text
stringlengths 13
21.3k
| lang
stringclasses 1
value | src
stringclasses 1
value |
---|---|---|
ඒ කියන්නෙ අම්මලගෙ කැමැත්ත ඔයාට ප්‍රශ්නයක් නෙවෙයිද… | si | CulturaX |
ඔයාව අත්ඇරගෙන ආයෙ හිස් මිනිහෙක් වෙන්න මට ඕන නෑ කියන එකයි | si | CulturaX |
අම්මා කෙනෙක් දහ දුක් විඳ හැදූ පුතෙක් ව බලහත්කාරයෙන් තමන්ගේ කර ගන්නට හිතන ගැහැනු හිතකට දිනක ඒ පාපකර්මයට වන්දි ගෙවන්නට සිදු විය නො හැකි ද? | si | CulturaX |
දැං ඔයාගෙ අම්මට සැලෝන් එක දාල දෙන එන ගැන කතා කරමුකො | si | CulturaX |
ඇතැම් විට ඒ ඔහු ලබා ඇති ජීවිතාවබෝධය නිසා විය හැකි ය. | si | CulturaX |
මේ..බැරි වෙලාවත් තමුසෙ යුගාන්තව අතඅරිනවනං එහෙම මට කලිං කියනව | si | CulturaX |
මා කී සියල්ල අසා උන් තුෂී කීවේ එවැනි කතාවකි. | si | CulturaX |
ඇය සිනහ වෙවී මගේ ප්‍රහාරය වැළැක්වූවා ය. | si | CulturaX |
අම්මල කැමති වෙයිද කිය කිය ඒ කොල්ලට වද දෙන්න එපා. | si | CulturaX |
සීයත් සල්ලි ටිකක් දෙයි කියල අත්තම්මා කිව්ව. | si | CulturaX |
ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලැබීමට අම්මා තර ව සිතා ගත යුතු ය. | si | CulturaX |
මං හිතන්නෙ ආයෙ මං වරද්දගන්න එකක් නෑ | si | CulturaX |
කඩ කාමරය හදන්නට මුල් ගල තබන මොහොතේ අම්මා කඳුළු පිරි දෑසින් කීවා ය. | si | CulturaX |
අම්ම කෙනෙක් විදිහටයි මට වැරදුණ වෙලාවෙ ඔයා මං ළඟ හිටියෙ. | si | CulturaX |
අනේ…මේ හොඳ වෙලාවෙ අඬන්නෙ මොකද…හැම දේම වෙන්නෙ හොඳම විදිහටනෙ | si | CulturaX |
අම්මා සනසනු වස් මා එහෙම කීවත්, මා එහෙම කියා නිම වෙන්නටත් පෙර සිදු වෙමින් පැවතියේ කිසි සේත් හොඳ දෙයක් හොඳ විදිහට නොවේ! | si | CulturaX |
සර්..කොක්කෙන් උස්සන ලද්ද කොකිස් නම්..පකිස් හැදුනෙ කෝමද? | si | CulturaX |
ඒ මොහොතේ නොකිපුණු අහුබුදු ශූරීන් තරුණයාගේ නිර්මාණ ශීලීත්වය බොහෝ සේ අගය කර ගුරුන්ටත් අකුරු වරදිනවායයි කියා සිනාසෙන්නට තරම් නිහතමානී වූයේය.ඔහු සම්බන්ධ තවත් රස කතා බොහොමයකි.වරක ඔහු බසයක ගමන් කරමින් සිටියේලු.ටිකට් පත මිලදී ගැනීමේ වුවමනාව ඇතිව ඔහු කොන්දොස්තර කොලුවා අමතා මෙසේ ඇසුවේලු. | si | CulturaX |
ඔවුන් අවස්ථාවට අනුව යොදන බස සුඛනම්යච වීමම නොව රලු ,චන්ඩ, උපක්‍රමශීලී ආදී සියලු ගුණාංගයන්ගෙන් විය යුතුය. | si | CulturaX |
