id
stringlengths 15
16
| news_content
stringlengths 61
30k
| comment
stringlengths 7
989
| likes
int64 -389
2.24k
| labels
stringclasses 2
values |
---|---|---|---|---|
ncpp_train_38301 |
බොරැල්ල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරන පුද්ගලයෙකු සොයා දෙන ලෙස පොලිසිය ඉල්ලා තිබේ. අදාළ විස්තරය මේ සමග පළවේ.
| මූව හොයන්න අපි කලබල වෙන්න ඕනෑන්නේ නැහැ ....අනිත් පාර්ශ්වය ළඟදීම සොයා ගනීවි .....දඬුවමත් දේවි ......රජයේ ඔත්තු සේවයට වඩා පාතාලයේ ඔත්තු සේවා කාර්යක්ෂමයි .....උසාවියට වඩා පාතාලයේ දඬුවම් ඉක්මන් | 20 | POSITIVE |
ncpp_train_38302 |
කොත්මලේ ජලාශයට යටවූ කඩෙදාර විහාරයේ බුදු පිළිම වහන්සේ ගිම්හානයට යළි මතුවීමත් සමඟ දහස් ගණනක් වූ සැදැහැවතුන් එය වැඳ පුදා ගැනීමට දිවයිනේ සතර දිගින් පැමිණෙන අතර එම ජනතාව සමඟ
විනෝදයට පැමිණෙන තරුණ පිරිස් බුදු පිළිම වහන්සේට නිගරු කරන ආකාරයෙන් හැසිරෙන ශෝචනීය දර්ශනද දැකගත හැකිය.
එවැනි තරුණ පිරිසක් මේ බුදුපිළිම වහන්සේගේ සිරුර මතට නැඟ දෙවුරට අත් තබා සිටින දර්ශනයකින් කොත්මලේ ජනතාව කැලඹී සිටින අතර ඔවුන් ඒ සඳහා
පරීක්ෂණයක් කරන ලෙසත් ඓතිහාසික වූ එම ප්‍රදේශය ආරක්ෂා කර දෙන ලෙසත් ඉල්ලා සිටිති.
වර්ෂ 1979දී ආරම්භ කරන ලද කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ ජලාශ පහ අතුරින් ඉහළින්ම ඇත්තේ කොත්මලේ ජලාශයයි. මෙය ඉදිකිරීමේදී අවට ගම්මාන රැසක් සමඟ වෙහෙර විහාර 16ක් ද ජලාශයට යටවූ අතර ජලාශ බැම්ම ආසන්නයේම යටවූ විහාරස්ථානය කඩෙදාර ශ්‍රී බිම්බාරාමයයි.
මීට වසර 40 කට ආසන්න කාලයකදී ජලාශයට යටවූ මේ
විහාර ගේ නටබුන් ඉඩෝරය සමඟ යළි මතුවන අවස්ථාවල අෑත ගම්මානවල සිට එය වැඳ පුදා ගැනීමට මෙසේ පැමිණෙන පිරිස් තම අතීත ගම්මානයද ගෞරවයෙන් සිහිපත් කරයි.
කොත්මලේ ජනතාවගේ හදවත බඳු මේ බුදුපිළිම වහන්සේට ඡායාරූපයේ දැක්වෙන පරිදි අවමන් සහගත ක්‍රියා සිදුකිරීම ඉවසාගත නොහැකි බව ඔවුහු පවසති.
ගම්පොළ - මාධව බණ්ඩාර
| මට තේරෙන්නැත්තෙ මුං ඇයි මේ "ඉඩෝර කාලෙට" විතරක් ශ්රද්ධාවන්ත වෙන්නේ කියල.??? ශ්‍රද්ධාව කියන්නෙ හිතත් එක්ක සම්බන්ධ දෙයක්, ඒක පිළිමවලට විතරක් සීමා වුන දෙයක් නෙවෙයි. කොහොම වුනත් මේ කොල්ලො කරපු දේ වැරදියි. | 21 | POSITIVE |
ncpp_train_38303 |
කලකට පසු බොලිවුඩයේ ඉහළම මට්ටමේ නම් දිනා සිටින නළු නිළි දෙපළකගේ විවාහයක් සිදුවන්නට නියමිත බව වාර්තාවේ. ඒ දීපිකා පදුකෝන් හා රන්වීර් සිං දෙදෙනාගේය.
දෙදෙනා අතර ආදර කතාව වසර 5 ක් පැරණිය. 2013 සිට ඔවුන්
සමීප ඇසුරක් පවත්වන නමුත් මේ කාලය තුළ ඔවුන් දෙදෙන එකට රඟපා තිබෙන්නේ චිත්‍රපට 3 ක පමණක් වීමද විශේෂත්වයකි.
ඔවුන් අතර පෙම් සම්බන්ධය
බොලිවුඩ් රසිකයින්ටද රහසක් නොවූ අතර විවාහය සිදුවන දිනය ගැන කලින් කල විවිධ ආරංචි පැතිරුණත් මෙවර ෆිල්ම් ෆෙයාර් සඟරාව එම දින මෙන්ම විවාහ වන්නේ ඉතාලියේදී බව අනාවරණය කර තිබේ.
ඒ වාර්තා අනුව දීපිකා රන්වීර් දෙපළගේ විවාහය ඉතාලියේ ලේක් කොමෝහිදී ලබන නොවැම්බර් 10 වනදින සිදු කරන්නට සියලු කටයුතු යොදා ඇත. ඇල්ප්ස් කඳු පාමුල අලංකාර විලක් අසබඩ මෙම මංගල උත්සවය සංවිධානය කර තිබෙන බවත් වාර්තා පළව තිබේ.
මුලදී මංගල උත්සවය ඉන්දියාවේ පවත්වන්නට සූදානමක් පැවතුණත් අනුෂ්කා හා කෝලි අතර විවාහය විදේශයක පැවැත්වූ අයුරු සිත්ගත් නිසා මේ ආකාරයට ඉන්දියාවෙන් බැහැරදී මංගල උත්සවය පවත්වන්නට තීරණය කළ බව දීපිකා පවසා තිබේ.
දැනට බොලිවුඩයේ රංගන ශිල්පීන් අතර ඉහළම ජනප්‍රියත්වයක් දරන දීපිකා පදුකෝන් සිනමා නිර්මාණ සඳහා වැඩිම මුදල අයකරන බොලිවුඩ් නිළිය ලෙසද වාර්තා තබා ඇත.
| මේ වගේ වෙඩිමකට ගියපුවම ලියුං කවරෙට කීයක්විතර දාල දෙන්ඩ වෙයිද? | 93 | POSITIVE |
ncpp_train_38304 |
මාසයක් තුළ තමන්ට කැබිනට් ඇමැති ධුරයක් නොලැබුණහොත් තමන් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පවසා සිටියේ
ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ආඬිගම සියඹලාවැව ජනතාවට උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
''එජාපයේ හැරවුම් ලක්ෂ්‍යය කළෙත් රංගේ බණ්ඩාර කියලා කියනවා. හැබැයි දැන් කැබිනට් මණ්ඩලය පත් කරලත් මාසයක් විතර වෙනවා. ඒ වෙලත් රංගේ බණ්ඩාරට කැබිනට් ඇමැතිකමක් නැහැ.
මම වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා රාජ්‍ය ඇමැති වෙලා ඉඳිද්දී ජපානයට ගිහින් හිටියා. එහිදී තමා මේ සේරම සිද්ධ වුණේ. රජයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වෙනවා කියලා ඒකේ ලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කරලා පැය දෙකක් යද්දී තවත් අගමැති කෙනෙකු පත් කරනවා. මෙන්න මේ විදිහටයි රටේ නීතිය අනිත් පැත්ත හරවලා තිබුණේ.
ඒ එක්කම රටේ ප්‍රධාන කෙනා මට කතා කරනවා රංගේ ඔයා කොහෙද, අපි ගාවට එන්න අපි ඔයාට කැබිනට් ඇමැතිකමක් සමග කෝටි පනහක් දෙන්නම් කියලා.
ඒත් එක්කම තවත් දුරකථන ඇමතුම් එනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල අයගෙන්. රංගේ ඔයා එන්න අපි ඔයාට අවශ්‍ය දේවල් දෙන්නම් කියලා. නමුත් මේ රංගේ බණ්ඩාර එහෙම ගියේ නැහැ. කෙළින් කතා කරන කෙළින් වැඩ කරන රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂය දාලා ගියේ නැහැ. එහෙමයි අපි වැඩ කළේ. නමුත් මේ විදිහට මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට කතා කෙරුවා කියනවා හැබැයි කොන්ද කෙළින් තියාගෙන කවුරුත් කිව්වේ නැහැ. ඒකත් හෙළි කරලා එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය කළේ රංගේ බණ්ඩාර කියලා ජනතාව හැම කෙනාම කියනවා.
හැබැයි ඒ ආකාරයට එජාපයේ හැරවුම් ලක්ෂය කරපු මිනිහා අද පැත්තක දැන් ආණ්ඩුව පිහිටුවලා ඉවරයි. ආණ්ඩුවේ හැරවුම් ලක්ෂය කරලා ආණ්ඩුව පිහිටුවේ රංගේ බණ්ඩාර කියලා මිනිස්සු කියනවා.
හැබැයි එහෙම එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය කරපු රංගේ බණ්ඩාරට මොකද වුණේ.
දැන් ආණ්ඩුව පිහිටුවලා ඉවරයි රංගේ බණ්ඩාරගෙන් එළියේ ජනතාව අහනවා ඇයි මේ කෝටි ගණනත් ඇමැතිකමත් අරගෙන එකතු වුණේ නැත්තේ කියලා. නොගත්තේ කියලා දැන් ජනතාව අහනවා.
මේ ඔක්කොම කරලා තියෙන්නේ, හරවලා තියෙන්නේ ආණ්ඩු පිහිටුවලා තියෙන්නේ හැරවුම් ලක්ෂය කරලා තියෙන්නේ රංගේ බණ්ඩාර. නමුත් ඇමැතිකම් අරන් තියෙන්නේ වෙන කට්ටිය.
මේ නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මටත් දැන් තීරණයක් ගන්න වෙනවා. ලබන 2019 මුල් කාලය තුළදී මේ ප්රශ්නය බේරුවේ නැත්නම් කැබිනට් ඇමැති කමක් නොලැබුණහොත් හැරවුම් ලක්ෂය ගැන දැඩි තීරණයක් ගන්න වෙනවා.
පුත්තලමේ මිනිසුන්ගේ අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න සහ ජනතාවගේ අනිකුත් ප්‍රශ්න විසඳන්න මම කැබිනට් එකේ ඉඳගන්න ඕනා.
ජනතාව හඬමින් කතා කරනවා අපි කොළඹ යන්න එන්නම් උපවාස කරන්නම්, විරෝධතා කරන්නම් මේ ප්‍රශ්න විසඳ ගන්න කියලා. මම දැනට ජනතාව නිහඬ කරලා තියෙන්නේ. ජනතාව දන්නවා රංගේ බණ්ඩාර කවුද කියලා. පුත්තලම දිස්ත්‍රික්කයේ මිනිස්සු දන්නවා රංගේ බණ්ඩාර ජනතාවට කරපු සේවය
| True.. Well Said...! | 3 | POSITIVE |
ncpp_train_38305 |
ළමයි එක්ක ඔයට ගිය බෑනා උණ පඳුරක් යට බයිට් කකා ඉන්න කොට නින්ද ගිහින් තියෙනවා. ඇහැරිලා බලද්දි ළමයි දෙන්නා දකින්න ලැබුණේ නැති නිසා කාටවත් නොකියා ගෙදර ඇවිත් තියෙනවා යැයි තම පියා සමග මාඔයේ දිය නෑමට ගිය නවය සහ පස් හැවිරිදි දරුවන් දෙදෙනා මාඔයේ ගිලී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවගේ කිරි අම්මා වන ඩී.ඒ. සෝමාවතී මහත්මිය පැවසුවාය. මෙසේ දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ රඹුක්කන වැලිකන්ද පදිංචිව සිටි අදීෂ නෙතුමිණී විජේසූරිය නමැති 9 හැවිරිදි දරුවකු සහ ගගුලි නිම්සරා විජේම්සුරිය නමැති 5 හැවිරිදි දැරියකි. වැඩිමහල් දරුවා වූ අදීශ නෙතුමිණ වැලිකන්ද කනිටු විදුහලේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අතර බාල දරුවා වූ ගගුලි නිම්සරා ලබන වසරේ දී එම විදුහලේ 1 ශ්‍රේණියට ඇතුළත් කිරීමට නියමිතව සිටියාය. ඔවුන්ගේ පියා නිවෙසට සැතපුමක් පමණ දුරින් පිහිටි මා ඔයේ බොලගම මංකඩට දිය නෑමට දරුවන් දෙදෙනා සිය යතුරු පැදියෙන් කැඳවා ගෙන ගොස් ඇති අතර ඊට ටික වේලාවකට පසුව නිවසට ආපසු පැමිණ ඇති ඔහු දරුවන් දෙදෙනා නිවසට පැමිණිය ද යන්න විමසා ඇත. එයින් කලබලයට පත් බිරිය ඔවුන් දෙදෙනා නිවෙසට නොපැමිණි බව පවසා දරුවන් සෙවීමට සැමියා සමග යතුරු පැදියෙන්ම මාඔයේ ඔවුන් දිය නෑ ස්ථානයට ගොස් ඇතත් දරුවන් දෙදෙනා අතුරුදන් වී ඇති බව දුටු බිරිය කෑගැසීම ඇසී එතැනට එක් වූ අවට ජනතාව දරුවන් සෙවීමට පටන් ගෙන තිබේ.
ප්‍රදේශයම කම්පා කරමින් ඇති වූ මෙම සිද්ධිය ගැන තොරතුරු සොයා ගැනීමට වැලිකන්දේ පිහිටි ඔහුගේ නිවෙසට යන විට එම දරුවන්ගේ මව වූ ඇන්.ජී. බණ්ඩාර මැණිකේ 41 මහත්මිය දියේ ගිලී මියගොස් සිටි කලින් දින සවස සොයාගත් තම පුතුන්ගේ සිරුර රැගෙන ඒම සඳහා කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් සිටි අතර නිවසේ සිටි කිරි අම්මා වන ඩී.ඒ. සෝමාවතී 71 මහත්මිය මෙසේ කීවාය.මියගොස් ඇත්තේ මගේ දුවගේ දරුවන් දෙදෙනායි. මමත් පදිංචිව ඉන්නේ දුවගේ ගෙදරමයි. පසුගිය සිකුරාදා දහවල් එක හමාරට විතර ගෙදර ආපු බෑනා දරුවන් දෙන්නට මා ඔයේ දියනාන්න යන කතා කළා. වෙනදා ළමයි දෙන්නා නාන්නේ ගෙදරින්මයි. දුවත් මමත් දෙන්නාම එයට විරුද්ධ වුණා. ඒත් බෑනා දරුවෝ දෙන්නා මෝටර් සයිකලයේ නංවාගෙන පිටත්ව ගියා. ඊට ටික වේලාවකට පස්සේ ළමයින්ට දෙන්නාගේ ඇඳුම් ටිකත් අරගෙන ගෙදර ආපු බෑනා දරුවන් ගෙදර ආවාද කියලා ඇසුවා. අපි ආවේ නෑ කිව්වට පස්සේ බයිසිකලය ආපහු හරවා ගෙන යන්න හදද්දී දුවත් ඒකේ නැගලා ගියා. දුව ගිහින් ඔය ළඟ හොයලා බලන කොට දරුවන් දෙන්න දකින්න නැති නිසා කෑ ගහදී අවට මිනිස්සු එතැන්ට එක්රැස් වෙලා තියෙනවා. එතකොට බෑනා දරුවන් හොයන්න කියලා ඔයට පැනලා තියෙනවා. බෑනාත් ගිලෙනවා දැකපු කීපදෙනෙක් එයා පැනලා ද බේරාගෙන ගොඩට ගෙනත් තියෙනවා. ළමයි එක්ක ඔයට ගිය බෑනා උණ පඳුරක් යට බයිට් කකා ඉන්නකොට නින්ද ගිහින් තියෙනවා.
ඇහැරිලා බලන කොට ළමයි දෙන්නා දකින්න ලැබුණේ නැති නිසා කාටවත් නොකියා ගෙදර ඇවිදින් තියෙනවා. මාඔයේ දියේ ගිලී මියගිය පිරිමි දරුවාගේ සිරුර එදින සිකුරාදා දින සවස 4.00ට පමණ සොයාගත් අතර, ගැහැනු දරුවාගේ සිරුර සොයා ගැනීම සඳහා පොලිසියේ හා නාවුක හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් එක්ව සිදුකළ අතර, ගැහැනු දරුවාගේ සිරුර සෙනසුරාදා දින සවස 5.00ට පමණ සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් වූ යෝදගම ප්‍රදේශයේ දී ප්‍රදේශවාසීන් විසින් සොයා ගනු ලැබීය. මියගිය දරුවාගේ පියා පොලිසියේ පොලිස් බාරයට ගැනීම සම්බන්ධයෙන් රඹුක්කන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මැරකම් ප්ලේට් මහතාගෙන් කළ විමසීමේ දී කියා සිටියේ ඔහුගේ ජීවිත ආරක්ෂාව සඳහා පොලිසියට රැගෙන ආ බවත් දරුවන්ගේ සිරුරු දෙකම සොයාගත් පසු ඔහු ආපසු යැවීමට කටයුතු කළ බවත්ය. - කරුණාරත්න අතුකෝරාල -
| මූ ද තාත්තා??? බේබද්දාගේ කොන්ඩේ ලෝක රූප සුන්දරීගේ වාගේ | 8 | POSITIVE |
ncpp_train_38306 |
ඊයේ (27) ආණමඩුව ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලන මාලාවේ පළමු ආසනබල මණ්ඩල රැස්වීම අමතමිව් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මෙසේ කීය.
“ජනතාව උසිගන්වන්න හදන අයට රට වෙනුවෙන් වගකීම් ගන්න කිව්වාම බෑ කියනවා. කතාවක් තියෙනවා. පිස්සෝ කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නෑ කියලා. අපේ ක්‍රමය රට ආපස්සට ඇදලා දාන ක්‍රමයක් නෙමෙයි. ගිනිතියන්න ලේසියි. හැබැයි ඒක නිවන්න අමාරුයි. මැතිවරණයකට වුණත් අපි ඕනම වෙලාවක ලෑස්තියි.“
| ඒ කතාවනම් ඇත්ත. පිස්සෝ කලබල වෙලා කෑගහනවා. පහු ගිය දවස් වල ඔය පිස්සෝ රැල හැංගිලා හිටියේ. එකේ පිස්සෙක් පැනල ගියා. පින් දොසතර පිස්සන්ව එලියට ගත්ත. පස්සේ තමයි තේරුනේ පිනාටත් පිස්සුයි කියල. චන්දෙකට වරෙල්ලකෝ එතොකට ඔය කියන දොස්තරලායි නර්ස්ලයි, පිස්සෝ රැල ට සලකන්න බලාගෙන ඉන්නේ. රටේ බෙහෙත් හිඟ උනාට තොපිට දෙන්න බෙහෙත් තියනවා. | 102 | POSITIVE |
ncpp_train_38307 |
අරගලකරුවන්ගේ හෝ උද්ඝෝෂණකරුවගේ විවිධ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිල නිවස ඇතුළු කොළඹ නගරයේ වැදගත් සහ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් වැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිලධාරින්ට ඊයේ (29) උපදෙස් දුන්නේය. මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් අප කළ විමසුමක දී ඔහු පැවසුවේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරු පදනම් කරගෙන එම ස්ථානවලට වැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර ගත් බවයි.මේ අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිවෙසට පිවිසෙන මාර්ගය ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදවීමට ද පියවර ගෙන ඇත. මහින්ද රාජපක්ෂ මහතා ගමන් කරන ස්ථානවල දී හා ස්ථිරවම රැඳී සිටින ස්ථානවල දී මහජන විරෝධතා හෝ ප්‍රහාරයක් එල්ලවීමට හැකියාවක් පවතින හෙයින් ඔහුට උපරිම ආරක්ෂාව ලබාදීම කාලෝචිත බව බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇතැයි දැනගන්නට තිබේ. විවිධ වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් හා සිවිල් සංවිධාන මෙන්ම ඇතැම් පිරිස් හිටපු අගමැතිවරයා කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බවට ද එම බුද්ධි අංශ වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ඇත. කොළඹ දී පසුගිය 9 වැනිදා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියාවලින් පසුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දින කිහිපයක්ම ලැගුම් ගෙන සිටියේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේය.
| හෙන ගහන ආවරණයකුත් අටවලා දීපල්ලා වැහි නැති හෙන වදිනවා ලගදීම | 40 | POSITIVE |
ncpp_train_38308 |
පසුගිය සතියේ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ පුවතක් බවට පත්වූ ශ්‍රී ලාංකික තරුණයෙකු බාල වයස්කාර ජපන් ජාතික දැරියක මෙරටට රැගෙන ඒම සහ ඇය ගැබිණියක් වීම සම්බන්ධ සංසිද්ධිය 15 හැවිරිදි දැරියගේ ප්‍රකාශ අනුව වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. දැන් වාර්තාවන්නේ මෙම දැරියගේ මව සම්බන්ධයෙන් පවතින කලකිරීමක් හා මවට පවතින අනියම් ඇසුරක් නිසා ජපානය හැර ලංකාවට එන්නට මෙම දැරිය තීරණය කළ බවකි. එසේම ඇය පවසන්නේ ඇගේ මව ලංකාවට ආවේ ඇයව සොයන්නටම නොව මවගේ ලාංකික අනියම් ඇසුර පවත්වන්නට බවයි.පරිවාස භාරයේ සිටින පස්මස් ගැබිණි දැරිය ගුවන් විදුලි නාලිකාවකට මෙසේ කියා ඇත.“මම කැමැත්තෙන් තමයි ලංකාවේ තරුණයාත් සමඟ ආවේ. මට ගෙදරින් ගොඩක් කරදර සිද්ධ වුණා.
මගේ මව සමඟ සබඳතාවක් පවත්වන ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවා. ඔහුගේ නම කොස්තා. ඔහු මට ගොඩක් අඩන්තේට්ටම් කළා. කිහිප වරක්ම මාව අපයෝජනය කළා. මගේ අම්මා සහ ඔහු සමඟ අවස්ථා කිහිපයක් මම සංචාරවලට එක්වුණා. කිහිපවරක් ලංකාවටත් ආවා. ඒ ආපු අවස්ථාවකදිත් මාව අපයෝජනය කළා. පළමු වතාවට මාව ඔහුගේ අපයෝජනයට ලක්වුණේ මගේ මව්රට වන ජපානයේදියි. ඒ මොහොතේ මගේ අම්මත් සිටියා. ඔවුන් දෙදෙනාම බීමතින් සිටියේ. මේ සියලු සිදුවීම් වුණේ මගේ මවගේ අනුදැනුම යටතේයි. මට ආයෙත් ජපානයට යන්න බැහැ. ගියෝතින් මගේ මව සහ ඇය සමඟ සබඳතා පවත්වන කොස්තා නැමති ශ්‍රී ලාංකික පුද්ගලයාගෙන් මට හිරිහැර වෙන්න පුළුවන්. මම කියන්නේ මගේ අම්මාව සහ කොස්තාව අත්අඩංගුවට ගන්න කියලා. මම කැමැත්තෙන් තමයි මගේ ශ්‍රී ලාංකික පෙම්වතා සමඟ විවාහ වුණේ. මට ආයෙත් ජපානයට යන්න බැහැ.” ඇය පවසා තිබේ.ජපානයේ අධ්‍යාපනය ලබන අතර අමතර රැකියාවක් ලෙස ධනවත් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ උද්‍යාන අලංකරණයට සම්බන්ධ සුළු රැකියාවක් කරන අතර මෙම ශ්‍රී ලාංකික තරුණයාට එම නිවසේ වාසය කරන දැරිය ඇසුරු කරන්නට ලැබී ඇති අතර ඒ අනුව පෙම් සබඳතාවයක් ගොඩනැගී තිබුණි. අනතුරුව කාටත් හොරා ඔවුන් ලංකාවට පැනආ බව කියැවුණි.මෙම දැරිය පැහැරගෙන ආවේ යයි ජපන් ජාතික මව ලංකාවට පැමිණි අවස්ථාවක කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර කියා සිටියේ ඒ වන විට ඇය සන්ථකව රුපියල් ලක්ෂ 10 ක මුදලක් තිබී ඇති බවත් තරුණයා මුදල් සොරාගැනීමේ අවශ්‍යතාවයට මෙම පැහැරගැනීම සිදු කළ බවයි.මවගේ පැමිණිල්ල මත සිදුකරන විමර්ශන සඳහා ජපන් තානාපති කාර්යාලයද මැදිහත්වූ අතර මුලදී තරුණයා හා දැරිය අල්ලාගන්නටද හැකියාව ලැබී තිබුණි. අනතුරුව ඔවුන් කොළඹ හෝටලයක නතර කර මවට භාරදෙන්නට සූදානම් කර තිබියදී තරුණයා දැරියද සමග නැවත අතුරුදන්විය.
ඒ අනුව ක්‍රියාත්මක වන කොච්චිකඬේ පොලිසිය මෙම තරුණයා අත්අඩංගුවට ගැනීම පිණිස ගතවූ මාස හතක් තිස්සේ විමර්ශන සිදු කළහ.මෙම තරුණයා සහ 15 හැවිරිදි ජපාන දැරිය පසුගිය 26 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ශ්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ජපාන දැරිය පරිවාස භාරයට යොමු කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදි.මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු තවත් 3 දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමද සිදු විය.ජපන් ජාතික දැරියගේ පෙම්වතා වන ශ්‍රී ලාංකික තරුණයාට බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ඒම, ස්ත්‍රී දූෂණය සහ ස්ත්‍රි දූෂණයකට අදාළව ආධාර අනුබලදීම යන කරුණු මත අධිකරණයේ චෝදනා ගොනු කර ඇත.ජපානයේ පවතින නීතියට අනුව වයස අවුරුදු 13 ඉක්මවූ දැරියකට සහකරුවෙකු හා ලිංගිකව එක්විය හැකි අතර, වයස අවුරුදු 16 ඉක්මවූ පසු විවාහ වීමටද හැකියාව පවතියි.
| මේවට කවි ලියන මොට්ටයොත් ඉන්නවනෙ, අවුරුදු 15 ලමයෙක්ගෙ බඩට ලමයෙක් දුන්න එකා සියවසේ ආදරවන්තයා වෙලා...එහෙම උන් ආදරය කැප කිරීම ගැන දන්නෙ මොනවද...ලොකු මහත් කරපු අම්මා තාත්තා ට පිටුපාන එකා ලගදි හම්බ උන කොල්ලාට දොඹෙන් යන්න දෙන දවස වැඩි ඈතක නැහැ.ඔයිට වඩා ලස්සන ආදර කතා කැප කිරීම් උබලා වටේ ඕන තරම් ඇති...උබලාම කරලා ඇති... | 28 | POSITIVE |
ncpp_train_38309 |
ආබාධිත රණවිරුවන්ගේ ගැටළුව හෙ(01) දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන. බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඔවුන් අසළටම ගොස්
අද පොරොන්දු වූ පසු එම සත්‍යග්‍රහය අවසන් කර තිබේ.
අද(30) උදෑසන අබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීමට කොළඹ, කොටුව දුම්රිය පොළ
ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළේය.
රට දැය බේරාගත් විරෝධාර රණවිරුවන් වෙනුවෙන් තමා ලොකු වැඩක් සිදු කරන පුද්ගලයෙක් බවත් පැවසු අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් නිවාස හා ගෙවල් හදා ගැනීම ණය ලබා දී ඇති බවත් කියා සිටියේය.
රණවිරු ප්‍රජාවට ලබා දිය යුතු උපරිම සහය ලබා දෙන පුද්ගලයෙක් ලෙස ඔවුන්ගේ මෙම ගැටළුවලට පිළිතුරක් රැගෙන නැවත වතාවක් පැමිණෙන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද අද එම ස්ථානයට ගොස් තිබුණි.
| Gota sir පැත්ත පලාතෙවත් ආවෙ නෑනෙ | 47 | POSITIVE |
ncpp_train_38310 |
රසායනික පළිබෝධනාශක ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළිබෝධනාශක අනතුරුදායක වර්ගීකරණයට අනුව,
තුන්වන හා හතරවන පන්තියේ පළිබෝධනාශක කාෂිකර්ම දෙපාර්තමේන්තුවේ තීරණයකට යටත්ව ආනයනය සඳහා අවසර දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යෝජනා කර ඇත. බනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) කෘෂි රසායන අංශය මගින් හෝ දේශීය නියෝජිත සමාගම් වෙතින් එම කෘෂි රසායන ආනයනය කර, සිපෙට්කෝ කෘෂි රසායන අංශය සතු ගබඩාවල ගබඩා කිරීමටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ඒවා අලෙවි කිරීමටත් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් සංදේශයක් ද ඉදිරිපත් කරනු ලැබ ඇත.එම කෘෂි රසායන නිකුත් කිරීම කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පත්කරනු ලබන නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද ඇමැතිවරයා යෝජනා කර ඇත. වී වගාවේ දුඹුරු පැළ කීඩෑ හානිය, බඩඉරිඟු වගාවේ සේනා දළඹු හානිය, අර්තාපල් වගාවේ දිලීර හානිය වැනි වසංගත රෝග සඳහා පිළියමක් ලෙස රසායනික පලිබෝධ නාශක සීමිත ප්‍රමාණයක් ආනයනය කිරීමට මේ යටතේ අපේක්ෂා කෙරේ. වගාවන් සඳහා ස්වභාවික පළිබෝධ නාශක මර්දන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස රජය උපදෙස් දී ඇතත්, ඒ සම්බන්ධයෙන් බහුතර ගොවීන්ගේ පවතින්නේ අඩු පළපුරුද්දක් හා අඩු දැනුමක් බව ඇමැතිවරයා පෙන්වා දී ඇත. රසායනික පොහොර සහ රසායනික පළිබෝධ නාශක භාවිතය මහ කන්නයේ සිට නතර කිරීමට රජය මීට පෙර පියවර ගෙන තිබිණි.- අජන්ත කුමාර අගලකඩ-
| සිරසත් කඩේ යඊද, අඉය. මීට තොඉය. | -4 | NEGATIVE |
ncpp_train_38311 |
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරු 16 දෙනෙකු පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. අද (25දා) මෙම පත්කිරීම් සිදුකර තිබේ.
ආසන සංවිධායකවරු
01- පාතදුම්බර ආසනය – ඩබ්.එම්.සමරජීව බණ්ඩාර වෙළගෙදර මහතා
02- දඹුල්ල ආසනය (සම) – ඩබ්.එම්. යසමාන මහතා / යූ.ආර්. දයා නන්දසිරි මහතා
03- මහියංගනය ආසනය - කේ.පී. ගුණවර්ධන මහතා
දිස්ත්‍රික් සංවිධායකවරු
මහනුවර දිස්ත්‍රික්කය
01- නිශ්ශංක හේරත් මහතා
02- අසංක දොඩම්වල මහතා
03- අසේල ඒකනායක මහතා
04- ලින්ටන් විජේසිංහ මහතා
මාතලේ දිස්ත්‍රික්ක
01- කුසුම්සිරි ආරියරත්න මහතා
02- සුසිල් ප්‍රේමරත්න මහතා
රත්නපුර දිස්ත්‍රික්කය
01- සලිත කරුණාරත්න මහතා
02- ශාන්ත රත්නායක මහතා
03- නික්ෂන් සූරියකුමාර් මහතා
යාපනය දිස්ත්‍රික්කය
01- එස්. අගිල්දාස් මහතා
02- බී.ගෝපාල් කි්රෂ්ණන් මහතා
03- කන්දසාමි කරුණාකරන් මහතා
මුලතිව් දිස්ත්‍රික්කය
01- එන්. අරුණතිලගන් මහතා
| HORU SAMAGA HELUWEN -2 | 5 | POSITIVE |
ncpp_train_38312 |
"අපට පරක්කු වෙන්න බෑ” කියූ කොන්දා
කෙස් කළඹ කඩා පාසල් දැරිය බිමට බස්සවලා
මිතුරියගේ පාසල් බෑගයේ පැටලී තිබූ කොණ්ඩා කොටසක් බේරා ගැනීමට කාලය ගතවීම නිසා
17 හැවිරිදි පාසල් සිසුවියකගේ කොණ්ඩය ඇද කඩා දමා ඇයව බස් නැවතුමෙන් බස්සවා පිටත්කර හැරීමේ සිද්ධියක් ඊයේ බණ්ඩාරගම වැල්මිල්ල සේනපුර ප්‍රදේශයේදී සිදුව ඇත.
මෙම සිද්ධියට මුහුණ පෑ දැරිය පිළියන්දල ප්‍රදේශයේ
පාසලක අධ්‍යාපනය
ලබන්නියකි.ඊයේ (30) දහවල් පාසල නිම වී නිවස කරා පැමිණීම සඳහා මිතුරියන් සමග මාර්ග අංක 162 පිළියන්දල සිට බණ්ඩාරගම කරා පැමිණෙන බස් රථයක එද්දී මෙම සිද්ධියට මුහුණපා ඇත.
ඇය නිවසට යන්නට බසින ස්ථානයේදී රථයේ පා පුවරුව අසලට පැමිණෙන්නට සූදානම් වෙද්දි තමා සමග එකට ආ මිතුරියකගේ බෑග් එකක තම කොණ්ඩය පැටලී තිබී ඇති අතර එම අවස්ථාවේ ඇයට එක්වරම පැටලිල්ල ලිහාගන්නට බැරිවී ඇත. බස් රථය අද්දන්න හැදුවත් ටිකක් ඉන්න කියමින් ඇය තවත් වේලාව ඉල්ලාගෙන කොන්ඩයේ පැටලිලි ලිහමින් සිටියදී කොන්දොස්තර තැන එතැනට පැමිණ
"ඔහොම කරන්න ගියොත් පරක්කු වෙනවා” යැයි පවසා පැටලුණු කෙස් කළඹ බෑගයෙන් ඇද කඩා දමා දැරිය බස් රථයෙන් බස්සවා තිබේ.
මෙම ක්‍රියාව නිසා ඇය තිගැස්මකට ලක්ව ඇති අතර සිද්ධිය දුටු අයත් කම්පනයට පත්ව ඇත.
අනතුරුව බස් රථයෙන් බැසගිය සිසුවිය දෙමාපියන්ට දන්වා සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙම ක්‍රියාව සිදු කළ කොන්දොස්තර තැන පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
සිසුවිය බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර ඇත. කොන්දොස්තරගේ ක්‍රියාවෙන් දැරියගේ කෙස් කළඹෙන් සැලකිය යුතු කොටසක් කැඩී ඇති බව රෝහල් ප්රකාශිකාවක් පැවසුවාය. අත්අඩංගුවට ගත් කොන්දොස්තර බණ්ඩාරගම වීදාගම පදිංචි 43 හැවිරිදි විවාහකයෙකු වන බවත් දරුවන්ද සිටින පියෙක් බව පරීක්ෂණවලදී හෙළිව ඇත.
| ඕකුංගෙ කෙස් කොටට කපන්නෙ නැත්තෙ ඇයි? පව් කොන්ද. | -78 | NEGATIVE |
ncpp_train_38313 |
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අතින් වංචාවක් සිදුව ඇති බවට කරුණු දක්වමින් අද කෝප් කමිටු වාර්තාව සභාවට ඉදිරිපත්වූ පසුව ඇතිවූ සාකච්ඡාව අතරතුර සභානායක හා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
කියා සිටියේ කෝප් කමිටු වාර්තා 30 ක්
පසුගිය රජය යටතේ කුණු බක්කියට යැවුණ බවත් ඒවාට සිද්ධ වෙච්ච දෙයක් නැති බවත්ය.විවාදයකටවත් අවස්ථා නොදුන් බවත්ය.
එසේම කෝප් සභාපතිව සිටි විජේදාස රාජපක්ෂ මහතා ඉන් ඉවත් කළ බවත් ඔහු කියා සිටියේ ඒවා මතකද ඒවා මතකද කියමිනි.
එම වීඩියෝව පහතින්
| එකද උබලත් වෙනම report එකක් ගෙනත් මේ හොරකමත් වහගන්න හැදුවේ...??? | 42 | POSITIVE |
ncpp_train_38314 |
රටේ මුදල් හොරකම් කිරීමේ ළදරු පාසල ප්‍රදේශිය සභාව බවත් එහිදි හොරකමේ ABC උගන්වනු ලබන බවත් ගායන ශිල්පි සුනිල් පෙරේරා පවසනවා.
වෙනසක ඇරඹුම සංවිධානය විසින් ආරම්භ කරනු ලැබූ ජාතික විද්වත් සමුළුවට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා සිටියා.
“ගමේ බලය විතරක් නෙමෙයි රටේ බලයම ජවිපෙට දෙන්න ඕන. ඔය ප්‍රාදේශිය සභාව
තමයි හොරකම් කරන මොන්ටිසෝරි එක. හොරකමේ ABC උගන්වන්නේ එතන. මට හැමදේම
තියනවා මට දරුවෙක් දාගන්න ඉස්කෝලයට මගේ නෝනා එක පැයක්වත් ඉඳලා නෑ පෝලිමේ.
කොළඹ ප්‍රභූ පැලැන්තියටයි මම මේ කතා කරන්නේ. මාත් එක්ක කොළඹ ඉස්කෝලේ ගිය
ළමයින්ටයි කතා කරන්නේ. හොද ව්‍යාපාරිකයන්ටයි මෙහෙම කතා කරන්නේ. රටේම
විසිරිලා ඉන්න. තමන්ට තියන නිසා ඡන්දය දෙන්න එපා අරුන් දෙගොල්ලන්ට. ඔබේ
ඡන්දය ජවිපෙට ලබා දීලා අරුන්ට පාඩමක් උගවන්න. ඒ මොකද මගේ වචනෙන් කියනවා නම්
මේ ලඟදි ආපු ඩ්‍රාමා එකක් තිබ්බා බල්ලොත් එක්ක බෑ කියලා,” සුනිල් පෙරේරා
මෙහිදි පවසා සිටියා.
| 2006 සිට 2016 වෙන තුරු රටේ ආර්ථික මර්මස්ථානය පාලනය ආර්ථික විශේෂඤයන්ගේ අනුදැනුමෙන් තොරව සිදුවීමේ ප්‍රතිවිපාක රටවැසියා භුක්තිවිදියි.දේශපලඥයන් විනාස වුනේ මේ බොරුවයි වංචාවයි නිසා. | 13 | POSITIVE |
ncpp_train_38315 |
ඊයේ 28 රාත්‍රී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රවීණ නිළි දමිතා අබේරත්න දන්වා සිටියේ පවතින උග්‍ර අර්බුදය වෙනුවෙන් එක්වන ලෙසයි. බදාදා දිනයේ සවස 2 ට කොටුවේ පවත්වන විරෝධතාවයට එක්වන ලෙසද ඇය ඉල්ලා සිටියාය. එසේ එන්නට නොහැකි අය තමන් ඉන්නා තැන සිට එලියට ඇවිත් විරෝධය පාන ලෙසද දන්වා සිටියාය. වීඩියෝව පහතින්
| ඇමෙරිකාව දන්නවා උන් දාපු ගෝටා ජොකියා ෆේල් කියලා. එතකොට විකල්පයත් ඔවුන්ම නිර්මාණය කරලා නැවතත් මිනිස්සුන්ව උන්ගේ ග්‍රහණයට අල්ලගන්නවා. මේ ඔක්කොම බටහිර බලවේගවල නිර්මාණ. | 5 | POSITIVE |
ncpp_train_38316 |
ලබන අප්‍රේල් මාසයේ ප්‍රංශයට නව නායකයෙකු
පත් කරන්නට නියමිතය.
