id
stringlengths 15
16
| news_content
stringlengths 61
30k
| comment
stringlengths 7
989
| likes
int64 -389
2.24k
| labels
stringclasses 2
values |
---|---|---|---|---|
ncpp_train_38501 |
වත්කම් සහ බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකළැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩු පහෙන් 2010 වර්ෂයට අදාළ නඩුවෙන් ඒ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29දා)
නියෝග කළාය. අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කර සිටියාය. මහෙස්ත්‍රාත්වරිය සිය නියෝගයේ මෙසේ සඳහන් කර සිටියාය.
"විත්තිකාර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී තිබුණේ වී නමුත් එවැන්නක් ගෙවූ බවට විත්තිකරු වෙතට ලැබුණු දැන්වීම් ඉදිරිපත් කර නොමැති වීම මත අදාළ වරද සිදු කළ බවට නිගමනය කළ නොහැක. විශේෂයෙන් අපරාධ චෝදනාවක් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ යුත්තේ පැමිණිල්ල විසිනි. මෙම ව්‍යවස්ථාපිත වරදක් වුවද එවැනි වරදක මූලික අංග ඔප්පු කිරීමේ භාරය පැවරෙනුයේ පැමිණිල්ල වෙතය.
එහෙත් මෙම නඩුවේ විත්තිකරු විසින් 2010 වර්ෂයට අදාළව වත්කම් බැරකම් 2010 වර්ෂයේ මාර්තු 31 දිනෙන් අවසන් වන වර්ෂයට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපතිවරයාට ඉදිරිපත් කර නොමැති බවට තහවුරු වීමක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මඟින් සිදුවී නොමැති බව සඳහන් කළ යුතුය.
ඒ අනුව මේ නඩුවේ චෝදනාවට අදාළ මූලිකම කාරණය වන 2010 ජනවාරි 31න් අවසන් වර්ෂය සඳහා වූ කාල වකවානුවට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් විත්තිකරු විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර නොමැති බවට වූ කාරණය පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමක් සිදු කර නොමැති බැවින් චූදිතට එරෙහිව ගොනු කර ඇති චෝදනාවලට වැරැදිකරු කළ නොහැකිය.
ඒ අනුව චූදිත නිදොස් කොට නිදහස් කිරීමට නියම කරන බවට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සිටියාය. චූදිතට එරෙහිව නඩු විභාගයට අදාළ සාක්ෂි විමසීම අවසන් වීමත් සමඟ ඉකුත් ජූලි 23 වැනිදා විත්තිකරු විසින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර සිටියේ තමා මෙම වරද සිදු නොකළ බවය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩු පහ ගොනු කර තිබිණ.
-කවින්ධ්‍යා පෙරේරා-
| හේතුව බැලූ බැල්මට නං පිලි ගන්ඩ අමාරැයි. සාක්ෂි ටික ගොනු කරලා නඩුවක් දා ගන්ඩ බෑ බෑ බෑ | 42 | POSITIVE |
ncpp_train_38502 |
April 06
7.15am
තවත් කොරෝනා කොරෝනා ආසාදතයෙක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.හමුවී ඇති රෝගීන් ගණන 176 කි.
April 05
10.15pm
තවත් කොරෝනා කොරෝනා ආසාදතයෙක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.හමුවී ඇති රෝගීන් ගණන 175 කි.
07.15pm
කොරෝනා රෝගය වැළඳී ඇති බවට සොයාගත් තවත් 3 ක් හමුවී තිබෙන අතර ඒ අනූව මෙරටින් මේ වනවිට හමුවී ඇති රෝගීන් ගණන 174 කි.
06.05pm
කොරෝනා රෝගය වැළඳී ඇති බවට සොයාගත් තවත් එක් අයෙකු හමුවී තිබෙන බවට වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.
ඒ අනූව මෙරටින් මේ වනවිට හමුවී ඇති රෝගීන් ගණන 171 කි.
05.05pm
ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇත.
03.15pm
ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළ ගොස් ඇත.
April 04
10.35pm
කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 166 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තවත් හඳුනාගෙන ඇති සිවුදෙනාද සමගය. අද (04) දින තුළ පමණක් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07දෙනෙකු හඳුනාගෙන ඇත.
5.35pm
ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදියින්ගේ සංඛ්‍යාව 162ක දක්වා ඉහළ ගොස් ඇතැයි
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කලේ ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ බවයි.
10.35pm
රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ ආසධිතවූ රෝගීන් 03 දෙනෙක් වාර්තා වූ බවයි.
10.00pm
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් රෝගියෙකු කොරෝනා වෛරස් ආසාදිත 4 ක් හදුනාගත් බවට තහවුරු වීඇත.
06.25pm
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් රෝගියෙකු කොරෝනා වෛරස් ආසාදිතයෙක් බවට තහවුරු වීමත් සමගයි.
April 02
07.05pm
තවත් කෝවිඩ් - 19 ආසාධිත 1 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 151ක් දක්වා ඉහල ගොස් ඇත
05.25pm
තවත් කෝවිඩ් - 19 ආසාධිත 2 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 150ක් දක්වා ඉහල ගොස් ඇත
11.25am
තවත් කෝවිඩ් - 19 ආසාධිත 2 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 148ක් දක්වා ඉහල ගොස් ඇත
April 01
තවත් කෝවිඩ් - 19 ආසාධිත 3 ක් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් ගණන 146ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
March 31
11.40 pm
තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
7.40 pm
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ පමණක් රෝගීන් 20 ක් හමුවූ අතර මෙය වැඩිම රෝගීන් හමුවූ දිනය බවට ඒ අනුව පත්ව තිබේ.
5.20 pm
කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 3 දෙනෙකු අද (31) හදුනාගෙන තිබෙන අතර
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 132 ක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
4.00pm
කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 7 දෙනෙකු අද (31) හදුනාගෙන තිබෙන අතර
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 129 ක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
March 30
4.00pm
නව කොරෝනා වෛරසය ආසාදිතවූ
පුද්ගලයින් සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
9.45am
අද (30) උදෑසන කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් තිදෙනෙක් වාර්තා වී ඇති අතර ආසාධිතයින් සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
March 29
8.00pm
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු තවත් රෝගීන් 02 දෙනෙකු හලාවත සහ රත්නපුර රෝහල්වලින් IDH රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
8.00am
තවත් ආසාදිතයින් 2 දෙනෙකු හමුවූ බව වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලන්ගේ ගණන 115ක් දක්වා ඉහළ ගොස් තිබේ.
March 28
8.25pm
තවත් ආසාදිතයින් 3 දෙනෙකු හමුවූ බව
වාර්තා වන අතර කොරෝනා වෛරසය අසාදිත පුද්ගල සංඛ්‍යාව 113 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ පළමු මරණය වාර්තාවී තිබෙන පසුබිමකය. පළමු මරණය ගැන විස්තර මෙතැනින්
4.15pm
තවත් ආසාදිතයෙකු හමුවීමෙන් පසු කොරෝනා වෛරසය අසාදිත පුද්ගල සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
3.15pm
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු හඳුනාගෙන ඇති බව
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය අද දහවල් දන්වා තිබේ.
ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 109 දෙනෙකු
මෙරටින් වාර්තා වෙයි.
9 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් අනතුරුව පිටව ගොස් ඇති අතර සැක කෙරෙන පුද්ගලයින් 199 දෙනෙකු දිවයිනේ රෝහල් 21ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
| අටළුගමින් දෙන්නයි තව පල්ලි වලත් එකතු වෙන්න කොරියාවේ patient 31 ගැනවත් අහළ ගෙදෙට්ට වෙලා හිටපල්ල දෙයියන්ට බැරි දේ උෂ්ණත්වය නම් හේතුව නිසා කොරෝනා ව්‍යාප්තිය අඩු වෙලා තියෙනව. දෙයියොත් වැද වැද ඉන්නෙ සමර් එක ඇවිත් උෂ්ණත්වය ඉහළ යන්න කියල. | 34 | POSITIVE |
ncpp_train_38503 |
රටේ උද්ගතව තිබෙන අනාරක්ෂිත තත්වය සැලකිල්ලට ගෙන කැලණිය සරසවි භූමියේ සීසීටීවී කැමරා පද්ධතියක් සවි කිරීමට පාලනාධිකාරිය ලබාගත් තීරණයට විරුද්ධවී සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසක් ඇති කළ කලහකාරී විරෝධයෙන් පසු
කැළණිය විශ්ව විද්‍යාලයේ
වෛද්‍ය පීඨය හැර සෙසු පීඨයන් දින නියමක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම සීසීටීවී පද්ධතිය සවි කිරීම මීට දිගු කලකට ඉහත සිට උත්සාහ කර තිබූ නමුත් විවිධ අවස්තාවල මෙම සිසුන්ගේ විරෝධය නිසා අත්හැර දමා තිබුනි.
නමුත් පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙම ක්‍රියාමාර්ගයට පාලනාධිකාරිය නැවත කටයුතු කරද්දී මින් ඉහත විරෝධය දැක්වූ කණ්ඩායම් කිහිපයක්ම ඊට සහය පළකර තිබුනේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු දැඩිව දැනුණ බැවිනි.
නමුත් ආරක්ෂක සැලැස්මට සුළුතර සිසුන් පිරිසක් සහාය නොදැක්වීම හේතුවෙන් කලබල ඇති කර තිබේ.
ඒ අනුව අද පෙ.ව. 10.00 සිට විශ්වවිද්‍යාලය වසා දමා ඇත.
හැකි ඉක්මනින්නම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසත් පාලනාධිකාරිය දන්වා තිබේ.
සති අන්තයේ පවත්වන දේශන නියමිත පරිදි (බාහිර උපාධි/පශ්චාත් උපාධි) පවත්වන බව විශ්වවිද්‍යාලය පවසයි.
| මේ වගේ එවුන් පක්ෂ වල නායකයෝ වුණාම ත්‍රස්තවාදින්ට නාමයෝජනාත් දෙයි.... | 78 | POSITIVE |
ncpp_train_38504 |
සිය දියණියගේ නිරුවත් වීඩියෝ හා ජායාරූප අන්තර්ජාල වෙබ් අඩවියකට යොමු කර රුපියල් ලක්ෂ 6 ක් උපයාගත හැකි බව පවසමින් නිවසේදී දියණියව නිරුවත් කර රූගත කරන්නට උත්සාහයක යෙදුණ පියෙකු ඒ සම්බන්ධ ඇති කරගත් ආරවුලින් පසු සිය බිරියගේ කඩු පහරින් නිවසේ සාලය තුළදී ඝාතනය වීමේ පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා විය.මෙලෙස ඝාතනය වූ 38 හැවිරිදි පුද්ගලයා රෝහලක උපස්ථායක සහායකයෙකු ලෙස රැකියාව කරන අයෙකි. කුරුණෑගල වැල්ලව - බලගහගම ප්‍රදේශයේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇත. 14 හැවිරිදි දියණියගේ නිරුවත් ජායාරූප අන්තර්ජාලය වෙත මුදාහැර රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබාගත හැකි බව පවසා මෙම පුද්ගලයා අවස්ථා ගණණාවකදී බිරිද සමග ගැටුම් ඇතිකර ගෙන ඇති අතර ඊයේ(03) දිනයේද එම පුද්ගලයා බිරිදගෙන් සිය දියණියගේ රූගත කිරීම් සඳහා අවසරය ඉල්ලා බිරිද සමග බහින් බස් වී ඇත.බිරිඳ මෙම කටයුත්තට කිසිසේත් එකඟවී නැති අතර ‘මේව ලංකාවෙ අය බලන් නැහැ..සුළු දෙයක්නෙ කරන්න තියෙන්නෙ ලක්ෂ 6 ක් හොයාගන්න පුලුවන්නේ..‘ ආදී ලෙස සැමියා තර්ක කර තිබේ. වාදය දුරදිග ගොස් ඔහු බිරිදට පහරදී ඇති අතර දරුවන් දෙදෙනෙකු සිටින නිවසේ දියණිය හා පුතු සැමියාගෙන් බේරාගන්නට ඇය දරුවන් පිටතට දමා දොරවල් වසා සිටි බවද පැවසේ. දියණිය 14 හැවිරිදි වියේ පසුවන අතර පුත්‍රයා 9 හැවිරිදි වියේ පසුවේ.එම අවස්ථාවේ ඔහුගෙන් මිදි පලායාම සඳහා ඇය තම පුරුෂයාගේ මුහුණට මිරිස් කුඩු දියර ඉස ඇති අතර එහිදී බිම ඇදවැටුණු පුරුෂයාට එම කාන්තාව කඩුවකින් පාදයට සහ ගෙළට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.මෙලෙස ඝාතනයට ලක්වූ 38 හැවිරිදි දෙදරු පියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපස්තායක සහායක සේවකයකු ලෙස කටයුතු කර ඇති අතර ගාතනය සිදු කළ 36 හැවිරිදි මව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.ඇය වෘත්තීයෙන් ඇඟලුම් කම්හල් සේවිකාවකි. කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත.
| ගෙදර වටපිටාව බැලුවම එච්චර ආර්ථික අපහසුතාවයක් තියන බවක් පේන්න නෑ වගේ.(කුලියට ගත් නිවසක් නොවේනම්). සමහර විට ඇත්ත කතාව වෙනමම එකක් වෙන්න පුළුවන්. | 36 | POSITIVE |
ncpp_train_38505 |
මන්ත්‍රී ධූර ප්රශ්නය වෙලාවේ මං ආණ්ඩුවට ආවෙ නැති නිසා
ගෑස් ලිපේ ගින්නකින් මාව මරා දමන්න හැදුවා
- ගීතා කුමාරසිංහ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තොට පැවති පොදුජන පෙරමුණු ප්‍රවර්ධන රැස්වීමකදී තමන් මරා දැමීමේ කුමන්ත්‍රණයක් පැවති බව මුල්වරට හෙළි කර තිබේ
තමන්ගේ මන්ත්‍රී ධූරයේ ප්රශ්නය උසාවියේ ඇදී යද්දී ඇමතිකම් පිරිනමා තමාව නම්මවා ගන්නට උත්සාහ කළ නමුත් එයට අකමැතිවූ පසු
නිවසේ ගෑස් ලිප ගිනිගන්නට සලස්වා තමා මරන්නට හැදූ බවත් එයින් තමා බේරුණ බවත් ඇය කියා තිබේ.
ඇය ඒ බව හෙළි කළේ මෙසේය.
'මම මන්ත්‍රීකම අරගෙන ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගත්තේ යහපාලන මේ හොර රැළ ගැන විශ්වාසයක් නැති නිසයි. මගේ විවාහය නිසා තිස් අවුරුද්දකට කලින්
ලැබුණු පුරවැසිභාවය මම අයින්කරගත්තා. නමුත් උසාවියේදී කිව්වා නාමයෝජනා දෙන විට පුරවැසිභාවය තිබුණා කියලා. මම පුරවැසිභාවය නැති වුණාම හඩා වැටුණේ නැහැ.
මන්ත්රීතම නැති වුණාම මම තුට්ටුවකට ගණන් ගත්තෙ නැහැ. මන්ත්‍රීකම අරගෙන කොන්ද නැමෙන පණ නැති පිරිමින් ඉදිරියෙ එඩිතර ගැහැනියක් හැටියට ඒකාබද්ධ විපක්ෂයට සියලු සහයෝගය දුන්නා, අන්තිමව නඩුව කිට්ටු කරලා ඇවිත් කිව්වා ඔයාලග නඩුව තව අවුරුදු දෙකකට දික්කරල දෙන්නම් ඔයාගෙ ධූර කාලය ඉවර වෙනකම් ඉන්න පුළුවන් ඔයාව ඇමැතිකමකුත් සූදානම් කරලා තියෙන්නෙ,
තීරණය සතියක් ඇතුළත කියන්න කිව්වා. මම දකුණේ අභිමානය රකිමින් කිව්වා. මම මහින්ද රාජපක්ෂ සමඟ සිටින බව.
කවුරුහරි කෙනක් කාගෙ හරි ඉගැන්නුම් බහකට කුස්සියෙ ගැස් ළිප් ඇරලා තිබ්බා. මම හවස බුදුහාමුදුරුවන්ට පහන තියන්න ගිනිකුර ගහලා විසිකරනවාත් සමඟ අත පිච්චුණා. ඔවුන්ගෙ බලාපොරොත්තුව තිබුණේ මාව මරලා දාන්න. ඒත් මගේ ජීවිතය දෙවියන් විසින් බේරලා දුන්නා.'
| නැන්දේ ඔය ගම්පහ ඉන්න තිබුනේ | 53 | POSITIVE |
ncpp_train_38506 |
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි. කීර්තිරත්න මහතා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.ඒ අනුව, ඔහු පොලිස් ආරක්ෂාව යටතේ තවදුරටත් එම රෝහලේම ප්‍රතිකාර ලබයි.මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සදහන් කරයි. රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු කුණ්ඩසාලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවයි.
| සකල කලාවෙන් සපිරුණු වල්ලභයන් ලියලා දෙනව තිර පිටපත නියම රසින් ප්‍රධාන නළුවා සැගවී තිරය පිටින් තේ හදනා එකා දානව රගන ලෙසින් කියනා කියන දේ කරනා ගොට්ටන්ට මේවා අනගි පාඩම් හැටි දැනගන්ට හැකිනම් ජනතාව සමගින් හිටගන්ට අණ දුන් සැබෑ බල්ලන් පාවාදෙන්ට | 7 | POSITIVE |
ncpp_train_38507 |
එළැඹෙන වෙසක් මංගල්‍යයට සමගාමීව දිවයිනේ කිසිදු ප්‍රදේශයක තොරණ හා වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීම මෙන්ම වෙසක් කලාප වැනි මහජනතාව ඒකරාශි වන කිසිදු ප්‍රදර්ශනයක් පැවැත්වීම තහනම් බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. ඉතිහාසයේ කිසිවිටෙක මෙවැනි තහනම් කිරිමක් මෙරට
තුළ සිදුවී නැති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍යවරයා පවසන්නේ රට තුළ දැනට උද්ගතව තිබෙන අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් ශාසනාරක්ෂක බල මණ්ඩලවල එකඟතාව මත එකී තහනම් කිරීමේ තීරණය ගත් බවයි.
දන්සල් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවද විහාරස්ථාන තුළ ඉතා ආරක්ෂා සහිතව දන්සල් පැවැත්වීම සුදුසු බව තම මතය බවද කිසියම් ප්‍රදේශයක වෙසක් කලාපයක් පැවැත්වීමට අවශ්‍ය නම් එකී පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආරක්ෂක අංශවල උපදෙස් ලබාගත යුතු බවද ඒ මහතා පවසයි.
ආගමික වතාවත් සිදු කිරීම සඳහා විහාරස්ථාන
වෙත යන බැතිමතුන් ප.ව. 8.00ට පෙර එකී ආගමික වතාවත්වල නිරත වීම සුදුසු බවද එසේ විහාරස්ථාන වෙත යන බැතිමතුන් පරික්ෂා කිරිම සඳහා ප්‍රදේශයේ සියලු ආරක්ෂක බල මණ්ඩලවල හා දායක සභාවල සහාය ලබාගැනීමට අදාළ විහාරස්ථාන භාර විහාරාධිපතිවරුන් පියවර ගත යුතුව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
වන්දනා ගමන් යන බැතිමතුන්ට මෙන්ම වෙනත් කටයුතු සඳහා යන පුද්ගලයන්ට කිසිදු විහාරස්ථානයක නවාතැන් පහසුකම් ලබාදීමට තහනම් බවද ඒ මහතා කීය. මෙකී තීරණ සම්බන්ධයෙන් ඉදිරි දිනකදි මහ නායක හිමිපාණන් වහන්සේ ආරක්ෂක කවුන්සලය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද මෙවර වෙසක් උත්සවය දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයට සිදු නොකරන බවද ආරක්ෂක අංශවල උපදෙස් වලට අනුව තමා එකී කටයුතු සිදු කරන බවද කිසියම් සිද්ධියක් වුවොත් එහි වගකීම තමාට භාර ගැනීමට සිදුවන නිසා තමා එසේ ක්‍රියා කරන බවද ඒ මහතා කීය. එහිදි ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුද්ධ ශාසන ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවර වෙසක් මංගල්‍යයේදි ප්‍රතිපත්තිවලට මුල්තාන දෙන බවය. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයද ආරක්ෂක අංශවල උපදෙස් අනුව ඉතාමත් චාම්ව සිදු කරන බවද ඒ මහතා කීය.
-කුමුදු උපුල් ශාන්ත-
| රටේ කලබල තිබුණත් නැතත් මේ පරගැති ආණ්ඩුවට කොහොමත් එදා ඉදන් ඕන උනේ සිoහල බෞද්ධකමට කෙලවන්න... මුන්ට සතුටු ඇති දැන්.... | 12 | POSITIVE |
ncpp_train_38508 |
මෙම වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුළදී ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම්වලින් හෙරෝයින් කිලෝග්‍රෑම් 1029.9ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 20,309 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. 2010 සිට 2018 වසර දක්වා කාලය තුළදී එක් වසරකදී අත්අඩංගුවට පත්
හෙරොයින් ප්‍රමාණය අබිබවා යමින් 2019 මුල් මාස 6 තුළ මෙම හෙරෝයින් ප්‍රමාණය අත්අඩංගුවට ගෙන ඇත.
2010 - 2018 කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 1950.9ක් සමග පුද්ගලයන් 208,643ක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්කුඩු සහ මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීම සඳහා ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා දියත් කර ඇති වැඩපිළිවෙළට අනුව ගෙවීගිය වසර 4ක කාලය තුළදී හෙරොයින් ළග තබා ගත් පුද්ගලයන් මෙන්ම හෙරොයින් විශාල වශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඒ අනුව 2018 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 737ක් සමග සැකකරුවන් 40,987ක්ද, 2017 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 278.3 ක් සමග සැකකරුවන් 29,272ක්ද, 2016 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 196.8ක් සමග සැකකරුවන් 27,458ක්ද 2015 වසරේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 40.5ක් සමග සැකකරුවන් 26,047ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
එසේම 2014 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 181.5ක් සමඟ සැකකරුවන් 22,997ක්ද, 2013 වසරේදී
හෙරොයින් කිලෝග්‍රෑම් 315.5ක් සමග සැකකරුවන් 23,114ක්ද, 2012 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 30. 6ක් සමග සැකකරුවන් 15,968ද, 2011 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 31.2 ක් සමග සැකකරුවන් 13876ක් සහ 2010 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 139.5ක් සමග සැකකරුවන් 8,924ක්ද අත්අඩංගුවට
ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එසේ ඊයේ කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේ 2019 වසරේ මුල් මාස 6 තුළ පමණක් බීඩිකොළ කිලෝග්‍රෑම 18,692ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2,038.32ක් අත්අඩංගුවට ගත් බවයි.
-තියේෂාද සිල්වා-
| සිරිසේන කරපු එකම හොඳ වැඩේ මේක විතරයි.. රටේ පාලනය අතින්.. ඔහු අන්තිමයි.. 🙄 | 32 | POSITIVE |
ncpp_train_38509 |
ස්කෑන් පරීක්ෂණයකට ගිය කත
නිරුවත්කර වීඩියෝ කළමහනුවර විකිරණ ශිල්පියා
මහනුවර නගරයේ ඇති පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ රෝගී කාන්තාවක් ස්කෑන් පරීක්ෂණ කාමරය තුළ දී නිරුවත් කර ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ විකිරණ ශිල්පියකු මහනුවර මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වකුගඩු රෝගයෙන් පෙළෙන මේ කාන්තාව
ස්කෑන් පරීක්ෂණයක් සඳහා
පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබේ. ඉන් පසු කාන්තාව ස්කෑන් පරීකෂණය සඳහා ස්කෑන් පරීක්ෂණ කාමරයට ගිය පසු සැකකාර විකිරණ ශිල්පියා ඇගේ දෑස් බැඳ ස්කෑන් පරීක්ෂණය සිදුකරන ආකාරයෙන් ඇගේ නිරුවත ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබේ. ඒ පිළිබඳව සැක සිතූ මේ කාන්තාව දෑස් හැර බැලීමේදී සැකකාර විකිරණ ශිල්පියා ඇගේ නිරුවත වීඩියෝ කරන අයුරු දැක ඇති අතර ඇය එම ක්‍රියාවට විරෝධය පෑමත් සමඟ සැකකාර විකිරණ ශිල්පියා දිවගොස් ඇත. ඇය ඔහු පසුපස පන්නා ගොස් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන සිද්ධිය පිළිබඳව මහනුවර පොලිසියට පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කාන්තාවගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ එම ජංගම දුරකතනයේ තිබූ බව පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ.
මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති අයේෂා බණ්ඩාර මහත්මිය සහ පොලිස් සැරයන් ගාමිණී රත්නායක යන නිලධාරීන් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
ගයා ශ්‍රී කාරියවසම්
| යකෝ හැම මගුලටම තමන්ගේ ආගම විහිළුවට ගන්න එපා.ඒකේන් තම්බි හැත්ත තවත් අපිව පහත් කරනවා තරහා වෙන්න එපා මචං ටිකක් කේන්තියෙන් කතා කරාට | 1 | POSITIVE |
ncpp_train_38510 |
පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද 2018 ගැලප් මත විමසුම් ප්‍රතිඵලයට (Gallup poll) අනුව
ඇමෙරිකා එක්සත් ජනපද ජනතාව ලොව වඩාත්ම අගය කරන කාන්තාව ලෙස මිෂෙල් ඔබාමා මහත්මිය පළමු ස්ථානය හිමි කරගෙන ඇත. මින්පෙර නොකඩවා 17 වරක් එම ස්ථානය අයත් කරගනිමින් සිටි තවත් හිටපු ජනාධිපති ආර්යාවක් වන හිලර් ක්ලින්ටන් මහත්මියට මෙවර හිමිවී ඇත්තේ තුන් වැනි ස්ථානයයි. දෙසැම්බර් 3 සිට 12 වැනිදා දක්වා පැවති මේ වසරේ ගැලප් මත විමසුමට ඇමරිකානුවන් 1,025ක් දායක වූ අතර, ඉන් 15%ක් මිෂෙල් ඔබාමා හට වැඩි මනාපය ප්‍රකාශ කර ඇත.
ඇය මේ දිනවල සිටින්නේ "Becoming” නමැති සිය චරිතාපදාන ග්‍රන්ථයේ ප්රචාරක කටයුතුවල නිරත වෙමිනි. දෙවැනි ස්ථානය ඔප්රා වින්ෆ්රි හට අත් වන අතර වත්මන් ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් හට සිව් වැනි ස්ථානය හිමි වී ඇත. මේ අතර ඇමෙරිකානුවන්ගේ ප්‍රියතම පුරුෂයා ලෙස බැරක් ඔබාමා මහතා නොකඩවා 11 වැනි වරටත් වැඩිම මනාප ලබා ඇතැයි ගැලප් සමීක්ෂණ වාර්තාව තවදුරටත් සඳහන් කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිව් වැනි වරටත් දෙවැනි ස්ථානය ලබා සිටී. 1935 දී ජෝර්ජ් ගැලප් විසින් අරඹන ලද සමාගම ලොව පුරා ජනමත විමසුම් පැවැත්වීම පිළිබද ප්‍රසිද්ධියක් උසුලයි. 1948 වසරේ සිට (1976 හැර) වාර්ෂිකව ඔවුන් ජනමත විමසුම් පවත්වා තිබේ.
| නැහැ බං සිරිලිය බෙලිඅත්තෙ. | 21 | POSITIVE |
ncpp_train_38511 |
උතුරේ ආරක්ෂක අංශවල සහයෝගය තමන්ට අවශ්‍ය බව කියමින් කිළිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ජනතාව පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කර තිබේ.
ඔවුන් ඒ පෝස්ටර් හා බැනර් මගින් කියා ඇත්තේ ගංවතුර උවදුරෙන් තමන් බේරා ගත්තේ දෙමළ දේශපාලනඥයන් නොව ආරක්ෂක අංශ බවයි. මේ නිසා වන්නියේ දෙමළ ජනතාව ආරක්ෂක අංශ සාමාජිකයන්ට ගරුකරන බවත් ඔවුන්ගේ සේවාව තවදුරටත් වන්නියේ ජනතාවට අවශ්‍ය බවත්
එම පෝස්ටර්වල සඳහන්ව ඇත.
උතරු පළාත් සභාව විසින් කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල සිදුකළ විවිධ සංවර්ධන කටයුතු විස්තර කිරීම සඳහා යොදා ඇති බෝඩ්වලට පහළින්ද ආරක්ෂක අංශ වෙත වන්නියේ ජනතාවගේ ප්‍රණාමය පුද කරමින් බැනර් එල්ලා පෝස්ටර් අලවා තිබුණි.
යුද හමුදාව උතුරෙන් පිටව යා යුතු නොවේ හමුදාවේ සහයෝගය අපට අවශ්‍යයි. වැනි වැකි ඇතුළත් පෝස්ටර් හා බැනර් මෙන්ම ආරක්ෂක අංශ අපට කළේ මොනවාද? යන්න විස්තර කරමින් ලියන ලද පෝස්ටර්ද මේ අතර දක්නට ලැබෙයි.
කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල ගංවතුරින් විපතට පත්ව සිටින ජනතාව මේ පෝස්ටර්වලින් විශාල ප්‍රමාණයක් ලියා තිබුණේ ඔවුන්ට ආහාර පාර්සල් දමාගෙන විත් තිබූ කාඩ්බෝඩ් පෙට්ටිවලින් ඉරා ගත් කාඩ්බෝඩ් කැබලිවලය.
කඩදාසිවල හා රෙදිවල ලියන ලද බැනර් හා පෝස්ටර්ද කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල අලවා තිබේ.
දිනසේන රතුගමගේ
| හමුදාවෙන් කරපු වැඩක් o.0 | -71 | NEGATIVE |
ncpp_train_38512 |
ණය ලබා ගැනීම රයකට අපරාධයක් නොවන බවත් තම පක්ෂයට ඒ සදහා වැඩපිළිවෙළක් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා පැවසීය.ජාතික ජන බලවේගය විසින් සංවිධාණය කළ "ජහ සභාව" රැස්වීම් මාලාවේ. මාතර දිස්ත්‍රික් ජන හමුව සඳහා පෙරේදා (28) මාතර රවින්ද්‍රනාත් ශාලාවේ පැවති අවස්ථාවේදි හෙතෙම මේ බව පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේ ද පැවසීය, "ණය කියන්නේ අපරාධයක්
නෙමෙයි. ඒක, අපට අවශ්‍යය නම් ප්රාග්ධනය නැති වුනාම ප්රාග්ධනය සපයා ගැනීම
සඳහා ණය ගන්නවා, දෙක, අපට ණය ගැනීමේ තාක්ෂණය නැති වුණාම තාක්ෂණය ලබා ගැනීමට ණය ලබාගන්නවා. ලෝකේ රාජ්‍යයන් එහෙමයි. එවැනි ණයක් අපට බර වෙන්න හේතුව තමයි අපි ගන්න ණය වලින් ඇත්ත වත්කම් හෙළි නොවීමයි . දැන් මේ පාලකයෝ ත්රිලියන 11ක් ණයකරුවෝ බවට පත්ව තියෙනවා.විගණකාධිකාරීවරයා කියනවා ත්රිලියන 11ක් ණය ගත්තට වත්කම් තියන්නේ 1.8ක් කියලා. එතකොට 9.2ක් අතුරුදහන්. එකෙන් තමයි ණය අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ.ණය වලින් ඇත්ත වත්කම් හැදුන් නැහැ. ඒ නිසා මේ ණය බරක් වෙලා තියෙන්නේ අන් කවර කරුණක් නිසා නෙමෙයි ණය වලින් අපි ඇත්ත වත්කම් හැදුවේ නැති නිසා, ණය වලින් අවශ්‍යය වතම් නිර්මාණය කළේ නැති නිසා. මේ ළඟදී අපි දෑක්කා ජනාධිපතිතුමාම කියනවා නෙලුම් කුළුනට දීපු කෝටි 200ත් දීපු තැනක්වත් නෑ කියලා. ඒ වගේම අපේ හඳුන්නෙත්ති සහෝදරයා පෙන්නුවා සුරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීම් වියදම් බිලියන 5යි හැබැයි එය තක්සේරු කලාම වටිනාකම බිලියන දශම9 යි. ඒ කියන්නේ කෝටී 500ක ඉදිකිරීමක් කරාම ඒක තක්සේරු කරාට පස්සේ තියෙන්නේ කෝටි 90යි කෝටි
410ක් අතුරුදන්වෙලා
තීයන්නේ. මේ අර්බුදය පත්තු වුනේ එතැනින්. එහෙනමි මේ අර්බුදයට අපේ තියෙන විසඳුම තමයි ණය නැවත අපි සමීකරණයට ලක් කරන්න ඕන ඒ අය එක්ක සාකච්ඡා කරලා. දෙක නැවත අපි ණය ගන්න අත්‍යවශ්‍ය තැන් දෙකක් තියෙනවා යොදවන, එක නිෂ්පාදනය කිරීම් වලට අපේ රටේ විශාල කර්මාන්ත පද්ධතියකට ණය ගන්න ඕන, ජාතික නිෂ්පාදනය වැඩී කිරීමේ සැලැස්මක් අපට තියනවා ජාතික නිෂ්පාදනය වැඩි කිරීමෙන් තමයි ආදායම වැඩිකරන්න පුළුවන්කම තියෙන්නේ. මෙම අවස්ථාව සඳහා යන්නේ මහා සංඝරත්නය, සුනිල් හදුනෙත්ති, සරෝජා පොල්රාජ් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.
-මහේෂ් මලවර ආරච්චි-
| දේශපාලකයොත් හොරු , උන්ව බලයට ගේන්න ට්‍රයි කරන එවුන් පට්ට හොරු, , අවසානයේ උන්ට කතිරෙ ගහලා දිනවන එවුනුත් හොරු. ලේසි නෑ බ්‍රදර් මේක අපේ එවුන්ට තේරුම් කරලා දෙන එක. අන්තිම ලාස්ට් කියලා ට්‍රයි එකක් දෙමු. | 10 | POSITIVE |
ncpp_train_38513 |
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රකාශ හේතුවෙන් සමාජයට වැරදි මත ඉදිරිපත්වීම නිසා තම කීර්ති නාමයට සිදු වූ හානියට වන්දි වශයෙන් රුපියල් බිලියනයක මුදලක් සති 03 ක් ඇතුලත ගෙවන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සින්නදොරේ සුන්දරලිංගම් සහ
බාලේන්ද්‍ර නීතිඥ සමාගම මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වෙත එන්තරවාසියක් යොමු කර ඇත. 2019 ජුනි මස 24 දින මෙම එන්තරවාසිය යොමු කර තිබේ. සති 03 ක් තුල අදාල මුදල නොගෙවන්නේ නම් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව එම එන්තරවාසියේ සදහන් කර තිබේ.
1994 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත පීඨයේ උපාධිධාරියෙකු වෙයි. වසර 25 ක කීර්තිමත් දේශපාලන ඉතිහාසයක් ඇති තම
සේවාදායකයා කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බව එන්තරවාසියේ සදහන් වෙයි. විවිධ රජයන් යටතේ ඉඩම්, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා, ධීවර හා ජලජ සම්පත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය යන අමාත්‍යධූර රාජිත සේනාරත්න මහතා විසින් හොඹවා ඇත. යහපාලන රජය ස්ථාපිත කිරීමට වගකීමෙන් යුතුව කටයුතු කළ තම සේවාදායකයා ජාතික මට්ටමේ ජනප්‍රිය හා ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයෙකු බව එන්තරවාසියේ සදහන් කර තිබේ. ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ වසර 14 ක් පුරා විවිධ නිලතල හොඹවා ඇති රාජිත සේනාරත්න මහතා ජාතික වශයෙන් ගෞරවයක් ලබාදෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපතිධූරයට ද තේරී පත් විය.
2019 ජුනි 17 දින හෝ ඊට ආසන්න දිනයක දී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පුළුල් මාධ්‍ය ආවරණයක් සහිතව මාධ්‍යහමුවක් පවත්වා සිදු කළ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් තම කීර්තිනාමයට හානියක් සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එන්තරවාසියෙන් දැනුම් දී තිබේ. වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ඖෂධ ආනයනය කිරීමේ දී රුපියල් බිලියන 20 ක මුදලක් රජයට අහිමි කළ බව ප්‍රකාශ කිරීම, ගුණාත්මකභාවයෙන් තොර ඖෂධ ආනයනය කිරිම, ශ්‍රී ලාංකිකයින්ට එරෙහි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, සුවපති කිරුළ සදහා රජයේ මුදල් අවභාවිතා කිරීම වැනි වටිනාකමකින් තොර වගකීම් රහිත ද්වේෂ සහගත අසත්‍ය ප්‍රකාශ එම මාධ්‍ය හමුවේ දී ඉදිරිපත් කර ඇති බව එන්තරවාසියේ සදහන් වෙයි. එම ප්‍රකාශ මාධ්‍යයේ පළවීම හේතුවෙන් තමන් කම්පාවට පත් වූ බවත්, තම කීර්තිනාමයට හානියක් සිදු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එන්තරවාසියෙන් පෙන්වා දෙයි. ජාතික මැතිවරණ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වකවානුවක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ චරිතයට හානි කිරීමේ ප්රචාරක වැඩපිළිවෙළක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දියත් කර ඇති බව එන්තරවාසියේ සදහන් වෙයි. මැතිවරණ වල දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රබල කථිකයෙකු ද වෙයි. තම කීර්තිනාමයට සිදු වූ හානියට වන්දි වශයෙන් රුපියල් බිලියනයක මුදලක් සති තුනක් ඇතුලත ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා එන්තරවාසිය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දී තිබේ. තවදුරටත් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙසත් අදාල වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම එන්තරවාසියෙන් අවධාරණය කර සිටියි.
| GMOA එක කරන්නෙ මහින්දට කඩේ යන එක. අරලියගහ මන්දිරයේදි මහින්දගේ දන්සැල වන්දනා කරපු හැමෝටම ඉනා බෙහෙත් දීල නිසා උන් එකෙක්වත් මහින්දට විරුද්ධව වචනයක්වත් කියන්නේ නැහැ. මගෙ මල්ලිලා දෙන්නටයි උන්ගෙ ගෑණු දෙන්නටයි සිද්ධ වුණෙත් ඕකම තමයි. හොඳ වෙලාවට මටත් ආරාධනා කාඩ් එකක් එවලා තිබුනත් ගියේ නැහැ. | -3 | NEGATIVE |
ncpp_train_38514 |
ප්‍රේම සම්බන්ධයක් මුල්කරගෙන කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිට දී සිසුන් දෙදෙනකුට පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ඇමැති පුතා පැමිණ ඇති කළු පැහැති මෝටර් රථය කර්මාත්ත හා වාණිජ කටයුතු අමත්‍යංශය යටතේ ලියාපදිංචි කළ වාහනයක් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුතාට බව ද පොලිස් ආරංචිමාර්ග පවසයි. රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතා ඉකුත් 26 වැනිදා රාත්‍රි 2.00ට පමණ ඔහුගේ මිතුරන් සිවුදෙනකු ද සමග උපකාරක පන්තිය ඉදිරිපිටට පැමිණ එහි සිටි සිසුන් දෙදෙනකුට පහර දී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට කර තිබූ දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිද්ධියට මුල් වූ අමාත්‍යවරයාගේ පුතා ඇතුළු පස් දෙනකු මෝටර් රථය ද සමග පොලිස් බාරයට ගත් බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 20ත් අතර වයස්වල පසුවන්නන් බව ද පොලිසිය පවසයි.
සිද්ධියේ තුවාලකරුවන් කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගේ තත්වය බරපතළ නොවීම හේතුවෙන් සැකකාර ඇමැති පුතා ඇතුළු පස් දෙනා පොලිස් ඇප මත මුදාහැරිය බවත් එම උසස් නිලධාරියා කීය. මෙම පහර දීම සඳහා ඩිෆෙන්ඩර් රථවලින් පැමිණි පිරිසක් සහභාගි වී ඇති බවට වාර්තතා වුවද ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා පරික්ෂ කිරිමේ දී කිසිදු ඩිෆෙන්ඩර් රථයක් පැමිණි බවට සටහන් වී නොමැති බවත්, මෙම තරුණයන් පස්දෙනා හැර වෙන කිසිදු පිරිසක් මෙම ප්‍රහාරය සඳහා පැමිණි බවට හෙළි වී නොමැති බවත් පොලිස් ආරංචිමාර්ග කියයි. සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ වාර්තා ලැබුණු පසුව සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.(ඉන්දිකා රාමනායක)
| ඔබෙන් තොරවූ ලෝකයක් ගැන නෑ සිතන්නෙ මා | 2 | POSITIVE |
ncpp_train_38515 |
රට තුළ ඉන්ධන සැපයීම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රවාහනය, සෞඛ්‍ය, ගුවන් සේවා, දුම්රිය, වරාය සහ ආරක්ෂක අංශ අත්‍යාවශ්‍ය සේවා ලෙස හඳුනාගෙන ඇත. රෝහල්වලට අවශ්‍ය ඉන්ධන මේ වනවිට බෙදාහරිමින් පවතින බව වාර්තා වේ. රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන මාධ්‍ය මෙම අත්‍යාවශ්‍ය සේවාවන්ට ඇතුළත් නොවේ.
