id
stringlengths 15
16
| news_content
stringlengths 61
30k
| comment
stringlengths 7
989
| likes
int64 -389
2.24k
| labels
stringclasses 2
values |
---|---|---|---|---|
ncpp_train_38601 |
ප්‍රවීණ සිනමා නිළි නිල්මිණි තෙන්නකෝන්ගේ පෙර පැවති විවාහයේ සැමියා මධු මාධව අරවින්දගේ පියා වන සුනිල් සිරිවර්ධන ඊයේ ජීවිතයෙන් සමුගත්තේය. ඇයට මුලින්ම මධු මාධව හඳුනාගන්නට ලැබෙන්නේද සුනිල් සම්බන්ධව සිටි ටෙලිනාට්‍යයකට ඇය සම්බන්ධ වූ වකවානුවේය. මියගිය සුනිල් සිරිවර්ධනට කෘතවේදීත්වය හා ගෞරවය පුදමින් නිල්මිණි තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පළ කර තිබේ.එහි මෙසේ සටහන් වේ.
| Second husband ගෙ තාත්තා නැති වුනාම මොනවද දන්නැ ලියන්නෙ. රටම ඉස්සරහට ගෙනල්ලා කුණු රෙදි අතුල්ල අතුල්ල හේදුවෙ ඒ කාලෙ. දැන් උගේ සින්දු අගය කරනවා අතීතය මතක් කර කර. පිස්සු නැත්තං සෝක්. | -11 | NEGATIVE |
ncpp_train_38602 |
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා ඊයේ (30) එම ධුරයේ වැඩ භාරගත්තේය.විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට මිලින්ද මොරගොඩ මහතාගේ නම යවනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු මාසයේයි.
ඒ අනුව ඔහුව එම ධූරයට පත්කර වසරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුව මොරගොඩ මහතා එහි වැඩ භාරගැනීම විශේෂත්වයකි.මීට පෙර එම ධූරයේ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.එක්සත් ජාතික පක්ෂයෙන් 2001 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි මොරගොඩ මහතා අමාත්‍ය ධුර කිහිපයක් හෙබ වූ අතර පාත් ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘවරයා ද වෙයි.මොරගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටියදී ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය.
| ඉන්දියාවේ මොනවා හදන්නද? දෑන් තියෙන්නෙ ඉන්දියාව වගේ ලංකාව හදන්නයි | 1 | POSITIVE |
ncpp_train_38603 |
2010 - 2014 කාලසීමාව තුළ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක්
පවත්වාගෙන යාමට අනුමැතිය
ලබාදීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුව ජුලි 11 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළේය.
| බලයට එන්න හදන්නේ මේවා ඉවත්කරගන්න තමයි. තව්හිත් ජමාද් සංවිධානයේ කොළඹ ප්‍රධාන කාරයාලය ඉදි කිරීම සදහා අංක 241/ ඒ, කොළඹ ශ්‍රී සද්ධර්ම මාවතේ පිහිටි ඉඩම එම සංවිධානයට ලබා දුන්නේ කවුද කියල අපක්ෂපාත පුරවැසියෝ සොයා බලත්වා. දැන් කිඹුල් කදුලු හෙලනවා. මෙය නාගරික සංවර්ධන අධිකාරියෙ ඉඩමක්. ඒ් වගේම ඒ සංවිධානයට මුදල් ලබා දීම්? මේවාත් පරීක්ෂන මන්ඩල වල අවධානයට යොමු වේවා! ඇත්ත හෙලි වේවා! | 134 | POSITIVE |
ncpp_train_38604 |
16 හැවිරිදි පාසල් දැරියක දූෂණයට ලක්කිරීම නිසා පොලිස් පැමිණිලි මත අත්අඩංගුවට ගන්නට සොයමින්
සිටියදී පොලිසියට
භාරවූ දකුනු පළාත්සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අද දහවල් ගාල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලදුව විනිසුරු ඇප ලබාදී තිබේ.
ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හර්ෂ කැකුණවෙල මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
රත්තරන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු අක්මීමන, බටදූව ප්‍රදේශයේ ඔහුට අයත් දේවාලයක් තුළදී පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් දැරියගේ බාරකරුවන් පොලිසියට පැමිණිලි කර තිබුණි.
සිද්ධිය ගැන වාර්තාව
| කට්ටඩියෙක් විතරයි අඩු කියලයි අපි හිතන් හිටියේ. දැන් එකත් හරි. මරිමෝඩ දෙමවුපියෝ කෙල්ල ආරක්ෂා කොරපු හැටි හරිම අපුරුයි. | 3 | POSITIVE |
ncpp_train_38605 |
වැලිසර නාවික හමුදා කදවුරෙහි සෙබළෙකුගේ බිරියක බව කියන නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක හදුනාගෙන තිබෙන අතර ඇය පවත්වාගෙන ගිය බව කියන ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් ජලය ලබා ගත්
පිරිස් නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම ජල පාරිභොගිකයන්ට අද එම කාර්යාලය දන්වා තිබුණි.
මෙම සිද්ධිය නිසා ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
මෙම කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ.
සැමියාගෙන් ඇයට වෛරසය ආසාදන වන්නට ඇතැයි සැක කලද එම නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් තහවුරු වී නැත.
නිවාඩුවට පැමිණි මෙම සෙබලා සමග කාන්තාවද ප්‍රදේශයේ නිවාස ගණනාවකට සහ පොදු ස්ථාන රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙසේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබේ.
| එතුමා දුන්න ප්ලැකුනිල් ඔබතුමා බිව්වද? එහෙමනම් බය වෙන්න කිසිම දෙයක් නෑ ඔලුව වැදුන කියල කිසි හානියක් නෑ. | -14 | NEGATIVE |
ncpp_train_38606 |
පාස්කු ප්‍රහාරයට පෙර දින සෞදියට පලා ගොස් ජෙඩා ගුවන්තොටුපොළ ආසන්නයේ ලැගුම්හලක රැඳී සිටියදී ජෙඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයා වන
මොහොමඩ් මිල්හාන් නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් ඊයේ (27) සොයා ගැනිණි.
බෝම්බ සෑදීමට යොදා ගන්නා ඩෙටනේටර්,
ජෙලෙග්නයිට් කූරු, උණ්ඩ ඇතුලු උපකරණ රැසක් කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ වළ දමා තිබියදී ඊයේ (27) සොයා ගත් බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිල්හාන් නැමැති සැකකරු කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයට රැගෙන ගොස් ස්ථාන කිහිපයක වළ දමා තිබූ මෙම උපරණ සොයාගත් බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
සොයාගත් භාණ්ඩ අතර ජෙලෙග්නයිට් කූරු 300 ක්, ඩෙටනේටර් 1000 ක්, ද්‍රව ජෙලෙග්නයිට් ලීටර් 8 ක්, ටී 56 ගිනි අවියක්, පිස්තෝල ඇතුළු විවිධ ගිනි අවිවලට යොදන උණ්ඩ 300 ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
| මොකුත් කියන්න හොදේ නෑ සහජීවනයනේ. නොදැක්ක වගේ යන්න ඕනැ.......... | 38 | POSITIVE |
ncpp_train_38607 |
නාරාහේන්පිට පිහිටි රජයට අනුබද්ධ ප්‍රධාන රෝහලක ‘රෝහල් තොරතුරු පද්ධතිය' (එච්. අයි.එස්.) මිලදී ගැනීමට එම රෝහලේ නිලධාරීන් 15 දෙනකු පමණ ඉන්දියාවට ගොස් ඇති බවට එහි සේවකයෝ චෝදනා කරති.එම නිලධාරීන් 15 දෙනාගේ ඉන්දීය සංචාරය සඳහා රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වැය කරන බවත් එම රෝහල රජය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බලධාරීන්ගේ අවධානය මෙවැනි දෙයට යොමුවිය යුතු බවත් සේවකයෝ කියති.
එම කටයුත්ත සඳහා උපරිම වශයෙන් නිලධාරීන් සිවුදෙනකු සහභාගි වූයේ නම් ප්‍රමාණවත් බව කියන සේවකයෝ මෙවැනි පිරිසක් පරිගණක මෘදුකාංගයක් මිලදීගැනීමට පිටත්ව යෑම මුදල් නාස්තියක් බව ද සඳහන් කරති. පහළ මට්ටමේ සේවකයන්ගේ දීමනා රැසක් කප්පාදු කර ඇති පාලන අධිකාරිය එම මුදල් යොදාගෙන රට සවාරි යැම අනුමත කළ නොහැකි බව කියන සේවකයන් පවසන්නේ මෙවැනි නාස්තීන් නැවැත්වීමට බලධාරීන් මැදිහත්විය යුතු බවය. මෙම සිද්ධිය පිළිබඳව කරුණු දැනගැනීමට එම රෝහල් බලධාරියකු දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද එම රෝහලේ දුරකථන අංශය බලධාරියකුට යොමු කිරීම හැරියේය.යොහාන් භාසුර
| ඔවා මොනාද...අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න උගත් ප්රබුද්ධයෝ නිතරම විදේශ සංචාර වල යනවා. ගමන් වියදම්, අහාර, නවාතැන් ඔක්කොම රජයෙන් ගෙවනවා. හැබැයි පොරවල් ටික එහෙ ගිහිල්ලා රජයෙන් දීපු ඩොලර් ටික සාක්කුවේ දාගෙන ඒ රටවල ඉන්න නදයෙක්ගේ හරි පරණ බැචෙක්ගේ හරි බැචියකගේ හරි ගේක ඉඳල ඔක්කොම ආතල් අරගෙන ආයේ සිරි ලංකාවට එනවා. සැවොම එකාට, එකා සැමට ඩෝ!!! | 18 | POSITIVE |
ncpp_train_38608 |
ජනාධිපති ආර්යා මෛත්රීී වික්‍රමසිංහ මහත්මිය පසුගිය සතියේ ගිය ගමනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ තොරතුරු පළව තිබේ. කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට අධ්‍යයන කටයුත්තකට අදාළවඉකුත්දා යාපනය සරසවිය සම්මන්ත්රණ සහභාගිවීමට අවශ්‍යවී තිබේ.
ඇය ඒ සඳහා එක්වන බව කල්තියා තොරතුරු පළවූ අතර ගමනට ඇය සහභාගී වන බව දත් සියලු දෙනාම පළමුව විශ්වාස කර තිබුණේ ජනාධිපති ආර්යාව ගුවන් මගින් යාපනය බලා යනු ඇති බවයි.මේ දක්වා සාමාන්‍යයෙන් ජනාධිපති ආර්යාවන් දුර ගමන් ගියේ ඒ ආකාරයට නිසාය. ඒත් අනෙක් අය අපේක්ෂා නොකළ පරිදි පාන්දර 5 ට පමණ ඇය කිසිදු පරිවාර ආරක්ෂාවක් නොමැතිව කොටුව දුම්රිය ස්ථානයට ගොස් තිබු අතර කිසිදු කලබලයකින් තොරව සාමාන්‍ය මගියෙකු මෙන් ඇය දුම්රියට ගොඩ වී ඇත්තේ සාමූහිකව ඒ සඳහා යන්නට සූදානම්ව සිටි පිරිස හමුවීමෙනි. මෙම ගමන සඳහා එක්වී සිට වී සිටි සෙසු පිරිස් සමඟ දුම්රිය ගමන පිටත්වූ ජනාධිපති බිරිය මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ගේ මෙම නිරහංකාර හැසිරීම පසුව සමාජ මාධ්‍ය තුළ ඇගයුමට ලක් විය.
| ගෝඨා : මගේ ගැණී දිහා බලලවත් හැදෙන්න ඕනේ (මහජනයා : අනේ හොඳයි ) රනිල් : මගේ ගැණී දිහා බලලවත් හැදෙන්න ඕනේ (මහජනයා : අනේ හොඳයි ) මහින්ද : මගේ ගැණී දිහා බලලවත් හැදෙන්න ඕනේ (මහජනයා : හුකෑස් ) | 105 | POSITIVE |
ncpp_train_38609 |
සෑම දිනකම මුවඟ සිනාවක් රඳවාගෙන කාර්යාලයට පැමිණ, දහසකුත් වැඩ අතරේ පීඩාකාරී බව අමතක කර ඒ සිනාව දවස පුරාම මුවඟ රඳවාගෙන වැඩකරන්නට යම් අයකුට හැකි නම් ඒ මහත් වාසනාවකි. එවන් කාර්යාලයක වැඩකරන සැම සේවකයකු මෙන්ම එවන් කාර්යාලයකින් වැඩක් කරගන්න පැමිණෙන අය ද වාසනාවන්තයන්ය. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම එවන් සුන්දර සිනාවකින් දවස පුරවන දයාබර පරිපාලන නිලධාරිනියකි.එහෙත් සුන්දර සිනාවෙන් හා ආදරණිය වදනින් සැම ඇමතූ නදී ජයවික්‍රම හදිසියේම සියලු දේ අතරහැර ජීවිතයෙන් සමුගත් බව ඇසීම පවා හද සලිත වන පුවතක් විය. එම කණගාටුදායක ආරංචිය සැමට අසන්නට ලැබුණේ ඉකුත් සිකුරාදා (23) දිනයේදිය.
මාධ්යහ්නයට ආසන්න වෙමින් තිබිය දී මාතර නගරය ප්රමුඛ අවට ප්‍රදේශවල පැතිර ගිය මේ පුවත ඇසූ සැම සිත් කම්පිත වන බවක් පෙනුණේ මෙම නිලධාරිනියගේ සුහදශීලී බව නිසාමය.අභියෝගය හමුවේ නොසැලෙන, තම වගකීම අකුරට ඉටුකිරීමට කැපවුණ, තම නිලධාරීන් වෙනුවෙන් නිතර කැපවුණ හා දුටු දුටුවන්ගේ නෙතු පිනවන රූ සපුවකට හිමිකම් කියූ කාර්යශූර පරිපාලන නිලධාරිනියක වූ නදී තත්සරණි ජයවික්‍රමගේ හදිසි නික්ම යාම මුළු දිස්ත්‍රික්කයටම පිරිමැසිය නොහැකි පාඩුවක්ව තිබුණේය.පල්ලිමුල්ල ලිද පාරේ පදිංචිව සිටි නදී ජයවික්‍රම සිය කුළුදුල් දරු ප්‍රසූතිය සදහා සූදානම් වෙමින් සිටියදී ඇය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත් ගාල්ල මහමෝදර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා ලබා දුන් උපදෙස් අනුව රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමේ පරීක්ෂණ කීපයකට සහභාගී වීම සඳහා මාතර නගරයේ පිහිටි මොහොට්ටි පෞද්ගලික ආරෝග්‍ය ශාලාව වෙත ගොස් තිබුණේ 23 දින උදෑසනය. ඒ ඇයගේ මව හා පියා සමඟය.ආහාර නොගෙන රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමේ G.T.T පරීක්ෂණය සඳහා පළමු රුධිර සාම්පලය ලබාදී ඇති නදී එහි ප්‍රතිඵලය සාමාන්‍ය මට්ටමේ පැවතියෙන් එහි දෙවන පරීක්ෂණය සඳහා රසායනාගාරයෙන් දෙන ලද උපදෙස් පරිදි අවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණය ජලයේ දියකර පානය කිරීමෙන් පසු නැවත පැයකින් රුධිරය ලබාදීමේ අරමුණෙන් තම මෝටර් රථයට ගොස් පැයක පමණ කාලයක් රැඳී සිටී ඇත.නියමිත කාලය ගෙවා දැමූ නදී නැවත දෙවැනි රුධිර සාම්පලය ලබාදීම සඳහා රසායනාගාරයේ රුධිර සාම්පල එක්රැස් කිරීමේ ඒකකයට යාමේ අපේක්ෂාවෙන් සිය මව සමඟ ආරෝග්‍ය ශාලාවේ පිවිසුම් දොර අසලට ලඟාවෙමින් සිටියදී හිටිහැටියේ ඇද වැටීමට යාමත් සමග මව හා අවට සිටි පිරිසේ මැදිහත්වීමෙන් වැටීමට නොදී වලක්වාගෙන ඇත.එම සිදුවීම වන අවස්ථාවේ මොහොට්ටි පෞද්ගලික ආරෝග්‍ය ශාලාවේ වෛද්‍යවරයකු නොසිටි බැවින් රෝගී වූ නදී වහා ඒ ආසන්නයේ පිහිටි මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් එහි හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.“නදී ජයවික්‍රම මාතර මහ රෝහලේ හදිසි ප්‍රතිකර ඒකකයට ඇතුළත් කරන විටත් ඇයගේ හෘදය අකර්මණ්‍ය වී තිබුණු බව තමයි අපේ වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වී තිබෙන්නේ. ඒ සමඟම අපේ වෛද්‍යවරු ලොකු උත්සාහයක් ගෙන තිබෙනවා හෘදය නැවත යාථා තත්වයට පත්කර ගන්න. ඒත් කොතරම් උත්සාහ කළත් පලක්වී නැහැ” මාතර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය මල්කාන්ති මැදිවක පැවසුවාය.නදීගේ හදිසි මිය යාමත් සමඟ සමාජය හා සමාජ මාධ්‍ය මගින් චෝදනා එල්ල වෙමින් තිබුනේ රුධිර පරීක්ෂණය සිදුකර තිබූ පෞද්ගලික රෝහල තම වගකීම නිසි ලෙස ඉටුකර නොතිබූ බවටයි.“අපි මේ වගේ පරීක්ෂණ ඕනෑ තරම් සිදුකර තිබෙනවා. අපි කිසි දින ග්ලූකෝස් අපෙන් ලබා දෙන්නේ නෑ. නියමිත ප්‍රමාණය රැගෙන එන්නේ පරීක්ෂණයට එන අයමයි.මේ සිදුවීමේදීත් අදාළ තැනැත්තිය ග්ලූකෝස් ඖෂධ ශාලාවකින් ගෙනැවිත් රසායනාගාර සේවකයන්ගේ උපදෙස් පරිදි එය දියකර පානය කර තිබෙනවා. මෙවැනි පරීක්ෂණයක් අවස්ථා තුනක් ලෙසයි සිදු කරන්නේ.එහි පළමු පරීක්ෂණය සාමාන්‍ය වෙලා තමයි ඇය දෙවැනි පරීක්ෂණයට එලෙස සූදානම්වී තිබෙන්නේ. එයත් සිදු කරගන්න හැකි වූවා නම් නැවත තවත් පැයකින් පරීක්ෂණයක් සිදු කරනවා.එහෙත් හදිසියේ ඇය රෝගී වීම නිසා ඉක්මණින් මාතර මහ රෝහලට ගෙනගොස් තිබෙනවා. තත්ත්වය එලෙස වුවත් විවිධ අරමුණු වෙනුවෙන් විවිධ චෝදනා කිරීම සාධාරණ නෑ” පරීක්ෂණය සිදු කළ මොහොට්ටි ආරෝග්‍ය ශාලාවේ සේවකයකු පැවසුවේය.වේදනාත්මක, චෝදනාත්මක හා කල දුටු කළ වල ඉහ ගැනීමේ ක්‍රමවේද යටතේ පැතිර ගිය විවිධ කටකතා හා සමාජ මාධ්‍ය වාර්තා පෞද්ගලික රෝහල් වල තරගකාරීත්වය මනාසේ පෙන්නුම් කළ අතර එය ඔවුන්ගේ ප්‍රවර්ධනයට ද සූක්ෂම අයුරින් යොදාගන්නා ආකරය මේ තුළ දක්නට ලැබුණු විශේෂ අවස්ථාවක් විය.මාතර සුජාතා බාලිකා විදයාලයේ ආදි ශිෂ්‍යාවක වන නදී ජයවික්‍රම කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි. ඇය මියයන විට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අවසන් වසර නීති ශිෂ්‍යාවක් ද වූවා ය.2012 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිස ඇති නදී ජයවික්‍රම සිය මුල් පත්වීම ක්‍රීඩා අමාත්‍යංශයේ ද පසුව 2013 වර්ෂයේ වැලිපිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස පත්ව එහි සේවය කර ඇත.2016 වර්ෂයේ තිහගොඩ සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස පත්වූ නදී ජයවික්‍රම තම කැපවීම හා දක්ෂතා පෙන්වමින් ජනතා සේවයේ නිරතව සිටියදී එම දක්ෂතා නිසාම 2017 වර්ෂයේ සිට මාතර සහකාර දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස පත්වීම් ලැබ අභාවප්‍රාප්ත වනතුරුම එහි සේවය කරමින් සිටියාය.“සෘජු තීරණ ගත් හා කාර්යාල සේවක සේවිකාවන් සමඟ සුහදශීලීව වැඩ කළ කෙනෙක් තමයි අපේ නදී මැඩම්. දිස්ත්‍රික් ලේකම් තුමා සමග සෘජුවම සම්බන්ධවෙන්න හැම සේවකයකුටම බෑ. අන්න ඒ වේලාවල් වලදී මැඩම් පුදුම විදියට කැපවෙලා දිස්ත්‍රික් ලේකම් තුමා හමුවෙලා ඒ වැඩ කඩිනමින් සිදු කිරීමට පියවර ගත්තා.ඇය අපේ අංශය සමග සෘජුවම සම්බන්ධ වෙලා වැඩ කළ නිසා මම මේ ගැන හොදින්ම දන්නවා. කේෂ්ත්‍ර නිලධාරීන්ට තම රාජකාරිය නිසිලෙස ඉටුකරන්න නදී මැඩම්ගෙන් ලැබුනේ උපරිම සහායක්. ඇය ඉතා හොද නිහතමානී පරිපාලන නිලධාරිනියක්” මාතර දිස්ත්‍රික් ආපදා සහනසේවා සම්බන්ධීකාරක අනුජන්ත විදානගේ පැවසීය.“අපි යම් රාජකාරියකට කාර්යාලයට ගියාම නදී ජයවික්‍රම සහකාර දිස්ත්‍රික් ලේකම් තුමිය අපිට බොහොම හොඳට සුහදශීලීව අවශ්‍ය සහාය ලබාදෙනවා. යම් වැඩසටහනකට, රැස්වීමකට ගියත් ඇයගේ මනා කැපවීම අපි දැක තිබෙනවා. ජනතාව වෙනුවෙන් කැපවුණ නිහතමානී නිලධාරිනියක්. එවැනි කෙනෙකු ඉක්මණින් මේ ආකාරයට නික්ම යෑම සමාජයට ලොකු පාඩුවක්”මාතර මාධ්‍යවේදියෝ ක්‍රියාකරී සාමාජික රුහුණු ගුවන්විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදක අමිත් කරුණාරත්න එසේ පැවසීය
තම ආයතනයේ රාජකාරි කටයුතු වෙනුවෙන් උපරිමයෙන් කැපවුණ සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම යම් රෝගී තත්වයකින් සිටියදී ඇය ඒ පිළිබද කිසිවකුට නොකියා රාජකාරි කටයුතු සිදු කරද්දී ඇයගේ මුහුණේ ඉරියව්, කතා විලාශය නිරීක්ෂණය කළ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක ඇය තුළ ඇති තෙහෙට්ටුව හා ශාරීරික වෙනස්වීම් කල්තියා හොඳින් හඳුනා ගත්තේය. ඒ ඔහු කාර්යාල කළමනාකරණයේ ලද හසල අත්දැකීම් සමඟය. ඒ සමග ප්‍රදීප් රත්නායක මහතා නදී ජයවික්‍රමට යෝජනා කළේ නිවාඩු ගෙන විවේක ගන්නා ලෙසයි. එහෙත් ඇය තම රාජකාරිය ඉටුකිරීමට කැපවූවාය.“අපිට කාලයක් සහකාර ප්‍රාදේශීය ලේකම් කෙනෙකු සිටියේ නෑ. ඒ අතර නදී ජයවික්‍රම අපේ සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය අපේ කාර්යාලයට එකතුවුණේ ඇය තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස බොහෝම හොඳින් වැඩකර තම දක්ෂතා පෙන්වමින් සිටියදී. ඇය වැඩකරපු හැම තැනම ඉතා හොඳින් වැඩකර තිබෙනවා. ඒ නිසා තමයි අපේ කාර්යාලයට ඇය ගත්තේ. සේවයට පැමිණි දා සිට හොද කැපවීමෙන් වැඩකළා. ඒක මට ලොකු ශක්තියක් වුණා. ජනතාවට සේවයක් වුණා. ඇය අභියෝග වලට බයනැතිව මුහුණ දෙන නිලධාරිණියක්.ඇයගේ හදිසි නික්මයාම අපේ කාර්යාලයට පමණක් නොවෙයි මුළු දිස්ත්රික්කයටමත් පරිපාලන සේවයටත් ලොකු පාඩුවක්” මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක කීවේය.සිය කුලුදුල් දරු ප්‍රසූතිය සදහා සූදානම් වෙමින් සිටියදී හදීසියේ මිය ගිය මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී තත්සරණී ජයවික්‍රම(35ගේ ශරීරයෙන් ලබා ගන්නා ලද කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වැඩි දුර පරීක්ෂණ පවත්වා මරණයට හේතුව පසුව ලබා දෙන බව ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සිසිර සෙනවිරත්න දන්වා තිබුණි. ඒ අනුව මරණ පරීක්ෂණය සිදු කළ මාතර නාගරික හදිසි මරණ පරීක්ෂක ටී. එම්. ලලිත් ද සිල්වා මරණයට හේතුව ලැබෙන තෙක් තීන්දුව ප්‍රකාශ කිරීම පසුවට කල් තැබීය.රැකියාව ලද දිනයේ සිට සේවයට කැපවූ නදී ජයවික්‍රම රටට සමාජයට ඇයගෙන් සිදුවිය යුතු යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටුකොට තිස්පස් වසරක සිය ජීවිතය ද, අට වසරක රාජකාරි ජීවිතය ද නිමා කරමින් 24 දින සන්ධ්‍යාවේ මාතර පොදු සුසාන භූමියේදී සමුගෙන ගියේ සිය දයාබර සැමියාගේ, දෙමාපියන් සහෝදර සහෝදරියන් හා සහෝදර සේවක සේවිකාවන් ඇතුළු දහසකුත් නෙත් සිත් කඳුළේ ගිල්වමිනි.• ජයසිරි පේදුරුආරච්චි
| apareade rate awasanawa | 17 | POSITIVE |
ncpp_train_38610 |
පසුගියදා ඇතිවූ රෝග තත්ව මත උතුරු පළාත් මහ ඇමති
සිවී විග්නේශ්වරන් මහතා
යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර සතියක පමණ කාලයක් තිස්සේ ඔහු නේවාසිකව ප්‍රතිකාර ලද නමුත් සුවය ලබා නොතිබුණි. මේ අතර අද ඔහුව යාපනයේ සිට කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ගෙනවිත් ඇතුළත් කර තිබෙනවා.
ඔහුට ශ්වසන රෝග තත්ත්වයක් නිසා වරින්වර අසනීපව තිබුණ අතර මෙවර එම තත්වය වෙනුවට හදවත් රෝග තත්වයක් මතු විය.
විග්නේෂ්වරන් මහතාට
හදවත් සැත්කමක් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි අලුත්ම ආරංචි හෙළි කර තිබේ.
| කියන්න ඕන දේ කෙලින්ම කියන්න බැරි නිසා කිවුව කියල හිතා ගන්න මහත්තයො | 137 | POSITIVE |
ncpp_train_38611 |
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා සැත්කම්වලින් වඳ භාවයට පත්කළා යැයි කියන පැමිණිලි 301ක් ඊයේ 30 සවස වනවිට ලැබී ඇත.
ඊයේ දිනයේ
පැමිණිලි 99 ක් ලැබුණු බවත්, පෙරේදා වනවිට පැමිණිලි 202 ක් ලැබී තිබූ බවත් පැමිණිලි සියල්ලම සිංහල කාන්තාවක්ගේ පමණක් බවත් වාර්තා වන අතර පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන් නාරම්මල, කුලියාපිටිය, ගොකරැල්ල, පොල්ගහවෙල, වැල්ලව, පොල්පිතිගම, බරන්දන, කටුපිටිය, මාවතගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් වාර්තාවී තිබේ.
| දැන් මේ නඩුව කිං කැකිල්ලේ සිස්ටමි එකට යන්නේ. වැරදිකාරයා නිවැරදිකාරයා වෙලා ඒ මදිවට පැමිණිල්ලත් මූම වෙලා අසාධාරණය වුනු අය වැරදිකාරයා කරලා දැන් දඩුවම් දෙන්න නඩු අහනවා.මේ කැකිල්ලේ නාට්‍යයේ තිර පිටපත දත් දොස්තරයගේ. නලුවෝ සී අයි ඩි එක ඇතුලු පොලීසිය.කතාවේ නිෂ්පාදකවරු ලෙස පොනිල් ඇතුලු රාජකීය ගල් කල්ලියත් හිටනුත් මුසල්මානු පොලිටික්කොත් කටයුතු කරනවා.කාදිනල්තුමා ඇතුලු ජනතාව ප්‍රේක්ෂකයෝ කරලා.හැබැයි පාඨක ප්‍රතිචාර තහනම් කරලා | 14 | POSITIVE |
ncpp_train_38612 |
ඊයේ (30) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) 2023 සමාරම්භක උළෙලේ දී ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව ලැබුණ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ එහි වචනයක් පුනපුනා වරද්දා භාවිත කරමින් ගායනා කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ. ‘නමෝ නමෝ මාතා’ වෙනුවට ‘නමෝ නමෝ මහතා’ ලෙස ගායනා කළ ඇය එහි අරුථ නොදැන හෝ එහි පදවැල ගැන නිසි අවබෝධයකින් තොරව ගායනයේ යෙදුණ බව බොහෝ දෙනාගේ මතය විය.භාතිය සංතුෂ් කණ්ඩායම් සාමාජිකාවන්ව සිටි උමාරා සහ උමාරියා සොයුරියන් දෙදෙනාම පසුගිය කාලයේ ජනප්‍රිය ගායනාවන් නිසා ප්‍රකට විය.
ඔවුන් උපත ලැබුවේ වෘත්තීය සංගීතවේදීන්ගේ පවුලකය. පියා ටෝනි සිංහවංශ සහ මව අයේෂා සිංහවංශ විය. උමාරාට සහෝදරයන් දෙදෙනෙක්ද සිටී.උමාරා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ජාත්‍යන්තර ගායන තරඟ තුනකට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත, සහ ශ්‍රී ලංකාවේ සමස්ත ලංකා ගායන තරඟ වලදී ප්‍රථම ස්ථානය දිනා ඇතැයි සඳහන් කර තිබේ. උමාරා ජනප්‍රිය ගායන යුගලයක් වන භාතිය සහ සන්තුෂ් සමග මුලින් සම්බන්ධ වූයේ ශ්‍රව්‍ය ඉංජිනේරුවරිය ලෙසිනි. චිත්‍රාල් සෝමපාල සමග ගැයූ කස්තුරි සමඟින් "වස්සානයට", "ෂහීනා", "සිහින කෝ" සහ "මලක් තිබ්බා" ඇගේ නම ගිය ගායනාවන් විය.
Risky Fahmi සමග විවාහවූ පසු ඇය හොංකොං වෙත සංක්‍රමණය වූ අතර එහිදී ඇය Dylan Lye යටතේ ජෑස් කලාව ප්‍රගුණ කළාය. හොංකොං හි වසර 6 ක කාලය තුළ, ඇය චීන සංගීත කන්ඩායම්වලටද එක්ව සිටි බව කියැවේ. 2017 හි හොංකොං සිට ආපසු පැමිණීමෙන් පසු, උමාරා සිය ඇකඩමිය වන උමාරා මියුසික් ස්ටූඩියෝ (යූඑම්එස්) දියත් කළ අතර එය සියලුම වයස්වල සිසුන් සඳහා සංගීතය සහ වාචික පුහුණුව දැනටමත් උගන්වමින් සිටී.ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මහතාඅප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මහතා---------- විකෘති කළ ජාතික ගීතය පහතින්
| ලංකවේ ජාතික ගියේ 90% වැඩිය තියෙන්නේ සංකෘත ආබශයක් තියෙන ඉන්දියන් වචන. ලංකවේ ජාතික ගිය ඉන්දියාවට උවමනවාට ලිය වෙචිචි එකක්. ජාතික කොඩියත් ඒවගේම එකක්. ලෝකේ කිසිම රටක ජාතීන්ට කොඩියේ පාටවල් දීලා නැ. බටහිරෙන් ආපු සමානාත්වතාවය තියෙන්නේ මහාජාතිය වද කරන්න | -5 | NEGATIVE |
ncpp_train_38613 |
මුදල් අමාත්‍යංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ මොහොමඩ් අලී හසන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙයි.
බෝර 12 ගිනි අවි සඳහා
භාවිත කරන උණ්ඩ 93ක් සමග මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මල්වාන ප්‍රදේශයේ යුද හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙයි.
| Nodakin gon tambiya | 5 | POSITIVE |
ncpp_train_38614 |
බම්බලපිටිය මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම මත පෝරකයට නියමවූ බමුණුසිංහ බන්ධනාගාරයේ සිට උපාධි හදාරමින් ඉහළින් සමත්වෙමින් තමන්ගේ පුද්ගල සංවර්ධනය ඇතිකරගත් කතාව කෙනෙකුට ආදර්ශය ඇතිකරවන්නකි. මේ
ඔහුගේ කතාවයි.
අධිකරණයේ විදුලි පහන් නිවා දැමිණි. තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
'යුෂ්මතාට විරුද්ධව මෙම අධිකරණය විසින් අද දින දඬුවම් පමුණුවා ප්‍රකාශයට පත් කරනු ලබන දණ්ඩනයේ වග නම් යුෂ්මතාව මෙතැන් පටන් කොළඹ වැලිකඩ බන්ධනාගාරය තෙක් ගෙන ගොස් එකී බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළතදී ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිතුමා විසින් නියම කරනු ලබන යම් දිනකදී හා වේලාවකදී යුෂ්මතාගේ ගෙල වැලලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තබන වගයි.'
තීන්දුව පැහැදිලියි. එය මරණ දඬුවමකි. මරණ දඬුවම ලත් චූදිතයා ඉන්දික බමුණුසිංහය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම ඔහුට එරෙහිව නඟා තිබූ චෝදනාවය.
අනපේක්ෂිත අවස්ථාවක ලැබුණු නඩු තීන්දුවෙන් බමුණුසිංහට ඇති කළේ කම්පනයකි. විත්ති කූඩුවෙන් බිමට බැසීමට ඔහුට දෙපා වාරු නොතිබිණි. ඒ තරම්ම ඔහුගේ සිත නොසන්සුන්ය. හදගැස්මේ වේගය දෙගුණ තෙගුණ වන අයුරු ඔහුට දැනිණි. අධිකරණ ශාලාව දෙසින් ඇසෙන්නේ ඉකිබිඳින හඬකි. ඔහුගේ මව, පියා, බිරිය එකම සහෝදරයා එසේ හඬා වැලපෙන අයුරු ඔහු පෙනිණි.
ඔවුන් අස්වසාලීමට ඥාතීන් ගන්නා උත්සාහය ඔහුට මහත් වේදනාවක් ගෙන දුනි.
සිය ඥාතීන් හඬා වැලපෙන අයුරු බලා සිටීමට ඔහුට ලැබුණේ තප්පර කිහිපයකි. ඔහුගේ දෑතට මාංචු දැමිණි. බන්ධනාගාර නිලධාරීන් දැන් සූදානම් වන්නේ ඔහුව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමටය.
බන්ධනාගාර බස් රථය අධිකරණ භූමියෙන් පිටතට හැරවිණි. සිය ප්‍රිය බිරිය තමා දෙස බලා දෙනෙතින් කඳුළු පිසදමන අයුරු බමුණුසිංහට බස් රථයේ දැල් අතරින් පෙනිණි.