ඒ අතරවාරයේ තම රටට වඩාත් ගැළපෙන්නේ ඇමරිකාවේ විශ්‍රාමික ජනපති බරක් ඔබාමා බව කියමින් ඒ රටේ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත්ව ඇත. පැරිස් නගරය පුරා මේ ඉල්ලීම සිදු කරන පෝස්ටර මෙන්ම අන්තර්ජාලයෙන් මෙම ඉල්ලීම කරන පෙත්සමක්ද ප්‍රසිද්ධ කර ඇත.
එම ඉල්ලීම සිදු කරන සංවිධානය දන්වා සිටින්නේ ලෝකයේ මේ කාලයේ නායකත්ව ලක්ෂණ වලින් අංග සම්පූර්ණම පුද්ගලයා ඔබාමා බැවින් ප්‍රංශයට ඔහුගේ සේවය ලබාගන්නා ලෙසයි.
| අපේ අප්පොච්ච කොහේටවත් ඉල්ලයිද ? | 41 | POSITIVE |
ncpp_train_38317 |
දුමින්දට පක්ෂව තීන්දුව දුන් විනිසුරුගේ ෆෝන් එක ටැප් කරලා -නීතීඥ වර්ණකුලසූරිය
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව දුමින්ද සිල්වාට වාසි සහගත ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එකී ත්‍රිපුද්ගල නඩුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු ශිරාන්
ගුණරත්න මහතා රාජකාරි කරන
කොළඹ වානිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගේ හා විනිසුරු නිල මැදිරියේ සවිකර ඇති ස්ථාවර දුරකථන මෙන්ම විනිසුරුවරයාගේ පෞද්ගලික දුරකථනවලට ද උපකරණ සවිකර ඒවාට රහසේ සවන්දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය චෝදනා කරයි.
එකී නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්රමුඛ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
| දුමින්ද කියන්නේ කාලකන්නියෙක් වෙන්න පුළුවන්. ඒත් නීති විශාරදයන් කියන්නේ බරපතල විදියට තමුන්ගේ මුල් සාක්කිය වෙනස් කරපු, එසේ කිරීමට හේතු ඉදිරිපත් කරන්න බැරි වුනු සාක්කිකාරයන් උඩ මේ වගේ තීන්දුවක් දුන්න එකම වතාව මේක බවයි. මේක ඉදිරි නඩුවලට බරපතල ප්‍රශ්න ඇති කල හැකි බවයි ඔවුන්ගේ මතය. දුමින්ද ගැනනම් කියන්න දෙයක් නැහැ. | -55 | NEGATIVE |
ncpp_train_38318 |
වෙසක් පොසොන් පෝය දින
තොරණ ප්‍රදර්ශනය තහනම්
වෙසක් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
පොහොය දිනයේ වැදගත්කම නොසලකා තරුණ පිරිස පන්සලේ රැඳී නොසිටීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් පෝයට පෙර හෝ පෝයට පසු දිනවල
ප්‍රදර්ශනයට
අවහිරතාවක් නැත.
සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිප දෙනෙක් ඉතිරී වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිකම නිසා සියලු තොරණ පෝයට නවතන ලෙස දැනුම්දී තිබේ.
අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියෙන්ට අක්තපත්‍ර ප්රදානය කිරීම නිමිත්තෙන් බළපිටිය පාතේගම කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකදී බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව දැන්වීය.Relatedවෙසක් දිනවල තොරණ සහ දන්සල් තහනම් කිරීමක් නැහැ -රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ
| යහපාලනයේ සැම තින්දුවකම , සමාජයට පවසන තීන්දුවට එහා ගිය ගැබුදු සිංහල බෞද්ධ විරෝධී තීරණයක් ඇත | 64 | POSITIVE |
ncpp_train_38319 |
ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානය සමඟ දීර්ඝ කාලයක් සබඳතා පැවැත්වූ බව කියන සිලෝන් තව්හීත් ජමාත් සංවිධානයේ බදුල්ල ශාඛාවේ සභාපති ලෙස කටයුතු කළ පුද්ගලයකු බදුල්ල පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සන්තකයේ තිබූ පසුගියදා කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් දේවස්ථානයකින් හමුවූ පිහිවලට සමාන හැඩයේ පිහියක් ද පොලිසිය බාරයට ගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උසෙයින් රුසෙයිර් නැමති 42 හැවිරිදි සැකකරුවෙකි.
මොහු හෙම්මාතගම ප්‍රදේශයේ පුද්ගලයකු බවත් බදුල්ල ප්‍රදේශයේ කිරිපිටි අලෙවි නියෝජිතයකු වන ප්‍රකට ව්‍යාපාරිකයකුගේ දියණියක හා විවාහ වී මේ වනවිට බදුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු වසර 8ක පමණ කාලයක් ජාතික තව්හීත් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධ වී කටයුතු කර ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර එම සංවිධානය දෙකඩ වීමෙන් පසුව සිලෝන් තව්හීත් ජමාත් සංවිධානයේ බදුල්ල ශාඛාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
සිලෝන් තව්හිත් ජමාත් සංවිධානය හා සම්බන්ධ බදුල්ලේ සාමාජිකයින් 50 දෙනෙකු පමණ බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඔවුන් සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් විශේෂ කාර්යංශය,රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු ආරක්ෂක බුද්ධි අංශ තොරතුරුවලට අනුකූලව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශන සිදුකෙරේ.
ඉස්ලාම් ධර්මයට පටහැනි මූලධර්ම අනුගමනය කරමින් අන්තවාදී සංවිධාන සමඟ එක්ව කටයුතු කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු රැසක් ඉස්ලාම් ධර්මය නිසිලෙස අනුගමනය කරන මුස්ලිම් ප්‍රජාව විසින් පොලිසිය වෙත ලබාදී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
(එෆ්. අස්ලම්)
| ලංකාවෙ මුස්ලිම් Top Companies අයිති අය ගැනත් / Ministers ලා ගැනත් දැන් සැකයි.හොයලා බැලුවා නම් තමා හොඳ. | 112 | POSITIVE |
ncpp_train_38320 |
ෆෝන් “පාස් වර්ඩ්” සැකයක් නිසා
සැමියාගේ පිහි පහරින් බිරිය මරුට
සැකය ජීවිත අවුල් කළ අවස්ථා බොහෝය. සැකයේ බීජය සිත තුළ තැන්පත් වීමෙන් තම දිවියට මෙන්ම අන්‍යයන්ගේ ජීවිත කෙරෙහිද බොහෝ බලපෑම් ඇති කරයි. එවැනි සැකයේ බීජයක් තුළින් උපන් ක්ෂණික කෝපය පසුගිය දිනක පුපුරා ගියේ ජීවිතයක් අහිමි කරමිනි.
දුක සැප සම සිතින් දරාගෙන එකට විසීමට පොරොන්දු වෙමින් කුල ගෙට ආ රේණුකා මල්කාන්ති තම සහකරුගේ හදිසි කෝපයට බඳුන්ව
පිහි ප්‍රහාරයට ලක්ව ජීවිතයෙන් සමුගත්තේ පසුගිය 23දා සන්ධ්‍යා කාලයේය.
තම ජංගම දුරකතනයට මුර පදයක් (password) යොදා තිබීම පිළිබඳව සැමියා විමසූ අවස්ථාවේ ඊට ඇය දැක්වූ ප්‍රතිචාරය නොරිස්සූ සැමියා එල්ල කළ පිහි ප්‍රහාරයෙන් රේණුකා මල්කාන්ති නමැති 39 හැවිරිදි එක් දරු මවකගේ මරණය සිදුව ඇත.
අගලවත්ත දාපිළිගොඩ පදිංචිව සිටි දේව වරමින් ශාස්ත්‍ර කීම වෘත්තිය කරගත් රේණුකා මල්කාන්ති තම සැමියා හා 12 හැවිරිදි දියණිය සමඟ සතුටින් දිවි ගෙවමින් සිටියාය. කිසිදු ආර්ථික අපහසුතාවක් හෝ ගැටලුවක් නොමැතිව තම සැමියා වූ අචල ප්රියන්තගේද වෘත්තීය ආදායමෙන් පවුලේ කටයුතු සමබරව පවත්වාගෙන ගියාය. අචල ප්‍රියන්ත බේකරි කර්මාන්තයේ නියැළුණු අතර දියණිය පාසල් වියේ පසු වූවාය.
සතුට සොම්නස පිරී ඉතිරී පැවැති නිවෙසේ සැම ප්‍රීතියෙන් කල් ගෙවූ කල හදිස්සියේ ඇතිවූ ව්‍යසනය පිළිබඳ ඥාතීන් පවා සිටින්නේ පුදුමයට පත්වය.
අසල්වාසී නිවෙසක පැවැති අවමංගල්‍යයකට සහභාගි වීමට සූදානම් වෙමින් සිටි සැමියාගේ කටයුතුවල යෙදී සිටියදී තම සැමියා ඇයගේ ජංගම දුරකතනය අතට ගත්තේ යම් ඇමතුමක් ලබා ගැනීමටය. එහෙත් එම දුරකතනයට මුර පදයක් යොදා තිබීම පිළිබඳව නොරිස්සූ ඔහු ඒ පිළිබඳව ඇයගෙන් විමසා තිබේ.
එහෙත් ක්ෂණික කෝපය මත සිදුකළ මෙම අපරාධය පිළිබඳව පසුතැවීම ඇතිවන විට තම ආදරණීය බිරිය මෙලොව හැරගොස් ඇති බව ඔහුට පසක් විය. ඒ පිළිබඳව ඇතිවූ සිත්තැවුල සංසිඳුවා ගැනීමට ඔහුගේ සැනසිල්ලට තිබුණේ වල් නාශක බෝතලයකිනි. ඔහු දිවි තොර කර ගැනීමට දැරූ උත්සාහය ඥාතීන් ඇතුළු අසල්වාසීන්ගේ මැදිහත් වීමෙන් වැළකුණද මෙතෙක් ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව රෝහල්ගතව සිටී.
(තොරතුරු - ප්‍රභාන් බුලත්සිංහල)
| "මුර පදයක්" කල හදියක් | 68 | POSITIVE |
ncpp_train_38321 |
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ගේ බැංකු ගිණුම්වලට අරගලයට සම්බන්ධ පිරිස්වලින් මුදල් ලැබී තිබුණේ දැයි සොයා බැලීම සදහා බැංකු හා මුල්‍යායතන 19ක ගිණුම් පරීක්ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ත්‍රස්ත මර්දන හා විමරිශන කොට්ඨාසයට ඊයේ (28) අවසර දුන්නේය. අරගලය පැවැති කාලවකවානුවේ දී අරගලයට සම්බන්ධ අයගෙන් මෙම හිමිනමගේ බැංකු ගිණුම්වලට විදේශීයව හෝ දේශීය වශයෙන් කිසියම් මුදලක් ලැබී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුව ඇති බැවින් එම හිමිනමගේ ජාතික හැඳුනුම්පතට අදාළව බැංකු හා මුල්‍යායතන 19හි ගිණුම් ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට නියෝග නිකුත් කරන්නැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මෝසමක් මගින් මෙම නඩුව ඊයේ (28) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය. ගාලුමුවදොර අරගල සිද්ධියට අදාළව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් මෙම හිමිනම ත්‍රස්ත මර්දන පනතට අනුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 2022 වසරේ අගෝස්තු මාසයේදී ය. පසුව මාස තුනක කාලයක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි සැකකාර හිමිනම නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉකුත් 2022 වසරේ නොවැම්බර් මස 18 වැනිදාය.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකාර හිමිනම රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වූයේ ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස 23 වැනිදාය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිට නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප නියම වූ සිරිධම්ම හිමියන්ට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ මාස දෙකකට වරක් පෙනී සිටින ලෙසට අධිකරණයෙන් ඇප කොන්දේසියක් ද නියම කර ඇත.නිමන්ති රණසිංහ
| හැමදෙටම මෙ වගෙ කාගෙ හරි ඇගෙ ගහලා මෙවා සුද්ද කරන්න එපා සිස්ටම් change එක එකට මෙ අය දත කැවෙ ජනතාව ඉස්සරහා දාගෙන අපට ආදරෙට නෙමෙ. | 4 | POSITIVE |
ncpp_train_38322 |
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිය ශිරන්ති රාජපක්ෂට අද (27) දිනයේ අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව දන්වා ඇති බව වාර්තාවේ.
ඇයගේ නීතිඥයින් මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදු කර ඇත. ඇය සිරිලිය සවිය යටතේ වාහන අවභාවිතාවක් සිදු කර ඇති බවට චෝදනා ලැබ මෙම ප්‍රශ්න කිරීමට කැඳවා තිබුණි.
| අපි එහෙම නොගියනම් අපේ මෙලහකත #$ත් පලල පොලිසියෙන් | 65 | POSITIVE |
ncpp_train_38323 |
කොළඹ ආනන්ද නාලන්ද, රාජකීය, ඩී.එස් . සේනානායක, තර්ස්ටන්, ඇතුළු දිවයින පුරා පාසල් විසිදෙකක් පමණ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන තිබේ.
කොළඹ මහානාම,ඉසිපතන, ලුම්බිණි, ගල්කිස්ස සාන්ත තෝමස්, බම්බලපිටිය සාන්ත පීතර, බොරැල්ල සී.ඩබ්ලිව්, ඩබ්ලිව්. කන්නන්ගර, රත්නාවලී බාලිකා, කොටහේන සිංහල විදුහල හා දෙමළ විදුහල, මෝදර ද ලාසාල්, මරදාන අල්හිදායා, මාලිගාවත්ත බාරොන් ජයතිලක, කිරුළපන මහාමාත්‍ය , නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක, මධ්‍යම පළාතේ දඹුල්ල වීර විජය විමලරත්න හා මහනුවර හේවාහැට මහා විදුහල එලෙස යොදාගෙන ඇති සෙසු පාසල් වේ.
මෙම පාසල් යොදා ගැනෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා නොව නිවාඩු අවලංගු කිරීම නිසා නිවෙස්වල සිට පැමිණෙන ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට දින 14ක ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද පැවසීය.
මීට අමතරව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය හා මහජන පුස්තකාලය ද ලබා ගෙන තිබේ.
මධ්‍යම පළාතේ පාසල් දෙකට අමතරව කොත්මලේ හා මහනුවර තවත් පාසල් දෙකක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි එම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තිලක් ඒකනායක ඊයේ (28 වැනිදා) පැවසීය.
නිලන්ත මදුරාවල
| ඇයි අර වහල තියෙන parliament එක ඕකට කියාපු තැන එකම entrance එකයි තියෙන්නෙ අරලියගහ මන්දිරය උනත් ගන්ඩ පුළුවන් | 78 | POSITIVE |
ncpp_train_38324 |
අහංගම පොලිස් වසමේ හෝටලයක ගෑස් සිලින්ඩරයට සවිකර ඇති බටය පුපුරා ගොස් ගෑස් කාන්දුවක් සිදුවී ඇති බව වාර්තා වේ.එමෙන්ම විශාල ශබ්දයක් හටගෙන ඇති බවද පොලිසියේ ඉහළ නිලධාරියෙකු සදහන් කොට ඇත.
මෙම ගෑස් සිලින්ඩරය හෝටලයේ මුළුතැන්ගෙට පිටතින් සවිකර තිබු බව දැනගන්නට තිබේ.කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් ජීවිත හෝ දේපල හානි කිසිවක් නොමැති බව අහංගම පොලිස්ථානය සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිස්ථානය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි. එමෙන්ම, ජාඇල - තුඩැල්ල ප්‍රදේශයේ නිවසකින් ද ඊයේ රාත්‍රියේ විශාල ශබ්දයක් සමගින් ගෑස් ලිප පුපුරා යාමේ සිද්ධියක් වාර්තා විය. මේ වනවිට රත්නපුර, අලව්ව, වැලිගම, කොළඹ තුරඟ තරඟ පිටිය,පන්නිපිටිය, නිකවැරටිය
කෑගල්ල හා පුත්තලම ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර ආශ්රිත පිපුරුම් වාර්තා විය.පිපිරුම් සිලින්ඩරවල සංයුතිය නිසා සිදුව ඇතිද යන්න විමසූ වාර්තාසඳුදා ප්‍රකාශ කළ හැකි බවරාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා ඇත.
| ගෑස් සිලින්ඩරයේ සංයුතිය පිලිබඳ ප්‍රමිතියක් තවම ලංකාවේ හඳුන්වල දීල නෑ. දැනට ප්‍රමිතියක් හඳුන්වල දීල තියෙන්නේ සිලින්ඩරයේ ශක්තිය පිළිබඳව හා සිලින්ඩරයේ පීඩන මට්ටම පිළිබඳව. ඉතින් ලිට්රෝ සහ ලාෆ්ස් ආයතන වලට සංයුතිය පිළිබඳව වැරැද්දක් කියන්න බෑ. ඔවුන් එකයි බය නැතිව ඇවිත් මාද්‍ය හමු තියන්නේ. වැරැද්ද මේ පිලිබඳ වගකියන ඇමතිවරයා වන ලසන්ත අලගියවන්නගේ. පාරිභෝහික කටයුතු පිලිබඳ අධිකාරියේ හිටපු අධ්යක්ෂ තුෂාන් ගුනවර්දන මේ සංයුතියේ වෙනස පිළිබඳව මැයි ජුනි මාසවල ඇමතිවරයට ලියුම් යවලා, email යවලා, සහ මුණ ගැහිලා කියල තියෙනවා. එතකොට සංයුතිය පිලිබඳ නීතියක් ඉක්මනට ගේන එක හෝ ගැසට් කිරීම ඇමතිගේ වගකීම. දැන් ඇමති බය වෙලා එයාට වරද පැටවෙයි කියල මාද්‍ය හමු තියලා පාරිභෝගිකයාට වරද පටවනවා appliances වල වැරැද්දක් කියලා. | 14 | POSITIVE |
ncpp_train_38325 |
මිනුවන්ගොඩ නිල්පනාගොඩ හුරිගහමුල රතුකුරුස හන්දියේදී 27 දා දහවල් නිරෝධායනයට යන පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයකට යටවීමෙන් යතුරු පැදියක ගමන් කළ තරුණයකු එතැනම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.එම අනතුර සිදුවීමත් සමගම ජනතා විරෝධය පලවීමෙන් අනතුර සිදු වූ ස්ථානයේ උණුසුම්කාරි වාතාවරණයක් ඇතිවිය.මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරු පැදිය පදවාගෙන ගිය දිවුලපිටිය අස්වැන්නවත්ත පදිංචිව සිටි රාමනායකගේ නිපුණ ඉෂාන් රාමනායක නැමති 23 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි. මියගිය තරුණයා තවත් පුද්ගලයකු සමග දිවුලපිටිය දෙස සිට මිනුවන්ගොඩ දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී පාර හරහා පැන්න පදිකයකුගේ ද ඇගේ හැපී ඇතැයි පොලිසිය සිදුකළ මූලික පරික්ෂණවල දී හෙළිවී ඇත.
පාර මැදට වැටුණු තරුණයා ඒ අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි බස් රථයට යටවී හිස පොඩිවී ඇතැයි ද පොලිසිය කියයි.මෙසේ යටවී ඇත්තේ කටුනායක සිට කුරුණෑගල දෙසට ගමන් ගත් නිරෝධායනයට ලක් කිරීමට සංචාරකයන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයකට බවත් පොලිසිය පවසයි. යතුරුපැදියේ ගමන් ගත් අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා ගම්පහ මහ රෝහලට මාරුකර යවා ඇති අතර යතුරු පැදියේ ගැටුණු පදිකයා සොයා ගැනීමට නොහැකි වූ බවදපොලිසිය කියයි.මෙම සිදුවීමත් සමග නිරෝධානයන සඳහා යොදාගන්නා බස් රථ හමුදා නාමය සඳහන් කරගෙන අධික වේගයෙන් ගමන් කරන ඒවා බවත් ඒවායේ බලපත්‍ර නිසියාකාරව නැති බවත් පවසමින් ප්‍රදේශවාසීහු විරෝධය පළකරන්නට වූහ. පසුව පැමිණි බස් රියකට ද මග අවහිර කරමින් ජනතාව විරෝධය පළ කරනු ලැබූහ.බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නිරෝධායනයට ලක් කරන පිරිස වෙනත් බසයකින් යැවීමට පියවර ගෙන තිබේ. බෙම්මුල්ල කොට්ඨාසයේ හදිසි මරණ පරික්ෂක වෛද්යාචාර්ය චන්ද්‍රසිරි මාරසිංහ මහතාගේ නියෝගයෙන් මියගිය අයගේ දේහය මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දී මරණ පරීක්ෂණයට හා පශ්චාත් මරණ පරික්ෂණයට ලක් කිරීමට කටයුතු යොදණු ලැබීය.අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඒ.ටී.එම්. රණසිංහ මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද අතර රිය අනතුරකින් හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇතැයි නිගමනය කරනු ලැබුවාය. ඒ අනුව මෙම මරණය මාරක අනතුරක් නිසා වුවක් බවට හදිසි මරණ පරීක්ෂකවරයා තීරණය කළේය.
සැකකාර රියදුරු අධිකරණයට පමුණුවන ලෙස පොලිසියට නියෝග කෙරිණි. මෙම මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රොෂාන් මහේෂ් මහතාගේ මෙහෙයවීම යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස්පරික්ෂක දනන්සුරිය පොලිස් කොස්තාපල් 87406 සුදර්ශන යන නිලධාරිහු පරික්ෂණ පැවැත් වූහ. පොලිසිය සිදුකළ මූලික පරික්ෂණවල දී හෙළිවී ඇත. පාර මැදට වැටුණු තරුණයා ඒ අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි බස් රථයට යටවී හිස පොඩිවී ඇතැයි ද පොලිසිය කියයි. (මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
| අධෝ මාර්ගෙට පෙට්‍රල් ගහගත්තා වගේ පට්ට වේගෙන් ඇවිත් පාර පනින මනුස්සයෙක් උඩින් පාවෙන්න හප්පලා වීසි වෙලා ගිහින් වැටුනම බස් රියැදුරා මොනා කරන්නද???? හොනට් එකක් පදිනකොට යෝධ බල යෝධ වීරිය ලැබෙනවා කියලා තමයි සමහරු හිතන්නේ...... මේ අනතුරේ CCTV බැලුවනම් මේක පේනවා.... | 19 | POSITIVE |
ncpp_train_38326 |
ප්‍රකට නිළි හා පාඨශාලා ගුරුවරියක වන දුලානි අනුරාධා පසුගියදා යුග දිවියට පිවිසියාය. ඇය අතගත් මනාලයා නාවික හමුදා නිලධාරියෙකු වන අසෝක සේනාධීරයි. කොළඹ හෝටලයක මීට දින කිහිපයකට පෙර පැවති විවාහ උත්සවයට සීමිත ආරාධිතයින් පිරිසක් පමණක් එක්වූ බව වාර්තා විය. ඡායාරූප - මෙතැනින් ක්ලික් කරන්න
| කාට හරි අපහාස කරේ නැත්නම් උබට එදාට නින්ද යන්නේ නෑ නේද ලොල්ලෝ | 11 | POSITIVE |
ncpp_train_38327 |
කොරෝනා රෝගය නිසා ලංකාවේදී මියගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වූයේ මාරවිල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ධර්මසිරි ප්‍රනාන්දු මහතාය සංචාරක මගපෙන්වන වෘත්තියෙහි නිරතවූ ඔහුට ජර්මානු සංචාරක කන්ඩායමක් සමග
අවසන් සංචාරය
සිදු කිරීමෙන් පසු මෙම රෝගය වැළෙදන්නට ඇතැයි විශ්වාස කෙරිණි.
දියවැඩියාව අධිරුධිර පීඩනය හා වකුගඩු සැත්කමකට භාජනයවූ පුද්ගලයෙකුවූ නිසාම මෙම රෝගය සමග ඔහුගේ සිරුර දුර්වල මට්ටමකට ගෙන එන ලදි. ඊයේ (28) සවස මියගිය ඔහු අද (29) උදෑසනින්ම ආදාහනය කෙරිණි. අයිඩීඑච් රෝහලට යාබද කොටිකාවත්ත පොදු සුසාන භූමියේ ඔහු ආදාහනය කරන අවස්ථාවට ඥාතීන් 3 දෙනෙකුද එක්වූ අතර ලෝක සෞඛ්‍ය සවිධාන නිර්දේශ මත විෂබීජ පිට නොවන්නට ඉතා ආරක්ෂාකාරී ලෙස කුමවේදයක් අනුගමනය කර ආදාහනය සිදු කෙරිණි.
| හරියට රස්සාවක් නැති හින්දනෙ, සුද්දන්ට ගයිඩ් කෙනෙක් වුනේ. පව්. කොහොම ලොජික් දැම්මත් ඒ මිනිහගෙ පවුලට හිත හදා ගන්න අමාරැයි | 1 | POSITIVE |
ncpp_train_38328 |
වේලාවට කිරි කෝප්පයක් සාදා අතට නොදුන්නා යැයි පවසා අලුත ගෙනා මනාලියක් නැන්දම්මාට කිරි කෝප්පයකින් දමා ගසා රැකියාවට ගොස් ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.කෑගල්ල නගරයට නුදුරු ගම්මානයකි. මෙම ගම්මානයේ දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් මව්පිය යුවළක් පදිංචිව සිටිති.
මෙම මව්පිය යුවළගේ බාල පිරිමි දරුවා හැර සෙසු වැඩිමහල් දරුවන් තිදෙනා විවාහ වී වෙන වෙනම පදිංචිව සිටිති. බාල පිරිමි දරුවා රජයේ රැකියාවක් කරන අතර කල වයස සම්පූර්ණ වීමත් සමඟ මනාලියක් කැන්දාගෙන ඒමට මව්පියෝ කටයුතු කරමින් සිටියහ. කපු මහත්මයකු විසින් මීට වසර දෙකකට ඉහතදී ගෙනා යෝජනාවකට අනුව මීට මාස කිහිපයකට ඉහතදී රජයේ රැකියාවක නියැළී සිටින මනාලියක කැන්දාගෙන ආවේ වයඹ පළාතෙනි.වයඹ පළාතෙන් මනාලිය කැන්දාගෙන පැමිණිය ද තවමත් ඇයට ස්ථාන මාරුව කෑගල්ලට සාදා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඇය පාන්දරින්ම රැකියාවට පිටත්ව යාමට පුරුදුව සිටියාය. ලේලිය පාන්දරින්ම රැකියාවට පිටත්ව යන නිසා ඇය ගැන අනුකම්පා කළ මනාලයාගේ මව්පියෝ පාන්දරින්ම නැගිට කෑම උයා පිහා කෙසෙල් කොළයක ඔතා කෑම පර්සලයක් බැඳ දීම පුරුද්දක් කරගෙන සිටියහ. සෑම දිනකම නිවසින් මිනිත්තු කිහිපයකට පෙර පිටත් වීමට ආසන්නයේ දී කිරි කෝප්පයක් ද සාදා ලේලිය අතට දීමට නැන්දම්මා අමතක නොකළාය.ඉකුත් දිනෙක නැන්දම්මා ලේලියට සියල්ල කර දී තිබුණ ද ඇය අවදි වීම ප්‍රමාද වීම හේතුවෙන් ලහි ලහියේ සියල්ල සූදානම් කරන අවස්ථාවේ දී කෑගල්ල නගරය බලා යාමට බස් රථය ඈතින් පැමිණෙන ශබ්දය ලේලියට ඇසුණි.
ලේලිය හනික ලෑස්ති වී කෑම පාර්සලයත් රැගෙන මඳ අඳුරේ නිවසින් එළියට බහින්න සුදානම් වූ අවස්ථාවේ දී නැන්දම්මා විසින් සාදා කාමරයේ මේසය මත තබා තිබුණු කිරි කෝප්පය පානය කරන්න ලේලියට වේලාවක් නොතිබුණි. පසුව නැන්දම්මා කාමරයට ගොස් කිරි කෝප්පය ගෙන ලේලිය අත තැබුව ද ප්‍රමාද වී අවදි වීම හේතුවෙන් යම් කෝපයකින් සිටි ලේලිය කිරි කෝප්පය කල් ඇතිව පානය කරන්න සාදා නොදුන්නා යැයි පවසා නැන්දම්මාට තේ කෝප්පයෙන් දමා ගසා බස් රථයට දිව ගොස් ඇති බව වාර්තා වෙයි.පාන්දරින්ම අවදි වී උයා පිහා සියල්ල කර දෙන තමන්ට කිරි කෝප්පය අතට නොදුන්නා යැයි ලේලිය කිරි කෝප්පයෙන් දමා ගැසීම සම්බන්ධයෙන් සිත් වේදනාවෙන් අසල්වැසි කාන්තාවක සමග සිව් දරු මව පවසා ඇතැයි ද වාර්තා වෙයි.චමින්ද වැවතැන්න
| ඕවගේ හෙන හැංගුණු කතා, තව නොකිය ඇරපු අටුවා ටීකා ටිප්පිනි බොහොම තිබෙන්නට පුළුවන් නිසා ගොඩක් වෙලාවට අනුන්ගේ පවුල් වල කතා වලට තීන්දු දෙන්න යන්න හොඳ නෑ. අපේ පුතාට දැම්ම ළමයි ඕන් නෑ ගාන නාකි ගැහැණු ඉන්න ලෝකේ, එහෙම වෙන්න බෙහෙතක් වත් දාල ලේලිට දුන්න තේකක් ද කව්ද දන්නේ. | 32 | POSITIVE |
ncpp_train_38329 |
ඇඟිල්ලෙන් අනිමින් නීතිඥයාට උපදෙස් දුන් පවිත්රාට උසාවියෙන් දැඩි අවවාද
පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි ඊයේ අධිකරණයේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මියගේ දැඩි අවවාද කිරීමකට ලක්ව තිබෙනවා.
මෙයට හේතුවී ඇත්තේ ඇයට සම්බන්ධ නඩුවකට ඇය උසාවියේ පෙනී සිටි අවස්ථාවේ නඩුව විභාගවීමට සභාවේ අවධානය ඇරඹුණ පසුව අනවශ්‍ය ලෙස ඇගේ නීතීඥයින් වෙත ගොස් ඇඟිල්ලෙන් අනිමින්
විවිධ උපදෙස් දෙන්නට යාම නිසාය.
නඩුවක් විභාග වන අවස්ථාවක මහේස්ත්‍රාත්වරිය බලා සිටියදී විනයානුකූල පරිසරයක් තිබීම එම නඩුවේ තීන්දුව කෙරෙහි අවශ්‍ය බැවින් පුද්ගලයින්ට ඇවිදින්නට දුරඇමතුම් ලබාගන්නට කතාබහේ යෙදෙන්නට වතුර බොන්නට අවස්ථාවන් සලසා නැත. කිසිවෙකු එලෙස බාධාවන ලෙස හැසිරෙනවා
නම් ඒ වෙනුවෙන් නීතියෙන් කටයුතු කිරීමටද විනිසුරන්ට අවස්ථාව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි නීතීඥවරියකද වන අතර ඇය මේගැන හොඳහැටි දැන සිටියදී මෙම වරද සිදුව තිබේ.
තමාට අදාළ නඩු කටයුත්ත සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වන අවස්ථාවේදී සිය නීතිඥවරයකුට ඇඟිල්ලෙන් අනිමින් උපදෙස් ලබාදුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ (28 දා) පෙරවරුවේ තරයේ අවවාද කළාය.
ඊයේ ඇයට අදාළ නඩු නිමිත්ත වූයේ බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් ඇය බද්දට ගෙන එහි පහසුකම් ප්‍රශ්නයක් නිසා නියමිත කාලයට පෙර ලබාදෙන්නට යාමේදී නිවසේ හිමිකරු ඇයට අගරු චෙක්පතකින් ගෙවිය යුතු මුදල වංචා කිරීමයි. ඇය ඔහුට එරෙහි රුපියල් ලක්ෂ 20 ක් වංචා කිරීමේ චෝදනාව යටතේ එම නඩුව පවරා තිබිණි. එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ සිය නීතිඥවරුන් සමඟ අධිකරණයට පැමිණි මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කනිෂ්ඨ නීතිඥවරයකුගේ ශරීරයට ඇඟිල්ලෙන් ඇන ඇන උපදෙස් ලබාදෙන අයුරුත් ඔහු අධිකරණ ශාලාවේ කෙළවරකට කැඳවාගෙන ගොස් උපදෙස් දෙන අයුරුත් නිරීක්ෂණය කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙසේ කියා සිටියා.
නඩුවට අදාළ පාර්ශ්ව සිය නීතිඥවරුන්ට උපදෙස් ලබාදෙන්න ඕනෑ අධිකරණ නඩු කටයුතු සිදුකරන අතරතුරදී නොවේ. අධිකරණයෙන් පිටතදියි. කිසිම කෙනකුට සිය නීතිඥවරුන්ට ඇඟිල්ලෙන් ඇන ඇන උපදෙස් දෙන්න අධිකරණයට ඉඩ දෙන්න බෑ. ඒක කාටත් එකයි. මේ නඩුවට විශේෂත්වයක් දක්වන්න අධිකරණයට බෑ. පැමිණිලිකාරිය නීතිඥවරියක්. ඒ නිසා උසාවියේ හැසිරෙන හැටි අනිත් අයට වඩා හොඳට දැනගන්න ඕනෑ’
| හොදින් හෑසිරෙන්න? ලෑජ්ජා - බය, වත් තියනවනම් හොදටම ඈති. | 43 | POSITIVE |
ncpp_train_38330 |
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වත්මන් තත්වය ගැන ඊයේ සිදුකළ විශේෂ සාකච්ඡාවක් පහත පළවේ.
ප්රශ්නය - ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් යහපාලන එකඟතාවයෙන් ඉවත්වී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය පිරිනමමින් අලුත් ආණ්ඩුවක් බිහි කිරීම නීති විරෝධී
හා ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බවට රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එජාපය චෝදනා කරනවා. මේ චෝදනාවේ සත්‍ය අසත්‍යතාව මොනවගේ ද?
පිළිතුර - මේ චෝදනාව සත්‍යයක් නෙවෙයි. මෙහි කිසිදු නීති විරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී බවක් අමුතුවෙන් සනාථ කරන්න දෙයක් නැහැ. ව්‍යවස්ථානුකූලයි. මේකට ළඟම උදාහරණ ලෙස අපට ගන්න පුළුවන්කම තියෙන්නෙ 2015 මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තු බහුතරයකගේ විශ්වාසය ලබාගත හැකි වේ යැයි විශ්වාස කරන පුද්ගලයා අගමැතිවයා ලෙස පත් කරන්න කියලා. එතකොට අපි 2015 ජනවාරි 9 වැනිදා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වූ වහාම, ඔහුගේ අභිමතය වුණේ විපක්ෂ නායකවරයා අගමැති කළ යුතුයි කියල. ඒ වනවිට අගමැතිකම
දැරූ දි. මු. ජයරත්න මහතා ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබුණා ආසන 162 ක්. එජාපයට තිබුණේ ආසන 41 යි. අමතරව හයදෙනෙක් එකතු වුණා. ඔක්කොම 47 යි. ඒ 47 න් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ලෙස ජනාධිපතිතුමා විසින් පත් කළේ. එතකොට එදා දි. මු. ජයරත්න අගමැතිතුමා ඉල්ලා අස්වීමේ ලිපියක් දුන්නේ නැහැ. එතුමාව අස්කරල ආණ්ඩුවෙන් ලියුමක් ගැහුවා. ඒ ලියුම ගහල තියෙනවා. ජනාධිපතිතුමාගේ ෆයිල් එකේ තාම ඒ ලිපිය ඇති. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කියල ඊළඟ ලිපිය ගැහුවා. එහෙමයි එදා අගමැති පත් කළේ. ඒ ක්රමවේදයම තමයි අදත් අනුගමනය කරල තියෙන්නේ. මේ ක්‍රමවේදය වැරදි නම් 2015 ජනවාරි 9 දා රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමත් වැරදියි. නමුත්, අප මතක තබා ගත යුතුයි ගොඩක් අයගේ වැරදි වැටහීමක් තියෙනවා 19 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිකම පඹයෙක් කළා කියල. එහෙම දෙයක් වෙලා නැහැ. විධායක ජනාධිපති විධායක ජනාධිපතිම තමයි. යම් බලතල ප්‍රමාණයක් ඉවත් කරල වෙනත් ආයතනවලට පවරල තියෙනවා. ඒක තමයි නීතිමය තත්ත්වය.
ප්රශ්නය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියකින් එය පැහැදිලි කිරීමේ හැකියාව තියෙනවද?
පිළිතුර - වගන්තියකින් පැහැදිලි කරනවනම් 42(4)වගන්තියේ පැහැදිලිව තිබෙනවා, අග්‍රාමාත්‍යවරයාට අමාත්‍ය මණ්ඩලය කි‍්‍රයාත්මක වන තාක් කල් අග්‍රාමාත්‍ය ධුර දැරිය හැක කියල. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය විට අග්‍රාමාත්‍ය තනතුර නිකම්ම අහෝසි වෙනවා. ඉතිං අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරියා. ඊට අමතරව අග්‍රාමාත්‍යවරයාට අස්වීමේ ලිපියක් යැව්වා, ඊට පස්සේ අලුත් අගමැති පත් කළා. ඒක තමයි අලූත් අගමැති පත් කළ ක්‍රමය. ඒ ක්‍රමය නීත්‍යානුකූලයි ව්‍යවස්ථානුකූලයි.
ප්රශ්නය - එජාපය චෝදනා කරනවා. සන්ධාන රජයේ එක පාර්ශ්වයක් ඉවත් වුණාට ආණ්ඩුව කඩා වැටෙන්නේවත්, අගමැතිවරයා වෙනස්වන්නේත් නැහැ කියල.
පිළිතුර - ඒක අදාළ නැහැ. ජනාධිපතිවරයා රජයේ නායකයා. ආණ්ඩුවේ නායකයා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඕනෑම වේලාවක කැබිනට් මණ්ඩලය විසුරුවන්න. මොන පක්ෂයේ ඉන්නවාද නැද්ද එතුමාට අදාළ නැහැ. ඒ නිසා ඒ චෝදනාවෙන් ඵලක් නැහැ. කැබිනට් මණ්ඩලය විසුරුවා හැරියා නම් අගමැතිත් අහෝසි වෙනවා. ජනාධිපතිවරයාට අභිමත අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් ඉන්පසු පත් කරන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ ඒක.
