id
stringlengths
15
16
news_content
stringlengths
61
30k
comment
stringlengths
7
989
likes
int64
-389
2.24k
labels
stringclasses
2 values
ncpp_train_38401
ගුවන් යානයකදී හඳුනාගත් පුද්ගලයකුට අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවකු දී පලාගිය බව කියන කාන්තාව ඊයේ (29) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක බව ද පොලීසිය සඳහන් කරයි. සැකකාර කාන්තාව සිය නිවෙසේ සිටියදී පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබ සිටින්නීය.  ඇය තවත් දරුවන් සිටින විවාහක කතක් බවට පරීක්ෂණවලදී තොරතුරු ලැබී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් කීය.සෞදි අරාබියේ අවුරුදු 10ක් පමණ සේය කර ඉකුත් 25 වැනිදා දිවයිනට පැමිණි ශාන්ත අප්පුහාමි නමැති අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකරු සෞදි අරාබියේ සේවය කර මෙරටට එමින් සිටියදී, අවුරුදු දෙකක් පමණ වයසැති පිරිමි දරුවකු සමග එම ගුවන් යානයේම පැමිණි කතක හඳුනාගත් බවත්, කටුනායක ගුවන්තොටුපොළේදී ඇයට ද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින්, තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණි බවත් පැමිණිලිකරු සඳහන් කර ඇතැයි පොලීසිය පවසයි. කටුනායක සිට කළුතර දක්වා පැමිණෙන අතරතුර කළුතර නගරයේදී දරුවාට සිසිල් බීම බෝතලයක් සහ චොකලට් එකක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතට දී කාන්තාව වාහනයෙන් බැස ගිය බවත්, ඇය බොහෝ වෙලාවක් යනතෙක්ම නොපැමිණි බවත්, ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය කියයි. සැකකාරිය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ. කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරික්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි, කළුතර දකුණ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරික්ෂක නුවන්ති විජේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදු කෙරේ.සුමිත් පොතුපිටිය
හොඳ වැඩේ ඌට. මැදපෙරදිග ඉඳලා ලංකාවට එන plane වල නාඳුනන ගැණු මිනිස්සු පමණට වඩා හිතවත් වෙනවා. මෝඩ ගැණු තමුන්ගෙ මුළු ජීවිත කතාවම ආගන්තුක පිරිමින්ට කියනවා. මට පිටිපස්සෙ හිටපු ඔය වගේ දෙනෙක් කරපු කතා බහ මට හොඳට ඇහුනා. ගැණි රත්තරං එහෙම හොඳට ඇඳලා හිටියෙ. ගැණි කැකිරාවේ කිව්වා. මේ මිනිහත් අනුරාධපුර පැත්තෙ කෙනෙක් කියලා එකම ටැක්සියෙ යමු කිව්වා. ලංකාවට ආවම අර ගැණිගෙ බැගේජ් මළු අරවා මේවා සේරම මේ මිනිහා තමයි හැන්ඩ්ල් කලේ. අර ගොං ගැණි සල්ලි withdraw කලා මේ මිනිහට සේරම විස්තර කිය කිය. Plane එකේ ආපු තව මිනිහෙක් මේ මිනිහට විහිළු කලා ආ යාළුවෙක් හම්බවෙලා තියෙන්නෙ කියලා. අපි ගෙදර ආවේ අර ගැණි යහතින් ගෙදර ගියාද දන්නැ කිය කිය. ඒ වගේම කථාවක අනිත් පැත්ත තමයි මේ මිනිහට වෙලා තියෙන්නෙ.
23
POSITIVE
ncpp_train_38402
කොළඹ ආනන්ද නාලන්ද, රාජකීය, ඩී.එස් . සේනානායක, තර්ස්ටන්, ඇතුළු දිවයින පුරා පාසල් විසිදෙකක් පමණ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන තිබේ. කොළඹ මහානාම,ඉසිපතන, ලුම්බිණි, ගල්කිස්ස සාන්ත තෝමස්, බම්බලපිටිය සාන්ත පීතර, බොරැල්ල සී.ඩබ්ලිව්, ඩබ්ලිව්. කන්නන්ගර, රත්නාවලී බාලිකා, කොටහේන සිංහල විදුහල හා දෙමළ විදුහල, මෝදර ද ලාසාල්, මරදාන අල්හිදායා, මාලිගාවත්ත බාරොන් ජයතිලක, කිරුළපන මහාමාත්‍ය , නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක, මධ්‍යම පළාතේ දඹුල්ල වීර විජය විමලරත්න හා මහනුවර හේවාහැට මහා විදුහල එලෙස යොදාගෙන ඇති සෙසු පාසල් වේ. මෙම පාසල් යොදා ගැනෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා නොව නිවාඩු අවලංගු කිරීම නිසා නිවෙස්වල සිට පැමිණෙන ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට දින 14ක ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද පැවසීය. මීට අමතරව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය හා මහජන පුස්තකාලය ද ලබා ගෙන තිබේ. මධ්‍යම පළාතේ පාසල් දෙකට අමතරව කොත්මලේ හා මහනුවර තවත් පාසල් දෙකක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි එම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක ඊයේ (28 වැනිදා) පැවසීය. නිලන්ත මදුරාවල
රාජපක්ෂ saha Nivad Cabraal
9
POSITIVE
ncpp_train_38403
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජනප්‍රිය ගායක දමිත් අසංක එසේ බන්ධනාගාරගතවූයේ සිය වැල්ලවාය නිවසේ ඇති කළ කලබලකාරී තත්වයක් මත අසල්වැසියන්ගේ පැමිණිලි බව මත වාර්තා විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරංචිවී තිබෙන නවතම තොරතුරු අනුව ගම්වාසීන් දමිත් අසංක ගායකයා සම්බන්ධ විවිධ පැමිණිලි මාධ්‍ය වෙත ඉදිරිපත්කර තිබේ. මේ අවසන් සිද්ධියට පෙරාතුව සිටම දමිත් අසංක අධික ලෙස මත්කුඩු වලට ඇබ්බැහිවී ඔහුගේ ජීවිතය මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතය අවුල් කර ඇති බව වාර්තා විය. ඔහු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටීම නිසා  ගායන ශිල්පියෙකු ලෙස හම්බ කළ ධනය පවා නාස්ති කරගත් අයෙකු බවත් පසු කලෙක සිය සංගීත දිවිය නිමා කරන්නට පවා මෙම ඇබ්බැහිය හේතුවූ බවත් ගම්වැසියන් සඳහන් කර තිබේ. මීට දශකයක දෙකක පමණ කාලයක සිට නව පරපුරේ වේග රිද්ම ගායනාවන් සිදු කිරීම නිසා දමිත් අසංක ජනප්‍රියත්වයට පත්ව සිටියේය. ඔහු ගැයූ මට දුන්න දුක් ගින්න,මගේ හිතගාව, අනන්ත ප්‍රේම ලෝකේ, මේ අනන්ත රාත්‍රියේ, සිත මගේ ආදී ජනප්‍රිය ගීත නිසා ප්‍රසංග වේදිකාවටද ඔහු නැතිවම බැරි විය. කෙසේ වෙතත් මෙම ඇබ්බැහිය නිසා ඔහු අලුතින් නිර්මාණ සිදු කිරීම නතර කර තිබුණ අතර මීට ටික කලකට පෙර ප්‍රසංග වලින්ද සමුගත්තේය. ඔහු තමන් බුදු දහම සරණ යන බවත් ජීවිතය ගැන කලකිරී ඇති බවත් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලදී කියා සිටි අතර පසුගියදා සිහි විකලෙන් මෙන් හැසිරී නිවැසියන් සමග ආරවුල් ඇති කරගෙන පන්සලකට ගොස් පැවිදිවීමට උවමනා බවට එම විහාරස්ථ හිමිනමකගෙන් ඉල්ලා  ඇත. ඔහු උමතුවෙන් හැසිරීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් සානුකම්පිතව සලකා සිත නිවන්නට උපදෙස් දී ඇති නමුත් දමිත් අසංක විහාරස්ථානයේ හිමිනමට අයත්ව තිබුණ සිවුරක් උදුරාගෙන තමන්ගේ සිරුරේ එය දවටාගෙන තනිව ධර්ම දේශනා දෙසමින් උමතු හැසිරීමක නිරතවී ඇත. එම අවස්ථාවේ නිවැසියන් හා ඥාතීන් වෙත සිද්ධිය දැනුම් දෙන්නට විහාරාධිපති හිමියන් කටයුතු කර තිබේ. ඥාතීන් පැමිණ දමිත් අසංකව පාලනය කරන්නට උත්සාහ කළත් ඔහු දිගටම කලහ කරගෙන තිබේ. පසුව ඔහු කුදලාගෙන පොලිසියට භාර දී ඇත්තේද ඥාතීන් හා අසල්වැසියන් විසිනි. පාලනය කරගන්නට අපහසුවූ ඔහු මනෝ විකෘතතාවයකින් පෙළෙන බවට එල්ලවූ පැමිණිලි අනුව අධිකරණය ඔහු පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් මේ වනවිට කැඳවා ඇති අතර ඔහුගෙන් බාහිර අයට සිදුවිය හැකි හානිය සලකා රක්ෂිත බන්ධනාගාරයට යොමු කර තිබේ. ලබන 9 වනදා දක්වා ඔහු මොණරාගල බන්ධනාගාරයේ වෙනම කුටියක රඳවා ඇත. අධික මත්කුඩු ඇබ්බැහිය නිසා ඔහුගේ වටිනා ජීවිතය විනාශ කරගෙන තිබෙන බව ගම්වැසියන් පවසා තිබේ. තිදරු පියෙකු වන දමිත් අසංක මව හා සහෝදරයින් දෙදෙනෙකුද රැක බලාගනිමින් කල්ගෙවූ අයෙකි.
පගර නැට්ටො නැට්ටියො මොනව කිවුවත් ම්නිස්සු අතින් තමයි වැරදි වෙන්නෙ දමිත්, සෑම සිදුවීමක්ම අද්දැකීම් ලෙස ගෙන ඉක්මනින් සුව වෙලා ඇවිත් ඉදිරි ජීවිතේ හදාගනින් ඔබ තමෙත් පරක්කු නෑ...
25
POSITIVE
ncpp_train_38404
පසුගිය රජය විසින් ජනන සැලැස්මට අනුව විදුලි බලාගාර ඉදි නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 604ක පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අද (29දා) විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. “විදුලිබල අමාත්‍යාංශය පනත වෙනස් කරලා බලාගාර ඉදිකිරීමේ කිසිදු සැලැස්මක් නෑ. අපි අපේ ජනන සැලැස්මට බලාගාර ඉදිකරනවා ඇරෙන්න පනත වෙනස් කර බලාගාර ඉදිකරන්නේ නෑ. අපි අවුරුදු දෙකෙන් දෙකට වෙනස් කරමින් අවුරුදු විස්සකට දීර්ඝකාලීන ජනන සැලැස්මක් හදනවා. ඒ අනුව සෑම වසර දෙකකට වරක්ම විදුලි බලාගාරයක් ඉදිවිය යුතුයි. නමුත් 2014 සිට 2020 වන තෙක් ලංකා විදුලිබල මණ්ඩලය කිසිදු බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කරලා නෑ. අපි 2010 නොරොච්චෝලේ බලාගාරය හැදුවා. ඒ වගේම කෙරවලපිටිය සහා ඉහළ කොත්මලේ බලාගාර හැදුවා. ඒ හැර අද වෙනතුරුත් කිසිදු බලාගාරයක් ඉදිකරන්න තීන්දු කරලා නෑ. අපි කඩිනමින් බලාගාර ඉදිකරන්න කටයුතු කරලා තියෙනවා. මේ ආණ්ඩුව ආපු ගමන් සාම්පූර් බලාගාරය හදන එකත් නැවැත්තුවා. කෙරවළපිටිය මෙගාවොට් 300ක බලාගාරයක් හැදුවා. ඒ ටෙන්ඩර් එක රවි කරුණානායක මහත්තයයි බටගොඩ මහත්තයයි වෙනත් සමාගමකට වැරදි විදියට ටෙන්ඩර් එක ලබා දීපු නිසා ඒ වැඩ කටයුතු නතර වෙලා තියෙනවා. මේ විදුලි බලාගාර ඉදි වුණා නම්, මෙගාවොට් 800ක අද වෙන කොට විදුලිබල මණ්ඩලයේ ජාතික පද්ධතියට එකතු වෙනවා. එක්සත් ජාතික පක්‍ෂය කළේ ජනන සැලැස්මට තිබුණු සියලු බලාගාර නවත්තලා අධික මිලට විදුලිය මිලට ගැනීමක්. මේකට අපි පරීක්‍ෂණයක් කරගෙන යනවා. මේකට වගකිවයුතු සියලු දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපට සිද්ධ වුණා මෙගාවොට් 200ක විදුලි මිලදී ගැනීමක් සිදු කරන්න. ඒ නිසා රුපියල් 13කට 14කට ගන්න තිබුණු විදුලි ඒකකය හදිසි විදුලි මිලදී ගැනීම් නිසා 25ට 30ට ගන්න සිද්ධ වෙලා තියෙනවා. එක එක ඇමතිවරුන්ගේ ව්‍යාපෘති මේ අමාත්‍යාංශයට ගේන්න කටයුතු කළා ඇරෙන්න කිසිම දෙයක් වෙලා නෑ. මේ අමාත්‍යාංශයේ හිටියා ලේකම්වරයෙක් බටගොඩ කියලා. මේ අමාත්‍යාංශයේ සෝලා ව්‍යාපෘතිවලට ටෙන්ඩර් කැඳවීමේදී ටෙන්ඩර් එවන සියලු දෙනා මේ ලේකම්වරයට තිබුණු කන්සල්ටන්සි සමාගමට ගිහින් ලියාපදිංචි වෙලා තමයි ටෙන්ඩර් දාන්න ඕන. මේ ආකාරයට තමයි පසුගිය කාලේ විදුලිබල අමාත්‍යාංශයේ වැඩ වෙලා තියෙන්නෙ. ජනාධිපතිතුමා කියලා තියෙනවා විවෘත ටෙන්ඩර් පටිපාටියට අනුව නීත්‍යනුකූලව විදුලි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න කියලා. අපට තව මාස දෙක තුනක් යනකොට පුළුවන් වෙනවා විදුලි බලාගාරවල වැඩ කටයුතු ආරම්භ කරන්න. සමාජ මාධ්‍යවල දිගින් දිගටම සැරිසැරුවා මහනුවර නගරයේ මුස්ලිම් පාසලක් ඉදිකරනවා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. මහනුවර නගරයේ කිසිම මුස්ලිම් පාසලක් ඉදිකරලත් නෑ. ඉදිකරන්නෙත් නෑ”යනුවෙන්ද පවසා සිටියේය.
එ වගේ ම ඔබතුමට දිනන්න දෙන්නෙත් නෑ
13
POSITIVE
ncpp_train_38405
හොර ජාවාරම්වල නිරතව සිටින ඇතැම් පුද්ගලයන් ඒවා නිරුපද්‍රිතව කරගෙන යැම සඳහා කුලී නිවාස ඉතා අධික සහ නොවටිනා මිල ගණන් වලට කුලියට ගැනීම නොරහසකි.  මත්ද්‍රව්‍ය සහ ගණිකා ජාවාරම් ඉතා ලෙහෙසියට පහසුවට කරගෙනයැම සඳහා සමහර ජාවාරම්කරුවෝ කුලී නිවාස ලොකු මිල ගණන් වලටගනු ලබන්නේ ඇතැම් අයිතිකරුවන් මිල මුදල්වලට ඇති තන්හාව සහ කෑදරකම ගැන  හොඳින් දන්නා කියන නිසාය. විශේෂයෙන් මහජන අවධානය ඉතා අඩුවෙන් යොමුවන විශාල තාප්පවලින් වටවූ නිවාස සහ නිවාස සංකීර්ණවල හුදෙකලා මාර්ගවල පිහිටිසුඛෝපභෝගී නිවාස මේ ජාවාරම්කරුවන් වැඩිපුර භාවිතයට ගන්නේ පොලීසිය සහ ආරක්ෂක අංශ වලින් ගැලවී තම ව්‍යාපාරය රිසිසේ කරගෙන යැම සඳහාය. මෙවැනි ජාවාරම්වල නිරත පුද්ගලයෝ ඉතා "ගුප්ත'අයවන අතර ඔවුන් සිය අසල්වාසීන් සමඟ ද එතරම් සම්බන්ධතාවක් නොපවත්වන් තමන්ගේ ජාවාරම් ඒ අයට හෙලිවීමට ඉඩකඩ ඇති නිසාය.  මෙලෙස ලොකු මුදලක් ගෙවා කුලියට ගන්නා නිවසවල හතර වටේට සී.සී.ටී.වි කැමරා සවිකරගෙන ලොකු මුදලක් ගෙවා මිලදී ගන්නා ඉතා දරුණු සුනඛයන්ද පිරිවරාගෙන ඇතැම් ජාවාරම්කරුවෝ සිය ජාවාරම්වල නිරත වන්නේ රාත්‍රී කාලයේද වීම විශේෂයකි.අහල පහල නිවෙස්වල පිහිටා ඇති සී.සී.ටී.වී කැමරා ගැනද විශේෂයෙන් සොයා බලන  මෙවැනි ජාවාරම්කරුවෝ අසල්වැසියන්ගේ නිවෙස් වල ඇති එවැනි ආරක්ෂිත කැමරා තමන්ගේ නිවෙස දෙසට එල්ලවී ඇත්දැයි  නිරතුරුවම සොයා බලන්නේ සහ ඇතැම් අවස්ථාවල ඒ ගැන අසල්වැසියන් සමඟ මත ගැටුම් වලට යන්නේ ඔවුන් හොර රහසේ සිදුකරන ජාවාරම පොලිසියට හසුවෙතැයි බියෙිනි. මෙලෙස ලොකු මිලකට කුලියට ගන්නා නිවාසවල සිට ජාවාරම්කරුවන් සිදුකළ ජාවාරම් රැසක් පොලීසිය පසුගිය කාලයේදී අනාවරණය කරගෙන තිබිණි.   ගල්කිස්ස පොලිස් වසමේ අල්විස් මවතේද සුඛෝපභෝගී නිවෙසක කුලී පදනම මත ගෙන මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් වැටලීමට පානදුර වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකට පසුගියදා හැකිවිය. මෙහි විශේෂත්වය වුයේ ඉන්දුනීසියාවෙන් සංචාරක වීසා මගින් මෙරටට ගෙන්වා ගැනුණු කතුන් මෙම සුඛෝපභෝගී කුලී නිවෙසේ තබාගෙන ගණිකා ජාවාරම් නිරත කළ  පුද්ගලයන්ද පොලීසියට කොටුවීමය.  ලැබුණු රහසිගත තොරතුරකට අනුව මේ වැටලීම සිදුකැරුණේ ඒපිළිබඳව දින කීපයක්ම තොරතුරු සොයා බැලීමෙන් අනතුරුවය. අදාල දෙමහල් සුඛෝපභෝගී නිවෙස ජාවාරම්කරුවන් විසින් ලබාගෙන තිබුණේ  මාසයකට රුපියල් ලක්ෂ 3ක මුදලකටය.එහි අයිතිකරු එම මුදලට ලොල්වී එය ලබාදී තිබිණි. විදේශ කතුන් මෙරටට ගෙන්වා සිදුකරන කාම ජාවාරමක් මෙහි සිදුවන බව ඔහු දැන සිටියාද නැද්ද යන්න මෙතෙක් පැහැදිලි නැත.අදාල නිවෙසේ සිටින ඉන්දුනීසියානු කාන්තාවන් විවිධ මිල ගණන්වලට හොර රහසේ ඉතා සුක්ෂමව අලෙවිකරන බව ඒවන විටත් සොයාගෙන තිබිණි. පොලීසිය අදාල සුඛෝපභෝගී නිවෙස වටලන්නේ ජාවාරම්කරුට හිතාගත නොහැකි මොහොතකය. මේ  සුඛෝපභෝගී නිවෙසේ සිටි රුමත් ඉන්දුනීසියානු කතුන් පස්දෙනකු අත්අඩංගුවට ගැනෙන්නේ එලෙසය.මේ කතුන් අවුරුදු 20,23,25,26,28 වයස්වල පසුවන අය බවද හෙලිව සිදුකරන ලද ප්‍රශ්න කිරීම වලදීය.  අදාළ ගණිකා මධ්‍යස්ථානයේ කළමණාකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හතලිස්  හැවිරිදිය,  මෙම ස්ථානයට ස්ථානයට පැමිණෙන  ගැනුම්කරුවන්  පැයකට රුපියල් පහලොස්දහසක් ගෙවා ඉන්දුනීසායානු කාන්තාවන්ගෙන් සේවය ලබාගන්නා බවද විමර්ශනයේදී හෙලිවිය. . ඉන්දුනීසියානු කතුන් පස්දෙනා සහ එහි කළමණාකරු පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරී විසින් ගල්කිස්ස පොලීසියට භාර වෙන්නේ ඉන්අනතුරුවය.ඒ වැඩිදුර විමර්ශන සඳහාය. මේ අතර දිනකට රුපියල් අටදහසකට ලබාගත් කුලී නිවෙසක සිට ගණිකා ජාවාරමක් සිදුකළ පුද්ගලයකු වැල්ලවත්ත පොලීසියේ  අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේද පසුගියදාය.සැකකරු24 හැවිරිදි අයෙකි. ඔහු මේ ගණීකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබුණේ  වැල්ලවත්ත නගරයේ කුලියට ගත් ස්ථානයකය.   ඔහු තම පෙම්වතීය දිනකට රුපියල් හයදහසක මුදලකට සලෙලුන්ට අලවිකර‍ෙ තිබුණු බවදවිමර්ශනවලදී හෙලිවිය.  පොලිස් හදිසි අවස්ථා119 අංකයටලැබුණු තොරතුරකට අනුව වැල්ලවත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයෝ වැටලීම සිදු කළ අතර  සැකකාර කළමණාකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ සැකකරුතම සුරුපී‍ පෙම්වතිය සහ තවත්  තරුණීයක අදාල කුලී ස්ථානයේ තබාගෙන අලෙවිකර ඇති බව අනාවරණය විය.එම තරුණියන් දෙදෙනාද සැකපිට අත්අඩංගුවට ගැණිනි. ඉන් එක් අයෙක් කිරුලපන පදිංචිකාරියකි. අනෙකා කාන්තාවගේ පදිංචිය අගලවත්ත ප්‍රදේශයේය. අත්තර්ජාලයේ දැන්වීම් දමා කාන්තාවන් අලවිකළ ස්ථානයක් ද මහරගම අපේක්ෂා රෝහල අසල කුලී නිවෙසක පවත්වාගෙන යද්දී එය වැටලීමට මහරගම පොලීසියේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක ජයරත්න ඇතුළු කණ්ඩායමට හැකිවිය. අලෙවිකිරීම සඳහා  එහි සිටි කතුන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගැනිණි.  මීගමුව, කට්ටුව ප්‍රදේශයේ කුලියටගත් ස්ථානයක පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් වැටලීමට මීගමුව මුලස්ථාන පොලීසියේ දුෂණය  වැටලීමට මීගමුව මුලස්ථාන පොලීසියේ දුෂණ  මර්ධන ඒකකයේ නිලධාරීන්ට හැකිවුයේ පසුගියදාය.එහිසිටි කතුන් දෙදෙනකු සහ කළමනාකාරවරිය අත්අඩංගුවටගැනිණී.ගල්කිස්ස සේරම් පාරේ කුලී ස්ථානයක සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන්  පවත්වාගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා එහි අලෙවි කිරීමට සිටි කතුන් සිව්දෙනකු සහ කළමනාකරුද අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසිනි.   පානදුර නගරයේ ප්‍රධාන විදීයේ මාර්ගය ආසන්නයේ රුපියල් හැටදහසක මාසික කුලියට ලබාගත් සුවිසල් නිවෙසක ඉහළ මාලයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු තීපොල වටලා එහි හිමිකරු අත්අඩංගුවට  ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට හැකිවිය.ප්‍රධාන පොලිස් පරික්ෂක චමීල නිශ්ශංක ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකරන ලදී.  ප්ලාස්ටික් කැන් 4ක් පමණ ද කසිප්පු බැරල් 50ක පමණද ගෝඩා, තඹදගර ගැස් සිලින්ඩර  රෙගියුලේටර්,වතුර මෝටර් ඇතුළු උපකරණ රැසක් සොයාගැනිණි.-අමල් රණබාහු-
යකෝ මේව පොලීසියට අහුවෙන්න කලින් අපිට කියන්න බැරිද මන් අහන්නෙ.
6
POSITIVE
ncpp_train_38406
දැනට නතරවී ඇති උසස් පෙළ පිළිතුරු පරීක්ෂාවට හේතුව සරසවි ඇදුරන් සිදු කරන වර්ජනයයි.මේ ගැන ජනපති සමග සෘජු සාකච්ඡාවක් ඉල්ලා ඇතත් ඊට පිළිතුරක් නැති අතර වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පමණක් උත්තර බැඳ තිබේ.විශ්ව විද්‍යාලයේ ආචාර්‍යය සමිති සම්මේලනයේ සාමාජිකයෙකු ඒ ගැන මෙසේ පැවසීය. "උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවේ අධීක්ෂණ කටයුතුවලින් ඉවත් වෙලා හිටපු ඒ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත් හිටවුවා. අපි දැනුම් දුන්නා ජනාධිපතිවරයා එක්ක සාකච්ඡාවක් අවශ්‍යයි කියලා. මීට අදාළ ලිපිය යොමු කිරීමට අපි කටයුතු කරා.ජනාධිපතිවරයා ප්‍රකාශ ගණනාවක් කරලා තියෙනවා, මේ අධ්‍යාපන ක්ෂේත්‍රය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරනවා කියලා, ආචාර්‍යවරුන්ගේ දේපළ රාජසන්තක කරනවයි කියන කාරණය. ඒක නිසා මේ ගැන වහාම සාකච්ඡා කලයුතුයි.වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේකට මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. අදාළ කටයුතු විශ්ව විද්‍යාලයේ ආචාර්‍යය සමිති සම්මේලනය ඍජුව ජනාධිපති කාර්‍යයාලයත් එක්ක කටයුතු කරනවා. අපට මේ සාකච්ඡාව අවශ්‍ය වෙන්නෙ ඍජුව ජනාධිපතිවරයා සමඟ පමණයි. අතරමැදි මේ උසස් පෙළ පාවිච්චි කරන්න හදන පාර්ශව කිසිම කෙනෙක් මේකට අවශ්‍ය නැහැ."
මේ පිස්සු පිරිමි නර්ස්, මත්තල මීටරේ හෝටලයෙන් හොරෙන් කාල ජල්බරියක් දා ගත්ත එකා නොවැ, මේ හැලි වදුරට , විශ්ව විද්‍යාල ආචාර්ය වරුත් එක්ක අහලකින් වත් තියන්න පුළුවන් එක්කෙක්ද? මු වැස්සකට වත් විශ්ව විද්‍යාලයකට ගිහින් තියනවද
19
POSITIVE
ncpp_train_38407
නංගීගේ පෙම්වතාටතරවටු කරන්න ගිය අයියා දෙන්නවම මරාගෙන පසුගිය ජූලි මාසයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පාසල් සිසුවියක දුම්රියක හැපී මියයාමත් ඉන්පසු එම සිද්ධිය අවස්ථාවේ ඇය සමග සිටි පෙම්වතා කියන තරුණයා ළිඳකට පැන දිවිනසාගැනීමේ සිද්ධියකුත් වාර්තාවී තිබුණි. එම සිද්ධියට මැදිවූ සිසුවියගේ අයියා කෙනෙකු කියා තිබුනේ තමා දුම්රියේ පැමිණෙන විට නැගණිය රේල් පාර අසල පෙම්වතෙකු හා කථාකරනු දැක වහා ඊළග දුම්රිය ස්ථානයෙන් බැස නංගී වෙතට එද්දී නංගීව පෙම්වතා දුම්රියට තල්ලු කරනු දුටු බවයි.  සාමාන්‍ය පෙළ විභාගයට මේ වසරේ පෙනී සිටින්නට නියමිතව සිටි නිමේෂා නමැති මෙම සිසුවිය දෙමාපියන් හෝ කිසිවෙකු නොදැන පවත්වාගෙන ගිය පෙම් සබඳතාවය මේ ආකාරයට පුපුරායාමේ මෙකී කතාවේ සැකමුසු තැන් රැසක් පැවති අතර සිද්ධිය ගැන පොලිසිය පරීක්ෂණ පවත්වද්දී මෙම මරණ දෙක සිදුවූ ආකාරය වෙනස් මුහුණුවරකින් හඳුනාගන්නට ලැබී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මියගිය නිමේෂාගේ සොයුරා තිලක් මුලින් පොලිසියට මෙසේ කියා තිබුණි. “මම නුවර ඉඳලා එන කෝච්චියේ ආවේ. කෝච්චියේ එද්දී මම දැක්කා ස්ටේෂන් එකට ටිකක් එහා තැනකදී කොල්ලෙක් මගේ නංගිට ගහනවා. මම කෝච්චිය නවත්තපු ගමන් බැහැලා ඒ පැත්තට යද්දී ඒ කොල්ලා නංගිව අනිත් පැත්තෙන් ආපු කෝච්චියට තල්ලු කළා” සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය රියදුරු මෙසේ කියා තිබුණි. “හැමදාම ඔය වෙලාවට පන්තිවලට යන ළමයි රේල් පාරේ ඔය හරියේ යන නිසා කොහොමටත් ටිකක් හෙමින් තමයි කෝච්චිය අරගෙන ආවේ. අපි ඉස්සරහට එද්දී මගේ සහායක රියැදුරු මට පෙන්නුවා පිරිමි ළමයෙක් තව පිරිමි ළමයකුයි, ගැහැනු ළමයකුයි අත් දෙකෙන් අල්ලගෙන රේල් පාර අයිනෙන් ඉස්සරහට ආපු හැටි. ඒක ඒ අයගේ ප්‍රශ්නයක් වෙන්න ඇතිනේ කියලා අපි වැඩිය හිතන්න ගියේනැහැ. විනාඩියක් යන්නත් කලින් අපි දැක්කා ඒ ගැහැනු ළමයා අපේ කෝච්චිය පැත්තට පාර අයිනෙන් දුවගෙන එනවා අපි හිතුවේ ඒ ළමයා කෝච්චියට නගින්න දුවගෙන එනවා කියලා. එහෙම හිතලා වේගෙ ටිකක් අඩු කළා. වේගේ අඩුකරගෙන එද්දීම වගේ මගේ සහායක රියැදුරු කිව්වා ‘දැන් වැඩක් නැහැ වගේ’ කියලා. අපි කෝච්චිය නතර කළා. ඒ වෙද්දිත් ඒ ළමයා නැති වෙලා.” නිමේෂාගේ සොයුරා තිලක් සහ රියදුරාගේ කතා දෙක අතර පරස්පරයක් තිබුණි. ඒ නිසා පොලිසිය තිලක්ව නැවත ප්‍රශ්න කරන ලද අතර ඔහු එවර කතාව වෙනස් කර කීවේය. “මම කෝච්චියේ එද්දී නංගි පිරිමි ළමයෙක් එක්ක ඉන්නවා දැකපු නිසා මම ස්ටේෂන් එකෙන් බැහැලා නංගි හිටපු පැත්තට ඇවිදගෙන ගියා. එතකොට නංගි මාව දැකලා දිව්වා. ඒ දුවද්දී කෝච්චියට අහුවුණා. නංගිත් එක්ක හිටපු පිරිමි ළමයා නංගිව කෝච්චියට තල්ලු කළා කියලා මම මුලින්ම කිව්වේ බයට.” මෙම සිද්ධියෙන් දින දෙකකට පසු නිමේෂාගේ පෙම්වතා බව කියන සංකල්ප නමැති තරුණයා ඔහුගේ නිවස අසළ පාළු නාන ළිඳකට පැන මියගොස් තිබියදී හමු විය.ඔහුගේ සෙරෙප්පු දෙක ළිඳ අසළ තිබුණ අතර සිරුර කබරයන්ගේ ගොදුරක් බවට පත්ව තිබුණි.ඒ දක්වා අතුරුදන්ව සිටි මේ තරුණයා ගැන නිවැසියන් දින දෙකක් තිස්සේ සොයා තිබූ බවද වාර්තා වී තිබුණි. ඒ අනුව ඔහුගේ මරණය නිමේෂා දුම්රියට හසුවූ දිනයේම සිදුවන්නට ඇති බවට පරීක්ෂණ වාර්තාද ලැබුණි. මෙම දෙදෙනාගේ මරණ අතර සම්බන්ධය පොලිසියට සොයාගන්නට කාලයක් ගතවිය. පසුගිය කාලයේ දුරකථන වාර්තා ඇසුරෙන් සංකල්ප ගැන තොරතුරු සොයා යාමේදී සිද්ධියවූ දවසේ ඔහු අනතුර සිදුවූ ස්ථානයෙන් පිටත්ව නැවත ළිඳ ළගට ආ බවක්ද වාර්තා විය. පරස්පර කතාබහක් සිදු කළ නිමේෂාගේ සොයුරා තිලක්ද අදාළ ස්ථාන වලට ගොස් නැවත සංකල්ප මියගොස් සිටි තැනට ඇවිත් ගොස් ඇත. ඒ අනුව තිලක් සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ. තමා සංකල්පව ඝාතනය කර ළිඳට දැමූ හැටි ගැන භයංකර විස්තරය ඔහු ඒ අවස්ථාවේ පොලිසිය හමුවේ වමාරා ඇත. සිද්ධිය වූ දිනයේ තමා දුම්රියේ පැමිණෙද්දී නිමේෂා දුම්රිය ස්ථානයට ටිකක් මෙහාට වන්නට ස්ථානයක පිරිමි ළමයෙකු අතින් අල්ලාගෙන ඇවිද එන හැටි දුටු බවත් නැගණිය කිසිවෙකු සමග හොරෙන් සම්බන්ධයක් පවත්වන ආකාරය දැක කෝපයක් ඇතිවූ නිසා වහා දුම්රිය ස්ථානයෙන් බැස්ස විගස නැගණිය සිටින තැනට දිව ඇවිත් දෙදෙනාට තරවටු කරන්නට උත්සාහ කළ බවත් තිලක් පවසා ඇත. නිවසේ ලජ්ජාවට බයට හැදී වැඩුණ නිමේෂා සොයුරන්ට අධික බියක් දක්වන බව වාර්තාවන අතර පෙම්වතා සමග ඇය සිටින දර්ශනය සොයුරාට හසුවීමේ බියට එක්වරම තැති ගෙන දිවගොස් තිබේ. එම අවස්ථාවේ දුම්රියක්ද ගමන් කරමින් පැමිණ තිබෙන අතර  අනපේක්ෂිත ලෙස ඇය දුම්රියට පැන තිබේ.මේ සිද්ධියෙන් ඇය එතැනම මියගොස් තිබේ. තිලක්ගේ ග්‍රහණයට හසුවූ සංකල්පද එම අවස්ථාවේ අත ගසා දමා එතැනින් ඉවත්ව පැනගොස් ඇත. පසුව සංකල්ප ඒ ආසන්න අම්බලන්ගොඩ බස් නැවතුම්පළට ගොස් බටපොළ බස් රථයේ නැගගෙන ඇත්තේ නිවසට යාමටය. සිද්ධිය වූ ස්ථානයේ නංගීගේ මළ සිරුර තිබියදී තම නංගී මැරෙන්නට මුල්වූ තරුණයා සොයාගෙන තිලක් තවත් මිතුරෙකුද සමග බස් නැවතුම්පොළේ බස් රථ පීරා ඇත්තේ මේ අතරේදීය. අවසානයේ බටපොළ බස් රථයේ සංකල්ප සිටිනු දැක මිතුරා සමග තිලක්ද එම බස් රථයට නැග ඇති මුත් ප්‍රසිද්ධියේ කලබලයක් කර නැත. පසුව බටපොළ කිට්ටුවෙද්දී සංකල්ප ළගට ගොස් ඇති තිලක් ඔහුට බහින්නැයි බල කර තිබේ.බියට පත්ව සිටි සංකල්ප බසයෙන් බැස ඇති අතර පසුව ත්‍රී රෝද රියකින් තිලක් සහ මිතුරාගේ ග්‍රහණයට නතුව කැලෑබද ස්ථානයකට ගොස් තිබේ. ඔවුන් පාළු පාරක් දිගේ ඇවිද ගොස් ඇත්තේ එයින් අනතුරුවයි. කැලෑවේ පාළුවට ගිය නාන ළිඳක් ළඟ සංකල්පව නතර කරවූ තිලක් ‘උඹ නිසා තමයි යකෝ නංගි මැරුනේ.මං උඹවත් ඒ ලෝකෙටම යවනවා‘ කියා ඔහුව වතුරේ ගිල්වා මරා දමා තිබේ. එයින් පසු කිසිවක් සිදු නොවූ ගාණට අම්බලන්ගොඩ ගිය තිලක් නැගණියගේ අවසන් කටයුතු සඳහාද සහභාගීවූ අතර දින දෙකකට පසු නැගණීයගේ පෙම්වතාගේ සිරුර හමුවූ අවස්ථාවේ සංකල්ප දිවිනසාගන්නට ඇතිය යන මතය දන්නා කියන අයට හා පොලිසියට ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මාස දෙකකට පමණ පසු යටගිය සිද්ධියේ සුලමුල සොයාගන්නට මීටියාගොඩ පොලිසියට හැකියාව ලැබුණි. සංකල්ප ඝාතනය කළ බවට වරද පිළිගත් තිලක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.
සහතික ඇත්ත බෙන්තර ගගින් එහා රට ගොන්
-21
NEGATIVE
ncpp_train_38408
සෝමරත්න දිසානායක මහතාගේ ‘සිංහබාහු‘ චිත්‍රපටයේ රූගත කිරීමකට සම්බන්ධ වී වාහනයක ගමන් කරමින් සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ ප්‍රවීණ සිනමා නළු ජැක්සන් ඇන්තනි තවමත් අසාධ්‍ය තත්වයේ පසුවේ.ඔහුට සුවය පතා මේ වනවිට විවිධ ආගමික වතාවත්ද කලාකරුවන් සිදුකරමින් සිටී. ඔහු අනතුරින් පසු කොළඹට රැගෙන විත් ශල්‍යකර්ම කිහිපයකට බඳුන්කර ඇති අතර ස්නායු ශල්‍යකර්ම සිදුකර ඇති නිසා ඔහුගේ තත්වය සුව අතට හැරීම ප්‍රමාද වන බව හෝ සුවය ලබන ස්වරූපය අවිනිශ්චිත වන බව වෛද්‍යවරු පවසා තිබේ.අනතුරින් පසු ජැක්සන් ඇන්තනී මහතා සැලකිය යුතු මට්ටමකින් සුවය ලබා සිටි අතර නැවත වරක් සිහිසුන්ව ඇති බවත් මේ වන විට ස්වසන යන්ත්‍ර පද්ධතියක ආධාරයෙන් ප්‍රතිකාර ලබාදෙන බවත් ඔහුගේ තත්වය රූපවාහිනියට විස්තර කරමින් සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා පැවසීය. සාකච්ඡාවකට එකතු වෙමින් සෝමරත්න දිසානායක මහතා මෙසේ කීය.“ශල්‍යකර්මයට පස්සේ ජැක්සන්ට සිහිය ආවා.ඔහු මා එක්ක කතා කළා. මගේ චිත්‍රපටිය ගැනත් කතා කරා. එක සම්පූර්ණ කතාවක් නෙමෙයි.ඔහු පුළුවන් විදිහට කතා කළා. එහෙන් මෙහෙන් බට ගහලා නිසා ජැක්සන්ට හරියට කතා කර ගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ කිව්වේ මට ඉන්නේ එක සිංහයයි ඒ සිංහයා නැගිටලා එනකම් මම බලාගෙන ඉන්නවා කියලයි. ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස් දෙකට කඳුළු ආවා මාත් මගේ කඳුළු පාලනය කරගෙන හිටියා. මට තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර හොඳට සිහිය ආපු ජැක්සන්ට ආයෙ සිහිය නැතුව ගියා.දැනට ජැක්සන් සිහිසුන්ව තමයි ඉන්නේ.දැනට ඔහු හුස්ම ගන්නේ ස්වසන යන්ත්‍ර ආධාරයෙන්.ඒක ඒ තරම් සුව තත්ත්වයක් කියලා අපි හිතන්නේ නැහැ”   
මේ කරගෙන තියෙන පවට විපාකේ ලැබෙද්දී, අනේ මට උදව් කරන්න කියල කියන්නවත් කෙනෙක් ඉන්න එකක් නෑ . අකුරු ටිකක් type කළා විතරක් උනාට කරගෙන තියෙන අකුසලය මහා විශාලයි. (සාප කරා එහෙම නෙවේ, මේ කරගෙන තියෙන දේ කිව්වේ. ) :(
1
POSITIVE
ncpp_train_38409
මාස කිහිපයක් තිස්සේ විශාල ලෙස ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වනවිට සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇතැයි පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙළෙඳ මහත්වරු පවසති. මීට සතියකට පමණ ඉහතදී රුපියල් 500ක් ලෙස පැවති කැරට් කිලෝවක මිල ඊයේ (27) වනවිට රුපියල් 100 දක්වා ද, රුපියල් 300ක් වශයෙන් පැවැති බෝංචි කිලෝවක මිල රුපියල් 200 දක්වාද, රුපියල් 250කට පැවැති ලංකා අල කිලෝවක මිල 160 දක්වාද රුපියල් 700කට පැවැති රතුලුනු කිලෝවක මිල රුපියල් 300 දක්වාද, රුපියල් 350ක් ලෙස පැවැති ලොකු ලූනු කිලෝවක මිල රු. 190 දක්වා ද පහළ බැස ඇති බව මැනිං වෙළෙඳපොළේ වෙළෙදෝ පැවසූහ. මැනිං වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබුණ ද, කොළඹ නගරයේ ඇතැම් සුපිරි වෙළෙඳසල්වල එළවළු මිල ගණන් ඒ ආකාරයෙන් පහළ බැස ඇති බවක් දකින්නට නොලැබිණි.  -නිර්මාණි ගුණරත්න-
කොහොමහරි චන්දෙ ඉවරවෙනකං අල්ලං ඉන්න මගෙ දෙයියෝ....
