id
stringlengths
15
16
news_content
stringlengths
61
30k
comment
stringlengths
7
989
likes
int64
-389
2.24k
labels
stringclasses
2 values
ncpp_train_38901
අග්‍රාමාත්‍යවරයෙකු තේරීමේ බලයක් පාර්ලිමේන්තුවට නොමැති බවත්, පාර්ලිමේන්තුවට ඇත්තේ අගමැතිවරයා ඉවත් කිරීමේ බලය පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද හෙතෙම සඳහන් කළේය. "අපි රටේ නීතිය අනුගමනය කරනවා. පාර්ලිමේන්තුව කැදෙව්වා කියලා බලය පෙන්නන්න බෑ. රටේ ජනාධිපතිවරයා පත්කළ අගමැති කෙනෙක් ඉන්නවා නම් ඔහු තමයි අගමැති. ඔහු ඉවත් කරන ජනාධිපතිවරයාට පුළුවන් අවස්ථා තිබෙනවා. නම් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයි. ව්‍යවස්ථාවේ තිබෙන ක්‍රමවේදවලට අනුව මිසක් පාර්ලිමේතුව නැවත කැඳවා කියා, කවුද අගමැති කියලා තීරණය කරන්න බෑ. ව්‍යවස්ථාවේ කොතැනකවත් අගමැති මේ බලයක් පාර්ලිමේන්තුවට හෝ කථානායකට දීලා නෑ. අගමැති ඉවත් කිරීම ගැන පමණයි කියලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරලා ඉවරයි. කථානායකවරයා ව්‍යවස්ථා විරෝධී කටයුතු කරනවා” යනුවෙන්ද ඔහු කියා සිටියේය.
Kabaragoya thalagoya wela.
4
POSITIVE
ncpp_train_38902
ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා, පියවර ගැනීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. මෙවැනි කණ්ඩායම් පසුගිය කාලය පුරාම රටේ තැන් තැන්වලින් මතු වූ අතර, ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවේ යැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව ජනාධිපතිවරයා මෙම කඩිනම් තීරණය  ගෙන ඇත. එම බුද්ධි තොරතුරු ලැබීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට ඊයේ (29) උපදෙස් දුන්නේ, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවේ එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ආරම්භ කර තිබියදී ආගමික සංහිඳියාව බිඳ දමමින්, ජන කොටස් අතර විරසකයක් ඇති කර, රට යළි කඩා වැට්ටවීමට උත්සාහයක් ක්‍රියාත්මක බවට ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරින් කරුණු අනාවරණය වී ඇත. මෙවැනි කඩාකප්පල් ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින්, ආගමික සංහිඳියාවට බාධා වන කරුණු සමාජයට පැමිණීමට පෙර, ඒවා වළක්වා ගැනීමේ වගකීම අලුතින් ස්ථාපිත කෙරෙන පොලිස් ඒකකයට පැවැරෙනු ඇත. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉතා කඩිනමින් නව පොලිස් ඒකකය පිහිටුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවැසීය.අංජුල මහික වීරරත්න
පාස්කු ප්‍රහාරයට කලිනුත් ඔහොම වෙන්න තිබුනනේ. එතකොට ගෝටා ගේන්න බැරි වෙනවා ඉතිං
41
POSITIVE
ncpp_train_38903
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙයි.නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතරඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 318කි.මේ අතර ලංකා භූමිතෙල් මිල ද රුපියල් 50කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 245කි. එසේම ලංකා කාර්මික භූමිතෙල් මිල ද රුපියල් 60කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 270කි.මේ අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 385කි.එසේම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 340කි.
කොහෙද බන් වැඩි කලේ?
-4
NEGATIVE
ncpp_train_38904
මෙරටට කාබනික පොහොර ආනයනය කරන ලද සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂකවරයෙකුට තමාගේ ඥාතිත්වයක් ඇති බව සත්‍ය නමුත් එහි ව්‍යාපාර කටයුතුවලට තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්  සඳහන් කරයි. එම සමාගමට ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිසේත්ම සිදු කර නොමැති බව ද ඔහු කියා සිටියි.තමන් එවන් මැදිහත්වීමක් හෝ බලපෑමක් කර ඇතැයි කිසිවෙකුට සාක්ෂි හෝ කරුණු ඇත්නම් ඒ ගැන විධිමත් පැමිණිල්ලක් සිදුකර ඕනෑම විමර්ශන ආයතනයකින් පරීක්‍ෂණ සිදු කරන ලෙසද ඒ මහතා ඉල්ලයි.අදාල විමර්ශන සඳහා සහාය ලබාදීමට තමන් ඉතා කැමැත්තෙන්ම ඉදිරිපත් වන බවත් ඔහු පවසයි.කාබනික පොහොර ආනයනය පිළිබඳව පාර්ශවයක් ගණනාවක් සෘජුව හා වක්‍රව ඔහු වෙත එල්ලවන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා වෙනුවෙන් අගමැති මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කර සිටී.
මොනවා කරන්නද සහෝ මුන් ඔක්කොම මකබෑ කරන්න විදියක් නෑ නෙ
23
POSITIVE
ncpp_train_38905
නිරන්තරයෙන්ම සිදුවන වර්ජන සහ උද්ඝෝෂණවලට මුහුණදීම සඳහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා සමාමාජිකයින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ.  ඊයේ (25දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේ මේගැන දීර්ඝ සාකච්ඡාවක් ඇතිව තිබේ.එම වගකීම බාරගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාද සිය එකඟතාව පළ කර තිබේ. පසුගියදා මීතොටමුල්ල නායයාමත් සමග වෙනත් ස්ථානවලට කුණු බැහැරකිරීමට ගිය රජයේ සේවකයින්ට විවිධ ස්ථානවලදී විරෝධතා නිසා කරදරයන්ට ලක්වීමට සිදුවීමත් එම විරෝධතා සියලුම ස්ථානවල කරන ලද්දේ සංවිධානාත්මක එකම කල්ලියක් මගින් බවට බුද්ධි අංශ තොරතුරු වාර්තා කිරීමත් නිසා එවැනි බලපෑම් වලින් වැළකීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්චාවට ලක්ව ඇත. ඉතාම ඉක්මනින් මෙම බළකාය නීත්‍යනුකූලව පිහිටුවීමට කටයුතු යෙදෙනු ඇත.
හරියට හරි. ද්‍රවිඩ තරස්තවාදීන් උනත් මිනිස්සු. මේ මිනිහ තමා ඒ මිනිස්සුන්ව අමු අමුවේ මැරුවේ
1
POSITIVE
ncpp_train_38906
පසුගිය දිනවල රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී උපවාසයක් ඇරඹු විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහි 3 වන දිනයේ අග සෞඛ්‍ය තත්වය අයහපත් කියා බන්ධනාගාර රෝහලට ඇතුළු කළ පසුව ආහාර ලබාගෙන තිබුණි. ඒ බව වෛද්‍යවරුන් සනාථ කර තිබුණි. නමුත්  ඔහු නැවත රෝහලේ සිට උපවාස අරඹා ඇතැයි ඔහුගේ සහායකයින් පවසනවා. තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 7 වන දිනටත්  බන්ධනාගාර රෝහලේ උපවාසයේ නිරත වන බව ඔවුන් මේ ගැන මාධ්‍ය ඉදිරියේ පවසා ඇත. මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් සාමාන්‍ය පරිදි පවතින නිසා ජාතික රෝහල වෙත මාරු කර යැවීමේ අවශ්‍යතාවයක් නොමැති බවද  බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. මේ අතර මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා අද දිනයේද ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ඇතුළු පක්ෂයේ පිරිසක් බන්ධනාගාර රෝහල වෙත පැමිණ තිබෙනවා. සාමාන්‍ය මනුෂ්‍යෙයකුට එකදිගට දින 7 ක් නිරාහාරව සිටීම තරමක අපහසු තත්වයක් බව වෛද්‍ය මතය වුවද විමල් එම සීමාවන් ඉක්මවා දිගටම උපවාස කර තිබේ.
Great observation ttrrt!
3
POSITIVE
ncpp_train_38907
‘ජේසුට ඇණ ගැහුවෙ අර ලොකු තොප්පිය දාගත්තු කෙනා‘ පිටිදූවේ හිමිගෙන් පාප් වහන්සේට විවේචන කලින් කලට තමන්ගේ ප්‍රසිද්ධිය තකා අසම්මත වැඩ කරන පිටිදූවේ හිමි මේ දිනවල මියුසික් වීඩියෝවක වෙළෙඳ ප්‍රචාරණය පිණිස රැස් විහිදුවන ජවනිකාවක පෙනීසිටින අතර එහිමියන් ගැන කතාබහ පැතිරෙන අතරවාරයේ මීට වසරකට පමණ පෙර පාප් වහන්සේ දැඩි ලෙස විවේචනය කරමින් පිටිදූවේ හිමියන් පැවසූ දෙයක්ද විවේචනයට ලක්වෙමින් පැතිර ගොස් තිබේ. මෙම විවේචන වළක්වාලනු පිණිස පිටිදූවේ හිමියන්ගේ සිරි සදහම් ආශ්‍රමය ෆේස් බුක් වෙත පැමිණිලි කර එම කතාව ඇතුළත් වීඩියෝව ඉවත් කරගෙන ඇති බවද වාර්තාවේ. කතෝලික විභාවනය සංවිධානයේ සභාපති - චිරන්ත අමරසිංහ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නිවේදනයක්ද නිකුත් කර තිබේ. එහි මෙසේ දැක්වේ. ‘පසුගිය දින කීපයෙදී දැඩි කතාබහට ලක්වු සමන්තබද්‍ර යැයි කියාගත් සවාමින් වහන්සේ කෙනෙකු ලිංගික කුතුහලය ඇතිකරනා දර්ශනය ඇතුලත් ගීත වීඩියෝවක රැස් විහිදමින් සිටීමත් සමග ඔහුට සමාජයේ දැඩි විරෝධයක් එල්ලවුනී. ඒ අතරතුර මෙම පුද්ගලයා විසින් 2016.05.11 දින කතෝලික දහමට හා ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අපහස කරනා බණ දේශනාවක වීඩියෝ පටයක් සමාජ ජාල තුල ඉස්මතු විය.මෙම වීඩියෝව අප සංවිධානය යටතේ ඇති කතෝලික ෆේස්බුක් පිටුවක් හරහා පැතිරයාමත් සමග කලබල වූ සමන්තබද්‍රගෙ ආශ්‍රමය, එම විඩියෝව තමන්ගේ බුද්ධිමය දේපළ ලෙස වාර්තා කොට වීඩියෝව ඉවත් කිරීමට පියවර ගෙන ඇත. සියල්ල අත හැර තමාව වන්දනා කිරීමට ගාථාවකුත් ඇති රහතන් වහන්සේ කෙනෙකු හැසිරෙන ආකාරය මෙයද?එහිදී, සමන්තබද්‍ර සදහන් කරනුයේ, පියතුමන්ලා යනු පචකරුවන් බවත්, වතිකානුවේ සිටින ලොකු තොප්පිය දාගත් පුද්ගලයා එකල ජේසුස් වහන්සේ ඇණ ගැසු නායක පූජකයන්ගේ පාරම්පාරාවෙන් පැමිණෙන කෙනෙක් බවත්, එම නිසා ඔහු ඇතුලු පියතුමන්ලා අද බලා සිටින්නේ ජේසුස් වහන්සෙ නැවත පැමිණි විට උන්වහන්සේට ඇණ ගැසීමට කියාය. තවද පියතුමන්ලා ජනතාවට දේශනා කරනා කතෝලික දහම තුළ ගැලවීමක් නොලැබෙන බවට රහතන් වුවත් පිලියන්දල දී පහරකෑම වලකාලීමට නොහැකිවූ ඔහු ප්‍රකාශ කරතී. කතෝලික සංවිධානයක් ලෙස සමන්තබද්‍ර විසින් ප්‍රකාශ කෙරෙනු කරුණු සම්පුර්ණයෙන් අසත්‍යබව ප්‍රකාශ කරන අතර, අප ඔහුගේ එම ප්‍රකාශය අපි දැඩි ලෙස හෙලා දකිමු. ජේසුස් වහන්සේව එකල ඇණ ගසා මරාදැමු පරිසිවරුන් නැමැති පූජකයන් හා පාප් වහන්සේ හෝ දැන් සිටිනා පුජකවරය අතර කිසිදු සබඳතාවක් නොමැති අපි බව අවධාරණය කරමු. මන්ද, එකල ජේසුස් වහන්සෙගේ ගෝලයන්ගෙන් ආරම්භ වූ පූජකවරයට එකල පරිසිවරුන් ඉවත් කිරීමට හැකි වුණි, ඒ රෝමානු අධිරාජ්‍යවාදීන් කිතු දහම වැළඳ ගැනීමත් සමගය.  සරලව තේරුම් ගන්න, කිතු දහම යනු සමන්තබද්‍ර නම් පුද්ගලයා කියනා එම කාරණාවන්ට එරෙහිව ගොඩනැගුණු එකකී. අද ඇති පූජකවරය නායකයා සේවකයා යන ප්‍රතිපත්තිය තුල පූජකයන් ඇණ ගැසීමට ලක්වෙමින්, පහරදීමට ලක්වෙමින්, පූජකයන්ගෙන් ජීවිත පරිත්‍යාගයෙන් පවතින එකක් මිස, එදා මෙන් අනුන් කුරුසයේ ඇණ ගසමින් පවතින එකක් නොවන බව ඔහු දැනගත යුතුය. තවද පූජකයන් තුලින් සිදුවිය හැකි වැරැදි වැලැක්වීමට හා සමන්තබද්‍රගේ මානසිකත්වයෙන් යුත් කතෝලික පූජකයන් බිහිවීම වලකාලීමට නීති මාලාවක්ද කතෝලික සභාව තුල ක්‍රියාත්මකව පවතී. සමන්තබද්‍ර, අනුගමනය කරන්නෙ බෞද්ධ දර්ශනය නොවන බව අපට පැහැදිලි වන අතර, තවද ඔහු විසින් බෞද්ධ ජනතාව ආගමික අන්තවාදය කරා නොමග යවන බව ඉතා පැහැදිලිය, මන්ද අන් ආගම්වලට හෝ පුද්ගලයන්ට පහර ගැසීමට හෝ ගැරහීමට බුදුරජාණන් පවසා නැත. සමන්තබද්‍ර යනු ශ්‍රී ලංකාවේ කතෝලික බෞද්ධ මිතුරුකම විනාශ කිරීමට උත්සාහ කරන්නෙකු අතර, ඔහු එය කරන්නෙ අන් කිසිවක් සදහා නොව, අප්‍රසාදය තුල ප්‍රසිද්ධියට පත්වෙමින් අක්කර 58ක සාදන පන්සල සදහා අන්තවාදී දායකයින් සොයා ගැනීමට ය. ජලභීතිකා රෝගය සෑදුණු සුනඛයකු නිදැල්ලේ තිබීමෙන් සිදුවන්නේ කුමක්ද? ගතයුතු පියවර කුමක්ද? මෙවැනි පුද්ගලයන් සම්බන්ධව ගරු මහානායක මාහිමිපාණන්ලා පියවරක් නොගන්නේ මන්ද? මෙවැනි පුද්ගලයන්ගෙන් නිග්‍රහය කතෝලික අපි ඇතුළු සමස්ත ජනතාව ගරු කරනා උතුම් වූ බුදු දහමට හා රටේ පුරවැසියන් වූ අපි සියලු දෙනාටමය.‘
ko mey පිටිදුවේ හිමිට කඩේ යන ආශිර්වාද ?
3
POSITIVE
ncpp_train_38908
බැංකු කතාව අලූත් වෙයි ක්ලිප් ලීක් කළ පෙම්වතාට නඩු මින් සති කිහිපයකට පෙර ප‍්‍රධාන පෙළේ බැංකුවක පෙම්වතුන් යුවළකගේ අනියම් ඇසුරක වීඩියෝවක් නිසා සමාජ මාධ්‍ය කැළඹුණා. පසුව වාර්තාවී තිබුනේ එම සිද්ධිය නිසා අදාළ කාන්තාව සේවා ස්ථානයෙන් නෙරපනු ලැබූ බවත් දෙදෙනාගේම පවුල් ජීවිත අවුල් වූ බවත්ය.ෆෝන් රෙපයාර් මල්ලී නිසා මේ වීඩියෝ අන්තර්ජාලයේ පැතිරුණ බවටද තොරතුරු වාර්තාවී තිබුණා. මේ ගැන කෙරෙන අලූත්ම පරීක්ෂණ අනුව ‘ෆෝන් රෙපයාර් මල්ලීගේ කතාව’ එම පෙම්වතා විසින් ගැලවිජ්ජාවට ගැසූ කෙප්පයක් බව වාර්තා වනවා. සත්‍ය ලෙසම එම වීඩියෝ මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ පෙම්වතා විසින්ම බවට ද තොරතුරු අනාවරණයවී ඇත. එම බැංකු සේවිකාව හා ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියා අතර අනියම් ඇසුර සිදුව ඇත්තේ කඩවත ශාඛාවේදීය. සිද්ධිය හසුවීමෙන් පසුව අදාළ සේවිකාව සේවයෙන් ඉවත්කරනු වෙනුවට සිදුකර තිබෙන්නේ මාරුවක් ලබාදීමයි. ඇය මාරුවී ඇත්තේ දෙහිවල ශාඛාවටය. පසුගිය දිනවල ඇතිවූ ආන්දෝලනයෙන් පසු තතු දත් උදවිය පැතිරූ ආරංචි නිසාදෝ දෙහිවල ශාඛාවේ වැඩිපුර පාරිභෝගිකයන ගැවසුණ බවත් වාර්තා වුණා. මේ කතාවේ අනුවේදනීය ස්වභාවය වන්නේ ඇයත් ඔහුත් කාර්යාලය තුළ මේ ආකාරයට හැසිරී ඇත්තේ අසම්මත ලෙස වුවද ඔවුන් සැබෑ පෙම්වතුන්වී ඇති කරගත් විශ්වාසය මත මේ දේවල් සියල්ල සිදුවී තිබීමත් පෙම්වතිය තවදුරටත් ඔහු සතු නොවීමේ ද්වේශය මේ ආකාරයට ජීවිත අවුල් කරමින් පුපුරා යාමත්ය. තමා දිවි හිමියෙන් විශ්වාස කළ පෙම්වතා සමඟ සිය කාර්යාලයේදී පෙමෙන් වෙළුණු පෙම්වතිය මේ පෙම් ජවනිකා රහසින් වීඩියෝ වනවා යයි කිසිදු ආකාරයකට සිතා නැත. ඔවුන්ට මේ ප‍්‍රශ්නය හමුවේ කාර්යාල වලින් මාරු වන්නට සිදුවුවත් ඒ ඇසුර ටික කාලයක් තිබී ඇත. ඔවුන් අතර කිසියම් විරසකයක් ඇතිවුණ පසුව පෙම්වතියට වෙනත් අයෙකු හා විවාහ වන්නට සිදුවී තිබෙන අතර ඉන් පෙරද විවහකයෙකු බව කියන පෙම්වතා මේ වෙනසට කැමතිවී නැත. ‘මාත් එක්ක හැමදාම ඉන්න බැරි නම් මං අරව ලීක් කරනවා’ යයිද ඔහු ඇයට පවසා ඇත. ඔහුගේ තර්ජනය ගණනකට නොගෙන ඇය විවාහවූ පසුව එක්වරම ඔහු පලිගෙන නැත. ඔහු උත්සාහ කර ඇත්තේ වීඩියෝ කෑලි ඇපයට තබා තවත් කාලයක් විවාහක පෙම්වතිය සමග ඇසුර ගෙන යන්නටය. එම උත්සාහය නිරර්ථකවී ඇත්තේ ඇය ඔහුව දිගටම ප‍්‍රතික්ෂේප කළ නිසාය. පෙම්වතා විසින් මේ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ ඉන් පසුය. ඒ වීඩියෝ පිටවී අන්තර්ජාලය කළඹන අවස්ථාවේ පෙම්වතිය ඔහු විමසා ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීමේදී දුරකථනය අලූත්වැඩියා කළ තැනැත්තා විසින් මෙය සිදු කරන ලද බවට ඔහු කෙප්පයක් ගසා ඇත. නමුත් ඒ වීඩියෝ පතුරන්නට ඇත්තේ ඔහුම බව ඇය පොලිසියට පවසා ඇත. මේ වනවිට සිදු කරන පරීක්ෂණ වලදී ‘ෆෝන් රෙපයාර් මල්ලී’ගේ කතාව සත්‍ය නොවන බවට තොරතුරු තහවුරුවී ඇති අතර එවැන්නෙක් සොයාගන්නට නැත. පෙම්වතාට එරෙහිව පෙම්වතිය මේ වනවිට නඩු මගට එළැඹෙන්නට සූදානම් බවද වාර්තා වුණා. මෙම සිද්ධිය නිසා අදාළ බැංකු ආයතනික අනන්‍යතාවද හෑල්ලූවට ලක්ව තිබෙන අතර සේවා ආයතනයේ නිල ලාංඡනය සහිත ටී ෂර්ට් එකක්වත් හැඳගෙන පාරට බසින්නට බැරි තත්ත්වයක් උදා වී ඇතැයි එහි සේවයේ නියුතු අය වාර්තා කර ඇත. සමහරු පාරේදී  එම බැංකුවේ අයට විහිළු කරන්නේ ”ආ නංගී අපටත් පොඩි චාන්ස් එකක් දෙන්න බැරිදැයි?” උපහාසයෙන් බවද වාර්තා වුණා.  ------------------- සිද්ධිය ගැන පෙර වාර්තාව අන්තර්ජාලයේ පැතිරුණ බැංකු නිලධාරී වීඩියෝවක් නිසා පවුල් දෙකක් විසිරී ගිහින්
okita hodama wade
-11
NEGATIVE
ncpp_train_38909
එංගලන්ත කඩේකට පිහි ආමෝරාගෙන ආ සොරුන්බේස්බෝල් පිත්තෙන් ගසා එළවා දැමූ පානදුරේ ලූෂාන් එංගලන්තයේ සාප්පුවක සිදුවූ සොරකමක් වළක්වන්නට පිහි අත දරාගත් සොරුන්ට බේස්බෝල් පිත්තකින් පහරදී එළවාදැමීමේ වීරක‍්‍රියාවක් සිදු කිරීම නිසා ශ‍්‍රී ලාංකික සිසුවෙකු ගැන එරට මාධ්‍ය තුළ කථාබහක් ඇතිව තිබෙනවා. 28 හැවිරිදි ලූෂාන් වීරසූරිය නමැති බි‍්‍රතාන්‍යයේ සැල්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධියක් හදාරමින් සිටින මෙම සිසුවා අර්ධකාලීන රැකියාවක් ලෙස වයින් හා පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කරන කඩයක කැෂියර් ලෙස සේවය කර තිබෙනවා. ඔහු සිය සවස් කාලීන සේවා මුරය ආරම්භ කර හැන්දෑවේ 7 ට පමණ එහි පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ලාච්චුවේ සියලූ මුදල් ඉල්ලා ඔහුට තර්ජනය කර ඇත.එම අවස්ථාවේ ඔවුන් කියා ඇත්තේ තමන්ගේ මව පිළිකා රෝගය උත්සන්නවී ප‍්‍රතිකාර ලබමින් පසුවන බවත් වියදම පියවාගන්නට මුදල් අවශ්‍ය බවත්ය. අධික ලෙස බීමත්ව අසාමාන්‍ය පෙනුමකින් පැමිණි ඔවුන්ට මුදල් ලබාදෙන්නට බැරි බව ලූෂාන් පැවසූ පසු ඔවුන් පිහි අතට ගෙන ඔහුට පහර දෙන්නට උත්සාහ කළා. එම අවස්ථාවේ තම ආරක්ෂාවට කැෂියර් පුටුව ආසන්නයේ සඟවාගෙන තිබුණ බේස්බෝල් පිත්ත අතට ගත් ඔහු සොරුන්ට පහරපිට පහර දී අඩපණ කළ අතර ඔවුන් පසුව සොරකම් කිරීම අත්හැර එතැනින් පළාගියා. පැය 48 ක් යන්නට ප‍්‍රථම සීසීටීවී සාක්ෂි නිරීක්ෂණය කර සොරකමට තැත්කළ දෙදෙනා එරට පොලිසිය අත්අඩංගුවට ගත්තා. වයස 37 හා 32 සොයුරන් දෙදෙනෙකු මේ සොරකමට පැමිණි බව හෙළීව තිබුණා ඔවුන් අධික ලෙස කොකේන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටි අය බවත් මුදල් සොයාගන්නට උත්සාහ කර ඇත්තේ මත්ද්‍රව්‍ය මිලට ගන්නට බවත් පොලිසිය සොයාගෙන තිබුණි. කෙසේ වෙතත් ඔවුන්ගේ මව ඇත්ත වශයෙන්ම පිලිකා රෝගියෙකු වූ අතර මෙම දෙදෙනා අල්ලාගත් අතරවාරයේ ඇය අවසන් හුස්ම හෙළා ඇති බවද වාර්තා වුණා. උසාවියට දැමූ සැකකරුවන් වසර 4 මාස 4 ක සිර දඬුවමකට ලක්කර ඇත. මෙම සොරකම බේරාදුන් පානදුර ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ලූෂාන් සිය පශ්චාත් උපාධිය සඳහා එංගලන්තයට ගොස් තිබුනේ 2014 වසරේදීය. ඔහු මෙරට පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු බවද වාර්තාවේ. තමා ආරක්ෂාව ගැන දෙවරක් නොසිතා ඔවුන්ට පහරදුන් බවත් මින් ඉහත මෙබඳු අත්දැකීම් ලබා නැති බවත් ලූෂාන් විස්තර කර ඇත. කෙසේවෙතත් ලූෂාන්ගේ කඩ සාප්පු ප‍්‍රධානියා ඔහුගේ ක්‍රියාව වෙනුවෙන් ස්තූති වන්තවී ඇති අතරම  පවසා ඇත්තේ එම අවස්ථාවේ ආත්ම ආරක්ෂාව වැදගත් බවත් ඉල්ලූ මුදල් දුන්නා නම් තමා ඒ ගැන ගැටලූවක් ඇති කරගන්නේ නැති බවත්ය. සිද්ධියේ සීසීටීවී දර්ශන පහතින්
ගෝටාත් නැහැ, ආයුධ පෙන්නන්න දැන් එක්කන්යන්නෙත් නැහැ. හිටපු හොරු ඇරෙන්න අළුත් හොරෙක් පාර්ලිමේන්තු ගියෙත් නැහැ.
25
POSITIVE
ncpp_train_38910
ජීවිත තර්ජන ඇතැයි පවසමින් මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී. සරවණරාජා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ සිදුවීමක් ඊයේ වාර්තාවිය.අස්වීමේ ලිපියද මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.2023 සැප්තැම්බර් 23 දාතමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට යොමු කර ඇති ලිපියේ තමන් දරන ලද සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සඳහන් කර තිබේ.මෙහිදී විනිසුරුවරයා දක්වන්නේ‘තමන්ගේ ජීවිතයට ඇති තර්ජන සහ අධික මානසික පීඩනය‘ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.මෑත කාල සීමාවේදී වැඩි අවධානයක් හිමිවූ සිදුවීම් දෙකකට අදාළ නඩු කටයුතු පැවතියේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේයි. කුරුන්දි විහාරය සම්බන්ධ නඩ‍ු කටයුතු පැවැත්වුණේ ටී. සරවණරාජා විනිසුරුවරයා ඉදිරියේදීයි.කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මුලික පරීක්ෂණ කටයුතු සිදුකෙරුණේ ද විනිසුරු සරවණරාජා ඉදිරියේය.අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ මෙම විනිසුරුවරයා අභියාචනාධිකරණය හමුවේ විභාගවන නඩු පහකට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිට ඇතැයිද ඒ සඳහා උපදෙස් ගැනීම සඳහා විනිසුරුවරයා සිය කැමැත්තෙන්ම නීතිපතිවරයා හමුවීමට ගොස් ද තිබූ බවයි. විනිසුරුවරයාට ජීවිත තර්ජනයක් තිබුණේ නම් විනිසුරුවරයෙකු ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලයද ඔහුට තිබූ බැවින් ජීවිත තර්ජන කතාව පිළිගත නොහැකි බවද බීබීසිය කළ විමසීමකදී ඇමති කියා තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සෑම විනිසුරුවරයෙකුට නියමිත ආරක්ෂක භටයින් පිරිසක් අනුයුක්ත කර ඇති බවත් ආරක්ෂාව ගැන ගැටලු නැති බවත්ය. කුරුන්දි විහාරයේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කර සර්වඥ ධාතුන් තැන්පත් කරන්න ගියාම මහානායක හිමි ඇතුළු මහා සංඝරත්නයට සහ බැතිමතුන් පිරිස මැර දෙමළ දේශපාලකයින් පළවා හැර තිබූ අතරමහේස්ත්‍රාත්වරයාගේ තීරණ බොහෝ විට දෙමළ ජනයාට පක්ෂපාතී විය.ඒ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී මීට මාස කීපයකට පෙර  කියා සිටියේ ‘ඔහු ගැන අපට කිසිසේත්ම සෑහීමට පත්වෙන්න බැහැ. ඒ චෛත්‍ය සංරක්ෂණය කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥයෝ. ඒකට පාවිච්චි කරන ද්‍රව්‍ය ගැන කතා කරන්න මහේස්ත්‍රාත්වරයාට බලයක් හෝ දැනුමක් නැහැ. ඒකෙ තියෙන පුවරුව ගැන ප්‍රශ්න කරන්න මහේස්ත්‍රාත්වරයාට බලයක් නැහැ. ඒක කරන්නේ පුරාවිද්‍යා නිලධාරින්."ලෙසිනි.විනිසුරු ටී. සරවණරාජ විනිසුරුවරයා සතියකට පමණ පෙර කොළඹට පැමිණ සිය මෝටර් රථයද විකුණා ඇති අතර ඔහු බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනෙකුද හමුවී මෙලෙස ධුරයෙන් ඉවත්ව ඇති බවත් වාර්තාවන අතර මේවන විට දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට දෙමළ භාෂා පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබේ.
විනිසුරුතුමාටත් ඉංග්‍රීසි හරියට ලියා ගන්න බෑ.
19
POSITIVE
ncpp_train_38911
ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන වැඩසටහනට හිටපු ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් වන රෝහිත රාජපක්ෂ, රජිව් පෙරේරා, ෂම්ලි නවාස් සහ දුමින්ද සිල්වා යන අය සහභාගි වුහ. රග්බි පුහුණු උප දේශක වයිපර් ගුණරත්න මහතා විසින් මෙම වැඩසටහන මෙහෙ යවන ලද අතර ශ්‍රී ලංකා රග්බි සංගමය ඊට අනුග්‍රහය දැක්වීය.ශාන්ත තෝමස් විදුහලට නායකත්වය දුන් රෝහිත රාජපක්ෂ පසු කලක නාවික හමුදාව සහ සී එච් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය. මෙම වන විට ඔහු තර්ස්ටන් විදුහලේ අවුරුදු 19 න් පහළ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. ශාන්ත පිතර විදුහල් හිටපු ක්‍රීඩකයකු මෙන්ම දැනට ශාන්ත පීතර විදුහල් ප්‍රධාන රග්බි පුහුණුකරුවාද වන රජීව් පෙරේරා ද මෙම අධ්‍යපන වැඩසටහනට සහභාගි විය. ඉසිපතන විදුහලේ හිටපු ෆ්ලෑන්කර් ක්‍රීඩකයා වූ ශම්ලි නවාස්ද ඔහු සමග සිටියේය. ශම්ලි මේ වන විට ගල්කිස්ස ශාන්ත තෝමස්  රග්බි පිළේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරයි. හිටපු ද්විත්ව ජාත්‍යන්තර  (රග්බි පාපන්දු හා  පැසිපන්දු ) ක්‍රීඩකයෙක්  වන දුමින්ද ද සිල්වා ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා  කළ අතර ඔහු පසුව සි එච් කණ්ඩායම වෙනුවෙන් සහ හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. ඔහු ආනන්ද විදුහලේ රග්බි කණ්ඩායම පුහුණුකරු සහ හොංකොං හි සංචාරය කළ ශ්‍රී ලාංකික සත් සාමාජික කණ්ඩායමේ 19 න් පහළ කණ්ඩායමේ කළමනාකරු ද විය. දැනට ආසියාවේ සිටින්නේ රග්බි උපදේශකවරුන් 165 දෙනකු පමණයි.  රෝහිත රාජපක්ෂ, රජීව් පෙරේරා, ෂම්ලි  නවාස් සහ දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දැනට සිටින එකම උපදේශකවරයා වන වයිපර් ගුණරත්න මහතා යටතේ වසරක කාලයක් කටයුතු කරනු ඇත.
මැච් එක පටන් ගන්න කලින් පුහුණුව ඉතාමත් වැදගත්
42
POSITIVE
ncpp_train_38912
අද පෙරවරු 6.15ට පමණ පිළියන්දල - බෝකුන්දර ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ SUV රථයක් මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවේ ධාවනය වීම නිසා ඒ අසළ පොදු දේපළ වලට හානි සිදුවූ අතර පදික වේදිකාවේ ගමන් කළ පුද්ගලයෙකු  කාණුවක් තුලට විසිවී මරණීය තුවාල සිදුවිය. අනතුර නිසා එකී පුද්ගලයා පසුව ජීවිතක්ෂයට පත්විය.හික්කඩුවේ සිට නුගේගොඩ බලා ගමන් කරමින් තිබූ රථය පදවා තිබුනේ 52 හැවිරිදි කාන්තාවකි.හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ පිළියන්දල - බෝකුන්දර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවු අතර වේගය පාලනය කරගත නොහැකිව කාන්තාව පදවද්දී එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා, දියණිය සහ තවත් පුද්ගලයෙකුද වාහනයේ සිට තිබේ.  ජීවිතක්ෂයට පත්වුණේ වේරහැර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවන කුලී රැකියාවක නිරත අවිවාහක පුද්ගලයෙකි.  අත්අඩංගුවට ගත් කාන්තාව අද පස්වරුවේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර,වින්දිත පාර්ශ්වයට රුපියල් ලක්ෂයක සානුකම්පිත දීමනාවක් ලබාදීඇය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපමත මුදා හැරීණි.
බලපල්ලා මේ තමයි දියුණු වෙන රටක ලක්ෂණය.වේගයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා.ලක්ෂයයි හිරෙත් නැහැ, ගෑණු කෙනා එළියේ.සාමාන්‍ය මිනිහෙක් අතින් උනා නම් චෝදනා 1000යි,නඩු වාර ගොඩායි.හිරෙත් ඉදලා රස්සාවත් නැති කරන් එන්න වෙන්නේ.
5
POSITIVE
ncpp_train_38913
කොවිඩ්  පැතිරීම වැඩිවීම නිසා  රට වසා දමන්නැයි  විවිධ අංශවලින් හා පුද්ගලයන්ගෙන් රජයට සහ  සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත්වී ඇත.එම ඉල්ලීම කර ඇති  අංශ අතර ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිතිද වෙයි.මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රට වසා දමන්නැයි එවැනි ඉල්ලීම් ගණනාවක් ලැබී  ඇතත් රට වසා දැමීමට මේ මොහොතේදී කිසිම තීරණයක් ගෙන නැති බවයි.රට වසා දැමීම මේ ප්‍රශ්නයට විසඳුම නොවන බවත් රට විවෘත කර තියෙද්දීම කොවිඩ්  පාලනය කිරීම රජයේ අරමුණ බවත් ඔහු සඳහන් කළේය.කොවිඩ්  පැතිරීම බෙහෙවින් වැඩිවී ඇතත්  එම  රෝගීන්ට සංකූලතා මතුවීම ඉතාම අඩු මට්ටමක පැවතීම සැනසිල්ලට කාරණයක් බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ්  රෝගීන්ගෙන් සියයට අසූවක් පමණ නිවෙස්වලම රඳවා ප්‍රතිකාර ලබාදීමට මෙනිසා හැකිවී ඇතැයිද සඳහන් කළේය.කොවිඩ්  පැතිරීම වේගවත් වී ඇති හෙයින් පරිස්සම්  වන්නැයි  සියලුම ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බවද ඔහු පැවසුවේය.Sujath Hewajulige
.ඉස්පිරිතාල වල ඇදන් මදි වෙන එක ගැන හිතල සංචරණ සිමා දාල මේක පාලනේ කරන්න...පාසල් ,වලට ,ඔෆිස් වලට බුරුතු පිටින් ගෙන්නුවා එකපාරට...දිග නිවාඩු වලට රට වටේ අපේ එවුන් රවුං ගැහුවා...බස් කොච්චි වල පොල් පටවලා වගේ මිනිස්සු, ඒවගේ ප්‍රතිපල තමා මේ....අනික නැව ගිලුනත් බෑන් චුන් ජනතාවක් රටේ ඉන්නතාක් සහ බියගම ෆැක්ටරියට කරන්ට් එකයි කඩදාසි ටිකයි තියන් තාක් අපේ රටේ ආර්ථිකේ වැටෙන්නේ නෑ දොස්තර මහත්තයෝ...
