩ බස්වා ඇති බව මත්තල ගුවන්තොටුපල නිවේදනය කර සිටියි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලට පැයට කිලෝමිටර් 60 ක උපරිම වේගයක් පවත්වාගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා ඇත.
අයහපත් කාළගුණය හා අධික සුළඟත් සමඟ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමටද බාධා එල්ලවී තිබේ.
ඒ අනුව කොළඹ ගාල්ල, මාතර, හම්බන්තොට හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල විදුලි සැපයුමට මෙලෙස බාධා එල්ල වි තිබේ.
මහ වැසි සහ සුළං හේතුවෙන් කොළඹ අවට සිදුවූ අපදා නිසා අද රාත්‍රී 11 වන විට 15 දෙනකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.
ගිලන් රථ කිහිපයක් අපදා ස්ථාන වලට පිටත්ව ගොස් ඇතැයි ද දැනගන්නට තිබේ.
තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ හදිසි අනතුරු අංශය යුහුසුළුව කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.
පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක දෙක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
හල්දුල්මුල්ල, බණ්ඩාරවෙල, ලග්ගල සහ පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
| මත්තලට ගුවන්යානා එනවද ..? මම හිතුවේ එන්නේ වී ලොරි විතරයි කියල ... ආතල් | 36 | POSITIVE |
ncpp_train_38738 |
පසුගියදා කල්මුනේ ඇතිවූ වෙඩි හුවමාරුවේදී මියගියේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු සහරාන්ගේ පියා හා සහේදරයින් ඇතුළු සමීපතමයින් බවට මේ වනවිට කරුණු අනාවරණයවී තිබෙයි.
තුවාල ලබා රෝහලට ඇතුළත් කරන ලද්දේ සහරාන්ගේ බිරිය හා දරුවෙකු බවද පොලිසිය තහවුරු කරගෙන ඇත.
ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු මොහොමඩ් සහරාන්ව අධ්‍යාත්මික වශයෙන් පොළඹවා නායකත්වය ලබාදුන් පූජකවරයාද
පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
සහරාන් පදිංචිව සිටි මඩකළපුවේ
කාත්තන්කුඩි නිවසක හිමිකරුද ඊයේ අත්අඩංගුවට පත්වූ අතර ළඟම හිතවතෙකු අද (28) දින රඹෑව තල්ගස්වැවදි අත් අඩංගුවට ගත් බව මිහින්තලය පොලීසිය කියයි.
ආගමික ප්‍රචාරණය සමාජ සේවය වැනි කටයුතු සිදු කරන බව දක්වමින් ජාතික තවුහිඩ් ජමාත් සංවිධානය මඩකලපුව තුළ ක්‍රියාත්මක වී ඇත්තේ පුජාතන්ත්‍රවාදී මුහුණුවරකිනි. ඔවුන්ගේ කාර්යාල ඉදිරිපිට බැනර් හා පෝස්ටර් පවා සවිකර තිබූ අතර බැලුබැල්මට ප්රජාතන්ත්රවිරෝධී කටයුතු සිදුකරන ආකාරයක් දිස් නොවූ අතර රහස් සංවිධානයක් ලෙස පෙනී සිට නැත.
මේ ආකාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කරන්නට සහරාන්ගේ සංවිධානය පෙළැඹෙන්නේ විදේශ අයිඑස් සංවිධානයේ හස්තයක බලපෑමෙනි.ඔවුන් මෙම සංවිධානය අතකොලුවක් බවට පත්කරගෙන තිබෙන බව මේ අනුව පෙනී යයි.
අයි එස් සංවිධානය සිය සංවිධානය තුළ ක්‍රියාකාරකම් සිදු කරන අයට විශාල වශයෙන් මුදල් ගෙවන අතර මරාගෙන මැරෙන ප්‍රහාර සිදු කරන්නේ ඒ අයට පරම්පරාවකට සරිලන මුදල් ලබාදීමෙන් පසුව බවට වාර්තා සටහන් තිබේ.එසේම ඉස්ලාමික රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදින අයිඑස් සටන් කරුවන් තමන්ගේ ග්‍රහණයට හසුකරගත් අය වෙනුවෙන් දිගටම පෙනී සිටී. ඔවුන් ඔලු සෝදා තම අරමුණ වෙනුවෙන් ඕනෑම කෙනෙකු නම්මවා ගැනීමටද සමතුන්ය.
ප්රහාරයන් දියත් කිරීම සඳහා මොහොමඩ් සහරාන් දිරිමත් කර ඇත්තේ, ඊයේ අත්අඩංගුවට පත්වූ පූජකවරයා බව පොලීසිය පැවසීය. ඉස්ලාම් ආගමික ප්‍රචාරය හා සමාජ සේවය මැයෙන් සංවිධාන ගතවූ අයෙකු වුවත් සහරාන් මුලසිටම හිතුවක්කාර ගති හා අන්තවාදී ලක්ෂණ පෙන්වූ අයකු බව ඔහුගේ සමීපතමයින් පසුගියදිනවල අදහස් පළ කර තිබුණි. බුදු පිළිම කැඩීමේ සිද්ධි වාර්තා වූ කාලයේම පොලිසිය උනන්දුවී මේ අය ගැන සොයා බලාතිබුනේ නම් මෙතරම් විපතක් සිදුකිරීම දක්වා ඔවුන් වර්ධනය වන්නට ඉඩ නොතිබූ බවද මතයකි.
සිකුරාදා රාත්‍රියේ නින්දවුර් ප්‍රදේශයේ නිවසක සිදුවු පිපිරිම්වලින් තුවාල ලැබුවන් අතර සහරාන් බිරිඳ සහ දියණිය සිටින බවට අනාවරණය වීමෙන් පසු ඔවුන් ප්‍රශ්න කිරීම තවම අරඹා නැත. සහාරාන්ගේ බිරියගෙන් ඔහු කළ කී දේ ගැන තවත් තොරතුරු හෙළි කරගත හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
මීට අමතරව සහරාන්ගේ රියැදුරු වන ගෆුර් නමැත්තාගෙන් ප්‍රශ්න කිරිමේදී මඩකළපුව වව්නතිව් පොලිස් මුර පොළේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක්ද අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවිය.
පාස්කු ඉරුදින බෝම්බ පිපිරවීමට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු වන මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක්, සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල්හක් ඊයේ නාවලපිටියේදී අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ද සරාන් සමග සමීපව වැඩ කළ අයයි.
ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයේ කොළඹ ලේක්ම් බව කියන මොහොමඩ් ෆාරුක් මෙහොමඩ් පවාස් නම් පුද්ගලයෙකු, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.
| හරියටම හරි සහොදරයා. ඊශ්‍රායෙලය කලෙත් ඒකමයි.. | 6 | POSITIVE |
ncpp_train_38739 |
මේ දිනවල සුදු ලූණු වංචාවක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුකර තිබෙන පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන නිසා මාධ්‍ය ආයතන පීරමින් තොරතුරු සෙවීමට රහස් පොලිසිය කටයුතු කරමින් සිටී. තවම පොලිසිය ඔහු හමුවී නැති අතර යූටියුබ් නාලිකාවකට ඔහු ලබාදුන් සාකච්ඡාවක් පහත පරිදිය. •මේ දක්වා මේ වන තෙක් රහස් පොලිසියේ කැඳවීමක් තියෙනවද ලිපියකින් හෝ ආසන්න පොලිස් ස්ථානයෙන් ඇවිත්.....? " දැනට නැහැ....මීට මාස දෙකහමාරකට විතර ඉස්සෙල්ලා මම complain එකක් කෙරුවා ලිඛිතව භාර දුන්නා CID එකට මට මරණ තර්ජන තියෙනවා කියලා.....එච්චර තමයි කරලා තියෙන්නේ..."•සුදු ලූණු සිද්ධිය සම්බන්ධව වත් කිසිවෙක් ඔබට කතා කරේ නැද්ද රහස් පොලිසියේ....? " නැහැ තාම කිසිම කැඳවීමක්වත් එහෙම කතා කළේ නෑ ඒ සම්බන්ධව ...."•ඔබ ඇත්තටම පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂවරයා ද ,එහෙම නැත්නම් බොරු රඟපෑමක් ද කළේ ඔබට තනතුරක් තිබ්බෙ නැද්ද ,,,ලසන්ත අලගියවන්න ඇමතිතුමා කියල තිබ්බා ඔබ විධායක අධ්යක්ෂවරයෙක් නෙවෙයි කියලා....? "එතුමා ඒ කියන්නේ තියෙන්නෙ පූර්ණ කාලීන සාමාජික කියලා ආණ්ඩුවේ අනතුරක් නැහැ පූර්ණ කාලීන සාමාජික කියලා තියෙන්නේ executive director කියලා ....මොකද අපේ poshition එක තියෙන්නෙ director Genaral ටත් උඩින් .....ඒ නිසා ඒක executive director අපේ විසිටින් කාඩ් වලත් ප්‍රින්ට් කරලා දෙන්නේ executive director,දන්නැති කතාව සාමාන්‍යයෙන් politician කියන කතාවක්..."•ඒ කියන්නේ එතුමා නොදැනුවත්ව ද දැන දැන බොරු කියනවද....? "දැන දැන බොරු කියන්නෙ...."
•මේ පරීක්ෂණ ගමන් කරන දිශාව අනුව ඔබට තේරෙන්නේ ඇමැතිවරු දෙදෙනා තුශාන්ව හිර කරන තැනකට ද මේ ගමන් කරමින් සිටින්නේ....බන්දුල සහ ලසන්ත...? "ඔව් මට පේන්නෙ ඒ විදිහට මොකද මේක මේ වෙච්ච සිද්ධිය සාමාන්‍ය තත්ත්ව යටතේ positively අරගෙන මේක investigate කරලා මේකෙ ඉන්න හොරු ටික අල්ලගෙන තම තමන්ගේ ආයතන හදා ගන්නවා වෙනුවට පණිවිඩකරු ට වෙඩි තියන වැඩක් තමයි මේ කරන්නේ...."•බන්දුල ගුණවර්ධන කියලා තියෙනවා ඔබව ඇස් දෙකට වත් කවදාවත් දැකලා නෑ කියලා....ඇත්තක්ද ඒක....? "මම එතුමත් එක්ක කතා කරලා නැහැ මොකද මම පස්සෙන් යන කෙනෙක් නෙවෙයි ...ඔය එක ඇමති කෙනෙක් ගෙවත් පස්සෙන් යන කෙනෙක් නෙවෙයි මම....එතුමාට මතක් වේ මම කවුද කියලා මම එක පාරක් meeting එකට ගියා ඒකෙදි එතුමයි ලසන්ත අලගියවන්න කාමරය ඇතුලට එනකොට එන කොට වාඩිවෙලා හිටපු එකම මනුස්සය තමයි මම....එතුමාට ඒක මතක ඇති....බන්දුල ගුණවර්ධනගේ office එකේ conference room එකට...එතුමා එනකොට අනිත් ඔක්කොම නැගිට්ටා මගේ එහෙම සිරිතක් නැහැ polititions ලා එනකොට නැගිටින්න ඕනි කියල කියලා මම නැගිට්ටේ නැහැ...."•ඔබ සතොස මහා පරිමාණ දූෂණ හා වංචා අනාවරණය කළා අදත් ඒ ස්ථාවරය ඉන්නවද,අඩියක් පස්සට ගන්නවද...? "නැහැ අදත් ඒ ස්ථාවරයේ ඉන්නවා...කිසිම වෙනසක් නැහැ ඒ වෙන දූෂණ වංචා ලංකා සතොස විශේෂයෙන් සතොසේ වෙන පාඩුව බිලියන ගණන් වලට පාඩු වන ආයතන ඔබතුමාලා බැලුවොත් ඕක chairman හතර දෙනෙක් ඉන්නවා...වාහන මේගොල්ලන්ට නඩත්තු පඩි ඔක්කොම ගෙවනවා...."•ඒ කියන්නේ සතොස ඇත්තටම කිව්වොත් හොර ගුහාවක්....? "ඔව් සතොසේ මහා පරිමාණ අක්‍රමිකතා...මේවා ගෙනියන්නේ පොඩි පොඩි හොරු නෙවෙයි මහා පරිමාණ හොරු...සතොසේ අදටත් CW එකට අයිති ලොරි තියනවා එකසිය විසි ගානක් ගාල් කරලා දිර දිර යනවා....රියදුරුවරු එකසිය ගානක් ඉන්නවා, පිරිසුදුකරන්නන් එකසිය ගානක් ඉන්නවා,ඇයි අපි මේ සභාපතිලා තියාගෙන ඉන්නේ මේ විදියට නම් වැඩ වෙන්නේ..."•ඔබ මේ දේවල් අනාවරණය කරන්නේ බන්දුල ලසන්ත කියන දෙදෙනාට ද නැතිනම් ඊට පෙරද....? "චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉන්න කාලේ එතුමා මට කිව්වා මේවා ටිකක් බලන්න කියලා ඉතින් මුලදි අපි ගිය වෙලේ ඒ වෙච්ච අක්රමකතා රිපෝට් එකක් හදලා එතුමාට දුන්නා....බන්දුල ඇමතිතුමා මම දැක්කා කියනවා එතුමා ගිහිල්ලා සීයයි දී CID එකට භාර දීපු investigation...මම නං හිතන්න එතුමයි කියලා බාර දුන්නෙ ඒක බාර දුන්නේ චමල් ඇමතිතුමා කාලේ මමයි ගිහිල්ලා ඒ documents වගයක් බාර දුන්නේ CID එකට....ඒ හාල් වංචාවයි,systems පිළිබඳ cctv ඇතුළුව සතොසේ pos system එක සම්බන්ධව වෙලා තියෙන මහා පරිමාණ අක්‍රමිකතා ටික ගිහින් CID එකට මමයි බාර දුන්නේ...මට හිතෙන්නේ ඒ පරීක්ෂණ තමයි ඇමතිතුමා කියන්නේ........''•බන්දුල ගුණවර්ධන ඇමතිතුමා බාර දුන්න කියල කිව්වට ඔබ බාරදුන්න ඊට පෙර...? "ඔව් ඊට පෙර...චමල් ඇමතිතුමා කාලයේ..."•උඹ මේ දූෂණ අනාවරණය කරන්න පටන් අරන් තියෙන්නෙ අද ඊයෙක නෙවෙයි....? "නැහැ මොකද මේ අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා වැඩ තහනම් වෙච්ච කට්ටියකුත් ඇවිල්ලා හිටියා රස්සාව ඉල්ලලා....ඒ කාලේ ඒ අක්‍රමිකතා දැක්කහම ඒගොල්ලන්ට රස්සාවල් දුන්නේ නැහැ....පහුවෙලා ඒගොල්ලන්ව රස්සාවල් වලට ආපහු අරගෙන තියෙනවා...හොර සහතික දීපු අය එක එක වංචා කරපු අය රස්සාවට ආයිත් අරගෙන තියෙනවා...."
• chairman කියනවා අපි මේක දැනගත්තෙ සේවිකාවක් මට එවපු එස්එම්එස් එකකින් මම ඒක කිව්වා විමර්ශන අංශයේ බ්‍රිගේඩියර්වරයාට ඇමතිතුමා එතකොට දැනගෙන හිටියා...මොකක්ද මේ කතාව එතකොට...? "ඊට ඉස්සෙල්ලා වෙච්ච ඒව කොහොමද...උඳු කන්ටේනර එකක් ගෙනිහිල්ලා තියෙනවා,පිටි ගෙනිහිල්ලා තියෙනවා.,පරිප්පු....අපි එක පාරක් යනකොට අපිට අල්ලගන්න බැරිවුනා වැඩේ එතකොට එතනින් අයින් කරලා...මේ වගේම වරායෙන් ගෙනාපු ටිකක්....මේ සුදුලූනු එක පොඩි එකක් විතරයි...මේක කාලයක් තිස්සේ කරගෙන එන ලොකු පරිමාණයේ පරිමාණ ජාවාරමක්....මම අහගෙන කියනවා මාධ්‍යයේ ඉහළ කළමනාකාරීත්වය කොළඹින් පිට හිටියා කියලා....එතකොට උඳු කන්ටේනර යනකොට ,අනිත් දේවල් සතොසෙන් ගෙනයනකොට කොහෙද හිටියේ එතකොට .... "•උඳු සීනි පිටි වංචාව ගැන කිසිම පරීක්ෂණයක් නැහැ..? "ඒක මට හරියටම කියන්න බෑ හැබැයි මම දන්න තරමට දැනට කතා කරන්නෙ සුදු ලූනු එක ගැන විතරයි..."•CID complain එකක් දාන්න ඔබ CID director ට කතා කරා කියලා කිව්වා අද වන තෙක් CID complain එකක් දාලා නැද්ද මේ වෙන තෙක්...? "පාරිභෝගික අධිකාරිය පැත්තෙන් අහන්න ඕනේ මොකක්ද උනේ කියලා...මම දැම්මේ නැහැ ..."•මම දැක්කා තොරතුරක් ඔබට තර්ජන තියෙනවා කියලා...? "කාලයක් තිස්සේ එනවා ....ළඟකදි ආවේ නැහැ සුදුළූණු case එකෙන් පස්සෙත් ආවා...ඒ පිළිබඳ සටහන් මං තබලා තියෙනවා...."•ඔබ හිතන ආකාරයට මේ ආයතන දෙක අපේ දූෂණ වලින් මුදා ගැනීමේ මගක් අමල් අමතිතුමා ගේ කාලේ ඉඳලා තමයි හඬ නගා ගෙන එන්නේ...ඔබ හිතන්නේ මේවා මඩින්න පුළුවන් දේවල් නෙමෙයි කියලා ද....? "Political will එක තියෙන්න ඕනේ මේවා මැඩලන්න...political will එක නැත්තං කරන්න බැහැ...මේකට හරි විදියට ඇත්තටම පරීක්ෂණයකට යොමු වෙලා කරනවා නම් මම හිතන්නේ මේ ආයතන හදාගන්න පුළුවන්..."•ඇයි ඇමතිවරුන්ට උවමනාවක් නැත්තේ දූෂණය මඬින්න ,මොකක්ද හේතුව ඇයි උවමනාවක් නැත්තේ ....? "ඒ දේවල් සේරම කරන්න පුළුවන් සතොස ඇතුලේ බඩු තියෙන්න ඕනේ....සතොස ගියොත් මම කියන දෙයක් නෙවෙයි සාමාන්‍ය කෙනෙක් ඇවිදලා බලන්න සතොස ඇතුල මොනවද තියෙන බඩු ,බොහොම සුළු ප්‍රමාණයක් තියෙන්නේ...සතොසක් ඇතුලට යන්න බැහැ ගඳ ගහනවා අනෙක් supermarket වගේ නෙවෙයි...ඒ වගේ දේවල් හදා ගන්නේ නැතුව බෝඩ් ගහන ඒවා පේන්ට් කරන ඒවා වැඩක් නැහැ ....ලොකු දේවල් කරන්න ඕනෙ නැහැ මේවා හදන්න පොඩි දේවල් කරන්න තියෙන්නේ...සතොසේ PNL එක පිටු තුනක් ඇති ඒ පිටු තුන බැලුවහම ඕ ලෙවල් කරපු පොඩි ළමයෙක්ට තේරෙනවා එක හදන්න ඕනෙ කොහොමද කියලා ...සතොසේ GP එක 6% සාමාන්‍යයෙන් ලොකු supermarket එකක් ගත්තහම 25% එහා තියෙන්නේ තියෙන්නෙ කොහොමද ස තො ස ක් දුවන්නෙ.... බිලියන ගානක බඩු හොරකම් කරගෙන යනවා...කොහොමද මේ ආයතන දුවන්නෙ....සතොස ආයතනය දුවන්න chairman ලා හතර දෙනෙක් ඉන්නවා .... අන්තිමට අහු වෙන්නෙ පොඩි ඒවා ...."•සුදුළූණු වංචාව වුණත් ඉහළ අය මේකෙ ඉන්න පුළුවන් ...? "ඉන්න පුළුවන් ඒක investigation එකක් කරලා හොයා ගන්න ඕනේ ..."•ඒවා හොයයිද ඒවටත් ආරක්ෂාවක් ලැබුණොත්....? "ඒක තමයි මම කියන්නේ සාමාන්‍යයෙන් වෙන රටක නම් භාරව ඉන්න ඇමතිවරයාගේ ඉඳලා top management එකම මේ වෙනකොට resign වෙලා....මේක ලොකු වංචාවක් නේ ඉතිං investigate කරන්න දෙනවා ....එහෙම වෙන්නේ නැත්තං ඒක ලොකු ප්‍රශ්නයක්....'"•ඔබ කාලයක් තිස්සේ සතොස තුල සිදුවන දූෂණ වංචා අනාවරණය කරගෙන ආපු කෙනෙක්...ඔබට විවිධ අවස්ථාවල බාධාවන් එල්ල වුණාද කතා කරන්න එපා, නවත්තන්න, ඔයා ඔයාගේ වැඩේ කරගෙන යන්න, පඩි ගන්න, උදේ රස්සාවට එන්න, හවස යන්න, මේ වගේ බලපෑම් එල්ල වෙන්න ඇති....? "බලපෑම් එල්ල වුණා හැබැයි කෙලින් කියන්නේ නැහැ ....මට කෙලින්ම කිව්වා නං අයින් වෙලා යන්න අපි අපේ කවුරුහරි දාගන්නම් කියලා ඒක වෙනම කතාවක්....එහෙම කියන්නෙ නැතුව වෙන ක්‍රමවලින් රස්සාවෙන් අයින් වෙන්න කියලා තියෙනවා ....ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නෙ..."•මෙවර ඇත්තටම මොකද්ද උනේ ඔබ ඉවත් කළාද ඔබ ඉල්ලා අස් වුණා ද ...? "මම ඉල්ලා අස් වුණා මොකද මේ තියෙන වාතාවරණය එච්චර හරි නැහැ .....ගොඩක් කට්ටිය අපහසුතාවයට පත් වෙනවා නං ,එතුමාලාට එතුමා ලගේ වැඩ කරගන්න මම බාධාවක් වෙලා තියෙනවා නම්,අපි ආවෙ වෙන දෙයක් කරන්න ඒ දේත් වෙන්නේ නැති නිසා මම හිතුවා එතුමා රට කර ගන්න ඇරලා අයින් වෙනවා කියලා..."•ඔබ එක මාධ්‍යයක සඳහන් කරලා තියෙනවා ජනාධිපතිතුමා ලංකාවට එනකං ඉන්නෙ වංචා දූෂණ සියල්ල මම ලිඛිතව ඉදිරිපත් කරනවා කියලා..ඔබ ඒ ලිපි ගොනු සූදානම් කරල ද තියෙන්නේ ....? "ඔව් ලිපි ගොනුව ලෑස්ති ....ඉතිං ඔය වගේම ලිපිගොනුවක් මම සීඅයිඩී එකට භාර දුන්නා....ඒ 2020 මුල හරියේ....සතොස වංචාවන් පිළිබඳව...සතොසේ PNL එක බැලුවහම සාමාන්‍යයෙන් මිලියන ගණන් වලින් තියෙන්නේ උඩ තියනවා තව බින්දු තුනක් දාන්න ඕනේ ඒ කියන්නේ ඔක්කොම බිලියන ගණන් වලින් ප්‍රශ්න තියෙන්නේ ....කිසිම වංචාවක් නෑ මිලියන ගණන් වලින් ඔක්කොම තියෙන්නෙ බිලියන ගණන් වලින්....ඒකනේ බිලියන ගණන් වලින් සතොසේ ප්‍රශ්න තියෙන්නේ ...CWE එකෙම් බඩු දානවා සතොස ට CWE එක ගිහින් ගන්නේ පිටකොටුවේන් රුපියල් පහක් හරි දහයක් හරි තියාගෙන ලංකා සතොස ට දානවා ....මේ වගේ අකාර්යක්ෂම වැඩ තියෙන තැනක්....මේක හදන්න සේවකයෝ ලෑස්ති ...."•සුදුළූණු වංචාව තනි පුද්ගලයෙක් කරපු දෙයක් නෙවෙයි....? "නැහැ ඒක වෙන්න බැහැ....පොඩි තැනකින් කරපු දෙයක් නෙවෙයි....ආපු හැටියෙම කිවුවනේ කවුරුත් උඩ කට්ටිය සම්බන්ධ නැහැ කියලා...එහෙම කියන්න කොහොමද පරීක්ෂණයක් නොකර..."•මේ තියෙන ලිපිගොනු අරගෙන ඔබ යනවා ජනාධිපතිවරයා හම්බ වෙන්න ,ඒ වෙලාවේ මාර හොරකං වෙලා තියෙනවා නේ කියලා කියයිද ,බලල පැත්තකින් තියාවිද .....? "මට හිතෙන්නෙ ජනාධිපතිතුමාට එහෙම opportunity එකක් ආවොත් කියන්න මට හිතෙන්නේ බොහොම seriously ගනී කියලා...එතුම සතොස වැහුවොත් පුදුම වෙන්න දෙයක් නැහැ ..."•ඔබ එදා කිව්වා මම ගිවිසුමකට අත්සන් කළේ නැහැ ,සිමෙන්ති, පිටි,පාන් පිටි අත්සන් කළේ නැහැ මොකද ඒ ගිවිසුම ශ්‍රී ලංකාවට අවාසිදායකයි ඒකනෙ ඔබ කිව්වේ...? "අත්සන් කළේ නැහැ මම ඒක දැනුවත් කළා සභාපතිතුමාට මේක වැරදියි මේක කරන්න එපා කියලා ...."•කිරිපිටි වැඩි කරන්න ඉල්ලීමක් කරලා තියෙනවා,ගෑස් වැඩි කරන්න ඉල්ලීමක් කරලා තියනව මොකද ඔබ හිතන්නේ හෙට අනිද්දා මොනවා වෙයි ද ...? "හාල් වල ගැසට් එක ගැලෙව්වා එක ගලවන්න සිද්ද වුණා ....මොකද over regulate කරලා...මේ හදලා තියෙන විකෘතිය කවුරුහරි ගලවනවා වාඩිවෙලා මට හිතෙන්නේ....කිරිපිටි නැති වෙන තත්වයකට ඇවිල්ලා,තව ටික දවසකින් සිමෙන්ති නැති උනහම තව තව දේවල් නැති උනාම ආණ්ඩුව ලොකු ප්‍රශ්නෙකට එන්නේ...එක්කෝ ගලවලා අයින් කරන්න ඕනේ ,නැත්තං මිල වැඩි කරලා ආයිත් cap එකක් දාන්න ඕනේ... හුග දෙනෙක් හිතාගෙන ඉන්නවා පාරිබෝගික අදිකාරිය තියෙන්නෙ ව්‍යාපාරිකයෝ මෙල්ල කරන්න කියලා ....එහෙම නෙවෙයි ව්‍යාපාරිකයන් වත් ආරක්ෂා කරගෙන පාරිභෝගිකයා වත් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යන්න පුළුවන් පුලුවන් ආයතනයක් ..."