ප්රශ්නය - තවත් චෝදනාවක් තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිකමින් යුත් නව ආණ්ඩුවට පාර්ලිමේන්තු බහුතරයක් නැහැ කියන එක. එජාපය කියන්නේ ඒ බහුතරය පෙන්වන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා.
පිළිතුර - බහුතර බලයක් කියන එක අපට, එහෙමත් නැත්නම් ආණ්ඩුවට එච්චර අදාළ කාරණයක් නෙමෙයි. කලින් මම කිව්ව පරිදි 2015 ජනවාරි 09 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා පිහිටවන ලද්දේත් පාර්ලිමේන්තු බහුතර බලයක් ඇති ආණ්ඩුවක් නෙමෙයිනේ. බහුතර ආණ්ඩුවක් හදන්න අපටත් පුළුවන්. අපිත් බහුතර බලය හදනවා. එජාපයෙන් තවත් පිරිස් ආණ්ඩුවට ඒවි කියල අපට විශ්වාසය තියෙනවා.
නමුත්, පාර්ලිමේන්තුවේ සම්ප්රදායක් නැහැ විශ්වාසය තියෙනවා කියල ඡන්ද ගන්න. ඡන්දයක් ගන්න පුළුවන් විශ්වාසයක් නැත්නම් විතරයි. ප්රශ්නය වෙන්නෙ ආණ්ඩුවට පනත් සම්මත කරගන්න බහුතරයක් ඕන. පනතක් බහුතරයෙන් සම්මත නොවුණොත් නීත්‍යානුකූල නොවී අහෝසි වෙනවා. ආණ්ඩුවට ප්‍රධානම ප්රශ්නය වෙන්නෙ විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සම්මත කර ගැනීමයි. අයවැය ලේඛනය සම්මත කරගන්න ක්‍රමවේදය ව්‍යවස්ථාවේ සඳහන් කර තිබෙනවා. ඒ ක්‍රමයට ගිහින් සම්මත කරගන්න බැරි වුණොත්, පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න වෙනවා. ඒකට සන්ධානයේ අය කැමැති වේවි. මොකද ඒ අය ඉල්ලන්නෙ මැතිවරණයක්නෙ. එහෙම වුණොත් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍ර ආසන 105 කොයි තරම් පල්ලමට බහීද දන්නේ නැහැ.
ප්රශ්නය - මෙවර අයවැය පරාජයට පත්වේවිද?
පිළිතුර - පරාජයට පත්වුණොත් ආණ්ඩුව විසිරුවා හැර මැතිවරණයකට යාවි.
ප්රශ්නය - එළැඹෙන 16 දා පාර්ලිමේන්තුව නැවත ආරම්භ වීමේදී ආණ්ඩුවට බහුතරයක් පෙන්වන්න පුළුවන් වේවිද?
පිළිතුර - පුළුවන් වේවි. ඒ හා සම්බන්ධව කටයුතු කෙරෙමින් පවතිනවා. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ සම්ප්රදායක් නැහැ. එසේ නම් විශ්වාසභංගයක් ගෙනැත් පක්ෂ නායකයන් එකඟ වී ඒ සඳහා දින යොදාගෙන ඡන්දයකට යන්න ඕන. ඒ නැතිව විශ්වාසය පෙන්වන ක්‍රමවේද, අපේ පාර්ලිමේන්තුව තුළ නැහැ. පනතක් සම්මත කිරීමේදී විශ්වාසය පෙන්විය හැකියි හෝ විශ්වාසභංගයකින්.
ප්රශ්නය - අලූත් ආණ්ඩුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ විදේශ බලපෑම් එල්ල වන්නට පටන් ගෙන තිබෙනවා. ඇමරිකාව පවා ප්‍රකාශ කර තිබෙනවා පාර්ලිමේන්තුව වහාම කැඳවා ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න කියල. ආණ්ඩුවෙන් මේකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ.
පිළිතුර - ජාත්‍යන්තර මැදිහත්වීම්වලට පාර කපන්නේත් අපේ අයමනෙ. නමුත් විදේශීය ඉල්ලීම් බලපෑමක් නෙමෙයි. විදේශයන් කියන කියන දේ කරන්න ආණ්ඩුව ලැහැස්ති වෙලාද ඉන්නෙ කියල අපි අහන්න ඕන. යුද්දෙ කියල කොයි තරම් විදේශ බලපෑම් ආවද යුද්දෙ නවත්තන්න කියල. කවුද ඇහුම්කන් දුන්නෙ. රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට එහෙම මැදිහත්වෙන්න පුළුවන්ද?
ප්රශ්නය - රටේ ආර්ථිකය බරපතළ විදිහට අර්බුදයට ලක්ව තිබෙනවා. ඩොලරයේ මිල ඉහළ යෑම, ඉන්ධන මිල සූත්‍ර වැනි දෑ මගින් ජනතාවගේ ජීවන වියදම දරන්න බැරි විදිහට ඉහළ ගිහින් අලූත් ආණ්ඩුවෙන් මේ සඳහා ඉක්මන් සහනයක් ලැබේවිද? ඒ සඳහා සැලසුමක් තිබෙනවාද?
පිළිතුර - අනිවාර්යයෙන්ම. අලූත් ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා බවට පත් වුණේ හිටපු ජනාධිපතිතුමා. අලුත් අගමැතිතුමා. එතුමන් සමඟ ඉන්න ආර්ථික විශේෂඥයන් සමඟ එකතුවෙලා අපට විශ්වාසයක් තියෙනවා එතුමාට අපට මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න පුළුවන් කියලා. අපේ අරමුණ වෙලා තියෙන්නේ දේශීය ව්‍යාපාරිකයන් උසුලන බදු බරින් ඔවුන්ට සහන සලසා ආර්ථිකය යහපත් කිරීම. ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන්න, තීන්දු තීරණ ගන්න තරම් අපට තවමත් කාලයක් ලැබුණේ නැහැ.
ප්රශ්නය - සෑම මසකම 10 වැනිදාට ජනතාවගේ හිස මත කඩා වැටෙන ඉන්ධන මිල සූත්‍රය වගේ දෑ සඳහා සහන සැලසේවිද?
පිළිතුර - ඉන්ධන මිල සූත්‍රය ඉවත් කරයි. ඒක හිටපු මුදල් ඇමැතිතුමාගේ හිතුවක්කාරී වැඩක්. ඒකට අපි කැමැති නැහැ. ඉන්ධන මිල සූත්‍ර හොඳයි සමහර රටවල්වලට. නමුත් අපි වගේ ආර්ථිකයක් පවතින රටවලට ඒක ගලපගන්න එක සුදුසු නැහැ.
ප්රශ්නය - එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වූ ඔබ අලූත් ආණ්ඩුවට එකතු වන්න තීන්දු කළේ ඇයි?
පිළිතුර - මම ආපු දවසෙ ඉඳන් මේ ආණ්ඩුවත් එක්ක රණ්ඩු කරල හති වැටිල හිටියෙ. මොකද අපි කියපු ප්‍රතිපත්ති එකක්වත් අපට කි‍්‍රයාත්මක කරගන්න බැරි වුණා. රටේ සම්පත් විකුණන එක නවත්තන්න පොරොන්දු වුණා. නමුත් ආපු දවසෙ ඉඳන්ම කළේ විකුණපු එක තමයි.
හම්බන්තොට වරාය දුන්නා. කොළඹ වරායෙ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න අගමැතිතුමා පොරොන්දු වෙලා. කැබිනට් එකේදී අපට ඒවට රණ්ඩු වෙන්න සිදු වුණා. එතකොට ති‍්‍රකුණාමලය වරාය දෙන්න ලැහැස්ති වුණා. මත්තල විකුණන්න ලැහැස්ති වුණා. මේවගේ පුළුවන් තරම් විදේශිකයන්ට දුන්නම අපේ ස්වෛරීභාවය අපට නැතිවෙනවා. අක්කර දහස් ගණනක් හම්බන්තොටින් චීනයට දෙන්න ලැහැස්ති වුණා. සමහර ඒවා දුන්නා. රට ගැන හැඟීමක් නැතිව එජාප නායකත්වය මේ තීන්දු ගත්තා. අපේ කෘෂිආර්ථික ප්‍රතිපත්තියට පයින් ගැහුවා. මේ ක්‍රමවේදය තුළ ආර්ථිකය කඩා වැටුණා. ආර්ථිකය හසුරුවන්න දුන්නේ නැහැ. අපට, රටට මේ විදිහට තවත් ඉදිරියට යන්න බැහැ.
ඒ නිසා මම විශ්වාස කරන දෙය තමයි පක්ෂයට කලින් රට ගැන ඉස්සරවෙලා හිතන්න ඕන. රට තිබුණොත් තමයි දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ හේතුව නිසා තමයි මම මේ ආණ්ඩුවට එකතු වෙන්න තීන්දු කළේ. මොකද ජනාධිපතිතුමයි, වත්මන් අගමැතිතුමයි රට විකුණන ප්රතිපත්තියක නැති, රට ජාතිය ගැන හිතන නායකයන් දෙදෙනකු නිසා.
ප්රශ්නය - ඔබ කියන්නෙ රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයට සුදුසු නැතැයි කියන එකද? වෙනත් නායකයකු එජාපයට පත්විය යුතුද?
පිළිතුර - ඔව්. පැහැදිලිවම රට ගැන හිතන නායකත්වයක් එජාපයට ඇත්තෙම නැහැ. මොකක් හෝ වැඩක් කළොත් බටහිර ගැති, රණවිරුවන් පාවා දෙන, සුද්දන් ඇවිත් අපට නීති දාන කටයුතුවලට තමයි තැන හදන්නෙ.
එහෙම අපට නිවට වෙන්න බැහැ. අපි දුප්පත්, පුංචි රටක් වුවත් එහෙම වෙන්න බැහැ. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය අනුව ස්වෛරීත්වයෙන් අප ඕනම රටකට සමානයි. අපි යටත් වෙන්න ලැහැස්ති විය යුතු නැහැ.
ප්රශ්නය - ඔබතුමා එජාප ජ්‍යෙෂ්ඨයකු ලෙස මේ ආණ්ඩුවට එකතු වූ ආකාරයට තවත් එජාප ජ්‍යෙෂ්ඨයන් ආණ්ඩුවට එකතු වෙයිද?
පිළිතුර - දැනටමත් අහනවා. කතා කරනවා. ඉදිරියේදී තවත් කිහිපදෙනකුම එකතු වෙනවා. අනිවාර්යයෙන් අපි පාර්ලිමේන්තු බහුතරය හදනවා. නැති වුණොත් පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා. තාමත් අපේ ආණ්ඩුව කියකියා ඔය කෑගහන අයට එදාට පිළිතුරක් ලැබේවි.
| ඔයා රනිල්ගේ ගොට්ටෙක් නේද, මේ ඇමතිට බැන්නා කියලා රනිල්ගේ අගමැති කම ලැබෙන්නේ නෑ | -38 | NEGATIVE |
ncpp_train_38331 |
මින් ඉහත වාර්තා පළවූ ආකාරයටම පසුගිය ඉරිදා බාර්සලෝනාහි පැවති ලෝක ජංගම දුරකතත කර්මාන්ත ප්‍රදර්ශනයේදී සුප්‍රකට නොකියා සමාගම සිය විශ්වාසනීය 3310 ජංගම දුරකථනය නැවත එළිදැක්වූවා. 2000 සැප්තැම්බර් මසදී ලෝකයට හඳුන්වාදුන් ආකාරයට වඩා එහි හැඩයේ හා විශේෂංගවල යම් යම් විශේෂතා ඇති බවද ප්‍රකට වුණා.
නූතන දුරකථනය, රතු, කහ, නිල් සහ අළු එකකි. වඩාත් සැහැල්ලු හා වර්ණවත් වේ. පෙර කලුසුදු වුවත් දැන් වර්ණ තිරයකි.,
කැමරාවක්,හා අන්තර්ජාලයට යාමටද හැකිය.microSD දැමීමේ හැකියාවඇත.
බැටරි ආයු කාලය පැය 22 ක් හා සූදානමින් තැබීම මාසයක් දක්වයි.පැරණි snake ක්‍රීඩාවද අලුත් කර නව ෆෝනයේ ඇත.
මෙම Nokia ජංගම දුරකථන 3310, 2017 වසරේ දෙවන කාර්තුව තුළ වෙළෙඳ පොළට එන අතර $ 52 (ලංකාවේ මුදලින් 8000) පමණ වනු ඇත..
මේ අතර නොකියා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත වෙනත් ස්මාර්ට් ෆෝන් 3 ක්ද ඉරිදා ප්‍රදර්ශනයේදී අලුතින් ඉදිරිපත් කර තිබේ. පහත පළවන්නේ අලුත් ෆෝන් එක ගැන විස්තරයකි.
| නෑ හලෝ..... මෑන් නොකියා කිව්වා කොම්පැණියට ඕක ආපසු හදලා දාහං කියලා. | 30 | POSITIVE |
ncpp_train_38332 |
ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා රුපියල් කෝටි 250 ක මුදලක් නිදහස් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ගොවි ජනතාවට පොහොර ලබා ගැනීම සඳහා
බැංකු වෙත මුදල් ලැබී නොමැති බවට ඊ තමන් වෙත ලැබුණු තොරතුරක් අනුව තමා මුදල් අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ විමසීමක් සිදු කොට එම මුදල් අදාළ බැංකුවල ගොවි ජනතාවගේ ගිණුම් වෙත යොමු කිරීමට උපදෙස් දුන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඊයේ (30දා) පස්වරුවේ පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
ග්‍රාමීය ජනතාවගේ ගැටලු විසඳමින් එම ප්‍රදේශ සංවර්ධනය කරා ගෙන යාමේදී රාජ්‍ය නිලධාරින්ගේ මෙන්ම මහජන නියෝජිතයින්ගේ ද අදහස් හා යෝජනා ඉතා වැදගත් බවත් සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල්වල කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් අවශ්‍යව ඇත්තේ ගමේ සංවර්ධනයට කැපවන ජනතා නියෝජිතයින් පිරිසක් බවත් පැවැසිය.
| කෘෂිකර්ම අමාත්‍යංශයේ නමි මුදල් නැතුව ඇති පොහොර ගෙන්න. එකේ මුදල් අර බිල්ඩිමට ගෙවනවනේ. | 61 | POSITIVE |
ncpp_train_38333 |
ශ්‍රී ලංකාව ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (27) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඔවුන් පවසා සිටියේ ඔවුන්ගේ ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ආර්ථිකය හසුරුවා නැති බවයි. එහිදී අදහස් දැක්වූ එම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන පීටර් බ්රූවර් පැවසුවේ මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වුවද තවත් අංශ වල වෙනස්කම් සිදුවිය යුතු බවයි.විශේෂයෙන්ම බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන් එම නියෝජිතයින් විවිධ කාරණා පෙන්වා දී තිබුණි. "නුදුරේදීම මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පිවිසීම සඳහා පළමු සමාලෝචනය යටතේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා පවත්වනවා. ඒ සමගම අපි කැමතියි මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව් කරන්න. පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට අපිට තව කාලය ටිකක් අවශ්‍යයි..."“වර්ධන වේගය අඩු මට්ටමක පවතීයි. සැබෑ දළ දේශීය නිෂ්පාදිතය වසරින් වසර සියයට 3.1 කින් හැකිලීම ඇත. ඉහළ-සංඛ්‍යාත ආර්ථික දර්ශක අඛණ්ඩව මිශ්‍ර සංඥා සපයයි. මෑත මාසවලදී රාජ්‍ය සංචිත සමුච්චය මන්දගාමී වී ඇත” ශ්‍රී ලංකාවට එහි ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉඩ සැලසීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගෙන යන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට නුදුරු කාලීනව එළැඹීම සඳහා සාකච්ඡා කරන බව පමණක් දන්වා ඇත.ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි කොටස නිදහස් කිරීම පමා වෙතැයි අනුමාන කෙරේ.ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්රූවර් පැවසුවේ ඒ සඳහා නියමිත කාල පරාසයක් කියන්නට බැරි බවයි.
| ඔය කරලා තියෙන්නේ. අපේ ආර්තික ප්‍රදාන ආයතන වල පොරවල් ඔක්කොම ආචාර්යය, මාහාචාර්ය. සමහර උදවියගේ නම වගේම දිගයි සුදුසුකම් set එක... | 12 | POSITIVE |
ncpp_train_38334 |
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (29) දිවුරුම් දුන්නේය.
මීට අමතරව
තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂයන් සංශෝධනයක් ද කර ඇති අතර ඒ අනුව රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ අමාත්‍යවරයාව සිටි රංජිත් මද්දුම බණ්ඩාර මහතා යටතට ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය ද පවරනු ලැබ තිබේ.
ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ පී. හැරිසන් මහතා කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
(ඩයනා උදයංගනී)
| මහින්ද මහත්තයා ඔයාට කැබිනට් ඇමතිකමකුයි වෙඩි නොවදින රථයකුයි ලස්සන ලේකම් නෝනෙකුයි දෙනවලු. යනවද ඒ පැත්තට. | 8 | POSITIVE |
ncpp_train_38335 |
ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉන්දීය රජයෙන් ඉහළ පිළිගැනීමක් ලබාදී තිබෙනවා.
ඒ අනුව අද
පෙරවරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් මන්දිරියේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හමුදා උත්තමාචාරයක්ද පිරිනැමුවා.
පසුව ඉන්දීය ජනපති රාම්නාත් ගොවින්ද් මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඔහුව පිළිගනු ලැබු අතර Twitter ගිණුම හරහා සටහනක්ද තබා තිබුණා.
ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වශයෙන් සිදු කරන ප්‍රථම විදෙස් සංචාරයේදී @GotabayaR පිළිගැනීමට ලැබීම සතුටක්. එතුමාගේ සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයේ සංකේතයක් වන අතර එය අපගේ බැඳීම් ශක්තිමත් කිරීමට හා අප සහයෝගීතාවය බලගැන්වීමට උපකාරී වනු ඇත. pic.twitter.com/pB4KtVwaqC
— Narendra Modi (@narendramodi) November 29, 2019
| Mr ගෝටා, ඔය ඉන්දියානුවෝ කට්ටයෝ. ඔවුන් අපිට උදවු කරන්නේ ඔවුන්ගේ විශාල ප්‍රශ්ණ විසඳන්නේ නැතිව. ඇයි ඒ?????? ඔවුන් අපිව යටපත් කරගෙන අපේ සම්පත් ප්‍රයෝජන ගන්න උත්සාහයක නිරත වන්නේ. ඔවුන් බූවල්ලන් වගේ. අපි ඔවුන්ට ගැති වන්නට ඕනෑ නොවේ. අපි අපිම නැගිටිමු. අපිට පුළුවන්. | 15 | POSITIVE |
ncpp_train_38336 |
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පසුගියදා පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 239ක පරාජයක් ලබන්නට ශ්‍රී ලංකාවට සිදුවූ අතර එම පරාජය ටෙස්ට් ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලැබූ දරුණුතම පරාජය ලෙසද වාර්තා පොත් අතරට එක්විය.
කෙසේ වෙතත් මෙම පරාජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් තුළ ඇත්තේ බලවත් අප්රසාදයකි. තරගය අවසානයේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා විදෙස් මාධ්‍යක් හමුවේ පවසා ඇත්තේ පිතිකරුවන්ට සහයෝගයක් දක්වන තණතීරුවක මෙවැනි ඉතාමත් දුර්වල පිතිහරඹයක්
දක්වනවා නම් එයට කිසිදු සමාවක් නැති බවය.
"නාග්පූර් තණතීරුව පළමු දින තුනේදී පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තණතීරුවක් බවට පත්වෙලා තිබුණත් එවැනි තණතීරුවක පළමු ඉනිමේදී ලකුණු 400ක්වත් රැස්කර ගැනීමට නොහැකි නම් ලෝකයේ ටෙස්ට් වර්ගීකරණයේ අංක එකේ පසුවන කණ්ඩායමකට සටනක් දෙන්න කොහෙත්ම බැහැ. අපි කාසියේ වාසිය දිනුවත් එහි වාසිය අපිට ලබාගැනීමට නොහැකි වුණා" යැයි පැවැසූ ශ්‍රී ලංකා නායකයා සිවුවැනි දිනයේදී උදය වරුවේදීම කඩුලු 7ක් බිඳ වැටීම අතිශය ශෝචනීය තත්ත්වයක් බවද පෙන්වා දුන්නේය.
"තෙවැනි දිනයේදී තරගය නතර කරන විට අපි එක කඩුල්ලකට ලකුණු 21ක් ලබා සිටියා. ඔවුන්ට ප්‍රධාන පන්දු යවන්නෝ හිටියේ හතර දෙනයි. ඔවුන්ට පස්වැනි පන්දු යවන්නෙක් නොමැති නිසා කඩුලු ආරක්ෂා කර ගනිමින් පිටියේ රැඳී සිටියොත් එම පන්දු යවන්නන්ට අපහසුවක් වෙන බව අපිට තේරුණා. ඒත් අපේ ඒ සියලුම සැලසුම් සාර්ථක වුණේ නැහැ. මම ඉන්දියාවට ආවේ ලොකු බලාපොරොත්තුවකින්. මේ නිසා නායකයා වශයෙන් මම දැඩි කලකිරීමකට පත්වෙලයි ඉන්නේ. කොහොම වුණත් මේ පසුබැසීමෙන් ගොඩඒම සඳහා කණ්ඩායමේ නිලධාරීන් හා ක්‍රීඩකයන් එකතු වෙලා සාකච්ඡා කළ යුතුයි" යනුවෙන්ද ශ්‍රී ලංකා නායකයාගේ අදහස විය.
මේ අතර මෙම පරාජයෙන් පසු මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වන නික් පෝතාස් පවසා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සත්‍ය ස්වභාවය හඳුනා ගැනීම සඳහා ඉන්දියානු අත්දැකීම් උදවු වී ඇති බවය. "පසුගිය මාස කිහිපය තුළ අපි ඉන්දියාව සමඟ ටෙස්ට් තරග 5ක් ක්‍රීඩා කර තිබෙනවා. ඉන්දියාව වැනි අංක එකේ කණ්ඩායමක් හමුවේ ලබන අත්දැකීම් අනාගතයට ඉතාමත් වැදගත් වේවි" යනුවෙන්ද පෝතාස් එහිදී පවසා තිබිණි.
| මූත් අපේ ජනාධිපති වගේ. අනිත් හැමෝම කරනකන් බලන් ඉන්නවා. මූත් මේකෙ සෙල්ලන් කරනවා කියලා මූ දන්නෑ. මූ යන්තන් ඉනින් දෙකේ පනහා පාස් කරා විතරයි අවුට්. නමුත් කණ්ඩායමේ අනිත් උන්ට සාපේක්ෂව බලද්දි පනහෙ දෙකක් ගහපු එකා තමයි වැඩ්ඩා. මොකද අනිත් එවුන් එහෙමවත් නෑනෙ. පස්සෙ මාධ්‍යට ඇවිත් නාහෙන් අඬනවා. මුන් මුන්ටම බැන ගන්නවද බලන අපිට බනිනවද කියලා හිතාගන්න බෑ | 11 | POSITIVE |
ncpp_train_38337 |
ඇඟේ කෑලි කපා ප්‍රසිද්ධියේ ඇදගෙන ගොස්
නූරිවත්තේ වතු අධිකාරවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ
හිටපු ප්‍රාදේශීය සභාපති
'අත කොටා' ඇතුලු 18 කට මරණ දඬුවම්
රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ 2013 වසරේ දැරණියගල නුරි වත්තේ වතු අධිකාරවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ හිටපු ප්‍රාදේශීය සභා සභාපති අනිල් චම්පික විජේසිංහ (අතකොටා ) ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.
වසර 3 ක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම්.ඩී.එස්. අබේරත්න විනිසුරුවරිය මේ තීන්දුව ප්‍රකාශයට පත් කළා.
මේ සඳහා සැකපිට 21 දෙනෙකු අල්ලාගෙන තිබූ අතර විත්තිකරුවන් 18 දෙනෙකුට එරෙහිව නැගූ අධි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව අද තීන්දු විය.
2013 ජූලි මස 5 වන දා දැරණියගල නුරි වත්තේ වතු අධිකාරීවරයා වූ නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා ගෙන් පලිගන්නට සිතූ මෙම කණ්ඩායම ඔහු අල්ලාගෙන නිරුවත් කර, පණ තිබියදීම කපා, රහස් අවයව ඉවත්කොට,
කැබ් රථයක පිටුපස තබාගෙන මුළු වත්ත පුරාම ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඔහුව ම්ලේච්ඡ ලෙස ඝාතනය කර තිබුණි.
මෙම සිද්ධිය යම් යම් දේශපාලන සබඳතා නිසා ඒ කාලයේ යට ගිය එකකි.
මෙම ඝාතනය සිදු කර තිබුනේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු වූ අනිල් චම්පික විජේසිංහ ඇතුළු පිරිසකි. ඔහුව ‘අතකොටා‘ යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වා තිබේ.
අතකොටා යනු නුරි වතුයායේම නුරිවත්තෙ මුරකාර රැකියාව කළ තැනැත්තෙකුගේ දරුවෙකි. පවුලේ අතකොටාත් සමග දරුවන් හත් දෙනෙකි. ඔහුගේ අත අහිමි වන්නේ කුඩා කාලයේ සිදුවන අනතුරකිනි. මේ පවුලේ අය රස්සාවට කළේ කසිප්පු පෙරීමය.
අනිල් චම්පික විඡේසිංහ ප්‍රාදේශීය සභා ඡන්දයේදී ප්‍රදේශයේ ප්‍රධානම දේශපාලන බලවතාවූ මහීපාල හේරත්ගේ හා ඔහුගේ පුත්‍රයාගේ සමීප හිතවතෙක් වූ බව කියැවිණි.
පසුගිය රජය සමයේ තංගල්ලේදී හික්කඩුවේදී රත්නපුරේ කොටකෙතනදී සිදුවුණා සේ ප්‍රාදේශීය මැරයෙක් ලෙස අනිල් චම්පික මතුව සිටි බව කියැවේ.
දැරණියගල නුරි වත්තේ කසිප්පු විකිණීමේ ඒකාධිකාරිය අතකොටාට තිබුණ බවත් ඔහු ඉන් විශාල ආදායම් ඉපයූ බවත් වාර්තා විය. අතකොටාගේ ඥාතීන්ගේ කඩ සාප්පු හැර නුරිවත්ත අවට වෙන අයට වෙළදාම් කිරීම තහනම් වූ බවත් වාර්තා විය.
ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ඇමරිකානු වොල්ටර් බේ ජාත්‍යන්තර වැවිලි සමාගම විසින් කළමනාකරණය කරන ලද මෙම වතුයායේ ජීවත් වුයේ දුප්පත් මිනිස්සුය. මේ මිනිස්සුන්ගෙන් කොටසක් දෙමළය. වතුලැයින් වල ජීවත් වූ දෙමළ මිනිස්සුය. කොටසක් සිංහලය. එදා වේල හොයා ගන්නා අසරණයින්ය.
ඔවුන්ට මොහුගෙන් නිතරම සිදුව තිබුනේ හිරිහැරයි.නුරිවත්තේ ඉඩම් මොහු පැහැරගැනීමද ඒවායේ වගාවන් කිරීමද ඔහු කළ බව කියැවේ.
ලැයිමක ඇහැට කණට පෙනෙනා කාන්තාවක් හෝ දැරිවියක් වේ නම්, එම තැනැත්තිය අතකොටාගේ සිත් ගත්තේ නම් ඇය ඔහුගේ අනිවාර්ය ගොදුරක් වූවාය. මේ ස්ත්‍රී දුෂණ බොහෝවිට සිදුවූයේ බිලගම බටකැලේ ප්‍රදේශයේ හා අත්හැර දමා තිබූ බස්නාල ඩිස්පෙන්සරිය තුළ බවටද වාර්තා පළවිය.
වැඩිවියට පත් දැරියක් දෙමව්පියන් නිවසින් පිටතට ඇද දමා නිවස තුළදී දූෂණය කළ සිද්ධියක්ද වාර්තා විය. තවත් අවස්ථාවක දැරණියගල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරියක්ද
ව්‍යාපාරිකයාට පහරදී එළියට ඇද දැමීමෙන් පසු දුෂණය කර තිබුණි.
එකල දැරණියගල තිබුණේ පොලීසියක් නොව, ගුබ්බෑයමකැයි විවේචන පළ විය. ප්‍රදේශයේ දේශපාලනයේ නින්දා සහගත බත්බැලයන් එහි සිටි අතර කිසිදු අසාධාරණකමක් ගැන සාධාරණය ඉටුවූයේ නැත.
මිනීමැරුම් ස්ත්‍රී දූෂණ යට ගැසූ ඔවුන් පැමිණිලි කරන්නට පැමිණි අය පොලීසියෙන් පලවා හැරිය අවස්ථා රාශියකි. පැමිණිල්ල දැමිමට පැමිණි පුද්ගලයන් පිළිබද තොරතුරු අපරාධකරුවන්ට දන්වා ප්‍රතිප්‍රහාර සූදානම් කරවා තත්වය දරුනු කර තිබුනේද එකල පොලිසියයි.
නූරිවත්ත වතුඅධිකාරවරයාගේ මරණය සිදුවන්නේ මෙම ප්රවාහයට එරෙහිවන්නට යාමෙනි.
අතකොටාත් ඔහුගේ ගෝලයනුත් නුරිවත්තේ සිදු කරන දැව සංහාරය ගැන පොලිසියට කියන්නට ගොස් නිහාල් පෙරේරා නුරි වත්ත තුළදීම අතකොටා ඇතුළු මැරයින්ගේ පහර කෑමට ලක්විය.
රාජකාරි කළ කෙටි කාලය තුළ හේ දෙවරක් බරපතල ලෙස පහර කෑමට ලක්වුණේය.
දැරණියගල පොලිසියටද එවක වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහට මේ නින්දාසහගත ස්වරූපය ලිඛිතව දැනුම්දී තිබුනි.නමුත් අතකොටාගේ බලයට කවුරුත් කටපියා සිටි බව වාර්තා විය.
මැරයින් වතුඅධිකාරවරයාව කපා මරන්නේ ඉන් අනතුරුවය. එම මරණය සිදුකළ ම්ලේච්ඡ ආකාරය කිසිවෙකුට අදහාගත නොහැක්කකි. ඔහු අල්ලාගෙන නිරුවත් කර, පණ තිබියදීම කපා, රහස් අවයව ඉවත්කොට, කැබ් රථයක පිටුපස තබාගෙන මුළු වත්ත පුරාම ප්‍රදර්ශනය කර මේ වගේ වැඩ කළොත් බලාගන්න යන අනතුරු හැඟවීමද කර සතෙක් සිවුපාවෙක් ලෙස ඔහුව මරා දමා තිබුණි.
සිද්ධියෙන් පසුව දැරණියගල පොලිසියේ සියල්ලම මාරු කර යවා තිබුනි. අතකොටාත් ඔහුගේ ගෝල පන්තියත් අත්අඩංගුවට ගැනුනේ කලකට පසුය. අතකොටාගේ කසිප්පු ව්‍යාපාරය කරගෙන යන, ඔහුගේ සහෝදරියගේ පුතා වන මත්කුඩු චෝදනා සහිත අමිල, සහෝදරයෙක් වූ කරාටි ශාන්ත,කොණ්ඩ චමින්ද, රංගන, බේබි, සුද්දා ඇතුළු කල්ලිය විසින් මෙම අපරාධය සිදු කර තිබුණි.
මෙම ඝාතනයෙන් පසුවත් සුපුරුදු ලෙස එය යට ගසන්නට ඔහුට බලවත් හැකියාවක් තිබූ නමුත් වසර 3 ක ඇවෑමෙන් මෙවැනි අපරාධ කරුවන්ට දඩුවම් ලැබෙන වාතාවරණයක් අධිකරණයේ මතුවීම මත අතකොටා ඇතුලු 18 දෙනෙකුට මරණ දඬුවම නියම විය.
pix courtesy by -lankadeepa.lk
| good news... Batalanda 1989 ,,,...???? | -8 | NEGATIVE |
ncpp_train_38338 |
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රෝහල් ගත කරන ලද බව වාර්තා විය. මීට ටික කලකට ඉහතදී ඔහු රෝහල් ගත කර තිබුනේ හෘදයේ නාලිකා ආශ්රිත ගැටලුකාරී තත්වයක් නිසාය එම අවස්ථාවේ ඔහුට ස්ටෙන්ට් සැත්කමක් සිදු කරනු ලැබූ නමුත් මාස කිහිපයකින් පසු එය ප්‍රමාණවත් නොවී ඔහුගේ පපුවේ වේදනාවන් දීර්ඝ වශයෙන් මතුවිය.මේ හේතුවෙන් මීට දින දෙකකට පෙර හරින් මන්ත්‍රීවරයා නැවත නවලෝක රෝහලට පැමිණ වෛද්‍යවරුන් හමුවූයේ දිගින් දිගටම හෘදයේ වේදනාවන් ආ නිසාය.ඔහු ඊයේ රෝහලට ඇතුළත් කරන ලද අතර එන්ජියොග්‍රැම් පරීක්ෂණයක් සිදු කිරීමේදී තත්වය තරමක් සංකීර්ණවී ඇති බව අවබෝධවී තිබෙයි.
තවත් ස්ටෙන්ට් සැත්කමක් ප්‍රමාණවත් නැති බවත් මෙවර බයිපාස් සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය බවත් වෛද්‍යවරුන් දන්වා ඇත.සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් හරින් ප්‍රනාන්දු මහතා ඊයේ සවස රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවය.හරින් ප්‍රනාන්දු මහතා ට බයිපාස් සැත්කමක් සඳහා භාජනය කිරීමට නියමිත බවත් රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් තහවුරු කළේය. මෙම සැත්කම තරමක් සංකීරණ වන අතර එය සිදු කළ පසු මන්ත්‍රීවරයාට මාස කිහිපයක් විවේක ගැනීමටද සිදුවනු ඇත.කොළඹ ශාන්ත ජෝසප් විදයාලයේ අධ්‍යාපනය ලැබූ හරින් ප්‍රනාන්දු ඌව පලාත නියොජනය කරමින් එහි මහඇමති ලෙසද කලක් කටයුතු කළ අතර පසුගිය රජයේ ඇමතිවරයෙකු විය. ඔහුට තවම වයස 41 කි.
| ඔව්. රට කන හැත්ත. | -1 | NEGATIVE |
ncpp_train_38339 |
මේ දිනවල නිරෝධායනය වීමේ අවශ්‍යතා මත පාසල් වල නවාතැන්ගෙන සිටින හමුදාවේ අය යයි දක්වමින්
සමාජ මාධ්‍ය ඔස්සේ පලවන
ඡායාරූපය පිළිබඳ අදහස් පළ කරන
යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, එම ඡායාරූපය අසත්‍ය එකක් බවයි.
සමාජ මාධ්‍ය තුළින් රණවිරුවන් පිරිසක් ගොඩනැඟිල්ලක බිම ඇතිරිලි යොදා ගෙන නිදා සිටින ඡායාරූපයක් සංසරණය වන බවත් එම ඡායාරූපය පිට රටක සිට පළ කර ඇති බවත් යුද හමුදාපතිවරයා පැවසීය.
මෙවැනි ඡායාරූප පළ නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු කියා සිටියේ රණවිරුවා රැක ගැනීමට උපරිමයෙන් කැප විය යුතු බවයි.
| රනවිරුවා කිය කිය ඒ මිනිස්සුන්ව අන්දනවා.. ඒ උනාට අර කොරෝනා හැදිච්ච සෙබලා නිවාඩුවට ගෙදර ගිහින් තිබ්බෙ කෙසෙල් ලොරිවල.. එහෙව් එකේ මේ දේ වෙන්න බැරි මොක්ද? | 131 | POSITIVE |
ncpp_train_38340 |
චතුර නැතිව ඊයේ සිදුවූ විජය සමරුව
වාර්ෂිකව පවත්වනු ලබන දිවංගත විජය කුමාරතුංග කලාකරුවාණන්ගේ ගුණ සමරුව ඊයේ විජය බිරිය හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පුමුඛ ඥාතීන් හා හිතවතුන් එක්ව පවත්වනු ලැබූ අතර මේ කාලයේ ‘විජය නිසා දේශපාලන ආගමනයක්‘ සිදු කළ බව කියන චතුර සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම අවස්ථාවට පැමිණ නොසිටියේය. විජයගේ මහජන පක්ෂයේ හිටපු ප්‍රබල ක්‍රියාකාරීකයෙකුවූ ඇමති රාජිතත් එක් වූයේ නැත. එම අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්
Pix By- Suren Abeysundara
| මොලයක් තිබ්බ එකෙක්නම් ගොසිපයි, මේකේ කමෙන්ට් දාන එවුනුයි කියන කතා අහලා පිස්සු හැදිලා... :p | 60 | POSITIVE |
ncpp_train_38341 |
සමහරු මට මඩ ගැහුවට -මං කිව්ව සියලු දේවල් ඇත්ත
මං අවුරුදු 4 දී පෙර පාසලේදී පෙළපාලියකුත් ගියා
-චතුර සේනාරත්න
පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කථාබහට ලක්වූ චරිතයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පත්ව තිබුණා. එයට හේතුවූයේ ඔහු දෙරණ24-7 නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණු යම් යම් පිළිගන්නට අපහසු කතා කිහිපයකි.
1982 උපත ලද චතුර සේනාරත්න 1988දී මියගිය විජය කුමාරතුංග සමග දේශපාලනය කළ බව
එහිදී දන්වා තිබුණ අතර විජය මියගිය පසු බැංකු ගිණුම පරීක්ෂා කරන්නට චන්ද්‍රිකා මැතිණිය සමග ගිය ආකාරයක් ගැනද කරුණු සැලකර තිබුණි. ඊට අමතරව ඔහු චන්ද්‍රිකාට එරෙහිව වික්ටර් අයිවන් ලියූ ‘චෞර රැජිණ‘ පොතට කරුණු සපයා ඇති බවද දන්වා සිටින ලදි.
මෙම කරුණු වලට අමතරව ‘තමා නොකළ දෙයක් නැති ගාණට‘ දේශපාලනය ගැන නොනවත්වා කථා කළ චතුර එම සාකච්ඡාවේදී දන්වා තිබුනේ රජයේ ඉහළම තනතුර ලබාදෙන්නට මෛත්‍රී ජනපති තමාගෙන් තෙවරක් ඉල්ලුවත් දිගටම එය ප්‍රතික්ෂේප කළ බවකි.
මෙම කතා පිළිගන්නට අපහසු ‘පම්පෝරි‘ ලෙස සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්වූ අතර වික්ටර් අයිවන් මහතාට දුරකථනයෙන් අමතා එක්තරා මාධ්‍යවේදියෙකු මේ ගැන විමසීමේදී වික්ටර් අයිවන් මහතා චතුරගේ කතාව ප්‍රතික්ෂේප කර තිබුනේ ‘බොරුනේ.. පිස්සුනේ.. මං ටෙලිෆෝන් එකෙන් ඕනනම් දෙපාරක් විතර කථාකරල ඇති එච්චරයි‘ ලෙස කියමිනි.