11
POSITIVE
ncpp_train_38914
අනිවාර්ය නිවාඩු යැවු සහ ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්ට පැමිණීම තහනම් කළ පුද්ගලයින්ගේ නාමලේඛනය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය දුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණය කර තිබුණි.තවද ඔවුන්ට ඊයේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාපයක් බවද නිවේදනයක් නිකුත් කරමින් ඛනිජතෙල් සංස්ථාව සඳහන් කළේය.එම නාමලේඛනය පහතින් දැක්වේ.
හරියට වැඩ කරන උන් රාජ්‍යය සේවයේ හිටියනම් මිනිස්සුත් උන් එක්ක එකතු වෙනවා. ආයතන ඔක්කොම කාබාසිනියා කරලා තවත් ඒක කාල දානකම් බලං හිටහන්කෝ.
30
POSITIVE
ncpp_train_38915
කොළඹ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයට එක්වූ නිවිතිගල අපේක්ෂකයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබේ.ඇසට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය.එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සාමකාමී උද්ඝෝෂණයට කිසිදු හේතුවකින් තොරව පොලිසිය පහරදුන් බවත් ඉන් තුවාල ලද 28 ක් අතරින් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවත්, ඉන් එක් අයෙක් මෙසේ මියගොස් ඇති බවත්ය. මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ, ජාතික ජනබලවේගයෙන් නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කළ නිමල් අමරසිරි නමැති අයෙකි.60 හැවිරිදි ඔහු නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකු වන්නට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිලධාරියෙකු බවද වාර්තා වේ.බරපතල තත්වයේ පසුවන අනෙක් තැනැත්තා තවම ප්‍රතිකාර ලබයි.ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ පැය 24ක් ඇතුළත අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසයි.එහිදී වැඩිදුරටත් අදහස් දකවමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර ඇත්තේ පා ගමන කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ යූනියන් පෙදෙස ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබියදී එම ප්‍රදේශය විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර නොතිබූ තත්ත්වයක් තුළ මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම සමබන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව ඇති බවය. ජාතික ජන බලවේගය ඊයේ (26) දින කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයට එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකිමින් නිදහස් ජනතා සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ.  නිදහස් ජනතා සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ විරෝධතා දැක්වීමේ අයිතිය සුරැකීම සඳහා නිදහස් ජනතා සන්ධානය ඉදිරියටත් කොන්දේසි විරහිතව පෙනීසිටින බවය. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට පහරදී සිදුකළ ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ බාරගත යුතු බව ජාතික ජන බලවේගය අද (27) පස්වරුවේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා තිබේ.එම මාධ්‍ය හමුව සඳහා ටිල්වින් සිල්වා, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නීතිඥ හර්ෂණ නානායක්කාර, විජිත හේරත් සහ ලාල්කාන්ත එක්වී සිටියහ.
ජවිපෙ විසින් මේ තාක් කල් ම රා දමන ලද සියලු මිනිසුන්, මිනිසුන් නොවන අතර ඊයේ උද්ඝෝෂණය හේතුවෙන් මියගිය පුද්ගලයා පමණක් මිනිහෙක් වේ.
-9
NEGATIVE
ncpp_train_38916
ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ පුද්ගලයෙකු ඕස්ට්‍රෙලියාවේ පර්ත්හි නිවසේදී තම සිඟිති දරු දෙන්නා මරා දමා තමාද දිවිනසාගත් අවාසනාවන්ත පුවතක් සෙනසුරාදා වාර්තාවිය. මෙම සිද්ධියෙන් මියගියේ එකම පවුලේ 4 හැවිරිදි දියණිය , 6 හැවිරිදි පුතු හා 40 හැවිරිදි ඉන්දික ගුණතිලක නම් ශ්‍රී ලාංකික පියාය. ගිනිකොනදිග පර්ත් උප නගරයක් වන හන්ටින්ඩේල් හි එසින්ටන් වීදියේ පිහිටි ඔවුන්ගේ නිවසේ ගරාජය තුළ ඉන්දික සියදිවිනසාගෙන තිබූ අතර ඊට පෙර දරුවන් දෙන්නා නිවස තුළ ඔහු විසින් මරාදමා තිබුණි.මෙම ඝාතනයන්ට හේතුව පවුල තුළ ඇතිවූ ගැටලුකාරී තත්වයන්ගෙන් පසු ඉන්දිකට ඇතිවූ මානසික පීඩන තත්වයක් වියහැකි බවට ඕස්ට්‍රෙලියානු මාධ්‍ය දැනට වාර්තාකර තිබේ. වෘත්තියෙන් නාගරික සැලසුම් ශිල්පියෙකුවූ ඉන්දික ගායකයෙකු ලෙසද ප්‍රසිද්ධය. ඔහුගේ ගීත යූටියුබ් ඔස්සේද ප්‍රචාරයවී තිබේ. ඔහු ඕස්ට්‍රෙලියානු ජාතික කාන්තාවක හා විවාහවී සිටි බවත් දරුවන් දෙන්නෙකුද ලද පසුව ඇතිවූ ගැටලු වලින් පසු ඇය වෙනම ජීවත්වූ බවත් පැවසේ. ඝාතනයන් සිදුවූ බව කියන දිනයේ දරුවන්ට මව මුණගැස්වීමට අධිකරණයෙන් නියම කරතිබූ දිනය වූ අතර නියමිත පරිදි දරු දෙන්නා නොපැමිණීම නිසා ඔවුන් වාසය කළ නිවසට ඕස්ට්‍රෙලියානු මව ගොස් විපරම් කිරීමේදී මෙම ඝාතන හා සියදිවි නසාගැනීම් දැක තිබේ.ඒ අනුව ඇය සිද්ධිය පොලිසියට දන්වා ඇති අතර පොලිසිය පැමිණ කළ පරීක්ෂාවේදී තිදෙනාම ඒවනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව හඳුනාගෙන තිබෙයි. 40 හැවිරිදි ඉන්දික ගුණතිලක සිය සිව් හැවිරිදි දියණිය ලිලී සහ හය හැවිරිදි පුත් කොහාන් ඝාතනය කර නිවසේ ගරාජය තුළ සිය ජීවිතය අවසන් කර ඇතැයි පොලිසිය දන්වා තිබුණි.සිද්ධියට දින දෙකකට පෙර, ඔවුන් තිදෙනා වෙරළක අත් අල්ලාගෙන හිරු බැස යන ආකාරය දෙස බලා සිටින ඡායාරූපයක් ඔහු ෆේස්බුක් හි බෙදා ගත්තේය.ඊට පෙර පසුගිය දෙසැම්බරයේ ඔහු තම ෆේස් බුක් පිටුවේ වීඩියෝවක් පළ කරමින් තමා මානසික පීඩනයකට ලක්ව ඇති බවත් විශාදයේ ලක්ෂණ තමන්ට දැනෙන බවත් විස්තර කළේය. සියදිවිනසාගන්නන්ට මතුවන මානසික තත්වයන් ගැනද ඔහු එම වීඩියෝවේදී විස්තර කළේය. ඉන්දික ගුණතිලක මහතා කාලයක් තිස්සේ නගර සැලසුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර 2014 දී ඔහුගේම ව්‍යාපාරයක් වන ‘IMG නගර සැලසුම් සහ සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කළේය. බටහිර ඕස්ට්‍රේලියානු රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ආරම්භක කමිටු සාමාජිකයෙකු වූ ඔහු ගායකයෙකු ලෙස ආදිසිසු උත්සව අවස්ථාවන්හි නැතිවම බැරි සේවයක් ඉටු කළේය. ඔහු තම විශාද තත්වය හෙළි කර සිටි අයුරුඅවසන් ෆේස් බුක් සටහන දරුවන් සමග තනිවීම ප්‍රකට කළේයඔහුගේ බිරිය හා දරුවන් පෙනී සිටින වීඩියෝ ගායනාවන් දෙකක් පහතින්
"බටහිර ඕස්ට්‍රේලියානු රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ " යන්න " කොළඹ රාජකීය විද්‍යාලයේ බටහිර ඕස්ට්‍රේලියා ශාඛාවේ ආදි ශිෂ්‍ය සංගමයේ " යනුවෙන් වෙනස් විය යුතුයි. කැප් එකෙන් ඒ බව පැහැදිලි වෙයි.
32
POSITIVE
ncpp_train_38917
කොළඹ මහ නගර සභාවට අභිනවයෙන් තේරිපත්වීමට සියමිත නාගරික මන්ත්‍රීවරුන් 113 දෙනාට වැටුප් ඇතුළු දීමනා වෙනුවෙන්ලබන වසරේ සිට මාසිකව රුපියල් ලක්ෂ 22 ක් වෙන් කිරීමට සිදුවන බව නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙය ඉකුත් කාලයේ සිටි මන්ත්‍රීවරුන් 53 දෙනා වෙනුවෙන් ගෙවු වැටුප්චලව වඩා සියයට 120ක වැඩිවීමත් බවද පැවසේ. එම මන්ත්‍රී කණ්ඩායම් වෙනුවෙන් නගර සභාව මසකට වැයකර ඇති මුදල රූපියල් ලක්ෂ 10ක් බවද දැනගන්නට තිබේ. 2015 අයවැය මගින් මන්ත්‍රී ප්‍රතිපාදන වශයෙන් රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් වෙන්තර තිබූ අතර, මෙවර එක් මන්ත්‍රීවරයකු වෙනුවෙන් වෙන්කර ඇති මුදල රූපියල් ලක්ෂ 10ක් බවද 2018 අයවැය වාර්තාවල දැක්වේ.
පාලකයිනි මෙිවාද මිනිස්සු ඉල්ලුවෙි. අඩුවකට තිබුනේ දේශපාලන ශරීර පමනයි. මෙිවා හොයන්න වරිපනමි බදු, ව්‍යපාර බදු, විවිධ ගාස්තු කිප ගුනයකින් ඉහල දැමිමහම රජයටත් ජනතාවටත් හරි සනිපයක් දැනෙයි. ජන්දයේ දි බලා ගමු.
20
POSITIVE
ncpp_train_38918
ලංකාවේ නිෂ්පාදිත නිල් චිත‍්‍රපටයේ DVD පිටපත් 6000 ක් සමගඅධ්‍යක්ෂ, නිළිය හා නළු දෙදෙනා මාට්ටු මේ දිනවල වෙළෙඳපොළේ රහසිගතව හුවමාරුවෙමින් උණුකැවුම් මෙන් අලෙවිවන බව කියන ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත අසභ්‍ය වීඩියෝ පටයක රඟපෑ අය සහ එහි නිර්මාණකරු ඊයේ වේයන්ගොඩ ප‍්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තාවේ. පිරිමි දෙදෙනෙකු හා ගැහැණු එක්කෙනෙකු එක්ව මුළුමණින්ම නිරුවත් ජවනිකා සහිතව රංගනයේ යෙදෙන මෙම අසභ්‍ය වීඩියෝ පටයේ DVD පිටපත් 6000 කට ආසන්න ප‍්‍රමාණයක්ද බෙදාහැරීමට සූදානම් කර තිබී ඔවුන් පොලිසියට හසුවන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. මෙම අසභ්‍ය වීඩියෝ පටය බටහිර නිල් වීඩියෝ නිෂ්පාදනය කරන ආකාරයට ඉහළ තාක්ෂණය භාවිත කර ඉහළ රූපමය ගුණාත්මක මට්ටමින් නිපදවා තිබී ඇති අතර එහි එක් කාන්තාවක හමුවන්නට එන පිරිමි දෙදෙනෙකු ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය විවිධ කෝණ වලින් කැමරාවට නගා ඉදිරිපත් කර තිබුණ බව වාර්තාවේ.  ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට නමක් දිනූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙම නිර්මාණය සිදු කර ඇති අතර එහි රඟපෑ නිළිය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප‍්‍රකට නිරූපණ ශිල්පිණියක බවද අනාවරණය වෙයි. ඇය ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත සඳහාද දායකවී ඇත. නළුවන් දෙදෙනා ප‍්‍රකට අය නොවන බවද වාර්තා විය. මෙම චිත‍්‍රපටය රූගත කිරීමට භාවිත කර තිබෙන්නේ වේයන්ගොඩ, කූරිකොටුව ප‍්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් වන අතර එම නිවස අදාළ අධ්‍යක්ෂවරයා මගින් බද්දට ලබාගෙන තිබුණ එකක් බවද හෙළිව ඇත. පසුගිය දිනවල මෙම චිත‍්‍රපටය රහසේ මිලට ගත් අය එය අතින් අත හුවමාරු කරගෙන යද්දී පොලිසියට ඒ පිළිබඳ පැමිණිළි ලැබීමෙන් පසුව පරීක්ෂණ පවත්වා නිර්මාණකරු වේයන්ගොඩ ප‍්‍රදේශයේ සිටින අයෙකු බවට ආරංචි ලැබීමෙන් පසු ඒවා බෙදාහැරීමට කැමති ව්‍යාපාරිකයෙකු ලෙස රඟපෑ උපාය ධූතයෙකු යොදවා වේයන්ගොඩ නගරයේදී මේ අය කොටුකරගෙන තිබේ. මේ අය මේ ආකාරයේ චිත‍්‍රපට තවත් කොපමණ ප‍්‍රමාණයක් නිර්මාණය කරන්නට ඇතිදැයි පරීක්ෂණ සිදුවේ. අත්අඩංගුවට පත් අය අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිය රට දේ සිරි සැප දේ කියන්නෙ බොරුවට බන්....
173
POSITIVE
ncpp_train_38919
පසුගිය දිනවල ඇති වූ ස්වභාවික විපත් හේතුවෙන් අඩාල වූ දකුණු පළාතේ විදුලි සැපයුම ඉතා කෙටි කාලසීමාවකින් යථා තත්වයට පත්කිරීමට හැකි වූ බවත් ඒ සඳහා රුපියල් මිලියන 84ක මුදලක් වැය වූ බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය. පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ඇතුළු අදාළ නිලධාරින් හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. අයහපත් දේශගුණික තත්වයන් හමුවේ හානියට පත් නිවාස 174,000කට පමණ දින 5ක් වැනි ඉතාම කෙටි කාලසීමාවක් තුළ විදුලිය යථා තත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ දකුණු පළාත් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රමුඛ සේවක පිරිසට හැකි වීම ඉතාමත් ප්‍රශංසනීය කරුණක් බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. -තියේෂා ද සිල්වා-
එයින් කීයක් ඔබතුමාව ගොඩනගන්න ගියාද දන්නැහැ?
22
POSITIVE
ncpp_train_38920
කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරටදී අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කර තිබේ.  කුවේට් රජය ගෙනයන කොරෝනා මර්දන වැඩ පිළිවෙලට විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කළේ යැයි ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඇය කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනපති විවේචනය කළ අයෙකුට එරෙහිව කථාකරමින් සිටින අතරවාරයේ කුවේට් රජා ගැනද බැණවදින අතර බැලුබැල්මට ඇය කුවේටයේ ස්ථිර පදිංචිකාරියක බව හඳුනාගන්නට ලැබේ. කුවේටයේ නීතිරීති අනුව ඇය වසර 5 ක සිර දඩුවමකට යටත් විය හැකි බවට වාර්තා පළව තිබේ. ඇය බැණවැදුණ ආකාරය වීඩියෝව පහතින්
කන්න දුන්න අත හපා කාල පිඟානට අශුචි පහකරන මේවගේ ගෑනු නිසා අයෙමත් නම් ක්වේට් වලට ලංකාවේ එකෙකුටවත් රස්සා දෙන්නේ නැතිවෙයි. මේ ගෑනි ක්වේට් රජ්ජුරුවන්ට කරපු අපහාසයට විදේශ අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් කරලා ලංකාව වෙනුවෙන් සමව ගන්න වෙයි.
181
POSITIVE
ncpp_train_38921
සෑහීමකට පත්විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් , ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් සැපයීමේ සැලසුමක් නැතැයි, ලෝක බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවයි.ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ඉන් ජනතාව පත්ව ඇති පීඩාව පිළිබඳව තම ආයතනය දැඩි අවධානයෙන් සිටින බව ද ලෝක බැංකුව පවසයි.ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,  ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය  ඇති කර ගැනීම සඳහා ආර්ථික අර්බුදය ඇතිවීමට හේතූ වූ කරුණු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතු බවයි.අදාළ ලෝක බැංකු නිවේදනය ගැන රොයිටර් පුවත්සේවය වාර්තා කළේ පහත පරිදිය
කාලයක් තිස්සේ ණයට කකා වර්ගයා බෝකර ගත්තා හෙල ජාතික අභිමානේ කිය කිය ...ඕං ඕකයි උනේ
3
POSITIVE
ncpp_train_38922
කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඉදිරිපිටදී අද(30) පෙරවරු 11 ට පමණ විවෘත කිරීම සිදුකෙරිණි. ජනාධිපති  බිරිය හා ජනපති පුත් දහම් සිරිසේනද චාරිකාවට එක්ව සිටියහ. මොරගහකන්ද ජලාශයේ උපරිම ජල මටට්ටම සම්පූර්ණ වීමත් සමග ජලාශයේ වාන් දොරටු පහෙන් අඹන් ගඟට ජලාශ මුදා හරින ලදී. (නාඋල  - ඉන්දික අරුණ කුමාර) >
මට හිතුනෙ හබරන හංදියේ ඉඳන් පොලොන්නරුවෙ බස් එකක් අල්ල ගන්න ඉන්නව කියල .......
6
POSITIVE
ncpp_train_38923
අඹකඳවිල ප්‍රදේශයේ සිදු කරන වැලි ඉවත් කිරීමක් මඟින් සිදුවන මහ පරිමාණයේ පරිසර විනාශයට එරෙහිව අලවා තිබූ පෝස්ටරයකින් කුපිත වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා එම විරෝධතාවේ නායකත්වය ගෙන කටයුතු කළ කිතුනු පියතුමකු හමුවට ගොස් එම පියතුමාට දේවස්ථාන භූමිය තුළදීම තර්ජනය කළ බවට පැමිණිල්ලක් අද (26දා) ලැබී ඇති බව හලාවත පොලිසිය කියයි. මෙම පැමිණිල්ල දමා ඇත්තේ හලාවත, අඹකඳවිල මීසම් පාලනාධිපති පීටර් බොතේජු පියතුමාය. එම පැමිණිල්ල අනුව අඹකඳවිල, සමිඳුගම ප්‍රදේශයේ පිහිටි බහුමාන් වත්තෙන් 2014 වසරේ සිට මාළුන් ඇති කිරීමට ටැංකි හදන මුවාවෙන් වැලි ඉවත් කිරීම හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයේ ජනතාව උග්‍ර පාරිසරික ගැටලුවලට මුහුණදී සිටින බව පැවැසේ. විවිධ අංශවලට මේ සම්බන්ධයෙන් දන්වා ඇතත් මේ දක්වා මෙම පරිසර විනාශය නතර කිරීමට වගකිවයුතු අංශ කිසිදු පියවරක් ගෙන නැති අතර වැලි ඉවත් කිරීමට දිගටම සිදුවන බවත් දක්වා ඇත. මෙම තත්ත්වය තුළ සමිඳුගම ජනතාව මේ වන විට උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින නිසා තම මීසමේ දේවස්ථාන පහේ බැතිමතුන්ගේ දායක සභාව රැස්වී මෙම වැලි ඉවත් කිරීම නතර කිරීමට පියවර ගැනීම පිණිස පෝස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දක්වා ඇති බවත් පොලිසිය කියයි. එම තීරණය මත ඊයේ (25දා) රාත්‍රි අඹකඳවිල හා හලාවත ප්‍රදේශයෙහි එම පෝස්ටර් ඇලවූ බවත් පසුව රාත්‍රි අලවා ඇති පෝස්ටර් නැරැඹීමට ගිය අවස්ථාවේදී මැදවත්ත ප්‍රදේශයේ යතුරුපැදිවලින් පැමිණ සිටි තිදෙනකු අප ඇලවූ පෝස්ටර් ගලවමින් සිටියදී ඔවුන්ගෙන් දෙදෙනකු සමඟ කතාබහ කරද්දී ඔවුන් අතර සිටි අයකු තම යතුරුපැදියෙන් පලා ගිය බවත් ඒ මන්ත්‍රිතුමාගේ බාල පුතා බව තමන් සමඟ සිටි අය හඳුනාගෙන ඇති බවත් පියතුමා පොලිසියට කියා ඇත. එම අවස්ථාවේදී තමන් ප්‍රශ්න කළ දෙදෙනා යළි යතුරුපැදියෙන් පිටව යන්න සූදානම් වෙද්දී ඔවුන් අඹකඳවිල දෙව්මැඳුර කරා ගෙන ආ බවත් එහිදී ඔවුන්ට පැමිණි දුරකතන පණිවුඩ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර කුමාර අබේසේකර මහතාගේ ලොකු පුතා බව දැන ගත් අතර ඔහුට විස්තරය කියා තමා පියතුමා බව කී අවස්ථාවේදී දුරකතනය විසන්ධි වූ බවත් ඒ වන විට විශාල ගම්වාසීන් පිරිසක් එහි රැස්ව සිටි බවත් කීය. පසුව ඩිපෙන්ඩර් රථයකින් පිරිසක් සමඟ පැමිණි මන්ත්‍රිවරයා තමන් හා සාකච්ඡා කළ අතර ඔහුට තමන් මෙම පරිසර විනාශය ගැන දන්වා සිටි බවත් මෙය නතර කර ගැනීම පිණිස පෝස්ටර් ගැසූ බවත් කී විට මන්ත්‍රිවරයා පෝස්ටරයේ ඇත්තේ කුමක්දැයි විමසූ විට පෝස්ටරයේ ඇත්තේ වැලි හොරුන්ට හෙනගහපියව් යන්න ඇති බව කී විට කුපිත වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා තමාට අවිනීත ලෙසින් දෝෂාරෝපණය කරමින් එහි සිටි පිරිසටද තර්ජනය කරමින් හොඳයි මම බලා ගන්නම්කෝයි කියමින් පිටව ගිය බවත් සඳහන් කර ඇත. මෙම අවස්ථාවේදී මන්ත්‍රිවරයා අධික ලෙසින් මත්පැන් පානය කර සිටි බව ප්‍රදේශවාසීන් තේරුම් ගෙන ඒ බව තමාට දැන්වූ බවත් පියතුමා සිය පැමිණිල්ලට එක්කර ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකර සාධාරණය ඉටුකර දෙන ලෙසද පොලිසියෙන් ඉල්ලා ඇත. මේ අතර පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර කුමාර අබේසේකර මහතා විසින්ද පැමිණිල්ලක් හලාවත පොලිසියට කර ඇති අතර ඒ මඟින් දක්වා ඇත්තේ පෙරේදා (25දා) රාත්‍රි තම හිතවතුන් පිරිසක් පෝස්ටර් ගැලවූ බව කියමින් පිරිසක් අල්ලාගෙන අඹකඳවිල දෙව් මැඳුර කරා ගෙන ගිය බව දැනගෙන පියතුමා සමඟ කතාබහ කර ඔවුන් කැඳවාගෙන පැමිණි බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට තැත් කළ අවස්ථාවේදී මන්ත්‍රිවරයා නඩු කටයුත්තක් වෙනුවෙන් පුත්තලම අධිකරණය හමුවට ගොස් ඇති බව දැන ගත හැකිවිය. මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය කැඳවා පරීක්‍ෂණයක් සිදු කරන බව හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත හේරත් මහතා කීය. කෙසේ වෙතත් මන්ත්‍රිවරයාගේ උපන් දින සාදයක් 25දා රාත්‍රි පැවැති බව දැනගත හැකි විය. හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස්
ටහිකෙනවා
4
POSITIVE
ncpp_train_38924
තම ආණ්ඩුවක් බලයට පත්වූ විට බැඳුම්කර මගඩිය වසන් කිරීමට කටයුතු කළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සදහා සම්පූර්ණ බලතල සහිත කොමිෂන් සභාවක් පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. අර්ජුන මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් බළල් අත් පමණක් බවත් ඊට ඉහළ සිටින පුද්ගලයන් මෙම වංචාව සඳහා අනුග්‍රහය දක්වා ඇති බවද ඒ මහතා පැවැසීය. ඊයේ (28දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය. අපිට කිසිසේත්ම පුළුවන් කමක් නැහැ එ.ජා.ප.ය සමඟ සන්ධාන ගතවී සිටින පක්ෂයක් සමඟ එක්කාසු වීමට. මේ ආණ්ඩුව දූෂණය සම්බන්ධයෙන් වාර්තාවක් තියලා තිබෙනවා. මාධ්‍ය මඟින් අගමැතිවරයා කියනවා සියලුම හොරුන්, වංචාකාරයන් එ.ජා.ප.යෙන් නෙරපා හරින බව. අනිත් අතින් ඔහු ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ දුන් සාක්ෂිවල හරය තමයි එතුමා පත්කළ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ එතුමාගේ බෑනාගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කාර්යභාරය අතරේ පටලැවිල්ලක් තිබෙන බවට, සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කරනවා කෝප් කමිටුව තුළදී එතුමා සිදු කළේ එ.ජා.ප.යේ ස්ථාවරය සුරක්ෂිත කිරීම සහ එ.ජා.ප.ය ආරක්ෂා කිරීම බව. එ.ජා.ප.ය මොනවාද වසන් කිරීමට උත්සාහ දරන්නේ. සුජීව සේනසිංහ ඇමැතිවරයා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට සුදු හුනු ගාලා පොතක් පවා ලිව්වා. ඒ පොතට අනුව පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම නිර්දෝෂයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට බලපෑම් කිරීම සාපරාධී වරදක් අපේ අපරාධ නීතිය යටතේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් හොරකම් සම්බන්ධයෙන් කිසිම චෝදනාවක් නැහැ. මෙතැන කරන්නේ මහජන දේපළ යන සංකල්පය අමු අමුවේ වැරැදි ලෙස භාවිත කිරීමයි. අද ගෝඨාභාය රාජපක්ෂ මහතාගේ නීතිඥයන් අභියාචනාධිකරණයට ඉල්ලීමක් කර තිබෙනවා පොලිසියේ වාර්තාව ව්‍යාජ වාර්තාවක් බවට. ඉෂාරා සිල්වා
අනේ නාකි මහල්ලෝ කොමිසම දානකොට තෝ වල පලපල්ලේ
2
POSITIVE
ncpp_train_38925
ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට බලහත්කාරයෙන් ගොඩ වූ මිතුරා රියදුරුගේ ගෙල මිරිකද්දී ඒ පසුපස හඹා ගිය යතුරුපැදිකරුවකු මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක ගැටී මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.  අනතුරින් මියගොස් ඇත්තේ අංක 36/26 , බැද්දගාන, පිටකෝට්ටේ ලිපිනයෙහි පදිංචි විතාන මුදියන්සේලාගේ මල්ක මදුසංක නමැති 29 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි. මියගිය තරුණයාගේ මවගේ උපන්දිනය නිමිත්තෙන් නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට මත්පැන් රැගෙන ඒම සඳහා පැමිණීමේ දී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය පවසයි. මියගිය යතුරු පැදිකරු මිතුරකු ද නංවාගෙන බැද්දගානේ සිට නුගේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බවත් එලෙස පැමිණෙන විට මීට කලකට ඉහත දී පොලියට මුදලක් ලබාගෙන එය නොදී මග හරිමින් සිටී ත්‍රිරෝද රියැදුරු දැකීමත් සමග යතුරු පැදියෙන් ත්‍රීරෝද රථයට මඟ හරස් කර ඇති අතර ඒ සමගම ත්‍රීරෝද රථ රියැදුරු එය මගහැර පලා යෑමට උත්සාහ කිරීමේ දී පැදිකරුගේ උපදෙස් මත පසු පැදිකරු ත්‍රීරෝද රථයට බලහත්කාරයෙන් නැග ත්‍රීරෝද රථ රියැදුරුට පහරදී ගෙල මිරිකා ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ රියැදුරු එයින් බේරීම සඳහා මිරිහාන පොලිසිය වෙත රථය ධාවනය කර ඇති බවත් තදින් ගෙල සිර කිරීම නිසා රථය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථය පාර පුරා යාමේ දී ඊට සමාන්තරව ත්‍රීරෝද රථය රියැදුරුට බැණ වදිමින් තර්ජනය කරමින් පැමිණි යතුරු පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් පෙරළි ජුබිලි කණුව දෙස සිට පිටකෝට්ටේ දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී මීටර් 10 ක පමණ දුරක් ඇදී ගොස් නැවතී ඇති බවත් මූලික විමර්ශන වල දී හෙළි වූ බව පොලීසිය පවසයි. කාර් රථයේ ඉදිරිපස වැදි විසිවී ගිය යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා සිටි බැවින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.  ත්‍රීරෝද රථය ධාවනය වන අයුරුත් එහි පසුපස මිය ගිය යතුරු පැදිකරු කෑ ගසමින් යතුරුපැදිය පදවන අයුරුත් සීසීටීවී කැමරාවක සටහන්ව තිබිය දී පොලිසිය සොයාගෙන තිබේ. මෙම සිද්ධියට අදාළ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු අයිස් හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට හා යතුරුපැදියේ පැමිණි පසුපැදිකරු මත්පැන් පානය කර ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.යතුරුපැදියේ පැමිණි පසු පැදිකරු ත්‍රිරෝද රථ රියැදුරාගේ ගෙල සිරකොට ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. අනතුරට ලක්වූ යතුරු පැදිය හා ත්‍රිරෝද රථයත්, කාර් රථයත් පොලිස් භාරයට ගෙන ඇත. මිරිහාන මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. බිමල් ශ්‍යාමන් ජයසිංහ
අම්මගේ උපන්දිනේට අරක්කු ගෙන්න ..? අහක හිටපු කාර් කාරය ගැන විතරයි දුක....
110
POSITIVE
ncpp_train_38926
සැමියා විසින් බිරිඳගේ දරු ප‍්‍රසූතියේදී දරුවාගේ පෙකණිවැල කැපීම සිදු කර  දින 08කට පසුව එම බිරිඳ ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් කල්පිටිය පොලිස් බල ප‍්‍රදේශයට අයත් පුලච්චෙන ගම්මානයෙන් වාර්තා වෙනවා. ජීවිතක්ෂයට පත් වීමට දින 08කට පෙර 36 හැවිරිදි එම කාන්තාව විසින් පිරිමි දරුවෙකු ප‍්‍රසුත කර ඇති අතර එහිදී කතුරකින් දරුවාගේ පෙකණිවැල කැපීම සැමියා විසින් සිදු කර ඇත. මියගිය කාන්තාව ගැබිණි සමයේදී කිසිම මාතෘ සායනයකට සහභාගි වී නොමැති අතර ඇයට වයස අවුරුදු 15 හා 9 වශයෙන් වැඩිමල් දරුවන් දෙදෙනෙකුද සිටියි. එම දරුවන් බිහි වීමේදීද මාතෘ සායනයකට සහභාගි නොවී ඇති බවත් එම දරුවන්ගේ පෙකණිවැල කැපීමද සැමියා විසින් සිදු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙයි. ඊෆා වර්ණකුල- කල්පිටිය
මේ වගේ මිනිස්සු තාමත් ලංකාවෙ ඉන්නවද. නොමිලේ ලැබෙන සෞඛ්‍ය සේවා වල අගයක් දන්නෙ නැති මිනිස්සු.
208
POSITIVE
ncpp_train_38927
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ වී තිබේ. තැපැල් ඡන්ද සලකුණු කිරීම අද(31) සහ හෙට දිනවල සිදුකිරීමට නියමිත අතර ඡන්ද දායකයන් හය ලක්ෂ පනස් නවදහස් තිස් දෙනෙකු ඒ සඳහා සුදුසුකම් ලබා ඇත. රාජ්‍ය ආයතනවල සහ හමුදා සේවයේ නිරත තැපැල් ඡන්ද හිමියන් අද සහ හෙට දෙදින තුළ ද දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් සේවයේ නිරත තැපැල් ඡන්ද දායකයන් ලබන 4 වැනි දා ද තැපැල් ඡන්දය භාවිතා කරන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී ඇත. අදාල දිනයන් හි තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිම හැකියාව පවතියි. එසේම තැපැල් ඡන්දය ප්‍රතික්ෂේප වී ඇති තැපැල් ඡන්ද ඉල්ලුම්කරුවන්ට සාමාන්‍ය පරිදි ඡනාධිපතිවරණය පැවැත්වෙන ලබන 16 වැනිදා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිය.
සජිත්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ බලන්නැතුවම චන්දය දාපු අයත් ඇති නේද?
10
POSITIVE
ncpp_train_38928
ගුවන් යානයකදී හඳුනාගත් පුද්ගලයකුට අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවකු දී පලාගිය බව කියන කාන්තාව ඊයේ (29) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක බව ද පොලීසිය සඳහන් කරයි. සැකකාර කාන්තාව සිය නිවෙසේ සිටියදී පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබ සිටින්නීය.  ඇය තවත් දරුවන් සිටින විවාහක කතක් බවට පරීක්ෂණවලදී තොරතුරු ලැබී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් කීය.සෞදි අරාබියේ අවුරුදු 10ක් පමණ සේය කර ඉකුත් 25 වැනිදා දිවයිනට පැමිණි ශාන්ත අප්පුහාමි නමැති අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකරු සෞදි අරාබියේ සේවය කර මෙරටට එමින් සිටියදී, අවුරුදු දෙකක් පමණ වයසැති පිරිමි දරුවකු සමග එම ගුවන් යානයේම පැමිණි කතක හඳුනාගත් බවත්, කටුනායක ගුවන්තොටුපොළේදී ඇයට ද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින්, තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණි බවත් පැමිණිලිකරු සඳහන් කර ඇතැයි පොලීසිය පවසයි. කටුනායක සිට කළුතර දක්වා පැමිණෙන අතරතුර කළුතර නගරයේදී දරුවාට සිසිල් බීම බෝතලයක් සහ චොකලට් එකක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතට දී කාන්තාව වාහනයෙන් බැස ගිය බවත්, ඇය බොහෝ වෙලාවක් යනතෙක්ම නොපැමිණි බවත්, ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය කියයි. සැකකාරිය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ. කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරික්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි, කළුතර දකුණ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරික්ෂක නුවන්ති විජේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදු කෙරේ.සුමිත් පොතුපිටිය
නිකන් පව් කතා කියන්න එපා.. මේ කාලේ airport ඉඳන් ගෙවල්වලට යන්න වාහනවලට ගොඩාක් සල්ලි ගන්නවා... ඒ හින්ද මිනිස්සු taxi share කරගෙන යන්නේ ගෙවල්වලට...
77
POSITIVE
ncpp_train_38929
රුපියල් කෝටි දෙක හමාරකට අධික විදේශ මුදල් නීති විරෝධී ලෙස මෙරටින් පිට කිරීමට තැත් කළ පස්  දෙනකු ශ්‍රී ලංකා රේගු මන්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදන්ත ද සිල්වා මහතා පැවැසීය. අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 95,000ක්, යුරෝ 18,000ක් සහ සෞදි රියාල් 37,000ක් තිබූ බව රේගුව කියයි.  ශ්‍රී ලංකා රේගුව විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු  කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම ජාවාරම්කාර පුද්ගලයන් පස් දෙනා මෙසේ අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් ඩුබායි බලා යෑමට සූදානමින් සිටි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. මුදල් තොගය ඔවුන්ගේ ගමන් මලු තුළ සූක්ෂම  ලෙස සගවා තිබියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද හෙතෙම සඳහන් කළේය. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, කොළඹ ප්‍රදේශයේ පුද්ගලයන් පස් දෙනෙකි.  එම පිරිස ඩුබායි බලා පෙරේදා අලුයම 2.55ට පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරන යානයෙන් ඩුබායි බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියදී මෙලෙස  අත්අඩංගුවට ගනු ලැබූහ. -ටී.කේ.පී. කපිල-
මේ ටික අද හවසට ශුවර් එකට කාගෙ හරි පොකට් එකට එන්ටර් වෙයි.