කෙසේ වෙතත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට කියා සිටියේ මාධ්‍ය තුළ ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට පමණක් අවශ්‍ය ඩීසල් බෙදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. කෙසේ වෙතත්, පෙට්‍රල් බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් පවතින බවද ඔහු සඳහන් කර තිබේ.විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය ආයතන වල සියලු කටයුතු වලට ඉන්ධන හා විදුලිය අවශ්‍යවීම නිසා සේවකයන් ගෙන්වීමේ දුස්කරතා මෙන්ම පැය කිහිපයක ජනන යන්ත්‍ර මගින් පවා අවශ්‍යතා සපුරාලීමට බැරිව විකාශන කටයුතු නතර කරන අවදානමක්ද මතුව තිබේ.
| රටේ පවතින තත්ත්වය 50%යහපත් වේවි | 33 | POSITIVE |
ncpp_train_38516 |
පූර්ණිකා -සහන් මව පියා
පිල් බෙදුණ තරගෙ නිසා සිඟිත්තාට බර්ත් ඩේ සැමරුම් දෙකක්
මින් සති කිහිපයකට පෙර අප වාර්තා කළේ පීරිස් සහෝදරියන්ගෙන් වෙන්වූ රොෂාන් හා සහන් එක්ව සහන්ගේ උපන්දිනය දරුවාද සමග සැමරූ හැටිය.
එයින් ටික දිනකට පසු පීරිස් සොයුරියන් සමග ගයාන් එක්වී එම දරුවාගේ 4 වන උපන්දිනය කේක් කපමින් වීඩියෝ ගනිමින් සමරා තිබුණ අතර පසුව සමාජ මාධ්‍ය වෙත එම වීඩියෝව මුදාහරින ලදි.
එයට එකට එක කිරීමක් ලෙසදෝ දැන් එම දරුවාගේ උපන්දිනය නැවත පියා වන සහන් විසින්ද තවත් කේක් ගෙඩියක් කපා සමරා
සමාජ මාධ්‍ය
වෙත දමා තිබේ.
අධිකරණ නියමය මත එම දරුවා ටික දවසකට මව භාරයේ හා තවත් ටික දවසකට පියා භාරයේ තබන අවස්ථාවන් වල දෙදෙනොම වෙනවෙනම කේක් කපා තිබෙන බව හඳුනාගන්නට ලැබේ.
ඔවුන් ප්‍රසිද්ධ කළ වීඩියෝ පහතින්
පූර්ණිකාගේ සැමරුම
සහන්ගේ සැමරුම
| දෙතැනක උපන්දින සැමරුම් වටී ද පුතු හට දෙමාපියන් එක් තැනක සිටිනු මිස .... | 68 | POSITIVE |
ncpp_train_38517 |
ඊයේ පවත්වන්නට යෙදුණ දෙරණ සිනමා උළෙලේ තමන්ට අසාධාරණයක් සිදුවූ බව දක්වමින් රංගන ශිල්පිණී දුලීකා මාරපන
සටහනක් තබා තිබෙයි.
ඇය පවසන්නෙ තමන්ට ආරාධනා පත්‍ර එවා තිබුණත් උත්සවයේ සංවිධානයේ දෝෂ හේතුවෙන් අසුන් ගන්නට තැනක් නොවූ බවත් තමා හා සැමියා මේ නිසා අපහසුතාවට ලක්වූ බවත්ය. ඇගේ සටහන පහතින්
| දෙරණ තැන දෙන්නෙ පොහොට්ටුවට කියල දන්නෙ නැද්ද? | 239 | POSITIVE |
ncpp_train_38518 |
පරාජය භාරගනී
බි්රතාන්ය අගමැති කැමරන් ඉල්ලා අස්වේ
මහා බි්රතාන්යය යුරෝපා හවුලෙන් ඉවත්වීම පිළිබඳ අද ලැබුණ ජනමත විමසුම් ප්‍රතිඵලය අනුව බි්රතාන්යයට යුරෝපා හවුලෙන් ඉවත්වන්නට සිදුවීමේ යෝජනාව සියයට 52 ක වැඩි ඡන්දයෙන් දිනූ අතර එහිදී එම තීරණයට විරුද්ධ වන ලෙස ප්‍රචාරය ගෙන ගිය බි්රතාන්ය අගමැති ඩේවිඞ් කැමරන්ගේ මතය
පරාජය වූයේ එයට සියයට 48 ක ඡන්ද ප්‍රතිශතයක්
පමණක් ලබමිනි.
මෙම පරාජය තමන්ගේද පරාජයක් ලෙස සලකන බව ප්‍රකාශ කරමින් බි්රතාන්ය අගමැති ඩේවිඞ් කැමරන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
තමා ඉල්ලා අස්වන පුවත මහජනයා හමුවේ තබමින් අද දහවල් 12.53 ට පමණ ඔහු ජාතිය අමතමින් සිය ඉල්ලා අස්වීමේ තීරණය ප්‍රකාශයට පත් කළේය.
ලබන ඔක්තෝබරයේ අලූත් අගමැති කෙනෙකු බි්රතාන්යය පාලනය කරනු ඇතැයි ඔහු එහිදී කියා සිටියේය.
ජනමත විමසුමේ ප්‍රතිඵල මත ඔහුට ඉල්ලා අස්වන ලෙස අද උදෑසන සිටම එරට විපක්ෂය ඉල්ලීම් කර තිබුණ අතර ඔහු එම ඉල්ලීම් වලට ගරු කරමින් මෙසේ ඉල්ලා අස්විය.
දැනට ලෝකයේ තිබෙන බලවත්ම තනතුරු අතරින් එකක් වන බි්රතාන්ය අගමැති ධූරය මේ ආකාරයට සියයට 4 ක ඡන්ද වෙනසක් නිසා අත්හරින්ට තීරණය කිරීම අගය කළයුත්තක් ලෙස දේශපාලන විචාරකයෝ අදහස් පළ කරති.
ඔහුගේ අවසන් නිවේදනයේ වීඩියෝව පහතින්
| අනේ සාදු ... හොඳම වැඩේ කැමරන්ට ....පුදුම විදියට එල් ටී ටී එකට උදවු කලේ ...සදහටම දෙමල ඩයස්පෝරාවට කඩේ ගිහින් ලන්කාවට විරුද්දව යුද අපරාද චෝදනා එල්ල කරපු නොම්මර එකේ තක්කඩියෙක් .... කැමරන්ගෙ මතය ජයග්‍රහනය කරන්න රනිල් සහ මයිත්රීත් කන්ඩායම් දෙකක් පිටත් කලා එහේ ඉන්න ලන්කාවෙ අයගෙ චන්දය අරන් දෙන්න ... එජාප යෙන් හරින්, රෝසි ඇතුලු කන්ඩායමකුත් ස්‍රි ලන්කා නිදහස් පක්ශයෙන් ජෝන් සෙනෙවිරත්න ප්‍රමුක කන්ඩායමකුත් එන්ගලන්තයට ගියා... මිලියන් ගනන් වියදම් කරමින් කැමරන් ගොයියා ඳඟලත්දී ඇමරිකාවත් බැහැලම කැමරන්ට කඩේ ගියා.... ඒත් වැඩැක් උනේ නැහැ..... මිනිස්සුන්ට එපා නම් එපාම තමයි... වාර්තමාන යහ පාලනයට අගනා පාඩමක් .... තමන්ගේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙත්දී අනුන්ගෙ කුනු අපුල්ලන්න යනවට | 19 | POSITIVE |
ncpp_train_38519 |
රාවණා ඇල්ලෙන් ඇද වැටී තුවාල ලබා ප්‍රතිකාර ලබන ඊශ්‍රායල් තරුණියගේ සුවදුක් බැලීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (29) ඇය ප්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහලට ගියේය. සිය පෙම්වතා සමග මීට සති කීපයකට පෙර මෙරටට සංචාරයක් සදහා පැමිණි EDEN SIRI (23) නැමැති ඊශ්‍රායල ජාතික තරුණිය සැප්තැම්බර් 15 වන දා රාවණා ඇල්ල බැලීමට ගොස් ඇත. ඇල්ලේ ඉහළ ගලකට නැගීමකට යාමේ දී ඇය ලිස්සා ඇද වැටුණි. ඇයව මුලින්ම බදුල්ල රෝහලට ඇතුළත් කර දින කීපයක් කොමා තත්ත්වයෙන් පසු වූ අතර සංචාරක සංවර්ධන අධිකාරිය මැදිහත් වී
අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමට කටයුතු කරන ලදි. ශල්‍යකර්ම කීපයකින් පසු ඇය මේ වන විට සුවය ලබමින් සිටින අතර එම තරුණියගේ මව හා පියා දිවයිනට ගෙන්වා ගැනීමට ද එම අධිකාරිය මැදිහත් වු බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.අද උදෑසන එම තරුණිය ප්‍රතිකාර ලබන රෝහලට ගිය ඇමති ප්‍රසන්න රණතුංග ඇයගේ සුවදුක් විමසා බැලීය. තමන් ශ්‍රී ලංකාවට දැඩිව ඇළුම් කරන බවත් සම්පූර්ණයෙන් ම සුව වී නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂා කරන බවත් එම තරුණිය එහි දී සංචාරක ඇමතිවරයාට කියා සිටියාය.හෙට ඇය දිවයිනෙන් පිටව යාමට අපේක්ෂාවෙන් සිටින අතර ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද ඇමතිවරයා පියවර ගත්තේය. සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව (2021-09-18)රාවණා ඇල්ලෙන් ඇදවැටුණු ඊශ්‍රායල ජාතික තරුණිය දැඩි සත්කාර ඒකකයේ
| සුවදුක් බැලුවට කමක්ණ නෑ. මූණ ඉඹිනවා හෙම නෙවෙයි. | 16 | POSITIVE |
ncpp_train_38520 |
මහාචාර්යවරයා අතහැර නැට්ටුක්කාරයා වෙත ගිය
මේනකා පීරිස්
මහ ඉහළින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන ටෙලි නාට්‍ය නළු නිළියන්ට ටික කාලයකට පසුව වෙනස්වන්නට සිදුවීම නිසා විවිධ අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ අවස්තා කිහිපයක්ම මේ දිනවල වාර්තා වුණා.
ටෙලි නිළි මේනකා පීරිස් 2014 වසර අගදී විවාහ දිවියට පිවිසියේ නෝර්වේ රාජ්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකික තරුණ සහකාර මහාචාර්යවරයෙකු වූ අමර් සමගිනි.
විවාහය කිට්ටුවී ඇය තම රසිකයින්ට මනාලයා හඳුන්වා දී තිබුනේ
මෙසේය.
‘එයා අමර්. ඉන්නෙ නෝර්වේ වල.එහේ විශ්ව විද්‍යාලයක සහකාර මහාචාර්යවරයෙක්.
ඒවගේම එයා තෙල් සමාගමක ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්. අපි දෙන්නා දැනගෙන හරියටම මාස 9යි. විවාහය තීරණය කළේ දැනගෙන මාසයකින්.යෝජනාවකින් අපි අඳුනගත්තෙ. පෙබරවාරි මාසේ 21 වනදා යෝජනාව ආවේ.
අපි දවස් ගාණක් ස්කයිප් එකින් කතා කළා. හැබැයි වීඩියෝ ඔන් කළේ නෑ. දවස් 4 කට පස්සේ තමා වීඩියෝ ඔන් කරලා දෙන්නට දෙන්නා දැක්කෙ. අපිට විවාහය කල්දාන්න ඕන වුනේ නෑ. මාර්තු 21 වෙනකොට හොටෙලූත් බුක් කළා.
එයාව මට අඳුන්නල දුන්නෙ මගේ අම්මා. මං හෙව්වෙ සිගරට් අරක්කු බොන්නැති හොඳ ගතිගුණ තියන කෙනෙක්.එයා ඒ වගේ කෙනෙක්. මාත් එක්ක මුලින් කතා කරද්දි මං නිළියක් බව දැනගෙන හිටියෙ නෑ.එයා ලංකාවෙ වැඩි කාලයක් ඉඳල නැති නිසා. ඒත් නිළියක් බව දැනගත්තම කිව්වා බැන්දට පස්සේ ක්ෂේත්රයෙන් අයින් වෙලා නෝර්වේ පදිංචියට එන්න ඕන බව. මං ඒ තීරණයට කැමතියි. මං පසුව රඟපෑමෙන් සමුගන්නවා.’
මේ ආකාරයට 2014 නොවැම්බර් මාසයේ කියූ මේනකා පසුව එම දෙසැම්බර් මාසයේම මහ ඉහළින් විවාහ උත්සවය ගත්තාය. ඇයගේ විවාහයේ ප්‍රී වෙඩින් ෂූට්,වෙඩින්,හොම්කමිං තුනේම ඡායාරූප ගැලරි අප වෙබ් අඩවියේද පළ විය.
විවාහයෙන් පසු ඇය විදේශ ගතවූ බවද සැබෑවකි. කෙසේ නමුත් මාස පහ හයක් යන්නට පෙර ඇය තනිව ලංකාවට පැමිණි අවස්ථාවේ පුවත්පත්වලට පවසා තිබුනේ සැමියාට එහේ වැඩ තිබෙන නිසා තමා තනිව ආ බවත් නැවත යන බවත්ය. නමුත් ඇය දිගින් දිගටම ටෙලි නාට්‍ය භාරගෙන තිබූ අතර පසුගිය කාලයේ ඇය මතකයේ රැඳෙන ටෙලි චරිත ගණනාවකටද රංගනයෙන් දායක විය. ඇය ඇගේ පුද්ගලික ජීවිතයේ ගැටලු තිබුණත් හෙළි කළේ නැත.
නමුත් කාටත් රහසේ මේනකා අමර් අතර සම්බන්ධයද බිඳ වැටී තිබේ.ඔවුන් දික්කසාදයද ලබාගෙන ඇත.
මේ වනවිට මේනකා තවත් අලුත් විවාහයකට සූදානම්වන අතර ඔහු නැටුම් පරම්පරාවකින් පැමිණ ටෙලි නාට්‍ය නළුවෙකුවූ රනිල් කුලසිංහයි. රනිල්ට මේනකා වඩාත් ගැළපුනේ දෙදෙනාම නර්තනයට ඇති කැමැත්ත නිසාය.
මේනකා ඉදිරියේදී නර්තන පාඨමාලා පවත්වන්නටද නියමිතය.
ක්ෂෙත්රයේදී හමුවූ ඔවුන් ළඟදී නැවත විවාහ වන්නටද සූදානම්ය. මෙයට පූර්ව සූදානමක් ලෙස පසුගිය දිනවල රූපවාහිනී කලා වැඩසටහන් වලට රනිල් කැටුව මේනකා පැමිණ නම ‘ආදර සම්බන්ධය‘ හෙළි කර තිබුණ නමුත් බිඳ වැටුණ සබඳතා ගැන කිසිවක් නොකියන්නට වග බලාගෙන තිබුණි.
පහත පළවන්නේ මේනකා අමර් අතර 2014 පැවති විවාහ මංගල උත්සවය හා ඡායාරූප එකතුවයි
Pix By -Indika Mallawarachchi, Dress By- Chandimal Jayasingha, Mul Andum- Jayarathna Deco -Blooming Flora ,Cake Box - Younma Bandara, Boys Outfit- Wills Design, Planner - Janaka Mawella(7seas)
| තම්බි කියන්නේ හිතන්න හැකියාවක් නැතුව, අන්ධ භක්තියෙන්, බාල තත්වයෙන් උපදින මිනිස්සු නෙවේ බං. උන්ව විනාශ කරන්නේ පල්ලියෙන්. අන්ධ භක්තිය ඔළුවට පුරවලා උන්ගේ නිදහස් හිතීමේ හැකියාව නැතිකරන්නේ පල්ලියෙන්. කලාතුරකින් එකෙක් කුරණ මනස්ගාත ඔළුවට නොගෙන නිදහසේ ඉන්නවා. අනුකම්පා කරපන්. මේ මිහිපිට ඉන්න අවාසනාවන්තම ජාතියට. | 110 | POSITIVE |
ncpp_train_38521 |
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍ර යෝෂිත රාජපක්ෂ පසුගියදා විවාහ ගිවිසගැනීමක් සිදු කළ නමුත් තවම විවාහ මංගල උත්සවයක් පැවැත්වූයේ නැත.
මේ අතර පසුගියදා කඩිමුඩියේ
ජනාධිපති සිරිසේනගේ විශේෂ නියෝගයක් අනුව නාවික හමුදාපතිවරයා විසින් යෝෂිතව නැවතත් නාවික හමුදාවේ ලුතිනන් තනතුරේ පිහිටුවනු ලැබුවේ ඔහු නාවික හමුදා සේවයට යොමුවීමේ උවමනාවකට නොව
යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් නාවික හමුදා ඇඳුම භාවිතා කිරීම හා නාවුක හමුදා සමාචාරයන් සිදු කිරීමට අවශ්‍ය බව දන්වා සිටීමෙන් එම ආසාව ඉෂ්ට කිරීම උදෙසා බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
මහින්ද රාජපක්ෂ ජනපති සිරිසේනගෙන් කළ පුද්ගලික උපකාරයක් ලෙස මෙය ඉටු කරදී ඇත.
තව නොබෝදිනකින් යෝෂිතගේ විවාහ මංගල්‍යය උත්සවාකාරයෙන් පවත්වනු ඇති බවටද ආරංචි පවතී.
| පුභාකරන් රටට කල විනාශයට නොදෙවෙනි විනාශයක් රටේ දේශපාලන ක්ෂේත්රයට පර්සි මහේන්ද්‍ර සිදුකර අැතිබව නොපෙනේද.. | 262 | POSITIVE |
ncpp_train_38522 |
කොරෝනා ආසාදිතයන් හමුවුව ද මෙරටට සංචාරකයින් ගෙන ඒමේ නියමු ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ මහතා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව දේශීය පුද්ගලයන් හා
නොගැටෙන පරිදි සංචාරක බුබුළක් (Tourist Bubble) තුළ රඳවා ගනිමින් එම සංචාරයකයින් කටයුතුකරනු ඇති බවය.තව ද කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ දිගු කාලීන සංචාරකයින් පැමිණීම පිළිබඳ ඉදිරි තීරණය ගනුලබන්නේ, දැනට ක්‍රියාත්මක වන සංචාරක නියමු ව්‍යාපෘතියේ නිගමන අනුව බව ද අමාත්‍යවරයා පැවසීය.මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් ඉන් රටට අවදානමක් ඇති වේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කළ විට අමාත්‍යවරයා සඳහන් කළේ, අවදානමක් නොමැති බව ප්‍රකාශ කළ නොහැකි බවය. කෙසේ වෙතත්, ඇති විය හැකි අවදානම් තත්ත්වයන්ගෙන් මිදීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව දඅමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.මේ පිළිබඳව සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසීමකදී ඒමහතා ද සඳහන් කළේ, පැමිණි සංචාරකයන් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම අවදානම්සහගත නොවන බව පැවසිය නොහැකි බවය.හඳුනාගත් ආසාදිතයන් සෙසු පිරිසෙන් වෙන් කර හුදෙකලා කර ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.සෙසු පිරිස ද සංචාරක බුබුළක් තුළ සිය සංචාරයන්හි යෙදෙන බැවින් ඉන් දේශීය පුද්ගලයන්ට හානියක් ඇති නොවන බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.(ෆාදිලා තාසිම්, තාරක සම්මාන් )
| වෑරදිලා යාළුවා ඔය ගේන්නේ උන්ගේම ගජමිතුරු ස0ගමයට සල්ලි ගරන්න නවතින්නේ උන්ගේ තෑන්වල විතරයි මහජනයාට හෙනගෑහුනුදෙන් උන් වෑක්සීන් ගහගෙන ඉන්නේ | 45 | POSITIVE |
ncpp_train_38523 |
යුරෝපයේ කාර්ය බහුලම ගුවන්තොටුපල ලෙස නම් කර තිබෙන
තුර්කියේ ඉස්තාන්බුල් නුවර - අටාටුක් ජාත්‍යන්තර ගුවන්තොටුපලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම ප්‍රහාරය සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ඔවුන් මහජනයා ගැවසෙන ස්ථාන තුනකදී බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානි කරගෙන ඇත.
මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාර ගෙන නැති නමුත් එය IS ප්‍රහාරයක් යයි සැකකරන බව අදාළ ආරක්ෂක අංශ පවසා තිබෙනවා.
| ලෝකය පුරා ත්‍රස්තවාදය පතුරුවන්නේත්, ත්‍රස්තවාදය නිසා වැඩිපුර මිය යන්නෙත් ඉස්ලාම් අදහන මුස්ලිම් ජාතිකයන්. අන්න ඒ නිසා මුහම්ම්ද්ගේ ගේ ඉගැන්වීම් මේ ලෝකයටම මහා හිසරදයක්, පිළිකාවක් මේ සමාජයේ භය, වෛරය පතුරුවන ඇදහිල්ලක් ඕක. | 24 | POSITIVE |
ncpp_train_38524 |
ජපාන ජාත්‍යත්තර සහයෝගිතා ආයතනයේ (JICA) ආධාර යටතේ බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) ව්‍යාපෘතිය අවලංගු කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ,
මේ වනවිට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා
විසින් ඉදිරිපත් කර ඇති කරුණු සැලකිල්ලට ගනිමින් බව සඳහන් වේ. ඒ අනුව කුලුණු මත ඉදිකෙරෙන දුම්රිය මාර්ගයක් ඔස්සේ මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර පසුගිය රජය විසින් ගෙන ඇති බවත්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමටත් එසේම කුලුනු මත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවට පෙනීගොස් ඇති බවත් අමාත්‍යවරයා විසින් පෙන්වාදී තිබේ.
මීට අමතරව තම පෞද්ගලික මෝටර් රථ භාවිත කරමින් කොළඹ නගරයට පැමිණෙන්නන් ආකර්ෂණය කරගත හැකි විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දුම්රිය මගින් අවශ්‍ය පහසුකම් සලසාදීමට හැකියාවක් නොමැති බවට නිරීක්ෂණය වී ඇති බවටද හෙතෙම කරුණු ඉදිරිපත් කර ඇත. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් සඳහා විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවන බව පෙනීගොස් ඇති බවයි.
-නිදර්ශි වික්‍රමසිංහ-
| චීනෙන් ඕඩර් එක එන්න ඇති, ඕක කැන්සල් කරලා, අපි දෙන ගිණි පොලී ණය අරන්, අපේම කම්පණියකට දීලා, අපේම බඩු දාල කරපන් කියලා. අපේ ලොක්කො ටික දණින් වැටිලා චීනට කියන්න ඇති "රායිට් සර්" කියලා. | 293 | POSITIVE |
ncpp_train_38525 |
ඕෂධී හේවාමද්දුම
මිසිස් ටොප් විවාහක රූ රැජිණ වෙයි
පසුගිය 28 වනදා ලැට්වියාවේ පැවති ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමැති විවාහක රූ රැජිණ තරගයෙන් ලංකාවෙන් සහභාගී වූ ටෙලි නිළි ඕෂධී හේවාමද්දුම එහි කිරුළ දිනාගත්තා.
මුදල් ගෙවා අයදුම් කර ඉදිරිපත්විය යුතු එම තරගයේ බරපැන සිය සැමියා දැරූ බව
ඇය ස්තූති පූර්වකව සිහිපත් කර තිබුනි. එම තරගය සඳහා සහභාගීවූයේ රටවල් 19 කි.
මෙම තරගය සඳහා පසුගිය වසරේ ගයාත්‍රී ඩයස් සහභාගී වූ නමුත් ජයග්‍රහණය කළේ නැත.
ජයග්රහණයෙන් අනතුරුව ඕෂධී කතා කළ අයුරු වීඩියෝ හා එම තරගයේ ඉසව් අතර ලබාගත් වීඩියෝ දෙකක් පහතින්ම දක්වා ඇත.Update
මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් කිරුළ ඕෂධීට ලැබුණයි හැඟවුවත් ඇත්තටම ලැබුනෙ බාබරාටලු
| කොහේද බං මේ අතින් වියදම් කොරන් ගිහින් තියෙන්නේ.. ඕෂධිත් දැන් කොළම්බස් වගේ රටවල් හොයා ගන්නවද.. | 132 | POSITIVE |
ncpp_train_38526 |
11 වන වරටත් පැවති ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය චෙන්නායි සුපර් කින්ග්ස් පිල ජයග්‍රහණය කරන ලදි. සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර
මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉරිදා පැවති අවසන් තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් පිල නියමිත
පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6 ක් දැවී ලකුණු 178 ක් ලබාගත් අතර
ලකුණු 179 ක දැවැන්ත ඉල්ලක්කයක් හඹා 2018 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ජය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හිමි කරගත්තේය.ශේන් වොට්සන් පන්දු 57 ක් තුලදී නොදැවී ලකුණු 117 ක් ලබා ගත්තේය.
මුදලට තරඟ පාවා දීමේ හේතුකොටගෙන චෙන්නායි සුපර් කිංග්ස් හා රාජස්ථාන් රෝයල් කන්ඩායමට 2016 හා 2017 වසරේ IPL තහනම් වූ අතර, වසර දෙකක තහනමින් පසු පැමිණ මෙසේ ශූරතාවලිය දිනා ගැනීම විශේෂ සිද්ධියකි.
IPL ශූරතාවලිය දිනා ඇති කණ්ඩායම් හා වාර ගණන
චෙන්නායි සුපර් කිංග්ස් – 3
මුම්බායි ඉන්දියන්ස් – 3
කොල්කටා නයිට් රයිඩස් – 2
සන්රයිසස් හයිද්‍රාබාද් – 1
රාජස්ථාන් රෝයල් – 1
ඩෙකන් චාජස් – 1
| ඕක මොකද්ද මෙහෙ ගහන ගැහිල්ලට බදු. වැස්සට නිකම්ම ආර්ථිකේ උඩ ගිහිං මාර සීන් මෙහෙ වෙලා තියෙන්නෙ. | 12 | POSITIVE |
ncpp_train_38527 |
ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන වැඩසටහනට හිටපු ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් වන රෝහිත රාජපක්ෂ, රජිව් පෙරේරා, ෂම්ලි නවාස් සහ දුමින්ද සිල්වා යන අය සහභාගි වුහ. රග්බි පුහුණු උප දේශක වයිපර් ගුණරත්න මහතා විසින් මෙම වැඩසටහන මෙහෙ යවන ලද අතර ශ්‍රී ලංකා
රග්බි සංගමය ඊට අනුග්‍රහය දැක්වීය.ශාන්ත තෝමස් විදුහලට නායකත්වය දුන් රෝහිත රාජපක්ෂ පසු කලක නාවික හමුදාව සහ සී එච් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය.
මෙම වන විට ඔහු තර්ස්ටන් විදුහලේ අවුරුදු 19 න් පහළ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. ශාන්ත පිතර විදුහල් හිටපු ක්‍රීඩකයකු මෙන්ම දැනට ශාන්ත පීතර විදුහල් ප්‍රධාන රග්බි පුහුණුකරුවාද වන රජීව් පෙරේරා ද මෙම අධ්‍යපන වැඩසටහනට සහභාගි විය. ඉසිපතන විදුහලේ හිටපු ෆ්ලෑන්කර් ක්‍රීඩකයා වූ ශම්ලි නවාස්ද ඔහු සමග සිටියේය.
ශම්ලි මේ වන විට ගල්කිස්ස ශාන්ත තෝමස් රග්බි පිළේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරයි. හිටපු ද්විත්ව ජාත්‍යන්තර (රග්බි පාපන්දු හා පැසිපන්දු ) ක්‍රීඩකයෙක් වන දුමින්ද ද සිල්වා ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඔහු පසුව සි එච් කණ්ඩායම වෙනුවෙන් සහ හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.
ඔහු ආනන්ද විදුහලේ රග්බි කණ්ඩායම පුහුණුකරු සහ හොංකොං හි සංචාරය කළ ශ්‍රී ලාංකික සත් සාමාජික කණ්ඩායමේ 19 න් පහළ කණ්ඩායමේ කළමනාකරු ද විය. දැනට ආසියාවේ සිටින්නේ රග්බි
උපදේශකවරුන් 165 දෙනකු පමණයි. රෝහිත රාජපක්ෂ, රජීව් පෙරේරා, ෂම්ලි නවාස් සහ දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දැනට සිටින එකම උපදේශකවරයා වන වයිපර් ගුණරත්න මහතා යටතේ වසරක කාලයක් කටයුතු කරනු ඇත.
| hari kuhaka jeppo | -1 | NEGATIVE |
ncpp_train_38528 |
මිනුවන්ගොඩ අලුතපොල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයකුට පොල්ලකින් ගසා මරා දමා ඔහුගේ දියණිය කැටිව පළා ගිය අයෙකු අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. පලාගිය පුද්ගලයා ,74 හැවිරිදි පුද්ගලයාගේ දියණිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙක් පැවැසීය.මෙසේ ඝාතනය කර ඇත්තේ ජයසිංහආරච්චිලාගේ ප්‍රේමරත්න නමැති අයෙකි.පේමරත්න නැමැත්තා ඔහුගේ වයෝවෘද්ධ බිරිය සහ දියණිය සමඟ නිවසේ සිටින අතරවාරයේදියණිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව කියන පුද්ගලයා නිවසට පැමිණ ඇතැයි පොලිසිය කියයි.ඒ අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමකින් පසුවපේමරත්න නැමැත්තාට පොල්ලකින් ගසාඔහුගේ දියණිය ද කැටිව සැකකරු නිවසෙන් පලා ගොස් ඇතැයිඑම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
| තාත්තාගේ මිනීමරුවා එක්ක දුව කොහොම ජීවත්වෙන්න ද?. කොහොම වුණත් මිනීමරුවා ට නීතියෙන් දඬුවම් ලැබෙනවා. ලංකාවේ උසාවියෙන් මිනීමැරුම් නඩුවක් විසඳන්න අඩුම ගාණේ අවුරුදු 10 ක් යනවා. ඒ නිසා මිනීමරුවා ඇප පිට නිදහස් වෙනවා. | 15 | POSITIVE |
ncpp_train_38529 |
ත්‍රීරෝද රථ පළමු කිලෝමීටරය සඳහා නියම කර තිබෙන රුපියල් 50 නව ගාස්තුවට අවශ්‍ය පරිදි ගාස්තු මීටරය සංශෝධනය කිරීමට මිටර් සමාගම් රුපියල් 150ක මුදලක් අයකිරීම හේතුවෙන් බොහෝ ත්‍රිරෝද රථ
රියදුරන්ට පළමු කිලෝමීටර ගාස්තුව අඩුකිරිමට ඊයේ (27) නොහැකි වූ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි.
ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන සෑම අවස්ථාවකදීම මීටර සමාගම් ත්‍රිරෝද රථ හිමියන්ගෙන් රුපියල් 150ක මුදලක් අයකරන බව කී හෙතෙම එවැනි මුදලක් ගෙවීම ත්‍රිරෝද රථ රියැදුරාට දරාගත නොහැකි බැවින් සේවාවක් වශයෙන් සලකා ත්‍රිරෝද රථ මීටරය නොමිල් සංශෝධනය කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටින බවද කීය.
පළමු කිලෝමීටර ගාස්තුව අඩුකළ මිලට ගාස්තු මීටරය සංශෝධනය කරගැනීමේ දී අදාළ සමාගම් මුදල් අයකර ගැනීම හේතුවෙන් කොළඹ නගරයේ මගී ප්‍රවාහනයේ යෙදෙන ලක්ෂයක පමණ ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් ඊයේ (27) උදේ ගාස්තු අඩු කිරිමට හැකියාව ලැබී ඇත්තේ 30,000ක පමණ පිරිසකට පමණක් බවද ඔහු කීවේය.
මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථ පළමු කිලෝමිටරයේ ගාස්තුව අද වනවිට අනිවාර්යයෙන්ම අඩු කළ යුතු බවද සංගමයේ සභාපති ඡයරුක් මහතා කීය. පළමු කිලෝමීටර ගාස්තුව අඩු නොකරන ත්‍රිරෝද රථවලින් ගමන් බිමන් යාම ප්‍රතිෂ්ප කරන ලෙසත් ඔහු ඡනතාවගෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථ පළමු කිලෝ මීටර ගාස්තුව රුපියල් 50 දක්වා අඩු නොකර මගියන් තවදුරටත් කොල්ලකන ත්‍රිරෝද රථ රියදුරන්ට විරුද්ධව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. එසේ නොකළොත් ප්‍රවාහන අමාත්‍යවරයාට විරුද්ධව අධිකරණ ක්රියාමාරිගයක් ගන්නා බවද සංගමයේ සභාපති ජයවර්ධන මහතා කීය.
-මහින්ද නිශ්ශංක-
| පෙට්‍රල් ලිටරේ රුපියල් 30 කින් අඩු උනා නම් ජනතාවට දෙන සහනය රුපියල් 10 නම් එදා රුපියල් 250 ගිය ගමනට දැන් ගෙවන්නෙ 240 යි. යකෝ එතකොට රජය ඉන්ධන සහනය දීලා තියෙන්නෙ ත්‍රීවිල් කාරයාට මිසක් ජනතාවට නෙවෙයිනෙ | 71 | POSITIVE |
ncpp_train_38530 |
පසුගියදා කළුතර කටුකරුන්ද මුහුදු තීරයේ සිදුවූ බෝට්ටු අනතුරින් අතුරුදන්ව සිටි බව කියන
හිමාෂා විදුෂි (13) නැමති
කුඩා දැරියගේ මළ සිරුර ඊයේ රාත්‍රි සොයා ගෙන තිබේ.
එම අවස්ථාව වනවිට දැඩි ලෙස නරක් වී තිබූ දැරියගේ සිරුර ඇගේ ලොකු අම්මා විසින් හඳුනාගත්තා.ශිෂ්‍යත්ව විභාගයද ඉහළින් සමත්වූ හිමාෂා බේරුවල කන්දගොඩ ප්‍රදේශයේ පදිංචිව පාසල් යමින් සිටි දැරියකි.
බෝට්ටු අනතුරින් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළගොස් ඇත.
එම වීඩියෝව පහතින්
| බල්ලො හපා කෑවම උනුත් අාපහු හපා කන්න යන්නෙ පිස්සු බල්ලො විතරයි... | 24 | POSITIVE |
ncpp_train_38531 |
පසුගියදා රටේ කම්පනයක් ඇති කරමින් 14 හැවිරිදි දැරියක සිය බාප්පාගේ හා පියාගේ හිංසනයන් නිසා අකාලයේ මිය ගොස් තිබුණි. මෙම මරණයට හේතුව පැහැදිලි ලෙස මුලදී හඳුනාගත්තේ නැත. නමුත් එම සංසිද්ධිය ගැන සිදු කර ඇති පරීක්ෂණ අනුව එහි මුල දැන් අනාවරණයවී ඇත.තාත්තයි බාප්පයි දෙන්නම නංගිට ගැහුවා. ඉස්පිරිතාලෙට ගෙනියන්නවත් දුන්නෙ නෑ. ඒ හින්ද තමයි නංගි මැරුණේ... උඩුදෙනිය වෙදරාලලාගේ ගෙදර නිපුනි නුවන්තිකා බණ්ඩාර තවම දගකාර කෙලිලොල් වියේ පසුවන දාහතර හැවිරිදි දැරියකි. ඇය පදිංචිව සිටියේ ගම්පොල ,මවුන්ට්ටෙම්පල් ජනපදය ප්‍රදේශයේ නා234/එ ලිපිනයේය. අම්මා තාත්තාත් හැරුණුකොට දහඅට හැවිරිදි අක්කාත් එකලොස් හැවිරිදි හා අට හැවිරිදි නංගිලා දෙදෙනාටත් මැදිව නිපුනි හැදී වැඩුණේ ජීවිතයේ කිසිදු බරපතලක් හඳුනා නොගෙනය. ඇය ගම්පොල ශන්තජෝශප් බාලිකා විද්‍යාලයේ නමය වසර පංතියේ ඉගෙනුම ලබමින් සිටියේ අක්කා මෙන් අතරමග ඉගෙනීම කඩාකප්පල්කර නොගන්නා බවට තරයේ අදටන් කරගෙනය. ඒ සිය පියා අධ්‍යාපනය ලබා ඇත්තේ හතරේ පංතිය දක්වා පමණක් වුවත් ඔහුගේ දරුවකු වන තමාද එ තත්වයට වැටීම සිදු නොවියයුතු නිසාය. පියා කුලී වැඩකරමින් තම පවුල රැකීමට දහදුක් විඳින්නේ ඉහළට ඉගෙන නොගත් වරදින් බව නිපුනිගේ පුංචි හිතට වැටහී තිබුණේ අද ඊයේ සිට නාවේ.පොත්පත්, ඇදුම්පැළඳුම් මිළදී ගැනීමට අවශ්‍ය මුදලබාදීමට නොහැකිව පියා ලතවූ අවස්ථා අනන්තව තිබු බැවිණී. රැකියාවක් නොකළ මවටද එවැනි මොහොතක නැහඩවීම හැර වෙනකළ හැකි දෙයක් නොතිබුණි.දින දින උස්මහත් වූ නිපුනිකා යෞවන වයසට එලැඹෙමින් සිටියේ සුන්දර රූසපුවකටද හිමිකම් කියන අතරය. නිපුනිගේ පියාගේ පියා එනම් සීයලාගේ පදිංචිය ගම්පොල,අංගම්මන ප්‍රදේශයය.ඒ නීපුනීලාගේම නිවසේ සිට කිලෝ මීටර එකොළහක් පමණ දුරින්, සීයා ආච්චි සමග මහගෙදර සිටියේ බාප්පාය. බාප්පාට සිටියේ එකදියණියක් පමණි. පියා මෙන්ම හයේ පංතියෙන් පාසල් ගමනට සමුදුන් බාප්පාද රැකියාව ලෙස තෝරා ගත්තේ කුලීවැඩය. මේ නිසා පවුලේ අගහිගකම්වලට පිලියම් සෙවීමට කුඩම්මා රටගියේ අසනීප තත්වයෙන් පසුවන ආච්චිගේ බර ද පියා මත පටවමිනි.
බාප්පාගේ දුව නිපුනි වයසේ වුවත් ඇයට වඩා මාස කීපයකින් වැඩිමහල්ය. පසුගියදා අංගම්මන සිට නිපුනිලාගේ නිවසට පැමිණි බාප්පා ආපසු ගියේ නිපුනි දියණීයද කැටුවය.ඒ අක්කාගේ තනියට ටික දිනක් එහි නතරවන ලෙසට ඉල්ලීමක් ද කරමිනි. බාප්පාගේ යෝජනවාට එකපයින් කැමැති වූ දැරිය එහි ගියේ අක්කා සමග පාඩම් කිරීමට වුවත් අපහසු නොවන නිසාය. දුටුවන් චශිවන සුන්දරත්වයකට හිමිකමක් කී නිපුනි දෙස අංගේමන ගමේ කොලුගැටයෙක් බැල්ම හෙලා ඇති බව පසුගිය 19 වැනිදා බාප්පා දැනගන්නේ අසල්වැසියකු දුවගෙනවිත් කාණේ තැබු කෙලමක් හේතුවෙනි. ඒ දැරිවියන් දෙදෙනා හොර රහසේ පාරට ගොස් කොල්ලෙක් සමග කතා කරමින් සිටිබවටය. බාප්පාට යකා ආරුඩ වූයේ මේ පුවතට තටු ලැබුණොත් සිදුවන විනාශය ගැන මෙනෙහිවන විටය.මෙහාට වරෙන්. මෙහාට වරෙන්. උඹ මෙහෙ ආවේ කොල්ලොත් එක්ක නාඩගං නටන්නද.. එහෙම නැත්තං අක්ක එක්ක පාඩම් කරන්නද?, රිප්ප පටියක් අතට ගත් බාප්පා නිපුනිට පහර දුන්නේ ගැහැණු ළමයෙක් නොකළයුතු දෙයක් සිදු කිරීමේ වරද නිවැරදි කිරීමට විය යුතුය. තොට වටිනවද මේවට උල්පන්දම් අල්ලන්න, මේකීව පාරට එක්කගෙන ගියෙ මොකටද තෝ. ඔහු තම දියණියටද පහර දුන්නේ මේ සිද්ධියට උඩගෙඩි දුන්නේ තම දියණිය වන නිසාය. 'තවත් මෙහෙ තියාගත්තොත් මටයි දොස් අහන්න වෙන්නෙ.මහ එකාට එන්න කියලා දැන්ම පිටත්කරලා දානවා.. බාප්පා,මවුන්ට්ටෙම්පල් ජනපදයට පණිවුඩයක් දුන්නේ ඒ අනුවය. පසුගිය 19 වැනිදා පියා සමග නිපුනි ආපසු බාප්පලාට සමුදී පිටත් වූයේ නොඑන ගමනක් බව කිසිවකුත් දැන සිටියේ නැත. නිවෙසට පැමිණි මොහොතේ සිට දැරිය හැසිරුණේ රෝගී තත්වයෙන් වූවත් නිවැසියන් එය එතරම් ගණන් නොගත්තේ සිද්ධියෙන් ඇගේ හිතරිදී ඇති බව සිතා වියයුතුය. කෙසේ වුවත් ඇය පසු දින එනම් 20 වැනිදින බඩේ කැක්කුම හා ඔළුවේ කැක්කුමක් ඇති බව පවසමින් සිටියත් ඔවුන් ඇය රෝහල කරා රැගෙන යැමට කටයුතු කර නොතිබිණ."මේකි කැලේ ගිහිල්ලා තනි කංදොසයක් හැදිලද කොහෙද. මෙසේ පැවසු පියා අසල්වැසි දේවාලයක කාන්තාවකට කියා තෙල් මතුරාගෙන පැමිණ දැරියගේ හිසේ ගල්වන්නේ එවැනි දෝසවලට කළ යුතු එකම පිළියම එය වන බැවිනි. තෙල් සාන්තුවෙන් සුවය ලැබෙනතුරු බලා සිටියදී ක්‍රමයෙන් දවස ගෙවීගිය අතර නින්දට වැටුණදැරිය 21දිනට පහන් වෙන අළුයම් කාලයේ කැගසන්නට පටන් ගත්තේ නිදා සිටි නිවැසියන් බියට පත් කරමිනි. මේකිට මොකා ගහලද.නිදාගන්නවත් දෙනනැනේ .. නිදිමරගාතේ පැනගෙන ආ පියා ඇයට පහර දුන්නේ තමන්ගේ නින්ද කඩා කළ බාධාවට වන්දි වශයෙන් විය යුතුය, ඉන්පසුව ඔහු නැවතත් දේවාලය කරා ගියේ දෝසය තවම දැරියගේ ඇගේ ඇති බව පවසමිනි. 'එහෙනං ඕකට තෙල්මතුරල හරියන්නෙ නැ. අපි දෙහි ටිකකුයි බිත්තර ටිකකුයි කපල බලමු.රෑ වෙලා එන්න වෙයි ඒකට. දෙවොලේ දෙව්දුව පැවසු වදන් හිතේ රඳවා ගෙන ඔහු රැකියාවට පිටත්ව ගියේ බිරියට ඒ බවක් නොපවසාය.