එක්තරා වෛද්‍යවරියක් උසස් වර්ගයට අයත් සුනඛයකු ඇති කලාය.ඇය ඌට කතා කලේ ඉංග්‍රිසී භාෂාවෙනි.මේ සත්වයා අමුත්තකු ඉදිරිපිට ඉංග්‍රිසියෙන් හැසිරවීමෙන් මේ වෛද්‍යවරිය තමාගේ භාෂා ශඛ්‍යතාවය තිරිසනා තුළින් අන්‍යයන්ට විදහා දැක්වීය.මෙසේ කාලයක් ගතවිය. | si | CulturaX |
ඇයට කියවිනි.බල්ලා පැමිණ අපූරුවට පුටුවේ ඉදගත්තේය.ව්‍යාජ බසට තිරිසනකු වුවද හීලෑවන්නේ ඉතාමත්ම කෙටිකාලයකට පමණය.තිරිසනා වුවද කැමති උගේ ප්‍රකෘතිය ඌ විසින්ම සොයා ගැනීමටය.එයද එක්තරා අන්දමක විමුක්තියකි. | si | CulturaX |
මේ සිදුවීම වූයේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසංන්නිවේදන පාඨමාලවේදීය.මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක විසින් පැණි වළළු තීරු ලිපිය ආරම්භකළ මුල් කාලය එයයි.එය වෙනස් ආරක් ගත් ලිපි සමුච්චයක් බැවින් ඔහු ඒ සදහා ලත් ප්‍රතිචාර විසල්ය.දිනක් විශාල ළමුන් පිරිසක් සිටින ලද දේශනයකදී ඔහුව පුද්ගලිකව අපහසුතාවයට පත් කරන අරමුනින් කිසියම් චිට් එකක් ඉදිරිපසට ගොස් තිබිණි.එය දිගහැර කියවූ මහාචාර්ය තුමා ඉන් පසු එය සභාවට ඉදිරිපත් කළේය. | si | CulturaX |
දිනූෂගෙ පැණි වළලු වලටද?දුලෝචනාගෙ පැනි වළලු වලටද? | si | CulturaX |
එය ඇසීමෙන් පසු අප තිගැස්සීමකට පත් වුනෙමු.මන්ද ටියුෂන් ප්‍රතිපදාව විශ්ව විද්‍යාලය තුළට රැගෙන ඒමේ දැඩි අප්‍රසන්නතාව සහ අදාළ ගුරුවරයා අපහසුවට පත් වී අප කෙරෙහි උරණවෙතැයි සිතූ නිසාය.එනමුත් සිදු වූයේ අනෙකකි.වෙනදාටත් වඩා ලස්සනට හිනාවුනු මහාචාර්යවරයා දුන්නේ මෙබදු පිලිතුරකි. | si | CulturaX |
'ඒ රීටා මේ රීටා නොවේ" ප්‍රශ්නය එයින්ම විසදුනේලු. | si | CulturaX |
මී ළගට මතක් වන්නේ භාෂාව සමග විශාල පෙරළියක් කළ ටයි මාමා හෙවත් ටයිටස් තොටවත්තයන්ය.ඔහු වෘතිය ජීවිතය තුළ හඩදෙකැව් මැදිරිය, වචන ඔබනවා වැනි අතිශය සම්භාවිත යෙදුම් භාවිත කළද සාමාන්‍ය ජීවිතය තුළ වචන භාවිත කළේ ඒ ඒ පුද්ගලයාට සහ අවස්ථාවට උචිත පරිදිය.ඔහුගේ එක්තරා චිත්‍රපටයක ගොනෙක් දක්කන අවස්ථාවක් රූපගතවෙමින් තිබුණේලු.ඉතින් මේ සදහා යොදාගත් නලුවාට මේ කාර්යය ආධුනික බැවින් ඔහු කරන්නේ ගොනාගේ ලණුව තදින් අල්ලාගෙන සිටීමයි.ඉන් සිදුවන්නේ ගොනාගේ ගමන නැවතීමයි.දර්ශනය රූ ගත කිරීම කිහිප විටක්ම නතර වූ තැන මේ දෙස බලාසිටි ටයි මාමාට ඉවසුම් නැතිවිය.ඔහු නලුවා ලගට ගොස් බැණ වැදුනේ මෙසේය. | si | CulturaX |