7
POSITIVE
ncpp_train_38930
සෝමසිරි අලකොලංග (හාරිස්‌පත්තුවේ සෝමානන්ද හිමි) පැවිදි වුණ හේතුව පැහැදිලි කරයි ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග පැවිදි දිවියට ඇතුළත්වූ පුවත පසුගිය සතියේ වඩාත් කථාබහට ලක්වූ සිදුවීමකි. ගාල්ලේ පන්සලක හාරිස්‌පත්තුවේ සෝමානන්ද හිමි නමින් පැවිදිවූ හෙතෙම තමා හමුවීමට ආ මාධ්‍යවේදීන්ට පුද්ගලික කාරණා හෙළි නොකර ආපසු හරවා යැවූ ආරංචියක්ද වාර්තාවී තිබුණි. නමුත් බලවත් පෙරැත්තය හමුවේ සෝමානන්ද හිමි වැඩි විස්තර කථාකිරීමට මින් ටික දිනකට පෙර ඉදිරිපත්ව තිබේ. ඒ මෙසේය. ‘ඇත්තටම ලෝක ධර්මතාවය අවබෝධ වු නිසා පැවිදිවිමට තිරණය කළා. මා ගොඩක්‌ කාලයක සිට ආධ්‍යාත්මික පැත්තට නැඹුරුවෙලා හිටියා. ගොඩක්‌ කාලයක ඉදලා මහණ විමට බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. ඇත්තටම මහණ වුණේ දාන පාංශු කූලවලට වඩින්න නෙවෙයි. භාවනාව කරගෙන සිත දියුණු කරගන්න තමයි පැවිදි වුණේ. ජීවත්වෙන්න අමාරු හින්දවත් කලකිරීම නිසා නෙවෙයි මහණ විමට තීරණය කළේ.. පවුලේ සියලූ දෙනාගේ වගකීම් ඉෂ්ට කරලා ඒ අයගේ අවසරය ඇතිව තමයි මහණ වුණේ. මහණ වුණේ නිකන් සංඝයා වහන්සේ කෙනෙක්‌ වගේ ඉන්න නෙවෙයි. භාවනා කටයුතු කරගෙන ඉන්න. මා රංගනයට දායක වන අවදියෙත් කාලයක සිට භාවනාව ප්‍රගුණ කළා. ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතය භාවනා කිරිමට පහසුයි කියලා අවබෝධ වුණා. මහණ විමට සසර පුරුද්දක්‌ තිබුණාද කියලත් දන්නේ නැහැ. මුලදි වන සේනාසනයක තමයි භාවනාවකට ගියේ. ඇමරිකාවේ වැඩ වසන නායක ස්‌වාමින් වහන්සේනමක්‌ මීට අවුරුදු තිහකට ඉස්‌සරවෙලා ඉදලා මම හදුනනවා. උන්වහන්සේ තමයි මේ විහාරස්‌ථානයට මාව යොමු කළේ . මෙම විහාරස්‌ථානය බණ භාවනා කිරිමට ඉතාම සුදුසු තැනක්‌. හොද පරිසරයක්‌ තියෙන තැනක්‌ නිසා මෙහි පැවිදි වුණා. පවුලේ අය හැරෙන්න කවුරුවත් මම මහණ වෙන බව දැනගෙන හිටියේ නැහැ. මම දැනට වසර විස්‌සක තිහක පමණ ඉඳන් මස්‌ මාළු කන්නේ නැහැ. මත්පැන් බොන්නේ නැහැ. මම උදේ පාන්දර තුනට අවදිවෙනවා. ඊට පස්‌සේ භාවනාවේ යෙදෙනවා. උදේ 5.30ට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. මගේ දැනුමෙන් පන්සලේ වැඩ ඉන්න භික්‌ෂුන් වහන්සේලාට ඉංග්‍රිසි උගන්වනවා. ගමේ දරුවන්ට ඉංග්‍රිසි පංතියක්‌ කරනවා සේවයක්‌ විදියට. හවසට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. බණ භාවනා කටයුතු තමයි වැඩිපුර කරන්නේ. කාලයක්‌ තිස්‌සේ හිතේ තිබු බලාපොරොත්තුවක්‌ තමයි අද ඉෂ්ට වෙලා තියෙන්නේ. භාවනා පංතිවලට ගිහින් තියෙනවා. එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන යන කලාකරුවන් තමයි කලා ක්‌ෂේත්‍රයේ ඉන්නකොට මගේ ගුරුවරු වුණේ. තරුණ කාලයේම මට ඒ වාසනවා ලැබුණා. ඇත්තටම මම ප්‍රවිණයන් සමග වැඩ කළා. කලා කටයුතුවලදී ඉක්‌මනට ගමනක්‌ ගිය කලාකරුවෙක්‌ නෙවෙයි. රැකියාවට බාධාවක්‌ නොවන විදියට තමයි රගපෑම කළේ. ප්‍රසිද්ධ වේදිකා රංගනයට දායක වුණේ 1965 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වළේ . එදිරිවිර සරච්චන්ද්‍ර මහත්තයාගේ එලොව ගිහින් මෙලොව ආවා කියන නාට්‍ය තමයි රඟපැවේ. 65 ඉඳන් 2015 විතර වෙනකම් රගපාලා තියෙනවා. විනෝදාංශයක්‌ විදියට රගපෑවාට නිකන් රගපෑවේ නැහැ. එය ක්‌ෂේත්‍රයට කරන අවනම්බුවක්‌‘ ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි (දිවයින)
හැබැයි මහත්තයෝ පොඩි හරි වචනෙකින් දේශපාලනයක් හෝ ව්‍යාපාරයක් කරන්න කට වරද්දගත්තොත් මේ පස්සෙන් ඇවිත් සාදු සාදු කියන මාද්‍ය වල තරම බලාගන්න පුළුවන්. මඩ ගහන්නේ අපවත් වෙනකම්.
13
POSITIVE
ncpp_train_38931
ඉදිරියේදී ගුවන් මගී පාලමක් ඉදිකර බත්තරමුල්ලේ සෙත්සිරිපාය 1 කොටස, සෙත්සිරිපාය 2 කොටස සහ ඉසුරුපාය සම්බන්ධ කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බවත් දන්වා ඇත. ඒ මගින් රජයේ දෙපාර්තමේන්තු අතර අන්තර්සම්බන්ධය හා බාහිර සිට අවශ්‍යතාවන්ට පැමිණෙන අයට ඇවිදගෙන ගොස් සියල්ල කරගැනීමේ පහසුව උදාවනු ඇති බව ඇමතිවරයා දන්වා ඇත.
ඔය පාලං කට්ට ගහන්ඩත් අනබෙර ගහනව.... අනේ යකෝ. දැං ඕකත් විවුර්ත කරන දවසට TV එකේ Live දෙයි. ඕකටත් මුද්දරයක් ගහල, ටී වී 1000 ක් 2000 ක් දාල ඒකාංගික ටෙලි නාට්‍යක් හැදුවෙ නැත්තන් තමයි පුදුමෙ.
21
POSITIVE
ncpp_train_38932
අධි පොසොන් පෝය නිමිත්තෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් නගරයේ දෙමළ මාධ්‍ය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දෙමළ භාශාවෙන් ධර්ම දේශනාවක් හැටන් ඩි.කේ වීරතුංග සංස්කෘතික ශාලාවේදි ඉකුත් 28 වන දා පැවැත්විය. මෙරට ප්‍රථම දමිළ ජාතික සංඝයාවහන්සේ වන බගවන්තලාවේ රාහුල ස්වාමින් වහන්සේ විසින් ධර්මදේශනාව පැවැත්වු අතර හින්දු ආගමික දරු දැරියන් තුල බෞද්ධ දර්ශනය පිළිබදව අවබෝධයක් ලබා දිමත්,ආගමික හා සංස්කෘතික සහජීවනය ඇති කිරිමත් මෙහි අරමුණ විය. හැටන් නීගෝධාරාම විහාරස්ථානාධිපති මැදරට ප්‍රධාන සංඝනායක ,දර්ශනපති මහගම විමල නායක හිමියන්ගේ අනුශාසනා පරිදි හැටන් තරුණ බෞද්ධ සංගමය විසින් මෙම ධර්මදේශනා පිංකම සංවිධානය කරන ලදි. එම අවස්ථාවට නිග්‍රෝධාරාම විහාරවාසි පන්ඩිත ඔමන්තේ ධිරානන්ද ස්වාමින් වහන්සේ ,තරණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් හා හැටන් ග්‍රේබ්‍රිල්,හයිලන්ඩ්ස් සහ බොස්කෝ විද්‍යාල වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගිවි සිටියහ. හැටන් - චන්දන ජයවීර
ඒ බණ ටික ලමයි තම කැමැත්තෙන්ම අහනවා නම් මේක ඇත්තටම ඵලදායී වැඩක්! නිකං වාඩිවංලා ඉන්නවා නම් ඉතින් අපරාදේ.
16
POSITIVE
ncpp_train_38933
ප්‍රවීන නිළි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය හට පිළිකාවක් වැළඳී ඇති බව වාර්තා වේ. ඇය මේ බව සනාථ කරමින් ඊයේ (27) ෆේස්බුක් සටහනක් තබා තිබුනේ මෙලෙසිනි.
ඕකට කියන්නේ inferiority complex කියල. දැන් ඔයගොලන්ගේ ඔය දෙය්යෝ අතින් මිනිස්සු මැරිලම නැද්ද?
5
POSITIVE
ncpp_train_38934
මේ සමග පළවන්නේ පෙරේදා විවාහ දිවියට පිවිසි රංගන ශිල්පිණී දිනක්ෂි ප්‍රියසාද් සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඊයේ තැබූ සටහනකි.
අනෙ උබෙ ටියන වදගත්කම පේනවා මෙතන රගන රගිල්ල දක්කම
-17
NEGATIVE
ncpp_train_38935
 බම්බලපිටිය මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම මත පෝරකයට නියමවූ බමුණුසිංහ බන්ධනාගාරයේ සිට උපාධි හදාරමින් ඉහළින් සමත්වෙමින් තමන්ගේ පුද්ගල සංවර්ධනය ඇතිකරගත් කතාව කෙනෙකුට ආදර්ශය ඇතිකරවන්නකි. මේ ඔහුගේ කතාවයි. අධිකරණයේ විදුලි පහන් නිවා දැමිණි. තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. 'යුෂ්මතාට විරුද්ධව මෙම අධිකරණය විසින් අද දින දඬුවම් පමුණුවා ප්‍රකාශයට පත් කරනු ලබන දණ්ඩනයේ වග නම් යුෂ්මතාව මෙතැන් පටන් කොළඹ වැලිකඩ බන්ධනාගාරය තෙක් ගෙන ගොස් එකී බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළතදී ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිතුමා විසින් නියම කරනු ලබන යම් දිනකදී හා වේලාවකදී යුෂ්මතාගේ ගෙල වැලලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තබන වගයි.' තීන්දුව පැහැදිලියි. එය මරණ දඬුවමකි. මරණ දඬුවම ලත් චූදිතයා ඉන්දික බමුණුසිංහය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්‍ෂකවරයෙකි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම ඔහුට එරෙහිව නඟා තිබූ චෝදනාවය. අනපේක්‍ෂිත අවස්ථාවක ලැබුණු නඩු තීන්දුවෙන් බමුණුසිංහට ඇති කළේ කම්පනයකි. විත්ති කූඩුවෙන් බිමට බැසීමට ඔහුට දෙපා වාරු නොතිබිණි. ඒ තරම්ම ඔහුගේ සිත නොසන්සුන්ය. හදගැස්මේ වේගය දෙගුණ තෙගුණ වන අයුරු ඔහුට දැනිණි. අධිකරණ ශාලාව දෙසින් ඇසෙන්නේ ඉකිබිඳින හඬකි. ඔහුගේ මව, පියා, බිරිය එකම සහෝදරයා එසේ හඬා වැලපෙන අයුරු ඔහු පෙනිණි. ඔවුන් අස්වසාලීමට ඥාතීන් ගන්නා උත්සාහය ඔහුට මහත් වේදනාවක් ගෙන දුනි. සිය ඥාතීන් හඬා වැලපෙන අයුරු බලා සිටීමට ඔහුට ලැබුණේ තප්පර කිහිපයකි. ඔහුගේ දෑතට මාංචු දැමිණි. බන්ධනාගාර නිලධාරීන් දැන් සූදානම් වන්නේ ඔහුව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමටය. බන්ධනාගාර බස් රථය අධිකරණ භූමියෙන් පිටතට හැරවිණි. සිය ප්‍රිය බිරිය තමා දෙස බලා දෙනෙතින් කඳුළු පිසදමන අයුරු බමුණුසිංහට බස් රථයේ දැල් අතරින් පෙනිණි. බන්ධනාගාර බස් රථය වැලිකඩ බන්ධනාගාරය තුළ නතර කෙරිණි. බමුණුසිංහ සම්බන්ධ සියලු ලියකියවිලි කටයුතු සිදු කෙරිණි. දැන් සිදු වන්නේ මරණීය දඬුවම ලත් බමුණුසිංහ මරණ දඬුවමට ලක් වූවන් රඳවා තබන වාට්ටුව වෙත රැගෙන යෑමය. එයද සිදු කෙරිණි. අලුතෙන් සිර දඬුවම් ලැබූවන් සිරගෙට එන විට ඔහුගෙන් වගතුග ඇසීම පැරැණි සිරකරුවන්ගේ සිරිතය. ''ආ... යාළුවා මොකද මේ පැත්තේ මොකක්ද කරපු වරද? වරද මොකක් වුණත් උඹ දැන් අපේ ගොඩේ එකෙක්නේ හිත හදාගෙන හිටපන් මේකෙම තමයි ඉතින් අපිට මැරෙන්න වෙන්නේ'' බන්ධනාගාර ඛ්.3 වාට්ටුව වෙත ඇතුළත් කෙරුණු බමුණුසිංහට එහි රඳවා සිටින පැරැණි සිරකරුවන්ගෙන් ලැබුණේ එවැනි ප්‍රතිචාරයකි. බමුණුසිංහ සිරගෙදරට පැමිණ මාසයක් ගතව තිබිණි. එසේ ගෙවී යන එක් දිනක් ඔහුට දැනුණේ වසරක් ගෙවෙන්නාක් මෙනි. ඔහුට කුසගින්නක් නොදැනෙයි. නින්ද නොඑයි. සිතට දැනුණේ වේදනාවම පමණකි. තවදුරටත් මෙසේ සිටීමෙන් මා දුර්වල පුද්ගලයකු වනු ඇත. කල්පනා කිරීම තුළින් මට සිදුවන සෙතක් නැත. කෙසේ හෝ සිත හදාගෙන මා මේ සිරගෙදරට හුරු විය යුතුව ඇත. බමුණුසිංහ සිතන්නට විය. වෙලාව මැදියම් රැය ගතව තිබිණි. තමන් රඳවා සිටින කාමරයේ සිටින සගයන් දෙදෙනා සුවබර නින්දකය. ඔවුන්ට සිරගෙදර හුරු පුරුදුය. ඔවුන් ඉතා සැහැල්ලුවෙන් නිදා සිටින ආකාරය දැකීමෙන් බමුණුසිංහට එසේ සිතිණි. මේ සිතිවිලිත් සමඟම බමුණුසිංහගේ නෙත් දෙකද පියවුණේ ඔහුටත් නොදැනීමය. ඔහුට ඒ නිදි සුවය අත්විඳින්න ලැබුණේ ඉතා කෙටි කාලයකි. කවුරුන් හෝ තමාට කතා කරනවා යැයි ඔහුට ඇසිණි. ඔහු වහා අවදිව වටපිට බැලූ නමුත් දකින්නට ලැබුණේ සිය කාමරයේ සුවබර නින්දක පසුවන සගයන් දෙදෙනා පමණි. තමා මේ දැක තිබෙන්නේ සිහිනයක් බව බමුණුසිංහට වැටහිණි. සිහිනයකින් වුවත් කතා කළ පුද්ගලයා තමාට දුන්නේ සිත ධෛර්යවත් කරන අවවාදයක් බව බමුණුසිංහට සිතිණි. ''ඔව් ඒ අවවාදය මගේ සිතට හරි වැදගත්. මම මරණීය දණ්ඩනයට ලක්වූ පුද්ගලයෙක් තමා ඒත් මැරි මැරී උපදිනවාට වඩා සිත එක අරමුණක තබා ගැනීම තමයි වටින්නේ මම සැලෙන්නේ නැහැ. එන සෑම අභියෝගයකටම මුහුණ දෙනවා.'' බමුණුසිංහ එසේ සිතන්නට වූයේ පසුගිය දින කිහිපය තුළ ඔහුගේ සිතේ කැකෑරෙමින් තිබූ දුක් වේදනා සියල්ල අමතක කරමිනි. උදා වූයේ අලුත් දිනයකි. බමුණුසිංහට අවශ්‍ය වූයේ වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක (වත්මන් බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන) මහතා හමුවීමටය. ඔහු ඒ අවස්ථාව උදා කර ගන්නේ වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න හා විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙනි. තමුන්ට තිබෙන ප්‍රශ්නය මොකක්ද ඒකනායක මහතා බමුණුසිංහ වෙතට ඒ පැනය යොමු කළේ ඉතා කරුණාවන්ත ස්වරූපයෙනි. සර් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන්න ලියාපදිංචි වෙලා ඉන්න අතුරතුරදී තමයි මට මේ දඬුවම ලැබුණේ. සර්ට හැකියාවක් තියෙනවා නම් මට ඒ උපාධිය හදාරන්න අවස්ථාව සලසා දෙන්න සර්. සර්ට පින් සිදු වෙනවා. බමුණුසිංහ සිය සිතේ තද කරගෙන තිබූ ගැටලුව ඒකනායක මහතාට දැන්වූයේ ඒ අයුරිනි. "ඒක හොඳ අදහසක්. අපි මේ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත යොමු කරලා බලමු එතුමාත් මේ වාගේ උත්සාහවන්ත පුද්ගලයන්ට කැමැතියි." ඒකනායක මහතා බමුණුසිංහට ඒ බව දන්වා සිටියේ බමුණුසිංහගේ සිතට කිසියම් සහනයක්, බලාපොරොත්තුවක් ඇති කරවමිනි. "චන්දන මේ පුද්ගලයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් මගේ කිසිම අකැමැත්තක් නැහැ. ඔහු මරණීය දඬුවමට ලක්වුණු අයෙක් නිසා ඔය කටයුත්තේදී විවිධ ගැටලු මතුවෙන්න ඉඩකඩ තියෙනවා. බන්ධනාගාර නීතිවලට යටත්ව ඒ කටයුත්ත කරන්න හැකි නම් ඒ අවස්ථාව ඔහුට ලබා දෙන්න." කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ඒකනායක මහතාට සිය උපදෙස් ලබා දුන්නේ ඒ ආකාරයෙනි. බමුණුසිංහ මේ අවස්ථාව මම මැදිහත් වෙලා ඔබට අරගෙන දෙන්නම් අවශ්‍ය සහායත් දෙන්නම්. බන්ධනාගාර ඉතිහාසයේ කිසිම දවසක සිරගතව සිටි සිරකරුවෙක් සිරගතව සිටින අතුරතුරදී විභාග ලියලා උපාධි අරගෙන නැහැ. ඔබ කෙසේ හෝ ඒ ජයග්‍රහණය ලබා ගත්තොත් ඔබ මේ දෙපාර්තමේන්තුවේ ඉතිහාසගත වන පුද්ගලයෙක් වෙනවා. ඒක අපේ දෙපාර්තමේන්තුවටත් ලොකු ආඩම්බරයක් ගෙන දෙනවා. ඒකනායක මහතා බමුණුසිංහට එසේ අවවාද ලබා දුන්නේ ඔහුගේ කාකි නිල ඇඳුම යට සැඟව තිබූ මනුස්සකම එළියට දමමිනි. රාජ්‍ය ආයතනයක නිලධාරිනියක් වන ප්‍රිය බිරිය බමුණුසිංහ හමුවීමට පැමිණෙන්නේ ඔය අතරතුරය. 'ඔයා වෙනදාට වඩා අද සතුටින් ඉන්නවා ඇයි නිදහසක්වත් ලැබෙනවාද?' ඔහු සිය බිරියට සියලු තොරතුරු දන්වා සිටියේ ඉන් අනතුරුවය. සිය ස්වාමිපුරුෂයාට ලැබී තිබෙන අවස්ථාව පිළිබඳව ඇයට තිබුණේ සතුටකි. ''ඔයා කොහොමද මේක කරන්නේ. කෝ ඔයාට අවශ්‍ය පොත්පත්? කෝ උපදේශකයෝ? සිය බිරියගෙන් බමුණුසිංහට ලැබුණේ ප්‍රශ්න වැලකි. ඔයා කියන කතාව ඇත්තක්. මම මේ ගැන අධිකාරිතුමාගෙන් උපදෙස් ලබාගෙන ඔයාට කියන්නම් බමුණුසිංහ ඇයට ලබාදුන්නේ එවැනි පිළිතුරකි. "බමුණුසිංහ, බන්ධනාගාර නීතිරීති අනුව ඔබව විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි කරවන්න අපට හැකියාවක් නැහැ. හොඳම විසඳුම තමයි එම දේශන ඔබේ ඥාතියකු මඟින් පටිගත කරගෙන ගෙන්වා ගැනීම. ඒ වගේ වැඩපිළිවෙළකට සහාය දෙන්න අපට හැකියාව තිබෙනවා" බමුණුසිංහගේ පැනයට අධිකාරි ඒකනායක මහතාගෙන් ලැබුණේ එවන් සතුටුදායක පිළිතුරකි. බමුණුසිංහගේ උපාධියට අවශ්‍ය දේශන ඇතුළත් පටිගත කිරීම් ඔහු අතට පත් කෙරුණේ ඒ ආකාරයටය. ඔහුට ඒ සඳහා සහාය ලබා දුන්නේ ඔහුගේ ප්‍රිය බිරියය. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි වී ඒවා පටිගත කරවාගෙන පැමිණ බමුණුසිංහට ලබාදී එසේ සහාය ලබාදී තිබිණි. දහසකුත් සිත් වේදනාවන් විඳ ගනිමින් ඉන්දික බමුණුසිංහ 2017 ජනවාරි මස 5 වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී කලා උපාධිය (ඕඒ) ලබා ගැනීමට සමත් වූයේ එවන් පසුබිමක් තුළය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කර දෙමින් ඔහු එම හැකියාව පෙන්වූයේ මෙරට බන්ධනාගාරයක් තුළ සිරගතව අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් මෙරට පළමු සිරකරුවා බවට පත් වෙමිනි. බමුණුසිංහ එතැනින් නොනැවතිණි. ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමය. ඔහු එම විභාගයට අවශ්‍ය අධ්‍යාපන කටයුතුවල යෙදුණේ පෙර පරිද්දෙනි. එවැනි පසුබිමක් තුළ එම විභාගයටද මුහුණ දුන් බමුණුසිංහ එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) පසුගියදා ඉතා විශිෂ්ට ආකාරයෙන් සමත් වූයේ ලෝක වාර්තාවක්ද තබමිනි. ඒ එවන් උපාධියක් ලබා ගත් ලෝකයේ බන්ධනාගාරවල සිටින පස්වැනි සිරකරුවා බවට පත්වෙමිනි. කටුක අමිහිරි අත්දැකීම් පිරි බන්ධනාගාරය තුළ සිට අධ්‍යාපන කටයුතු කරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ඕඒ) හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) ලබාගත් මෙම ධෛර්යය සම්පන්න අධිෂ්ඨානශීලී සිරකරුවා හමුවීමේ අවස්ථාවක් පසුගියදා මට උදාවිණි. ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ලබාදුන් විශේෂ අවසරයක් මතය. ඒ අවස්ථාවේදී ඔහු පැවැසුවේ මෙවන් අදහසකි. 'මේ දඬුවම ලැබුණාට පස්සෙ මගේ ජීවිතය කඩා වැටුණා වගේ අදහසක් මට දැනුණා. දැඩි වේදනාවෙන් හා කලකිරීමෙන් සිටින විට තමයි වැලිකඩ හිටපු අධිකාරි චන්දන ඒකනායක මහතා මට අවශ්‍ය සහාය ලබා දුන්නේ. මම රඳවා සිටි කාමරයේ තව දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා ඉන් ඉවත් කරලා මට තනියෙන් අධ්‍යාපන කටයුතු කරන්න අධිකාරිතුමා උදවු කළා. කාමරයට අවශ්‍ය විදුලි පහනක් ලබා දුන්නා. මම ශාස්ත්‍රවේදී උපාධියට පාඩම් කළේ බිම වාඩිවෙලා. ඒ නිසා මගේ කකුල්වල දියපට්ටා පවා දැම්මා. පසුව ඒ බව දැනගත් අධිකාරිතුමා මට කුඩා මේසයක්, පුටුවක් ලබාදීලා අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව සලසා දුන්නා. අධිකාරිතුමා පමණක් නෙවෙයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය, වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න, විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන නිලධාරීනුත් මට සුවිශේෂී සහායක් ලබා දුන්නා. බන්ධනාගාරයෙන් එසේ පහසුකම් ලැබෙන විට ඔහුගේ ප්‍රිය බිරිය ලබාදුන් අගනා සහාය පිළිබඳ ඔහු කතා කළේ දෑස්වල කඳුළු පුරවමිනි. ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් බොහෝ පිරිසක් විවිධාකාරයෙන් ඔහුට සහාය ලබාදී තිබෙනවා. ඒ පිළිබ¼දවද බමුණුසිංහගේ සිතේ ඇත්තේ මහත් ගෞරවයකි. බමුණුසිංහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදුන් ඉමහත් කීර්තිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා තුළ ඇත්තේ ඉතා ආඩම්බරයකි. 'බන්ධනාගාරය කියන්නේ වධකාගාරයක් කියලයි සමහරු සිතාගෙන ඉන්නේ. ඒත් ඊට වඩා එහා ගිය මනුෂ්‍යත්වයක් බන්ධනාගාරය තුළ තිබෙනවා. අපි හැම සිරකරුවකුටව සලකන්නේ එක හා සමානවයි. බමුණුසිංහට විතරක් නෙවෙයි තම දක්ෂතා පෙන්වන්න ඉදිරිපත් වෙන ඕනෑම සිරකරුවකුට අපේ උපරිම සහාය ලබාදෙන්න අපි කටයුතු කරනවා. කොමසාරිස් ජනරාල්වරයා ඒ බව පවසා සිටියේ සෙසු සිරකරුවන්ටද ධෛර්යයන් අත්කර දෙමිනි. ඉන්දික බමුණුසිංහගෙන් තොරතුරු සටහන් කරගත් මා ඔහුගෙන් සමුගැනීමට පෙර පැවැසූ කරුණක් මෙහි සඳහන් කරමි. 'මට හිමි වූ මරණ දඬුවම සම්බන්ධයෙන් මම අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ලබන සැප්තැම්බර් මාසේ 25 දින ශේ‍ර්ෂ්ඨාධිකරණයේදී ඒ නඩුව විභාගයට ගන්නවා. මම වැරැද්දක් කරලා නැහැ. මට නිදහස ලැබෙන බව මම දන්නවා. මම දැන් සූදානම් වෙන්නේ දර්ශනපති උපාධිය ලියන්න. ඒකත් මම සමත් වෙනවා. මට නිදහස ලැබුණාම මම නැවත පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවට යනවා. කුමුදු උපුල් ශාන්ත (මව්බිම)
මේකම, මරපු කෙනා මුස්ලිම් වෙලා මැරුණ කෙනා සිංහල උනානම්, මේ news එකට කීදෙනෙක් මේකට සුපිරියි කියල comment කරයිද.? හිතට අවංකව reply කරපල්ලා.
-5
NEGATIVE
ncpp_train_38936
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමරිකානු පුරවැසියෙකි. එය අත්හැරීම මත ජනපති ධූරය ඉල්ලා සිටීමට අඩුව පවතින සුදුසුකම  සපුරාගැනීමට හැකි වන නිසා පොහොට්ටු පක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියට එය ඉක්මණින් අවශ්‍ය දෙයකි. මේ නිසාදෝ එම පක්ෂයට පක්ෂපාතී බවට හඳුනාගතහැති ෆේස් බුක් පිටු කිහිපයක් ඔස්සේ පසුගිය සඳුදා සිට එක්තරා සහතික පත්‍රයක් ප්‍රසිද්ධ කර තිබේ. එහි සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂට ඇමරිකානු රජය මගින් පුරවැසිභාවය ඉවත් කර දුන් බවට සහතිකයකි. මෙම ලේඛනය තුළ ගෝඨාභය මහතාගේ නම පාස්පෝට් අංකය සහතික කළ අයගේ නම් හා තනතුරු ආදී වැදගත් දත්තද අඩංගුවේ. බැලුබැල්මට මෙය නිවැරදි සහතිකයක් බව පෙනී ගියත් මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී සංස්කරණය කර සැකසූ ව්‍යාජ ලේඛනයක් බවට හඳුනාගන්නට ලැබේ. සත්‍ය ලෙසම මෙම සහතිකය මුදා හැරිය අය සිදු කර ඇත්තේ විකිපීඩියා වෙබ් අඩවියේ දක්වා ඇති සාම්පල ලේඛනයක කොටස් කිහිපයක් සංස්කරණය කිරීමකි. කෙසේ වෙතත් එම සංස්කරණයේදී ඇතැම් දින වැරදී යාම නිසා මෙම ලේඛනය කූඨ ලේඛනයක් බව වඩාත් පැහැදිලිවී ඇත. මේ ගැන සත්‍ය තත්වය අද (31) දින ඩේලි මිරර් පුවත්පතේ ලිපියකින්ච අනාවරණය කර තිබේ. කූඨ ලේඛනයේ හැටියට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය 2003 මාර්තු 13 ලබා ඇතත් සත්‍ය ලෙසම ගෝඨාභය මහතා එම පුරවැසිභාවය ලබා ඇත්තේ 2003 ජනවාරි 31 බව පුවත්පත විසින් හෙළි කර තිබේ. එසේම ගෝඨාභය මහතාගේ පාස්පොට් එක ඇමරිකාව නිකුත් කර ඇත්තේ 2012 ඔක්තෝබර් වුණත් මෙහි දැක්වෙන්නේ 2012 ජුලි බවකි. මේ ලේඛනයට අත්සන තබා ඇති ජොයෙල් ෆුල්ෆිල්ඩ් යන නම හා අත්සන විකිපීඩියා සාම්පල සහතිකයේ ඇති ආකාරයටම ව්‍යාජ ලේඛනයේ පිටපත් කර ඇත.
පව් ජෙහාන් වුනත් කාගෙ හරි දරුවෙක් නෙ
15
POSITIVE
ncpp_train_38937
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙන්කර තිබෙන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ගමන් බිමන් වෙනුවෙන් වහාම ලබාදීමට අග්‍රාමාත්‍යවරයා ඊයේ (29) පියවර ගන්නා බව දන්වා තිබූ කමුත් අද වාර්තා වූයේ අගරදගුරුතුමන් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි. පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාවලට එල්ල වූ මරාගෙන  මැරෙන ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වෙඩි නොවදින රථය ලබාදීමට පියවර ගත් බව  අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා තිබුණි. රටේ ආරක්ෂක තත්වය තහවුරු වනතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉතාම පළපුරුදු රියැදුරකු ද සමග වෙඩි නොවදින මෝටර් රථය කාදිනල්තුමන්ගේ ගමන් බිමන් සඳහා යොදවන බව ද අරලියගහ මන්දිර ප්‍රකාශකයෙකු දන්වා තිබූ නමුත් අද අගරදගුරු තුමන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී දන්වා සිටියේ ඒ බව තමන් වහන්සේට දන්වා සිටි අවස්ථාවේ එවැන්නක් අවශ්‍ය නැති බවට දන්වා සිටි බවයි.
මෙන්න නියම බෞද්ධයන් . ඒකටත් එක්ක අපේ මහානායක උන්නාන්සේලා , benz එකක් ලැබෙනව නං
148
POSITIVE
ncpp_train_38938
‘මරණය පමණක් ස්ථිර‘ බවටෆේස් බුක් මගින් මිතුරන්ට දන්වා ජීවිතයෙන් සමුගත් පෑලියගොඩ සඳමාලි පෑලියගොඩ පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 35 ක් වූ අවිවාහක තරුණියක පසුගියදා පුද්ගලික ප්‍රශ්නයක් මුල් කරගෙන සිය දිවි නසාගෙන මියගොස් තිබුණා. සිසු දරුවන්ට අමතර පන්ති පවත්වන ගුරුවරියකවූ ඇය මියයන්නට හේතුව නිශ්චිතවම සඳහන් කර නැතත් ඒ බව ඉඟි කරන ෆේස් බුක් පණිවිඩයක් මිතුරන්ට තබා තිබුනේ ‘සිහිනයකි අතීතය, කඳුලකි වර්තමානය, මායාවකි අනාගතය, ස්ථිරය මරණය‘ යනුවෙනි. ඇය නිවසේ මව හා සොයුරෙකු සමග දිවි ගෙවූ බවත් පසුගිය දිනවල කිසියම් කලකිරීමකින් පසු ලියුමක් තබා දිවිතොරකරගෙන තිබුණ බවත් වාර්තා වුණා. ඇය ඇගේ සියලු වත්කම් මවට ලබාගන්නට යයිද මේ මරණයට කිසිවෙකු වගකිව යුතු නැතැයිද එම ලියුමේ ලියා තිබී ඇත. ඇයගේ අසම්පූර්ණ කතාව ගැන ෆේස් බුක්හි පළවන විස්තර පහත පරිදිය.
සොයුරිය, මරණය නම් අතිශය වේදනාකාරී ය. මිනිසෙකු(හෝ සතෙකු) විඳින උපරිම දුක මරණය යයි අසා ඇත්තෙමි. නමුදු එක් දෙයක් කියනු රිස්සෙමි. මරණය 'නියත' නමුත් 'ස්තිර' නැත. මරණය යනු නිමේෂයකි. ජීවිතයේ ඇති වේදනා නිවනු පිණිස මරණය නම් නිමේශය පසු කර යාමෙන් දුක් කෙලවර වේ යයි සිතේ නම් එය මිථ්‍යාවකි. මරණින් මතු ඔබ ලැබූ දිවිය ඔබ ගත කල දිවියට වඩා වේදනාකාරී වී නම් 'ඔබ පරාදය'. එනිසා මේ දිවියේ දුක් කෙලෙස හෝ දරා ගෙන මරණින් මතු දිවිය සුඛිත කර ගැනීමට වෙහෙස වුයේ නම් මැනව යි සිතේ. ඔබට නිවන් සුව අත්වේවා !!!
70
POSITIVE
ncpp_train_38939
පාසල්වල වියදම සඳහා සිසුන්ගෙන් මුදල් එකතු කිරිමේ විධි විධාන ඇතුළත් "පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුමකරණය හා  ප්‍රතිසම්පාදනය පිළිබඳ 26/2018 චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක  වන පරිදි අවලංගු කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම චක්‍රලේඛයට මුවා වී ඇතැම් පාසල් සිසුන්ගෙන්  මුදල් එක්රැස් කිරීමේදී අවිධිමත් ලෙස කටයුතු කරන බව අනාවරණය වීම නිසා මෙම පියවර ගත් බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. විදුහල්පතිවරුන්ට හෝ පාසල් සංවර්ධන සමිතිවලට හිතුමනාපයේ මුදල් එක්රැස් කිරීමට අවකාශ සලසමින් කටයුතු කිරීමට ඉඩ නොතැබිය යුතු බවද  අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.  එම චක්‍රලේඛයට අනුව පාසලේ වියදම් කටයුතු  වෙනුවෙන් සිසුන්ගෙන් මුදල් අයකළ හැකි අතර විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නගමින්  ආදායම් උපදවාගත හැකිය. 26/2018 චක්‍රලේඛය ඉකුත් ජනවාරි මස 01 වැනි දින සිට  බලාත්මක කර තිබිණ. මේ අතර එම චක්‍රලේඛය අවලංගු කර ඒ වෙනුවට මිට පෙර ක්‍රියාත්මක කළ 5/2015 චක්‍රලේඛයට බලාත්මක කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 5/2015 චක්‍රලේඛයට අනුව මුදල් රැස්කිරීමට පාසල්වලට අවසරය ලබාදී තිබේ. -රංජන් කස්තුරි-
එහෙනං දැන් තීන්ත ගාලා ඒකට උඩින් ආයි ගායි සංවර්ඩනය තමයි ඉතිං
11
POSITIVE
ncpp_train_38940
රැම්සා සම්මුතිය අනුව තෙත් බිමක් වශයෙන් ද ප්‍රකාශයට පත්කර ඇති පුත්තලම, ආනවිළුන්දාව අභය භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් ඉකුත් 25 වැනිදා රාත්‍රියේ ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් විනාශ කරනු ලැබ ඇත. ආනවිළුන්දාව අභය භූමියට අයතා මුතුපන්තිය, කාසන්වත්ත සීමාවේ කොටසක් මෙලෙස විනාශ කර ඇති අතර ඉස්සන් කොටු සෑදීම සඳහා කිසියම් පිරිසක් විසින් මෙසේ කරන්නට ඇතැයි ප්‍රදේශවෑසීහු චෝදනා කරති. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්‍ෂ එරන්ද ගමගේ මහතා පැවසුවේ ආනවිළුන්දාව අභය භූමියේ සිදුකර ඇති විනාශය පිළිබඳව හලාවත දිසා අධිකරණයට ද කරුණු වාර්තා කර ඇති බවයි. මෙම විනාශය සිදු කළ සැකකරුවන් හා යොදාගත් යන්ත්‍ර අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටින බව ද පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්‍ෂවරය සඳහන් කළේය.  ආනවිළුන්දාව පරිසර පද්ධතිය වනජීවී නීතිය  යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර රැ සම්මුතිය අනුව තෙත් බිම් පද්ධතියක්  ලෙස ද ප්‍රකාශයට පත්කර ඇතැයි ඔහු පැවසීය. ඉකුත් 25 වැනිදා පස්වරු 4.30ට පසු කිසියම් පිරිසක් ඩෝසර් යන්ත්‍රයක් රැගෙන අභය භූමියට ඇතුළු වී මෙම විනාශය සිදුකර ඇතැයි ද එරන්ද  ගමගේ මහතා කීවේය. එම විනාශ කළ කොටසේ ශාක ස්ථර සම්පුර්ණයෙන් ඉවත් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. මීට පෙර ද මෙම පරිසර පද්ධතියට ඇතුළු වූ පිරිස් මෙවැනි විනාශයත් කර ඇති බව ඔහු කීවේය.  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වයඹ පරිසර හඬ සංවිධානය නියෝජනය කරන පරිසරවේ දී අජිත් ගිහාන් මහතා පැවසුවේ උඩප්පුව ප්‍රධාන මාර්ගය ඔස්සේ මුතුපන්තිය වෙත ගමන් ගන්නා අතුරු මාර්ගයකින් මෙම ඩෝසර් යන්ත්‍ර ඇතුළු කරන්නට ඇතැයි සැක කරන බවයි.  මෙයට පෙර ද ආනවිළුන්දාව අභය භූමියට අවස්ථා ගණනාවක දී විවිධ පිරිස් ඇතුළු වී එහි කොටස් බලහත්කාරයෙන් අල්ලාගෙන ඉස්සන් කොටු සකසා ඇති බවයි. මෙම සිදුවීම් 2000 වසරේ හා ඉන් පසුව ද වාර්තා වී ඇති අතර ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මකවීමත් සමඟ අදාළ පිරිස් එම ස්ථාන අතහැර ගිය බව ද අජිත් ගිහාන් මහතා කීවේය. පරිසරය රැකගැනීම ගැන නිරන්තරයෙන් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විනාශයට එරෙහිව නිසි පියවර ගනිමින් මෙම පරිසර පද්ධතිය ආරක්‍ෂ කර ගැනීමට කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂ කරන බව ද ඔහු සඳහන් කළේය. කිසියම් දේශපාලන සහයෝගයක් නොමැතිව අභය භූමියකට ඇතුළු වී මෙවැනි විනාශයක් කිරීම අපහසු බැවින් මේ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ඇති බවට සැකයක් පවතින බව ද ගිහාන් මහතා පැවසීය. මෙසේ වනසා දැමූ කොටසේ නැවත කඩොලාන රෝපණය කිරීමට පරිසරවේදීන් හා වනජීවී නිලධාරින් එක්ව මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ඔහු කීවේය. ආනවිළුන්දුව අභය භූමිය හෙක්ටයාර් 1397 කින් සමන්විත අතර එය 2001 අගෝස්තු 3 වන දින ජාත්‍යන්තර රැම්සා සම්මුතිය අනුව තෙත් බිමක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ . ප්‍රධාන වැව් තුනක් ඇතුළු අලංකාර වැව් පද්ධතියකින් සමන්විත ආනවිළුන්දාව දේශීය හා මෙරටට පැමිණෙන විදේශීය සංචාරක පක්‍ෂීන් වර්ග රැසක් වාසය කරන සුවිශේෂ අභය භූමියක් වන බව ද වනජීවී නිලධාරිහු පවසති. පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ආනවිළුන්දාව ප්‍රදේශයෙන් මෙම සුන්දර පරිසර පද්ධතියට නැරඹීමට පැමිණිය හැකිය. කිසියම් දේශපාලන සහයෝගයක් නොමැතිව අභ්‍ය භූමියකට ඇතුළු වී මෙවැනි විනාශයක් කිරීම අපහසු බැවින් මේ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ඇති බවට සැකයක් පවතින බව ද ගිහාන් මහතා පැවැසීය. -ඩයනා උදයංගනී-
මේකටත් සම්බන්ධ අර ඔක්ෂිජන් කතාවට අදාල කෙනාම කියලයි මම හිතන්නෙ. එයාල තමයි ඔය පැත්තෙ පරිසරය විනාශ කරන්නෙ.