61
POSITIVE
ncpp_train_38410
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස් ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් ඇති බව පැවසුවේ යැයි මාධ්‍ය හරහා වාර්තා වූ ඉන්දීය ජාතිකයා මානසික රෝගයකින් පෙළෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉන්දියානු ජාතික  සැකකරු පවසා ඇත් නාමල් කුමාර විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා අනුව, අදාළ දුරකථන සංවාදවලට අනුව හා  මාධ්‍යවල පළවූ වාර්තාවලට අනුව වීවිධ පුද්ගලයන් කිහිපදෙනෙකුට තර්ජන තිබූ  බවට තමන්ට දැනුණු බව යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. අදාළ ඉන්දියානු ජාතිකයා නාමල් කුමාර නමැත්තාගේ නිවසට ගොස් ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳ විමසීමට බවත්, ඉන්දියානු ජාතිකයා නාමල් කුමාර මහතාගේ නිවසට නිතර ගිය බවට ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට දැනුම් දීමෙන් පසු සැකකාර ඉන්දියානු ජාතිකයා අත්අඩංගුවට ගත් බවද හෙතෙම පවසා සිටියේ. අපරාධ පරීක්‍ෂණ සිදපාර්තමේන්තුව විසින් පෙරේදා (25දා) 'බී' වාර්තාවක් මගින් මේ පිළිබඳ හා විමර්ශන පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබු බවත්, ඝාතන සැලැස්මක් පිළිබඳ 'බී' වාර්තාවේ සඳහන් නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අදාළ පුද්ගලයා රදවා තබාගන ප්‍රශ්න කරන බවද හෙතෙම පවසා සිටියේය.
ඒකනේ, ඔය කියන පවුලේ කට්ටියම ඝාතනය කිරීමට සැලසුම් කළා කියනකොටම මටත් හිතුනා
1
POSITIVE
ncpp_train_38411
තමන්ගෙ තැපැල් ඡන්දය භාවිත කොට එම ඡන්ද පත්‍රීකාව ජංගම දුරකථන කැමරාවෙන් ඡායාරූප ගත කරන ලද පාසල් ගුරුවරයෙකු 26 වනදා හොරොව්පතාන අධ්‍යාපන කලාප කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරොව්පතාන අගුනච්චියේ පාසලක ගුරුවරයෙකි. මම ගුරුවරයා හොරොව්පොතාන මුක්කරවැව පදිංචි 44 හැවිරිදි අයෙකි.  පාසල් ගුරුවරුන් සඳහා තැපැල් ඡන්දය පාවිච්චි කිරීම පසුගිය 24 වැනි දින කලාප කාර්යාලයේදී සිදුවන අවස්තාවේ මෙම ගුරුචරයා සිය තැපැල් ඡන්දය සලකුණු කිරීමෙන් අනතුරුව එම ඡන්ද පත්‍රිකාව සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපයට නගන අවස්ථාවේදී ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරිවරයා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි. ඔහු එම ඡායාරූපය ෆේස්බුක් දැමීමට අවශ්‍යයි කියා ලබාගත් බව දන්වා තිබුණි. නමුත් ඡන්ද නීති අනුව එය වරදකි. ඒ අනුව අදාළ සැකකාර ගුරුවරයා ජංගම දුරකතනය සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරයා ඊයේ (26) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
හැම රෙද්දක්ම FB දාන්න යනවට හොද වැඩේ. යකෝ ඔහොම යද්දී අර වැඩේ කරලා ඉවර වෙලා සෝදාගන්න ගමන් පොටෝ අරන් දාල , ඔන්න මම කලා කියයි.
21
POSITIVE
ncpp_train_38412
2017 සාමාන්‍ය පෙළ විභාගයෙන් පළවෙනියෝ 6 යි දෙවැනියෝ 9 යි ඊයේ රාත්‍රී නිකුත්වූ 2017 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මින් පෙර සිදු නොවූ ලෙස ප්‍රථම ස්ථාන 6 ක්ද දෙවන ස්ථාන 9 ක්ද වාර්තාවී තිබේ. ප්‍රථම ස්ථාන දිනා ගත් හය දෙනා අතුරින් 5 ක්ම සිසුවියන් වන අතර රත්නපුර සීවලියේ එක් සිසුවෙකු පමණක් සිටී. එම සිසුවියන් අතරින් දෙදෙනෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නන්ය. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය අතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය. මුල් ස්ථාන ගත් සිසුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.
කෙල්ලො උනත් කොල්ලො උනත් මව් බිම බව මතක තියාගමු,අපෙ රටෙ අනාගතය මෙ නූගත් දෙසපාලුවන් ගෙන් ගලවාගෙන ලස්සන රටක් හදන්න එක්වෙමු,ඔයාලට සුබ අපි සුභ පතන්නෙමු
19
POSITIVE
ncpp_train_38413
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සංවිධානත්වයෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා පාගමනේ ප්‍රථම අදියරට සහභාගිවීම සඳහා එම පක්ෂයේ නායක මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පැමිණි බව කියන ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථ දෙකක තිබී බෝර 12 ගිනි අවි දෙකක් හා කුරුදු පොලු 98 ක් කඩුගන්නාව හා පේරාදෙණිය පොලීසි වල නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (31) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව කියමින් අදාළ විරෝධතා පාගමන අද (31) පෙරවරුවේ ගැටඹේ ප්‍රදේශයෙන් ආරම්භ විය.එම අවස්ථාවට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු සාමාජිකයින් 100 දෙනකු පමණ සහභාගී වී සිටියහ. පාගමනට සම්බන්ධවූ පිරිස් පැමිණි බව කියන ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඊරියගම ප්‍රදේශයේ නවතා තිබියදී පොලීසිය පරීක්ෂාවට ලක්කර තිබෙන අතර එහි තිබී අඩි 04 ක පමණ දිගින් යුත් කුරුදු පොලු 98 ක් පොලීසිය සොයා ගෙන ඇත.එම කුරුඳු පොලු කුමක් සඳහා රැගෙන ආවේද යන්න පිළිබඳව රියදුරුට පැහැදිලි ප්‍රකාශයක් ලබා දීමට නොහැකි වීම නිසා පේරාදෙණිය පොලීසිය මගින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ජීප් රථය මෛත්‍රී ගුණරත්න මහතාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබෙන බව පොලීසිය පවසයි. කොඩි කණු ලෙස භාවිත කරන්නට මෙම කුරුඳු පොලු ලෙස රැගෙන ආ බව ඔවුන් සඳහන් කල අතර  ඔවුන්ට කොඩි පෙන් වීමට නොහැකිවූ බවත් පොලීසිය පැවැසිය. මේ අතර පාගමන සමඟ යමින් තිබූ තවත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ 10 ක් පොලීසිය සොයා ගෙන ඇත.එම ගිනි අවි සඳහා බලපත්‍ර ඇති බව මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළ බව පොලීසිය පවසයි. අදාළ ගිනි අවි බලපත්‍ර පොලීසියට ඉදිරිපත් කරන ලෙස පොලීසිය මෛත්‍රී ගුණරත්න මහතාට දැනුම් දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි. චමිල් රූපසිංහ Cortesy -lankadeepa.lk
කුරුඳු පොල්ල මිනී මරන ආයුධයක්ද? බලන්නකො හැටි , ඇඹරිලා. ඕකෙන් ගැහුවට මුකුත් වෙන එකක් නැහැ. ඔන්න බයිසිකල් චේන්, යකඩ පොලු වගේනම් මොනව හරි කියන්න තිබුනා. මුන් හරි මෝඩයි. වලියකට යනකොට එක්කෝ ගෙනෙන් හොඳ හයිය පොල්ලක්. මේ ඇදවෙච්ච කුරුඳු පොලු වැඩක් තියෙනවද?
1
POSITIVE
ncpp_train_38414
ගාල්ල, කොස්ගොඩ ප්‍රදේශයේ ස්ථාන තුනකදී අද 29 අලුයම සිදුවු වෙඩි තැබීම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කුරුඳුගහපියස, මැණික්ගම සහ ලෑලිහෙත්තුව යුද පිට්ටනිය යන ප්‍රදේශවල මෙම වෙඩි තැබීම් සිදුව ඇති බව ය. පළමු වෙඩි තැබීම සිදුව ඇත්තේ කුරුඳුගහපියස ප්‍රදේශයේදී ය. ඉන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලැබිණි. දෙවන වෙඩි තැබීම මැණික්ගම ප්‍රදේශයේ සිදුව ඇති අතර ඉන් 39 හැවිරිදි පුද්ගලයකු මිය ගියේය. ලෑලිහෙත්තුව යුද පිට්ටනිය ප්‍රදේශයේ සිදුවූ තුන්වන වෙඩි තැබීමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මිය ගියේය. මියගිය පියාගේ වයස අවුරුදු 52 ක් වන අතර පුතුන් දෙදෙනා අවුරුදු 13 සහ 20 යන වයස්වල පසුවේ. යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් සිව්දෙනෙකු එම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. ඒ, සඳහා ටී. 56 ගිනි අවි සහ පිස්තෝල යොදාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.‍
"ලෑලිහෙත්තුව යුද පිට්ටනිය" නමෙන්ම පේනවනේ ඉතින්, ඔයපැත්තේ අයට ඕක සාමාන්‍ය දෙයක් වෙන්නැති.
12
POSITIVE
ncpp_train_38415
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙන්කර තිබෙන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ගමන් බිමන් වෙනුවෙන් වහාම ලබාදීමට අග්‍රාමාත්‍යවරයා ඊයේ (29) පියවර ගන්නා බව දන්වා තිබූ කමුත් අද වාර්තා වූයේ අගරදගුරුතුමන් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි. පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාවලට එල්ල වූ මරාගෙන  මැරෙන ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වෙඩි නොවදින රථය ලබාදීමට පියවර ගත් බව  අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා තිබුණි. රටේ ආරක්ෂක තත්වය තහවුරු වනතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉතාම පළපුරුදු රියැදුරකු ද සමග වෙඩි නොවදින මෝටර් රථය කාදිනල්තුමන්ගේ ගමන් බිමන් සඳහා යොදවන බව ද අරලියගහ මන්දිර ප්‍රකාශකයෙකු දන්වා තිබූ නමුත් අද අගරදගුරු තුමන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී දන්වා සිටියේ ඒ බව තමන් වහන්සේට දන්වා සිටි අවස්ථාවේ එවැන්නක් අවශ්‍ය නැති බවට දන්වා සිටි බවයි.
වෙන්න පුළුවන්. මෙතැනදී අපි මේ ක්‍රියාව අගය කරන්න ඕනේ. එත් එක්කම එතුමාගේ සම්මුක සාකච්ඡා බැලුවනම් තේරෙනවා සැම දෙයක් ගැනම පුළුල්ව බලන විදිහ. ඒවගේ නායකත්වයක් අපිට ඕනේ කරලා තියෙන ප්‍රබල අවස්ථාවක් මේක. ඒ නායකත්වය ක්‍රිස්තියානි හෝ බෞද්ධ හෝ වෙනත් ආගමික නායකයෙක්ගෙන් වෙන්න පුලුවන් සමහර විට දේශපාලන නායකයෙක්ගෙන් වෙන්න පුළුවන්. ඒ නායකත්වයට ගරු කරන එකත් එකේ පණිවිඩය ක්රියාත්මක කිරීමත් මිසක් එකේ මූලාශ්රය හොයන එක නෙමේ කරන්න ඕනේ.
6
POSITIVE
ncpp_train_38416
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, අද උදෑසන බීමත්ව රිය පදවා සිදු කළ අනතුරක් නිසා පොලිස් අත්අඩංගුවට පත්ව  තිබේ.‍ බොරැල්ල කිංසි පාරේ හොර්ටන් පෙදෙසේ දි  අද උදෑසන දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. අද (31) දින අළුයම 5.15ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බව පොලිසිය කළ පරීක්ෂණයේදී ඔප්පුවී ඇත.
නයිට් ක්ලබ් එකේ ප්‍රැක්ටිස් කරල යන ගමන් එහෙම නෙමෙයි ලු xD
34
POSITIVE
ncpp_train_38417
ලංකා බැංකුව මුල්වී හෝමාගම, පිටිපන ප්‍රදේශයේ ඉදිකෙරුණු එන්.එස්.බී.එම් හරිත සරසවි නගරය විවෘත කිරීමේ සමාරම්භක උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  ප්‍රධානත්වයෙන්  අද(26) පෙරවරුවේ පැවැත්වූ අතර මෙම උත්සවයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. එම අවස්ථාවේ ඔවුන් එක්වී සුහද පිළිසදරේ යෙදී ඇති බවද වාර්තාවේ.
ගොසිප්ලංකා හි හිතවතුන් ලිද තුල සිටින ගෙම්බන් නොවේ යැයි මා සිතමි.සයිටම් අායතනය වෙෙද්‍ය විද්‍යාලයක් ලෙස ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වීමට අවශ්‍ය තත්ව සපුරා නැති නම් අප කලයුතු වන්නේ සයිටම් අායතනයේ ප්‍රමිතිය වැඩි කිරීමට ශ්‍රී ලාංකිකයින් ලෙස අප උදවු කිරීම මිස හරක් රැලක් ලෙස පාරට බැස සයිටම් අායතන වසා දැමිය යුතු යැයි උද්ඝෝෂණය කිරීම නොවෙයි.ලෝකයේ වෙනත් රට වල ඕනෑ තරම් පෞද්ගලික වෙෙද්‍ය විද්‍යාල ඇති අතර ඒවා නිසි ප්‍රමිතියකින් පවත්වාගෙන යයි.
134
POSITIVE
ncpp_train_38418
සැමියා විදෙස්ගතවූ පසුව දරුවන් සමග කථාකාරීමට අවශ්‍යවී ඔහු බිරියට එවා තිබූ ස්මාර්ට් ජංගම දුරකථනය ඔහු සමග සන්නිවේදනයට එහා ගිය කටයුතුවලට යොදාගත් බිරියක නිරුවත් ඡායාරූපවලට පෙනී සිට ඇතිකරගත් අලකලංචියක් ගිරිඋල්ල පොලිසිය මගින් විසදා තිබේ. මෙම සිද්ධියට මුහුණපෑ සැමියා විදේශයේ සිටියදී  පිටස්තරයකු ඔහුගේ බිරියගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප සිය දුරකතනයට එවූ නිසා ඔහු විදෙස් සේවය නිමවා නැවත නිවෙසට පැමිණ ඇත්තේ සිද්ධිය විමසන්නටය. මේ ගැන ඇතිවූ කතාබහේදී සැමියා බිරියට පහර දීම නිසා ඔවුන් ආරවුල විසදන්නට පොලිසි ගොස් තිබේ. මෙහිදී  කළ ප්‍රශ්න කිරීම් අනුව 36 හැවිරිදි සැමියාගේ පිළිතුර වී ඇත්තේ තමන් දුක් මහන්සියෙන් විදෙස් ගතව සිය පවුල් ඒකකය ගොඩගැනීමට වෙර දරමින් සිටියදී දරුවන්ගේ මුහුණ බලා කතා බස් කිරීමට නවීන තාක්ෂණයෙන් යුතු දුරකතනයක් 34 හැවිරිදි බිරියට දුන් බවත්, කල්යත්ම බිරිය නිතර කතා කිරීම අඩු කළ බවත් ඒ අතරවාරයේ තමන් නොහඳුනනා ද්‍රවිඩ තරුණයකු තමන්ට කතාකොට බිරියට වෙනදා මෙන් කතා නොකිරීම පිළිබඳව ප්‍රශ්න කර සිටි බවත් නොබෝ දිනකින් තම බිරියගේ නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක් එකී තරුණයා තමන්ගේ දුරකතනයට එවූ බවත්ය. තවද එම තත්ත්වය යටතේ තම දරුවන් බිරිය සමඟ තනිකොට යෑම පවා අවදානම් තත්ත්වයක් නිසා නැවැත විදෙස් ගත නොවීමටද තීරණය කළ බැව් හැඬූ කඳුළින් පවසා ඇත. පසුව බිරියගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ සිද්ධිය තමන්ගේ නොදැනුවත් භාවය නිසා සිදුවූවක් බවත් කිසිදිනෙක එම තරුණයා දැක නැති බවත් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට වූ පොරොන්දුව මත තමන් විසින් නිරුවත් සෙල්ෆි ඡායාරූප යැවූ බවත් පවසා ඇත. කෙසේ වෙතත් බිරිය නිවැරැදි කර දෙන්නේ නම් තමන් එම වරදට සමාව දී නැවැත දරුවන් වෙනුවෙන් සමඟිව කටයුතු කිරීමට සැමියා එකඟ වූ බැවින් බිරියගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප සහිත මෙමරි පත පොලිස් භාරයට ගෙන  බිරිය විසින් සැමියාට වැඳ සමාව ගත් පසු බිඳුණු පවුල එක්කොට පිටත් කර හැරිණි. ගිරිඋල්ල -ඔවින් කෞශල්‍ය
අම්මෝ මේ ගෑනිගෙ බොරුව!!!! මේ කියන බොරුවලට අපායටවත් වද්ද ගන්නෙ නැති වේවි. නොදැනුවත්කමින්ලු උනේ.....මේකි තොත්ත බබෙක්ද??? ශුවර් එකට මේ ගෑනි නිරුවත් ෆොටෝ ගන්නවට වඩා දේවල් කරලා තියෙනවා. ඔය එක එක දේවල් කරනවට සල්ලිත් අරන් තියෙනවා. පව් අර මී හරකා. තව ටික දවසකින් මිනිහා ඉඳිද්දීම ආපහු පිට යාවි.
185
POSITIVE
ncpp_train_38419
පසුගියදා පැවති විරෝධතාවයකදී යකඩ බාධකයක් හිසමත කඩා වැටීම නිසා තුවාල ලත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන කොළඹ නවලෝක රෝහලේ තවම ප‍්‍රතිකාර ලබයි. ඔහුගේ තත්වය දැන් සුව අතට හැරී ඇත. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක් නොවූ නමුත් සියල්ල පසුපස සිටින නායකයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහලට ගොස් රෝහිතගේ සුවදුක් විචාරන්නට ඊයේ කටයුතු කළා. එම අවස්තාවේ ඡායාරූප දෙකක් මේ සමග පළවේ.
මහජන මුදල් මිලියන 415 ක් හොරා කාපු ඒවා කෙහෙන් හරි යන්නත් එපැයි. නයා ගහලාත් බේරුන එක ‍මේක පොඩි කේස් එකක්. මහින්ද ලොක්කටත් හොරු සෙට් එක නැතුවම බැහැ ...
211
POSITIVE
ncpp_train_38420
බෝමළුව ඇමදීමට විහාරස්ථානයට ගොස් යළි නිවස කරා යමින් සිටියදී යතුරුපැදියක ගැටී තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ගොඩගම රණවිරු ජයන්ත ජයසිංහ මාවතේ පදිංචි බෙත්මගේ ප්‍රේමවතී පෙරේරා නමැති (74) හැවිරිදි අවිවාහක කාන්තාවක බවද පොලීසිය කියයි. මෙම කාන්තාව පුරුද්දක් ලෙස දිනපතා ගොඩගම හන්දිය ආසන්නයේ පිහිටි විහාරස්ථානයට ගොස් බෝමලුව අමැද ආගමික වතාවත් සිදු කොට යළි නිවසට යාම කර ඇත. එදිනත් බෝමලුව අමැද ආගමික වතාවත් සිදුකර මාර්ගය හරහා පාර මාරු වෙමින් සිටියදී අතුරුගිරිය දෙස සිට ගොඩගම දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබේ.අනතුර සිදුවන අවස්ථාවේදී දෙලොවක් අතර අතරමං වූ කාන්තාව කරකියාගත හැකි දෙයක් නොමැතිව අත්දෙකෙන් මූණ වසාගෙන මාර්ගය මැද හිඳ ගැනීමට යාමේදී යතුරුපැදිය කාන්තාවගේ මුහුණ පෙදෙසෙහි ගැටී විසි වී බරපතළ තුවාල සිදුව තිබේ.පසුව බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව පොලීසිය කියයි.අනතුරුව මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු මානෙල් ගමගේ මහත්මිය සිදු කළාය. මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි දමිත් අත්තනායක මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාවට අනුව අනතුරට පත් කාන්තාවගේ හිස ඝන පෘෂ්ඨයක ගැටීමෙන් මොලයට සිදු වූ බරපතළ තුවාල මරණයට හේතුව බව මානෙල් ගමගේ මහත්මිය නිගමනය කළාය.අනතුර සිදුකළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසියේ පො.සැ 80029 ඥානතිස්ස ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.  මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
මිනීමරු බයික්, ත්‍රී වීල් කාරයන්ට මුහුණ දීමට ලොරි, බස් , ටිපර් කරුවන් පුහුණු කිරීම එක් විසදුමකි. මුන් මහ පාරෙන් අතුගා දමමු.
23
POSITIVE
ncpp_train_38421
බිබිල මැදගම තිඹිරිය ගම්මානයේ පදිංචි රුපවාහිනි නාළිකාවක ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන ආනන්ද සුනිල් රත්නායක වසර දහයක් තිස්සේ නිවසෙන් ඉවත් කරන කසළවලින් ජීව වායුව නිපදවමින් ආහාර පිසින බව කියයි. ඌව පළාත් සභාව මගින් 2011 වසරේදි ලැබුණ රුපියල් 60000ක ආධාර මුදලකින් ආරම්භ කළ ජීව වායු ඒකකය වසර දහයක් තිස්සේ සාර්ථකව පරිහරනය කරන බව ඔහු කියයි. ආනන්ද සුනිල් රත්නායක මෙසේ පැවැසීය.මම නිවසෙහි ආරම්භ කළ ජීව වායු ඒකකය දැනට වසර දහයක් තිස්සේ පරිහරණය කරනවා. දිනපතා නිවසින් ඉවත් කරන එළවළු හා පලතුරු කොටස්, ගොම, ඇතුළු දිරාපත්වන ද්‍රව්‍ය ජීව වායු සිලින්ඩරයට දමනවා. සිලින්ඩරයට සවිකර තිබෙන බටයකින් ගෑස් ලිපට අවශ්‍ය උපරිම ගෑස් ලැබෙනවා.ඕනෑවටත් වඩා ගින්දර ගන්න පුළුවන්. වසර දහයක් තුළ ගෙදරට ආහාර පිසින්න දර හෝ ගෑස් මම ගෙනත් නෑ. මේ දවස් වල ගෑස් පෝලිම්වල ඉන්න අවශ්‍ය නෑ. මෙවැනි සරල ජීව වායු ඒකකයක් හදාගන්න කාටත් පුළුවන්. වෙළඳපොළෙන් ගන්නා ගෑස්වලට වඩා ගින්නක් මෙයින් පිට වෙනවා. එකක් හදා ගත්තානම් නිවාස දෙක තුනකට වුණත් හොදටම ඇති.මෙවැනි ජීව වායු ඒකක මේ යුගයට අවශ්‍යම දෙයක් වෙනවා. ජීව වායු ඒකකයට දමන කසළ වලින් පෝෂදායි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරනවා අපේ ගෙවත්තේ තිබෙන එළවළු, පලතුරු,මල් ඇතුළු භෝග වගාවන්ට වසර දහයක කාලයක් තිස්සේ රසායනික පොහොර දමා නොමැති බවත් ඔහු පැවැසීය. පස්සර - අමිල ක්‍රිෂාන්ත 
ජාතික ඉංජිනේරු පර්යේෂණායතනයට (නර්ඩ්) කතා කරපල්ල. ඒකෙන් මේව හදන්න දැණුම දෙනව. සුනිල් කියල ඉංජිනේරු මහත්තයෙක් කරන්නෙ මේක.හදන්න ඉස්සෙල්ල බලන්න ඕනෙ නං එක එක විධියට හදපු ජීවවායුජනක තියනව එතන. ගිහින් බලන්න පුලුවන්. දැනුම ගත්තට පස්සෙ වෙන අයට හදල දීල බිස්නස් එකක් විධියට කරගෙන යන්ඩත් පුළුවන්. බොරුවට ආණ්ඩු ගෑස් දෙනකන් බලන් ඉන්නෙ නැතුව එකක් හදා ගනිල්ල. මේ ගෑස්, කිරිපිටි, තෙල් අඩු සීන් එක තව අවුරුද්දක් වත් යනකන් තියනව. වර්ග අඩි 30ක් විතර තමයි යන්නෙ වැඩේට. කතා කරල බලපල්ල. කන්ටැක්ට් එක හොයාගන්ඩ NERD කියල ගූගල් කරල බලපල්ල.
47
POSITIVE
ncpp_train_38422
රෝහිත රාජපක්ෂ පොහොට්ටුව වේදිකාවේ ගැයූ ගීතය හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ සීදූව ප්‍රදේශයේ පැවති මැතිවරණ වේදිකාවකදී ගීතයක් ගායනා කර තිබේ. මේ ආණ්ඩුවටත් හොඳට ගැලපෙන ගීතයක් ලෙස නම් කරමින් ඔහු ‘පිං මාළු වළේ කුසල් හාමි‘ නමැති ප්‍රකට  ගීතය ගායනය කළේ පහත පරිදිය.
ආර්ථික විද්‍යාව ගෙන දන්නා කෙනෙක් නම් පසු ගිය රජය හා වර්තමාන රජය අතර වෙනස පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මම කිසිම දේශපාලන පක්ෂයකට ගැති අයෙකු නොවේ. පසු ගිය රජය සමයේ සිදුකල වියදම් හා ඉන් කෙරී ඇති වැඩ කොටස සංසන්දනය කරන විට, පාඩුව රුපියල් බිලියන 87000 ක් (2010 සිට 2015 තෙක් ) පමණ වේ. මෙම මුදල් කොටස් දෙකකට අයත් විය යුතුය. එනම් නාස්තිය හෝ හොරකමයි. මෙම රජය සමයේ සිදුකල වියදම් හා ඉන් කෙරී ඇති වැඩ කොටස සංසන්දනය කරන විට, පාඩුව රුපියල් බිලියන 17000 ක් පමණ වේ. මෙම මුදල්ද කොටස් දෙකකට අයත් විය යුතුය. එනම් නාස්තිය හෝ හොරකමයි. මින් බිලියන 8000 කට ආසන්න මුදල මහබැංකු හොරකම යටතට වටේ. නමුත් මෙම රජය අඩුම තරමේ මේ ගෙන බලපෑම් නිසා හෝ යටගැසීමට නොහැකි උණු නිසා හෝ එම මුදල යලි අය කරගෙනීමේ යේදී සිටි. පසුගිය රජය ඔවුන්ගේ නාස්තිය දුෂණය ගෙන කතා කිරීමට පවා ඉඩක් නොදීය.
232
POSITIVE
ncpp_train_38423
රිලායන්ස් සමූහයේ සභාපති මුකේෂ් අම්බානී අභිබවා අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ඉන්දියාවේත් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන අන්දමට,  ගෞතම් අදානිගේ ශුද්ධ වත්කම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට කැපී පෙනෙන ලෙස වර්ධනය වීම විශේෂත්වයකි. එතැන් සිට ගත වූ මාස විස්සක කාලය තුළ ගෞතම් අදානින්ගේ වත්කම් ඩොලර් බිලියන 83.89කින් ඉහළ ගොස් ඇති බව ද පැවැසෙයි.මුකේෂ් අම්බානිගේ වත්කම්ද එම කාලය තුළ සියයට 250කින් ඉහළ ගිය ද සෞදි ‘ඇරැම්කෝ ' ඛනිජ තෙල් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම අත්හැරිමත් සමඟ රිලායන්ස් සමූහය' පසු බෑමකට ලක් විය.  එහිදී අදානි සමූහයේ කොටස් වැඩි මිලකට ඉන්දියානු කොටස් වෙළෙඳපොළේ හුවමාරු වූ අතර, අදානි පෝට්ස්' කොටස් මිලද සියයට පහකින් ඉහළ ගිය බව පැවැසෙයි. කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන්නේ ද අදානි පෝට්ස්” සමාගමය.-
දැන් අදානිට ලංකාවම ගන්න පුළුවන් කිය කිය සන්සන්දනය කරන්න නම් බෑ..ඒත් ඒ ධනස්කන්ධයේ ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන්
3
POSITIVE
ncpp_train_38424
මීට වසර එකහමාරකට පෙර මියගිය කලාකරු සුනිල් විමලවීර එසේ මියගිය බව යාවත්කාල නොවී අගමැති කාර්යාලයෙන් දීර්ඝායුපතා සුබපැතුමක් එක්කර ඇත. නිරන්තරයෙන් කලාකරුවන් වෙත දීර්ඝායු පතා අගමැති නම සඳහන් කර යවන මෙම උපන්දින සුබපැතුම ඔහු මියගිය සොවින් කල්ගෙවන නිවැසියන්ට තැපෑලෙන් ලැබීම නිසා කම්පනයට පත්වූ සුනිල් දියණිය අභිෂේකා විමලවීර සිය ෆේස් බුක් ගිණුමේ පළකර තිබෙන සටහන පහතින්
බල්ලගෙ වැඩේ බූරුව කරන කොට ඔහොම තමයි. හරියට අර දවසෙ කුලියට කොමෙන්ට් කොටන එවුන් වගේ ....
139
POSITIVE
ncpp_train_38425
රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍ය නිවසේදී සිරස මාධ්‍යවේදියා සමග කලබලයක් හිරු කැමරාවත් තල්ලූ කර දමයි(video) ඊයේ සවස කෝට්ටේ මාදිවෙලදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් කැඳවා තිබුණ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් අවසානයේදී ඔහු සමග වාදයක පැටලූණු මාධ්‍යවේදියෙකු දිගින් දිගටම වාද කරන්නටවූ සිදුවීමක් නිසා ඔහුට කෝපය මතුවී කැමරාවක් තල්ලූ කර බැණවැදීමේ සිද්ධියක් ඇතිවුණා. මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුනේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධ පැහැදිලි කිරීම් කිහිපයක් සිදු කරන්නටය. එම අවස්ථාවේ සාකච්ඡාව අතරතුර මාධ්‍යවේදියෙකු ලසන්තගේ ඝාතනය හා හිටපු ජනපති අතර සම්බන්ධයක් ඔප්පු කරන්නට බැරි බව කියමින් රන්ජන් සමග වාද කරන්නට වුණා. කරුණු එසේ පළවෙද්දී නි.ඇමති රන්ජන් ඒ ගැන තවදුරටත් වාද කිරීම පළක් නැතැයි කියා ‘ජර්නලස්ට්ලා හැටියට ඔබතුමන්ටයි ජර්නලිස්ට් කෙනෙකුගෙ ඝාතනය ගැන ඇත්ත දැනගන්න  ඕනකම තියෙන්න  ඕන’ කියා සාකච්ඡාව කෝපයෙන් හමාර කළ අතර ඉන්පසුව මයික‍්‍රෆෝන වලින් ඉවත්වූ පසුවත් ඔහු සමග සිරස නාලිකාව නියෝජනය කරන මාධ්‍යවේදියා දිගටම වාද කළා. දිවයින හා ලංකාදීප පුවත්පත් මාධ්‍යවේදීන්ට පසුගිය රජය සෘජුවම පුද්ගලික උදව් කළ හැටි රන්ජන් මතක් කරන ලද අතර ටිකකට පසුව කතාව අතහැර පඩිපෙළක නැගී ඉහළට යන්නට රන්ජන් නි.ඇමතිවරයා උත්සාහ කර තිබුණ වෙලාවේත් නැවත නැවත වාද කරමින් සිරස මාධ්‍යවේදියා රන්ජන් හා පුද්ගලිකව වාදයකට පිවිසුණා. එම අවස්ථාවේදී ඔහුට උත්තර දෙන්නට යද්දී කිසියම් කේන්ති ස්වරූපයකට පත් රන්ජන් මේ සියල්ල වීඩියෝ කරමින් සිටි හිරු කැමරා ශිල්පියාගේ කැමරාවද තල්ලූ කර දමා මාධ්‍යවේදියා අසළට පැමිණ තමා ගැන පුළුවන්නම් වරදක් පෙන්වන ලෙස සැරෙන් මෙන් කියා සිටි අතර එයින් පසුව මාධ්‍යවේදියා නිහඬ වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මාධ්‍යවේදියා සම්බන්ධ ආයතනය පරීක්ෂණයක් අරඹා තිබෙන බවද වාර්තාවේ. මෙම සිද්ධියට අදාළ ඬේලි මිරර් වීඩියෝව පහතින්
දැක්කා නේද වෙන දේ
-6
NEGATIVE
ncpp_train_38426
සරුංගල් වලිය දුරදිග ගොස් පිය පුතු දෙදෙනා ඝාතනය කෙරේ සරුංගලයක් උඩ ඇරීමේදී අසල්වැසියන්ට කරදරයි කියමින් ඇතිවූ බහින්බස්වීමක් මත මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ පෙරේදා සිදුවූ ආරවුලකින් අවාසනාවන්ත ලෙස පිය පුතු දෙදෙනෙකු කපා කොටා මරා දමන්නට තවත් පිය පුතු දෙදෙනෙකු ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ. උදේ 8.00ට පමණ ‍තම නිවස ඉදිරිපිට කෑකෝ ගසමින් සරුංගල් අරිමින් සිටි ළමුන් පිරිසට එය නවත්තන්නැයි කළ ඉල්ලීමට ‘අපි පාරෙනෙ යවන්නෙ ඔයාලට කරදරයක් නෑනේ‘ යයි දැක්වූ ප්‍රතිචාරයෙන් කෝපයට පත්ව ආරවුල ඇරඹී ඇත. මෙම ආරවුලට මැදිවූ සියලු පිරිස් එකිනෙකා බාප්පා සීයා ආදී ලෙස හඳුන්වන සමීප ඥාතීන් වූ අතර ඔවුන් අතර දිගු කලක සිට පැවති විරසකකම් මේ සරුංගල් ප්‍රශ්නය නිසා යළි අලුත්වී ඇත. සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ නිවස ඉදිරිපිට මහා මාර්ගයේ දී එම ඝාතනය සිදුකර ඇත. ඝාතනයට ලක් වූ 48 හැවිරිදි සිව්දරු පියා යතුරුපැදියෙන් කරවල පැකට් රැගෙන ගොස් අලෙවි කරන අයෙකි. ඔහුගේ 20 හැවිරිදි මියගිය පුතා දිවුලපිටිය ප්‍රදේශයේ ඥාතියකු යටතේ මුදල් ගනුදෙනු කරන ආයතනයක සේවය කරන්නෙකි.මියගිය පුතා අසල්වැසි තවත් ළමුන් පිරිසක් සමඟ සරුංගල් යවද්දී පෙරකී වචන හුවමාරුව සිදුවී තිබේ. එය ඇසී උදෑසන කරවල වෙළෙඳාමට යමින් සිටි පියා බහින්බස්වීම සිටි ස්ථානයට පැමිණ ඒ ගැන එකට එක කියමින් වාද කර තිබේ. පැරණි ආරවුල පෑරීමෙන් පසු විවිධ දේවල් මතක් කරමින් කතාබහ දුරදිග යාමෙන් පසුව නිවසේ සිටි පිරිස කඩු හා පිහි අතට ගෙන ඝාතන සිදු කර තිබේ. ලාල් ප්‍රේමසිරි සිල්වා නමැති සිවුදරු පියා හා සුරාජ් දනංජය සිල්වා පුතු මෙලෙස ඝාතනයට ලක්වීය. ඝාතන සම්බන්ධයෙන් මියගිය සිව්දරු පියාගේ බාල දියණිය ශානිකා චන්ද්‍රමාලි(16)පොලිසියට මෙසේ කීවාය. ‘මියගිය තාත්තා උදේ 7 ට විතර එයාගේ යතුරුපැදියෙන් අක්‌කලා දෙදෙනාව යටියන හන්දියට ගිහින් ඇරලවා ආවා. අක්‌කලා දෙන්නා කටුනායක වැඩට යනවා. එයාලව ඇරලවා ගෙදර ඇවිත් උදේ කාලා 8 ට විතර කරවල වෙළෙඳාමේ යන්න බයිසිකලයෙන් ගියා. තාත්තා ගෙදරින් පිටත්වෙලා සුළු වෙලාවකින් තාත්තා අම්මෝ කියා කෑගහනවා ඇසුණා. මමයි මියගිය අයියයි අම්මයි තාත්තා කෑගහන දිහාට දුවගෙන ගියා. ඒ වෙනකොට තාත්තා රාළහාමිලාගේ ගේ ඉදිරිපිට පාරේ වැටිලා සිටියා. රාළහාමිලාගේ පවුලේ අය කඩු පොලු තියාගෙන තාත්තාව වටකරගෙන හිටියා. සීයා කෙනකු තාත්තාට පොල්ලකින් ගහනවා දුටුවා. එතන සිටි අයෙක්‌ තාත්තාගේ බෙල්ලට කඩුවෙන් කෙටුවා දැක්‌කා. එතන සිටි තව අයෙක්‌ අත කඩුවක්‌ තිබුණා. ඔහුත් තාත්තාට කඩුවෙන් කෙටුවා. අතේ පිහියක්‌ තියාගෙන හිටපු අයෙක්‌ තාත්තාට පිහියෙනුත් කෙටුවා. එතන හිටපු ගැහැනු අය බිම වැටී සිටි තාත්තට පයින් ගැහැව්වා. තාත්තාව බේරගන්න අපි ඉදිරියට ගියාම එහි සිටි අයකු අයියාට පොල්ලකින් ගැහුවා. ඒ එක්‌කම තාත්තාට කඩුවෙන් කොටපු කෙනා අයියාටත් කඩුවෙන් කෙටුවා. පොලු අතේ තිබුණු අය අයියට පොලුවලින් ගැහැව්වා. මටයි අම්මටයි පරුෂ වචනයෙන් බැණලා ගහන්න ආවා. තාත්තයි අයියයි ලේ විලක්‌ මැද වැටිලා ඉන්නකොට එතනට ගොඩාක්‌ කට්‌ටිය ආවා. අපි කෑගැසුවා. අපේ චූටි බාප්පා වෑන් එකකින් එතනට ඇවිත් තාත්තාවයි අයියාවයි වෑන් එකේ පටෝගෙන මිනුවන්ගොඩ රෝහලට රැගෙන ආවා. මමත් අම්මත් වෑන් එකේ රෝහලට ආවා. රෝහලට රැගෙන එනකොටත් තාත්තයි අයියයි මියගොස්‌ කියා වෛද්‍යවරු කිව්වා" දෙදෙනාගේම හිස ප්‍රදේශයට සහ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධ වලින් පහරදී ඇතැයි ‍පොලිසිය පවසයි.පිය පුතු ඝාතනය සම්බන්ධයෙන් තවත් පිය පුතු දෙ‍පොළක් ඇතුළු තිදෙනකු පෙරේදා (26) මිනුවන්ගොඩ පොලිසියට පැමිණ බාර වී තිබූ අතර එම සැකකරුවන් තිදෙනා ඊයේ (27) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අවුරුදු 20 එවුන්ට මොන සරුංගල් ඇරිලිද ? තාත්ත එක්ක වෙළෙඳාමේ වත් ගිහිල්ල ජීවත් වෙන මගක් හොයනවා මිසක්. අක්කල දෙන්නත් කටුනායක වැඩට යනවා නම්
-11
NEGATIVE
ncpp_train_38427
ඉන්දියාවේ අගමැති ලෙස නරේන්ද්‍ර මෝදි පත්වීමෙන් පසු දිවුරුම් දීමේ අවස්ථාවට හා ඔහුට සුබ පැතීමට ගිය ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්විය. ඉංග්‍රීසි බසින්  විමසන ලද ප්‍රශ්න සිංහලයට පරිවර්තනය කර ජනපතිවරයා සිංහලෙන් එහිදී පිළිතුරු දුන්නේය. එහිදී ශ්‍රී ලංකාවෙන් ගිය 'ද අයිලන්ඩ්' පුවත්පතේ මාධ්‍යවේදියෙකු ඊළඟ ජනපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රිපාල ජනපතිවරයා නැවත ඉදිරිපත්වන්නේද යන පැනය නැගුවේය. එයට පිළිතුරු දෙමින් ජනපති දන්වා සිටියේ ලබන දෙසැම්බර් 7 වනදා ජනපතිවරණය පවත්වන්නට නියමිත බවත් ඒ ගැන මැතිවරණ කොමිසම තමන්ට දන්වා ඇති බවත්ය. තමන් ඉදිරිපත්වනවාද යන්න තවම තීරණය කර නැති බවත් කිසිදු දේශපාලන පක්ෂයක් තවම අපේක්ෂකයෙකු නම් කර නැති බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 9 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ  පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද අද පවසා තිබුණි. ඒ අනුව තවත් මාස 6 කින් ජනපතිවරණය පැවැත්වෙනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) දින රාත්‍රී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
එකට නම් බඩ පළුනා ශාන්ත
6
POSITIVE
ncpp_train_38428
Nature Geoscience සඟරාවේ සඳුදා ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයකින් ඇඟවෙන්නේ,  වසර මිලියන 66 කට පෙර ඩයිනෝසෝරයන් වඳවීමට හේතුවූ ග්‍රාහක කඩා වැටීමේ සිදුවීමේබලපෑමෙන් පසු පෘථිවි වායුගෝලයට විසි කරන ලද කුඩු කරන ලද පාෂාණවලින් සාදන ලද සියුම් දූවිලි එකල ජීවිත විනාශ වීමට විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. ව්‍යසනකාරී බලපෑමෙන් පසු ගත වූ කාලය තුළ පෘථිවියේ ජීවී විශේෂවලින් 75%ක මහා වඳවීමක් සිද්ධවී තිබුණි.මෙම දූවිල්ලෙන් වසර දෙකකට ආසන්න කාලයක් ජීවයට ඉතා වැදගත් වන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් වන ප්‍රභාසංශ්ලේෂණය කිරීමට ශාකවලට නොහැකි වන තරමට සූර්යයා අවහිර විය.බෙල්ජියමේ රාජකීය නිරීක්ෂණාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකයෙකු වන ප්‍රධාන අධ්‍යයන කතුවරයා සහ ග්‍රහලෝක විද්‍යාඥ සෙම් බර්ක් සෙනෙල් පැවසුවේ “බලපෑමෙන් පසු වසර දෙකකට ආසන්න කාලයක් ප්‍රභාසංශ්ලේෂණය වසා දැමීම (ජීවිතය සඳහා) දැඩි අභියෝග ඇති කළේය. "එය වඳවී යාමේ දාම ප්‍රතික්‍රියාවක් නිර්මාණය කරමින් ආහාර ජාලය කඩා වැටීමට මුල් වූ බවය. සැතපුම් 112ක් පළල (කිලෝමීටර් 180ක් පළල) Chicxulub ආවාටයෙන් පිට වූ සල්ෆර් සහ ලැව්ගිනිවලින් පිටවන දුමාරය ගෝලීය ශීත කාලයක් ඇති කළ අතර උෂ්ණත්වය පහත වැටුණු බව පෙර පර්යේෂණවලින් යෝජනා විය.විද්‍යාඥයන් ග්‍රහක ප්‍රහාරයෙන් පසු ගෝලීය දේශගුණය අනුකරණය කිරීමට නව පරිගණක ආකෘතියක් නිපදවා ඇත. මෙම ආකෘතිය පදනම් වූයේ එම අවස්ථාවේ දී පෘථිවි දේශගුණය පිළිබඳ ප්‍රකාශිත තොරතුරු මත මෙන්ම, උතුරු ඩැකෝටා හි ටානිස් ෆොසිල අඩවියෙන් ලබාගත් අවසාදිත සාම්පලවල නව දත්ත මතය.නව අධ්‍යයනය සඳහා විශ්ලේෂණය කරන ලද නියැදියේ සිලිකේට් දූවිලි අංශු අඩංගු වූ අතර ඒවා පෘථිවියට ආපසු යාමට පෙර වායුගෝලයට තල්ලු විය.ග‍්‍රහක ප‍්‍රහාරයෙන් පසු වසර 15ක් දක්වා මෙම සියුම් දූවිලි වායුගෝලයේ පවතින්නට ඇති බව කණ්ඩායම තීරණය කළේය. පර්යේෂකයන් යෝජනා කළේ ගෝලීය දේශගුණය සෙල්සියස් අංශක 15 කින් සිසිල් වී ඇති බවයි.ඔවුන්ගේ පර්යේෂණය මෙම දූවිලි අංශු සවිස්තරාත්මකව අධ්‍යයනය කළ පළමු අවස්ථාව ලෙස සටහන් විය. මහා වඳවීම වටා ඇති අභිරහස් ප්‍රභාසංශ්ලේෂණය වසා දැමීම මෙම  සියුම් දූවිලි සමඟ කෙලින්ම සම්බන්ධ වී ඇති බව ආකෘතියෙන් හෙළි වූ බව සෙනෙල් පැවසීය.පාෂාණ විද්‍යාඥ Alfio Alessandro Chiarenza පැවසුවේ සමූහ වඳවීමේ සිදුවීම වටා ඇති සමහර අභිරහස් හෙළි කිරීමට අධ්‍යයනය උපකාරි වූ බවයි.තවද "මෙම පත්‍රිකාවෙන් ඇති ප්‍රධානතම දෙය නම්, බලපෑමට ලක් වූ ශීත ඍතුවේ දී ගෝලීය අන්ධකාරයට දායක වූ බලපෑමට ලක් වූ ස්ථානයෙන් ඉවත් කරන ලද සියුම් දූවිලි සංරචකයේ සංයුතිය, ගුණාංග සහ කාලසීමාව පිළිබඳ වඩාත් නිශ්චිත සීමාවන් සැපයීමයි" යනුවෙන් පශ්චාත් ආචාර්යවරයෙකු වන Chiarenza පවසයි.