මේ සිදුවීමෙන් නලුවා ලැජ්ජාවට පත් වූ බැවින් සෙසු පිරිස මැදිහත් වී ප්‍රශ්නය සමථයකට පත්කර තිබිණි.ඔහු එය සම්භවය බසින් රංගන ශිල්පිය! | si | CulturaX |
භාෂාව අසිපතක් සේ භාවිතා කළ තොටගමුවේ රහල් හිමියන්ද මේ මොහොතේ අපට අමතක කළ නොහැකිය.ඔහු සැළළිහිණි සදෙසේදී ලංකාවේ ආගමික සංස්කෘතියේ පැවති ඇතැම් සම්මතයන් සියුම් සැතක් වන් බසින් විසුණු කළේය.ඔහු පළමු වතාවට ලාංකීය සමාජය තුළදී තිරිසන් සතෙකුට මිත්‍රත්වය ප්‍රදානය කොට මනුෂ්‍යත්වය හා සම තැන්හි තැබුවේ මෙපරිද්දෙනි. | si | CulturaX |
වෙන සැප කුමට තොප දකිනා එම පමණ | si | CulturaX |
කරුණ රසය අවැසි තැන්හි සුමට බසක් භාවිත කළ රහල් හිමියෝ ස්ත්‍රී වර්ණනයකදී ශෘංගාරය එයට නොමදව මුසු කරයි. | si | CulturaX |
මේ කවිය කියවූ විට මට මතකයට නැගුනේ අශෝක හදගමගේ 'මේ මගේ සදයි සිනමා කෘතියෙහි එන එක්තරා දෙබසකි.හමුදා නිළධාරියාගේ රූමත් දමිළ සහකාරිය දකින පන්සලේ හාමුදුවන්ට කියවෙන්නේ මෙබන්දකි. | si | CulturaX |
මෙය හරියටම සසර පෙර නිමිති පෙන්වා නිවනට යොමු කිරීමත් බදුය. | si | CulturaX |
යන් මන් තොසින් මග සලකුනු නියම දැන | si | CulturaX |
ඔහු සැලලිහිනියාට ප්‍රභූ පරිසරය පමණක් විදින්න යයි නොකියයි.ඔහු පවසන්නේ හසුවන හැම තැනම නැවතී ලෞකික ජීවිතයේ සියළු සෞන්දර්යයන් චමත්කාරයෙන් විද උපේක්ෂාවෙන් උහුලා ගන්නා ලෙසයි. | si | CulturaX |
පිස එන ඇල් පවන් විද එන ලිහිණි සර | si | CulturaX |
එතෙරවීම පිළිබදව සැළලිහිනියාව කරන මූලික චමත් කාර දැනුවත් විම මෙබදුය. | si | CulturaX |
මේ කවියේ වාච්‍යාර්ථය ගත් විට රහල් හිමියන් සැළලිහිනියාට කියන්නේ සද එලිය ඉසිරුනු කුමුදු මල්ද, මිය ගිය රත් නෙලුම් ඉහිරුනු දියතලාවද සෞන්දර්යයයෙන් විදිමින් කොන්තගංතොටින් එතෙර වන ලෙසයි.නමුත් මෙහි නියම අර්ථය උන් වහන්සේ සගවා තැබුවේ උක්ත ආකෘතිය තුළය.මේ පෙනෙන ආකෘතිය බලන්න(දළ සැකැස්මකි) | si | CulturaX |
එය බැලූ බැල්මට පෙනේන්නේ ජලයේ පාවෙන ඔරු නවයක් පරිද්දෙනි.රහල් හිමි මේ තිරිසන් සත්වයාට කියන්නේ ජල දහර ඔරු නවයක් මගින් එතෙර වන ලෙසයි.එසේනම් ඒ ඔරු නවය මොනවාද? | si | CulturaX |
එ නම් සංසාර සාගරයෙන් එතෙරවීම පිළිබදව සියලු සත්වයන් විසින් උරගා බැලිය යුතු වර නවයකි.එතෙර වීම පිළිබද විමුක්තිය සොයා ගත යුත්තේ තමාවිසින්මමය.සදැස් ආකෘතික සැකිල්ලේ දිස්වෙන ඔරු නවය නම් , | si | CulturaX |
