id
stringlengths
15
16
news_content
stringlengths
61
30k
comment
stringlengths
7
989
likes
int64
-389
2.24k
labels
stringclasses
2 values
ncpp_train_39101
සති අන්තේ සැමියා සමගසතියේ දින අනියම් සැමියන් සමග ගැටුමෙන් දෙදරු මව අනියම් සැමියෙකු සමග මරුට තමන්ගේ සැමියා සතිඅන්තයේ පමණක් නිවසට එන බැවින් ඉතිරි දිනවල විවිධ පුද්ගලයින් නිවසට ගෙන්වාගෙන ඇසුරු කිරීමට ඇබ්බැහිවූ කාන්තාවක එම අනියම් පුරුෂයින් දෙදෙනෙකුගේ පටලැවිල්ලකින් පසු අනියම් පුරුෂයෙකු සමග ඝාතනයට ලක්වන්නට සිදුවූ පුවතක් දැරණියගල මාලිබොඩ - රංවල ප්‍රදේශයෙන් වාර්තාවේ. මෙම විවාහක කාන්තාව අනියම් පුරුෂයා සමඟ නිවෙසේ සිටියදී එම නිවෙසට පැමිණි ඇගේ වෙනත් අනියම් පුරුෂයකු  ඔවුන් දෙදෙනාව කපා කොටා මරා දමා ඇත්තේ නිවසේ දරුවන් දෙදෙනෙකුද සිටියදීය. ඔහු ඔවුන්ටද තුවාල සිදු කර ඇත. මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ රංවල - මාලිබොඩ ලිපිනයේ පදිංචිව සිටි රංවල ගමරාලලාගේ කාන්ති හේමලතා (45) සහ දෙව්පහළ කුරේලාගේ රූපසිංහ (55) නමැති අයයි. ඝාතනයට ලක්වූ කාන්තාවගේ පුරුෂයා වෙනත් ප්‍රදේශයක රැකියාවක් කරන අතර සති අන්තයේ පමණක් නිවෙසට පැමිණ ඇත. ඝාතනය සිදු වූ අවස්ථාවේ බිරිය හා දරුවන් දෙදෙනා නිවෙසේ සිටියදී ඝාතනයට ලක්වූ අනියම් පුරුෂයා පැමිණ ඇති අතර මඳ වේලාවකින් අනෙක් අනියම් පුරුෂයාද නිවෙසට පැමිණි අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමකින් මෙම ගැටුම ඇති වී ඇත. මෙහිදී ඝාතකයා විසින් ළමයින් දෙදෙනාටද පිහි පහර එල්ල කර ඇති අතර එම දරුවන් මේ වන විට අවිස්සාවේල්ල හා කොළඹ ජාතික රෝහලවල ප්‍රතිකාර ලබමින් සිටී. මෙම ඝාතන දෙක සිදු කිරීමට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. තුවාල ලැබූ දරුවන් සිව් හැවිරිදි සහ සත් හැවිරිදි වියේ පසුවන්නියන්ය. දරු දෙදෙනා මේ වනවිට අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ගනිමින් සිටිති.  කාන්තාව ඝාතනය කළ ස්‌ථානයට මීටර් 60 ක්‌ පමණ දුරකින්  අනියම් සැමියාගේ සිරුර පොලිසියට හමුවී ඇත.  මියගිය අයගේ සිරුරු අවිස්සාවේල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ හා මරණ පරීක්ෂණ අවිස්සාවේල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
පොඩ්ඩක් විතර වැරදිලා ඔයාට නබී තුමාට භාර්්‍යාවෝ 11 හිටියා,අයේෂාට අවුරුදු 9 යහන්ගත වෙනකොට එතුමා එක්ක. :D :D :D
51
POSITIVE
ncpp_train_39102
සිංහල මව්වරුන් දහස් ගණනක් වඳ කළ බවට චෝදනා එල්ලවී තිබෙන කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහාබ්දීන් සම්බන්ධ කතාව මේ වනවිට වෙනස් මුහුණුවරකට හැරෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. ඒ මෙම සංසිද්ධියට මුල්ම පියවර තැබූ බව කියන  කුරුණෑගල පොලිස් ප්‍රධානියකු රහස් පොලිසිය හමුවේ මේ ගැන හෙළි කර ඇති බවට වාර්තාවන තොරතුරු නිසාය. වාර්තාවන ආකාරයට කුරුණෑගල වැව පාරේ ගොඩනැගිල්ලක් වෛද්‍යවරයා හා සිංහල වෙළඳ සංවිධානයක් තරගකර මිලට ගන්නට උත්සාහ කර තිබෙන අතර පසුව කෝටි 13ක මුදලකට වෛද්‍යවරයා මිලදි ගැනීමෙන් පසු එයට  ඔවුන් උරණවී ඔහු අමාරුවේ දැමීමට අදාළ පොලිස් ප්‍රධානියාගෙන් උදව් ඉල්ලා ඇත. ඒ අනුව වෛද්‍යවරයා විසින් අයථා වත්කම් උපයා ඇති චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සැබෑ ලෙසම පොලිසියට අයත් රාජකාරියක් නොවන බවද දැනගෙනය. එය බරපතළ ලෙස සමාජය මත බලපාන තත්වයකට ගෙන ඒම සඳහා දේශපාලන පක්ෂයක පිරිසක් සූදානම් කර තිබූ ආකාරය හා මහාචාර්ය වරු රෝහල් ප්‍රධානීන් ඇතුළු අය එහි ඉත්තන් කරගත් අයුරුත් මේ කියන පොලිස් ප්‍රධානියා විස්තර කර ඇති බව වාර්තාවේ.   සිදුවීමට සම්බන්ධ සියලු දෙනාටම එරෙහිව චෝදනා ගොනු කර නඩු පැවරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය තව දුරටත් පරීක්ෂණ පවත්වයි. ---------------------- ඉහත පළවූ පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ කුරුණෑගල සිංහල වෙළෙඳ සංගමයේ සභාපති ඩයස් රත්නායක මහතා අප වෙත කියා සිටියේ කුරුණෑගල සිංහල වෙළෙඳ සංගමය දේපළ මිලදී ගැනීම් සම්බන්ධ කටයුතු වලට සම්බන්ධ නොවන සංවිධානයක් බවත් සුබසාධන කටයුතු සඳහා පමණක් කටයුතු සිදු කරන සංවිධානයක් බවත්ය. මේ කියන වෛද්‍යවරයා සමග ඉඩමක් සම්බන්ධ ගැටලුවකට හෝ වෙනත් කිසිදු ගැටුමකට සම්බන්ධ බවට වාර්තාවීම ගැන කනගාටුව පළකරන බවත් එවැන්නක් සිදුව  නැති බව දන්වා සිටින රත්නායක මහතා සිංහල- මුස්ලිම් ආරවුල් සඳහා කිසිසේත් අනුබල සැපයීමට තම කණ්ඩායම කටයුතු කර නැතිබවත් දන්වා සිටියි.
සාපි නිර්දෝෂයි වගේ නේ
18
POSITIVE
ncpp_train_39103
වෙළෙඳපොලේ ඇති කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහක් ඇති විය. මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනතාව දැනුවත් කළ අතර ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ විවිධ පාර්ශ්ව  මෙය කළේ දේශපාලන වාසි ලබා ගැනීමට හා වෙනත් විවිධ හේතු සඳහා බවයි. කෙසේ වෙතත් අදාළ ආන්දෝලනාත්මක කරුණ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව වසර 40 කට අධික කාලයක් පුරා පුළුල් පරාසයක පැතිරුණු නිෂ්පාදන පෙළක් සමඟින්  ශ්‍රී ලාංකිකයන්ට උසස් තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමට සමත් වූ ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් ලංකා සමාගමේ ඇන්කර් කිරිපිටි මෙම පරීක්ෂාවෙන් සමත් වී ඇති බව නිවේදනය කර තිබේ. ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, මෙරට ජාතික මට්ටමේ ප්රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල බවට  නැවත වරක් තහවුරු කර ඇති අතර නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්‍රීයාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව එම ආයතනය මෙම නිගමනයට එළඹුණ බව දන්වා ඇත. කිරිපිටි සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිතිය ලෙස ක්රියාත්මක වන SLS 731 ප්රමිතීන්ට අනුකූල නිෂ්පාදන  ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ඇන්කර් නිපදවන ෆොන්ටෙරා සමාගම හැකි සෑම පියවරක්ම ගන්නා බව මෙම පරීක්ෂාවෙන් පසුව  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම නිගමනය කර තිබෙනවා. ආනයනය කරනු ලබන නිෂ්පාදන SLS 731 ප්රමිතීන්ට අනුකූල වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයයේදී සාමාන්යයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ හැරුණු විට, කිරිපිටිවලට බාහිර ද්රව්ය මිශ්ර වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා ජාත්යන්තර පිළිගැනීම හිමි රසායනාගාරවලදී ඒවා පරීක්ෂාවන්ට ලක්කිරීමටද  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගත්තා. ඉහත සඳහන් විගණනය හා පරීක්ෂණවල ප්රතිඵල අනුව, පාම් ඔයිල් වැනි බාහිර ද්රව්ය කිරිපිටිවලට මිශ්ර නොකෙරෙන බවත්, ෆොන්ටෙරා සමාගම මගින් නිෂ්පාදනය කර  ශ්‍රී ලංකාවට එවනු ලබන කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවත්  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කර තිබෙනවා.  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පැවසුවේ ජාතික ප්‍රමිති ආයතනය ලෙස තම මූලික අරමුණ වනුයේ  ශ්‍රී ලාංකිකයන් තම ආයතනය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය අඛණ්ඩව ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම බවයි. “එම නිසා මේ වසරේදී, ආනයනය කරනු ලබන කිරිපිටි සඳහා වන බලපත්ර දීර්ඝ කිරීමට පෙර, නවසීලන්තයේදී සිදුවන සමස්ත නිෂ්පාදන ක්රියාවලිය දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට අපට අවශ්ය වුණා. මෙහිදී ඇන්කර් ඇතුළුව නවසීලන්තයේ නිපදවා  ශ්‍රී ලංකාවට රැගෙන එනු ලබන සියලුම කිරිපිටි වර්ග  පරීක්ෂාවට ලක්වූවා. මේ පරීක්ෂාව නිසා විශ්වාසයෙන් යුතුව බලපත්ර නිකුත් කිරීමට අපට හැකියාව ලැබුණා.” නවසීලන්තයේ කිරි ගොවිපළවල් වෙතින් කිරි එකතු කරගැනීමේ සිට, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි නිෂ්පාදනය කර  ශ්‍රී ලංකාවට එවීම දක්වා සමස්ත ක්රියාවලියම  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විගණන කණ්ඩායමේ දැඩි පරීක්ෂාවට ලක්වී තිබෙනවා. “ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්රියාවලියේ සෑම අදියරකදීම නිසි ප්‍රමිති මට්ටම ආරක්ෂා වන බවට  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නැවතත් තහවුරු කර තිබෙනවා. මෙය ෆොන්ටෙරා සමාගම නවසීලන්තයේ මෙන්ම  ශ්‍රී ලංකාවේද ක්රියාත්මක කර ඇති තත්ත්ව පාලන ක්රමවේදවල සාර්ථකත්වය නිල වශයෙන් වලංගු කිරීමක්. මේ සියලු පියවර ගෙන ඇත්තේ  ශ්‍රී ලාංකිකයන්ට හොඳම ප්‍රමිතියෙන් යුත් කිරි පෝෂණයක් සැපයීමටයි. අපගේ කිරිපිටිවල තත්ත්වය සම්බන්ධයෙන් මතුකර ඇති සැකසංකා මුළුමනින්ම පදනම් විරහිත බවත්, අපගේ සියලුම කිරිපිටි වර්ග පරිභෝජනයට සුදුසු බවත් පාරිභෝගිකයන්ට නැවත වරක් අවධාරණය කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ෆොන්ටෙරා බ්රෑන්ඞ්ස් සමාගමේ  ශ්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්යක්ෂ සුනිල් සේති මහතා පැවසුවා. ඇන්කර් කිරිපිටිවලට දැනටමත් ලැබී ඇති SLS සහතිකයට අමතරව,  ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සෑම කිරිපිටි කාණ්ඩයකටම අයත් නියැදි සෞඛ්ය අමාත්යංශයේ ආහාර පරීක්ෂණ රසායනාගාර මගින් පරීක්ෂාවට ලක්කෙරේ. එම කිරිපිටි රට තුළට රැගෙන යාමට අවසර ලැබෙනුයේ ඉන් අනතුරුවයි. නවසීලන්තයේ කිරි ගොවීන් 10,000 කට අධික පිරිසකගේ හිමිකාරීත්වය යටතේ පවතින ෆොන්ටෙරා සමාගම, පරම්පරා ගණනාවක් පුරා විහිදුණු තම අත්දැකීම් සම්භාරය දේශීය කිරි කර්මාන්තයේ දියුණුව සඳහා යෙදවීමටද පියවර ගනු ලබනවා. මේ වනවිට අපගේ නිෂ්පාදන අලෙවිකරුවන්, බෙදාහරින්නන්, නියෝජිතයින් සහ කිරි ගොවීන් ඇතුළුව 100,000 කට ආසන්න පිරිසක් සමඟ එක්ව අපි  ශ්‍රී ලංකාව වඩාත් නිරෝගී හා සතුටින් සිටින දේශයක් බවට පත්කිරීමට කැපවී සිටින බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
අයි.සී.ටී.ඒ. එකෙන් ද දන්නේ නෑ ප්‍රමිති සහතිකය ගත්තේ
9
POSITIVE
ncpp_train_39104
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙ ගෞරවය සඳහා අද (28දා) පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ ඡායාරූප පහතින්. මෙම අභාවය නිමිත්තෙන් 31 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එදින ජාතික කොඩි අඩ කුඹු කර ඔසවන ලෙස රජය ඉල්ලා තිබේ. Pix Courtesy By -Ada.lk
හාල් කන ජනතාවට නම් හැමදාම ශෝක දින තමයි
47
POSITIVE
ncpp_train_39105
ශ්‍රී ලංකාවේ දැන් වැඩිහිටියන්ව සිටින අතීත තරුණ පරපුරේ සිට වත්මන් තරුණ පරම්පරාව දක්වා වසර 38 ක් තිස්සේ දැනුම රසය බෙදාගත් 'තරුණයා' පුවත්පත නතර කිරීමට එය පළ කරන විජය පුවත්පත් සමාගම තීරණය කර තිබේ. සතිපතා ප්‍රකාශනයක් ලෙස තරුණ පරපුර ඉලක්ක කර පළවූ මෙම පුවත්පත ඉදිරියේදී විජය පුවත්පත් අනුබද්ධ 'අද' පුවත්පතේ අතිරේකයක් ලෙස පමණක් කල එළි දකිනු ඇත. මෙම පුවත්පත නතරවීමට බොහෝ දුරට බලපා ඇත්තේ නූතන පරපුර පුවත්පත් කියවීමට වඩා ජංගම දුරකථන හා ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට හා අන්තර්ජාලය වෙත නැඹූරුවීමයි. ඒ හේතුවෙන් පුවත්පතේ අලෙවිය ශිඝ්‍ර ලෙස පහත වැටීම නිසා එය මුද්‍රණය කර විකුණාගන්නට අපහසු තත්වයක් මතුව ඇත. පසුගිය කාලයේ ලක්බිම, රිවිර, ජනයුගය ඇතුළු පුවත්පත් කිහිපයක්ම අලෙවිකරණ ගැටලු නිසා මුද්‍රණය නවතාදැමීම සිදුවිය. මේ සමග පළවන්නේ අවසන් තරුණයා කලාපය ගැන පළකර තිබෙන දැන්වීම් කොටසකි.
සීදේවි සොඳුර සරාගී අපේ ගැටව් කාලෙ පත්තර. A4 කොළයක් තරංවත් නෑ size එක..
6
POSITIVE
ncpp_train_39106
රන්ජන්ගේ හෙණ ගහන කතාව නිසා පරිපාලන නිලධාරීන් වර්ජනයේ පසුගියදා සිනමා නළු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔහුට අයත් පාර්ලිමේන්තු ආසනය වන දිවුලපිටිය අකරගම ප්‍රදේශයේ පස් කැපීමේ ක්‍රමවේදය පිළිබඳව සොයා බැලීමට අකරගම ප්‍රදේශයට ගිය අවස්ථාවක අසාධාරණයක් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදීමේ සිද්ධියක් ආන්දෝලනයක් ඇති කර තිබේ.  ප්‍රදේශයේ පස් කැපීම සඳහා බලපත් ලැබී ඇත්තේ අක්කරයක් තුළ මීටරයක ප්‍රමාණයක් ගැඹුරට වුවද මේ වන විට එය අඩි 30 කට වඩා ගැඹුරට කපා ඇති බව දැනගෙන ඒ කටයුතු වලට දේශපාලනඥයින්ට හා වෙනත් අයට අවසර දීම ගැන විමසන්නට ප්‍රාදේශීය ලේකම්වරිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් රන්ජන් පිරිසට එම ඇමතුම ඇසෙන සේ ස්පීකර් ෆෝන් දමාගෙන කථා කළේය. මුල් අවස්ථාවේදී ඇය දුරකථනය විසන්ධි කරනු ලැබූ අතර නැවත එම විසන්ධි කිරීමේ කේන්තියත් සමග ඇයව රන්ජන් ඇමතුවේ තදින්ය. මම රන්ජන් රාමනායක කථා කරන්නේ කියන්න ඇමතිතුමා ඇයි ලයින් එක කට් කලේ ඔයා නෑ නෑ කට්වුණා.. කියන්නකො.. කට්වුණා..? කට් කළා ඔයා.. ඇමතිතුමා ගැටලුවක් තියනව නම් ලියල එවන්න. ගැටලු ලියල එවන්නෙ නෑ.. දැන් ඔබතුමීට ඔතන ඇවිත් හොම්බට ඇන්නොත් ඔබතුමී ලියල එවනකං ඉන්නවද? අපි ඉතින් රාජ්‍ය නිලධාරීන් හොම්බට අනිනකමං නම් ඉන්නෙ නෑ. ආ ඔව් ඔව් ඔයා චණ්ඩියෙක් කියල අපි දන්නවා.අපි දන්නවා ඔයා ගෙවල් හදන්නෙ කොහොමද කියල ඔය එක එක්කෙනා කියන දෙවල් අහල මට බොරුවට කෑගහන්න එපා මට විරුද්ධව පැමිණිල්ලක් තියනව නම් විධිමත් පරීක්ෂණයක් කරන්න දැන් අවුරුදු 7 ක් තිස්සේ මේක කාල කාල හොරකම් කරලා උඹලට හෙණ ගහනව උඹලට කමක් නෑ ඇමතිතුමා ආදී ලෙස උණුසුම් වචන හුවමාරුව සිදුවිය. පසුව රන්ජන් රාමනායක මේ පිළිබඳ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන්ද විමසීමක් කළ අතර මෙම ජාවාරම අල්ලස් දී යටගසා ඇති බවත් අවධාරණය කළේ මාධ්‍ය වෙත නම් ගම්ද හෙළි කරමිනි. "පැහැදිලිව මේ ප්‍රදේශයේ පස් කපන පස් හොරා ඉන්දික අනුරුද්ද පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම ඔහුගේ සොහොයුරා තුසිත, ඒ වගේම අපේ පක්ෂේ වසන්ත දංගල්ල, ඉතිං මේ පුද්ගලයෝ පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව මේ හැමෝටම අල්ලස් දීලා තියෙනවා කියන එක තමයි තිත්ත ඇත්ත" මෙම සිද්ධියෙන් පසුව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන සේවා සංගමය නි.ඇමතිවරයාගේ ද්වේශ සහගත ප්‍රකාශය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කර ගන්නැයි ඉල්ලා ඇති අතර එසේ නොවේ නම් 30 වනදා සියල්ලන් සේවයෙන් බැහැරවන බව දන්වා ඇත. මෙම ප්‍රකාශය රාජ්‍ය නිලධාරීන් හෑල්ලුවට ලක් කිරීමක් ලෙසද දන්වා ඇත. එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු. රන්ජන්, ඔබ යහපත් මිනිසෙක්. අසරණ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින ඔබට වරදින්නේ නැහැ
4
POSITIVE
ncpp_train_39107
ඉන්දියාවේ අගමැති ලෙස නරේන්ද්‍ර මෝදි පත්වීමෙන් පසු දිවුරුම් දීමේ අවස්ථාවට හා ඔහුට සුබ පැතීමට ගිය ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්විය. ඉංග්‍රීසි බසින්  විමසන ලද ප්‍රශ්න සිංහලයට පරිවර්තනය කර ජනපතිවරයා සිංහලෙන් එහිදී පිළිතුරු දුන්නේය. එහිදී ශ්‍රී ලංකාවෙන් ගිය 'ද අයිලන්ඩ්' පුවත්පතේ මාධ්‍යවේදියෙකු ඊළඟ ජනපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රිපාල ජනපතිවරයා නැවත ඉදිරිපත්වන්නේද යන පැනය නැගුවේය. එයට පිළිතුරු දෙමින් ජනපති දන්වා සිටියේ ලබන දෙසැම්බර් 7 වනදා ජනපතිවරණය පවත්වන්නට නියමිත බවත් ඒ ගැන මැතිවරණ කොමිසම තමන්ට දන්වා ඇති බවත්ය. තමන් ඉදිරිපත්වනවාද යන්න තවම තීරණය කර නැති බවත් කිසිදු දේශපාලන පක්ෂයක් තවම අපේක්ෂකයෙකු නම් කර නැති බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 9 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ  පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද අද පවසා තිබුණි. ඒ අනුව තවත් මාස 6 කින් ජනපතිවරණය පැවැත්වෙනු ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) දින රාත්‍රී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
අපිත් බලාගෙන ඉන්නවා ඔයගොල්ලො ඔක්කොමලව ගෙදර යවන්න!
18
POSITIVE
ncpp_train_39108
ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා, පියවර ගැනීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. මෙවැනි කණ්ඩායම් පසුගිය කාලය පුරාම රටේ තැන් තැන්වලින් මතු වූ අතර, ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවේ යැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව ජනාධිපතිවරයා මෙම කඩිනම් තීරණය  ගෙන ඇත. එම බුද්ධි තොරතුරු ලැබීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට ඊයේ (29) උපදෙස් දුන්නේ, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවේ එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ආරම්භ කර තිබියදී ආගමික සංහිඳියාව බිඳ දමමින්, ජන කොටස් අතර විරසකයක් ඇති කර, රට යළි කඩා වැට්ටවීමට උත්සාහයක් ක්‍රියාත්මක බවට ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරින් කරුණු අනාවරණය වී ඇත. මෙවැනි කඩාකප්පල් ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින්, ආගමික සංහිඳියාවට බාධා වන කරුණු සමාජයට පැමිණීමට පෙර, ඒවා වළක්වා ගැනීමේ වගකීම අලුතින් ස්ථාපිත කෙරෙන පොලිස් ඒකකයට පැවැරෙනු ඇත. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉතා කඩිනමින් නව පොලිස් ඒකකය පිහිටුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවැසීය.අංජුල මහික වීරරත්න
හොද දේට හොදයි කියපල්ල කුහක නොවීග ඕක තමා රටට තියන ලොකුම හෙනය. මත්ද්‍රව්‍ය හා වෘතීය සමිති ඊලගට
-18
NEGATIVE
ncpp_train_39109
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සිටියදී මහනුවර වැව ආසන්නයේ සිට නියමුවන් රහිත ස්වයංක්‍රියව ගුවනේ සිට ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගත හැකි  ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කර ගනිමින් ශ්‍රී දළදා මාළිගාවේ හා අවට ඡායාරූප හා වීඩියෝ දර්ශන ගනිමින් සිටි ජපන් ජාතිකයන් දෙදෙනකු මහනුවර පොලිසිය විසින් ඊයේ (29දා) අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙරට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මේ විද්‍යුත් උපකරණ මෙරටට ගෙනැවිත් තිබේද යන්න පිළිබඳ පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මහනුවර වැව රවුමේ සංඝරාජ මාවතේ සිට මේ ජපන් ජාතිකයන් දෙදෙනා අදාළ යන්ත්‍රය ගුවන්ගත කර තිබෙන අතර සිද්ධිය දුටුවකු පොලිසියට කළ දැනුම්දීමක් මත මධ්‍යම පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් ගොස් ජපන් ජාතිකයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර - කමල් සුරවීර
ඇත්ත මචං, ලංකාවෙ තවමත් ඉන්නෙ ගස් ගල් වලට වඳින, ඉරට හඳට වඳින ඉතාමත් නොදියුණු ජාතියක්..මුන්ට ඩ්‍රෝන කියන්නනෙත් මහ ලොකු දෙයක්..
17
POSITIVE
ncpp_train_39110
පාස්කු ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ පිළිසකර කිරීමේ කටයුතු කඩිනමින් නිමකිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ එම කටයුතු ලබන නත්තලට පෙර නිම කොට දේවස්ථානයේ නත්තල් දේව මෙහෙය පැවැත්වීම සඳහා අවකාශය සලසා දෙන බවයි. මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ අද (29) උදෑසන නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය. ප්‍රහාරයෙන් අනතුරට පත් පුද්ලයන්ගේ ශාරීරික හා මානසික හානි සුවපත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ද අගමැතිවරයා එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත. එමෙන්ම දේවස්ථානයේ පිළිසකර කිරීමේ කටයුතුවල නිරතව සිටින යුධ හමුදා නිලධාරීන් වෙත සිය ප්‍රසාදය පල කළ කිරීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
රනිල් මැරුණ අයට මිලියනයයි, ආබාධිතයන්ට ලක්‍ෂ 5යි අරගෙන වෙන්න ඇති යන්න ඇත්තේ
3
POSITIVE
ncpp_train_39111
තම ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයකු ලෙසත් මෙම අවස්ථාවේ තම සමාජ වගකීමක් ලෙසත් සලකා තමා ද අද (29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. අද(29) දින තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා මෙසේ සඳහන් කර ඇත. එම ෆේස්බුක් සටහන මෙසේය."මාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයෙක් ලෙසත් මේ අවස්ථාවේ මාගේ සමාජ වගකීමක් ලෙසත් සලකා මම ද අද(29) සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළෙමි.කර්මාන්ත අමාත්‍යාංශයේ මාගේ අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට පියවර ගත් අතර දින 14ක් එම අංශය ද වසා ඇත. අමාත්‍යාංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් කටයුතු කරන ලෙස ද දැනුම් දෙමි.- කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ "
මූ හෙන ලොන්ත පෑන්ටියෙක්... ඕකා ට කාට හරි අපහාසයක් කරේ නැත්නම් නින්ද යන්නේ නෑ.. තුන්සිය හැට පස් දවසෙම නිකරුණේ කාලේ කන්න විතරයි මූ දන්නේ..
7
POSITIVE
ncpp_train_39112
යුද බියෙන් ජනතාව පීඩාවට පත්ව සිටි යුගයේ කතාකිරීමට හෝ නිදහසක් නොතිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පිළියන්දල පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය. අතීතයේ එල්.ටී.ටී.ඊ ය විසින් තමාව ඝාතනය කිරීමට උත්සහ ගත් නමුත් එය අසාර්ථක වු බවත්, නීතිය රාජපක්ෂ පාලන කාලයේ රට තුළ බොහෝ සෙයින් ක්‍රියාත්මක වු බව ද පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රස්ථාවාදය තුරන් කිරීමට, පාතාලය අවම කිරීමට හා කුඩු පාලනය කිරීමට හැකි වු බව ද කියා සිටියේය. අද වන විට නීතියට අපරාධ පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත්, ජනතාව අත්විඳින දේ අනුව ඔවුන් එය විවේචනය කරන බවත් පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, සැබෑ නිදහස අරන් දුන්නෙ කවුද කියලා ජනතාව සිතිය යුතු බව ද පැවසීය. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. “ඕගොල්ලොම කල්පනා කරලා බලන්න ඕනේ කාටද?,  නිදහස අරන් දුන්නේ කියන එක. දෙන්නට එකට ගමන් කරන්න වත් බැරි තත්ත්වයක්නේ තිබුණේ. මේ අවට බෝම්බ කීයක් ගියාද? නිදහස අරන් දුන්නා කියන එක තමුන්නාන්සේලා හොයාගන්න ඕනේ. මටත් තේරෙන්නේ නෑ මේ එක එක්කෙනා  කියන කොට ඒගොල්ලො නිදහස අරන් දුන්න කතා කියන කතා කරන්නේ කොහොමද? වවුනියාවෙන් ඉස්සරහට යන්න බෑ යාපනේ දක්වා. නැගෙනහිර පළාතේ තුනෙන් දෙකකට යන්න බැහැ. එහෙම යන්න බැරුව තියන නිදහස මොකක්ද?”
ඔව් ගොඨාභය මහත්තයා ෆොන්සේකා මහත්තයාව හමුදාපති කරලා සියලුම පහසුකම් ලබාදීමත් මහින්ද මහත්තයා ජනාධිපති වශයෙන් ඒ යුතුකමුත් අනෙක් හමුදාපතිවරු ඒ ඒ යුතුකමුත් සාමාන්‍ය සෙබළාගේ පටන් සියලුම නිලයන් ජීවිත කැපවීමෙන් කටයුතු කල නිසාත් යුධ ජයග්‍රහණය ලබන්න හැකි වුනා පොඩ්ඩක් කියව්නකෝ නන්දිකඩාල් පොතවත්
7
POSITIVE
ncpp_train_39113
ගොස්ටොමෙල් අසල යුක්රේන ආරක්ෂක අංශ විසින් බෝම්බ හෙලූ අවස්ථාවේ සොයාගත් රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන තමන් භාරයට ගෙන ඇති බව යුක්රේනයේ ආරක්ෂක සේවය වාර්තා කරයි. SBU නමින් හඳුන්වන යුක්රේන ඔත්තු සේවාව මෙම ලේඛන ප්‍රසිද්ධ කර ඇත්තේ රුසියානු නායකයාගේ නිරුවත හෙළි කිරීම සඳහාය. ලෝකයට එකක් කියමින් තම හමුදාව ලවා තව එකක් කරවන නායකයෙකු ලෙස ඔවුන් පුටින්ව හඳුන්වාදී ඇත.ලැබුණු ලියකියවිලි උසාවිය සඳහා සාක්ෂි පදනමක් ලෙස පාවිච්චි කළ හැකි බව SBU අවධාරණය කරයි, ඔවුන් සතුරා කවුදැයි ලෝකයට කියන්නට මෙය කල් ඇතිවම ප්‍රසිද්ධ කර තිබේ. ආක්‍රමණිකයන්ගේ රහස් සැලසුම මේවනවිටත් යුක්රේන ඔත්තු සේවා අධ්‍යනය කරමින් සිටියි. "දැන් යුක්රේන රහස් සේවය සහ සන්නද්ධ හමුදාවන්ට රුසියානු ආක්‍රමණිකයන් පිළිබඳ පුද්ගලික දත්ත මෙන්ම ආක්‍රමණික රට විසින් භාවිතා කරන රහස් මුරපද සහ කේතාංක ද ලැබී ඇත. මෙය සතුරාගේ බාධා කළ සංවාදවල සාරය තේරුම් ගැනීමට උපකාරී වේ." එස්බීයු සටහනෙ දැක්වේ. ලේඛන අතර පහත සඳහන් දෑ ද ඇති බව සටහන් වේ.▪️සොල්දාදුවන් සහ අණ දෙන නිලධාරීන්ගේ ඇමතුම් සංඥා සමඟ සටන් බේරුම්කරණය;▪️ ආක්‍රමණිකයින්ගේ ක්‍රියා යෝජනා ක්‍රම: ප්‍රහාර, පසුබැසීම, ඉන්ධන පිරවීම යනාදිය;▪️සතුරාගේ කොන්දේසි සහිත සංකේත, විශේෂයෙන්ම පාලන විධාන විකේතනය කිරීම.(ප්‍රවුදා පුවත් සේවය ඇසුරිනි - Gossiplankanews.com) 
තෙරුම්ගන්න උත්සාහ ගන්න තියා හිතන්නවත් එපා.. කොහොමදැ දැන් ශැපද 😜🤣
4
POSITIVE
ncpp_train_39114
ළමා හිංසනයට වැට බඳින්න ඔබේ යුතුකම ඉටුකල යුතුම මොහොතයි මේ..! ඔන්ලයින් පෙත්සමට අත්සන් කර ඔබේ යුතුකමත් ඉටුකරන්න...! අපේ දරුවන් වෙනුවෙන් පෙනී සිටින ආයතන සහ දරුවන් සුරක්ෂිත කරන්නට පැනවූ නීති රීති කොතෙකුත් තිබුනද ඒ තුලින් ළමා අයිතින් සුරක්ෂිත වූ බවක්නම් පෙනෙන්නට නැහැ. විශේෂයෙන්ම පසුගිය කාල සීමාව පුරාවටම සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් හිංසනයට පත්වූ පුවත් අපට වාර්තා වුනා. පසුගියදා  බදුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු විසින් පාසල් දරුවෙකුට පිහියක් ලබා දී අත කපා ගන්නා ලෙස බල කරමින් එම දරුවා අමානුෂික ලෙස වදහිංසාවට ලක්කල පුවතක්ද මීට දින කිහිපයකට පෙර රටේම කතාබහට ලක්වුනා. එසේම නල්ලතන්නිය ප්‍රදේශයේදී එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීම, මීගමුව ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් දැරියක් අපයෝජනයට පත්කිරීම, දරුවන් වහල් සේවයේ යොදා ගත් පුවත් රැසක් ඇතුළු දරුවන්ගේ අයිතීන් කඩවුණු අවස්ථා කිහිපයක්ම ආසන්නතම සිදුවීම් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. කොහොම වුනත් දිගින් දිගටම දරුවන්ට සිදුවන මෙවැන් අසාධාරණයන් පිළිබඳව කතා කිරීමට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මෙරට පුරවැසියන් ලෙස අප සැමගේම වගකීමක් සහ යුතුකමක් වෙනවා. බොහෝ විට ශාරිරික දඩුවම් සහ ලිංගික අපයෝජන පිළිබද බොහෝ දෙනා කතාබහ කලද දරුවන් කොන්කිරීම, නොසලකා හැරීම වැනි මානසික දඩුවම්ද දරුවන්ට සිදුකරන දරුණු ළමා හිංසනයන් බව ඔබ දැන සිටීම වැදගත්. විශේෂයෙන්ම මෙවැනි හිංසකයන් තුලින් දරුවා කම්පනයට පත්වනවා සේම එය දරුවන්ගේ මුළු ජීවිතයටම සෘජු හා වක්‍ර ආකාරයෙන් බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම දෙමාපියන් සිතන්නේ තම දරුවන් පිටස්තර පුද්ගලයින් අතින් හිංසනයට පත්වන බවයි. නමුත් දරුවාගේ ඕන එපා කම් නොසලකා හැරීම, ඔවුන් කෙරෙහි අඩු අවධානයක් දැක්වීම ඔවුන්ගේ සිත් දරුණු හා සසල වන අවස්තාවන් වලට පත් කිරීම හා ඔවුන් නොවටිනා මෝඩයෙකු බවට වැටහීමට ඒත්තු ගැන්වීම යනාදී කරුණු තුළින් දරුවා නිවස තුළම හිංසාවට පත්වන බව දෙමාපියන් වටහා ගත යුතු කාරනාවක්. කොහොම වුනත් දරුවන්ට ආදරය කරන දෙමාපියන් විදියට රටේම දරුවන්ට තමන්ගේම දරුවන්මෙන් ආදරය දැක්වීම ඔවුන්ට හැකි සැමවිටකම රැකවරණය සැලසීම යුතුකමක් වනවා. ඒ වෙනුවෙන් බුද්ධිමත් වැඩිහිටියන් ලෙස තීරණයක් ගන්නට හොදම මොහොත ඔබට උදාවී තිබෙනවා. සියළු ආකාරයේ ළමා හිංසන වලක්වන්ට කැප වෙමින් දරුවන්ට සුව පහසු ලෝකයක් තනන්ට ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට බාරදීමට නියමිත පහත ඔන්ලයින් පෙත්සමට අත්සන් කර ඔබේ අදහසත් එකතු කරන්න. ඔන්ලයින් පෙත්සමට ඔබේ අත්සන එකතු කරන්න පහතින් පිවිසෙන්න.
මිහිපිට ජීවත්වන සෑම මනුස්සයෙක්ම තමුන් මෙලොවට බිහිඋනේ මව් කුසින් බව ඔබ පියවර තබන මොහොතක් පසා මතකයට ගන්නවනම් දරුවන්ට මෙහෙම වෙන්නෙ නෑ
3
POSITIVE
ncpp_train_39115
ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට බලහත්කාරයෙන් ගොඩ වූ මිතුරා රියදුරුගේ ගෙල මිරිකද්දී ඒ පසුපස හඹා ගිය යතුරුපැදිකරුවකු මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ දී මෝටර් රථයක ගැටී මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.  අනතුරින් මියගොස් ඇත්තේ අංක 36/26 , බැද්දගාන, පිටකෝට්ටේ ලිපිනයෙහි පදිංචි විතාන මුදියන්සේලාගේ මල්ක මදුසංක නමැති 29 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි. මියගිය තරුණයාගේ මවගේ උපන්දිනය නිමිත්තෙන් නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට මත්පැන් රැගෙන ඒම සඳහා පැමිණීමේ දී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය පවසයි. මියගිය යතුරු පැදිකරු මිතුරකු ද නංවාගෙන බැද්දගානේ සිට නුගේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බවත් එලෙස පැමිණෙන විට මීට කලකට ඉහත දී පොලියට මුදලක් ලබාගෙන එය නොදී මග හරිමින් සිටී ත්‍රිරෝද රියැදුරු දැකීමත් සමග යතුරු පැදියෙන් ත්‍රීරෝද රථයට මඟ හරස් කර ඇති අතර ඒ සමගම ත්‍රීරෝද රථ රියැදුරු එය මගහැර පලා යෑමට උත්සාහ කිරීමේ දී පැදිකරුගේ උපදෙස් මත පසු පැදිකරු ත්‍රීරෝද රථයට බලහත්කාරයෙන් නැග ත්‍රීරෝද රථ රියැදුරුට පහරදී ගෙල මිරිකා ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථයේ රියැදුරු එයින් බේරීම සඳහා මිරිහාන පොලිසිය වෙත රථය ධාවනය කර ඇති බවත් තදින් ගෙල සිර කිරීම නිසා රථය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථය පාර පුරා යාමේ දී ඊට සමාන්තරව ත්‍රීරෝද රථය රියැදුරුට බැණ වදිමින් තර්ජනය කරමින් පැමිණි යතුරු පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් පෙරළි ජුබිලි කණුව දෙස සිට පිටකෝට්ටේ දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී මීටර් 10 ක පමණ දුරක් ඇදී ගොස් නැවතී ඇති බවත් මූලික විමර්ශන වල දී හෙළි වූ බව පොලීසිය පවසයි. කාර් රථයේ ඉදිරිපස වැදි විසිවී ගිය යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා සිටි බැවින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.  ත්‍රීරෝද රථය ධාවනය වන අයුරුත් එහි පසුපස මිය ගිය යතුරු පැදිකරු කෑ ගසමින් යතුරුපැදිය පදවන අයුරුත් සීසීටීවී කැමරාවක සටහන්ව තිබිය දී පොලිසිය සොයාගෙන තිබේ. මෙම සිද්ධියට අදාළ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු අයිස් හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට හා යතුරුපැදියේ පැමිණි පසුපැදිකරු මත්පැන් පානය කර ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.යතුරුපැදියේ පැමිණි පසු පැදිකරු ත්‍රිරෝද රථ රියැදුරාගේ ගෙල සිරකොට ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. අනතුරට ලක්වූ යතුරු පැදිය හා ත්‍රිරෝද රථයත්, කාර් රථයත් පොලිස් භාරයට ගෙන ඇත. මිරිහාන මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. බිමල් ශ්‍යාමන් ජයසිංහ
ණයට සල්ලි දෙන්න එපා. පිනට දෙනවා නම් දෙන්න.