මෙම පසුබිම තුළ ඊයේ බීබීසී සිංහල සේවය ඉහත කරුණු ගැන චතුර සේනාරත්නව යළි විමසීමට ලක් කළ අතර ඔහු එහිදී ඔහු කියූ කිසිවක් වැරදි නැති බව නැවත තහවුරු කළේය.
එම අවස්ථාවේ තවත් කරුණු ඉදිරිපත් කරමින් තමා වයස 4 පෙර පාසලේදී විජය කුමාරතුංග වෙනුවෙන් පෙළපාලි පවා ගිය බව ඔහු කීවේ නිවේදකයාට සිහහා උපදවමිනි. වික්ටර් අයිවන් බොරුවක් කියා ඇති බවද ඔහු කීවේය.
ඔහු ඒ ගැන පැහැදිලි කළ අයුරු වීඩියෝව පහතින්
------------------------------
මින් ඉහත මතභේදයට ලක්වූ ඔහුගේ වීඩියෝව පහතින්
| රජිනිකාන් ට ගේමක් දෙන්නේ කවදාහරි චතුර තමයි විමල්, අනුර කුමාර රැවුලේ කට් එක ගත්තේ චතුරගෙන් බව චතුරලංකාරය නම් වූ පුරාණ ග්‍රන්ථයෙන් බව අසා ඇත්තෙමි 1986 අවදියේදී කදුළු ගෑස් යනු බේබි සෝප් දියවූ වතුර බව ඔබ දන්නවද වාල්මිකී රාමායනය ලියන විට පහන අල්ලාගෙන සිටියේ චතුර බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි මාටින් වික්‍රමසිංහයන්ගේ පියාණන් තම අනාගත බිරිදට චේන් එකක් ගන්න කිත්තම් ගෙයි ඇවිදින කොට පළමු ස්වර්ණා භරණ මන්දිරයේ cashier කුඩුවේ චතුර මඩොල් දූව පොත කියවමින් සිටි බව පොතේ පිටුවදනේ දැක්වේ චතුර වරක් බිග් මැච් එකේදී අත් පුඩි ගැසූ හඩ විද්වතුන් අද හදුන්වන්නේ BIG BANG ලෙසය චතුර ළුණු සුද්ධ කරද්දී ළුණු අඩනවලු | 75 | POSITIVE |
ncpp_train_38342 |
ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව තුරන් කරන තුරු මාස 2 ක කාලයක් සඳහා රුපියල් 5000 බැගින් ගෙවීමට ඇමැති මණ්ඩලය ඊයේ (30 වැනිදා) තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව තුරන් කිරීම සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය පිළිගන්නා ලදී. ඉන්පසු මේ පිළිබඳව සාකච්ඡා කළ ඇමැති මණ්ඩලය තීරණය කළේ ඉදිරි මාස දෙක සඳහා රුපියල් 5000 ක මුදලක් ගුරු භවතුන් හා විදුහල්පතිවරුන් වෙත ලබාදීමටය. ඇමැති අනුකමිටු යෝජනාව එළැඹෙන අයවැයේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.මෙම යෝජනාවට ගුරු සංගම්වල ප්‍රතිචාරය තවම වාර්තා නොවන අතර ඔවුන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදුනහොත් දැනට නවතා දමා ඇති ඔන්ලයින් ඉගැන්වීම යළි අරඹන්නට හැකිවනු ඇත.
| ඔව් ඔව් කොල්ලෝ ආමි කෙල්ලෝ ගාමන්ට් උබලගේ සර්ගේ ආර්ථිකේ ගොඩ ඉගෙන ගත්ත එවුන් වැඩි උනාම රස්සා දෙන්න වෙන නිසා ගුරුවරු මර්ධනයෙන් ඉගෙනුම මර්ධනය හැක් හැක් මෝඩ දෙමව්පියෝ අහු වෙන්න එපා කොමිස් කාරයෝ ර්ට යවලා ළමයින්ට උගන්නයි | -5 | NEGATIVE |
ncpp_train_38343 |
වාහන ආනයනකරුවන්ග් සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිඤ්ඤගේ හයිබ්‍රිඩ් සහ ඉලක්ට්‍රික් වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම් ඉහළ නැවීමට මෙවර අයවැයෙන් කළ යෝජනා තවම ක්‍රියාත්මකවීම නොවීම
ගැන පසුගියදා
මෙසේ අදහස් පළකර තිබේ.
‘මුදල් අමාත්‍යවරයා හයිබ්‍රිඩ් වාහන සඳහා ලබාගත හැකි ලීසිං ප්‍රමාණය සියයට 50 සිට 70 දක්වාත්, ඉලෙක්ට්‍රික් වාහන සඳහා සියයට 90 දක්වාත් වැඩි කළා. නමුත් මේවනවිට අයවැයෙන් මාස 2කට වැඩි කාලයක් ගතවී තිබුණත් ඒ සහනය තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඊට හේතුව තමයි එම තීන්දුව එකම තැනකින් ක්‍රියාත්මක නොවීම. මුදල් අමාත්‍යාංශය යටතේ පැවැතිය යුතු මහ බැකුව, භාණ්ඩාගාරය සහ ප්‍රතිපත්ති සැලසුම් යන අංශ වෙන වෙනම වෙන් කිරීමෙන් ආණ්ඩුව විශාල වරදක් කරගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් මහ බැංකුවට දැනුම්දීම සහ මහ බැංකුවෙන් බැකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම්දීමෙන් අනතුරුව තමයි ලීසිං සහනය ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට එක තීන්දුවක් කියාත්මක වීම සඳහා තැන් කිහිපයකට යාමට සිදුවීම නිසා මතුව තිබෙන අකාර්යක්ෂමතාවය තමයි මේ ප්‍රමාදයට හේතුව.‘
| පිස්සු කියවන්න එපා ලොක්කා ... දැන් විද්‍යාත්මක ක්‍රමේකට නේ අමාත්‍යංශ බෙදා ගෙන තියෙන්නේ... ඉතින් කොහොමෙයි ඔහොම ප්‍රමාද වෙන්නේ... | 22 | POSITIVE |
ncpp_train_38344 |
ජර්මනියේ පැවැත්වෙන BERLIN GLOBAL DIALOGUE සැසියේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයට පෙර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.එහිදී DW ප්රවෘත්ති සේවයේ නිවේදිකා Christine Mhundwa කළ ප්‍රකාශයක් සහ ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරය වෙත මෙලෙස අවධානය යොමුව ඇත.එහිදී Christine Mhundwa පවසන්නේ මෙවැන්නක්,"මම ඔබ සැමට කියන්න කැමතියි. අද අපිට විශේෂ අමුත්තෙක් පැමිණ සිටිනවා. ඒ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. මම කරන්න යන්නේ ඔහු අකමැති දෙයක්. ඔහු තමන්ගේ රට තුළ එලෙස කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අතිගරු ජනාධිපතිතුමනි කියා ඔහු ඇමතීමයි. අත්පොළොසන් දී පිළිගන්න දැන් ඔහු වේදිකාවට පැමිණෙනවා. අපි සතුටින් පිළිගන්නවා. ජනපතිතුමනි ඔබටයි මේ වේදිකාව."එයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙවැන්නක්, "මට අතිගරු ජනාධිපතිතුමා කියා ඇමතුවාට මම ඔබට තව මිනිත්තු කිහිපයකින් දඩයක් පනවන්න හදන්නේ."මෙම දේශනයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සුබවාදී මට්ටමක පවතින බවය.දැනට පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමවේදයන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් සංකීර්ණ වී ඇති බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.BERLIN GLOBAL DIALOGUE යනු සංක්‍රාන්ති ගෝලීය ආර්ථිකයක් සඳහා ඒකාබද්ධ විසඳුම් සෙවීම සඳහා ව්‍යාපාර සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව කටයුතු කරන නව අන්තර්ජාතික සංසදයකි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,"ශ්‍රී ලංකාවේ මූල්‍ය අවශ්‍යතා සැලකූ විට අපේ කාලගුණ සශ්‍රීකතා සැලැස්ම සාර්ථක කරගැනීම සඳහා අපට 2030 වසර වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 26.5 ක් අවශ්‍ය වනවා. මේ බංකොළොත්භාවයට පත් වූ මෙන්ම ඉදිරි වසර කිහිපය සඳහා 3.5% ක ආර්ථික වර්ධනයක් පවතිනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළ රටක්. මුලින්ම අප සියල්ලන් එකඟ වන කාරණයක් තමයි අද පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්රමයේ හරය සැලසුම් කර ඇත්තේ මීට වසර 8 කට පෙර සහ එතැන් සිට ලෝකයේ දැවැන්ත වෙනස්කම් රැසකට ලක්වී ඇති බව. ආසියාවේ, මැද පෙරදිග, දකුණු අමෙරිකාවේ සහ අප්‍රිකාවේ නැගී එන ආර්ථිකයන් රැසක් ගෝලීය ආර්ථික බලවේගයක් බවට පත්ව තිබෙනවා. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය ක්රමයේ සිදුව ඇත්තේ සාපේක්ෂව සුළු ප්‍රතිසංස්කරණ පමණයි. දැනට පවතින ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමවේදයන්ට අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම වඩාත් සංකීර්ණ වී තිබෙනවා." "ශ්‍රී ලංකාවේ අපි අපේ රටේ හැටියට අමෙරිකාව, ඉන්දියාව සහ චීනයෙන් එල්ලවන පීඩනය මැද කටයුතු කරන්න ඉගෙනගෙන සිටින්නේ. එය අපට තවදුරටත් අලුත් දෙයක් නොවේ.බටහිර ලෝකය සහ චීනය අතර ඵලදායී සංවාදයක් අපට අවශ්‍ය වනවා. ඒ වගේම අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ඵලදායී සංවාදයක් අවශ්‍යයි. යුරෝපා සංගමය සහ චීනය අතරත් එවැනි ඵලදායී සංවාදයක් අවශ්‍ය වනවා. එසේ නොමැතිව අපට ඉදිරියට යා නොහැකියි. මෙයයි පවතින යථාර්ථය. ගැටලුව වන්නේ අප එක්වී කටයුතු කළ යුතු ආකාරය සහ 2024 දී එහි නායකත්වය ගන්නේ කවුරුන්ද යන්නයි. "
| ඇත්තටම මේ වගේ තැන් වලට යවන්න සුදුසුම කෙනා අනුර කුමාර. ඔහු ගියා නම් ඔවුන් අනුරව ඉහලින් වර්ණනා කරලා අනුරගෙන් ඔවුන් උඔඅදෙස් ගන්නවා... | -25 | NEGATIVE |
ncpp_train_38345 |
ජංගම දුරකථනයත්, සමාජ මාධ්‍ය ජාලාවත් නිසා සිය සොදුරු පවුලේ අනාගතය කාබාසිනියාකර ගැනීමට ගිය තරුණ විවාහක කාන්තාවකගේ පවුල් ජීවිතය පොලිසියේ මැදිහත්වීමෙන් යළි යථා තත්ත්වයට පත්කර දුන් පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයේ ගම්මානයකින් වාර්තා වේ.මෙම තරුණිය හැඩකාර සුරූපි තරුණියකි. ඇය ජීවත් වූ ගම්මානයේ කුරුඳු තැලීමට පැමිණ සිටි තරුණයෙකු සමග ඇය පෙමින් බැඳුණාය. පසුව දෙපාර්ශවයේ මවුපිය ආශිර්වාද මැද දෙදෙනා විවාහ වූහ. තරුණියගේ දෙමවුපියන් විසින් ලබාදුන් ඉඩමක පුංචි නිවසක් සාදාගෙන එහි මොවුන් දෙදෙනා ඉතා සතුටින් කල් ගෙවූහ. මෙම තරුණ යුවළ එක්ව කුරුඳු තැලීමේ රැකියාව කරමින් ඉතා හොඳින් කාලය ගත කරන අතරතුර මේ පුංචි කැඳැල්ලට අමුත්තියක් ආවාය. ඒ සුරංගනාවක් වන් දියණියකි. දියණිය ලැබීමෙන් පසු තරුණ යුවළට එක්ව කුරුඳු තැලීමේ රැකියාව කළ නොහැකි වූ අතර බිරිඳ හා දරුවා නිවසේ සිටිය දී සැමියා පමණක් කුරුඳු තැලීමට ගියේය. මෙසේ රැකියාවට යනවිට ඔහුට ප්‍රදේශයෙන් පිට දුර පළාත්වලට ද යාමට සිදුවන හෙයින් බිරිඳගේත්,
දියණියගේත් දුක සැප සොයා බැලීමට අවශ්‍ය නිසා ඔහු බිරිඳට ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලට ගෙනවිත් ලබා දුන්නේය.පුංචි දියණියගේ අවශ්‍යතා ඉටුකිරීමෙන් පසු පාළුවෙන් කාලය ගෙවා දමන බිරිඳ සිය පාළුව මකා ගැනීමට ජංගම දුරකථනය හරහා සමාජ මාධ්‍ය ජාලාවන්ට පිවිස ඒ මගින් නොයෙක් මිතුරු මිතුරියන් ද ඇසුරු කළාය.මේ අතර දුරකථනය මගින් Facebook ඔස්සේ හඳුනාගත් මිතුරෙකු ඇයගේ හිත දිනා ගැනීමට සමත් විය. හැඩකාර තරුණයකු වූ ඔහු කිසිදු රැකියාවක් නොකළ ද මෙම තරුණ කාන්තාව හා පෙමින් වෙළුණාය. මේ තරුණ පෙම්වතා හැබැහින් දැක ගැනීමේ ආශාවක් ඇයට ඇති වූ නිසා ඊට කල් යල් බලමින් ඇය කාලය ගත කළාය.පසුගිය දිනෙක සැමියා ඈත ප්‍රදේශයක කුරුඳු තැලීමට පිටත්ව ගියේ බිරිඳ හා දියණිය සිප සනහා තමන් සතියකින් ආපසු එනතුරු පරිස්සමින් සිටින ලෙස පවසමිනි. ලැබුණ මෙම අවස්ථාවෙන් තම සිතැඟි ඉටුකර ගැනීමට කල්පනා කළ ඇය මේ බව සිය අනියම් පෙම්වතාට දැන්වීමෙන් පසු ඔහු ද මිටෙන් හල කුරුල්ලෙකු මෙන් ඇය සොයා ආවේය. සැමියා සතියක් නිවසට නොඑන නිසා ඇය අනියම් පෙම්වතා නිවසේ නතර කර ගත්තේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමිනි. ඒ වන විට මෙම කාන්තාවගේ ගැබට තවත් දරුවෙකු පිළිසිඳගෙන තිබුණ නිසා ඇයට මේ අනියම් පෙම්වතා හා තහනම් ගහේ ගෙඩි කන්නට අමුතු අවදානමක් තිබුණේ නැති බවද කියැවේ.මේ අතරේ දිනෙක රෑ සැමියා නිවසට පැමිණියේ හිටි හැටියේමය. ඒ වන විට තරුණයකු සමග නිදහසේ පෙම්සුව විඳිමින් සිටින බිරිඳ දුටු සැමියා යක්ෂාවේශ වූයේය. පිටින් පැමිණි තරුණයාට ඔහු යන්නට නොදුන්නේය.
මෙම ගැටලුව තම පවුලට ප්‍රශ්නයක් වන නරක ලකුණු පහළ කරන්නක් විය හැකි බව කල්පණා කළ සැමියා පොලිසියට කථා කළේය. බිරිය හා අනියම් පෙම්වතා දෙන්නාවම රැගෙන පොලිසියට යන්නට ඔහු පියවර ගත්තේය. තරුණ බිරිඳට දැඩිසේ ආදරය කළ ඔහු මේ දෙදෙනාට කිසිම ශාරීරික හිංසාවක් නොකර දෙදෙනාම ආසන්න පොලිස් ස්ථානයට රැගෙන යාම විශේෂිත බව පොලිසිය පවසයි.පොලිසිය පවුල කඩා ඉහිරවන්නට උත්සාහ නොකළ අතර තිදෙනාටම උපදෙස් දෙමින් පැහැදිලි කර තිබුනේ අනාගතය ගැන සිතා තීරණ වලට එළැඹෙන ලෙසයි. ඒ අනුව බිරිය තමන් අතින් සිදුවූ වරදට සමාව ඉල්ලා සිටි අතර සැමියා ඊට එකඟ වූයේය.තරුණයා කියා සිටියේ නැවත එම සම්බන්ධය පවත්වා නොයන බවයි.පොලිස් ස්ථානාධිපතිවරයාගේඅවවාද හා උපදෙස් මත තරුණ යුවළ පුරුදු පරිදි පවුල් කන්නට තීරණය කළ අතර අනියම් පෙම්වතාට එම ප්‍රදේශයට යළි පැමිණීම තහනම් කෙරිණි.ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
| හොඳට බැලුවොත් පේනවා අද කාලෙ කසාද ගොඩක් පවතින්නේ ළමයි හින්දා. ගෑනියි මිනිහයි ලෝකයා ඉස්සරහා ලොකු රඟපෑමක් කරන්නේ. ගේ ඇතුලේ දෙන්නා වෙනම ලෝක දෙකක ඉන්නේ. කසාදය කියන්නේ තනිකරම ඩීල් එකක් විතරයි. ඒක නිකන් ලෝකයා ඉදිරියේ පිළි ගැනීමක් ලැබෙන්නයි, අනාගත සුරක්ෂිතතාව සඳහා, හරියට නිකන් ෆික්ස් ඩිපොසිට් එකක් දානවා වගේ වැඩක්. එහෙන් ගති ගුණ, හැඟීම් දැනීම් පැත්තෙන් මිනිසා ආපහු ගල් යුගයට ගමන් කරමින් ඉන්නේ. සමහර විට තව අව්රුදු 20, 30 වගේ යද්දී කසාදෙ කියන සංකල්පය නැත්තටම නැති වෙලා යන්න පුළුවන්. | 19 | POSITIVE |
ncpp_train_38346 |
ප්‍රකට සිනමා නිළි අනුෂා සොනාලි අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට ඇය 49 වන වියෙහි පසුවූවාය.කළුතර උපන් අනුෂා කළුතර බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. ඇයට අවුරුදු දෙකහමාරෙදී හිතත් හොඳයි. වැඩත් හොඳයි චිත්‍රපටයේ පොඩි කොටසක් රඟපෑමෙන් සිනමාවට පිවිසි බව පවසා තිබේ.සාමාන්‍ය පෙළ පන්තියේදී සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි ටෙලි නාටකයට ඇයව තෝරාගෙන තිබුණි.
1990 දශකයේ ඇය වෘත්තීය වශයෙන් සිනමාවට පිවිසෙන්නීය. ලොකුදුව,විසිදැල, සළුපට අහසට,හඩන කිංකිනි,දරු උපත,මමත් ගැහැණියක්,පුතා මගේ සූරයා හා 2019 දී අවසන් වරට සංගිලි චිත්‍රපටයට ඇය දායක වී තිබේ.ඇයට 21 හැවිරිදි පුතෙකුද සිටින අතර ඇගේ මවගෙන් පැවතෙන මංශ පේශී අක්‍රීයවීමේ රෝගයකින් අවසන් කාලයේ පීඩා වින්දාය. මේ හේතුවෙන් රෝද පුටුවකට සීමාවී ඇය ජීවිතය ගත කළාය.අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.
| ඒ කාලෙ කොල්ලුපිටියෙ ලොකු කැසිනෝ එකක් මෙයා රන් කලා අමතකද. ඒ කාලෙ හැටියට කෝටි ගණන් හම්බු කොලා- සුර සැප වින්දා. ඒත් සල්ලි කලමනාකරණැය කර ගත්තෙ නැහැ. අන්තිමට අනුන්ගෙ සල්ලි මන්කොල්ල කාලත් අනුන්ගෙන්ම යැපියැපී හිටියා. පසුගිය කාලෙ මේක අපේ ගොසිපම දාල තිබුනා මතකද මෙයා අසනීපෙන් අනුන්ගෙ උහ්ඩව් ඉල්ලනව කියලා. සන් සාරේ හැටි... | 2 | POSITIVE |
ncpp_train_38347 |
කොරෝනා ආසාදනය නිසා ලොක් ඩවුන් කර තිබෙන නයිජීරියාවේ
ලාගොස් නුවර
දිගටම පවතින ඇඳිරි නීතිය අතර කෙටි විරාමයේදී පරතරය තබාගෙන හැසිරීමේ විනයක් දක්නට නොතිබුණි. ජනාතාව නගරයට ඇතුළු කළේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
| boru kiyanna epa..... | 8 | POSITIVE |
ncpp_train_38348 |
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අප්‍රේල් 30 න් පසු රටේ ආර්තිකය ගෙනයාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නැතිවීම මත එය සකස්කරගන්නට පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි
කරුනු දක්වා
ජනපතිට ඊයේ ලිපියක් යොසුමු කළ අතර එම ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ලේකම්වරයා මගින් පිළිතුරු ලිපියක් යවා තිබේ.
එම ලිපි දෙක පහත පරිදිය.
| උගත් නරියෙක් | -6 | NEGATIVE |
ncpp_train_38349 |
ඇත්තටම රෝගියෙකු නොසිටි ගිලන් රථය
පාගමන කඩාකප්පල් කරන්න එවූ එකක්ද?
ඊයේ මහින්ද හිතවාදීන් විසින් පේරාදෙණියේ සිට ආරම්භ කරන්න යෙදුණු පාගමන අතරතුර මනුෂ්‍යත්වය හා දේශපාලන පොරය පිළිබඳ මතභේදකාරී සිදුවීමක් සිද්ධවුණා.
පාගමන හේතුවෙන් සියලූ මාර්ග අවහිරවී තිබුණ අවස්ථාවක පේරාදෙණිය පොලිසිය අසළ විරෝධතාකරුවන් පාගමනේ යමින් සිටියදී එක්තරා පුද්ගලික ආයතනයකට අයත් ගිලන් රථයක්
පාගමන නොතකා වේගයෙන් ගමන් කරන්නට උත්සාහ කර තිබුනේ සයිරන් නළා සහ හෝන් ගසමිනි.
රියදුරු කියා සිටියේ ‘හදිසි ලෙඩෙක් ගේන්න යන්නෙ අපට ඉඩ දෙන්න’ කියාය. පෙරේදා සිටම පාගමනට රජයෙන් විවිධ බාධක එල්ලවන පසුබිමක විරෝධතාකරුවන් කල්පණා කළේ මේ වැඩෙත් පාගමන කඩාකප්පල් කරන්න සිදු කළ මගෝඩි වැඩක් ලෙසයි.
ඔවුන්ගේ සැකය තවත් වැඩි වූයේ ගිලන් රියේ පිටුපස දොර විවර කර බලද්දී කිසිදු රෝගියෙකු නොසිටි නිසාය. නමුත් රියදුරු කියා තිබුනේ ඔවුන් රෝගියෙකු වෙත යමින් සිටි අවස්ථාවක් ලෙස නිසා රෝගියෙකු නොසිටීම සැබෑ ලෙසම ගටලූවක් වන්නේද නැත.
මෙතැනදී මනුස්සකම සහ දේශපාලනය අතර සිතාගත නොහැකි මතභේදයක් ඇති විය.
ඇත්තටම අමාරු රෝගියෙකු සිටියේ නම් මෙවැනි පාගමනක් නිසා එම තැනැත්තාට නිසි වේලාවට වෛද්‍ය ප්‍රතිකාර නොලැබීමට ඉඩ තිබිණි.
පාගමන අවුල් කරන්නට සිතා ගිලන් රථය එව්වා නම් එය ‘හොඳ උපායකි’. එසේ කළේ නම් කිසිදු සැකයක් ඇති නොවන්නට බොරු රෝගියෙකු දමා එවන්නට තිබුණා නේදැයිද අදහස් මතුවේ. කවුරු සිටියත් පාරේ ගිලන් රථයකට ඉඩ දිය යුතුය යන්න නීතියයි. එයට බාධා කරමින් පහරදීම නම් අනුමත කළ හැක්කක් නොවේ.
පෞද්ගලික ආයතනයට අයත් වූ මෙම ගිලන් රථයේ රියදුරු රුවන් ගුණතිලක හා සහායක ලක්ෂිත සඳකැලූම් යන අය පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබුනේ සිය වාහනයට පාගමන් කරුවන් අලාභහානි කළ බවත් පැති කණ්නාඩි කඩා දැමූ බවත් කියමිනි.
මේ දක්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත. සිද්ධියේ වීඩියෝවක් පහතින්
| මඩින්න බැරි හරක් රැළක් බෝවෙච්චී හඬින් ගිලන්රථයේ උන් තද වෙච්චි පයින් ගියත් ගොන් රැළ දෙපතුල් පිච්චී උඩින් ගියා ආඩම්බර අප්පච්චි | 16 | POSITIVE |
ncpp_train_38350 |
ජාතික ආරක්ෂක මණ්ඩලය පසුගිය පෙබරවාරි මස 19 වැනිදායින් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන තුරුම මාස දෙකක් තිස්සේ රැස්වී නැතැයි ජාතික බුද්ධි ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා එම ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (29) සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.
ආරක්ෂක බුද්ධි මණ්ඩලය ඉකුත් අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා රැස්වූ අවස්ථාවේදි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කල්තියා ලැබුණු තොරතුරු සාකච්ඡාවට ගත යුතු බව තමා පැවසුවත් එහිදී ඊට අවධානයක් යොමු නොවුණු බව පැවසු සිසිර මෙන්ඩිස් මහතා ඊට පසුව ත්රස්තවාදීන්ගේ ප්‍රහාරය එල්ල වනතුරුම බුද්ධි මණ්ඩලයේදී
ඒ කාරණය ගැන සාකච්ඡා නොකෙරුණු බවද සඳහන් කළේය.
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කරුණු පාලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීම එහි වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයපත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා 4 හිදී ඊයේ (29) දවස පුරා පැවැත්විණි.
විශේෂ කාරක සභාව හමුවේ වැඩිදුරටත් සාක්ෂි දුන් සිසිර මෙන්ඩිස් මහතා පැවසුවේ අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ගේ තර්ජන ගැන ආරක්ෂක මණ්ඩලයේදී අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බවය.
ත්‍රස්ත කල්ලි නායක මොහොමඩ් සහරාන් හෂිම් ගැනද ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කෙරුණු බවත් ආරක්ෂක මණ්ඩලයේදී පළමු වරට ඔහු ගැන සාකච්ඡා කෙරුණේ 2015 ඕක්තෝබර් 06 වැනිදා බවත් ඔහු අනාවරණය කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු ජාතික පොලිස් බුද්ධි ඒකකයේ ප්‍රධානියා විසින් අප්‍රේල් මස 08 වැනිදා තමා වෙතද යොමු කර තිබිණි යැයී කී සිසිර මෙන්ඩිස් මහතා එම තොරතුරු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයාට යොමු කළ බව අදහස් කළේය.
එම බුද්ධි තොරතුරු ලැබුණේ කාගෙන්දැයි තමා නොදන්නා බවත් එය ලැබුණේ කාගෙදැයි බුද්ධි මණ්ඩල රැස්වීමකදී පවා කරුණු විමසීම් නොකෙරුණු බවත් ඔහු කීවේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා හිටපු පොලිස්පතිවරයාට චෝදනා නොකරන බවත් බුද්ධි තොරතුරු විශේලේෂණය කර ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා යාත්ත්රණයක් සකස් කිරීම පොලිස්පතිවරයාගේ වගකීම බවත් පැවසූ සිසිර මෙන්ඩිස් මහතා සියලුම බුද්ධි අංශවල ඒකාබද්ධතාවක් කිරීම වැදගත් බවද කමිටුව හමුවේ පිළි ගත්තේය.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීමට එහි සාමාජිකයන් වන අමාත්‍යවරුන් වන රවී කරුණානායක, රවුෆ් හකීම්. හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස (ජවිපෙ) හා පාර්ලිමේන්තු සහකාර ලේකම් ටිකිරි ජයතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
| ආර්කක්ෂක කවුන්සිලය පෙබර වාරි ඉඳල බොම්බේ පුපුරන කල් තිබිල නැහැ ...........කෝටි ගණන් වටිනා ඩියුටි ෆ්‍රී වාහන අරන් දීල ,ටෙලිෆෝන් ,ආරක්ෂක රැකවලුන් ,ඇමති ආරක්ෂකයින් ,ඇමති නිල නිවාස, සියල්ලම දීල අපි පාරේ යනවිට ,පොලිසියෙන් අතවැල් එහෙමෙ විසිකරලා , අපිව කාණුවට තල්ලු කරලා ,පාර හදාගෙන ,රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ විසඳන්න වගේ සයිරන් ගහගෙන මුන් යන්නේ ** ගහන්න විතරමයි කියල හිතෙන්නේ මට විතර ද ? | 227 | POSITIVE |
ncpp_train_38351 |
හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ මද්දුම පුතු යෝෂිත රාජපක්ෂ පසුගිය දිනවල රගර් ක්‍රීඩාවේ යෙදෙන අතර ඇතිවූ බව කියන සංකීර්ණ ආබාධ තත්වයන් හේතු කොට ශල්‍යකර්ම කිහිපයකට ලක්ව ඇති අතර දැනට සීඑච් ඇන්ඩ් එෆ්සී කන්ඩායම් නායකයාද වන ඔහුට නැවත රගර් ක්‍රීඩාවේ නොයෙදෙන ලෙස
වෛද්‍ය උපදෙස්ද ලැබී ඇතැයි වාර්තාවේ.
අද (30) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට ඔහුගේ හිසේ ඇතිවූ ආබාධ තත්ව වලින් පසු ශල්‍යකර්ම සිදු කර හිස් කබලේ කොටසක හා මුහුණේ කොටසක කම්මුලේ ලෝහමය පතුරු සවිකිරීමක්ද සිදු කර ඇත.
කොළඹ ඩර්ඩන්ස් පුද්ගලික රෝහලේදී මෙම ශල්‍යකර්ම සිදුකරනු ලැබීමෙන් පසු ඔහු යථාතත්වයට පත්වූ නමුත් වෛද්‍යවරුන් ඔහුට නැවත රගර් ක්‍රීඩාවේ නෙයෙදෙන ලෙස උපදෙස් දී ඇති බවද වාර්තා කර තිබේ.
| හොංදටම බැරි උනත් මුන්ට ටිකක් හරි පූලුවන් මේ වැඩෙ විතරය. එකත් කොටඋඩ. රගර් ක්‍රිඩාවට හොන්ද කලක් උදාවෙවි. දොස්තර මහතාට අපගෙ උපහරය. | 55 | POSITIVE |
ncpp_train_38352 |
වකුගඩු රෝගයෙන් පීඩා විඳින දරුවකුගේ සැත්කමක් සඳහා රුපියල් ලක්ෂ 34ක මුදලක් අවශය යැයි කියමින් නිර්නාමික වෛද්‍ය වාර්තාවක් පෙන්වා හෙරොයින් පානය කිරීම සඳහා මුදල් එක්කාසු කරමින් සිටි තරුණයකු
අනුරාධපුර
මුලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලී අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
හෙරොයින් මතට ඇම්බැහි වී සිටින තරුණයකු වකුගඩු රෝගය වැලඳුණු දරුවකුගේ සැත්කමක් සඳහා කියමින් නිර්නාමික වෛද්‍ය වාර්තාවක් පෙන්වමින් අනුරාධපුර නව නගර බස්නැවතුමේ නවතා තිබෙන බස් රථවල සිටීන මගීන්ට ආධාර පත්‍ර අලෙවි කරමින් මුදල් එක්කාසු කරන බවට ලැබුණු තොරතුරු මත පොලිස් නිලධාරීන් එහි ගොස් සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
| අපි එහෙ යන්නෙත් බණ අහන්න නම්... ඒ අය මාර්ග ඵල ලැබුවා කියලා එහෙදි අපිට මාර්ග ඵල ලැබෙන්නෙත් නැත්නම්... මෙහෙ සිවුවනක් පිරිසම ඉන්නවනම්... දැන් රහත් හිමි නමකුත් ඉන්නවානම්... මොකට මහන්සි ගන්නවාද? ඔයිට වඩා තමන්ගේ දුව පුතා ශාසනයේ රහත් වෙච්ච, මෙතෙක් ශාසනයේ වැඩිම දානය දුන්න, ශාසනයේ ඉදිරිය වෙනුවෙන් වැඩ කල අශෝක රජුත් මරණින් පස්සේ පොම්බුරෙක් උනා නම් අපි ගැන කවර කතාද? වත්කමේ හැටියට පිංකම කියලා පුළුවන් පිනක් දහමක් කොරන් ඉන්නවා... ඒ දෙවියෝන්ට වඩා බුදුන්ගේ කාලේ මිහිපිට මාර්ගඵල ලාබින් වැඩි. | 4 | POSITIVE |
ncpp_train_38353 |
ඊයේ (30) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) 2023 සමාරම්භක උළෙලේ දී ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව ලැබුණ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ එහි වචනයක් පුනපුනා වරද්දා භාවිත කරමින් ගායනා කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ. ‘නමෝ නමෝ මාතා’ වෙනුවට ‘නමෝ නමෝ මහතා’ ලෙස ගායනා කළ ඇය එහි අරුථ නොදැන හෝ එහි පදවැල ගැන නිසි අවබෝධයකින් තොරව ගායනයේ යෙදුණ බව බොහෝ දෙනාගේ මතය විය.භාතිය සංතුෂ් කණ්ඩායම් සාමාජිකාවන්ව සිටි උමාරා සහ උමාරියා සොයුරියන් දෙදෙනාම පසුගිය කාලයේ ජනප්‍රිය ගායනාවන් නිසා ප්‍රකට විය.
ඔවුන් උපත ලැබුවේ වෘත්තීය සංගීතවේදීන්ගේ පවුලකය. පියා ටෝනි සිංහවංශ සහ මව අයේෂා සිංහවංශ විය. උමාරාට සහෝදරයන් දෙදෙනෙක්ද සිටී.උමාරා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ජාත්‍යන්තර ගායන තරඟ තුනකට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත, සහ ශ්‍රී ලංකාවේ සමස්ත ලංකා ගායන තරඟ වලදී ප්‍රථම ස්ථානය දිනා ඇතැයි සඳහන් කර තිබේ. උමාරා ජනප්‍රිය ගායන යුගලයක් වන භාතිය සහ සන්තුෂ් සමග මුලින් සම්බන්ධ වූයේ ශ්‍රව්‍ය ඉංජිනේරුවරිය ලෙසිනි. චිත්‍රාල් සෝමපාල සමග ගැයූ කස්තුරි සමඟින් "වස්සානයට", "ෂහීනා", "සිහින කෝ" සහ "මලක් තිබ්බා" ඇගේ නම ගිය ගායනාවන් විය.
Risky Fahmi සමග විවාහවූ පසු ඇය හොංකොං වෙත සංක්‍රමණය වූ අතර එහිදී ඇය Dylan Lye යටතේ ජෑස් කලාව ප්‍රගුණ කළාය. හොංකොං හි වසර 6 ක කාලය තුළ, ඇය චීන සංගීත කන්ඩායම්වලටද එක්ව සිටි බව කියැවේ. 2017 හි හොංකොං සිට ආපසු පැමිණීමෙන් පසු, උමාරා සිය ඇකඩමිය වන උමාරා මියුසික් ස්ටූඩියෝ (යූඑම්එස්) දියත් කළ අතර එය සියලුම වයස්වල සිසුන් සඳහා සංගීතය සහ වාචික පුහුණුව දැනටමත් උගන්වමින් සිටී.ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මහතාඅප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මහතා---------- විකෘති කළ ජාතික ගීතය පහතින්
| වෙන kawuruth හිටියේ නැද්ද ජාතික ගීය කියන්න මෙයා කිව්වා හරිම kathay | 26 | POSITIVE |
ncpp_train_38354 |
පුවත්පත් කතුවරුන් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදි අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුවත් පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා පවසා සිටියේ ජුලි මස 22 දෙවැනි දින දක්වා තෙල් සංස්ථාවට පෙට්‍රල් නෞකාවක් සොයාගත නොහැකි බවයි. කෙසේ වුවද එදිනට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ලබා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද ඔහු පැවසීය.ඩීසල් සදහා මුදල් තිබුනද රුසියා යුක්රේන අර්බුදය නිසා නැව් සොයා ගැනීමේ ගැටළුවක් පැන නැගී ඇතැයිද ඔහු පැවසුවේය.
| බූරුවනේ තෙල් ගැන එකෙක් update දීපල්ලා. රනිල එකක් කියනව තෙල් ඇමතිය තව එකක් කියනව. තමුසෙලට පිස්සුද, දැන්වත් හරියට දෙයක් කරන්න බලාපන්කො | 20 | POSITIVE |
ncpp_train_38355 |
බ්‍රිතාන්‍ය රජ පවුලේ රැජිණගේ නීති නියාමනයන් අනුව එම සාමාජිකයින් සියල්ල හැසිරිය යුතු බව ප්‍රකට කරුණකි. මින් ඉහත චාල්ස්ගේ බිරිය ඩයනා කුමරියට මෙම නීති ගැන පැවතියේද අප්රසාදයකි. මේ වනවිට
විළියම් කුමරුගේ බිරිය කේට් සම්බන්ධයෙන් මාධ්‍ය තුළ පළවන ඇතැම් ඡායාරූප හා විස්තරද මෙම නීති නියාමනයන්ට පටහැණි ලෙස ඇඟ පෙනෙන විලාසිතා වීම නිසා රැජිණගේ අප්‍රසාදයට හා කණස්සල්ලට හේතුවී ඇති බවට බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කරයි.