රහල් හිමි සැළාට පවසන්නේ ලෞකික ජීවිතයේ චමත්කාරය උපරිමයෙන් විදිමින් එහි අනිත්‍යය වටහා ගත් දවසක මේ ඔරු නවයේ ආධාරයෙන් යම් දින සංසාර සාගරයෙන් එතෙර වන ලෙසයි.මෙය රාජ දූතයකු ලෙස තැපැල් පියුන් සේවයේ යෙදීම නිෂ්ඵලයයි නොකියා කීමකි. | si | CulturaX |
යි සෘජුව යෙදුවේය.මේ යෙදුම් තුළින් අපට එය ලියූ පුද්ගලයා පිළිබද කිසිදු චරිත සහතිකයක් දිය නොහැකිය.එමෙන්ම පුද්ගලයකුගේ චරිතය තුළින් නිර්මාණය පිළිබදව කිසියම් නිගමනයක්ද ගැනීමද කළ නොහැකිය.එසේ වුවහොත් සමලිංගිකත්වයට ඇබ්බැහි වූ ඔස්කාර්වයිල්ඩ්, සිය සැමියාගේ පුරුෂ ලිංගයෙහි වූ සීපීලිස් ලපය ගැන පවා ලියන තස්ලිමා නස්රීන්, අමුවෙන් අදහස් දමා ගසන අරුන්දතී රෝයි වැනි දැවැන්ත චරිත පවා සමාජමය වශයෙන් ප්‍රතික්ෂේපවනු නොඅනුමානය.එමෙන්ම ලාංකීය කාන්තා චරිත ඇසුරින් බස අවියක් කොට භාවිතා කලේ ගජමන් නෝනාය.ඇය පුද්ගලික ජීවිතයේ විවිධ පරිච්චේජයන්හිදී ආදරය, වේදනාව, ප්ර්තිවිරෝධය ඈ සියල්ල ප්‍රකාශ කලේද ප්‍රශ්නයට නැගුවේද කලේද භාශාව විශ්මිත පරිදි නිදහසේ හැසිරවීම තුළිනි. | si | CulturaX |
ස්වාමීනි, ඔබගේ අවවාද මට ඉවසන්නට පුළුවන.ඒත් මගේ තරුණ මතයත් රතියත් මේ තහනම් නියෝග ඉවසුම් දේද නොදනිමි.ඒ ගජමන් නෝනා ස්වකීය ස්වාමියා වූ ගාර්දියස් ආරච්චිටදුන් පිළිතුරකි.ඔහුගේ අභාවයෙන් පසුව තරුණ ගජමන් නෝනා වටේ කරකැවෙන්නේ මනමාලයකු වූ ඇලපාත මුදලිය.ගොනා හැරෙන්නේ පොල්පැලේට බව වටහා ගත් සැණින් ගජමන් නෝනා පෙරළා ඇලපාත මුදලිගෙන් අසන්නේ මෙබන්දකි. | si | CulturaX |
ඇලපාත සුටුස් ගා පසු බා යද්දී ඇගේ සිත ඇදුනේ සිටිනාමළුවේ හිමියන්ටය.ඕපා දූප ගොතන ගම් පලාත් වල ගැහැනුන්ගේ කට වසන්නට ඇය මැතිරූ මන්තරය මෙයයි. | si | CulturaX |
ඇය ඇගේ ජීවිතයේ අර්බුධකාරී අවස්ථාවල අතට ගත්තේ අවියකටත් වඩා මුවහත්කළ හෙළ බසයි.භාෂාව හොදින් භාවිතා කිරීම මෙන්ම වරදවා ගැනීම තුළින්ද රසවත් මතකයන් ඉතිරි කර ගත හැකිය.එක්තරා තරග විභාගයකි.එහි සිංහල මාධ්‍යය අපේක්ෂකයන් දෙමළභාෂාව ප්‍රශ්න පත්‍රය ලිවිය යුතු වූ අතර දෙමළ අපේක්ෂකයන් සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවිය යුතු විය.දෙමළ අපේක්ෂකයන් සදහා වූ සිංහල ප්‍රශ්න පත්‍රයේ මෙබදු ප්‍රශ්නයක් විය. | si | CulturaX |
ඒ සදහා එක් අපේක්ෂකයකු දී තිබූ පිළිතුර පහත පරිදිය. | si | CulturaX |
මේ අනුව බලන විට ප්‍රකාශන මූල දණ්ඩ මත මිනිසුන් වර්ග කරනවා නම් සියලු කලාවන්, ශිල්පයන් පමණක් නොව වෙළදාම පවා සමාජයෙන් සහමුලින්ම ප්‍රතික්ෂේප විය යුතුය. | si | CulturaX |