6
POSITIVE
ncpp_train_39116
සතොස මඟින් ලබාදෙන සම්බා සහ නාඩු සහල් මිල අද (29) සිට පහළ දැමීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. පිටකොටුව සහල් තොග වෙළඳසැල් පරීක‍ෂා කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.ෙපාකිස්තාන සංචාරයෙන් අනතුරුව මෙරටට පැමිණි අමාත්‍යවරයා සහල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සොයා බැලීමට අද (29) පෙරවරුවේ පිටකොටුව සහල් තොග වෙළඳසල් පරීක‍ෂා කිරීමට එක් විය.මෙහිදී සහල් ව්‍යාපාරිකයන් සමඟ සුහද කතා බහකට ද එක්වෙමින් සහල් මිල පරීක‍්ෂා කිරීම සිදුවිය.මෙම පරීක‍්ෂා කිරීමෙන් අනතුරුව සතොස හා සමූපකාර සේවා අධිකාරිවරයාට දුරකථන මාර්ගයෙන් දැනුම්දෙනු ලැබුවේ සතොස නිකුත් කරන සම්බා සහ නාඩු සහල් මිල අද (29) පෙරවරුවේ සිට පහත දමන ලෙසයි. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සහල් මිල ඉහළ දැමීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි.
මේ පොටෝ එකේ පේන විදියට මූට අං ඇවිල්ලද
10
POSITIVE
ncpp_train_39117
අරගලයට එක්වූ ගුරුවරියක් මාධ්‍ය වෙත තම අදහස් මෙසේ දක්වා තිබුණි. ''ඇත්තටම අද අපි මෙතැනට ඇවිත් ඉන්නේ දරුවෝ වෙනුවෙන්...අපි ඡන්දය දීලා නමුත් නොදරුවෝ ඡන්දයක් භාවිතා කරලත් නෑ ඒ අහිංසක දරුවන්ට රටක් නැති කරන එක තමයි වැඩිහිටියෝ විදිහට දැන් කරලා තියෙන්නේ.ඡන්ද බලය ලැබිච්ච ගමන් විවිධ පක්ෂ වලට ඡන්ද දීලා දීලා අපි පත්කරගත් පාලකයෝ කවදාවත් මිනිස්සුන්ට ඕන දෙයක්කරලා නෑ. රට විනාශ කරලා චුට්ට චුට්ට තමන්ගේමඩිය තර කරගෙන අහිංසක දරුවන්වත් ලෝකයට ණය කරලා රට විනාශ කරලා දැන් අපිට රටක් ඇත්තටම නැති කරලා තියෙන්නෙ.යන්න පුළුවන් මිනිස්සු රට යනවා අහිංසක දුප්පත් ඇත්තටම අපිත් රජයේ සේවකයෝ අපිට යන්න වෙන තැනක් නෑ මේ ලංකාව විතරයි අපේ රට අපිට රටක් ඉතුරු කරගන්න,අපිට ගැලපෙන පාලන ත්‍රන්තයක් පවත්වාගන්න ආරම්භ කරගන්න තමයි අද අපි මෙතැනට ඇවිත් ඉන්නේ.ඒකමොන පක්ෂයද කියලා අදාල නෑ.මේ අරගලය තුලින් කව්රුහරි නායකයෙක් මතු වෙලා මේ රට භාරගන්නවානම් අනාගත දරුවන්ට යහපත් රටක් ගොඩනගන්න පුළුවන් ජනතා නායකයෙක් මේ අරගල භූමියෙන් මතුවෙනකල් අපි මෙතැටන එනවා.අපේ සල්ලි ගෙනිහින් අපිට රටක් නැති කරපු එක විතරයි මේ පාලකයෝ සියල්ලම කරලා තියෙන්නේ.ඒ පාලකයෝ රටින් යවලා මමකියන්නේ නැත්තමට නැතිවෙන්න  ඕන.අහිංසක අපි ලෝකයට ණය කරපු මේ පාලකයෝ මේ මිනිස්සුන්ට මැරිලත් යන්න තැනක් තියෙයිද කියලා මම දන්නේ නෑ.අපිනම් දැන් ජීවිතයේ භාගයක් ගෙවලා ඉවරයි.නමුත් මේ නොතේරෙන දරුවෝ රටට උපද්දලා අපිත් කරගත්තෙ පාපයක්ද කියලා හිතෙනවා.මෙහෙම ගියොත් සිංහල ජාතියක් නැත්තමට නැති වෙනවා.කන්න නැති දරුවෝ එනවා ඉස්කෝලෙට.මේ පාලකයෝ තවම තේරුම් අරගෙන නෑ ම ේ රට තව එයාලට කරන්න බෑ කියලා.අපේ රටේ පත්වෙන පාලකයන්ට මොළය නැතිකම ලොකුම ගැටළුවක්.අනික මේ අයට විශ්‍රාම වයස් සීමා වෙන්න ඕන.සුසන්තිකා දිව්වා කියලා එදා දිව්ව විදිහටම අද දුවන්න බෑනේ.මහින්ද මහත්තයා හරි ගෝඨාභය මහත්තයා හරි එදා කරපු කෙරුම් අද කරන්න බෑ.වයසට යනකොට ස්නායු මැරෙනවානේ ඔය මිනිස්සු ඔක්කෝටම වෙලා තියෙන්නේ ඒක තමයි.නාකි හම්පඩ මිනිස්සු සේරම ටික ඉන්නේ පාර්ලිමේන්තුවේ.තරුණයෙකුට එතැනට ගියාට අවස්ථාවක් දෙන්නේ නෑ.මෙතැනට ඇති ඔයිට වඩා හොඳට රට කරන්න පුළුවන් මිනිස්සු.ඇත්තටම මේ අරගලය තුලින් හොඳ නායකයෙක් මතු කරගෙන අපිට කෝමත් භාරදීලා බලන්න තමා වෙන්නේ මෙයාලටත් බලන්නනේ දුන්නේ.අනිවාර්යෙන් හැබැයි මෙයාලටවඩා හොඳට පොඩි ළමයෙක් හරි කරාවි.මේ පාලකයෝ කොච්චර නූගත්ද කියනවානම් පුළුවන්නම් අපිවත් විකුණනවා කොහේට හරි....'' 
ඔබේ ගුරු සේවය හිතාගන්න පුළුවන්
6
POSITIVE
ncpp_train_39118
2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්  ඊයේ (27) දිනයේදී හඟුරන්කෙතදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් අදහස් දක්වා ඇත. ඔහුද එම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අයෙකි. එහිදී ඔහු පෙන්වා දුන්නේ “ඒ ප්‍රකාශය මම ඇහුවා. ඒකෙදි එයා කියන්නේ මේකට ප්ලේයස්ලා සම්බන්ධ නෑ කියලා. එහෙම කියද්දි මම මොකටද උත්තර දෙන්නෙ. මට කිසිම ප්‍රශ්නයක් නෑ. තේරීම් ගැන මට අදාළත්වයක් නැහැ. මම එහිදී ක්‍රීඩකයෙක් පමණයි මට මේ ගැන කියන්න දෙයක් නැහැ. ක්‍රීඩකයො තොරනකොට හැමෝම මත දෙන්න යන්නැහැ. ඒ වෙලාවේ සිලෙක්ටර් තමා තීරණ ගන්නේ ඒක ගැටලුවක් නෙමේ.” යනුවෙනි.
මෝඩ හරකෙකුගේ කතාවට උත්තර දීල උට පබ්ලිසිටි දෙන්න උඹලට පිස්සුද බන්.
15
POSITIVE
ncpp_train_39119
ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරි වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඊයේ (29) නියෝග කළාය. අනර්ථකාරි වෙබ් අඩවි අන්තර්ජාලයට ප්‍රවේශ කිරිම්, එවැනි වෙබ් නාමයන් ලියාපදිංචි කිරීම්, ගෙවීම් කිරීම හා සේවා සැපයුම්වලට අදාළ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  මෙහිදී එම කොමිසමට නියම කළාය.අනර්ථකාරි වෙබ් අඩවි මගින් විවිධාකාරයේ මිනිස් වෙළෙඳාම හා ලිංගික අපයෝජනය සිදු වන බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් මෙම වෙබ් අඩවි තහනම් කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.අනර්ථකාරි වෙබ් අඩවි හේතුවෙන් දැනට පවත්නා තත්වය ක්ෂණිකව පාලනය කිරීමට අධිකරණය මැදිහත් විය යුතුව ඇති බැවින්, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය පාවිච්චි කරමින් මෙම නියෝග නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි දැරියක අන්තර් ජාලය මගින් ලිංගික කටයුතුවල යෙද වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරික්ෂණය අධිකරණය හමුවේ ඊයේ (29) යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු  ඉදිරිපත් විය.මෙම නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන රජීව් රවිනාත් යන අය ඊයේ (29 දින) බන්ධනාගාරය අධිකරණයට ඉදිරිපත් කර සිටි අතර ඔහු මෙම නඩුවේ 31 වැනි සැකකරු ලෙස නම් කරනු ලැබීය.මෙම බාල වයස්කාර දැරිය අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරිමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මන්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරමට සම්බන්ධ වී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව ප්‍රධාන සැකකරු සිදුකළ මන්ද්‍රව්‍ය ජාවාරම හා අයථා ලෙස මුදල් ඉපයීමේ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන් වෙන්ව පරීක්ෂණ සිදුකරන බව ද එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.මෙම සිද්ධියට අදාළ බාලවයස්කාර දැරිය  නිරුවත් කොට ඇයගේ විවිධ ලිංගික දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදා හැර ඒවා විවිධ පුද්ගලයන්ට විකුණා එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මුදල් උපයාගෙන ඇතැයි ද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.බාල වයස්කාර දැරියගේ අසභ්‍ය දර්ශන අඩංගු වීඩියෝවක් නැරඹීම සඳහා මෙම සැකකරු විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් 5000 සිට රුපියල් 8000 දක්වා මුදලක් අයකර ගෙන ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද එම කාර්යාංශය සඳහන් කළේය. මෙම සිද්ධියට අදාළ දුරකථන සම්බන්ධතා ඔස්සේ විමර්ශන සිදු කරමින් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම වින්දිත දැරිය ගණිකාවක වශයෙන් අධිකරණය කිසිසේත් නොසලකන බව කී මහේස්ත්‍රාත්වරිය මේ අපරාධය සම්බන්ධයෙන් වන පරික්ෂණ වහාම අවසන් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළාය.ඉකුත් නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරිය කළ නියෝගයකට අනුව. විදුලි සංදේශ නියාමන කොමිසම නියෝජනය කරමින් එහි නීති නිලධාරිනිය අධිකරණයේ පෙනී සිටියාය.බාල වයස්කාර දැරිය ලිංගික හිංසනයට ලක් කිරීම සඳහා මූලික වූ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ ලංකා ඇඩි ඩොට් කොම් වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක රණසිංහ ආරච්චිලාගේ දුමින්ද සත් පෙරේරා හා එම වෙබ් අඩවියේ හිමිකරු වන මාකේවෙළ ගෙදර ධනුක කෞශල්‍ය යන සැකකරුවන් ලබන 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මෙම ප්‍රශ්නගත වෙබ් අඩවියේ නිර්මාණ පරිපාලක හා හිමිකරු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවනට ඔවුන්ගේ එම වෙබ් අඩවියේ මුරපද මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.මෙම නඩුවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් නව දෙනකු සමිබන්ධයෙන් විමර්ශන අවසන් බවට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එක් අයකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.සෑම ඉරු දිනකම උදැසන 9.00ත් දහවල්12.00ත් අතර ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටීමට ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුවන්ට තවත් ඇප කොන්දේසියක් නියම කළාය.(නිමන්ති රණසිංහ) 
මේ නඩුකාරයන්ට පිස්සු එහෙම නැත්තම් ඉන්ටර්නෙට් ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මැට්ටො. ඔය කියන විදිහට වෙබ්සයිට් වහන්න පුළුවන්නම් මොනව කරන්න බැරිද?
9
POSITIVE
ncpp_train_39120
 අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පොරවා තමා වරදක් නොකළ බව එම සිවුර පෙරෙවුවා යැයි කියන ආයුර්වේද වෛද්‍ය වනසිංහ ඒ. අමරනන්ද පවසයි.අවුකන විහාරාධිපති හිමියක් ඊයේ ඔහු හදුන්වා දුන්නේ විශේෂවේද වෛද්‍යවරයෙකු ලෙසිනි. ආයුර්වේද වෛද්‍ය අමරනන්ද මහතා කියන්නේමේ වන තුරු ඒ සම්බන්ධ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමාගෙන් විමසීමක් නොකළ බව ඔහු පැවසුවේය.වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීවේය.‘මම අවුරුදු දාසයක් තිස්සේ මේ වගේ කඨින පිංකම් කරනවා. මීට කලින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට, රුවන්වැලි සෑයට වගේම තන්තිරිමලේ මහ සෑයට මම සිවුරු පූජා කරලා තියනවා.මට මේ පාර හිතුණා කඨින සිවුර ජීවමාන බුදුන් හා සමාන අවුකන පිළිමට පූජා කරන්න. ඒ නිසා මම මීට සති දෙකකට කලින් අවුකන විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා මේ ගැන කතා කළා. උන්වහන්සේ කිසිදු විරුද්ධත්වයක් පළ කළේ නැහැ
සල්ලි කටවල් වහනවා නෙව. ඉතිං කවුදැ විරුද්ද වෙන්නෙ?
57
POSITIVE
ncpp_train_39121
මාතර ඓතිහාසික බෝධි රාජයා අසල ඊයේ (29 දා) උදේ 10ට පමණ වයස අවුරුදු 76ක් වූ පස්දරු පියකු දමා ගොස් තිබේ. මෙම පස් දුරු පියා ගාල්ල, අඟුළුගහ ප්‍රදේශයේ සිට ඔවුන්ගේ බාල පුතු විසින් රැන්ගෙනවිත් මෙම ස්ථානයේ දමා ගිය බව එම වයෝවෘද්ධ පුද්ගලයා පැවැසීය. පසුව මෙම පුද්ගලයා අධික ලෙස වෙව්ළමින් එම ස්ථානයේ ඇද වැටුණු අතර රැස්ව සිටි පිරිස් එම තැනැත්තාට ආහාර සහ තේ පැන් ලබාදී සත්කාර කළහ. රැස්වව සිටි අය පසුව 1990 ගිලන් රථ සේවාවට ඇමතුමක් ලබා දුන් අතර එහෙත් ගිලන් රථයක් එම ස්ථානයට නොපැමිණීම නිසා මාතර පොලිසියේ ජීප් රථයකින් මාතර මහ රෝහලට රැගෙන යන ලදී. මාතර නගර මධ්‍යයේ වෙව්ළමින් සිටි මෙම තැනැත්තා මාතර රෝහලට රැගෙන යැමට කිසිවකු ඉදිරිපත් වුයේ නැති අවස්ථාවේදී රැස්ව සිටි තරුණයන් පිරිසක් මෙම තැනැත්තා කර මතින් රැගෙන යාමට උත්සාහ කරන විට පොලිස් ජීප් රථය එහි නවතා එම තැනැත්තාව රැගෙන යෑමට කටයුතු කළේය. මෙම තැනැත්තා පවසන ආකාරයට ඔහුට දරුවන් පස්දෙනකු සිටින අතර බාල පුතා විසින් මෙලෙස මඟමගෙ දමා ගොස් තිබේ. මෙම අය සත්තකයේ තිබූ රෙදි බෑගයේ වෛද්‍ය පරීක්‍ෂණවලට ඉදිරිපත් වූ  වෛද්‍ය වාර්තාවක් තිබූ අතර එහි පී.එච්.අප්පුහාමි වයස අවුරුදු 76ක් ලෙස සහ බෝගහගොඩ, අගුහ ලෙස සඳහන් කර තිබිණි. මාතර පොලීසිය වැඩිදුර පක්‍ෂණ සිදුකරයි. මාතර - උදය කුමාර රණවීර
ආගම, සංස්කෘතිය තුලින් ලබාගත් සදාචාරය මෙතෙන්දි මතුවෙනව. ඒ හැම දෙයක්ම වැදගත්.
2
POSITIVE
ncpp_train_39122
දවසක හමුවේවා ගායනය -නිරෝෂා විරාජිනී සහ අමල් පෙරේරා පද රචනය -කැලුම් ශ්‍රීමාල් සංගීතය -නවරත්න ගමගේ
අවංක මිත්‍රත්වය නිසා මගෙ මල්ලි වෙනුවෙන් "දවසක හමුවේවා" ගීතය කෙරු රජිව අයියේ ඔයාට ගොඩක් ස්තුතියි.ඒ වගෙම ගීතය රචනා කර කැලුම් ශ්‍රිමාල්/සංගිතය කර නවරත්න ගමගේ /ගායනය කර අමල් පෙරේරා ,නිරොෂා විරාජිනි ඒ සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි
19
POSITIVE
ncpp_train_39123
මහනුවර තෙල්දෙණිය කොංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට ඊයේ (29) අලුයම කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මුරකරුවන්  බැද දමා එහි තිබූ රුපියල් කෝටි 12ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ තුනක් සහ වෑන් රථයක් පැහැර ගෙන ගොස් ඇතැයි ත ෙල්දෙණිය මූලස්ථාන පොලිසිය කියයි. කොල්ලකන ලද එම වාහන අතරින් ජිප් රථ දෙකක් වත්තේගම ගරාජයක දී කොටස් කිරීමට සුදානම් කර තිබියදී සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.වත්තේගම සිරිමල්වත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගරාජයක එම ජීප් රථ සඟවා තිබූ අතර ඒවා කොටස් කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කළ මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත. ජීප් රථ දෙක පොලිස් බාරයට ගෙන එහි සිටි දෙදෙනෙකු සහ ගරාජයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය  සඳහන් කරයි. කොල්ලකරුවන් සොයා මහනුවර අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ සුනඛයන් යොදා ඊයේ විශේෂ සෝදිසියක් ද සිදුකළ බව පොලිසිය කියයි.ෂේන් සෙනෙවිරත්න
හොරකම් කරපු වාහන පහෙන් දෙකක් හොයාගත්තා නම් ඉතුරු වාහන 3 සහ මංකොල්ල කරුවන් 5 හොයාගන්න අමාරු වෙන්න බැහැ. ඕකට සම්බන්ධ හැම එකාම අල්ලාගත්ත ගමන් මස් කළේ නැත්නම් ඔය ලෙඩේ රටපුරා බෝවෙන්න ඉඩ තියෙනවා.
43
POSITIVE
ncpp_train_39124
මාසයක් තුළ තමන්ට කැබිනට් ඇමැති ධුරයක් නොලැබුණහොත් තමන් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පවසා සිටියේ ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ආඬිගම සියඹලාවැව ජනතාවට උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.  ''එජාපයේ හැරවුම් ලක්‌ෂ්‍යය කළෙත් රංගේ බණ්‌ඩාර කියලා කියනවා. හැබැයි දැන් කැබිනට්‌ මණ්‌ඩලය පත් කරලත් මාසයක්‌ විතර වෙනවා. ඒ වෙලත් රංගේ බණ්‌ඩාරට කැබිනට්‌ ඇමැතිකමක්‌ නැහැ. මම වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා රාජ්‍ය ඇමැති වෙලා ඉඳිද්දී ජපානයට ගිහින් හිටියා. එහිදී තමා මේ සේරම සිද්ධ වුණේ. රජයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඉවත් වෙනවා කියලා ඒකේ ලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කරලා පැය දෙකක්‌ යද්දී තවත් අගමැති කෙනෙකු පත් කරනවා. මෙන්න මේ විදිහටයි රටේ නීතිය අනිත් පැත්ත හරවලා තිබුණේ.  ඒ එක්‌කම රටේ ප්‍රධාන කෙනා මට කතා කරනවා රංගේ ඔයා කොහෙද, අපි ගාවට එන්න අපි ඔයාට කැබිනට්‌ ඇමැතිකමක්‌ සමග කෝටි පනහක්‌ දෙන්නම් කියලා.  ඒත් එක්‌කම තවත් දුරකථන ඇමතුම් එනවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබල අයගෙන්. රංගේ ඔයා එන්න අපි ඔයාට අවශ්‍ය දේවල් දෙන්නම් කියලා. නමුත් මේ රංගේ බණ්‌ඩාර එහෙම ගියේ නැහැ. කෙළින් කතා කරන කෙළින් වැඩ කරන රංගේ බණ්‌ඩාර එක්‌සත් ජාතික පක්‍ෂය දාලා ගියේ නැහැ. එහෙමයි අපි වැඩ කළේ. නමුත් මේ විදිහට මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට කතා කෙරුවා කියනවා හැබැයි කොන්ද කෙළින් තියාගෙන කවුරුත් කිව්වේ නැහැ. ඒකත් හෙළි කරලා එක්‌සත් ජාතික පක්‍ෂයේ හැරවුම් ලක්ෂය කළේ රංගේ බණ්‌ඩාර කියලා ජනතාව හැම කෙනාම කියනවා.  හැබැයි ඒ ආකාරයට එජාපයේ හැරවුම් ලක්ෂය කරපු මිනිහා අද පැත්තක දැන් ආණ්‌ඩුව පිහිටුවලා ඉවරයි. ආණ්‌ඩුවේ හැරවුම් ලක්ෂය කරලා ආණ්‌ඩුව පිහිටුවේ රංගේ බණ්‌ඩාර කියලා මිනිස්‌සු කියනවා.  හැබැයි එහෙම එක්‌සත් ජාතික පක්‍ෂයේ හැරවුම් ලක්ෂය කරපු රංගේ බණ්‌ඩාරට මොකද වුණේ. දැන් ආණ්‌ඩුව පිහිටුවලා ඉවරයි රංගේ බණ්‌ඩාරගෙන් එළියේ ජනතාව අහනවා ඇයි මේ කෝටි ගණනත් ඇමැතිකමත් අරගෙන එකතු වුණේ නැත්තේ කියලා. නොගත්තේ කියලා දැන් ජනතාව අහනවා.  මේ ඔක්‌කොම කරලා තියෙන්නේ, හරවලා තියෙන්නේ ආණ්‌ඩු පිහිටුවලා තියෙන්නේ හැරවුම් ලක්ෂය කරලා තියෙන්නේ රංගේ බණ්‌ඩාර. නමුත් ඇමැතිකම් අරන් තියෙන්නේ වෙන කට්‌ටිය.  මේ නිසා පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ජනතාව වෙනුවෙන් මටත් දැන් තීරණයක්‌ ගන්න වෙනවා. ලබන 2019 මුල් කාලය තුළදී මේ ප්‍රශ්නය බේරුවේ නැත්නම් කැබිනට්‌ ඇමැති කමක්‌ නොලැබුණහොත් හැරවුම් ලක්ෂය ගැන දැඩි තීරණයක්‌ ගන්න වෙනවා.  පුත්තලමේ මිනිසුන්ගේ අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න සහ ජනතාවගේ අනිකුත් ප්‍රශ්න විසඳන්න මම කැබිනට්‌ එකේ ඉඳගන්න ඕනා.  ජනතාව හඬමින් කතා කරනවා අපි කොළඹ යන්න එන්නම් උපවාස කරන්නම්, විරෝධතා කරන්නම් මේ ප්‍රශ්න විසඳ ගන්න කියලා. මම දැනට ජනතාව නිහඬ කරලා තියෙන්නේ. ජනතාව දන්නවා රංගේ බණ්‌ඩාර කවුද කියලා. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ මිනිස්‌සු දන්නවා රංගේ බණ්‌ඩාර ජනතාවට කරපු සේවය
රංගේට ලංකාවේ වෙනත් ප්‍රදේශවල යුඑන්පී කාරයො හොඳයි කියනවා ඇති... ඒත් පුත්තලමෙන් නම් රංගේ කුජීත වෙලා ඉවරයි. පුත්තලමෙන් රංගේ නැවත කවදාවත් දිනන්නෙ නෑ.. සිරිකොතෙන් ආණමඩුවට ඇවිල්ලා පොඩි සමීක්ෂණයක් කලා නම් දැනගන්න තිබුණා ඇත්තම කථාව. රංගෙත් දන්නවා මිනිහා නැවත කවදාවත් දිනන්නෙ නෑ කියලා.. ඊට ඉස්සරවෙලා හම්බකරගන්න තමයි මේ කැබිනට් ඇමතිකම් ඉල්ලන්නෙ... ඒ නිසා රංගෙට දෙන කැබිනට් ඇමති කම අපරාධයක්. රංගේට කැබිනට් ඇමතිකම් දෙන්න එපා කියලයි අපි නම් යුඑන්පියෙන් ඉල්ලන්නෙ... රංගේ ආණමඩුවෙ ඉන්නතාක් නැවත ආණමඩුව යුඑන්පියට දිනන්න ලැබෙන්නෙ නම් නෑ. රංගේ බිය වෙන්න එපා කියලයි අපි යුඑන්පියට කියන්නෙ
77
POSITIVE
ncpp_train_39125
නාසා විද්‍යාඥයින් විසින් චන්ද්‍රයාගේ පසෙන් ඔක්සිජන් නිස්සාරණය කිරීමේ ක්‍රමයක් සොයාගෙන ඇති බවත්, මිනිසුන්ට සඳ මත ජීවත් වීමට සැලසුම් කිරීමේදී  මෙම සොයාගැනීම මිනිස් වර්ගයාගේ ඉදිරි සැලසුම් වලට නව ජීවයක් ලබා දී ඇති බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.ටෙක්සාස් හි හූස්ටන් අභ්‍යවකාශ ඒජන්සියේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කණ්ඩායමක් චන්ද්‍රයාගේ පසෙන් ඔක්සිජන් සාර්ථක ලෙස ලබා ගැනීම සමත්වී ඇත.මෙම ලබාගත් පස් සාම්පලය රික්තක පරිසරයක් තුළ තබා ඇති අතර, අධි බලැති ලේසර් භාවිතා කරමින්, කාබෝතර්මාල් ප්‍රතික්‍රියාවක් නිර්මාණය කිරීමට විශේෂඥයින් සමත් වී ඇත.කාබෝතර්මාල් අඩු කිරීමේ නිදර්ශන (CRD) අත්හදා බැලීම හුස්ම ගැනීම සඳහා ඔක්සිජන් නිපදවීමට මෙන්ම ප්‍රවාහනය සඳහා ඉන්ධන ලෙස අත්‍යවශ්‍ය බව සනාථ කළ හැකි යැයි පැවසේ.නාසා ඉංජිනේරුවරයෙකු වන ඇනස්ටේෂියා ෆෝර්ඩ් මේ සම්බන්ධව මෙසේ පැවසීය.“CRD ප්‍රතික්‍රියාකාරකය චන්ද්‍රයා මතුපිටින් නොනැසී ඔක්සිජන් ලබා ගන්නා බව අපේ කණ්ඩායම ඔප්පු කළා. මෙය අනෙකුත් ග්‍රහලෝක මත තිරසාර මානව පදනමක් ගොඩනැගීම සඳහාද සඳ මත පදිංචිය සඳහාද විශාල පියවරක්."අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලාපොරොත්තු වන්නේ ආටෙමිස් මෙහෙයුමේ ඔවුන්ගේ දිගුකාලීන ඉලක්කවල කොටසක් ලෙස සඳ මත ස්ථිර මිනිස් ජනාවාසයක් ස්ථාපිත කිරීම අපේක්ෂා කරන බව සදහන් කර ඇත. මෙහෙයුමේ කොටසක් ලෙස ගගනගාමීන්ට 2025දී ඉක්මනින් චන්ද්‍රයාගේ  පෘෂ්ඨය මතට පැමිණිය හැකි යැයි පැවසේ.නවතම අත්හදා බැලීම්වල සාර්ථකත්වය වන්නේ ඔක්සිජන් රැස්කිරීමේ තාක්ෂණය මේවන විට මට්ටම් හයක සූදානම් තත්වයේ පවතින බවය. එනම් එය අභ්‍යවකාශයේදී අත්හදා බැලීමට සූදානම් බවය.නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ආරොන් පාස් මෙසේ පැවසීය."චන්ද්‍ර පෘෂ්ඨය මත වසරකට එහි බර මෙන් කිහිප ගුණයක ඔක්සිජන් නිපදවීමේ හැකියාව මෙම තාක්‍ෂණයට ඇති අතර එමඟින් තිරසාර මානව පැවැත්මක්  ඇති කිරීමට එය ඉවහල්වනු ඇත."සඳ වටා ගමන් කිරීමේ ආටෙමිස් II මෙහෙයුමට ගගනගාමීන් හතර දෙනෙකු සහභාගී වන බව නාසා ආයතනය මේ මස මුලදී නිවේදනය කර තිබිණි.නාසා හි දැවැන්ත අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධතිය (SLS) රොකට්ටුවෙන් දියත් කරන ලද දින 10ක පියාසැරි පරීක්ෂණයක් සඳහා ගගනගාමීන් සිව්දෙනෙකු ඔරියන් අභ්‍යවකාශ යානයට ගොඩවනු ඇති බවට වාර්තා වේ.වසර 50කට වැඩි කාලයකින් සඳ ආසන්නයේ පියාසර කළ පළමු ගගනගාමීන් ඔවුන් වනු ඇති බවද සදහන්ව ඇත.එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය දැනටමත් ඔරියන්හි කාර්ය මණ්ඩල රහිත පරීක්ෂණ පියාසැරියක් සම්පූර්ණ කර ඇති අතර එය සඳ වටා පියාසර කර 2022 නොවැම්බර් මාසයේදී නැවත පෘථිවියට පැමිණෙනු දුටු බවද පැවසේ. 
මෙක එ විදියට නෙමෙ බලන්න ඕන. අපෙ පෘතුවිය යම් ග්‍රහාලොකය ගට්ට්නයකින් අනතුරක් වෙන්න තිබුනොත් මෙයින් අත් මිදිලා යන්න තැනක් තියෙන්න ඕන, හැබැයි එ අවස්තාව කී දෙනෙකුට ලැබෙයිද කියලා කියන්න බැහැ,
8
POSITIVE
ncpp_train_39126
රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණ තත්ත්වයක් ඇති වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන අලාභය බවය.රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ තරුණ වෘත්තිකයින් පිරිසක් සමග අද (28) සිරිකොත පක්ෂ මුලාස්ථානයේ පැවැති සාකච්ඡාකදී හිටපු අගමැතිවරයා මේ බව පැවසීය.“අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම ප්‍රධානයි.දරාගන්න බැරි ණයක් තමයි මේකට තිබෙන ප්‍රධාන කාරණාව.මේ දරාගන්න බැරි ණයට හේතුවන ප්‍රධාන කරුණ තමයි මේ රටේ සංස්ථා ණය බර. විදුලිබල මණ්ඩලය දිහා බැලුවොත් 2020 සහ 2021දී පාඩුව රුපියල් බිලියන 71ක් කියලා කියනවා. මේ වසරේ බිලියන 100ක පාඩුවක් සිදුවන බවත් කියනවා.2020 සහ 2021දී තෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 83ක්. ඇමතිතුමා දැන් කියනවා එක දිනකට රුපියල් බිලියනයක පාඩු ලැබුවා කියලා. මේ මිල වැඩිකිරීමෙන් පස්සෙත් දිනකට රුපියල් මිලියන 327ක පාඩුවක්…ඒ කියන්නේ වසර අවසානයේදී තවත් ඩොලර් බිලියන 80ක පමණ පාඩුවක් ඇති වෙන්න යනවා.මේ ණය දීලා තියෙන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුව. මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් සේවයේ ණයත් මේ බැංකු දෙකට දරාගන්න සිදුවෙලා.”“මේ ණය තවත් වැඩි වුණොත් බැංකුවල පැවැත්ම ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඊට අමතරව වාණිජ බැංකුවලට අයිති ජාත්‍යන්තර බැඳුම්කර නතර කිරීම නිසාත් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් රුපියල් ට්‍රිලියනයක ණය ලංකා ආණ්ඩුවට දීලා තියෙනවා.“අලාභය අඩු කරන්න විදුලි ගාස්තු සහ ඉන්ධන ගාස්තු වැඩි කරන්න වෙනවා. මේ සියල්ලම දරාගන්න වෙන්නේ රටේ ජනතාවට.කාලයක් තිස්සේ සිට මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහිලා තියෙන්නේ එක ගැටයකින්.අපි ණය ගෙවීමේ හැකියාව තිබෙන රාමුවක් ඇති කළාම ආණ්ඩුවට පුළුවන් මේ ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න.අපි මේ ගැටය ලිහනවාද? ගැටය කපනවා ද? කියලා කොයි තීරණය ගත්තත් ඒ දෙකම අමාරුයි.”“මේකේ අවසන් ප්‍රතිඵලය වන්නේ ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයක් ඇති වෙන්න යනවා. කියන එකයි”
2.රාජයේ අයතන පාඩු ලැබීම විදේශ තනාපතිවරුන්පත් කිරීමේදීමෙන්ම රාජවේ ආයතන වලට ප්‍රදානින් පත් කරද්දී 1977 සිට මුන් පත් කලේ දේශපාල බත්බැලයින්‍ය.තානපතිවරුන් උන්ගේ වගකීමපිලිබදව අවබෝදයක්නැති අය විය.නමුත් අදාල වරප්‍රසාද වින්දෝය.අවසාන ප්‍රතිපලය ඔවුන්ගේ වැරද්ද නිසා ඩයස්පෝරාව ලොවේ බලය ආලා ඇත. මේ ලෙසම රජයේ ආයතන තම හිතුමතේ කොල්ලකෑමට මේ අය තම බත් බලයින්ට ඉඩ දුනි.දූශිත රජඒ සේවකයින්ද ඒකට එකතු විය.
-3
NEGATIVE
ncpp_train_39127
කොම්පඤ්ඤවීදිය නවම් මාවතේ උස ගොඩනැගිල්ලක පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීම නිසා ප්‍රකට රගර් ක්‍රීඩකයෙකු අද අළුයම මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මාර්කෝ යන නමින්ද ප්‍රකටව සිටින බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කෝකිල සමන්දපෙරුමයි. අද (29) අළුයම 1.50ට පමණ නවම් මාවතේ ග්‍රීන්ලංකා ටවර්ස්හි 10 වන මහලේ පිහිටා තිබෙන 'Amuseum' නමැති සමාජ ශාලාව වෙත යාමට විදුලි සෝපානයෙන් ඉහළට යද්දී සෝපානය අනපේක්ෂිතව ඇද වැටීම නිසා මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇත. අනතුරට ලක්වන අවස්ථාවේ විදුලි සෝපානයේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇත. ඔවුන් ඉහළට ගමන් කරද්දී මෙම සෝපානය කඩා වැටුණ බවත් යටි බිම් මහලේ අඩියට පුද්ගලයින් සමග එය පතිත වූ බවත් පැවසේ. සිද්ධියෙන් තුවාල ලත් තිදෙනාගෙන් කෝකිලගේ තත්වය බරපතල විය.ඔහු රෝහලට ඇතුළත් කළ පසු මියගියේය. අනෙක් දෙදෙනාද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර තුවාල ලත් එක් අයෙකු රෝහලෙන් ප්‍රතිකාර ලද පසු පිටව ගොස් ඇත. මියගිය කෝකිල CR & FC රගර් කණ්ඩායම නියෝජනය කරන ඉදිරිපෙල ක්‍රීඩකයෙකු වූ අතර CR & FC රගර් කණ්ඩායමේ නායක ෂේන් සමන්දපෙරුමගේ සහෝදරයා ද වූයේය. කෝකිල 2012 වසරේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ රගර් නායකයා ලෙසද කටයුතු කර ඇති අතර 2013 ජනාධිපති කුසලාන දිනාගත් කණ්ඩායමද නියෝජනය කළ රගර් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අයෙකු වූයේය. මියයනවිට 24 හැවිරිදි වියෙහි පසුවූ කෝකිලගේ දේහය බත්තරමුල්ල තලංගම උතුර 157/1 ලිපිනයට රැගෙන යාමට නියමිතව තිබුණි.
පාන්දර 1.30 ට , අපි නම් හොඳට නිදියන වෙලාව.
-110
NEGATIVE
ncpp_train_39128
පසුගිය ඔබාමා පාලන සමයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරය දැරූනිෂා බිස්වාල් එම තනතුරින් ඉවත්කර ඇත. ඇය සිය තනතුරේ සිටියදී ලංකාව සමග සමීප සබඳතා පැවැත්වූ අතර මෙරට සංහිඳියා වැඩසටහන වෙනුවෙන් අධීක්ෂණ කටයුතුද සිදු කළාය. 2014 වසරේ ජනවාරි මස 24 වනදා සිට ඇය එම තනතුරේ කටයුතු කර තිබුණ අතර වසර 3 ක ඇවෑමෙන් නිෂා බිෂ්වාල්ගේ ධුරයට විලියම් ට්‍රොඩ් පත්කර ඇත.
ඔව් උඹ ඇමරිකාවට විසා එකකට දාල බලපන් හම්බවෙයිද කියල. ගැටළුවකුත් නෑනෙ උඹ දූපතෙන් එලියට බහින්නෙ නැති නිසා.
6
POSITIVE
ncpp_train_39129
නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා යෑයි කියමින් 2012 වර්ෂයේ හා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්‌ඩාගාරයෙන් නිකුත්කොට ඇති රුපියල් මිලියන 4012 ට (කෝටි 401 ක්‌) සිදුවූ දෙයක්‌ නොමැති බවත් මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම වැරදි දැයි කියා තමා ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (26 දා) ගාල්ලේදී පැවසීය. ජනාධිපතිවරයා එසේ පැවසුවේ ගාල්ල නගර ශාලාවේ පැවැති ශ්‍රී ල.නි. පක්‍ෂයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ ප්‍රවර්ධන වැඩසටහනට එක්‌වෙමිනි. නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවාද? එක උදැල්ලක්‌ ගහලා වැඩ පටන් අරගෙන තියෙනවාද? වැටියක්‌ බැඳලා තියෙනවාද? මේ සල්ලි කෝ කවුද සල්ලි ගත්තේ? මේ සල්ලි කොහෙටද ගිහින් තියෙන්නේ. භාණ්‌ඩාගාරයෙන් දීලා තියෙනවා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට... එතනින් පස්‌සේ චෙක්‌පතට වූ දෙයක්‌ නැහැ. මේවා ගැන පරීක්‍ෂණ කරන එක වැරදිද? මේවා මහජනතාවගේ සල්ලි යෑයිද ජනාධිපතිවරයා මෙහිදී කීය. භාණ්‌ඩාගාරයෙන් ලිපි ගොනුවක්‌ මට ලැබුණා. නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරන්න චීන සමාගමක්‌ සමග 2012 වර්ෂයේ දී මහා භාණ්‌ඩාගාරයෙන් දීලා තියෙනවා රුපියල් මිලියන 1000 ක චෙක්‌පතක්‌. පසුගිය ජනාධිපතිවරණයට පෙරදින එනම් 2015 වර්ෂයේ ජනවාරි 07 වැනිදා නිල්වලා ව්‍යාපෘතිය සඳහා දෙවැනි චෙක්‌පත නිකුත් කරනවා රුපියල් මිලියන 3012 ක්‌. මේ චෙක්‌පත් දෙකේ එකතුව රුපියල් මිලියන 4012 යි. ජනාධිපතිවරණයට පෙර දින මොන කාර්යාලද අමාත්‍යංශය ද වැඩ කළේ? මේ මුදල රුපියල් කෝටි 400 ට වැඩියි. කෝටි 442 යි. ජනාධිපතිවරණයට කලින් දවසේ රුපියල් මිලියන 3012 ක්‌ නිකුත් කරන්න නිලධාරීන්ට අයිතියක්‌ තියෙනවාද? ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළේය. ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි
මේ රට ගොඩ ගැනීමට වෙර දරණ ඔබතුමාත් මල් පොහොට්ටුවෙන් හරි මේක ගොඩ දාන්ඩ හදන එතුමාත් දරණ වෑයම ගැන පුදුම අප්පිරියාවක් තියෙන්නේ.