•ඔබ හිතන්නේ හෙට අනිද්දා කිරිපිටි සම්බන්ධව හරි සිමෙන්ති සම්බන්ධව හරි gas සම්බන්ධව මිලට මොනවා වෙයිද...? "අනිවාර්යෙන්ම වැඩි වෙයි..ඒක සාමාන්‍ය සිද්ධාන්තයක් ....පාරිභෝගික අධිකාරිය වැරදි ක්‍රම භාවිතා කරන්නේ..."•ඔබ මෙහෙම කතා කරාට ඔබගේ ජීවිතය පිළිබඳ බයක් තියෙනවා ද ....? "දැන් ටික ටික එහෙම බයක් තියනවා ...මම හිතන්නේ මේවට බය වෙලා බැහැ..." සාකච්ඡාව - චමුදිත සමරවික්‍රම(Text - Gossiplankanews.com)
| මම හිතුවේ කැලණියේ නය් පැටියාගේ සද්දේ කියල | 9 | POSITIVE |
ncpp_train_38740 |
රථ වාහන කොමසාරිස්වරයාගේ නිසි අවසරයකින් තොරව නීති විරෝධී ලෙස කොටස් එකතු කර යතුරුපැදියක්
නිපදවීම
හා එය සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට රුපියල් පනස් දහසක දඩයක් නියම කළ නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් අනුෂ්ක සෙනෙවිරත්න මහතා එම යතුරුපැදිය රාජසන්තක කරන ලෙසටද නියෝග කළේය.
එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස 6ක සිර දඬුවමක් ලබාදෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි අයකුට එසේ දඬුවම් නියම කෙරිණි.
බොරලැස්ගමුව පොලිසියේ සැරයන් වික්‍රමසිංහ මහතා අධිකරණයට කරුණු දැක්වීය.
(කුමුදු උපුල් ශාන්ත)
| මෝටසයිකලයක් අමුනන එක ලොකු වැඩක් නෙමෙයි | 7 | POSITIVE |
ncpp_train_38741 |
හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් මීට මාස කිහිපයකට පෙර සැත්කමකට බඳුන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඇතිවූ සංකූලතා මත නැවත රෝහල් ගත කර තිබේ.
සමගි ගෙන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාමීට මාස කිහිපයකට පෙර ඔහුට හෘදය ආශ්‍රිතව සැත්කමක් සිදු කළ අතර පසුව ටික කලක් විවේකයෙන් පසුවිය.නමුත් අසනීප තත්ත්වය උත්සන්නවී ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට පෙරේදා ඇතුළු කරන ලද බවද වැඩිදුර වාර්තාවේ. නමුත් මේ වනවිට ඔහුගේ තත්වය යහපත් බවත් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන ලද බවත් රෝහල් ආරංචි වාර්තා කර තිබේ.වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඔහුට නැවත ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය බවයි.
| සොනික්... සොනික්... ලොක්කට නම් ෂැප... | -2 | NEGATIVE |
ncpp_train_38742 |
ජනාධිපතිවරයාගේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා පත්කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු 1994 සිට වසර 27 ක් තිස්සේ කැපිටල් මහාරාජා ආයතනයේ නිවේදකයෙකු නිෂ්පාදකයෙකු හා විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබේ.
ඔහු මහාරාජා ආයතනයෙන් ඊයේ (28) දිනයේ ඉවත්වීම සඳහා අස්වීමේ ලිපිය ලබා දී ඇති බව වාර්තා වේ.ඔහු ඉදිරි දින කිහිපයේ දී සිය නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය.මීට දින කිහිපයකට පෙර හිරු නාලිකාවේ දීර්ඝ කාලයක් සේවය කර පසුව ස්වර්ණවාහිනී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතාද සිය ධූරයෙන් ඉවත්වී ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ධූරයේ වැඩ බාරගනු ලැබීය.
| දැන් ඉතින් කක්කුස්සි හෝදපල්ලාකෝ.. | 2 | POSITIVE |
ncpp_train_38743 |
රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළිබෝධනාශක අනතුරුදායක වර්ගීකරණයට අනුව,
තුන්වන හා හතරවන පන්තියේ පළිබෝධනාශක කාෂිකර්ම දෙපාර්තමේන්තුවේ තීරණයකට යටත්ව ආනයනය සඳහා අවසර දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යෝජනා කර ඇත. බනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) කෘෂි රසායන අංශය මගින් හෝ දේශීය නියෝජිත සමාගම් වෙතින් එම කෘෂි රසායන ආනයනය කර, සිපෙට්කෝ කෘෂි රසායන අංශය සතු ගබඩාවල ගබඩා කිරීමටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඒවා අලෙවි කිරීමටත් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කරනු ලැබ ඇත.එම කෘෂි රසායන නිකුත් කිරීම කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරනු ලබන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද ඇමැතිවරයා යෝජනා කර ඇත. වී වගාවේ දුඹුරු පැළ කීඩෑ හානිය, බඩඉරිඟු වගාවේ සේනා දළඹු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය වැනි වසංගත රෝග සඳහා පිළියමක් ලෙස රසායනික පලිබෝධ නාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට මේ යටතේ අපේක්ෂා කෙරේ. වගාවන් සඳහා ස්වභාවික පළිබෝධ නාශක මර්දන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස රජය උපදෙස් දී ඇතත්, ඒ සම්බන්ධයෙන් බහුතර ගොවීන්ගේ පවතින්නේ අඩු පළපුරුද්දක් හා අඩු දැනුමක් බව ඇමැතිවරයා පෙන්වා දී ඇත. රසායනික පොහොර සහ රසායනික පළිබෝධ නාශක භාවිතය මහ කන්නයේ සිට නතර කිරීමට රජය මීට පෙර පියවර ගෙන තිබිණි.- අජන්ත කුමාර අගලකඩ-
| නන්දෙ කී සැටියෙන් පොහොර තහනම් ජැටියෙන් ඇත්ත ඇති සැටියෙන් කියන උන් අපි අඹමු මැටියෙන් ගිජුලිහිණි සංදේශය | 41 | POSITIVE |
ncpp_train_38744 |
පසුගියදා අප හෙළි කළ ආකාරයට විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ විවාහගිවිස ගැනීමේ අවස්ථාව ඊයේ 27 පුද්ගලික උත්සවයක් ලෙස සිදු විය. ඇය අතගත් මනාලයා බැංකු නිලධාරියකු වන චාමික කුමාරයි. ගීත රචකයෙකු වන චාමික, දීපිකා ගයන
මගෙ දෙනෙතට දෙනෙත තියා ආදී ප්‍රකට ගීත රැසක්ම රචනා කර තිබේ.
ගීත නිර්මාණය පිළිබඳ සාකච්ඡා කරන්නට නිතර හමුවීම් සිදු කරන අතරවාරයේ ඔවුන් අතර ආදර සම්බන්ධයක් ගොඩනැගුණ අතර එය කෙළවරවූයේ මෙම සුන්දර විවාහ මංගල අවස්ථාවෙනි.
උත්සවාකාරයෙන් විවාහ උත්සවය ලබන අගොස්තු මස මැද භාගයේ පවත්වන්නට ඔවුන් සූදානමින් සිටී.
| RHappy wedded life . | 6 | POSITIVE |
ncpp_train_38745 |
භාවිතයෙන් ඉවතට යොමු කර හෝ වෙනයම් හේතුවක් නිසා නොකඩවා වසර 5ක් වාර්ෂික ආදායම් බලපත්‍ර ලබානොගන්නා වාහන ධාවනයෙන් ඉවත් කළාසේ සලකා එම වාහන ලියාපදිංචි ලේඛනයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා අතරම ඒවාට අදාළ දැනුම් දීම නොකර තැබීමෙන් හිඟ දඩ මුදල් වලටද යටත් විය හැකි බව
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්
ජනරාල් ඒ.එච්.කේ. ජගත් මහතා සඳහන් කරයි.
ලියාපදිංචියෙන් ඉවත් කළද එම වාහන සඳහා ගෙවිය යුතු හිඟ බලපත්‍ර ගාස්තු හා දඩමුදල් ලියාපදිංචිය ඉවත් කෙරෙන දිනය දක්වා සම්පූර්ණයෙන් ගෙවීමට වාහන හිමියන් බැඳී සිටින බවද කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.
මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව ලක්ෂ 67ක් පමණ වන අතර එයින් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වෙයි. ලියාපදිංචි යතුරුපැදි සංඛ්‍යාව ලක්ෂ 30ක් වුවද 80 දශකයේ මෙරටට ආනයනය කළ යමහා - 50, තැපැල් - 90 වැනි අඩු එන්ජින් ධාරිතාව ඇති යතුරුපැදි බෙහෝමයක් ධාවනයෙන් ඉවත් කර ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
එමෙන්ම ලියාපදිංචි ත්‍රිරෝද රථ ලක්ෂ 11ක්ද, කාර් ලක්ෂ 7ක්ද, වෑන් රථ ලක්ෂ 3ක්ද, ලොරි රථ ලක්ෂ 3.5ක්ද, බස් රථ ලක්ෂයක්ද වන අතර මෙයින් සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් ධාවනයට නුසුදුසු වීම නිසා ධාවනයෙන් ඉවත් කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි හෙතෙම පවසයි.
වාහනයක් ධාවනයෙන් ඉවත් කළ විට ඒ පිළිබඳව තම දෙපාර්තමේන්තුවට දන්වා ලියාපදිංචියෙන් ඉවත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇතත් වාහන හිමියන් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් හිඟ ආදායම් බලපත්‍ර ගාස්තු හා දඩ මුදල් ගෙවීමට සිදුවීමෙන් ඔවුන් අපහසුතාවට පත්වන බවත් කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.
උපතිස්ස පෙරේරා
| මේවා ප්‍රශ්න නෙමෙයි.අපේ රටේ මිනිස්සු පුරුදු වෙලාම ඉන්නේ හැම්දේම නිකම් දෙනකම් බලාගෙන ඉන්න.ලෝකෙ හැම රටකම ඔහොම තමයි.ඇත්තම කිව්වොත් දැනට බදු වර්ග අඩුම රට ලංකාව වෙන්න ඕනෙ මම හිතන විදිහට මිඩ්ල් ඊස්ට් රටවල් හැරුනාම. වාහනේ දුවන්නෙ නැත්නම් ඒකට අවුරුදෙන් අවුරුද්දට බදු ගෙවන්නෙත් නැත්නම් ලිස්ට් එකෙන් අහක් කරන එකේ වැරැද්ද මොකද්ද.එහෙම නොකර ඉඳල කාලෙකින් ආයෙත් ලයිසන් හදනකොට කොච්චර දඩ ගහනවද.පොඩ්ඩක් ඒක ගැනත් හිතපල්ලා. | 18 | POSITIVE |
ncpp_train_38746 |
අනියම් පෙම්වතකු සමග වාසය කරමින් සිටි බිරියක තමන් හා විරසකව සිටි සැමියා මොටෝරියකින් විසිකර මැරෙන්නට ඉඩහැර කිසිවක් නොවූ ගාණට කටයුතු කරමින් සිටියදී මාස කිහිපයකට පසු ඝාතන සිදුවීම අනාවරණය කරගත් සිදුවීමක් කෑගල්ල ප්‍ර දේශයෙන් වාර්තාවේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාවනැල්ල ගල්අතර ප්‍රදේශයේ පදිංචි ගැමුණු කුමාර ප්‍රේමරත්න (47) නමැත්තෙකි.මියගිය පුද්ගලයා වසර 10 කට අධික කාලයක් විදෙස් රටක සේවය කර පැමිණි අයකු වන අතර එසේ පැමිණි පසු ආරවුල් හේතුවෙන් ඔහු බිරියගෙන් වසරකට අධික කාලයක සිට වෙන්ව ජීවත්ව සිට ඇත.41 හැවිරිදි තිදරු මවක වන බිරිය ආරවුලෙන් පසු බිරිය සැමියා අතැර දරුවන් සමග නිවස ආසන්නයේ කුලී නිවසක පදිංචිව සිට තිබේ. මෙම කාන්තාව හිඟුල ප්‍රදේශයේ හෝටලයක රැකියාවක් කරමින් සිට ඇති අතර, එහි 39 හැවිරිදි විවාහක හිමිකරු සමග ඇය අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. බිරියගේ අනියම් සම්බන්ධය අතටම අල්ලා ගැනීමට යැයි සිය මවට පවසා මියගිය පුද්ගලයා ඉකුත් ජුලි මස 27 දා රාත්‍රියේ පිහියක් ද අතින් ගෙන බිරිය පදිංචිව සිටින කුලී නිවස අසල සැඟවී බලා සිට ඇති අතර බිරියගේ අනියම් පෙම්වතා බව කියන පුද්ගලයා තවත් පුද්ගලයකු ද සමග මෝටර් රථයකින් ඒ ආසන්නයට පැමිණ තිබේ.බිරිය සිටි නිවසේ සිට එම දෙදෙනා සිටි මෝටර් රථය වෙත පා ගමනින් යමින් සිටියදී මෙම පුද්ගලයා ඇයට පසුපසින් පැමිණ ඇය සමග බහින් බස් වී ඇත. පසුව කාන්තාව ඔහු නොතකා අනියම් පෙම්වතාගේ මෝටර් රථයේ පිටුපස අසුනට නැග ඇති අතර සැමියා මෝටර් රථයේ බොනට්ටුව මතට නැග එහි ඉදිරිපස වීදුරුවට ඔහු අත වූ පිහියෙන් පහර දෙමින් පිටවයාමට බාධාකරමින් සිට ඇත.සැකකරු මෝටර් රථය ඔහුත් සමග ඉදිරියට ධාවනය කර ඇති අවස්ථාවේ සැමියා බිම ඇද වැටී ඇති නමුත් එයද නොතකා රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි. පුද්ගලයකු මාර්ගයේ වැටී සිටින බවට පොලිසියට සැලවී මෙකී පුද්ගලයා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු එදිනම රාත්‍රියේ මියගොස් තිබුණි.සිද්ධියෙන් පසුව පළාගිය මෝටර් රථය කෑගල්ල උතුවන්කන්ද ප්‍රදේශයේ දී එම කාන්තාව බස්සවා පසුව ගම්පොළ ගෙලිඔය ප්‍රදේශයේ ගරාජයකින් මෝටර් රථය අලුත්වැඩියා කරගෙන ඇතැයි හෙලිව තිබේ.එම සිද්ධියෙන් පසුව සැකකාරිය හා සැකකරු කිසිවක් නොවූ ගාණට සාමාන්‍ය පරිදි කටයුතු කරමින් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මාස තුනක් තිස්සේ සිදුකළ විමර්ශනයේ දී හෙළි වූ තොරතුරු වලින් පසු සැකකාරියගේ අනියම් සැමියා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඔවුන් අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර තිබේ. අනියම් පෙම්වතා සමග එක්ව සිය සැමියා මෝටර් රථයෙන් හප්පා මීට මාස තුනකට පමණ ඉහත දී මරණයට පත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ බිරිය, අනියම් පෙම්වතා සහ පනස් හැවිරිදි තවත් අයකු ලබන 8 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි මහතා ඊයේ (30) නියෝග කළේය.
| ඉතින් උඹ මොකටද අනුන්ගෙ හෑලි වලට reply කරන්නෙ? උඹත් ගිහින් වවා ගනින්කො කෙහෙල් බැරිනම් පැපොල්. comment එක දකිනකොට අවුල් යන්නෙ උඹ හොර මිනිහද හොර ගෑනිද? නැත්නම් එහෙම එවුන්ගෙන් හැදුන අවජාතකයෙක්ද? 😂 වෙලාවක් තියෙන නිසා තමයි දැම්මෙ. වෙලාවත් තියනව සල්ලිත් තියනව. එක එක ගස් බල්ලොන්ට වගේ කෙහෙල් හිටවන්න අහේනියක් නෑ. මෝඩ අවලමා. | 1 | POSITIVE |
ncpp_train_38747 |
තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානූකූල අගමැති වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව ඊයේ(30) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී එරට විදේශ කටයුතු ලේකම් ජෙරමි හන්ට් ප්‍රකාශ කර තිබේ.
ඔහු හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අතර ඇති වු සංවාදයක් අතර තුරදී මෙම ප්‍රකාශය සිදුවිය.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතක දී සිදු කළ ක්‍රියාව ලංකාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් ජාත්‍යන්තර ප්රජාවද තවම පිළිගන්නේ ඔහු බවත් මෙහිදී හියුගෝ ස්වයර්
මහතා පවසා තිබේ.
මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් පමණක් බවත්, එනිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස දන්වන්නට කැමති බවත් ඔහු දන්වා ඇත.
ඉදිරි දිනක මෛත්‍රීපාල සිරිසේන ජනපතිට මේ පිළිබඳ අවධාරණය කර සිටී ද යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින්
ලේකම්වරයා පවසා ඇත්තේ නිසැක වශයෙන්ම තමා මේ පිළිබඳ අවධාරණය කරන බවය. එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැඩි අවධානයකින් සිටින බවද එරට විදේශ ලේකම්වරයා පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් පසු ඇමරිකාව බ්‍රිතාන්‍යය ඇතුළු විදෙස් රටවල් ලංකාවේ ව්‍යවස්ථාව හරියාකාරව ක්‍රියාත්මක වීම පිළිබඳ අවධානය යොමු කරන බව දන්වා ඇති අතර චීනය හැර කිසිදු ප්‍රබල රටක් මහින්දට සුබපැතුම් පණිවිඩ එව්වේද නැත.
එජා සංවිධානයට හා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටක් ලෙස ලංකාවේ අගමැතිවරයාට එම ධූරයේ කටයුතු ඉදිරියට පවත්වායාමට ජාත්‍යන්තර සහය හා පිළිගැනීම නිතැතින්ම අවශ්‍යවේ.
මෙම තත්වය තුළ මෙම ගැටලුව ඉක්මණින් නිරාකරණය කර මහින්ද හෝ රනිල් දෙදෙනාගෙන් එක් අයෙකු නිවැරදි ලෙස පත්කිරීමේ අවශ්‍යතාව පැනනැගී ඇත. වීඩියෝව පහතින්
| මහා බ්‍රිතාන්‍යය ඇමරිකාව යන රටවල් නිසා තම උඹලා ඔහොම හරි කාලා බිලා හරි ඉන්නේ , කියපන්කො බලන්න උඹලගේ රටේ මොනවද තියෙන්නේ කියලා, හාල්, පිටි සිනි , පරිප්පු අඩුම ගැනේ මාළු ටිකත් උඹලා ගන්නේ පිට රටවල් වලින් | 74 | POSITIVE |
ncpp_train_38748 |
දරිද්‍රතාව හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදි වී සාමණේර හිමිවරුන් වශයෙන් සිටි අයියාට බරපතළ ලිංගික අපචාරයක් කොට මල්ලීට බටයකින් පහරදීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පවරා තිබු නඩු දෙකක චෝදනාවන්ට වරද පිළිගත් ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හිමි නමකට වසර 3 1/2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය අගතියට පත් බාලවයස්කාර අයියා-මලෝ දෙදෙනාට රුපියල් ලක්ෂ 06ක වන්දියක් ගෙවීමටද ඊයේ (27දා) නියම කළේය.ශාසන කටයුතුවල යළි නියැළිය හැකි වන ආකාරයේ ලිහිල් දඬුවම් නියම කරන්නැයි හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකාර හිමිනමට නියම කළ වසර 3 1/2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් කාලය වසර 05ක කාලයකට අත්හිටුවීමටද
නියම කළ මහාධිකරණය හිමිනම රුපියල් 5000/-ක දඩයකටද යටත් කළේය.බාලවයස්කාර දරුවාට (මල්ලිටා බටයකින් පහර දී තුවාල කිරීමේ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාද අයියාට බරපතළ ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු මංවුණු තිලකරත්න මහතාද විත්තිකාර හිමියන්ට මෙලෙස දඬුවම් නියම කර ඇත.විත්තිකාර හිමියන්ගේ විහාරස්ථානයේ සාමණේර හිමිවරුන් වශයෙන් සිටි එකම පවුලේ අයියා-මලෝ දෙදෙනාගෙන් මල්ලීට 2016 වසරේ දී බටයකින් පහර දී තුවාල කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේද, අයියාට 2017 වසරේදී බරපතළ ලිංගික අපයෝජන කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා යටතේද වෙන වෙනම නඩු පවරා තිබිණ.
අතවර අවස්ථාවලදී සාමණේර හිමිවරුන් වශයෙන් සිටි එකම පවුලේ අයියා මලෝ වන වින්දිත දරුවන් දෙදෙනා මේ වන විට උපැවිදි වී ඇති අතර නඩු දෙක අධිකරණවල වෙන වෙනම කැඳවනු ලැබූ අවස්ථාවලදී වින්දිත දරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.එම නඩු දෙක කැදවනු ලැබූ අවස්ථාවලදී විත්තිකාර හිමියන්ද අධිකරණයේ පෙනී සිටි අතර එම චෝදනාවන්ට විත්තිකාර හිමියන් වෙන වෙනම වරද පිළිගත්තේය. නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥවරු පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් අතවරයන්ට මුහුණ පෑ දරුවන් වවුනියාව ප්‍රදේශයේ එකම පවුලක අයියා මලෝ දෙදෙනකු බවත් ඔවුන් විත්තිකාර හිමිගේ ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයේ මහණ වී සාමණේරවරුන් වශයෙන් සිට ඇතැයිද දැනුම් දුන්හ. ඒ අවස්ථාවේදී ඔවුන් මෙම අතවරයන්ට මුහුණ දී ඇතැයි දැනුම් දුන් රජයේ නීතිඥවරු විත්තිකාර හිමියන්ට සුදුසු දඬුවම් නියම කරයි ඉල්ලා සිටියහ.බුද්ධිමාල් රුබේරු
| Sadhu kiyanna pinwathuni | 7 | POSITIVE |
ncpp_train_38749 |
ශ්‍රී ලංකාවේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා ලබාදෙන අංශය භාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරිනිය පසුගියදා කාර්යාල කටයුතු නිමවී යද්දී පැහැරගෙන ගොස් ටික වේලාවකින් මුදා හැර ඇතැයිද ඇයව පැහැරගෙන ගිය වෑන් රථයේ සිටි පිරිස ඇගෙන් නිශාන්ත සිල්වාට වීසා ලැබුනේ කෙසේදැයි ප්‍රශ්න කර
ඇතැයිද ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පැමිණිල්ලක් කර තිබේ.
නිශාන්ත සිල්වා රහස් පොලිස් නිලධාරියා පසුගියදා ස්විට්සර්ලන්තයට පවුල සමග පළායාමෙන් පසු රජය එලෙස විදෙස්ගතවීම සියලුම රහස් පොලිස් නිලධාරීන්ට තහනම් කර තිබුණි.
තානාපති නිලධාරිනිය පැහැරගෙන යාමේ සිද්ධිය
සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි
ඊයේ (27) සවස විදේශ කටයුතු ඇමති දිනේශ් ගුණවර්ධන හා අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට ස්විට්සර්ලන්ත තානාපතිවරයාද කටයුතු කළ අතර එම අවස්ථාවන්හිදී එකී ගැටලුව ගැන සාකච්ඡා කර ඇත.
මේ ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නට රජය එකඟවී තිබේ.
මෙම සිදුවීම දින දෙකකට පෙර වාර්තාවුවත් මුලදී ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක ඒ ගැන විස්තර පළ නොවූ අතර ඊයේ (27) පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සියලු දුරකථන ක්‍රියාවිරහිත කර මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් ලබා නොදී සිටීම නිසා මේ ගැන විමසන්නට මාධ්‍ය කළ උත්සාහයන්ට කිසිදු වගකිව යුතු ප්‍රතිචාරයක් ලැබී තිබුනේ නැත.
මෙ අතර ඊයේ කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී මේ ගැන ඇමති බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදියෙකු විමසනු ලදුව එය පොලිස්පතිවරයාගෙන් විමසිය යුතු ප්‍රශ්නයක් යයි පිළිතුරු ලැබී තිබුණි.
මේ අතරවාරයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකට සිදුවූ හිරිහැරය බරපතල සිදුවීමක් යයි දක්වා විදෙස් මාධ්‍ය ගණනාවක් පුවත් පළ කර තිබේ.