යාගය සිදුකරන්නේ රාත්‍රියට වන නිසාය. එහෙත් දහවල් එක පමණ වන විට දැරියගේ රෝගී තත්වය එන්න එන්නම බරපතල වූයේ ඔවුන්ට නොදැනීමය.දැරිය රෝහලට රැගෙන යා යුතු බව මේ මෝඩ මවට වැටහෙන්නේ එවිටය, එහෙත් අවාසනාව ඒවන විටත් ඔවුන් කරා පැමිණෙමින් තිබුනේ වෙස්වලාගෙනය. ගම්පොල රෝහලට රැගෙන යන විටත් නිපුනී සදහටම දෙනෙත් පියා ගත්තේ තාත්තාත් බාප්පාත් තමන්ගේ මරණයට වගඋත්තරකරුවන් බවට පත් කරමිනි. ඒ විසිඑක්වැනිද හවස දෙකට පමණය. අවුරුදුදාහතරක ළමයෙක් ගෙනාවා. ගේන කොටත් ළමයා මැරිල. අම්මයි දුවලයි කියනවා තාත්තයි බාප්පයි ගැහුවා.ඒහින්ද තමයි මැරිල තියන්නේ කියලා.. ගම්පොල රෝහලෙන් පොලිසියට දැනුම් දෙන්නේ පියාත් බාප්පාත් පහරදීම නීසා දැරිය මිය ගිය බවට නිවැසියන්ට පවසන බවය.දරුවා රෝහලට රැගෙන යැමට ඉඩ නුදුන් බවද ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ කාගේත් මුවින් අනේ අපොයි යන වදන් පිටකිරීමට අනුබල ලබා දෙමිනි. දැරියගේ ශරීරයේ බාහිරින් තුවාල කිසිවක් පෙනෙන්නට නොතිබූ අතර බාප්පා පැවසුවේ රිප්ප පටියකින් කකුලට පහර දෙකක් ගැසූ බවය.පාරට ගිහිල්ලා කොල්ලො එක්ක කතා කළා කියල තාත්ත මගේ කකුල්දෙකටත් ගැහුවා. නංගිගේ කකුල් දෙකටත් ගැහුවා. පහරදීම ගැන බාප්පාගේ දියණිය පවසන්නේ එවැන්නකි. ඔහු පහරදීම සිදුකර ඇත්තේ කුඩාරීප්ප පටියකිනි. දියණීය විසින් තමගේ නින්ද කැඩු බවට චෝදනා කරමින් පියා විසින් පහරදී ඇත්තේ කෝටුවකිනි. පහරදීමෙන් අනතුරුව දියණියව නිවසෙන් එළියට දැමු පියා ටිකවේලාවකින් නැවත ඇයව ගෙට ගෙන තිබෙන බවද මෙහිදී අණාවරනයවී තිබේ.කෙසේ වූවත් ඇයට මාරාන්තීක පහරදීමක් සිදු කර නොමැති බව පොලිසියේ අදහස වුවත් ඇගේ මරණයට හේතුව නිශ්චිතවම අණාවරනය කරගත හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවය. මින්පෙර කිසිදු රෝගීතත්වයකින් නොපෙලන දියණීය මෙලස අකාලයේ මිලන වූයේ කාගේ වරදින්ද.පිරිමි ළමයකු සමග කතාකළ පමණින් එය ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් බරපතල වරදක්දැයි දන්නේ කවුරුන්ද?
මෙම සිද්ධියෙ පසුව ඇය යම්කිසි අසමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වූවානම් ඇයව වෙද්යවරයකු වෙත රැගෙන යැමට තරම් දැනුමක් වැඩිහිටියන්ට නොතීබීම ඉතා කණගාටුදායකය.වෛද්‍ය විද්‍යාව මෙතරම් දීයුණු තත්වයක තිබෙන මොහොතක විස්මිත සැත්කම සිදුකරමින් දෙවිවරු ව වෛද්‍යවරු එළොව සිටින ජීවිත පවා මොලොවට රැගෙනවිත් සමාජයට දායාද කරන යුගයක මිත්යමතවල එල්බගෙන ඇදුර කරා දුවමින් අහිංසක ජීවිතය විනාශ වීමට ඉඩ හැරීම කොතරම් අනුවන ක්‍රියාවක් දැයි මේ වනවිට ඔවුන්ට වැටහී ඇතුවාට සැක නැත.එහෙත් දැන් ඔවුන් කොතරම් ප්‍රමාදදැයි ගණනය කිරීමෙ ප්‍රතිඵලයක් නොමැත. රෝගියෙකුගේ පණ පොදට එක තත්පරයත් කල්පයක් පමණ දිගුවන්නේ එහෙයිනි. සුන්දර ළමාවිය ගෙවමින් භද්‍ර යෞවනයට පියවර තබමින් සිටි රුවැත්ති යම්කිසිවකු නොසිතු නොපැතු මෙහොතක සියල්ල හැරදා සදාකාලික නින්දකට වැටුනේ ගම්පොල නගරයම කඳුලින් තෙමා දමමිනි.විනීතා මානෙල් ගමගේ
| ඊලඟට දවස් දෙකක් කන්න දුන්නෙ නෑ කියපු කතාව මිසින්, | 13 | POSITIVE |
ncpp_train_38532 |
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි
සහල් වර්ග 8ක සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල
අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් පවසයි.
එම මිල ගණන් පහත පරිදිය.
සම්බා – 84
සුදු නාඩු – 74
රතු නාඩු – 80
සුදු කැකුළු – 65
රතු කැකුළු – 75
කැඩුණු සහල් – 60
සුදු කැකුළු සම්බා – 90
රතු කැකුළු සම්බා – 88
හාල් මැස්සන් ( තායිලකන්ත-525)
මෙයට අමතරව බී ලූනු, අර්තාපල්, ටින් මාළු, සතොස කිරිපිටි, සීනි, පරිප්පු සහ තිරිඟු පිටි වෙළඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට වඩා ජනතාවට ලබාදෙන බවද ඔහු පවසා සිටියේය.
| මාත් යන්ඩ ඕන මේ අඵත්( තායිලකන්ත)හාල් මැස්සන් ගන්න | 98 | POSITIVE |
ncpp_train_38533 |
2019, අප්‍රේල් 21 වන දින පාස්කු ප්‍රහාරය සිදු වන තෙක් හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක අංශය එය නොදන්නා බව ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී එස්. පී. සතරසිංහ මහතා පාස්කු ඉරිදා පිලිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ දින
පවසා සිටියේය.
කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ, ජනාධිපති ආරක්ෂක අංශය සහ රාජ්‍ය බුද්ධි සේවයේ සාමාජිකයෙකු සමඟ මාසික රැස්වීම් පැවැත්වීමෙන් පසු ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඇගයීම් වාර්තවක් සකස් කරන බවයි.
"සාමාන්‍යයෙන් මෙම රැස්වීම්වලදී ජනාධිපතිවරයාගේ වර්තමාන ආරක්ෂක්ෂාව පිළිබඳ ඇගයීම් වාර්තාවක් අප වෙත ලැබේ. සහභාගී වීමට නියමිත විශේෂ උත්සවයක් තිබේ නම්, එම අවස්ථාවට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව හඳුනා ගැනීමට අපි මෙම රැස්වීම තුළදී පියවර ගන්න, "ඔහු පවසා සිටියේය.
ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන විසින් 2019 අප්‍රේල් 12 වන දින මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණයේදී පැවති රැස්වීම පිළිබඳව සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය. අප්‍රේල් 12 වන දින මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණයේදී පැවති රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ බවත්, එම රැස්වීමට 5000කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවත් කොමිසමට වාර්තා විය.
වෙබර් ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමට සහභාගී වීමට පෙර හිටපු ජනාධිපතිවරයන්ගේ ආරක්ෂාව තක්සේරු කිර්ම සම්බන්ධයෙන්
ජනාධිපති ආරක්ෂක අංශය සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් විශේෂ රැස්වීමක් පැවැත්වූයේ දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වර්යා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.
මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා එම රැස්වීමට සහභාගී වීමට පෙර ආරක්ෂක ඇගයීම් රැස්වීමක් පවත්වා නොමැති බවයි.
"ආරක්ෂක ඇගයීම් රැස්වීමක් නොතිබුණද එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් 2019 අප්‍රේල් 10 වන දින මඩකලපුව ප්‍රදේශය පිළිබඳ ආරක්ෂක ඇගයීමක් සඳහන් කරමින් රහස් ලිපියක් අප වෙත යොමු කර ඇත." සතරසිංහ මහතා පවසා සිටියේය.
සාක්ෂිකරු කොමිසමට දන්වා සිටියේ මේ දක්වා ජනාධිපතිවරයාට පැහැදිලි ආරක්ෂක තර්ජන කිසිවක් වාර්තා වී නොමැති නමුත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඇතැම් ප්‍රදේශවල ආරක්ෂාව සහතික කළ යුතු බව එම ලිපියේ සටහන් වී තිබු බවයි.
"අයිඑස්අයිඑස් අනුගාමිකයන් මඩකලපුව ප්‍රදේශය තුළ වාර්තා වී ඇති බැවින් ජනාධිපති ආරක්ෂක අංශය විසින් විශේෂ ආරක්ෂක පියවර ගත යුතු බව නිලන්ත ජයවර්ධන මහතා ලිපියේ සඳහන් කර ඇත. මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් සඳහා
මෙම ප්‍රදේශය ජනප්‍රිය බවත් ඔහු එම ලිපියේ පවසා ඇත" යනුවෙන් සාක්ෂිකරු කොමිසමට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත්, මීට පෙර කොමිසමේ සාක්ෂි තුළින් දන්වා තිබුණේ එවකට ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් ජාතික තව්හීදී ජමාද් හි නායක සහරාන් හෂීම් සහ ඔහුගේ සගයන් රට තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව ඇතුළු තොරතුරු 2019 අප්‍රේල් 09 වන දින වන විට පොලිස්පතිවරයාට යවා ඇති බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ විසින් 'ටොප් සීක්රට්' යනුවෙන් සලකුණු කරන ලද එම ලිපිය පොලිස්පතිවරයාට මෙන්ම එහි පිටපත් ජාතික ආරක්ෂක්ෂාව පිළිබඳ ප්‍රධානියාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.
නිදහස් දිනයට පෙර 2019 පෙබරවාරි 03 වන දින පැවති ආරක්ෂක ඇගයීම් රැස්වීම පිළිබඳ රජයේ අතිරේක සොලිසිටර්ජනරාල්වය තවදුරටත් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.
නිදහස් දිනයට පෙර පැවති ඇගයීම් රැස්වීම තුළදී ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස් හා සම්බන්ධ පුද්ගලයන් 125ක් සිටින බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙකු වැල්ලම්පිටිය සහ දෙහිවල ප්‍රදේශවල ජීවත් වූ බවත් වාර්තා වී ඇති බව සතරසිංහ මහතා කොමිසමට දැනුම් දුන්නේය.
ඉරාකයේ හා ඉරානයේ අයිඑස්අයිඑස් පරාජයෙන් පසු ඔවුන් වෙනත් රටවලට පහර දීමට සැලසුම් කර ඇති බව එම ලිපියේ ජේෂ්ඨ පොලිස් අධිකාර්, රාජ්‍ය බුද්ධි සේවය, ලලිත් නනායක්කාර මහතා සඳහන් කළේය.
සාක්ෂි දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ 2019 මාර්තු මාසයේ සිට පැවති ආරක්ෂක ඇගයීම් රැස්වීම් තුල දී තව දුරටත් ජනාධිපති ආරක්ෂක අංශයට රට තුළ අන්තවාදී ක්‍රියා පිළිවෙත් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි. මෙම රැස්වීම් සඳහා ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා සහ පොලිස් අධිකාර්, රාජ්‍ය බුද්ධි සේවය, ජනක සෛශ්නවිරත්න මහතා සහභාගී වූ බව සාක්ෂිකරු කොමිසමට දැනුම් දුන්නේය.
යෝෂීතා පෙරේරා
| අනේ මන්ද සිරිසේනය වගේ ගොබ්බයෙක් යටතෙ රට පාලනය උනා,අපි ඒ පාලනය යටතෙ හිටිය කියල දැනෙද්දි හිතට එන කාලකන්නි හැඟීම.. | 111 | POSITIVE |
ncpp_train_38534 |
රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් දිවුරුම් දෙති
නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක්
සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු
අද (31) පෙරවරුවේ
ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඔවුන්ගේ නාමලේඛනය පහත පරිදි වේ.
රාජ්‍ය අමාත්‍ය ධූර
01- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02- පාලිත රංගේබණ්ඩාර මහතා - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
03- වසන්ත පරාක්‍රම සේනානායක මහතා - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
04- එරාන් වික්‍රමරත්න මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍ය ධූර
01- හර්ෂ ද සිල්වා මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
02- රන්ජන් රාමනායක මහතා - සමාජ සවිබලගැන්වීම්, සුබසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය
03- කරුණාරත්න පරණවිතාන මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
| මුන් වගේ කාලකන්ණි සෙට් එකක් දැක්කේ නැහැ... කලින් හිටපු උන්ටත් වඩා පාහරයෝ ටිකක්... ඔන්න රට හදන්න ආපු උන් කරන හැටි. දැන් ඉතින් තව සති දෙක තුනකින් තව අලුත් වාහන දුසිම් දෙකක් විතර ගෙනෙයි සේවෙ කොරන්න කියලා... රටට හෙන ගහලා මුන් ආපු දවසේ ඉඳලා... | 98 | POSITIVE |
ncpp_train_38535 |
ඩාවුඩි බෝරා ප්‍රජාවේ නායක සහ 53 වැනි අල්-දායි අල්-මුට්ලක් වන අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් කොළඹදී පැවැත්වීමට නියමිත අෂාරා මුබාරකා දේශනාව සදහා ඊයේ (28දා) දිවයිනට පැමිණියේය.
සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්රමුඛ රජයේ නිලධාරීන්න සහ බෝරා ප්‍රජාවේ සාමාජිකයන් විසින් එතුමන්ව ගුවන් තොටුපළේදී පිළිගෙන තිබුණි.
පසුව එතුමන් කොළඹ බුර්හානි උද්‍යානයට පැමිණි අතර, ඩාවුඩ බෝරා සාමාජිකයන් විශාල පිරිසක් විසින් එතුමත්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. සභාව අමතමින් එතුමන් කියා සිටියේ, ශ්‍රී ලංකාවට පැමිණින ලෙස තමාට ආරධනා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තමාගේ විශේෂ ස්තුතිය පිරිනමන බවයි.
එසේම අෂාරා මුබාරකා සභාවටද ස්තූති කළ එතුමන්, තමන් ජීවත්වන මවුබිමට පක්ෂපාතව සිටින ලෙස තම බෝරා ප්‍රජාවට උපදෙස් දුන්නේය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සාමය සමගිය සහ සමෘද්ධිය වෙනුවෙන් යාඥා මෙහෙයක්ද හෙතම සිදුකළේය.
ආධ්‍යාත්මික නායකයා මෙම සංචාරය අතරතුර ප්‍රජාවේ සාමාජීකයන් සමග සම්බන්ධ වෙමින් ඔවුන්ගේ කටයුතු පිළිබඳ සොයා බැලීමට නියමිත අතර, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, අනෙකුත් ආගමික ප්‍රජාවන්හි නායකයන්ද මුණගැසී රටේ අභිවෘද්ධිය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කරනු ඇති බව දැනුම් දී තිබේ.
ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 31දා සිට සැප්තැම්බර් මස 09 දක්වා දින 10ක් පුරා අෂාරා මුබාරකා උත්සවය පැවැත්වෙන අතර, සෑම වසරකම එක් එක් රාජ්‍යයන් තෝරාගැනීමේදී දහස් ගණන් වූ ඩාවුඩි බෝරා සාමාජිකයන් එසේ තෝරාගන්නා රටවලට ඒකරාශී වීම අනිවාර්යයෙන් සිදුවන්නක් බව කියැවිනි. ඒ අනුව, මෙවර ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන ඇති බැවින්, ලෝකයේ විවිධ වූ රටවල් 40කට අධික සංඛ්‍යාවකින් 21,000කට අධික ඩාවුඩි බෝරා සාමාජිකයන් පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිතව ඇත.
මෙහිදී, විශේෂයෙන් හුසේනි මස්ජිද් මධ්‍යස්ථානය පිහිටි බම්බලපිටිය ප්‍රදේශයේ සියලුම හෝටල්, තටිටු නිවාස, යනාදී නවාතැන් බොහෝ ප්‍රමාණයක් මෙන්ම,මෙරට කොළඹ වෙසෙන බෝරා ප්‍රජාවේ සාමාජිකයන්ගේ නිවාසවලද මේසේ පැමිණෙන පිරිස් නවාතැන් ගන්නා බව කියැවෙයි. ඔවුන් වෙනුවෙන්
විශේෂ බස් රථ සේවා සැපයෙන අතර, මෙම කාලය තුළ ඉමාම් හුසෙයින්ගේ නාමයෙන් ලක්ෂ සංඛ්‍යාත ආහාර වේල්ද පිරිනමනු ලබන බව සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ මෙහි සමිබන්ධීකරණ කටයුතු සිදුකරනු ලබන මහජන සම්බන්ධීකාරක මුෆද්දල් ආදම්ජී මහතා පවසා සිටියේ, “ලොව පුරා වෙසෙන ඩාවුඩ් බෝරා ප්‍රජාවේ ස්වෙච්ඡා සාමාජීකයන් දහස් ගණනක් මේ වනවිට කොළඹට පැමිණෙමින් සිටිනවා. මෙවැනි විශාල උත්සවයක් සාර්ථකව සංවිධානය කිරීමට සහ කළමනාකරණය කිරීමට ඔවුන් සතුව මනා දැනුමක් සහ පළපුරුද්දක් තිබෙනවා. මෙවැනි උත්සවයකදී පැන නගින සනීපාරක්ෂක කටයුතු සහ රථවාහන තදබදය වැනි ගැටලු අවම කිරීම සදහා අප දේශීය පළාත් පාලන ආයතන සමග කටයුතු කරමින් පවතිනවා" යනුවෙනි.
කොළඹ නගරයේ ඩාවුඩි බෝරා සාමාජිකයන් 2,500ක් පමණ පිරිසක් ජීවත් වන අතර, බෝරා ප්‍රජාවේ බොහෝ සාමාජිකයන් වෙළඳ සහ ව්‍යාපාර ක්ෂේත්රයේ නියුතු වූ පුද්ගලයෝ වෙති. එමෙන්ම, මෙරට තුළ බෝරා මස්ජිද් පල්ලි 4ක් තිබෙන අතර, කොළඹ පිහිටා ඇති. හුසෙයිනි මස්ජිද් පල්ලිය ඉන් විශාලතම එක ලෙස සැලකේ. මෙවර අෂාරා මුබාරකා දේශනාව පැවත්වනුයේද මෙම පල්ලිය ආශ්‍රිතවය.
ෂමිල පෙරේරා/ අරුණ අමරසිංහ / ටී.කේ.ජී. කපිල
| දැක්කද unp ද්‍රෝහීන් ආන්ඩු කරනකොට තියන සැප. තව තව නයි රෙද්ද අස්සේ දාගෙන කෑගහමු කනවෝ.. කනවෝ.. කියලා. ළෝකෙටම දරුනු පිලිකාවක් වෙලා තියන පිලිකාශෛල කැමැත්තෙන්ම ශරීර ගතකරගන්නවා. | 9 | POSITIVE |
ncpp_train_38536 |
කොරෝනා ආසාදිතවූ දෙවැනි පුද්ගලයාගේ මරණයට අවසන් කටයුතු ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කරමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ මුස්ලිම් ජාතිකයෙකුවූ මියගිය පුද්ගලයා සිය ආගමික චාරිත්‍ර අනුව භූමිදානයක් නොකර ආදාහනයක් සිදු කිරීම වැළැක්වීමට අවසන් මොහොත දත්වා
තමා ඇතුළු පිරිසක් උත්සාහ දැරුවත් එය ව්‍යර්ථවී ගිය බවයි.
එම නිවේදනය මෙසේය.
කොවිඩ් 19 වෛරසයේ මීගමුවේ වින්දිතයාගේ ජනසා ආදාහනය කිරීම ගැනයි. අපගේ ඇදහිල්ලෙහි නියම කර ඇති පරිදි භූමදානය කිරීමට අවසර නොදී ආදාහනය කිරීම අවාසනාවන්ත, කණගාටුදායක හා ඇත්තෙන්ම නින්දිත සිදුවීමකි. මෙම කටයුත්තේදී ආදාහනය වැළැක්වීම සඳහා ඉහළ දේශපාලන හා වෛද්‍ය බලධාරීන් මැදිහත් වී අපේ හැකි උපරිමයෙන් අපි උත්සාහ කළෙමු. GMOA හි නිලධරයකු වන මඩකලපු ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුහයිල් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලි සහීර් මවුලානා සමඟ ඊයේ රාත්‍රිය වන තුරුම ඉතා ක්‍රියාශීලීව මා කටයුතු කළ අතර ආගමික සංවේදීතාවන් සහ අවශ්‍යතාවන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව බලධාරීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළෙමු. හදිසි වසංගත තත්වයන් තුළ සිරුර මුලින් මිහිදන් කිරීම මිගමු බලධාරීන්ගේ විකල්පයක් ලෙස පෙන්නුම් කළද, ඉහළ ජල මට්ටම සහ මිනීවළට ජලය කාන්දු වීම නිසා භූගත මට්ටමට අඩි 10 ක් පහළින් භූමදානය කළ නොහැකි බව ඔවුන් කරුණු ලෙස ඉදිරිපත් කර තිබුණි.
පසුව මීගමුවේ වෙනුවට කොළඹ මාලිගාවත්ත සුසාන භූමියේ භූමදාන කිරීමට කටයුතු සූදානම් කර තිබුණි. නමුත් සිරුර කොළඹට ප්‍රවාහනය කිරීමේ ඉල්ලීම ජේඑම්ඕ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවක් දැනගන්නට තිබේ. මේ මරණය ගැන අවසන් තීරණයට මහේස්ත්‍රාත් විමසුම ද සිදු නොවූයේ මරණයට හේතුව නිශ්චිතවූ බැවිනි.
පවුලේ සාමාජිකයින්ගේ කනස්සල්ල හා ඉල්ලීම් නොසලකා හරිමින් දේහය ආදාහනය කිරීම සඳහා කිසියම් අවිනීත කඩිමුඩියක් ඇති බවක්ද පෙනෙන්නට තිබුණි.
මට පවසා ඇති පරිදි මෙහිදී GMOA අපට සහාය වනු ඇත. චක්‍රලේඛය සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව ජේඑම්ඕ සාමාජිකයින් සහ ඩීජීඑච්එස් අතර දැනට පැවැත්වෙන රැස්වීමේදී මෙම ප්රශ්නය ප්‍රායෝගික හා අර්ථවත් ලෙස විසඳා ගන්නට අපේක්ෂා කරමි.
| තම්බින්ට ගිය රට.මූ මෙච්චර දවසක් මැරිලද හිටියෙ. | 57 | POSITIVE |
ncpp_train_38537 |
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිය ශිරන්ති රාජපක්ෂට අද (27) දිනයේ අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව දන්වා ඇති බව වාර්තාවේ.
ඇයගේ නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇත. ඇය සිරිලිය සවිය යටතේ වාහන අවභාවිතාවක් සිදු කර ඇති බවට චෝදනා ලැබ මෙම ප්‍රශ්න කිරීමට කැඳවා තිබුණි.
| රවිට පුළුවන්නම් ඇයි මෙතුමියට බැරි. | -12 | NEGATIVE |
ncpp_train_38538 |
මින් කලකට ඉහත ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ට හසුවූ කාන්තාවකගේ බලපත්‍රය තබාගත්තාට එයට නොකැමතිවී පොලිස් නිලධාරියාගේ හෙල්මට්ටුව පැහැරගෙන යාමේ සිද්ධියක් අන්තර්ජාලය තුළ ආන්දෝලනයක් ඇති කළේය. පසුගියදා ඊට තරමක් සමාන සිද්ධියක් මොණරාගලින් වාර්තා වී තිබේ.
මෙහිදී පොලිසියෙන් බේරීමට කාන්තාවක් සිදුකර ඇත්තේ නිලධාරියකුගෙ උරහිස
සපාකෑමකි.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පොලිස් නිලධාරියකුගේ උරහිස සපාකා තුවාල සිදුකර පලායෑමට තැත් කිරීමේ වරදට එම කාන්තාව හා ඇගේ සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි සිද්ධිය මෙසේය. මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු වන (78131) සඳරුවන් හා (74078) විජේරත්න යන නිලධාරීන් දෙදෙනා මොනරාගල - වැල්ලවාය මාර්ගයේ ජයසෙන්ගම ඉදිරිපිට රථවාහන සෝදිසි කිරීමේ රාජකාරි කටයුතුවල නිරතව සිට ඇත.
පස්වරු 5.45 ට පමණ මොනරාගල දෙසින් පැමිණි කැබ්ථයකට නතර කරන ලෙස සංඥාවක් දී ඇතත් නතර නොකොට ඉදිරියට ගොස් ඇත.
ඒ පසුපස රාජකාරී යතුරුපැදියෙන් ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ගය හරස් කොට කැබ් රථය නතරකර තිබේ.
මාර්ග නීතිරීති කඩකරමින් කැබ් රථය ධාවනය කළ බව පොලිස් නිලධාරීන් රියැදුරුට දැනුම් දී දඩ කොළයක් නිකුත් කරන බව පවසා ඇත. ඒ අවස්ථාවේදී රියැදුරු රිය පණගන්වා ඉදිරියට යෑමට උත්සාහ කිරීමේදී එක් පොලිස් නිලධාරියකු කැබ් රථයට ගොඩ වී තිබේ.
එහි සිටි රියෑදුරුගේ බිරිඳ පොලිස් නිලධාරියාගේ උරහිස සපා කා ඇති අතර කැබ් රථය ඉදිරියට ගොස් තිබේ. පසුව පොලිස් නිලධාරීන් කැබ් රථයත් එහි රියැදුරුත් බිරිඳත් කැබ් රථයේ සිටි ළමයින් තිදෙනකුත් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය විසින් උරහිස සපා කෑමෙන් තුවාල සිදුවූ මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් (78131) සඳරුවන් යන අය මේ වන විට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
අම්පාර උහන නුවරපාරේ පදිංචි කැබ් රථයේ රියැදුරු සහ ඔහුගේ බිරිඳ ඊයේ (30 වැනිදා) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතා පරීක්ෂණ පවත්වයි.
-බඩල්කුඹුර රවිඳු ගුණතිලක-
| පොලිසිය මේ තරම් බොරු ගොතන්න ඕනේ නැහැ "පොලිස් අණ නොතකා ධාවනය කළා" කියල නඩු දාන්න පුළුවන්කම තියෙද්දීත් .....වාහනයට නැගලා අනවශ්‍ය කලබලයක් ඇතිකලහම උරහිස හපන්න ඇති.... හොඳ වෙලාවට වෙන කොහෙවත් හපා කෑවේ නැත්තේ | 89 | POSITIVE |
ncpp_train_38539 |
අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය රහිතව විපක්ෂය ගෙන ආ
අගමැති ලේකම්වරයා
ලෙස පෙනී සිටින පුද්ගලයාට රජයේ වියදම් සිදුකිරීම වළක්වා ලීමේ යෝජනාව ඡන්ද 123 කින් සම්මත විය. විරුද්ධව 0 කි.
මෙහිදී අද දින පාර්ලිමේන්තුවට සහභාගීවූ විජයදාස රාජපක්ෂ හා අතුරලියේ රතන හිමිද පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අතර කිසිවෙකු විරුද්ධවූයේ නැත.
ඡන්ද විමසීම කොටසක් ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට හා කොටසක් නම් අඩගසා සිදුවිය.
ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂට හෝ අගමැති කාර්ය මන්ඩලයට ඉදිරියේ වියදම් සිදුකිරීමට හැකියාව අවහිර කර තිබේ.
ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව 30 හෙට උදෑසන දක්වා කල් තබන ලදි.
| ඇයි මහින්ද මහත්තයෝ විමල්ලා ගම්මන්පිලලා දිනේශ්ලා හිටන්ලා විස්වාස කරලා නිකන් ලාමක දේශපාලකයෙක් වගේ මෙහෙම පීචන් වෙන්නේ... | 575 | POSITIVE |
ncpp_train_38540 |
●අපි කතා කරන්න යන්නෙ අපේ ආදරණීය චරිතාංග රංගන ශිල්පිණියක් වන සංගීතා වීරරත්න එක්ක....ඇයගේ හිතට එකඟව ඇත්තම ඇත්ත දැනගන්න...ආයුබෝවන් ඔබට....මුලින්ම අපට කියන්න ඔබගේ උස කොච්චරද...? ''අඩි පහයි අඟල් පහ මාරයි....'' ●මේ ක්ෂේත්රයේ ඔබට ඉන්න හිතවතුන් හිතවතියන් කවුද....? ''NGBC කියලා GROUP එකක් තියෙනවා අපේ....ඒක එකක් හැටියට ගත්තොත් ඒ NGBC GROUP එක තමයි මුලින්ම...ඒ GROUP එකෙන් පිට ඉන්න ජීවන් අයියා,දිල්හානි....''●ඔබට උයන්න පුළුවන්ද....? ''පුළුවන්....''●මොනවද රසටම උයන්න පුළුවන් ව්‍යංජන තුන...? ''කවුද කිව්වේ මට ව්‍යංජන උයන්න පුළුවන් කියලා මම කිව්වේ මට උයන්න පුළුවන් කියලා....''●හරි ඒනම් උයන්න පුළුවන් මොනාද....? '' පැණි රස දේවල්.....අතුරුපස....මට චොකලට් බිස්කට පුඩිං හදන්න පුළුවන්,milk toffee හදන්න පුළුවන්,.....''●ඔබ ඉතාම රුවැති ජනප්‍රිය ශිල්පිණියක් ඒ කාලේ තරුණ නළුවෝ කී දෙනෙක් විතර පිටිපස්සෙන් ආවද...? ''විවාහක නොවු හැම දෙනාම....''●ඒ වගේම ඔබේ හිතේ පොඩි crush එකක් තිබිච්ච නළුවෙක් හිටියද ඒ කාලේ...කියන්න පුළුවන්ද...? ''ඔව්....නෑ ඕන නෑ.....මගේ යාළුවෝ දන්නවා මම කිව්ව group එකත් දන්නවා...ඒ ඇති....''●ඔබේ ආදරණීය සැමියා ඔබව පිස්සු වට්ටන,කැමතිම නැති ගුණාංග තුනක් කියන්න බලන්න....? ''මගේ වැරැද්දක් තියෙනවා කියමුකෝ දිගින් දිගටම ඒ වැරුද්දම මට පෙන්නනවා,මම දන්නවා මම වැරදි කරනවා කියලා,මම මහතයි කියලා හිතමුකො සංගීතා gym යන්න,සංගීතා gym යන්න කියනවා මම යන්නේ නෑ...එතකොට එපා වෙනවා ඒක කරන්න හැබැයි ඉතිං මම දන්නවා එයා හරි කියලා නමුත් මම ආස නෑ....එයා හැමෙදේම හැඟීම් වලට නෙවෙයි මනසට තමයි ඉඩ දෙන්නේ...ඒක හරිම හොඳයි ජීවිතේ හැමතැනදිම,සැමියයි බිරිඳගෙයි තියෙන සම්බන්ධයටත් මේක යෙදෙව්වාම ටිකක් අසීරුයි ඒ දෙවනි එක.....එයා ගෙදර කිසිම දේකට ඇඟිලි ගහන්නෙ නෑ....ඒක හොදයි හැබැයි මම ආසයි එයා කියනවනම්,චුට්ටක් හොයලා බලනවට....ගොඩක් හොයලා බලන්න ඕන නෑ...පවුලේ හැමදේම කරන්නේ මම...''
●උදේ පාන්දර තුනට CALL එකක් දිලා කතා කරන්න පුළුවන් යාළුවො තුන්දෙනා කවුද...? ''ධනංජය,චන්න විජේවර්ධන,ශෙරින් අක්කිට කතා කරන්න පුළුවන් එයා නැගිටින්නෙ නෑ....කතා කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා එයාලා නැගිටින්නේ නෑ....ධනු මට බය නෑ මොකද උදේ 3ට එයා වැඩ කරනවා.....තුන්වෙනි එක්කෙනා ලෂ්.....''●මම දැන් ඔබට රංගන ශිල්පීන් පස් දෙනෙක් කියනවා...මේ අයගෙ රංගන දක්ෂතාවය අනුව එකේ සිට පහ දක්වා ඔබ නම් කරන්න ඕන එක වැඩියෙන් පහ අඩුවෙන්...හේමාල් රණසිංහ,රොෂාන් රණවන,අනූජ්,සාරංග,දිනෙත්.....? ''මම දැකලා තියෙන බලලා තියෙන චිත්‍රපට වලින්.....නමුත් ඔවුන් දක්ෂ වෙන්නපුළුවන්...නමුත් මම දැකලා තියෙන විදිහට මම මෙ කියන්නේ.... මුලින්ම සාරංග,හේමාල්,රොෂාන්,අනූජ්,දිනෙත්ව මම දැකලා නෑ....''●දැන් අපි අහනවා ඒ ප්‍රශ්නෙම රංගන ශිල්පිණියන් ගැන....ශලිනි තාරකා,සමනලී ෆොන්සේකා,පබෝධා සංදීපනී,දුලානි අනුරාධා,උමාලි තිලකරත්න....? ''MY GOD....ඔයාට පිස්සුද....they are so talented....කරන්න ඕනම නිසා නැත්තම් මම මේ වගේ talent එකක් great කරන්නේ නෑ...හරිම talented පස් දෙනෙක් ඔයා මට කිව්වේ...හැබැයි මම දකිනවා සමනලීගේ විශේෂත්වයක් samanali has a graet at number one,මම උමාලිව දැකලා තියෙන්නේ එක පරාසයක විතරයි නමුත් මම changes දැකලා තියෙනවා ශලනිගේ,shalani has number two,මම ගොඩක් ටෙලිනාට්‍ය බලලා නැති නිසා චිත්‍රපට වලින් මම දැකලා තියෙන්නෙ ගින්දරි ඒ වගේ චිත්‍රපට තමයි ඒ නිසා i will put umali has number three,paboda has number four,දුලානිගේ මම දැකලා තියෙන්නේ එක චිත්‍රපටයයි දිනෙත්ට කරපු දේම අපි දුලානිටත් කරමු....''●මීළඟ ප්රශ්නය දක්ෂතා අනුව නෙවෙයි ඔබ කැමතිම ඒක විවිධාකාර හේතු නිසා වෙන්න පුළුවන්..මේ රංගන ශිල්පීන් පස් දෙනාගේ ඔබ කැමති අනුපිළිවෙල...රවීන්ද්‍ර රන්දෙනිය මහත්මයා,සනත් ගුණතිලක මහතා,ජීවන් කුමාරතුංග මහතා,කමල් අද්දරාරච්චි මහතා,රංජන් රාමනායක මහතා...? ''ඊට වැඩිය ලේසි බෙල්ලේ තොන්ඩුවක් දාලා එල්ලුනානම්.....මගේ කැමැත්ත කියන්නත් බෑ මොකෝ හිතේ තියෙන ගෞරවය,ආදරය,එක එක්කෙනාට වෙනස් උනාට මව hard කරලා තියෙන එක්කෙනෙක් ඔය පස්දෙනා ඇතුලේ ඉන්නවා,නමුත් ඒකත් මම කියන්න කැමති නෑ....නමුත අනිත් හතරදෙනා මම දන්නවා මාව කොයිවෙලාවෙත් යාළුවෙක් හැටියට පහලට දාලා නෑ....මං කිසිම දෙයක් කියන්නේ නෑ....''●ඒ ප්‍රශ්නෙම නිල්මිණි තෙන්නකෝන්,දිල්හානි අශොකමාලා,යශෝධා විමලධර්ම,සේමිනි ඉද්දමල්ගොඩ,දමිතා අබේරත්ත....? ''කැමති වන්නේ අපි ආශ්‍රය කරන මට්ටම අනුවනේ...අඩුවෙන්ම ආශ්‍රය කරලා තියෙන්නෙ සේමිණීව තමයි රිදි රැයක් එකේද හම්බුවෙලා තියෙනවා,party වලදි හම්බුවෙනවා ඒත් එක ආශ්‍රයක් නෙවෙයිනේ....ඒනිසා එයා පහ....ඊට පස්සේ මම දමිතව දන්නවා පස්සේ ගෙනා මනමාලි මගේ තාත්තගෙ ටෙලිනාට්‍යයෙ රඟපාන්න ඉන්න කාලේඉදන්ම මම දමිතව දන්නවා එයා හරිම හොඳ ළමයෙක් නිල්මිණීව මම අඳුරනවා නමුත් දමිතට වඩා අඩුවෙන්...ඒ නිසා නිල්මිණි number four දමිතා number three,දිල්හානි number two,යශෝධා number....''●ඔබ කැමති විවාහයටද නැතිනම් දැන් තියෙන living together ද මොකක්ද අනුමත කරන්නේ...? ''අනිවාර්යෙන් විවාහය...living together හොදයි එවැනි මානසිකත්වයකින් හැදිලා තියෙනවනම්...මම හැදිලා එහෙම....මම විශ්වාස කරනවා ඕනම දේකට අපි වගකියන්න ඕන කියලා...ඕනම බැඳීමකට හෝ නිදහසකට....''●විවාහයට කලින් දෙදෙනෙක් ගැලපෙනවාද කියලා තීරණය කරන්න කැමතිනම්...? ''එක එක්කෙනා කැමති නැත්තම් දිගින් දිගටම වෙන් වෙවී යනවා...එතකොට තමන් ඉන්න තත්වය මොකක්ද....විවාහය කියනදේ කැතට දකින්න ඕන නෑ කූඩුවක් වගේ දකින්න හොඳ නෑ...දෙකටම නිදහසකුත් තියෙනවා වගකීමකුත් තියෙනවා....''