7
POSITIVE
ncpp_train_39130
හම්බන්තොට වරාය පිළිබඳ චීන රජය සමග ගිවිසුමට අද (29 දා) දින අත්සන් තබන්නට නියමිතය. මේ තුළින් මේ වසර හා ලබන වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක්‌ ලැබෙන බවත් ඒ ප්‍රමාණයෙන් රටේ විදේශ ණය අඩු වන බවත් ඊයේ අග්‍රාමාත්‍යවරයා දන්වා සිටියේය. සෘජු විදේශ ආයෝජන වැඩි කිරීමේ සැලසුම යටතේ අලුත් වැඩසටහන් ගණනාවක්‌ම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අගමැතිවරයා කීවේය. හම්බන්තොට වරාය ගිවිසුම ඊයේ (28 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවද එය විවාදයට අවස්‌ථාව දුන්නත් විපක්‌ෂය ශබ්ද ඝෝෂා කර එය අතහැරිය බවද අගමැතිවරයා කීවේය. වර්ෂ 2011 සිට මේ දක්‌වා හම්බන්තොට වරාය නිසා රු. බිලියන 46 ක්‌ (රු. කෝටි 4600 ක්‌) නැති කරගත් බවද අග්‍රාමාත්‍යවරයා කීවේය.
වරායේ අදායම අඩු නිසා කාලයක් තිස්සෙම පඩි ගෙවන්නේ කොළඹ වරායේ අදායමෙන්. මේකේ උන්ට නිකන් පඩි දෙන්නේ. මේක විකුනපු එකට මහින්ද ස්ටේජ් වල නැගල කතා පවත්වනවා. මයිත්‍රී ,රනිල් සහ ආණ්ඩුව තව කතා කියනවා. රට බාරගත්තේ ඕවා විසදීමට නම් අපිට කියවන්නේ නැතුව උඹලා එක මේසෙක එක්කහු වෙලා මහින්දගෙන්ම අහන්න තිබුන නේද මේ උගුලෙන් අදායමක් ලබන්නේ කොහොමද කියල. දුක් විඳින මහජනයාට ඕවා කියන්න එපා බොලවු.
3
POSITIVE
ncpp_train_39131
කවින්ද්‍යා සිනමාවට එනවා කියලා තමයි ආරංචිය ? ඔව්. ඒ ආරංචිය ඇත්ත. මොකද ඒ ගැන හිතෙන්නේ ? ඒ ගැන නම් ලොකු සතුටක්‌ තියෙන්නේ. ඔබ මීට කලින් සිනමාවට එන්නේ නැහැ කියලා නේද කිව්වේ ? ඔව්. එහෙම කිව්වා තමයි. එහෙනම් ඇයි දැන් සිනමාවට එන්න අදහස්‌ කළේ ? ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබුණ හින්දා තමයි ඒ අදහසට අන්තිමේ කැමැතිවුණේ. කවින්ද්‍යාට ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබෙන්නේ. මේක ගොඩක්‌ දෙනෙක්‌ට ලැබෙන්නේ නැති අවස්‌ථාවක්‌? අනිවාර්යයෙන්ම කියන්න ඕනෑ ඒක මම ලැබූ ලොකු භාග්‍යයක්‌. මොකද ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ වැඩකරන්න ලැබීම ගැන හදවතින්ම සතුටුවෙනවා. මොකද මම මේ ක්‍ෂේත්‍රයේ හිටපු නැති කෙනෙක්‌. හැබැයි අම්මා සිනමාවට සම්බන්ධවෙලා හිටියා. ඒ වගේම මගේ ප්‍රේක්‍ෂකයන් වගේම අම්මාගේ ප්‍රේක්‍ෂකයන් සිනමාවෙනුත් මාව වැළඳගනීවි කියලා විශ්වාසයක්‌ මට තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මේ ආරාධනාව කරපු ගමන් ඔබ එක පයින් කැමැතිවුණාද? මුලින්ම අම්මාට තමයි මේ ගැන කිව්වේ. අම්මා මොකද කිව්වේ ? අම්මා තමයි එකවරම කැමැති වුණේ. මොකද එවැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ මගේ පළමු සිනමා රංගනය සිදුකරන්න ලැබීම ගැන අම්මා ඇත්තටම සතුටුවුණා. අම්මා කැමැතිවුණ නිසා තමයි මමත් කැමැතිවුණා. ඔබ මෙහි ප්‍රධාන භූමිකාව තමයි සිදුකරන්නේ ? පොඩි බයක්‌ තියෙනවා. නැතිව නෙමෙයි. මොකද එක්‌වරම මේ වගේ විශිෂ්ට අධ්‍යක්‍ෂවරයකුගේ නිර්මාණයක ප්‍රධාන චරිතය ලැබෙනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක්‌ නෙමෙයි. නමුත් එවැනි අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ ඉතා සැහැල්ලුවෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වේවි කියලා මගේ ලොකු විශ්වාසයක්‌ තියෙනවා. අධ්‍යක්‍ෂවරයාට සාධාරණයක්‌ ඉටුකරන්න පුළුවන්වේවි කියලා හිතනවාද? මට පුළුවන්වේවි කියලා හිතනවා. කවින්ද්‍යාත් ඉදිරියේදී වෘත්තීය නිළියක්‌ වේවිද? එහෙම අදහසක්‌ නැහැ. මම මුලිනුත් කිව්වානේ රගපෑමට එන්නේ නැහැ කියලා. මේ වගේ ආරාධනාවක්‌ ඉවත දාන්න බැහැ. මොකද මට ලොකු ගෞරවයක්‌ ඒ වගේ අධ්‍යක්‍ෂවරයෙක්‌ සමග වැඩකරන්න ලැබීම. ඒ වුණාට සිනමා ක්‍ෂේත්‍රයට ඒවි කියලා කියන්න අමාරුයි. හැබැයි ගායනයෙන් ඉදිරියට යාවි. ළඟදීම අලුත් ගීතයක්‌ කරන්න සූදානමින් ඉන්නවා කියන්නේ ඇත්තද? ඔව්. ඒකත් ළඟදීම මියුසික්‌ වීඩියෝවක්‌ සමග දැකගන්න ලැබේවි. ගායිකාවක්‌ විදිහට ක්‍ෂේත්‍රයේ රැඳෙන්න අවස්‌ථාව තිබිලත් නිළියක්‌ වෙන්න අවස්‌ථාව උදාවුණා. මොකද ඒ ගැන හිතන්නේ ? මම හිතන්නේ අම්මත් පුංචි කාලේම තමයි මේ ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වුණේ. ඉතිං අම්මිත් ගීත ගායනා කරමින් පාසල් යමින් තමයි ක්‍ෂේත්‍රයට පිවිසුණේ. ඉතිං මට හිතෙනවා අම්මාගේ තාත්තාගේ රඟපෑමේ හැකියාවන් මට පොඩ්ඩක්‌ හරි ඇති කියලා. පසුගිය කාලයේ කිව්වා අම්මත් එක්‌ක ගීතයක්‌ කරනවා කියලා. ඒ අදහසට මොකද වුණේ ? දැන් මම ඒ ගැන කතා කරලා කතා කරලා දිග්ගැස්‌සෙනවා. ඒ හින්දා ඒ ගැන කතා නොකරම ගීතය කරලා එළිදක්‌වන්න තමයි හිතාගෙන ඉන්නේ. නිවේදන කටයුතුවලින් ඈත්වෙනවාද? අපොයි නැහැ. මුලින්ම මම නිවේදිකාවක්‌ විදිහට සිරස ටීවී නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වුණා. දෙවැනියට මට ආරාධනාව ලැබුණේ ස්‌වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ. නිවේදනයෙන් තව ඉදිරියට යන්න තමයි මගේ කල්පනවා. දැන් අධ්‍යාපන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඈත්වෙලාද? අධ්‍යාපන කටයුතු අවසන් කරලා සංගීත උපාධිය හදාරමින් ඉන්නේ. ඒ වැඩකටයුතු තමයි මේ දිනවල සිදුකරන්නේ. සංගීතය ක්‍ෂේත්‍රයට සම්බන්ධවීම හොඳද? නරකද? නරකක්‌ කියලා හිතෙන්නේ නැහැ. මොකද අම්මයි තාත්තායි වෘත්තීය ගායන ශිල්පීන්. එහෙම හිතෙන්නේ නැහැ. අම්මා වගේ ලොකු ගමනක්‌ දුවට යන්න හැකිවේවිද? දැනටමත් අම්මාගේ සහ තාත්තාගේ රසික රසිකාවියන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අම්මාගේ තරමට යන්න බැරිවුණත් ඒ ළඟට යන්න තමයි මගේ උත්සාහය. අම්මාත් එක්‌ක එකතුවෙලා ප්‍රසංගයක්‌ කළොත් නරකද? ඒ වගේ අදහසක්‌ මගේ හිතේ තියෙනවා. ඒ ගැන දැන්ම කතා කරන්න බැහැ. ප්‍රසංගයක්‌ කරන්න හොඳ සූදානමක්‌ තියෙන්න එපායෑ. ඒ දේවල් ගැන ඉදිරියේදී කතා කරමු. කවින්ද්‍යා අතුල සමිතාගේ දුව වීම ගැන ? විශිෂ්ට ගායන ශිල්පියෙක්‌ සහ ශිල්පිණියකගේ දුව වීම මට ලොකු ගෞරවයක්‌. මම විශ්වාස කරනවා ඒ දෙන්නාගේ රසිකයන් මට ඒ විදිහටම ආදරය කරාවි කියලා. කවින්ද්‍යා මේ දිනවල ආදරය විඳීනවා කියන්නේ ඇත්තද? අපි ඒ ගැන පසුවට කතා කරමුනේ. දිනේෂ් විතාන (දිවයින)
ඒ කාලේ කතාවක් තිබ්බා අතුල ඔයාව පොඩි කාලේ ගෙදරදි උඩ දාලා අල්ලද්දී අතුලගේ සරම කඩාගෙන වැටිලා අතුල ඔයාව අල්ලනේ නැතිව සරම අල්ලලා ඔයා බිම වැටුනා කියලා. ඒක ඒ කාලේ උනා වුනත් එදා ඔයාගේ ඔළුව බිම වැදුන අමාරුව තාමත් දිගින් දිගටම තියෙන බව නම් ඔයා කියනා ගොඩක් කතාවලින් ඔප්පු වෙනවා.
15
POSITIVE
ncpp_train_39132
සෝමරත්න දිසානායක මහතාගේ ‘සිංහබාහු‘ චිත්‍රපටයේ රූගත කිරීමකට සම්බන්ධ වී වාහනයක ගමන් කරමින් සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ ප්‍රවීණ සිනමා නළු ජැක්සන් ඇන්තනි තවමත් අසාධ්‍ය තත්වයේ පසුවේ.ඔහුට සුවය පතා මේ වනවිට විවිධ ආගමික වතාවත්ද කලාකරුවන් සිදුකරමින් සිටී. ඔහු අනතුරින් පසු කොළඹට රැගෙන විත් ශල්‍යකර්ම කිහිපයකට බඳුන්කර ඇති අතර ස්නායු ශල්‍යකර්ම සිදුකර ඇති නිසා ඔහුගේ තත්වය සුව අතට හැරීම ප්‍රමාද වන බව හෝ සුවය ලබන ස්වරූපය අවිනිශ්චිත වන බව වෛද්‍යවරු පවසා තිබේ.අනතුරින් පසු ජැක්සන් ඇන්තනී මහතා සැලකිය යුතු මට්ටමකින් සුවය ලබා සිටි අතර නැවත වරක් සිහිසුන්ව ඇති බවත් මේ වන විට ස්වසන යන්ත්‍ර පද්ධතියක ආධාරයෙන් ප්‍රතිකාර ලබාදෙන බවත් ඔහුගේ තත්වය රූපවාහිනියට විස්තර කරමින් සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා පැවසීය. සාකච්ඡාවකට එකතු වෙමින් සෝමරත්න දිසානායක මහතා මෙසේ කීය.“ශල්‍යකර්මයට පස්සේ ජැක්සන්ට සිහිය ආවා.ඔහු මා එක්ක කතා කළා. මගේ චිත්‍රපටිය ගැනත් කතා කරා. එක සම්පූර්ණ කතාවක් නෙමෙයි.ඔහු පුළුවන් විදිහට කතා කළා. එහෙන් මෙහෙන් බට ගහලා නිසා ජැක්සන්ට හරියට කතා කර ගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ කිව්වේ මට ඉන්නේ එක සිංහයයි ඒ සිංහයා නැගිටලා එනකම් මම බලාගෙන ඉන්නවා කියලයි. ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස් දෙකට කඳුළු ආවා මාත් මගේ කඳුළු පාලනය කරගෙන හිටියා. මට තියෙන ප්‍රශ්නෙ තමයි එච්චර හොඳට සිහිය ආපු ජැක්සන්ට ආයෙ සිහිය නැතුව ගියා.දැනට ජැක්සන් සිහිසුන්ව තමයි ඉන්නේ.දැනට ඔහු හුස්ම ගන්නේ ස්වසන යන්ත්‍ර ආධාරයෙන්.ඒක ඒ තරම් සුව තත්ත්වයක් කියලා අපි හිතන්නේ නැහැ”   
අග්ණිදාහය මමං ආදරය කල චර්තය
3
POSITIVE
ncpp_train_39133
කොවිඩ් 19 ආසාදනය වීමෙන් අනතුරුව ජාතික බෝවන රෝග රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තවම ප්‍රතිකාර ලබමින් පසුවන අතර ඇයට පවත්නා හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබා දුන්නද ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව අමාත්‍යවරියගේ සැමියා වන කාංචන ජයරත්න මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබෙයි. ජයරත්න මහතා පවසන පරිදි, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොතලාවල ආරක්ෂක පීඨ රෝහලේ කොවිඩ් 19 සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදීද හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබුණි.සෞඛ්‍ය අමාත්‍යවරිය දැඩි උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන බැවින්  වෛද්‍යවරු උපදෙස් දීම නිසා ඇයව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබුණි. ‘පවිත‍්‍රා ශ්වසන ආධාරක මත ඉන්නේ.. නමුත් ඇය වේගයෙන් සුව වෙනවා..’ යනුවෙන් ඇගේ සැමියා පුවත්පතට දන්වා තිබේ.සෞඛ්‍ය අමාත්‍යවරියගේ PCR පරීක්‍ෂණයෙන් පසුව ඇගේ සැමියා කාංචන ජයරත්න මහතා සහ දියණිය නිරෝධායනයකට ලක් කර ඇති නමුත්  PCR පරීක්ෂණ සෘණාත්මක වී තිබුණි. ඇය සමග සැරිසරණ ආරක්ෂකයින් කිසිවෙකුටද ආසාදනය සිදුව නැත. ධම්මික බණ්ඩාර ගේ කොරෝනා පැණිය ගැන සමියා පවසා ඇත්තේ ධම්මික බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි දිනයේ තෑගි ලෙසින් ලැබුණු පැණි හැන්දක් පමණක් ඇය පානය කළ බැවින් ඒ පැණි හැන්ද හා ආසාදනය අතර සම්බන්ධයක් නැති බවයි. 
මාතෘකාව වැරදියි
57
POSITIVE
ncpp_train_39134
ආගම් දෙකක නිසා දෙමාපියන් විරුද්ධ වුණාපාසල් කාලයේ සිට ඇරඹි ජැක්සන් කුමාරි ආදර කතාව ප්‍රකට කලාකරු ජැක්සන් ඇන්තනී හා බිරිය කුමාරි මුණසිංහ පාසල් සමයේ සිට මිතුරන්ය. මුණ ගැසී වසර කට පසු හොඳම යාළුවාවූ කුමාරි කසාද බඳින්න ජැක්සන් තීරණය කළත් ජැක්සන්ගේ ගෙදරින් කුමාරිට මුලින්ම කැමතිවී නැත. බාධක බිඳගෙන ඔවුන් විවාහවූ හැටි පසුගියදා රූපවාහිනී වැඩසටහනකින් කියා තිබුණි. පාසලට නවක ශිෂ්‍ය‍ෙයක් ලෙස පැමිණි ජැක්සන් ඇය සමග බොහෝ සමීප වන්නට මගපාදන්නේත් කලාවමයි. ඔහු ප්‍රථම වතාවට ඇයව හමුවූ  ඒ මොහොත ඇය මෙලෙස මතක් කරනවා. “ ඒ දවස් වල ගලහිටියාව මහ විද්‍යාලෙ ලස්සන අරලිය ගස් ගොන්නක් තිබුනා. දවසක් එයා අරලියා ගස් මැද්දෙන් ඇවිදන් යද්දී බටනළා සද්දයක් ඇහිලා. එයා බලලා කවුද මේ පිඹින්නේ කියලා.එයත් සංගීතයට ගොඩක් කැමතියි නේ.ඉතිං ඒ වෙලාවෙ බට නළාව පිඹිමින් ඉඳලා තියෙන්නෙ මම.  ජැක්සන් මුලින්ම මාව දැක්කෙ එතනදි. එවෙලෙ එයා හිතුවලු කොහොමහරි මෙයත් එක්ක හිතවත් වෙනවා කියල.” කෙසේ වෙතත් කලාවට හිතැති මේ සුන්දර යෞවනයන් දෙපල ඉතාම කිට්ටු වෙන්න මගපාදන තවත් සිදුවීමක් මේ පාසලේදීම වෙනවා. “ ජැක්සන් අපේ ඉස්කෝලෙට ආවෙ අලුතෙන්නේ.. දවසක් ඉස්කොලෙ සමිතියකදි එයා ගොඩක් හැඟීම් බර විදිහට ලස්සන ට සිංදුවක් කිව්වා.මාත් ගොඩක් ආසාවෙන් ඒ සිංදුව අහන් හිටියා. එදා තමයි මම ජැක්සන්ව මුලින්ම දැක්කේ.” එදා ඉදන් ඇරඹුනු මිතුදම ඉතාම සමීපව ගෙවුනු බව ජැක්සන් මතක් කරනවා. “ අපේ තිබුණේ මචං කියාගන්නා යාළුකමක්. එයා තමයි මට මේ ජැකා කියන නමත් පටබැන්දේ.” බොහෝ සුන්දර මතකයන් රැසක් ඉතිරි කරමින් මොවුන් අධ්‍යාපන කටයුතු නිසි ආකාරව සිදු කරන්නේ අධ්‍යාපනයට මුල් තැන දෙමින්. පාසල් අධ්‍යාපනය නිම කරන මොවුන් දෙදෙනාගෙන් ජැක්සන් කොළඹ විශ්ව විද්‍යාලයටත් කුමාරි මුණසිංහ ගම්පහ ආයුර්වේදයටත් නික්මෙන විටත් දෙදෙනාගේ කිසිදු ආදර සම්බන්ඳයක් නොතිබුනු බව තමයි  මොවුන් කියන්නේ. මොවුන්ගේ මිතුදම ආදරයකට පෙරලන්න සමත් වෙන්නේ නෙවිල් සුබසිංහයන්ගේ  “වාරුවෙන් යන මිනිස්සු” වේදිකා නාට්‍යයේ චරිත දෙකකට ඔවුන් දෙදෙනාව තෝර ගත්පසුවයි. ඉතිං මේ සමීප මිතුරන් දෙදෙනා නාට්‍ය පුමුණුවිම් ආදියට යන එන අතරතුරේදී තමයි  ඔවුන් ආදරවන්තයින් බවට පත්වෙන්නේ.නමුත් ඊට මුලදී බාධා එල්ලවී ඇත.  කුමාරි මේ ගැන පැවසුවේ. දෙදෙනා ආගම් දෙකක නිසාවෙන්ම දෙදෙනාගේ ගෙවල් වලින් දැඩි ලෙස සම්බන්ධයට විරුද්ධ වුණා. මං ඒ කාලෙදඟකාරයි කියලත් ජැක්සන්ගෙ අම්මලා අකමැති වුණා. නමුත් ඔවුන් අවසානයේ දෙමාපිය ආශිර්වාදය මැද කසාද බඳිනවා. “ හැත්තෑ පහේ දැකපු මගේ යාළුවව මම හැත්තෑ නවය වෙද්දී පෙම්වතිය කරගත්තා. අසූ පහේ කසාද බැන්දා..හොඳම යාළුවව කසාද බැන්දා..”   ජැක්සන් ඒ ගැන කියා තිබුණි. විවාහ වෙලා එක වහලක් යටට යන එත තමයි දෙන්නාගෙම හීනෙ වෙලා තිබුනේ. ඉතිං මේ ආදරණීය යුවල  බොහෝ දුක් කම්කටොළු මැදින් තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගෙන තිබුණා. ඒ වගේම මේ දෙපළ කලාවට තිබුනු ලැදියාව ජැක්සන් පවසන්නේ මේ විදිහට.. “අපේ විවාහෙට පස්සෙ දවසෙත් අපි නාට්‍යක රඟපෑවා..කුමාරිට  මගේ පළවෙනි දුව  ලැබෙනවා කියන සුබ පණිවිඩය කුමාරි මට කිවුවෙත් වේදිකාවෙදි… මම ඒ දවස් වල ගොඩක් කාර්ය බහුලයි... බස් එකෙන් බස් එකට නාට්‍ය වලට යන්නේ.. අපිට හම්බවෙන්න වත් වෙලාවක් නෑ.. දවසක් මම මරාසාද් නාට්‍ය යේ රඟපාන වෙලාවක නාට්‍ය යේ එක්තරා නිශ්ශබ්ද ස්ථානයකදි තමයි ගායන වෘන්දයේ නායක ගායිකාව විදිහට හිටපු කුමාරි මට හොරෙන්ම කිවුවේ ඔයා තාත්ත කෙනෙක් වෙන්න යනවා කියලා...” සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන්
ජැකා හොඳ දක්ෂයා මහින්ද රාජපක්ෂ බුදුහාමුදුරුවන්ට නෑයො වෙනව කියල මහින්දටත් අන්දපු එකෙක්.
48
POSITIVE
ncpp_train_39135
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුවක් කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පාරිලිමේන්තු පරිශ්‍රයේදී පෙරේදා (25) සවස විවෘත කෙරුණි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මැදිහත් වීම මත ඉදිකෙරුණු මෙම පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපාන ධම්මාලංකාර, අමරපුර මහා සංඝ සභාවේ උත්තරිතර මහා නායක කොටුගොඩ ධම්මාවාස යන මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, කතානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න යන මහත්වරුන්ද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය, නීතිඥ රවී ජයවර්ධන, සර්වෝදය නායක අවාර්යය ඒ.ටී. ආරියරත්න යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්ද සහභාගී වූහ. -ජයකාන්ත ලියනගේ-
මිත්‍ය මත ධාරියෙක් බුද්ධහගම තියෙන්නේ මැඡික් පෙන්වන්න නොවෙි යහපත් දිවිපෙවෙතක් ගතකරන මාර්ගය පෙන්වාදෙන්න. අන් අයත් මිත්‍ය ආකල්ප වලට නැඹුරු නොකරනු තමා මෝඩයෙක් උනාට.
10
POSITIVE
ncpp_train_39136
කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සහ කාක දූපත උද්‍යානයට මේ දක්වා පැමිණෙන දරුවන්ට නොමිලේ ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවී තිබුණත් මින් පසු ක්‍රීඩා කිරීමට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් පැයකට රුපියල් 400 බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කරගැනීමට අවස්ථාව ලබාදී ඇත. මේ පිළිබඳ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ අනුදැනුම මත ගෙනා යෝජනාවක් කොළඹ මහ නගර සභාව සම්මත කරගෙන තිබේ. දැනට මෙම ස්ථානවල නොමැති අලුත් ක්‍රීඩා අංගෝපාංග මෙම සමාගම විසින් ගෙන්වා මාස 2 ක් ඇතුළත සවිකරන බවට දන්වා ඇති අතර ඒවාට යන වියදම හා නඩත්තු වියදම ලෙස වයස අවුරුදු 5-10 අතර දරුවෙකුගෙන් විනාඩි 15කට රුපියල් 100 බැගින් අය කරගැනීමටත් පැයක්ම සිටින්නේ නම් රුපියල් 400 වනු ඇති බවත් ගාස්තු සඳහන් කර ඇත. මෙම මුදල් නගර සභාවට නොව අදාළ සමාගම වෙත අයවනු ඇතැයි වාර්තා වන අතර කොළඹ මහ නගර සභාවට මාසිකව රුපියල් 10,000ක් පමණක් ගෙවීමට අදාළ පුද්ගලික සමාගම එකඟ වී ති‍බේ. කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුවේ නිර්දේශ පරිදි මහා සභාවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී ඇත.ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා පමණක් විරුද්ධ වී තිබේ.
සෑම දෙයක්ම නොමිලේ දෙන්න බැහැ. නොමිලේ දුන්නා කියල ජනතායට සෙතක් නැහැ. හොදම උදාහරනය. අධ්‍යාපනය. නොමිලේ උගන්නලා දොස්තර කෙනෙක් කළා කියල එයා නොමිලේ සේවයබකරන්නේ නැහැ. නැවත ජනතාව සුරාකාගෙන තමයි වැඩ කරන්නේ. ආපු දවසේ සිට වැඩි පඩි ඉල්ලනවා. අද්‍යාපනයටත් මුදලක් අයකල යුතුයි. විශේෂයෙන්ම උස්සස් අද්‍යාපනයට. ලොකයේ කිසිම රටක උසස් අධ්‍යාපනය සම්බුර්ණයෙන් නොමිලේ ලැබෙන්නේ නැහැ. ඉගෙනගත් අය නැවත ජනතාවගෙන් වැඩිපඩි ඉල්ලනවා. බර ජනතාවට කෙසේ වෙතත් මෙම මිල පිළිගත නොහැක. පැයකට රුපියල් හාරසියයක් යනු ඉතා අධික මිලකි. රජයට අයත් වපසරියක මෙවැනි මිලක් අය කිරීම් ඉතා අසාධාරණය. වහාම මෙම මිල රුපියල් සියයක් දක්වා අඩු විය යුතුය.
17
POSITIVE
ncpp_train_39137
මොරටුව නගරාධිපතිවරයා හා එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය අතර මත ගැටුමක් පසුගියදා ඇති වූයේ මොරටුමුල්ල සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව ලබා දීමට ගිය අවස්ථාවේ ටෝකන් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යෑමේදීය. මෙම සංසිද්ධියේ විඩියෝව ගැන ජනපති පවා කතා විය. නගරාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාරයේද සිටියේය. එකී සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙන ස්ථානය වෙනස් කරමින් මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය විසින් ජනතාව අපහසුතාවට පත් කළේ යැයි පවසමින් (ශ්‍රීපොපෙ) නාගරීක මන්ත්‍රී නිලංග සිල්වා මහතා විසින් මොරටුමුල්ල පොලීසියට පෙරේදා (27දා) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. බැලුබැල්මට මෙය නගරාධිපතිවරයාගේ එකට එක කිරීමක් ලෙස හඳුනාගන්නට ලැබේ.මොරටුමුල්ල පොලීසිය පවසන්නේ පළමු එන්නත් මාත්‍රාව මැයි මස විසිහත් වැනිදා මොරටුමුල්ල උතුර හා මෝල්පේ ග්‍රාම සේවා වසම්හි ජනතාවට ලබා දීමේ වැඩසටහන මොරටුමුල්ල මෙතෝදිස්ත දෙව් මැදුර ශාලාවේ දී සිදු කෙරුණු බවත් එය මෙවර සොයිසාපුර සිදු කිරීමට සෞඛ්‍ය විද්‍යා නිලධාරිනිය විසින් පියවර ගෙන තිබිම ගැන මෙම පැමිණිල්ල කර ඇති බවයි. මන්ත්‍රීවරයා සිදු කළ පැමිණිල්ල භාර ගැනීම සිය රාජකාරිය නිසා භාර ගත් බව සඳහන් කළ මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර මහතා මේ පිළිබඳ ඉහළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කිරීම කරන ලෙස පැමිණිල්ල සිදු කළ මන්ත්‍රීවරයාට උපදෙස් ලබා දුන් බව පැවසීය. එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සතු කාර්යභාරයක් බව ද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.(මෙම පුවත මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා මගින් සපයන ලද බවට මින් ඉහත පළවූයේ ප්‍රමාද දෝෂයකිනි. මෙම පුවත ඇය විසින් සපයන ලද්දක් නොවේ.)
ස ඔන්න ජනාධිපති සමාව දෙමු.
23
POSITIVE
ncpp_train_39138
යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය අවම කරගැනීම පිළිබඳ අද (30) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී  ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කර ඇති සාකච්ඡා සාර්ථක වී තිබේ. එම නිසා පොහොර හිඟය හෝ වෙනයම් හේතුවක් පාදක කරගනිමින් යල කන්නයේ වගාව අතනොහරින ලෙස ජනාධිපතිතුමා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටි.පොහොර ගෙන්වීම, බෙදාහැරීම, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනාගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදිය හැකිය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කන්දකාඩු ගොවිපොළ බඩඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.වගා කර නොමැති ඉඩම්වලින් ඉහළ ප්‍රතිශතයක් රජය සතු වේ. එම ඉඩම් හඳුනාගෙන තරුණ වගාකරුවන්ට ලබාදීමට තීරණය විය.ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතුය. ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ සිට සියලුම රාජ්‍ය සේවකයින් දායක වී පූර්වාදර්ශයක් සැපයිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. වගා කළ යුතු භෝග හඳුනාගනිමින් සියලු පළාත් ඒකාබද්ධ වගා ප්‍රවර්ධන සතියක් ඇරඹීමටත් කෘෂිකර්ම, පශු සම්පත් හා මිරිඳිය මත්ස්‍ය කර්මාන්තය සඳහා පළාත් සභාවට වෙන්කර ඇති මුදල් සීමා නොකොට ලබාදීමටත් තීරණය කෙරිණ.පොහොර අවශ්‍යතාව ඉලක්ක කරගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත අයුරින් යොදාගනිමින් එළැඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනය කරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.කිරි, බිත්තර, කුකුළු මස් මිල පාලනය සඳහා සත්ව ආහාර සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද පුළුල් ලෙස සාකච්ඡාවට ලක් විය.පසුඅස්වනු හානිය අවම කිරීම, ආහාර අරපිරිමැස්ම, ආහාර ගබඩා කිරීම, කල්තබා ගැනීම හා කෘෂි නිෂ්පාදන අගය වැඩි කිරීම, විකල්ප ආහාර වර්ග හඳුන්වාදීම හා ප්‍රචලිත කිරීම සඳහා සැලසුම් කර තිබේ. එමෙන්ම වගාවන්හි රෝග හා පළිබෝධ හානි වැළැක්වීමට ක්‍රමවේද හඳුන්වා දීම සහ කෘෂි නිෂ්පාදන ආශ්‍රිත ස්වයං රැකියා ප්‍රවර්ධනය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.( ඡායාරූප : ජිවන්  චන්දිමාල් - ජනාධිපති මාධ්‍ය අංශය )
ඉතින් බන් උබනේ ආහාර හිගය ඇතිකලේ නිකන් පලයන් යන්න
1
POSITIVE
ncpp_train_39139
අලි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු අසාධ්‍යව තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනි මිය ගිය බවට වැරදි ආරංචි සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී.මෙම ප්‍රවෘත්ති ව්‍යාජ ඒවා බව ජැක්සන්ගේ දියනිය මාධවී වත්සලා ඇන්තනි දන්වා සිටින්නීය. ඇය පේජ් කරන අයගෙන් ඉල්ලා සිටින්නේ ඒ වැරදි ප්‍රවෘත්තිය හුවමාරු කිරීමෙන් වළකින ලෙසයි.
බුද්ධිමත් මිනිස්සු රිස්ක් එකක් ගන්නෙ නැහැ. මේ කතාව මගේ නෙමෙයි, තිබ්බේ ජ්‍යෝතිෂය පොතක. ඒ අය අනතුර කලින්ම සිතේ මවා ගන්නවා. ගෝටා කාබනික පෝර අදහස දාන කොටම, ආහාර හිඟය හිතේ මැවෙනවා, කලුවරේ අලි ගැවසෙන පාර වල යන කොට අලියෙක් පැන්නොත් කියලා හිතේ මැවෙනවා. මහින්ද සාක්ය වන්සෙ කියන්න කලින්, හිතේ මැවෙනවා, මගේ චරිතය ඝාතනය වෙනවා නේද කියලා. අනතුරක් වෙන්න කලින් අනතුරක් උනොත් ලබන වේදනාව හිතේ මවා ගන්නවා, බොරු කියන්න, සොරකම් කරන්න කලින් අපාය හිතේ මවා ගන්නවා, නමුත් සමාජයේ බොහෝවිට ඉන්නෙ පුම්බපු හිස් චරිත. පාර්ලිමේන්තුවම පුම්බපු චරිත. සැබෑ බුද්ධිමතා බොහෝවිට ජනප්‍රිය නෑ. සමාජ ආශ්‍රය අඩුයි. පිරුණු කලේ දිය නොසැලේ, වගේ සද්ද අඩුයි
38
POSITIVE
ncpp_train_39140
නතාෂා එදිරිසූරිය සම්බන්ධවූ මෝඩාභිමාන ප්‍රහසන වැඩසටහන නැරඹීමට ආ අය අතර සිටි ලකයි සිකයි යූටියුබ් නාලිකා හිමිකරුවන්ට මේ වනවිට මරණ තර්ජන එල්ලවී ඇතැයි ඔවුන් පවසනවා. ලකා ලෙස හඳුන්වන ලක්මාල් වීරසිරිගේ බිරිය මේ ගැන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක්ද සිදු කර ඇත.‘ලකයි සිකයි‘ යූටුබ් නාළිකාවේ හිමිකරුවන් වන ලක්මාල් වීරසිරි සහ ශාන් අරෝෂ මේ දිනවල ඕස්ට්‍රෙලියාවේ මෙල්බඑර්න්හි ප්‍රසංගසඳහා ගොස් සිටින අතරවාරයෙ එහි සිටියදී මෙම තර්ජන ගැන අදහස් පළ කර තිබුණි. එහිදී අදහස් දැක්වූ ලක්මාල් වීරසිරි මෙසේ පැවසීය. "අප්‍රේල් 1 වෙනිදා තිබ්බ මෝඩඅභිමානය කියන වැඩ සටහනට සහභාගී වීම සම්බන්ධව විශාල මතයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබුනා. අපි ගියේ ආරාධනාවකට. එතන තුන් හාරසීයක් ඇවිල්ල හිටියා. අපි දෙන්නා හිනා වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා. ෆේස් බුක් පේජ් ඒ කරන ප්‍රචාරය නිසා මේ වෙනකොට අපිට බොහොම නරක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. විවිධ තර්ජන පවා එල්ල වෙමින් පවතිනවා. ඒ ගොල්ලෝ ඒ ප්‍රචාරය කරන්නේ අපිත් බුද්ධාගමට නිග්‍රහ කරා කියන මතය සමාජයේ නිර්මාණය වෙන ආකාරයට.රාජාංගනයේ සද්ධාරතන ස්වාමීන් වහන්සේ අත්ඩංගුවට ගන්න වෙලාවේ ප්‍රකාශයක් කරනවා ජෙරම්, නටාෂා සහ ලකයි සිකයි තමයි උන්වහන්සේව අත්ඩංගුවට ගන්න පැමිණිලි කරේ කියලා. තර්ජනාත්මක ස්වරූපයකට හැරිච්ච නිසා තමයි අපි මේ මොහොතෙ පවා මේ පැමිණිල්ල දාන්නේ. අපේ පවුලේ අයට බොහොම තර්ජනාත්මක පණිවුඩ ලැබෙනවා. මගේ ලොකු දුවගේ සාමන්‍ය පෙළ විභාගයට පවා බලපාලා තියෙනවා. අපිට මේ ජීවිත තර්ජන එන තැනට වැඩ කටයුතු කරන්නේ කවුද කියන කාරණාව පිළිබඳව විමර්ෂණයක් කරලා අපිට ඒකට සාධාරණයක් කරන්න කියන එක තමයි ඉල්ලන්නේ.වේදිකාවේ කියන්නෙ මොනවද කියන එක දැනගෙන නෙමෙයි අපි ඕකට සහභාගී වෙන්නේ. අපි කොයි තැනක හිනාවෙන පොටෝ එකක්ද කියලා කිසි එකක් නෑ. ඔය පේජ් වලින් ඉල්ලා හිටින්න නටාෂා ඒ කාරණාව කියන මොහොතේ අපි දෙන්න හිනා වෙච්ච විඩීයෝ එකක්. මේක අපේ පවුල්වලට පවා තදින් බලපාන කාරණාවක් වෙලා තියෙන්නේ. හාරසීයක් පන්සීයක් ඉන්න තැනක අපි දෙන්නෙකුට විතරක් නැඟිටලා ඉවර වෙලා යන සෙග්මන්ට් එකක් මැද්දේ එහෙම කඩාකප්පල් කරන්න පුළුවන් කමක් නෑ."
වෘෂභ පුතේ ලකයි සිකයි කියන දේ ගැන කතා කොරපන් .. යන්නේ කොහේද මල්ලේ පොල් .. ඔසී පිආර් ගන්න ගේම ගහන්නේ උන් දෙන්න මිසක් නටශා නෙවේ බොල නටාෂා ගේ මගුල් තොගේ මොලේ තරමට විග්‍රහ කොර ගනින් .. ඕස්ට්‍රේලියාවේ asylum ගැන නොදන්නා කියන දෙයක් නොතේරෙන වහල්ලු වගේ කතිරේ ගහන උන් තමයි තොපේ රටේ කෙලවිල්ලට සම්මාදම් උනේ ..
2
POSITIVE
ncpp_train_39141
අනුරාධපුරයේ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා පසුගියදා ඇප මත නිදහස්ව සිටි කාලයේ තවත් අපරාධවලට සම්බන්ධවී පොලිසියට අවශ්‍යවී සිටි අතර අද උදෑසන අත්බෝම්බයක් සමග අනුරාධපුර දහයියාගමදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, වාහනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී අත්බෝම්බයක් ද ඔහු සතුව තිබී හමුවුණ බවයි. කරාටේ ශූර වසන්ත සොයිසා පවත්වාගෙන ගිය සමාජ ශාලාවේ 84000 ක බිලක් නොගෙවීම නිසා  එස් එෆ් ලොක්කාට එය තහනම් කලාපයක් කර තිබීම ගැන උරණවූ පසුව 28 දෙනෙකු කැටුව ඇවිත් සමාජ ශාලාව කුඩුපට්ටම් කර පොරවකින් කොටා වසන්ත සොයිසාව ඝාතනය කර තිබූ අතර ඉතා පැහැදිලි CCTV සාක්ෂි මත 2015 ජනවාරි මස SF ලොක්කා ඇතුළු 28 දෙනෙකු අත්අඩංගුවට පත් විය. එසේ අත්අඩංගුවට පත්වෙන්නට පෙර යූටියුබ් ඔස්සේ වීඩියෝවක් යොමු කරමින් තමා සිදු කලේ ශුද්ධ භූමියක් සමාජ ශාලාවකින් බේරාගැනීමක් යයිද ඔහු පවසා තිබුණි. බන්ධනාගාරයේ දිගින් දිගටම ඇප නොලබා සිට පසු මීට මාස කිහිපයකට පෙර ඔහු ඇප ලැබූ සැණින් නැවත සිය කටයුතු පෙර ලෙසම ඇරඹූ අතර තමා ආගම් ජාතිය ගැන සිතන ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටිමින්ද අලුත් වීඩියෝ මුදාහැර තිබුණි. කොන්ත්‍රාත් අපරාධයක් සිදු කිරීමේ අටියෙන් වාහනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යවූයේ ඉන්පසුය. අද අත්අඩංගුවට පත් සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඕන් බලාපල්ල අනුරාධපුර බුද්දිමත් ජනතාව ලක්ෂ ගානක් ඡන්ද දීලා මූ පාර්ලිමේන්තු යනවා අනාගතයේදි.