ඒවාට යොමු පහතින්
බීබීසී වාර්තාව
https://www.bbc.com/news/world-asia-50578481
නිව්යොර්ක් ටයිම්ස් වාර්තාව
https://www.nytimes.com/2019/11/27/world/asia/sri-lanka-rajapaksa-crackdown.html
ස්විස් ඉන්ෆො වාර්තාව
https://www.swissinfo.ch/eng/diplomatic-incident-_swiss-embassy-worker-kidnapped-and-threatened-in-colombo-/45397440
| අමාරුවෙන් රට ගැන යහපත් ප්‍රතිරූපය ගොඩ නැඟුවෙ දේශප්‍රේමීන්ගෙන් බලු බැනුම් අහ අහ. එකරැයින් සේරම විනාසයි. ලෝකෙ අනික් රටවල් නැතිව හුදකලාව ඉන්න පුලුවන් කියන ගොං බයි පණ්ඩිතයො කෝ? | 90 | POSITIVE |
ncpp_train_38750 |
හිටපු ජනපති පුත් දහම් සිරිසේන පෙරේදා පාන්දර කොළඹ කේම්බ්‍රිජ් පෙදෙසේ ගොඩනැගිල්ලක ඉහළ මහළේ පිරිසක් සමග එක්ව පූල් පාටියක් දමා ඇති බව වාර්තා කර තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනියක
ඇඳිරි නීතිය
තදින් පවතින අවස්ථාවක මේ ආකාරයේ ක්‍රියාකාරකමක් සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණි.
සන්ඩේ ටයිම්ස් ගවේෂණාත්මක මාධ්‍යවේදිනි නමිනි විජේදාස සිය ෆෙස් බුක් ගිනුමේ මේ ගැන දක්වා තිබූ සටහනේ පරිදි අදාළ සිදුවීම ගැන ඇය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාව දැනුවත් කළද ඔහු ඊට ප්‍රතිචාර නොදක්වා මගහරින බව දන්වා ඇත.
මේ අතර නමිනි තැබූ ෆේස් බුක් සටහනට පිළිතුරක් ලියන දහම් සිරිසේන මෙම කතාව විකාරයක් බවත් එවැනි සිදුවීමක් සිදුවී නැති බවත් දන්වා ඇත. ඔහු පවසන්නේ නමිනි එදින සිහිනයක් දැක ඇති බවකි. මෙවැනි කතා පැතිරවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ඔහු දන්වා ඇත.
අදාළ ෆේස් බුක් සටහන් දෙක පහත පරිදිය.
| පොලිසියේ හමුදාව පාරේ ඉන්නා සාමාන්‍ය මිනිස්සුන්ට නම් බල්ලොන්ට වගේ බැනලා එලවනවා. ලොක්කෝ බාල් නැටුවත් සද්දේ නෑ. මගේ ගිණුමේ තියෙන අන්තිම රුපියල් 10,000 න් දෙදාහක් වත් ගන්න කියලා මම පොලිසියට කෝල් කරලා ඇහුව කොහොමද සල්ලි ගන්න ATM එකට යන්නේ කියලා. මට නැතත් පොඩි එකාට හරි කන්න දෙන්න. පොලිසියෙන් කිව්වා බැරියර් එකේ ඉන්න අයට විස්තරේ කියලා ටවුමට යන්න පුළුවන් බව. මම යද්දී බැරියර් එකේ අය අමු කුණුහරුපෙන් බැනලා එලෙව්ව. මම ඉතින් කරබාගෙන ආව පොඩි එකා මතක් වෙලා. ලොක්කෝ සැප විදිනවා. මිනිස්සු අපා දුක් විදිනවා. ටීවී එකේ නිවුස් වල විතරයි කියන සහන තියෙන්නේ. | 173 | POSITIVE |
ncpp_train_38751 |
ප්රභාකරන් මැරුවේ රවිප්‍රියගෙ අය
සරත් ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
පසුගියදා ප්‍රකාශයට පත්වූ ‘රණමග ඔස්සේ නන්දිකඩාල්‘ කෘතියේදී විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ලියා තිබුණ ආකාරයට ප්රභාකරන්ගේ ඝාතනය ඔහුගේ සේනාංකයක් මගින් සිදු කරන ලද බව දක්වා විස්තර කර තිබුණි.
නමුත් පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා පවසා තිබුනේ ප්රභාකරන් ඝාතනය සිදු කළේ ඔහුගේ සෘජු මෙහෙයවීම මත 8 වැනි කාර්ය සාධක බළකායේ සේනාංකාධිපති කර්නල් ජී.වී. රවිප්‍රිය බවයි.
ඒ ගැන මින් පෙර කළ විමසීමකදී මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සාකච්ඡාවකදී පවසා ඇත්තේ කර්නල් ජී.වී. රවිප්‍රියගේ පිරිස එය කළ බව ඇත්තක් වුවත්
ඔහු සිටියේ තමා යටතේ බවයි.
ඒ අනුව යුද ජයග්‍රහණයේ පියවරු අතර පහළම පුරුක ගැන අලුත් සංවාදයක් නිර්මාණය වී තිබේ.
ලංකාදීප පුවත්පතට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ කියා ඇත.
‘කමල් ගුණරත්න කියන්නේ යුද්ධයේදී ක්‍රියාත්මක වුණ සේනාංක 15 කින් විතර එතැනට අණදුන්න කෙනෙක්. මුල ඉදල එයාගෙ සේනාංකය ස්ථානගත කරල තිබුනෙ මුහමාලෙ ආරක්ෂක වළල්ලෙ.මමයි ඒක ප්‍රහාරක මෙහෙයුම් වලට ඉදිරියට ගත්තෙ.එයාට විරුද්ධව විනය ප්‍රශ්නයක් තිබුණා.ඒක තාවකාලිකව අමතක කරල තමයි එයාට මං සේනාංකයක් භාර දුන්නෙ.
එයාට දුන්න සේනාංකය ජනවාරි ඉදල මාර්තු වෙනකං මෙහෙයවුවා.ඊට පස්සෙ ඒකෙ බලසේනා තුනෙන් දෙකක් ගලවලා අරගෙන කර්නල් රවිප්‍රිය යටතේ කාර්ය සාධක බලකායක් හැදුවා.ඒ කාර්ය සාධක බලකාය තමයි ප්රභාකරන්ට පහරදීමට ක්‍රියාත්මක වුනේ.ඒක කලෙත් මගෙ උපදෙස් මත මිසක් ඔය පොත ලියපු කෙනාට ඕන විදිහට නෙමෙයි.
ප්‍රභාකරන්ගෙ පිරිසට පහරදීලා ප්‍රභාකරන්ගෙ මළමිනිය සොයාගැනීම ඇතුළු සියල්ල සම්බන්ධීකරණය කරල අණදීම කලේ කර්නල් රව්ප්රියගෙ කාර්ය සාධක බලකා අට.
ඔය පොතේ හමුදාපති පාච්චල් කරන්න උත්සාහ අරගෙන තියෙනවා.ඒක එළිදක්වපු වෙලාවෙ ආරාධිතයො විදිහට ඇවිත් ඉදපු අයගෙන් අපට හිතාගන්න පුළුවන් කාගෙද සැලසුම කාගෙ අවශ්‍යතාවයද මේ ඉටුවුනේ කියලා‘
මේජර් ජෙනරාල් කමල් ගුණරත්නද කර්නල් රවිප්‍රියගේ කාර්යය පැහැදිලි කර ඇත. පසුගිය 18 වනදා ලක්බිම පුවත්පතේ සංකච්ඡාවකදී ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ කියා ඇත.
වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාංක, බළසේනා, කාර්ය සාධක බළකා හා රෙජිමේන්තු රැසක් තිබුණා. ඒ අතරින් ප්රභාකරන් ඝාතනය කළ 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව අයත් වූයේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ අණදුන් 681 වැනි බළසේනාවටයි. එය අයත් වූයේ කර්නල් ජී.වී. රවිප්‍රිය අණදුන් 8 වැනි කාර්ය සාධක බළකායටයි. එසේ නම් ප්රභාකරන් මැරුවේ ඔබ අණ දුන් 53 වැනි සේනාංකය කියලා කියන්නේ කොහොමද?
මෙතැනදී බොහෝ දෙනෙක් පටලවා ගත්තු කාරණාවක් තිබෙනවා. අනෙකුත් කාර්ය සාධක බළකා වගේ නොවේ 8 වැනි කාර්ය සාධක බළකාය. ස්වාධීන ඒකකයක් ලෙස තිබුණේ නෑ. මුලතිව් ප්‍රහාරයෙන් පසු ඉතිරි වූ රෙජිමේන්තු එකතු කරලා තමයි 8 වැනි කාර්ය සාධක බළකාය ස්ථාපිත කළේ. එහි සේනාංකාධිපති ලෙස කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් ජී.වී. රවිප්‍රියත් 681 බළසේනාධිපතිවරයා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ හා 682 බළසේනාධිපති ලෙස සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් සුභාෂණ වැලිකල පත්කරන ලෙස මා යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලුවා. ඔහු ඊට එකඟතාව පළ කළා. 8 වැනි කාර්ය සාධක බළකාය තිබුණේ 53 වැනි සේනාංකය යටතේ මිසක් ස්වාධීන සේනාංකයක් ලෙස නොවේ. ඊටත් අණ දුන්නේ මමයි.
(රණ මග ඔස්සේ නන්දිකඩාල් පොත එළිදුටු අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ)
Pix By- Suren Abeysundara
| යුද්දයක් තනියෙන් කරන්න බහැ. දිවි දුන් රනවිරුවන් අතුලු සියලු දෙනාගෙ team work. අසෝක රජ තුමා වගෙ leaders දර්මිශ්ට විය යුතු කාලය මෙක. මොකද ජීවිත අනියත මරනය නියත කලය දැන්. | 4 | POSITIVE |
ncpp_train_38752 |
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල ධජය ජනපති මන්දිරයෙන් සොරකම් කරගෙන ගොස් පසුව තම නිවසේ ඇඳ ඇතිරිල්ලකට යොදා ඒ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක්ද පළ කරතිබූ පුද්ගලයකු අද පොලිසියට භාර වී තිබෙයි. පසුගියදා සිදුවූ ජන අරගලයෙන් පසු ජනතාවට නිදහසේ ජනපති මන්දිරයේ සැරිසැරීමට තිබූ අවස්ථාව අවභාවිත කරමින් මෙම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිලධජය සොරකම් කරගෙන ගොස් තිබුණි.
නව ජනපති රනිල්ගේ ආගමනයෙන් පසු අරගල කරුවන් ඇල්ලීමේ හා බඩු සොරකම් කළ අය ඇල්ලීමේ පොලිස් මෙහෙයුම් ඇරඹූ අතරධජය සොරකම් කළ අය ගැන පරීක්ෂණ ඇරඹූ බව දන්වා තිබුණි.ඒ අනුව ඒ වනවිටත් ධජය සොරකම් කරගෙන සිය ක්‍රියාව වීරත්වයට නංවමින් වීඩියෝද පළ කර තිබූ මෙම සොරකම කළ අය පොලිසිය අල්ලන්නට පෙර භාරවී තිබේ.උදේනි කළුතන්ත්රී නමැති මෙමෙ පුද්ගලයා නීතිඥයෙකු මාර්ගයෙන් අද (29) උදෑසන වේල්ලවීදිය පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.ධජය ඇඳ ඇතිරිල්ලට යොදා මේ දක්වා එහි නිදමින් සිටි සැකකරු වරාය ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙකු බවත්සමගි ජන බලවේගය වරාය වෘත්තීය සමිතියේ හිටපු සභාපතිවරයා බවත් වාර්තා විය.
මොහු ධජය සොරකම් කිරීමෙන් පසු මන්දිරයේ ඉහළ සිට එය සමග ලබාගත් ඡායාරූපයකුත් , ධජය සරමකට ඇඳගෙන හෙල්මට්ටුවකුත් දමාගෙන පාරේ ඇවිදින ඡායාරූපයකුත් මින් ඉහත සමාජ මාධ්‍ය තුළ සැරිසැරූ අතර පසුව ඔහු ඇඳ ඇතිරිල්ලට එය යොදාගෙන වීඩියෝවක්ද කර තිබුණි.පොලිසිය පවසන්නේ ජනපති ධජයට ඔහු නිගරු කළ නිසා අත්අඩංගුවට ගත් බවයි.
| අරගලකාරයෝ කියන විදිහට, රටේ ප්‍රශ්න ටික විසඳනකම්, ලොකු ලොකු අයට දඩුවම් දෙනකන් උන් කරන කිසිම දේකට දඩුවම් දෙන්න බෑ. එහෙම බැලුවම මිනියක් ම.රලා වුනත් ආතල් එකේ ඉන්න පුළුවන්.මොකද මිනිමරුවව හිරේ දැම්මා කියලා රටේ ප්‍රශ්න විසදෙන්නෙත් නෑ අනික ඊට වඩා අපරාධකාරයෝ එලියේ ඉන්නවනේ. fඅරගලකාරයෝ කියන විදිහට, රටේ ප්‍රශ්න ටික විසඳනකම්, ලොකු ලොකු අයට දඩුවම් දෙනකන් උන් කරන කිසිම දේකට දඩුවම් දෙන්න බෑ. එහෙම බැලුවම මිනියක් ම.රලා වුනත් ආතල් එකේ ඉන්න පුළුවන්. ඇයි ඉතිං මිනිමරුවව හිරේ දැම්මා කියලා රටේ ප්‍රශ්න විසදෙන්නෙත් නෑ අනික ඊට වඩා අපරාධකාරයෝ එලියේ ඉන්නවනේ. Facebook එකෙන් රට හදන්න සැදී පැහැදීම ඉන්න චූටි දුවලා පුතාලාගේ මරු ලොජික් | 32 | POSITIVE |
ncpp_train_38753 |
ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් කොළඹ මහකොමසාරිස් කාර්යාලයේදී පවත්වන්නට යෙදුණ සාදයකට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ එක්ව සිටිනු වාර්තා විය.ජනතා අරගලයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ තම දෙමාපියන්ගේ උපහාර සැමරුම් දිනයට හෝ එක් නොවූ අතර මෙලෙස මතුවන්නේ මාස 9 කට පමණ පසුය.ගෝඨාභය මෙම උත්සවයට පැමිණි පසු අගමැති දිනේෂ්, ඇමතිවරුන් වන බන්දුල,ටිරාන්,ෂෙහාන්,කංචන මෙන්ම ඩලස් අලහප්පෙරුම වැනි මන්ත්‍රීවරුන්ද කථාබස් කරමින් සතුටු සාමීචියේ යෙදෙනු වාර්තා විය.
| ජනතාවට පෙන්නන්න බැරි gota නෙමෙයි .අර නාකි මයින, නරි කපුටා, ජනපති වෙන්න සිහින ම්වන 🌳මල් 🐂නා | 90 | POSITIVE |
ncpp_train_38754 |
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇදුම වෙනස් කිරීමට කටයුතු සැලසුම් කරමින් තිබේ.
ඒ සඳහා නව
යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගම් වලට දැනුම් දී තිබූ අතර මේ වන විටත්
එම යෝජනා බාර දී ඇත.
මෙම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
| දැනට ලංකාවෙ තිබෙන මූලිකම ගැටලුවක් වන PHI මහත්තුරැ දුටු විට පොලිසිය කියා සිතා කසිප්පු බූලි මග දමා දුවන, බූරැ පොලේ මුදල් දමා පලා යන, හෙල්මට් නැතුව බයිසිකල් කැඩුන බන අගවමින් තල්ලු කරන් යන අහින්සක ජනතාවගේ සන්තානයෙහි ඇතිවන පීඩනය සමනය කල අණේඩුවට අපගේ හද පිරි මෙව්වා එක. | 3 | POSITIVE |
ncpp_train_38755 |
සෝමසිරි අලකොලංග (හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි)
පැවිදි වුණ හේතුව පැහැදිලි කරයි
ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග පැවිදි දිවියට ඇතුළත්වූ පුවත පසුගිය සතියේ වඩාත් කථාබහට ලක්වූ සිදුවීමකි. ගාල්ලේ පන්සලක හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින් පැවිදිවූ හෙතෙම තමා හමුවීමට ආ මාධ්‍යවේදීන්ට පුද්ගලික කාරණා හෙළි නොකර ආපසු හරවා යැවූ ආරංචියක්ද වාර්තාවී තිබුණි. නමුත් බලවත් පෙරැත්තය හමුවේ
සෝමානන්ද හිමි වැඩි විස්තර කථාකිරීමට මින් ටික දිනකට පෙර ඉදිරිපත්ව තිබේ. ඒ මෙසේය.
‘ඇත්තටම ලෝක ධර්මතාවය අවබෝධ වු නිසා පැවිදිවිමට තිරණය කළා. මා ගොඩක් කාලයක සිට ආධ්‍යාත්මික පැත්තට නැඹුරුවෙලා හිටියා. ගොඩක් කාලයක ඉදලා මහණ විමට බලාපොරොත්තුවෙන් තමයි හිටියේ.
ඇත්තටම මහණ වුණේ දාන පාංශු කූලවලට වඩින්න නෙවෙයි. භාවනාව කරගෙන සිත දියුණු කරගන්න තමයි පැවිදි වුණේ. ජීවත්වෙන්න අමාරු හින්දවත් කලකිරීම නිසා නෙවෙයි මහණ විමට තීරණය කළේ.. පවුලේ සියලූ දෙනාගේ වගකීම් ඉෂ්ට කරලා ඒ අයගේ අවසරය ඇතිව තමයි මහණ වුණේ. මහණ වුණේ නිකන් සංඝයා වහන්සේ කෙනෙක් වගේ ඉන්න නෙවෙයි. භාවනා කටයුතු කරගෙන ඉන්න.
මා රංගනයට දායක වන අවදියෙත් කාලයක සිට භාවනාව ප්‍රගුණ කළා. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය භාවනා කිරිමට පහසුයි කියලා අවබෝධ වුණා. මහණ විමට සසර පුරුද්දක් තිබුණාද කියලත් දන්නේ නැහැ. මුලදි වන සේනාසනයක තමයි භාවනාවකට ගියේ. ඇමරිකාවේ වැඩ වසන නායක ස්වාමින් වහන්සේනමක් මීට අවුරුදු තිහකට ඉස්සරවෙලා ඉදලා මම හදුනනවා. උන්වහන්සේ තමයි මේ විහාරස්ථානයට මාව යොමු කළේ . මෙම විහාරස්ථානය බණ භාවනා කිරිමට ඉතාම සුදුසු තැනක්. හොද පරිසරයක් තියෙන තැනක් නිසා මෙහි පැවිදි වුණා.
පවුලේ අය හැරෙන්න කවුරුවත් මම මහණ වෙන බව දැනගෙන හිටියේ නැහැ. මම දැනට වසර විස්සක තිහක පමණ ඉඳන් මස් මාළු කන්නේ නැහැ. මත්පැන් බොන්නේ නැහැ.
මම උදේ පාන්දර තුනට අවදිවෙනවා. ඊට පස්සේ භාවනාවේ යෙදෙනවා. උදේ 5.30ට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. මගේ දැනුමෙන් පන්සලේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාට ඉංග්‍රිසි උගන්වනවා. ගමේ දරුවන්ට ඉංග්‍රිසි පංතියක් කරනවා සේවයක් විදියට.
හවසට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. බණ භාවනා කටයුතු තමයි වැඩිපුර කරන්නේ. කාලයක් තිස්සේ හිතේ තිබු බලාපොරොත්තුවක් තමයි අද ඉෂ්ට වෙලා තියෙන්නේ. භාවනා පංතිවලට ගිහින් තියෙනවා.
එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන යන කලාකරුවන් තමයි කලා ක්ෂේත්රයේ ඉන්නකොට මගේ ගුරුවරු වුණේ. තරුණ කාලයේම මට ඒ වාසනවා ලැබුණා. ඇත්තටම මම ප්රවිණයන් සමග වැඩ කළා. කලා කටයුතුවලදී ඉක්මනට ගමනක් ගිය කලාකරුවෙක් නෙවෙයි. රැකියාවට බාධාවක් නොවන විදියට තමයි රගපෑම කළේ. ප්‍රසිද්ධ වේදිකා රංගනයට දායක වුණේ 1965 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වළේ . එදිරිවිර සරච්චන්ද්‍ර මහත්තයාගේ එලොව ගිහින් මෙලොව ආවා කියන නාට්‍ය තමයි රඟපැවේ. 65 ඉඳන් 2015 විතර වෙනකම් රගපාලා තියෙනවා. විනෝදාංශයක් විදියට රගපෑවාට නිකන් රගපෑවේ නැහැ. එය ක්ෂේත්රයට කරන අවනම්බුවක්‘
ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි (දිවයින)
| අනිත්‍ය, දුක්ඛ නොවේ. එය අනිච්ච, දුක්ඛ යනුවෙන් නිවැරදි විය යුතුය. අනිත්‍ය යනු අස්ථිර බවයි. අනිච්ච යනු අපේ කැමැත්ත ඉෂ්ට නොවීමයි. ලොවේ සියලු දේ අස්ථිර නොවේ. ස්ථිර දේ ද ඇත. එහෙත් ලොවේ සියලු දේ අපේ කැමැත්ත ඉෂ්ට නොකරයි. ඒ නිසාම දුක ඇති වේ. නිවැරදි බුදු දහම එයයි | -2 | NEGATIVE |
ncpp_train_38756 |
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට සමහරුන් හඳුන්වන්නේ ගිලන් රථ ඇමති ලෙසයි. ඔහුෙ1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ වීම ඊට හේතුවයි. ඔහු මෙම සේවය ලංකාවට හඳුන්වා දුන්නේ දැඩි විරෝධතාවයක් මැද. නමුත් දැන් ලංකාවේ බොහෝ දෙනෙකු මෙම සේවාව ගැන ගුණ ගායනා කරන අතර ගිලන් රථයක ඉපදුණු බිළින්දෙකුට හර්ෂ යනුවෙන් නම දැමූ ආරංචියක් ද පසුගියදා පැතිරුණා.
මේ වනවිට ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ 'ප්‍රභාෂ්වර' නමින් අළුත්ම වැඩසටහන් පටන් අරන්. මෙම වැඩසටහනේ පළමු පියවර විදිහට ලබන සෙනසුරාදා (30) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද අක්කර තුනහ මාරක ඉඩමේ මෙට්‍රික් ටොන් 5000 ක එළවළු සහ පළතුරු ගබඩා කරන්න පුළුවන් උෂ්ණත්වය සහ තෙතමනය පාලිත ලංකාවේ පළමු කෘෂි ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කරනවා. මෙය මාස හයකින් ඉදිකර අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
මෙම ශීතාගාර සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉන්දීය රජය මගින් ප්‍රදානයක් ලබාදී තිබෙන අතර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යංශයේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපේ ගොවියාගේ අතිරික්ත අස්වැන්න ශීතාගාරවල ගබඩා කර අවශ්‍ය වේලාවට දේශීය සහ විදේශීය වෙළඳපොළ වලට යොමු කිරීමේ නව්‍ය හැරවුමක පළමු පියවර මෙය ලෙස සඳහන් කළ හැකියි. මෙම අරමුණු ජයගැනීම සඳහා මෙවර අයවැය මගින් ශීතාගාර පහසුකම් සඳහා ආයෝජනය කරන ආයෝජකයින්ට බදු සහන මාලාවක් රජය විසින් ලබාදී තිබුණා. දඹුල්ලේ ඉදිකරන මෙම ශීතාගාර සංකීර්ණය වටා එළවළු සහ පළතුරු සැකසුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයක් ගොඩ නැගීමද මෙම සැලසුම් වලට අයත් වෙනවා. මෙම ව්‍යාපෘතියෙන් පසුව මධ්‍යම පළාත ආවරණය කරමින් කැප්පෙටිපොළත්, උතුරු පළාත ආවරණය කරමින් යාපනයේත්, දකුණු පළාත ආවරණය කරමින් ඇඹිලිපිටියේත් මෙවැනිම කෘෂි ගබඩා සංකීර්ණ ඉදිකිරීම සඳහා “ප්‍රභාෂ්වර“ වැඩසටහනින් සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහනේ පූර්ව ප්රචාරක පටයක් පහතින් දැක්වේ.
| දැන් එක සැරයක් පොඩ්ඩා කිව්වනේ.... දැන්වත් වාත වෙන්නේ නැතුව පල කෝ.... xD | 5 | POSITIVE |
ncpp_train_38757 |
පුංචි බොරැල්ල, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍යහමුව නිමවී ත්‍රිරෝද රථයක නැගී
එතැනින් පිටව යනු
දක්නට ලැබිණි.
එක් ආරක්ෂක නිලධාරියකු සමඟ පැමිණ සිටි වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය හමුව නිමවූ පසු එම ස්ථානයෙන් පිටත්ව මාර්ගය හරහා ගොස් පදික වේදිකාවේ මඳ වේලාවක් රැදී සිටියේය.
ඉන්පසු පැමිණි ත්‍රිරෝද රථයක් අත දමා නවතා ගත් මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරියාට පළමුව එයට නැගීමට අවස්ථාව දී ඉන් අනතුරුව ඔහුද එයට නැග පිටත්ව ගියේ අවට සිටියවුන් පුදුමයෙන් බලා සිටියදීය.
-ඩයනා උදයංගනී-
| මෙහෙමයි - මූ එතනදී කුණු හරුප දෙසා බාන්න පටන් ගන්නැති. තිලංග මූට දොර පෙන්නනැති | 11 | POSITIVE |
ncpp_train_38758 |
සැමියාගේ යාළුවන් 10 ක් බිරිය සමූහ දූෂණය කර
වීඩියෝව ඉන්ටර්නෙට් දැම්මාට පරීක්ෂණ
ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ තරුණ මවක් දස දෙනකු අතින් සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධියක් හා එම සිද්ධිය අන්තර්ජාලයට යොමු කළ අය ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් අරඹා තිබේ.