ඉරිදා දිනක පොළට ගිය මට ඇසුණේ මෙබදු වාක්‍යයකි. | si | CulturaX |
පූසාට ඥාව් කීමත්, බළලාට ඉජු කීමත් වරද්දා ගත් තැන සමාජයේ පැවතීම සැබැවින්ම අසීරුය.නමුත් වෘකයන් බැටලු වෙස් ගත් තැන අපටද භාෂාව පටලැවේ.රාජිත දිසානායකගේ මට වෙඩිතියන්නැද්ද නාට්‍යෙයන් ඇසුණු දෙබසකින් විරාමය තබමි. | si | CulturaX |
ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් ගණන 4 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානී, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දෙසැම්බර් 16 දින පැවසීය. | si | CulturaX |
සක්‍රීය ආසාදිතයින් ගණන 15,791ක් වන බව ද වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පද්ධතිය පෙන්වා දෙනවා. | si | CulturaX |
වාර්තා වන අන්දමට මේ සාදය පැවැත්වී තිබෙන්නේ පොලිස් මිතුරන් අතරය. | si | CulturaX |
ඒ මොහොතේම විධිමත් පරීක්ෂණයක් කරන ලෙද ඉහළ පොලිස් නිලධාරීන්ටත් පැමිණිලි කළා" යනුවෙනි. | si | CulturaX |
කිරිඇල්ල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණය සිදුකරනු ලබන අතර මියගි අයගේ මරණ පරීක්ෂණ ඊයේ (12දා) හොරණ රෝහලේදි පැවැත්වීමට නියමිතව තිබිණි. | si | CulturaX |
සිසුවාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට මුලින් හැඳින්වූවත් පසුව එය මිනීමැරුමක් බවට අනාවරණය වීම ඊට හේතුවයි. | si | CulturaX |
කෙසේ වෙතත් ඔහුගේ සිරුරේ දක්නට ලැබුණු තුවාල සහ ගෙළට ලණුව සිරවී තිබු ආකාරය පිළිබඳව සැකසිතූ ප්‍රදේශවාසීන් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ වෙනත් පොලීසියකට භාරදෙන ලෙස බල කළා. | si | CulturaX |
මේ වනවිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිසුවිය ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව සඳහන්. | si | CulturaX |
මොකද එතකොට කිසි කරදරයක් නැතුව, බිං කොටල, වල් පුලුස්සන්න පුලුවන් නිසා. | si | CulturaX |
ඊට අමතරව අංග සම්පූර්ණ හේනක් හොයා ගන්නත් ඕන. | si | CulturaX |
පහුගිය දුරුතු පෝය දවසෙ අපිට ලැබුන අපූරු අත්දැකීමත් එක්ක, ඒ වෙනස හොදටම පැහැදිලි උනා. | si | CulturaX |
ඒක නිසා වානිජකරණයට ලක් නොවෙච්ච හේනක්, පදවිය කිට්‍ටුවෙන් හොයා ගන්න ලක්ෂ්මන්ට පුලුවන් උනා. | si | CulturaX |