40
POSITIVE
ncpp_train_39142
ප්‍රකට නිවේදක කැලුම් ශ්‍රීමාල්ගේ දියණිය පාරමී හා නිරාන් අතර විවාහ උත්සවය පසුගියදා පැවැත්විණි. මෙම මංගල උත්සවයේ ඡායාරූප එකතුවට ඔවුන්ගේ සුනඛ සුරතලාවත් එක්කරගෙන තිබීම විශේෂත්වයක් විය. Pix By -Studio U
බලූ නම් ඔහොමම ඉදීවි කියල විස්වාස කරන්න පුලුවන් ..
17
POSITIVE
ncpp_train_39143
උතුරේ ආරක්‍ෂක අංශවල සහයෝගය තමන්ට අවශ්‍ය බව කියමින් කිළිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ජනතාව පෝස්‌ටර් හා බැනර් ප්‍රදර්ශනය කර තිබේ. ඔවුන් ඒ පෝස්‌ටර් හා බැනර් මගින් කියා ඇත්තේ ගංවතුර උවදුරෙන් තමන් බේරා ගත්තේ දෙමළ දේශපාලනඥයන් නොව ආරක්‍ෂක අංශ බවයි. මේ නිසා වන්නියේ දෙමළ ජනතාව ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ගරුකරන බවත් ඔවුන්ගේ සේවාව තවදුරටත් වන්නියේ ජනතාවට අවශ්‍ය බවත් එම පෝස්‌ටර්වල සඳහන්ව ඇත. උතරු පළාත් සභාව විසින් කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල සිදුකළ විවිධ සංවර්ධන කටයුතු විස්‌තර කිරීම සඳහා යොදා ඇති බෝඩ්වලට පහළින්ද ආරක්‍ෂක අංශ වෙත වන්නියේ ජනතාවගේ ප්‍රණාමය පුද කරමින් බැනර් එල්ලා පෝස්‌ටර් අලවා තිබුණි. යුද හමුදාව උතුරෙන් පිටව යා යුතු නොවේ හමුදාවේ සහයෝගය අපට අවශ්‍යයි. වැනි වැකි ඇතුළත් පෝස්‌ටර් හා බැනර් මෙන්ම ආරක්‍ෂක අංශ අපට කළේ මොනවාද? යන්න විස්‌තර කරමින් ලියන ලද පෝස්‌ටර්ද මේ අතර දක්‌නට ලැබෙයි. කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල ගංවතුරින් විපතට පත්ව සිටින ජනතාව මේ පෝස්‌ටර්වලින් විශාල ප්‍රමාණයක්‌ ලියා තිබුණේ ඔවුන්ට ආහාර පාර්සල් දමාගෙන විත් තිබූ කාඩ්බෝඩ් පෙට්‌ටිවලින් ඉරා ගත් කාඩ්බෝඩ් කැබලිවලය. කඩදාසිවල හා රෙදිවල ලියන ලද බැනර් හා පෝස්‌ටර්ද කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල අලවා තිබේ. දිනසේන රතුගමගේ
දෙමළ දේශපාලකයන්ට මෙම සංහිදියාව අවශ්‍ය නැත ඔව්න්ට අවශ්‍ය වයිරයයි බෙදීමයි එය නොමැති තැන ඔව්න්ට පැවැත්මක් නැත
113
POSITIVE
ncpp_train_39144
විශ්‍රාමික රජයේ සේවකයන් යළි කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවයට එක්කර ගැනීම තාවකාලිකවනවත්වා තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ. ඒ පිළිබඳව අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලිඛිතව උපදෙස් නිකුත් කර තිබේ. රට මේවන විට මුහුණ දී ඇති තත්ත්වය මත මෙම තීරණය ගෙන තිබේ.රාජ්‍ය සේවයේ වියදම් පාලනය කිරීමේ තීරණය අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. 
කරුණාකරලා 65 වෙනකන් විශ්‍රාම වයස දීර්ඝ කරපු ගොබ්බ තීරණය ආයෙම හරවන්න ..ඒක කිසිම ඵලදායී තීරණයක් නෙවෙය්
2
POSITIVE
ncpp_train_39145
ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය මහනුවර නගරාසන්නව ඉදිකිරීමට තීරණය කර තිබේ. මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය තුරන් කිිරිමේ අරමුණින් මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට අදාළ මූලික කටයුතු ඊයේ (26දා) ප්‍රවාහන අමාත්‍යාංශයේදී ආරම්භ කෙරිණි.ඒ අනුව මෙම දුම්රිය මාර්ගය මගින් රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට පහසුකම් සැලසේ.  එමෙන්ම කඩුගන්නාවේ සිට ගම්පොළ දක්වා දීර්ඝ වන දුම්රිය මාර්ගය නාවලපිටිය දක්වා දීර්ඝ කරන ලෙසත්, එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රදේශයද ආවරණය වන පරිදි ඉදිකිරීම් කරන ලෙසත් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය. මහනුවර ගුඩ්ෂෙඩ් බස්  නැවතුම්පොළ හා ඒ අවට ප්‍රදේශය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර, ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිගාව ඉක්මවන තෙක් කටුගස්තොට දෙසට කිලෝමීටර් එකහමාරක් දුරට භූගත උමං මාර්ගයක් ඔස්සේ මෙම තදාසන්න දුම්රිය මාර්ගය ඉදිකිරීමට යෝජිතය. සමස්ත ව්‍යාපෘතියම කොන්ක්‍රීට් කුලුනු මත ඉදිකිරීමට නියමිත අතර, දැනට තිබෙන දුම්රිය මාර්ගයට ඉහළින් මෙම දුම්රිය මාර්ගය ඉදි කෙරේ. ස්පාඤ්ඤයට අයත් සමාගමක් මෙහි ඉදිකිරීම් සිදු කරන අතර, එම නියෝජිත පිරිසක්ද ඊයේ (26දා) පැවැති සාකච්ඡාවට සහභාගි වූහ. මෙම ව්‍යාපෘතිය පිළිබඳ පැවැති සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම යන මහත්වරු සහභාගි වූහ. -නවෝද්‍යා පවනී-
shaa harima sathitui
5
POSITIVE
ncpp_train_39146
හෝමාගම හදිසි මරණ පරීක්ෂක බල ප්‍රදේශය තුළ පසුගිය දින 50ක කාලය තුළ 15 හැවිරිදි පාසල් සිසුවියක් ඇතුළු 11දෙනෙකු සියදිවි හානි කරගෙන ඇතැයි හෝමාගම හදිසි මරණ පරීක්ෂක, සාම විනිසුරු බී.එච්. කේ. චින්තක උදය කුමාර මහතා පැවසීය. පනාගොඩ, හබරකඩ, නියදගල, පිටිපන, හිරිපිටිය, මීගොඩ, හංවැල්ල සහ හෝමාගම යන ප්‍රදේශවලින් මෙම සියදිවි හානිකර ගැනීම් වාර්තා වී තිබේ. එම පිරිස වයස අවුරුදු 15ත්, 65ත් අතර වයසේ පසුවන්නන් වන අතර, ඉන් මරණ 07ක්ම සිදුවී ඇත්තේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් බව පැවසේ.ඔවුන් අතරින් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කිරීමෙන් පසුව බිරිඳ සමග ඇතිකරගත් ආරවුල් හේතුවෙන් සිය දිවි නසාගැනීමට හේතු වී ඇති අතර, තවත් මරණ කිහිපයක් සිත් තැවුල් හා මානසික පීඩනය හේතුවෙන් සිදුකරගත් මරණ බව සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පැවසීය. ඊට අමතරව මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් දැරියක් සියදිවි හානිකරගෙන තිබූ අතර, ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ මානසික  සිත් තැවුල එම සියදිවි හානි කර ගැනීමට හේතු වී තිබේ.මෙම සියලු මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ හෝමාගම හදිසි මරණ පරීක්ෂක, සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා සහ හදිසි මරණ පරීක්ෂිකා, සාමවිනිසුරු මානෙල් ගමගේ මහත්මිය ව්සින් හෝමාගම හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී සිදුකර තිබේ.එහිදී අනාවරණය වූ කරුණු අනුව පෙර වසරවලට වඩා මෙම වසරේ පසුගිය දින 50ක කාලය තුළ මෙසේ සියදිවි හානිකර ගැනීම් වාර්තා වීම වර්ධනය වී තිබූ අතර, ඊට කිසියම් ගැටලුවකදී සුදුසු පුද්ගලයකුගෙන් උපදෙසක් ලබානොගෙන චිත්ත පීඩාවෙන් පසුවීමත්, මානසික ආතතිය හා සිත් කලකිරීමෙන් පසුවීමත් මෙම මරණවලට හේතුව බවට තොරතුරු අනාවරණය වූ බව හදිසි මරණ පරීක්ෂකවරුන් පවසති.එබැවින් යම් ගැටලුවක් ඇති වූ විට ඒ පිළිබඳ තවත් කෙනෙකු හා පවසා තම මානසික පීඩනය සැහැල්ලු කරගෙන ජීවිතය නැතිකර ගැනීම නොව ජීවිතය ජීවත් කරවීමට උත්සාහ දැරීම සිදු කළ යුතු බව හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා සඳහන් කළේය.ශාන්ත ප්‍රදිප් කුමාර කුලරත්න
අපේ රටෙි බොහෝ දෙනෙක් ඉදිරිය ගැන නොසිතා කටයුතු කිරීම නිසා තමයි මෙහෙම වෙන්න. ගොඩක් අය තමන් කරන දේ පිලිබදව අවබෝධයක් නැහැ තමන් කරන වැඩෙි පිලිබදව තමන් විසින්ම තර්ක කලයුතුය, මෙහෙම කලොත් පුතිපලය කොහොම වෙයිද කියල . අද කාලෙ එහෙම ස්වයං තර්කයක් නැහැ .අපි නමි ඉස්සර යමක් කිරීමට පෙර සිතා බලනව මෙහෙම කරොත් කොහොම වෙයිද කියා දෙතුන් පාරක් සිතා බලනව .
5
POSITIVE
ncpp_train_39147
වාද්දුව කාර්-දුම්රිය අනතුර බීමත්කම නිසා වුණ වින්නැහියක් වාද්දුව පොතුපිටිය දුම්රිය හරස්‌ මාර්ගයේදී ඊයේ (27 වැනිදා) සවස සිදුවූ අනතුර එම වාහනය පැදවූ අයගේ අධික බීමත්කම මත නොසැලකිල්ලෙන් රිය පැදවීම හා වළක්වාගන්නට හැකියාව තිබුණත් බීමතින් කරුණු තේරුම් ගැනීමට අපහසුවී යාම මත සිද්ධවූ අනතුරක් බව මේ වනවිට අනාවරණයවී තිබේ. මෙම අනතුර  අනාරක්ෂිත දුම්රිය මාර්ගයක සිද්ධ වූවක් ලෙස මාධ්‍ය ඔස්සේ මුලින් කරුණු වාර්තා වුවද එම ස්ථානය ආරක්ෂාවට සිටි මුරකරු සිය රාජකාරිය හරියාකාරව ඉටු කිරීමට කටයුතු කර තිබුණ නමුත් ඔහු එක් පියනක් වසා අනෙක් පියන වසන්නට උත්සාහ දරන අවස්ථාවේ එපා කියද්දී ගේට්ටුව අතරින් වාහනය දැමීම නිසා මෙම අවාසනාවන්ත මරණ 5 සිදුව ඇත. ගජ මිතුරන් බව කියැවුණ මෙම පස්දෙනා වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙරළ තීරයක ඉරිදා විවේක සන්ධ්‍යාව ගතකරමින් බොන පාටියක් දමා ඇත. දවල් කෑම ගන්නට ඔවුන් සවස 3 පසුවී පිටත්ව  ඇත්තේ පස්දෙනාම මෝටර් රථයෙන් ගාලු පාරේ හෝටලයකට යාමේ අදහසිනි. ඊයේ සවස 3.50ට පමණ මාතර සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රිය පැමිණෙන බවට සංඥා නිකුත්වී අනතුර සිදු වූ ස්ථානයේ ගේට්‌ටුකරු එක්‌ දුම්රිය ගේට්‌ටුවක්‌ වසා අනෙක්‌ ගේට්‌ටුව වසා දැමීමට යද්දී ඔහු කරන කටයුත්ත ගැන අවබෝධයක් නැතිව සාමාන්‍ය වේගයෙන් පැමිණෙමින් තිබූ මෝටර් රථය දැක තිබේ. එය අනතුරුදායක සීමාවට ළඟාවන්නට උත්සාහ දරන බව පෙනී ගිය ගේට්ටුකරු අත දමමින් කෝච්චියක්‌ එනවා දාන්න එපා දාන්න එපා යයි කෑ ගසා ඇති මුත් වාහනයේ රියදුරු ඇතුළු පිරිස ඒ කියන දේවල් තේරුම් ගන්නට අපහසු මට්ටමක සිටින අය බව ගේට්ටුකරුට පෙනී ගොස් ඇති අතර ක්ෂණයකින් දුම්රිය පැමිණි නිසා ඔහුට එම අනතුර වළක්වන්නට හැකියාවක් ලැබී නැත.දුම්රියේ ගැටීමත් සමඟ මෝටර් රථය දුම්රියේ ඇමිණී මීටර් 500 ක්‌ දුරට ඇදී ගොස්‌ තිබේ. එක් අයෙකු විසිව ගිය අතර ඔහු එතැනම මියගොස් තිබේ. අනෙක් අය වාහනයේ සිරවී සිටියේ බරපතල තුවාල සහිතවය. වාහනයේ දොරවල් කඩා අවට පිරිස් ඔවුන් එළියට ගනිද්දී දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් ඉතිරි දෙදෙනාට තවම පණ ඇති බවත් දැක රෝහල් ගත කරන්නට කටයුතු කළ නමුත් ඔවුන් රෝහලේදී මියගොස් තිබුණි. මෙලෙස මියගොස්‌ ඇත්තේ වාද්දුව, වාඩියමංකඩ හා වස්‌කඩුව යන ප්‍රදේශවල පදිංචිව සිටි පියල් සිල්වා, චන්ද්‍ර පේමලාල්, දුමින්ද යාපා, ශසීන්ද්‍ර සිල්වා, කොල්වින් සිල්වා යන අය බවත් ඔවුන් අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය කියයි. ඒ අය මස්සිනාලා දෙදෙනෙකු අදිකරණ සේවකයෙකු ත්‍රී රෝද රියදුරෙකු හා ව්‍යාපාරිකයෙකු වන බවද වාර්තා වෙයි. මියගිය සියලු දෙනාම මත්පැන් පානය කර සිටින්නට ඇතැයි සැකකරන බව ද පොලිසිය පවසයි. මියගිය පස්‌දෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ අද (28 වැනිදා) පානදුර රෝහලේදී සිදුකිරීමට නියමිතය.
ගේට්ටු කරුවෙක්ගේ වගකීම වෙන්නේ කෝච්චිය එම ස්ථානයට ඒමට කලින් දුම්රිය මග දෙපැත්තේම ගේට්ටු පියන් ආරක්ෂිතව වසා දැමීම නේද? එක පැත්තක් වහල අනිත් පැත්තේ එන වාහනයට අතින් එන්න එපා කිව්වට හරියන්නේ නැනේ. මොවුන් බිමත්ව රිය පැදවීම වරදක් වගේම ගේට්ටු කරු නියමිත වෙලාවට ඔහුගේ රාජකාරිය ඉටු කර නැති බව තමා පේන්නේ
121
POSITIVE
ncpp_train_39148
අද සවස නුගේගොඩදී ආරම්භවී තිබෙන ඒකාබද්ධ විපක්ෂයේ ‘පෙරළියක ඇරඹුම‘ විරෝධතා රැස්වීමට සමගාමීව නුගේගොඩ නගරය අවට  කිලෝමීටරයක් පමණ වට ප්‍රමාණයක සෑම විදුලි පහන් කණුවකම කාඩ්බෝඩ් කැබලිවල සටන් පාඨ විවිධ ලෙස අලවා තිබුණි. එම සටන් පාඨවල ග්‍රැෆික් නිර්මාණ ඒකාබද්ධ විපක්ෂයට අයත් ෆේස් බුක් පිටුවලද ප්‍රසිද්ධ කර තිබේ. ඒවා පහත පරිදිය.
Rqnila my3wageema thamai bang
8
POSITIVE
ncpp_train_39149
මාධ්‍යවේදීන් නැතුවම බැරිවුණු ඇතැම් දේශපාලනඥයන් ඔවුන්ගේ කැමරා කුඩු කළ අවස්ථා අපි ඉතිහාසයේ දැක තිබෙනවා යැයි විපක්ෂ නායක, හිටපු ජධිපති මහින්ද රාජපක්ෂ  ඉකුත් 26 වැනිදා පැවසීය.  රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ ඡායාරූප මාධ්‍යවේදින්ගේ සංගමය සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ හා ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.  එහිදී හොඳම ඡායාරූප ශිල්පියාට හිමි රන් සම්මානය ලංකාදීප ඡායාරූප ශිල්පී ලහිරු හර්ෂණටන්. දෙවැනි ස්ථානය සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රුක්මාල් ගමගේටන්,තෙවැනි ස්ථානය ඩේලි එෆ්.ටී. පුවත්පතේ චමිල කරුණාරත්නටත් හිමි වූ අතර එම සමාන හා සහතික පත් කනානායක කරු ජයසූරිය මහතා අතින් පිරිනමනු ලැබිණි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ හිටපු ඡායාරූප මාධ්‍යවේදින් අට දෙනෙකුට උපහාර පිදීමද මෙහිදී සිදු කෙරිණි. ඒ අනුව සේන විදානගමගේ, වොල්ටර් පෙරේරා, චිත්‍රානන්ද, ඇල්ප්‍රඩ් සිල්වා, ශ්‍රීලාල් ගෝමස්, බන්දු කොඩිකාර, සරණපාල පමුණුව, යූ.එන්. පෙරේරා යන මහත්වරුන්ට උපහාර තිළිණ ප්‍රදානය කිරිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් සිදු කෙරිණ. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා කනානායක කරු ජයසූරිය මහත්වරුන්ටද ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය සමරු තිළිණයක් පිරිනැමීය. එහිදී තවදුරටත් අදහස් දැක්වු රාජපක්ෂ මහතා "එදා ඔබ නැතුවම බැරි වුණා. ඔබ ඉන්නවාද කියලා අහලා රැස්වීම්වලට සම්බන්ධ වුණ ඇතැම් දේශපාලනඥයෙක්  ඔබගේ කැමරා කුඩු කරපු ආකාරය මට මතකයි. එවැනි අවස්ථාවක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ සංවිධානය බිහිවුණේ කියලා මම හිතනවා. 1990 දී පමණ සිදුවුණ ඒ සිද්ධිය වන අවස්ථාවේ මම කම්කරු ඇමති. එදා විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද කියලා හිතන්නේ නැතිව මම එදා පහරදීමට ලක්වුණු ඔබ වෙනුවෙන් පෙනී සිටියා. කැමරා කුඩු වුණ අයට කැමරා අරන් දෙන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ කාලේ මට චෝදනාවකුත් එල්ල වුණා රනිල්ට කඩේ යනවා කියලා. හැබැයි මම විතරක් නෙවෙයි තවත් පිරිසක් සිටියා එදා ඔබ වෙනුවෙන් පෙනී සිටින්න.  ඡායාරූප මාධ්‍යවේදින්ට දැන් තමන්ගේ  ශිල්පීය හැකියාවන් දියුණු කරගන්න වැඩිපුර හදාරන්න අවස්ථාවක් නැහැ. ඒ අවස්ථාව සලසා දීම අපේ යුතුකමක්.  ලංකාවේදී බැරි නම් විදේශ ගතවෙලා හෝ ඔවුන්ගේ වෘත්තීමය හැකියාවන් දියුණු කරගන්න අවස්ථාව සලසා දිම වගේම සලසා ගැනීම ඔබේ වගකීමක් ලෙස මා දකිනවා. (මුදිතා දයානන්ද)
මොකද බං එකම දේ කියවන්නේ
8
POSITIVE
ncpp_train_39150
කොස්ගොඩ, බොරළුකැටිය ප්‍රදේශයේ තිස් අට (38) හැවිරිදි සිව් දරු මව සහ ඇයගේ මාස 06 ක් වයසැති කුඩා දරුවාට කපා කොටා ඝාතනය කරන ලද කේන්දර බලන්නෙකු බව කියන සිද්ධියේ සැකකරු 2018 ජනවාරි මස 30 වැනි දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා 24 දා නියෝග කළේය. මෙම නඩුවේ මූලික සාක්ෂි විමසීම 2018 මාර්තු 13 වැනිඳින කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාර්තවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේත්ය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පාසල ඉදිරිපිට, කටුවිල, අහුන්ගල්ල ලිපිනයේ පදිංචි පොරොවගොඩ ටියුඩර් ද සිල්වා (65) නමැති අයයි. සැකකරුගේ දුරකථන විලේෂණ වාර්තා ඔස්සේ පරික්ෂණ පැවැත්වූ කොස්ගොඩ පොලීසිය, එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පී. එම්. ඉරාන් මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරු මොරටුව ප්‍රදේශයේ සැඟ වී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මියගිය කාන්තාව, කලක් තිස්සේ ඇසුරු කරන ලද ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා මෙන්ම මියගිය කුඩා දරුවාගේ පියා බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. මොහු කේන්දර බැලීම, නැකැත් සෑදීම ආදී ජෝතිෂ කටයුතුවල නිරතව සිටි අයකු බවද  පොලීසිය කියයි. බොරළුකැටියේ පදිංචිව සිටි රේණුකා (38) සහ ඇයගේ මාස 06ක් වයසැති කුඩා දරුවා පසුගිය 2017 මැයි 09 දා බොරළුකැටියේ පිහිටි සිය නිවස තුළදී කපාකොටා ඝාතනය කළේ යැයි සැකකරු අත්අඩංගුවටගෙන තිබේ. සැකකරු ඝාතන සිදුකර පසු සිය යතුරු පැදියෙන් අහුන්ගල්ල, කටුවිල පිහිටි සිය නිවසට පැමිණ, ඉදිරිපිට කඩකාමරයේ සිය යතුරු පැදිය ගාල් කර ඒ මත ඇද සිටි කබාය (ජැකට්) තබා දොරගුලු ලා පලාගොස් තිබූ බවද පොලිස් පරික්ෂණවලදී තහවුරු වී තිබිණ. කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පී. එම්. ඉරාන් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රංජන් (21930) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙය වීය.
උගේ හඳහනේ නිකන් කන්න බොන්න හම්බෙනවා කියලා තිබ්බලු.
74
POSITIVE
ncpp_train_39151
පසුගිය ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් දෙහිවලදී පස්වරු 1.45 ට පමණ සිදුකරගත් ප්‍රහාරය අසාර්ථක එකක් වූවාසේම එය සිදු කරගත් අබ්දුල් ලතීෆ් ජමීල් මානසික පීඩනයට ගොදුරුවී සියදිවිනසාගැනීමක් සිදුකරගෙන තිබෙන බවට මේ වනවිට කරුණු තහවුරුවී තිබේ. සිනමන් ග්‍රෑන්ඩ්,ෂැංග්‍රිලා, කිංස්බරි හෝටල වලට අමතරව 4 වැනි හෝටලය ලෙස ටාජ් සමුද්‍රා හෝටලයද පුපුරුවාහැරීමක් කරන්නට ඉලක්ක කර තිබූ අතර ඔහු එම හෝටලයේ පෙර දිනයේ නැවති පසුදා උදෑසන අවන් හල වෙත පැමිණ තෙවරක් බෝම්බය පුපුරුවාගැනීමට උත්සහ කළ බවට එහි සේවකයෙකු මාධ්‍ය වෙත දන්වා තිබුණි. අබ්දුල් ලතීෆ් ජමිල්  උදේ කරන්න ගිය කටයුත්ත වැරදීමෙන් පසු දහවල් ත්‍රීරෝද රථයකින් දෙහිවලට පැමිණෙන අතර ඔහු ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටවන අවස්තාවේදී කලබලයට පත්ව ගමන්මලු පවා අවස්තා දෙක තුනකදී අමතක කර නැවත සේවකයින්ගේ පෙන්වාදීම අනුව ඒවා රැගෙන පිටවන අයුරු සීසීටීවී අනුව හඳුනාගන්නට ලැබේ. හෝටලයෙන් පිටත්වන ඔහු වැල්ලවත්තට එක් ත්‍රීරෝද රථයක ගොස් නැවත තව එකක නැගී දෙහිවලට ගොස් නිව් ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම් හලේ නැවතී කතෝලික දේවස්තානයකට ගිය බවට මුල් වාර්තාවල කරුණු පළවුවත් ඔහු වැඩිවේලාවක් ගත කර ඇත්තේ දෙහිවල මුස්ලිම් දේවස්ථානයක බව සීසීටීවී සාක්ෂි අනුව පෙනී යයි. එම දේවස්ථානයේ පැය ගණනාවක් යාඥා කිරීම් වලට හා බිම වාඩිවී කල්පනා කිරීම් වල සිටි අයුරත් පෙනී යයි. ඔහු මානසික පීඩනයකට ගොදුරුවී කල්ගත කළ බවක්ද cctv අනුව හඳුනාගන්නට ලැබේ. ඔහු එයින් පිටත සිට අපේක්ෂා භංගත්වයෙන් යුතුව සැකකටයුතු ලෙස සිටගෙන සිටියදී මුස්ලිම් දේවස්තානයේ ඇතැම් අයට ඔහු ගැන සැක ඇතිවී ප්‍රශ්න කර තිබෙන අතර එක් පුද්ගලයෙකු ඔහුව වීඩියෝගත කරමින් ප්‍රශ්න කර තිබුණි. ඔහු දැක නොපුරුදු කෙනෙක් නිසා එම දේවස්ථානයේ අය දිගින් දිගට ප්‍රශ්න කර පසුව පොලිසිය වෙත යොමු කරන්නට සැරසී ඇති බවද පෙනී යයි. කෙසේ වෙතත් එම ස්ථානයෙන් නැවත ත්‍රීරෝද රියක නැගී පළායාමට ඔහු කටයුතු කරන අතර  නවාතැන්ගෙන සිටි ‍නිව් ට්‍රොපිකල් ඉන් නමැති ලැගුම්හල වෙත පැමිණ මිනිත්තු 5 කින් පමණ පුපුරුවාගැනීම කර තිබුනි. මෙම සාධක සැලකීමේදී ඔහු මරාගෙන මැරෙන අනෙක් ප්‍රහාරකයින් මෙන් එම කටයුත්තට එක්නොවූ බව පෙනී යයි. එසේම ඔහු මුල සිටම මානසික ව්‍යාකූලත්වයෙන් කටයුතු කර ඇති බවද පෙනී යයි.උදේ ප්‍රහාරය වැරදී ගියේ බොම්බය හරියට සකස් කරගන්නට බැරිව යාමෙන් බවට මුලදී කරුණු වාර්තාවී තිබුන අතර ගුවන් යානා ඉංජිනේරුවෙකු ලෙස උපාධි හා පශ්චාත් උපාධිධාරියෙකුවූ බව කියූ ඔහුට මෙම කටයුත්ත අපහසුවීයාමද ගැටලුකාරීය. ඔහු දෙහිවල ලැගුම් හලේදී බෝම්බය සකස්කරගන්නට ගොස් අත්වැරදීමකින් පිපුරුණ බවට මුලින් පැවති මතය අලුතින් නිකුත්වූ සීසීටීවී සාධක අනුව ප්‍රතික්ෂේප වෙයි. ඔහු පැහැදිලි ලෙසම දෙහිවල ලැගුම් හළේදී සියදිවි හානි කරගෙන ඇති බවද ඔහු මියයන්නට පෙර දෙවියන් යැදීමට ගිය බවක්ද මේ අනුව පෙනී යයි. ඔහු මානසික ව්‍යාකූලත්වයෙන් සිටි අයුරු හා මුස්ලිම් පල්ලියේ අය ඔහුව ප්‍රශ්න කළ අයුරු දැක්වෙන සීසීටීවී වීඩියෝව පහතින් ජමීල් ගැන සම්පූර්ණ පෙර විස්තරය ගුවන් යානා ඉංජිනේරු අබ්දුල් ලතීෆ් ජමිල් දෙහිවල ලැගුම්හළේදී මැරුනේ ටාජ් සමුද්‍රා බෝම්බය පුපුරුවාගන්නට බැරිව ගිය නිසා Click HERE
වැඩක් නෑ බන් කතා කරල. හමුදාවේ කොල්ලො ටික නොහිට්නන්න මීට හපන් වෙන්න තිබුන. අපිට ඉන්නෙ උන් ටික විතරයි. උන්ගෙන් 220කුයි බෝම්බ චෙක්කරන බල්ලො (උන් ට බල්ලො කියන්න හිතට දුකයි. උන් සුනඛ දෙවිවරැ) 5කුයි යැව්වනම් ඇති.
76
POSITIVE
ncpp_train_39152
ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාව ඊයේ(28) දින කොළඹ පෝර්ට් සිටි හිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වයෙන් පැවතිණි. කොළඹ තදාසන්න නාගරික පරිසරයක් තුළදීම කායික මානසික හා වෙහෙසකර තත්ත්වයන් අවම කර ගැනීමට පෝට්සිටි හි ලංකාවේ පළමු වරට මිනිසා විසින් නිර්මාණය කරන ලද සුන්දර වෙරළ තීරය ආසන්නයේ AVT වැලි කදු මත ධාවනය කිරීමට දේශීය හා විදේශීය සංචාරකයින්ට හිමි වන බවත්  වෙරළ තීරය දකිමින් මානසික සුවයක් විදීමේ අවස්ථාව ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය මගින් සලසා දී ඇති බවත් කියැවිණි.මෙහි ළමයින් සදහා වූ විශේෂීත AVT පැදවීමේ පුහුණු පාසලක් ආරම්භ කර ඇති අතර, AVT සැහැල්ලු වාහන මගින් ප්‍රධාන මාර්ගයෙන් පිටත ඕනෑම රළු මතුපිටක්, මඩවගුරක් හෝ ජලාශයක් සාර්ථකව තරණය කිරීමට මෙහිදී ළමයින්ට පුහුණු කරනු ලබයි.මෙම ධාවන පථය සඳහා ලෝක ප්‍රසිද්ධ කැනඩාවේ Can – An (කැන් ඇම් ) BRP ආයතනයේ තාක්ෂණික දැනුම ලබාගනිමින් ස්වභාවික පරිසර පද්ධතියට හිතෛෂි ලෙස ඉඳිකර ඇති අතර එම ආයතන විසින් හඳුන්වා දුන් අවුට් ලෑන්ඩර් ATV රථ පෙළ යොදාගෙන තිබේ.  මෙහිදී ඇමති නාමල් ඇමති ප්‍රසන්න සමග ධාවනයේ යෙදී මෙය විවෘත කරන්නට යෙදිණි. 
මූ සහ මුගෙ මුලු පවුලම වග කියන්න ඕන ලන්කාව උහුලන්නේ නැති නය බර ගොඩක හිර කරලා වැඩකට නැති වියාපෘති වියදන් කරලා තමුන්ගේ සාක්කුවට කොමිස් දා ගත්තාට...පැන්ඩෝරා වලින් එලි වෙන්නේ පොඩි පොඩි හාල්මැස්සෝ...තෝරු මෝරු තව ඉන්නව...උන්ව අල්ලනවා බොරු...අපේ මිනිස්සුන්ට කවදා මෙව්වා තේරෙයි ද මන්ද? අනිත් පැත්තෙන් මේ රට සින්හල බෞද්ධ කිය කියා පෝයකට සීලයක් ගන්න පන්සලකට වත් යන්නේ නැති කොටසක් ජාතිවාදය අවුස්සනවා..අනේ මන්ද...