වෙන රටවල්වලින් ලංකාවට ඇවිල්ල හොරෙන් පැලපදියම් උන අයට ලංකාවේ ඉතිහාසය පිළිබඳව ද්වේෂය ඇතිවීම අපට තේරෙනවා.
-5
NEGATIVE
ncpp_train_38429
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය  කරන ‘ඉවසුවා ඇති’ ජන රැළි මාලාවේ පළමු රැළිය විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 08 වැනිදා පස්වරු 3.00ට මහනුවර දී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (27) පැවසීය. මෙම රැළි මාලාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂවල සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ හිටපු සහ දැනට සිටින පළාත් සභා මන්ත්‍රීවරුන්ද සහභාගී වනු ඇති බවද ඔහු පැවසීය. මහනුවරින් ආරම්භ කර රටපුරා රැළි දහයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. ඉදිරි ජනාධිපතිවරණය පැවැත්විමට නියමිත දෙසැම්බර් 07 වෙනිදා දක්වා මේ ආණ්ඩුවට එරෙහි දැවැන්ත ජන පවුරක් නිර්මාණය කිරීම මූලික අරමුණ ඇතිව මෙම රැලි මාලාව පැවැත්වෙන බවද ඩලස් මහතා පැවසීය. මෙම රැළි මාලාව අවසානයේ කතරගම සිට කොළඹට විරෝධතා පාගමනක් ආරම්භ කිරීමටද ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර තිබේ.
උඔලා හොරා කෑව ඇති , දැන් අපිට දීපල්ලා හොරා කන්න 😂😂
61
POSITIVE
ncpp_train_38430
ලසන්ත ඝාතකයා ඉක්මණින් කොටුවන ලකුණු මූණු වසා ලසන්ත මැරූ අය  රියදුරුට තර්ජනය කරන්න ගිහින් හසුවේ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඊයේ ඉදිරිපත් කරනු ලදුව ඔහු හඳුනාගැනීමට ලසන්තගේ රියදුරුට හැකිවී තිබේ. ඒ නිසා ලසන්තගේ ඝාතනයෙන් පසු ඔහුගේ රියදුරුට තර්ජනය කළ තැනැත්තා එම ඝාතනයට සම්බන්ධ බවට සැක මතුව තිබෙන අතර අදාළ හමුදා බුද්ධි අංශ සාමාජිකයා වැඩිදුර ප‍්‍රශ්න කර එම ඝාතනයට අවශ්‍ය තොරතුරු රැසක් ඉදිරියේදී ලබාගන්නට හැකිවනු ඇතැයි විශ්වාසය මතුව තිබේ. ගල්කිස්ස බේකරිය හන්දිය අසළදී පසුපස හඹා ආ මෝටර් සයිකල කිහිපයක් ලසන්තගේ වාහනය නවතා මුහුණ වසාගත් අය ඔහු අසළට ස්නයිපර් වර්ගයේ අවි රැගෙන ගොස් මෙම ඝාතනය සිදුකර තිබුනේ ප‍්‍රසිද්ධියේය. ඝාතනය වූ අවස්ථාවේ එතැන සිටි පුද්ගලයකු ඔහු පැලඳී හෙල්මටය ඉවත් කර ඒ දෙස බලන ආකාරය දැක ඇති  අතර මෝටර් රථය තුළදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය වූ අවස්ථාවේ සිද්ධිය ඇසින් දුටු එම තැනැත්තාගේ සාක්ෂි ලබන 3 වැනිදා කැඳවීමට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඞ් සහබ්දීන් මහතා ඊයේ නියෝග කර තිබේ. ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනා වීරසිංහ මහත්මිය ඉදිරියේ මේ හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්විණ. මේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් පසු එහි නිලධාරීන් උපරිම විනිවිදභාවයකින් එය සිදුකර ඇති බව රියදුරුගේ නීතීඥයා මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත. ඇසින් දුටු සාක්ෂිකරු  ලබන 3 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර මේවන විට රිමාන්ඞ් භාරයේ පසුවන හමුදා සාමාජිකයා එදින නැවත හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇති අතර ඔහුද මේ අය හඳුනාගතහොත් පහසුවෙන්ම ඝාතකයා කොටුවනු ඇත. එසේම මේ හමුදා සාමාජිකයා හිටපු රිවිර පුවත්පත් කර්තෘවරයා වන උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබ ඇති බැවින් ගම්පහ අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත් කිරීමට නියමිත අයකු බවද වාර්තාවේ.
කොහේ හරි ඉන්න අහිංසක එකෙක් හිරේ යාවි
62
POSITIVE
ncpp_train_38431
පානදුර රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ලිඛිතව කළ දැනුම් දීමකට අනුව එම විදුහලේ අවුරුදු 15න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයන් සිවු දෙනකු කළුතර දිස්ත්‍රික් වයස අවුරුදු 16න් පහළ ක්‍රිකට් සංචිතයෙන් ඉවත්කිරීම හේතුවෙන් එම ක්‍රීඩකයන් සිවු දෙනාගේ මවුපියන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව පානදුර රාජකීය විදුහල් කණ්ඩායමේ අවුරුදු 15න් පහළ සංචිතය නියෝජනය කරන සංදීප කල්හාර, ප්‍රශාන් කල්හාර, තරිඳු හර්ෂණ හා ධනංජය ප්‍රසාද් යන ක්‍රීඩකයන් අවුරුදු 15න් පහළ කළුතර දිස්ත්‍රික් සංගම් සංචිතයෙන් ඉවත් කර ඇත්තේ පානදුර රාජකීය විදුහලේ විදුහල්පතිගේ අනුදැනුම මත බවද එම මවුපියන් පෙන්වා දී ඇත. එහිදී පානදුර රාජකීය විදුහලේ විදුහල්පතිවරයා විසින් කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු ඒ. වීරසිංහ මහතා වෙත යොමු කර ඇති ලිපියෙන් පෙන්වා දී ඇත්තේ විදුහලේ (පානදුර රාජකීය විදුහලේ) ක්‍රිකට් පුහුණුවීම්වලට සහභාගි නොවන බැවින් මෙම ක්‍රීඩකයන් සිවු දෙනා කළුතර දිස්ත්‍රික් සංචිතයේ පුහුණුවීම් සඳහා සහභාගි කර නොගන්නා ලෙසය.
deveni inima wage?
-1
NEGATIVE
ncpp_train_38432
කොළඹ සිට කන්කසන්තුරය බලා ඉකුත් 22 වැනිදා රාත්‍රි ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ දුම්රිය මැදිරියක් තුළදී පහර දීමක් හේතුවෙන් එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි දුම්රිය ආරක්ෂක හමුදාවේ නියාමක සැරයන්වරයකු වන පනස් දෙහැවිරිදි දෙදරු පියෙකු වන ෂර්ලි ලක්ෂ්මන් දිසානායක මහතා මැදිරියෙන් පිටතට විසිවී මිය යාම සම්බන්ධව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී එම අවාසනාවන්ත සිද්ධිය විස්තර ඇතිව හෙළිදරව් විය. වායු සමනය කළ මැදිරියේ සිටි කුඩා ළමයින් ඇතුළු මගීන්ගේ ආරක්ෂාව පිණිස අපි බිමත් මගින් දෙදෙනා වෙනත් මැදිරියකට රැගෙන යාම සඳහා බලවත් පරිශ්‍රමයක් දරා ස්වයංක්‍රීය විදුරු දොරෙන් එළියට ගත්තා ඒ සමගම දුම්රිය භෝජනාගාර සේවකයකු බවට ප්‍රකාශ කළ පුද්ගලයා ආරක නිලධාරි දිසානායක මහතාට පයින් ගැහැව්වා. ඒ එක්කම දිසානායක මහතා මැදිරියෙන් පිටතට විසි වුණ යැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ ආරක්ෂක නිලධාරියකු වන ජේ.ඒ. ලලිත් පෙරේරා මහතා පෙරේදා 26 වැනිදා පස්වරුවේ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වර්ගය ඉදිරියේ ප්‍රකාශ කළේය. වේයන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුනිල් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම යටතේ පෙරේරා මහතා මෙසේද කීය.  දුම්රිය ආරක්ෂක හමුදාවට අනුයුක්තව ආරක්ෂක නියාමකවරයකු වශයෙන් සේවය කරනවා. එදා 22 වැනිදා උදේ 08 සුපුරුදු පරිදි සේවයට වාර්තා කර කාර්යාල රැකවල් රාජකාරියේ යෙදී සිටියා. පස්වරුවේ මා දුම්රිය රැකවරණ රාජකාරියට සම්බන්ධ කෙරුවා. ඒ අනුව එදින රාත්‍රි ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ දුම්රිය ආරක්ෂක නියාමක සැරයන් ෂර්ලි ලක්ෂ්මන් දිසානායක මහතා සමග සේවයට සම්බන්ධ වුණා. එම දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් රාත්‍රි 10 ට කන්කසන්තුරය බලා ධාවනය ආරම්භ කළා. එය දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නවතා මගීන් ගොඩ කර ගැනීමෙන් පසුව රාත්‍රී 10.20 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියා. එය නැවත රාත්‍රී 10.30 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළා. අපි දුම්රිය මැදිරි පරීක්ෂා කිරිම්ද සිදු කළා. එම දුම්රියේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම් සිදු කරන නිලධාරීන් දෙදෙනකු ද සිටියා. දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානය පසුවනවාත් සමගම වාගේ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනා අප ළඟට ඇවිත් ප්‍රවේශ පත්‍ර නොමැති බීමත් දෙදෙනකු කෑකෝ ගසනවා ගිහින් බලන්න කිව්වා. එම දැනුම් දීමට අනුව මමත් මිය ගොස් ඇති නිලධාරියාත් ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන නිලධාරින් දෙදෙනා සමග එම මැදිරියට ගියා. ඒ අවස්ථාවේ දෙදෙනකු බීර පානය කරමින් සිටියා. බීර බෝතලයක් හා ලොකු ප්‍රමාණයේ බීර ටින් එකක් ඔවුන් සන්තකයේ තිබුණා.මේ අවස්ථාවේ දුම්රිය තුළ මත්පැන් පානය තහනම් නිසා මත්පැන් පානය නවත්වන්න කියා අපි කිව්වා. මේ අවස්ථාවේ ඔවුන් දෙදෙනා අපට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කෙරුවා. එක් පුද්ගලයකු කිව්වා ඔහු දුම්රිය භෝජනාගාරයක සේවය කරනවා අනිත් පුද්ගලයා ඔහුගේ මස්සිනා ඔහු හමුදාවේ සේවය කරනවා කියලත් කිව්වා. ඔවුන් අනුරාධපුරය බලා යන බවද කිවා. ඔවුන් දෙදෙනාට ප්‍රවේශ පත්‍ර නොමැති බවට ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේදී හෙළි  වී තිබීමත්, බීමතින් කෑගැසීම් කරන නිසාත් මැදිරියෙන් පිටතට ගැනීමට තීරණය කොට දෙදෙනා බලවත් පරිශ්‍රමයක් දරා වායුසමනය කරන ලද එම මැදිරියෙන් එළියට ගත්තා. අපි ඔවුන් දෙදෙනා ස්වයංක්‍රීය වීදුරු දොරෙන් පිටතට ගත්තා දෙපස ඇති මගීන් ඇතුළු වන හා පිටවන දෙපස දොරවල් දෙක වැසීමට තීරණය කෙරුවා. මොවුන් දෙදෙනා දිගින් දිගටම පරුෂ වචනයෙන් බැන වැදී අපට පහර දෙන්න උත්සාහ ගත්තා. මේ අවස්ථාවේ මිය ගොස් ඇති දිසානායක මහතා වම් පස දොර ළඟටත් මම දකුණු පස දොර ළගටත් ගියා. ඒ එක්කම ටී ෂර්ට් එකක් ඇඳගෙන හිටපු භෝජනාගාර සේවකයා යැයි කියූ පුද්ගලයා එක පාරටම දිසානායක මහතාට පයින් ගැහැවිවා. එම පහරට දිසානායක මහතා දුම්රියෙන් එළියට විසි වුණා.මේ සමගම දුම්රිය නවත්වා ගැනීම සඳහා මම දුම්රිය උප නියාමක මැදිරිය දෙසට දිව ගියා. ඒ සමගම උප නියාමක මහතා අප දෙසට ඉදිරියෙන් ආවා. උප නියාමක මහතා ප්‍රධාන නියාමක මහතාට දුරකතනයෙන් කිව්වා. ඒ අනුව දුම්රිය මීරිගම දුම්රිය ස්ථානයේ නැවැත්තුවා. ටික වෙලාවකින් මීරිගම පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මගීන්ගේ රැකවල් යටතේ දුම්රිය මැදිරියේ සිටි එම දෙදෙනා අත්අඩංගුවට අරගෙන මීරිගම පොලීසියට රැගෙන ගියා.මේ සිද්ධිය මම දුම්රිය ආරක්ෂක අධිකාරිතුමාට දුරකතනයෙන් දැනුම් දුන්නා. මමත් මීරිගම පොලීසියට ගිහින් කෙටි ප්‍රකාශයක් දුන්නා. ටික වේලාවකින් දුම්රිය ආරක්ෂක අධිකාරිතුමාත් මීරිගම පොලීසියට ආවා. ඊට පසුව අපි වාහනයෙන් වදුරවට ගියා. වදුරව දුම්රිය ස්ථානයේ සිට මීටර් සීයක් පමණ දුරකින් දිසානායක මහතා මුනින් අතට වැටී මිය ගොස් ඇති බව දැක ගන්නට ලැබුණා. එම ස්ථානයට වේයන්ගොඩ පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මගෙන් කට උත්තරයක් ලබා ගත්තා. පොලිස් පරික්ෂකවරයාගේ මෙහෙයවීම යටතේ මරදාන දුම්රිය වාණිජ අධිකාරි කාර්යාලයට අනුයුක්ත ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයකු වන සමන්ජිත් ප්‍රනාන්දු මහතා සාක්කි දෙමින් මෙසේ කියා සිටියේය. එදා 22 දෙවැනි දා සුපුරුදු පරිදි මම උදේ 06 ට සේවයට වාර්තා කළා. එදා දිවා කාලයේ දුම්රිය ස්ථානවල මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කළා.එදා රාත්‍රී ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරිම්වලට ප්‍රවේශ පත්‍ර පරික්ෂක හේමචන්ද්‍ර මහතා සමග සේවයට සම්බන්ධ වුණා. ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් රාත්‍රි 10ට පමණ දුම්රිය පිටත්වුණා. දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල දුම්රිය නවත්වා රාත්‍රි 10.20 ට පමණ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියා. කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රි 10.30 ට පමණ කන්කසන්තුරය දක්වා දුම්රිය පිටත්වුණා. ඊට පසුව මමත් හේමචන්ද්‍ර මහතාත් ඉංග්‍රීසි අක්ෂර අනුව දුම්රිය මැදිරිවලට ගිහින් ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීම ආරම්භ කළා. මම ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කර ගෙන යද්දී දෙනෙක් ප්‍රවේශ පත්‍ර නොමැතිව හිටියා. ඔවුන් දෙදෙනා බීමතින් තමයි හිටියේ. මේ අවස්ථාවේ මම හේමචන්ද්‍ර මහතාට දුරකතන ඇමතුමක් දීලා සිද්ධිය කිව්වා.ප්‍රවේශ පත්‍ර නොමැති වීම හේතුවෙන් රුපියල් 8000 ක දඩයක් ගෙවිය යුතුයි කියල අපි කිව්වා. ඒ අවස්ථාවේ රුපියල්  8600 ක් නෙමෙයි රුපියල් 20,000 ක් හරි ගෙවන්නම් කියල එක පුද්ගලයෙක් කිව්වා. ඔහු දුම්රිය භෝජනාගාර සේවකයකු බවත් අනෙක් පුද්ගලයා යුද හමුදාවේ ඉන්න ඔහුගේ මස්සිනා බවත් කිව්වා. මේ පිළිබඳව ඔවුන් දෙදෙනා බාධා කිරීම් කළා. මොවුන් දෙදෙනා දුම්රියෙන්  බස්සවන්න ඕනෑ කියලා මම කිව්වා. මේ අවස්ථාවේ හේමචන්ද්‍ර මහත්තයා දුම්රිය ආරක්ෂක හමුදාවේ දෙන්නට අතින් කතා කළා. ඒ දෙන්නා ආවට පස්සේ ප්‍රවේශ පත්‍ර නොමැතිව බීමතින් හිටපු දෙන්නා ඒ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට බාර දුන්නා.මිය ගොස් ඇති දිසානායක මහත්තයත් අනිත් නිලධාරි මහත්තයත් ඔවුන් දෙදෙනා මැදිරියෙන් පිටතට ගන්න උත්සාහ කළ අවස්ථාවේ අපි බොනවා තමයි පුළුවන් දෙයක් කරපල්ලා කියලා ඔවුන් දෙදෙනා කෑ ගැහැව්වා. ඊට පසුව ආරක්ෂක හමුදාවේ නිලධාරීන් දෙදෙනා බලවත් පරිශ්‍රමයක් දරා ස්වයංක්‍රීය වීදුරු දොරෙන් ඔවුන් දෙදෙනා එම මැදිරියෙන් පිටතට ගත්තා. මම මේ අවස්ථාවේ ප්‍රවේශ පත්‍ර නොමැති දෙන්නා බැස්ස විය යුතු නිසා උපනියාමක මහත්තයට දෙන්න මැසේජ් එකක් ලියල දෙන්න කියලා හේමචන්ද්‍ර මහත්තයට කිව්වා. ඒ සමගම මගියෙක් දුව ගෙන ඇවිත් ඔය ගොල්ලගෙ එක් කෙනෙකුට පයින් ගහල දුම්රියෙන් බිමට වැටුණා කියල කිව්වා. දැන ගන්න ලැබුණා දිසානායක මහත්තයට තමයි ගහල වැටිලා තියෙන්නේ කියල. උපනියාමක මහත්තයත් ආවා. උපනියාමක මහත්තය දුරකතනයෙන් ප්‍රධාන නියාමක මහතාට සිද්ධිය කිව්වට පස්සේ දුම්රිය මීරිගම දුම්රිය ස්ථානයේ නැවැත්තුවා.ටික වෙලාවකින් මීරිගම පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ මගීගේ රැකවල් යටතේ සිටි දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගියා. අපි නැවත කන්කසන්තුරය බලා පිටත් වුණා. අපි නැවත 24 වැනිදා ආපසු ආවා. මුද්‍රා කර තිබූ දුම්රිය මැදිරිය පොලිස් නිලධාරීන් පරික්ෂා කළා. දෙමටගොඩ දුම්රිය අංගනයේ දී මැදිරියේ ඇගිලි සලකුණු පරීක්ෂා කළා, ඊට පසුව මම වේයන්ගොඩ පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබා දුන්නා. එම සාක්කියෙන් පසුව මරණ පරීක්ෂණයේ සාක්ක අවසන් කළ මහේස්ත්‍රාත් වරිය වෛද්‍ය වාර්තාව හා දෙන ලද සාක්කි අනුව සහාසික ක්‍රියාවක් හේතුවෙන් සුෂුම්නාවට හා සිරුරට බරපතළ හානි සිදු වී මරණය සිදු වී ඇති බවට තීරණය කොට ලඝු නොවන නඩු විභාගයක් පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන හෙයින් ඒ පිළිබඳව පියවර ගන්නා ලෙසට වේයන්ගොඩ පොලීසියට නියෝග කළාය. මරණ සහතිකය මිය ගොස් ඇති නිලධාරියාගේ භාර්යාවට හෝ භාර කරුවකුට මුදාහරින ලෙසටද අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළාය. -ආනන්ද ඉ. ජයකොඩි- පෙර ලිපියබේබදු ප්‍රහාරයෙන් දුම්රියෙන් එළියට විසිවී මරු දුටු නිලධාරියා
අර ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී හිටින සාදාරනය වෙනුවෙන් පෙනී හිටින කළු කෝට් කාරයෝ නඩුව අවුරුදු විසි පහක් විතර ඇදල හැමපැත්තෙන්ම හූරගෙන කාල මූ වල පයයි ගොඩ පයයි කාලේ මරණ දඩුවම දීපල්ලා .
9
POSITIVE
ncpp_train_38433
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, අද උදෑසන බීමත්ව රිය පදවා සිදු කළ අනතුරක් නිසා පොලිස් අත්අඩංගුවට පත්ව  තිබේ.‍ බොරැල්ල කිංසි පාරේ හොර්ටන් පෙදෙසේ දි  අද උදෑසන දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. අද (31) දින අළුයම 5.15ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බව පොලිසිය කළ පරීක්ෂණයේදී ඔප්පුවී ඇත.
මුගෙ බෑඩ් ලක් හැබැයි.. යාන්තම් ඕඩීඅයි ගහන්න ඔන්න මෙන්න හිටියෙ. බොහෝදුරට කැප්ටන් සී එකත් හම්බෙන්න තිබ්බ. සෝ සොරි දිමුත්... සෝ සොරි ක්‍රිකට් ෆෑන්ස්.. ප.ලි. බිව්වනම් ටැක්සියක යන්න තිබ්බනෙ බන්
9
POSITIVE
ncpp_train_38434
පවතින කඩදාසි හිඟය නිසා විදුලි බිල්පත් නිකුත් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ පෙර මුද්‍රිත බිල්පත් ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කරන බව  ලංකා විදුලිබල මණ්ඩලය දන්වා තිබේ. ඒ අනුව විදුලි බිල ලබාදීමේ විකල්ප ක්‍රම කිහිපයක් හඳන්වාදී ඇත.1) එස් එම් එස් මගින්2) ඇප් එකක් මගින්3) ඊමේල් මගින්4) අත්‍යවශ්‍යම හෝ  ඉහත ක්‍රම නොතේරෙන අයට thermal printed bills විස්තර මෙසේය.1)කෙටි පණිවිඩ මඟින් (SMS) — මාසික මනු කියවීමෙන් පසු ලංවිම සමඟ ලියාපදිංචි කර ඇති දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) මඟින් මාසික විදුලි බිල්පත එවීමට කටයුතු කරනු ලැබේ. මේ සඳහා ලියාපදිංචි වීමට මනු කියවීම සඳහා ඔබ පරිශ්‍රය වෙත පැමිණෙන ලංවිම නියෝජිතයාගේ සහයෝගය ලබාගත හැකිය. නැතහොත් “REG<හිස්තැනක්>අංක දහයකින් යුක්ත විදුලි ගිණුම් අංකය” යොදා 1987 වෙත කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබටම ලියාපදිංචි විය හැකිය.2)CEBCare ජංගම දුරකථන යෙදුම - CEBCare සුහුරු ජංගම දුරකථන වැඩසටහන භාවිතයෙන් ද මාසික මනු කියවීමෙන් පසුව බිල්පත ලබා ගැනීමේ පහසුකම සපයා ඇත.3)ඊමේල් ඔස්සේ විදුලි බිල ලබාගැනීමේ ඊ – බිල් (e-Bill) සේවාව ආරම්භ කර තිබේ.විදුලිබල මණ්ඩලයේ විදුලි පාරි‍‍භෝගිකයනට ebill.ceb.lk වෙබ් අඩවියට පිවිස ඉ-බිල් සේවාවේ ලියාපදිංචි විය හැකිය.ඊට අමතරව ජංගම දුරකථනයෙන් EBILL (SPACE) ACCOUNT NUMBER (SPACE) EMAIL ලෙස ටයිප් කර 1987 අංකයට කෙටි පණිවුඩයක් යැවීමෙන් ද මෙම සේවාවේ  ලියාපදිංචි වීමට හැකියාව ඇත.4)ඉහත ක්‍රම වලට අනුගතවීමට එක්වරම අපහසු නැතහොත් වෙනත් අවශ්‍යතා ඇති අය වෙනුවෙන් පමණක් සුපිරි වෙළෙඳසල්වල නිකුත්කරන ආකාරයේ මුද්‍රිත තුණ්ඩු (thermal printed bills) නිකුත් කරන අතර මාසික මනු කියවන්නන් අමතා එවැනි බිල්පත් ඉල්ලුම් කළ හැකිය. ඉල්ලීම් කරන අයට පමණක් ලබාදෙනු ඇත.
ඇයි e බිල් එකේ ප්‍රින්ට් අවුට් එකක් පෙන්නන්නකො
21
POSITIVE
ncpp_train_38435
2019 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ ප්‍රථිඵල අනුව ප්‍රථම ස්ථාන දිනූවන් ගැන මාධ්‍ය වෙත කරුණු අනාවරණය නොකරන ලද බව කියූවත් ඔවුන් ගැන මේ වනවිට සියලුම මාධ්‍ය තුළින් පෙරපරිදි විස්තර වාර්තා කර තිබේ. එම විස්තර අනුව ඒ ඒ අය ගැන වැඩිදුර තොරතුරු ඇතුළත් සටහනක් පහත පරිදිය. නව විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ෂිහාන් ෆොන්සේකා සිසුවාය. ඔහු කියූ විශේෂ කතාව සම්පූර්ණයෙන් මෙසේය.  'මගේ තාත්තා වාහනවල ටින්කරින් වැඩ කරලා මට ඉගැන්නුවා අපිට ආර්ථික අමාරුකම් තිබුණු කාලයක් තිබ්බා. ඒත් තාත්තා නොකා නොබී මට ඉගැන්නුවා. මගේ පදිංචිය මොරටුව, කොරළවැල්ල. මට අක්කයි නංගියි ඉන්නේ. අක්කා යාපනය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු තාක්ෂණ පීඨයේ ශිෂ්‍යාවක්. නංගි තාම නවය වසරේ. මම මුලින්ම ගියේ මොරටුව මහ විද්‍යාලයට. ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 175ක් ලබාගෙන තමයි මම කොළඹ ආනන්ද විද්‍යාලයට ආවේ. තාත්තා ටින්කරින් බාස් කෙනෙක්. කාලයක් ඩුබායි රටෙත් වැඩ කළා. මොන ආර්ථික අමාරුකම් තිබුණත් මගේ පන්තිවලට සල්ලි ටික තාත්තා හොයලා දුන්නා. තාත්තා අපි කනකම් කන්නේ නෑ කවදාවත්. ඒ එයාගේ හැටි. ඒත් අපේ තාත්තට ස්ථීර ආදායම් නොතිබූ නිසා අපිටත් ආර්ථික අමාරුකම් ඇතිවූ අවස්ථා තිබුණා.  මම ගණිත අංශය තෝරාගත්තේ මොරටුව ඉන්ජිනේරු පීඨයට යන්න තිබූ ආසාවටයි. ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනේරු විද්‍යාව හදාරලා රටට වැඩක් කරන්නයි මගේ අරමුණ. මම ආනන්දෙදී විෂය බාහිර කටයුතුවල නිරත වුණා. බාහිර තාරකා විද්‍යා සංගමයේ ප්‍රධානත්වය දැරුවා. දැනුම මිනුම තරගවලට සහභාගි වුණා. සාමාන්‍ය පෙළ විභාගයේදී මට ඒ සාමාර්ථ 9ක් ලැබුණා. මම උසස් පෙළ ගණිත අංශයට අදාළව උපකාරක පන්තිවලට ගියා. ප්‍රශ්න පත්‍ර පන්තිවලට ගියා. මුලදී මට මොරටුව කැම්පස් එකට යන්නයි අවශ්‍ය වුණේ. නමුත් විභාගය ළංවන විට පාසලේ ගුරුවරු මාව දිරිමත් කළා. ඒ අනුව තමයි මට ගණිත අංශයෙන් පළමු තැන ලැබුණේ.  මගේ අම්මාට පියාට මම පින් දෙනවා.” --------------- ගණිත අංශයේ පැරණි විෂය නිර්දේශයෙන් පින්නවල ජාතික පාසලේ දර්ශන ඉසුරුසිරි සිසුවා ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත. පළමු පන්තියේ සිට පහේ පන්තිය දක්වා රඹුක්කන සුජාතා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දර්ශන ඉසුරුසිරි  සිසුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 162ක් ලබාගෙන පින්නවල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව තිබිණි. 2015 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේදී විෂයයන් 8ට ඒ සාමාර්ථ අටක්ද සෙසු විෂයට ‘බී’ සමාර්ථයක් ලබාගෙන උසස් පෙළ විභාගයට ගණිත අංශය තෝරාගෙන අධ්‍යාපනය ලැබූ බව ශිෂ්‍යයා පැවැසීය. “මම මුල ඉඳලා ඉලක්කයට අධ්‍යාපන කටයුතු සිදු කළා.  අඩුම ගානේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමුවැනියා වෙන්න ඕනෑ කියලා හිතාගෙන වැඩ කළා. මමයි තව යහළුවන් දෙන්නෙක් සමඟ තමයි වැඩ කළේ. සෑම දවසකම පාන්දර එක දෙක වෙනකම් පාඩම් කළා. ප්‍රතිඵල ආවාට පස්සේ හිතට ගොඩක් සතුටුයි. මොකද කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමුවැනියා වෙන බලාපොරොත්තුවෙන් කටයුතු කළ නිසා මම ඉන්ජිනේරුවරයෙක් වෙලා මගේ රටට සේවය කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම පස්සේ මගේම කියලා ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉදිරියෙදී පැවැත්වෙන විභාගයට පෙනීසිටින නංගිලාට මල්ලිලාට කියන්න තියෙන්නේ ඉලක්කයක් තියාගෙන අධ්‍යාපන කටයුතු කරන්න කියලා. -------------- ජීව විද්‍යා අංශයේ නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ සචිනි විජේවර්ධන ශිෂ්‍යාවට හිමිවී ඇත. සචිනි ශිෂ්‍යාවට ප්‍රබලම ශක්තියක් වූයේ පියා වෛද්‍ය මංජුල විජේවර්ධන, මව වෛද්‍ය මාලි කරුණාරත්න බව ඇය කියා තිබේ “මගේ අම්මයි, තාත්තයි දෙන්නම මට ගොඩක් උදවු කළා. මගේ හෙවණැල්ල වගේ මගේ පස්සෙන් ඉඳලා මේ ඉලක්කයට යන්න මට උදවු කළා. මම දිනපතාම මොන දේ තිබුණත් ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙදි අපි යාළුවො එකට හමුවෙලා විවේකී සෑම වෙලාවකම අපිට මඟහැරුණු, අපිට අමාරු විෂය කරුණු ගැන සාකච්ඡා කළා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මතක් කරන එක පුරුද්දක් විදිහට කළා. ඒකත් එක්ක නිතරම විෂය කරුණු යළි යළිත් මතක් කරගන්න පුළුවන් වුණා. ගොඩාක් දේවල් පාඩම් කරනවාට වැඩිය මේ විදිහට සාකච්ඡා කරන එක විෂය කරුණු මතකයේ තියාගන්න හොඳම විදිහක්. මගේ පන්තියේ යාළුවෝ ගොඩක් සුහදශීලීව එකිනෙකාගේ අඩුපාඩු නිවැරදි කරගෙන ඉගෙනීම් කටයුතු කළා. මම වගේම මගේ යාළුවොත් හොඳ ප්‍රතිඵල අරගෙන තියෙනවා. කාලය කළමනාකරණය කරගන්න එක තමයි උසස් පෙළ විභාගය සමත්වෙන්න අත්‍යවශ්‍යම. මම ගෙදර ඉන්නවාට වැඩිය ඉස්කෝලෙට ගියාම වැඩ කළා. තනියම ගෙදරට වෙලා පාඩම් කරන්න නම් කැමැති නෑ. විශාඛා විද්‍යාලයේ ගුරු මණ්ඩලය ඇත්තටම දරුවන් වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරන ගුරු මණ්ඩලයක්.එවන් ගුරුවරුන් ලබන්න පින් කරන්න ඕන“ ----------------- වාණිජ විෂය ධාරාවෙන් නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කොළඹ බිශොප් විද්‍යාලයේ ටෙෂානි නිම්හාරා ශිෂ්‍යාව සමත් වූවාය. ටෙෂානි උසස් පෙළින් දිවයිනෙන්ම පළමුවැනියා වේවි යැයි පෙරමං ලකුණු පෙන්නුවේ අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වෙමිනි. ඇය පාසලේ අධ්‍යාපන කටයුතුවලට අමතරව දක්ෂ ක්‍රීඩා කෞෂල්‍යයක් ඇති ශිෂ්‍යාවක් බව ඇගේ මව රසිකා හෙට්ටිගේ පැවැසුවාය. “මගේ දුව ඉගෙනීමේ කටයුතුවලට විතරක් නෙවේ පිහිනුම්, මලල ක්‍රීඩා ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම්වලටත් නිරන්තරයෙන් සහභාගි වුණා. ටෙෂානි පිහිනුම් ක්‍රීඩාවෙන් බස්නාහිර පළාත් වර්ණ සහ පාසල් වර්ණත් දිනාගෙන තියෙනවා.” ටෙෂානිගේ පියා දර්ශ හෙට්ටිගේ තම දියණිය ගැන පවසන්නේ ඇයට අධ්‍යාපන කටයුතුවලට කිසිදු බාධාවක් වීමට ඉඩනොදී නිදහසේ කටයුතු කිරීමට ඉඩදුන් බවයි. “මම දුවට හැමවෙලේම කිව්වා ඔයාට පුළුවන් දේ කරන්න කියලා. මහන්සි වෙන එකට මම ඕන උදව්වක් කරන්නම් කීවා. බාහිර දේවල් කිසිවක් හිතන්න එපා කියලා අපි කිව්වා. එයාට නිදහසේ අධ්‍යාපනය කරන්න පුළුවන් පරිසරය අපි හදලා දුන්නා.” ටෙෂානි නිම්සරා සිසුවිය මෙසේ කීවාය. “මම විභාගය කියලා ලොකු පීඩනයක් අරගෙන වැඩ කළේ නෑ. නිදහසේ සැහැල්ලුවෙන් ඉස්කෝලේ ගියා. උපකාරක පන්තිවලට ගියා. පාස්වෙයි කියලා මම හිතුවා. ඒත් ලංකාවේ පළමුවැනියා වෙයි කියලා හිතුවේ නෑ. මේ ජයග්‍රහණය වෙනුවෙන් මට සහාය දුන්න සහ නිරන්තරයෙන් උනන්දු කළ මම පාඩම් කරද්දී මාරුවෙන් මාරුවට නිදි මරාගෙන මාත් එක්ක හිටිය තාත්තා සහ අම්මාට මම ස්තුති කරනවා. ඒ වගේම බිෂොප් විද්‍යාලයේ ගුරුවරුන් දැක්වූ සහයෝගයට ස්තූති කරනවා.  මොන වැඩ තිබුණත් මම එදිනෙදා අධ්‍යාපන වැඩකටයුතු හරියට කළා. මහන්සි වෙලා ආවත් නිදානොගෙන පාඩම් කළා. මගේ අනාගත බලාපොරොත්තුව තමයි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගිහින් රටට වැදගත් සේවයක් කිරීම.” ----------------- වාණිජ විෂය ධාරාවෙන් පැරණි විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ නිරෝෂන් සඳරුවන් ජාසිංහ සිසුවාය. බද්දේගම නගරයේ සිට කිලෝමීටර් 4ක පමණ දුරින් වූ මලිත්තගොඩ, අක්කර 5 ප්‍රදේශයේ පදිංචි එම සිසුවා මෙසේ කීය.  මම ප්‍රාථමික අධ්‍යාපන ලැබුවේ කොටගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ. හෘදයාබාධයක් නිසා 2007 අවුරුද්දේ පියා අපට අහිමි වුණා. දයානන්ද ජාසිංහ මගේ තාත්තා කළේ බේකරි රස්සාව. 6 ශේ‍ර්ණියේ සිට බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයට ඇතුළත් වුණා. වාර විභාගවලදී පන්තියේ පළමු, දෙවැනි ස්ථානවල මට රැඳෙන්න පුළුවන්  වුණා. මටත්, අක්කටත්, තාත්තා නැති අඩුව පිරිමහන්න මගේ අම්මා රැයක් දවාලක් නැතිව මහන්සි වුණා. මගේ අක්කා නිරෝෂි  රුහුණ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය උපාධිය 2017දී ලබා ගත්තා. ඇයට හැකි හැම වෙලාවෙම විෂය කරුණුවලට මට උදවු කළා. 2015 අවුරුද්දේ ‘ඒ’ සාමාර්ථ 03ක්, ‘බී’ සාමාර්ථ 03ක්, ‘සී’ සාමාර්ථ 3ක් සහ ‘එස්’ සාමාර්ථයක් ලබාගෙන සාමාන්‍ය පෙළ සමත් වුණා. උසස් පෙළට වාණිජ විෂය ධාරාව තෝරගත්තා. පෞද්ගලික පන්තිවලට යවන්න මගේ අම්මට සල්ලි තිබුණේ නැහැ. ගිණුම්කරණ උගන්වන දිනේෂ් හර්ෂණ සර්ගේ  පන්තියට නොමිලේ සහභාගිවීමට අවස්ථාව දී තිබුණා. ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික විද්‍යාව විෂයයන් උගන්වන ගුරුතුමන්ලා දෙදෙනත් ඔවුන්ගේ පෞද්ගලික පන්තිවලට නොමිලේ සහභාගි වෙන්න අවස්ථාව දුන්නා. ඒ ගුරුතුමන්ලා දීපු අවස්ථාවට මම සාධාරණය ඉටු කළා. මගේ අම්මාට සැපවත් අනාගතයක් උදා කිරීම මගේ එකම අරමුණයි. ---------- කලා විෂය ධාරාවෙන් නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තෙෂානි මිලින්දි වැලිගමගේ ශිෂ්‍යාව හිමි කරගත්තාය. තෙෂානි මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙනි. පසුව ශිෂ්‍යත්ව විභාගයෙන් 178 ක් ලබා දේවිබාලිකා විද්‍යාලයට ඇතුළත්ව ඇත. හොරණ සිට රාජගිරියේ කුලී නිවසකට ඇය මව හා පියා සමග පදිංචියට පැමිණ ඇත්තේ ඉන් පසුවය. පියා මෙ වනවිට මාලදිවයිනේ ජීව විද්‍යා ඉංඩිනේරුවෙකු ලෙස සේවය කරන අතර මව ගෘහණියකි. ඇය පවුලේ එකම දරුවාය. ඇය උසස් ඵෙල හදාරා ඇත්තේ ප්‍රංශ,ඉංග්‍රීසි හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයන්ය. සාපෙළ ඒ 9 ක් ලබාගත් ඇය මුලදී ජීව විද්‍යා විෂය ධාරාව තොරාගෙන පසුව වෙනස් කර කලා අංශයට මාරු කරගෙන ඇත. දේවි බාලිකා විද්‍යාලයේ 2017-18 ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසද ඇය කටයුතු කර ඇති අතර බාහිර වැඩ රැසක් සිදු කළ සිසුවියකි. ඉලක්කයට වෙඩි තැබීම ක්‍රීඩාවක් ලෙස සිදු කර ඇත. විභාගයට මාස 2 ක් තබා සියලු බාහිර වැඩ අත්හළ බවත් ඉලක්කයට අනුව පාඩම් කළ බවත් ඇය කියා සිටී. තමන් හැදෑරිය යුත්තේ තමන්ට කැමති හොදම විෂයන් බව ඇය කියයි. ඉදිරියේදී නීතිය හා ජාත්‍යන්තර සබදතා විෂය ධාරා වැඩිදුර හැදෑරීමට ඇය අදහස් කරයි. ------------ කලා විෂය ධාරාව (පැරණි විෂයනිර්දේශය) යටතේ පෙනී සිට දිවයිනේම ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නිපුන විරාජ් හෙට්ටිආරච්චි ශිෂ්‍යයාය. ඔහු මෙසේ කියා තිබේ. “මා පළමු වසරේ සිට පහවසර දක්වා අධ්‍යාපනය ලැබුවේ උඩගහවල්පොල ප්‍රාථමික විද්‍යාලයෙනි. ශිෂ්‍යත්වය සමත්ව ගම්පහ බණ්ඩාරනායක විදුහලට පැමිණීමෙන් පසුවයි මේ උසස්පෙළ විභාග ජයග්‍රහණය ලැබුණේ. මගේ පියා වෘත්තියෙන් ගුරුවරයෙක් . එතුමාගේ අවවාද, මගේ මෑණියන් මා උනන්දුකරවීම නිරන්තරයෙන් මගේ අධ්‍යාපන කටයුතු දියුණුවට ආශිර්වාදයක් වුණා. විශේෂයෙන් කිවයුත්තේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ’ සිසුන් වෙනුවෙන් කැපවීම විශිෂ්ට බවයි. එවැනි පාසලක ඉගෙනීමට ලැබීම අපේ වාසනාවක්. මා කුඩා කල සිටම කලා අංශයට ඇල්මක් දැක්වූවා. පාසලේ කලා සංගම් නියෝජනය කළා. විද්‍යා අංශයෙන් ඉදිරියට යන්න කියා මාපියන් කීවත් මගේ ආශාව කලා අංශය නිසා මගේ කැමැත්තට ඉඩ ලැබුණා. මම පුරාවිද්‍යා අංශය කෙරෙහි බලවත් කැමැත්තක් තිබෙනවා. අනාගතයේදී පුරා විද්‍යාඥයෙකු වීම මගේ අරමුණයි. ලංකාවේ නිවැරිදි ඉතිහාසය ලොවට පෙන්වීම මගේ අරමුණයි. මගේ දයාබර සොයුරන්ට දෙන පණිවුඩය නම් ඔබ ඉලක්කයක් ඇතිව අධ්‍යාපනයේ නිරතවන්න. එය ඔබේ ජයග්‍රහණයයි”. විදුහල්පතිවරයා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිනියද මෙම ජයග්‍රාහී දරුවන්ගේ ජයග්‍රහණය ගැන සුබපැතූහ. අපේ සුබ පැතුම්ද මෙවන් පුතුන් තවත් තවත් බිහිවී අපේ රට ලෝකයේම විශිෂ්ට රටක් වනු දැක්මයි.' ------- ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව විෂය නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විනුර ඔසඳ ගාල්ලගේ විසින් හිමිකර ඇත. සිය ජයග්‍රහණය ගැන මාධ්‍යයට අදහස් දැක්වූ විනුර ඕෂධ ගාල්ලගේ ශිෂ්‍යයා පැවසුවේ “ඉහළ සාමාර්ථයක් බලාපොරොත්තු වූ බවය. එසේම තම ජයග්‍රහණයට පසුබිම මගේ දයාබර දෙමාපියන් සහ සොහොයුරාගේද ධෛර්යමත් කරවීමත් හේතුවුණා. විශේෂයෙන් මගේ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලටයේ විශිෂ්ට කැපවීම මගේ ජයට හේතු වුණු බැව් කෘතවේදීව සිහිපත් කරමි. අප විදුහලේ ගුරු භවතුන් මෙම විභාගය වෙනුවෙන්, අප උනන්දුකරවීමට විශේෂයෙන් සවස් කාලයේ පවා පන්ති පවත්වමින් මනා කැපවීමක් කළා. අපේ ජයග්‍රහණයට එය හේතුවුණා. මගේ අනාගත අපේක්ෂාව ඉංජිනේරුවෙක් වී රටට සේවයක් කිරීමයි. අනෙකුත් සොයුරු සිසුන්ගෙන්ද ඉල්ලා සිටින්නේ අධ්‍යාපනය කෙරෙහි උනන්දුවෙන් කටයුතු කිරීමත්, ප්‍රශ්නයක් ගැටලුවක් පැමිණි විට බියේ පැන නොයන ලෙසත්, ගුරුවරු, වැඩිහිටියන්ට ගෞරවයෙන් කටයුතු කර දෙමාපිය හිත් දිනාගෙන තම අධ්‍යාපන කටයුතු කරගෙන යන ලෙසය. ------------ 2019 අපොස උසස් පෙළ විභාගය ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය බිබිල අධ්‍යාපන කලාපයේ මැදගම ජාතික පාසලේදී ඩී.එම් නිසංසලා සංජීවනී ශිෂ්‍යාව හිමි කරගෙන තිබේ. මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කර ප්‍රදේශයක්වූ කැන්දවින්න කොස්වත්ත නම් රමණීය ගම් පියසේ ඉපදී ඇති ඇය,කැන්දවින්න කනිෂ්ඨ විද්‍යාලයෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වී වැඩිදුර අධ්‍යාපනය සඳහා මැදගම ජාතික පාසලට ඇතුලත් විය. අපොස (සා.පෙ) විභාගයෙන් A සාමාර්ථයන් හතක් සහිතව සමත්වූ ඇය උසස් පෙළ විභාගය සඳහා ජෛව පද්ධති තාක්ෂණය විෂය ධාරාවෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය,තාක්ෂණවේදය සඳහා විද්‍යාව,කෘෂිකර්ම විද්‍යාව යන විෂයන් හැදෑරීමට තෝරාගන්නා ලදි. වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන නිසංසලා සංජීවනීගේ පියා ඩී.එම් උභයවර්ධන වෘත්තියෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීයෙකි. මෑණියන් වන ඩී.එම් පුංචි මැණිකා ගෘහණියකි. කුඩා කාලයේ සිටම අධ්‍යාපන කටයුතු වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ඇය පාසලේ බාහිර කටයුතු වලදී කැපී පෙනෙන ශිෂ්‍යාවක් වූවාය. 2019 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් A සාමාර්ථ තුනක් ලබාගෙන විශිෂ්ට ලෙස සමත්වූ ඇය කිසිදු උපකාරක පන්තියකට ගොස් නැත. පාසලේදී ඉගැන්වූ ගුරුභවතුන්ගේ අමතර පන්තිවලට පමණක් ඇය සහභාගීවී ඇත. --- ජෛව පද්ධති තාක්ෂණ පැරණි නිර්දේශයෙන් මුල් තැන දිනා ඇත්තේ අනුරාධපුර රඹෑව මධ්‍ය මහ විද්‍යාලයේ ඉමේෂා කාවින්දි සිසුවියයි. අනුරාධපුර නගරයේ සිට කිලෝමිටර් විසි පහක් පමණ ඈතින් පිහිටි දුෂ්කර ගම්මානයක් වන රඹෑව, මහවැවඅ පදිංචි ඉමේෂා කාවින්දි ගේ පියා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී බිම් බෝම්බයකට හසුවී පාදයක් අහිමිව ආබාධිත තත්ත්වයට පත්වූ අයෙකි. ඇයගේ මව ඇය වෙනුවෙන් කැපවීම් කර ඇත. ඉමේෂා කාවින්දි දියණිය සිය ජයග්‍රහණය පිළිබඳව මෙසේ පැවැසුවාය. මම පසුගිය වසරේ විභාගයට පෙනී ඉඳලා පොදු පරීක්ෂණයට ලකුණු දෙකක් මදි වුණු නිසා විශ්වවිද්‍යාල වරම් අහිමි වුණා. මම අධ්‍යාපනය ලැබුවේ හුඟක් අපහසුතා මැද්දේ. ගෙදර ආර්ථික අපහසුතා හුඟක් තිබ්බා. ඒවා තදින්ම දැනුණා. නමුත් හැම දෙයකදීම මට හුඟක් අය උදවු උපකාර සිදුකළා. මම රඹෑව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. එහි මගේ තාක්ෂණ විෂයට අවශ්‍ය විද්‍යාගාරයක් තිබුණේ නෑ. මම අනුරාධපුර නගරයේ පිහිටි විද්‍යාගාර පහසුකම් ඇති පාසල් කිහිපයකින්ම ඉල්ලීම් කළ මටත් තාක්ෂණ විෂයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවස්ථාවක් දෙන්න කියලා. නමුත් එම විදුහල්වලින් මගේ ඉල්ලීම් තරයේම ප්‍රතික්ෂේප කළා. පස්සේ මම ටියුෂන් පන්තිවලින් තමයි ප්‍රායෝගික විෂය කටයුතු සම්පූර්ණ කර ගත්තේ. මේ විෂයෙන් පළාතේ 10-15ත් අතර පිරිසකට තමයි විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ. මම හිතුවේ නෑ මට දිස්ත්‍රික්කයේ හරිලංකාවේ පළමුවැනියා වෙන්න පුළුවන් වෙයි කියලා. ඉදිරියෙදි විභාගවලට මුහුණ දෙන නංගිලා මල්ලිලාට උපදෙසක් දෙන්න කැමැතියි. මම පළමුවැනි වතාවේ විභාගයට මුහුණ දෙනකොට මුහුණුපොතට (ෆේස්බුක්) ඇබ්බැහිවෙලා හිටියේ. ඒ නිසා මගේ පළමු අවස්ථාව ගිලිහුණා. දෙවැනි වතාවේ විභාගයට මුහුණ දෙනකොට මම ඒ සියල්ලම සම්පූර්ණයෙන්ම අතඇරලා දැම්මා. විභාගය සමත්වීම විතරයි මගේ එකම බලාපොරොත්තුව වුණේ. ආර්ථික අපහසුතා මැද කොහොම හරි උසස් අධ්‍යාපනය හදාරා විදේශයක රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
පලවෙනියෝ දෙවෙනියෝ ගැන නිතර ඇහෙනවා.මෙවැනි අය ඉගෙනගෙන ඉවරවෙලා පලවෙනි දෙවෙනි තත්වයේ වැඩක් කලා කියලා ආරංචි ලැබෙන්නේ නම් නෑ.ඔව්න් මහජනතාව රස්තියාදු කරවන,පගා ගහන ආයතනවල ලොකු ලොක්කෝ වෙලානම් ඉන්නවා.අපේ රටේ අධ්‍යාපනය කියන්නේ බොරුවක්.උගතුන් කියන්නේ මනස්කල්පිත පිරිසක්.