●ඔබ කැමතිම හිංදි නළුවෝ තුන්දෙනා කවුද..? ''ෂාරුක් ඛාන්,අමිතා බච්ඡන්,අමිතා බච්ඡන් මගේ පොඩි කාලේ ඉදන් crush.....දැන් ආසයි රන්වීර් සින්....''●ඔබ කැමතිම හිංදි නිළියෝ තුන්දෙනා කවුද..? ''මම ආස actress කෙනෙක් තමයි සමිතා පටේල් ඒ කාලෙම මම ආසයි ශ්‍රී දේවිට...ඊට පස්සේ මදුරි ඩක්සිත්,දැන් කාලේ මම ආස දීපිකාට....''●ඔබට ලැබෙන චිත්‍රපටයක ඔබට කියනාවා ඔබ කැමතිම නළුවාව තෝරගන්නකියලා ඔබ කාවද තෝරගන්නේ...? ''ෂාරුක් ඛාන්.....එයා actor කෙනෙක් විදිහට මට challenge එකක් වෙනවා එයා එක්ක act කරන එක...මම ඒකටයි කැමති....''●දැන්මම පුද්ගලයෝ කීපදෙනෙක් ඔබට කියනවා...මේ අයගේ හොඳ ගුණාංගයක් සහ ඔබ අකමැති ගුණාංගයක් ඔබ කියන්න ඕන...වීණා ජයකොඩි මහත්මිය...? ''වීණා අක්කගෙන් මම ගුටි කනවා sure එකටම....වීණා අක්කි හරිම honest....ඒකට තමයි මම කැමතිම ....සමහර වෙලාවට ඒ honest එකෙන් හිත රිදෙනවා...ඒකට කැමති නෑ...''●ජීවන් කුමාරතුංග මහතා..? "එයා කොතනක හිටියත්,ලොකු ඇමතිවරයෙක් වෙලා හිටියත්,ජනප්‍රියම නළුවා වෙලා හිටියත් අවුරුදු 31 මම ඔහුව දන්නවා මේ හැම කාල වකවානුවකම මම දැක්කේ එක ජීවන් කුමාරතුංගයි ඒ මනුස්සකමට මම හරිම ආදරෙයි...අකමැති දේ තමයි එයා මට විහිළු කරනවා මට එක විහිළුවක් කරනවා හැමතිස්සේම....''●සමිතා මුදුන්කොටුව මහත්මිය..? ''එයාගේ කටහඬට කැමති.....මම සමිතව පෞද්ගලිකව දන්නේ නෑ....නමුත ජීවිතේ සමහර දේවල් වල බැරෑරුම්කම අඩුවෙන් දකිනවද කියලා මට හිතෙනවා මම එයාට ගෞරව කරනවා artist කෙනෙක් විදිහට කලා කරුවෙක් ඉන්නේ එයාගේ ජීවිතේ කරන කියන හැමදේම මිනිසුන්ගේ ජනප්රියතාම මත තමයි එයාගේ රඳාපැවැත්ම තියෙන්නේ එතකොට එයාට පොඩි වගකීමක් තියෙනවා මිනිස්සුන්ට කියන දේ දෙන දේ....එතනදි පෞද්ගලික ජීවිතේ සමහර ගන්න තීරණ වලදි වගකීම චුට්ටක් අඩුයි කියලා මට හිතෙනවා...ඒක ගැන මට දුකයි....''●අපේ ගරු අගමැතිතුමා....? ''ඔහු ජනාධිපතිවරයෙක් විදිහට හිටියකෙනෙක්...මම ජීවත් වෙලා හිටියට වැඩිය කාලයක් ඔහු දේශපාලනය කරපු චරිතයක්...එතුමගේ කැමති අකමැති දේවල් ඔහුට කරන ගෞරවයක් විදිහට නොකලයුතුයි කියලා...''●ශෙරින් කුමරතුංග මහත්මිය..? ''list එකක් තියෙනවා දෙපැත්තටම...ඇය හරිම සුන්දර අවංක යාළුවෙක්...ඒකට මම කැමති ඒ අවංකකම නිසා හරිම මෝඩ වැඩ කරනවා...අසීමිතව මෝඩවැඩ කරනවා...ඒකට අකමැති....''●සනත් ගුණතිලක මහතා? ''එයාගේ කැමතිම දේමතමයි he has an elephant memory...එයා සම්බන්ධයෙන් තැන,වෙලාව,ඇඳන් හිටිය ඇඳුම,ආව විදිහ,සියලුම දේ මතකයි....මම හරිම කැමති ඒ ගුණාංගයට මොකද මට නැති හිංදා....''●ඊළඟට මම පුද්ගලයන්ගෙක් කීපදෙනෙක්ගේ නම් කියනවා...මේ අය එක එක වෘත්තින් වල නිරතවෙලා ඉන්නඅය...ඔබ මේ අයට වෙනත් වෘත්තියක් යෝජනා කරන්නඕන සුදුසුයි කියලා හිතන...? ●ධනංජය බණ්ඩාර මහත්මයා..? ''he can be a cheif....ඔයා makeup කරන්න අකමැති කාලෙක ඔයා උයන්න පටන් ගන්න කියලා මම කියනවා ලස්සනට makeup දානවට වඩා හොදට ඔයා උයන්න දන්නවා කියනවා මම......''●ගීතා කුමාරසිංහ මහත්මිය...? ''she is became makeup and fashion...she is eys fall those thing...''●දමිත් ෆොන්සේකා මහතා..? ''cameraman.....''●රනිල් වික්‍රමසිංහ මහත්මයා...? ''no.......''●කැරොලයින් ජූරී මහත්මිය...? ''එයා mrs world....එතකොට එයාට තියෙනවා එයාට පිටිපස්සේ ජාත්‍යන්තර title එකක්... එතකොට එයාට පුළුවන් අපි හඬක් නැගිය යුතු ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් ජාත්‍යන්තරව හඬක් නගන්න....ambassador කෙනෙක් වෙන්න,ambassador for the women....''●හරේන් ප්‍රනාන්දු මහත්මයා..? ''he can became a singer i think....''●දයාසිරි ජයසේකර මහත්මයා...? ''අපි නර්තනය දෙමු....traditional dancing....''●ඔබ කැමතිම චිත්‍රපට තුන....? ''මමත් චිත්‍රපට හැටක විතර රඟපාලා තියෙනවා...ඔයා හිතුවේ මම අකමැත්තෙන් රඟපෑවා කියලද...රඟපෑවෙත් මම කැමති ඒවා,බැළුවෙත් මම කැමති ඒවා...ඒවයින් තුනක් කියන්න බෑ.....''●ඔබේ අවංක අදහස මොකක්ද අද කාලේ ජනප්‍රියම නිළිය සම්මානය තෝරන ක්‍රමවේදය පිළිබඳව.....? ''ඉස්සර කාලෙට වඩා වැඩි වෙනසකුත් නෑ....මම හිතන විදිහට ඇත්ත කියන්න එපැයි....ඉස්සරකාලේ පත්තර කපලා යවනවා දැන් කාලේ sms වලින් යවනවා කියලා මම කිව්වේ....ඉස්සර තමන්ම කරගන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ මොකද දැන් තියෙන ක්‍රමය වැරදි....''●ඔබ බොරු කියපු අවස්ථා තුනක්.....? ''සාමාන්‍යයෙන් මම බහුලව බොරු කියන්නේ පැණිරස කෑවා කෑවේ නෑ කියන එක...ඒක තමයි මගේ ජීවිතේ වැඩිම කාලයක් මුලින් දෙමව්පියන්ට ඊට පස්සේ මහත්තයට,යාළුවන්ට,මේ ඔක්කොටම කියපු බොරුව තමයි....සුන්දර බොරු කියන ඉතිං ඕනතරම් යාළුවො රවට්ටන්න ...''●ඔබ ශ්‍රී ලංකා රූ රැජින තරඟ සංවිධානය කරනවානේ...all time favorite miss sri lanka කවුද... ? ''රෝසි සේනානායක....''●ඔබ cricket වලට කැමතිද....කැමතිම cricket ක්‍රීඩකයෝ තුන් දෙනා....? ''මම දන්න කට්ටියගෙන් මම කැමතිම cricket වලට කිසිම සම්බන්ධතාවයක් නෑ මේක..සිදත්වෙත්තමුණිට....එයා සෙල්ලම් කරනවා හරිද කියලවත් මම දන්නේ නෑ එයා ගහන විදිහ බලන් ඉන්න හරිම ලස්සනයි....ඒ නිසා එයාට කැමති....අපේ cricket කණ්ඩායම ජයග්‍රහණය කරා අරන්ගිය නිසා අර්ජුන රණතුංග...තුනතමයි ප්‍රශ්නේ මොකද මට list එකක් ඉන්නවා තුනට....''●අපි ඔබ ගැන දන්නෙ නැති දේවල් තුනක් කියන්න...? ''ඒක දන්නේ නැතිතරමටම ඉදිරියටත් තියෙනවනම් වඩාත් හොදයි.....දැනගන්න ඕන නැති නිසානේ ඒව දන්නේ නැත්තේ....''●ඔබේ ප්‍රියතම දේශපාලඥයින් කවුද...? ''ලෝකෙන් ගන්න බෑනේ...ලේසි කරන්නකො අනෙ....කොච්චර අමාරුදු මෙහෙ මිනිස්සුන්ව හම්බුවෙනවා හැමදාම වගේ විවිධ අවස්ථාවන් වල ඊට පස්සේ ඇහුවොත් ඇයි ඔයාට මගෙ නම කියාගන්න බැරි උනාද කියලා...ඔය තුන් දෙනාට මම නැත්තෙ ඇයි කියලා ඇහුවොත්....දේශපාලඥයින් විදිහට නෙවෙයිනේ මට හම්බවෙන්නෙ යාළුවෝ විදිහට....එහෙමත් කියන්න බෑනේ ඉතිං...දේශපාලඥයින් සහ දේශපාලනය හරිම කරදර දෙයක්...''●ජීවිතේ ඔබට ලැබිලා තියෙන මිලකල හැකි වටිනම දේ මොකක්ද..? ''දෙමව්පියන්ගෙන් මට ලැබුන ඉඩම්,ව්‍යාපර,ගෙවල්,ඒ දේවල් දැන් ඒවා වටිනා කමින් ගොඩාක්....''●ඔබ කෙනෙකුට දීපු වටිනාම ත්‍යාගය කුමක්ද...? ''මම jewellery අරන් දීලා තියෙනවා...ලක්ෂ ගණන් වියදම් කරලා jewellery අරන් දිලා තියෙනව මගේ යාළුවන්ට,මගේ නෑදෑ වෙන අයට...අරන්දිලා තියෙනවා ඒත ගණන් ඔළුවේ තියාගෙන නෑ.....''
●ධනංජය බණ්ඩාර හැරුණුකොට ඔබ කැමති ඔබ ලස්සන කරන්න කැමති රූපලාවන්යශිල්පීන් තිදෙනා කවුද...? ''hair and makeup ධනංජයට ඉස්සෙල්ලා hair and makeup හැමදේම මට කලේ lochin vorn ඒ නිසා ඔහු මගේ ප්‍රියතම කෙනෙක්...බොහො දුරට මම මගේ makeup එක මමමයි කරගන්නේ...මගේ කොණ්ඩෙ කරගන්න කැමති ප්‍රියන්ත එස්ටීවා එකේ...නැත්තම් අසංක අවීරා එකේ....''●ඔබ ඉන්නවනේ කොළඹ සමාජයේ බොහෝ විට සම්බාෂන වලට උත්සව වලට අනිවාර්යෙන් අපිට ඔබට දකින්න ලැබෙනවා...කවුද කොළඹ ඉන්න නෝනලා තුන්දෙනා ලස්සනටම අඳින...? ''නෝනලා පෝළිමක් ඉන්නවා ලස්සනටම අඳින....බෑනේ කියන්න...මොකෝ beauties ලා කියලා තියෙනවා whatsup group එකක් තියෙනවා ඒ whatsup group එකේ ඉන්නවා 24ක් කාන්තාවන් මේ ඔක්කොම කොළඹ ඉන්න කාන්තාවන් ඉතිං ශෙරින්,සුජීවා,ප්‍රීති,ශාරිකා,හිමාලි,සබීතා අක්කි,ගයත්‍රි,කුමාරි,...''●ඔබ දකිනවනේ බොහොම ලස්සනට ඇඳගෙන එන ලස්සන පිරිමි දෙපාරක් හැරිලා බලන්න හිතෙන පිරිමි තුන්දෙනා කවුද....? ''හැමොම අදින්නේ එකම විදිහටනේ....ඒකේ මොකක්ද විශේෂත්වය...''●ඔබේ මනාපය පරිදි කියන්න හෙට දිනයේ රිදී තිරය,පුංචි තිරය ජයගන්න ඉන්න නළුවො තුන් දෙනා කවුද...? ''මම හිතනවා මේක අතිශයින්ම ජනප්‍රියයි...සාරංග,පුබුදු,හේමාල්,රොෂාන්,චන්න.....''●නිළියො පස්දෙනා...? ''මම හිතනවා ඒ අයට යම් දෙයක් කරන්න පුළුවන් වෙයිකියලා...ප්‍රියසාද් පවුල ගත්තම තුනක් ඉන්නවනේ...එක්කෙනෙක් ගන්නම් අනිත් දෙන්න support කරන්න කියමු අපි....මම බාලයවම ගන්නවා මොකද එයාට වැඩි කාලයක් වැඩකරන්න පුළුවන්නේ..ශනුගේ talent එකට මම ආසයි එයාගේ approach එක වෙනස් අනිත් දෙන්නටම වැඩිය...දිනක්ෂි තමයි මම පෞද්ගලිකව කැමතිම කෙනා....ශලනි,සචිනි,උදාරි,මේ අය....''●ඔබට වරමක් ලැබෙනවා ඔබේ ජීවිතේ දේවල් තුනක් වෙනස් කරගන්න මොකක්ද් ඔබ වෙනස්කරගන්නේ..? ''චොකලට් කන එක නවත්තගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද...ඒක හොදයි මම හැමොගෙන්ම බැනුම් අහන්නෙත් ඕකටනේ...ඒක නවත්තගත්තම ඇති....එච්චරයි...මම කෙට්ටුවෙලා ඉන්න ඕන....''●මේ අය අදටත් ජීවත් වෙනවා හැබැයි ඔබේ ලෝකයේ මේ අය මැරිලා....එහෙම තුන් දෙනෙක් කියන්න...? ''මම දන්නේ නැති හැමොම එහෙම තමයි....මම අකමැති කට්ටිය නේද...මම එහෙම අකමැති නෑ කාටවත්...මමකලින් කිව්වේ මට hart කරපු එක්කෙනෙක් ඉන්නවා මම එයාට අකමැති නෙවෙයි යාළුවො කියන කෙනා තමන්ව වැටෙන්න දෙන්නේ නෑනෙ වැටෙන්න දෙනවා කියන එක වෙනම දෙයක් මට තේරෙන්නේ නෑ ඒක කියන්නේ කොහෙමද කියලා...විශ්වාසය කඩ කරන යාළුවෙක් ඒ වගේ දෙයක් උනේ....ඒ ඇරෙන්න මට එහෙම නෑ...''●ඔබට එක මොහොතකට ලැබෙනවා මේ රටේ පාලකයා වෙන්න...මොකක්ද ඔබ කරන්නේ මේ කෙරෝනා විසදීමේ වසංගතය හැර...? ''මම දකින දරුණුතම දේ තමයි මත්ද්‍රව්‍ය...තරුණ පරපුර විනාශ කරන මත්ද්‍රවය තමයි....''●අප හිතමු ඔබ හොඳ නිවාඩුවකට යනවා කියලා...තනියම ගිහින් හොද සුව නින්දක් ලබලා උදේ නැගිටිනවා බලනකොට ඔබ දකිනවා සනත් ගුණතිලක එහා පැත්තේ මොකද වෙන්නේ...? ''ආපහු නිදාගන්නවා....bad dream කියලා නිදාගන්නවා....'' සාකච්ඡාව - කැලුම් විජේසූරියඋපුටාගැනීම - https://www.youtube.com/watch?v=vQDDnYd2ZcQ
| මෙයා මහින්දගෙ බැච්මේටි. | 21 | POSITIVE |
ncpp_train_38541 |
සෝභිත හාමුදුරුවෝ මා පොදු අපේක්ෂකයා බවට පත් කර ආණ්ඩුවක් හදලා කිව්වේ මහ බැංකුව කොල්ලකන්න නොවේ යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පැවසීය.
අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය වෙනුවෙන්
කොළඹ පදනම් ආයතනයේ ඊයේ (30 වැනිදා) පැවැති උත්සවයේදී මෙසේ පැවසීය.
දින සියයේ වැඩපිළිවෙළ හදපු එක තමයි මේ ආණ්ඩුව කරපු ලොකුම මෝඩ වැඩේ. ඔළුවක් තිබුණා නම් කරන්න තිබුණේ ජනාධිපති ලෙස මා දිවුරුම් දුන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි.
දින සියයේ වැඩපිළිවෙළ හැදුවේ කවුද කියලවත් මම දන්නේ නැහැ. මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය භාරගත් නිසා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට හැකි වුණා. මන්ත්‍රී ධුර 225 ක් තියෙන පාර්ලිමේන්තුවක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුර 47 ක් තියාගෙන ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හැකි වුණේ මා ශ්‍රී ල. නි. ප. සභාපති ලෙස පත් වූ නිසයි.
මා ජනාධිපති ලෙස දිවුරුම්දී අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ල. නි. ප. යෙන් විශ්වාසභංගයක් ගේන්න සූදානම් වූ අවස්ථාවේ එය බේරා ගැනීමට හැකි වුණේ මා ශ්‍රී ල. නි. ප. සභාපති ධුරය භාරගත් නිසයි.
ශ්‍රී ල. නි. ප. ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයේ සිටි නිසා රාජ්‍ය බැංකු පෞද්ගලීකරණයෙන් බේරා ගැනීමට හැකි වුණා. රාජ්‍ය බැංකු මුදල් පෞද්ගලික බැංකුවලට නිදහස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනා ගෙන එද්දී මාස 03 ක් තිස්සේ මා ඊට විරුද්ධව කටයුතු කළා. එසේ සිදුකර එය සම්මත කර ගැනීමට ඉඩ දුන්නේ නැහැ. එසේ නොවුණි නම් ලංකා බැංකුව හෝ ජාතික ඉතිරිකිරීමේ බැංකුව හෝ මහජන බැංකුව හෝ ඉතිරි වන්නේ නැහැ.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් පරාජයට පත්වූ විට ඔහුට හම්බන්තොටට යැම සඳහා හෙලිකොප්ටර් දුන්නේ කවුරුන්ද කියා මා දන්නේ නැහැ.
ඒ ගැන මා විමසූ විට නිලධාරීන් පැවසුවේ ජනාධිපති ලෙස මා ඒ සඳහා උපදෙස් දුන් බව දැනගන්නට ලැබුණු බවයි.
මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ් මහතා සහ මා සන්සන්දනය කරමින් අද පුවත්පතක වාර්තාවක් පළ කර තිබෙනවා. එහි ඇති තොරතුරු ගැන මා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් විමසා සිටියා. ඔහු කිව්වා එම තොරතුරු අමූලික බොරු බව.
පොදු අපේක්ෂකයා ලෙස මාව තෝරා ගැනීම ගැනත් ඇතැම් දෙනා විවිධ ප්‍රකාශ කරනවා. ඒ මොහොතේ කවුරු දැම්මත් දිනනවා කිව්වා.බලු කපුටෙක් පොදු අපේක්ෂකයා ලෙස දැම්මත් දිනන බව කිව්වා. එහෙනම් ඇයි මාව තෝරා ගත්තෙ. එදා රාජපක්ෂලා සමඟ තරග කරන්න සිටිය සුදුසුම කෙනා මම. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මම එළියට ආවේ සිංහයෙක් වගෙයි.
මම ශ්‍රී ල. නි. ප. ය විනාශ කළේ නැහැ. විනාශ වී යමින් තිබූ පක්ෂය රැක ගත්තා.
මම දේශපාලන දිවියේ පහළ සිට ඉහළටම ආවා. හැබැයි ජනාධිපති වී ගෙවී ගිය වසර තුන තුළ යළි මා පහළට වැටුණා.‘
| ජනාධිපති තුමාව අපි ආරක්ෂා කර ගන්න ඕනි. මේ රටට යලිත් ප්රජාතන්ත්රවාදී පාලනයක් ලබා දුන්නේ මෙතුමා තමයි. මෙතුමාගේ වැරදි අඩුපාඩු ඇති මං නැහැයි කියන්නේ නෑ. ඒ වගේම මෙතුමාගේ ක්‍රියා කලාපය පිලිබදව, මෙතුමා පසුගිය වසර තුන රට පාලනය කල ආකාරය පිලිබදව මට මෙතුමා එක්ක කෝපයක් ඇතිවෙමින් තිබුනේ. නමුත් මෙතුමගේ පැත්තෙන් නිවැරදි බව මට මේ කතාව ඇහුවම වැටහුනා. අපි ඔබ සමගයි අතිගරු ජනාධිපති තුමනි. ඔබතුමා අපි හැමදාම ආරක්ෂා කරන බව දිවුරා කියනවා. | -201 | NEGATIVE |
ncpp_train_38542 |
ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (30) පැවති විස්සයි20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ තරගයකින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරාජය විය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 142 ට පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව 146 ක් ලබාගත්තේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට පෙර (19.5) පන්දුවේදීය.අද තරගයේ 17 ඕවරයේ වනිදු හසරංග කඩුළු ත්‍රිත්වයක් ලබාගෙන දස්කම් දැක්වුවද ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් අඩු ලකුණු හේතුවෙන් ජයග්‍රහණයක් ලබාගන්නට බැරි විය. පරාජයෙන් පසු Points table අනුව ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයේ 4 වැනි තැනට පත්ව ඇත.
| උඹ පලයන් ඊලගට අනේ බූරුවෝ | -6 | NEGATIVE |
ncpp_train_38543 |
ගෙට ගිනි තබා දරු තිදෙනා එල්ලා
තමනුත් එල්ලී මියගිය නරුම පියා
පියකු විසින් සිය දියණියන් දෙදෙනා සහ පිරිමි දරුවාගේ දෑත් පිටුපසට කර බැඳ එල්ලා තමනුත් ගෙල වැළලා මියගිය පුවතක් කඹුරුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ඊයේ (26) රාත්‍රියේ කඹුරුපිටිය පොලිස් වසමේ බෙරලිඅතුර ප්‍රදේශයේ නිවසක් ගිනි ගන්නා බවට 119 ට ලද තොරතුරකට අනුව පොලිසිය ගොස් සිදු කළ පරීක්ෂාවකදී මේ බව අනාවරණය විය.
පොලිසිය අදාළ ස්ථානයට යන විටත් ගින්නෙන් නිවස මුළුමනින්ම විනාශ වී ගොස් තිබූ අතර නිවස ඉදිරිපිට ඇති ගස් දෙකක් අතර
හරහට දැමූ උණ ලීයක ගැට ගැසූ
තංගුස් ලණු ආධාරයෙන් එල්ලී මරණයට පත්ව සිටි මෙම දැරියන් දෙදෙනා, පිරිමි දරුවා සහ සැකකාර පියාගේ මළසිරුරු හමු වී තිබුණි.
මරණයට පත්ව ඇති සැකකාර පියා වයස අවුරුදු 44 ක් වූ පතිරණගේ ප්‍රියන්ත නැමැත්තෙකි. වයස අවුරුදු 16 ක් වූ කෞෂල්‍යා සෙව්වන්දි සහ වයස අවුරුදු 10 ක් වූ හිරුණි සෙව්වන්දිකා දියණියන් දෙදෙනායි. මෙම සැකකාර පියාගේ පුත්‍රයා අවුරුදු 14 ක සාමනේර හිමිනමකි.
සිද්ධිය ඇති වූ අවස්ථාවේදී හිමිනම නිවසට පැමිණ ඇති බවද පැවසිණි.
දරුවන්ගේ මව සහ පියා අතර ඇතිවූ පවුල් ආරවුලක් මෙම සිද්ධියට මුල්ව ඇති අතර මාසයකට පමණ පෙර දරුවන් හා සැමියා අතහැර ඇය නිවසෙන් පිටව යාමෙන් පසු ඔහු මරු විකලෙන් කෝපයෙන් සිට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවේ.
| මී ටූ බ්‍රදර් | 20 | POSITIVE |
ncpp_train_38544 |
අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඇප මත මුදා හැර තිඛේ.
ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දී ඇත්තේ.
රංජන් රාමනායක මහතාගේ විදෙස් ගමන් තහනම් කිරිමට අධිකරණය නියෝග කර ඇත.
මාධ්‍යවල ප්‍රචාරය වු හඩපට සහ රංජන් රාමනායක මහතා හඩ සැසදෙන බව රජයේ රස පරීක්ෂක අද අධිකරණය දැනුම් දී ඇත.
විනිසුරුවරුන් සමඟ දුරකථනය සංවාද වල නිරත වීම හරහා අධිකරණ කටයුතු වලට මැදිහත් වී ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් සැකකාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය
| Jaya wewa Ranja !!! | 52 | POSITIVE |
ncpp_train_38545 |
සරුංගල් වලිය දුරදිග ගොස්
පිය පුතු දෙදෙනා ඝාතනය කෙරේ
සරුංගලයක් උඩ ඇරීමේදී අසල්වැසියන්ට කරදරයි කියමින් ඇතිවූ බහින්බස්වීමක් මත මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ පෙරේදා සිදුවූ ආරවුලකින් අවාසනාවන්ත ලෙස පිය පුතු දෙදෙනෙකු කපා කොටා මරා දමන්නට තවත් පිය පුතු දෙදෙනෙකු ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ.
උදේ 8.00ට පමණ තම නිවස ඉදිරිපිට කෑකෝ ගසමින් සරුංගල් අරිමින් සිටි ළමුන් පිරිසට එය නවත්තන්නැයි කළ ඉල්ලීමට ‘අපි පාරෙනෙ යවන්නෙ ඔයාලට කරදරයක් නෑනේ‘ යයි දැක්වූ ප්‍රතිචාරයෙන් කෝපයට පත්ව
ආරවුල ඇරඹී ඇත.
මෙම ආරවුලට මැදිවූ සියලු පිරිස් එකිනෙකා බාප්පා සීයා ආදී ලෙස හඳුන්වන සමීප ඥාතීන් වූ අතර ඔවුන් අතර දිගු කලක සිට පැවති විරසකකම් මේ සරුංගල් ප්රශ්නය නිසා යළි අලුත්වී ඇත.
සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ නිවස ඉදිරිපිට මහා මාර්ගයේ දී එම ඝාතනය සිදුකර ඇත.
ඝාතනයට ලක් වූ 48 හැවිරිදි සිව්දරු පියා යතුරුපැදියෙන් කරවල පැකට් රැගෙන ගොස් අලෙවි කරන අයෙකි.
ඔහුගේ 20 හැවිරිදි මියගිය පුතා දිවුලපිටිය ප්‍රදේශයේ ඥාතියකු යටතේ මුදල් ගනුදෙනු කරන ආයතනයක සේවය කරන්නෙකි.මියගිය පුතා අසල්වැසි තවත් ළමුන් පිරිසක් සමඟ සරුංගල් යවද්දී පෙරකී වචන හුවමාරුව සිදුවී තිබේ. එය ඇසී උදෑසන කරවල වෙළෙඳාමට යමින් සිටි පියා බහින්බස්වීම සිටි ස්ථානයට පැමිණ ඒ ගැන එකට එක කියමින් වාද කර තිබේ.
පැරණි ආරවුල පෑරීමෙන් පසු විවිධ දේවල් මතක් කරමින් කතාබහ දුරදිග යාමෙන් පසුව නිවසේ සිටි පිරිස කඩු හා පිහි අතට ගෙන ඝාතන සිදු කර තිබේ.
ලාල් ප්‍රේමසිරි සිල්වා නමැති සිවුදරු පියා හා සුරාජ් දනංජය සිල්වා පුතු මෙලෙස ඝාතනයට ලක්වීය.
ඝාතන සම්බන්ධයෙන් මියගිය සිව්දරු පියාගේ බාල දියණිය ශානිකා චන්ද්‍රමාලි(16)පොලිසියට මෙසේ කීවාය.
‘මියගිය තාත්තා උදේ 7 ට විතර එයාගේ යතුරුපැදියෙන්
අක්කලා දෙදෙනාව යටියන හන්දියට ගිහින් ඇරලවා ආවා. අක්කලා දෙන්නා කටුනායක වැඩට යනවා. එයාලව ඇරලවා ගෙදර ඇවිත් උදේ කාලා 8 ට විතර කරවල වෙළෙඳාමේ යන්න බයිසිකලයෙන් ගියා. තාත්තා ගෙදරින් පිටත්වෙලා සුළු වෙලාවකින් තාත්තා අම්මෝ කියා කෑගහනවා ඇසුණා. මමයි මියගිය අයියයි අම්මයි තාත්තා කෑගහන දිහාට දුවගෙන ගියා. ඒ වෙනකොට තාත්තා රාළහාමිලාගේ ගේ ඉදිරිපිට පාරේ වැටිලා සිටියා. රාළහාමිලාගේ පවුලේ අය කඩු පොලු තියාගෙන තාත්තාව වටකරගෙන හිටියා.
සීයා කෙනකු තාත්තාට පොල්ලකින් ගහනවා දුටුවා. එතන සිටි අයෙක් තාත්තාගේ බෙල්ලට කඩුවෙන් කෙටුවා දැක්කා. එතන සිටි තව අයෙක් අත කඩුවක් තිබුණා. ඔහුත් තාත්තාට කඩුවෙන් කෙටුවා. අතේ පිහියක් තියාගෙන හිටපු අයෙක් තාත්තාට පිහියෙනුත් කෙටුවා. එතන හිටපු ගැහැනු අය බිම වැටී සිටි තාත්තට පයින් ගැහැව්වා. තාත්තාව බේරගන්න අපි ඉදිරියට ගියාම එහි සිටි අයකු අයියාට පොල්ලකින් ගැහුවා. ඒ එක්කම තාත්තාට කඩුවෙන් කොටපු කෙනා අයියාටත් කඩුවෙන් කෙටුවා. පොලු අතේ තිබුණු අය අයියට පොලුවලින් ගැහැව්වා. මටයි අම්මටයි පරුෂ වචනයෙන් බැණලා ගහන්න ආවා.
තාත්තයි අයියයි ලේ විලක් මැද වැටිලා ඉන්නකොට එතනට ගොඩාක් කට්ටිය ආවා. අපි කෑගැසුවා. අපේ චූටි බාප්පා වෑන් එකකින් එතනට ඇවිත් තාත්තාවයි අයියාවයි වෑන් එකේ පටෝගෙන මිනුවන්ගොඩ රෝහලට රැගෙන ආවා. මමත් අම්මත් වෑන් එකේ රෝහලට ආවා. රෝහලට රැගෙන එනකොටත් තාත්තයි අයියයි මියගොස් කියා වෛද්‍යවරු කිව්වා"
දෙදෙනාගේම හිස ප්‍රදේශයට සහ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධ වලින් පහරදී ඇතැයි පොලිසිය පවසයි.පිය පුතු ඝාතනය සම්බන්ධයෙන් තවත් පිය පුතු දෙපොළක් ඇතුළු තිදෙනකු පෙරේදා (26) මිනුවන්ගොඩ පොලිසියට පැමිණ බාර වී තිබූ අතර එම සැකකරුවන් තිදෙනා ඊයේ (27) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
| සීතල වතුර වුනාට උණුසුම් වදන්! ඔබ හරි. කව්රුහරි Lawyer කෙනෙක් සල්ලි වලට කෑදර වෙලා "හදිසි කෝපය" කියල මුන් නිදහස් කරාවිද දන්නෙ නැහැ. නමුත් ඒ දේ නො-කළ යුතුයි. ඊටපස්සේ හැමෝම හදිසි කොපේ කියල තරහ කාරයන්ව පරලොව එවාවි. මුන්ට දෙන්න ඕන උපරිම දඬුවම්. ඇත්ත වශයෙන්ම අපි සමාජයක් විදියට මරණ දඬුවම දෙන්නයි රජයෙන් ඉල්ලා සිටිය යුතුයි. | 17 | POSITIVE |
ncpp_train_38546 |
හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක
මහත්මියගේ පුත්
ෂවීන් බණ්ඩාරනායක මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට තරග කරන බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.
ෂවීන් බණ්ඩාරනායක මහතා වෘත්තියෙන් නීතිඥයෙකි.
තරුණ පරපුරට තැනදීමේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිය අනුව ශවීන් බණ්ඩාරනායක මහතාට නාම යෝජනා දුන්බව සිරිකොත ආරංචි සඳහන් කළේය.
ෂවීන් පසුගිය මහමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් තනාගෙන තරග වැදුණ අතර වියදම් කළ ප්‍රචාරණයකින් තොරව ඉතා සුළු මනාප ගණනක් ලැබූවත් පසුව සඳහන් කළේ තම පළමු පියවර ගැන සතුටුවූ බවයි.
| නිකන් ගුටි නොකා හිඅන් පුතේ. | 2 | POSITIVE |
ncpp_train_38547 |
ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී මිය ගිය ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ (27වැනිදා) රාත්‍රී තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායකට ගෙන එනු ලැබිණි. මෙම දේහය භාර ගැනීම සඳහා ඇයගේ සමීපතම ඥාතීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.අද (28)පස්වරුවේ සිට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව හිමි වේ . කෙසේ වෙතත් නීලා වික්‍රමසිංහ මහත්මියගේ අන්තිම කැමැත්ත අනුව ඇය මරණයට පත්වූ පසු අවසන් ගෞරව සඳහා සිරුර මංජුසාවෙන් විවෘත නොකරන ලෙස ඉල්ලා ඇත.
දේහය ශ්‍රී ලංකාවට ගෙනඒමට පෙර එරට පදිංචි ශ්‍රී ලාංකිකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා 22 පස්වරුවේ මිලානෝ හි පිහිටි පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කර තිබූ අතර එම අවස්ථාවේත් ඇයගේ අවසන් ඉල්ලීමක් අනුව දේහය විවෘත නොකර වසා තබා තිබිණි.හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 17 වැනිදා ඉතාලියේ මිලානෝ නුවර රෝහලකදී නීලා
වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වන විට 71 වන වියෙහි පසුවිය.ශ්‍රී ලංකාවට ගෙනා දේහය, අද (28) පස්වරුවේ සිට අංක 85, දෙහිවල පාර, පැපිලියාන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර තැබෙන බව වාර්තාවේ.දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 29 සෙනසුරාදා සිදුකරන්නට නියමිතය.
| දැන් වත් මේ වගේ අමිල වටිනාකමක් ඇති මිනිස්සු බොරු සෝබන දේශපාලන උවමනාවන් ට පාවිච්චි කරන එක නතර කළොත් හොඳයි. සාමදානයේ සැතපේවා! | 71 | POSITIVE |
ncpp_train_38548 |
ස්කෑන් පරීක්ෂණයකට ගිය කත
නිරුවත්කර වීඩියෝ කළමහනුවර විකිරණ ශිල්පියා
මහනුවර නගරයේ ඇති පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ රෝගී කාන්තාවක් ස්කෑන් පරීක්ෂණ කාමරය තුළ දී නිරුවත් කර ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ විකිරණ ශිල්පියකු මහනුවර මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වකුගඩු රෝගයෙන් පෙළෙන මේ කාන්තාව
ස්කෑන් පරීක්ෂණයක් සඳහා
පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබේ. ඉන් පසු කාන්තාව ස්කෑන් පරීකෂණය සඳහා ස්කෑන් පරීක්ෂණ කාමරයට ගිය පසු සැකකාර විකිරණ ශිල්පියා ඇගේ දෑස් බැඳ ස්කෑන් පරීක්ෂණය සිදුකරන ආකාරයෙන් ඇගේ නිරුවත ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබේ. ඒ පිළිබඳව සැක සිතූ මේ කාන්තාව දෑස් හැර බැලීමේදී සැකකාර විකිරණ ශිල්පියා ඇගේ නිරුවත වීඩියෝ කරන අයුරු දැක ඇති අතර ඇය එම ක්‍රියාවට විරෝධය පෑමත් සමඟ සැකකාර විකිරණ ශිල්පියා දිවගොස් ඇත. ඇය ඔහු පසුපස පන්නා ගොස් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන සිද්ධිය පිළිබඳව මහනුවර පොලිසියට පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා අධිකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කාන්තාවගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ එම ජංගම දුරකතනයේ තිබූ බව පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ.
මහනුවර පොලිසියේ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති අයේෂා බණ්ඩාර මහත්මිය සහ පොලිස් සැරයන් ගාමිණී රත්නායක යන නිලධාරීන් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
ගයා ශ්‍රී කාරියවසම්
| උඹට ඔල්මොරොඤ්ඤං | 18 | POSITIVE |
ncpp_train_38549 |
යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකානු ෆෝට්රස් එනර්ජි සමාගමට පැවරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් අත්තනෝමතිකව ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාම පැවැති සාකච්ඡාවලින් අනතුරුව විමල් වීරවංශ ඇතුළු රජයට සම්බන්ධ පක්ෂවල කැරැලිකාර පිල ඊයේ රැස්වීමක් පවත්වා රජය විවේචනය කළ අතර මෙය පිටපතකට සිදුකරන දේශපාලන නාටකයක් ලෙසද ඇතැම් තැනක කතාබහට ලක්වේ. තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද එසේත් නොමැති නම් ආණ්ඩුවෙන් ඉවත් වනවාද යන්න සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස අවසානය වන විට තීන්දු කිරීමට ආණ්ඩුවේ කැරැලිකාර පිල නියෝජනය කරන පක්ෂ නායකයන් සැලසුම් කොට ඇති බව මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම කැරැලිකාර පිලේ ප්‍රධානත්වය විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන දරන අතර, ඔවුන් සමග තවත් මන්ත්‍රීවරුන් 20 දෙනකු සිටින බවද දැනගන්නට තිබේ.
ලබන 12 වැනිදා ආණ්ඩුවේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි විවාදය අවසානයේදී බොහෝ දුරට මෙම තීන්දුව ගැනීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 එක්වී ඇමරිකානු නිව් ෆොට්රස් සමාගම සම්බන්ධව රජය එළඹි පාරදෘශ්‍යභාවයක් නැති විනාශකාරී ගිවිසුමට එරෙහිව ඊයේ (29) සවස බත්තරමුල්ල සෝලියස් ශාලාවේ දී සංවිධානය කළ ජනහිතකාමී හෙටක් උදෙසා – මහජන මන්ත්‍රණ සභාව පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මෙසේ කීය,“බොරුවට අවුරුදු 5ක් කියන්න එපා. අනාගතයේ නොපෙනෙන ඉමක් දක්වා මේ රටේ ගෑස් සැපයුම භාරදෙන්නේ ඔය අමෙරිකානු සමාගමට. ඇමති මණ්ඩලය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් වුණේ නැති නිසා අපිට අයිතිය තියෙනවා.., උසාවියට ඇවිල්ලා කියනවා. කිසිම සාකච්ඡාවක් වුණේ නෑ. බොරු කියන්න එපා. හොරට ගෙනාවේ. තකකඩිකමින් ගෙනාවේ. ඒ වගේ ක්‍රම පිළිඅරගෙන ඉන්න අපිට බෑ. ඇමති කට්ට වෙනුවෙන් ඕවා ඔක්කොම පිළිඅරගෙන ඉන්නේ නෑ අපි. අපේ ආණ්ඩුව වැරද්දක් කරනකොට අපි ඉන්න ඕනේ සද්ද නැතුව ද? අපිට ඕනේ ජනවරමට අනුකූලව මේ ආණ්ඩුව රැගෙන යන්න. ජනවරමට පස්ස හරවන එකාගේ පස්ස පැත්ත රිදෙන්න පහර දෙන්න. ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දෙ දුන්නේ අත්භූත කැබිනට් පත්‍රිකාවකින් මේ වගේ තීරණාත්මක දේවල් සිද්ධවෙන්න ඉඩ දෙන්න නෙමෙයි.”මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය වෙනුවෙන් විජය ධරණී සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා යන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයෝ අදහස් දැක්වූහ.එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්, යුතුකම සංවිධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද මූලාසන මණ්ඩලය නියෝජනය කළහ.මෙම අවස්ථාවට ඕමාරේ කස්සප නාහිමි ප්රමුඛ මහා සංඝරත්නය ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු විද්වත්හු ද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලේවත්ත මහතා ඇතුළු මහජන නියෝජිතයෝ ද රැසක් එක්ව සිටියහ.
| ඈ විමලෝ...උඹ නේද බම්බු ගහන්න ආවෙ නෑ කිව්වෙ ගුරු විදුහල්පති සාකච්ඡාවට ??මොකෝ මේ දැන් හදිස්සියේ මහත්තයෙක් වෙලා?? | 19 | POSITIVE |
ncpp_train_38550 |
පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන
විමර්ශනවලට
අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදී ඇත.
| හා... හා.... හා...... බයියනේ.. උඹලා අර හදපු කිරිබත් නැද්ද ටිකක් ඉතුරු වෙලා.... කොහොමද ස.. ගෙ වැඩ? | 369 | POSITIVE |
ncpp_train_38551 |
පිළිකා රෝහල් අරමුදල වෙනුවෙන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට සිදුකරන පා ගමන
Photography By - Rakshitha Jayarathna
| ඔව් ඔව් හොඳ කෙස් ස්ටඩී එකක් වෙනවා ඉස්පිරිතාලෙ හැදිලා ඉවර උනොත්. නැත්තම් මේකත් අර මහරගම හදන්න ප්ලෑන් කරලා තිබ්බ හෝප් පිළිකා රෝහල වගේම සල්ලි ගිලපු මකර කටක් වේවි. ඇත්තටම මේ වෙලාවෙ මිනිස්සු මේ ප්‍රොජෙක්ට් එක ගැන සෑහෙන්න විමසිල්ලෙන් ඉන්න ඕන. යෝජිත කරාපිටිය පිළිකා රෝහලත්, තවත් හෝප් ඉස්පිරිතාලයක් නොවෙන්න වග බලා ගන්න ඕන. අන්තිමට මහේලල, ඩයලොග් එක ගොඩ යාවි. සල්ලි දීපු මිනිස්සුන්ට වෙන්නේ ශාප කර කර ඉන්න තමා :$ | -2 | NEGATIVE |
ncpp_train_38552 |
විභාග අයැදුම්කරුවන් ඉතා සූක්ෂ්ම අධි තාක්ෂණ ඉලෙක්ට්‍රොනික් උපාංග රැගෙනවිත් විභාග වංචා සිදු කිරීම වැළැක්වීම සඳහා පොලිසිය හෝ යුද හමුදාව යොදවා පරීක්ෂාකර විභාග ශාලා තුළට ඇතුළත් කිරීමට යයි.
අධි තාක්ෂණ උපකරණ භාවිතයෙන් විභාග වංචා සිදු කිරීම වැළැක්වීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිණිස පත්කර ඇති විශේෂ කමිටුවට ඉහත යෝජනා ඇතුළු යෝජනා හතරක් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඉලෙක්ට්‍රොනික උපාංග හඳුනාගැනීම සඳහා වන උපකරණ විභාග ශාලාධිපතිතුමාට ලබාදීම, ඉලෙක්ට්‍රොනික උපාංග හඳුනා ගත හැකි උපකරණයක් හරහා විභාග ශාලාවට ඇතුළු කිරීම සහ එවැනි උපාංගවලට ලැබෙන තරංග අවුල් (ජෑම්) කරන උපකරණ සෑම විභාග ශාලාවකටම ලබාදීම සෙසු යෝජනා තුනකි.
රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රශ්න දෙකක් සූක්ෂ්ම ඉලෙක්ට්‍රොනික උපාංගයකින් පිටතට යවා පිළිතුරු ගෙන්වා ගැනීමක් සිදුවීම නිසා අනාගතයේ සිදුවී විය හැකි වංචා වළක්වාගෙන විභාගවල රහස්‍ය හා ගුණාත්මක භාවය ආරක්ෂා කිරීමට පියවර ගතයුතු බවද විභාග කොමසාරිස් කීය.
රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරීමේ සිද්ධියට අදාළ සිසුවා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලින් පසු ඔහුට ජීවිතාන්තය දක්වා විභාග දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලට පෙනී සිටීමට නොහැකි වන පරිදි තහනමක් පැනවීමට සිදුවනු ඇතැයිද කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.