ගමේ මිනිස්සු හේන් කොටන මහ මූකලාන තියෙන්නෙ, වැවෙන් අස්වද්දන මඩ කුඹුරු යායටත් තරමක් ඈතට වෙන්න. | si | CulturaX |
පහුගිය කාලෙ ඇදගෙන වැටිච්ච මහවරුසාව නිසා ගමේ වැවයි, වැවට වතුර ගලාගෙන එන ඇළයි දෙගොඩතලා ගිහින් වෙල් යායෙ මඩ කුඹුරු සෑහෙන ගණනක් පාලුවෙලා තිබුනත්, ගමේ අයගෙ නිමක් නැති උත්සාහය නිසා ඉන් ගොඩක් අපි යනකොටත් මුල් තත්වෙට අරගෙන. | si | CulturaX |
අපේ ගමන් උපදේශකයා වෙච්ච ක්‍රිශ්ණාගෙන මම ඇහුවා. | si | CulturaX |
කොටි හිටපු කාලේ මේවයෙ හරියට කුඹුරු කරේ නෑ... කරපු දෙන්න තුන් දෙනාත් ඔහේ වී ටික ඉහල නිකන් ඉන්නව මිසක්,වැඩිය මේ හරියෙ කරක්ගැහුවෙ නෑ | si | CulturaX |
අදටත් යුධ ජයග්‍රහණයට කරගහපු දේශපාලන නායකත්වය වීරත්වයෙන් ඔවුන් සිහිකරන්නේ ඒක නිසා වෙන්න ඕන. | si | CulturaX |
ඒක නිසා හැන්දෑ කලුවර වැටීගෙන ආවත් අපිට ලොකු බයක් දැනුනෙ නෑ. | si | CulturaX |
මේ දවස්වල අබ වලට හොද ඉල්ලුමක් තියෙන නිසා ගොඩදෙනෙක් හේන්වල අබ වවනව කියලා ක්‍රිශ්ණා අපට කිව්වා. | si | CulturaX |
මොනවා උනත් වල් ඌරා හේනට වදින එක වලක්කන්න හේන වටේ, පොලවෙ ඉදන් අඩියක් විතර උඩින් තංගුස් පටවල් දෙකක් ඇදලා තිබුන විදිහ නම් අපිට පෙනුනා.ඔය තංගුස් පට ඇගේ වදින කොට වල් ඌරො ආපුහු හැරෙනවලු. | si | CulturaX |
වල් ඌරා මුලා කරන්න හේන වටේ ඇදපු තංගුස් පටවල් | si | CulturaX |
වල් ඌරො යන එන මංකඩවල මරුවැල් අටවල තියෙන නිසා, යන අඩිපාරෙන් පිටට අඩියක් වත් තියන්න එපා කියලා ක්‍රිෂ්ණා අපිට කලින්ම කියල තිබුනා. | si | CulturaX |
ඒ හැමෝටම රෑ කෑම දෙන්න තනි හේන් ගොයියෙක්ට බැරි නිසා මගදිම වෙන හේනකින් ඉරිගු කරල් ටිකකුයි, වට්ටක්කා ගෙඩි තුනකුයි අරගත්තා. | si | CulturaX |
ඇත්තටම පුරුදුකාරයෙක් නැතිව ඒ හිමේ කරක්ගහන එක කොහෙත්ම කරන්න බැරි වැඩක්. | si | CulturaX |
අපි ඒ වෙනකොට පැය එකහමාරක් විතර කැලේ ඇතුලෙ ඇවිල්ලා. | si | CulturaX |
මහතුවෝ.. ඔන්න අපි ආවා.. " ක්‍රිෂ්ණා පැළට කිට්‍ටු වෙද්දි ටිකක් සද්දෙට කිව්වා. | si | CulturaX |
ආ... ඒත් මම මේ බැලුවා කවුද කියල.. මං උන්නෙ පොලීසියෙන්වත්ද කියල බැදපුවා අල්ලන්න එන.... " පැළේ අයිතිකාරය අපිව පිලිගත්තෙ එහෙම. | si | CulturaX |
නුවර කලාවියේ අව්‍යාජ ගැමි දිවියේ අප නොදුටු පැතිකඩයන් තව තවත් අප වෙත ගෙන එන්නට ලැබේවායි පතමි... කවුද දන්නෙ සමහර විට තවත් මහින්ද කුමාර දළුපොත කෙනෙක්, පියසේන කහඳගමගේ කෙනෙක්, මායා රංජන් කෙනෙක් බිහි වෙයිද කියලා... :) | si | CulturaX |