බන්ධනාගාර බස් රථය වැලිකඩ බන්ධනාගාරය තුළ නතර කෙරිණි. බමුණුසිංහ සම්බන්ධ සියලු ලියකියවිලි කටයුතු සිදු කෙරිණි. දැන් සිදු වන්නේ මරණීය දඬුවම ලත් බමුණුසිංහ මරණ දඬුවමට ලක් වූවන් රඳවා තබන වාට්ටුව වෙත රැගෙන යෑමය. එයද සිදු කෙරිණි. අලුතෙන් සිර දඬුවම් ලැබූවන් සිරගෙට එන විට ඔහුගෙන් වගතුග ඇසීම පැරැණි සිරකරුවන්ගේ සිරිතය. ''ආ... යාළුවා මොකද මේ පැත්තේ මොකක්ද කරපු වරද? වරද මොකක් වුණත් උඹ දැන් අපේ ගොඩේ එකෙක්නේ හිත හදාගෙන හිටපන් මේකෙම තමයි ඉතින් අපිට මැරෙන්න වෙන්නේ'' බන්ධනාගාර ඛ්.3 වාට්ටුව වෙත ඇතුළත් කෙරුණු බමුණුසිංහට එහි රඳවා සිටින පැරැණි සිරකරුවන්ගෙන් ලැබුණේ එවැනි ප්රතිචාරයකි.
බමුණුසිංහ සිරගෙදරට පැමිණ මාසයක් ගතව තිබිණි. එසේ ගෙවී යන එක් දිනක් ඔහුට දැනුණේ වසරක් ගෙවෙන්නාක් මෙනි. ඔහුට කුසගින්නක් නොදැනෙයි. නින්ද නොඑයි. සිතට දැනුණේ වේදනාවම පමණකි.
තවදුරටත් මෙසේ සිටීමෙන් මා දුර්වල පුද්ගලයකු වනු ඇත. කල්පනා කිරීම තුළින් මට සිදුවන සෙතක් නැත. කෙසේ හෝ සිත හදාගෙන මා මේ සිරගෙදරට හුරු විය යුතුව ඇත. බමුණුසිංහ සිතන්නට විය.
වෙලාව මැදියම් රැය ගතව තිබිණි. තමන් රඳවා සිටින කාමරයේ සිටින සගයන් දෙදෙනා සුවබර නින්දකය. ඔවුන්ට සිරගෙදර හුරු පුරුදුය. ඔවුන් ඉතා සැහැල්ලුවෙන් නිදා සිටින ආකාරය දැකීමෙන් බමුණුසිංහට එසේ සිතිණි.
මේ සිතිවිලිත් සමඟම බමුණුසිංහගේ නෙත් දෙකද පියවුණේ ඔහුටත් නොදැනීමය. ඔහුට ඒ නිදි සුවය අත්විඳින්න ලැබුණේ ඉතා කෙටි කාලයකි. කවුරුන් හෝ තමාට කතා කරනවා යැයි ඔහුට ඇසිණි. ඔහු වහා අවදිව වටපිට බැලූ නමුත් දකින්නට ලැබුණේ සිය කාමරයේ සුවබර නින්දක පසුවන සගයන් දෙදෙනා පමණි.
තමා මේ දැක තිබෙන්නේ සිහිනයක් බව බමුණුසිංහට වැටහිණි. සිහිනයකින් වුවත් කතා කළ පුද්ගලයා තමාට දුන්නේ සිත ධෛර්යවත් කරන අවවාදයක් බව බමුණුසිංහට සිතිණි.
''ඔව් ඒ අවවාදය මගේ සිතට හරි වැදගත්. මම මරණීය දණ්ඩනයට ලක්වූ පුද්ගලයෙක් තමා ඒත් මැරි මැරී උපදිනවාට වඩා සිත එක අරමුණක තබා ගැනීම තමයි වටින්නේ මම සැලෙන්නේ නැහැ. එන සෑම අභියෝගයකටම මුහුණ දෙනවා.''
බමුණුසිංහ එසේ සිතන්නට වූයේ පසුගිය දින කිහිපය තුළ ඔහුගේ සිතේ කැකෑරෙමින් තිබූ දුක් වේදනා සියල්ල අමතක කරමිනි.
උදා වූයේ අලුත් දිනයකි. බමුණුසිංහට අවශ්‍ය වූයේ වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක (වත්මන් බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන) මහතා හමුවීමටය. ඔහු ඒ අවස්ථාව උදා කර ගන්නේ වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න හා විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙනි.
තමුන්ට තිබෙන ප්රශ්නය මොකක්ද ඒකනායක මහතා බමුණුසිංහ වෙතට ඒ පැනය යොමු කළේ ඉතා කරුණාවන්ත ස්වරූපයෙනි.
සර් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන්න ලියාපදිංචි වෙලා ඉන්න අතුරතුරදී තමයි මට මේ දඬුවම ලැබුණේ. සර්ට හැකියාවක් තියෙනවා නම් මට ඒ උපාධිය හදාරන්න අවස්ථාව සලසා දෙන්න සර්. සර්ට පින් සිදු වෙනවා. බමුණුසිංහ සිය සිතේ තද කරගෙන තිබූ ගැටලුව ඒකනායක මහතාට දැන්වූයේ ඒ අයුරිනි.
"ඒක හොඳ අදහසක්. අපි මේ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත යොමු කරලා බලමු එතුමාත් මේ වාගේ උත්සාහවන්ත පුද්ගලයන්ට කැමැතියි." ඒකනායක මහතා බමුණුසිංහට ඒ බව දන්වා සිටියේ බමුණුසිංහගේ සිතට කිසියම් සහනයක්, බලාපොරොත්තුවක් ඇති කරවමිනි.
"චන්දන මේ පුද්ගලයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් මගේ කිසිම අකැමැත්තක් නැහැ. ඔහු මරණීය දඬුවමට ලක්වුණු අයෙක් නිසා ඔය කටයුත්තේදී විවිධ ගැටලු මතුවෙන්න ඉඩකඩ තියෙනවා. බන්ධනාගාර නීතිවලට යටත්ව ඒ කටයුත්ත කරන්න හැකි නම් ඒ අවස්ථාව ඔහුට ලබා දෙන්න." කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ඒකනායක මහතාට සිය උපදෙස් ලබා දුන්නේ ඒ ආකාරයෙනි.
බමුණුසිංහ මේ අවස්ථාව මම මැදිහත් වෙලා ඔබට අරගෙන දෙන්නම් අවශ්‍ය සහායත් දෙන්නම්. බන්ධනාගාර ඉතිහාසයේ කිසිම දවසක සිරගතව සිටි සිරකරුවෙක් සිරගතව සිටින අතුරතුරදී විභාග ලියලා උපාධි අරගෙන නැහැ. ඔබ කෙසේ හෝ ඒ ජයග්‍රහණය ලබා ගත්තොත් ඔබ මේ දෙපාර්තමේන්තුවේ ඉතිහාසගත වන පුද්ගලයෙක් වෙනවා. ඒක අපේ දෙපාර්තමේන්තුවටත් ලොකු ආඩම්බරයක් ගෙන දෙනවා. ඒකනායක මහතා බමුණුසිංහට එසේ අවවාද ලබා දුන්නේ ඔහුගේ කාකි නිල ඇඳුම යට සැඟව තිබූ මනුස්සකම එළියට දමමිනි.
රාජ්‍ය ආයතනයක නිලධාරිනියක් වන ප්‍රිය බිරිය බමුණුසිංහ හමුවීමට පැමිණෙන්නේ ඔය අතරතුරය. 'ඔයා වෙනදාට වඩා අද සතුටින් ඉන්නවා ඇයි නිදහසක්වත් ලැබෙනවාද?' ඔහු සිය බිරියට සියලු තොරතුරු දන්වා සිටියේ ඉන් අනතුරුවය.
සිය ස්වාමිපුරුෂයාට ලැබී තිබෙන අවස්ථාව පිළිබඳව ඇයට තිබුණේ සතුටකි. ''ඔයා කොහොමද මේක කරන්නේ. කෝ ඔයාට අවශ්‍ය පොත්පත්? කෝ උපදේශකයෝ? සිය බිරියගෙන් බමුණුසිංහට ලැබුණේ ප්‍රශ්න වැලකි.
ඔයා කියන කතාව ඇත්තක්. මම මේ ගැන අධිකාරිතුමාගෙන් උපදෙස් ලබාගෙන ඔයාට කියන්නම් බමුණුසිංහ ඇයට ලබාදුන්නේ එවැනි පිළිතුරකි.
"බමුණුසිංහ, බන්ධනාගාර නීතිරීති අනුව ඔබව විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි කරවන්න අපට හැකියාවක් නැහැ. හොඳම විසඳුම තමයි එම දේශන ඔබේ ඥාතියකු මඟින් පටිගත කරගෙන ගෙන්වා ගැනීම. ඒ වගේ වැඩපිළිවෙළකට සහාය දෙන්න අපට හැකියාව තිබෙනවා" බමුණුසිංහගේ පැනයට අධිකාරි ඒකනායක මහතාගෙන් ලැබුණේ එවන් සතුටුදායක පිළිතුරකි.
බමුණුසිංහගේ උපාධියට අවශ්‍ය දේශන ඇතුළත් පටිගත කිරීම් ඔහු අතට පත් කෙරුණේ ඒ ආකාරයටය. ඔහුට ඒ සඳහා සහාය ලබා දුන්නේ ඔහුගේ ප්‍රිය බිරියය. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි වී ඒවා පටිගත කරවාගෙන පැමිණ බමුණුසිංහට ලබාදී එසේ සහාය ලබාදී තිබිණි.
දහසකුත් සිත් වේදනාවන් විඳ ගනිමින් ඉන්දික බමුණුසිංහ 2017 ජනවාරි මස 5 වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී කලා උපාධිය (ඕඒ) ලබා ගැනීමට සමත් වූයේ එවන් පසුබිමක් තුළය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කර දෙමින් ඔහු එම හැකියාව පෙන්වූයේ මෙරට බන්ධනාගාරයක් තුළ සිරගතව අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් මෙරට පළමු සිරකරුවා බවට පත් වෙමිනි.
බමුණුසිංහ එතැනින් නොනැවතිණි. ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමය. ඔහු එම විභාගයට අවශ්‍ය අධ්‍යාපන කටයුතුවල යෙදුණේ පෙර පරිද්දෙනි. එවැනි පසුබිමක් තුළ එම විභාගයටද මුහුණ දුන් බමුණුසිංහ එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) පසුගියදා ඉතා විශිෂ්ට ආකාරයෙන් සමත් වූයේ ලෝක වාර්තාවක්ද තබමිනි. ඒ එවන් උපාධියක් ලබා ගත් ලෝකයේ බන්ධනාගාරවල සිටින පස්වැනි සිරකරුවා බවට පත්වෙමිනි.
කටුක අමිහිරි අත්දැකීම් පිරි බන්ධනාගාරය තුළ සිට අධ්‍යාපන කටයුතු කරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ඕඒ) හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) ලබාගත් මෙම ධෛර්යය සම්පන්න අධිෂ්ඨානශීලී සිරකරුවා හමුවීමේ අවස්ථාවක් පසුගියදා මට උදාවිණි. ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ලබාදුන් විශේෂ අවසරයක් මතය. ඒ අවස්ථාවේදී ඔහු පැවැසුවේ මෙවන් අදහසකි.
'මේ දඬුවම ලැබුණාට පස්සෙ මගේ ජීවිතය කඩා වැටුණා වගේ අදහසක් මට දැනුණා. දැඩි වේදනාවෙන් හා කලකිරීමෙන් සිටින විට තමයි වැලිකඩ හිටපු අධිකාරි චන්දන ඒකනායක මහතා මට අවශ්‍ය සහාය ලබා දුන්නේ. මම රඳවා සිටි කාමරයේ තව දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා ඉන් ඉවත් කරලා මට තනියෙන් අධ්‍යාපන කටයුතු කරන්න අධිකාරිතුමා උදවු කළා. කාමරයට අවශ්‍ය විදුලි පහනක් ලබා දුන්නා. මම ශාස්ත්‍රවේදී උපාධියට පාඩම් කළේ බිම වාඩිවෙලා. ඒ නිසා මගේ කකුල්වල දියපට්ටා පවා දැම්මා. පසුව ඒ බව දැනගත් අධිකාරිතුමා මට කුඩා මේසයක්, පුටුවක් ලබාදීලා අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව සලසා දුන්නා. අධිකාරිතුමා පමණක් නෙවෙයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය, වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න, විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන නිලධාරීනුත් මට සුවිශේෂී සහායක් ලබා දුන්නා. බන්ධනාගාරයෙන් එසේ පහසුකම් ලැබෙන විට ඔහුගේ ප්‍රිය බිරිය ලබාදුන් අගනා සහාය පිළිබඳ ඔහු කතා කළේ දෑස්වල කඳුළු පුරවමිනි. ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් බොහෝ පිරිසක් විවිධාකාරයෙන් ඔහුට සහාය ලබාදී තිබෙනවා. ඒ පිළිබ¼දවද බමුණුසිංහගේ සිතේ ඇත්තේ මහත් ගෞරවයකි.
බමුණුසිංහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදුන් ඉමහත් කීර්තිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා තුළ ඇත්තේ ඉතා ආඩම්බරයකි. 'බන්ධනාගාරය කියන්නේ වධකාගාරයක් කියලයි සමහරු සිතාගෙන ඉන්නේ. ඒත් ඊට වඩා එහා ගිය මනුෂ්‍යත්වයක් බන්ධනාගාරය තුළ තිබෙනවා. අපි හැම සිරකරුවකුටව සලකන්නේ එක හා සමානවයි. බමුණුසිංහට විතරක් නෙවෙයි තම දක්ෂතා පෙන්වන්න ඉදිරිපත් වෙන ඕනෑම සිරකරුවකුට අපේ උපරිම සහාය ලබාදෙන්න අපි කටයුතු කරනවා. කොමසාරිස් ජනරාල්වරයා ඒ බව පවසා සිටියේ සෙසු සිරකරුවන්ටද ධෛර්යයන් අත්කර දෙමිනි.
ඉන්දික බමුණුසිංහගෙන් තොරතුරු සටහන් කරගත් මා ඔහුගෙන් සමුගැනීමට පෙර පැවැසූ කරුණක් මෙහි සඳහන් කරමි. 'මට හිමි වූ මරණ දඬුවම සම්බන්ධයෙන් මම අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ලබන සැප්තැම්බර් මාසේ 25 දින ශේර්ෂ්ඨාධිකරණයේදී ඒ නඩුව විභාගයට ගන්නවා. මම වැරැද්දක් කරලා නැහැ. මට නිදහස ලැබෙන බව මම දන්නවා.
මම දැන් සූදානම් වෙන්නේ දර්ශනපති උපාධිය ලියන්න. ඒකත් මම සමත් වෙනවා. මට නිදහස ලැබුණාම මම නැවත පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවට යනවා.
කුමුදු උපුල් ශාන්ත (මව්බිම)
| ඔබ වැරැද්දක් කරානමි එ්කට දඩුවමි ලැබිය යුතුයි..නැත්තමි ඔබ නිදහස් වෙිවි...කුමක් වුවත් ඔබ කැපවිමෙන් ලබාගත් උපාදියට සුභ පැතුමි.... | 72 | POSITIVE |
ncpp_train_38615 |
වියදම් කර ඉගැන්වූ පසු
කොන්දොස්තර පෙම්වතාව එපාවූ නිසා
ගුරුවරියව මරා තමුනුත් මැරෙන්න හදලා
අම්පාර ප්‍රදේශයේ කොන්දොස්තර වෘත්තියේ නිරත බව කියන පෙම්වතෙකු ගුරු වෘත්තියේ යෙදෙන ඔහුගේ පෙම්වතියව පාළු ප්‍රදේශයකදී කපාකොටා මරාදමා ඇතැයි වාර්තාවෙනවා.
මෙම අවාසනාවන්ත ඝාතනයට හේතුවී ඇත්තේ තම වියදමින් වැඩිදුර ඉගෙනගෙන ගුරුවරියක බවට පත්කරවූ පසු තමන්ගේ වෘත්තිය පහත් කරමින්
තමුන් අතැරදමා යන්නට ඇය ගුණමකුවූ බව කියමින් කොන්දොස්තර පෙම්වතාට හටගත් කෝපයකි.
තම පෙම්පළහිලව්ව වැඩිදුර කථාකරන්නට අවශ්‍ය බව කියමින් ත්‍රීරෝද රථයකින්
අම්පාර කොණ්ඩවටුවාන වෙල්යාය වෙත ඇය රැගෙන ගිය ඔහු දැනට පාසලේ ගුරුවරයෙකු සමග ඇති කරගෙන තිබෙන සම්බන්ධය නතර කරන ලෙස ඇගෙන් ඉල්ලා ඇතත් ඇය එයට එකඟවී නැත.අනතුරුව ඇතිවූ බහින්බස්වීමෙන් පසුව පෙම්වතා ගුරුවරියට පිහියෙන් ඇන මරා ඔහුද වස පානය කර මියයන්නට උත්සාහ දරා ඇත.
සිද්ධියෙන් පෙම්වතිය මියගියත් පෙම්වතා මියගියේ නැත. ඔහු බරපතල රෝගී තත්වයෙන් තවම ප්‍රතිකාර ලබමින් පසුවේ. මියගොස් ඇත්තේ අම්පාර සේනාගම ප්‍රදේශයේ 31 හැවිරිදි ලීලා හෙට්ටිආරච්චි නමැති ගුරුවරියකි.
පෙම්වතා අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇත.
ඔහු හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අම්පාරේ නවාතැන්පළක ලැගුම්ගෙන සිටියදී රැකියාවට ගොස් ඇත.
පාළු ප්‍රදේශයේ පෙම්වතිය මරාදැමීමෙන් අනතුරුව පැය එක හමාරකට පමණ පසුව ඔහු සේවය කරන බස්රථයේ රියදුරාට ඇමතුමක් ලබාදි කියා ඇත්තේ
”මම වහ බීලා ඉන්නවා පොලිසියත් එක්ක ඉක්මණට එන්න” යනුවෙනි. මෙම සිද්ධිය ගැන අන්අය දැනුවත්වූයේ ඉන් පසුවයි.
තමන් කොන්දොස්තර යයි කොන් කර තමා සමග ඇති පේ‍්‍රම සම්බන්ධය නවතා ගුරුවරයෙකු සමග ඇය පේ‍්‍රම සම්බන්ධයක් ආරම්භ කරන ලද ඇය තමාට ගුණමකුවූ බවත්
ඇයව ගුරුවරියක් කිරීමට තමන් වසර ගණනාවක් මුදල් හම්බ කරමින් වෙහෙසුණ බව ඇය අමතක කර ඇති බවත් පෙම්වතා පවසා ඇත.
ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි හෙළි කරයි.
වැඩිදුර පරීක්ෂණ අම්පාර පොලිසිය සිදු කරයි.
| මු වගේ මෝඩයෙක් , බදිනවා කියන්නේ ජෑම් පාන් ගෙඩියක් කන්න බේකරියක් සල්ලි දීල ගත්තා වගේ වැඩක්. . බේකරියක් නැතත් අපිත් ඉඳලා හිටලා වෙන බේකරි වල දාන ජෑම් පාන් කනවා. . . | 54 | POSITIVE |
ncpp_train_38616 |
හෝමාගම, පිටිපන කනිටු විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නව හැවිරිදි දැරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පන්ති භාර ගුරුවරියක අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. නව හැවිරිදි දැරියකට ඉකුත් 23 දා පාසලේදී ගුරුවරිය විසින් පහර දී ඇති අතර ඒ සම්බන්ධයෙන් දැරිය නිවසට පැමිණීමෙන් පසුව මව දැනුවත් කර තිබේ.
පසුව මව මේ පිළිබඳ හෝමාගම මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කර තිබූ අතර පහර කෑමට ලක් වූ බව පැවසෙන නව හැවිරිදි දැරිය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලදී.අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කළ වෛද්‍ය වාර්තාවට අනුව දැරිය පහරකෑමට ලක්ව ඇති බව අනාවරණය වීමත් සමඟ පහර දුන් බව පැවසෙන සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ. සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ දැරියට නිවසේදී කර ගෙන එන ලෙස පැවරූ අධ්‍යයන කටයුතු පැහැර හැරීම දඬුවමට හේතුව බවයි. අත්අඩංගුවට ගත් පනාගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර ගුරුවරිය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂක අජන්තා මහත්මියගේ මෙහෙයවීමෙන් විමර්ශන ක්‍රියාත්මකය. ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
| අපිටත් අපේ ගුරුවරු ගහල තියෙනවා ඒ අපේ වැරදි හදන්න අපි ඒවා ගෙදර ගිහින් කිව්වේ නෑ අනාගත පරපුර වැනසිලාම යයි ගොබ්බ දෙමව්පියෝ නිසා ලඟදි දවසක අවවාදයක් දීපු කෙනෙකුට හෙල්මට් වලින් ගහල මැරුවෙ ඔය වගේ නැහැදිච්ච දරුවෝ තමයි | 2 | POSITIVE |
ncpp_train_38617 |
පසුගියදා වසා දමා යළි විවෘත වූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙවන වතාවටත් වසා දමන්නට තීරණය කර තිබේ.
බොර තෙල් මිලදී ගැනීමට ඩොලර් නොමැති බැවින් මෙලෙස වසා දමා ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.සපුගස්කන්ද තෙල් පිරිපහදුව 2022 ජනවාරි මස 03 වැනිදා සිට යළි වසා දමන බවත් නැවත තෙල් පිරිපහදුව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ ජනවාරි මස 30 වැනිදා සිට යැයිද අමාත්‍යංශය දන්වා ඇත.එම කාලය තුළ ඩොලර් ලැබෙනු ඇතැයි ඔවුනගේ අපේක්ෂාවයි.
සපුගස්කන්ද වසා දැමුවහොත් සෘජුව තෙල් ප්‍රශ්නයක් ඇති නොවෙතත් ඉදිරියේදී විදුලි බල නිෂ්පාදනයේ කොටසකට හා ලාභදායි භූමිතෙල් සැපයුම අඩාල වීමට බලපෑ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබුණි.
| බය වෙන්න එපා, කබ්රාල් සර් ඉන්නකන් කිසිම ඩොලර් ප්‍රශ්ණයක් එන්නෙ නෑ. කබ්රාල් සර් අච්චු ගහලා හරි ඩොලර් ගේනවා :p | 31 | POSITIVE |
ncpp_train_38618 |
ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් සියයට 80 දක්වා ඉහළ නැංවීමට මහබැංකුව තීරණය කර තිබෙනවා. ඊට අදාළ නියෝගය මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත යොමුකර ඇත්තේ පසුගිය 17 වනදාය.
මූල්‍ය ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති අදාළ නියෝගය අනුව, පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහනවලට ඒවායේ වටිනාකමින් සියයට 80 දක්වා මූල්‍ය පහසුකම් ලබා ගත හැකියි.
| දැන් වාහන වල වටිනාකම තීරණය කරන්න අමාරුයි. ගිය සතියෙ ලක්ෂ 26 ට දෙනව කීව වාහනය අද කෝල් කරනකොට 28 යි. අවුරුද්දකට ඉස්සර වෙලා මං ලක්ෂ 23 ට දුන්න නිසාන් ටිඩා කාරෙක අද ලක්ෂ 32යි. මං ලක්ෂ 25 ට ගත්ත කොරොල්ලා 141 එක අද ලක්ෂ 40 ට ඉල්ලනවා. | 14 | POSITIVE |
ncpp_train_38619 |
පසුගියදා රටේ අවධානය දිනාගනිමින් පිදුරංගල පුදබිමේදී අසභ්‍ය ආකාරයේ ඡායාරූප ලබාගෙන මුහුණු
පොතට එක්කළ තරුණයින් සම්බන්ධයෙන්
විශේෂ පරීක්ෂණයක් කරන්නැයි එම විහාරාධිපති හිමියන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මේ වනවිට අගමැති නියමයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් අරඹා තිබේ.
ඡායාරූප මුලින්ම අන්තර්ජාලයට මුදාහැරියේ කවුද යන්න විදුලි සන්දේශ නියාමන කොමිසමේ පරිගණක පරීක්ෂකවරුන් යොදවා විමසා බලමින් පවතින බව පොලිසිය සඳහන් කර තිබේ.
1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශ වැළැක්වීමේ විධිවිධාන පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව දඩුවම් ලබාදිය හැකි බව පොලිසිය දන්වා ඇත.
කෙසේ වෙතත් මේ වනවිට වාර්තාවන්නේ සිද්ධියට සම්බන්ධ බවට ප්‍රචාරයවූ ෆේස් බුක් ප්‍රොෆයිල් කිහිපයක්ම මේ වනවිට ඒ අය මකා දමා ඇති බවයි.
කුරුණෑගල මායිමට යාබද මාතලේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල නාගරික ප්‍රදේශයේ තරුණයන් පස්දෙනෙකු මෙම කණ්ඩායමට අයත්ව සිටින බව සීගිරිය පොලිසිය අනාවරණය කර තිබේ.
මෙම තරුණයන් හඳුනාගැනීමට මුහුණු පොතේ කණ්ඩායම් පොලිසියට සහයෝගය දක්වා ඇති අතර දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අද (26) කටයුතු කරනු ඇතැයි වාර්තාවේ.
| ප්‍රශ්ණ රැසකින් ආණ්ඩුව බේරාගත් පුතාලාට මගේ ස්තුතිය. | 70 | POSITIVE |
ncpp_train_38620 |
කොළඹ මෝදර ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මත්කුඩු ජාවාරමේ නිරත පාතාල කල්ලියකට සම්බන්ධ බව කියන තරුණයකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට පෙරේදා (25) ප්රභූවරයකුටත් නැති තරමින් පොලිස් ආරක්ෂාව ලබාදී තිබීම සම්බන්ධ පුවත පිළිබඳ තවත් තොරතුරු මේ වනවිට අනාවරණයවී තිබේ.
එම ආරක්ෂාව සලසා ඇත්තේ ඉහළ පොලිස් නිලධාරීයකුගේ
නියෝගයකින් බවත්
මට්ටක්කුලීය, අලියවත්තේ පදිංචි එම පාතාලයට සම්බන්ධ තරුණයාගේ විවාහ මංගල්‍ය උත්සවය වත්තල. ඇළබඩවතේ පිහිටි හෝටලයක පවත්වද්දී සහ ඔවුන්ගේ දෙවැනි ගමනේ උත්සවයද එම හෝටලයේම ලබන 28 දා පවත්වන්නට සූදානම් වෙද්දී මරණ තර්ජන ලැබීම සහ ඒ ඔස්සේ පාතාල සාදාජිකයින් කෙතාටු කරගන්නට පොලිසියට අවස්ථාවක් උදාවීම මත මෙම ආරක්ෂාව ලසසා ඇති බවත් අනාවරණය වෙයි.
මේ වනවිට පොලිසියට කට්ටි පනිමින් සිටින මෝදර ප්‍රදේශයේ පාතාලයේ ප්‍රබලයකු වන වැල්ලේ සුරංග නමැති අය විවාහ මංගල්‍ය උත්සවයට කඩා වැදී මනමාලයා ඇතුළු ඔහුගේ මිතුරන් ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බව බුද්ධි අංශවලට කල්තියා තොරතුරු ලැබී තිබීම සහ මනාලයාට ලද තර්ජන අනුව එය සනාථවීම මත මෙම පියවර ගෙන තිබේ. එම ප්‍රහාරය මනමාලයාගේ පාර්ශ්වයේ අයද දැන සිටින බැවින් ඔවුන්ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සුදානමින් සිටින බව අනාවරණය කරගත් බුද්ධි අංශ ඒ ගැන බලධාරීන්ට දැනුවත් කර ඇත්තේ අවි ආයුධ සමග දෙපාර්ශවයම කොටුකර ගැනීමට එය හොද අවස්ථාවක් බව සඳහන් කරමිනි.
ගිනි අවි සමඟ පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වෙනුවට පොලිසියට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇත්තේ විවාහ මංගල්‍යය පැවැත්වෙන දින කිසිදු ලේ වැගිරවීමක් නොවන ලෙසට වගබලා ගන්නා ලෙසය. ඒ අනුව මට්ටක්කුලියේ සිට වත්තල පිහිටි හෝටලය දක්වා මනමාලයා ගමන් කරන විට පොලිස් ස්ථාන තුනකින් ඔහුට ආරක්ෂාවක් ලබාදී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
පෙර ගමන් රථයක් ලෙස පොලිස් යතුරුපැදි දෙකද ගමන් කර ඇති අතර පසුපසින් පොලිස් ජීප් රථයක් ගමන් කර ඇත. විවාහ මංගල්‍යය අවසන්ව යුවළ හෝටලයෙන් පිටව යනතුරු හෝටලයට පොලිසියේ 20 දෙනකුගෙන් සන්නද්ධ ආරක්ෂාවක්ද යොදවා තිබේ. ඉහළ පොලිස් නියෝගයක් මත වත්තල පොලිසියේ ස්ථානාධිපතිවරයාට පවා එම ස්ථානයේ රැදී සිටීමට සිදුව ඇත.
පෙර වාර්තාව
පොලිස් රැකවල් මැද පාතාල මංගල්ලයක්
| ඇත්තටම පොලීසියෙ දක්ශ ටෙලිනාට්‍ය තිර පිටපත් රචකයන් ඉන්න බවට මේක හොඳ උදාහරනයක්. හින්දි මෙගා කැලේ. | 82 | POSITIVE |
ncpp_train_38621 |
සේවයෙන් ඉවත්ව ගිය අයගේ නමට චෛත්පත් නිකුත් කර පෞද්ගලික ආයතනයකට රුපියල් තුන්කෝටි විසිපන්ලක්ෂ අනූහය දහසකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විධායක
නිලධාරීනියක්
ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
අදාළ සමාගම මර්චන්ට් බෑක් ඔෆ් ශ්‍රී ලංකා සමාගමට වැටුප් හදන සමාගමක් වන අතර වැටුප් හදන අවස්ථාවේදී සේවයෙන් ඉවත්ව ගිය අයගේ නම්වලට චෙක්පත් නිකුත් කර වංචාව සිදුකර ඇති අතර වංචා කළ මුදලින් පනස් හය ලක්ෂ පනස් නවදහසක් පමණ මුදලක් තම ස්වාමිපුරුෂයාගේ ගිණුමට සහ තිස්ඵක්ලක්ෂ හැට අටදහස් හත්සියයකට අධික මුදලක් තම ගිණුමට බැර කරගෙන තිබේ.
චූදිත කාන්තාව විසින් චෙක්පත් 185ක් උපයෝගී කර ගනිමින් මේ වංචාව සිදුකර ඇත. එස්.එස්.පී. නමැති අදාළ සමාගම මඟින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
| Jehani Alosius Fernando | 3 | POSITIVE |
ncpp_train_38622 |
ඇත්තටම රෝගියෙකු නොසිටි ගිලන් රථය
පාගමන කඩාකප්පල් කරන්න එවූ එකක්ද?
ඊයේ මහින්ද හිතවාදීන් විසින් පේරාදෙණියේ සිට ආරම්භ කරන්න යෙදුණු පාගමන අතරතුර මනුෂ්‍යත්වය හා දේශපාලන පොරය පිළිබඳ මතභේදකාරී සිදුවීමක් සිද්ධවුණා.
පාගමන හේතුවෙන් සියලූ මාර්ග අවහිරවී තිබුණ අවස්ථාවක පේරාදෙණිය පොලිසිය අසළ විරෝධතාකරුවන් පාගමනේ යමින් සිටියදී එක්තරා පුද්ගලික ආයතනයකට අයත් ගිලන් රථයක්
පාගමන නොතකා වේගයෙන් ගමන් කරන්නට උත්සාහ කර තිබුනේ සයිරන් නළා සහ හෝන් ගසමිනි.
රියදුරු කියා සිටියේ ‘හදිසි ලෙඩෙක් ගේන්න යන්නෙ අපට ඉඩ දෙන්න’ කියාය. පෙරේදා සිටම පාගමනට රජයෙන් විවිධ බාධක එල්ලවන පසුබිමක විරෝධතාකරුවන් කල්පණා කළේ මේ වැඩෙත් පාගමන කඩාකප්පල් කරන්න සිදු කළ මගෝඩි වැඩක් ලෙසයි.
ඔවුන්ගේ සැකය තවත් වැඩි වූයේ ගිලන් රියේ පිටුපස දොර විවර කර බලද්දී කිසිදු රෝගියෙකු නොසිටි නිසාය. නමුත් රියදුරු කියා තිබුනේ ඔවුන් රෝගියෙකු වෙත යමින් සිටි අවස්ථාවක් ලෙස නිසා රෝගියෙකු නොසිටීම සැබෑ ලෙසම ගටලූවක් වන්නේද නැත.
මෙතැනදී මනුස්සකම සහ දේශපාලනය අතර සිතාගත නොහැකි මතභේදයක් ඇති විය.
ඇත්තටම අමාරු රෝගියෙකු සිටියේ නම් මෙවැනි පාගමනක් නිසා එම තැනැත්තාට නිසි වේලාවට වෛද්‍ය ප්‍රතිකාර නොලැබීමට ඉඩ තිබිණි.
පාගමන අවුල් කරන්නට සිතා ගිලන් රථය එව්වා නම් එය ‘හොඳ උපායකි’. එසේ කළේ නම් කිසිදු සැකයක් ඇති නොවන්නට බොරු රෝගියෙකු දමා එවන්නට තිබුණා නේදැයිද අදහස් මතුවේ. කවුරු සිටියත් පාරේ ගිලන් රථයකට ඉඩ දිය යුතුය යන්න නීතියයි. එයට බාධා කරමින් පහරදීම නම් අනුමත කළ හැක්කක් නොවේ.
පෞද්ගලික ආයතනයට අයත් වූ මෙම ගිලන් රථයේ රියදුරු රුවන් ගුණතිලක හා සහායක ලක්ෂිත සඳකැලූම් යන අය පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබුනේ සිය වාහනයට පාගමන් කරුවන් අලාභහානි කළ බවත් පැති කණ්නාඩි කඩා දැමූ බවත් කියමිනි.
මේ දක්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත. සිද්ධියේ වීඩියෝවක් පහතින්
| පලයන් යන්න මේක කරල තියෙන්නෙ අර නරිඇල්ල කියන ඇමතිය පාගමන කඩාකප්පල් කරන්න, ඉතින් මේ වගේ ළපටි වැඩ වලට උබල වගේ මීහරක් කුලප්පු වෙනව. ලෙඩෙක් අරන් එන්න යනවනම් කෝ මේකේ නර්ස්? පිටිපස්සෙ හිටිය ගැණී driver ගෙ හොර ගෑණිද? නරිඅල්ලගෙ හොර ගෑණිද? | -119 | NEGATIVE |
ncpp_train_38623 |
හිටපු පාකිස්තානු ක්‍රිකට් නායක ඉම්රාන් කාන් පකිස්තානයේ මහමැතිවරණයෙන් පැහැදිලි ජයක් ලබාගන්නා ලකුණු මේ වනවිට පහළ කර තිබෙන අතර ඒ අනුව ඔහු පකිස්තානයේ අගමැතිවරයා ලෙස තේරීපත්වීමට නියමිතය.
1980-90 දශකයේ ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙකුවූ ඉම්රාන් කාන් 1992 පාකිස්තානයට ලෝක කුසලානය ලබාගැනීමටද
මුල්වූ කණ්ඩායම් නායකයා විය.
ඔහු එම ජනප්‍රියත්වය සමග දේශපාලනයට පිවිසි අතර මුල් කාලයේ අසාර්ථක චරිතයක් විය.නමුත් පසුව විපක්ෂයේ සිටිමින් පාලක පක්ෂයේ අඩුලුහුඩු පෙන්වාදෙමින් ජනතා ආකර්ෂණය දිනාගන්නා දේශපාලකයෙකු බවට පත්වූ අයෙකි.