දයා පෙරේරා
| කල්පනාට කල්පනාවක් නැහැ වගේ... විභාග ශාලාවක විභාගය හැර වෙනත් හදිසියක් අදාල නැත. | 30 | POSITIVE |
ncpp_train_38553 |
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ඉදිරි සති දෙක තුළ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය භාර ගත්තේ සති දෙකක කාලයක් සඳහා පමණක් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි. ඔහු මේ අදහස් පළ කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (28) පැවැති සාකච්ඡාවකදීය. සරත් ෆොන්සේකා මහතා පත්කිරීම සම්බන්ධයෙන්
පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අකැමැති වුවත් පහළ ශ්‍රේණියේ නිලධාරීන් කැමති යැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.
ඩබල් ගේම් ගහන අය මේ තනතුරට සුදුසු නොවන බවත් රණවිරුවන් ගැන කතා කරන අය පිළිගත යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
ඇමැති ධුර සදාකාලික නොමැති බව සඳහන් කළ ඇමැතිවරයා පුද්ගලයන් දෙස බලා තීන්දු තීරණ නොගත යුතු බව මෙන්ම දෙපැත්තේ කකුල් තබාගෙන සිටින අය ඉවත් කළ යුතු යැයි ද අවධාරණය කළේය.
කැබිනට් සංශෝධනය සිදු කළේ රජය විවේචනය කරන අමාත්‍යවරුන් මට්ටු කිරීමට යැයි එහි දී සෞඛ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.
ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් අදහස් පළ කරනුයේ තමින් සිතු අමාත්‍යංශ නොලැබීම හේතුවෙන් බව ද මැති ඇමැතිවරුන්ට අවශ්‍ය පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමේ හැකියාවක් නොමැති බව ද පැවසුවේය.
පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව රජයට පාඩමක් උගන්වා ඇතත් පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් වැඩි බලය හිමිකරගෙන ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
| කරනහැටි පෙන්නන්න වෙන්න ඇති... | -1 | NEGATIVE |
ncpp_train_38554 |
ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන වැඩසටහනට හිටපු ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් වන රෝහිත රාජපක්ෂ, රජිව් පෙරේරා, ෂම්ලි නවාස් සහ දුමින්ද සිල්වා යන අය සහභාගි වුහ. රග්බි පුහුණු උප දේශක වයිපර් ගුණරත්න මහතා විසින් මෙම වැඩසටහන මෙහෙ යවන ලද අතර ශ්‍රී ලංකා
රග්බි සංගමය ඊට අනුග්‍රහය දැක්වීය.ශාන්ත තෝමස් විදුහලට නායකත්වය දුන් රෝහිත රාජපක්ෂ පසු කලක නාවික හමුදාව සහ සී එච් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය.
මෙම වන විට ඔහු තර්ස්ටන් විදුහලේ අවුරුදු 19 න් පහළ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. ශාන්ත පිතර විදුහල් හිටපු ක්‍රීඩකයකු මෙන්ම දැනට ශාන්ත පීතර විදුහල් ප්‍රධාන රග්බි පුහුණුකරුවාද වන රජීව් පෙරේරා ද මෙම අධ්‍යපන වැඩසටහනට සහභාගි විය. ඉසිපතන විදුහලේ හිටපු ෆ්ලෑන්කර් ක්‍රීඩකයා වූ ශම්ලි නවාස්ද ඔහු සමග සිටියේය.
ශම්ලි මේ වන විට ගල්කිස්ස ශාන්ත තෝමස් රග්බි පිළේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරයි. හිටපු ද්විත්ව ජාත්‍යන්තර (රග්බි පාපන්දු හා පැසිපන්දු ) ක්‍රීඩකයෙක් වන දුමින්ද ද සිල්වා ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ඔහු පසුව සි එච් කණ්ඩායම වෙනුවෙන් සහ හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.
ඔහු ආනන්ද විදුහලේ රග්බි කණ්ඩායම පුහුණුකරු සහ හොංකොං හි සංචාරය කළ ශ්‍රී ලාංකික සත් සාමාජික කණ්ඩායමේ 19 න් පහළ කණ්ඩායමේ කළමනාකරු ද විය. දැනට ආසියාවේ සිටින්නේ රග්බි
උපදේශකවරුන් 165 දෙනකු පමණයි. රෝහිත රාජපක්ෂ, රජීව් පෙරේරා, ෂම්ලි නවාස් සහ දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දැනට සිටින එකම උපදේශකවරයා වන වයිපර් ගුණරත්න මහතා යටතේ වසරක කාලයක් කටයුතු කරනු ඇත.
| හොද වෙලාවට මුන් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැත්තේ.. එගොල්ලම පුහුණු වෙලා, එගොල්ලම තරග තියලා, ඒගොල්ලාගේම අය ආරාධිත අමුත්තෝ ලෙස සහභාගී වෙලා, ඒගොල්ලෝම තෑගි ගත්ත යුගයකුත් තිබුණා.. අවුලක් නෑ.. ඒගොල්ලෝම මෝඩ චුන් ගතතැවේ.. අපිට පාන්ද ? | 19 | POSITIVE |
ncpp_train_38555 |
සමයංගේ මරණයට කඩුවෙල රතිඤ්ඤා පත්තුවෙයි
හදාගත් මාපියන්ට වද දුන්
සමයංගේ කතාව හා ඔහු සිදු කළ පාපොච්චාරණය
රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ ඊයේ සතුරු වෙඩි පහරින් මියගියා. බන්ධනාගාර බස් රථය ඇතුළින් ඇදෙගෙන ඇවිත් පාපුරුව මත සිටුවා වෙඩිතබා ඔහු කුරිරු ලෙස මරා දැමුවා.ඊයේ කඩුවෙල සමයං මරණය නිසා රතිඤ්ඤා පත්තුවූ බවද සැලයි.
2015 වසරේ සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල අධිකරණ භූමියේදීම ඔහුට එල්ලවූ පළමු වෙඩිල්ලෙන් බෙරෙන්නට හැකි වුණත් දෙවැන්න එසේ වූයේ නැත.
ඔහුට වෙඩි තබා ඇත්තේ තවත් පාතාල කල්ලියක් මෙහෙයවන අංගොඩ ලොක්කා බවට සැකකෙරෙන අතර ඒ ගැන සොයා පරීක්ෂණ සිදුවේ. රණාලේ සමයං යනු දරුවන් නොසිටි රණාල කණිෂ්ඨ විද්‍යාලයේ ගුරු යුවළක් දරුකමට හදාගත් කෙනෙකි.
සාමාන්‍ය පෙළින් පසු අධ්‍යාපනය කඩාකප්පල් කරගත් ඔහු ගංජා හා මත්කුඩු වලට ඇබ්බැහිවී
තම දෙමාපියන් ලෙස සිටි යුවළගේ
වස්තු දේපළද විකුණා සිය පුරුද්ද වෙනුවෙන් වියදම් කළේය. ඔහු ඔවුන් මහන්සියෙන් හම්බ කළ ජාසිංහ මුල්ලේ කෝටිගණනක ඉඩකඩම් හා නිවසක්ද විකුණා දැමුවේය. ඔවුන් සතු කඩකාමරයක ආදායමද බලහත් කාරයෙන් පැහැරගෙන තිබුණි.
ඔහු බලාගත් පියා මියයාමෙන් පසු මව බය කරගන ජීවත්වූ ඔහු පළාතේ කොල්ලන් සමග කල්ලිගැසී මාපියන්ට නිගරුවන ලෙස හැසිරුණි. නමුත් ඔහුගේ මව ඔහුව දිගටම අත්හැරියේ නැත.
ලක්ෂ 5 ක කොන්ත්‍රාත්තුවකට මිනීමැරුමක් සිදු කර වරක් පොලිස් අත්අඩංගුවට පත්වූ හෙතෙම පසුව ඇප මත නිදහස් වුවත් කුලියට මිනීමැරීම හා කොල්ලකෑම දිගටම සිදු කළ පාතාල චණ්ඩියෙකු විය.
පසුව විවාහ දිවියට පිවිසි ඔහු එක් දරු පියෙකු වුවත් මාපිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උනන්දු නොවූ අතර කණ්ඩායමක් සාදාගෙන පලාතක් බයකරගෙන සිටිම ජීවිතය යයි තේරුම් ගත්තේය. ඔහු 20 දෙනෙකුට ආසන්න පිරිසක් මරා ඇතැයි කියැවේ.ඒවා ඔහු විසින් හෝ ගෝලයින් ලවා කරවා ඇත. බන්ධනාගාරයේ සිටියදීත් අපරාධ මෙහෙයවීමට ඔහු හොඳ සැලසුම් කරුවකු වන අතර 2015 ඔහුට බන්ධනාගාර බසයේ මුල් ප්‍රහාර එල්ලව ඇත්තේද එවැනි සැලසුමක් සිදු කිරීමේ පලිය වශයෙනි.
පහත පළවන්නේ සමයං මීට කලකට ඉහත (2015) පුවත්පතකට සැපයූ සම්මුඛ සාකච්ඡාවකි. තමා වැනි අයෙකු සමාජයට බිහිවීමට හේතු ඔහු එහිදී පැහැදිලි කරයි.
මම අරුණ කියන්නද? සමයං කියන්නද?
අවුලක් නෑ. අරුණ කියන්න.
ඇයි එතකොට සමාජය ඔබට සමයං කියන්නේ?
යාළුවොත් එක්ක ඉඳලා දඟලලා.. කියන දේ අහන්නේ නෑනෙ.. ඒකයි..
ඔබට චණ්ඩියෙක් වෙන්න ඕනෑ වුණා. එහෙමද?
මට චණ්ඩියෙක් වෙන්නවත් පාතාලයෙක් වෙන්නවත් ඕනේ නෑ. මට දැන් පාඩුවේ ජීවත්වෙන්නයි ඕනෑ. ඒත් ඒකට ඉඩක් නෑ.
ගම්පළාත කොහේද?
මගේ උපන් ගම පොළොන්නරුව. මම ඒක දැනගත්තෙත් පස්සෙ.
ගුරුවරු දෙන්නෙක් අම්මා තාත්තා වුණා කියන්නේ ඇත්තද?
ඒවා ඇත්ත. ඔවුන් තමයි මාව හදාගත්තෙ.
පවුලේ සහෝදර සහෝදරියො?
කවුරුවත් නෑ. මට මම විතරයි.
අධ්‍යාපන කටයුතු කළේ?
බෝමිරියෙ.
කුඩා කාලෙ ගෙවුණු හැටි ගැන කිව්වොත්?
මම 5 වසරෙදි තමයි තාත්තා මියගියේ. අපිට දේපළ ගොඩක් තිබුණා. අම්මයි මායි විතරක් නිසා දේපළවලට වහ වැටුණු අය අපට ප්‍රශ්න ඇතිකළා. මම ඒ අසාධාරණ වැඩ ගැන කතාකරන්න ගියාම හදාගත්ත එකා කියමින් මිනිස්සු මාව කොන්කළා.
ඥාතීන් උදවු කළේ නැද්ද?
ඥාතීන් අපි දෙන්නාව කොන්කළා. උදවු කරන්න කවුරුත් ආවේ නෑ.
පාසැලේ අධ්‍යාපන වැඩවලට මොකද වුණේ එතකොට?
මම ඕ ලෙවලූත් පාස් වුණා. ඒත් ඒ ලෙවල් කරන්න වැඩ කරගෙන යද්දි තමයි ප්‍රශ්න ආවේ.
කැමැත්තෙන් හදාරපු විෂයන් තිබුණාද?
ඔව්. සිංහලවලටයි ගණන්වලටයි මම ගොඩක් ආසාවෙන් හිටියේ.
කොහොම හරි ඒ ලෙවල් කරන්න ඕනෑ කියලා හිතුවෙ නැද්ද?
ගමේ ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. නෑදෑයො කියලා කවුරුත් නැති නිසා යාළුවන්ට තමයි බරවුණේ. මාවයි අම්මවයි ගමෙන් එලවන්න තරහකාරයන් නොයෙක් දේ කරන්න ගත්තා. මට අවස්ථා කීපයකදීම පහරදුන්නා. ඊටපස්සෙ තමයි මේ තත්ත්වෙට වැටුණේ.
කරදර වුණා කිව්වේ මොනවද?
තාත්තා නැතිවෙලා අවුරුදු දෙක තුන යද්දී මාව එලවන්න බොහෝ අයට ඕනෑ වුණා. අම්මගෙන් ලක්ෂ තුනහමාරක කප්පම් ඉල්ලලා ගෙදරට ලියුමක් ආවා. මේ ඔක්කෝටම මුල වුණේ දේපොල වත්කම්. ඒ ලියුමෙන් කිව්වේ සල්ලි නොදුන්නොත් මාව මරණවයි කියලයි. අම්මා ඒකට බයවුණා. ඒ ගැන නවගමුව පොලිසියට පැමි‚ල්ලකුත් දැම්මා. එතකොට මම 7 වසරේ. මේ ඉතිහාසෙ පොලිස් පොත්වලින් වුණත් හොයාගන්න පුළුවන්.
මේ දේවල් වැඩිහිටි කෙනෙකුට ගුරුවරයෙකුටවත් කිව්වෙ නැද්ද?
එතකොට මම ටික ටික යාළුවොන්ගෙ ආශ්‍රයට යොමුවෙලා. අම්මා උපරිමෙන්ම මාව ගලවාගන්න බැලූවත් මට ඔක්කොම එපා වෙලා තිබුණෙ.
අතට කීයක් හරි හොයාගන්න ඕනැ කියලා අදහස් ආවද?
නෑ.නෑ..මගේ අම්මා මට කරන්න පුළුවන් උපරිමෙන් සැළකුවා. අපිට කඩ තිබුණා. ඒ ටික බලා කියාගෙන හිටියෙ.
පාසැල් කාලේ ප්‍රේම සම්බන්ධකම් තිබුණා ද?
ප්‍රේම සම්බන්ධකම් තිබුණත් ඒවා ගැන ගැඹුරින් හිතන්න මගේ මනස හැදිලා තිබුණේ නෑ. 2004 තමයි මම ඕ ලෙවල් කළේ. ඊටපස්සෙ මම වැඩිපුර හිටියෙ ගෙදරින් පිට.
මුලින්ම පොලිස් අත්අඩංගුවට පත්වුණේ කවදද?
2007 දි.
මොකද්ද හේතුව?
තුවක්කුවක් තියාගෙන හිටිය කට්ටියක් ළඟ මම හිටියා කියලයි ඇල්ලූවේ. එහෙම අල්ලන් ගිහින් පොලිසිය බෝම්බයක් දාලා මාව ඇතුලට දැම්මා. එතැනින් තමයි මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට යන්න පටන්ගත්තේ.
ඉස්සෙල්ලාම පොලිස් අත්අඩංගුවට පත්වෙද්දි මොකද හිතුණේ?
මාස තුනක් පොලිසියෙන් ඇතිවෙන්න ගුටිකෑවා. මාරක බයක් මට දැනුණෙ. මට අම්මාව මතක් වුණා. අම්මා අදටත් නොන්ඩි ගහනවා. මොකද මාව බලන්න ඇවිල්ලම වැටිලා අම්මට කකුලෙ අමාරුවක් හැදුණා. පොලිසියෙන් දාපු බෝම්ඛෙ තමයි මාව මේ තත්ත්වෙට පත්කළේ. නැත්තන් අද මම මේ වගේ තැනක නෑ.
නැවත හිරෙන් එලියට එන්නේ?
2009 දි.
විවාහක ද?
ඔව්. 2014 තමයි විවාහ වුණේ. මට දරුවෙක් ඉන්නවා.
වැටුණු වළේ හැටියට දරුවාගේ අනාගතේ ගැන මොකද හිතන්නේ?
මම වැටුණු සමාජයට දරුවා වැටෙන්න ඉඩදෙන්නේ නෑ. මම දරුවාව මෙහේටවත් ගෙන්නගන්නේ නෑ. මොකද මට ඉන්නෙ දැන් අම්මයි බිරිඳයි දරුවයි.
ඔබ සමඟ සිටි මිතුරනුත් මේ තත්ත්වෙ එක්ක අනතුරේ වැටෙනවා නේද?
ඔව්. ඒක අනිවාර්යෙන් වෙනවා.
ඔඛෙන් පළිගන්න විරුද්ධ පිලට දේශපාලන සහායත් ලැඛෙනවා යැයි කියන්නෙ ඇත්තද?
ඔව්. මමත් එහෙම හිතනවා.
දේශපාලන වැඩවලට කාට හරි වැඩ කළා ද?
මගේ සම්බන්ධවීමක් නෑ. මගේ හිතවත් පිරිස නම් දේශපාලන වැඩවලට උදවු වුණා.
ජීවිතේ වෙනස් කරගෙන අලූත් ලෝකයකට යන්න හිතෙන්නේ නැද්ද?
මම අලූත් ලෝකයකට යන්න හිතාගෙන ඉන්නකොට තමයි නැවත කරදර කරන්නේ. බිරිඳයි දරුවයි එක්ක විදෙස්ගත වෙලා පාඩුවෙ ජීවත්වෙන්න හැදුවේ. මට උසාවියෙදි වෙඩිතියන්නේ මම වෙනස්වෙන්න හිතන් ඉන්නකොට. කඩුවෙල කුඩු විකුණන්න එපා කිව්වා කියලයි මට වෙඩිතියන්නෙ. මම වෙනස්වෙන්න හදද්දී මගේ කොල්ලො මරනවා.
තාම අවුරුදු විසි හයයි. ජීවිතේ ආපු වේගෙ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
මගේ ජීවිතෙ වේගවත් කළේ සමාජය. මට ඔය ගහන හංවඩුවල තරම් දේවල් මම කරලා නෑ. මගෙන් කරදර වුණේ මාව මේ තැනට දාපු අයට විතරයි.
ඔබේ ජීවිතේට අනතුරක් වුණොත්?
මට තාමත් ජීවත්වෙන්න ගෙදර පරිසරය තිඛෙනවා. මම කරදර කළේ මට කරදර කළ අයටයි. මම වැදගත් පවුලක කොල්ලෙක්. මම නැතිවුණත් මගේ දරුවාට ඒ වගේ වැදගත් අනාගතයක් ලබාදෙන්න ඕනෑ. මට වෙච්ච දේවල් දරුවාට වෙන්න මම ඉඩතියන්නේ නෑ.
(තොරතුරු- අයිරංගි එදිරිසිංහ )
(සාකච්ඡා සටහන - බිඟුන් මේනක ගමගේ - ලංකාදීප)
| ගෝඨාභය සර් හිටිය නං ඔය පතාලෙ හොයා ගන්න නැති වෙනව අද..අධර්මයෙන් ජීවත් වුනොත් උඹට ලැබෙන ප්‍රතිඵලයත් අධර්මයම තමයි.කොහොම උනත් අරුණ ට වැරදි කියලා හංවඩු ගැහුවා මිසක් හරි මාර්ගයක් කියල දෙන්න කව්රුත් හිටියේ නෑ... | 10 | POSITIVE |
ncpp_train_38556 |
ඊයේ (28) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගැන වැඩි විස්තර අද දිනයේ වෛද්‍ය අනිල් ජාසිංහ මාධ්‍ය වෙත කරුණු දැක්වීය. ඊයේ 31 ක් හමුවූ අතර ඉන් 21 දෙනෙකු නාවික හමුදා භටයින්ද 4 දෙනෙක් යුද හමුදා භටයින්ද 6 දෙනෙක්
නාවික හමුදා භටයින්ගේ ස්පර්ශකයින් වූ පවුලේ හෝ අසල්වැසි අය බවද දන්වා සිටියේය.
මේ අය මුලදී හමුවූ තරම් ඊයේ වාර්තා නොවීම මගින් පිළිබිඹු කරන්නේ නාවික කඳවුරු වල ආසාදිත තත්වයේ පැහැදිලි පසුබැසීමක් බවද දන්වා සිටියේය. වැලිසර කඳවුරෙන් 15 ක් හා මැදිරිගිරිය අරණායක අගලවත්ත පොල්පිතිගම හබරණ ප්‍රදේශ වලින් මේ අය හඳුනාගෙන ඇති බව ඔහු දැන්වීය.
පවුල් වල සහ අසල්වැසි අයගේ රෝගී ප්‍රමාණය වැඩිවීම අවදානම් තත්වයක් ලෙස සලකන බවත් එය හැකි තරම් අවම කිරීමට මේ දිනවල පියවරගන්නා බවද කීය.
බන්ඩාරනායක මාවත හා කෙසෙල්වත්ත පොකුරු මේ වනවිට බොහෝදුරට මර්දනය කර ඇති බවද දැන්වීය.
| අපේ රටේ සමහර මිනිස්සු අන්තිම ආත්මාර්ථකාමී අවස්ථාවාදී අය කියල මේ කොරෝනා අපට පෙන්නුවා, රණවිරුවො කියල බැනර් ගහපු සමහරක් උන් රණවිරුවො දකිනකොට පොලිසියට කෝල් කලා. මාද්‍යයෙන් ඒ අසරණ විරුවන්ගේ දුප්පත් බාගෙට හදපු ගෙවල් පෙන්නුවා.බලපල්ලා යුද්දෙ විකුණගෙන කන උන්ට වැජබෙන්න ආලෝකයක් වෙන්න ඒ කොල්ලො ජීවත්වෙලා තියෙන හැටි. උන් වෙනුවෙන් උන්ගේ දරුවො වෙනුවන් උඹලගේ ඇස්වලට කඳුළු ආවෙ නැද්ද?අට වේලටම රට ජාතිය ආගම ගැන කතාකරන උඹල මහා බොරුකාර තමන්ම රවටගන්න හිස් මිනිස්සු. | 168 | POSITIVE |
ncpp_train_38557 |
පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් එංගලන්තයේ සිට මෙරටට නැව්මගින් එවා තිබූ කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් එංගලන්තයේ අදාල ආයතනවලින් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බව
මධ්‍යම පරිසර අධිකාරිය දන්වා ඇත.
අදාල ආයතන සමඟ මෙම කසල තොගය බාරදීම සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇති බව එහි උපද්‍රකාරී අපද්‍රව්‍ය සහ රසායනික කලමණාකරණ ඒකකයේ අධ්යක්ෂ අජිත් වීරසුන්දර දන්වා සිටී.
දැනට කසල තොගයෙන් කොටසක් කටුනායක නිදහස් වෙලද කලාපයේ පවතින
අතර බහාලුම් 111 ක අඩංගු කසල තොගය කොළඹ වරායේ අන්තර්ජාතික බහලූම් පර්යන්තයේ පවතියි.
මෙම කසළ නීතියට පටහැනිව හෝ පරිසරයට හානිකර ලෙස කිසිදු කටයුත්තකට යෙදීම තහනම් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට දැනුම්දීමක් කර තිබුණි.
මෙම බහලුම් තුළ මිනිස් ශරීර කොටස් සහ සායනික අපද්‍රව්‍ය පවතින බවට තොරතුරු වාර්තාවූ අතර ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂකගෙන් විමර්ශන වාර්තාව තවම ලැබී නැත.
ශ්‍රී ලංකාවේ ඇතිවූ සිදුවීමට සමාන සිදුවීමක් මැලේසියාවේද පසුගියදා සිදුව තිබූ අතර එහිදී කසල තොගය යළි ආපසු එංගලන්තයට හරවා යවා තිබුණි.
| මේ කුණු පිරුණු දිරච්ච ඕජස් ගලන මෙට්ටයි රෝහල්වල කුණු වෙච්ච මනුස්ස අපද්‍රව්‍යයයි කලවමේ එවල තියෙන්නෙ 2017 දි. අවුරුදු දෙකක් ලංකාවේ තිබුණ නිසා දැන් ඒවායේ විෂයි විෂබීජයි අපේ රටේ විසිරිලා ගිහිල්ලයි තියෙන්නෙ. දැන් ඒවයේ විෂ නැති නිසා එංගලන්තයේ මිනිස්සු බය නැතුව බාර ගනියි. | 10 | POSITIVE |
ncpp_train_38558 |
ඊයේ ඕස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ්හි නිමාවට පත්වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රෙලියා විස්සයි 20 ක්‍රිකට් තරගය අතරතුර නරඹන්නන් දෙදෙනෙකු ප්‍රසිද්ධ කර තිබු බැනර දෙකක් එහි සිටින ගොසිප් ලංකා පාඨකයෙකු අප වෙත එවා තිබුණි.
ඒවා මෙසේය.
| එක පෝස්ටර්යක් නං එල්ලාගෙන ඉන්නේ මිනිස් ජාවාරම්කාරයෙක්ද කොහෙද. මේ කියන බොරුවලට රැවටිලා බෝට්ටුවෙන් නං එන්න එපා. | 4 | POSITIVE |
ncpp_train_38559 |
“එක රටක් - එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව බලකායේ සභාපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අද (29) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබිණ. ශ්‍රී ලංකාව තුළ “එක රටක් - එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට 2021 ඔක්තෝබර් 26 සහ 2021 නොවැම්බර් 06 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදන මගින් ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටවනු ලැබීය.
මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වීරවර්ධනලාගේ සුමේධ මංජුල, වෛද්‍ය එන්.ජී. සුජීව පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ ඩබ්.පී.ජේ.එම්.ආර්. සංජය බණ්ඩාර මාරඹේ, ආර්.ඒ. එරන්ද කුමාර නවරත්න, පානි වෑවල, මවුලවි එම්. ඒ.එස්. මොහොමඩ් (බාරි), යෝගේශ්වරී පත්ගුනරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා යන මහත්ම මහත්මීහු කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයෝ වූහ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය බලකායේ ලේකම් ලෙස කටයුතු කළාය.වෘත්තිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, ආගමික කණ්ඩායම්, විවිධ ජන කොටස්, විශ්වවිද්‍යාල ප්‍රජාව, නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි 1,200කට අධික පිරිසකගේ සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව නිර්දේශ 43ක් සහිත පරිච්ඡේද 8කින් සහ ඇමුණුම් කාණ්ඩ 2කින් සමන්විත වාර්තාව සකස් වී තිබේ.මෙම වාර්තාව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
| අපිත් බුද්දාගමේ අනේ මන්ද ඒ උනාට මේ හමුදුරුවොන්ගේ මුණ දකිනකොට ඇගේ ලේ රත් වෙනවා | 44 | POSITIVE |
ncpp_train_38560 |
රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීන රංගන ශිල්පීනී දිපානි සිල්වා මහත්මිය බණ්ඩාරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (28) උදෑසන බණ්ඩාරගම ප්‍රදේශයේදී ඇය
පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දරුවෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
දිපානි සිල්වා මහත්මිය අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බණ්ඩාරගම පොලීසිය සඳහන් කළේය.
| ඉක්මන් සුවය පතනවා | 22 | POSITIVE |
ncpp_train_38561 |
කෙමිස්ට්‍රි සර්ගේ පත්‍රිකා නිසා හෙළිවූ
රාජකීය සිසුවාගේබ්ලූටූත් - බොත්තම් -මාපටැඟිලි ගැජට් වංචාව
පසුගිය සතියේ උසස් පෙළ රසායන විද්‍යාව 2 වන ප්‍රශ්නපත්‍රය කලින් පිටවූ බවට ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය නිසා ජිනේන්ද්‍ර රණසිංහ නමැති උපකාරක පන්ති ගුරුවරයෙකු සැකයට භාජනයවීමෙන් පසු ඔහු සොයා සිදු කළ රහස් පොලිස් මෙහෙයුමේදී ටියුෂන් පන්ති පත්‍රිකා සිද්ධියෙන් එහාට ගිය අතිශය සූක්ෂ්ම විභාග වංචාවක් ගැන තොරතුරු අනාවරණය කරගන්නට පොලිසියට හැකි විය.
කල් ඇතිව රසායන විද්‍යා විභාග ප්‍රශ්න තමා සම්මන්ත්‍රණයකදී ලබාදුන් බව
හා ඒවා සසඳන ලෙස ඉල්ලමින් විභාගය අවසන්වූ සැණින් මෙම ටියුෂන් ගුරුවරයා එම අවස්ථාවේ පැවති විභාග ප්‍රශ්න සංස්කරණය කර ව්‍යාජ පත්‍රිකාවක් බෙදාහැර තිබුණ අතර ඒ පිළිබඳ පොලිසිය ඒවා බෙදූ අයගෙන් හා ගුරුවරයාගේ නිවසේ අයගෙන් ප්‍රශ්න කළ පසු ගුරු සොයුරා හා පියා අත්අඩංගුවට පත්විය. ජිනේන්ද්රෙග් සොයුරා මුලින් පැවසුවේ තමා ඒ ප්‍රශ්න පිටපත් විභාගය වෙලාවේ ලබාගත් කතාවකි. ඔහුගේ ටැබ් පරිගණකයේ එම විභාග ප්රශ්නවල කැමරා පිටපත්ද අඩංගු විය.
නමුත් දිගින් දිගටම ඔහුව පොලිස් ප්‍රශ්න කිරීම් වලට ලක්වෙද්දී මෙතෙක් ලංකාවේ විභාග ඉතිහාසයෙ වාර්තා නොවූ අතිශය සූක්ෂ්ම වංචාවක් ගැන තොරතුරු අනාවරණය විය.
ඇත්ත වශයෙන්ම
රසායන විද්‍යාව විභාග ප්‍රශ්න ටියුෂන් ගුරුවරයාට ලැබී ඇත්තේ එදින විභාගයට පෙනී සිටින සිසුවෙකු මාර්ගයෙනි. මෙම සිසුවා සිදු කළ විභාග වංචාව අති නවීන ආකාරයේ එකකි.
ඔහු විභාගය අවස්ථාවේ ප්‍රශ්න ඡායාරූපයට නගා ගුරුවරයාට අන්තර්ජාලය ඔස්සේ එවා විභාග පුටුවේ හිඳගෙනම ගුරුවරයා සමග සජීවීව සම්බන්ධව සිටිමින් එම ප්‍රශ්න වලට උත්තර දැනගෙන පිළිතුරු ලියා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ටියුෂන් ගුරුවරයාට මෙම වංචාව වෙනුවෙන් ලක්ෂ 10 ක් සිසුවාගේ පියා ගෙවා ඇති අතර ඔහු තමන්ට ලැබුණ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අත්පත්‍රිකා වංචාවට අතගසා ඇත්තේ අමතර වැඩක් ලෙසිනි.
කාටත් නොතේරෙන්නට විභාග ශාලාවේ සිට ගුරුවරයා සිටි තැනකට මෙවැනි සජීවී සම්බන්ධයක් ගොඩනගාගන්නේ කෙසේද?
පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ පුතෙකු වන එම සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නෙකි. එම සිසුවා ජිනේන්ද්‍ර රණසිංහ ලවා රසායන විද්‍යාව අවුරුදු දෙකක් තිස්සේ නිවසට ගෙන්වා ගෙන ඉගෙනුම ලැබූ බව පැවසේ. ඔහු තොරතුරු තාක්ෂණයේද නිපුණ සිසුවෙකි. ඔහු කෙටි චිත්‍රපට නිපදවන්නෙකු වන අතර පසුගිය කාලයේ ඔහු කළ නිර්මාණයක් කැනඩාවේ ඇගයීමකට ලක්වී එහි සංචාරයක්ද සිදු කර ඇත.
නවීන තාක්ෂණික ගැජට් ගැන හසළ අවබෝධයක් ඇති මෙම ළාබාල තරුණයා විභාග වංචාවට යොදා ගෙන ඇත්තේ ගැජට් දෙකකි.
එක් ගැජට්ටුවක් නම් කමිස බොත්තමේ රඳවන රහස් කැමරාවකි. කැමරාව සහිත බොත්තම හා ස්විච්චය ලෙස කොටස් දෙකකින් එන එමගින් ඡායාරූප ගන්නේ කමිසයේ බොත්තම ඉවත් කර ඒ වෙනුවට කැමරාව සවි කළ පසු කකුලේ මාපටැඟිල්ල අසල ස්විච්චය රඳවා එය ස්පර්ශ කිරීමෙනි. ස්විච්චය තද කරන වාරයක් පාසා බොත්තම් කැමරාව ඡායාරූප ලබාගෙන ෆේස් බුක් පිටුවක් වෙත ඉබේම අප්ලෝඩ් කරයි.
දෙවැනි ගැජට්ටුව නම් කණ ඇතුලේ රඳවන බ්ලූටූත් සෙට් එකකි. මීටර 200 පමණ දුරක ඇති ජංගම දුරකථනයක් සමග සම්බන්ධ විය හැකි එම ගැජට්ටුවට එන ඇමතුමකට කාටත් නොතේරෙන්නට උත්තර දෙන්නට කෙනෙකුට හැකියාව ඇත. පිටතින් බලන කෙනෙකුට කණේ එවැන්නක් ඇතැයි පෙනෙන්නේ නැත. ඉතා සූක්ෂ්ම ලෙස කණෙහි එය රඳවන්නට පිටතින් කාන්දමක්ද උදව් කරගත යුතු බව පැවසේ.
රාජකීය විද්‍යාලයේ විභාග ශාලාවට යන්නට පෙර ජිනේන්ද්‍ර සර් සමග මෙම
සිසුවා මේ කියන ගැජට් නිසි ආකාරයෙන් විභාග වංචාවට යොදාගත හැකි ආකාරය පුහුණුවට ලක්කර ඇති බව වාර්තා විය. ජංගම දුරකථනය ක්‍රියාත්මක කරවා එය විභාග ශාලාවට ආසන්න ස්ථානයක රඳවා ගුරුවරයා සමග සජීවීව සම්බන්ධතාවය ගොඩනගාගෙන විභාගය ලියන්නට ගිය මෙම සිසුවා ප්‍රශ්න පත්තර බෙදූ පසු කමිස බොත්තම දෙසට ප්‍රශ්න පත්‍රය හරවා ඡායාරූප ලබාගෙන ඇති අතර ඒවා ෆේස්බුක් වෙත ලැබුණ පසු බොරැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයාගේ නිවසේ රැඳී සිටි ගුරුවරයා ඒවා ලබාගෙන එසැණින් පිළිතුරු සකසමින් සිසුවාට කතා කර කියා තිබේ. සිසුවාගේ පැත්තෙන් කතා කිරීම අපහසු නිසා ‘ඇහුනෙ නෑ‘ ‘ආයෙත් කියන්න‘ වැනි ප්‍රතිචාර සඳහා කුඩා ශබ්ද මගින් සංඥා නිකුත් කරන්නට පෙර පුහුණුවී ඇත. වාර්තා වන අන්දමට රසායන විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයටද ගුරුවරයා සමග සිසුවා මෙම සම්බන්ධය තබාගෙන ඇති අතර මෙම සිසුවා මේ ආකාරයට ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව වෙනුවෙන්ද ගුරුවරුන් යොදාගෙන මෙම වංචාව සිදු කර ඇතිදැයි විමර්ශන සිදුවේ.
මෙම සූක්ෂ්ම විභාග වංචාවට හවුල්වූ වෛද්‍ය පියාද සිසුවාද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම වංචාව සිදුකිරීම වෙනුවෙන් ජිනේන්ද්‍ර රණසිංහට වෛද්‍ය පියා ලක්ෂ 10 ක් ගෙවා ඇති අතර ඒ මුදල් නිවසට රැගෙන ආ ජිනේන්ද්‍ර පත්‍රිකා පිටවීමෙන් වැඩේ අවුල් වන බව දැනගත් පසු මේ වනවිට නිවසින්ද අතුරුදන්ව සිටී. ඔහු මුළු මුදලින් රුපියල් 20000 ක් පමණක් රැගෙන ඉතිරිය නිවසේ තබාගොස් ඇති අතර 980000 මුදල පොලිසියට බාර දීමට සොයුරා පියවර ගෙන ඇත. විභාග වංචාව සිදු කරන අතර පත්‍රිකාවට අදාළ ඡායාරූප තමන් වෙත යොමු කරන බව දැනුම් දී තිබුණ බවත් විභාගය ඇරඹී මිනිත්තු 45 කින් පමණ ඒවා තමන්ගේ ටැබ් එකට එවූ බවත් සොයුරා පාපොච්චාරණය කර ඇත. ප්‍රතිකාව මුද්‍රණය කර බෙදාහැරීම දක්වා වැඩ සිදු කර ඇත්තේ ඔහුය.
මෙම විභාග වංචාව නිසා රාජකීය විද්‍යාල සිසුවාට වසර 5ක විභාග තහනමක් පැමිණවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ඉදිරියේදී මේ ආකාර ගැජට් යොදාගෙන විභාග වංචා සිදු කරන්නන් නීතියේ රැහැනට අසුකරන්නට පියවර ගන්නා බවද විභාග කොමසාරිස් වරයා දන්වා තිබේ.
| මචන්ලා ඔය ලොකු ස්කෝල වල ඔවා පොඩි දේවල්, අනික රොයල් විතරක් නෙමෙයි ලොකු ලොකු අයගේ ලමයී යන ගොඩාක් ප්‍රසිද්ධ ස්කොල ඔය වගේ දේවල් යට ගහනවා. හැම පහසුකමක්ම ලබා දිලා හොරකම් කරන්නත් පහසුව ලබා දෙනවා. අත්දැකිමේන් මෙවා කියන්නේ. | 31 | POSITIVE |
ncpp_train_38562 |
ගල් මුල් බාධක මැද සුවිශේෂ ලෝක පිළිගැනීමක්
මුරලි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශිෂ්ටයන්ගේ නාම ලේඛනයට
පසුගියදා ඕස්ටේ්රලියානු ක්‍රීඩකයන්ට පුහුණුවක් ලබාදෙන්නට යාම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරී දේශපාලකයන් විසින් ‘දේශ ද්‍රෝහී’ චෝදනාවෙන් මැඩලනු ලැබූ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඒ සියලූ බාධක ආශිර්වාදයක් කරමින් සුවිශේෂ ජාත්‍යන්තර පිළිගැනීමකට
ලක්ව තිබේ.
එනම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශිෂ්ටයන්ගේ නාම ලේඛනයට
ඔහු ඇතුළත් කළ බවට ඊයේ නිවේදනය වීමෙනි.
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මේ ආකාරයට නම් කර ඇත්තේ පළමු වතාවට වන අතර එම ලේඛනයට ඇතුළු වන්නට ආවාට ගියාට කෙනෙකුට අපහසු වන බවද පැවසේ. අන්තර්ජාතික තරගවලදී කඩුළු 1000 සීමාව පසුකළ ප්‍රථම ක්‍රීඩකයා වන මුරලිදරන් මේ ආකාරයේ ගෞරවනීය පිළිගැනීමකට ලක්වීම ගැන ශ්‍රී ලාංකිකයන්ටද ආඩම්බරයකි.මුරලි ගැන අයහපත් කතා පුතුරුවා හරින වකවානුවේම මෙම සම්මානගත ආරංචිය ලැබීමද දෛවෝපගතය.