-3
NEGATIVE
ncpp_train_38436
ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී  එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය අශෝක ගුණරත්න මහතා මෙසේ කියා සිටියේය.'2024-25 වර්ෂ වලට විශේෂඥ වෛද්‍යවරුන් හාරදාහක් පමණ අවශ්යයි කියලා තමයි කලින් ඇස්තමේන්තු කර තිබේ. දැනට අපිට ඉන්නේ සියයට පනහක් පමණයි. විශ්රාම ගැන්වීම අවුරුදු හැටට අඩු කරොත් තව දෙසිය පනහක් පමණ විශ්රාම යනවා. එතකොට 1750 පමණ ගානට සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්යාව පහළට බහිනවා. මීට අමතරව තියෙන ප්‍රශ්නය තමයි හදිසි අනතුරු අංශ වල විශේෂඥ වෛද්‍යවරුන්. 30 ක් පුහුණු කරලා විශේෂඥ වෛද්‍යවරුන් විදිහට පත් කරා. 30 න් විස්සක් දැන් රට හැරලා ගිහිල්ල නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඇස්තමේන්තුව 2024-25 ට 289  මේ වර්ෂය වෙනකොට ඉන්නෙ 155 යි. එකසිය පනස් පහෙන් 30 ක් රට හැරලා ගිහිල්ලා වයස 60 විශ්රාම යනව නම් තවත් විස්සක් මේ වර්ෂයේ විශ්රාම ගන්න. එතකොට 105 යි. කුඩා ළමුන්ගේ රේඩියෝලොජි සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් එක්කෙනයි හිටියේ ලංකාවටම. ඔහු රට හැර ගිහිල්ලා. හදිසි අනතුරු සඳහා විශේෂඥ වෛද්‍යවරු දැන් ඉන්නෙ දහයක් පමණ. විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්ය පහසුකම් නොමැතිවීම ද ඔවුන් රට හැර යාමට හේතුවී තිබෙනවා. පශ්චාත් උපාධි කරන්න වෛද්‍යවරුන් පෙළඹෙනවත් අඩුයි.විශේෂඥ වෛද්‍යවරුන්ට ලැබෙන ඉතාම අවම පහසුකම් දුරස්ථ ප්රදේශ වලට ගියාම ඉන්න තැනක් නෑ. ක්වාටස් එකක් නෑ ඒ පිළිබඳව රජය සිතා බලන්න ඕන. මේ අවුරුදු 60 පිරෙන විශේෂඥ වෛද්‍යවරුන් නොයව හිටියනම් ගොඩක් ප්රශ්න අඩුයි. ඔවුන්ට තවත් සේවය කිරීමට හැකියාවක් තියෙනවා. එතකොට එහෙම යන්නෙත් නැති මේ රටේ ඉන්නත් පුළුවන් මේ රටේ සේවයක් කරන්නත් නෑ‘
63 කියලා ආපහු 60 කරලා පසුගිය කාලේ විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍ය වරැ දැන් ගෙදර නේ. සමහර අය ලංකාවට ම හිටිය එක්කෙනෙක් හෝ දෙන්නෙක්. හිතු දේවල් නේ කරන්නේ
3
POSITIVE
ncpp_train_38437
ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) නව සභාපතිනිය ලෙස අරුණි ගුණතිලක මහත්මිය පත් කර තිබේ.  ඇය අප්‍රේල් මස සිට බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වූ අතර හිටපු සභාපති නිලන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්තවූ පසු හිස් වූ සභාපති ධුරය සඳහා මෙලෙස ගුණතිලක මහත්මිය පත්ව ඇත.  කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය උපාධියක් සහ එක්සත් ජනපදයේ හාර්වර්ඩ් සරසවියේ නීති උපාධිය හදාරා ඇත. ඇය Tea Small Holders Factories PLC, සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී යන ලැයිස්තුගත සමාගම්හි විධායක නොවන/ස්වාධීන අධ්‍යක්ෂවරියකු ලෙසද කටයුතු කරයි.මූල්‍ය සේවා පිළිබඳ වෘත්තිකයෙකු වන අරුණි ගුණතිලක මහත්මිය සතුව බැංකු සහ කලාපීය මූල්‍ය වෙළෙඳ පොළ පිළිබඳව වසර 25කට අධික කාලයක අත්දැකීම් ඇති අතර මහජන බැංකුවෙහි සාංගමික බැංකුකරණ ප්‍රධානියා ලෙසත් සිංගප්පූරුවෙහි ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවෙහි තනතුරු කිහිපයකද කටයුතු කර ඇත.
අර කස්තුරි කියලා එක්කෙනෙක් දැම්ම හේමාස් එකට. කාලාම දැම්මා, දැන් මිනිස්සු පාලනය කරන්නේ. මිනිසාටයි පුළුවන් බං, ගැහැණියට නොවේ.
-30
NEGATIVE
ncpp_train_38438
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ විශාලතම සරණාගත අර්බුදය තුළ මිලියන හයකට අධික ජනතාවක් යුක්රේනයෙන් පළා ගොස් ඇත. තවත් මිලියන හයක් අභ්‍යන්තරව අවතැන්ව සිටිති.යුක්රේන සරණාගතයින් පිළිගැනීමට පියවර හඳුන්වා දුන් අනෙකුත් යුරෝපීය රටවල් මෙන්, බ්‍රිතාන්‍ය රජය වීසා මත පදනම් වූ වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කළේය: යුක්‍රේනය සඳහා නිවාස, පවුල් යෝජනා ක්‍රමය සහ ව්‍යාප්ති යෝජනා ක්‍රමය ඒ තුනයි. මෙම යෝජනා ක්‍රම මඟින් සරණාගතයින්ට වසර තුනක් දක්වා රට තුළ රැඳී සිටීමට සහ පාසල්, සෞඛ්‍ය සේවා, සමාජ සුබසාධන ප්‍රතිලාභ සහ වැඩ කිරීමේ අයිතිය සඳහා ප්‍රවේශය හඳුන්වාදී තිබුණි.කෙසේ නමුත් කල්යත්ම මෙම පොරොන්දු ඉටුකිරීමට බ්‍රිතාන්‍යය අපොහොසත්ව ඇති අතර නිවාස ප්‍රශ්නය උග්‍රව මතුවී ඇත.බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකයෙකු අල් ජසීරා පුවත් වෙත ප්‍රකාශ කර ඇත්තේ යුක්රේන සරණාගතයින් 112,000ක් එක්සත් රාජධානියට සාදරයෙන් පිළිගෙන ඇති බවත් සියල්ලන්ට පළමු දිනයේ සිටම වැඩ කිරීමට හෝ ඉගෙනීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන ලෙස පහසුකම් සලසා ඇති බවයි. එහෙත් යුක්රේනයේ  සරණාගතයින් පිළිගැනීමේ ක්‍රමය වසරකට පසුව, කනස්සල්ලට පත්වන ප්‍රවණතාවක් දැන් මතුවෙමින් ඇත්තේ නිවාස නොමැතිකම වැඩි වීම නිසාය.එක්සත් රාජධානියේ ජීවන වියදම් අර්බුදය සහ දැරිය හැකි මිලකට නිවාස නොමැතිකම, සරණාගතයින්ට අනුග්‍රාහකත්වයෙන් තම නිවෙස් කරා යාමට ඇති හැකියාව කෙරෙහි දැඩි ලෙස බලපා ඇත.රට තුළ ණය ඉතිහාසයක් නොමැතිකම, චතුර ලෙස ඉංග්‍රීසි කතා නොකිරීම සහ රැකියාවක් සොයා ගැනීමේ දුෂ්කරතා මෙම ගැටලුව තවත් උග්‍ර කර ඇත.  
හැබැයි සමහර ජාතිවල අයනම් ඉන්නවා එංගලන්තයට වඩාගෙන එක්ක යන්නේ. දැන් එංගලන්තේ සුද්දන්ගේ රටක් නෙමේනේ.
15
POSITIVE
ncpp_train_38439
හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ෂවීන් බණ්ඩාරනායක මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ මහ නගර සභාවට තරග කරන බව සිරිකොත පක්‍ෂ මූලස්ථානය පවසයි. ෂවීන් බණ්ඩාරනායක මහතා වෘත්තියෙන් නීතිඥයෙකි. තරුණ පරපුරට තැනදීමේ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිපත්තිය අනුව ශවීන් බණ්ඩාරනායක මහතාට නාම යෝජනා දුන්බව සිරිකොත ආරංචි සඳහන් කළේය. ෂවීන් පසුගිය මහමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් තනාගෙන තරග වැදුණ අතර වියදම් කළ ප්‍රචාරණයකින් තොරව ඉතා සුළු මනාප ගණනක් ලැබූවත් පසුව සඳහන් කළේ තම පළමු පියවර ගැන සතුටුවූ බවයි.
ඔය එළිවෙන්නෙ කොහේද හිටියෙ කියල අම්මණ්ඩි, මුගෙ මහ එකා බැංකුවෙන් හොරාකාපු එවගෙ පරීක්ශණත් යහපාලනෙන් යට ගැහුවෙ ඕක තමා.
83
POSITIVE
ncpp_train_38440
‘ජේසුට ඇණ ගැහුවෙ අර ලොකු තොප්පිය දාගත්තු කෙනා‘ පිටිදූවේ හිමිගෙන් පාප් වහන්සේට විවේචන කලින් කලට තමන්ගේ ප්‍රසිද්ධිය තකා අසම්මත වැඩ කරන පිටිදූවේ හිමි මේ දිනවල මියුසික් වීඩියෝවක වෙළෙඳ ප්‍රචාරණය පිණිස රැස් විහිදුවන ජවනිකාවක පෙනීසිටින අතර එහිමියන් ගැන කතාබහ පැතිරෙන අතරවාරයේ මීට වසරකට පමණ පෙර පාප් වහන්සේ දැඩි ලෙස විවේචනය කරමින් පිටිදූවේ හිමියන් පැවසූ දෙයක්ද විවේචනයට ලක්වෙමින් පැතිර ගොස් තිබේ. මෙම විවේචන වළක්වාලනු පිණිස පිටිදූවේ හිමියන්ගේ සිරි සදහම් ආශ්‍රමය ෆේස් බුක් වෙත පැමිණිලි කර එම කතාව ඇතුළත් වීඩියෝව ඉවත් කරගෙන ඇති බවද වාර්තාවේ. කතෝලික විභාවනය සංවිධානයේ සභාපති - චිරන්ත අමරසිංහ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නිවේදනයක්ද නිකුත් කර තිබේ. එහි මෙසේ දැක්වේ. ‘පසුගිය දින කීපයෙදී දැඩි කතාබහට ලක්වු සමන්තබද්‍ර යැයි කියාගත් සවාමින් වහන්සේ කෙනෙකු ලිංගික කුතුහලය ඇතිකරනා දර්ශනය ඇතුලත් ගීත වීඩියෝවක රැස් විහිදමින් සිටීමත් සමග ඔහුට සමාජයේ දැඩි විරෝධයක් එල්ලවුනී. ඒ අතරතුර මෙම පුද්ගලයා විසින් 2016.05.11 දින කතෝලික දහමට හා ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අපහස කරනා බණ දේශනාවක වීඩියෝ පටයක් සමාජ ජාල තුල ඉස්මතු විය.මෙම වීඩියෝව අප සංවිධානය යටතේ ඇති කතෝලික ෆේස්බුක් පිටුවක් හරහා පැතිරයාමත් සමග කලබල වූ සමන්තබද්‍රගෙ ආශ්‍රමය, එම විඩියෝව තමන්ගේ බුද්ධිමය දේපළ ලෙස වාර්තා කොට වීඩියෝව ඉවත් කිරීමට පියවර ගෙන ඇත. සියල්ල අත හැර තමාව වන්දනා කිරීමට ගාථාවකුත් ඇති රහතන් වහන්සේ කෙනෙකු හැසිරෙන ආකාරය මෙයද?එහිදී, සමන්තබද්‍ර සදහන් කරනුයේ, පියතුමන්ලා යනු පචකරුවන් බවත්, වතිකානුවේ සිටින ලොකු තොප්පිය දාගත් පුද්ගලයා එකල ජේසුස් වහන්සේ ඇණ ගැසු නායක පූජකයන්ගේ පාරම්පාරාවෙන් පැමිණෙන කෙනෙක් බවත්, එම නිසා ඔහු ඇතුලු පියතුමන්ලා අද බලා සිටින්නේ ජේසුස් වහන්සෙ නැවත පැමිණි විට උන්වහන්සේට ඇණ ගැසීමට කියාය. තවද පියතුමන්ලා ජනතාවට දේශනා කරනා කතෝලික දහම තුළ ගැලවීමක් නොලැබෙන බවට රහතන් වුවත් පිලියන්දල දී පහරකෑම වලකාලීමට නොහැකිවූ ඔහු ප්‍රකාශ කරතී. කතෝලික සංවිධානයක් ලෙස සමන්තබද්‍ර විසින් ප්‍රකාශ කෙරෙනු කරුණු සම්පුර්ණයෙන් අසත්‍යබව ප්‍රකාශ කරන අතර, අප ඔහුගේ එම ප්‍රකාශය අපි දැඩි ලෙස හෙලා දකිමු. ජේසුස් වහන්සේව එකල ඇණ ගසා මරාදැමු පරිසිවරුන් නැමැති පූජකයන් හා පාප් වහන්සේ හෝ දැන් සිටිනා පුජකවරය අතර කිසිදු සබඳතාවක් නොමැති අපි බව අවධාරණය කරමු. මන්ද, එකල ජේසුස් වහන්සෙගේ ගෝලයන්ගෙන් ආරම්භ වූ පූජකවරයට එකල පරිසිවරුන් ඉවත් කිරීමට හැකි වුණි, ඒ රෝමානු අධිරාජ්‍යවාදීන් කිතු දහම වැළඳ ගැනීමත් සමගය.  සරලව තේරුම් ගන්න, කිතු දහම යනු සමන්තබද්‍ර නම් පුද්ගලයා කියනා එම කාරණාවන්ට එරෙහිව ගොඩනැගුණු එකකී. අද ඇති පූජකවරය නායකයා සේවකයා යන ප්‍රතිපත්තිය තුල පූජකයන් ඇණ ගැසීමට ලක්වෙමින්, පහරදීමට ලක්වෙමින්, පූජකයන්ගෙන් ජීවිත පරිත්‍යාගයෙන් පවතින එකක් මිස, එදා මෙන් අනුන් කුරුසයේ ඇණ ගසමින් පවතින එකක් නොවන බව ඔහු දැනගත යුතුය. තවද පූජකයන් තුලින් සිදුවිය හැකි වැරැදි වැලැක්වීමට හා සමන්තබද්‍රගේ මානසිකත්වයෙන් යුත් කතෝලික පූජකයන් බිහිවීම වලකාලීමට නීති මාලාවක්ද කතෝලික සභාව තුල ක්‍රියාත්මකව පවතී. සමන්තබද්‍ර, අනුගමනය කරන්නෙ බෞද්ධ දර්ශනය නොවන බව අපට පැහැදිලි වන අතර, තවද ඔහු විසින් බෞද්ධ ජනතාව ආගමික අන්තවාදය කරා නොමග යවන බව ඉතා පැහැදිලිය, මන්ද අන් ආගම්වලට හෝ පුද්ගලයන්ට පහර ගැසීමට හෝ ගැරහීමට බුදුරජාණන් පවසා නැත. සමන්තබද්‍ර යනු ශ්‍රී ලංකාවේ කතෝලික බෞද්ධ මිතුරුකම විනාශ කිරීමට උත්සාහ කරන්නෙකු අතර, ඔහු එය කරන්නෙ අන් කිසිවක් සදහා නොව, අප්‍රසාදය තුල ප්‍රසිද්ධියට පත්වෙමින් අක්කර 58ක සාදන පන්සල සදහා අන්තවාදී දායකයින් සොයා ගැනීමට ය. ජලභීතිකා රෝගය සෑදුණු සුනඛයකු නිදැල්ලේ තිබීමෙන් සිදුවන්නේ කුමක්ද? ගතයුතු පියවර කුමක්ද? මෙවැනි පුද්ගලයන් සම්බන්ධව ගරු මහානායක මාහිමිපාණන්ලා පියවරක් නොගන්නේ මන්ද? මෙවැනි පුද්ගලයන්ගෙන් නිග්‍රහය කතෝලික අපි ඇතුළු සමස්ත ජනතාව ගරු කරනා උතුම් වූ බුදු දහමට හා රටේ පුරවැසියන් වූ අපි සියලු දෙනාටමය.‘
මං හිතන්නේ නැ මෙතන comment කරණ ගොඩක් අය මේ ස්වාමීන්වහන්සේගේ දේශනා අහලා තියෙනවා කියලා ...එනිසා පොඩ්ඩක් දේශනා අහලා මේ ස්වාමින් වහන්සේ හරිද වැරදිද කියලා තිරණය කරන්න...අවාසනාවට ගොඩක් අයට ඇත්ත තේරෙන්නේ කල් ගිහිල්ලා ....
5
POSITIVE
ncpp_train_38441
පුබ්බෝගම නිවසකදී කඩුවක් සමග මුස්ලිම් ජාතිකයෙකු අද(28) අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුකැලියාව, පුබ්බෝගම, ගල්කිරියාගම පදිංචි 36 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි. මෙම කඩුව අඩි 04 ක් පමණ වෙතැයි පොලිසිය පවසයි. ගල්කිරියාගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඒ. ජී. ඩී. ප්‍රදීප් මහතා ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් මත සැකකරුගේ නිවසේ සගවා තිබූ කඩුවත් සැකකරුත් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු අද(28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ගල්කිරියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. (දයාරත්න ඇඹෝගම)
වැරදි කරලා නැත්නම් මොකටද බය වෙන්නේ.පුහුල් හොරා කරෙන් දැනේ කිව්වාලු 😂😂😂
11
POSITIVE
ncpp_train_38442
ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර මේ වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 750 ක් දුරින් ස්ථාන ගත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම පද්ධතිය ඉදිරි පැය ඉදිරි පැය 12 ක කාලය තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් ඊළග පැය 12 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා ත් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) දින නිවේදනය කර ඇත. එම නිවේදනය මෙසේය.ගිනිකොණ දිග  බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපය මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 750 ක් දුරින් ස්ථාන ගත වී ඇත.ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර මේ වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 750 ක් දුරින් ස්ථාන ගත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම පද්ධතිය ඉදිරි පැය ඉදිරි පැය 12 ක කාලය තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් ඊළග පැය 12 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා ත් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) දින නිවේදනය කර ඇත. මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ  දෙසට ගමන් කරමින් මඩකලපුව සහ මුලතිව් අතරින් වෙත දෙසැම්බර් මස 02 වැනි බදාදා දින සවස් කාලයේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශට ඇතුලු වනු ඇති බව තවදුරටත් එම නිවේදනයේ සදහන් වේ. මෙම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දී  දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 80  - 100  පමණ ඉහළ යාමට ඉඩ ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සදහන් කර ඇත. මේ හේතුවෙන් කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකෙන ලෙස දැනුම් දී ඇත. එසේම දැනට මෙම ප්‍රදේශවලින් මුහුදු ගොස් ඇති ධීවර යාත්‍රා හැකි ඉක්කමනින් ගොඩබිමට පැමිණෙන හෝ ආරක්ෂිත කලාපයකට ගමන් කරන ලෙසත් ධීවර ජනතාවට දැනුම් දේ. එසේම දෙසැම්බර් දෙවැනි දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල නිරත වීමෙන් වැළකෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම නිවේදනයේ සදහන් කර ඇත. මඩකලපුව සිට මුලතිව් දක්වා වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 02 සිට මීටර් 03 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිම් ප්‍රදේශවලට පැමිණිය හැකි  බවත් මෙම නිවේදනයේ සදහන් වේ.මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකිය. ඒ අනුව දෙසැම්බර් 01 දින උතුරු, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත් වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 අතර විය හැකි අතර දෙසැම්බර් දෙවැනි සහ තුන්වන දිනයන් හි උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය පැයට කිලෝටීමර් 80 සිට 100 දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයේ සදහන් වේ. උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වලට මිලිමිටර් 150 ඉක්ව වු වැසි බලාපොරෝත්තු විය හැකි බවත් සෙසු පළාත් වලද තද වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඇතිවිය හැකි ආපදා අවදානම් තත්වය පිළිබද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතා මේ පිළිබදව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මේ පිළිබදව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බැවින් මාධ්‍යට සවන් දෙන ලෙසත්  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කුණාටුවක් විතරයි අඩු වෙල තිබ්බෙ. හරිම වාසනාවන්ත සිදුවීම් දවසගානෙම අහන්න ලැබෙනවනෙ. රජවරු දැහැමි වේවා කියන්නෙ නිකන් නෙමෙයි.
18
POSITIVE
ncpp_train_38443
සිංහල හා කතෝලික චාරිත්‍රානුකූලව විවාහවූ රෝහිත රාජපක්ෂ ටට්යානා ජයරත්න යුවළ අද හින්දු චාරිත්‍රානුකූලව ආශිර්වාද ලබාගැනීමට වැල්ලවත්ත මයුරපති කෝවිලට පියනැගුවා. පවුලේ සමීපතමයින් පමණක් එක්වූ මෙම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්
කවදද ජෛන ක්‍රමයට බඳින්නේ?
107
POSITIVE
ncpp_train_38444
පසුගියදා විරෝධතාවයක් අතරතුර යකඩ බාධකයක් ඇඟමත කඩාවැටීම නිසා අනතුරට පත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන දැන් සුවය ලබා තිබෙනවා. ඔහු හිසේ වෙළුම් පටියක් සහිතව මාධ්‍ය අමතා ප‍්‍රකාශයක් අද සිදු කළා. එහිදී කියා සිටියේ තමා එම සිදුවීමේ වගකීමට පොලිසිය ඈඳාගන්නේ නැති බවයි. එම ප‍්‍රකාශය පහතින් රෝහිත තවමත් රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර තත්වයව යහපත් බැවින් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇත.
අව්ලක් නෑ අයිත් යන්න ඕනිත් පොලිසියටම තමයිනෙ ඉතින්
21
POSITIVE
ncpp_train_38445
කුරුණෑගල නගරයේ පිහිටි ජාත්‍යන්තර පාසලක කුඩා සිසුන්ට බියකරු දර්ශන සහිත හොල්මන් චිත්‍රපටයක් පෙන්වීමෙන් පසුව එම සිසුන් බියට පත්ව පාසල් යා ම පවා ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තාවෙයි. පසුගිය සඳුදා (23) පෙරවරු කාලයේදී සිසුන්ට මෙම චිත්‍රපටය කුරුණෑගල නගරයේ පිහිටි පැරැණි නිවෙසක පවත්වාගෙන යන මෙම ජාත්‍යන්තර පාසලේ සියලු දොර ජනෙල් වසා පෙන්වන ලද බවට වාර්තාවේ. විදෙස් විෂය නිර්දේශ අනුව ඇමරිකානුවන් සමරන ‘හැලොවින් ඩේ‘ මළවුන්ගේ දිනය වෙනුවෙන් මෙවැනි චිත්‍රපට නැරඹීමට සැලැස්වීය යුතුය යන තීරණය එම පාසල ලබාගෙන මෙම චිත්‍රපටය පෙන්වා ඇත. බියකරු දර්ශන දැනීමෙන් මානසික කම්පනයතව පත්වූ තම කුඩා දරුවන් නිතරම ශරීර කෘත්‍යය කිරීමට අවශ්‍ය යැයි පවසන බවද බියෙන් සලිතවී පාසල් යන්නට බැරි බව කියමින් සිටින බවද ඔවුන්ගේ මවුපියෝ කීහ.
ඒක තමයි හෙලුවේන් සමරන්න ඔයත් කැමතිද?
14
POSITIVE
ncpp_train_38446
ලසන්ත විකුමතුංගගේ දේහය ගොඩගැනීම මැද ඩ්‍රෝනයක් ඇවිත් කලබලයක් බොරැල්ල කනත්තේ මිහිදන් කර තිබුණ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු අද දහවල් සිදුකරන අතරවාරයේ ඒ ආසන්නයට යාමට හෝ කනත්තට ඇතුළුවීමට පොලිසිය මාධ්‍යයට ඉඩ දුන්නේ නැත. දේහය ගොඩගැනීම මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් ගේ අධීක්ෂණය යටතේ සිදුවිය. එම ස්ථානය කළු පැහැති ඉටිකොළ වලින් ආවරණය කර තිබුණ අතර එම බාධාව මගහරින්නට කිසියම් මාධ්‍ය කණ්ඩායමක් ඉහළ අහසට ඩ්‍රෝන කැමරාවක් යොමුකර සියල්ල පටිගත කරගෙන තිබුණි. මෙය දුටු පොලිසිය එම ක්‍රියාව නවත්වන්නට එය මෙහෙයවන කැමරා ශිල්පියා සොයා මාධ්‍ය වේදීන් සිටි ස්ථානයට දුව ආවත් එවැනි අයෙකු සොයාගත නොහැකිව කලබලයක් ඇතිව තිබුනි. කොළඹ අංක දෙක මහේස්ත‍්‍රාත් අධිකරණයේ මහේස්ත‍්‍රාත්වරයාගේ අධික්ෂණය යටතේ මෙම දේහය ගොඩගැනීම සිදු කර වැඩිදුර පරීක්ෂණ සඳහා අවශ්‍ය කොටස් රැගෙන යන ලදි. මාධ්‍ය වේදීන්ට මෙහිදී ඡායාරූප ගන්නට අවස්ථාවක් නොලද අතර දිරාගිය ශරීර කොටස් රැගෙනයාමෙන් පසු හිස්වූ සොහොනට යාමට පමණක් අවස්ථාව ලැබුණි.
කාර් එක එලවං යද්දි වෙඩි වැදිලා මැරුණා කියලා කවුද නොදන්නෙ? එහෙම මිනියක් ගොඩදාගෙන මේ නටන නාඩගම මොකක්ද?