17
POSITIVE
ncpp_train_39153
●අපි කතා කරන්න යන්නෙ අපේ ආදරණීය චරිතාංග රංගන ශිල්පිණියක් වන සංගීතා වීරරත්න එක්ක....ඇයගේ හිතට එකඟව ඇත්තම ඇත්ත  දැනගන්න...ආයුබෝවන් ඔබට....මුලින්ම අපට කියන්න ඔබගේ උස කොච්චරද...?                           ''අඩි පහයි අඟල් පහ මාරයි....'' ●මේ ක්ෂේත්‍රයේ ඔබට ඉන්න හිතවතුන් හිතවතියන් කවුද....?                    ''NGBC කියලා GROUP එකක් තියෙනවා අපේ....ඒක එකක් හැටියට ගත්තොත් ඒ NGBC GROUP එක තමයි මුලින්ම...ඒ GROUP එකෙන් පිට ඉන්න ජීවන් අයියා,දිල්හානි....''●ඔබට උයන්න පුළුවන්ද....?                   ''පුළුවන්....''●මොනවද රසටම උයන්න පුළුවන් ව්‍යංජන තුන...?            ''කවුද කිව්වේ මට ව්‍යංජන උයන්න පුළුවන් කියලා මම කිව්වේ මට උයන්න පුළුවන් කියලා....''●හරි ඒනම් උයන්න පුළුවන් මොනාද....?               '' පැණි රස දේවල්.....අතුරුපස....මට චොකලට් බිස්කට පුඩිං හදන්න පුළුවන්,milk toffee හදන්න පුළුවන්,.....''●ඔබ ඉතාම රුවැති ජනප්‍රිය ශිල්පිණියක් ඒ කාලේ තරුණ නළුවෝ කී දෙනෙක් විතර පිටිපස්සෙන් ආවද...?           ''විවාහක නොවු හැම දෙනාම....''●ඒ වගේම ඔබේ හිතේ පොඩි crush එකක් තිබිච්ච නළුවෙක් හිටියද ඒ කාලේ...කියන්න පුළුවන්ද...?                  ''ඔව්....නෑ ඕන නෑ.....මගේ යාළුවෝ දන්නවා මම කිව්ව group එකත් දන්නවා...ඒ ඇති....''●ඔබේ ආදරණීය සැමියා ඔබව පිස්සු වට්ටන,කැමතිම නැති ගුණාංග තුනක් කියන්න බලන්න....?              ''මගේ වැරැද්දක් තියෙනවා කියමුකෝ දිගින් දිගටම ඒ වැරුද්දම මට පෙන්නනවා,මම දන්නවා මම වැරදි කරනවා කියලා,මම මහතයි කියලා හිතමුකො සංගීතා gym යන්න,සංගීතා gym යන්න කියනවා මම යන්නේ නෑ...එතකොට එපා වෙනවා ඒක කරන්න හැබැයි ඉතිං මම දන්නවා එයා හරි කියලා නමුත් මම ආස නෑ....එයා හැමෙදේම හැඟීම් වලට නෙවෙයි මනසට තමයි ඉඩ දෙන්නේ...ඒක හරිම හොඳයි ජීවිතේ හැමතැනදිම,සැමියයි බිරිඳගෙයි තියෙන සම්බන්ධයටත් මේක යෙදෙව්වාම ටිකක් අසීරුයි ඒ දෙවනි එක.....එයා ගෙදර කිසිම දේකට ඇඟිලි ගහන්නෙ නෑ....ඒක හොදයි හැබැයි මම ආසයි එයා කියනවනම්,චුට්ටක් හොයලා බලනවට....ගොඩක් හොයලා බලන්න ඕන නෑ...පවුලේ හැමදේම කරන්නේ මම...'' ●උදේ  පාන්දර තුනට CALL එකක් දිලා කතා කරන්න පුළුවන් යාළුවො තුන්දෙනා කවුද...?                 ''ධනංජය,චන්න විජේවර්ධන,ශෙරින් අක්කිට කතා කරන්න පුළුවන් එයා නැගිටින්නෙ නෑ....කතා කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා එයාලා නැගිටින්නේ නෑ....ධනු මට බය නෑ මොකද උදේ 3ට එයා වැඩ කරනවා.....තුන්වෙනි එක්කෙනා ලෂ්.....''●මම දැන් ඔබට රංගන ශිල්පීන් පස් දෙනෙක් කියනවා...මේ අයගෙ රංගන දක්ෂතාවය අනුව එකේ සිට පහ දක්වා ඔබ නම් කරන්න ඕන එක වැඩියෙන් පහ අඩුවෙන්...හේමාල් රණසිංහ,රොෂාන් රණවන,අනූජ්,සාරංග,දිනෙත්.....?                     ''මම දැකලා තියෙන බලලා තියෙන චිත්‍රපට වලින්.....නමුත් ඔවුන් දක්ෂ වෙන්නපුළුවන්...නමුත් මම දැකලා තියෙන විදිහට මම මෙ කියන්නේ.... මුලින්ම සාරංග,හේමාල්,රොෂාන්,අනූජ්,දිනෙත්ව මම දැකලා නෑ....''●දැන් අපි අහනවා ඒ ප්‍රශ්නෙම රංගන ශිල්පිණියන් ගැන....ශලිනි තාරකා,සමනලී ෆොන්සේකා,පබෝධා සංදීපනී,දුලානි අනුරාධා,උමාලි තිලකරත්න....?              ''MY GOD....ඔයාට  පිස්සුද....they are so talented....කරන්න ඕනම නිසා නැත්තම් මම මේ වගේ talent එකක් great කරන්නේ නෑ...හරිම talented පස් දෙනෙක් ඔයා මට කිව්වේ...හැබැයි මම දකිනවා සමනලීගේ විශේෂත්වයක් samanali has a graet at number one,මම  උමාලිව දැකලා තියෙන්නේ එක පරාසයක විතරයි නමුත් මම changes දැකලා තියෙනවා ශලනිගේ,shalani has number two,මම ගොඩක් ටෙලිනාට්‍ය බලලා නැති නිසා චිත්‍රපට වලින් මම දැකලා තියෙන්නෙ ගින්දරි ඒ වගේ චිත්‍රපට තමයි ඒ නිසා i will put umali has number three,paboda has number four,දුලානිගේ මම දැකලා තියෙන්නේ එක චිත්‍රපටයයි දිනෙත්ට කරපු දේම අපි දුලානිටත් කරමු....''●මීළඟ ප්‍රශ්නය දක්ෂතා අනුව නෙවෙයි ඔබ කැමතිම ඒක විවිධාකාර හේතු නිසා වෙන්න පුළුවන්..මේ රංගන ශිල්පීන් පස් දෙනාගේ ඔබ කැමති අනුපිළිවෙල...රවීන්ද්‍ර රන්දෙනිය මහත්මයා,සනත් ගුණතිලක මහතා,ජීවන් කුමාරතුංග මහතා,කමල් අද්දරාරච්චි මහතා,රංජන් රාමනායක මහතා...?                 ''ඊට වැඩිය ලේසි බෙල්ලේ තොන්ඩුවක් දාලා එල්ලුනානම්.....මගේ කැමැත්ත කියන්නත් බෑ මොකෝ හිතේ තියෙන ගෞරවය,ආදරය,එක එක්කෙනාට වෙනස් උනාට මව hard කරලා තියෙන එක්කෙනෙක් ඔය පස්දෙනා ඇතුලේ ඉන්නවා,නමුත් ඒකත් මම කියන්න කැමති නෑ....නමුත අනිත් හතරදෙනා මම දන්නවා මාව කොයිවෙලාවෙත් යාළුවෙක් හැටියට පහලට දාලා නෑ....මං කිසිම දෙයක් කියන්නේ නෑ....''●ඒ ප්‍රශ්නෙම නිල්මිණි තෙන්නකෝන්,දිල්හානි අශොකමාලා,යශෝධා විමලධර්ම,සේමිනි ඉද්දමල්ගොඩ,දමිතා අබේරත්ත....?                ''කැමති වන්නේ අපි ආශ්‍රය කරන මට්ටම අනුවනේ...අඩුවෙන්ම ආශ්‍රය කරලා තියෙන්නෙ සේමිණීව තමයි රිදි රැයක් එකේද හම්බුවෙලා තියෙනවා,party වලදි හම්බුවෙනවා ඒත් එක ආශ්‍රයක් නෙවෙයිනේ....ඒනිසා එයා පහ....ඊට පස්සේ මම දමිතව දන්නවා පස්සේ ගෙනා මනමාලි මගේ තාත්තගෙ ටෙලිනාට්‍යයෙ රඟපාන්න ඉන්න කාලේඉදන්ම මම දමිතව දන්නවා එයා හරිම හොඳ ළමයෙක් නිල්මිණීව මම අඳුරනවා නමුත් දමිතට වඩා අඩුවෙන්...ඒ නිසා නිල්මිණි number four දමිතා number three,දිල්හානි number two,යශෝධා number....''●ඔබ කැමති විවාහයටද නැතිනම් දැන් තියෙන living together ද මොකක්ද අනුමත කරන්නේ...?                    ''අනිවාර්යෙන් විවාහය...living together හොදයි එවැනි මානසිකත්වයකින් හැදිලා තියෙනවනම්...මම හැදිලා එහෙම....මම විශ්වාස කරනවා ඕනම දේකට අපි වගකියන්න ඕන කියලා...ඕනම බැඳීමකට හෝ නිදහසකට....''●විවාහයට කලින් දෙදෙනෙක් ගැලපෙනවාද කියලා තීරණය කරන්න කැමතිනම්...?                ''එක එක්කෙනා කැමති නැත්තම් දිගින් දිගටම වෙන් වෙවී යනවා...එතකොට තමන් ඉන්න තත්වය මොකක්ද....විවාහය කියනදේ කැතට දකින්න ඕන නෑ කූඩුවක් වගේ දකින්න හොඳ නෑ...දෙකටම නිදහසකුත් තියෙනවා වගකීමකුත් තියෙනවා....'' ●ඔබ කැමතිම  හිංදි නළුවෝ තුන්දෙනා කවුද..?             ''ෂාරුක් ඛාන්,අමිතා බච්ඡන්,අමිතා බච්ඡන් මගේ පොඩි කාලේ ඉදන් crush.....දැන් ආසයි රන්වීර් සින්....''●ඔබ කැමතිම  හිංදි නිළියෝ තුන්දෙනා කවුද..?                    ''මම ආස actress කෙනෙක් තමයි සමිතා පටේල් ඒ කාලෙම මම ආසයි ශ්‍රී දේවිට...ඊට පස්සේ මදුරි ඩක්සිත්,දැන් කාලේ මම  ආස දීපිකාට....''●ඔබට ලැබෙන චිත්‍රපටයක ඔබට කියනාවා ඔබ කැමතිම නළුවාව තෝරගන්නකියලා ඔබ කාවද තෝරගන්නේ...?              ''ෂාරුක් ඛාන්.....එයා actor කෙනෙක් විදිහට  මට challenge එකක් වෙනවා එයා එක්ක act කරන එක...මම ඒකටයි කැමති....''●දැන්මම පුද්ගලයෝ කීපදෙනෙක් ඔබට කියනවා...මේ අයගේ හොඳ ගුණාංගයක් සහ ඔබ අකමැති ගුණාංගයක් ඔබ කියන්න ඕන...වීණා ජයකොඩි මහත්මිය...?                            ''වීණා අක්කගෙන් මම ගුටි කනවා sure එකටම....වීණා අක්කි හරිම honest....ඒකට තමයි මම කැමතිම ....සමහර වෙලාවට ඒ honest එකෙන් හිත රිදෙනවා...ඒකට කැමති නෑ...''●ජීවන් කුමාරතුංග මහතා..?            "එයා කොතනක හිටියත්,ලොකු ඇමතිවරයෙක් වෙලා හිටියත්,ජනප්‍රියම නළුවා වෙලා හිටියත් අවුරුදු 31 මම ඔහුව දන්නවා මේ හැම කාල වකවානුවකම මම දැක්කේ එක ජීවන් කුමාරතුංගයි ඒ මනුස්සකමට  මම හරිම ආදරෙයි...අකමැති දේ තමයි එයා මට විහිළු කරනවා මට එක විහිළුවක් කරනවා  හැමතිස්සේම....''●සමිතා මුදුන්කොටුව මහත්මිය..?              ''එයාගේ කටහඬට කැමති.....මම සමිතව පෞද්ගලිකව දන්නේ නෑ....නමුත ජීවිතේ සමහර දේවල් වල බැරෑරුම්කම අඩුවෙන් දකිනවද කියලා මට හිතෙනවා මම එයාට ගෞරව කරනවා artist කෙනෙක් විදිහට කලා කරුවෙක් ඉන්නේ එයාගේ ජීවිතේ කරන කියන හැමදේම මිනිසුන්ගේ ජනප්‍රියතාම මත තමයි එයාගේ රඳාපැවැත්ම තියෙන්නේ එතකොට එයාට පොඩි වගකීමක් තියෙනවා මිනිස්සුන්ට කියන දේ දෙන දේ....එතනදි පෞද්ගලික ජීවිතේ සමහර ගන්න තීරණ වලදි වගකීම චුට්ටක් අඩුයි කියලා මට හිතෙනවා...ඒක ගැන මට දුකයි....''●අපේ ගරු අගමැතිතුමා....?             ''ඔහු ජනාධිපතිවරයෙක් විදිහට හිටියකෙනෙක්...මම ජීවත් වෙලා හිටියට වැඩිය කාලයක් ඔහු දේශපාලනය කරපු චරිතයක්...එතුමගේ කැමති අකමැති දේවල් ඔහුට කරන ගෞරවයක් විදිහට නොකලයුතුයි කියලා...''●ශෙරින් කුමරතුංග මහත්මිය..?            ''list එකක් තියෙනවා දෙපැත්තටම...ඇය හරිම සුන්දර අවංක යාළුවෙක්...ඒකට මම කැමති ඒ අවංකකම නිසා හරිම මෝඩ වැඩ කරනවා...අසීමිතව මෝඩවැඩ කරනවා...ඒකට අකමැති....''●සනත් ගුණතිලක මහතා?             ''එයාගේ කැමතිම දේමතමයි he has an elephant memory...එයා සම්බන්ධයෙන් තැන,වෙලාව,ඇඳන් හිටිය ඇඳුම,ආව විදිහ,සියලුම දේ මතකයි....මම හරිම කැමති ඒ ගුණාංගයට මොකද මට නැති හිංදා....''●ඊළඟට මම පුද්ගලයන්ගෙක් කීපදෙනෙක්ගේ නම් කියනවා...මේ අය එක එක වෘත්තින් වල නිරතවෙලා ඉන්නඅය...ඔබ මේ අයට වෙනත් වෘත්තියක් යෝජනා කරන්නඕන සුදුසුයි කියලා හිතන...? ●ධනංජය බණ්ඩාර මහත්මයා..?     ''he can be a cheif....ඔයා makeup කරන්න අකමැති කාලෙක ඔයා උයන්න පටන් ගන්න කියලා මම කියනවා ලස්සනට makeup දානවට වඩා හොදට ඔයා උයන්න දන්නවා කියනවා මම......''●ගීතා කුමාරසිංහ මහත්මිය...?               ''she is became makeup and fashion...she is eys fall those thing...''●දමිත් ෆොන්සේකා මහතා..?              ''cameraman.....''●රනිල් වික්‍රමසිංහ මහත්මයා...?                 ''no.......''●කැරොලයින් ජූරී මහත්මිය...?                  ''එයා mrs world....එතකොට එයාට තියෙනවා එයාට පිටිපස්සේ ජාත්‍යන්තර title එකක්... එතකොට එයාට පුළුවන් අපි හඬක් නැගිය යුතු ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන්  ජාත්‍යන්තරව හඬක් නගන්න....ambassador කෙනෙක් වෙන්න,ambassador for the women....''●හරේන් ප්‍රනාන්දු මහත්මයා..?             ''he can became a singer i think....''●දයාසිරි ජයසේකර මහත්මයා...?                    ''අපි නර්තනය දෙමු....traditional dancing....''●ඔබ කැමතිම චිත්‍රපට තුන....?                ''මමත් චිත්‍රපට හැටක විතර රඟපාලා තියෙනවා...ඔයා හිතුවේ මම අකමැත්තෙන් රඟපෑවා කියලද...රඟපෑවෙත් මම කැමති ඒවා,බැළුවෙත් මම කැමති ඒවා...ඒවයින් තුනක් කියන්න බෑ.....''●ඔබේ අවංක අදහස මොකක්ද අද කාලේ ජනප්‍රියම නිළිය සම්මානය තෝරන ක්‍රමවේදය පිළිබඳව.....?                 ''ඉස්සර කාලෙට වඩා වැඩි වෙනසකුත් නෑ....මම හිතන විදිහට ඇත්ත කියන්න එපැයි....ඉස්සරකාලේ පත්තර කපලා යවනවා දැන් කාලේ sms වලින් යවනවා කියලා මම කිව්වේ....ඉස්සර තමන්ම කරගන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ මොකද දැන් තියෙන ක්‍රමය වැරදි....''●ඔබ බොරු කියපු අවස්ථා තුනක්.....?               ''සාමාන්‍යයෙන් මම බහුලව බොරු කියන්නේ පැණිරස කෑවා කෑවේ නෑ කියන එක...ඒක තමයි මගේ ජීවිතේ වැඩිම කාලයක් මුලින් දෙමව්පියන්ට ඊට පස්සේ මහත්තයට,යාළුවන්ට,මේ ඔක්කොටම කියපු බොරුව තමයි....සුන්දර බොරු කියන ඉතිං ඕනතරම් යාළුවො රවට්ටන්න ...''●ඔබ ශ්‍රී ලංකා රූ රැජින තරඟ සංවිධානය කරනවානේ...all time favorite miss sri lanka  කවුද...  ?                 ''රෝසි සේනානායක....''●ඔබ cricket වලට කැමතිද....කැමතිම cricket ක්‍රීඩකයෝ තුන් දෙනා....?             ''මම දන්න කට්ටියගෙන් මම කැමතිම cricket වලට කිසිම සම්බන්ධතාවයක් නෑ මේක..සිදත්වෙත්තමුණිට....එයා සෙල්ලම් කරනවා හරිද කියලවත් මම දන්නේ නෑ එයා ගහන විදිහ බලන් ඉන්න හරිම ලස්සනයි....ඒ නිසා එයාට කැමති....අපේ cricket කණ්ඩායම ජයග්‍රහණය කරා අරන්ගිය නිසා අර්ජුන රණතුංග...තුනතමයි ප්‍රශ්නේ මොකද මට list එකක් ඉන්නවා තුනට....''●අපි ඔබ ගැන දන්නෙ නැති දේවල් තුනක් කියන්න...?                     ''ඒක දන්නේ නැතිතරමටම ඉදිරියටත් තියෙනවනම් වඩාත් හොදයි.....දැනගන්න ඕන නැති නිසානේ ඒව දන්නේ නැත්තේ....''●ඔබේ ප්‍රියතම දේශපාලඥයින් කවුද...?                      ''ලෝකෙන් ගන්න  බෑනේ...ලේසි කරන්නකො අනෙ....කොච්චර අමාරුදු මෙහෙ මිනිස්සුන්ව හම්බුවෙනවා හැමදාම වගේ විවිධ අවස්ථාවන් වල ඊට පස්සේ ඇහුවොත් ඇයි ඔයාට මගෙ නම කියාගන්න බැරි උනාද කියලා...ඔය තුන් දෙනාට මම නැත්තෙ ඇයි කියලා ඇහුවොත්....දේශපාලඥයින් විදිහට නෙවෙයිනේ මට හම්බවෙන්නෙ යාළුවෝ විදිහට....එහෙමත් කියන්න බෑනේ ඉතිං...දේශපාලඥයින් සහ දේශපාලනය හරිම කරදර දෙයක්...''●ජීවිතේ ඔබට ලැබිලා තියෙන මිලකල හැකි වටිනම දේ මොකක්ද..?                    ''දෙමව්පියන්ගෙන් මට ලැබුන ඉඩම්,ව්‍යාපර,ගෙවල්,ඒ දේවල් දැන් ඒවා වටිනා කමින් ගොඩාක්....''●ඔබ කෙනෙකුට දීපු වටිනාම ත්‍යාගය කුමක්ද...?                  ''මම jewellery අරන් දීලා තියෙනවා...ලක්ෂ ගණන් වියදම් කරලා jewellery අරන් දිලා තියෙනව මගේ යාළුවන්ට,මගේ නෑදෑ වෙන අයට...අරන්දිලා තියෙනවා ඒත ගණන් ඔළුවේ තියාගෙන නෑ.....'' ●ධනංජය බණ්ඩාර හැරුණුකොට ඔබ කැමති ඔබ ලස්සන කරන්න කැමති රූපලාවන්‍යශිල්පීන් තිදෙනා කවුද...?                         ''hair and makeup ධනංජයට ඉස්සෙල්ලා hair and makeup හැමදේම මට කලේ lochin vorn ඒ නිසා ඔහු මගේ ප්‍රියතම කෙනෙක්...බොහො දුරට මම මගේ makeup එක මමමයි කරගන්නේ...මගේ කොණ්ඩෙ කරගන්න කැමති ප්‍රියන්ත එස්ටීවා එකේ...නැත්තම් අසංක අවීරා එකේ....''●ඔබ ඉන්නවනේ කොළඹ සමාජයේ බොහෝ විට සම්බාෂන වලට උත්සව වලට අනිවාර්යෙන් අපිට ඔබට දකින්න ලැබෙනවා...කවුද කොළඹ ඉන්න නෝනලා තුන්දෙනා ලස්සනටම අඳින...?                     ''නෝනලා පෝළිමක් ඉන්නවා ලස්සනටම අඳින....බෑනේ කියන්න...මොකෝ beauties ලා කියලා තියෙනවා whatsup group එකක් තියෙනවා ඒ whatsup group එකේ ඉන්නවා 24ක් කාන්තාවන් මේ ඔක්කොම කොළඹ ඉන්න කාන්තාවන් ඉතිං ශෙරින්,සුජීවා,ප්‍රීති,ශාරිකා,හිමාලි,සබීතා අක්කි,ගයත්‍රි,කුමාරි,...''●ඔබ දකිනවනේ බොහොම ලස්සනට ඇඳගෙන එන ලස්සන පිරිමි දෙපාරක් හැරිලා බලන්න හිතෙන පිරිමි තුන්දෙනා කවුද....?                              ''හැමොම අදින්නේ එකම විදිහටනේ....ඒකේ මොකක්ද විශේෂත්වය...''●ඔබේ මනාපය පරිදි කියන්න හෙට දිනයේ රිදී තිරය,පුංචි තිරය ජයගන්න ඉන්න නළුවො තුන් දෙනා කවුද...?                    ''මම හිතනවා මේක අතිශයින්ම ජනප්‍රියයි...සාරංග,පුබුදු,හේමාල්,රොෂාන්,චන්න.....''●නිළියො පස්දෙනා...?                 ''මම හිතනවා ඒ අයට යම් දෙයක් කරන්න පුළුවන් වෙයිකියලා...ප්‍රියසාද් පවුල ගත්තම තුනක් ඉන්නවනේ...එක්කෙනෙක් ගන්නම් අනිත් දෙන්න support කරන්න කියමු අපි....මම බාලයවම ගන්නවා මොකද එයාට වැඩි කාලයක් වැඩකරන්න පුළුවන්නේ..ශනුගේ talent එකට මම  ආසයි එයාගේ approach එක වෙනස් අනිත් දෙන්නටම වැඩිය...දිනක්ෂි තමයි මම පෞද්ගලිකව කැමතිම කෙනා....ශලනි,සචිනි,උදාරි,මේ අය....''●ඔබට වරමක් ලැබෙනවා ඔබේ ජීවිතේ දේවල් තුනක් වෙනස් කරගන්න මොකක්ද් ඔබ වෙනස්කරගන්නේ..?                 ''චොකලට් කන එක නවත්තගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද...ඒක හොදයි මම හැමොගෙන්ම බැනුම් අහන්නෙත් ඕකටනේ...ඒක නවත්තගත්තම ඇති....එච්චරයි...මම කෙට්ටුවෙලා ඉන්න ඕන....''●මේ අය අදටත් ජීවත් වෙනවා හැබැයි ඔබේ ලෝකයේ මේ අය මැරිලා....එහෙම තුන් දෙනෙක් කියන්න...?                          ''මම දන්නේ නැති හැමොම එහෙම තමයි....මම අකමැති කට්ටිය නේද...මම එහෙම අකමැති නෑ කාටවත්...මමකලින් කිව්වේ මට hart කරපු එක්කෙනෙක් ඉන්නවා මම එයාට අකමැති නෙවෙයි යාළුවො කියන කෙනා තමන්ව වැටෙන්න දෙන්නේ නෑනෙ වැටෙන්න දෙනවා කියන එක වෙනම දෙයක් මට තේරෙන්නේ නෑ ඒක කියන්නේ කොහෙමද කියලා...විශ්වාසය කඩ කරන යාළුවෙක් ඒ වගේ දෙයක් උනේ....ඒ ඇරෙන්න මට එහෙම නෑ...''●ඔබට එක මොහොතකට ලැබෙනවා මේ රටේ පාලකයා වෙන්න...මොකක්ද ඔබ කරන්නේ මේ කෙරෝනා විසදීමේ වසංගතය හැර...?                       ''මම දකින දරුණුතම දේ තමයි මත්ද්‍රව්‍ය...තරුණ පරපුර විනාශ කරන මත්ද්‍රවය තමයි....''●අප හිතමු ඔබ හොඳ නිවාඩුවකට යනවා කියලා...තනියම ගිහින් හොද සුව නින්දක් ලබලා උදේ නැගිටිනවා බලනකොට ඔබ දකිනවා සනත් ගුණතිලක එහා පැත්තේ මොකද වෙන්නේ...?                   ''ආපහු නිදාගන්නවා....bad dream කියලා නිදාගන්නවා....'' සාකච්ඡාව - කැලුම් විජේසූරියඋපුටාගැනීම -  https://www.youtube.com/watch?v=vQDDnYd2ZcQ
උයන්න බැරි එක පොශ් කමේ ලක්ශනයක්ද. ඒ කාලෙ නම් රසට උයන්න දන්නව කියන්නෙ කාන්තවකට ආබරනයක්. ඉතින් කඩ කම රස කර කර කාල බහු ජාතික සමාගම් වල සුප් කැටෙන් පරිප්පුව රස කරන අම්මල අනාගතයෙ බිහි වෙනකොට තව කොරොනා රෝහල් ටික පිලිකා රෝහල් බවට පත් වේවි.
80
POSITIVE
ncpp_train_39154
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගියදා අධිකරණ තීන්දුවකින් රටේ බංකොලොත්භාවයට වගකිව යුතු අයෙකු ලෙස නම් කරනු ලැබිණි.මේ ගැන ඔහු මේ දක්වා ප්‍රතිචාර දක්වා නොතිබූ අතර ‘ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූලාරම්භය‘ යනුවෙන් ලිපියක් අද දින මාධය වෙත යොමු කරමින් “ආර්ථික අර්බුදය තමාගේ නිර්මාණයක් නොවේ“ යන්න අවධාරණය කරමින් වෙනත් කරුණු පැහැදිලි කර තිබේ.එම ලිපිය පහතින් 
ටොයියෝ උත්තර දීපියව් සාක්ෂි ඇතිව.
13
POSITIVE
ncpp_train_39155
මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් නසර් මොහොමඩ් අසාද් නම් ත්‍රස්තවාදියාගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමිදානය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් විරෝධතාවක් එල්ල වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර එය යළි ගොඩගන්නට නියෝග නිකුත්ව තිබුණි. එළැඹෙන සඳුදා දිනයේදී ගෙඩ ගෙන එය භූමිදානය කරන නිශ්චිත ස්ථානයක් හඳුනා ගන්නා ලෙස මඩකලපුව දිස්ත්‍රික් ලේකම්ට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. එතෙක් හිස කොටස පොලිස් ආරක්ෂාව යටතේ මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබන ලෙසද අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්  එල්ල කළ මොහොමඩ් නසර් මොහොමඩ් අසාද් නම් ත්‍රස්තවාදියාගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් 28දා සිදුකළ උද්ඝෝෂණය නිසා ප්‍රදේශයේ නීතිය හා සාමය බිඳ වැටීම හා මාර්ග තදබදයක් අනිසි ලෙස ඇති කිරීමේ වරදට ඊට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් සහ තවත් සිව් දෙනකුට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබූ අතර ඔවුන්ගේ මතය වූයේ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත විශාල ගණනක් නැති කළ පසුව එම ත්‍රස්තයාගේ සිරුර එම ප්‍රදේශයේම මිහිදන් කිරීම අපහාසයක් බවයි. මොහොමඩ් නසර් මොහොමඩ් අසාද් නම් ත්‍රස්තවාදියාගේ හිස කොටස මෙතෙක් කල් මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබූ නමුත් එය කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට කටයුතු කළ බව අසා මේ අය විරෝධතාවේ නියුතු විය. මේ වනවිට මහජන මතයට හිස නමමින් අධිකරණය මගින් එම ගැටලුව නිරාකරණය කර තිබේ.
සමන් මහත්තයෝ එහෙම සහමුලින්ම විනාශ කරලා දාන්න බැහැ මොකද ඉදිරි පරීක්ෂණ කටයුතුවලට ශරීර කොටස් අවශ්‍ය වෙන්න පුළුවන් නිසා.
9
POSITIVE
ncpp_train_39156
සංචාරක ඉන්දීය පිල සමග ශ්‍රී ලංකා පිල ගාල්ලේදී පවත්වන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද ඉන්දීය පිල සිය පළමු ඉනිම අවසන් කළේ ලකුණු 600 ක දැවන්ත ලකුණු සටහනක් තබමිනි. පන්දු ඕවර 133 කදී සියලු දෙනා දැවී 600 සීමාවට ඔවුන් ළඟා විය. ධවාන්ගේ 190 හා පුජාරාගේ 153 මෙම ලකුණු ගණනට දායක විය.දැන් ශ්‍රී ලංකා ඉනිම ඇරඹී තිබේ. ආරම්භයේදීම දිමුත් කරුණාරත්න ලකුණු 2 කට දැවී ගියේය.
Anne christhiyani nee
4
POSITIVE
ncpp_train_39157
ලංකාවේ නිෂ්පාදිත නිල් චිත‍්‍රපටයේ DVD පිටපත් 6000 ක් සමගඅධ්‍යක්ෂ, නිළිය හා නළු දෙදෙනා මාට්ටු මේ දිනවල වෙළෙඳපොළේ රහසිගතව හුවමාරුවෙමින් උණුකැවුම් මෙන් අලෙවිවන බව කියන ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත අසභ්‍ය වීඩියෝ පටයක රඟපෑ අය සහ එහි නිර්මාණකරු ඊයේ වේයන්ගොඩ ප‍්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තාවේ. පිරිමි දෙදෙනෙකු හා ගැහැණු එක්කෙනෙකු එක්ව මුළුමණින්ම නිරුවත් ජවනිකා සහිතව රංගනයේ යෙදෙන මෙම අසභ්‍ය වීඩියෝ පටයේ DVD පිටපත් 6000 කට ආසන්න ප‍්‍රමාණයක්ද බෙදාහැරීමට සූදානම් කර තිබී ඔවුන් පොලිසියට හසුවන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. මෙම අසභ්‍ය වීඩියෝ පටය බටහිර නිල් වීඩියෝ නිෂ්පාදනය කරන ආකාරයට ඉහළ තාක්ෂණය භාවිත කර ඉහළ රූපමය ගුණාත්මක මට්ටමින් නිපදවා තිබී ඇති අතර එහි එක් කාන්තාවක හමුවන්නට එන පිරිමි දෙදෙනෙකු ඇය සමග අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය විවිධ කෝණ වලින් කැමරාවට නගා ඉදිරිපත් කර තිබුණ බව වාර්තාවේ.  ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට නමක් දිනූ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙම නිර්මාණය සිදු කර ඇති අතර එහි රඟපෑ නිළිය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ප‍්‍රකට නිරූපණ ශිල්පිණියක බවද අනාවරණය වෙයි. ඇය ටෙලි නාට්‍ය කිහිපයක සුළු චරිත සඳහාද දායකවී ඇත. නළුවන් දෙදෙනා ප‍්‍රකට අය නොවන බවද වාර්තා විය. මෙම චිත‍්‍රපටය රූගත කිරීමට භාවිත කර තිබෙන්නේ වේයන්ගොඩ, කූරිකොටුව ප‍්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් වන අතර එම නිවස අදාළ අධ්‍යක්ෂවරයා මගින් බද්දට ලබාගෙන තිබුණ එකක් බවද හෙළිව ඇත. පසුගිය දිනවල මෙම චිත‍්‍රපටය රහසේ මිලට ගත් අය එය අතින් අත හුවමාරු කරගෙන යද්දී පොලිසියට ඒ පිළිබඳ පැමිණිළි ලැබීමෙන් පසුව පරීක්ෂණ පවත්වා නිර්මාණකරු වේයන්ගොඩ ප‍්‍රදේශයේ සිටින අයෙකු බවට ආරංචි ලැබීමෙන් පසු ඒවා බෙදාහැරීමට කැමති ව්‍යාපාරිකයෙකු ලෙස රඟපෑ උපාය ධූතයෙකු යොදවා වේයන්ගොඩ නගරයේදී මේ අය කොටුකරගෙන තිබේ. මේ අය මේ ආකාරයේ චිත‍්‍රපට තවත් කොපමණ ප‍්‍රමාණයක් නිර්මාණය කරන්නට ඇතිදැයි පරීක්ෂණ සිදුවේ. අත්අඩංගුවට පත් අය අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එ උනාට යකෝ වැල ෆිල්ම් කරල බෙදා හරින එක ලන්කාවෙ තාම නීතිගත කරලා නෑනෙ....ඒ කියන්නේ නීති විරෝදී....එහෙම නම් ඒක අත් අඩඟුවට ගන්න එක වැරැද්දක්ද?
5
POSITIVE
ncpp_train_39158
ලොව ඕනෑම රටක ජනතාවක් තම රාජ්‍ය නායකයාගන් පළමුව අපේක්ෂා කරනුයේ ඔහු හෝ ඇය තම මවුබිමට දක්වන ඇල්ම පිළිබඳව බවත්, තම ජාතිය ලොව හමුවේ අතිමානයට පත්වනු දැකීම ලොව ඕනෑම රටවැසියකුගේ පැතුම වන අතර, එහෙත් පසුගිය වික්‍රමසිංහ රජය සමයේ එවැන්නක් සිදුනොවූ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ 'එළිය' රැස්වීම් මාලාවේ තවත් ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් පසුගියදා (27දා) පන්නිපිටිය ඇරැව්වල පැරණිදූවේ පන්සල විහාර පරීශ්‍රයේදී පැවැති අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා, රට බේරාගත් රණවිරුවන්  ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත්  කර සතුටක් ලබන රාජ්‍ය නායකයෙක් මව්බිමට ආදරය නොකරන බව ජනතාව තේරුම් ගැනීම නිසයි, එදා අතිවිශාල ජනතාවක් ගෝල්ෆේස් පිටියට පැමිණියේ. පළාත් පාලන මැතිවරණයෙන් වික්‍රමසිංහ රජය පරාජය කළේ, පසුගිය විසිහය වැනිදා පෙරළියෙන් පසුව ජනතාව මහ මඟට පැමිණ කිරිබත් උයා සතුට ප්‍රකාශ කළේ. රටක නායකයකේ කිසිදා නිද්‍රාශීලී නායකයක් විය යුතු නැහැ. එසේම එවන්නෙක් බලය සඳහා කුලල් කා ගන්නා ලෝකයක රාජ්‍ය නායකයන් හමුවී එහයියකු විය යුතු නැහැ. ලෝකයේ කෙතරම් ඉහළ රාජ්‍ය හමුවකදී වුවද තම රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින දේශ ප්‍රේමයක් රටක නායකයෙකු තුළ තිබිය යුතුයි. ඒ දේශප්‍රේමය වෙනුවෙන් ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාවක් නැත්නමි එවැන්නකු රටක නායකයකට සුදුසු නෑ, එවැන්නෙකු දේශපාලනයටද සුදුසු නැහැ. මහින්ද රාජපක්ෂ මහතා හැමවිටම හැසිරුණේ ශ්‍රී ලංකාව මේ මගෙරට මේ මගේ මම යන උදාර අභිමානය සිත තුළ රඳවා ගෙනයි. අන්න ඒ නිසයි - ත්‍රස්තවාදී අරගලයේ අවසන් අද්දියරේදී  ලෝක බලවතුන් වෙතින් කොපමණ  බලපෑම් එල්ල වුවද තම හමුදා කඳවුරු වෙත ආපසු හරවා යැවීමට තරම් නිවට තත්වයකට ඒ මහතා පත් නොවුණි. මා සිතන්නේ රටකට - අවශය වන්නේ එවැනි නායකයන් පමණයිඒ බව පසුගිය වික්‍රමසිංහ රජය එය ඉතා ප්‍රායෝගිකව ජනතාවට පෙන්වා දුන්නා.”  යැයි ප්‍රකාශ කළේය.  මෙහිදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අබේතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී  ගාමීණී ලොකුගේ, කථිකාචාර්ය මාධවී  හේරත්, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ යන අයද අදහස් පළ කළහ.
බලයට කුලල් කාගැනීම කෙසේවුවත් බලය ලබාගැනීමට ඕනෑම පහත් අඩියකට වැටෙන එකෙක් මේ ලංකාවෙ ම ඉන්නවා.ඌ මේ ලගදි දවසක ජනේලෙක එල්ලිලා හිටියා වගේ මතකයි.
2
POSITIVE
ncpp_train_39159
පසුගියදා තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාංසා ඊයේ (28) තමන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වන බව දන්වා සිටියේය. 2015 ජනපතිවරණය මහින්ද පරාජය වීමෙන් පසු එම අගොස්තු මාසය දක්වා මහමැතිවරණය තෙක් මහින්ද පිලේ රැඳී සිටි ලංසා මහතා පසුව මෛත්‍රී පිලට එක්වී ඇමති පදවි දැරූ අතර  පුංචි ඡන්දය ආසන්නයේ එම පිලටම නැවත එක්වී ඇත. මීගමුව ගෝල්සියන් උත්සව ශාලාවේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මෙසේ පැවසීය. 'දැන් ජනතාව ඉන්නේ මාත් සමගයි. මමත් ජනතාව සමග ඉන්නවා. ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය සමග හිඳිමින් ජනතාවට සේවය කිරීමට අදහස් කරනවා. 2025 වසරේ රටේ සංවර්ධන ඉලක්ක ගැන කතා කරන්න ආණ්ඩුවකට ගමේ පාරක්වත් හදාගන්න උවමනාවක් නැහැ. ජනතා නියෝජිතයන් ලෙස අප කළ යුත්තේ ජනතාවට ඇහුම්කන් දීමයි. එහෙත් එවැනි තත්ත්වයක් වත්මන් ආණ්ඩුව තුළ නොමැති නිසා ආණ්ඩුවෙන් ඉවත්වීමට අපි තීරණය කළා.  මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වනතුරු ආණ්ඩුව කරගෙන යාමට තමන්ට සහාය දෙන ලෙස ජනාධිපතිතුමා ඒ අවස්ථාවේදී ඉල්ලීමක් කළා. එහිදී ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. එතුමා එම යෝජනාවට එකඟවූ නමුත් හිටපු ජනාධිපතිවරිය ඊට දැඩි විරෝධයක් දැක්වූවා. කෙසේ හෝ පළාත් පාලන මැතිවරණයට පෙර දෙපාර්ග්වය අතර සාකච්ඡාවක් පැවැත්වූ නමුත් දෙපාර්ශවයේ නමාන්‍යශීලී කරුණු ඉදිරිපත් නොවීම නිසා එම සාකච්ඡා ඇණ හිටියා. මේ සියලුම දේ නිසා මට දැඩි කළකිරිමට පත්ව සිටියා.  මිගමුව ආසනයේ දේශපාලන කටයුතු අන්ත ලෙස පිරිහී ගිහිල්ලා. නුසුදුසු පිරිස් ශ්‍රීලනිප සංවිධාන කටයුතුවල නිරතවීම හේතුවෙන් මීගමුව ආසනයේ දේශපාලනය අන්තයටම පිරිහිලා ගිහිල්ලා. ආණ්ඩුවත්, පක්ෂයත් නිවැරදි මාවතකට ගැනීමට අවස්ථාවක් නැහැ. ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට ප්‍රශ්නවලින් පැන යාමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරමින් සිටිනවා. ඒ නිසා මා දැරූ තනතුරු බලය හා වරපුසාද පසෙක දමා ජනතාව වෙනුවෙන් සිට ගැනීමට තීරණය කළා. ඒ අනුව මෙතැන් සිට වර්තමාන ආණ්ඩුවේ දූෂිත ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාව සමග සටන් වදිනවා. ඒකාබද්ධ විපක්ෂයට හොඳ දැක්මක් හා හොඳ අනාගතයක් තිබෙනවා.'
ඉස්සර කිව්වේ "තක්කඩින්ගේ අවසාන තිප්පොල දේශප්‍රේමයයි" කියලා. දැන් කියන්න වෙන්නේ "තක්කඩින්ගේ අවසාන තිප්පොල මැදමුලනයි " කියලා.
10
POSITIVE
ncpp_train_39160
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුවක් කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පාරිලිමේන්තු පරිශ්‍රයේදී පෙරේදා (25) සවස විවෘත කෙරුණි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මැදිහත් වීම මත ඉදිකෙරුණු මෙම පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපාන ධම්මාලංකාර, අමරපුර මහා සංඝ සභාවේ උත්තරිතර මහා නායක කොටුගොඩ ධම්මාවාස යන මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, කතානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න යන මහත්වරුන්ද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය, නීතිඥ රවී ජයවර්ධන, සර්වෝදය නායක අවාර්යය ඒ.ටී. ආරියරත්න යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්ද සහභාගී වූහ. -ජයකාන්ත ලියනගේ-
දයාබර ශ්‍රී ලාංකික ඡන්ද දායක මෝඩ තණකොළ කන සක්කිලි හරකුන්. පක්ෂ වලට බෙදිලා කුලල් කා ගන්ඩ එපා පර බල්ලනි. පෙර කළ මහා අකුසල කර්මයකට තොප ලත් එක්ක මේ ලබ්බෙ රටේ ඉපදුනේ. සල්ලි තිබුණා නම් මේ කකුස්සි රටෙන් යනවා සදහටම. මේ චන්දෙදි වත් උපාධියක් වත් තියෙන පුද්ගලයකුට ඡන්දෙ දීපියව් නැති නම් ගූ කාපියව් නපුන්සක හැත්ත. දේශපාලුවන්ට බැනල වැඩක් නෑ ඉස්සෙල්ලා උඹල හැදියව්. අපි දුක් විඳ ඇති දැන් .... - උත්තරීතර ග්‍රේට් පොර
4
POSITIVE
ncpp_train_39161
නංගීගේ පෙම්වතාටතරවටු කරන්න ගිය අයියා දෙන්නවම මරාගෙන පසුගිය ජූලි මාසයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පාසල් සිසුවියක දුම්රියක හැපී මියයාමත් ඉන්පසු එම සිද්ධිය අවස්ථාවේ ඇය සමග සිටි පෙම්වතා කියන තරුණයා ළිඳකට පැන දිවිනසාගැනීමේ සිද්ධියකුත් වාර්තාවී තිබුණි. එම සිද්ධියට මැදිවූ සිසුවියගේ අයියා කෙනෙකු කියා තිබුනේ තමා දුම්රියේ පැමිණෙන විට නැගණිය රේල් පාර අසල පෙම්වතෙකු හා කථාකරනු දැක වහා ඊළග දුම්රිය ස්ථානයෙන් බැස නංගී වෙතට එද්දී නංගීව පෙම්වතා දුම්රියට තල්ලු කරනු දුටු බවයි.  සාමාන්‍ය පෙළ විභාගයට මේ වසරේ පෙනී සිටින්නට නියමිතව සිටි නිමේෂා නමැති මෙම සිසුවිය දෙමාපියන් හෝ කිසිවෙකු නොදැන පවත්වාගෙන ගිය පෙම් සබඳතාවය මේ ආකාරයට පුපුරායාමේ මෙකී කතාවේ සැකමුසු තැන් රැසක් පැවති අතර සිද්ධිය ගැන පොලිසිය පරීක්ෂණ පවත්වද්දී මෙම මරණ දෙක සිදුවූ ආකාරය වෙනස් මුහුණුවරකින් හඳුනාගන්නට ලැබී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මියගිය නිමේෂාගේ සොයුරා තිලක් මුලින් පොලිසියට මෙසේ කියා තිබුණි. “මම නුවර ඉඳලා එන කෝච්චියේ ආවේ. කෝච්චියේ එද්දී මම දැක්කා ස්ටේෂන් එකට ටිකක් එහා තැනකදී කොල්ලෙක් මගේ නංගිට ගහනවා. මම කෝච්චිය නවත්තපු ගමන් බැහැලා ඒ පැත්තට යද්දී ඒ කොල්ලා නංගිව අනිත් පැත්තෙන් ආපු කෝච්චියට තල්ලු කළා” සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය රියදුරු මෙසේ කියා තිබුණි. “හැමදාම ඔය වෙලාවට පන්තිවලට යන ළමයි රේල් පාරේ ඔය හරියේ යන නිසා කොහොමටත් ටිකක් හෙමින් තමයි කෝච්චිය අරගෙන ආවේ. අපි ඉස්සරහට එද්දී මගේ සහායක රියැදුරු මට පෙන්නුවා පිරිමි ළමයෙක් තව පිරිමි ළමයකුයි, ගැහැනු ළමයකුයි අත් දෙකෙන් අල්ලගෙන රේල් පාර අයිනෙන් ඉස්සරහට ආපු හැටි. ඒක ඒ අයගේ ප්‍රශ්නයක් වෙන්න ඇතිනේ කියලා අපි වැඩිය හිතන්න ගියේනැහැ. විනාඩියක් යන්නත් කලින් අපි දැක්කා ඒ ගැහැනු ළමයා අපේ කෝච්චිය පැත්තට පාර අයිනෙන් දුවගෙන එනවා අපි හිතුවේ ඒ ළමයා කෝච්චියට නගින්න දුවගෙන එනවා කියලා. එහෙම හිතලා වේගෙ ටිකක් අඩු කළා. වේගේ අඩුකරගෙන එද්දීම වගේ මගේ සහායක රියැදුරු කිව්වා ‘දැන් වැඩක් නැහැ වගේ’ කියලා. අපි කෝච්චිය නතර කළා. ඒ වෙද්දිත් ඒ ළමයා නැති වෙලා.” නිමේෂාගේ සොයුරා තිලක් සහ රියදුරාගේ කතා දෙක අතර පරස්පරයක් තිබුණි. ඒ නිසා පොලිසිය තිලක්ව නැවත ප්‍රශ්න කරන ලද අතර ඔහු එවර කතාව වෙනස් කර කීවේය. “මම කෝච්චියේ එද්දී නංගි පිරිමි ළමයෙක් එක්ක ඉන්නවා දැකපු නිසා මම ස්ටේෂන් එකෙන් බැහැලා නංගි හිටපු පැත්තට ඇවිදගෙන ගියා. එතකොට නංගි මාව දැකලා දිව්වා. ඒ දුවද්දී කෝච්චියට අහුවුණා. නංගිත් එක්ක හිටපු පිරිමි ළමයා නංගිව කෝච්චියට තල්ලු කළා කියලා මම මුලින්ම කිව්වේ බයට.” මෙම සිද්ධියෙන් දින දෙකකට පසු නිමේෂාගේ පෙම්වතා බව කියන සංකල්ප නමැති තරුණයා ඔහුගේ නිවස අසළ පාළු නාන ළිඳකට පැන මියගොස් තිබියදී හමු විය.ඔහුගේ සෙරෙප්පු දෙක ළිඳ අසළ තිබුණ අතර සිරුර කබරයන්ගේ ගොදුරක් බවට පත්ව තිබුණි.ඒ දක්වා අතුරුදන්ව සිටි මේ තරුණයා ගැන නිවැසියන් දින දෙකක් තිස්සේ සොයා තිබූ බවද වාර්තා වී තිබුණි. ඒ අනුව ඔහුගේ මරණය නිමේෂා දුම්රියට හසුවූ දිනයේම සිදුවන්නට ඇති බවට පරීක්ෂණ වාර්තාද ලැබුණි. මෙම දෙදෙනාගේ මරණ අතර සම්බන්ධය පොලිසියට සොයාගන්නට කාලයක් ගතවිය. පසුගිය කාලයේ දුරකථන වාර්තා ඇසුරෙන් සංකල්ප ගැන තොරතුරු සොයා යාමේදී සිද්ධියවූ දවසේ ඔහු අනතුර සිදුවූ ස්ථානයෙන් පිටත්ව නැවත ළිඳ ළගට ආ බවක්ද වාර්තා විය. පරස්පර කතාබහක් සිදු කළ නිමේෂාගේ සොයුරා තිලක්ද අදාළ ස්ථාන වලට ගොස් නැවත සංකල්ප මියගොස් සිටි තැනට ඇවිත් ගොස් ඇත. ඒ අනුව තිලක් සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ. තමා සංකල්පව ඝාතනය කර ළිඳට දැමූ හැටි ගැන භයංකර විස්තරය ඔහු ඒ අවස්ථාවේ පොලිසිය හමුවේ වමාරා ඇත. සිද්ධිය වූ දිනයේ තමා දුම්රියේ පැමිණෙද්දී නිමේෂා දුම්රිය ස්ථානයට ටිකක් මෙහාට වන්නට ස්ථානයක පිරිමි ළමයෙකු අතින් අල්ලාගෙන ඇවිද එන හැටි දුටු බවත් නැගණිය කිසිවෙකු සමග හොරෙන් සම්බන්ධයක් පවත්වන ආකාරය දැක කෝපයක් ඇතිවූ නිසා වහා දුම්රිය ස්ථානයෙන් බැස්ස විගස නැගණිය සිටින තැනට දිව ඇවිත් දෙදෙනාට තරවටු කරන්නට උත්සාහ කළ බවත් තිලක් පවසා ඇත. නිවසේ ලජ්ජාවට බයට හැදී වැඩුණ නිමේෂා සොයුරන්ට අධික බියක් දක්වන බව වාර්තාවන අතර පෙම්වතා සමග ඇය සිටින දර්ශනය සොයුරාට හසුවීමේ බියට එක්වරම තැති ගෙන දිවගොස් තිබේ. එම අවස්ථාවේ දුම්රියක්ද ගමන් කරමින් පැමිණ තිබෙන අතර  අනපේක්ෂිත ලෙස ඇය දුම්රියට පැන තිබේ.මේ සිද්ධියෙන් ඇය එතැනම මියගොස් තිබේ. තිලක්ගේ ග්‍රහණයට හසුවූ සංකල්පද එම අවස්ථාවේ අත ගසා දමා එතැනින් ඉවත්ව පැනගොස් ඇත. පසුව සංකල්ප ඒ ආසන්න අම්බලන්ගොඩ බස් නැවතුම්පළට ගොස් බටපොළ බස් රථයේ නැගගෙන ඇත්තේ නිවසට යාමටය. සිද්ධිය වූ ස්ථානයේ නංගීගේ මළ සිරුර තිබියදී තම නංගී මැරෙන්නට මුල්වූ තරුණයා සොයාගෙන තිලක් තවත් මිතුරෙකුද සමග බස් නැවතුම්පොළේ බස් රථ පීරා ඇත්තේ මේ අතරේදීය. අවසානයේ බටපොළ බස් රථයේ සංකල්ප සිටිනු දැක මිතුරා සමග තිලක්ද එම බස් රථයට නැග ඇති මුත් ප්‍රසිද්ධියේ කලබලයක් කර නැත. පසුව බටපොළ කිට්ටුවෙද්දී සංකල්ප ළගට ගොස් ඇති තිලක් ඔහුට බහින්නැයි බල කර තිබේ.බියට පත්ව සිටි සංකල්ප බසයෙන් බැස ඇති අතර පසුව ත්‍රී රෝද රියකින් තිලක් සහ මිතුරාගේ ග්‍රහණයට නතුව කැලෑබද ස්ථානයකට ගොස් තිබේ. ඔවුන් පාළු පාරක් දිගේ ඇවිද ගොස් ඇත්තේ එයින් අනතුරුවයි. කැලෑවේ පාළුවට ගිය නාන ළිඳක් ළඟ සංකල්පව නතර කරවූ තිලක් ‘උඹ නිසා තමයි යකෝ නංගි මැරුනේ.මං උඹවත් ඒ ලෝකෙටම යවනවා‘ කියා ඔහුව වතුරේ ගිල්වා මරා දමා තිබේ. එයින් පසු කිසිවක් සිදු නොවූ ගාණට අම්බලන්ගොඩ ගිය තිලක් නැගණියගේ අවසන් කටයුතු සඳහාද සහභාගීවූ අතර දින දෙකකට පසු නැගණීයගේ පෙම්වතාගේ සිරුර හමුවූ අවස්ථාවේ සංකල්ප දිවිනසාගන්නට ඇතිය යන මතය දන්නා කියන අයට හා පොලිසියට ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මාස දෙකකට පමණ පසු යටගිය සිද්ධියේ සුලමුල සොයාගන්නට මීටියාගොඩ පොලිසියට හැකියාව ලැබුණි. සංකල්ප ඝාතනය කළ බවට වරද පිළිගත් තිලක් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.