15
POSITIVE
ncpp_train_38941
හබරණ  හිරිවඩුන්න තුම්ඹිකුලම රක්ෂිතයේ පසුගියදා මරණයට පත්ව තිබී හමුවූ ඇතින්නියන්ගේ මරණ කෙසේ සිදුවීද යන්න ගැන තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයකි. මේ කිසිදු ඇතින්නකට වෙඩි වැදී නොතිබුණ අතර වස ශරීරගතවී මියගිය බවට තහවුරු නොවූ සාක්ෂි පමණක් හමුව තිබේ. එසේ වස ශරීරගතවීම සිදුවුවත් ඇතිනියන් සත් දෙනෙකු පමණක් මේ ආකාරයට මියයාම තුළ විශාල සැකයක් පැනනැගී ඇත්තේ ස්වාභාවිකව කිසියම් ආහාරයක් හෝ පානයක් නිසා වස ශරීරගතවීමකට වඩා මේ ඇතිනියන්වම තෝරාගෙන වසදී ඇතිද යන්නය. ශරීරයන්හි යම් විෂක් ඇතුළත්ව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී  දළ  වශයෙන් හෙළිව තිබුණද , තවම විද්‍යාත්මක පරීක්ෂණ අවසන් නැති නිසා එය නිශ්චිතවම  කිව නොහැකි බව  වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අද ( 29 ) පවසා තිබේ. එම විෂ ශරීරගත වී ඇත්තේ  යමෙකු විසින් ලබා දුන් ආහාරයක් මගින් යැයි සැක පැවතියත් තහවුරු කිරීමට ප්‍රමාණවත්  සාධක තවම හමුවී නැත. එක ඇතින්නියකගේ උදරයේ කැකිරි ඇට කිහිපයක් සහ අනිත් සෑම ඇතිනියකගේ ම උදරයේ තණකොළ පමණක් තිබුණු බව හදුනාගත් බව දන්වා ඇත.වෙනත්  විශේෂ ආහාරයක්  පිටතින් ලබා දී ඇති සලකුණක් තවම හඳුනාගෙන නැත.   විසක් ශරීර ගතවී උදරයට අධික ලේ වහනයක් සිදුව තිබූ බවට සැක කරන බවද  වෛද්‍යවරයා සඳහන් කළේය. වනජීවී පශු වෛද්‍ය  චන්දන ජයසිංහ මහතා දන්වා සිටි පරිදි විද්‍යාත්මක පරීක්ෂණ සඳහා අවශ්‍ය  කොටස් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට පියවර ගෙන ඇත. අද  යුද හමුදාව වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත්  රක්ෂිතයේ සිට කලාවැව දක්වාම  තවත් මළසිරුරු ඇද්දැයි සොයා මෙහෙයුම් ආරම්භ කරත් මේ දක්වා හමුව ඇත්තේ සිරුරු 7 ක් පමණි. මේ අතර සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකතාවකින් කියැවෙන්නේ මෙම මරණ හා දේශපාලන කටයුතු අතර ගුප්ත සම්බන්ධයක් පැවතිය හැකි බවයි. ඇතිනියන් 7 කගේ ජීවිත බිලි පූජාවකට ලක්කර කිසියම් අපේක්ෂකයෙකු දිනවීම වෙනුවෙන් ගුරුකමක් කර තිබෙන බව එම තහවුරු නොකළ ආරංචි මගින් පතුරුවාහැර ඇත. මේ වනවිට සිදුවීම් සම්බන්ධයෙන් රජය මැදිහත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක්ද අරඹා තිබෙන අතර මේ දක්වා එවැනි ගුරුකමක් ගැන තොරතුරු හෙළිව නැත. ඇතින්නියන්  තිදෙනකුගේ  පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (29)  සිදු කෙරිණි. ඇතැම් මළසිරුරු දැඩි ලෙස නරක් වී තිබීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලටද බාධා ඇතිව තිබෙන බව වෛද්‍යවරුන් දන්වා ඇත. --------- පෙර ලිපිය හිරිවඩුන්නෙන් හමුවූ ඇතිනි මළ සිරුර ගණන 7 ක් දක්වා ඉහළ යයි
ඔව්නෙ.. ඇයි ඒක දන්නෙ නැත්තෙ ඔයත් ඇමරිකන් පූරවැසියෙක්ද..??
4
POSITIVE
ncpp_train_38942
හිරුණිකාට දරු සම්පත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ දිනවල දරු සම්පත් උරුම කරගෙන පුතෙකු ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන බව අද ඇය සිය ෆේස් බුක් ගිණුමට ඡායාරූපයක් එක් කරමින් තහවුරු කර තිබේ. සිය සමාජ ජාලා රසිකයින්ට මින් මාසයකට පමණ පෙර දරු ගැබේ ස්කෑන් ඡායාරූපයක් නිකුත් කර කුතුහලය මුසු කර සිටි මේ ගැන ආරංචිය දේශපාලන ලේකයට රහසක් නොවූවද ඇය ඒ ගැන පළමු වරට ප්‍රසිද්ධ කළේ අදයි. ඇයට ලබන සැප්තැම්බරයේ පමණ දරු උපත සිදුවන්නට නියමිත බවත් ස්කෑන් පරීක්ෂණයෙන් පුතෙකු ලැබීම ඉඟිකර ඇති බවත් වාර්තාවී තිබිණි. ඇය සමාජ ජාල වෙත එක්කර තිබුණ ඡායාරූප පහතින්
සුභ පතනව ..ඔයගෙ දේශපාලන ගමනනම් අන්තිමයි.තෙරුම් ගන්න හිරුනිකා එදා අර ඩිෆෙන්ඩරේ දාගෙන ගියෙත් අම්ම් කෙනෙක්ගෙ දරුවෙක් බව.ඔයා එයා කියල වෙනසක් නැහැ .කවුරුත් අම්මල වගේම කවුරුත් දරුවෝ .සල්ලි දේශපාලනය තියෙන පලියට පිරිමි වගේ වෙන්න ගියාම අපිට එපා වෙනව .ඒ නිසා හොඳ ලමයෙක් බිහි කරන්න .චන්ඩි අපිට ඕන දෙයක් කරන්න පුලුවන් කියන පහත් මානසික තත්වෙකට දරුවෝ හදන්න නරකයි .
20
POSITIVE
ncpp_train_38943
මින්පසු 1990 අමතා Free ඇම්බියුලන්ස් ගෙන්න ගන්න මුලදී දකුණට විතරයි ඉන්දීය රජයේ අනුග‍්‍රහයෙන් ලංකාවට ලැබුණ ගිලන් රථ 88 ක් සහ පුද්ගලික පරිත්‍යාගශීලියෙකුවූ වෛද්‍ය ඞීවීකේ.රෙඞ් මහතාගේ අනුග‍්‍රහයෙන් ගිලන් රථ 20 ක් එකතුව ගිලන් රථ 108 ක් ජනතා සේවයට යෙදවීම ඊයේ සිට ක‍්‍රියාත්මක වුණා. නොමිලයේ ලබාදෙන පූර්ව රෝහල් සත්කාරක ගිලන් රථ සේවාවක් වන මෙමගින් 1990 අංකය අමතා හදිසි රෝගියෙකු රෝහල වෙත රැගෙන යාම සිදුකරවා ගත හැකිය. 1990 අංකය ඇමතීමට මෙන්ම ගිලන් රථයේ ප‍්‍රවාහනය කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව සිදු වෙයි. ආරම්භයේදී අද සිට මෙම සේවාව දකුණු පළාතට පමණක් සීමාවෙන අතර තවත් සති දෙකක පමණ කාලයකින් අගොස්තු මාසයේදී බස්නාහිර පළාතට එය ඇරඹෙනු ඇත. අනතුරුව තවත් ගිලන් රථ ගෙන්වා ඉදිරියේදී අදියර කිහිපයකින් දීප ව්‍යාප්ත සේවාවක් ලෙස මෙම සේවය ක‍්‍රියාත්මක වනු ඇත. 1990 අංකය ඔස්සේ මෙම ගිලන් රථ සේවාව සම්බන්ධ කරගත හැකි අතර ඒ ඇමතුම් සම්බන්ධීකරණය පිණිස 50 දෙනෙකු යොදවා ඇත. මෙම සේවාව තුළ නියාමකවරුන් කර්මික ශිල්පීන් ඇතුළු ශ‍්‍රී ලාංකිකයන් 550 ක් සේවයේ නිරතවන අතර ඔවුන්ව ඉන්දියාවට යවා පුහුණුවක්ද ලබාදී තිබේ. අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක ඉන්දීය මූල්‍ය ප‍්‍රදානයක් ලෙස මෙම ගිලන් රථ සේවාව ශ‍්‍රී ලංකාවට ලබාදී ඇත. ඊයේ ගාලුමුවදොර පිටියේදී මෙම සේවාව අගමැති ප්‍ර්මුඛ පිරිස වෙතින් ආරම්භවූ අයුරු ඡායාරූපය ඉහළ දක්වා ඇත.
ඇම්බියුලන්ස් එකකින් ගිහින් ගේමක් දෙන එක සිම්පල්, බලාගෙන හිටපන්
5
POSITIVE
ncpp_train_38944
තමා සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ කාන්තාවකගේ 7හැවිරිදී එකම දියණියට කාටුන් චිත්‍රපට පෙන්වා පසුව කඩල ලබාදී බරපතළ ලිංගික අතවර කළ බව කියන පෙදරේරුවාට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණ විනිසුරු ආර්. ඩී.පී.පී. රත්නායක මහතා හමුවේ නඩු පවරා විත්තිකරුට අධිචෝදනා ඉකුත් 27 භාරදෙන ලදී. බාල වයස්කාර දැරියකට බරපතළ ලිංගික අතවර කිරීමේ අධි චෝදනා ලැබූ විත්තිකරු වූයේ ආඩිඅම්බලම පදිංචි ඩබ්ලිව්.ඒ. ලලිත් විජේවර්ධන (26) නමැත්තෙකි. මොහු විවාහකයකු වන අතර එක්දරු පියෙකි.විත්තිකරුගේ අනියම් බිරිය සේවයට ගොස් සිටි අවස්ථාවේදී විත්තිකරු එම දැරියට කඩල ගොටක් දී කාටුන් ටෙලිනාට්‍යයක් පෙන්වා පසුව දැරිය බියට පත්කොට ඇයට බරපතළ ලිංගික අතවර කර ඇති බව අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.අධිචෝදනා භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවේ පසුවූ විත්තිකරු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව විත්තිකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ  සහ රුපියල් ලක්ෂ 5 බැගින් ශරිර ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත විත්තිකරු අත්අඩංගුවෙන් මුදා හැරිමට අධිකරණය නියෝග කළේය.රජයේ අධිනීතිඥ ගයනි වෑගොඩපොල මහත්මිය පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් නීතිඥ ප්‍රසාද් චතුරංග මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා පෙනී සිටියේය. මිනුවන්ගොඩ පොලීසිය පැමිණිල්ලට සහය විය. වැඩිදුර විභාගය මැයි මස (6) වෙනි දින පැවැත්වේ. (මීගමුව අධිකරණ - ඩබ්ලිව්. කීර්ති)
අරාබිය පාත්තට ඇන්ගිල්ල ඩික් කර කර හිටපල්ල. මෙකෙ උන්ගෙ මෙ වගෙ ජඩ වැඩ ප්‍රවුර්ති යන්නෙ නැ
14
POSITIVE
ncpp_train_38945
වජිර පාරේ උඩුකුරුඤ්ඤං වුණ 15 හැවිරිදි කෝටිපති පුතා එළවූමර්සිඩීස් බෙන්ස් එක පෙරේදා 26 සවස කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේ සිට වේගයෙන් ධාවනය කරමින් ආ මර්සිඩිස් බෙන්ස් රථයක් දකුණු පසට වංගුව ගෙන වජිර පාරට එම වේගයෙන්ම හැරවීමට යාමෙන් වේගය ඔරොත්තු නොදී ලිස්සා ගොස් වජිර පාරේ පදික වේදිකාව හා පාර අසළ උඩුකුරුඤ්ඤංවී නතරවී තිබුණි. වාසනාවට එම අවස්ථාවේ පාරේ එම කොටසේ කිසිවෙකු නොසිටියෙන් පදිකයින්ට හානියක් වූයේ නැත. උඩයට මාරුවූ රියදුරු අසුනෙන් බැස එළියට ආවේ අඩු වයසක පෙනුමක් ඇති පාසල් සිසුවෙකි. ඔහුට තුවාල නොතිබුණ අතර අසළ මාර්ග සංඥා නියාමනයට භාරව යොදා තිබුණ පොලිස් නිලධාරීන් මෙම අපරීක්ෂාකාරී ධාවනය සිදු කළ රියදුරු පරීක්ෂාවට පැමිණ තිබුණි. එම අවස්ථාවේ ඔවුන් පුදුමයට පත් කරමින් මෙම සිසුවාට වයස 15 ක් බව හා රියදුරු බලපතක් නොමැති බව අනාවරණය විය. තාත්තා ගෙනා අලුත්ම බෙන්ස් එක පදින්න ආසාවට තමා එය වේගයෙන් පැදවූ බව ඔහු පොලිසියට කියා තිබුනේ සිනාසීගෙනය. එම අවස්ථාවේ තමාට නැවත නිවසට යන්න ඕනෑ බව මෙම සිසුවා පවසා ඇත්තේ නීති රීති ගැනද අවබෝධයකින් තොරවයි. අපරීක්ෂාකාරී ධාවනය හා බලපතක් නොමැතිව රිය ධාවන නිසා අත්අඩංගුවට ගන්නට සිදුවන බව පොලිසිය ඔහුට දැන්වූ පසු ඔහු කලබලවී වටේටම කෝල් කර තිබේ. ඔහුගේ පියා යයි කියන පුද්ගලයා කුරුඳුවත්තේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බව පැවසෙන අතර ඔහුද පොලිසියේ ඉහළ නිලධාරීන්ට කථාකර මෙම දරුවාව ගෙදර එවන්න යයි බලපෑම් කරවා ඇත. තොරතෝංචියක් නැතිව ඇමතිවරුන් ප්‍රභූවරුන් කුරුඳුවත්ත පොලිසියට හා මෙම නිලධාරීන් ඇමතුම් දී ඇති බව පැවසේ. නමුත් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යතා නොසැපිරු වයස අවුරුදු පහලොවක බාල වයස්කරුවා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහුගේ දෙමාපියන් පොලිසියට පැමිණ අධිකරණයට ඉදිරිපත් කරන්නට පොරොන්දු දීමෙන් පසු  පොලිස් ඇප මත පැය කිහිපයකින් නිදහස් ව තිබෙයි. මෙම ව්‍යාපාරිකයා කවුද යන්න ගැන තොරතුරු පොලිසිය මගින් හෙළි කර තිබුනේ නැත. CAW 5445 අංකයෙන් ලියාපදිංචිවී තිබුණ මෙම මර්සිඩීස් වර්ගයේ බෙන්ස් රථය 2017 නිෂ්පාදිත අලුත්ම එකක් බවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ලීසිං පදනමින් ලබාගත් එක්ක බවත් තොරතුරු මේ වනවිට හෙළීව තිබේ. Pix Courtesy By -Dailymirror.lk
පොඩි කොල්ලෙක් නිසා සමහර විට පොලිසිය ට බලපෑම් කරන්න ඇත්තේ ස නි ලා හාමු යි මොන් ගල යි වෙන්න ඇති
36
POSITIVE
ncpp_train_38946
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරුන් 6 දෙනකු ඊයේ (26දා) එංගලන්ත සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය සම්පත් චාමර දසනායක යන මහත්වරු මෙම සංචාරයට එක්ව ඇත. එංගලන්තයේ පැවැත්වෙන පළාත් පාලන වැඩමුළුවක් සඳහා මේ පිරිස සහභාගි වී ඇතැයි වාර්තා වේ. ප්‍රධාන ඇමැතිවරුන් 6 දෙනා පෙබරවාරි 2 වැනි දින ආපසු දිවයිනට පැමිණීමට නියමිතය.
කිංඩිය දාන්ඩ එපා යකෝ. සමුලුවට ගිහිං ඇවිත් ඌව නිකං ඉංගලන්තේ වගේ හදල ගත්තොත් කාටද ආඩම්බර?
49
POSITIVE
ncpp_train_38947
හොංකොංහි ජනප්‍රිය නිරූපිකාවක, සමාජශීලී චරිතයක් මෙන්ම මිලියනපතිනියක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි 28 හැවිරිදි අබී චොයිගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ හිටපු ස්වාමියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.පසුගිය සතියේ බදාදා දිනයේදී, කොව්කින් නගරයේදී චොයි එක්වරම අතුරුදන් වූ අතර, පසුව සිදුකළ විමර්ශනයේ ප්‍රතිඵල ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන ආකාරයට ඇගේ හිටපු සැමියාගේ පියා විසින් කුලියට ගත් නිවසක ශීතකරණයක තිබී කදින් වෙන්කළ ඇගේ පාද හමුවී තිබේ. එසේම ඇගේ හිස ඇතුළුව අනෙක් සිරුරු කොටස්ද මේ වනවිට එම ස්ථානයේම තිබී සොයාගෙන ඇත.මෙහිදී, අදාළ අපරාධය සඳහා යොදාගත් බව පැවසෙන මස් කපන පිහියක් සහ විදුලියෙන් ක්‍රියාත්මක කියතක්ද සොයාගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස අතර ඇගේ හිටපු ස්වාමියා වන ඇලෙක්ස් ක්වොන්ග් (28), ඔහුගේ සහෝදරයා වන ඇන්තනි වොන්ග්  (31) සහ පියා වන ක්වොන්ග් කායුද  (64) වෙයි. එසේම 63  හැවිරිදි ක්වොන්ගේ මවද අත්අඩංගුවට ගෙන ඇත.  මෙම සාහසික ඝාතනයේ මහ මොළකරුවා ලෙස එම පවුලේ පියා හෙවත් ක්වොන්ග් කායු හඳුනාගෙන ඇත. ඔහු කලක් පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර, එහිදී ඔහුට ස්ත්‍රී දූෂණයක් පිළිබඳ චෝදනාවක්ද පවතී. වොයි සහ එම පවුල අතර පැවැති මුදල් පිළිබද මතභේද රැසක් මෙම ඝාතනය සදහා හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඝාතනයට ලක් වූ චොයි වෙත ඇලෙක්ස්ට දාව දරුවන් දෙදෙනෙකුද සිටියි.ඇබී චොයි චීනයේ වඩාත් සාර්ථක ව්‍යාපාරයක් හිමි පවුලක සාමාජිකාවකි. ඇය දැනට වසර 10කට පෙරාතුව, එනම් සිය වයස අවුරුදු 18දී ඇලෙක්ස් ක්වොන්ග් හා විවාහ වී තිබේ. අනතුරුව වයස අවුරුදු 22 දී ඇය ඔහුගෙන් දික්කසාද වී ඇති අතර, පසුව හොංකොංහි ආපනශාලා ජාලයක හිමිකරුවෙකුගේ පුත්‍රයෙකු වන ටාම් හා විවාහ වී තිබේ. එම විවාහයෙන්ද චොයි වෙත දරුවන් දෙදෙනකු සිටියි. මෙලෙස වෙනත් විවාහයක් සිදු කරගත්තද වොයි සිය පළමු වැනි සැමියාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් මුදල් වියදම් කර ඇත. මෙහිදී ඔවුන් සඳහා මිලදී ගත් නිවසක් අලෙවි කිරීමේ තීරණයක් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ අතර, ඝාතනය පිළිබඳ පුවත සැලවීමත් සමග හොංකොං නුවර ජනතාව දැඩි කණගාටුවට සහ දුකට පත්වූ බවත් විදෙස් මාධ්‍ය පවසයි.
තිරිසනුන්
22
POSITIVE
ncpp_train_38948
පසුගිය 22 වන දා කොට්ටාව ප්‍රදේශයේ තෙමහල් නිවසකදී උල් ආයුධයක් භාවිත කර 26 හැවිරිදි තරින්දි ආලෝකා නමැති තරුනිය ඝාතනය කළ බවට සැකකළ ඇගේ විවාහ යෝජිත පෙම්වතා කියන තැනැත්තා පොලිසිය සොයමින් සිටි අතර ඔහු පොලිසියට භාරවී තිබේ.නීතීඥයෙකු මාර්ගයෙන් කොට්ටාව පොලිසියට බාර වී තිබෙන ඔහු මාතර හක්මන, මීමැන්න, බඩබැද්ද ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ලෙස හඳුනාගෙන ඇත. සැකකරු ට තවත් රහසිගත පෙම්වතියක සිටි බවත් මෙම තරුණිය එය දැනගෙන මොහු ගැන ඇයවද දැනුවත්කිරීමෙන් පසු දෙදෙනාම මෙම පුද්ගලයා අතැරයාම නිසා මෙම ඝාතනය සිදු කරන්නට කටයුතු යෙදුණ බවට වාර්තා පළව තිබිණි. ගෙල ප්‍රදේශයේ ඉදිරිපසට හා පසුපසට පිහි පහර 20කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තරුණිය මරා දමන ලද මෙම පුද්ගලයා සිද්ධිය වන දිනට පෙර දින රාත්‍රියේ අදාළ නිවසට රහසිගතව පැමිණ සැඟවී සිට පසුදා නිවසේ ඇය පමණක් සිටි වේලාවක ඇය වෙත ගොස් ඝාතනය කර ඇති බවටද තොරතුරු හෙළි විය. සැකකරු අද දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
මේවා සීයට සීයක් කොල්ලගෙම වැරදි නොවේ
-46
NEGATIVE
ncpp_train_38949
ශ්‍රී ලංකා ක්‍රකිට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිට එයින් ඉල්ලා අස්වූ චම්පක රාමනායක මහතා බංග්ලාදේශ පුහුණුකරුවෙක් ලෙස බඳවා ගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. කෙසේ නමුත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් සදහන් කර ඇත්තේ ඔවුන්ගේ පළමු තේරීමේ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටුවර්ට් මැක්ගිල් බවය. මේ සම්බන්ධයෙන් චම්පක රාමනායක මඟ ද සාකච්ඡා පවත්වන බව ඔහු සදහන් කර ඇත. රාමනායක මහතා බංග්ලාදේ ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුකරු ලෙස බඳවා ගැනීමට මෙහිදි අවධානය යොමුව තිබේ. ඒ අනුව යම් හෙයකින් රාමනායක මහතා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වෙන්නේ නම් එය දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් වෙනු ඇත. රාමනායක මහතා මීට ඉහතදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබුණි.
පන්දම් කාරයන්ට තනතුරු ලැබෙන මෙහෙට වඩා සුදුස්සාට නිසි තැන දෙන බන්ගලාදේශයට යන එක හොඳයි
145
POSITIVE
ncpp_train_38950
මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් කිරුළ  ඕෂධීට ලැබුණයි හැඟවුවත්  ඇත්තටම ලැබුන‍ෙ බාබරාටලු ඊයේ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ලැට්වියාවේ පැවති විවාහක රූ රැජිණ තරගයක් ජය ගන්නට ලැබුණ බවට විස්තර පළ කළ ටෙලි නාට්‍ය නිළි ඕෂධී හේවාමද්දුම සැබෑ ලෙසම එම තරගය ජයග්‍රහණය කර නැති බව දැන් හෙළිව තිබේ. එම තරගය ජයගෙන ඇත්තේ බෙල්ජියම නියෝජනය කළ තරගකාරිය වන බාබාරා මොනිකාය. නමුත් එම තරගයේ ‘පීපල්ස් චොයිස්‘ නමින් අන්තර්ජාල මත විමසුම මත එක් තරග අදියරක් (ටයිටල් එකක්) පැවැත්වූ අතර එහි ජයග්‍රහණය සතුවූයේ ඕෂධීටය. (ඒ වෙනුවෙන් ඕෂධීට වෙනත් කිරුළක් පළඳවා ඇත) මෙම ජයග්‍රහණය රූප රැජිණ කිරුළ ජයග්‍රහණය කළා ලෙස හැඟීමක් දනවන ආකාරයට ඕෂධී සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණ අතර ඒ ගැන කළ ප්‍රකාශයේද ප්‍රධාන කිරුළ ලබාගන්නට බැරිව ගිය බව දන්වා සිටියේ නැත. තරගය නිමවූයේ 28 වනදා රාත්‍රියේ වුවත් සැබෑ තොරතුරු අන්තර්ජාල මාධ්‍ය තුළ පළව තිබුනේ ප්‍රමාදවීය. මෙම තරගය ලෝක විවාහක රූ රැජිණ තරගය නොවන අතර ලිතුවේනියාවේ එක්තරා සංවිධානයක් මගින් ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමින් වාර්ෂිකව සංවිධානය කරන්නකි. පහත දැක්වෙන්නේ ෆේස් බුක්හි ඕෂධී ඒ ගැන විස්තර දමා තිබුණ ආකාරයත් මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් ෆේස් බුක් පිටුවේ තිබුණ විස්තරයත්ය. කිරුළ ලැබෙන අවස්ථාවේ වීඩියෝව
එතකොට සමුපෙ චන්දෙ තිබ්බෙ යූඑන්පී උන් කබ්බරක් කෙබර ඇදල,ඇදල ජනවාරි 8 බලය අරං අවුරැද්දකට වඩා පස්සෙ නෙවේද ..? අනික යූඑන්පී උන් පොල් ගෑවද සමුපෙ සාමාජිකත්වය ගන්නෙ නැතුව...ගන්න ඉන්න එපැයි...! කෙබරැ බව දැන දැනං යූඑන්පීයට අත උස්සයිද...? අනික යූඑන්පී උනුත් චන්දෙ දාල එකෙක් දෙන්නෙක් පත් කරං තිබුන..උන් එතකොට වෙනම නම තියෙන්නෙ මොකද...? නිකං බොරැ යූඑන්පී හිවල් සූත්‍ර හැම තැනට දාන්න එපා...ඔය මුකුත් නෑ නේ පුලුවන් නම් ච්න්දෙ තියහං පලත් පාලනේ....!
-7
NEGATIVE
ncpp_train_38951
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙ ගෞරවය සඳහා අද (28දා) පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ ඡායාරූප පහතින්. මෙම අභාවය නිමිත්තෙන් 31 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එදින ජාතික කොඩි අඩ කුඹු කර ඔසවන ලෙස රජය ඉල්ලා තිබේ. Pix Courtesy By -Ada.lk
ශෝක දිනයක් කලාට කමක් නෑ. බාර් එහෙම නම් වහන්න එපා.
9
POSITIVE
ncpp_train_38952
කොළඹ සිට සංචාරයක්‌ සඳහා ඉකුත් 25 වැනිදා ගාල්ල කොටුවට යුවළක්‌ පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක ඉදිරිපස වීදුරුවට පහරදී රුපියල් තුන්ලක්‍ෂ අනූදහසක අලාභයක්‌ සිදුකරන ලද සැකකරුවකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  මේ අතර එම මෝටර් රථය තම දියණිය හප්පා රිය අනතුරක්‌ සිදුකළ බවට පොලිසියට අසත්‍ය පැමිණිල්ලක්‌ කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය කටයුතු කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල රිච්මන්ඩ්කන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකි.  පොලිසිය පවසන අන්දමට කොළඹ පදිංචි තරුණ යුවළක්‌ සංචාරයක්‌ සඳහා ඔවුන්ට අයත් බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයෙන් ගාල්ල කොටුවට පැමිණ ඇත. එසේ පැමිණ දිවා ආහාර ගැනීම සඳහා ආපනශාලාවකට යෑමට පැරැණි කච්චේරි ගොඩනැඟිල්ල අසලදී මෝටර් රථය පිටුපසට ගන්නා විට එහි සිටි පිරිසක්‌ "හෝව් හෝව්" යනුවෙන් කෑ ගසා ඇත. ඔවුන් එසේ කෑ ගසා ඇත්තේ කුඩා දරුවකුද වඩාගෙන සිටි කාන්තාවකගේ ඇඟේ රිය හැප්පේ යයි සිතාය. ඒ සමගම දුවගෙන පැමිණි එම කාන්තාවගේ පියා මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට හෙල්මටයකින් පහරදී කුඩු කර ඇත. වීදුරුවට සිදුවූ අලාභය රුපියල් තුන්ලක්‍ෂ අනූදහසක්‌ බවට එහි පැමිණි පුද්ගලයා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.  පසුව මෝටර් රථය අපරීක්‍ෂකාරී ලෙස පිටුපසට ගැනීමේදී කුඩා දරුවා වඩාගෙන සිටි තම දියණියගේ ඇඟේ එය හැපුණ බවට සැකකරු විසින්ද රථ වාහන අංශයට පැමිණිල්ලක්‌ කර ඇත. ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය එම ස්‌ථානයේ ආරක්‍ෂිත කැමරා පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එවැනි කිසිම අනතුරක්‌ සිදුව නොමැති බවයි. ඒ අනුව අසත්‍ය පැමිණිල්ලක්‌ කිරීම සම්බන්ධයෙන් ද සැකකරුට එරෙහිව චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි. සැකකරු ගාල්ල මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මේ කතාවෙයි වාහන සිද්ධියෙයි පොඩී වෙනසක් පෙන්නෙ නැද්ද? මට නම් දඩාර් වෙනසක් පේනවා. පොඩ්ඩක් ආයේ සසදලා බලපන් මිත්‍රයා.
14
POSITIVE
ncpp_train_38953
පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ලබාගත් පෙට් ස්කැනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර අප්‍රේල් (01) සිට සේවා කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම පෙට් ස්කැනර් යන්ත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් මස 24 දින ගුවන් මගින් ශ්‍රි ලංකාවට ගෙන් වූ අතර එය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත. කදීජා පදනමේ සභාපති එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සහ සියලු මාධ්‍ය ආයතනවල මැදිහත්වීම මත මෙම මුදල මහජන ආධාර වශයෙන් එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලදි. ඉන් පසු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්වීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ජර්මනියේ සීමන්ස් ආයතනයෙන් යන්ත්‍රය ගෙන්වීමට පියවර ගන්නා ලදි.  රුපියල් මිලියන 202 ක් වැය කරමින් මෙම යන්ත්‍රය මිල දී ගෙන ඇත. මෙම යන්ත්‍ර යෙන් පිළිකා රෝගය සියුම්ව හදුනා ගත හැකි අතර, මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකිය. අප්‍රේල් මස 01 දායින් පසු සේවා කටයුතු ආරම්භ කිරීමත් සමග පිළිකා රෝගීන්ගේ සත්කාරක සේවා තවත් වැඩි කළ හැකි බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විල්ප්‍රඩ් කුමාරසිරි මහතා ප්‍රකාශ කරයි. මේ දිනවල ජර්මනියේ සීමන්ස් ආයතනයේ ඉංජිනේරුවන් පැමිණ යන්ත්‍රය සවිකර ඇති අතර, එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරමින් සිටිති.
කොලේ ඉරාගෙන අැඟේ අලාගන්නැතුව ඉන්න තම්බි(මල්ලි).