ආබාධිත යුද හමුදා සෙබළකුගේ බිරියක බව කියන මෙම එක් දරු මවට මෙම හිංසනයට ලක්වන්නට සිදුව ඇත්තේ සෙබළාගේම හිතවතුන් 10 දෙනෙකු
නිසාය. ඔවුන්
තම සැමියා සමඟ මත්පැන් බීමට එකතු වූ තරුණයන් දස දෙනකු බව ඇය පොලිසියට දන්වා ඇත. සැමියා නිවෙසේ නොමැති අවස්ථාවක් බලා නිවසට පැමිණ එම 10 දෙනා එකින් එක්කෙනා බැගින් පැමිණ තමා සමග අඹුසැමි හැසිරීමක නිරතවූ බවත් මෙම අපරාධය සිදු කරන අවස්ථාවේ ජංගම දුරකථන මගින් එය වීඩියෝගත කිරීමටද ඔවුන් කුරිරු ලෙස කටයුතු කළ බවත් ඇය පවසා තිබේ.
මීට වසරකට පමණ එපිට සිදුවූ අතවර සිද්ධිය සම්බන්ධයෙන් ඇය අනතුරුව ඒ දිනවලම ඥාතීන්ද දැනුවත් කර ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි කර තිබෙන අතර පොලිසිය විමර්ශනය කොට ඊට අදාළ දස දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් සියල්ල රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධ නඩුව වසරක් තිස්සේ විභාග වෙද්දී දිගින් දිගටම ඇප ලබාදී තිබුනේද නැත.රක්ෂිත බන්ධනාගාර ගතව දිගු කාලයක් එහි ගත කළ ඔවුන් පසුව පසුගිය මාසයේ ඇප ලබා එළියට ඇවිත් තිබේ.
අනතුරුව ඔවුන් මෙම කාන්තාවගෙන් පලිගැනීමේ අටියෙන් එම සමූහ දූෂණ වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇතැයි කියැවේ.
ඇය නැවත වතාවක් පොලිසියට ගොස් මෙම හිරිහැරය දන්වා සිටින්නේ ඒ අනුවයි. ඇගේ පැමිණිල්ලට අනුව අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් දැන් අරඹා ඇත.
මීට වසරකට පෙර මෙම තරුණ මව සිය දරුවා සමඟ නිවෙසේ සිටියදී ප්‍රදේශයේ තරුණයන් ඇතුළු දස දෙනකු එක්ව සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියෙන් පසු මෙම දස දෙනාගෙන් එක් අයකු හෝ කීප දෙනකු එක්වී මෙම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට දමන්නට ඇති බවට සැක කෙරේ.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ඇතුළු කණ්ඩායමක් ගම්පොළට පැමිණ මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙන බවද වාර්තා වෙයි.
| අල්ලපු ගෙදර එකා... උඹ බඩු ලාල්ට කින්ඩිය දම දමා ඉන්නකොට මම හිතන් හිටියෙ උඹ ජොලි පොරක් කියල. දැන් බලන් ගිහාම උඹ සක්කිලි වලත්තයෙක්නෙ. ලැජජයි බන්. | 13 | POSITIVE |
ncpp_train_38759 |
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන 03 වන තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවති අතර ශ්‍රී ලංකාව පරාජයට පත්විය.කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. පන්දුවාර 20 අවසානයේ නවසීලන්ත කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 167ක් රැස් කර ගැනීමට සමත් විය.නවසීලන්ත ඉනිම ආරම්භයේදී කඩා වැටීමකට ලක්වූවත් ග්ලෙන් පිලිප්ස් අවසන් ඕවරය තෙක් රැඳෙමින් රැස්කළ 104 නිසා විශාල ලකුනු ප්‍රමාණයකට යාමට හැකි විය. නවසීලන්තයට එරෙහිව ලකුණු 168ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර19.2කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 102කි.ඒ අනුව නවසීලන්ත පිළට ලකුණු 65ක ජයක් හිමිවිය.ශ්‍රී ලංකා පිලේ මුල් පිල සහමුලින්ම බිද වැට්ටවීමට නවසීලන්ත පන්දුයවන්නන් සමත් විය. ලකුණු ලබාගත්තේ දසුන් ශානක හා භානුක රාජපක්ෂ පමණි. ශ්‍රී ලංකාව අද දින දුර්වල පන්දු රැකීමක්ද වාර්තා කළ අතර ග්ලෙන් පිලිප්ස් ලකුණු 10 ට අඩුවෙන් ලබාගෙන සිටියදී අතටම ලබාදුන් උඩ පන්දුවක් පැතුම් නිශ්ශංක අතහැරියේය.මෙම පරාජය සමග ශ්‍රී ලංකාව 1 කාණ්ඩයේ පහළටම ගියේය.ලකුණු සටහන පහතින් පොයින්ට්ස් ටේබල් ඊට පහතින්
| පැතුම් නිස්සංක, චාමික සහ ධනන්ජය දක්ෂ උනත් T20 format එකට හරියන්නෙ නෑ. මේ අය එක්ක සෙමි ෆයිනල් තියා ලකුනු 160-170ක් ගහන්න බෑ. චේස් එකක් උනොත් ඉවරයි. ඒ නිසා තමන්ගෙ රෝල් එක හරියට කරන්න පුලුවන් වේගෙන් ලකුනු රැස්කරන්න පුලුවන් දෙතුන් දෙනෙක් අවශ්‍යයි ටීම් එකට. | 15 | POSITIVE |
ncpp_train_38760 |
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙන්කර තිබෙන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක්
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ගමන් බිමන් වෙනුවෙන් වහාම ලබාදීමට අග්‍රාමාත්‍යවරයා ඊයේ (29) පියවර ගන්නා බව දන්වා තිබූ කමුත් අද වාර්තා වූයේ
අගරදගුරුතුමන් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි.
පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාවලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වෙඩි නොවදින රථය ලබාදීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා තිබුණි.
රටේ ආරක්ෂක තත්වය තහවුරු වනතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉතාම පළපුරුදු රියැදුරකු ද සමග වෙඩි නොවදින මෝටර් රථය කාදිනල්තුමන්ගේ ගමන් බිමන් සඳහා යොදවන බව ද අරලියගහ මන්දිර ප්‍රකාශකයෙකු දන්වා තිබූ නමුත් අද අගරදගුරු තුමන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී දන්වා සිටියේ ඒ බව තමන් වහන්සේට දන්වා සිටි අවස්ථාවේ එවැන්නක් අවශ්‍ය නැති බවට දන්වා සිටි බවයි.
| අවශ්‍ය වන්නේ තාවකාලික පිළියම් නොව.පැලැස්තර දමා මෙය විසඳිය නොහැක.අවශ්‍ය වන්නේ තිරසාර විසඳුමක් ය. | 56 | POSITIVE |
ncpp_train_38761 |
අග්‍රාමාත්‍යවරයෙකු තේරීමේ බලයක් පාර්ලිමේන්තුවට නොමැති බවත්, පාර්ලිමේන්තුවට ඇත්තේ අගමැතිවරයා ඉවත් කිරීමේ බලය පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී
පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද හෙතෙම සඳහන් කළේය.
"අපි රටේ නීතිය අනුගමනය කරනවා. පාර්ලිමේන්තුව කැදෙව්වා කියලා බලය පෙන්නන්න බෑ. රටේ ජනාධිපතිවරයා පත්කළ අගමැති කෙනෙක් ඉන්නවා නම් ඔහු තමයි අගමැති. ඔහු ඉවත් කරන ජනාධිපතිවරයාට පුළුවන් අවස්ථා තිබෙනවා. නම් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයි.
ව්‍යවස්ථාවේ තිබෙන ක්‍රමවේදවලට අනුව මිසක් පාර්ලිමේතුව නැවත කැඳවා කියා, කවුද අගමැති කියලා තීරණය කරන්න බෑ. ව්‍යවස්ථාවේ කොතැනකවත් අගමැති මේ බලයක් පාර්ලිමේන්තුවට හෝ කථානායකට දීලා නෑ. අගමැති ඉවත් කිරීම ගැන පමණයි කියලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරලා ඉවරයි. කථානායකවරයා ව්‍යවස්ථා විරෝධී කටයුතු කරනවා” යනුවෙන්ද ඔහු කියා සිටියේය.
| Well said bro!!!! | 4 | POSITIVE |
ncpp_train_38762 |
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාව එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැය 24ක කාලයක් පාර්ලිමේන්තු
මන්ත්‍රී අතුරලියේ
රතන හිමි විසින් ලබාදී තිබේ. එම කාලය තුළ අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළහොත් ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයකට තමන් එළඹෙන බවත් රතන හිමි ප්‍රකාශ කළේය.
රතන හිමි මේ බව පැවසුවේ ඊයේ (28) රාජගිරිය සදහම් සෙවණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පෙරේදා (27) පස්වරුවේ කුරුණෑගල රෝහලට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අතුරලියේ රතන හිමි ප්‍රකාශ කළේ ඉන් ඉදිරියට මහපාරේ සිට රට පාලනය කරන්නේ තමන් විසින් බවයි.
| රතන හිමි කියන්නේ සිවුර දාගත්තු නළුවෙක් බං . හැමදාමත් කළේ ටීවී කැමරා ඉදිරිපිට රඟපාපු එක තමා | 11 | POSITIVE |
ncpp_train_38763 |
2021 ජනවාරි මාසය සඳහා නිකුත් කර ඇති vogue ඉන්දියා විලාසිතා සඟරාවේ පිටකවරය හා තේමා ඡායාරූප එකතුව සරසන්නට ප්‍රකට ඉන්දීය නිළි අනුෂ්කා ෂර්මා ඉදිරිපත්ව ඇති අතර ඇය ගැභිනියකව සිටියදී මෙලෙස ඡායාරූප වලට පෙනී සිටීම විශේෂත්වයකි.එම කවර තෙමා ඡායාරූප එකතුව මේ සමග පළවේ.
| මට අවුලක් නෑ..උඹලට මොකුත් ප්‍රස්න තීනවද...... | 5 | POSITIVE |
ncpp_train_38764 |
යුද්ධයට සහභාගී වූ සොල්දාදුවන්ගේ සිරුරු වහාම පුළුස්සා දැමීම සඳහා රුසියාව ට්‍රක් රථයක "ආදාහනාගාරයක්" පිහිටුවා ඇතැයි ‘ද ටෙලිග්රාෆ් පුවත්පත්‘ වාර්තාවක් පළ කරමින් හෙළි කර තිබේ.රුසියාව කිසිදු හානියක් පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නොමැති පසුබිමක මිනිස් සිරුර 'වාෂ්ප කිරීමට' ස්ථානයක් තිබෙන බව වීඩියෝවකින්ද පෙන්නුම් කර ඇත.මීට පෙර, බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් බෙන් වොලස් පැවසුවේ ආදාහනාගාරය යුද පිටියේ සිටින හමුදා පසුපස යාම සඳහා යවා ඇති බවයි. එවැනි ක්‍රමයක් භාවිතා කිරීම ක්‍රෙම්ලිනයට අනාගත යුද අලාභ වසා ගැනීමට මාර්ගයක් විය හැකි බව ඔහු පැවසීය. එය විවේචනය කරමින් ආරක්ෂක අමාත්‍ය බෙන් වොලස් පැවසුවේ, "මම රුසියානු සොල්දාදුවෙක් නම් සහ හමුදාවට මා ගැන විශ්වාසයක් නැති බව දැන සිටියා නම්, සටන් බිමේ පිටුපසට චලනය වන ආදාහනාගාරයක් යැව්වොත් එය කෙතරම් අවමානයක්ද" යනුවෙනි. යුද පිටියේ දුවන ආදාහනාගාරයක් යනු යුද හානි වසාගන්නා උපායක් බවටද විවේචන එල්ලවී පවතී. වීඩියෝ පටයේ සඳහන් වන්නේ මෙම වාහනය අනතුරුදායක ජීව විද්‍යාත්මක අපද්‍රව්‍ය විනාශ කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති බවයි. එය සපයනු ලබන්නේ ශාන්ත පීටර්ස්බර්ග් හි Tourmalin නම් සමාගම කිනි. යුක්රේනයට එරෙහි යුද්ධය ආරම්භයේ සිටම රුසියාවෙන් පිටතින් මෙන්ම ඇතුළතින් ද විවේචන ඇති විය. එරටේ බොහෝ පුරවැසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව විරෝධතා දක්වා ඇත. ආදාහන රථයේ පින්තූරය ප්රසිද්ධවීමෙන් පසු මෙවර රුසියානු සොල්දාදුවන් රැසකගේ මෑණිවරු සිය හඬ අවදි කළහ. රුසියානු හමුදා මව්වරුන්ගේ කමිටුව කියා සිටින්නේ තම පුතුන් රවටා යුක්රේනයට ගෙන ගිය බවයි. යුක්රේන දේශසීමා වෙත ඔවුන් රැගෙන යමින් සිටියේ යුද අභ්‍යාස සඳහා යයි කියා නමුත් එහි ගිය පසු, ඔවුන් කෙලින්ම ලේ වැකි යුධ පිටියට හෙළනු ලැබීය. යුක්රේනයේ රුසියානු සොල්දාදුවන් 4300 ක් මිය ගිය බවට තොරතුරු ඇතත් රුසියාව කිසිවක් ඒ ගැන සඳහන් කරන්නේ නැත. යුක්රේනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය Hanna Malia විසින් යුද්ධයෙන් මියගිය රුසියානුවන්ගේ ලැයිස්තුවක් නිකුත් කර තිබේ. ඔහු ෆේස්බුක් සටහනක් තබමින් කියා සිටියේ යුද්ධයෙන් මේ දක්වා රුසියානු සොල්දාදුවන් 4,300 ක් මිය ගොස් ඇති බවයි. රුසියාව ද කිසිදු හානියක් පිළිබඳ සංඛ්‍යාලේඛන නිකුත් කර නොමැත.යුක්රේන අමාත්‍යවරයා විසින් සපයා ඇති ලැයිස්තුවට අනුව ගුවන් යානා 26ක්, හෙලිකොප්ටර් 26ක්, යුද ටැංකි 146ක්, සන්නද්ධ රථ 707ක්, කාලතුවක්කු 49ක්, ගුවන් ආරක්ෂක ග්රන්ථ 1ක්, ග්‍රැඩ් රොකට් දියත් කිරීමේ පද්ධති 4ක්, වාහන 30ක්, ටැංකි 60ක්, ඩ්‍රෝන යානා 2ක් සහ බෝට්ටු 2ක්. විනාශ කරන ලදී. (ද ටෙලිග්රාෆ් ඇසුරිනි - Gossiplankanews.com)video below
| හැබැයි බලන කොට රුසියාවටත් සෑහෙන හානි වෙලා තියෙන හැඩයි. | 37 | POSITIVE |
ncpp_train_38765 |
පසුගියදා අනුරාධපුරයට ගිය ජනපති අපේක්ෂක ගෝඨාභය
රාජපක්ෂ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
වැදපුදා ගැනීමට ගමන් කර පැමිණෙන අවස්ථාවේ ශ්‍රී මහා බෝධියෙන් වැටුණ බෝකොළයක් සාක්කුවේ දමාගෙන පැමිණියේය. එය ඡායාරූප වලද සටහන් විය.
මේ වනවිට එය වැරදි දෙයක් ලෙස ඇතැමුන් සමාජ මාධ්‍ය තුළ පද හදා තිබේ.
ඒ ගැන ඇතිවූ සංවාදද බොහෝය. නමුත් තමන් තුළ පවතින ශ්‍රද්ධාව මත කැමති දෙයක් කිරීමට ඇති නිදහස පෙන්වාදී ඇති ඇතැමුන් එම අදහස් ප්‍රතික්ෂේප කර තිබේ.
| බෝකොලේ හැමෝටම පෙන්න දාන් යන එකෙක් දැක්කමයි ..බෝකොලේ දිහා බලන්නැතුව බලය නැති නිසා දැන් බෝ පැළේ වගේ ඉන්න මිනිහා දිහා බලපං ..බලය ලැබුණාම බලපල්ලකෝ බෝ කොළ සාක්කුවේ දාන් යයි ද කියලා | -3 | NEGATIVE |
ncpp_train_38766 |
සිංහල බෞද්ධ පදනම මත ගොඩනැගී ඇති රාජ්‍ය නායකත්වයක් බිහිවිමෙන් රටේත් ජාතියේත් අනාගතය සුරක්ෂිතවූ බව අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා
පසුගියදා පැවැසීය. එම සුරක්ෂිතතාව ඉදිරියටත් පවත්වාගෙන යාමට රටට ජාතියට ආදරය කරන සියලු දෙනාටම ඇත්තේ අත්හළ නොහැකි වගකීමක් යැයිද ඔහු කීය. රටට ජාතියට සෙත් ප්‍රාර්ථනා කරමින් ඉකුත් දා දෙනියාය දියදාව සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ පැවැති විශේෂ බෝධිපූජා පින්කමකට සහභාගිවෙමින් පසුව
අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. කුමාරසිරි හෙට්ටිගේ මහතා මෙසේ ද පැවැසීය.
අද අපට නැවැත ජීවත්වීමට සුදුසු පරිසරයක් ඇතිවී තියෙනවා. ඒ තත්ත්ව ය උදාවුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවීම නිසයි. ජනතාව ඒ පෙරළිය සිදුකළේ කිසිම කලබලයකින් නෙවෙයි. බෞද්ධ සංස්කෘතියෙන් අපිට හිමිවූ හැදියාව ඒකයි. යහපාලනය නිසා අවුරුදු පහක් රටත් ජාතියත් අන්ත අසරණ තැනට වැටුණා. නැවත ත්‍රස්තවාදය ඇති වන තැනට වැඩ කළා. ඒ නිසා අපිට අහිංසක ජීවිත ගණනාවක් අහිමි වුණා.
වගකිව යුත්තන් තවමත් ඒ ගැන කතා කරන්නේ නැහැ. ඔවුන් බුදු දහමට හානිවන දේවල් බොහෝමයක් කළා. භික්ෂුන් වහන්සේලා හිරේ දැම්මා. සිංහල බෞද්ධ පදනම ගැන කතා කරපු කොළඹ අගරදගුරු හිමියන්ට අපහාස කළා. රටට ජාතියට ආගමට ආදරය කළ විශාල පිරිසකට නිකරුනෙන් හිංසා කළා. මේ රටේ සිංහල බෞද්ධ පදනමට පහර ගහල කිසිම කෙනෙක්ට ජය ගන්න බැහැ. ඒ පදනමට පහර ගහපු නිසා යහපාලන ආණ්ඩුවට ගෙදර යන්න වුණා.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන් බලයේ ඉන්න නිසා දැන් බියක් ඇතිකරගත යුතු නැහැ. යහපත් සමාජයක් බිහිකරන්න නම් යහපත් මිනිස්සු ඕනෑ. ආගම දහම මූලික කරගනිමින් ඒ සඳහා හැඩගැහෙන්න ඕන. අන්තවාදයටජාතිවාදියට තිබෙන ඉඩකඩ අපි අවුරා දැමිය යුතුයි. සිංහල, දමිළ, මුස්ලිම් සියලුම දෙනා මිනිස්කම පදනම් කර ගනිමින් ජීවත් වෙනවානම් ඒ සමාජයේ සහජීවනය ඉස්මතුවෙනවා යැයිද ඔහු සඳහන් කළේය.
| අනාගතේ රැකුනා. බඩු මිල නැගුනා | 7 | POSITIVE |
ncpp_train_38767 |
මේ වනවිට පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් අවශ්‍ය වීම නිසා විකල්ප ක්‍රම කරාද ඇතැමුන් යන අතර පැරණි ගමන් ක්‍රමයක් වන අසුපිටයාම ආරම්භවී ඇත.එක් සිදුවීමක් වාර්තාවන්නේ කිරිබත්ගොඩිනි. තරුණයෙකු කිරිබත්ගොඩදී අසු පිටින් ගමනක් යන අයුරු වීඩියෝව පහතින් ඔහු ගමන් කරන පාරේ තෙල් නැතිව වාහන පෝලිම් තිබෙන අයුරුද පෙන්නුම් කරයි. video below
| අශ්වයා කුලප්පු වුනොත් ඉන්ශුවරන්ස් ඕනෙ පෑගිච්ච එවුන්ට . | 68 | POSITIVE |
ncpp_train_38768 |
පසුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ගැටුමකට මුලපුරන්න උත්සාහ දැරූ අන්තවාදී මුස්ලිම් මතදාරී තරුණ පිරිසක් මේවනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ. මාවනැල්ල පොලිස් වසමේ ස්ථාන කීපයකදී බුද්ධ ප්රතිමාවලට මිටිවලින් පහරදී
හානි කිරීම ඔවුන් සිදු කර තිබුණි.
අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන සැකකරුවන් හය දෙනකු ඊයේ (27දා) වනවිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාවනැල්ල ළිඳුලවත්ත මංසන්ධියේ තිබූ බුද්ධ ප්‍රතිමාවකට පහරදෙමින් එය විනාශ කරමින් සිටි දෙදෙනාගෙන් කෙනෙකු ගම්වැසියන් අල්ලා ගස් බැන්ද පසු ඔහු සිදු කළ පාපොච්චාරණය අනුව අනෙක් සැකකරුවන් අල්ලාගන්නට හැකිවූ අතර කළුගල්ල මාවතේ හෝටලයක සේවය කරමින් සිටියදී එක් අයෙකු අත්අඩංගුවට පත්වූ අතර දෙදෙනෙකු කෑගල්ල පොලිසියට පැමිණ භාර වූ බවද පොලිසිය කියයි.
මෙම සිද්ධිදාමයට අදාළ ප්‍රධාන සැකකරු මේවනවිට සැඟව සිටින බවද වාර්තාවේ.
ගස් බැඳ පොලිසියට භාර දුන් පුද්ගලයා දැනට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් හය දෙනා ඉකුත් 23දා රාත්‍රි මාවනැල්ල පොලිස් වසමේ රන්දිවෙල හා හිඟුල, මහන්්තේගම යන ප්‍රදේශවල මංසන්ධි දෙකක ඉදිකර තිබූ බුද්ධ ප්රතිමාවලට යතුරුපැදිවලින් ගොස් යකඩ මිටිවලින් පහරදී ප්රතිමාවලට අලාභහානි සිදු කර තිබිණි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු ප්‍රකාශ කර ඇත්තේ තමන් කුරාණය නමැති පොත කියවා ඇති බවත් එහි අල්ලා දෙවියන් හැර මේ ලෝකයේ වෙනත් කිසිවකු නොමැති බවත් ඒ හේතුවෙන් මෙලෙස බුදු පිළිම විනාශ කිරීමට සිතූ බවත්ය. අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ නිවෙසක තිබී බුදු පිළිම විනාශ කිරීමට යොදා ගත් මිටියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
මෙම සැකකරුවන් පිරිස අන්තවාදී කල්ලියක
සාමාජිකයින් බව වාර්තාවන අතර දැනට සැඟව සිටින ප්‍රධාන සැකකරු ඔහුගේ මාවනැල්ල පිහිටි නිවසට අනෙක් අය ගෙන්වා පන්ති පවත්වා මේ ආකාර විනාශ සිදු කරන ආකාරය ඉගැන්වූ බවත් ඔහු කියන දේවල් කිරීමට තමන් පෙළැඹුනේ ඒ නිසා බවත් අත්අඩංගුවට පත්වූ අය පවසා තිබේ.
කෙසේ වෙතත් මේ ගැන පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන්ගේ අන්තවාදී අදහස් නිසා මාවනැල්ල මුස්ලිම් පල්ලිය මගින් ඔවුන් නෙරපා හැර තිබූ බවයි. තමන්ගේ මතය දරන වෙනම කණ්ඩායමක් සකසා ගැනීමට පසුව ඔවුන් පෙළැඹි ඇති බවද වාර්තා වේ.
ප්‍රධාන සැකකරු සෙවීම සඳහා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වෙනුවෙන් මාවනැල්ලට පිටත් කර යවා ඇති බවද වාර්තාවේ.
| බුදුපිළිම කඩපුඑකට සුපිරියි කියල කමෙන්ට් දාන පර හැත්තක් ඉන්නවනෙ අම්මපා | 63 | POSITIVE |
ncpp_train_38769 |
හෙලෝ කෝප් සමාගම මිලදී ගැනීමට අදාළ නඩුවේ විත්තිකරුවන් බවට පත්ව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි
නාමල් රාජපක්ෂ මහතා ඇතළු. පස් දෙනෙකුගේ ගිණුම් පරීක්ෂා කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (31දා) අවසර දුන්නේය.ඒ අනුව ඔවුන්ටගේ ගිණුම් පවත්වාගෙන යන බැංකු 9ක ගිණුම් 15කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සඳහා අතිරේක මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය.අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 100ක් වියදම් කර හෙලෝ කෝප් සමාගම මිලදි ගත්තේයැයි නඩුව විභාග කෙරෙයි.
| මට නං ඉතිං නායකතුමාගේ බංගලාවෙ ටොයිලට් හෝදන්න සල්ලි ඕන නෑ ... පස්ස පැත්තට පොඩි තට්ටුවක් දැම්මත් ඇති .... | 20 | POSITIVE |
ncpp_train_38770 |
කොරෝනා අපේ ජීවිතවලට කියා දුන් පාඩම් බොහෝය. රෝහලේ ඇඳන් මත ඔක්සිජන් බටයට ජීවිතය දී හුස්ම යදින මිනිසුන් මෙන්ම දවසින් දවස මෘත ශරීරාගාරය ද හුස්ම නතර කළ මිනිසුන්ගෙන් පිරී ඇත. ඉන්දියාවේ දුටු විශාලම මෙන් ලංකාවේ මිනී ගිනි කඳු නොතිබුණද දිනකට ආදාහනාගාරය වෙත යන මිනිස් ජීවිත ගණන දෙසීය තුන්සීය ඉක්මවා ඇත. රාත්‍රියට සෑම රෝහලකම මිනී පෙට්ටි පෙරහර ආදාහනාගාරයට ඇදෙන්නේ ගොක් කොළ, පාවඩ, තොරණ්, වඩම් පමණක් නොව යහළු හිතමිතුරන්, තම ආදරණීයන්ගේ මුහුණවත් නොදැකය. ආටෝප නැති සිප වැළඳ ගැනීම් නැති ඇඳිවතින්ම පොලිතින් උරයක යන සිය අවසන් ගමන ජීවිතේ අනිත්‍යය බව කොරෝනා මාරයා සෑම කෙනකුටම මේ මොහොත වනවිට පසක් කර දී හමාරය. අප මේ කතා කරන මොහොතේ ලංකාවේ කාර්යබහුලම තැන වී ඇත්තේ රෝහලේ කොරෝනා වාට්ටු. මෘත ශරීරාගාරය සහ ආදාහනාගාරයි. දුගී පැලේ දුගියාටත් මහා මන්දිරේ සැපතාටත් මිල මුදල් බලය තාන්න මාන්න කෙතරම් තිබුණත් ඇඳිවතින්ම කොරෝනා ජීවිත අරගෙන යන මොහොත අවිනිශ්චිතය. පොලිතින් උරයක ඇඳිවතින්ම අවසානය සනිටුහන් කරන මේ මෝචරිය ඉදිරියේ දිනකට කී දාහක් නම් අඬනවා වැළපෙනවා ඇතිද? කරාපිටිය මෘත ශරීරාගාරය ඉදිරියේ මා දුටු මෘතදේහ පෙරහර හදවත මොහොතකට නතර කළේය. හරියටම වේලාව සවස පහ පසු වී විනාඩි තිහකි.“අද කොරෝනා බොඩීස් 25යි. අඩුයි කිව්වට ලොකු අඩුවක් නැහැ. රඟපෑම් තමයි ඔකොම. හැබැයි ඉතින් ඔය හැම රජෙකුගේම අවසානය මෙතන තමයි.”