පොලිසියට බනිනවා වගෙ මෙවාටත් හොද කියපල්ලා
34
POSITIVE
ncpp_train_39162
කටුනායක ගුවන්තොටුපොළේ මගින් පැමිණීමේ පර්යන්තය අසල ගැවසෙමින් විදේශීය සංචාරකයන්ට අපහසුතාවක් හා කරදරයක් වන ආකාරයට නීති විරෝධී ලෙස ප්‍රවාහන සේවා සැපයීමේ තැරැව්කරුවන් ලෙස කටයුතු කරමින් සිටි සිව් දෙනකු පෙරේදා (27) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. නිසි බලධාරියකුගේ අවසරයක් නොගෙන මෙම සැකකරුවන් සිව්දෙනා මෙම කාර්යයේ නිරතව සිට ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසීය.  අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් සිව්දෙනා කිඹුලාපිටිය, කටුනායක සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි 53, 46, 39 සහ 35 යන වයස්වල පසුවන්නෝ වෙති. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත බුද්ධි සහ විශේෂ මෙහෙයුම් භාර සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීහු වැටලීම සිදු කළහ.ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඇතුලේ duty-free shops පැත්තටත් තත්ත්වය ඕක තමයි.
2
POSITIVE
ncpp_train_39163
ඉරිදා දහවල් බෙලාරුස් හි ස්වයං ප්‍රකාශිත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යුක්රේනයේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඇමතූ අතර, රුසියාව සමග සාකච්ඡා ඇරඹීමේ මැදිහත්වීම සිදු කර තිබුණි. ඒ අනුව යුක්රේන නියෝජිත පිරිස ප්‍රිප්යාට් ගඟ අසල දේශසීමාවේ දී රුසියානු දූත පිරිස හමුවීමට එකඟ වූහ.  "ප්‍රිප්යාට් ගඟ අසල යුක්රේන-බෙලාරුසියානු දේශසීමාවේ දී යුක්රේන දූත පිරිස රුසියානු දූත පිරිස පූර්ව කොන්දේසියකින් තොරව හමුවනු ඇති බවට දේශපාලනඥයන් එකඟ වී “ යැයි ප්‍රවුදා පුවත් සේවය තහවුරු කළේය.යුක්රේන නියෝජිතයින්ගේ සංචාරය, සාකච්ඡා සහ ආපසු පැමිණීමේදී බෙලාරුසියානු භූමියේ ස්ථානගත කර ඇති සියලුම ගුවන් යානා, හෙලිකොප්ටර් සහ මිසයිල ක්‍රියාත්මක නොකර භූමියේ රඳවා පවත්වන බවට සහතික කිරීම සඳහා ජනාධිපති ලුකාෂෙන්කෝ වගකීම භාරගෙන ඇත. මීට පෙර රුසියාව පැවසුවේ යුක්රේනය බෙලාරුස් දේශසීමාවේ සාකච්ඡා කිරීමට එකඟ බවයි. කෙසේ වෙතත් යුක්රේනය මුලදී දන්වා සිටියේ මිසයිල යවන තැන්වල සැකච්ඡා බැරි බවටය.මේ අනුව යුක්රේනය සිය කන්ඩායම් සාකච්ඡාවට යැවීමට කැමැත්ත පළ කර ඇත. 
කවුරු කොහොම ගහගත්තත්, මරාගත්තත් අපිට මොකෝ? අපි සැහැල්ලුවෙන්, සතුටින් ජීවත්වෙනවා. ඒකම ඇති.
-5
NEGATIVE
ncpp_train_39164
රටේ පවතින විදුලි අර්බුදයෙහි ප්‍රධානතම වගඋත්තරකරුවා විදුලිබල මණ්ඩලය බවට චෝදනා නැගෙයි. එසේම විදුලි බල මණ්ඩලය රටේ ආර්ථිකය වනසන රාක්ෂයන් අතරින් එකකු බවටද ඇත්තේ ප්‍රබල මතයකි. නැගෙන ඒ චෝදනාවලින් මණ්ඩලය ගලවාගන්නේ කෙසේද යන්න මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි.  මේ සාකච්ඡාව සඳහා අද අප සම්බන්ධ කරගන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්යවරයකු වන ආචාර්ය නිශාන්ත නානායක්කාරය. ලංකාවේ කුඩා ජල විදුලි බලාගාර කිහිපයක් ඉදිකර ඉන් නිපදවන විදුලිය මණ්ඩලයට විකුණන දේශීය සමාගමක හිමිකරුවකු වන ආචාර්ය නානායක්කාර රුවන්ඩා, බුරුන්ඩි, කෙන්යා, ටැන්සානියා වැනි රටවල් කිහිපයක ආණ්ඩුවල ආරාධනය මත ඒ රටවල ජල විදුලි බලාගාර ඉදිකළ විදුලි ඉංජින්නේරුවෙකි. දැන් ජපන් ආණ්ඩුව සතු කුඩා ජල විදුලි ව්‍යාපෘති කිහිපයක් නවීකරණය කර දීමටද ඉදිරිපත්ව සිටියි. ලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයෙහි (Unido) හිටපු බලශක්ති උපදේශකයකු ද වන ආචාර්ය නානායක්කාර රටත්, ජනතාවත්, විදුලිබල මණ්ඩලයත් ගලවා ගැනීමට කළ යුතු දේවල් මෙසේ විග්‍රහ කරයි.රටේ ජනතාව දැන් වැඩියෙන් කතා කරන්නේ විදුලිය කැපිල්ල ගැන නොව මණ්ඩලයේ පවතින අකාර්යක්ෂමතා සහ දූෂණ නිසා තමන්ටත් විඳවන්නට සිදුවී තිබීම පිළිබඳවය. විදුලි බල මණ්ඩලය තමනුත් රටත් රටේ ආර්ථිකයත් වනසන රාක්‍ෂයකු බව ජනතාවගේ නිගමනයයි. මණ්ඩලයේ ප්‍රශ්නයක් තිබෙන බව දැන් එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පවා පිළිගනිති. ඔවුන් අද පිළිගන්නා කරුණු අප රටට හෙළි කළේ වසර 2002 දී පමණ සිටය. විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරි තනතුරට ජ්‍යෙෂ්ඨතාවය මත පොල් පිත්තකට වුවද පත්විය හැකි බව අප රටට කී එක් කාරණයකි. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ දැන් එය පිළිගනිති. විදුලි බල මණ්ඩලයේ කළමනාකාරීත්වය එනම් එහි ඉංජිනේරුවන් මෙතෙක් කාලයක් මණ්ඩලය පවත්වාගෙන ආවේ තමන්ගේ සුඛ විහරණය සඳහාම දැයි දැන් ජනතාවට සාධාරණ සහ යුක්ති සහගත සැකයක් මතු වී තිබේ. ජනතාවට ඒ සැකය ඇති වී තිබෙන්නේ මණ්ඩලය නැත්තටම නැති වී ඉංජිනේරුවන් පමණක් ඉතිරි වී සිටින නිසාය. මණ්ඩලය පාඩු ලබදී බෝනස් ලබාගැනීම සහ මඩලයේ සේවකයන් සහ නිලධාරීන් තමන්ගේ මුදලින් ගෙවිය යුතු උපයනවිට බදු ජනතා මුදලින් ගෙවීම ඒ සම්බන්ධයෙන් ජනතාව දක්වන සරල උදාහරණ දෙකකි. 2010 සිට 2020 අතර කාලයේ දී එසේ ගෙවා තිබෙන බදු ප්‍රමාණය රුපියල් කෝටි 498ක් බව විගණන වාර්තවලින් හෙළි වී තිබේ. මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයකුගේ මුළු වැටුප රුපියල් ලක්‍ෂ දහය ඉක්මවන බවද කියැවෙයි. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවකුට ලක්‍ෂ හයක පමණ වැටුපක් ලැබෙන බවද දැන් අනාවරණය වී හමාරය. මේ නිසා ලංවිම ඉංජිනේරුවෝ රටේ මහ ජනතාවගේ පිළිකුලට ලක්ව සිටිති. මගේ දැක්ම අනුව නම් ලක්ෂ දහයක වැටුපක් නොව ලක්‍ෂ 20ක් ගත්තත් කමක් නැත. එහෙත් එතරම් ඉහළ වැටුප් ගත යුත්තේ ඒ ආයතනය රටට ලාබදායක ආයතනයක් නම් සහ ජනතාවට සුබදායක ආයතනයක් නම් පමණකි. මණ්ඩලය රටට බරක්ව ත්ථෙතිබිය දී මහා පරිමාණයෙන් අලාබ ලබද්දී බෝනස් ගැනීම කිසිලෙසකින්වත් යුක්ති සහගත කළ නොහැකිය. පෞද්ගලික අංශයේ ආයතනයක් පාඩු ලබන්නේ නම් කරන්නේ වසා දැමීමය. එවිට සේවකයන්ට රැකියා ද නැති වෙයි. එහෙත් ලංවිම දිගින්  දිගටම පාඩු ලබද්දී රටේ ආර්ථිකය අස්ථාවර කරද්දී පවත්වාගෙන ගොස් තිබේ. ඒ ඉතා ඉහළ වැටුප් සහ බෝනස් ලබාගනිමින් සහ තමන් ගෙවිය යුතු බදු ජනතා මුදලින් ගෙවමිනි. ලංවිම ඉංජිනේරුවන් මණ්ඩලය පවත්වාගෙන ගොස් ඇත්තේ තමන් වෙනුවෙන්ය යන මතය සමාජගතවී තිබෙන්නේ එහෙයිනි. 2022 දී ලංවිම අපේක්‍ෂිත ආදායම රුපියල් කෝටි 25,000කි. 2022 දී අපේක්ෂිත වියදම රුපියල් කෝටි 75,000 කි. එවිට පාඩුව රුපියල් කෝටි 50,000කි. ඒ කෝටි 50,000 දිය යු ත්තේ මහා භාණ්ඩාගාරයෙනි. භාණ්ඩාගාරයේ තිබෙන්නේ ජනතාවට අයිති මුදල්ය. ආණ්ඩුවේ බලපෑම මත රාජ්‍ය බැංකුවලින් ලංවිමට ණය දීම නිසා දැන් ඒ බැංකු ද බංකොලොත් වී තිබේ. මණ්ඩලය තවදුරටත් මෙසේ පවත්වාගෙන යා හැකිද? යා යුතුද? මණඩලය මෙසේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාව තිබෙන්නේ කාටද? යනාදී ප්‍රශ්න දැන් උගතව තිබේ. 1996 වන තුරුත් ලංවිම ලාබ ලැබූ ආයතනයකි. ඒ වනවිටත් රටේ මුළු විදුලි අවශ්‍යතාවෙන් සියයට 85ක් පමණ සපුරා ගත්තේ ජල විදුලි බලයෙනි. මණ්ඩලයට කණ කොකා හඬන්නට පටන්ගත්තේ 1995න් පසුවය. ඒ යුගයේ ආරම්භ වූ විදුලිය කැපිල්ලත් සමග පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිල දී ගැනීම ආරම්භ විය. ලංවිම පාඩු ලබන ආයතනයක් බවට පත්වන්නේ 1997 සිටය.  ඊට මූලික හේතුව රටට අවාසි දායක ලෙස විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම්ය. මණ්ඩලය ලබන පාඩුව 1997 සිට වැඩි වුණා මිස අඩු වූයේ නැත. ඊට වගකිව යුත්තේ ලංවීම ඉංජිනේරුවත් පමණක් ද යන්න ප්‍රශ්නයකි. වියදමට සාපේක්‍ෂව විදුලිය ගාස්තුව තීරණය කරන්නට මණ්ඩලයට ඉඩ නොදී එය තීරණය කළේ බලයේ සිටි ආණ්ඩුමය. එසේම ලංවිම ඉංජිනේරුවන් සකස් කළ දිගු කාලීන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්නේ ද බලයේ සිටි ආණ්ඩුය. ඒ නිසා පවතින අර්බුදයේ වගකීම ආණ්ඩු විසින් සේම ලංවිම ඉංජිනේරුවන් විසින් ද බාරගනු ලැබිය යුතුය. ලංවිම මේ තත්ත්වයට පත්වීමට බලපෑ ප්‍රධාන කාරණය 2009 දී ඇතිකළ සංශෝධන ක්‍රියාත්මක නොකිරීමය. 2009 දීඇති කළ නීති සංශෝධන මගින් විදුලි බල මණ්ඩලය කොටස් අටකට බෙදා වෙන් කෙරිණි. විදුලිය බෙදාහැරීම සඳහා සමාගම් හතරක් ද සම්ප්‍රේෂණය සහ ජනනය සඳහා තවත් සමාගම් කිහිපයක් ද ඇති කළේ 2009 නීති සංශෝධනයෙනි. ඒ සමාගම් සියල්ල රජයට අයිති සමාගම් විය. ඒ සමාගම් සියල්ල මහජන උපයෝගිතා කොමිසමේ අධීක්‍ෂණය යටතේ පැවැතිය යුතු බවද ඒ නීති සංශෝධනයෙන් කියැවිණි. ලංවිම ඉංජිනේරුවෝ ඊට කැමැති නොවූහ. අවසානයේ ඔවුන් කැමැති වූයේ ඉහළ තනතුරු සංඛ්‍යාව වැඩි කර ගැනීමට අවසර ලැබුණු නිසාය. දැන් මණ්ඩලයේ සිටින විදුලි ඉංජිනේරුවන් සංඛ්‍යාව 1000කට අධිකය. එහෙත් එතරම් විශාල පිරිසක් කරන කටයුතු කිරිමට අවශ්‍ය වන්නේ ඉංජිනේරුවන් 200ක් පමණ පිරිසකි. 2013 දී යළි නීති සංශෝධනයක් මගින් 2009 දී කළ සංශෝධනය හකුළා දමා ලංවිම යළි තති ආයයක් කෙරිණි. වර්තමාන අර්බුදයට මූලික හේතුව එයයි. ඒ නිසා යළිත් 2009 දී කළා සේ විදුලි බල මණ්ඩලයේ  කටයුතු රජයට අයත් සමාගම් රැසකට භාර දිය යුතුය. එය එසේ නොකළොත් ආසියානු සංවර්ධන බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආණ්ඩුවට ණය නොලැබෙනු නිසැකය. ඒ රාජ්‍ය සමාගම්වලට අවුරුදු දෙකක් පමණ ක්‍රියාත්මක වෙන්නට හැර ඉන් අනතුරුව ඒවා කොටස් වෙළෙඳපොළ සමාගම් බවට පත් කළ යුතුය. ඒ සමාගම් සියල්ල කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ කළ නොහැකි වූවත් සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළට යොමු කළ හැකිය. 1985 දී ආණ්ඩුව ලංවිමට පවරා දුන් ජල විදුලි බලාගාර සියල්ල ඇතුළත් එක් සමාගමක් බිහි කළ යුතුය. ඒ ජල විදුලි බලාගාරවල  ධාරිතාව අවුරුද්දකට මෙගාවොට් 1,383කි. ඒ ජල විදුලි ව්‍යාපෘතිවලින් අවුරුද්දකට විදුලි ඒකක මිලියන 3000 සිට 6000 අතර ප්‍රමාණයක් නිපදවයි.එය අවුරුද්දකට යුනිටි මිලියන 4000ක් ලෙස ගණනය කරමු. ඒ විදුලිය මණ්ඩලයට ලැබෙන්නේ නොමිලේය. ඒ බලාගාරවලට ගත් ණය ගෙවා අවසන්ය. වතුර නොමිලේ ලැබෙයි. ටර්බයින් කැරකෙයි. අවුරුද්දකට යුනිටි මිලියන 4000ක් නොමිලේ ලැබෙද්දීත් මණ්ඩලය අවුරුද්දකට රුපියල් කෝටි 50,000කින් අලාබ ලබන්නේකොහොමද? එය යුක්ති සහගත කරන්නේ කොහොමද?රජය සතු ජල විදුලි බලාගාර සියල්ල රජයට අයත් සමාගමක් යටතට පත්කර ඒ විදුලි ඒකකයක් රුපියල් 20 බැගින් සම්ප්‍රේෂණ සමාගමකට අලෙවි කළහොත් අවුරුද්දකට රුපියල් කෝටි 8000ක ආදායමක් ලැබෙයි. බලාගාර අයත් සමාගම කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ කළහොත් ඇමෙරිකන් ඩොලර් බිලියන තුනකට වැඩි ආදායමක් උපයා ගත හැකිය. ඒ ඩොලර් ටික රටේ ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන ආනයනය කරගැනීමට ප්‍රමාණවත් වෙයි. ගල් අගුරු සහ තෙලින් ක්‍රියාත්මක වන බලාගාර ද ලංවිම සතුව පවතී. ඒ බලාගාර අතරින් තෙල්වලින් ක්‍රියාත්මක වන බලාගාරවල ධාරිතාව මෙගාවොට් 654කි. ගල් අඟුරු බලාගාර දෙවර්ගයෙන් 2020 දී පමණක් විදුලිය යුනිට් මිලියන 7880ක් ජනනය කර තිබේ. මණ්ඩලය සතු ගල් අගුරු හා තෙල් බලාගාර ඇතුළත් තවත් රාජ්‍ය සමාගම් දෙකක් ගොඩ නැගිය යුතුය. අවුරුදු දෙකකට පමණ පසුව ඒවා ද කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ කළ යුතුය. එමඟින් ඩොලර් මිලියන 8000කට ආසන්න ආදායමක් උපයාගත හැකිය. ජල විදුලි බලාගාර ඇතුළත් සමාගම කොටස් වෙළෙඳපොළට ප්‍රවේශ කිරීමෙන් ඩොලර් මිලියන 3000කට වැඩි ආදායමක් උපයා ගත හැකි බව ඉහත ද කීවෙමි. ඒ දෙකෙහි එකතුව ඩොලර් මිලියන 11,000කි. රටට අත්‍යවශ්‍ය ඩොලර් නෑ නෑ කියමින් කෙකර ගාන්නේ ඩොලර් උපයා ගැනීමට අවශ්‍ය සම්පත් අප සතුව තිබිය දී බව රටේ පාලකයෝ අවබෝධ කරගත යුත්තෝය. ඒ සමාගම් තුන කොටස් වෙළෙඳපොළට යොමු කිරීමෙන් රටට අවශ්‍ය ඩොලර් ලැබෙනවාට අමතරව ඒවා ලාබ ලබන කාර්යක්‍ෂම ආයතන බවට ද පත්වෙයි. ලංවිම දැන් අන්ත අකාර්යක්ෂමය. එය කාර්යක්ෂමවීමට නම් සමාගම් කිහිපයකට බෙදා වෙන්කළ යුතුමය.ඒසඳහා මුදලක් වැය නොවෙයි. කළ යුත්තේ 2009 දී හඳුන්වා දුන් නීතිය යළි බලගැන්වීම පමණකි. ඒ සමාගම් මුල දී රජය සතු විය යුතුය. වෙන වෙනම සමාගම් වූ විට ඒ සෑම එකකින්ම ශේෂ පත්‍රයක් නිකුත් වෙයි. ආදායම් වියදම් ලාබ පාඩු ප්‍රකාශයට පත් වෙයි. අවුරුදු දෙකකින් පමණ පසු ඒ සමාගම් සියල්ල කොටස් වෙළෙඳපොළට යොමු කළ යුතුය. එමගින් රටට ඩොලර් උපයා ගත හැකිය. මා යළිත් කියන්නේ ඩොලර් ඉපයිය හැකි සම්පත් රට ඇතුළේ ඕනෑ තරම් තිබෙන බවය. ප්‍රශ්නයකට තිබෙන්නේ මැති ඇමැතිවරුන්ට සහ රජයේ නිලධාරීන්ට ඒවා නොපෙනීමය. එසේම දන්නා මිනිසුන්ගෙන් ඒවා දැන ගැනීමට ඉගෙන ගැනීමට වුවමනාවක් නැති කමය.කෙටියෙන් කිවහොත් ඔවුන්ට රට ගැන හැගීමක් නැති කමය. ලංකාවේ ක්‍රියාත්මක සෑම තේ කම්හලකම කිලෝ වොට් 200 සිට 400 අතර ඩීසල් ජෙනරේටර් පවතී. රටේ තේ කම්හුල් 450ක් තිබෙන අතර ඉන් 400ක් මැනවින් ක්‍රියාත්මක වෙයි. එසේම කොළඹ තිබෙන සෑම තට්ටු නිවාස සංකීර්ණයකම විදුලිය ජනන යන්ත්‍ර තිබේ. කර්මාන්ත ශාලාවල ද විවිධ පරිමාණයේ විදුලිය ජනන යන්ත්‍ර තිබේ. ඒ ජනන යන්ත්‍රවලින් මෙගාවේට් 300ක විදුලියක් ඕනෑම වෙලාවක පද්ධතියට සම්බන්ධ කළ හැකිය. අධික මිලට පෞද්ගලික බලාගාරවලින් විදුලිය නොගෙන මා ඉහත කී තැන්වල තිබෙන ජනන යන්ත්‍රවලින් නිපදවන විදුලිය අවශ්‍ය වෙලාවට ගත හැකිය. එමගින් පෞද්ගලික බලාගාර හිමියන්ට ජනතා මුදල් පොම්ප කිරීම නවතා දැමිය හැකිය. එය ලංවිමටත් රජයටත් සහනයකි. සුළං බලයෙන් විදුලිය මෙගාවොට් 500ක් නිපදවීමට නියමිතය. එය ඉන්දියානු සමාගමකට භාරදීමට එරෙහිව කෑ ගැසීම නිරර්ථකය. සුළං බලයෙන් මෙගාවොට් 500ක් නොව 10,000ක් පමණ නිපදවිය. හැකි තත්වයක් රටේ පවතී.  ඒ සඳහා පාරිසරික අධ්‍යයනයක් කළ යුතුය. එය මේ වනවිටත් නිම වී තිබිය යුත්තකි. එසේම එය කිරීම රජයේ වගකීමකි. එවැන්නක් කරන්නත් බැරිනම් රටට ආණ්ඩුවක් කුමකටද? මෙගාවොට් පහකට වැඩි සුළං බලාගාරවලට පමණක් අනුමැතිය දෙන බව ආණ්ඩුව කියයි. මෙගාවොට් පහක බලාගාරයක සුළං කණුවක උස මීටර් 118ක් පමණ වෙයි. සුළං පෙතක දිග මීටර් 40ක් පමණ වෙයි. එවැනි බලාගාර සඳහා පාරිසරික අධ්‍යයනයක් කළ යුතුමය. පාරිසරික අධ්‍යයනවලින් පසු මෙගාවොට් 5000ක බලාගාර ඉදිකළත් ලංකාවේ විදුලිය පිළිබඳ ප්‍රශ්න විසඳාගැනීමට හැකි වෙයි. අවසාන වශයෙන් කිව යුතු වෙනත් කාරණයක් ද තිබේ. වර්ධනය හා පෝෂණය කළ යුත්තේ පෞද්ගලික ව්‍යවසායිකයන් මිස රාජ්‍ය ව්‍යාපාර නොවේ. රජයට ව්‍යාපාර කළ නොහැකි බව එයාර් ලංකා, ලංවිම, තෙල් සංස්ථාව, සතොස වැනි ආයතන මගින් මැනවින් ප්‍රදර්ශනය කර තිබේ. එසේම ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමැතිව සිටි යුගයේ හඳුන්වා දුන් මුදල් රෙගුලාසිවලින් දැන් රටක් කරවිය  නොහැකිය. අප්‍රිකාවේ කෙන්යාව වැනි රටවලවත් දැන් විනිමය පාලනය නොකරයි. විනිමය පාලන පන දෙපාර්තමේන්තු දඒ රටවල නැත. අපේරටේ විනාශයට විනිමය පාලනය දප්‍රබල හේතුවකි. විනිමය පාලනය කිරීම හොඳ ප්‍රතිපත්තියක් නම් රටේ විදේශ විනිමය හිගයක් ඇති වෙන්නේ ඇයි? ඒ හිගය විසින් පෙන්වා දෙනු ලැබ තිබෙන්නේ විනිමය පාලනය අසාර්ථක බවය. විනිමය පාලනය කිරීම පිටරටවලට ගොස් ව්‍යාපෘති කරන අප වැනි අයට බරපතළ ප්‍රශ්නයකි. මහ බැංකුව අප අධීක්‍ෂණය කරන්නේ ඔවුන්ගෙන් ඩොලර් ඉල්ලාගෙන ගොස් ව්‍යාපෘති කරන්නා සේය. මේ විනිමය පාලනය සහමුලින්ම නැති කළ යුතුය.විනිමය පාලනය නැති කළහොත් පෞද්ගලික අංශය රටට ඩොලර් ගෙනෙනු නිසැකය. දැනට කිසිවකු රටට ඩොලර් ගෙනෙන්නේ නැතේ ඒවා යළිත් එළියට රැගෙන යා  නොහැකි නිසාය. පවතින නීති යටතේ ඩොලර් රැගෙන යා නොහැකිය. ඒ නිසා කිසිවකු රටට ඩොලර් රැගෙන එන්නේ නැත. මා මේ කියන්නේ ලාංකික ව්‍යවසායකයන් හට අප ප්‍රායෝගිකව විඳවන දේවල් ගැනය. මේ ප්‍රශ්නය අපනයන සමාගම්වලටද පවතී. ඒ නිසා ඒ සමාගම් ද තමන් සතු ඩොලර් වැඩි ප්‍රමාණයක් ලංකාවට නොගෙනෙයි. යල් පැනපු නීතිවලින් නූතන ලෝකයේ ආණ්ඩු කළ නොහැකි බවත් රට හා ජනතාව සුඛිත මුදිත කළ නොහැකි බවත් මැති ඇමැතිවරුන් රජයේ නිලධරයනුත් විශේෂයෙන් මහ බැංකුවේ නිලධරියනුත් තේරුම් ගෙන කටයුතු කළහොත් පමණක් රටටත් ජනතාවටත් සහනයක් සැලසෙයි.  නැතිනම් පවතින පීඩා තවත් වැඩි වෙයි.සටහන-ගුණසිංහ හේරත්-ලංකාදීප
තමන්ට නොතේරෙන මඟුලක් ගැන කතා කරන්න එපා. විදුලි ඉංජිනේරුවෝ කියලා මිනිස්සුන්ට දකින්න ඉන්නේ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවෝ ( area electrical engineer) විතරයි. නමුත් බැක්ග්‍රවුන්ඩ් එකේ අති විශාල තාක්ෂණික කාර්යය භාරයක් කරන්න තියනවා. දැනටත් සමහර අංශ පවත්වාගෙන යන්නේ අමාරුවෙන්.
-13
NEGATIVE
ncpp_train_39165
ඔක්තෝම්බර් 1 දා ඩිස්නි+ හොට්ස්ටාර් හිදී ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙන Shiddat චිත්‍රපටයේ ගීතයක් ශ්‍රී ලංකා ගායිකා යොහානි ලවා නැවත ගායනා කර එය චිත්‍රපටයේ ප්‍රවර්ධනයට යොදා ගැනීමට සුප්‍රකට සංගීත සමාගමක් වන ඉන්දීය ටී සීරීස් T-Series සමාගම කටයුතු කර තිබෙන අතර අද (28) එය යූටියුබ් වෙත එළි දක්වන ලදි.  හින්දි බසින් ගැයෙන මෙම ගීතයේ චිත්‍රපටයේ ඇතුළත් මුල් ගායනය සිදු කරන්නේ මනන් භාරද්වාජ් විසිනි.යොහානි ‘මැණිකේ මගේ හිතේ’ ගීය නිසා ඉන්දීය යූටියුබ් රසිකයන් අතර ප්‍රකටව ඇති නිසා ඇය ලවා මෙම ගීතය නැවත ගායනා කරවාගෙන සමාජ මාධ්‍ය තුළ චිත්‍රපටයේ ප්‍රවර්ධනය පිණිස එය උපයෝගී කිරීමට ටීසීරීස් සමාගම බලාපොරොත්තු වේ.Shiddat Title Track (Official Female Version) පහතින් පළවේ.
උබලා වගේ ඉරිසියාකාර කුහක් හෑත්ත නිසා තමයි මේ රටේ ඉන්න වෑඩකරුවන්ට තෑනක් නෑත්තේ..අගය කරපන් ඒ හෑකියාව. උබට අහන් ඉන්න බෑරිනම් වෙන එකක් අහපන්...තුප්පහියෙක් වෙන්න එපා ඩෝ.
16
POSITIVE
ncpp_train_39166
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත් කිරීමට දායකවීමේ වරදටත් රනිල් වික්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා ඊයේ (20) තමාටම ශාප කරගත්තේය. ඔහු මෙසේ ශාපකරගත්තේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති  මාදුලුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාහි වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද පැවසීය. ''මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තෝරාගැනීමට අපට හේතු ලෙස චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අපට පෙන්වා දුන්නේ ඔහු දූෂිතයෙක් නොවීමත්, ජාතිවාදියෙක් නොවීමත්, අත්දැකීම් ඇති අවංක පුද්ගලයෙක් වීමත් යන කරුණුය. එහෙත් ඒ සියල්ල සාවද්‍ය බව අද රටම දන්නවා. ගුවන්යානා පුරෝගෙන මහජන මුදල් නාස්ති කරමින් රට  සිරි යන බවට අප මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා  කළා. එහෙත් අද වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා හැම  වැඩකින්ම මහින්ද රාජපක්ෂව පරදවා ඇති බව ඔප්පුකර හමාරයි. මහින්ද රාජපක්ෂ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ නිසා ව්‍යවස්ථා සභාවක අවශ්‍යතාවය මතු වුණා. සිරිසේන මහතා තමන්ට අවශ්‍ය ලෙස විනිසුරුවන් පත් කර ගැනීමට නොහැකි වූ නිසා ව්‍යවස්ථා සභාවේ අවජාතකක දරුවෙක් ලෙස ගබ්සාවට ලක් කළා. මේ සෑම දේකින්ම විෂධ කළේ විධායක බලයෙන් රටට විනාශයක් නොවේද? ජනතාව එක් පුද්ගලයෙකු මත  විශ්වාසය තබා බලයට ගෙනාවත් ඔහු බලයට පත්වූ පසු කල්පනා කරන්නේ තමන්මගේ දරුවන්ට හා පරම්පරාවට ධනවත් වීමට මාර්ගය සකස් කිරිමයි. දරුවන්ට ප්‍රභූ ආරක්ෂාව සැපයීම කෙබදු විහිළුවක්ද? සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමට දායක වීම අප කළ වරදක් නම් ඒ වෙනුවෙන්  අපට සාප වේවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා. මහින්ද රාජපක්ෂ මහතා බලයෙන්  පහකිරීමට රටට අවශ්‍ය වූයේ පටු අරමුණුවලින් වියුක්තව බව කා හෝ තේරුම් ගැනීමට හැකි නම් අප සෝභිත හිමි මග යමින් හෘද සාක්ශියක් ඇති පුරවැසියන්ගේ ජීවිතවලට වගකියන නීතිය මත පාලනයට කැපවන නායකයෙක් වෙනුවෙන් යළි බලාපොරොත්තු දල්වා ගනිමු. සෝභිත හිමි නාමයෙන් සිරබත් කන්නට වුව සුදානම් සාධාරණ සමාජයක් වෙනුවෙන් කැපවී කටයුතු කරන්නෙමු.
අපේ රටට ගැලපෙන හොද නායකයෙක් කවද බිහිවෙඉද දන්නේ නෑ. හිටියේ හොරු ටිකක්. ඉන්නේ මෝඩයෝ ටිකක් අනේ මන්දා අපෙත් රටෙත් කරුමේ තමයි.
20
POSITIVE
ncpp_train_39167
කළුතර ප‍්‍රසිද්ධ බාලිකා පාසලක 6 වැනි වසරේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිය දියණිය දිනපතා උදේ ප‍්‍රමාද වී අවදිවීම පිළිබඳව කෝපයට පත්ව දියණියට කොස්සකින් හා පොල්ලකින් අමානුෂිකව පහරදී පසුව දියණියගේ පාසල් පොත්වලටද භූමිතෙල් දමා ගිනි තැබූ දෙදරු මවක් දකුණු කළුතර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් උදේෂ් රණතුංග මහතා නියෝග කළේය. සැකකාරිය කළුතර ගමගොඩ රජවත්තේ පදිංචි 47 හැවිරිදි දෙදරු මවකි. ඇය ඇඟලූම් සේවිකාවකි. ඇගේ සැමියා යුද හමුදාවේ සාජන්වරයෙකි. අවුරුදු 11ක් වූ දියණිය දිනපතා අලූයම 5ට අවදි වී ආච්චිගේ නිවෙසට යායුතු බවත් මව එම වේලාවට ඇඟලූම් සේවයට පිටත්ව යන බවත් අලූයම අවදි නොවූ නිසා මවගේ පහර කෑමට ලක්වූ බවත් පැවසූ දැරිය කළුතර නාගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට පසුගිය 21දා පිටව ගොස් ඇත. දැරිය මව සමඟ යෑම ප‍්‍රතික්ෂේප කළ නිසා ඇගේ ආච්චි භාරයට පත් කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. මතුගම - වසන්ත කුමාර
තාත්තා හමුදාවෙනේ. ගෑනි ඒ පවර් ලමයින්ට දානවා. එකනේ පොත් ගිනිතියන්නේ. මම තාත්තානම් ඔකිට මෝටාර් එකක් අරිනවා.