-40
NEGATIVE
ncpp_train_38447
සෝමසිරි අලකොලංග (හාරිස්‌පත්තුවේ සෝමානන්ද හිමි) පැවිදි වුණ හේතුව පැහැදිලි කරයි ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග පැවිදි දිවියට ඇතුළත්වූ පුවත පසුගිය සතියේ වඩාත් කථාබහට ලක්වූ සිදුවීමකි. ගාල්ලේ පන්සලක හාරිස්‌පත්තුවේ සෝමානන්ද හිමි නමින් පැවිදිවූ හෙතෙම තමා හමුවීමට ආ මාධ්‍යවේදීන්ට පුද්ගලික කාරණා හෙළි නොකර ආපසු හරවා යැවූ ආරංචියක්ද වාර්තාවී තිබුණි. නමුත් බලවත් පෙරැත්තය හමුවේ සෝමානන්ද හිමි වැඩි විස්තර කථාකිරීමට මින් ටික දිනකට පෙර ඉදිරිපත්ව තිබේ. ඒ මෙසේය. ‘ඇත්තටම ලෝක ධර්මතාවය අවබෝධ වු නිසා පැවිදිවිමට තිරණය කළා. මා ගොඩක්‌ කාලයක සිට ආධ්‍යාත්මික පැත්තට නැඹුරුවෙලා හිටියා. ගොඩක්‌ කාලයක ඉදලා මහණ විමට බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. ඇත්තටම මහණ වුණේ දාන පාංශු කූලවලට වඩින්න නෙවෙයි. භාවනාව කරගෙන සිත දියුණු කරගන්න තමයි පැවිදි වුණේ. ජීවත්වෙන්න අමාරු හින්දවත් කලකිරීම නිසා නෙවෙයි මහණ විමට තීරණය කළේ.. පවුලේ සියලූ දෙනාගේ වගකීම් ඉෂ්ට කරලා ඒ අයගේ අවසරය ඇතිව තමයි මහණ වුණේ. මහණ වුණේ නිකන් සංඝයා වහන්සේ කෙනෙක්‌ වගේ ඉන්න නෙවෙයි. භාවනා කටයුතු කරගෙන ඉන්න. මා රංගනයට දායක වන අවදියෙත් කාලයක සිට භාවනාව ප්‍රගුණ කළා. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය භාවනා කිරිමට පහසුයි කියලා අවබෝධ වුණා. මහණ විමට සසර පුරුද්දක්‌ තිබුණාද කියලත් දන්නේ නැහැ. මුලදි වන සේනාසනයක තමයි භාවනාවකට ගියේ. ඇමරිකාවේ වැඩ වසන නායක ස්‌වාමින් වහන්සේනමක්‌ මීට අවුරුදු තිහකට ඉස්‌සරවෙලා ඉදලා මම හදුනනවා. උන්වහන්සේ තමයි මේ විහාරස්‌ථානයට මාව යොමු කළේ . මෙම විහාරස්‌ථානය බණ භාවනා කිරිමට ඉතාම සුදුසු තැනක්‌. හොද පරිසරයක්‌ තියෙන තැනක්‌ නිසා මෙහි පැවිදි වුණා. පවුලේ අය හැරෙන්න කවුරුවත් මම මහණ වෙන බව දැනගෙන හිටියේ නැහැ. මම දැනට වසර විස්‌සක තිහක පමණ ඉඳන් මස්‌ මාළු කන්නේ නැහැ. මත්පැන් බොන්නේ නැහැ. මම උදේ පාන්දර තුනට අවදිවෙනවා. ඊට පස්‌සේ භාවනාවේ යෙදෙනවා. උදේ 5.30ට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. මගේ දැනුමෙන් පන්සලේ වැඩ ඉන්න භික්‌ෂුන් වහන්සේලාට ඉංග්‍රිසි උගන්වනවා. ගමේ දරුවන්ට ඉංග්‍රිසි පංතියක්‌ කරනවා සේවයක්‌ විදියට. හවසට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. බණ භාවනා කටයුතු තමයි වැඩිපුර කරන්නේ. කාලයක්‌ තිස්‌සේ හිතේ තිබු බලාපොරොත්තුවක්‌ තමයි අද ඉෂ්ට වෙලා තියෙන්නේ. භාවනා පංතිවලට ගිහින් තියෙනවා. එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන යන කලාකරුවන් තමයි කලා ක්‌ෂේත්‍රයේ ඉන්නකොට මගේ ගුරුවරු වුණේ. තරුණ කාලයේම මට ඒ වාසනවා ලැබුණා. ඇත්තටම මම ප්‍රවිණයන් සමග වැඩ කළා. කලා කටයුතුවලදී ඉක්‌මනට ගමනක්‌ ගිය කලාකරුවෙක්‌ නෙවෙයි. රැකියාවට බාධාවක්‌ නොවන විදියට තමයි රගපෑම කළේ. ප්‍රසිද්ධ වේදිකා රංගනයට දායක වුණේ 1965 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වළේ . එදිරිවිර සරච්චන්ද්‍ර මහත්තයාගේ එලොව ගිහින් මෙලොව ආවා කියන නාට්‍ය තමයි රඟපැවේ. 65 ඉඳන් 2015 විතර වෙනකම් රගපාලා තියෙනවා. විනෝදාංශයක්‌ විදියට රගපෑවාට නිකන් රගපෑවේ නැහැ. එය ක්‌ෂේත්‍රයට කරන අවනම්බුවක්‌‘ ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි (දිවයින)
සාදූ සාදූ සාදූ
388
POSITIVE
ncpp_train_38448
දැන් කොහොමද ඔයා මෙතනින් එහා ජීවිතේ ගත කරන්නේ  ලංකාවේ ද නැත්නම් කැනඩාවේ ද?ඇත්තටම මම ආසම රට ලංකාව ඒක වෙනස් වෙන්නේ නැහැ .දැන් මේ තියන ප්‍රශ්න අමතක කරලා බලමුකෝ ඒව එහෙම තමයි ඒත් ආසම රට ලංකාව එක ලෝකෙ තැන් තැන් වල ගියා ම ලස්සන දේවල් දකිනවා කොච්චර දැක්කා වුණත්.ලංකාවේ නුවර එළියට ගියාම දැනෙන දේ කතරගමට ගියාම දැනෙන දේ අනුරාධපුරයට ගියාම  දැනෙන දේ මේවා ඉතින් මම හිතන්නේ මොනතරම් සුන්දර තැන් වලට ලෝකයේ ගියත් මේ දේවල් අමතක කරන්න බැහැ මේ දේවල් ටක් ගාලා ඔලුවට එනවා අපිටත් මේ වගේ කොච්චර ලස්සන තැන් තියෙනවද අපේ කියලා හැඟීම දැනෙනවද ඒවා වෙනස් කරන්න බෑ. ඔයාටත් එහෙම තමයි කොච්චර කිව්වත්.නමුත් පහුගිය දවස්වල ලංකාවේ සෝෂල් මීඩියා දිගින් දිගටම වාර්තා කරන්නේ ඔයා පවුල පිටින්ම කැනඩා ගිහිල්ලා කියලා ?සෝෂල් මීඩියානේ යවලා තියෙන්නෙ මම දන්නෙත් නැහැ ඒගොල්ලන්ගෙ වියදම් කොච්චරද කියලා. මට මේ වෙලාවේ යූටියුබ් වලට, යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ උත්තරයක් දෙන්න පුළුවන් කම ලැබෙනවා. ඇත්තම කියනවනං මේ ගියපු සියලුම නිව්ස් අසත්‍ය කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. මොකද මම යම් රටකට ගිහිල්ලා මගේ පෞද්ගලිකව තියන personal Instagram එක පේජ් එකේ  මේකෙ මම පින්තූරයක් දාන්නෙ මං ඒ තැනකට ගියාම මට ඒ තියෙන සතුටට .අපිත් ඉතින් ශ්‍රී ලාංකික මිනිසුනේ. වෙනත් රටකට ගියාම එහි සුන්දරත්වය දැක්කහම සතුටක් එනවා.එක සාමාන්‍ය ඕනම මනුස්සයෙක්ට තියෙන අහිංසක ආසාවක්. ඒක අනික මං විතරක් කරන දෙයක් නෙමෙයි.මම ඔතනට ගියා ගියාම මං මේ ලංකාවේ actress  කෙනෙක්  කියලා මට දැනෙන්නෙ නෑ නේ මං මගේ පවුලේ උදවියත් එක්ක වෙනත් රටක සංචාරයකට ගියාම. මං මනුස්සයෙක්නේ .ඉතිං ඒ වගේ වෙලාවක මං විතරක් නෙමෙයි හැමෝම මිනිස්සු පවා තමන්ගේ ගන්න ඡායාරූප වල ලස්සනම ඡායාරූප දැක්කහම ඒක පෝස්ට් කරනවා .ඉතිං ඒ දේ තමයි මමත් කරන්නේ. මේ දේ කරහම එක්කෝ මට කෝල් එකක් දීලා අහන්න මම මොකක්ද මේ කරන්නේ කියලා. නමුත් ඒක අහන්නේ නැහැ. කෙලින්ම ඡායරූපය ගත්තා මෙන්න මෙයා රට අත ඇරලා ගිහිල්ලා. කට්ටිය දාන්නේ ගයත්‍රි ඩයස් කැනඩාවේ ගෙවන සුපිරි ජීවිතේ. මොන සුපිරි ද .මම දන්නෙ නෑ මම අපේ නංගිගේ ගෙදර හිටියේ. ඒත් ඒ කියන්න තරම් ලොකු සුපිරියක් අපේ නංගිත් ගෙදර නැහැ .අනිත් එක මම මේ රට දාලා ගියේ නැහැ .මට රට දාලා යන්න තරං එහෙම උවමනාවකුත් නැහැ. නමුත් මම කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ හිටියා, මගේ දරුවෝ  වෙනුවෙන් මගේ කාලය හරිම අඩුවෙන් මම යෙදෙව්වෙ. ඉතින් මගේ දරුවොත් එන්න දැන් සාමාන්‍ය වයසක ඉන්නේ. ඒගොල්ලොන්ට මම ඉන්න ඕන කාලේ. ඒගොල්ලොන්ගෙ අධ්‍යාපන කටයුතු වලට උදව් කරන්න ඕන කාලේ. නැත්නම් අම්මා කෙනෙක් විදියට මට ජරා විදියට මැරිල යන්න වෙනවා.  මට එහෙම කරන්න බැහැ ඒ නිසා මම රඟපානවා කියන එක අත ඇරියා. මට රඟපාන්න දැන් කිසිම ආසාවක් නැහැ.එකක් තමයි මම පහුගිය කාලේ කරපු රඟපෑම් කරපු නිර්මාණත් එක්ක එකතු වෙලා ඉද්දි  වෙච්ච කලකිරීම් මට ඇති .අපි උදේ 6:00 ට යනවා. ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා මාර සැප ජොබ් එකක් කියලා කට්ටිය හිතන්නේ සුපිරි ජොබ් එකක් සුපිරි සල්ලි ගොඩක් හොයාගෙන රටකට ගිහිල්ලා එනවා කියලා .රෑ දොළහ එක වෙනකන් අපි ෂූටිං කරනවා. එතකොට අපි ගෙදර යනකොට දරුවෝ නිදි එතකොට ආයිත්  උදේ නැගිටලා ගෙදරින් එනකොටත් දරුවෝ නිදි.ඒ ළමයි හිතාගෙන ඉන්නේ මම මාසයක් විතර ෂූටිං ගිහිල්ලා කියලා . ඉතිං ගෙදර එනවා දන්නෙත් නෑ යනවා දන්නෙත් නැ.ඔය වගේ පුදුමාකාර කර්කෂ ජීවිතයක් අපි ගත කළේ .ඉතිං අපේ ටෙලි නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයෝ විනාඩි විස්සක් ඇතුළත ටාර් ගාල බලන එක අපි දවස් ගානක් තිස්සේ දුක් විඳලා විඳලා තමයි කරන්නේ.දැන් ඇත්තටම මං මේ සල්ලි ගොඩක් හම්බ කරගෙන රඟපෑමෙන් ඈත් වෙනවා නෙමෙයි මට ඇත්තටම එහෙම සල්ලියක් නැහැ මට සාමාන්‍යයෙන් මම ජීවත් වන ප්‍රමාණයට හම්බ කරන කෙනෙක් .නමුත් ඉතින් රඟපෑම අත්හැරියා. හේතුව මේක කර කර මට මගේ දරුවන්ගේ ජීවිතයට මගෙන් ලැබෙන සහාය දෙන්න බැ. ඉතින් ඒ නිසා මම තීරණය කළා එක අයින් කර ගන්න. ඉතිං ඒව නිසා තමයි මම කැනඩාවට ගියේ මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය කරන පොඩි පොඩි යම් යම් වටපිටාවක් හදාගන්න. ඒ ඇරනෙන් රටවල් අත ඇරලා දාලා එහේ ගියා එකක් නැහැ..ඒවා තනිකර ඒගොල්ලො හදාගත්ත දේවල් කියක් හරි හම්බ කරන්න වෙන්නැති නේ කමක් නෑ ඉතින් .පලවෙනි දුව ජීවිතයට හම්බ වුණ දවස මතක් වෙද්දි ,කොයි තරම් සොඳුරු මතකයක් ද අද වෙනකම් අවුරුදු විසි හතරක් ලොකු කරනවා කියන්නේ නේද?ඇත්තටම කියනවා නම් මගේ ලොකු දුවට මේ අවුරුද්දට අවුරුදු විසි හතරක් වෙනවා. එතකොට මගේ වයසත් අහුවේයි කමක් නැහැ .මම අවුරුදු දාහතෙන් බැන්දා කියලා හැමෝම දන්නවා. ඒ වගේම මට දහනවයෙන් දුවව හම්බවුණා.එහෙම හංගන්න ඕනෙත් නෑ වයස මොකද මැරුණට පස්සේ හැමෝම දැන ගන්නවනේ .අනිත් එක මට  වයස එහෙම හංගන්න ඕන නෑ. සමහර අය ඉතින් එක එක වයස් කියලා මාව පෙන්නන්න බලනවා. ඒක මට කිසි ප්‍රශ්නයක් නෑ .මම දකින්නේ ඕනෑම මනුස්සයෙක්ගේ පේන දේ තමන් ජීවත් වෙන ක්‍රමය මත තමයි තමන්ගේ වයස සහ සිතුවිලි හැමදේම තියෙන්නෙ.මගේ පේජ් එකෙ ගත්තොත් එහෙම මං මොකක් හරි පින්තූරයක් දැම්මොත්  ඒකෙ යටින් තියන හේට් කමෙන්ට් දැක්කහම මට හිනා යන්නේ.. සමහර අය මට කියල තියෙන දේවල් දැක්කහම මට හිනා යනවා. හේතුව සමහර අය මට දානවා මේ දරුවෝ දෙන්නෙක් එක්ක ඉන්න අම්මා කෙනෙක් නේද කියලා. ඔව් ඉතින් මම ඉන්නම්කො හොඳ කැන්ඩියන් එකකුත් ඇදගෙන ගෙදරට වෙලා කොන්ඩෙත් බැඳගෙන සුදු කරගෙන ඉන්නම් කෝ .නමුත් මට එහෙම ඉන්න ඕනේ නැහැ. මට දෙයියො දීලා තියෙන විදිහක් තියෙනවා මට ගිය ආත්මෙ ඉඳලා  මේ ආත්මෙ කරපු දේවල් ටිකක් ඇති. මට මේ ලැබිච්ච දේ මං මේක නැති කරගන්න මට කවුරුත් නිසා උවමනා නැහැ .මම කිසිකෙනකුට ඉරිසියා කරන්නෙත් නැහැ.මම ඉන්න විදිය මම හිතන්නේ නැහැ නරකයි කියලා.මගේ දරුවන්ට ආදර්ශයක් විදියට මම ජිවත් වෙනවා.  දරුවන්ටත් ප්‍රශ්නයක් නැත්නම් ගෙදර අයටත් ප්‍රශ්නයක් නැත්නම් එක කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නැහැ.ඉතින් ඇත්තටම ලහිරු ඔයා අහපු දේ මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ.මම හිතන්නේ මගේ ලයිෆ් එකේ  මම දෙයක් ඉදිරියේදී මම කොහොමද මේ දෙවල් කරගන්නේ කියලා බය ඇති වෙච්ච දවස එදා.මොකද මගේ වයසත් එක්ක මගේ දරුවෙක්ව කුසේ දරාගෙන මාස ගානක් ඉද්දි ඒ කාලේ මට තිබිච්ච ප්‍රශ්න මම මාරම බයේ. ලං වෙන්න ,ලං වෙන්න හැමෝම කියනවා ඔය බඩේ ඉන්නකම් හොඳයි එළියට ආවට පස්සේ තමයි ඔයාට තමයි වැඩ වැඩි වෙන්නේ .මට බබා හම්බ වෙලා මම කිරි දෙන්න වත් දන්නෙ නැහැ.ඒ කාලෙත් එක්ක එහෙමයි. නමුත් මේ වෙද්දි නම් එහෙම නැහැ දැන් ගොඩක් අය ඇඩ්වාන්ස්.ඉතින් හම්බවෙන්න ගිහිල්ලා ඉද්දිත් මම හරි බයෙන් ඉන්නේ.මම කෑගහනව. ඊට පස්සේ කියවනවා කියනවා. ඩොක්ටර් කිව්වා ඊළඟට කෑ ගහන්න එපා තව අම්මලා ඉන්නවා එහා පැත්තෙන්. ඒ අම්මලා බය වෙයි කියලා .ඉතිං ඊට පස්සේ ඩොක්ටර් මගෙන් එක එක විස්තර අහනවා. මේ දවස් වල හස්බන්ඩි ගේ ෂූටිං මොනවද.ඒ විදිය දේවල් අහල මගේ මනස වෙනස් කරනවා. මම කියන්නේ මම දන්නේ නෑ කියන එක.ඇත්තම  කියනවනම් මට මගේ අම්මව ඒ වෙලාවේ ගොඩක් මතක් උනා.ඒක ඕනම කෙනෙක් අම්මා කෙනෙක් වෙන වෙලාවේ තමන්ගේ අම්මව මතක් වෙන්න වෙලාවක් .මොකද මමත් මේ ලෝකෙට එන්න ඇත්තෙ මෙහෙම නේද නේද කියලා මගේ හිතට ආවා.කාටවත් කිසිම ගැහැනියට අමතක කරන්න පුළුවන් දේකුත් නෙමෙයි, හැම ගෑනියෙක් ම විදින්න ඕන දෙයක් ඒක.ඒ වෙලාවේ කොහොමද චන්න අයියාගේ හැසිරීම සහ කොයි වගේ මනසක මට්ටමකද ඔහු හිටියේ? එයාට තිබුණ ඇත්තටම ගැහැණු දරුවෙක්  හම්බ වෙන්න ඕනෙ කියන තැන තමයි එයා හිටියේ.ඒ කාලේ අපි scan කරලා බැලුවා. නමුත් ඩොක්ටර් අපිට කිව්වේ නෑ.නමුත් ස්කෑන් එක කරපු වෙලාවේ ස්කෑන් එක් කළේ මාසෙකට විතර කලින්. කරාම  ඩොක්ටර් ගෙන් චන්න අයියා ගිහිල්ලා ඇහුවා කවුද doctor ඉන්නේ කියලා. ඒ වේලාවේ ඇයි දැන් ඔයා අකමැති කෙනා හම්බ උනොත් බාර ගන්නෙ නැද්ද කියලා ඇහුවා.ඒ වෙලාවේ නෑ නෑ නිකන් දැනගන්න ඇහුවේ කියලා චන්න කිවුවහම එදාටම බලන්න කියලා ඩොක්ටර් කියලා ගියා.හම්බෙන වෙලාවේ චන්න අයියා ලග හිටියා .කොහොමහරි මෙයා  කෙල්ලෙක් කියල දැන ගත්තා විතරයි කවුරුත් මතක නෑ එලියට පැනලා අපේ නංගිවත් උස්සල මෙහෙම බිමින් තියලා තිබ්බා.ඒ තරම් සතුටු හිතිලා.මට දැනෙන විදිහට පවුලෙ පළවෙනි දරුවා කෙල්ලෙක් වෙනවා නම් ඒක හරිම වාසනාවන්තයි ඇත්තටම. අද දැන් දුවට අවුරුදු විසි හතරයිනේ. දැන් ඔයා දාහතෙන් බැඳලා දහනමය වෙද්දි ඔයාට දරුවෝ ඉන්නවා ..ඔයාට මොකද හිතෙන්නේ ඔයා බැඳපු වයස පොඩි වැඩිද දරුව හදපු වයස පොඩි වැඩිද?ඒ කාලෙ නම් මට කොහෙත්ම හිතුණේ නැහැ බැඳපු වයස එහෙම අවුලක් නැහැ. මොකද ඒ කාලේ ඉතින් ඒ වෙලාවේ සිද්ද වෙන්න ඕන දේ සිද්ද වුනා. අවුරුදු දෙකක් හිටියා ඉඳලා තමයි ලොකු බබා හම්බවෙන්න ආවේ. නමුත් අර ඊට අවුරුදු පස්සේ ගානක් යනකොට මට හිතුනා මං අපරාදේ මම ටිකක් කලින් බැන්දේ ඒවගේ එකක් මගේ හිතට ආවා.නමුත් මේ කාලෙ වෙනකොට ඒක දැන් මට ඔලුවෙන් ගිහිල්ලා මොකද මට හරි සතුටක් දැනෙනවා.මොකද ඒ දෙන්නා දැන් ඉන්න විදිය දැක්කහම.මම ඒක අත්විඳින නිසා දන්නවා.ඇත්තටම දෙයියන්ගේ පිහිටෙන් ලස්සන දරුවෝ දෙන්නෙක් ඉන්නවා.ඒ වගේම ගුණ යහපත්කම, හැදියාව ඒ දේවල් දරුවන්ට ලැබුණම ඒ සතුට අම්මලට ලැබෙනවා.ගොඩ දෙනෙක් මම ඔය අපිව නොදන්න මිනිස්සු අපිට දොස් කියන ගමන් සමහර වෙලාවට අපේ දරුවන්ටත්  දොස් කියනවා.ඇත්තටම ඒවා නම් දැක්කහම මට ලොකු වේදනාවක් ඇති වෙනවා. මොකද කොයි වෙලේකවත් කෙනෙක්ට අපහාස කරද්දී දරුවන්ව ,දෙමව්පියන්ව ඇද ගන්න එපා කියලා මං මේ වෙලාවේ කියනවා.මොකද අපිට පෞද්ගලිකව යම් කිසි තරහක් තියෙනවා නම් අපිත් එක්ක මොනාහරි වෛරයක්  තියෙනවනම් අපිට අකමැත්තක් තියෙනවා නම් ඕන දෙයක් අපිට කියන්න. කිසි අවුලක් නෑ නමුත් ඔවුන්ව බිහිකරපු දෙමව්පියන්ට ඔවුන් බිහිකරපු දරුවන්ට එහෙම කියන්න එපා දරුවො පලි නැහැ.අපේ දරුවන්ට .දෙමාපියන්ට එහෙම කියද්දී කියද්දි ඒක ලොකු වේදනාවක්. පහුගිය කාලේ මගේ අම්මා නැති වෙච්ච  වෙලාවේ මට තිබුන ටෙන්ෂන්  එකත් එක්ක මගේ අතින් යම් කිසි  වීඩියෝ එකක් මාධ්‍යයට දැම්මා. ඒකට හේතුව වුණේ මම තව අම්මා කෙනෙක්ට තව කෙනෙක්ට මේක නොවෙන්න සහ මට දැනුන වේදනාව කියන්න. නමුත් ඒක පවා හෙළා දැකපු මිනිසුන් බොහෝමයක් හිටියා. මම අදටත් ඒ වීඩියෝව මගේ එකෙන් අයින් කරන්නේ නෑනේ මොකද  3 million වලටත් වැඩිය ප්‍රමාණයක් එක බලල තියෙනවා.ඒක යට තියන කමෙන්ට් ප්‍රමාණය කොච්චරක් ද කියලවත් මම දන්නේ නෑ.භාගෙට භාගයක්  හෙළා දැකපු comments තිබ්බා. ඔයාට විතරක්ද අම්මා නැති වුණේ කියලා දාලා තිබ්බා. මම ඒවා අදටත් තියලා තියෙන්නෙ ඒ ඒ මිනිස්සුන්ට වුණත් දවසක මේක උන දවසක එයාලට දැනෙයි මම මේ කරපු දේ ගැන. සාකච්ඡාව - ළහිරු මුදලිගේText -gossiplankanews.com
මම නම් ආසම ධනුෂ් වී ලොග්ස් වලට, ඊළඟට ලහිරු මුදලිගේ.
-2
NEGATIVE
ncpp_train_38449
රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් දිවුරුම් දෙති නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර 04 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 03 ක් වෙනුවෙන් පත් කෙරුණු නව අමාත්‍යවරු අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුන්ගේ නාමලේඛනය පහත පරිදි වේ. රාජ්‍ය අමාත්‍ය ධූර 01- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 02- පාලිත රංගේබණ්ඩාර මහතා - වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය 03- වසන්ත පරාක්‍රම සේනානායක මහතා - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය 04- එරාන් වික්‍රමරත්න මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූර 01-  හර්ෂ ද සිල්වා මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 02- රන්ජන් රාමනායක මහතා - සමාජ සවිබලගැන්වීම්, සුබසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය 03- කරුණාරත්න පරණවිතාන මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
මොනතරම් qualifications තිබ්බත් ගොට්ට ඇල්ලුවේ නැත්තම් උඩට යාම බොරු.... වැඩක් තේරෙන ඩබල...
31
POSITIVE
ncpp_train_38450
ලෝකයේ  ක්‍රිකට් වංචා සම්බන්ධයෙන් දූෂිතම රට හැටියට ශ්‍රී ලංකාවේ නම පසුගියදා වාර්තාවී තිබෙන පසුබිමක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ (ICC Anti-Corruption Unit ) විමර්ශනයකින් පසු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියට වසර 2 ක්  ජාත්‍යන්තර ක්‍රිකට් සම්බන්ධ සියලු කටයුතු වලින් ඉවත්වන ලෙස නියෝග කර තිබේ. ඒ අනුව පුහුණුකිරීම්, නිවේදන කටයුතු,  ක්‍රීඩකයෙකු ලෙස වෙළෙඳ ගිවිසුම්, සංගම් වල තනතුරු ආදී කිසිවක් ඔහුට ඉදිරි වසර 2 තුළ තහනම්ය. ICC දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ඇතුළු කණ්ඩායම මෙම තීරණයට එළැඹියේ මීට මාස කිහිපයකට පෙර අල් ජසීරා නාලිකාව විසින් හෙළිකරන ලද ලංකාවේ ක්‍රිකට් දූෂණ පිළිබඳ දිර්ඝ වාර්තා වැඩ සටහන මගින් හෙළිවූ කරුණු ගැන විමර්ශන වලින් පසුවයි. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, සචිත්‍ර සේනානායක, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් බුකී කරුවන් සමග ‘මැච් ෆික්සිං’ සඳහා කරන ලද සාකච්ඡා සහිත පටිගත කිරීම් සහ පසු ක්‍රීඩා කිරීම් අනුව ඔවුන් වැරදි කරුවන් බවත්, ජෙෆ්රි දබරේරා ‘පිච් ෆික්සිං’ සඳහා සම්බන්ධ බවටත් එම වාර්තාවල සඳහන් වන අතර සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හිටපු තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය ඔවුන් ආරක්ෂා කරමින්  ‘මැච් ෆික්සිං’ ‘පිච් ෆික්සිං’ දෙකම සඳහා සම්බන්ධ පුද්ගලයා ලෙසද එහිදී නම් කර තිබේ. මෙම කාරණාව ගැන එවක ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවූ සනත්ගෙන් කරුණු විමසීමේදී ඔහු මගහරින ප්‍රතිපත්තියක සිටීමෙන් වරද සිදු කළා යන අදහස තේරුම් යාම මෙම තහනම පැනවීමට හේතුවයි. අයිසීසී දූෂණ විමර්ශන කමිටුව ACU මගින් සනත් ජයසූරිය චෝදනා දෙකක් සම්බන්ධයෙන් වරදකරු කර තිබේ. ජයසූරිය අයිසීසී නීති සංග්‍රහය උල්ලංඝනය කරන ලද වගන්ති දෙක වන්නේ, 2.4.6 වගන්තිය - පරීක්ෂණයක් සඳහා ACU විසින් ඉල්ලා සිටින නිවැරදි හා සම්පූර්ණ තොරතුරු සහ / හෝ ලියකියවිලි සැපයීමට අසමත්වීම, ACU විසින් සිදු කරනු ලබන විමර්ශනයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සාධාරණීකරණය කිරීමකින් තොරව හෝ ප්‍රතික්ෂේප කිරීම. 2.4.7 වගන්තිය පරීක්ෂණයකට අදාළ විය හැකි වෙනත් ලියකියවිලි හෝ වෙනත් තොරතුරු හෝ වෙනත් තොරතුරු හෝ සඟවා තැබීම හෝ අනවසරයෙන් ඇතුලුවීම හෝ ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම හෝ ACU විසින් සිදු කළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම හා ප්‍රමාද කිරීම. මෙම වැරදි ගැන ඔහුව දැනුවත් කර  2018 ඔක්තෝබර් 15 දින සිට දින 14 ක් තුළ ඔහු නිවැරදිකරුනම් ඒ ගැන පැහැදිලි කිරීමට අවස්ථාවක්ද ලබාදුන් නමුත් ඔහු එම කාලයේදී එය නිවැරදි කරගන්නට අපොහොසත් විය. ඒ අනුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට පසුගිය වසරේ ඔක්තෝබර් 15 වැනි දා සිට වසර 2 ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු කටයුතු වලක්වාලමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පනවා තිබේ. එම ආයතනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, තම දූෂණ මර්දන රීති කඩ කිරීමේ වරදට ඔහුට මෙම තහනම පැන වූ බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය තම රසිකයින්ට හේතු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, අන්තර් ජාතික ක්‍රිකට් දූෂණ මර්දන ඒකකය නියම කළ දිනට තම දුරකතන සිම්පත සහ දුරකතනය ලබා නොදීමේ වරදට මෙම දඬුවම නියම කර ඇති බවයි.දුෂණ චෝදනා හෝ තරග පාවාදිම් සහ රහසිගත තොරතුරු අනාවරණ කිරීම සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල වී නොමැති බවත් ඒ අනුව තමා දූෂකයෙකු නොවන බවත්, අදාළ දිනට එම උපකරණ ලබාදීමට අපොහොසත්වීමේ වරදට මෙම දඬුවම පනවා ඇති බවත් ජයසූරිය පවසයි.
එක video ක් නම් leak වුනා. තවත් ගණනාවක් leak වෙයි කියල බයට මෙහෙම කරාද ?
13
POSITIVE
ncpp_train_38451
එක්සත් ජනපද ඔත්තු සේවයට අනුව, පෙබරවාරි 24දා සිට ජුලි 24 මාස 05 කට ආසන්න කාලය තුළ යුක්රේනයට එරෙහිව යුද්ධයෙන් රුසියානු සොල්දාදුවන් 75,000කට වඩා මිය ගොස් හෝ තුවාල ලබා ඇත.සීඑන්එන් වෙත අදහස් දක්වමින් මිචිගන් නියෝජිත එලිසා ස්ලොට්කින් පැවසුවේ බයිඩෙන් පරිපාලනයේ නිලධාරීන් සමඟ පැවති රහසිගත සාකච්ඡාවකදී මෙම ඇස්තමේන්තුව හෙළි කළ බවයි. “රුසියානුවන් 75,000කට අධික සංඛ්‍යාවක් [යුක්රේනයේ] මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව අපට දන්වා ඇත, එය විශාල ය. ...ඔවුන් ගොඩබිම් වලින් 80% කට වැඩි ප්‍රමාණයක හිරවී ඇති අතර ඔවුහු වෙහෙසට පත්ව සිටිති" ඇය පැවසුවාය. මෑතක දී, යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක පැවසුවේ මිලිටරි ජීවිත හානි දිනකට 100 ත් 200 ත් අතර වන බවයි.රුසියානු ආක්‍රමණයට පෙර ජනාධිපති බයිඩෙන් කියා සිටියේ රුසියාව 150,000 ක පමණ භට පිරිසක් එක්රැස් කර ඇති බවත්, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් 200,000 යුක්රේනයේ දේශසීමාවේ ස්ථානගත කර ඇති බවත් ප්‍රකාශ කළ බවයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් කිසිදු සංඛ්‍යාවක් අනාවරණය කර නොමැත.සඳුදා පැවති සාකච්ඡාවකදී, එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ යුක්රේනයේ ආක්‍රමණයේ පළමු මාස ​​තුන තුළ මියගිය රුසියානු සොල්දාදුවන් සංඛ්‍යාව ඇෆ්ගනිස්ථානයේ දශකයක් පුරා පැවති ගැටුමේදී සෝවියට් සංගමයේ පාඩු හා සැසඳිය හැකි බවයි. "දුර්වල පහත් මට්ටමේ උපක්‍රම, සීමිත වායු ආවරණයක්, නම්‍යශීලී බවක් නොමැතිකම සහ අසාර්ථකත්වය ශක්තිමත් කිරීමට සහ වැරදි නැවත නැවත කිරීමට සූදානම් වූ විධාන ප්‍රවේශයක් මෙම ඉහළ අනතුරු අනුපාතයට හේතු වී ඇති අතර එය ඩොන්බාස් ප්‍රහාරයේ අඛණ්ඩව ඉහළ යයි" දෙපාර්තමේන්තුව පැවසීය.තම හමුදාවට සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව සම්බන්ධයෙන් සාපේක්ෂ වශයෙන් නිහඬව සිටි රුසියාව මාර්තු 25 දා නිවේදනය කළේ තමන් මරණ 1,351 ක් ගණන් කර ඇති බවයි. එතැන් සිට කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැත.
පුටින්ට කලින් බයිඩන් ගෙදර යනව...ඔන්න බලපල්ල නැවත ට්‍රම්ප් එහෙ ජනධිපති වෙනව
2
POSITIVE
ncpp_train_38452
තෙවරප්පෙරුම දිවිනසාගැනීමට තැත් කරද්දීළමයි 10 දෙනාම ගන්න ප‍්‍රින්සිපල් එකඟ වෙයි මතුගම, මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ළමුන් 10 දෙනෙකු ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ආරම්භ කළ උපවාසය අද (30) දහවල් මාරාන්තික ලෙස අවසන් කළා. අවසාන මොහොතේ ඔහු පුටුවක නැගී විදුලි පංකාවක ගෙල සිරකරගෙන තිබෙන අතර එම පුටුව ඉවතට ගත්තේ නම් ඔහු එල්ලී මියයන්නට ඉඩ තිබුණි. නමුත් ඔහු පුටුව ඉවත් කරන්නට පෙර විදුහල්පතිවරයා ‘මං ළමයි 10 ම ඉස්කෝලෙට ගන්නම්..මැරෙන්න එපා’ යයි පැවසීම නිසා ඔහු දිවිනසාගැනීමේ තැත හා උපවාසය අත්හැර තිබේ. අනතුරුව සිරුර දුර්වල මට්ටමක පවතින නිසා ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම සඳහා රෝහල වෙත රැගෙන ගිය බව වාර්තා වුණා. අද උදෑසන වාර්තා වූයේ ඔහු එජාපයේ අනුග‍්‍රහයෙන් මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකරන්නටද නියමිත බවයි. ඔහු පුටුවක නැගී විදුලි පංකාවේ ගෙල සිරකරගෙන සිටි අවස්ථාවේ ඡායාරූපයක් පහතින්
සියදිවි නසා ගැනීමට තැත්කිරීමත් වරදක්... බැරි වෙලාවත් ඒකාබද්ද විපක්ෂේ එවුන් කරානම්... පටාස් ගාලා අත් අඩංගුවට අරන්.....
23
POSITIVE
ncpp_train_38453
කොරෝනා වෛරසය පැතිරිම පිළිබඳ ආපදා තත්ත්වයක් පැමිණියහොත් කිසිදු පැකිලීමකින් තොරව පැය විසිහතරම සේවා සැපයීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සුදානම් යැයි රඡයේ හද නිලධාරින්ගේ සංගමයේ සහාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. ඒ සඳහා විශේෂ ගෙවීම් හෝ දීමනා ඉල්ලීමේ බලාපොරාතුවක් හෙද හෙදියන් තුළ නැතැයි ද ජනතා බදු මුදලින් වැටුප් ගන්නා කාර්යමණ්ඩලය තම යුතුකම් ඉටු කරන්නට සුදානම් යැයි ද ඔහු කීය. හදිසි අවස්ථාවන් සඳහා රෝහල් 12ක් සුදානම් කර ඇතැයි රජය ප්‍රකාශ කරන නමුත් එකී රෝහල් එකකවත් අවශ්‍ය අවම පහසුකමක් නැතැයි කී රත්නප්‍රිය මහතා අවශ්‍ය පහසුකම සුදානම් කිරිමට රජය වහා කටයුතු කළ යුතු යැයි ද පැවැසීය. මුඛ ආවරණ, මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඟලුම් ඇතුළු උපාංග හිඟය දරුණු බවත් මේ වනවිට කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩල කටයුතු කරන්නේ ප්ලාස්ටික් කැබලි කපා මුහුණු ආවරණය කරගෙන සේවා සැපයීමෙන් බවත් ඔහු කීය. එමෙන්ම ආරක්ෂිත ඇඳුම් භාවිත කළ හැක්කේ එක් වතාවක් බවත් වරක් භාවිත කළ ඇගලුම් ඉවත් කළ යුතු බවත් පෙත්වා, දුන් රත්නප්‍රිය මහතා ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයෙන් රෝහල් තුළ තිබිය යුතු බවක් පෙන්වා දුන්නේය. කොරොනා වෛරසය පිළිබඳ පරික්ෂාවක් සඳහා විශේෂිත රසායනාගාර (BIO SAFTY LEVEL 4) තීබිය යුතු යැයි ද එම මට්ටමේ රසායනාගාර ශ්‍රී ලංකාවේ නැතැයි ද කී සභාපතිවරයා විශේශයෙන් එම රසායනාගාර තුළ මෙම පරික්ෂාවන් වෙනුවෙන් සැකසු කුටි තිබිය යුතු අතර සුදානම් යැයි කී රෝහල් සියල්ලටම එම රසායනාගාර  පහසුකම් ලබා දිය යුතු යැයි ද පැවැසීය. කොරෝනා පැතිර යාම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජාතික කමිටුවේ සාමාජිකයන් 15 දෙනාගෙන් 11 දෙනකු වෛද්‍යවරුන් බවත් එවැනි තත්වයක සිට මෙම රෝගය පාලනය කළ හැකි යැයි සිතන්නේ නම් එය විශෘල වරදක් බවත් පෙවා දුන් ඔහු මේ පිළිබඳ තීන්දු නීරණ ගතහැකි වෛද්‍ය නොව විශේෂඥවරුන්ගෙන්ද මෙම කමිටුව සමන්විත විය යුතු යැයි සඳහන් කළේය. එමෙන්ම ගුවන්තොටුපළේ දී හදුනාගත් සැකකටයුතු අයෙකු වෙත්නම් ඔවුන් උණ රෝහලට හෝ එතැනින් දියතලාවට ගෙන යාම නොව ගුවන් තොටුපළ ආසන්නයේ ඒ වෙනුවෙන්ම සැකසුණ රෝහලකට ඇතුළත් කිරීමට සැලසුම් කළ යුතු යැයි ද ඉදිරියේ ඇති වන තත්ත්වයන්ට මුහුණදීමට නම් එවැනි රෝහලක් ගුවන්තොටුපළ ආසන්නයේ ජනාකිර්ණ නොවන ස්ථානයක ඉදිවිය යුතු යැයි ද හෙතෙම යෝජනා කළේය. මෙවැනි අවස්ථාවක රටට නිවැරැදි පණිවුඩ දෙන පිරිසක් රාජ්‍ය යාන්ත්‍රණයේ සිටිය යුතු බව පෙන්වා දුන් රත්නප්‍රිය මහතා සමාජයේ සියලු දෙනා මුඛ ආවරණ පැළැඳ සිටිය යුතු නැති වුවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොළඹට පැමිණෙන සියලු දෙනා මුඛ ආවරණ පැළඳිය යුතු බව පවසා ඇතැයි සඳහන් කළේය. රුපියල් 9.50 ක් මිලැති මුඛ ආවරණයකට රුපියල් 15 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ ද රුපියල් 95 ක් වටිනා එන් 95 වර්ගයේ නැවත නැවත භාවිත කළහැකි මුඛ ආවරණයකට රුපියල් 150 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ ද කවර හේතුවක් නිසා දැයි විමසිය යුතු බව සභාපතිවරයා පැවසිය. විනීතා එම් ගමගේ
ගැලරියට ටෝක්නේ ඉතිං. අපි නොදන්න සමන් රත්නප්‍රිය 😂
112
POSITIVE
ncpp_train_38454
පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්ට නියමව රෝහලටවී සිටි විශේෂඥ වෛද්‍ය කාවිංගා ගුණවර්ධන මහත්මියට ඇප ලබාදීමට ගංගොඩවිල මහෙස්ත්‍රාත්වරයා අද (30) නියම කළේය.  ඇය මාසයක් පමණ කලුබෝවිල හා කොළඹ රෝහල්ගතවී ප්‍රතිකාර ලැබුවාය. මින් ඉහත උසාවි වාර කිහිපයේදීම ඇයට ඇප නොලද අතර ඇය ඇවිදින්නට අපහසු බව කියමින් උසාවියට ආවේද නැත. ඇයට ලක්ෂ පහක් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇපයක් මත අද මුදාහැරිණි.
ඇයි අනේ මෙහෙම ගෑනුන්ට අපහාස කරන්නේ
-8
NEGATIVE
ncpp_train_38455
සිය දියණියගේ නිරුවත් වීඩියෝ හා ජායාරූප අන්තර්ජාල වෙබ් අඩවියකට යොමු කර රුපියල් ලක්ෂ 6 ක් උපයාගත හැකි බව පවසමින් නිවසේදී දියණියව නිරුවත් කර රූගත කරන්නට උත්සාහයක යෙදුණ පියෙකු ඒ සම්බන්ධ ඇති කරගත් ආරවුලින් පසු සිය බිරියගේ කඩු පහරින් නිවසේ සාලය තුළදී ඝාතනය වීමේ පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා විය.මෙලෙස ඝාතනය වූ 38 හැවිරිදි පුද්ගලයා රෝහලක උපස්ථායක සහායකයෙකු ලෙස රැකියාව කරන අයෙකි. කුරුණෑගල වැල්ලව - බලගහගම ප්‍රදේශයේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇත. 14 හැවිරිදි දියණියගේ නිරුවත් ජායාරූප අන්තර්ජාලය වෙත මුදාහැර රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබාගත හැකි බව පවසා මෙම පුද්ගලයා අවස්ථා ගණණාවකදී බිරිද සමග ගැටුම් ඇතිකර ගෙන ඇති  අතර ඊයේ(03) දිනයේද එම පුද්ගලයා බිරිදගෙන් සිය දියණියගේ රූගත කිරීම් සඳහා අවසරය ඉල්ලා බිරිද සමග බහින් බස් වී ඇත.බිරිඳ මෙම කටයුත්තට කිසිසේත් එකඟවී නැති අතර ‘මේව ලංකාවෙ අය බලන් නැහැ..සුළු දෙයක්නෙ කරන්න තියෙන්නෙ ලක්ෂ 6 ක් හොයාගන්න පුලුවන්නේ..‘ ආදී ලෙස සැමියා තර්ක කර තිබේ. වාදය දුරදිග ගොස් ඔහු බිරිදට පහරදී ඇති අතර දරුවන් දෙදෙනෙකු සිටින නිවසේ දියණිය හා පුතු සැමියාගෙන් බේරාගන්නට ඇය දරුවන් පිටතට දමා දොරවල් වසා සිටි බවද පැවසේ. දියණිය 14 හැවිරිදි වියේ පසුවන අතර පුත්‍රයා 9 හැවිරිදි වියේ පසුවේ.එම අවස්ථාවේ ඔහුගෙන් මිදි පලායාම සඳහා ඇය තම පුරුෂයාගේ මුහුණට මිරිස් කුඩු දියර ඉස ඇති අතර එහිදී බිම ඇදවැටුණු පුරුෂයාට එම කාන්තාව කඩුවකින් පාදයට සහ ගෙළට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.මෙලෙස ඝාතනයට ලක්වූ 38 හැවිරිදි දෙදරු පියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ උපස්තායක සහායක සේවකයකු ලෙස කටයුතු කර ඇති අතර ගාතනය සිදු කළ 36 හැවිරිදි මව වැල්ලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.ඇය වෘත්තීයෙන් ඇඟලුම් කම්හල් සේවිකාවකි. කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව ඇත.  
මේකා පොහොට්ටුවෙන් හරි පත්වීම අරන් රෝහලේ ලෙඩ්දුන්ටත් පාර්ට් දදා ඉන්න ඇති.
9
POSITIVE
ncpp_train_38456
ඩොක්ටර් දරුවන්ට හොඳ පාසල් දෙන්න ඇමති එකඟවී  ඉසුරුපාය වැටලීම නවතලා ස්ථාන මාරු ලැබූ සහ විදේශ පුහුණුව නිමකර යළි මෙරටට ආ වෛද්‍යවරුන්ගේ දරුවන්ට ලබන සඳුදා වන විට පාසල් ලබා දීමට අධ්‍යාපන ඇමැතිවරයා එකඟ වූ බැවින් අමාත්‍යාංශය වටකර පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව ඊයේ (27 දා) නොපැවැත්වූ බව ර ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීවේය. මෙම දරුවන්ට පාසල් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා දුන් උපදෙස් පවා නොතකමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ගැටලූව මතුකළ බව කී වෛද්‍ය නවීන් සොයිසා මහතා ඔහු අධ්‍යාපන ඇමැතිවරයාටද වැරදි තොරතුරු ලබාදී ඇතැයි කීය. කෙසේ වෙතත් පෙරේදා (26 දා) සවස අධ්‍යාපන ඇමැතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ බව කී වෛද්‍ය නවීන් සොයිසා මහතා අදාළ දරුවන්ට ලබන සඳුදා වන විට පාසල් ලබාදීමට ඇමැතිවරයා එකඟ වූ බවද කීය. අජිත් අලහකෝන්
අම්මා තාත්තා දොස්තර කෙනෙක් උන පලියට ළමයින්ට "හොඳ පාසලක්" දෙනවා කියන කතාව ගැලපෙන්නේ නැහැ.. ඇමති කොහොමද හොඳ පාසල් නරක පාසල් වෙන් කරන්නේ.. එහෙම හොඳ පාසල් සහ නරක පාසල් කියලා වර්ග දෙකක් ලංකාවේ තියේනම් ඒකටත් වග කියන්නේ ඕනි ඔය දේශපාලු ඇමතිලාම තමයි.. එක පාසලක් හොඳ වෙන්නයි තවත් පාසලක් නරක එකක් වෙන්නයි හේතුව මොකක්ද? එහෙම තිබුනත්, කොහේද නීතියක් තියෙන්නේ දොස්තරලාගේ ළමයින්ට හොඳ පාසල් දෙනවා කියලා.... දුප්පත් අම්මාගේ තාත්තාගේ ළමයට එහෙම පාසලක් දෙන්න බැරිද....?