මෝචරියේ සේවකයකු කියාගෙන ගියේය. දුප්පත් පෝසත් භේදයක් නැත. මේ මෝචරිය ඉදිරියේ මිනිස්සු අඬා වැටෙන හැටි, බිම ඉඳගෙන සමහරු පොළවේ පස් කකා අඬන හැටි මිනිස්සු ජීවිතේ කොයිතරම් අසරණ ද යන්න ලංකාවේ ඕනම මෝචරියක් ඉදිරියට ගියහොත් ඒ වේදනාව අසරණකම ඔබටත් දැන්වී, හැගේවි. සල්ලි ඇති, නැති ජනප්‍රිය, දුප්පත් උගත්, නූගත් ඉහළ පහළ පන්තිවල මිනිස්සු ඉටි කවරයක සීල් වෙලා මෝචරයේ ශීතාගාරයෙන් එළියට එද්දි ජීවත් වෙන්න මිනිස්සු මොන තරම් නැටුම් නැටුවත් අවසානය මේකද කියලා ඔබට හිතේවි. මේ පරිසරයට ළං වෙද්දී හිතට එන හැඟීම අමුතුවෙන් කිවයුතු නැත. මේ පාළු මූසල පරිසරයේ ඇසෙන එකම හඬ විලාපය සහ අදෝනාව පමණි. මේ මාවත්තේ සිනහ මුසු මුහුණක් දකින්නවත් නැත. මෝචරියේ කොරිඩෝවේ ට්‍රොලියක් මත නිශ්ශබ්ද වෙලා අත බැඳගෙන ඉන්න මේ අයගේ ජීවිතවල කොයිතරම් නම් බැඳීම් තියෙන්නට ඇතිද? මොනතරම් නම් පිරිස් බලය යහළු හිතවතුන් ඉන්නට ඇතිද? හීන බලපොරොත්තු එහෙමම වුණත් බිරිඳගේ, අම්මාගේ, තාත්තාගේ, දරුවගේ, නැදෑම හිතවතුන්ගේ මූණ නොබලම යන්න වුණු කී දෙනෙක් නම් මේ පොලිතින් උර ඇතුලේ අවසන් ගමන් ගිහින් ඇතිද? “මගේ මහත්තයාට මැරෙන්න තරම් ලෙඩක් තිබුණේ නැහැ. තාම මහත්තයට වයස අවුරුදු 39යි. මහත්තයා වැඩ කරපු තැනින් කොරෝනා හැදුනාම හරියට ඇඬුවා. ඇඬුවේ මටයි දරුවටයි අම්මටයි හැදේවි කියලා. අපි පරිස්සම් වුණත් අපිටත් හැදුනා. අදට අපිට සුව වෙලා මාසකට වැඩියි. අම්මා ගොඩක් වයසයි. හුස්ම ගන්න අමාරු වෙලා කරාපිටියට ඇතුල් කරළත් දැඩි සත්කාර ඒකකයේ ඇඳක් නැතුව අම්මාගේ පණ ගියේ රෝද පුටුවෙම. අම්මාගේ මරණේ මහත්තයාට කිව්වේ නැහැ. එතකොට එයා හිටියේ මැෂින් එකේ. දවස් නවයක් මැෂින් එකේ ඉඳලා මහත්තයාට සුව වුණා. අම්මා නැති වුණා කියලා මහත්තයාට කිවේ ගෙදර ආවම. අම්මාගේ තුන් මාසේ දානේ හොදට දෙන්න ඕන කියලත් කිව්වා. ගෙදර ඇවිල්ලා දවස් පහළොවක් විතර යනකොට මහත්තයට කැස්සක් හැදුනා. කැස්සත් එක්කම නැවත හුස්ම ගන්න අපහසුතා ආවා. කරාපිටියට ගෙනාවම කිව්වා හතියට ඇවිල්ලා කියලා.ඊයේ හවසත් මාත් එක්ක හොඳට කතා කළා. තව දවස් දෙකකින් මට ගෙදර එන්න පුළුවන් කියලාත් කිව්වා. රාත්‍රියේ මට රෝහලෙන් කතා කරලා කිව්වා කොවිඩ් නියුමෝනියා තත්වයෙන් මහත්තයා අන්ත්‍ර වුණා කියලා. අනේ මට විශ්වාස කරන්න බෑ කොරෝනා හොඳ වෙලා ගෙදර ගිය මහත්තයට මොකද වුණේ කියලා. එකපාරක් මට මහත්තයාගේ මූණ බලන්න දුන්නා. දරුවාට තාම අවුරුදු දෙකයි. ඒ නිසා දරුවාව ගේන්න එපා කිව්වා. අම්මා මැරිලා දවස් 20කින් මහත්තයත් නැති වුණා. මට අඬන්න දැන් කඳුළු නෑ. මේ වගේ වේදනාවක් නම් කිසිම ගෑනියෙකුට විඳින්න ලැබෙන්න එපා. වැඳලා කියන්නම් පරිස්සම් වෙන්න. අනේ මම මේ ඉන්නේ තව එක පාරක් හරි මහත්තයාගේ මූණ බලන්න මිස්.." ඇය හඩා වැටුණි.“අනේ මහත්තයෝ මට තව එකපාරක් මගේ මහත්තයාගේ මූණ පෙන්වන්න. සල්ලි ඕන නම් මම ඉල්ලන ගානක් දෙන්නම් එකම එක පාරක් මට මූණ බලන්න දෙන්න..."
ඇගේ වේදනා විලාපය මුළු මෘත ශරීරාගාරයේම දෝංකාර දුනි. ඇය මා හට මේ මෘත ශරීරාගාරයේදී මුණ ගැසුණු තවත් එක් තරුණියක් පමණි. මෙම කරාපිටිය රෝහලේ මෝචරි සේවකයකු තමා ලත් අනුවේදනීය අත්දැකීම් අපට පැවසුවේ මෙලෙසය. “රෑ වෙනකොට අපේ මුළු ඇඟම රිදෙනවා මිස්. සමහර කොරෝනා පොසිටිව් වුණ මළසිරුරු ටොලිවලට දාන්න ඕන අපිමයි. කොරෝනා බොඩීස් අල්ලන්න කවුරුත් එන්නේ නැහැ. මේ හැදෙයි කියලා බයයි. දවසට පොසිටිව් වුණ මරණ විස්සක් විසිපහක් එනවාමයි. එක දවසක් බොඩීස් හතළිහක් ආවා. මම මෙතන කරන්නේ මිනී කපන එක. එදා මිනී විසිපහකට වැඩිය මට කපන්න වුණා. අනිවාර්යෙන් දවසට කොරෝනා මරණ දහයක් දොළහක් කපන්න වෙනවාමයි. කොවිඩ් නියුමෝනියාවෙන් මැරෙන තරුණ අයගේ බොඩීස් නම් අනිවාර්යෙන්ම කපනවා. හැම මිනියක්ම කපන්නේ දෙවියන්ට බුදුන්ට මල් පහන් තියලා වැඳලා. දුප්පත්කමට මිනී කපන රස්සාව කරනවා මිසක් නැත්නම් ආසාවෙන් මේක කරන්නේ නෑ මිස්. මේක මහ කාලකන්නිම රැකියාවක්. මම කොවිඩ් මළසිරුරු කපන නිසා මාස පහකින් මගේ දරුවන්ගේ මූණ දැකලා නැහැ. ගෙදර ගියේම නැහැ. මාව දකිද්දි සමහර ළඟින් ඉන්න යාළුවෝ පස්සට යනවා. යාළු හිතමිතුරෝ නැදෑයෝ පවා මාව ඈත් කළා. ඒ දේවල් මතක් වෙනකොට පපුව පැලෙන්න තරම් දුකක් එනවා. මම දැන් අවුරුදු දාහතරක් තිස්සේ කරන්නේ මෝචරියේ මිනී කපන රස්සාව. රස්සා ජීවිතේ මේ ගෙවන්නේ ඉතා අමිහිරිතම කාල සීමාවක්.මේ වෙනකොට කොරෝනා පොසිටිව් වෙලා නැතිවුණ පොඩි දරුවෝ හය දෙනෙක් විතර මම කපලා තියෙනවා. කොයි තරම් අවුරුදු ගානක් රස්සාව කරළත් පොඩි දරුවෙක්ව අතට දුන්නම කකුල් පණ නැති වෙනවා. පුදුම කාලකන්නිකමක් හිතට දැනෙනවා. මීට දවස් හතරකට කලින් ගෙනාවා දරුවෙක් ලැබෙන්න ඉඳපු කොවිඩ් ආසාදිත අම්මා කෙනෙගේ සිරුරක්. අම්මාට අවුරුදු 28යි. දරුවා ලැබිලා තිබුණේ නැහැ. ඒ අම්මාගේ කුසේ හිටියේ හොඳට වැඩිච්ච දරුවෙක්. අතට ගත්තම මට ලෝබ හිතුනා. දරුවව අරගෙන අම්මාගේ කකුල් දෙක ළඟින් තිබ්බා. තරුණ මහත්තයෙක් ආවා සිරුර බාරගන්න. ඒ මහත්තයව මට අවනත කර ගන්නම බැරි වුණා. සිරුර පෙන්නපු ගමන් මාවත් තල්ලු කරගෙන ගිහින් කකුල් දෙක උඩ තියලා තිබුණු දරු පැටියව අරගෙන ඉඹගෙන ඉඹගෙන ගියා. මම කෑ ගැහුවා විෂබීජ, ඉඹින්න එපා කියලා. ඒ මහත්තයා අර මලකඳන් දෙක බලාගෙන අඬපු විදිහට මගේ කකුල් පණ නැති වුණා. මගේ ඇස්වලත් කඳුළු. ලෙඩක් හැදිලා මැරෙනවට වඩා මේ මරණ හරිම වේදනාකාරියි. ගෙදරින් පයින් හොඳට ඇවිදගෙන එන මිනිස්සු අවසානයේ රෙදි බෑග් එකත් එක්ක නතර වෙන්නේ මෝචරියේ. ඉතින් අර මහත්තයා මගෙන් ඉල්ලීමක් කළා. එතකොට පෙට්ටියට දාලා ඇණ ගහන්න විතරයි තිබුණේ. මගුල් දවසේ නෝනා ඇඳපු සාරිය අන්දන්න පුළුවන්ද කියලා ඇහුවා. මම ඒකත් කරලා දුන්නා. සිරුරට සාරිය අන්දලා දරුවටත් ලස්සන ඇඳුමක් ඇන්දුවා. මම ඇඳුම අන්දනකම්ම ඒ මහත්තයා අඩ අඩා නෝනගේ ඔළුව පිරිමැද්දා. මේවා කොරෝනා පොසිටිව් බොඩීස් නිසා ඇතුළට කාවවත් ගන්නේ නැහැ.ඒත් මට එහෙම කරන්න හිත දුන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් මට දවස් දෙකක් නින්ද ගියේ නැහැ. තාමත් නිතරම මට ඒ සිද්ධිය මතක් වෙනවා. ගොඩක් කොරෝනා මරණ මුලින්ම ආවේ වයසක අය. දැන් ගොඩක් එන්නේ තරුණ අය. සමහර දවසට මිනී කාමරේ මැස්සෝ වගේ පිරෙනවා. පවුල්වල අය මෙතන අඩා වැළපෙන ඒවා තමයි බලා ඉන්න අමාරුම.සමහර අය සිරුර බලලා මෙතනම පපුව අල්ලන් මැරිලා වැටෙනවා හෘදයාබාධවලින්. මේ මෑතකදී ඒ වගේ සිදුවීමක් වුණා. කොවිඩ් ආසාදිත නැති වුණ සැමියාගේ මරණේ බලන්න බිරිදයි දුවයි ආවා. මහත්තයාගේ මරණේ පෙන්නපු ගමන් පපුව අල්ලගෙන ඇදගෙන වැටුණා. හදිසි හෘදයාබාධයකින් ඒ අම්මා නැති වුණා. දුවට අවුරුදු දහයයි. ඒවා දකින්නත් අපි කොයිතරම් පව් කරලා ඇතිද කියලා හිත්තෙනවා. අවුරුදු දහයේ ඒ දරුවා අම්මගෙයි තාත්තාගෙයි මරණ දෙක ඉදිරියේ මොන තරම් වේදනාවක් දරා ගන්න ඇතිද? මේවා දැකලම රෑට නින්ද යන්නේ නැහැ. කන්න බඩගින්නක්වත් දැනෙන්නේ නැහැ. ඒ හැමදේම දරාගෙන රස්සාව කරන්නේ දුප්පත්කමට."
ඔහු පැවසීය. තවත් මෝචරි සේවකයකු ඔහුගේ අත්දැකීමක් මෙලෙස පැවසීය. “ගොඩක් දවසට රැ වෙනකොට අපිට උණ හැදිලා වගේ මිස්. ඇඟට දැනෙනවා දරාගන්න බැරි වේදනාවක් මේ මළමිනී උස්සලම. කොවිඩ් මරණ කියලා නැහැ හැම මිනියක්ම අපි සෝදලා පිරිසිදු කරලා තමයි පෙට්ටියට දානේ. සමහර සිරුරු දවස් ගණන් තියෙන තිසා හම එහෙම ගැලවිලා එන අවස්ථා තියෙනවා. ශීතාගාර පහසුකම් අවමයි. සමහර සිරුරුවල අයිතිකාරයෝ එහෙම නැහැ. මේ ළඟදී ඉස්කෝලේ යන වයසේ දරුවකුගේ සිරුරක් ගෙනාවා. කොරෝනා පොසිටිව් වුණ දරුවෙක්. කාලයක් තිස්සේ හතිය රෝගයෙන් ඒ දරුවා පෙළිලා තියෙනවා. අම්මා පුංචි කාලෙම නැති වෙලා. මේ දරුවා ජීවත් වෙලා තියෙන්නේ තාත්තා එක්ක. ගෑනු දරුවෙක්. සිරුර කපන්න සිද්ධ වුණා. කපලා පිරිසිදු කරලා තාත්තාට මම දුර තියලා පෙට්ටියට දාන්න කලින් මිනිය පෙන්නුවාම ඒ තාත්තා පොළවේ හැපි හැපී ඇඬුවා. පොලිතින් උරය වහන්න හදනකොට දුවලා ඇවිල්ලා මිනිය බදාගත්තා. ඒ තාත්තා පුදුම විදිහට කෑ ගහලා ඇඬුවා. ඒ තාත්තා අඩනකොට මටත් ඇඬුනා. මටත් දුවෙක් ඉන්නවා. ඒ තාත්තාගේ වේදනාව මට වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. කොවිඩ් මරණවලට ළගට යන්න දෙන්න එපා කියලා තියෙන්නේ. ඒත් ඒ තාත්තට ඇති වෙනකම් දුවගේ මිනිය ළග ඉන්න මම ඉඩ ඇරියා. ඒ තාත්තා ඒ දරුවාගේ ඔළුව අත ගගා මොන මොනවදෝ කිව්වා. මම පෙට්ටියට ඇණ ගහන්න හදනකොටම ආයෙම දුවගෙන ඇවිල්ලා මට පින්තූරයක් දුන්නා. දූ කවදාත් තනියම නිදාගෙන නැහැ මහත්තයෝ. අම්මා නැතිවුණ දා පටන් මගේ උණුසුමේ හැදුනේ. මට දරුවා පරිස්සම් කර ගන්න බැරි වුණා. මම මැරෙනකම් ඒකට විඳවාවි. මම එනකම් එයාගේ තනියට මේ පපුව උඩින් තියන්න කියලා පුංචි ටෙඩිබෙයා කෙනෙකුයි පින්තූරයකුයි දුන්නා. මේ සිදුවීම මගේ රස්සා ජීවිත්තේ අමතක කරන්න බැරි, මට නිතර මතක් වෙන සිදුවීමක්. කොච්චර මිනී කැපුවත් මෙතන අත්විඳින්න වෙන සමහර දේවල් මට දරාගන්න බැරි අවස්ථාවල පැත්තකට ගිහින් අඬපු අවස්ථා ඕන තරම් තියෙනවා මේ වේදනා සියල්ල දරාගෙන තමයි අපි මේ සේරම කරන්නේ. ඇත්තටම රස්සාව නොකර බැරිකමට. තමගේ කෙනෙක් කොරෝනා මාරයා උදුරා ගන්නකම් මේකේ තියෙන බියකරු බව ඒ වේදනාව අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.." ඔහු පැවසීය.නදීෂා අතුකෝරල(විශේෂ ස්තූතිය රුක්මන් මහතාට - කරාපිටිය රෝහල)
| හොඳටම තිබුණු රටක් අද වැටිච්චි තැනක් ! | -3 | NEGATIVE |
ncpp_train_38771 |
මහනුවර ගෑනු හුටපටයක් නිසා
ශිෂ්‍ය නායක සිසුවාට පිහි ඇනුම්
මහනුවර කටුගස්තොට සෙනරත්ගම මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායක සිසුවෙකුට එම විදුහලේම 10 වසරේ සිසුවෙකු පිහියකින් ඇනීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම පිහි ඇනුමට මුල්ව ඇත්තේ බාලිකාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගැනීමට දෙදෙනාම දරන
උත්සාහයක් නිසා ඇතිවූ පටලැවිල්ලක් බව වාර්තාවේ.
සිසුන් දෙදෙනා අතර මීට පෙර දිනයක මහනුවර නගරයේදී උණුසුම් කතාබහක් සිදුවී අමනාපයක් පැවැති තිබෙන අතර පසුගියදා පාසල තුළදී 10 වසරේ සිසුවා විනය කැඩුවැයි බොරු චෝදනාවක් මත ශිෂ්‍ය නායක සිසුවා ඔහුගේ බලය පාවිච්චි කරමින් දඩුවමක් ලබාදීමට කටයුතු කර ඇත. මේ ආකාරයට දෙදෙනා අතර මෝදුවූ වෛරය පසුගියදා පේරාදෙණිය ප්‍රදේශයේ බාලිකා පාසල අසළදී නැවත පුපුරා ගොස් ඇත.
මෙම දෙදෙනාම යාළුවන්නට තැත්කරන සිසුවිය එනතුරු මග රැක සිටියදී නැවත ආරවුල ඇතිවී පිහි ඇනුම සිදු කර ඇත.පිහි ඇනුම සිදු කළ සිසුවා 16 හැවිරිදි බාලවයස්කාරයෙකි.මෙම අවස්ථාවේදී දෙදෙනා අතර දීර්ඝ බහින්බස්වීමක් ඇතිව 16 හැවිරිදි සිසුවා සඟවාගෙන සිටි කුඩා පිහියකින් 17 හැවිරිදි සිසුවාට ඇන තිබේ. පිහි ඇනුමෙන් තුවාල ලද සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර පිහි ඇනුම සිදුකළ සිසුවා අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
| ගෑනුන්ට බනින්නෙපා.. පිරිමින්ගේ මෝඩ කම | 21 | POSITIVE |
ncpp_train_38772 |
මන්ත්‍රීවරුන් 117 දෙනෙකු මේ වන විට මහින්ද රාජපක්ෂ අගමැති ට සහය පළ කරන බව ගෝඨාභය රාජපක්ෂ ඊයේ පැවසීය. ඒ අනුව තවදුරටත් අගමැති ලෙස ඔහු කටයුතු කරන්නට හැකි බව ද ඉඟි කළේය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ සවස පැවති සාකච්ඡාවකදී මේ බව කියා තිබුනි. එහිදී මන්ත්‍රීවරුන් 117 දෙනෙකු මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේ දෙදෙනාම ඉදිරියට යා යුතු බවයි.
මන්ත්‍රීවරුන් 109 දෙනෙකු භෞතිකව පැමිණ සිටි අතර වෙනත් හේතු නිසා මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට පැමිණීමට නොහැකි විය. ඔවුන් සියලු දෙනාම ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දුන් බව කියා තිබූ අතර වත්මන් අර්බුදය සහ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කළහ.පවතින අභියෝග ජයගැනීම සඳහා පැහැදිලි ජාතික න්‍යාය පත්‍රයක් සහිත නව සභාග රජයක් පිහිටුවීමට අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය කටයුතු කළ යුතු බව පවසමින් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකළ ඩලස් අලහප්පෙරුම මහතාද ඊයේ සවස එම රැස්වීමට පැමිණ සිටියේය.
එම රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම අයෙකුට ආණ්ඩුව පවත්වාගෙන යාමට ඉඩ ලබාදෙන බවයි. මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙස තමන් ඉල්ලා නොමැති බවත් මහින්දට තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ සිටිය හැකි බවත් ජනපති කියා සිටියේය.
| ඔය අත උස්සන්න එකාලට ගමට එන්න දෙන්න කියල බලන්න. කවදා හරි දවසක ගමට එන්න වෙනවනේ..... | 16 | POSITIVE |
ncpp_train_38773 |
අද (30) ගම්පහ දී පැවැත්වූ ජාතික ජන බලවේගයේ (NPP) ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමුළුවට සහභාගී වූවන් විසින් අල්ලා ගෙන නිට්ටඹුව පොලීසියට බාරදී ඇතැයි වාර්තාවේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැති සමුළුවට සහභාගිවීම සදහා කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාව වෙත ගමන් ගනිමින් සිටි මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ලවී ඇත.ප්‍රබල ඇමැතිවරයකුගේ සහ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නම් හෙලිකර ඔවුන් ඒවූ බව ඒ් දෙන්නා පිළිගෙන ඇතැයිද පැවසේ. එක් පුද්ගලයෙකුට රුපියල් 5000ක් ලබාදුන් බවත් මීට පෙර කොළඹ කොටුවේ පැවති ජවිපෙ උද්ඝෝෂණයට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ද ඔවුන් බවත් මෙම අය පිළිගෙන ඇතිඅතර 16 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තිබූ බවත්, සිද්ධිය ඇතිවීමත් සමග අන් පිරිස පළාගිය බවත් මේ දෙන්නා පවසා ඇත.නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
| නිවටයෝ බයවෙලා බිත්තර පිල්ලි එවනවා | 35 | POSITIVE |
ncpp_train_38774 |
පෞද්ගලික සහ ලංගම බස්වල මගීන්ට පීඩාවක් වන අයුරින් අධික ශබ්දයෙන් යුතුව ගීත සහ විඩියෝපට වාදනය හෙට (1) සිට සම්පූරණයෙන්ම තහනම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අධික ශබ්දයෙන් යුතු ගීත හා විඩියෝපට බස්රථවල වාදනය කෙරෙන්නේ නම් ඒ පිළිබඳව ජාතික ගමනාගමන කොමිසමේ 1955 යන ක්ෂණික දුරකතන අංකයට පැමිණිලි කළ හැකි යැයි ඇමැතිවරයා සඳහන් කරයි.
අධික ශබ්දයෙන් ගීත
වාදනය කරන බස්රථවල රියැදුරන්ට හා කොන්දොස්තරවරුන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කොමිසමට උපදෙස් දී තිබේ. ලංගම හෝ පෞද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය කිරිම, බස් රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුගේ අවිනීත හැසිරිම ආදිය පිළිබඳව ද 1955 දුරකතන අංකයට පැමිණිලි කළ හැකි යැයි අමාත්‍යවරයා කියයි.
මේ අතර සියලුම බස් රථ සඳහා සුභාවිත ගීත දාහකින් සමන්විත සී.ඩී. තැටි නොමිලේ බෙදා දිමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. විද්වත් මණ්ඩලයක අධීක්ෂණය යටතේ තෝරා ගන්නා ලද එම සුභාවිත ගීත සහිත සී.ඩී. තැටි බස් රථ රියැදුරන් වෙත බෙදා දීම මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අද (31) පෙරවරුවේ සිදුකෙරේ.