ඒක නිසා රවුන් ගහන එක දැන් අඩු වෙලා. | si | CulturaX |
@Ruwan Roshan : හ්ම්ම්ම්.... හොටෙල් එකක් බුක් කරගෙන ට්‍රිප් එකක් යනව වගේ ලේසි නෑ හේනක් හොයාගෙන යන එක. | si | CulturaX |
ඉදල හිටලා ආතල් ගන්න යන අපිට ඕවා සුන්දර උනාට, හැමදාම දකින පදවි වැවේ ඒ මිනිස්සුන්ට ලොකු අරුමයක් නෑ. | si | CulturaX |
රැකියාව සහ අනෙකුත් වැඩ කටයුතු හැරුනාම සුළු කාලයයි ඉතිරි වෙනුයේ. | si | CulturaX |
අද කාලය අනුව එවැනි පරිසරය අපෙන් දුරස් වී යනවා. | si | CulturaX |
කොච්චර ආස උනත් මටත් නිවිහැනහිල්ලෙ බ්ලොග් එකකට ගොඩ වෙන්න පුලුවන් ඉරිද දවසට තමා. | si | CulturaX |
අපි එදා ඒ වගා බිමට යද්දී ඊට කලින් දවසේ රෑ අලි ඇවිත් වාඩිය වටේ තිබුණු ගස්ලබු ගස් ඔක්කොම වගේ පෙරලලා දාල තිබුනා. | si | CulturaX |
මේ වගේ ඒවා තව පුළුවන් නම් ලියමු. | si | CulturaX |
තැන්කූ.... පුදුමයි ගස්ලබු ගහක් කියල උඹවත් පෙරලල දැම්මෙ නැතුවට :ඩී | si | CulturaX |
මගේ ගෙඩි අඩු නිසා එහෙම කරන එකක් නෑ මං හිතන්නේ :D :D :D | si | CulturaX |
හේනේ තව සයිඩ් බිස්නස් යනවා වගේ :P | si | CulturaX |
පුදුම ආසාවක් ආවා මේ පොස්ට් එක කියවද්දී හේනක් බලන්න යන්නත් හේනක රැයක් ගත කරන්නත් . | si | CulturaX |
මහින්ද කුමාර දළුපොත" මහත්තයගේ වැව්ගම් පත්තුවේ කතා පොත් මම කියවනෙන පුදුම ආසාවකින්. | si | CulturaX |
ඒ වගේමයි වැව් ගම් පත්තුවේ / නුවර කාලාවියේ පළමු රෙජිස්ටාර් (මතක හැටියට ) ගේ දුව සේපාලි මායාදුන්න ලියපු කතාත් මම හරිම ආසාවෙන් කියවන පොත් සෙට් එකක්, | si | CulturaX |
හත් අඩියට විනකල යක්කු, දණ්ඩ චක්‍රය, දෙබෙදුම සේපලිගේ පොත්. | si | CulturaX |
දැන් ඉන්න දෙවෙනි කොටස බලල ආයේ මේ ක මුල ඉඳන් දෙතුන් විඩයක් කියවන්න ඕන. | si | CulturaX |
ඔය ලින්ක් වලින් ගිහින් බලන්න ගන්න පුලුවන් වෙයි. | si | CulturaX |
කුවේට් හි ලබා දුන් පොදු සමාකාලයේ දී භාර වී අප්‍රේල් 21 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයන් එසේ පැමිණීමට සූදානමින් සිටිය දී එරටින් වාර්තාවූයේ කොරෝනා රෝගීන් 1995 ක් පමණක් බවත් රෝගීන් 16784 ක් වාර්තාවනතුරුත් මාසයකට ආසන්න කාලයක් ඔවුන් ගෙන්වා ගැනීම පමා කරන ලද ආණ්ඩුව මෙම පිරිස කොරෝනා ආසාදිතයින් බවට පත්වීමේ වගකීම භාරගත යුතු බවත් එතෙර අපි සංවිධානයේ කුවෙට් ශාඛාව පවසනවා. | si | CulturaX |