10
POSITIVE
ncpp_train_38457
මහසොන් බළකායේ නායක අමිත් වීරසිංහ ලබන 4 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය. සැකකරුට එරෙහිව සාක්කි සම්පින්ඩන වාර්තාව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ  දී මහෙස්ත්‍රාත්වරිය එය සළකා බලා අදාළ පනත් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමෙන් අනතුරුව ලබන 4 වැනි දා ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව සඳහන් කළාය. 
අපේ අනාගත මන්ත්‍රීතුමාට ජය වේවා.
-16
NEGATIVE
ncpp_train_38458
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රකාශ හේතුවෙන් සමාජයට වැරදි මත ඉදිරිපත්වීම නිසා තම කීර්ති නාමයට සිදු වූ හානියට වන්දි වශයෙන් රුපියල් බිලියනයක මුදලක් සති 03 ක් ඇතුලත ගෙවන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සින්නදොරේ සුන්දරලිංගම් සහ බාලේන්ද්‍ර නීතිඥ සමාගම මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වෙත එන්තරවාසියක් යොමු කර ඇත. 2019 ජුනි මස 24 දින මෙම එන්තරවාසිය යොමු කර තිබේ. සති 03 ක් තුල අදාල මුදල නොගෙවන්නේ නම් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බව එම එන්තරවාසියේ සදහන් කර තිබේ. 1994 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත පීඨයේ උපාධිධාරියෙකු වෙයි. වසර 25 ක කීර්තිමත් දේශපාලන ඉතිහාසයක් ඇති තම සේවාදායකයා කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බව එන්තරවාසියේ සදහන් වෙයි. විවිධ රජයන් යටතේ ඉඩම්, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා, ධීවර හා ජලජ සම්පත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය යන අමාත්‍යධූර රාජිත සේනාරත්න මහතා විසින් හොඹවා ඇත. යහපාලන රජය ස්ථාපිත කිරීමට වගකීමෙන් යුතුව කටයුතු කළ තම සේවාදායකයා ජාතික මට්ටමේ ජනප්‍රිය හා ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයෙකු බව එන්තරවාසියේ සදහන් කර තිබේ. ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ වසර 14 ක් පුරා විවිධ නිලතල හොඹවා ඇති රාජිත සේනාරත්න මහතා ජාතික වශයෙන් ගෞරවයක් ලබාදෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපතිධූරයට ද තේරී පත් විය. 2019 ජුනි 17 දින හෝ ඊට ආසන්න දිනයක දී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පුළුල් මාධ්‍ය ආවරණයක් සහිතව මාධ්‍යහමුවක් පවත්වා සිදු කළ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් තම කීර්තිනාමයට හානියක් සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එන්තරවාසියෙන් දැනුම් දී තිබේ. වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ඖෂධ ආනයනය කිරීමේ දී රුපියල් බිලියන 20 ක මුදලක් රජයට අහිමි කළ බව ප්‍රකාශ කිරීම, ගුණාත්මකභාවයෙන් තොර ඖෂධ ආනයනය කිරිම, ශ්‍රී ලාංකිකයින්ට එරෙහි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, සුවපති කිරුළ සදහා රජයේ මුදල් අවභාවිතා කිරීම වැනි වටිනාකමකින් තොර වගකීම් රහිත ද්වේෂ සහගත අසත්‍ය ප්‍රකාශ එම මාධ්‍ය හමුවේ දී ඉදිරිපත් කර ඇති බව එන්තරවාසියේ සදහන් වෙයි. එම ප්‍රකාශ මාධ්‍යයේ පළවීම හේතුවෙන් තමන් කම්පාවට පත් වූ බවත්, තම කීර්තිනාමයට හානියක් සිදු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එන්තරවාසියෙන් පෙන්වා දෙයි. ජාතික මැතිවරණ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වකවානුවක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ චරිතයට හානි කිරීමේ ප්‍රචාරක වැඩපිළිවෙළක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දියත් කර ඇති බව එන්තරවාසියේ සදහන් වෙයි. මැතිවරණ වල දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රබල කථිකයෙකු ද වෙයි. තම කීර්තිනාමයට සිදු වූ හානියට වන්දි වශයෙන් රුපියල් බිලියනයක මුදලක් සති තුනක් ඇතුලත ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා එන්තරවාසිය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දී තිබේ. තවදුරටත් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙසත් අදාල වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම එන්තරවාසියෙන් අවධාරණය කර සිටියි.
රාජිතයයි GMOAඑකයි දෙකම එකයි... ඔව්න් එකෙක්වත් මිනිස්සුන්ට අනුකම්පාවක් නෑ... ඉතින් අපිට මොකෝ ඕන මගුලක් කරගත්තාවෙ
20
POSITIVE
ncpp_train_38459
27 උදේ අගමැති සති දෙකක පුද්ගලික ගමනකට  ඇමරිකාවට පිටත්ව ගිහින් පසුගිය සෙනසුරාාදා (27) උදෑසන අගමැති රනිල් වික්‍රමසිංහ කලින් යොදාගත් පරිදි ඇමරිකාවේ සති දෙකක සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. ඒ දිනය වනවිට රටපුරා ගංවතුර තත්වය උග්‍රව පැවති අතර ඔහු දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව මෙසේ පිටව ගොස් ඇත. රනිල්ගේ සංචාරය නිල සංචාරයක් නොවන අතර එය පුද්ගලික සංචාරයක් බව වාර්තාවේ. ඔහුට ඇමරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවශ්‍යතාවයක් මත ඒ සඳහා කලින් දින වෙන්කරගෙන තිබීමෙන් පසු මෙලෙස ගොස් තිබේ. කෙසේ වෙතත් පසුගිය සතියේ ගංවතුරට පෙර සිය පක්ෂ සාමාජිකයින් හමුවේ පැවති රැස්වීමකදී ඔහු කියා තිබුනේ අධික වෙහෙසකර තත්වය මත තමා විවේක ගන්නට ඇමරිකාවට යන බවයි. අගමැතිවරයා පිටව යන්නට පෙර ෆේස් බුක් ගිණුමේ තබා තිබුණ සටහන පහතින්
මුන් දෙන්න විතරක් නෙවයි අපදා කලමන කාර බාර ඇමැතිත් රට ගිහින්
12
POSITIVE
ncpp_train_38460
දයාසිරිට රිළවා කිව්වාට  මාලිංග වරද පිළිගනී   - දඩයකට හා පරිවාස කාලයකට යටත්වේ පසුගියදා හිරු මාධ්‍ය ජාලය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ගිරවුන්ගේ බෙනේ තියන ප්‍රශ්න බලන්න රිලව් ඇවිත් යයි උපමාවක්ද සමගින් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර විවේචනය කිරීමට හා තවත් විවිධ ආකාරයට තමන් වෙත ඇති ප්‍රශ්න ගැන කියමින් අප්‍රසාදය පළකිරීමට ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග කටයුතු කර තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග රජයේ පවතින ගිවිසුම ප්‍රකාරව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම අවසරයකින් තොරව සිදු කළ නොහැකි බැවින් ලසිත් මාලිංග සම්බන්ධයෙන් මෙයින් පසු විනය පරීක්ෂණයක් පවත්වා තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ත්‍රිපුද්ගල කමිටුව ඊයේ සවස රැස්වී ලසිත් මාලිංග සිදු කර ඇත්තේ වරදක් බව තීන්දු කළ අතර ඔහු සිය වරද පිළිගෙන තිබෙයි. ඒ නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම ගැන කණගාටුවන බව ඔහු කියා ඇත. ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු පවසා ඇති අතර වරද පිළිගැනීම නිසා ඔහුට එරෙහි දඩුවම තරමක් ලිහිල්වී ඇත. ඒ අනුව මාස 06ක පරිවාස කාලයක් ඔහුට ලබාදී ඇත්තේ ඉදිරියට වරදක් කළොත් සමාවක් නැති කරමිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් විනය රීති මාලාව අනුව මීළගට සහභාගිවන පළමු ජාත්‍යන්තර තරගයේ ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ලසිත් මාලිංගට නියම කර තිබේ. ඊයේ දහවල් මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ, නුදුරේදී සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග සඳහා ලසිත් මාලිංග ගේ සහභාගීත්වයට මෙම විමර්ශනවලින් බාධාවක් එල්ල නොවනු ඇති බවය. ලසිත් මාලිංගට දඩුවම් කරන්නට හේතුවූ ප්‍රකාශය පහතින් ‘ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කරන අය විතරයි. ඒකට තමයි කියන්නේ ගිරව් එළියේ ඉද්දි රිලව් බෙණේ ඉන්නවා කියලා. මොකද ගිරවා තමයි දන්නේ බෙණේ හදන විදිහ. ගිරවට තමයි බෙණේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒකට රිලව් රිංගලා වෙන වෙන උත්තර දෙන්න ගිහාම වෙන වෙන වැරදි වෙන්න පුළුවන්. අපි එක බෝලයක් දාන්න බෝල 1000ක් විතර දාලා පුරුදු වෙන්න ඕන. තීරණයක් ගන්න තියෙන්නේ තප්පරයක් වගේ පොඩි කාලයක්. ඒ කාලෙදි ගන්න තීරණය හරි යන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. හැබැයි පුටුවක් උඩ ඉඳගන එක එක විදිහට ඒ තීරණය කරකවලා තමන්ට වාසි වෙන විදිහට එක එක දේවල් කියන්න පුළුවන්. හැබැයි ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ සාධාරණය නෙවෙයි. ඒ වගේ ලොකු කතා කියන්න කලින් යුතුකම් තියෙනවා නම් ඒවා ඉෂ්ඨ කරන්න. අවසිහියෙන් ක්‍රිකට් බලන අය කියන්න පුළුවන් බඩේ වැදිලා පන්දුව අතෑරුනා කියලා. නමුත් අපි දැකලා තියෙනවා. ලෝකයේ අංක එකේ තරුගකරුවන්ට පන්දු ගිලීහී යනවා. අවාසනාවකට එදා ඒ තරගයේ අවශ්‍ය වෙලාවක දි තමයි උඩ පන්දුව ගිලීහි ගියේ. මට ආරංචි උනා බඩ වැඩී, ඒවා මේවා ලොකු කතන්දර කියලා ක්‍රීඩකයන්ට බැණලා තිබ්බා කියලා. මේ ක්‍රීඩකයන් සැම දෙනාම දක්ෂතා දක්වලා තේරීම් කමිටුවක් මගින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්සන මගින් තමයි කණ්ඩායමට එකතු වෙන්නේ. චැම්පියන්ස් කුසලානය සඳහා සහභාගී උනේ එහෙමයි. අවසාන අනුමැතිය හම්බවෙන්නේ ක්‍රීඩා ඇමතිවරයාගෙන්.‘
දයාසිරි කියපු කතාවෙත් ඇත්තක් තියනවා.අපේ ක්‍රීඩකයන්ගේ උදරය එළියට පේන එක ක්‍රීඩකයන් විදියට ලැජ්ජා වෙන්න ඕනෙ.ක්‍රීඩකයෙක් මොනවා උනත් ෆිට්නස් තියන් ඉන්න ඕනේ.අනික ක්‍රිඩා ඇමති එ වගේ දෙයක් කිව්ව ගමන් ගෙදර ඇව්ත් යකඩ උස්සලා ඇග පෙන්නන එක කිසිම තේරුමක් නැහැ.පිළිවෙලකට යකඩ උස්සලා ව්‍යායාම කරාම කාගෙත් ඇග තාවකාලිකව හැඩ වෙනවා.ඒත් ක්‍රිඩකයෙකු ෆිට්නස් පෙන්නන්න ඕනෙ එහෙම නෙමෙයි.ක්‍රිඩාපිටියේදි ක්‍රියාශීලිත්වය තියන් සෙල්ලම් කරලා.නැතිව සමාජජාල මාධ්‍ය හරහා ඇග පෙන්වලා ආපහු පිට්ටනියේදි ඇඹරෙනවා නම් වැඩක් නැහැ.
7
POSITIVE
ncpp_train_38461
27 උදේ අගමැති සති දෙකක පුද්ගලික ගමනකට  ඇමරිකාවට පිටත්ව ගිහින් පසුගිය සෙනසුරාාදා (27) උදෑසන අගමැති රනිල් වික්‍රමසිංහ කලින් යොදාගත් පරිදි ඇමරිකාවේ සති දෙකක සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. ඒ දිනය වනවිට රටපුරා ගංවතුර තත්වය උග්‍රව පැවති අතර ඔහු දිස්ත්‍රික් ලේකම්වරුන් අරලියගහ මන්දිරයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව මෙසේ පිටව ගොස් ඇත. රනිල්ගේ සංචාරය නිල සංචාරයක් නොවන අතර එය පුද්ගලික සංචාරයක් බව වාර්තාවේ. ඔහුට ඇමරිකාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අවශ්‍යතාවයක් මත ඒ සඳහා කලින් දින වෙන්කරගෙන තිබීමෙන් පසු මෙලෙස ගොස් තිබේ. කෙසේ වෙතත් පසුගිය සතියේ ගංවතුරට පෙර සිය පක්ෂ සාමාජිකයින් හමුවේ පැවති රැස්වීමකදී ඔහු කියා තිබුනේ අධික වෙහෙසකර තත්වය මත තමා විවේක ගන්නට ඇමරිකාවට යන බවයි. අගමැතිවරයා පිටව යන්නට පෙර ෆේස් බුක් ගිණුමේ තබා තිබුණ සටහන පහතින්
පාලිතලට වතුරේ බෑහෑල වෑඩ කරන්න ඕනෙ නෑ යකෝ මේ රටේ රාජ්ය සේවය කියන දේ හරියට තියෙනවනම්. උබලා වගේ වෙලාව කකා අනුන්ව විවේචනය කරන මිනිස්සු තමයි මේ රටේ ඉන්නෙ.
-65
NEGATIVE
ncpp_train_38462
බංග්ලාදේශයේ ඩකා අගනුවර ඉදිකළ එරට පළමු වැනි පාලම් මතින් දිවෙන මෙට්‍රෝ දුම්රිය මාර්ගයේ (MRT - Mass Rapid Transit) කිලෝමීටර් 20ක දුරකින් යුත් දුම්රිය මාර්ගයේ මුල් කොටස ඊයේ (29දා) දිනයේදී ජනතාව සදහා විවෘත විය. ඊට පෙර පෙරේදා (28දා) දිනයේදී එරට අගමැතිනී ෂෙයික් හසීනාගේ මූලිකත්වයෙන් එය නිල වශයෙන් විවෘත කිරීම සිදුවිය. මෙම අවස්ථාව සඳහා සහභාගි වූ අගමැතිතිය ඇතුළු 200කට ආසන්න පිරිසක් මෙම දුම්රියේ මංගල ගමන වෙත සම්බන්ධ වී තිබේ. ඩකා අගනුවර උත්තරාහි පිහිටි ඩියාබරී දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන මෙම Mass Rapid Transit මෙට්‍රෝ දුම්රිය අගාර්ගාඕන් දක්වා ධාවනය කෙරේ. මෙම දුම්රිය මාර්ගය Line 6 ලෙස නම් කෙරී ඇත. දුම්රිය මාර්ගය මගින් ඩකා අගනුවර උතුරුදිග කලාපයේ පිහිටි රජයේ කාර්යාලය සහ රෝහල් සම්බන්ධ කරයි. විශේෂයෙන්ම ඩකා අගනුවර අධික මාර්ග තදබදය හේතුවෙන් දෛනිකව අහිමි වන සේවක පැය මිලියන 3.2ක ප්‍රමාණයක් රැකගැනීම වෙනුවෙන් මෙම මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ඉතාමත් වැදගත් බඅදහස වී තිබේ. මෙම කාලය අහිමිවීම බංග්ලාදේශ ආර්ථිකය වෙත සෑම වසරකදීම ඩොලර් බිලියන ගණනින් පාඩු සිදුකරන බව ගණන් බලා ඇත. 2012 වසරේදී අනුමැතිය හිමිවුණු මෙම ව්‍යාපෘතිය සඳහා බංග්ලාදේශ රජය මගින් ඇස්තමේන්තු කර තිබූ වියදම ඩකා බිලියන 219.85ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 2.1කි. ඒ අතරින් ටකා බිලියන 165.95ක් එනම් ඩොලර් බිලියන 1කට ආසන්න මුදලක් ලබාදීමට ජපානය සිය ජ්යිකා (JAICA) ආයතනය හරහා කටයුතු යෙදීය. එහෙත් පසුව බලධාරීන් මෙම මෙට්‍රෝ දුම්රිය මාර්ගය මධ්‍යම දුම්රිය ස්ථානය හෙවත් කමලාපුර් හා සම්බන්ධ කිරීමත් සමග මෙම ව්‍යාපෘතිය සඳහා වන වියදම ටකා බිලියන 334.72ක් දක්වා ඉහළ යාම සිදුවිය. අගාර්ගාඕන්හි සිට මොට්ජිල් දක්වා වන මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර 2023 දෙසැම්බර් මාසයේදී පමණ අවසන් කිරීම සැලසුම වී තිබේ. ඉන් අනතුරුව මොට්ජිල් සිට කමලාපුර් දක්වා වන කොටස 2025 දී අවසන් කෙරෙන බව සදහන් වෙයි. මෙම මෙට්‍රෝ දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමග දකුණු ආසියාව තුළ මෙට්‍රෝ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන තෙවැනි රට බවටත් බංග්ලාදේශය ඉතිහාසයට එක්වෙයි. මෙම කළාපය තුළ පළමු මෙට්‍රෝ දුම්රිය සේවාව ලෙස ඉන්දියාව 1984 දී කල්කටාවේදී මෙට්‍රෝ දුම්රිය සේවාවක් ඇරඹූ අතර, දැනට වසර දෙකකට පෙරාතුව පාකිස්තානයේ ලාහෝර් නුවර පළමු මෙට්‍රෝ දුම්රිය සේවාව ආරම්භ විය.මෙම මෙට්‍රෝ දුම්රිය මාර්ගයට අමතරව ජපානය විසින් ඩකා අගනුවර තුළ තවත් නාගරික දුම්රිය මාර්ග දෙකක් සදහා මුදල් ලබාදීම සිදු කර තිබේ. ඒ අනුව මෙම දුම්රිය මාර්ග තුනම සම්පූර්ණවීමත් සමග ඒ හරහා  දිනකට එහා මෙහා රැගනෙ යන මගීන් සංඛ්‍යාව මිලියන දෙකක් වනු ඇතැයි ගණත් බලා තිබේ.
අපට ලැබෙන්න තිබුන එක ගොන් ගුණරුවන් කියන අවස්ථාවාදී ගොන් තඩියයි, රාජපක්ෂ හැත්තයි නැති කළා. මුන්ට දඬුවම් දිය යුතුමයි.
119
POSITIVE
ncpp_train_38463
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ පිහිටුවන ලද නව අමාත්‍යංශ වල විෂය පථ පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත්ව තිබේ. මහ බැංකුව, භාණ්ඩාගාරය සමග ආයතන 57ක් රනිල් වික්‍රමසිංහ මහතායට මෙහිදී පිරිනමා තිබේ. දිවුරුම් දෙන ලද කැබිනට් අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තැබූ අති විශේෂ ගැසට් නිවේදනය පහත දැක්වේ. සම්පූර්ණයෙන් බැලීමට මෙම යොමුවෙන් යන්නhttps://drive.google.com/file/d/1tTEuwRVZAIDFazKykLAnD_OuMuymnuoM/view?usp=sharing      
විෂය පථ නෙවේ ක්ෂීරපථ ගැහුවත් වැඩ කරන් නැති එකා කරන් නෑ.
20
POSITIVE
ncpp_train_38464
හෙට 29 බදාදා උදේ 10ට ජනතා අරගලයේ නැවත සාමූහික නැගී සිටීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ තොරතුරු හුවමාරු වෙයි. ගෝ හෝම් ගෝටා හැෂ් ටැග් එක යටතේ මෙම විරෝධතාව ගැන කියැවෙන තොරතුරු සඳහන් කරන්නේ එම වේලාවක වාහනයක ගමන් කරමින් සිටින්නේ නම් වහාම වාහන නවතා විරෝධය පළ කරන ලෙසයි. එසේම වාහනයක නොසිටින අයට පාර පැමිණ කළු හැදගෙන විරෝධය දක්වන ලෙස එම සටහන් වල දැක්වේ. මෙම සමාජ මාධ්‍ය සටහන් කෙරෙහි තවම පොලිස් නිවේදනයක් නොමැති නමුත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.පැවැත්වීමට නියමිතව තිබෙන විරෝධතාවයක් සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය තම පුරවැසියන් වෙත පූර්ව දැනුම් දීමක් නිකුත් කර ඇති අතර නිවේදනයේ සඳහන් වන්නේ හෙට දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර ඇති රථවාහන විරෝධතාවයක් පිළිබඳව තොරතුරු ඇති බවත්මේ හේතුවෙන් ඇති විය හැකි අපහසුතා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්ය.අදාළ සටහන් හා ඇමරිකානු තානාපති කාර්යාල නිවේදනය මේ සමග පළවේ.
මුන්ට පිස්සු, ඔක්කොම වැඩ දාල පාරට බහින් නම්. මුන්ට ඕනැ ඉන්න උන්ව එලෝල තව හොර හැත්තකට බලේ දීල උන්ටත් හොරා කන්ඩ ඉඩදෙන්ඩ. පුලුවන්නම් මේ ඉන්ධන අර්බුදයක් ඇති අවස්තාවේදී රජයේ වියදමින් V8 යන උන්ගේ වාහන කුඩු කරපල්ල .ඊටපස්සෙ ජනතාව නැගී සිටින්නේ පිං පඩි ගන්න රජයේ සේවකයින්ට එරෙහිව. මේ රට විනාශ කලේ තක්කඩි දේශ්පාලුවෝ සහ රජ්‍ය සේවකයෝ. මේ කාලකන්ණි හැත්තට ගෙදර හිටියත් පඩි. පිං පඩි ගන්න ගුරුවරුන්ගේ වැටුප් වැඩිකරන්ඩ කියල කීවොත් ස්ටර්ලින් කොටාව පනපිටින් පුච්චන්ඩ ඕනැ
20
POSITIVE
ncpp_train_38465
වකුගඩු ආසාදනයක් නිසා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයකදී අත්වැරදීමකින් අක්‍රීය වූ වකුගඩුව මෙන්ම නිරෝගි වකුගඩුව ද ඉවත් කිරීමෙන් අනතුරුව පසුගිය 28 වැනිදා මියගිය වයස අවුරුදු තුනයි මාස තුනක් වූ පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය 29 වැනිදා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය.කොටහේන ගුණනන්ද මාවතේ පදිංචි හම්දි ෆෂ්ලීම් නමැති දරුවා එලෙස මියගොස් තිබිණි. වෛද්‍ය නිර්දේශ මත පසුගිය දෙසැම්බර් 22 වැනිදා එම රෝහලට ඇතුළත් කළ සිය දරුවා දෙසැම්බර් 24 වැනිදා ශල්‍යකර්මයකට ලක්කළ බවත් එහිදී නරක්වූ වකුගඩුව මෙන්ම නිරෝගි වකුගඩුව ද ඉවත්කොට ඇති බවත් ඔහුගේ දෙමව්පියෝ පවසති. යළිත් වකුගඩුවක් බද්ධ කරන තෙක් රුධිර කාන්දුකරණය සිදුකරමින් මාසයකට ආසන්න කාලයක් රෝහලේ රඳවාගෙන සිටි සිය දරුවා වෛද්‍ය උපදෙස් මත නිවසට රැගෙන විත් විශේෂිත කාමරයක රඳවාගෙන රුධිර කාන්දුකරණය සිදුකරමින් සිටියදී පසුගිය මැයි 23 වැනිදා වෛද්‍ය පරීක්‍ෂාව සඳහා රෝහල් ගතකළ බවත් විෂබීජයක් ශරීරගතවී ඇති බවට ලැබුණු උපදෙස් මත එදින සිට නේවාසිකව ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී පසුගිය 28 වැනිදා දරුවා මියගිය බවත් දෙමාපියෝ පවසති.සිය දරුවා රෝගි වූ මුල් අවස්ථාවේ සිටම එක්තරා විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය යටතේ ඔහුට ප්‍රතිකාර ලබාදුන් බවත් පෙර කී සැත්කම ඔහු විසින් සිදුකිරීමට නියමිතව තිබුණත් යම්කිසි හේතුවක් නිසා ඔහු වෙනුවට ඔහුගේ සහායක ලෙස කටයුතු කළ වෙනත් වෛද්‍යවරයකු විසින් එම ශල්‍යකර්මය සිදුකර ඇති බවත් එම වෛද්‍යවරයාගේ අත්වැරදීම නිසා සිය දරුවා මියගිය බවටත් දෙමාපියෝ චෝදනා කරති. සැත්කම සිදුකළ වෛද්‍යවරයා මේ වනවිට සිය පවුල සමඟ විදේශගතවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මියගිය දරුවාගේ දෙමාපියෝ පවසති.ශල්‍යකර්මයෙන් පසුව සිය දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරයා හෝ අධීක්‍ෂණ විශේෂඥ වෛද්‍යවරයා කිසිදු අවධානයක් සිදුකර නොමැති බව ද මියගිය දරුවාගේ දෙමාව්පියෝ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අසල මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළහ.අධිකරණය විසින් සිදුකළ නියෝගය අනුව එම දරුවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (31 දා) පැවැත්වීමට නියමිතව තිබිණි.ඒ. ජේ. ඒ. අබේනායක, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන
අනේ බං, උඹ කියන්නේ පොතේ විභාගය ඉහළින්ම පාස් කරන්නේ වෘත්තියට අතිශය සුදුස්සා කියලද? එහෙනම් ඇයි මේවා වෙන්නේ?
13
POSITIVE
ncpp_train_38466
අම්බලන්ගොඩ අකුරල සිට තොටගමුව දක්වා ගාලු පාරේ ස්ථාන කිහිපයකින් මුහුදු ජලය ගොඩබිමට පැමිණෙන අයුරු දක්නට ලැබේ. වෙරළ ආරක්ෂාවට ඉදිකර ඇති ගල්වැටි ගිලා බැසීම හේතුවෙන් මෙලෙස මුහුදු ජලය ගොඩබිමට පැමිණෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබේ.. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ අකුරල සිට තොටගමුව දක්වා ස්ථාන කිහිපයකින් මුහුදු රළ පහර මාර්ගය දක්වා පැමිණෙන ආකාරය ඊයේ(27) දින සිට දැක ගැනීමට හැකි විය. ප්‍රදේශවාසීන් සඳහන් කළේ වසරක පමණ කාලයක සිට නිරන්තරයෙන් මෙලෙස මුහුදු ජලය ගොඩබිමට පැමිණෙන බවයි. ඔවුන් පවසන්නේ වෙරළ ඛාදනය වැළැක්වීමට සකසා ඇති ගල්වැටි ගිලා බැසිම හේතුවෙන් මෙලෙස මුහුදු ජලය ගොඩබිමට පැමිණෙන බවයි.
ඔවා port cityයෙන් එන පලවිපාක අපේ හාමුදුරුවනේ..
1
POSITIVE
ncpp_train_38467
ආදරයෙන් හදාගත්ත වරාය  විකුණපු එක ගැන මට දුකයි  -මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් හම්බන්තොට වරාය චීනයට බදුදීම ගැන මෙසේ පවසා තිබේ. ‘මම හිතන්නේ මගේ පියාගේ, පියාගේ සහෝදරයාගේ වගේම ආනන්ද, කුලරත්නල වගේ එක්සත් ජාතික පක්ෂයේ අයගේ ඉඳලා විශාල බලාපොරොත්තු තිබුණේ මේ වරාය ගොඩනඟන්න. ඉතින් කාටත් බැරි වෙයි කියලා තිබුණු වරාය අපි ගොඩනැඟුවා. මේවට එකක්වත් ආණ්ඩුවේ සල්ලි ගත්තේ නැහැ ගෙවන්න. ණය ගෙව්වෙත් වරාය අධිකාරියෙන් හම්බ කරපු මුදල්වලින්. නමුත් අද මේක විකුණලා දාලා. ආදරෙන් හදාගත්ත වරාය, මිනිසුන්ගේ බලාපොරොත්තු ගැන ලොකු කනගාටුවක් දැනෙනවා. එයාලා කියනවා අපි වික්කේ නැහැ අවුරුදු 99කට බදු දුන්නා කියලා. ඔබ දන්නවා මේ බිම් බදු දුන්නු අවුරුදු 99 ඇතුළේ පරම්පරා කීයක් හිටියද. මේ අපේ රටේ ජනතාවට, දරුවන්ට අයිති වෙන්න තිබුණු එකක්. මීට ඉස්සර ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කළෙත් මේ වගේ ජූලි මාසෙ 29දා දවසක. මේ දවස හරි අපලයි ලංකාවට. ඉතින් ඒක අස්සන් කරලා අපි අදත් දුක් විඳිනවා. අදටත් බැට කනවා. අසූහතේ මේ මාසේ විසිනව වැනිදා තමයි ගිවිසුම අස්සන් කළේ. එදා ඉන්දියාවත් එක්ක අද චීන සමාගමත් එක්ක. ඒ වගේම දවසක ආපසු ජේ. ආර්.ගේම මුණුපුරායි දැන් ජනාධිපතිවරයායි දෙන්නා හවුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මාට්ටු කරගෙන ගිවිසුම් ගහලා මේක විකුණලා දැම්මා. මේ රටේ ජනතාවගේ වස්තුවක් නැතිවීම ගැන විරෝධතාව අපි හැම වෙලාවෙම පළ කළා. ඕනනම් වරාය දිගටම දුවන්න පුළුවන්කම තියෙනවා හරියට කරනවා නම්. වුවමනාවක් තියෙනවා නම් වරාය වහන්නත් පුළුවන්. මේක තව සංවර්ධනය කරන්න වැඩපිළිවෙළ දියත් කරන්න වුණත් පුළුවන්. ඒත් දැන් පිටරට සමාගමකට දීලා. ආණ්ඩුවට මත්තල ගුවන්තොටුපොළත් එක්ක තියෙන්නේ මහා වෛරයක්. හම්බන්තොට ජනතාවත් එක්ක තියෙන්නේ වෛරයක්, ඉරිසියාවක්. මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා ආවා. මේ පැත්තේ මිනිස්සු ඒක දන්නවා. ඕනම රටකට ගුවන්තොටුපොළවල් දෙකක් තියෙන්න ඕන. බලයට ආපු ගමන්ම කළේ මත්තල වී ගබඩාවක් කරපු එක. වී ගබඩාවක් කරලා වී දාලා ඒක බාල්දු කරලා විනාශ කරලා මේක වහලා දැම්මා. ඒකයි මේ ආණ්ඩුවෙන් කළේ. දැන් වහලා දාලා ඉවර වෙලා මේක විකුණනවා වැඩක් නැහැ කියලා.  ගුවන් යානා නැති එකක් කියලා. ගුවන්තොටුපොළට ආපු ගුවන්යානා නැවැත්තුවේ කවුද? ගුවන්තොටුපොළ, වරාය හැදුවේ හම්බන්තොට ජනතාවට විතරක් නෙවෙයිනේ. මුළු රටටම. මේක මේ රටටම නැති වුණු දේපළක්. රටට ඉතාම අපල තත්ත්වයක් උදාවෙලා.‘
හික් හික්...මේ අර තමන්ගේ නමට අමතරව තව නම් 10 කින් විතර ලියන ..... බයි වහල් මානසිකත්වය උපරිමයෙන් ප්‍රදර්ශනය කරන .....දකුණේ බුරුස් රවුලගේ වැසිකිලිය අත දමා හෝදන .....බන්දුල කිව්වම කවුරුත් දන්නා .....පන නැති ලොල් බුවා නේද ???
1
POSITIVE
ncpp_train_38468
රැඳවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත්  “හරක් කටා” සහ සලිඳු මල්ශික ගුණරත්න  නොහොත් “පානදුරේ කුඩු සලිඳු" යන අය විමර්ශන සඳහා ඔවුන් රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම්, මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ ආරක්ෂාව සහිතව දෑතට සහ පයට විලංගු දමා රැගෙන යන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (29) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව දැනට විමර්ශනය කරනු ලබන පොලිස් ඒකකය භාරව සිටින මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත කහගල්ල මහතා භාරයේ එම සැකකරුවන් ආරක්ෂාව සහිතව විමර්ශන සඳහා රැගෙන යන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම සැකකරුවන්ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් වන වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (29) අධිකරණයට ඉදිරිපත් කළේය.තම සේවාදායකයන් දෙදෙනාගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි මොවුන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සහ නීතිඥ ජාලිය සමරසිංහ මහතා ඉකුත් නඩු දිනයේ දී අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. මෙවන් ආකාරයට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි කොස්ගොඩ තාරක, මාකඳුරේ මදූෂ් සහ ටින්කර් ලසන්ත වැනි බොහෝ සැකකරුවන්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන් පූර්වාදර්ශ ඇති බැවින් මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කරන බවද නීතිඥවරු අධිකරණයට දැන්මු දුන්හ. මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ ඉකුත් 01 වැනිදා වන අතර එම සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන එනු ලැබුවේ ඉකුත් 15 වැනිදාය. නිමන්ති රණසිංහ
ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටීම නීතිඥයෙකුගේ කාර්ය භාරයයි. සැකකරුවෙක් වුනත් ඔහුටත් නීතියේ යම්කිසි අයිතිවාසිකමක් තිබෙනවා.ඒ වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වීම නීතිඥයෙකු විසින් සිදු කරනවා පමණයි. ඔබගේ මතය අනුව කිසියම විත්තිකරුවෙකු වෙනුවෙන් නීතිඥයෙකුට පෙනී සිටීම වරදක් ලෙසයි හැගවෙන්නේ. ඒ මතය වැරදියි. ඔබ කියන විදිහට සැක කරුවෙක් අල්ලා ගත් ගමන් අධිකරණයන් ඉදිරියට නොපමුණුවා ඔහුට දඩුවම් කළ යුතු බවද කියන්නේ. එසේ කරන්නේ ගෝත්‍රික සමාජවල පමණයි. ඒත් යම්කිසි සීමාවන් ඇතුලත.
2
POSITIVE
ncpp_train_38469
රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍ර දෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම දින කිහිපයකට සරිලන දේ රැස්කර තබා ගැනීම වැදගත් බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. “රටේ තිබෙන තත්ත්වය හැටියට කොයි ප්‍රදේශය හුදෙකලා කරන්න වෙයිද කියන දේ අපි කවුරුත්ම දන්නේ නෑ. ඒක තීරණය වෙන්නේ හඳුනා ගන්නා රෝගීන් සහ ආශ්‍රිතයින් ප්‍රමාණය අනුවයි.ඒ නිසා අපි ඕනම දේකට සූදානමින් සිටීම ඉතා වැදගත්. ඒ නිසා මම කියනවා ඔබට හැකි විදිහට හැම වෙලාවකදිම දිනකීපයකට සරිලන දෑ රැස්කරගෙන සූදානමින් සිටීම හොඳයි කියන දේ. අපිට රටේ ජනතාව බොරුවට බියට පත් කරන්නවත් තිබෙන තත්ත්වය සඟවන්නවත් අවශ්‍යය නැහැ.” යැයි යුද හමුදාපතිවරයා කීවේය.“ඒ වගේම මේ වෙද්දි රාජ්‍ය ආයතනවල ප්‍රධානියාට වගකීම භාර දීලා තියෙනවා සැම ආයතනයකම සේවකයින් උපරිම ධාරිතාවෙන් සේවයට කැඳවන්නේ නැතිව කාර්යාලය තුළ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූළව පත්වාගත හැකි පරිදි සේවකයින් කැඳවන්න කියලා. හමුදාවේ අපි කරන්නේ තුනෙන් එකක් සේවයට කැඳවලා ඉතිරි තුනෙන් දෙක නිවාඩු සහ නිරෝධායනයට යොමු කිරීම”යැයි යුද්ධ හමුදාධිපතිවරයා කීවේය.
බය වෙන්න එපා බොලව චීනෙ කොමියුන්ස්ට් ට්‍රේනින් එකට යවයි හෙට අනිද්දා එතකොට ඔයිට වඩා හයියෙන් තපුල්ලන්න පුලුවන්
5
POSITIVE
ncpp_train_38470
පසුගියදා විවෘත කෙරුණ නමුත් තවමත් වැඩ අවසන් කර නැති අන්තර් හුවමාරු කොටසක් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ එම අන්තර් හුවමාරුවෙන්  ඇතුල් කිරීමට ගිය බස් රථයක් අද උදෑසන (29) එහි ප්‍රවේශපත් කවුළුව අසල හිරවීම නිසා එහි සිටි මගීහු මහත් අසීරුතාවයකට පත්වුහ. එහිදී මහත් වැයමක් යොදා බස් රථය ප්‍රවේශ පත්‍ර නිකුත්කරන කවුළුව අසලින් එලියට ගැනීමට රියදුරුට සිදුවී ඇති අතර මගින් චෝදනා කරන්නේ නිසි ප්‍රමිත්යකින් තොරව කඩිමුඩියේ මාර්ගය විවුර්ත කිරීම නිසා මෙමගින් මගීන්ගේ ජිවිත අවදානමකට ලක්වී ඇති බවයි.
ගොං වස්සනේ ඔය හුමාරුව හැදුවෙ තොපිලට නෙවෙයි ....රජ පවුලට යන්න එන්න රජ පවුලට හොන්ද වැඩේ අදාල නැති ලබ්බවල් අස්සෙ රිංගන්න යනවට
392
POSITIVE
ncpp_train_38471
පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන්ගේ සියයට 20.5ක වර්ධනයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකයට අනුව අප්‍රේල් 17 සිට අප්‍රේල් 23 දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක 26 කින් ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 1,909 ක් වාර්තා වී ඇති අතර, පෙර සතියට වඩා රෝගීන් 325 ක වැඩිවීමක් දක්නට ලැබේ. රෝගීන්ගෙන් සියයට 48.5 ක් බස්නාහිර පළාතෙන් වන අතර සියයට 3.9 ක් කොළඹ මහ නගර සභා නගර සීමාවෙන් වාර්තා වී ඇති බව එහි සඳහන් වේ.ගම්පහ, කළුතර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මහනුවර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රදේශ 55ක් අධි අවදානම් ප්‍රදේශ ලෙස සලකුණු කර ඇති අතර, එම දිස්ත්‍රික්කවල ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම අවදානම් කලාප ලෙස දෙහිවල, පිළියන්දල, හෝමාගම, කඩුවෙල සහ කොළොන්නාව ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, බියගම සහ දිවුලපිටිය ප්‍රදේශද අවදානම් කලාප ලෙස නම් කර ඇත. මේ සතියේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ඇතුළත් වී ඇත්තේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලටය. (daily mirror ඇසුරිනි)
පුදුම වෙන්න දෙයක්ද? පොඩ්ඩක් පාරවල් දිගේ ඇවිදලා බලන්න පාරෙ වෙළෙන්දො නිසා මොන තරම් පරිසරය අපිරිසිදු වෙලාද කියලා. ගාලුපාර දිගේම කාණු බ්ලොක් වෙලා. අපෙන් බදු අය කලාට නගර සභාවෙන් පිරිසිදු කිරීමේ කටයුතු කෙරෙන්නෙ නැ. පරිසරය අපිරිසිදු කරන අයට දඩයක් නියම කරන්න. දඩ ගෙවන්න බැහැ කිව්වොත් පැයක් දෙකක් පොදු ස්ථානයක් පිරිසිදු කරන්න කියලා දඬුවමක් නියම කරන්න. එහෙමයි වෙන රටවල් වල කරන්නෙ.
11
POSITIVE
ncpp_train_38472
ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පදිංචි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ දියණිය පවිත්‍රා රණතුංග සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ දියණිය රන්දුලා ගුණවර්ධන  එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය මෙහෙයුමේ තුන්වන ලේකම් ලෙස නිව්යෝර්ක් බලා පිටත්ව යනු ඇත.රාජ්‍ය ඇමති දුමින්ද දිසානායකගේ සහෝදරයා වන අමිල ඊ දිසනායක පැරීසියේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.ජනාධිපති ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  මොහාන් සමරනායකගේ දියණිය සුභාෂිනි සමරනායක වියානා ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.හිටපු නාවික හමුදා ප්‍රධානී සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහගේ බෑණනුවන් වන තුලසි සමරසිංහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර තිබේ.කලෙක රාජපක්ෂ රජයට හිතවත්වූ විපක්ෂ දේශපාලනඥ තිස්ස අත්තනායකගේ දියනිය දුල්මිණි අත්තනායක යහපාලන අවසන් කාලයේ 2019 ජූලි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස ලද පත්වීම නව රජය බලයට පත්වූ පසු අවලංගු වූ නමුත්නැවත සක්‍රීය කර තිබේ. 
ඒ ගොල්ලෝ සැබෑ දක්ෂයෝ නම් ලෝකේ ඕන තැනක වැඩ පෙන්වන්න පුළුවන්.ගෙදරට වෙලා ඉන්න ඕනේ නෑනේ. ගෙදරට වෙලා ඉන්නවා කියන්නේ ඒ ගොල්ලන්ටත් ලංකාවේ රජයේ ජොබක එල්ලුනේ නැත්නම් වැලේ වැල් නෑ කියන එක.