-14
NEGATIVE
ncpp_train_39168
ඕෂධී හේවාමද්දුම  මිසිස් ටොප් විවාහක රූ රැජිණ වෙයි පසුගිය 28 වනදා ලැට්වියාවේ පැවති ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමැති විවාහක රූ රැජිණ තරගයෙන් ලංකාවෙන් සහභාගී වූ ටෙලි නිළි ඕෂධී හේවාමද්දුම එහි කිරුළ දිනාගත්තා. මුදල් ගෙවා අයදුම් කර ඉදිරිපත්විය යුතු එම තරගයේ බරපැන සිය සැමියා දැරූ බව ඇය ස්තූති පූර්වකව සිහිපත් කර තිබුනි. එම තරගය සඳහා සහභාගීවූයේ රටවල් 19 කි.  මෙම තරගය සඳහා පසුගිය වසරේ ගයාත්‍රී ඩයස් සහභාගී වූ නමුත් ජයග්‍රහණය කළේ නැත. ජයග්‍රහණයෙන් අනතුරුව ඕෂධී කතා කළ අයුරු වීඩියෝ හා එම තරගයේ ඉසව් අතර ලබාගත් වීඩියෝ දෙකක් පහතින්ම දක්වා ඇත.Update මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් කිරුළ ඕෂධීට ලැබුණයි හැඟවුවත් ඇත්තටම ලැබුන‍ෙ බාබරාටලු
අපේ උනුසුම් සුබ පැතුම්...!!!
18
POSITIVE
ncpp_train_39169
ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක පනත් හා නීතිරීතීන් සංශෝධනය කිරීම ඇතුළු යෝජනා  03ක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්  මෙම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එමඟින් හෙතෙම ඉල්ලා ඇත්තේ, ගව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක 1958 අංක 29 දරන සත්ත්ව පනත, 1893 අංක 09 දරන හෝ ඝාතක ආඥාපනත සහ අදාළ අනුශාංගික වෙනත් නීති හා පළාත් පාලන ආයතන විසින් සම්මත කර ඇති නීතිරීතින් සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම නොපමාව සිදු කරන ලෙසයි. එසේම ගව මාංශ පරිභෝජනය කරනු ලබන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංශ ආනයනයට හා සහන මිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොපමාව ගැනීම මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී අන්දමින් යොදාගත නොහැකි වයස්ගත තත්වයට පත්වන ගවයන් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද සිය යෝජනාව මගින් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත. ඒ අනුව මෙම යෝජනා 03 ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ගව ඝාතනය තහනම් කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29)දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ  "ගව ඝාතනය සම්බන්ධයෙන් තිබෙන පනත් සංශෝධනය කර විද්‍යානුකූලව පියවර ගන්නවා" යනුවෙනි. -නිදර්ශි වික්‍රමසිංහ-
පාර්ලිමේන්තු වෙදී ඉන්න වයස ගත ගවයින් නිසා මහ ජනතාවත් තීරණය ගන්න කාලය ඇවිත් ඒ මොකද උන්ගේ බුද්ධිය අඩු නිසා
81
POSITIVE
ncpp_train_39170
ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි හානි වුවන්ට පිං පැනවීමේ හා දානමය පිංකමක් ස්වාමින් වහන්සේලා 150ක්ගේ වැඩමවීමේන් කිංස්බරි හෝටලයේදි අද පැවැත්වුණ අතර මෙම පිංකම සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටි බව වාර්තා විය.
Kingsberry හෝටලය අයිති සේලීස් සමූහයට. හේලිස් සමූහයේ වැඩිම කොටස් හිමිකාරත්වය දරන්නෙ දම්මික පෙරේරා
81
POSITIVE
ncpp_train_39171
ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිලිබදව අත් අඩංගුවට ගෙන රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය වන ගානියා බැනිස්ටර් ෆැරැන්සිස් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මතයි.
නම්බුකර හැළඹගේ රාජිත සේනාරත්න Is your Friend ?
1
POSITIVE
ncpp_train_39172
ඊයේ කතානායකවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර සදහන් කර ඇත්තේ වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසට ජනාධිපතිවරයාට අද 31 දිනයේ දැනුම් දෙන බවය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය ඇති බව පක්ෂ නායකයින්  ලිඛිතව දැනුම් දීම පදනම් කරගෙනයි. මෙම තීරණයට කතානායකවරයා බලතල ඇති බව එහිදී ප්‍රකාශවී තිබේ. ජනාධිපතිවරයා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවීමට එකඟ වුවත් නැතත් මෙම කතානායක තීරණය බලාන්විත කිරීමට හැකියාව ඇතැයි පැවසේ. ජනපතිගේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා රටේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩි පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකගේ ඉල්ලීම පරිදි කතානායක වරයාට ඇති විශේෂ බලතල වලට අනුව මේ සිකුරාදා (නොවැම්බර් 02වැනිදා) ට ප්‍රථම පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කරන්නට යන බව වාර්තාවේ.
අපේ රටේ තරම් ජරා දේශපාලනයක් ලෝකේ කිසිම රටක තියෙද මොන පක්ෂය ආවත් කවුරු පාලනය කරත් කවුරුත් කලේ කරන්නේ තමන්ගේ මල්ල පුරව ගත් එක ඒ වුනත් කතා කරන්නේ අපි ආවේ රට වෙනුවෙන් අපේ චන්දය ගත්දි අපිට කියන කතා සේරම ඉවරයි එ ගොල්ලෝ බලේට ආවම තම තමන්ට ඕන විදියට තීරන ගන්නව වාසි බලාගෙන ගෙම්බෝ වගේ අතනින් මෙතනට මෙතනින් අතනට පනිනව මේවටද අපි මේ ගොල්ලෝන්ට චන්දය දෙන්නේ අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ දුක වේදනාව කලකිරිම විතරයි .
25
POSITIVE
ncpp_train_39173
මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් යළිත් ගැටලුකාරී. වාතාවරණයක් මතුව ඇති බව වාර්තා වේ.මේ වනවිට රට තුළ මතුව ඇති ඩීසල් සහ පෙට්‍රල් හිඟකම හේතුවෙන් කණ්ඩායම් 05කට වැඩි සංඛ්‍යාවක තරගාවලියක් සංවිධානය කිරීමේදී  ඒ සඳහා ප්‍රවාහන වියදම් සහ ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන වැඩි වශයෙන් වියදම් කිරීමට සිදුවීම මීට මූලික හේතුව වී තිබේ. එමෙන්ම එම තරගාවලියේ තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීම නිසා ඉන්ධන අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. මෙම තරගාවලිය සඳහා මෙවර සුදුසුකම් ලැබීමේ තරගාවලියක්ද (එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුව සහ හොංකොං සහභාගිවන) පැවැත්වෙන අතර, ඒ අනුව වැඩි ධාරිතාවක ඉන්ධන ප්‍රමාණයක් මෙවර අවශ්‍ය වන බව ගණන් බලා තිබේ.රජය මේ වනවිට දැනට පවතින ඉන්ධන අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබාදීම මත මෙම තත්වය තව තවත් උග්‍රවී තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකු පවසා සිටියේ ඩීසල්, පෙට්‍රල් නොලැබුණහොත් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගැටලුකාරී වනු ඇති බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය මෙරටදී පැවැත්වීමට සිදු කළ හැකි සියලුම කාර්යන් සිදු කරන බවත්, ආසියානු ක්‍රිකට් තරගාවලිය වැනි රටවල් කිහිපයක් සහභාගි වන තරගාවලියක් මේ අවස්ථාවේ මෙරටදී පැවැත්වීම මෙරට ආර්ථිකයට බොහෝ වාසිසහගත බවත් එම විධායක කමිටු සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම තරගාවලියට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දියන් ඔයිල් සමාගම සමග සාකච්ඡා කරන බවත්,ඕස්ටේ‍්‍රලියානු තරගාවලියේදී මෙන් කිසිදු අතපසුවීමක් නොවී ඉන්ධන ලබාගැනීමට අපේක්ෂා කරන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.(පැතුම් ශ්‍රී විජේරත්න) 
ලංකාවට ඕක විතරය් දැනට අඩු...
-6
NEGATIVE
ncpp_train_39174
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා වියත්මග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් යූටියුබ් නාලිකාවකට සිදු කර තිබේ. ඔහු මෙසේ කියයි. ‘වියත්මග කියලා කියන කාරණය හුඟක් වෙලාවට දැන් සාකච්ඡාවට භාජනය වෙන දෙයක්නෙ.වියත්මග කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වශයෙන් පත්වන්නට පෙර ඔහු වටා ගොඩනැගුණු බුද්ධි මණ්ඩලයක්. ඒක දේශපාලන සංවිධානයක් නෙමෙයි. දේශපාලන පක්ෂයකුත් නෙමෙයි. 2016 – 2019 දක්වා අවුරුදු 4 ක පමණ කාලයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයත් සමග එකතු වෙලා මේ රටේ බොහෝ විද්වතුන්, ජනතාව එකතු කරගෙන සාකච්ඡා කරලා සෞභාග්‍යයේ දැක්ම කියන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කරන්නට විශාල දායකත්වයක් දුන්නා. නමුත් කැබිනට් මණ්ඩලය, රාජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය පරිපාලනය. කැබිනට් මණ්ඩලය ගත්තොත් වියත්මගේ කවුරුත් එතන නැහැනේ. රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පමණ ඉන්නවා එතන ඉන්නේ වියත්මගේ තුන්දෙනයි. එතකොට මේ රට දුවන්නේ වියත්මගෙන් නෙමෙයි. අමාත්‍යාංශ ලේකම්වරු ගත්තහම අමාත්‍යාංශ 70 ක් තියෙනවා, මා දන්නා තරමට වියත්මගෙන් ඉන්නේ 4 දෙනයි.වියත්මග සැලැස්ම අනුව පාලනය කරන එක රජයට අයිති කාරණයක්. රජය කියලා කියන්නේ වියත්මග නෙමෙයි.වියත්මගේ භූමිකාව එතනින් ඉවරයි. එහාට යන්නට තිබුණා අර කියපු කැබිනට් මණ්ඩලයේ අනෙක් තැන්වල හිටිය නම්. එහෙම කරලා නැහැ.‘
කොහොමත් උබලා වියත්මග විතරක් නෙවි වද පෙති, සාෆි, ගඟ දෙබෑ කල නාගයෝ වගේම පාස්කු ප්‍රහාරයත් ජනාධිපතිවරණයට කල එලි බහින්න හදපුවා කියලා පත්වෙන්න කලින්ම මොළේ තියෙන මිනිස්සු තේරුම් ගත්තා.
224
POSITIVE
ncpp_train_39175
අග්‍රාමාත්‍යවරයෙකු තේරීමේ බලයක් පාර්ලිමේන්තුවට නොමැති බවත්, පාර්ලිමේන්තුවට ඇත්තේ අගමැතිවරයා ඉවත් කිරීමේ බලය පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද හෙතෙම සඳහන් කළේය. "අපි රටේ නීතිය අනුගමනය කරනවා. පාර්ලිමේන්තුව කැදෙව්වා කියලා බලය පෙන්නන්න බෑ. රටේ ජනාධිපතිවරයා පත්කළ අගමැති කෙනෙක් ඉන්නවා නම් ඔහු තමයි අගමැති. ඔහු ඉවත් කරන ජනාධිපතිවරයාට පුළුවන් අවස්ථා තිබෙනවා. නම් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයි. ව්‍යවස්ථාවේ තිබෙන ක්‍රමවේදවලට අනුව මිසක් පාර්ලිමේතුව නැවත කැඳවා කියා, කවුද අගමැති කියලා තීරණය කරන්න බෑ. ව්‍යවස්ථාවේ කොතැනකවත් අගමැති මේ බලයක් පාර්ලිමේන්තුවට හෝ කථානායකට දීලා නෑ. අගමැති ඉවත් කිරීම ගැන පමණයි කියලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරලා ඉවරයි. කථානායකවරයා ව්‍යවස්ථා විරෝධී කටයුතු කරනවා” යනුවෙන්ද ඔහු කියා සිටියේය.
එතකොට රනිල් අගමැති කමින් ඉවත්කලේ පාර්ලිමේන්තුවේ බලයෙන්ද?
31
POSITIVE
ncpp_train_39176
ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් නිදහස් කර සිටියදී බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දී වෙඩි තබා ඝාතනය කළ ව්‍යාපාරිකයාගේ මරණය ඩුබායි රටේ සිටින “ගණේමුල්ල සංජීව” සහ ඉන්දියාවේ සිටින "කිඹුලාඇල පොඩි සුරේෂ් ”නමැත්තන් විසින් දෙන ලද කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය තොරතුරු හෙළිකරගෙන ඇත. මෙම සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ලබා සැකකරුවන් සිව්දෙනකු අතඅඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළිකරගෙන ඇතැයි පොලිසිය කියයි. වෙඩි කරනු ලැබුවේ ගල්බොරැල්ලේ විහාරමහාදේවි මාවතේ පදිංචි ඩබ්ලිව්. අයි. සංජීව (54) නමැති ව්‍යාපාරිකයෙකි.යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ටී 56 ගිනි අවියක්  උපයෝගිකරගෙන මෙම වෙඩි තැබීම කරඇති බවත්, වෙඩි පහර 27 ක් පමණ එල්ල කර ඇති බවත් පොලිසිය පවසයි. මියගිය ව්‍යාපාරිකයාගේ ඝාතනය මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදුකර ඇති බව පොලිසිය පවසයි. මියගිය ව්‍යාපාරිකයාගේ ඥාති පුතකු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවත්, ඝාතන කිහිපයකට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි. එම පුද්ගලයා තවත් පිරිසක්  සමග  බොරැල්ල සීවලීපුර මහල් නිවාසක දී තරුණයකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට ද සම්බන්ධ වී ඇති බව පොලිසිය කියයි. එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන බොරැල්ලේ “චුට්ට නැමැත්තාගේ ගෝලයකු බවද පොලිසිය සඳහන් කරයි. එම සිද්ධියට පළිගැනීම සඳහා ගණේමුල්ල සංජීව හා කිඹුලා ඇළ පොඩි සුරේෂ්  නමැති සංවිධානාත්මක අපරාධකරුවන් ඔවුන්ගේ ආධාරකරුවන් යොදා මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බව ද පොලිසිය පවසයි. ඉන්දිකා රාමනායක
හා හා කවුරුත් කලබල වෙන්න එපා.. ඒක එයාලගේ ප්‍රශ්නයක්
16
POSITIVE
ncpp_train_39177
ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් විජේසූරිය මහතා උත්සවයකට සහභාගී වෙමින් මෙසේ පැවසීය."සිංදුවක් කියාගෙන පැත්තකට වෙලා ඉන්න බෑ මේ කාලෙ. මං ඉස්කෝලේ යන කාලෙ ඉඳල මං ජෙප්පෙක්...ජේ වී පී කාරයෙක් මම. ඒ කියන්නේ වාමාංශික අදහස් වලට මම ගොඩක් ආදරෙයි.  මං මෙහෙම ආවම කඩේ යනව කියල කියයි. කමක් නැහැ. මේ පක්ෂෙට කඩේ යනව කියන අය දේශපාලන බිස්නස් එකක් වෙනුවෙන් නෙමෙයි එහෙම කරන්නෙ.කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ.මං නියෝජනය කරන්නෙ ටීම් එකක්. මං ආසයි ටීම් වර්ක් වලට මේ කණ්ඩායමත් එහෙම එකක්.සුදුස්සාට සුදුසු තැන දෙන්නම ඕනේ. පොලීසිය දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. බුදු දහම දේශපාලනීකරණය කරලා තියෙන්නෙ මේ යක්කු. අපේ ගම්වල අම්මලා තාත්තලාව දුප්පත් කමේම හිරකරලා හිර කරලා... පව් අපේ අම්මලා තාත්තලව වහල්ලු කරලා ඒ වහල් බව ලක්ෂ ගණන් වලින්  වැඩි කරනවා ඡන්දයට. පුළුවන් තරම් ගම්වල ඔයාලගේ අම්මලා තාත්තලව දැනුවත් කරන්න අපි මේ රට වෙනස් කරගන්න හදන්න යන්නේ“
සිංදු හොරා
-10
NEGATIVE
ncpp_train_39178
අද දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්‌වීම් වාරයට සහභාගි නොවන්නට ආණ්‌ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී තීරණය කර තිබෙන අතර උදෑසන 9 ට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සැකසීමට පැවති පක්ෂ නායක හමුවටද ඔවුන් එක්ව සිටියේ නැත. ඒ වෙනුවට පාර්ලිමේන්තු කැන්ටිමේ අඩු මිල උදෑසන ආහාර ලබාගනිමින් සාකච්ඡා කරමින්  සිටිනු වාර්තා විය. විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට සුදානම් වෙද්දී ඊට බාධා කරමින් තෙවරක් පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කර කල් තබන තත්වයට ඉඩ සැලසූ  ආණ්ඩු පක්ෂය ඉන්පසු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන ප්‍රතිපත්තියකට මාරු විය. අද ඔවුන් පාර්ලිමේන්තු නොපැමිණෙන දෙවන දිනයයි. ලංකාවේ අගමැතිවරයාද පාර්ලිමේන්තුව වර්ජනය කිරීම විශේෂ දෙයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි. අගමැතිවරයාගේ වියදම් කපා හරින ලෙස දන්ව අද දිනයේදී විපක්ෂය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ගෙනාපු මිරිස් කුඩු පිහි එහෙම පාවිච්චි කරනවා ඇති.
3
POSITIVE
ncpp_train_39179
 පසුගියදා බොරැල්ල කොටා පාර කාගිල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙඳ සැලේදී කිරිපිටි පැකට්ටුවක් සොරකම් කිරීමේ සිද්ධියට එම ආයතනයේ පිරිසකගේ පහරකෑමට ලක්වූ බොරැල්ල මැගසින් පාරේ පදිංචි කාන්තාව යුටියුබ් නාලිකාවක පෙනී සිටිමින් ඇයට  ඇතිවූ බලපෑම් කිහිපයක් ගැන හෙළිදරව් කර තිබේ.ඇය එම වීඩියෝවේදී මෙසේ කියන්නීය.“මට පොලිසියේදි කිව්වා ෆුඩ් සිටියට විරුද්ධව කිසි දෙයක් කියන්න එපා ඒගොල්ලන්ගෙන් 50000 ක් හරි ලක්ෂයක්හරි අරන් දෙන්නම් කියල. මාව පෙරට්ටුවට ගෙනිච්චාට පස්සේ එයාලව අඳුනගන්න එපා කියලත්කිව්වා. එයාලගෙන් ගාණක් අරන් දෙන්නම් කියලත් කිව්වා. මාධ්‍ය මගින් ඔයාට එක එක ඒව කියන්න අඩ ගසාවි ඒවා කරන්න එපා එහෙම කිව්වොත් කුඩු ටිකක්දාල මාව හයි කෝට් දානව කිව්වා.. හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න යන්න හදද්දි අමාරු වෙලා මට කිව්වා ඇඩ්මිට් වෙන්න එපා එහෙම වුනොතින්  පවු අහිංසක ගෑනු ළමයි හිරේ දාවි කියල. ඕක අතෑරලදාන්න කිව්වා.. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ මහත්තයා බන්ධනාගාර ගත වෙලා ඉන්නේ නැතිබැරිකමට මට උදව් කරන්න කවුරුවක්වත් නැහැ. මං බස්වල නැගලා හිඟාකාලා පවා ජීවත් වුණේ ආයේ ඉතින් ළමයින්ට බොන්න පිටි ඉල්ලලා තියෙනවා. නමුත් ඒ අය වැරදි දේවල් වලට ගොඩක් දෙනෙක් ප්‍රයෝජන ගන්න බලනවා. මං ෆුඩ් සිටියෙන් පිටි එකක් හොරකම් කළ බව ඇත්ත. ඒ වෙලාවෙ සල්ලි මදි වුණා.මගේ අතේ මුදල් තිබුනේ නැහැ. ළමයට පිටි‍ අවශ්‍ය නිසා මම පිටි එකක් හොරෙන් ගත්තා. ඒක ඇත්ත මං පිලිගන්නවා. නමුත් වැරැද්දක් කළා කියලා බොරුවට මගේ චරිතෙ ඝාතනය කරන එක වැරදී. මං කුඩු බොන කෙනෙක් නෙමේ. අවශ්‍ය නං මාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න කියලා මම කියනවා මත්කුඩු මත්ද්‍රව්‍ය කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නෑ කියලා මම කියනවා..“(The News Reporter යුටියුබ් වාර්තාව ඇසුරිනි) 
මේ රට විනාස වෙලා තියෙන්නෙ හොරකම පගාව දුෂණය නිසා. මුල ඉදලම හැදුවෙ නැත්නම් කවදාවත් අනාගතයක් නැති රටක්. නිතිය රකින එවුන් ඹක්කොටම වඩා දුෂිතයි.
49
POSITIVE
ncpp_train_39180
අද (27) උදෑසන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල්කර මෙරටට පැමිණීමෙන් පසු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම් සදහා රඳවාගනු ලැබූ ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සවස 3 ට පමණ මුදා හැර ඇති අතර එසේ රඳවා ගනු ලැබූ බන්ධනාගාර නියාමකවරයා වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබේ. අද උදෑසන 6.15 ට ෆ්ලයි ඩුබායි යානයකින් පැමිණි නදිමාල් උදේ 6.45 සිට සවස 2.45 පමණ දක්වා පැය 8 ක පමණ කාලයක් කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේදී ප්‍රශ්න කිරීම් වලට ලක්වූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී නදීමාල් පැවසූ කරුණු වලින් කොටසක් පමණක් මාධ්‍ය වෙත හෙළි කර තිබුණි. නදීමාල් පවසා තිබෙන පරිදි ඔහුගේ පියා වන අමල් පෙරේරා සමග ඔහු පසුගිය පෙබරවාරි 3 වනදා ලංකාවෙන් ඩුබායි බලා පිටත්ව ඇත්තේ සත්‍ය ලෙසම මාකඳුරේ මදුෂ්ගේ ආරාධනයකට එම සාදයකට යන බව දැනුවත්වය. තමා සහභාගි වන්නේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයකට බවට මෙරටින් ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව යාමට පෙර දැන සිටි බවත් එහිදී කොටු වෙයි යයි අපේක්ෂා නොකළ බවත් ඔහු පවසා ඇත.  අදාළ සාදය මාකඳුරේ මධූෂ්ගේ බවට සිය පියා වන අමල් පෙරේරා මෙරටදී තමන්ට දැනුම් දුන් බවත් කියා ඇති ඔහු තමා පිරිස සමග සිරගතවීම බලාපොරොත්තු නොවූ දෙයක් ලෙස සඳහන් කර ඇත. කෙසේ වෙතත් එදින සාදයේදී තමන් මත්ද්‍රව්‍ය භාවිත නොකළ බවත් ඒ ගැන එහිදී කළ පරීක්ෂණවලදී තහවුරුවීම නිසා තමාව අතෑර දමනු ඇතැයි විශ්වාස කළ බවත් කියා ඇත. ඒ අනුව ඩුබායි බලධාරීන් තමන්ව පිටුවහල් කිරීමට පියවර ගනු ලැබුවේ අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබු නිසා බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 24 වන වියේ පසුවන නදීමාල් පෙරේරා සහ 52 හැවිරිදි ලලිත් කුමාර නමැති බන්ධනාගාර නියාමකවරයා මෙරටට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමට අයත් එෆ් - Z547 දරන යානයෙන් වන අතර තමන්ව පිටුවහල් කළ පසුව තමන් සහ ලලිත් කුමාරට ලංකාවට ඒමට මුදල් නොතිබූ නමුත් ඒ ගැන සොයා බලන්නට මාකඳුරේ මධුෂ්ගේ වර්තමාන බිරිය කටයුතු කළ බවත් ඇය මුදල් වියදම් කර ගුවන් ටිකට්පත් සැපයූ බවත් ඔහු කියා ඇත. දිවයිනට පැමිණීමෙන් පසු පැය 08කට ආසන්න කාලයක් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ප්‍රශ්න කළ පසුව ඔහුව මුදා හැරුණේ පස්වරු 03 ට පමණයි.  ලලිත් කුමාර නැමති බන්ධනාගාර නියාමකවරයා නිදහස් නොකර තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන්නට පොලිසිය කටයුතු කර තිබුණි. ලලිත් පැවසූ දේවල් තවම අනාවරණය කර නැත. නදීමාල් කටුනායක ගුවන්තොටුපළ ඇතුලේ කාමරයක රඳවාගෙන ප්‍රශ්න කිරීම පැය 8 ක් තිස්සේ සිදුවෙද්දී ඒ ගැන රටේම මාධ්‍ය වලින් ආරංචි පැතිර ගිාය නමුත් ඔහු පැමිණි බව ආරංචි වී ඔවුන් වෙනුවෙන් ඩුබායි ගිය බවට පසුගියදා ප්‍රකාශ කළ නීතීඥ ශාබ්දික හෝ සොහාන් හෝ පවුලේ කිිසිවෙකු ඔහු කැටුව යාමට ගුවන් තොටුපළට නොපැමිණි අතර ඔහුගේ  මිතුරන් යයි සැකකළ හැකි තරුණයින් දෙදෙනකු වාහනයක් කුලියට ගෙන ඔහු කැටුව යාමට පැමිණ තිබුණි. මේ අතර දහවල වන විට නදීමාල් අමල් වෙනුවෙන් තමා ඩුබායි ගිය බවට විවිධ ආරංචි ගෙන ආ නීතීඥ උදුල් ප්‍රේමරත්න පැමිණ පෙර කී මිතුරන් දෙදෙනා සමග කතාබහේ සිටිය නමුත් පිටතට පැමිණි නදීමාල් ඔහුවද නොදුටු සේ වේගයෙන් මිතුරන් දෙදෙනා සමග ඇවිදගොස් වාහනයේ නැගී නිවසට ගියේය. නීතීඥ උදුල් නදීමාල් යනුවෙන් හයියෙන් කෑගැසුවත් ඔහු උදුල්ව ගණනකට නොගෙන ඇවිද ගියේය. ගුවන් තොටුපල පරිශ්‍රයෙන් නදීමාල් පිටතට පැමිණෙන තුරු දිගු වේලාවක් එතැන රැඳී සිටි මාධ්‍යවේදීන් ඔහු එලියට එද්දී අදාළ සිදුවීම පිළිබඳව විවිධ ආකාරයට ප්‍රශ්න කළ නමුත් 'මේ වෙලාවේ මුකුත් කියන්න බෑ..' 'මයින්ඩ් යුවර් අවුන් බිස්නස්'(තමන්ගෙ වැඩක් බලාගන්න) ආදී ලෙස මයික්‍රෆොන මගහරිමින් නදීමාල් පිටතට ගියේය. නදීමාල් ගිය පසුව එලෙස නදීමාල්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය පළ කරමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මාධ්‍යවේදීන්ට කියා සිටියේ 'ඇයි එයා සල්මන් කාන්ද ඔයාල එයා පස්සෙ ගිහින් ප්‍රශ්න අහන්නෙ.. එයාගෙ අතේ කිසිම වැරැද්දක් නෑ.. ගියේ සල්ලිදුන්න නිසා සිංදු කියන්න එච්චරයි' ලෙසිනි.
ෂෙල්ටන් පොඩි ෂොට් එකක් දාලා ඉන්න වෙලාවක මර්වින්ගේ ගෙවල් පැත්තට කොටුවක් පැන්නද කියන්නත් බෑ මේ වෙන දේවල් දැක්කහම. මර්වින්ගේමද කියලා සැකයි.
6
POSITIVE
ncpp_train_39181
ආගමන විගමන නිලධාරියෙකුරාජකාරිය මැද්දේ ෆෝන් එකින් ෆේස්බුක් බලන හැටි (video) කටුනායක ගුවන්තොටුපළේ පර්යන්තයේ නව සී.සි.ටී.වී. පද්ධතියක් සවි කිරීමට විරෝධය පළ කරමින් ආගමන විගමන නිලධාරීන් ඊයේ වර්ජනයක නිරත වුණා. එයට බලපෑ හේතු විමසීමේදී එම වර්ජකයන් හරි උත්තරයක් දී තිබුනේ නැති අතර සංගම් පවසන්නේ  ඕනෑ තරම් හිස් තැන් තිබියදී එතැන පමණක් සීසීටීවී සවි කිරීම වැරදි බවට අතාර්කික හේතුවකි. මේ සමග පළවන්නේ රාජකාරී වේලාව තුළ පාස්පෝට් පරීක්ෂා කරමින් සිටින නිලධාරියෙකු සිය ජංගම දුරකථනයෙන් ෆේස් බුක් වෙත පිවිස සිටින ආකාරයයි. සීසීටීවී වලට විරුද්ධ වන්නට මෙයද ඇතැම්විට එක් හේතුවක් වන්නට ඉඩ ඇත. එම වීඩියෝව පහතින්
ඊට නරකද උබේ ඔය මහා රජ හීනෙන් පෙලෙන බොලගේ අප්පොච්චිට ගොන් පාර්ට් නොදා ඉන්න කියලා තේරුම් කරලා දුන්නොත්. බොලගේ ඔය අප්පොච්චි දගලන්නේ මැරෙනකං රජ වේලා ඉදල පුත් කුමරෙකුට රජකම පවරන්නනේ.
115
POSITIVE
ncpp_train_39182
තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානූකූල අගමැති වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බව ඊයේ(30) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී එරට විදේශ කටයුතු ලේකම් ජෙරමි හන්ට් ප්‍රකාශ කර තිබේ. ඔහු හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අතර ඇති වු සංවාදයක් අතර තුරදී මෙම ප්‍රකාශය සිදුවිය. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතක දී සිදු කළ ක්‍රියාව ලංකාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් ජාත්‍යන්තර ප්‍රජාවද තවම පිළිගන්නේ ඔහු බවත් මෙහිදී හියුගෝ ස්වයර් මහතා පවසා තිබේ. මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් පමණක් බවත්, එනිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස දන්වන්නට කැමති බවත් ඔහු දන්වා ඇත. ඉදිරි දිනක මෛත්‍රීපාල සිරිසේන ජනපතිට මේ පිළිබඳ අවධාරණය කර සිටී ද යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් ලේකම්වරයා පවසා ඇත්තේ නිසැක වශයෙන්ම තමා මේ පිළිබඳ අවධාරණය කරන බවය. එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැඩි අවධානයකින් සිටින බවද එරට විදේශ ලේකම්වරයා පාර්ලිමේන්තුවේදී පවසා ඇත. මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කිරීමෙන් පසු ඇමරිකාව බ්‍රිතාන්‍යය ඇතුළු විදෙස් රටවල් ලංකාවේ ව්‍යවස්ථාව හරියාකාරව ක්‍රියාත්මක වීම පිළිබඳ අවධානය යොමු කරන බව දන්වා ඇති අතර චීනය හැර කිසිදු ප්‍රබල රටක් මහින්දට සුබපැතුම් පණිවිඩ එව්වේද නැත. එජා සංවිධානයට හා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටක් ලෙස ලංකාවේ අගමැතිවරයාට එම ධූරයේ කටයුතු ඉදිරියට පවත්වායාමට ජාත්‍යන්තර සහය හා පිළිගැනීම නිතැතින්ම අවශ්‍යවේ. මෙම තත්වය තුළ මෙම ගැටලුව ඉක්මණින් නිරාකරණය කර මහින්ද හෝ රනිල් දෙදෙනාගෙන් එක් අයෙකු නිවැරදි ලෙස පත්කිරීමේ අවශ්‍යතාව පැනනැගී ඇත. වීඩියෝව පහතින්
දෙශමාමක පොර ටෝක් කවුරු ,කවුරු දුන්නත් , අපි යැපෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ විදෙශිය ණය වලින් , නිදහස ලබලා අවුරුදු 70 කට පසුත් අපි ඉන්නේ වෙනදට වඩා පට්ට අවාසනාවන්ත යුගයක , මේ තත්වයට එදා මෙදා තුර රට පාලනය කරපු හැමොම වගකියන්න ඔනේ , බලාපියව් අපිට පස්සේ ගමං ආරම්භ කරපු රටවල් අද ඉන්න උජාරුව.
36
POSITIVE
ncpp_train_39183
"අපේ රටේ සිටින දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ජයලත් මනෝරත්න කාන්තාවක් බවට පත් වෙලා." මේ කියන පුවත තටු ලබා මේ දවස්වල ඉගිලෙන්න පටන් ගෙන තිබෙන්නේ අන්තර්ජාලයේ සැරිසරන ජායාරූප පෙළක් නිසයි. එක එල්ලේම හඳුනාගන්න බැරි වුණත්, ජයලත් මනෝරන කාන්තාවක් ලෙස සාරියකින් සැරසී සිටින  ඡායාරූප පෙළක් තමයි මේ විදියට අන්තර්ජාලය හරහා හුවමාරු වෙන්නේ. ඇත්තටම මේ ඡායාරූප පිටුපස ඇති කතාව කුමක්ද? ඔබ කාන්තා ඇඳුමින් සැරසී ගනු ලැබූ ඡායාරූ පෙළක් මේ දවස්වල අන්තර්ජාලය කළඹවනවා ජයලත් මනෝරත්න කියන ප්‍රවීණ කලාකරුවා එකපාරටම ගැහැනියක් වුනේ කොහොමද?     (සිනාසෙමින්) මේ දවස්වල හැමෝම අහන්නේ ඔය ප්‍රශ්නය තමයි. මේකයි ඇත්තම කතාව. මම අලුතින් චිත්‍රපටයක රඟපානවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුසිරන් ද සිල්වා. චිත්‍රපටයේ නම "මම මිස් ජෙනිස්". මේ කියන චිත්‍රපටය වෙනුවෙන් තමයි ඔය ඡායාරූප ගත්තේ. මේ චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ කාන්තා චරිතයක්ද?     නැහැ. චිත්‍රපටයක් හැටියට මගේ නම "ලියෝන්" ඔහු රැකියාවක් නැති කමින් පීඩා විදින පුද්ගලයෙක්. බැරිම තැන ඔහු රැකියාවක සම්මුඛ පරීක්ෂණයක් සඳහා යන්නයි මේ විදියට වෙස් ගන්නේ. ඔහු ධනවත් පවුලක දඩබ්බර ගෑනු ළමයෙකුගේ පාලිකාවක් විදියට යනවා. ඒ සඳහා යන්නේ මිස් ජෙනිස් විදියට. එවැනි කතාවක් තමයි චිත්‍රපටය පුරා ගලා යන්නේ.  මෙය හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්ද?     නැහැ. එය තමයි මෙහි ඇති විශේෂත්වය. මෙහි සමාජය ගැන සියුම් විවරණයක් කරන චිත්‍රපටයක්. නමුත් ඔබේ චරිතයේ ස්වභාවයත් සමගම ඊට හාස්‍ය එකතු වෙනවා  නේද?     ඒක තමයි මම මුහුණ දීපු ලොකුම අභියෝගය. මේ චිත්‍රපටය නරඹලා මිනිසුන් හිනා වුණොත් නම් මම අසාර්ථකයි. මොකද අධ්‍යක්‍ෂවරයා වුණත් මගෙන් බලාපොරොත්තු වුණේ ඉන් එහා ගිය රගපෑමක්. හරියට කඹයක් උඩ යනවා වගේ සියුම් රගපෑමක්. හැබැයි මේ සඳහා මට සැහෙන්න සුදානමක් වෙන්නත් සිදු වුණා.  අපිත් ආසයි ඔබ ඒ චරිතයට හැඩ ගැහුණු ආකාරය ගැන දැන ගන්න?     ඔස්ටින් හෝජමාන් වැනි නළුවන් කාන්තා චරිත රගපෑ විශිෂ්ට ගණයේ චිත්‍රපට 7ක් විතර මා නැරඹුවා. බටහිර සංස්කෘතිය තුළ කාත්තාව හා පුරුෂයාගේ ඇවතුම් පැවතුම් ගමන් බිමින් ඉරියව් වල ලොකු වෙනසක් නෑ. ඒ හින්දා පිරිමියකුට ගෑනු චරිතයක් රඟපාන එක අමාරු නැහැ. ඒත් පෙරදිග සමාජයේ කාන්තාවගේ පැවතුම් තුළ යම් ලාලිත්‍යයක් තියනවා. හාස්‍යය මතු නොවන විදියට ඒ ලාලිත්‍ය මතු කරන්න මට සිදු වුණා. කොටින්ම මගේ බිරිඳ ගෙදර හැසිරෙන ආකාරය පවා මම අධ්‍යයනය කළා. ඔබ කාන්තාවක් විදියට සැරසිලා ඉන්න විට අපටත් හඳුනාගන්න බැරී වුණා මේ ජයලත් මනෝරත්න කියලා?     ඇත්තටම ඔව්. මොකද මේක අමුතුම වැඩක්නේ. නලින් ප්‍රේමතිලක (වේශ නිරූපණය) හරුන් (කොණ්ඩා) සැකසුම් ශාන් (ඇඳුම්) තිදෙනාගේ දක්‍ෂතාවය තමයි ඒ.  පාන්දර 4ට වාඩි වුණාම ඒ දවස් ටිකේ මම නැගිට්ටේ 6.30ට විතර. ඒක එතරම් දිර්ඝ කාලයක මේකප් එකක්. මම මිස් ජෙනිස් චිත්‍රපටයේ රඟපාන අනෙකුත් ශිල්පීන් කවුද?      දුලීකා මාරපන, ජයලාල් රෝහණ, මාධනී මල්වත්ත, කුමාර තිරිමාඳුර, ගිරිරාජ් කෞෂල්‍ය, උදාරී පෙරේරා ඇතුළු පිරිසක් මෙහි රගපානවා. “මිස් ජෙනිටත් හඩ සපයන්නේ ඔබමද?     නැහැ. චරිතය වඩා හොඳින් තාත්විකව මතුවන්න පිරිමි හඬට සමාන ශිල්පිනියකගේ හඩ කැවීම් කරන්නයි හිතාගෙන ඉන්නේ. කවදාද මිස් ජෙනිස් අපට දැකගන්න ලැබෙන්නේ?     හපුතලේ රූගත කළා. දැන් කොළඹ රූගත කිරීම් කරනවා. දර්ශන වලින් තුනෙන් එකක් රූගත කරලා අවසන්. හැකි ඉක්මනින් මේ චිත්‍රපටය ජනතාවට දැක බලා ගන්න පුළුවන් වේවි. ඔබේ කලා දිවියේ අලුත් තොරතුරු මොනවාද?     මෑත කාලයේ මීට චිත්‍රපට 5ක විතර රගපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මගේ "තලමල පිපිලා" නාට්‍යය ජුලි 24දා යළිත් වේදිකාගත වෙනවා. "වන ලැහැබක" නමින් අලුත් නිර්මාණයකට මේ දිනවල සුදානම් වෙනවා.
කැකිරි, උඹට කරුණාවෙන් කියමි. මනෝරත්න කියන්නේ දක්ෂ, උගත් කලාකරුවෙක්. ඔහුගේ රංගනය,ගායනය, භාෂා දැනුම හැමදේම ඉහලයි. එහෙම කලාකාරයෝ ටික දෙනයි ලංකාවේ ඉන්නේ. එවැනි උසස් කලාකරුවෙකුට අපහාස කිරීම කැතයි නේද? විහිලු කරන්නත් වෙලාවක් තියෙනවා බන්. මේ ඒකට වෙලාව නෙවෙයි.