බරපතල අර්බුද රැසකට මුුහුණ දෙමින් කුවේට්යේ රැදී සිටි වීසා කාලය ඉක්මවූ 16000 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසට නොමිලේ ගුවන් ටිකට්පත් ද අවශ්‍ය පහසුකම් ද සහිතව පොදු සමාකාලයක් ලබා දීම පිළිබදව කල් වේලා ඇතිව ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නත් ඔවුන් ගෙන්වා ගැනීමට විදීමත් වැඩ පිළිවෙලක් සකස් නොකිරීම පිළිබදව ද ආණ්ඩුව වගකිව යුතු යැයි ද එම සංවිධානය චෝදනා කරනවා. | si | CulturaX |
පොදු සමාකාලය ආරම්භ වූ අප්‍රේල් 21 වැනිදා එම සමාව ලබන ශ්‍රී ලාංකිකයන් බෙහෝ දෙනා පැමිණියේ තමන් නේවාසිකව සිටි නේවාසික ස්ථානවලින් ඉවත්වී තම මව්රට බලා යාමේ අපේක්ෂාවෙන් බවත් එදින ගමන් බලපත් ඇති අය පමණක් භාර ගත් අතර අනෙක් පිරිස මාසයක් තිස්සේ යන එන මං නැතිව තැන් තැන් වල රැඳී සිටින බවත් කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානම වැඩිවී ඇත්තේ එම පිරිසට බවත් එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව වෙනුවෙන් එහි සභාපති ජූඞ් ලිවේරා මහතා එවන ලද ලිපියක සදහන්. | si | CulturaX |
දැනට කොරෝනා අවදානම වැඩිම රටක් වන ඉන්දියාව පවා තමන්ගේ වැසියන් ගෙන්වා ගැනීමට වෛද්‍ය කණ්ඩායම් පවා කුවේටයට එවමින් සිටිද්දී ශ්‍රී ලංකා ආණ්ඩුව එවැනි කිසිදු සහයක් නොදී චෝදනා කරමින් සිටීම කණගාටුවට කරුණකැයි ද එහි සදහන් වනවා. | si | CulturaX |
ජූඞ් ලිවේරා මහතා විසින් එවන ලද එම ලිපි ද සමග එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ කුවේට් සිට ආවේ කොරෝනා වැළදුණු පිරිසක් බවටත් ඔවුන් ගේ පැමිණීම බෝම්බයක් බවටත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කර ඇති ප‍්‍රකාශය පිළිබද බලවත් අප‍්‍රසාදය හා කණගාටුව පළ කරන බවයි. | si | CulturaX |
තම වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඕනැම ආණ්ඩුවක් ඕනැම තත්ත්වයක දී බැදී සිටින බැවින් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් අදාල නිවැරදි නිරෝධෘනයන ක‍්‍රමවේද යටතේ ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස එතෙර ඉල්ලා සිටින බව ද හදුන්නෙත්ති මහතා දන්වා තිබෙනවා. | si | CulturaX |
විදේශිකයින් අපේ අයගේ ගැටවලට හසුවූ කතාන්දර තවත් ගොඩක් තියෙනවා" යෑයිද තුෂාර ද සිල්වා මහතා කීවේය. | si | CulturaX |