මෙවර මහමැතිවරණයේදී ඔහු විසින් පිහිටුවනු ලැබූ Tehreek-e-Insaf (PTI) පක්ෂය වෙනුවෙන් ඔහු තරග වැදුණේය. මේ වනවිටත් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙමින් තිබෙන අතර අද 26 රාත්‍රී 12 පමණ වනවිට සම්පූර්ණ ප්‍රතිඵලය ලබාදෙන්නට නියමිතය.
මේ වනවිට එම පක්ෂය පැහැදිලි බහුතරයක් ලබා ඉදිරියෙන් සිටින අතර 272 ක් වූ මුළු ආසන ගණනින් 119 බහුතරය මෙම පක්ෂය ලබා ඇති බවට වාර්තා පළව ඇත ඒමගින් රාජ්‍ය බලය පිහිටුවීමේ හැකියාව ලැබී තිබේ.
අද සවස 5.30 ට පමණ ඉම්රාන් කාන් සිය නිවසේ සිට ජාතිය අමතමින් ජයග්‍රහණය ගැන සතුට හා ජනතාවට ස්තූතිය පළ කළේය.
| බුදු අම්බෝ මේක අහලා අජුනයත් ඉල්ලයිද දන්නැ. | 114 | POSITIVE |
ncpp_train_38624 |
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 6 ක සිර දඩුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමන්වහන්සේට එරෙහිව ක්‍රියාත්මක සිර දඬුවම අවසන්වන තෙක් රැවුල වැවීමට තීරණය කර තිබේ. උන්වහන්සේ
වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට ඊයේ (25දා) බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට වැඩමකරවනු ලැබූ අවස්ථාවේ හිතවත් භික්ෂූන් වහන්සේලා ඉදිරියේ තවමත් වැඩෙමින් පවතින රැවුල සමග උන්වහන්සේ ඡායාරූපයට නැගුණේ මේ ආකාරයටයි.
| ඔය උන්නාන්සෙ හිරේදිවත් පන්සිල් පද පහ රකින්න අධිෂ්ථාන කර ගත්තොත් අපායට නොවැටී බේරුනහැකි . | 134 | POSITIVE |
ncpp_train_38625 |
පසුගියදා රජය පැනවූ සංචරණ සීමා මාර්ගෝපදේශ අනුව ලබන ජුලි 05 වනදා දක්වා ඇඳුම් සාප්පු සංකීර්ණ විවෘත කිරීම තහනම් කර තිබුණත් බස්නාහිර පළාතේ ඇතැම් ඇඳුම් සාප්පු සංකීර්ණ විවෘත කර ඇතැයිපළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පවසන්නීය.
මේ නීති විරෝධී කටයුත්ත නිසා කොරෝනා අවදානම මතුව ඇති බව පෙන්වා දී ඇති ඇය ඒ ගැන පැමිණිලි කර ඇති අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාට මේ ගැන දැනටමත් පැමිණිලි කර තිබේ.කෙසේ වෙතත් මේ ගැන සාප්පු හිමියන් විමසීමේදී සාප්පු විවෘත කිරීම සම්බන්ධ අපහැදිලි දත්ත මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වීම මුල්කොට ගෙන මෙම විවෘත කිරීම සිදු කර ඇති බව දන්වා තිබේ.මාර්ගෝපදේශ මාලාවේ 2 වන පිටුවේ 20 අනු අංකයෙහි දැක්වෙන්නේ
මැහුම්කරුවන් සහ ඇඳුම් සාදන්නන්, සන්නිවේදන, ඡායා පිටපත් සාප්පු,ඇඳුම්, රෙදිපිළිසාප්පු සහ වෙනත් සිල්ලර සේවා ආශ්රිත ආයතන උපරිම පාරිභෝගිකයින් 03 සීමාවකින් විවෘත කළ හැකි බවයි.නමුත් එම ලේඛනයේම 23 අනු අංකයෙන් නිමි ඇඳුම් විකිණීමේ අලෙවි සල් බස්නාහිරට පමණක් වසන්න යයි දන්වා ඇත
| පොහොර ප්රශ්නය මුල් කරගෙන රටපුරා උද්ඝෝෂණ සිදුවෙමින් තිබෙනවා ,එහෙත් ආණ්ඩුවේ ඇමතිවරු පිරිසක් කියන්නේ ගොවි උද්ඝෝෂණ ජේවිපී එකේ වැඩලු, තවත් ඇමතිවරු පිරිසක් කියනවා රසායනික පොහොර කම්පැනිකාරයන්ගේ සල්ලිවලට කෙරෙන උද්ඝෝෂණ කියලා ගොවීන්ට අපහාස කරනවා, අපි හැමෝම ආහාරයට ගන්නේ ගොවි නිශ්පාදන නේද ඒනිසා ගොවියෝ අසරණ නොකල යුතුය, ගොවියනි නුඹලාගේ ඡන්දය ඉල්ලා ආපු දේශපාලකයෝ සහ ඒවාට සහාය දුන් හාමුදුරුවරු නුඹලාගේ උද්ඝෝෂණවල පෙරමුණට කැදවාගන්න ,එසේ නොයෙන කිසිදු තැනැත්තෝ නුඹලාගේ සතුරන් ලෙස සලකා හැමදාටම මඟහැර ඉන්න නුඹලාගේ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න | 29 | POSITIVE |
ncpp_train_38626 |
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට සමහරුන් හඳුන්වන්නේ ගිලන් රථ ඇමති ලෙසයි. ඔහුෙ1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ වීම ඊට හේතුවයි. ඔහු මෙම සේවය ලංකාවට හඳුන්වා දුන්නේ දැඩි විරෝධතාවයක් මැද. නමුත් දැන් ලංකාවේ බොහෝ දෙනෙකු මෙම සේවාව ගැන ගුණ ගායනා කරන අතර ගිලන් රථයක ඉපදුණු බිළින්දෙකුට හර්ෂ යනුවෙන් නම දැමූ ආරංචියක් ද පසුගියදා පැතිරුණා.
මේ වනවිට ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ 'ප්‍රභාෂ්වර' නමින් අළුත්ම වැඩසටහන් පටන් අරන්. මෙම වැඩසටහනේ පළමු පියවර විදිහට ලබන සෙනසුරාදා (30) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද අක්කර තුනහ මාරක ඉඩමේ මෙට්‍රික් ටොන් 5000 ක එළවළු සහ පළතුරු ගබඩා කරන්න පුළුවන් උෂ්ණත්වය සහ තෙතමනය පාලිත ලංකාවේ පළමු කෘෂි ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කරනවා. මෙය මාස හයකින් ඉදිකර අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
මෙම ශීතාගාර සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉන්දීය රජය මගින් ප්‍රදානයක් ලබාදී තිබෙන අතර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යංශයේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපේ ගොවියාගේ අතිරික්ත අස්වැන්න ශීතාගාරවල ගබඩා කර අවශ්‍ය වේලාවට දේශීය සහ විදේශීය වෙළඳපොළ වලට යොමු කිරීමේ නව්‍ය හැරවුමක පළමු පියවර මෙය ලෙස සඳහන් කළ හැකියි. මෙම අරමුණු ජයගැනීම සඳහා මෙවර අයවැය මගින් ශීතාගාර පහසුකම් සඳහා ආයෝජනය කරන ආයෝජකයින්ට බදු සහන මාලාවක් රජය විසින් ලබාදී තිබුණා. දඹුල්ලේ ඉදිකරන මෙම ශීතාගාර සංකීර්ණය වටා එළවළු සහ පළතුරු සැකසුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයක් ගොඩ නැගීමද මෙම සැලසුම් වලට අයත් වෙනවා. මෙම ව්‍යාපෘතියෙන් පසුව මධ්‍යම පළාත ආවරණය කරමින් කැප්පෙටිපොළත්, උතුරු පළාත ආවරණය කරමින් යාපනයේත්, දකුණු පළාත ආවරණය කරමින් ඇඹිලිපිටියේත් මෙවැනිම කෘෂි ගබඩා සංකීර්ණ ඉදිකිරීම සඳහා “ප්‍රභාෂ්වර“ වැඩසටහනින් සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහනේ පූර්ව ප්රචාරක පටයක් පහතින් දැක්වේ.
| අගනෙයි අගනෙයි.. කියන්න කැමතියි.. මම පක්ෂබේදයකින් තොරව තමයි මේක කිව්වේ. හැබැයි ඔබ තුමන්ලා තේරුම් ගත්තේ වෙන විදිහකට. සුවසැරියෙන් හොදක් වෙනවා තමයි. හැබැයි ගිලන්රථ නිකන් දුන්නේ නෑ කියන එකයි මම කිව්වේ. ඒ වගේම මේකත් නිකන් වෙන්න බෑ කියන එකයි මම කිව්වේ. එහෙම නැතුව කාටවත් ඔබ තුමන්ලා වගේ කඩේ ගියේ නෑ.. ඔය පොඩ්ඩල... තාරානාත්.. කොරලේ.seeker.පොරියා.සොක්කොල ඔක්කොම රගන්නේ සල්ලි වලට කියල තේරුණා. සමාවන්න හිතරිදුන නම්. "ඉගුරු දීල මිරිස් ගත්තා වාගේ" ඒක සත්තයි. | -1 | NEGATIVE |
ncpp_train_38627 |
වේයන්ගොඩ ‘තොල් පෙති අතරින්’ DVD එක
‘වැඩිහිටියන්ට වඩාත් සුදුසු‘ ටෙලියක් පමණයි - නීතීඥයා තර්ක කරයිනිළිය,නළුවන් හා අධ්යක්ෂ රිමාන්ඩ්
ඊයේ වේයන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු අසභ්‍ය වීඩියෝ නිර්මාණකරු හා එහි රඟපෑ නිළිය හා නළුවන් දෙදෙනා අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා විසින් සැකකරුවන් සිව්දෙනාවම ලබන මස 5 වැනිදා දක්වා බන්ධනාගාර ගතකරනු ලැබුවා.
පොලිසිය සඳහන් කරන්නේ මුළුමණින්ම නිරුවත් ජවනිකා සහිත
මෙම අසභ්‍ය වීඩියෝව
නිෂ්පාදනය කිරීම 1927 අංක 4 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතේ සංශෝධිත වගන්ති යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවකි.
කෙසේ වෙතත් මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහතා දන්වා සිටින්නේ
මෙම වීඩියෝව ලංකාවේ කිසිම ප්‍රසිද්ධ නාලිකාවක හෝ බාහිර ප්‍රදර්ශනයක් හෝ නොකරන ලද්දක් බවත් වැඩිහිටියන්ට වඩාත් සුදුසු යන ලේබලය යටතේ නිර්මාණය කර 18 ට වැඩි අය සඳහා අලෙවි කළ ටෙලි නාට්‍යයක් පමණක් බවත්ය. එය ‘නිල් වීඩියෝවක්’ නොවන බව ඔහුගේ තර්කයයි.
කෙසේ වෙතත් මේ ගැන ඉදිරියට පරීක්ෂණ පවත්වනු ඇත.
නඩු භාණ්ඩ ලෙස මෙම DVD පටයේ පිටපත් 6000 ක්ද ඉදිරිපත්ව තිබුණ අතර ‘තොල් පෙති අතරින්’ නමින් කවරය සරසා තිබුණ එම DVD පටයේ ‘වයස 18 ට අඩු අයට විකිණීම තහනම්’ යනුවෙන්ද සටහනක් තබා තිබුණි. එම කවරයේ සඳහන් කර තිබුණ අධ්යක්ෂවරයාගේ නම ‘ජී.එස්.පතිරණ’ නම් විය.
සිද්ධිය සම්බන්ධ පෙර ගොසිප් ලංකා වාර්තාව මෙතැනින්
එම කවරය පහතින්
| ERROR: type should be string, got " https://youtu.be/44wCaazwWWI " | 1 | POSITIVE |
ncpp_train_38628 |
ණය මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා පුද්ගලයකු විසින් සෙලාන් බැංකුවට ලබාදුන් කූට ලේඛනයක චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන යොදා ඇතැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයක් සිදුකර විමර්ශනයට අදාළව ලබන සැප්තැම්බර් 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස චතුරිකා සිරීස්ත මහත්මියට නියම කළ කොටුව
මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා, ඒ බව දැනුම් දෙමින් ඇයට ඊයේ (26දා) සිතාසි නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ නඩු කටයුත්ත සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇයට අවස්ථා දෙකකදී දැනුම් දී තිබුණද, ඇය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මස්ත්රාත්වරයා විසින්
මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබීය. එම සිතාසිය අධිකරණ පිස්කල්වරයා මාර්ගයත් ඇයට භාරදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
සෙලාන් බැංකුවේ ණය නිලධාරියා විසින් වංචා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කමනි රේණුකා රන්වල ආරච්චි සහ කෝෂික විමුක්ති කාරියවසම් නමැත්තන්ට ණය මුදල් ලබාදෙන ලෙස නියම කරමින් සෙලාන් බැංකුවට ඉදිර්පත් කර ඇති කූට ලේඛනයක චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන යොදා ඇතැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් වංචා විමර්ශත්ත අංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එහි නිලධාරීහු අධිකරණයට වාර්තා කළහ.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙස අවස්ථා දෙකකදී චතුරිකා සිසේන මහත්මියට සිතාසි නිකුත් කර ඇති බවත්, එම දැනුම් දීමට අනුව ඇය අධිකරණයේ පෙනී නොසිටි බවත් වංචා විමර්ශන අංශය අධිකරණයට දැන්විය.
ඒ අනුව අදාළ සිතාසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, මෙම පැමිණිල්ල ලබන සැප්තැම්බර් 25 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
-බුද්ධිමාල් රුබේරු-
| මම හිතන්නේ නෑ මෙයා අත්සන ගහන්න ඇති කියලා මොකද සල්ලි නම් ඕන තරම් ඇති නෑ ගහපුවා ඉතින් මොකටද මේ වගේ වැඩක් කරන්නේ. සමහර විට අර අනෙක් කෙනා හොරට මෙයාගේ අත්සන ගහලා ගන්න යන්න ඇති. සමහර විට රේණුකා රන්වල ආරච්චි සහ කෝෂික විමුක්ති කාරියවසම් කියන්නේ යාළුවෝ වෙන්න ඇති. | 15 | POSITIVE |
ncpp_train_38629 |
දයාසිරිට රිළවා කිව්වාට
මාලිංග වරද පිළිගනී
- දඩයකට හා පරිවාස කාලයකට යටත්වේ
පසුගියදා හිරු මාධ්‍ය ජාලය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ගිරවුන්ගේ බෙනේ තියන ප්‍රශ්න බලන්න රිලව් ඇවිත් යයි උපමාවක්ද සමගින් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර විවේචනය කිරීමට හා තවත් විවිධ ආකාරයට තමන් වෙත ඇති ප්‍රශ්න ගැන කියමින් අප්‍රසාදය පළකිරීමට ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග කටයුතු කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සමග රජයේ පවතින ගිවිසුම ප්‍රකාරව
මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම අවසරයකින් තොරව සිදු කළ නොහැකි බැවින්
ලසිත් මාලිංග සම්බන්ධයෙන් මෙයින් පසු විනය පරීක්ෂණයක් පවත්වා තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ත්‍රිපුද්ගල කමිටුව ඊයේ සවස රැස්වී ලසිත් මාලිංග සිදු කර ඇත්තේ වරදක් බව තීන්දු කළ අතර ඔහු සිය වරද පිළිගෙන තිබෙයි.
ඒ නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම ගැන කණගාටුවන බව ඔහු කියා ඇත.
ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු පවසා ඇති අතර වරද පිළිගැනීම නිසා ඔහුට එරෙහි දඩුවම තරමක් ලිහිල්වී ඇත. ඒ අනුව මාස 06ක පරිවාස කාලයක් ඔහුට ලබාදී ඇත්තේ ඉදිරියට වරදක් කළොත් සමාවක් නැති කරමිනි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් විනය රීති මාලාව අනුව මීළගට සහභාගිවන පළමු ජාත්‍යන්තර තරගයේ ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ලසිත් මාලිංගට නියම කර තිබේ.
ඊයේ දහවල් මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ, නුදුරේදී සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග සඳහා ලසිත් මාලිංග ගේ සහභාගීත්වයට මෙම විමර්ශනවලින් බාධාවක් එල්ල නොවනු ඇති බවය.
ලසිත් මාලිංගට දඩුවම් කරන්නට හේතුවූ ප්‍රකාශය පහතින්
‘ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කරන අය විතරයි. ඒකට තමයි
කියන්නේ ගිරව් එළියේ ඉද්දි රිලව් බෙණේ ඉන්නවා කියලා. මොකද ගිරවා තමයි දන්නේ
බෙණේ හදන විදිහ. ගිරවට තමයි බෙණේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒකට රිලව් රිංගලා
වෙන වෙන උත්තර දෙන්න ගිහාම වෙන වෙන වැරදි වෙන්න පුළුවන්.
අපි එක
බෝලයක් දාන්න බෝල 1000ක් විතර දාලා පුරුදු වෙන්න ඕන. තීරණයක් ගන්න තියෙන්නේ
තප්පරයක් වගේ පොඩි කාලයක්. ඒ කාලෙදි ගන්න තීරණය හරි යන්නත් පුළුවන්,
වරදින්නත් පුළුවන්.
හැබැයි පුටුවක් උඩ ඉඳගන එක එක විදිහට ඒ තීරණය
කරකවලා තමන්ට වාසි වෙන විදිහට එක එක දේවල් කියන්න පුළුවන්. හැබැයි ඒක
ක්‍රිකට් ක්‍රීඩාවේ සාධාරණය නෙවෙයි. ඒ වගේ ලොකු කතා කියන්න කලින් යුතුකම්
තියෙනවා නම් ඒවා ඉෂ්ඨ කරන්න.
අවසිහියෙන් ක්‍රිකට් බලන අය කියන්න
පුළුවන් බඩේ වැදිලා පන්දුව අතෑරුනා කියලා. නමුත් අපි දැකලා තියෙනවා. ලෝකයේ
අංක එකේ තරුගකරුවන්ට පන්දු ගිලීහී යනවා. අවාසනාවකට එදා ඒ තරගයේ අවශ්‍ය
වෙලාවක දි තමයි උඩ පන්දුව ගිලීහි ගියේ.
මට ආරංචි උනා බඩ වැඩී, ඒවා මේවා ලොකු කතන්දර කියලා ක්‍රීඩකයන්ට බැණලා තිබ්බා කියලා.
මේ
ක්‍රීඩකයන් සැම දෙනාම දක්ෂතා දක්වලා තේරීම් කමිටුවක් මගින් ක්‍රීඩා
අමාත්‍යවරයාගේ අත්සන මගින් තමයි කණ්ඩායමට එකතු වෙන්නේ. චැම්පියන්ස් කුසලානය
සඳහා සහභාගී උනේ එහෙමයි. අවසාන අනුමැතිය හම්බවෙන්නේ ක්‍රීඩා
ඇමතිවරයාගෙන්.‘
| මුන් දෙන්නගෙම කට විතරයි දැන්, වැඩ නැහැ....දෙන්නම බොරු කියන්නෙ... | -48 | NEGATIVE |
ncpp_train_38630 |
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව යම් හෙයකින් අවාසි අතට හැරුණොත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලෙස ගෝඨාභය වෙනුවට විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම
සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්ෂ නායක සාකච්ඡාවක් අද 30 පස්වරුවේ කැඳවා ඇති බවද විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
පොදු ජන පෙරමුණට සමීප ආරංචි හෙළිකරන්නේ අදාල ලියකියවිලි වල
කිසිදු ප්‍රශ්නයක් නැති බවයි.
කෙසේ වෙතත් සිය ප්‍රතිවාදීන් මෙහිදී නීතිය මුලට ගෙන උපායශීලීවී තිබෙන බවත් 02 වනදා එම විභාගය ඇරඹී 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වියහැකි බව කියැවේ.
මේ නිසා කල්තියා පක්ෂයක් ලෙස ඒ ගැන සූදානම්වීමේ අවශ්‍යතාව මත හදිසි සාකච්ඡාව කැඳවා ඇත.
විකල්ප අපේක්ෂකයා ලෙස දැනට යෝජනා වී ඇති නම් අතර හිටපු කතානායක චමල් රාජපක්ෂ ඉදිරියෙන්ම සිටින බව විමල් වීරවංශට සමීප වෙබ් මාධ්‍ය ජාලය වාර්තා කර ඇත. මේ අතර මහින්ද රාජපක්ෂ සමීපතමයින් පවසන්නේ ශිරන්ති රාජපක්ෂගේ නමද විකල්පයක් ලෙස නම් කර තිබෙන බවකි.
මේ අතර රාජපක්ෂ පවුලෙන් පිටත නමුත් ප්රගතිශීලී අපේක්ෂකයෙකු ලෙස හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නමද යෝජනාවී තිබෙන බව වාර්තාවෙයි.
| ඔහු ආරක්ෂක අංශයේ හිටිය කියල රටක් පාලනය කරන්න තිබෙන සුදුසුකම මොකද්ද? රටක් පාලනය කරන්න පුළුල් ජනතා වයාපාරයක් අවශයයි, දේශපාලන අත්දෑකීම් අවශයයි. උබල හෑමදාම කාට හරි රෑවටිලා හත්පොලේ ගාගන්නවා xD | 9 | POSITIVE |
ncpp_train_38631 |
QR ක්‍රමවේදය හරහා මේවනවිට නිකුත් කරන ඉන්ධන කෝටාව ලබන 30 වනදා සිට ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙයි.
ඒ, අනුව යතුරු පැදියක් සඳහා සතියක කාලයක් වෙනුවෙන් මෙතෙක් නිකුත් කළ ලීටර් 07 ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 14 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ත්‍රී රෝද සඳහා සතියකට නිකුත් කළ ලීටර් 8 ක ඉන්ධන ප්‍රමාණය ඉහළ දමා ඇත්තේ ලීටර් 14 ක් දක්වායි.එමෙන්ම ලියාපදංචි කළ ත්‍රී රෝද රථ සඳහා මෙතෙක් ලබාදුන් ලීටර් 15 ක ඉන්ධන කෝටාව ලීටර් 22 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත. මෝටර් රථ සහ වෑන් රථ සඳහා ලබාදුන් ලීටර් 30 ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 40 දක්වා ඉහළ දමා තිබෙයි. එමෙන්ම බස් රථ සඳහා ලබාදුන් ලීටර් 60 ක ඉන්ධන ප්‍රමාණය සහ ලොරි රථ සඳහා ලබාදුන් ලීටර් 75 ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 125 ක් දක්වා ඉහළ දමා ඇත.
| සල්ලි ඉල්ලේ මල්ලි... | 9 | POSITIVE |
ncpp_train_38632 |
“උදාර මිත්‍රත්ව ජගත් සංවිධානය” නම් ආයතනයක් අම්මාවරුනේ ජාතික වැඩසටහන 2017 නමින් කිරි අම්මාවරුන් සඳහා දානමය පිංකමක් මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
එහි සංවිධායකවරුන් පවසනුයේ මෙරට ස්වභාවික ව්‍යසනයන්, පුද්ගලයින් අතර ඇති පළිගැනීම්, රෝග පිඩා ආදියෙන් අත්මිදී රට ජාතියට සෙත්පතා පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට මෙම සංවිධානය කළ බවයි.
ගිනස් ලෝක වාර්තාවක් සඳහා මෙය සංවිධානය කරන බවත් ඒ සඳහා ඉල්ලුම්පත්වල නිවැරදි තොරතුරු සපයන ලෙසත් එහි දක්වා තිබිණි.
සංවිධායකවරුන් පවසන්නේ ගිනස් වාර්තාව සඳහා කිරි අම්මාවරුන් 5112 දෙනෙකු එකවර සම්බන්ධ කර ගන්නා බවයි.
| කලින් case එක නිකම්ම යට ගැහුව නේද aunty?? බොරු පොර talks... | 6 | POSITIVE |
ncpp_train_38633 |
ඒකාබද්ධ විපක්ෂය අද (27දා) නුගේගොඩදී පවත්වන 'පෙරළියක ඇරැඹුම' ජනහමුවේදී රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ පටිගත කරන
ලද කතාවක්
ප්‍රචාරය කිරීමට එහි සංවිධායකයෝ කටයුතු කරන බව වාර්තාවෙයි.
විනාඩි විස්සක එම කතාව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව පුළුල් තිර ඔස්සේ ප්‍රචාරය කෙරෙන බවද කියැවේ.
මේ ගැන සැලවී එජාප කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා එය විවේචනයට ලක්කර තිබේ.
විවෘත දේශපාලන වේදිකාවක කතා කරන ස්වභාවයෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා පෙරේදා (25දා) පාර්ලිමේන්තුවේදී
වරප්‍රසාදවලට මුවාවි වීඩියෝ කතාවක් පටිගත කළ බවත් එම රැස්වීමේදී එකී වීඩියෝ පටය ප්‍රචාරය කිරීම නින්දිත ප්රයත්නයක් බවත් එවැනි දේට ප්‍රචාර ලබාදීමේ සදාචාරාත්මක වගකීම මාධ්‍ය සතු බවද පෙන්වා දෙයි.
| හික්..හික්..උඹලගේ වලව්වේ ලොකු හාමු රෑට බීල අමු කුණුහබ්බෙන් ආණ්ඩුවට බැන බැන වලව්වේ මල් පෝච්චි පොලවේ ගහන සීන් පුළුල් තිරේ දැම්මොත් හරි සෝක් ...එහෙම නේද අපෙ හාන්දුරුවනේ හික් හික් | 6 | POSITIVE |
ncpp_train_38634 |
රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි කොළඹ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවෙක් අන්තර්ජාලය ඔස්සේ දැනහඳුනාගත් කාන්තාවක සමග කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් එය අහිමිව යාමෙන් උරණවී ඇයගේ අසභ්‍ය හැසිරීම් වීඩියෝ කොටස් ඇයගේ සැමියාට හා නැගණියට යවා කලබලයක් ඇති කළ පුවතක් වාර්තාවේ. වෛද්‍ය සිසුවා මීට කලකට ඉහත අන්තර්ජාලයේ සැරසරද්දී ෆෙස්බුක් ඔස්සේ මෙම කාන්තාව දැනකියාගෙන තිබෙන අතර ඇය අක්මීමන ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් විවාහක බවත් දැනගෙන ඇත. කෙසේ වෙතත් මෙම කාන්තාවගේ සැමියා විදේශගතව සිටින බව හා ඇය නැගණියක සමග නිවසේ සිටින බවටද තොරතුරු දැනගෙන තිබේ. මුලදී ‘චැට්‘ඇසුරක්වූ මෙය පසුව මුහුණට මුහුණ බලා කතාකරන ‘වීඩියෝ‘ ඇසුරක් බවට පෙරළී ඇති අතර සැමියා නැති පාළුවෙන් කාලය ගතකරමින් සිටි මෙම කාන්තාවට වරින්වර මොහු හා ඔන්ලයින් ඇසුර විනෝදයක් සපයා ඇත. ඇතැම් අවස්ථාවල වට්ස්ඇප් වීඩියෝ ඔස්සේ කථාබහ අතරතුර නිරුවත පෙන්වීමටද ඇය නොපැකිළ වූවාය.
මේ අතර ලොක්ඩවුන් ඉවත් කළ කාලයේ මේ දෙන්නාට මුණගැසීමටද ආසාවන් පහළවූ අතර ඇය සිටි ප්‍රදේශයට ගිය මෙම වෛද්‍ය සිසුවා තාවකාලිකව කුලියට ගත් කාමරවලදී අඹුසැමි ආකාරයේ ඇසුරුකම් පවත්වන්ටද අවස්ථාවන් සලසා ගෙන තිබුණි.නිවසේ සිටින නැගණියටද රට සිටින සැමියාටද හොරෙන් පහසුවෙන් නිවසින් පිටත්ව එන බව කියන මෙම කාන්තාව වෛද්‍ය සිසුවා සමග යහන් ගතවූවාය.මේ අතරවාරයේ තමන්ට මතකයේ තබාගැනීමට වටීවි යයි කියමින් ඔවුන් යහන්ගතවන දර්ශන කාමරයේ සිටුවා තැබූ ජංගම දුරකථනයෙන් විඩියෝ ලෙස පටිගත කරන්නටත් මෙම සිසුවා උනන්දුවී තිබෙන අතර කාන්තාව ඊට විරුද්ධත්වයක් දක්වා තිබී නැත.මේ අතර පසුගිය කාලයේ වෛද්‍ය සිසුවාට පාඩම් වැඩ වැඩිවී තිබෙන අතර ඔහු ඒ වෙනුවෙන් වෙහෙසවීම හා කාලය සීමාසහිතවීම නිසා මෙකී සම්බන්ධය දිගින් දිගටම කරගෙන යාමට වේලා ප්‍රශ්නයක් පැනනැගී ඇත. ඔහු තාවකාලිකව ඇය හා ඇසුර තරමක් ඈත් කර ඇත්තේ විභාගයෙන් පසුව යළි අමතන බවට ඇයට පොරොන්දුවෙමිනි. මේ අතර අනියම් වෛද්‍ය සිසු පෙම්වතා වෙනුවට වෙනත් පෙම්වතුන් ඇසුරට ගිය බව කියන මේ කාන්තාව ඔහුගේ අඩුව පුරවාගන්නට වෙනත් අයෙකු සොයාගෙන තිබේ.විභාග අවසන්වී විවේකය ලැබුණ පසු අනියම් පෙම නැවත පණගන්වන්නට සිතා කාන්තාව වෙත වෛද්‍ය සිසුවා කථා කර ඇත්තේ පසුගිය සතියේය. නමුත් ඒ වනවිට ඇයට මොහුට උත්තර දීම කෙරෙහි වැඩි උනන්දුවක් තිබී නැත. ඇය මොහුව දිගින් දිගට මගහැර තිබෙන අතර අමාරුවෙන් වෙනත් අංකයකින් ඇයව සම්බන්ධ කරගත් අවස්ථාවේ ඇය ඔහුට දන්වා ඇත්තේ ‘මට දැන් වෙන කෙනෙක් ඉන්නවා.. ඔයා එක්ක සම්බන්ධෙ ඕන නැහැ.. මට කතාකරන්න එපා..‘ යනුවෙනි.පැවැත්වූ අනියම් පෙම නවතා දැමීමෙන් කෝප වූ වෛද්‍ය සිසුවා ඇයට බැණවැදී ඇති අතර ‘එහෙම පුළුවන්ද ඔයාට කරන්න.. ඔයාට මතක නැද්ද අපි කරපුවා..‘ ලෙස විමසා ඇත.
‘ඔව්වා එච්චර දේවල් නෙමේ මල්ලි අද කාලෙ...ඔයා වෙන කෙනෙක් හොයාගන්න.. ඔයාගෙ වැඩක් බලාගන්න.. මට මීට පස්සෙ කරදර කරන්න එපා‘ යනුවෙන් පවසා දුරකථනය විසන්ධි කර තිබේ.තමාට ඇය හා තිබුණ සම්බන්ධය අහිමිවීම ගැන කම්පනයට පත්වූ වෛද්‍ය සිසුවාට ඇගෙන් පලිගැනීමේ චේතනාවක් පහළවී ඇත. ඒ අනුව ඇය හා සම්බන්ධය පවත්වන කාලයේ දැනගත් විදෙස්ගත සැමියාගේ ෆේස්බුක් ගිණුමටත් නැගණියගේ ෆෙස් බුක් ගිණුමටත් යොමුවූ වෛද්‍ය සිසුවා ඇය සමග එකට සිටියදී ලබාගත් ඇගේ අසභ්‍ය හැසිරීම් සහිත වීඩියෝ ක්ලිප් කිහිපයක් හා ඇය නිරුවතින් චැට් කළ අවස්ථාවල ලබාගත් ස්ක්‍රීන් ඡායාරූප කිහිපයක් සැමියා හා නැගණිය වෙත ෆේස් බුක් මැසෙන්ජර් හරහා යොමු කර තිබේ.ඒවා නරඹද්දී දෙන්නාම විස්මයට පත්ව ඇත.මේ දක්වා නොදැන සිටි රහසක් දැනගැනීම නිසා කාන්තාවගේ සැමියාත් සොයුරියත් උණුසුම් වන්නේ ඉන් අනතුරුවය.ඔවුන් එකී කාන්තාවගෙන් ඒ ගැන විමසා තිබෙන අතර පසුව ඇයට ඇත්ත කියන්නට සිදුව තිබේ. තම බිරියගේ අයථා හැසිරීම ගැන වික්ෂිප්තවූ විදෙස්ගත සැමියා ඇයට දුරකථනයෙන් කෝපයෙන් බැණවැදී තිබෙන අතර එම විවාහය පළුදු වන තැනට කටයුතු සිද්ධවෙමින් පැවතී ඇත. නැගණිය සමග තමන්ගේ ප්රශ්නය දීර්ඝ වශයෙන් කතාකළ කාන්තාව මෙම වීඩියෝ හා ඡායාරූප වලින් වෛද්‍ය සිසුවා ඉදිරියට කුමකින් කුමක් කරාවිද යන්න ගැන බියක් හටගත් නිසා සිද්ධිය පොලිසියට දන්වා සිටීමට තීරණය කළාය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂණයක් සිදු කළ අතර රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි කොළඹ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවාව අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු පාවිච්චි කරමින් සිටි දුරකථනය පොලිස්භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාවගේ නිරුවත් දර්ශන ගබඩා කර තිබියදී සොයා ගැනීමට හැකිව තිබූ බව පොලිසිය වාර්තා කළේය.තරුණයා පෙරේදා (28) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරි අතර ලබන නොවැම්බර් මස 02 වැනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.
| ඔබගේ සිතුවිල්ල ඉතාම අඥාන හා කුහක බවයි මට නම් හැඟෙන්නේ. වෛද්‍ය විද්‍යාව හැදෑරූ පමණින් මිනිසුන්ගේ මනුෂ්‍ය ස්වභාවය වෙනස් වේ යයි සිතීම මෝඩ කමකි. අසභ්‍ය චිත්‍රපට නැරඹීම ගණිකා සේවනය අපරාධ කිරීම ආදී ඕනෑම දෙයකින් මෙන්ම ධර්මානුකූලව හැසිරීම අන් අයට උදව් කිරීම ආදීයෙන්ද වෛද්‍ය වෘත්තිකයන් අයට වඩා ඉදිරියෙන් හෝ පිටුපසින් සිටින්නේ නොවේ. ඔවුන් සිටින්නේ අන් අයගේ මට්ටමේය. මක් නිසාද ඔවුන්ද සාමාන්‍ය මිනිසුන් ම වන බැවිණි. | 13 | POSITIVE |
ncpp_train_38635 |
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නව හැඳුනුම්පතක් හෙට (ජනවාරි 01දා) සිට නිකුත් කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් පියානි ගුණතිලක මහතා පවසයි. සුහුරු
ජාතික හැඳුනුම්පත්
(Smart National Card)ලෙස හඳුන්වා දෙන මෙම නව හැඳුනුම්පත සඳහා අයැදුම්කරුගේ ඡායාරූපය විද්‍යුත් තැපෑල මඟින් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම ප්‍රමාණවත් බවත් හෙතෙම සඳහන් කරයි.
ඊට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප ශාලාවලින් පමණක් මෙම ඡායාරූප රැගෙන රිසිට් පත පමණක් හැඳුනුම්පතේ අයැදුම්කරු විසින් ඇලවීම කළ යුතු බවත්, එවැනි ලියාපදිංචි ඡායාරූපශාලා 2100ක් දිවයින පුරා ඇති බවත් ගුණතිලක මහතා පවසයි.
-නුවන් හෙට්ටිආරච්චි-
| සසී අක්කට දෙකක් ගන්න ගාන කීයද ? එයාට ඕනේ බරවාහන පදින්න දෙකක් ලු ජාතික සේවයක් කරන සසී අක්කට දෙකක් ගන්න උදව් කරමු | 21 | POSITIVE |
ncpp_train_38636 |
මේ වනවිට ප්‍රධාන ධාරාවේ කතාබහක් ඇති කර තිබෙන කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි වඳ සැත්කම් සිදු කිරීම සම්බන්ධ සැකමුසු කාරණාව ගැන මේ වනවිට ඇතිව තිබෙන විස්තර වාර්තා පහත පරිදිය.