-17
NEGATIVE
ncpp_train_38954
චීනය ඇතුළුව ලොව රටවල් කිහිපයක ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය (2012-nCoV) හේතුවෙන් විදෙස් වෙළෙඳ පොළරැසකම ගනුදෙනු පසුගිය දින කිහිපයේදී යම් පසුබෑමක් පෙන්නුම් කෙරිණි. එහිදී ප්‍රධානවම කොරෝනා වෛරස බිය නිසා ඇතිව තිබෙන ගෝලීය සංචාරක කර්මානයේ කඩා වැටීම ඊට යම් තරමකින් බලපෑම් එල්ල කර තිබේ. අද වන විට ලොව මුල් පෙළේ සංචාරකයෙකු බවට මැද පන්තියේ චීන ජාතිකයා පත්ව තිබීමත්, ලොව රටවල් රැසකම සංචාරක ආදායම් මාර්ගයේ ප්‍රධාන ප්‍රභවයක් බවට චීන ජාතික පත්ව තිබීමත් ඊට හේතුව වී ඇත.ශ්‍රී ලංකාවද එම රාජ්‍යයන් අතරින් එකකි. අද වනවිට මෙරට වාර්ෂික සංචාරක පැමිණීමෙහි තෙවැනියට වැඩිම සංචාරක පැමිණීමෙහි තෙවැනියට වැඩිම සංචාරක පැමිණීමක් සිදුකරන රට වන්නේ චීනයයි. වාර්තා සඳහන් කරන ආකාරයට පසුගිය වසරේදී පමණක් මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව වූ ලක්ෂ 19 අතරින් චීන සංචාරකයන් සංඛ්‍යාව එක්ලක්ෂ හැටහත් දහස් අටසිය හැටතුනකි. (එහෙත් මෙය පාස්කු ප්‍රහාරය නිසා අඩුවූ සංඛ්‍යාවකි.)2018 වසරේදී මෙය දෙලක්ෂ හැටපන්දහස් නවසිය හැට පහක් විය. බහුතරය මුදල් යහමින් පවතින සංචාරකයන් වන මෙම චීන ජාතිකයන් මෙරට තුළදී බොහෝ ඉහළ මට්ටමේ ගනුදෙනු සිදුකරයි. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීම ඒ අතරින් මූලික වෙයි. එහෙත් මෙම කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමගින් මේ වසර ආරම්භයේ සිටම මෙරටට පැමිණෙන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙමින් තිබේ. වාර්තා පවසන ආකාරයට වසරේ මුල් මාස තුන චීන නව අවුරුදු උදාව යෙදී තිබීමත්, ඒ සඳහා ලැබෙන නිවාඩු නිසා එය චීන සංචාරකයන් වැඩි දෙනෙකු සංචරණයේ යෙදෙන කාලසීමාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවද පසුගිය වසර ගණනාව තුළදී මෙම අවස්ථාවෙන් ඉහළ ප්‍රයෝජන ගත් රටකි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමට පෙරාතුව ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලදී පිළිවෙළින් චීන සංචාරකයන් 28,039ක්, 23,759 ක් සහ 23,759ක් මෙරටට පැමිණ තිබේ. එහෙත් උද්ගතව ඇති මේ වාතාවරණය අනුව මේ වසරේදී එවැනි චීන සංචාරක පැමිණීමක් බලාපොරොත්තු විය නොහැකි බව සිය ජනතාවට විදෙස් සංචාරක තහනම් පැමිණවීම ඊට හේතුවකි. මේ හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා වෙන්කර තිබූ සංචාර රැසක්ම අවලංගු වී ඇතැයි වාර්තතා සඳහන් කරයි.චීන සංස්කෘතික සහ සංචාරක අමාත්‍යාංශයද පසුගිය සති අන්තයේදී එරට සංචාරක නියෝජිත ආයතන සහ සංචාරක සමාගම් වෙත සංචාරක පැකේජ අලෙවි කිරීම නවත්වන ලෙසද දැනුම්දීම් සිදුකර ඇතැයි මාධ්‍ය වාර්ත පවසා සිටියි. යුරෝපා ජාතිකයන් මෙන් නොව සාමාන්‍යයෙන් මෙම චීන ජාතිකයන් කණ්ඩායම් වශයෙන් සංචාරයේ යෙදෙන්නන්ය. මෙම එක් කණ්ඩායමක සංචාරකයන් 1Oත්20ත් අතර සංඛ්‍යාවක් සිටියි. ඒ අනුව එක්වරම අවලංගු වන්නේ සංචාරකයන් විශාල ප්‍රමාණයකගේ පැමිණිමකි. දැනටමත් කොළඹ පිහිටි. සංචාරක නියෝජිත ආයතන කිහිපයක්ම මෙවැනි අවලංගු කිරීම්වලට මුහුණ දී තිබේ. ඉදිරියේදී පවතින තත්ත්වය අනුව මෙය තවත් දරුණු විය හැකි බවටත් ඔවුන් අදහස් පළ කර සිටියි. චීන සංචාරක ඇකඩමියේ වාර්තාවලට අනුව චීන ජාතික සංචාරකයන් අතරින් 55%ක් දෙනා තම රටින් පිට සිදුකරන සංචාරවලදී සංචාරක පැත්තේ තෝරා ගැනීමට වැඩි කැමැත්ත පළ කරයි. ඒ අනුව චීන රජය පනවා ඇති සංචාරක තහනම මෙම කණ්ඩායම් වෙත මූලිකවම බලපාන අතර, තනි තනි ලෙස සංචාරයේ යෙදෙන පිරිස් වෙත එය බලනොපානු ඇති බව විශ්වාසය වී තිබේ. මේ අතර ශ්‍රී ලංකා රජයද පෙරේදා දිනයේ සිට චීන ජාතිකයන් වෙත ලබාදී තිබූ 'ඔන් ඇරයිවල් වීසා ' පහසුකම ජාතිකයෙකුටම එරටදී සිදුකළ යුතු පරික්ෂාවට යටත්ව එහිදී ලබාගන්නා වීසා බලපත්‍රයක් අනුව මෙරටට පැමිණිය යුතුව ඇත. මෙයද ඉදිරී මාස කිහිපයේදී සංචාරක පැමිණීම් අඩු කිරීමට හේතුවක් වනු ඇත.එසේම සිය සංචාර අවලංගු නොකරමින් මෙරටට පැමිණෙන තනි තනි සංචාරයේ යෙදෙන චීන ජාතිකයන් ඉදිරියටත් මෙරට සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා දායක කරගැනීමත් මේ මොහොතේදී අවශ්‍යව ඇති කරුණකි. මෙරට සිටින චීන සංචාරකයන් කිහිප දෙනෙකුටම මෙරට ජනතාවගෙන් සිදුවුණු අඩත්තේට්ටම් පිළිබඳව වාර්තාවී ඇත. ඊට පිළියමක් ලෙස සංචාරක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්ව වෙත මෙම කොරෝනා වසංගතය පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇතැයි ඊයේ (29දා) නිවේදනයක් මගින් සඳහන් කර තිබුණි. එහිදී හෝටල් හා ලැගුම්හල් හිමියන් හා සේවකයන්, සංචාරක මඟපෙන්නන්, සංචාරක කුලී රථ රියැදුරන්, සංචාරක ත්‍රිරෝද රථ රියැදුරන් මේ පිළිබඳව දැනුවත් කිරීම අරමුණ වී ඇත. පෙරේදා (28) දිනය අවසන් වනවිට මෙම නව කොරෝනා වෛරසය නිසා මිය ගිය චීන ජාතිකයන් සංඛ්‍යාව 132ක් දක්වා ඉහළ නැග තිබුණි. එසේම වෛරසය ආසාදනය වූ බවට ස්ථිර වූ සංඛ්‍යාව 5,974ක් ලෙසත්, වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන සංඛ්‍යාව 9,239ක් ලෙසත් සඳහන් විණි. එහෙත් මේ වනවිට වසංගතය පාලනය සඳහා චීන රජය මැදිහත්ව ක්‍රියා කරමින් සිටීමත් එය පිටුදැකීම කොරෝනා වෛරසය පිළිබඳ බිය තුරන්ව යනු ඇතැයි සැමගේම විශ්වාසය වී තිබේ. චීන සංචාරක පැමිණීම අඩුවීමට අමතරව ලොව පුරා පවතින නව කොරෝනා වෛරස් බිය නිසා ලොව අනෙකුත් සංචාරකයන්ගේ සංචරක අවස්ථාවද යම් ප්‍රතිශතයකින් අඩු වීමට හැකියාවක් පවතී. එහිදී ශ්‍රී ලංකාව තුළද නව කොරෝනා වෛරස ආසාදිතයෙකු හමුවීමත්, තවත් කිහිප දෙනෙකු පිළිබඳව පරික්ෂා කිරීමත් සංචාරකයන්  තුළ මෙරට සෞඛ්‍ය ආරක්ෂණ තත්ත්වය පිළිබඳව ගැටලු ඇති කිරීමටද හේතුවක් වී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සැලකිය යුතු ලෙස අඩපණ කිරීමට මෙම මාස තුන තුළදී සිදුවන සංචාරක පැමිණිහි අඩුවීම හේතුවක් වීම අනිවාර්ය වී තිබේ. එය පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ සංචාරක හානිය තරමටම දරුණු කර නොගැනීම බලධාරීන්ගේ මෙන්ම ජනතාවගේද වගකීමක් වී තිබේ. ඒ සඳහා මෙම නව කොරෝනා වෛරසය පිළිබඳව පවතින කටකතා නොව සැබෑ සත්‍යය පිළිබඳ දැනුමින් සහ අවබෝධයෙන් සිටීම අතිශය වැදගත් වෙයි. භානුක අමරසිංහ
චීන්නු එන්නෙ කණ්ඩායම් විදියටයි. චීනෙ ට්‍රැවල් ඒජන්සි වලින් ෆුල් පැකේජ් එකටම සල්ලි අරගෙන මෙහෙට ඇවිල්ල චීන හෝටල්වල තමයි නතර වෙන්නෙ ඒ හෝටල්වල බස් වලින් තමයි ගමන් යන්නෙ. ඒ නිසා චීන්නු වැඩිපුර ආවට අපිට වැඩක් නැහැ. චීන්නු තමයි ඔක්කොම සල්ලි එකතු කරගන්නෙ.
18
POSITIVE
ncpp_train_38955
අපරීක්ෂාකාරී ලෙස බස් රථ, ටිපර් රථ හා කන්ටේනර් රථ මගින් සිදුවන අනතුරුවලදී පුද්ගල මරණ සිදුවුවහොත් රියැදුරුට නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම ඇතුලු තවත් නෛතික ක්‍රියාමාර්ග රැසක් ගන්නට තීරණය කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මේ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (29දා )මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. මෙවැනි අනතුරු සිදු වූ පසු රියැදුරට නෛතික පියවර ගැනීමට අමතරව තරඟකාරී ලෙස, අනතුරුදායක ලෙස මාර්ගය ධාවනය කිරීමේදී පුද්ගලයන් මියගියහොත් බස් රථවල මාර්ග බලපත්‍ර අහෝසි කිරීම සඳහා අදාළ බලධාරීන් වෙත නෛතිකව කරුණු ඉදිරිපත් කර අදාළ කටයුතු කරන ලෙසට උපදෙස් ලබාදුන් බවද ඒ මහතා පවසා සිටියේය. මෙම තීරණය ගැනීම සඳහා පසුගිය වසර පහක් තුළ සිදු වූ අය අනතුරු පිළිබඳව සොයා බැලූ බවත්, 2015 වසර සැලකීමේදී මාරක රිය අනතුරු දෙදහස් හයසීයක් සිදුව තිබෙන බවත්, මෙහිදී ලංගම බස් රථ හැටපහක් හා පුද්ගලික බස් රථ එකසිය හැත්තෑ හතක් මාරක රිය අනතුරු සිදුකර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය. මේ අනුව සමස්ත මාර්ග අනතුරුවලින් 10% ප්‍රමාණයක් බස් රථවලින් සිදුව තිබෙන බවත්, 2016 වර්ෂයේදී දෙදහස් අටසිය තිස් හතක් මාරක රිය අනතුරු සිදුව තිබෙන අතර, මෙහිදී ලංගම බස් රථ අනූ දෙකකින් හා පෞද්ගලික බස් රථ එකසිය හැට හතරකින් මාරක රිය අනතුරු සිදුව තිබෙන බවත් ඒ මහතා පැවසීය. ප්‍රතිශතයක් ලෙස එය ආසන්න වශයෙන් 9%ක් බවද හෙතෙම පවසා සිටියේය. 2017 වසර සැලකීමේදී මාරක අනතුරු දෙදහස් නවසිය හැටපහක් සිදුව තිබෙන බවත්, මෙහිදී පෞද්ගලික බස් රථ එකසිය අනු හතරකින් හා ලංගම බස් රථ. පනස් නවයකින් මාරක අනතුරු සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය. එය ප්‍රතිශතයක් ලෙස 8.5%ක ප්‍රතිශතයක් බවද ඒ මහතා පවසා සිටියේය. 2018 වසර සැලකීමේදී මාරක රිය අනතුරු දෙදහස් නවසිය අනූ හතරක් සිදුව තිබෙන බවත්, ලංගම බස් රථ හැට එකකින් හා පෞද්ගලික බස් රථ දෙසිය තිස් නවයකින් මාරක රිය අනතුරු සිදුව තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයක් බවද ඒ මහතා සඳහන් කළේය. 2019 වසරේදී මාරක රිය අනතුරු දෙදහස් හයසිය අසූ අටක් සිදුව තිබෙන බවත්, ලංගම බස් රථ තිස් හතරකින් හා පුද්ගලික බස් රථ එකසිය අසූ හතරකින් මාරක රිය අනතුරු සිදුව තිබෙන බවත්, එය ආසන්න වශයෙන් රිය අනතුරුවලින් 8%ක ප්‍රමාණයක් බවත් ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේය. දල වශයෙන් සැලකීමේදී 10%ක ප්‍රමාණයක් අනතුරු සිදුවනුයේ බස්රථවලින් බවත්, මේ අනුව රිය අනතුරු සිදුකරන බස්රථ රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා සේම ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීම සඳහා නෛතික පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය. මීට අමතරව ගෙවී ගිය වසර පහක කාලය සැලකීමේදී සිදුවූ මාරක අනතුරුවලින් එක්දහස් අටසිය හතළිස් පහක් සිදුව තිබෙනුයේ ටිපර් රථ හා කන්ටේනර් රථවලින් බවත්, මෙවැනි අනතුරු සිදුකරනු ලබන්නේ බර වාහන නොසැලකිලිමත් ලෙස අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම තුළින් බවත් ඒ මහතා පවසා සිටියේය. මේ නිසා අන්තරාදායක ලෙස රිය අනතුරු සිදුකරන වාහනවල රියැදුරන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට අමතරව අදාළ වාහනවලට ලබාදී තිබෙන ව්‍යාපාරික බලපත්‍ර අවලංගු කිරීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා පවසා සිටියේය. (ඉන්දික හේවාවිතාරණ)
ඉතා හොඳ යෝජනාවක් .. පාරේ කැලී කීපයක් වැඩිපුර පටව ගන ගන්න හදන ලාභය වගේ නෙවේ මිලියන ගනන් වන් දි ගෙවන එක.
67
POSITIVE
ncpp_train_38956
ශ්‍රී ලංකාවේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා ලබාදෙන අංශය භාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරිනිය පසුගියදා කාර්යාල කටයුතු නිමවී යද්දී පැහැරගෙන ගොස් ටික වේලාවකින් මුදා හැර ඇතැයිද ඇයව පැහැරගෙන ගිය වෑන් රථයේ සිටි පිරිස ඇගෙන් නිශාන්ත සිල්වාට වීසා ලැබුනේ කෙසේදැයි ප්‍රශ්න කර ඇතැයිද ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පැමිණිල්ලක් කර තිබේ. නිශාන්ත සිල්වා රහස් පොලිස් නිලධාරියා පසුගියදා ස්විට්සර්ලන්තයට පවුල සමග පළායාමෙන් පසු රජය එලෙස විදෙස්ගතවීම සියලුම රහස් පොලිස් නිලධාරීන්ට තහනම් කර තිබුණි. තානාපති නිලධාරිනිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි ඊයේ (27) සවස විදේශ කටයුතු ඇමති දිනේශ් ගුණවර්ධන හා අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට ස්විට්සර්ලන්ත තානාපතිවරයාද කටයුතු කළ අතර එම අවස්ථාවන්හිදී එකී ගැටලුව ගැන සාකච්ඡා කර ඇත. මේ ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නට රජය එකඟවී තිබේ. මෙම සිදුවීම දින දෙකකට පෙර වාර්තාවුවත් මුලදී ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක ඒ ගැන විස්තර පළ නොවූ අතර ඊයේ  (27) පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සියලු දුරකථන  ක්‍රියාවිරහිත කර මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් ලබා නොදී සිටීම නිසා මේ ගැන විමසන්නට මාධ්‍ය කළ උත්සාහයන්ට කිසිදු වගකිව යුතු ප්‍රතිචාරයක් ලැබී තිබුනේ නැත. මෙ අතර ඊයේ කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී මේ ගැන ඇමති බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍යවේදියෙකු විමසනු ලදුව එය පොලිස්පතිවරයාගෙන් විමසිය යුතු ප්‍රශ්නයක් යයි පිළිතුරු ලැබී තිබුණි. මේ අතරවාරයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකට සිදුවූ හිරිහැරය බරපතල සිදුවීමක් යයි දක්වා විදෙස් මාධ්‍ය ගණනාවක් පුවත් පළ කර තිබේ. ඒවාට යොමු පහතින් බීබීසී වාර්තාව https://www.bbc.com/news/world-asia-50578481 නිව්යොර්ක් ටයිම්ස් වාර්තාව https://www.nytimes.com/2019/11/27/world/asia/sri-lanka-rajapaksa-crackdown.html ස්විස් ඉන්ෆො වාර්තාව https://www.swissinfo.ch/eng/diplomatic-incident-_swiss-embassy-worker-kidnapped-and-threatened-in-colombo-/45397440
UNP එකට ඊලඟ චන්දෙදි කතා කරන්න හොද මාතෘකා වක් කොහෙද මුන් තාමත් මේ ගැන කටක් ඇරියෙ නෑනේ .
11
POSITIVE
ncpp_train_38957
ලංකාවේ විශාල අලෙවියක් සහිත දේශීය නිෂ්පාදනයක් වන ‘අම්රිතා හඳුන්කූරු’ පසුගිය කාලයේ තරගකාරීන් හා විරුද්ධවාදීන් ගෙන ආ අභියෝග අවලාද කතා වලට භාජනය වූවකි. ගාල්ලේ ඉපදි රිච්මන්ඞ් විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලැබූ සංජීව ගුණවර්ධන ට ආ සංකල්පයක් මත මෙම සුළු කර්මාන්තය ඇරඹූණ අතර පසුව මහා කර්මාන්තයක් බවට පත්විය. ඔහු මේ වනවිට අම්රිතා හඳුන්කූරු කර්මාන්තයේ නිර්මාතෘ මෙන්ම එම නිෂ්පාදනය සිදු කරන ඩාර්ලි බට්ලර් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. 'එක කූරේ සුවඳ දෙකයි' වැනි ප්‍රචාරයන් සමග අලෙවිකරණ උපායන් ගෙන එමින් මෙම නිෂ්පාදනය වෙළෙඳ පොළ ජයගත් ආකාරය ගැන ඔහු කියන කතාව මෙම වීඩියෝවෙන් හෙළි කෙරෙයි.
ඔව් ඔව්. බෙන්තර ගගෙන් එහා එවුන් ගැන පරිස්සමෙන්. ඇස් ඇරපු පුසේක්වත් ගෙන්න එපා කියලයි කියලා තියෙන්නේ.
12
POSITIVE
ncpp_train_38958
හිටපු ජනපති පුත් දහම් සිරිසේන පෙරේදා පාන්දර කොළඹ කේම්බ්‍රිජ් පෙදෙසේ ගොඩනැගිල්ලක ඉහළ මහළේ පිරිසක් සමග එක්ව පූල් පාටියක් දමා ඇති බව වාර්තා කර තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනියක ඇඳිරි නීතිය තදින් පවතින අවස්ථාවක මේ ආකාරයේ ක්‍රියාකාරකමක් සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණි. සන්ඩේ ටයිම්ස් ගවේෂණාත්මක මාධ්‍යවේදිනි නමිනි විජේදාස සිය ෆෙස් බුක් ගිනුමේ මේ ගැන දක්වා තිබූ සටහනේ පරිදි අදාළ සිදුවීම ගැන ඇය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාව දැනුවත් කළද ඔහු ඊට ප්‍රතිචාර නොදක්වා මගහරින බව දන්වා ඇත. මේ අතර නමිනි තැබූ ෆේස් බුක් සටහනට පිළිතුරක් ලියන දහම් සිරිසේන මෙම කතාව විකාරයක් බවත් එවැනි සිදුවීමක් සිදුවී නැති බවත් දන්වා ඇත. ඔහු පවසන්නේ නමිනි එදින සිහිනයක් දැක ඇති බවකි. මෙවැනි කතා පැතිරවීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ඔහු දන්වා ඇත. අදාළ ෆේස් බුක් සටහන් දෙක පහත පරිදිය.
මෙකට කමෙන්ට් එකක් දන්නවත් වටින්නේ නැහැ. හැබැයි කමෙන්ට් කියවන්න ආසයි. මුගෙ ගොන් තත්තා පත්තර කියවලා නැහැ. එනිසා ඇදිරි නිතිය දාල කියලා හිටං දන්නෙ නැහැ මගේ හිතේ
10
POSITIVE
ncpp_train_38959
මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ ඊයේ (30) පැවැති නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණ උසාවි භූමියෙන් පිටත්ව යන අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ හිටපු මන්ත‍්‍රීවරයා කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අනිවාර්යයෙන්ම නව ලකුණකින් නව සන්ධානයකින් තරග කරන බවයි. ශ‍්‍රීලනිප සංවත්සරයට සහභාගි වන්නේදැයි ඇසූවිට තමන් ඊට සහභාගී නොවන බවද ඔහු සඳහන් කළේය.
මට වෙලාවක මෙහෙමත් හිතෙනවා මෙතරම් වැඩිම මුදල් ප්‍රමාණයක් ගැවසෙන ආර්ථික කටයුතු අමාත්‍යාංශයක් සහ දිවි නැගුම වැනි මහා පරිමාණ ව්‍යපෘති සම්බන්ධකර එම අමාත්‍යාංශය තාමාගේ සහෝදරයාට පැවරීම යනු මහින්ද මහත්තයා තමාගේ වටේ සිටින්නන් කල් තියා හඳුනාගෙන සිටි බවයි. බැසිල් වැන්නෙකු හැරෙන්නට කවුරුද එතුමාට විස්වාස කළ හැක්කේ, චන්ද්‍රිකාගේ කාළේ සමෘද්ධි මණ්ධීර හදපු එස්.බී ද, කාටවත් නොතෙරෙන අපබ්‍රංශ දොඩවන රෙජිනෝල්ද, නැත්තන් සිල් ගත්ත උපාසක බළල්ලු වාගේ ඉන්න, නිමල් සිරිපාල, අනුර ප්‍රියදර්ශන යාපාටද, ප්‍රේම්ජයන්ත්ටද..
-27
NEGATIVE
ncpp_train_38960
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා නම් කිරීමට යෝජිත කෙටි ලැයිස්තුවට ඇතුළත් පුහුණුකරුවන් කිහිපදෙනා අතර ඉදිරියෙන්ම සිටින බව වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගෙන් ඊයේ (29දා) කළ විමසීමකදී එම වාර්තාව සම්පූර්ණ අසත්‍යක් බව ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව මීට සති කිහිපයකට පෙර චන්දික හතුරුසිංහ මහතා එම  තනතුර සඳහා ඉතාමත් රහසිගතව ඉල්ලුම් පත් යොමු කර ඇතැයි  එකී වාර්තා සඳහන් කළ අතර ඔහු  සමඟ බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු වේගපන්දු යවන්නකු වන කට්නි වෝල්ෂ් සහ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ඇඩමිස් යන පුහුණුකරුවන් ද එම තනතුර හිමි වීමේ වැඩි ඉඩක් පවතින අනෙක් පුහුණුකරුවන් දෙදෙනා බවද පැවැසේ. තවද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන පෙළේ නිලධාරියක් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් "චන්දික හතුරුසිංහ, කට්නි වෝල්ෂ් සහ ක්‍රිස් ඇඩම්ස් බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තොරාගැනීමට ඉඩ ඇති ඉදිරියෙන්ම සිටින කිහිපදෙනා බව  සත්‍යයක්. නමුත් හතුරුසිංහ මහතා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වන තෙක් ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීමට නොහැකියි.  කට්නි වෝල්ෂ් සම්බන්ධයෙනුත් අපගේ දැඩි අවධානය යොමු කර තිබුණත් ඔහු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා." යනුවෙන් ප්‍රකාශ කර ඇති බව එම වාර්තාව මඟින් වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ස්ටුවර්ට් ලෝ එම තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව අන්තර්කාලීන වැඩ බලන පුහුණුකරු වශයෙන් මේ වන විට නික් පෝතාස් කටයුතු කරයි. මේ අතර පසුගිය ජුනි මාසයේදී නිමාවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ අවසන් ටෙස්ට් තරගය නිමා වීමෙන් අනතුරුව පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ චන්දික හතුරුසිංහ මහතා  එක් නොවීය. නමුත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු 2019 ලෝක කුසලානයට වසරක කාලයක් ඉතිරී තිබියදීත් එම තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ සම්බන්ධයෙන්  විශේෂ පරීක්ෂණ චාරිකාවක් සිදුකිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව යැමට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි නතර වුණු බවයි. නමුත් හතුරුසිංහ මහතා එංගලන්ත පරීක්ෂණ චාරිකාවට සහභාගි නොවී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බව පසුව හෙළි විය. එම අවස්ථාවේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නිසි වේලාවට වීසා බලපත්‍ර ලබා ගැනීමට ඔහුට නොහැකි වීම නිසා එම එංගලන්ත සංචාරය සිදු කිරීමට නොහැකි වූ බවයි.
එයා වෙස්ට්ඉන්ඩීස් ආප්පයක් කාල වගේ හිටං.. ඔහොම තව එක්කෙන්ක් හිටියා. යන්නෙම නෑ පිස්සුද කියලා අහලා ආප්පයක් කාලා පැති මාරු කරලා ජනාධිපති වෙලා රටම විනාශ කරපු.. <3
10
POSITIVE
ncpp_train_38961
2017 සාමාන්‍ය පෙළ විභාගයෙන් පළවෙනියෝ 6 යි දෙවැනියෝ 9 යි ඊයේ රාත්‍රී නිකුත්වූ 2017 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මින් පෙර සිදු නොවූ ලෙස ප්‍රථම ස්ථාන 6 ක්ද දෙවන ස්ථාන 9 ක්ද වාර්තාවී තිබේ. ප්‍රථම ස්ථාන දිනා ගත් හය දෙනා අතුරින් 5 ක්ම සිසුවියන් වන අතර රත්නපුර සීවලියේ එක් සිසුවෙකු පමණක් සිටී. එම සිසුවියන් අතරින් දෙදෙනෙක්ම ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නන්ය. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය අතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය. මුල් ස්ථාන ගත් සිසුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ.
දැන් ඉහල දස්කම් පවත්වන්නේ පොලොන්නරුවේ උන් උඔ * ටොයියෙක් නේද?
5
POSITIVE
ncpp_train_38962
 තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු ඒ තුළ මියගොස් ඇතැයි ඊයේ වාර්තා විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මියගිය පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි. ඔහු  විවාහක පුද්ගලයෙකු බවත් සම්බාහනය මධ්‍යස්ථානයට පැමිණ සම්බාහනයක් ලබාගනිමින් සිටි අවස්ථාවේ අමාරුවක් ඇතිවී එක්වරම ඇදවැටී මියගිය බව වාර්තා විය.මෙම පුද්ගලයා එම ස්ථානයට පැමිණියේ උදේ පාන්දර 5.30 ට පමණ බවද හිමිකරු පවසා ඇත.ඔහු මියගියේ කවර හේතුවක් නිසාදැයි පැහැදිලි වී නැති අතර මධ්‍යස්ථානයේ අය සෞඛ්‍ය අංශ දැනුවත් කළ පසුව ආරක්ෂිත ඇඳුම් ඇඳගත් සෞඛ්‍ය සේවකයින් පැමිණ ඔහුගේ සිරුර ඉවත්කරගෙන යන ලදි.ඔහුගේ දේහය මුල්ලේරියාව රෝහලට යොමු කර තිබුණි. රෝහල් ගත කර ඇති දේහය සම්බන්ධයෙන් පශ්චාත් පරීක්ෂණයක් පවත්වන්නට නියමිතය.වැඩිදුර සොයා බැලීමේදී ඔහු මත්ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහිව සිටි අයෙකු බවද හෙළිව ඇත.මරණයට හේතුව කොරෝනා ආසාදනයදැයි තවම පරීක්ෂණ ප්‍රතිඵල ලැබී නැත.වැඩිදුර පරීක්ෂණ සිදුවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ පැහැදිලි කිරීම පහතින්
Spa එකේ එදා වැඩ කරලා තියෙන්නේ ලොල් ලාල්.. ඌ හපන්න ඇති
2
POSITIVE
ncpp_train_38963
මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නොවන සිංහල පවුල් 7000ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කොට සිටින නිසා මීට වඩා එක් පවුලක් හෝ බලහත්කාරයෙන් පදිංචි  කළහොත් එයට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රවිහරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ටී. රවිහරන් මහතා ඊයේ (29දා) මුලතිව් පළාතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවැසීය. රවිහරන් මන්ත්‍රිවරයා කියන්නේ රජයට අවශ්‍යව ඇත්තේ උතුරේ සිංහල ඡන්ද දායකයන් සංඛ්‍යාව වැඩි කොට සිංහල පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට යවා උතුරේ දෙමළ දේශපාලන බලය යටපත් කිරීමට බවයි. මේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා මහවැලි යෝජනා ක්‍රමය ඉත්තකු වශයෙන් රජය භාවිත කරන බව ප්‍රකාශ කරන රවිහරන් මන්ත්‍රිවරයා, ජනාධිපතිවරයා පසුගියදා යාපනයේදී මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන බව කියා සිටියේද සිංහල ජනාවාස ඇති කිරීමේ එක් පියවරක් වශයෙන් බවද පැවැසීය. රජයේ මහවැලි වතුර සමඟ උතුරට කල්ලතෝනි සිංහල වැසියන් පැමිණෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මීට වසර තුනකට පමණ ඉහතදී පළාත් සභාවේ සැසි වාරයකදී කියා සිටි අවස්ථාවේදී සියලු දෙනාම සිනාසුණත් මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඒ දේම බව කී රවිහරන් මන්ත්‍රිවරයා ඊට අවස්ථාවක් දීමට දෙමළ ජාතික සන්ධානය කිසිසේත්ම සූදානම් නැති බවද කියා සිටියේය. -රසාදි චතුරංගි ගමගේ-
ජතියේ නාමයෙන් සියලු සිOහලයින් ගේ අයිතිය සුරකින බව දියුරා පොරොන්දු වෙමි.සම්බාදක දාපුවාදේ අපි තනියෙන් වවල කලා ජිවත් වෙමු දැන්වත් පක්ශ අතැරලා දෙශපලනයෙන් තොරව අපි එකතුවෙමු වදින්නම් දැන්ම දෙශපලන පක්ශ සියල්ල අතාරින්න
43
POSITIVE
ncpp_train_38964
මරණිය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ගේ වත්කම් බැරකම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අද ගොනු කර තිබු නඩුවකදී බන්ධනාගාර නිලධාරීන් දුමින්ද සිල්වා අධිකරණයට ගෙන්වා නොතිබූ අතර අධික ලෙස රෝග තත්වයෙන් සිටින බවට නීතීඥයින් කරුණු ඉදිරිපත් කර තිබුනේ ඔහුට වෙඩි වැදී ඇතිවූ පැරණි තුවාල නැවත සිරගතවූ පසු මතුවූ බවටත් ස්නායු රෝග තත්වය උග්‍රවූ බවත් පවසමිනි. ඒ අනුව සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකුගෙන් ලබා ගත් වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල අද (26) නියෝග කළා. පෙබරවාරි මස 13 වන දින අදාළ වාර්තාව සමග නඩුව නැවත කඳවා ඇත.
මූ ඔය ලෙඩ තියාගෙනනෙ ඇතුලට දාපු පලවෙනි දවසෙම ක්‍රිකට් ගැහුවෙ!
122
POSITIVE
ncpp_train_38965
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අර්බුදකාරී රටට හදිසි ණයක් ලබා දීම සම්බන්ධයෙන් මූලික එකඟතාවයකට පැමිණ ඇති අතර 31 බ්‍රහස්පතින්දා විධිමත් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව  මූලාශ්‍ර හතරක් උපුටමින් විදෙස් වාර්තා සඳහන් කරයි.දශක හතකට වැඩි කාලයක් තුළ රටේ දරුණුතම ආර්ථික අර්බුදය සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාව ගෝලීය ණය දෙන්නාගෙන් ඩොලර් බිලියන 3ක් ඉල්ලා ඇත. IMF සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශකයින් මේ ගැන ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූයේ නැත.වසරේ ඉතිරි කාලය සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා අයිඑම් එෆ් සාකච්ඡා අවසාන අදියරට” පැමිණ ඇති බව කීවේය.IMF කණ්ඩායමක් දේශපාලන පෙරමුණේ ගැටළු විසඳීම සඳහා භාණ්ඩාගාර ලේකම් ඇතුළු ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් සමඟ අඟහරුවාදා රාත්‍රිය දක්වා සාකච්ඡා පැවැත්වූ බව ආරංචි මාර්ග පවසයි. මෙහිදී බොහෝ තාක්ෂණික තොරතුරු වලට කලින් එකඟ වී තිබූ බවද වාර්තා කර තිබේ. ජපානය චීනය වැනි අනෙකුත් ප්‍රධාන ණය දෙන්නන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන පරිදි රට ඩොලර් බිලියන 29 ක පමණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ද උත්සාහ කරයි. ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඩොලර් බිලියන 19 ක ස්වෛරීත්ව බැඳුම්කරවලින් බහුතරයක් රඳවාගෙන සිටින පුද්ගලික ණය හිමියන් වෙත ඉක්මනින් ළඟා වීමට ශ්‍රී ලංකාව සැලසුම් කරයි.S&P Global ශ්‍රේණිගත කිරීමේ ආයතනයට අනුව ජුනි 3, ජූනි 28 සහ ජූලි 18 යන දිනයන්හිදී නියමිත බැඳුම්කර සඳහා පොලී ගෙවීම සහ ජූලි 25 දිනට නියමිත මූලික ගෙවීම ශ්‍රී ලංකාවට මග හැරී ඇත.COVID-19 වසංගතය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මත යැපෙන ආර්ථිකය කඩාකප්පල් කළ අතර විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ කප්පාදු කළේය.තෙල් මිල ඉහළ යාම, ජනතාවාදී බදු අඩු කිරීම් සහ කෘෂිකර්මාන්තය විනාශ කළ රසායනික පොහොර ආනයනය සඳහා පසුගිය වසරේ මාස හතක තහනමක් පැනවීමෙන් හානිය උග්‍ර විය.
එලඹෙන ශීත සෘතුවේ (රුසියාවට සම්බාධක පනවන්නට ගොස් ගෑස් නැතිව සීතලෙන් බැටකන) ලක්ෂ ගනනක් යුරෝපය හැර පලා යාමට නියමිතය.. එසේ යුරෝපා රටවලින් පලා එන්නන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ලංකාවට දෙන ණයක් වශයෙන් තමා මේ යෝජිත IMF ණය රැවටිල්ල පෙනෙන්නේ. මේ ශීතලෙන් පලා යන්නන් ලංකාවට කඩාපාත් වීම හිගන්නාගේ පාත්තරේට හෙනහුරා වැටීමක් වනු ඇත.මන්ද සීමාසහිත ආහාර ද්‍රව්‍ය වැඩි මිලකට සුද්දන්ට අලෙවි කිරීමට ඇතිවන පෙළඹවීම නිසා පොදු ජනතාව ආහාර මිල ඉහල යාමටත් ආහාර හිඟ වීමටත් තවතවත් ගොදුරු වනු ඇත. ඊට අමතරව ලංකාවට එන යුරෝපා ජාතිකයන්ගෙන් ලංකාවට ලැබෙන ඩොලර් සහ යූරෝ මේ දෙන්නට යන IMF ණයවල ප්‍රයෝගකාරී පොලියට හිලව්කර නැවත යුරෝපය විසින් කොල්ලකාගනු ඇත.
-4
NEGATIVE
ncpp_train_38966
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ගුවන්තොටුපළේ බිරිය සමග ගමන්කරමින් සිටියදී නැගුණ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී. එය පහතින් 
නිකමෙක්
110
POSITIVE
ncpp_train_38967
ITN අවභාවිතාවට  මහින්දව දේශපාලනයෙන් ඉවත් කරන්න නිර්දේශ සියයට සියයක්ම රජයේ කොටස් හිමි ස්වාධීන රූපවාහිනි සේවය අයුතු ලෙස දේශපාලන කටයුතුවලට යොදා ගැනීමේ වරද මත හිටපු ජනාධිපති. හා වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වසර 7 කට පසුවත් පාර්ලිමේන්තුවට පත්වීමේ අවස්ථාව අහිමි කළ යුතු යැයි බරපතළ වංචා දුෂණ සෙවිමේ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබු බරපතළ වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ 148 හා 149 වැනි පිටුවල ඉහත නිර්දේශ ඇතුළත් කර පවතියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කොමිසම ඉදිරිපත් කරන නිර්දේශ පහත පරිදිය. 2015 ජනාධිපතිවරණයට අදාළව ස්වාධීන රූපවාහිනී ජාලයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ප්‍රචාරක දැන්වීම් විකාශන කටයුතු සිදු කළ ස්පෙල් සොලියුෂන් නියෝජිත ආයතනයෙන් අයකර ගත යුතු රුපියල් 2, 467, 812ක මුදලක් අය කර නොගැනීමෙන් දුෂණය නමැති වරද සිදු කිරීමට හෝ අනුබලදීම හෝ පොදු අරමුණක් සහිතව එකී වරද සිදු කිරීම. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාගේ මුදල් ගෙවූ රුපියල් 9, 466, 000ක් වටිනා ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් සාධාරණ හේතුවක් නොමැතිව අයුතු සහගත ලෙස හෝ නීතිවිරෝධී ලෙස ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ විකාශය නොකර එම මුදල් ආපසු ගෙවීමෙන් ආණ්ඩුවට පාඩුවක් කිරීම. සියයට සියයක් රජයේ කොටස් ඇති ස්වාධීන රූපවාහිනි ආයතනය තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා රජයට පාඩු කරමින් මේ දුෂණය නමැති වරද කර ඇති බව පෙනී යයි. මෙවැනි වැරැදි සිදු කළ අය රට වෙනුවෙන් සේවයක් සිදු කෙරතැයි අපේක්ෂා කළ නොහැක. ඒ අනුව වසර 07 කින් පසුව හෝ එවැනි වරදවලට වරදකරු වූ දේශපාලනඥයන්ට ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් වශයෙන් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධරයන් වශයෙන් පත්වීමට අවස්ථාව ලබාදීම නුසුදුසු බව මේ කොමිෂන් සභාවේ අදහසයි. ඒ අනුව මේ කොමිෂන් සභාව නිර්දේශ කරනු ලබන්නේ ඉහත ව්‍යවස්ථාවල දක්වා ඇති ලෙසට වැරැදිකරුවන් වූ අය එසේ වරදකරු කිරීමෙන් පසු කිසිම අවස්ථාවක මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම හෝ මහජන නියෝජිතයන් වශයෙන් පත්වීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත්වීම නුසුදුසු බවට වන නීති සම්පාදනය කිරීම අවශ්‍ය බවයි.