අහම්බයන් ලෙස ගවුම් සුළගේ යාම් සහිත ඡායාරූප කිහිපයක් හා විනිවිද පෙනෙන ලෙස අඳින ඇඳුම් මෙම රාජකීය නීතියට අනුකූල නොවීම ගැටලුවට හේතුවී ඇත. විළියම් කුමරුගේ විශ්ව විද්‍යාල පෙම්වතියක ලෙස කේට් ප්‍රසිද්ධ වන්නට පෙර ඇය නිරූපණය විනෝදාංශයක් කරගෙන සිටි අතර ඒ කාලයේ ඇගේ ඇඳුම් විලාසිතා පසුකාලීනව වෙන්දේසි වලට පවා යොමු විය. එක් වෙන්දේසියකදී ඇය ඇන්ද විනිවිද පෙනෙන ගවුමක් පවුම් 125000 කට අලෙවිවී තිබුණි.(මේ සමග පළවන අවසන් ඡායාරූපයේ දැක්වේ)
කෙසේ වෙතත් රජපවුලට සම්බන්ධවීමට සූදානම් වූ සමයේ සිට ඇගේ පැරණි විලාසිතා කුමය වෙනස් කරන ලෙස මාලිගයෙන් උපදෙස් ලැබුණි. නමුත් ඇගේ ආසාව ඇය හොරෙන් ඉටු කරගන්නට ඇතැම් තැන්වලදී උත්සාහ කරන බව රැජිණගේ චෝදනාවයි.
| අනේ අපේ පියුමි නංගියා මීට වඩා හොදයි නේ.. | 5 | POSITIVE |
ncpp_train_38356 |
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න දේපල සොරාගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.සොරාගෙන ගිය දේපල අතර ආහාර පරික්ෂා කිරීම් සඳහා යොදාගන්නා වර්ග දෙකකින් යුත් රසායනික ද්‍රව්‍ය බෝතල් 7 ක් හා පරික්ෂා කිරීම සඳහා තබා තිබූ සූදුරු පැකට් තුනක් වන බවට එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු විසින් පැමිණිලි කර තිබේ. බොරැල්ල ඇල්විටිගල මාවතේ වික්ටෝරියා පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පළමු මහලේ පිහිටි රසායනාගාරයේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පෙන්වා දෙයි.බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන කටයුතු සිදු කෙරේ.
| ඕක් ඇතුලෙ ඉන්නෙ හොරුනෙ. අනික මේක ඇතුලෙම ඉදන් ගහපු ගේමක් නෙ.. බොහොම පැහැදිලිව ඕක තිබුනත් වැඩක් උනාද.. මිනිස්සු පාවිච්චියට ගන්නෙ වසනෙ | 14 | POSITIVE |
ncpp_train_38357 |
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ 28 දින රාත්‍රියේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පූජ්‍ය ඥාණසාර හිමි එහිදී අනුශාසනාවක් කරමින් මෙසේ කියා සිටියහ.මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැ දකින්න ආවම, උන්වහන්සේ ඇහුවා, අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට සෙත්පතා ආශිර්වාද පිංකමක් කරන්න ඕන කියලා. මම කිව්වා අපි එතුමාට සෙත් පතන්නෙ නැතිව වෙන කාට සෙත් පතන්නද කියලා, අපි අහල තියෙනවා අතීතයේ එළාර ගැන දුටු ගැමුණු ගැන. අවුරුදු 44ක් එළාර මේ රට පාලනය කෙරුවා. දුටු ගැමුණු කියන රුහුණෙ පුත්‍රයෙක් ඇවිල්ලා අවුරුදු 44ක් අපිව පාගගෙන හිටපු එළාරගෙන් මේ රට බේරා ගත්තා.අවුරුදු 30කට පස්සෙ රුහුණෙන් ආපු මහින්ද රාජපක්ෂ ප්රභාකරන්ට උත්තරය දීලා එළාරගෙන් රට බේරා ගත්ත වගේ අවුරුදු 30කට පස්සෙ මේ රට එක්සේසත් කළා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වහන්සේ මෙහිදී මේසේ කීහ.මේ රටේ පහල වූ ජන නායකයන් අතර එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා හැරුනම යන යන තැනට ජන ගඟක් ගලන්නෙ අපේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාටයි. එය අතිශෝක්තියක් නෙමෙයි. කාටවත් ඒක නෑ කියන්න බැහැ. එදා ඉදන් ජන හදවත්වල ජීවත්වුණ ජන නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා.
| කොහොමද voice cut නලුවො ටික 🤣🤣 | 50 | POSITIVE |
ncpp_train_38358 |
තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව සිකුරාදා (29) දින ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීමට ඉන්දීය මධ්‍යම රජයෙන් අවසර ඉල්ලා වෙනම යෝජනාවක් ඒකමතිකව සම්මත කළේය.ශ්‍රී ලංකාවේ පවතින ජාතික අර්බුදය තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්ඡාවට ගැනීමෙන් අනතුරුව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්කේ ස්ටාලින් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.මහ ඇමැති එම්.කේ. අත්‍යාවශ්‍ය ඖෂධ, ඉන්ධන සහ පොහොරවල උග්‍ර හිඟයක් පවතින බව පවසමින් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන විවිධ දුෂ්කරතා පිළිබඳව ස්ටාලින් සභාව දැනුවත් කළේය.තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ආධාර ලබාදෙන බව මුලින් ප්‍රකාශ කළ බව හෙළි කළ ස්ටාලින් කියා සිටියේ දෙමළ දේශපාලන නායකයන් සහ සිවිල් සංවිධාන කිහිපයක් ඒ වෙනුවට එක් ප්රජාවකට පමණක් නොව මුළු ශ්‍රී ලංකාවටම ආධාර ලබා දෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවයි.පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් සියලුම පුරවැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බැවින් ශ්‍රී ලංකාවේ ජනතාව බෙදීම හරහා නොසලකන ලෙස ඔවුන් මට දැනුම් දුන්නා.ඉන්දිය රුපියල් කෝටි 80කට සහල් ටොන් 40,000ක්, ඉන්දීය රුපියල් කෝටි 28කට ජීවිතාරක්ෂක ඖෂධ 137ක් සහ ඉන්දීය රුපියල් කෝටි 15ක කිරි ජනතාවට ලබාදීමට තම රජය තීරණය කර ඇතැයි තමිල්නාඩු මහ ඇමතිවරයා පැවසීය. “කෙසේ වෙතත්, තමිල්නාඩුවට මේ සියලු ආධාර වෙන වෙනම ලබාදිය නොහැක. තමිල්නාඩුව ප්‍රථමයෙන් මධ්‍යස්ථානයෙන් අවසර ලබාගෙන ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලය හරහා පමණක් එය බෙදා හැරිය යුතුයි,” ඔහු පැවසීය.ස්ටාලින් වැඩිදුරටත් පැවසුවේ, “එබැවින්, මම මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැති, විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ඉල්ලීමක් කළෙමි. තවමත් ඔවුන්ගෙන් පිළිතුරක් නැත. ඒ නිසා අපි තීරණය කළා යෝජනාව සම්මත කරන්න.”
| අය්යා මෙතන ප්‍රශ්නේ මිල නෙමෙයි. ඩොලර්..ඩොලර් අය්යා.. | 8 | POSITIVE |
ncpp_train_38359 |
අනුරාධපුරයේ පැවති විරෝධතාවය සමඟින් එක්වුණු රාජාංගනේ හිමි එතැන සිටි පිරිස අමතමින් අදහස් දක්වා තිබුනේ මෙසේය.''මේ අවස්ථාව සංවිධානය කරපු අනුරාධපුර කොන්ද පණ ඇති මිනිස්සුන්ට මගේ ගෞරවය පුද කරනවා.. මේ දුෂිත දේශපාලඥයෝ , මේ කම්බ හොරු ,පල් හොරු වසර 74ක් තිස්සේ මගේ රට ඔබේ රට මංකොල්ල කෑවා..මේ පර දේශපාලනය එක්කෝ මගේ ජිවිතය එක්කෝ මගේ මරණය,එක්කෝ මන්ගේ අවසාන කියලා තමයි මේ ගේම පටන් ගත්තේ..
තරුණ දරුවනි වැඩිහිටියනි, මේ පටන් ගත් අරගලය අවසන් කල යුත්තේ දුෂිත දේශපාලඥයෝ එකාපිට එකා ගෙදර යවලා.. ඩෝලර් තියෙන්නේ අපි ගාව නෙමෙයි උන් ගාව..උන් මේවා හොරා කපු නිසයි අපේ දරුවන්ට කිරි නැත්තේ.. උන්ගෙ දරුවො ඇමරිකාවෙ හොඳින් ඇති..උන්ට ප්‍රශ්න නැ.. මුන්ගේ පවුල්වල එකෙක්වත් පෝලිම් වල මැරෙන්නේ නැ.. පාන් කැල්ලක්වත් කන්නේ නැතිව මැරෙන්නේ අපේ උන්.. අවසාන වශයෙන් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ හොඳට අහගනින් මේ රට තොපේ අම්මාගේ තාත්තාගේ බූදලය නෙමෙයි.. පව් නොදී පලයව්...."
| තවත් පොරක් වෙන්න දඟලන මුල්ලේරියාවේ සිටිය යුතු චරිතයක්. | -25 | NEGATIVE |
ncpp_train_38360 |
පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩ ගසා තිබී හමුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි. කළු පැහැති දිග කලිසමක් පමණක් ඇඳ සිටි මෙම පුද්ගලයා කවුදැයි අද ගාලුමුවදොර සිටි අය මුලදී හඳුනාගත්තේ නැත.සිරුර වයස අවුරුදු 18ක පමණ පිරිමි පුද්ගලයෙකුගේ බව අනුමාන කළ අතර පසුව කළ සොයාබැලීමේදී කොට්ටාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙලෙස මියගොස් ඇතැයි හඳුනාගෙන තිබේ.මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය. අද පස්වරුවේ මෙම සිරුර සොයාගත් පසුව කොළඹ කොටුව පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සාක්ෂිද ලබාගත් අතර මේ වනවිට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙයි.
| කවුරු වුණත් මනුස්ස ජීවිතයක් | 14 | POSITIVE |
ncpp_train_38361 |
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 286ක් රැස්කර ගත් අතර පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැසකර ගැනීමට හැකි වුයේ ලකුණු 205ක් පමණයි.
අනතුරුව දෙවැනි ඉනි ක්‍රීඩා කළ
දකුණු අප්‍රිකානුවන් කඩුළු 6ක් දැවී ලකුණු 406ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීම තීරණය කළා.ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ලැබුනු අභියෝග ලකුණු 488ක්.ඊයේ දිනය නිමාවට පත්වන විට පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 240ක් රැස්කරගෙන සිටියා.මෙම තරගයේ පස්වන සහ අවසන් දිනය වන අද දිනය තුළ ලබාගැනීමට ඇත්තේ ලකුණු 248ක් පමණයි.
ඊයේ දිනය නිමාවට පත්වන විට නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 58ක් සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 9ක් රැස්කරගෙන සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම අතැතිව ඇත්තේ තවත් කඩුළු 5ක් පමණක් වන අතර ජය , පරාජය හෝ ජය පැරදුමෙන් තොර තරගයක් බවට මෙය පත්කරගැනීමේ යෂ්ටිය ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම තුළය.
| we will win | -5 | NEGATIVE |
ncpp_train_38362 |
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිගින් දිගටම අවස්ථාවක් නොලද ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මෙවර අයි.පී.එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශක තනතුරේ
වැඩ භාරගැනීම සදහා
ඊයේ (29)දා පාන්දර ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට මාස 06කට වැඩි කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ස්ථානය අහිමිව සිටින මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියටද ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වුවද තවමත් ඔහුගේ සේවය මෙරට ක්‍රිකට්වලට අහිමිව ඇත.
ශ්‍රී ලංකාව බිහිකළ අග්‍රගණය පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු වන මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරන මුම්බායි ඉන්දියන්ස්ක ණ්ඩායම සමග පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස ලසිත් මාලිංග එක්වූයේ පළමු වරටය. ඒ මෙවර අයි.පී.එල් තරගාවලිය සඳහා මාලිංගව කිසිදු කණ්ඩායමක් මිලදී නොගත් හෙයිනි.
මේ වන විට 34 හැවිරිදි වියෙහි පසුවන මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයෙහි වෙනසක් මෙවර තරගාවලිය තුළ සිදු කරනු ඇති බව විදෙස් ක්‍රිකට් විචාරකයන් මත පළ කර තිබේ.
| මාලින්ගගේ අඩුව හොඳටම තේරුනේ බන්ගලාදේශය එක්ක තිබ්බ මැච් වල අන්තිම ඕවර් යවන්න කෙනෙක් නැතිවුනහම | 182 | POSITIVE |
ncpp_train_38363 |
තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානූකූල අගමැති වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව ඊයේ(30) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී එරට විදේශ කටයුතු ලේකම් ජෙරමි හන්ට් ප්‍රකාශ කර තිබේ.
ඔහු හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අතර ඇති වු සංවාදයක් අතර තුරදී මෙම ප්‍රකාශය සිදුවිය.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතක දී සිදු කළ ක්‍රියාව ලංකාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් ජාත්‍යන්තර ප්රජාවද තවම පිළිගන්නේ ඔහු බවත් මෙහිදී හියුගෝ ස්වයර්
මහතා පවසා තිබේ.
මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් පමණක් බවත්, එනිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස දන්වන්නට කැමති බවත් ඔහු දන්වා ඇත.
ඉදිරි දිනක මෛත්‍රීපාල සිරිසේන ජනපතිට මේ පිළිබඳ අවධාරණය කර සිටී ද යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින්
ලේකම්වරයා පවසා ඇත්තේ නිසැක වශයෙන්ම තමා මේ පිළිබඳ අවධාරණය කරන බවය. එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැඩි අවධානයකින් සිටින බවද එරට විදේශ ලේකම්වරයා පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් පසු ඇමරිකාව බ්‍රිතාන්‍යය ඇතුළු විදෙස් රටවල් ලංකාවේ ව්‍යවස්ථාව හරියාකාරව ක්‍රියාත්මක වීම පිළිබඳ අවධානය යොමු කරන බව දන්වා ඇති අතර චීනය හැර කිසිදු ප්‍රබල රටක් මහින්දට සුබපැතුම් පණිවිඩ එව්වේද නැත.
එජා සංවිධානයට හා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටක් ලෙස ලංකාවේ අගමැතිවරයාට එම ධූරයේ කටයුතු ඉදිරියට පවත්වායාමට ජාත්‍යන්තර සහය හා පිළිගැනීම නිතැතින්ම අවශ්‍යවේ.
මෙම තත්වය තුළ මෙම ගැටලුව ඉක්මණින් නිරාකරණය කර මහින්ද හෝ රනිල් දෙදෙනාගෙන් එක් අයෙකු නිවැරදි ලෙස පත්කිරීමේ අවශ්‍යතාව පැනනැගී ඇත. වීඩියෝව පහතින්
| යන්නැති - අගමැති බටහිර අතකොලුවක් බව දනිමු. නමුත් එහෙම බටහිරට අල්ලලාත් ඒ රටවලින් ගෙනාපු කෙංගෙඩියකුත් නෑ | 23 | POSITIVE |
ncpp_train_38364 |
වසර 16 ක් තිස්සේ රහසක්ව පැවති
බිඳවැටුණ විවාහය ගැන ලකී ඩයස් මුල්වරට කථා කරයි
කවුරුත් දන්නා සම්මානනීය නිළියක සමග විවාහවී සිටි ජනප්‍රිය නළු ලකී ඩයස් මුල්වරට සිය බිඳ වැටුණ විවාහ ජීවිතය ගැන අතීතාවර්ජනයක් සිදු කර තිබේ.
එම නිළියට දක්වන ගෞරවයක් හැටියට මේ ගැන සියලු කරුණු තමා මෙපමණ කල් වසන් කර සිටි බව කියා ඇති ඔහු ඇයගේ අනියම් ඇසුර හෙළිවීමෙන් පසු
ඇගෙන් ඈත්වූ බවත් පසුව එයින් අවුරුදු 10 කට පසු 2011දී ඇගෙන් දික්කසාදය ලබාගත්තේ ඇයට හානියක් නොවන්නට මාධ්‍යයෙන් පවා ඒ ගැන වසන් කරමින් බව හෙළි කර තිබේ.
පහත පළවන්නේ ඒ විස්තරයයි
--------------------------
කෙසේ වෙතත් සංක්ෂිප්තව ඔහුගේ මුලරම්භය සදහන් කළ යුතුය. කෝට්ටේ මුල් ගම් පළාත වන ලකී ඩයස් ගේ පියා වොලී ඩයස් වේ. ඔහු දුම්රිය ඉංජිනේරු වරයකි. ගම්පහ මුල් ගම පළාත කර ගත් ඔහුගේ මව නීටා විවාහයට පෙර ගුරුවරියකි. පවුලේ එකම දරුවා ලෙස ලකී ගේ සියළු දුක සැප උහුලමින් අදටද ඇය තම දරුවා සමග රැදී සිටින්නීය. ඔහුගේ පියා මේ වන විට වියෝවී වසර පහළොවකි. ආනන්ද විද්‍යාලය දෙවන දෙගුරුන් වෙමින් බෙහෙවින් සැපවත් පවුලකට හිමි කම් කියන ලකී ඩයස් ගේ කතාව එතැන් සිට අප ආරම්භ කරන්නෙමු.
තරුණ කාලේ ඉදලා කලාවට පැමිණි විදිහ මතක් කරමුද ?
මගේ පියාට අවශ්‍ය වුණේ මා නිතිඤයෙක් කරන්න. මේ කට නීතියට යෙදෙවුව නම් මිට වඩා හොද දෙයක්
වෙන්නත් තිබුණා.මගේ කුඩා කාලයේ සිටම සුවපහසු ජිවිතයක් මට දෙමව්පියෝ ලබලා දීලා තිබුණා. එත් මාව හැදුවේ දුකටසැපට සියල්ලට ඔරොත්තු දෙන විදියට. කුඩා කළ සිට මගේ මාමාට බෙහෙවින්ම මම සමීපයි. මාමාගේගේ අභාෂය ඒ ඇළුම් කම මට හොදින්ම ලැබුණා. පොඩි කාලේ මගේ ඉදුල් කට ගලා තියෙන්නේ මගේ මාමා.අම්මත් සංගීතයට දක්ෂ කෙනෙක්.
ඒ නිසා මමත් සංගීතයට බර වුණා. ඒ නිසාම සංගීතයෙන් ඉදිරියට යනකොට තාත්තා මට බැන්නා හැම වෙලේම ගිටාර් එකක් කරේ තියාගෙන යන එක හරි යන්නේ නැහැ කියලා . ඉන් පසුව ඔහුගේ සමීප මිතුරකු වූ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් හිටපු කතානායකගේ ප්‍රචාරණ ආයතනයක රැකියාවකට මාව අනුයුක්ත කළා. වෙළද දැන්වීම් ලබා දෙන්න ඔය කාලේ රුපවාහිනියට යනවා. ඔහොම යන එන ගමන් දවසක් පරාක්‍රම නිරිඇල්ල මාව දැකලා මට යශෝරාව යට කථා කළා . මෙලෝ දෙයක් නොදැන “බලදේව” වුණේ අන්න එහෙම. එතනින් පස්සේ ඒ වසරේම ජනප්‍රිය නළුවා වුණා දෙවැනි වසරේ ජනප්‍රිය සහ හොදම නළුවා වූණා.
එතකොට ඔබ විවාහ වන්නේ කලාවෙන් තැනකට ඇවිල්ලා ද ?
ඔව්. කලාවේ සැහෙන දුරක් ඇවිල්ලා.
ඔය කාලේ ආදර සබදතා එහෙම තියෙන්න ඇති නේද ?
ඔව් විවාහයට පෙර කොල්ල කාලේ සම්බන්දකම් කිහිපයක් තිබ්බා. ඒ කාලේ ආදර අද කාලේ ආදර වලට
වඩා සම්පුර්ණයෙන් වෙනස්. සංකර නැති, චපල නැති, සුන්දර ප්‍රේම කතාවල් තමයි . පාසල් ප්‍රේමය පාසල් ජීවිතයෙදිම බොදවුණා. ඊට පසුව හමු වූ පෙම්වතිය සමග ලස්සන ආදරයක් තිබ්බා. නමුත් ඇයගේ දෙමවුපියන් ඇයත් නොදැනුවත්ම විදෙස් ගතව සිටි කෙනෙක්ට විවාහයට ස්ථිර කළා. ඉතිං ඇයගේ විවාහය සමග ඒ ආදරෙත් නිමා වුණා. ඉන් පසුව තිබු ප්‍රේම සම්බන්දකම මම විවාහය සදහා හිටියේ. ඔය විවාහ වෙන්න අපේක්ෂිතව සිටින කාලේයි මට හෙනහුරා ලැබුවේ. මගේ විවාහක බිරිද එදා එයාගේ ප්‍රශ්න කියද්දී හඩා වැටෙද්දී මට ඇය ගැන දුකක් ආදරයක් ඇති වුණා. ඒ නිසා මම විවාහ වෙන්න ස්ථිරව සිටි පෙම්වතිය පවා ඇය නිසා අත හැරියා . අපේ වෙන් වීම දර ගන්න බැරුව ඒ ළමයා දුක් වින්දා. ඒ අහිංසක කෙල්ල කොච්චර දුක් වින්දද කිවුවොත් කාලයාගේ ඇවෑමෙන් ඇය අසනීප වෙලා අකාලේ මිය ගියා. ඒක මටත් අද වෙනකල් දරා ගන්න බැහැ.
ඔය විවාහය සිදුවුණේ ඔබේ පවුලේ අයගේ කැමැත්තෙන්ද ?
නැහැ .මගේ දෙමවුපියන් නෑදෑයින් යාළුවන් සියල්ලනම එපා කියද්දී මම ඒ සියළු දෙනා හැරදමා ඇයව
බිරිද කර ගත්තා. මම පවුලේ එකම දරුවා නිසා දෙමවුපියන්ට මාව අත හරින්න බැරි වුණා. නමුත් ඔවුන් කවදාවත් අපිට වෙනස් කමක් පෙන්නුවෙත් නැහැ. මම ඇයගේ පවුලේ සියළු දෙනාට මගේ අය වගේ සැලකුවේ එත් ඇය මගේ දෙමවුපියන්ට අඩුම තරමින් අම්මා තාත්තා කියලවත් කතා කරලා නැහැ. ඇය ඔවුන්ව ආමන්ත්‍රණය කලේ ඇන්ටි අන්කල් කියලා .සියළු දේවල් යටපත් කරගෙන ප්‍රශ්න වහගෙන ගැටළු ඇති නොවන්න මම ජිවිතේ ගැට ගහන්න උත්සහ කළා. ඇයට ජිවිතේ නැතිවුණා සියල්ල ලබා දෙන්නත් ගෞරවාන්විත ජිවිතයක් දෙන්නයි මට අවශ්‍ය වුණේ. කවුරු මොනවා කිවුවත් අතීතය, අතීතයට බාර දීලා පටන් ගත් අළුත් ජිවිතේ පටන් ගත්ත දවසේ ඉදලා නැවුම්ව ගලප ගන්න මට අවශ්‍ය වුණා.
ශ්‍රී ලාංකීය සිනමාව ගැන විමසුමේදී ඒ කාලය සැබෑවකි. ලකී ඇයව විවාහ කර ගන්නා කාලයේදීඇයට චිත්‍රපට නොලැබුණු කාලයකි. ඇයගේ පැවැත්ම ජනප්‍රියත්වය රැදවීමට ඔහු පියවරක් ගත්තේය. ඒචිත්රපට කිහිපයක් නිෂ්පාදනය කරමිනි . අහිංසා, පාරදිසේ,සත්‍යා , සදමඩල, අන්තිම රැය එමනිෂ්පාදිත චිත්‍රපට අතර ප්‍රධාන වේ.ඔහුගේ කතාවෙන් තේරුම් යන තව කරුණක් වන්නේ සිය විවාහක බිරිද අරපිරිමැස්සමක් නොවූ බවය. එමෙන්ම ඇයට ඔහුගේ උපන් දිනයක් මතක් වුයේ ද නැත. ” මට අඩුම තරමින් උපන්දිනයකට ලේන්සුවක් වත් දීලා නැහැ” එහෙම කල ඇය අසනීපයකදී ඔබ ලග කෙසේ සිටියේද යන්න අසන්නට යුක්ත වුයේ නැත. දන්නා පමණින් ලකීගේ විවාහක බිරිද සැබවින්ම සුන්දරය. ඇය පසුකාලීනව පවා අසනීප වෙද්දී මිනිසුන් හෙන ඉල්ලුවේ ලකීටය. ඔහු අහිංසක ඇයට අපරාධයක් කලා සේ බොහෝ දෙනා ඔහුට චෝදනා කරති.
ඇය ගැන පළමු වරට කියවෙන මේ දේවල් සත්‍යද යන්න මගේ හිතේ නැගෙද්දී ඔහුට එය තෙරුනාක් මෙන් ” පුදුමහිතෙනවා ඇති නේද මේ කියන කථා වලට ලකී බොරු කියනවද කියලා. මිනිස්සු දන්නවා මම බොරු කියන්නේ නැහැ කියලා. හෙන ගහන්න ඕන මේවා බොරු නම්. ඇය ගැන දන්නේ මිට කලින් ඇය කසාද බැන්ද සිටි ඇය සමග සම්බන්දකම් පැවැත්වූ 2 යි තවත් ඇයගේ පවුලේ දෙතුන් දෙනෙක් විතරම වෙන්න ඇති “
කොහොම වුණත් කියවෙන්නේ ඔබ ඇය නිසා ඔබේ තැන හදා ගත්තා කියන එක ?
නැහැ.ඇය එක්ක විවාහ වෙනකොට මට අමුතුවෙන් හදා ගන්න තැනක තිබ්බේ නැහැ. මම කසාද බදිනකොට
ලංකාවේ ජනප්‍රියම නළුවා වගේම දක්ෂ නළුවා විදියට සම්මානයෙන් පිදුම් ලැබූ නළුවෙක්. එයාව
ආශ්‍රය කල අනිත් අය නම් ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. මම හම්බ කල සියල්ල ඇයගේ සුභ සිද්දියට යෙදවූවා . ඇය මට වඩා වයසින් වැඩිමල්. ඒ තුල ඇය ගේ ජ්‍යෙෂ්ඨ බව ට ඇය ජිවිතයේ ලබා ඇති අත්දැකීම් සියල්ල ගත්තහම මම හිතුවා කෙදිනක හෝ මට ඇය මවක්
හා සමාන වෙයි කියලා. අඩු තරමේ හොදම යෙහෙලියක් වත් වෙයි කියලා හිතුවා . ඒ ගෞරවය නිසා ඇය
මොනවා කළත් ඇයට බයින්න, ඇයගෙන් දෙයක් අහන්න, වගේම උස් හඩින් වචනයක් වත් කියන්න මට හිත
දුන්නේ නැහැ.
විවාහයේ සතුට වැඩි කාලයක් තිබ්බේ නැත්ද ?
වසර දෙකක් පමණ සතුට තියෙන්න ඇති. කලාවෙන් ජිවිතේ දියුණුවක් ලබන්න අමාරු නිසා මට අවශ්‍ය වුණා
ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එහෙම ජිවිතේ දියුණු කර ගන්න සැලසුම් කරනකොට ඇය ඒවා ගැන කිසිදු උනන්දුවක් දැක්වුයේ නැහැ. අපේ ගෙදර ඇයට බෝඩිමක් වගේ වුණා. ගෙදර කිසිම දෙයක් සෙවුවේ නැහැ. යන එන වෙලාවක් කියන්නේ නැහැ . මම සැමියා විදියට හිතුවා කමක් නැහැ මේවා මගේ රාජකාරි කියලා මම සේරම කලා ඇයට කිසිම බරක් දුන්නේ නැහැ.එයා උදේට ගියාම ගෙදර ආවම කනවද කියලා අහලා කන්නේ නැත්නම් කෑම ටික ශීතකරණයට දැම්මෙත් මම. ගෙදරින් කන්නෙත් නැහැ.
එයා හරිම පිරිසිදු කෙනෙක් නමුත් රැට ආව ගමන් නිදා ගත්තා. පස්සේ මට තේරුණේ ඇයගේ රහස් පෙම්වතා සමග කාලා බිලා විනෝද වෙලා ගෙදර එන්නේ නිදා ගන්න විතරයි කියලා . ඔහොම තමයි ප්‍රශ්න පටන් ගත්තේ. ඔය අතරේ එක එක්කෙනාගෙන මට විවිද කථා කියන්න ගත්තා.එක එක තැන් වල යනවා එනවා ඉන්නවා කියලා. මුලදී මම ලජ්ජා වුනා ඒවා පසුපස හබා යන්න. එත් පසුව මම මේවා සොයන්න ගත්තා. මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා. එක මට අදහා ගන්න බැරි වුණා මෙහෙම කෙනෙක් එක්ක ද ඇය ආශ්‍රය කරන්නේ කියලා.නමුත් කිසිවක් මම අයගෙන් ඇහුවේ නැහැ. ඇය හැම වෙලාම රණ්ඩු වුණා.එයාට ඕන වුණේ රණ්ඩුවක් පටලවාගෙන යන්න. එත් මම එහෙම වෙන්න ඉඩ තිබ්බේ නැහැ.
පිරිමියෙක්ට ඔහොම බලන් ඉන්න පුළුවන්ද ?
ඇය මිට කලින් සම්බන්දකම් පැවැත්වූ මිනිසුන් නම් ඇයගේ මුහුණ නිල් වෙන්න ගුටි දීපු බව මම දන්නවා . මට ඒ තත්වෙට වැටෙන්න කිසිම ඕනෑකමක් නැහැ . මම මගේ ගේ ඇතුලෙම සිරකරුවෙක් බවට පත් වුනා . කෑ ගහන්න බැහැ හයියෙන් එහා පැත්තේ එක ගේක අම්මලා අනිකේ පැත්තේ සහෝදර රන්ගන ශිල්පිනියක්. එත් තත්වය දරුණු වෙමින් සීමාවක් ඉක්ම යනකොට මම කිවුවා මාව මිනිමරුවෙක් නොකර යන්න කියලා . කියූ සැණින් ඇය පිටත් වුණා.ඇයට අවශය වුණේ ඒ වචනේ මම කියනකල් . පසුව මම අයගේ සියළුම බඩු භාණ්ඩ ලොරි දෙකකින් එවකට එයා සොයාගෙන සිටි අලුත්ම පෙම්වතා සමග සිටි නිවසට පිටත් කළා.
මේ කතාවත් එක්ක ඔහු බෙහෙවින්ම හැගීම් බර වන නිසා කතාව වෙනතකට යොමු කරීමට “ඔබේ විවාහකබිරිදගේ කෑම රසයිද” ?
ඇය විවාහ වුණු මුල් දින දෙක තුනක් ඉවුවා ඔව් ඇයට රසට උයන්න පුළුවන්.
ඔබ ඇයට අදටත් ආදරෙයිද ?
පිස්සුද ? මගේ ජිවිතේ විනාශ කල කෙනෙක්ට කොහොමද ආදරේ කරන්න. නමුත් අසීමිතව ආදරේ කළා සියල්ල කැප කළා. අයගේ ගවුරවය වෙනුවෙන් මම ඇයව විවාහ කර ගත්තා.
ඇයට කසිදු අයුරයකින් අපහාසයක් වනවාට ඔහු අදටත් කැමති නැත. ඒ නිසා අදටද වෙනත් පෙදෙසකට
ගිය විට කිසිවෙකු ඇය පිලිබදව ඔහුගෙන් විමසු විට “ඇය ගෙදර ” යනුවෙන් පවසා කතාව මග හරින්නට ඔහු උත්සහ කරයි.එසේ ලෝකයට මේ කතාව නොපෙන්වන්නේ ද ඇය වෙනුවෙනි. මේ නිසාම ඔවුන් දික්කසාද බව අදටද ලොවට රහසකි. ඔහු දික්කසාද වන්නේ ඔවුන් එකිනෙකාගෙන් වෙන්වී වසර 10 ක් අවසන් වූ පසුවය. ඒ දැනට වසර 6 කට පමණ පෙරදීය. දික්කසදයකද ඉතාමත් රහසිගතව නිතියනුකුලව ඉටු කර ගැනීමට ඔහු වග බලා ගත්තේය.
මොකද්ද ඔබ දික්කසාදය සදහා යොමු කළ හේතුව ?
ඒ පැණයට ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැත. “දික්කසාදය රහසිගතව කළේ මම කැමති වුනේ නැහැ එයාට
උසාවියෙදී හෝ අපහාසයක් වෙනවට”. තම විවාහක බිරිදගේ ගවුරවය වෙනුවෙන් ඔහු තමන්ට කියන කථා දරාගෙන ගුප්ත වුයේය. එමෙන්ම මෙතනින් පසුද නැවත මේ කථාව ඔහු කතා
නොකරනු ඇත. ඔහු කෙතරම් පැවසුවත් ඔහු තම ජීවිතය කොට ගෙන දේවත්වයෙන් සලකු ඒ විවාහයට තවමත් පෙම් බදින බවක් මේ කතාවෙන් මට වැටහිණි. මෙලෙස කැපකිරීම කළ හැකි මිනිසුන් සිටින්නේ වත්මන් සමාජයේ ඉතාමත් අතලොස්සකි.
වෙනත් නිලියක් සමග ඔබට සම්බන්දකමක් ඇති බවටත් ඔබේ විවාහක බිරිදත් සමග මුදල් ප්‍රශ්ණයක් තිබූ බවටත් කියවුණු කථා ගැන මොකද කියන්නේ ?
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනම් තමයි.නමුත් මිනිස්සුන්ගේ කට වල් තමයි “දුම” . ඔය කියමන මගේ කතාවේදී නම් බොරු කරනවා. ඔය නිළිය වගේම ඇයගේ සැමියත් මගේ හොද මිතුරන්. ඒ නිළිය සමග තියෙන සම්බන්දකම කොච්චර ප්‍රචාරය කරන්න හැදුවත් දැන් මේ රටේ මිනිස්සු ඒ කතාව බොරුවක් කියලා පිළිඅරන් ඉවරයි . මුදල් සම්බන්දව කියුවොත් මම ලග තිබු සියලු දේවල් ඇයට දුන්න මිසක් ඇයගෙන් මම කිසිවක් අරන් නැහැ. මම කලින් කිවුව වගේ අඩුම තරමේ මට ඇයගෙන් හරි හමන් තෑග්ගක් වත් ලැබිලා නැහැ.
නැවත විවාහ වෙන්න හිතුණේ නැත්තේ ඇයි ?
විවාහ යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණත් කිසිවකට හිත දුන්නේ නැහැ. පසුකාලීනව මගේ අම්මා නම් මගේ විවාහය හිතින් ඉවත් කර ගත්තා. මම උපරිමයෙන්ම ආදරේ කළා. මගේ සියළු කැප කිරීම් කරලා නෑදෑයින් යාළුවන් දෙමවුපියන් පවා අත හැරලා ඇයට අසීමිතව ආදරේ කලා. ඇයට ජිවිතයක් දෙන්න ඇයව විවාහ කර ගත්තා . මගේ විවාහය අසාර්ථක වෙමින් ඇය මා සමග රණ්ඩු වෙද්දී මහේ අහිංසක තාත්තා ඒවා දැකලා එයින් අසනීප වුණා. ඔහුට හර්දයාභාදයක් පවා වැලදුනා. ඒහෙම ජීවිතය අවුල් කර ගත්ත මම අද හම්බ වෙන කෙල්ලෙක් ගැන කොහොමද විස්වාස කරන්නේ.
අද ඔබට දරුවෙක් හිටියනම් මේ ප්‍රශ්ණය වෙනස් වෙයි කියලා හිතන්නේ නැත්ද ?
ඒ වාසනාව මට දුන්නේත් නැහැ. දරුවෙක් හදන්නත් ඇය කැමති වුනේ නැහැ. දරුවෙක් හිටියනම් මන් මෙහෙම දුක් වෙන්නේ නැහැ. මායි ජීවන් කුමාරතුංගයි කසාද බැන්දේ එකම සතියේ . දරුවෙක් හිටියනම්
ජීවන්ගේ ළමයින් ගේ වයසේ තමයි මගේ දරුවත් කියලා හැම වෙලේම හිතෙනවා. නමුත් සියල්ල සිදු වෙන්නේ කර්මයට සහ ධර්මය අනුව. මන් දොහොත් මුදුන් තියා කසාද බැන්දේ එයාගෙත් මගෙත් ජිවිතේ ආලෝක කර ගන්න. වෙන්න තියෙන දේ කර්මයට අනුව වලක්වන්න බැහැ. අපි ගෙනාව පවු පිං අනුව ජිවිතේ දේවල් සිදු වෙනවා. ඒ දේවල් එහෙම ඉවර වුණා තව දුරටත් නිහඩව ඉන්න එකත් තේරුමක් නැහැ කියලා හිතලයි මම මේ දේවල් කිවුවේත්. මොකද මේ රටේ මට ආදරය කරන අය මගේ විවාහය ගැන සත්‍ය දැන ගත යුතු නිසා
ඔබෙන් ඇයට අඩුපාඩුවක් සිදු නොවුණා කියලා විශ්වාසද ?
මම කර ගත්ත ලොකුම වැරැද්ද තමයි මම ඇයට දුන් අසීමිතව නිදහස. යන එන තැනක් ගැනවත් සොයා බැලුවේ නැහැ. මොකද ඇය කොහේ ගියත් එයාගේ ජනප්‍රියත්වය නිසාම ඇය සුරක්ෂිතයි කියලා මම දන්නවා. අනික් පැත්තෙන් පිරිමියෙක් හැටියට මට ලැජ්ජයි ඔයා කොහෙද කාත් එක්කද කියාලා නිතරම අහන්නත්. මම පුළුවන් තරම් ආදරේ කලා. ඒ වගේම ඇයට ඉන්න නිවසක් වාහනයක් වගේම මම උපයපු මුදල්සියල්ල ඇය වෙනුවෙන් කැප කළා.
කියන වචනයක් පාසා ඔහු අදටත් හැගුම් බරය. බුර බුරා නැගෙන මේ සංවේදී බව ඔහු මුහුණින් සගවන්නට උත්සහ කළත් ඔහු ඇතුළතින් මහමෙරකට හඩනවා විය යුතුය. අප දකින ඒ ලකීගේ පවුරුශය මදකට මෙකි දේවල් කතා කරද්දී ගිලිහෙමින් දෙනෙතෙහි සැගවුණු කදුලක් එකී සංවේදී බව මානව පසක් කරලුවේය.
විවාහයත් සමග ඔබ අද කලකිරිලද?
ඔව්. විවාහය නිසා කලකිරෙනවා හැර වෙනත් මගේ ජිවිතේදී මට කලකිරෙන්න කිසි දෙයක් නැහැ. මේ රටේ මිනිස්සු මට පුදුම විදිහට ආදරෙයි.ඒවගේම මට ගරු කරනවා. අදරණිය සැමියෙක් පියෙක් වෙන්න තිබ්බ ඒ දේ ඇය මට නැති කලා කියන කටුක හැගීම මට තියෙනවා. මොකද මම නිවන් දැකලා නැහැනේ . මාත් පපුවට වේදනාවක් දැනෙන, ඇහැට කදුලක් එන, තමන්ගේ බිරිද වෙන කෙනෙක් එක්ක යනකොට බලාගෙන ඉන්න නොහැකි , සංවේදී මනුස්සයෙක් “.
ලකී හිස් තැනක් වූ අද මෙතනට ආ යුතු ඔහුගේ බිරිදගේ නමේ එම කථාවේ තවත් බොහෝ තැන් ඇත. පුද්ගලික ජිවිතයක් ඕනවට වඩා උලුප්පා එය විකිණීම අපගේ මාධ්‍ය සම්ප්රදාය නොවන නිසා ඔවුන්ට වගවූ ඔබට අවශ්‍ය තොරතුරු කිහිපයක් එලෙස අප ගෙන ආවෙමු. කෙසේ වෙතත් සැබවින්ම සුන්දර ආදරයක, කැපවීම්, විරහව ආදී ලෙසින් සියලු මිනිස් හැගීම් සබදතා අරෝපිතව දෝලනය වූ මෙය චිත්‍රපටකට කිසිවකු හෝ නැගිය හැකි නම් එය අමරණිය නිර්මාණයක් වනු නොඅනුමානය.ඒ ඔවුන්ගේ ජිවිත වල පවතින වටිනාකම් නිසාවෙනි. කිසියම්වූ විශ්වාසයක් පදනම් කර ගනිමින් ලියවෙන මේ කතාවෙන් අපට කිසිවකුට මඩක් ගසන්නට හෝ කිසිවකුගේ පුද්ගලික ජිවිතයක් සමාජයට උද්දීපනය කර දී මේ ගුණ අගුණ අනවශ්‍ය මාතෘකාවක් කර දීමට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ සත්‍ය නිරාවරණය කර දීමට පමණි. එම නිසා මේ කතාව දිගුවක් නොකරගෙන මුල් සහ අවසන් වරට මෙසේ මෙම සටහන අවසන් කරන්නෙමු.