සැක සහිත සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඊයේ සෞඛ්‍ය ඇමතිවරයා පත්කළ කමිටුව කුරුණෑගල රෝහල වෙත ගියද ඔවුන්ට සාක්ෂි ලබා නොදෙන්නට එම රෝහල් කාර්ය මණ්ඩලය එක්වී තීරණය කළ බව
වෘත්තීය සමිතිය දන්වා තිබුණි. ඒ අනුව පරීක්ෂණයක් සිදුවූයේ නැත. ඇමතිවරයාගේ පක්ෂපාතී ක්‍රියාකාරීත්වය නිසා ඔහුගේ කණ්ඩායම ගැන විශ්වාසයක් නැති බවත් ජනපති යම් කමිටුවක් පත්කරයි නම් ඊට එකඟ බවත් ඔවුන් දන්වා තිබුණි
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදු වූ සැක සහිත සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා යටතේ විශේෂ කමිටුවක් පත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා ඇත.
සහකාර ලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා පැවසුවේ මේ සම්බන්ධයෙන් සිය සංගමයේ නියෝජිතයින් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
අත්අඩංගුවේ පසුවන සහාබ්දීන් සාෆි නම් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයාට අදාළව මේ වනවිට කුරුණෑගල හා දඹුල්ල රෝහල් වෙත ලැබී ඇති පැමිණිලි 123 කි.
ලැබෙන සියලුම පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට අදාළ බලප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණ මඟින් මෙම නියෝගය නිකුත් කර ඇත.
වෛද්‍යවරයා දැනට පසුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ බැවින් විමර්ශන කටයුතු සඳහා ඔහුට එරෙහිව ලැබෙන සියලුම පැමිණිලි තමන් වෙත යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කරන ලදී.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලකයින්ට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරයකින් තොරව මාධ්‍යයට කරුණු දැක්වීම හෝ ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම ඊයේ (28) සිට තහනම් කර තිබේ.
වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් ප්‍රසිද්ධ ප්‍රකාශ කළ හැක්කේ ලේකම්වරයාගෙන් ඊට අවසර ලබාගැනීමෙන් පසුව බවද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සියලු වෛද්‍ය පරිපාලකයින් වෙත දැනුම් දීමක් කර ඇත.
පසුගියදා කුරුණෑගල සිදුවීම ගැන එම බලධාරීන් ක්‍රියා කළ ආකාරය ගැන විමර්ශනය කර මෙම තීරණයට එළැඹ ඇත.
විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේ මාධ්‍ය හමුවක් අමතමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දොස්තර අතින් සිංහල කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක්ව ඇත්නම් ඔවුන්ට රජය වහාම වන්දි ගෙවිය යුතු බවය.
පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සිසේරියන් සැත්කම අතරතුර දී මවුවරුන් වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් එල්ල වන බව මන්ත්‍රි එස් බී දිසානායක මහතා සඳහන් කර ඇත.මෙම දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බවත් සිසේරියන් සැත්කම් කරද්දී ඔවුන් විසින් පැලෝපීය නාලය කිහිප පොළකින් සිර කර කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා එල්ල වී ඇතැයි දන්වා ඇත.
මහනුවර තත්වය උණුසුම් වෙද්දී වෛද්‍යවරයා මඩකලපුව ප්‍රදේශයට මාරු වී ගොස් ඇති බවත් අනෙක් වෛද්‍යවරිය විදෙස්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා දැන්විය.
මේ ගැන කරන පරීක්ෂණ වලට සහය වන බව පේරාදෙණිය රෝහල් අධ්යක්ෂ දන්වා ඇත.
කුරුණෑගල සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද දැනුම් දී තීබේ.
මෙම සිදු කෙරෙන විමර්ශන වල දී වෛද්‍යවරයා වැරදිකරුවෙකු වුවහොත් නීතිය ක්‍රියාත්මක කරන බවත්, මෙවැනි ආකාරයේ වැරදි සිදු කර විමර්ශන වලදී වැරදිකරුවෙකු ලෙස ඔප්පු වන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
මේ අතර, ෂාෆී වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ මවකගේ ඇද ඉහපතක නම වෙනස් කිරීම මගින් ළදරුවෙකු වෙනත් පාර්ශ්වයකට ලබාදීමට තැත් කිරීම සම්බන්ධව රෝහල් අධ්යක්ෂවරයා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පිළිබඳව ද සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මගින් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇත.
| මං අඳුනන කාටවත් මුගෙන් එහෙම මුකත් වෙලා නෑ. ඒත් මට මූව මරාගෙන කන්න තරම් තරහයි බං..... බලහන්කො මේක ඇත්තම නම් අසූචි කන ඌරා සිංහළ ළමයි කීයක් නැති කරලද කියලා...... මූව මැරුවත් මදිනේ......... අප්‍රසන්නයි දැන්නම් හම්බයෙක්ව දකින්නවත් | 188 | POSITIVE |
ncpp_train_38637 |
හාමුදුරු නමක් කිරි පොවා
විමල් වීරවංශගේ උපවාසය නිල වශයෙන් අවසන් කෙරේ
පසුගිය දින 9 ක් පුරා බන්ධනාගාරයේ වැතිරෙමින් තමා හා දරුවන් රෝහල් ගත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ අධිකරණ තීරණයක් වෙනස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ උපවාසය අද පෙරවරුවේ අත්හැර දමා ඇති බව ඔහුගේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් මහතා නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මින් ඉහත විමල් සිර මැදිරියේ සිට බන්ධනාගාර රෝහලට ඇතුළුවූ අවස්ථාවේ තෙවැනි දිනයේ අග යහමින් ආහාර ලබාගත් බවට
ද නිල නොවන ආරංචි තිබුණ
නමුත් ඒ ගැන කිසිවක් ප්‍රකාශ කර නැත.
රාමඤ්ඤ නිකායේ මහ නායක නාපානේ හේමසිරි නාහිමියන්ද මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන්ද
පල්ලත්තර සුමනජෝති හිමියන්ද ඇතුළු මහා සංඝරත්නය කොළඹ ජාතික රෝහලට පැමිණ සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කිරීමෙන් අනතුරුව විමල්ට කිරි වීදුරුවක් පෙවූ බවත් ඉන් පසු දින 9 ක වර්ජනයව නිමා කළ බවත් නිල නිවේදනයේ දැක්වේ.
රජයේ වාහන අවභාවිත කිරිමේ චෝදනා යටතේ දින 80 කට ආසන්න කාලයක් බන්ධනාගාරයේ සිටින විමල් තමන් කර තිබෙන්නේ වරදක් ලෙස කිසිවිටෙක පිළිගන්නේ නැති අතර ඔහු නිතරම පවසන්නේ අන් අයත් මේක කළ නිසා තමන්ට පමණක් දඩුවම් ලබාදීම වරදක් බවයි.
විමල්ගේ ආහාර වර්ජනයට සමගාමීව ඔහුගේ දරු දෙදෙනාද ආහාර වර්ජනය කර රෝහල් ගතවූ නමුත් ශෂී වීරවංශ ආහාර දිගටම ලබාගත්තාය.
දරුවන්ගේ විභාග දරුවන්ගේ හාමත ආදී හේතු දක්වමින් විමල්ට ඇප ලබාදෙන ලෙස ඔහු මෙතෙක් කළ ඉල්ලීම් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන අතර ලබන 3 වනදාද ඔහුගේ ඉල්ලීමක් සලකා බැලීමට දින යොදා ඇත.
අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් විමල් උපවාසයක නිරතවීම කෙතරම් දුරට අධිකරණය පිළිගනීද යන්න එදින තීන්දුවනු ඇත.
විමල් වීරවංශ මින් ඉහත මහින්ද රාජපක්ෂ සමයේ බැන්කි මූන්ට එරෙහිව තුන්මුල්ලේ එජා කාර්යාලය අසළ උපවාසයක් සිදු කර ප්‍රසිද්ධ වූඅතර බැන්කිමූන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නැතිවම ඔහු උපවාසය අත්හැරියේ මහින්ද රාජපක්ෂ තැඹිලි වතුර පෙවීමෙන් පසුවයි.
| තාම අරක නං නැගලා! වයගුු තවම වැඩ බං. | 16 | POSITIVE |
ncpp_train_38638 |
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ (27) පැවැති හමුවේදී හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ
මහින්දගේ මූණ පෙන්නං ඡන්දෙ ඉල්ලපු අයට පුලුවන්ද මෙහෙම දෝෂාභියෝගෙට සහය දෙන්න කියාය.ඇය මහින්ද දිගටම රැඳී සිටිය යුතුය යන යෝජනාවද සභාවට කළ අතර ඊයේ එහි පැමිණ සිටි තෝරාගත් සහය පළකරන්නන් පිරිස අත් ඔසවා මනාපය පළ කළහ.රටේ සියලු ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් සියලු දෙනා මෙම අවස්ථාවට එක්වූයේ නැති අතර මහින්දට අකමැති විශාල පිරිසක් එහි නොපැමිනි බව පසුව වාර්තා විය.පවිත්‍රා කළ කතාව පහතින්
| බොලාල චන්දෙ ඉල්ලුවෙ මූණ පෙන්නලා නෙමෙයි .ගල් පැලෙන පච දෙසා බාලා, අහස උඋසට බොරු පොරොන්දු දීල .මුන්ට මූණ ක් තියෙද පෙන්නනන .මොකද මොලේ උඩ ඉදගෙන ඉන්නේ . | 30 | POSITIVE |
ncpp_train_38639 |
මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසිය. වාහන අලෙවි
අංගනවල ලියාපදිංචි නොකළ වාහන 3000ක් වත් නොමැති බවද පීරිස් මහතා සඳහන් කළේය. ඇතැම් වාහන අංගනවල වාහන දෙක තුන වශයෙන් පමණක් ඉතිරිව ඇති බවත් ඉල්ලුම අනුව සැපයුම නොමැතිවීම හේතුවෙන් එම වාහන සඳහා සම්මත මිලක් නොමැති බවත් ඔහු කීය. ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයෝටා පැසෝ, ටොයෝටා විට්ස්, ටොයෝටා සී.එච්.ආර්. ටොයෝටා වෙසල්, ටොයෙටා ප්‍රේස් රථ වෙළෙඳපොළේ උග්‍ර හිගයක් පවතින බවද පීරිස් මහතා පැවසීය.
ටොයෝටා ඇක්සියෝ, ටොයෝටා ප්‍රිමියෝ, ටොයෝටා රයිස් ආදී මෝටර් රථ කිහිපයක් පමණක් වාහන අංගන තුළ පවතින බවත් එම වාහන මිලද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් ඔහු කීය. ඒ අනුව ටොයෝටා ඇක්සියෝ රථයක් රුපියල් ලක්ෂ 79කට වඩා වැඩි මුදලකටත්, ටොයෝටා ප්‍රිමියෝ රථයක් රුපියල් ලක්ෂ 100 කට වැඩි මිලකටත්, ටොයෝටා රයිස් රථයක් රුපියල් ලක්ෂ 80 කට වැඩි මිලකට අලෙවි වන බවද ඔහු සඳහන් කළේය.
මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර නොදීම හේතුවෙන් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිව හා බැංකු ණය ගෙවීමට නොහැකිව වාහන අලෙවිකරුවන් විශාල මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයිද ඔහු පැවසීය. මේ හේතුවෙන් වාහන අලෙවිසැල් විශාල සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයිද පැවසූ හෙතෙම මේ සම්බන්ධයෙන් රජයෙන් සහනයක් බලාපොරොත්තු වන්නේ යැයිද කීවේය.
මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර දුන්නත් වාහන ගෙන්වා ගැනීම සඳහා තවත් මාස තුනක පමණ කාලයන්වත් ගතවනු ඇතැයිද ඔහු කීය. මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ලියාපදිංචි කළත් වාහන මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳම්පොළ ආරංචි මාර්ග සඳහන් කරයි. කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ආනයනය කිරීම ඉකුත් මාර්තු 19 වැනිදා සිට අත්හිටුවීමට රජය පියවර ගත්තේය.
-නිමල කොඩිතුවක්කු-
| මෝඩ බයිසන්ලා හිතන් ඉන්න විදියට වාහන ගෙන්වන එක ප්‍රතිපත්තියක් හින්දා නවත්වලා නෙවේ ඒවා ගෙන්නන්න ඩොලර් නැතිකමටයි නැවතිලා තියෙන්නේ. රටට ඩොලර් නැති නිසා දැනට තියෙන ඒවට ටයර්,ස්පෙයාර් පාර්ට්ස් ගෙන්වන එකත් නැවතිලා. තව ටික දවසකින් වැඩට යන්න වෙන්නේ ටයර් නැති බස් වල රිම් එකෙන්. | -3 | NEGATIVE |
ncpp_train_38640 |
මහනුවර ගලහ රෝහලට ඇතුළත් කළ වයස තුනහමාරක් වන කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ. රෝහලේ සිටින වෛද්‍යවරුන් දෙදෙනා දරුවා හරියාකාරව පරීක්ෂා නොකිරීම හා අවශ්‍ය පියවර නොගැනීම නිසා
මෙම මරණය සිදුවූ බව දෙමාපියන් හා එම ඥාතීන්ගේ මතයයි. දරුවා පරීක්ෂා කිරීම පමා කර පසුව පේරාදෙණිය වෙත මාරු කර තිබූ නමුත් එයද පමාකළ නිසා දරුවාගේ ජීවිතය අහිමිව ගොස් තිබුණි.
ඉන්පසු රෝහල වැටලූ පිරිස් එහි වෛද්‍යවරුන්ට එලියට එන්නට බැරිවන ලෙස අවහිර කර රෝහලේ දේපළ වලට අලාබ කරමින් හැසිරී ඇත. තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ගෙන්වා තිබේ.
අවුරුදු තුනහමාරක් වයසැති සංකර් සජීවරන් නැමති පිරිමි දරුවෙකු මෙලෙස මියගොස් තිබුණි.
සෙම තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් අද(28) උදෑසන ගලහ ප්‍රාදේශීය රෝහලට දරුවාව ඇතුළත් කිරීමට ඔහුගේ දෙමව්පියන් කටයුතු කරත් පැය දෙකක පමණ කාලයක් යනතුරු වෛද්‍යවරුන් නිසි ලෙස පරීක්ෂා නොකළ බවට චෝදනාවේ දැක්වේ.
පසුව දරුවාව පේරාදෙණිය රෝහලට රැගෙන යාමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතත් එයද පමාවී ඇත්තේ එම අවස්ථාවේදී රෝහල තුළ ගිලන් රථයක් නොමැතිවීම හේතුවෙනි. ත්‍රීරෝද රථයකින් දරුවාව ගෙනයන්නට දෙමාපියන් ඉදිරිපත්වුවද ඒ සඳහා අවසර ලබා දී නැත. මෙම පමාව අතරතුරදී දරුවා මිය ගිය බව වාර්තා විය.
එම අවස්ථාවේදී ප්‍රකෝපකාරීව හැසිරුණු ප්‍රදේශවාසීන් රෝහලේ ගොඩනැගිල්වලට සහ වෛද්‍යවරු දෙදෙනකුගේ මොටර් රථවලට පහරදී තිබෙයි.
අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද පැමිණියේය. පොලිස් නිලධාරියෙකු පැමිණ විරෝධතාකරුන්ට ලිපියක් පෙන්වමින් කියා සිටියේ මෙම වෛද්‍යවරයා මහනුවර පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයට මාරුකර ඇති බවයි. නමුත් වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්නා තුරු විරෝධතාව අත්නොහරින බව කියමින් මේ වන විටත් විරෝධතාකරුවන් රෝහල් භූමියේ රැඳීසිටින බව වාර්තාවේ.
| ගොන් කතා කියන්න එපා බන්... | -6 | NEGATIVE |
ncpp_train_38641 |
ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ට වයිරසය වෙනත් පුද්ගලයකුට පැතිරවීමේ හැකියාව ආරම්භ වී දින 2 ක් ගතවනතුරුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව අන්තර්ජාතික නේචර් (Nature) සඟරාව අනාවරණය කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මීට අදාළ වාර්තාව උපුටා දක්වා ඇති අතර, එම වාර්තාවට අනුව හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයකු වන බෙන්ජමින් කව්ලිං මීට අදාළ අධ්‍යයනයක නිරතව ඇත.
එම අධ්‍යයනයේදී හෙළිවී ඇති ආකාරයට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ මතුවීමට පෙර වයිරසය ව්‍යාප්තවීම පැහැදිලිවම ආරම්භ වේ. ඒ අනුව මෙම ප්‍රභේදය ‘වැළැක්වීම වඩාත් අපහසු’ බව බෙන්ජමින් කව්ලිං ප්‍රකාශ කර තිබේ. ඩෙල්ටා ප්‍රභේදය පැමිණීමට පෙර සාමාන්‍ය කොවිඩ් ආසාදිතයකුට රෝග ලක්ෂණ මතුවීමට දින 6 කට වඩා ගතවන අතර පස්වන දිනයේ මැද භාගයේදී වයිරස ව්‍යාප්තිය (බෝකිරීමේ හැකියාව) ඇතිවේ. එහෙත් ඩෙල්ටා ප්‍රභේදයේදී වයිරස ව්‍යප්තිය සහ රෝග ලක්ෂණ පෙන්වීම අතර දින කිහිපයක පරතරයක් පැවැතීම බරපතළ තත්ත්වයක් බව මෙම පර්යේෂණය අනාවරණය කරයි. එසේම මෙම පර්යේෂණයට සහභාගි වූවන්ගෙන් 74% කටම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිත පුද්ගලයන්ගෙනි. රටේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ (බී. 1617.2) විකෘතිතා හඳුනා ගැනීම ඉහළ යෑමත් සමග පී.සී.ආර්. (PCR) පරීක්ෂණ මගින් රෝග විනිශ්චයට බාධා එල්ලවීමේ හැකියාවක් පවතී දැයි විශේෂඥයෝ අධ්‍යයනය කරමින් සිටිති.
මේ වන විට ඩෙල්ටා ප්‍රභේදයේ එස්.එස්. 222වී, එස්.ඒ. 701 එස්, එස්.ඒ. 1078 එස් සහ ආර් - 24 යන විකෘතිවීම් මෙරටින් හඳුනාගෙන ඇති අතර කොළඹ මුළුමනින්ම ව්‍යාප්ත වන්නේ ඩෙල්ටා ප්‍රභේදය බව සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කර තිබේ.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයට අනුව ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදිත පුද්ගලයන් 292ක් අනුක්‍රමික දත්ත මගින් තහවුරු කර ඇත. දැනට හඳුනාගෙන ඇති නවතම විකෘතිතාව වන ආර් - 24 පිළිබඳ අදහස් පළ කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන ලද්දේ පී.සී.ආර්. (PCR) වැනි ඇතැම් රෝග විනිශ්චය කිරීමේ ක්‍රමවේදවලට මෙම නව විකෘතිතා බලපෑම් කිරීමේ හැකියාවක් පවතින බවයි. එම නිසා එන්නත් නිපදවීමේ දී මෙම නව ජාන විකෘතිතා පිළිබඳ වැඩි අවධානයක් යොමු විය යුතු බව ආචාර්ය ජීවන්දර පෙන්වා දෙයි. මේ අතර ඩෙල්ටා සුපිරි ප්‍රභේදයක්, පිළිබඳව පළකෙරෙන අනාවැකි පිළිබඳ අදහස් පළකරන ආචාර්ය ජීවන්දර පෙන්වා දෙන්නේ ‘සුපිරි ප්‍රභේදයක් යනු ජාන විකෘතිතා හේතුවෙන් නිර්මාණය විය හැකි’ නරකම තත්ත්වයක් බවයි.(නයන තරංග ගමගේ)
| ජපුරෙත් කරන පරීක්ශනයක් නෑ හරකො. ඔය ප්රබ්ද අදුරගන්න පුලුවන් මැශින් එක ත්8යෙන්නෙ ජපුර විතරයි. මුන් ඒකෙන් බලලා එක එක උපකල්පනත් එක්ක මීඩියා වලට පොර ටෝක් දෙනවා. | 4 | POSITIVE |
ncpp_train_38642 |
මීට ටික කලකට පෙර රෝහල්ගතව සිටි ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ සුමධුර කටහඬ අහිමිවී ඔහුට ගායනය කිරීමට නොහැකිවී ඇති බවත් මෙම කටහඩ අහිමිවීයාමේ ගැටලුවට ප්‍රතිකාර ලබාගන්නට 78 හැවිරිදි ගායකයා සිය ළාබාල බිරිය සමග යේසුස් තුමන්ගේ යාඥා බලයෙන් රෝග සුවකරන බව කියන ඇදුරෙකු වෙත ගොස් තිබුන බවත් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් හුවමාරුවේ. මෙහිදී ඇදුරා වික්ටර් සමග ප්‍රසිද්ධ සභාවක කෑගසා මෙම ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කිසියම් අමුතු ඇස්කණ්නාඩියක්ද ගායකයාගේ මුහුණේ රඳවමිනි. ඔහු වික්ටර්ගේ උගුර පිරිමදිමින් සියලු හදි හූනියම් බංගවන ලෙස කෑමෝර දෙයි. යාඥා ආරම්භක අවස්ථාවේ වික්ටර් රත්නායක යමක් කියන හඩ ඇසෙන අතර ඉතා අමිහිරි ‘අඟහරු කුරුමිට්ටන්ගේ‘ ආකාරයේ ශබ්දයක් වික්ටර් සතුව ඒ වනවිට පවතින බවද ඒ අනුව ඇසෙයි.
යාඥාව අවසානයේ වික්ටර් රත්නායක තමන්ට දැන් සුවය ලද බව පවසන අතර වේදිකාවේ ඔහුගේ සුමිහිරි කටහඩින් ගීතද ගායනා කර පෙන්වයි.මෙම ක්‍රියාවලිය ගුප්ත බලයේ ආශිර්වාදයෙන් ලද්දාවූ සුවයක්ද නැතිනම් වෙනත් මවාපෑමක්දැයි පැහැදිලි නැත. මේ අතර වික්ටර්ගේ දේවාශිර්වාද කටහඩ ලැබීමේ පුවත සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහට ලක්ව ඇත. කතාබහ මතුකරන්නන් අතර කලක් වික්ටර්ට විශාල ගෞරවයක් පුදකළ ඉරාජ්ද සිටී.‘වෛද්‍ය විද්‍යාවේ කිසිදු ප්‍රතිකර්මයකට නැවතත් ලබා දීමට නොහැකි වූ එතුමාගේ මධුර හඩ යාඥා කිරීමෙන් ලබා ගැනීමට එතුමන් සමත් වී තිබුනේසිය ආදරණීය බිරිදගෙන් නොඅඩුවම ලැබෙන ආදරය සෙනෙහස මැදින් ‘ යයි නොයිස්ටීවී මෙය වාර්තා කර තිබුණි.මේ අතර වික්ටර්ගේ මෙම ක්‍රියාව විවේචනයට ලක්වූ ෆේස් බුක් පිටුද හඳුනාගන්නට ලැබිණි.‘මිත්‍යාවෙන් මිනිස්සු ගලවාගන්න කරපු නැණපහනේ සම්පත් දායකත්වයක් වුන වික්ටර් රත්නායක මහත්තයා නේද මේ කටහඬ ලබාගන්න කියලා තවත් මිත්‍යාවක් පස්සේ යන්නේ පෝන් චාර්ජ් කරනවා වගේ තව එකෙක් ‘ එක් පිටුවක සටහන් විය.‘සල්ලිත් නෑ දැං කෑල්ලකුත් ඉන්නවනෙ පොරට ඒකිත් මාට්ටු උනේ මොකක්ද සල්ලි සීන් එකකට අනං මනං වැඩ ටිකට වියදම් කරන්න මේ අමාරු කාලෙ සල්ලි හොයාගන්න කරන වැඩ තමා මේ දවස්වල කොන්සට් තියන්න පුළුවන් කියල යෑ උඹල බොරුවට පැණික් වෙන්නෙපා පාදිලිටත් ඕනෙ බැනුම් අහලා වෛරල් වෙන්න තමා‘එක් පිටුවක සටහන් විය.සිදුවීමට අදාළ වීඩියෝව පහතින්
| බුදු දහම දන්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නවා කියන එකනේ. එදිනෙද ජීවිතයේ උදාහරනෙකින් මේවා පැහැදිලි කරන්න. බලමු ඔයා ඇත්තටම බුද්ධාගම දන්නවද කියල | 10 | POSITIVE |
ncpp_train_38643 |
නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයායි.
1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ ද උපාධිධාරයෙකි.මිට අමතරව බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.ජනාධිපතිතුමා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.( ඡායාරූප : සුමින්ද කීර්ති - ජනාධිපති මාධ්‍ය අංශය )
| පොලිස්පති ඉලංගකෝන් විතරයි ටිකක් හරි කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කලේ. ඊට පෙර සහ පසු හිටපු ඔක්කොම අය නිකන්ම නිකන් එහෙයියො. දේශපාලකයො ගහන පදේට උඩ පැන පැන නටපු අය විතරයි. | 33 | POSITIVE |
ncpp_train_38644 |
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙන්කර තිබෙන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක්
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ගමන් බිමන් වෙනුවෙන් වහාම ලබාදීමට අග්‍රාමාත්‍යවරයා ඊයේ (29) පියවර ගන්නා බව දන්වා තිබූ කමුත් අද වාර්තා වූයේ
අගරදගුරුතුමන් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි.
පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාවලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වෙඩි නොවදින රථය ලබාදීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා තිබුණි.
රටේ ආරක්ෂක තත්වය තහවුරු වනතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉතාම පළපුරුදු රියැදුරකු ද සමග වෙඩි නොවදින මෝටර් රථය කාදිනල්තුමන්ගේ ගමන් බිමන් සඳහා යොදවන බව ද අරලියගහ මන්දිර ප්‍රකාශකයෙකු දන්වා තිබූ නමුත් අද අගරදගුරු තුමන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී දන්වා සිටියේ ඒ බව තමන් වහන්සේට දන්වා සිටි අවස්ථාවේ එවැන්නක් අවශ්‍ය නැති බවට දන්වා සිටි බවයි.
| බෞද්ධ ආගමකියෙක් නොවුනත් බෞද්ධ දර්ශනයේ ආධ්‍යාත්මික ගුණාංග කාදිනල් හිමිපානන් සතුව තිබෙනවා. | 16 | POSITIVE |
ncpp_train_38645 |
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැති රැස්වීමකදී මෙසේ පැවසීය."ඔබට මතක් කරොත් රැඳවුම් නියෝග සම්බන්ධයෙන් ඇමතිවරයට බලය දීලා තිබුණා රැඳවුම් නියෝග නිකුත් කරන්න. නමුත් දැන් උත්සහ කරනවා ඒ බලය දෙන්න පොලිස්පතිවරයට. නියෝජ්‍ය පොලිස්පතිවරයා එක එක පුද්ගලයන්ට විරුද්ධව ඕ.අයි.සීට කියලා රිපෝට් එකක් දම්මලා රැඳවුම් නියෝග නිකුත් කරන්න පටන් ගනී. සමහර පොලිස් නිලධාරීන්ට ආදායම් මාර්ගයක් වෙන්නත් පුළුවන් මේ ප්‍රතිත්‍රස්ත පනත.
දැන් වසන්ත මුදළිගේට විරුද්ධව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඩීඕ ගහලා ඊට පස්සෙ රිමාන්ඩ් කරවනවා. නමුත් වසන්ත මුදළිගේ කරායැයි කියන ක්‍රියාවන් සම්බන්ධයෙන්ම තව සැක කරුවන් ඉදිරිපත් කරනවා සාමාන්‍ය නීතිය යටතේ දණ්ඩ නීති සංග්‍රහයෙන්. පැහැදිලිවම මේ රටේ දේශපාලන අධිකාරිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි පොලිසිය. අද පොලිස්පතිවරයා බුලත් දීලා වැදලා දේශපාලකයින්ගේ ගෙවල් වලට යනවා. අපි දන්නවා පොලිස්පතිවරයට හයියක් නෑ කියලා දේශපාලන අධිකාරියට විරුද්ධව කටයුතු කරන්න."
| පොලිස්කාරයින්ටත් වැඩිය හපන් ලෝයර්ස්ලා... අනික අපි නොදන්න සාලිය... නමගිය අපරාධ කාරයින් වෙනුවෙන් පෙනී සිටින මෙයා අපිට බණ කියනවා... | 13 | POSITIVE |
ncpp_train_38646 |
ක්‍රිකට් සංචාරය සඳහා එංගලන්තයට ගොස් සිටි අතරවාරයේෙ සෞඛ්‍ය ප්‍රොටෝකෝලය උල්ලංඝනය කළ ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් අද දහවල් ආපසු ලංකාව බලා පිටත්ව එනු ඇත. ඔවුන්ට ලබාදෙන දඬුවම සම්බන්ධයෙන් මතභේදකාරීත්වයක් මතුව ඇති අතර ඊයේ දහවල් වනවිට තිබුණ තත්වය ඊයේ රාත්‍රිය වනවිට වෙනසකට ලක්ව ඇති බවද වාර්තාවේ. මුලදී තීරණය කර තිබුනේ ඔවුන් තරගයෙන් ඉවත් කිරීමට පමණි. නමුත් ක්‍රීඩා ලෝලීන් සමාජ මාධය හරහා එල්ල කළ පීඩනයට තරග පරාජය සමග ඔවුන් කෙරේ ඇතිවූ පිළිකුලද මුසුවී තිබූ අතර මේ නිසා මේ වනවිට වාර්තාවන්නේ ඔවුන්ට වසර 1 ක සිට වසර 5 දක්වා තරග තහනමක් ගැන සලකා බලා ඇති බවයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පනිවිඩයකින් කියා තිබුනේ ‘දුර්වල විනය සමඟ සෙල්ලම් කිරීම නොඉවසිය යුතුය.
දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය ” යනුවෙනි. අද ඔවුන් ලංකාවට පැමිණි පසුව කොළඹදී විනය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතය.අද (ජූනි 29) එක්සත් රාජධානියේ උතුරු දෙසින් පිහිටි චෙස්ටර් හිදී පැවැත්වෙන තරග තුනේ එක්දින තරගාවලිය ආරම්භවන්නේ මේ තිදෙනා නැතිවය. උප නායක කුසල් , ආරම්භක පිතිකරු ධනුෂ්ක සහ කඩුලු රකින්නා නිරෝෂන් නැතිවීම කණ්ඩායමේ වෙනසක් පෙන්නුම් කරන්නකි.ශ්‍රී ලංකා එක්සත් රාජධානියේ සංචාරය නරක අතට හැරෙමින් තිබේ.මෙම තිදෙනා වීදි සංචාරය කිරීම ගැටලුකාරී නොවන බවට ඊයේ දහවල් කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ස්වර්ණවාහිනී ලයිව් ඇට් 12 අමතා දන්වා සිටියේය.‘මීට පෙර තරග අවසානයේදීත් ඔවුන් මේ ආකාරයට ගියා. ඒක සාමාන්‍ය දෙයක් නමුත් මෙතන ගැටලුව මුහුණු ආවරණ නැතිව ගමන් කිරීම‘ ඔහු කියා තිබුණි. රාත්‍රියේ හෝටලයෙන් පිටතට යාම හෝ ප්‍රසිද්ධියේ දුම් පානය කිරීම ක්‍රිකට් ක්‍රීඩකයින්ට අලුත් දෙයක් නොවන බවත් අපගේ දක්ෂතම ක්‍රීඩකයින් පවා එම සීමා පසු කර ඇති බවත් මේ අතර ප්‍රවීණයින් අදහස් දක්වා තිබුණි. නමුත් මෙහි ඇති වැරැද්ද නම්, මෙම තිදෙනා ජෛව ආරක්ෂණ බුබුල උල්ලංඝනය කර තිබීම නිසා කණ්ඩායම්, පුහුණුකරුවන්, තරග නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සියල්ලන් අවදානමට ලක් කිරීමය. ඩර්හැම් මෑත අතීතයේ දී ඉහළ COVID රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, පසුගිය වසරේ මාර්තු මාසයේදී වසංගතය පැතිර යාමෙන් පසු ක්‍රිකට් නවතා තිබූ ප්රදේශයකි. ජෛව ආරක්ෂිත බුබුලු රීති අනුව ක්‍රිකට් තරග ලබා ගැනීමට සටන් වැදුණ ඉංග්‍රීසි හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය මෙම ආරංචිය සමග අවුලකට පත්ව ඇත.මෙහි විශේෂත්වය වන්නේ මෙම වරදට හසුවූ ක්‍රීඩකයන් පෙර අවස්ථා වලදී විනය කඩවීමේ චෝදනා තිබීමය.
පසුගිය වසරේදී මෙන්ඩිස් අත්අඩංගුවට ගත්තේ පානදුර ප්‍රදේශයේදී 64 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කරවමින් මෝටර් රථ අනතුරක් සිදු කිරීම නිසාය. ඔහු විශාල වන්දි මුදලක් ගෙවීමට එම පවුල සමග කතා කරගත් නිසා පැය 24 ක් තුළ ඇප මත නිදහස් වූ අතර එම ප්රශ්නය මාධ්‍ය තුළින්ද මැකී ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයා හික්මවා නොගත් අතර ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා එය ‘පුද්ගලික කාරණයක්’ ලෙස හැඳින්වීමත් සමඟ කාරණාව අවසන් කළේය. වසරකටත් අඩු කාලයකදී, ටෙස්ට් තරග ක්‍රිකට් තරගාවලියේදී උප නායකයා ලෙසද ඔහු පත් කරන ලදී.මෙන්ඩිස් කිසි විටෙකත් පාඩම් ඉගෙන නොගත්තේය.ගුණතිලක තම ඇඳුම් කට්ටලය අමතක කර දමා පල්ලකැලේ පැවති එක්දින තරගයකට පෙර ඇඳුම් කාමරයේ බීමතින් සිට වරක් හසුවිය. ඔහු ගැන කණ්ඩායම් කළමනාකාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තා කළ අතර ඔහුව තරඟ 6 කට ක්‍රීඩා කිරීම අත්හිටුවන ලදී. ඊළඟ වසරේදී ටෙස්ට් තරඟයක් අතරතුර ගුණතිලක තවත් රාත්‍රි සිදුවීමකට සම්බන්ධ වූ අතර ඔහු ගේ වරද පුහුණුකරු චන්දික හතුරසිංහ ආරක්ෂා කළේය.ක්‍රීඩා ලෝලීන්ගෙන් ආ පීඩනය හමුවේ ලබා ගත හැකි ඊළඟ ගුවන් යානයෙන්ම ක්‍රීඩකයින් ගෙදර ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උනන්දු විය. ඔවුන් ඊයේ පස්වරුවේ ලන්ඩනයට ගෙන ගිය අතර රාත්‍රී 10 ට හීත්රෝ සිට ගුවන් යානයක් අල්ලා ගැනීමට සූදානම් විය. ඔවුන් කොළඹට පැමිණි පසු නිරෝධායන ස්ථානයක් සඳහා යවනු ඇත. මෑත කාලයේ දී ක්‍රිකට් ආයතනය කළඹවාලූ විශාලම සිදුවීම මෙය බවට පත්ව ඇත. එහි සාමාජිකයින් ඊයේ කෝපයට පත් වූ අතර ඔවුන් හදිසි රැස්වීමක් පවත්වා තිබුණි. තිදෙනාටම අවුරුදු පහක තහනමක් ලබා දිය යුතු යැයි සමහරු දැඩි ලෙස ප්‍රකාශ කළ අතර තවත් සමහරු කියා සිටියේ අවම වශයෙන් වසරක තහනමක් අවශ්‍ය බවය.මණ්ඩලය දැන් කළමනාකරුගේ අවසන් වාර්තාව බලාපොරොත්තුවෙන් සිටින අතර ඊළඟ පියවර ඒ අනුව තීරණය කරනු ඇත.
| මට සතුටුයි අපි පොඩි කාලේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතා උසස් මට්ටමින් තිබීම ගෙන. අපේ පුංචි රටට අභිමානවත් ඉතිහාසයක් තිබ්බත් මේ ලෝකයේ වර්තමානයක් අපිට හදලා දුන්නේ අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ. එයාලා ඒ ගෙන ආ ආඩම්බරය අපේ පරපුරේ ළමයින් තුළ තියෙන රටට ආදරය වැඩි කළා කිව්වොත් මම හිතන්නේ මම වැරදි නෑ. මේ වෙන දේවල් වලින් වෙන්නේ මේ රටේ නම කන හැම වැඩක්ම සාමාන්‍යකරණය වෙන එක. එහෙම වෙලා දැන් ඉන්න පොඩ් අයගේ ඔළුවලට යන්නෙත් අපේ රටට කිසි දෙයක් කරගන්න බෑ කියන එකයි. ලංකාවේ කියලා කියන්න බැරි වෙන තරමටම එක දිගට මෙහෙම දේවල් වෙන එක හරිම අවුල්. | 8 | POSITIVE |
ncpp_train_38647 |
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.69ක් දක්වා ඊයේ (24) ඉහළ ගොස් තිබිණි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව රුපියලේ අගය වැඩියෙන්ම පහත වැටුණ ඊයේය.