මෛත්‍රීට දැන්ද මේ මහින්දගේ වැරදි පේනනෙ. චන්දෙන් අන්ත පරාදයක් වන බව දැනගෙන මහින්දට මඩ ගහනව ශ්‍රී ලකා කාරයො ඕවට රුවටෙන්නෙ නැහැ. 12 වෙනිදට බලා ගන්න පුළුවන් තරම
9
POSITIVE
ncpp_train_38968
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද යෝජනාවක් අනුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණදීමට සිදුව ඇති පිඩාවන් පිළිබද අවධානය යොමු කරමින් එම තීරණයට එළඹි බව පෙරේදා (25) පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ  "මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය" සිසු අයිතියට පවරා දීම් අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූයේ දුප්පත් දරුවන්ට සම්පත් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් දීමනාවක් ලබාදීමේ අරමුණින් වුවත් වර්තමානය වනවිට එය ජනප්‍රිය යැයි සම්මත පාසලකට ඇතුළත් වීමේ තරගයක් වී ඇති බව ජනාධිපතිවරයා සදහන් කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලබන්නන් වැඩි පිරිසක් ශිෂ්‍යත්වය සමත්වූවන් නොවන බවට සංඛ්‍යා ලේඛන මගින් හෙළි වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසුවේය. එබැවින් සිදුවිය යුත්තේ ජනප්‍රිය යැයි සම්මත පාසල් සඳහා ඇතුළත් වීමේ තරගයක් නොව දිවයිනේ සියලු පාසල්වලට සම්පත් ලබාදෙමින් ඒවා භෞතිකව මෙන්ම ගුණාත්මකව සංවර්ධනය කිරීම බවත් එහි වගකීම අදාළ ප්‍රදේශවල මැති ඇමැතිවරුන්ට මෙන්ම මහජන නියෝජිතයන්ට පැවරෙන බවත් ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් පැවැසීය. ශිෂ්‍යත්වය ගැන තීන්දුවක් ගැනීමට මීට මාස කිහිපයට පෙර විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ අතර ඔවුන් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ. එම විශේෂඥයින් ශිෂ්‍යත්ව විභාගය හඳුන්වා දී තිබෙන්නේ ශිෂ්‍යාධාර ලබාදීම සහ ජනප්‍රිය පාසැල් සඳහා සිසුන්ට ඇතුළත් වීම සඳහා අවස්ථාව සලසා දෙන විහාගයක් ලෙසිනි. නමුත් විහාගයෙහි පවත්නා තරගකාරිත්වය හේත්තුකොටගෙන සිසුන්ගේ මනසට අයුතු බලපෑමක් සිදුවන බව ඔවුන් පවසා තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා චක්‍රලේඛයක් මගින් ශිෂ්‍යත්වය අනිවාර්ය විහාගයක් නොවන බවට සහ ශිෂ්‍ය හිතකාමී විභාග ක්‍රමයක් බවට පත්විය යුතු බවට ප්‍රකාශ කළේය. මෙකී නිර්දේශ මත කඩිනමින් ශිෂ්‍යත්වය ගැන තීන්දු තීරණ ගන්නා බව අධ්‍යාපන අමාත්‍යගය පවසයි. එසේම ඉදිරියේදී යම් හෙයකින් ශිෂ්‍යත්ව විභාගව නැවැත්වුවද සිසුන් සදහා ලබා දෙන ශිෂ්‍යාධාර නොනවත්වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය. -දිනුක මලින්ද හේරත්-
එවිට මහානාම, තර්ස්ටන්, ඉසිපතන ආදී සියල්ල රෝයල් ලෙස නම් වන අතර ඒවා එකම ලෙස පාලනය වන්නේ රෝයල් committee එකෙන්. ඉන්පසු එම එක් එක් පාසලක් එක් එක් පන්ති සඳහා වෙන් කල හැකියි. උදාහරණයක් ලෙස රෝයල් 1 වසර සඳහා මහානාම, 2 වසර සඳහා තර්ස්ටන් වශයෙන්. ප්‍රධාන රෝයල් පාසැල උසස්පෙළ පන්ති සඳහා පමණක් වෙන් කල හැකියි. මෙයින් ළමුන් වැඩි දෙනෙකුට සමාන අධ්‍යාපන අවස්ථා නිර්මාණය වෙනවා සේම භේදයක් ඇති වීමද වලකිනවා. දරුවෙකුට තම අද්යාපන ජීවිතයේ දී පාසල් 13 ක ඉගෙන ගැනීමටත් අවකාශ සැලසෙනවා.
1
POSITIVE
ncpp_train_38969
හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ මද්දුම පුතු යෝෂිත රාජපක්ෂ පසුගිය දිනවල රගර් ක්‍රීඩාවේ යෙදෙන අතර ඇතිවූ බව කියන සංකීර්ණ ආබාධ තත්වයන් හේතු කොට ශල්‍යකර්ම කිහිපයකට ලක්ව ඇති අතර දැනට සීඑච් ඇන්ඩ් එෆ්සී කන්ඩායම් නායකයාද වන ඔහුට නැවත රගර් ක්‍රීඩාවේ නොයෙදෙන ලෙස වෛද්‍ය උපදෙස්ද ලැබී ඇතැයි වාර්තාවේ. අද (30) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට ඔහුගේ හිසේ ඇතිවූ ආබාධ තත්ව වලින් පසු ශල්‍යකර්ම සිදු කර හිස් කබලේ කොටසක හා මුහුණේ කොටසක කම්මුලේ ලෝහමය පතුරු සවිකිරීමක්ද සිදු කර ඇත.  කොළඹ ඩර්ඩන්ස් පුද්ගලික රෝහලේදී මෙම ශල්‍යකර්ම සිදුකරනු ලැබීමෙන් පසු ඔහු යථාතත්වයට පත්වූ නමුත් වෛද්‍යවරුන් ඔහුට නැවත රගර් ක්‍රීඩාවේ නෙයෙදෙන ලෙස උපදෙස් දී ඇති බවද වාර්තා කර තිබේ.
මම රාජපක්ෂලාට කැමති නෑ ඒ වුනාට මිනිහෙක්ගේ කරදරයකින් සතුටක් ලබ ලබ ෆන් අරං කොමෙන්ට් දාන වුන් හරියට හොයලා බැලුවොත් කුහක දෙපිටකාට්ටු සිංහල බෞද්ධයො. මේක මුන්ට එන්නේ ජාන වලින් ගොඩක් වුන්ගේ බොක්කේ දඩමස් හක්කේ බුදුරැස් මට මේ වගේ උන් දැක්කත් ඇගේ පලු දානවා. බල්ලෝ!
-14
NEGATIVE
ncpp_train_38970
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මාධ්‍ය හමුවකතට එක්වී පැවසූ අදහස් පහත පරිදිය.‘ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරපු කතාව පිළිබඳව විවිධ කතන්දර කියන පාර්ශවයන්ට අපි කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  ඒ ජාතිය අමතා කරපු කතාවේ වෙන ජාතිය අමතා කරපු කතා කතාවලට වඩා කරපු වෙනස කටින් විතරක් නෙමෙයි මහපොළොවේත් පෙන්නලා තියෙනවා..  ඉතින් ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කටින් බතල හිටවන කෙනෙක් නෙමෙයි. එතුමාට කොච්චර මඩගහනවා ද එතුමා මේ රටේ ජනාධිපති වෙන්න නාමයෝජනා බාර දුන්න දවසේ ඉඳලා විරුද්ධ පක්ෂයෙන්.. එදත් මට ගැහුවා, නාමයෝජනා කාලෙත් මට ගැහුවා, ජනාධිපතිකරණ කාලෙත් මඩ ගැහුවා, ජනාධිපති වුණාට පස්සෙත් මඩ ගැහුවා.. දැනුත් මට ගහනවා.. හැබැයි වෙනදා මේ රටේ ජාතිය අමතපු හැම අවස්ථාවකම රාජ්‍ය නායකයා විරුද්ධ පක්ෂය පිලේ කවුරුහරි පිළිබඳව අඩු ගානේ ඇනුම් පදයක් හරි කියන්න කියලා තමයි නැවැත්තුවේ.. ජාතිය අමතා කරපු සමහර කතාවල තිබුණේ සමහර නායකයන්ගේ මීට ඉස්සර විරුද්ධ පක්ෂය ගැන කරපු කතාවක්.. හැබැයි එතුමා  දේශපාලනයට ආව දවසෙ ඉඳලා එතුමාට කොච්චර මට ගැහුවත් එතුමා වචනයකින්වත් විරුද්ධ පක්ෂය හෝ තමාගේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයා පිළිබඳව කතා කරන්න ගියේ නැහැ.. ඒකත් අලුත්ම දේශපාලන විලාසිතාවක් system change එකක් තමයි ඉල්ලුවේ මේ රටේ මිනිස්සු. හැබැයි system change එක් ඉල්ලපු මිනිස්සුම system change කරනකොට ඒකට හිනා වෙනවා. කොච්චර පරිසර සංවිධාන මේ මාධ්‍ය සාකච්ඡා තියලා කියන්න ඇත්ද අපි බොන්නේ වහා ,කන්නේ වහා වෙන කට්ටිය අර අපේ කෘෂිකාර්මික පළාත්වල අපි ඉන්නේ. ඒ කෘෂිකර්ම වල ඉන්න ගොවියෝ ඒ තමන්ගේ නිෂ්පාදන වවන කාලේ ඒ රසායනික ද්‍රව්‍ය ගහන්නේ නෑ නේ මාස්ක් එකක් දාන්නෙ නැතුව. අපි නම් දැන් මාත් දන්නෙ කොරෝන නිසානෙ.. ඒ අය මාසක් දාන්නෙ කොරෝන එන්න ඉස්සෙල්ලා.. රසායන ද්‍රව්‍ය ගහනකොට මාස්ක් දාගත්තා. ඇයි ඒ රසායන ද්‍රව්‍ය විසයි.අපේ පළාත් වල එහෙම හදිසියේ ඔය පොඩි ලව් පළහිලව්වක් එහෙම ගිහිල්ලා කොල්ලෙක් කෙල්ලෙක්ට තරහ ගියොත් එහෙම මුලින්ම ගිහිල්ලා ගහන්නේ අර කෘමිනාශක බෝතලේ මැරෙන්න. ඉතින් එහෙම තමයි අපේ එළවළු වලට ගැහුවෙ.. එතකොට ඒ වස විස කන්න එපා කියලා කියපු පරිසර සංවිධාන නැහැ. අර හාමුදුරුවෝ නමක් හිටියා වස විස එපාම කියපු හාමුදුරුවෝ කෙනෙක්. දැන් ඒ හාමුදුරු කොහෙද දන්නෙත් නෑ. බලනකොට මේ කරලා තියෙන සම්පූර්ණ දේශපාලන වුවමනාවන් මත කරපු එක එක එන්ජීඕ වල ව්‍යාපෘති. හැබැයි ජනාධිපති තුමාගේ ව්‍යාපෘතිය එහෙම එකක් නෙමෙයි. ම ොකද මම අපේ කණ්ඩායම් රැස්වීමේදී පොහොර රසායනික පොහොර එහෙම්පිටින්ම ගෙන ඒන එකට විරුද්ධ වුණා.. අපේ පළාතේ එළවළු ගොවියාවත් අඩුගානේ මේ  පලවෙනි වටෙන් අයින් කරන්න අපි දෙවැනි වටයේ ඒගොල්ලො ඇතුලත් කරමු කියලා. හැබැයි ජනාධිපතිතුමා දේශපාලන වාසියක්වත් ගණන් ගන්නේ නැතුව නෑ මේ තීරණය මම ක්‍රියාත්මක කරනවා කිව්වා.ඉතින් ඒ නිසා system change එකට යන අළුත් නායකයෙක්. මේ මෙතෙක් කල් ජාතිය ඇමතීමේ දී විවිධ දේශපාලන පක්ෂවල නායකයෝ කරපු එකට වඩා වෙනස් ක්‍රමයක් තමයි. හැබැයි ඒක system change එකක් ඒ වගේ දේවල් ලෝකයේ බොහෝ රටවල් වල නායකයො කරනවා. system change එක සමහර වෙලාවට දැන් මගේ දෙපැත්ත ඉන්නේ  තරුණ මන්ත්‍රිතුමාලා දෙදෙනාට එක දරාගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ system change ඉල්ලපු කාල වල හිටිය අය. අපි system change එක ඉස්සෙල්ලා ඉඳලා ඉන්න අය. අපි වගේ අයට මේ සමහර system change එක අමාරුයි දරාගන්න අමාරුටි.. ආණ්ඩුපක්ෂයේ ඉඳගෙන අපි වගේ අයට system change එකක් දරාගන්න අමාරුයි. මොකද අයියෝ ඇයි මෙහෙම වෙන්නේ කියලා. හැබැයි මේක තමයි මිනිස්සු ඉල්ලපු system change එක. system change  කරන්න වෙලා තියෙන්නේ  කොරෝනා වසංගතයත් එක්ක. ඒ නිසා මෙවැනි තත්ත්වයක් තුළ ලෝකෙ වෙනත් ආර්ථිකත් එක්ක එකට යන්න වෙන්නෙ අලුතින් අලුත් සාමාන්‍යයක් එක්ක. ආයිත් කිසිම රටක් ලෝකේ ඊළඟ අවුරුදු තුන තුළ ධන ආර්ථිකයක් වර්ධනයකට යන අමාරුයි new normal එක 0 මට්ටමේ තියාගන්න පුළුවන් නම් ඝෘණ නොවී එක තමයි හොඳම දේ. ඉතිං එවැනි තැනකට අලුත් සාමාන්‍ය වලට යන්න වෙනවා.. එවැනි තැනකට යන්න උත්සාහ කරනකොට බැසිල් රාජපක්ෂ මැතිතුමා වගේ කෙනෙක්ගේ පාර්ලිමේන්තු නැවත ආගමනය අපට විතරක් නෙමෙයි ,පක්ෂයට විතරක් නෙවෙයි රටටම ප්‍රයෝජනයක් වේවි.‘
මූත් කතාව අහලා නෑ වගේ
23
POSITIVE
ncpp_train_38971
වෛද්‍ය පැතුම් කර්නර් යනු පසුගිය කාලයේ ‘ගෝටාගෝහොම්‘ යන සංවාදය බිහි කළ මහමොළකරු ලෙස කතාබහකට ලක්විය. එංගලන්තයේ සිට පැමිණි ඔහු ගෝටාගෝගමට ගිය අවස්ථාවේ ඇතුළෙ වෙච්ච සිද්දියක් ගැන විවිධ කතා සමාජ මාධය තුළ පළවෙමින් පවතී. ඒ ගැන ඔහු කියූ කතාව මෙසේය. ''ගෝස් ෆේස් එකේ මං සම්බන්ධයෙන් යම්කිසි සිදුවීමක් සිද්ධ උනා..ඒක සමාජ මාධ්‍ය ජාලා වලින් YOUTUBE එකෙ හැමතැනම විවිධ අය විවිධ අර්ථකථන දෙමින් ප්‍රචාරය කරනවා ඔවුන්ගේ මතය ඉදිරිපත් කරන්න...එහිදි මම පැහැදිලි කිරීමක් කරන්න ඕන මම ඉදිරිපත්කරන පැහැදිලි කිරීම තමයි මේ....මුලින්ම යොහාන් ගැන කිව්වොත් යොහාන් කියන්නේ මම කලින් දන්න කෙනෙක් කලින් හමුවෙච්ච නැති..යොහාන් යම්කිසි සංවිධානයක් හදාගෙන තිබුණා අපි දවසක ZOOM MEETING එකක ඉදලා කතා කරලා තියෙනවා කණ්ඩායමක් එක්ක...විශේෂයෙන් අළුතෙන් ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර වලදි එකිනෙකා හදුනාගනීම වැදගත් එවැනි අවස්ථාවක එකිනෙකා හඳුනාගන්න අපි දේශපාලනිකව සාකච්ඡා කරපු වෙලාවල් තියෙනවා එහෙම හදාගත්ත හිතවත් කමක් ඔහු සමඟ තියෙනවා....මම අරගල භූමියට ගියාම යොහාන් ඇතුළු කණ්ඩායම ඉන්න තැනට ගියා එතැන ලොකු පිරිසක් එකතු වෙලා හිටියා...ඔවුන් යම්කිසි මාධ්‍යආවරණයක් එක්ක සාකච්ඡා කරමින් සිටියා.මම එතැනට ගිහින් යොහාන්ට කතා කරලා අපි එතැනදි පොඩි දෙබසක් අපි ONLINE FACEBOOK එකේ දාලා තියෙනවා LIVE ගිහිල්ලා ඒ දෙබසේ උනේ මම යොහාන්ගෙන් ප්‍රශ්ණ අහනවා යොහාන් උත්තර දෙනවා. අවසානායේ යම් පිරිසකට අවශ්‍ය උනා මගෙන් ප්‍රශ්ණ අහන්න යොහාන් තෝරගත්තා එතැන හිටිය මල්ලි කෙනෙක්ව කොහොමද මගෙන් ප්‍රශ්ණ අහන්න ඕන කියලා..ඔහු එතැනට ඇවිත් කිව්ව දේ තමයි රටේ System change එකක් කරන්න ඕනනම් මේ අරගලය ඔස්සේ පැතුම් කර්නල්ව නායකයා කරගන්න කියලා...ඒක කිව්ව ගමන් ඒ මෙහොතෙම ඊළඟ තත්පරේම විශාල හඩක් සමඟ හය හත් දෙනෙක් ගෙන් යුත් පිරිසක් කෑ ගහගෙන ඉදිරියට ආවා .ඔවුන් ඒ කියවීමට එකඟ උනේ නෑ....එතකොට ඔවුන් විරෝධයක් පළ කලා මේ මං විසින් දාගත්ත පුද්ගලයෙක් වෙන්න පුළුවන් මාව promote කරන්න හදනවා කියලා...මම හිටියේ එංගලන්තයෙ ඒ වගේම ඒගොල්ලෝ විශාල කැපකිරීමක් මේ වෙනකොට කරලා තියෙනවා.දවස් 18ක් තිස්සේ අව්ව වැස්සෙ රෑ ගෙදර යන්නේ නැතුව මහන්සි උනා....එච්චර කැප කිරීමක් ඒ අය කරලාතියෙද්දි ඔයා එංගලන්තයේ ඉදලා ඇවිත් ඔයා කොහොමද මේ අරගලයෙන් ඔයාව promote කරගන්නේ... ඒ අතර පොඩි බහින් බස් වීමට මේක ගියා අර මල්ලි ඉස්සරහට ඇවිත් කියපු දේ ඉල්ලා අස්කරගත්තා...ඊට පස්සේ මේ ගැටුම තව දුරටත් උනුසුම් උනා..මට උත්තරයක් දෙන්න ඕන වෙලා තිබ්බා නමුත් ඔවුන් මට උත්තරයක් දෙන්න අවස්ථාව ලබාදුන්නේ නෑ...තව සහෝදරයෙක් ඇවිත් මට කිව්වා ඔයා දැන් මෙතැනින් යන්න තව අය ඇවිත් මෙතැන ගැටුමක් ඇති වෙයි කියලා පස්සේ මම එතැනින් ගියා.සමාජ මාධ්‍ය වල ගියා වගේ එතැන පරදීමක් සිදු උනේ නෑ,ගැටුමක් ඇති උනේ නෑ, එතැනින් පන්නා දැමීමක් සිදු උනේ නෑ...මම අදත් ගෝල් ෆේස් එකට  යනවා එතැන ගැටළුවක් නෑ...''
දියසෙන් ඇවිල්ලා බලේ ගන්න, අනුරයියට තමා කෙලවෙන්නෙ😂😂😂😂
22
POSITIVE
ncpp_train_38972
සංගීත ප්‍රසංගයට යද්දී වාහනය ප්‍රපාතයට පෙරළීජින්ජර් රෝහලේ ප්‍රකට ගායිකා ජින්ජර් වයිට්‌ දෙනියාය ප්‍රදේශයේ පැවැත්වූ සංගීත ප්‍රසංගයකට සහභාගි වීම සඳහා ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව ඇත.  මෝටර් රථය කොස්‌මෝදර පොලිස්‌ වසමේ දියදාව දිග බෝක්‌කුව අසලදී අඩි 60 ක ප්‍රපාතයකට පෙරළී යාමෙන් සිදුවූ අනතුර නිසා ඇය  ඇගේ 7 හැවිරිදි පුත්‍රයා හා ඥති පුත්‍රයකුද ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.  ඊයේ (28 වැනිදා) අලුයම 1.15 ට පමණ මෙම අනතුර සිදුවී ඇතැයි කොස්‌මෝදර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චන්දන අමරතුංග මහතා පැවැසීය.  අනතුරින් තුවාල ලබා සිටි ජින්ජර් ඇතුළු පිරිස දෙණියාය රෝහලට ඇතුළත් කළ අතර ජින්ජර් වයිට්‌ වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා ඇත.  මෝටර් රථය පැදවූ රියෑදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. දෙනියාය පොලිසිය සඳහන් කරන්නේ මේ දිනවල දැඩි වර්ෂාපතනයක් පවතින දෙනියාය ප්‍රදේශයේ මාර්ග ලිස්සා යෑමේ අනතුරු බහුලව දක්නට ලැබෙන බවත් එලෙස රථය වංගුවක් ගැනීමේදී ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළී ඇති බවත්ය.  රිය අනතුරින් ජින්ජර්ගේ 7 හැවිරිදි පුත්‍රයා හා ඥති පුත්‍රයකුද තුවාල ලබා ඇත.  අනතුර සිදුවීමත් සමගම ප්‍රදේශවාසීන් පැමිණ මහත් පරිශ්‍රමයක්‌ දරා අනතුරට ලක්‌වූ පිරිස මෝටර් රථයෙන් එළියට ගෙන ත්‍රිරෝද රථ දෙකකින් රෝහල කරා යවා තිබේ.  ප්‍රපාතයේ තිබූ ජින්ජර්ගේ මෝටර් රථය ගොඩටගෙන පොලිසිය වෙත ගෙනගොස්‌ තිබේ. එම රථයට දැඩි හානි සිදුවී ඇත. මින් ඉහත කොළොන්නාවේ ශ්‍රිලනිප මැතිවරණ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්වීමට සූදානම්වූ අවස්ථාවේ ජින්ජර් ගැන දේශපාලන ලෝකයේ ආන්දෝලනයක් මතුවූ අතර පසුව ඇයට නාමයෝජනා නොලැබ තිබුණි.
අපරාදේ මහන්සිවෙලා හොස්පිටල් අරගෙන ගියේ, අර ඇමෙරිකාවේ වගේ 911 කෝල් කරලා අහක බලාගෙන ගියානම් ඉවරයිනේ ? ලංකාවේ අයට පිස්සුනේ ?
-25
NEGATIVE
ncpp_train_38973
පසුගිය ඔබාමා පාලන සමයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරය දැරූනිෂා බිස්වාල් එම තනතුරින් ඉවත්කර ඇත. ඇය සිය තනතුරේ සිටියදී ලංකාව සමග සමීප සබඳතා පැවැත්වූ අතර මෙරට සංහිඳියා වැඩසටහන වෙනුවෙන් අධීක්ෂණ කටයුතුද සිදු කළාය. 2014 වසරේ ජනවාරි මස 24 වනදා සිට ඇය එම තනතුරේ කටයුතු කර තිබුණ අතර වසර 3 ක ඇවෑමෙන් නිෂා බිෂ්වාල්ගේ ධුරයට විලියම් ට්‍රොඩ් පත්කර ඇත.
හොඳ වැඩේ.
11
POSITIVE
ncpp_train_38974
ඇඹිලිපිටිය රෝහල අසල පස්වැනි පටුමගේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ කාන්තාවකට වෙඩි තබා ඉකුත් 26 වැනිදා රාත්‍රියේ මරා දමා ඇතැයි ඇඹිලිපිටිය පොලිසිය කියයි.  වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ තිස් පස් හැවිරිදි දෙදරු මවක බවත් එම ඝාතනයට සැකපිට මියගිය කාන්තාවගේ හතළිස් හැවිරිදි සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති  බවත් පොලිසිය පවසයි.  මෙසේ මියගොස් ඇත්තේ අබේසිංහ කම්කානංගේ ඉන්ද්‍රා මල්කාන්ති නමැත්තියක බව පොලිසිය කියයි.  වෙඩි තැබීමට යොදාගත් බව කියන මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක්. බෝර දොළහේ තුවක්කුවලට යොදන හිස් පතරොම් කොපුවක් තම බාරයට ගත් බවත් පොලිසිය පවසයි.  පවුල් ආරවුලක් මත සිදුවූ බහින්බස් වීමක්  දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදු වන්නට ඇතැයිද පොලිසිය සැක කරයි. එදින රාත්‍රී 7.30 ට පමණ මෙම දෙදෙනා  අතර යම් ආරවුලක් ඇතිවීමෙන් අනතුරුව  මියගිය කාන්තාව තම වසරක් වයසැති සිගිති දරුවා සමග තම පදිංචි නිවෙසින් පිටතට  පැමිණ මියගිය කාන්තාවගේ මහගෙදර යාමට පිටත්වීමට යාමේදී මාර්ගය මැදදී වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි. එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාවගේ බාල සහෝදරයාද එම  ස්ථානයේ සිට ඇති අතර වෙඩි වැදුණු කාන්තාව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල  වෙත රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඇය මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මල්ශාලවක හිමිකරුවකු වන සැකකරු කෝටිපති ව්‍යාපාරිකයකු බවත් එම තැනැත්තා මීට පෙර විවාහයක් කරගත් තැනැත්තකු බවත් පොලිසිය සඳහන් කළාය. සිදුවීම වූ ස්ථානය අසළ නිවසක හා මියගිය කාන්තාව පදිංචි නිවසේ සීසීටීවී කැමරා පද්ධති සවිකර තිබූ බවත් මියගිය කාන්තාවන්ගේ නිවෙසේ තිබූ කැමරා පද්ධති පරීක්ෂා කිරීම සඳහා තම බාරයට ගත් බව පොලිසිය පවසයි.  මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්‍ෂණය ඇඹිලිපිටිය අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් එදින පස්වරුවේ පවත්වනු ලැබීය. එම මළ සිරුර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයකුට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය. රෝහණ සමරවීර -
නුවර පැත්තෙන් නම් ඉතින් සහොදරයො කට්ටියටම එකියක් සෑහේ..
17
POSITIVE
ncpp_train_38975
පොදු ස්ථානවලට සුනඛයින් බළලුන් ගෙනවිත් දමන පුද්ගලයන් CCTV කැමරා භාවිතයෙන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරිමට පොලීසිය උපදෙස් දීමට තීරණය කර තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා දන්වා ඇත. සත්ත්ව සුබ සාධනය සඳහා උපදේශන කමිටුවක් පත්කිරිම පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ බව දන්වා ඇත. අමාත්‍යාංශය හා පළාත් සභා හා අදාළ අංශ වල නිලධාරීන් ඇතුළත්ව මෙම කමිටුව පත්කිරීමට නියමිතය. දිවයින පුරා පාසල්, රෝහල්, බස් නැවතුම්පොළ හා පොදු වෙළදපොළ ආශ්‍රිතව ගැවසෙන සුනඛයින් හේතුවෙන් පළාත් පාලන ආයතන වලට විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබෙන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ලැක්ටලූස් බිලා විමලයට බඩ යන්න පටන් අරන් මුන් දෙන්න බලන්නේ බඩ යාම කොතනින්ද නතර වෙන්නේ කියලා.
-1
NEGATIVE
ncpp_train_38976
ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව තුරන් කරන තුරු මාස 2 ක කාලයක් සඳහා රුපියල් 5000 බැගින් ගෙවීමට ඇමැති මණ්ඩලය ඊයේ (30 වැනිදා) තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව තුරන් කිරීම සම්බන්ධයෙන් ඇමැති අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය පිළිගන්නා ලදී. ඉන්පසු මේ පිළිබඳව සාකච්ඡා කළ ඇමැති මණ්ඩලය තීරණය කළේ ඉදිරි මාස දෙක සඳහා රුපියල් 5000 ක මුදලක් ගුරු භවතුන් හා විදුහල්පතිවරුන් වෙත ලබාදීමටය. ඇමැති අනුකමිටු යෝජනාව එළැඹෙන අයවැයේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.මෙම යෝජනාවට ගුරු සංගම්වල ප්‍රතිචාරය තවම වාර්තා නොවන අතර ඔවුන් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදුනහොත් දැනට නවතා දමා ඇති ඔන්ලයින් ඉගැන්වීම යළි අරඹන්නට හැකිවනු ඇත.
දැන් නම් මටත් ගුරුවරු ගැන යම් කලකිරීමක් ඇති වුණා. යම් තරමකට හෝ සාධාරණයක් වුනාම දරුවන්ගෙ පැත්තෙන් බලල වර්ජනය ටිකක් නවතල සාකච්ඡා මාර්ගයෙන් ඉතුරු ප්‍රශ්න විසඳගන්න ඕනේ මස් රාත්තලම ඉල්ලන්නෙ නැතුව. බහුතරයක් ගුරුවරුන්ට දැන් ඕනෙකමක් ඇති ඉගැන්වීම් පටන්ගන්න. වෘත්තීය සමිති එක්ක තමයි බැරි. කණගාටුයි අපේ දරු පරම්පරාව ගැන.
8
POSITIVE
ncpp_train_38977
ඊයේ (28) නෙළුම්පොකුණ රංග ශාලාවේදී පැවති 40 වන ජාතික යෞවන සම්මාන උළෙලේ සම්මාන පිරිනැමීමට පැමිණි ආරාධිත ඇමතිවරුන් දෙදෙනෙකුට මහත් අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවිය. සම්මාන ප්‍රදානය වරින්වර විවිධ ආරාධිතයින් කැඳවා විවිධ ඉසව් සඳහා පිරිනැමූ අතර එක් අවස්ථාවක වේදිකාවට කැඳවා තිබුනෙ උදය ගම්මංපිල හා දුමින්ද දිසානායක ඇමතිවරුන්ය. එහිදී  සෞන්දර්ය අංගයක් සඳහා කන්ඩායමකට සම්මාන හිමි විය. නමුත් එහි විශේෂිත සිදුවීම වූයේ සම්මාන ලබාගන්නට පැමිණි තරුණයින් දෙදෙනෙකු ඇමතිවරුන් දෙදෙනාට අතට අතදීම මෙන්ම ඔවුන් අතින්සම්මාන ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමයි.පසුව එම ස්ථානයේ සිටි ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරු අතින් ඔවුන් සම්මාන ගනු පෙනිණි. ඇමතිවරුන් සම්මාන ලාභීන් දෙදෙනාට අත දික්කර සම්මාන දෙන්නට හදද්දී එය ඔවුන් මුහුණට දමාගසන්නාක් මෙන් ප්‍රතික්ෂේප කිරීම නිසා වේදිකාව මත සිටි දෙදෙනාට කිසියම් ලජ්ජා සහගත අවස්ථාවක්ද උදාවිය. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව 40 වැනි වරට මෙම ජාතික යෞවන සම්මාන ප්‍රදාන උලෙල සංවිධානය කරන ලදි. සිද්ධියට අදාළ වීඩියෝ කොටස මේ වනවිට සමාජ ජාලා තුළ සැරිසරයි.
නියමයි හැමෝටම ආදර්ශයක්,🇱🇰🇱🇰🇱🇰
253
POSITIVE
ncpp_train_38978
ජනපති වෙබ් අඩවිය හැක් කරද්දී ලෝකල් අයීපී එකක් අතපසුවීමෙන්හර්ෂණ හා ජනිත් කොටුවුණ හැටි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය වෙත අනවසරයෙන් ප‍්‍රවිෂ්ට වී තොරතුරු ඇතුළත් කළ සිද්ධියට අදාළව තරුණයින් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු මීට අදාළ තොරතුරු රැසක් අනාවරණයවී තිබේ. අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි හර්ෂණ ශ‍්‍රීමාල් නමැත්තෙකි. ඔහු මින් ඉහත මෙවැනි වෙබ් අඩවි 7 කට අනවසර ප‍්‍රවිශ්ටයන් සිදු කළ බව පවසා ඇත. ඔහුට මේ සඳහා තාක්ෂණික උපදෙස් සැපයූ බවට හඳුනාගෙන අත්අඩංගුවට පත් දෙවන සැකකරු ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකි. ඔහු කටුබැද්ද, මොරටුව පදිංචි කරුණානායකගේ ජනිත් මධුසංඛ නමැති 27 හැවිරිදි තරුණයෙකි. අ.පො.ස. උසස් පෙළ විභාගය අපේ‍්‍රල් මාසයේ නොපවත්වන ලෙසත්, විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන ලෙසත්, ජාලගත පරිගණක ප‍්‍රහාරයක් එල්ල විය හැකි බැවින් එයින් ආරක්ෂා වන්නට නොහැකි නම් ජනාධිපතිතුමාට ඉල්ලා අස්වන ලෙසටත් තර්ජනාත්මක නිවේදනයක් ඇතුළත් කර ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදීම හැක් කිරීම 2007 අංක 14 දරන පරිගණක අපරාධ පනතේ වගන්ති 3, 4, 5, 6, 7, 8 සහ 9 යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුව පාසල් සිසුවා මාකොළ රැඳවුම් නිවාසයේත්, 27 හැවිරිදි තරුණයා රිමාන්ඞ් භාරයේ තැබීමටත් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළා. මෙම සැකකරුවන් දෙදෙනා විදෙස් සැකකරුවකුගේද සහාය ඇතිව මේ අපරාධය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වන බව රහස් පොලිසිය බී වාර්තාවක් මගින් දන්වා ඇත. මෙම හැකර් ප‍්‍රහාරයට අදාළ අයිපී අංක කිහිපයක් විදේශයන් හි සිට භාවිතා කර ඇති අතර වැරදීමකින් එක් අංකයක් මෙරටදී භාවිතා කර තිබූ නිසා ඒ ඔස්සේ කළ විමර්ශනවලින් මොවුන්ව අල්ලාගෙන ඇත. ලංකාව තුළ වෙබ් අඩවි 37කට අධික ප‍්‍රමාණයකට අනවසර ප‍්‍රවිෂ්ටයක් ලබාගෙන දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් මොවුන් පවත්වා යන ඇරෝ එල් කේ නමැති ෆෙස්බුක් කණ්ඩායම් ගිණුම හඳුනාගත් බව පොලිසිය දන්වා සිටී. එම ගිණුම මෙන්ම යකඩයා ෆොර්ම් නමැති වෙබ් අඩවි ෆෝරමය ඔස්සේ හැක් කිරීමට අදාළ තොරතුරු හුවමාරු කරගැනිමට මොවුන් කටයුතු කර ඇත. එමෙන්ම, මෙම කණ්ඩායම රතු උකුස්සා, සුමේධ ජනවිජය, කොයාහැකර් නමින් තවත් ෆෙස්බුක් දත්ත පිටු හා වෙබ්අඩවි කිහිපයක් පවත්වාගෙන යමින් අන්තර්ජාලයේ වෙබ් අඩවි වෙත අනවසර ප‍්‍රවිෂ්ට ලබා ගැනීම ගැන සාකච්ඡා පවත්වමින් සිට ඇත. මෙම සිද්ධියේ සැකකරුවකු වන පාසල් සිසුවා මේ අකාරයෙන් තවත් වෙබ් අඩවි 7කට ඇතුළුවී කරුණු විකෘති කිරීම් වල යෙදී ඇත. පාසලේ උසස් පෙළ හදාරණ අතරවාරයේ හර්ෂණ ග‍්‍රැෆික්ස් යනුවෙන් ව්‍යාපාරයකටද අතගසා සිටින ඔහු අන්තර්ජාලය ඔස්සේ එය පවත්වා යමින් විවිධ ස්ක‍්‍රිප්ට්ස් වැඩ හා ග‍්‍රැෆික් වැඩ සිදු කරමින් මුදල් ඉපැයීමේ කටයුතු වලද යෙදී ඇත. මෙම තරුණයන් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන ඇත්තේද අන්තර්ජාල ෆොරමයකින් වන අතර පසුව එකිනෙකා දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කර ජනපතිගේ වෙබ් අඩවිය හැක් කිරීමේ කාර්යය උපායශීලීව සිදු කරන ආකාරය කථිකා කරගෙන එය සිදු කර ඇත. එක් අයීපී ලිපිනයක් අතපසුවීම නිසා ඔවුන් පොලිසියට හසුවූයේ පැය 48 ක් යන්නට ප‍්‍රථමයෙනි.