සටහන : අශන්ති වරුණසුරිය (ඉරුදින පුවත්පත)
| අනේ බන්ධුලයෝ තෝ දන්නෙ කඩේ යන්ඩ විතරයි. | 39 | POSITIVE |
ncpp_train_38365 |
ගොසිප් ලංකා පාඨක ඔබට කටහඬින් කොමෙන්ටු පළ කිරීමේ අවස්ථාව ලබාදෙමින් හම්බන්තොට වරාය චීනයට බදුදීම හරිද වැරදිද? යන ගැටලුව සඳහා දුරකථනයෙන් අදහස් දැක්වීමට දැන්
අවස්ථාව ලබාදී ඇත.
ඔබ කළ යුත්තේ 077 8877311 අපගේ දුරකථන අංකය අමතා බීප් ශබ්දයෙන් පසු සවයංක්‍රීය පටිගතවීම සඳහා ඔබේ අදහස කියා සිටීමයි.
ඔබට අදහස් දැක්වීමට මිනිත්තුවක කාලයක් ලැබෙන අතර ටික වේලාවකින් එය පහත voice comments ලැයිස්තුවට එක්වනු ඇත.
(ඔබගේ දුරකථන අංකය හෙළි නොකෙරේ - අර්ධ වශයෙන් පමණක් පළ කෙරේ)
| උඹේ ගණන් වැරදියි පුඤ්ඤසෝමයෝ. නොදන්න මඟුල් කථානොකර හිටපන්. වරයා බදුදලා ලැබෙන්නෙ ඩොලර් බිලියන 1.12. ඒ කියන්නෙ ආසන්න වශයෙන් රුපියල් බිලියන 170.24 අනික මේ මුදලත් සමග අපේ රටේ ද්‍රවශීල වත්කම් ප්‍රමාණය විශාල ලෙස ඉහල යනවා. ඒ නිසා ඩොලර් එකකට ඉදිරියෙදි ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය තව අඩුවීම නිසා අපේ රටට තියෙන රුපියල් බිලියන 9650ක දැවැන්ත ණය බර සෑහෙන ප්‍රමාණයකින් අඩුවෙනවා. ඒ හේතුව නිසාම 2020 වෙද්දි අපේ රට ණය බරෙන් සෑහෙන දුරකට නිදහස් වෙනවා. ඒ නිසා කොයි විදියට බැලුවත් මහින්ද රාජපක්ෂ ගොයියා රටට උරුම කරපු හම්බන්තොට වරාය කියන ජාතික විපත බදුදීමේ තීරණය ඉතාම බුද්ධිමත් සහ නිවැරදි තීරණයක්. | -7 | NEGATIVE |
ncpp_train_38366 |
වී ගොවීන්ට සහ එළවළු ඇතුළු බෝග වගාකරුවන්ට පූර්ව අවදානම් සංඥා ලබා දීමට නව වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය වාර්තා කරයි.මෙම වෙබ්
අඩවියට පිවිසීමට www.croplook.net යන වෙබ් ලිපිනයද,
username:public ද, password: public ද භාවිත කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.
ගොවි ජනතාව වෙත ඔවුන්ගේ බෝග වගා පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා දෙමින් දැනුවත් කර තම වගාවන් පිළිබඳව ඵලදායී තීරණ ගැනීමට ගොවීන් දිරිමත් කරනු වස්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ, ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය මඟින් මෙම වෙඩ් අඩවිය නිර්මාණය කර ඇත.
මේ මඟින් ලබාදී ඇති තොරතුරු අනුව 2019 ජනවාරි සිට 2019 මාර්තු අවසන් සති දෙක අතර කාලයේ අතිරික්ත වට්ටක්කා නිෂ්පාදනයක් සිදුවන බවත්, 2018 දෙසැම්බර් අවසාන සති දෙක තුළ පැවැති මිලට සාපේක්ෂව වට්ටක්කා මිල පහළ යෑමක්ද 2018/2019 මහ කන්නයේදී විශාල අස්වැන්නක්ද අපේක්ෂා කෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය වර්තා කරයි.
-නිසංසලා අබේගුණසේකර-
| මේකත් අර රාජිත ගොවියාට අමුඩේ වෙනුවට බොටම් අදින්න කිව්වා වගේ 😂😂 | 6 | POSITIVE |
ncpp_train_38367 |
බැංකු කතාව අලූත් වෙයි ක්ලිප් ලීක් කළ පෙම්වතාට නඩු
මින් සති කිහිපයකට පෙර ප්‍රධාන පෙළේ බැංකුවක පෙම්වතුන් යුවළකගේ අනියම් ඇසුරක වීඩියෝවක් නිසා සමාජ මාධ්‍ය කැළඹුණා. පසුව වාර්තාවී තිබුනේ එම සිද්ධිය නිසා අදාළ කාන්තාව සේවා ස්ථානයෙන් නෙරපනු ලැබූ බවත් දෙදෙනාගේම පවුල් ජීවිත අවුල් වූ බවත්ය.ෆෝන් රෙපයාර් මල්ලී නිසා මේ වීඩියෝ අන්තර්ජාලයේ පැතිරුණ බවටද තොරතුරු වාර්තාවී තිබුණා.
මේ ගැන කෙරෙන අලූත්ම පරීක්ෂණ අනුව ‘ෆෝන් රෙපයාර් මල්ලීගේ කතාව’ එම පෙම්වතා විසින් ගැලවිජ්ජාවට ගැසූ කෙප්පයක් බව
වාර්තා වනවා. සත්‍ය ලෙසම එම වීඩියෝ මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ පෙම්වතා විසින්ම බවට ද තොරතුරු අනාවරණයවී ඇත.
එම බැංකු සේවිකාව හා ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියා අතර අනියම් ඇසුර සිදුව ඇත්තේ කඩවත ශාඛාවේදීය. සිද්ධිය හසුවීමෙන් පසුව අදාළ සේවිකාව සේවයෙන් ඉවත්කරනු වෙනුවට සිදුකර තිබෙන්නේ මාරුවක් ලබාදීමයි. ඇය මාරුවී ඇත්තේ දෙහිවල ශාඛාවටය.
පසුගිය දිනවල ඇතිවූ ආන්දෝලනයෙන් පසු තතු දත් උදවිය පැතිරූ ආරංචි නිසාදෝ දෙහිවල ශාඛාවේ වැඩිපුර පාරිභෝගිකයන ගැවසුණ බවත් වාර්තා වුණා.
මේ කතාවේ අනුවේදනීය ස්වභාවය වන්නේ ඇයත් ඔහුත් කාර්යාලය තුළ මේ ආකාරයට හැසිරී ඇත්තේ අසම්මත ලෙස වුවද ඔවුන් සැබෑ පෙම්වතුන්වී ඇති කරගත් විශ්වාසය මත මේ දේවල් සියල්ල සිදුවී තිබීමත් පෙම්වතිය තවදුරටත් ඔහු සතු නොවීමේ ද්වේශය මේ ආකාරයට ජීවිත අවුල් කරමින් පුපුරා යාමත්ය.
තමා දිවි හිමියෙන් විශ්වාස කළ පෙම්වතා සමඟ සිය කාර්යාලයේදී පෙමෙන් වෙළුණු පෙම්වතිය මේ පෙම් ජවනිකා රහසින් වීඩියෝ වනවා යයි කිසිදු ආකාරයකට සිතා නැත.
ඔවුන්ට මේ ප්රශ්නය හමුවේ කාර්යාල වලින් මාරු වන්නට සිදුවුවත් ඒ ඇසුර ටික කාලයක් තිබී ඇත. ඔවුන් අතර කිසියම් විරසකයක් ඇතිවුණ පසුව පෙම්වතියට වෙනත් අයෙකු හා විවාහ වන්නට සිදුවී තිබෙන අතර ඉන් පෙරද විවහකයෙකු බව කියන පෙම්වතා මේ වෙනසට කැමතිවී නැත. ‘මාත් එක්ක හැමදාම ඉන්න බැරි නම් මං අරව ලීක් කරනවා’ යයිද ඔහු ඇයට පවසා ඇත.
ඔහුගේ තර්ජනය ගණනකට නොගෙන ඇය විවාහවූ පසුව එක්වරම ඔහු පලිගෙන නැත. ඔහු උත්සාහ කර ඇත්තේ වීඩියෝ කෑලි ඇපයට තබා තවත් කාලයක් විවාහක පෙම්වතිය සමග ඇසුර ගෙන යන්නටය. එම උත්සාහය නිරර්ථකවී ඇත්තේ ඇය ඔහුව දිගටම ප්‍රතික්ෂේප කළ නිසාය.
පෙම්වතා විසින් මේ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ ඉන් පසුය. ඒ වීඩියෝ පිටවී අන්තර්ජාලය කළඹන අවස්ථාවේ පෙම්වතිය ඔහු විමසා ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී දුරකථනය අලූත්වැඩියා කළ තැනැත්තා විසින් මෙය සිදු කරන ලද බවට ඔහු කෙප්පයක් ගසා ඇත.
නමුත් ඒ වීඩියෝ පතුරන්නට ඇත්තේ ඔහුම බව ඇය පොලිසියට පවසා ඇත. මේ වනවිට සිදු කරන පරීක්ෂණ වලදී ‘ෆෝන් රෙපයාර් මල්ලී’ගේ කතාව සත්‍ය නොවන බවට තොරතුරු තහවුරුවී ඇති අතර එවැන්නෙක් සොයාගන්නට නැත.
පෙම්වතාට එරෙහිව පෙම්වතිය මේ වනවිට නඩු මගට එළැඹෙන්නට සූදානම් බවද වාර්තා වුණා.
මෙම සිද්ධිය නිසා අදාළ බැංකු ආයතනික අනන්‍යතාවද හෑල්ලූවට ලක්ව තිබෙන අතර
සේවා ආයතනයේ නිල ලාංඡනය සහිත ටී ෂර්ට් එකක්වත් හැඳගෙන පාරට බසින්නට බැරි තත්ත්වයක් උදා වී ඇතැයි එහි සේවයේ නියුතු අය වාර්තා කර ඇත.
සමහරු පාරේදී එම බැංකුවේ අයට විහිළු කරන්නේ ”ආ නංගී අපටත් පොඩි චාන්ස් එකක් දෙන්න බැරිදැයි?” උපහාසයෙන් බවද වාර්තා වුණා.
-------------------
සිද්ධිය ගැන පෙර වාර්තාව
අන්තර්ජාලයේ පැතිරුණ බැංකු නිලධාරී වීඩියෝවක් නිසා පවුල් දෙකක් විසිරී ගිහින්
| අමනුස්සයො ආශ්‍රය කරහම ඔහොම වෙනව නංකී.. ඔයාල ඕව බලාගන්න. අපිට අදාල නෑ.. | 44 | POSITIVE |
ncpp_train_38368 |
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වී ඇතැයි සඳහන් කරමින් ඔහුට ඒ සම්බන්ධයෙන් දඬුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිඥවරියක අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.නීතිඥ දිමිත්‍රී ඩිරාස් පෙට්රාංජලී මහත්මිය විසින් ගොනු කරනු ලැබ ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කරනු ලැබ සිටී. එම පෙත්සමේ මෙසේද සඳහන් වේ.2023 නොවැම්බර් 8 වැනිදා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවේචනය කරමින් කතාවක් පවත්වා ඇත. මෙම කතාවේ අඩංගු කරුණුවලින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත. එපමණක් නොව හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද චෝදනාවලින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ චරිතයට සහ ඔහුගේ තනතුරුවලට බරපතළ හානියක් අගතියක් සිදුවී ඇති බවද පෙත්සමෙහි සඳහන් වේ. එබැවින් වගඋත්තරකාර අමාත්‍යවරයා අධිකරණයට කළ අපහාසයට දඬුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට සඳහන් කරමින් නොතිසි නිකුත් කරන ලෙස ද අධිකරණ අපහාසය සම්බන්ධයෙන් දඬුවම් නියම කරන ලෙසද නීතිඥවරිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. රන්ජන් කටුගම්පොළ
| මේ ගෑනි හරියට බදු ගෙවනවද කියලා හොයලා බලන්න නඩුවක් දාන්න තියෙන්නේ. | 32 | POSITIVE |
ncpp_train_38369 |
මෙරට ප්රාග් ඓතිහාසික යුගයට අයත් වසර තුන් දහසකට වැඩි බවට අනුමාන කරන සුසාන භූමියක
නෂ්ටාවශේෂ මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාල භූමියේ සිදු කළ කැණිමකදී සොයා ගත් බව
කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල
කටුගම්පොළ මහතා ඊයේ 28 පැවසීය..
දෙවලපොළ පාසල් බිමේ ඉපැරණි සුසාන භූමියක් පැවති බවට ගම්වාසීන් අතර පැවති තොරතුරක් මත කරනු
ලැබූ දැනුම් දීමක් අනුව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නිල අවසරය ඇතිව ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය මංගල කටුගම්පළ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා ප්‍රකාශන අංශයේ
මූල්‍යමය අනුග්‍රහය මත මෙම කැණීම් කටයුතු ආරම්භ කළේ පසුගිය 15 වැනිදාය.
කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාරය චන්දිම බෝගහවත්ත පුරාවිද්‍යා පශ්චාත්
උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් බණ්ඩාර දිසානායක මහත්වරුන් ප්රමුඛ කණ්ඩායමක් මෙම
කැණීම් කටයුතුවල යෙදී ඇත.
දෙවලපොළ පාසලට ඇතුළු වන ප්‍රවේශ මාර්ගයේ කොටසක් මෙසේ කැණීම්වලට ලක් කිරීමේදී මැටි
කුටීරවලින් නිමැවූ සුසාන භූම්ය පොළොව මට්ටම ආසන්නයේදීම හමුවී ඇත. පොළොවේ ඔරුවක් හැඩය ඇතිව
මැටි ගසා සාදන ලද බරණි තුළ මැටි මුට්ටි කිහිපයක අළු දමා තැන්පත් කර තිබියදී හමුවී තිබේ. කීප
දෙනෙකුගේ දේහයන් දැවීමෙන් පසු ඉතිරිවූ අළු මෙම මුට්ටි තුළ ඇති බව විශ්වාස කෙරේ.
මෙවැනි සුසාන භූමි දැකිය හැකි වන්නේ තෙත් කලාපයේ හා අන්තර් සංක්‍රාන්තික මධ්‍ය කලාපයේ බව
ආචාර්ය මංගල කටුගම්පොළ මහතා සඳහන් කළේය. මෙවැනි සුසාන භූමි උඩරංචමඩම, කලෝටුවාව
ප්‍රදේශයන්ගෙන් සොයා ගෙන ඇති බවත් ගස්පේ ප්‍රදේශයේ ඇති බවට වාර්තා වී ඇති බවත් කටුගම්පොළ
මහතා කීය. දැනට හමුවී ඇති කොටස් භෞතික ලක්ෂණ අනුව වසර තුන් දහසකට වඩා පැරණි බවට අනුමාන
කළ හැකි යැයිද මෙම පර්යේෂණය තුළින් විධිමත් කාල නිර්ණයක් තීරණය කිරීම, හමුවී ඇති අවශේෂ
කොටස්වලින් එදා ජනතාව ජීවත්වූ අන්දම ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතික ලක්ෂණ හා සමාජීය
පසුබිම හෙළිකරගැනීමට හැකි වෙතැයිද කටුගම්පොළ මහතා සඳහන් කළේය.
ලැබී ඇති අඟුරු සාම්පල් විශ්ලේෂණය කිරීමෙන් කාල නිර්ණය කිරීමත් වළං කටුවලින් එදා මිනිසා ගේ
සංස්කෘතික හා සාමාජීය ලක්ෂණ අනාවරණය කර ගැනීමටත් ඔවුන්ගේ අවමගුල් චාරිත්‍ර පිළිබඳව හෙළි කර
ගැනීමටත් අපේක්ෂා කෙරෙන අතර තවදුරටත් කැණීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.
| පුදුමයි සජියට ඉව වැටුනේ නැති එක. | 22 | POSITIVE |
ncpp_train_38370 |
අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජ ජාලා වෙබ් අඩවියක පළ වූ ඡායාරූපයක් හුවමාරු කර ගත් වරදක් නිසා මෙරට තරුණයන් තිදෙනකුට ඩුබායි අධිකරණයේ සිරදඬුවමකට ලක්වීමේ පුවතක් වාර්තාවේ.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙදී ඩුබායි ජාතික ආරක්ෂක නිලධාරියකුගේ ඥාති දියණියන් දෙදෙනකු
මඩකළපුව දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව
ඇති අතර එම දරුවන් මිය ගොස් සිට ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් මෙම තරුණයින් ෂෙයාර් කරගෙන තිබේ. එම ක්‍රියාව හේතුවෙන් ඇති වූ වේදනාව නිසා සිදු කළ පැමිණිල්ලක් මත එරට නීතිය අනුව මොවුන් අත්අඩංගුවට පත්ව ඇති අතර
රුපියල් ලක්ෂ 08කට ආසන්න දඩ මුදලක්
නොගෙවීම හේතුවෙන් සිරගතවීමේ මෙම දඩුවම නියම කර තිබේ.
ඩුබායි අධිකරණය විසින් සිරදඬුවම් නියම කරනු ලැබ ඇත්තේ මහවැව - තොඩුවාවේ පදිංචිකරුවකු වන
ඩබ්ලිව්. රමේෂ් ප්‍රනාන්දු සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු වන ගාල්ලේ පදිංචිකරුවකු වන විශ්ව ද සිල්වා
සහ මඩකළපුවේ පදිංචි ගුණදාස් ඩිරෝන් යන අයවලුන්ටය.
ඉන් අයෙක් ඩුබායිහි රජයේ සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරියකු ලෙසත් දෙදෙනකු එම හෝටලයේම ජීවිතාරක්ෂකයන් ලෙසත් සේවය කරමින් සිට ඇත.
ඩුබායි පොලිසිය විසින් පසුගිය නොවැම්බර් මස 04 වැනිදා ඔවුන් සේවය කරමින් සිටි හෝටලයේදී මෙකී
තරුණයන් තිදෙනා තම ජංගම දුරකථනවල පාස්කු ප්‍රහාරයට අදාළව තිබූ ඡායාරූප මුහුණුපොතට ඇතුළත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව එරට අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මස 22 වැනිදා
දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර එදින අධිකරණය විසින් රියාල් ලක්ෂ 05 බැගින් දඩ
මුදලක් නියම කර ඇත.
එම දඩ මුදල ගෙවීමට තරුණයන් අපොහොසත් වීම නිසා ඔවුන්ව අවුරුදු 3 1/2ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරට අධිකරණය නියම කර ඇත.
| ඇයි දැන් ඉන්නෙ සහරාන්ට සල්ලි ගෙවපු බාප්පද? ෙමේකටත් ෙගෙවහන් | 20 | POSITIVE |
ncpp_train_38371 |
අම්මලාට අයුතු යෝජනා ගෙනා මහානාම හිටපු විදුහල්පති
සංගීත ගුරුවරියට බලහත්කාරකම් කරන්න ගොස්වැඩ වරදාගනී
කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරි එම විද්‍යාලයේ පෙරදිග සංගීත ගුරුවරියට බලහත්කාරකම් කරන්න ගොස් වැඩ වැරදුණ තැන ඇයව සේවයෙන් නෙරපීම අයුක්ති සහගත බවට උසාවිය තීන්දු කිරීමෙන් පසු ඔහුට ලක්ෂ දෙකක වන්දියක් ගෙවන්නට ඊයේ සිදුවුණා.
මහානාම විද්‍යාලයේ විදුහල්පතිවරුන් අතරින් කිහිපදෙනෙකුම මේ ආකාර චෝදනාවන්ට ලක්ව තිඛෙන අතර මීට ටික කලකට විවාහක ගුරුවරියක සමග රහසේ පැනගිය විදුහල්පතිවරයෙකු නිසාද
ආන්දෝලනයක් හටගෙන තිබුණි. ඉහත වරදට හසුවූයේ එම විදුහල්පතිවරයා නොව 2011-12 වසරේ එම විදුහලේ විදුහල්පතිවරයාව සිටි ප්‍රේමලාල් කුමාරසිරි නමැත්තෙකි.
එම විදුහල්පතිවරයා පාසලේ පෙරදිග සංගීත කාමරයේ අදාළ ගුරුවරිය තනිව සිටින අවස්ථාවන් බලා ඇය වෙත ගොස් ඇගේ අඟපසඟ පිරිමදිමින් අනියම් සබඳතා සඳහා පෙළැඹවීම් ඇති කර තිබේ. එවැනි අවස්ථාවන් රැසකදීම ගුරුවරිය සිය විරෝධය පළ කර ඔහුගේ කම්මුලට ගසා ඇති නමුත් ඔහු සිය පරිපාලන බලය පාවිච්චි කර ඇය නම්මවාගන්නට විවිධ උත්සාහයන්හි නිරතවී තිබේ.
ඔහුට නිතරම සහාය දෙන පාසලේ තවත් ගුරුවරයෙකු හවුල් කරගෙන මෙම යෝජනා නැවත නැවත ඇයට සිදු කරන ලද විදුහල්පතිවරයා ඇයට මේ සඳහා කැමැත්ත දෙන්නට බැරි වුණොත් පාසලෙන් ඉවත්වන්නට සිදුවනු ඇති බවටද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මේ බව අන් අයට කිව්වත් පළක්වී නැත.විදුහල්පතිවරයාගේ හැටි දන්නා අනෙක් ගුරුවරුන්ද කටපියාගෙන කරබාගෙන සිටි අතර හිංසාවට පත් ගුරුවරිය ‘සිරස විමර්ශන‘ වැඩසටහනට මේ ගැන කරුණු හෙළි කර ඇත්තේ මේ අවස්ථාවේදීය.
2011 නොවැ. 22 වැනි දින එම වැඩසටහනේදී විදුහල සම්බන්ධයෙන් හා විදුහල්පතිවරයා
සම්බන්ධයෙන් මාධ්‍යයට යම් යම් ප්‍රකාශ කරන ලදැයි චෝදනා කරමින් ගුරුවරිය පාසලෙන් නෙරපන්නට විදුහල්පතිවරයා පසුව කටයුතු කර තිබුනි. එය අසාධාරණයක් බව දක්වා ඇය කොල්ලුපිටිය පොලිසියට පැමිනිලි කළ අතර පසුවඒ ගැන සිය පෙත්සමේ කරුණු ප්‍රකාශ කොට තිබිණි.
ඊයේ අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා විසින් ලියන ලද නඩු තීන්දුව විනිසුරු උපාලි අබේරත්න මහතාගේද එකඟත්වයෙන් ඒකමතික තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්වූ අතර
හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරි හා ඔහු සමග විදුහලෙහි සේවය කළ තුසිත තිළිණ මාලේගොඩ යන දෙදෙනා විසින් රුපියල් ලක්ෂය බැගින් මෙම රුපියල් ලක්ෂ 02 වන්දි මුදල එම ගුරුවරියට ගෙවිය යුතු බවට නියම විය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසු ඇයව යළිත් සේවයේ පිහිටුවා තිබිණි.
ප්‍රේමලාල් කුමාරසිරි විදුහල්පතිවරයාට එරෙහිව ඒකාලයේ තවත් චෝදනා රැසක් තිබුණ අතර ඔහුට අනිවාර්ය විශ්‍රාම යාමක් ලබාදී පාසලින් එළවා දමනු ලැබූයේ දරුවන් පාසලට දාගන්නට එන අම්මලාගේ ලේඛනවල බොරු අඩුපාඩු පෙන්වා ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් රහස් පොලිසිය මගින් අනාවරණය කරගැනීමෙන් පසුවයි.
ඒ කාලයේ මෙම විදුහල්පතිවරයා සහ තවත් උපගුරුවරයෙකු එක්වී මහානාමයට දරුවන් ඇතුළත් කරන්නට උවමනාවී පැමිණෙන මවුවරුන්ට අයුතු යෝජනා කර ඔවුන් ලිංගික අල්ලස් ලබාදීමට පොළඹවන බවත් ඒ සඳහා එකඟවන අයගේ දරුවන් ඇතුළත් කරගන්නා බවත් වාර්තා වුණා.
ඇහැට කණට පෙනෙන මවක පැමිණ දරුවා පාසලට දාගන්නට උවමනා බව කියන විට
විදුහල්පතිවරයා ඒ සම්බන්ධ භාර ගුරුවරයෙකු සිටින බව කියා ඇයව එම උප ගුරුවරයා වෙත යොමු කර තිබේ.
ඔහු මනමාල පෙනුමැති කටකාර අයකු වන අතර ඔහු වෙත ගිය විට
ඇය පොළඹවා ගන්නට හැකි චරිතයක්දැයි දැන ගැනීමට විවිධ මාතෘකා ඔස්සේ කතාකරන බව කියැවුනි. මුදල් ගන්නට හැකි පොහොසත් අයෙකු නම් විශාල මුදලක් අල්ලස් වශයෙන් ගත හැකිදැයි සොයා බලන බවත් එසේ නොහැකි බව පෙනී යනවිට ලිංගික අල්ලසකට වැඩේ කරන්නට උත්සාහ කරන බවත් පැවසුණි.
උපගුරුවරයා විසින් ඇයට දරුවා දාගැනීම ලෙහෙසියෙන් කරන්නට අමාරු දුෂ්කර දෙයක් බවට නොයෙකුත් කතා කියා “ඔයාට මං කියන තැනට එක දවසක් එන්න පුළුවන්නම් වැඩේ කෙරෙනවා...මං කියන එක තේරෙනවනේ....හැබැයි මේක රහසක් විදියට අපි දෙන්න අතරෙ විතරක් තියාගමු“ කියූ බවත් වාර්තාවී තිබිණි.
දරුවාව කෙසේ හෝ දාගන්නට අවශ්‍ය නිසා ඇතැම් මවුවරුන් මේ යෝජනාවට එකඟ වන බව වාර්තා වූ අතර ලිංගික අල්ලස සඳහා විදුහල්පතිවරයා හෝ උපගුරුවරයා සමග යහන් ගතවන්නට මේ අසරණ මවුවරුන්ට සිදුවන්නේ කොළඹ ජනප්‍රිය පාසලකට දරුවා දාගැනීමේ සිහිනය කෙසේ හෝ ඉටු කරගැනීමේ අරමුණෙනි.
කොළඹ පදිංචි ඇතැම් වැදගතුන්ගේ තරුණ බිරියන් පවා මේ අල්ලසට පහසුවෙන් එකතුවී දරුවා පාසලට දාගෙන තිඛෙන බව වාර්තා වුණා.
ඒ නොමනා කටයුත්තට යන මවුවරුන් දරුවාගේ පියාට හෝ කිසිවෙකුට මේ ගැන හෙළි නොකර තම උත්සාහයෙන් දරුවා පාසලට දාගත් බව සමාජයට හෙළි කිරීමද විමති සහගතය.
මේ ජාවාරම නිසාම පසුගිය කාලයේ මහානාමයට පළමු ශ්‍රේණියට පමණක් නොව ඕනෑම ශ්‍රේණියකට දරුවන් පහසුවෙන් ඇතුළත් කරගන්නට හැකියාව තීබී ඇත.
දරුවන් ඇතුළත් කිරීම පිළිබඳ මහානාමයේ ඇති ලේඛන පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන ශාඛාව සිදු කළ විමර්ශන වලදී හොර ලිපි ශීර්ෂ හොර නිල මුද්‍රා ව්‍යාජ අත්සන් සහිත කූඨ ලේඛන ගණනාවක් සොයාගැනීමට හැකිවූ අතර පෙර සඳහන් අල්ලස් ගැනීමෙන් පසු විදුහල්පතිවරයා විසින්ම ඒවා ලිපිගොනුවලට අමුණා සාධාරණ ඇතුළත් කිරීමක් ලෙස ගොනුකර තිබූ බවද හෙළි වුණා.
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට විදුහල්පතිවරුන් විසින් අනුගමනය කළයුතු පටිපාටියට පිටින් යමින් පසුගිය වසරේ දරුවන් 28 දෙනෙකු මහානාමයට ඇතුළු කර තිඛෙන බවත් මේ විමර්ශන වලදී සොයාගත් අතර මහානාමයේ බොහෝ පන්ති වලට වසර මැද වරින්වර සිසුන් එකතුවීම සාමාන්‍ය කාරණයක් බවද වාර්තා වුණා.
ඒ නිසා බොහෝ පන්තිවල සිටිය යුතු සිසුන් 40 සීමාව ඉක්මවා සිසුන් සිටි බවත් වාර්තා වුණා.
විදුහල්පතිවරයාත් එක් ගුරුවරයෙකුත් දරුවන් ඇතුළු කිරීමේ අක්‍රමිකතා සිදු කරන අතර තවත් ගුරුවරයෙකු මේවාට හවුල්ව සිටි බවත් මේවාට විරුද්ධවන පාසලේ අනෙක් ගුරුවරුන් හා ගුරුවරියන්ට විවිධ පීඩන එල්ල කර ඔවුන් පාසලෙන් ඉවත්කර යන තැනට කටයුතු සැලසීම මේ ජාවාරමේදී සිදුවුණ බවත් වාර්තා විය.
මහානාමයේ විදුහල්පති විශ්‍රාම ගැන්වූයේ එහි අවසන් ප්‍රතිඵලය ලෙසය. පරිපාලනය ලිංගික අල්ලස් පසුපස යාමේ ප්‍රවණතාව නිසාම අද මේ පාසල අධ්‍යාපනික වශයෙන් කඩා වැටී ඇත.
| නෑ මේ කියන්නේ බුරුසුවා නොහොත් මායාරත්න ගැන.. | 6 | POSITIVE |
ncpp_train_38372 |
ජාඇල ප්‍රදේශයෙන් පැමිණි කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී කසිප්පු ස්කාගාරයක් 26 පස්වරුවේ වැටලීමට වීරකැටිය පොලීසිය සමත්විය වීරකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන
පොලිස් පරික්ෂක රසික
සම්පත් මහතා වෙත ලද තොරතුරක් මත මෙම ස්ථානය වටලා ඇත
මෙම කාන්තාව මිද්දෙනිය පොලිස් වසමට අයත් ජූලම්පිටිය බැරියර් හන්දිය ආසන්නයේ නිවසක් කුළියට ගෙන මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි මෙහි බැරල් හතළිස් හතරක තිබූ කසිප්පු මිලි ලීටර් හත්ලක්ෂ තිස්පන් දහසක්ද ගෝඩා මිලි ලීටර් හැත්තෑනවලක්ෂ විසිදහසක්ද තිබූ බව පොලීසිය පවසයි
මෙහිදී එම ස්ථානයේ සේවය සදහා යොදවා ගත් ජාඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්ද අත් අඩංගුවට ගෙන ඇත මෙහි තිබී ප්ලාස්ටික් බැරල් හතළිස් හතරක් ලීටර් තිහේ කෑන් හතලිස් පහක් ගෑස් සිලින්ඩර් දහසයක් විශාල ගෑස් ලිප් පහක් වතුර මෝටරයක් ඇතුළු භාණ්ඩ රැසක්ද අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
| අමරේ මං මෙහේ මෙය කාවිසින් කාහට කියන ලද්දක්ද? | 8 | POSITIVE |
ncpp_train_38373 |
කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරටදී අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කර තිබේ. කුවේට් රජය ගෙනයන කොරෝනා මර්දන වැඩ පිළිවෙලට විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි
ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඇය කොරෝනා ආසාදනය සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ ජනපති විවේචනය කළ අයෙකුට එරෙහිව කථාකරමින් සිටින අතරවාරයේ කුවේට් රජා ගැනද බැණවදින අතර බැලුබැල්මට ඇය කුවේටයේ ස්ථිර පදිංචිකාරියක බව හඳුනාගන්නට ලැබේ.
කුවේටයේ නීතිරීති අනුව ඇය වසර 5 ක සිර දඩුවමකට යටත් විය හැකි බවට වාර්තා පළව තිබේ.
ඇය බැණවැදුණ ආකාරය වීඩියෝව පහතින්
| මට නම් හිතුනෙ මෙහෙම දෙයක් බැන්නෙ සිංහලෙන් නම් ඒ්ක පරිවර්තනය කරලා කේලම කීවෙ කවුද කියන ඒකග | 6 | POSITIVE |
ncpp_train_38374 |
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක් ගවර්ස්කෝපරේට් සමාගමේ ආයෝජනය කළේයැයි චෝදනාකරමින් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවක් හමුවේ හිටපු ඇමැති නාමල් රාජපක්ෂ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඔහු ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අද විභාගයට ගත් අතර එය සැප්තැම්බර් මස 14 වැනිදා දක්වා කල් තැබිණි.මුදල් විශුද්ධකරණ පනත යටතේ වරදක් කළේයැයි චෝදනා කරමින් මෙම නඩුව පසුගිය යහපාලන රජය සමයේ ගොනුකර ඇත.
| නියමයි ලිහිණි... | 16 | POSITIVE |
ncpp_train_38375 |
ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් හෙට දිනයේ දැනුම් දීමට නියමිතයි.ඉන්ධන මිල අඩුකිරිමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තුද අඩු කිරීමට සම්ස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ අනුව පළමු කිලෝමීටරය වෙනුවෙන් අයකරන ගාස්තුව රුපියල් 100ක් දක්වාත් දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 80ක් දක්වාත් අඩුකරනු ඇත.මීට පෙර පළමු කිලෝමීටරයට රුපියල් 120ක් හා දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් 80ක ගාස්තුවක් අයකෙරිණ.
| මොකක්ද මේ ත්‍රිවිල් ගාස්තු අඩු කරනවා කියලා කරලා තියෙන්නේ | 13 | POSITIVE |
ncpp_train_38376 |
ළමා නිවාසයක සිටි පිරිමි ළමයි 18 දෙනෙකු අපයෝජනයට ලක් කළ බවට අධිකරණයට ඉදිරිපත් කළ එම ළමා නිවාසයේම සිටි සැකකරුවන් 07 දෙනෙකුගෙන් සිවුදෙනෙක් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් බාලවයස්කාර සැකකරුවන් තිදෙනා පරීවාස භාරයට පත්කරන ලෙසත්
නිකවැරටිය මහේස්ත්‍රාත් කාංචනා එන්.සිල්වා මහත්මිය නියෝග කළාය.
එම ළමා නිවාසයේම වෙසන (22), (20, (19) හැවිරිදි තිදෙනෙකු හා 17 හැවිරිදි චීවරධාරියෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.
මේ සැකකරුවන් තිදෙනෙකු බාලවයස්කරුවන්
හෙයින් ඔවුන් ගල්කන්ද මුදිත ළමා නිවාසයේ රඳවා තබා පරිවාස වාර්තාවක් කැදවන ලෙසත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය. අපයෝජනය ලක්ව ඇති බව කියන ළමුන් සියලු දෙනා මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සදහා නිකවැරටිය සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇති බවද, පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.අපයෝජනයට ලක් වූ බව කියන ළමුන් හා සැකකරුවන් සියලු දෙනා මෙම ළමා නිවාසයේම වෙසෙන අය බවත්, පරිවාස භාරයෙන් ළමා නිවාසයට යොමු කෙරුණු දරුවන් බවත් මෙය වසර 26ක සිට පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හිමිනමක් යටතේ, විහාරස්ථානයක පවත්වාගෙන යන බවත් පොලිසීය පැවසීය.
ළමා නිවාසයේම වෙසෙන වැඩිවියට පත් දරුවන් හා ළාබාල දරුවන් පැවිදි දිවියට ඇතුළත්ව පිරිවෙනක් ලෙසද එම විහාරස්ථානයේම හිමිවරුන් රැසක් වැඩ වසන බවත් පොලීසිය සඳහන් කළේය.
ළමා නිවාස නේවාසිකාගාරය තුළ දී කළක සිට සැකකරුවන් අතින් අපයෝජනයට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පැවසීය.
මෙසේ අපයෝජනයට ලක් වී ඇති පිරිමි ළමුන් සියලු දෙනාම පාසල් අධ්‍යාපනයේ නිරතව සිටින ළාබාල දරුවන් බවද, පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වීය.
| ශාසනයේ ආයුෂ විනය මත පවතින බව බුදුන් වහන්සේගේ දේශනාවයි. විනය යමෙක් කඩ කරමින් තව දුරටත් ධර්මය දරයිද ඒ මෙහෙනක් නොව කෙමනක් යැයි උන් වහන්සේගේම දේශනාවයි. නිර්මල බුදු දහම තවත් චිරාත් කාලයක් දකිනු කැමති සිවු වනක් පිරිස විසින්ම ශාසනය සෝදා පිරිසිඳු කර ගත යුතුය. නමුත් අපේ බහුතරයක් වන බෞද්ධ පිරිස උප්පැන්න සහතිකේ විතරක් බෞද්ධ වීමත්, විනය හැර දර්මය කතාකිරීමත් ඔවුන්ගෙන් මෙම සේවාව සසුනට ඉටු වේදෝ සැකය ඇත. එතෙක් චීවරධාරී ගනින්නාන්සේලා ට එහෙයි කියන උන්ගේ බසට ගැතිවූ කාඩ්බෝඩ් බෞද්ධයෝ ඔවුන්ව රකිනු ඇත. | 21 | POSITIVE |
ncpp_train_38377 |
ගුවන් සේවිකාවගේ රාජගිරියේ
නිවසටම ඇවිත් දූෂණය කළ මේසන් බාස් පොලිසිය එද්දී මාට්ටු
ප්රමුඛ පෙළේ ගුවන් සේවා සමාගමක සේවය කරන රූමත් ගුවන් සේවිකාවක නවාතැන්ගෙන සිටි නිවසේදීම දූෂණය කළ බව පැවසෙන මේසන් බාස් කෙනෙකු කොටු කරගන්නට වැලිකඩ පොලිසිය පෙරේදා සමත්ව තිබේ.
රාජගිරිය කලපළුවාව ප්‍රදේශයේ බද්දට ගත් නිවසක තනිවම වාසය කළ මෙම ගුවන් සේවිකාව සිද්ධිය වූ දිනයේ රාත්‍රී සිය සේවා මුරය නිමවා සමාගමට අයත් වාහනයකින් නිවසට පැමිණීමෙන් පසු ජංගම ආහාර සපයන සේවාවකට ඇමතුම්දී රාත්‍රී ආහාර වේල ඇණවුම් කර
ගෙන්වා ගෙන තිබේ. ඉන් පසු යහළුවන් සමග දුරකථන ඇමතුම් කිහිපයකට සම්බන්ධව සිටි බව කියන ඇය අනතුරුව ආහාර ලබාගෙන රූපවාහිනී වැඩසටහනක්ද නරඹා රාත්‍රී 12 ට පමණ නින්දට ගොස් තිබේ.