-18
NEGATIVE
ncpp_train_38473
සිය ජීවිතයෙන් හරි අඩකටත් වඩා ගිලන් ඇදහිදිමින් නවකතාවක් රචනා කර ඉන් ලැබූ ආදායමෙන් හුස්ම ගැනීමට අපහසු රෝගීන්ට වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කළ කැස්බෑව, මාකන්දන ප්‍රදේශයේ පදිංචිව සිටින විසිපස් හැවිරිදි තරුණියක වත පවනි මධුෂානි ගැන තොරතුරු සොයා ගියෙමු.කුඩාකල පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් පහ වසර දක්වා සිප්සතර හැදෑරූ අගය, ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලබා තිබේ. ඉතා දක්ෂ ලෙස අධ්‍යාපනයට උපන් හපත්කම් දැක්වූ පවනි මධුෂානි වසර 13 පමණ වනට අධ්‍යාපනයට අලස බවත් දක්වමින් දෛනික ක්‍රියාකාරකම්වල වෙනසක් දැක්වූ අතර ඒ පිළිබදව දිනක් පාසල් ගුරුවරුන්ද තමා කැඳවා දැනුවත් කළ බව පවනි මධුෂානිගේ පියා වන අශෝක ජයනාත් මහතා පැවසීය. දිනෙන් දින දෙදෙනික ක්‍රියාකාරකම්වලට අලස බවක් දැක්වූ පවනිට පළමුව ශ්වසන ආබාධයක් මතුවී පසුව ආහාර ගැනීමට සහ කතා කිරීමට ක්‍රම ක්‍රමයෙන් නොහැකිවූ අතර, දිනක් වෛද්‍යවරුන් හමුවී දියණියට ප්‍රතිකාර ආරම්භ කළද ඇයගේ රෝගී තත්ත්වය දිනෙන් දින උත්සන්න වූ බව ජයනාත් මහතා සදහන් කරයි. ඒ අනුව වසර කිහිපයක් ප්‍රතිකාර කළද ඇය සුවපත් කරගැනීමට නොහැකිවූ අතර, පසුව සිදුකළ වෛද්‍ය පරික්ෂණවලින් අයටදුර්ලභ ගරායේ රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු හඳුනා ගත්හ.එය BROWN VIALETT VAN LAEVE SYNDROME රෝග බවට හඳුනාගෙන තිබූ අතර, එම රෝගය ඉකුත් වසර සියයක පමණ කාලයක් තුළ දී ලොව පුරා රෝගීන් 58දෙනකුට පමණක් වැලදී ඇති බවත් ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු රෝගියා පවනි මධුෂානි බවත් වෛද්‍යවරු පවසා සිටියහ. ඒඅනුව දියණිය සුවපත් කරගැනීමට අශෝක ජයනාත් මහතා, බිරිද සහ බාල දියණිය නොගත් වෙහෙසක් නොමැත. එහෙත් බටහිර වෛද්‍ය ක්‍රමය තුළ මෙම රෝගයට ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති අතර, මේ වනවීට ඇයට දේශීය වෛද්‍ය ප්‍රතිකාර කරමින් පසුවේ. වසර 13ක් තිස්සේ ඇය දිවීගෙවන ගිලන් ඇඳක් මත වසන යන්ත්‍රයක ආධාරයෙනි. මේ හේතුවෙන් වසර දහතුනකට පෙර පියාට රැකියාවෙන් පවා ඉවත් වීමට සිදු විය.දියණියට වෛද්‍ය ප්‍රතිකාර කිරීම සදහා නිවසේ වාහනය ගිලන් රථයක් බවට පරිවර්තනය කර ගත. නිවසේ දැනට රැකියාවක නියළෙන පවනි මධුෂානිගේ මව පමණි. අධ්‍යාපනයට උපන් හපත්කම් දැක්වූ පවතිගේ හැකියාවන් පිළිබිඹු කිරීමට අවස්ථාවක් නොමැති තැන ගිලන් ආදී සිටිමින් තම සිතට නැගෙන සංවේදී සිතුවිලි "රුවල් නැවේ සතුට බෙදන චාරිකාව" නමින්  නවකතාවක් රචනා කිරීමට පවනි මධුෂානි  සමත් විය.ඒ අනුව තම නිර්මාණය අලෙවි කොට ලැබූ මුදල පොද්ගලික සුඛවිහරණය සඳහා යොදා නොගනිමින් පවති තීරණය කළේ, තමා නවකතාව අලවි කිරීමෙන් උපයාගත් මුදලින් රුපියල් දොළොස් ලක්ෂ හතළිස් දහසක මුදලක් වැයකර වක්රිප්ටර් යන්ත්‍රයක් මිලදී ගෙන එය ශ්වසන අපහසුතාවෙන් නිකවැරටිය මූලික රෝහල් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ  පරිහරණය සඳහා පරිත්‍යාග කිරීමට පවුල් තීන් පියවර ගෙන තිබුණි.(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න හා බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තෙරුවන් සරණයි! ඒ පොත මිලදී ගන්න ලින්ක් එකක් දැම්ම නම් තව අයටත් මේ පින්කමට සහභාගී වෙන්න පුළුවන්.
54
POSITIVE
ncpp_train_38474
හනුමාගෙ  කියා වැන්ද සිරිපාදෙ අසළ පාදයේ ඇඟිලි ළඟදි නෙළපුවා මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් නිවිෆෝක්මොර් වතුයායේ ශ්‍රිපාද රක්‍ෂිතයට ආසන්නයේ ගල්තලාවක් මත මතුවු පා සටහන් වල කොටසක් මෑතකදී නිර්මාණය කරන ලද බවත් කිසිදු පුරා විද්‍යාත්මක වටිනාකමක් නොමැති බවත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල් මහාචාර්ය පි.බි මන්ඩාවල පවසා තිබේ.ගලේ එක ලග තිබු ස්භාවික සටහන් දෙකෙන් එකක් මත කිසියමි පිරිසක් ඇඟිලි සටහන් නිර්මාණය කර ඇති බව හවුරවී ඇතැයි පවසන ඔහු මේ සමිබන්ධයෙන් එම ස්ථානයට ගොස් පරික්‍ෂා කළ පුරා විද්‍යා නිළධාරින් කණ්ඩායම ඡායාරූප සටහන් ලබාගත් බවත් අවසන් නිගමනයට එලැඹීමට තව දින කිහිපයක් ගතවනු ඇති බවත් පවසා තිබේ. එම පා සටහන් හනුමා දෙවියන්ගේ පා සටහන් බවට වතුකමිකරුවන් විශ්වාස කරමින් මේ වන විට එම ස්ථානයේ දිවා රාත්‍රී දෙකෙහිම පුද පුජා පවත්වනු ලබන අතර එම ස්ථානය දැක බලා ගැනිම සදහා තව දුරටත් දිනපතා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණෙමින් සිටින බවද කියැවිණි. මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු මෙම තේ වතුයායේ පිහිටි ගල් තලාව වෙත ගොස් කිසියම් අයෙකු කොටා සකස් කළ පාද සලකුනු දැයි සැකයක් මුලදී මතුවුවද ඒ වෙතට කිසිවෙක් නොයන බව වතුකම්කරුවන් එකහෙළා පවසා තිබුණි.නිව් ෆෝග්මෝර් තේ වතුයායේ කම්කරුවන් පිරිසක් මුලින්ම  මිනිසකුගේ දකුණු පාදයේ  පා සටහනක් සොයාගෙන පාසි සුද්ධ පවිත්‍ර කිරීමේදී වම් පාදයේ පා සටහනද හමුවූ බව දන්වා තිබූ අතර පසුව පුද පූජා ආරම්භ විය.
කවුරු හරි දැඩි කක්කා බරකින් මේ ගලේ පහරන්න ඉදගෙන තියෙන විත්තියක් තමයි පා සටහන් වලින් පේන්නෙ.
587
POSITIVE
ncpp_train_38475
වකුගඩු ආසාදනයක් නිසා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ ශල්‍යකර්මයකදී අත්වැරදීමකින් අක්‍රීය වූ වකුගඩුව මෙන්ම නිරෝගි වකුගඩුව ද ඉවත් කිරීමෙන් අනතුරුව පසුගිය 28 වැනිදා මියගිය වයස අවුරුදු තුනයි මාස තුනක් වූ පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පසුගිය 29 වැනිදා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය.කොටහේන ගුණනන්ද මාවතේ පදිංචි හම්දි ෆෂ්ලීම් නමැති දරුවා එලෙස මියගොස් තිබිණි. වෛද්‍ය නිර්දේශ මත පසුගිය දෙසැම්බර් 22 වැනිදා එම රෝහලට ඇතුළත් කළ සිය දරුවා දෙසැම්බර් 24 වැනිදා ශල්‍යකර්මයකට ලක්කළ බවත් එහිදී නරක්වූ වකුගඩුව මෙන්ම නිරෝගි වකුගඩුව ද ඉවත්කොට ඇති බවත් ඔහුගේ දෙමව්පියෝ පවසති. යළිත් වකුගඩුවක් බද්ධ කරන තෙක් රුධිර කාන්දුකරණය සිදුකරමින් මාසයකට ආසන්න කාලයක් රෝහලේ රඳවාගෙන සිටි සිය දරුවා වෛද්‍ය උපදෙස් මත නිවසට රැගෙන විත් විශේෂිත කාමරයක රඳවාගෙන රුධිර කාන්දුකරණය සිදුකරමින් සිටියදී පසුගිය මැයි 23 වැනිදා වෛද්‍ය පරීක්‍ෂාව සඳහා රෝහල් ගතකළ බවත් විෂබීජයක් ශරීරගතවී ඇති බවට ලැබුණු උපදෙස් මත එදින සිට නේවාසිකව ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී පසුගිය 28 වැනිදා දරුවා මියගිය බවත් දෙමාපියෝ පවසති.සිය දරුවා රෝගි වූ මුල් අවස්ථාවේ සිටම එක්තරා විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය යටතේ ඔහුට ප්‍රතිකාර ලබාදුන් බවත් පෙර කී සැත්කම ඔහු විසින් සිදුකිරීමට නියමිතව තිබුණත් යම්කිසි හේතුවක් නිසා ඔහු වෙනුවට ඔහුගේ සහායක ලෙස කටයුතු කළ වෙනත් වෛද්‍යවරයකු විසින් එම ශල්‍යකර්මය සිදුකර ඇති බවත් එම වෛද්‍යවරයාගේ අත්වැරදීම නිසා සිය දරුවා මියගිය බවටත් දෙමාපියෝ චෝදනා කරති. සැත්කම සිදුකළ වෛද්‍යවරයා මේ වනවිට සිය පවුල සමඟ විදේශගතවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මියගිය දරුවාගේ දෙමාපියෝ පවසති.ශල්‍යකර්මයෙන් පසුව සිය දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරයා හෝ අධීක්‍ෂණ විශේෂඥ වෛද්‍යවරයා කිසිදු අවධානයක් සිදුකර නොමැති බව ද මියගිය දරුවාගේ දෙමාව්පියෝ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අසල මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළහ.අධිකරණය විසින් සිදුකළ නියෝගය අනුව එම දරුවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (31 දා) පැවැත්වීමට නියමිතව තිබිණි.ඒ. ජේ. ඒ. අබේනායක, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන
හොදම මොළ කාරයන්ව රට එපා කරලා යවපල්ලා. සල්ලිවලට AL 3 පාර කරලා බැරිව රට ගිහින් ගත්ත එවුන් දුසින් ගනන් බලන් ඉන්නවා පත්විම් ගන්න. මොකද එවුන්ගෙන් 10% වත් ඇවිත් ලංකාවෙ විභාගෙ පාස් වෙන්නෙ නැති නිසා.රටටම කෙලවෙලා.සල්ලි මත්තෙ වැහෙන කිසිම සල්ලි තිබ්බට කොලිටි නැති එවුන් ආවහම තොපිට කෙලවෙලාම යයි
-45
NEGATIVE
ncpp_train_38476
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිකුරාදා (28) පැවැති අතර එහිදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය හිමි වූයේ, බන්ධනාගාරගතව සිටින සිවලිංගම් ආරූලන් මහතාටය. ඔහු විසින් රචනා කරන ලද “ආදුරු සාලෙයි” කෘතියට මෙම සම්මානය හිමිවීම විශේෂත්වයකි.  ඔහු වෘත්තිය වශයෙන් ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කළ අයෙකි.කොළඹ පිත්තල හන්දියේදී 2006 වසරේ එවක ආරක්ෂක ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වූ බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුමට සම්බන්ධ අයෙකු ලෙස නම් කර බන්ධනාගාරගතව සිටින ඔහු  බන්ධනාගාර ආරක්ෂාව යටතේ පැමිණ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය,අමාත්‍ය වීදුර වික්‍රමනායක මහතා අතින් සම්මානය ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.(ජයමාල් චන්ද්‍රසිරි)
අනෙ පලයං යකො යන්ය
-4
NEGATIVE
ncpp_train_38477
පූජ්‍ය මාවරලේ භද්දිය හිමි පසුගියදා පැවැත්වූ අනුශාසනාවකදී වර්තමාන කඨින පිංකම වාණිජකරණය වීම නිසා අත්ව ඇති විනාසකාරී තත්වය පැහැදිලි කරමින් අදහස් දැක්වූ අතර එහි උපුටනයක් මේ සමග පළවේ.“වර්තමාන කඨින පින්කම් දිහා බලලා බොහෝ ගිහියෝ ඇතිවෙලා තියන අසතුට කතා කරනවා.මොකද්දෝ අවුලක් පෙනෙමින් තියෙන නිසා පැවිදි භික්ෂූන් වහන්සේලා වන අප  අනිවාර්යෙන්ම පිළිගන්නවා වරදක් වන බව ඒක නිවැරදි කරන්න අපි මැදිහත් වෙන්න ඕන. මොකක්ද මේ කඨින චීවර පූජා ?මේ කඨින චීවර පූජාව ශාස්තෘ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් ආර්ය මහා සංඝයා කෙරෙහි ගෞරවයෙන් කරන උතුම් පින්කමක් බවට පත් කරගන්ට දැන් අපිට මැදිහත්වීමක් බරපතල ලෙස කරන්න කාලය ඇවිත්.මේ වඩම්මන් එනකොට හේවිසි ගහන මල්ලිලා ටිකක් හම්බු වුණා මං ඒගොල්ලන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරා අනේ සමා වෙලා ඔය නලාවෙන් සිංදු නං ගහන්න එපා කියලා. එක දවසක්  යනකොට නලාවෙන් ගහනවා ‘හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරගෙටා‘ එදා මගේ කකුල්  දෙක පණ නැතුව ගියා. මේ යකා මට කියන්නේ හරකා කියලද ගොනා කියලද?සහතික ඇත්ත මේ මිනිහට තේරුමක් නෑ. ධාතු කරඬුව ඉස්සරහින් යනවා. ඒ පිටිපස්සෙන් හාමුදුරුවරු මුතු කුඩ යටින් වඩම්මනවා. නළාව ගහන එකා වාදනය කරනව හනික යමන් පුල්ලි ගොනෝ මෙල්ල නොවී තරග ටා.‍බලන්ඩ එතන මොකක්ද? ශාස්තෘ ගෞරවය.එතන මොකක්ද? ධර්ම ගෞරවය එතන මොකක්ද ආර්ය මහා සඟ ගෞරව.තාලය අල්ල ගෙන බෙර ගහන මල්ලිලත් දෙකට නෑමිල ගහනවා ඉතින් එක එක විදිහට ගහනවා.ගහලා තමන් උපරිම වැඩ කරුවන් බව පෙන්වනවා. ඊට පස්සේ ඒකේ පොඩි කට් එකක් කපලා ආ ෆේස්බුක් දානවා. මේවා දිහා බලන් ඉන්නකොට අපිට අපි ගැන විශාල පසුතැවීමක් අති විශාල කලකිරීමක්.අද කඨින චීවරය වඩම්මන පෙරහැර අනවශ්ය දේවල් වලින් පිරුණු එකක් බවට පත්වෙලා මේක අපි නවත්තන්න ඕන.මේකට  පපරෙ ඩී ජේ කාවඩි ඕන නෑ.අද අපිට පේනවා මේවා මෙහෙම ගියොත්. මේ උතුම් පිංකම පිරිහිලා ම මිනිස්සුන්ට එපා වෙලාම යනව  නැතිව යනවා.මේක කවුරුත් ආණ්ඩුවේ නීති ගෙනල්ලා කඨින පෙරහැරේ ප්රමිතිය මේකයි කියල එකක් එහෙම බෑනෙ නේද දන්සල්වලට නම් එහෙම ප්රමිතියක් කවුද පීඑච්අයි මහත්තයා දෙනවා.කඨින පෙරහරට ප්රමිති දෙන්න එහෙම ප්රමිති ආයතනයක් නෑනෙ.දැන් මේවා අපි හදාගන්න ඕන සංවාද කරලනේ. අවුරුද්දෙන් අවුරුද්දට මේක ඇතුළේ විශාල නරක වල් නිර්මාණය වෙනවා. අපි මේ උතුම් පිංකම ගැන ගෞරවයක් නැති වෙනවා. අපේ මිත්රයෙක් කතා කරලා ඇහුවා. පැය විසිහතරක් කඨින සිවුර ගෙදර තියා ගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ලක්ෂයක් දෙන්න ඕන කියලා.ලැජ්ජ නැද්ද? මොකද්ද මේ?මොකක්ද ඒක? ගෙවල් දහයකට කඨින සිවුර යවල ලක්ෂ ලක්ෂ හොයන්න.මොකටද? අපි එච්චර පහත් තත්වයට වැටිලද?පන්සලට ආධාරයක් කවුරුහරි ගෙනවිත් දෙනවා නම් පන්සලේ චෛත්ය හුණු ටික ගාල දෙනවානම් බෝ ගහේ බෝධි ප්රාකාරය හුණු පිරියම් කරන එක වෙනම කතන්දරයක් නේ.හැබැයි මේ සිවුර අරගෙන ගිහිල්ලා ගෙදර තියාගෙන ඒකට ලක්ෂයක් ගෙවලා. බිස්නස් එකක්ද මේක?මට තේරෙන්නේ නෑ. මොකක්ද මේ කරන්න යන්නෙ.ඇයි අපි එච්චර පහත් තත්වෙට මේ උදාර පින්කමක් ඇදල දාන්නෙ. ඔය ඇත්තන්ට කවුරුහරි එහෙම කතා කරලා කිව්වොත් ඒ කතා කරලා කියන කෙනා ගිහියෙක් වුණත් කමක් නෑ. පැවිදි කෙනෙක් වුණත් කමක් නෑ කියන්ඩ. අනේ අපිට නම් ඒ වගේ බිස්නස් එකට සම්බන්ධ වෙන්න ඕන නෑ කියල කොන්ද කෙළින් තියාගෙන කියන්න.මේක අමුතු රැල්ලක් බහුතරයක් හාමුදුරුවන්ගේ ව්යාපාරයක් විය යුතු දෙයක් නෙමෙයි . හැබැයි ඉතාම අනුවණ වැඩ කරන සුළු පිරිසක් නිසා සමාජ ගතවෙමින් මේක අනිත් අයටත් ටික ටික බෝ වෙනව.බෝ වෙන මේක වෙන්න බෑ. ඒක නම් ඉතින් වෙනස් විය යුතුමයි නේද? කැමති වුණත් අකමැති වුණත් වෙනස් විය යුතුමයි.මැච් බලන අයට මේ කතාව හොඳටම තේරෙනවා. මොකක්ද අනාගතේ පින්කම් වලට වෙන්නෙ කියලා.කොන්දක් තියෙන හාමුදුරුවෝ ඉන්නවා. මේවට කැමති නෑ. මේ වෙන වැඩේ ගැන පුදුම කලකිරීමකින් ඉන්නේ.අසතුටකින් ඉන්නෙ. මෙහෙම ගියොත් අපි ඉවරයි කියන එක මම කියන්න කැමතියි.මෙහෙම ගියොත් කටිනෙට වෙන්නෙත් ශ්රී ලංකා ක්රිකට් වලට වෙච්ච දේ ම.මං අද කිව්වා කියලා ලියලා තියාගන්න ලියලා තියාගන්න.ශ්රී ලංකා ක්රිකට් ඉවර වුණෙත් මේ වගේම අනවශ්ය තරම් වාණිජ  වැඩක් බවට වෙළඳ වැඩක් බවට සූදු කාරයින්ගෙ වැඩක් බවට ගේම් කාරයන්ගේ වැඩක් බවට පත් කරලා ඒ ගොල්ලොන්ට වෙනම රැකවරණයක්. ඒක ඇතුලේ හොයාගන්න ඒගොල්ලන්ගේ සුරපුර ජීවිතය හදාගන්න මේක පාවිච්චි කරන්න ගියා. ක්රිකට් ඉවරවුනා. ඒකම කඨින ටත් වෙනබව. මෙහෙම ගියොත් මේක වෙනස් නොකළොත්.ඒකම කඨින ටත් වෙන බව මතක තියාගන්න. “
මේවාට මුල් තැන ගන්නේ උපාසක අම්මලා නෙවේ. පුරුදු පරිදි පිරිමි අය. රටේම තීරණ ගන්නේ, ගෙදර තීරණ ගන්නේ පිරිමි අය. කරුණා කරල දැන්වත් මෝඩයෝ වගේ තීරණ ගන්නේ නැතිව පිරිමි හිතලා බලලා තීරණ ගන්න.
1
POSITIVE
ncpp_train_38478
මාස දෙකක වයසැති තම කුඩා දරුවා හුස්ම හිරකර ඝාතනය කිරිමේ චෝදනාව යටතේ ලග්ගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කල  සැකකරුවෙකු අධිකරණයට යළි ඉදිරිපත් කිරීමෙන් පසු පෙරේදා(28) බන්ධනාගර නිලධාරින්ගෙන් මිදී පළා ගොස් ඇත. කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා නාඋල පොලිසියේ විශේෂ පොලිස් ඒකකයක් මගින් දින දෙකක මෙහෙයුමකින් (28,29) පසු නාඋල තුනේ කනුව ප‍්‍රදේශයේ කැලෑ ප‍්‍රදේශය දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ලග්ගල මාඔය හත්තොට අමුණ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක සැකකරු ඉකුත් ජනවාරි මස 16 වැනිදා ලග්ගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නාඋල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. නාඋල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සුරංග මුණසිංහ මහතා විසින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඉකුත් දා  (28) යළි ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබේ. පසුව සැකකරු ජුලි මස 02 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නාඋල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සුරංග මුණසිංහ මහතා නියෝග කරන ලදී. අධිකරණ කටයුතු නිමවා සැකකරු බන්ධනාගාර බස් රථය වෙත රැගෙන එන අතර තුරදී අධිකරණ භූමියෙන් පිටත නවති තිබූ බන්ධනාගර බස් රථයට ඔහු  රැගෙන යන අවස්ථාවේ දි බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී  සැකකරු පස්වරු හතරයි හතලිස් පහට පමණ අත් මාංචු ගලවාගෙන පාලාගොස් ඇති බව පොලිසිය කියයි. නාඋල පොස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාට ප‍්‍රදේශවාසියෙකු ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව මෙහෙයුම ක‍්‍රියාත්මක කර තිබේ. අත්අඩංගුවට පත් සකකරු අද(30) ලග්ගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. (නාඋල - ඉන්දික අරුණ කුමාර)
හැම දේකටම deshapalane ඇදලා අරගෙන ගොන් කමෙන්ට්ස් නොදා හිටපිය බූරුවෝ
-3
NEGATIVE
ncpp_train_38479
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍ර යෝෂිත රාජපක්ෂ පසුගියදා විවාහ ගිවිසගැනීමක්  සිදු කළ නමුත් තවම විවාහ මංගල උත්සවයක් පැවැත්වූයේ නැත. මේ අතර පසුගියදා කඩිමුඩියේ ජනාධිපති සිරිසේනගේ විශේෂ නියෝගයක් අනුව නාවික හමුදාපතිවරයා විසින් යෝෂිතව නැවතත් නාවික හමුදාවේ ලුතිනන් තනතුරේ පිහිටුවනු ලැබුවේ ඔහු නාවික හමුදා සේවයට යොමුවීමේ උවමනාවකට නොව යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් නාවික හමුදා ඇඳුම භාවිතා කිරීම හා නාවුක හමුදා සමාචාරයන් සිදු කිරීමට අවශ්‍ය බව දන්වා සිටීමෙන් එම ආසාව ඉෂ්ට කිරීම උදෙසා බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. මහින්ද රාජපක්ෂ ජනපති සිරිසේනගෙන් කළ පුද්ගලික උපකාරයක් ලෙස මෙය ඉටු කරදී ඇත.  තව නොබෝදිනකින් යෝෂිතගේ විවාහ මංගල්‍යය උත්සවාකාරයෙන් පවත්වනු ඇති බවටද ආරංචි පවතී.
අනුර කිව්වේ?
5
POSITIVE
ncpp_train_38480
පිරවුම්හලක තෙල් නළ සවිකර ඇති කුඩා කුටියකට බැස කුටිය සුද්ද කරමින් සිටි පුද්ගලයකු ඊයේ (28දා) සේවා ස්ථානයෙන් තෙල් ගසාගෙන ඉදිරියට ආ වෑන් රථයකට ඉහළ හිස ප්‍රදේශය ගැටීමෙන් බරපතළ ලෙස බෙල්ලට හානි සිදුවී ලේ වහනය වීමෙන් එම ස්ථානයේදීම මිය යෑමේ අවාසනාවන්ත සිද්ධියක් කන්තලේ පොලිසියෙන් වාර්තා විය. මියගොස් ඇත්තේ කන්තලේ පරාක්‍රම මාවතේ පදිංචිව සිටි එච්.එම්. ඩිරාන් විමලරත්න (26) නම් තරුණයෙකි. මියගිය අය සිය සේවා මුරය නිමවී මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය නිසා අපවිත්‍රවී ඇති පෙට්රල්  නළ සවි කිරීමට අඩි 4ක් පමණ වූ කුටියට බැස කුටිය සුද්ද කරමින් සිට ඇත. එම අවස්ථාවේ ඊට අඩි 10ක් පමණ අෑතින් වූ වාහනයක් තෙල් ගසාගෙන මරණකරු සිටි කුටිය උඩින් ගමන් කර ඇත. එම අවස්ථාවේ වළෙන් උඩ තිබූ බෙල්ලෙන් ඉහළ කොටස වාහනයේ ගැටීමෙන් මරණය සිදුවී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි. අනතුර සිදුකළ පුද්ගලයා තඹලගමුව මීරානගර්හි එස්.එම්. සාෆි නමැත්තෙකි. හෙතෙම සිද්ධිය සිදුවීමෙන් පසු සිය රථයෙන්ම එම ස්ථානයෙන් පිටව ගොස් ඊළඟ පොලිස් ස්ථානය වන අග්බෝපුර පොලිසියට බාරවී  ඇත. මියගිය අය අසලම ඇති කන්තලේ මූලික රෝහල කරාගෙනයන විටද මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය. රථයේ හිමිකරු අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය. කන්තලේ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.පී.බී. විජේසිරි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලකරත්න මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් සැරයන්වරුන් වන පෙරේරා (26317), සුනිල් (33307), ප්‍රේමරත්න (36761) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති. කන්තලේ - ඩබ්.එම්. වික්‍රමසිංහ
එක පාරට පොලවෙන් තව එකෙක් මතුවෙනව දකින්න ඇති... ඒකයි හප්පන්න ඇත්තෙ...🤣
41
POSITIVE
ncpp_train_38481
පසුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ගැටුමකට මුලපුරන්න උත්සාහ දැරූ අන්තවාදී මුස්ලිම් මතදාරී තරුණ පිරිසක් මේවනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ. මාවනැල්ල පොලිස් වසමේ ස්ථාන කීපයකදී බුද්ධ ප්‍රතිමාවලට මිටිවලින් පහරදී හානි කිරීම ඔවුන් සිදු කර තිබුණි. අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන සැකකරුවන් හය දෙනකු ඊයේ (27දා) වනවිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මාවනැල්ල ළිඳුලවත්ත මංසන්ධියේ තිබූ බුද්ධ ප්‍රතිමාවකට පහරදෙමින් එය විනාශ කරමින් සිටි දෙදෙනාගෙන් කෙනෙකු ගම්වැසියන් අල්ලා ගස් බැන්ද පසු ඔහු සිදු කළ පාපොච්චාරණය අනුව අනෙක් සැකකරුවන් අල්ලාගන්නට හැකිවූ අතර කළුගල්ල මාවතේ හෝටලයක සේවය කරමින් සිටියදී එක් අයෙකු අත්අඩංගුවට පත්වූ අතර දෙදෙනෙකු කෑගල්ල පොලිසියට පැමිණ භාර වූ බවද පොලිසිය කියයි. මෙම සිද්ධිදාමයට අදාළ ප්‍රධාන සැකකරු මේවනවිට සැඟව සිටින බවද වාර්තාවේ. ගස් බැඳ පොලිසියට භාර දුන් පුද්ගලයා දැනට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් හය දෙනා ඉකුත් 23දා රාත්‍රි මාවනැල්ල පොලිස් වසමේ රන්දිවෙල හා හිඟුල, මහන්්තේගම යන ප්‍රදේශවල මංසන්ධි දෙකක ඉදිකර තිබූ බුද්ධ ප්‍රතිමාවලට යතුරුපැදිවලින් ගොස් යකඩ මිටිවලින් පහරදී ප්‍රතිමාවලට අලාභහානි සිදු කර තිබිණි. අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු ප්‍රකාශ කර ඇත්තේ තමන් කුරාණය නමැති පොත කියවා ඇති බවත් එහි අල්ලා දෙවියන් හැර මේ ලෝකයේ වෙනත් කිසිවකු නොමැති බවත් ඒ හේතුවෙන් මෙලෙස බුදු පිළිම විනාශ කිරීමට සිතූ බවත්ය. අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ නිවෙසක තිබී බුදු පිළිම විනාශ කිරීමට යොදා ගත් මිටියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි. මෙම සැකකරුවන් පිරිස අන්තවාදී කල්ලියක සාමාජිකයින් බව වාර්තාවන අතර දැනට සැඟව සිටින ප්‍රධාන සැකකරු ඔහුගේ මාවනැල්ල පිහිටි නිවසට අනෙක් අය ගෙන්වා පන්ති පවත්වා මේ ආකාර විනාශ සිදු කරන ආකාරය ඉගැන්වූ බවත් ඔහු කියන දේවල් කිරීමට තමන් පෙළැඹුනේ ඒ නිසා බවත් අත්අඩංගුවට පත්වූ අය පවසා තිබේ. කෙසේ වෙතත් මේ ගැන පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන්ගේ අන්තවාදී අදහස් නිසා මාවනැල්ල මුස්ලිම් පල්ලිය මගින් ඔවුන් නෙරපා හැර තිබූ බවයි. තමන්ගේ මතය දරන වෙනම කණ්ඩායමක් සකසා ගැනීමට පසුව ඔවුන් පෙළැඹි ඇති බවද වාර්තා වේ. ප්‍රධාන සැකකරු සෙවීම සඳහා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වෙනුවෙන් මාවනැල්ලට පිටත් කර යවා ඇති බවද වාර්තාවේ.
ජෙසු තුමන්ගේ පැමිණිමත් සමග බයිබලයේ පරණ ගිවිසුම අහෝසි වී නව ගිවිසුම ඇති වනවා. වත්මන් කතෝලික සභාවේ ගොඩ නැගීම ජෙසු තුමන්ගේ නව ගිවිසුමේ ඉගැන්ව්ම් මතයි. එහි හරය ආදරය හා සාමයයි.
21
POSITIVE
ncpp_train_38482
සෝමරත්න දිසානායක මහතාගේ ‘සිංහබාහු‘ චිත්‍රපටයේ රූගත කිරීමකට සම්බන්ධ වී වාහනයක ගමන් කරමින් සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ ප්‍රවීණ සිනමා නළු ජැක්සන් ඇන්තනි තවමත් අසාධ්‍ය තත්වයේ පසුවේ.ඔහුට සුවය පතා මේ වනවිට විවිධ ආගමික වතාවත්ද කලාකරුවන් සිදුකරමින් සිටී. ඔහු අනතුරින් පසු කොළඹට රැගෙන විත් ශල්‍යකර්ම කිහිපයකට බඳුන්කර ඇති අතර ස්නායු ශල්‍යකර්ම සිදුකර ඇති නිසා ඔහුගේ තත්වය සුව අතට හැරීම ප්‍රමාද වන බව හෝ සුවය ලබන ස්වරූපය අවිනිශ්චිත වන බව වෛද්‍යවරු පවසා තිබේ.අනතුරින් පසු ජැක්සන් ඇන්තනී මහතා සැලකිය යුතු මට්ටමකින් සුවය ලබා සිටි අතර නැවත වරක් සිහිසුන්ව ඇති බවත් මේ වන විට ස්වසන යන්ත්‍ර පද්ධතියක ආධාරයෙන් ප්‍රතිකාර ලබාදෙන බවත් ඔහුගේ තත්වය රූපවාහිනියට විස්තර කරමින් සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා පැවසීය. සාකච්ඡාවකට එකතු වෙමින් සෝමරත්න දිසානායක මහතා මෙසේ කීය.“ශල්‍යකර්මයට පස්සේ ජැක්සන්ට සිහිය ආවා.ඔහු මා එක්ක කතා කළා. මගේ චිත්‍රපටිය ගැනත් කතා කරා. එක සම්පූර්ණ කතාවක් නෙමෙයි.ඔහු පුළුවන් විදිහට කතා කළා. එහෙන් මෙහෙන් බට ගහලා නිසා ජැක්සන්ට හරියට කතා කර ගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ කිව්වේ මට ඉන්නේ එක සිංහයයි ඒ සිංහයා නැගිටලා එනකම් මම බලාගෙන ඉන්නවා කියලයි. ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස් දෙකට කඳුළු ආවා මාත් මගේ කඳුළු පාලනය කරගෙන හිටියා. මට තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර හොඳට සිහිය ආපු ජැක්සන්ට ආයෙ සිහිය නැතුව ගියා.දැනට ජැක්සන් සිහිසුන්ව තමයි ඉන්නේ.දැනට ඔහු හුස්ම ගන්නේ ස්වසන යන්ත්‍ර ආධාරයෙන්.ඒක ඒ තරම් සුව තත්ත්වයක් කියලා අපි හිතන්නේ නැහැ”   
නිකං ගොන් කතා කියන්න එපා වන අලි ප්‍රහාරයක් වෙන්නේ කොහොමද කැබ් ඒක ගිහින් ඒ අසරණ සතාව හප්පලා පව් අසරණය
3
POSITIVE
ncpp_train_38483
ඉන්දියාවේ සෝකේෂ් චන්ද්‍රසේකර යන අය සම්බන්ධ මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයකට අදාළව ශ්‍රී ලංකා සම්භවය සහිත නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ ප්‍රකාශයක් ලබාගත් බව ඉන්දීය පොලිසිය සඳුදා මාධ්‍ය වෙත දන්වා තිබේ. ඇය ඊයේ උදෑසන 10.30 ට පමණ පොලිස් මූලස්ථානය වෙත පැමිණි බවත් මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස 36 හැවිරිදි නිළිය දිල්ලියේදී පැය 4 ක් සාක්ෂි ලබාදුන් බවත්  මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ඇයව කැඳවා තිබූ බවත් වාර්තාවේ.  කෝටි ගණනක කප්පම් ගැනීමේ ජාවාරමක චූදිතයෙකු වන චන්ද්‍රසේකර සම්බන්ධ ආන්දෝලනයක් මෙම දිනවල ඉන්දියාවේ පවතින අතර ඊට එරෙහිව සිදු කෙරෙන මුදල් විශුද්ධිකරණ විමර්ශනය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුව ඇත.සෝකේෂ් චන්ද්‍රසේකරට අයත් නිවාසයක් ලබාගැනීමට ජැක්ලින් සිය පෙම්වතා සමග සම්බන්ධවී සිටීම හා ඇතැම් මුදල් ගනුදෙනු ඇගේ හා ඔහුගේ බැංකු ගිණුම් අතර පැවතීම මෙම ප්‍රශ්න කිරීමට හේතුවයි. මලයාලම් නිළියක වන ලීනා මරියා පෝල්ද මෙම නඩුවට අදාළව ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.පසුගිය සතියේ චන්ද්‍රසේකරගේ පරිශ්‍රයන් කිහිපයක් වටලන්නට පොලිසිය කටයුතු කර තිබුණි. චෙන්නායි හි මුහුදට මුහුණලා තිබූ බංගලාවක්, රුපියල් ලක්ෂ 82.5 ක මුදල් සහ සුඛෝපභෝගී කාර් දුසිමකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ රුපියල් කෝටි 200 ක පමණ මුදලක් වංචා කිරීම සහ කප්පම් ගැනීම යන චෝදනා යටතේ දිල්ලි පොලිසිය විසින් ඔහුට එරෙහිව විමර්ශන සිදු කරයි.අවුරුදු 17 සිට අපරාධ ලෝකයේ කොටසක් වී සිටින පාතාල නායකයෙකු බව කියන චන්ද්‍රසේකර දැනට ඉන්දියාවේ රෝහිණී බන්ධනාගාරයේ සිරගතව සිටියි. (ඉන්දියා ටුඩේ ඇසුරිනි)
සල්ලි තියෙන ඕනම ප ර යෙක් එක්ක ලගින බඩු. කාලයක් බහරේන් Prince කෙනෙක් එක්ක හිටියා. හින්දි නලුවොම කී දෙනෙක් ද? හපෝයි මෙහෙමත් බාල ශරීර. ලස්සන කන්න ද?
29
POSITIVE
ncpp_train_38484
රජයේ නිලධාරීන්ට අපහාස කරන  රන්ජන් මර්වින්ට අන්තයි  - මහින්ද කියයි පසුගියදා නි.ඇමති රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තුමියට බැණ වැදුණ සිද්ධිය මේ වනවිට දුරදිග ගොස් තිබේ.මේ ගැන ජනපතිගේ අවධානයද යොමුව ඇති අතර සිද්ධියට මැදිවූ දෙදෙනා ජනපති මන්දිරයට කැඳවා මුණගස්වා බේරුම් කිරීමට යන ආරංචියක්ද වාර්තාවේ. මේ අතරවාරයේ කැස්බෑවේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය අමතා ඒ ගැන මේ ආකාරයට ප්‍රකාශ කර තිබේ. ‘රන්ජන්ගේ අපහාස කිරීමට සම්පූර්ණ විරෝධය පළ කරනවා. ප්‍රාදේශීය ලේකම්ල මං හිතන් නෑ නිහඩව ඉඳී කියලා. රජයේ සේවකයන්ට එහෙම අපහාස කරන්න කිසිම දේශපාලනඥයෙකුට කිසිම අයිතියක් නෑ. මෙයා මර්වින් සිල්වට අන්තයිනෙ බලන කොට‘
රන්ජා මැදිහත් නොවෙන්න මෙතන මරියානා අාගාධයක් කරලා නවත්තන්නේ. පුදුම පස් කැපිල්ලක් කැපුවේ. අපි මේ ගැන මෙතුමිය හම්බවෙලා කීප වතාවක් කිව්වා. අපිට කරන්න දෙයක් නැහැ කියනවා. අරයා මෙයා කරන්නේ කියනවා. මේ නිලධාරින්ට කියන්න හරියට කරන්න බැරිනම් ගෙදර යන්න කියලා.
106
POSITIVE
ncpp_train_38485
අද 31 උදෑසන රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය  තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලනයෙන් මුදවා ගැනීම ගැන විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ. රංජන් රාමනායක සහ නවීන් දිසානායක ඇමතිවරුන් පෙන්වාදී ඇත්තේ හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ වූ බවත් ක්‍රිකට් පරිපාලනයට ව්‍යාපාරිකයන් සහ බුකිකරුවන් වෙනුවට එයට ළැදි මුදල් බල අරමුණු නැති ක්‍රිකට් වලට ආදරය කරන පුද්ගලයින් වෙත පත් කළ යුතු බවත්ය. එහිදී එවැනි අය ලෙස කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි නම් යෝජනාවී තිබේ. මෙම අදහසට අගමැති රනිල්ද එකඟවී ඇති අතර සඳුදා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ යෝජනාව යොමු කර කැබිනට් මණ්ඩලය මගින් අවශ්‍ය වෙනස්කම් සිදු කරගැනීමට හැකි බවද දන්වා ඇත.
Charlie austins boy!!