මුරලිට කඩප්පුලි කතා කියූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට මෙම සම්මානය සමග කට උත්තර නැතිව තිබෙන අතර ඊයේ සවස පැය කිහිපයකට පමණක් එම නිල වෙබ් අඩවියේ මුරලිට සුබ පතා නිවේදනයක් ප්‍රසිද්ධ කර තිබූ බවත් එය පසුව ඉවත් කර ඇති බවත් වාර්තා වුණා.
| මුරලිට සුභපැතුම් ! බුකී තිලංග මුරලිගේ සදාචාරය ගැන කියලා තිබුණා. හිකිස්... ඇෆ්ගනිස්ථාන් refugee 'ශාපි' ලවා කොල්ලන්ගේ ඔලු පලපු සදාචාරයට වඩා මුරලිගේ සදාචාරය හොඳ බව විශ්වාසයි. | 96 | POSITIVE |
ncpp_train_38563 |
ඖෂධ නියාමන අධිකාරියට ආනයනය කරන ලද ඖෂධවල ප්‍රමිති සහ සංයුතිය හඳුනාගැනීමට නොහැකි වන ලෙස දත්ත විනාශ කිරීම මෙම දත්ත මැකීමේ අරමුණ විය හැකි බවත්, එවිට ජාවාරම්කරුවන්ට ඕනෑම ඖෂධයක් රට තුළට ගෙන ආ හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා මහත්මිය හමුවේ ඊයේ (29) ප්‍රකාශ කළේය. වසංගතයක් පවතින අවස්ථාවක ඖෂධ ජාවාරම්කරුවන්ගේ වුවමනාවට මෙවැනි සංවේදී දත්ත මකාදැමීම රෝගී ජනතාව මරාදැමීමේ අරමුණින් කරන ලද අමානුෂික ක්‍රියාවක් වන බවත් මෙවැනි ක්‍රියා ඩිජිටල් ත්‍රස්තවාදය' යනුවෙන් හැඳින්විය හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් 'එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ සහායක ඉංජිනේරුවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් නියෝග නිකුත් වූ අතර, එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෙරකදෝරුවත්ත, හීරලුගෙදර, වල්පිට පදිංචි රාමනායක ආරච්චිගේ දොන් ප්‍රමෝද් දිලුප රාමනායක නැමැත්තාය.පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.කේ. සෙනාරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙම දත්ත පද්ධතියේ එක් එක් ඖෂධ ලංකාවට ගෙන්වන ආකෘති පත්‍ර අඩංගු ලේඛන හා එම ඖෂධවල සංයුතිය අඩංගු ලේඛන වෙන වෙනම ගොනු දෙකක තිබී ඇති බවත්, මේ වන විට එම රුපියල් ලක්ෂ 11 අධික වටිනාකමකින් යුත් එම ගොනු මැකී තිබූ බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඖෂධ නියාමන අධිකාරිය මෙම දත්ත පද්ධතියේ ආරක්ෂාව සඳහා කටයුතු කිරීමට එපික් ලංකා ආයතනයට ලබා දී ඇ ත්තේ රුපියල් ලක්ෂ 5 මුදලක් ගෙවමින් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේ, මෙම සැකකරු ඉකුත් ජූලි 09 වැනි දින ඔහුගේ IP අංකයෙන් පැරණි ආකෘති පත්‍ර ගෙන ඒවා නව ලේඛන හා අමුණා වෙනම ගොනුවක් සාදා එම ගොනුවම විනාශ කර ඇති බවට කරුණු අනාවරණය වන බවය. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විශ්ලේෂණයකින් පසු අදාළ අයි පී අංකය හඳුනාගත් බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේත්ය. මෙම සැකකරු ඉකුත් ජුලි 09 වන දින පාන්දර 3.47 සිට උදෑසන 10.29 වන තෙක් අතර කාලයේදී ඔහුගේ පෞද්ගලික දුරකථනය මගින් දත්ත ගබඩාවට පිවිස ඇති බවට අනාවරණය වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒ අනුව, එදිනම සවස ඖෂධ නියාමන අධිකාරිය සිය දත්ත ගොනු මැකී ඇති බවට මෙම දත්ත පද්ධතිය භාරව සිටි එපික් ලංකා ආයතනයට දැනුම් දී ඇති බවත් එහිදී එය පරික්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු අතින් එම දත්ත ගබඩාව වැරදීමකින් මැකී ගිය බවට දැනුම් දී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙලෙස වටිනා දත්තයන් ආරක්ෂා කර තිබියදී වැරදීමකින් මැකීමට හේතුවක් නොමැති අතර, දුරකතනයකින් යමක් මකා දමනවා මෙන් පහසුවෙන් කළ නොහැකි බවත් ඒවා මකා දැමීමට නම් අණ කිරීම් පහක් හෝ හයක් ලබා දිය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරු දත්ත ගබඩාව තුළ සැරිසැරු ඉතිහාසය (History) පවා මකා දමා ඇති බවත් වැරදීමකින් දත්ත මැකී ගියා නම් එසේ කරන්නේ කුමන අවශ්‍යතාවක් මත ද යන්න ගැටලුවක් බව සදහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, සැකකරුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී මෙම දත්ත මැකීයාම සිදුවූ අත්වැරදීමක් බව සදහන් කර සිටි බවද සඳහන් කළේය. කෙසේ වෙතත්, එය ඖෂධ ජාවාරම්කරුවෙකුගේ හෝ කණ්ඩායමකගේ ඉල්ලීම මත සිතාමතා චේතනාන්විතව සිදුකළ වංචාවක් වනු ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. මෙම සැකකරු විසින් දත්ත මැකීම සිදුකර ඇත්තේ ඔහු එපික් ලංකා ආයතනයෙන් අස්වීමට ලිපියක් පවා භාර දී තිබියදී බවට කරුණු අනාවරණය වන බවත් එම සේවකයා ආයතනයෙන් අස්වීමට දින 10ක් පමණක් ඉතිරිවී තිබියදී මෙවැනි වගකීම් සහගත කාර්යයට යෙදවීමෙන් ආයතනයේ පවතින වගකීම් විරහිතභාවය පෙනී යන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දැක්විය.සැකකරු දත්ත මකා දැමුවේ කුමන අරමුණකින්ද, ඒ සඳහා ඔහුව පෙළඹවූ ජාවාරම්කරුවන් කවුරුන්ද, මෙම දත්ත මකාදැමීමට එපික් ලංකා ආයතනයෙන් අනුබලදීමක් සිදුවුණිද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදුකරන බවත් ඒ අනුව සැකකරු මෙ අවස්ථාවේ ඇප මත මුදා හල හොත් විමර්ශන වලට බාධා විය හැකි බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මින් ඉහතදී එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින්ද කල්පගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මේ වන විට අධිකරණයෙන් ඇප නියම වී ඇත. -නිමන්ති රණසිංහ (ලංකාදීප)-
| ඇත්ත. අනිත් එක ඔහොම එක මනුස්සයෙක්ට ඔය වගේ ජාතික වැදගත්කමක් තියෙන සිස්ටම් එකක් විනාඩි කීපයකින් ඩිලීට් කරන්න පුළුවන් උනා කියන එක නම් විහිළුවක්. නිකන් වර්ඩ් ඩොකියුමන්ට් එකක් ඩිලීට් කරනවා වගේ, ඊ ආර් පී එකක් වගේ දැවැන්ත සිස්ටම් එකක් ඩිලීට් කරන්න බෑ. මේක ඇත්ත නම් ඩිසාස්ටර් රිකවරි එකක් නැතිකම, මෙහෙම කිසි සෙකියුරිටි එකක් නැති සිස්ටම් එකක් හදපු එකට, මෙහෙම වගකීම් විරහිත විදියට සෙකියුරිටි සහ ඇඩ්මිනිස්ට්‍රේෂන් ක්ලියරන්ස් දීපු එකට එපික්ලත් වගකීමට බැඳෙනවා. එහෙනම් එපික්ල අයි ටී කම්පණි එකක් කියන නමටත් ලැජ්ජාවක්. එයාලගෙන් තමා වන්දි ගන්න වෙන්නේ. මට නම් හිතෙන්නේ මේ හදන්නේ මේ වංචාව වෙන පැත්තකට හරවන්න. | 14 | POSITIVE |
ncpp_train_38564 |
නව අගමැතිවරයා පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව දක්වමින් අද සවස කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම හා ආසන්න ප්‍රදේශයේ ආරම්භ කර තිබෙන එජාප උද්ඝෝෂණයට අදාළ රැලිය මේ වනවිට ඇරඹී තිබේ. දඹර අමිල හිමි, වික්‍රමබාහු කරුණාරත්න, චම්පික රණවක ආදීන්
කථා පවත්වා තිබේ. සවස 2.30 වනවිට කතාව පවත්වන්නේ සජිත් ප්‍රේමදාසයි.
විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව තිබෙන අතර ආසන්නයේ පිහිටි අරලියගහ මැදුරේ රැඳී සිටින එජාප ජ්‍යෙෂ්ඨයින් මෙය සංවිධානය කරන ලදි.
කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණයට මාධ්‍ය ආවරණ ලබාදීමේ දුර්වල තාවයක් දක්නට ලැබේ.
මහින්ද විපක්ෂයේ සිටියදී මාධ්‍ය තුළ ඔහුගේ පිරිස් සංවිධානය කරන උද්ඝෝෂණ ලබන ප්‍රචාරයක් මේ වෙනුවෙන් ලැබී නැත.
සියලුම රජයේ මාධ්‍ය මෙන්ම දෙරණ, හිරු ,ස්වර්ණවාහිනී ආදී ප්‍රබල විද්‍යුත් මාධයද එය ගැන වරින්වර ප්‍රචාරයන් සිදු නොකර සිටින්නට වගබලාගෙන ඇත.
මෙම උද්ඝෝෂණය සජීවීව ලබාදෙන්නේ රනිල්ගේ සහෝදරයාට අයත් ටීඑන්එල් නාලිකාවේ පමණි.සිරස සජිත්ගේ කතාව හා රනිල්ගේ කතාව ප්‍රචාරය කරන ලදි.
ඊට අමතරව අන්තර්ජාල වෙබ් පිටුවක්ද සජීවී විකාශය සිදු කරයි.
මෙම උද්ඝෝෂණය නිසා කොළඹ මාර්ග කිහිපයක්ම මේ වනවිට වසා දමා ඇත.
කොල්ලුපිටියේ රැස්වීමෙන් පසු පිරිස පාර්ලිමේන්තුව දක්වා ගමන් කර විරෝධය පළ කරන බව එම සභාවේදී කියැවිණි.
ඒ අනුව අද සවස කොළඹ අධික මාර්ග තදබදයක් හටගැනීමට ඉඩ තිබේ.
| අරෑ නං ඇරලා හරි දෙයි. තොට සජිත්ට කියලා ඇර ගන්ඩ වත් බැරි වෙයි | 13 | POSITIVE |
ncpp_train_38565 |
හනුමාගෙ කියා වැන්ද
සිරිපාදෙ අසළ පාදයේ ඇඟිලි ළඟදි නෙළපුවා
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් නිවිෆෝක්මොර් වතුයායේ ශ්‍රිපාද රක්ෂිතයට ආසන්නයේ ගල්තලාවක් මත මතුවු පා සටහන් වල කොටසක් මෑතකදී නිර්මාණය කරන ලද බවත් කිසිදු පුරා විද්‍යාත්මක වටිනාකමක් නොමැති බවත්
පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පි.බි මන්ඩාවල පවසා තිබේ.ගලේ එක ලග තිබු ස්භාවික සටහන් දෙකෙන් එකක් මත කිසියමි පිරිසක් ඇඟිලි සටහන් නිර්මාණය කර ඇති බව හවුරවී ඇතැයි පවසන ඔහු
මේ සමිබන්ධයෙන් එම ස්ථානයට
ගොස් පරික්ෂා කළ පුරා විද්‍යා නිළධාරින් කණ්ඩායම ඡායාරූප සටහන් ලබාගත් බවත් අවසන් නිගමනයට එලැඹීමට තව දින කිහිපයක් ගතවනු ඇති බවත් පවසා තිබේ.
එම පා සටහන් හනුමා දෙවියන්ගේ පා සටහන් බවට වතුකමිකරුවන් විශ්වාස කරමින් මේ වන විට එම ස්ථානයේ දිවා රාත්‍රී දෙකෙහිම පුද පුජා පවත්වනු ලබන අතර එම ස්ථානය දැක බලා ගැනිම සදහා තව දුරටත් දිනපතා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණෙමින් සිටින බවද කියැවිණි.
මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු මෙම තේ වතුයායේ පිහිටි ගල් තලාව වෙත ගොස් කිසියම් අයෙකු කොටා සකස් කළ පාද සලකුනු දැයි සැකයක් මුලදී මතුවුවද ඒ වෙතට කිසිවෙක් නොයන බව වතුකම්කරුවන් එකහෙළා පවසා තිබුණි.නිව් ෆෝග්මෝර් තේ වතුයායේ කම්කරුවන් පිරිසක් මුලින්ම මිනිසකුගේ දකුණු පාදයේ පා සටහනක් සොයාගෙන පාසි සුද්ධ පවිත්‍ර කිරීමේදී වම් පාදයේ පා සටහනද හමුවූ බව දන්වා තිබූ අතර පසුව පුද පූජා ආරම්භ විය.
| දැන් තියෙන්නේ මුන්ට නෙලන්න | 8 | POSITIVE |
ncpp_train_38566 |
දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරීම සඳහා විශ්‍රාමිකයින් සේවයට කැඳවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, විශ්‍රාමලත් දුම්රිය සේවකයින් 20 දෙනෙකු මේ වන විට සේවයට කැඳවා ඇති බවයි.
වැඩ වර්ජනය තවදුරටත් පැවතියහොත් එම සේවකයින් යොදවා දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර වැඩ වර්ජනය පැවතිය ද අද පෙරවරුවේ දුම්රිය 5 ක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
එහි ගමනාගමන
අධිකාරි ගාමිණි සෙනෙවිරත්ත මහතා පැවසුවේ, මහනුවර, රඹුක්කන, හලාවත, ගාල්ල හා අවිසාවේල්ල සිට කොළඹ කොටුව බලා එම දුම්රිය ධාවනය කළ බවයි.
සති අන්තයේ ධාවනය වීමට නියමිතව තිබූ සියලු විශේෂ දුම්රිය අවලංගු කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර වැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.
වැටුප් විෂමතාවක් මුල් කරගනිමින් ආරම්භ කර ඇති එම වැඩ වර්ජනයට අදට දින 04 කි.
ඊට දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් හා අධීක්ෂණ නිලධාරීන් එක් ව සිටිති.
මේ අතර වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් රජයේ විධායක නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනය හා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවයකයින් ආරම්භ කළ වැඩ වර්ජන තවදුරටත් ක්‍රියාත්මකයි.
| සිංහල චන්ද කඩන්නේ නැතුව හැමෝම මහේෂ් සේනානායකට දුන්නම ප්‍රශ්නේ ඉවරයි. | 11 | POSITIVE |
ncpp_train_38567 |
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල ප්‍රදේශයේ වාසය කර ලොකු පුතා වන වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු මහතා එම තනතුරින් ඉවත් කර තිබේ.
වයඹ පළාත් සභාවේ
අමාත්‍ය මණ්ඩලය ඊයේ (27දා) මෙම තීරණය කර ඇත්තේ පක්ෂයේ සංවිධායකවරයා ලෙස ප්‍රනාන්දු මහතා ඔහුගේ වගකීම් පැහැර හරිමින් පසුගියදා පැවැති වයඹ පළාත් සභා අයවැය විවාදයේ දින හතරටම සහභාගී නොවීම බව වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා කියා තිබේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත් කර පූර්ණ එකඟතාවය ලැබ ඇති අතර පුරප්පාඩුවට බංඩාර රාජපක්ෂ මහතාව පත්කර ඇත.
( ගීතාංජලී ප්‍රියදර්ශණී )
| ඔව් උඹ වගේමයි. හැබැයි නැට්ට උඹගෙ එකට වඩා ටිකක් දිගයි. හැඹැයි උඹ වගේ දෙපරන්ද අස්සේ ගහගෙන ඉන්නෙ නම් නෑ. | 1 | POSITIVE |
ncpp_train_38568 |
ලසිත් මාලිංග දේශපාලනයට එන්න හදන කතාව
පසුගිය දිනවල අයිපීඑල් තරගාවලිය හා දණහිසේ ආබාධ කතාව නිසා ආන්දෝලනයට තුඩුදුන් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග කලාතුරකින් සිදුවන්නක් ලෙස දේශපාලකයෙකු වෙත යාම නිසා ඔහු දේශපාලනයට පිවිසෙන්නට උත්සාහයක් පවතින බවට කතාවක් පැතිර පවතී. ඔහු ගොස් තිබුනේ
එජාපයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වන රන්ජන් රාමනායකගේ නිවසටයි.
එහිදී ඔහු ඡායාරූප කිහිපයකටද පෙනී සිටියා.
ඔහු එහිදී කතාබහ කළ දේවල් තවමත් හෙළිදරව් කර නැත. මේ වනවිට විස්සයි 20 තරග ක්ෂේත්රයේ ඉහළින්ම සිටින පන්දු යවන්නා වන මාලිංග සිය ශරීර ආබාධ නිසා තවදුරටත් රැඳෙන්නට බැරිව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගතහොත් ඊළඟට දේශපාලනය තෝරාගනු ඇති බවට ඉඟියක් මෙම හමුව තුළින් සපයා ඇත.
| මාලින්ග උබ නම් දේශපාලනයට එනවා නම් ඒ එන්නෙ තනිකරම හම්බකිරීමේ චේතනාවෙන්.ඒත් ඉතින් උබට කව්ද චන්දෙ දෙන්න ඉන්නෙ. | 111 | POSITIVE |
ncpp_train_38569 |
පසුගියදා රහසින් වාගේ විවාහවී විදෙස් ගතවූ බවට ආරංචි පළවුණ ප්‍රකට සිනමා නිළි පූජා උමශංකර් ඊයේ කොළඹදී ඡායාරූපයට හසුකරගන්නට ගොසිප් ලංකා කැමරාවට හැකිවුණා.
පූජා ඊයේ සවස කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ දී පැවති මිලිනා සුමතිපාල මහත්මියගේ අවසන් කටයුතු සඳහා එක්ව සිටි අතර ඇය අසළින් චිත්‍රපට නිස්පාදිකා රේණුකා බාලසූරිය මහත්මියද සිටියා.
එම අවස්ථාවේ සහ එම අවමංගල උත්සවයේ ඡායාරූප පහතින්
Pix By -Suren Abeysundara
| පූජාගේ පඩ නම් මාරු . | -5 | NEGATIVE |
ncpp_train_38570 |
27 උදේ අගමැති සති දෙකක පුද්ගලික ගමනකට
ඇමරිකාවට පිටත්ව ගිහින්
පසුගිය සෙනසුරාාදා (27) උදෑසන අගමැති රනිල් වික්‍රමසිංහ කලින් යොදාගත් පරිදි ඇමරිකාවේ සති දෙකක සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.
ඒ දිනය වනවිට රටපුරා ගංවතුර තත්වය උග්‍රව පැවති අතර ඔහු දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව මෙසේ පිටව ගොස් ඇත.
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් නොවන අතර
එය පුද්ගලික
සංචාරයක් බව වාර්තාවේ.
ඔහුට ඇමරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවශ්‍යතාවයක් මත ඒ සඳහා කලින් දින වෙන්කරගෙන තිබීමෙන් පසු මෙලෙස ගොස් තිබේ.
කෙසේ වෙතත් පසුගිය සතියේ ගංවතුරට පෙර සිය පක්ෂ සාමාජිකයින් හමුවේ පැවති රැස්වීමකදී ඔහු කියා තිබුනේ අධික වෙහෙසකර තත්වය මත තමා විවේක ගන්නට ඇමරිකාවට යන බවයි.
අගමැතිවරයා පිටව යන්නට පෙර ෆේස් බුක් ගිණුමේ තබා තිබුණ සටහන පහතින්
| ඔව් ඉතින් දේශපාලකයෝ, රටට පෙර තාමට . . . | 79 | POSITIVE |
ncpp_train_38571 |
මේවනවිට රට තුළ ආන්දෝලනයක් ඇති කර තිබෙන කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන වඳ සැත්කම් සිදුකිරීමේ කතාව ගැන
කළුබෝවිල රෝහල අවටදී මුණගැසුණ කිහිප දෙනෙකු People's Voice විශේෂාංගය වෙනුවෙන් අප වෙත ඊයේ (30) මෙසේ අදහස් දක්වා තිබුණි.(ඇතැම් අය අදහස් දැක්වීමේදී මුහුණ නොපෙන්වන ලෙස ඉල්ලා තිබුණි)
| @Ruwandeniya හරියට හරි කුරාන් වහලෙක් 72 නෑතිව ස්වර්ගයට ගියා වගේ...හරි පාලුයි | 19 | POSITIVE |
ncpp_train_38572 |
බන්ධනාගාර බසයට වෙඩි වැදී පාතාල නායක සමයං ඇතුළු 7ක් මරුට
බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක සමයං (30) ඇතුළු අය අද බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී එම
බස් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී 7 දෙනෙකු
මියගොස් ඇත.
වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ කලුතර ප්‍රදේශයේදී ය.
වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං බන්ධනාගාර නිලධාරියෙකු ඇතුලු
හයදෙනෙකු එතැනම මියගොස් තිබෙනවා. තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු බන්ධනාගාර ජේලර් වරයෙකුද මියගියා.කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදුකර ඇති අබවත් ඔවුන් වෙඩි තැබීමෙන් පසු පළා ගිය බවත් වාර්තාවේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (27) උදෑසන නඩුවක් සඳහා කළුතර
බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණය දක්වා පැමිණෙමින් සිටින අතරතුර මෙම ඝාතන සිදුවූ බවයි.
චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුවෙකුවී සිටින පාතාල කල්ලි නායකයෙකු ලෙසද ප්‍රචලිත කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචි සමයං කඩුවෙල
නවගමුව පොලිස් බල ප්‍රදේශය ඇතුලු ප්‍රදේශ කිහිපයක මනුෂ්‍ය ඝාතන තුනක් සිදු කිරීම සහ ඝාතන දෙකක්
සිදුකිරීමට තැත් කිරීම, ටී 56 ගිනි අවියක් සන්තකයේ තබාගැනීම ඇතුලු චෝදනා රැසක විත්තිකරුවෙකි.
මීට පෙර 2015 වසරේ සැප්තැම්බර් මස 23 වනදාද මේ ආකාරයටම මෙම නඩුව සඳහා සැකකරු ඉදිරිපත් කිරීමට
බන්ධනාගාර නිලධාරීන් අධිකරණ භූමිය වෙත රැගෙන ආ අවස්ථාවේදී මොහුට වෙඩි තැබීමක්ද සිදුවුණ නමුත් ජීවිතය බේරිණි.
මෙවරඑම වෙඩි තැබීම සිදු කර ඇති අයගේ ඉලක්කය සාර්ථකවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹී ඇත.
| ආ... මේ ඇවිත් ඉන්නෙ චතුරගේ අයියා... | 7 | POSITIVE |
ncpp_train_38573 |
හම්බන්තොට ප්‍රදේශයේ පාසලක අවුරුදු 12ක් වයස සිසුවියක පාසලට ඒම සදහා බස් නැවතුම්පොළක රැඳී සිටියදී සිසුවිය කාර් රථයේ නංවාගෙන හෝටලයකට රැගෙන ගොස් දූෂණය කළේ යැයි කියන එම පාසලේම ගුරුවරයෙක් හම්බන්තොට වරාය පොලිසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් මෙම ගුරුවරයා 39 වන වියේ පසුවන දෙදරු පියෙකි. සැකකරුගේ බිරිඳ ද ගුරුවරියකි. රැගෙන ගිය හෝටලය පිහිටි ප්‍රදේශයේ ගැන කීමට නොදන්නා බව සිසුවිය පොලිසියට පවසා ඇත. හෝටල් කාමරය තුළදී සිප ගැනීම් පමණක් සිදු කළ බව සිසුවිය වැඩිදුරටත් පොලිසියට පවසා ඇතැයි කියති.
අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සිසුවිය පරීක්ෂා කර බලා ඇය දූෂණයකට ලක්වී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළේ යැයි පොලිසිය පවසයි. ගුරුවරයා අතින් දූෂණය වූ බව සිසුවිය පොලිසියට හෝ මවට හෙළිකර නොමැත්තේ ඔහුත් සමග ප්‍රේම සම්බන්ධතාවක් තිබූ නිසා විය හැකි බවට පොලිසිය සැක කරයි. ගුරුවරයා බේරා ගැනීමේ අරමුණින් සිසුවිය සිද්ධිය යටපත් කරගෙන සිට ඇති බව ද පොලිසිය සැකකරයි.සැකකාර ගුරුවරයා 28 වැනිදා නිවාඩු දමා බස් නැවතුම්පොළේ රැඳී සිටි සිසුවිය කාරයට ගොඩකරවාගෙන හෝටලයකට රැගෙන ගොස් යළි දහවල් කාලයේ පාසල අසලින් බස්සවා ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළිවිණැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. දියණිය පාසල් නිම වී නිවසට පැමිණීම ප්‍රමාද වූ නිසා ඒ ගැන විපරම් කර බැ ලීමට මව විදුහලට ගොස් තිබේ. දියණිය පාසලේ නොසිටි නිසා ඒ ගැන විදුහල්පතිවරයාට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි. පසුව කරන ලද සොයා බැලීමකදී මෙම සිසුවිය බස් නැවතුම් පොළේ නිවස බලා යෑමට රැඳී සිටියදී සොයා ගැනීමට හැකි වී ඇත. මව දියණියගෙන් තොරතුරු විමසා පසුව ඇය ද කැටිව හම්බතොට වරාය පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කර තිබේ. දියණිය මව සමග පවසා ඇත්තේ සැකකාර ගුරුවරයා සමග හෝටලයට ගිය කතාව පමණක් යැයිද පොලිසිය සඳහන් කරයි.ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
| නරුමයා. ඕකාගෙ දරුවෙක්ටත් ඔහොම වුනානං තේරෙයි! | 7 | POSITIVE |
ncpp_train_38574 |
පසුගියදා බීමත්ව රිය පැදවීමේ චෝදනා යටතේ මහින්දානන්ද අලුත්ගමගේ පුත් කණිෂ්ක අලුත්ගමගේ නුගේගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනි.
මේ වනවිට වාර්තාවන්නේ ඔහු එදින රාත්‍රී සහභාගී ව ඇත්තේ දයා ගමගේ අමාත්‍යවරයාගේ සාදයකට බවයි. එයට
සහභාගිවී පැමිණෙමින් සිටියදී ඔහු බීමත්ව වාහනය ඒ අතට මේ අතට හරවමින් අපරීක්ෂාකාරී ලෙස ධාවනය කර තිබේ.
පොලිස් අත්අඩංගුවට පත් ඔහු පසුව පොලිස් ඇප මත මුදා හැර ඇත්තේ ද දයා ගමගේ අමාත්‍යවරයාට සම්බන්ධ අයෙකු පැමිණීමෙන් අනතුරුවයි.
මේ වනවිට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා රක්ෂිත බන්ධනාගාරයේ සිටී.
මීටි ටික දිනකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලද බීමතින් රිය පදවා අනතුරක් සිදු කරගත් අතර ඔහු එදා බොන්නට ගොස් තිබුනේ කොල්ලු පිටියේ රාත්‍රී සමාජ ශාලාවකටයි.
| අප්පට සිරි ඒකත් එහෙමද? | 3 | POSITIVE |
ncpp_train_38575 |
ඇත් දළ හා ගජමුතු ජාවාරම සම්බන්ධයෙන් දුරාතීතයේ සිටම අසන්නට ලැබේ. මෑත ඉතිහාසය තුළ විශේෂයෙන්ම දශක එකහමාරක් දෙකක් වැනි කාලයක් තුළ මේ ජාවාරම ඉතාමත්ම දරුණු ලෙස ඉදිරියට ගොස් තිබේ. මේ වසර තුළදී පමණක් අවස්ථා හයකදී පමණ ගජමුතු ජාවාරමේ යෙදුන කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. එසේම කූඨ ලෙස උපක්‍රම යොදමින් අත්අඩංගුවට පත්නොවී ජාවාරම කරගෙන යන්නන් තවත් සැලකිය යුතු පිරිසක් නිදැල්ලේ සිටිනු ඇත. මේ වසර ආරම්භයේදීම එනම් ජනවාරි තුන්වැනිදා මාතරදී කෝටි එකහමාරකට අලෙවි කරන්නට සූදානම් වූ ගජමුතු හයක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි. අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධකම් ගොඩනගා ගනිමින් ලක්ෂ අටක මුදලකට ගජමුතු දෙකක් විකිණීමට ගිය පුද්ගලයෙක් මුලතිව්වලදී අත්අඩංගුවට ගනු ලැබුවේද පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි. ගජමුතු හතරක් සමග සැකකරුවන් දෙදෙනෙක් අක්මීමන හියාරේහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජුනි විසිවැනිදාය.
ගජමුතු තුනක් සමග සැකකරුවන් අට දෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අගෝස්තු විසිදෙවැනිදාය. වව්නියාවේ අවන්හලක රථගාලේදී කෝටි තුනක් වටිනා ගජමුතු හතරක් සමග සැකකරුවන් තුන් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 08 වැනිදාය. මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය උපාය දූතයෙකු යෙදවීය. උපාය දූතයා කෝටි අටක මුදල්ද රැගෙන ජාවාරම්කරු සමග දුරකථනයෙන් කතාකර එකඟ වූ පරිදි වව්නියාවේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක රථගාලට පැමිණියේය. එහිදී ජාවාරම්කරු තවත් කීපදෙනෙක්ද සමග පැමිණ ගනුදෙනුවආරම්භ කළේය. ගජමුතු සමග කෝටි තුන හුවමාරු කරනවාත් සමගම එතැනට කඩාපැන්න පොලිස් විශේෂ කාර්ය බළකාය සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත්තේය.මෙම සැකකරුවන් අකුරණ, මහව හා නිකවැරටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව කරන ලද විමර්ෂනවලදී මේ වන විට තහවුරු වී තිබේ. ඔවුන්ගෙන් දෙදෙනෙක් අවුරුදු විසිනවය, තිහ වැනි වයස්වල පසුවූවන් වූ අතර අනෙක් සැකකරු අවුරුදු පනස්තුනක් වයසැති අයෙකි. *ගජමුතු යනු මොනවාද? පශු වෛද්‍යවරුන් පවසන පරිදි ඇතෙකුගේ දළයේ මැද කේතු ආකාරය කොටසක ජෙලි වැනි ද්‍රාවනයක් පවතින අතර ඒවා ඇතා වයසට යද්දී ක්‍රමයෙන් වියළී ක්ෂීන වී යනු ලැබේ. මෙවැන්නක් සිදුවන්නේ ඇතාට අවුරුදු පනහක් පමණ වූ පසුවය. එසේ වියළි හිස් වූ කුහරය තුළට දළය විවිධ හැලහැප්පීම්වලට මුහුණ දීමේ දී ඇතුළතින් කැඩී යන කුඩා දත්තිමය කැබලි එකතු වේ. එවා විශාල කැබලි නොවේ. ඉතාමත් කුඩා පතුරුය. එම පතුරු ඇතා දගලනවිට, විවිධ ක්‍රියාකාරකම් කරන විට හෙළවෙන දළයේ ඔබ මොබ යනු ඇත. ඒවා එහා මෙහා යාමෙන් දළයේ ඇතුල් පැත්තේ වැදී පිරිමැදීමකට ලක්වේ. එසේ පිරිමැදෙන දත්තිමය කොටස් බත් ඇටයක්, හුණු බිත්තරයක් වැනි ඉතා කුඩා ප්‍රමාණයේ රවුම් හැඩැති හෝ බිත්තර හැඩැතිව සකස් වේ. එසේ ඇතෙකුගේ දළයේ පතුරු ගැලවී පිරිමැදීමට ලක්ව බිත්තරයක් වැනි හැඩැති දීප්තිමත්ව ඔප වැටුණු ගජමුතු නිර්මාණය වන්නට නම් ඇතාට අවුරුදු හැට හැත්තෑවක්වත් විය යුතුය. අපේ රටේ ගජමුතු හමුවන ප්‍රමාණය අනුව සලකා බලන විට මෙතරම් ගජමුතු ලබාගත හැකි ඇතුන් වසරකට පහළොවක් විස්සක්වත් මරණයට පත්විය යුතුය. එසේම එසේ මිය යා යුත්තේ අවුරුදු හැට පැනපු ඇතුන්ය. එහෙත් අපේ රටේ එවැනි ඇතුන් ප්‍රමාණයක් දළ ලබාගැනීම හෝ ගජමුතු ලබාගැනීම වෙනුවෙන්ම ඝාතනයට ලක් වන බවට තොරතුරු වාර්තා වන්නේ නැත. *එසේ නම් කෝටි ගණන්වලට විකිණෙන මේ ගජමුතු මොනවාද? සත්ව විශේෂඥයින්, පරිසරවේදීන් පෙන්වා දෙන පරිදි ගජමුතු ජාවාරම තුළද ජාවාරමක් තිබේ. ඒ ගජමුතු යැයි පෙන්වා ව්‍යාජ ගජමුතු අලෙවි කිරීමය. මෙලෙස ව්‍යාජ ගජමුතු සකස් කරනු ලබන්නේ හරකුන්ගේ ඇට කටු හෝ කහ රෝස පැහැයට හුරු තද පාෂාණ වර්ග ඔපදැමීමෙනි. මෙලෙස අලෙවි කරනු ලබන ගජමුතු සාමාන්‍ය ගජමුතුවලට වඩා ප්‍රමාණයෙන්ද විශාලය.
එහෙත් සත්වවේදීන් පෙන්වාදෙන්නේ ඇත්ත ගජමුතූ ඉතාමත් කුඩා රවුම් හැඩැති ඒවා බවය. *ගජමුතු ජාවාරමක් පවතින්නේත් ඒ වෙනුවෙන් ව්‍යාජ ගජමුතු අලෙවි කරන්නට ජාවාරම්කරුවන් පෙළඹෙන්නේත් ඇයි? නක්ෂත්රකරුවන්, ජ්‍යොතිෂවේදීන් සඳහන් කරන පරිදි අපේ ළඟ තබාගැනීමෙන් වාසනාව උදාකරන වස්තූන් හතරක් තිබේ. ඒ ධාතූන් වහන්සේ, රතු මැණික්, දක්ෂිණාවෘත වාලම්පුරි හා ගජමුතුය. රතු මැණික් හැරුණු කොට අනෙක් කිසිවක් ළග තබාගැනීම නීත්‍යානුකූලව ගත් කල වරදකි. ඒ නිසා මේ වස්තුන් හොර රහසේ අලෙවි කරන්නටත්, ඒවා හොර රහසේ ගෙවල්වල තැත්පත්කර තබාගැනීමටත් ධනවත්තු උත්සාහ කරති. ඒවා නිකම්ම අල්මාරියක තබානොගත යුතු අතර වාසනාව ඇතිකරන්න නම් වතාවත්කර පිරිමැද නැවත තැන්පත් කළ යුතු යැයිද මතයක් තිබේ. ඇත් දළද මෙලෙස ළඟ තබාගන්නා වස්තුවක් වන අතර එය වාසනාව උදාකරන වස්තුවකට වඩා පරම්පරාවේ තේජස, බලපුලුවන්කාරකම, ධනවත්කම පෙන්වීමට ළඟ තබාගන්නා වස්තුවකි. එලෙස ගජමුතු ළඟ තබාගැනීම වාසනාව උදාකරන බවට පවතින මතය හේතුවෙන් ඒවාට ලොබ බඳින ධනවතුන් හා ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් ජාවාරම්කරුවෝ මෙලෙස ව්‍යාජ ගජමුතු නිර්මාණය කරති. ඇතාගේ වලිගයේ පවතින කෙස් නැතහොත් කෙඳි භාවිතාකර සකස් කරනු ලබන මුදු භාවිතා කිරීමෙන් අපල දුරුවන බවටද ඇතැම් මතයක් පවතින අතර මීට දශක තුනකට පමණ පෙර එවැනි මුදු රටපුරා අලෙවිවන්නට පටන් ගත්තේ උණු කැවුම් මෙනි. පසුව ජාවාරම්කරුවෝ ඇත් කෙඳි වෙනුවට ග්ලාස්ටික් කෙඳි භාවිතාකර මුදුහැදීමට පවා පෙළඹුනහ. ඇතැමුන් මෙවැනි මත ප්‍රචාරය කර ඒවා තමන්ට ධනය ඉපයීමට මාර්ග බවට පත්කර ගනිති. *ඇත්තටම ගජමුතු වටිනා දෙයක්ද? ගජමුතු වාසනාව කැන්දනවාද?මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ වනජීවි සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසරවේදී නයනක රංවැල්ල මහතා ගජමුතු හැදෙන්නේ ලක්ෂයක විතර එක ඇත්තෙකුගේ. හැම ඇතාගෙම ගජමුතු නැහැ. ඒ නිසා අපේ රටේ ගජමුතු අත්අඩංගුවට පත්වෙන විදිහට බැලුවොත් ඇතුන් දාස් ගණනක් මරන්න ඕන. අනෙක් කාරණාව තමයි ගජමුතු හෝ ඇත් දළ ළඟ තබාගත්තාම වාසනාව ඇති කරනවා කියන කතාවත් බොරුවක්. මොකද ඒවා ගන්න මිනිස්සු ඇතුන් ඝාතනය කරනවා. ඒ කියන්නේ මේවා ලේවැකි ද්‍රව්‍ය බවට පත්වෙනවා. ජීවිතය යදින සතෙක් ඝාතනය කරලා, ඒ සතාගේ දුක කඳුළ කැටි වෙලා තියෙන මේ සම්පත් ළඟ තබාගත්තාම ඒක වාසනාවක් නෙවෙයි සාපයක් බවට පත්වෙනවා. සමහර රටවල් විශේෂයෙන්ම අප්‍රිකානු රටවල ඇතූන් ආරක්ෂ කිරිම සඳහා ඇත්දළ හා ගජමුතු වැනි දේවල්වලට වටිනාකමක් ලබානොදෙන්න තීරණය කර තිබෙනවා.
ඔවුන් ඒවා අත්අඩංගුවට ගත්විට ප්‍රසිද්ධියේ පුළුස්සා දමනවා. අපේ රටේ ඇතෙක් ස්වභාවිකව මිය ගිය අවස්ථාවකදී ඒ සතාගේ දළ දෙක වනජීවි දෙපාර්තමේන්තුව භාරයට පත්කිරීම හෝ කිසියම් පූජනීය ස්ථානයකට පරිත්‍යාග කිරීම තුළින් නැවත වටිනාකමක් ලබාදෙන නිසා එය නවත්වා ඇතා සමගම දළ යුගලත් පුච්චා දැමීමට කටයුතු කිරිමෙන් මේ සමාජයේ පවතින අනවශ්‍ය වටිනාකම නැතිකරන්න පුලුවන්. ඇත්තටම එහෙම අමුතු දෙයක් මේ දළවල හෝ ගජමුතුවල නැහැ. මට ඇත්තටම ගජමුතූ කියන්නේ නම් තනිකරම බොරුවක්. ඒවා අද හදන්නේ සත්ව ඇටකටු හෝ විවිධ ගල්වලින්. ඒවා ළඟ තියා ගත්තාම වාසනාව උදා වෙනවා නම් ගලක් පොලිෂ් කරලා තියාගත්තාම හරි. ඇත්තටම හැම ඇතාගෙම ගජමුතු තියෙනවා නම් ඇතුන් බහුලව සිටින අනෙකුත් රටවලත් මේ ගජමුතු අලෙවිය සිදුවෙන්න ඕනෑ. නමුත් අපිට වෙනත් රටවලින් මේ ගැන අහන්න ලැබෙන්නේ නැහැ. ඉන්දියාව අප්‍රිකාව වගේ රටවල බහුලව ගජමුතු හමුවෙන්න ඕන. ඒත් එහෙම ගජමුතු හමුවීමක් අපිට අහන්න ලැබෙන්නේ නැහැ.ඒ නිසා මේ ගජමුතු ජාවාරම කියන්න සර්වප්‍රකාරයෙන්ම ජාවාරමක් මිස ඇත්තක් නෙවෙයි. (මුදිතා දයානන්ද - ලංකාදීප)
| මෝඩ හරක්! | 4 | POSITIVE |
ncpp_train_38576 |
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද නුවර එලියේ පැවති 2018 වසරට ප්‍රාර්ථනා ලබාදීමේ උත්සවයකට එක්වුණා. ඒ සීතා එළියේ අම්මාන් කෝවිලේදී එහිදී අගමැතිවරයාට විශේෂ ත්‍යාගයක්ද ලැබුණා.
| මෙහෙමත් ගොන්නු රැලක් . | 3 | POSITIVE |
ncpp_train_38577 |
අප්‍රිකානු රාජ්‍යයක් වන ලයිබීරියාවේ ජනපති පුටුවට එරට පාපන්දු තාරකාවක් වන ජොර්ජ් වියා තේරී පත්ව තිබේ. ඊයේ පිටවුණ දෙවන වටයේ ප්‍රතිඵලය අනුව ඔහු සියයට 61.5 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඉදිරියෙන් සිටියේය.
ඔහුට ප්රතිවාදීව තරග කර තිබුනේ උප ජනාධිපති ජෝසප් බොකායිය.
නෙල්සන් මැන්ඩෙලා විසින් ජොර්ජ් වියා “pride of Africa” යනුවෙන් අභිමානයෙන් හඳුන්වනු ලැබුවෙකි. ඔහු අප්‍රිකානු රාජ්‍යයකින් බිහිවූ එකම සුපිරි පාපන්දු තරුවයි. ඔහු 1990 දශකයේ සිය කුසලතා පෙන්වීමෙන් පසු එංගලන්තයේ මැන්චෙස්ටර් පිලටද පසුව ජර්මන් කණ්ඩායමකටද බැඳී පාපන්දු පිටිය සැරසූ අයෙකි.
ජොර්ජ් වියාගේ ජීවිත කතාව උත්සාහයෙන් මතුවූ වීරයින් ගැන පළවන පොත්පත්වලට නිතර විෂයවූවකි.
ලයිබීරියාව යනු දවසකට ශ්‍රී ලංකා රුපියල් 200 ක වත් සාමාන්‍ය ආදායමක් නැති පුරවැසියන් වාසය කරන අන්ත දුගී රාජ්‍යයකි. 1989-2003 අතර වසර 14 ක සිවිල් යුද්ධ දෙකක සහ එබෝලා වෛරසය නිසා පීඩාවට පත්ව ලක්ෂ ගණන් මියගිය රාජ්‍යයකි. 1944 න් පසු ඒ රටට ප්රජාතන්ත්රවාදී ලෙස බලහුවමාරුවක් සිදුව නැත.
ක්‍රීඩාව නිසා රටේ ඉහළ නමක් දිනූ නමුත් ජොර්ජ් වියා ට ජනපති පුටුවට එන්නට පහසු වූයේ නැත. ඔහු 2005 හා 2011 වසර වලද තරග කළ නමුත් ප්රජාතන්ත්රවාදී බලහවමාරුවන් වෙනුවට දූෂිත මැතිවරණ පැවති නිසා ඔහුට පසුබසින්නට සිදුව තිබුණි. කෙසේ වෙතත් ඔහු මෙවර ජයග්‍රහණය කර තිබේ. ජොර්ජ් වියාගේ ජයග්‍රහණය නිසා එරට ඔහුගේ අනුගාමිකයින් නගරයේ වීදි වෙත රැස්ව ප්‍රීති ඝෝෂා පවත්වන බවද විදෙස් වාර්තා සඳහන් කර තිබේ.
| බොරු මත සමාජ ගතකරන්න එපා.අපිට නිදහස ලැබුන එක හොඳ දෙයක්. නමුත් අපි ඊටපසු හොඳ නායකයෙක් පත් කරගත්තේ නැහැ. සුද්දෝ ගියේ සමාජය බේද බින්න කරලා.අපිට ඒවගෙන් ගැලවෙන්න බැරිව බේද වෙවී උන්නා. යුද්ද කළා. එහෙම උන නිසයි අපිට දියුණු වෙන්න බැරි උනේ. අපි හොඳ ශක්තිමත් රටට ආදරය කරන නායකයෙක් පත් කරගත්තොත් දැනුත් ගොඩ යන්න පුළුවන්.දකුණු ආසියාවේ තවමත් අපි ඉස්සරහින් ඉන්න රටක්. සංවර්ධන දර්ශකයන් අරන් බලන්න අපි ඔය කියන තරම් පහලට වැටිලා නැහැ. නමුත් අපිට මීට වඩා ලොකු දියුණුවක් ලබන්න තිබ්බ රටක්. | 5 | POSITIVE |
ncpp_train_38578 |
කෙමිස්ට්‍රි සර්ගේ පත්‍රිකා නිසා හෙළිවූ
රාජකීය සිසුවාගේබ්ලූටූත් - බොත්තම් -මාපටැඟිලි ගැජට් වංචාව
පසුගිය සතියේ උසස් පෙළ රසායන විද්‍යාව 2 වන ප්‍රශ්නපත්‍රය කලින් පිටවූ බවට ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය නිසා ජිනේන්ද්‍ර රණසිංහ නමැති උපකාරක පන්ති ගුරුවරයෙකු සැකයට භාජනයවීමෙන් පසු ඔහු සොයා සිදු කළ රහස් පොලිස් මෙහෙයුමේදී ටියුෂන් පන්ති පත්‍රිකා සිද්ධියෙන් එහාට ගිය අතිශය සූක්ෂ්ම විභාග වංචාවක් ගැන තොරතුරු අනාවරණය කරගන්නට පොලිසියට හැකි විය.