ඉන්පසු නිදන කාමරයේ සිටියදී එක්වරම කාමරයට ආ පුද්ගලයෙකු නිසා ඇය තැතිගෙන තිබේ.‘කෑ ගැහුවොත් මරනවා..උඹව අල්ලගන්න මං කාලයක් තිස්සෙ බලන් හිටියා..‘ කියමින් පැමිණි පුද්ගලයා කාමරයේ දොරගුළුද දමා ඇයව සිරකරගෙන ඇත. ඇයව බියවැද්දූ ඔහු පසුව ඇයට සමීපවී ස්පර්ශ කරන්නට පටන්ගෙන තිබේ. කිසියම් අනතුරක් සිදුවේය යන බිය ඇතිවූ නිසා ඇය ඔහුට අවනතව තිබේ.
එම වෙලාවේ එම පුද්ගලයා ඇයව දූෂණය කර තිබෙන අතර යන්නට හිතක් නැතිව මෙන් කාමරයේ ඇය සමග නිදාගෙන තිබේ. අනතුරුව තවත් අවස්ථා කිහිපයකදීම ඇයව දූෂණය කර ඇත. තමා යන්නට කලියෙන් රන් ආභරණ හා මුදල්ද අවශ්‍ය බව එම පුද්ගලයා දන්වා ඇති අතර මේ අවස්ථාවේ ස්ථානොචිත ප්‍රඥාවෙන් උපායක් යෙදූ ගුවන් සේවිකාව ඔහුට කියා ඇත්තේ
‘බලන්න ඔයා මගේ ඇඟ ඔක්කොම කිලිටි කරලා..හෝදගන්නත් ඕන..මට වැසිකිලි යන්න ඕනකමකුත් තියනවා.. පොඞ්ඩක් මං ගිහින් එන්නද’ ලෙසිනි.
එයට එම පුද්ගලයා ඉඩදී තිබෙන අතර ඇය ඔහුගෙන් මිදී ඉවත්ව යද්දී ඇගේ ජංගම දුරකථනය ඇඳුම් සමග දවටාගෙන යන්නට උපායශීලී වී තිබේ.
පසුව වැසිකිලියට ගිය ඇය දුරකථනයෙන් 119 හදිසි අංකය අමතා ඇත්තේ රහසින්ය.
‘මේහ්..මගේ ගෙදර හොරෙක් ඇවිත් ඉන්නවා. දැන්ම ආවොත් අල්ලගන්න පුළුවන්‘ යයි මේ ගැන වැලිකඩ පොලිසිය වෙත ඇය දුන් පණිවිඩය අනුව වහා ක්‍රියාත්මකවූ රාත්‍රී පොලිස් ජංගම වැටළීම් ඒකකය මිනිත්තු කිහිපයක් ඇතුළත එම නිවසට පැමිණ දූෂක පුද්ගලයා අල්ලාගෙන තිබේ.
පොලිසිය නිවස වටළා ඇති බැව් ඔහු දැනගෙන ඇත්තේ නිරුවතින් කාමරයේ සිටයදීය. පසුව ඔහු නිවසේ දොරින් පිටවී වහාම පසුපස තාප්පයෙන් පනින්නට වෙර දැරූ නමුත් එය උස වැඩි නිසා ඔහුට පළායාම ලෙහෙසිවී නැත. ඔහුව පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයට ඒ නිසා පහසුවෙන් නතුවිය.
නිරුවතින් සිටි ඔහුට ඇඳුමක් අන්දවා පොලිසිය විස්තරය විමසීමේදී කියා ඇත්තේ තමා කළුතර මොරෙන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි දෙදරු පියෙකු බවත් යුද හමුදාවේ සෙබළෙකු ලෙස කාලයක් සේවය කර පසුව ඉවත්වී විිවිධ කුලී වැඩ කරමින් ජීවත්වන බවත්ය.
මෙම අපරාධයට මග පෑදුනේ ගුවන් සේවිකාවගේ නිවසට අල්ලපු වැටේ අලූතින් හදන නිවසේ මේසන් බාස් කෙනෙකු ලෙස මේ දිනවල රැකියාව කරමින් සිටි නිසා බවත් ඔහු පවසා ඇත.
නිවස සාදන අතරවාරයේ මේ රූමත් තරුණිය නිවසට යන එන හැටි තමා කලෙක පටන් නිරීක්ෂණය කළ බව පැවසූ ඔහු , ඇය තනිව සිටින බව සැකහැර දැනගත් දා සිට ඇයගේ නිවසට ගොස් පහස විඳීමේ නොතිත් ආශාවෙන් කල්ගෙවූ බව දන්වා ඇත.
රාත්‍රී කාලයේ ඇය නිවසට එන වේලාවන් කාලසටහනද තමා දැනගෙන සිටි බවත් සිද්ධිය වූ දිනයේ කල් ඇතිව කළ සැලසුම අනුව ඇය නිවසට රාත්‍රී පැමිණ පිටින් කෑම ගෙන්නා ගන්නා බව දැන සිටි බවද හෙළි කර ඇත.
එම අවස්ථාවේ ඇය දොර විවෘත කර කෑම නිවස ඇතුළට රැගෙන යන අවස්ථාව බලා තාප්පයෙන් පැන සැඟවී වත්තේ බලා සිටි තමා නිවසට ඇතුළුවූ බවත් පසුව නිවසේ මුල්ලක පැය හතරකට ආසන්න කාලයක් හොරෙන් සැගවී ඇය නිදන කාමරයට යන අවස්ථාව එනතුරු බලා සිට අතවරය සිදු කළ බවත් දන්වා ඇත.
නමුත් ‘ටොයිලට් යන්න ඕනෑ‘ කියූ ඇගේ ගැටයට තමා හසුවේ යයි පොලිසිය එනතුරු දැනනොසිටි බවද එම පුද්ගලයා පවසා ඇත.
වැලිකඩ පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකාර පුද්ගලයා අද(29) අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
| චමිත් ග්‍ෙ කතාව ඇත්ත ....සමහර නිළියන් පවා තමාගෙ රැකියාවෙ පහසුව නිසා කාෙළඹ ට කිට්ටුව ගෙවල් කුලියට අරගෙන තනියම ජීවත්වන අවස්ථා තියෙනවා..යුරා්ෙපා රටවල්වල නම් ගැහැණු ළමයි ඕනෑ තරම් තනිවම ජීවත්වනවා .නමුත් අප්‍ෙ රට්‍ෙ තවමත් කාන්තාවන්ට තනිව ජීවත්වීම්ෙ නිදහස නැහැ..මින් ඉදිරියටවත් ගැහැණු ළමයි ම්‍ෙ ගැන අවධානය යාෙමුකල යුතුයි... | 31 | POSITIVE |
ncpp_train_38378 |
ගලේවෙල කැප්පිටිය ප්‍රදේශයේ පුද්ගලික නිවෙසක් ඉදිරිපිට ගේට්ටුවක් අසල තුවාල ලබා වැටී සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු 24 වෙනි දින රාත්‍රියේ ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ ගලේවෙල, රන්වැඩියාව පදිංචි මොහොමඩ් ඉන්ශන් යන අයයි. මියගිය දරුවා තම මිතුරන් තිදෙනකු සමග එක්ව රාත්‍රී 7.30ට පමණ නිවෙසින් බැහැරව අඳුරු ස්ථානයක හොර රහසේ දුම්වැටියක් පානය කරමින් සිට ඇත. අසල්වැසියෙකු මෙය දැක ඇති අතර ඔහුට බියේ තිදෙනාම
කළුවරේ සීසීකඩ දුව ගොස් ඇත.
එම අවස්ථාවේ මියගිය සිසුවා නිවෙසක වසා තිබු ගේට්ටුවක හිස හා පපු පෙදෙස වැදී එම ස්ථානයේම වැටී සිටියදී අසල්වාසීන් දැක රෝහල් ගතකර ඇති බව මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත. මියගිය සිසුවාගේ පියා වන මොහොමඩ් ඉස්ලියාස් මහතා කියා සිටියේ තම දරුවා හෘදයාබාධයකින්ද පෙළමින් ප්‍රතිකාර ලබමින් සිටි බවත් මිතුරන් සමග එක්ව ගිය ගමනකදී අනතුරට පත්ව සිටි බව දැනගත් බවත් හිසට හා පපු පෙදෙසේ තවාල දැකගත හැකි වූ බවය.
මියගිය සිසුවාගේ මළ සිරුර පිළිබඳව පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මාතලේ රෝහලට යොමුකර ඇත. ගලේවෙල පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
| ඔබට නිවන් සුව ලැබේවා | 32 | POSITIVE |
ncpp_train_38379 |
සඳහිරු සෑයේ තැන්පත් කිරිම සඳහා හිටපු ජනාධිපතිවරයා හා මුදල් ඇමැතිවරයා වශයෙන් තමා රත්රන් ලබාදුන්නේ නීත්‍යනුකුල ක්‍රම අනුවයැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා 26 වනදා පැවැසීය. හිටපු
ජනාධිපතිවරයා වශයෙන් තමා දුන් තීන්දුවත්
වැරදියට සලකමින් ආණ්ඩුව නලධාරීන්ගේ පලිගන්නා බවද ඔහු කිය.
කොළඹ, ඩි.ආර් විජයවර්ධන මාවතේ පිහිටී ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දි පැවැත්වූ ව්‍යාපාරිකයන්ගේ සමුළුවට එක්වෙමින් විපක්ෂ නායකවරයා එසේ සඳහන් කළේය.ඔහු එහිදී මෙසේද කීය. තාස්තවාදී යුද්ධය අවසන් කළාම ඒ වෙනුවෙන් සෑයක් හදන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් ආවා.
ඒ අනුව යුද ජයග්‍රහණය සැමරීමට සෑයක් හදන්න ආණ්ඩුව තීන්දු කළා. ආරක්ෂක මණ්ඩලයේදීත් ඒ ගැන සකාච්ජා කර එම සෑයේ තැන්පත් කරන්න නීත්‍යනුකුලව රත්රන් ලබාදුන්නා. ජනාධිපතිවරයා හා මුදල් ඇමැතිවරයා වශයෙන් මා ගනු ලැබූ නිත්‍යානුකුල තීන්දුවක්. එයත් වැරදිලෙස සලකමින් නිලධාරීන්ගෙන් පලිගැනීම හොඳ දෙයක් නොවේ යැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
| ඒක උඹේ මතයනේ මචන්. සේරම රත්තරන් නිධන් කළා වෙන්නත් පුළුවන්නේ. මුලින්ම හරියට logical argument එකක් ගොඩ නගන්න ඉගෙන ගනින් | -1 | NEGATIVE |
ncpp_train_38380 |
දළ පූට්ටුවා මැරුවාද?
මැරුණාද?
පසුගියදා අත්අඩංගුවට ගැනුණ සුවිශේෂී ඇත් දළ දෙකක් වයඹ උරුමය ලෙස ප්රකටව සිටි "ගල්ගමුව දළ පූට්ටුවා”ගේ බවට සැක කළ වනජීවි නිලධාරීහු එම ඇත්දළ හිමි ඇතා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර උගේ මළසිරුර ඊයේ (29) පස්වරුවේ හේරත්ගම අඩවි වන නිලධාරි කලාපයට අයත් හොරොව්වැව ඉස්මත්තෙක තිබී සොයා ගනු ලැබීය.
උස අඩි 12යි. වයස 56ක් පමණ වන මෙම දළ ඇතා මියයන්නට ආසන්න කාලයේ එක ඇසක්
සම්පූර්ණයෙන්ම
නොපෙනුණ අතර අනෙක් ඇසේ ද පෙනීම දූර්වලව තිබිණි. මෙගාරගෙනාල්ලාගම, නිකවැව ප්‍රදේශයේදී පසුගිය විසිදෙවැනි දින මෙම ඇතාගේ ඇත් දළ සොයාගෙන තිබුණි.
පෙරේදා (28) දින නිකවැව, තිබීමෙබදුටුවාව ප්‍රදේශයේ ඉඩමක් ද ඩොප්සර් කරමින් සැකකටයුතු ස්ථාන තුනක කැනීම් ද කරමින් මෙම ඇතා සෙවූ නිලධාරීන්ට ඊයේ මොරගොල්ලාගම ග්‍රාමසේවා වසමට අයත් හොරොව්වැව ඉස්මත්තේ කැලෑව සෝදිසි කිරීමේදී මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබේ.
හේරත්ගම වනසත්ව නියාමක අසේල වික්‍රමරත්න මහතා ඇතුළු තම කණඩායමට දළ පූට්ටුවාගේ මළ සිරුර හඳුනාගෙන තිබුණි.
මේ දළ ඇතා මියගොස් ඇත්තේ මීට සති තුනකට පමණ පෙර බව ද ඇතාට වෙඩි තබා මරා දැමුවේ ද ස්වාභාවිකව සිදුවූ මරණයක් ද යන්න අද (30) පවත්වන පශ්වාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය කරගත හැකි වනු ඇතැයි පැවසේ. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇත් දළ දෙක "ගල්ගමුවේ දළ පූට්ටුවා” බවට තහවුරුවී තිබේ.
ඇතාගේ දියවී ගිය සිරුර මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පවතී.
| ඕව් ඕව් ලබන ආත් මේ උඹ වගේ වේලා ඉපදෙන්න ඕන | -91 | NEGATIVE |
ncpp_train_38381 |
මුස්ලිම් අන්තවාදී අදහස් සහිත වැඩසටහන් විකාශය කරන බවට කාලයක් තිස්සේ විවේචනයට ලක්වූ Peace TV නාලිකාව
පීයෝ ටීවී හා ඩයලොග් සේවාවන් ඔස්සේ
විකාශය නතර කිරීමට ටෙලිකොම් හා ඩයලොග් ආයතන තීරණය කර ඇත.
නොමිලේ විකාශය කෙරුණ මෙම ආගමික නාලිකාව මේ වනවිටත් එම සේවාවන් ඔස්සේ විකාශය නොවේ.
මුස්ලිම් අන්තවාදී අදහස් පැතිරීම එම ත්රස්තවාදයට උපකාර කරවන්නක් විය හැකි නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර ආකාරයටම 2016 බංග්ලාදේශයට එල්ලවූ ඉන්දීය තව්හිඩ් ජමාඩ් ප්‍රහාර වලින් පසු මුස්ලිම් බහුතරයක් වෙසෙන බංග්ලාදේශයේද මෙම නාලිකාව තහනම් කරන ලදි.
මෙයට හේතුවූයේ බංග්ලාදේශයට එල්ලවූ ප්‍රහාර ගැන පසුව කළ විමර්ශන වලින් Peace TV නාලිකාවේ ප්‍රධාන කථිකයෙකු වන Zakir Naik නමැති දේශකයාගේ දේශනවල බලපෑම ත්‍රස්තයින්ට ලැබී තිබුණ බවයි.
ඒවා අසා ඒ අනුව හිත් වෙනස් කරගෙන අන්තවාදින් බවට පත්වූ බවට ත්‍රස්තයින් සම්බන්ධ අධ්‍යයන වලින් හෙළිව තිබුණි. Zakir Naik , Peace TV නාලිකාවේ නිර්මාතෘවරයාද වෙයි.
| අපේ උන් ඔලුව කැක්කුමට කොට්ටෙ මාරු කරනව කියල හැඟෙන්නේ මට විතරද? | -30 | NEGATIVE |
ncpp_train_38382 |
කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තවුහිත් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ බව කියන පල්ලියක් මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ එක්ව ඊයේ (29) කඩා බිඳ දැමූහ.
මඩාටුගම ජුම්මා පල්ලියේ ප්‍රධාන සභාපති එම්.එච්.එම්. අම්බර් ඛාන් මහතා කියා සිටියේ තම ගම්මානයේ පදිංචි අයකු විසින් ප්‍රදේශයේ දරුවන්ට පුස්තකාලයක් ඉදිකිරීම සදහා
ඉඩම් කැබැල්ලක් වෙන් කොට තිබියදී විදේශීය රටක සංවිධානයක මුදල්වලින් මෙම ස්ථානයේ පල්ලිය පසුගිය කාලයේ ඉදිකළ බවය.
වර්තමානයේ රටේ පවතින
තත්ත්වය නිසාත් තවත් පල්ලියක අවශ්‍යතාවක් නොවන නිසාත් තම පල්ලියේ කාරක සභාව එක්ව මෙම පල්ලිය කඩා ඉවත් කිරීමට තීරණය කළ බව ද හෙතෙම සඳහන් කළේය.
මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළුගෙඩි උපයෝගී කරගෙන පල්ලියේ කොටස් කඩා බිඳ දමන ආකාරය ද අරාබි අකුරුවලින් ලියවී තිබූ ඵලකය ද කඩා දමා ඇති ආකාරය ද දැක ගැනීමට හැකිවිය. මෙම පල්ලිය ඉදිකිරීම සදහා විදේශීය රටවලින් මුදල් ලැබී තිබෙන බවත් අරාබි අක්ෂරවලින් මුදල් වියදම් කළ අයගේ තාම ලේඛනය. ඵලකයක සටහන් අරාබී අඩු කොට තිබෙන බව ද ඔවුන් ඒ අක්ෂර නොදන්නා බව ද ප්‍රදේශවාසීහු පැවැසූහ.
මඩාටුගම ප්රදේශවාසියකු වූ මොහොමඩ් අමීන් මහතා කියා සිටියේ මේ කඩා දමිත පල්ලියට නමක් නොතිබු බවත් මුස්ලිම් පල්ලිය නමින් හැඳින්වූ බව ද තවුහිත් ජමාත් කණ්ඩායම මෙහි වැඳුම් සිදු කළ බවය. ප්‍රධාන පල්ලියට පැමිණ ඕනෑම අයකුට වැඳුම් පිදුම් කළ හැකි බව ද සඳහන් කළේය.
මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස කියා සිටියේ ප්‍රදේශයේ සිංහල ජනතාව සමග කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ තමන්ට පවතින තත්වය නිසා දැඩි. හානිදායක තත්වයකට මුහුණ පෑමට සිදුවී තිබෙන බවය. ඒ නිසා තම ගමමානයේ සියලු දෙනාගේම කැමැත්ත මත මෙම් පල්ලිය කඩා දැමීමට තීරණය කළ බව ද ඔවුහු පැවැසුහ.
(දඹුල්ල . කාංචන කුමාර ආරියදාස)
| ඒ වාගේම පුන්චි දුර වල් පුලුවන් විදිහට පයින් හෝ පුශ් බයිසිකලේ යනව නම් ඇඟ ටත් හොඳයි පරිසරය ටත් හොඳයි අරුන්ට ත් රිදෙයි, ඉලෙක්ට්‍රික් වාහන ත් තියෙනවා නෙ | 10 | POSITIVE |
ncpp_train_38383 |
තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පැවති Asian classic Equipped Bench Press and Powerlifting Championships තරගයේ කිලෝග්‍රෑම් 47 බර පන්තියේ ශූරතාව ඇතුළු රන් පදක්කම් 4 ක් දිනා ගැනීමට ලාංකික ක්‍රීඩිකා ෂෙනුකි දිශල්‍යා (Shenuki Dishalya) සමත් වූවාය.
එහිදී Dead Lift, Bench Press, Squat යන තරග ඉසව් 03 සඳහාම රන් පදක්කම් දිනා ගනිමින් සමස්ත ශූරතාවයට හිමි රන් පදක්කම ද ඇය විසින් දිනා ගනු ලැබු අතර එම සුවිශේෂි ජයග්‍රහණය සමගම ඇය මෙතෙක් දැරූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද ඇය විසින්ම බිඳ හෙලනු ලැබ තිබේ.තුර්කි සවි එසවීමේ සම්මේලනයේ සහයෝගය ඇතිව ආසියානු සවි එසවීමේ සම්මේලනය මගින් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි. රටවල් 19 ක් සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 24-30 දින දක්වා තුර්කියේ දී මෙම ආසියානු සවි එසවීමේ ශූරතාවලිය පැවැත්විණි.. බර ඉසිලීම, පිහිණුම්, ජිම්නාස්ටික් වැනි අංශ කිහිපයකින්ම ජාතික තලයේ දක්ෂතා දක්වා ඇති ෂෙනුකි දිශල්‍යා කොළඹ Bishops විද්‍යාලයේ ශිෂ්‍යාවකි.2021 ආසියානු සවි එසවීමේ ශූරතාවලියට සහභාගි වී රටට කීර්තියක් ගෙන ආ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දින (30) සවස 4ට කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණී අතර එම අවස්ථාවේ ඡායාරූප පහළින් දැක්වේ.
| අනෙ මට පිස්සු හැදුනා දෙය්යො...... මම ඔය බර් එක උනනම් | 1 | POSITIVE |
ncpp_train_38384 |
ඊයේ ඒකාබද්ධ විපක්ෂය නුගේගොඩ පැවැත්වූ රැළිය රජයේ බඩු මිල වැඩිවීමට එරෙහිවද සටන් පාඨ පැවතිණි.
ඊයේ
මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 15ට පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පහ දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යංශය දන්වා තිබුණි. මේ හේතුවෙන් හාල් මිල තරමක් අඩු වනු ඇතැයි අනාවැකි පළවේ.
| උඹල කන බලු කෑම ඇරෙන්න වෙන ලාබ එකක් කියහන් බලන්න | -39 | NEGATIVE |
ncpp_train_38385 |
2.20pm updateඅත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ රුපියල් ලක්ෂ 10 බැගින් වන පුද්ගලික ඇප මත ඔවුන් දෙදෙනා මුදා හැර ඇති බවයි.වැඩිදුර නඩු විභාගය ලබන අගෝස්තු 27 වනදා සිදුකරන බව සඳහන්වේ.12.20pmරූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුන්නේය.
ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (30) රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක දී උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් බවත් එහිදී ඔවුන් ඉතාම අනවශ්‍ය ලෙස සමීප වෙමින් නිරෝධායන රීති උල්ලංඝනය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් ව කොළඹ කොටුව පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවද කීය. සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ (30) රාත්රියේදී ප්‍රිය සාදයක් පවත්වා තිබෙන බවත්මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ දී පුද්ගලයින් 25 -30 ත් අතර එක්ව සිටි එම සාදයට පැමිණි 12දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.සෙසු පිරිස හඳුනාගැනීමට CCTV දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බට පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, හෝටල් වසා දමා සංචරණ නීති පනවා තිබියදී ෂැංග්‍රිලා හෝටලය මෙවැනි සාදයක් පැවැත්වීම සදහා අවසර ලබා දීම ගැටලුකාරී බව කීය.
| ඔය photo ඵකේ දෙන්නා ලංවෙලා ඉන්න ඵක මං හිතනනෙ Edit කරලා වගේ....මොකද චන්දිමාලයා අපි දන්න විදියට ලං කරගන්නේ කොල්ලන්ව.... | 11 | POSITIVE |
ncpp_train_38386 |
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ලිපිනයේ නොමැති බව අධිවේගී තැපැල ඩි.එච්.එල්. කුරියර් සේවය) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කර ඇතැයි ආරංචිමාර්ග සඳහන්
කරයි.
ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුවට
ප්‍රකාශයක් දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් කළ නියෝගය අධිවේගී තැපැල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්
මහතාට බාරදීමට උත්සාහ කළ අවස්ථාවේදී මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ලිපිනයේ නොමැති බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ. රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ඉංග්‍රීසි භාශාවෙන් නිකුත් කළ නියෝගය අඩංගු නොතීසිය මහේන්ද්‍රන් මහතා පදිංචිව සිටින අංක 201, Cascaden Road, # 18-1, The Tamlison, Singapore 2407726 නිවසට අධිවේගී තැපෑල ඔස්සේ බාරදෙන ලෙස අධිකරණය විසින් කළ නියෝගය අනුව රහස් පොලිසිය කටයුතු කළත් මහේන්ද්‍රන් මහතා අදාළ ලිපිනයේ නොමැති බව ඩි.එච්.එල්. කුරියර් සේය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
| ඇඩ්රස් නෑ කියන්නේ ඔයවට තමයි | 3 | POSITIVE |
ncpp_train_38387 |
අද (27) උදෑසන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල්කර මෙරටට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම් සදහා රඳවාගනු ලැබූ ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සවස 3 ට පමණ මුදා හැර ඇති අතර එසේ රඳවා ගනු ලැබූ බන්ධනාගාර නියාමකවරයා වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබේ.
අද උදෑසන 6.15 ට ෆ්ලයි ඩුබායි යානයකින් පැමිණි නදිමාල් උදේ 6.45 සිට සවස 2.45 පමණ දක්වා පැය 8 ක පමණ කාලයක් කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේදී ප්‍රශ්න කිරීම් වලට ලක්වූ අතර
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී නදීමාල් පැවසූ කරුණු වලින් කොටසක් පමණක් මාධ්‍ය වෙත හෙළි කර තිබුණි. නදීමාල් පවසා තිබෙන පරිදි ඔහුගේ පියා වන අමල් පෙරේරා සමග ඔහු පසුගිය පෙබරවාරි 3 වනදා ලංකාවෙන් ඩුබායි බලා පිටත්ව ඇත්තේ සත්‍ය ලෙසම මාකඳුරේ මදුෂ්ගේ ආරාධනයකට එම සාදයකට යන බව දැනුවත්වය.
තමා සහභාගි වන්නේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයකට බවට මෙරටින් ඩුබායි රාජ්‍ය වෙත
පිටත්ව යාමට පෙර දැන සිටි බවත් එහිදී කොටු වෙයි යයි අපේක්ෂා නොකළ බවත් ඔහු පවසා ඇත.
අදාළ සාදය මාකඳුරේ
මධූෂ්ගේ බවට සිය පියා වන අමල් පෙරේරා මෙරටදී තමන්ට දැනුම් දුන් බවත් කියා ඇති ඔහු තමා පිරිස සමග සිරගතවීම බලාපොරොත්තු නොවූ දෙයක් ලෙස සඳහන් කර ඇත.
කෙසේ වෙතත් එදින සාදයේදී තමන් මත්ද්‍රව්‍ය භාවිත නොකළ බවත් ඒ ගැන එහිදී කළ පරීක්ෂණවලදී තහවුරුවීම නිසා තමාව අතෑර දමනු ඇතැයි විශ්වාස කළ බවත් කියා ඇත.
ඒ අනුව ඩුබායි බලධාරීන් තමන්ව පිටුවහල් කිරීමට පියවර ගනු ලැබුවේ අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබු නිසා බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
24 වන වියේ පසුවන නදීමාල් පෙරේරා සහ 52 හැවිරිදි ලලිත් කුමාර නමැති බන්ධනාගාර නියාමකවරයා මෙරටට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමට අයත් එෆ් - Z547 දරන යානයෙන් වන අතර තමන්ව පිටුවහල් කළ පසුව තමන් සහ ලලිත් කුමාරට ලංකාවට ඒමට මුදල් නොතිබූ නමුත් ඒ ගැන සොයා බලන්නට මාකඳුරේ මධුෂ්ගේ වර්තමාන බිරිය කටයුතු කළ බවත් ඇය මුදල් වියදම් කර ගුවන් ටිකට්පත් සැපයූ බවත් ඔහු කියා ඇත.
දිවයිනට පැමිණීමෙන් පසු පැය 08කට ආසන්න කාලයක් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ප්‍රශ්න කළ
පසුව ඔහුව මුදා
හැරුණේ පස්වරු 03 ට පමණයි.
ලලිත් කුමාර නැමති බන්ධනාගාර නියාමකවරයා නිදහස් නොකර තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන්නට පොලිසිය කටයුතු කර තිබුණි. ලලිත් පැවසූ දේවල් තවම අනාවරණය කර නැත.
නදීමාල් කටුනායක ගුවන්තොටුපළ ඇතුලේ කාමරයක රඳවාගෙන ප්‍රශ්න කිරීම පැය 8 ක් තිස්සේ සිදුවෙද්දී ඒ ගැන රටේම මාධ්‍ය වලින් ආරංචි පැතිර ගිාය නමුත් ඔහු පැමිණි බව ආරංචි වී ඔවුන් වෙනුවෙන් ඩුබායි ගිය බවට පසුගියදා ප්‍රකාශ කළ නීතීඥ ශාබ්දික හෝ සොහාන් හෝ පවුලේ කිිසිවෙකු ඔහු කැටුව යාමට ගුවන් තොටුපළට නොපැමිණි අතර ඔහුගේ මිතුරන් යයි සැකකළ හැකි තරුණයින් දෙදෙනකු වාහනයක් කුලියට ගෙන ඔහු කැටුව යාමට පැමිණ තිබුණි.
මේ අතර දහවල වන විට නදීමාල් අමල් වෙනුවෙන් තමා ඩුබායි ගිය බවට විවිධ ආරංචි ගෙන ආ නීතීඥ උදුල් ප්‍රේමරත්න පැමිණ පෙර කී මිතුරන් දෙදෙනා සමග කතාබහේ සිටිය නමුත් පිටතට පැමිණි නදීමාල් ඔහුවද නොදුටු සේ වේගයෙන් මිතුරන් දෙදෙනා සමග ඇවිදගොස් වාහනයේ නැගී නිවසට ගියේය. නීතීඥ උදුල් නදීමාල් යනුවෙන් හයියෙන් කෑගැසුවත් ඔහු උදුල්ව ගණනකට නොගෙන ඇවිද ගියේය.
ගුවන් තොටුපල පරිශ්‍රයෙන් නදීමාල් පිටතට පැමිණෙන තුරු දිගු වේලාවක් එතැන රැඳී සිටි මාධ්‍යවේදීන් ඔහු එලියට එද්දී අදාළ සිදුවීම පිළිබඳව විවිධ ආකාරයට ප්‍රශ්න කළ නමුත් 'මේ වෙලාවේ මුකුත් කියන්න බෑ..' 'මයින්ඩ් යුවර් අවුන් බිස්නස්'(තමන්ගෙ වැඩක් බලාගන්න) ආදී ලෙස මයික්‍රෆොන මගහරිමින් නදීමාල් පිටතට ගියේය.
නදීමාල් ගිය පසුව එලෙස නදීමාල්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය පළ කරමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මාධ්‍යවේදීන්ට කියා සිටියේ 'ඇයි එයා සල්මන් කාන්ද ඔයාල එයා පස්සෙ ගිහින් ප්‍රශ්න අහන්නෙ.. එයාගෙ අතේ කිසිම වැරැද්දක් නෑ.. ගියේ සල්ලිදුන්න නිසා සිංදු කියන්න එච්චරයි' ලෙසිනි.
| කෝ අර කීරිති පැස්කුවෙල් මහත්තයා?? ඕo අහගනින්. පාතාල කුඩ්ඩෙක්ගෙ සාදයක් කොයලා දැනගෙන ගිහින් තියෙන්නේ...! | 104 | POSITIVE |
ncpp_train_38388 |
පෙරුම්පුරා යුග දිවිය ආරම්භ කළ ඇයට තම ආදරණීය සැමියා සමග ආදර බස් දොඩමින් ජීවිතයේ රසමුසු තැන් සොයා යාමට තිබූ සොඳුරු අවස්ථාවන් ගිලිහී ගියේ කිසිවකුත් නොසිතු අයුරිනි. විවාහ වී දින 17කින් ඇයට සිය ජීවිතයෙන් සමුගන්නට සිදු වූයේ අනපේක්ෂිත ලෙසය. ඒ ඇය සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගන්නට රෝහල්ගත වීමත් සමගය.අංක 199/ඒ දෑලතුර ජා-ඇල පදිංචිව සිටි බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම ඉකුත් මස 13 වන දින රසික ජයතිලක සමග විවාපත් වන්නේ ජීවිතයේ දහසක් ප්‍රාර්ථනා හද තුළ කැටි කොට ගනිමිනි. එහෙත් සිය ආදරණීයන් සෝ සයුරක ගිල්වමින් හර්ෂණීට සිදුවූයේ එම ප්‍රර්ථනා හද තුළම තැන්පත් කර ගනිමින් අවාසනාවන්ත ලෙස දිවියෙන් සමු ගන්නටය.හර්ෂණීගේ පිත්තාශයේ එක් පැත්තක ගලක් ඇති බවත්, ඇයට සැත්කමක් සිදුකළ යුතු බවත් වෛද්‍යවරයා දැනුම් දී තිබුණි. වෛද්‍යවරයාගේ ප්‍රකාශයත් සමග නිවැසියෝ වහා ඇය රෝහල් ගත කිරීමට කටයුතු කළහ.ඒ අනුව පසුගිය තිස් එක් වැනිදා (31දා) ඇය එම පෞද්ගලික රෝහලේදී සැත්කමට භාජනය කර තිබුණි.ශල්‍ය කර්මය සිදුකිරීමෙන් අනතුරුව අසාධ්‍ය වූ ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර පසුගිය විසිපස් (25) වැනි දින ඇය දිවියෙන් සමුගත්තාය.හර්ෂණී මිය යාමෙන් පසු ඇගේ ශල්‍ය කර්මය පිළිබඳව සහ එම සැත්කම සිදුකළ වෛද්‍යවරයා පිළිබඳව නොයෙකුත් ආන්දෝලනාත්මක පුවත් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වීමත් සමග අප හර්ෂණීගේ උපන් දිනය යෙදී තිබූ ඊයේ (27දා) ඇයගේ නිවසට ගොඩ වැදුනෙමු.අප එම නිවසට යන විට හර්ෂණීගේ දේහය නිවසට ගෙනැවිත් තිබුණේ නැත. ඒත් ඇයගේ හිතවතියන් හිතවතුන් බොහෝ දෙනකු ඒ වනවිටත් එම නිවසට පැමිණ සිටියේ සිය මිතුරියට සිදුවූයේ කුමක්දැයි අදහා ගත නොහැකිවය. හර්ෂණීගේ මරණය පිළිබඳ ඇයගේ සොයුරු දෙනුවන් ප්‍රසාද් ධර්මවික්‍රම අප සමග මෙසේ පැවැසීය." මගේ අක්කාට පහුගිය අගෝස්තු මස 01 දා බඩේ වේදනාවක් ඇවිල්ලා ජා-ඇල තිබෙන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිහිල්ලා බෙහෙත් අරගෙන ආවා. ඒ ඇවිත් අක්කගේ විවාහ කටයුතුවලට සූදානම් වුණා. අපි අගෝස්තු 13 වැනිදා අක්කගේ විවාහ මංගල්‍යය පැවැත්වුවා. අගෝස්තු 15 අක්කට ආයෙ අමාරු වුණා. අපි එයාව වත්තල තිබෙන පෞද්ගලික රෝහලකට රැගෙන ගියා. එහිදී කරපු ස්කෑන් පරීක්ෂණයෙන් අක්කගේ පිත්තාශයේ ගල් තිබෙන බව අනාවරණය වුණා. පස්සේ අපි 25 වැනිදා පවුලේ වෛද්‍යවරයා හමුවට අක්කව රැගෙන ගියා. ඔහු අපිව ශල්‍ය වෛද්‍ය වරයෙක් වෙත යොමු කෙරුවා.ඔහු අපිට කිව්වා අක්කගේ සැත්කමක් කරන්න තියනවා රාගම පෞද්ගලික රෝහලකදී එය කරමු කියලා. ඒකට එකඟ වෙලා අක්කගේ සැත්කම ඒ රෝහලේදී කරන්න තීරණයකළා.
සැත්කම සඳහා 31දින ශෛල්‍යගාරයට අක්කව අරගෙන පස්සේ කිව්වා පිත්තාශයේ එක පැත්තකට ගලක් ඇවිත් තියෙනවා. මේ රෝහලේ එය කරන්න පහසුකම් මදි. ඒක නිසා වත්තල තිබෙන පෞද්ගලික රෝහලකට ගිහින් කරන්න ඕනේ කියලා. පිත්තාශය එක පැත්තට ගලක් ඇවිත් කියලා ඒ දොස්තර කිව්වේ කිසිම පරීක්ෂණයක් කරන්නේ නැතිවයි. ඒත් අපි ඒකටත් එකඟ වෙලා එම පෞද්ගලික රෝහලේදී සැත්කම සිදු කෙරුවා.ශල්‍යකර්මය සිදු කළාට පස්සේ සැප්තැම්බර් 01 දා දහවල් වනවිට අක්කට අමාරු වෙන්න ගත්තා. එහි දැඩිසත්කාර ඒකකයට අක්කව දැම්මා. පස්සෙ රාගම ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට අක්කව යොමු කෙරුවා. රාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය අක්කව බේරා ගන්න දැඩි උත්සාහයක් ගත්තා. වත්තල පෞද්ගලික රෝහලේදී ඒ තරම් උනන්දුවක් අක්කා කෙරහි දැක්වුවේ නෑ. එහිදී අක්කගේ ශෛල්‍ය කර්මය සිදුකළ වෛද්‍යවරයා සම්පූර්ණයෙන්ම එම කාර්යයෙන් අයින් කරලයි රාගම රෝහලේ කටයුතු සිද්ධ වුණේ. අක්කා වෙනුවෙන් පිටතින් එන්නත් දෙකක් අපි ගෙනත් දුන්නා. ඒ එක එන්නතක වටිනාකම රුපියල් හාරලක්ෂ පනස්දහසක්. තව බෙහෙත් අපි ගෙනත් දුන්නා. ඒ වනවිටත් අක්කා හිටියේ පෙර ශල්‍යකර්මයේදී වෙච්ච වැරැදි නිසා අසාධ්‍ය තත්ත්වයේ. අපිට රාගම රෝහලේ වෛද්‍යවරුන්ගේ කතාවෙන් ඒ බව තේරුණා. දින 25 ක් දැඩි සත්කාර ඒකකයේ සිටි අපේ අක්කා 25 වනදා අපි ඔක්කොම දාලා ගියා. අක්කගේ මරණය සිදු වූයේ ඇයට ශෛල්‍ය කර්මය කළ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් බව නිසා කියලයි අපි කියන්නේ. අක්කගේ මරණ පරීක්ෂණ වාර්තාවෙනුත් කියවුණේ ශෛල්‍ය කර්ම ය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ඇගේ මරණය සිදු වී ඇති බවයි. අපි අක්කගේ මරණය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. අක්කගේ උපන් දිනය දාමයි අක්කගේ දේහය මේ ගෙදරට ගේන්නේ. අපි අක්කගේ උපන් දින කේක් එක කපලා එයාගේ උපන් දිනයත් සමරනවා.මෙම මරණය සම්බන්ධව රාගම ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එස්.පී. ඒ ලියනගේ රණවීරගෙන් කළ විමසිමකදී ඔහු සඳහන් කළේ, සැත්කමෙන් අනතුරුව ඇයට විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය. එසේ වුවද දින විසිපහක පමණ කාලයක් රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇයව බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූ බවද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේය.කෙසේ වුවද පෞද්ගලික රෝහලක් තුළ කර ඇති මෙම සැත්කම වෛද්‍යවරයා විසින් නොසැලකිලිමත් ලෙස සිදුකර ඇති බවට පවුලේ ඥාතිහුද චෝදනා කරති.ඒ අනුව පෞද්ගලික රෝහලක් තුළ සිදුකර ඇති මෙවැනි නොසැලකිලිමත් සැත්කම් සම්න්ධව කටයුතු කරනු ලැබූ වෛද්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේද යන්න පිළිබඳව අප සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරියගෙන් විමසීමක් කළෙමු .එහිදී නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳව පවුලේ ඥාතින්ගෙන් පැමිණිල්ලක් පෞද්ගලික වෛද්‍ය නියාමන සභාවට ලැබුණහොත් ඒ සම්න්ධව විමර්ශන සිදුකරන බවය.(වරුණි පෙරමුණ හා ප්‍රසංග පාවුළුහේවා-කටුනායක)
| සීත වතුර නිතර බොන්න, මම කරපු එකම ප්‍රතිකාරය. | 7 | POSITIVE |
ncpp_train_38389 |
සිය බිරිය වූ දෙදරු මවක අනියම් පුරුෂයකු සමඟ සබඳතාවක් පවත්වන බවට සැක කර ඇයට නිවෙස තුළදී අමානුෂික වධ හිංසා සිදුකර හිසට පොරව මිටකින් හා තවත් පොල්ලකින් පහරදී සැලසුම් සහගතව ඝාතනය
කර නිවෙස පිටුපස ළිඳ අසල සිරස් අතට වළ දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරීපත් කළ ඇගේ සැමියා ලබන මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරතුංග මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ නුවර පාර, තම්මැන්නාකුලම, නෙළුකුලම අනුරාධපුර ලිපිනයේ පදිංචි වියන්නලාගේ නීල් කුමාර (43) නැමැත්තාය. එම ලිපිනයේ පදිංචිව සිටි ඉරේසා මල්කාත්ති කුමාරිහාමි (41) නමැති දෙදරු මව සැමියා අතින් ඝාතනයට ලක්ව තිබූ අතර ඔහු බිරිය ඝාතනය කර පලා යමින් සිටියදී පසුගිය 28දා අලුයම අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදී අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට
ගෙන තිබිණි.