43
POSITIVE
ncpp_train_38486
ජනපති වෙබ් අඩවිය හැක් කරද්දී ලෝකල් අයීපී එකක් අතපසුවීමෙන්හර්ෂණ හා ජනිත් කොටුවුණ හැටි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය වෙත අනවසරයෙන් ප‍්‍රවිෂ්ට වී තොරතුරු ඇතුළත් කළ සිද්ධියට අදාළව තරුණයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු මීට අදාළ තොරතුරු රැසක් අනාවරණයවී තිබේ. අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි හර්ෂණ ශ‍්‍රීමාල් නමැත්තෙකි. ඔහු මින් ඉහත මෙවැනි වෙබ් අඩවි 7 කට අනවසර ප‍්‍රවිශ්ටයන් සිදු කළ බව පවසා ඇත. ඔහුට මේ සඳහා තාක්ෂණික උපදෙස් සැපයූ බවට හඳුනාගෙන අත්අඩංගුවට පත් දෙවන සැකකරු ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකි. ඔහු කටුබැද්ද, මොරටුව පදිංචි කරුණානායකගේ ජනිත් මධුසංඛ නමැති 27 හැවිරිදි තරුණයෙකි. අ.පො.ස. උසස් පෙළ විභාගය අපේ‍්‍රල් මාසයේ නොපවත්වන ලෙසත්, විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන ලෙසත්, ජාලගත පරිගණක ප‍්‍රහාරයක් එල්ල විය හැකි බැවින් එයින් ආරක්ෂා වන්නට නොහැකි නම් ජනාධිපතිතුමාට ඉල්ලා අස්වන ලෙසටත් තර්ජනාත්මක නිවේදනයක් ඇතුළත් කර ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදීම හැක් කිරීම 2007 අංක 14 දරන පරිගණක අපරාධ පනතේ වගන්ති 3, 4, 5, 6, 7, 8 සහ 9 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුව පාසල් සිසුවා මාකොළ රැඳවුම් නිවාසයේත්, 27 හැවිරිදි තරුණයා රිමාන්ඞ් භාරයේ තැබීමටත් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළා. මෙම සැකකරුවන් දෙදෙනා විදෙස් සැකකරුවකුගේද සහාය ඇතිව මේ අපරාධය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වන බව රහස් පොලිසිය බී වාර්තාවක් මගින් දන්වා ඇත. මෙම හැකර් ප‍්‍රහාරයට අදාළ අයිපී අංක කිහිපයක් විදේශයන් හි සිට භාවිතා කර ඇති අතර වැරදීමකින් එක් අංකයක් මෙරටදී භාවිතා කර තිබූ නිසා ඒ ඔස්සේ කළ විමර්ශනවලින් මොවුන්ව අල්ලාගෙන ඇත. ලංකාව තුළ වෙබ් අඩවි 37කට අධික ප‍්‍රමාණයකට අනවසර ප‍්‍රවිෂ්ටයක් ලබාගෙන දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් මොවුන් පවත්වා යන ඇරෝ එල් කේ නමැති ෆෙස්බුක් කණ්ඩායම් ගිණුම හඳුනාගත් බව පොලිසිය දන්වා සිටී. එම ගිණුම මෙන්ම යකඩයා ෆොර්ම් නමැති වෙබ් අඩවි ෆෝරමය ඔස්සේ හැක් කිරීමට අදාළ තොරතුරු හුවමාරු කරගැනිමට මොවුන් කටයුතු කර ඇත. එමෙන්ම, මෙම කණ්ඩායම රතු උකුස්සා, සුමේධ ජනවිජය, කොයාහැකර් නමින් තවත් ෆෙස්බුක් දත්ත පිටු හා වෙබ්අඩවි කිහිපයක් පවත්වාගෙන යමින් අන්තර්ජාලයේ වෙබ් අඩවි වෙත අනවසර ප‍්‍රවිෂ්ට ලබා ගැනීම ගැන සාකච්ඡා පවත්වමින් සිට ඇත. මෙම සිද්ධියේ සැකකරුවකු වන පාසල් සිසුවා මේ අකාරයෙන් තවත් වෙබ් අඩවි 7කට ඇතුළුවී කරුණු විකෘති කිරීම් වල යෙදී ඇත. පාසලේ උසස් පෙළ හදාරණ අතරවාරයේ හර්ෂණ ග‍්‍රැෆික්ස් යනුවෙන් ව්‍යාපාරයකටද අතගසා සිටින ඔහු අන්තර්ජාලය ඔස්සේ එය පවත්වා යමින් විවිධ ස්ක‍්‍රිප්ට්ස් වැඩ හා ග‍්‍රැෆික් වැඩ සිදු කරමින් මුදල් ඉපැයීමේ කටයුතු වලද යෙදී ඇත. මෙම තරුණයන් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන ඇත්තේද අන්තර්ජාල ෆොරමයකින් වන අතර පසුව එකිනෙකා දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කර ජනපතිගේ වෙබ් අඩවිය හැක් කිරීමේ කාර්යය උපායශීලීව සිදු කරන ආකාරය කථිකා කරගෙන එය සිදු කර ඇත. එක් අයීපී ලිපිනයක් අතපසුවීම නිසා ඔවුන් පොලිසියට හසුවූයේ පැය 48 ක් යන්නට ප‍්‍රථමයෙනි.
බඩු ලාල, හාමුගෙ ගාඩ් කෙනෙක්ගෙන් අහල තිබුනා හැක් කරනකම් බලන් හිටියේ මොකද උබලා අඩුගානේ කදුලු ගෑස් ගහලා හරි උන් දෙන්නව එලවන්න තිබ්බනේ ඕක කරන්න කලින් කියලා
22
POSITIVE
ncpp_train_38487
ඊයේ පවත්වන්නට යෙදුණ දෙරණ සිනමා උළෙලේ තමන්ට අසාධාරණයක් සිදුවූ බව දක්වමින් රංගන ශිල්පිණී දුලීකා මාරපන සටහනක් තබා තිබෙයි. ඇය පවසන්නෙ තමන්ට ආරාධනා පත්‍ර එවා තිබුණත් උත්සවයේ සංවිධානයේ දෝෂ හේතුවෙන් අසුන් ගන්නට තැනක් නොවූ බවත් තමා හා සැමියා මේ නිසා අපහසුතාවට ලක්වූ බවත්ය. ඇගේ සටහන පහතින්
අනේ ලොල් ලාල් උඹ ගොසිපේ බලු වෙන තරම... වැලලියන්....
2
POSITIVE
ncpp_train_38488
කවුද මේ ගිහානි වීරසිංහ කියන්නේ. කලක්‌ ගුරුවරියක්‌, පසුව ගුවන් විදුලි නාලිකාවක ව්‍යාපාරික කළමනාකාරිනියක්‌. අන්තිමේ ඇය නිළියක්‌. නිළියක්‌ කොහොමද පොදුරද මඬුලු උළෙලට ගියේ. ගිහානි මේ ගැන පුවත්පතකට පවසා තිබෙන්නේ මේ ආකාරයටයි. ‘මම කේම්බ්‍රිඡ් සුදුසුකම් ලාභිනියක්‌ විදිහට ගුරුවරියක්‌ විදිහට ලයිසියම් ජාත්‍යන්තර පාසලේත්, ඊට පසුව පාසල් කිහිපයක ගුරුවරියක්‌ විදිහට සේවය කළා. ඊට අමතරව ඉංග්‍රීසි කථන ගුරුවරියක්‌ විදිහට නිවසේ සිට කටයුතු කළ අතර, ACBT ආයතනයේත් පන්ති පවත්වාගෙන ගියා.  ඊට පසුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක කළමනාකාරිනී ප්‍රධානියෙක්‌ විදිහට සේවය කළා. එහිදී මම වසර හතරක්‌ විතර එම තනතුර දැරුවා. 2015 දී සිදුවුණු ආණ්‌ඩු පෙරළියත් එක්‌කම සමහර දේශපාලන කාරණා හින්දා මම එම මාධ්‍ය ආයතනයෙන් ඉවත් වුණා. ඊට පසුව තමයි රඟපෑමට ආරාධනා ලැබෙන්නේ.  ඊට පසු මම ටෙලි නාට්‍ය ගණනාවක රගවෑවා. පසුව මම ආන්‍යා කියලා මගේම නිෂ්පාදනයක්‌ කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මම.  පෑනේ තිබෙන හයිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳව කතාවක්‌ මුල්කරගෙන තමයි ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ.  මම තමයි මේ දවස්‌වල බයිට්‌ එක. සයිබර් අවකාශයේ බයිට වෙලා තියෙන්නෙ. ගිහානි වීරසිංහ, අන්තර්ජාලයෙ සහ මුහුණු පොතේ ගිහානිට නම් කිහිපයක්‌ පටබැඳල තියෙනවා. එක නමක්‌ තමයි ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශිකාව. අනෙක්‌ නම තමයි ආයෝජන දූතිකාව. තවත් නමක්‌ අලුතෙන් නිර්මාණය වෙනවා. මම හිතන්නේ ඒ නම් දෙක නෙගටිව් නම් දෙක වෙලා දැන් ඇවිත් තියෙනවා සුදුබෝල අක්‌කා කියලා. මෙවැනි අන්වර්ථ නාමවලින් මේ දවස්‌වල මාව හඳුන්වනවා. මම තමයි සමාජජාලාවල ඉන්න හිට්‌ චරිතය. මේ කතා කරන මොහොත වෙනකොට (26 වැනිදා) පැය 72 ක්‌ වෙනවා ඇත්තටම මාව නැවත නැවතත් කෙළෙසනවා.  මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමාජ ජාලාවල එක්‌ එක්‌ කාලවලට නැගලා එන තරුවක්‌ විදිහට බැහැල යන්නේ නැතිව කාටවත් මාව දේශපාලනික හෝ සමාජමය වශයෙනුත් වෙනත් ඕනෑම දෙයකට මාව පාවිච්චි කරන්න ඉඩ නොදී මට මේ සිදුවුණු අසාධාරණය තවත් කාන්තාවකට සිදුවන්න ඉඩ දෙන්නේ නැතිවෙන්න මම සටන් කරනවා. මට සිද්ධවුණේ අසාධාරණයක්‌. මම නිර්දෝෂයි. මේ අවස්‌ථාවේ මම පට්‌ට නිර්දෝෂයි. නමුත් මට ඉතාමත් සාවද්‍ය විදියට චෝදනා එල්ල කළා. සයිබර් අවකාශය තුළ මාව ගණිකාවක්‌ කළා. ඒ වගේම රටේ නායකයාව සල්ලාලයෙක්‌ කළා. මීට වඩා හොඳයි මම සියදිවි නසා ගන්නවා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මෙවැනි දෙයක්‌ තවත් කාන්තාවකට සිද්ධ නොවන්න මම සටන් කරනවා. පොදු රාජ්‍ය මණ්‌ඩල මහා සමුළුවේ ආයෝජන ප්‍රවර්ධන සැසියට මම සහභාගි වුණා. ඒක සහ ලන්ඩන් ගමනේදී සිදුවුණ සිදුවීම් මම සහ මගේ සැමියා විසින් අන්තර්ජාලයට මුදාහල ඡායාරූප සහ වීඩියෝ පට නිසා තමයි මේ වාගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ. අප මේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරියේ ඒවායේ කිසිදු රහස්‍යභාවයක්‌ සහ අසභ්‍යත්වයක්‌ නොතිබුණු නිසයි. අපිට ඒකට පූර්ණ අයිතියක්‌ තියෙනවා.  සමාජ ජාලවලට කලින් රූපවාහිනී නාලිකා දෙකක්‌ අපේ පෞද්ගලික ගිණුම්වල තිබුණු වීඩියෝවක්‌ අරගෙන ඔවුන්ගේ බ්‍රේකින් නිවුස්‌වල ප්‍රචාරය කරලා තියෙනවා. ඔබ බලන්න ලංකාවේ නිවුස්‌ ප්ලාන්ට්‌ කරන විදිහ. මේක තමයි ලංකාවේ මාධ්‍යයේ ක්‍රියාදාමය. ඇත්ත සිද්ධිය මීට වඩා හාත්පසින්ම වෙනස්‌. 2018 පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායකයන්ගේ සමුළුවට සමගාමීව පවත්වනවා ආර්ථික සැසිවාරයක්‌. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගලික ව්‍යවසායකයන් සහභාගි වෙනවා. හැම අවුරුද්දකම පවත්වන මේ සමුළුවේදී ඒ දේ සිද්ධ වෙනවා. මේක ව්‍යාපාරික සමුළුවක්‌.  ශ්‍රී ලංකා යුරෝපා යූනියන් බිස්‌නස්‌ කවුන්සිල් කියන ආයතනයෙන් තමයි මම සහභාගි වුණේ. ඒ ආයතනයේ සභාපතිවරයා විදිහට මගේ සැමියා කටයුතු කරනවා. මම මීට කලින් සඳහන් කළ මගේ පෙර වෘත්තිය වුණේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර කළමනාකාරී අංශය කියලා. මට හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතාවක්‌ තිබුණා. මට හොඳ මාර්කටින් නෙට්‌වර්ක්‌ එකක්‌ තිබුණා. ඒ දක්‍ෂතා අනුව මගේ සැමියා මේ ආයතනයේ වයිස්‌ ප්‍රසිඩන්ට්‌ පබ්ලික්‌ රිලේෂන් කියලා තනතුරක්‌ ලබා දෙනවා. ඊට පස්‌සේ මම ඇතුළු තවත් හතරදෙනක්‌ (හයදෙනකුගේ කණ්‌ඩායමක්‌) අපේ පෞද්ගලික වියදමින් එංගලන්තය බලා යනවා එහි සිටිය ආයෝජකයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට. එහි සිටින ආයෝජකයන්ගේ අවශ්‍යතාවය වන්නේ ලංකාවේ ටෙන්ඩර් දමා ඉදිරිපත් කරන ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න. ඔවුන්ට අවශ්‍ය වෙනවා ඒ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න. මේ නිසා ඔවුන් අපිව ඒ රටට ගෙන්වා ගන්නවා. ඉතිං අපි ඔවුන් සමඟ මේ ආර්ථික සැසිවාරයට සහභාගි වෙනවා. එතකොට අපි මේ සැසියට සහභාගි වෙන්නේ පෞද්ගලික වියදමින්. අපිට වීසා හම්බවෙන්නේ දවස්‌ පහක්‌ වැනි ඉතාමත් කෙටි කාලයකම කාලයක්‌ ඇතුළත. අපි වීසා ලබා ගන්නේ ආයෝජකයන්ගේ ආරාධනා පත්‍රය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරල විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් වීසා ලබා දෙනවා. මෙන්න මෙතැනදී විතරයි ජනාධිපති ලේකම් කාර්යාලය වීසා ලබා ගැනීමේ පටිපාටියට සහභාගි වෙන්නේ. ආර්ථික සැසිවාරය තිබුණේ නැත්නම් අපිට වීසා ලබා ගැනීමට හැකි වන්නේ නෑ. එතැනදී ආයෝජනයක්‌ ලැබුණා නම් සමාගමක්‌ විදිහට අපිට කොමිස්‌ මුදලක්‌ ලැබෙනවා. ඕක තමයි සරල සිද්ධිය.  ජනාධිපතිතුමා රැස්‌වීම් තුනකට සහභාගි වෙනවා. එක්‌ රැස්‌වීමක්‌ තමයි එරට සිටින ව්‍යාපාරික ප්‍රජාව. අනෙක්‌ රටවල ව්‍යාපාරික ප්‍රජාව සහ මෙරටින් ගිය ව්‍යාපාරික ප්‍රජාව ඇමතීම. ඒ රැස්‌වීම්වලට අපි සහභාගි වෙනවා. එතැනදී ගන්නා ඡායාරූපයක්‌ තමයි වයිරල්ගත වෙලා සමාජ මාධ්‍ය ජාලය කතාවක්‌ හදන්නේ. එතැන හිටපු සියලුම දෙනා ජනාධිපතිතුමා සමඟ විතරක්‌ නෙමෙයි ඇමැතිවරුන් සමඟ පවා පින්තූර අරගත්තා. ඒ පින්තූරත් මාධ්‍යයට යනවා. එතකොට අපි නැවතිලා හිටියේ ජනාධිපතිතුමා නැවතිලා හිටපු හෝටලයේමයි. හැබැයි අපේ පෞද්ගලික වියදමින්. මේ සඳහා අපිට වියදම් කළේ අපිට එහෙට එන්න කියලා ආරාධනා කරපු ආයෝජකයෝ. ඔය අතරතුර ඩිලාන් අමාත්‍යවරයා, ලක්‍ෂ්මන් අමාත්‍යවරයා වගේ තවත් හිටපු අමාත්‍යවරයෙක්‌ ඒ හෝටලයට ඇවිත් ගියා ජනාධිපතිතුමාව මුණ ගැසීමට. අපි කාරණාව ඇත්තටම මොකද්ද කියන්න දන්නේ නෑ. අපිව දැක්‌කහම ඔවුන් සතුටුවෙනවා. එතැන හිටපු ශ්‍රී ලාංකික මුස්‌ලිම් තරුණයන් පිරිසක්‌ ලන්ඩන් නුවරට එනවා රාත්‍රි කෑම වේලකට. එතැනදී තමයි අපි ඇමැතිවරු එක්‌ක සතුටු සාමීචිව කතා කර කර හිටියේ. එතැන හිටපු කෙනෙක්‌ කියනවා අද ඩිලාන් ඇමැතිතුමාගේ උපන් දිනය කියලා. එතැනදී ඇමැතිතුමාගේ උපන්දිනය සැමරුවා. ඒ පින්තූර තමයි ඔය වෙබ් අඩවි පළ කරලා තියෙන්නේ. මට අන්තිමේ ඇමැතිවරුන්ගේ නම් පටබැඳිලත් කතා හැදුනා. එතැනින් තමයි පටන් ගත්තේ. මම අහන්නේ ඕක කතාන්දර හදන්න ඕනෑ දෙයක්‌ද කියලා. මේ ගසන මඩ ප්‍රචාර බොරු කියලා අපි දැනට ඔප්පු කරලත් තියෙනවා. අපි රජයේ වියදමෙන් ගියේ නෑ. සාක්‍ෂි සියල්ලම තියෙනවා.  මඩ ගහගෙන යන්න පටන් ගත්තාම හැමෝටම හිමින් සීරුවේ ඇත්ත මොකද්ද කියල තේරෙනකොට ඔවුන් කියන්න පටන් ගත් දෙයක්‌ තමයි ආයෝජකයන්ගේ සුරදූතිකාව කියලා. මට මෙතැනදී විශේෂයෙන් දෙයක්‌ කියන්න තියෙනවා.  මගේ ආයතනයේ හැඳුනුම්පත අරගෙන හරියට මම අහනවා මුලින්ම කිව්වේ මම රජයේ මුදලින් ගියා කියලා. ඒක කරගන්න බැරිවුණා. ඊට පස්‌සේ ඔවුන් බලනවා කතා හදලා දේශපාලනික වශයෙන් මඩක්‌ ගහන්න. ඒකත් බැරි වෙනවා. ඊළඟට ඔවුන් අරගන්නවා මට තනතුරු දෙකක්‌ දීලා කියලා. ආයෝජක සුරදූතිකාව සහ ආර්ථික උපදේශිකාව. දැන් ඒකත් නැති වේගෙන එන්නේ. කිසිම වැරැද්දක්‌ නොකරපු මට මඩ ගහන්නේ ඇයි. මොවුන්ට මෙයින් ලැබුණු ප්‍රතිලාභය මොකද්ද? මට එච්චරයි දැන ගන්න ඕනෑ. සාකච්ඡාව- දිනේෂ් විතාන (දිවයින) ඇය ප්‍රකට කර තිබෙන ඡායාරූප එකතුවක් පහතින්
කුක්කු කූක් කූ..කූ..කූ..කූ..කූ.....මෙයාගේ මේ ෆොටෝස් අපේ තනිකඩ මල්ලිලාට නිතර ප්‍රොයෝජනවත් වෙනවා. ඒ අතින් එයා යම් සමාජ මෙහෙවරක නියෙළුන කාන්තා රත්නයක්.
3
POSITIVE
ncpp_train_38489
නිවෙසේ මෙහෙකාර සේවයට යැයි පවසා රැකියා නියෝජිත ආයතන මගින් රැගෙන නිවෙසට එන කාන්තාවන් රැගෙනවිත් අතවර කර ඔවුන් සතු දේපළ කොල්ලකෑ බව කියන විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.  බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ නිවෙසක මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක එයින් පලා විත් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.පනස් පස් හැවිරිදි තමන් රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ නිවෙසක මෙහෙකාර සේවය සඳහා නිවෙසේ හාම්පුතා විසින් කැඳවාගෙන ආ බවත් බිරිය හා දරුවා නිවෙසේ සිටින බව ඔහු පැවසුවත් නිවෙසට පැමිණි පසු කිසිවෙකු එහි නොසිටි බවත් කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. රාත්‍රී දෙකක් එම නිවෙසේ රඳවාගෙන බලහත්කාරයෙන් තමන්  දූෂණය කළ බව එම කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන් බව ද පොලිසිය පවසයි.  හාම්පුතා දුරකතන ඇමතුමක් ගනිමින් සිටිය දී තමන් නිවෙසින් පලා විත් පොලිසියට පැමිණි බවත් හාම්පුතාගේ නම හෝ තමන් රැඳී සිටි නිවසේ ලිපිනය නොදන්නා බවත් නමුත් එම ස්ථානය පෙන්වා දිය හැකි බව කාන්තාව පවසා ඇතැයි  පොලිසිය කියයි. කාන්තාවගෙන් ලද පැමිණිල්ල අනුව පොලිස් නිලධාරීන්  කණ්ඩායමක් බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ එම නිවස වෙත ගොස් සිදු කළ විමර්ශන වලදී කුලී පදනම මත එම නිවෙස ලබාගෙන තිබූ සැකකරු එම අවස්ථාවේ දී නිවසේ දොරගුලු ලා පිටව ගොස් තිබූ බවත් පොලිසිය කියයි. පසුව පොලිස් නිලධාරින්  නිවෙස වටලා සැකකරු අත්අඩංගුවටගෙන සිදු කළ  විමර්ශන වලදී සැකකරු මෙයාකාරයෙන් රැකියා නියෝජිත ආයතනවලට  රැකියා සොයා පැමිණෙන කාන්තාවන් වරින්වර මෙහෙකාර සේවයට යැයි පවසා ලබාගෙන ඔවුන්ගේ බඩු බාහිරාදිය කොල්ලකා පලායන්නකු බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.  53 හැවිරිදි සැකකරු ගාල්ල පදිංචිකරුවකු බව පොලිසිය කියයි.බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඒක නරුමයෙක් හින්දා මුළු රණවිරුවෝම වැරදි යයි සිතීම හරියට එක බයිසිකල් කාරයෙක් රෝන් සයිඩ් ගියාම මුළු බයිසිකල් පදින සනුහරේටම බනිනවා වගේ නේද
4
POSITIVE
ncpp_train_38490
පේරාදෙණිය රෝහලේ ඖෂධ හිඟයක් මතුවීමෙන් පසු සැලසුම් කළ ශල්‍යකර්ම අත්හිටුවා ඇති බවට පළවූ වාර්තා වෙත අවධානය යොමු කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ඒ පිළිබඳව සොයා බලන ලෙස ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දී තිබූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ ගැන විමසා තිබුනි. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, සැපයුම්කරුවන්ගේ ප්‍රමාදයක් හේතුවෙන් සැත්කම් සඳහා භාවිත කරන එක් ඖෂධයක හිඟයක් ඇති බවයි. පේරාදෙණිය රෝහලේ සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ ලබා දෙන බවට වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබා දුන් සහතිකය මත සැලසුම් කල සැත්කම් නැවත ආරම්භ කිරිමට පියවර ගන්නා බව පේරාදෙණිය ශික්ෂණ රෝහල පසුව සඳහන් කළේ ය.ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීමට තරම් ඉන්දියාව සිය අණසක පතුරුවමින් සිටින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය චෝදනා කරයි.“ඒක හොඳ ඉන්ඩිකේෂන් එකක් අපි ඉන්න තත්ත්වය ගැන. ඉන්දියාවේ විදේශ ඇමති මැදිහත් වෙලා තමයි ඉස්පිරිතාලේ ඔපරේෂන් කරන්නේ. ඒකෙන් ම තේරෙනවා අපි කොච්චරක් වැටිලා ද? කියලා. කොච්චරක් දුරට ඉන්දියාවට දැන් යටත් වෙලා ද? කියන එක. ඒක තමා බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව ඉස්සරහට තව කොහොම මැදිහත් වෙයි ද? කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒක අද තියෙන ඇත්ත තත්ත්වය ගැන හොඳ උදාහරණයක්.”
කවුරු හරි උදව් කරන එක බලපැමක් විදිහට මන් නන් දකින්නේ නෑ. Politics නැතුව වැඩ කරගෙන යන්න.........
-14
NEGATIVE
ncpp_train_38491
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවටත් අනතුරුව දකුණු ඇමරිකානු රටක පදිංචිය සදහා යන බවටත් පැතිරියන කතාවල සත්‍යතාවයක් නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රකාශකයෙකු  පවසා තිබේ. ‘‘ මංගල සමරවිර හිටපු අමාත්‍යවරයා දේශපාලනයෙන් සමුගන්නා බවට විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර මේ  දිනවල ප‍්‍රචාරය වෙනවා. මංගල මහත්තයා දේශපාලනය ආරම්භ කළ දවසේ ඉදලම ප‍්‍රතිපත්තිගරුක දේශපාලනයක් සිදු කළේ,  එය විපක්ෂයේ කෙනෙක් වුණත් පිළිගන්න දෙයක්. එතුමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් නම්  සමුගන්නවා කියලා තිරණය කරලා තිබුණා. ඉදිරියේදි එය වෙනස් වෙයිද දන්නෙ නැහැ. මංගල සමරවිර කියන්නේ දේශපාලන සත්වයෙක් ’’
ලයින් -32 ඒ කෙන්ම පේනවා ඔයාගෙ කතාව තියන ගොං කම... xD
6
POSITIVE
ncpp_train_38492
ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි හානි වුවන්ට පිං පැනවීමේ හා දානමය පිංකමක් ස්වාමින් වහන්සේලා 150ක්ගේ වැඩමවීමේන් කිංස්බරි හෝටලයේදි අද පැවැත්වුණ අතර මෙම පිංකම සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටි බව වාර්තා විය.
කෝ මේ ගොම්මන්පිලයි, ගද විමලෙයි?
18
POSITIVE
ncpp_train_38493
රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීන රංගන ශිල්පීනී දිපානි සිල්වා මහත්මිය බණ්ඩාරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (28) උදෑසන බණ්ඩාරගම ප්‍රදේශයේදී ඇය පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දරුවෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. දිපානි සිල්වා මහත්මිය අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බණ්ඩාරගම පොලීසිය සඳහන් කළේය.
කෙල්ලෙක් සර්වාන්ගෙම වහන් ගියොත් කාන්තා නිදහස, අයිතිවාසි කම් කතා කරන උන් දීපානි මත් පැන් නිදහස ඉල්ලන එකට කිපිල. උන් බිවුවොත් පෙවෙන් නැද්ද?
27
POSITIVE
ncpp_train_38494
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගියදා අධිකරණ තීන්දුවකින් රටේ බංකොලොත්භාවයට වගකිව යුතු අයෙකු ලෙස නම් කරනු ලැබිණි.මේ ගැන ඔහු මේ දක්වා ප්‍රතිචාර දක්වා නොතිබූ අතර ‘ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූලාරම්භය‘ යනුවෙන් ලිපියක් අද දින මාධය වෙත යොමු කරමින් “ආර්ථික අර්බුදය තමාගේ නිර්මාණයක් නොවේ“ යන්න අවධාරණය කරමින් වෙනත් කරුණු පැහැදිලි කර තිබේ.එම ලිපිය පහතින් 
උසාවියටත් මුන් ඇරියා ප්‍රසිද්ධ කලුකෝට්කාරයො ටිකක්. උනුත් අර ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ සුරංගනා කතා ගොඩක් කීවා. මේ යකා කියන කතාව, නාමල් වහුපැටියා කියන ඒවා, බන්ධුල සූරීන් කියන ඒවා වගේ පට්ට ගොං තර්ක ඔක්කොම ඉදිරිපත් කලත් අධිකරණය අන්දවන්න බැරිවුනා. දැං ගලේ පහරපු බලල්ල ුුවගේ හොර පවුලයි උන්ට පු. දීපු සෙට් එකයි.
15
POSITIVE
ncpp_train_38495
අද සවස අත්අඩංගුවට පත් ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණයට පැමිණි අවස්ථාවේ ඡායාරූප ලබාගන්නට ගිය දෙරණ මාධ්‍ය ජාලයට අයත් 'සන්ඩේ මෝර්නිං' පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදි උපුල් ඉන්දික මහතා හට සිවිල් ඇඳුමින් පැමිණි නාවික නිලධාරියෙකු පහරදීමක් සිදුව ඇත. එම අවස්ථාවේ අනෙක් මාධ්‍යවේදීන් ඔහුට විරෝධය පළ කළ අතර පසුව පොලිසිය ඔහු අල්ලාගෙන ගියේය. එම වීඩියෝව පහතින්
මම නං මේ රවින්දට කැමතියි. හේතුව අපේ රටේ උන් අධිකරන විනිශ්චය කාරයන්වයි මාදයවේදින්වයි විවේචනය කරන්ඩ බයයි. එහෙව් එකේ මූ නිලධාරියෙක් විදියට රාජකාරි වෙලාවේ මාද්ය කාරයෙක්ට පැන පැන නෙලපු එක අගය කල යුතුයි.
39
POSITIVE
ncpp_train_38496
ආදරයෙන් හදාගත්ත වරාය  විකුණපු එක ගැන මට දුකයි  -මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් හම්බන්තොට වරාය චීනයට බදුදීම ගැන මෙසේ පවසා තිබේ. ‘මම හිතන්නේ මගේ පියාගේ, පියාගේ සහෝදරයාගේ වගේම ආනන්ද, කුලරත්නල වගේ එක්සත් ජාතික පක්ෂයේ අයගේ ඉඳලා විශාල බලාපොරොත්තු තිබුණේ මේ වරාය ගොඩනඟන්න. ඉතින් කාටත් බැරි වෙයි කියලා තිබුණු වරාය අපි ගොඩනැඟුවා. මේවට එකක්වත් ආණ්ඩුවේ සල්ලි ගත්තේ නැහැ ගෙවන්න. ණය ගෙව්වෙත් වරාය අධිකාරියෙන් හම්බ කරපු මුදල්වලින්. නමුත් අද මේක විකුණලා දාලා. ආදරෙන් හදාගත්ත වරාය, මිනිසුන්ගේ බලාපොරොත්තු ගැන ලොකු කනගාටුවක් දැනෙනවා. එයාලා කියනවා අපි වික්කේ නැහැ අවුරුදු 99කට බදු දුන්නා කියලා. ඔබ දන්නවා මේ බිම් බදු දුන්නු අවුරුදු 99 ඇතුළේ පරම්පරා කීයක් හිටියද. මේ අපේ රටේ ජනතාවට, දරුවන්ට අයිති වෙන්න තිබුණු එකක්. මීට ඉස්සර ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කළෙත් මේ වගේ ජූලි මාසෙ 29දා දවසක. මේ දවස හරි අපලයි ලංකාවට. ඉතින් ඒක අස්සන් කරලා අපි අදත් දුක් විඳිනවා. අදටත් බැට කනවා. අසූහතේ මේ මාසේ විසිනව වැනිදා තමයි ගිවිසුම අස්සන් කළේ. එදා ඉන්දියාවත් එක්ක අද චීන සමාගමත් එක්ක. ඒ වගේම දවසක ආපසු ජේ. ආර්.ගේම මුණුපුරායි දැන් ජනාධිපතිවරයායි දෙන්නා හවුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මාට්ටු කරගෙන ගිවිසුම් ගහලා මේක විකුණලා දැම්මා. මේ රටේ ජනතාවගේ වස්තුවක් නැතිවීම ගැන විරෝධතාව අපි හැම වෙලාවෙම පළ කළා. ඕනනම් වරාය දිගටම දුවන්න පුළුවන්කම තියෙනවා හරියට කරනවා නම්. වුවමනාවක් තියෙනවා නම් වරාය වහන්නත් පුළුවන්. මේක තව සංවර්ධනය කරන්න වැඩපිළිවෙළ දියත් කරන්න වුණත් පුළුවන්. ඒත් දැන් පිටරට සමාගමකට දීලා. ආණ්ඩුවට මත්තල ගුවන්තොටුපොළත් එක්ක තියෙන්නේ මහා වෛරයක්. හම්බන්තොට ජනතාවත් එක්ක තියෙන්නේ වෛරයක්, ඉරිසියාවක්. මත්තල ගුවන්තොටුපොළට ගුවන් යානා ආවා. මේ පැත්තේ මිනිස්සු ඒක දන්නවා. ඕනම රටකට ගුවන්තොටුපොළවල් දෙකක් තියෙන්න ඕන. බලයට ආපු ගමන්ම කළේ මත්තල වී ගබඩාවක් කරපු එක. වී ගබඩාවක් කරලා වී දාලා ඒක බාල්දු කරලා විනාශ කරලා මේක වහලා දැම්මා. ඒකයි මේ ආණ්ඩුවෙන් කළේ. දැන් වහලා දාලා ඉවර වෙලා මේක විකුණනවා වැඩක් නැහැ කියලා.  ගුවන් යානා නැති එකක් කියලා. ගුවන්තොටුපොළට ආපු ගුවන්යානා නැවැත්තුවේ කවුද? ගුවන්තොටුපොළ, වරාය හැදුවේ හම්බන්තොට ජනතාවට විතරක් නෙවෙයිනේ. මුළු රටටම. මේක මේ රටටම නැති වුණු දේපළක්. රටට ඉතාම අපල තත්ත්වයක් උදාවෙලා.‘
ඇයි ඔබතුමා පවුල් පිටින් එක්කහු වෙලා හොරකන් කරපු ඒවා ගැන දුක නැතෙයි ?
143
POSITIVE
ncpp_train_38497
ජාතික රෝහ‍ලේ හෘද සැත්කම් ලබන 1 වැනිදින සිට තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ජාතික රෝහ‍ලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා සඳහන් කරයි. හෘද ශල්‍යාගාර නවීකරණය කිරීම හේතුවෙන් මෙසේ සැත්කම් නතර කිරීමට තීරණය කළ බව හෙතෙම පෙන්වා දේ. මේ අනුව ‍පොරොත්තු ‍ලේඛනයේ සිටින රෝගීන් ගාල්ල කරාපිටිය රෝහලට සහ නුවර මහ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු යොදා ඇති නමුත් හදිසි ශල්‍යකර්ම පමණක් කරන බව සිරිල් ද සිල්වා මහතා සඳහන් කරයි. හෘද ශල්‍යාගාර නවීකරණය කිරීම හේතුවෙන් මෙසේ සැත්කම් නතර කිරීමට තීරණය කළ බව හෙතෙම පෙන්වා දේ. මේ අනුව ‍පොරොත්තු ‍ලේඛනයේ සිටින රෝගීන් ගාල්ල කරාපිටිය රෝහලට සහ නුවර මහ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු යොදා ඇති නමුත් හදිසි ශල්‍යකර්ම පමණක් කරන බව සිරිල් ද සිල්වා මහතා සඳහන් කරයි. ශල්‍යාගාරය ඉදිකරන අදාළ සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් එම සමාගම නවීකරණ කටයුතු මන්දගාමීව කරන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. අප මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් විමසූ කළ ඔහු සඳහන් කළේ මුදල් ගෙවීමේ යම් යම් ප්‍රමාදයන් ඇති වූ නමුත් මේ වන විට අදාළ සමාගමට මුදල් ගෙවීම නිසි පරිදි කරන බවකි. කෙසේ නමුත් මෙම ශල්‍යාගාරයේ නවීකරණ කටයුතු කර නැවත භාරදෙන තෙක් අනෙක් ශල්‍යාගාරය තුළද සැත්කම් කිරීම නතර කිරීමට ශල්‍ය වෛද්‍යවරුන් තීරණය කර ඇත. ඉදිකිරීම් කරන අදාළ සමාගමට දැන් නිසි පරිදි මුදල් ලැබෙන බැවින් නවීකරණ කටයුතු නිමකර දෙසැම්බර් 31 වැනි දිනට පෙර ශල්‍යාගාරය භාරදෙන බවට ‍පොරොන්දු වී ඇතැයිද පැවැසේ. ශ්‍රියානි විජේසිංහ
අපේ රට වනසන්නේ ඩොස්තරල නේද බන්. බලපන්කෝ උන් අපෙන් ඉගෙන ගෙන අපිටම අරින අපූරුව
-6
NEGATIVE
ncpp_train_38498
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයට අදාළව පොලිසියවත් නොදන්නා නිර්මාණාත්මක කරුණු මාධ්‍ය තුළින් ප්‍රචාරයවී ඇති බව ඊයේ පොලිසිය මාධ්‍ය හමුවක් පවත්වා දන්වා සිටියේය.ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින්ද පළ කළ ප්‍රවෘත්තියකින් පැවසුනේ ෂාස්ටර් නැන්දම්මාට ලියූ ලියුමක් ගැනයි. එම කතාව ප්‍රබන්ධයක් බව පොලිසිය පවසයි. එසේම ෂාස්ටර් දිවිනසාගන්නට ඇතැයි ඒත්තු යන පරිදි වාහනයේ වයර් කෑලි ඉතිරි කොටස් නිවසේ තිබී හමුවූ කතාවද ප්‍රබන්ධයක් බව පොලිසිය පවසයි.  වගකීම් රහිතව පළකරනලද මෙවැනි ප්‍රවෘත්ති පැමිණියේ කෙසේද යන්න පොලිසියට ප්‍රහේලිකාවක් වී ඇති අතර මේ නිසා මෙම පරීක්ෂණය වෙනතක යැවීමට කිසියම් පිරිසක් තැත්කරනවාද යන සැකයද මතුව තිබේ.දිනේෂ් ශාෆ්ටර් මහතා සිය දිවි හානිකරගත් බවට මේ දක්වා කිසිදු සාක්‍ෂියක් ලැබී නොමැති බව පොලිසිය තහවුරු කරමින් දන්වා සිටියි.දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) වනවිට පුද්ගලයන් 90 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.අබිරහස් ඝාතනය පිළිබඳව විමර්ශන සිදුකරන රහස් පොලිස් නිලධාරීහු පොලිස්පති ඩබ්ලිව්. වික්‍රමරත්න මහතා සමඟ ඊයේ පුරා පැය දෙකක පමණ කාලයක් විශේෂ හමුවක් පැවැත්වූ අතර විමර්ශන කටයුතු නව මුහුණවරක් ඔස්සේ දැන් ක්‍රියාත්මක කර ඇති බව දන්වා සිටියහ. 
මා දන්චනා පරිදි චන්ද්‍ර ශාෆ්ටර් මහතා සහ ඔහුගේ පුතුන් දෙදෙනාම ඉතා වැදගත් ගුණයහපත් මිනිසුන්. මේ වගේ රටක මනුස්සකම දන්න ගුණයහපත් මිනිසුන්ට අත්වන ඉරණමයි මේ. මෙතරම් ධනවත් අයටත් මෙහෙම නම් වෙන්නේ මේ රටේ දුප්පත් මිනිසුන්ට වෙන දේ හිතාගන්න පුළුවන්නේ.
1
POSITIVE
ncpp_train_38499
බන්දුල පුත් සහන් බැන්දේ එකම දවසේ එකම රෝහලේ උපන් කෙනෙක්ලූ පුද්ගලයකු මළ රියඅනතුරින් පසු සසලව සිටියාලූ පසුගියදා කොළඹදී විවාහ දිවියට පිවිසි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පුත‍්‍ර සහන් ගුණවර්ධනගේ විවාහය සිදුවුනේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු දේශපාලකයින් රැසක් පිරිවරාගෙනය. මෙම විවාහයට සාක්ෂි අත්සන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්වරුන්ය. සහන් යනු බන්දුල ගුණවර්ධනගේ දරුවන්ගෙන් වැඩිමලාය. ඔහුට නැගණියන් තිදෙනෙකුත් මළනුවෙකුත් සිටී. බන්දුල ගුණවර්ධන පසුගිය රජය සමයේ අධ්‍යාපන ඇමතිවරයාව සිටින කාලයේ සහන් වැඩිදුර අධ්‍යාපනයට ගොස් තිබුනේ ඇමරිකාවටය. ඔහු එහිදී අධ්‍යයන කටයුතු හමාර කිරීමෙන් පසු නැවත ලංකාවට ආ පසුව විවාහයට පිවිසෙන්නට සූදානම්ව සිටි නමුත් පසුගිය කාලයේ ඔහුට නඩුවක් වැටීම නිසා තරමක් සිත සසල වී සිටියේය. එයට හේතුවූයේ පසුගිය 2014 පෙබරවාරි මස ඔහු ‘වැකේෂන් එකට‘ ලංකාවට ආ අවස්ථාවේ මාතර ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු යට කරමින් වාහනයක් ධාවනය කර දෙවිනුවර විෂ්ණු දේවාලයට යමින් සිටිය 52 හැවිරිදි පුද්ගලයකු මරණයට පත්වීමයි. රථය පදවද්දී සහන්ට ලංකාවේ වලංගු රියදුරු බලපත‍්‍රයක්ද නොතිබූ අතර නොසැලකිල්ලෙන් රිය පැදවීම නිසා අනතුර සිදුව තිබුණි. සති දෙකක් පමණ කාලයක් තිස්සේ බරපතල තුවාල ලබා මාතර මහ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ අගම්පොඩි රංජිත් (52) නමැත්තා එම අනතුරින් මියගියා. අනතුරින් පසු අධ්‍යාපන ඇමති පුත‍්‍රයා පොලීසියට බාරවූ පසු අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදාහැර තිබුණි. නඩුව යළි යළි විභාගවූ නිසා ඔහු ඒ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමටද සිදු විය. මේ කාරණා හමාර කරගෙන ඔහු පසුව විවාහයට සූදානම් විය.ඔහුගේ පෙම්වතිය බවට පත්වූ තැනැත්තිය ඔහුගේම වයසේ ඔහුගේම උපන්දිනය තමාගේද උපන්දිනය කරගත් තැනැත්තියක වූ අතර කථාබහ කර බලද්දී අපූරු සිද්ධියක් අනාවරණයවූයේ එම දෙදෙනා එකම දිනයක එකම රෝහලේම උපත ලද බව හෙළි වීමෙනි. සහන් හා ලක්ෂි දෙදෙනාගේ විවාහයේ ඡායාරූප නැවත බලන්න පහතින් Pix By -Suren Abeysundara, Flowers - 2 nd chance, Dress - Ruchira Salon,Card & Cake- Yowanma Bandara ,Groom's Outfit- Imitiyaz ,Hotel- Cinnamon Lake Side ,Music - Marians
හොඳ වෙලාවට අර බැංකු ගිලපු යාළුවො දෙන්න මෙතන නැත්තෙ ... නැත්තං ඉතිං මගුල ඉවර වෙද්දී හෝටලෙත් ගිලල තියෙයි ... :p
47
POSITIVE
ncpp_train_38500
පසුගියදා කළුතර කටුකරුන්ද මුහුදු තීරයේ සිදුවූ බෝට්ටු අනතුරින් අතුරුදන්ව සිටි බව කියන හිමාෂා විදුෂි (13) නැමති කුඩා දැරියගේ මළ සිරුර ඊයේ රාත්‍රි සොයා ගෙන තිබේ. එම අවස්ථාව වනවිට දැඩි ලෙස නරක් වී තිබූ දැරියගේ සිරුර ඇගේ ලොකු අම්මා විසින් හඳුනාගත්තා.ශිෂ්‍යත්ව විභාගයද ඉහළින් සමත්වූ හිමාෂා බේරුවල කන්දගොඩ ප‍්‍රදේශයේ පදිංචිව පාසල් යමින් සිටි දැරියකි. බෝට්ටු අනතුරින් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළගොස් ඇත. එම වීඩියෝව පහතින්
මේකට 'සුපිරියි' කියල like කරපු උන්ගෙ මව් මතක් වෙන්නෙ මට විතරද බන්?
86
POSITIVE