කල් ඇතිව රසායන විද්‍යා විභාග ප්‍රශ්න තමා සම්මන්ත්‍රණයකදී ලබාදුන් බව
හා ඒවා සසඳන ලෙස ඉල්ලමින් විභාගය අවසන්වූ සැණින් මෙම ටියුෂන් ගුරුවරයා එම අවස්ථාවේ පැවති විභාග ප්‍රශ්න සංස්කරණය කර ව්‍යාජ පත්‍රිකාවක් බෙදාහැර තිබුණ අතර ඒ පිළිබඳ පොලිසිය ඒවා බෙදූ අයගෙන් හා ගුරුවරයාගේ නිවසේ අයගෙන් ප්‍රශ්න කළ පසු ගුරු සොයුරා හා පියා අත්අඩංගුවට පත්විය. ජිනේන්ද්රෙග් සොයුරා මුලින් පැවසුවේ තමා ඒ ප්‍රශ්න පිටපත් විභාගය වෙලාවේ ලබාගත් කතාවකි. ඔහුගේ ටැබ් පරිගණකයේ එම විභාග ප්රශ්නවල කැමරා පිටපත්ද අඩංගු විය.
නමුත් දිගින් දිගටම ඔහුව පොලිස් ප්‍රශ්න කිරීම් වලට ලක්වෙද්දී මෙතෙක් ලංකාවේ විභාග ඉතිහාසයෙ වාර්තා නොවූ අතිශය සූක්ෂ්ම වංචාවක් ගැන තොරතුරු අනාවරණය විය.
ඇත්ත වශයෙන්ම
රසායන විද්‍යාව විභාග ප්‍රශ්න ටියුෂන් ගුරුවරයාට ලැබී ඇත්තේ එදින විභාගයට පෙනී සිටින සිසුවෙකු මාර්ගයෙනි. මෙම සිසුවා සිදු කළ විභාග වංචාව අති නවීන ආකාරයේ එකකි.
ඔහු විභාගය අවස්ථාවේ ප්‍රශ්න ඡායාරූපයට නගා ගුරුවරයාට අන්තර්ජාලය ඔස්සේ එවා විභාග පුටුවේ හිඳගෙනම ගුරුවරයා සමග සජීවීව සම්බන්ධව සිටිමින් එම ප්‍රශ්න වලට උත්තර දැනගෙන පිළිතුරු ලියා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ටියුෂන් ගුරුවරයාට මෙම වංචාව වෙනුවෙන් ලක්ෂ 10 ක් සිසුවාගේ පියා ගෙවා ඇති අතර ඔහු තමන්ට ලැබුණ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අත්පත්‍රිකා වංචාවට අතගසා ඇත්තේ අමතර වැඩක් ලෙසිනි.
කාටත් නොතේරෙන්නට විභාග ශාලාවේ සිට ගුරුවරයා සිටි තැනකට මෙවැනි සජීවී සම්බන්ධයක් ගොඩනගාගන්නේ කෙසේද?
පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ පුතෙකු වන එම සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නෙකි. එම සිසුවා ජිනේන්ද්‍ර රණසිංහ ලවා රසායන විද්‍යාව අවුරුදු දෙකක් තිස්සේ නිවසට ගෙන්වා ගෙන ඉගෙනුම ලැබූ බව පැවසේ. ඔහු තොරතුරු තාක්ෂණයේද නිපුණ සිසුවෙකි. ඔහු කෙටි චිත්‍රපට නිපදවන්නෙකු වන අතර පසුගිය කාලයේ ඔහු කළ නිර්මාණයක් කැනඩාවේ ඇගයීමකට ලක්වී එහි සංචාරයක්ද සිදු කර ඇත.
නවීන තාක්ෂණික ගැජට් ගැන හසළ අවබෝධයක් ඇති මෙම ළාබාල තරුණයා විභාග වංචාවට යොදා ගෙන ඇත්තේ ගැජට් දෙකකි.
එක් ගැජට්ටුවක් නම් කමිස බොත්තමේ රඳවන රහස් කැමරාවකි. කැමරාව සහිත බොත්තම හා ස්විච්චය ලෙස කොටස් දෙකකින් එන එමගින් ඡායාරූප ගන්නේ කමිසයේ බොත්තම ඉවත් කර ඒ වෙනුවට කැමරාව සවි කළ පසු කකුලේ මාපටැඟිල්ල අසල ස්විච්චය රඳවා එය ස්පර්ශ කිරීමෙනි. ස්විච්චය තද කරන වාරයක් පාසා බොත්තම් කැමරාව ඡායාරූප ලබාගෙන ෆේස් බුක් පිටුවක් වෙත ඉබේම අප්ලෝඩ් කරයි.
දෙවැනි ගැජට්ටුව නම් කණ ඇතුලේ රඳවන බ්ලූටූත් සෙට් එකකි. මීටර 200 පමණ දුරක ඇති ජංගම දුරකථනයක් සමග සම්බන්ධ විය හැකි එම ගැජට්ටුවට එන ඇමතුමකට කාටත් නොතේරෙන්නට උත්තර දෙන්නට කෙනෙකුට හැකියාව ඇත. පිටතින් බලන කෙනෙකුට කණේ එවැන්නක් ඇතැයි පෙනෙන්නේ නැත. ඉතා සූක්ෂ්ම ලෙස කණෙහි එය රඳවන්නට පිටතින් කාන්දමක්ද උදව් කරගත යුතු බව පැවසේ.
රාජකීය විද්‍යාලයේ විභාග ශාලාවට යන්නට පෙර ජිනේන්ද්‍ර සර් සමග මෙම
සිසුවා මේ කියන ගැජට් නිසි ආකාරයෙන් විභාග වංචාවට යොදාගත හැකි ආකාරය පුහුණුවට ලක්කර ඇති බව වාර්තා විය. ජංගම දුරකථනය ක්‍රියාත්මක කරවා එය විභාග ශාලාවට ආසන්න ස්ථානයක රඳවා ගුරුවරයා සමග සජීවීව සම්බන්ධතාවය ගොඩනගාගෙන විභාගය ලියන්නට ගිය මෙම සිසුවා ප්‍රශ්න පත්තර බෙදූ පසු කමිස බොත්තම දෙසට ප්‍රශ්න පත්‍රය හරවා ඡායාරූප ලබාගෙන ඇති අතර ඒවා ෆේස්බුක් වෙත ලැබුණ පසු බොරැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයාගේ නිවසේ රැඳී සිටි ගුරුවරයා ඒවා ලබාගෙන එසැණින් පිළිතුරු සකසමින් සිසුවාට කතා කර කියා තිබේ. සිසුවාගේ පැත්තෙන් කතා කිරීම අපහසු නිසා ‘ඇහුනෙ නෑ‘ ‘ආයෙත් කියන්න‘ වැනි ප්‍රතිචාර සඳහා කුඩා ශබ්ද මගින් සංඥා නිකුත් කරන්නට පෙර පුහුණුවී ඇත. වාර්තා වන අන්දමට රසායන විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයටද ගුරුවරයා සමග සිසුවා මෙම සම්බන්ධය තබාගෙන ඇති අතර මෙම සිසුවා මේ ආකාරයට ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව වෙනුවෙන්ද ගුරුවරුන් යොදාගෙන මෙම වංචාව සිදු කර ඇතිදැයි විමර්ශන සිදුවේ.
මෙම සූක්ෂ්ම විභාග වංචාවට හවුල්වූ වෛද්‍ය පියාද සිසුවාද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම වංචාව සිදුකිරීම වෙනුවෙන් ජිනේන්ද්‍ර රණසිංහට වෛද්‍ය පියා ලක්ෂ 10 ක් ගෙවා ඇති අතර ඒ මුදල් නිවසට රැගෙන ආ ජිනේන්ද්‍ර පත්‍රිකා පිටවීමෙන් වැඩේ අවුල් වන බව දැනගත් පසු මේ වනවිට නිවසින්ද අතුරුදන්ව සිටී. ඔහු මුළු මුදලින් රුපියල් 20000 ක් පමණක් රැගෙන ඉතිරිය නිවසේ තබාගොස් ඇති අතර 980000 මුදල පොලිසියට බාර දීමට සොයුරා පියවර ගෙන ඇත. විභාග වංචාව සිදු කරන අතර පත්‍රිකාවට අදාළ ඡායාරූප තමන් වෙත යොමු කරන බව දැනුම් දී තිබුණ බවත් විභාගය ඇරඹී මිනිත්තු 45 කින් පමණ ඒවා තමන්ගේ ටැබ් එකට එවූ බවත් සොයුරා පාපොච්චාරණය කර ඇත. ප්‍රතිකාව මුද්‍රණය කර බෙදාහැරීම දක්වා වැඩ සිදු කර ඇත්තේ ඔහුය.
මෙම විභාග වංචාව නිසා රාජකීය විද්‍යාල සිසුවාට වසර 5ක විභාග තහනමක් පැමිණවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ඉදිරියේදී මේ ආකාර ගැජට් යොදාගෙන විභාග වංචා සිදු කරන්නන් නීතියේ රැහැනට අසුකරන්නට පියවර ගන්නා බවද විභාග කොමසාරිස් වරයා දන්වා තිබේ.
| ඔන්න සල්ලි කාරයන්ගේ වැඩ ..ඉතින් මුන් saitm වහනවට කැමති වෙයිද ..හැමදේම වංචාව .. සල්ලි නැති එකාට ඇපත් නැ | 19 | POSITIVE |
ncpp_train_38579 |
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේය. ශෂී වීරවංශ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් සමඟ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කළා. විත්තිකරුවන්ට රටින් පිටවීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් ද නිකුත් කළා.
පසුගිය සිකුරාදා (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් ඇයට නියම කළේය. ශෂී මහත්මිය ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඇතුළු විදේශ ගමන් බලපත්‍ර දෙකක් වංචනික ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වේ. මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව අභියෝගයට ලක්කරමින් ශෂී වීරවංශ මහත්මිය කොළඹ මහාධිකරණයට අභියාචනයක් ගොනුකර තිබුණේ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහාය.
ඒ අනුව විත්තියේ නීතීඥවරයා අභියාචනයක් විභාග වන තෙක් ඇප මත මුදා හැරීමට ඉල්ලුම් කළ අතර වරදේ බරපතළකම සැලකිල්ලට ගෙන විත්තිකරු ඇප මත මුදාහරින ලෙස අධිකරණයට දන්වා සිටියේය. නීතිපතිවරයා විසින් එම අයදුම්පත්‍රය සඳහා විරෝධතා ඉදිරිපත් නොකළ අතර එම අයදුම්පත සඳහා අභිමතය පරිදි බලය යොදන ලෙස අධිකරණයට ආරාධනා කළේය. විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
| Inna Hithena RATAK | 14 | POSITIVE |
ncpp_train_38580 |
ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කළේ නීතිඥ සංගමයේ මතය නොව තමාගේ
පෞද්ගලික මතයයැයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද. සිල්වා මහතා සඳහන් කරයි.
යු.ආර්. ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීම සම්බන්ධ ගැටලුවලට අදාළව, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ඡනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා ලෙස පැහැදිලිව හදුන්වා දෙමින් ඉදිරිපත් කළ මතයන් කිසිසේත්ම නීතිඥ සංගමයේ මතයන් නීතිඥ සංගමය වෙනුවෙන් කළ මතයන් නොව
මගේ වෘත්තීය දැනුම අනුව සිදුකළ පෞද්ගලික මතයන් බව අවධාරණයෙන් සඳහන් කර සිටිමි.
මේ ආකාරයට ප්‍රකාහයක් නිකුත් කිරීමට ඔහුට සිදුවූයේ සංගමයට අදාළ අනෙක් සාමාජිකයින් ඔහුගේ මත සම්බන්ධයෙන් විරෝධතා එල්ල කළ පසුව බව වාර්තාවේ.
| රනිල් නේද මෙයාව පත් කෙරුවෙ? | -10 | NEGATIVE |
ncpp_train_38581 |
කෘතහස්ත දේශපාලඥයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය
කොළඹ ලංකා හොස්පිටල්ස්හි ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (29දා) අභාවප්‍රාප්ත වූවාය.
ඇය වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මෙන්ම වරුණි තාරකා මහත්මියගේ ආදරණීය මව වන්නීය.
මිය යන විට ඇය 77 වැනි පසුවූවාය. 1994 වසරේ පැවැති ජනපතිවරණයට ඇය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත්වුවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමුවේ පරාජයට පත්වූවාය.
| මෝල් ගහේ දලු එන දවසට... | 1 | POSITIVE |
ncpp_train_38582 |
තමා වෘත්තීය සිනමාවේදියෙකු නොවන බවත් 1980 ගණන් වල මුලදී
සිනමා නිර්මාණයක් කළ පසු නැවත සිදු කළේ 2000 වසර පසුවී බවත් ජීවිත කාලය තුළ නිර්මාණ 10-12 කට වඩා කර නැති බවත් නැසීගිය ධර්මසේන පතිරාජ මියයන්නට පෙර පසුගිය වසරේ පැවති උපහාර උත්සවයකදී සඳහන් කළේය.
තමා ජීවත්වූයේ විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු ලෙස ලැබුණ මාසික පඩියෙන් බව කියා තිබුණ ඔහු එම උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස පැමිණි ජනපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටියේ අනාගතයේ සිනමා ක්ෂෙත්රය වැඩිදියුණු කර අලුත් පරපුරට අතදෙන ලෙසයි. එම කතාව පහතින්
| ඔබතුමාට නිවන් සැප ලැබේවා. | 106 | POSITIVE |
ncpp_train_38583 |
පස්සර සිට කොළඹ බලා යෑමට පැමිණෙමින් සිටි මව, දුව ඇතුළු පස් දෙනකු පැමිණි සුඛෝපභෝගී රථයක්මත්තල අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ගයෙහිදී පෙරළී යෑමෙන් සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ මව සහදියණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.මෙසේ මියගොස් ඇත්තේ අංක 163/සී, අයි. ඩී. එච්. පාර, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ලිපිනයෙහිපදිංචිව සිටි මාකේවිටගේ ලෙටිෂියා හෙලන් විජේවර්ධන නමැති හතළිස් හත් හැවිරිදි මව සහ රසත්චිරාඩිසානා තිසරණී නමැති ඇගේ විසි හැවිරිදි දියණියයි.මියගිය අය පවුලේ සෙසු අය සමඟ බදුල්ල පස්සර දැමේරියා පාරේ පිහිටි නිවෙසට ගොස් ආපසුමුල්ලේරියාවේ පිහිටි දැනට
ඔවුන් ස්ථිර පදිංචිව සිටින නිවෙසට යන අතරතුරදී මෙම අනතුර සිදුව තිබේ.අනතුර සිදුවන අවස්ථාව වන විට මෝටර් රථයෙහි මියගිය මව, ඇගේ ස්වාමිපුරුෂයා, දරු දෙදෙනා සහමියගිය දියණිය ගමන් කර ඇති අතර පුතා මෝටර් පදවාගෙන ගොස් තිබේ.අනතුරින් තුවාල ලැබූ පියා සහ අනෙක් දියණිය ප්‍රතිකාර සඳහා දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබේ.අනතුරින් රිය පැදවූ අයට සුළු තුවාල පමණක් සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.එහිදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයෙහි පිටුපස රෝදයක් එකවර පුපුරා යෑමෙන් මෝටර් රථයපෙරළී ගොස් මෙම රිය අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය. මෙම රිය අනතුරින්බරපතළ තුවාල ලැබූ මව සහ දියණිය ලුණුගම්වෙහෙර ග්‍රාමීය රෝහලට ඇතුළත් කරන විටත් මව මියගොස්තිබිණි. දියණිය ලුණුගම්වෙහෙර රෝහලෙන් හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා ඇති අතර එහිදීප්රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ.මියගිය මවගේ මෘතදේහය තිස්සමහාරාම මෘත ශරීරාගාරයෙහි තබා ඇති අතර, දියණියගේ මෘත ශරීරයහම්බන්තොට දිස්ත්‍රික් රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි තබා තිබේ.මෙම මියගිය දෙදෙනා පිළිබඳව සිදුකරනු ලබන පී. සී. ආර්. පරීක්ෂණ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බව තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂක කේ. ජී. සී. නිරංජන් මහතා පැවැසීය.තිස්සමහාරාම _ රංජිත් මාදලගේ, මත්තල - ඩී. එන්. ජයසේකර ඡායාරූප _ මත්තල - ඩී. එන්. ජයසේකර
| කවුද ඔයි මේ වගේ ළඩි වලට සුඛෝපභෝගී වාහන කියන්නේ ? | 4 | POSITIVE |
ncpp_train_38584 |
ප්‍රේම සම්බන්ධතාව අතරමග නතර කළැයි උරණ වී සිය 22හැවිරිදි පෙම්වතිය මාතර කුමාරතුංග මාවතේදීම බලහත්කාරයෙන් ත්‍රීරෝද රථයකට දමා පැහැරගෙන ගොස් ඇයට තම ආදරය ඔප්පු කිරිම සඳහා පිහියකින් තමන්ගේ ගෙල හා අත කපා ගෙන තුවාල සිදු කරගත් පෙම්වතකු අත්අඩංගුවටගත් බව මාතර මූලස්ථාන පොලිසිය පවසයි.
මාතර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණිය මිතුරියන් දෙදෙනකු සමඟ ලඝු ලේඛන පන්තියකට සහභාගිවී නැවත නිවස බලා යන අතරතුරදී මෙම සිද්ධියට ලක්ව තිබේ.
පිහියක් පෙන්වා එම තරුණිය ත්‍රිරෝද රථයට බලහත්කාරයෙන් නංවාගෙන යන අතරතුර කාන්තාවක ඒ අසල රථ වාහන හැසිරවීමේ රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරුන් දෙදෙනකුට ඒ බව දැනුම්දී ඇත.
ඒ සමගම ත්‍රිරෝද රථය පිටුපසින් පොලිස් යතුරුපැදිය ලුහුබැඳ ගෙන ගොස් තිබේ.
පසුව ත්‍රිරෝද රථය කිරල කැලැවතුළට පලා ගොස් තිබූ අතර සැකකරු තරුණිය ද අල්ලා ගෙන පිහිය පෙන්වමින් පොලිසිය ඉදිරියට පැමිණීම වළක්වා ගෙන ඇත. එම අවස්ථාවේ දී තරුණියගේ ජීවිතයට අනතුරක් සිදුවීම වැළැක්වීම සඳහා පොලිසිය ඉතා සූක්ෂම ලෙස සැකකරු සමඟ කතා බහ කරමින් ඔහු සන්සුන් කර ගැනීමට උත්සාහ කර තිබේ.
පොලිස් සැරයන් තුෂර ප්‍රියදර්ශන (61924) හා ඩී.එල්.ආර්. තුෂාර (60792) මේ අවස්ථාවේදී ඉතාම සුක්ෂම ලෙස සැකකරුගේ අවධානය ගනිමින් ඒ අතරතුරදී මාතර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග මහතාටද ඇමතුමක් ගෙන සිද්ධිය දැනුම්දී ඇත.
සිද්ධිය ඉංග්‍රීසි චිත්‍රපටයක ත්‍රාසජනක දර්ශනයක් වැනිවිය. තරුණයා තරුණියට ඇති ආදරය පෙන්වීම සඳහා පළමුව තම අත වැලමිට අසල සිට පහලට කපාගෙන ගෙල ද කපා ගෙන තිබේ.
එවිට තරුණිය සිහිසුන්ව ඇද වැටී ඇති අතර ඇයට වතුර ටිකක් ඉසීමට පොලිසිය ළංවී ඇයගේ පියවි සිහිය ගැනීමට උත්සාහකරද්දී පොලිස් සැරයන්වරුන් දෙදෙනා පිහිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මාතර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග මහතා ඇතුළු කණ්ඩායමක් ද පෞද්ගලික වාහනයකින් එම ස්ථානයට පැමිණ ප්‍රකෝපකාරීව හැසිරුණු සැකකරු අත්අඩංගුවට ගැනීමට සහාය වී තිබේ.
තුවාල සහිතව සිටි සැකකරු ඉතා ඉක්මණින් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය ක්‍රියාකළේය. පොලිස් සැරයන්වරුන් දෙදෙනා ඉක්මනින් ක්‍රියාත්මකවී උපක්රමශීලීව කටයුතු නොකළේ නම් විශාල අපරාධයක් සිදුවීමට ඉඩ තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතා ද ඔවුන්ගේ එම ක්‍රියාව ප්‍රශංසාවට ලක්කර තිබේ. මාතර හිත්තැටියේ පදිංචි 24 හැවිරිදි සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඔහු දැනට පොලිස් ආරක්ෂාව යටතේ මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.
- ක්‍රිෂාන් ජීවක ජයරුක් -
| ගොඩක් කුඩු පාවිච්චි කරන්න පුරුදු වුණා නම් ලේ දැකීමට පියකරනවා.කනගාටුයි.කෙල්ලො නම් දැන් zero.බින්දුවයි | -2 | NEGATIVE |
ncpp_train_38585 |
ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද (30) පැවති විස්සයි20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ තරගයකින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරාජය විය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 142 ට පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව 146 ක් ලබාගත්තේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට පෙර (19.5) පන්දුවේදීය.අද තරගයේ 17 ඕවරයේ වනිදු හසරංග කඩුළු ත්‍රිත්වයක් ලබාගෙන දස්කම් දැක්වුවද ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත් අඩු ලකුණු හේතුවෙන් ජයග්‍රහණයක් ලබාගන්නට බැරි විය. පරාජයෙන් පසු Points table අනුව ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයේ 4 වැනි තැනට පත්ව ඇත.
| අපේ දිකා, ඩැනී, කුසලා සහ ඇන්ජි. ආපහු ආවම ටිම් එක වර්ල්ඩ් කප් දිනිනව...ඉන්දියාවට ඉනින්ස් පිට ගහන්නේ.. | -16 | NEGATIVE |
ncpp_train_38586 |
ජපානයේ පළවන ප්රමුඛ පෙලේ පුවත්පතක් වන ‘නිකෙයි ඒසියා‘ (Nikkei Asia ) සිය ආසියානු ආර්ථික තොරතුරු පිටුවේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික කඩාවැටීම ගැන විග්රහාත්මක ලිපියක් පෙරේදා (28) පළ කර තිබේ. කොරෝනා වසංගතය හමුවේ නිල හා නිල නොවන මට්ටමින් ආනයන තහනම් කිරීමට රජය පියවර ගෙන ඇති අයුරුත් එය ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති අයුරුත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ගෙන් හා මහබැංකු ප්‍රධානීන්ගේ අදහස් ලබාගනිමින් එම ලිපිය සකසා ඇත.
එහි මෙසේ සඳහන්වේ.විදේශ විනිමය අර්බුදය දැඩි මුදල් ඉතිරි කර ගැනීම සඳහා පසුගිය වසරේදී දින නියමයක් නොමැතිව ආනයන තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රජයට බල කළ අතර එම තත්වය මධ්‍යයේ ව්‍යාපාර සිය ගණනක් පැවැත්ම සඳහා තවමත් සටන් වදිති. කුඩා අය වසා දමා ඇති අතර ඔවුන්ගේ ජීවනෝපායන් බොහොමයක් අහිමි වී ගොස් ඇත.පසුගිය වසරේ මාර්තු මාසයේ සිට රජය විසින් මෝටර් රථ සහ වායුසමීකරණ යන්ත්‍රවල සිට බියර්, ඇඳුම් පැළඳුම්, ආලේපන සහ කහ වැනි කුළුබඩු ආනයනය කිරීම තහනම් කර ඇත.COVID-19 පැතිරීමත් සමඟ රට අගුලු දැමීමට සිදුවීමත් සමඟ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය විශාල වශයෙන් පහළ ගියේය. සංචාරක කර්මාන්තය රටේ ප්‍රධාන විදේශ විනිමය ඉපැයීම් වලින් එකක් වන නමුත් ගෝලීය හා දේශීය සංචාරක සීමාවන් නිසා සංචාරක ඉපැයීම් 2020 දී ඩොලර් මිලියන 957 ක් දක්වා පහත වැටී ඇති අතර එය පෙර වසරේ ඩොලර් බිලියන 3.6 ක් විය.නිකේ ආසියා ලිපිය වෙනුවෙන් අදහස් දැක්වූ මීගමුවේ සුසුකි යතුරුපැදි බලයලත් අලෙවිකරුවෙකු ලෙස සාර්ථකවූ ස්ටීව් චි මෙය විග්රහ කළේය. ඔහු ආනයන තහනමට ගොදුරු වූ අයෙකි.පසුගිය වසරේදී ඔහුගේ ව්‍යාපාරය වසා දැමීමට සිදුවිය. "රජය මාර්තු මාසයේදී මෙම තහනම පැනවූ පසු හයවන මාසය පමණ වන විට අපට ව්‍යාපාරයේ රැඳී සිටීමට තොග නොතිබුණි," ඔහු පැවසීය.චිට අනුව, ආනයන තහනම නිසා දෙවන වෙළඳපොල අහස උසට නැඟී ඇත. පාවිච්චි කරන ලද ස්කූටර ශ්‍රී ලංකාවේ රුපියල් 500,000 කට (ඩොලර් 2,510) විකුණනු ලබන අතර, එම මාදිලියේම නවතම ස්කූටරයක් තහනමට පෙර රුපියල් 350,000 කට භාවිතා කරන ලදී. ව්‍යාපාර, ඒවායේ අයිතිකරුවන් සහ තහනමට ගොදුරු වූ සේවකයින් රැකබලා ගැනීමට රජය අපොහොසත් වීම පිළිබඳව ඔහු කලකිරීමෙන් කථා කළේය."COVID විශාල බලපෑමක් ඇති කර ඇත, නමුත් ආනයන තහනම අපට වඩා විශාල ගැටලුවක්" ඔහු පැවසීය.රටේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන ලංකා මෝටර් වෙළෙඳුන්ගේ සංගමය (සීඑම්ටීඒ) ආනයන මත යැපෙන තවත් බොහෝ ව්‍යාපාරවල හැඟීම් ප්රතිරාවය කරයි. සමූහයේ සභාපති යසේන්ද්‍ර අමරසිංහ මහතා පැවසුවේ කර්මාන්තයට ඇති බලපෑම “දැඩි” බවයි."අපගේ සියලුම සාමාජිකයින්ට එය දුෂ්කර වී ඇත ... මන්ද යථා තත්ත්වයට පත්වීමට කොපමණ කාලයක් ගතවේදැයි අප නොදන්නා බැවින් අපට කල්තියා ඒ ගැන සැලසුම් සකස් කළ නොහැක"ඔහු පැවසීය. ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් වසරකට වාහන 50,000 ත් 60,000 ත් අතර ප්‍රමාණයක් ආනයනය කරයි."මහා පරිමාණ දොට්ට දැමීම්වලට යටත් නොවී අඛණ්ඩව ක්‍රියාත්මක වීම තරමක් අභියෝගයක් වී ඇත. මේ වන විටත් ග්‍රාමීය ප්‍රදේශවල කුඩා අලෙවි නියෝජිතයින් දිවි ගලවා ගැනීම සඳහා වෙනත් ව්‍යාපාරවල නිරතව සිටිති." අමරසිංහ මහතා පැවසීය.ජුනි මස අවසානයේදී රටේ විදේශ සංචිතය ඩොලර් බිලියන 4 ක් වූ අතර එය 2020 අවසානයේදී ඩොලර් බිලියන 5.6 ක් විය. සංචිත ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව මේ වසර මුලදී චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක මුදල් හුවමාරුවක්, බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250 ක් හුවමාරු කර ගැනීම සහ ඩොලර් මිලියන 400 ක් ඉන්දියාවෙන් හුවමාරු වන අතර එය අගෝස්තු මාසයේදී ලබා ගත හැකිය.
ඩොලර් බිලියන 1 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීමෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය මේ වන විට ඩොලර් බිලියන 3 ක් පමණ වන බව මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ජූලි 27 වන දින නිකුත් කළ නිවේදනයක දැක්වේ.මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංචිත ඉතා පහත් මට්ටමකට වැටී ඇති බවත්, විධිමත් වෙළඳපොලෙන් විදේශ විනිමය අතුරුදහන් වීමටත්, ලාභදායී කළු වෙළඳපොළක් සඳහා බීජ වැපිරීමටත් හේතු වී ඇති බවයි. නිල විනිමය අනුපාතය ඩොලරයට රුපියල් 202 ක් වන අතර කළු වෙළඳපොල ඩොලරයකට රුපියල් 236 ක් දක්වා ලබා දෙයි. "සාමාන්‍යයෙන් නිරෝගී වෙළඳපලක එම ආන්තිකය රුපියල් 1 සිට 2 දක්වා විය යුතුය," ඔහු නිකේට පැවසීය.පසුගිය සතියේ මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් විසින් ශ්‍රී ලංකාවේ Caa1 විදේශ මුදල් දිගුකාලීන නිකුත් කරන්නා සහ ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම සඳහා සමාලෝචනයට ලක් කර ඇති අතර මේ මස මුලදී ෆිච් රේටින්ග්ස් විසින් ශ්‍රී ලංකාව සී.සී.සී. කාණ්ඩයට පහත හෙලන ලද්දේ ඉදිරි පස් වසර සඳහාය. ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 29 ක් සොයා ගත යුතුය.2009 දී අඩ සියවසක යුද්ධයක් අවසන් වීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චීනය වෙත හැරී විවිධ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීය. විශේෂයෙන් කොළඹ සහ ඔහුගේ උපන් ගම වන හම්බන්තොට. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ නෙළුම් කුළුණ ඇතුළු කොළඹ සමහර ව්‍යාපෘති මහජන මුදල් විශාල වශයෙන් නාස්ති කිරීමක් ලෙස සලකනු ලැබීය. ඉදිකිරීම් අවසන් කර තිබියදීත් කුළුණ මහජනයාට වසා ඇත.ආනයන තහනම පිළිබඳව ශ්‍රී ලංකාවේ වෙළඳ හවුල්කරුවන් අනතුරු අඟවා තිබේ. ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ අපනයනවල වටිනාකම 2019 දී යුරෝ බිලියන 1.24 සිට 2020 දී යුරෝ මිලියන 904 දක්වා පහත වැටී ඇති අතර එය 27% ක අඩුවීමක් සහ වසර 10 ක් තුළ අඩුම අගයයි. ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් යන්ත්‍රෝපකරණ, ඖෂධ, යකඩ හා වානේ නිෂ්පාදන සහ යුරෝපයෙන් වාහන ආනයනය කරයි.“පසුගිය වසරේ සිට විවිධ ආකාරවලින් ශ්‍රී ලංකාව විසින් පනවා ඇති පුළුල් ආනයන සීමා කිරීම් පිළිබඳව යුරෝපා සංගමය දිගින් දිගටම බරපතල කනස්සල්ලට පත්ව සිටී” යැයි යුරෝපා සංගමයේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට නියෝජිතයෙකු නිකේයිට පැවසීය. ඔවුන්ගේ ලෝක වෙළඳ සංවිධානයේ බැඳීම් තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටි අතර යුරෝපා සංගමය මෙම ප්රශ්නය නැවත වරක් මතු කර තිබේ. MUNZA MUSHTAQ, Contributing WriterNikkei Asiaමුල් ලිපියට සබැඳිය - https://asia.nikkei.com/Economy/Sri-Lanka-s-import-ban-puts-hundreds-of-businesses-in-jeopardy
| ආ ඇත්තද ? ටොයිලට් එකට යන්ටත් මෝටර සයිකල් ඕනේ රටක් මේක.දැන් බහුතර රටවල කරන්නේ පොදු ප්‍රවාහනය දියුණු කරලා වාහන ආනයනට, තෙල් පරිභෝජනය අඩු කරන එක. ඒක ආනයන අපනයන පරතරය වැඩි අපේ වගේ රටකට හොඳම දේ. නැතිව ලෝකේ තියෙන හැම ස්කූටියක්ම ලංකාවට ගෙනල්ල ,එකට ඕනේ තෙල් මුත් රටින් ගෙනල්ල නෙවයි. ඒවාට ඕනේ කොහෙන්ද ? ඩොලර් එක නගන්නේ රටේ ඉන්න ගෑනු ටික පිට රට වැඩට යවලද ? ඇඟිල්ලේ හැටිය ඉදිමුනානම් තමයි හොඳ .. | -1 | NEGATIVE |
ncpp_train_38587 |
9.30am
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිනි අවියක් සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි සැකසීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයිද අත් අඩංගුවට ගනු ලැබූ ශානි අබේසේකර මූල්‍ය අපරාධ කොට්ඨාසයට රැගෙන ආ බවද වාර්තා විය.
8.00am
වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (31) උදෑසන පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ සාක්ෂි සැඟවීමේ චෝදනාවකි.
ශානි අබේසේකර මහතාගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව
කොළඹ අපරාධ කොට්ඨාශය තහවුරු කර තිබේ.
රන්ජන් රාමනායක සමග පැවති දුරකථන සංවාදවලදී ඔහුගෙන් යම් යම් තොරතුරු පිටවූ අයුරු මින් ඉහත වාර්තාවී තිබුණි.
රාජපක්ෂ පවුල හා සම්බන්ධ අපරාධ පරීක්ෂණ රැසක මූලිකයාව සිටි ශානි අබේසේකර 2019 ජනාධිපතිවරණයෙන් පසුව එක්වරම සේවය අත්හිටුවීමට ලක්වූ අතර ඔහුව මාරු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබුණි.
එය අභියෝගයට ලක් කරමින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර තිබූ අතර ඊයේ (30) අධිකරණයේදී එය ඉල්ලා අස්කර ගෙන තිබුණි.
| අද සත්‍යය නෑ ඉඩ. දැන් නම් ඉතින් සැපමම තමයි. | 89 | POSITIVE |
ncpp_train_38588 |
Update: Nov1 -11am.ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතනය තහනම්
නල්ලතන්නිය පීක්ෆීල්ඩ් වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා ඇති බව අද (1) වාර්තා විය.
ඊයේ (31) වතුයායේ නිරික්ෂණ චාරිකාවක නිරත වු මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින්මෙම තීරණයට එළැඹ ඇත.------------Update: Oct31 -2pm.ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව
සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය
පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය කර හරින ලද ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතනයක් ඉදිකරන්නට යන සංසිද්ධිය මේ වනවිට බොහෝ දුරදිග ගොස් තිබේ.
මෙම කතාව ජාතිවාදය,දේශපාලන විරෝධය හා පාරිසරික ප්‍රශ්න වැනි විවිධ කාරණා අවුස්සන සුළු මාතෘකාවක් බවට පත්ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේටද මාධ්‍ය ඉදිරියේ පිළිතුරු සපයන්නට කරුණු යෙදුණා.
ශ්‍රී පාදයට ආසන්නයේ බැසිල් රාජපක්ෂට අයත් ඉඩමක් අරාබි ජාතිකයින් පිරිසකට
හෝටලයක් ඉදිකිරීම පිණිස විකුණා ඇති බවත් ඒ කටයුත්තට එම අයිතිකරුවන් හෙලිකොප්ටරයකින් එම ඉඩමට පැමිණ සොයා බලා ඇතිය යන්න මෙහි එක් කාරණාවකි.
මේ සම්බන්ධ ඇතැම් විශ්වාස කළ හැකි ඡායාරූප කිහිපයක්ද සමාජ ජාලා වලින් සංසරණය වූ අතර ශ්‍රී පාදය ‘ආදම්ස් පීක්‘ නමින් හදුන්වමින් මුස්ලිම් ලබ්ධිකයින්ද වන්දනා මාන කරන බැවින් ඉදිරියේදී එය මුස්ලිම් සිද්ධස්ථානයක් බවට පරිවර්තනය කරගන්නා මුල් අවස්ථාව මෙය බව දක්වමින් අනතුරු හගවන්නට සමාජ ජාලා පිටු උත්සාහ ගෙන තිබුණි.
මෙම කතාවට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේ පිළිතුර වූයේ මෙම ස්ථානය වන්දනාමාන කිරීම ඕනෑම ආගම් අදහන්නෙකුට හැකි බවත් එය මුල්කරගෙන ගැටලු ඇතිකරගන්නට උවමනා නැති බවත්ය. එසේම උන් වහන්සේ දැනුවත්ව ශ්‍රී පාදයට අයිති ඉඩම් නැති නිසා කොහේවත් හදන හෝටලයකට අයිතිවාසිකම් කියන්නට හෝ විරුද්ධ වන්නට තමන්ට උවමනා නැති බවත් උන්වහන්සේ දන්වා සිටියා.
කෙසේ වෙතත් එම රැස්වීමට සහභාගීවූ නිලධාරීන් මෙවැනි
ඉදිකිරීමක් සිදු කරන බව තහවුරු කර තිබේ.
දැනට වාර්තාවන ආකාරයට ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන නල්ලතන්නි පොලිස් වසමට අයත් ස්ථානයක මෙම සංචාරක නිකේතනය ඉදිකරන්නට සැලසුම් කර ඇත.
එය ශ්‍රීපාදය පාමුල පිහිටා ඇති බවට සමාජ ජාලා මගින් විස්තර කර තිබුණත් ගූගල් සිතියම අනුව කළ සොයා බැලීමකදි එම හෝටලය ශ්‍රී පාද මළුවේ සිට කිලෝමිටර් හයක් එපිටින් වු මරේ දියඇල්ල ආසන්නයේ පෞද්ගලික ඉඩමක පිහිටා ඇති බව පෙනී යයි.
සංචාරක නිකේතන සදහා අදාළ වන පාරිසරික බලපත්‍රය ලැබේ නම් එම ඉදිකිරීම කවුරුන් කළත් ගැටලු ඇති නොවන අතර මේ සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය මත මධ්‍යම පරිසර අධිකාරිය මේ වනවිට එම ස්ථානය ගැන සෝදිසියකට ගොස් ඇත්තේ එම අවසරය ලබාදිය හැකිද යන්න සොයා බැලීමටය.
මෙම ඉඩමේ අයිතිකරු බැසිල් රාජපක්ෂ යයි එක්තරා පිරිසක් පවසද්දී තවත් පිරිසක් පවසන්නේ වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සම්බන්ධයක් මෙම ඉඩමට ඇති බවකි. පසුගියදා බැසිල් රාජපක්ෂගෙන් සෘජුව මාධ්‍ය මේ ගැන විමසූ අවස්ථාවේ ඔහු එය තමන්ට අයිති බව හෝ නැති බව නොකියා ගියේ ප්‍රහේලිකා උත්තරයක් දෙමිනි.
අරාබි ජාතිකයින් ඇවිත් සොයා බලා ගිය අවස්ථාවේ ලබාගත් බව කියන ඡායාරූප පහතින්
| අපි අරාබිකරයේ අවුරුදු තිහක් වැඩ කලත් ඉඩමක් ගන්නවා තියා පුරවසිකමවත් දෙන්නේ නැහැ. මුන් මෙහෙ ඇවිත් උන්ගේම හෝටල් හදනවා හිටපු ආණ්ඩුවේ පර හැත්ත නිසා. ඇයි තව කල්පිටියේ දූපතක් කතාර් රජයේ එකෙකුට වික්කෙත් බැසිල්ම තමා. ශ්‍රීපාදස්ථානයේ හාමුදුරුවොත් මහින්දගේ නඩයේ කෙනෙක්මනේ. ඉතින් එ හොරු රැල කියන ඕන දෙයක් කියාවි කරාවි. මේක තමා ඇත්ත වෙන්නේ. | 58 | POSITIVE |
ncpp_train_38589 |
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයට අදාළව පොලිසියවත් නොදන්නා නිර්මාණාත්මක කරුණු මාධ්‍ය තුළින් ප්‍රචාරයවී ඇති බව ඊයේ පොලිසිය මාධ්‍ය හමුවක් පවත්වා දන්වා සිටියේය.ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින්ද පළ කළ ප්‍රවෘත්තියකින් පැවසුනේ ෂාස්ටර් නැන්දම්මාට ලියූ ලියුමක් ගැනයි. එම කතාව ප්‍රබන්ධයක් බව පොලිසිය පවසයි. එසේම ෂාස්ටර් දිවිනසාගන්නට ඇතැයි ඒත්තු යන පරිදි වාහනයේ වයර් කෑලි ඉතිරි කොටස් නිවසේ තිබී හමුවූ කතාවද ප්‍රබන්ධයක් බව පොලිසිය පවසයි.