ඇය සැමියා සමඟ අමනාප වී නිවෙසින් පිටව ගොස් සිටියදී සැකකරු ඇයව ඝාතනය කරන බවට කල්තියා සැලසුම් කර ළිඳ අසලින් අඩි දෙකයි දෙකක් පළල අඩි හයක් පමණ ගැඹුර වළක් හාරා බිය උපායශීලීව නිවසට කැඳවාගෙන පැමිණ ඇය සමඟ අඹුසැමි ඇසුරක් පවත්වා 27දා රාත්‍රී අටට පමණ කාමරය තුළදී පොරෝ මිටකින් හා පොල්ලකින් හිසට පහරදී ඝාතනය කර නිරුවත් සිරුර ළිඳ අසලට රැගෙන ගොස් සිරස් අතට වළ දමා තිබියදී සොයාගත් බව පොලිසිය අධිකරණයට පැවැසුවේය. සැකකරු විසින් ඇය ඝාතනයට යොදා ගත් බවට සැක කරන ලේ තැවැරුණු පොලු කැබැල්ලක් නිවෙස තුළ තිබී සොයා ගත් බවත් අධිකරණයට සැලකර සිටියේය.
-මහේෂ් විජේසුරිය-
| මේ වගේ නූගත් පහත් පෙලේ මිනිස්සු මේ රටේ බහුතර ඉන්න බව මේවාට වැටෙන වැඩි ලයික් ප්‍රමාණය අනුව මැනගත හැකියි. අනේ මතු බවයක මේ වගේ කාලකණ්ණි නූගතුන් පිරුණු රටක නූපදීවා | -5 | NEGATIVE |
ncpp_train_38390 |
2019, අප්‍රේල් 21 වන දින පාස්කු ප්‍රහාරය සිදු වන තෙක් හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂක අංශය එය නොදන්නා බව ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ සහකාර පොලිස් අධිකාරී එස්. පී. සතරසිංහ මහතා පාස්කු ඉරිදා පිලිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ දින
පවසා සිටියේය.
කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ, ජනාධිපති ආරක්ෂක අංශය සහ රාජ්‍ය බුද්ධි සේවයේ සාමාජිකයෙකු සමඟ මාසික රැස්වීම් පැවැත්වීමෙන් පසු ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඇගයීම් වාර්තවක් සකස් කරන බවයි.
"සාමාන්‍යයෙන් මෙම රැස්වීම්වලදී ජනාධිපතිවරයාගේ වර්තමාන ආරක්ෂක්ෂාව පිළිබඳ ඇගයීම් වාර්තාවක් අප වෙත ලැබේ. සහභාගී වීමට නියමිත විශේෂ උත්සවයක් තිබේ නම්, එම අවස්ථාවට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයාගේ ආරක්ෂාව හඳුනා ගැනීමට අපි මෙම රැස්වීම තුළදී පියවර ගන්න, "ඔහු පවසා සිටියේය.
ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන විසින් 2019 අප්‍රේල් 12 වන දින මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණයේදී පැවති රැස්වීම පිළිබඳව සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය. අප්‍රේල් 12 වන දින මඩකලපුවේ වෙබර් ක්‍රීඩාංගණයේදී පැවති රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ බවත්, එම රැස්වීමට 5000කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවත් කොමිසමට වාර්තා විය.
වෙබර් ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමට සහභාගී වීමට පෙර හිටපු ජනාධිපතිවරයන්ගේ ආරක්ෂාව තක්සේරු කිර්ම සම්බන්ධයෙන්
ජනාධිපති ආරක්ෂක අංශය සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විසින් විශේෂ රැස්වීමක් පැවැත්වූයේ දැයි අතිරේක සොලිසිටර් ජනරාල්වර්යා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.
මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා එම රැස්වීමට සහභාගී වීමට පෙර ආරක්ෂක ඇගයීම් රැස්වීමක් පවත්වා නොමැති බවයි.
"ආරක්ෂක ඇගයීම් රැස්වීමක් නොතිබුණද එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් 2019 අප්‍රේල් 10 වන දින මඩකලපුව ප්‍රදේශය පිළිබඳ ආරක්ෂක ඇගයීමක් සඳහන් කරමින් රහස් ලිපියක් අප වෙත යොමු කර ඇත." සතරසිංහ මහතා පවසා සිටියේය.
සාක්ෂිකරු කොමිසමට දන්වා සිටියේ මේ දක්වා ජනාධිපතිවරයාට පැහැදිලි ආරක්ෂක තර්ජන කිසිවක් වාර්තා වී නොමැති නමුත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඇතැම් ප්‍රදේශවල ආරක්ෂාව සහතික කළ යුතු බව එම ලිපියේ සටහන් වී තිබු බවයි.
"අයිඑස්අයිඑස් අනුගාමිකයන් මඩකලපුව ප්‍රදේශය තුළ වාර්තා වී ඇති බැවින් ජනාධිපති ආරක්ෂක අංශය විසින් විශේෂ ආරක්ෂක පියවර ගත යුතු බව නිලන්ත ජයවර්ධන මහතා ලිපියේ සඳහන් කර ඇත. මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් සඳහා
මෙම ප්‍රදේශය ජනප්‍රිය බවත් ඔහු එම ලිපියේ පවසා ඇත" යනුවෙන් සාක්ෂිකරු කොමිසමට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත්, මීට පෙර කොමිසමේ සාක්ෂි තුළින් දන්වා තිබුණේ එවකට ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් ජාතික තව්හීදී ජමාද් හි නායක සහරාන් හෂීම් සහ ඔහුගේ සගයන් රට තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව ඇතුළු තොරතුරු 2019 අප්‍රේල් 09 වන දින වන විට පොලිස්පතිවරයාට යවා ඇති බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ විසින් 'ටොප් සීක්රට්' යනුවෙන් සලකුණු කරන ලද එම ලිපිය පොලිස්පතිවරයාට මෙන්ම එහි පිටපත් ජාතික ආරක්ෂක්ෂාව පිළිබඳ ප්‍රධානියාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.
නිදහස් දිනයට පෙර 2019 පෙබරවාරි 03 වන දින පැවති ආරක්ෂක ඇගයීම් රැස්වීම පිළිබඳ රජයේ අතිරේක සොලිසිටර්ජනරාල්වය තවදුරටත් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළාය.
නිදහස් දිනයට පෙර පැවති ඇගයීම් රැස්වීම තුළදී ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස් හා සම්බන්ධ පුද්ගලයන් 125ක් සිටින බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙකු වැල්ලම්පිටිය සහ දෙහිවල ප්‍රදේශවල ජීවත් වූ බවත් වාර්තා වී ඇති බව සතරසිංහ මහතා කොමිසමට දැනුම් දුන්නේය.
ඉරාකයේ හා ඉරානයේ අයිඑස්අයිඑස් පරාජයෙන් පසු ඔවුන් වෙනත් රටවලට පහර දීමට සැලසුම් කර ඇති බව එම ලිපියේ ජේෂ්ඨ පොලිස් අධිකාර්, රාජ්‍ය බුද්ධි සේවය, ලලිත් නනායක්කාර මහතා සඳහන් කළේය.
සාක්ෂි දෙමින් සතරසිංහ මහතා කියා සිටියේ 2019 මාර්තු මාසයේ සිට පැවති ආරක්ෂක ඇගයීම් රැස්වීම් තුල දී තව දුරටත් ජනාධිපති ආරක්ෂක අංශයට රට තුළ අන්තවාදී ක්‍රියා පිළිවෙත් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි. මෙම රැස්වීම් සඳහා ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා සහ පොලිස් අධිකාර්, රාජ්‍ය බුද්ධි සේවය, ජනක සෛශ්නවිරත්න මහතා සහභාගී වූ බව සාක්ෂිකරු කොමිසමට දැනුම් දුන්නේය.
යෝෂීතා පෙරේරා
| බෝම්බ පත්තු වෙන්න ඉඩ ඇරල රාජපක්ෂලාට බලය ගන්න උදව් කරේ සිරිසේන. ඒකෙ ප්‍රති උපකාරය තමයි මේ කරේ. කාලකණ්ණි පාලකයන් හා උන්ට කර අදින බත් බැලයො ඉන්න තාක් අපේ රටේ මිනිස්සුන්ට බඩුම තමයි. එන චන්දෙදිවත් බල පෙරේත රාජපක්ෂලාව ගෙදර යවන්න. රනිලුත් ඒ එක්කම ගෙදර යවන්න..!!! | 99 | POSITIVE |
ncpp_train_38391 |
අද (30) මහනුවර කළ සංචාරයෙන් අනතුරුව මහනුවර ජනපති මන්දිරයේදී කතාවක් පැවැත්වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විශාල ආර්ථික පීඩනයක් ඇතිවූ බවත් ඒ අනුව ඇතිවූ දේශපාලන විපර්යාසය නිසා තමා ජනපති ධුරයට පත්වූ බවත් පැවැසීය. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවූ බවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉවත්වීමට සිදුවූ බවත් පැහැදිලිකළේය. ‘පොහොර නැතිවුණා, තෙල් නැතිවුණා අවසානයේ පීඩනය පිපිරුණා. ජනතාව පාරට බැස්ස එක හරි ඒත් අරගලවලට උද්ඝෝෂණවලට ආපු අරමුණු වෙනත් පැත්තකට ගියා වෙනත් සංවිධාන ඇවිත් දේශපාලන උවමනාවන්ට ඒවා පාවිච්චි කරා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි ෆැසිස්ට් ත්රස්තවාදයට මුහුණ දුන්නා. ගෙවල් ගිනි තිබ්බා. ගෙවල් පුච්චන එක පොත් පුච්චන එක හිට්ලර්ගෙන් ඉගෙන ගත්ත එකක්. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙඩි තිබ්බා ඒත් මෙහෙම දේවල් කරේ නැහැ.
මාව ගෙදර යවන්නත් කතාවෙනවා. ඒත් ඊට කලින් මට ගෙයක් හදල දෙන්න කියල මං ඒ අයගෙන් ඉල්ලනවා.රටේ ප්‍රශ්න වලට බලපෑවේ ගෝඨාභය පොහොර නොගෙනාපු එක කියල කට්ටියක් කියනව. තව කට්ටියක් කියනවා ගෝඨාභය අයිඑම්එෆ් වෙලාවට ගියෙ නැති නිසා කියල. තවත් අය කියනවා පසුගිය රජයන් එහෙම නැත්නම් යහපාලන කාලෙ ගත්ත විශාල ණය නිසා කියල.මේව කිය කිය තර්ක කරන්න පුළුවන් කාට හරි ඇගිල්ල දික්කරන්න පුළුවන්. ඒත් දැන් ඒවයින් වැඩක් තියද දැන් තියන ප්‍රශ්න වලට ඒවයින් විසදුම් ලැබෙයිද.. නැහැනෙ. ඒවට වරදකාරයො ගැන විශ්ලේෂණය කරල පොත් ලියන්න වුණත් පුලුවන් කාට හරි. ඒත් පරණ දේවල් හොය හොය හිටියයි කියලා මෙතැනින් අඩියක් හරි අපට රට සංවර්ධනයකට ගෙනියන්න බැහැනෙ. මේ ප්‍රශ්න වලට ඉක්මන් විසදුම් ලැබෙන්නෙත් නැහැනෙ.මම ජනපතිධුරය භාර ගත්තා කියලා ආර්ථික ප්රශ්නය විසඳිලා නෑ. ජනතාවට තියෙන ප්‍රශ්න ඒ විදිහටම
තාම තියෙනවා. ගෑස් නැති එක, පොහොර නැති එක, ඉන්ධන නැති එක, බඩු මිල වැඩි වෙන එක, රැකියානැති වෙන එක අද සංවර්ධනයට මුදල් නැති වෙන එක. මේ හැම එකක්ම තියෙනවා.එහෙන් මෙහෙන් ණය ගත්ත කියල ප්‍රශ්න විසදිලා නැහැ. ඒවයින් තවත් ණය බර වැඩිවෙලා තියනව.සටන් පාඨ කිය කිය ඉදල මේ ප්‍රශ්න වැඩි කරනවද අඩු කරනවද කියලා අපි තීරණය කරන්න ඕන. මේක තවත් වැටුණොත් රටත් නැති වෙනවා. දැනට ගණං බලල තියන විදියට අපේ ආර්ථිකයේ දළ දේශීය නිශ්පාදිතය මේ අවුරුද්දෙ සියයට 7කින් අඩු වෙනවා. ඊට පස්සේ අවුරුද්දේ සියයටතුනකින් අඩුවෙනවා. ඊට පස්සේ අවුරුද්දේදී සියයට එකකින් වර්ධනය වෙනවා.අපේ උද්ධමනය තව වැඩිවෙනවා. මේවා කියන්නේ කවුරුත් බය කරන්න නෙමෙයි. මේවට විසඳුම් හොයන්නයි.මං හිතන්නෙ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් තමා මේවට විසදුම් ලැබෙන්නෙ.මං ඒ ගැන සියලුම මන්ත්‍රීවරුන්ට ලියුමකින් ආරාධනා කළා. මං හිතනව පිරිස මේක තේරුම් අරන් එක්වේවි කියලා.අද මෙතැන ඇවිත් ඉන්නවා එජාපෙ සංවිධායකවරුන් වැඩකරපු අය.. ඒවගේම පොදුජන එක්සත් පෙරමුනේ අයත් ඉන්නවා. දෙගොල්ලො මේ විදිහට මින් පෙර එකට ඇවිත් නැහැ. මට අවශ්‍ය ඒ සමගිය. මෙතන්ට සජබෙ,ජවිපෙ,කොන්ග්‍රසයේ වගේ අනෙක් පක්ෂ වල අයටත් ඉඩක් තියනවා. මං ඒ හැමෝම එකතුවෙයි කියල බලාපොරොත්තු වෙනවා.මේ ප්‍රශ්න ඔක්කොම කොළඹ දේශපාලන නායකයො අතරෙයි. ගම්වල තියෙන්නෙ මිනිසුන්ගෙ ප්‍රශ්න ටික ඒක කොහොම හරි විසදගන්න තමයි ඒ අයට ඕන. මං දිස්ත්‍රික් මට්ටමින් නායකයින් එකතුකරගෙන ගම්වල කන්න නැති එක රැකියා නැති එකට ඉක්මන් වැඩසටහනක් ඉදිරි සතියෙදිම අරඹනවා. මගේ ඉල්ලීම සියල්ලන්ට එකතුවෙන්න කියන එක'
| අනේ උබ වගේ ගොන් හරකෙක්, මෝඩ මූසලයෙක්.vehicle insurance කියන්නේ ණයක්ද ගොනෝ. තොපේ අම්මා නම් නාට්‍ය බල බල ඉන්න ඇති. ඒකයි උබ ඔච්චර මෝඩ. අපේ අම්මලා නම් රැ දවල් නැතුව රස්සවයි බත් තම්බන්නයි, අපිට උගන්නන්යි තමයි කැපකලේ. අනික හරකෝ ණය කියන්නේ වරදක් නෙවෙයි. ණය අරන් කරන්නේ මොකක්ද කියන එකයි ප්‍රශ්නේ. උබලා වගේ මූසල හරක් තමයි මේ රටට තියෙන හෙනේ. | 20 | POSITIVE |
ncpp_train_38392 |
පළාත් සභා මැතිවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමේ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා
විසින් ඊයේ (29දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. සියලූම පළාත් සභාවල මැතිවරණය එකම දිනයක පැරණි අනුපාත ක්‍රමයට පැවැත්විය යුතු බවට ද එම යෝජනාවේ සඳහන්ව ඇතැයි ජනාධිපති ලේකම්
කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීවේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගෙන නැති අතර මීළඟ සතියේ කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡා කර අනුමත කරනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීවේය. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
-කුෂාන් සුබසිංහ-
| එහෙනම් මැකෝ එව්වෙ කස කාරය විදියට. දැන් නේ වැඩේ තෙරුනේ | 4 | POSITIVE |
ncpp_train_38393 |
'රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප නැවත ලබාදීමට හා රාජ්‍ය ආයතන විකුණා කෑම නතර කිරීමට ඉතිහාසයේ මෙතෙක් නොවූ ලෙස රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා කරමු යැයි ජාතික නිදහස් පෙරමුණේ
නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ගියේ ජය තහවුරු කිරීම සඳහා කන්තලේ නගරයේදී ඊයේ (28දා) පැවැති ජනරැලිය අමතමිනි.
එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ ඒ මහතා,
"පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ලේ තැවරුණු උන්දැලා අද සජිත් මහත්තයාගේ දෙපැත්තෙන් ඉන්නේ. ඒ විතරක් නොවෙයි මුස්ලිම් සහෝදරයෙක් මාධ්‍යට අනාවරණය කළා හකීම්ගේ ගෝලයා අමීර් අලි සහරාන්ලා එක්ක ගිවිසුම් අත්සන් කරලා ගිවිසුම් බෙදා හදා ගන්නවා. මේ නඩය තමයි මේ අන්තවාදය රැක්කේ. 97 වතාවක් බුද්ධි අංශ අනතුරු අඟවද්දී අල්ලන එක නැවැත්තුවා. 16 වැනිදා සිද්ධියෙන් තීරණය කරන්න තියෙන්නේ මෙච්චරයි. නැවතත් එ් අන්තවාදී කල්ලියම ඕනේ නම් ඡන්දය දෙන්න පුතාට, එහෙම නැති රටක් ඕනේ නම් කියලා හිතෙනවා නම්, සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකට ඉන්න ඕශන් නම් ඡන්දය දෙන්න හෝඨාභයට. අද රටට ඕනේ රට අංක 01ට තියලා හිතන නායකයෙක්.
නැවත විශ්‍රාම වැටුප රාජ්‍ය සේවකයන්ට ඕනේ නම්, රාජ්‍ය ආයතන විකුණන් කෑම නතර කරන්න ඕනේ නම්, රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා කරමු. කවදාවත් කළේ නෑ ඒක. ඒක කරන්න රාජය සේවකයක් වන ගෝඨාභය රාජ රාජ්‍ය නායකයා කරමු" යනුවෙන්ද පවසා සිටියේය.
-නිදර්ශනී වික්‍රමසිංහ-
| ඈයි යකෝ..මන්ත්‍රීලා රාජ්‍ය සේවකයො නෙමෙයිද? දෑන් අපිට රාජ්‍ය සේවකයො..උබල බොස්ලද? අපි දෑක්ක ආරක්ශක රාජ්‍ය සේවකයා, පොලිස් පොලිස් රාජ්‍ය සේවකයෙක්ට ෆෝන් එකෙන් කතා කරපු විදිහ උබේ ලෙමන් පෆ් උපවාසෙදි | 68 | POSITIVE |
ncpp_train_38394 |
අනුරාධපුර පැරණි පුජා නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් ආසන්නයෙන් පිහිටි අතුරු මාර්ගයකින් දහවල් සහ රාත්‍රී කාලයේ මීට මාස කිහිපයකට ඉහතදී මියගිය තරුණියකගේ රුවක් හදිසියේ දිස්වී අතරුදන්වීම හේතුවෙන් ප්‍රදේශයේ පදිංචිකරුවන් මෙන්ම ප්‍රදේශයට පිටස්තරින් පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකුම බියට හා ත්‍රාසයට පත්වීමේ
සංසිද්ධියක් ගැන වාර්තා වෙනවා.
මීට මාස කිහිපයකට ඉහතදී මෙම තරුණිය ඇයගේ උවමනාවමත සිය ජීවිතයෙන් සමුගැනීමට තීරණකර ඇති අතර ඊට සති කිහිපයකට පසුව එම ප්‍රදේශයේ පදිංචි මැදිවයසේ අයෙකුට මුලින්ම ඇයගේ රුව හමුවී තිබේ.
සුදු ඇදුමකින් සැරසුනු මෙම තරුණිය පුද්ගලයා සමග මීටර් කිහිපයක් දුර කථාබස් කරමින් ඉදිරියට යද්දී ඔහුට
එක්වරම තරුණිය මියගිය බව සිහියට නැගෙද්දී ඇය කොක් හඩලා සිනාසී අතුරුදන්ව ඇති අතර එම දර්ශනය දුටු තැනත්තා බියවී දහඩිය වගුරවමින් නිවසට ගොස් තිබේ.එම සිද්ධියෙන් අනතුරුව ඔහු දින කිහිපයක්ම රෝගාතූරව සිට ඇති අතර පසුව ඔහුට සෙත් ශාන්තියක් සිදුකිරිමෙන් අනතුරුව සුවවී තිබේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුමත එම ප්‍රදේශයට ගොස් සොයා බැලිමේදී ප්‍රදේශයේ පදිංචි කරුවන් මෙන්ම පිටස්තරව පැමිණි කිහිපදෙනෙකුත් ඇයගේ රුව දිස්වීම නිසා බියට පත්වී ඇති අතර ඇය මියගිය තැනත්තියක් බව නොදැන කථාබස් කරමින් පැමිණි කිහිප දෙනෙකු පිළිබදවත් දැන ගන්නට ලැබුණි.
මියගිය තරුණියගේ රුව වැඩිවශයෙන් දිස්වී ඇත්තේ මධ්‍යහන කාලයේවීම විශේෂයක් වන අතර රාත්‍රී කාලයෙදි අවස්ථා කිහිපයකදී රුවදිස්වීම නිසා පුද්ගලයන් කිහිප දෙනෙකුම බියටපත්වී තිබේ. තවත් අවස්ථා කිහිපයකදීම ඇයගේ සම්පූර්ණ රුව අතුරු මාර්ගය ඔස්සේ ගමන් කරන්නන්ට දැකගැණිමට හැකිවී ඇති අතර රාත්‍රී කාලයේ පිටස්තරන් පැමිණි අයෙකු සුදු ගවුමකින් සැරසුණු ශරිර උඩුකයක් පාවී යන අයුරු දැක තිබේ.
මාර්ගයේදී අනපේක්ෂිත ලෙස දිස්වන තරුණ කාන්තා රුව හේතුවෙන් බොහෝ පිරිසක් බියවී තැති ගැන්මට ලක්වී ඇතත් එම සිද්ධිය පිළිබදව එකිනේකා ලැජ්ජාව හේතුවෙන් රහස් රකින බව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් පැවසුවේය. එමෙන්ම මෙම මාර්ගය ඔස්සේ මධ්‍යාහන කාලයේ ගමන් බිමන් යෑම අඩුකර තිබෙන බවත් තමන්ද එම අමනුෂ්‍ය රුවට බියවූ බව ඔහු පැසුවේය.
අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය
| උඹලගෙ හොල්මන් අක්කට උඹල බය උනා වගේම, හොල්මන් අක්කත් රෑ 10ට විතර පණ බයේ ගැහි ගැහී ගෙදර එන්න ඇත්තේ, මොකෙක් හරි කරුමක්කාරයෙක් සාරිය ගලවන්න එයිදෝ කියලා. මොකද ඔය 90 ගණන්වල රෑ කියන්නේ හෙනම දරුණු ටයිම් එකක්. කොටි සීන්, කුඩු සීන්, පාතාල සීන්, ග්‍රීස් යක්කු, ගෝනිබිල්ලො වගේ භයානක දේවල් නැගලම ගිය කාලයක්. ඇත්තටම ඒ අතින් දැන් කාලෙ සෑහෙන්න හොඳයි. දැන් ඕනැම කෙනෙක්ට, ගෑනියෙකුට උනත් වැඩපළ ඉවර වෙලා රෑ 9-10 වෙලා ගෙවල් වලට නිවී සැනසිල්ලෙ එන්න පුළුවන්. | 18 | POSITIVE |
ncpp_train_38395 |
දුමින්දට පක්ෂව තීන්දුව දුන් විනිසුරුගේ ෆෝන් එක ටැප් කරලා -නීතීඥ වර්ණකුලසූරිය
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව දුමින්ද සිල්වාට වාසි සහගත ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එකී ත්‍රිපුද්ගල නඩුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු ශිරාන්
ගුණරත්න මහතා රාජකාරි කරන
කොළඹ වානිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගේ හා විනිසුරු නිල මැදිරියේ සවිකර ඇති ස්ථාවර දුරකථන මෙන්ම විනිසුරුවරයාගේ පෞද්ගලික දුරකථනවලට ද උපකරණ සවිකර ඒවාට රහසේ සවන්දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය චෝදනා කරයි.
එකී නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ප්රමුඛ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
| ඔය නීතීඥයත් හිටපු ජනපතිට කෙළවරක් නැතුව කඩේ ගිය කෙනෙක්. අද නීතිය සල්ලි වලින් යට කරන්න බැහැ එ බව තේරුම්ගත්තොත් හොදඊ. දුමින්ද වැරදි කරු කල විනිශ්චය කරුවන් දෙදෙනා අවංක අය කියල කියන එක අද ප්‍රසිද්ද රහසක්. | 36 | POSITIVE |
ncpp_train_38396 |
ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් හෙට (30) දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසයි.එම ගෙනෙන ගෑස් ජුනි මස 01 වැනිදා සිට දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙත බෙදා හරිනු ලබන බව එම සමාගම දැනුම්දෙයි.
එහි සභාපති විජිත හේරත්කියා සිටියේ එම නෞකාව මෙරටට පැමිණෙන අතරතුර
කාලගුණයෙන් බාධාවක් නොවුණහොත්, බදාදා වනවිට ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදු
කිරීමට හැකිවනු ඇති බවයි.මේ හේතුවෙන් එතෙක් පාරිභෝගිකයින් හට පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කරයි. මින් ඉහත සභාපතිවරයා දන්වා තිබුනේ ඉවසන්න සඳුදා (30) ගෑස් බෙදනවා යනුවෙනි. නමුත් එය දැන් බදාදාට කල් ගොස් ඇත.මේ අතර ගෑස් රැගත් තවත් නෞකා 2 ක් ලබන මස පළමු වනදා සහ පස් වනදා මෙරටට ළඟා වීමටනියමිත බවද ලිට්රෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
| අනේ මේ නිවුස් දානකොට මුන්ගෙ මූනු දාන්න එපා මිනිස්සුන්ට තවත් කේන්ති යනවා. අප්පිරියා වෙලා තියෙන්නෙ | 39 | POSITIVE |
ncpp_train_38397 |
පසුගිය දින 50 දේශපාලන බල පෙරළියෙන් පසු ජනපති එක් පිලකත් රනිල් ප්රමුඛ එජාප ආණ්ඩුව තවත් පිලකත් ලෙස මත දෙකක් දැරීම හේතුකොට රජයේ මාධ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් නැවත පත් කිරීමේදී ගැටලුවක් හටගන්නා ලදි. ජනපති හා මංගල ඇමතිවරයා අතර සාකච්ඡාවෙන් පසු
එය විසඳාගත්තේ මාධ්‍ය ආයතන ඇමති මංගල සතුව තිබියදී සභාපතිවරයා මංගල නම් කර ජනපතිගේ නියෝජිතයෙකු ද එහි තව තනතුරකට පත්කිරීමට එකඟවෙමිනි. ඒ අනුව දෙමුහුන් පාලනයක් යටතේ රජයේ මාධ්‍ය ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි වාර්තා පළ විය.
ඉතිහාසයේ
පටන් දේශපාලනය දේව කාරිය කරගත් ආයතනයක් ලෙස ප්‍රකට ස්වාධීන රූපවාහිනී ආයතනයේ මෙම වෙනස සිදුකිරීමට යාමේදී පසුගියදා කලබලකාරී තත්වයක් හටගෙන තිබේ.
සභාපතිතුමිය හැර සෙසු නිලධාරීන් කිසිවකුට ආයතනය තුලට ඇතුළුවීමට ආයතනයේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිස් ඉඩ නොදුන් අතර පසුගිය 27 වනදා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතාට ආයතනයට ඇතුළු වීමට ඒ අනුව ඉඩ දුන්නෙ නැත.
උදෑසන සිට උද්ඝෝෂණයක නියැළුණ මෙම සාමාජිකයින් චන්දන තිලකරත්න මහතාගේ වාහනය ආයතන ගේට්ටුව අසළ නතර කර ඔහුට පිටව යන ලෙස බල කළ අතර අපට ප්‍රධාන විධායක නිලධාරීන් අවශ්‍ය නැතැයි කියමින් පුවුරුද අල්ලා සිටිනු වාර්තා විය.
කෙසේ වෙතත් තවත් පිරිසක් ඔහුට ඇතුළුවන්නට ඉඩ දෙන ලෙස තර්ක කරද්දී දේශපාලන දෙපිරිස ගැටුමක් ඇතිකරගන්නට පෙර
තිලකරත්න මහතා වාහනය හරවාගෙන පිටව ගියේය. උද්ඝෝෂකයින් පිරිස හූ හඩද නැගුවෝය.
පසුව අනෙකුත් විද්‍යුත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ උද්ඝෝෂණ මෙහෙයවූ අයෙකු දන්වා සිටියේ මේ ආයතනයට පිටින් දේශපාලන පත්වීම් ලෙස ප්‍රධාන විධායකලා අවශ්‍ය නැති බවත් ආයතනය තුළින්ම අය පත් කළ යුතු බවත්ය. කෙසේ වෙතත් ස්වාධීන රූපවාහිනී ඉතිහාසය තුළ පසුගිය ආණ්ඩුවලදී පවා මෙම පත්වීම් කර තිබුනේ දේශපාලනය අනුවය.
මෙම හිරිහැරයට මුහුණ පෑ චන්දන තිලකරත්න මහතා වසර කිහිපයක්ම එම තනතුර දැරුවේය.
ඔහු ස්වාධීන රූපවාහිනියේ ඉවත් කර තිබෙන වාහන සෝදාපාලුවට ලක්වීම වළකා අලුත් වැඩියා අංශය අරඹා වසරක් තුළ මිලියන 12 ක් ඉතිරි කළ අයෙකු බවත් ටෙලි නාට්‍ය නිෂ්පාදකයන්ගේ මිලියන ගණනක් හිග මුදල් පියවූ අයෙකු බවත් ආයතනයේ විදේශ ගතවීම් ඒකාධිකාරය බිද දමා සම්මුඛ පරීක්ෂණ ක්‍රමය යලි ගෙන ආ අයෙකු බවත් පැවසෙන අතර ඔහු වෙනස් කරන්නට උත්සාහ කළ ක්‍රමය ඇතැම් දේශපාලන මතදාරීන්ට රිසි නොවීම මත මෙවැනි විරෝධයක් හටගෙන ඇති බව වාර්තා විය.
එම සිද්ධිය අවස්ථාවේ වීඩියෝව පහතින්
| නිව්ටන්ලා,සුධර්මන්ලා තැවරූ අසූචි ගඳ තවමත් පැතිරෙන බව පෙනේ.. | 13 | POSITIVE |
ncpp_train_38398 |
පසුගිය දිනවල පාර්ලිමේන්තු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට
අනුව සිදු නොවූ බවත් ඒ අනුව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
නොවැම්බර් මස 14 දා, 15 දා, 16 දා, 19 දා, 21 දා, හා 23 දා යන දිනයන්හි පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් එම නිසා එකී වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.
සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධයක එස්.බී. දිසානායක, වාසුදේව නානායාකක්කාර, මහින්ද අමරවීර, විමල් විරවංශ,උදය ගම්මන්පිල ඇතුළු 9 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර තිබේ.
| පාර්ලිමේන්තුවේ ඉන්න ජරාම,කුජීතම,අවජාතක ,පාහර ,සුනඛයන් සෙට් එකෙන් කොටසක් තමා මේ.මුන්දැලා ගෙ කෙරුවාවල් හැන්සාඩ් එකට යයි කියලා බයවෙලාඉන්නේ.හැබැයි ඉතින් පාර්ලිමේන්තුව ඇතුලේ මුන්දැලා නටපු නාඩගම මුලුලෝකේ පුරාම දෘශ්‍ය සාක්ෂි සමගම ප්‍රචාරය වෙලාඉවරයි. | 118 | POSITIVE |
ncpp_train_38399 |
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, අද උදෑසන බීමත්ව රිය පදවා සිදු කළ අනතුරක් නිසා
පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
බොරැල්ල කිංසි පාරේ හොර්ටන් පෙදෙසේ දි අද උදෑසන දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
අද (31) දින අළුයම 5.15ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බව පොලිසිය කළ පරීක්ෂණයේදී ඔප්පුවී ඇත.
| විස්කි බීම, ඩාන්ස් ෆ්ලොර් එකේ වැඩ දැමීම සහ බඩු ගැසීම......අපේ ක්‍රිකට් ටීම් එකේ උන්ට දන්නේ ඔය තුන විතරයි. උදේ 5 වෙනකන් බීලා ගිහින් මොන ක්‍රිකට් ප්‍රැක්ටිස්ද!!! දවල් 12, 1 වෙනකන් බුදි. බොන බීමට ඇඟේ ජින්තු බිංදුවයි. ඉතින් ගූ ගහගෙන මැච් කන එක පුදුමයක් නෙවේ. | 35 | POSITIVE |
ncpp_train_38400 |
තරුණ මවට අතවර කරන්න බැරිවූ තැන
උකුලේ සිටි දරුවා උදුරාගෙන ගොස්වතුරේ ගිල්වා මරාදාලා
කතරගම මැණික්පුරගම ප්‍රදේශයේ නිවසක 19 හැවිරිදි තරුණ මවකට අතවර කරන්නට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු එම තැත වැරදීයාමෙන් කෝපයට පත්ව ඇගේ උකුලේ නිදා සිටි බිලිඳු දැරිය උදුරාගෙන ගොස් නිවසේ තිබුණ වතුර බැරලයකට දමා ඝාතනය කිරීමේ ඛේදනීය සිදුවීමක් වාර්තාවෙයි.
නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව වඩාගෙන සිටි බිලිඳිය උදුරාගෙන ඇති බවත් අනෙකා 19 හැවිරිදි වියේ පසුවන මවට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් වාර්තා විය. ඒ අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොර බදා ඔහුගෙන් බේරී
පලාගොස් සිද්ධිය අසල්වාසීන්ට පවසා ඔවුන්ද සමග පැමිණ සෝදිසි කර බැලීමේ දී සිඟිත්තාගේ සිරුර ගෙවත්තේ තිබූ වතුර පුරවන ලද බැරලයක තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය වන අවස්ථාවේ කාන්තාවගේ සැමියා කිසියම් කටයුත්තකට ගමේ විහාරස්ථානයට ගොස් සිට ඇත.
මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් දෙදෙනා තිරෝද රථයකින් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබේ.
බිලිඳු දැරියගේ මව වන ජයනි සඳරේඛා නමැත්තිය පානදුර පුදේශයේ පදිංචිකාරියක වන අතර සැමියාද සමග කතරගම පැමිණ ඇත්තේ මාස 15 කට පමණ පෙරදීය.
සිද්ධියට මුහුණ පෑ කාන්තාව වන විජේසූරිය ආරච්චිගේ දොන් ජයනි සඳරේඛා (19) මහත්මිය පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් කරමින් මෙසේ පවසා ඇත.
“මගේ සැමියා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යනවා. මරා දමා ඇත්තේ අපට සිටි එකම දරුපැටියායි. සැමියා හැමදාම වගේ සවසට ගමේ පන්සලට යාම පුරුද්දක් කර ගෙන තිබුණා. මේ සිද්ධිය වෙන වෙලාවේත් එයා ගමේ පන්සලට ගොස් සිටියේ. සවස 6.50 ට විතර දෙන්නෙක් ගෙදරට ආවා. මාමා කෝ කියා ඇසුවා. අපේ මාමා මාළු විකුණනවා. ඒ වෙලාවේ ඔහු ගෙදර හිටියේ නැහැ. මම ඇහැව්වා මාමා හොයන්නේ ඇයි කියලා. අද උදේ මාමාගෙන් මාළු වගයක් ණයට ගත්තා ඒකේ සල්ලි දෙන්නයි. ආවේ කියා ඔවුන් කීවා. මාමා නොමැති නිසා ඔවුන් දෙන්නා යන්න ගියා. මම පොඩි එකා වඩාගෙන සිටියදී කලින් ආ දෙදෙනාම රැ 7.00 ට විතර ඇවිත් ගෙට ඇතුළු වුණා.
එක් කෙනෙක් මම කැගහද්දිම මගේ අතේ සිටි දරුවා උදුරාගත්තා. අනෙක් එකා මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා. මම ඌත් එක්ක පොර බදා කොහොම හරි උගෙන් බේරී පස්සා දොරන් එළියට පැන ගත්තා. ඒත් එක්කම මට තිරෝද රථයක්
වේගයෙන් යන හඩ ඇසුණා. මම කැ ගසා මෙම සිද්ධිය කීවාම අහළ පහළ අය දුවගෙන ආවා. දරු පැටියා පේන්න හිටියේ නැහැ. කට්ටියම එකතුවෙලා සොයා බලද්දී මගේ දරු පැටියා ගෙවත්තේ වතුර බැරල් එක ඇතුළේ සිටියා. ගොඩට අරගෙන බලනකොටත් දරු පැටියා මියගිහින්, මේ අපරාධය කළ දෙන්නා නැවත දැක්කොත් මට හඳුනාගන්න පුළුවනි'
පශේචනාත් මරණ පරීක්ෂණය සඳහා බිලිඳියගේ සිරුර දෙබරවැව මූලික රෝහලට යවා ඇත.
තංගල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ පබිලෝද ඊයේ අපරාධිය සිදුවූ ස්ථානයට රැගෙන විත් අපරාධකරුවන් ගැන කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවේ.
| මේ කාලකන්නින්ට විරුද්ධ ව නඩු ඇසීමෙන් කිසිම පලක් නැත ..මුන් ට වෙඩි තබා මරා දැමිය යුතුම වේ .. | 105 | POSITIVE |