මල්ලි මොකා මොනවා කීව්වත් උඹ තමයි මිනිහා
29
POSITIVE
ncpp_train_38979
බෞද්ධාගම සම්බන්ධ විෂම අදහස් පැතිරීම තුළින් ආන්දෝලනයක් තමා විසින්ම මතුකර එය තම ප්‍රසිද්ධිය පිණිසම යොදාගැනීමේ 'ප්‍රචාරණලෝලී' කටයුත්තක යෙදෙන බවට පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් වෙත අවස්ථා ගණනාවක චෝදනා එල්ල විය. කලෙකට ඉහත අයිටීඑන් දොරමඩලාව හා ස්වර්ණවාහිනියේ බණ වැඩසටහන් නිසා ධර්මයේ සියුම් තැන් අලංකාර ලෙස විග්‍රහ කරන හිමි නමක් ලෙස පිටිදූවේ හිමියන් රට තුළ ප්‍රසිද්ධියක් ලබාගත් නමුත් පසුකාලීනව විවිධ ආන්දෝලනාත්මක කටයුතු නිසා එහිමියන් කුප්‍රසිද්ධියට ලක්විය. දළදා වහන්සේ ඌරු දතක් ලෙස නිග්‍රහයට ලක්කිරීමෙන් පසු මේ හිමියන් සම්බන්ධයෙන් සංඝ සමාජය තුළද අවුල් සහගත කථාබස් පැතිරුණ අතර මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් හමුවේ තමන් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඳ වැටී සමාව ගන්නටද සිදුවිය. ඉන්පසු මාස ගණනාවක්ම නිහඩව සිටි පිටිදූවේ හිමියන් නැවතත් සිය 'ප්‍රචාරණ ලෝලී' වැඩසටහන් දියත් කළේ කිරිබත්ගොඩ ඥාණානන්ද වැනි ප්‍රසිද්ධ හිමි නමක් සමග හැප්පීමේ රංගාවතරණයෙනි. මෙම ප්‍රචාරණ වැඩ වලට නම රැන්ඳූ යූටියුබ් තරුවක් වන ඉරාජ්ද නොමද සහය ලබාදෙන්නේ කලෙක සිටම ඔහු හිමියන්ගේ පන්සලේ ප්‍රධාන දායකයෙකු මෙන්ම ගජ මිතුරෙකු වූ හෙයිනි. තමන් රහත්වූ බව පවසා විවිධ විවේචනයන්ට ලක්ව සිටින පිටිදූවේ හිමියන් සෑම වසරකම සිය උපන්දිනය මහ ඉහළින් තමන්ට අයත් ආශ්‍රමයේ සමරන්නේ මහායාන භික්ෂුවක පරිද්දෙනි. එක් අවුරුද්දක මස් මාළු බිත්තර දානයට දීම නිසාද තවත් අවුරුද්දක හිමියන්ට පාරේ ඇවිදිද්දී මල් ඉසින්න තරුණ තරුණියන් යෙදීම නිසාද මෙම උපන්දිනය ගැන ආන්දෝලන ඇති විය.2019 වසරේ මෙවර එය සමාජ ජාල වෙත පතුරුවා ලන්නට මාතෘකාවක් සපයා දී ඇත්තේද හිමියන්ගේ ගජමිතුරු ඉරාජ්ය.  'ලුවි විටොන්' නමැති ප්‍රසිද්ධ සන්නාමයේ පිරිකර ගෝඨාභය රාජපක්ෂ පැමිණ හිමියන්ට පිරිනැමූ බව කියමිනි. මේ කතාව හදන්නේත් එයට පසුව හිමියන් ලවා පිළිතුරු දෙන්නේත් ඔහු විසින්ම වීම මෙම ප්‍රචාරණලෝලී ක්‍රියාදාමයේ හාස්‍ය ජනක තත්වයයි. පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් ෆෙස් බුක්හි ඉරාජ් පළ කළ අදහස් දෙකයි. පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ උපන්දින ඡායාරූප පෙළ නැවතත් ඊට පහතින් පළ කර ඇත.
පින්වතුනි කලබල නොවන්න.මෙතැන බෞද්ධයන් එකෙකුවත් නැත.අපි ඒගැන සතුටු වෙමු
1
POSITIVE
ncpp_train_38980
කුණු පෙට්ටියක් එදා උදේ මහ පාරට ඇදල දාල තිබුණා. අල්ලපු ගෙදර අය මට බැන්නා, කඩේ කුණු කියලා. මම පොලිසියට පැමිණිලි කරන්න ගිහින් ඉද්දී මට ගෙදරින් කිව්වා අපේ ගෙදරට පොලිසියෙන් ඇවිත් කියලා. මම පැමිණිල්ල දාන එක නවත්තලා ගෙදර ගියා.පොලිසියේ අය යන්න ගිහින්. එයාලා කියලා ගිහින් තිබුණා පාරේ කුණු දාලා තිබුණොත් උසවි දාලා රුපියල් 18000 ක් දඩ ගහනවා කියලා. එතකොට මට ආව තරහ හිතාගන්න බැරිවුණා. වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ නිවසක සිටි දරුවන් දෙදෙනෙකු 27 දා පෙරවරුවේ කඩුවකින් කපා ඝාතනය කළ සිද්ධියේ සැකකරු වන වයික්කාල පදිංචි වර්ණකුලසූරිය මිගෙල් කුට්ටිගේ ඉෂාන් සුදීප ප්‍රනාන්දු නමැත්තා පෙරේදා (28) විශේෂ ඉල්ලීමක් කරමින් මාරවිල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ එදින පස්වරුවේ මෙම පාපොච්චාරණයක් සිදු කරන ලදී. සිද්ධියෙන් මියගියේ 19 හැවිරිදි ගාල්ලපතිරණගේ ගිම්හරි නිෂේලි රූපසිංහ සහ 8 හැවිරිදි සිසුවකු වූ සහන් මෙත්සර රූපසිංහ යන අක්කා මලෝ දෙදෙනෙකි. එදින උසාවියේ පැවති සියලු වෙනත් නඩු විමසා අවසන් කර නීතිඥවරුන් කිහිපදෙනකු, පොලිස් නිලධාරීන් හා උසාවි නිලධාරීන් කිහිපදෙනකු ඉදිරියේ මෙම පාපොච්චාරණය සිදු කිරීමට කටයුතු යොදා තිබූ අතර, උසාවි ඉහළ මහලේ දොරටු වසා තැබිණි. සැකකරු විත්ති කුඩුවේ සිටී. විනිසුරු :මෙම පාපොච්චාරණය කරන්නේ කාගේ හරි බලපෑමකින්ද? සැකකරු : නැත ස්වාමීනි, මගේ කැමැත්තෙන්. විනිසුරු : පොලිසියෙන් බලපෑමක් කළාද? තමා නැවත පොලිසියට බාර දන්නේ නෑ. සැකකරු: නැත ස්වාමීනී. විනිසුරු: එහෙමනම් හයියෙන් කියන්න තියෙන දේ කියන්නෙ. සැකකරු: මාගේ බිරිඳගේ ඉඩමක් විකුණලා මේ කැන්ටින් ව්‍යාපාරය පටන් ගත්තා. අසල නිවසේ පදිංචි අයගෙන් මට දිගින් දිගටම බලපෑම් ඇති වුණා. මම ව්‍යාපාරය කරන්න ගත්තේ ඕන වෙලාවක ගලවාගෙන යන්න පුළුවන් කන්ටේනර් පෙට්ටියකයි. මේ නිසා ලිඛිත අනුමැතියක් කාගෙන්වත් ගත්තේ මේවාට අනුමැතිය ගන්න ඕනෑ කියා දැනගත් පසුව ප්‍රාදේශීය සභාවට ආර්ඩී එකට මට විරුද්ධව පැමිණිලි කරලා තිබුණා.තේ කඩය එතනින් ඉවත් කරන්න කියලා බලපෑම් කළා. මේ ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 25 ක මුදලක් බිරිඳගේ ඉඩම විකුණලා යෙදෙව්වා. මට ව්‍යාපාරය නවත්තන්න අමාරුයි. පසුගිය මාස දෙක ඇතුළත මගේ අම්මාට, බිරිඳට මට දැඩි මානසික පීඩනයක්, කම්පනයක් මේ අය ඇති කළා. මගේ කන්ටේනර් එකෙන් එන වතුර ඉවත්ව යන විදියට පීලි දමා හදලා තිබුණේ. ඒත් ඒක මදි වුණා. මගේ ව්‍යාපාරය අල්ලපු ගෙදරට කරදරයක් කියා ප්‍රාදේශීය සභාවට පැමිණිල්ලි කළ නිසා වී.ඕ. මහත්තයෙක් ඇවිත් බැලුවා. ඔවුනුත් මට බලපෑම් කළා. මම සාධාරණයක් ඉල්ලුවා. මම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට කියා මෙය දිගටම කරගෙන යනවා. කට වචනෙන් කියා තිබුණේ. ලිඛිතව දුන්නේ නෑ. ඒ ගැන මගේ දුරකතනයේ රෙකෝඩ් කර තිබෙනවා. මට අද (27) සභාපතිතුමා පරීක්ෂණයකට සභාවට එන්න කියා තිබුණා. 26 දා රාත්‍රී කඩේ ඉස්සරහා තිබුණු කුණු බක්කි පෙරළා දමා තිබුණා. හේමන්තගේ බිරිඳ ඇවිත් කුණුවලට පයින් ගසා ජංගම දුරකතනයෙන් ෆොටෝ ගෙන තිබුණා. ඊට දවස් තුනකට කලින් මම වෙන්නප්පුව පොලිසියේ අයි.පී. ලියනගේ මහත්තයා සමග සාකච්ඡා කර මගේ මතු ආරක්ෂාවට පැමිණිල්ලක් දැම්මා. ඊයේ (27) සිදුවීමෙන් (කුණු බක්කි සිද්ධියෙන්) පස්සේ  119 ට මම පොලිසියට ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා පැමිණිල්ලක් දාන්න ගියා. එතකොට අම්මා කෝල් කරලා කිව්වා පොලිසිය ගෙදර ඇවිත් කියලා. මම කිව්වේ විනාඩි පහකින් එනවා කියලා. ගෙදර යද්දී එයාලා ගිහිල්ලා. එයාලා අම්මාට කිව්වලු පාරට කුණු දාලා ප්‍රශ්නයක් ඇති වුණොත් රුපියල් 18000 ක දඩයක් නියම කරනවා කියලා. මම ලක්ෂ 25 ක් වියදම් කරලා ඉදිකළ ගොඩනැගිල්ල වෙනස් කරන්න වෙන්නේ අල්ලපු නිවසට කුලියට ඇවිත් ඉන්න ප්‍රියංගි සහ අයිතිකාර හේමන්තත් නිල්මිණීගේත් වැරදි වැටහීම නිසා බව මට හිතුණා. මට පළිගන්න හිතුණා. මට ඒ වෙලාවේ ආපු කේන්තිය නිසා මගේ නිවසේ තිබුණු කඩුවත් රැගෙන ඔවුන්ගේ නිවසට ගියා. මම මිනීමැරීමේ චේතනාවෙන් නෙවෙයි එතෙන්ට ගියේ. ඒත් එතෙන්ට යද්දි මට කේන්තිය දරා ගන්න බැරි වුණා. මට  හේමන්තගෙන් පළිගන්න ගිය මම ඔවුන්ගේ දරුවන් ඉදිරියට ආ නිසා මට මගේ කේන්තිය පාලනය කරගන්න නොහැකි වුණා. මම කොටලා දැම්මා. කාට කෙටුවද, මොකටද කෙටුවේ කියා මම දන්නේ නෑ. මම කඩුවත් අරන් ඉස්සරහ පාරට දුවගෙන ආවා. ප්‍රියංගිලා කුලියට අරන් තියෙන ගෙදරට ගිහින් උරහිසින් දොරට පහර දුන්නා. ඇය ඉන්නවද කියා නිරීක්ෂණය කළා. ඇය හිටියේ නැති නිසා හැරිලා එන විට ගේට්ටුව ළඟ හිටපු දෙතුන් දෙනෙක් කඩුව ඉල්ලුවා. මම කඩුව කාටවත් දුන්නේ නෑ. මම නැවත කඩේ ගාවට ආවිට මගේ අතින් කඩුව කවුරු හරි උදුරා ගත්තා. සෙනග 150 200 විතර හිටියා. කවුද කඩුව ගත්තේ කියා දන්නේ නෑ. ඒ වන විට ඇඳන් හිටියේ ඩෙනිමයි, ටීෂර්ට් එකයි. ඊට උඩින් ෂර්ට් එකක් ඇඳන් මම නිවස අසළ ග්‍රිල් වැඩපළේ අයෙකු සමඟ පැමිණ පොලිසියට බාර වුනා.මගේ බිරිඳ ළඟ සාක්ෂි තියෙන ජංගම දුරකතනය තියෙනවා. ඇඳුම්, අයිඩෙන්ටි, වටිනා කියන දේවල් ගෙදර තියෙනවා. ඒවා දැන් ගන්න යන්න විදියක් නෑ. මගේ බිරිදට, ඥාතීන්ට ඒවා ගන්න නිවසට යන්න පොලිස් ආරක්ෂාව සපයන්න කියා මම ඉල්ලනවා. විනිසුරු : අසල්වාසී දරුවන්ගේ අවමඟුල් කටයුතු අවසන් වූ පසුව නිවසට ඥාතීන්ට යාමට පුළුවන්. ඒ අවස්ථාවේ වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් අමතා ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට වෙන්නප්පුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට නියෝග කෙරිණි.සැකකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටි අතර, උසාවි කටයුතු සඳහා සැකකරුගේ පාපොච්චාරණ අවස්ථාවට නීතිඥ නිලංග හෙට්ටිආරච්චි මහතා උසාවියට සහය දැක්විය. සැකකරු සැප්තැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පිනිසුරු කේමින්ද පෙරේරා මහතා නියෝග කළේය.
සරලම විදියනම් අසල් වැසියන්ට ප්‍රේම කිරීමයි, ඒත් අසල් වැසියා ප්‍රේම නොකරයි නම්..... සියලුම අසල් වැසියෝ සියලුම අසල් වැසියන්ට ප්‍රේම කල යුතුය.. මම බෞද්ධ.
5
POSITIVE
ncpp_train_38981
අයි.පී.එල් වෙන්දේසියේදී මාලිංග අවුරුදු 10 කට පසු කැපේ ලංකාවෙන් අකිල හා චමීර පමණයි 11 වැනි වරටත් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට (අයි.පී.එල්) අදාළව ඊයේ (28දා) සහ පෙරේදා දින දෙකේදී බැංගලෝරයේදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවෙන් අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් දෙදෙනාට පමණක් ඉල්ලුමක් ලැබුණු අතර පසුගිය තරග වාර දහයේදීම මුම්බායි ඉන්ඩියන්ස් පිල නියෝජනය කළ ලසිත් මාලිංගට කිසිදු ඉල්ලුමක් නොමැති වීම කැපී පෙනුණි. ලසිත් මාලිංග අයිපීඑල් සහභාගීත්වය තුළින් මුදල් ඉපැයීමට හුරුවීම නිසා ශ්‍රී ලංකා පිලට දායකත්වය අඩු කළ බවට පසුගිය කාලයේ විවිධ චෝදනා වලටද ලක්ව තිබූ අතර මෙම ප්‍රතික්ෂේපය සමග මාලිංග අතරමංවූ සෙයක් පෙන්නුම් කරයි. කණ්ඩායම් 8ක ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා දෙදිනක් පුරා පැවැති මෙම වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩකයන් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩකයන් 578ක් භාජන කළ අතර ශ්‍රී ලංකාවේ අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර ඔවුන්ගේ මූලික මුදල වූ ඉන්දියානු රුපියල් ලක්ෂ 50කට (ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි විසි ලක්ෂයක්) අලෙවි වූයේ පිළිවෙළින් මුම්බායි ඉන්ඩියන්ස් සහ රාජස්ථාන් රෝයල් යන කණ්ඩායම් සඳහාය. ඒ අනුව මෙවර අයි.පී.එල් වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 18ක් අතරින් මාලිංග, දික්වැල්ල, කුසල් ජනිත්, සඳකැන්, සචිත්‍ර, තරංග, අසේල, තිසර, ඇන්ජිලෝ, මුණවීර, සීක්කුගේ, ශානක, කුලසේකර, ලක්මාල්, ධනංජය සිල්වා හා උදාන යන 16 දෙනාම අලෙවි නොවූ ක්‍රීඩකයන් කොටසට අයත් වූ අතර මින් පෙර අයි.පී.එල් තරගවලදී වීරයකු වූ ක්‍රිස් ගේල් ද අවසන් මොහොතේදී කිංස් පන්ජාබ් පිල මිලදී ගත්තේ ඉන්දීය කෝටි 2කටය. මේ අතර මෙවර අයි.පී.එල් වෙන්දේසියේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙස විරාත් කෝලි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට අයත් වූ අතර ඔහුට ලැබුණු ඉල්ලුම ඉන්දීය රුපියල් කෝටි 17කි. ඊට අමතරව මහේන්ද්‍ර සිං දෝනි, රෝහිත් ෂර්මා සහ රිෂාබ් පාන්ට් යන ඉන්දීය ක්‍රීඩකයන් හට ඉන්දීය රුපියල් කෝටි 15 බැගින් ඉල්ලුමක් ලැබුණ අතර කෝටි 12.5 බැගින් වූ ඉහළම මිලකට ඩේවිඩ් වෝනර්, සුනිල් නරායින්, ස්ටීව් ස්මිත්, ඇක්සා පටෙල් හා බෙන් ස්ටෝක්ස් යන දෙස් විදෙස් ක්‍රීඩකයන් අලෙවි විය. කෙසේ වෙතත් අයි.පී.එල් වෙන්දේසියකදී අලෙවි වූ පළමු නේපාල ක්‍රීඩකයා ලෙස දකුණත් පාදඟ පන්දු යවන සන්දීප් ලැමිච්චේන්ගේ නම සටහන් වන අතර රෂිඩ් කාන්, මුජිබ් සද්රාන් හා මොහොමඩ් නාබි යන ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් තිදෙනෙක්ම අලෙවි වීමද විශේෂත්වයකි.
දැන් ඉතින් බෙනෙන් එලියට වරෙන්..
134
POSITIVE
ncpp_train_38982
පාසල් දරුවන් රක්ෂණය කිරීමට පසුගිය ආණ්ඩුවෙන් ලබාඳුන් රුපියල් මිලියන දෙදහස් පන්සීයක මුදලින් රුපියල් මිලීයන දාහක මුදලක් නිකරුණේ විදේශීය රටක ප්‍රතිරක්ෂණය කිරීමට යෙදවීමෙන් අතිවිශාල මුදලක් කොමිස් වශයෙන් ලැබී තිබෙනවා" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. "බුද්ධියෙන් බල ගැන්වුණු වයඹක්"  මැයෙන් වයඹ විද්වත් සම්මේලනය විසින් කුරුණෑළිගලදී පෙරේදා (29දා) පැවැති සංවාදශීලී හමුවේ ආරාධිතයකු ලෙස සහභාගි වෙමින් හෙතෙම මේ බව පවසා සිටීස්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "මහ බැංකු බැඳුම්කර වංචාව අපේ රටේ වෙච්චි දැවැත්තම දූෂණය සහ වංචාවයි. අද බැංකු පොලී අනුපාතය යම් මට්ටමක තියෙනවාද අවම වශයෙන් සීයට තුනක් හෝ හතරක් වැඩි වෙලා තියෙන්නේ මහ බැකු දූෂණය නිසා ඇති වෙච්චි පොලී අනුපාතය නිසායි. ඒක තව අවුරුදු තිහක් යනකල්වත් පහළ බසී කියලා මම නම් හිතන්නේ නැහැ. අද වනවිට ඇමරිකානු ඩොලරයක මිල මේ තරම් ඉහළ මට්ටමක තියෙන්නෙත් මහ බැංකු දූෂණය නිසාමයි, එහෙම නොවුණානම් ඩොලර් ඒකකය තව රුපියල් දහයකින්වත් අඩුවීමට ඉඩ තිබුණා. එහෙම වුණානම් අපේ ආර්ථිකයට විශාල බලපෑමක් සිද්ධ වෙන්න තිබුණා. මම පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටියදීත් දූෂණයට වංචාවට. එරෙහිව දැඩි සටනක් ගෙන ගියා, මාලඹේ තියෙන තාක්ෂණික විශ්වවිද්‍යාලය රුපියල් මිලියන හාරසීයකට පෞද්ගලික ව්‍යාපාර හිමිකරුවන් කිහිප දෙනෙකුට විකුණා දැම්මා. හැබැයි මේ ආයතනය වටිනාකම මිලියන හතළිස් දාහයි. මිලියන හතළිස් දාහක වත්කමක් වික්කා දෙදහස් පහළොවේදී මිලියන හාරසීයකට. ඒවා පිළිබඳ අපි ජනාධිපති කොමිසමටත් පැමිණිලි කළා. මේ වාගේ තවත් දූෂණ වංචා සිදුකරලා තියෙනවා. දැන් නිර්දේශ ඇවිත් තියෙනවා ඒ දූෂණ වංචා කරපු අයට දඩුවම් දෙන්න කියලා. පාසල් දරුවන්ට නිල ඇඳුම් දෙනකොට ඒ සඳහා ගෙවපු මුදල රුපියල් මිලියන දෙදහස් තුන්සීයක් පමණ වුණා. හැබැයි ඒ සඳහා වවුචර් හඳුන්වාදීම නිසා අපිට වැඩිපුර ගෙවන්න වෙලා තියෙනවා එක අවුරුද්දකට රුපියල් මිලියන පන්සිය හතළිහක්. ලක්ෂ පන්දහස් හාරසීයක්. එතකොට ඒ ක්‍රමය ක්‍රියාත්මක කළේ මොන යහපත් පරමාර්ථයෙන්ද? කුමන අධ්‍යයනයක් කරලාද? අපේ පාසල් දරුවන්ට රක්ෂණ පහසුකම් ලබාදීමට රුපියල් මිලියන දෙදහස් හත්සීයක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්තරා රක්ෂණ සමාගමකට ගෙව්වා. ඒ පිළිබඳවත් කිසිම පූර්ව අධ්‍යයනයක් කරලා නැහැ. මෙච්චර ගානක් ගෙවලා දෙදහස් දහඅටේ අවුරුද්දේ අපේ දරුවන්ට රක්ෂණ ප්‍රතිලාභ තියෙන්නේ රුපියල් මිලියන හාරසීයයි. නිකරුණේ රුපියල් මිලියන දෙදහස් හාරසීයක් රක්ෂණ සමාගමකට ආණ්ඩුව ගෙවලා තියනවා. මේ මිලියන දෙදහස් හත්සීයෙන් මිලියන දාහක් ප්‍රතිරක්ෂණයට විදේශීය සමාගමකට ගෙවලා තියෙනවා. සාමාන්‍යයෙන් රක්ෂණ නීතියට අනුව ලෝකයේ කොතැනකවත් සමුහ රක්ෂණයක් කිසිම අවස්ථාවක ප්‍රතිරක්ෂණය කරන්නේ නැහැ. මොකද එහෙම කරන්නේ ළොකු අනතුරකින් සමුහයක් මිය යනවානම් පමණයි. ලක්ෂ හතළිස් පහක් වන පාසල් දරුවන් පිරිසකට කවදාවත්ම එකවර අනතුරක් සිද්ධ වෙනේ නැහැ. නමුත් මේ ආකාරයට විදේශීය රටවල් සමග ප්‍රතිරක්ෂණය කිරීමේ යටි අරමුණ තමයි ප්‍රතිරක්ෂණය කිරීමෙන් අතිවිශාල කොමිස් මුදලක් ලැබෙනවා. මේවා ප්‍රසිද්ධියේ සිද්ධ වෙන දේවල්. හැබැයි මේවා අනාවරණය කරන්න යනකොට ලොකු ප්‍රශ්න එනවා. ඇමති මණ්ඩලයේ ඉඳලා මේ දූෂණ අක්‍රමිකතා ගැන කතා කරනකොට අන්තිමට ඇමතිකමත් දාලා යන්න වුණා.”යැයිද පවසා සිටියේය. ගීතාංජලී ප්‍රියදර්ශනී
වංචා වලට
8
POSITIVE
ncpp_train_38983
බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන බලපත්‍රලාභී පෞද්ගලික බස් රථවල වර්ණය ලා නිල් පාට විය යුතු බවට පවතින නීතිය අප්‍රේල් පළමුවැනිදා සිට බලාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා ඊයේ (26) පැවසීය.  බස් රථවලින් අනෙකුත් වර්ණ ඉවත් කර ගැනීම සඳහා බස් හිමියන්ට අප්‍රේල් 1දා සිට මාස දෙකක කාලයක් ලබා දෙන බව කී සභාපතිවරයා, ලබන ජූලි පළමුවැනිදා සිට මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ද සදහන් කළේය. විවිධ වර්ණ යෙදීම නිසා පෞද්ගලික බස් රථ අනතුරුවලට ලක්වන බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි කී සභාපතිවරයා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් අනුමත කර තිබෙන ලා නිල් වර්ණය පළාතේ සියලු පෞද්ගලික බස් රථවලට නියම කිරීමට තීරණය කළ බව පැවසීය.  බස්නාහිර පළාතේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ ඊයේ පැවැති ප්‍රවෘනි සාකච්ඡාවක දී ඔහු මෙම කරුණු සඳහන් කළේය. පළාතේ බස් රථවල රියැදුරු, කොන්දොස්තරවරු මත්ද්‍රව්‍ය භාවිත කර අසුවුවහොත් ඔවුන්ට ප්‍රවාහන අධිකාරියෙන් ලබාදී තිබෙන රියැදුරු කොන්දොස්තර බලපත්‍රය අහෝසි කරන බවද සභාපතිවරයා කීය. මෙම නීතිය අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය. මෙම පෞද්ගලික බස් රථවල ඇතැම් රියැදුරන් හා කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට අධිකාරියට පැමිණිලි ලැබී ඇතැයි කී සභාපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අනුව අප්‍රේල් 1දා සිට පළාතේ සියලු මාර්ගවල බස් පරික්ෂාවට ලක් කර මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙන රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එයට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කරන අධිකාරියේ කාර්ය මණ්ඩල අයෙකු වෙතොත් ඔහුට විරුද්ධව ද විනය ක්‍රියා මාර්ග ගන්නා බව ද පැවසීය. මගී බස් රථවල තිබෙන අධික ශබ්දයෙන් යුතු නලා, කැසට්, ගුවන් විදුලි යන්ත්‍ර පාලනය කිරිමට පියවර ගන්නා බව ද ඔහු කිය.
යකෝ හදන්න දේවල් ලක්සයක් තියනව....මුං බස් පාට කරනවා....
-50
NEGATIVE
ncpp_train_38984
මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලී හසන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙයි. බෝර 12 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 93ක් සමග මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මල්වාන ප්‍රදේශයේ යුද හමුදාව හා පොලීසිය ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙයි.
තම්බියන් පොකුරු ක්‍රමේට ජීවත් වන නිසා එකෙකුටවත් කියන්න බැහැ දන්නෑ කියලා.බලාන ගිහාම හැම එකාම කනෙක්ටඩ්.
17
POSITIVE
ncpp_train_38985
සයිටම් නඩුවෙන් සිසුන් දිනුම් සයිටම් සිසුන්ට රජයේ ලියාපදිංචි වීමට අවසරය ලැබේ - අන්තරේ හා GMOA මුගුරු අතට ගනී මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) අධ්‍යාපනය ලබා පිටවන සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කිරීම වළක්වා තිබීම අභියෝගයට ලක්කර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකු ගොනු කළ රිට් පෙත්සමක් අද (31) විභාගයට ගත් අවස්ථාවේ  ඔවුන්ට ලියාපදිංචි අවසරය ලබා දියයුතු බව අභියාචනාධිකරණය වෛද්‍ය සභාවට නියෝග කළේය. විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයිරාජා මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී තිබේ. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකුගේ මෙම ජයග්‍රහණය අනුව ඉදිරියට සියලුම පුද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුනට රජයේ වෛද්‍ය වෘත්තිකයන් ලෙස එක්වීමට තිබුණ බාධා නැතිව යනු ඇත. සයිටම් උපාධිය ලැබූ මල්ෂානි සුරවීරආරච්චි සහ දිලුම් සූරියආරච්චි යන සිසු සිසුවියන් දෙදෙනා විසින් වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමැති, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි. පසුගිය කාලය පුරා සයිටම් විරෝධතා උද්ඝෝෂණයේ යෙදුණ පිරිස් මෙම තීන්දුව අනුව නොසන්සුන්ව ඇති අතර අද දහවල් කොළඹ විරෝධතා පාගමනක්ද අරඹා ඇත. සවස 3 ට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙන්නේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුම් දීමටය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලබන බ්‍රහස්පතින්දා පවත්වන්නට නියමිත මධ්‍යම කාරක සභාව රැස්වීමේදී මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අද ලබාදුන් තීරණය සම්බන්ධව සාකච්ඡා කරන බවත් වෛද්‍ය වෘත්තිකයින් මේ ගැන දැඩි තීරණයක් ගැනීමට නියමිත බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දන්වා ඇත. පසුගිය සතියේ උසස් අධ්‍යාපන අැමති කිරිඅැල්ල  පාර්ලිමේන්තුවේදී දන්වා සිටියේ පැවති රජය මිලියන 600 යොදවා සයිටම් අරඹා අධ්‍යාපන කටයුතුද ලබාදී තිබුණ බවත් දැන් රජයට ඉතිරිව ඇත්තේ එය පවත්වා යන්නට ඉතිරි දේවල් කරදීම පමණක් බවත්ය.
Thotamai niyama kuhakaya
-2
NEGATIVE
ncpp_train_38986
ලසිත් මාලිංග සම්බන්ධ ප්‍රශ්න පැනනැගුණ පසුගිය කාලයේ තමා ඒ ගැන සොයා බලා කථාකරන්නට ගිය බවත් රටක් වටින මේ ජාත්‍යන්තර ක්‍රීඩකයා ගැන ඇතැම් දේශපාලනඥයින්ට තිබුනේ පලිගැනීමේ අරමුණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසයි. දැනට වසර 2කට පමණ පෙර ලසිත් මාලිංග සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය ගැන තමා දුරකථනයෙන් අදාළ වගකීම සහිත ප්‍රබලයාව ඇමතූ බවත් එම අවස්ථාවේ ඔහු කියා සිටියේෙ‘මං ඕකගේ ක්‍රිකට් තහනම් කරනවා’ යන්න බවත් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමින් කීය.
උබේ පවුලගේ හොර මිනිහාද ලුහුබැඳ ඇත.
2
POSITIVE
ncpp_train_38987
පසුගියදා මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සිය ප්‍රහාරය සඳහා සූදානම් වන්නේ මුස්ලිම් දේවස්ථානයක සිට බවට සීසීටීවී සාක්ෂි හමුවී තිබේ.  එහි සඳහන් වන ආකාරයට එදින අළුයම 3.18ට පමණ ත්‍රීරෝද රථයකින් මඩකලපුවේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් වෙත බෝම්බ සහිත බැගයද එල්ලාගෙන පැමිණ ඇති සැකකරු පැය දෙහමාරක් පැමිණ රැඳී සිට දේවස්ථානය අරින තුරු ඔබමොබ ඇවිදිමින් සිටී. ඔහු එහි සිටි අවස්තාවේ අළුයම 4.42ට පමණ  එම ස්ථානයට පොලිස් පැට්‍රොල් රථයක් පැමිණ විදුලි එළි ගසා පරීක්ෂාවක් කළද ඔහු හසු නොවේ. 5.41ට දේවස්ථානය තුළ සිටින පුද්ගලයෙකු පැමිණ ප්‍රධාන ගේට්ටුව විවිර කළ පසු දේවස්ථාන තුළට පිවිසෙන ඔහු දේවස්ථානයේ සිටින බැතිමතුන් පිරිසක් සමග ආගමික වතාවත්වල නිරතවන අයුරුද දක්නට තිබේ. අනතුරුව තවත් තැනකදී තනිව යාඥාවේ නිරතවේ. පෙරවරු 8.12ට පමණ දේවස්ථානයෙන් පිටව යන ආකාරය හා නැවත පෙරවරු 8.52ට පමණ පමණ දේවස්ථානය වෙත පැමිණ හැඳ සිටි ටීෂර්ටයද මාරුකර බොම්බය පුපුරුවාගන්නා අවස්තාවේ හැඳ සිටි තැඹිලි ටීෂර්ටය ඇඳගන්නා ආකාරයද හඳුනාගන්නට ලැබේ. පෙරවරු 9.34ට දේවස්ථාන භූමියෙන් පිටතට පැමිනෙන අතර පසුව ගමන් කරන්නේ සියෝන් දේවස්ථානය වෙතය.ස්කයි නිවුස් විදේශ නාලිකාව මගින් මෙම තොරතුරු අද වාර්තා කර තිබූ අයුරු වීඩියෝව පහතින්
නෙද්දකින් කාලකණ්ණි පව්කාරයා
1
POSITIVE
ncpp_train_38988
ඩිල්ෂාන් පළමු දරුවාට නඩත්තු නොගෙවීම හා පරිත්‍යාග පිළිබඳ මාධ්‍ය ප්‍රචාරණය ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා විශිෂ්ට ක්‍රීඩක  තිලකරත්න ඩිල්ෂාන්ට එරෙහිව උසාවියක් මගින් වරෙන්තු නිකුත් කිරීමක් පිළිබඳ පුවතක් ඊයේ වාර්තා විය. එයට හේතුවූයේ ඔහුගේ මුල් විවාහයේ 14 හැවිරිදි පුතු වෙනුවෙන් නඩත්තු ගෙවීම පැහැරහැරීමක් නිසාය. දැනට රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටින සිය පුතු වෙනුවෙන් උසාවි තීන්දුවක් ප්‍රකාරව මාස් පතා රුපියල් 40000 ක මුදලක් ඩිල්ෂාන් ගෙවිය යුතු වුවත් ඔහු එය පසුගිය මාස කිහිපයේම පැහැර හැර ඇති බව පුතු වෙනුවෙන් කරුණු දැක්වූ ඩිල්ෂාන්ගේ හිටපු බිරිය නිලංකා විතානගේ පැමිණිලි කර තිබුණි. අති විශාල ධනස්කන්ධයකට උරුමකම් කියන ඩිල්ෂාන්ගේ ගේදොර ඉඩකඩම්වල වත්කම රුපියල් ලක්ෂ 2500 ක් බවත් ඔහුගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 120 ක් බවත් ඔහුට ශ‍්‍රීලංකා ක‍්‍රිකට් මගින් වසරකට රුපියල් ලක්ෂ 1260 ක් පමණ ලැබෙන බවත් 2008-12 කාලයේ අයිපීඑල් කොන්ත‍්‍රාත්තුවකට අත්සන් කර රුපියල් ලක්ෂ 3000 ක ආදායමක් ලබා ඇති බවත් ආදී වශයෙන් වත්කම් දත්ත පෙන්වා මින් වසර කිහිපයකට පෙර මෙම නඩත්තු ගෙවීම පිළිබඳ අධිකරණ තීන්දුව ලබාදී තිබුණි. ඩිල්ෂාන් ඉන් පසු විවාහ වූ ටෙලි නාට්‍ය නිළි මංජුලා තිලිණිට ඩිල්ෂාන්ට දාව දරුවන් තිදෙනෙකුද සිටින අතර පසුගිය කාලයේ ඩිල්ෂාන් විවිධ සමාජ සත්කාර කරමින් මහජන අවධානයට පත්වූවාසේම ඔහු ලක්ෂ ගණනින් අසරණ අයට මුදල් නිවාස පරිත්‍යාග කරමින් සිදු කළ කටයුතුද ප්‍රශංසාවන්ටද බඳුන් විය. ඒ අනුව ඩිල්ෂාන් ලෝකයට පේන්න කරන පරිත්‍යාග සහ තම මුල් දරුවාට දක්වන උනන්දුව පිළිබඳ පරස්පරතාවක්ද පෙනී යයි. නඩත්තු නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් තිලකරත්න ඩිල්ෂාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් 24 වනදා වරෙන්තු නිකුත් කළ අතර පසුව ඊයේ (25) තිලකරත්න ඩිල්ෂාන් මෝසමක් ගොනු කරමින් නීතීඥයෙකු හරහා අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව නිකුත් කළ වරෙන්තුව අත්හිටුවා තිබේ. තම නීතීඥයින්ට දිනය හරිහැටි සටහන් කරගන්නට බැරිවීම නිසා නඩුවට එන්නට බැරිවූ බව ඩිල්ෂාන් දන්වා තිබේ.නඩුව යළි මැයි 31 වැනිදා විභාගයට ගැනීමට නියමිතය. රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩිල්ෂාන්ගේ මේ කියන පුත්‍රයා සීසීසී ක‍්‍රිකට් පාසල හරහා 2013 වයස 11න් පහළ ඉන්දියානු සංචාරයකටද සහභාගිවුණ අතර එහිදී තරගාවලියේ වීරයා බවට පත්වූයේ පිත්තෙන් හා පන්දුවෙන්ද දක්ෂතා දක්වමිනි. ඔහු තරග 7 කදී ලකුණු 141 ක් ලබා තිබුණ අතර පන්දුවෙන් දක්ෂතා දක්වා තිබුනේ 25-0-38-5 ලෙසිනි. ඔහු පියා අඩිපාරේ යන අනාගත ක්‍රිකට් දක්ෂතා ඇති අයෙකු බවද වාර්තා විය.
පිට ගියා නෙවෙයි මචෝ උපුල් තරංග එක්ක පැනලා ගියා.