-මහින්ද නිශ්ශංක-
| මේවා බාල වැඩ.කොහොමත් රූකඩ ඇමති මණ්ඩලයට මේවගේ බාල වැඩ විතරයි කරන්න බලය දීල තියෙන්නේ . පවු. | -44 | NEGATIVE |
ncpp_train_38775 |
යෝජිත ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත වුවහොත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යයි
ජාතික නිදහස් පෙරමුණු නායක
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කල ප්‍රකාශය ඇත්ත කතාවක් බවත් සමහරුන් විසින් අල්ලාගෙන ඇත්තේ වැරදි කොනකින් බවත්
ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
විමල්ගේ මස්සිනා වන අජිත් කුමාර පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ නඩුවේ නීතිීඥයෙකු ලෙසද තමා කටයුතු කළ බව කියන ඇමතිවරයා
‘විමල් ඒ කතාවෙන් කියන්න හැදුවේ එහෙම දෙයක් නොවෙයි. අලූත් ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය නැතිවුනොත් ඒ පාර්ලිමේන්තුව වැඩකටම නැති තත්වයකට පත්වෙනවා.
ඔහු උත්සාහ දැරුවේ එවැනි තැනකට පත්වුනු ආයතනයක් තිබීම වැදගත් නැති බව ඒත්තු ගැනීමයි’
කියා සිටියේය.
| මෙන්න තමන් ගොනෙක් කියාගන්නා ගොනෙක් "තද UNP කාරයෙක් ", "තද ශ්‍රී ලංකා කාරයෙක්". විවෘත්ත මනසක් නැති නිවැරදි තීරණයක් ගන්න බැරි මේවගේ චන්ද දායකයෝ හින්ද තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. | 22 | POSITIVE |
ncpp_train_38776 |
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මාධ්‍ය හමුවකතට එක්වී පැවසූ අදහස් පහත පරිදිය.‘ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරපු කතාව පිළිබඳව විවිධ කතන්දර කියන පාර්ශවයන්ට අපි කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ ජාතිය අමතා කරපු කතාවේ වෙන ජාතිය අමතා කරපු කතා කතාවලට වඩා කරපු වෙනස කටින් විතරක් නෙමෙයි මහපොළොවේත් පෙන්නලා තියෙනවා.. ඉතින් ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කටින් බතල හිටවන කෙනෙක් නෙමෙයි.
එතුමාට කොච්චර මඩගහනවා ද එතුමා මේ රටේ ජනාධිපති වෙන්න නාමයෝජනා බාර දුන්න දවසේ ඉඳලා විරුද්ධ පක්ෂයෙන්.. එදත් මට ගැහුවා, නාමයෝජනා කාලෙත් මට ගැහුවා, ජනාධිපතිකරණ කාලෙත් මඩ ගැහුවා, ජනාධිපති වුණාට පස්සෙත් මඩ ගැහුවා.. දැනුත් මට ගහනවා.. හැබැයි වෙනදා මේ රටේ ජාතිය අමතපු හැම අවස්ථාවකම රාජ්‍ය නායකයා විරුද්ධ පක්ෂය පිලේ කවුරුහරි පිළිබඳව අඩු ගානේ ඇනුම් පදයක් හරි කියන්න කියලා තමයි නැවැත්තුවේ.. ජාතිය අමතා කරපු සමහර කතාවල තිබුණේ සමහර නායකයන්ගේ මීට ඉස්සර විරුද්ධ පක්ෂය ගැන කරපු කතාවක්.. හැබැයි එතුමා දේශපාලනයට ආව දවසෙ ඉඳලා එතුමාට කොච්චර මට ගැහුවත් එතුමා වචනයකින්වත් විරුද්ධ පක්ෂය හෝ තමාගේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයා පිළිබඳව කතා කරන්න ගියේ නැහැ.. ඒකත් අලුත්ම දේශපාලන විලාසිතාවක් system change එකක් තමයි ඉල්ලුවේ මේ රටේ මිනිස්සු. හැබැයි system change එක් ඉල්ලපු මිනිස්සුම system change කරනකොට ඒකට හිනා වෙනවා. කොච්චර පරිසර සංවිධාන මේ මාධ්‍ය සාකච්ඡා තියලා කියන්න ඇත්ද අපි බොන්නේ වහා ,කන්නේ වහා වෙන කට්ටිය අර අපේ කෘෂිකාර්මික පළාත්වල අපි ඉන්නේ. ඒ කෘෂිකර්ම වල ඉන්න ගොවියෝ ඒ තමන්ගේ නිෂ්පාදන වවන කාලේ ඒ රසායනික ද්‍රව්‍ය ගහන්නේ නෑ නේ මාස්ක් එකක් දාන්නෙ නැතුව. අපි නම් දැන් මාත් දන්නෙ කොරෝන නිසානෙ.. ඒ අය මාසක් දාන්නෙ කොරෝන එන්න ඉස්සෙල්ලා.. රසායන ද්‍රව්‍ය ගහනකොට මාස්ක් දාගත්තා. ඇයි ඒ රසායන ද්‍රව්‍ය විසයි.අපේ පළාත් වල එහෙම හදිසියේ ඔය පොඩි ලව් පළහිලව්වක් එහෙම ගිහිල්ලා කොල්ලෙක් කෙල්ලෙක්ට තරහ ගියොත් එහෙම මුලින්ම ගිහිල්ලා ගහන්නේ අර කෘමිනාශක බෝතලේ මැරෙන්න. ඉතින් එහෙම තමයි අපේ එළවළු වලට ගැහුවෙ.. එතකොට ඒ වස විස කන්න එපා කියලා කියපු පරිසර සංවිධාන නැහැ. අර හාමුදුරුවෝ නමක් හිටියා වස විස එපාම කියපු හාමුදුරුවෝ කෙනෙක්. දැන් ඒ හාමුදුරු කොහෙද දන්නෙත් නෑ. බලනකොට මේ කරලා තියෙන සම්පූර්ණ දේශපාලන වුවමනාවන් මත කරපු එක එක එන්ජීඕ වල ව්‍යාපෘති. හැබැයි ජනාධිපති තුමාගේ ව්‍යාපෘතිය එහෙම එකක් නෙමෙයි. ම
ොකද මම අපේ කණ්ඩායම් රැස්වීමේදී පොහොර රසායනික පොහොර එහෙම්පිටින්ම ගෙන ඒන එකට විරුද්ධ වුණා.. අපේ පළාතේ එළවළු ගොවියාවත් අඩුගානේ මේ පලවෙනි වටෙන් අයින් කරන්න අපි දෙවැනි වටයේ ඒගොල්ලො ඇතුලත් කරමු කියලා. හැබැයි ජනාධිපතිතුමා දේශපාලන වාසියක්වත් ගණන් ගන්නේ නැතුව නෑ මේ තීරණය මම ක්‍රියාත්මක කරනවා කිව්වා.ඉතින් ඒ නිසා system change එකට යන අළුත් නායකයෙක්. මේ මෙතෙක් කල් ජාතිය ඇමතීමේ දී විවිධ දේශපාලන පක්ෂවල නායකයෝ කරපු එකට වඩා වෙනස් ක්‍රමයක් තමයි. හැබැයි ඒක system change එකක් ඒ වගේ දේවල් ලෝකයේ බොහෝ රටවල් වල නායකයො කරනවා. system change එක සමහර වෙලාවට දැන් මගේ දෙපැත්ත ඉන්නේ තරුණ මන්ත්රිතුමාලා දෙදෙනාට එක දරාගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ system change ඉල්ලපු කාල වල හිටිය අය. අපි system change එක ඉස්සෙල්ලා ඉඳලා ඉන්න අය. අපි වගේ අයට මේ සමහර system change එක අමාරුයි දරාගන්න අමාරුටි.. ආණ්ඩුපක්ෂයේ ඉඳගෙන අපි වගේ අයට system change එකක් දරාගන්න අමාරුයි. මොකද අයියෝ ඇයි මෙහෙම වෙන්නේ කියලා. හැබැයි මේක තමයි මිනිස්සු ඉල්ලපු system change එක. system change කරන්න වෙලා තියෙන්නේ කොරෝනා වසංගතයත් එක්ක. ඒ නිසා මෙවැනි තත්ත්වයක් තුළ ලෝකෙ වෙනත් ආර්ථිකත් එක්ක එකට යන්න වෙන්නෙ අලුතින් අලුත් සාමාන්‍යයක් එක්ක. ආයිත් කිසිම රටක් ලෝකේ ඊළඟ අවුරුදු තුන තුළ ධන ආර්ථිකයක් වර්ධනයකට යන අමාරුයි new normal එක 0 මට්ටමේ තියාගන්න පුළුවන් නම් ඝෘණ නොවී එක තමයි හොඳම දේ. ඉතිං එවැනි තැනකට අලුත් සාමාන්‍ය වලට යන්න වෙනවා.. එවැනි තැනකට යන්න උත්සාහ කරනකොට බැසිල් රාජපක්ෂ මැතිතුමා වගේ කෙනෙක්ගේ පාර්ලිමේන්තු නැවත ආගමනය අපට විතරක් නෙමෙයි ,පක්ෂයට විතරක් නෙවෙයි රටටම ප්‍රයෝජනයක් වේවි.‘
| ඔබ තුමාටත් එහෙමද දැනුනේ | 16 | POSITIVE |
ncpp_train_38777 |
එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු නායකයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා
නුගේගොඩ රැළිය ඇමතීම සම්බන්ධයෙන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෙසේ පවසා තිබේ.
“කරුණා අම්මාන් කියන්නේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ රැඳෙන්න බැරිව..එතනදීත් දූෂිත ගණුදෙනුවලට හසු වෙලා..අයින් වුණ කෙනෙක් එයා ප්‍රභාකරන්ගෙන් ජීවිතය බේරගන්නයි මෙහාට පැන්නේ .
ප්රභාකරන් එක්ක එකට ආශ්‍රය කරමින් ජීවත් වුණු මිහිහෙක් වුණත් ඔය මිනිහා ඒ කාලෙ ප්රභාකරන්ගේ ගෙදර තිබිච්ච තැනවත් අපිට කියලා තිබුණෙ නැහැ. අපේ හමුදාව තමයි පුදුකුඩිඉරිප්පුවලින් ගෙදර හොයා ගත්තේ.
මැරුවට පස්සෙ ප්‍රභාකරන්ගෙ මිනිය ගාවට යවල එයාව වීරයෙක් කලේ මහින්ද රාජපක්ෂ.”
| MR.Bean ගෙ පින්තුරයක් වගෙ | 51 | POSITIVE |
ncpp_train_38778 |
කවුද මේ ගිහානි වීරසිංහ කියන්නේ. කලක් ගුරුවරියක්, පසුව ගුවන් විදුලි නාලිකාවක ව්‍යාපාරික කළමනාකාරිනියක්. අන්තිමේ ඇය නිළියක්. නිළියක් කොහොමද පොදුරද මඬුලු උළෙලට ගියේ.
ගිහානි මේ ගැන පුවත්පතකට පවසා තිබෙන්නේ මේ ආකාරයටයි.
‘මම කේම්බ්‍රිඡ් සුදුසුකම් ලාභිනියක් විදිහට ගුරුවරියක් විදිහට ලයිසියම් ජාත්‍යන්තර පාසලේත්, ඊට පසුව
පාසල් කිහිපයක ගුරුවරියක් විදිහට සේවය කළා. ඊට අමතරව ඉංග්‍රීසි කථන ගුරුවරියක් විදිහට නිවසේ සිට කටයුතු කළ අතර, ACBT ආයතනයේත් පන්ති පවත්වාගෙන ගියා.
ඊට පසුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක කළමනාකාරිනී ප්‍රධානියෙක් විදිහට සේවය කළා. එහිදී මම වසර හතරක් විතර එම තනතුර දැරුවා. 2015 දී සිදුවුණු ආණ්ඩු පෙරළියත් එක්කම සමහර දේශපාලන කාරණා හින්දා මම එම මාධ්‍ය ආයතනයෙන් ඉවත් වුණා. ඊට පසුව තමයි රඟපෑමට ආරාධනා ලැබෙන්නේ.
ඊට පසු මම ටෙලි නාට්‍ය ගණනාවක රගවෑවා. පසුව මම ආන්යා කියලා මගේම නිෂ්පාදනයක් කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මම.
පෑනේ තිබෙන හයිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳව කතාවක් මුල්කරගෙන තමයි
ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ.
මම තමයි මේ දවස්වල බයිට් එක. සයිබර් අවකාශයේ බයිට වෙලා තියෙන්නෙ. ගිහානි වීරසිංහ, අන්තර්ජාලයෙ සහ මුහුණු පොතේ ගිහානිට නම් කිහිපයක් පටබැඳල තියෙනවා. එක නමක් තමයි ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශිකාව. අනෙක් නම තමයි ආයෝජන දූතිකාව. තවත් නමක් අලුතෙන් නිර්මාණය වෙනවා. මම හිතන්නේ ඒ නම් දෙක නෙගටිව් නම් දෙක වෙලා දැන් ඇවිත් තියෙනවා සුදුබෝල අක්කා කියලා. මෙවැනි අන්වර්ථ නාමවලින් මේ දවස්වල මාව හඳුන්වනවා. මම තමයි සමාජජාලාවල ඉන්න හිට් චරිතය. මේ කතා කරන මොහොත වෙනකොට (26 වැනිදා) පැය 72 ක් වෙනවා ඇත්තටම මාව නැවත නැවතත් කෙළෙසනවා.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමාජ ජාලාවල එක් එක් කාලවලට නැගලා එන තරුවක් විදිහට බැහැල යන්නේ නැතිව කාටවත් මාව දේශපාලනික හෝ සමාජමය වශයෙනුත් වෙනත් ඕනෑම දෙයකට මාව පාවිච්චි කරන්න ඉඩ නොදී මට මේ සිදුවුණු අසාධාරණය තවත් කාන්තාවකට සිදුවන්න ඉඩ දෙන්නේ නැතිවෙන්න මම සටන් කරනවා. මට සිද්ධවුණේ අසාධාරණයක්. මම නිර්දෝෂයි. මේ අවස්ථාවේ මම පට්ට නිර්දෝෂයි. නමුත් මට ඉතාමත් සාවද්‍ය විදියට චෝදනා එල්ල කළා. සයිබර් අවකාශය තුළ මාව ගණිකාවක් කළා. ඒ වගේම රටේ නායකයාව සල්ලාලයෙක් කළා. මීට වඩා හොඳයි මම සියදිවි නසා ගන්නවා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මෙවැනි දෙයක් තවත් කාන්තාවකට සිද්ධ නොවන්න මම සටන් කරනවා.
පොදු රාජ්‍ය මණ්ඩල මහා සමුළුවේ ආයෝජන ප්‍රවර්ධන සැසියට මම සහභාගි වුණා. ඒක සහ ලන්ඩන් ගමනේදී සිදුවුණ සිදුවීම් මම සහ මගේ සැමියා විසින් අන්තර්ජාලයට මුදාහල ඡායාරූප සහ වීඩියෝ පට නිසා තමයි මේ වාගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ. අප මේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරියේ ඒවායේ කිසිදු රහස්‍යභාවයක් සහ අසභ්‍යත්වයක් නොතිබුණු නිසයි. අපිට ඒකට පූර්ණ අයිතියක් තියෙනවා.
සමාජ ජාලවලට කලින් රූපවාහිනී නාලිකා දෙකක් අපේ පෞද්ගලික ගිණුම්වල තිබුණු වීඩියෝවක් අරගෙන ඔවුන්ගේ බ්‍රේකින් නිවුස්වල ප්‍රචාරය කරලා තියෙනවා. ඔබ බලන්න ලංකාවේ නිවුස් ප්ලාන්ට් කරන විදිහ. මේක තමයි ලංකාවේ මාධ්‍යයේ ක්‍රියාදාමය. ඇත්ත සිද්ධිය මීට වඩා හාත්පසින්ම වෙනස්.
2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයන්ගේ සමුළුවට සමගාමීව පවත්වනවා ආර්ථික සැසිවාරයක්. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගලික ව්‍යවසායකයන් සහභාගි වෙනවා. හැම අවුරුද්දකම පවත්වන මේ සමුළුවේදී ඒ දේ සිද්ධ වෙනවා. මේක ව්‍යාපාරික සමුළුවක්.
ශ්‍රී ලංකා යුරෝපා යූනියන් බිස්නස් කවුන්සිල් කියන ආයතනයෙන් තමයි මම සහභාගි වුණේ. ඒ ආයතනයේ සභාපතිවරයා විදිහට මගේ සැමියා කටයුතු කරනවා. මම මීට කලින් සඳහන් කළ මගේ පෙර වෘත්තිය වුණේ මාධ්‍ය ක්ෂේත්රයේ ව්‍යාපාර කළමනාකාරී අංශය කියලා. මට හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතාවක් තිබුණා. මට හොඳ මාර්කටින් නෙට්වර්ක් එකක් තිබුණා.
ඒ දක්ෂතා අනුව මගේ සැමියා මේ ආයතනයේ වයිස් ප්‍රසිඩන්ට් පබ්ලික් රිලේෂන් කියලා තනතුරක් ලබා දෙනවා.
ඊට පස්සේ මම ඇතුළු තවත් හතරදෙනක් (හයදෙනකුගේ කණ්ඩායමක්) අපේ පෞද්ගලික වියදමින් එංගලන්තය බලා යනවා එහි සිටිය ආයෝජකයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට. එහි සිටින ආයෝජකයන්ගේ අවශ්‍යතාවය වන්නේ ලංකාවේ ටෙන්ඩර් දමා ඉදිරිපත් කරන ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න. ඔවුන්ට අවශ්‍ය වෙනවා ඒ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න. මේ නිසා ඔවුන් අපිව ඒ රටට ගෙන්වා ගන්නවා. ඉතිං අපි ඔවුන් සමඟ මේ ආර්ථික සැසිවාරයට සහභාගි වෙනවා. එතකොට අපි මේ සැසියට සහභාගි වෙන්නේ පෞද්ගලික වියදමින්.
අපිට වීසා හම්බවෙන්නේ දවස් පහක් වැනි ඉතාමත් කෙටි කාලයකම කාලයක් ඇතුළත. අපි වීසා ලබා ගන්නේ ආයෝජකයන්ගේ ආරාධනා පත්‍රය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරල විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් වීසා ලබා දෙනවා. මෙන්න මෙතැනදී විතරයි ජනාධිපති ලේකම් කාර්යාලය වීසා ලබා ගැනීමේ පටිපාටියට සහභාගි වෙන්නේ. ආර්ථික සැසිවාරය තිබුණේ නැත්නම් අපිට වීසා ලබා ගැනීමට හැකි වන්නේ නෑ. එතැනදී ආයෝජනයක් ලැබුණා නම් සමාගමක් විදිහට අපිට කොමිස් මුදලක් ලැබෙනවා. ඕක තමයි සරල සිද්ධිය.
ජනාධිපතිතුමා රැස්වීම් තුනකට සහභාගි වෙනවා. එක් රැස්වීමක් තමයි එරට සිටින ව්‍යාපාරික ප්‍රජාව. අනෙක් රටවල ව්‍යාපාරික ප්‍රජාව සහ මෙරටින් ගිය ව්‍යාපාරික ප්‍රජාව ඇමතීම. ඒ රැස්වීම්වලට අපි සහභාගි වෙනවා. එතැනදී ගන්නා ඡායාරූපයක් තමයි වයිරල්ගත වෙලා සමාජ මාධ්‍ය ජාලය කතාවක් හදන්නේ. එතැන හිටපු සියලුම දෙනා ජනාධිපතිතුමා සමඟ විතරක් නෙමෙයි ඇමැතිවරුන් සමඟ පවා පින්තූර අරගත්තා. ඒ පින්තූරත් මාධ්‍යයට යනවා. එතකොට අපි නැවතිලා හිටියේ ජනාධිපතිතුමා නැවතිලා හිටපු හෝටලයේමයි.
හැබැයි අපේ පෞද්ගලික වියදමින්. මේ සඳහා අපිට වියදම් කළේ අපිට එහෙට එන්න කියලා ආරාධනා කරපු ආයෝජකයෝ. ඔය අතරතුර ඩිලාන් අමාත්‍යවරයා, ලක්ෂ්මන් අමාත්‍යවරයා වගේ තවත් හිටපු අමාත්‍යවරයෙක් ඒ හෝටලයට ඇවිත් ගියා ජනාධිපතිතුමාව මුණ ගැසීමට. අපි කාරණාව ඇත්තටම මොකද්ද කියන්න දන්නේ නෑ. අපිව දැක්කහම ඔවුන් සතුටුවෙනවා. එතැන හිටපු ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයන් පිරිසක් ලන්ඩන් නුවරට එනවා රාත්‍රි කෑම වේලකට. එතැනදී තමයි අපි ඇමැතිවරු එක්ක සතුටු සාමීචිව කතා කර කර හිටියේ. එතැන හිටපු කෙනෙක් කියනවා අද ඩිලාන් ඇමැතිතුමාගේ උපන් දිනය කියලා. එතැනදී ඇමැතිතුමාගේ උපන්දිනය සැමරුවා. ඒ පින්තූර තමයි ඔය වෙබ් අඩවි පළ කරලා තියෙන්නේ.
මට අන්තිමේ ඇමැතිවරුන්ගේ නම් පටබැඳිලත් කතා හැදුනා. එතැනින් තමයි පටන් ගත්තේ. මම අහන්නේ ඕක කතාන්දර හදන්න ඕනෑ දෙයක්ද කියලා.
මේ ගසන මඩ ප්‍රචාර බොරු කියලා අපි දැනට ඔප්පු කරලත් තියෙනවා. අපි රජයේ වියදමෙන් ගියේ නෑ. සාක්ෂි සියල්ලම තියෙනවා.
මඩ ගහගෙන යන්න පටන් ගත්තාම හැමෝටම හිමින් සීරුවේ ඇත්ත මොකද්ද කියල තේරෙනකොට ඔවුන් කියන්න පටන් ගත් දෙයක් තමයි ආයෝජකයන්ගේ සුරදූතිකාව කියලා. මට මෙතැනදී විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා.
මගේ ආයතනයේ හැඳුනුම්පත අරගෙන හරියට මම අහනවා මුලින්ම කිව්වේ මම රජයේ මුදලින් ගියා කියලා. ඒක කරගන්න බැරිවුණා. ඊට පස්සේ ඔවුන් බලනවා කතා හදලා දේශපාලනික වශයෙන් මඩක් ගහන්න. ඒකත් බැරි වෙනවා. ඊළඟට ඔවුන් අරගන්නවා මට තනතුරු දෙකක් දීලා කියලා. ආයෝජක සුරදූතිකාව සහ ආර්ථික උපදේශිකාව. දැන් ඒකත් නැති වේගෙන එන්නේ. කිසිම වැරැද්දක් නොකරපු මට මඩ ගහන්නේ ඇයි. මොවුන්ට මෙයින් ලැබුණු ප්‍රතිලාභය මොකද්ද? මට එච්චරයි දැන ගන්න ඕනෑ.
සාකච්ඡාව- දිනේෂ් විතාන (දිවයින)
ඇය ප්‍රකට කර තිබෙන ඡායාරූප එකතුවක් පහතින්
| ජාතිය ආගමත් බල්ලට දාලාදා ? රටත් මිනිසුනුත් වල්මත් වීලාද ? සල්ලි කොළවලට මිනිසුන් යටවේද ? රජෙක් නැති අඩුව දැන්වත් තේරේද? විජයලත් ... | 1 | POSITIVE |
ncpp_train_38779 |
පානම, පීනට් ෆාම් මුහුදේ දියමත ලිස්සා යැමේ ක්‍රීඩාවේ නිරතව සිටි විදේශිකයන් දෙදෙනකු මුහුදේ ගසාගෙන යැමේදී ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇතැයි පානම පොලිසිය පවසයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ
වයස අවුරුදු 24 ක් වූ ඊශ්‍රායල් ජාතික කතල් බොන්ටාල් නමැති තරුණයකු සහ වයස අවුරුදු 21 ක් වූ ඊශ්‍රායල් ජාතික බිකිනො කේට් නම් තරුණියකි. මොවුන් දෙදෙනා 27 දා සවස 5.30 ට පමණ පීනට් ෆාම් මුහුදු වෙරළෙන් මුහුදට බැස ඇති අතර සුළු වේලාවකින් මොවුන් දෙදෙනාම දිය වැලකට හසුවී ගසාගෙන ගොස් ඇත.
නමුත් ඒ දෙස උකුසු ඇස් යොමා සිටි පානම පොලිසියට අනුයුක්තව සේවය කරන ජීවිතාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වුවද එය එතරම් පහසු කටයුත්තක් නොවූයේ ඒ මොහොතේ මුහුදේ තිබුණු ප්රචණ්ඩත්වය හේතුවෙනි. නමුත් උත්සාහය අත්නොහල නිලධාරීන් පැය භාගයක පමණ සටනකින් පසුව දෙදෙනාම නිරුපද්‍රිතව ගොඩට ගෙන එන ලදී. මෙම මෙහෙයුම පොතුවිල් සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් කුමාර මහතාගේ නියෝග මත පානම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් (79541) හර්ෂ, පොලිස් කොස්තාපල් (79128) සමින්ද, පොලිස් කොස්තාපල් (44270) අමරනායක යන නිලධාරීන් විසින් සිදු කරන ලදී.