වගකීම් රහිතව පළකරනලද මෙවැනි ප්රවෘත්ති පැමිණියේ කෙසේද යන්න පොලිසියට ප්‍රහේලිකාවක් වී ඇති අතර මේ නිසා මෙම පරීක්ෂණය වෙනතක යැවීමට කිසියම් පිරිසක් තැත්කරනවාද යන සැකයද මතුව තිබේ.දිනේෂ් ශාෆ්ටර් මහතා සිය දිවි හානිකරගත් බවට මේ දක්වා කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බව පොලිසිය තහවුරු කරමින් දන්වා සිටියි.දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) වනවිට පුද්ගලයන් 90 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.අබිරහස් ඝාතනය පිළිබඳව විමර්ශන සිදුකරන රහස් පොලිස් නිලධාරීහු පොලිස්පති ඩබ්ලිව්. වික්‍රමරත්න මහතා සමඟ ඊයේ පුරා පැය දෙකක පමණ කාලයක් විශේෂ හමුවක් පැවැත්වූ අතර විමර්ශන කටයුතු නව මුහුණවරක් ඔස්සේ දැන් ක්‍රියාත්මක කර ඇති බව දන්වා සිටියහ.
| ඇයි කොටි t. V ? ඒක හරි හොදයි ද | -57 | NEGATIVE |
ncpp_train_38590 |
ගින්නට පෙර වස ශරීරගතවෙලා
තැපැල් ස්ථානාධිපතිනියදිවිනසාගෙන ඇති බවට සැකයක්
ඇල්පිටිය කුරුදුගහ හැතැප්ම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය තුළ හටගත් ගින්න නිසා මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුර පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ අනුව ඇගේ මරණය දිවිනසාගැනීමක්ද යන සැකයක් මතුව තිබේ.
එයට හේතුවී ඇත්තේ අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව ඇගේ සිරුර තුළ වස අඩංගු පැවති බව
වෛද්‍යවරයා හඳුනාගෙන තිබීමයි.
ඊයේ උදෑසන ගින්න සිදුවූ අවස්ථාවේ ගිනි නිවන හමුදාව පැමිණ උප තැපැල් කාර්යාලයේ දොර කඩා ඇය සිටි ස්ථානයට යද්දී ඇගේ සිරුරු කොටස් පිළිස්සී ඇය ඇදවැටී සිටි අතර ඇය රෝහල් ගත කරන විටත් මියගොස් සිටියා.
ඇගේ දේහය අසළින් කුප්පි ලාම්පුවක්ද තිබී හමුවී ඇති නමුත් එහි භූමිතෙල් තිබී නැත.ඒ අනුව ඇය වස ශරීරගත කරගෙන එම ස්ථානයට ගිනි තබා ඇතිද යන්න ගැන සැකයක් මතුව තිබේ. වෛද්‍ය පරීක්ෂණ මගින් මියගිය කාල නිර්ණයේදී ගිනි ඇවිලී මියයෑමට පෙර වස ශරීර ගතවී ඇති බවට හඳුනාගෙන ඇති බවද දැක්වෙයි.
තැපැල් කාර්යාලයේ තිබී ඇගේ සිරුරේ රසායනික හා සමාන වස බෝතලයක්ද පොලීසිය ඊයේ සොයා ගෙන තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන අතර, මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබෙනවා.
මියගිය තැපැල් ස්ථානාධිපතිනියගේ පවුලේ කිසියම් ආරවුලක් පැවතියේද යන්න ගැන විමර්ශනය කිරීමට පොලිසියේ අවධානය යොමුව තිබේ.සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාවකුරුඳුගහහැතැප්මේදී ගින්නට හසුවූ දිවයිනේ හොඳම තැපැල් ස්ථානාධිපතිනියගේ අභිරහස් මරණය
| තමුන්නාන්සෙ හාමුදුරු කෙනෙක් නේද? | -80 | NEGATIVE |
ncpp_train_38591 |
කොරෝනා ආසාදිතව ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරිම පෞද්ගලික රෝහල් මගින් ප්‍රතික්ෂේප කරන බව වාර්තාවේ.පී.සී.ආර්. පරික්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත්වූ උපරිම මිලක් නියම කළ අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම මිල රුපියල් 2000 ක් ලෙසද නියම කෙරිණි.
එම උපරිම මිළ යටතේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකළ නොහැකි බව කියමින් පෞද්ගලික රෝහල් හා පෞද්ගලික රසායනාගාර එම පරික්ෂණ සිදුකිරීම අතහැර දමා ඇතැයිද සඳහන්වේ. පෞද්ගලිකව මුදල් ගෙවා දිනක් වාට්ටුවක නතර වන්නේ නම් පමණක් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකළ හැකි බවත් ඇතැම් පෞද්ගලික රෝහල් රෝගීන්ට දන්වා ඇතැයිද පැවසේ. එම නිසා සැක සහිත රෝග ලක්ෂණ තිබෙන අවස්ථාවක මුදල් ගෙවා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට යන රෝගීන් බරපතළ ගැටලුවකට මුහුණපා ඇතැයිද ප්‍රකාශකයෙක් පැවැසීය.(රංජන් කස්තුරි)
| boycott private hospital | 2 | POSITIVE |
ncpp_train_38592 |
ජාතික ජනබලවේගය විසින් පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.‘විරෝධය කොළඹට’ යන මැයෙන් ජාතික ජනබලවේගය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීම යනාදි කරුණු ඇතුළු ආණ්ඩුවේ වත්මන් තීන්දු තීරණවලට එරෙහිව ය.මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම් වෙද්දී ඊට එරෙහිව උසාවි නියෝගයක් ලබාගෙන තිබුණ පොලිසිය විරෝධතාකරුවන්ට බාදා කර මේ ආකාරයට විසුරුවාහැරීමට කටයුතු කර තිබේ.'
| අඩෝ රනිලා රටත් හැදි ගාවලා හිනා වේවි ජෝක් කර කර ඉන්නවා.. මොනා හරි ප්‍රශ්නයක් ආවම එක්කෝ බදු ගහනවා නැත්නම් මොන හරි විකුනල ඌ ආතල් එකේ ඉන්නවා රනිලට pressure එක දෙන්න ඕනේ. ඌටත් මහ රෝහලෙන් පෝලිමේ ඉදල බෙහෙත් ගන්න වෙන තැනට දාන්න ඔනේ | 24 | POSITIVE |
ncpp_train_38593 |
පසුගිය දිනවල කොරෝනා රෝගය වැළඳීම නිසා කලා ක්ෂෙත්රය තුළ කථාබහක් ඇති කළ එමෙන්ම මියගිය බවට වැරදි පුවතක් නිසා සමාජ මාධ්‍ය තුළද කතාබහට ලක්වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මේවනවිට සුවය ලබා නිවසට පැමිණ තිබේ.
කොරෝනා රෝගය හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුට සම්පූර්ණ සුවය ලබාගන්නට හැකිවූ බව ප්‍රකාශ කර ඇති නමුත් තවදුරටත් විවේක ගන්නැයි උපදෙස් ලැබී ඇත.ජිප්සීස් නායක සුනිල් පෙරේරා නිවෙසට පැමිණ මිනිපිරියන් සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවක් පවුලේ සාමාජිකයන් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙයි.
| පෘථිවිය හිරු වටේ භ්‍රමණය වෙනවයි කියපු දාර්ශනිකයාව පූජකයො එකතු වෙලා වස දීල මරල දැම්ම. ඔහු වස බොන්න ලෑස්ති වෙලා වස බඳුන අතට අරන් කිව්වලු මම මළත් මේ මොහොතෙත් පෘථිවිය හිරු වටේ භ්‍රමණය වෙමින් පවතිනව කියල. (ඉහත පින්තූරය අදාළ නැත) | 15 | POSITIVE |
ncpp_train_38594 |
පෙරුම්පුරා යුග දිවිය ආරම්භ කළ ඇයට තම ආදරණීය සැමියා සමග ආදර බස් දොඩමින් ජීවිතයේ රසමුසු තැන් සොයා යාමට තිබූ සොඳුරු අවස්ථාවන් ගිලිහී ගියේ කිසිවකුත් නොසිතු අයුරිනි. විවාහ වී දින 17කින් ඇයට සිය ජීවිතයෙන් සමුගන්නට සිදු වූයේ අනපේක්ෂිත ලෙසය. ඒ ඇය සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගන්නට රෝහල්ගත වීමත් සමගය.අංක 199/ඒ දෑලතුර ජා-ඇල පදිංචිව සිටි බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම ඉකුත් මස 13 වන දින රසික ජයතිලක සමග විවාපත් වන්නේ ජීවිතයේ දහසක් ප්‍රාර්ථනා හද තුළ කැටි කොට ගනිමිනි. එහෙත් සිය ආදරණීයන් සෝ සයුරක ගිල්වමින් හර්ෂණීට සිදුවූයේ එම ප්‍රර්ථනා හද තුළම තැන්පත් කර ගනිමින් අවාසනාවන්ත ලෙස දිවියෙන් සමු ගන්නටය.හර්ෂණීගේ පිත්තාශයේ එක් පැත්තක ගලක් ඇති බවත්, ඇයට සැත්කමක් සිදුකළ යුතු බවත් වෛද්‍යවරයා දැනුම් දී තිබුණි. වෛද්‍යවරයාගේ ප්‍රකාශයත් සමග නිවැසියෝ වහා ඇය රෝහල් ගත කිරීමට කටයුතු කළහ.ඒ අනුව පසුගිය තිස් එක් වැනිදා (31දා) ඇය එම පෞද්ගලික රෝහලේදී සැත්කමට භාජනය කර තිබුණි.ශල්‍ය කර්මය සිදුකිරීමෙන් අනතුරුව අසාධ්‍ය වූ ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර පසුගිය විසිපස් (25) වැනි දින ඇය දිවියෙන් සමුගත්තාය.හර්ෂණී මිය යාමෙන් පසු ඇගේ ශල්‍ය කර්මය පිළිබඳව සහ එම සැත්කම සිදුකළ වෛද්‍යවරයා පිළිබඳව නොයෙකුත් ආන්දෝලනාත්මක පුවත් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වීමත් සමග අප හර්ෂණීගේ උපන් දිනය යෙදී තිබූ ඊයේ (27දා) ඇයගේ නිවසට ගොඩ වැදුනෙමු.අප එම නිවසට යන විට හර්ෂණීගේ දේහය නිවසට ගෙනැවිත් තිබුණේ නැත. ඒත් ඇයගේ හිතවතියන් හිතවතුන් බොහෝ දෙනකු ඒ වනවිටත් එම නිවසට පැමිණ සිටියේ සිය මිතුරියට සිදුවූයේ කුමක්දැයි අදහා ගත නොහැකිවය. හර්ෂණීගේ මරණය පිළිබඳ ඇයගේ සොයුරු දෙනුවන් ප්‍රසාද් ධර්මවික්‍රම අප සමග මෙසේ පැවැසීය." මගේ අක්කාට පහුගිය අගෝස්තු මස 01 දා බඩේ වේදනාවක් ඇවිල්ලා ජා-ඇල තිබෙන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිහිල්ලා බෙහෙත් අරගෙන ආවා. ඒ ඇවිත් අක්කගේ විවාහ කටයුතුවලට සූදානම් වුණා. අපි අගෝස්තු 13 වැනිදා අක්කගේ විවාහ මංගල්‍යය පැවැත්වුවා. අගෝස්තු 15 අක්කට ආයෙ අමාරු වුණා. අපි එයාව වත්තල තිබෙන පෞද්ගලික රෝහලකට රැගෙන ගියා. එහිදී කරපු ස්කෑන් පරීක්ෂණයෙන් අක්කගේ පිත්තාශයේ ගල් තිබෙන බව අනාවරණය වුණා. පස්සේ අපි 25 වැනිදා පවුලේ වෛද්‍යවරයා හමුවට අක්කව රැගෙන ගියා. ඔහු අපිව ශල්‍ය වෛද්‍ය වරයෙක් වෙත යොමු කෙරුවා.ඔහු අපිට කිව්වා අක්කගේ සැත්කමක් කරන්න තියනවා රාගම පෞද්ගලික රෝහලකදී එය කරමු කියලා. ඒකට එකඟ වෙලා අක්කගේ සැත්කම ඒ රෝහලේදී කරන්න තීරණයකළා.
සැත්කම සඳහා 31දින ශෛල්‍යගාරයට අක්කව අරගෙන පස්සේ කිව්වා පිත්තාශයේ එක පැත්තකට ගලක් ඇවිත් තියෙනවා. මේ රෝහලේ එය කරන්න පහසුකම් මදි. ඒක නිසා වත්තල තිබෙන පෞද්ගලික රෝහලකට ගිහින් කරන්න ඕනේ කියලා. පිත්තාශය එක පැත්තට ගලක් ඇවිත් කියලා ඒ දොස්තර කිව්වේ කිසිම පරීක්ෂණයක් කරන්නේ නැතිවයි. ඒත් අපි ඒකටත් එකඟ වෙලා එම පෞද්ගලික රෝහලේදී සැත්කම සිදු කෙරුවා.ශල්‍යකර්මය සිදු කළාට පස්සේ සැප්තැම්බර් 01 දා දහවල් වනවිට අක්කට අමාරු වෙන්න ගත්තා. එහි දැඩිසත්කාර ඒකකයට අක්කව දැම්මා. පස්සෙ රාගම ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට අක්කව යොමු කෙරුවා. රාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය අක්කව බේරා ගන්න දැඩි උත්සාහයක් ගත්තා. වත්තල පෞද්ගලික රෝහලේදී ඒ තරම් උනන්දුවක් අක්කා කෙරහි දැක්වුවේ නෑ. එහිදී අක්කගේ ශෛල්‍ය කර්මය සිදුකළ වෛද්‍යවරයා සම්පූර්ණයෙන්ම එම කාර්යයෙන් අයින් කරලයි රාගම රෝහලේ කටයුතු සිද්ධ වුණේ. අක්කා වෙනුවෙන් පිටතින් එන්නත් දෙකක් අපි ගෙනත් දුන්නා. ඒ එක එන්නතක වටිනාකම රුපියල් හාරලක්ෂ පනස්දහසක්. තව බෙහෙත් අපි ගෙනත් දුන්නා. ඒ වනවිටත් අක්කා හිටියේ පෙර ශල්‍යකර්මයේදී වෙච්ච වැරැදි නිසා අසාධ්‍ය තත්ත්වයේ. අපිට රාගම රෝහලේ වෛද්‍යවරුන්ගේ කතාවෙන් ඒ බව තේරුණා. දින 25 ක් දැඩි සත්කාර ඒකකයේ සිටි අපේ අක්කා 25 වනදා අපි ඔක්කොම දාලා ගියා. අක්කගේ මරණය සිදු වූයේ ඇයට ශෛල්‍ය කර්මය කළ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් බව නිසා කියලයි අපි කියන්නේ. අක්කගේ මරණ පරීක්ෂණ වාර්තාවෙනුත් කියවුණේ ශෛල්‍ය කර්ම ය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ඇගේ මරණය සිදු වී ඇති බවයි. අපි අක්කගේ මරණය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. අක්කගේ උපන් දිනය දාමයි අක්කගේ දේහය මේ ගෙදරට ගේන්නේ. අපි අක්කගේ උපන් දින කේක් එක කපලා එයාගේ උපන් දිනයත් සමරනවා.මෙම මරණය සම්බන්ධව රාගම ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එස්.පී. ඒ ලියනගේ රණවීරගෙන් කළ විමසිමකදී ඔහු සඳහන් කළේ, සැත්කමෙන් අනතුරුව ඇයට විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය. එසේ වුවද දින විසිපහක පමණ කාලයක් රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇයව බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූ බවද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේය.කෙසේ වුවද පෞද්ගලික රෝහලක් තුළ කර ඇති මෙම සැත්කම වෛද්‍යවරයා විසින් නොසැලකිලිමත් ලෙස සිදුකර ඇති බවට පවුලේ ඥාතිහුද චෝදනා කරති.ඒ අනුව පෞද්ගලික රෝහලක් තුළ සිදුකර ඇති මෙවැනි නොසැලකිලිමත් සැත්කම් සම්න්ධව කටයුතු කරනු ලැබූ වෛද්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේද යන්න පිළිබඳව අප සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරියගෙන් විමසීමක් කළෙමු .එහිදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳව පවුලේ ඥාතින්ගෙන් පැමිණිල්ලක් පෞද්ගලික වෛද්‍ය නියාමන සභාවට ලැබුණහොත් ඒ සම්න්ධව විමර්ශන සිදුකරන බවය.(වරුණි පෙරමුණ හා ප්‍රසංග පාවුළුහේවා-කටුනායක)
| මටත් ඔය කියන ගැස්ලෙඩේ තිබුනා. මම කියන දේ මාස තුනක් පිලිපැද බලන්න. මිරිස් සම්පූර්ණයෙන්ම කෑමෙන් ඉවත්වන්න. ඒ වෙනුවට ගම්මිරිස් ඉඟුරු හා සුදුලූනු පමණක් වය්නජනවලට යොදා අහාර පිලිවෙල කරගෙනයන්න. එතෙක් අන්නාසි තක්කාලි විනාකිරි වගේ දේ වලිනුත් මිදී අහාර ගන්න. තුනපහ ගෙදරම කොටාගන්න. ලන්කාවෙ තුනපහ ප්ලියෙලකරන තැන්වල මිරිස් කෙටූ හලර් එකේම තමයි ආයෙත් තුනපහ , ගම්මිරිස් කොටන්නෙ.එනිසා සියලු දේ ගෙදරම හදාගන්න. මම දැන් කවදාවත් මිරිස් ආහාරයට එකතු නොකරමි. ලෙඩවලින් තොරව සිටිමි. ඔබගේ ඔය අපහසුතාවය දුරු වේවායි පතමි. | 47 | POSITIVE |
ncpp_train_38595 |
මීට වසර ගණනාවකට ඉහත විවාහ ගිවිසගෙන සිටි රංගන ශිල්පිණී චතුරිකා පීරිස් හා රංගන ශිල්පී රොෂාන් පිලපිටිය දෙදෙනාම දැන් වෙනත් විවාහ දෙකකය. නමුත් ඔවුන් එක්ව සිටි කාලයේ දෙදෙනාම විවාහවී පදිංචියට යාමේ අදහසින් මහරගම ප්‍රදේශයේ නිවසක් ඉදිකරමින් සිටි බව කියැවේ. එහි ආයෝජනය දෙදෙනාම දැරූ අතර නිවසේ වැඩ අවසන්වන්නට පෙර දෙන්නා වෙනස්වීම නිසා
නිවසේ අයිතිය සම්බන්ධ නීති මාර්ගයෙන් විසඳාගැනීමට දෙදෙනාට යොමුවීමට සිදුවිය.
තවම එම නඩුව අහවර නැත. නිවසේ පදිංචිවී සිටින්නේ රොෂාන් හා රිද්මාය.
මේ අතරවාරයේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන රොෂාන් සිය නිවස ගැන විස්තර රැසක් හෙළි කර තිබෙන අතර එහිදී ඔහුට එහි පූර්ණ අයිතිය ඇති බව ඇගවෙන සේ විස්තර සපයා තිබේ.
මෙම විස්තරය ගැටලුකාරී බව රොෂාන් හා පෙර විවාහ ගිවිසගෙන සිටි චතුරිකා පීරිස් දන්වා ඇත.
ඇය අප සමග ඒ ගැන පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
ඇය ඒ ගැන මෙසේ පවසන්නීය.
'මම දැක්කා නෙයෙකුත් අවස්ථා වල මේ නිවස සහ ඒ පිළිබඳව ලොකු ප්‍රචාරයක් දෙනවා. මම ඇත්තටම මේ කතා කරේ නීතිඥවරයකුගේ උපදෙස් මත. මේ වෙනකොට මේක උසාවියේ නඩුවක් තියෙන property එකක්. ඉතිං මේ නිවස ගැන කියලා තියනවා මම දැක්කා. නමුත් මේ කියලා තියන විස්තර නිවස හදපු කාලේ, ඉඩම ගත්ත කාලේ ඒ ඔක්කොම දේවල් ඒ රූප රාමු දාලා තියෙන නිවසේ දේවල් වැරදියි. මම දන්නේ නැ වෙන නිවසක් ගැන කියනවද කියලා. මොකද ඔය නිවසේ මම හිතන්නේ දිග පළල මම තරම් දන්න වෙන කවුරුත් දන්නේ නැ.
එගොල්ලෝ ලොකුවට Advertise කරගෙන ලොකුවට කියලා තියෙනවා අනන්මනන් එගොල්ලන්ගේ.එවායේ ගත්ත බිල් ඉඳන් තියෙනවා තාම මං ළඟ.ඒවා උසාවියේ නඩු කියන Documents බවට පත්වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතිං ඒ නිසා එවාගේ උසාවියේ නඩුවක් තියෙන Property එකක් සම්බන්ධයෙන් මේ ආකාරයට අනවශ්‍ය ලෙස හුවා දැක්වීම වැරදියි. මාධ්‍ය තුළ එවැන්නක් පළ කිරීම පිළිබඳ මගේ නීතිඥවරයා කිව්වා ඒ බව දැනුවත් කිරීමක් කරන්න කියලා. කාටවත් ඒ ගැන මේ වෙද්දී අයිතිවාසිකමක් නැ. උසාවිය ඒ තීරණය දෙන්න ඕනේ ඒ නිවස එක්කෝ සම්පුර්ණයෙන්ම අපිට අයිති වෙනවද එහෙට අයිති වෙනවද එහෙමත් නැතනම් බෙදෙනවද කියන එක.
ඉතිං මේ වෙනකොට ඔය පෙන්නලා තියෙන නිවස ඔප්පුව තියෙන්නේ මගේ නමට Building Approval එක තියෙන්නේ මගේ නමට. සියලු දේවල් තියෙන්නේ මගේ නමට. රොෂාන් පිලිපිටියගේ නමටත් තියෙනවා කොටසක්. ඒ නිසා මේ වෙනකොට උසාවියේ නඩුවත් පවතින නිසා මම හිතන්නේ ඔය වටපිටාවේ ඉන්න සියලුම නිවස අවට ඉන්න මිනිස්සු දන්නවා ඔය ඉඩම ගත්තේ කවුද ඔය ඉඩමේ ගේ හැදුවේ කවුද ඔය ගෙදර මුල්ගල තිබ්බේ කවුද ඔය ගෙදරට ඉස්සෙල්ලා පදිංචියට ගියේ කවුද කියන කරුණු කරණා සියල්ල ඒ අවට මිනිස්සු දන්නවා.
මේ වේලාවේ උසාවි නඩුවත් තියෙන Property එකක් නිසා මම හිතන්නේ ඒක නීති විරෝධියි. නීතිය අනුව නම් එහෙම කරන්න බැහැ. .මුනිවත රැක්ක පමණින් එගොල්ලන්ට ඕන ඕන දේවල් කියන්න බැ.ඒ කියලා තියෙන සියලුම දේවල් බොරු කියලා ඒ පෙන්නලා තියෙන කාල වකවානු බොරු කියලා මට ඔප්පු කරන්න පුළුවන්.මොකද සියලුම Documents ළඟ තියෙනවා. මේ වෙනකොට ඒවා මම උසාවියටත් ඉදිරිපත් කරලත් තියෙනවා. ඉතිං එගොල්ලෝ ඒ නිවසේ හිටියා කියලා ඒක එගොල්ලන්ගේ කියන්නත් බැහැ.
ඕනම මනුස්සයෙක්ට මම දන්න කරමට බොරු කියන්න පුළුවන්. ඒත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කියන්න බැහැ. තමන්ගේ හෘදසාක්ෂිය දන්නවා තමන් මේ කොතනද ඉන්නේ මේ නිවස කවුද හැදුවේ මේක කාගෙද කියලා තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. මේ විියට බොරු මවාපැම් කරන්න සමාජයේ ඉස්සරහ පිටට බැහැ. මට නම් එක ප්‍රශ්නයක් නැ ජිවිත කාලේම බොරු මවාපෑම් කරාට. මේ වෙනකොට ගංගොඩවිල උසාවියේ අධධිකරණයේ නඩුවක් පවතින Property නිසයි මම දැනුවත් වීමක් මාධ්‍යට කරන්නේ නැවත එවගේ දැමීමේන් වළකින්න.මොකද එක නඩු දේපළක් විදියට තමයි මේ වෙනකොට තියෙන්නේ. අපි විරුද්ධත් වෙලා නැ ඒ ගෙදර කවුරුත් ඉන්නවට.මගේ පර්ශවයේ කිසිම කෙනෙක් විරුද්ධ වෙලා නැ ඉන්නවට මොකද අපි අමුනුෂ්‍යයෝ නොවන නිසා. අපි කිසිම වේලාවක විරුද්ධ වෙලා නැහැ. මම කියලා නැ නඩුවත් තියෙන නිසා එළියට යන්න කියලවත් මම කියලා නැ. නමුත් මේ වෙනකොට ඒ Property එක සම්බන්ධයෙන් නඩුවක් යනවා. ඉතිං ඒ නිසා මේක හරිම විහිළුවක්. ඔය බඩු ගෙනාපු ආයතන වල ඉන්න මිනිස්සු ඕක දැක්කාම හිනාවෙනවා ඇති සමහරක්විට. ඉතිං එගොල්ලෝ එ දේවල්ම පාවිච්චි කර කර ඒවා ලොකුවට හුවා දක්වීම සම්බන්ධයෙන් ඇත්තටම මම දකින්නේ විහිළුක් හැටියට.
මට තියෙන ප්‍රශ්නේ තමයි උසාවියේ නඩුවත් පවතින දේපළක් නිසා මේ ගැන වැඩිදුරටත් කවුරු හරි අදහස් දැක්වීමේන් එගොල්ලන්ටත් අපි නීත්‍යානුකුල පියවර ගන්න සිද්ධ වෙනවා.උසාවියේ නඩුවක් යන දේපළක් වෙනුවෙන් අපිට කියන්න බැනේ මගේ කියලා. මම කවදවත් කියලා නැනෙක් මගේ කියලා.මට මගේ කියන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔප්පු කරන්න බුළුවන් දේවල් තියෙනවා. ඒ උනාට මම එහෙම කියලා නැ. හේතුව මේවෙනකොට නඩුවක් පවතින නිසා. ඒක ගරු උසාවිය තීරණය කරන්න ඕන මේක කාගෙද කියන එක. මේක දෙගොල්ලන්ටම දෙනවද මෙක මෙයාට දෙනවද ඒක උසාවියේ නඩුව කියලා තීරණය වෙන්න ඕන. එතකන් මේක මගේ කියලවත් එක එයාගේ කියලවත් අපිට කියන්න බැ. හැබැයි ඉතිං මට මගේ කියලා ඔප්පු කරන්න පුළුවන් සාධක අනන්ත අප්‍රමාණ තියෙනවා ඔය ඒ පිංතුර වල දාලා තියෙන ගේ ගැන නම්. එකේ පර්චස් ප්‍රමාණය දාලා තියෙනවා තනිකර වැරදි. ඒ බොරු. ඉඩම ගත්ත වර්ෂය දාලා තියෙනවා බොරු. නිවස හදපු වර්ෂය ලියලා තියෙනව බොරු. ඒ දේවල් වල ලිඛිත Documents තියෙනවා. ඒ ඇතුලේ Interior Plan ඔක්කොම මං ගාව තියෙනවා. ඒ පිංතුර දාලා තියෙන එක බොරු කියන එක තමයි මට කියන්න අවශ්‍ය වෙලා තිබ්බේ. ඒක නීත්‍යානුකුලව මේ වෙනකොට උසාවියේ නඩුවක් පවතින නිසා. ඒක ඉතිං මම ගරු උසාවියට තමයි තීරණේ කරන්න ඉඩ දීලා තියෙන්නේ.
| දැන් ඔයාගෙ ඉඩම හාන්නෙ අර බක පණ්ඩිත ගයාන් විකී නේද? | 155 | POSITIVE |
ncpp_train_38596 |
වෙළෙඳපොලේ ඇති කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහක් ඇති විය.
මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනතාව දැනුවත් කළ අතර ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ විවිධ පාර්ශ්ව මෙය කළේ දේශපාලන වාසි ලබා ගැනීමට හා වෙනත් විවිධ හේතු සඳහා බවයි.
කෙසේ වෙතත් අදාළ ආන්දෝලනාත්මක කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව වසර 40 කට අධික කාලයක් පුරා පුළුල් පරාසයක පැතිරුණු නිෂ්පාදන පෙළක් සමඟින් ශ්‍රී ලාංකිකයන්ට උසස් තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමට සමත් වූ ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් ලංකා සමාගමේ ඇන්කර් කිරිපිටි මෙම පරීක්ෂාවෙන් සමත් වී ඇති බව නිවේදනය කර තිබේ.
ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, මෙරට ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල බවට නැවත වරක් තහවුරු කර ඇති අතර නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්රීයාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව එම ආයතනය මෙම නිගමනයට එළඹුණ බව දන්වා ඇත.
කිරිපිටි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිතිය ලෙස ක්‍රියාත්මක වන SLS 731 ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ඇන්කර් නිපදවන ෆොන්ටෙරා සමාගම හැකි සෑම පියවරක්ම ගන්නා බව මෙම පරීක්ෂාවෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම නිගමනය කර තිබෙනවා.
ආනයනය කරනු ලබන නිෂ්පාදන SLS 731 ප්‍රමිතීන්ට අනුකූල වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයයේදී සාමාන්‍යයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ හැරුණු විට, කිරිපිටිවලට බාහිර ද්‍රව්‍ය මිශ්‍ර වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීම හිමි රසායනාගාරවලදී ඒවා පරීක්ෂාවන්ට ලක්කිරීමටද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගත්තා.
ඉහත සඳහන් විගණනය හා පරීක්ෂණවල ප්‍රතිඵල අනුව, පාම් ඔයිල් වැනි බාහිර ද්‍රව්‍ය කිරිපිටිවලට මිශ්‍ර නොකෙරෙන බවත්, ෆොන්ටෙරා සමාගම මගින් නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවනු ලබන කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කර තිබෙනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පැවසුවේ ජාතික ප්‍රමිති ආයතනය ලෙස තම මූලික අරමුණ වනුයේ ශ්‍රී ලාංකිකයන් තම ආයතනය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය අඛණ්ඩව ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම බවයි.
“එම නිසා මේ වසරේදී, ආනයනය කරනු ලබන කිරිපිටි සඳහා වන බලපත්‍ර දීර්ඝ කිරීමට පෙර, නවසීලන්තයේදී සිදුවන සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට අපට අවශ්‍ය වුණා. මෙහිදී ඇන්කර් ඇතුළුව නවසීලන්තයේ නිපදවා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලබන සියලුම කිරිපිටි වර්ග පරීක්ෂාවට ලක්වූවා. මේ පරීක්ෂාව නිසා විශ්වාසයෙන් යුතුව බලපත්‍ර නිකුත් කිරීමට අපට හැකියාව ලැබුණා.”
නවසීලන්තයේ කිරි ගොවිපළවල් වෙතින් කිරි එකතු කරගැනීමේ සිට, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවීම දක්වා සමස්ත ක්‍රියාවලියම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විගණන කණ්ඩායමේ දැඩි පරීක්ෂාවට ලක්වී තිබෙනවා.
“ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරකදීම නිසි ප්‍රමිති මට්ටම ආරක්ෂා වන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නැවතත් තහවුරු කර තිබෙනවා. මෙය ෆොන්ටෙරා සමාගම නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක කර ඇති තත්ත්ව පාලන ක්‍රමවේදවල සාර්ථකත්වය නිල වශයෙන් වලංගු කිරීමක්. මේ සියලු පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ට හොඳම ප්‍රමිතියෙන් යුත් කිරි පෝෂණයක් සැපයීමටයි. අපගේ කිරිපිටිවල තත්ත්වය සම්බන්ධයෙන් මතුකර ඇති සැකසංකා මුළුමනින්ම පදනම් විරහිත බවත්, අපගේ සියලුම කිරිපිටි වර්ග පරිභෝජනයට සුදුසු බවත් පාරිභෝගිකයන්ට නැවත වරක් අවධාරණය කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් සමාගමේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්යක්ෂ සුනිල් සේති මහතා පැවසුවා.
ඇන්කර් කිරිපිටිවලට දැනටමත් ලැබී ඇති SLS සහතිකයට අමතරව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සෑම කිරිපිටි කාණ්ඩයකටම අයත් නියැදි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ රසායනාගාර මගින් පරීක්ෂාවට ලක්කෙරේ. එම කිරිපිටි රට තුළට රැගෙන යාමට අවසර ලැබෙනුයේ ඉන් අනතුරුවයි.
නවසීලන්තයේ කිරි ගොවීන් 10,000 කට අධික පිරිසකගේ හිමිකාරීත්වය යටතේ පවතින ෆොන්ටෙරා සමාගම, පරම්පරා ගණනාවක් පුරා විහිදුණු තම අත්දැකීම් සම්භාරය දේශීය කිරි කර්මාන්තයේ දියුණුව සඳහා යෙදවීමටද පියවර ගනු ලබනවා. මේ වනවිට අපගේ නිෂ්පාදන අලෙවිකරුවන්, බෙදාහරින්නන්, නියෝජිතයින් සහ කිරි ගොවීන් ඇතුළුව 100,000 කට ආසන්න පිරිසක් සමඟ එක්ව අපි ශ්‍රී ලංකාව වඩාත් නිරෝගී හා සතුටින් සිටින දේශයක් බවට පත්කිරීමට කැපවී සිටින බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
| දැන් මාර්කෙට් එකේ අනිත් එක කිරි වර්ගයක්වත් සොයා ගන්න බෑ. තියෙන්නේ රත්ති සහ ඇන්කර්. බටර් පවා ඇන්කර්. අපිට හොදට කවන්න තමයි හදන්නේ. dekama fonterra | 24 | POSITIVE |
ncpp_train_38597 |
ඉකුත් වසර හා සසඳන විට මෙම වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.මෙම වසරේ ගත වූ කාලයේ දී ඩෙංගු රෝගීන් 16,497 දෙනකු වාර්තා වී ඇති අතර පසුගිය මාසයේ දී රෝගීන් 2,997 දෙනකුද, මෙම මාසයේ ගත වූ දින 29 තුළ රෝගීන් 3,029 දෙනකු ද වාර්තා වී ඇත.
මෙම මෙම වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 70ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි ද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. මෙම කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් දැනට පවතින නිරිත දිග මෝසම් වැසි තත්වය සමඟ ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළයාමේ අවදානමක් ඇති බවත් එම ඒකකය පවසයි.
මෙම ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය වයිරස් කාණ්ඩ හතරක් හඳුනාගෙන ඇති අතර වයිරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවල ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය. රට තුළ කොවිඩ් -19 වසංගත තත්වයක් පවතින අවස්ථාවක, ඩෙංගු රෝගයේ වර්ධනයක් ඇතිවුවහොත් එය සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මහජන සෞඛ්‍ය කෙරෙහි ද දැඩි බලපෑමක් ඇතිකිරීමට ඉඩ ඇති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම, මදුරු දෂ්ඨනයන් ආරක්ෂාවීම, රෝග ලක්ෂණ ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් පැතීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.(ඩයනා උදයංගනී)
| ලැජ්ජා නැද්ද පොන්සියො රාජපස්සලට ඔහොම කඩේ යන්න... මැහුම් බර ගානක් ඇති නේද බං තොගෙ... | -2 | NEGATIVE |
ncpp_train_38598 |
හාලිඇළ ප්‍රධාන පාසලක සිසුවෙකු ලිංගික අපයෝජනය කළ බවට සැක ගුරුවරියක ඊයේ බදුල්ලේදී අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
2017 වසරේ ජූනි මස සිදුවූවායැයි පැවසෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන්
පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ 2017 වසරේ නොවැම්බර් මාසයේදී ය.
මේ වනවිට පාසල් සිසුවා සහ ගුරුවරිය මානසික රෝගයකින් පෙළෙන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
සිසුවාගේ දෙමව්පියන් චෝදනා කරන්නේ, වයස අවුරුදු 50 වයසැති සැකකාර ගුරුවරිය පාසලේ පැවති උත්සව අවස්ථාවකදී වයස අවුරුදු 15 ක් වයසැති තම පිරිමි දරුවා අපයෝජනය කළ බව ය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාර පාසල් ගුරුවරිය මේ වනවිට රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇත.
මීළඟ නඩු දිනය මැයි මස 04 වන දා කැඳවීමට නියමිත වේ.
| මේක මානසික වෙදාට අහුවුනේ නෑතිනම් මේක ජුනි ඉඩන් නොවෑම්බර් වෙනකම් නෙමෙයි මුලු ජීවිත කාලෙටම ලමය හංගගන ඉදියි. දෙමපියන් දරුවන් සමග ලග සම්බන්දතාවයක් පෑවෑත්විය යුත්තේ මෙවෑනි ගෑටලු හදුනාගෑනීමට සහ විසදුම් දීමටයි. මෙවෑනි සිද්දියක් පුද්ගලයෙකුට සියදිවි හානිකරගෑනීමට තරම් ගෑටලුවක් විය හෑකියි. අප්පුහාමි වගේ හෑමදෙනාටම අසහනයෙන් නොවෙයි ජීවත් වෙන්නෙ. | 29 | POSITIVE |
ncpp_train_38599 |
ඊයේ T20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ තරගය ශ්‍රී ලංකාව පරාජය කරමින් ජයගත්තේ ඕස්ට්‍රෙලියාවයි. එම ජයග්රහනයෙන් පසු පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වූ ඕස්ට්‍රෙලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝර්නර් සිය කතාව අරඹන්නට පෙරාතුව මයික්‍රෆෝනය අසළ සිටුවා තිබූ කොකා කෝලා බඩී බෝතල් දෙක ඉවත් කරන්නට උත්සාහයක යෙදුනේය.
‘මට මේවා ඉවත් කරන්න අවසර තියේද... රොනාල්ඩෝ ට හැකිනම් මටත් පුළුවන් වෙන්න ඕන..‘ කියා ඒවා අල්ලා පසුපස සැඟවූ අතර ටිකකින් යළි තිබූ තැන්වලට තැබුවේ විහිළුවක් කළ බව අඟවන සිනාසීමකිනි.ඊයේ තරගයේ ක්‍රීඩකයෙකු ගත් වැඩිම ලකුණු ගණනවූ 65 ලබමින් ජයග්‍රහණයට වැඩි දායකත්වයක් දුන් වොර්නර් අනුකරණය කරන ලද්දේ මීට කලකට ඉහත පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මාධ්‍ය හමුවකදී සිදු කළ ක්‍රියාවකි. රොනාල්ඩෝ සිසිල් බීම යෝධයාට ඩොලර් බිලියන 5.2 ක් වැය වූ බව වාර්තා වූ අවස්ථාවක දී, ඔහු ගිය මාධ්‍ය හමුවකදී ප්‍රදර්ශනය කිරීමට කෝක් බෝතල් අවශ්‍ය නැති බව කියමින් "වතුර බොන්න" යයි අවවාද කර තිබූ අතර එය ඒ දිනවල රැල්ලක් මෙන් පැතිරුණ කතාබහක් විය.ඩේවිඩ් වෝනර් රොනල්ඩෝගේ රසිකයෙකු බව මින් ඉහත පවසා ඇත.මේ වනවිට විස්සයි20 තරගාවලියේ ඉදිරියෙන් සිටින ඕස්ට්‍රෙලියාව ඉදිරියේදී එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශයට එරෙහිව තරඟ වදින අතර ඒවායින් ජයග්‍රහණ දෙකක් ලදහොත් අර්ධ අවසන් වටයට යාමට ප්‍රමාණවත් පසුබිමක සිටී.(Gossiplankanews.com)
වෝර්නර් කළ විහිළුවේ වීඩියෝව පහතින්
| සුද්දෝ අසුච් කෑවොත්...අනේ අපේ වහල්කම | 23 | POSITIVE |
ncpp_train_38600 |
මහ බැංකු මුල් පුටුවට එරාන් නොවේ
නන්දලාල් පත්වන ලකුණු
ශ්‍රී ලංකා මහබැංකුවේ වත්මන් අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය අවසන්වූ පසු පත් කරන්නට යන අලූත් අධිපතිවරයා පිළිබඳ විවිධ ආරංචි ඊයේ සිට පැතිර ගියා.
මේ වනවිට එහි එහි දෙවැනි තැන දරන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ සඳහා ජනපති විසින් තෝරනු ඇති බවට
නිල නොවන ආරංචි පවතී.
නියෝජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්නගේ නම මේ සඳහා යෝජනා වී තිබුණද දේශපාලනඥයින් මේ පුටුවට පත්කිරීම සුදුසු නොවන බව කියමින් ඔහු එම තනතුර භාරගැනීම අවංකව ප්‍රතික්ෂේප කර තිබුණි.ඒ වෙනුවට චරිත රත්වත්තේගේ නම අගමැති රනිල් යෝජනා කළ බවටද කතාවක් පැවතිණි.කෙසේ නමුත් ලැයිස්තුව අනුව මහ බැංකුවේ ඉදිරියෙන් සිටින අය පත්කිරීමට ජනපති සූදානම් වෙයි.
ඒ අනුව දැනට සුදුසුකම් ධූරාවලිය අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ලලිත් සමරවීර හා දිනේෂ් වීරක්කොඩි ගැන අවධානය යොමුව ඇති අතර එයිනුත් වඩාත් සුදුස්සා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ පත්කරන්නට යන බව අලූත්ම ආරංචි හෙළි කරනවා.
නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකුවේ වසර 25 ක සේවා අත්දැකීම් ඇති අයෙකු වන අතර විශේෂයෙන්ම ආර්ථික පර්යේෂණ පිළිබඳ උනන්දු වන්නෙකි. දැනට ලෝක බැංකුවේ ලංකාව නියෝජනය කරන විධායක තනතුරක්ද ඒ මහතාට හිමිය.
| උගේ ආත්ම තෘප්තිය, අපිට මොන හු##කටද බං... රටට වැඩක් වෙනවා නම් එච්චරයි... | -21 | NEGATIVE |