පසුගිය පෙබරවාරි මස 10 වැනිදා
පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 4 වැනිදා නිකුත් කළ මූල්‍ය ප්‍රතිපත්ති විවරණයට අනුව මේ වසර ආරම්භයේ සිට එදින දක්වා රුපියල සියයට 1.7කින් අවප්‍රමාණය වී තිබේ. පසුගිය වසරේදි රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණ බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල සඳහන් වෙයි. මේ වසරේ මුල් මාස තුනේදි ශ්‍රී ලංකා මහ බැංකුව සංචිත ගොඩනැගීමට සහ ණය ගෙවීම සඳහා ඩොලර් මිලියන 400 (රුපියල් මිලියන 62,000ක්) ජාත්‍යන්තර වෙළදපොළෙන් මිලදී ගෙන ඇති බවට පසුගිය සතියේ වාර්තා පළවිණි. මේ වසරේදී පමණක් ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය මුදල රුපියල් ට්‍රිලියන 1.97කි.
| රුපියල ශක්තිමත් කර අගය ඉහල නැංවීමට රජය වහාම සියල්ල දත් මල් මාමා ගෙන් උපදෙස් ලබාගත යුතුයි | 6 | POSITIVE |
ncpp_train_38648 |
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව ක්‍රියාත්මක වන ක්වොක් සංවිධානය දෙසැම්බර් 07 වැනි දිනට පෙර කෝවිඩ් එන්නත ලබාගැනීමට ලියාපදිංචි වන ලෙස දැනුම්දුන්නද, වත්මන් ආණුඩුව ඒ ගැන කිසිදු සැලකිල්ලකින් තොරව ක්‍රියාකරමින් සිටින බවත්, දැනටමත් දුගී යැයි හඳුනාගත් රටවල් 90කට ආසන්න ප්‍රමාණයකට කෝවිඩ් එන්නත නොමිලේ ලබාදීමේ කටයුතු සිදු කරගෙන යමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එය මෙරට වෛද්‍ය විශේෂඥයන් විසින්ද තහවුරු කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව කිසිදු උනන්දුවක් නොදක්වන බවත් රණවක මහතා කියා සිටියේය. මේ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා,"අපට වඩා විශාල අපට වඩා කීප ගුණයක් ජනගහනය ඉන්න ඉන්දුනීසියාව ඩොලර් 1.64කට ඒක එන්නතක් (ඇස්ට්‍රා සෙනෙකා එන්නත) ලබාගැනීමට කටයුතු කරනවා කියල අපි දැක්ක. ගබඩා කිරීමේ කටයුතුත් එක්ක මේක ඩොලර් 02කට අපට ලබාගන්න පුළුවන් කියල අපේ විදඥයෝ, මේ පිළිබඳ විශේෂඥයෝ පළකරල තියෙන අදහස්වලින් පේනවා. එතකොට අපට මේ මුළු රටේම මිලියන 20ක් වෙච්ච ජනතාවට මේක ලබාදෙන්න යන්නේ ඩොලර් මිලියන 40යි. ඒ කියන්නේ රුපියල් මිලියන 8000ක් පමණ. අර විල්මා සීනි ගනුදෙනුව හරහා අපේ ජනතාවගේ කහට කෝපෙන් ගහපු ගාණ ඊට වඩා වැඩියි. මහ බැංකු වංචාව වගේ දහගුණයක මංකොල්ලයක් මේ සීනියි පොල්තෙලුයි ගනුදෙනුවෙන් ගහල තියෙනවා. ඒ අතරේ ලෝක බැංකුවෙන් ණය ඉල්ලනවා එන්නත ගන්න. එමෙන්ම අපට වාර්තා වෙනවා වත්මන් ආණ්ඩුව ලෝක සෞඛ්‍යා සංවිධානයට අනුබද්ධ කොවැක්ස් සංවිධානය මගඇරල කෝවිඩ් එන්නත රුසියාවෙන් හෝ චීනයෙන් ලබාගන්න කටයුතු කරමින් සිටින බව. රුසියාවේ හා චීනයේ එන්නත්වල ප්‍රමිතිය සමහරවිට ජාත්‍යන්තරව සහතික වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍යයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි තැනකින් ජාත්‍යන්තර සහතිකයක් මේව ලබාගන්න. නැත්නම් මේවත් ධම්මික පැණිය වගේ වෙන්න පුළුවන්. ඇන්ටිජන් වංචාව වගේ වෙන්න පුළුවන්. ඒ වගේම සැනිටයිසර් වංචාව වගේ වෙන්න පුළුවන්” යැයිද සඳහන් කළේය.-නවෝද්‍යා පවනි-
| පාඨලී මැතිතුමනි ඔබේ නිර්භිත සත්්ය හෙලිදරවු සැමදා අගය කලෙමු. | -7 | NEGATIVE |
ncpp_train_38649 |
ඊයේ (30) දින පැවති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම තුලින් පක්ෂ නායකත්වය නැවතත් රනිල් වික්‍රමසිංහ මහතාටත් සන්ධානයේ නායකත්වය හා අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් පැවරීමට තීරණය කරන ලදී.
මෙහිදී එක්සත් ජාතික පක්ෂ
කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් රැස්වීමට සහභාගී නොවීමට තීරණය කර තිබිණ.
ඒ අත්තනෝමතික ආකාරයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු ඉවත් කිරීමට ගෙන තිබු තීරණයට එරහිවය.
අජිත් පී පෙරේරා,ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , ඉමිටියාස් බාකීර් මාකාර්, රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් මෙලෙස කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කර තිබිණ.
නමුදු අනෙක් සාමජිකයන් මෙම අවස්ථාවට සහභාගී වුවද යම් පිරිසක් පැමිණ නොසිටිය බව මාධ්‍ය වාර්තා කර සිටියේය.
| අපේ රට බේර ගන්න ඉන්න එකම නායකයා ඡය වේවා මහ රඡානෙණි.හික්ස් | 2 | POSITIVE |
ncpp_train_38650 |
ශ්‍රී ලංකාවේ ස්විසර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගොස්
රඳවාගෙන
ප්‍රශ්න කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී නැතත් එම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණ පවත්වන ලෙස තමා අදාළ අංශවලට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) පැවැසීය. සිද්ධියට අදාළ ප්‍රදේශවල සී.සී.ටී.වී කැමරා දර්ශන ලබාගෙන කඩිනමින් පරික්ෂණ කටයුතු සිදුකරන ලෙසට උපදෙස් දුන් බවද අගමැතිවරයා කීය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා වැඩ බාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
-නාලක සංජීව දහානායක-
| සිද්ධියක් උනා නම් විදිමත් පැමිනිල්ලක් දාන්න. ලංකාවෙ නෙ උනයි කියන්නෙ. පැමිනිල්ලක් නැත්තෙ ඇත්තටම සිද්ධියක් උනේ නැති නිසයි කියල තමයි හිතන්න වෙන්නෙ. ප්‍රබන්ධ ගොතල පතුරුවන අයගෙ මූලස්ථාන ඔක්කොම තියෙන්නෙ ජිනීවා වල නිසා පුදුමයක් නෑ.. තව ඒව අහන්න ලැබෙයි IP නිශාන්තගෙ නවකතා ටික ජිනීවා වල දිග ඇරියහම.. | -12 | NEGATIVE |
ncpp_train_38651 |
ප්‍රවීණ සිනමාවේදී
ධර්මසේන පතිරාජ සමුගනී
කීර්තිමත් සිනමාවේදී ආචාර්ය ධර්මසිරි පතිරාජ මහතා අද (28) මහනුවර දී අභවප්‍රාප්ත වූයේය.
අභවප්‍රාප්තවනවිට 74 වැනි වියේ පසුවූ ඔහු ශ්‍රී ලාංකීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කැපවීමක් සිදු කළ කලාකරුවෙකි.
ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ මුල් කාලීන අවධානය දිනාගත් ‘කඩුල්ල‘, ‘ඇල්ල ළඟ වලව්ව‘ ආදී නිර්මාණ මෙන්ම හෙළ සිනමාවේ පෙරළිකාර දිශානතියන් බිහි කළ අහස්ගව්ව, බඹරු ඇවිත්, පාරදිගේ ,එයා දැන් ලොකු ළමයෙක්,සොල්දාදු උන්නැහේ , වාසුලි, මතුයම් දවස , සක්කාරං,පොන්මනී ඇතුළු සිනමා නිර්මාණ රැසක් බිහිකළ
අග්‍රගන්‍ය සිනමාකරුවෙකි.
ඔහුගේ නිර්මාණ ලංකාව සමකාලීන දේශපාලන,ආර්ථික,සමාජ සංස්කෘතික කියවීමක් සිදු කළ අතර විචාරකයින්ගේ නොමඳ අවධානයට පත්විය.
70 දශකයේ කැපී පෙනෙන නිර්මාණ දායකත්වයක් ලබාදුන් චිත්‍රපට අධ්යක්ෂවරයෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයෙක් වූ ධර්මසේන පතිරාජ මහතා ලංකා විශ්වවිද්‍යාලයේ ගෞරව සම්මාන උපාධිධාරියෙක් වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය පිළිබඳ පශ්චාද් උපාධිධාරියෙකි. එමෙන්ම ඔහු ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්විවද්‍යාලයේ සිනමා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ.
පතිරාජ මහතා විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙසද කටයුතු කරමින් සිනමාව කලාව වෙනුවෙන් අලුත් පරපුරක් බිහිකිරීමට දායක විය.
අද මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු සමුගත්තේ කලක් රෝගාතුරව සිටිමෙන් පසුවයි.
ඔහුගේ ඉල්ලීම මත අවසන් කටයුතු අදම සිදුවන අතර පස්වරුවේ මහනුවර, මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
පතිරාජයන්ගේ සිනමා දිවියට වසර 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මීට ටික කලකට පෙර රාජ්‍ය උත්සවයක්ද පවත්වා ඇගයුමක් සිදු කර තිබුණි.
| සිනමාවේදියාට ප්‍රණාමය කවුරුහරි මට කියනවද මේ පාරදිගේ ෆිල්ම් එක ගැන. මේක පාරදිගේ නවකතාව ඇසුරෙන් හදපු ෆිල්ම් එකක්ද? නව කතාවෙ කතෘ කවුද? | 17 | POSITIVE |
ncpp_train_38652 |
වැට් බදු වෙනස් කරනවා
- ජනපති කියයි
ජනතා විරෝධය හමුවේ ලබන සඳුදා සිට පවතින වැට් බද්දට සංශෝධන ගෙන එන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන අද(29) ගිරාඳුරුකෝට්ටේදී පවසා ඇත.
ගිරාදුරුකෝට්ටේ මහවැලි කී‍්‍රඩාංගණයේ
පැවති
වකුගඩු රෝග නිවාරණ බදුල්ල දිස්ති‍්‍රක් ජාතික වැඩසටහනට එක් වෙමින් ජනපතිවරයා මෙසේ කියා ඇත.
‘නව බදු පැනවීමත් සමග රටේ සාමාන්‍ය පොදු මහජනතාවගේ දෛනික ජන ජීවිතයට බලපා ඇති අපහසුතා මට දැනගන්නට ලැබුණා. ඒ ගැන සැලකිල්ලට ගනිමින් ජනතාවට සහන සැලසීම සඟහා බදු සංශෝධනයක් සිදු කිරීමට ද ඉදිරියේදි කටයුතු කරනවා. රාජ්‍ය නිලධාරින්ගේ වාහන බලපත්‍ර ප්‍රශ්නයත් විසඳනවා. මේ ගැන තීරණ අරන් වැට් බදු සංශෝධන ලබන සඳුදා ඉදිරිපත් කරනවා’
| මගේ මොලේ කචල් නෑ හලෝ | 13 | POSITIVE |
ncpp_train_38653 |
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, අද උදෑසන බීමත්ව රිය පදවා සිදු කළ අනතුරක් නිසා
පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
බොරැල්ල කිංසි පාරේ හොර්ටන් පෙදෙසේ දි අද උදෑසන දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
අද (31) දින අළුයම 5.15ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බව පොලිසිය කළ පරීක්ෂණයේදී ඔප්පුවී ඇත.
| පාන්දර පහටත් බොන එවුන්ට මොන ක්‍රිකට් ද? නැද්ද හා! අම්මපා! | 47 | POSITIVE |
ncpp_train_38654 |
බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත සංවිධානයක් ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනමට ලක්ව තිබුණද, එම සංවිධානයට බ්‍රිතාන්‍යයේදී අනෙකුත් තහනම් සංවිධානවලට වඩා වැඩි නිදහසක් ලැබෙන බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය බ්‍රිතාන්‍යයේ සිදු කරන කටයුතු නීතිවිරෝධී බවත්
පවසමින් බ්‍රිතාන්‍යයේ
දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ යන තේමාව යටතේ බ්‍රිතාන්‍යයේ සිංහල සංවිධාන එකමුතුවෙන් සංවිධානය කළ විරෝධතාවක් පෙරේදා (24) ප.ව.2.00 සිට ප.ව. 5.00 දක්වා ලන්ඩන් නුවර ඩවුනින් විදියේ බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ නිල නිවස ඉදිරියේදී පැවැත්විණි.
මේ සඳහා ඉතා ඉහළ ජන සහභාගිත්වයක් ලැබුණු අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානය බ්‍රිතාන්‍යයේ දේශපාලඥයන්ට උදවු කරමින් වැඩි වාසි ලබා ගන්නා බවත් විරෝධතාකරුවෝ මෙහිදී චෝදනා කළහ. · එමෙන්ම සිංහල රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ නම්, මේ වනවිට ලන්ඩනයේ රැඳී සිටින එල්.ටී.ටී.ඊ. ළමා සොල්දාදුවන් බිහි කිරීමට මූලික වූ ඇන්ටන් බාලසිංහම්ගේ බිරිඳ ඇඩෙලා බාලසිංහම්ට විරුද්ධව කටයුතු නොකරන්නේ මන්දැයි ඔවුහු විමසා සිටියහ.
එල්.ටී.ටී.ඊ. කොඩි රැගත් කිහිපදෙනෙකු මෙම විරෝධතාවට බාධා කිරීමට උත්සාහ කළද, පොලීසිය මැදිහත්ව ඔවුන්ව වළක්වන අයුරුද දැකගත හැකි විය.
| දේශමාමක වීමට රටේම ඉන්න ඕනැ කියලා නීතියක් නෑ...එහෙනම් තනාපති කාර්යාල ටික වහල මෙයා කියනව වගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට විදේශ ගත සියළුම අයවත් එක්ක ඔක්කොම කවුද??? ෂුවර් එකටම මේකා දේශ දෝහියෙක් ..... | 72 | POSITIVE |
ncpp_train_38655 |
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වත්මන් තත්වය ගැන ඊයේ සිදුකළ විශේෂ සාකච්ඡාවක් පහත පළවේ.
ප්රශ්නය - ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් යහපාලන එකඟතාවයෙන් ඉවත්වී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය පිරිනමමින් අලුත් ආණ්ඩුවක් බිහි කිරීම නීති විරෝධී
හා ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බවට රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එජාපය චෝදනා කරනවා. මේ චෝදනාවේ සත්‍ය අසත්‍යතාව මොනවගේ ද?
පිළිතුර - මේ චෝදනාව සත්‍යයක් නෙවෙයි. මෙහි කිසිදු නීති විරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී බවක් අමුතුවෙන් සනාථ කරන්න දෙයක් නැහැ. ව්‍යවස්ථානුකූලයි. මේකට ළඟම උදාහරණ ලෙස අපට ගන්න පුළුවන්කම තියෙන්නෙ 2015 මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තු බහුතරයකගේ විශ්වාසය ලබාගත හැකි වේ යැයි විශ්වාස කරන පුද්ගලයා අගමැතිවයා ලෙස පත් කරන්න කියලා. එතකොට අපි 2015 ජනවාරි 9 වැනිදා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වූ වහාම, ඔහුගේ අභිමතය වුණේ විපක්ෂ නායකවරයා අගමැති කළ යුතුයි කියල. ඒ වනවිට අගමැතිකම
දැරූ දි. මු. ජයරත්න මහතා ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබුණා ආසන 162 ක්. එජාපයට තිබුණේ ආසන 41 යි. අමතරව හයදෙනෙක් එකතු වුණා. ඔක්කොම 47 යි. ඒ 47 න් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ලෙස ජනාධිපතිතුමා විසින් පත් කළේ. එතකොට එදා දි. මු. ජයරත්න අගමැතිතුමා ඉල්ලා අස්වීමේ ලිපියක් දුන්නේ නැහැ. එතුමාව අස්කරල ආණ්ඩුවෙන් ලියුමක් ගැහුවා. ඒ ලියුම ගහල තියෙනවා. ජනාධිපතිතුමාගේ ෆයිල් එකේ තාම ඒ ලිපිය ඇති. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කියල ඊළඟ ලිපිය ගැහුවා. එහෙමයි එදා අගමැති පත් කළේ. ඒ ක්රමවේදයම තමයි අදත් අනුගමනය කරල තියෙන්නේ. මේ ක්‍රමවේදය වැරදි නම් 2015 ජනවාරි 9 දා රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමත් වැරදියි. නමුත්, අප මතක තබා ගත යුතුයි ගොඩක් අයගේ වැරදි වැටහීමක් තියෙනවා 19 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිකම පඹයෙක් කළා කියල. එහෙම දෙයක් වෙලා නැහැ. විධායක ජනාධිපති විධායක ජනාධිපතිම තමයි. යම් බලතල ප්‍රමාණයක් ඉවත් කරල වෙනත් ආයතනවලට පවරල තියෙනවා. ඒක තමයි නීතිමය තත්ත්වය.
ප්රශ්නය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියකින් එය පැහැදිලි කිරීමේ හැකියාව තියෙනවද?
පිළිතුර - වගන්තියකින් පැහැදිලි කරනවනම් 42(4)වගන්තියේ පැහැදිලිව තිබෙනවා, අග්‍රාමාත්‍යවරයාට අමාත්‍ය මණ්ඩලය කි‍්‍රයාත්මක වන තාක් කල් අග්‍රාමාත්‍ය ධුර දැරිය හැක කියල. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය විට අග්‍රාමාත්‍ය තනතුර නිකම්ම අහෝසි වෙනවා. ඉතිං අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරියා. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයාට අස්වීමේ ලිපියක් යැව්වා, ඊට පස්සේ අලුත් අගමැති පත් කළා. ඒක තමයි අලූත් අගමැති පත් කළ ක්‍රමය. ඒ ක්‍රමය නීත්‍යානුකූලයි ව්‍යවස්ථානුකූලයි.
ප්රශ්නය - එජාපය චෝදනා කරනවා. සන්ධාන රජයේ එක පාර්ශ්වයක් ඉවත් වුණාට ආණ්ඩුව කඩා වැටෙන්නේවත්, අගමැතිවරයා වෙනස්වන්නේත් නැහැ කියල.
පිළිතුර - ඒක අදාළ නැහැ. ජනාධිපතිවරයා රජයේ නායකයා. ආණ්ඩුවේ නායකයා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඕනෑම වේලාවක කැබිනට් මණ්ඩලය විසුරුවන්න. මොන පක්ෂයේ ඉන්නවාද නැද්ද එතුමාට අදාළ නැහැ. ඒ නිසා ඒ චෝදනාවෙන් ඵලක් නැහැ. කැබිනට් මණ්ඩලය විසුරුවා හැරියා නම් අගමැතිත් අහෝසි වෙනවා. ජනාධිපතිවරයාට අභිමත අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් ඉන්පසු පත් කරන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ ඒක.
ප්රශ්නය - තවත් චෝදනාවක් තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිකමින් යුත් නව ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරයක් නැහැ කියන එක. එජාපය කියන්නේ ඒ බහුතරය පෙන්වන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා.
පිළිතුර - බහුතර බලයක් කියන එක අපට, එහෙමත් නැත්නම් ආණ්ඩුවට එච්චර අදාළ කාරණයක් නෙමෙයි. කලින් මම කිව්ව පරිදි 2015 ජනවාරි 09 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා පිහිටවන ලද්දේත් පාර්ලිමේන්තු බහුතර බලයක් ඇති ආණ්ඩුවක් නෙමෙයිනේ. බහුතර ආණ්ඩුවක් හදන්න අපටත් පුළුවන්. අපිත් බහුතර බලය හදනවා. එජාපයෙන් තවත් පිරිස් ආණ්ඩුවට ඒවි කියල අපට විශ්වාසය තියෙනවා.
නමුත්, පාර්ලිමේන්තුවේ සම්ප්රදායක් නැහැ විශ්වාසය තියෙනවා කියල ඡන්ද ගන්න. ඡන්දයක් ගන්න පුළුවන් විශ්වාසයක් නැත්නම් විතරයි. ප්රශ්නය වෙන්නෙ ආණ්ඩුවට පනත් සම්මත කරගන්න බහුතරයක් ඕන. පනතක් බහුතරයෙන් සම්මත නොවුණොත් නීත්‍යානුකූල නොවී අහෝසි වෙනවා. ආණ්ඩුවට ප්‍රධානම ප්රශ්නය වෙන්නෙ විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සම්මත කර ගැනීමයි. අයවැය ලේඛනය සම්මත කරගන්න ක්‍රමවේදය ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා. ඒ ක්‍රමයට ගිහින් සම්මත කරගන්න බැරි වුණොත්, පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න වෙනවා. ඒකට සන්ධානයේ අය කැමැති වේවි. මොකද ඒ අය ඉල්ලන්නෙ මැතිවරණයක්නෙ. එහෙම වුණොත් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍ර ආසන 105 කොයි තරම් පල්ලමට බහීද දන්නේ නැහැ.
ප්රශ්නය - මෙවර අයවැය පරාජයට පත්වේවිද?
පිළිතුර - පරාජයට පත්වුණොත් ආණ්ඩුව විසිරුවා හැර මැතිවරණයකට යාවි.
ප්රශ්නය - එළැඹෙන 16 දා පාර්ලිමේන්තුව නැවත ආරම්භ වීමේදී ආණ්ඩුවට බහුතරයක් පෙන්වන්න පුළුවන් වේවිද?
පිළිතුර - පුළුවන් වේවි. ඒ හා සම්බන්ධව කටයුතු කෙරෙමින් පවතිනවා. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ සම්ප්රදායක් නැහැ. එසේ නම් විශ්වාසභංගයක් ගෙනැත් පක්ෂ නායකයන් එකඟ වී ඒ සඳහා දින යොදාගෙන ඡන්දයකට යන්න ඕන. ඒ නැතිව විශ්වාසය පෙන්වන ක්‍රමවේද, අපේ පාර්ලිමේන්තුව තුළ නැහැ. පනතක් සම්මත කිරීමේදී විශ්වාසය පෙන්විය හැකියි හෝ විශ්වාසභංගයකින්.
ප්රශ්නය - අලූත් ආණ්ඩුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ විදේශ බලපෑම් එල්ල වන්නට පටන් ගෙන තිබෙනවා. ඇමරිකාව පවා ප්‍රකාශ කර තිබෙනවා පාර්ලිමේන්තුව වහාම කැඳවා ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න කියල. ආණ්ඩුවෙන් මේකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ.
පිළිතුර - ජාත්‍යන්තර මැදිහත්වීම්වලට පාර කපන්නේත් අපේ අයමනෙ. නමුත් විදේශීය ඉල්ලීම් බලපෑමක් නෙමෙයි. විදේශයන් කියන කියන දේ කරන්න ආණ්ඩුව ලැහැස්ති වෙලාද ඉන්නෙ කියල අපි අහන්න ඕන. යුද්දෙ කියල කොයි තරම් විදේශ බලපෑම් ආවද යුද්දෙ නවත්තන්න කියල. කවුද ඇහුම්කන් දුන්නෙ. රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට එහෙම මැදිහත්වෙන්න පුළුවන්ද?
ප්රශ්නය - රටේ ආර්ථිකය බරපතළ විදිහට අර්බුදයට ලක්ව තිබෙනවා. ඩොලරයේ මිල ඉහළ යෑම, ඉන්ධන මිල සූත්‍ර වැනි දෑ මගින් ජනතාවගේ ජීවන වියදම දරන්න බැරි විදිහට ඉහළ ගිහින් අලූත් ආණ්ඩුවෙන් මේ සඳහා ඉක්මන් සහනයක් ලැබේවිද? ඒ සඳහා සැලසුමක් තිබෙනවාද?
පිළිතුර - අනිවාර්යයෙන්ම. අලූත් ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා බවට පත් වුණේ හිටපු ජනාධිපතිතුමා. අලුත් අගමැතිතුමා. එතුමන් සමඟ ඉන්න ආර්ථික විශේෂඥයන් සමඟ එකතුවෙලා අපට විශ්වාසයක් තියෙනවා එතුමාට අපට මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන් කියලා. අපේ අරමුණ වෙලා තියෙන්නේ දේශීය ව්‍යාපාරිකයන් උසුලන බදු බරින් ඔවුන්ට සහන සලසා ආර්ථිකය යහපත් කිරීම. ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන්න, තීන්දු තීරණ ගන්න තරම් අපට තවමත් කාලයක් ලැබුණේ නැහැ.
ප්රශ්නය - සෑම මසකම 10 වැනිදාට ජනතාවගේ හිස මත කඩා වැටෙන ඉන්ධන මිල සූත්‍රය වගේ දෑ සඳහා සහන සැලසේවිද?
පිළිතුර - ඉන්ධන මිල සූත්‍රය ඉවත් කරයි. ඒක හිටපු මුදල් ඇමැතිතුමාගේ හිතුවක්කාරී වැඩක්. ඒකට අපි කැමැති නැහැ. ඉන්ධන මිල සූත්‍ර හොඳයි සමහර රටවල්වලට. නමුත් අපි වගේ ආර්ථිකයක් පවතින රටවලට ඒක ගලපගන්න එක සුදුසු නැහැ.
ප්රශ්නය - එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වූ ඔබ අලූත් ආණ්ඩුවට එකතු වන්න තීන්දු කළේ ඇයි?
පිළිතුර - මම ආපු දවසෙ ඉඳන් මේ ආණ්ඩුවත් එක්ක රණ්ඩු කරල හති වැටිල හිටියෙ. මොකද අපි කියපු ප්‍රතිපත්ති එකක්වත් අපට කි‍්‍රයාත්මක කරගන්න බැරි වුණා. රටේ සම්පත් විකුණන එක නවත්තන්න පොරොන්දු වුණා. නමුත් ආපු දවසෙ ඉඳන්ම කළේ විකුණපු එක තමයි.
හම්බන්තොට වරාය දුන්නා. කොළඹ වරායෙ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න අගමැතිතුමා පොරොන්දු වෙලා. කැබිනට් එකේදී අපට ඒවට රණ්ඩු වෙන්න සිදු වුණා. එතකොට ති‍්‍රකුණාමලය වරාය දෙන්න ලැහැස්ති වුණා. මත්තල විකුණන්න ලැහැස්ති වුණා. මේවගේ පුළුවන් තරම් විදේශිකයන්ට දුන්නම අපේ ස්වෛරීභාවය අපට නැතිවෙනවා. අක්කර දහස් ගණනක් හම්බන්තොටින් චීනයට දෙන්න ලැහැස්ති වුණා. සමහර ඒවා දුන්නා. රට ගැන හැඟීමක් නැතිව එජාප නායකත්වය මේ තීන්දු ගත්තා. අපේ කෘෂිආර්ථික ප්‍රතිපත්තියට පයින් ගැහුවා. මේ ක්‍රමවේදය තුළ ආර්ථිකය කඩා වැටුණා. ආර්ථිකය හසුරුවන්න දුන්නේ නැහැ. අපට, රටට මේ විදිහට තවත් ඉදිරියට යන්න බැහැ.
ඒ නිසා මම විශ්වාස කරන දෙය තමයි පක්ෂයට කලින් රට ගැන ඉස්සරවෙලා හිතන්න ඕන. රට තිබුණොත් තමයි දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ හේතුව නිසා තමයි මම මේ ආණ්ඩුවට එකතු වෙන්න තීන්දු කළේ. මොකද ජනාධිපතිතුමයි, වත්මන් අගමැතිතුමයි රට විකුණන ප්රතිපත්තියක නැති, රට ජාතිය ගැන හිතන නායකයන් දෙදෙනකු නිසා.
ප්රශ්නය - ඔබ කියන්නෙ රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයට සුදුසු නැතැයි කියන එකද? වෙනත් නායකයකු එජාපයට පත්විය යුතුද?
පිළිතුර - ඔව්. පැහැදිලිවම රට ගැන හිතන නායකත්වයක් එජාපයට ඇත්තෙම නැහැ. මොකක් හෝ වැඩක් කළොත් බටහිර ගැති, රණවිරුවන් පාවා දෙන, සුද්දන් ඇවිත් අපට නීති දාන කටයුතුවලට තමයි තැන හදන්නෙ.
එහෙම අපට නිවට වෙන්න බැහැ. අපි දුප්පත්, පුංචි රටක් වුවත් එහෙම වෙන්න බැහැ. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය අනුව ස්වෛරීත්වයෙන් අප ඕනම රටකට සමානයි. අපි යටත් වෙන්න ලැහැස්ති විය යුතු නැහැ.
ප්රශ්නය - ඔබතුමා එජාප ජ්‍යෙෂ්ඨයකු ලෙස මේ ආණ්ඩුවට එකතු වූ ආකාරයට තවත් එජාප ජ්‍යෙෂ්ඨයන් ආණ්ඩුවට එකතු වෙයිද?
පිළිතුර - දැනටමත් අහනවා. කතා කරනවා. ඉදිරියේදී තවත් කිහිපදෙනකුම එකතු වෙනවා. අනිවාර්යයෙන් අපි පාර්ලිමේන්තු බහුතරය හදනවා. නැති වුණොත් පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා. තාමත් අපේ ආණ්ඩුව කියකියා ඔය කෑගහන අයට එදාට පිළිතුරක් ලැබේවි.
| ඔය විජේ ඇමතිතුමා එක එක වෙලාවට දෙපැත්තෙන්ම කතා කරනවා. | 14 | POSITIVE |
ncpp_train_38656 |
පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අධික ලෙස මුදල් අය කර ගැනීම වැළැක්වීම සඳහා නව නීති ගෙන එන බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා ඇත.
මුදල් අය කිරීම්
සම්බන්ධයෙන් පවතින නීති ප්‍රමාණවත් නොවීම හෝ එම පාසල්වලට අදාළව ක්‍රියාත්මක වන නීති ඉතා පැරණි ඒවා විම මත වාසි ලබාගෙන තිබෙන බවද වාර්තා කර ඇත. වර්තමානයට ගැළපෙන පරිදි නව නීති පද්ධතියක් සකස් කර න්නට අමාතයංහයේ අවධානය යොමුව තිබේ.
මෙම නීති මදකම නිසා ඇතැම් පෞද්ගලික පාසල් අත්තනෝමතික ලෙස මුදල් ලබාගන්නා බවත් එවන් පාසල්වලට අනතුරු ඇඟවීම් ද සිදු කර ඇති බවත් අමාත්‍යංශය දන්වයි.
| අපේ රටේ ජනතාව වැඩිම මුදලක් වියදම් කරන්නේ නිදහස් අඩ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍යයට තමයි. | 12 | POSITIVE |
ncpp_train_38657 |
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වන සංවත්සරය ජූලි මස 03දාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් අද (30) සිට වැඩසටහන් රැසක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර තිබේ.ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වන සැමරුම් උත්සවයේ සමාරම්භක උත්සවය ජූලි මස 03 දා වනජීවී වන සංරක්ෂණ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී පැවැත්වෙන අතර වයස අවුරදු 12ට අඩු ළමයින්ට එඳින සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පවසයි.
සතුන්ට ඔවුන් කැමැති කෑම වර්ග ලබා දෙමින් එදින දවස පුරා විනෝදාත්මක ක්‍රියාකාරකම්වල නිරතවීමට ද කරමන්නන්ට අවස්ථාව හිමි වන බව ද ප්‍රේමකාන්ත මහතා කියයි.දෙහිවල සත්වෝද්‍යානයේ අලුතෙන් ඉදිවුණු 'සිංහ අරණ' විවෘත කිරීම, ජාතික සත්වෝද්‍යානයේ පැරණිතම සේවකයන් 10කට සමරු තිළිණ ප්රදානය ඇතුළු වැඩසටහන් රැසක් ද එදින පැවැක්වීමට කටයුතු සංවිධාන කර තිබේ. එමෙන්ම ජූලි මස 06දා සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය සායනයක් ද, 07දා දන්ත සායනයක් ද, 11දා අක්ෂි වෛද්‍ය සායනයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.දෙපාර්තමේන්තුවේ සේවය කළ දැනට මියගොස් සිටින කාර්ය මණ්ඩලයට සහ සත්වෝද්‍යානයන්හි මියගිය සතුන්ටත් පින් පැමිණවීම පිණිස අද (30) ලේ දන්දීමේ පින්කමක් සංවිධාන කර තිබේ.ජාතික සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් විසින් බාහිර සතුන්ට ප්‍රතිකාර සඳහා පවත්වන සත්ත්ව වෛද්‍ය සායනයක් ජූලි මස 01 දා දෙහිවල ඇස්. ද. ඇස්. ජයසිංහ විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
| දැන් ඉතින් ජීවිතේට අලියෙක්, නයෙක් දැකල නැහැ වගේ බෙලි පාගගෙන තෙරපෙයි , අපේ සත්ව ලෝලීන් . | 18 | POSITIVE |
ncpp_train_38658 |
පෙරේදා අලුයම මහියංගනය – මාපාකඩවැව 17 කණූව අසලදී වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිටි ටියුෂන් ගුරුවරයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන අතරවාරයේ අද ඔහු පොලිසියට පැමිණ භාරවී තිබේ.
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපකාරක පන්ති පවත්වන ප්‍රභාත් විතානගේ නමැති
34 හැවිරිදි ගුරුවරයෙකු මෙලෙස අතුරුදන්ව සිටියේය. ප්‍රදේශවාසීන් උදැසන පෙරළී ගිය වාහනය දැක එය ගොඩගන්නට කටයුතු කළත් එය ඇතුළේ කිසිවෙකු නොසිටියෙන් පැමිණි අය ඇලේ ගසාගෙන ගොස් අනතුරක් වන්නට ඇතැයි උපකල්පණය කර තිබුණි.
ඔලුවිල් නාවික හමුදා කදවුරේ නිළධාරීන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව
බෝට්ටු 2 ක් යොදවා ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කළ අතර පොලිස් කණ්ඩායම් 4ක් ද යොදවා තිබුණි.