පානම - දිනේෂ් චන්ද්‍රපාල
| ඔය වැඩේ වැරදුනානම් කොස්තපල්වරුන්ගේ නම් විතරයි කියවෙන්නේ | 36 | POSITIVE |
ncpp_train_38780 |
කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එම වයිරසය ආසාදනය වුවද රෝගී තත්වය උත්සන්නම හෝ සංකූලතා ඇතිවීම හෝ සිදුවන්නේ අවම මට්ටමකින්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් පැවසීය. ඇට්රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට වයිරස වැළඳීමේ සම්භාවිතාව අවම මට්ටමක පවතින බව ද කොවිඩ් නව ප්‍රභේදයට ද ඔවුන් හොඳින් ඔරොත්තු දෙන බව ද එම වෛද්‍යවරයා කීය. කොරෝනා මර්දන එන්නත් සියල්ලම කොරෝනා ප්රභේදයන්ට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන බව ද ඔහු පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෑතකදී සිදුකළ අධ්‍යයනයකට අනුව එන්නත් ලබාගත් පුද්ගලයන්ට වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බව තහවුරු වී ඇතැයි ද ඔහු කීය.එම නිසා කොරෝනා මර්දනයට ඇති එකම මාර්ගය එන්නත් ලබාගැනීම බව ද සියලු දෙනාම එන්නත් ලබාගැනීම අතිශය වැදගත් බව ද එම වෛද්‍යවරයා සඳහන් කළේය. නව ප්‍රභේදය සුළඟින් බෝවන බවක් ප්‍රකාශ වන හෙයින් සෑම පුද්ගලයකුම මුඛ ආවරණ දෙකක්වත් පැළඳීම අවශ්‍ය බව ද ඔහු කීය. විවෘත ස්ථානවලට වඩා ආවරණය වූ ප්‍රදේශවල එනම් නිවාස තුළ, කාර්යාල තුළ කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම වැඩි බව ද වෛද්‍යවරයා පැවසීය.ගොඩනැගිලි හා කාර්යාල තුළ විනාඩි 30කට වඩා රැඳී නොසිටිය යුතු බව කී එම වෛද්‍යවරයා කාර්යාල හා ගොඩනැගිලි නිසි පරිදි සකස් කරගත යුතු බව ද පැවසීය. කාර්යාල හා ගොඩනැගිලිවල වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කර වාතාශ්‍රය ලැබෙන අයුරින් සකස් කරගැනීම වැදගත් බව ද ඔහු කීය. මේ වනවිට ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් ඇතුළු මෙරට වැසියන් ලක්ෂ 9කට අධික පිරිසකට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ. ( ජැමිලා හුසේන් - ඩේලි මිරර්)
| බරපතල උනාම කියමුකෝ..... ඒත් මොකද කරන්නේ... ලංකාවට කෙළවෙන දවස වැඩි ඇතක නෙවෙයි.... දුකයි | 7 | POSITIVE |
ncpp_train_38781 |
ප්‍රවීන නිළි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය හට පිළිකාවක්
වැළඳී ඇති බව වාර්තා වේ.
ඇය මේ බව සනාථ කරමින් ඊයේ (27) ෆේස්බුක් සටහනක් තබා තිබුනේ මෙලෙසිනි.
| Get well soon | 104 | POSITIVE |
ncpp_train_38782 |
දෙයියන්දර, පල්ලාවෙල ප්‍රදේශයේ නිවසක අභිරිස් ලෙස මියගිය ගුරුවරයෙකුගේ සිරුරක් පෙරේදා (27දා) සවස සොයාගත් බව දෙයියන්දර පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ,
මාතර රදාවෙල, පල්ලාවෙල, ආරච්චිගේවත්ත පදිංචිව සිටි සරත් මොහම්දිරම් විජේසිංහ (අවු. 60)නමැත්තෙකි. මළසිරුර හමුවූ නිවසින් දුගදක් වහනය වන බවට නිවස අවට පදිංචිකරුවන් විසින් දෙයියන්දර පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ නිවසට පැමිණි නිලධාරීන් කණ්ඩායමක් සිදුකරන ලද විමර්ශනයකදී දින කිහිපයකට ඉහතදී මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ. මියගොස් සිටින පුද්ගලයා දෙයියන්දර පිටවල්ගමුව කනිෂ්ඨ විද්‍යාලයට අනුයුක්තව ගුරුවරයෙකු ලෙස සේවය කර ඇති අතර, මොහු විවාහ වී බිරිඳගෙන් නීතියෙන් වෙන්වී තනිව නිවසේ ජීවත්ව ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.( ඌරුබොක්ක - ඩී.ඒ. පතිරණ)
| සුදු අලියට තව අඩු එච්චරයි. මේ වෙලාවේ දෙවියෝ රැක ගන්න ඕනැ. නැතිනම් අර බෝන් එගේන් කාරයට හරි කීයල. නැත්නම් අර වයිfප් ට හරි කමක් නැහැ කියල මේක ආරක්ෂා කර ගන්න ඕනෑ. කාට හරී කීයකට හරී තල්ලු කරල ඩොලර් ටික ගන්න කල්. | -8 | NEGATIVE |
ncpp_train_38783 |
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා නම් කිරීමට යෝජිත කෙටි ලැයිස්තුවට ඇතුළත්
පුහුණුකරුවන් කිහිපදෙනා අතර ඉදිරියෙන්ම සිටින බව වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගෙන් ඊයේ (29දා) කළ විමසීමකදී එම වාර්තාව සම්පූර්ණ අසත්‍යක් බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ අනුව මීට සති කිහිපයකට පෙර චන්දික හතුරුසිංහ මහතා එම තනතුර සඳහා ඉතාමත් රහසිගතව ඉල්ලුම් පත් යොමු කර ඇතැයි එකී වාර්තා සඳහන් කළ අතර ඔහු සමඟ බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු වේගපන්දු යවන්නකු වන කට්නි වෝල්ෂ් සහ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ඇඩමිස්
යන පුහුණුකරුවන් ද එම තනතුර හිමි වීමේ වැඩි ඉඩක් පවතින අනෙක් පුහුණුකරුවන් දෙදෙනා බවද පැවැසේ.
තවද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන පෙළේ නිලධාරියක් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් "චන්දික හතුරුසිංහ, කට්නි වෝල්ෂ් සහ ක්‍රිස් ඇඩම්ස් බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තොරාගැනීමට ඉඩ ඇති ඉදිරියෙන්ම සිටින කිහිපදෙනා බව සත්‍යයක්. නමුත් හතුරුසිංහ මහතා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වන තෙක් ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීමට නොහැකියි. කට්නි වෝල්ෂ් සම්බන්ධයෙනුත් අපගේ දැඩි අවධානය යොමු කර තිබුණත් ඔහු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා." යනුවෙන් ප්‍රකාශ කර ඇති බව එම වාර්තාව මඟින් වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ස්ටුවර්ට් ලෝ එම තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව අන්තර්කාලීන වැඩ බලන පුහුණුකරු වශයෙන් මේ වන විට නික් පෝතාස් කටයුතු කරයි. මේ අතර පසුගිය ජුනි මාසයේදී නිමාවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ අවසන් ටෙස්ට් තරගය නිමා වීමෙන් අනතුරුව පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ චන්දික හතුරුසිංහ මහතා එක් නොවීය.
නමුත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු 2019 ලෝක කුසලානයට වසරක කාලයක් ඉතිරී තිබියදීත් එම තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ චාරිකාවක් සිදුකිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව යැමට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි නතර වුණු බවයි. නමුත් හතුරුසිංහ මහතා එංගලන්ත පරීක්ෂණ චාරිකාවට සහභාගි නොවී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බව පසුව හෙළි විය. එම අවස්ථාවේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නිසි වේලාවට වීසා බලපත්‍ර ලබා ගැනීමට ඔහුට නොහැකි වීම නිසා එම එංගලන්ත සංචාරය සිදු කිරීමට නොහැකි වූ බවයි.
| එහෙත් ක්‍රිකක් කාපං මයෙ අම්මා. බංගලියන්ගෙ හැකියාවට කවර්වෙලා ලංකාවෙ මෝල්ලු ඇන්දෙව්වට තමන්ගෙ ආගමික නිකායට එන්ඩ බලපෑම් කරාට කොදෙව්වන් මෙයට අහුනොවෙයි කියල අපි හිතනවා. මොකද අපි අනික් රටවලුත් ක්‍රිකට් ගහනවා බලන්ඩ ආසයි | 52 | POSITIVE |
ncpp_train_38784 |
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මපියන් තම වයස අවුරුදු 18 ට අඩු ගැහැනු දරුවන් ඉක්මන් කසාදයකට යොමුකිරීමේ අවදානම ඉහළගොස් ඇතැයි රතු කුරුස සංවිධානය පවසයි. ආර්ථික අර්බුදය තවත් උග්‍රවුවහොත් තම ගැහැනු දරුවන්ට ඉක්මන් කසාදයක් කර දීමට සිතන බව රතු කුරුස සංවිධානයේ සමීක්ෂණෙයට සහභාගී වූ දිස්ත්‍රික්ක 11 න් 5 ක පවුල් මෙන්ම වතුකරයේ පවුල් වැඩි ප්‍රතිශතයක් ප්‍රකාශ කළ බවද රතු කුරුස සංවිධානයේ නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. ආර්ථික අර්බුදය හේතුවෙන් ගෘහස්ථ ප්රචණ්ඩත්වය, ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය ඉහළයාමේ අවදානමක් මතුව ඇතැයි ද රතු කුරුස සංවිධානය පවසයි. එසේම රාජ්‍ය ආයතනවල ප්‍රතිචාර දැක්වීමේ හැකියාවද සීමා වී ඇතැයි රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි.
සමීක්ෂණයට සහභාගී වූ පවුල් අතරින් මෙම වසරේ ජනවාරි මාසයේ දී මසකට රුපියල් 10,000 කට වඩා අඩු වැටුපක් ගත් පුද්ගලයින් සංඛ්‍යාව සියයට 20 ක් වූ බවත්, එය ජුලි මස වන විට සියයට 24.8 ක් දක්වා වැඩි වී ඇති බවත්, රතු කුරුස සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. ආර්ථික අර්බුදය හේතුවෙන් කෘෂි සහ ධීවර කර්මාන්තවල නියැලෙන්නගේ සහ දෙනික වැටුප් ලබන්නන්ගේ ජීවනෝපායට දැඩි බාධා එල්ල වී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. ග්‍රාමීය පවුල්වලින් සියයට 64 ක්ද නගරබද පවුල්වලින් සියයට 51 ක් සහ වතුකරයේ පවුල්වලින් සියයට 84 ක්ද වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් අවශ්‍යතා සපුරාගැනීම සඳහා ණය වී ඇතැයි රතුකුරුස සංවිධාන සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. නමුත් වැටුප රුපියල් 80,000 කට වඩා මාසික ආදායමක් ලබන පවුල් වලින් ණය වී ඇ ත්තේ සියයට 35 ක් පමණක් බවද රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි. පවුල් තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තම රත්රන් භාණ්ඩ උකස්කරමින්, හිතමිතුරන්ගෙන් සහ මූල්‍ය ආයතනවලින් මෙසේ ණය ලබා ගෙන ඇතැයිද රතු කුරුස සංවිධානය පවසයි. එසේම ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවට ද බලපෑම් එල්ල වී ඇති අතර සමීක්ෂණයට සහභාගි වූ පවුල්වලින් අඩකටත් වඩා වැඩි ප්‍රතිශතයක් සත්ව නිෂ්පාදන පරිභෝජනය කිරීම නවතා දමා ඇතැයි රතු කුරුස සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ලිපි ද්‍රව්‍යවල අධික මිල, ප්‍රවාහන අපහසුතා, පාසලේදී ලබා දෙන ආහාරය නොමැතිවීම හේතුවෙන් පාසල් හැර යන සිසුන් පිරිසද ඉහළ යා හැකි බව රතු කුරුස සංවිධානය අනතුරු අගවා ඇත. එපමණක් නොව, තම දරුවන්ගේ අවශ්‍යතාව සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් දරුවන් ආයතන වෙත යොමු කිරිමටද දෙමාපියන් පෙළඹීමේ අවදානමක් තිබෙන බව රතුකුරුස සංවිධානය පෙන්වා දී තිබේ. තම පවුලේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිවීම, පවුල් තුළ සහ පවුල් අතර ගැටුම් ඇතිවීම, සමාජයේ ප්රචණ්ඩත්වය වැඩිවීම සහ ළමයින්ගේ අධ්‍යාපනයට බාධා එල්ලවීම ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හේතූවෙන් ඇති විය හැකි කෙටිකාලීන බලපෑම් ලෙස හඳුනාගෙන ඇති බවද රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි. එසේම පවුල්වල ණය බර වැඩිවීම, සොරකම් සහ කොල්ලකෑම් වැඩිවීම, සියදිවි නසා ගැනීම් වැඩිවීම, ප්‍රචණ්ඩත්වයට මග පාදමින් මානසික ආතතිය වැඩිවීම, පෝෂණ ඌනතා ඇතිවීම, නීති විරෝධීව මුදල් ඉපැයීමට පෙළඹීම වත්මන් අර්බුදය හේතුවෙන් ඇති විය හැකි දිගුකාලීන බලපෑම් ලෙස රතු කුරුස සංවිධානය හඳුනාගෙන ඇත.විමුක්ති එස් රුද්‍රිගු
| මෙව්වා ගොන් පාට්. මේව නෙමෙ දැන් හිතන්න ඕනෙ. බහුතරය ගන්නේ කොහොමද, බලය තියාගන්නේ කොහොමද, deal එකක් දාගන්නෙ කොහොමද, වගේ රටට වැදගත් දේවල්. මේ ගනන් මිනුම් කාටද බන් තේරෙන්නේ. ගොබ්බ හැත්ත.මහින්ද මහත්තයා අද චන්දේ ඉල්ලුවත් දිනනවා. මීට, ඔබගේ වටිනා චන්දෙන් පාර්ලිමේන්තු ගිය රටට හිතැති දේසපාලක උතුමානන් | 7 | POSITIVE |
ncpp_train_38785 |
කොත්මලේ ජලාශයට යටවූ කඩෙදාර විහාරයේ බුදු පිළිම වහන්සේ ගිම්හානයට යළි මතුවීමත් සමඟ දහස් ගණනක් වූ සැදැහැවතුන් එය වැඳ පුදා ගැනීමට දිවයිනේ සතර දිගින් පැමිණෙන අතර එම ජනතාව සමඟ
විනෝදයට පැමිණෙන තරුණ පිරිස් බුදු පිළිම වහන්සේට නිගරු කරන ආකාරයෙන් හැසිරෙන ශෝචනීය දර්ශනද දැකගත හැකිය.
එවැනි තරුණ පිරිසක් මේ බුදුපිළිම වහන්සේගේ සිරුර මතට නැඟ දෙවුරට අත් තබා සිටින දර්ශනයකින් කොත්මලේ ජනතාව කැලඹී සිටින අතර ඔවුන් ඒ සඳහා
පරීක්ෂණයක් කරන ලෙසත් ඓතිහාසික වූ එම ප්‍රදේශය ආරක්ෂා කර දෙන ලෙසත් ඉල්ලා සිටිති.
වර්ෂ 1979දී ආරම්භ කරන ලද කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ ජලාශ පහ අතුරින් ඉහළින්ම ඇත්තේ කොත්මලේ ජලාශයයි. මෙය ඉදිකිරීමේදී අවට ගම්මාන රැසක් සමඟ වෙහෙර විහාර 16ක් ද ජලාශයට යටවූ අතර ජලාශ බැම්ම ආසන්නයේම යටවූ විහාරස්ථානය කඩෙදාර ශ්‍රී බිම්බාරාමයයි.
මීට වසර 40 කට ආසන්න කාලයකදී ජලාශයට යටවූ මේ
විහාර ගේ නටබුන් ඉඩෝරය සමඟ යළි මතුවන අවස්ථාවල අෑත ගම්මානවල සිට එය වැඳ පුදා ගැනීමට මෙසේ පැමිණෙන පිරිස් තම අතීත ගම්මානයද ගෞරවයෙන් සිහිපත් කරයි.
කොත්මලේ ජනතාවගේ හදවත බඳු මේ බුදුපිළිම වහන්සේට ඡායාරූපයේ දැක්වෙන පරිදි අවමන් සහගත ක්‍රියා සිදුකිරීම ඉවසාගත නොහැකි බව ඔවුහු පවසති.
ගම්පොළ - මාධව බණ්ඩාර
| තාමත් මට තේරෙන්නේ නැත්තේ ඇයි තාමත් මිනිස්සු මිනිස්සු වගේ හැසිරෙන්නේ නැත්තේ කියල.කොච්චර ලොකු කතා සමාජෙට කිව්වත් මුලින්ම ඒ දේවල් කඩන්නේ කියන අයමයි. | 38 | POSITIVE |
ncpp_train_38786 |
ඉන්දියාව COVID-19 වෛරසය ආසාදිතයන් මිලියන 6ක් ඉක්මවා ගියේ, ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 82,170ක් වාර්තා කරමිනි. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ආසාදිතයන් මිලියන 6.1ක් ලෙස මේ වනවිට සටහන් වන අතර, වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට ලෙස ඉන්දියාව ඉදිරි සතිවලදී එක්සත් ජනපදය පසුකර යනු ඇති බව විෂ්ලේෂකයෝ පෙන්වා දෙති.
එසේම COVID-19 මරණ ගෙවීගිය දිනය තුළ 1,039කින් ඉහළ ගොස් මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 95,542ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය සමස්ත ආසාදනවලින් 1.6%ක අගයකි.
බිලියන 1.3ක ජනගහනයක් ජීවත් වන ඉන්දියාව, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ නගරවල නිවහනක් වන අතර, COVID-19 රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා කරනු ඇතැයි කියා වසංගතය පැතිරීම ආරම්භ වන විටම ඉඟි කෙරුණු රාජ්‍යයකි.
අගෝස්තු අග සිට ලෝකයේ ඉහළම දෛනික ආසාදන වාර්තා කිරීමට පටන් ගත් දා සිට ඉන්දියාව දිනකට නව ආසාදිතයන් 80,000ත් 90,000ත් අතර ප්‍රමාණයක් එක් කරමින් සිටියි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පෙරේදා (27දා) ජනතාවගෙන් ඉල්ලා සිටියේ තම නිවෙස්වලින් පිටතට යන විට මුඛ ආවරණ පැලඳ සිටින ලෙසය.
"මේ නීති කොරෝනාවට එරෙහි යුද්ධයේ ආයුධයි. සෑම පුරවැසියෙකුගේම ජීවිතය බේරා ගැනීමට ඒවා ප්‍රබල මෙවලම් වෙනවා” යැයි මෝදි සිය මාසික ගුවන් විදුලි ඇමතුමේදී පැවසීය. නව කොරෝනා වෛරසය මුලදී මුම්බායි සහ නවදිල්ලිය ඇතුළු විශාල අගනගරවලට පහර දුන් අතර, එතැන් සිට සෞඛ්‍ය සේවා පද්ධති වහා බිඳෙනසුලු හා දුර්වල ප්‍රාන්ත හා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත විය.
වසංගතයේ අඛණ්ඩ වර්ධනයක් තිබියදීත් ඉන්දීය රජය විසින් පනවා තිබූ අගුලු දැමීම් ක්‍රමයෙන් ඉවත් කිරීමට සිදුව ඇත්තේ දැඩි සීමාවන් හේතුවෙන් ආර්ථිකයට ඇති වූ පීඩනය දුගීන් ඇතුළු මිලියන ගණනක ජනතාවගේ ජීවනෝපායන් විනාශ කර ඇති නිසාය. එමෙන්ම සමහර පාසල් නැවත විවෘත කර ඇති අතර දුම්රිය, බස්, දේශීය ගුවන් ගමන්, වෙළඳසැල් සහ ආපනශාලා සඳහා සීමාවන් සහිතව ක්‍රියාත්මක වීමට අවසර දී ඇත.
දිල්ලියේ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ (AIMS) ප්‍රජා වෛද්‍ය මහාචාර්ය ආනන්ද ක්‍රිෂ්ණන් පැවසුවේ වෛරසය ආසාදනය වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. "ආසාදනය ප්‍රජාව තුළ විශාල ලෙස පැතිරී තිබෙනවා. අපට කළ හැකි එකම දෙය වන්නේ රෝගී පුද්ගලයන් රැකබලා ගැනීමයි. ඔවුන් වේගයෙන් හඳුනාගෙන ඔවුන්ට වඩා හොඳින් සැලකීමයි. සමාජ දුරස්ථ සම්මතයන් අනුගමනය කළ යුතුයි. ඉන් ඔබ්බට, නිශ්චිත දෙයක් කළ හැකි යැයි මා සිතන්නේ නැහැ." දිල්ලියේ සමහර නිවැසියන් කියා සිටියේ, ඔවුන් පරිස්සමින් ජීවත් වුවද, වසංගතය පිළිබඳ ඔවුන් තුළ පවතින බිය අඩු වී නොමැති බවය. අනාගතය අවිනිශ්චිත බව ඔවුන් කියයි. යමෙකුට පරිස්සම් විය හැක්කේ සියලු සෞඛ්යාරක්ෂක විධි අනුගමනය කිරීමෙන් පමණක් බව ඔවුන් වැඩිදුරටත් කියයි.
| දිල්ලියේ සමස්ත ලංකා වෛද්‍ය විද්‍යා ආයතනයේ | 48 | POSITIVE |
ncpp_train_38787 |
2020 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 72 වන නිදහස් සැමරු උළෙල හේතුවෙන් පෙබරවාරි 01 වන දා සිට 07 දක්වා ජාතික කොඩිය ඔසවා තබන ලෙස රජය දන්වා සිටියි.
එසෙමේ පෙබරවාරි 03 සහ 04 දෙදින රජයේ සියලුම ආයතන විදුලි ආලෝකයෙන් සැරසිලි කිරීමටත් නියමිතය.
මීට අතරව පෙබරවාරි 04 වන දින පෙ.ව. 08 30 ට යෙදෙන සුබ මොහොතින් දිවයිනම ආවරණය වන පරිදි පැළ සිටුවීමේ ව්‍යාපාරක්ද පැවැත්වීඹට
නියමිතය.
සියලුම රාජ්‍ය හා පෞද්ගික ආයතන, නිවෙස්, වෙළඳ සැල් හා වාහනවල ජාතික කොඩිය ඔසවා තබන මෙන් රජය සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළේය.
පැල සිටුවීමේ ව්‍යාපාරයේදී රජයේ ආයතන පරිශ්‍ර තුළ මී, කොහොඹ, කුඹුක් , මෙන්ම ඒ ඒ ප්‍රදේශයන්ට ගැලපෙන පැළ වර්ග ද මද ඉඩ පහසුකම් සහිත පරිශ්‍රයන් තුළ පලතුරු හෝ ඖෂධ පැළ සිටුවීමටත්, නාගරික ප්‍රදේශවල මල් පෝච්චි තුළ සුදුසු ඖෂධ හෝ පලතුරු පැළ සිටුවීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් රජයේ සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
| හරිනම් මේක සමරන්න ඕනේ අපි නෙමෙයි.. එන්ගලන්තය සමරන්න ඕනේ ලංකාවෙන් නිදහස් වෙච්ච දවස.. | 11 | POSITIVE |
ncpp_train_38788 |
ද්විත්ව පුරවැසිභාවය දරමින් පාර්ලිමේන්තුවේ නීතිවිරෝධීව පත්වීමක් ලබා ඇති බවට මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා අදිකරණයෙන් තහනම් නියෝගයක් ලැබූ පසු පාර්ලිමේන්තුවේ ද්විත්ව
පුරවැසිභාවය
සහිත මන්ත්‍රීවරුන් තවත් සිටින බවට වාර්තා පළ විය.
නමුත් මූලික විමර්ශනයේදී එවැනි වවෙනත් අය ගැන මෙතෙක් හෙළිවී නැතැයි ආගමන විගමන
දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලූව හටගැනීමෙන් පසුව තවත් පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් 9දෙනකුට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි කියා තිබුණත් එවැන්නක් හෙළිවී නැති අතර ගීතාගේ මන්ත්‍රී ධූර අහෝසියද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමට ලක් කර ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි
පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය.
| ඔක්කම හොදයි කට නිසා තමයි යන යන තැන කෙලව ගන්නේ. ඒ වගේම වැඩ කරලා කියනවා චන්ද ටික බෙර ගන්න උන් වගේම ගොන් හරක්ට ජොබ් දෙන්න ඇති දකුණේ ඒ ඇරෙන්න රටටනම් සේවයක් වෙලා නැහැ උන්ගේ මල්ල පුරවා ගත්ත මිසක්....... | 22 | POSITIVE |
ncpp_train_38789 |
ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් විජේසූරිය මහතා උත්සවයකට සහභාගී වෙමින් මෙසේ පැවසීය."සිංදුවක් කියාගෙන පැත්තකට වෙලා ඉන්න බෑ මේ කාලෙ. මං ඉස්කෝලේ යන කාලෙ ඉඳල මං ජෙප්පෙක්...ජේ වී පී කාරයෙක් මම. ඒ කියන්නේ වාමාංශික අදහස් වලට මම ගොඩක් ආදරෙයි. මං මෙහෙම ආවම කඩේ යනව කියල කියයි. කමක් නැහැ.
මේ පක්ෂෙට කඩේ යනව කියන අය දේශපාලන බිස්නස් එකක් වෙනුවෙන් නෙමෙයි එහෙම කරන්නෙ.කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ.මං නියෝජනය කරන්නෙ ටීම් එකක්. මං ආසයි ටීම් වර්ක් වලට මේ කණ්ඩායමත් එහෙම එකක්.සුදුස්සාට සුදුසු තැන දෙන්නම ඕනේ. පොලීසිය දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. බුදු දහම දේශපාලනීකරණය කරලා තියෙන්නෙ මේ යක්කු. අපේ ගම්වල අම්මලා තාත්තලාව දුප්පත් කමේම හිරකරලා හිර කරලා... පව් අපේ අම්මලා තාත්තලව වහල්ලු කරලා ඒ වහල් බව ලක්ෂ ගණන් වලින් වැඩි කරනවා ඡන්දයට. පුළුවන් තරම් ගම්වල ඔයාලගේ අම්මලා තාත්තලව දැනුවත් කරන්න අපි මේ රට වෙනස් කරගන්න හදන්න යන්නේ“
| සිරාවටම... කියලා වැඩක් නෑ | 5 | POSITIVE |
ncpp_train_38790 |
සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ
මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටියද සෑම පැය 6කට වරක්ම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසන බවෙයි.