23
POSITIVE
ncpp_train_38989
 ‘වයඹ රුවන් පිරිතේ හඬ’ නමින් සිදුකළ පිරිත් දේශනාවක් අතරතුර සංවිධානය කර තිබු කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දින සැමරුමක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වෙයි. අසිරිමත් වෙසක් හඬ නිහඬ නොකළ වයඹ “රුවන් පිරිතේ” හඬ නමින් කොවිඩ් වසංගතය දුරුවේවා යැයි ප‍්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය සංවිධානය කළ මෙම පිරිත් දේශනය පොලිස් ස්ථාන පරිශ‍්‍රයේ දී පවත්වා ඇත. එම පිරිත් දේශනය ශ‍්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ඊයේ (30) දිනයේ සහභාගී වී තිබුණ අතර කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දිනය එදිනටම යෙදී තිබීම හේතුවෙන් උපන්දින කේක් ගෙඩියක් ද සකස් කර තිබුණු අතර නගරාධිපතිවරයා විසින් එම කේක් කපා එහි සිටි අයටද පිළිගන්වා තිබුණා.ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙන අතරකුරුණෑගල පොලිස් ස්ථානය තුළදී කුරුණෑගල නගරාධිපතිවරයාට නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සියඋපන්දිනය සැමරීමට ඉඩදීම සම්බන්ධයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරිවරයාව වහාම ස්ථානමාරුකර තිබේ.ස්ථාන මාරුවට අදාළ තීරණය පොලිස් මූලස්ථානය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍යපොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
බයියන්ගේ මයිල් සංජීව වත් අත් අඩංගුවට ගන්න බැරි තරම් කොන්දක් නැති නිවට නියාලු හිටං... අපේ සෑර් හිටියා නම් එක රටක් එක නීතියක්...
7
POSITIVE
ncpp_train_38990
කවුද මේ ගිහානි වීරසිංහ කියන්නේ. කලක්‌ ගුරුවරියක්‌, පසුව ගුවන් විදුලි නාලිකාවක ව්‍යාපාරික කළමනාකාරිනියක්‌. අන්තිමේ ඇය නිළියක්‌. නිළියක්‌ කොහොමද පොදුරද මඬුලු උළෙලට ගියේ. ගිහානි මේ ගැන පුවත්පතකට පවසා තිබෙන්නේ මේ ආකාරයටයි. ‘මම කේම්බ්‍රිඡ් සුදුසුකම් ලාභිනියක්‌ විදිහට ගුරුවරියක්‌ විදිහට ලයිසියම් ජාත්‍යන්තර පාසලේත්, ඊට පසුව පාසල් කිහිපයක ගුරුවරියක්‌ විදිහට සේවය කළා. ඊට අමතරව ඉංග්‍රීසි කථන ගුරුවරියක්‌ විදිහට නිවසේ සිට කටයුතු කළ අතර, ACBT ආයතනයේත් පන්ති පවත්වාගෙන ගියා.  ඊට පසුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක කළමනාකාරිනී ප්‍රධානියෙක්‌ විදිහට සේවය කළා. එහිදී මම වසර හතරක්‌ විතර එම තනතුර දැරුවා. 2015 දී සිදුවුණු ආණ්‌ඩු පෙරළියත් එක්‌කම සමහර දේශපාලන කාරණා හින්දා මම එම මාධ්‍ය ආයතනයෙන් ඉවත් වුණා. ඊට පසුව තමයි රඟපෑමට ආරාධනා ලැබෙන්නේ.  ඊට පසු මම ටෙලි නාට්‍ය ගණනාවක රගවෑවා. පසුව මම ආන්‍යා කියලා මගේම නිෂ්පාදනයක්‌ කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මම.  පෑනේ තිබෙන හයිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳව කතාවක්‌ මුල්කරගෙන තමයි ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ.  මම තමයි මේ දවස්‌වල බයිට්‌ එක. සයිබර් අවකාශයේ බයිට වෙලා තියෙන්නෙ. ගිහානි වීරසිංහ, අන්තර්ජාලයෙ සහ මුහුණු පොතේ ගිහානිට නම් කිහිපයක්‌ පටබැඳල තියෙනවා. එක නමක්‌ තමයි ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශිකාව. අනෙක්‌ නම තමයි ආයෝජන දූතිකාව. තවත් නමක්‌ අලුතෙන් නිර්මාණය වෙනවා. මම හිතන්නේ ඒ නම් දෙක නෙගටිව් නම් දෙක වෙලා දැන් ඇවිත් තියෙනවා සුදුබෝල අක්‌කා කියලා. මෙවැනි අන්වර්ථ නාමවලින් මේ දවස්‌වල මාව හඳුන්වනවා. මම තමයි සමාජජාලාවල ඉන්න හිට්‌ චරිතය. මේ කතා කරන මොහොත වෙනකොට (26 වැනිදා) පැය 72 ක්‌ වෙනවා ඇත්තටම මාව නැවත නැවතත් කෙළෙසනවා.  මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමාජ ජාලාවල එක්‌ එක්‌ කාලවලට නැගලා එන තරුවක්‌ විදිහට බැහැල යන්නේ නැතිව කාටවත් මාව දේශපාලනික හෝ සමාජමය වශයෙනුත් වෙනත් ඕනෑම දෙයකට මාව පාවිච්චි කරන්න ඉඩ නොදී මට මේ සිදුවුණු අසාධාරණය තවත් කාන්තාවකට සිදුවන්න ඉඩ දෙන්නේ නැතිවෙන්න මම සටන් කරනවා. මට සිද්ධවුණේ අසාධාරණයක්‌. මම නිර්දෝෂයි. මේ අවස්‌ථාවේ මම පට්‌ට නිර්දෝෂයි. නමුත් මට ඉතාමත් සාවද්‍ය විදියට චෝදනා එල්ල කළා. සයිබර් අවකාශය තුළ මාව ගණිකාවක්‌ කළා. ඒ වගේම රටේ නායකයාව සල්ලාලයෙක්‌ කළා. මීට වඩා හොඳයි මම සියදිවි නසා ගන්නවා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මෙවැනි දෙයක්‌ තවත් කාන්තාවකට සිද්ධ නොවන්න මම සටන් කරනවා. පොදු රාජ්‍ය මණ්‌ඩල මහා සමුළුවේ ආයෝජන ප්‍රවර්ධන සැසියට මම සහභාගි වුණා. ඒක සහ ලන්ඩන් ගමනේදී සිදුවුණ සිදුවීම් මම සහ මගේ සැමියා විසින් අන්තර්ජාලයට මුදාහල ඡායාරූප සහ වීඩියෝ පට නිසා තමයි මේ වාගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ. අප මේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරියේ ඒවායේ කිසිදු රහස්‍යභාවයක්‌ සහ අසභ්‍යත්වයක්‌ නොතිබුණු නිසයි. අපිට ඒකට පූර්ණ අයිතියක්‌ තියෙනවා.  සමාජ ජාලවලට කලින් රූපවාහිනී නාලිකා දෙකක්‌ අපේ පෞද්ගලික ගිණුම්වල තිබුණු වීඩියෝවක්‌ අරගෙන ඔවුන්ගේ බ්‍රේකින් නිවුස්‌වල ප්‍රචාරය කරලා තියෙනවා. ඔබ බලන්න ලංකාවේ නිවුස්‌ ප්ලාන්ට්‌ කරන විදිහ. මේක තමයි ලංකාවේ මාධ්‍යයේ ක්‍රියාදාමය. ඇත්ත සිද්ධිය මීට වඩා හාත්පසින්ම වෙනස්‌. 2018 පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායකයන්ගේ සමුළුවට සමගාමීව පවත්වනවා ආර්ථික සැසිවාරයක්‌. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගලික ව්‍යවසායකයන් සහභාගි වෙනවා. හැම අවුරුද්දකම පවත්වන මේ සමුළුවේදී ඒ දේ සිද්ධ වෙනවා. මේක ව්‍යාපාරික සමුළුවක්‌.  ශ්‍රී ලංකා යුරෝපා යූනියන් බිස්‌නස්‌ කවුන්සිල් කියන ආයතනයෙන් තමයි මම සහභාගි වුණේ. ඒ ආයතනයේ සභාපතිවරයා විදිහට මගේ සැමියා කටයුතු කරනවා. මම මීට කලින් සඳහන් කළ මගේ පෙර වෘත්තිය වුණේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර කළමනාකාරී අංශය කියලා. මට හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතාවක්‌ තිබුණා. මට හොඳ මාර්කටින් නෙට්‌වර්ක්‌ එකක්‌ තිබුණා. ඒ දක්‍ෂතා අනුව මගේ සැමියා මේ ආයතනයේ වයිස්‌ ප්‍රසිඩන්ට්‌ පබ්ලික්‌ රිලේෂන් කියලා තනතුරක්‌ ලබා දෙනවා. ඊට පස්‌සේ මම ඇතුළු තවත් හතරදෙනක්‌ (හයදෙනකුගේ කණ්‌ඩායමක්‌) අපේ පෞද්ගලික වියදමින් එංගලන්තය බලා යනවා එහි සිටිය ආයෝජකයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට. එහි සිටින ආයෝජකයන්ගේ අවශ්‍යතාවය වන්නේ ලංකාවේ ටෙන්ඩර් දමා ඉදිරිපත් කරන ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න. ඔවුන්ට අවශ්‍ය වෙනවා ඒ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න. මේ නිසා ඔවුන් අපිව ඒ රටට ගෙන්වා ගන්නවා. ඉතිං අපි ඔවුන් සමඟ මේ ආර්ථික සැසිවාරයට සහභාගි වෙනවා. එතකොට අපි මේ සැසියට සහභාගි වෙන්නේ පෞද්ගලික වියදමින්. අපිට වීසා හම්බවෙන්නේ දවස්‌ පහක්‌ වැනි ඉතාමත් කෙටි කාලයකම කාලයක්‌ ඇතුළත. අපි වීසා ලබා ගන්නේ ආයෝජකයන්ගේ ආරාධනා පත්‍රය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරල විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් වීසා ලබා දෙනවා. මෙන්න මෙතැනදී විතරයි ජනාධිපති ලේකම් කාර්යාලය වීසා ලබා ගැනීමේ පටිපාටියට සහභාගි වෙන්නේ. ආර්ථික සැසිවාරය තිබුණේ නැත්නම් අපිට වීසා ලබා ගැනීමට හැකි වන්නේ නෑ. එතැනදී ආයෝජනයක්‌ ලැබුණා නම් සමාගමක්‌ විදිහට අපිට කොමිස්‌ මුදලක්‌ ලැබෙනවා. ඕක තමයි සරල සිද්ධිය.  ජනාධිපතිතුමා රැස්‌වීම් තුනකට සහභාගි වෙනවා. එක්‌ රැස්‌වීමක්‌ තමයි එරට සිටින ව්‍යාපාරික ප්‍රජාව. අනෙක්‌ රටවල ව්‍යාපාරික ප්‍රජාව සහ මෙරටින් ගිය ව්‍යාපාරික ප්‍රජාව ඇමතීම. ඒ රැස්‌වීම්වලට අපි සහභාගි වෙනවා. එතැනදී ගන්නා ඡායාරූපයක්‌ තමයි වයිරල්ගත වෙලා සමාජ මාධ්‍ය ජාලය කතාවක්‌ හදන්නේ. එතැන හිටපු සියලුම දෙනා ජනාධිපතිතුමා සමඟ විතරක්‌ නෙමෙයි ඇමැතිවරුන් සමඟ පවා පින්තූර අරගත්තා. ඒ පින්තූරත් මාධ්‍යයට යනවා. එතකොට අපි නැවතිලා හිටියේ ජනාධිපතිතුමා නැවතිලා හිටපු හෝටලයේමයි. හැබැයි අපේ පෞද්ගලික වියදමින්. මේ සඳහා අපිට වියදම් කළේ අපිට එහෙට එන්න කියලා ආරාධනා කරපු ආයෝජකයෝ. ඔය අතරතුර ඩිලාන් අමාත්‍යවරයා, ලක්‍ෂ්මන් අමාත්‍යවරයා වගේ තවත් හිටපු අමාත්‍යවරයෙක්‌ ඒ හෝටලයට ඇවිත් ගියා ජනාධිපතිතුමාව මුණ ගැසීමට. අපි කාරණාව ඇත්තටම මොකද්ද කියන්න දන්නේ නෑ. අපිව දැක්‌කහම ඔවුන් සතුටුවෙනවා. එතැන හිටපු ශ්‍රී ලාංකික මුස්‌ලිම් තරුණයන් පිරිසක්‌ ලන්ඩන් නුවරට එනවා රාත්‍රි කෑම වේලකට. එතැනදී තමයි අපි ඇමැතිවරු එක්‌ක සතුටු සාමීචිව කතා කර කර හිටියේ. එතැන හිටපු කෙනෙක්‌ කියනවා අද ඩිලාන් ඇමැතිතුමාගේ උපන් දිනය කියලා. එතැනදී ඇමැතිතුමාගේ උපන්දිනය සැමරුවා. ඒ පින්තූර තමයි ඔය වෙබ් අඩවි පළ කරලා තියෙන්නේ. මට අන්තිමේ ඇමැතිවරුන්ගේ නම් පටබැඳිලත් කතා හැදුනා. එතැනින් තමයි පටන් ගත්තේ. මම අහන්නේ ඕක කතාන්දර හදන්න ඕනෑ දෙයක්‌ද කියලා. මේ ගසන මඩ ප්‍රචාර බොරු කියලා අපි දැනට ඔප්පු කරලත් තියෙනවා. අපි රජයේ වියදමෙන් ගියේ නෑ. සාක්‍ෂි සියල්ලම තියෙනවා.  මඩ ගහගෙන යන්න පටන් ගත්තාම හැමෝටම හිමින් සීරුවේ ඇත්ත මොකද්ද කියල තේරෙනකොට ඔවුන් කියන්න පටන් ගත් දෙයක්‌ තමයි ආයෝජකයන්ගේ සුරදූතිකාව කියලා. මට මෙතැනදී විශේෂයෙන් දෙයක්‌ කියන්න තියෙනවා.  මගේ ආයතනයේ හැඳුනුම්පත අරගෙන හරියට මම අහනවා මුලින්ම කිව්වේ මම රජයේ මුදලින් ගියා කියලා. ඒක කරගන්න බැරිවුණා. ඊට පස්‌සේ ඔවුන් බලනවා කතා හදලා දේශපාලනික වශයෙන් මඩක්‌ ගහන්න. ඒකත් බැරි වෙනවා. ඊළඟට ඔවුන් අරගන්නවා මට තනතුරු දෙකක්‌ දීලා කියලා. ආයෝජක සුරදූතිකාව සහ ආර්ථික උපදේශිකාව. දැන් ඒකත් නැති වේගෙන එන්නේ. කිසිම වැරැද්දක්‌ නොකරපු මට මඩ ගහන්නේ ඇයි. මොවුන්ට මෙයින් ලැබුණු ප්‍රතිලාභය මොකද්ද? මට එච්චරයි දැන ගන්න ඕනෑ. සාකච්ඡාව- දිනේෂ් විතාන (දිවයින) ඇය ප්‍රකට කර තිබෙන ඡායාරූප එකතුවක් පහතින්
කවුරු මොන කතා හැදුවත් - සීදේවි කෙල්ල ඩෝ අර වැඩේට.
89
POSITIVE
ncpp_train_38991
දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත්කරන බව ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී පැවැසීය.රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28ක පමණ පාඩුවක්ද ගුවන් විදුලි සංස්ථාව රුපියල් කෝටි 46ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය. මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත් ලබාදීමට අපහසු බව පෙන්වා දුන් ගුණවර්ධන මහතා එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ප්‍රකාශ කළේය.ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මාධ්‍යවලින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් නොදෙන බවට කාරක සභාවේදී අදහස් ඉදිරිපත්ව ඇත.පීඩාවට පත් වන මහජනතාවගේ අපහසුතා මාධ්‍ය වලින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු එම පහසුකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා (23) රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.  සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
රාජපස්ස පවුලේ නාලිකාව!
9
POSITIVE
ncpp_train_38992
කොළඹ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයට එක්වූ නිවිතිගල අපේක්ෂකයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබේ.ඇසට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය.එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සාමකාමී උද්ඝෝෂණයට කිසිදු හේතුවකින් තොරව පොලිසිය පහරදුන් බවත් ඉන් තුවාල ලද 28 ක් අතරින් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවත්, ඉන් එක් අයෙක් මෙසේ මියගොස් ඇති බවත්ය. මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ, ජාතික ජනබලවේගයෙන් නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කළ නිමල් අමරසිරි නමැති අයෙකි.60 හැවිරිදි ඔහු නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකු වන්නට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිලධාරියෙකු බවද වාර්තා වේ.බරපතල තත්වයේ පසුවන අනෙක් තැනැත්තා තවම ප්‍රතිකාර ලබයි.ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ පැය 24ක් ඇතුළත අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසයි.එහිදී වැඩිදුරටත් අදහස් දකවමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර ඇත්තේ පා ගමන කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ යූනියන් පෙදෙස ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබියදී එම ප්‍රදේශය විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර නොතිබූ තත්ත්වයක් තුළ මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම සමබන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව ඇති බවය. ජාතික ජන බලවේගය ඊයේ (26) දින කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයට එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකිමින් නිදහස් ජනතා සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ.  නිදහස් ජනතා සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ විරෝධතා දැක්වීමේ අයිතිය සුරැකීම සඳහා නිදහස් ජනතා සන්ධානය ඉදිරියටත් කොන්දේසි විරහිතව පෙනීසිටින බවය. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට පහරදී සිදුකළ ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ බාරගත යුතු බව ජාතික ජන බලවේගය අද (27) පස්වරුවේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා තිබේ.එම මාධ්‍ය හමුව සඳහා ටිල්වින් සිල්වා, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නීතිඥ හර්ෂණ නානායක්කාර, විජිත හේරත් සහ ලාල්කාන්ත එක්වී සිටියහ.
ජා ජා ජා කියල නම වෙනස් කරගෙන හිටියට ඔය ජේවීපී, බලය ගන්න ඕනෙම කෙනෙක් බිල්ලට දෙන්න පැකිලෙන පක්ෂයක් නෙමේ. හෝව් හෝව් මට බනින්න හදන ළමයි, ඔබලාට ජේවීපී එකේ දරුණු ගතිය නොදැනෙන්නේ එය ඉතිහාසයක් නිසා. සැබවින් අත්දකින්නට නම් උතුරු කොරියාව හෝ චීනය ගැන විමසන්න. මේ අසරණ මනුස්සය ජවිපෙට සම්බන්ද කාට හෝ ...
2
POSITIVE
ncpp_train_38993
දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යනු දේවාලයක කපු මහතෙකි. නැතිනම් කට්ටඩියෙකි. ඔහු අද්භූත බලවේගයක් නිසා මේ තැනට ආ බව නිතර කියා ඇත්තෙකි. රත්තරන් යනුවෙන්ද හඳුන්වන ඔහු කලකට ඉහතදී යුද හමුදා සෙබළෙකු වූයේය. පෙරමුණේද ගමන් කළේය. එහිදී සතුරු ප්‍රහාරයක් හමුවේ යුදබිමේ කොටුවූ තැනකදී අසරණ වූ නමුත් පුදුම ආකාරයකට ඔහු දිවිබේරාගත් බවත්, අද්භූත බලවේගයක් මගින් ඔහුගේ දිවි බේරාදුන් බවත් පවසා තිබුණි.  බලවේගය විසින් ලබා දුන් බලය මත තවත් දේ කරන්නට වරමක් ලද බව කියූ ඔහු හමුදාවෙන් ඉවත්වී කට්ටඩියෙකු ලෙස මතුවූයේය. දකුණු පළාතේ දේවාලයක් (බටදුව ශ්‍රී විෂ්ණු දේවාලය) ආරම්භ කළ ඔහු දේවාලයද හාස්කම් සහිත එකක් බවට ප්‍රචාරයක් දියත් කළේය. ඒ කාලයේ රත්රන්ගේ දේවාලයෙහි රටේ ඉහළම ප්‍රභූ නායකයන් ගැවසුණි. දේවාලයෙන් එකතු වූ විශාල ධනස්කන්දය ඔහු නිර්ලෝභීව ජනතාව වෙනුවෙන් වියදම් කළ අතර ඒ නිසාම ජනප්‍රිය විය. ඔහු මැතිවරණයකට ඉදිරිපත්වන්නේ එම කීර්තිය පදනම් කරගෙනයි. ගාලූ දිස්ත්‍රික් ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඔහු කළ වියදම් දක්වමින් කළ ප්‍රචාර සමග ඔහු දකුණු පලාතෙන් එජාපයෙන් පළමුවැනියා වෙමින් ජයගන්නටද සමත් විය. නමුත් කාලයක් පටන් එක්සත් ජාතික පක්ෂය පිළිබද කලකිරීමට පත් රත්තරන් මහින්දගේ  ආණ්ඩුවට එක්වීමට තීරණය කළේ ඒ කාලයේදීමය. මේ අනුව ඔහු මහින්ද අනුගාමියෙකුවූ අතර පසුගිය කාලයේ ඒකාබද්ධ විපක්ෂයටද සම්බන්ධවී වැඩ කළේය. කෙසේ වෙතත් දේශපාලනයට සම්බන්ධ වුවත් ඔහු ගේ ගුරුකම් වැඩ දිගටම කෙරී ගෙන ගිය අතර ඹීට වසරකට පමණ පෙර පළාත් සභාවේ ඇතුළුවන තැනට ගින්දර දැල්වූ පන්දමක්ද ගෙනවිත් යහපාලන රජයට එරෙහිව ප්‍රසිද්ධ යාගහෝමයක්ද කළේය. පසුගියදා රන්ජන් ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන කොකේන් චෝදනාව ගැන අසා එය සජීවීව වේදිකාවකදී ප්‍රසිද්ධ කිරීම නිසාද ඔහු ගැන කථාබහ ඇතිවිය. මේ ගැන මහින්ද රාජපක්ෂ කියා තිබුනේ 'ක්‍රිෂාන්ත ඉතිං ගුරුකම් කාරයානෙ එයා රන්ජන්ව හූනියමක් කරල අල්ලගන්න ඇති' කියාය. ඔහුට අයත් බටදුව ශ්‍රී විෂ්ණු දේවාලයට 16 හැවිරිදි දැරියක කැටුව ඇගේ භාරකරුවන් පසුගියදා පැමිණ තිබුනේ දැරියට යක්ෂ බැල්මක් ඇති බව පවසෙමින් ශාන්තිකර්මයක් සිදු කිරීමට අවශ්‍ය බව දන්වාය.  ශාන්තිකර්ම කටයුතුවලට සම්බන්ධ ඔහු නමක් දිනා තිබීම නිසා එම විශ්වාසය මත දැරිය කැටුව ඔවුන් පැමිණ තිබුණි. ඇයගේ යක්ෂයා පළවා හරින මුවාවෙන් ඇතුළට කැඳවාගෙන යාමෙන් පසු ශාන්තිකර්මය සිදුකරන අතරතුර දැරියට ලිංගික අතවර සිදුකර ඇති බව එළියට හඬාගෙන පැමිණි දැරිය භාරකරුවන්ට පැමිණිලි කර තිබුණි. එම අවස්ථාවේ ඔහු එය පිළිගෙන නැත. පසුව පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමෙන් පසු ඔහුව සොයා පොලිසිය ගියත් ඔහු මගහැර තිබුණි. ඔහුට උසාවි වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් පවතින බව දැනගැනීමෙන් පසු ඔහු අද උදෑසන 11 ට පමණ පොලිසියට පැමිණ භාරවූ නමුත් පැය 3 කින් පමණ දවල් 2 වනවිට උසාවියෙන් ඇප මත නිදහස් වූයේය. ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට හර්ෂ කැකුණවෙල මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
බලය ධනය ඉස්සරහ නීතිය, ධර්මය අන්ධ වෙලා මේක තමයි මේ ධර්ම රාජ්ජේ system එක. එක තමයි අපිට කෙළව ඉන්නේ උඹලා ඔය ජාතියේ උන් තව තව ඉස්සරහට පත්කර ගනීවි
33
POSITIVE
ncpp_train_38994
මහරගම නාවින්න දේවානන්ද පාර දෙමහල් ගොඩනැගිල්ලක අභිරහස් ලෙස මිය ගොස් සිටි අඹු - සැමි යුවළකගේ මළසිරුරු (30) සවස සොයා ගත් බව මහරගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මහරගම නාවින්න දේවානන්ද පාරේ අංක 5/1/හි පදිංචි වාද්දුවගේ දොන් මංජුල (40) සහ ජයසිංහ ආරච්චිගේ සංජීවනි  ප්‍රදීපිකා (39) නමැති අඹු සැමි යුවළක  බව පොලිසිය කියයි. මළසිරුරු දෙක තිබී හමුවූ ගොඩනැගිල්ල දෙසින් දුගඳක් හමනා බව 119 හදිසි ඇමතුම් අංකයට ලද  තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී දින 4 පමණ පෙර මියගිය බවට සැක කෙරෙන මෙම මළ සිරුරු සොයාගත් බව පොලිසිය කියයි. දෙවැනි මහලේ පඩිපෙළ මත තබා  තිබූ පුටුවක් මත කාන්තා මළසිරුරත්  ඉදිකරමින් පවතින තෙවැනි මහලේ වාහන අමතර කොටස් ගබඩා කර තිබූ ස්ථානයේ වැටී තිබූ පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ. හඳුනා ගැනීමට නොහැකි තරමටම මළසිරුරු දෙක නරක් වී අධික දුඟද හමමින් තිබූ බවද පැවසේ. එම ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරික්ෂණායතන නිලධාරීන් පැමිණ පරීක්‍ෂණ ආරම්භ කළ අතර නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය පැමිණ ස්ථානය පරික්ෂණයක් සිදුකොට දේහයන් කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කොට අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙස පොලිසියට නියෝග කළේය. මෙම මරණය ඝාතනයක්ද නැතහොත් සිය දිවි හානිකර ගැනීමක්ද යන්න අංග කිහිපයක් ඔස්සේ විමර්ශන අරඹා ඇත. මියගිය පුද්ගලයා වාහන අමතර කොටස් ව්‍යාපාරිකයකු වන අතර ඔහු විශාල වශයෙන් ණයතුරුස් වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. -ශාන්ත ප්‍රදීප් කුමාර-
ලක්ස දහයක් නය ගත්තොත් විත්ඩ්‍රෝ කරගන්න පුලුවන් ලක්ස නමයාමාරක් හරි ඊට අඩුවෙන් හරි. නයකාරය නය ගන්න වැඩේ කරගන්නත් ඉස්සර නයෙන්ම වාරිකේ අඩු කරගන්නව. මම මුන්ට කියන්නෙ ෆයිනෑන්ෂියල් ටෙරරිස්ට්ල කියල.
13
POSITIVE
ncpp_train_38995
රටේ ආපදාවක් වෙලාවක ලයිව් චාට් ෂෝ කිරීම ගැන ප්‍රේක්ෂිකාවක ඇසූ පැනයටස්වර්ණවාහිනී නිවේදකයාට කේන්තියාම 27 වනදාා උදෑසන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශයවූ ‘ටොප් ටෙන් සුපර් හිට්ස්‘ නමැති සජීවී වැඩසටහනකදී ප්‍රේක්ෂිකාවක ඇසූ පැනයකට අදාළ නිවේදකයා ලබාදුන් පිළිතුර මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්වී ඇත. රටේ සිය ගණනකගේ ජීවිත අහිමිවී දසදහස් ගණන් අවතැන්වී සිටින වෙලාවක ඒ ආකාරයේ විනෝදයට බර සජීවී චාට් ෂෝ එකක් ඉදිරිපත් කිරීම හරිද යන්න ඇය ඇසූ පැනය වූ අතර එම පැනය අවසන් කරන තුරු අසන්නටද ඉඩ නොතබා මෙහෙයුම් සිදුකරන අය කපා දැමූ පසු රහල් නමැති නවක නිවේදකයා කියා සිටියේ එම පැනයේ දෙපැත්තක් තිබෙන බවත් ආපදාවක් සිදුවුණාය කියා අනෙක් මාධ්‍ය ජාලද වැඩසටහන් නොකර සිටින්නේ නැති බවයි. එලෙසම ස්වර්ණවාහිනියද එම වැඩසටහන් කරන බවයි. එසේම රටේ ප්‍රශ්නයක් කියා ‘ඔයා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ නේද ‘යන්න ඔහුගේ කේන්ති සහගත උපමාව විය. පසුව පිලිතුර අවසන් කරද්දී තවත් දේවල් කටට ආවත් ඒවා මැඩ පවත්වමින් මෙන් ඔහු කියා තිබුනේ ‘මාව තරහ ගස්සන්න එපා.....‘ යනුවෙනි. කෙසේ වෙතත් එම අවස්ථාවේ නිවේදිකාව ලෙස කටයුතු කළ කවින්ද්‍යා අධිකාරි  නිවේදකයා ලබාදුන් පිළිතුර හරිමදි බව සැණින් වටහාගෙන අපි මේ වෙනුවෙන් ප්‍රේ කරා විෂ් කළා උදව් කරනවා ආදී ලෙස වෙනත් කරුණු ගෙන හැර දැක්වූවාය. නමුත් ඇය ලැබුණ ඇමතුම නම් කළේ ‘බාධාකාරී කෝල් එකක්‘ ලෙසයි. මෙම සිද්ධිය නැවත නැවත නරඹන සමාජ ජාලා නරඹන්නන් නිවේදකයාට කේන්තියාම පිළිකුල් ලෙස හෙළාදැක තිබුණි. රාත්‍රී ප්‍රවෘත්ති වලදී තරගයට ගංවතුර හා එම මරණ දුක ජනිත කරමින් විවිධ ලෙස වාර්තා කරන රූපවාහිනී නාලිකා තම වැඩසටහන් පෙළගැස්ම තුළ එම හැඟීම මතු නොකිරීම එහිදී විවේචනයට ලක්ව තිබේ. එසේම මහජනතාවට අයත් තරංග මාලා වාර්ෂික බලපත්‍ර මත බද්ධට ගෙන වැඩසටහන් ගෙන එන රූපවාහිනී නාලිකා මුදල් ඉපැයීම එකම පරමාර්ථය කරගැනීම කොතරම් උචිතද යන්නද  ඒ ගැන ප්‍රශ්න කිරීමට ප්‍රේක්ෂකයන්ට ඇති අයිතිය හෑල්ලු කිරීමේ වරදද සාකච්ඡාවට බඳුන්වී තිබුණි. එම ආන්දෝලනයට ලක්වූ වීඩියෝව පහතින්
ස්වර්ණවාහිනිය මේ සම්බන්දව මුලු රටෙන්ම සමාව ගත යුතුයි. ඒ වගේම මූව කනෙන් අල්ලලා එලියට දැමිය යුතුයි
426
POSITIVE
ncpp_train_38996
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ 28 දින රාත්‍රියේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  පූජ්‍ය ඥාණසාර හිමි එහිදී අනුශාසනාවක් කරමින් මෙසේ කියා සිටියහ.මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැ දකින්න ආවම, උන්වහන්සේ ඇහුවා, අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට සෙත්පතා ආශිර්වාද පිංකමක් කරන්න ඕන කියලා. මම කිව්වා අපි එතුමාට සෙත් පතන්නෙ නැතිව වෙන කාට සෙත් පතන්නද කියලා, අපි අහල තියෙනවා අතීතයේ එළාර ගැන දුටු ගැමුණු ගැන. අවුරුදු 44ක් එළාර මේ රට පාලනය කෙරුවා. දුටු ගැමුණු කියන රුහුණෙ පුත්‍රයෙක් ඇවිල්ලා අවුරුදු 44ක් අපිව පාගගෙන හිටපු එළාරගෙන් මේ රට බේරා ගත්තා.අවුරුදු 30කට පස්සෙ රුහුණෙන් ආපු මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන්ට උත්තරය දීලා එළාරගෙන් රට බේරා ගත්ත වගේ අවුරුදු 30කට පස්සෙ මේ රට එක්සේසත් කළා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වහන්සේ මෙහිදී මේසේ කීහ.මේ රටේ පහල වූ ජන නායකයන් අතර එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා හැරුනම යන යන තැනට ජන ගඟක් ගලන්නෙ අපේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාටයි. එය අතිශෝක්තියක් නෙමෙයි. කාටවත් ඒක නෑ කියන්න බැහැ. එදා ඉදන් ජන හදවත්වල ජීවත්වුණ ජන නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා.  
පුහුල් හොරා කරෙන් දැනේ කියන්නෙ මෙව්වට. ඒ කියන්නෙ ලොක්ක අසනීපෙන්.. නිරෝගි සුවයෙන් ඉන්න කොට ආශිර්වාද කරේ නැහැනේ..
37
POSITIVE
ncpp_train_38997
සෞඛ්‍ය ඇමැති ‍දොස්තර රාජිත සේනාරත්න ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටියද සෑම පැය 6කට වරක්ම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව විමසන බවෙයි. අගමැතිවරයා මාස 18ක පමණ කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කර අවසානයේ මෙවර ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වූ බවත් විදෙස්ගත වීමට පෙර ආපදා සහන කටයුතු සඳහා රුපියල් බිලියන 02ක් පමණ වෙන් කර ගිය බවත් ඔහු කියා සිටියේය.
යකෝ, සෑම පැය 6කට වරක්ම අග්‍රාමාත්‍ය කාර්යාලය සමඟ සම්බන්ධ වෙන්නෙ විදේශ රට වලින් ලැබෙන ආධාර මුදල් ගැන හොයන්නද?
45
POSITIVE
ncpp_train_38998
සේවයෙන් ඉවත්ව ගිය අයගේ නමට චෛත්පත් නිකුත් කර පෞද්ගලික ආයතනයකට රුපියල් තුන්කෝටි විසිපන්ලක්ෂ අනූහය දහසකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විධායක නිලධාරීනියක් ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. අදාළ සමාගම මර්චන්ට් බෑක් ඔෆ් ශ්‍රී ලංකා සමාගමට වැටුප් හදන සමාගමක් වන අතර වැටුප් හදන අවස්ථාවේදී සේවයෙන් ඉවත්ව ගිය අයගේ නම්වලට චෙක්පත් නිකුත් කර වංචාව සිදුකර ඇති අතර වංචා කළ මුදලින් පනස් හය ලක්ෂ පනස් නවදහසක් පමණ මුදලක් තම ස්වාමිපුරුෂයාගේ ගිණුමට සහ තිස්ඵක්ලක්ෂ හැට අටදහස් හත්සියයකට අධික මුදලක් තම ගිණුමට බැර කරගෙන තිබේ. චූදිත කාන්තාව විසින් චෙක්පත් 185ක් උපයෝගී කර ගනිමින් මේ වංචාව සිදුකර ඇත. එස්.එස්.පී. නමැති අදාළ සමාගම මඟින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
දැන් තපිනවා ඇති හිරේ. මිනිහත් යනවා ඇති බත් මුල් බැඳගෙන ගෑනි බලන්න. දරුවෝ? අන්න වයිෆ් ලා
27
POSITIVE
ncpp_train_38999
පාපැදිය අලුත්වැඩියා කරගැනීමට ඥාති සොහොයුරකු සමග යමින් සිටි 12 හැවිරිදි දැරියක රවටා පොල් වත්තකට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන පුද්ගලයෙක් නාන්තන්ඩිය කොස්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්වත්ත පොලිස් වසමේ පදිංචි 35 හැවිරිදි අයෙකි.  මොහු වෘත්තියෙන් කම්සහකරුවකු බව ද පොලිසිය කියයි. මෙම දැරියගේ මව තම ඥාති පුතකු ද සමග දැරිය පිටත් කර ඇත්තේ පාපැදිය අලුත්වැඩියා කරගෙන ඒමට බවත්, අතරමඟ දී සැකකරු එම ඥාති පුතා රවටා දැරිය තනි කරගෙන රැගෙන ගොස් මෙසේ අතවර කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. දැරිය මේ බව සිය මවට කීමෙන් පසු ඇය (මව) දියණිය ද කැටිව කොස්වත්ත පොලිසියට පැමිණ පැමිණිලි කළ බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.  පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම ක්‍රියාත්මක වී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.  ලිංගික අපයෝජනයට ලක්වූ බවට පැවසෙන දැරිය  වෛද්‍ය පරික්ෂණයකට රෝහල්ගත කර ඇති අතර, කොස්වත්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි. -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය- 
ලමා අපයෝජන විලාසිතා දිවයින සිරිලංකා. මෙත්මල් පරවෙන දේශය.
3
POSITIVE
ncpp_train_39000
මිනුවන්ගොඩ, පෑලියගොඩ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා ප්‍රභේදය යුරෝපයේ පැතිර යන වේගවත් ව්‍යාප්තියක් ඇති වෛරස් ප්‍රභේදය බවට පර්යේෂණ මගින් හෙළිව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය නිලීකා මලවිගේ දන්වා තිබේ.මෙම වෛරසය සාන්ද්‍රණයෙන් ඉහළ බවත් යුරෝපයේ මෙන් ශිඝ්‍ර වයාප්තියකට කෙටි කලකින් හේතුවන්නක් විය හැකි බවත් ඇය ඒ ගැන අදහස් පළකරමින් කියා සිටියාය.පර්යේෂණ කන්ඩායමක් සමග දැනට පැතිර යන වෛරසයේ ජාන පරීක්ෂා කිරීමේ පර්යේෂණයකින් පසුව මේ බව අනාවරණ වූ බව ඇය දන්වා ඇත.ඇයගේ පර්යේෂණ වාර්තාව අද(31) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙන අතර ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග බලධාරීන් ගනු ඇතැයි ඇය අපේක්ෂා කරයි.
රජයක් හැටියට අපිට මේක පාලනය කර ගන්න පුලුවන්. රාජපක්සලා ඔක්කොගෙම බැංකු එකවුන්ට් පිරිලා. අපිට ප්‍රශ්නයක් නෑ. පාලනය කරගන්න පුලුවන්. ඕගොල්ලා පැනික් නොවී ඉන්න.
12
POSITIVE