50
POSITIVE
ncpp_train_39184
රැම්සා සම්මුතිය අනුව තෙත් බිමක් වශයෙන් ද ප්‍රකාශයට පත්කර ඇති පුත්තලම, ආනවිළුන්දාව අභය භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් ඉකුත් 25 වැනිදා රාත්‍රියේ ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් විනාශ කරනු ලැබ ඇත. ආනවිළුන්දාව අභය භූමියට අයතා මුතුපන්තිය, කාසන්වත්ත සීමාවේ කොටසක් මෙලෙස විනාශ කර ඇති අතර ඉස්සන් කොටු සෑදීම සඳහා කිසියම් පිරිසක් විසින් මෙසේ කරන්නට ඇතැයි ප්‍රදේශවෑසීහු චෝදනා කරති. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්‍ෂ එරන්ද ගමගේ මහතා පැවසුවේ ආනවිළුන්දාව අභය භූමියේ සිදුකර ඇති විනාශය පිළිබඳව හලාවත දිසා අධිකරණයට ද කරුණු වාර්තා කර ඇති බවයි. මෙම විනාශය සිදු කළ සැකකරුවන් හා යොදාගත් යන්ත්‍ර අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටින බව ද පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්‍ෂවරය සඳහන් කළේය.  ආනවිළුන්දාව පරිසර පද්ධතිය වනජීවී නීතිය  යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර රැ සම්මුතිය අනුව තෙත් බිම් පද්ධතියක්  ලෙස ද ප්‍රකාශයට පත්කර ඇතැයි ඔහු පැවසීය. ඉකුත් 25 වැනිදා පස්වරු 4.30ට පසු කිසියම් පිරිසක් ඩෝසර් යන්ත්‍රයක් රැගෙන අභය භූමියට ඇතුළු වී මෙම විනාශය සිදුකර ඇතැයි ද එරන්ද  ගමගේ මහතා කීවේය. එම විනාශ කළ කොටසේ ශාක ස්ථර සම්පුර්ණයෙන් ඉවත් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. මීට පෙර ද මෙම පරිසර පද්ධතියට ඇතුළු වූ පිරිස් මෙවැනි විනාශයත් කර ඇති බව ඔහු කීවේය.  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වයඹ පරිසර හඬ සංවිධානය නියෝජනය කරන පරිසරවේ දී අජිත් ගිහාන් මහතා පැවසුවේ උඩප්පුව ප්‍රධාන මාර්ගය ඔස්සේ මුතුපන්තිය වෙත ගමන් ගන්නා අතුරු මාර්ගයකින් මෙම ඩෝසර් යන්ත්‍ර ඇතුළු කරන්නට ඇතැයි සැක කරන බවයි.  මෙයට පෙර ද ආනවිළුන්දාව අභය භූමියට අවස්ථා ගණනාවක දී විවිධ පිරිස් ඇතුළු වී එහි කොටස් බලහත්කාරයෙන් අල්ලාගෙන ඉස්සන් කොටු සකසා ඇති බවයි. මෙම සිදුවීම් 2000 වසරේ හා ඉන් පසුව ද වාර්තා වී ඇති අතර ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මකවීමත් සමඟ අදාළ පිරිස් එම ස්ථාන අතහැර ගිය බව ද අජිත් ගිහාන් මහතා කීවේය. පරිසරය රැකගැනීම ගැන නිරන්තරයෙන් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විනාශයට එරෙහිව නිසි පියවර ගනිමින් මෙම පරිසර පද්ධතිය ආරක්‍ෂ කර ගැනීමට කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂ කරන බව ද ඔහු සඳහන් කළේය. කිසියම් දේශපාලන සහයෝගයක් නොමැතිව අභය භූමියකට ඇතුළු වී මෙවැනි විනාශයක් කිරීම අපහසු බැවින් මේ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ඇති බවට සැකයක් පවතින බව ද ගිහාන් මහතා පැවසීය. මෙසේ වනසා දැමූ කොටසේ නැවත කඩොලාන රෝපණය කිරීමට පරිසරවේදීන් හා වනජීවී නිලධාරින් එක්ව මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ඔහු කීවේය. ආනවිළුන්දුව අභය භූමිය හෙක්ටයාර් 1397 කින් සමන්විත අතර එය 2001 අගෝස්තු 3 වන දින ජාත්‍යන්තර රැම්සා සම්මුතිය අනුව තෙත් බිමක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ . ප්‍රධාන වැව් තුනක් ඇතුළු අලංකාර වැව් පද්ධතියකින් සමන්විත ආනවිළුන්දාව දේශීය හා මෙරටට පැමිණෙන විදේශීය සංචාරක පක්‍ෂීන් වර්ග රැසක් වාසය කරන සුවිශේෂ අභය භූමියක් වන බව ද වනජීවී නිලධාරිහු පවසති. පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ආනවිළුන්දාව ප්‍රදේශයෙන් මෙම සුන්දර පරිසර පද්ධතියට නැරඹීමට පැමිණිය හැකිය. කිසියම් දේශපාලන සහයෝගයක් නොමැතිව අභ්‍ය භූමියකට ඇතුළු වී මෙවැනි විනාශයක් කිරීම අපහසු බැවින් මේ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ඇති බවට සැකයක් පවතින බව ද ගිහාන් මහතා පැවැසීය. -ඩයනා උදයංගනී-
සෑර් එක්ක සෙල්ලම් බෑ. මේකනන් කලින් එකට වඩා පො@න ආන්ඩුවක්. මොකද කලින් එක ඕනි එකෙක් විවේචනය කලා කවුරුත් මුන්ව විවේචනය කරන්නෙ නෑ නිකන් මැරෙන්න ඕනි නෑ නෙ
42
POSITIVE
ncpp_train_39185
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව අධ්‍යාපන අමාත්‍යාශය යටතේ තිබියදී සමස්ත පෙළ පොත් මුද්‍රණයෙන් 98%ක් පෞද්ගලික මුද්‍රණාලවලට ලබාදීම බරපතළ දූෂණයක් බව ලංකා ගුරු සේවා සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ පාසල් පෙළ පොත් වර්ග 410ක් මුද්‍රණය කරන අතර රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට ලබාදී ඇත්තේ පෙළ පොත් වර්ග 24ක් පමණක් බවයි. ඉතිරී පෙළ පොත් අතරින් වර්ග දෙකක් පමණක් රජයේ මුද්‍රණාලයට ලබාදී ඉතිරී සියලු පෙළ පොත් වර්ග මුද්‍රණය පෞද්ගලික  මුද්‍රණකරුවන් 26ක් අතරේ බෙදාහැර තිබෙන බවත් පෙළ පොත් සඳහා රුපියල් මිලියන 4385ක් අධ්‍යාපන අමාත‍්‍යාංශය වියදම් කරන බවත් ඔහු සඳහන් කළේය. සමස්ත පෙළ පොත් ප්‍රමාණයෙන් 95%කට වැඩි  ප්‍රමාණයක් පෞද්ගලික මුද්‍රණලවලට ලබාදීමෙන්  පැහැදිලි වන්නේ රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම  වෙනුවට තවදුරටත්  පෞද්ගලික අංශය සමඟ  ගනුදෙනු කරමින් වෙනත් කූට අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවටද ඔහු චෝදනා කළේය. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව සඳහා රුපියල් මිලියන 88ක් මේ වන විට වැය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාශය ප්‍රකාශ කර තිබියදී පාසල් පෙළ පොත් මුද්‍රණය මෙලෙස බාහිර පාර්ශ්වයන්ට ලබාදීම තුළ පැහැදිලි වන්නේ මුද්‍රණ නීතිගත සංස්ථාව අධ්‍යපන අමාත්‍යාශයට පැවැරීමේ අරමුණු ඉටු වී නොමැති බව යැයිද ඔහු පැවැසුවේය. මුද්‍රණ නීතිගත සංස්ථාව සංවර්ධනය කිරීමට කටයුතු කරන්නේ නම් සිදුකළ යුත්තේ පෙළ පොත් මුද්‍රණය සංස්ථාවෙන්ම සිදුකිරීම බවත් එසේ නොකොට අධ්‍යාපනයට වෙන් කරන සොච්චම් මුදලින් මූල්‍යමය ප්‍රතිපාදන මුද්‍රණ නීතිගත සංස්ථාවට වෙන් කිරීම බරපතළ අපරාධයක් බවත් ඔහු කියා සිටියේය. මේ දූෂිත තත්ත්වය පිළිබඳව ලංකා ගුරු සංගමය විසින් ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කළ බවද  ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. -උදයන්ති මුණසිංහ-
කවුරු අච්චු ගැහුවත් හැම අවුරුද්දෙම අලුත් පෙළ පොත් දීම අඩු කරල ඉස්සර වගේ පරණ පාවිච්චි කල හැකි පොත් ළමයින්ට ලබා දීමෙන් නාස්තිය විශාල වශයෙන් අඩු කරන්න පුලුවන්. එයින් ළමයින්ටත් පොත් පිලිබද වගකීමක් හැගීමක් ඇති වෙනව වගෙම රටේ සම්පත් පරිස්සමින් පාවිච්චි කරන විදියත් ඉගෙන ගන්නවා. නැත්‍තන් මේ ක්‍රමයෙන් වෙන්නෙ හැම ගෙදරම පෙට්ටි ගනන් පුරවපු මීයන් කැරපොත්තන් ලගින පෙළ පොත් ගොඩක් ඉතිරි වෙන එක විතරයි.
23
POSITIVE
ncpp_train_39186
තමාට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින නමුත් තමුන් කෙසේ හෝ ඉදිරියට ගමන් කරන බවත් ඉදිරි ජනාධිවරණයේදී ප්‍රධාන දේශපාලන කඳවුරු ‍දෙකම බිඳ වැටී පොදු ජනතා අපේක්ෂකයා ලෙස තමන් ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අපේක්ෂක නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඊයේ (29දා) කොළඹ මහජන පුස්තකාලයේදී මාධ්‍ය වෙත සඳහන් කළේය. "මම සැප්තැම්බර් 20දා සිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අවසන් කළා. ඒ අනුව මම නියත වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. නාගානන්ද බටහිර ගැත්තෙක් වෙන්නෙ නෑ, ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතුවලදී නාගහනද ඔප්පු කරලා තියෙනවා. වසර 70ක් මේ රට විනාශ කළ ජනතාවගේ අයිතීන් උදුරා ගන්න ඕනම කෙනකුට එරහිව නාගහනන්ද පෙනී සිටිනවා. මට දැන් ආරක්ෂාව ගැනත් ලොකු ගැටලුවක් තියනවා. මගේ ගෙදර සිටි මගේ සුරතල් බල්ලාටත් කිසිවෙකු වසදී අභිරහස් ලෙස මරා දමා තිබුණා. බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂක්ෂාව ඇතුවයි මම කටයුතු කළේ. අධිකරණයට යනකොටත් බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව ලැබුණා. මේ රටේ පුරවැසියකු ආරක්ෂා කරන ඒ රජය භාරගෙන කටයුතු කරනවා. ඒ අනුව අවශ්‍යම වෙලාව බලලා මම බ්‍රිතාන්‍ය පුරවැසිකම අහෝසි කළා. ජූලි 4දා තමයි මම පුරවැසිභාවය අහෝසි කරන අයදුම් කළේ. ඒ අනුව එංගලන්ත ස්වදේශ කටයුතු අමාතව්‍යයාගේ මැදිහත්වෙලයි මගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කළේ. " නාගහනන්ද මහතා වැඩිදුරටත් කීවේය. ජයසූරිය උඩුකුඹුර
අඹුඩ තද කරන්න කලින් බල්ලව බලා ගනින් මචන්
-9
NEGATIVE
ncpp_train_39187
එළැඹෙන වෙසක් මංගල්‍යයට සමගාමීව දිවයිනේ කිසිදු ප්‍රදේශයක තොරණ හා වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීම මෙන්ම වෙසක් කලාප වැනි මහජනතාව ඒකරාශි වන කිසිදු ප්‍රදර්ශනයක් පැවැත්වීම තහනම් බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. ඉතිහාසයේ කිසිවිටෙක මෙවැනි තහනම් කිරිමක් මෙරට තුළ සිදුවී නැති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍යවරයා පවසන්නේ රට තුළ දැනට උද්ගතව තිබෙන අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් ශාසනාරක්ෂක බල මණ්ඩලවල එකඟතාව මත එකී තහනම් කිරීමේ තීරණය ගත් බවයි. දන්සල් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවද විහාරස්ථාන තුළ ඉතා ආරක්ෂා සහිතව දන්සල් පැවැත්වීම සුදුසු බව තම මතය බවද කිසියම් ප්‍රදේශයක වෙසක් කලාපයක් පැවැත්වීමට අවශ්‍ය නම් එකී පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආරක්ෂක අංශවල උපදෙස් ලබාගත යුතු බවද ඒ මහතා පවසයි. ආගමික වතාවත් සිදු කිරීම සඳහා විහාරස්ථාන වෙත යන බැතිමතුන් ප.ව. 8.00ට පෙර එකී ආගමික වතාවත්වල නිරත වීම සුදුසු බවද එසේ විහාරස්ථාන වෙත යන බැතිමතුන් පරික්ෂා කිරිම සඳහා ප්‍රදේශයේ සියලු ආරක්ෂක බල මණ්ඩලවල හා දායක සභාවල සහාය ලබාගැනීමට අදාළ විහාරස්ථාන භාර විහාරාධිපතිවරුන් පියවර ගත යුතුව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි. වන්දනා ගමන් යන බැතිමතුන්ට මෙන්ම වෙනත් කටයුතු සඳහා යන පුද්ගලයන්ට කිසිදු විහාරස්ථානයක නවාතැන් පහසුකම් ලබාදීමට තහනම් බවද ඒ මහතා කීය. මෙකී තීරණ සම්බන්ධයෙන් ඉදිරි දිනකදි මහ නායක හිමිපාණන් වහන්සේ ආරක්‍ෂක කවුන්සලය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද මෙවර වෙසක් උත්සවය දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයට සිදු නොකරන බවද ආරක්ෂක අංශවල උපදෙස් වලට අනුව තමා එකී කටයුතු සිදු කරන බවද කිසියම් සිද්ධියක් වුවොත් එහි වගකීම තමාට භාර ගැනීමට සිදුවන නිසා තමා එසේ ක්‍රියා කරන බවද ඒ මහතා කීය. එහිදි  ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුද්ධ ශාසන ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවර වෙසක් මංගල්‍යයේදි ප්‍රතිපත්තිවලට මුල්තාන දෙන බවය. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයද ආරක්ෂක අංශවල උපදෙස් අනුව ඉතාමත් චාම්ව සිදු කරන බවද ඒ මහතා කීය. -කුමුදු උපුල් ශාන්ත-
ඇත්තටම මුස්ලිම්වරයෙක් විදිහට මම ලැජ්ජා වෙනවා තවත් මුස්ලිම්වරයෙක් නිසා රටේ අලංකාරවත් ලස්සන වෙසක් මන්ගල්‍යයක් කරගන්න බැරිව තියෙන්කොට. ඇත්තටම මුස්ලිම්වන අපිත් ගම වටේම යනවා වෙසක් කූඩූ . ලයිට්, තොරන් බලන්න ඒ විතරක් නෙවෙයි අහුවෙන හැම දන්සලක්ම කනවා බොනවා. සමහර අවුරුදු වලට වෑන් එකක් අල්ල ගෙන කටරගම වෙනකම් යනවා.. ඒත් දැන් අන්‍යාගමිකයින්ගේ මුහුණ වත් බලන්න ලැජ්ජායි. අපිවත් බලන්නේ ත්‍රස්තවාදීන් විදිහට. රෑට නින්දකුත් නැහැ. අපි කෙරෙහි තිබුනු විශ්වාසයත් නැතිවෙලා ගිහිල්ලා.
79
POSITIVE
ncpp_train_39188
උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ඇතුළු නව අමාත්‍යවරුන් දෙදෙනෙකු අද (29)  දිවුරුම් දී ඇත. ඒ අනුව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සී.වී.විග්නේශ්වරන් මහතා උතුරු පළාතේ මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, කෘෂිකර්ම හා ගොවි ජනසේවා, සත්ව පාලන, වාරිමාර්ග, ජල සම්පාදන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දී ඇත. අනන්ති ශෂීධරන් මහත්මිය උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා,සමුපකාර, ආහාර සැලසුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍යවරිය වශයෙන් ද පත් විය. උතුරු පළාත් අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය කන්දයියා සරවේශ්වරන් මහතාද තේරී පත්විණි. උතුරු පළාත් ප්‍රධාන ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දෙන සිදු කරන ලද්දේ පසුගිය කාලයේ උතුරු මහඇමතිට එරෙහි කැරැල්ලක් මතුවන තත්වයක් ඉඟි ලැබීමෙන් පසුව එයට විසඳුමක් ලෙස බව වාර්තාවේ.
ඒ නිසා වෙන්නැති එලගු තමිල් වගේ විරෝදතා කරන්නෙ. මූට වඩා මද්‍යස්ත මිනිහෙක් මේ තනතුරේ හිටියනං ගොඩක් වැඩ වෙන්න තිබ්බ.
25
POSITIVE
ncpp_train_39189
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් අඩුකරන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය. හමුවකදි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් මිල මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරිමට නියමිත බව ඔහු සඳහන් කළේය. ඉන්ධන වර්ගය මිල අඩුකිරීම පැවැති මිල නව මිල පෙට්‍රල් ඔක්ටේන් 92 රු 5 රු 140 රු 135 පෙට්‍රල් ඔක්ටේන් 95 රු 5 රු 164 රු 159 ඔටෝ ඩීසල් රු 5 රු 111 රු 106 සුපිරි ඩීසල් රු 5 රු 141 රු 136
කතානායක තුමාට ඔන්න පුලුවනි තවත් චන්දයක් තබන්න ඉන්ධන හල් වලින් අඩුවට ව්කිනීමද පාරිබොජකයා විසින් අඩු මිලට ගන්න එකද තහනම් කරන්න.
1
POSITIVE
ncpp_train_39190
මේ වනවිට රටේ පවතින බලශක්ති, විදුලිය සහ ගෑස් සැපයුම පිළිබදව පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ශෙහාන් සේමසිංහ යන මහත්වරු, එම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහූ ඊයේ (28) පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට සහභාගී වූහ. පවතින අර්බුදකාරී තත්ත්වය විසදා ගැනීම පිළිබඳව පක්ෂ නායකයන් ඇතුළු කාරක සභා සාමාජිකයෝ මෙහිදී අදාළ අමාත්‍යවරු සහ නිලධාරීන් සමග සාකච්ඡා කළහ.මෙහිදී ඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හදුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සදහා සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.මෙම අමාත්‍යාංශ ද්විත්වය සදහා නව ලේකම්වරු දෙදෙනෙක් පත්කර ඇති බවත් පවතින තත්ත්වය කළමණාකරණය කොට ඉදිරිදින කිහිපය තුළ පවතින අර්බුදය ජය ගැනීමට නිලධාරීන් සමග හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා පක්ෂ නායකයන් ඇතුළු කාරක සභාවේ සාමාජිකයන්ට පවසා සිටියේය. එසේම මෙම අර්බුදය සදහා බලපා ඇති හේතූ සහ පැවති කළමණාකරණ දුර්වලතා පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය. මෙහිදී ඛනිජතෙල් සැපයුම අඛණ්ඩව සිදු කිරීම සදහා මුතුරාජවෙල පර්යන්තය පැය විසිහතරකම සේවය කරන බවත් ආදාළ නිලධාරීන් ප්‍රමුඛ සේවක මඩුල්ල හැකි උපරිම කැප කිරීමකින් සේවය කරන බවත් අමාත්‍යරයා පැවසීය. විදුලි බල ජනනය සදහා අවශ්‍ය ගල් අගුරු නැවක් සදහා ගෙවීම් සිදුකළ බවත් ඒ අනුව ලබන සැප්තැම්බර් දක්වා අවශ්‍ය ගල් අගුරු පවතින බව ද ඔහු පැවසීය.
IOC වැඩි කරල CEPETCO වැඩි කරන්න සතියක් විතර යන කාලෙදි අපි ණය වෙලා හරි ටැංකිය පුරව ගත්ත ...ඇත්තම කියන්න එපැයි....දැන් මේ යකා කරන්න යන වැඩෙන් ඒකත් නැති වෙනව....මුන දෙගොල්ලම එකම වෙලාවට වැඩි කරන්න ගියාම .....
-1
NEGATIVE
ncpp_train_39191
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ද්විත්ව පුරවැසියෙකු ලෙස නොව ශ්‍රී ලාංකික පුරවැසිකම අතහැර බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබාගත් තැනැත්තියක ලෙස හැඳින්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මංපිල පෙන්වා දෙයි.21 වන සංශෝධනය ප්‍රකාරව ඇයට පාර්ලිමේන්තු වරම අහිමිවීයාම ගැන අදහස් දක්වමින් ගම්මංපිල පෙන්වා දෙන්නේ, ද්විත්ව පුරවැසිභාවයක් ඩයනාට නැති අතරම ඇයට ශ්‍රී ලාංකික පුරවැසිකමද නැති බැවින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත්වීම ප්‍රශ්නකාරී බවයි.මින් ඉහත ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධූරය අහිමිවූනේ 19 වන සංශෝධනය ප්‍රකාරව ද්විත්ව පුරවැසියන් ඉවත් කිරීමේදීය. ගීතා පාර්ලිමේන්තුවට ඇතුළත්වූ ලේඛනයේ ඇසූ ප්‍රශ්න වලට තමා ද්විත්ව පුරවැසියෙක්ද යන්නට  ‘ඔව්‘ යනුවෙන් පිළිතුරු සපයා ඇති නිසා එලෙස නීතියෙන් ඉවත්වන්නට සිදුවූ බවත් ඩයනා ගමගේ දැනට බ්‍රිතාන්‍ය පුරවැසියෙකු නිසා එම පැනයට ‘නැත ‘යයි දන්වා ඇති බව ගම්මංපිල පෙන්වා දෙයි.කෙසේ වෙතත් ඇය බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබාගැනීම මේ වනවිට එරට ලේඛන අනුව තහවුරුකරගෙන ඇතැයිද ඇය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත් වේලාවේ සිට ශ්‍රී ලාංකික පුරවැසිකම ඉබේම අහෝසි වන බවත් ඇයට ද්විත්ව පුරවැසිකමක් අවශ්‍ය නම් එය වෙනම නැවත ඉල්ලුම්කර ලබාගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි. ඩයනා එලෙස ඉල්ලා නැති අතර ඇය ශ්‍රී ලාංකික පුරවැසිකම අහෝසිවී තිබියදීත් ඇගේ පැරණි ශ්‍රීලංකා ගමන් බලපත්‍ර හා හැඳුනුම් පත් භාවිත කරමින් මේ දක්වා කටයුතු කරමින් සිටින බව ගම්මංපිල මහතා අනාවරණය කරයි.
ඒ වගේමයි ඔවුන්ට ගෙවන පඩි දීමනා වරප්‍රසාද. මේ වගේ දෙයක් හොයා බලන්න බැරි /නොහැකි කොමිසමට මහජන මුදල් ගෙවීම නාස්තියක්
10
POSITIVE
ncpp_train_39192
රුසියන් ජාතිකයකුගේ මළ සිරුරක් ගාල්ල කොටුපවුර අසලදී  ගාල්ල පොලිසියට හමුවී තිබේ. වයස අවුරුදු 55ක් වන අබ්රා මොච්කින් අලෙක්සෙල් නොහොත් අලෙක් නමැති රුසියානු ජාතිකයකු මෙසේ මියගොස් තිබිණි. මෙම රුසියානු ජාතිකයා හොල්සිස් ලෝවා ස්ටීර්ට් මොස්කව් - රුසියාව ලිපිනයේ පදිංචිකරුවෙකි. මොහු ස්ලිපින් මෝකර් හවුස් පනන්ගොඩ මැදපාර, හික්කඩුව යන ලිපිනයේ පදිංචිව සිටිමින් ආයුර්වේද ස්ටැක් රෙස්ටුරන්ස් නමින් ව්‍යාපාර ස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර, කරන ලද පරීක්ෂණ අනුව බීමතින් සිට කොටුපවුර මතින් බිමට ඇදවැටි සිදුවූ මරණයක් බවට අනාවරණය වී ඇත. වැඩිදුර පරීක්ෂණ ගාල්ල පොලිසිය මඟින් පවත්වයි. (රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි, පෝද්දල - යූ. එම්. තිලකරත්න)
බුදු අම්මෝ පූටින්ට නම් දැනගන්න තියන්න එපෝ!
81
POSITIVE
ncpp_train_39193
රජයේ නිලධාරීන්ට අපහාස කරන  රන්ජන් මර්වින්ට අන්තයි  - මහින්ද කියයි පසුගියදා නි.ඇමති රන්ජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් තුමියට බැණ වැදුණ සිද්ධිය මේ වනවිට දුරදිග ගොස් තිබේ.මේ ගැන ජනපතිගේ අවධානයද යොමුව ඇති අතර සිද්ධියට මැදිවූ දෙදෙනා ජනපති මන්දිරයට කැඳවා මුණගස්වා බේරුම් කිරීමට යන ආරංචියක්ද වාර්තාවේ. මේ අතරවාරයේ කැස්බෑවේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය අමතා ඒ ගැන මේ ආකාරයට ප්‍රකාශ කර තිබේ. ‘රන්ජන්ගේ අපහාස කිරීමට සම්පූර්ණ විරෝධය පළ කරනවා. ප්‍රාදේශීය ලේකම්ල මං හිතන් නෑ නිහඩව ඉඳී කියලා. රජයේ සේවකයන්ට එහෙම අපහාස කරන්න කිසිම දේශපාලනඥයෙකුට කිසිම අයිතියක් නෑ. මෙයා මර්වින් සිල්වට අන්තයිනෙ බලන කොට‘
අධෝමුඛයෙන් වචන උච්චාරණය කළ හැකි වයෝවුර්ධ අපත දේශපාලුවෙක් ගැන පරික්ෂාකර ඒ බව ලොවට හෙළිකිරීමට අන්තර්ජාතික විද්‍යාඥයින් පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තාවෙයි.
61
POSITIVE
ncpp_train_39194
සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ  48 වන ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ උත්සව මාලාවක් ඊයේ (24) උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී පැවැත්විණි. මහින්ද රාජපක්ෂ හිටපු අගමැති තුමන්ද ඊට එක්වූ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය රොෂාන් රණසිංහ , තිස්ස අත්තනායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ කතරගම මහා දේවාලය නිළමේතුමා ඇතුළු පිරිසක් ද එකතු වූහ.සංඝගත දක්ෂිණාව සඳහා උඩුවේ ධම්මාලෝක නාහිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා සහභාගී වූහ. අභිනවයෙන් ඉදිකෙරෙන රන්වේලායුධ මණ්ඩපය (කතරගම දේවාලය) වෙනුවෙන් මුල් ගල තැබීම ද එහි දී සිදුවිය. ඊට සමගාමීව 500 දෙනෙකු සඳහා ඇස් කන්නාඩී බෙදාදීම, වකුගඩු රෝග සායනයක්, අක්ෂි සායනයක්, දන්ත සායනයක්, ආයුර්වේද සායනයක්, බාහිර රෝගී ප්‍රතිකාර සායනයක් සහ  පොල් පැල බෙදාදීමක් ද සංවිධානය කොට තිබිණි. මෙම උත්සව අවස්ථාවට විදෙස් තානාපතිවරුන්ටද ඇරයුම් කර තිබුණි.ඡායාරූප එකතුවක් පහතින්
මේවා යට රුපියල් කෝටි ගණන් වල ජාවාරම්.දළදා මාලිගාව හොරා කාපු නාකි මයිනත් ඒවාට කෙලින්ම සම්බන්ධයි. දැන් අපේ රටේ බුදු සමය කියන්නෙ පට්ට ජාවාරමක්.අර ජැකා ද මොකාද එකා කිව්වානේ නාකි මයිනා බුදුන් ගේ නෑදෑයෙක් කියලා.ඒක පිළිගන්න එවුන් අහයි තමන් ගේ නෑදෑයන් ගෙ දේවල් අනුන්ට නොදී නෑදෑයොම අයිති කර ගන්න එකේ වරද මොකක්ද?කියලා
15
POSITIVE
ncpp_train_39195
පක්ෂය වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන ලෙසට අතුරලියේ රතන හිමියන්ට දැන්වූ බව හෙළ උරුමයයේ සභාපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ අද(26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුහ.අදාළ දැනුම්දීම මේ වන විට රතන හිමි වෙත යවා ඇති බවද උන් වහන්සේ මෙහිදි සඳහන් කර සිටියේය.රතන හිමියන්ට මන්ත්‍රීධුරය ලබාදුන්නේ පක්ෂය වෙනුවෙන් වැඩකරන බවට වූ පොරොන්දුව මත බවද උන් වහන්සේ සඳහන් කළේය.කෙසේ වෙතත් රතන හිමියන් ප්‍රකාශ කළේ තමන් කිසිදු පක්ෂයක් වෙනුවෙන් පෙනී නොසිටිමින් ස්වාධීනව මන්ත්‍රී ධුරයේ කටයුතු කරන බවය.
Api eka thana
6
POSITIVE
ncpp_train_39196
කාලගුණ විද්‍යාඥ ජිම් කැන්ටෝර් ඉයන් සුළි කුණාටුව වාර්තා කරමින් ක්ෂේත්‍ර වාර්තා කරමින් සිටියදී  සුළඟ ඔහු පසුපසට හමා ගියේය. සිද්ධියේ වීඩියෝවකින් දැක්වෙන්නේ වීදිය හරහා ගසක අත්තක්ද ඔහුගේ කකුලට වැදී ඔහු මතට කඩා වැටෙන ආකාරයයි.ඉයන් සුළි කුණාටුව අධික සුළං, හිම, විදුලිය ඇනහිටීම්, අධික වර්ෂාව, දේපළ හානි සහ පුළුල් ගංවතුර සමඟ ඇමරිකාවේ ෆ්ලොරිඩාවට දරුනු ලෙස බලපා ඇත. ව්‍යසනය වාර්තා කරන මාධ්‍යවේදීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිති.  මෙම වීඩියෝවේ  දැක්වෙන්නේ සුළං ධාරාවෙන් බොහෝ දුර ගසාගෙන ගිය කාලගුණ විද්‍යාඥ ජිම් කැන්ටෝර්, නැගී සිටීමට පොරබදමින්  සහාය සඳහා වීදි කුළුණක් අල්ලාගෙන සිටින ආකාරයයි. 
චිත්‍රපටයක කෑල්ලක් වගේ බොරු සෝබන රඟපෑමක්.
-35
NEGATIVE
ncpp_train_39197
කොරෝනා ආසාදිතවූ දෙවැනි පුද්ගලයාගේ මරණයට අවසන් කටයුතු ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කරමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ මුස්ලිම් ජාතිකයෙකුවූ මියගිය පුද්ගලයා සිය ආගමික චාරිත්‍ර අනුව භූමිදානයක් නොකර ආදාහනයක් සිදු කිරීම වැළැක්වීමට අවසන් මොහොත දත්වා තමා ඇතුළු පිරිසක් උත්සාහ දැරුවත් එය ව්‍යර්ථවී ගිය බවයි. එම නිවේදනය මෙසේය. කොවිඩ් 19 වෛරසයේ මීගමුවේ වින්දිතයාගේ ජනසා ආදාහනය කිරීම ගැනයි. අපගේ ඇදහිල්ලෙහි නියම කර ඇති පරිදි භූමදානය කිරීමට අවසර නොදී ආදාහනය කිරීම අවාසනාවන්ත, කණගාටුදායක හා ඇත්තෙන්ම නින්දිත සිදුවීමකි. මෙම කටයුත්තේදී ආදාහනය වැළැක්වීම සඳහා ඉහළ දේශපාලන හා වෛද්‍ය බලධාරීන් මැදිහත් වී අපේ හැකි උපරිමයෙන් අපි උත්සාහ කළෙමු. GMOA හි නිලධරයකු වන මඩකලපු ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුහයිල් සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙයිඩ් අලි සහීර් මවුලානා සමඟ ඊයේ රාත්‍රිය වන තුරුම ඉතා ක්‍රියාශීලීව මා කටයුතු කළ අතර ආගමික සංවේදීතාවන් සහ අවශ්‍යතාවන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව බලධාරීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළෙමු. හදිසි වසංගත තත්වයන් තුළ සිරුර මුලින් මිහිදන් කිරීම මිගමු බලධාරීන්ගේ විකල්පයක් ලෙස පෙන්නුම් කළද, ඉහළ ජල මට්ටම සහ මිනීවළට ජලය කාන්දු වීම නිසා භූගත මට්ටමට අඩි 10 ක් පහළින් භූමදානය කළ නොහැකි බව ඔවුන් කරුණු ලෙස ඉදිරිපත් කර තිබුණි. පසුව මීගමුවේ වෙනුවට කොළඹ මාලිගාවත්ත සුසාන භූමියේ භූමදාන කිරීමට කටයුතු සූදානම් කර තිබුණි. නමුත් සිරුර කොළඹට ප්‍රවාහනය කිරීමේ ඉල්ලීම ජේඑම්ඕ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවක් දැනගන්නට තිබේ. මේ මරණය ගැන අවසන් තීරණයට මහේස්ත්‍රාත් විමසුම ද සිදු නොවූයේ මරණයට හේතුව නිශ්චිතවූ බැවිනි. පවුලේ සාමාජිකයින්ගේ කනස්සල්ල හා ඉල්ලීම් නොසලකා හරිමින් දේහය ආදාහනය කිරීම සඳහා කිසියම් අවිනීත කඩිමුඩියක් ඇති බවක්ද පෙනෙන්නට තිබුණි. මට පවසා ඇති පරිදි මෙහිදී GMOA අපට සහාය වනු ඇත. චක්‍රලේඛය සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව ජේඑම්ඕ සාමාජිකයින් සහ ඩීජීඑච්එස් අතර දැනට පැවැත්වෙන රැස්වීමේදී මෙම ප්‍රශ්නය ප්‍රායෝගික හා අර්ථවත් ලෙස විසඳා ගන්නට අපේක්ෂා කරමි.
UAE වලත් සිරුර පුච්චනවලු නේද ?
53
POSITIVE
ncpp_train_39198
2009 වසර සඳහා දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමට රු. 25,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවලට වරදකරු කෙරුණු පානදුර මහානාම නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනියට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 8ක සිර දඬුවම් නියම කළේය. ඊට අමතරව විත්තිකාරියට රු. 5,000ක දඩයක්ද නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකාරියට අවුරුදු 2ක අමතර සිර දඬුවම් නියම කරන බවද නියෝග කළේය. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හා ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ දරුවකු 06 වැනි පන්තියට ඇතුළත් කිරීම සඳහා දරුවාගේ පියාගෙන් රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 25,000ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණ බවය. කේ.එස්. උදයකුමාර්
ඒකනේ Cristal ඔයා පැටලෙව්වනේ ඔක්කොම. මෙතන සිටුවරයා උපමා කලේ ගුණ දම් ඇති පින් කල අයටයි, දුප්පතා යනු පවිටු හා පිං අඩු අයටයි. බුදුහාමුදුරුවන් තරම් ඉතා නිවැරදි උපමා දේශනා කල වෙනත් කෙනෙක් මෙලොව නැත.
-3
NEGATIVE
ncpp_train_39199
රන්ජන්ගේ හෙණ ගහන කතාව නිසා පරිපාලන නිලධාරීන් වර්ජනයේ පසුගියදා සිනමා නළු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔහුට අයත් පාර්ලිමේන්තු ආසනය වන දිවුලපිටිය අකරගම ප්‍රදේශයේ පස් කැපීමේ ක්‍රමවේදය පිළිබඳව සොයා බැලීමට අකරගම ප්‍රදේශයට ගිය අවස්ථාවක අසාධාරණයක් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්වරියට බැණ වැදීමේ සිද්ධියක් ආන්දෝලනයක් ඇති කර තිබේ.  ප්‍රදේශයේ පස් කැපීම සඳහා බලපත් ලැබී ඇත්තේ අක්කරයක් තුළ මීටරයක ප්‍රමාණයක් ගැඹුරට වුවද මේ වන විට එය අඩි 30 කට වඩා ගැඹුරට කපා ඇති බව දැනගෙන ඒ කටයුතු වලට දේශපාලනඥයින්ට හා වෙනත් අයට අවසර දීම ගැන විමසන්නට ප්‍රාදේශීය ලේකම්වරිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් රන්ජන් පිරිසට එම ඇමතුම ඇසෙන සේ ස්පීකර් ෆෝන් දමාගෙන කථා කළේය. මුල් අවස්ථාවේදී ඇය දුරකථනය විසන්ධි කරනු ලැබූ අතර නැවත එම විසන්ධි කිරීමේ කේන්තියත් සමග ඇයව රන්ජන් ඇමතුවේ තදින්ය. මම රන්ජන් රාමනායක කථා කරන්නේ කියන්න ඇමතිතුමා ඇයි ලයින් එක කට් කලේ ඔයා නෑ නෑ කට්වුණා.. කියන්නකො.. කට්වුණා..? කට් කළා ඔයා.. ඇමතිතුමා ගැටලුවක් තියනව නම් ලියල එවන්න. ගැටලු ලියල එවන්නෙ නෑ.. දැන් ඔබතුමීට ඔතන ඇවිත් හොම්බට ඇන්නොත් ඔබතුමී ලියල එවනකං ඉන්නවද? අපි ඉතින් රාජ්‍ය නිලධාරීන් හොම්බට අනිනකමං නම් ඉන්නෙ නෑ. ආ ඔව් ඔව් ඔයා චණ්ඩියෙක් කියල අපි දන්නවා.අපි දන්නවා ඔයා ගෙවල් හදන්නෙ කොහොමද කියල ඔය එක එක්කෙනා කියන දෙවල් අහල මට බොරුවට කෑගහන්න එපා මට විරුද්ධව පැමිණිල්ලක් තියනව නම් විධිමත් පරීක්ෂණයක් කරන්න දැන් අවුරුදු 7 ක් තිස්සේ මේක කාල කාල හොරකම් කරලා උඹලට හෙණ ගහනව උඹලට කමක් නෑ ඇමතිතුමා ආදී ලෙස උණුසුම් වචන හුවමාරුව සිදුවිය. පසුව රන්ජන් රාමනායක මේ පිළිබඳ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන්ද විමසීමක් කළ අතර මෙම ජාවාරම අල්ලස් දී යටගසා ඇති බවත් අවධාරණය කළේ මාධ්‍ය වෙත නම් ගම්ද හෙළි කරමිනි. "පැහැදිලිව මේ ප්‍රදේශයේ පස් කපන පස් හොරා ඉන්දික අනුරුද්ද පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම ඔහුගේ සොහොයුරා තුසිත, ඒ වගේම අපේ පක්ෂේ වසන්ත දංගල්ල, ඉතිං මේ පුද්ගලයෝ පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව මේ හැමෝටම අල්ලස් දීලා තියෙනවා කියන එක තමයි තිත්ත ඇත්ත" මෙම සිද්ධියෙන් පසුව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන සේවා සංගමය නි.ඇමතිවරයාගේ ද්වේශ සහගත ප්‍රකාශය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කර ගන්නැයි ඉල්ලා ඇති අතර එසේ නොවේ නම් 30 වනදා සියල්ලන් සේවයෙන් බැහැරවන බව දන්වා ඇත. මෙම ප්‍රකාශය රාජ්‍ය නිලධාරීන් හෑල්ලුවට ලක් කිරීමක් ලෙසද දන්වා ඇත. එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්
මේ පර්මිට් එක දීල තියෙන්නේ අඩි 10 කට .30 ක් කපල. නිලදාරිනිය බොලේ පාස් කරනවා පර්මිට් එක දෙන තැනට. හා හා හා.. මෙතුමිය අස් කරන්න
1
POSITIVE
ncpp_train_39200
පසුගිය දිනවල පාර්ලිමේන්තු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදු නොවූ බවත් ඒ අනුව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි. නොවැම්බර් මස 14 දා, 15 දා, 16 දා, 19 දා, 21 දා, හා 23 දා යන දිනයන්හි පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් එම නිසා එකී වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි. සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධයක එස්.බී. දිසානායක, වාසුදේව නානායාකක්කාර, මහින්ද අමරවීර, විමල් විරවංශ,උදය ගම්මන්පිල ඇතුළු 9 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර තිබේ.
බ්‍රිතාන්‍ය විසින් සිය නව යටත් විජිතය සඳහා පිලියල කර 1978 ව්‍යවස්ථාව කූඨ ලේඛණයකි.මෙම කූඨ ලේඛණය හිස මුදුුනේ දරාගෙන සිටින හැම කෙනෙක්ම අමනයෙකි. මේ අනුව රාජපක්ෂද,මෙෙත්‍රිද,රනිල්ද පොදුවේ නියෝජනය කරන්නේ අමනකමයි.
-4
NEGATIVE