අගමැතිවරයා මාස 18ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කර අවසානයේ මෙවර ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වූ බවත් විදෙස්ගත වීමට පෙර ආපදා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 02ක් පමණ වෙන් කර ගිය බවත් ඔහු කියා සිටියේය.
| අගමැති තුමා පව් නේද නිදා ගන්නේ වත් නැතුව අපි ගැන හිත හිත ඉන්නවා ඇති ..... alarm එකක්ති යාගෙන වෙන්න අති පැය 6 - 6 call කරන්නේ.... අනෙය් මෙහමත් මෝඩ විහිලු කතා..... | 73 | POSITIVE |
ncpp_train_38791 |
නවීන පන්නයේ මෝටර් රථ සොරකම් කර ඒවාට වෙනත් චැසි අංක හා ලියාපදිංචි අංක යොදාගෙන කිසියම් හේතුවක් මත ඒවා අතහැර යාමේ සිද්ධි දෙකක් ගමිපහ බැලුම්මහරින් වාර්තාවේ.
ගමිපහ බැලුම්මහර ගොඩගෙදර විහාරස්ථානය අසල දමා ගොස් තිබියදී පසුගිය 27 දා අලුයම්
කාලයේ සොයා ගත්
මෙම වාහන පිළිබඳ කළ විමර්ශනයේදී එම එක් රථයක ලියාපදිංචි අංකයට සමාන තවත් රථයක් කළුබෝවිල ප්‍රදේශයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
විශේෂ මෙහෙයුමක යෙදී සිටි යක්කල පොලිස්ථානයේ නිලධාරින් පිරිසකට නවීන පන්නයේ ටොයෝටා වර්ගයේ මෙම මොටර් රථ දෙක
පණගැන්වීමේ යතුරුද දමා තිබියදී හමුවේ ඇත.
මේවායෙහි ලියාපදිංචි අංක ලෙස WP CAC-7859 සහ WP KJ - 8981 සඳහන්ව තිබූ බව පොලිසිය කියයි.
මෙලෙස නවීන වාහන දෙකක් අතහැර යාම කිසියම් කොල්ලකරුවන් පිරිසකගේ ක්‍රියාවක් වියහැකි බවට සැකකොට ඇති යක්කල පොලිසිය රථ දෙකෙහි හිමිකරුවන් සොයා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා සිදුකොට ඇති විමර්ශනයේදී WP CAC-7859 දරණ රථය කළුබෝවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කොට ඇති බව අනාවරණය වූ අතර එම තැනැත්තා සොයා සිදුකළ පරීක්ෂණයේදී ඔහු සතුව මෙම ලියාපදිංචි අංකයම සහිත ටොයෝටා වර්ගයේ රථයක් තිබී ඇති බවත් මෙවැන්නක් ගැන දැන නොසිටි බවත් කියා ඇත.
වැඩිදුර පරීක්ෂාවේදී මෙම රථ දෙකෙහිම චැසි අංක පවා එකක් බව පොලිසිය කියයි.
අතහැර දමා තිබී හමුවූ ලියාපදිංචි අංක WP KJ-8981 දරන රථය නිට්ටඹුව ප්‍රදේශයේ අයෙකුට අයත් බව අනාවරණය වූ නමුත් එම පුද්ගලයා අදාළ ලිපිනයෙහි නොමැති බව හෙළි විය. කෙසේ වෙතත් එම රථය පැහැර ගැනීමක් හෝ නැතිවිමක් සම්බන්ධයෙන් කිසිඳු පොලිසීයකට පැමිණිල්ලක් ලැබී තිබී නැත.
මෙම අමුතු ආකාරයේ ජාවාරම ගැන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
| අධර්මිෂ්ට පාලකයින් විසින් මෙහෙයවන්නාවූ දේශයක මෙවන් අධර්මිෂ්ටකම් /කූට උපක්‍රම හැරෙන්න අන් කිසිවක් බලාපොරොත්තු විය නොහැක. මියගිය මාළුකෙුගේ කුනු වීම ඇරඹෙන්නේ හිසෙන් සේම සමාජයක පරිහානිය ආරම්භවනුයේ එහි පාලකයන්ගෙනි..... | 5 | POSITIVE |
ncpp_train_38792 |
විජිත රෝහණ විජයමුණි
අත්අඩංගුවට
පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මියයන බවට අසත්‍ය අනාවැකි පළ කළ ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි අද (31) සවස අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි අනාවරණය කරයි.
ඔහු ජනපති මියයන බවට දින නියම කළේ පසුගිය 26 වනදාට වන අතර අද 31 වනවිටත්
ජනපති යහතින් සිටී. ඔහුගේ අනාවැකිය වැරදී එන බවට වැටහී අවසන් දිනවල ඔහු ග්රහයෙකු වක්රවූවායයි කියමින් ඔක්තෝබර් මාසයට මරණය කල් ගිය බවටද අනාවැකිය මාරු කළේය.
ජාතිවාදී සංවිධානයක හා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනයට සෘජුව සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ අදහස් දක්වන විජිත රෝහණ විජේමුනි මහතා
දේශපාලන උවමනාවන්ට ප්රබන්ධාත්මකව අනාවැකි පළ කර එම විෂය හෑල්ලු කළ බවට වෘත්තීය ජ්‍යොතිෂ්‍ය වේදීන්ගේ චෝදනාවටද ලක්විය.
නැසීගිය ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ලංකාවට පැමිණි අවස්ථාවේ නාවික හමුදා පෙරට්ටුව අතරතුරදී තුවක්කු බඳකින් රජීව් ගාන්ධිට පහරක් එල්ල කර ඒ දිනවල ජවිපෙ ඉන්දීය විරෝධය තුළ කැපී පෙනීමට උත්සාහ දැරූ විජිත රෝහණ අනතුරුව සිර අඩස්සියටද ලක් විය. පසුව සිරගෙදරදී ජ්‍යොතිෂ්‍ය පොත පත කියවා ජ්‍යොතිර්වේදය එක්තරා දුරකට හැදෑරූ ඔහු තමන්ව කැපී පෙනෙන ලෙස එම අනාවැකිද පෙරළිකාර සිදුවීම් සම්බන්ධ කරමින් පළ කළේය.
ඔහු පළ කරන ලද අනැවැකි රැසක් නිවැරදි වූ බවට ඔහුම පවසමින් අන්තර්ජාලයේ යූටියුබ් ඔස්සේ විවිධ ප්‍රකාශයන් සිදු කරමින් සිටි ඔහු ජනපති මියයන බවට සිදු කළ අනාවැකිය මුලසිටම ජ්‍යෙතිර්වේදී ප්‍රවීණයන් නම් කළේ සාදාචාර විරෝධී අනාවැකියක් ලෙසිනි.
සැබෑ ජ්යොතිෂ්යෙව්දීන් කෙනෙකුගේ මරණය කේන්දරයෙන් දුටුවත් ඔහු ඉදිරිපිට සෘජුව එය නොපවසන බව පැවසෙන අතර විශේෂයෙන්ම ජනපති කෙනෙකුගේ මරණයක් ගැන පුනපුනා කියමින් එය අපහාසාත්මක ස්වරූපයකින් ඔහු ඉදිරිපත් කළේ කිසිදු සැක බියකින් තොරවයි.
මහජනයා නොමග යවනසුළු වැරදි අනාවැකි පළ කර ජනපතිට අපහාසයක් සිදුකර කිසියම් පටු වාසියක් ලබාගැනීමට උත්සාහ දැරීම ඔහුගේ අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස පොලිසිය දන්වා ඇත. ඔහු හෙට අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
| මූට අනුන්ගේ ජීවිත ගැන මාස 10ක් ඉස්සරහට කියන්න පුළුවන්. තත්පර 10කින් රජීව්ට ගහන පොලු පහර වදින්නේ නැහැ කියල හිතා ගන්න බැරි උනා. ඊළඟට අර තොටවත්තයා කියවන්න ගන්නවා උගේ අනාවැකිය හරි ගියා කියලා. අම්මපා මුන්ගේ බය්ලා අහලා ඇති වෙලා | 78 | POSITIVE |
ncpp_train_38793 |
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තැපැල් සේවකයින් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය නිසා තැපැල්
කන්තෝරුවල ලියුම්
කඳු ගොඩගැසී ඒ හා සම්බන්ධ සේවා ඇණ හිම ඇත.
තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28දා) පැවැති සාකච්ඡාවද අසාර්ථකවී ඇති අතර වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කර තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව සතු ගොඩනැඟිලි විකිණීමට තැත් කිරීම මෙම වැඩ වර්ජනයට මුල්වූ ප්‍රධාන හේතුවකි.
විකිණිමකින් තොරව ඒවා හරහා රටට ආදායමක් ලබාගත හැකි වෙනත් විකල්ප ක්‍රමවේද ඕනෑ තරම් තිබෙන බව කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියයි.
| මගේ දඩ කොලයක් තියෙනවා ගෙවන්න විදියක් නැනෙ අදින් පස්සෙ නඩු | 8 | POSITIVE |
ncpp_train_38794 |
අද උදෑසන වාර්තාවූයේ බස්නාහිරට ඇතුළුවන තැන් 12ක අහඹු පීසීආර් පරීක්ෂණ අරඹා ඇති කතාවකි. නමුත් ඒ සමගම දිස්ත්‍රික්ක කිහිපයක සෞඛ්‍ය නිලධාරීන් වෙනදා කළ අහඹූ පීසීආර් පරීක්ෂණ වහාම නවත්වන්නැයි බලධාරීන් දන්වා තිබෙන බවද වාර්තාවේ. මෙහි අරමුණ වාර්තාවීම් අවම කිරීම බව මහජන පරීක්ෂකවරුන් දන්වා සිටී.
රට ලොක්ඩවුන් කොට සමාජයේ සිටින සියලුම කොවිඩ් ආසාදිතයින් සොයා පරීක්ෂණ සිදුකළ යුතු පසුබිමක් පෙනි පෙනී තිබියදී එසේ කරනු වෙනුවට දැනට දිස්ත්‍රික්ක මට්ටමින් කරගෙන යන අහඹූ පීසීආර් පරීක්ෂණ වහාම නවත්වන්නැයි බලධාරීන් දන්වා ඇතැයිද එය ඉතාම කණගාටුදායී තීරණයක් යයිද ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.ඔහු මෙසේ කීය.‘අද දිනය වෙද්දී ලංකාව ඉතාම භයානක තැනකට තල්ලු වෙලා තියෙනවා. අවදානම් තත්වය දවසින් දවස වැඩිවෙමින් එනවා. අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි දින කීපයේ මීටත් වැඩිවෙච්ච රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවෙයි කියලා. නමුත් කණගාටුදායි තත්වය අද වෙද්දි ලංකාවෙ දිස්ත්‍රික්ක කිහිපයකට දැනුම් දීලා තියෙනවා අහඹු පීසීආර් පරීක්ෂණ වහාම අත්හිටුවන්න කියලා.දැන් මේ පවතින තත්වය හමුවේ පීසීආර් පරීක්ෂණ අත්හිටුවීම කියන එක තවත් මේ තත්වය තීව්ර කරන්න හේතුවෙන්න පුලුවන්. පීසීආර් පරීක්ෂණ සදහා අවශ්‍ය ද්‍රව්‍යවල හිගයක් හරි එහෙම ගැටලුවක් හරි තියනවා නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා රටේ ජනතාව දැනුවත් කරන එකයි කළ යුත්තේ. එහෙම නැතුව පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරලා රටේ රෝගීන් අඩුවෙනවා කියල ජනතාව තුළ යම් සහනදායි මතයක් ඇති කළොත් ඒක තවත් මේ රෝගය පැතිරීම සදහා ඉවහල් වෙන්න පුළුවන් කියන එක තමා අපට අවධාරණය කරන්න තියෙන්නේ.‘
| රජයට කියන්න ගිහිල්ලා හුකාගනින් කියල, ඔබ ඔබේ හොඳ වැඩ දිගටම කරගෙන යන්න! ජනතාව බසමගයි ඹබතුමන්ලාට ගොඩාක් පිං අයිතිවෙයි! | 1 | POSITIVE |
ncpp_train_38795 |
කොරෝනා වෛරසය ආසාදනය වී හික්කඩුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක නිරෝධායන වෙමින් සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය රෝග තත්වයේ කිසියම් වෙනසක් නිසා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුලත් කර තිබූ අතර
අනතුරුව එතැනින් අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇතැයි වාර්තාවේ.සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව ඉරිදා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරමින් තිබියදීම මෙම රෝහල්ගතවීම සිදුව ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් ඇයගේ නව සෞඛ්‍ය තත්වය ගැන වෛද්‍යවරුන් කිසිවෙකු මාධ්‍ය වෙත පැහැදිලි කිරීමක් මේ දක්වා සිදු කර නැත.ඇයගේ ස්වාමි පුරුෂයා හා දියණිය කොළඹ ජාතික රෝහලේදී දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර තිබෙන අතර එම ප්‍රතිඵල සෘණාත්මකවී ඇති බවද කොවිඩ්19 වැලඳී නැති බවද තහවුරු වී තිබෙයි.
| ඉක්මන් නිවන් සුව පතමු | -4 | NEGATIVE |
ncpp_train_38796 |
පසුගියදා මෙරටට පැමිණි ඩීසල් නෞකාවට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 52 සපයාගැනීමටනොහැකි වීම හේතුවෙන් මේ වන තෙක් ඊට ගෙවීම් සිදුකර නොමැති බව බලශක්ති අමාත්‍යංශය පැවසීය.
අදාළ නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් ඇති බව වාර්තා වෙයි.ඉන් ඩීසල් ගොඩබෑමට නියමිතව තිබුණේ පසුගිය 29වනදාය.එම නෞකාවේ ඩීසල් තොග මෙතෙක් නොලැබීම නිසා රට තුළ මේ වනවිට දැඩි ඩීසල් හිඟයක් ද ඇතිවී තිබේ.මේ අතර ඉන්දීය ණය පහසුකම යටතේ මෙරටට ලැබෙන ඉන්ධන නෞකා අතරින් එක් නෞකාවක් ඩීසල්මෙට්රික් ටොන් 38,200ක් රැගෙන හෙට (01) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතය.
එමෙන්ම එම ණය යෝජනා ක්‍රමය යටතේම තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 38,200ක් රැගත් නෞකාවක්එළැඹෙන පස්වැනිදා මෙරටට පැමිණීමට නියමිත බවද වාර්තා විය.
| හෙට අනිද්දට අනිවාර්යයෙන් දෙනවා | 5 | POSITIVE |
ncpp_train_38797 |
කලකට පසු බොලිවුඩයේ ඉහළම මට්ටමේ නම් දිනා සිටින නළු නිළි දෙපළකගේ විවාහයක් සිදුවන්නට නියමිත බව වාර්තාවේ. ඒ දීපිකා පදුකෝන් හා රන්වීර් සිං දෙදෙනාගේය.
දෙදෙනා අතර ආදර කතාව වසර 5 ක් පැරණිය. 2013 සිට ඔවුන්
සමීප ඇසුරක් පවත්වන නමුත් මේ කාලය තුළ ඔවුන් දෙදෙන එකට රඟපා තිබෙන්නේ චිත්‍රපට 3 ක පමණක් වීමද විශේෂත්වයකි.
ඔවුන් අතර පෙම් සම්බන්ධය
බොලිවුඩ් රසිකයින්ටද රහසක් නොවූ අතර විවාහය සිදුවන දිනය ගැන කලින් කල විවිධ ආරංචි පැතිරුණත් මෙවර ෆිල්ම් ෆෙයාර් සඟරාව එම දින මෙන්ම විවාහ වන්නේ ඉතාලියේදී බව අනාවරණය කර තිබේ.
ඒ වාර්තා අනුව දීපිකා රන්වීර් දෙපළගේ විවාහය ඉතාලියේ ලේක් කොමෝහිදී ලබන නොවැම්බර් 10 වනදින සිදු කරන්නට සියලු කටයුතු යොදා ඇත. ඇල්ප්ස් කඳු පාමුල අලංකාර විලක් අසබඩ මෙම මංගල උත්සවය සංවිධානය කර තිබෙන බවත් වාර්තා පළව තිබේ.
මුලදී මංගල උත්සවය ඉන්දියාවේ පවත්වන්නට සූදානමක් පැවතුණත් අනුෂ්කා හා කෝලි අතර විවාහය විදේශයක පැවැත්වූ අයුරු සිත්ගත් නිසා මේ ආකාරයට ඉන්දියාවෙන් බැහැරදී මංගල උත්සවය පවත්වන්නට තීරණය කළ බව දීපිකා පවසා තිබේ.
දැනට බොලිවුඩයේ රංගන ශිල්පීන් අතර ඉහළම ජනප්‍රියත්වයක් දරන දීපිකා පදුකෝන් සිනමා නිර්මාණ සඳහා වැඩිම මුදල අයකරන බොලිවුඩ් නිළිය ලෙසද වාර්තා තබා ඇත.
| දීපිකා ලට සිකුරා ලබලා වගේ. ඉස්සරලා දීපිකා priyadarshani දැන් Deepika padikone | 24 | POSITIVE |
ncpp_train_38798 |
කොළඹ සිට සංචාරයක් සඳහා ඉකුත් 25 වැනිදා ගාල්ල කොටුවට යුවළක් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක ඉදිරිපස වීදුරුවට පහරදී රුපියල් තුන්ලක්ෂ අනූදහසක අලාභයක් සිදුකරන ලද සැකකරුවකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර එම මෝටර් රථය තම දියණිය හප්පා රිය අනතුරක් සිදුකළ බවට පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය කටයුතු කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල රිච්මන්ඩ්කන්ද ප්‍රදේශයේ
පුද්ගලයෙකි.
පොලිසිය පවසන අන්දමට කොළඹ පදිංචි තරුණ යුවළක් සංචාරයක් සඳහා ඔවුන්ට අයත් බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයෙන් ගාල්ල කොටුවට පැමිණ ඇත. එසේ පැමිණ දිවා ආහාර ගැනීම සඳහා ආපනශාලාවකට යෑමට පැරැණි කච්චේරි ගොඩනැඟිල්ල අසලදී මෝටර් රථය පිටුපසට ගන්නා විට එහි සිටි පිරිසක් "හෝව් හෝව්" යනුවෙන් කෑ ගසා ඇත. ඔවුන් එසේ කෑ ගසා ඇත්තේ කුඩා දරුවකුද වඩාගෙන සිටි කාන්තාවකගේ ඇඟේ රිය හැප්පේ යයි සිතාය. ඒ සමගම දුවගෙන පැමිණි එම කාන්තාවගේ පියා මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට හෙල්මටයකින් පහරදී කුඩු කර ඇත. වීදුරුවට සිදුවූ අලාභය රුපියල් තුන්ලක්ෂ අනූදහසක් බවට එහි පැමිණි පුද්ගලයා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පසුව මෝටර් රථය අපරීක්ෂකාරී ලෙස පිටුපසට ගැනීමේදී කුඩා දරුවා වඩාගෙන සිටි තම දියණියගේ ඇඟේ එය හැපුණ බවට සැකකරු විසින්ද රථ වාහන අංශයට පැමිණිල්ලක් කර ඇත. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය එම ස්ථානයේ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එවැනි කිසිම අනතුරක් සිදුව නොමැති බවයි. ඒ අනුව අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් ද සැකකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි. සැකකරු ගාල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
| කොහොමත් බයික් වල යන එවුන් කාර් කාරයෝ එක්ක තරහයි.ඉරිසියයි. යුවළ තරුණ නිසාත්, රථය BMW නිසාත් එය දෙගුණ තෙගුන වෙන්න ඇති. | 255 | POSITIVE |
ncpp_train_38799 |
අභාවප්‍රාප්ත සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සංගීතඥයාගේ දේහයට ගෞරව දක්වන්නට ඊයේ ඔහුගේ නිවසට පැමිණි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෝලිමේ රැඳී සිට එතුමන්ට ගෞරව දැක්වීය. අනතුරුව පවුලේ අය සමගකථාබහකද නිරතවූ අතර පැමිණ සිටි මාධ්‍ය කැමරා කණ්ඩායම් යොමු කළ ප්‍රශ්න කිරීමේදී රාජපක්ෂ මහතා කියා සිටියේ “ඔහු ගැන හුඟාක් කල් ඉඳන් මට මතකයේ තියෙනවා. අපි විද්‍යාලයට යන කාලේ ඔහුත් එක්ක පන්ති වලට ගියා.එකට පන්ති ගිය කට්ටිය අපි.එදා ඉඳලම අපි අතරෙ කිට්ටු සම්බන්ධයක් තිබුණා. ඔහු නැතිවීම විහාල පාඩුවක් ලෝකෙටම පාඩුවක් .. රටටත් පාඩුවක්..ඒවගේ මනුස්සයෙක්නැතිවෙච්ච එකත් සියලු දෙනාටම පාඩුවක්.“
| සනත් නන්දසිරි ගිය ඉස්කෝල තමයි ගොතටුව මහා විද්‍යාලය, දෙමටගොඩ සෙන්ට් මැතිව්ස්, මහාබෝධි විද්‍යාලය, ස්ටැෆර්ඩ් විද්‍යාලය. මහින්ද එකට පන්ති ගියේ මොන ඉස්කෝලේද? | 91 | POSITIVE |
ncpp_train_38800 |
ජනපතිවරයාගේ බලතල අවම කිරීම හා විදෙස් පුරවැසියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට අදාළ 21 වන සංශෝධන යෝජනාවලිය සම්මත කරනවාද නැද්ද යන්න ගැන ආණ්ඩුවේ ඇතුළේ මත දෙකක් ඇති බව ඊයේ (30) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කන්ඩායම් රැස්වීමේදී පැහැදිලි ලෙස හඳුනාගන්නට ලැබී තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මේ අවස්ථාවේ රට හැදීමට මිස 21 ක් ගෙනඒමට අවශ්‍ය නැති බව කියමින් මත පළවූ අතර තවත් කොටසක් ඊට විරුද්ධවී ඇත.
19 වන සංශෝධනයේ අඩුපාඩු ඇති බව කියමින් 20 මේ ආණ්ඩුව ගෙන ආවේ ජනපති බලතල වර්ධනය කරන්නට හා විදෙස් පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්නට මග පාදමින්ය. නමුත් අරගලයේ තරුණ හඩ නැවත නැවත කියා සිටියේ අසීමිත බලතල සහිත පාලකයකු වටා බලය ගොනුවූ මෙම ක්‍රමය නිසා රට තවදුරටත් ප්‍රපාතයට යන බවයි.තනි කෙනෙකුට අවශ්‍ය ලෙස හමුදා පාලනයක්, තනි කෙනෙකුට අවශ්‍ය ලෙස කාබනික පොහොර වගාවක්, වසංගතයේ දැඩි ප්‍රතිපත්ති මත රට නොවැසූ සෞඛ්‍ය සේවයක් වැනි අහිතකර ලක්ෂණ ගණනාවක් මෙම බලතල නිසා රට අත්විඳි අතර මේ අසීමිත බලතල වලට අභියෝග කරන්නට හෝ ඒවා විවේචනයට හැකි පාලන ක්‍රමවේදයක් අවශ්‍ය බවට මේ නිසා සාකච්ඡාවක් මතුවිය.21 වන සංශෝධනයක් ගැන කතාව කරළියට ආවේ මේ පසුබිමේය.නමුත් රටේ අවශ්‍යතාවට වඩා පුද්ගලික අභිමානය හෝ බලකාමය මුල් කරගෙන මෙම වෙනස්කම්වලට පවා අකුළ් හෙළන පිරිසක් දැන් නිර්මාණයවී ඇත.
ඇමරිකානු පුරවැසි මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මේ වනවිට කැබිනට්ටුවෙන් ඉවත් කර ඇති මුත් ඔහුට තවදුරටත් මන්ත්‍රී ධූරයේ එල්ලී සිටිමින් රට ගොඩනගන්නට විශාල උනන්දුවක් පැවතීම නිසා මෙම අර්බුදය හටගෙන තිබේ.ඔහු සමග සමීප ගනුදෙනු පවත්වා යන බව කියන කණ්ඩායමක් ඊයේ ආන්ඩු පක්ෂ රැස්වීමේදී ඔහු වෙනුවෙන් 21 එපා කියමින් අරගල කර තිබේ.ඒ අය අතර සාගර කාරියවසම්, ඩයනා ගමගේ,දිලුම් අමුනුගම,සරත් වීරසේකර,විමලවීර දිසානායක,ප්‍රසන්න රණවීර හා චින්තක මායාදුන්න ආදීන් සිටි බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.කෙසේ වෙතත් ඊයේ රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ, චරිත හේරත්, විජේදාස රාජපක්ෂ හා හරින් ප්‍රනාන්දු වැනි අය 21 ට පක්ෂව වාද කර තිබේ. ජනපති ගෝඨාභය මධ්‍යස්ථව සිටි බවද පැවසේ.
ලබන බ්‍රහස්පතින්දා වනවිට මේ සම්බන්ධ අවසන් තීරණ දැනුම් දීමට නියමිතව ඇති අතර ඊයේ ඇතිවූ මෙම සංවාද මගින් පෙන්නුම් කළේ රටේ මෙතරම් ප්‍රශ්න තිබියදී එක්තරා පටු අරමුණු සහිත කොටසක් පුද්ගල ස්වාර්ථය වෙනුවෙන් පමණක් තවමත් අපමණ වෙහෙසක් ගෙන වැඩකරන ආකාරයයි.
| මට බය උනාට කමක් නැ හොරෙන් කොමෙන්ට් දාපන් මාසෙකට විතර පස්සේ, කව්රුවත් අහම්බෙන් දැක්කොත් 😂 | 2 | POSITIVE |