මෙම පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් කටයුතු හේතුවෙන් ඊයේ වියානා ඇලට ජල සැපයීම ද තාවකාලිකව
අත්හිටුවන ලදි.මෙම සිද්ධියත් සමග වියානා ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මහවැලි අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදෙන ලදි.
සුඛෝපභෝගී ජීප් රථ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී එය හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු නමට ලියාපදිංචි වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී එම පුද්ගලයාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදී සිද්ධිය දැනුම් දී තිබුණි. නිවැසියන් ප්‍රකාශ කර තිබුනේ මොහු කතරගම යාම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති බවයි.
පොලිසිය ඔහුව සොයමින් සිටියදී ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වී ඇති බවට ලද තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබු අතරවාරයේ අතුරුදන්වූවායයි සිතූ උපකාරක පංති ගුරුවරයා අද (28) මහියංගනය පොලිසියට භාර වී තිබෙයි.
වාහනය සමග තමා ඇලට පෙරළුනු බවත් පසුව පීනා ගොඩට පැමිණි බවත් ඔහු පවසා ඇති නමුත් ඔහු සිද්ධිය විස්තර කළ ආකාරය සැක බව පොලිසිය පවසයි. සිද්ධිය අවස්ථාවේ තවත් කෙනෙකු වාහනයේ ගමන් කළ බවට තොරතුරු ලැබී තිබේ.
දින තුනක් පමණ අතුරුදන්ව සිටි ඔහු අද දහවල් මහියංගණය පොලිසියට භාරවීම පසුපස වෙනත් කථාවක් තිබෙන බවට දැන් සැක මතුව තිබේ.
ඔහුගේ ප්‍රකාශයේ සත්‍යතාව තහවුරු කර ගැනීමට පොලීසිය වැඩිදුර සොයා බලන බව වාර්තා කර තිබේ.
| කාට හරි දෙකක් අනින්න වෙන්න ඇති යන්නැත්තෙ | 15 | POSITIVE |
ncpp_train_38659 |
වජිර පාරේ උඩුකුරුඤ්ඤං වුණ
15 හැවිරිදි කෝටිපති පුතා එළවූමර්සිඩීස් බෙන්ස් එක
පෙරේදා 26 සවස කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේ සිට වේගයෙන් ධාවනය කරමින් ආ මර්සිඩිස් බෙන්ස් රථයක් දකුණු පසට වංගුව ගෙන වජිර පාරට එම වේගයෙන්ම හැරවීමට යාමෙන් වේගය ඔරොත්තු නොදී ලිස්සා ගොස් වජිර පාරේ පදික වේදිකාව හා පාර අසළ උඩුකුරුඤ්ඤංවී නතරවී තිබුණි.
වාසනාවට එම අවස්ථාවේ පාරේ එම කොටසේ කිසිවෙකු නොසිටියෙන් පදිකයින්ට හානියක් වූයේ නැත.
උඩයට මාරුවූ රියදුරු අසුනෙන් බැස එළියට ආවේ අඩු වයසක පෙනුමක් ඇති
පාසල් සිසුවෙකි.
ඔහුට තුවාල නොතිබුණ අතර අසළ මාර්ග සංඥා නියාමනයට භාරව යොදා තිබුණ පොලිස් නිලධාරීන් මෙම අපරීක්ෂාකාරී ධාවනය සිදු කළ රියදුරු පරීක්ෂාවට පැමිණ තිබුණි.
එම අවස්ථාවේ ඔවුන් පුදුමයට පත් කරමින් මෙම සිසුවාට වයස 15 ක් බව හා රියදුරු බලපතක් නොමැති බව අනාවරණය විය. තාත්තා ගෙනා අලුත්ම බෙන්ස් එක පදින්න ආසාවට තමා එය වේගයෙන් පැදවූ බව ඔහු පොලිසියට කියා තිබුනේ සිනාසීගෙනය.
එම අවස්ථාවේ තමාට නැවත නිවසට යන්න ඕනෑ බව මෙම සිසුවා පවසා ඇත්තේ නීති රීති ගැනද අවබෝධයකින් තොරවයි. අපරීක්ෂාකාරී ධාවනය හා බලපතක් නොමැතිව රිය ධාවන නිසා අත්අඩංගුවට ගන්නට සිදුවන බව පොලිසිය ඔහුට දැන්වූ පසු ඔහු කලබලවී වටේටම කෝල් කර තිබේ.
ඔහුගේ පියා යයි කියන පුද්ගලයා කුරුඳුවත්තේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බව පැවසෙන අතර ඔහුද පොලිසියේ ඉහළ නිලධාරීන්ට කථාකර මෙම දරුවාව ගෙදර එවන්න යයි බලපෑම් කරවා ඇත.
තොරතෝංචියක් නැතිව ඇමතිවරුන් ප්‍රභූවරුන් කුරුඳුවත්ත පොලිසියට හා මෙම නිලධාරීන් ඇමතුම් දී ඇති බව පැවසේ.
නමුත් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යතා නොසැපිරු වයස අවුරුදු පහලොවක බාල වයස්කරුවා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහුගේ දෙමාපියන් පොලිසියට පැමිණ අධිකරණයට ඉදිරිපත් කරන්නට පොරොන්දු දීමෙන් පසු පොලිස් ඇප මත පැය කිහිපයකින් නිදහස් ව තිබෙයි.
මෙම ව්‍යාපාරිකයා කවුද යන්න ගැන තොරතුරු පොලිසිය මගින් හෙළි කර තිබුනේ නැත.
CAW 5445 අංකයෙන් ලියාපදිංචිවී තිබුණ මෙම මර්සිඩීස් වර්ගයේ බෙන්ස් රථය 2017 නිෂ්පාදිත අලුත්ම එකක් බවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ලීසිං පදනමින් ලබාගත් එක්ක බවත් තොරතුරු මේ වනවිට හෙළීව තිබේ.
Pix Courtesy By -Dailymirror.lk
| මේ රටේ උවමනාව තියන එකෙක්ට සල්ලි හම්බ කරගන්න ඕන තරම් ක්ර්ම තියනව. කාලකන්නි වගේ ඉගෙන ග්න්න කාලෙ ඉඳල පස්සෙ සල්ලි ප්‍රශ්න ආවම ඒකට සල්ලි තියන මිනිස්සු පලි නෑ. මේක ලියන මම සල්ලි කාරයෙක්නම් නෙවෙයි | 119 | POSITIVE |
ncpp_train_38660 |
රට තුළ පවතින ඉන්ධන අර්බුදය නිසා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ අග්රාමාතයවරයා යටතේ පවතින අමාත්‍යංශවල නිලධාරීන්ට නිවෙස්වල සිට රාජකාරිවල නිරතවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස්දී
ඇත.මෙමගින් යම් ඉන්ධන ප්‍රමාණයක් පිරිමසාගැනීමට අපේක්ෂා කරන බව දන්වා ඇත.
| JATHIKA ARAKSHAWA LEFT | 7 | POSITIVE |
ncpp_train_38661 |
කොවිඩ් වසංගතයෙන් ජනතාව පීඩාවට පත්ව සිටින මේ මොහොතේ දේශපාලනඥයන් තමන්ගේ යුතුකම් ඉටු කරන්නැයි වැඳලා කියනවා.’’ යැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා ඊයේ (29 වැනිදා) දහවල් කළුතරදී කීවේය. අපේ රටේ සාම්ප්‍රදායික විපක්ෂ දේශපාලනයේ කාර්ය භාරය හැම දේටම විරුද්ධ වීමයි. තමන්ගේ වගකීම පසෙක දමා වරදාන, වරප්‍රසාද වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වන දේශපාලනඥයන් රටේ ජනතාව වෙනුවෙන් යුතුකම් හා වගකීම් ඉටු කළ යුතු කාලය පැමිණ තිබෙනවා.
භාරතය අද විශාලා මහනුවරක් බවට පත්ව තිබෙනවා. එවැනි තත්ත්වයකට අපේ රට පත් නොවීමට තම යුතුකම් වගකීම් ඉටු කළ යුතු කාලය පැමිණ තිබෙනවා.වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂක අංශ දැවැන්ත කැපවීමක් සිදු කර රට අවදානමෙන් මුදා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ලොව අනෙකුත් රටවල් සමග සැසඳීමේ දී අප තවමත් හොඳ තැනක සිටිනවා. රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරගෙන යන ඉතාම හොඳ වැඩපිළිවෙළ කඩාකප්පල් කර, ජනතා ජීවිත බිල්ලට දී බොරදියේ මාලු බාන්නට විපක්ෂය කටයුතු නොකළ යුතුයි.
දේශපාලන වශයෙන් මෙය අවුල් කර තමන්ගේ දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කිරීම නොකළ යුතුයි.අපේ රටේ විපක්ෂ දේශපාලනඥයන් උත්සාහ කරන්නේ රටේ ජනතාවගේ මළකඳන් උඩින් හෝ තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීමයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ කොවිඩ් වසංගතය තව තවත් පැතිර යෑමයි. වසංගතයෙන් මිය යන මිනිස් ජීවිත ප්‍රමාණය ඉහළ යාම බලා සිටින මෙවැනි දේශපාලනඥයන් රටේ ජනතාව තව දුරටත් ප්‍රතික්ෂේප කිරීම සාධාරණයි.විපක්ෂයට තියෙන්නේ ජනතාව විපතට පත්වීම බලා කිඹුල් කඳුළු හෙළා සතුටුවීමයි. ඒ තුළින් බොරදියේ මාළු අල්ලන දේශපාලනයයි. නමුත් වගකිවයුතු රජයක් ලෙස රටත් ජනතාවත් විපතට පත් නොකර ආරක්ෂා කර ගැනීම සිදු කරනවා. මේ පිළිබඳ ඉතා හොඳ දැක්මක් වැඩපිළිවෙළක් අපිට තියෙනවා. එස්. පොද්දෙණිය - මීගහතැන්න
| ශ්‍රී ලංකාව මේ වන විට ඌරු රැළක් පැන්නා මඩ වලක් වගේ | 78 | POSITIVE |
ncpp_train_38662 |
දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහාම අගමැතිවරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කරන ලද "අමුතු පොලිසියක්" මඟින් කිසිදු පදනමකින් තොර කරුණු ගෙන හැර දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේද අනුග්‍රහයෙන්
සැලසුම් කොට ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (25දා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන හා විනිසුරු ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ජනාධිපති නීතිඥවරයා එලෙස ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2015 සැප්තැම්බර් 28 වැනි දින ගොනුකරන ලද "රිට්" පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.
2015දී වත්මන් රජය බලයට පත් වූ පසු කලින් පැවැති රජයේ දේශපාලනඥයන්ටත් ඔවුන්ට හිතවත්ව කටයුතු කළ අයටත් විරුද්ධව නා නා ආකාරයේ චෝදනා එල්ල කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් මාස ගණන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ යටතේ පෙත්සම්කරුද අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රැඳවීමට අගමැතිවරයාගේ මෙහෙයවීම යටතේ ඇති මූල්‍ය අපරාධ පොලිසිය ක්‍රියාත්මක වුණා.
ඒ සඳහා මුලින්ම ඔවුන් අවස්ථා 3කදී උත්සාහ කළා. පළමුවෙන්ම "ඇවන්ගාඩ්" මුහුදු ආරක්ෂක සමාගම පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හරහා ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළා.
ඊට පසු "ඇපලෝ" රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපති තනතුර සම්බන්ධව ඔහුට අභූත චෝදනා කොට අත්අඩංගුවට ගැනීමට තැත් කළා.
තුන්වැනිව "මිග්" ගුවන්යානා මිලදී ගැනීම යන බොරු චෝදනා ගොතා ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළා.
අධිකරණයේ මැදිහත්වීම මත එම අවස්ථා අසාර්ථකව ගියා. ඉන්පසු ඔවුන් සොයා ගත්තේ පෙත්සම්කරුගේ පියා වන දිවංගත ඩී.ඒ රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් එම අනුස්මරණ පදනම ඉදිකළ ස්මාරකය හා කෞතුකාගාරය පිළිබඳව ලිපිගොනුවයි.
එහිදී කිසිම හෝඩුවාවක් සොයාගත නොහැකි වූ විට පාඨලී චම්පික රණවක ඇමැතිවරයා එයට මැදිහත් වී අලුත්ම ඇස්තමේන්තුවක් යොදවා තවත් අලුත් බිලක් නිකුත් කරමින් එකී හිඟ මුදල වහා ගෙවන ලෙසත් නැතිනම් නඩුව දමන බවටත් ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා හරහා "එන්තරවාසියක්" පෙත්සම්කරුට එවමින් නඩුවක් පැවැරීම සඳහා පොටක් පාදා ගත්තා.
මෙහිදී සිදුව ඇත්තේ ජුගුප්සාජනක ලෙස ක්‍රියා කරමින් නැති නඩු නිමිත්තක් ආරෝපණය කොට නඩුවක් නිර්මාණය කිරීමට අගමැති වරයාගේ පොලිසිය ක්‍රියා කිරීමයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් මීට පෙර නිකුත් කරනු ලැබ ඇති අතුරු තහනම් නියෝගයද ඊළඟ නඩු දිනය වන පෙබරවාරි මස 14 වැනි දිනට පසු දින (පෙබ. 15) දක්වා දීර්ඝ කිරීමටද අභියාචනාධිකරණය නියෝග කළේය.
ජනාධිපති නීතිඥ අල් සබ්රි හා නීතිඥ සනත් විජේවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කරු වෙනුවෙන් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න නීතිපති වෙනුවෙන් ද පෙනී සිටියහ.
වැඩිදුර නඩු විභාගය පෙබරවාරි මස 14 වැනි දිනට කල් තැබිණි.
කමල් මහේන්ද්‍ර වීරරත්න
| අනේ සත්තුවාදියෝ....... කාලෙකට පස්සේ උඹ ආවද මේ හොරුන්ට මිනි මරුවන්ට සුදු හුණු ගාන්න? උඹලා මොනවා කීවත් කරුමය ඵල දෙනවා බං ....... ඒකෙන් ගැලවෙන්න කාටවත් බැහැ. | 43 | POSITIVE |
ncpp_train_38663 |
COVID-19 වසංගතය හමුවේ සමස්ත ආසාදිතයන්ගෙන් තවදුරටත් ඉදිරියේ පසුවන ඇමෙරිකා එක්සත් ජනපදය සතුව මෙතෙක් පැවති වාර්තාවක් බිඳ හෙළමින්, නව වසංගතය ආරම්භයේ සිට ලෝකයේ ඕනෑම රටක් විසින් එදා මෙදා තුර දෛනිකව වාර්තා කර තිබූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාව වාර්තා කර තිබේ.
ඒ අනුව ඉන්දියාව ඊයේ 79457 හා පෙරේදා දිනයේ අවම වශයෙන් නව COVID-19 ආසාදිතයන් 78,761ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. මීට පෙර එක්සත් ජනපදය
විසින් මෙම වාර්තාවට හිමිකම් කියන ලදී. බිලියන 1.3කට වඩා වැඩි ජනගහනයක් වෙසෙන ඉන්දියාව මේ වනවිට ලොව වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන එක්සත් ජනපදය හා බ්‍රසීලයට පසුව තෙවැනි ස්ථානයට පසුවන්නේ ආසාදිතයන් 3,542,733ක් සහ මරණ 63,498ක් සමගිනි.
එහිදී ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන් ආශ්රිත පළමු වැනි මිලියනය වාර්තා වීමට මාස 5කට වැඩි කාලයක් ගත වුවත්, දෙවැනි මිලියනය දින 21කින් සහ තෙවැනි මිලියනය දින 16කින් වාර්තා වීම නොසලකා හැරිය හැකි තත්වයක් නොවන බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.
ඒ අනුව, ඉන්දියානු ආසාදිතයන්ගේ මෙම වේගවත් ඉහළ යෑම අසල්වැසි දකුණු ආසියානු කලාපයේ රටවල පෙර සූදානම සිහිකැඳවීමක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි. එහිදී මුඛ ආවරණ පැලඳීම හා සමාජ දුරස්ථකරණය ඇතුළු නිසි සෞඛ්යාරක්ෂක ක්‍රමවේද පවත්වාගෙන යෑමේ වැදගත්කම ඔවුන් අවධාරණය කර සිටියි.
- නරෙන් විශ්වජිත් -
| අපිත් ඉන්දියාවෙ රෙකෝඩ් කඩනවා රට ඉඳලා කට්ටිය ගේන එක නැවැත්තුවේ නැත්තම්.. ඉන්දියාව කිසිම පාලනයකින් තොරව රට ඉන්න අය ගෙනාවා.. දැන් මිනී කඳු ගොඩ ගැහෙනවා.. දැන් ලංකාවේ මාක්ස් දාන්නෙ නෑ. කොරෝනා කියලා ගාණක් වත් නෑ. ඔය නිරෝධනය කඳවුරු වල ඉන්න කෙනෙක්ට හරි හැදිලා ලෙඩේ එලියට පැන්නොත් රට පුරාම පැතිරෙනවා. තව මාස 3ක් වත් ගුවන්තොටුපළ සම්පූර්ණයෙන් ම වහලා තියන්න රටේ ඉන්න මිනිස්සු ගැන හිතලා. | 5 | POSITIVE |
ncpp_train_38664 |
කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද (29) දිනයේදී රැස්වූ අවස්ථාවේඅන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනිදා අලුයම 4 .00 ට අවසන් කිරීම, පොදු ස්ථාන, වෙළඳසැල්, ආපන ශාලා ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම,
සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීම විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම එන්නත්කරණය පිළිබඳ ජනතාව බිය ගන්වන අය පිළිබඳ සොයා බැලීම ඇතුලු කරුනු සාකච්චා විය.මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින්
| මම ඉන්නේ හාල්, පරිප්පු, සැමන් වගේ බඩු වල ගණන් බල බල ඉන්න නෙමෙයි. පෝර ටික නවත්තල පලදාව අඩු කරලා අහිංසක මිනිස්සුගේ බඩට ගහන්නයි, ගැසට් ගහන්නයි විතරයි ඕන්.... අහවල් එකෙනුත් හිනා සර්..... | 21 | POSITIVE |
ncpp_train_38665 |
ඊයේ 29 වන දින සවස කොහුවල පොලිස් වසමේ අංක 41 ශ්‍රී සරණංකර පාර කළුබෝවිල, දෙහිවල ලිපිනයේ
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා
නිවාසයක් පොලිසිය මගින් වටළා තිබේ.
එවැන්නක් පවත්වාගෙන යන බවට කොහුවල පොලිසියේ නිලධාරීන්ට ලද
තොරතුරක් මත වැටලීම සිදුකර තිබූ අතර ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක්
සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදෙමින් සිටි එක් සැකකරියක්ද ගණිකා වෘත්තියේ යෙදී සිටීමේ අදහසින් රැදීසිටි සැකකාරියන් 04 ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු.23, 33,34,36,37,46 ක් වූඅම්පාර, ගාල්ල, පැන්ගහතැන්න, දොඹගම්මන, වැලිගම, මුහේන ප්‍රදේශවල පදිංචිකාරියක් වේ.
ඔවුන් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
| ආහ් ආ දෙන් වී ආ ඉන් ද සේම් ක්ලබ් මචං . | 18 | POSITIVE |
ncpp_train_38666 |
දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යනු දේවාලයක කපු මහතෙකි. නැතිනම් කට්ටඩියෙකි. ඔහු අද්භූත බලවේගයක් නිසා මේ තැනට ආ බව නිතර කියා ඇත්තෙකි.
රත්තරන් යනුවෙන්ද හඳුන්වන ඔහු කලකට ඉහතදී යුද හමුදා සෙබළෙකු වූයේය. පෙරමුණේද ගමන් කළේය. එහිදී සතුරු ප්‍රහාරයක් හමුවේ යුදබිමේ කොටුවූ තැනකදී
අසරණ වූ නමුත් පුදුම ආකාරයකට ඔහු දිවිබේරාගත් බවත්, අද්භූත බලවේගයක් මගින් ඔහුගේ දිවි බේරාදුන් බවත් පවසා තිබුණි.
බලවේගය විසින් ලබා දුන් බලය මත තවත් දේ කරන්නට වරමක් ලද බව කියූ ඔහු හමුදාවෙන් ඉවත්වී කට්ටඩියෙකු ලෙස මතුවූයේය.
දකුණු පළාතේ දේවාලයක් (බටදුව ශ්‍රී විෂ්ණු දේවාලය) ආරම්භ කළ
ඔහු දේවාලයද හාස්කම් සහිත එකක් බවට ප්‍රචාරයක් දියත් කළේය.
ඒ කාලයේ රත්රන්ගේ දේවාලයෙහි රටේ ඉහළම ප්‍රභූ නායකයන් ගැවසුණි. දේවාලයෙන් එකතු වූ විශාල ධනස්කන්දය ඔහු නිර්ලෝභීව ජනතාව වෙනුවෙන් වියදම් කළ අතර ඒ නිසාම ජනප්‍රිය විය. ඔහු මැතිවරණයකට ඉදිරිපත්වන්නේ එම කීර්තිය පදනම් කරගෙනයි.
ගාලූ දිස්ත්‍රික් ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඔහු කළ වියදම් දක්වමින් කළ ප්‍රචාර සමග ඔහු දකුණු පලාතෙන් එජාපයෙන් පළමුවැනියා වෙමින් ජයගන්නටද සමත් විය.
නමුත් කාලයක් පටන් එක්සත් ජාතික පක්ෂය පිළිබද කලකිරීමට පත් රත්තරන් මහින්දගේ ආණ්ඩුවට එක්වීමට තීරණය කළේ ඒ කාලයේදීමය.
මේ අනුව ඔහු මහින්ද අනුගාමියෙකුවූ අතර පසුගිය කාලයේ ඒකාබද්ධ විපක්ෂයටද සම්බන්ධවී වැඩ කළේය.
කෙසේ වෙතත් දේශපාලනයට සම්බන්ධ වුවත් ඔහු ගේ ගුරුකම් වැඩ දිගටම කෙරී ගෙන ගිය අතර ඹීට වසරකට පමණ පෙර පළාත් සභාවේ ඇතුළුවන තැනට ගින්දර දැල්වූ පන්දමක්ද ගෙනවිත් යහපාලන රජයට එරෙහිව ප්‍රසිද්ධ යාගහෝමයක්ද කළේය.
පසුගියදා රන්ජන් ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන කොකේන් චෝදනාව ගැන අසා එය සජීවීව වේදිකාවකදී ප්‍රසිද්ධ කිරීම නිසාද ඔහු ගැන කථාබහ ඇතිවිය. මේ ගැන මහින්ද රාජපක්ෂ කියා තිබුනේ 'ක්‍රිෂාන්ත ඉතිං ගුරුකම් කාරයානෙ එයා රන්ජන්ව හූනියමක් කරල අල්ලගන්න ඇති' කියාය.
ඔහුට අයත් බටදුව ශ්‍රී විෂ්ණු දේවාලයට 16 හැවිරිදි දැරියක කැටුව ඇගේ භාරකරුවන් පසුගියදා පැමිණ තිබුනේ දැරියට යක්ෂ බැල්මක් ඇති බව පවසෙමින් ශාන්තිකර්මයක් සිදු කිරීමට අවශ්‍ය බව දන්වාය.
ශාන්තිකර්ම කටයුතුවලට සම්බන්ධ ඔහු නමක් දිනා තිබීම නිසා එම විශ්වාසය මත දැරිය කැටුව ඔවුන් පැමිණ තිබුණි. ඇයගේ යක්ෂයා පළවා හරින මුවාවෙන් ඇතුළට කැඳවාගෙන යාමෙන් පසු ශාන්තිකර්මය සිදුකරන අතරතුර දැරියට ලිංගික අතවර සිදුකර ඇති බව එළියට හඬාගෙන පැමිණි දැරිය භාරකරුවන්ට පැමිණිලි කර තිබුණි. එම අවස්ථාවේ ඔහු එය පිළිගෙන නැත.
පසුව පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමෙන් පසු ඔහුව සොයා පොලිසිය ගියත් ඔහු මගහැර තිබුණි.
ඔහුට උසාවි වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් පවතින බව දැනගැනීමෙන් පසු ඔහු අද උදෑසන 11 ට පමණ පොලිසියට පැමිණ භාරවූ නමුත් පැය 3 කින් පමණ දවල් 2 වනවිට උසාවියෙන් ඇප මත නිදහස් වූයේය.
ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හර්ෂ කැකුණවෙල මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
| යක්ෂ බැල්ම වැටිලා තිබුන කෙල්ලව යකාගෙන් බේරගන්න දීලා තියෙන්නෙ මදන යකාට. දෙමව්පියො බූරුවොද? | 106 | POSITIVE |
ncpp_train_38667 |
ටැන්සානියාවේ ජනාධිපති සමියා සුලුහු හසන් මහත්මිය පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තිබූ එරට 61 වන නිදහස් දින සැමරුම් අවලංගු කර තිබූ අතර ඒ වෙනුවට විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා නේවාසිකාගාර ඉදිකිරීම සඳහා අදාළ වෙන් කළ මුදල භාවිතා කරන ලෙස උපදෙස් දී තිබුණි.මෙම සංසිද්ධිය ශ්‍රී ලංකාවේ නිදහස් දිනය පවත්වනවාද නැද්ද යන සංවාදයටද වැදගත්ය.එරට 61 වන නිදහස් දින උත්සවය සඳහා ඩොලර් 445,000 ක් වැය කිරීමට නියමිතව තිබූ අතර, එම මුදල රට පුරා ප්‍රාථමික පාසල්වල නේවාසිකාගාර අටක් ඉදිකිරීමට යොදා ගැනිණි.
ටැන්සානියාවේ රාජ්‍ය අමාත්‍ය ජෝර්ජ් සිම්බචවේන් මුදල් ලබා දීම තහවුරු කර තිබුණි.පෙළපාළි සහ වෙනත් ජාතික සැමරුම් වෙනුවට නැගෙනහිර අප්‍රිකානු රටක් වන ටැන්සානියාව සංවර්ධනය පිළිබඳ මහජන සංවාද පවත්වමින් නිදහස් දිනය සමරන ලදි.රෝහල්, පාසල්, වැඩිහිටි නිවාස සහ විශේෂ අවශ්‍යතා ඇති කණ්ඩායම් පිරිසිදු කිරීම ඇතුළු විවිධ ප්‍රදේශවල සමාජ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් නායකයින් සඳහා විවිධ කාලසටහන් මගින් විවාද සහ සම්මන්ත්‍රණවලට පෙරාතුව පැවැත්විණි.ටැන්සානියාව සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව මෙය නොවන බවත්2015 දී එවකට ජනාධිපති ජෝන් මගුෆුලි සැමරුම් අවලංගු කර වාණිජ අගනුවර වන ඩාර් එස් සලාම් හි මාර්ගයක් ඉදිකිරීමට අරමුදල් හරවා යැවූ බවත් වාර්තා විය.2020 දීත් ඔහු ඔහු එයම කළ අතර වෛද්‍ය පහසුකම් මිලදී ගැනීමට මුදල් භාවිතා කරන ලෙස උපදෙස් දුන්නේය.
වත්මන් ජනාධිපති හසන් ටැන්සානියාවේ පළමු කාන්තා රාජ්‍ය නායිකාව වේ. ඇය මීට පෙර තරුණ රැකියා, කාන්තාවන් සහ ළමුන් පිළිබඳ අමාත්‍යවරියක් ලෙස ද සේවය කර ඇති අතර ටැන්සානියානු කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට දිරිගැන්වීම සඳහා ප්‍රසිද්ධියේ කතා කර ජනප්‍රිය වූවාය.
| අන්න ජනතාවට ආදරේ නායකයො. ඒකට අපේ බඩුටික. | 97 | POSITIVE |
ncpp_train_38668 |
'Miss England' 2017 කිරුල දිනූ කුමරිය ඇතුළු රූප සුන්දරියන් කන්ඩායම පසුගියදා ලංකාවට පැමිණියේ විනෝද සංචාරයක් සදහාය. නමුත් මේ දිනවල රටේ පවත්නා ආපදා තත්ත්වය තේරුම්ගත් මෙම නිරූපිකාවන්
තම විනෝද සංචාරය වෙනුවට සර්වෝදය සංගමය හා එක්ව එම මූලස්ථානයට ගොස් ආපදා වන්ට සහන සැලසීමේ සර්වෝදය සහන සේවාවන්ට සහය වී තිබේ. මේ එම ඡායාරූප එකතුවයි
| වැඩේ නියමයි. අපේ ඉන්න මළහෝන්තු ඔය වගේ දෙයක්වත් කරනවද? | 107 | POSITIVE |
ncpp_train_38669 |
හලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි.
මෙම පුද්ගලයා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහුගෙන් නිවැසියන්ට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
මෙලෙස කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ එම පවුලේ සාමාජිකයින් අතර මාස 04 ක් වයසැති බිලිඳෙක් ද වන බවයි ඇය සඳහන් කළාය.
මේ හේතුවෙන් මෙම මස 10 වෙනිදා සිට විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට වහාම නිවසේදීම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දෙන බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරිය ඒ හරහා සිය පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි බවද කියා සිටියා.
| හෙට අනිද්දා මේ මාසේ 9 වෙනිදා රට ඉදලා ආපු එකෙක්ට කොරෝනා හැදුනොත් කියයි 10 වෙනිදා නෙවෙයි 9 වෙනිදා ඉදලා ආපු සියල්ලම නිරෝධානය වෙන්න කියලා. යකෝ Immigration එකේ නැද්ද ඔය ආපු උන්ගේ ලිස්ට් එක?? ඔකුන් ඔක්කොටම එක පාර කියන්න බැරිද නිරෝධායනය වෙන්න කියලා.... | 141 | POSITIVE |
ncpp_train_38670 |
විදුලි පේණු සහ කෙවෙනි සඳහා හඳුන්වා දුන් නව ප්රමිතීන් හෙට (01) සිට බලාත්මක වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරයි.
ඒ අනුව හෙට සිට අලෙවි කළ හැක්කේ සහ මිලදී ගත යුත්තේ එම ප්‍රමිතීන්ට අනුකුල පේණු සහ කෙවෙනි පමණක් බව එහි අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය. නව ප්‍රමිතිය අනුව දිගුකාලයක සිට ලංකාව
භාවිත කළ රවුම් හැඩයේ පේනු හා කෙවෙනි වෙනුවට හතරස් හැඩයට මාරුවී තිබේ.
“දැනට භාවිතා කරන විදුලි පේණු සහ කෙවෙනි ඉවත් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. එහි කාලය අවසන් වනතෙක් භාවිතා කළ හැකි නමුත් අලුතින් මිලදී ගන්නා උපකරණවලදී මෙම නව ප්‍රමිතියට අනුකූල වියයුතුයි. දිගින් දිගටම නව ප්‍රමිතියට අනකූල නොවන විදුලි පේණු සහ කෙවෙනි අලෙවි කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය කටයුතු කරනු ඇති.” යනුවෙනි.
විදුලි අනතුරු අවම කර ගැනීමේ අරමුණින් පේණු සහ කෙවෙනි සඳහා මෙම නව ප්රමිතීන් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසීය.
| එයද හතරැස් හැඩයේ පේනුවකින් යුක්ත වූවානම් කිසිවකුට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමට නොහැකි වන්නට ඉඩ තිබිණි | 36 | POSITIVE |
ncpp_train_38671 |
බෝමළුව ඇමදීමට විහාරස්ථානයට ගොස් යළි නිවස කරා යමින් සිටියදී යතුරුපැදියක ගැටී තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ගොඩගම රණවිරු ජයන්ත ජයසිංහ මාවතේ පදිංචි බෙත්මගේ ප්‍රේමවතී පෙරේරා නමැති (74) හැවිරිදි අවිවාහක කාන්තාවක බවද පොලීසිය කියයි.
මෙම කාන්තාව පුරුද්දක් ලෙස දිනපතා ගොඩගම හන්දිය ආසන්නයේ පිහිටි විහාරස්ථානයට ගොස් බෝමලුව අමැද ආගමික වතාවත් සිදු කොට යළි නිවසට යාම කර ඇත. එදිනත් බෝමලුව අමැද ආගමික වතාවත් සිදුකර මාර්ගය හරහා පාර මාරු වෙමින් සිටියදී අතුරුගිරිය දෙස සිට ගොඩගම දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබේ.අනතුර සිදුවන අවස්ථාවේදී දෙලොවක් අතර අතරමං වූ කාන්තාව කරකියාගත හැකි දෙයක් නොමැතිව අත්දෙකෙන් මූණ වසාගෙන මාර්ගය මැද හිඳ ගැනීමට යාමේදී යතුරුපැදිය කාන්තාවගේ මුහුණ පෙදෙසෙහි ගැටී විසි වී බරපතළ තුවාල සිදුව තිබේ.පසුව බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව පොලීසිය කියයි.අනතුරුව මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු මානෙල් ගමගේ මහත්මිය සිදු කළාය.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි දමිත් අත්තනායක මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාවට අනුව අනතුරට පත් කාන්තාවගේ හිස ඝන පෘෂ්ඨයක ගැටීමෙන් මොලයට සිදු වූ බරපතළ තුවාල මරණයට හේතුව බව මානෙල් ගමගේ මහත්මිය නිගමනය කළාය.අනතුර සිදුකළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසියේ පො.සැ 80029 ඥානතිස්ස ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති. මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
| පින්වත් අම්මේ ඔබතුමිට නිවන්සුව පතමු...... | 38 | POSITIVE |
ncpp_train_38672 |
ITN අවභාවිතාවට
මහින්දව දේශපාලනයෙන් ඉවත් කරන්න නිර්දේශ
සියයට සියයක්ම රජයේ කොටස් හිමි ස්වාධීන රූපවාහිනි සේවය අයුතු ලෙස දේශපාලන කටයුතුවලට යොදා ගැනීමේ වරද මත හිටපු ජනාධිපති. හා වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වසර 7 කට පසුවත් පාර්ලිමේන්තුවට පත්වීමේ අවස්ථාව අහිමි කළ යුතු යැයි
බරපතළ වංචා දුෂණ සෙවිමේ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබු බරපතළ වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති
කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ 148 හා 149 වැනි පිටුවල ඉහත නිර්දේශ ඇතුළත් කර පවතියි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කොමිසම ඉදිරිපත් කරන නිර්දේශ පහත පරිදිය.
2015 ජනාධිපතිවරණයට අදාළව ස්වාධීන රූපවාහිනී ජාලයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ප්රචාරක දැන්වීම් විකාශන කටයුතු සිදු කළ ස්පෙල් සොලියුෂන් නියෝජිත ආයතනයෙන් අයකර ගත යුතු රුපියල් 2, 467, 812ක මුදලක් අය කර නොගැනීමෙන් දුෂණය නමැති වරද සිදු කිරීමට හෝ අනුබලදීම හෝ පොදු අරමුණක් සහිතව එකී වරද සිදු කිරීම.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාගේ මුදල් ගෙවූ රුපියල් 9, 466, 000ක් වටිනා ජනාධිපතිවරණ ප්රචාරක දැන්වීම් සාධාරණ හේතුවක් නොමැතිව අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ විකාශය නොකර එම මුදල් ආපසු ගෙවීමෙන් ආණ්ඩුවට පාඩුවක් කිරීම.
සියයට සියයක් රජයේ කොටස් ඇති ස්වාධීන රූපවාහිනි ආයතනය තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා රජයට පාඩු කරමින් මේ දුෂණය නමැති වරද කර ඇති බව පෙනී යයි. මෙවැනි වැරැදි සිදු කළ අය රට වෙනුවෙන් සේවයක් සිදු කෙරතැයි අපේක්ෂා කළ නොහැක.
ඒ අනුව වසර 07 කින් පසුව හෝ එවැනි වරදවලට වරදකරු වූ දේශපාලනඥයන්ට ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් වශයෙන් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන් වශයෙන් පත්වීමට අවස්ථාව ලබාදීම නුසුදුසු බව මේ කොමිෂන් සභාවේ අදහසයි.
ඒ අනුව මේ කොමිෂන් සභාව නිර්දේශ කරනු ලබන්නේ ඉහත ව්‍යවස්ථාවල දක්වා ඇති ලෙසට වැරැදිකරුවන් වූ අය එසේ වරදකරු කිරීමෙන් පසු කිසිම අවස්ථාවක මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම හෝ මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත්වීම නුසුදුසු බවට වන නීති සම්පාදනය කිරීම අවශ්‍ය බවයි.
| එකනම් ඇත්ත .. | -16 | NEGATIVE |
ncpp_train_38673 |
රුපියල් ලක්ෂ පහකට අධික මුදල්, පරිගණකයක්, ගුවන් ගමන් බලපත්‍ර දෙකක්, තායි මුදල් යන දේපොළ සහිත ගමන් මල්ලක් ත්‍රිරෝද රථ රියදුරකු විසින් කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන ද සිල්වා මහතාට 28දා භාරදී තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ එම ගමන් මල්ල අයිතිකරුට ඒ ත්‍රිරෝද රථ රියදුරු අතින් යළි එදිනම භාරදෙනු ලැබූ අතර, එම බෑගයේ අයිතිකරු තමාට කළ උපකාරය වෙනුවෙන් ත්‍රිරෝද රථ රියදුරුට ලබාදුන් රුපියල් පනස් දහසක මුදලද භාරගැනීම ත්‍රිරෝද රථ රියදුරු කාරුණිකව ප්රතික්ෂේක කර තිබේ. මෙම ගමන් මල්ල පොලීසියට භාරදී ඇත්තේ දෙහිවල, කළුබෝවිල විමලසාර පාරේ පදිංචි එන්.සෙල්වරාජ් (රාජා) නමැති දෙදරු පියෙකි. ඔහු කළුබෝවිල, දෙහිවල හා කොළඹ ප්‍රදේශයන්හි සැරි සරමින් කුලී ගමන් ගොස් සිය ජීවිකාව සිදු කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක් වූ ත්‍රිරෝද රථ රියදුරු වන සෙල්වරාජ් මහතා,
"පෙරේදා 28 උදේ මම ත්‍රීවිල් එක සර්විස් කරන්න දාන්න හිතාගෙන තිබුන බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටියා. මම නිකමට වගේ පසුපස අසුන පිටුපස දිහා බලන කොට කළුපාට බෑගයක් දැක්කා. මම ඒක අතට අරගෙන ගේ ඇතුළට ගිහිං මගේ නෝනාට කතා කරලා අපි දෙන්නම ඒක ඇතුළ බැලුවා. මම ටිකක් කල්පනා කළා මේ වගේ බෑග් එකක් අරගෙන කවුද ත්‍රීවිල් එකට නැග්ගේ කියලා. මේ මහත්තයා තව නෝනා කෙනෙකුයි මහත්වරු සිව්දෙනකුත් එක්ක කොල්ලුපිටිය පොලීසිය ළග ඉඳලා දෙහිවලට ගියා නේද කියලා මගේ මතකයට ආවා. ඒත් ඒ මහත්තයා කොහේ පදිංචි ඒකෙනෙක්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ත්‍රිරෝද රථ සර්විස් කරන ඒක පස්සට කල් දාලා මම ශානිත් එක්කම කොල්ලුපිටිය පොලීසියට ඇවිත් ලොකු මහත්තයාට විස්තරේ කියලා සියලුම දේවල් භාර දුන්නා.
පොලීසියේ ලොකු මහත්තයා මටයි නෝනයි ස්තුති කරලා තේ පැන් සංග්‍රහයකුත් දුන්නා. 27දා සවස මේ දේපොළ ත්‍රිරෝද රථයක අමතක වෙලා දමා ගියා කියලා පැමිණිල්ලක් පැමිණි බවත් කිව්වා. බෑගය අයිති මහත්තයා ආවාම පොලීසියේ ලොකු මහත්තයා මට කීවා ඔයාම බෑග් එක දෙන්න කියලා. මම බෑග් එක දීලා කිව්වා මහත්තයා හොඳට බලන්න මොනවා හරී අඩුද කියල. එයා බලලා කිවා මොනවත් අඩු නැහැ කියලා. ඒ මහත්තයා මට එම මුදල්වලින්ම රුපියල් පනස් දහසක් දෙන්න හැදුවත් මම ගත්තේ නැහැ. අද කාලා හෙට කන්නේ කොහොමද කියලයි මම ජීවිතේ ගෙවන්නේ. ඒත් මහත්තයෝ අනුන්ගේ දේවල් ගන්න හොද නැහැ."
සෙල්වරාජ්ගේ මෙම උතුම් ක්‍රියාව ඔබ අප සැමටම ලැබෙන පූර්වාදර්ශයකි.
| වන සිවුපාවුන් වෑනි මිනිසුන් මෑද දෙවි දේවතාවුන් වෑනි මිනිසුන් ඈත ඒ දෙවතාවන් දිව්‍යාන්ගනාවන් මනු ලෝතලයේ වාසනවන් | 67 | POSITIVE |
ncpp_train_38674 |
කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සහ කාක දූපත උද්‍යානයට මේ දක්වා පැමිණෙන දරුවන්ට නොමිලේ ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවී තිබුණත් මින් පසු ක්‍රීඩා කිරීමට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් පැයකට
රුපියල් 400 බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කරගැනීමට අවස්ථාව ලබාදී ඇත. මේ පිළිබඳ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ අනුදැනුම මත ගෙනා යෝජනාවක් කොළඹ මහ නගර සභාව සම්මත කරගෙන තිබේ.
දැනට මෙම ස්ථානවල නොමැති අලුත් ක්‍රීඩා අංගෝපාංග මෙම සමාගම විසින්
ගෙන්වා මාස 2 ක් ඇතුළත සවිකරන බවට දන්වා ඇති අතර ඒවාට යන වියදම හා නඩත්තු වියදම ලෙස වයස අවුරුදු 5-10 අතර දරුවෙකුගෙන් විනාඩි 15කට රුපියල් 100 බැගින් අය කරගැනීමටත් පැයක්ම සිටින්නේ නම් රුපියල් 400 වනු ඇති බවත් ගාස්තු සඳහන් කර ඇත.
මෙම මුදල් නගර සභාවට නොව අදාළ සමාගම වෙත අයවනු ඇතැයි වාර්තා වන අතර කොළඹ මහ නගර සභාවට මාසිකව රුපියල් 10,000ක් පමණක් ගෙවීමට අදාළ පුද්ගලික සමාගම එකඟ වී තිබේ.
කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුවේ නිර්දේශ පරිදි මහා සභාවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී ඇත.ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා පමණක් විරුද්ධ වී තිබේ.
| කමක් නෑ අයියෝ..... අපි තව තව බදු ගෙවමු මැති ඇමතිලාගෙ දරුවන්ට අරලිය මහ ගන්ඳීරේ මගුල් ගන්න. :p | 126 | POSITIVE |
ncpp_train_38675 |
කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේ දෙමහල් නිවෙසක ඇති වූ ගින්නකින් අඹු - සැමි යුවළක් මියයෑමසම්බන්ධයෙන් කරන ලද මූලික පරීක්ෂණයේදී පෙනී ගොස් ඇත්තේ මියගිය පුද්ගලයා විසින් ඔහුගේ බිරියට ගිනි තබා පසුව ඔහුද ගිනි තබාගෙන මියගොස් ඇති බවට සැක කරන බවය. පොලිසිය මෙසේ සැක කිරීමට හේතුව වී ඇත්තේ පිලිස්සී මියගිය කාන්තාවගේ දෑත් දම්වැලකින් බැඳ දමා තිබූ හෙයිනි. මියගිය කාන්තාවට සිහිමූර්ඡා වීමට කිසියම් ද්‍රව්‍යයක් ලබාදීමෙන් අනතුරුව මෙසේ ඇයට ගිනි තබන්නට ඇතැයිද පොලිසිය සැක පහළ කරයි.මෙසේ මරණයට පත්ව තිබුණේ පනස්හත් හැවිරිදි අජිත් රේමන් හා පනස්තුන් හැවරිදි සුමිත්‍රා රාජපක්ෂනමැති අඹු - සැමි යුවළකි.
මියගිය කාන්තාව පනස්තුන් වියේ පසුවුවත් ඇය රූමත් කාන්තාවක් වූ හෙයින් ඇයව නිවෙසින් බැහැරට ගෙනයෑමට කිසිවිටක සැමියා කටයුතු නොකළ බවත් ඒ නිසා මොනයම් අවස්ථාවකවත් ඇය නිවෙසින් පිටට නොයනබවත් ප්‍රදේශවාසීහු පොලිසියට පවසා තිබිණි. එමෙන්ම සැමියා නිවෙසින් පිටව යන අවවස්ථාවලදී බිරියවමෙලෙස දම්වැලකින් බැඳ දමා යෑම සිදුකරන්නට ඇති බවද පොලිසියේ සැකය වී තිබේ.මෙම අඹු - සැමි යුවළ නිවෙසේ උඩුමහලේ රැඳී සිටින අතර පහත මාලයේ ඔවුන්ගේ පුතා හා ලේලියරැඳී සිටිති.ඉකුත් 27 වැනිදා අලුයම හතරයිතිහට පමණ එම නිවෙසේ උඩුමහල දෙසින් ‘මාව බේරගන්න’ කියමින්කෑගසන ශබ්දයක් ඇසී ඇති බවත් ඒ අවට පදිංචිකරුවන් එක්වී නිවෙසට යන විටත් නිවෙස දෙසින් ගිනි ජාලයක්මතු වී ඇති බවත් පසුව පිරිස එකතු වී ගින්න නිවා දමා ඇති බවත් පොලිසිය කියයි.ඒ වනවිටත් උඩුමහලේ සිටි අඹු - සැමි යුවළ ගින්නට හසු වී මියගොස් තිබුණු බව කියති. පසුව මේ බවකඩවත පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් දසිල්වා ඇතුළු කණ්ඩායමක් පැමිණ විමර්ශන ආරම්භ කර තිබේ.පසුව මේ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමෙන් පසු මහර වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රසන්න විමලරත්නමහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇත. කැලණිය කොට්ඨාස අපරාධපරීක්ෂණ නිලධාරීන්ද සිය විමර්ශන ආරම්භ කර තිබිණි.
පොලිසිය කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මියගිය අජිත් රේමන් නමැත්තා සිය හිතවතකුගේත්රිරෝදයක් පැදවීම සිදුකර ඇති බවත් කිසියම් අවශ්‍යතාවකට අජිත් රේමන් නමැත්තා ත්‍රිරෝද රථයේහිමිකරුගෙන් රුපියල් පනස්දාහක් ඉල්ලා ඇති බවත්ය. එහිදී ත්‍රිරෝද රථ හිමිකරු මුදල් නැති බව ප්‍රකාශකිරීමෙන් පසු අජිත් රේමන් නමැත්තා එම ත්‍රිරෝද රිය පිට අයකුට විකුණා ඉන් ලබාගත් රුපියල් ලක්ෂ 8ක්ඔහුගේ දියණියකට ලබාදී ඇති බවය.මියගිය පුද්ගලයා ණය බරින් පෙළෙන්නකු බවටද පොලිසිය සැක කරයි.අඹු - සැමි යුවළ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (29දා) සිදුකිරීමට නියමිතව තිබිණි.කැලණිය කොට්ඨාස භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ඩයස් මහතාගේ උපදෙස් මත කඩවත පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා ප්රමුඛ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුරපරීක්ෂණ පවත්වති.(කීර්ති මෙන්ඩිස්, කැලණිය _ කුසුම් එස්. හැන්නදි)
| ණය නැති අය ලංකාවෙි නැහැ. 225 දෙනෙකුටයි විශාම ගිය අපතයන්ටයිත් ( රජයේ සේවකයන් අදාල නැහැ.) රටෙිම උපදින දරුවන් පවා නය ගෙවන්න වෙල තියෙන්නේ. බිරිදගේ රුමත් බව හා අනවබෝදය තමයි මුල. | 12 | POSITIVE |
ncpp_train_38676 |
චන්දිමාල්ගේ ගෝලයා මිලියන දෙකකට විද පැනයයි
ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යටතේ සේවය කළ පුද්ගලයෙකු ඔහුගෙන් මිලියන දෙකක පමණ මුදල් හා ස්වර්ණාභරණ සොරකම් කර මැදපෙරදිගට පළායාම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
වයස අවුරුදු 30 ක් වන පුබුදු ගමගේ නමැති මෙම පුද්ගලයා චන්දිමාල් විසින් පවත්වා යනු ලබන ‘සැලොන් චන්දිමාල්‘ ආයතනයේ මුදල් ලාච්චුවෙන්
රුපියල් ලක්ෂ 15 ක් සහ චන්දිමාල් ආරක්ෂිතව තැන්පත් කර
තිබුණ ලක්ෂ 5 කට ආසන්න වටිනාකමක ස්වර්ණාභරණ තොගයක්ද රැගෙන පසුගිය සතියේ පළාගොස් ඇති බව වාර්තාවේ.
ඔහුව අල්ලා ගන්නට පොලිසියේ සහාය පතන විටත් ඔහුගේ පදිංචි ස්ථානය වන තලගල කිරිවත්තුඩුව ප්‍රදේශයෙන් පළාගොස් සිටි අතර පසුව පොලිසිය සිදු කළ සොයා බැලීමේදී පසුගිය මස 18 වනදා ඔහුගේ නම සඳහන් වන පාස්පෝට් එකක් භාවිතාකරමින් ඩුබායි බලා යන ගුවන් යානයකින් ලංකාව අතහැර පළාගොස් ඇති බව වාර්තාවී තිබේ.
වත්කම් සොරකම සම්බන්ධයෙන් චන්දිමාල් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කළ අතර මේ වනවිට පුබුදු ගමගේ නමැති සැකකරු සොයා ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් පරීක්ෂණ මෙහෙයවනු ලබන බව පොලිසියෙන් වාර්තා වුණා.
| Thonam amu gonek | 2 | POSITIVE |
ncpp_train_38677 |
සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන වල පවුල් 1800ක් පමණ නිවෙස්වල සිටම නිරෝධායනයට කටයුතු කර තිබේ.
වැලිසර නාවික නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙබලෙකු සහ ඔහුගේ බිරිඳට, ඥාති දරුවෙකුට වෛරසය ආසාදන වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
සෙබලා බිරිඳ සහ ඥාති දරුවා මොණාරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාදිත බව පරීක්ෂණවලදී හෙළිව ඇත.
මෙම ආසාදිත සෙබළා ප්‍රදේශයේ බැංකුවකට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ රුපියල් පන්දහසේ දීමනා ලබා ගැනීමට ද ගොස් ඇත.
එනිසා එම සියලු ප්‍රදේශවල සිටි ජනතාව පවුල් පිටින් නිරෝධායනට ලක් කිරීමට කටයුතු කර තිබේ.
| අනවශ්‍ය දේ අනවශ්‍යයි. සෙබල නෙමේ ජනාදිපති උනත් ඒක එහෙම විය යුතුයි. මේ සෙබලත් කිසිම විදිහකින් තමන් ආරක්ශා විය යුතුයි අනුන් ආරක්ශා කලයුතුයි කියන විදිහටද වැඩ කරල තියෙන්නෙ කියල ප්‍රශ්නයක් තියෙනව. කිසිම කෙනෙක් දේවත්වයට දමල ප්‍රශ්න නොකර ඉන්න තැනකට ගෙනත් තැබිය යුතු නැහැ. එහෙම කරල අපිට කෙලවල තියෙන විදිහ මෑත ඉතිහාසෙ හොදම උදාහරන තියෙනව. | 45 | POSITIVE |
ncpp_train_38678 |
ඉන්දියාවේ විරෝධය නොතකා චීන නෞකාවක් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ සතියක් කඳවුරු බැඳගෙන සිටියේය. ඒ සඳහා ඉන්දියාව විරෝධතාවක් ද ඉදිරිපත් කර තිබුණි. පසුව මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොං ඉන්දියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවට චෝදනා කළේය. චීන තානාපතිවරයාගේ මෙම ප්‍රකාශය උපුටමින් ඉන්දියාව චීනයට දැන් බැණ වැදී ඇත.කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සෙනසුරාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ - ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ වෙනත් රටක න්‍යාය පත්‍රය ඉටු කිරීමට කිසිදු පීඩනයක් හෝ අනවශ්‍ය මතභේදයක් නොව සහයෝගයක් බවයි. එය රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධි උල්ලංඝනය කිරීමක් ලෙස මහ කොමසාරිස් කාර්යාලය හැඳින්වීය.
ඒ අතරම, ඔහු ශ්‍රී ලංකාවේ උතුරු අසල්වැසියා (ඉන්දියාව) කෙරෙහි ඔහුගේ ආකල්පයට තම රටේ හැසිරීම බලපෑ හැකි බව පවසමින් චීන රාජ්‍ය තාන්ත්‍රිකයාට තරවටු කළේය.මහ කොමසාරිස්වරයා පැවසුවේ- ඉන්දියාව බෙහෙවින් වෙනස් බව අපි ඔවුන්ට සහතික වෙමු යනුවෙනි. මහ කොමසාරිස් කාර්යාලය ද චීනය ඉලක්ක කර ගනිමින් පැවසුවේ - පාරාන්ධභාවය සහ ණය මගින් මෙහෙයවනු ලබන න්‍යාය පත්‍රය විශේෂයෙන් කුඩා රටවලට විශාල අභියෝගයක් බවයි. මෑත සිදුවීම්වලින් අපි පාඩම් උගත යුතුයි යනුවෙන්ද සදහන් විය.යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කි ෂෙන්හොං මහතා ප්‍රකාශයක් කළේය. මෙහිදී, ඉන්දියාව සෘජුව නම් නොකර, Zhenhong කියා සිටියේ, කිසිදු සාක්ෂියක් නොමැතිව ඇතැම් බලවේගවල ආරක්ෂාව පිළිබඳ උත්සුකතාවය ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ ස්වාධීනත්වයට සම්පූර්ණයෙන්ම ඇඟිලි ගැසීමක් බවයි. ශ්‍රී ලංකාවේ ජාතික ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම නොඉවසන බව ෂෙන්හොං පැවසීය.මීට පෙර මෙම චීන නෞකාව අගෝස්තු 11 වනදා හම්බන්තොටට ළඟා වීමට නියමිත බව දැනගෙන මෙම ඔත්තු නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට විරෝධතාවක් ඉදිරිපත් කර තිබුණි. ඉන් අනතුරුව අගෝස්තු 16 සිට 22 දක්වා නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබාදී තිබුණි.
චීන නෞකාව හම්බන්තොට වරායට යාම නතර කරන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට බලපෑම් කළ බවට චීනය කළ ප්‍රකාශය ඉන්දියාව දැනටමත් ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දියාව ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව ස්වෛරී රටක් බවත් ස්වාධීන තීන්දු තීරණ ගන්නා බවත්ය.ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය (AIS) ක්‍රියාත්මක වන බවටත් ශ්‍රී ලංකා මුහුදේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් සිදු නොකරන බවටත් කොන්දේසිය මත මෙම අවසරය ලබා දී ඇත. චීන නෞකාවේ ලුහුබැඳීමේ පද්ධති ශ්‍රී ලංකා වරායට යන අතරමගදී දකුණු ඉන්දියාවේ ප්‍රධාන හමුදා සහ න්‍යෂ්ටික කඳවුරු පිළිබඳව ඔත්තු බැලීමට ඉඩ ඇතැයි ඉන්දියාව බිය විය.
| චීන්නු කියන්නේ මහ දරුනු සහ කපටි ජාතියක්, එෟකාධිපති රටක් වන චීනය ඉතා අධික පොලියට පැහැදිලිවම ආර්තිකමය අතින් විනාශකාරී අපගේ දේපල සින්නක්නරයට අයිතිකරගැනීමේ කූට උපකුම සහිතව අදීක පොලයට ව්‍යාපෘතිවලට අපට නය දී ඇත. වාසුලා සහ විමල්ලා ප්රජාතන්ත්රවාදය ගැන කථාකර කර වන්දනාමාන කරන්නේ මේ කූට ඒකාධිපති කාලකන්නින් ය. චීන්නු අපට බාල බඩු කපටිලෙස විකුනා ඇත. එකක් නොරොච්චෝලේ. ඒක හැමදාම කැඩිලා. බාල කුනු ප්ලාස්ටික් බඩුවලින්ත් රට පිරෙව්වා. මු අපිත් එක්ක තරහ වෙන තරමට අපිට ලාබයි. | 47 | POSITIVE |
ncpp_train_38679 |
පසුගිය කාලයේ හිරු නාලිකාව තුළ ප්‍රකට චරිත දෙකක් වූ සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා අද (28) උදෑසන සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බවට වාර්තාවේ.ඔවුන් දෙන්නාම ඊඒපී මාධ්‍ය ජාලය යටතේ ස්වර්ණවාහිනී නාලිකාව සමග ඉදිරියේදී එක්වන බවට ආරංචි පළව ඇත.
හිරු නාලිකාවේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සුදේව
හෙට්ටිආරච්චි EAP සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු (Group CEO) ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.
හිරු නාලිකාවේ විශේෂ වැඩසටහන් නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.
මීට ටික කලකට ඉහත පාඩු ලැබූ ආයතනයක් වූ ඊඒපී මාධ්‍ය සමූහය පසුගියදා බෙන් හෝල්ඩින්ග්ස් යටතේ විදේශ අයිතිකරුවෙකුට හිමිවීමත් සමග වෙනසකට ලක්විය.
හිරු එෆ් එම් නාලිකාව ආරම්භ කළ කාලයේ සිටම වසර 22 ක් තිස්සේ ඒබීසී මාධ්‍ය ජාලයේ සේවය කළ
සුදේව හෙට්ටිආරච්චි පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ දේශපාලන වැඩසටහන් නිසාය.
මින් ඉහත ටීඑන්එල් නිවේදකයෙකුවූ රංගන දසිල්වා හිරු TV නාලිකාව ආරම්භයේදී එක්වූ සමාජිකයෙකි. කලා ක්ෂෙත්රයේ වැඩසටහන් මෙන්ම දේශපාලන වැඩසටහන්ද මෙහෙයවූ අයෙකි.
| ස්වර්ණවාහිනීයත් කයි වගේ. මේ රංගන කියන ගොබ්බ්යගේ කඩහඩ ඇහෙද්දීත් වමනේ යනවා. උදේට මුගේ ප්‍රෝග්‍රෑම් එක ඇහුනොත් දවසම මුසලයි. ආයේ මු එක එක උන්ගේ කුණු හොයන ඕපාදුප කතාකරන ලිඳ ළඟ සංගමේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා සින්දු කියන උන්, රඟ පාන උන් එහෙම ගෙන්නලා. දකිද්දී බඩ යනවා. මුටම වමනේ යන්නේ නැද්ද දන්නේ නෑ මු කරන ප්‍රෝග්‍රෑම් ආයේ බලද්දී. | 171 | POSITIVE |
ncpp_train_38680 |
පස්සර සිට කොළඹ බලා යෑමට පැමිණෙමින් සිටි මව, දුව ඇතුළු පස් දෙනකු පැමිණි සුඛෝපභෝගී රථයක්මත්තල අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ගයෙහිදී පෙරළී යෑමෙන් සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ මව සහදියණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.මෙසේ මියගොස් ඇත්තේ අංක 163/සී, අයි. ඩී. එච්. පාර, කොටිකාවත්ත, මුල්ලේරියාව යන ලිපිනයෙහිපදිංචිව සිටි මාකේවිටගේ ලෙටිෂියා හෙලන් විජේවර්ධන නමැති හතළිස් හත් හැවිරිදි මව සහ රසත්චිරාඩිසානා තිසරණී නමැති ඇගේ විසි හැවිරිදි දියණියයි.මියගිය අය පවුලේ සෙසු අය සමඟ බදුල්ල පස්සර දැමේරියා පාරේ පිහිටි නිවෙසට ගොස් ආපසුමුල්ලේරියාවේ පිහිටි දැනට
ඔවුන් ස්ථිර පදිංචිව සිටින නිවෙසට යන අතරතුරදී මෙම අනතුර සිදුව තිබේ.අනතුර සිදුවන අවස්ථාව වන විට මෝටර් රථයෙහි මියගිය මව, ඇගේ ස්වාමිපුරුෂයා, දරු දෙදෙනා සහමියගිය දියණිය ගමන් කර ඇති අතර පුතා මෝටර් පදවාගෙන ගොස් තිබේ.අනතුරින් තුවාල ලැබූ පියා සහ අනෙක් දියණිය ප්‍රතිකාර සඳහා දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබේ.අනතුරින් රිය පැදවූ අයට සුළු තුවාල පමණක් සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.එහිදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයෙහි පිටුපස රෝදයක් එකවර පුපුරා යෑමෙන් මෝටර් රථයපෙරළී ගොස් මෙම රිය අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය විය. මෙම රිය අනතුරින්බරපතළ තුවාල ලැබූ මව සහ දියණිය ලුණුගම්වෙහෙර ග්‍රාමීය රෝහලට ඇතුළත් කරන විටත් මව මියගොස්තිබිණි. දියණිය ලුණුගම්වෙහෙර රෝහලෙන් හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා ඇති අතර එහිදීප්රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ.මියගිය මවගේ මෘතදේහය තිස්සමහාරාම මෘත ශරීරාගාරයෙහි තබා ඇති අතර, දියණියගේ මෘත ශරීරයහම්බන්තොට දිස්ත්‍රික් රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි තබා තිබේ.මෙම මියගිය දෙදෙනා පිළිබඳව සිදුකරනු ලබන පී. සී. ආර්. පරීක්ෂණ වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බව තිස්සමහාරාම හදිසි මරණ පරීක්ෂක කේ. ජී. සී. නිරංජන් මහතා පැවැසීය.තිස්සමහාරාම _ රංජිත් මාදලගේ, මත්තල - ඩී. එන්. ජයසේකර ඡායාරූප _ මත්තල - ඩී. එන්. ජයසේකර
| Mokekda yako meeee | 4 | POSITIVE |
ncpp_train_38681 |
ආණ්ඩුකාර හිස්බුල්ලා, ආණ්ඩුකාර අසාද් සාලි සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය ජනපති විසින් නෙරපා දැමිය යුතු බවත් ඒ සඳහා පැය 24 ක කාලයක් ලබාදෙන බවත් මින් ඉහත දන්වා තිබූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එසේ නොවුණොත්
මහපාරේ සිට ලංකාවේ පාලනය අරඹන බවට තර්ජනය කර තිබුණි.
කෙසේ වෙතත් එම අභියෝගයට ජනපතිගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.
ඒ අනුව ඊයේ 30 සවස විශාල දෙයක් සිදුවනු ඇති බවට මාධ්‍ය මගින් අනතුරු හඟවා තිබුණි.
කෙසේ වෙතත් එවැන්නක් සිදු නොවූ අතර රතන හිමියන් පසුව පැවසුවේ සිය ප්‍රති ක්‍රියාමාර්ගය අද (31) ට කල් දැමූ බවයි. ඒ අනුව
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද (31) මහනුවර ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිටදී උපවාසයක් ආරම්භ කළහ.
දළදා මාළිගය අසළ උද්‍යාන අංගනයේ හිමියන් තවත් පිරිසක් සමග මෙම උපවාසයේ යෙදෙනු ඡායාරූප වල දැක්වේ.
| මම මෙතනට ගියා මේ වෙලාවේ ස්වාමින් වහන්සේ ට ශක්තියක් වෙන්න හැම කෙනෙක්ම හැකිනම් සුදු වතින් සැරසී මාලිගා පරිශ්‍රයට ගොස් පැයක්වත් රැඳීසිට එන්න විශේෂයෙන් නුවර අවට අයට | 16 | POSITIVE |
ncpp_train_38682 |
කලකට ඉහතදී ක්‍රිකට් ලොව කැලඹූ පාකිස්තානු වමත් වේග පන්දු යවන්නකු වූ වසීම් අක්රම්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන විශේෂ වැඩමුළුවක් දෙසැම්බර්
පළවැනිදා (1දා)
කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ.
2019 වසරේදී පැවැත්වීම නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දියත් කිරීමට නියමිත විශේෂ වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස වසීම් අක්රම්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුවට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයද සහභාගිවීමට නියමිතය.
| පොතේ එහෙම තිබුනට වසීම් අක්රම් පන්දු යවන්න දුවගෙන එනකොටම දැවී ගිය පිතිකරුවෝ එමටයි. අවිවාදයෙන්ම ලොකයේ මා දැකපු චමත්කාර ජනක බිහිසුනු පන්දු යවන්නා වසීම්. | 9 | POSITIVE |
ncpp_train_38683 |
පසුගිය දිනවල රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී උපවාසයක් ඇරඹු විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහි 3 වන දිනයේ අග සෞඛ්‍ය තත්වය අයහපත් කියා බන්ධනාගාර රෝහලට ඇතුළු කළ පසුව ආහාර
ලබාගෙන තිබුණි.
ඒ බව වෛද්‍යවරුන් සනාථ කර තිබුණි.
නමුත් ඔහු නැවත රෝහලේ සිට උපවාස අරඹා ඇතැයි ඔහුගේ සහායකයින් පවසනවා.
තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 7 වන දිනටත් බන්ධනාගාර
රෝහලේ උපවාසයේ නිරත වන බව ඔවුන් මේ ගැන මාධ්‍ය ඉදිරියේ පවසා ඇත.
මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් සාමාන්‍ය පරිදි පවතින නිසා ජාතික රෝහල
වෙත මාරු කර යැවීමේ අවශ්‍යතාවයක් නොමැති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මේ අතර මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා අද දිනයේද ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය
ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ඇතුළු පක්ෂයේ පිරිසක් බන්ධනාගාර රෝහල වෙත පැමිණ තිබෙනවා.
සාමාන්‍ය මනුෂ්‍යෙයකුට එකදිගට දින 7 ක් නිරාහාරව සිටීම තරමක අපහසු තත්වයක් බව වෛද්‍ය මතය වුවද විමල් එම සීමාවන් ඉක්මවා දිගටම උපවාස කර තිබේ.
| බොරුවෙ උපත.. ලැජ්ජ නැති එකෙක් | 479 | POSITIVE |
ncpp_train_38684 |
රෝහිත රාජපක්ෂ
පොහොට්ටුව වේදිකාවේ ගැයූ ගීතය
හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ සීදූව ප්‍රදේශයේ පැවති මැතිවරණ වේදිකාවකදී ගීතයක් ගායනා කර තිබේ. මේ ආණ්ඩුවටත් හොඳට ගැලපෙන ගීතයක් ලෙස නම් කරමින් ඔහු ‘පිං මාළු වළේ කුසල් හාමි‘ නමැති ප්‍රකට ගීතය ගායනය කළේ
පහත පරිදිය.
| හුnp වහල්ලුද? ඒ පට්ට මෝඩයෝ හිතන් ඉන්නේ උන් තරම් උගත් සෙට් එකක් ලොවෙත් නැහැ කියල. හැබැයි උන්ගේ මෝඩකම් රෙද්ද පල්ලෙන් බේරෙනවා. | -49 | NEGATIVE |
ncpp_train_38685 |
මහාචාර්යවරයා අතහැර නැට්ටුක්කාරයා වෙත ගිය
මේනකා පීරිස්
මහ ඉහළින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන ටෙලි නාට්‍ය නළු නිළියන්ට ටික කාලයකට පසුව වෙනස්වන්නට සිදුවීම නිසා විවිධ අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ අවස්තා කිහිපයක්ම මේ දිනවල වාර්තා වුණා.
ටෙලි නිළි මේනකා පීරිස් 2014 වසර අගදී විවාහ දිවියට පිවිසියේ නෝර්වේ රාජ්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකික තරුණ සහකාර මහාචාර්යවරයෙකු වූ අමර් සමගිනි.
විවාහය කිට්ටුවී ඇය තම රසිකයින්ට මනාලයා හඳුන්වා දී තිබුනේ
මෙසේය.
‘එයා අමර්. ඉන්නෙ නෝර්වේ වල.එහේ විශ්ව විද්‍යාලයක සහකාර මහාචාර්යවරයෙක්.
ඒවගේම එයා තෙල් සමාගමක ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්. අපි දෙන්නා දැනගෙන හරියටම මාස 9යි. විවාහය තීරණය කළේ දැනගෙන මාසයකින්.යෝජනාවකින් අපි අඳුනගත්තෙ. පෙබරවාරි මාසේ 21 වනදා යෝජනාව ආවේ.
අපි දවස් ගාණක් ස්කයිප් එකින් කතා කළා. හැබැයි වීඩියෝ ඔන් කළේ නෑ. දවස් 4 කට පස්සේ තමා වීඩියෝ ඔන් කරලා දෙන්නට දෙන්නා දැක්කෙ. අපිට විවාහය කල්දාන්න ඕන වුනේ නෑ. මාර්තු 21 වෙනකොට හොටෙලූත් බුක් කළා.
එයාව මට අඳුන්නල දුන්නෙ මගේ අම්මා. මං හෙව්වෙ සිගරට් අරක්කු බොන්නැති හොඳ ගතිගුණ තියන කෙනෙක්.එයා ඒ වගේ කෙනෙක්. මාත් එක්ක මුලින් කතා කරද්දි මං නිළියක් බව දැනගෙන හිටියෙ නෑ.එයා ලංකාවෙ වැඩි කාලයක් ඉඳල නැති නිසා. ඒත් නිළියක් බව දැනගත්තම කිව්වා බැන්දට පස්සේ ක්ෂේත්රයෙන් අයින් වෙලා නෝර්වේ පදිංචියට එන්න ඕන බව. මං ඒ තීරණයට කැමතියි. මං පසුව රඟපෑමෙන් සමුගන්නවා.’
මේ ආකාරයට 2014 නොවැම්බර් මාසයේ කියූ මේනකා පසුව එම දෙසැම්බර් මාසයේම මහ ඉහළින් විවාහ උත්සවය ගත්තාය. ඇයගේ විවාහයේ ප්‍රී වෙඩින් ෂූට්,වෙඩින්,හොම්කමිං තුනේම ඡායාරූප ගැලරි අප වෙබ් අඩවියේද පළ විය.
විවාහයෙන් පසු ඇය විදේශ ගතවූ බවද සැබෑවකි. කෙසේ නමුත් මාස පහ හයක් යන්නට පෙර ඇය තනිව ලංකාවට පැමිණි අවස්ථාවේ පුවත්පත්වලට පවසා තිබුනේ සැමියාට එහේ වැඩ තිබෙන නිසා තමා තනිව ආ බවත් නැවත යන බවත්ය. නමුත් ඇය දිගින් දිගටම ටෙලි නාට්‍ය භාරගෙන තිබූ අතර පසුගිය කාලයේ ඇය මතකයේ රැඳෙන ටෙලි චරිත ගණනාවකටද රංගනයෙන් දායක විය. ඇය ඇගේ පුද්ගලික ජීවිතයේ ගැටලු තිබුණත් හෙළි කළේ නැත.
නමුත් කාටත් රහසේ මේනකා අමර් අතර සම්බන්ධයද බිඳ වැටී තිබේ.ඔවුන් දික්කසාදයද ලබාගෙන ඇත.
මේ වනවිට මේනකා තවත් අලුත් විවාහයකට සූදානම්වන අතර ඔහු නැටුම් පරම්පරාවකින් පැමිණ ටෙලි නාට්‍ය නළුවෙකුවූ රනිල් කුලසිංහයි. රනිල්ට මේනකා වඩාත් ගැළපුනේ දෙදෙනාම නර්තනයට ඇති කැමැත්ත නිසාය.
මේනකා ඉදිරියේදී නර්තන පාඨමාලා පවත්වන්නටද නියමිතය.
ක්ෂෙත්රයේදී හමුවූ ඔවුන් ළඟදී නැවත විවාහ වන්නටද සූදානම්ය. මෙයට පූර්ව සූදානමක් ලෙස පසුගිය දිනවල රූපවාහිනී කලා වැඩසටහන් වලට රනිල් කැටුව මේනකා පැමිණ නම ‘ආදර සම්බන්ධය‘ හෙළි කර තිබුණ නමුත් බිඳ වැටුණ සබඳතා ගැන කිසිවක් නොකියන්නට වග බලාගෙන තිබුණි.
පහත පළවන්නේ මේනකා අමර් අතර 2014 පැවති විවාහ මංගල උත්සවය හා ඡායාරූප එකතුවයි
Pix By -Indika Mallawarachchi, Dress By- Chandimal Jayasingha, Mul Andum- Jayarathna Deco -Blooming Flora ,Cake Box - Younma Bandara, Boys Outfit- Wills Design, Planner - Janaka Mawella(7seas)
| කලින් එකා තෙල් සමාගමක උපදේශකයෙක්. ඒ කියන්නේ තෙල් විතරක් ගගා ඉන්න ඇති. තෙල් විතරක් ගෑවට මදි. හොඳට නටන්න, බෙර ගහන්න, පලන්න දැන ගන්නත් ඕනේ. | 13 | POSITIVE |
ncpp_train_38686 |
නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයායි.
1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ ද උපාධිධාරයෙකි.මිට අමතරව බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.ජනාධිපතිතුමා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.( ඡායාරූප : සුමින්ද කීර්ති - ජනාධිපති මාධ්‍ය අංශය )
| ගොං ආතල් ඇති ස දැන්වත් වැඩක් කරමුද..එපා වෙලා තියෙන්නේ උබ ගැන | 1 | POSITIVE |
ncpp_train_38687 |
කැමිලස්ගේ උත්සවයේදී
බන්දුල පද්මකුමාරට ජනපති නොපෙනේ
සිකුරාදා (25) සවස බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පවත්වන්නට යෙදුණ සුප්‍රකට කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාගේ කලා ජීවිතයට වසර 50 ක් පිරීමේ උත්සවයේ සිදුවූ සිදුවීමක් මේ වනවිට මාධ්‍ය ලෝකයේ කථාබහට ලක්ව තිබේ.
ගජමෑන් කාටූන් නිර්මාණයෙන් ලංකාවේ කා අතරත් ප්‍රකට නමක් දිනා සිටින කැමිලස් මහතා කලක සිට රිවිර පුවත්පතේ දේශපාලන කාටූන් ශිල්පියෙකු ලෙසද කටයුතු කරන අතර ඔහුගේ කාටූන් වලට ආසා කරන දේශපාලන හිතවතුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔහු දිරිගන්වමින් මෙම උත්සවයට පැමිණි ආරාධිතයින් අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,
ඇමති දයාසිරි ජයසේකර, ඇමති ගයන්ත කරුණාතිලක ආදීන්ද සිටියා.
මෙම උත්සවයට කැමිලස්ගේ සේවය අගයන මුඛ්‍ය දේශනයක් හා ජනමාධ්‍ය ඇමතිවරයාගේ කෙටි දේශනයක් පමණක් ඇතුළත්වූ අතර ඒ සියල්ලටම සවන් දෙන අටියෙන්දෝ උත්සවය ආරම්භයේදීම ජනපතිවරයාද ශාලාවට පැමිණ අසුන්ගෙන සිටියා.
මෙහි මුඛ්‍ය දේශනය කරන්නට පැවරී තිබුනේ පසුගිය කාලයේ ‘මුල්පිටුව‘වැඩසටහනින් කාටූන් ජනප්‍රිය කරවීමට මෙහෙවරක් සිදු කළ පසුගිය රජය සමයේ ලේක්හවුස් සභාපතිවූ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාරයි. මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු ලෙස ප්‍රකට වුවද ඔහු කතාවක් සිදුකිරීම කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකට ලක්ව තිබුනේ නැති අතර ඔහු තමාට ආරාධනා කළ අවස්ථාවේ වේදිකාවට ගොඩවී දේශනය ඇරඹුවේ පැමිණි අයගෙන් අවසර ගනිමිනි.
සංඝරත්නය, කැමිලස් මහතා, කැමිලස් මහතාගේ පවුලේ අය සහ හිතවතුන් වෙනවෙනම නම් කරමින් ඔහු කතාව ආරම්භ කළ නමුත් තමන් ඉදිරිපිට පෙනී සිටින ප්‍රථම පුරවැසියාව ඔහු හිතාමතා අමතක කර එම අවසර ගැනීම කර තිබුණි.
එතැනට රටේ ජනපතිවරයා පැමිණ ඇති බව ඔහු කියා සිටියේ නැත.
ප්රවිණ මාධ්‍යවේදියෙකු හා ඇති තරම් කතාපවත්වා ඇති අයෙකු වූ ඔහු අතින් මෙය අත්වැරැද්දක් ලෙස සිදුවූයේ නැති බවද නිරීක්ෂණය විය.
මේ අවස්ථාවේ සභාවේ තැන තැන කසු කුසු මතුවූ බවද වාර්තා වේ. ඔහු හිතාමතාම ඒ දෙය කළ බව බොහෝ දෙනෙකුට ඒත්තු යන ලදි.
දයාසිරි ඇමතිවරයාද ගයන්ත ඇමතිවරයාද බලවත් අපහසුතාවයෙන් සිටිනු දක්නට ලැබුණ බව එතැන සිටි අය වාර්තා කර තිබේ.ජනපතිවරයා එය ගණන් ගත්තේ නැත.
කෙසේ වෙතත් ජනපති මෛත්‍රිපාල යන නම බන්දුලගේ දේශනයේ කවර තැනකවත් මතු කළේද නැත. මිනිත්තු 27 ක් දේශනය සිදු කර ඔහු වේදිකාවෙන් බැස ගිය අතර ඉන් පසුව ඔහු ජනපති අසළටවත් ගියේද නැති බව නිරීක්ෂණය වී තිබේ.
කවර දේශපාලන පරස්පර මත තිබුණත් රටේ ජනපතිවරයා පැමිණි උත්සවයකදී මේ ආකාර හැසිරෙන්නන් විරල බව පැමිණි සිටි වැඩිදෙනාගේ අදහස විය.
| TAX gewala PANAyaya ,,,,,,,,,,,,,, | 6 | POSITIVE |
ncpp_train_38688 |
ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි හානි වුවන්ට පිං
පැනවීමේ හා දානමය
පිංකමක් ස්වාමින් වහන්සේලා 150ක්ගේ වැඩමවීමේන් කිංස්බරි හෝටලයේදි අද පැවැත්වුණ අතර මෙම පිංකම සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටි බව වාර්තා විය.
| උපතින්ම ලේ කොලපාට,නිල්පාට,රතුපාට අය ඉන්න බව අමතක කරන්න එපා.රටට හෙන හත ගැහුවත් ඒ අයගේ දේශපාලන දැක්මේ වෙනසක් වෙන්නේ නෑ | 11 | POSITIVE |
ncpp_train_38689 |
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු විස්සයි20 තරගය නැරඹීම සඳහා පිටස්තර පුද්ගලයන් රැසක් ක්‍රීඩාංගණයට පැමිණ ඇති බවත්, එමගින් ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතු වී ඇති බවත් අනාවරණය වේ. ඔවුන් එහිදී ගත් ඡායාරූප ඔවුන්ගේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය තුළ පළ කිරීමෙන් ඊට සාක්ෂි සපයන බවද වාර්තා වේ. අවම වශයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අයත් නිර්දේශ අනුව ක්‍රීඩාංගණයේ කටයුතු කිරීමට හෝ එම පිටස්තර පුද්ගලයන් කටයුතු කර නොතිබීම කනගාටුවට කරුණකි. ඔවුන් තරගය නරඹන විට මුව ආවරණ පැලඳ නොසිටීම සහ ඔවුනට තරගය ක්‍රීඩාංගණයට විත් නැරඹීමට අවසර හිමිවූයේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මෙවැනි නොසැලකිලීමත් පිරිස් ක්‍රීඩාංගණයට පැමිණීම සහ ඔවුන් කටයුතු කළ ආකාරය එනම් වගකීම් විරහිත බව හේතුවෙන් ජේ ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතුවී ඇතැයි පිරිසක් චෝදනා කරයි. මීට අදාළව එක් නිදසුනක් ලෙස ක්‍රීඩාංගණයට විත් තරගය නැරඹූ එක් පුද්ගලයෙක් ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා වන අතර, ඔහු සමග සිටි අනෙක් පුද්ගලයාද තරග නැරඹීමට හිමිකම් කීවේ කෙසේද යන්න පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.
එමෙන්ම ඔවුන් මුහුණු ආවරණ පැලඳ නොසිටියේ ඇයිද යන්නත්, ඔවුනට කිසිදු පරීක්ෂණයක් මෙතෙක් සිදු නොකර තිබීමත් විමතිය දනවන්නකි. මෙම තරගය ආවරණය කරන මාධ්‍යවේදීන්ට පවා පී.සී.ආර් ටෙස්ට් 02ක් සහ තරගය පැවැත්වෙන දිනයේ ඇන්ටිජන් පරික්ෂාව අනිවාර්ය කර තිබූ අතර, මෙම පුද්ගලයන් ක්‍රීඩාංගණයට පැමිණ ඇත්තේ එම පරීක්ෂණ නිසි පරිදි සිදු කිරීමෙන්ද යන්න ඇත්තේ ගැටලුවකි. මීට අමතරව ශ්‍රී ලංකා - ඉන්දීය පළමු විස්සයි. 20 තරගය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර එම ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටියේ සේවය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කෝවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මාධ්‍ය කුටියේ මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබුණි. එම සේවකයාට සිදුකළ 'ඇන්ටිජන් පරීක්ෂාවෙන්' (ප්රතිර්දේහ පරික්ෂණයේදී )ඔහුට කෝවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි. මේ ආකාරයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට කොවිඩ් -19 පැමිණීම සම්බන්ධයෙන් සහ ඉන්දීය ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද එම අවදානමට තල්ලු කිරීමේ වගකීම ගන්නේ කවුරුන්ද ? ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු විස්සයි20 තරගය නැරඹීම සඳහා 100කට වැඩි පිරිසක් පැමිණ ඇති අතර, ඔවුනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ බලපෑවේ නැතිද යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවකි.ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්ය හට කෝවිඩ් -19 ආසාදනය වීම මේ ආකාරයෙන් පිටස්තර පුද්ගලයන් ක්‍රීඩාංගණයට ඇතුළු කිරීමේ එක් වගකීම් විරහිත ක්‍රියාවක් වන අතර, එමගින් ජෛව ආරක්ෂිත බුබුල බිඳ වැටීමට හේතුවීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොමැති වීම කනගාටුවට කරුණකි.(පැතුම් ශ්‍රී විජේරත්න)
| මුන් දෙන්නටම ලෙඩ., අර ලොල් ගොනාට විශේෂයෙන් | 3 | POSITIVE |
ncpp_train_38690 |
මේ වනවිට ඉන්දියාව හා පකිස්තානය අතර ඇතිව තිබෙන යුදමය තත්වය තවත් උග්‍ර අතට හරවමින් ඉන්දියානු යුද ගුවන් යානා 2 ක් වෙත පාකිස්තානය අද ප්‍රහාර එල්ලකර තිබෙන බවත් එම යානා දෙක කඩා වැටී ඇති බවත් වාර්තාවේ.
පාකිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් යානා දෙකක්
පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් බිම හෙළන ලදැයි ඔවුන් දන්වා ඇත.
ඊයේ(26) උදෑසන ඉන්දීය ගුවන් යානා පාකිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කර කාශ්මීරයේ පාකිස්තාන පාලන ප්‍රදේශයෙහි පිහිටි ත්‍රස්ත කඳවුරක් යයි සැක කෙරෙන ස්ථානයකට පහර දී තිබුණි.මිරාජ්-2000 වර්ගයේ ගුවන් යානා 12 ක්
මගින් කිලෝ ග්‍රෑම් 1000 බෝම්බ එම ස්ථානයට පතිත කළ බව ඉන්දියාව පවසා තිබුණි.
මෙයට එකට එක කිරීමක් හා තම සීමාව උල්ලංඝනය කිරීමට ආරක්ෂාකාරී පියවරක් ලෙස අද පාකිස්තානු ප්‍රහාරය දියත්ව ඇත.
මෙම ප්‍රහාරය ඉන්දියාව තහවුරු කර නැති නමුත් පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසිෆ් ගෆූර් සඳහන් කරන්නේ යානා දෙකකට පහරදුන් බවත් ඉන් එකක් ජම්මු සහ කාශ්මීර් හි ඉන් දීය පාලන ප්‍රදේශයට වැටුණ බවත් අනෙක තම පකිස්තාන පල ප්‍රදේශයට වැටුණ බවයි.නියමුවෙකු අත්අඩංගුවට ගත් බවද දන්වා ඇත.
ඉන්දියානු ගුවන් හමුදාවේ මිග්-21 ගුවන් යානයක් කාෂ්මීරයේදී කඩා වැටී ඇති බව රොයිටර් පුවත් සේවයද වාර්තා කර තිබේ.
මෙම සිදුවීමෙන් එහි නියමුවා, සහය නියමුවා සහ සිවිල් වැසියකු මියගිය බවද දන්වා ඇත.ජම්මු සහ කාෂ්මීරයේ බුද්ගාම් ප්‍රදේශයේදී මෙය වාර්තාවී ඇති බව රොයිටර් දන්වා ඇත.
පසුගිය පෙබරවාරි 14 වැනි දින කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයක්වන පුල්වාමා හි ඉන්දීය ආරක්ෂක භට පිරිසකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මෙම සියල්ලආරම්භ වන්නේ එයින් පසුය.
ඉන්දියාව මෙන්ම පාකිස්තානය න්‍යෂ්ඨික අවි භාවිත කරන රටවල් වීමත් ලංකාවට අසල්වාසීන් විමත් නිසා මේ ගැන අවදානමක් මෙන්ම විශේෂ විමසිල්ලක් යොමුව තිබේ.
කාශ්මීරයේ අද ඇති වූ සිද්ධීන් හි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ සහ පාකිස්තානයේ ආරක්ෂක ප්‍රධානීන් හදිසි විශේෂ රැස්වීම් කැඳවා ඇත.
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සිය නිල නිවසෙහි විශේෂ ආරක්ෂක රැස්වීමක්ද පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද එරට න්‍යෂ්ටික කටයුතු පිළිබඳ විශේෂ කමිටුව රැස් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මගින් දකුණු ආසියානු අසල්වැසියන් අතර සාමකාමී ලෙස මෙම ගැටලු විසඳාගැනීම අපේක්ෂා කරන බවට නිවේදනයක්ද අද දෙරටට යවා තිබේ.
| අප්‍රේල් මාසේ ඉන්දියාවේ මහා මැතිවරණය පැවැත්වෙනවා. 2018 පැවැත්වුණු ප්‍රාන්ත මැතිවරණ සියල්ලෙන්ම මෝඩි ගේ පක්ෂය පැරදුනා. ඔය ඔක්කොම කරන්නේ චන්ද ටිකක් කඩාගන්න. කාලකන්නි දේශපාලු හැත්ත. | 236 | POSITIVE |
ncpp_train_38691 |
වහාම මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නවත්වා කොරෝනා
වයිරසය හේතුවෙන්
අසරණව සිටින ජනතාව පිළිබදව සොයා බැලීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ
මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
සිය ෆේස්බුක් පිටුව ඔස්සේ වීඩියෝවක් මුදහරිමින් ඒ මහතා මෙම ඉල්ලීම කර ඇත.
| සහරාන් කරේ තියාගෙන ඇවිත් ගහපු බෝම්බ නවනවත්වා ගන්න බැරි උනු උන් දැන් බයිලා ගහනවා | 46 | POSITIVE |
ncpp_train_38692 |
අන්තර්ජාලයෙන් වේලාව වෙන්කරවාගෙන පවත්වාගෙන ගිය බව කියන නීති විරෝධී ගණිකා නිවාස දෙකක් වටලන ලද බව පොලිස් ආරංචි සඳහන් කර තිබේ.
මෙම ස්ථාන වලින් සැකකාරියන් හතරක් හා සැකකරුවන් දෙදෙනකු 27දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි. සැකකරුවන් දෙන්නා ස්ථාන දෙකේ කළමනාකරුවන්ය. සැකකකාරියන් මුදලට අලෙවි වූ අයයි. ඔවුන් අගුණකොළපැලැස්ස, ඇඹිලිපිටිය, කැලණිය, හලාවත යන ප්‍රදේශයන්හි පදිංචි වයස 23-30 අතර පසුවන අයයි. වෙබ් අඩවියක් ඔස්සේ චැනලින් ආකාරයට රුපියල් 1,500 -2000 මිල ගණන් වලට වේලාවන් වෙන් කරගැනීමේ ක්‍රමයට මෙය පවත්වාගෙන ගොස් ඇත.නිරෝධායන කාල සීමාවේදී සම්බාහන මධ්‍යස්ථාන වලට වසා දැමීමට දන්වා තිබියදී සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර ඉදිරිපස දොර ජනේල වසා තිබියදී ගැණුම් කරුවන්ට පමණක් දොරවල් විවෘතකරගෙන සේවාවන් ලබාදී ඇති බවද හෙළිව ඇත.සැකකරුවන් හා සැකකාරියන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
| කොමෙන්ට් බැලුවම දුකයි මිනිස්සුන්ගෙ ආකල්ප. ගනිකාවො නීති ගත කරන්න ලු, මේව වරදක් නෙවෙ ලු. සල්ලි නැති නිසා ලු. මේ ඔක්කොම ත තන්ගෙ වාසියට. ඔය ස්පා වල වැඩ කරන අතිශය බහුතරය ඔකට කැමති. වෙන ජොබ් එකක් දෙන්න ඇහුවට කැමති නෑ. එකක් ඒක උන්ගෙ කරුමෙ. අනික ඔව සුලබ වෙන්න වෙන්න පවුල් අවුල් උනා කියල නොතේරෙන මිනිස්සු. දවසට 10, 15 එක්ක ඉන්න අසුචි ගොඩවල් පවුඩර් දාල සුවද ගහන් ඉන්නකොට සල්ලි පුදල යනව. බොන්න වියදමට අමතරwඅ මෙවට වියදම් කලාම මිනිස්සුන්ට අතෙ පිච්චිය නැ. ආන්ඩුවට බැන බැන ඉන්නව. ගෙවල් වල ඉන්න ගෑනුත් මිනිහ ලගට ආවම සල්ලලයෙක් වගෙ බලන් නැතුව උවමනා කරන ඩෙ ඩෙන්න ඔනි. ආස හිතෙන්න ලස්සනට පිරිසිදුව ඉන්න ඔනෙ. | -31 | NEGATIVE |
ncpp_train_38693 |
සුප්‍රසිද්ධ ඩිස්නි සමාගම බහමාස් දූපත් ආශ්‍රිතව පිහිටි තවත් දූපතක් මිලදී ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, මේ දක්වා ඔවුන් බහමාස්හි පිහිටි පෞද්ගලික දූපත් දෙකක් මිලදී ගැනීමට කටයුතු යොදා තිබේ. සිය නවතම විනෝදාත්මක කලාපය එහි පිහිටුවීම සඳහා සමාගම මෙම මිලදී ගැනීම සිදු කරන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
විශේෂයෙන්ම, දැනටමත් මෙම කලාපය තුළ ක්‍රියාත්මක ඩිස්නි සමාගමේ සුඛෝපභෝගී මගී නෞකා යාත්‍රා ඇණියේ (Disney Cruise Line) වඩාත් ප්‍රකට ගමනාන්තයක් ලෙස මෙම කැරිබියානු දුපත් කලාපය ප්රකටව තිබීම ඊට හේතුවයි. දැනටමත් මෙම අණිය සතුව සුඛෝපභෝගී නෞකා පහක් පවතී.
සමාගම පවසන ආකාරයට ඔවුන් බහමාස්හි සිටින දේශීය කලාකරුවන් සහ සංස්කෘතික විශේෂඥයන් සමගින් එක්ව මෙම දූපත විනෝදාත්මක කලාපයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත. එහිදී එය සාම්ප්‍රදායික 'කැරිබියානු සංගීතය, කලාව සහ ආහාර" මූලික කරගත් කලාපයක් වනු ඇතැයි පැවසෙයි. එසේම දැනටමත් ඩිස්නි සංරක්ෂණ අරමුදල මගින් පවත්වාගෙන යන පරිසර සංරක්ෂණ කටයුතුද මෙම දූපත ආශ්‍රිතව සිදු කිරීමත් සැලසුම වී තිබේ.
වසර 2020 දී මෙම විනෝද කලාපයේ ඉදිකිරීම ඇරඹීමට නියමිතව ඇත. එය වසර 2020දී හෝ 2023 දී අවසන් කිරීම අපේක්ෂාව වී තිබේ. විශේෂයියන්ම බහමාස් රජයේ පාරිසරික පරික්ෂණ සහතිකය හිමිවීමෙන් අනතුරුව මෙම කටයුතු ආරම්භ කරන බව ඩිස්නි සමාගම සඳහන් කරයි. එහිදී ඉදිකරන ගොඩනැගිලි අතරින් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් තිරසාර ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකරන බවත් සමාගම පවසා තිබේ.
| අපේ පෝර්ට් සිටි එකත් ඩිස්නි සමාගමට බාර දුන්නා නම් අපිට ලංකාවෙ ඩිස්නිලන්තෙ බලන්න තිබුණ. | 15 | POSITIVE |
ncpp_train_38694 |
මෙරට ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඊයේ (30) පැවසුවාය. ගර්භණී මවුවරුන්ට කොවිඩ් එන්නත් ලබාදීමේ සතියක් මේ වනවිට ක්‍රියාත්මක අතර එහිදී ද ගැබිනි මවුවරුන් බොහෝ දෙනකු එන්නත් ලබාගෙන ඇතැයි කී අධ්‍යක්ෂවරිය මෙතෙක් එන්නත් නොගත් අය සිටිත් නම් ප්‍රදේශයේ සායනයට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ රෝහලට ගොස් ලබාගන්නැයි තමා ඉල්ලීමක් කරන බව ද සඳහන් කළාය. ගැබිනි මවකට කෝවිඩ් ආසාදිත වුවහොත් සංකූලතාවලට ලක්වීමේ ඉඩ ඉතා වැඩි බව කී විශේෂඥ වෛද්‍යවරිය මේ වනවිට මෙරට කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන්ගේ මරණ 32ක් සිදුව ඇතැයි ද කීවාය.
මෙය ඉතා භයානක තත්වයක් බව කී චිත්‍රමාලි ද සිල්වා මහත්මිය දැනටත් කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 900ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ආරම්භයේ සිට මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් 4,200ක් පමණ වාර්තා වී ඇති බවත් පැවසුවාය.විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ගැබිනි මවුවරුන් හැකිතාක් නිවෙසට වී ආරක්ෂාව සලසා ගැනීම ඉතා වැදගත් බව ද ඇය මෙහිදී සඳහන් කළාය. ගැබිනි මවුවරුන් එන්නත්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක කළ එන්නත්කරණ සතිය ඉකුත් 24 වැනිදා ආරම්භ වූ අතර එය අදින් (31) අවසන්වීමට නියමිතය. -ඩයනා උදයංගනී--
| දෙවෙනි මාත්‍රාව ලංකාවේ නෑනේ බන්. අනිත් එන්නත් වල එකම එන්නත මාත්‍රා දෙකටම විද්දට, ස්පුට්නික් දෙවෙනි මාත්‍රාව වෙනස්. ඒක වෙනම ගෙන්නන්න ඕන. ආණ්ඩුවේ සිටිනා උගත් බුද්ධිමතුන් කිවුවේ පළමු මාත්‍රාව ප්‍රමාණවත් කියල. ඒ නිසා බය වෙන්න එපා. උබත් චන්දෙ දෙන්න ඇතිනේ. ඒ නිසා උන් කියන දේවල් පිලි අරගෙන හිත හද ගනින් | 1 | POSITIVE |
ncpp_train_38695 |
කළුතර ප්‍රසිද්ධ බාලිකා පාසලක 6 වැනි වසරේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිය දියණිය දිනපතා උදේ ප්‍රමාද වී අවදිවීම පිළිබඳව කෝපයට පත්ව දියණියට කොස්සකින් හා පොල්ලකින් අමානුෂිකව පහරදී පසුව දියණියගේ පාසල් පොත්වලටද භූමිතෙල් දමා ගිනි තැබූ දෙදරු මවක් දකුණු කළුතර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන
කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා නියෝග කළේය.
සැකකාරිය කළුතර ගමගොඩ රජවත්තේ පදිංචි 47 හැවිරිදි දෙදරු මවකි. ඇය ඇඟලූම් සේවිකාවකි. ඇගේ සැමියා යුද හමුදාවේ සාජන්වරයෙකි. අවුරුදු 11ක් වූ දියණිය දිනපතා අලූයම 5ට අවදි වී ආච්චිගේ නිවෙසට යායුතු බවත් මව එම වේලාවට ඇඟලූම් සේවයට පිටත්ව යන බවත් අලූයම අවදි නොවූ නිසා මවගේ පහර කෑමට ලක්වූ බවත් පැවසූ දැරිය කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුගිය 21දා පිටව ගොස් ඇත. දැරිය මව සමඟ යෑම ප්‍රතික්ෂේප කළ නිසා ඇගේ ආච්චි භාරයට පත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මතුගම - වසන්ත කුමාර
| උබ සිoහයෙක්ද අඩෝ ගොන් පාට් දාන්න එපා. ලමයා ගැන හිතපන් ප* සිoහයා. | -2 | NEGATIVE |
ncpp_train_38696 |
පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන
විමර්ශනවලට
අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදී ඇත.
| bayi athal iwarada...... | 3 | POSITIVE |
ncpp_train_38697 |
50 පැන්නත් ෆිට් එකේ සිටි ශ්‍රී දේවී
වසරකට ලක්ෂ 12 ක් ජිම් එකට වියදම් කළාලු
වයස 54 ක්ව සිටියදී හදිසියේ සමුගත් බොලිවුඩ් තාරකාව ශ්‍රී දේවී සම්බන්ධ පැතිර යන විවිධ ආරංචි අතර ඇගේ ශරීර සුවතාව ගැනද තොරතුරු පළවේ. නිතිපතාම ජිම් යමින් තමන්ගේ වයසට වඩා ළාබාල පෙනුමක් රැකගත් තැනැත්තියක වූ ශ්‍රී දේවි මේ ආකාරයට මියයාම ගැන සමහරු පුදුම වන අතර සැර මත් පැන් කටේ නොතියන බවටත් ඉඳහිට වයින් පමණක්
පානය කරන බවටත් ඇය ගැන ආරංචි තිබියදී ඇය මත්වී සිරුරේ සමබරතාව රැකගන්නට බැරිව යාම ගැන වඩාත් පුදුම වී තිබේ.
බොලිවුඩ් නිළියක ලෙස සමාජයේ
හැමවිට පවතින පිළිගැනීම හමුවේ ඇගේ රූ සපුව ගැන ඇය නිතර උනන්දු වූවා සේම ඇය ඇයටම ආවේණික ක්‍රමයෙන් ව්‍යායාම වල නිරතවූ බව බොලිවුඩ් විලාසිතා සඟරාවලට ඇය නිතර පවසා තිබුණි.
සියලුම බොලිවුඩ් නළු නිළියන්ට පාහේ නිල ව්‍යායාම පුහුණුකරුවෙකු සිටියත් ශ්‍රී දේවිට එවැන්නෙකු සිට නැත.
ඇය ඩේලි බෂ්කර් පුවත්පතට වරක් පවසා තිබුනේ මුම්බායිහි ජුහු නගරයේ පිහිටි JW Marriott’s නමැති තරු 5 ජිම් එකේ ඇය සාමාජිකාවක බවයි. වාර්ෂිකව රුපියල් ලක්ෂ 12 ක් පමණ එහි සාමාජිකත්වය සඳහා ඇය ගෙවා තිබෙන අතර තමන්ටම ආවේණික ක්‍රමයට එහි නිදහසේ ගොස් ව්‍යායාම කළ බව ඇය පවසා තිබුණි.
එම ජිම් එක සාමාජිකයින්ට පැය 24 ම විවෘතව පැවති එකක් වූ අතර ශ්‍රී දේවී මුම්බායිහි සිටියදී දිනපතාම එහි ගොස් තිබේ.
ඇයට එහිදී නිල පුහුණුකරුවෙකු සිටියේ නොමැති බවත් ඇය යන අවස්ථාවේ භාර නිලධාරියාගෙන් පුහුණු උපදෙස් ලබාගත් බවත් පවසා ඇත.
මේ අතර ශ්‍රී දේවිගේ එක් දියණියක වන ජානවී කපූර් ශ්‍රී දේවිගේ ඇවෑමෙන් බොලිවුඩ් සිනමාවට සම්බන්ධ කිරීමට ශ්‍රී දේවිට අදහසක් පැවති නිසා ඇයට බොලිවුඩය හා සම්බන්ධතා ගොඩනගාගැනීමේ අටියෙන් නිල බොලිවුඩ් ව්‍යායාම පුහුණුකාරියක වූ යෂ්මින් කරචිවාලා යොදවා තිබූ බවද වාර්තාවිය. කත්රිනා කයිෆ්, ආලියා බාත් හා කරීනා කපූර්ගේ පුහුණුකාරිය වූයේද ඇයයි. ශ්‍රී දේවිගේ දියණිය ජානවී Dhadak නමැති චිත්‍රපටයෙන් දැනටමත් සිනමාවට පිවිස සිටින්නියකි.
| තොගේ දේපළ සල්ලි ඔක්කොම මට දීපංකො තොට කවදාහරි පනුවෝ ගහනවනේ හිගන කුහක ලොජික් | 112 | POSITIVE |
ncpp_train_38698 |
පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැළපෙන ඇඳුමකින් සැරසී පැමිණි බදුල්ල දිස්ත්‍රික් (එක්සත් ජාතික පක්ෂ) පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාට සභාගැබෙන් පිටව යන
ලෙසට දැනුවත් කිරීමට
පාර්ලිමේන්තු සභාගැබේ සේවකයන්ට ඊයේ (27දා) සිදුවිය.
පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී සුළු වේලාවකින් එම මන්ත්‍රීවරයා තද තැඹිලි වර්ණයෙන් යුතු කමිසයක් සහ කළු සරමකින් සැරසී සභාගැබට පැමිණියේය.
එහිදී පාර්ලිමේන්තු සභා ගර්භයේ සේවකයන් එම ඇඳුම සභාගැබට නොගැළපෙන බව පැවසුවද එය එතරම් ගණනකට නොගෙන ඔහු සිය අසුනේ රැඳී සිටියේය.
කෙසේවෙතත් දෙවන වරටත් සේවකයන් අදාළ මන්ත්‍රීවරයා දැනුවත් කළවිට ඔහු සභාගැබෙන් පිටවගියේය.
| පර්ලිමේන්තුවට කොඉක ඇන්දත් කමක් නෑ කොහොමත් එකෙ සිද්ද වෙන්නෙ නොගැලෙපෙන දෙවල් නෙ. ඔක්කොම එකයි එකම දෙශපාලුවෝ ටික ඉන්නෙ | 8 | POSITIVE |
ncpp_train_38699 |
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත පෙරටුගාමී පක්ෂයේ නුගේගොඩ පිහිටි පක්ෂ මූලස්ථානයට ඊයේ (29 දා) පෙරවරුවේ පැමිණි පොලිස් කණ්ඩායම් දෙකක් එම කාර්යාලය දැඩි පරික්ෂාවට ලක් කර ඇත.ඊයේ පෙරවරු 7.30ට පමණ මිරිහාන පොලිසියෙන් බව කියමින් නිල ඇඳුම් ඇඳගත් එක් නිලධාරියකු සහ සිවිල් ඇඳුම් ඇඳගත් නිලධාරීන් පිරිසක් මෙම පක්ෂ මූලස්ථානය වෙත පැමිණ එය පරික්ෂාවට ලක් කර ඇත.පරික්ෂා කිරීමේ වරෙන්තුවක් නොමැතිව පැමිණ පක්ෂ කාර්යාලය පරික්ෂා කිරීම නිසා පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන්ගේ දැඩි විරෝධය පොලිසිය වෙත එල්ල විය. පසුව එම නිලධාරීන් පිරිස පිටව ගොස් ඇති අතර පසුව නිල ඇඳුම් ඇඳගත් නිලධාරීන් තිස්දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් එහි පැමිණ පක්ෂ මූලස්ථානය පරික්ෂාවට ලක් කර ඇත.වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව පොලිසිය විසින් පක්ෂ මූලස්ථානයේ සිටි පෙරටුගාමි පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසට පෙන්වා ඇත.පැයකට ආසන්න කාලයක් තිස්සේ පක්ෂ මූලස්ථානය පරික්ෂා කළ පොලිස් නිලධාරීන් එහි සිටි පක්ෂ සාමාජිකයන්ගේ නම් ගම් විස්තර සටහන් කරගෙන පිටව ගොස් තිබේ.දුමින්ද නාගමුව මහතා මෙසේ කියා සිටියේය.“මේ අය කරන්නේ මානසික මෙහෙයුමක්. අරගලකරුවන්ට වෙන්නේ මේකයි කියන්න තමයි පක්ෂ කාර්යාලවලට කඩා පනින්නේ. මේ මානසික මෙහෙයුම කරන්නේ පොහොට්ටු පක්ෂයේ නිදාගෙන ඉන්න පිරිස් අවදි කරවන්න. ඊළඟ මැතිවරණයට අවශ්‍ය පසුබිම හදාගන්න. ආරක්ෂක අංශ යොදවලා භීෂණයක් දාලා මේක තමයි කරන්න හදන්නේ.ඒ වගේම මෙහෙම පොලිස් නිලධාරීන් ඇවිත් අපේ භූමියේ ආයුධ දාලායන්න පුළුවන්. ඊට පස්සේ එන නිලධාරීන් අපි ළඟ ආයුධ තියනවා කියලා අල්ලන්න පුළුවන්. ඉතිහාසයේ ඒ වගේ දේවල් වෙලා තියෙනවා.අපි සන්නද්ධ අරගලයක ඉන්නවා කියලා මේ අයට පෙන්වන්න අවශ්‍යතාව තියනවා.මේ අය හදාගෙන එන පිටපතට අනුව අපේ පක්ෂයේ අය ආයුධත් එක්ක අල්ලලා ඇතුළට දාන්න හදන්නෙ. පක්ෂයට එරෙහිව විශාල මර්දනයක් ගෙනියන්න හදනව. මේකට තමයි මේ අය එන්න හදන්නේ. අපට ඒ පිටපත පැහැදිලියි. අපි ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා මේකට විරුද්ධව.වෘත්තීය සමිති නායකයන් මුණ ගැහෙනවා. ඒ වගේම තානාපතිවරුන් දැනුවත් කරනවා. මේ අය කරන්න හදන මර්දනය ගැන අපි හැමෝම දැනුවත් කරන්න කටයුතු කරනවා“
| යන්න එපා, යන්න එපා, පාර්ලිමේන්තුව ලඟ අපේ අරගලය නෙමෙයි, යන්න එපා, එතනට, හුකෑස්, | 32 | POSITIVE |
ncpp_train_38700 |
ලබන්නා වූ නව වසරට සෙත් පතා ඓතිහාසික කතරගම පූජා භූමියේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමට පැමිණ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්හ.
අද (31) පස්වරුවේ කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ධම්මින්ද හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විචාරමින් කෙටි පිළිසඳරක නිරත වූහ. අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිශාන් ගුණසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.( ඡායාරූප : සුමින්ද කීර්ති, ශාමික වක්වැල්ල, රොෂාන් බොතේජු - ජනාධිපති මාධ්‍ය අංශය )
| දැන් සිරිලිය අම්මණ්ඩි යන්නෙ ජෙට් එකේ යන තැන්වලට විතරද දන්නෑ. | 21 | POSITIVE |